Pali BJT75. තත්ර චෙ භික්ඛූනං එවං හොති: “අයං ඛො ආවුසො භික්ඛු සඞ්ඝෙන පටිසාරණීයකම්මකතො සම්මා වත්තති. ලොමං පාතෙති. නෙත්ථාරං වත්තති. පටිසාරණීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධිං යාචති. හන්දස්ස මයං පටිසාරණීයකම්මං පටිප්පස්සම්භෙමා”ති. තෙ තස්ස පටිසාරණීයකම්මං පටිප්පස්සම්භෙන්ති අධම්මෙන වග්ගා.
Sinhala BJT75. එකල්හි භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ සඞ්ඝයා විසින් පටිසාරණීයකර්‍ම කරණ ලද්දේ මනා කොට පවතී. අනුලොම් ව පවතී. වරදින් නිදහස් වීමට සුදුසු සේ පවතී. පටිසාරණීයකර්‍මයාගේ සන්සිඳීම ඉල්ලයි. එහෙයින් අපි මොහුගේ පටිසාරණීයකර්‍මය සන්සිඳුවමු” යි මෙසේ අදහස් වේ. ඔහු අධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු ඔහුගේ පටිසාරණීයකර්‍මය සන්සිඳුවත්.
Pali BJT76. සො තම්හා ආවාසා අඤ්ඤං ආවාසං ගච්ඡති. තත්ථ භික්ඛූනං එවං හොති: “ඉමස්ස ඛො ආවුසො භික්ඛුනො සඞ්ඝෙන පටිසාරණීයකම්මං පටිප්පස්සද්ධං අධම්මෙන වග්ගෙහි. හන්දස්ස මයං පටිසාරණීයකම්මං පටිප්පස්සම්භෙමා”ති. තෙ තස්ස පටිසාරණීයකම්මං පටිප්පස්සම්භෙන්ති අධම්මෙන සමග්ගා. -පෙ- ධම්මෙන වග්ගා -පෙ- ධම්මපතිරූපකෙන වග්ගා. -පෙ- ධම්මපතිරූපකෙන සමග්ගා. චක්කං කාතබ්බං.
Sinhala BJT76. හෙතෙමේ ඒ ආවාසයෙන් අන්‍ය ආවාසයකට යයි. එහි භික්‍ෂුන්ට “ඇවැත්නි, අධර්‍මයෙන් ව්‍යග්‍ර වූ සඞ්ඝයා විසින් මේ මහණහුගේ පටිසාරණීයකර්‍මය සන්සිඳුවන ලද්දේ ය. එබැවින් අපි මොහුගේ පටිසාරණීයකර්‍මය සන්සිඳුවමු” යි මෙසේ අදහස් වේ. ඔහු අධර්‍මයෙන් සමග්‍ර වූවාහු –පෙ– ධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍ර වූවාහු ඔහුගේ පටිසාරණීයකර්‍මය සන්සිඳුවත්. චක්‍ර කළයුතු ය.
Pali BJT77. ඉධ පන, භික්ඛවෙ, භික්ඛු සඞ්ඝෙන ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මකතො සම්මා වත්තති. ලොමං පාතෙති. නෙත්ථාරං වත්තති. ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධිං යාචති.
Sinhala BJT77. මහණෙනි, මෙහි මහණෙක් තෙමේ සඞ්ඝයා විසින් ඇවැත් නො දැක්මෙහි උක්ඛේපනීයකර්‍මය කරණ ලද්දේ මනා කොට පවතී. අනුලොම් ව පවතී. වරදින් නිදහස් වීමට සුදුසු සේ පවතී. ඇවැත් නො දැක්මෙහි (කළ) උක්ඛේපනීයකර්‍මයාගේ සන්සිඳීම ඉල්ලයි.
Pali BJT78. තත්ර චෙ භික්ඛූනං එවං හොති: “අයං ඛො ආවුසො භික්ඛු සඞ්ඝෙන ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මකතො සම්මා වත්තති. ලොමං පාතෙති. නෙත්ථාරං වත්තති. ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධිං යාචති. හන්දස්ස මයං ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මං පටිප්පස්සම්භෙමා”ති. තෙ තස්ස ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මං පටිප්පස්සම්භෙන්ති අධම්මෙන වග්ගා.
Sinhala BJT78. එකල්හි භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ සඞ්ඝයා විසින් ඇවැත් නො දැක්මෙහි උක්ඛේපනීයකර්‍ම කරණ ලද්දේ මනා කොට පවතී. අනුලොම් ව පවතී. වරදින් නිදහස් වීමට සුදුසු සේ පවතී. ඇවැත් නො දැක්මෙහි (කළ) උක්ඛේපනීයකර්‍මයාගේ සන්සිඳීම ඉල්ලයි. එබැවින් අපි මොහුගේ ඇවැත් නො දැක්මෙහි (කළ) උක්ඛේපනීයකර්‍මය සන්සිඳුවමු” යි මෙසේ අදහස් වේ. ඔහු අධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු ඔහුගේ ඇවැත් නො දැක්මෙහි (කළ) උක්ඛේපනීයකර්‍මය සන්සිඳුවත්.
Pali BJT79. සො තම්හා ආවාසා අඤ්ඤං ආවාසං ගච්ඡති. තත්ථ භික්ඛූනං එවං හොති: “ඉමස්ස ඛො ආවුසො භික්ඛුනො සඞ්ඝෙන ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මං පටිප්පස්සද්ධං අධම්මෙන වග්ගෙහි. හන්දස්ස මයං ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මං පටිප්පස්සම්භෙමා”ති. තෙ තස්ස ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මං පටිප්පස්සම්භෙන්ති අධම්මෙන සමග්ගා -පෙ- ධම්මෙන වග්ගා. -පෙ- ධම්මපතිරූපකෙන වග්ගා -පෙ- ධම්මපතිරූපකෙන සමග්ගා. චක්කං කාතබ්බං.
Sinhala BJT79. හෙතෙමේ ඒ ආවාසයෙන් අන්‍ය ආවාසයකට යයි. එහි භික්‍ෂූන්ට “ඇවැත්නි, අධර්‍මයෙන් ව්‍යග්‍ර වු සඞ්ඝයා විසින් මේ මහණහුගේ ඇවැත් නො දැක්මෙහි (කළ) උක්ඛේපනීයකර්‍මය සන්සිඳුවන ලද්දේ ය. එබැවින් අපි මොහුගේ ඇවැත් නො දැක්මෙහි (කළ) උක්ඛේපනීයකර්‍මය සන්සිඳුවමු” යි මෙසේ අදහස් වේ. ඔහු අධර්‍මයෙන් සමග්‍ර වූවාහු –පෙ– ධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍ර වූවාහු ඔහුගේ ඇවැත් නො දැක්මෙහි (කළ) උක්ඛේපනීයකර්‍මය සන්සිඳුවත්. චක්‍ර කළ යුතු ය.
Pali BJT80. ඉධ පන භික්ඛවෙ, භික්ඛු සඞ්ඝෙන ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයකම්මකතො සම්මා වත්තති. ලොමං පාතෙති. නෙත්ථාරං වත්තති. ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධිං යාචති.
Sinhala BJT80. මහණෙනි, මෙහි මහණෙක් තෙමේ සඞ්ඝයා විසින් ඇවැතට පිළියම් නො කිරීමෙහි උක්ඛේපනීයකර්‍ම කරණ ලද්දේ මනා කොට පවතී. අනුලොම් ව පවතී. වරදින් නිදහස් වීමට සුදුසු සේ පවතී. ඇවැතට පිළියම් නො කිරීමෙහි (කළ) උක්ඛේපනීයකර්‍මය සන්සිදීම ඉල්ලයි.
Pali BJT81. තත්ර චෙ භික්ඛූනං එවං හොති: “අයං ඛො ආවුසො භික්ඛු සඞ්ඝෙන ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයකම්මකතො සම්මා වත්තති. ලොමං පාතෙති. නෙත්ථාරං වත්තති. ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධිං යාචති. හන්දස්ස මයං ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයකම්මං පටිප්පස්සම්භෙමා”ති. තෙ තස්ස ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයකම්මං පටිප්පස්සම්භෙන්ති අධම්මෙන වග්ගා.
Sinhala BJT81. එකල්හි භික්‍ෂූන්ට “මේ මහණ තෙමේ සඞ්ඝයා විසින් ඇවැතට පිළියම් නො කිරීමෙහි උක්ඛේපනීයකර්‍ම කරණ ලද්දේ මනා කොට පවතී. අනුලොම් ව පවතී. වරදින් නිදහස් වීමට සුදුසු සේ පවතී. ඇවැතට පිළියම් නො කිරීමෙහි කළ උක්ඛේපනීයකර්‍මයාගේ සන්සිඳීම ඉල්ලයි. එබැවින් අපි මොහුගේ ඇවැතට පිළියම් නො කිරීමෙහි (කළ) උත්ක්‍ෂේපණීයකර්‍මය සන්සිඳුවමු” යි මෙසේ අදහස් වේ. ඔහු අධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු ඔහුගේ ඇවැතට පිළියම් නො කිරීමෙහි (කළ) උක්ඛේපනීයකර්‍මය සන්සිඳුවත්.
Pali BJT82. සො තම්හා ආවාසා අඤ්ඤං ආවාසං ගච්ඡති. තත්ථ භික්ඛූනං එවං හොති: “ඉමස්ස ඛො ආවුසො භික්ඛුනො සඞ්ඝෙන ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයකම්මං පටිප්පස්සද්ධං අධම්මෙන වග්ගෙහි. හන්දස්ස මයං ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයකම්මං පටිප්පස්සම්භෙමා”ති. තෙ තස්ස ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයකම්මං පටිප්පස්සම්භෙන්ති අධම්මෙන සමග්ගා. -පෙ- ධම්මෙන වග්ගා. -පෙ- ධම්මපතිරූපකෙන වග්ගා. -පෙ- ධම්මපතිරූපකෙන සමග්ගා. චක්කං කාතබ්බං.
Sinhala BJT82. හෙතෙමේ ඒ ආවාසයෙන් අන්‍ය ආවාසයකට යයි. එහි භික්‍ෂූන්ට “ඇවැත්නි අධර්‍මයෙන් ව්‍යග්‍ර වූ සඞ්ඝයා විසින් මේ මහණහුගේ ඇවැතට පිළියම් නො කිරීමෙහි (කළ) උක්ඛේපනීයකර්‍මය සන්සිඳුවන ලද්දේ ය. එබැවින් අපි මොහුගේ ඇවැතට පිළියම් නො කිරීමෙහි (කළ) උක්ඛේපනීයකර්‍මය සන්සිඳුවමු” යි මෙසේ අදහස් වේ. ඔහු අධර්‍මයෙන් සමග්‍ර වූවාහු –පෙ– ධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍ර වූවාහු ඔහුගේ ඇවැතට පිළියම් නො කීරිමෙහි (කළ) උක්ඛේපනීයකර්‍මය සන්සිඳුවත්. චක්‍ර කළ යුතු ය.
Pali BJT83. ඉධ පන භික්ඛවෙ, භික්ඛු සඞ්ඝෙන පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මකතො සම්මා වත්තති. ලොමං පාතෙති. නෙත්ථාරං වත්තති. පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධිං යාචති.
Sinhala BJT83. මහණෙනි, මෙහි මහණෙක් තෙමේ සඞ්ඝයා විසින් පවිටු මිසදිටු අත් නො හැරීමෙහි උක්ඛේපනීයකර්‍ම කරණ ලද්දේ මනා කොට පවතී. අනුලොම් ව පවතී. වරදින් නිදහස් වීමට සුදුසු සේ පවතී. පවිටු මිසදිටු අත් නො හැරීමෙහි (කළ) උක්ඛේපනීයකර්‍මයාගේ සන්සිඳීම ඉල්ලයි.
Pali BJT84. තත්ර චෙ භික්ඛූනං එවං හොති: “අයං ඛො ආවුසො භික්ඛු සඞ්ඝෙන පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මකතො සම්මා වත්තති. ලොමං පාතෙති. නෙත්ථාරං වත්තති. පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධිං යාචති. හන්දස්ස මයං පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං පටිප්පස්සම්භෙමා”ති. තෙ තස්ස පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං පටිප්පස්සම්භෙන්ති අධම්මෙන වග්ගා.
Sinhala BJT84. එකල්හි භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ සඞ්ඝයා විසින් පවිටු මිසදිටු නො හැරීමෙහි බැහැර කරණ ලද්දේ මනා කොට පවතී. අනුලොම් ව පවතී. වරදින් නිදහස් වීමට සුදුසු සේ පවතී. පවිටු මිසදිටු නො හැරීමෙහි (කළ) උක්ඛේපනීයකර්‍මයාගේ සන්සිඳීම ඉල්ලයි. එබැවින් අපි මොහුගේ පවිටු මිසදිටු නො හැරීමෙහි (කළ) උක්ඛේපනීයකර්‍මය සන්සිඳුවමු” යි මෙසේ අදහස් වේ. ඔහු අධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු ඔහුගේ පවිටු මිසදිටු නො හැරීමෙහි උක්ඛේපනීයකර්‍මය සන්සිඳුවත්.
Pali BJT85. සො තම්හා ආවාසා අඤ්ඤං ආවාසං ගච්ඡති. තත්ථ භික්ඛූනං එවං හොති: “ඉමස්ස ඛො ආවුසො භික්ඛුනො සඞ්ඝෙන පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං පටිප්පස්සද්ධං අධම්මෙන වග්ගෙහි. හන්දස්ස මයං පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං පටිප්පස්සම්භෙමා”ති. තෙ තස්ස පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං පටිප්පස්සම්භෙන්ති අධම්මෙන සමග්ගා. -පෙ- ධම්මෙන වග්ගා. -පෙ- ධම්මපතිරූපකෙන වග්ගා. -පෙ- ධම්මපතිරූපකෙන සමග්ගා. චක්කං කාතබ්බං.
Sinhala BJT85. හෙතෙමේ ඒ ආවාසයෙන් අන්‍ය ආවාසයකට යයි. එහි භික්‍ෂූන්ට “ඇවැත්නි, අධර්‍මයෙන් ව්‍යග්‍ර වූ සඞ්ඝයා විසින් මේ මහණහුගේ පවිටු මිසදිටු නො හැරීමෙහි (කළ) උක්ඛේපනීය කර්‍මය සන්සිඳුවන ලද්දේ ය. එබැවින් අපි මොහුගේ පවිටු මිසදිටු නො හැරීමෙහි උක්ඛේපනීයකර්‍මය සන්සිඳුවමු” යි මෙසේ අදහස් වේ. ඔහු අධර්‍මයෙන් සමග්‍ර වූවාහු –පෙ– ධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු පෙ– ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍ර වූවාහු ඔහුගේ පවිටු මිසදිටු නො හැරීමෙහි (කළ) උක්ඛේපනීය – කර්‍මය සන්සිඳුවත්. චක්‍ර කළ යුතු ය.
Pali BJT86. ඉධ පන භික්ඛවෙ, භික්ඛු භණ්ඩනකාරකො හොති කලහකාරකො විවාදකාරකො භස්සකාරකො සඞ්ඝෙ අධිකරණකාරකො. තත්ර චෙ භික්ඛූනං එවං හොති: “අයං ඛො ආවුසො භික්ඛු භණ්ඩනකාරකො -පෙ- සඞ්ඝෙ අධිකරණකාරකො. හන්දස්ස මයං තජ්ජනීයකම්මං කරොමා”ති. තෙ තස්ස තජ්ජනීයකම්මං කරොන්ති අධම්මෙන වග්ගා.
Sinhala BJT86. මහණෙනි, මෙහි ඩබර කරන්නා වූ කලහ කරන්නා වූ විවාද කරන්නා වූ කතාවෙන් කලහ උපදවන්නා වු සඞ්ඝයා වෙත පැමිණිලි කරන්නා වූ මහණෙක් වේ. එකල්හි භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ ඩබර කරන්නේ ය –පෙ– සඞ්ඝයා වෙත පැමිණිලි කරන්නේ ය. එබැවින් අපි මොහුට තජ්ජනීයකර්‍මය කරමු” යි මෙසේ අදහස් වේ. ඔහු අධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු ඔහුට තජ්ජනීයකර්‍මය කෙරෙත්.
Pali BJT87. තත්රට්ඨො සඞ්ඝො විවදති: “අධම්මෙන වග්ගකම්මං. අධම්මෙන සමග්ගකම්මං. ධම්මෙන වග්ගකම්මං. ධම්මපතිරූපකෙන වග්ගකම්මං. ධම්මපතිරූපකෙන සමග්ගකම්මං. අකතං කම්මං දුක්කතං කම්මං පුන කාතබ්බං කම්ම”න්ති.
Sinhala BJT87. එහි සිටි සඞ්ඝ තෙමේ “අධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය යි. අධර්‍මයෙන් සමග්‍රකර්‍මය යි. ධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය යි. ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍රකර්‍මය යි. ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍මය යි. කර්‍මය නො කරණ ලදී. කර්‍මය වැරදි සේ කරණ ලදී. කර්‍මය නැවත කළ යුතු” යි විවාද කෙරෙයි.
Pali BJT88. තත්ර භික්ඛවෙ, යෙ තෙ භික්ඛූ එවමාහංසු: “අධම්මෙන වග්ගකම්ම”න්ති, යෙ ච තෙ භික්ඛූ එවමාහංසු: “අකතං කම්මං. දුක්කතං කම්මං. පුන කාතබ්බං කම්ම”න්ති, ඉමෙ තත්ථ භික්ඛූ ධම්මවාදිනො.
Sinhala BJT88. මහණෙනි, එහි යම් ඒ භික්‍ෂූහු “අධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍ම ය” යි මෙසේ කීහු ද, යම් ඒ භික්‍ෂූහු “කර්‍මය නො කරණ ලදී. කර්‍ම ය වැරදි සේ කරණ ලදී. කර්‍මය නැවැත කළ යුතු” යි මෙසේත් කීහු ද, මේ භික්‍ෂූහු එහි ධර්‍මවාදී වෙත්.
Pali BJT89. ඉධ පන භික්ඛවෙ, භික්ඛු භණ්ඩනකාරකො හොති -පෙ- සඞ්ඝෙ අධිකරණකාරකො. තත්ර චෙ භික්ඛූනං එවං හොති: “අයං ඛො ආවුසො භික්ඛු භණ්ඩනකාරකො -පෙ- සඞ්ඝෙ අධිකරණකාරකො. හන්දස්ස මයං තජ්ජනීයකම්මං කරොමා”ති. තෙ තස්ස තජ්ජනීයකම්මං කරොන්ති අධම්මෙන සමග්ගා.
Sinhala BJT89. මහණෙනි, මෙහි ඩබර කරන්නා වූ –පෙ– සඞ්ඝයා වෙත පැමිණිලි කරන්නා වූ මහණෙක් වේ. එකල්හි භික්‍ෂූන්ට ‘ඇවැත්නි, මේ මහණ තෙමේ ඩබර කරන්නේ ය –පෙ– සඞ්ඝයා වෙත පැමිණිලි කරන්නේ ය. එබැවින් අපි මොහුට තජ්ජනීයකර්‍මය කරමු’ යි මෙසේ අදහස් වේ. ඔහු අධර්‍මයෙන් සමග්‍ර වූවාහු ඔහුට තජ්ජනීය කර්‍මය කෙරෙත්.
Pali BJT90. තත්රට්ඨො සඞ්ඝො විවදති: “අධම්මෙන වග්ගකම්මං. අධම්මෙන සමග්ගකම්මං. ධම්මෙන වග්ගකම්මං. ධම්මපතිරූපකෙන වග්ගකම්මං. ධම්මපතිරූපකෙන සමග්ගකම්මං. අකතං කම්මං දුක්කතං කම්මං. පුන කාතබ්බං කම්ම”න්ති.
Sinhala BJT90. එහි සිටි සඞ්ඝ තෙමේ “අධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මයයි. අධර්‍මයෙන් සමග්‍රකර්‍මය යි. ධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය යි. ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍රකර්‍මය යි. ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍මය යි. කර්‍මය නො කරණ ලදී. කර්‍මය වැරදි සේ කරණ ලදී. කර්‍මය නැවත කළයුතු” යි විවාද කෙරෙයි.
Pali BJT91. තත්ර භික්ඛවෙ, යෙ තෙ භික්ඛූ එවමාහංසු: “අධම්මෙන සමග්ගකම්ම’න්ති, යෙ ච තෙ භික්ඛූ එවමාහංසු: “අකතං කම්මං. දුක්කතං කම්මං. පුන කාතබ්බං කම්ම”න්ති, ඉමෙ තත්ථ භික්ඛූ ධම්මවාදිනො.
Sinhala BJT91. මහණෙනි, එහි යම් ඒ භික්‍ෂූහු “අධර්‍මයෙන් සමග්‍රකර්‍මය’ යි මෙසේ කීහු ද, යම් ඒ භික්‍ෂූහු ‘කර්‍මය නො කරණලදී. කර්‍මය වැරදි සේ කරණලදී. කර්‍මය නැවැත කළ යුතු” යි මෙසේත් කීහු ද, එහි මේ භික්‍ෂූහු ධර්‍මවාදී වෙත්.
Pali BJT92. ඉධ පන භික්ඛවෙ, භික්ඛු භණ්ඩනකාරකො හොති. -පෙ- සඞ්ඝෙ අධිකරණකාරකො. තත්ර චෙ භික්ඛූනං එවං හොති: “අයං ඛො ආවුසො භික්ඛු භණ්ඩනකාරකො -පෙ- සඞ්ඝෙ අධිකරණකාරකො. හන්දස්ස මයං තජ්ජනීයකම්මං කරොමා”ති. තෙ තස්ස තජ්ජනීයකම්මං කරොන්ති– ධම්මෙන වග්ගා.
Sinhala BJT92. මහණෙනි, මෙහි ඩබර කරන්නා වූ –පෙ– සඞ්ඝයා වෙත පැමිණිලි කරන්නා වූ මහණෙක් වේ. එකල්හි භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ ඩබර කරන්නේ ය –පෙ– සඞ්ඝයා වෙත පැමිණිලි කරන්නේ ය. එබැවින් අපි මොහුට තජ්ජනීයකර්‍මය කරමු” යි. මෙසේ අදහස් වේ. ඔහු ධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු ඔහුට තජ්ජනීයකර්‍මය කෙරෙත්.
Pali BJT93. තත්රට්ඨො සඞ්ඝො විවදති: “අධම්මෙන වග්ගකම්මං. අධම්මෙන සමග්ගකම්මං. ධම්මෙන වග්ගකම්මං. ධම්මපතිරූපකෙන වග්ගකම්මං. ධම්මපතිරූපකෙන සමග්ගකම්මං. අකතං කම්මං දුක්කතං කම්මං පුන කාතබ්බං කම්ම”න්ති.
Sinhala BJT93. එහි සිටි සඞ්ඝ තෙමේ “අධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය යි. අධර්‍මයෙන් සමග්‍රකර්‍මය යි. ධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය යි. ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍රකර්‍මය යි. ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍මය යි. කර්‍මය නො කරණ ලදී. කර්‍ම ය වැරදි සේ කරණ ලදී. කර්‍මය නැවැත කළයුතු” යි විවාද කෙරෙයි.
Pali BJT94. තත්ර භික්ඛවෙ, යෙ තෙ භික්ඛූ එවමාහංසු: “ධම්මෙන වග්ගකම්ම”න්ති, යෙ ච තෙ භික්ඛූ එවමාහංසු: “අකතං කම්මං දුක්කතං කම්මං පුන කාතබ්බං කම්ම”න්ති, ඉමෙ තත්ථ භික්ඛූ ධම්මවාදිනො.
Sinhala BJT94. මහණෙනි, එහි යම් ඒ භික්‍ෂූහු “ධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය” යි මෙසේ කීහු ද, යම් ඒ භික්‍ෂූහු ‘කර්‍මය නො කරණලදී. කර්‍මය වැරදි සේ කරණ ලදී. කර්‍මය නැවැත කළ යුතු” යි මෙසේත් කීහු ද, එහි මේ භික්‍ෂූහු ධර්‍මවාදී වෙත්.
Pali BJT95. ඉධ පන භික්ඛවෙ, භික්ඛු භණ්ඩනකාරකො හොති -පෙ- සඞ්ඝෙ අධිකරණකාරකො. තත්ර චෙ භික්ඛූනං එවං හොති: “අයං ඛො ආවුසො, භික්ඛු භණ්ඩනකාරකො -පෙ- සඞ්ඝෙ අධිකරණකාරකො. හන්දස්ස මයං තජ්ජනීයකම්මං කරොමා”ති. තෙ තස්ස තජ්ජනීයකම්මං කරොන්ති ධම්මපතිරූපකෙන වග්ගා.
Sinhala BJT95. මහණෙනි, මෙහි ඩබර කරන්නා වූ –පෙ– සඞ්ඝයා වෙත පැමිණිලි කරන්නා වූ මහණෙක් වේ. එකල්හි භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ ඩබර කරන්නේ ය –පෙ– සඞ්ඝයා වෙත පැමිණිලි කරන්නේ ය. එබැවින් අපි මොහුට තජ්ජනීයකර්‍මය කරමු” යි මෙසේ අදහස් වේ. ඔහු ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍ර වූවාහු ඔහුට තජ්ජනීයකර්‍මය කෙරෙත්.
Pali BJT96. තත්රට්ඨො සඞ්ඝො විවදති “අධම්මෙන වග්ගකම්මං. අධම්මෙන සමග්ගකම්මං. ධම්මෙන වග්ගකම්මං. ධම්මපතිරූපකෙන වග්ගකම්මං. ධම්මපතිරූපකෙන සමග්ගකම්මං. අකතං කම්මං දුක්කතං කම්මං පුන කාතබ්බං කම්ම”න්ති.
Sinhala BJT96. එහි සිටි සඞ්ඝ තෙමේ “අධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය යි. අධර්‍මයෙන් සමග්‍රකර්‍මය යි. ධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය යි. ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍රකර්‍මය යි ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍මය යි. කර්‍මය නොකරණ ලදී. කර්‍මය වැරදි සේ කරණ ලදී. කර්‍මය නැවැත කළ යුතු” යි විවාද කෙරෙයි.
Pali BJT97. තත්ර භික්ඛවෙ, යෙ තෙ භික්ඛූ එවමාහංසු: “ධම්මපතිරූපකෙන සමග්ගකම්ම”න්ති{1}, යෙ ච තෙ භික්ඛූ එවමාහංසු: “අකතං කම්මං දුක්කතං කම්මං. පුන කාතබ්බං කම්ම”න්ති, ඉමෙ තත්ථ භික්ඛූ ධම්මවාදිනො.
Sinhala BJT97. මහණෙනි, එහි යම් ඒ භික්‍ෂූහු “ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍රකර්‍ම ය” යි මෙසේ කීහු ද, යම් ඒ භික්‍ෂූහු “කර්‍මය නො කරණ ලදී. කර්‍මය වැරදි සේ කරණ ලදී. කර්‍මය නැවැත කළ යුතු” යි මෙසේත් කීහු ද, එහි මේ භික්‍ෂූහු ධර්‍මවාදී වෙත්.
Pali BJT98. ඉධ පන, භික්ඛවෙ, භික්ඛු භණ්ඩනකාරකො හොති -පෙ- සඞ්ඝෙ අධිකරණකාරකො. තත්ර චෙ භික්ඛූනං එවං හොති: “අයං ඛො ආවුසො භික්ඛු භණ්ඩනකාරකො හොති -පෙ- සඞ්ඝෙ අධිකරණකාරකො. හන්දස්ස මයං තජ්ජනීයකම්මං කරොමා”ති. තෙ තස්ස තජ්ජනීයකම්මං කරොන්ති ධම්මපතිරූපකෙන සමග්ගා.
Sinhala BJT98. මහණෙනි, මෙහි ඩබර කරන්නා වූ –පෙ– සඞ්ඝයා වෙත පැමිණිලි කරන්නා වූ මහණෙක් වේ. එකල්හි භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ ඩබර කරන්නේ ය. –පෙ– සඞ්ඝයා වෙත පැමිණිලි කරන්නේ ය. එබැවින් අපි මොහුට තජ්ජනීයකර්‍මය කරමු” යි මෙසේ අදහස් වේ. ඔහු ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍ර වූවාහු තජ්ජනීයකර්‍මය කෙරෙත්.
Pali BJT99. තත්රට්ඨො සඞ්ඝො විවදති: “අධම්මෙන වග්ගකම්මං. අධම්මෙන සමග්ගකම්මං. ධම්මෙන වග්ගකම්මං. ධම්මපතිරූපකෙන වග්ගකම්මං. ධම්මපතිරූපකෙන සමග්ගකම්මං. අකතං කම්මං දුක්කතං කම්මං පුන කාතබ්බං කම්ම”න්ති.
Sinhala BJT99. එහි සිටි සඞ්ඝ තෙමේ “අධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය යි. අධර්‍මයෙන් සමග්‍රකර්‍මය යි. ධර්‍මයෙන් ව්‍යග්‍ර කර්‍ම ය යි. ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍රකර්‍මය යි. ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍මය යි. කර්‍මය නො කරණ ලදී. කර්‍මය වැරදි සේ කරණ ලදී. කර්‍මය නැවැත කළ යුතු” යි විවාද කෙරෙයි.
Pali BJT100. තත්ර භික්ඛවෙ, යෙ තෙ භික්ඛූ එවමාහංසු: “ධම්මපතිරූපකෙන සමග්ගකම්ම”න්ති, යෙ ච තෙ භික්ඛූ එවමාහංසු: “අකතං කම්මං දුක්කතං කම්මං පුන කාතබ්බං කම්ම”න්ති, ඉමෙ තත්ථ භික්ඛූ ධම්මවාදිනො.
Sinhala BJT100. මහණෙනි, එහි යම් ඒ භික්‍ෂූහු “ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍මය’ යි මෙසේ කීහු ද, යම් ඒ භික්‍ෂූහු කර්‍මය නො කරණ ලදි. කර්‍මය වැරදි සේ කරණ ලදී. නැවැත කර්‍මය කළ යුතු” යි මෙසේත් කීහු ද, එහි මේ භික්‍ෂූහු ධර්‍මවාදී වෙත්.
Pali BJT101. ඉධ පන භික්ඛවෙ, භික්ඛු බාලො හොති අව්යත්තො ආපත්තිබහුලො අනපදානො ගිහීසංසට්ඨො විහරති අනනුලොමිකෙහි ගිහිසංසග්ගෙහි. තත්ර චෙ භික්ඛූනං එවං හොති: “අයං ඛො ආවුසො භික්ඛු බාලො අව්යත්තො ආපත්තිබහුලො අනපදානො ගිහීසංසට්ඨො විහරති අනනුලොමිකෙහි ගිහීසංසග්ගෙහි. හන්දස්ස මයං නියස්සකම්මං කරොමා”ති. තෙ තස්ස නියස්සකම්මං කරොන්ති අධම්මෙන වග්ගා. -පෙ- අධම්මෙන සමග්ගා -පෙ- ධම්මෙන වග්ගා -පෙ- ධම්මපතිරූපකෙන වග්ගා -පෙ- ධම්මපතිරූපකෙන සමග්ගා. තත්රට්ඨො සඞ්ඝො විවදති: “අධම්මෙන වග්ගකම්මං. අධම්මෙන සමග්ගකම්මං. ධම්මෙන වග්ගකම්මං. ධම්මපතිරූපකෙන වග්ගකම්මං. ධම්මපතිරූපකෙන සමග්ගකම්මං. අකතං කම්මං. දුක්කතං කම්මං. පුන කාතබ්බං කම්ම”න්ති. තත්ර භික්ඛවෙ, යෙ තෙ භික්ඛූ එවමාහංසු: “ධම්මපතිරූපකෙන සමග්ගකම්ම”න්ති, යෙ ච තෙ භික්ඛූ එවමාහංසු: “අකතං කම්මං. දුක්කතං කම්මං පුන කාතබ්බං කම්ම”න්ති, ඉමෙ තත්ථ භික්ඛූ ධම්මවාදිනො. ඉමෙ පඤ්ච වාරා සංඛිත්තා.
Sinhala BJT101. මහණෙනි, මෙහි මහණෙක් තෙමේ අඥ වූයේ අව්‍යක්ත වූයේ ඇවැත් බහුල කොට ඇත්තේ ඉමක් නැති ඇවැත් ඇත්තේ ගිහීන් හා හැනී සිටියේ වේ. අනුලොම් නො වූ ගිහිසසඟින් යුක්ත ව වෙසෙයි. එකල්හි භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ අඥ ය. අව්‍යක්ත ය. ඇවැත් බහුල කොට ඇත්තේ ය. ඉමක් නැති ඇවැත් ඇත්තේ ය. ගිහීන් හා හැනී සිටියේ ය. අනුලොම් නො වූ ගිහිසසඟින් යුක්ත ව වෙසේ. එබැවින් අපි මොහුට නියස්සකර්‍මය කරමු” යි මෙසේ අදහස් වේ. ඔහු අධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– අධර්‍මයෙන් සමග්‍ර වූවාහු –පෙ– ධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍ර වූවාහු ඔහුට නියස්සකර්‍මය කෙරෙත්. එහි සිටි සඞ්ඝ තෙමේ “අධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය යි. අධර්‍මයෙන් සමග්‍රකර්‍මය යි. ධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය යි. ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍රකර්‍මය යි. ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍මය යි. කර්‍මය නො කරණ ලදී. කර්‍මය වැරදි සේ කරණ ලදී. කර්‍මය නැවැත කළ යුතු” යි විවාද කෙරෙයි. මහණෙනි, එහි යම් ඒ භික්‍ෂූහු “ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍මය” යි මෙසේ කීහු ද, යම් ඒ භික්‍ෂූහු “කර්‍මය නො කරණ ලදී. කර්‍මය වැරදි සේ කරණ ලදී. කර්‍මය නැවැත කළ යුතු” යි මෙසේත් කීහු ද, එහි මේ භික්‍ෂූහු ධර්‍මවාදී වෙත්. මේ පස් වර සංක්‍ෂේප කරණ ලදී.
Pali BJT102. ඉධ පන භික්ඛවෙ, භික්ඛු කුලදූසකො හොති පාපසමාචාරො. තත්ර චෙ භික්ඛූනං එවං හොති: “අයං ඛො ආවුසො භික්ඛු කුලදූසකො පාපසමාචාරො. හන්දස්ස මයං පබ්බාජනීයකම්මං කරොමා”ති. තෙ තස්ස පබ්බාජනීයකම්මං කරොන්ති අධම්මෙන වග්ගා. -පෙ- අධම්මෙන සමග්ගා -පෙ- ධම්මෙන වග්ගා. -පෙ- ධම්මපතිරූපකෙන වග්ගා -පෙ- ධම්මපතිරූපකෙන සමග්ගා. තත්රට්ඨො සඞ්ඝො විවදති: “අධම්මෙන වග්ගකම්මං. අධම්මෙන සමග්ගකම්මං. ධම්මෙන වග්ගකම්මං. ධම්මපතිරූපකෙන වග්ගකම්මං. ධම්මපතිරූපකෙන සමග්ගකම්මං. අකතං කම්මං දුක්කතං කම්මං පුන කාතබ්බං කම්ම”න්ති. තත්ර භික්ඛවෙ, යෙ තෙ භික්ඛූ එවමාහංසු: “ධම්මපතිරූපකෙන සමග්ගකම්ම”න්ති, යෙ ච තෙ භික්ඛූ එවමාහංසු: “අකතං කම්මං දුක්කතං කම්මං පුන කාතබ්බං කම්ම”න්ති, ඉමෙ තත්ථ භික්ඛූ ධම්මවාදිනො. ඉමෙ පඤ්ච වාරා සංඛිත්තා.
Sinhala BJT102. මහණෙනි, මෙහි මහණෙක් තෙමේ කුලදූෂක වූයේ පවිටු හැසිරීම් ඇත්තේ වේ. එකල්හි භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ කුලදූෂක ය. පවිටු හැසිරීම් ඇත්තේ ය. එබැවින් අපි මොහුට පබ්බාජනීයකර්‍මය කරමු” යි මෙසේ අදහස් වේ. ඔහු අධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– අධර්‍මයෙන් සමග්‍ර වූවාහු –පෙ– ධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍ර වූවාහු ඔහුට පබ්බාජනීයකර්‍මය කෙරෙත්. එහි සිටි සඞ්ඝ තෙමේ “අධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය යි. අධර්‍මයෙන් සමග්‍රකර්‍මය යි. ධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය යි. ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍රකර්‍මය යි. ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍මය යි. කර්‍මය නො කරණ ලදී. කර්‍මය වැරදි සේ කරණ ලදී. කර්‍මය නැවැත කළ යුතු” යි විවාද කෙරෙයි. මහණෙනි, එහි යම් ඒ භික්‍ෂූහු “ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍ම ය” යි මෙසේ කීහු ද, යම් ඒ භික්‍ෂූහු ‘කර්‍මය නො කරණ ලදී. කර්‍මය වැරදි සේ කරණ ලදී. කර්‍මය නැවැත කළ යුතු” යි මෙසේත් කීහු ද, එහි මේ භික්‍ෂූහු ධර්‍මවාදී වෙත්. මේ පස් වර සංක්‍ෂේප කරණ ලදී.
Pali BJT103. ඉධ පන, භික්ඛවෙ, භික්ඛු ගිහී අක්කොසති. පරිභාසති. තත්ර චෙ භික්ඛූනං එවං හොති: “අයං ඛො ආවුසො භික්ඛු ගිහී අක්කොසති පරිභාසති. හන්දස්ස මයං පටිසාරණීයකම්මං කරොමා”ති. තෙ තස්ස පටිසාරණීයකම්මං කරොන්ති අධම්මෙන වග්ගා. -පෙ- අධම්මෙන සමග්ගා -පෙ- ධම්මෙන වග්ගා -පෙ- ධම්මපතිරූපකෙන වග්ගා -පෙ- ධම්මපතිරූපකෙන සමග්ගා. තත්රට්ඨො සඞ්ඝො විවදති: “අධම්මෙන වග්ගකම්මං. අධම්මෙන සමග්ගකම්මං. ධම්මෙන වග්ගකම්මං. ධම්මපතිරූපකෙන වග්ගකම්මං. ධම්මපතිරූපකෙන සමග්ගකම්මං. අකතං කම්මං දුක්කතං කම්මං පුන කාතබ්බං කම්ම”න්ති. තත්ර භික්ඛවෙ, යෙ තෙ භික්ඛූ එවමාහංසු: “ධම්මපතිරූපකෙන සමග්ගකම්ම”න්ති, යෙ ච තෙ භික්ඛූ එවමාහංසු: “අකතං කම්මං දුක්කතං කම්මං පුන කාතබ්බං කම්ම”න්ති, ඉමෙ තත්ථ භික්ඛූ ධම්මවාදිනො. ඉමෙ පඤ්ච වාරා සංඛිත්තා.
Sinhala BJT103. මහණෙනි, මෙහි මහණෙක් තෙමේ ගිහීන්ට ආක්‍රෝශ කෙරෙයි. පරිභව කෙරෙයි. එකල්හි භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ ගිහීන්ට ආක්‍රෝශ කෙරෙයි. පරිභව කෙරෙයි. එහෙයින් අපි මොහුට පටිසාරණීයකර්‍මය කරමු” යි මෙසේ අදහස් වේ. ඔහු අධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– අධර්‍මයෙන් සමග්‍ර වූවාහු –පෙ– ධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍ර වූවාහු ඔහුට පටිසාරණීයකර්‍මය කෙරෙත්. එහි සිටි සඞ්ඝ තෙමේ “අධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය යි. අධර්‍මයෙන් සමග්‍රකර්‍මය යි. ධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය යි. ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍රකර්‍මය යි. ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍මය යි. කර්‍මය නො කරණ ලදි. කර්‍මය වැරදි සේ කරණ ලදී. කර්‍මය නැවැත කළ යුතු” යි විවාද කෙරෙයි. මහණෙනි, එහි යම් ඒ භික්‍ෂූහු “ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍ම ය” යි මෙසේ කීහු ද, යම් ඒ භික්‍ෂූහු කර්‍මය නො කරණ ලදී. කර්‍මය වැරදි සේ කරණ ලදී. කර්‍මය නැවැත කළ යුතු ය” යි මෙසේත් කීහු ද, එහි මේ භික්‍ෂූහු ධර්‍මවාදී වෙත්. මේ පස්වර සංක්‍ෂේප කරණලදී.
Pali BJT104. ඉධ පන භික්ඛවෙ, භික්ඛු ආපත්තිං ආපජ්ජිත්වා න ඉච්ඡති ආපත්තිං පස්සිතුං. තත්ර චෙ භික්ඛූනං එවං හොති: “අයං ඛො ආවුසො භික්ඛු ආපත්තිං ආපජ්ජිත්වා න ඉච්ඡති ආපත්තිං පස්සිතුං. හන්දස්ස මයං ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මං කරොමා”ති. තෙ තස්ස ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මං කරොන්ති අධම්මෙන වග්ගා. -පෙ- අධම්මෙන සමග්ගා. -පෙ- ධම්මෙන වග්ගා. -පෙ- ධම්මපතිරූපකෙන වග්ගා. -පෙ- ධම්මපතිරූපකෙන සමග්ගා. තත්රට්ඨො සඞ්ඝො විවදති: “අධම්මෙන වග්ගකම්මං. අධම්මෙන සමග්ගකම්මං. ධම්මෙන වග්ගකම්මං. ධම්මපතිරූපකෙන වග්ගකම්මං. ධම්මපතිරූපකෙන සමග්ගකම්මං. අකතං කම්මං. දුක්කතං කම්මං. පුන කාතබ්බං කම්ම”න්ති. තත්ර භික්ඛවෙ, යෙ තෙ භික්ඛූ එවමාහංසු: “ධම්මපතිරූපකෙන සමග්ගකම්ම”න්ති, යෙ ච තෙ භික්ඛූ එවමාහංසු: “අකතං කම්මං. දුක්කතං කම්මං. පුන කාතබ්බං කම්ම”න්ති, ඉමෙ තත්ථ භික්ඛූ ධම්මවාදිනො. ඉමෙ පඤ්ච වාරා සංඛිත්තා.
Sinhala BJT104. මහණෙනි, මෙහි මහණෙක් තෙමේ ඇවැතට පැමිණ ඇවැත දක්නට කැමැති නො වේ. එකල්හි භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ ඇවැතට පැමිණ ඇවැත දක්නට කැමැති නො වේ. එබැවින් අපි මොහුට ඇවැත් නො දැක්මෙහි උක්ඛේපනීයකර්‍මය කරමු” යි. මෙසේ අදහස් වේ. ඔහු අධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– අධර්‍මයෙන් සමග්‍ර වූවාහු –පෙ– ධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍ර වූවාහු ඔහුට ඇවැත් නො දැක්මෙහි උක්ඛේපනීයකර්‍මය කෙරෙත්. එහි සිටි සඞ්ඝ තෙමේ “අධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය යි. අධර්‍මයෙන් සමග්‍රකර්‍ම ය යි. ධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය යි. ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍රකර්‍මය යි. ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍මය යි. කර්‍මය නො කරණ ලදී. කර්‍මය වැරදි සේ කරණ ලදී. කර්‍මය නැවැත කළ යුතු ය” යි විවාද කෙරෙයි. මහණෙනි, එහි යම් ඒ භික්‍ෂූහු “ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍මය” යි මෙසේ කීහු ද, යම් ඒ භික්‍ෂූහු “කර්‍මය” නො කරණ ලදී. කර්‍මය වැරදි සේ කරණ ලදී. කර්‍මය නැවැත කළ යුතු ය” යි මෙසේත් කීහු ද, එහි මේ භික්‍ෂූහු ධර්‍මවාදී වෙත්. මේ පස්වර සංක්‍ෂේප කරණ ලදී.
Pali BJT105. ඉධ පන භික්ඛවෙ, භික්ඛු ආපත්තිං ආපජ්ජිත්වා න ඉච්ඡති ආපත්තිං පටිකාතුං. තත්ර චෙ භික්ඛූනං එවං හොති: “අයං ඛො ආවුසො භික්ඛු ආපත්තිං ආපජ්ජිත්වා න ඉච්ඡති ආපත්තිං පටිකාතුං. හන්දස්ස මයං ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයකම්මං කරොමා”ති. තෙ තස්ස ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයකම්මං කරොන්ති අධම්මෙන වග්ගා. -පෙ- අධම්මෙන සමග්ගා. -පෙ- ධම්මෙන වග්ගා. -පෙ- ධම්මපතිරූපකෙන වග්ගා. -පෙ- ධම්මපතිරූපකෙන සමග්ගා. තත්රට්ඨො සඞ්ඝො විවදති – “අධම්මෙන වග්ගකම්මං, අධම්මෙන සමග්ගකම්මං. ධම්මෙන වග්ගකම්මං. ධම්මපතිරූපකෙන වග්ගකම්මං. ධම්මපතිරූපකෙන සමග්ගකම්මං. අකතං කම්මං. දුක්කතං කම්මං. පුන කාතබ්බං කම්ම”න්ති. තත්ර භික්ඛවෙ, යෙ තෙ භික්ඛූ එවමාහංසු: “ධම්මපතිරූපකෙන සමග්ගකම්ම”න්ති, යෙ ච තෙ භික්ඛූ එවමාහංසු: “අකතං කම්මං. දුක්කතං කම්මං. පුන කාතබ්බං කම්ම”න්ති, ඉමෙ තත්ථ භික්ඛූ ධම්මවාදිනො. ඉමෙ පඤ්ච වාරා සංඛිත්තා.
Sinhala BJT105. මහණෙනි, මෙහි මහණෙක් තෙමේ ඇවැතට පැමිණ ඇවැතට පිළියම් කරන්නට කැමැති නො වේ. එකල්හි භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ ඇවැතට පැමිණ ඇවැතට පිළියම් කරන්නට කැමැති නො වේ. එබැවින් අපි මොහුට ඇවැතට පිළියම් නො කිරීමෙහි උක්ඛේපනීයකර්‍මය කරමු” යි මෙසේ අදහස් වේ. ඔහු අධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– අධර්‍මයෙන් සමග්‍ර වූවාහු –පෙ– ධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍ර වූවාහු ඔහුට ඇවැතට පිළියම් නො කිරීමෙහි උක්ඛේපනීයකර්‍මය කෙරෙත්. එහි සිටි සඞ්ඝ තෙමේ “අධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය යි. අධර්‍මයෙන් සමග්‍රකර්‍මය යි. ධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය යි. ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍රකර්‍මය යි. ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍මය යි. කර්‍මය නො කරණ ලදී. කර්‍මය වැරදි සේ කරණ ලදී. කර්‍මය නැවැත කළ යුතු ය” යි විවාද කෙරෙයි. මහණෙනි, එහි යම් ඒ භික්‍ෂූහු “ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍මය” යි මෙසේ කීහු ද, යම් ඒ භික්‍ෂූහු කර්‍මය නො කරණ ලදී. කර්‍මය නැවැත කළ යුතු ය” යි මෙසේත් කීහු ද, එහි මේ භික්‍ෂූහු ධර්‍මවාදී වෙත්. මේ පස්වර සංක්‍ෂේප කරණ ලදී.
Pali BJT106. ඉධ පන භික්ඛවෙ, භික්ඛු න ඉච්ඡති පාපිකං දිට්ඨිං පටිනිස්සජ්ජිතුං. තත්ර චෙ භික්ඛූනං එවං හොති: “අයං ඛො ආවුසො භික්ඛු න ඉච්ඡති පාපිකං දිට්ඨිං පටිනිස්සජ්ජිතුං. හන්දස්ස මයං පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං කරොමා”ති. තෙ තස්ස පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං කරොන්ති අධම්මෙන වග්ගා. -පෙ- අධම්මෙන සමග්ගා. -පෙ- ධම්මෙන වග්ගා. -පෙ- ධම්මපතිරූපකෙන වග්ගා. -පෙ- ධම්මපතිරූපකෙන සමග්ගා. තත්රට්ඨො සඞ්ඝො විවදති: “අධම්මෙන වග්ගකම්මං. අධම්මෙන සමග්ගකම්මං. ධම්මෙන වග්ගකම්මං. ධම්මපතිරූපකෙන වග්ගකම්මං. ධම්මපතිරූපකෙන සමග්ගකම්මං. අකතං කම්මං. දුක්කතං කම්මං. පුන කාතබ්බං කම්ම”න්ති. තත්ර භික්ඛවෙ, යෙ තෙ භික්ඛූ එවමාහංසු: “ධම්මපතිරූපකෙන සමග්ගකම්ම”න්ති. යෙ ච තෙ භික්ඛූ එවමාහංසු: “අකතං කම්මං දුක්කතං කම්මං පුන කාතබ්බං කම්ම”න්ති, ඉමෙ තත්ථ භික්ඛූ ධම්මවාදිනො. ඉමෙ පඤ්ච වාරා සංඛිත්තා.
Sinhala BJT106. මහණෙනි, මෙහි මහණෙක් තෙමේ, පවිටු මිසදිටු අත් හැරීමට කැමැතී නො වේ. එකල්හි භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ පවිටු මිසදිටු අත්හරින්නට කැමැති නො වේ. එබැවින් අපි මොහුට පවිටු මිසදිටු අත් නො හැරීමෙහි උක්ඛේපනීයකර්‍මය කරමු” යි මෙසේ අදහස් වේ. ඔහු අධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– අධර්‍මයෙන් සමග්‍ර වූවාහු –පෙ– ධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍ර වූවාහු ඔහුට පවිටු මිසදිටු අත් නො හැරීමෙහි උක්ඛේපනීයකර්‍මය කෙරෙත්. එහි සිටි සඞ්ඝ තෙමේ “අධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය යි. අධර්‍මයෙන් සමග්‍රකර්‍මය යි. ධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය යි. ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍රකර්‍මය යි. ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍මය යි. කර්‍මය නො කරණ ලදී. කර්‍මය වැරදි සේ කරණ ලදී. කර්‍මය නැවැත කළ යුතු ය” යි විවාද කෙරෙයි. මහණෙනි, එහි යම් ඒ භික්‍ෂූහු “ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍මය” යි මෙසේ කීහු ද, යම් ඒ භික්‍ෂූහු ‘කර්‍මය නො කරණ ලදී. කර්‍මය වැරදි සේ කරණ ලදී. කර්‍මය නැවැත කළ යුතු ය.” යි මෙසේත් කීහු ද, එහි මේ භික්‍ෂූහු ධර්‍මවාදී වෙත්. මේ පස්වර සංක්‍ෂේප කරණ ලදී.
Pali BJT107. ඉධ පන භික්ඛවෙ, භික්ඛු සඞ්ඝෙන තජ්ජනීයකම්මකතො සම්මා වත්තති. ලොමං පාතෙති. නෙත්ථාරං වත්තති. තජ්ජනීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධිං යාචති. තත්ර චෙ භික්ඛූනං එවං හොති: “අයං ඛො ආවුසො භික්ඛු සඞ්ඝෙන තජ්ජනීයකම්මකතො සම්මා වත්තති. ලොමං පාතෙති. නෙත්ථාරං වත්තති. තජ්ජනීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධිං යාචති. හන්දස්ස මයං තජ්ජනීයකම්මං පටිප්පස්සම්භෙමා”ති. තෙ තස්ස තජ්ජනීයකම්මං පටිප්පස්සම්භෙන්ති අධම්මෙන වග්ගා. තත්රට්ඨො සඞ්ඝො විවදති: “අධම්මෙන වග්ගකම්මං. අධම්මෙන සමග්ගකම්මං. ධම්මෙන වග්ගකම්මං. ධම්මපතිරූපකෙන වග්ගකම්මං. ධම්මපතිරූපකෙන සමග්ගකම්මං. අකතං කම්මං. දුක්කතං කම්මං. පුන කාතබ්බං කම්ම”න්ති. තත්ර භික්ඛවෙ, යෙ තෙ භික්ඛූ එවමාහංසු: “අධම්මෙන වග්ගකම්ම”න්ති. යෙ ච තෙ භික්ඛූ එවමාහංසු: “අකතං කම්මං. දුක්කතං කම්මං. පුන කාතබ්බං කම්ම”න්ති. ඉමෙ තත්ථ භික්ඛූ ධම්මවාදිනො.
Sinhala BJT107. මහණෙනි, මෙහි, මහණෙක් තෙමේ සඞ්ඝයා විසින් තජ්ජනීයකර්‍ම කරණ ලද්දේ මනා කොට පවතී. අනුලොම් ව පවතී. වරදින් නිදහස් වීමට සුදුසු සේ පවතී. තජ්ජනීයකර්‍මයාගේ සන්සිඳීම ඉල්ලයි. එකල්හි භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ සඞ්ඝයා විසින් තජ්ජනීයකර්‍ම කරණ ලද්දේ මනා කොට පවතී. අනුලොම් ව පවතී. වරදින් නිදහස් වීමට සුදුසු සේ පවතී. තජ්ජනීයකර්‍මයාගේ සන්සිඳීම ඉල්ලයි. එබැවින් අපි මොහුගේ තජ්ජනීයකර්‍මය සන්සිඳුවමු” යි මෙසේ අදහස් වේ. ඔහු අධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු ඔහුගේ තජ්ජනීයකර්‍ම ය සන්සිඳුවත්. එහි සිටි සඞ්ඝ තෙමේ “අධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය යි. අධර්‍මයෙන් සමග්‍රකර්‍මය යි. ධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය යි. ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍රකර්‍මය යි. ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍ර කර්‍මය යි. කර්‍මය නො කරණ ලදී. කර්‍මය වැරදි සේ කරණ ලදී. කර්‍මය නැවැත කළ යුතු ය” යි විවාද කෙරෙයි. මහණෙනි, එහි යම් ඒ භික්‍ෂූහු “අධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය” යි මෙසේ කීහු ද, යම් ඒ භික්‍ෂූහු “කර්‍මය නො කරණ ලදී. කර්‍මය වැරදි සේ කරණ ලදී. කර්‍මය නැවැත කළ යුතු ය” යි මෙසේත් කීහු ද, එහි මේ භික්‍ෂූහු ධර්‍මවාදී වෙත්.
Pali BJT108. ඉධ පන භික්ඛවෙ, භික්ඛු සඞ්ඝෙන තජ්ජනීයකම්මකතො සම්මා වත්තති. ලොමං පාතෙති. නෙත්ථාරං වත්තති. තජ්ජනීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධිං යාචති. තත්ර චෙ භික්ඛූනං එවං හොති: “අයං ඛො ආවුසො භික්ඛු සඞ්ඝෙන තජ්ජනීයකම්මකතො සම්මා වත්තති. ලොමං පාතෙති. නෙත්ථාරං වත්තති. තජ්ජනීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධිං යාචති. හන්දස්ස මයං තජ්ජනීයකම්මං පටිප්පස්සම්භෙමා”ති. තෙ තස්ස තජ්ජනීයකම්මං පටිප්පස්සම්භෙන්ති අධම්මෙන සමග්ගා. තත්රට්ඨො සඞ්ඝො විවදති: “අධම්මෙන වග්ගකම්මං. අධම්මෙන සමග්ගකම්මං. ධම්මෙන වග්ගකම්මං. ධම්මපතිරූපකෙන වග්ගකම්මං. ධම්මපතිරූපකෙන සමග්ගකම්මං. අකතං කම්මං. දුක්කතං කම්මං. පුන කාතබ්බං කම්ම”න්ති. තත්ර භික්ඛවෙ, යෙ තෙ භික්ඛූ එවමාහංසු: “අධම්මෙන සමග්ගකම්ම”න්ති, යෙ ච තෙ භික්ඛූ එවමාහංසු: “අකතං කම්මං. දුක්කතං කම්මං. පුන කාතබ්බං කම්ම”න්ති, ඉමෙ තත්ථ භික්ඛූ ධම්මවාදිනො.
Sinhala BJT108. මහණෙනි, මෙහි මහණෙක් තෙමේ සඞ්ඝයා විසින් තජ්ජනීයකර්‍ම කරණ ලද්දේ මනා කොට පවතී. අනුලොම් ව පවතී. වරදින් නිදහස් වීමට සුදුසු සේ පවතී. තජ්ජනීයකර්‍මයාගේ සන්සිඳිම ඉල්ලයි. එකල්හි භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ සඞ්ඝයා විසින් තජ්ජනීයකර්‍ම කරණ ලද්දේ මනා කොට පවතී. අනුලොම් ව පවතී. වරදින් නිදහස් වීමට සුදුසු සේ පවතී. තර්‍ජනීයකර්‍මයාගේ සන්සිඳීම ඉල්ලයි. එබැවින් අපි මොහුගේ තජ්ජනීයකර්‍මය සන්සිඳුවමු” යි මෙසේ අදහස් වේ. ඔහු අධර්‍මයෙන් සමග්‍ර වූවාහු ඔහුගේ තජ්ජනීයකර්‍ම ය සන්සිඳුවත්. එහි සිටි සඞ්ඝ තෙමේ “අධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය යි. අධර්‍මයෙන් සමග්‍රකර්‍මය යි. ධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය යි. ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍රකර්‍මය යි. ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍මය යි. කර්‍මය නො කරණ ලදී. කර්‍මය වැරදි සේ කරණ ලදී. කර්‍මය නැවැත කළ යුතු ය” යි විවාද කෙරෙයි. මහණෙනි, එහි යම් ඒ භික්‍ෂූහු “අධර්‍මයෙන් සමග්‍රකර්‍ම” යි මෙසේ කීහු ද, යම් ඒ භික්‍ෂූහු “කර්‍මය නො කරණ ලදී. කර්‍මය වැරදි සේ කරණ ලදී. කර්‍මය නැවැත කළ යුතු ය” යි මෙසේත් කීහු ද, එහි මේ භික්‍ෂූහු ධර්‍මවාදී වෙත්.
Pali BJT109. ඉධ පන භික්ඛවෙ, භික්ඛු සඞ්ඝෙන තජ්ජනීයකම්මකතො සම්මා වත්තති. ලොමං පාතෙති. නෙත්ථාරං වත්තති. තජ්ජනීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධිං යාචති. තත්ර චෙ භික්ඛූනං එවං හොති: “අයං ඛො ආවුසො භික්ඛු සඞ්ඝෙන තජ්ජනීයකම්මකතො සම්මා වත්තති. ලොමං පාතෙති. නෙත්ථාරං වත්තති. තජ්ජනීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධිං යාචති. හන්දස්ස මයං තජ්ජනීයකම්මං පටිප්පස්සම්භෙමා”ති. තෙ තස්ස තජ්ජනීයකම්මං පටිප්පස්සම්භෙන්ති ධම්මෙන වග්ගා. තත්රට්ඨො සඞ්ඝො විවදති: “අධම්මෙන වග්ගකම්මං. අධම්මෙන සමග්ගකම්මං. ධම්මෙන වග්ගකම්මං. ධම්මපතිරූපකෙන වග්ගකම්මං. ධම්මපතිරූපකෙන සමග්ගකම්මං. අකතං කම්මං. දුක්කතං කම්මං. පුන කාතබ්බං කම්ම”න්ති. තත්ර භික්ඛවෙ, යෙ තෙ භික්ඛූ එවමාහංසු: “ධම්මෙන වග්ගකම්ම”න්ති, යෙ ච තෙ භික්ඛූ එවමාහංසු: “අකතං කම්මං. දුක්කතං කම්මං පුන කාතබ්බං කම්ම”න්ති, ඉමෙ තත්ථ භික්ඛූ ධම්මවාදිනො.
Sinhala BJT109. මහණෙනි, මෙහි මහණෙක් තෙමේ සඞ්ඝයා විසින් තජ්ජනීයකර්‍ම කරණ ලද්දේ මනා කොට පවතී. අනුලොම් ව පවතී. වරදින් නිදහස් වීමට සුදුසු සේ පවතී. තජ්ජනීයකර්‍මයාගේ සන්සිඳීම ඉල්ලයි. එකල්හි භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ සඞ්ඝයා විසින් තජ්ජනීයකර්‍ම කරණ ලද්දේ මනා කොට පවතී. අනුලොම් ව පවතී. වරදින් නිදහස් වීමට සුදුසු සේ පවතී. තජ්ජනීයකර්‍මයාගේ සන්සිඳීම ඉල්ලයි. එබැවින් අපි මොහුගේ තජ්ජනීයකර්‍මය සන්සිඳුවමු” යි. මෙසේ අදහස් වේ. ඔහු ධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු ඔහුගේ තජ්ජනීයකර්‍මය සන්සිඳුවත්. එහි සිටි සඞ්ඝ තෙමේ “අධර්‍මයෙන් ව්‍යග්‍ර කර්‍මය යි. අධර්‍මයෙන් සමග්‍රකර්‍මය යි. ධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය යි. ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍රකර්‍ම ය යි. ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍මය යි. කර්‍මය නො කරණ ලදී. කර්‍මය වැරදි සේ කරණ ලදී. කර්‍මය නැවැත කළ යුතු ය” යි විවාද කෙරෙයි. මහණෙනි, එහි යම් ඒ භික්‍ෂූහු ‘ධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය’ යි මෙසේ කීහු ද, යම් ඒ භික්‍ෂූහු කර්‍මය “නො කරණ ලදී. කර්‍මය වැරදි සේ කරණ ලදී. කර්‍මය නැවැත කළ යුතු ය” යි මෙසේත් කීහු ද, එහි මේ භික්‍ෂූහු ධර්‍මවාදී වෙත්.
Pali BJT110. ඉධ පන භික්ඛවෙ, භික්ඛු සඞ්ඝෙන තජ්ජනීයකම්මකතො සම්මා වත්තති. ලොමං පාතෙති. නෙත්ථාරං වත්තති. තජ්ජනීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධිං යාචති. තත්ර චෙ භික්ඛූනං එවං හොති: “අයං ඛො ආවුසො භික්ඛු සඞ්ඝෙන තජ්ජනීයකම්මකතො සම්මා වත්තති. ලොමං පාතෙති. නෙත්ථාරං වත්තති. තජ්ජනීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධිං යාචති. හන්දස්ස මයං තජ්ජනීයකම්මං පටිප්පස්සම්භෙමා”ති. තෙ තස්ස තජ්ජනීයකම්මං පටිප්පස්සම්භෙන්ති ධම්මපතිරූපකෙන වග්ගා. තත්රට්ඨො සඞ්ඝො විවදති: “අධම්මෙන වග්ගකම්මං. අධම්මෙන සමග්ගකම්මං. ධම්මෙන වග්ගකම්මං. ධම්මපතිරූපකෙන වග්ගකම්මං. ධම්මපතිරූපකෙන සමග්ගකම්මං. අකතං කම්මං. දුක්කතං කම්මං. පුන කාතබ්බං කම්ම”න්ති. තත්ර භික්ඛවෙ, යෙ තෙ භික්ඛූ එවමාහංසු: “ධම්මපතිරූපකෙන වග්ගකම්ම”න්ති, යෙ ච තෙ භික්ඛූ එවමාහංසු: “අකතං කම්මං. දුක්කතං කම්මං. පුන කාතබ්බං කම්ම”න්ති, ඉමෙ තත්ථ භික්ඛූ ධම්මවාදිනො.
Sinhala BJT110. මහණෙනි, මෙහි මහණෙක් තෙමේ සඞ්ඝයා විසින් තජ්ජනීයකර්‍ම කරණ ලද්දේ මනා කොට පවතී. අනුලොම් ව පවතී. වරදින් නිදහස් වීමට සුදුසු සේ පවතී. තජ්ජනීයකර්‍මයාගේ සන්සිඳීම ඉල්ලයි. එකල්හි භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ සඞ්ඝයා විසින් තජ්ජනීයකර්‍ම කරණ ලද්දේ මනා කොට පවතී. අනුලොම් ව පවතී. වරදින් නිදහස් වීමට සුදුසු සේ පවතී. තජ්ජනීයකර්‍මයාගේ සන්හිඳීම ඉල්ලයි. එබැවින් අපි මොහුගේ තජ්ජනීයකර්‍මය සන්සිඳුවමු” යි. මෙසේ අදහස් වේ. ඔහු ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍ර වූවාහු ඔහුගේ තජ්ජනීයකර්‍මය සන්සිඳුවත්. එහි සිටි සඞ්ඝ තෙමේ “අධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය යි. අධර්‍මයෙන් සමග්‍රකර්‍මය යි. ධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය යි. ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍රකර්‍මය යි. ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍මය යි. කර්‍මය නො කරණ ලදී. කර්‍මය වැරදි සේ කරණ ලදී. කර්‍මය නැවැත කළ යුතු ය” යි විවාද කෙරෙයි. මහණෙනි, එහි යම් ඒ භික්‍ෂූහු “ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍රකර්‍ම ය” යි මෙසේ කීහු ද, යම් ඒ භික්‍ෂූහු “කර්‍මය නො කරණ ලදී. කර්‍මය වැරදි සේ කරණ ලදී. කර්‍මය නැවැත කළ යුතු ය” යි මෙසේත් කීහු ද, එහි මේ භික්‍ෂූහු ධර්‍මවාදී වෙත්.
Pali BJT111. ඉධ පන භික්ඛවෙ, භික්ඛු සඞ්ඝෙන තජ්ජනීයකම්මකතො සම්මා වත්තති. ලොමං පාතෙති. නෙත්ථාරං වත්තති. තජ්ජනීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධිං යාචති. තත්ර චෙ භික්ඛූනං එවං හොති: “අයං ඛො ආවුසො භික්ඛු සඞ්ඝෙන තජ්ජනීයකම්මකතො සම්මා වත්තති. ලොමං පාතෙති. නෙත්ථාරං වත්තති. තජ්ජනීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධිං යාචති. හන්දස්ස මයං තජ්ජනීයකම්මං පටිප්පස්සම්භෙමා”ති. තෙ තස්ස තජ්ජනීයකම්මං පටිප්පස්සම්භෙන්ති ධම්මපතිරූපකෙන සමග්ගා. තත්රට්ඨො සඞ්ඝො විවදති: “අධම්මෙන වග්ගකම්මං. අධම්මෙන සමග්ගකම්මං. ධම්මෙන වග්ගකම්මං. ධම්මපතිරූපකෙන වග්ගකම්මං. ධම්මපතිරූපකෙන සමග්ගකම්මං. අකතං කම්මං. දුක්කතං කම්මං. පුන කාතබ්බං කම්ම”න්ති. තත්ර භික්ඛවෙ, යෙ තෙ භික්ඛූ එවමාහංසු: “ධම්මපතිරූපකෙන සමග්ගකම්ම”න්ති, යෙ ච තෙ භික්ඛූ එවමාහංසු: “අකතං කම්මං. දුක්කතං කම්මං. පුන කාතබ්බං කම්ම”න්ති, ඉමෙ තත්ථ භික්ඛූ ධම්මවාදිනො.
Sinhala BJT111. මහණෙනි, මෙහි මහණෙක් තෙමේ සඞ්ඝයා විසින් තජ්ජනීයකර්‍ම කරණ ලද්දේ මනා කොට පවතී. අනුලොම් ව පවතී. වරදින් නිදහස් වීමට සුදුසු සේ පවතී. තජ්ජනීයකර්‍මයාගේ සන්සිඳීම ඉල්ලයි. එකල්හි, භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ සඞ්ඝයා විසින් තජ්ජනීයකර්‍ම කරණ ලද්දේ මනා කොට පවතී. අනුලොම් ව පවතී. වරදින් නිදහස් වීමට සුදුසු සේ පවතී. තජ්ජනීයකර්‍මයාගේ සන්සිඳීම ඉල්ලයි. එබැවින් අපි මොහුගේ තජ්ජනීයකර්‍මය සන්සිඳුවමු” යි මෙසේ අදහස් වේ. ඔහු ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍ර වූවාහු ඔහුගේ තජ්ජනීයකර්‍මය සන්සිඳුවත්. එහි සිටි සඞ්ඝ තෙමේ “අධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය යි. අධර්‍මයෙන් සමග්‍රකර්‍මය යි. ධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය යි. ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍රකර්‍මය යි. ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍මය යි. කර්‍මය නො කරණ ලදී. කර්‍මය වැරදි සේ කරණ ලදී. කර්‍මය නැවැත කළ යුතු ය” යි විවාද කෙරෙයි. මහණෙනි, එහි යම් ඒ භික්‍ෂූහු “ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍ම ය” යි මෙසේ කීහු ද, යම් ඒ භික්‍ෂූහු “කර්‍මය, නො කරණ ලදී. කර්‍මය වැරදි සේ කරණ ලදී. කර්‍මය නැවැත කළ යුතු ය” යි මෙසේත් කීහු ද, එහි මේ භික්‍ෂූහු ධර්‍මවාදී වෙත්.
Pali BJT112. ඉධ පන භික්ඛවෙ, භික්ඛු සඞ්ඝෙන නියස්සකම්මකතො සම්මා වත්තති. ලොමං පාතෙති. නෙත්ථාරං වත්තති. නියස්සස්ස කම්මස්ස පටිප්පස්සද්ධිං යාචති. තත්ර චෙ භික්ඛූනං එවං හොති: “අයං ඛො ආවුසො, භික්ඛු සඞ්ඝෙන නියස්සකම්මකතො සම්මා වත්තති. ලොමං පාතෙති. නෙත්ථාරං වත්තති. නියස්සස්ස කම්මස්ස පටිප්පස්සද්ධිං යාචති. හන්දස්ස මයං නියස්සකම්මං පටිප්පස්සම්භෙමා”ති. තෙ තස්ස නියස්සකම්මං පටිප්පස්සම්භෙන්ති අධම්මෙන වග්ගා. -පෙ- අධම්මෙන සමග්ගා. -පෙ- ධම්මෙන වග්ගා. -පෙ- ධම්මපතිරූපකෙන වග්ගා -පෙ- ධම්මපතිරූපකෙන සමග්ගා. තත්රට්ඨො සඞ්ඝො විවදති: “අධම්මෙන වග්ගකම්මං. අධම්මෙන සමග්ගකම්මං. ධම්මෙන වග්ගකම්මං. ධම්මපතිරූපකෙන වග්ගකම්මං. ධම්මපතිරූපකෙන සමග්ගකම්මං. අකතං කම්මං. දුක්කතං කම්මං. පුන කාතබ්බං කම්ම”න්ති. තත්ර භික්ඛවෙ, යෙ තෙ භික්ඛූ එවමාහංසු: “ධම්මපතිරූපකෙන සමග්ගකම්ම”න්ති, යෙ ච තෙ භික්ඛූ එවමාහංසු: “අකතං කම්මං. දුක්කතං කම්මං. පුන කාතබ්බං කම්ම”න්ති, ඉමෙ{1} තත්ථ භික්ඛූ ධම්මවාදිනො. ඉමෙ පඤ්ච වාරා සංඛිත්තා.
Sinhala BJT112. මහණෙනි, මෙහි මහණෙක් තෙමේ සඞ්ඝයා විසින් නියස්සකර්‍ම කරණ ලද්දේ මනා කොට පවතී. අනුලොම් ව පවතී. වරදින් නිදහස් වීමට සුදුසු සේ පවතී. නියස්සකර්‍මයාගේ සන්සිඳීම ඉල්ලයි. එකල්හි භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ සඞ්ඝයා විසින් නියස්සකර්‍ම කරණ ලද්දේ මනා කොට පවතී. අනුලොම් ව පවතී. වරදින් නිදහස් වීමට සුදුසු සේ පවතී. නියස්සකර්‍මයාගේ සන්සිඳීම ඉල්ලයි. එබැවින් අපි මොහුගේ නියස්සකර්‍මය සන්සිඳුවමු” යි. මෙසේ අදහස් වේ. ඔහු අධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– අධර්‍මයෙන් සමග්‍ර වූවාහු –පෙ– ධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍ර වූවාහු ඔහුගේ නියස්සකර්‍මය සන්සිඳුවත්. එහි සිටි සඞ්ඝ තෙමේ “අධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය යි. අධර්‍මයෙන් සමග්‍රකර්‍මය යි. ධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය යි. ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍රකර්‍මය යි. ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍මය යි. කර්‍මය නො කරණ ලදී. කර්‍මය වැරදි සේ කරණ ලදී. කර්‍මය නැවැත කළ යුතු ය” යි විවාද කෙරෙයි. මහණෙනි, එහි යම් ඒ භික්‍ෂූහු “ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍මය” යි මෙසේ කීහු ද, යම් ඒ භික්‍ෂූහු “කර්‍මය නො කරණ ලදී. කර්‍මය වැරදි සේ කරණ ලදී. කර්‍මය නැවැත කළ යුතු ය” යි. මෙසේත් කීහු ද, එහි මේ භික්‍ෂූහු ධර්‍මවාදී වෙත්. මේ පස්වර සංක්‍ෂේප කරණ ලදී.
Pali BJT113. ඉධ පන භික්ඛවෙ, භික්ඛු සඞ්ඝෙන පබ්බාජනීයකම්මකතො සම්මා වත්තති. ලොමං පාතෙති. නෙත්ථාරං වත්තති. පබ්බාජනීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධිං යාචති. තත්ර චෙ භික්ඛූනං එවං හොති: “අයං ඛො ආවුසො භික්ඛු සඞ්ඝෙන පබ්බාජනීයකම්මකතො සම්මා වත්තති. ලොමං පාතෙති. නෙත්ථාරං වත්තති. පබ්බාජනීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධිං යාචති. හන්දස්ස මයං පබ්බාජනීයකම්මං පටිප්පස්සම්භෙමා”ති. තෙ තස්ස පබ්බාජනීයකම්මං පටිප්පස්සම්භෙන්ති අධම්මෙන වග්ගා. -පෙ- අධම්මෙන සමග්ගා. -පෙ- ධම්මෙන වග්ගා. -පෙ- ධම්මපතිරූපකෙන වග්ගා. -පෙ- ධම්මපතිරූපකෙන සමග්ගා. තත්රට්ඨො සඞ්ඝො විවදති: “අධම්මෙන වග්ගකම්මං. අධම්මෙන සමග්ගකම්මං. ධම්මෙන වග්ගකම්මං. ධම්මපතිරූපකෙන වග්ගකම්මං. ධම්මපතිරූපකෙන සමග්ගකම්මං. අකතං කම්මං. දුක්කතං කම්මං. පුන කාතබ්බං කම්ම”න්ති. තත්ර භික්ඛවෙ, යෙ තෙ භික්ඛූ එවමාහංසු: “ධම්මපතිරූපකෙන සමග්ගකම්ම”න්ති, යෙ ච තෙ භික්ඛූ එවමාහංසු: “අකතං කම්මං දුක්කතං කම්මං පුන කාතබ්බං කම්ම”න්ති. ඉමෙ තත්ථ භික්ඛූ ධම්මවාදිනො. ඉමෙපි පඤ්ච වාරා සංඛිත්තා.
Sinhala BJT113. මහණෙනි, මෙහි මහණෙක් තෙමේ සඞ්ඝයා විසින් පබ්බාජනීය කර්‍ම කරණ ලද්දේ මනා කොට පවතී. අනුලොම් ව පවතී. වරදින් නිදහස් වීමට සුදුසු සේ පවතී. පබ්බාජනීයකර්‍මයාගේ සන්සිඳීම ඉල්ලයි. එකල්හි භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ සඞ්ඝයා විසින් පබ්බාජනීයකර්‍ම කරණ ලද්දේ මනා කොට පවතී. අනුලොම් ව පවතී. වරදින් නිදහස් වීමට සුදුසු සේ පවතී. පබ්බාජනීයකර්‍මයාගේ සන්සිඳීම ඉල්ලයි. එබැවින් අපි මොහුගේ පබ්බාජනීයකර්‍මය, සන්සිඳුවමු” යි මෙසේ අදහස් වේ. ඔහු අධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– අධර්‍මයෙන් සමග්‍ර වූවාහු –පෙ– ධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍ර වූවාහු ඔහුගේ පබ්බාජනීයකර්‍මය සන්සිඳුවත්. එහි සිටි සඞ්ඝ තෙමේ “අධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය යි. අධර්‍මයෙන් සමග්‍රකර්‍මය යි. ධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය යි. ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍රකර්‍මය යි. ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍මය යි. කර්‍මය නො කරණ ලදී. කර්‍මය වැරදි සේ කරණ ලදී. කර්‍මය නැවැත කළ යුතු ය” යි විවාද කෙරෙයි. මහණෙනි, එහි යම් ඒ භික්‍ෂූහු “ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍මය” යි මෙසේ කීහු ද, යම් ඒ භික්‍ෂූහු “කර්‍මය නො කරණ ලදී. කර්‍මය වැරදි සේ කරණ ලදී. කර්‍මය නැවැත කළ යුතුය” යි. මෙසේත් කීහු ද, එහි මේ භික්‍ෂූහු ධර්‍මවාදී වෙත්. මේ පස්වර සංක්‍ෂේප කරණ ලදි.
Pali BJT114. ඉධ පන භික්ඛවෙ, භික්ඛු සඞ්ඝෙන පටිසාරණීයකම්මකතො සම්මා වත්තති. ලොමං පාතෙති. නෙත්ථාරං වත්තති. පටිසාරණීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධිං යාචති. තත්ර චෙ භික්ඛූනං එවං හොති: “අයං ඛො ආවුසො භික්ඛු සඞ්ඝෙන පටිසාරණීයකම්මකතො සම්මා වත්තති. ලොමං පාතෙති. නෙත්ථාරං වත්තති. පටිසාරණීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධිං යාචති. හන්දස්ස මයං පටිසාරණීයකම්මං පටිප්පස්සම්භෙමා”ති. තෙ තස්ස පටිසාරණීයකම්මං පටිප්පස්සම්භෙන්ති අධම්මෙන වග්ගා. -පෙ- අධම්මෙන සමග්ගා. -පෙ- ධම්මෙන වග්ගා. -පෙ- ධම්මපතිරූපකෙන වග්ගා. -පෙ- ධම්මපතිරූපකෙන සමග්ගා. තත්රට්ඨො සඞ්ඝො විවදති: “අධම්මෙන වග්ගකම්මං. අධම්මෙන සමග්ගකම්මං. ධම්මෙන වග්ගකම්මං. ධම්මපතිරූපකෙන වග්ගකම්මං. ධම්මපතිරූපකෙන සමග්ගකම්මං. අකතං කම්මං. දුක්කතං කම්මං. පුන කාතබ්බං කම්ම”න්ති. තත්ර භික්ඛවෙ, යෙ තෙ භික්ඛූ එවමාහංසු: “ධම්මපතිරූපකෙන සමග්ගකම්ම”න්ති, යෙ ච තෙ භික්ඛූ එවමාහංසු: “අකතං කම්මං. දුක්කතං කම්මං. පුන කාතබ්බං කම්ම”න්ති, ඉමෙ තත්ථ භික්ඛූ ධම්මවාදිනො. ඉමෙ පඤ්ච වාරා සංඛිත්තා.
Sinhala BJT114. මහණෙනි, මෙහි මහණෙක් තෙමේ සඞ්ඝයා විසින් පටිසාරණීයකර්‍ම කරණ ලද්දේ මනා කොට පවතී. අනුලොම් ව පවතී. වරදින් නිදහස් වීමට සුදුසු සේ පවතී. පටිසාරණීයකර්‍මයාගේ සන්සිඳීම ඉල්ලයි. එහි භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ සඞ්ඝයා විසින් පටිසාරණීයකර්‍ම කරණ ලද්දේ මනා කොට පවතී. අනුලොම්ව පවතී. වරදින් නිදහස් වීමට සුදුසු සේ පවතී. පටිසාරණීයකර්‍මයාගේ සන්සිඳීම ඉල්ලයි. එබැවින් අපි මොහුගේ පටිසාරණීයකර්‍මය සන්සිඳුවමු” යි. මෙසේ අදහස් වේ. ඔහු අධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– අධර්‍මයෙන් සමග්‍ර වූවාහු –පෙ– ධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍ර වූවාහු ඔහුගේ පටිසාරණීයකර්‍මය සන්සිඳුවත්. එහි සිටි සඞ්ඝ තෙමේ “අධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය යි. අධර්‍මයෙන් සමග්‍රකර්‍මය යි. ධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය යි. ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍රකර්‍මය යි. ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍මය යි. කර්‍මය නො කරණ ලදී. කර්‍මය වැරදි සේ කරණ ලදී. කර්‍මය නැවැත කළ යුතු ය” යි විවාද කෙරෙයි. මහණෙනි, එහි යම් ඒ භික්‍ෂූහු “ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍ර කර්‍මය” යි මෙසේ කීහු ද, යම් ඒ භික්‍ෂූහු “කර්‍මය නො කරණ ලදී. කර්‍මය වැරදි සේ කරණ ලදී. කර්‍මය නැවැත කළ යුතු ය”යි මෙසේත් කීහු ද, එහි මේ භික්‍ෂූහු ධර්‍මවාදී වෙත්. මේ පස්වර සංක්‍ෂේප කරණ ලදී.
Pali BJT115. ඉධ පන භික්ඛවෙ, භික්ඛු සඞ්ඝෙන ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මකතො සම්මා වත්තති. ලොමං පාතෙති. නෙත්ථාරං වත්තති. ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධිං යාචති. තත්ර චෙ භික්ඛූනං එවං හොති: “අයං ඛො ආවුසො භික්ඛු සඞ්ඝෙන ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මකතො සම්මා වත්තති. ලොමං පාතෙති. නෙත්ථාරං වත්තති. ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධිං යාචති. හන්දස්ස මයං ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මං පටිප්පස්සම්භෙමා”ති. තෙ තස්ස ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මං පටිප්පස්සම්භෙන්ති – අධම්මෙන වග්ගා. -පෙ- අධම්මෙන සමග්ගා -පෙ- ධම්මෙන වග්ගා -පෙ- ධම්මපතිරූපකෙන වග්ගා -පෙ- ධම්මපතිරූපකෙන සමග්ගා. තත්රට්ඨො සඞ්ඝො විවදති: “අධම්මෙන වග්ගකම්මං. අධම්මෙන සමග්ගකම්මං. ධම්මෙන වග්ගකම්මං. ධම්මපතිරූපකෙන වග්ගකම්මං. ධම්මපතිරූපකෙන සමග්ගකම්මං. අකතං කම්මං. දුක්කතං කම්මං. පුන කාතබ්බං කම්ම”න්ති. තත්ර භික්ඛවෙ, යෙ තෙ භික්ඛූ එවමාහංසු: “ධම්මපතිරූපකෙන සමග්ගකම්ම”න්ති, යෙ ච තෙ භික්ඛූ එවමාහංසු: “අකතං කම්මං. දුක්කතං කම්මං. පුන කාතබ්බං කම්ම”න්ති, ඉමෙ තත්ථ භික්ඛූ ධම්මවාදිනො. ඉමෙ පඤ්ච වාරා සංඛිත්තා.
Sinhala BJT115. මහණෙනි, මෙහි මහණෙක් තෙමේ සඞ්ඝයා විසින් ඇවැත් නො දැක්මෙහි උත්ක්‍ෂේපණීයකර්‍ම කරණ ලද්දේ මනා කොට පවතී. අනුලොම් ව පවතී. වරදින් නිදහස් වීමට සුදුසු සේ පවතී. ඇවැත් නො දැක්මෙහි (කළ) උත්ක්‍ෂේපණීයකර්‍මයාගේ සන්සිඳීම ඉල්ලයි. එකල්හි භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ සඞ්ඝයා විසින් ඇවැත් නො දැක්මෙහි උත්ක්‍ෂේපණීයකර්‍ම කරණ ලද්දේ මනා කොට පවතී. අනුලොම් ව පවති. වරදින් නිදහස් වීමට සුදුසු සේ පවතී. ඇවැත් නො දැක්මෙහි (කළ) උත්ක්‍ෂේපණීයකර්‍මයාගේ සන්සිඳීම ඉල්ලයි. එබැවින් අපි මොහුගේ ඇවැත් නො දැක්මෙහි (කළ) උත්ක්‍ෂේපණීයකර්‍ම සන්සිඳුවමු” යි. මෙසේ අදහස් වේ. ඔහු අධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– අධර්‍මයෙන් සමග්‍ර වූවාහු –පෙ– ධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍ර වූවාහු ඔහුගේ ඇවැත් නො දැක්මෙහි (කළ) උත්ක්‍ෂේපණීයකර්‍මය සන්සිඳුවත්. එහි සිටි සඞ්ඝ තෙමේ “අධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය යි. අධර්‍මයෙන් සමග්‍රකර්‍මය යි. ධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය යි. ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍රකර්‍මය යි. ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍මය යි. කර්‍මය නො කරණ ලදී. කර්‍මය වැරදි සේ කරණ ලදී. කර්‍මය නැවැත කළ යුතු ය” යි විවාද කෙරෙයි. මහණෙනි, එහි යම් ඒ භික්‍ෂූහු “ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍මය” යි මෙසේ කීහු ද, යම් ඒ භික්‍ෂූහු “කර්‍මය නො කරණ ලදී. කර්‍මය වැරදි සේ කරණ ලදී. කර්‍මය නැවැත කළ යුතු ය” යි මෙසේත් කීහු ද, එහි මේ මහණහු ධර්‍මවාදී වෙත්. මේ පස්වර සංක්‍ෂේප කරණ ලදි.
Pali BJT116. ඉධ පන භික්ඛවෙ, භික්ඛු සඞ්ඝෙන ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයකම්මකතො සම්මා වත්තති, ලොමං පාතෙති. නෙත්ථාරං වත්තති. ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධිං යාචති. තත්ර චෙ භික්ඛූනං එවං හොති: “අයං ඛො ආවුසො භික්ඛු සඞ්ඝෙන ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයකම්මකතො සම්මා වත්තති. ලොමං පාතෙති. නෙත්ථාරං වත්තති. ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධිං යාචති. හන්දස්ස මයං ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයකම්මං පටිප්පස්සම්භෙමා”ති. තෙ තස්ස ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයකම්මං පටිප්පස්සම්භෙන්ති අධම්මෙන වග්ගා -පෙ- අධම්මෙන සමග්ගා -පෙ- ධම්මෙන වග්ගා -පෙ- ධම්මපතිරූපකෙන වග්ගා -පෙ- ධම්මපතිරූපකෙන සමග්ගා. තත්රට්ඨො සඞ්ඝො විවදති: “අධම්මෙන වග්ගකම්මං. අධම්මෙන සමග්ගකම්මං. ධම්මෙන වග්ගකම්මං. ධම්මපතිරූපකෙන වග්ගකම්මං. ධම්මපතිරූපකෙන සමග්ගකම්මං. අකතං කම්මං. දුක්කතං කම්මං. පුන කාතබ්බං කම්ම”න්ති. තත්ර භික්ඛවෙ, යෙ තෙ භික්ඛූ එවමාහංසු: “ධම්මපතිරූපකෙන සමග්ගකම්ම”න්ති, යෙ ච තෙ භික්ඛූ එවමාහංසු: “අකතං කම්මං. දුක්කතං කම්මං. පුන කාතබ්බං කම්ම”න්ති, ඉමෙ තත්ථ භික්ඛූ ධම්මවාදිනො. ඉමෙ පඤ්ච වාරා සංඛිත්තා.
Sinhala BJT116. මහණෙනි, මෙහි මහණෙක් තෙමේ සඞ්ඝයා විසින් ඇවැතට පිළියම් නො කිරීමෙහි උත්ක්‍ෂේපණීයකර්‍ම කරණ ලද්දේ මනා කොට පවතී. අනුලොම් ව පවතී. වරදින් නිදහස් වීමට සුදුසු සේ පවතී. ඇවැතට පිළියම් නො කිරීමෙහි (කළ) උත්ක්‍ෂේපණීයකර්‍මයාගේ සන්සිඳීම ඉල්ලයි. එහි භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ සඞ්ඝයා විසින් ඇවැතට පිළියම් නො කිරීමෙහි උත්ක්‍ෂේපණීයකර්‍ම කරණ ලද්දේ මනා කොට පවතී. අනුලොම් ව පවතී. වරදින් නිදහස් වීමට සුදුසු සේ පවතී. ඇවැතට පිළියම් නො කිරීමෙහි (කළ) උත්ක්‍ෂේපණීයකර්‍මයාගේ සන්සිඳීම ඉල්ලයි. එබැවින් අපි මොහුගේ ඇවැතට පිළියම් නො කිරීමෙහි (කළ) උත්ක්‍ෂෙපණියකර්‍මය සන්සිඳූවමු” යි මෙසේ අදහස් වේ. ඔහු අධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– අධර්‍මයෙන් සමග්‍ර වූවාහු –පෙ– ධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍ර වූවාහු ඔහුගේ ඇවැතට පිළියම් නො කිරීමෙහි උත්ක්‍ෂේපණීයකර්‍මය සන්සිඳුවත්. එහි සිටි සඞ්ඝ තෙමේ “අධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය යි. අධර්‍මයෙන් සමග්‍රකර්‍මය යි. ධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය යි. ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍රකර්‍මය යි. ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍මය යි. කර්‍මය නො කරණ ලදී. කර්‍මය වැරදි සේ කරණ ලදී. කර්‍මය නැවැත කළ යුතු ය” යි විවාද කෙරෙයි. මහණෙනි, එහි යම් ඒ භික්‍ෂූහු “ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍මය” යි මෙසේ කීහු ද, යම් ඒ භික්‍ෂූහු “කර්‍මය නො කරණ ලදී. කර්‍මය වැරදි සේ කරණ ලදී. කර්‍මය නැවැත කළ යුතු ය” යි මෙසේත් කීහු ද, එහි මේ භික්‍ෂූහු ධර්‍මවාදී වෙත්. මේ පස්වර සංක්‍ෂේප කරණ ලදී.
Pali BJT117. ඉධ පන භික්ඛවෙ, භික්ඛු සඞ්ඝෙන පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මකතො සම්මා වත්තති. ලොමං පාතෙති. නෙත්ථාරං වත්තති. පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධිං යාචති. තත්ර චෙ භික්ඛූනං එවං හොති “අයං ඛො ආවුසො භික්ඛු සඞ්ඝෙන පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මකතො සම්මා වත්තති. ලොමං පාතෙති. නෙත්ථාරං වත්තති. පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධිං යාචති. හන්දස්ස මයං පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං පටිප්පස්සම්භෙමා”ති. තෙ තස්ස පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං පටිප්පස්සම්භෙන්ති අධම්මෙන වග්ගා. -පෙ- අධම්මෙන සමග්ගා. -පෙ- ධම්මෙන වග්ගා. -පෙ- ධම්මපතිරූපකෙන වග්ගා. -පෙ- ධම්මපතිරූපකෙන සමග්ගා. තත්රට්ඨො සඞ්ඝො විවදති: “අධම්මෙන වග්ගකම්මං. අධම්මෙන සමග්ගකම්මං. ධම්මෙන වග්ගකම්මං. ධම්මපතිරූපකෙන වග්ගකම්මං. ධම්මපතිරූපකෙන සමග්ගකම්මං. අකතං කම්මං. දුක්කතං කම්මං. පුන කාතබ්බං කම්ම”න්ති. තත්ර භික්ඛවෙ, යෙ තෙ භික්ඛූ එවමාහංසු: “ධම්මපතිරූපකෙන සමග්ගකම්ම”න්ති, යෙ ච තෙ භික්ඛූ එවමාහංසු: “අකතං කම්මං. දුක්කතං කම්මං. පුන කාතබ්බං කම්ම”න්ති, ඉමෙ තත්ථ භික්ඛූ ධම්මවාදිනො. ඉමෙ පඤ්ච වාරා සංඛිත්තා.
Sinhala BJT117. මහණෙනි, මෙහි මහණෙක් තෙමේ සඞ්ඝයා විසින් පවිටු මිසදිටු අත් නො හැරීමෙහි උත්ක්‍ෂේපණීයකර්‍මය කරණ ලද්දේ මනා කොට පවතී. අනුලොම් ව පවතී. වරදින් නිදහස් වීමට සුදුසු සේ පවති. පවිටු මිසදිටු අත් නො හැරීමෙහි උත්ක්‍ෂේපණීයකර්‍මයාගේ සන්සිඳීම ඉල්ලයි. එකල්හි භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ සඞ්ඝයා විසින් පවිටු මිසදිටු අත් නො හැරීමෙහි උත්ක්‍ෂේපණීයකර්‍ම කරණ ලද්දේ මනා කොට පවතී. අනුලොම් ව පවතී. වරදින් නිදහස් වීමට සුදුසු සේ පවතී. පවිටු මිසදිටු අත් නො හැරීමෙහි (කළ) උත්ක්‍ෂේපණීයකර්‍මයාගේ සන්සිඳීම ඉල්ලයි. එබැවින් අපි මොහුගේ පවිටු මිසදිටු අත් නො හැරීමෙහි උත්ක්‍ෂේපණීයකර්‍මය සන්සිඳුවමු” යි මෙසේ අදහස් වේ. ඔහු අධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– අධර්‍මයෙන් සමග්‍ර වූවාහු –පෙ– ධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍ර වූවාහු ඔහුගේ පවිටු මිසදිටු අත් නො හැරීමෙහි කළ උත්ක්‍ෂේපණීයකර්‍මය සන්සිඳුවත්. එහි සිටි සඞ්ඝ තෙමේ “අධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය යි. අධර්‍මයෙන් සමග්‍රකර්‍මය යි. ධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය යි. ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍රකර්‍මය යි. ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍මය යි. කර්‍මය නො කරණ ලදී. කර්‍මය වැරදි සේ කරණ ලදී. කර්‍මය නැවැත කළ යුතු ය” යි විවාද කෙරෙයි. මහණෙනි, එහි යම් ඒ භික්‍ෂූහු “ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍මය” යි මෙසේ කීහු ද, යම් ඒ භික්‍ෂූහු “කර්‍මය නො කරණ ලදී. කර්‍මය වැරදි සේ කරණ ලදී. කර්‍මය නැවත කළ යුතු ය” යි මෙසේත් කීහු ද, එහි මේ භික්‍ෂූහු ධර්‍මවාදී වෙත්. මේ පස්වර සංක්‍ෂේප කරණලදි.
Pali BJTචම්පෙය්යක්ඛන්ධකො නිට්ඨිතො නවමො.
Sinhala BJTනවවැනි චම්පෙය්‍යක්‍ඛන්‍ධකය නිමි.
Pali BJTඉමෙහි ඛන්ධකෙ වත්ථූනි ඡත්තිංස.
Sinhala BJTමේ ඛන්‍ධකයෙහි වස්තු සතිසෙකි.
Pali BJTතස්ස උද්දානං:
Sinhala BJTඑහි උද්දානය (වස්තුනාමාවලිය) මෙසේ ය:
Pali BJT1. චම්පායං භගවා ආසි වත්ථු වාසභගාමකෙ, ආගන්තුකානං උස්සුක්කං අකාසි ඉච්ඡිතබ්බකෙ{1}.
Sinhala BJT1. භාග්‍යවතුන් වහන්සේ චම්පාවෙහි විසූ සේක. මේ වස්තුව වසභ ගාමයෙහි වී ය. කාශ්‍යපගෝත්‍ර භික්‍ෂූ තෙමේ ආගන්තුකයන් කැමැති දෙය සපයා දීමෙහි උත්සාහය කෙළේ ය.
Pali BJT2. පකතඤ්ඤුනොති ඤත්වා උස්සුක්කං න කරී තදා, උක්ඛිත්තො න කරොතීති සාගමා{2} ජිනසන්තිකෙ.
Sinhala BJT2. ගොදුරුගම දන්නෝ යි දැන එකල්හි (හෙතෙමේ) උත්සාහය නො කෙළේ ය. උවටැන් නො කෙරේ ය යි උත්ක්‍ෂේපණීයකර්‍ම කරණ ලද හෙතෙමේ බුදුරජුන් වෙත ගියේ ය.
Pali BJT3. අධම්මෙන වග්ගකම්මං සමග්ගං අධම්මෙන ච, ධම්මෙන වග්ගකම්මඤ්ච පතිරූපකෙන වග්ගකං.
Sinhala BJT3. අධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය, අධර්‍මයෙන් සමග්‍රකර්‍මය, ධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය, ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍රකර්‍මය.
Pali BJT4. පතිරූපකෙන සමග්ගං එකො උක්ඛිපතෙකකං, එකො ච ද්වෙ සම්බහුලෙ සඞ්ඝං උක්ඛිපතෙකකො.
Sinhala BJT4. ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍මය, එකෙක් එකකු බැහැර කෙරෙයි. එකෙක් දෙදෙනකුන් ද බොහෝ දෙනකුන් ද, එතෙක් සඞ්ඝයා ද බැහැර කෙරෙයි.
Pali BJT5. දුවෙපි සම්බහුලාපි සඞ්ඝො සඞ්ඝඤ්ච උක්ඛිපි, සබ්බඤ්ඤූ පවරො සුත්වා අධම්මන්ති පටික්ඛිපි.
Sinhala BJT5. දෙදෙනෙක් දෙදෙනකු ද, බොහෝ දෙන බොහෝ දෙනකු ද, බැහැර කළහ. සඞ්ඝ තෙමේ සඞ්ඝයා බැහර කෙළේ ය. ප්‍රවර වූ සර්‍වඥයන් වහන්සේ ඒ අසා අධර්‍මැ යි බැහැර කළහ.
Pali BJT6. ඤත්තිවිපන්නං යං කම්මං සම්පන්නං අනුසාවණං, අනුස්සාවනවිපන්නං සම්පුණ්ණං ඤත්තියා ච යං.
Sinhala BJT6. ඤත්තියෙන් විපතට පත් යම් කර්‍මයක් අනුශ්‍රාවණසම්පත්තියෙන් යුක්ත ද ඒ කර්‍මය ද, අනුශ්‍රාවණයෙන් විපත් වූ යම් කර්‍මයක් ඤත්තියෙන් යුක්ත ද ඒ කර්‍මය ද–
Pali BJT7. උභයෙන විපන්නඤ්ච අඤ්ඤත්ර ධම්මමෙව ච, විනයා සත්ථු පටිකුට්ඨං කුප්පං අට්ඨානාරහිකං.
Sinhala BJT7. ඤත්තිඅනුසාවණදෙකින් විපත් වු කර්‍මය ද, ධර්‍මයෙන් තොර වූ කර්‍මය ද, විනය හැර සිටි කර්‍මය ද, ශාස්තෘශාසනයෙන් බැහර වූ කර්‍මය ද, ප්‍රතික්‍රෝශ ලැබූ කර්‍මය ද, කෝප්‍ය වූ කර්‍මය ද, කරුණට නො ගැළපෙන කර්‍මය ද–
Pali BJT8. අධම්මවග්ගං සාමග්ගිං{1} පතිරූපානි යෙ දුවෙ, ධම්මෙනෙව ච සාමග්ගිං අනුඤ්ඤාසි තථාගතො.
Sinhala BJT8. අධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍ම, අධර්‍මයෙන් සමග්‍රකර්‍ම, ධර්‍මප්‍රතිරූපකව්‍යග්‍රකර්‍ම ධර්‍මප්‍රතිරූපකසමග්‍රකර්‍ම දෙක ද (යන මේ කර්‍ම නො කටයුතු ය). තථාගතයන් වහන්සේ ධර්‍මයෙන් සමග්‍ර වූ කර්‍මය අනුදත් සේක.
Pali BJT9. චතුවග්ගො පඤ්චවග්ගො දසවග්ගො ච වීසති” පරො වීසතිවග්ගො ච{2} සඞ්ඝො පඤ්චවිධො තථා.
Sinhala BJT9. චතුවග්ග, පඤ්චවග්ග, දසවග්ග, වීසතිවග්ග, අතිරේකවීසතිවග්ග යි සඞ්ඝ තෙමේ පස් වැරදැම් ය.
Pali BJT10. ඨපෙත්වා උපසම්පදං යඤ්ච කම්මං පවාරණං, අබ්භානකම්මෙන සහ චතුවග්ගෙහි කම්මිකො.
Sinhala BJT10. උපසම්පදාකර්‍මය ද, අබ්භානකර්‍මය හා යම් පවාරණකර්‍මයක් වේ ද එද හැර සෙසු සඞ්ඝකර්‍ම චතුවග්ගසඞ්ඝයා විසින් කටයුතු ය.
Pali BJT11. දුවෙ කම්මෙ ඨපෙත්වාන මජ්ඣදෙසූපසම්පදං{3}, අබ්භානං පඤ්චවග්ගිකො සබ්බකම්මෙසු කම්මිකො.
Sinhala BJT11. මධ්‍යදේශයෙහි උපසම්පදාව අබ්භානකර්‍මය යන කර්‍ම දෙක හැර පංචවග්ගිකසඞ්ඝ තෙමේ සියලු කර්‍මයන්හි කර්‍මාර්‍හ වේ.
Pali BJT12. අබ්භානෙකං ඨපෙත්වාන යෙ භික්ඛූ දසවග්ගිකා{4}, සබ්බකම්මකරො සඞ්ඝො වීසො සබ්බත්ථ කම්මිකො.
Sinhala BJT12. දසවග්ගික වූ යම් භික්‍ෂූහු වෙත් නම් ඔහු අබ්භානය හැර සෙසු සියලු තන්හි කර්‍මාර්‍හ වෙති. සියලු කර්‍ම කරන්නා වූ වීසතිවග්ගික සඞ්ඝ තෙමේ සියලු තැන්හි කර්‍මාර්‍හ වේ.
Pali BJT13. භික්ඛුනී සික්ඛමානා ච සාමණෙරො සාමණෙරිකා{5}, පච්චක්ඛාතන්තිමවත්ථු{6} උක්ඛිත්තාපත්තිදස්සනෙ.
Sinhala BJT13. භික්ඛුණි, සික්ඛමානා, සාමණේර, සාමණෙරී, සික්ඛං, පච්චක්ඛාතක, අන්තිමවත්‍ථු අජ්ඣාපන්තක, ආපත්තියා අදස්සනෙ උක්ඛිත්තක–
Pali BJT14. අප්පටිකම්මෙ දිට්ඨියා පණ්ඩකථෙය්යසංවාසකං{7}, තිත්ථියතිරච්ඡානගතං{8} මාතු ච පිතුඝාතකං{9}.
Sinhala BJT14. ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛිත්තක, පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛිත්තක, පණ්ඩක, ථෙය්‍යසංවාසක, තිර්‍ත්‍ථයපක්කන්තක, තිරච්ඡානගත, මාතුඝාතක, පිතුඝාතක–
Pali BJT15. අරහං භික්ඛුනීදූසිං{10} භෙදකං ලොහිතුප්පාදකං{11}, බ්යඤ්ජනං නානාසංවාසං{12} නානාසීමාය ඉද්ධියා.
Sinhala BJT15. අරහන්තඝාතක, භික්ඛුණිදූසක, සඞ්ඝභේදක, ලෝහිතුප්පාදක, උභතෝබ්‍යඤ්ජනක, නානාසංවාසක, නානාසීමායඨිත ඉද්ධියා වේහාසෙඨිත–
Pali BJT16. යස්ස සඞ්ඝො කරෙ කම්මං හොන්තෙ තෙ චතුවීසති. සම්බුද්ධෙන පටික්ඛිත්තා{13} න හෙතෙ ගණපූරකා.
Sinhala BJT16. සඞ්ඝ තෙමේ යමකුට කර්‍ම කෙරේ ද, මොහු සූවිසි දෙනෙක් වෙති. එතැන මොහු ගණපූරක නො වෙති යි බුදුරජුන් විසින් බැහැර කරණ ලදහ.
Pali BJT17. පාරිවාසිකචතුත්ථො පරිවාසං දදෙය්ය වා, මූලා මානත්තං අබ්භෙය්ය අකම්මං න ච කාරණං{14}.
Sinhala BJT17. පිරිවෙස් පුරණ මහණ සිවුවැනි කොට සිටියේ පිරිවෙස් දෙන්නේ ද, මූලායපටිකස්සනය කෙරේ ද, මානත දෙන්නේ ද, ඔහු විසිවැනි කොට අබ්භානය කෙරේද, ඒ කර්‍මයක් නො වේ. නො කටයුතු ය.
Pali BJT18. මූලා අරහමානත්තා අබ්භානාරහමෙව ච, න කම්මකාරකා{15} පඤ්ච සම්බුද්ධෙන පකාසිතා.
Sinhala BJT18. පිරිවෙස් පුරන්නහු, මූලායපටිකස්සනයට සුදුස්සහු, මානතට සුදුස්සහු, මානතට හැසිරෙන්නහු, අබ්භානයට සුදුස්සහු, යන පස් දෙන කර්‍මකාරක නො වෙති යි බුදුරජුන් විසින් දක්වන ලදහ.
Pali BJT19. භික්ඛුනී සික්ඛමානා ච සාමණෙරො සාමණෙරිකා, පච්චක්ඛන්තිම උම්මත්තා ඛිත්තවෙදනදස්සනෙ{16}.
Sinhala BJT19. භික්ඛුණි, සික්ඛමානා, සාමණේර, සාමණෙරී, සික්ඛා – පච්චක්ඛාතක, අන්තිම වස්තුවට පැමිණියහු, උම්මත්ත, ඛිත්තචිත්ත්ත, වේදනට්ට, ඇවැත ඇවැත යයි නො දක්නහු–
Pali BJT20. අප්පටිකම්මෙ දිට්ඨියා පණ්ඩකා චෙව{1} බ්යඤ්ජනා, නානාසංවාසකා සීමා වෙහාසං යස්ස කම්ම ච.
Sinhala BJT20. ඇවැතට පිළියම් නො කළහු, දෘෂ්ටිය බැහර නො කළහු, පණ්ඩක, උභතෝබ්‍යඤ්ජනක, නානාසංවාසක, යන මොහු ද, නානා සීමාවන්හි සිටියහු ද, ඍද්ධියෙන් අහස සිටියහු ද, යමකුගේ කර්‍මය වේ ද, ඔහු ද–
Pali BJT21. අට්ඨාරසන්නං එතෙසං, පටික්කොසං න රූහති, භික්ඛුස්ස පකතත්තස්ස රූහති පටික්කොසනා.
Sinhala BJT21. මේ අටළොස් දෙනාගේ පටික්කෝසනය (විරුද්ධ ව කරුණු කීම) නො නැගේ. පක්තත්තභික්‍ෂුහුගේ පටික්කෝසනය නගියි.
Pali BJT22. සුද්ධස්ස දුන්නිසාරිතො බාලො හි සුනිස්සාරිතො, පණ්ඩකො ථෙය්යසංවාසො පක්කන්තො තිරච්ඡානගතො.
Sinhala BJT22. අනාපත්තිකභික්‍ෂුහුගේ බැහැර කිරීම, වැරදි සේ බැහැර කිරීමෙකි. අඥ තෙමේ මනා කොට බැහැර කරණ ලද්දේ වේ. පණ්ඩක, ථෙය්‍යසංවාසක, තිර්‍ත්‍ථයපක්කන්තක, තිරච්ඡානගත–
Pali BJT23. මාතු පිතු අරහන්ත දූසකො සඞ්ඝභෙදකො, ලොහිතුප්පාදකො චෙව උභතොබ්යඤ්ජනො ච යො.
Sinhala BJT23. මාතුඝාතක, පිතුඝාතක, අරහන්තඝාතක, භික්ඛුණිදූසක, සඞ්ඝභේදක, ලෝහිතුප්පාදක, උභතෝබ්‍යඤ්ජනක යන–
Pali BJT24. එකාදසන්නං එතෙසං ඔසාරණං න යුජ්ජති, හත්ථපාදං{2} තදුභයං කණ්ණනාසං තදූභයං.
Sinhala BJT24. මේ එකොළොස් දෙනාගේ ඔසාරණය නො යෙදේ. හත්‍ථච්‍ඡින්න, පාදච්‍ඡින්න, හත්‍ථපාදච්‍ඡින්න, කණ්ණච්‍ඡින්න, නාසච්‍ඡින්න, කණ්ණනාසච්‍ඡින්න–
Pali BJT25. අඞ්ගුලි අළකණ්ඩරං ඵණං ඛුජ්ජො ච වාමනො, ගණ්ඩී ලක්ඛණකසා ච ලිඛිතකො ච සීපදී.
Sinhala BJT25. අඞ්ගුලිච්‍ඡින්න, අළච්‍ඡින්න, කණ්ඩරච්‍ඡින්න, එණහත්‍ථක, ඛුජ්ජ, වාමන, ගලගණ්ඩි, ලක්ඛණාහත, කසාහත, ලිඛිතක, සීපදී–
Pali BJT26. පාපාපරිස කාණො ච{3} කුණී ඛඤ්ජො හතොපි ච, ඉරියාපථදුබ්බලො අන්ධො මූගො ච බධිරො{4}.
Sinhala BJT26. පාපරෝගි, පරිසදූසක, කාණ, කුණී, ඛඤ්ජ, පක්‍ඛහත, ඡන්නිරියාපථ, ජරාදුබ්බල, අන්‍ධ, මූග, බධිර
Pali BJT27. අන්ධමූගො අන්ධබධිරො{5} මූගබධිරමෙව ච, අන්ධමූගබධිරො ච ද්වත්තිංසෙතෙ අනූනකා{6}.
Sinhala BJT27. අන්‍ධමූග, අන්‍ධබධිර, මූගබධිර, අන්‍ධමූගබධිර යන මොහු නො අඩු දෙතිස් දෙනෙක් වෙති.
Pali BJT28. තෙසං ඔසාරණං හොති සම්බුද්ධෙන පකාසිතං, දට්ඨබ්බා පටිකාතබ්බා නිස්සජෙතා{7} න විජ්ජති.
Sinhala BJT28. ඔවුන්ගේ ඔසාරණය මේ ය යි බුදුරජුන් විසින් ප්‍රකාශ කරණ ලදී. දැක්ක යුතු වූ ද, පිළියම් කටයුතු වූ ද, දුරු කළයුතු වූ ද ඇවැතක් නො වේ.
Pali BJT29. තස්ස උක්ඛෙපනා කම්මා සත්ත හොන්ති අධම්මිකා, ආපන්නං අනුවත්තන්තං සත්තෙතෙපි{8} අධම්මිකා.
Sinhala BJT29. ඒ මහණහුට අධාර්මික වූ උත්ක්‍ෂේපණීයකර්‍මයෝ සතක් වෙත්. ඇවැතට පැමිණියහුට ද, උත්ක්‍ෂේපණීයකර්‍මය කළවුන්ට අනුවර්‍තකවූවහුට ද මේ අධාර්මික වූ උත්ක්‍ෂේපණීයකර්‍මයෝ සතක් වෙත්.
Pali BJT30. ආපන්නං නානුවත්තන්තං සත්ත කම්මා සුධම්මිකා{9}, සම්මුඛා පටිපුච්ඡා ච පටිඤ්ඤාය ච කාරණා.
Sinhala BJT30. ඇවතට පැමිණියහුට ද, උත්ක්‍ෂේපණීයකර්‍ම කළවුන්ට අනුව නො යන භික්‍ෂූන්ට කළයුතු වූ ධාර්මිකකර්‍ම සතෙකි. හමුයෙහි ද පිළිවිසීමෙන් ද ප්‍රතිඥාවෙන් ද කිරීම් වශයෙන්–
Pali BJT31. සති අමූළ්හ පාපිකා තජ්ජනීනියස්සෙන ච, පබ්බාජනීය පටිසාරො උක්ඛෙපපරිවාස ච.
Sinhala BJT31. සතිවිනය, අමූළ්හවිනය, තස්සපාපිය්‍යසිකාකර්‍මය, තජ්ජනීයකර්‍මය, නියස්සකර්‍මය, පබ්බාජනීයකර්‍මය, පටිසාරණීයකර්‍මය, උක්ඛේපනීයකර්‍මය, පරිවාසයට සුදුස්සහු–
Pali BJT32. මූලමානත්ත අබ්භානා තථෙව උපසම්පදා, අඤ්ඤං කරෙය්ය අඤ්ඤස්ස සොළසෙතෙ අධම්මිකා.
Sinhala BJT32. මූලායපටිකස්සනයට සුදුස්සහු, මානතට සුදුස්සහු, අබ්භානයට සුදුස්සහු, උපසම්පදාවට සුදුස්සහු – අනෙකකුට කටයුතු කර්‍මය අනෙකකුට කෙරේ ද, මේ සොළස අධාර්මිකකර්‍ම වෙති.
Pali BJT33. තං තං කරෙය්ය තං තස්ස සොළසෙතෙ සුධම්මිකා, පච්චාරොපෙය්ය අඤ්ඤඤ්ඤං{10} සොළසෙතෙ අධම්මිකා.
Sinhala BJT33. ඒ ඒ කර්‍මයට සුදුසු වූවාහුට ඒ ඒ කර්‍මය කෙරේ ද– මේ ධාර්මිකකර්‍ම සොළොසෙකි. ඔවුනොවුන්ට නැවත අරෝපණය කෙරේ ද – මේ අධාර්මිකකර්‍ම සොළොසෙකි.
Pali BJT34. ද්වෙ ද්වෙ තම්මූලකන්තස්ස{11} තෙපි සොළසධම්මිකා, එකෙකමූලකං චක්කං අධම්මන්ති ජිනො බ්රවී.
Sinhala BJT34. දෙකක් දෙකක් මුල් කොට ඇති ඒ කර්‍මයට ද ධාර්මිකකර්‍ම සොළොසෙක් ම ය. එකක් එකක් මුල් වූ වක්‍ර අධර්‍මය යි. සර්‍වඥයන් වහන්සේ වදාළ සේක.
Pali BJT35. අකාසි තජ්ජනීයං කම්මං, සඞ්ඝො භණ්ඩනකාරකෙ, අධම්මෙන වග්ගකම්මං අඤ්ඤං ආවාසං ගඤ්ඡි සො.
Sinhala BJT35. සඞ්ඝ තෙමේ භණ්ඩනකාරක භික්‍ෂුහුහට තජ්ජනීයකර්‍මය කෙළේ ය. ඒ භණ්ඩනකාරක තෙමේ අන් ආවාසයකට ගියේ ය. (එහි දී) අධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍ම කෙළේ ය.
Pali BJT36. තත්ථාධම්මෙන සමග්ගා තස්ස තජ්ජනීයං කරුං, අඤ්ඤත්ථ වග්ගා ධම්මෙන තස්ස තජ්ජනීයං කරුං.
Sinhala BJT36. එහි අධර්‍මයෙන් සමග්‍ර වූවාහු ඒ මහණහුට තජ්ජනීයකර්‍මය කළාහු ය. අන් තැනෙක ධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු ඔහුට තජ්ජනීයකර්‍මය කළහ.
Pali BJT37. පතිරූපෙන වග්ගාපි සමග්ගාපි තථා කරුං, අධම්මෙන සමග්ගා ච ධම්මෙන වග්ගමෙව ච.
Sinhala BJT37. ප්‍රතිරූපකයෙන් ව්‍යග්‍ර වූවාහු ද, සමග්‍ර වූවාහු ද එසේ ම කළහ. අධර්‍මයෙන් සමග්‍ර සඞ්ඝයා ද, ධර්‍මයෙන් ව්‍යග්‍ර සඞ්ඝයා ද–
Pali BJT38. පතිරූපෙන වග්ගා ච සමග්ගා ච ඉමෙ පදා, එකෙකමූලං කත්වා චක්කං බන්ධෙ විචක්ඛණො.
Sinhala BJT38. ප්‍රතිරූපක වශයෙන් ව්‍යග්‍ර සඞ්ඝයා හා සමග්‍ර සඞ්ඝයා ද මේ පද එක එක මුල් කොට නුවණැත්තේ චක්‍රබන්‍ධනය කරන්නේ ය.
Pali BJT39. බාලාව්යත්තස්ස නියස්සං පබ්බාජෙ කුලදූසකං, පටිසාරණීයං කම්මං කරෙ අක්කොසකස්ස ච.
Sinhala BJT39. අඥ වූ අව්‍යක්තයාහට නියස්සකර්‍මය ද, කුලදූෂකයාහට පබ්බාජනීය කර්‍මය ද, ආක්‍රෝශ කරන්නහුට පටිසාරණීයකර්‍මය ද කරන්නේ ය.
Pali BJT40. අදස්සනාප්පටිකම්මෙ යො ච දිට්ඨිං න නිස්සජෙ, තෙසං උක්ඛෙපනීයකම්මං{1} සත්ථවාහෙන භාසිතං.
Sinhala BJT40. ඇවැත් නො දැක්මෙහි, ඇවැතට පිළියම් නො කිරීමෙහි, පවිටු දිටු නො හැරීමෙහි යන මේ තුණෙහි බුදුරජුන් විසින් උත්ක්‍ෂේපණීය – කර්‍මය (කළ යුතු ය යි.) වදාරණ ලදී.
Pali BJT41. උපරිනයකම්මානං{2} පඤ්හෙ{3} තජ්ජනීයං නයෙ, තෙසංයෙව අනුලොමං සම්මා වත්තති යාචිතො{4}.
Sinhala BJT41. මත්තෙහි කර්‍මයන්ගේ ක්‍රමය පිළිබඳ ප්‍රශ්නයෙහි තජ්ජනීයකර්‍මයෙහි මෙන් වේ. ඒ ඒ කර්‍මයන්ට අනුලොම් ව යාච්ඤා කරණලද්දේ මනා කොට පවතී.
Pali BJT42. පස්සද්ධිං{5} තෙසං කම්මානං හෙට්ඨා කම්මනයෙන ච, තස්මිං තස්මිං තු කම්මෙසු තත්රට්ඨො ච විවාදති{6}.
Sinhala BJT42-43. යට කී කර්‍මයන්ගේ ක්‍රමයෙන් ඒ ඒ කර්‍මයන්ගේ සන්සිඳීම ද, ඒ ඒ කර්‍මයන්හි, එහි සිටියේ “කර්‍මය නො කරණ ලද්දේ ය. කර්‍මය වැරදි සේ කරණ ලද්දේ ය. කර්‍මය නැවත කට යුතු ය” යි කර්‍මප්‍රශ්‍රබ්ධියෙහි මෙම විවාද කෙරේ. ඒ ඒ භික්‍ෂූහු ධර්‍මවාදී වෙත්.
Pali BJT43. අකතං දුක්කතඤ්චෙව පුන කාතබ්බකන්ති ච, කම්මෙ පස්සද්ධියා චාපි තෙ භික්ඛූ ධම්මවාදිනො.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT44. විපත්තිබ්යාධිතෙ දිස්වා කම්මප්පත්තෙ මහාමුනි, පටිප්පස්සද්ධිමක්ඛාසි සල්ලකත්තොව ඔසධන්ති.
Sinhala BJT44. ශල්‍යකර්‍ම කරන්නකු බෙහෙත් කියන්නා සේ මහාමුනි තෙමේ කර්‍මවිපත්තියෙන් පීඩිත වූ කර්‍මප්‍රාප්තයන් දැක ඔවුන්ගේ සන්සිඳීම වදාළේ ය.
Pali BJT10.
Sinhala BJT10.
Pali BJTකොසම්බක්ඛන්ධකං
Sinhala BJTකෝසම්බක්ඛන්‍ධකය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා කොසම්බියං විහරති ඝොසිතාරාමෙ. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු ආපත්තිං ආපන්නො. සො තස්සා ආපත්තියා ආපත්තිදිට්ඨි හොති. අඤ්ඤෙ භික්ඛූ තස්සා ආපත්තියා අනාපත්තිදිට්ඨිනො හොන්ති.
Sinhala BJT1. එකල්හි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ කොසඹෑනුවර ඝෝසිතාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි එක්තරා මහණෙක් ඇවැතකට පැමිණියේ වේ. හෙතෙමේ ඒ ඇවැතෙහි ආපත්ති දෘෂ්ටි (ඇවැත් යන ලබ්ධි) ඇත්තේ වේ. සෙසු භික්‍ෂූහු ඒ ඇවැතෙහි අනාපත්තිදෘෂ්ටි (ඇවැත් නැතැ යි යන ලබ්ධි) ඇත්තෝ වෙති.
Pali BJT2. සො අපරෙන සමයෙන තස්සා ආපත්තියා අනාපත්තිදිට්ඨි හොති. අඤ්ඤෙ භික්ඛූ තස්සා ආපත්තියා ආපත්තිදිට්ඨිනො හොන්ති.
Sinhala BJT2. හෙතෙමේ මෑත කාලයෙහි ඒ ඇවැතෙහි අනාපත්ති දෘෂ්ටි ඇත්තේ වේ. සෙසු භික්‍ෂූහු ඒ ඇවතෙහි ආපත්තිදෘෂ්ටි ඇත්තෝ වෙති.
Pali BJT3. අථ ඛො තෙ භික්ඛූ තං භික්ඛුං එතදවොචුං: “ආපත්තිං ත්වං ආවුසො, ආපන්නො. පස්සසෙතං ආපත්ති”න්ති. “නත්ථි මෙ ආවුසො, ආපත්ති, යමහං පස්සෙය්ය”න්ති.
Sinhala BJT3. ඉක්බිති ඒ භික්‍ෂූහු “ඇවැත, තෝ ඇවැතකට පැමිණියෙහි ය. තෙල ඇවැත දකුව” යි ඒ මහණහුට කීහ. “ඇවැත්නි, මම යම් ඇවැතක් දක්නෙම් ද, මට එබඳු ඇවැතක් නැතැ” යි හෙතෙමේ කීය.
Pali BJT4. අථ ඛො තෙ භික්ඛූ සාමග්ගිං ලභිත්වා තං භික්ඛුං ආපත්තියා අදස්සනෙ උක්ඛිපිංසු.
Sinhala BJT4. එකල්හි ඒ භික්‍ෂූහු සමගිය ලබා ඒ භික්‍ෂුනම ඇවැත් නො දැක්මෙහි තහනම් කළහ.
Pali BJT5. සො ච භික්ඛු බහුස්සුතො හොති ආගතාගමො ධම්මධරො විනයධරො මාතිකාධරො පණ්ඩිතො ව්යත්තො මෙධාවී ලජ්ජී කුක්කුච්චකො සික්ඛාකාමො.
Sinhala BJT5. ඒ මහණ තෙමේ ද බොහෝ ඇසූපිරූතැන් ඇත්තේ ය. ආගම පුහුණු කෙළේ වේ. ධර්‍මධර ය. විනයධර ය. උභයමාතෘකා (ප්‍රාතිමෝක්‍ෂ) ධර ය. පණ්ඩිත ය. ව්‍යක්ත ය. නුවණැත්තේ ය. ලජ්ජා ඇත්තේ ය. කුකුස් කරන්නේ ය. ශික්‍ෂාකාමී ය.
Pali BJT6. අථ ඛො සො භික්ඛු සන්දිට්ඨෙ සම්භත්තෙ භික්ඛූ උපසඞ්කමිත්වා එතදවොච: “අනාපත්ති එසා ආවුසො. නෙසා ආපත්ති. අනාපන්නොම්හි. නම්හි ආපන්නො. අනුක්ඛිත්තොම්හි. නම්හි උක්ඛිත්තො. අධම්මිකෙනම්හි කම්මෙන උක්ඛිත්තො කුප්පෙන අට්ඨානාරහෙන. හොථ මෙ ආයස්මන්තො ධම්මතො විනයතො පක්ඛා”ති. අලභි ඛො සො භික්ඛු සන්දිට්ඨෙ සම්භත්තෙ භික්ඛූ පක්ඛෙ.
Sinhala BJT6. ඉක්බිති ඒ භික්‍ෂු තෙමේ දුටුමිතුරු දැඩිමිතුරු භික්‍ෂූන් වෙත එළඹ “ඇවැත්නි, මෙය අනාපත්ති වේ. මෙය ඇවැතක් නො වේ. ඇවැතට නො පැමිණියේ වෙමි. පැමිණියෙක් නො වෙමි. තහනම් නො කරණ ලද්දේ වෙමි. තහනම් කරණ ලද්දෙක් නො වෙමි. කෝප්‍ය වූ (ආක්‍රෝශ කටයුතු බවට පැමිණි) සසුනට නො ගැළපෙන්නා වු අධාර්මිකකර්‍මයෙන් තහනම් කරණ ලද්දේ වෙමි. (එහෙයින්) ආයුෂ්මත්හු ධර්‍මයෙන් විනයයෙන් මට පක්‍ෂ වවු” යි මෙය කීයේ ය. ඒ භික්‍ෂු තෙමේ දුටුමිතුරු වූ දැඩිමිතුරු වූ (තමහට) පක්‍ෂ වූ භික්‍ෂූන් ලැබී ය.
Pali BJT7. ජානපදානම්පි සන්දිට්ඨානං සම්භත්තානං භික්ඛූනං සන්තිකෙ දූතං පාහෙසි: “අනාපත්ති එසා ආවුසො, නෙසා ආපත්ති. අනාපන්නොම්හි. නම්හි ආපන්නො. අනුක්ඛිත්තොම්හි. නම්හි උක්ඛිත්තො. අධම්මිකෙනම්හි කම්මෙන උක්ඛිත්තො කුප්පෙන අට්ඨානාරහෙන. හොන්තු මෙ ආයස්මන්තො ධම්මතො විනයතො පක්ඛා”ති. අලභි ඛො සො භික්ඛු ජානපදෙපි සන්දිට්ඨෙ සම්භත්තෙ භික්ඛූ පක්ඛෙ.
Sinhala BJT7. “ඇවැත්නි, මෙය අනාපත්ති වේ. මෙය ඇවැතක් නො වේ. ඇවැතට නො පැමිණියෙම් වෙමි. පැමිණියෙම් නො වෙමි. තහනම් නො කරණ ලද්දේ වෙමි. තහනම් කරණ ලද්දේ නො වෙමි. කෝප්‍ය වූ සසුනට නො ගැළපෙන්නා වූ අධාර්මිකකර්‍මයෙන් තහනම් කරණ ලද්දේ වෙමි. (එහෙයින්) ආයුෂ්මත්හු ධර්‍මයෙන් විනයයෙන් මට පක්‍ෂවවු” යි මෙසේ කියා දනවු වැසි දුටුමිතුරු වූ දැඩිමිතුරු වූ භික්‍ෂූන් වෙත ද දූතයකු යැවී ය. ඒ භික්‍ෂු තෙමේ දනවුවැසි දුටුමිතුරු වූ දැඩිමිතුරු වූ පක්‍ෂ වූ භික්‍ෂූන් ද ලැබී ය.
Pali BJT8. අථ ඛො තෙ උක්ඛිත්තානුවත්තකා භික්ඛූ යෙන උක්ඛෙපකා භික්ඛූ තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා උක්ඛෙපකෙ භික්ඛූ එතදවොචුං: “අනාපත්ති එසා ආවුසො. නෙසා ආපත්ති. අනාපන්නො එසො භික්ඛු. නෙසො භික්ඛු ආපන්නො. අනුක්ඛිත්තො එසො භික්ඛු. නෙසො භික්ඛු උක්ඛිත්තො. අධම්මිකෙන කම්මෙන උක්ඛිත්තො කුප්පෙන අට්ඨානාරහෙනා”ති.
Sinhala BJT8. ඉක්බිති ඒ උත්ක්‍ෂිප්තානුවර්‍තක (තහනම් කරණු ලැබූවහුට අනු ව පවතින) භික්‍ෂූහු තහනම් කළ භික්‍ෂූන් වෙත එළඹියහ. එළඹ “ඇවැත්නි, මෙය අනාපත්ති වේ. මෙය ඇවැතක් නො වේ. මේ මහණ තෙමේ ඇවැතට නො පැමිණියේ වේ. මේ මහණ තෙමේ ඇවැතට පැමිණියෙක් නො වේ. මේ මහණ තෙමේ බැහැර නො කරණ ලද්දේ වේ. මේ මහණ තෙමේ බැහැර කරණ ලද්දෙක් නො වේ. කෝප්‍ය වු සසුනට නො ගැළපෙන්නා වූ අධාර්මිකකර්‍මයෙන් බැහැර කරණ ලද්දේ ය” යි බැහැර කළ භික්‍ෂූන්ට මෙය කීහ.