Mahāvagga

Great Division

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 2301-2400 න් 2799

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT19. නග්ගා කුසා වාකචීරං, ඵලකො කෙසකම්බලං, වාලඋලූකපක්ඛඤ්ච අජිනං අක්කනාළ ච{6}.
Sinhala BJT19. නග්න ව පැමිණීම, කුසවැහරි දැරීම, වාකවැහරි, ඵලකවැහරි, කෙහෙකම්බිලි, වාලකම්බිලි, මහමූණු පියාපත්, අඳුන් දිවිසම්, වරාහුයෙන් කළ වැහරි,
Pali BJT20. පොත්ථකං නීලපීතඤ්ච ලොහිතං මඤ්ජෙට්ඨෙන ච{7}, කණ්හා මහාරඞ්ගනාමා{8} අච්ඡින්නදසිකං තථා.
Sinhala BJT20. නියඳින් කළ වැහරි, නිල්වන් වත්, රන්වන් වත්, රතුවන්, මදටිය පැහැ ඇති වත් හා කළු වත්, පත්තෑපිටපැහැති වත්, කන්වෑපිටපැහැති වත්, නො සිඳූ දාවලු ඇති සිවුරු, එසේම –
Pali BJT21. දීඝපුප්ඵඵණදසා කඤ්චුතිරීටවෙඨනං, අනුප්පන්නෙ පක්කමති සඞ්ඝො භිජ්ජති තාවදෙ.
Sinhala BJT21. දික් දාවලු ඇති සිවුරු, මල්දාවලු ඇති සිවුර ද, පෙණදාවලු ඇති සිවුරු, සැට්ටය, රුක්සුඹුලු, හිස්වෙළුම්, සිවුරු නූපන් කල්හි බැහැර යයි. සිවුරු උපන් කෙණෙහි සඞ්ඝ තෙමේ බිඳේ.
Pali BJT22. පක්ඛෙ දදන්ති සඞ්ඝස්ස ආයස්මා රෙවතො පහි, විස්සාසගාහාධිට්ඨාති, අට්ඨ චීවරමාතිකාති.
Sinhala BJT22. පක්‍ෂයකට දෙත්. සඞ්ඝයාට දෙත්. ආයුෂ්මත් රේවත තෙමේ (ශාරීපුත්‍ර තෙරුන්ට සිවුරක්) යැවී ය. විශ්වාසයෙන් ගැණීම, ඉටීම, සිවුරු ලැබීමේ මාතෘකා අටෙක යන මොහු වෙත්.
Pali BJT9.
Sinhala BJT9.
Pali BJTචම්පෙය්යක්ඛන්ධකං
Sinhala BJTචම්පෙය්‍යක්ඛන්‍ධකය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා චම්පායං විහරති ගග්ගරාය පොක්ඛරණියා තීරෙ. තෙන ඛො පන සමයෙන කාසීසු ජනපදෙ වාසභගාමො නාම හොති. තත්ථ කස්සපගොත්තො නාම භික්ඛු ආවාසිකො හොති තන්තිබද්ධො උස්සුක්කං ආපන්නො “කින්ති අනාගතා ච පෙසලා භික්ඛූ ආගච්ඡෙය්යුං, ආගතා ච පෙසලා භික්ඛූ ඵාසුං{1} විහරෙය්යුං, අයඤ්ච ආවාසො වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජෙය්යා”ති.
Sinhala BJT1. එකල්හි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ චම්පානුවර ගග්ගරා පොකුණුතෙර වැඩ වසන සේක. එකල්හි කසිදනව්වෙහි වාසභගාම නම් ගමෙක් වේ. එහි කාශ්‍යපගෝත්‍ර නම් මහණ තෙමේ ආවාසික වූයේ කටයුතු පරම්පරාවෙහි නිති බැඳුනේ “කෙසේ නම් නො පැමිණි ප්‍රියශීල භික්‍ෂූහු පැමිණෙන්නාහු ද, පැමිණියා වූ ප්‍රියශීල භික්‍ෂූහු සැප සේ වසන්නාහු ද, මේ ආවාසයත් වැඩීමට දියුණුවට මහත් බවට පැමිණෙන්නේ දැ” යි උත්සාහයට පැමිණියේ වේ.
Pali BJT2. තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛූ කාසීසු චාරිකං චරමානා යෙන වාසභගාමො තදවසරුං. අද්දසා ඛො කස්සපගොත්තො භික්ඛු තෙ භික්ඛූ දූරතොව ආගච්ඡන්තෙ. දිස්වාන ආසනං පඤ්ඤාපෙසි. පාදොදකං පාදපීඨං පාදකඨලිකං උපනික්ඛිපි. පච්චුග්ගන්ත්වා පත්තචීවරං පටිග්ගහෙසි. පානීයෙන ආපුච්ඡි. නහානෙ උස්සුක්කං අකාසි. උස්සුක්කම්පි අකාසි යාගුයා ඛාදනීයෙ භත්තස්මිං.
Sinhala BJT2. එකල්හි බොහෝ භික්‍ෂූහු කාසිජනපදයෙහි චාරිකා කරන්නාහු වාසභගමට පැමිණියාහු ය. කාශ්‍යපගෝත්‍රභික්‍ෂු තෙමේ එන්නා වූ ඒ භික්‍ෂූන් දුර දී ම දුටුයේ ය. දැක අසුන් පැණවී ය. පා දෝනා දිය පාපුටුව පා තබන පුවරුව එළවා තැබී ය. ඉදිරියට ගොස් පාසිවුරු පිළිගත්තේ ය. පැනින් විචාළේ ය. නෑමෙහි උනන්දු කෙළේ ය. කැඳෙහි කැවිලියෙහි බතෙහි ද උනන්දු කෙළේ ය.
Pali BJT3. අථ ඛො තෙසං ආගන්තුකානං භික්ඛූනං එතදහොසි: “භද්දකො ඛො අයං ආවුසො, ආවාසිකො භික්ඛු නහානෙ උස්සුක්කං කරොති. උස්සුක්කම්පි කරොති යාගුයා ඛාදනීයෙ භත්තස්මිං. හන්ද මයං ආවුසො ඉධෙව වාසභගාමෙ නිවාසං කප්පෙමා”ති. අථ ඛො තෙ ආගන්තුකා භික්ඛූ තත්ථෙව වාසභගාමෙ නිවාසං කප්පෙසුං.
Sinhala BJT3. එකල්හි ඒ ආගන්තුකභික්‍ෂූන්ට “ඇවැත්නි, මේ ආවාසික භික්‍ෂූ තෙමේ යහපත් ය. නෑමට උනන්දු කරයි. කැඳෙහි කැවිලියෙහි බතෙහි ද උනන්දු කරයි. ඇවැත්නි, එබැවින් අපි මෙහි ම වාසභගමෙහි වසමු” යි සිත් වී ය. ඉක්බිති ඒ ආගන්තුකභික්‍ෂූහු එහි ම වාසභගමෙහි වාසය කළහ.
Pali BJT4. අථ ඛො කස්සපගොත්තස්ස භික්ඛුනො එතදහොසි: “යො ඛො ඉමෙසං ආගන්තුකානං භික්ඛූනං ආගන්තුකකිලමථො සො පටිපස්සද්ධො. යෙපි මෙ ගොචරෙ අප්පකතඤ්ඤුනො, තෙ දානිමෙ ගොචරෙ පකතඤ්ඤුනො. දුක්කරං ඛො පන පරකුලෙසු යාවජීවං උස්සුක්කං කාතුං. විඤ්ඤත්ති ච මනුස්සානං අමනාපා. යන්නූනාහං න උස්සුක්කං කරෙය්යං යාගුයා ඛාදනීයෙ භත්තස්මි”න්ති. සො න උස්සුක්කං අකාසි යාගුයා ඛාදනීයෙ භත්තස්මිං.
Sinhala BJT4. එකල්හි කාශ්‍යපගෝත්‍ර භික්‍ෂුහුහට “මේ ආගන්තුකභික්‍ෂූන්ගේ යම් ආගන්තුකවෙහෙසක් වේ ද, එය සන්සිඳුනේ ය. යම් මේ පැවිද්දෝ ගොදුරු ගමෙහි නො දැනීම් ඇත්තාහු ද, ඒ මේ පැවිද්දෝ දැන් ගොදුරු ගමෙහි දැනීම් ඇත්තෝ වූහ. අන්‍යකුලයන් දිවි තෙක් උනන්දු කීරීම දුෂ්කර ය. විණවීම (ඉල්ලීම) ද මිනිසුන්ගේ මන නො වඩන්නේ ය. (එහෙයින්) මම කැඳෙහි කැවිලියෙහි බතෙහි උනන්දු නො කරන්නෙම් නම් යෙහෙකැ”යි අදහස් වී ය. හෙතෙමේ කැඳෙහි කැවිලියෙහි බතෙහි (ඔවුන්) උනන්දු නො කෙළේ ය.
Pali BJT5. අථ ඛො තෙසං ආගන්තුකානං භික්ඛූනං එතදහොසි: “පුබ්බෙ ඛ්වායං ආවුසො ආවාසිකො භික්ඛු නහානෙ උස්සුක්කං අකාසි: උස්සුක්කම්පි අකාසි යාගුයා ඛාදනීයෙ භත්තස්මිං. සො දානායං න උස්සුක්කං කරොති යාගුයා ඛාදනීයෙ භත්තස්මිං. දුට්ඨො දානායං ආවුසො, ආවාසිකො භික්ඛු. හන්ද මයං ආවුසො, ආවාසිකං{2} භික්ඛුං උක්ඛිපාමා”ති.
Sinhala BJT5. එකල්හි ඒ ආගන්තුකභික්‍ෂූන්ට “ඇවැත්නි, පෙර මේ ආවාසික භික්‍ෂූ තෙමේ නෑමෙහි (අප) උනන්දු කෙළේ ය. කැඳෙහි කැවිලියෙහි බතෙහි ද උනන්දු කෙළේ ය. හෙතෙමේ දැන් කැඳෙහි කැවිලියෙහි බතෙහි උනන්දු නො කරයි. ඇවැත්නි, දැන් මේ ආවාසිකභික්‍ෂු තෙමේ දුෂ්ට ය. ඇවැත්නි, එබැවින් අපි ආවාසික භික්‍ෂුහුහට උත්ක්‍ෂෙපණියකර්‍මය කරමු” යි අදහස් වී ය.
Pali BJT6. අථ ඛො තෙ ආගන්තුකා භික්ඛූ සන්නිපතිත්වා කස්සපගොත්තං භික්ඛුං එතදවොචුං: “පුබ්බෙ ඛො ත්වං ආවුසො නහානෙ උස්සුක්කං කරොසි. උස්සුක්කම්පි කරොසි යාගුයා ඛාදනීයෙ භත්තස්මිං. සොදානි ත්වං න උස්සුක්කං කරොසි යාගුයා ඛාදනීයෙ භත්තස්මිං. ආපත්තිං ත්වං, ආවුසො, ආපන්නො. පස්සසෙතං ආපත්ති”න්ති. “නත්ථි මෙ ආවුසො ආපත්ති, යමහං පස්සෙය්ය”න්ති.
Sinhala BJT6. ඉක්බිති ආගන්තුකභික්‍ෂූහු රැස් වී කාශ්‍යපගෝත්‍ර භික්‍ෂුහුහට “ඇවැත්නි, තෝ පෙර නෑමෙහි (අප) උනන්දු කෙරෙහි. කැඳෙහි කැවිලියෙහි බතෙහි ද උනන්දු කෙරෙහි. ඒ තෝ දැන් කැඳෙහි කැවිලියෙහි බතෙහි උනන්දු නො කෙරෙහි. ඇවැත්නි, තෝ ඇවැතට පැමිණියෙහි ය. ඒ ඇවැත දක්නෙහි දැ” යි කීහ. “ඇවැත්නි, මම යම් ඇවැතක් දක්නෙම් ද, මට එබඳු ඇවැතක් නැතැ” යි කී ය.
Pali BJT7. අථ ඛො තෙ ආගන්තුකා භික්ඛූ කස්සපගොත්තං භික්ඛුං ආපත්තියා අදස්සනෙ උක්ඛිපිංසු. අථ ඛො කස්සපගොත්තස්ස භික්ඛුනො එතදහොසි: “අහං ඛො එතං න ජානාමි - ආපත්ති වා එසා අනාපත්ති වා? ආපන්නො චම්හි අනාපන්නො වා? උක්ඛිත්තො චම්හි අනුක්ඛිත්තො වා ධම්මිකෙන වා අධම්මිකෙන වා කුප්පෙන වා අකුප්පෙන වා ඨානාරහෙන වා අට්ඨානාරහෙන වා? යන්නූනාහං චම්පං ගන්ත්වා භගවන්තං එතමත්ථං පුච්ඡෙය්ය”න්ති.
Sinhala BJT7. එකල්හි ඒ ආගන්තුකභික්‍ෂූහු කාශ්‍යපගෝත්‍රභික්‍ෂූහුහට ඇවැත් නො දැක්මෙහි උත්ක්‍ෂෙපණියකර්‍මය කළහ. ඉක්බිති කාශ්‍යපගොත්‍රභික්‍ෂුහට “මම මෙය – ඇවැත් යි හෝ නො ඇවැත් යි හෝ පැමිණියේ වෙමි යි හෝ නො පැමිණියේ වෙමි යි හෝ ධාර්මික වූ හෝ අධාර්මික වූ හෝ කෝප්‍ය වූ හෝ අකෝප්‍ය වූ හෝ සසුනට සුදුසු වූ හෝ සසුනට නො සුදුසු වූ හෝ කර්‍මයකින් උත්ක්‍ෂිප්ත වෙමි යි හෝ අනුක්‍ෂිප්ත වෙමි යි හෝ නො දනිමි. මම චම්පානුවරට ගොස් මේ කාරණය භාග්‍යවතුන් වහන්සේට සැළකරන්නෙම් නම් යෙහෙකැ“යි අදහස් වී ය.
Pali BJT8. අථ ඛො කස්සපගොත්තො භික්ඛු සෙනාසනං සංසාමෙත්වා පත්තචීවරමාදාය යෙන චම්පා තෙන පක්කාමි. අනුපුබ්බෙන යෙන චම්පා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි.
Sinhala BJT8. අනතුරු ව කාශ්‍යපගෝත්‍රභික්‍ෂුතෙමේ සෙනසුන් තැන්පත් කොට තබා පාසිවුරු ගෙණ චම්පාව බලා නික්ම ගියේ ය. පිළිවෙළින් චම්පාවට ගොස් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසකෙ හුන්නේ ය.
Pali BJT9. ආචිණ්ණං ඛො පනෙතං බුද්ධානං භගවන්තානං ආගන්තුකෙහි භික්ඛූහි සද්ධිං පටිසම්මොදිතුං. අථ ඛො භගවා කස්සපගොත්තං භික්ඛුං එතදවොච: “කච්චි භික්ඛු ඛමනීයං? කච්චි යාපනීයං? කච්චිසි{1} අප්පකිලමථෙන අද්ධානං ආගතො? කුතො ච ත්වං භික්ඛු ආගච්ඡසී?”ති.
Sinhala BJT9. ආගන්තුකභික්‍ෂූන් සමග මේ පිළිසඳරකතා කිරීම භාග්‍යවත් බුදුවරුන්ගේ පුරුද්ද ය. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ කාශ්‍යපගෝත්‍රභික්‍ෂු “මහණ, කීම ඉවසිය හැකි ද? කිම යැපිය හැකි ද? වෙහෙසක් නැති ව දීර්‍ඝමාර්‍ගයෙහි ආයේ වෙහි ද? මහණ තෝ කොහි සිට එහි දැ” යි විචාළ සේක.
Pali BJT10. “ඛමනීයං භගවා. යාපනීයං භගවා. අප්පකිලමථෙන චාහං භන්තෙ අද්ධානං ආගතො. අත්ථි භන්තෙ කාසීසු ජනපදෙ වාසභගාමො නාම. තත්ථාහං ආවාසිකො තන්තිබද්ධො උස්සුක්කං ආපන්නො: “කින්ති අනාගතා ච පෙසලා භික්ඛූ ආගච්ඡෙය්යුං. ආගතා ච පෙසලා භික්ඛූ ඵාසු විහරෙය්යුං. අයඤ්ච ආවාසො වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජෙය්යා”ති.
Sinhala BJT10. “භාග්‍යවතුන් වහන්ස, ඉවසිය හැකි ය. යැපිය හැකි ය. ස්වාමීනි, මම වැඩි වෙහෙසක් නැති ව දික්මග ආවෙමි. ස්වාමීනි, කසිදනව්වෙහි වාසභ නම් ගමෙක් ඇත්තේ ය. මම එහි ආවාසික වෙමි. කටයුතු පරම්පරාවෙන් බැඳුනේ වෙමි. “කෙසේ නම් නො පැමිණියා වූ ප්‍රියශීල භික්‍ෂූහු පැමිණෙන්නාහු ද පැමිණියා වූ ප්‍රියශීල භික්‍ෂූහු සැප සේ වසන්නාහු ද මේ ආවාසයත් වැඩීමට දියුණුවට මහත් බවට පැමිණෙන්නේ දැ” යි උත්සාහයට පැමිණියෙමි.
Pali BJT11. “අථ ඛො භන්තෙ සම්බහුලා භික්ඛූ කාසීසු චාරිකං චරමානා යෙන වාසභගාමො තදවසරුං. අද්දසං ඛො අහං භන්තෙ, තෙ භික්ඛූ දූරතොව ආගච්ඡන්තෙ දිස්වාන ආසනං පඤ්ඤාපෙසිං. පාදොදකං පාදපීඨං පාදකඨලිකං උපනික්ඛිපිං. පච්චුග්ගන්ත්වා පත්තචීවරං පටිග්ගහෙසිං. පානීයෙන ආපුච්ඡිං. නහානෙ උස්සුක්කං අකාසිං. උස්සුක්කම්පි අකාසිං යාගුයා ඛාදනීයෙ භත්තස්මිං.
Sinhala BJT11. “ස්වාමීනි, ඒ අතර බොහෝ භික්‍ෂූහු කසීදනව්වෙහි චාරිකා කරන්නාහු වාසභගමට පැමිණියාහු ය. ස්වාමීනි, මම එන්නා වූ ඒ භික්‍ෂූන් දුර දී ම දුටුවෙමි. දැක අසුන් පැණවීමි. පා දෝනා දිය පාපුටුව පා තබන පුවරුව එළවා තැබීමි. ඉදිරියට ගොස් පාසිවුරු පිළිගතිමි. පැනින් විචාළෙමි. නෑමෙහි උනන්දු කෙළෙමි. කැඳෙහි කැවිලියෙහි බතෙහි ද උනන්දු කෙළෙමි.
Pali BJT12. “අථ ඛො තෙසං භන්තෙ, ආගන්තුකානං භික්ඛූනං එතදහොසි: “භද්දකො ඛො අයං ආවුසො ආවාසිකො භික්ඛු නහානෙ උස්සුක්කං කරොති. උස්සුක්කම්පි කරොති යාගුයා ඛාදනීයෙ භත්තස්මිං. හන්ද මයං ආවුසො ඉධෙව වාසභගාමෙ නිවාසං කප්පෙමා”ති. අථ ඛො තෙ භන්තෙ, ආගන්තුකා භික්ඛූ තත්ථෙව වාසභගාමෙ නිවාසං කප්පෙසුං.
Sinhala BJT12. “ස්වාමීනි, එකල්හි ඒ ආගන්තුකභික්‍ෂූන්ට ‘ඇවැත්නි, මේ ආවාසික භික්‍ෂු තෙමේ යහපත් ය. නෑමෙහි උනන්දු කරයි. කැඳෙහි කැවිලියෙහි බතෙහි ද උනන්දු කරයි. ඇවැත්නි, එබැවින් අපි මෙහි වාසභගමෙහි ම වාසය කරමු’ යි අදහස් වි ය. ස්වාමීනි, ඉන් පසු ඒ ආගන්තුකභික්‍ෂූහු එහි වාසභගමෙහි ම වාසය කළහ.
Pali BJT13. “තස්ස මය්හං භන්තෙ, එතදහොසි: “යො ඛො ඉමෙසං ආගන්තුකානං භික්ඛූනං ආගන්තුකකිලමථො සො පටිප්පස්සද්ධො. යෙපිමෙ ගොචරෙ අප්පකතඤ්ඤුනො තෙ’දානි’මෙ ගොචරෙ පකතඤ්ඤුනො. දුක්කරං ඛො පන පරකුලෙසු යාවජීවං උස්සුක්කං කාතුං. විඤ්ඤත්ති ච මනුස්සානං අමනාපා. යන්නූනාහං න උස්සුක්කං කරෙය්යං යාගුයා ඛාදනීයෙ භත්තස්මි”න්ති. සො ඛො අහං භන්තෙ, න උස්සුක්කං අකාසිං යාගුයා ඛාදනීයෙ භත්තස්මිං.
Sinhala BJT13. “ස්වාමීනි, ඒ මට ‘ආගන්තුකභික්‍ෂූන්ගේ යම් අමුතු වෙහෙසක් වී ද, එය සන් සිඳුනේය. යම් මේ පැවිද්දෝ ගොදුරුගමෙහි තතු නො දැන්නෝ ද ඒ මේ පැවිද්දෝ දැන් ගොදුරුගමෙහි තතු දන්නෝ ය. අන්‍යකුලයන් දිවිහිම් කොට උනන්දු කිරීම දුෂ්කර ය. විණවීම ද මිනිසුන්ගේ මන නො වඩන්නේ ය. (එහෙයින්) මට ‘කැඳෙහි කැවිලියෙහි බතෙහි උනන්දු නො කරන්නෙම් නම් යෙහෙකැ’යි අදහස් වී ය. ස්වාමීනි, ඒ මම කැඳෙහි කැවිලියෙහි බතෙහි උනන්දු නො කෙළෙමි” යි සැළ කෙළේ ය.
Pali BJT14. අථ ඛො තෙසං භන්තෙ, ආගන්තුකානං භික්ඛූනං එතදහොසි: ‘පුබ්බෙ ඛ්වායං, ආවුසො ආවාසිකො භික්ඛු නහානෙ උස්සුක්කං කරොති. උස්සුක්කම්පි කරොති යාගුයා ඛාදනීයෙ භත්තස්මිං. සො’දානායං න උස්සුක්කං කරොති යාගුයා ඛාදනීයෙ භත්තස්මිං. දුට්ඨොදා‘නායං ආවුසො, ආවාසිකො භික්ඛු. හන්ද මයං ආවුසො, ආවාසිකං භික්ඛුං උක්ඛිපාමා’ති.
Sinhala BJT14. “අනතුරු ව ස්වාමීනි, ඒ ආගන්තුකභික්‍ෂූන්ට ‘ඇවැත්නි, පෙර මේ ආවාසිකභික්‍ෂු තෙමේ නෑමෙහි උනන්දු කරයි. කැඳෙහි කැවිලියෙහි බතෙහි උනන්දු ද කරයි. හෙතෙමේ දැන් කැඳෙහි කැවිලියෙහි බතෙහි උනන්දු නො කරයි. ඇවැත්නි, දැන් මේ ආවාසිකභික්‍ෂු තෙමේ දුෂ්ට ය. ඇවැත්නි, එබැවින් අපි ආවාසිකභික්‍ෂු නම උත්ක්‍ෂේපණීයකර්‍මයෙන් බැහැර කරමු’ යි අදහස් වී ය.
Pali BJT15. “අථ ඛො තෙ භන්තෙ, ආගන්තුකා භික්ඛූ සන්නිපතිත්වා මං එතදවොචුං: ‘පුබ්බෙ ඛො ත්වං ආවුසො, නහානෙ උස්සුක්කං කරොසි. උස්සුක්කම්පි කරොසි යාගුයා ඛාදනීයෙ භත්තස්මිං. සො’දානි ත්වං න උස්සුක්කං කරොසි යාගුයා ඛාදනීයෙ භත්තස්මිං. ආපත්තිං ත්වං, ආවුසො ආපන්නො. පස්සසෙතං ආපත්ති’න්ති. ‘නත්ථි මෙ ආවුසො ආපත්ති, යමහං පස්සෙය්ය’න්ති.
Sinhala BJT15. “ස්වාමීනි, නැවැත ඒ ආගන්තුකභික්‍ෂූහු රැස් වී ‘ඇවැත්නි, තෝ පෙර නෑමෙහි උනන්දු කෙළෙහි. කැඳෙහි කැවිලියෙහි බතෙහි උනන්දු කෙළෙහි. දැන් තෝ කැඳෙහි කැවිලියෙහි බතෙහි උනන්දු නො කෙරෙහි. ඇවැත්නි, තෝ ඇවැතට පැමිණියෙහි. මේ ඇවැත දක්නෙහි දැ’ යි මට මෙසේ කීහ. ඇවැත්නි, ‘මම යම් ඇවැතක් දක්නෙම් ද (එබඳු) ඇවැතක් මට නැතැ’ යි කීමි.”
Pali BJT16. “අථ ඛො තෙ භන්තෙ, ආගන්තුකා භික්ඛූ මං ආපත්තියා අදස්සනෙ උක්ඛිපිංසු. තස්ස මය්හං භන්තෙ, එතදහොසි: ‘අහං ඛො එතං න ජානාමි: ආපත්ති වා එසා අනාපත්ති වා, ආපන්නො චම්හි අනාපන්නො වා, උක්ඛිත්තො චම්හි අනුක්ඛිත්තො වා ධම්මිකෙන වා අධම්මිකෙන වා කුප්පෙන වා අකුප්පෙන වා, ඨානාරහෙන වා අට්ඨානාරහෙන වා. යන්නූනාහං චම්පං ගන්ත්වා භගවන්තං එතමත්ථං පුච්ඡෙය්ය’න්ති. තතොහං භගවා ආගච්ඡාමී”ති.
Sinhala BJT16. “ඉක්බිති ස්වාමීනි, ඒ ආගන්තුකභික්‍ෂූහු ඇවැත් නො දැක්මෙහි මා උත්ක්‍ෂේපණීයකර්‍මයෙන් බැහැර කළහ. ස්වාමීනි, මම මෙය ‘ඇවැත් යි හෝ, නො ඇවැත් යි හෝ, පැමිණියේ වෙමි යි හෝ, නො පැමිණියේ වෙමි යි හෝ, ධාර්මික වූ හෝ අධාර්මික වූ හෝ කෝප්‍ය වූ හෝ අකෝප්‍ය වූ හෝ සසුනට සුදුසු වූ හෝ සසුනට නො සුදුසු වූ හෝ කර්‍මයකින් උත්ක්‍ෂිප්ත වෙමි යි හෝ අනුක්‍ෂිප්ත වෙමියි හෝ, නො දනිමි. මම චම්පාවට ගොස් භාග්‍යවතුන් වහන්සේගෙන් මේ කාරණය විචාරන්නෙම් නම් යෙහෙකැ’යි මට අදහස් වී ය. භාග්‍යවතුන් වහන්ස, මම චම්පානුවර සිට එමි’ යි හෙතෙමේ කී ය.
Pali BJT17. “අනාපත්ති එසා භික්ඛු. නෙසා ආපත්ති. අනාපන්නොසි. නසි ආපන්නො. අනුක්ඛිත්තොසි. නසි උක්ඛිත්තො. අධම්මිකෙනාසි කම්මෙන උක්ඛිත්තො කුප්පෙන අට්ඨානාරහෙන. ගච්ඡ ත්වං භික්ඛු, තත්ථෙව වාසභගාමෙ නිවාසං කප්පෙහී”ති. “එවං, භන්තෙ”ති ඛො කස්සපගොත්තො භික්ඛු භගවතො පටිස්සුත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා යෙන වාසභගාමො තෙන පක්කාමි.
Sinhala BJT17. “මහණ, මෙය අනාපත්තියකි. මෙය ආපත්තියක් නො වේ. ඇවැතට නො පැමිණියෙහි ය. ඇවැතට පැමිණියේ නො වෙහි ය. අනුත්ක්‍ෂිප්ත වෙහි ය. උත්ක්‍ෂිප්ත නො වෙහි ය. අධාර්මික වූ කෝප්‍ය වූ සසුනට නො සුදුසු වූ කර්‍මයකින් උත්ක්‍ෂිප්ත වෙහි ය. මහණ, තෝ යව. එහි වාසභගමෙහි ම වාසය කරව” යි. වදාළ සේක. “ස්වාමීනි, එසේ ය” යි කාශ්‍යපගෝත්‍රභික්‍ෂු තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට වාසභගම බලා නික්ම ගියේ ය.
Pali BJT18. අථ ඛො තෙසං ආගන්තුකානං භික්ඛූනං අහුදෙව කුක්කුච්චං. අහු විප්පටිසාරො: “අලාභා වත නො, න වත නො ලාභා, දුල්ලද්ධං වත නො, න වත නො සුලද්ධං, යෙ මයං සුද්ධං භික්ඛුං අනාපත්තිකං අවත්ථුස්මිං අකාරණෙ උක්ඛිපිම්හ. හන්ද මයං ආවුසො, චම්පං ගන්ත්වා භගවතො සන්තිකෙ අච්චයං අච්චයතො දෙසෙමා”ති.
Sinhala BJT18. එකල්හි ඒ ආගන්තුකභික්‍ෂූන්ට “යම් අපි ඒ පිරිසිදු, ඇවැත් රහිත, මහණකු වස්තු නැත්තෙහි නිකරුණෙහි උත්ක්‍ෂේපණීයකර්‍මයෙන් බැහැර කෙළෙමු ද, එය අපට අලාභයෙකි. අපට ලාභයෙක් නො වේ. අපට වූයේ නපුරෙකි. අපට වූයේ යහපතෙක් නො වේ” යි කුකුසෙක් වී ය. විපිළිසරෙක් වී ය. “ඇවැත්නි, එබැවින් අපි චම්පාවට ගොස් භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි වරද වරද හැටියට දෙසමු” යි සිතූහ.
Pali BJT19. අථ ඛො තෙ ආගන්තුකා භික්ඛූ සෙනාසනං සංසාමෙත්වා පත්තචීවරං ආදාය යෙන චම්පා තෙන පක්කමිංසු. අනුපුබ්බෙන යෙන චම්පා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු.
Sinhala BJT19. ඉක්බිති ඒ ආගන්තුක භික්‍ෂූහු සෙනසුන් තැන්පත් කොට තබා පාසිවුරු ගෙණ චම්පාවට ගියහ. පිළිවෙළින් චම්පාවට ගොස් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසකෙ හුන්හ.
Pali BJT20. ආචිණ්ණං ඛො පනෙතං බුද්ධානං භගවන්තානං ආගන්තුකෙහි භික්ඛූහි සද්ධිං පටිසම්මොදිතුං. අථ ඛො භගවා තෙ භික්ඛූ එතදවොච: “කච්චි භික්ඛවෙ, ඛමනීයං? කච්චි යාපනීයං? කච්චිත්ථ අප්පකිලමථෙන අද්ධානං ආගතා? කුතො ච තුම්හෙ භික්ඛවෙ, ආගච්ඡථා”ති. “ඛමනීයං භගවා. යාපනීයං භගවා. අප්පකිලමථෙන ච මයං භන්තෙ, අද්ධානං ආගතා. අත්ථි භන්තෙ කාසීසු ජනපදෙසු වාසභගාමො නාම. තතො මයං භගවා ආගච්ඡාමා”ති. “තුම්හෙ භික්ඛවෙ, ආවාසිකං භික්ඛුං උක්ඛිපිත්ථා”ති. “එවං භන්තෙ”ති. “කිස්මිං භික්ඛවෙ, වත්ථුස්මිං කාරණෙ”ති. “අවත්ථුස්මිං භගවා අකාරණෙ”ති.
Sinhala BJT20. ආගන්තුකභික්‍ෂූන් සමග මේ පිළිසඳර කතා කිරීම භාග්‍යවත් බුදුවරුන්ගේ පුරුද්දෙකි. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, කිම ඉවසිය හැකි ද? කිම යැපිය හැකි ද? කිම වෙහෙස නැති ව දිග්මග ආවහු ද? මහණෙනි, තෙපි කොහි සිට ආවහු දැ?” යි ඒ භික්‍ෂූන් විචාළ සේක. “භාග්‍යවතුන් වහන්ස, ඉවසිය හැකි ය. භාග්‍යවතුන් වහන්ස, යැපිය හැකි ය. ස්වාමීනි, අපි වෙහෙස නැති ව දිග්මග ආවෝ වෙමු. ස්වාමීනි, කසිදනව්වෙහි වාසභ නම් ගමෙක් ඇත්තේ ය. භාග්‍යවතුන් වහන්ස, අපි එහි සිට එන්නෙමු” කීහ. “මහණෙනි, තෙපි ආවාසිකභික්‍ෂූනම උත්ක්‍ෂේපණීය කර්‍මයෙන් බැහැර කළහු ද? “ස්වාමීනි, එසේ ය.” “මහණෙනි, කිනම් වස්තුවෙක්හි කිනම් කරුණෙක්හි දැ” යි විචාළ සේක. “භාග්‍යවතුන් වහන්ස, වස්තු නැත්තෙහි නිකරුණෙහි ය” යි කීහ.
Pali BJT21. විගරහි බුද්ධො භගවා. “අනනුච්ඡවියං මොඝපුරිසා, අනනුලොමිකං අප්පතිරූපං අස්සාමණකං අකප්පියං අකරණීයං. කථං හි නාම තුම්හෙ මොඝපුරිසා, සුද්ධං භික්ඛුං අනාපත්තිකං අවත්ථුස්මිං අකාරණෙ උක්ඛිපිස්සථ? නෙතං මොඝපුරිසා, අප්පසන්නානං වා පසාදාය -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “න භික්ඛවෙ, සුද්ධො භික්ඛු අනාපත්තිකො අවත්ථුස්මිං අකාරණෙ උක්ඛිපිතබ්බො. යො උක්ඛිපෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT21. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ “හිස් පුරුෂයෙනි, නො සුදුස්සෙක. නො ගැළපෙන්නක. අනුලොම් නො වූවෙක. මහණකමට නො සරි ලන්නෙක. නො කැප වූවෙක. නො කටයුත්තෙක. හිස් පුරුෂයෙනි, කෙසේ නම් තෙපි පිරිසිදු වූ ඇවැත් රහිත වූ මහණකු වස්තු නැත්තෙහි නිකරුණෙහි බැහැර කළහු ද? හිස් පුරුෂයෙනි, මෙය නො පැහැදුනවුන්ගේ පැහැදීම පිණිස හෝ නො වේ –පෙ– ගරහා දැහැමි කතා කොට මහණෙනි, පිරිසිදු වූ ඇවැත් රහිත වූ මහණ තෙමේ වස්තු නැත්තෙහි නිකරුණෙහි බැහැර නො කළ යුතු ය. යමෙක් බැහැර කරන්නේ නම්, දුකුළා ඇවැත් වේ” යි වදාළ සේක.
Pali BJT22. අථ ඛො තෙ භික්ඛූ උට්ඨායාසනා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා භගවතො පාදෙසු සිරසා නිපතිත්වා භගවන්තං එතදවොචුං: “අච්චයො නො භන්තෙ, අච්චගමා යථා බාලෙ යථා මූළ්හෙ යථා අකුසලෙ, යෙ මයං සුද්ධං භික්ඛුං අනාපත්තිකං අවත්ථුස්මිං අකාරණෙ උක්ඛිපිම්හ. තෙසං නො භන්තෙ භගවා අච්චයං අච්චයතො පතිගණ්හාතු ආයතිං සංවරායා”ති. “තග්ඝ තුම්හෙ භික්ඛවෙ, අච්චයො අච්චගමා යථා බාලෙ යථා මූළ්හෙ යථා අකුසලෙ, යෙ තුම්හෙ සුද්ධං භික්ඛුං අනාපත්තිකං අවත්ථුස්මිං අකාරණෙ උක්ඛිපිත්ථ. යතො ච ඛො තුම්හෙ භික්ඛවෙ, අච්චයං අච්චයතො දිස්වා යථාධම්මං පටිකරොථ, තං වො මයං පතිගණ්හාම. වුද්ධි හෙසා භික්ඛවෙ, අරියස්ස විනයෙ යො අච්චයං අච්චයතො දිස්වා යථාධම්මං පටිකරොති, ආයතිං සංවරං ආපජ්ජතී”ති.
Sinhala BJT22. ඉක්බිති ඒ භික්‍ෂූහු හුනස්නෙන් නැගිට උතුරුසඟසිවුර එකස් කොට භාග්‍යවතුන් වහන්සේගේ පාමුල්හි හිසින් වැටී භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, යම් ඒ අපි ඇවැත් නැත්තෙහි නිකරුණෙහි පිරිසිදු වූ ඇවැත් රහිත වූ මහණකු බැහැර කෙළෙමු ද, අඥයන් යම් සේ ද මුළාවූවන් යම් සේ ද අදක්‍ෂයන් යම් සේ ද එසේ වරද අප ඉක්මවා (අබිබවා) ගියේ ය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මතු හික්මීම පිණිස ඒ අපගේ වරද වරද වසයෙන් පිළිගන්නා සේක්වා” යි සැළකළහ. “මහණෙනි, යම් ඒ තෙපි පිරිසිදු වූ ඇවැත් රහිත වූ මහණකු වස්තු නැත්තෙහි නිකරුණෙහි බැහැර කළහු ද, එබැවින් අඥයන් යම් සේ ද මුළා වූවන් යම් සේ ද අදක්‍ෂයන් යම් සේ ද එසේ වරද තොප ඉක්මවා ගියේ ය. මහණෙනි, යම් හෙයකින් තෙපි වරද වරද වසයෙන් දැක දහම් පරිදි පිළියම් කරවු ද, අපි තොපගේ ඒ ප්‍රතිකර්‍මය පිළිගණිමු. යමෙක් වරද වරද වසයෙන් දැක දහම් පරිදි පිළියම් කෙරේ ද, මත්තෙහි හික්මීමට පැමිණේ ද, මහණෙනි, මේ ආර්‍ය්‍යවිනයයෙහි වැඩීමෙක් ම වේ.”
Pali BJT23. තෙන ඛො පන සමයෙන චම්පායං භික්ඛූ එවරූපානි කම්මානි කරොන්ති: අධම්මෙන වග්ගකම්මං කරොන්ති, අධම්මෙන සමග්ගකම්මං කරොන්ති. ධම්මෙන වග්ගකම්මං කරොන්ති. ධම්මපතිරූපකෙන වග්ගකම්මං කරොන්ති. ධම්මපතිරූපකෙන සමග්ගකම්මං කරොන්ති. එකොපි එකං උක්ඛිපති, එකොපි ද්වෙ උක්ඛිපති. එකොපි සම්බහුලෙ උක්ඛිපති. එකොපි සඞ්ඝං උක්ඛිපති. ද්වෙපි එකං උක්ඛිපන්ති. ද්වෙපි ද්වෙ උක්ඛිපන්ති, ද්වෙපි සම්බහුලෙ උක්ඛිපන්ති, ද්වෙපි සඞ්ඝං උක්ඛිපන්ති. සම්බහුලාපි එකං උක්ඛිපන්ති. සම්බහුලාපි ද්වෙ උක්ඛිපන්ති. සම්බහුලාපි සම්බහුලෙ උක්ඛිපන්ති. සම්බහුලාපි සඞ්ඝං උක්ඛිපන්ති. සඞ්ඝොපි සඞ්ඝං උක්ඛිපති.
Sinhala BJT23. එකල්හි චම්පානුවර භික්‍ෂූහු මෙබඳු කර්‍ම කෙරෙත්: අධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍ම කෙරෙත්. අධර්‍මයෙන් සමග්‍රකර්‍ම කෙරෙත්. ධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍ම කෙරෙත්. ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍රකර්‍ම කෙරෙත්. ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍ම කෙරෙත්. එකෙක් ද එකකු බැහැර කෙරෙයි. එකෙක් ද දෙදෙනෙකුන් බැහැර කෙරෙයි. එකෙක් ද බොහෝ දෙනකුන් බැහැර කෙරෙයි. එකෙක් ද සඞ්ඝයා බැහැර කෙරෙයි. දෙදෙනෙකු ද එකකු බැහැර කෙරෙත්. දෙදෙනෙකු ද දෙදෙනකුන් බැහැර කෙරෙත්. දෙදෙනෙක් ද බොහෝ දෙනකුන් බැහැර කෙරෙත්. දෙදෙනෙක් ද සඞ්ඝයා බැහැර කෙරෙත්. බොහෝ දෙන ද එකකු බැහැර කෙරෙත්. බොහෝ දෙන ද දෙදෙනකුන් බැහැර කෙරෙත්. බොහෝ දෙන ද බොහෝ දෙනකුන් බැහැර කෙරෙත්. බොහෝ දෙන ද සඞ්ඝයා බැහැර කෙරෙත්. සඞ්ඝ තෙමේ ද සඞ්ඝයා බැහැර කෙරෙයි.
Pali BJT24. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති, ඛීයන්ති, විපාචෙන්ති: “කථං හි නාම චම්පායං භික්ඛූ එවරූපානි කම්මානි කරිස්සන්ති? අධම්මෙන වග්ගකම්මං කරිස්සන්ති? අධම්මෙන සමග්ගකම්මං කරිස්සන්ති? ධම්මෙන වග්ගකම්මං කරිස්සන්ති? ධම්මපතිරූපකෙන වග්ගකම්මං කරිස්සන්ති? ධම්මපතිරූපකෙන සමග්ගකම්මං කරිස්සන්ති? එකොපි එකං උක්ඛිපිස්සති? එකොපි ද්වෙ උක්ඛිපිස්සති? එකොපි සම්බහුලෙ උක්ඛිපිස්සති? එකොපි සඞ්ඝං උක්ඛිපිස්සති? ද්වෙපි එකං උක්ඛිපිස්සන්ති? ද්වෙපි ද්වෙ උක්ඛිපිස්සන්ති? ද්වෙපි සම්බහුලෙ උක්ඛිපිස්සන්ති? ද්වෙපි සඞ්ඝං උක්ඛිපිස්සන්ති? සම්බහුලාපි එකං උක්ඛිපිස්සන්ති? සම්බහුලාපි ද්වෙ උක්ඛිපිස්සන්ති? සම්බහුලාපි සම්බහුලෙ උක්ඛිපිස්සන්ති? සම්බහුලාපි සඞ්ඝං උක්ඛිපිස්සන්ති? සඞ්ඝොපි සඞ්ඝං උක්ඛිපිස්සතී”ති.
Sinhala BJT24. අල්පේච්ඡ වූ –පෙ– යම් ඒ භික්‍ෂූහු වෙත් ද ඔහු “කෙසේ නම් චම්පානුවර භික්‍ෂුහු මෙබඳු කර්‍ම කරත් ද? අධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍ම කරත් ද? අධර්‍මයෙන් සමග්‍රකර්‍ම කරත් ද? ධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍ම කරත් ද? ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍රකර්‍ම කරත් ද? ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍ම කරත් ද, එකෙක් ද එකකු බැහැර කෙරේ ද? එකෙක් ද දෙදෙනකුන් බැහැර කෙරේ ද? එකෙක් ද බොහෝ දෙනකුන් බැහැර කෙරේ ද? එකෙක් ද සඞ්ඝයා බැහැර කෙරේ ද, දෙදෙනෙක් ද එකකු බැහැර කරත් ද? දෙදෙනෙක් ද දෙදෙනකුන් බැහැර කරත් ද, දෙදෙනෙක් ද බොහෝ දෙනකුන් බැහැර කරත් ද? දෙදෙනෙක් ද සඞ්ඝයා බැහැර කරත් ද? බොහෝ දෙන ද එකකු බැහැර කරත් ද? බොහෝ දෙන ද දෙදෙනකුන් බැහැර කරත් ද? බොහෝ දෙන ද බොහෝ දෙනකුන් බැහැර කරත් ද? බොහෝ දෙන ද සඞ්ඝයා බැහැර කරත් ද? සඞ්ඝ තෙමේ ද සඞ්ඝයා බැහැර කෙරේ දැ” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්.
Pali BJT25. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. “සච්චං කිර භික්ඛවෙ, චම්පායං භික්ඛූ එවරූපානි කම්මානි කරොන්ති? අධම්මෙන වග්ගකම්මං කරොන්ති? -පෙ- සඞ්ඝොපි සඞ්ඝං උක්ඛිපතී”ති. “සච්චං භගවා.”
Sinhala BJT25. ඉක්බිති ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, චම්පානුවර වැසි භික්‍ෂූහු අධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍ම කෙරෙත්. –පෙ– සඞ්ඝ තෙමේ ද සඞ්ඝයා බැහැර කෙරේ යන මෙබඳු වූ කර්‍ම කෙරෙත් ල යනු සැබෑ ද”? “භාග්‍යවතුන් වහන්ස, සැබෑ ය.”
Pali BJT26. විගරහි බුද්ධො භගවා “අනනුච්ඡවියං භික්ඛවෙ, තෙසං මොඝපුරිසානං අනනුලොමිකං අප්පතිරූපං අස්සාමණකං අකප්පියං අකරණීයං. කථං හි නාම තෙ භික්ඛවෙ මොඝපුරිසා එවරූපානි කම්මානි කරිස්සන්ති? අධම්මෙන වග්ගකම්මං කරිස්සන්ති? -පෙ- සඞ්ඝොපි සඞ්ඝං උක්ඛිපිස්සති.
Sinhala BJT26. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ “මහණෙනි, ඒ හිස්පුරුෂයන්ගේ (මේ ක්‍රියාව) නො සුදුසු ය. අනුලොම් නො වූවෙක. නො ගැළපෙන්නෙක. මහණපිළිවෙතට නො සරි ලන්නෙක. නො කැප වූවෙක. නො කටයුත්තෙක. මහණෙනි, කෙසේ නම් ඒ හිස්පුරුෂයෝ අධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍ම කරත් ද –පෙ– සඞ්ඝතෙමේත් සඞ්ඝයා බැහැර කෙරේ ද යන මෙබඳු වූ කර්‍ම කරත් ද.”
Pali BJT27. “නෙතං භික්ඛවෙ, අප්පසන්නානං වා පසාදාය -පෙ- විගරහිත්වා -පෙ- ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “අධම්මෙන චෙ භික්ඛවෙ, වග්ගකම්මං අකම්මං. න ච කරණීයං. අධම්මෙන{1} සමග්ගකම්මං අකම්මං. න ච කරණීයං. ධම්මෙන වග්ගකම්මං අකම්මං. න ච කරණීයං. ධම්මපතිරූපකෙන වග්ගකම්මං අකම්මං. න ච කරණීයං. ධම්මපතිරූපකෙන සමග්ගකම්මං අකම්මං. න ච කරණීයං. එකොපි එකං උක්ඛිපති, අකම්මං න ච කරණීයං. එකොපි ද්වෙ උක්ඛිපති, අකම්මං. න ච කරණීයං. එකොපි සම්බහුලෙ උක්ඛිපති, අකම්මං. න ච කරණීයං. එකොපි සඞ්ඝං උක්ඛිපති, අකම්මං න ච කරණීයං. ද්වෙපි එකං උක්ඛිපන්ති, අකම්මං න ච කරණීයං. ද්වෙපි ද්වෙ උක්ඛිපන්ති, අකම්මං. න ච කරණීයං. ද්වෙපි සම්බහුලෙ උක්ඛිපන්ති, අකම්මං. න ච කරණීයං. ද්වෙපි සඞ්ඝං උක්ඛිපන්ති, අකම්මං. න ච කරණීයං. සම්බහුලාපි එකං උක්ඛිපන්ති, අකම්මං. න ච කරණීයං. සම්බහුලාපි ද්වෙ උක්ඛිපන්ති, අකම්මං න ච කරණීයං. සම්බහුලාපි සම්බහුලෙ උක්ඛිපන්ති, අකම්මං. න ච කරණීයං. සම්බහුලාපි සඞ්ඝං උක්ඛිපන්ති අකම්මං න ච කරණීයං. සඞ්ඝොපි සඞ්ඝං උක්ඛිපති, අකම්මං. න ච කරණීයං.
Sinhala BJT27. මහණෙනි, මෙය නො පැහැදුනවුන්ගේ පැහැදීම පිණිස නො වේ –පෙ– ගරහා දැහැමි කතා කොට මහණෙනි, අධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මයෙක් වේ නම්, (ඒ) කර්‍ම නො වේ. ඒ නො කට යුතු ය. අධර්‍මයෙන් සමග්‍රකර්‍මයෙක් වේ නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ය. ධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මයෙක් වේ නම් කර්‍ම නො වේ. ඒ නො කට යුතු ය. ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍රකර්‍මයෙක් වේ නම්, කර්‍ම නො වේ. ඒ නො කටයුතු ය. ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍මයෙක් වේ නම්, කර්‍ම නො වේ. ඒ නො කටයුතු ය. එකෙක් ද එකකු බැහැර කෙරේ නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ය. එකෙක් ද දෙදෙනකුන් බැහැර කෙරේ නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ය. එකෙක් ද බොහෝ දෙනකුන් බැහැර කෙරේ නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ය. එකෙක් ද සඞ්ඝයා බැහැර කෙරේ නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ය. දෙදෙනෙක් ද එකකු බැහැර කෙරෙත් නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ය. දෙදෙනෙක් ද දෙදෙනකුන් බැහැර කෙරෙත් නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ය. දෙදෙනෙක් ද බොහෝ දෙනකුන් බැහැර කෙරෙත් නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ය. දෙදෙනෙක් ද සඞ්ඝයා බැහැර කෙරෙත් නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ය. බොහෝ දෙන ද එකකු බැහැර කෙරෙත් නම්, කර්‍ම නො වේ. ඒ නො කටයුතු ය. බොහෝ දෙන ද දෙදෙනකුන් බැහැර කෙරෙත් නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ය. බොහෝ දෙන ද බොහෝ දෙනකුන් බැහැර කෙරෙත් නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ය. බොහෝ දෙන ද සඞ්ඝයා බැහැර කෙරෙත් නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ය. සඞ්ඝ තෙමේ ද සඞ්ඝයා බැහැර කෙරේ නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ය යි වදාළ සේක.
Pali BJT28. “චත්තාරිමානි, භික්ඛවෙ, කම්මානි: අධම්මෙන වග්ගකම්මං. අධම්මෙන සමග්ගකම්මං. ධම්මෙන වග්ගකම්මං. ධම්මෙන සමග්ගකම්මං.
Sinhala BJT28. “මහණෙනි, අධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍ම ය, අධර්‍මයෙන් සමග්‍රකර්‍ම ය, ධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍ම ය, ධර්‍මයෙන් සමග්‍රකර්‍ම ය යි මේ කර්‍ම සතරෙක් වේ.”
Pali BJT29. “තත්ර භික්ඛවෙ, යමිදං අධම්මෙන වග්ගකම්මං, ඉදං භික්ඛවෙ, කම්මං අධම්මත්තා වග්ගත්තා කුප්පං අට්ඨානාරහං. න භික්ඛවෙ, එවරූපං කම්මං කාතබ්බං. න ච මයා එවරූපං කම්මං අනුඤ්ඤාතං.
Sinhala BJT29. “මහණෙනි, එහි යම් මේ අධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මයෙක් වේ ද, මහණෙනි, මේ කර්‍මය අධර්‍ම බැවින් ව්‍යග්‍ර බැවින් කෝප්‍ය වේ. සසුනට සුදුසු නො වේ. මහණෙනි, එබඳු වූ කර්‍මය නො කට යුතු ය. මා විසින් එබඳු කර්‍මයෙක් නො අනුදන්නා ලද ය.”
Pali BJT30. “තත්ර භික්ඛවෙ, යමිදං{2} අධම්මෙන සමග්ගකම්මං, ඉදං භික්ඛවෙ කම්මං අධම්මත්තා කුප්පං අට්ඨානාරහං. න භික්ඛවෙ, එවරූපං කම්මං කාතබ්බං, න ච මයා එවරූපං කම්මං අනුඤ්ඤාතං.
Sinhala BJT30. “මහණෙනි, එහි යම් මේ අධර්‍මයෙන් සමග්‍රකර්‍මයෙක් වේ ද, මහණෙනි, මේ කර්‍මය අධර්‍ම බැවින් කෝප්‍ය වේ. සසුනට නො සුදුසු වේ. මහණෙනි, එබඳු වූ කර්‍මය නො කට යුතු ය. මා විසින් එබඳු කර්‍මයක් නො අනුදන්නා ලද ය.”
Pali BJT31. “තත්ර භික්ඛවෙ, යමිදං ධම්මෙන වග්ගකම්මං, ඉදං භික්ඛවෙ, කම්මං වග්ගත්තා කුප්පං අට්ඨානාරහං. න භික්ඛවෙ, එවරූපං කම්මං කාතබ්බං, න ච මයා එවරූපං කම්මං අනුඤ්ඤාතං.
Sinhala BJT31. “මහණෙනි, එහි යම් මේ ධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මයෙක් වේ ද, මහණෙනි, මේ කර්‍මය ව්‍යග්‍ර බැවින් කෝප්‍ය වේ. සසුනට නො සුදුසු වේ. මහණෙනි එබඳු වූ කර්‍මය නො කට යුතු ය. මා විසින් එබඳු කර්‍මයෙක් නො අනුදන්නා ලද ය.”
Pali BJT32. “තත්ර භික්ඛවෙ, යමිදං ධම්මෙන සමග්ගකම්මං, ඉදං භික්ඛවෙ කම්මං ධම්මත්තා සමග්ගත්තා අකුප්පං ඨානාරහං. එවරූපං භික්ඛවෙ, කම්මං කාතබ්බං. එවරූපඤ්ච මයා කම්මං අනුඤ්ඤාතං. තස්මාතිහ භික්ඛවෙ, එවරූපං කම්මං කරිස්සාම ‘යදිදං ධම්මෙන සමග්ග’න්ති එවං හි වො භික්ඛවෙ සික්ඛිතබ්බ”න්ති.
Sinhala BJT32. “මහණෙනි, එහි යම් මේ ධර්‍මයෙන් සමග්‍රකර්‍මයෙක් වේ ද, මහණෙනි, මේ කර්‍මය ධර්‍ම බැවින් සමගි බැවින් කෝප්‍ය නො වේ. සසුනට සුදුසු වේ. මහණෙනි, එබඳු වූ කර්‍මය කට යුතු ය. මා විසින් එබඳු කර්‍මය අනුදන්නා ලද ය. මහණෙනි, එහෙයින් මෙහි ධර්‍මයෙන් යම් සමග්‍රකර්‍මයෙක් වේ ද, එබඳු කර්‍මය කරන්නෙමු’ යි මහණෙනි, තොප විසින් හික්මිය යුතු ම ය.”
Pali BJT33. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ එවරූපානි කම්මානි කරොන්ති: අධම්මෙන වග්ගකම්මං කරොන්ති. අධම්මෙන සමග්ගකම්මං කරොන්ති. ධම්මෙන වග්ගකම්මං කරොන්ති. ධම්මපතිරූපකෙන වග්ගකම්මං කරොන්ති, ධම්මපතිරූපකෙන සමග්ගකම්මං කරොන්ති. ඤත්තිවිපන්නම්පි කම්මං කරොන්ති අනුසාවනසම්පන්නං. අනුස්සාවනවිපන්නම්පි කම්මං කරොන්ති ඤත්තිසම්පන්නං. ඤත්තිවිපන්නම්පි අනුස්සාවන විපන්නම්පි කම්මං කරොන්ති. අඤ්ඤත්රාපි ධම්මා කම්මං කරොන්ති. අඤ්ඤත්රාපි විනයා කම්මං කරොන්ති. අඤ්ඤත්රාපි සත්ථුසාසනා කම්මං කරොන්ති. පටිකුට්ඨකතම්පි{1} කම්මං කරොන්ති අධම්මිකං කුප්පං අට්ඨානාරහං.
Sinhala BJT33. එකල්හි සවග මහණෝ මෙබඳු වූ කර්‍ම කෙරෙත්: අධර්‍මයෙන් ව්‍යග්‍ර කර්‍ම කෙරෙත්. අධර්‍මයෙන් සමග්‍රකර්‍ම කෙරෙත්, ධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍ම කෙරෙත්, ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍රකර්‍ම කෙරෙත්. ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍ම කෙරෙත්. ඤත්තිසම්පත්තිය නැති අනුශ්‍රාවණසම්පත්තිය ඇති කර්‍ම කෙරෙත්. අනුශ්‍රාවණසම්පත්තිය නැති ඤත්තිසම්පත්තිය ඇති කර්‍ම කෙරෙත්. ඤත්තිසම්පත්තිය නැති අනුශ්‍රාවණසම්පත්තිය නැති කර්‍ම කෙරෙත්. විද්‍යමාන වස්තූන් හැර කර්‍ම කෙරෙත්. චෝදනා සිහි කිරීම් හැර කර්‍ම කෙරෙත්. ඥප්තිඅනුශ්‍රාවණසම්පත්තීන් හැර කර්‍ම කෙරෙත්. අනුන් ප්‍රතික්‍රෝශ (ප්‍රතිබාහන) කරද්දී කරණ ලද නො දැහැමි වූ කෝප්‍ය වූ කරුණට නො සුදුසු කර්‍ම කෙරෙත්.
Pali BJT34. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ එවරූපානි කම්මානි කරිස්සන්ති: අධම්මෙන වග්ගකම්මං කරිස්සන්ති? අධම්මෙන සමග්ගකම්මං කරිස්සන්ති? ධම්මෙන වග්ගකම්මං කරිස්සන්ති? ධම්මපතිරූපකෙන වග්ගකම්මං කරිස්සන්ති? ධම්මපතිරූපකෙන සමග්ගකම්මං කරිස්සන්ති? ඤත්තිවිපන්නම්පි කම්මං කරිස්සන්ති අනුස්සාවනසම්පන්නං? අනුස්සාවනවිපන්නම්පි කම්මං කරිස්සන්ති? ඤත්තිසම්පන්නං? ඤත්තිවිපන්නම්පි අනුස්සාවනවිපන්නම්පි කම්මං කරිස්සන්ති? අඤ්ඤත්රාපි ධම්මා කම්මං කරිස්සන්ති? අඤ්ඤත්රාපි විනයා කම්මං කරිස්සන්ති? අඤ්ඤත්රාපි සත්ථුසාසනා කම්මං කරිස්සන්ති? පටිකුට්ඨකතම්පි කම්මං කරිස්සන්ති අධම්මිකං කුප්පං අට්ඨානාරහ”න්ති.
Sinhala BJT34. අල්පෙච්ඡ වූ –පෙ– යම් ඒ භික්‍ෂූහු වෙත් ද, ඔහු “කෙසේ නම් සවග මහණෝ මෙබඳු වූ කර්‍ම කරත් ද: අධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍ම කරත් ද? අධර්‍මයෙන් සමග්‍රකර්‍ම කරත් ද? ධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍ම කරත් ද? ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍රකර්‍ම කරත් ද? ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍ම කරත් ද? ඤත්තිසම්පත්තිය නැති අනුශ්‍රාවණසම්පත්තිය ඇති කර්‍ම කරත් ද? අනුශ්‍රාවණසම්පත්තිය නැති ඤත්තිසම්පත්තිය ඇති කර්‍ම කරත් ද? ඤත්තිසම්පත්තිය නැති අනුශ්‍රාවණසම්පත්තිය නැති කර්‍ම කරත් ද? ධර්‍මයෙන් (විද්‍යාමානවස්තුවෙන් තොර) කර්‍ම කරත් ද? චෝදනාවෙන් හා සිහිපත් කිරීමෙන් තොර කර්‍ම කරත් ද? ඥප්තිඅනුශ්‍රාවණසම්පත්තීන්ගෙන් තොර කර්‍ම කරත් ද? අනුන් ප්‍රතික්‍රෝශ කරද්දී කරණ ලද නො දැහැමි වූ කෝප්‍ය වූ කරුණට නො සුදුසු කර්‍ම කරත් දැ” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්.
Pali BJT35. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං “සච්චං කිර භික්ඛවෙ, ඡබ්බග්ගියා භික්ඛූ එවරූපානි කම්මානි කරොන්ති? අධම්මෙන වග්ගකම්මං කරොන්ති? -පෙ- පටිකුට්ඨකතම්පි කම්මං කරොන්ති අධම්මිකං කුප්පං අට්ඨානාරහ”න්ති.
Sinhala BJT35. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සවගමහණෝ මෙබඳු වූ කර්‍ම කෙරෙත් ල යනු සැබෑ ද? අධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍ම කෙරෙත් –පෙ– අනුන් ප්‍රතික්‍රෝශ කරද් දී කරණ ලද නො දැහැමි වු කෝප්‍ය වූ කරුණට නො සුදුසු කර්‍ම කෙරෙත් ද?”
Pali BJT36. “සච්චං භගවා” -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “අධම්මෙන චෙ භික්ඛවෙ, වග්ගකම්මං අකම්මං. න ච කරණීයං. අධම්මෙන සමග්ගකම්මං අකම්මං. න ච කරණීයං, ධම්මෙන වග්ගකම්මං අකම්මං. න ච කරණීයං. ධම්මපතිරූපකෙන වග්ගකම්මං අකම්මං. න ච කරණීයං. ධම්මපතිරූපකෙන සමග්ගකම්මං අකම්මං. න ච කරණීයං. ඤත්තිවිපන්නං චෙ භික්ඛවෙ, කම්මං අනුස්සාවනසම්පන්නං අකම්මං. න ච කරණීයං. අනුස්සාවනවිපන්නං චෙ භික්ඛවෙ, කම්මං ඤත්තිසම්පන්නං අකම්මං. න ච කරණීයං. ඤත්තිවිපන්නං චෙ භික්ඛවෙ, කම්මං අනුස්සාවනවිපන්නං අකම්මං. න ච කරණීයං. අඤ්ඤත්රාපි ධම්මා කම්මං අකම්මං න ච කරණීයං. අඤ්ඤත්රාපි විනයා කම්මං අකම්මං. න ච කරණීයං. අඤ්ඤත්රාපි සත්ථුසාසනා කම්මං අකම්මං. න ච කරණීයං. පටිකුට්ඨකතඤ්චෙ භික්ඛවෙ, කම්මං අධම්මිකං කුප්පං අට්ඨානාරහං අකම්මං. න ච කරණීයං.”
Sinhala BJT36. “භාග්‍යවතුන් වහන්ස, සැබෑ ය –පෙ– ගරහා දැහැමි කතා කොට “මහණෙනි, අධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මයෙක් වේ නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ය. අධර්‍මයෙන් සමග්‍රකර්‍මයෙක් වේ නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ය. ධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මයෙක් වේ නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ය. ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍රකර්‍මයෙක් වේ නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ය. ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍මයෙක් වේ නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ය. මහණෙනි, ඤත්තිසම්පත්තිය නැති අනුශ්‍රාවණසම්පත්තිය ඇති කර්‍මයෙක් වේ නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ය. මහණෙනි, අනුශ්‍රාවණසම්පත්තිය නැති ඤත්තිසම්පත්තිය ඇති කර්‍මයෙක් වේ නම්, කර්‍ම නො වේ. ඒ නො කටයුතු ය. මහණෙනි, ඤත්තිසම්පත්තිය නැති අනුශ්‍රාවණසම්පත්තිය නැති කර්‍මයෙක් වේ නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ය. විද්‍යාමානවස්තුවෙන් තොර වූ කර්‍මය කර්‍ම නො වේ. ඒ නො කට යුතු ය. චෝදනා සිහිපත් කිරීමෙන් තොර වූ කර්‍මය කර්‍ම නො වේ. ඒ නො කටයුතු ය. ඤත්තිඅනුසාවනසම්පත්තියෙන් තොර වූ කර්‍මය කර්‍ම නො වේ. ඒ නො කට යුතු ය. මහණෙනි, අනුන් ප්‍රතික්‍රෝශ කරද් දී කරණ ලද නො දැහැමි වූ කෝප්‍ය වූ කරුණට නො සුදුසු වූ කර්‍මය කර්‍ම නො වේ. ඒ නො කට යුතු වේ.
Pali BJT37. “ඡයිමානි භික්ඛවෙ, කම්මානි: අධම්මකම්මං, වග්ගකම්මං, සමග්ගකම්මං, ධම්මපතිරූපකෙන වග්ගකම්මං, ධම්මපතිරූපකෙන සමග්ගකම්මං, ධම්මෙන සමග්ගකම්මං.
Sinhala BJT37. “මහණෙනි, අධර්‍මකර්‍මය, ව්‍යග්‍රකර්‍මය, සමග්‍රකර්‍මය, ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍රකර්‍මය, ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍මය, ධර්‍මයෙන් සමග්‍රකර්‍මය යි මේ කර්‍ම සයෙක් වේ.
Pali BJT38. “කතමඤ්ච භික්ඛවෙ, අධම්මකම්මං? ඤත්තිදුතියෙ චෙ භික්ඛවෙ, කම්මෙ එකාය ඤත්තියා කම්මං කරොති, න ච කම්මවාචං අනුස්සාවෙති, අධම්මකම්මං.
Sinhala BJT38. “මහණෙනි, අධර්‍මකර්‍මය කිම? මහණෙනි, ඤත්තිදුතියකම්මයෙහි දී එක් ඤත්තියකින් කර්‍මය කෙරේ නම්, කර්‍මවාක්‍යය නො අස්වා නම්, ඒ අධර්‍මකර්‍ම යි.
Pali BJT39. “ඤත්තිදුතියෙ චෙ භික්ඛවෙ, කම්මෙ ද්වීහි ඤත්තීහි කම්මං කරොති, න ච කම්මවාචං අනුස්සාවෙති, අධම්මකම්මං.
Sinhala BJT39. “මහණෙනි, ඤත්තිදුතියකම්මයෙහි දී ඤත්ති දෙකකින් කර්‍මය කෙරේ නම්, කර්‍මවාක්‍යය නො අස්වා නම්, ඒ අධර්‍මකර්‍ම යි.
Pali BJT40. “ඤත්තිදුතියෙ චෙ භික්ඛවෙ, කම්මෙ එකාය කම්මවාචාය කම්මං කරොති, න ච ඤත්තිං ඨපෙති, අධම්මකම්මං.
Sinhala BJT40. “මහණෙනි, ඤත්තිදුතියකම්මයෙහි දී එක් කර්‍මවාක්‍යයකින් කර්‍මය කෙරේ නම්, ඤත්තිය නො තබා නම්, ඒ අධර්‍මකර්‍ම යි.
Pali BJT41. “ඤත්තිදුතියෙ චෙ භික්ඛවෙ, කම්මෙ ද්වීහි කම්මවාචාහි කම්මං කරොති, න ච ඤත්තිං ඨපෙති, අධම්මකම්මං.
Sinhala BJT41. ‘මහණෙනි, ඤත්තිදුතියකම්මයෙහි දී කර්‍මවාක්‍යය දෙකකින් කර්‍මය කෙරේ නම් ඤත්තිය නො තබා නම්, ඒ අධර්‍මකර්‍ම යි.
Pali BJT42. “ඤත්තිචතුත්ථෙ චෙ භික්ඛවෙ, කම්මෙ එකාය ඤත්තියා කම්මං කරොති, න ච කම්මවාචං අනුස්සාවෙති, අධම්මකම්මං.
Sinhala BJT42. “මහණෙනි, ඥප්තිචතුර්‍ත්‍ථකර්‍මයෙහි දී එක් ඤත්තියකින් කර්‍මය කෙරේ නම, කර්‍මවාක්‍යය නො අස්වා නම්, ඒ අධර්‍මකර්‍ම යි.
Pali BJT43. “ඤත්තිචතුත්ථෙ චෙ භික්ඛවෙ, කම්මෙ ද්වීහි ඤත්තීහි කම්මං කරොති, න ච කම්මවාචං අනුස්සාවෙති, අධම්මකම්මං.
Sinhala BJT43. “මහණෙනි, ඥප්තිචතුර්‍ත්‍ථකර්‍මයෙහි දී ඤත්ති දෙකකින් කර්‍මය කෙරේ නම්, කර්‍මවාක්‍යය නො අස්වා නම්, ඒ අධර්‍මකර්‍ම යි.
Pali BJT44. “ඤත්තිචතුත්ථෙ චෙ භික්ඛවෙ, කම්මෙ තීහි ඤත්තීහි කම්මං කරොති, න ච කම්මවාචං අනුස්සාවෙති, අධම්මකම්මං.
Sinhala BJT44. “මහණෙනි, ඥප්තිචතුර්‍ත්‍ථකර්‍මයෙහි දී ඤත්ති තුණකින් කර්‍මය කෙරේ නම්, කර්‍මවාක්‍යය නො අස්වා නම්, ඒ අධර්‍මකර්‍ම යි.
Pali BJT45. “ඤත්තිචතුත්ථෙ චෙ භික්ඛවෙ, කම්මෙ චතූහි ඤත්තීහි කම්මං කරොති, න ච කම්මවාචං අනුස්සාවෙති, අධම්මකම්මං.
Sinhala BJT45. “මහණෙනි, ඥප්තිචතුර්‍ත්‍ථකර්‍මයෙහි දී ඤත්ති සතරකින් කර්‍මය කෙරේ නම්, කර්‍මවාක්‍යය නො අස්වා නම්, ඒ අධර්‍මකර්‍ම යි.
Pali BJT46. “ඤත්තිචතුත්ථෙ චෙ භික්ඛවෙ, කම්මෙ එකාය කම්මවාචාය කම්මං කරොති, න ච ඤත්තිං ඨපෙති, අධම්මකම්මං.
Sinhala BJT46. “මහණෙනි, ඥප්තිචතුර්‍ත්‍ථකර්‍මයෙහි දී එක් කර්‍මවාක්‍යයකින් කර්‍මය කෙරේ නම්, ඤත්තිය නො තබා නම්, ඒ අධර්‍මකර්‍ම යි.
Pali BJT47. “ඤත්තිචතුත්ථෙ චෙ භික්ඛවෙ, කම්මෙ ද්වීහි කම්මවාචාහි කම්මං කරොති, න ච ඤත්තිං ඨපෙති, අධම්මකම්මං.
Sinhala BJT47. “මහණෙනි, ඥප්තිචතුර්‍ත්‍ථකර්‍මයෙහි දී කර්‍මවාක්‍ය දෙකකින් කර්‍මය කෙරේ නම්, ඤත්තිය නො තබා නම් නම්, ඒ අධර්‍මකර්‍ම යි.
Pali BJT48. “ඤත්තිචතුත්ථෙ චෙ භික්ඛවෙ, කම්මෙ තීහි කම්මවාචාහි කම්මං කරොති, න ච ඤත්තිං ඨපෙති, අධම්මකම්මං.
Sinhala BJT48. “මහණෙනි, ඥප්තිචතුර්‍ත්‍ථකර්‍මයෙහි දි කර්‍මවාක්‍ය තුණකින් කර්‍මය කෙරේ නම්, ඤත්තිය නො තබා නම්, ඒ අධර්‍මකර්‍ම යි.
Pali BJT49. “ඤත්තිචතුත්ථෙ චෙ භික්ඛවෙ, කම්මෙ චතූහි කම්මවාචාහි කම්මං කරොති, න ච ඤත්තිං ඨපෙති, අධම්මකම්මං. ඉදං වුච්චති භික්ඛවෙ, අධම්මකම්මං.
Sinhala BJT49. “මහණෙනි, ඥප්තිචතුර්‍ත්‍ථකර්‍මයෙහි දී කර්‍මවාක්‍ය සතරකින් කර්‍මය කෙරේ නම්, ඤත්තිය නො තබා නම්, ඒ අධර්‍මකර්‍ම යි. මහණෙනි, මෙය අධර්‍මකර්‍ම ය යි කියනු ලැබේ.
Pali BJT50. “කතමඤ්ච භික්ඛවෙ, වග්ගකම්මං? ඤත්තිදුතියෙ චෙ භික්ඛවෙ, කම්මෙ යාවතිකා භික්ඛූ කම්මප්පත්තා, තෙ අනාගතා හොන්ති, ඡන්දාරහානං ඡන්දො අනාහටො හොති, සම්මුඛීභූතා පටික්කොසන්ති, වග්ගකම්මං.
Sinhala BJT50. “මහණෙනි, ව්‍යග්‍රකර්‍මය කිම? මහණෙනි, ඤත්තිදුතියකම්මයෙහි යම් පමණ භික්‍ෂූහු කර්‍මයට සුදුසු වූවාහු වෙත් නම්, ඔහු නො පැමිණියෝ වෙත් ද, ඡන්‍දය දීමට සුදුසු වූවන්ගේ ඡන්‍දය නො ගෙණෙන ලද්දේ වේ ද, හමු වූවාහු විරුද්ධ ව කතා කෙරෙත් ද, ඒ ව්‍යග්‍රකර්‍ම යි.
Pali BJT51. “ඤත්තිදුතියෙ චෙ භික්ඛවෙ, කම්මෙ යාවතිකා භික්ඛූ කම්මප්පත්තා, තෙ ආගතා හොන්ති, ඡන්දාරහානං ඡන්දො අනාහටො හොති, සම්මුඛීභූතා පටික්කොසන්ති, වග්ගකම්මං.
Sinhala BJT51. “මහණෙනි, ඤත්තිදුතියකම්මයෙහි යම් පමණ භික්‍ෂූහු කර්‍මයට සුදුසු වූවාහු වෙත් නම්, ඔහු ආවාහු වෙත් ද, ඡන්‍දය දීමට සුදුසු වූවන්ගේ ඡන්‍දය නො ගෙණෙන ලද්දේ වේ ද, හමු වූවාහු විරුද්ධ ව කතා කෙරෙත් ද, ඒ ව්‍යග්‍රකර්‍ම යි.
Pali BJT52. “ඤත්තිදුතියෙ චෙ භික්ඛවෙ, කම්මෙ යාවතිකා භික්ඛූ කම්මප්පත්තා, තෙ ආගතා හොන්ති, ඡන්දාරහානං ඡන්දො ආහටො හොති, සම්මුඛීභූතා පටික්කොසන්ති, වග්ගකම්මං.
Sinhala BJT52. “මහණෙනි, ඤත්තිදුතියකම්මයෙහි යම් පමණ භික්‍ෂූහු කර්‍මයට සුදුසු වූවාහු වෙත් නම්, ඔහු ආවාහු වෙත් ද, ඡන්‍දය දීමට සුදුසු වූවන්ගේ ඡන්‍දය ගෙණෙන ලද්දේ වේ ද, හමු වූවාහු විරුද්ධ ව කතා කෙරෙත් ද, ඒ ව්‍යග්‍රකර්‍ම යි.
Pali BJT53. “ඤත්තිචතුත්ථෙ චෙ භික්ඛවෙ, කම්මෙ යාවතිකා භික්ඛූ කම්මප්පත්තා තෙ අනාගතා හොන්ති, ඡන්දාරහානං ඡන්දො අනාහටො හොති, සම්මුඛීභූතා පටික්කොසන්ති, වග්ගකම්මං.
Sinhala BJT53. “මහණෙනි, ඥප්තිචතුර්‍ත්‍ථකර්‍මයෙහි යම් පමණ භික්‍ෂූහු කර්‍මයට සුදුසු වූවාහු වෙත් නම්, ඔහු නො ආවාහු වෙත් ද, ඡන්‍දය දීමට සුදුසු වූවන්ගේ ඡන්‍දය නො ගෙදෙණන ලද්දේ වේ ද, හමු වූවාහු විරුද්ධ ව කතා කෙරෙත් ද ඒ ව්‍යග්‍රකර්‍ම යි.
Pali BJT54. “ඤත්තිචතුත්ථෙ චෙ භික්ඛවෙ, කම්මෙ යාවතිකා භික්ඛූ කම්මප්පත්තා, තෙ ආගතා හොන්ති, ඡන්දාරහානං ඡන්දො අනාහටො හොති, සම්මුඛීභූතා පටික්කොසන්ති, වග්ගකම්මං.
Sinhala BJT54. මහණෙනි, ඥප්තිචතුර්‍ත්‍ථකර්‍මයෙහි යම් පමණ භික්‍ෂූහු කර්‍මයට සුදුසු වූවාහු වෙත් නම්, ඔහු ආවාහු වෙත් ද, ඡන්‍දය දීමට සුදුසු වූවන්ගේ ඡන්‍දය නො ගෙණෙන ලද්දේ වේ ද, හමු වූවාහු විරුද්ධ ව කතා කෙරෙත් ද ඒ ව්‍යග්‍රකර්‍ම යි.
Pali BJT55. “ඤත්තිචතුත්ථෙ චෙ භික්ඛවෙ, කම්මෙ යාවතිකා භික්ඛූ කම්මප්පත්තා, තෙ ආගතා හොන්ති, ඡන්දාරහානං ඡන්දො ආහටො හොති, සම්මුඛීභූතා පටික්කොසන්ති, වග්ගකම්මං. ඉදං වුච්චති භික්ඛවෙ, වග්ගකම්මං.
Sinhala BJT55. “ඥප්තිචතුර්‍ත්‍ථකර්‍මයෙහි යම් පමණ භික්‍ෂූහු කර්‍මයට සුදුසු වූවාහු වෙත් නම්, ඔහු ආවාහු වෙත් ද, ඡන්‍දය දීමට සුදුසු වූවන්ගේ ඡන්‍දය ගෙදෙණන ලද්දේ වේ ද, හමු වූවාහු විරුද්ධ ව කතා කෙරෙත් ද, ඒ ව්‍යග්‍රකර්‍ම යි. මහණෙනි, මේ ව්‍යග්‍රකර්‍ම ය යි කියනු ලැබේ.
Pali BJT56. “කතමඤ්ච භික්ඛවෙ, සමග්ගකම්මං? ඤත්තිදුතියෙ චෙ භික්ඛවෙ, කම්මෙ යාවතිකා භික්ඛූ කම්මප්පත්තා, තෙ ආගතා හොන්ති, ඡන්දාරහානං ඡන්දො ආහටො හොති, සම්මුඛීභූතා න පටික්කොසන්ති, සමග්ගකම්මං.
Sinhala BJT56. “මහණෙනි, සමග්‍රකර්‍මය කිම? මහණෙනි, ඤත්තිදුතියකම්මයෙහි යම් පමණ භික්‍ෂූහු කර්‍මයට සුදුසු වූවාහු වෙත් නම්, ඔහු ආවාහු වෙත් ද, ඡන්‍දය දීමට සුදුසු වූවන්ගේ ඡන්‍දය ගෙණ එන ලද්දේ වේ ද, හමු වූවාහු විරුද්ධ ව කතා නො කෙරෙත් ද, ඒ සමග්‍රකර්‍ම යි.
Pali BJT57. “ඤත්තිචතුත්ථෙ චෙ භික්ඛවෙ, කම්මෙ යාවතිකා භික්ඛූ කම්මප්පත්තා, තෙ ආගතා හොන්ති, ඡන්දාරහානං ඡන්දො ආහටො හොති, සම්මුඛීභූතා න පටික්කොසන්ති, සමග්ගකම්මං. ඉදං වුච්චති භික්ඛවෙ, සමග්ගකම්මං.
Sinhala BJT57. “මහණෙනි, ඥප්තිචතුර්‍ත්‍ථකර්‍මයෙහි යම් පමණ භික්‍ෂූහු කර්‍මයට සුදුසු වූවාහු නම්, ඔහු ආවාහු වෙත් ද, ඡන්‍දය දීමට සුදුසු වූවන්ගේ ඡන්‍දය ගෙණ එන ලද්දේ වේ ද, හමු වූවාහු විරුද්ධ ව කතා නො කෙරෙත් ද, ඒ සමග්‍රකර්‍ම යි. මහණෙනි, මේ සමග්‍රකර්‍මැ යි කියනු ලැබේ.
Pali BJT58. “කතමඤ්ච භික්ඛවෙ, ධම්මපතිරූපකෙන වග්ගකම්මං? ඤත්තිදුතියෙ චෙ භික්ඛවෙ, කම්මෙ පඨමං කම්මවාචං අනුස්සාවෙති, පච්ඡා ඤත්තිං ඨපෙති, යාවතිකා භික්ඛූ කම්මප්පත්තා තෙ අනාගතා හොන්ති, ඡන්දාරහානං ඡන්දො අනාහටො හොති, සම්මුඛීභූතා පටික්කොසන්ති, ධම්මපතිරූපකෙන වග්ගකම්මං.
Sinhala BJT58. “මහණෙනි, ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍රකර්‍මය කිම? මහණෙනි, ඤත්තිදුතියකම්මයෙහි පළමු කොට කර්‍මවාක්‍යය අස්වා ද, පසු ව ඤත්තිය තබා ද, යම් පමණ භික්‍ෂූහු කර්‍මයට සුදුසු වූවාහු නම්, ඔහු නො පැමිණියාහු වෙත් ද, ඡන්‍දය දීමට සුදුසු වූවන්ගේ ඡන්‍දය නො ගෙණෙන ලද්දේ වේ ද, හමු වූවාහු විරුද්ධ ව කතා කෙරෙත් ද, ඒ ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍රකර්‍ම යි.
Pali BJT59. “ඤත්තිදුතියෙ චෙ භික්ඛවෙ, කම්මෙ පඨමං කම්මවාචං අනුස්සාවෙති, පච්ඡා ඤත්තිං ඨපෙති, යාවතිකා භික්ඛූ කම්මප්පත්තා, තෙ ආගතා හොන්ති, ඡන්දාරහානං ඡන්දො අනාහටො හොති, සම්මුඛීභූතා පටික්කොසන්ති, ධම්මපතිරූපකෙන වග්ගකම්මං.
Sinhala BJT59. “මහණෙනි, ඤත්තිදුතියකම්මයෙහි පළමු කොට කර්‍මවාක්‍යය අස්වා ද, පසු ව ඤත්තිය තබා ද, යම් පමණ භික්‍ෂූහු කර්‍මයට සුදුසු වූවාහු නම්, ඔහු පැමිණියාහු වෙත් ද, ඡන්‍දය දීමට සුදුසු වූවන්ගේ ඡන්‍දය නො ගෙණෙන ලද්දේ වේ ද, හමු වූවාහු විරුද්ධ ව කතා කෙරෙත් ද, ඒ ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍රකර්‍ම යි.
Pali BJT60. “ඤත්තිදුතියෙ චෙ භික්ඛවෙ, කම්මෙ පඨමං කම්මවාචං අනුසාවෙති, පච්ඡා ඤත්තිං ඨපෙති, යාවතිකා භික්ඛූ කම්මප්පත්තා, තෙ ආගතා හොන්ති, ඡන්දාරහානං ඡන්දො ආහටො හොති, සම්මුඛීභූතා පටික්කොසන්ති, ධම්මපතිරූපකෙන වග්ගකම්මං.
Sinhala BJT60. “මහණෙනි, ඤත්තිදුතියකම්මයෙහි පළමු කොට කර්‍මවාක්‍යය අස්වා ද, පසු ව ඤත්තිය තබා ද, යම් පමණ භික්‍ෂූහු කර්‍මයට සුදුසු වූවාහු වෙත් නම්, ඔහු පැමිණියාහු වෙත් ද, ඡන්‍දය දීමට සුදුසු වූවන්ගේ ඡන්‍දය ගෙණෙන ලද්දේ වේ ද, හමු වූවාහු විරුද්ධ ව කතා කෙරෙත් ද, ඒ ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍රකර්‍ම යි.
Pali BJT61. “ඤත්තිචතුත්ථෙ චෙ භික්ඛවෙ, කම්මෙ පඨමං කම්මවාචං අනුසාවෙති, පච්ඡා ඤත්තිං ඨපෙති, යාවතිකා භික්ඛූ කම්මප්පත්තා තෙ අනාගතා හොන්ති, ඡන්දාරහානං ඡන්දො අනාහටො හොති, සම්මුඛීභූතා පටික්කොසන්ති, ධම්මපතිරූපකෙන වග්ගකම්මං.
Sinhala BJT61. “මහණෙනි, ඥප්තිචතුර්‍ත්‍ථකර්‍මයෙහි පළමු කොට කර්‍මවාක්‍යය අස්වා ද, පසු ව ඤත්තිය තබා ද, යම් පමණ භික්‍ෂූහු කර්‍මයට සුදුසු වූවාහු නම්, ඔහු නො පැමිණියාහු වෙත් ද, ඡන්‍දය දීමට සුදුසු වූවන්ගේ ඡන්‍දය නො ගෙණෙන ලද්දේ වේ ද, හමු වූවාහු විරුද්ධ ව කතා කෙරෙත් ද, ඒ ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍රකර්‍ම යි.
Pali BJT62. “ඤත්තිචතුත්ථෙ චෙ භික්ඛවෙ, කම්මෙ පඨමං කම්මවාචං අනුසාවෙති, පච්ඡා ඤත්තිං ඨපෙති, යාවතිකා භික්ඛූ කම්මප්පත්තා තෙ ආගතා හොන්ති, ඡන්දාරහානං ඡන්දො අනාහටො හොති, සම්මුඛීභූතා පටික්කොසන්ති, ධම්මපතිරූපකෙන වග්ගකම්මං.
Sinhala BJT62. “මහණෙනි, ඥප්තිචතුර්‍ත්‍ථකර්‍මයෙහි පළමු කොට කර්‍මවාක්‍යය අස්වා ද, පසු ව ඤත්තිය තබා ද, යම් පමණ භික්‍ෂූහු කර්‍මයට සුදුසු වූවාහු නම්, ඔහු පැමිණියාහු වෙත් ද, ඡන්‍දය දීමට සුදුසු වූවන්ගේ ඡන්‍දය නො ගෙණෙන ලද්දේ වේ ද, හමු වූවාහු විරුද්ධ ව කතා කෙරෙත් ද, ඒ ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍රකර්‍ම යි.
Pali BJT63. “ඤත්තිචතුත්ථෙ චෙ භික්ඛවෙ, කම්මෙ පඨමං කම්මවාචං අනුසාවෙති, පච්ඡා ඤත්තිං ඨපෙති, යාවතිකා භික්ඛූ කම්මප්පත්තා, තෙ ආගතා හොන්ති, ඡන්දො ආහටො හොති, සම්මුඛීභූතා පටික්කොසන්ති, ධම්මපතිරූපකෙන වග්ගකම්මං. ඉදං වුච්චති භික්ඛවෙ, ධම්මපතිරූපකෙන වග්ගකම්මං.
Sinhala BJT63. “මහණෙනි, ඥප්තිචතුර්‍ත්‍ථකර්‍මයෙහි පළමු කොට කර්‍මවාක්‍යය අස්වා ද, පසු ව ඤත්තිය තබා ද, යම් පමණ භික්‍ෂූහු කර්‍මයට සුදුසු වූවාහු නම්, ඔහු පැමිණියාහු වෙත් ද, ඡන්‍දය දීමට සුදුසු වූවන්ගේ ඡන්‍දය ගෙණෙන ලද්දේ වේ ද, හමු වූවාහු විරුද්ධ ව කතා කෙරෙත් ද, ඒ ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍රකර්‍ම යි. මහණෙනි, මේ ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍රකර්‍ම යි කියනු ලැබේ.
Pali BJT64. “කතමඤ්ච භික්ඛවෙ, ධම්මපතිරූපකෙන සමග්ගකම්මං? ඤත්තිදුතියෙ චෙ භික්ඛවෙ, කම්මෙ පඨමං කම්මවාචං අනුසාවෙති, පච්ඡා ඤත්තිං ඨපෙති, යාවතිකා භික්ඛූ කම්මප්පත්තා, තෙ ආගතා හොන්ති, ඡන්දො ආහටො හොති, සම්මුඛීභූතා න පටික්කොසන්ති, – ධම්මපතිරූපකෙන සමග්ගකම්මං.
Sinhala BJT64. “මහණෙනි, ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍මය කිම? මහණෙනි, ඤත්තිදුතියකම්මයෙහි පළමු කොට කර්‍මවාක්‍යය අස්වා ද, පසු ව ඤත්තිය තබා ද, යම් පමණ භික්‍ෂූහු කර්‍මයට සුදුසු වූවාහු නම්, ඔහු පැමිණියාහු වෙත් ද, ඡන්‍දය දීමට සුදුසු වූවන්ගේ ඡන්‍දය ගෙණ එන ලද්දේ වේ ද, හමුවූවාහු විරුද්ධ ව කතා නො කෙරෙත් ද, ඒ ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍මය යි.
Pali BJT65. “ඤත්තිචතුත්ථෙ චෙ භික්ඛවෙ, කම්මෙ පඨමං කම්මවාචං අනුසාවෙති, පච්ඡා ඤත්තිං ඨපෙති, යාවතිකා භික්ඛූ කම්මප්පත්තා, තෙ ආගතා හොන්ති, ඡන්දාරහානං ඡන්දො ආහටො හොති, සම්මුඛීභූතා න පටික්කොසන්ති, ධම්මපතිරූපකෙන සමග්ගකම්මං, ඉදං වුච්චති භික්ඛවෙ, ධම්මපතිරූපකෙන සමග්ගකම්මං.
Sinhala BJT65. “මහණෙනි, ඥප්තිචතුර්‍ත්‍ථකර්‍මයෙහි පළමු කොට කර්‍මවාක්‍යය අස්වා ද, පසු ව ඤත්තිය තබා ද, යම් පමණ භික්‍ෂූහු කර්‍මයට සුදුසු වූවාහු නම්, ඔහු පැමිණියාහු වෙත් ද, ඡන්‍දය දීමට සුදුසු වූවන්ගේ ඡන්‍දය ගෙණෙන ලද්දේ වේ ද, හමු වූවාහු විරුද්ධ ව කතා නො කෙරෙත් ද, ඒ ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍මය යි. මහණෙනි, මේ ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍ම ය යි කියනු ලැබේ.
Pali BJT66. “කතමඤ්ච භික්ඛවෙ, ධම්මෙන සමග්ගකම්මං? ඤත්තිදුතියෙ චෙ භික්ඛවෙ, කම්මෙ පඨමං ඤත්තිං ඨපෙති, පච්ඡා එකාය කම්මවාචාය කම්මං කරොති, යාවතිකා භික්ඛූ කම්මප්පත්තා, තෙ ආගතා හොන්ති, ඡන්දාරහානං ඡන්දො ආහටො හොති, සම්මුඛීභූතා න පටික්කොසන්ති, ධම්මෙන සමග්ගකම්මං.
Sinhala BJT66. “මහණෙනි, ධර්‍මයෙන් සමග්‍රකර්‍මය කිම? මහණෙනි, ඤත්තිදුතිය – කම්මයෙහි පළමු කොට ඤත්තිය තබා ද, පසු ව එක් කර්‍මවාක්‍යයකින් කර්‍මය කෙරේ ද, යම් පමණ භික්‍ෂූහු කර්‍මයට සුදුසු වූවාහු නම්, ඔහු පැමිණියාහු වෙත් ද, ඡන්‍දය දීමට සුදුසු වුවන්ගේ ඡන්‍දය ගෙණෙන ලද්දේ වේ ද, හමු වූවාහු විරුද්ධ ව කතා නො කෙරෙත් ද, ඒ ධර්‍මයෙන් සමග්‍රකර්‍මය යි.
Pali BJT67. “ඤත්තිචතුත්ථෙ චෙ භික්ඛවෙ, කම්මෙ පඨමං ඤත්තිං ඨපෙති, පච්ඡා තීහි කම්මවාචාහි කම්මං කරොති, යාවතිකා භික්ඛූ කම්මප්පත්තා, තෙ ආගතා හොන්ති, ඡන්දාරහානං ඡන්දො ආහටො හොති, සම්මුඛීභූතා න පටික්කොසන්ති, ධම්මෙන සමග්ගකම්මං. ඉදං වුච්චති භික්ඛවෙ, ධම්මෙන සමග්ගකම්මං.”
Sinhala BJT67. “මහණෙනි, ඥප්තිචතුර්‍ත්‍ථකර්‍මයෙහි පළමු කොට ඤත්තිය තබා ද, පසු ව කර්‍මවාක්‍ය තුණකින් කර්‍මය කෙරේ ද, යම් පමණ භික්‍ෂූහු කර්‍මයට සුදුසු වූවාහු නම්, ඔහු පැමිණියාහු වෙත් ද, ඡන්‍දය දීමට සුදුසු වූවන්ගේ ඡන්‍දය ගෙණෙන ලද්දේ වේ ද, හමු වූවාහු විරුද්ධ ව කතා නො කෙරෙත් ද, ඒ ධර්‍මයෙන් සමග්‍රකර්‍මය යි. මහණෙනි, මේ ධර්‍මයෙන් සමග්‍රකර්‍ම ය යි කියනු ලැබේ.”
Pali BJT68. “පඤ්ච සඞ්ඝා: චතුවග්ගො භික්ඛුසඞ්ඝො පඤ්චවග්ගො භික්ඛුසඞ්ඝො, දසවග්ගො භික්ඛුසඞ්ඝො, වීසතිවග්ගො භික්ඛුසඞ්ඝො, අතිරෙකවීසතිවග්ගො භික්ඛුසඞ්ඝො.
Sinhala BJT68. “චතුවග්ගභික්ඛුසඞ්ඝයා ය, පංචවග්ගභික්ඛුසඞ්ඝයා ය, දසවග්ගභික්ඛුසඞ්ඝයා ය, වීසතිවග්ගභික්ඛුසඞ්ඝයා ය, අතිරේකවීසතිවග්ගභික්ඛුසඞ්ඝයා ය යි සඞ්ඝ කොටස් පසෙක් වේ.
Pali BJT69. “තත්ර භික්ඛවෙ, ය්වායං චතුවග්ගො භික්ඛුසඞ්ඝො, ඨපෙත්වා තීණි කම්මානි: උපසම්පදං පවාරණං අබ්භානං, ධම්මෙන සමග්ගො සබ්බකම්මෙසු කම්මප්පත්තො.
Sinhala BJT69. “මහණෙනි, එහි මේ චතුවග්ගභික්ඛුසඞ්ඝ තෙමේ ධර්‍මයෙන් සමග වූයේ උපසම්පදාව පවාරණය අබ්භානය යන කර්‍ම තුණ හැර (සෙසු) සියලු කර්‍මයන්හි කර්‍මාර්‍හ (කර්‍ම කිරීමට සුදුසු) වේ.
Pali BJT70. “තත්ර භික්ඛවෙ, ය්වායං පඤ්චවග්ගො භික්ඛුසඞ්ඝො, ඨපෙත්වා ද්වෙ කම්මානි: මජ්ඣිමෙසු ජනපදෙසු උපසම්පදං, අබ්භානං, ධම්මෙන සමග්ගො සබ්බකම්මෙසු කම්මප්පත්තො.
Sinhala BJT70. “මහණෙනි, එහි මේ පඤ්චවග්ගභික්ඛුසඞ්ඝ තෙමේ ධර්‍මයෙන් සමග වූයේ මධ්‍යමජනපදයෙහි උපසම්පදාව ය අබ්භානය යන කර්‍ම දෙක හැර සියලු කර්‍මයන්හි කර්‍මාර්‍හ වේ.
Pali BJT71. “තත්ර භික්ඛවෙ, ය්වායං දසවග්ගො භික්ඛුසඞ්ඝො, ඨපෙත්වා එකං කම්මං: අබ්භානං, ධම්මෙන සමග්ගො සබ්බකම්මෙසු කම්මප්පත්තො.
Sinhala BJT71. “මහණෙනි, එහි මේ දසවග්ගභික්ඛුසඞ්ඝ තෙමේ ධර්‍මයෙන් සමග වූයේ එකම අබ්භානකර්‍මය හැර සියලු කර්‍මයන්හි කර්‍මාර්‍හ වේ.
Pali BJT72. “තත්ර භික්ඛවෙ, ය්වායං වීසතිවග්ගො භික්ඛුසඞ්ඝො ධම්මෙන සමග්ගො සබ්බකම්මෙසු කම්මප්පත්තො.
Sinhala BJT72. “මහණෙනි, එහි මේ වීසතිවග්ගභික්ඛුසඞ්ඝ තෙමේ ධර්‍මයෙන් සමග වූයේ සියලු කර්‍මයන්හි කර්‍මාර්‍හ වේ.
Pali BJT73. “තත්ර භික්ඛවෙ, ය්වායං අතිරෙකවීසතිවග්ගො භික්ඛුසඞ්ඝො, ධම්මෙන සමග්ගො සබ්බකම්මෙසු කම්මප්පත්තො.”
Sinhala BJT73. “මහණෙනි එහි මේ අතිරේකවීසතිවග්ගභික්ඛුසඞ්ඝ තෙමේ ධර්‍මයෙන් සමග වූයේ සියලු කර්‍මයන්හි කර්‍මාර්‍හ වේ.”
Pali BJT74. “චතුවග්ගකරණං චෙ භික්ඛවෙ, කම්මං භික්ඛුනීචතුත්ථො කම්මං කරෙය්ය, අකම්මං. න ච කරණීයං. චතුවග්ගකරණං චෙ භික්ඛවෙ, කම්මං සික්ඛමානාචතුත්ථො කම්මං කරෙය්ය, අකම්මං. න ච කරණීයං. -පෙ- සාමණෙරචතුත්ථො කම්මං කරෙය්ය, අකම්මං න ච කරණීයං. සාමණෙරිචතුත්ථො කම්මං කරෙය්ය, අකම්මං. න ච කරණීයං. සික්ඛං පච්චක්ඛාතකචතුත්ථො කම්මං කරෙය්ය, අකම්මං. න ච කරණීයං. අන්තිමවත්ථුං අජ්ඣාපන්නකචතුත්ථො කම්මං කරෙය්ය, අකම්මං. න ච කරණීයං. ආපත්තියා අදස්සනෙ උක්ඛිත්තකචතුත්ථො කම්මං කරෙය්ය, අකම්මං. න ච කරණීයං. ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛිත්තකචතුත්ථො කම්මං කරෙය්ය, අකම්මං. න ච කරණීයං. පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛිත්තකචතුත්ථො කම්මං කරෙය්ය, අකම්මං. න ච කරණීයං. පණ්ඩකචතුත්ථො කම්මං කරෙය්ය, අකම්මං. න ච කරණීයං. ථෙය්යසංවාසකචතුත්ථො කම්මං කරෙය්ය, අකම්මං න ච කරණීයං. තිත්ථියපක්කන්තකචතුත්ථො කම්මං කරෙය්ය, අකම්මං න ච කරණීයං. තිරච්ඡානගතචතුත්ථො කම්මං කරෙය්ය, අකම්මං න ච කරණීයං. මාතුඝාතකචතුත්ථො කම්මං කරෙය්ය, අකම්මං න ච කරණීයං. පිතුඝාතකචතුත්ථො කම්මං කරෙය්ය, අකම්මං. න ච කරණීයං. අරහන්තඝාතකචතුත්ථො කම්මං කරෙය්ය, අකම්මං න ච කරණීයං. භික්ඛුනිදූසකචතුත්ථො කම්මං කරෙය්ය, අකම්මං න ච කරණීයං. සඞ්ඝභෙදකචතුත්ථො කම්මං කරෙය්ය, අකම්මං න ච කරණීයං. ලොහිතුප්පාදකචතුත්ථො කම්මං කරෙය්ය, අකම්මං න ච කරණීයං. උභතොබ්යඤ්ජනකචතුත්ථො කම්මං කරෙය්ය, අකම්මං න ච කරණීයං. නානාසංවාසකචතුත්ථො කම්මං කරෙය්ය, අකම්මං. න ච කරණීයං. නානාසීමාය ඨිතචතුත්ථො කම්මං කරෙය්ය, අකම්මං න ච කරණීයං. ඉද්ධියා වෙහාසෙ ඨිතචතුත්ථො කම්මං කරෙය්ය, අකම්මං න ච කරණීයං. යස්ස සඞ්ඝො කම්මං කරොති, තංචතුත්ථො කම්මං කරෙය්ය, අකම්මං න ච කරණීයං.”{1}
Sinhala BJT74. “මහණෙනි, චතුවග්ගකරණය වූ කර්‍මය මෙහෙණක සිවුවැනි කොට ඇත්තේ කර්‍මය කරන්නේ නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ද වේ. මහණෙනි, චතුවග්ගකරණය වූ කර්‍මය පැවිද්දෙහි හික්මෙන්නියක සිවුවැනි කොට ඇත්තේ කර්‍මය කරන්නේ නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ද වේ. –පෙ–* හෙරණකු සිවුවැනි කොට ඇත්තේ කර්‍මය කරන්නේ නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ද වේ. හෙරණක සිවුවැනි කොට ඇත්තේ කර්‍මය කරන්නේ නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ද වේ. ශික්‍ෂා බැහැර කොට සිටියකු සිවුවැනි කොට ඇත්තේ කර්‍මය කරන්නේ නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ද වේ. අන්තිමවස්තුවට පැමිණියකු සිවුවැනි කොට ඇත්තේ කර්‍මය කරන්නේ නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ද වේ. ඇවැත් නො දැක්මෙහි බැහැර කළ එකකු සිවුවැනි කොට ඇත්තේ කර්‍මය කරන්නේ නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ද වේ. ඇවැතට පිළියම් නො කිරීමෙහි බැහැර කළ එකකු සිවුවැනි කොට ඇත්තේ කර්‍මය කරන්නේ නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ද වේ. ලාමකදෘෂ්ටිය අත් නො හැරීමෙහි බැහැර කළ එකකු සිවුවැනි කොට ඇත්තේ කර්‍මය කරන්නේ නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ද වේ. පණ්ඩකයකු සිවුවැනි කොට ඇත්තේ කර්‍මය කරන්නේ නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ද වේ. ථෙය්‍යසංවාසකයකු සිවුවැනි කොට ඇත්තේ කර්‍මය කරන්නේ නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ද වේ. තිර්‍ත්‍ථයපක්කන්තකයකු සිවුවැනි කොට ඇත්තේ කර්‍මය කරන්නේ නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ද වේ. තිරච්ඡානගතයකු සිවුවැනි කොට ඇත්තේ කර්‍මය කරන්නේ නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ද වේ. මාතෘඝාතකයකු සිවුවැනි කොට ඇත්තේ කර්‍මය කරන්නේ නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ද වේ. පීතෘඝාතකයකු සිවුවැනි කොට ඇත්තේ කර්‍මය කරන්නේ නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ද වේ. අරහන්තඝාතකයකු සිවුවැනි කොට ඇත්තේ කර්‍මය කරන්නේ නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ද වේ. භික්ඛුණීදුසකයකු සිවුවැනි කොට ඇත්තේ කර්‍මය කරන්නේ නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ද උච්. සඞ්ඝභේදකයකු සිවුවැනි කොට ඇත්තේ කර්‍මය කරන්නේ නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ද වේ. ලෝහිතුප්පාදකයකු සිවුවැනි කොට ඇත්තේ කර්‍මය කරන්නේ නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ද වේ. උභතොඛ්‍යඤ්ජනකයකු සිවුවැනි කොට ඇත්තේ කර්‍මය කරන්නේ නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ද වේ. නානාසංවාසකයකු සිවුවැනි කොට ඇත්තේ කර්‍මය කරන්නේ නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ද වේ. නානාසීමාවන්හි සිටියකු සිවුවැනි කොට ඇත්තේ කර්‍මය කරන්නේ නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ද වේ. ඍද්ධියෙන් අහස සිටියකු සිවුවැනි කොට ඇත්තේ කර්‍මය කරන්නේ නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ද වේ. සඞ්ඝ තෙමේ යමකුට කර්‍ම කෙරේ ද, ඔහු සිවුවැනි කොට ඇත්තේ කර්‍මය කරන්නේ නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ද වේ.”
Pali BJTචතුවග්ගකරණං.
Sinhala BJTචතුවග්ගකරණයයි.
Pali BJT1. “පඤ්චවග්ගකරණං චෙ භික්ඛවෙ, කම්මං භික්ඛුනීපඤ්චමො කම්මං කරෙය්ය, අකම්මං. න ච කරණීයං. පඤ්චවග්ගකරණං චෙ භික්ඛවෙ, කම්මං සික්ඛමානපඤ්චමො{1} කම්මං කරෙය්ය, අකම්මං. න ච කරණීයං -පෙ- සාමණෙරපඤ්චමො කම්මං කරෙය්ය -පෙ- සාමණෙරිපඤ්චමො කම්මං කරෙය්ය -පෙ- සික්ඛං පච්චක්ඛාතකපඤ්චමො කම්මං කරෙය්ය -පෙ- අන්තිමවත්ථුං අජ්ඣාපන්නකපඤ්චමො කම්මං කරෙය්ය -පෙ- ආපත්තියා අදස්සනෙ උක්ඛිත්තකපඤ්චමො කම්මං කරෙය්ය -පෙ- ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛිත්තකපඤ්චමො කම්මං කරෙය්ය -පෙ- පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛිත්තකපඤ්චමො කම්මං කරෙය්ය -පෙ- පණ්ඩකපඤ්චමො කම්මං කරෙය්ය -පෙ- ථෙය්යසංවාසකපඤ්චමො කම්මං කරෙය්ය -පෙ- තිත්ථියපක්කන්තකපඤ්චමො කම්මං කරෙය්ය -පෙ- තිරච්ඡානගතපඤ්චමො කම්මං කරෙය්ය -පෙ- මාතුඝාතකපඤ්චමො කම්මං කරෙය්ය -පෙ- පිතුඝාතකපඤ්චමො කම්මං කරෙය්ය -පෙ- අරහන්තඝාතකපඤ්චමො කම්මං කරෙය්ය -පෙ- භික්ඛුනිදූසකපඤ්චමො කම්මං කරෙය්ය -පෙ- සඞ්ඝභෙදකපඤ්චමො කම්මං කරෙය්ය -පෙ- ලොහිතුප්පාදකපඤ්චමො කම්මං කරෙය්ය -පෙ- උභතොබ්යඤ්ජනකපඤ්චමො කම්මං කරෙය්ය -පෙ- නානාසංවාසකපඤ්චමො කම්මං කරෙය්ය -පෙ- නානාසීමාය ඨිතපඤ්චමො කම්මං කරෙය්ය -පෙ- ඉද්ධියා වෙහාසෙ ඨිතපඤ්චමො කම්මං කරෙය්ය -පෙ- යස්ස සඞ්ඝො කම්මං කරොති, තංපඤ්චමො කම්මං කරෙය්ය, අකම්මං. න ච කරණීයං.”{2}
Sinhala BJT1. “මහණෙනි, පංචවග්ගකරණය වූ කර්‍මය මෙහෙණක පස්වැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම්, කර්‍ම නො වේ. ඒ නො කටයුතු ද වේ. මහණෙනි, පංචවග්ගකරණය වූ කර්‍මය පැවිද්දෙහි පුහුණුවන්නියක පස්වැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම්, කර්‍ම නො වේ. ඒ නො කටයුතු ද වේ. –පෙ– හෙරණකු පස්වැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම –පෙ– හෙරණක පස්වැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම් –පෙ– ශික්‍ෂා බැහැර කළහු පස්වැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම් –පෙ– අන්තිම වස්තුවට පැමිණියහු පස්වැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම් –පෙ– ඇවැත් නො දැක්මෙහි බැහැර කළහු පස්වැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම් –පෙ– ඇවැතට පිළියම් නො කිරීමෙහි බැහැර කළහු පස්වැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම් –පෙ– ලාමකදෘෂ්ටිය අත් නො හැරීමෙහි බැහැර කළහු පස්වැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම් –පෙ– පණ්ඩකයා පස්වැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම් –පෙ– ථෙය්‍යසංවාසකයා පස්වැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම් –පෙ– තිත්‍ථියපක්කන්තකයා පස්වැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම් –පෙ– තිරච්ඡානගතයා පස්වැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම් –පෙ– මාතෘඝාතකයා පස් වැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම් –පෙ– පිතෘඝාතකයා පස්වැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම් –පෙ– අරහන්තඝාතකයා පස්වැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම් –පෙ– භික්ඛුනීදූසකයා පස්වැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම් –පෙ– සඞ්ඝභේදකයා පස්වැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම් –පෙ– ලෝහිතුප්පාදකයා පස්වැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම් –පෙ– උභතෝබ්‍යඤ්ජනකයා පස්වැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම් –පෙ– නානාසංවාසකයා පස්වැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම් –පෙ– නානාසීමාවන්හි සිටියහු පස්වැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම් –පෙ– ඍද්ධියෙන් අහස සිටියහු පස්වැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම –පෙ– සඞ්ඝ තෙමේ යමකුට කර්‍ම කෙරේ ද, ඔහු පස්වැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම්, කර්‍ම නො වේ. ඒ නො කටයුතු ද වේ.”{1}
Pali BJTපඤ්චවග්ගකරණං.
Sinhala BJTපංච්චවග්ගකරණයයි.
Pali BJT1. “දසවග්ගකරණං චෙ භික්ඛවෙ, කම්මං භික්ඛුනීදසමො කම්මං කරෙය්ය, අකම්මං. න ච කරණීයං. දසවග්ගකරණං චෙ භික්ඛවෙ, කම්මං සික්ඛමානදසමො කම්මං කරෙය්ය, අකම්මං න ච කරණීයං -පෙ- යස්ස සඞ්ඝො කම්මං කරොති, තංදසමො කම්මං කරෙය්ය, අකම්මං. න ච කරණීයං.”{2}
Sinhala BJT1. “මහණෙනි, දශවර්‍ගකරණය වූ කර්‍මය මෙහෙණක දසවැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම්, කර්‍ම නො වේ. ඒ නො කටයුතු ද වේ. මහණෙනි, දශවර්‍ගකරණය වූ කර්‍මය පැවිද්දෙහි පුහුණුවන්නියක දසවැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම්, කර්‍ම නො වේ. ඒ නො කටයුතු ද වේ. –පෙ– සඞ්ඝ තෙමේ යමකුට කර්‍ම කෙරේ ද, ඔහු දසවැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම්, කර්‍ම නො වේ. ඒ නො කටයුතු ද වේ.”{1}
Pali BJTදසවග්ගකරණං.
Sinhala BJTදසවග්ගකරණය යි.
Pali BJT1. “වීසතිවග්ගකරණඤ්චෙ භික්ඛවෙ, කම්මං භික්ඛුණීවීසො කම්මං කරෙය්ය, අකම්මං. න ච කරණීයං. වීසතිවග්ගකරණඤ්චෙ භික්ඛවෙ, කම්මං සික්ඛමානවීසො කම්මං කරෙය්ය, අතම්මං. න ච කරණීයං. -පෙ- සාමණෙරවීසො කම්මං කරෙය්ය -පෙ- සාමණෙරීවීසො කම්මං කරෙය්ය -පෙ- සික්ඛං පච්චක්ඛාතකවීසො කම්මං කරෙය්ය -පෙ- අන්තිමවත්ථුං අජ්ඣාපන්නකවීසො කම්මං කරෙය්ය -පෙ- ආපත්තියා අදස්සනෙ උක්ඛිත්තකවීසො කම්මං කරෙය්ය -පෙ- ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛිත්තකවීසො කම්මං කරෙය්ය -පෙ- පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛිත්තකවීසො කම්මං කරෙය්ය -පෙ- පණ්ඩකවීසො කම්මං කරෙය්ය -පෙ- ථෙය්යසංවාසකවීසො කම්මං කරෙය්ය -පෙ- තිත්ථියපක්කන්තකවීසො කම්මං කරෙය්ය -පෙ- තිරච්ඡානගතවීසො කම්මං කරෙය්ය -පෙ- මාතුඝාතකවීසො කම්මං කරෙය්ය -පෙ- පිතුඝාතකවීසො කම්මං කරෙය්ය -පෙ- අරහන්තඝාතකවීසො කම්මං කරෙය්ය -පෙ- භික්ඛුණීදූසකවීසො කම්මං කරෙය්ය -පෙ- සඞ්ඝභෙදකවීසො කම්මං කරෙය්ය -පෙ- ලොහිතුප්පාදකවීසො කම්මං කරෙය්ය -පෙ- උභතොබ්යඤ්ජනකවීසො කම්මං කරෙය්ය -පෙ- නානාසංවාසකවීසො කම්මං කරෙය්ය -පෙ- නානාසීමාය ඨිතවීසො කම්මං කරෙය්ය -පෙ- ඉද්ධියා වෙහාසෙ ඨිතවීසො කම්මං කරෙය්ය -පෙ- යස්ස සඞ්ඝො කම්මං කරොති, තංවීසො කම්මං කරෙය්ය, අකම්මං න ච කරණීයං.”
Sinhala BJT1. “මහණෙනි, වීසතිවග්ගකරණය වූ කර්‍මය මෙහෙණක විසිවැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම්, කර්‍ම නො වේ. ඒ නො කටයුතු ද වේ. මහණෙනි, වීසතිවග්ගකරණය වූ කර්‍මය පැවිද්දෙහි පුහුණුවන්නියක විසිවැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම්, කර්‍ම නො වේ. ඒ නො කටයුතු ද වේ. –පෙ– හෙරණහු විසිවැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම් –පෙ– හෙරණක විසිවැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම් –පෙ– ශික්‍ෂා බැහැර කළහු විසිවැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම් –පෙ– අන්තිම වස්තුවට පැමිණියහු විසිවැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම් –පෙ– ඇවැත් නො දැක්මෙහි බැහැර කළහු විසිවැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම් –පෙ– ඇවැතට පිළියම් නො කිරීමෙහි බැහැර කළහු විසිවැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම් –පෙ– ලාමකදෘෂ්ටිය අත් නො හැරීමෙහි බැහැර කළහු විසිවැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම් –පෙ– පණ්ඩකයා විසිවැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම් –පෙ– ථෙය්‍යසංවාසකයා විසිවැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම් –පෙ– තිත්‍ථියපක්කන්තකයා විසිවැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම් –පෙ– තිරච්ඡානගතයා විසිවැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම් –පෙ– මාතෘඝාතකයා විසිවැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම් –පෙ– පිතෘඝාතකයා විසිවැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම් –පෙ– අරහන්තඝාතකයා විසිවැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම් –පෙ– භික්බුණිදූසකයා විසිවැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම් –පෙ– සඞ්ඝභේදකයා විසිවැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම් –පෙ– ලෝහිතුප්පාදකයා විසිවැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම් –පෙ– උභතෝබ්‍යඤ්ජනකයා විසිවැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම් –පෙ– නානාසංවාසකයා විසිවැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම් –පෙ– නානාසීමාවන්හි සිටියහු විසිවැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම් –පෙ– ඍද්ධියෙන් අහස සිටියහු විසිවැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම් –පෙ– සඞ්ඝ තෙමේ යමකුට කර්‍ම කෙරේ ද, ඔහු විසිවැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම්, කර්‍ම නො වේ. ඒ නො කටයුතු ද වේ.”
Pali BJTවීසතිවග්ගකරණං
Sinhala BJTවීසතිවග්ගකරණය යි.
Pali BJT1. “පාරිවාසිකචතුත්ථො චෙ භික්ඛවෙ, පරිවාසං දදෙය්ය, මූලාය පටිකස්සෙය්ය, මානත්තං දදෙය්ය, තංවීසො අබ්භෙය්ය, අකම්මං. න ච කරණීයං. මූලාය පටිකස්සනාරහචතුත්ථො චෙ භික්ඛවෙ, පරිවාසං දදෙය්ය, මූලාය පටිකස්සෙය්ය, මානත්තං දදෙය්ය, තංවීසො අබ්භෙය්ය, අකම්මං. න ච කරණීයං. මානත්තාරහචතුත්ථො චෙ භික්ඛවෙ, පරිවාසං දදෙය්ය, මූලාය පටිකස්සෙය්ය, මානත්තං දදෙය්ය, තංවීසො අබ්භෙය්ය. අකම්මං න ච කරණීයං. මානත්තචාරිකචතුත්ථො චෙ භික්ඛවෙ, පරිවාසං දදෙය්ය, මූලාය පටිකස්සෙය්ය, මානත්තං දදෙය්ය, තංවීසො අබ්භෙය්ය, අකම්මං. න ච කරණීයං. අබ්භානාරහචතුත්ථො චෙ භික්ඛවෙ, පරිවාසං දදෙය්ය, මූලාය පටිකස්සෙය්ය, මානත්තං දදෙය්ය, තංවීසො අබ්භෙය්ය, අකම්මං. න ච කරණීයං.”
Sinhala BJT1. “මහණෙනි, පිරිවෙස් පුරන්නහු සිවුවැනි කොට ඇත්තේ පිරිවෙස් දෙන්නේ නම්, මූලායපටිකස්සනය කරන්නේ නම්, මානත දෙන්නේ නම්, ඔහු විසිවැනි කොට ඇත්තේ අබ්භාන කරන්නේ නම්, කර්‍ම නො වේ. ඒ නො කටයුතු ද වේ. මහණෙනි, මූලායපටිකස්සනයට සුදුසු වූවහු සිවුවැනි කොට ඇත්තේ පිරිවෙස් දෙන්නේ නම්, මූලායපටිකස්සනය කරන්නේ නම්, මානත දෙන්නේ නම්, ඔහු විසිවැනි කොට ඇත්තේ අබ්භාන කරන්නේ නම්, කර්‍ම නො වේ. ඒ නො කටයුතු ද වේ. මහණෙනි, මානතට සුදුසු වූවහු සිවුවැනි කොට ඇත්තේ පිරිවෙස දෙන්නේ නම්, මූලායපටිකස්සනය කරන්නේ නම්, මානත දෙන්නේ නම්, ඔහු විසිවැනි කොට ඇත්තේ අබ්භාන කරන්නේ නම්, කර්‍ම නො වේ. ඒ නො කටයුතු ද වේ. මහණෙනි, මානත හැසිරෙන්නහු සිවුවැනි කොට ඇත්තේ පිරිවෙස් දෙන්නේ නම්, මූලායපටිකස්සනය කරන්නේ නම්, මානත දෙන්නේ නම්, ඔහු විසිවැනි කොට ඇත්තේ අබ්භාන කරන්නේ නම්, කර්‍ම නො වේ. ඒ නො කටයුතු ද වේ. මහණෙනි, අබ්භානයට සුදුසු වූවහු සිවුවැනි කොට ඇත්තේ පිරිවෙස් දෙන්නේ නම්, මූලායපටිකස්සනය කරන්නේ නම්, මානත දෙන්නේ නම්, ඔහු විසිවැනි කොට ඇත්තේ අබ්භාන කරන්නේ නම්, කර්‍ම නො වේ. ඒ නො කටයුතු ද වේ.”
Pali BJT2. “එකච්චස්ස භික්ඛවෙ, සඞ්ඝමජ්ඣෙ පටික්කොසනා රූහති, එකච්චස්ස න රූහති. කස්ස ච භික්ඛවෙ, සඞ්ඝමජ්ඣෙ පටික්කොසනා න රූහති? භික්ඛුනියා භික්ඛවෙ, සඞ්ඝමජ්ඣෙ පටික්කොසනා න රූහති. සික්ඛමානාය භික්ඛවෙ -පෙ- සාමණෙරස්ස භික්ඛවෙ, -පෙ- සාමණෙරාය{1} භික්ඛවෙ, -පෙ- සික්ඛං පච්චක්ඛාතකස්ස භික්ඛවෙ, -පෙ- අන්තිමවත්ථුං අජ්ඣාපන්නකස්ස භික්ඛවෙ, -පෙ- උම්මත්තකස්ස භික්ඛවෙ, -පෙ- ඛිත්තචිත්තස්ස භික්ඛවෙ, -පෙ- වෙදනාට්ටස්ස භික්ඛවෙ, -පෙ- ආපත්තියා අදස්සනෙ උක්ඛිත්තකස්ස භික්ඛවෙ, -පෙ- ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛිත්තකස්ස භික්ඛවෙ, -පෙ- පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛිත්තකස්ස භික්ඛවෙ, -පෙ- පණ්ඩකස්ස භික්ඛවෙ -පෙ- ථෙය්යසංවාසකස්ස භික්ඛවෙ, -පෙ- තිත්ථියපක්කන්තකස්ස භික්ඛවෙ -පෙ- තිරච්ඡානගතස්ස භික්ඛවෙ, -පෙ- මාතුඝාතකස්ස භික්ඛවෙ -පෙ- පිතුඝාතකස්ස භික්ඛවෙ, -පෙ- අරහන්තඝාතකස්ස භික්ඛවෙ, -පෙ- භික්ඛුනීදූසකස්ස භික්ඛවෙ, -පෙ- සඞ්ඝභෙදකස්ස භික්ඛවෙ, -පෙ- ලොහිතුප්පාදකස්ස භික්ඛවෙ, -පෙ- උභතොබ්යඤ්ජනකස්ස භික්ඛවෙ, -පෙ- නානාසංවාසකස්ස භික්ඛවෙ, -පෙ- නානාසීමාය ඨිතස්ස භික්ඛවෙ, -පෙ- ඉද්ධියා වෙහාසෙ ඨිතස්ස භික්ඛවෙ, -පෙ- යස්ස සඞ්ඝො කම්මං කරොති, තස්ස ච{2} භික්ඛවෙ, සඞ්ඝමජ්ඣෙ පටික්කොසනා න රූහති. ඉමෙසං ඛො භික්ඛවෙ, සඞ්ඝමජ්ඣෙ පටික්කොසනා න රූහති.
Sinhala BJT2. “මහණෙනි, සඟමැද ඇතැමකුගේ ප්‍රතික්‍රෝශය = ප්‍රතිබාහනය (විරුද්ධ ව කරුණු කියා වැළකීම) නගියි (=සැලකියයුතු වෙයි). ඇතමකුගේ නො නගියි. (= නො සැලකිය යුතු වෙයි). මහණෙනි, සඟ මැද කවරකුගේ වැළකීම නො නගී ද, මහණෙනි, සඟමැද මෙහෙණගේ වැළකීම නො නගී. මහණෙනි, පැවිද්දෙහි පුහුණුවන්නියකගේ –පෙ– මහණෙනි, හෙරණකුගේ –පෙ– මහණෙනි, හෙරණකගේ –පෙ– මහණෙනි, ශික්‍ෂා බැහැර කළහුගේ –පෙ– මහණෙනි, අන්තිමවස්තුවට පැමිණියහුගේ –පෙ– මහණෙනි, උමතු වූවහුගේ –පෙ– මහණෙනි, (විකල වූ) විසුරුණු සිත් ඇත්තහුගේ –පෙ– මහණෙනි, වේදනාවෙන් පෙළුනහුගේ –පෙ– මහණෙනි, ඇවැත් නො දැක්මෙහි බැහැර කළහුගේ –පෙ– මහණෙනි, ඇවැතට පිළියම් නො කිරීමෙහි බැහැර කළහුගේ –පෙ– මහණෙනි, ලාමකදෘෂ්ටිය අත් නො හැරීමෙහි බැහැර කළහුගේ –පෙ– මහණෙනි, පණ්ඩකයාගේ –පෙ– මහණෙනි, ථෙය්‍යසංවාසකයාගේ –පෙ– මහණෙනි, තිත්‍ථියපක්කන්තකයාගේ –පෙ– මහණෙනි, තිරච්ඡානගතයාගේ –පෙ– මහණෙනි, මාතෘඝාතකයාගේ –පෙ– මහණෙනි, පිතෘඝාතකයාගේ –පෙ– මහණෙනි, අරහන්තඝාතකයාගේ –පෙ– මහණෙනි, භික්ඛුනීදූසකයාගේ –පෙ– මහණෙනි, සඞ්ඝභේදකයාගේ –පෙ– මහණෙනි, ලොහිතුප්පාදකයාගේ –පෙ– මහණෙනි, උභතෝබ්‍යඤ්ජනකයාගේ –පෙ– මහණෙනි, නානාසංවාසකයාගේ –පෙ– මහණෙනි, නානාසීමාවන්හි සිටියහුගේ –පෙ– මහණෙනි, ඍද්ධියෙන් අහස සිටියහුගේ –පෙ– මහණෙනි, සඞ්ඝ තෙමේ යමකුට කර්‍ම කෙරේ ද, සඟ මැද ඔහුගේ ද වැළකීම නො නගී. මහණෙනි, සඟ මැද මොවුන්ගේ වැළකීම නො නගී.
Pali BJT3. “කස්ස ච භික්ඛවෙ, සඞ්ඝමජ්ඣෙ පටික්කොසනා රූහති? භික්ඛුස්ස භික්ඛවෙ, පකතත්තස්ස සමානසංවාසකස්ස සමානසීමාය ඨිතස්ස අන්තමසො ආනන්තරිකස්සාපි{3} භික්ඛුනො විඤ්ඤාපෙන්තස්ස සඞ්ඝමජ්ඣෙ පටික්කොසනා රූහති. ඉමස්ස ඛො භික්ඛවෙ, සඞ්ඝමජ්ඣෙ පටික්කොසනා රූහති.
Sinhala BJT3. ‘මහණෙනි, සඟමැද කවරකුගේ වැළකීම නගී ද? මහණෙනි, සඟමැද ප්‍රකෘතිස්වභාව ඇති (පරිජි ඇවැතට නො පැමිණි), සමානසංවාසය ඇති, සමානසීමාවෙහි සිටි, යටත් පිරිසෙයින් (තමන්) ලඟ ම සිටි මහණහුට දන්වන්නා වූ මහණහුගේ වැළකීම නගී. මහණෙනි, සඟමැද මොහුගේ වැළකීම නගී.{*}
Pali BJT4. “ද්වෙමා භික්ඛවෙ, නිස්සාරණා: අත්ථි භික්ඛවෙ, පුග්ගලො අප්පත්තො නිස්සාරණං, තඤ්චෙ සඞ්ඝො නිස්සාරෙති, එකච්චො සුනිස්සාරිතො. එකච්චො දුන්නිස්සාරිතො.
Sinhala BJT4. “මහණෙනි, මේ නෙරපීම් දෙකෙකි: මහණෙනි, නෙරපීමට නො සුදුසු වූ පුද්ගලයෙක් ඇත. ඉදින් සඞ්ඝ තෙමේ ඔහු නෙරපා නම්, කිසිඑකෙක් නිවැරදි ලෙස නෙරපන ලද්දේ වේ. කිසිඑකෙක් වැරදි ලෙස නෙරපන ලද්දේ වේ.
Pali BJT5. “කතමො ච භික්ඛවෙ, පුග්ගලො අප්පත්තො නිස්සාරණං, තඤ්චෙ සඞ්ඝො නිස්සාරෙති දුන්නිස්සාරිතො? ඉධ පන භික්ඛවෙ, භික්ඛු සුද්ධො හොති අනාපත්තිකො. තඤ්චෙ සඞ්ඝො නිස්සාරෙති, දුන්නිස්සාරිතො. අයං වුච්චති භික්ඛවෙ, පුග්ගලො අප්පත්තො නිස්සාරණං, තඤ්චෙ සඞ්ඝො නිස්සාරෙති, දුන්නිස්සාරිතො.
Sinhala BJT5. “මහණෙනි, කවර පුද්ගලයෙක් නෙරපීමට නො සුදුසු වූයේ ද, සඞ්ඝ තෙමේ ඔහු නෙරපා නම්, වැරදි ලෙස නෙරපන ලද්දේ වේ ද? මහණෙනි, මෙහි මහණ තෙමේ පිරිසිදු වූයේ ඇවැත් නැත්තේ වේ. සඞ්ඝ තෙමේ ඔහු නෙරපා නම්, වැරදි ලෙස නෙරපන ලද්දේ වේ. මහණෙනි, මේ පුද්ගල තෙමේ නෙරපීමට (වරදක් නැති බැවින්) නො සුදුසු ය යි කියනු ලැබේ. ඉදින් සඞ්ඝ තෙමේ ඔහු නෙරපා නම්, වැරදි ලෙස නෙරපන ලද්දේ වේ.
Pali BJT6. “කතමො ච භික්ඛවෙ, පුග්ගලො අප්පත්තො නිස්සාරණං, තඤ්චෙ සඞ්ඝො නිස්සාරෙති සුනිස්සාරිතො? ඉධ පන භික්ඛවෙ, භික්ඛු බාලො හොති අබ්යත්තො ආපත්තිබහුලො අනපදානො ගිහීහි{4} සංසට්ඨො විහරති අනනුලොමිකෙහි ගිහීසංසග්ගෙහි, තඤ්චෙ සඞ්ඝො නිස්සාරෙති, සුනිස්සාරිතො. අයං වුච්චති භික්ඛවෙ, පුග්ගලො අප්පත්තො නිස්සාරණං, තඤ්චෙ සඞ්ඝො නිස්සාරෙති, සුනිස්සාරිතො.
Sinhala BJT6. “මහණෙනි, කවර පුද්ගලයෙක් නෙරපීමට (පබ්බාජනීයකම්ම නො කරණ ලද බැවින්) නො සුදුසු වූයේ ද, ඉදින් සඞ්ඝ තෙමේ ඔහු නෙරපා නම්, නිවැරදි ලෙස නෙරපන ලද්දේ වේ ද? මහණෙනි, මෙහි මහණ තෙමේ අඥ වූයේ අව්‍යක්ත වූයේ ඇවැත් බහුල කොට ඇත්තේ ඉමක් නැති ඇවැත් ඇත්තේ ගිහියන් හා හැනී (=මිශ්‍ර වී) පැවිද්දට නො නිසි ගිහීසංසර්‍ගවලින් යුක්ත ව වෙසේ ද, ඉදින් සඞ්ඝ තෙමේ (තජ්ජනීයකම්මාදිවසයෙන්) ඔහු නෙරපා නම්, නිවැරදි ලෙස නෙරපන ලද්දේ වේ. මහණෙනි, මේ පුද්ගල තෙමේ නෙරපීමට (යට කී ලෙසින්) නො සුදුසු ය යි කියනු ලැබේ. සඞ්ඝ තෙමේ ඔහු නෙරපා නම්, නිවැරදි ලෙස නෙරපන ලද්දේ වේ.
Pali BJT7. “ද්වෙමා භික්ඛවෙ, ඔසාරණා: අත්ථි භික්ඛවෙ, පුග්ගලො අප්පත්තො ඔසාරණං. තඤ්චෙ සඞ්ඝො ඔසාරෙති, එකච්චො සොසාරිතො. එකච්චො දොසාරිතො.
Sinhala BJT7. ‘මහණෙනි, මේ ඇතුළත් කිරීම් දෙකෙකි: මහණෙනි, ඇතුළත් කිරීමට නො සුදුසු වූ පුද්ගලයෙක් ඇත. සඞ්ඝ තෙමේ ඔහු ඇතුළත් කෙරේ නම්, කිසිවෙක් නිවැරදි ලෙස ඇතුළත් කරණ ලද්දේ වේ. කිසිවෙක් වැරදි ලෙස ඇතුළත් කරණ ලද්දේ වේ.
Pali BJT8. “කතමො ච භික්ඛවෙ, පුග්ගලො අප්පත්තො ඔසාරණං, තඤ්චෙ සඞ්ඝො ඔසාරෙති, දොසාරිතො? පණ්ඩකො භික්ඛවෙ, අප්පත්තො ඔසාරණං, තඤ්චෙ සඞ්ඝො ඔසාරෙති, දොසාරිතො. ථෙය්යසංවාසකො භික්ඛවෙ, අප්පත්තො ඔසාරණං, තඤ්චෙ සඞ්ඝො ඔසාරෙති දොසාරිතො -පෙ- තිත්ථියපක්කන්තකො භික්ඛවෙ, -පෙ- තිරච්ඡානගතො භික්ඛවෙ, -පෙ- මාතුඝාතකො භික්ඛවෙ, -පෙ- පිතුඝාතකො භික්ඛවෙ, -පෙ- අරහන්තඝාතකො භික්ඛවෙ, -පෙ- භික්ඛුණීදූසකො භික්ඛවෙ, -පෙ- සඞ්ඝභෙදකො භික්ඛවෙ, -පෙ- ලොහිතුප්පාදකො භික්ඛවෙ -පෙ- උභතොබ්යඤ්ජනකො භික්ඛවෙ, අප්පත්තො ඔසාරණං, තඤ්චෙ සඞ්ඝො ඔසාරෙති, දොසාරිතො. අයං වුච්චති භික්ඛවෙ, පුග්ගලො අප්පත්තො ඔසාරණං, තඤ්චෙ{1} සඞ්ඝො ඔසාරෙති, දොසාරිතො. ඉමෙ වුච්චන්ති භික්ඛවෙ, පුග්ගලා අප්පත්තා ඔසාරණං, තෙ චෙ සඞ්ඝො ඔසාරෙති, දොසාරිතා.
Sinhala BJT8. ‘මහණෙනි, කවර පුද්ගලයෙක් ඇතුළත් කිරීමට නො සුදුසු වූයේ වේ ද? සඞ්ඝ තෙමේ ඔහු ඇතුළත් කෙරේ නම්, වැරදි ලෙස ඇතුළත් කරණ ලද්දේ වේ ද? මහණෙනි, පණ්ඩක තෙමේ ඇතුළත් කිරීමට නො සුදුසු වූයේ ය. සඞ්ඝ තෙමේ ඔහු (උපසම්පදා වසයෙන්) ඇතුළත් කෙරේ නම්, වැරදි ලෙස ඇතුළත් කරණ ලද්දේ ය. මහණෙනි, ථෙය්‍යසංවාසක තෙමේ ඇතුළත් කිරීමට නො සුදුසු වූයේ ය. සඞ්ඝ තෙමේ ඔහු ඇතුළත් කෙරේ නම්, වැරදි ලෙස ඇතුළත් කරණ ලද්දේ ය. මහණෙනි, තිත්‍ථියපක්කන්තක තෙමේ –පෙ– මහණෙනි, තිරච්ඡානගත තෙමේ –පෙ– මහණෙනි, මාතෘඝාතක තෙමේ –පෙ– මහණෙනි, පිතෘඝාතක තෙමේ –පෙ– මහණෙනි, අරහන්තඝාතක තෙමේ –පෙ– මහණෙනි, භික්ඛුණිදූසක තෙමේ –පෙ– මහණෙනි, සඞ්ඝභේදක තෙමේ –පෙ– මහණෙනි, ලෝහිතුප්පාදක තෙමේ –පෙ– මහණෙනි, උභතෝබ්‍යඤ්ජනක තෙමේ ඇතුළත් කිරීමට නො සුදුසු වූයේ ය සඞ්ඝ තෙමේ ඔහු ඇතුළත් කෙරේ නම්, වැරදි ලෙස ඇතුළත් කරණ ලද්දේ ය. මහණෙනි, මේ පුද්ගල තෙමේ ඇතුළත් කිරීමට නො සුදුසු ය යි ද, සඞ්ඝ තෙමේ ඔහු ඇතුළත් කෙරේ නම්, වැරදි ලෙස ඇතුළත් කරණ ලද්දේය යි ද කියනු ලැබේ. මහණෙනි, මේ පුද්ගලයෝ (අභව්‍ය හෙයින්) ඇතුළත් කිරීමට නො සුදුස්සෝ ය යි කියනු ලැබෙත්. සඞ්ඝ තෙමේ ඔවුන් ඇතුළත් කෙරේ නම්, ඔහු වැරදි ලෙස ඇතුළත් කරණ ලද්දාහු යි.
Pali BJT9. “කතමො ච භික්ඛවෙ, පුග්ගලො අප්පත්තො ඔසාරණං, තඤ්චෙ සඞ්ඝො ඔසාරෙති සොසාරිතො? හත්ථච්ඡින්නො භික්ඛවෙ, අප්පත්තො ඔසාරණං, තඤ්චෙ සඞ්ඝො ඔසාරෙති, සොසාරිතො. පාදච්ඡින්නො භික්ඛවෙ, -පෙ- හත්ථපාදච්ඡින්නො භික්ඛවෙ, -පෙ- කණ්ණච්ඡින්නො භික්ඛවෙ, -පෙ- නාසච්ඡින්නො භික්ඛවෙ, -පෙ- කණ්ණනාසච්ඡින්නො භික්ඛවෙ, -පෙ- අඞ්ගුලිච්ඡින්නො භික්ඛවෙ, -පෙ- අළච්ඡින්නො භික්ඛවෙ, -පෙ- කණ්ඩරච්ඡින්නො භික්ඛවෙ, -පෙ- ඵණහත්ථකො භික්ඛවෙ, -පෙ- ඛුජ්ජො භික්ඛවෙ, -පෙ- වාමනො භික්ඛවෙ, -පෙ- ගලගණ්ඩී භික්ඛවෙ, -පෙ- ලක්ඛණාහතො භික්ඛවෙ, -පෙ- කසාහතො භික්ඛවෙ, -පෙ- ලිඛිතකො භික්ඛවෙ, -පෙ- සීපදිකො භික්ඛවෙ, -පෙ- පාපරොගී භික්ඛවෙ, -පෙ- පරිසදූසකො භික්ඛවෙ, -පෙ- කාණො භික්ඛවෙ, -පෙ- කුණී භික්ඛවෙ, -පෙ- ඛඤ්ජො භික්ඛවෙ, -පෙ- පක්ඛහතො භික්ඛවෙ, -පෙ- ඡින්නිරියාපථො භික්ඛවෙ, -පෙ- ජරාදුබ්බලො භික්ඛවෙ, -පෙ- අන්ධො භික්ඛවෙ, -පෙ- මූගො භික්ඛවෙ, -පෙ- බධිරො භික්ඛවෙ, -පෙ- අන්ධමූගො භික්ඛවෙ, -පෙ- අන්ධබධිරො භික්ඛවෙ, -පෙ- මූගබධිරො භික්ඛවෙ, -පෙ- අන්ධමූගබධිරො භික්ඛවෙ, අප්පත්තො ඔසාරණං. තඤ්චෙ සඞ්ඝො ඔසාරෙති, සොසාරිතො. අයං වුච්චති භික්ඛවෙ, පුග්ගලො අප්පත්තො ඔසාරණං, තඤ්චෙ සඞ්ඝො ඔසාරෙති, සොසාරිතො. ඉමෙ වුච්චන්ති භික්ඛවෙ, පුග්ගලා අප්පත්තා ඔසාරණං, තෙ චෙ සඞ්ඝො ඔසාරෙති, සොසාරිතා.”
Sinhala BJT9. “මහණෙනි, ඇතුළත් කිරීමට නො සුදුසු වූ පුද්ගලයා කවරේ ද? සඞ්ඝ තෙමේ ඔහු ඇතුළත් කෙරේ නම්, නිවැරැදි ලෙස ඇතුළත් කරණ ලද්දේ වේ ද? මහණෙනි, අත් සිඳින ලද්දේ ඇතුළත් කිරීමට නො සුදුසු වේ. ඉදින් සඞ්ඝ තෙමේ ඔහු (උපසම්පදා වසයෙන්) ඇතුළත් කෙරේ නම්, නිවැරදි ලෙස ඇතුළත් කරණ ලද්දේ වේ. මහණෙනි, පා සිඳින ලද්දේ –පෙ– මහණෙනි, අත් පා සිඳින ලද්දේ –පෙ– මහණෙනි, කන් සිඳින ලද්දේ –පෙ– මහණෙනි, නාස් සිඳින ලද්දේ –පෙ– මහණෙනි, කන් නාස් සිඳින ලද්දේ –පෙ– මහණෙනි, ඇඟිලි සිඳින ලද්දේ –පෙ– මහණෙනි, මාපට ඇඟිලි සිඳින ලද්දේ –පෙ– මහණෙනි, මහනහර සිඳින ලද්දේ –පෙ– මහණෙනි, පෙණගොබ සේ ගෙතුනු අත් ඇත්තේ –පෙ– මහණෙනි, කුදු වූයේ –පෙ– මහණෙනි, මිටි වූයේ –පෙ– මහණෙනි, වාගෙඩි ඇත්තේ –පෙ– මහණෙනි, සලකුණු කෙටූයේ –පෙ– මහණෙනි, කසෙන් තළන ලද්දේ –පෙ– මහණෙනි, (වැරදිකරුවකු සේ) ලියා තැබුයේ –පෙ– මහණෙනි, බරවාරෝග ඇත්තේ –පෙ– මහණෙනි, පාපරොග ඇත්තේ –පෙ– මහණෙනි, පිරිස් දූෂ්‍ය කරන්නේ –පෙ– මහණෙනි, එකැස් කණ වූයේ –පෙ– මහණෙනි, වක් වූ අත් පා ඇත්තේ –පෙ– මහණෙනි, පිළු වූයේ –පෙ– මහණෙනි, පක්‍ෂාඝාත ඇත්තේ –පෙ– මහණෙනි, සුන් ඉරියවු ඇත්තේ –පෙ– මහණෙනි, ජරාවෙන් දුර්‍වල වූයේ –පෙ– මහණෙනි, අන්‍ධ වූයේ –පෙ– මහණෙනි, ගොළු වූයේ –පෙ– මහණෙනි, බිහිරි වූයේ –පෙ– මහණෙනි, අඳ ගොළු වූයේ –පෙ– මහණෙනි, අඳබිහිරි වූයේ –පෙ– මහණෙනි, ගොළුබිහිරි වූයේ –පෙ– මහණෙනි, අඳගොළුබිහිරි වූයේ ඇතුළත් කිරීමට සුදුසු නො වේ. ඉදින් සඞ්ඝ තෙමේ ඔහු ඇතුළත් කෙරේ නම්, මනා කොට ඇතුළත් කරණ ලද්දේ වේ. මහණෙනි, මේ පුද්ගල තෙමේ ඇතුළත් කිරීමට නො සුදුසුය යි ද සඞ්ඝ තෙමේ ඔහු ඇතුළත් කෙරේ නම්, නිවැරදි ලෙස ඇතුළත් කරණ ලද්දේ ය යි ද කියනු ලැබේ. මහණෙනි, මේ පුද්ගලයෝ ඇතුළත් කිරීමට නො සුදුස්සාහ යි කියනු ලැබෙත්. සඞ්ඝ තෙමේ ඔවුන් ඇතුළත් කෙරේ නම්, ඔහු නිවැරදි ලෙස ඇතුළත් කරණ ලද්දාහු ය.”
Pali BJTවාසභගාමභාණවාරං පඨමං.
Sinhala BJTපළමුවන වාසභගම්බණවර යි.
Pali BJT1. “ඉධ පන භික්ඛවෙ, භික්ඛුස්ස න හොති ආපත්ති දට්ඨබ්බා. තමෙනං චොදෙති සඞ්ඝො වා සම්බහුලා වා එකපුග්ගලො වා ‘ආපත්තිං ත්වං ආවුසො, ආපන්නො, පස්සසෙතං ආපත්ති’න්ති? සො එවං වදෙති: “නත්ථි මෙ ආවුසො, ආපත්ති යමහං පස්සෙය්ය’න්ති. තං සඞ්ඝො ආපත්තියා අදස්සනෙ උක්ඛිපති, අධම්මකම්මං.
Sinhala BJT1. “මහණෙනි, මෙහි මහණහුට දැක්ක යුතු වූ ඇවැතක් නො වේ. සඞ්ඝ තෙමේ හෝ බොහෝ දෙන හෝ එක් පුද්ගලයෙක් හෝ ‘ඇවැත්නි, තෝ ආපත්තියට පැමිණියෙහි ය. මේ ඇවැත. දකුව’ යි ඔහුට චෝදනා කෙරෙයි. හෙතෙමේ ‘ඇවැත්නි, මම යම් ඇවැතක් දක්නෙම් ද, මට එබඳු ඇවැතක් නැතැ’ යි මෙසේ කියයි. සඞ්ඝ තෙමේ ඔහු ඇවැත් නො දැක්මෙහි බැහැර කෙරෙයි නම්, අධර්‍මකර්‍ම වේ.
Pali BJT2. “ඉධ පන, භික්ඛවෙ, භික්ඛුස්ස න හොති ආපත්ති පටිකාතබ්බා. තමෙනං චොදෙති සඞ්ඝො වා සම්බහුලා වා එකපුග්ගලො වා ‘ආපත්තිං ත්වං ආවුසො, ආපන්නො. පටිකරොහි තං ආපත්ති’න්ති. සො එවං වදෙති:– “නත්ථි මෙ ආවුසො, ආපත්ති යමයං පටිකරෙය්ය”න්ති. තං සඞ්ඝො ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛිපති, අධම්මකම්මං.
Sinhala BJT2. “මහණෙනි, මෙහි මහණහුට පිළියම් කළ යුතු ඇවැතක් නො වේ. සඞ්ඝ තෙමේ හෝ බොහෝ දෙන හෝ එක් පුද්ගලයෙක් හෝ ‘ඇවැත්නි, තෝ ආපත්තියට පැමිණියෙහි ය. ඒ ඇවැතට පිළියම් කරව’ යි ඔහුට චෝදනා කෙරෙයි. හෙතෙමේ ‘ඇවැත්නි, මම යම් ඇවැතකට පිළියම් කරන්නෙම් ද, මට එබඳු ඇවැතක් නැතැ’ යි මෙසේ කියයි. සඞ්ඝ තෙමේ ඇවැතට පිළියම් නො කිරීමෙහි ඔහු බැහැර කෙරෙයි නම්, අධර්‍මකර්‍ම වේ.
Pali BJT3. “ඉධ පන භික්ඛවෙ, භික්ඛුස්ස න හොති පාපිකා දිට්ඨි පටිනිස්සජෙතා. තමෙනං චොදෙති සඞ්ඝො වා සම්බහුලා වා එකපුග්ගලො වා ‘පාපිකා තෙ ආවුසො, දිට්ඨි. පටිනිස්සජෙතං පාපිකං දිට්ඨි’න්ති. සො එවං වදෙති: ‘නත්ථි මෙ ආවුසො, පාපිකා දිට්ඨි යමහං පටිනිස්සජ්ජෙය්ය’න්ති. තං සඞ්ඝො පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛිපති, අධම්මකම්මං.
Sinhala BJT3. “මහණෙනි, මෙහි මහණහුට අත් හළ යුතු වූ ලාමකදෘෂ්ටියක් නො වේ. සඞ්ඝ තෙමේ හෝ බොහෝ දෙන හෝ එක් පුද්ගලයෙක් හෝ ‘ඇවැත්නි, ඔබගේ දෘෂ්ටිය පවිටු ය. මේ ලාමකදෘෂ්ටිය දුරු කරව’ යි ඔහුට චෝදනා කරයි. හෙතෙමේ ‘ඇවැත්නි, මම යම් දෘෂ්ටියක් දුරු කරන්නෙම් ද, මට එබඳු දෘෂ්ටියක් නැතැ’ යි මෙසේ කියයි. සඞ්ඝ තෙමේ පවිටු දෘෂ්ටිය දුරු නො කිරීමෙහි ඔහු බැහැර කෙරෙයි නම්, අධර්‍මකර්‍ම වේ.