Pali BJT14. තෙන ඛො පන සමයෙන භික්ඛූනං පරිපුණ්ණං හොති තිචීවරං. අත්ථො ච හොති පරිස්සාවනෙහිපි ථවිකාහිපි. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, පරික්ඛාරචොළක”න්ති.
Sinhala BJT14. එකල්හි භික්‍ෂූන්ට තුන්සිවුරු සම්පූර්‍ණ වේ. පෙරහන්වලින් ද පසුම්බිවලින් ද ප්‍රයෝජන වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, පිරිකර රෙදිකඩක් අනුදනිමි”.
Pali BJT15. අථ ඛො භික්ඛූනං එතදහොසි: “යානි තානි භගවතා අනුඤ්ඤාතානි තිචීවරන්ති වා වස්සිකසාටිකාති{1} වා නිසීදනන්ති වා පච්චත්ථරණන්ති වා කණ්ඩුප්පටිච්ඡාදීති වා මුඛපුඤ්ඡනචොළකන්ති වා පරික්ඛාරචොළකන්ති වා, සබ්බානි තානි අධිට්ඨාතබ්බානි නු ඛො? උදාහු විකප්පෙතබ්බානී?”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, තිචීවරං අධිට්ඨාතුං, න විකප්පෙතුං. වස්සිකසාටිකං වස්සානං චාතුමාසං අධිට්ඨාතුං, තතො පරං විකප්පෙතුං; නිසීදනං අධිට්ඨාතුං න විකප්පෙතුං; පච්චත්ථරණං අධිට්ඨාතුං න විකප්පෙතුං, කණ්ඩුපටිච්ඡාදිං යාව ආබාධා අධිට්ඨාතුං, තතොපරං විකප්පෙතුං, මුඛපුඤ්ඡනචොළකං අධිට්ඨාතුං, න විකප්පෙතුං. පරික්ඛාරචොළකං අධිට්ඨාතුං, න විකප්පෙතු”න්ති. අථඛො භික්ඛූනං එතදහොසි: “කිත්තකං පච්ඡිමං නු ඛො චීවරං විකප්පෙතබ්බ”න්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, ආයාමෙන අට්ඨඞ්ගුලං සුගතඞ්ගුලෙන චතුරඞ්ගුලවිත්ථතං පච්ඡිමං චීවරං විකප්පෙතු”න්ති.
Sinhala BJT15. “භාග්‍යවතුන් වහන්සේ විසින් – තුන් සිවුර ය යි ද, වැසිසළු ය යි ද, නිසීදන ය යි ද, පසතුරුණ ය යි ද, කස්පිළිසන යි ද මුවපිස්නා වත ය යි ද, පිරිකරසොළ ය යි ද යම් ඒ සිවුරු (වස්ත්‍ර) අනුදන්නා ලද ද, ඒ සියල්ල ඉටිය යුතු ද? නොහොත් විකැපිය යුතු දැ” යි භික්‍ෂුන්ට සිත් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, තුන් සිවුර ඉටන්නට නො විකපන්නට, වැසිසළුව වස් සාරමස ඉටන්නට ඉන් පසු විකපන්නට, නිසීදනය ඉටන්නට නො විකපන්නට, පසතුරුණ ඉටන්නට නො විකපන්නට, කස්පිළිසන ආබාධ ඇති තෙක් ඉටන්නට ඉන් පසු විකපන්නට, මුවපිස්නාවත ඉටන්නට නො විකපන්නට, පිරිකරසොළ ඉටන්නට, නො විකපන්නට අනුදනිමි”. අනතුරු ව භික්‍ෂූන්ට “කොපමණ දිග පළල ඇති පශ්චිමචීවරය (කුඩා ම සිවුර) විකැපිය යුතු දැ” යි අදහස් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, දිගින් සුගත් අඟලෙන් අටඟුලක් (වඩුරියනක්) වූ, සතරඟුලක් (වඩුවියතක්) පමණ පළල් වූ පශ්චිමචීවරය විකපන්නට අනුදනිමි”.
Pali BJT16. තෙන ඛො පන සමයෙන ආයස්මතො මහාකස්සපස්ස පංසුකූලකතො ගරුකො හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, සුත්තලූඛං කාතු”න්ති. විකණ්ණො හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, විකණ්ණං උද්ධරිතු”න්ති. සුත්තා ඔකිරීයන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, අනුවාතං පරිභණ්ඩං ආරොපෙතු”න්ති. තෙන ඛො පන සමයෙන සඞ්ඝාටියා පත්තා ලුජ්ජන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, අට්ඨපදකං කාතු”න්ති.
Sinhala BJT16. එකල්හි ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේගේ පංසුකූලයෙන් කළ සිවුර (දිරූ තැන් අණ්ඩ ලීමෙන්) බර වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, නූලෙන් (පමණක්) රළු කරන්නට (එල ලන්ට) අනුදනිමි”. සම නො වූ කොන් ඇත්තේ වේ. එක් කොණක් (පරැණි මැහුම් නූල් නො කපා මැහීමෙන්) දික් වූයේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, දික් වූ සිවුරුකොණ කපන්නට අනුදනිමි.” කැපූ කොණින් නූල් වැගිරෙයි. (විසිරී යයි.) භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, නුවාව හා පිරිබඩ (උඩුනුවාකඩ) ඇල්ලීම අනුදනිමි”. එකල්හි සඟළසිවුරෙහි පත් (කැබලි නූල් හීමෙන්) නැසෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, දාම්පෝරුවේ මඩුලු මෙන් පත් (මැඩිලි) මුව මහන්නට අනුදනිමි”.
Pali BJT17. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො තිචීවරෙ කයිරමානෙ සබ්බං ඡින්නකං නප්පහොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, ද්වෙ ඡින්නකානි එකං අච්ඡින්නක”න්ති. ද්වෙ ඡින්නකානි එකං අච්ඡින්නකං නප්පහොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ ද්වෙ අච්ඡින්නකානි. එකං ඡින්නක”න්ති. ද්වෙ අච්ඡින්නකානි එකං ඡින්නකං නප්පහොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, අන්වාධිකම්පි ආරොපෙතුං. න ච භික්ඛවෙ, සබ්බං අච්ඡින්නකං ධාරෙතබ්බං. යො ධාරෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT17. එකල්හි එක්තරා මහණකුගේ තුන් සිවුර කරණු ලබන කල සියල්ල කපනලද්දේ (තුන් සිවුර ම කඩ කපා ප්‍රමාණ වන සේ මැහීමට) නො පොහෝනේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, එසේනම් කැපූ දෙකක් (සිවුරු දෙකක් කපා මැහීමට) ද නො කැපූ එකක් (එක සිවුරක් නො කපා මැහීමට) ද අනුදනිමි”. කැපූ දෙක ද නො කැපූ එක ද (ප්‍රමාණයට) නො පොහෝනේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, නො කැපූ දෙකක් ද කැපූ එකක් ද අනුදනිමි”. නො කැපූ දෙක ද කැපූ එක ද නො පොහෝනේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, අමුතු රෙදිකඩක් අල්ලන්නට අනුදනිමි. සියල්ල ම නො කැපූ (එකකුදු නො කපා මැහූ) තුන් සිවුරු නො දැරිය යුතු ය. යමෙක් දරන්නේ නම්, දුකුළා ඇවැත් වේ”.
Pali BJT18. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො බහුං චීවරං උප්පන්නං හොති. සො ච තං චීවරං මාතාපිතූනං{2} දාතුකාමො හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “මාතාපිතරොති ඛො{3} භික්ඛවෙ, වදමානෙ{4} කිං වදෙය්යාම. “අනුජානාමි භික්ඛවෙ, මාතාපිතූනං දාතුං. න ච භික්ඛවෙ සද්ධාදෙය්යං විනිපාතෙතබ්බං. යො විනිපාතෙය්ය” ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT18. එකල්හි එක්තරා මහණකුහට බොහෝ සිවුරු (වස්ත්‍ර) ලැබුනේ ය. ඒ මහණ තෙමේ ද ඒ සිවුරු මවුපියන්ට දෙනු කැමැත්තේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, මවුපියෝ යි කියන කල්හි කුමක් කියන්නෙමු ද? මහණෙනි, මවුපියන්ට දෙන්නට අනුදනිමි. මහණෙනි, සැදැහැයෙන් දුන් දෙය වැරදි තැන නො යෙදිය යුතු ය. යමෙක් යොදන්නේ නම්, දුකුළා ඇවැත් වේ”.
Pali BJT19. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු අන්ධවනෙ චීවරං නික්ඛිපිත්වා සන්තරුත්තරෙන ගාමං පිණ්ඩාය පාවිසි. චොරා තං චීවරං අවහරිංසු. සො භික්ඛු දුච්චොළො හොති ලූඛචීවරො. භික්ඛූ එවමාහංසු: “කිස්ස ත්වං ආවුසො, දුච්චොළො ලූඛචීවරොසී”ති. ඉධාහං{1} ආවුසො, අන්ධවනෙ චීවරං නික්ඛිපිත්වා සන්තරුත්තරෙන ගාමං පිණ්ඩාය පාවිසිං. චොරා තං චීවරං අවහරිංසු. තෙනාහං දුච්චොළො ලූඛචීවරො”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ, සන්තරුත්තරෙන ගාමො පවිසිතබ්බො. යො පවිසෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT19. එකල්හි එක්තරා මහණෙක් අන්‍ධවනයෙහි සිවුර බහා තබා උතුරුසඟසිවුර හා අඳනා සිවුරෙන් යුක්ත ව පිඬු පිණිස ගමට පිවිසියේ ය. සොරු ඒ සිවුර පැහැර ගත්හ. ඒ මහණ තෙමේ කිලිටි සිවුරු ඇත්තේ රළු සිවුරු ඇත්තේ වේ. භික්‍ෂූහු “ඇවැත, තෝ කුමක් හෙයින් කිලිටි සිවුරු ඇත්තේ රළු සිවුරු ඇත්තේ වෙහි දැ” යි මෙසේ ඇසූහ. “ඇවැත්නි, මම මෙහි අන්‍ධවනයෙහි සිවුර බහා තබා උතුරුසඟසිවුර හා අඳනාසිවුරෙන් යුක්ත ව පිඬු පිණිස ගමට පිවිසියෙමි. සොරු ඒ සිවුර පැහැර ගත්හ. එයින් මම කිලිටි සිවුරු ඇත්තෙම් රළු සිවුරු ඇත්තෙම් වෙමි” යි භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, උතුරුසඟසිවුර හා අඳනාසිවුරෙන් යුක්ත ව ගම් නො වැදිය යුතු ය. යමෙක් ගම් වදින්නේ නම්, දුකුළා ඇවැත් වේ”.
Pali BJT20. තෙන ඛො පන සමයෙන ආයස්මා ආනන්දො අස්සතියා සන්තරුත්තරෙන ගාමං පිණ්ඩාය පාවිසි. භික්ඛූ ආයස්මන්තං ආනන්දං එතදවොචුං: “නනු ඛො ආවුසො ආනන්ද, භගවතා පඤ්ඤත්තං ‘න සන්තරුත්තරෙන ගාමො පවිසිතබ්බො’ති. කිස්ස ත්වං ආවුසො සන්තරුත්තරෙන ගාමං පවිට්ඨො?”ති. “සච්චං ආවුසො, භගවතා පඤ්ඤත්තං ‘න සන්තරුත්තරෙන ගාමො පවිසිතබ්බො’ති. අපි චාහං අස්සතියා පවිට්ඨො”ති.
Sinhala BJT20. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ සිහි පත් නො කිරීමෙන් උතුරු සඟසිවුර හා අඳනාසිවුරෙන් යුක්ත ව පිඬු පිණිස ගමට පිවිසියහ. භික්‍ෂූහු “ඇවැත්නි, ආනන්‍දය, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘උතුරුසඟසිවුර හා අඳනාසිවුරෙන් යුක්ත ව ගම් නො වැදිය යුතු ය.’ යි පණවන ලද්දේ නො වේ ද? ඇවැත්නි, කුමක් හෙයින් තෙපි උතුරුසඟසිවුර හා අඳනාසිවුරෙන් යුක්ත ව ගමට පිවිසියහු දැ” යි ආයුෂ්මත් අනඳ තෙරුන්ගෙන් ඇසූහ. “ඇවැත්නි, සැබව. භාග්‍යවතුන් වහන්සේ විසින් ‘උතුරුසඟසිවුර හා අඳනාසිවුරෙන් යුක්ත ව ගම් නො වැදිය යුතු ය’ යි පණවන ලද්දේ ය. එහෙත් මම අසතියෙන් ගමට පිවිසියෙමි”යි කී ය .
Pali BJT21. භගවතො එතමත්ථං ආරොචෙසුං. “පඤ්චිමෙ භික්ඛවෙ, පච්චයා සඞ්ඝාටියා නික්ඛෙපාය: ගිලානො වා හොති, වස්සිකසඞ්කෙතං වා හොති, නදීපාරගතං{2} වා හොති. අග්ගළගුත්තිවිහාරො වා හොති. අත්ථතකඨිනං වා හොති. ඉමෙ ඛො භික්ඛවෙ, පඤ්ච පච්චයා සඞ්ඝාටියා නික්ඛෙපාය.
Sinhala BJT21. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සඟළසිවුර බහා තැබීමට මේ කරුණු පසෙක් වේ: ගිලන් හෝ වේ ද, වැසිලකුණක් හෝ වේ ද, ගඟකින් එතෙර ගමනක් හෝ වේ ද, අගුළෙන් ආරක්ෂා කළ (යතුරු ලූ දොර ඇති) විහාරයෙක් හෝ වේ ද, අතුළ කඨිනය හෝ වේ ද, මහණෙනි, මේ පස සඟළසිවුර බහා තැබීමට කරුණු ය.
Pali BJT22. “පඤ්චිමෙ භික්ඛවෙ, පච්චයා උත්තරාසඞ්ගස්ස නික්ඛෙපාය: ගිලානො වා හොති, වස්සිකසඞ්කෙතං වා හොති. නදීපාරගතං වා හොති. අග්ගළගුත්තිවිහාරො වා හොති. අත්ථතකඨිනං වා හොති. ඉමෙ ඛො භික්ඛවෙ, පඤ්ච පච්චයා උත්තරාසඞ්ගස්ස අන්තරවාසකස්ස නික්ඛෙපාය.
Sinhala BJT22. “මහණෙනි, උතුරුසඟසිවුර බහා තැබීමට මේ කරුණු පසෙක් වේ: ගිලන් හෝ වේ ද, වැසිලකුණක් හෝ වේ ද, ගඟින් එතෙර ගමනක් හෝ වේ ද, අගුළෙන් ආරක්ෂා කළ විහාරයෙක් හෝ වේ ද, අතුළ කඨිනය හෝ වේ. ද, මහණෙනි, මේ පස උතුරුසඟසිවුර බහා තැබීමට කරුණු ය.
Pali BJT23. “පඤ්චිමෙ භික්ඛවෙ, පච්චයා අන්තරවාසකස්ස නික්ඛෙපාය: ගිලානො වා හොති. වස්සිකසඞ්කෙතං වා හොති. නදීපාරගතං වා හොති. අග්ගළගුත්තිවිහාරො වා හොති. අත්ථතකඨිනං වා හොති. ඉමෙ ඛො භික්ඛවෙ, පඤ්ච පච්චයා අන්තරවාසකස්ස නික්ඛෙපාය.
Sinhala BJT23. “මහණෙනි, අඳනාසිවුර බහා තැබීමට මේ කරුණු පසෙක් වේ: ගිලන් හෝ වේ ද, වැසි ලකුණක් හෝ වේ ද, ගඟින් එතෙර ගමනක් හෝ වේ ද, අගුළෙන් ආරක්ෂා කළ විහාරයෙක් හෝ වේ ද, අතුළ කඨිනය හෝ වේ ද, මහණෙනි, මේ පස අඳනාසිවුර බහා තැබීමට කරුණු ය.
Pali BJT24. “පඤ්චිමෙ භික්ඛවෙ, පච්චයා වස්සිකසාටිකාය නික්ඛෙපාය: ගිලානො වා හොති. නිස්සීමගතං{3} වා හොති. නදීපාරගතං වා හොති. අග්ගුළගුත්ති විහාරො වා හොති. වස්සිකසාටිකා අකතා වා හොති. විප්පකතා වා. ඉමෙ ඛො භික්ඛවෙ, පඤ්ච පච්චයා වස්සිකසාටිකාය නික්ඛෙපයා”ති.
Sinhala BJT24. “මහණෙනි, වැසිසළුව බහා තැබීමට මේ කරුණු පසෙක් වේ: ගිලන් හෝ වේ ද, සීමාවෙන් බැහැර ගමනක් හෝ වේ ද, ගඟින් එතර ගමනක් හෝ වේ ද, අගුළෙන් ආරක්ෂා කළ විහාරයෙක් හෝ වේ ද, වැසිසළුව නො කරණ ලද්දේ හෝ අඩාළ කරණ ලද්දේ හෝ වේ ද, මහණෙනි, මේ පස වැසිසළුව බහා තැබීමට කරුණු ය”යි වදාළ සේක.
Pali BJT25. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු එකො වස්සං වසි. තත්ථ මනුස්සා “සඞ්ඝස්ස දෙමා”ති චීවරානි අදංසු. අථ ඛො තස්ස භික්ඛුනො එතදහොසි: “භගවතා පඤ්ඤත්තං චතුවග්ගො පච්ඡිමො සඞ්ඝො’ති. අහඤ්චම්හි එකකො. ඉමෙ ච මනුස්සා ‘සඞ්ඝස්ස දෙමා’ති චීවරානි අදංසු. යන්නූනාහං ඉමානි සඞ්ඝිකානි චීවරානි සාවත්ථිං හරෙය්ය”න්ති. අථ ඛො සො භික්ඛු තානි චීවරානි ආදාය සාවත්ථිං ගන්ත්වා භගවතො එතමත්ථං ආරොචෙසි. “තුය්හෙව භික්ඛු, තානි චීවරානි යාව කථිනස්ස උබ්භාරායා”ති.
Sinhala BJT25. එකල්හි එක්තරා මහණෙක් තෙමේ තනි ව වස් විසී ය. එහි මිනිස්සු “සඞ්ඝයාට දෙමු” යි සිවුරු දුන්හ. එකල්හි “භාග්‍යවතුන් වහන්සේ විසින් චතූර්‍වර්‍ගය (සිවු දෙන) පශ්චිම (අඩු ම ගණනින්) සඞ්ඝයා යි පණවන ලද්දේ ය. මම ද එකලා වෙමි. මේ මිනිස්සු ද ‘සඞ්ඝයාට දෙමු’ යි සිවුරු දුන්හ. මම මේ සඟසතුසිවුරු සැවැත්නුවරට ගෙණ යන්නෙමි නම්, යෙහෙකැ” යි ඒ මහණහුට අදහස් වී ය. ඉක්බිති ඒ මහණ තෙමේ ඒ සිවුරු ගෙණ සැවැත්නුවරට ගොස් භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැළකෙළේ ය. “මහණ, කඨිනය ඉදිරීම තෙක් ඒ සිවුරු තට ම අයත් ය” යි වදාළසේක.
Pali BJT26. “ඉධ පන භික්ඛවෙ, භික්ඛු එකො වස්සං වසති. තත්ථ මනුස්සා ‘සඞ්ඝස්ස දෙමා’ති චීවරානි දෙන්ති. “අනුජානාමි භික්ඛවෙ, තස්සෙව තානි චීවරානි යාව කථිනස්ස උබ්භාරායා”ති.
Sinhala BJT26. “මහණෙනි, මෙහි මහණෙක් තෙමේ එකලා ව වස් වසයි. එහි මිනිස්සු ‘සඞ්ඝයාට දෙමු’ යි සිවුරු දෙත්. මහණෙනි, ඒ සිවුරු, කඨිනය ඉදිරීම තෙක් ඒ මහණහුට ම අයත් ය යි අනුදනිමි.”
Pali BJT27. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු උතුකාලං එකො වසි. තත්ථ මනුස්සා “සඞ්ඝස්ස දෙමා”ති චීවරානි අදංසු. අථ ඛො තස්ස භික්ඛුනො එතදහොසි: “භගවතා පඤ්ඤත්තං ‘චතුවග්ගො පච්ඡිමො සඞ්ඝො’ති. අහඤ්චම්හි එකකො. ඉමෙ ච මනුස්සා ‘සඞ්ඝස්ස දෙමා’ති චීවරානි අදංසු. යන්නූනාහං ඉමානි සඞ්ඝිකානි චීවරානි සාවත්ථිං හරෙය්ය”න්ති. අථ ඛො සො භික්ඛු තානි චීවරානි ආදාය සාවත්ථිං ගන්ත්වා භික්ඛූනං එතමත්ථං ආරොචෙසි. භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, සම්මුඛීභූතෙන සඞ්ඝෙන භාජෙතුං.”
Sinhala BJT27. එකල්හි එක්තරා මහණෙක් තෙමේ ඍතුකාලයෙහි (වස්සානයෙන් අන්‍යකාලයෙහි) එකලා ව විසී ය. එහි මිනිස්සු “සඞ්ඝයාට දෙමු” යි සිවුරු දුන්හ. ඉක්බිති ඒ මහණහුට “භාග්‍යවතුන් වහන්සේ විසින් ‘චතුර්වර්‍ගය පශ්චිමසඞ්ඝයා’ යි පණවන ලද්දේ ය. මම ද එකලා වෙමි. මේ මිනිස්සු ද ‘සඞ්ඝයාට දෙමු’ යි සිවුරු දුන්හ. මම මේ සඟසතු සිවුරු සැවැත්නුවරට ගෙණ යන්නෙම් නම් යෙහෙකැ” යි අදහස් වී ය. අනතුරු ව ඒ මහණ තෙමේ ඒ සිවුරු ගෙණ සැවැත්නුවරට ගොස් මේ කරුණ භික්‍ෂූන්ට සැළකෙළේ ය. භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, හමු වූ සඞ්ඝයා විසින් බෙදන්නට අනුදනිමි.”
Pali BJT28. “ඉධ පන භික්ඛවෙ, භික්ඛු උතුකාලං එකො වසති. තත්ථ මනුස්සා ‘සඞ්ඝස්ස දෙමා’ති චීවරානි දෙන්ති. “අනුජානාමි භික්ඛවෙ, තෙන භික්ඛුනා තානි චීවරානි ‘අධිට්ඨාතුං මය්හං ඉමානි චීවරානී”ති. තස්ස චෙ භික්ඛවෙ, භික්ඛුනො තං චීවරං අනධිට්ඨිතෙ අඤ්ඤො භික්ඛු ආගච්ඡති, සමකො දාතබ්බො භාගො. තෙහි චෙ භික්ඛවෙ, භික්ඛූහි තං චීවරං භාජියමානෙ, අපාතිතෙ කුසෙ අඤ්ඤො භික්ඛු ආගච්ඡති, සමකො දාතබ්බො භාගො. තෙහි චෙ භික්ඛවෙ, භික්ඛූහි තං චීවරං භාජියමානෙ පාතිතෙ කුසෙ අඤ්ඤො භික්ඛු ආගච්ඡති, න අකාමා දාතබ්බො භාගො”ති.
Sinhala BJT28. “මහණෙනි, මෙහි මහණෙක් තෙමේ ඍතුකාලයෙහි එකලා ව වසයි. එහි මිනිස්සු ‘සඞ්ඝයාට දෙමු’ යි සිවුරු දෙත්. මහණෙනි, ඒ මහණහු විසින් ‘මේ සිවුරු මා සතු ය’ යි ඒ සිවුරු ඉටන්නට අනුදනිමි. මහණෙනි, ඒ මහණහුගේ ඒ සිවුරු දෙනා ඉටූ කල්හි අන් මහණෙක් එයි නම්, සම කොටසක් දිය යුතු ය. මහණෙනි, ඒ මහණුන් විසින් ඒ සිවුරු බෙදනු ලබන කල්හි කුසපත් නො හෙළූ කල්හි අන් මහණෙක් එයි නම්, සම කොටසක් දිය යුතු ය. මහණෙනි, ඒ භික්‍ෂූන් විසින් ඒ සිවුරු බෙදනු ලබන කල්හි කුසපත් හෙළූ කල්හි අන් මහණෙක් එයි නම්, නො කැමැත්තෙන් කොටසක් නො දිය යුතු ය” යි වදාළ සේක.
Pali BJT29. තෙන ඛො පන සමයෙන ද්වෙ භාතුකා{1} ථෙරා, ආයස්මා ච ඉසිදාසො ආයස්මා ච ඉසිභද්දො, සාවත්ථියං වස්සං වුත්ථා අඤ්ඤතරං ගාමකාවාසං අගමංසු. මනුස්සා “චිරස්සාපි ථෙරා ආගතා”ති සචීවරානි භත්තානි අකංසු{2}. ආවාසිකා භික්ඛූ ථෙරෙ පුච්ඡිංසු: “ඉමානි භන්තෙ සඞ්ඝිකානි චීවරානි ථෙරෙ ආගම්ම උප්පන්නානි. සාදියිස්සන්ති ථෙරා භාග”න්ති. ථෙරා එවමාහංසු: “යථා ඛො මයං ආවුසො, භගවතා ධම්මං දෙසිතං ආජානාම, තුම්හාකංයෙවෙතානි{3} චීවරානි යාව කථිනස්ස උබ්භාරායා”ති.
Sinhala BJT29. එකල්හි ආයුෂ්මත් ඉසිදාස ආයුෂ්මත් ඉසිභද්ද යන සහෝදර තෙරවරු දෙනම සැවැත්නුවර වස් වසා නිම කළාහු එක්තරා ගමක පිහිටි ආවාසයකට ගියහ. මිනිස්සු “බොහෝ කලකින් තෙරවරු ආහ” යි සිවුරු සහිත ව බත් පිළියෙල කළහ. ආවාසික භික්‍ෂූහු “ස්වාමීනි, මේ සඟසතුසිවුරු තෙරුන් නිසා ලැබුනේ ය. ස්ථවිරයන් වහන්සේලා කොටස ඉවසන්නාහු දැ” යි තෙරුන් විචාළාහු ය. “ඇවැත්නි, අපි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ විනයදහම් යම් ලෙසකින් දනිමු ද, (එ ලෙසින්) කඨිනය ඉදිරීම තෙක් ඒ සිවුරු ඔබ වහන්සේලාට ම අයත් ය” යි ඒ ස්ථවිරයන් වහන්සේලා මෙසේ කීහ.
Pali BJT30. තෙන ඛො පන සමයෙන තයො භික්ඛූ රාජගහෙ වස්සං වසන්ති. තත්ථ මනුස්සා “සඞ්ඝස්ස දෙමා”ති චීවරානි දෙන්ති. අථ ඛො තෙසං භික්ඛූනං එතදහොසි: “භගවතා පඤ්ඤත්තං ‘චතුවග්ගො පච්ඡිමො සඞ්ඝො’ති. මයඤ්චම්හා තයො ජනා. ඉමෙ ච මනුස්සා ‘සඞ්ඝස්ස දෙමා’ති චීවරානි දෙන්ති. කථන්නු ඛො අම්හෙහි පටිපජ්ජිතබ්බ”න්ති.
Sinhala BJT30. එකල්හි තෙනමක් භික්‍ෂූහු රජගහනුවර වස් වසත්. එහි මිනිස්සු “සඞ්ඝයාට දෙමු” යි සිවුරු දෙත්. එකල්හි ඒ භික්‍ෂූන්ට “භාග්‍යවතුන් වහන්සේ විසින් ‘චතුර්වර්‍ගය පශ්චිමසඞ්ඝයා’ යි පණවන ලද්දේ ය. අපි ද තිදෙනෙක් වෙමු. මේ මිනිස්සු ද ‘සඞ්ඝයාට දෙමු’ යි සිවුරු දෙත්. අප විසින් කෙසේ කළ යුතු දැ” යි අදහස් වී ය.
Pali BJT31. තෙන ඛො පන සමයෙන සම්බහුලා ථෙරා, ආයස්මා ච නීලවාසී, ආයස්මා ච සාණවාසී, ආයස්මා ච ගොපකො, ආයස්මා ච භගු, ආයස්මා ච ඵළිකසන්දානො පාටලිපුත්තෙ විහරන්ති කුක්කුටාරාමෙ. අථ ඛො තෙ භික්ඛූ පාටලිපුත්තං ගන්ත්වා ථෙරෙ පුච්ඡිංසු. ථෙරා එවමාහංසු: “යථා ඛො මයං ආවුසො, භගවතා ධම්මං දෙසිතං ආජානාම, තුම්හාකංයෙව තානි චීවරානි යාව කථිනස්ස උබ්භාරායා”ති.
Sinhala BJT31. එකල්හි ආයුෂ්මත් නීලවාසි තෙමේ ද ආයුෂ්මත් සාණවාසී තෙමේ ද ආයුෂ්මත් ගොපක තෙමේ ද ආයුෂ්මත් භගු තෙමේ ද ආයුෂ්මත් එළිකසන්‍දාන තෙමේ ද යන බොහෝ ස්ථවිරයන් වහන්සේලා පාටලිපුත්‍ර නගරයෙහි වූ කුක්කුටාරාමයෙහි වාසය කෙරෙත්. ඉක්බිති ඒ භික්‍ෂූහු පාටලිපුත්‍රනගරයට ගොස් තෙරුන් විචාළාහු ය. ස්ථවිරයන් වහන්සේලා “ඇවැත්නි, අපි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ විනයදහම් යම් ලෙසකින් දනිමු ද, (එ ලෙසින්) කඨිනය ඉදිරීම තෙක් ඒ සිවුරු ඔබ වහන්සේලාට ම අයත් ය” යි මෙසේ කීහ.
Pali BJT32. තෙන ඛො පන සමයෙන ආයස්මා උපනන්දො සක්යපුත්තො සාවත්ථියං වස්සං වුත්ථො අඤ්ඤතරං ගාමකාවාසං අගමාසි. තත්ථ භික්ඛූ{1} චීවරං භාජෙතුකාමා සන්නිපතිංසු. තෙ එවමාහංසු: “ඉමානි ඛො ආවුසො සඞ්ඝිකානි චීවරානි භාජියිස්සන්ති. සාදියිස්සසි භාග?න්ති.” “ආමාවුසො සාදියිස්සාමී”ති. තතො චීවරභාගං ගහෙත්වා අඤ්ඤං ආවාසං අගමාසි. තත්ථපි භික්ඛූ චීවරං භාජෙතුකාමා සන්නිපතිංසු. තෙපි එවමාහංසු: “ඉමානි ඛො ආවුසො සඞ්ඝිකානි චීවරානි භාජියිස්සන්ති. සාදියිස්සසි භාගන්ති?” “ආමාවුසො සාදියිස්සාමී”ති තතොපි චීවරභාගං ගහෙත්වා අඤ්ඤං ආවාසං අගමාසි. තත්ථපි භික්ඛූ චීවරං භාජෙතුකාමා සන්නිපතිංසු. තෙපි එවමාහංසු: “ඉමානි ඛො ආවුසො සඞ්ඝිකානි චීවරානි භාජියිස්සන්ති. සාදියිස්සසි භාගන්ති?” “ආමාවුසො සාදියිස්සාමී”ති. තතොපි චීවරභාගං ගහෙත්වා මහන්තං චීවරභණ්ඩියං{2} ආදාය පුනදෙව සාවත්ථිං පච්චාගඤ්ඡි.
Sinhala BJT32. එකල්හි ශාක්‍යපුත්‍රීය වූ ආයුෂ්මත් උපනන්‍ද ස්ථවිර තෙමේ සැවැත්නුවර වස් වැස නිම කෙළේ එක්තරා ගමක පිහිටි ආවාසයකට ගියේ ය. එහි භික්‍ෂූහු සිවුරු බෙදනු කැමැති ව රැස් වූහ. ඒ භික්‍ෂූහු “ඇවැත, සඟසතු වූ මේ සිවුරු බෙදනු ලැබේ. කොටස ඉවසන්නෙහි දැ” යි (උපනන්‍ද තෙරුන්) විචාළාහු ය. “ඇවැත්නි, එසේ ය. ඉවසන්නෙමි” යි එතැනින් සිවුරුකොටස ගෙණ අන් ආවාසයකට ගියේ ය. එහි ද භික්‍ෂූහු සිවුරු බෙදනු කැමැති ව රැස් වූහ. ඒ භික්‍ෂූහු ද “ඇවැත, සඟසතු වූ මේ සිවුරු බෙදනු ලැබේ. කොටස ඉවසන්නෙහි දැ” යි මෙසේ ඇසූහ. “ඇවැත්නි, එසේ ය. ඉවසන්නෙමි” යි එතැනින් ද සිවුරු කොටස ගෙණ අන් ආවාසයකට ගියේ ය. එහි ද භික්‍ෂූහු සිවුරු බෙදනු කැමැති ව රැස් වූහ. ඒ භික්‍ෂූහු ද ඇවැත, සඟසතු වූ මේ සිවුරු බෙදනු ලැබේ. කොටස ඉවසන්නෙහි දැ” යි මෙසේ ඇසූහ. “ඇවැත්නි, එසේ ය. ඉවසන්නෙමි” යි එතැනින් ද සිවුරුකොටස පිළිගෙණ මහත් සිවුරුපොදියක් ගෙණ නැවැත සැවැත්නුවර ට පෙරළා ආයේ ය.
Pali BJT33. භික්ඛු එවමාහංසු: “මහුපුඤ්ඤොසි ත්වං ආවුසො උපනන්ද, බහුං තෙ චීවරං උප්පන්නන්ති.” “කුතො මෙ ආවුසො පුඤ්ඤං? ඉධාහං ආවුසො සාවත්ථියං වස්සං වුත්ථො අඤ්ඤතරං ගාමකාවාසං අගමාසිං. තත්ථ භික්ඛූ චීවරං භාජෙතුකාමා සන්නිපතිංසු. තෙ මං{3} එවමාහංසු: “ඉමානි ඛො ආවුසො සඞ්ඝිකානි චීවරානි භාජියිස්සන්ති සාදියිස්සසි භාගන්ති.” ‘ආමාවුසො සාදියිස්සාමී’ති තතො චීවරභාගං ගහෙත්වා අඤ්ඤං ආවාසං අගමාසිං. තත්ථපි භික්ඛූ චීවරං භාජෙතුකාමා සන්නිපතිංසු. තෙපි මං එවමාහංසු: ‘ඉමානි ඛො ආවුසො සඞ්ඝිකානි චීවරානි භාජියිස්සන්ති. සාදියිස්සසි භාගන්ති.” “ආමාවුසො සාදියිස්සාමී”ති තතොපි චීවරභාගං ගහෙත්වා අඤ්ඤං ආවාසං අගමාසිං. තත්ථපි භික්ඛූ චීවරං භාජෙතුකාමා සන්නිපතිංසු. තෙපි මං එවමාහංසු: ‘ඉමානි ඛො ආවුසො සඞ්ඝිකානි චීවරානි භාජියිස්සන්ති. සාදියිස්සසි භාගන්ති.’ ‘ආමාවුසො සාදියිස්සාමී’ ති තතොපි චීවරභාගං අග්ගහෙසිං. එවං මෙ බහුං චීවරං උප්පන්න”න්ති.
Sinhala BJT33. භික්‍ෂූහු “ඇවැත, උපනන්‍දය, තෝ මහපිණැත්තෙහිය. ඔබට බොහෝ සිවුරු ලැබී තිබේ” යි මෙසේ කීහ. “ඇවැත්නි, මට පින් කොයින් ද? ඇවැත්නි, මම මෙහි සැවැත්නුවර වස් වැස නිම කෙළෙම් එක්තරා ගමක පිහිටි ආවාසයකට ගියෙමි. එහි භික්‍ෂූහු සිවුරු බෙදනු කැමැති ව රැස් වූහ. ඒ භික්‍ෂූහු ‘ඇවැත්නි, මේ සඟසතු වූ සිවුරු බෙදනු ලැබේ. කොටස ඉවසන්නෙහි දැ’ යි මාගෙන් මෙසේ ඇසූහ. ‘ඇවැත්නි, එසේ ය. ඉවසන්නෙමි’ යි. එතැනින් සිවුරුකොටස ගෙණ අන් ආවාසයකට ගියෙමි. එහි ද භික්‍ෂූහු සිවුරු බෙදනු කැමැති ව රැස් වූහ. ඒ භික්‍ෂූහු ද ‘ඇවැත්නි, මේ සඟසතුසිවුරු බෙදනු ලැබේ. කොටස ඉවසන්නෙහි දැ’ යි මාගෙන් මෙසේ ඇසූහ. ‘ඇවැත්නි, එසේ ය. ඉවසන්නෙමි’ යි එතැනින් ද සිවුරු කොටස ගෙණ අන් ආවාසයකට ගියෙමි. එහි ද භික්‍ෂූහු සිවුරු බෙදනු කැමති ව රැස් වූහ. ඒ භික්‍ෂූහු ද ‘ඇවැත, මේ සඟසතුසිවුරු බෙදනු ලැබේ. කොටස ඉවසන්නෙහි දැ’ යි මාගෙන් මෙසේ ඇසූහ. ‘ඇවැත්නි, එසේ ය. ඉවසන්නෙමි’ යි එ තැනින් ද සිවුරුකොටස ගත්තෙමි. මට බොහෝ සිවුරු ලැබුනේ මෙසේ ය” යි කී ය.
Pali BJT34. “කිං පන ත්වං ආවුසො උපනන්ද, අඤ්ඤත්ර වස්සං වුත්ථො අඤ්ඤත්ර චීවරභාගං සාදියී”ති.{4} “එවමාවුසො”ති. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති. ඛීයන්ති. විපාචෙන්ති: “කථං හි නාම ආයස්මා උපනන්දො සක්යපුත්තො අඤ්ඤත්ර වස්සං වුත්ථො අඤ්ඤත්ර චීවරභාගං සාදියිස්සතී”ති.
Sinhala BJT34. “ඇවැත, උපනන්‍දය, කිම? තෝ අන් තැනෙක වස් වැස නිම කෙළෙහි අන් තැනෙක සිවුරු කොටස ඉවසූයෙහි දැ” යි ඇසූහ. “ඇවැත්නි, එසේ” යි කී ය. අල්පෙච්ඡ වූ –පෙ– යම් ඒ භික්‍ෂූහු වෙත් ද, ඒ භික්‍ෂූහු “ශාක්‍යපුත්‍රීය වූ ආයුෂ්මත් උපනන්‍ද තෙමේ කෙසේ නම් අන් තැනෙක වස් වැස නිම කෙළේ අන් තැනෙක සිවුරු කොටස ඉවසී දැ” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්.
Pali BJT35. භගවතො එතමත්ථං ආරොචෙසුං. “සච්චං කිර ත්වං උපනන්ද, අඤ්ඤත්ර වස්සං වුත්ථො අඤ්ඤත්ර චීවරභාගං සාදියී”ති. “සච්චං භගවා”. විගරහි බුද්ධො භගවා: “කථං හි නාම ත්වං මොඝපුරිස, අඤ්ඤත්ර වස්සං වුත්ථො අඤ්ඤත්ර චීවරභාගං සාදියිස්සසි, නෙතං මොඝපුරිස, අප්පසන්නානං වා පසාදාය -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: න භික්ඛවෙ අඤ්ඤත්ර වස්සං වුත්ථෙන අඤ්ඤත්ර චීවරභාගො සාදිතබ්බො. යො සාදියෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT35. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “උපනන්‍දය, සැබෑ ද? තෝ අන් තැනෙක වස් වැස නිම කෙළෙහි අන් තැනෙක සිවුරු කොටස ඉවසූයෙහි ද?” “භාග්‍යවතුන් වහන්ස, සැබෑ ය.” භාග්‍යවත් බුදුරජානන් වහන්සේ ගැරහූ සේක. “හිස් පුරුෂය, අන් තැනෙක වස් වැස නිම කෙළෙහි අන් තැනෙක සිවුරු කොටස කෙසේ නම් ඉවසූයෙහි ද? හිස් පුරුෂය, මෙය නො පැහැදුනවුන්ගේ පැහැදීම පිණිස හෝ නො වේ. –පෙ– ගරහා දැහැමි කතා කොට “මහණෙනි, අන් තැනෙක වස් වැස නිම කළහු විසින් අන් තැනෙක සිවුරු කොටස නො ඉවසිය යුතු ය. යමෙක් ඉවසන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි වදාළ සේක.
Pali BJT36. තෙන ඛො පන සමයෙන ආයස්මා උපනන්දො සක්යපුත්තො එකො ද්වීසු ආවාසෙසු වස්සං වසි “එවං මෙ බහුං චීවරං උප්පජ්ජිස්සතී”ති. අථ ඛො තෙසං භික්ඛූනං එතදහොසි: “කථන්නු ඛො ආයස්මතො උපනන්දස්ස සක්යපුත්තස්ස චීවරපටිවීසො දාතබ්බො”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “දෙථ භික්ඛවෙ, මොඝපුරිසස්ස එකාධිප්පායං.”
Sinhala BJT36. එකල්හි ශාක්‍යපුත්‍රීයවූ ආයුෂ්මත් උපනන්‍ද ස්ථවිර තෙමේ “මෙසේ ඇති කල්හි මට බොහෝ සිවුරු ලැබෙන්නේ ය” යි හුදකලා වූයේ ආවාස දෙකක වස් විසී ය. එකල්හි ඒ භික්‍ෂූන්ට “ශාක්‍යපුත්‍රීය වූ ආයුෂ්මත් උපනන්‍ද තෙරුන්ට කෙසේ නම් සිවුරුකොටස දිය යුතු දැ” යි අදහස් වී ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, හිස් පුරුෂයාහට එක් (පුද්ගලයෙකුගේ) කොටසක් දෙවු” යී වදාළ සේක.
Pali BJT37. “ඉධ පන භික්ඛවෙ, භික්ඛු එකො ද්වීසු ආවාසෙසු වස්සං වසති ‘එවං මෙ බහුං චීවරං උප්පජ්ජිස්සතී’ති. සචෙ අමුත්ර උපඩ්ඪං අමුත්ර උපඩ්ඪං වසති, අමුත්ර උපඩ්ඪො, අමුත්ර උපඩ්ඪො චීවරපටිවිංසො දාතබ්බො. යත්ථ වා පන බහුතරං වසති, තතො චීවරපටිවිංසො දාතබ්බො”ති.
Sinhala BJT37. “මහණෙනි, මෙහි මහණෙක් තෙමේ ‘මෙසේ ඇති කල්හි මට බොහෝ සිවුරු ලැබෙන්නේ ය’ යි හුදකලා ව ආවාස දෙකෙක වස් වසයි. ඉදින් අසවල් තැන අඩක් වෙසේ ද, අසවල් තැන අඩක් වෙසේ ද, අසවල් තැන භාගයක් ද, අසවල් තැන භාගයක් දැ යි (මෙසේ) සිවුරුකොටස දිය යුතු ය. යම් තැනෙක වැඩියක් වෙසේ නම්, එතැනින් (එක් පුද්ගලයකු ලබන සම්පූර්‍ණ) සිවුරු කොටස දිය යුතු ය” යි වදාළහ.{*}
Pali BJT38. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො කුච්ඡිවිකාරාබාධො හොති. සො සකෙ මුත්තකරීසෙ පළිපන්නො සෙති. අථ ඛො භගවා ආයස්මතා ආනන්දෙන පච්ඡාසමණෙන සෙනාසනචාරිකං ආහිණ්ඩන්තො යෙන තස්ස භික්ඛුනො විහාරො තෙනුපසඞ්කමි.
Sinhala BJT38. එකල්හි එක්තරා මහණකුහට කුස රුජාවක් වේ. හෙ තෙමේ සිය මලමුත්‍රයෙහි වැතිරී හොවි යි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අනඳතෙරුන් පසු ව යන මහණහු කොට සේනාසනචාරිකාවෙහි වඩිනා සේක් ඒ මහණහුගේ විහාරයට වැඩියහ.
Pali BJT39. අද්දසා ඛො භගවා තං භික්ඛුං සකෙ මුත්තකරීසෙ පළිපන්නං සෙමානං{1}. දිස්වාන යෙන සො භික්ඛු තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තං භික්ඛුං එතදවොච: “කිං තෙ භික්ඛු, ආබාධො”ති. “කුච්ඡිවිකාරො මෙ භගවා”ති. “අත්ථි පන තෙ භික්ඛු, උපට්ඨාකො”ති. “නත්ථි භගවා”ති. “කිස්ස තං භික්ඛූ න උපට්ඨෙන්තී”ති.{2} “අහං ඛො භන්තෙ, භික්ඛූනං අකාරකො. තෙන මං භික්ඛූ න උපට්ඨෙන්තී”ති.
Sinhala BJT39. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ස්වකීයමලමුත්‍රයෙහි වැතිරී නිදන ඒ මහණහු දුටු සේක. දැක ඒ මහණහු වෙතට වැඩි සේක. වැඩ “මහණ තාගේ ආබාධය කිමැ” යි ඒ මහණහු විචාළ සේක. “භාග්‍යවතුන් වහන්ස, මට කුස රුජාවක් වේ”. “මහණ, තට උපස්ථායකයෙක් ඇත්තේ ද?” “භාග්‍යවතුන් වහන්ස, නැත”. කුමක් හෙයින් භික්‍ෂූහු තට උවැටන් නො කෙරෙත් ද?” “ස්වාමීනි, මම භික්‍ෂූන්ට (උවැටන්) නො කරන්නෙක් වෙමි. එහෙයින් භික්‍ෂූහු මට උවැටන් නො කෙරෙත්”.
Pali BJT40. අථ ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: “ගච්ඡානන්ද, උදකං ආහර. ඉමං භික්ඛුං නහාපෙස්සාමා”ති. “එවං භන්තෙ”ති ඛො ආයස්මා ආනන්දො භගවතො පටිස්සුත්වා උදකං ආහරි. භගවා උදකං ආසිඤ්චි. ආයස්මා ආනන්දො පරිධොවි. භගවා සීසතො අග්ගහෙසි. ආයස්මා ආනන්දො පාදතො උච්චාරෙත්වා මඤ්චකෙ නිපාතෙසුං.
Sinhala BJT40. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “ආනන්‍දය, යව. දිය ගෙණ එව. මේ මහණ නාවමු” යි ආයුෂ්මත් අනඳ තෙරුන්ට වදාළ සේක. “ස්වාමීනි, එසේ ය” යි ආයුෂ්මත් ආනන්‍දස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී දිය ගෙණ ආයේ ය. භාග්‍යවතුන් වහන්සේ දිය වක් කළහ. ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙමේ සේදූයේ ය. භාග්‍යවතුන් වහන්සේ හිසින් ගත් සේක. ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙමේ දෙපයින් ගත්තේ ය. (මෙසේ) ඔසොවා ඇඳෙහි හොවා ලූහ.
Pali BJT41. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා භික්ඛූ පටිපුච්ඡි: “අත්ථි භික්ඛවෙ, අමුකස්මිං විහාරෙ භික්ඛු ගිලානො”ති. “අත්ථි භගවා”ති. “කිං තස්ස භික්ඛවෙ, භික්ඛුනො ආබාධො”ති. “තස්ස භන්තෙ, ආයස්මතො කුච්ඡිවිකාරාබාධො”ති. “අත්ථි පන භික්ඛවෙ, තස්ස භික්ඛුනො උපට්ඨාකො”ති. “නත්ථි භගවා”ති. “කිස්ස තං භික්ඛූ න උපට්ඨෙන්තී”ති. “එසො භන්තෙ, භික්ඛු භික්ඛූනං අකාරකො. තෙන තං භික්ඛූ න උපට්ඨෙන්තී”ති.
Sinhala BJT41. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි භික්‍ෂුසඞ්ඝයා රැස් කරවා “මහණෙනි, අසවල් විහාරයෙහි ගිලන් මහණෙක් ඇත්තේ දැ” යි භික්‍ෂූන් විචාළ සේක. “භාග්‍යවතුන් වහන්ස, ඇත්තේ ය”. “මහණෙනි, ඒ මහණහුගේ ආබාධය කිම?” “ස්වාමීනි, ඒ ආයුෂ්මත්හුහට කුස රුජාවක් වේ”. “මහණෙනි, ඒ මහණහුට උවැටන් කරන්නෙක් වේ ද?” “භාග්‍යවතුන් වහන්ස, නැත්තේ ය”. “කුමක් හෙයින් භික්‍ෂූහු ඔහුට උවැටන් නො කරත් ද?” “ස්වාමීනි, මේ මහණ තෙමේ භික්‍ෂූන්ට උවැටන් නො කරන්නෙක් වේ. එහෙයින් භික්‍ෂූහු ඔහුට උවැටන් නො කෙරෙත්”යි කීහ.
Pali BJT42. “නත්ථි වො භික්ඛවෙ, මාතා, නත්ථි පිතා, යෙ වො උපට්ඨහෙය්යුං. තුම්හෙ චෙ භික්ඛවෙ, අඤ්ඤමඤ්ඤං න උපට්ඨහිස්සථ, අථ කො චරහි උපට්ඨහිස්සති. යො භික්ඛවෙ, මං උපට්ඨහෙය්ය සො ගිලානං උපට්ඨහෙය්ය. සචෙ උපජ්ඣායො හොති, උපජ්ඣායෙන යාවජීවං උපට්ඨාතබ්බො. වුට්ඨානමස්ස ආගමෙතබ්බං. සචෙ ආචරියො හොති, ආචරියෙන යාවජීවං උපට්ඨාතබ්බො. වුට්ඨානමස්ස ආගමෙතබ්බං. සචෙ සද්ධිවිහාරිකො හොති, සද්ධිවිහාරිකෙන යාවජීවං උපට්ඨාතබ්බො; වුට්ඨානමස්ස ආගමෙතබ්බං. සචෙ අන්තෙවාසිකො හොති, අන්තෙවාසිකෙන යාවජීවං උපට්ඨාතබ්බො. වුට්ඨානමස්ස ආගමෙතබ්බං. සචෙ සමානුපජ්ඣායකො හොති, සමානුපජ්ඣායකෙන යාවජීවං උපට්ඨාතබ්බො. වුට්ඨානමස්ස ආගමෙතබ්බං. සචෙ සමානාචරියකො හොති, සමානාචරියකෙන යාවජීවං උපට්ඨාතබ්බො. වුට්ඨානමස්ස ආගමෙතබ්බං. සචෙ න හොති උපජ්ඣායො වා ආචරියො වා සද්ධිවිහාරිකො වා අන්තෙවාසිකො වා සමානුපජ්ඣායකො වා සමානාචරියකො වා, සඞ්ඝෙන උපට්ඨාතබ්බො. නො චෙ උපට්ඨහෙය්ය, ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT42. “මහණෙනි, යම් කෙනෙක් තොපට උවැටන් කරන්නාහු ද, තොපට එබඳු මවක් නැත. පියෙක් නැත. මහණෙනි, තෙපි ඔවුනොවුන්ට උවැටන් නො කරන්නහු නම් එකල්හි කවරෙක් උවැටන් කරන්නේ ද? මහණෙනි, යමෙක් මාගේ අවවාදය කරන්නේ නම්, හෙ තෙමේ ගිලනහුට උවැටන් කරන්නේ ය. උපාදධ්‍යායයෙක් වේ නම්, උපාද්ධ්‍යායයා විසින් ජීවත් වන තෙක් උවැටන් කළ යුතු ය. ඔහුගේ ලෙඩින් නැගී සිටීම බලාපොරොත්තු විය යුතු ය. ඇදුරෙක් වේ නම්, ඇදුරා විසින් ජීවත් වන තෙක් උවැටන් කළ යුතු ය. ඔහුගේ ලෙඩින් නැගී සිටීම බලාපොරෙත්තු විය යුතු ය. සද්ධිවිහාරිකයෙක් වේ නම්, සද්ධිවිහාරිකයා විසින් ජීවත් වන තෙක් උවැටන් කළ යුතු ය. ඔහුගේ ලෙඩින් නැගී සිටීම බලාපොරොත්තු විය යුතු ය. අතැවැසියෙක් වේ නම්, අතැවැසියා විසින් ජීවත් වන තෙක් උවැටන් කළ යුතු ය. ඔහුගේ ලෙඩින් නැගී සිටීම බලාපොරොත්තු විය යුතු ය. සමානෝපාධ්‍යායයෙක්{*} වේ නම්, සමානොපාධ්‍යායයා විසින් ජීවත් වන තෙක් උවැටන් කළ යුතු ය. ඔහුගේ ලෙඩින් නැගී සිටීම බලාපොරොත්තු විය යුතු ය. සමානාචාර්‍ය්‍යයෙක්{*} වේ නම් සමානාචාර්‍ය්‍යයා විසින් ජීවත් වන තුරු උවැටන් කළ යුතු ය. ඔහුගේ ලෙඩින් නැගී සිටීම බලාපොරොත්තු විය යුතු ය. උපාද්ධ්‍යායයෙක් හෝ ආචාර්‍ය්‍යයෙක් හෝ සද්ධිවිහාරිකයෙක් හෝ අතැවැසියෙක් හෝ සමානෝපාදධ්‍යායයෙක් හෝ සමානාචාර්‍ය්‍යයෙක් හෝ නො වේ නම්, සඞ්ඝයා විසින් උවැටන් කළ යුතු ය. උවැටන් නො කරන්නේ නම්, දුකුළාදෑවැත් වේ.
Pali BJT43. “පඤ්චහි භික්ඛවෙ, අඞ්ගෙහි සමන්නාගතො ගිලානො දූපට්ඨො හොති: අසප්පායකාරී හොති, සප්පායෙ මත්තං න ජානාති, භෙසජ්ජං න පටිසෙවිතා හොති, අත්ථකාමස්ස ගිලානුපට්ඨාකස්ස යථාභූතං ආබාධං නාවිකත්තා හොති ‘අභික්කමන්තං වා අභික්කමතී ති පටික්කමන්තං වා පටික්කමතී ති ඨිතං වා ඨිතොති, උප්පන්නානං සාරීරිකානං වෙදනානං දුක්ඛානං තිප්පානං{1} ඛරානං කටුකානං අසාතානං අමනාපානං පාණහරානං අනධිවාසකජාතිකො හොති, ඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො ගිලානො දූපට්ඨො හොති.
Sinhala BJT43. “මහණෙනි, කරුණු පසකින් යුත් ගිලන් තෙමේ උවැටන් නො කට හැකි වේ: (යම් ගිලනෙක්) අහිතදෙය කරන්නේ ද, හිතදෙයෙහි පමණ නො දන්නේ ද, බෙහෙත් නැවැත නැවැත සේවනය නො කරන්නේ ද, වැඩෙන්නා වූ රෝගය වැඩේ ය යි ද දුරු වන්නා වූ රෝගය දුරු වේ යයි ද පවත්නා වූ රෝගය පවතී යි ද වැඩ කැමැත්තා වූ ගිලන්උවැටන් කරන්නහුට ඇති සැටියෙන් ආබාධය ප්‍රකාශ කොට නො කියන්නේ ද, උපන්නා වූ සිරුරෙහි වූ දුක් වූ තියුණු වූ රළු වූ කටුක වූ අමිහිරි වූ මන නො වඩන්නා වූ දිවි හැරගන්නා වූ වේදනාවන් නො ඉවසන ස්වභාව ඇත්තේ වේ ද, මහණෙනි, මේ කරුණු පසින් යුත් ගිලන් තෙමේ උවැටන් කළහැකි නො වේ.
Pali BJT44. පඤ්චහි භික්ඛවෙ, අඞ්ගෙහි සමන්නාගතො ගිලානො සූපට්ඨො හොති: සප්පායකාරී හොති, සප්පායෙ මත්තං ජානාති, භෙසජ්ජං පටිසෙවිතා හොති, අත්ථකාමස්ස ගිලානුපට්ඨාකස්ස යථාභූතං ආබාධං ආවීකත්තා හොති ‘අභික්කමන්තං වා අභික්කමතීති, පටික්කමන්තං වා පටික්කමතීති, ඨිතං වා ඨිතො’ති, උප්පන්නානං සාරීරිකානං වෙදනානං දුක්ඛානං තිප්පානං ඛරානං කටුකානං අසාතානං අමනාපානං පාණහරානං අධිවාසකජාතිකො හොති. ඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො ගිලානො සූපට්ඨො හොති.
Sinhala BJT44. “මහණෙනි, කරුණු පසකින් යුත් ගිලන් තෙමේ පහසුවෙන් උවැටන් කළ හැකි වේ: (යම් ගිලනෙක්) හිතදෙය කරන්නේ ද, හිතදෙයෙහි පමණ දන්නේ ද, බෙහෙත් නැවත නැවැත සේවනය කරන්නේ ද, වැඩෙන්නා වූ රෝගය වැඩේ ය යි ද දුරු වන්නා වූ රෝගය දුරු වේ ය යි ද පවත්නා වූ රෝගය පවති යි ද වැඩ කැමැත්තා වූ ගිලන්උවැටන් කරන්නහුට ඇති සැටියෙන් ආබාධය ප්‍රකාශ කොට කියන්නේ ද, උපන්නා වූ සිරුරෙහි වූ දුක් වූ තියුණු වූ රළු වූ කටුක වූ අමිහිරි වූ මන නො වඩන්නා වූ දිවි හැර ගන්නා වූ වේදනාවන් ඉවසන ස්වභාව ඇත්තේ වේ ද, මහණෙනි, මේ කරුණු පසින් යුත් ගිලන් තෙමේ ඉතා පහසුවෙන් උවැටන් කළ හැක්කේ ය.
Pali BJT45. පඤ්චහි භික්ඛවෙ, අඞ්ගෙහි සමන්නාගතො ගිලානුපට්ඨාකො නාලං ගිලානං උපට්ඨාතුං: න පටිබලො හොති භෙසජ්ජං සංවිධාතුං, සප්පායාසප්පායං න ජානාති අසප්පායං උපනාමෙති සප්පායං අපනාමෙති, ආමිසන්තරො ගිලානං උපට්ඨාති නො මෙත්තචිත්තො, ජෙගුච්ඡී හොති උච්චාරං වා පස්සාවං වා ඛෙළං වා වන්තං වා නීහාතුං, න පටිබලො හොති ගිලානං කාලෙන කාලං ධම්මියා කථාය සන්දස්සෙතුං සමාදපෙතුං සමුත්තෙජෙතුං සම්පහංසෙතුං, ඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො ගිලානුපට්ඨාකො නාලං ගිලානං උපට්ඨාතුං.
Sinhala BJT45. “මහණෙනි, කරුණු පසකින් යුත් ගිලානුපට්ඨාක තෙමේ ගිලනහුට උවැටන් කරන්නට නො සුදුසු ය. (යමෙක්) බෙහෙත් යොදන්නට සමර්‍ත්‍ථ නො වේ ද, හිතඅහිතදෙය නො ද නී ද අහිතදෙය ලං කරයි ද හිතදෙය බැහැර කරයි ද, ආමිෂයක් (ලාභයක්) කැමැත්තේ ගිලනහුට උවැටන් කරයි ද මෙත් සිත් ඇත්තේ උවැටන් නො කරයි ද, මලමූ හෝ කෙළ හෝ වමනය හෝ බැහැර කරන්නට පිළිකුල් ඇත්තේ ද, කලින් කල දැහැමි කතාවෙන් ගිලනහුට කරුණු දක්වන්නට (එහි ඔහු) සමාදන් කරවන්නට තියුණු කරවන්නට සමර්‍ත්‍ථ නො වේ ද, මහණෙනි, මේ කරුණු පසින් යුත් ගිලානුපට්ඨාක තෙමේ ගිලනහුට උවැටන් කරන්නට සුදුසු නො වේ.
Pali BJT46. “පඤ්චහි භික්ඛවෙ, අඞ්ගෙහි සමන්නාගතො ගිලානුපට්ඨාකො අලං ගිලානං උපට්ඨාතුං: පටිබලො හොති භෙසජ්ජං සංවිධාතුං, සප්පායාසප්පායං ජානාති අසප්පායං අපනාමෙති සප්පායං උපනාමෙති, මෙත්තචිත්තො ගිලානං උපට්ඨාති නො ආමිසන්තරො, අජෙගුච්ඡි හොති උච්චාරං වා පස්සාවං වා ඛෙළං වා වන්තං වා නීහාතුං, පටිබලො හොති ගිලානං කාලෙන කාලං ධම්මියා කථාය සන්දස්සෙතුං සමාදපෙතුං සමුත්තෙජෙතුං සම්පහංසෙතුං, ඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො ගිලානුපට්ඨාකො අලං ගිලානං උපට්ඨාතු”න්ති.
Sinhala BJT46. “මහණෙනි, කරුණු පසකින් යුත් ගිලානුපට්ඨාක තෙමේ ගිලනහුට උවැටන් කරන්නට සුදුසු ය: (යමෙක්) බෙහෙත් යොදන්නට සමර්‍ත්‍ථ වේ ද, හිතඅහිතදෙය දනියි ද අහිතදෙය බැහැර කෙරෙයි ද හිතදෙය ලං කෙරෙයි ද, ආමිෂයක් නො කැමැත්තේ මෙත් සිත් ඇති ව ගිලනහුට උවැටන් කෙරෙයි ද, මලමූ හෝ කෙළ හෝ වමනය හෝ බැහැර කරන්නට පිළිකුල් ඇත්තේ නො වේ ද, කලින් කල දැහැමිකතාවෙන් ගිලනහුට කරුණු දක්වන්නට (එහි ඔහු) සමාදන් කරවන්නට උත්සාහවත් කරවන්නට සතුටු කරවන්නට සමර්‍ත්‍ථ වේ ද, මහණෙනි, මේ කරුණු පසින් යුත් ගිලානුපට්ඨාක තෙමේ ගිලනහුට උවැටන් කරන්නට සුදුසු වේ.”
Pali BJT47. තෙන ඛො පන සමයෙන ද්වෙ භික්ඛූ කොසලෙසු ජනපදෙසු අද්ධානමග්ගප්පටිපන්නා හොන්ති. තෙ අඤ්ඤතරං ආවාසං උපගච්ඡිංසු. තත්ථ අඤ්ඤතරො භික්ඛු ගිලානො හොති. අථ ඛො තෙසං භික්ඛූනං එතදහොසි: “භගවතා ඛො ආවුසො ගිලානුපට්ඨානං වණ්ණිතං. හන්ද මයං ආවුසො ඉමං භික්ඛුං උපට්ඨෙමා”ති{2} තෙ තං උපට්ඨහිංසු. සො තෙහි උපට්ඨියමානො{3} කාලමකාසි.
Sinhala BJT47. එකල්හි දෙනමක් භික්‍ෂූහු කොසොල් දනව්වෙහි දීර්‍ඝමාර්‍ගයට පිළිපන්නාහු වෙත්. ඔහු එක්තරා ආවාසයකට එළඹියහ. එහි එක්තරා මහණෙක් ගිලන් වූයේ වේ. එකල්හි ඒ භික්‍ෂූන්ට “ඇවැත්නි, ගිලන් උවැටන් භාග්‍යවතුන් වහන්සේ විසින් වර්‍ණනා කරණ ලද්දේ ය. ඇවැත්නි, එහෙයින් අපි මේ මහණහට උවැටන් කරමු” යි අදහස් වී ය. ඔහු ඒ මහණහුට උවැටන් කළහ. ඔවුන් විසින් උවැටන් කරණු ලබන ඒ මහණ තෙමේ කලුරිය කෙළේ ය.
Pali BJT48. අථ ඛො තෙ භික්ඛූ තස්ස භික්ඛුනො පත්තචීවරං ආදාය සාවත්ථිං ගන්ත්වා භගවතො එතමත්ථං ආරොචෙසුං. භික්ඛුස්ස භික්ඛවෙ, කාලකතෙ සඞ්ඝො සාමී පත්තචීවරෙ. අපි ච ගිලානුපට්ඨාකා බහූපකාරා. අනුජානාමි භික්ඛවෙ, සඞ්ඝෙන තිචීවරං ච පත්තංච ගිලානුපට්ඨාකානං දාතුං.
Sinhala BJT48. ඉක්බිති ඒ භික්‍ෂූහු ඒ කලුරිය කළ මහණහුගේ පාසිවුරු ගෙණ සැවැත්නුවරට ගොස් භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, මහණකු කලුරිය කළ කල්හි සඞ්ඝතෙමේ පාසිවුරෙහි හිමියා වේ. එහෙත් ගිලානුපට්ඨාකයෝ බොහෝ උපකාර ඇත්තෝ වෙති. මහණෙනි, සඞ්ඝයා විසින් තුන් සිවුර ද පාත්‍රය ද ගිලානුපට්ඨාකයන්ට දෙන්නට අනුදනිමි.
Pali BJT49. “එවඤ්ච පන භික්ඛවෙ, දාතබ්බං: තෙන ගිලානුපට්ඨාකෙන භික්ඛුනා සඞ්ඝං උපසඞ්කමිත්වා එවමස්ස වචනීයො: ‘ඉත්ථන්නාමො භන්තෙ භික්ඛු කාලකතො. ඉදං තස්ස තිචීවරං ච පත්තො චා’ති. ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො: “සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. ඉත්ථන්නාමො භික්ඛු කාලකතො. ඉදං තස්ස තිචීවරඤ්ච පත්තො ච. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො ඉමං තිචීවරඤ්ච පත්තඤ්ච ගිලානුපට්ඨාකානං දදෙය්ය. එසා ඤත්ති. සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. ඉත්ථන්නාමො භික්ඛු කාලකතො. ඉදං තස්ස තිචීවරඤ්ච පත්තො ච. සඞ්ඝො ඉමං තිචීවරඤ්ච පත්තඤ්ච ගිලානුපට්ඨාකානං දෙති. යස්සායස්මතො ඛමති ඉමස්ස තිචීවරස්ස ච පත්තස්ස ච ගිලානුපට්ඨාකානං දානං, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය. “දින්නං ඉදං සඞ්ඝෙන තිචීවරඤ්ච පත්තො ච ගිලානුපට්ඨාකානං. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති .
Sinhala BJT49. “මහණෙනි, මෙසේ දිය යුතු ය; ඒ ගිලානුපට්ඨාක මහණහු විසින් සඞ්ඝයා වෙත එළඹ ‘ස්වාමීනි, මෙනම් ඇති මහණ තෙමේ කලුරිය කෙළේ ය. මේ ඒ මහණහුගේ තුන් සිවුර ය. මේ පාත්‍රය’ යි මෙසේ කිය යුතු වන්නේ ය. ව්‍යක්ත ප්‍රතිබල වූ මහණකු විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ ය: ස්වාමීනි, ‘සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. මෙනම් ඇති මහණ තෙමේ කලුරිය කෙළේ ය. මේ ඔහුගේ තුන් සිවුර ද පාත්‍රය ද වේ. ඉදින් සඞ්ඝයාහට පැමිණි කල් ඇත්තේ නම්, සඞ්ඝ තෙමේ මේ තුන් සිවුර ද පාත්‍රය ද ග්ලානෝපස්ථායකයන්ට දෙන්නේ ය. මේ දැන්වීම ය. ස්වාමීනි, සඞ්ඝතෙමේ මාගේ වචනය අසාවා. මෙනම් ඇති මහණ තෙමේ කලුරිය කෙළේ ය. මේ ඔහුගේ තුන් සිවුර ද පාත්‍රය ද වේ. සඞ්ඝ තෙමේ මේ තුන් සිවුර ද පාත්‍රය ද ගිලානුපට්ඨාකයන්ට දෙයි. යම් ආයුෂ්මතකුහට මේ තුන් සිවුරත් පාත්‍රයත් ගිලානුපට්ඨාකයන්ට දීම රුචි වේ නම්, හෙ තෙමේ තුෂ්ණිම්භූත වේවා, යමකුට රුචි නො වේ නම්, හෙ තෙමේ කියාවා. සඞ්ඝයා විසින් මේ තුන් සිවුර ද පාත්‍රය ද ගිලානුපට්ඨාකයන්ට දෙන ලද්දේ ය. සඞ්ඝයාට රුචි වේ. එහෙයින් තුෂ්ණිම්භූත වේ. මෙය මෙසේ දරමි” යි.
Pali BJT50. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො සාමණෙරො කාලකතො හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “සාමණෙරස්ස භික්ඛවෙ, කාලකතෙ සඞ්ඝො සාමී පත්තචීවරෙ. අපි ච ගිලානුපට්ඨාකා බහූපකාරා. අනුජානාමි භික්ඛවෙ, සඞ්ඝෙන චීවරඤ්ච පත්තං ච ගිලානුපට්ඨාකානං දාතුං.”
Sinhala BJT50. එකල්හි එක්තරා හෙරණෙක් කලුරිය කෙළේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, හෙරණකු කලුරිය කළ කල්හි සඞ්ඝ තෙමේ පාසිවුරෙහි හිමියා වේ. එහෙත් ගිලානුපට්ඨාකයෝ බොහෝ උපකාර ඇත්තාහු ය. මහණෙනි, සඞ්ඝයා විසින් සිවුර ද පාත්‍රය ද ගිලානුපට්ඨාකයන්ට දෙන්නට අනුදනිමි.”
Pali BJT51. “එවඤ්ච පන භික්ඛවෙ, දාතබ්බං: තෙන ගිලානුපට්ඨාකෙන භික්ඛුනා සඞ්ඝං උපසඞ්කමිත්වා එවමස්ස වචනීයො: “ඉත්ථන්නාමො භන්තෙ, සාමණෙරො කාලකතො. ඉදං තස්ස චීවරඤ්ච පත්තො චා’ති. බ්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො: “සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. ඉත්ථන්නාමො සාමණෙරො කාලකතො. ඉදං තස්ස චීවරඤ්ච පත්තො ච. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො ඉමං චීවරඤ්ච පත්තඤ්ච ගිලානුපට්ඨාකානං දදෙය්ය. එසා ඤත්ති. සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. ඉත්ථන්නාමො සාමණෙරො කාලකතො. ඉදං තස්ස චීවරඤ්ච පත්තො ච. සඞ්ඝො ඉමං චීවරඤ්ච පත්තඤ්ච ගිලානුපට්ඨාකානං දෙති. යස්සායස්මතො ඛමති ඉමස්ස චීවරස්ස ච පත්තස්ස ච ගිලානුපට්ඨාකානං දානං, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය. දින්නං ඉදං සඞ්ඝෙන චීවරඤ්ච පත්තො ච ගිලානුපට්ඨාකානං. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJT51. “මහණෙනි, මෙසේ දිය යුතු ය: ඒ ගිලානුපට්ඨාක මහණහු විසින් සඞ්ඝයා වෙත එළඹ ‘ස්වාමීනි, මෙනම් ඇති හෙරණ තෙමේ කලුරිය කෙළේ ය. මේ ඔහුගේ සිවුර ද පාත්‍රය ද වේ’ යි මෙසේ කිය යුතු වන්නේ ය. ව්‍යක්ත ප්‍රතිබල වූ මහණකු විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ ය: ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. මෙනම් ඇති හෙරණ තෙමේ කලුරිය කෙළේ ය. මේ ඔහුගේ සිවුර ද පාත්‍රය ද වේ. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම්, සඞ්ඝ තෙමේ මේ සිවුර ද පාත්‍රය ද ගිලානුපට්ඨාකයන්ට දෙන්නේ ය. මේ දැන්වීම ය. ස්වාමීනි, සඞ්ඝතෙමේ මාගේ වචනය අසාවා. මෙනම් ඇති හෙරණ තෙමේ කලුරිය කෙළේ ය. මේ ඔහුගේ සිවුර ද පාත්‍රය ද වේ. සඞ්ඝ තෙමේ මේ සිවුර ද පාත්‍රය ද ගිලානුපට්ඨාකයන්ට දෙයි. යම් ආයුෂ්මතකුහට මේ සිවුරත් පාත්‍රයත් ගිලානුපට්ඨාකයන්ට දීම රුචි වේ නම්, හෙ තෙමේ තුෂ්ණිම්භූත වේවා. යමකුහට රුචි නො වේ නම්, හෙ තෙමේ කියාවා. සඞ්ඝයා විසින් මේ සිවුර ද පාත්‍රය ද ගිලානුපට්ඨාකයන්ට දෙන ලද්දේ ය. සඞ්ඝයාට රුචි වේ. එහෙයින් තුෂ්ණිම්භූත වේ. මෙය මෙසේ දරමි” යි.
Pali BJT52. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු ච සාමණෙරො ච ගිලානං උපට්ඨහිංසු. සො තෙහි උපට්ඨහියමානො කාලමකාසි. අථ ඛො තස්ස ගිලානුපට්ඨාකස්ස භික්ඛුනො එතදහොසි: “කථන්නු ඛො ගිලානුපට්ඨාකස්ස සාමණෙරස්ස චීවරපටිවිංසො දාතබ්බො”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, ගිලානුපට්ඨාකස්ස සාමණෙරස්ස සමකං පටිවීසං දාතු”න්ති.
Sinhala BJT52. එකල්හි එක්තරා උපසපන් මහණෙක් ද හෙරණෙක් ද ගිලනකුට උවැටන් කළහ. ඔවුන් විසින් උවැටන් කරණු ලබන හෙ තෙමේ කලුරිය කෙළේ ය. එකල්හි ඒ ගිලන් උවැටන් කරණ මහණහුට “ගිලානුපට්ඨාක සාමණේරයාහට සිවුරු කොටස කෙසේ දිය යුතු දැ” යි සිත් වී ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි ගිලානුපට්ඨාක සාමණේරයාහට සම කොටසක් දෙන්නට අනුදනිමි” යි.
Pali BJT53. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු බහුභණ්ඩො බහුපරික්ඛාරො කාලකතො හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “භික්ඛුස්ස භික්ඛවෙ, කාලකතෙ සඞ්ඝො සාමී පත්තචීවරෙ. අපි ච ගිලානුපට්ඨාකා බහූපකාරා. අනුජානාමි භික්ඛවෙ, සඞ්ඝෙන තිචීවරඤ්ච පත්තඤ්ච ගිලානුපට්ඨාකානං දාතුං. යං තත්ථ ලහුභණ්ඩං ලහුපරික්ඛාරං, තං සම්මුඛීභූතෙන සඞ්ඝෙන භාජෙතුං. යං තත්ථ ගරුභණ්ඩං ගරුපරික්ඛාරං තං ආගතානාගතස්ස චාතුද්දිසස්ස සඞ්ඝස්ස අවිස්සජ්ජිකං අවෙභඞ්ගික”න්ති.
Sinhala BJT53. එකල්හි බොහෝ බඩු ඇති බොහෝ පිරිකර ඇති එක්තරා මහණෙක් කලුරිය කෙළේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, මහණකු කලුරිය කළ කල්හි සඞ්ඝ තෙමේ පාසිවුරට හිමියා වේ. එහෙත් ගිලානුපට්ඨාකයෝ බොහෝ උපකාර ඇත්තාහු වෙත්. මහණෙනි, සඞ්ඝයා විසින් තුන් සිවුර ද පාත්‍රය ද ගිලානුපට්ඨාකයන්ට දෙන්නට ද, එහි යම් ලඝුභාණ්ඩයක් වේ නම්, ලඝුපරිෂ්කාරයක් වේ නම්, එය හමු වූ සඞ්ඝයා විසින් බෙදන්නට ද, එහි යම් ගරුභාණ්ඩයක් වේ නම්, ගරු පරිෂ්කාරයක් වේ නම්, එය පැමිණි නො පැමිණි සිවුදිසාවැසි සඞ්ඝයාට අයත්, නො දිය යුතු, නො බෙදිය යුතු දෙය කොට තබන්නට ද අනුදනිමි”.
Pali BJT54. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු නග්ගො හුත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං එතදවොච: “භගවා භන්තෙ අනෙකපරියායෙන අප්පිච්ඡස්ස සන්තුට්ඨස්ස සල්ලෙඛස්ස ධුතස්ස පාසාදිකස්ස අපචයස්ස වීරියාරම්භස්ස වණ්ණවාදී. ඉදං භන්තෙ නග්ගියං අනෙකපරියායෙන අප්පිච්ඡතාය සන්තුට්ඨියා{1} සල්ලෙඛාය ධුතත්තාය{2} පාසාදිකතාය අපචයාය විරියාරම්භාය සංවත්තති. සාධු භන්තෙ, භගවා භික්ඛූනං නග්ගියං අනුජානාතූ”ති. විගරහි බුද්ධො භගවා: “අනනුච්ඡවියං මොඝපුරිස, අනනුලොමිකං. අප්පතිරූපං. අස්සාමණකං. අකප්පියං. අකරණීයං. කථං හි නාම ත්වං මොඝපුරිස, නග්ගියං තිත්ථියසමාදානං සමාදියිස්සසි? නෙතං මොඝපුරිස, අප්පසන්නානං වා පසාදාය -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “න භික්ඛවෙ, නග්ගියං තිත්ථියසමාදානං සමාදියිතබ්බං. යො සමාදියෙය්ය, ආපත්ති ථුල්ලච්චයස්සා”ති.
Sinhala BJT54. එකල්හි එක්තරා මහණෙක් තෙමේ නග්න ව භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ නොයෙක් ක්‍රමයෙන් අල්පෙච්ඡ වූවහුගේ, ලද දෙයකින් සතුටු වූවහුගේ, කෙලෙස් ලියන පැවතුම් ඇත්තහුගේ, කෙලෙස් සලන පැවතුම් ඇත්තහුගේ, පහදවන සුලු පැවතුම් ඇත්තහුගේ, කෙලෙස් නසන පැවතුම් ඇත්තහුගේ, වීර්‍ය්‍යය ඇත්තහුගේ ගුණ කියන සේක. ස්වාමීනි, මේ නග්න භාවය නොයෙක් ක්‍රමයෙන් අල්පේච්ඡභාවය පිණිස, ලද පමණින් සතුටු වීම පිණිස, කෙලෙස් ලියන පැවතුම් පිණිස, කෙලෙස් සලන පැවතුම් පිණිස, පහදවන සුලු පැවතුම් පිණිස, කෙලෙස් නසනු පිණිස, වීර්‍ය්‍යයාරම්භය පිණිස, පවතී. ස්වාමීනි, මැනවි. භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට නග්න භාවය අනුදන්නා සේක්වා” යි සැළකෙළේ ය. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ “හිස්පුරුෂය, නො සුදුස්සෙක. අනුලොම් නො වූවෙක. නො ගැළපෙන්නෙක. මහණකමට නො සරිලන්නෙක. නො කැප වූවෙක. නො කට යුත්තෙකැ” යි ගැරහූ සේක. “හිස්පුරුෂය, තීර්‍ත්‍ථකව්‍රතයක් වූ නග්නභාවය කෙසේ නම් සමාදන් වූයෙහි ද? හිස්පුරුෂය, මේ නො පැහැදුනවුන්ගේ පැහැදීම පිණිස හෝ නො වේ”. –පෙ– ගරහා දැහැමි කතා කොට “මහණෙනි, තීර්‍ත්‍ථකව්‍රතයක් වූ නග්නභාවය සමාදන් නො විය යුතු ය. යමෙක් සමාදන් වන්නේ නම්, තුලසි ඇවැත් වේ” යි භික්‍ෂූන්ට වදාළ සේක.
Pali BJT55. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු කුසචීරං නිවාසෙත්වා -පෙ- වාකචීරං නිවාසෙත්වා -පෙ- ඵලකචීරං නිවාසෙත්වා -පෙ- කෙසකම්බලං නිවාසෙත්වා -පෙ- වාලකම්බලං නිවාසෙත්වා -පෙ- උලූකපක්ඛං නිවාසෙත්වා -පෙ- අජිනක්ඛිපං නිවාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං එතදවොච: “භගවා භන්තෙ අනෙකපරියායෙන අප්පිච්ඡස්ස සන්තුට්ඨස්ස සල්ලෙඛස්ස ධුතස්ස පාසාදිකස්ස අපචයස්ස වීරියාරම්භස්ස වණ්ණවාදී. ඉදං භන්තෙ, අජිනක්ඛිපං අනෙකපරියායෙන අප්පිච්ඡතාය සන්තුට්ඨිතාය සල්ලෙඛාය ධුතතාය පාසාදිකතාය අපචයාය විරියාරම්භාය සංවත්තති. සාධු භන්තෙ, භගවා භික්ඛූනං අජිනක්ඛිපං අනුජානාතූ”ති. විගරහි බුද්ධො භගවා: “අනනුච්ඡවියං මොඝපුරිස, අනනුලොමිකං අප්පතිරූපං. අස්සාමණකං. අකප්පියං අකරණීයං. කථං හි නාම ත්වං මොඝපුරිස, අජිනක්ඛිපං තිත්ථියධජං ධාරෙස්සසි. නෙතං මොඝපුරිස, අප්පසන්නානං වා පසාදාය -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “න භික්ඛවෙ, අජිනක්ඛිපං තිත්ථියධජං ධාරෙතබ්බං. යො ධාරෙය්ය, ආපත්ති ථුල්ලච්චයස්සා”ති.
Sinhala BJT55. එකල්හි එක්තරා මහණෙක් කුසවැහැරි ඇඳ –පෙ– වාවැහැරි ඇඳ –පෙ– පෝරුවැහැරි ඇඳ –පෙ– කෙහෙකම්බිලි ඇඳ –පෙ– සැඩමුවලොමින් කළ කම්බිලි ඇඳ –පෙ– බකමූණුපියාපත් ඇඳ –පෙ– අඳුන්දිවිසම් ඇඳ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ නොයෙක් ක්‍රමයෙන් අල්පෙච්ඡ වූවහුගේ, ලද දෙයින් සතුටු වූවහුගේ, කෙලෙස් ලියන පැවතුම් ඇත්තහුගේ, කෙලෙස් සලන පැවතුම් ඇත්තහුගේ, පහදවනසුලු පැවතුම් ඇත්තහුගේ, කෙලෙස් නසන පැවතුම් ඇත්තහුගේ, වීර්‍ය්‍යාරම්භය කරන්නහුගේ ගුණ කියන සේක. ස්වාමීනි, මේ අඳුන්දිවිසම නොයෙක් ක්‍රමයෙන් අල්පේච්ඡභාවය පිණිස, ලද පමණින් සතුටු වීම පිණිස, කෙලෙස් ලියන පැවතුම් පිණිස, කෙලෙස් සලන පැවතුම් පිණිස, පහදවනසුලු පැවතුම් පිණිස, කෙලෙස් නැසීම පිණිස, වීර්‍ය්‍යාරම්භය පිණිස පවතී. ස්වාමීනි, මැනවි. භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට අඳුන්දිවිසම අනුදන්නා සේක්වා” යි සැළකෙළේ ය. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ “හිස්පුරුෂය, නො සුදුස්සෙක. අනුලොම් නො වූවෙක. නො ගැළපෙන්නෙක. මහණකමට නො සරිලන්නෙක. නො කැප වූවෙක. නො කට යුත්තෙකැ” යි ගැරහූ සේක. “හිස්පුරුෂය, කෙසේ නම් තෝ තීර්‍ත්‍ථකධ්වජය වූ අඳුන්දිවිසම දැරූ යෙහි ද? හිස්පුරුෂය, මේ නො පැහැදුනවුන්ගේ පැහැදීම පිණිස නො වේ”. –පෙ– ගරහා දැහැමි කතා කොට “මහණෙනි, තීර්‍ත්‍ථකධ්වජය වූ අඳුන්දිවිසම නො දැරිය යුතු ය. යමෙක් දරන්නේ නම්, තුලසිඇවැත් වේ” යි වදාළ සේක.
Pali BJT54. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු අක්කනාළං නිවාසෙත්වා -පෙ- පොත්ථකං නිවාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං එතදවොච: “භගවා භන්තෙ, අනෙකපරියායෙන අප්පිච්ඡස්ස සන්තුට්ඨස්ස සල්ලෙඛස්ස ධුතස්ස පාසාදිකස්ස අපචයස්ස වීරියාරම්භස්ස වණ්ණවාදී. අයං භන්තෙ පොත්ථකො අනෙකපරියායෙන අප්පිච්ඡතාය සන්තුට්ඨිතාය සල්ලෙඛාය ධුතත්තාය පාසාදිකතාය අපචයාය විරියාරම්භාය සංවත්තති. සාධු භන්තෙ, භගවා භික්ඛූනං පොත්ථකං අනුජානාතූ”ති. විගරහි බුද්ධො භගවා “අනනුච්ඡවියං මොඝපුරිස, අනනුලොමිකං. අප්පතිරූපං. අස්සාමණකං. අකප්පියං අකරණීයං. කථං හි නාම ත්වං මොඝපුරිස, පොත්ථකං නිවාසෙස්සසි. නෙතං මොඝපුරිස, අප්පසන්නානං වා පසාදාය -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “න භික්ඛවෙ, පොත්ථකො නිවාසෙතබ්බො. යො නිවාසෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT54. එකල්හි එක්තරා මහණෙක් තෙමේ වරාහුයෙන් කළ වතක්{*} ඇඳ –පෙ– නියඳවැහැරියෙන් කළ වතක් ඇඳ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ නොයෙක් ක්‍රමයෙන් අල්පෙච්ඡ වූවහුගේ, ලද දෙයින් සතුටු වූවහුගේ, කෙලෙස් ලියන පැවතුම් ඇත්තහුගේ, කෙලෙස් සලන පැවතුම් ඇත්තහුගේ, පහදවන සුලු පැවතුම් ඇත්තහුගේ, කෙලෙස් නසන පැවතුම් ඇත්තහුගේ, වීර්‍ය්‍යාරම්භය කරන්නහුගේ ගුණ කියන සේක. ස්වාමීනි, මේ නියඳවැහරියෙන් කළ වත නොයෙක් ක්‍රමයෙන් අල්පේච්ඡභාවය පිණිස, ලද පමණින් සතුටු වීම පිණිස, කෙලෙස් ලියන පැවතුම් පිණිස, කෙලෙස් සලන පැවතුම් පිණිස, පහදවන සුලු පැවතුම් පිණිස, කෙලෙස් නැසීම පිණිස, වීර්‍ය්‍යයාරම්භය පිණිස පවතී. ස්වාමීනි, මැනවි. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ භික්‍ෂූන්ට නියඳවැහැරියෙන් කළ වත අනුදන්නා සේක්වා” යි සැළකෙළේ ය. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ “හිස්පුරුෂය, නො සුදුස්සෙක. අනුලොම් නො වූවෙක. නො ගැළපෙන්නක. මහණකමට නො සරි ලන්නෙක. නො කැප වූවෙක. නො කටයුත්තෙකැ”යි ගැරහූ සේක. “හිස්පුරුෂය, කෙසේ නම් තෝ නියඳවැහැරියෙන් කළ වතක් හැඳියෙහි ද, හිස්පුරුෂය, මේ නො පැහැදුනවුන්ගේ පැහැදීම පිණිස නො වේ. –පෙ– ගරහා දැහැමි කතා කොට “මහණෙනි, නියඳවැහැරියෙන් කළ වත නො දැරිය යුතු ය. යමෙක් දරන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි වදාළ සේක.
Pali BJT55. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ සබ්බනීලකානි චීවරානි ධාරෙන්ති -පෙ- සබ්බපීතකානි චීවරානි ධාරෙන්ති. -පෙ- සබ්බලොහිතකානි චීවරානි ධාරෙන්ති. -පෙ- සබ්බමඤ්ජෙට්ඨකානි චීවරානි ධාරෙන්ති -පෙ- සබ්බකණ්හානි චීවරානි ධාරෙන්ති. -පෙ- සබ්බමහාරඞ්ගරත්තානි චීවරානි ධාරෙන්ති. -පෙ- සබ්බමහානාමරත්තානි චීවරානි ධාරෙන්ති. -පෙ- අච්ඡින්නදසානි චීවරානි ධාරෙන්ති. -පෙ- දීඝදසානි චීවරානි ධාරෙන්ති. -පෙ- පුප්ඵදසානි චීවරානි ධාරෙන්ති. -පෙ- ඵණදසානි චීවරානි ධාරෙන්ති. -පෙ- කඤ්චුකං ධාරෙන්ති. -පෙ- තිරීටකං ධාරෙන්ති. -පෙ- වෙඨනං ධාරෙන්ති. මනුස්සා උජ්ඣායන්ති. ඛීයන්ති. විපාචෙන්ති: “කථං හි නාම සමණා සක්යපුත්තියා වෙඨනං ධාරෙස්සන්ති, සෙය්යථාපි ගිහී කාමභොගිනො”ති.
Sinhala BJT55. එකල්හි සවගමහණෝ සියල්ල නිල් වූ සිවුරු දරත්. –පෙ– සියල්ල රන්වන් වූ සිවුරු දරත්, –පෙ– සියල්ල රතු වූ සිවුරු දරත්. –පෙ– සියල්ල මදටියවන් වූ සිවුරු දරත්. –පෙ– සියල්ල කළු වූ සිවුරු දරත්. –පෙ– සියල්ල රත්වෑපිටපැහැති සිවුරු දරත්. –පෙ– සියල්ල මුසුපැහැති සිවුරු දරත්. –පෙ– නො සිඳූ දාවලු ඇති සිවුරු දරත්. –පෙ– දික් දාවලු ඇති සිවුරු දරත්. –පෙ– මල්කම් කළ දාවලු ඇති සිවුරු දරත්. –පෙ– පෙණ සේ ගෙතූ දාවලු ඇති සිවුරු දරත්. –පෙ– අඟිය (සැට්ට) දරත්. –පෙ– තිහිරිපිළී දරත්. –පෙ– හිස් වෙළුම් දරත්. මිනිස්සු “කාමභෝගී ගිහින් සේ ශ්‍රමණශාක්‍යපුත්‍රීයයෝ කෙසේ නම් හිස්වෙළුම් දරත් දැ” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්.
Pali BJT56. භගවතො එතමත්ථං ආරොචෙසුං . “න භික්ඛවෙ සබ්බනීලකානි චීවරානි ධාරෙතබ්බානි. න සබ්බපීතකානි චීවරානි ධාරෙතබ්බානි. න සබ්බලොහිතකානි චීවරානි ධාරෙතබ්බානි. න සබ්බමඤ්ජෙට්ඨකානි චීවරානි ධාරෙතබ්බානි. න සබ්බකණ්හානි චීවරානි ධාරෙතබ්බානි. න සබ්බමහාරඞ්ගරත්තානි චීවරානි ධාරෙතබ්බානි. න සබ්බමහානාමරත්තානි චීවරානි ධාරෙතබ්බානි. න අච්ඡින්නදසානි චීවරානි ධාරෙතබ්බානි. න දීඝදසානි චීවරානි ධාරෙතබ්බානි. න පුප්ඵදසානි චීවරානි ධාරෙතබ්බානි. න ඵණදසානි චීවරානි ධාරෙතබ්බානි. න කඤ්චුකං ධාරෙතබ්බං. න තිරීටකං ධාරෙතබ්බං. න වෙඨනං ධාරෙතබ්බං. යො ධාරෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT56. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සියල්ල නිල්පැහැති සිවුරු නො දැරිය යුතු ය. සියල්ල රන්වන් වූ සිවුරු නො දැරිය යුතු ය. සියල්ල රතුපැහැති සිවුරු නො දැරිය යුතු ය. සියල්ල මදටියපැහැති සිවුරු නො දැරිය යුතු ය. සියල්ල කළුපැහැති සිවුරු නො දැරිය යුතු ය. සියල්ල රත්වෑපිටපැහැති සිවුරු නො දැරිය යුතු ය. සියල්ල මුසුපැහැති සිවුරු නො දැරිය යුතු ය. නො සිඳි දාවලු ඇති සිවුරු නො දැරිය යුතු ය. දික් දාවලු ඇති සිවුරු නො දැරිය යුතු ය. මල්දාවලු ඇති සිවුරු නො දැරිය යුතු ය. පෙණදාවලු ඇති සිවුරු නො දැරිය යුතු ය. අඟිය නො දැරිය යුතු ය. තිහිරිපිළී නො දැරිය යුතු ය. හිස්වෙළුම් නො දැරිය යුතු ය. යමෙක් දරන්නේ නම්, දුකුළාඇවැත් වේ”.
Pali BJT57. තෙන ඛො පන සමයෙන වස්සං වුත්ථා භික්ඛූ අනුප්පන්නෙ චීවරෙ පක්කමන්තිපි. විබ්භමන්තිපි. කාලම්පි කරොන්ති. සාමණෙරාපි පටිජානන්ති. සික්ඛං පච්චක්ඛාතකාපි පටිජානන්ති. අන්තිමවත්ථුං අජ්ඣාපන්නකාපි පටිජානන්ති. උම්මත්තකාපි පටිජානන්ති. ඛිත්තචිත්තාපි පටිජානන්ති. වෙදනාට්ටාපි පටිජානන්ති. ආපත්තියා අදස්සනෙ උක්ඛිත්තකාපි පටිජානන්ති. ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛිත්තකාපි පටිජානන්ති. පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛිත්තකාපි පටිජානන්ති. පණ්ඩකාපි පටිජානන්ති. ථෙය්යසංවාසකාපි පටිජානන්ති. තිත්ථියපක්කන්තකාපි පටිජානන්ති. තිරච්ඡානගතාපි පටිජානන්ති. මාතුඝාතකාපි පටිජානන්ති. පිතුඝාතකාපි පටිජානන්ති. අරහන්තඝාතකාපි පටිජානන්ති. භික්ඛුනිදූසකාපි පටිජානන්ති. සඞ්ඝභෙදකාපි පටිජානන්ති. ලොහිතුප්පාදකාපි පටිජානන්ති. උභතොබ්යඤ්ජනකාපි පටිජානන්ති.
Sinhala BJT57. එකල්හි වස් වැස නිම කළ භික්‍ෂූහු සිවුරු නූපන් කල්හි බැහැර ද යෙත්. සිවුරු ද හරිත්. කලුරිය ද කෙරෙත්. හෙරණුම්හ යි ද ප්‍රතිඥා කෙරෙත්. ශික්‍ෂාව බැහැර කළම්හ යි ද ප්‍රතිඥා කෙරෙත්. අන්තිමවස්තුවට පැමිණියම්හ යි ද ප්‍රතිඥා කෙරෙත්. උන්මත්තකයම්හ යි ද ප්‍රතිඥා කෙරෙත්. යක්‍ෂෝන්මාද ඇත්තම්හ යි ද ප්‍රතිඥා කෙරෙත්. වේදනාවෙන් පෙළෙන්නම්හ යි ද ප්‍රතිඥා කෙරෙත්. ඇවැත් නො දැක්මෙහි උඛෙව්නීකම් (තහනම්) කරණ ලද්දම්හ යි ද ප්‍රතිඥා කෙරෙත්. ඇවතට පිළියම් නො කිරීමෙහි තහනම් කරණ ලද්දම්හ යි ද ප්‍රතිඥා කෙරෙත්. ලාමක දෘෂ්ටිය අත් නො හැරීමෙහි තහනම් කරණ ලද්දම්හ යි ද ප්‍රතිඥා කෙරෙත්. පණ්ඩකයම්හ යි ද ප්‍රතිඥා කෙරෙත්. ථෙය්‍යසංවාසකයම්හ යි ද ප්‍රතිඥා කෙරෙත්. තීර්‍ත්‍ථක ශාසනයට ගියම්හ යි ද ප්‍රතිඥා කෙරෙත්. තිරච්ඡානගතයම්හ යි ද ප්‍රතිඥා කෙරෙත්. මාතෘඝාතකයම්හ යි ද ප්‍රතිඥා කෙරෙත්. පිතෘඝාතකයම්හ යි ද ප්‍රතිඥා කෙරෙත්. අරහන්තඝාතකයම්හ යි ද ප්‍රතිඥා කෙරෙත්. භික්ඛුනීදූසකයම්හ යි ද ප්‍රතිඥා කෙරෙත්. සඞ්ඝභේදකයම්හ යි ද ප්‍රතිඥා කෙරෙත්. ලොහිතුප්පාදකයම්හ යි ද ප්‍රතිඥා කෙරෙත්. උභතෝබ්‍යඤ්ජනකයම්හ යි ද ප්‍රතිඥා කෙරෙත්.
Pali BJT58. භගවතො එතමත්ථං ආරොචෙසුං. “ඉධ පන භික්ඛවෙ, වස්සං වුත්ථො භික්ඛු අනුප්පන්නෙ චීවරෙ පක්කමති, සන්තෙ පතිරූපෙ ගාහකෙ දාතබ්බං.
Sinhala BJT58. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, මෙහි වස් වැස නිම කළ මහණ තෙමේ සිවුරු නූපන් කල්හි බැහැර යේ ද, සුදුසු වූ ගන්නකු ඇති කල්හි දිය යුතු ය.
Pali BJT59. “ඉධ පන භික්ඛවෙ, වස්සං වුත්ථො භික්ඛු අනුප්පන්නෙ චීවරෙ විබ්භමති, කාලං කරොති, සාමණෙරො පටිජානාති, සික්ඛං පච්චක්ඛාතකො පටිජානාති, අන්තිමවත්ථුං අජ්ඣාපන්නකො පටිජානාති, සඞ්ඝො සාමී.
Sinhala BJT59. “මහණෙනි, මෙහි වස් වැස නිම කළ මහණ තෙමේ සිවුරු නූපන් කල්හි සිවුරු හරියි, කලුරිය කෙරෙයි, හෙරණෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, ශික්‍ෂාව බැහැර කළ එකෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, අන්තිමවස්තුවට පැමිණියෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, සඞ්ඝ තෙමේ (ඔහුගේ කොටසට) හිමියා වේ.
Pali BJT60. “ඉධ පන භික්ඛවෙ, වස්සං වුත්ථො භික්ඛු අනුප්පන්නෙ චීවරෙ උම්මත්තකො පටිජානාති, ඛිත්තචිත්තො පටිජානාති, වෙදනාට්ටො පටිජානාති, ආපත්තියා අදස්සනෙ උක්ඛිත්තකො පටිජානාති, ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛිත්තකො පටිජානාති, පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛිත්තකො පටිජානාති, සන්තෙ පතිරූපෙ ගාහකෙ දාතබ්බං.
Sinhala BJT60. “මහණෙනි, මෙහි වස් වැස නිම කළ මහණ තෙමේ සිවුරු නූපන් කල්හි උමතු වූවෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, යක්‍ෂෝන්මාද ඇත්තෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, වේදනාවෙන් පෙළෙන්නෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, ඇවැත් නො දැක්මෙහි තහනම් කරණ ලද්දෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, ඇවැතට පිළියම් නො කිරීමෙහි තහනම් කරණ ලද්දෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, ලාමක දෘෂ්ටිය අත් නො හැරීමෙහි තහනම් කරණ ලද්දෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, සුදුසු වූ ගන්නකු ඇති කල්හි (කොටස) දිය යුතු ය.
Pali BJT61. “ඉධ පන භික්ඛවෙ, වස්සං වුත්ථො භික්ඛු අනුප්පන්නෙ චීවරෙ පණ්ඩකො පටිජානාති, ථෙය්යසංවාසකො පටිජානාති, තිත්ථියපක්කන්තකො පටිජානාති, තිරච්ඡානගතො පටිජානාති, මාතුඝාතකො පටිජානාති, පිතුඝාතකො පටිජානාති, අරහන්තඝාතකො පටිජානාති, භික්ඛුනිදූසකො පටිජානාති, සඞ්ඝභෙදකො පටිජානාති, ලොහිතුප්පාදකො පටිජානාති, උභතොබ්යඤ්ජනකො පටිජානාති, සඞ්ඝො සාමී.
Sinhala BJT61. “මහණෙනි, මෙහි වස් වැස නිම කළ මහණ තෙමේ සිවුරු නූපන් කල්හි පණ්ඩකයෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, ථෙය්‍යසංවාසකයෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, තිත්‍ථියපක්කන්තකයෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, තිරච්ඡානගත යෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, මාතෘඝාතකයෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, පිතෘඝාතකයෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, අරහන්තඝාතකයෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, භික්ඛුනීදූසකයෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, සඞ්ඝභේදකයෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, ලොහිතුප්පාදකයෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, උභතොබ්‍යඤ්ජනකයෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, ඔහුගේ කොටසට සඞ්ඝ තෙමේ හිමියා වේ.
Pali BJT62. “ඉධ පන භික්ඛවෙ, වස්සං වුත්ථො භික්ඛු උප්පන්නෙ චීවරෙ අභාජිතෙ පක්කමති, සන්තෙ පතිරූපෙ ගාහකෙ දාතබ්බං.
Sinhala BJT62. “මහණෙනි, මෙහි වස් වැස නිම කළ මහණ තෙමේ උපන් සිවුරු නො බෙදූ බෙදූ කල්හි බැහැර යෙයි, සුදුසු වූ ගන්නකු ඇති කල්හි (කොටස) දිය යුතු ය.
Pali BJT63. “ඉධ පන භික්ඛවෙ, වස්සං වුත්ථො භික්ඛු උප්පන්නෙ චීවරෙ අභාජිතෙ විබ්භමති, කාලං කරොති, සාමණෙරො පටිජානාති, සික්ඛං පච්චක්ඛාතකො පටිජානාති, අන්තිමවත්ථුං අජ්ඣාපන්නකො පටිජානාති, සඞ්ඝො සාමී.
Sinhala BJT63. “මහණෙනි, මෙහි වස් වැස නිම කළ මහණ තෙමේ උපන් සිවුරු නො බෙදූ කල්හි සිවුරු හරියි, කලුරිය කෙරෙයි, හෙරණෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, ශික්‍ෂාව බැහැර කෙළෙමි යි ප්‍රතිඥා කෙරෙයි, අන්තිමවස්තුවට පැමිණියෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, සඞ්ඝ තෙමේ හිමියා වේ.
Pali BJT64. “ඉධ පන භික්ඛවෙ, වස්සං වුත්ථො භික්ඛු උප්පන්නෙ චීවරෙ අභාජිතෙ උම්මත්තකො පටිජානාති. ඛිත්තචිත්තො පටිජානාති, වෙදනාට්ටො පටිජානාති, ආපත්තියා අදස්සනෙ උක්ඛිත්තකො පටිජානාති, ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛිත්තකො පටිජානාති, පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛිත්තකො පටිජානාති, සන්තෙ පතිරූපෙ ගාහකෙ දාතබ්බං.
Sinhala BJT64. “මහණෙනි, මෙහි වස් වැස නිම කළ මහණ තෙමේ උපන් සිවුරු නො බෙදූ කල්හි උන්මත්තකයෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, යක්‍ෂෝන්මාද ඇත්තෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, වේදනාවෙන් පෙළෙන්නෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, ඇවැත් නො දැක්මෙහි තහනම් කරණ ලද්දෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි. ඇවැතට පිළියම් නො කිරීමෙහි තහනම් කරණ ලද්දෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, ලාමකදෘෂ්ටිය අත් නො හැරීමෙහි තහනම් කරණ ලද්දෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, සුදුසු වූ ගන්නකු ඇති කල්හි (කොටස) දිය යුතු ය.
Pali BJT65. “ඉධ පන භික්ඛවෙ, වස්සං වුත්ථො භික්ඛු උප්පන්නෙ චීවරෙ අභාජිතෙ පණ්ඩකො පටිජානාති, ථෙය්යසංවාසකො පටිජානාති, තිත්ථියපක්කන්තකො පටිජානාති, තිරච්ඡානගතො පටිජානාති, මාතුඝාතකො පටිජානාති, පිතුඝාතකො පටිජානාති, අරහන්තඝාතකො පටිජානාති, භික්ඛුනිදූසකො පටිජානාති, සඞ්ඝභෙදකො පටිජානාති, ලොහිතුප්පාදකො පටිජානාති, උභතොබ්යඤ්ජනකො පටිජානාති, සඞ්ඝො සාමී.”
Sinhala BJT65. “මහණෙනි, මෙහි වස් වැස නිම කළ මහණෙක් තෙමේ උපන් සිවුරු නො බෙදූ කල්හි පණ්ඩකයෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, ථෙය්‍යසංවාසකයෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, තිත්‍ථියපක්කන්තකයෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, තිරච්ඡානගතයෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, මාතෘඝාතකයෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, පිතෘඝාතකයෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, අරහන්තඝාතකයෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි. භික්ඛුනීදූසකයෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, සඞ්ඝභේදකයෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, ලොහිතුප්පාදකයෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, උභතෝබ්‍යඤ්ජනකයෙක් මි යි ප්‍රතිඥා කෙරෙයි, සඞ්ඝතෙමේ හිමියා වේ.”
Pali BJT66. “ඉධ පන භික්ඛවෙ, වස්සං වුත්ථානං භික්ඛූනං අනුප්පන්නෙ චීවරෙ සඞ්ඝො භිජ්ජති, තත්ථ මනුස්සා එකස්මිං පක්ඛෙ උදකං දෙන්ති, එකස්මිං පක්ඛෙ චීවරං දෙන්ති ‘සඞ්ඝස්ස දෙමා’ති. සඞ්ඝස්සෙවෙතං.
Sinhala BJT66. “මහණෙනි, මෙහි වස් වැස නිම කළ භික්‍ෂූන්ට සිවුරු නූපන් කල්හි සඞ්ඝ තෙමේ බිඳෙයි, එහි මිනිස්සු එක් පක්‍ෂයකට දිය දෙත්, එක් පක්‍ෂයකට ‘සඞ්ඝයාට දෙමු’ යි සිවුරු දෙත්, ඒ සිවුරු සඞ්ඝයාට ම වේ.
Pali BJT67. “ඉධ පන භික්ඛවෙ, වස්සං වුත්ථානං භික්ඛූනං අනුප්පන්නෙ චීවරෙ සඞ්ඝො භිජ්ජති. තත්ථ මනුස්සා එකස්මිං පක්ඛෙ උදකං දෙන්ති, තස්මිංයෙව පක්ඛෙ චීවරං දෙන්ති ‘සඞ්ඝස්ස දෙමා’ති, සඞ්ඝස්සෙවෙතං.
Sinhala BJT67. “මහණෙනි, මෙහි වස් වැස නිම කළ භික්‍ෂූන්ට සිවුරු නූපන් කල්හි සඞ්ඝ තෙමේ බිඳෙයි, එහි මිනිස්සු එක් පක්‍ෂයක දිය දෙත්, ‘සඞ්ඝයාට දෙමු’ යි ඒ පක්‍ෂයට ම සිවුරු දෙත්, ඒ සිවුරු සඞ්ඝයාට ම වේ.
Pali BJT68. “ඉධ පන භික්ඛවෙ, වස්සං වුත්ථානං භික්ඛූනං අනුප්පන්නෙ චීවරෙ සඞ්ඝො භිජ්ජති. තත්ථ මනුස්සා එකස්මිං පක්ඛෙ උදකං දෙන්ති, එකස්මිං පක්ඛෙ චීවරං දෙන්ති ‘පක්ඛස්ස දෙමා’ති, පක්ඛස්සෙවෙතං.
Sinhala BJT68. “මහණෙනි, මෙහි වස් වැස නිම කළ භික්‍ෂූන්ට සිවුරු නූපන් කල්හි සඞ්ඝ තෙමේ බිඳෙයි, එහි මිනිස්සු එක් පක්‍ෂයකට දිය දෙත්, ‘පක්‍ෂයට දෙමු’ යි එක් පක්‍ෂයකට සිවුරු දෙත්, ඒ සිවුරු පක්‍ෂයට ම වේ.
Pali BJT69. “ඉධ පන, භික්ඛවෙ, වස්සං වුත්ථානං භික්ඛූනං අනුප්පන්නෙ චීවරෙ සඞ්ඝො භිජ්ජති. තත්ථ මනුස්සා එකස්මිං පක්ඛෙ උදකං දෙන්ති, තස්මිංයෙව පක්ඛෙ චීවරං දෙන්ති ‘පක්ඛස්ස දෙමා’ති, පක්ඛස්සෙවෙතං.
Sinhala BJT69. “මහණෙනි, මෙහි වස් වැස නිම කළ භික්‍ෂූන්ට සිවුරු නූපන් කල්හි සඞ්ඝ තෙමේ බිඳෙයි, එහි මිනිස්සු එක් පක්‍ෂයකට දිය දෙත්, ඒ පක්‍ෂයට ම ‘පක්‍ෂයට දෙමු’ යි සිවුරු දෙත්, ඒ සිවුරු පක්‍ෂයට ම අයත් වේ.
Pali BJT70. “ඉධ පන භික්ඛවෙ, වස්සං වුත්ථානං භික්ඛූනං උප්පන්නෙ චීවරෙ අභාජිතෙ සඞ්ඝො භිජ්ජති. සබ්බෙසං සමකං භාජෙතබ්බ”න්ති.
Sinhala BJT70. “මහණෙනි, මෙහි වස් වැස නිම කළ භික්‍ෂූන්ට උපන් සිවුරු නො බෙදූ කල්හි සඞ්ඝ තෙමේ බිඳෙයි, සියල්ලන්ට සම ව බෙදිය යුතු ය”.
Pali BJT71. තෙන ඛො පන සමයෙන ආයස්මා රෙවතො අඤ්ඤතරස්ස භික්ඛුනො හත්ථෙ ආයස්මතො සාරිපුත්තස්ස චීවරං පාහෙසි: “ඉමං චීවරං ථෙරස්ස දෙහී”ති. අථ ඛො සො භික්ඛු අන්තරාමග්ගෙ ආයස්මතො රෙවතස්ස විස්සාසා තං චීවරං අග්ගහෙසි. අථ ඛො ආයස්මා රෙවතො ආයස්මතා සාරිපුත්තෙන සමාගන්ත්වා පුච්ඡි: “අහං භන්තෙ, ථෙරස්ස චීවරං පාහෙසිං. සම්පත්තං තං චීවර”න්ති. “නාහන්තං ආවුසො චීවරං පස්සාමී”ති. අථ ඛො ආයස්මා රෙවතො තං භික්ඛුං එතදවොච: “අහං ආවුසො ආයස්මතො හත්ථෙ ථෙරස්ස චීවරං පාහෙසිං. කහං තං චීවර”න්ති. “අහම්භන්තෙ, ආයස්මතො විස්සාසා තං චීවරං අග්ගහෙසි”න්ති.
Sinhala BJT71. එකල්හි ආයුෂ්මත් රේවත ස්ථවිර තෙමේ එක්තරා මහණකු අත ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට “මේ සිවුර තෙරුන්ට දෙව”යි සිවුරක් යැවී ය. ඉක්බිති ඒ මහණ තෙමේ අතරමග දී ආයුෂ්මත් රේවත තෙරුන් කෙරෙහි විශ්වාසයෙන් ඒ සිවුර ගත්තේ ය. එකල්හි ආයුෂ්මත් රේවත ස්ථවිර තෙමේ ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරුන් හමු වී “ස්වාමීනි, මම තෙරුන් වහන්සේට සිවුරක් යැවීමි. ඒ සිවුර ලැබුනේ දැ” යි විචාළේ ය. “ඇවැත්නි, මම ඒ සිවුර නො දකිමි.” ඉක්බිති ආයුෂ්මත් රේවත ස්ථවිර තෙමේ ඒ මහණහු “ඇවැත්නි, මම ආයුෂ්මතුන්ගේ අත තෙරුන් වහන්සේට සිවුරක් යැවීමි. ඒ සිවුර කොහි දැ” යි විචාළේ ය. “ස්වාමීනි, මම ආයුෂ්මතුන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් ඒ සිවුර ගත්තෙමි” යි කී ය.
Pali BJT72. භගවතො එතමත්ථං ආරොචෙසුං. “ඉධ පන භික්ඛවෙ, භික්ඛු භික්ඛුස්ස හත්ථෙ චීවරං පහිණාති: “ඉමං චීවරං ඉත්ථන්නාමස්ස දෙහී”ති. සො අන්තරාමග්ගෙ යො පහිණාති, තස්ස විස්සාසා ගණ්හාති, සුග්ගහිතං. යස්ස පහීයති තස්ස විස්සාසා ගණ්හාති, දුග්ගහීතං.
Sinhala BJT72. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, මෙහි මහණෙක් තෙමේ ‘මේ සිවුර මෙනම් ඇත්තහුට දෙව’ යි මහණකු අත සිවුරක් යවයි, ඒ මහණ තෙමේ අතරමග දී යමෙක් යවා නම්, ඔහු කෙරෙහි විශ්වාසයෙන් ගණියි, එය නිවරැදි ගැණීමෙකි. එය යමකු සඳහා යවනු ලැබේ ද, ඔහු කෙරෙහි විශ්වාසයෙන් ගණියි, එය වැරදි ගැණීමෙකි.
Pali BJT73. “ඉධ පන භික්ඛවෙ, භික්ඛු භික්ඛුස්ස හත්ථෙ චීවරං පහිණාති: ‘ඉමං චීවරං ඉත්ථන්නාමස්ස දෙහී”ති. සො අන්තරාමග්ගෙ යස්ස පහීයති, තස්ස විස්සාසා ගණ්හාති, දුග්ගහීතං. යො පහිණාති, තස්ස විස්සාසා ගණ්හාති, සුග්ගහීතං.
Sinhala BJT73. “මහණෙනි, මෙහි මහණෙක් තෙමේ ‘මේ සිවුර මෙනම් ඇති මහණහුට දෙව’ යි මහණකු අත සිවුරක් යවයි, හෙතෙමේ අතරමග දී යමකුට යවනු ලැබේ ද, ඔහු කෙරෙහි විශ්වාසයෙන් ගණියි. වැරදි ගැණීමෙක් වේ. යමෙක් යවා ද, ඔහු කෙරෙහි විශ්වාසයෙන් ගණියි. නිවරැදි ගැණීමෙක් වේ.
Pali BJT74. “ඉධ පන භික්ඛවෙ, භික්ඛු භික්ඛුස්ස හත්ථෙ චීවරං පහිණාති: ‘ඉමං චීවරං ඉත්ථන්නාමස්ස දෙහී’ති. සො අන්තරාමග්ගෙ සුණාති: ‘යො පහිණාති, සො කාලකතො’ති. තස්ස මතකචීවරං අධිට්ඨාති, ස්වාධිට්ඨිතං. යස්ස පහීයති තස්ස විස්සාසා ගණ්හාති, දුග්ගහීතං.
Sinhala BJT74. “මහණෙනි, මෙහි මහණෙක් තෙමේ මහණකු අත ‘මේ සිවුර මෙනම් ඇත්තහුට දෙව’ යි සිවුරක් යවයි, හෙතෙමේ අතරමග දී ‘යමෙක් යවා ද, හෙතෙමේ කලුරිය කෙළේ ය’. යි අසයි, එය ඔහුගේ මතක සිවුරක් කොට ඉටයි, නිවැරැදි ඉටීමෙක් වේ. යමකුට යවනු ලැබේ ද, ඔහු කෙරෙහි විශ්වාසයෙන් ගණියි, වැරදි ගැණීමෙක් වේ.
Pali BJT75. “ඉධ පන භික්ඛවෙ, භික්ඛු භික්ඛුස්ස හත්ථෙ චීවරං පහිණාති: ‘ඉමං චීවරං ඉත්ථන්නාමස්ස දෙහී’ති. සො අන්තරාමග්ගෙ සුණාති: ‘යස්ස පහීයති, සො කාලකතො’ති. තස්ස මතකචීවරං අධිට්ඨාති. ද්වාධිට්ඨිතං. යො පහිණාති තස්ස විස්සාසා ගණ්හාති, සුග්ගහීතං.
Sinhala BJT75. “මහණෙනි, මෙහි මහණෙක් තෙමේ මහණකු අත ‘මේ සිවුර මෙනම් ඇත්තහුට දෙව’යි සිවුරක් යවයි, හෙතෙමේ අතරමග දී ‘යමකුට යවනු ලැබේ ද, හෙතෙමේ කලුරිය කෙළේ ය’ යි අසයි, එය ඔහුගේ මතක සිවුරක් කොට ඉටයි, වැරදි ඉටීමෙක් වේ. යමෙක් යවා ද, ඔහු කෙරෙහි විශ්වාසයෙන් ගණියි, නිවැරැදි ගැණීමෙක් වේ.
Pali BJT76. “ඉධ පන භික්ඛවෙ, භික්ඛු භික්ඛුස්ස හත්ථෙ චීවරං පහිණාති: ‘ඉමං චීවරං ඉත්ථන්නාමස්ස දෙහී’ති. සො අන්තරාමග්ගෙ සුණාති: ‘උභො කාලකතා’ති. යො පහිණාති, තස්ස මතකචීවරං අධිට්ඨාති, ස්වාධිට්ඨිතං. යස්ස පහීයති, තස්ස මතකචීවරං අධිට්ඨාති, ද්වාධිට්ඨිතං.
Sinhala BJT76. “මහණෙනි, මෙහි මහණෙක් තෙමේ මහණකු අත ‘මේ සිවුර මෙනම් ඇත්තහුට දෙව’යි සිවුරක් යවයි, හෙතෙමේ අතරමග දී, දෙදෙන ම කලුරිය කළහ’ යි අසයි. යමෙක් යවා ද, එය ඔහුගේ මතක සිවුරක් කොට ඉටයි, නිවැරදි ඉටීමෙකි. යමකුට යවනු ලැබේ ද, එය ඔහුගේ මතක සිවුරක් කොට ඉටයි, වැරදි ඉටීමෙකි.
Pali BJT77. “ඉධ පන භික්ඛවෙ, භික්ඛු භික්ඛුස්ස හත්ථෙ චීවරං පහිණාති: ‘ඉමං චීවරං ඉත්ථන්නාමස්ස දම්මී’ති. සො අන්තරාමග්ගෙ යො පහිණාති, තස්ස විස්සාසා ගණ්හාති, දුග්ගහිතං. යස්ස පහීයති තස්ස විස්සාසා ගණ්හාති, සුග්ගහීතං.
Sinhala BJT77. “මහණෙනි, මෙහි මහණෙක් තෙමේ මහණකු අත ‘මේ සිවුර මෙනම් ඇත්තහුට දෙමි’යි සිවුරක් යවයි, හෙතෙමේ අතරමග දී යමෙක් යවා ද, ඔහු කෙරෙහි විශ්වාසයෙන් ගණියි, වැරදි ගැණීමෙකි. යමකුට යවනු ලැබේ ද, ඔහු කෙරෙහි විශ්වාසයෙන් ගණියි, නිවැරැදි ගැණීමෙකි.
Pali BJT78. “ඉධ පන භික්ඛවෙ, භික්ඛු භික්ඛුස්ස හත්ථෙ චීවරං පහිණාති: ‘ඉමං චීවරං ඉත්ථන්නාමස්ස දම්මී’ති. සො අන්තරාමග්ගෙ යස්ස පහීයති, තස්ස විස්සාසා ගණ්හාති, සුග්ගහීතං. යො පහිණාති, තස්ස විස්සාසා ගණ්හාති, දුග්ගහීතං.
Sinhala BJT78. “මහණෙනි, මෙහි මහණෙක් තෙමේ මහණකු අත ‘මේ සිවුර මෙනම් ඇත්තහුට දෙමි’ යි සිවුරක් යවයි, හෙතෙමේ අතරමග දී යමකුට යවනු ලැබේ ද, ඔහු කෙරෙහි විශ්වාසයෙන් ගණියි, නිවැරැදි ගැණීමෙකි. යමෙක් යවා ද, ඔහු කෙරෙහි විශ්වාසයෙන් ගණියි, වැරදි ගැණීමෙකි.
Pali BJT79. “ඉධ පන භික්ඛවෙ, භික්ඛු භික්ඛුස්ස හත්ථෙ චීවරං පහිණාති: ‘ඉමං චීවරං ඉත්ථන්නාමස්ස දම්මී’ති. සො අන්තරාමග්ගෙ සුණාති: ‘යො පහිණාති, සො කාලකතො’ති. තස්ස මතකචීවරං අධිට්ඨාති, ද්වාධිට්ඨිතං. යස්ස පහීයති, තස්ස විස්සාසා ගණ්හාති. සුග්ගහීතං.
Sinhala BJT79. “මහණෙනි, මෙහි මහණෙක් තෙමේ මහණකු අත ‘මේ සිවුර මෙනම් ඇත්තහුට දෙමි’ යි සිවුරක් යවයි, හෙතෙමේ අතරමග දී ‘යමෙක් යවා ද, හෙතෙමේ කලුරිය කෙළේ ය’ යි අසයි, එය ඔහුගේ මතක සිවුරක් කොට ඉටයි, වැරදි ඉටීමෙකි. යමකුට යවනු ලැබේ ද, ඔහු කෙරෙහි විශ්වාස යෙන් ගණියි, නිවැරැදි ගැණීමෙකි.
Pali BJT80. “ඉධ පන භික්ඛවෙ, භික්ඛු භික්ඛුස්ස හත්ථෙ චීවරං පහිණාති: “ඉමං චීවරං ඉත්ථන්නාමස්ස දම්මී’ති. සො අන්තරාමග්ගෙ සුණාති: “යස්ස පහීයති සො කාලකතො’ති. තස්ස මතකචීවරං අධිට්ඨාති, ස්වාධිට්ඨිතං. යො පහිණාති, තස්ස විස්සාසා ගණ්හාති, දුග්ගහීතං.
Sinhala BJT80. “මහණෙනි, මෙහි මහණෙක් තෙමේ මහණකු අත ‘මේ සිවුර මෙනම් ඇත්තහුට දෙමි’ යි සිවුරක් යවයි, හෙතෙමේ අතරමග දී ‘යමකුට යවනු ලැබේ ද, හෙතෙමේ කලුරිය කෙළේ ය’ යි අසයි, එය ඔහුගේ මතක සිවුරක් කොට ඉටයි, නිවැරැදි ඉටීමෙකි. යමෙක් යවා ද, ඔහු කෙරෙහි විශ්වාසයෙන් ගණියි, වැරදි ගැණීමෙකි.
Pali BJT81. “ඉධ පන භික්ඛවෙ, භික්ඛු භික්ඛුස්ස හත්ථෙ චීවරං පහිණාති: ‘ඉමං චීවරං ඉත්ථන්නාමස්ස දම්මී’ති. සො අන්තරාමග්ගෙ සුණාති: ‘උභො කාලකතා’ති. යො පහිණාති, තස්ස මතකචීවරං අධිට්ඨාති, ද්වාධිට්ඨිතං. යස්ස පහීයති, තස්ස මතකචීවරං අධිට්ඨාති, ස්වාධිට්ඨිතං.”
Sinhala BJT81. “මහණෙනි, මෙහි මහණෙක් තෙමේ මහණකු අත ‘මේ සිවුර මෙනම් ඇත්තහුට දෙමි’ යි සිවුරක් යවයි, හෙතෙමේ අතරමග දී ‘දෙදෙන කලුරිය කළහ’ යි අසයි, යමෙක් යවා ද, එය ඔහුගේ මතක සිවුරක් කොට ඉටයි, වැරදි ඉටීමෙකි. යමකුට යවනු ලැබේ ද, ඔහුගේ මතක සිවුරක් කොට ඉටයි, නිවැරදි ඉටීමෙකි.”
Pali BJT82. “අට්ඨිමා භික්ඛවෙ, මාතිකා චීවරස්ස උප්පාදාය: සීමාය දෙති. කතිකාය දෙති. භික්ඛාපඤ්ඤත්තියා දෙති. සඞ්ඝස්ස දෙති. උභතො සඞ්ඝස්ස දෙති. වස්සං වුත්ථසඞ්ඝස්ස දෙති. ආදිස්ස දෙති, පුග්ගලස්ස දෙති.”
Sinhala BJT82. “මහණෙනි, සිවුරු ලැබීමට මේ මාතෘකා අටෙකි: සීමාවෙහි දෙයි. කතිකාවෙන් දෙයි. භික්‍ෂාප්‍රඥප්තියෙන් දෙයි. සඞ්ඝයාට දෙයි. උභතෝසඞ්ඝයාට දෙයි. වස් වැස නිම කළ සඞ්ඝයාට දෙයි. නියම කොට දෙයි. පුද්ගලයකුහට දෙයි යන අට ය{*}.”
Pali BJT83. “සීමාය දෙති, යාවතිකා භික්ඛූ අන්තොසීමගතා, තෙහි භාජෙතබ්බං.
Sinhala BJT83. “සීමාවෙහි දෙයි ද, යම් පමණ භික්‍ෂූහු සීමාව තුළට පිවිසියෝ ද, ඔවුන් විසින් බෙදිය යුතු ය.
Pali BJT84. “කතිකාය දෙති, සම්බහුලා ආවාසා සමානලාභා හොන්ති, එකස්මිං ආවාසෙ දින්නෙ සබ්බත්ථ දින්නං හොති.
Sinhala BJT84. “කතිකාවෙන් (සමානලාභසම්මුතියෙන්) දෙයි ද, බොහෝ ආවාසයෝ සමානලාභ ඇත්තාහු වෙත් ද, එක් ආවාසයකට දුන් කල්හි කතිකානුරූප ව සියලු ආවාසයන්ට දෙන ලද්දේ වේ.
Pali BJT85. “භික්ඛාපඤ්ඤත්තියා දෙති, යත්ථ සඞ්ඝස්ස ධුවකාරා කරීයන්ති, තත්ථ දෙති.
Sinhala BJT85. “භික්‍ෂාප්‍රඥප්තියෙන් දෙයි ද, යම් තැනෙක්හි සඞ්ඝයාට නිති සත්කාරකරණු ලැබෙත් ද, ඒ ආවාසයන්ට දෙයි.
Pali BJT86. “සඞ්ඝස්ස දෙති, සම්මුඛීභූතෙන සඞ්ඝෙන භාජෙතබ්බං.
Sinhala BJT86. “සඞ්ඝයාට දෙයි ද, හමු වූ සඞ්ඝයා විසින් බෙදිය යුතු ය.
Pali BJT87. “උභතො සඞ්ඝස්ස දෙති, බහුකාපි භික්ඛූ හොන්ති, එකා භික්ඛුනී හොති, උපඩ්ඪං දාතබ්බං, බහුකාපි භික්ඛුනියො හොන්ති, එකො භික්ඛු හොති, උපඩ්ඪං දාතබ්බං.
Sinhala BJT87. “උභතෝසඞ්ඝයාට දෙයි ද, බොහෝ භික්‍ෂූහු වෙත් ද, එක් භික්‍ෂූණියක් වේ ද, අඩක් දිය යුතු ය. බොහෝ භික්‍ෂුණීහු වෙත් ද, එක් භික්‍ෂුනමක් වේ ද, අඩක් දිය යුතු ය.
Pali BJT88. “වස්සං වුත්ථසඞ්ඝස්ස දෙති, යාවතිකා භික්ඛූ තස්මිං ආවාසෙ වස්සං වුත්ථා, තෙහි භාජෙතබ්බං.
Sinhala BJT88. “වස් වැස නිම කළ සඞ්ඝයාට දෙයි ද, යම් පමණ භික්‍ෂූහු ඒ ආවාසයෙහි වස් වැස නිම කළාහු ද, ඔවුන් විසින් බෙදිය යුතු ය.
Pali BJT89. “ආදිස්ස දෙති, යාගුයා වා භත්තෙ වා ඛාදනීයෙ වා චීවරෙ වා සෙනාසනෙ වා භෙසජ්ජෙ වා.
Sinhala BJT89. “නියම කොට දෙයි ද, කැඳ හෝ බත් හෝ කෑයුතු දෙය හෝ සිවුරු හෝ සෙනසුන් හෝ බෙහෙත් හෝ පිළිගත්තවුන්ට එය අයත් වෙයි.
Pali BJT90. “පුග්ගලස්ස දෙති, “ඉමං චීවරං ඉත්ථන්නාමස්ස දම්මී’ති.”
Sinhala BJT90. “පුද්ගලයකුහට දෙයි. ‘මේ සිවුරු මෙනම් ඇත්තහුට දෙමි’ යි.”
Pali BJTචීවරක්ඛන්ධකො නිට්ඨිතො අට්ඨමො.
Sinhala BJTඅටවැනි චීවරක්ඛන්‍ධකය නිමි.
Pali BJTඉමම්හි ඛන්ධකෙ වත්ථූ ඡන්නවුති.
Sinhala BJTමේ ඛන්‍ධකයෙහි වස්තු සානූවෙකි.
Pali BJTතස්ස උද්දානං:
Sinhala BJTඑහි උද්දානය (වස්තුනාමාවලිය) මෙසේ ය:
Pali BJT1. රාජගහකො නෙගමො දිස්වා වෙසාලියං ගණිං, පුන රාජගහං ගන්ත්වා රඤ්ඤො තං පටිවෙදයි.
Sinhala BJT1. රජගහනුවර වැසි කෙළඹිජන තෙමේ විසාලාමහනුවර වැසි ගණිකාව දැක නැවත රජගහනුවරට ගොස් රජුට එකරුණ දැන් වී ය.
Pali BJT2. පුත්තො සාලවතිකාය අභයස්ස හි අත්රජො, ජීවතීති කුමාරෙන සඞ්ඛාතො ජීවකො ඉති.
Sinhala BJT2. අභයකුමරුගේ අත්‍රජ වූ, සාලවතී නම් ගණිකාවගේ පුත්‍ර තෙමේ කුමරුන් විසින් “ජීවත් වේ” නු යි ජීවක ය යි කියන ලද්දේ ය.
Pali BJT3. සො හි තක්කසිලං{1} ගන්ත්වා උග්ගහෙත්වා මහාභිසො, සත්තවස්සිකආබාධං නත්ථුකම්මෙන නාසයි.
Sinhala BJT3. හෙතෙමේ තක්සලාවට ගොස් උගෙණ මහ වෙදෙක් වූයේ සත් අවුරුද්දක් පැවති හිසරුදාව නස්‍යකර්‍මයෙන් නැසී ය.
Pali BJT4. රඤ්ඤො භගන්දලාබාධං, ආලෙපෙන අපාකරි{2}, මමඤ්ච ඉත්ථාගාරඤ්ච බුද්ධසඞ්ඝඤ්චුපට්ඨහ{3}.
Sinhala BJT4. බිම්සරරජුගේ භගන්‍දළාබාධය ආලේපයක් දීමෙන් ඉවත් කෙළේ ය. මාහට ද අන්තඃපුරයට ද බුදුරජුන්ට ද භික්‍ෂුසඞ්ඝයාට ද උවටැන් කරව යි (රජතෙමේ තනතුරු දුන්නේ ය.)
Pali BJT5. රාජගහිකො ච සෙට්ඨි අන්තගණ්ඨිං තිකිච්ඡිතං{4}, පජ්ජොතස්ස මහ රොගං ඝතපානෙන නාසයි.
Sinhala BJT5. රජගහසිටු තෙමේ සුව පත් කරණ ලද්දේ ය. (බරණැස්සිටුපුත්හුගේ) අන්තගණ්ඨි ආබාධයට පිළියම් කරණ ලදී. පජ්ජෝත රජුගේ මහා රෝගය ගිතෙල් පෙවීමෙන් නැසූයේ ය.
Pali BJT6. අධිකාරඤ්ච සීවෙය්යං{5} අභිසන්නං සිනෙහයි,{6} තීහි{7} උප්පලහත්ථෙහි සමතිංසවිරෙචනං.
Sinhala BJT6. අධිකාරය ද, සීවෙය්‍යපරිත්‍යාගය ද, දොස් කිපුනු ශරීරය මොළොක් කිරීම ද, උපුල්මල්මිටි තුණෙකින් සමතිස් විරේචනය–
Pali BJT7. පකතත්තං වරං යාචි, සීවෙය්යඤ්ච පටිග්ගහි, චීවරඤ්ච ගිහීදානං අනුඤ්ඤාසි තථාගතො.
Sinhala BJT7. ප්‍රකෘතිස්වභාව ඇති බුදුරජුගෙන් වරයක් ඉල්ලී ය. සීවෙය්‍යවස්ත්‍ර පිළිගත්හ. තථාගතයන් වහන්සේ ගැහැවියන් දෙන සිවුරු පිළිගැණීම අනුදත් සේක.
Pali BJT8. රාජගහෙ ජනපදෙ බහුං උප්පජ්ජි චීවරං, පාවාරො කොසිකඤ්චෙව කොජවො අඩ්ඪකාසියං.
Sinhala BJT8. රජගහනුවර ද ජනපදයෙහි ද බොහෝ සිවුරු උපන. උතුරු සළුව ද, කෝසෙය්‍යපාවාරය ද, කොඳුපලස ද පන්සියයක් අගනා කම්බිලිය ද,
Pali BJT9. උච්චාවචා ච සන්තුට්ඨි නාගමෙ සාගමෙසු ච{8} පඨමං පච්ඡා සදිසා කතිකා ච පටීහරුං.
Sinhala BJT9. කුදුමහත් සිවුරු, සතුටුවීම, අනපෙක්‍ෂා සාපේක්‍ෂාවන්හි (අකැමැත්තෙන් කොටස නො දීම, අකැමැත්තෙන් කොටස දිම), පළමු පැමිණීම, පසු ව පැමිණීම, එක් ව සොහොනට පැමිණීම, කතිකා කොට පැමිණීම, ආරාමයට ගෙණ ආ සිවුරු ආපසු ගෙණ ගියහ.
Pali BJT10. භණ්ඩාගාරං අගුත්තඤ්ච වුත්ථාපෙන්ති තථෙව ච, උස්සන්නං කොලාහලඤ්ච කථං භාජෙ කථං දදෙ.
Sinhala BJT10. භාණ්ඩාගාරය, සිවුරු ආරක්‍ෂා නො වීම, (භාණ්ඩාගාරිකයා) බැහැර කරවත්. භාණ්ඩාගාරය සිවුරුවලින් පිරීම, සිවුරු බෙදන තැන කොලාහලය, කෙසේ බෙදන්නේ ද කෙසේ දෙන්නේ ද –
Pali BJT11. සකාතිරෙකභාගෙන පටිවිංසො කථං දදෙ, ඡකණෙන සීතුන්දී ච{9} උත්තරිතුං{10} න ජානරෙ.
Sinhala BJT11. ගමනට සූදානම් වූ භික්‍ෂුහුගේ කොටස දීම, අතිරේක භාගය දීම, පිරිකර කොටස කෙසේ දෙන්නේ ද, ගොම හා නො තැම්බූ පඬු, පඬු ඉතිරීම, පඬු පැසීම පඬු නො පැසීම ද නො දනිත්.
Pali BJT12. ඔරොපෙන්තා භාජනඤ්ච, පාතියා ච ඡමාය ච; උපචිකාමජ්ඣෙ ජීරන්ති එකතො පත්ථින්නෙන ච.
Sinhala BJT12. පඬු බාන්නෝ, පඬු වක්කිරීමට බඳුන, තලියෙහි, බිම සිවුරු ඇතිරීම, (වේයෝ තණ ඇතිරිය කෑහ.) සිවුර මැද (පඬු ගැලීම), කොන් දිරත්. එක් පසකින් පඬු වැගිරේ. සිවුර දැඩි වීම,
Pali BJT13. ඵරුසාච්ඡින්නච්චිබද්ධා අද්දසාසි උබ්භණ්ඩිතෙ, වීමංසිත්වා සක්යමුනි අනුඤ්ඤාසි තිචීවරං.
Sinhala BJT13. සිවුර රළුවීම, කඩ නො කැපීම, ලියදී බැඳි කුඹුර, සිවුරුපොදි ඔසවා ගත් භික්‍ෂූන් ද දුටු සේක. භාග්‍යවතුන් වහන්සේ පරීක්‍ෂා කොට තුන් සිවුර අනුදත් සේක.
Pali BJT14. අඤ්ඤෙන අතිරෙකෙන උප්පජ්ජි ඡිද්දමෙව ච, චාතුද්දීපො වරං යාචි දාතුං වස්සිකසාටිකං.
Sinhala BJT14. අනික් අනික් අතිරේක සිවුරෙන් යුක්තවීම, අනඳ තෙරුන්ට සිවුරක් ලැබුනේ ය. අඳනය සිදුරුවීම, චාතුද්දීපිකමහාමේඝය, වර ඉල්වී ය. වැසිසළු දීම,
Pali BJT15. ආගන්තුගමිගිලානං උපට්ඨාකඤ්ච භෙසජං{1} ධුවං උදකසාටිඤ්ච පණීතං අතිඛුද්දකං.
Sinhala BJT15. ආගන්තුක, ගමික, ගිලාන, උපට්ඨාක, බෙහෙත් දීම, නිති කැඳ දීම, දියසළු දීම, පිණි බොජුන් වැළඳීම, කුඩා පසතුරුණ තහනම් කිරීම,
Pali BJT16. ථුල්ලකච්ඡු මුඛං ඛොමං පරිපුණ්ණං අධිට්ඨනං{2}, පච්ඡිමං{3} කතො ගරුකො විකණ්ණො සුත්තමොකිරි{4}.
Sinhala BJT16. ථුල්ලකච්ඡුආබාධය, මුව පිස්නා රෙදිකඩ, කොමුයෙන් කළ පැරණි වත, පිරිපුන් තුන් සිවුරු, ඉටීම, පැසුළු සිවුර, කරණ ලද බර වූ පංසුකූල චීවරය, සිවුරෙහි කොන් දික්වීම, නූල් ඉදිරීම,
Pali BJT17. ලුජ්ජන්ති නප්පහොන්ති ච අන්වාධිකං බහූනි ච, අන්ධවනෙ අසතියා එකො වස්සං උතුම්හි ච.
Sinhala BJT17. සිවුරු පත් නැසේ. කඩ කැපීමට නො පොහෝනේ ය. අමුතු පටියක් ඇල්ලීම, බොහෝ සිවුරු ලැබීම, අන්‍ධවනයෙහි තුබූ සිවුර නැතිවීම, අසතියෙන් සඟලසිවුරෙන් වෙන් ව ගම් වැදීම, තනි ව වස් විසීම, වස්සානයෙන් අන් කාලයෙහි එකලා ව විසීම –
Pali BJT18. ද්වෙ භාතුකා රාජගහෙ, උපනන්දො පුන ද්වීසු; කුච්ඡිවිකාරො ගිලානො, උභො චෙව ගිලානකා{5}.
Sinhala BJT18. සහෝදරයෝ දෙදෙන රජගහනුවර වස් වුසූහ. උපනන්‍ද තෙරුන් සැවැත්නුවර වස් විසීම, දෙපලක එකලා ව වස් විසීම, කුච්ජිවිකාරය ඇති ගිලනා, ගිලන්හු දෙදෙන, ගිලන් උවටැනට සුදුසු නො සුදුසු අය –