Pali BJT59. අථ ඛො භගවා ජීවකස්ස කොමාරභච්චස්ස චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: “ඉධානන්ද, ජීවකස්ස කොමාරභච්චස්ස බහිද්වාරකොට්ඨකා නික්ඛන්තස්ස එතදහොසි: ‘මයා ඛො භගවතො සමතිංසාය විරෙචනං දින්නං. දොසාභිසන්නො තථාගතස්ස කායො. න භගවන්තං සමතිංසක්ඛත්තුං විරෙචෙස්සති, එකූනතිංසක්ඛත්තුං භගවන්තං විරෙචෙස්සති. අපිච භගවා විරිත්තො නහායිස්සති. නහාතං භගවන්තං සකිං විරෙචෙස්සති. එවං භගවතො සමතිංසාය විරෙචනං භවිස්සතී’ති. තෙන හානන්ද, උණ්හොදකං පටියාදෙහී”ති. “එවං භන්තෙ”ති ඛො ආයස්මා ආනන්දො භගවතො පටිස්සුත්වා උණ්හොදකං පටියාදෙසි.
Sinhala BJT59. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ජීවක කෝමාරභච්චයාගේ අදහස (තමන්) සිතින් දැන “ආනන්‍දය, මෙහි බිහිදොරටුවෙන් නික්මෙන්නා වූ ජීවක කෝමාරභච්චයාහට ‘මා විසින් භාග්‍යවතුන් වහන්සේට තිස්වරක් විරේක වන බෙහෙතක් දෙන ලද්දේ ය. තථාගතයන් වහන්සේගේ ශරීරය උත්සන්න වූ දොස් ඇත්තේ ය. භාග්‍යවතුන් වහන්සේට තිස් වරක් විරේචනය නො වන්නේ ය. එකුන්තිස්වරක් භාග්‍යවතුන් වහන්සේට විරේචනය වන්නේ ය. එහෙත් විරේචනය කළා වූ භාග්‍යවතුන් වහන්සේ ස්නානය කරණ සේක. ස්නානය කළ භාග්‍යවතුන් වහන්සේට වරක් විරේචනය වන්නේ ය. මෙසේ භාග්‍යවතුන් වහන්සේට තිස් වරක් විරේචනය වන්නේ ය” යන සිත් වී ය යි වදාරා ආයුෂ්මත් අනඳතෙරුන් ඇමතූ සේක: “ආනන්‍දය, එසේ නම් උණුදිය පිළියෙල කරව”යි. “ස්වාමීනි, එසේය”යි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දි උණුදිය පිළියෙල කළහ.
Pali BJT60. අථ ඛො ජීවකො කොමාරභච්චො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ජීවකො කොමාරභච්චො භගවන්තං එතදවොච: “විරිත්තො භන්තෙ භගවා”ති. “විරිත්තො’ම්හි, ජීවකා”ති. ඉධ මය්හං භන්තෙ බහිද්වාරකොට්ඨකා නික්ඛන්තස්ස එතදහොසි: “මයා ඛො භගවතො සමතිංසාය විරෙචනං දින්නං. දොසාභිසන්නො තථාගතස්ස කායො. න භගවන්තං සමතිංසක්ඛත්තුං විරෙචෙස්සති. එකූනත්තිංසක්ඛත්තුං භගවන්තං විරෙචෙස්සති. අපි ච භගවා විරිත්තො නහායිස්සති. නහාතං භගවන්තං සකිං විරෙචෙස්සති. එවං භගවතො සමතිංසාය විරෙචනං භවිස්සතී”ති. නහායතු, භන්තෙ, භගවා, නහායතු සුගතො”ති. අථ ඛො භගවා උණ්හොදකං නහායි. නහාතං භගවන්තං සකිං විරෙචෙසි. එවං භගවතො සමතිංසාය විරෙචනං අහොසි.
Sinhala BJT60. ඉක්බිති ජීවක කෝමාරභච්ච තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්නේ ය. පසෙක හුන්නා වූ ජීවක කෝමාරභච්ච තෙමේ “ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ විරේක කළ සේක් දැ” යි භාග්‍යවතුන් වහන්සේගෙන් ඇසී ය. “ජීවකය විරේක කළෙම් වෙමි.” “ස්වාමීනි, මෙහි පිටදොරටුවෙන් නික්මෙන්නාවූ මට “මා විසින් භාග්‍යවතුන් වහන්සේට තිස්වරක් විරේක වන බෙහෙතක් දෙන ලද්දේ ය. තථාගතයන් වහන්සේගේ ශරීරය උත්සන්න වූ දොස් ඇත්තේ ය. භාග්‍යවතුන් වහන්සේට තිස් වරක් විරේචනය නො වන්නේ ය. එකුන්තිස්වරක් භාග්‍යවතුන් වහන්සේට විරේචනය වන්නේ ය. එහෙත් විරේචනය කළා වූ භාග්‍යවතුන් වහන්සේ ස්නානය කරණ සේක. ස්නානය කළා වූ භාග්‍යවතුන් වහන්සේට වරක් විරේචනය වන්නේ ය. මෙසේ භාග්‍යවතුන් වහන්සේට තිස්වරක් විරේචනය වන්නේ ය’යි. මේ අදහස වී ය. භාග්‍යවතුන් වහන්සේ ස්නානය කරණ සේක්වා. සුගතයන් වහන්සේ ස්නානය කරණ සේක්වා”යි භාග්‍යවතුන් වහන්සේට සැළකෙළේ ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උණුදිය ස්නානය කළ සේක. ස්නානය කළා වූ භාග්‍යවතුන් වහන්සේට වරක් විරේචනය වි ය. මෙසේ භාග්‍යවතුන් වහන්සේට සමතිස් විරේචනයෙක් විය.
Pali BJT61. අථ ඛො ජීවකො කොමාරභච්චො භගවන්තං එතදවොච: “යාව භන්තෙ, භගවතො කායො පකතත්තො හොති, අලං තාව යූසපිණ්ඩපාතෙනා”ති{1}.
Sinhala BJT61. අනතුරුව ජීවක කෝමාරභච්චතෙමේ “ස්වාමීනි, යම්තාක් කලකින් භග්‍යවතුන්වහන්සේගේ ශරීරය ප්‍රකෘතිස්වභාවය ඇත්තේ වේ ද, ඒ තාක් කල් සිනිඳු වූ ආහාර සුදුසු ය”යි භාග්‍යවතුන් වහන්සේට සැළ කෙළේ ය.
Pali BJT62. අථ ඛො භගවතො කායො න චිරස්සෙව පකතත්තො අහොසි. අථ ඛො ජීවකො කොමාරභච්චො තං සීවෙය්යකං දුස්සයුගං ආදාය යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ජීවකො කොමාරභච්චො භගවන්තං එතදවොච: “එකාහං භන්තෙ, භගවන්තං වරං යාචාමී”ති. “අතික්කන්තවරා ඛො ජීවක, තථාගතා”ති. “යඤ්ච භන්තෙ, කප්පති යඤ්ච අනවජ්ජ”න්ති. “වදෙහි ජීවකා”ති. “භගවා භන්තෙ, පංසුකූලිකො භික්ඛුසඞ්ඝො ච. ඉදං මෙ භන්තෙ, සීවෙය්යකං දුස්සයුගං රඤ්ඤා පජ්ජොතෙන පහිතං බහුන්නං දුස්සානං බහුන්නං දුස්සයුගානං බහුන්නං දුස්සයුගසතානං බහුන්නං දුස්සයුගසහස්සානං බහුන්නං දුස්සයුගසතසහස්සානං අග්ගඤ්ච සෙට්ඨඤ්ච මොක්ඛඤ්ච උත්තමඤ්ච පවරඤ්ච. පතිගණ්හාතු මෙ භන්තෙ, භගවා සීවෙය්යකං දුස්සයුගං. භික්ඛුසඞ්ඝස්ස ච ගහපති චීවරං අනුජානාතූ”ති. පටිග්ගහෙසි භගවා සීවෙය්යකං දුස්සයුගං.
Sinhala BJT62. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේගේ ශරීරය නොබෝ කලකින් ම ප්‍රකෘති ස්වභාව ඇත්තේ වි ය. නැවත ජීවක කෝමාරභච්ච තෙමේ ඒ සීවෙය්‍යකවස්ත්‍රයුග්මය ගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්නේ ය. පසෙක හුන් ජීවක කෝමාරභච්ච තෙමේ “ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේගෙන් එක් වරයක් ඉල්ලමි” යි භාග්‍යවතුන් වහන්සේට සැළකෙළේ ය. “ජීවකය, තථාගතවරයෝ වර ඉක්මවූවාහු ය”. “ස්වාමීනි, යමක් කැප වේ ද, යමක් නිදොස් වේ ද, (එබඳු වරයක් ඉල්ලමි)”යි. “ජීවකය, කියව”. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ පංසුකූලික වන සේක. භික්‍ෂුසඞ්ඝ තෙමේත් පංසුකූලික වේ. ස්වාමීනි, මේ සීවෙය්‍යකවස්ත්‍රයුග්මය පජ්ජෝත රජු විසින් මට එවන ලද්දේ ය. බොහෝ වස්ත්‍රයන්ට බොහෝ වස්ත්‍රයුග්මයන්ට බොහෝ සියගණන් වස්ත්‍රයුග්මයන්ට බොහෝ දහස්ගණන් වස්ත්‍රයුග්මයන්ට බොහෝ ලක්‍ෂගණන් වස්ත්‍රයුග්මයන්ට අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද මුඛ්‍ය ද උත්තම ද ප්‍රවර ද වේ. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මාගේ සීවෙය්‍යකවස්ත්‍රයුග්මය පිළිගන්නා සේක් වා. භික්‍ෂුසඞ්ඝයාට ද ගෘහපතිචීවරය අනුදන්නා සේක්වා” යි සැළකෙළේ ය. භාග්‍යවතුන් වහන්සේ සීවෙය්‍යකවස්ත්‍රයුග්මය පිළිගත් සේක.
Pali BJT63. අථ ඛො භගවා ජීවකං කොමාරභච්චං ධම්මියා කථාය සන්දස්සෙසි. සමාදපෙසි. සමුත්තෙජෙසි. සම්පහංසෙසි. අථ ඛො ජීවකො කොමාරභච්චො භගවතා ධම්මියා කථාය සන්දස්සිතො සමාදපිතො සමුත්තෙජිතො සම්පහංසිතො උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
Sinhala BJT63. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ජීවක කෝමාරභච්චයාට දැහැමි කතාවෙන් කරුණු දැක්වූ සේක (එහි ඔහු) සමාදන් කරවූ සේක. තියුණු කරවු සේක. සතුටු කරවූ සේක. භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කතාවෙන් කරුණු දක්වන ලද සමාදන් කරවන ලද තියුණු කරවන ලද සතුටු කරවන ලද ජීවක කෝමාරභච්චතෙමේ හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට නික්ම ගියේ ය.
Pali BJT64. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “අනුජානාමි භික්ඛවෙ, ගහපතිචීවරං. යො ඉච්ඡති, පංසුකූලිකො හොතු. යො ඉච්ඡති, ගහපතිචීවරං සාදියතු. ඉතරීතරෙනපහං{1} භික්ඛවෙ, සන්තුට්ඨිං වණ්ණෙමී”ති.
Sinhala BJT64. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට “මහණෙනි, ගෘහපතිචීවරය අනුදනිමි. යමෙක් කැමැති නම්, පංසුකූලික වේවා, යමෙක් කැමැති නම්, ගෘහපතිචීවරය ඉවසාවා. මහණෙනි, මම කුදු මහත් අගය ඇති යම්කිසිවකින් (ලදදෙයින්) ම සතුටු වී ම වර්‍ණනා කරමි” යි භික්‍ෂූන් ඇමතූ සේක.
Pali BJT65. අස්සොසුං ඛො රාජගහෙ මනුස්සා “භගවතා කිර භික්ඛූනං ගහපතිචීවරං අනුඤ්ඤාත”න්ති. තෙ ච මනුස්සා හට්ඨා අහෙසුං උදග්ගා: “ඉදානි ඛො මයං දානානි දස්සාම, පුඤ්ඤානි කරිස්සාම, යතො භගවතා භික්ඛූනං ගහපතිචීවරං අනුඤ්ඤාත”න්ති. එකාහෙනෙව රාජගහෙ බහූනි චීවරසහස්සානි උප්පජ්ජිංසු.
Sinhala BJT65. රජගහනුවර වැසි මිනිස්සු “භාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂූන්ට ගෘහපතිචීවරය අනුදන්නා ලද්දේ ල”යි ඇසූහ. “යම්හෙයකින් භාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂූන්ට ගෘහපතිචීවරය අනුදන්නා ලද්දේ ද, (එහෙයින්) අපි දැන් දන් දෙන්නෙමු. පින් කරන්නෙමු”යි ඒ මිනිස්සු ද සතුටු වූහ. ඔද වැඩියෝ වූහ. එක දවසින් ම රජගහ නුවර දී (භික්‍ෂූන්ට) බොහෝ දහස්ගණන් සිවුරු උපන.
Pali BJT66. අස්සොසුං ඛො ජානපදා මනුස්සා “භගවතා කිර භික්ඛූනං ගහපති චීවරං අනුඤ්ඤාත”න්ති. තෙ ච මනුස්සා හට්ඨා අහෙසුං උදග්ගා: “ඉදානි ඛො මයං දානානි දස්සාම, පුඤ්ඤානි කරිස්සාම, යතො භගවතා භික්ඛූනං ගහපතිචීවරං අනුඤ්ඤාත”න්ති. ජනපදෙපි එකාහෙනෙව බහූනි චීවරසහස්සානි උප්පජ්ජිංසු.
Sinhala BJT66. දනවුවණැසි මිනිස්සු “භාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂූන්ට ගෘහපතිචීවරය අනුදන්නා ලද්දේ ල”යි ඇසූහ. “යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂූන්ට ගෘහපතිචීවරය අනුදන්නා ලද්දේ ද, (එහෙයින්) අපි දැන් දන් දෙන්නෙමු. පින් කරන්නෙමු”යි ඒ මිනිස්සු ද සතුටු වූහ. ඔද වැඩියෝ වූහ. එක දවසින් ම ජනපදයෙහි ද බොහෝ දහස් ගණන් සිවුරු උපන.
Pali BJT67. තෙන ඛො පන සමයෙන සඞ්ඝස්ස පාවාරො උප්පන්නො හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, පාවාර”න්ති. කොසෙය්යපාවාරො උප්පන්නො හොති{2}. “අනුජානාමි භික්ඛවෙ, කොසෙය්යපාවාර”න්ති. කොජවං උප්පන්නං හොති. “අනුජානාමි භික්ඛවෙ, කොජව”න්ති.
Sinhala BJT67. එකල්හි සඞ්ඝයාහට පොරෝණා සළුවක් ලැබුනේ ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, පොරෝණ සළුව අනුදනිමි.” පටපණුහුයින් වියූ පොරෝණ සළුවක් ලැබුනේ ය. “මහණෙනි, පටපණුහුයින් වියූ පොරෝණා සළුව අනුදනිමි.” කොඳුපලසක් ලැබුනේ ය. “මහණෙනි, කොඳුපලස අනුදනිමි”යි වදාළසේක.
Pali BJTපඨමභාණවාරො නිට්ඨිතො.
Sinhala BJTපළමු බණවර නිමි.
Pali BJT1. තෙන ඛො පන සමයෙන කාසිරාජා ජීවකස්ස කොමාරභච්චස්ස අඩ්ඪකාසියං{1} කම්බලං පාහෙසි උපඩ්ඪකාසිනං ඛමමානං. අථ ඛො ජීවකො කොමාරභච්චො තං අඩ්ඪකාසිකං කම්බලං ආදාය යෙන භගවා තෙනුපසඞ්කමි’ උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ජීවකො කොමාරභච්චො භගවන්තං එතදවොච: “අයම්මෙ භන්තෙ, අඩ්ඪකාසිකො කම්බලො කාසිරඤ්ඤා පහිතො උපඩ්ඪකාසිනං ඛමමානො. පතිගණ්හාතු මෙ භන්තෙ, භගවා කම්බලං, යං මම අස්ස දීඝරත්තං හිතාය සුඛායා”ති. පටිග්ගහෙසි භගවා කම්බලං.
Sinhala BJT1. එකල්හි කසීරජ තෙමේ ජීවක කොමාරභච්චහට අඩදහසකට පොහෝනා වූ (පන්සියයක් අගනා වූ) කම්බිලියක් යැවී ය. ඉක්බිති ජීවක කෝමාරභච්ච තෙමේ පන්සියයක් අගනා වූ ඒ කම්බිලිය ගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්නේ ය. පසෙක හුන්නා වූ ජීවක කෝමාරභච්චතෙමේ “ස්වාමීනි, මාගේ අඩ දහසකට පොහෝනා වූ (පන්සියයක් අගනා වූ) මේ කම්බිලිය කාසිරජු විසින් එවන ලද්දේ ය. යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේගේ පිළිගැණීම මට බොහෝ කාලයක් හිත සැප පිණිස වන්නේ ද, එහෙයින් භාග්‍යවතුන් වහන්සේ මාගේ මේ කම්බිලිය පිළිගන්නා සේක්වා” යි භාග්‍යවතුන් වහන්සේට සැළ කෙළේ ය. භාග්‍යවතුන් වහන්සේ කම්බිලිය පිළිගත්සේක.
Pali BJT2. අථ ඛො භගවා ජීවකං කොමාරභච්චං ධම්මියා කථාය සන්දස්සෙසි. සමාදපෙසි. සමුත්තෙජෙසි. සම්පහංසෙසි. අථ ඛො ජීවකො කොමාරභච්චො භගවතා ධම්මියා කථාය සන්දස්සිතො සමාදපිතො සමුත්තෙජිතො සම්පහංසිතො උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
Sinhala BJT2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ජීවක කෝමාරභච්චයාට දැහැමි කතාවෙන් කරුණු දැක්වූ සේක. (එහි ඔහු) සමාදන් කරවූ සේක. තියුණු කරවූ සේක. සතුටු කරවූ සේක. එකල්හි ජීවක කෝමාරභච්ච තෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමිකතාවෙන් කරුණු දක්වන ලද්දේ සමාදන් කරවන ලද්දේ තියුණු කරවන ලද්දේ සතුටු කරවන ලද්දේ හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට නික්ම ගියේ ය.
Pali BJT3. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “අනුජානාමි භික්ඛවෙ, කම්බල”න්ති.
Sinhala BJT3. ඉන් පසු භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට භික්‍ෂූන් අමතා “මහණෙනි, කම්බිලිය අනුදනිමි” යි වදාළසේක.
Pali BJT4. තෙන ඛො පන සමයෙන සඞ්ඝස්ස උච්චාවචානි චීවරානි උප්පජ්ජන්ති{2}. අථ ඛො භික්ඛූනං එතදහොසි: “කින්නු ඛො භගවතා චීවරං අනුඤ්ඤාතං කිං අනනුඤ්ඤාත”න්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, ඡ චීවරානි: ඛොමං කප්පාසිකං කොසෙය්යං කම්බලං සාණං භඞ්ග”න්ති.
Sinhala BJT4. එකල්හි සඞ්ඝයාට අගය ඇති නැති සිවුරු ලැබෙයි. එකල භික්‍ෂූන්ට “කවර භාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂූන්ට සිවුරු අනුදන්නා ලද ද, කවර නො අනුදන්නා ලද දැ?” යි සිත් විය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, කොමු පිළී, කපු පිළී, පට පිළී, කම්බිලි, හණවැහැරි පිළී, මේ පස් නූලෙන් මුසු පිළී යන සිවුරු{*} සයක් අනුදනිමි”.
Pali BJT5. තෙන ඛො පන සමයෙන යෙ තෙ භික්ඛූ{3} ගහපතිචීවරං සාදියන්ති, තෙ කුක්කුච්චායන්තා පංසුකූලං න සාදියන්ති: “එකංයෙව භගවතා චීවරං අනුඤ්ඤාතං. න ද්වෙ”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, ගහපතිචීවරං සාදියන්තෙන පංසුකූලම්පි සාදියිතුං. තදුභයෙනපහං භික්ඛවෙ, සන්තුට්ඨිං වණ්ණෙමී”ති.
Sinhala BJT5. එකල්හි “භාග්‍යවතුන් වහන්සේ විසින් එක ම සිවුරක් අනුදන්නා ලද ය. සිවුරු දෙකක් නො අනුදන්නා ලදැ”යි යම් ඒ භික්‍ෂූහු ගෘහපතී චීවරය ඉවසත් ද, ඒ භික්‍ෂූහු කුකුස් කරන්නෝ පංසුකූලය නො ඉවසත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, ගෘහපති චීවරය ඉවසන්නහු විසින් පංසුකූලයත් ඉවසන්නට අනුදනිමි. මහණෙනි, මම ඒ දෙකින් ම සතුටු වීම වර්‍ණනා කරමි”.
Pali BJT6. තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛූ කොසලෙසු ජනපදෙ අද්ධානමග්ගප්පටිපන්නා හොන්ති. එකච්චෙ භික්ඛූ සුසානං ඔක්කමිංසු පංසුකූලාය. එකච්චෙ භික්ඛූ නාගමෙසුං{4}. යෙ තෙ භික්ඛූ සුසානං ඔක්කමිංසු පංසුකූලාය, තෙ පංසුකූලානි ලභිංසු. යෙ තෙ භික්ඛූ නාගමෙසුං, තෙ එවමාහංසු: “අම්හාකම්පි ආවුසො භාගං දෙථා”ති. තෙ එවමාහංසු: “න මයං ආවුසො තුම්හාකං භාගං දස්සාම. කිස්ස තුම්හෙ නාගමිත්ථා”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, නාගමෙන්තානං න අකාමා{5} භාගං දාතු”න්ති.
Sinhala BJT6. එකල්හි බොහෝ භික්‍ෂූහු කොසොල් දනව්වෙහි දීර්‍ඝමාර්‍ගයට පිළිපන්නාහු වෙත්. ඇතැම් භික්‍ෂූහු පංසුකූල වස්ත්‍ර පිණිස සොහොනට පිවිසියාහු ය. ඇතැම් භික්‍ෂූහු එය බලාපොරොත්තු නො වූවාහු ය. යම් ඒ භික්‍ෂූහු පංසුකූල පිණිස සොහොනට පිවිසියාහු ද, ඒ භික්‍ෂූහු පංසුකූල ලැබූහ. යම් ඒ භික්‍ෂූහු බලාපොරොත්තු නො වූවාහු ද, ඒ භික්‍ෂූහු “ඇවැත්නි, අපටත් කොටසක් දෙවු” යි මෙසේ කීහ. ඒ භික්‍ෂූහු “ඇවැත්නි, අපි තොපට කොටසක් නො දෙන්නෙමු. කුමක් නිසා තෙපි බලාපොරොත්තු නො වූවහු දැ” යි මෙසේ කීහ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. ‘මහණෙනි, (බලාපොරොත්තු නො වන්නවුන්ට) අකමැත්තෙන් කොටස නො දෙන්නට අනුදනිමි” යි.
Pali BJT7. තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛූ කොසලෙසු ජනපදෙසු අද්ධානමග්ගප්පටිපන්නා හොන්ති. එකච්චෙ භික්ඛූ සුසානං ඔක්කමිංසු පංසුකූලාය. එකච්චෙ භික්ඛූ ආගමෙසුං. යෙ තෙ භික්ඛූ සුසානං ඔක්කමිංසු පංසුකූලාය, තෙ පංසුකූලානි ලභිංසු. යෙ තෙ භික්ඛූ ආගමෙසුං, තෙ එවමාහංසු: “අම්හාකම්පි ආවුසො භාගං දෙථා”ති. තෙ එවමාහංසු: “න මයං ආවුසො තුම්හාකං භාගං දස්සාම. කිස්ස තුම්හෙ න ඔක්කමිත්ථා”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, ආගමෙන්තානං අකාමා භාගං දාතු”න්ති.
Sinhala BJT7. එකල්හි බොහෝ භික්‍ෂූහු කොසොල් දනව්වෙහි දීර්‍ඝමාර්‍ගයට පිළි පන්නාහු වෙත්. ඇතැම් භික්‍ෂූහු පංසුකූල පිණිස සොහොනට පිවිසියාහු ය. ඇතැම් භික්‍ෂූහු බලාපොරොත්තු ව සිටියහ. යම් ඒ භික්‍ෂූහු පංසුකූල පිණිස සොහොනට පිවිසියාහු ද, ඒ භික්‍ෂූහු පංසුකූල ලැබූහ. යම් ඒ භික්‍ෂූහු බලාපොරොත්තු ව සිටියාහු ද, ඒ භික්‍ෂූහු “ඇවැත්නි, අපටත් කොටස දෙවු” යි මෙසේ කීහ. ඒ භික්‍ෂූහු “ඇවැත්නි, අපි තොපට කොටස නො දෙන්නෙමු. කුමක් හෙයින් තෙපි නො පැමිණියහු දැ” යි මෙසේ කීහ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, බලාපොරොත්තු ව සිටින්නවුන්ට නො කැමැත්තෙන් කොටස දෙන්නට අනුදනිමි”.
Pali BJT8. තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛූ කොසලෙසු ජනපදෙසු අද්ධානමග්ගප්පටිපන්නා හොන්ති. එකච්චෙ භික්ඛූ පඨමං සුසානං ඔක්කමිංසු පංසුකූලාය. එකච්චෙ භික්ඛූ පච්ඡා ඔක්කමිංසු. යෙ තෙ භික්ඛූ පඨමං සුසානං ඔක්කමිංසු පංසුකූලාය, තෙ පංසුකූලානි ලභිංසු. යෙ තෙ භික්ඛූ පච්ඡා ඔක්කමිංසු, තෙ න ලභිංසු. තෙ එවමාහංසු: “අම්හාකම්පි ආවුසො භාගං දෙථා”ති. තෙ එවමාහංසු: “න මයං ආවුසො තුම්හාකං භාගං දස්සාම. කිස්ස තුම්හෙ පච්ඡා ඔක්කමිත්ථා”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, පච්ඡා ඔක්කමන්තානං{1} න අකාමා භාගං දාතු”න්ති.
Sinhala BJT8. එකල්හි බොහෝ භික්‍ෂූහු කොසොල්දනව්වෙහි දීර්‍ඝමාර්‍ගයට පිළිපන්නාහු වෙත්. ඇතැම් භික්‍ෂූහු පංසුකූල පිණිස පළමු කොට සොහොනට පිවිසියාහු ය. ඇතැම් භික්‍ෂූහු පසු ව පිවිසියාහු ය. යම් ඒ භික්‍ෂූහු පංසුකූල පිණිස පළමු කොට සොහොනට පිවිසියාහු ද, ඒ භික්‍ෂූහු පංසුකූල ලැබූහ. යම් ඒ භික්‍ෂූහු පසු ව පිවිසියාහු ද, ඒ භික්‍ෂූහු නො ලැබූහ. ඒ භික්‍ෂූහු “ඇවැත්නි, අපටත් කොටස දෙවු” යි මෙසේ කීහ. ඒ භික්‍ෂූහු “ඇවැත්නි, අපි තොපට කොටස නො දෙන්නෙමු. කුමක් හෙයින් තෙපි පසු ව පැමිණියහු දැ” යි මෙසේ කීහ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, පසු ව පැමිණෙන්නවුන්ට අකමැත්තෙන් කොටස නො දෙන්නට අනුදනිමි”.
Pali BJT9. තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛූ කොසලෙසු ජනපදෙසු අද්ධානමග්ගප්පටිපන්නා හොන්ති. තෙ සදිසා සුසානං ඔක්කමිංසු පංසුකූලාය. එකච්චෙ භික්ඛූ පංසුකූලානි ලභිංසු, එකච්චෙ භික්ඛූ න ලභිංසු. යෙ තෙ භික්ඛූ න ලභිංසු, තෙ එවමාහංසු: “අම්හාකම්පි ආවුසො භාගං දෙථා”ති. තෙ එවමාහංසු: “න මයං ආවුසො තුම්හාකං භාගං දස්සාම. කිස්ස තුම්හෙ න ලභිත්ථා”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ සදිසානං ඔක්කන්තානං අකාමා භාගං දාතු”න්ති.
Sinhala BJT9. එකල්හි බොහෝ භික්‍ෂූහු කොසොල්දනව්වෙහි දීර්‍ඝමාර්‍ගයට පිළිපන්නාහු වෙත්. ඒ භික්‍ෂූහු සම ව (එක් විට) පංසුකූල පිණිස සොහොනට පිවිසියාහු ය. ඇතැම් භික්‍ෂූහු පංසුකූල ලැබූහ. ඇතැම් භික්‍ෂූහු නො ලැබූහ. යම් ඒ භික්‍ෂූහු නො ලැබූහු ද, ඒ භික්‍ෂූහු “ඇවැත්නි, අපටත් කොටස දෙවු” යි මෙසේ කීහ. ඒ භික්‍ෂූහු “ඇවැත්නි, අපි තොපට කොටස නො දෙන්නෙමු. කුමක් හෙයින් තෙපි නො ලැබූවහු දැ” යි මෙසේ කීහ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, සම ව පැමිණෙන්නවුන්ට නො කැමැත්තෙන් කොටස දෙන්නට අනුදනිමි”.
Pali BJT10. තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛූ කොසලෙසු ජනපදෙසු අද්ධානමග්ගප්පටිපන්නා හොන්ති. තෙ කතිකං කත්වා සුසානං ඔක්කමිංසු පංසුකූලාය. එකච්චෙ භික්ඛූ පංසුකූලානි ලභිංසු. එකච්චෙ භික්ඛූ න ලභිංසු. යෙ තෙ භික්ඛූ න ලභිංසු, තෙ එවමාහංසු: “අම්හාකම්පි ආවුසො භාගං දෙථා”ති. තෙ එවමාහංසු: “න මයං ආවුසො තුම්හාකං භාගං දස්සාම. කිස්ස තුම්හෙ න ලභිත්ථා”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, කතිකං කත්වා ඔක්කන්තානං අකාමා භාගං දාතු”න්ති.
Sinhala BJT10. එකල්හි බොහෝ භික්‍ෂූහු කොසොල්දනව්වෙහි දීර්‍ඝමාර්‍ගයට පිළිපන්නාහු වෙත්. ඒ භික්‍ෂූහු කතිකා කොට පාංසුකූල පිණිස සොහොනට පිවිසියාහු ය. ඇතැම් භික්‍ෂූහු පාංසුකූල ලැබූහ. ඇතැම් භික්‍ෂූහු නො ලැබූහ. යම් ඒ භික්‍ෂූහු නො ලැබුවාහු ද, ඒ භික්‍ෂූහු “ඇවැත්නි, අපටත් කොටස දෙවු”යි මෙසේ කීහ. ඒ භික්‍ෂූහු “ඇවැත්නි, අපි තොපට කොටස නො දෙන්නෙමු. කුමක් හෙයින් තෙපි නො ලැබූවහු දැ” යි මෙසේ කීහ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, කතිකා කොට පැමිණෙන්නවුන්ට නො කැමැත්තෙන් කොටස දෙන්නට අනුදනිමි”.
Pali BJT11. තෙන ඛො පන සමයෙන මනුස්සා චීවරං ආදාය ආරාමං ආගච්ඡන්ති. තෙ පටිග්ගාහකං අලභමානා පටිහරන්ති. චීවරං පරිත්තං උප්පජ්ජති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතං භික්ඛුං චීවරපටිග්ගාහකං සම්මන්නිතුං: යො න ඡන්දාගතිං ගච්ඡෙය්ය, න දොසාගතිං ගච්ඡෙය්ය, න මොහාගතිං ගච්ඡෙය්ය, න භයාගතිං ගච්ඡෙය්ය, ගහිතාගහිතඤ්ච ජානෙය්ය.”
Sinhala BJT11. එකල්හි මිනිස්සු සිවුරු ගෙණ ආරාමයට එත්. ඒ මිනිස්සු පිළි ගන්නකු නො ලබන්නෝ පෙරළා ගෙණයත්. සිවුරු ස්වල්පවශයෙන් ලැබේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, යම් මහණෙක් ඡන්‍දයෙන් අගතියට නො යන්නේ ද, ද්වේෂයෙන් අගතියට නො යන්නේ ද, මෝහයෙන් අගතියට නො යන්නේ ද, බියෙන් අගතියට නො යන්නේ ද, ගත් නො ගත් දෙය දන්නේ ද, එබඳු පසගින් යුත් මහණකු සිවුරු පිළිගන්නහු කොට සම්මත කරන්නට අනුදනිමි” යි වදාළ සේක.
Pali BJT12. එවඤ්ච පන භික්ඛවෙ, සම්මන්නිතබ්බො: පඨමං භික්ඛු යාචිතබ්බො. යාචිත්වා බ්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො: “සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුං චීවරපටිග්ගාහකං සම්මන්නෙය්ය. එසා ඤත්ති. “සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුං චීවරපටිග්ගාහකං සම්මන්නති. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස භික්ඛුනො චීවරපටිග්ගාහකස්ස සම්මුති, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති සො භාසෙය්ය. සම්මතො සඞ්ඝෙන ඉත්ථන්නාමො භික්ඛු චීවරපටිග්ගාහකො. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී, එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJT12. මහණෙනි, මෙසේ සම්මත කළ යුතු ය: පළමු කොට මහණ තෙමේ ඉල්විය යුත්තේ ය. ඉල්වා ව්‍යක්ත ප්‍රතිබල භික්‍ෂූහුනමක් විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ ය: “ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම්, සඞ්ඝ තෙමේ මෙ නම් ඇති මහණහු සිවුරු පිළිගන්නහු කොට සම්මත කරන්නේ ය. මේ දැන්වීම ය. ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. සඞ්ඝ තෙමේ මෙ නම් ඇති මහණහු සිවුරු පිළිගන්නහු කොට සම්මත කරයි යම් ආයුෂ්මතකු හට මෙ නම් ඇති මහණහුගේ චීවරප්‍රතිග්‍රාහකසම්මුතිය රුචි වේ නම්, හෙතෙමේ තුෂ්ණිම්භූත වන්නේ ය. යමකුට රුචි නො වේ නම් හෙතෙමේ කියන්නේ ය. සඞ්ඝයා විසින් මෙ නම් ඇති මහණ තෙමේ චීවරප්‍රතිග්‍රාහකයා යි සම්මත කරණ ලද්දේ ය. සඞ්ඝයාට රුචි වේ. එහෙයින් තුෂ්ණිම්භූත වේ. මෙය මෙසේ දරමි”යි කියා යි.
Pali BJT13. තෙන ඛො පන සමයෙන චීවරපටිග්ගාහකා භික්ඛූ චීවරං පටිග්ගහෙත්වා තත්ථෙව උජ්ඣිත්වා පක්කමන්ති. චීවරං නස්සති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, පඤ්චහඞ්ගෙහි සමන්නාගතං භික්ඛුං චීවරනිදහකං සම්මන්නිතුං: යො න ඡන්දාගතිං ගච්ඡෙය්ය, න දොසාගතිං ගච්ඡෙය්ය, න මොහාගතිං ගච්ඡෙය්ය, න භයාගතිං ගච්ඡෙය්ය, නිහිතානිහිතඤ්ච ජානෙය්ය.”
Sinhala BJT13. එකල්හි චීවරප්‍රතිග්‍රාහක භික්‍ෂූහු සිවුරු පිළිගෙණ එහි ම හැරදමා බැහැර යෙත්. සිවුරු නැසේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, යමෙක් ඡන්‍දයෙන් අගතියට නො යන්නේ ද, ද්වේෂයෙන් අගතියට නො යන්නේ ද, මෝහයෙන් අගතියට නො යන්නේ ද, බියෙන් අගතියට නො යන්නේ ද, තැන්පත් කළ නො කළ දෙය දන්නේ ද යන පසඟින් යුත් මහණකු සිවුරු තැන්පත් කරන්නහු කොට සම්මත කරන්නට අනුදනිමි”.
Pali BJT14. එවඤ්ච පන භික්ඛවෙ, සම්මන්නිතබ්බො: පඨමං භික්ඛු යාචිතබ්බො. යාචිත්වා ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො: “සුණාතු මෙ භන්තෙ, සඞ්ඝො. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුං චීවරනිදහකං සම්මන්නෙය්ය. එසා ඤත්ති. “සුණාතු මෙ භන්තෙ, සඞ්ඝො. සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුං චීවරනිදහකං සම්මන්නති. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස භික්ඛුනො චීවරනිදහකස්ස සම්මුති, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය. සම්මතො සඞ්ඝෙන ඉත්ථන්නාමො භික්ඛු චීවරනිදහකො. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී, එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJT14. මහණෙනි, මෙසේ සම්මත කළ යුතු ය: පළමු කොට මහණ තෙමේ ඉල්විය යුත්තේ ය. ඉල්වා ව්‍යක්ත ප්‍රතිබල භික්‍ෂුනමක් විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ ය: “ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා, ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම්, සඞ්ඝ තෙමේ මෙ නම් ඇති මහණහු සිවුරු තැන්පත් කරන්නහු කොට සම්මත කරන්නේ ය. මේ දැන්වීම ය. ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. සඞ්ඝ තෙමේ මෙ නම් ඇති මහණහු සිවුරු තැන්පත් කරන්නහු කොට සම්මත කරයි. යම් ආයුෂ්මතකුහට මෙ නම් ඇති මහණහුගේ සිවුරු තැන්පත් කිරීමේ සම්මුතිය රුචි වේ නම්, ඒ මහණ තෙමේ තුෂ්ණිම්භූත වන්නේ ය. යම් මහණකුහට රුචි නො වේ නම්, හෙතෙමේ කියන්නේ ය. සඞ්ඝයා විසින් මෙ නම් ඇති මහණ තෙමේ සිවුරු තැන්පත් කරන්නේ යි සම්මත කරණ ලද්දේ ය. සඞ්ඝයාහට රුචි වේ. එහෙයින් තුෂ්ණිම්භූත වේ. මෙය මෙසේ දරමි”.
Pali BJT15. තෙන ඛො පන සමයෙන චීවරනිදහකා{1} භික්ඛු මණ්ඩපෙපි රුක්ඛමූලෙපි නිබ්බකොසෙපි චීවරං නිදහන්ති{2}, උන්දූරෙහිපි උපචිකාහිපි ඛජ්ජන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, භණ්ඩාගාරං සම්මන්නිතුං, යං සඞ්ඝො ආකඞ්ඛති විහාරං වා අඩ්ඪයොගං වා පාසාදං වා හම්මියං වා ගුහං වා.”
Sinhala BJT15. එකල්හි සිවුරු තැන්පත් කරණ භික්‍ෂූහු මණ්ඩපයෙහි ද රුක්මුලෙහි ද අගුවෙහි ද සිවුරු තැන්පත් කෙරෙත්. මීයන් විසින් ද වේයන් විසින් ද කනු ලැබෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, සඞ්ඝතෙමේ වෙහෙරක් හෝ අඩ පියසි ගෙයක් හෝ සිවුරැස් ගෙයක් හෝ සඳලු සහිත ගෙයක් හෝ ගුහාවක් හෝ යමක් කැමැති නම්, එය භාණ්ඩාගාරයක් කොට සම්මත කරන්නට අනුදනිමි”.
Pali BJT16. එවඤ්ච පන භික්ඛවෙ, සම්මන්නිතබ්බො: ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො: “සුණාතු මෙ භන්තෙ, සඞ්ඝො. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො ඉත්ථන්නාමං විහාරං භණ්ඩාගාරං සම්මන්නෙය්ය. එසා ඤත්ති. “සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. සඞ්ඝො ඉත්ථන්නාමං විහාරං භණ්ඩාගාරං සම්මන්නති. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස විහාරස්ස භණ්ඩාගාරස්ස සම්මුති, සො තුණ්හස්ස යස්ස නක්ඛමති, සො භාසෙය්ය. “සම්මතො සඞ්ඝෙන ඉත්ථන්නාමො විහාරො භණ්ඩාගාරං. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJT16. මහණෙනි, මෙසේ සම්මත කළ යුතු ය: ව්‍යක්ත ප්‍රතිබල භික්‍ෂුනමක් විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ ය: “ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. ඉදින් සඞ්ඝයාහට පැමිණිකල් ඇත්තේ නම් සඞ්ඝ තෙමේ මෙ නම් ඇති විහාරය භාණ්ඩාගාරයක් කොට සම්මත කරන්නේ ය. මේ දැන්වීම ය. ස්වාමීනි, සඞ්ඝතෙමේ මාගේ වචනය අසාවා. සඞ්ඝ තෙමේ මෙ නම් ඇති විහාරය භාණ්ඩාගාරයක් කොට සම්මත කරයි. යම් ආයුෂ්මතකුහට මෙ නම් විහාරයාගේ භාණ්ඩාගාරසම්මුතිය රුචි වේ නම්, හෙතෙමේ තුෂ්ණිම්භූත වන්නේ ය. යමකුහට රුචි නො වේ නම්, හෙතෙමේ කියන්නේ ය. සඞ්ඝයා විසින් මෙ නම් ඇති විහාරය භාණ්ඩාගාරයක් කොට සම්මත කරණ ලද්දේ ය. සඞ්ඝයාට රුචි වේ. එහෙයින් තුෂ්ණිම්භූත වේ. මෙය මෙසේ දරමි”.
Pali BJT17. තෙන ඛො පන සමයෙන සඞ්ඝස්ස භණ්ඩාගාරෙ චීවරං අගුත්තං හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, පඤ්චහඞ්ගෙහි සමන්නාගතං භික්ඛුං භණ්ඩාගාරිකං{1} සම්මන්නිතුං: යො න ඡන්දාගතිං ගච්ඡෙය්ය, න දොසාගතිං ගච්ඡෙය්ය, න මොහාගතිං ගච්ඡෙය්ය, න භයාගතිං ගච්ඡෙය්ය, ගුත්තාගුත්තඤ්ච ජානෙය්ය.” එවඤ්ච පන භික්ඛවෙ, සම්මන්නිතබ්බො: -පෙ- සම්මතො සඞ්ඝෙන ඉත්ථන්නාමො භික්ඛු භණ්ඩාගාරිකො. ඛමති සඞ්ඝස්ස, තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJT17. එකල්හි සඞ්ඝයාගේ භාණ්ඩාගාරයෙහි සිවුරු නො රැකුනේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, යමෙක් ඡන්‍දයෙන් අගතියට නො යන්නේ ද, ද්වේෂයෙන් අගතියට නො යන්නේ ද, මෝහයෙන් අගතියට නො යන්නේ ද, බියෙන් අගතියට නො යන්නේ ද, රකින නො රකින ලද්ද දන්නේ ද යන පසඟින් යුත් මහණකු භාණ්ඩාගාරික කොට සම්මත කරන්නට අනුදනිමි. මහණෙනි, මෙසේ සම්මත කළ යුතු ය. –පෙ– සඞ්ඝයා විසින් මෙ නම් ඇති මහණ තෙමේ භාණ්ඩාගාරික ය යි සම්මත කරණ ලද්දේ ය. සඞ්ඝයාට රුචි වේ. එහෙයින් තුෂ්ණිම්භූත වේ. මෙය මෙසේ දරමි”.
Pali BJT18. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ භණ්ඩාගාරිකං වුත්ථාපෙන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ, භණ්ඩාගාරිකො වුත්ථාපෙතබ්බො. යො වුත්ථාපෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT18. එකල්හි සවගමහණෝ භාණ්ඩාගාරිකයා පහ කෙරෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, භාණ්ඩාගාරික තෙමේ පහ නො කට යුතු ය. යමෙක් පහකරන්නේ නම්, දුකුළා ඇවැත් වේ” යි.
Pali BJT19. තෙන ඛො පන සමයෙන සඞ්ඝස්ස භණ්ඩාගාරෙ චීවරං උස්සන්නං හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, සම්මුඛීභූතෙන සඞ්ඝෙන භාජෙතු”න්ති.
Sinhala BJT19. එකල්හි සඞ්ඝයාගේ භාණ්ඩාගාරයෙහි සිවුරු බොහෝ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, හමු වූ සඞ්ඝයා විසින් බෙදා ගන්නට අනුදනිමි”.
Pali BJT20. තෙන ඛො පන සමයෙන සබ්බො සඞ්ඝො{2} චීවරං භාජෙන්තො කොලාහලං අකාසි. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, පඤ්චහඞ්ගෙහි සමන්නාගතං භික්ඛුං චීවරභාජකං සම්මන්නිතුං: යො න ඡන්දාගතිං ගච්ඡෙය්ය, න දොසාගතිං ගච්ඡෙය්ය, න මොහාගතිං ගච්ඡෙය්ය, න භයාගතිං ගච්ඡෙය්ය, භාජිතාභාජිතඤ්ච ජානෙය්ය. එවඤ්ච පන භික්ඛවෙ, සම්මන්නිතබ්බො: -පෙ- “සම්මතො සඞ්ඝෙන ඉත්ථන්නාමො භික්ඛු චීවරභාජකො. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJT20. එකල්හි සියලු සඞ්ඝ තෙමේ සිවුරු බෙදන්නේ කලහ කෙළේ ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, යමෙක් ඡන්‍දයෙන් අගතියට නො යන්නේ ද, ද්වේෂයෙන් අගතියට නො යන්නේ ද, මෝහයෙන් අගතියට නො යන්නේ ද, බියෙන් අගතියට නො යන්නේ ද, බෙදූ නො බෙදූ දෙය දන්නේ ද යන මේ පසඟින් යුත් මහණකු සිවුරු බෙදන්නහු කොට සම්මත කරන්නට අනුදනිමි”. මහණෙනි, මෙසේ සම්මත කළ යුතු ය: –පෙ– සඞ්ඝයා විසින් මෙ නම් ඇති මහණ තෙමේ සිවුරු බෙදන්නේ ය යි සම්මත කරණ ලද්දේ ය. සඞ්ඝයාහට රුචි වේ. එහෙයින් තුෂ්ණිම්භූත වේ. මෙය මෙසේ දරමි”.
Pali BJT21. අථ ඛො චීවරභාජකානං භික්ඛූනං එතදහොසි: “කථන්නු ඛො චීවරං භාජෙතබ්බ”න්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, පඨමං උච්චිනිත්වා තුලයිත්වා වණ්ණාවණ්ණං කත්වා භික්ඛූ ගණෙත්වා වග්ගං බන්ධිත්වා චීවරපටිවීසං ඨපෙතු”න්ති.
Sinhala BJT21. එකල්හි සිවුරු බෙදන මහණුන්හට “කෙසේ සිවුරු බෙදිය යුතු දැ”යි සිත් විය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, පළමු කොට තෝරා වටිනාකම පිරිසිඳ, සම කොටස් කොට, භික්‍ෂූන් ගණන් කොට, පොදි බැඳ, සිවුරු කොටස් තබන්නට අනුදනිමි”.
Pali BJT22. අථ ඛො චීවරභාජකානං භික්ඛූනං එතදහොසි: “කථන්නු ඛො සාමණෙරානං චීවරපටිවීසො දාතබ්බො”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, සාමණෙරානං උපඩ්ඪපටිවිංසංදාතු”න්ති.
Sinhala BJT22. එකල්හි සිවුරු බෙදන මහණුන්හට “කෙසේ නම් හෙරණුන්ට සිවුරු කොටස් දිය යුතු දැ”යි සිත් විය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, හෙරණුන්ට කොටස් භාගයක් දෙන්නට අනුදනිමි”.
Pali BJT23. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු සකෙන භාගෙන උත්තරිතුකාමො හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, උත්තරන්තස්ස සකං භාගං දාතු”න්ති.
Sinhala BJT23. එකල්හි එක්තරා මහණෙක් සිය කොටස ගෙණ එතෙර ව යනු කැමැත්තේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, එතෙර යනු කැමැත්තහුට සිය කොටස දෙන්නට අනුදනිමි”.
Pali BJT24. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු අතිරෙකභාගෙන උත්තරිතුකාමො හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, අනුක්ඛෙපෙ දින්නෙ අතිරෙකභාගං දාතු”න්ති.
Sinhala BJT24. එකල්හි එක්තරා මහණෙක් වැඩි කොටසකින් යුක්තව එතෙර යනු කැමැත්තේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, කොටසෙහි වැඩි වටිනා ගණන වෙනුවට දිය යුතු කැප පිරිකර දුන්{*} කල්හි වැඩි කොටසක් දෙන්නට අනුදනිමි”.
Pali BJT25. අථ ඛො චීවරභාජකානං භික්ඛූනං එතදහොසි: “කථන්නු ඛො චීවරපටිවිංසො දාතබ්බො ආගතපටිපාටියා නු ඛො උදාහු යථාවුඩ්ඪ”න්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, විකලකෙ තොසෙත්වා කුසපාතං කාතු”න්ති.
Sinhala BJT25. එකල්හි සිවුරු බෙදන මහණුන්හට “සිවුරු කොටස කෙසේ නම් දිය යුතු ද? ආ පිළිවෙළින් දිය යුතු ද? නොහොත් වැඩිමහලු පිළිවෙළින් දිය යුතු දැ”යි සිත් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ඌන ව සිටි කල්හි (සම සේ බෙදීමට සිවුරු හෝ පුද්ගලයන් නො පොහෝනා කල්හි){*} සතුටු කරවා කුසපත් හෙළීම කරන්නට අනුදනිමි”යි වදාළසේක.
Pali BJT26. තෙන ඛො පන සමයෙන භික්ඛූ ඡකණෙනපි පණ්ඩුමත්තිකායපි චීවරං රජෙන්ති. චීවරං දුබ්බණ්ණං හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, ඡ රජනානි: මූලරජනං ඛන්ධරජනං තචරජනං පත්තරජනං පුප්ඵරජනං ඵලරජන”න්ති.
Sinhala BJT26. එකල්හි භික්‍ෂූහු ගොමින් ද පඬුවන් මැටියෙන් ද සිවුරු පඬු පොවත්. සිවුරු දුර්වර්‍ණ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, මුල්පඬු, දඬුපඬු, පොතුපඬු, කොළපඬු, මල්පඬු, පලපඬු යන පඬු (වර්‍ග) සයක් අනුදනිමි”.
Pali BJT27. තෙන ඛො පන සමයෙන භික්ඛූ සීතුන්දිකාය{1} චීවරං රජන්ති. චීවරං දුග්ගන්ධං හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, රජනං පචිතුං චුල්ලිං{2} රජනකුම්භි”න්ති. රජනං උත්තරීයති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, උත්තරාලුම්පං{3} බන්ධිතු”න්ති.
Sinhala BJT27. එකල්හි භික්‍ෂූහු නො පැසුනු පඬුයෙන් සිවුරු පඬු පොවත්. සිවුරු දුගඳ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, පඬු පිසන්නට උදුනක් ද පඬුසැළියක් ද අනුදනිමි.” පඬු උතුරා යෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, වටඅළුවක් (වට ආදාරයක්) බඳින්නට අනුදනිමි”.
Pali BJT28. තෙන ඛො පන සමයෙන භික්ඛූ න ජානන්ති රජනං පක්කං වා අපක්කං වා. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, උදකෙ වා නඛපිට්ඨිකාය වා ථෙවකං දාතු”න්ති.
Sinhala BJT28. එකල්හි භික්‍ෂූහු “පඬු පැසුනේ ද නො පැසුනේ දැ” යි නො දනිත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, දියෙහි හෝ නිය පිට හෝ පඬු බින්‍දුවක් හෙළන්නට අනුදනිමි”.
Pali BJT29. තෙන ඛො පන සමයෙන භික්ඛූ රජනං ඔරොපෙන්තා කුම්භිං ආවිඤ්ඡන්ති{4}. කුම්භී පභිජ්ජති{5}. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, රජනුළුඞ්කං දණ්ඩකථාලක”න්ති{6}.
Sinhala BJT29. එකල්හි භික්‍ෂූහු (සැළියෙන්) පඬු බාන්නාහු සැළිය නමත්. සැළිය බිඳේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, පඬු කිණිස්සක්, දඬුයෙන් කළ හැන්දක්, අනුදනිමි”.
Pali BJT30. තෙන ඛො පන සමයෙන භික්ඛූනං රජනභාජනං න සංවිජ්ජති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, රජනකොලම්බං{7} රජනඝට”න්ති.
Sinhala BJT30. එකල්හි භික්‍ෂූන්ට පඬු (බැහීමට) බඳුනක් නැත්තේ ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, මහපඬුසැළියක් ද පඬු කළයක් ද අනුදනිමි”.
Pali BJT31. තෙන ඛො පන සමයෙන භික්ඛූ පාතියාපි පත්තෙපි චීවරං සම්මද්දන්ති{8}. චීවරං පරිභිජ්ජති. භගවතො එතමත්ථං ආරොචෙසුං: “අනුජානාමි භික්ඛවෙ, රජනදොණික”න්ති.
Sinhala BJT31. එකල්හි භික්‍ෂූහු තැටියෙහි ද පාත්‍රයෙහි ද සිවුරු මඩිත්. සිවුර ඉරෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, පඬුඔරුවක් අනුදනිමි”.
Pali BJT32. තෙන ඛො පන සමයෙන භික්ඛූ ඡමාය චීවරං පත්ථරන්ති. චීවරං පංසුකිතං හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, තිණසන්ථාරක”න්ති{9}. තිණසන්ථාරකො උපචිකාහි ඛජ්ජති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, චීවරවංසං චීවරරජ්ජු”න්ති. මජ්ඣෙන ලග්ගෙන්ති. රජනං උභතො ගලති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, කණ්ණෙ බන්ධිතු”න්ති. කණ්ණො ජීරති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, කණ්ණසුත්තක”න්ති. රජනං එකතො ගලති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, සම්පරිවත්තකං සම්පරිවත්තකං රජෙතුං, න ච අච්ඡින්නෙ ථෙවෙ පක්කමිතු”න්ති.
Sinhala BJT32. එකල්හි භික්‍ෂූහු සිවුරු බිම එලත්. සිවුරු පස් තැවරුණේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, තණඇතිරියක් අනුදනිමි”. තණඇතිරිය වේයන් විසින් කනු ලැබේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි සිවුරු ලන උණදණ්ඩක් ද සිවුරු ලන රැහනක් ද අනුදනිමි”. මැදින් එල්බේ. පඬු දෙකොණින් වැගිරෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, කොන් බඳින්නට අනුදනිමි”. කොණ දිරයි. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, කොන්හි බඳින හුයක් අනුදනිමි”. පඬු එක් කොණකින් වැගිරෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, පෙරළ පෙරළා පඬු පොවන්නට ද දියබින්‍දු නො සිඳුනු තෙක් බැහැර නො යන්නට ද අනුදනිමි”.
Pali BJT33. තෙන ඛො පන සමයෙන චීවරං පත්ථින්නං හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, උදකෙ ඔසාදෙතු”න්ති.{10}
Sinhala BJT33. එකල්හි සිවුරු (අතිරජනයෙන්) තද වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, දියෙහි ගිල්වා තබන්නට අනුදනිමි”.
Pali BJT34’ තෙන ඛො පන සමයෙන චීවරං ඵරුසං හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, පාණිනා ආකොටෙතු”න්ති .
Sinhala BJT34. එකල්හි සිවුරු රළු වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, අතින් පෙළන්නට (පොඩි කරන්නට) අනුදනිමි”.
Pali BJT35. තෙන ඛො පන සමයෙන භික්ඛූ අච්ඡින්නකානි ධාරෙන්ති{1} දන්තකාසාවානි. [මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “සෙය්යථාපි නාම ගිහී කාමභොගිනො”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ, අච්ඡින්නකානි චීවරානි ධාරෙතබ්බානි. යො ධාරෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.]{2}
Sinhala BJT35. එකල්හි භික්‍ෂූහු කඩ නො කැපූ, දත් මෙන් කහට පැහැති, සිවුරු දරත්, මිනිස්සු “(මොහු) කාමභෝගී වූ ගිහින් සේ” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්, “මහණෙනි, නො කැපූ සිවුරු නො දැරිය යුතු ය. යමෙක් දරන්නේ නම්, දුකුළාඇවැත්වේය” යි වදාළසේක.
Pali BJT36. අථ ඛො භගවා රාජගහෙ යථාභිරන්තං විහරිත්වා යෙන දක්ඛිණාගිරි තෙන චාරිකං පක්කාමි. අද්දසා ඛො භගවා මගධක්ඛෙත්තං අච්චිබද්ධං{3} පාලිබද්ධං මරියාදබද්ධං සිඞ්ඝාටකබද්ධං. දිස්වාන ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: “පස්සසි නො ත්වං ආනන්ද, මගධඛෙත්තං අච්ඡිබද්ධං පාලිබද්ධං මරියාදබද්ධං සිඞ්ඝාටකබද්ධ”න්ති. “එවං භන්තෙ”ති. “උස්සහසි ත්වං ආනන්ද, භික්ඛූනං එවරූපානි චීවරානි සංවිදහිතු”න්ති. “උස්සහාමි භගවා”ති.
Sinhala BJT36. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කැමැති තාක් කල් වැඩ වාසය කොට දක්‍ෂිණාගිරිය බලා චාරිකාවෙහි වැඩිසේක. භාග්‍යවතුන් වහන්සේ සතරැස් ලියදි බැන්දා වූ දිගින් හා පළලින් මහමියර බැන්දා වූ අතරතුර කුඩාමියර බැන්දා වූ සතරහන්දි බැන්දා වූ මගධක්‍ෂේත්‍රය දුටුසේක. දැක, “ආනන්‍දය, තෙපි සතරැස් ලියදි බැන්දා වූ දිගින් හා පළලින් බැඳි මහමියර ඇත්තා වූ අතරතුර බැඳි කුඩා මියර ඇත්තා වූ බඳනා ලද සතරහන්දි ඇත්තා වූ මගධක්‍ෂේත්‍රය දුටුහු දැ” යි ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් විචාළ සේක. “ස්වාමීනි, එසේ ය”. “ආනන්‍දය, තෙපි භික්‍ෂූන්ට මෙබඳු වූ සිවුරු (සිවුරු මෙසේ කපා මැසීම) විධාන කරන්නට උත්සාහවත් වහු ද?” “භාග්‍යවතුන් වහන්ස, උත්සාහවත් වෙමි”යි පිළිවදන් දුන්හ.
Pali BJT37. අථ ඛො භගවා දක්ඛිණාගිරිස්මිං යථාභිරන්තං විහරිත්වා පුනදෙව රාජගහං පච්චාගඤ්ඡි. අථ ඛො ආයස්මා ආනන්දො සම්බහුලානං භික්ඛූනං චීවරානි සංවිදහිත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං එතදවොච: “පස්සතු මෙ භන්තෙ, භගවා චීවරානි සංවිදහිතානී”ති.{4} අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “පණ්ඩිතො භික්ඛවෙ, ආනන්දො; මහාපඤ්ඤො භික්ඛවෙ, ආනන්දො යත්ර හි නාම මයා සංඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං ආජානිස්සති, කුසිම්පි නාම කරිස්සති, අඩ්ඪකුසිම්පි නාම කරිස්සති, මණ්ඩලම්පි නාම කරිස්සති, අඩ්ඪමණ්ඩලම්පි නාම කරිස්සති, විවට්ටම්පි නාම කරිස්සති, අනුවිවට්ටම්පි නාම කරිස්සති, ගීවෙය්යකම්පි නාම කරිස්සති, ජඞ්ඝෙය්යකම්පි නාම කරිස්සති, බාහන්තම්පි නාම කරිස්සති, ඡින්නකඤ්ච{5} භවිස්සති සත්ථලූඛං සමණසාරුප්පං පච්චත්ථිකානඤ්ච අනභිජ්ඣිතං.{6} “අනුජානාමි භික්ඛවෙ, ඡින්නකං සඞ්ඝාටිං, ඡින්නකං උත්තරාසඞ්ගං ඡින්නකං අන්තරවාසක”න්ති.
Sinhala BJT37. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ දක්‍ෂිණාගිරියෙහි කැමැති තාක් කල් වැඩ වාසය කොට නැවත රජගහනුවරට පෙරළා වැඩි සේක. එකල්හි ආයුෂ්මත් ආනන්‍දස්ථවිරයන් වහන්සේ බොහෝ භික්‍ෂූන්ට සිවුරු විධාන කොට දී භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මා විසින් විධාන කරණ ලද සිවුරු බලා වදාරණ සේක්වා” යි සැළකළහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට භික්‍ෂූන් අමතා “මහණෙනි, යමෙක් මා විසින් සැකෙවින් කියන ලද කාරණයෙහි අර්‍ත්‍ථය විස්තර වශයෙන් දත්තේ ද, දිග පළල නුවා කෙළේ ද, හරස් නුවා කෙළේ ද, මහමැඩිලි කෙළේ ද, කුඩා මැඩිලි කෙළේ ද, වස් අත්ත කෙළේ ද, ඇළ අතු කෙළේ ද, ගෙලපටි ඇල්ලීම කෙළේ ද, කෙණ්ඩාපටි ඇල්ලීම කෙළේ ද, නුවා අතු නොහොත් බාහුව මත සිටින නුවා කෙළේ ද, (මෙසේ කිරීමෙන් සිවුර) කපන ලද්දේත් සැතින් රළු වූයේත් පැවිද්දන්ට සුදුසු වූයේත් පසමිතුරන් විසින් නො පතනලද්දේත් වූයේ ද, මහණෙනි, ඒ ආනන්‍ද තෙමේ පණ්ඩිත වේ. ඒ ආනන්‍ද තෙමේ මහ නුවණැත්තේ වේ. මහණෙනි, කඩ කැපූ සඟළසිවුර ද කඩ කැපූ උතුරු සඟසිවුර ද කඩ කැපූ අදනා සිවුර ද අනුදනිමි” යි වදාළ සේක.
Pali BJT38. අථ ඛො භගවා රාජගහෙ යථාභිරන්තං විහරිත්වා යෙන වෙසාලී තෙන චාරිකං පක්කාමි. අද්දසා{7} ඛො භගවා අන්තරා ච රාජගහං අන්තරා ච වෙසාලිං අද්ධානමග්ගප්පටිපන්නො සම්බහුලෙ භික්ඛූ චීවරෙහි උබ්භණ්ඩිතෙ{8} සීසෙපි චීවරභිසිං කරිත්වා ඛන්ධෙපි චීවරභිසිං කරිත්වා කටියාපි චීවරභිසිං කරිත්වා ආගච්ඡන්තෙ. දිස්වාන භගවතො එතදහොසි: “අති ලහුං ඛො ඉමෙ මොඝපුරිසා චීවරබාහුල්ලාය{9} ආවත්තා. යන්නූනාහං භික්ඛූනං චීවරෙ සීමං බන්ධෙය්යං, මරියාදං ඨපෙය්ය”න්ති.
Sinhala BJT38. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කැමැති තාක් කල් වැඩ වාසය කොට වේසාලී නගරය බලා චාරිකාවෙහි වැඩි සේක. භාග්‍යවතුන් වහන්සේ රජගහනුවරටත් විසාලාමහනුවරටත් අතර වූ දීර්‍ඝමාර්‍ගයට පිළිපන් සේක් සිවුරුපොදි ඔසොවා ගත් හිසෙහි ද සිවුරුබිසි කොට කරෙහි ද සිවුරුබිසි කොට උකුළෙහි ද සිවුරුබිසි කොට එන්නා වූ බොහෝ භික්‍ෂූන් දුටු සේක. දැක භාග්‍යවතුන් වහන්සේට “මේ හිස් පුරුෂයෝ ඉතා වහා චීවර බහුලත්‍වය පිණිස හැරුණාහු ය. මම භික්‍ෂූන්ට සිවුරෙහි සීමාවක් බඳින්නෙම් නම්, සිවුරෙහි මායිම් තබන්නෙම් නම්, යෙහෙකැ” යි සිත් වි ය.
Pali BJT39. අථ ඛො භගවා අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන වෙසාලී තදවසරි. තත්ර සුදං භගවා වෙසාලියං විහරති ගොතමකෙ චෙතියෙ. තෙන ඛො පන සමයෙන භගවා සීතාසු හෙමන්තිකාසු රත්තීසු අන්තරට්ඨකාසු හිමපාතසමයෙ රත්තිං අජ්ඣොකාසෙ එකචීවරො නිසීදි. න භගවන්තං සීතං අහොසි. නික්ඛන්තෙ පඨමෙ යාමෙ සීතං භගවන්තං අහොසි. දුතියං භගවා චීවරං පාරුපි. න භගවන්තං සීතං අහොසි. නික්ඛන්තෙ මජ්ඣිමෙ යාමෙ සීතං භගවන්තං අහොසි. තතියං භගවා චීවරං පාරුපි. න භගවන්තං සීතං අහොසි. නික්ඛන්තෙ පච්ඡිමෙ යාමෙ උද්ධස්තෙ{1} අරුණෙ නන්දිමුඛියා රත්තියා සීතං භගවන්තං අහොසි. චතුත්ථං භගවා චීවරං පාරුපි. න භගවන්තං සීතං අහොසි. අථ ඛො භගවතො එතදහොසි: “යෙපි ඛො තෙ කුලපුත්තා ඉමස්මිං ධම්මවිනයෙ සීතාලුකා සීතභීරුකා, තෙපි සක්කොන්ති තිචීවරෙන යාපෙතුං. යන්නූනාහං භික්ඛූනං චීවරෙ සීමං බන්ධෙය්යං, මරියාදං ඨපෙය්යං, තිචීවරං අනුජානෙය්ය”න්ති.
Sinhala BJT39. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පිළිවෙළින් චාරිකා කරණ සේක් විසාලාමහනුවරට වැඩි සේක. භාග්‍යවතුන් වහන්සේ එහි විසාලා මහනුවර ගෝතමක චෛත්‍යයෙහි වැඩ වාසය කරත්. එකල්හි භාග්‍යවතුන් වහන්සේ හේමන්ත ඍතුවෙහි නවම් මැදින් දෙමස අතර අට දිනයෙහි ශීතරාත්‍රීන්හි හිම වැටෙන කාලයෙහි රාත්‍රියෙහි එළිමහනෙහි එක් සිවුරක් ඇති සේක් හුන් සේක. භාග්‍යවතුන් වහන්සේට සීත නො වී ය. පෙරයම නික්ම ගිය කල්හි භාග්‍යවතුන් වහන්සේට සීත වී ය. භාග්‍යවතුන් වහන්සේ දෙවන සිවුරක් පෙරවූ සේක. භාග්‍යවතුන් වහන්සේට සීත නො වී ය. මැදියම නික්ම ගිය කල්හි භාග්‍යවතුන් වහන්සේට සීත වී ය. භාග්‍යවතුන් වහන්සේ තෙවන සිවුරක් පෙරවූ සේක. භාග්‍යවතුන් වහන්සේට සීත නො වී ය. පශ්චිම යාමය නික්ම ගිය කල්හි අරුණ නැගි කල්හි රාත්‍රිය පාන් වූ කල භාග්‍යවතුන් වහන්සේට සීත වී ය. භාග්‍යවතුන් වහන්සේ සිවුවන සිවුරක් පෙරවූ සේක. භාග්‍යවතුන් වහන්සේට සීත නො වී ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේට “මේ ශාසනයෙහි පැවිදි වූ යම් ඒ කුලපුත්‍රයෝ ශීතප්‍රකෘතික (=පියෙවින් ම ශීතයෙන් පෙළෙන්නෝ) වූවාහු සීතයට බිය වන සුලු වෙත් ද, ඔහු ද තුන්සිවුරෙන් යැපෙන්නට පොහොසත් වෙති. මම භික්‍ෂූන්ට සිවුරෙහි සීමාවක් බඳින්නෙම් නම්, සිවුරෙහි ඉමක් තබන්නෙම් නම්, තුන් සිවුරක් අනුදන්නෙම් නම්, යෙහෙකැ” යි සිත්වී ය.
Pali BJT40. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “ඉධාහං භික්ඛවෙ, අන්තරා ච රාජගහං අන්තරා ච වෙසාලිං අද්ධානමග්ගප්පටිපන්නො අද්දසං සම්බහුලෙ භික්ඛූ චීවරෙහි උබ්භණ්ඩිතෙ සීසෙපි චීවරභිසිං කරිත්වා ඛන්ධෙපි චීවරභිසිං කරිත්වා කටියාපි චීවරභිසිං කරිත්වා ආගච්ඡන්තෙ. දිස්වාන මෙ එතදහොසි: ‘අතිලහුං ඛො ඉමෙ මොඝපුරිසා චීවරබාහුල්ලාය ආවත්තා. යන්නූනාහං භික්ඛූනං චීවරෙ සීමං බන්ධෙය්යං, මරියාදං ඨපෙය්ය’න්ති.
Sinhala BJT40. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට භික්‍ෂූන් ඇමතූසේක. “මහණෙනි, මම මෙහි රජගහනුවරටත් විසාලාමහනුවරටත් අතර දීර්‍ඝමාර්‍ගයට පිළිපන්නෙම්, සිවුරු පොදි ඔසොවා ගත් හිසෙහි ද සිවුරුබිසි කොට, කරෙහි ද සිවුරුබිසි කොට, උකුළෙහි ද සිවුරුබිසි කොට, එන්නා වූ බොහෝ භික්‍ෂූන් දිටිමි. දැකීමෙන් මට ‘මේ හිස් පුරුෂයෝ ඉතා වහා චීවරබහුලත්‍වය පිණිස හැරුණාහු ය. මම භික්‍ෂූන්ට සිවුරෙහි සීමාවක් බඳින්නෙම් නම්, සිවුරෙහි ඉමක් තබන්නෙම් නම්, යෙහෙකැ’ යි සිත් වී ය.”
Pali BJT41. “ඉධාහං භික්ඛවෙ, සීතාසු හෙමන්තිකාසු රත්තීසු අන්තරට්ඨකාසු හිමපාතසමයෙ රත්තිං අජ්ඣොකාසෙ එකචීවරො නිසීදිං. න මං සීතං අහොසි. නික්ඛන්තෙ පඨමෙ යාමෙ සීතං මං අහොසි. දුතියාහං චීවරං පාරුපිං. න මං සීතං අහොසි. නික්ඛන්තෙ මජ්ඣිමෙ යාමෙ සීතං මං අහොසි. තතියාහං චීවරං පාරුපිං. න මං සීතං අහොසි. නික්ඛන්තෙ පච්ඡිමෙ යාමෙ උද්ධස්තෙ අරුණෙ නන්දිමුඛියා රත්තියා සීතං මං අහොසි. චතුත්ථාහං චීවරං පාරුපිං. න මං සීතං අහොසි. තස්ස මය්හං භික්ඛවෙ, එතදහොසි: ‘යෙපි ඛො තෙ කුලපුත්තා ඉමස්මිං ධම්මවිනයෙ පබ්බජිතා සීතාලුකා{2} සීතභීරුකා, තෙපි සක්කොන්ති තිචීවරෙන යාපෙතුං. යන්නූනාහං භික්ඛූනං චීවරෙ සීමං බන්ධෙය්යං, මරියාදං ඨපෙය්යං. තිචීවරං අනුජානෙය්ය’න්ති. “අනුජානාමි භික්ඛවෙ, තිචීවරං: දිගුණං සඞ්ඝාටිං, එකච්චියං උත්තරාසඞ්ගං, එකච්චියං අන්තරවාසක”න්ති.
Sinhala BJT41. “මහණෙනි, මම මෙහි හේමන්තඍතුවෙහි නවම් මැදින් දෙමස අතර අටදිනයෙහි ශීතරාත්‍රීන්හි හිම වැටෙන කාලයෙහි රාත්‍රියෙහි එළිමහනෙහි එක් සිවුරක් ඇති ව හුන්නෙමි. මට සීත නො වී ය. පෙරයම ඉක්ම ගිය කල්හි මට සීත වී ය. මම දෙවන සිවුරක් පෙරවීමි. මට සීත නො වී ය. මැදියම ඉක්ම ගිය කල්හි මට සීත වී ය. මම තෙවන සිවුරක් පෙරවීමි. මට සීත නො වී ය. පශ්චිමයාමය නික්ම ගිය කල්හි අරුණ නැගි කල්හි රෑ එලි වූ කල මට සීත වී ය. මම සිවුවන සිවුරක් පෙරවීමි. මට සීත නො වී ය. මහණෙනි, ඒ මට ‘මේ සාසනයෙහි පැවිදි වූ යම් ඒ කුලපුත්‍රයෝ ශීතප්‍රකෘතීක වූවාහු සීතයට බිය වන සුලු වෙත් ද, ඔහු ද තුන්සිවුරෙන් යැපෙන්නට පොහොසත් වෙති. මම භික්‍ෂූන්ට සිවුරෙහි සීමාවක් බඳින්නෙම් නම්, සිවුරෙහි ඉමක් තබන්නෙම් නම්, තුන් සිවුරක් අනුදන්නෙම් නම්, යෙහෙකැ’යි සිත් වී ය. මහණෙනි, මම දෙපටක් ඇති සඟළසිවුර ද, එක් පටක් ඇති උතුරුසඟසිවුර ද, එක් පටක් ඇති අඳනා සිවුර ද අනුදනිමි”යි වදාළසේක.
Pali BJT42. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ “භගවතා තිචීවරං අනුඤ්ඤාත”න්ති අඤ්ඤෙනෙව තිචීවරෙන ගාමං පවිසන්ති. අඤ්ඤෙනෙව තිචීවරෙන ආරාමෙ අච්ඡන්ති. අඤ්ඤෙනෙව තිචීවරෙන නහානං ඔතරන්ති. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ අතිරෙකචීවරං ධාරෙස්සන්තී”ති.
Sinhala BJT42. එකල්හි සවග මහණහු “භාග්‍යවතුන් වහන්සේ විසින් තුන් සිවුරක් අනුදන්නා ලදැ”යි අන් තුන්සිවුරකින් ම ගමට වදිත්. අන් තුන් සිවුරකින් ම ආරාමයෙහි සිටිත්. අන් තුන්සිවුරකින් ම නෑමට බසිත්. අල්පෙච්ඡ වූ යම් ඒ භික්‍ෂූහු වෙත් ද, ඒ භික්‍ෂූහු “කෙසේ නම් සවග මහණහු වැඩි සිවුරු දරත් දැ”යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්.
Pali BJT43. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “න, භික්ඛවෙ, අතිරෙකචීවරං ධාරෙතබ්බං. යො ධාරෙය්ය, යථාධම්මො කාරෙතබ්බො”ති.
Sinhala BJT43. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. එවිට භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට භික්‍ෂූන් ඇමතූසේක: “මහණෙනි, අතිරේක සිවුරක් (නො ඉටූ නො විකැපූ සිවුරක්) නො දැරිය යුතු ය. යමෙක් දරන්නේ නම්, ඇවැත් පරිදි කරවිය යුතු ය.”
Pali BJT44. තෙන ඛො පන සමයෙන ආයස්මතො ආනන්දස්ස අතිරෙකචීවරං උප්පන්නං හොති. ආයස්මා ච ආනන්දො තං චීවරං ආයස්මතො සාරිපුත්තස්ස දාතුකාමො හොති. ආයස්මා ච සාරිපුත්තො සාකෙතෙ විහරති. අථ ඛො ආයස්මතො ආනන්දස්ස එතදහොසි: “භගවතා පඤ්ඤත්තං: ‘න අතිරෙකචීවරං ධාරෙතබ්බ’න්ති. ඉදං ච මෙ අතිරෙකචීවරං උප්පන්නං. අහඤ්චිමං චීවරං ආයස්මතො සාරිපුත්තස්ස දාතුකාමො. ආයස්මා ච සාරිපුත්තො සාකෙතෙ විහරති. කථන්නු ඛො මයා පටිපජ්ජිතබ්බ”න්ති. අථ ඛො ආයස්මා ආනන්දො භගවතො එතමත්ථං ආරොචෙසි. “කීව චිරං පනානන්ද, සාරිපුත්තො ආගච්ඡිස්සතී”ති. “නවමං වා භගවා, දිවසං දසමං වා”ති.
Sinhala BJT44. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට අතිරේක සිවුරක් ලැබුනේ වේ. ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ ද ඒ සිවුර ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට දෙනු කැමැත්තේ වේ. ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ද සාකේතනුවර වසත්, ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට “භාග්‍යවතුන් වහන්සේ විසින් ‘අතිරේක සිවුරක් නො දැරිය යුතු ය’ යි පණවන ලද්දේ ය. මට ද මේ අතිරේක සිවුරක් ලැබුනේ ය. මම ද මේ සිවුර ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේට දෙනු කැමැත්තේ වෙමි. ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ ද සාකේතනුවර වසත්. මා විසින් කෙසේ පිළිපැදිය යුතු දැ?” යි මේ සිත් වි ය. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “ආනන්‍දය, කෙතෙක් දවසකින් ශාරීපුත්‍ර තෙමේ එන්නේ ද?” “භාග්‍යවතුන් වහන්ස, නවවැනි හෝ දසවැනි දිනයෙහි එන්නේ ය”.
Pali BJT45. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “අනුජානාමි භික්ඛවෙ, දසාහපරමං අතිරෙකචීවරං ධාරෙතු”න්ති.
Sinhala BJT45. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට භික්‍ෂූන් ඇමතූසේක. “මහණෙනි, දස දිනක් අවසන් කොට ඇති කාලයක් අතිරේක (වැඩි) සිවුරක් දරන්ට අනුදනිමි”.
Pali BJT46. තෙන ඛො පන සමයෙන භික්ඛූනං අතිරෙකචීවරං උප්පජ්ජති. අථ ඛො භික්ඛූනං එතදහොසි: “කථන්නු ඛො අම්හෙහි අතිරෙකචීවරෙ පටිපජ්ජිතබ්බ”න්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, අතිරෙකචීවරං විකප්පෙතුන්ති.
Sinhala BJT46 එසමයෙහි භික්‍ෂූන්ට අතිරේක සිවුරක් ලැබේ. එකල්හි භික්‍ෂූන්ට “අතිරේක සිවුරෙහි කෙසේ නම් පිළිපැදිය යුතු දැ” යි සිත් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, අතිරේක සිවුර විකපන්නට (අනෙකකු හට භාරදෙන්නට) අනුදනිමි”.
Pali BJT47. අථ ඛො භගවා වෙසාලියං යථාභිරන්තං විහරිත්වා යෙන බාරාණසී තෙන චාරිකං පක්කාමි. අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන බාරාණසී තදවසරි. තත්ර සුදං භගවා බාරාණසියං විහරති ඉසිපතනෙ මිගදායෙ.
Sinhala BJT47. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ විසාලාමහනුවර කැමැති තාක් කල් වැඩ වාසය කොට බරණැස්නුවර බලා චාරිකාවෙහි වැඩිසේක. පිළිවෙළින් චාරිකා කරණසේක් බරණැස්නුවරට පැමිණිසේක. භාග්‍යවතුන් වහන්සේ එහි බරණැස්නුවර මෘගදාය නම් වූ ඉසිපතනයෙහි වැඩ වාසය කරත්.
Pali BJT48. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො අන්තරවාසකො ඡිද්දො හොති. අථ ඛො තස්ස භික්ඛුනො එතදහොසි: “භගවතා තිචීවරං අනුඤ්ඤාතං: දිගුණා සඞ්ඝාටි, එකච්චියො උත්තරාසඞ්ගො, එකච්චියො අන්තරවාසකො. අයඤ්ච මෙ අන්තරවාසකො ඡිද්දො. යන්නූනාහං අග්ගළං අච්ඡුපෙය්යං, සමන්තතො දුපට්ටං භවිස්සති, මජ්ඣෙ එකච්චිය”න්ති. අථ ඛො සො භික්ඛු අග්ගළං අච්ඡුපෙසි. අද්දසා ඛො භගවා සෙනාසන චාරිකං ආහිණ්ඩන්තො තං භික්ඛුං අග්ගළං අච්ඡුපෙන්තං. දිස්වාන යෙන සො භික්ඛු, තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා තං භික්ඛුං එතදවොච: “කිං ත්වං භික්ඛු කරොසී”ති. “අග්ගළං භගවා, අච්ඡුපෙමී”ති. “සාධු, සාධු, භික්ඛු, සාධු ඛො ත්වං භික්ඛු, අග්ගළං අච්ඡුපෙසී”ති.
Sinhala BJT48. එකල්හි එක්තරා මහණකුගේ අඳනය සිදුරු වූයේ වේ. එවිට ඒ මහණහුට “භාග්‍යවතුන් වහන්සේ විසින් ‘දෙපටක් ඇති සඟළ සිවුර එක් පටක් ඇති උතුරුසඟසිවුර එක්පටක් ඇති අඳනා සිවුර’ ය යි තුන් සිවුරක් අනුදන්නා ලද්දේ ය. මාගේ මේ අඳනා සිවුර සිදුරු වි ය. මම අණ්ඩ ලන්නෙම් නම්, හාත්පස (වටේ) දෙපට වන්නේ ය. මැද එක්පට වන්නේ ය” යි සිත් වි ය. එකල්හි ඒ මහණෙතෙම් අණ්ඩයක් ඇල්ලී ය. සේනාසන චාරිකාවෙහි වඩින්නා වූ භාග්‍යවතුන් වහන්සේ අණ්ඩය ලන්නා වූ ඒ මහණහු දුටු සේක. දැක ඒ මහණහු වෙතට එළඹියහ. එළඹ “මහණ, තෝ කුමක් කෙරෙහි දැ” යි ඒ මහණහු විචාළ සේක. “භාග්‍යවතුන් වහන්ස, අණ්ඩයක් ලමි”. “මහණ ඉතා මැනවි. මහණ, ඔබ අණ්ඩයක් ලන්නේ යහපත් ය” වදාළහ.
Pali BJT49. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “අනුජානාමි භික්ඛවෙ, අහතානං දුස්සානං අහතකප්පානං දිගුණං සඞ්ඝාටිං, එකච්චියං උත්තරාසඞ්ගං, එකච්චියං අන්තරවාසකං, උතුද්ධටානං දුස්සානං චතුග්ගුණං සඞ්ඝාටිං, ද්විගුණං උත්තරාසඞ්ගං, ද්විගුණං අන්තරවාසකං, පංසුකූලෙ යාවදත්ථං. පාපණිකෙ උස්සාහො කරණීයො. අනුජානාමි භික්ඛවෙ අග්ගළං, තුන්නං, ඔවට්ටිකං, කණ්ඩුසකං දළ්හීකම්ම”න්ති.
Sinhala BJT49. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට “මහණෙනි, අළුත් වස්ත්‍රයෙන් හා වරක් සේදූ වස්ත්‍රයෙන් කළ දෙපටක් ඇති සඟළසිවුර, එක් පටක් ඇති උතුරු සඟසිවුර, එක් පටක් ඇති අඳනා සිවුර ද, පුරාණවස්ත්‍රයෙන් කළ සිවුපටක් ඇති සඟළසිවුර, දෙපටක් ඇති උතුරුසඟසිවුර, දෙපටක් ඇති අඳනා සිවුර ද, පංසුකූලයෙහි කැමැති පමණ පට ඇති සිවුර ද, අනුදනිමි. කඩ පිලෙන් අවුළා ගත් වස්ත්‍රයෙන් කළ සිවුරු දැරීමෙහි උත්සාහය කට යුතු ය. මහණෙනි, අණ්ඩ ලීම, නූලෙන් එලලීම, වැටි කොට මැසිම, මුදුපත් මැසීම (කැලි පිට කැලි ඇල්ලීම), දැඩි කිරීම අනුදනිමි”.
Pali BJT50. අථ ඛො භගවා බාරාණසියං යථාභිරත්තං විහරිත්වා යෙන සාවත්ථි තෙන චාරිකං පක්කාමි. අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන සාවත්ථි තදවසරි. තත්ර සුදං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ.
Sinhala BJT50. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බරණැස්නුවර කැමැති තාක් කල් වැඩ වාසය කොට සැවැත්නුවර බලා චාරිකාවෙහි වැඩි සේක. පිළිවෙළින් චාරිකා කරණ සේක් සැවැත්නුවරට වැඩියාහ. භාග්‍යවතුන් වහන්සේ එහි සැවැත්නුවර ජේතවනයෙහි වූ අනේපිඬුසිටුහුගේ ආරාමයෙහි වැඩ වාසය කෙරෙත්.
Pali BJT51. අථ ඛො විසාඛා මිගාරමාතා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො විසාඛං මිගාරමාතරං භගවා ධම්මියා කථාය සන්දස්සෙසි. සමාදපෙසි. සමුත්තෙජෙසි. සම්පහංසෙසි.
Sinhala BJT51. එකල්හි මෘගාරිමාතෘ වූ විශාඛා තොමෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියා ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්නී ය. භාග්‍යවතුන් වහන්සේ පසෙක හුන්නා වූ මෘගාරිමාතෘ විශාඛාවට දැහැමිකතාවෙන් කරුණු දැක්වූහ. (ඇය එහි) සමාදන් කරවූහ. තියුණු කරවූහ. සතුටු කරවූහ.
Pali BJT52. අථ ඛො විසාඛා මිගාරමාතා භගවතා ධම්මියා කථාය සන්දස්සිතා සමාදපිතා සමුත්තෙජිතා සම්පහංසිතා භගවන්තං එතදවොච: “අධිවාසෙතු මෙ භන්තෙ භගවා ස්වාතනාය භත්තං සද්ධිං භික්ඛුසඞ්ඝෙනා”ති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන. අථ ඛො විසාඛා මිගාරමාතා භගවතො අධිවාසනං විදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
Sinhala BJT52. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ විසින් කරුණු දක්වන ලද සමාදන් කරවන ලද තියුණු කරවන ලද සතුටු කරවන ලද මෘගාරිමාතෘ විශාඛා තොමෝ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුසඞ්ඝයා සමග හෙටට මාගේ බත ඉවසන සේක්වා” යි කීවා ය. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණිම්භාවයෙන් ඉවසූ සේක. ඉක්බිති මෘගාරිමාතෘ විශාඛා තොමෝ භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට නික්ම ගියා ය.
Pali BJT53. තෙන ඛො පන සමයෙන තස්සා රත්තියා අච්චයෙන චාතුද්දීපිකො මහාමෙඝො පාවස්සි. අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: “යථා භික්ඛවෙ, ජෙතවනෙ වස්සති, එවං චතුසු දීපෙසු වස්සති. ඔවස්සාපෙථ භික්ඛවෙ, කායං. අයං පච්ඡිමකො චාතුද්දීපිකො මහාමෙඝො”ති. “එවං භන්තෙ”ති ඛො තෙ භික්ඛූ භගවතො පටිස්සුත්වා නික්ඛිත්තචීවරා කායං ඔවස්සාපෙන්ති.
Sinhala BJT53. එකල්හි ඒ රැය ඉක්ම ගිය පසු සිවුදිවයිනට එක පැහැර වස්නා වූ මහත් මේඝයෙක් වැස්සේ ය. ඒ වේලෙහි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් අමතා “මහණෙනි, ජේතවනයට වසින්නා සේ සිවුදිවයිනෙහි වසි යි. මහණෙනි, කය තෙමවු. මේ සිවුදිවයිනට එකපැහැර වස්නා වූ අන්තිම මහාමේඝය”යි වදාළ සේක. “ස්වාමීනි, එසේ ය” යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී බහා තැබූ සිවුරු ඇත්තෝ කය තෙමත්.
Pali BJT54. අථ ඛො විසාඛා මිගාරමාතා පණීතං ඛාදනීයං භොජනීයං පටියාදාපෙත්වා දාසිං ආණාපෙසි: “ගච්ඡ ජෙ, ආරාමං ගන්ත්වා කාලං ආරොචෙහි: කාලො භන්තෙ, නිට්ඨිතං භත්ත”න්ති. “එවං අය්යෙ”ති ඛො සා දාසී විසාඛාය මිගාරමාතුයා පටිස්සුත්වා ආරාමං ගන්ත්වා අද්දස භික්ඛූ නික්ඛිත්තචීවරෙ කායං ඔවස්සාපෙන්තෙ. දිස්වාන “නත්ථි ආරාමෙ භික්ඛූ. ආජීවකා කායං ඔවස්සාපෙන්තී”ති යෙන විසාඛා මිගාරමාතා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා විසාඛං මිගාරමාතරං එතදවොච: “නත්ථය්යෙ, ආරාමෙ භික්ඛූ. ආජීවකා කායං ඔවස්සාපෙන්තී”ති.
Sinhala BJT54. ඉක්බිති මෘගාරිමාතෘ විශාඛාතොමෝ ප්‍රණීත වූ කෑ යුතු බිදිය යුතු දෙය පිළියෙල කරවා “කෙල්ල, යව, ආරාමයට ගොස් ‘ස්වාමීනි, කල් පැමිණ තිබේ. බත් නිමියේ’ යි කල් දන්වා ලව” යි දාසියට අණ කළා ය. “ආර්‍ය්‍යාවෙනි, එසේ ය” යි ඒ දාසිය මෘගාරිමාතෘ විශාඛාවට පිළිවදන් දී ආරාමයට ගොස් බැහැර කළ සිවුරු ඇති ව කය තෙමන්නා වූ භික්‍ෂූන් දුටුවා ය. දැක “ආරාමයෙහි භික්‍ෂූහු නැත. ආජිවකයෝ කය තෙමති” යි (සිතා) මෘගාරිමාතෘ විශාඛාව වෙත ගියා ය. ගොස් ‘ආර්‍ය්‍යාවෙනි, ආරාමයෙහි භික්‍ෂූහු නැත. ආජිවකයෝ කය තෙමති” යි මෘගාරිමාතෘ විශාඛාවට කීවා ය.
Pali BJT55. අථ ඛො විසාඛාය මිගාරමාතුයා පණ්ඩිතාය වියත්තාය මෙධාවිනියා එතදහොසි: “නිස්සංසයං ඛො අය්යා නික්ඛිත්තචීවරා කායං ඔවස්සාපෙන්ති. සායං බාලා මඤ්ඤිත්ථ: නත්ථි ආරාමෙ භික්ඛූ. ආජීවකා කායං ඔවස්සාපෙන්තී”ති. පුන දාසිං ආණාපෙසි: “ගච්ඡ ජෙ, ආරාමං ගන්ත්වා කාලං ආරොචෙහි: කාලො භන්තෙ, නිට්ඨිතං භත්ත”න්ති.
Sinhala BJT55. එකල්හි පණ්ඩිත වූ ව්‍යක්ත වූ නුවණැති මෘගාරිමාතෘ විශාඛාවට නිසැකයෙන් ම ආර්‍ය්‍යයන් වහන්සේලා බැහැර කළ සිවුරු ඇති ව කය තෙමත්. ඒ මේ මෝඩ ගෑණි ‘ආරාමයෙහි භික්‍ෂූහු නැත. ආජිවකයන් වැස්සෙන් කය තෙමති’යි සිතුවා ය” යි අදහස් වි ය. නැවත, “කෙල්ල, යව. ආරාමයට ගොස් ‘ස්වාමීනි, කල් පැමිණ තිබේ. බත් නිමියේ’ යි කල් දන්වා ලව” යි දාසියට අණ කළා ය.
Pali BJT56. අථ ඛො තෙ භික්ඛූ ගත්තානි සීතිං කරිත්වා{1} කල්ලකායා චීවරානි ගහෙත්වා යථාවිහාරං පවිසිංසු.
Sinhala BJT56. ඉක්බිතී ඒ භික්‍ෂූහු සිරුරු සිහිල් කොට සුවපත් සිරුරු ඇත්තාහු සිවුරු ගෙණ තමතමන් වසන වෙහෙරට පිවිසියාහු ය.
Pali BJT57. අථ ඛො සා දාසී ආරාමං ගන්ත්වා භික්ඛූ අපස්සන්තී “නත්ථි ආරාමෙ භික්ඛූ. සුඤ්ඤො ආරාමො”ති යෙන විසාඛා මිගාරමාතා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා විසාඛං මිගාරමාතරං එතදවොච: “නත්ථය්යෙ, ආරාමෙ භික්ඛූ. සුඤ්ඤො ආරාමො”ති.
Sinhala BJT57. නැවත ඒ දාසිය ආරාමයට ගොස් භික්‍ෂූන් නො දක්නී “ආරාමයෙහි භික්‍ෂූහු නැත. ආරාමය සිස් ය” යි (සිතා) මෘගාරිමාතෘ විශාඛාව වෙත ගියා ය. ගොස් මෘගාරිමාතෘ විශාඛාවට “ආර්‍ය්‍යාවෙනි, ආරාමයෙහි භික්‍ෂූහු නැත. ආරාමය සිස් ය” යි කීවා ය.
Pali BJT58. අථ ඛො විසාඛාය මිගාරමාතුයා පණ්ඩිතාය වියත්තාය මෙධාවිනියා එතදහොසි: “නිස්සංසයං ඛො අය්යා ගත්තානි සීතිං කරිත්වා කල්ලකායා චීවරානි ගහෙත්වා යථාවිහාරං පවිට්ඨා. සායං බාලා මඤ්ඤිත්ථ: නත්ථි ආරාමෙ භික්ඛූ. සුඤ්ඤො ආරාමො”ති. පුන දාසිං ආණාපෙසි, “ගච්ඡ ජෙ, ආරාමං ගන්ත්වා කාලං ආරොචෙහි: කාලො භන්තෙ නිට්ඨිතං භත්ත”න්ති.
Sinhala BJT58. එකල්හි පණ්ඩිත වූ ව්‍යක්ත වූ නුවණැති මෘගාරිමාතෘ විශාඛාවට “නිසැකයෙන් ම ආර්‍ය්‍යයන් වහන්සේලා සිරුරු සිහිල් කොට සුව පත් සිරුරු ඇත්තාහු සිවුරු ගෙණ තමතමන් වසන වෙහෙරට පිවිසියෝ ය. ඒ මේ මෝඩ ගෑණිය ‘ආරාමයෙහි භික්‍ෂූහු නැත. ආරාමය සි ස්ය’ යි සිතු ය” යි අදහස් වි ය. නැවත “කෙල්ල යව, ආරාමයට ගොස් ‘ස්වාමීනි, කල් පැමිණ තිබේ. බත් නිමියේ ය’ යි කල් දන්වා ලව” යි දාසියට අණ කළා ය.
Pali BJT59. අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: “සන්නහථ{1} භික්ඛවෙ පත්තචීවරං. කාලො භත්තස්සා”ති. “එවං භන්තෙ”ති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං.
Sinhala BJT59. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් අමතා “මහණෙනි, බතට කාලය යි. සිවුරු සකස් කර ගණිවු” යි වදාළ සේක. “ස්වාමීනි, එසේය” යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ.
Pali BJT60. අථ ඛො භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය සෙය්යථාපි නාම බලවා පුරිසො සම්මිඤ්ජිතං වා බාහං පසාරෙය්ය, පසාරිතං වා බාහං සමිඤ්ජෙය්ය, එවමෙව ජෙතවනෙ අන්තරහිතො විසාඛාය මිගාරමාතුයා කොට්ඨකෙ පාතුරහොසි. නිසීදි භගවා පඤ්ඤත්තෙ ආසනෙ සද්ධිං භික්ඛුසඞ්ඝෙන.
Sinhala BJT60. අනතුරු ව භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පොරොවා පාසිවුරු ගෙණ බලවත් පුරුෂයෙක් හැකුළූ අතක් දිගු කරන්නා සේ දිගු කළ අතක් හකුළන්නා සේ ජේතවනයෙහි නො පෙණී ගිය සේක් මෘගාරිමාතෘ විශාඛාවගේ වාහල්කඩ පහළ වු සේක. භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුසඞ්ඝයා සමග පැණවූ අසුනෙහි වැඩහුන් සේක.
Pali BJT61. අථ ඛො විසාඛා මිගාරමාතා “අච්ඡරියං වත භො! අබ්භුතං වත භො! තථාගතස්ස මහිද්ධිකතා මහානුභාවතා. යත්ර හි නාම ජණ්ණුකමත්තෙසුපි ඔඝෙසු වත්තමානෙසු{2} කටිමත්තෙසුපි ඔඝෙසු වත්තමානෙසු න හි නාම එකභික්ඛුස්සපි පාදානි වා{3} චීවරානි වා අල්ලානි භවිස්සන්තී”ති හට්ඨා උදග්ගා බුද්ධපමුඛං භික්ඛුසඞ්ඝං පණීතෙන ඛාදනීයෙන සහත්ථා සන්තප්පෙත්වා සම්පවාරෙත්වා භගවන්තං භුත්තාවිං ඔනීතපත්තපාණිං එකමන්තං නිසීදි.
Sinhala BJT61. ඉක්බිති මෘගාරිමාතෘ විශාඛා තොමෝ “පින්වත්නි, තථාගතයන් වහන්සේගේ ඒ මහත් ඍද්ධි ඇති බව මහත් තෙදැති බව ආශ්චර්‍ය්‍යයෙක. පුදුමයෙක. දණ පමණ ජල ගැල්ම පවත්නා කල්හි ද උකුළ පමණ ජලගැල්ම පවත්නා කල්හි ද එක් භික්‍ෂුනමකගේත් පාදයෝ හෝ සිවුරු හෝ නො තෙමුනාහු වෙත් ය” යි සතුටු වූවා ඔදවැඩි වූවා බුද්ධපුමුඛභික්‍ෂූසඞ්ඝයා ප්‍රණීත වූ කෑ යුතු දෙයින් බිදිය යුතු දෙයින් සියතින් සතප්පා පවරා වළඳා අවසන් කළ පාත්‍රයෙන් බැහැර කළ අත් ඇති භාග්‍යවතුන් වහන්සේ වෙත පසෙක හුන්නී ය.
Pali BJT62. එකමන්තං නිසින්නා ඛො විසාඛා මිගාරමාතා භගවන්තං එතදවොච: “අට්ඨාහං භන්තෙ භගවන්තං වරානි යාචාමී”ති. “අතික්කන්තවරා ඛො විසාඛෙ, තථාගතා”ති. “යානි ච භන්තෙ, කප්පියානි යානි ච අනවජ්ජානී”ති. “වදෙහි විසාඛෙ”ති. “ඉච්ඡාමහං භන්තෙ සඞ්ඝස්ස යාවජීවං වස්සිකසාටිකං දාතුං, ආගන්තුකභත්තං දාතුං, ගමිකභත්තං දාතුං, ගිලානභත්තං දාතුං, ගිලානුපට්ඨාකභත්තං දාතුං, ගිලානභෙසජ්ජං දාතුං, ධුවයාගුං දාතුං, භික්ඛුනිසඞ්ඝස්ස උදකසාටිකං දාතු”න්ති.
Sinhala BJT62. පසෙක හුන්නා වූ මෘගාරිමාතෘ විශාඛා තොමෝ “ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ වෙතින් වර අටක් ඉල්ලමි” යි භාග්‍යවතුන් වහන්සේට සැළ කළා ය. “විශාඛාව, තථාගතයෝ (ස්ත්‍රීන්ට දිය යුතු) වර ඉක්මවූවෝ ය.” “ස්වාමීනි, යමක් කැප ද, යමක් නිදොස් ද (එබඳු වර අටක් ඉල්ලමි.)” “විශාඛාවෙනි, කියව”. “ස්වාමීනි, මම දිවිහිම් කොට සඞ්ඝයාහට වැසිසළු දෙන්නට, ආගන්තුකබත් දෙන්නට, ගමිකබත් දෙන්නට, ගිලන්බත් දෙන්නට, ග්ලානෝපස්ථායකබත් දෙන්නට, ගිලන්බෙහෙත් දෙන්නට, නිතිකැඳ දෙන්නට, මෙහෙණසඟනට දියසළු දෙන්නට, කැමැත්තෙමි” යි සැළකළා ය.
Pali BJT63. “කිං පන ත්වං විසාඛෙ, අත්ථවසං සම්පස්සමානා තථාගතං අට්ඨ වරානි යාචසී”ති. “ඉධාහං භන්තෙ දාසිං ආණාපෙසිං: ‘ගච්ඡ ජෙ, ආරාමං ගන්ත්වා කාලං ආරොචෙහි: කාලො භන්තෙ, නිට්ඨිතං භත්ත”’න්ති. අථ ඛො සා භන්තෙ දාසී ආරාමං ගන්ත්වා අද්දස භික්ඛූ නික්ඛිත්තචීවරෙ කායං ඔවස්සාපෙන්තෙ. දිස්වාන ‘නත්ථි ආරාමෙ භික්ඛූ. ආජීවකා කායං ඔවස්සාපෙන්තී’ යෙනාහං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා මං එතදවොච: “නත්ථය්යෙ, ආරාමෙ භික්ඛූ. ආජීවකා කායං ඔවස්සාපෙන්තී’ති. අසුචි භන්තෙ නග්ගියං ජෙගුච්ඡං. පටික්කූලං. ඉමාහං භන්තෙ, අත්ථවසං සම්පස්සමානා ඉච්ඡාමි සඞ්ඝස්ස යාවජීවං වස්සිකසාටිකං දාතුං.
Sinhala BJT63. “විශාඛාවෙනි, තී කිනම් කරුණක් දක්නී තථාගතයන් වෙතින් වර අටක් ඉල්වහි ද?”. “ස්වාමීනි, මම මෙහි ‘කෙල්ල, යව, ආරාමයට ගොස් ‘ස්වාමීනි, කල් පැමිණ තිබේ. බත් නිමියේ’ යි කල් දන්වා ලව’ යි දාසියට අණ කෙළෙමි. ඉක්බිති ස්වාමීනි, ඒ දාසිය ආරාමයට ගොස් බැහැර කළ සිවුරු ඇති ව වැසිදියෙන් කය තෙමන්නා වූ භික්‍ෂූන් දුටුවා ය. දැක ‘ආරාමයෙහි භික්‍ෂූහු නැත. ආජීවකයන් කය තෙමති’ යි (සිතා) මා වෙත පැමිණියා ය. පැමිණ ‘ආර්‍ය්‍යාවෙනි, ආරාමයෙහි භික්‍ෂූහු නැත. ආජීවකයන් කය තෙමති’ යි. මට සැළකළා ය. ස්වාමීනි, නග්න භාවය නො හොබී. ලජ්ජා සහිත ය. පිළිකුල් ය. ස්වාමීනි, මම මේ කරුණ දක්නී දිවි හිම් කොට සඞ්ඝයාහට වැසිසළු දෙන්නට කැමැත්තෙමි.
Pali BJT64. “පුන චපරං භන්තෙ ආගන්තුකො භික්ඛු න වීථිකුසලො න ගොචරකුසලො කිලන්තො පිණ්ඩාය චරති. සො මෙ ආගන්තුකභත්තං භුඤ්ජිත්වා වීථිකුසලො ගොචරකුසලො අකිලන්තො පිණ්ඩාය චරිස්සති. ඉමාහං භන්තෙ, අත්ථවසං සම්පස්සමානා ඉච්ඡාමි සඞ්ඝස්ස යාවජීවං ආගන්තුකභත්තං දාතුං.
Sinhala BJT64. “නැවත ද, ස්වාමීනි, ආගන්තුකභික්‍ෂු තෙමේ (මෙහි) වීථින්හි දක්‍ෂ නො වූයේ ගෝචරස්ථානයන්හි දක්‍ෂ නො වූයේ විඩා පත් වූයේ පිඬු පිණිස හැසිරේ. ඒ භික්‍ෂු තෙමේ මාගේ ආගන්තුකබත වළඳා වීථින්හි දක්‍ෂ (පුරුදු) වූයේ ගෝචරස්ථානයන්හි දක්‍ෂ වූයේ (යා යුතු නො යා යුතු තැන් දන්නේ) විඩාපත් නො වූයේ පිඬු පිණිස හැසිරෙන්නේ ය. ස්වාමීනි, මම මේ කාරණය දක්නී දිවි ඇති තාක් සඞ්ඝයාහට ආගන්තුකබත් දෙන්නට කැමැත්තෙමි.
Pali BJT65. “පුන චපරං භන්තෙ, ගමිකො භික්ඛු අත්තනො භත්තං පරියෙසමානො සත්ථා වා විහායිස්සති. යත්ථ වා වාසං ගන්තුකාමො භවිස්සති, තත්ථ විකාලෙ උපගච්ඡිස්සති. කිලන්තො අද්ධානං ගමිස්සති. සො මෙ ගමිකභත්තං භුඤ්ජිත්වා සත්ථා න විහායිස්සති, යත්ථ වාසං ගන්තුකාමො භවිස්සති, තත්ථ කාලෙන{1} උපගච්ඡිස්සති. අකිලන්තො අද්ධානං ගමිස්සති. ඉමාහං භන්තෙ, අත්ථවසං සම්පස්සමානා ඉච්ඡාමි සඞ්ඝස්ස යාවජීවං ගමිකභත්තං දාතුං.
Sinhala BJT65. “නැවත ද ස්වාමීනි, ගමිකභික්‍ෂු තෙමේ තමාගේ බත සොයන්නේ සත්‍වායෙන් (=තවලම් නඩයෙන්) හෝ අත්හැරෙන්නේ ය. යම් තැනෙක විසීමට යනු කැමැත්තේ හෝ වන්නේ ද, එතැනට නො කල්හි පැමිණෙන්නේ ය. විඩා පත් වූයේ මග යන්නේ ය. ඒ භික්‍ෂු තෙමේ මාගේ ගමිකබත වළඳා සත්‍වායෙන් නො වෙන් වන්නේ ය. යම්තැනක විසීමට යනු කැමැති වන්නේ ද, එතැනට සුදුසු කාලයෙහි පැමිණෙන්නේ ය. විඩා පත් නො වූයේ මග යන්නේ ය. ස්වාමීනි, මම මේ කරුණ දක්නී දිවි ඇති තාක් සඞ්ඝයාහට ගමිකබත් දෙන්නට කැමැත්තෙමි.
Pali BJT66. “පුන චපරං භන්තෙ, ගිලානස්ස භික්ඛුනො සප්පායානි භොජනානි අලභන්තස්ස ආබාධො වා අභිවඩ්ඪිස්සති. කාලකිරියා වා භවිස්සති. තස්ස මෙ ගිලානභත්තං භුත්තස්ස ආබාධො න අභිවඩ්ඪිස්සති, කාලකිරියා න භවිස්සති. ඉමාහං භන්තෙ, අත්ථවසං සම්පස්සමානා ඉච්ඡාමි සඞ්ඝස්ස යාවජීවං ගිලානභත්තං දාතුං.
Sinhala BJT66. “නැවත ද ස්වාමීනි, හිත වූ බොජුන් නො ලබන්නා වූ ගිලන් මහණහුගේ ආබාධය හෝ වැඩෙන්නේ ය. කලුරිය කිරීම හෝ වන්නේ ය. මගේ ගිලන්බත වැළඳූ ඒ භික්‍ෂූහුගේ ආබාධය නො වැඩෙන්නේ ය. කලුරිය කිරීම නො වන්නේ ය. ස්වාමීනි, මම මේ කාරණය දක්නී දිවි ඇති තාක් සඞ්ඝයාහට ගිලන්බත් දෙන්නට කැමැත්තෙමි.
Pali BJT67. “පුන චපරං භන්තෙ, ගිලානුපට්ඨාකො භික්ඛු අත්තනො භත්තං පරියෙසමානො ගිලානස්ස උස්සූරෙ භත්තං නීහරිස්සති. භත්තච්ඡෙදං කරිස්සති. සො මෙ ගිලානුපට්ඨාකභත්තං භුඤ්ජිත්වා ගිලානස්ස කාලෙන භත්තං නීහරිස්සති. භත්තච්ඡෙදං න කරිස්සති. ඉමාහං භන්තෙ, අත්ථවසං සම්පස්සමානා ඉච්ඡාමි සඞ්ඝස්ස යාවජීවං ගිලානුපට්ඨාකභත්තං දාතුං.
Sinhala BJT67. “නැවත ද ස්වාමීනි, ග්ලානෝපස්ථායකභික්‍ෂු තෙමේ තමාගේ බත සොයන්නේ ගිලනහුට ඉර නැගි කල්හි බත් ගෙණ යන්නේ ය. බත් සිඳීම කරන්නේ ය. ඒ ග්ලානෝපස්ථායකභික්‍ෂු තෙමේ මාගේ ග්ලානෝපස්ථායක බත වළඳා ගිලනහුට සුදුසු කාලයෙහි බත් ගෙණ යන්නේ ය. බත් සිඳීම නො කරන්නේ ය. ස්වාමීනි, මම මේ කාරණය දක්නී දිවිඇති තාක් සඞ්ඝයාහට ග්ලානෝපස්ථායකබත් දෙනු කැමැත්තෙමි.
Pali BJT68. “පුන චපරං භන්තෙ, ගිලානස්ස භික්ඛුනො සප්පායානි භෙසජ්ජානි අලභන්තස්ස ආබාධො වා අභිවඩ්ඪිස්සති. කාලකිරියා වා භවිස්සති. තස්ස මෙ ගිලානභෙසජ්ජං පරිභුත්තස්ස ආබාධො න අභිවඩ්ඪිස්සති. කාලකිරියා න භවිස්සති. ඉමාහං භන්තෙ. අත්ථවසං සම්පස්සමානා ඉච්ඡාමි සඞ්ඝස්ස යාවජීවං ගිලානභෙසජ්ජං දාතුං.
Sinhala BJT68. “නැවත ද ස්වාමීනි, හිත වූ බෙහෙත් නො ලබන්නා වූ ගිලන් වූ මහණහුගේ ආබාධය හෝ වැඩෙන්නේ ය. කලුරිය කිරීම හෝ වන්නේ ය. මාගේ ගිලන්බෙහෙත් වැළඳූ ඒ භික්‍ෂූහුගේ ආබාධය නො වැඩෙන්නේ ය. කලුරිය කිරීම නො වන්නේ ය. ස්වාමීනි, මම මේ කාරණය දක්නී දිවි ඇති තාක් සඞ්ඝයාහට ගිලන්බෙහෙත් දෙනු කැමැත්තෙමි.
Pali BJT69. “පුන චපරං භන්තෙ භගවතා අන්ධකවින්දෙ දසානිසංසෙ සම්පස්සමානෙන යාගු අනුඤ්ඤාතා. ත්යාහං භන්තෙ, ආනිසංසෙ සම්පස්සමානා ඉච්ඡාමි සඞ්ඝස්ස යාවජීවං ධුවයාගුං දාතුං.
Sinhala BJT69. “නැවත ද ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් අන්‍ධකවින්‍ද නගරයෙහි දී අනුසස්දසයක් දකිමින් කැඳ අනුදන්නා ලද්දේ ය. ස්වාමීනි, මම මේ අනුසස් දක්නී දිවි ඇති තාක් සඞ්ඝයාට නිතිකැඳ දෙනු කැමැත්තෙමි.
Pali BJT70. “ඉධ භන්තෙ භික්ඛුනියො අචිරවතියා නදියා වෙසියාහි සද්ධිං නග්ගා එකතිත්ථෙ නහායන්ති. තා භන්තෙ වෙසියා භික්ඛුනියො උප්පණ්ඩෙසුං: කින්නු ඛො නාම තුම්හාකං අය්යෙ, දහරානං{2} බ්රහ්මචරියං චිණ්ණෙන. නනු නාම කාමා පරිභුඤ්ජිතබ්බා. යදා ජිණ්ණා භවිස්සථ{3}, තදා බ්රහ්මචරියං චරිස්සථ. එවං තුම්හාකං උභො අත්ථා පරිග්ගහිතා භවිස්සන්තී’ති. තා, භන්තෙ, භික්ඛුනියො වෙසියාහි උප්පණ්ඩියමානා මඞ්කූ අහෙසුං. අසුචි භන්තෙ, මාතුගාමස්ස නග්ගියං ජෙගුච්ඡං. පටික්කූලං. ඉමාහං භන්තෙ අත්ථවසං සම්පස්සමානා ඉච්ඡාමි භික්ඛුනිසඞ්ඝස්ස යාවජීවං උදකසාටිකං දාතු”න්ති.
Sinhala BJT70. “ස්වාමීනි, මෙහි මෙහෙණහු අචිරවතීනදියෙහි වෙසඟනන් සමග නග්න ව එක් තොටෙහි ස්නානය කෙරෙත්. ස්වාමීනි, ඒ වෙසඟනෝ මෙහෙණන්ට ‘ආර්‍ය්‍යාවෙනි, ඉතා තරුණ වූ ඔබට බඹසර පුරුදු කිරීමෙන් කිනම් ප්‍රයෝජනයෙක් ද? කාමයෝ පරිභෝග කළ යුත්තෝ නො වෙත් ද? යම් කලෙක දිරුණාහු වන්නහු ද, එකල්හි බඹසරෙහි හැසිරෙවු. එසේ ඇති කල්හි ඔබ විසින් උභයාර්‍ත්‍ථයෝ ම ප්‍රයෝජන ගන්නා ලද්දෝ වන්නාහු ය’ යි වෙහෙසූහ. ස්වාමීනි, වෙසඟනන් විසින් වෙහෙසනු ලබන ඒ මෙහෙණහු මංකු (ලජ්ජිත) වූහ. ස්වාමීනි, නග්න භාවය මාගමට නො හොබී. ලජ්ජා සහිත ය. පිළිකුල් ය. ස්වාමීනි, මම මේ කාරණය දක්නී දිවි තෙක් මෙහෙණ සඟනට දියසළු දෙනු කැමැත්තෙමි” යි කීවා ය.
Pali BJT71. “කිං පන ත්වං විසාඛෙ, ආනිසංසං සම්පස්සමානා තථාගතං අට්ඨ වරානි යාචසී”ති. “ඉධ භන්තෙ දිසාසු වස්සං වුත්ථා භික්ඛූ සාවත්ථිං ආගච්ඡිස්සන්ති භගවන්තං දස්සනාය. තෙ භගවන්තං උපසඞ්කමිත්වා පුච්ඡිස්සන්ති: ‘ඉත්ථන්නාමො භන්තෙ භික්ඛු කාලකතො. තස්ස කා ගති. කො අභිසම්පරායො.’ති. තං භගවා ව්යාකරිස්සති සොතාපත්තිඵලෙ වා සකදාගාමිඵලෙ වා අනාගාමිඵලෙ වා අරහත්තෙ වා{1}. ත්යාහං උපසඞ්කමිත්වා පුච්ඡිස්සාමි: ‘ආගතපුබ්බා තෙන භික්ඛුනා සාවත්ථී’ති නිට්ඨමෙත්ථ ගච්ඡිස්සාමි: නිස්සංසයං මෙ පරිභුත්තං{2} තෙන අය්යෙන වස්සිකසාටිකා වා ආගන්තුකභත්තං වා ගමිකභත්තං වා ගිලානභත්තං වා ගිලානුපට්ඨාකභත්තං වා ගිලානභෙසජ්ජං වා ධුවයාගු වා’ ති. තස්සා මෙ තදනුස්සරන්තියා පාමුජ්ජං ජායිස්සති. පමුදිතාය පීති ජායිස්සති. පීතිමනාය කායො පස්සම්භිස්සති. පස්සද්ධකායා සුඛං වෙදයිස්සාමි{3}. සුඛිනියා චිත්තං සමාධියිස්සති. සා මෙ භවිස්සති ඉන්ද්රියභාවනා, බලභාවනා, බොජ්ඣඞ්ගභාවනා. ඉමාහං භන්තෙ ආනිසංසං සම්පස්සමානා තථාගතං අට්ඨ වරානි යාචාමී”ති.
Sinhala BJT71. “විශාඛාවෙනි, තී කිනම් අනුසසක් දක්නී තථාගතයන් වහන්සේ වෙතින් වර අට ඉල්වන්නෙහි ද?” යි අසා වදාළ සේක. “ස්වාමීනි, මෙහි දිසාවන්හි වස් වැස නිම කළ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ දකිනු පිණිස සැවැත්නුවරට පැමිණෙන්නාහු ය. ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ ‘ස්වාමීනි, මෙනම් ඇති මහණ තෙමේ කලුරිය කෙළේ ය. ඔහුගේ ගතිය කවරී ද? පරලොව කවරේ දැ?” යි විචාරන්නාහු ය. භාග්‍යවතුන් වහන්සේ (ඒ භික්‍ෂුනම) සෝතාපත්තිඵලයෙහි හෝ සකදාගාමිඵලයෙහි හෝ අනාගාමිඵලයෙහි හෝ අරහත්තඵලයෙහි හෝ යි ඔහු ගැණ ප්‍රකාශ කරණ සේක. මම ඒ භික්‍ෂූන් වෙත එළඹ ‘ස්වාමීනි, ඒ ආර්‍ය්‍යයන් වහන්සේ පෙර සැවැත්නුවරට පැමිණි විරූ දැ’ යි විචාරන්නෙමි. ඉදින් ඒ මහණහු ‘සැවැත් නුවරට පැමිණි විරූ ය’ යි මට කියන්නාහු නම්, ‘නිසැකයෙන් ඒ ආර්‍ය්‍යයන් වහන්සේ විසින් මාගේ වැසිසළු හෝ ආගන්තුකබත් හෝ ගමිකබත් හෝ ගිලන්බත් හෝ ග්ලානෝපස්ථායකබත් හෝ ගිලන්බෙහෙත් හෝ නිති කැඳ හෝ වළඳන ලදැ’ යි මෙහි නිශ්චයට යන්නෙමි. එය සිහි කරන්නා වූ ඒ මට ප්‍රමෝදය උපදින්නේ ය. ප්‍රමුදිත වූ මට ප්‍රීතිය උපදින්නේ ය. ප්‍රීත සිත් ඇති මාගේ කය සන්සිඳෙන්නේ ය. සන්සිඳුනු කය ඇත්තී සුව විඳින්නෙමි. සුව ඇත්තා වූ මාගේ සිත එකඟ වන්නේ ය. එය මට ඉන්‍ද්‍රියභාවනාව, බලභාවනාව, බොද්ධ්‍යඞ්ගභාවනාව වන්නේ ය. ස්වාමීනි, මම මේ අනුසස් දක්නෙම් තථාගතයන් වහන්සේගෙන් වර අට ඉල්ලමි” යි කිවු ය.
Pali BJT72. “සාධු සාධු විසාඛෙ, සාධු ඛො ත්වං විසාඛෙ, ඉමං ආනිසංසං සම්පස්සමානා තථාගතං අට්ඨ වරානි යාචසි. අනුජානාමි තෙ විසාඛෙ, අට්ඨ වරානී”ති.
Sinhala BJT72. “විශාඛාව, ඉතා යහපති, විශාඛාව, තී මේ අනුසස් දක්නී තථාගතයන් වහන්සේගෙන් වර අට ඉල්වන්නෙහි ද, ඒ යහපති. විශාඛාව, තිට වර අට අනුදනිමි’ යි වදාළසේක.
Pali BJT73. අථ ඛො භගවා විසාඛං මිගාරමාතරං ඉමාහි ගාථාහි අනුමොදි:
Sinhala BJT73. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෘගාරිමාතෘ විශාඛාවට මේ ගාථාවන්ගෙන් අනුමෝදන් කළ සේක:
Pali BJT“යා අන්නපානං දදතී පමොදිතා සීලූපපන්නා සුගතස්ස සාවිකා, දදාති දානං අභිභුය්ය මච්ඡරං{4} සොවග්ගිකං සොකනුදං සුඛාවහං.
Sinhala BJT“සුගතයන් වහන්සේගේ සීලසම්පන්න වූ යම් ශ්‍රාවිකාවක් ප්‍රමුදිත වූවා ආහාරපාන දේ ද, මසුරුමල මැඩ ස්වර්‍ගයට හිත වූ ශෝක දුරු කරන්නා වූ සුව එළවන්නා වූ දන් දේ ද–
Pali BJT“දිබ්බං සා ලභතෙ ආයුං ආගම්ම මග්ගං විරජං අනඞ්ගණං, සා පුඤ්ඤකාමා{5} සුඛිනී අනාමයා සග්ගම්හි කායම්හි චිරං පමොදතී”ති.
Sinhala BJTඕ තොමෝ දිව්‍යමය වූ ආයුෂ ලබයි. පහ වූ රාගාදීරජස් ඇති පව් නැති මාර්‍ගයට පැමිණ පින් කැමැති ඕ තොමෝ සුවපත් ව රෝග රහිත ව ස්වර්‍ගලෝකයෙහි බොහෝ කලක් සතුටු වෙයි.”
Pali BJT74. අථ ඛො භගවා විසාඛං මිගාරමාතරං ඉමාහි ගාථාහි අනුමොදිත්වා උට්ඨායාසනා පක්කාමි. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “අනුජානාමි භික්ඛවෙ, වස්සිකසාටිකං ආගන්තුකභත්තං ගමිකභත්තං ගිලානභත්තං ගිලානුපට්ඨාකභත්තං ගිලානභෙසජ්ජං ධුවයාගුං භික්ඛුනිසඞ්ඝස්ස උදකසාටික”න්ති.
Sinhala BJT74. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෘගාරිමාතෘ විශාඛාවට මේ ගාථාවන්ගෙන් අනුමෝදනා කොට හුනස්නෙන් නැගිට වැඩි සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට භික්‍ෂූන් අමතා “මහණෙනි, වැසිසළු, ආගන්තුකබත, ගමිකබත, ගිලන්බත, ග්ලානෝපස්ථායකබත, ගිලන්බෙහෙත්, නිතිකැඳ, මෙහෙණසඟනට දියසළු අනුදනිමි”යි වදාළ සේක.
Pali BJTවිසාඛභාණවාරං නිට්ඨිතං.
Sinhala BJTවිසාබණවර නිමි.
Pali BJT1. තෙන ඛො පන සමයෙන භික්ඛූ පණීතානි භොජනානි භුඤ්ජිත්වා මුට්ඨස්සතී අසම්පජානා නිද්දං ඔක්කමන්ති. තෙසං මුට්ඨස්සතීනං අසම්පජානානං නිද්දං ඔක්කමන්තානං සුපිනන්තෙන අසුචි මුච්චති. සෙනාසනං අසුචිනා මක්ඛීයති.
Sinhala BJT1. එකල්හි භික්‍ෂූහු පිණිබොජුන් වළඳා මුළා වූ සිහි ඇත්තාහු සම්‍යක් ප්‍රඥා නැත්තාහු නින්දට බසිත්. මුළා වූ සිහි ඇති ව යහපත් නුවණින් තොර වූ නින්දට යන්නා වූ ඔවුන්ට සිහිනෙන් අසුචි (ශුක්‍ර) මිදේ (නික්මේ). සෙනසුන ශුක්‍රයෙන් කිලිටි වේ.
Pali BJT2. අථ ඛො භගවා ආයස්මතා ආනන්දෙන පච්ඡාසමණෙන සෙනාසනචාරිකං ආහිණ්ඩන්තො අද්දස සෙනාසනං අසුචිනා මක්ඛිතං. දිස්වාන ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: “කිං එතං ආනන්ද, සෙනාසනං මක්ඛිත”න්ති. “එතරහි භන්තෙ, භික්ඛූ පණීතානි භොජනානි භුඤ්ජිත්වා මුට්ඨස්සතී අසම්පජානා නිද්දං ඔක්කමන්ති. තෙසං මුට්ඨස්සතීනං අසම්පජානානං නිද්දං ඔක්කමන්තානං සුපිනන්තෙන අසුචි මුච්චති. තයිදං භගවා, සෙනාසනං අසුචිනා මක්ඛිත”න්ති. “එවමෙතං ආනන්ද, එවමෙතං ආනන්ද, මුච්චති හි ආනන්ද, මුට්ඨස්සතීනං අසම්පජානානං නිද්දං ඔක්කමන්තානං සුපිනන්තෙන අසුචි. යෙ තෙ ආනන්ද, භික්ඛූ උපට්ඨිතසතී සම්පජානා නිද්දං ඔක්කමන්ති, තෙසං අසුචි න මුච්චති. යෙපි තෙ ආනන්ද, පුථුජ්ජනා කාමෙසු වීතරාගා, තෙසම්පි අසුචි න මුච්චති. අට්ඨානමෙතං ආනන්ද අනවකාසො යං අරහතො අසුචි මුච්චෙය්යා”ති.
Sinhala BJT2. භාග්‍යවතුන් වහන්සේ (තමන් වහන්සේ) පසු ව යන මහණහු වූ ආයුෂ්මත් වූ අනඳ තෙරුන් සමග සේනාසනචාරිකාවෙහි වඩිනා සේක් ශුක්‍රයෙන් කිලිටි වූ සෙනසුන් දුටු සේක. දැක, “ආනන්‍දය, මේ සෙනසුන කුමකින් වැකුනේ දැ” යි ආයුෂ්මත් අනඳ තෙරුන් අසා වදාළ සේක. “ස්වාමීනි, දැන් භික්‍ෂූහු පිණිබොජුන් වළඳා මුළාසිහි ඇත්තාහු සම්‍යක්ප්‍රඥා නැත්තාහු නින්දට බසිත්. මුළා වූ සිහි ඇති ව සම්‍යක් ප්‍රඥා නැති ව නින්දට බසින්නා වූ ඔවුන්ට සිහිනෙන් ශුක්‍ර මොචනය වේ. භාග්‍යවතුන් වහන්ස, ඒ මේ සෙනසුන් ශුක්‍රයෙන් කිලිටි වූයේ ය” යි සැළකළහ. “ආනන්‍දය, ඒ එසේ ය. ආනන්‍දය, ඒ එසේ ය. ආනන්‍දය, මුළා වූ සිහි ඇති ව සම්‍යක් ප්‍රඥාවෙන් තොරව නින්දට බසින්නවුන්ට සිහිනෙන් ශුක්‍ර මිදේ ම ය. ආනන්‍දය, එළඹ සිටි සිහි ඇති යහපත් නුවණ ඇති යම් ඒ භික්‍ෂූහු නින්දට බසිත් ද, ඔවුන්ට ශුක්‍ර නො මිදේ. ආනන්‍දය, යම් ඒ පුහුදුන් කෙනෙක් කාමයන්හි පහ වූ ඇලුම් ඇත්තෝ වෙත් ද, ඔවුන්ට ද ශුක්‍ර නො මිදේ. ආනන්‍දය, රහතුන් වහන්සේට ශුක්‍ර මිදෙන්නේ ය යනු නො විය හැකි ය. ඊට අවකාස (හේතු) නැතැ” යි වදාළහ.
Pali BJT3. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “ඉධාහං භික්ඛවෙ, ආනන්දෙන පච්ඡාසමණෙන සෙනාසනචාරිකං ආහිණ්ඩන්තො අද්දසං සෙනාසනං අසුචිනා මක්ඛිතං. දිස්වාන, ආනන්දං ආමන්තෙසිං: ‘කිං එතං ආනන්ද, සෙනාසනං මක්ඛිත’න්ති. ‘එතරහි භන්තෙ, භික්ඛූ පණීතානි භොජනානි භුඤ්ජිත්වා මුට්ඨස්සතී අසම්පජානා නිද්දං ඔක්කමන්ති. තෙසං මුට්ඨස්සතීනං අසම්පජානානං නිද්දං ඔක්කමන්තානං සුපිනන්තෙන අසුචි මුච්චති. තයිදං භගවා, සෙනාසනං අසුචිනා මක්ඛිත’න්ති. ‘එවමෙතං ආනන්ද, එවමෙතං ආනන්ද, මුච්චති හි ආනන්ද, මුට්ඨස්සතීනං අසම්පජානානං නිද්දං ඔක්කමන්තානං සුපිනන්තෙන අසුචි. යෙ තෙ ආනන්ද, භික්ඛූ උපට්ඨිතස්සතී සම්පජානා නිද්දං ඔක්කමන්ති, තෙසං අසුචි න මුච්චති. යෙපි තෙ ආනන්ද, පුථුජ්ජනා කාමෙසු වීතරාගා, තෙසම්පි අසුචි න මුච්චති. අට්ඨානමෙතං ආනන්ද, අනවකාසො යං අරහතො අසුචි මුච්චෙය්යා”ති.
Sinhala BJT3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට භික්‍ෂූන් අමතා “මහණෙනි, මම මෙහි පසු මහණහු වූ ආනන්‍දයන් සමග සේනාසනචාරිකාවෙහි ඇවිදින්නෙම් ශුක්‍රයෙන් කිලිටි වූ සෙනසුන් දුටුවෙමි. දැක “මේ සෙනසුන් කුමක් නිසා ශුක්‍රයෙන් කිලිටි වූයේ දැ” යි ආනන්‍දයන් විචාළෙමි. “ස්වාමීනි, දැන් භික්‍ෂූහු පිණිබොජුන් වළඳා මුළාසිහි ඇති ව සම්‍යක් ප්‍රඥාවෙන් තොර ව නින්දට බසිත්. මුළා සිහි ඇති ව යහපත් නුවණින් තොර ව නින්දට බසින්නා වූ ඔවුන්ට සිහිනෙන් ශුක්‍ර මිදේ. භාග්‍යවතුන් වහන්ස, මේ සෙනසුන ඒ අසුචියෙන් කිලිටි වී ය” යි හේ කී ය. “ආනන්‍දය, ඒ එසේ ය. ආනන්‍දය, ඒ එසේ ය. ආනන්‍දය, මුළාසිහි ඇති ව සම්‍යක්ප්‍රඥාවෙන් තොර ව නින්දට බසින්නවුන්ට සිහිනෙන් ශුක්‍ර මිදේ ම ය. ආනන්‍දය, එළඹ සිටි සිහි ඇති සම්‍යක් ප්‍රඥා ඇති යම් ඒ භික්‍ෂූහු නින්දට බසිත් ද, ඔවුන්ට ශුක්‍ර නො මිදේ. ආනන්‍දය, යම් ඒ පුහුදුන් කෙනෙක් කාමයන්හි පහ වූ ඇලුම් ඇත්තාහු ද, ඔවුන්ට ද ශුක්‍ර නො මිදේ. ආනන්‍දය, රහතුන් වහන්සේට ශුක්‍ර මිදෙන්නේ ය යනු නො විය හැකි ය. ඊට හේතු නැතැ” යි කීවෙමි.
Pali BJT4. “පඤ්චිමෙ භික්ඛවෙ, ආදීනවා මුට්ඨස්සතිස්ස අසම්පජානස්ස නිද්දං ඔක්කමතො: දුක්ඛං සුපති. දුක්ඛං පටිබුජ්ඣති. පාපකං සුපිනං පස්සති. දෙවතා න රක්ඛන්ති, අසුචි මුච්චති. ඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ආදීනවා මුට්ඨස්සතිස්ස අසම්පජානස්ස නිද්දං ඔක්කමතො.
Sinhala BJT4. “මහණෙනි, මුළා වූ සිහි ඇති ව සම්‍යක්ප්‍රඥා නැති ව නින්දට බසින්නාහට මේ දොස් පසෙක් වේ: දුක සේ නිදයි. දුක සේ පිබිදෙයි. පවිටු සිහින දකියි. දෙවියෝ නො රකිත්. ශුක්‍ර මිදේ. මහණෙනි, මුළා සිහි ඇති ව සම්‍යක් ප්‍රඥා නැති ව නින්දට බසින්නහුට මේ දොස් පස වේ.
Pali BJT5. “පඤ්චිමෙ භික්ඛවෙ, ආනිසංසා උපට්ඨිතසතිස්ස සම්පජානස්ස නිද්දං ඔක්කමතො: සුඛං සුපති. සුඛං පටිබුජ්ඣති. න පාපකං සුපිනං පස්සති. දෙවතා රක්ඛන්ති. අසුචි න මුච්චති. ඉමෙ ඛො භික්ඛවෙ, පඤ්ච ආනිසංසා උපට්ඨිතසතිස්ස සම්පජානස්ස නිද්දං ඔක්කමතො. අනුජානාමි භික්ඛවෙ, කායගුත්තියා චීවරගුත්තියා සෙනාසනගුත්තියා නිසීදන”න්ති.
Sinhala BJT5. “මහණෙනි, එළඹ සිටි සිහි ඇති ව සම්‍යක් ප්‍රඥා ඇති ව නින්දට බසින්නහුට මේ අනුසස් පසෙක් වේ: සුව සේ නිදයි. සුව සේ පිබිදෙයි. පවිටු සීන නො දකියි. දෙවියෝ රකිත්. ශුක්‍ර නො මිදේ. මහණෙනි, එළඹ සිටි සිහි ඇති ව සම්‍යක්ප්‍රඥා ඇති ව නින්දට බසින්නහුට මේ අනුසස් පස වේ. මහණෙනි, කය රක්නා පිණිස සිවුරු රක්නා පිණිස සෙනසුන් රක්නා පිණිස නිසීදනය (හිඳිනා ඇතිරිය) අනුදනිමි” යි වදාළහ.
Pali BJT6. තෙන ඛො පන සමයෙන අතිඛුද්දකං නිසීදනං න සබ්බං සෙනාසනං ගොපෙති{1}. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, යාව මහන්තං පච්චත්ථරණං ආකඞ්ඛති, තාව මහන්තං පච්චත්ථරණං කාතු”න්ති.
Sinhala BJT6. එකල්හි ඉතා කුඩා වූ නිසීදනය මුළු සෙනසුන නො රකියි. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, යම් පමණ මහත් වූ පසතුරුණු කැමැති වේ නම්, එපමණ මහත් වූ පසතුරුණු කරන්නට අනුදනිමි” යි
Pali BJT7. තෙන ඛො පන සමයෙන ආයස්මතො ආනන්දස්ස උපජ්ඣායස්ස ආයස්මතො බෙලට්ඨසීසස්ස ථුල්ලකච්ඡාබාධො හොති. තස්ස ලසිකාය චීවරානි කායෙ ලග්ගන්ති. තානි භික්ඛූ උදකෙන තෙමෙත්වා තෙමෙත්වා අපකඩ්ඪන්ති.
Sinhala BJT7. එකල්හි ආයුෂ්මත් අනඳතෙරුන්ගේ උපාද්ධ්‍යාය වූ ආයුෂ්මත් බෙලට්ඨසිස ස්ථවිරයන් වහන්සේට මහත් පිළිකාරෝගයෙක් වේ. උන්වහන්සේගේ සිවුරු සඳමිදුලෙන් ශරීරයෙහි ලැගෙත් භික්‍ෂූහු ඒ සිවුරු දියෙන් තෙමතෙමා ඉවත් කෙරෙත්.
Pali BJT8. අද්දසා ඛො භගවා සෙනාසනචාරිකං ආහිණ්ඩන්තො තෙ භික්ඛූ තානි චීවරානි උදකෙන තෙමෙත්වා තෙමෙත්වා අපකඩ්ඪන්තෙ. දිස්වාන යෙන තෙ භික්ඛූ තෙනුපසඞ්කමි. උපඞ්කමිත්වා තෙ භික්ඛූ එතදවොච: “කිං ඉමස්ස භික්ඛවෙ, භික්ඛුනො ආබාධො”ති. “ඉමස්ස භන්තෙ, ආයස්මතො ථුල්ලකච්ඡාබාධො. ලසිකාය චීවරානි කායෙ ලග්ගන්ති. තානි මයං උදකෙන තෙමෙත්වා තෙමෙත්වා අපකඩ්ඪාමා”ති.
Sinhala BJT8. භාග්‍යවතුන් වහන්සේ සේනාසනචාරිකාවෙහි වඩිනා සේක් ඒ සිවුරු දියෙන් තෙමතෙමා ඉවත් කරන්නා වූ භික්‍ෂූන් දුටු සේක. දැක ඒ භික්‍ෂූන් වෙත එළඹි සේක. එළඹ, “මහණෙනි, මේ මහණහුගේ ආබාධය කිමැ” යි ඒ භික්‍ෂූන්ගෙන් ඇසූහ. “ස්වාමීනි, මේ ආයුෂ්මත්හුහට මහ පිළිකාරොගය වේ. සඳමිදුලෙන් සිවුරු සිරුරෙහි ලැගෙයි. අපි ඒ සිවුරු දියෙන් තෙම තෙමා ඉවත් කරමු” යි කීහ.
Pali BJT9. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “අනුජානාමි භික්ඛවෙ, යස්ස කණ්ඩු වා පිළකා වා අස්සාවො වා ථුල්ලකච්ඡු වා ආබාධො කණ්ඩුපටිච්ඡාදි”න්ති.
Sinhala BJT9. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට භික්‍ෂූන් අමතා “මහණෙනි, යම් මහණකුහට කැසීමෙක් හෝ ලේගඩුවක් හෝ භගන්‍දරාදි සැරව වැගිරෙන ආබාධයක් හෝ මහ පිළිකා ආබාධයෙක් හෝ වේ ද, කස්පිළිසනක් (වණ වැසුමක්) අනුදනිමි” යි වදාළ සේක.
Pali BJT10. අථ ඛො විසාඛා මිගාරමාතා මුඛපුඤ්ඡනචොළං ආදාය යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නා ඛො විසාඛා මිගාරමාතා භගවන්තං එතදවොච: “පතිගණ්හාතු මෙ භන්තෙ, භගවා මුඛපුඤ්ඡනචොළකං, යං මම අස්ස දීඝරත්තං හිතාය සුඛායා”ති. පටිග්ගහෙසි භගවා මුඛපුඤ්ඡනචොළකං.
Sinhala BJT10. එකල්හි මෘගාරිමාතෘ විශාඛා තොමෝ මුව පිස්නා රෙදිකඩක් ගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියා ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්නී ය. පසෙක හුන්නා වූ මෘගාරිමාතෘ විශාඛා තොමෝ “භාග්‍යවතුන් වහන්සේ මාගේ මුවපිස්නා රෙදිකඩ පිළිගන්නා සේක්වා. එය මට බොහෝ කලක් හිත පිණිස සැප පිණිස වන්නේ ය” යි භාග්‍යවතුන් වහන්සේට සැළකළා ය. භාග්‍යවතුන් වහන්සේ මුවපිස්නා රෙදිකඩ පිළිගත්හ.
Pali BJT11. අථ ඛො භගවා විසාඛං මිගාරමාතරං ධම්මියා කථාය සන්දස්සෙසි. සමාදපෙසි. සමුත්තෙජෙසි. සම්පහංසෙසි. අථ ඛො විසාඛා මිගාරමාතා භගවතා ධම්මියා කථාය සන්දස්සිතා සමාදපිතා සමුත්තෙජිතා සම්පහංසිතා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
Sinhala BJT11. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෘගාරිමාතෘ විශාඛාව දැහැමි කතාවෙන් කරුණු දැක්වූහ. (ඇය එහි) සමාදන් කරවූ හ. තියුණු කරවූහ. සතුටු කරවූහ. භාග්‍යවතුන් වහන්සේ විසින් කරුණු දක්වන ලද සමාදන් කරවන ලද තියුණු කරවන ලද සතුටු කරවන ලද මෘගාරිමාතෘ විශාඛා තොමෝ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට ගියා ය.
Pali BJT12. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “අනුජානාමි භික්ඛවෙ, මුඛපුඤ්ඡනචොළක”න්ති.
Sinhala BJT12. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමිකතා කොට භික්‍ෂූන් අමතා “මහණෙනි, මුවපිස්නා රෙදිකඩක් අනුදනිමි” යි වදාළ සේක.
Pali BJT13. තෙන ඛො පන සමයෙන රොජො මල්ලො ආයස්මතො ආනන්දස්ස සහායො හොති. රොජස්ස මල්ලස්ස ඛොමපිලොතිකා ආයස්මතො ආනන්දස්ස හත්ථෙ නික්ඛිත්තා හොති. ආයස්මතො ච ආනන්දස්ස ඛොමපිලොතිකාය අත්ථො හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස විස්සාසං ගහෙතුං: සන්දිට්ඨො ච හොති, සම්භත්තො ච, ආලපිතො ච, ජීවති ච, ජානාති ච, - ගහිතෙ මෙ අත්තමනො භවිස්සතී”ති. “අනුජානාමි භික්ඛවෙ, ඉමෙහි පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස විස්සාසං ගහෙතු”න්ති.
Sinhala BJT13. එකල්හි රොජමල්ල තෙමේ ආයුෂ්මත් වූ අනඳතෙරුන්ගේ යහළුවෙක් වේ. රොජමල්ලයා විසින් කොමුපිළියක් ආයුෂ්මත් අනඳ තෙරුන් අත තබන ලද්දේ වේ. ආයුෂ්මත් අනඳතෙරුන්ට ද කොමු පිළියකින් ප්‍රයෝජන වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, අඞ්ග පසකින් යුක්ත වූවෙකුගේ දෙයක් විශ්වාසයෙන් ගැණීමට අනුදනිමි: දුටු මිතුරු වේ ද, දැඩි මිතුරු වේ ද, කථාමාත්‍රයෙන් මිතුරු වූයේ ද, ජීවත් වේ ද, ‘මා විසින් ගත් කල සතුටු වන්නේ ය’ යි ද නී ද, මහණෙනි, මේ පසඟින් යුක්ත වූවහු පිළිබඳ දෙය විශ්වාසයෙන් ගැණිමට අනුදනිමි”.