Pali BJT7. භික්ඛු අත්ථතකඨිනො දිසඞ්ගමිකො පක්කමති චීවරපටිවිංසං අපවිනයමානො. තමෙනං දිසඞ්ගතං භික්ඛූ පුච්ඡන්ති: “කහං ත්වං ආවුසො වස්සං වුත්ථො? කත්ථ ච තෙ චීවරපටිවිංසො”ති. සො එවං වදෙති: “අමුකස්මිං ආවාසෙ වස්සං වුත්ථොම්හි. තත්ථ ච මෙ චීවරපටිවිංසො”ති. තෙ එවං වදෙන්ති: “ගච්ඡාවුසො. තං චීවරං ආහර. මයං තෙ ඉධ චීවරං කරිස්සාමා”ති. සො තං ආවාසං ගන්ත්වා භික්ඛූ පුච්ඡති: “කහං මෙ ආවුසො චීවරපටිවිංසො”ති. තෙ එවං වදෙන්ති: “අයං තෙ ආවුසො චීවරපටිවිංසො”ති. සො තං චීවරං ආදාය තං ආවාසං ගච්ඡති. තස්ස තං ආවාසං ගතස්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස්සං. න පච්චෙස්ස”න්ති. සො තං චීවරං කාරෙති. තස්ස භික්ඛුනො නිට්ඨානන්තිකො කඨිනුද්ධාරො.
Sinhala BJT7. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ දිශා යනුයේ සිවුරු කොටස පතමින් බැහැර යෙයි. භික්‍ෂූහු දිශා ගියා වූ ඒ මහණහු “ඇවැත, තෝ කොහි වස් වුසුවෙහි ද? ඔබගේ සිවුරු කොටස කොහි දැ?” යි විචාරත්. ඒ මහණ තෙමේ “අසවල් ආවාසයෙහි වස් වුසුවෙමි. මාගේ සිවුරු කොටස එහි ය” යි මෙසේ කියයි. ඒ භික්‍ෂූහු “ඇවැත, යව. ඒ සිවුර ගෙණ එව. අපි මෙහි දී තාගේ සිවුර කරන්නෙමු” යි මෙසේ කියත්. ඒ මහණ තෙමේ ඒ ආවාසයට ගොස් “ඇවැත, මාගේ සිවුරු කොටස කොහිදැ?” යි භික්‍ෂූන් විචාරයි. ඒ භික්‍ෂූහු “ඇවැත, මේ ඔබගේ සිවුරු කොටසැ” යි මෙසේ කියත්. ඒ මහණ තෙමේ ඒ සිවුර ගෙණ ඒ ආවාසයට යෙයි. ඒ ආවාසයට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුට සිවුර නිම කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.
Pali BJT8. භික්ඛු අත්ථතකඨිනො දිසඞ්ගමිකො පක්කමති -පෙ- “නෙවිමං චීවරං කාරෙස්සං. න පච්චෙස්ස”න්ති. තස්ස භික්ඛුනො සන්නිට්ඨානන්තිකො කඨිනුද්ධාරො.
Sinhala BJT8. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ දිශා යනුයේ –පෙ – බැහැර යෙයි –පෙ–“මේ සිවුර නො කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි. ඒ මහණහුට සනිටුහන අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.
Pali BJT9. භික්ඛු අත්ථතකඨිනො දිසඞ්ගමිකො පක්කමති -පෙ- “ඉධෙවිමං චීවරං කාරෙස්සං. න පච්චෙස්ස”න්ති. සො තං චීවරං කාරෙති. තස්ස තං චීවරං කයිරමානං නස්සති. තස්ස භික්ඛුනො නාසනන්තිකො කඨිනුද්ධාරො.
Sinhala BJT9. ඇති රූ කඨින ඇති මහණ තෙමේ දිශා යනුයේ – පෙ– බැහැර යෙයි. –පෙ – “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුගේ කරණු ලබන්නා වූ ඒ සිවුර නැසෙයි. ඒ මහණහුට නැසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.
Pali BJTඅපවිනයනවකං{1} නිට්ඨිතං.
Sinhala BJTඅපවිනය නවකය (සිවුරු කොටස අපේක්‍ෂා කිරීම පිළිබඳ වාර නවය) නිමි.
Pali BJT1. භික්ඛු අත්ථතකඨිනො ඵාසුවිහාරිකො චීවරං ආදාය පක්කමති “අමුකං නාම ආවාසං ගමිස්සාමි. තත්ථ මෙ ඵාසු භවිස්සති, වසිස්සාමි. නො චෙ මෙ ඵාසු භවිස්සති, අමුකං නාම ආවාසං ගමිස්සාමි. තත්ථ මෙ ඵාසු භවිස්සති, වසිස්සාමි. නො චෙ මෙ ඵාසු භවිස්සති, අමුකං නාම ආවාසං ගමිස්සාමි. තත්ථ මෙ ඵාසු භවිස්සති, වසිස්සාමි. නො චෙ මෙ ඵාසු භවිස්සති, පච්චෙස්ස”න්ති. තස්ස බහිසීමගතස්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස්සං. න පච්චෙස්ස”න්ති. සො තං චීවරං කාරෙති. තස්ස භික්ඛුනො නිට්ඨානන්තිකො කඨිනුද්ධාරො.
Sinhala BJT1. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ පහසු විහරණ කැමැත්තේ සිවුර ගෙණ “අසවල් ආවාසයට යන්නෙමි. එහි මට පහසු වන්නේ නම්, වසන්නෙමි. මට පහසු නො වන්නේ නම්, අසවල් ආවාසයට යන්නෙමි. එහි මට පහසු වන්නේ නම්, වසන්නෙමි. මට පහසු නො වන්නේ නම්, අසවල් ආවාසයට යන්නෙමි. එහි මට පහසු වන්නේ නම්, වසන්නෙමි. මට පහසු නො වන්නේ නම්, පෙරළා එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුට සිවුර නිම කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.
Pali BJT2. භික්ඛු අත්ථතකඨිනො ඵාසුවිහාරිකො චීවරං ආදාය පක්කමති “අමුකං නාම ආවාසං ගමිස්සාමි. තත්ථ මෙ ඵාසු භවිස්සති, වසිස්සාමි. නො චෙ මෙ ඵාසු භවිස්සති, අමුකං නාම ආවාසං ගමිස්සාමි. තත්ථ මෙ ඵාසු භවිස්සති, වසිස්සාමි. නො චෙ මෙ ඵාසු භවිස්සති, අමුකං නාම ආවාසං ගමිස්සාමි. තත්ථ මෙ ඵාසු භවිස්සති, වසිස්සාමි. නො චෙ මෙ ඵාසු භවිස්සති, පච්චෙස්ස”න්ති. තස්ස බහිසීමගතස්ස එවං හොති: “නෙවිමං චීවරං කාරෙස්සං. න පච්චෙස්ස”න්ති. තස්ස භික්ඛුනො සන්නිට්ඨානන්තිකො කඨිනුද්ධාරො.
Sinhala BJT2. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ පහසු විහරණ කැමැත්තේ සිවුර ගෙණ “අසවල් ආවාසයට යන්නෙමි. එහි මට පහසු වන්නේ නම්, වසන්නෙමි. මට පහසු නො වන්නේ නම් අසවල් ආවාසයට යන්නෙමි. එහි මට පහසු වන්නේ නම්, වසන්නෙමි. මට පහසු නො වන්නේ නම්, අසවල් ආවාසයට යන්නෙමි. එහි මට පහසු වන්නේ නම්, වසන්නෙමි. මට පහසු නො වන්නේ නම්, පෙරළා එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මේ සිවුර නො කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණහුට සනිටුහන අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.
Pali BJT3. භික්ඛු අත්ථතකඨිනො ඵාසුවිහාරිකො චීවරං ආදාය පක්කමති “අමුකං නාම ආවාසං ගමිස්සාමි. තත්ථ මෙ ඵාසු භවිස්සති, වසිස්සාමි. නො චෙ මෙ ඵාසු භවිස්සති, අමුකං නාම ආවාසං ගමිස්සාමි. තත්ථ මෙ ඵාසු භවිස්සති, වසිස්සාමි. නො චෙ මෙ ඵාසු භවිස්සති, අමුකං නාම ආවාසං ගමිස්සාමි. තත්ථ මෙ ඵාසු භවිස්සති, වසිස්සාමි. නො චෙ මෙ ඵාසු භවිස්සති, පච්චෙස්ස”න්ති. තස්ස බහිසීමගතස්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස්සං. න පච්චෙස්ස”න්ති. සො තං චීවරං කාරෙති. තස්ස තං චීවරං කයිරමානං නස්සති. තස්ස භික්ඛුනො නාසනන්තිකො කඨිනුද්ධාරො.
Sinhala BJT3. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ පහසු විහරණ කැමැත්තේ සිවුර ගෙණ “අසවල් ආවාසයට යන්නෙමි. එහි මට පහසු වන්නේ නම්, වසන්නෙමි. මට පහසු නො වන්නේ නම්, අසවල් ආවාසයට යන්නෙමි. එහි මට පහසු වන්නේ නම්, වසන්නෙමි. මට පහසු නො වන්නේ නම්, අසවල් ආවාසයට යන්නෙමි. එහි මට පහසු වන්නේ නම්, වසන්නෙමි. මට පහසු නො, වන්නේ නම් පෙරළා එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දි ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුගේ කරණු ලබන්නා වූ ඒ සිවුර නැසෙයි. ඒ මහණහුට නැසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.
Pali BJT4. භික්ඛු අත්ථතකඨිනො ඵාසුවිහාරිකො චීවරං ආදාය පක්කමති “අමුකං නාම ආවාසං ගමිස්සාමි. තත්ථ මෙ ඵාසු භවිස්සති, වසිස්සාමි. නො චෙ මෙ ඵාසු භවිස්සති, අමුකං නාම ආවාසං ගමිස්සාමි. තත්ථ මෙ ඵාසු භවිස්සති, වසිස්සාමි. නො චෙ මෙ ඵාසු භවිස්සති. අමුකං නාම ආවාසං ගමිස්සාමි. තත්ථ මෙ ඵාසු භවිස්සති, වසිස්සාමි. නො චෙ මෙ ඵාසු භවිස්සති, පච්චෙස්ස”න්ති. සො බහිසීමගතො තං චීවරං කාරෙති. සො කතචීවරො– “පච්චෙස්සං. පච්චෙස්ස”න්ති බහිද්ධා කඨිනුද්ධාරං වීතිනාමෙති. තස්ස භික්ඛුනො සීමාතික්කන්තිකො කඨිනුද්ධාරො.
Sinhala BJT4. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ පහසු විහරණ කැමැත්තේ සිවුර ගෙණ “අසවල් ආවාසයට යන්නෙමි. එහි මට පහසු වන්නේ නම්, වසන්නෙමි. මට පහසු නො වන්නේ නම්, අසවල් ආවාසයට යන්නෙමි. එහි මට පහසු වන්නේ නම්, වසන්නෙමි. මට පහසු නො වන්නේ නම්, අසවල් ආවාසයට යන්නෙමි. එහි මට පහසු වන්නේ නම්, වසන්නෙමි. මට පහසු නො වන්නේ නම්, පෙරළා එන්නෙමි” යි, බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. කළ සිවුර ඇති ඒ මහණ තෙමේ “පෙරළා එන්නෙමි. පෙරළා එන්නෙමි” යි කඨිනයාගේ ඉදිරීම තෙක් බැහැර කල් ගෙවයි. ඒ මහණහුට සීමාව ඉකුත්වීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.
Pali BJT5. භික්ඛු අත්ථතකඨිනො ඵාසුවිහාරිකො චීවරං ආදාය පක්කමති “අමුකං නාම ආවාසං ගමිස්සාමි. තත්ථ මෙ ඵාසු භවිස්සති, වසිස්සාමි. නො චෙ මෙ ඵාසු භවිස්සති, අමුකං නාම ආවාසං ගමිස්සාමි. තත්ථ මෙ ඵාසු භවිස්සති, වසිස්සාමි. නො චෙ මෙ ඵාසු භවිස්සති, අමුකං නාම ආවාසං ගමිස්සාමි. තත්ථ මෙ ඵාසු භවිස්සති, වසිස්සාමි. නො චෙ මෙ ඵාසු භවිස්සති, පච්චෙස්ස”න්ති. සො බහිසීමගතො තං චීවරං කාරෙති. සො කතචීවරො “පච්චෙස්සං. පච්චෙස්ස”න්ති සම්භුණාති කඨිනුද්ධාරං. තස්ස භික්ඛුනො සහ භික්ඛූහි කඨිනුද්ධාරො.
Sinhala BJT5. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ පහසු විහරණ කැමැත්තේ සිවුර ගෙණ “අසවල් ආවාසයට යන්නෙමි. එහි මට පහසු වන්නේ නම්, වසන්නෙමි. මට පහසු නො වන්නේ නම්, අසවල් ආවාසයට යන්නෙමි. එහි මට පහසු වන්නේ නම්, වසන්නෙමි. මට පහසු නො වන්නේ නම්, අසවල් ආවාසයට යන්නෙමි. එහි මට පහසු වන්නේ නම්, වසන්නෙමි. මට පහසු නො වන්නේ නම්, පෙරළා එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. කළ සිවුර ඇති ඒ මහණ තෙමේ “පෙරළා එන්නෙමි. පෙරළා එන්නෙමි” යි කඨිනුද්ධාරයට පැමිණේ. ඒ මහණහුට සෙසු භික්‍ෂූන් සමග කඨිනුද්ධාරය වේ.
Pali BJTඵාසුවිහාරපඤ්චකං නිට්ඨිතං.
Sinhala BJTඵාසුවිහාරපඤ්චකය (පහසු විහරණය පිළිබඳ වාර පස) නිමි.
Pali BJT1. ද්වෙ මෙ භික්ඛවෙ, කඨිනස්ස පළිබොධා, ද්වෙ අපළිබොධා. කතමෙ ච භික්ඛවෙ, ද්වෙ කඨිනස්ස පළිබොධා? ආවාසපළිබොධො ච චීවරපළිබොධො ච. කථඤ්ච භික්ඛවෙ, ආවාසපළිබොධො හොති? ඉධ භික්ඛවෙ, භික්ඛු වසති වා තස්මිං ආවාසෙ, සාපෙක්ඛො වා පක්කමති “පච්චෙස්ස”න්ති. එවං ඛො භික්ඛවෙ, ආවාසපළිබොධො හොති. කථඤ්ච භික්ඛවෙ, චීවරපළිබොධො හොති? ඉධ භික්ඛවෙ, භික්ඛුනො චීවරං අකතං වා හොති විප්පකතං වා චීවරාසා වා අනුපච්ඡින්නා. එවං ඛො භික්ඛවෙ, චීවරපළිබොධො හොති. ඉමෙ ඛො භික්ඛවෙ, ද්වෙ කඨිනස්ස පළිබොධා.
Sinhala BJT1. මහණෙනි, කඨිනය පිළිබඳ මේ පළිබෝධ කරණු දෙකක් වේ. මේ පළිබෝධ නො වන කරුණු දෙකක් වේ. මහණෙනි, කඨිනයාගේ පළිබෝධ කරුණු දෙක කවරේ ද? ආවාසපළිබෝධය ද චීවරපළිබොධය ද යන මේ යි. මහණෙනි, ආවාසපළිබෝධය කෙසේ වේ ද? මහණෙනි, මෙහි මහණ තෙමේ ඒ ආවාසයෙහි හෝ වෙසේ. බලාපොරොත්තු සහිත වූයේ හෝ “පෙරළා එන්නෙමි” යි බැහැර යෙයි. මහණෙනි, මේ ආවාසපළිබෝධය වේ. මහණෙනි, චීවරපළිබොධය කෙසේ වේ ද? මහණෙනි, මෙහි මහණහුගේ සිවුර නො කරණ ලද්දේ හෝ අඩාළ කරණ ලද්දේ හෝ වේ. සිවුරු ආසාව නො සිඳුනී හෝ වේ. මහණෙනි, මේ චීවරපළිබොධය වේ. මහණෙනි, කඨිනයාගේ මේ පළිබෝධ දෙක ය.
Pali BJT2. කතමෙ ච භික්ඛවෙ ද්වෙ කඨිනස්ස අපළිබොධා? ආවාසඅපළිබොධො ච චීවරඅපළිබොධො ච. කථඤ්ච භික්ඛවෙ, ආවාසඅපළිබොධො හොති? ඉධ භික්ඛවෙ, භික්ඛු පක්කමති තම්හා ආවාසා චත්තෙන වන්තෙන මුත්තෙන අනපෙඛො{1} “න පච්චෙස්ස”න්ති. එවං ඛො භික්ඛවෙ, ආවාසඅපළිබොධො හොති. කථඤ්ච භික්ඛවෙ, චීවරඅපළිබොධො හොති? ඉධ භික්ඛවෙ, භික්ඛුනො චීවරං කතං වා හොති නට්ඨං වා විනට්ඨං වා දඩ්ඪං වා චීවරාසා වා උපච්ඡින්නා. එවං ඛො භික්ඛවෙ, චීවරඅපළිබොධො හොති. ඉමෙ ඛො, භික්ඛවෙ, ද්වෙ කඨිනස්ස අපළිබොධා”ති.
Sinhala BJT2. මහණෙනි, කඨිනය පිළිබඳ පළිබෝධ නො වන කරුණු දෙක කවරේ ද? ආවාසඅපළිබෝධය ද චීවරඅපළිබොධය ද යන මේ යි. මහණෙනි, ආවාසඅපළිබෝධය කෙසේ වේ ද? මහණෙනි, මෙහි මහණ තෙමේ ඒ ආවාසයෙන් හළ සිතින් දුරු කළ සිතින් මුදා හළ සිතින් අපේක්‍ෂා රහිත වූයේ “පෙරළා නො එන්නෙමි” යි බැහැර යෙයි. මහණෙනි, මේ ආවාසඅපළිබෝධය යි. මහණෙනි, චීවරඅපළිබොධය කෙසේ වේ ද? මහණෙනි, මෙහි මහණහුගේ සිවුර කරණ ලද්දේ හෝ නැසුනේ හෝ වැනසුනේ හෝ දැවුනේ හෝ වේ. සිවුරු ආසාව සිඳුනී හෝ වේ. මහණෙනි, මේ චීවරඅපළිබොධය වේ. මහණෙනි, කඨිනයාගේ මේ අපළිබෝධ කරුණු දෙක ය.
Pali BJTකඨිනක්ඛන්ධකො නිට්ඨිතො සත්තමො.
Sinhala BJTසත්වන කඨිනක්ඛන්‍ධකය නිමි.
Pali BJTඉමම්හි ඛන්ධකෙ වත්ථු ද්වාදස. පෙය්යාලමුඛානි එකසතං අට්ඨාරස.
Sinhala BJTමේ ඛන්‍ධකයෙහි වස්තූහු දොළොසෙකි. පෙය්‍යාලමුඛයෝ එක්සිය අටළොසෙකි.
Pali BJTතස්ස උද්දානං:
Sinhala BJTඑහි උද්දානය (වස්තුනාමාවලිය) මෙසේ ය:
Pali BJTතිංසපාවෙය්යකා භික්ඛූ, සාකෙතුක්කණ්ඨිතා වසුං, වස්සං වුත්ථොකපුණ්ණෙහි අගමුං{1} ජිනදස්සනං.
Sinhala BJTතිසක් පාවානුවර වැසි භික්‍ෂූහු කළකිරුණේ සාකේතනුවර වස් විසූහ. වස් වැස නිම කළෝ දිය පිරුණු සිවුරුවලින් යුක්ත ව බුදුරජුන් දැකීමට ගියහ.
Pali BJTඉදං වත්ථු කඨිනස්ස කප්පිස්සන්ති ච පඤ්චකා, අනාමන්තාසමාදානං{2} තථෙව ගණභොජනං.
Sinhala BJTකඨිනය පැණවීමට මෙය වස්තු වි ය. කඨිනය අතුළ මහණුන්ට අනාමන්තචාරය, අසමාදානචාරය, එසේ ම ගණභෝජනය, යාවදත්‍ථචීවරය, තත්‍ථුප්පාදචීවරය යන පස කැප වේ. ඤත්තිය ද, මෙසේ අතුරණ ලද්දේ, මෙසේ නො අතුරණ ලද්දේ – යනු ද,
Pali BJTයාවදත්ථඤ්ච උප්පාදො අත්ථතානං භවිස්සති, ඤත්ති එවත්ථතඤ්චෙව එවඤ්චෙව අනත්ථතං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJTඋල්ලිඛා{3} ධොවනා චෙව විචාරණඤ්ච ඡෙදනං, බන්ධනොවට්ටිකණ්ඩුසදළ්හීකම්මානුවාතකා{4}.
Sinhala BJTනූල් ගැසීම, සේදීම, චීවරවිචාරණය, සිඳීම, බැඳීම, දික් මැහුම් මැසීම, හිස් හූ බැඳීම, දළ්හීකර්‍මය, පිට නුවා ඇල්ලීම, ඇතුල් නුවා ඇල්ලීම–
Pali BJTපරිභණ්ඩං ඔවට්ටෙය්යං{5} මද්දනා නිමිත්තංකථා{6}. කුක්කුසන්නිධි නිස්සග්ගි, න කප්පඤ්ඤත්ර තෙ තයො.
Sinhala BJTආගන්තුකපත්‍ර දීම, පඬු පෙවීම, නිමිති කීම, පරිකථා, තාවකාලිකවස්ත්‍රය, සන්නිධි වස්ත්‍රය, නිසගිවස්ත්‍රය, කප්බිඳු නො තැබූ සිවුර, සඟළසිවුර උතුරු සඟසිවුර අඳනාසිවුර යන තුන් සිවුරු හැර ඇතිරීම–
Pali BJTඅඤ්ඤත්ර පඤ්චාතිරෙකෙ සඤ්ඡින්නෙන{7} සමණ්ඩලී, නාඤ්ඤත්ර පුග්ගලා සම්මා නිස්සීමට්ඨොනුමොදති; කඨිනං අනත්ථතං හොති එවං බුද්ධෙන දෙසිතං.
Sinhala BJTසිඳීමෙන් මැඩිලි සහිත කරණලද අතු පසක් හෝ පසින් වැඩි අතු ඇති සිවුර හැර, පුද්ගලයකුගේ ඇතිරීම හැර, මනා කොට අතුරණ ලද්ද වස් සීමාවෙන් බැහැර වූවෙක් අනුමෝදන් වේ ද, කඨිනය නො අතුරණ ලදැ යි බුදුරජුන් විසින් මෙසේ දේසනා කරණ ලද්දේ ය.
Pali BJTඅහතාකප්පපිලොති පංසුපාපණිකාය ච, අනිමිත්තා පරිකථා අකුක්කු ච අසන්නිධි.
Sinhala BJTඅළුත් වස්ත්‍රය, වරක් දෙවරක් සේදූ වස්ත්‍රය, රෙදි කැබලිවලින් කළ සිවුර, පංසුකූල සිවුර, කඩපිලෙන් අවුලා ගත් වතින් කළ සිවුර, නිමිති නො කිරීමෙන් ලත් සිවුර, පරිකථා නො කිරීමෙන් ලත් සිවුර, නො තැවුකැලි සිවුර, සන්නිධි නො කළ සිවුර–
Pali BJTඅනිස්සග්ගි කප්පකතො{8} තථා තිචීවරෙන ච, පඤ්චකෙ වාතිරෙකෙ වා ඡින්නෙ සමණ්ඩලීකතෙ{9}.
Sinhala BJTනිසගි නො වූ සිවුර, කප්බිඳු තැබූ සිවුර, තුන් සිවුරෙන් එක් සිවුරක්, සිඳින ලද මැඩිලි සහිත වූ පසක් හෝ වැඩියක් හෝ අතු ඇති සිවුර–
Pali BJTපුග්ගලස්සත්ථාරා සම්මා සීමට්ඨො අනුමොදති, එවං කඨිනත්ථරණං උබ්භාරස්සට්ඨමාතිකා:
Sinhala BJTපුද්ගලයකුගේ ඇතිරීම, මනා කොට ඇතිරීම වස් සීමාවෙහි සිටියේ අනුමෝදන් වේ ද, මෙසේ කඨිනයාගේ ඇතිරීම වේ. උද්ධරණය පිළිබඳ මාතෘකා අටෙකි:
Pali BJTපක්කමනන්ති නිට්ඨානං සන්නිට්ඨානඤ්ච නාසනං, සවණං ආසාවච්ඡෙදී සීමා සඋබ්භාරට්ඨමී.
Sinhala BJTපක්කමනන්තිකය, නිට්ඨානන්තිකය, සන්නිට්ඨානන්තිකය, නාසනන්තිකය, සවණන්තිකය, ආසාවච්ඡේදිකය, සීමාතික්කන්තිකය, අට වැනි සඋබ්භාරය යන මේ ය.
Pali BJTකතචීවරමාදාය “න පච්චෙස්ස”න්ති ගච්ඡති, තස්ස තං කඨිනුද්ධාරො හොති පක්කමනන්තිකො.
Sinhala BJT“පෙරළා නො එන්නෙමි” යි කළ සිවුර ගෙණ යයි. ඔහුගේ ඒ කඨිනුද්ධාරය පක්කමනන්තික නම් වේ.
Pali BJTආදාය චීවරං යාති නිස්සීමෙ ඉදං චින්තයී: “කාරෙස්සං, න පච්චෙස්ස”න්ති නිට්ඨානෙ කඨිනුද්ධාරො.
Sinhala BJTසිවුර ගෙණ යෙයි. සීමාවෙන් බැහැර “සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙය සිතී. ඒ නිට්ඨානන්තිකකඨිනුද්ධාරය වේ.
Pali BJTආදාය නිස්සීමං නෙව “න පච්චෙස්ස”න්ති මානසො. තස්ස තං කඨිනුද්ධාරො සන්නිට්ඨානන්තිකො භවෙ.
Sinhala BJTසිවුර ගෙණ බැහැර ගියේ “සිවුර නො කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි සිත් ඇත්තේ වේ. ඔහුගේ ඒ කඨිනුද්ධාරය සන්නිට්ඨානන්තික නම් වේ.
Pali BJTආදාය චීවරං යාති නිස්සීමෙ ඉදං{10} චින්තයි: “කාරෙස්සං න පච්චෙස්ස”න්ති කයිරං තස්ස නස්සති, තස්ස තං කඨිනුද්ධාරො, භවති නාසනන්තිකො.
Sinhala BJTසිවුර ගෙණ බැහැර යෙයි. සිවුර “කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙය සිතී. ඔහුගේ කරණු ලබන සිවුර නැසේ. ඔහුගේ ඒ කඨිනුද්ධාරය නාසනන්තික නම් වේ.
Pali BJTආදාය යාති පච්චෙස්සං බහි කාරෙති චීවරං, කතචීවරො සුණාති උබ්භතං කඨිනං තහිං; තස්ස තං කඨිනුද්ධාරො භවති සවණන්තිකො.
Sinhala BJT“පෙරළා එන්නෙමි” යි සිවුර ගෙණ යයි. පිටත දී සිවුර කරවයි. කළ සිවුර ඇත්තේ “ඒ ආවාසයෙහි කඨිනය උදුරණ ලද්දේ ල” යි අසයි. ඔහුගේ ඒ කඨිනුද්ධාරය සවණන්තික නම් වේ.
Pali BJTආදාය යාති පච්චෙස්සං බහි කාරෙති චීවරං, කතචීවරො බහිද්ධා නාමෙති කඨිනුද්ධරං{1}; තස්ස තං කඨිනුද්ධාරො සීමාතික්කන්තිකො භවෙ.
Sinhala BJT“පෙරළා එන්නෙමි” යි සිවුර ගෙණ යයි. පිටත දී සිවුර කරවයි. කළ සිවුරු ඇත්තේ කඨිනුද්ධාරය තෙක් බැහැර කල් ගෙවයි. ඔහුගේ ඒ කඨිනුද්ධාරය සීමාතික්කන්තික නම් වන්නේ ය.
Pali BJTආදාය යාති පච්චෙස්සං බහි කාරෙති චීවරං, කතචීවරො පච්චෙස්සං සම්භොති කඨිනුද්ධරං; තස්ස තං කඨිනුද්ධාරො සහ භික්ඛූහි ජායති.
Sinhala BJT“පෙරළා එන්නෙමි” යි සිවුර ගෙණ යයි. පිටත දි සිවුර කරවයි. කළ සිවුරු ඇත්තේ “පෙරළා එන්නෙමි” යි කඨිනුද්ධාරයට පැමිණේ. ඔහුගේ ඒ කඨිනුද්ධාරය භික්‍ෂූන් සමග හට ගණියි.
Pali BJTආදාය ච සමාදාය සත්ත-සත්ත විධා ගති,{2} පක්කමනන්තිකා නත්ථි ඡක්කෙ{3} විප්පකතා{4} ගති.
Sinhala BJTආදායසත්තක ය, සමාදායසත්තක ය යි කඨිනුද්ධාර ක්‍රමය සත සත දෙකක් වේ. ෂට්කවාර දෙකෙහි පක්කමනන්තිකකඨිනුද්ධාරය නැත්තේ ය. විප්පකතය (අඩාළ සිවුර) එහි ගතිය (යෙදෙන ක්‍රමය) වේ.
Pali BJTආදාය නිස්සීමගතං කාරෙස්සං ඉති ජායති, නිට්ඨානං සන්නිට්ඨානඤ්ච නාසනඤ්ච ඉමෙ තයො.
Sinhala BJT“සිවුර ගෙණ ගොස් බැහැර සීමාවකදී කරමි යි” මෙසේ නිට්ඨානන්තික, සන්නිට්ඨානන්තික, නාසනන්තික ය යි කඨිනුද්ධාර තුණක් උපදි.
Pali BJTආදාය න පච්චෙස්සන්ති බහි සීමෙ කරොමිති, නිට්ඨානං සන්නිට්ඨානම්පි නාසනම්පි ඉමෙ තයො; අනධිට්ඨිතෙන නෙවස්ස හෙට්ඨා තීණි නයා විධි.
Sinhala BJTසිවුර ගෙණ “වස් විසූ වෙහෙරට නැවැත නො යන්නෙමි. බැහැර සීමාවෙක සිවුර කරන්නෙමි” යි. මෙයින් ද, නිට්ඨානන්තික, සන්නිට්ඨානන්තික, නාසනන්තික යන තුන් විධිය දක්වන ලදී. යට දැක්වූ මේ තුණ “එන්නෙමි හෝ නො එන්නෙමි” යි නො ඉටීම හා යෙදීමෙන් ද කඨිනුද්ධාර විධි තුණක් වේ.
Pali BJTආදාය යාති පච්චෙස්සං බහි සීමෙ කරොමිති, න පච්චෙස්සන්ති කාරෙති නිට්ඨානෙ කඨිනුද්ධරො.
Sinhala BJTඅඩාළ සිවුර ගෙණ “බැහැර සීමාවෙහි කරමි. පෙරළා එන්නෙමි” යි යේ ද “නැවැත නො එන්නෙමි” යි එහි දී සිවුර කෙරේ ද, මෙසේ නිට්ඨානන්තික කඨිනුද්ධාරය වේ.
Pali BJTසන්නිට්ඨානං නාසනඤ්ච සවණං සීමාතික්කමො{5}, සහ භික්ඛූහි ජායෙථ එවං පණ්ණරසා ගති{6}.
Sinhala BJTසන්නිට්ඨානන්තිකය, නාසනන්තිකය, සවණන්තිකය, සීමාතික්කන්තිකය, භික්‍ෂූන් සමග වන සඋබ්භාරය දැ යි මෙසේ (යට කී තික තුණ සමග) කඨිනුද්ධාර පසළොසෙක් වේ.
Pali BJTසමාදාය විප්පකතා සමාදාය පුනා තථා, ඉමෙතෙ චතුරො වාරා සබ්බෙ පණ්ණරසා විධි{7}.
Sinhala BJTසමාදායපණ්ණරසක ය, නැවැත විප්පකතචීවරයාගේ එසේ ම ආදාය සමාදායපණ්ණරසක දෙකෙක, යන මේ සතර වාරයෝ ම පසළොස් විධි ඇත්තෝ ය.
Pali BJTඅනාසාය ච ආසාය කරණීයො ච තෙ තයො, නයතො තං විජානෙය්ය තයො ද්වාදස ද්වාදස.
Sinhala BJTඅනාසාය, ආසාය, කරණීය යන ඒ තුණෙහි, ආසාද්වාදසක, අනාසාද්වාදසක, කරණීයද්වාදසක යි ක්‍රම විසින් ද්වාදසක තුණ තුණ දන්නේ ය.
Pali BJTඅපචිනා නව චෙත්ථ{8} ඵාසු පඤ්චවිධා තහිං, පළිබොධා අපළිබොධා උද්දානං නයතො කතන්ති.
Sinhala BJTමෙහි අපචිනයෝ නවයකි. එහි ඵාසුවිහාරයෝ පස් වැදෑරුම් ය. පළිබෝධ අපළිබෝධයෝ ද වෙති. මෙසේ නය වසයෙන් උද්දානය කරණ ලදී.
Pali BJT8.
Sinhala BJT8.
Pali BJTචීවරක්ඛන්ධකං
Sinhala BJTචීවරක්ඛන්‍ධකය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන වෙසාලී ඉද්ධා චෙව හොති ඵිතා ච{1}. බහුජනා{2} ආකිණ්ණමනුස්සා. සුභික්ඛා ච. සත්ත ච පාසාදසහස්සානි සත්ත ච පාසාදසතානි සත්ත ච පාසාදා. සත්ත ච කූටාගාරසහස්සානි සත්ත ච කූටාගාරසතානි සත්ත ච කූටාගාරානි. සත්ත ච ආරාමසහස්සානි සත්ත ච ආරාමසතානි සත්ත ච ආරාමා. සත්ත ච පොක්ඛරණීසහස්සානි සත්ත ච පොක්ඛරණීසතානි සත්ත ච පොක්ඛරණියො. අම්බපාලී ච{3} ගණිකා අභිරූපා හොති දස්සනීයා පාසාදිකා පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතා. පදක්ඛිණා{4} නච්චෙ ච ගීතෙ ච වාදිතෙ ච. අභිසටා{5} අට්ඨිකානං අට්ඨිකානං{6} මනුස්සානං. පඤ්ඤාසාය ච රත්තිං ගච්ඡති. තාය ච වෙසාලී භිය්යොසොමත්තාය උපසොභති.
Sinhala BJT1. එකල්හි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ රජගහනුවර කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වාසය කරණ සේක. ඒ කාලයෙහි වේසාලි නගරය සමෘද්ධ වූයේ ද සැපතින් පිරී ගියේ ද වේ. බොහෝ ජනයන් ඇත්තේ මිනිසුන්ගෙන් ගැවසී ගත්තේ සුව සේ ලැබිය හැකි භික්‍ෂා ඇත්තේ ද වේ. සත්දහස්සත්සිය සතක් ප්‍රාසාදයෝ ද වෙත්. සත්දහස්සත්සියසතක් කුළුගෙවල් ද වෙත්. සත්දහස්සත්සිය සතක් ආරාම ද වෙත්. සත්දහස්සත්සියසතක් පොකුණු ද වෙත්. අම්බපාලි ගණිකාව ද මනා රූ ඇත්තී දැකුම් කලු ය. ප්‍රසාදජනක වූවා උතුම් වූ වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් යුක්ත වූවා වේ. නැටීමෙහි ද ගී කීමෙහි ද වැයීමෙහි ද සමත් වූවා වේ. ප්‍රයෝජන ඇති ඇති මිනිසුන් විසින් වෙත යන ලද්දී ය. රැයකට කහවණු පණසක් ගෙණ යෙයි. ඇය කරණ කොට වේසාලිය බොහෝ සෙයින් හොබියි.
Pali BJT2. අථ ඛො රාජගහිකො{7} නෙගමො වෙසාලිං අගමාසි කෙනචිදෙව කරණීයෙන. අද්දසා ඛො රාජගහිකො නෙගමො වෙසාලිං ඉද්ධඤ්චෙව ඵීතඤ්ච බහුජනං ආකිණ්ණමනුස්සඤ්ච සුභික්ඛඤ්ච, සත්ත ච පාසාදසහස්සානි සත්ත ච පාසාදසතානි සත්ත ච පාසාදෙ, සත්ත ච කූටාගාරසහස්සානි සත්ත ච කූටාගාරසතානි සත්ත ච කූටාගාරානි, සත්ත ච ආරාමසහස්සානි සත්ත ච ආරාමසතානි සත්ත ච ආරාමෙ, සත්ත ච පොක්ඛරණී සහස්සානි සත්ත ච පොක්ඛරණීසතානි සත්ත ච පොක්ඛරණියො, අම්බපාලිං ච ගණිකං අභිරූපං දස්සනීයං පාසාදිකං පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතං, පදක්ඛිණං නච්චෙ ච ගීතෙ ච වාදිතෙ ච, අභිසටං අට්ඨිකානං අට්ඨිකානං මනුස්සානං, පඤ්ඤාසාය ච රත්තිං ගච්ඡන්තිං, තාය ච වෙසාලිං භිය්යොසොමත්තාය උපසොභිතං{8}.
Sinhala BJT2. එකල්හි රජගහනුවර වැසි කෙළෙඹි සමූහයක් තෙමේ කිසියම් කටයුත්තක් නිසා වේසාලියට ගියේ ය. රජගහ නුවර වැසි කෙළෙඹියෝ සමෘද්ධිමත් වූ සම්පූර්‍ණ වූ බොහෝ ජනයා ඇති මිනිසුන්ගෙන් ගැවසී ගත් සුව සේ ලැබිය හැකි භික්‍ෂා ඇති, සත්දහස්සත්සියසතක් ප්‍රාසාද ද, සත්දහස්සත්සියසතක් කුළුගෙවල් ද, සත්දහස්සත්සියසතක් ආරාම ද, සත්දහස්සත්සියසතක් පොකුණු ද, මනා රූ ඇති දැකුම්කලු වූ ප්‍රසාදජනක වූ උතුම් වූ, වර්‍ණසම්පත්තියෙන් යුත් නැටීමෙහි ගැයීමෙහි වැයීමෙහි දක්‍ෂ වූ, ප්‍රයෝජන ඇති ඇති මිනිසුන් විසින් වෙත එළඹෙන, රැයකට කහවණු පණසක් ගෙණ යන්නා වූ (=අය කරණ) අම්බපාලී ගණිකාව ද, ඇය නිසා බොහෝ සෙයින් හොබනා වූ වේසාලිය ද දුටුවෝ ය.
Pali BJT3. අථ ඛො රාජගහිකො නෙගමො වෙසාලියං තං කරණීයං තීරෙත්වා පුනදෙව රාජගහං පච්චාගඤ්ඡි. යෙන රාජා මාගධො සෙනියො බිම්බිසාරො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා රාජානං මාගධං සෙනියං බිම්බිසාරං එතදවොච: “වෙසාලී දෙව, ඉද්ධා චෙව ඵිතා ච. බහුජනා ආකිණ්ණමනුස්සා. සුභික්ඛා ච. සත්ත ච පාසාදසහස්සානි සත්ත ච පාසාදසතානි සත්ත ච පාසාදා. සත්ත ච කූටාගාරසහස්සානි සත්ත ච කූටාගාරසතානි සත්ත ච කූටාගාරානි. සත්ත ච ආරාමසහස්සානි සත්ත ච ආරාමසතානි සත්ත ච ආරාමා. සත්ත ච පොක්ඛරණීසහස්සානි සත්ත ච පොක්ඛරණීසතානි සත්ත ච පොක්ඛරණියො. අම්බපාලි ච ගණිකා අභිරූපා දස්සනීයා පාසාදිකා පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතා. පදක්ඛිණා නච්චෙ ච ගීතෙ ච වාදිතෙ ච. අභිසටා අට්ඨිකානං අට්ඨිකානං මනුස්සානං. පඤ්ඤාසාය ච රත්තිං ගච්ඡති. තාය ච වෙසාලී භිය්යොසොමත්තාය උපසොභති. සාධු දෙව, මයම්පි ගණිකං වුත්ථාපෙය්යාම”ති.{9} “තෙන හි, භණෙ, තාදිසං{10} කුමාරිං ජානාථ{11}, යං තුම්හෙ තාදිසං ගණිකං වුත්ථාපෙය්යාථා”ති.
Sinhala BJT3. ඉක්බිති රජගහ නුවර වැසි කෙළෙඹි සමූහය වේසාලියෙහි ඒ කටයුත්ත අවසන් කොට නැවැත රජගහ නුවරට පෙරළා ආයේ ය. මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජු වෙත ගියේය. ගොස් මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජුහට “දේවයන් වහන්ස, වේසාලිය සමෘද්ධිමත් ය. සම්පූර්‍ණය. බොහෝ ජනයා ඇත්තී ය. මිනිසුන්ගෙන් ගැවසී ගත්තී ය. සුවසේ ලැබිය හැකි භික්‍ෂා ද ඇත්තී ය. සත්දහස්සත්සියසතක් ප්‍රාසාදයෝ ද වෙත්. සත්දහස්සත්සියසතක් කුළුගෙවල් ද වෙත්. සත්දහස්සත්සියසතක් ආරාමයෝ ද වෙත්, සත්දහස්සත්සියසතක් පොකුණු ද වෙත්. අම්බපාලි ගණිකාව ද මනා රූ ඇත්තී ය. දැකුම්කලු ය. ප්‍රසාදජනක ය. උතුම් වූ වර්‍ණසම්පත්තියෙන් යුක්ත ය. නැටීමෙහි ගැයීමෙහි වැයීමෙහි දක්‍ෂ ය. ප්‍රයෝජන ඇති ඇති මිනිසුන් විසින් වෙත එළඹෙන ලද්දී ය. රැයකට පණසක් ගෙණ යයි. (=අය කරයි). ඇය නිසා වේසාලිය බොහෝ සෙයින් හොබනී ය. “දේවයන් වහන්ස, අපිත් ගණිකාවක තබන්නෙමු නම්, යෙහෙකැ” යි කීයේ ය. “කොලෙනි, එසේ නම්, තෙපි එබඳු වූ යම් ගණිකාවක තබන්නහු නම්, එබඳු වූ කුමාරිකාවක සොයා දනිවු” යී රජතෙම කී ය.
Pali BJT4. තෙන ඛො පන සමයෙන රාජගහෙ සාලවතී නාම කුමාරිකා{1} අභිරූපා හොති දස්සනීයා පාසාදිකා පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතා. අථ ඛො රාජගහිකො නෙගමො සාලවතිං කුමාරිං ගණිකං වුත්ථාපෙසි. අථ ඛො සාලවතී ගණිකා න චිරස්සෙව පදක්ඛිණා අහොසි නච්චෙ ච ගීතෙ ච වාදිතෙ ච. අභිසටා අට්ඨිකානං අට්ඨිකානං මනුස්සානං. පටිසතෙන ච රත්තිං ගච්ඡති.
Sinhala BJT4. ඒ කාලයෙහි රජගහ නුවර සාලවතී නම් කුමාරිකා තොමෝ මනා රූ ඇත්තී ය. දැකුම්කලු ය. ප්‍රසාදජනක ය. උතුම් වූ වර්‍ණසම්පත්තියෙන් යුක්ත වූවා වේ. එහෙයින් රජගහනුවර වැසි කෙළෙඹිසමූහය සාලවතී කුමරිය ගණිකාවක කොට තැබීය. ඉක්බිති සාලවතී ගණිකාව නො බෝ දවසකින් ම නැටීමෙහි ගැයීමෙහි වැයීමෙහි දක්‍ෂ වූවා ප්‍රයෝජන ඇති ඇති මිනිසුන් විසින් එළඹෙන ලද්දී ය. රැයකට කහවණු සියය බැගින් ගෙණ යයි.
Pali BJT5. අථ ඛො සාලවතී ගණිකා න චිරස්සෙව ගබ්භිනී අහොසි. අථ ඛො සාලවතියා ගණිකාය එතදහොසි: “ඉත්ථී ඛො ගබ්භිනී පුරිසානං අමනාපා හොති{2}. සචෙ මං කො චි ජානිස්සති: ‘සාලවතී ගණිකා ගබ්භිනී’ති සබ්බො මෙ සක්කාරො පරිහායිස්සති{3}. යන්නූනාහං ගිලානං පටිවෙදෙය්ය”න්ති. අථ ඛො සාලවතී ගණිකා දොවාරිකං ආණාපෙසි: “මා භණෙ දොවාරික, කො චි පුරිසො පාවිසි. යො ච මං පුච්ඡති, ගිලානාති පටිවෙදෙහී”ති. “එවං අය්යෙ”ති ඛො සො දොවාරිකො සාලවතියා ගණිකාය පච්චස්සොසි. අථ ඛො සාලවතී ගණිකා තස්ස ගබ්භස්ස පරිපාකමන්වාය පුත්තං විජායි. අථ ඛො සාලවතී ගණිකා දාසිං ආණාපෙසි: “හන්ද ජෙ, ඉමං දාරකං කත්තරසුප්පෙ පක්ඛිපිත්වා නීහරිත්වා සඞ්කාරකූටෙ ඡඩ්ඩෙහී”ති. “එවං අය්යෙ”ති ඛො සා දාසී සාලවතියා ගණිකාය පටිස්සුත්වා තං දාරකං කත්තරසුප්පෙ පක්ඛිපිත්වා නීහරිත්වා සඞ්කාරකූටෙ ඡඩ්ඩෙසි.
Sinhala BJT5. ඉක්බිති සාලවතී ගණිකාව නො බෝ කලකින් ම ගැබිනී වූවා ය. එකල්හි සාලවතී ගණිකාවට “ස්ත්‍රිය ගැබිනී වූවා පුරුෂයන්ගේ මන නො වඩන්නී ය. ‘සාලවතී ගණිකාව ගැබිනී වූවා’ යි ඉදින් කිසිවෙක් මා දන්නේ නම්, මාගේ සියලු සත්කාරය පිරිහෙන්නේ ය. මම ගිලන්මි’ යි දන්වන්නෙම් නම්, යෙහෙකැ”යි සිත් වි ය. ඉක්බිති සාලවතී ගණිකාව “කොල දොරටුපාලය, කිසි පුරුෂයෙක් (මා වෙත) නො පැමිණේවා. යමෙක් මා ගැණ විචාරා නම්, ගිලන් වූවා යි දන්වාලව” යි දොරටු පාලයාට අණ කළා ය. ඒ දොරටුපල්තෙමේ “ආර්‍ය්‍යාවෙනි, එසේ ය” යි සාලවතී ගණිකාවට පිළිවදන් දුන්නේ ය. ඒ අතර සාලවතී ගණිකාව ඒ දරුගැබ මේරීමට පැමිණීමෙන් පුතකු වැදුවා ය. එකල්හි සාලවතී ගණිකාව “කෙල්ල මේ දරුවා දිරූ කුල්ලෙක බහා කසළගොඩෙක ලව” යි දාසියට අණ කළා ය. “ආර්‍ය්‍යාව, එසේ ය” යි ඒ දාසිය සාලවතී ගණිකාවට පිළිවදන් දී ඒ දරු දිරූ කුල්ලෙක බහා ගෙණ ගොස් කසළගොඩෙක බැහුවා ය.
Pali BJT6. තෙන ඛො පන සමයෙන අභයො{4} නාම රාජකුමාරො කාලස්සෙව රාජුපට්ඨානං ගච්ඡන්තො අද්දස තං දාරකං කාකෙහි සම්පරිකිණ්ණං. දිස්වාන මනුස්සෙ පුච්ඡි: “කිං එතං භණෙ, කාකෙහි සම්පරිකිණ්ණ”න්ති. “දාරකො දෙවා”ති. “ජීවති භණෙ”ති. “ජීවති දෙවා”ති. “තෙන හි භණෙ, තං දාරකං අම්හාකං අන්තෙපුරං නෙත්වා ධාතීනං දෙථ පොසෙතු”න්ති. “එවං දෙවා”ති ඛො තෙ මනුස්සා අභයස්ස රාජකුමාරස්ස පටිස්සුත්වා තං දාරකං අභයස්ස රාජකුමාරස්ස අන්තෙපුරං නෙත්වා ධාතීනං අදංසු “පොසෙථා”ති. තස්ස ජීවතී ති ‘ජීවකො’ති නාමං අකංසු. කුමාරෙන පොසාපිතොති “කොමාරභච්චො”ති නාමං අකංසු.
Sinhala BJT6. ඒ වේලෙහි අභයරාජකුමාර තෙමේ කලින් ම (=උදෑසනින්) රාජෝපස්ථානයට යන්නේ කවුඩන් විසින් වට කර ගත් ඒ දරු දුටුයේ ය. දැක “කොලෙනි, කවුඩන් විසින් වට කර ගත් මෙය කුමක් දැ” යි මිනිසුන් විචාළේ ය. “දේවයන් වහන්ස, දරුවෙක”. “කොලෙනි, ජීවත් වේ ද?”. “දේවයන් වහන්ස, ජීවත් වේ”. “කොලෙනි, එසේ නම් ඒ දරු අපගේ අන්තඃපුරයට ගෙණ ගොස් පෝෂණය කරන්නට කිරිමවුන්ට දෙවු”. “දේවයන් වහන්ස, එසේ ය” යි ඒ මිනිස්සු අභයරාජකුමාරයාහට පිළිවදන් දී ඒ දරු අභයරාජකුමාරය ගේ අන්තඃපුරයට ගෙණ ගොස් “(මේ දරු) පෝෂණය කරවු” යි කිරිමවුන්ට දුන්හ. ඒ දරුවාට ජීවත් වේ යි යන අරුතෙන් “ජීවක” යි නම් කළහ. අභයකුමරුන් විසින් පෝෂණය කරණ ලද්දේ නු යි “කෝමාරභච්ච” යි නම් කළහ.
Pali BJT7. අථ ඛො ජීවකො කොමාරභච්චො න චිරස්සෙව විඤ්ඤුතං පාපුණි. අථ ඛො ජීවකො කොමාරභච්චො යෙන අභයො රාජකුමාරො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා අභයං රාජකුමාරං එතදවොච: “කා මෙ දෙව, මාතා. කො පිතා”ති. “අහම්පි ඛො තෙ භණෙ ජීවක, මාතරං න ජානාමි. අපිචාහං තෙ පිතා. මයාසි{5} පොසාපිතො”ති. අථ ඛො ජීවකස්ස කොමාරභච්චස්ස එතදහොසි: “ඉමානි ඛො රාජකුලානි න සුකරානි අසිප්පෙන උපජීවිතුං. යන්නූනාහං සිප්පං සික්ඛෙය්ය”න්ති.
Sinhala BJT7. ඉක්බිති ජීවක කෝමාරභච්ච තෙමේ නො බෝ කලකින් ම නුවණැතිබවට පැමිණියේ ය. එකල්හි ජීවක කෝමාරභච්ච තෙමේ අභයරාජකුමාරයන් වෙත ගියේ ය. ගොස්, “දේවයන් වහන්ස, මාගේ මව කවරී ද? පියා කවරෙක් දැ” යි අභයරාජකුමාරයන්ගෙන් ඇසී ය. “සගය, ජීවකය, මම ද තාගේ මව ගැණ නො ද නිමි. එහෙත් මම තාගේ පියා වෙමි. මා විසින් පෝෂණය කරවන ලද්දෙහි ය” යි. එකල්හි ජීවක කෝමාරභච්චයාහට “මේ රාජකුලයෝ ශිල්ප නූගතකු විසින් (ශිල්ප නො ඉගෙණ) ඇසුරු කොට ජීවත් වන්නට සුකර නො වෙත්. මම ශිල්ප ඉගෙණ ගන්නෙම් නම්, යෙහෙකැ” යි සිත් වි ය.
Pali BJT8. තෙන ඛො පන සමයෙන තක්කසිලායං{1} දිසාපාමොක්ඛො වෙජ්ජො පටිවසති. අථ ඛො ජීවකො කොමාරභච්චො අභයං රාජකුමාරං අනාපුච්ඡා යෙන තක්කසිලා{2} යෙන සො වෙජ්ජො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තං වෙජ්ජං එතදවොච: “ඉච්ඡාමහං ආචරිය, සිප්පං සික්ඛිතු”න්ති. “තෙන හි භණෙ ජීවක, සික්ඛස්සූ”ති.
Sinhala BJT8. ඒ කාලයෙහි තක්සලා නුවර දිසාපාමොක් වෙදෙක් වාසය කරයි. ජීවක කෝමාරභච්ච තෙමේ අභයරාජකුමාරයා නො විචාරා ම තක්සලා නුවර ඒ වෙදා වෙත ගියේ ය. ගොස් “ආචාර්‍ය්‍ය තුමනි, මම ශිල්ප ඉගෙණිමට කැමැත්තෙමි” යි ඒ වෙදාට කීයේ ය. “සගය ජීවකය, එසේ නම් උගනුව” යි.
Pali BJT9. අථ ඛො ජීවකො කොමාරභච්චො බහුඤ්ච ගණ්හාති ලහුඤ්ච ගණ්හාති සුට්ඨු ච උපධාරෙති. ගහිතඤ්චස්ස න පම්මුස්සති{3}. අථ ඛො ජීවකස්ස කොමාරභච්චස්ස සත්තන්නං වස්සානං අච්චයෙන එතදහොසි: “අහං ඛො බහුඤ්ච ගණ්හාමි. ලහුඤ්ච ගණ්හාමි. සුට්ඨු ච උපධාරෙමි. ගහිතඤ්ච මෙ න පම්මුස්සති. සත්ත ච මෙ වස්සානි අධීයන්තස්ස නයිමස්ස සිප්පස්ස අන්තො පඤ්ඤායති. කදා ඉමස්ස සිප්පස්ස අන්තො පඤ්ඤායිස්සතී”ති.
Sinhala BJT9. එතැන් සිට ජීවක කෝමාරභච්ච තෙමේ බොහෝ උගණියි. වහා ද උගණියි. මනා කොට දරයි. ඔහු විසින් උගත් දෙය නො නැසේ. ඉක්බිති ජීවක කෝමාරභච්චයාහට සත්වසක් ඉක්ම ගිය පසු “මම බොහෝ කොට උගණිමි. වහා ද උගණිමි. මනා කොට දරමි. මා විසින් උගත් දෙය ද නො නැසේ. සත්වසක් මුළුල්ලෙහි හදාරන්නා වූ මට මේ ශිල්පයාගේ කෙළවරෙක් නො පෙණේ. කවදා මේ ශිල්පයාගේ කෙළවර පෙණෙන්නේ දැ” යි සිත් වි ය.
Pali BJT10. අථ ඛො ජීවකො කොමාරභච්චො යෙන සො වෙජ්ජො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තං වෙජ්ජං එතදවොච: “අහං ඛො ආචරිය, බහුඤ්ච ගණ්හාමි. ලහුඤ්ච ගණ්හාමි. සුට්ඨු ච උපධාරෙමි. ගහිතඤ්ච මෙ න පම්මුස්සති. සත්ත ච මෙ වස්සානි අධීයන්තස්ස නයිමස්ස සිප්පස්ස අන්තො පඤ්ඤායති. කදා ඉමස්ස සිප්පස්ස අන්තො පඤ්ඤායිස්සතී”ති. “තෙන හි භණෙ, ජීවක, ඛණිත්තිං ආදාය තක්කසිලාය සමන්තා යොජනං ආහිණ්ඩිත්වා{4} යං කිඤ්චි අභෙසජ්ජං පස්සෙය්යාසි තං ආහරා”ති. “එවං ආචරියා”ති ඛො ජීවකො කොමාරභච්චො තස්ස වෙජ්ජස්ස පටිස්සුත්වා ඛණිත්තිං ආදාය තක්කසිලාය සමන්තා යොජනං ආහිණ්ඩන්තො න කිඤ්චි අභෙසජ්ජං අද්දස.
Sinhala BJT10. ඉක්බිති ජීවක කෝමාරභච්ච තෙමේ ඒ වෙදා වෙත ගියේ ය. ගොස් ඒ වෙදාට “ආචාර්‍ය්‍යයන් වහන්ස, මම බොහෝ කොට ද උගණිමි. වහා ද උගණමි. මනා කොට දරමි. මා විසින් උගත් දෙය ද නො නැසේ. සත්අවුරුද්දක් මුළුල්ලෙහි හදාරන්නා වූ මට මේ ශිල්පයාගේ කෙළවරෙක් නො පෙණේ. කවර කලෙක මේ ශිල්පයාගේ කෙළවරෙක් පෙණෙන්නේ දැ” යි කීයේ ය. “ජීවකය, එසේ නම් (බිම කණින) යවුලක් ගෙණ තක්සලා නුවර හාත්පස යොදුනක් ඇවිද බෙහෙත් නො වන්නා වූ යම් කිසිවක් දක්නෙහි ද, එය ගෙණ එව”. “ආචාර්‍ය්‍යයන් වහන්ස, එසේ ය” යි ජීවක කෝමාරභච්ච තෙමේ ඒ වෙදාට පිළිවදන් දී යවුලක් ගෙණ තක්සලා නුවර හාත්පස යොදුනක් ඇවිදින්නේ බෙහෙත් නො වූ කිසිවක් නො දුටුයේ ය.
Pali BJT11. අථ ඛො ජීවකො කොමාරභච්චො යෙන සො වෙජ්ජො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තං වෙජ්ජං එතදවොච: “ආහිණ්ඩන්තොම්හි ආචරිය, තක්කසිලාය සමන්තා යොජනං. න කිඤ්චි අභෙසජ්ජං අද්දස”න්ති. “සික්ඛිතොසි{5} භණෙ ජීවක, අලං තෙ එත්තකං ජීවිකායා”ති ජීවකස්ස කොමාරභච්චස්ස පරිත්තං පාථෙය්යං පාදාසි.
Sinhala BJT11. එකල්හි ජීවක කෝමාරභච්ච තෙමේ ඒ වෙදා වෙත ගියේ ය. ගොස් ඒ වෙදාට “ආචාර්‍ය්‍යයන් වහන්ස, තක්සලා නුවර හාත්පස යොදුනක් ඇවිද්දෙම් වෙමි. බෙහෙත් නො වූ කිසිවක් නො දුටුවෙමි” යි කීයේ ය. “සගය ජීවකය, වෙදකම්හි හික්මුනේ වෙහි. තට ජීවත් වන්නට මෙතෙක් පමණැ” යි කියා ඒ ජීවක කෝමාරභච්චයාහට ස්වල්ප වූ මගවියදමක් දුන්නේ ය.
Pali BJT12. අථ ඛො ජීවකො කොමාරභච්චො තං පරිත්තං පාථෙය්යං ආදාය යෙන රාජගහං තෙන පක්කාමි. අථ ඛො ජීවකස්ස කොමාරභච්චස්ස තං පරිත්තං පාථෙය්යං අන්තරාමග්ගෙ සාකෙතෙ පරික්ඛයං අගමාසි. අථ ඛො ජීවකස්ස කොමාරභච්චස්ස එතදහොසි: “ඉමෙ ඛො මග්ගා කන්තාරා අප්පොදකා අප්පභක්ඛා න සුකරා අපාථෙය්යෙන ගන්තුං. යන්නූනාහං පාථෙය්යං පරියෙසෙය්ය”න්ති.
Sinhala BJT12. ඉක්බිති ජීවක කෝමාරභච්ච තෙමේ ස්වල්ප වූ ඒ මගවියදම ගෙණ රජගහනුවර බලා නික්ම ගියේ ය. එකල්හි ජීවක කෝමාරභච්චයාගේ ස්වල්ප වූ ඒ මගවියදම අතර මග සාකේතනුවර දී නිමාවට ගියේ ය. ඉක්බිති ජීවක කෝමාරභච්චයාහට “මේ කතරමග දිය නැත්තේ ය. කෑම නැත්තේ ය. මගවියදම නැතු ව යෑම පහසු නො වේ. (එහෙයින්) මම මගවියදම් සොයන්නෙම් නම්, යෙහෙකැ” යි සිත් වි ය.
Pali BJT13. තෙන ඛො පන සමයෙන සාකෙතෙ සෙට්ඨිභරියාය සත්තවස්සිකො සීසාබාධො හොති. බහූ මහන්තා මහන්තා දිසාපාමොක්ඛා වෙජ්ජා ආගන්ත්වා නාසක්ඛිංසු අරොගං{6} කාතුං. බහුං හිරඤ්ඤං ආදාය අගමංසු. අථ ඛො ජීවකො කොමාරභච්චො සාකෙතං පවිසිත්වා මනුස්සෙ පුච්ඡි: “කො භණෙ, ගිලානො. කං තිකිච්ඡාමී”ති. “එතිස්සා ආචරිය, සෙට්ඨිභරියාය සත්තවස්සිකො සීසාබාධො. ගච්ඡ ආචරිය, සෙට්ඨිභරියං තිකිච්ඡාහී”ති.
Sinhala BJT13. එකල්හි සාකේත නුවර සිටුබිරිඳට සත් වසක් පැවැති හිසරුජාවෙක් වේ. ඉතා උසස් වූ බොහෝ දිසාපාමොක් වෙදවරු අවුත් (බෙහෙත් කළෝ ද) ඇය රෝග නැත්තියක කරන්නට නො පොහොසත් වූහ. (එහෙත්) බොහෝ අමුරන් ගෙණ ගියහ. එකල්හි ජීවක කෝමාරභච්ච තෙමේ සාකේත නුවරට පැමිණ මිනිසුන් ගෙන් “සගයෙනි, (මෙහි) කවරෙක් ගිලන් වූයේ වේ ද? කවරකුට පිළියම් කරම් දැ?” යි විචාළේ ය. “ආචාර්‍ය්‍යයෙනි, මේ සිටු බිරිඳට සත්අවුරුද්දක් පවත්නා හිසරුදාවක් තිබේ. ආචාර්‍ය්‍යයෙනි, යනු මැනවි. ඒ සිටුබිරිඳට පිළියම් කරව” යි කීහ.
Pali BJT14. අථ ඛො ජීවකො කොමාරභච්චො යෙන සෙට්ඨිස්ස ගහපතිස්ස නිවෙසනං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා දොවාරිකං ආණාපෙසි: “ගච්ඡ භණෙ දොවාරික, සෙට්ඨිභරියාය පාවද” “වෙජ්ජො අය්යෙ, ආගතො. සො තං දට්ඨුකාමො”ති. “එවං ආචරියා”ති ඛො සො දොවාරිකො ජීවකස්ස කොමාරභච්චස්ස පටිස්සුත්වා යෙන සෙට්ඨිභරියා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා සෙට්ඨිභරියං එතදවොච: “වෙජ්ජො අය්යෙ, ආගතො. සො තං දට්ඨුකාමො”ති. “කීදිසො භණෙ දොවාරික, වෙජ්ජො”ති. “දහරකො අය්යෙ”ති. “අලං භණෙ දොවාරික, කිං මෙ දහරකො වෙජ්ජො කරිස්සති. බහූ මහන්තා මහන්තා දිසාපාමොක්ඛා වෙජ්ජාපි{1} ආගන්ත්වා නාසක්ඛිංසු අරොගං කාතුං. බහුං හිරඤ්ඤං ආදාය අගමංසූ”ති.
Sinhala BJT14. ඉක්බිති ජීවක කෝමාරභච්ච තෙමේ සිටුගැහැවිහුගේ ගෙට ගියේ ය. ගොස් දොරටුපාලයාහට “සගය, දොරටුපාලය, යව. ‘ආර්‍ය්‍යාවෙනි, වෙදෙක් ඇවිත් සිටි යි. ඒ වෙදා ඔබ දකිනු කැමැත්තේ ය’ යි සිටුබිරිඳට කියව” යි අණ කෙළේ ය. “ආචාර්‍ය්‍යයෙනි, එසේ ය” යි ඒ දොරටුපාල තෙමේ ජීවක කෝමාරභච්චයාහට පිළිවදන් දී සිටුබිරිඳ වෙත ගියේ ය. ගොස්, “ආර්‍ය්‍යාවෙනි, වෙදෙක් ඇවිත් සිටි යි. ඒ වෙදා ඔබ දකිනු කැමැත්තේ ය” යි සිටුබිරිඳට දැන්වී ය. “සගය, දොරටුපාලය, වෙදා කෙබඳු ද?”. “ආර්‍ය්‍යාවෙනි, තරුණය”. “සගය, දොරටුපාලය, වැඩෙක් නැත. තරුණ වෙදෙක් මට කුමක් කරන්නේ ද? ඉතා උසස් වූ බොහෝ දිසාපාමොක් වෙදවරු ද අවුත් (මා) සුවපත් කරන්නට අසමර්‍ත්‍ථ වූහ. බොහෝ අමුරන් ගෙණ ගියහ.”
Pali BJT15. අථ ඛො සො දොවාරිකො යෙන ජීවකො කොමාරභච්චො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ජීවකං කොමාරභච්චං එතදවොච: “සෙට්ඨිභරියා ආචරිය, එවමාහ: ‘අලං භණෙ දොවාරික, කිං මෙ දහරකො වෙජ්ජො කරිස්සති. බහූ මහන්තා මහන්තා දිසාපාමොක්ඛා වෙජ්ජා ආගන්ත්වා නාසක්ඛිංසු අරොගං කාතුං. බහුං හිරඤ්ඤං ආදාය අගමංසූ”ති.
Sinhala BJT15. ඉක්බිති ඒ දොරටුපාල තෙමේ ජීවක කෝමාරභච්චයා වෙත ගියේ ය. ගොස් “ආචාර්‍ය්‍යයෙනි, සිටු බිරිඳ ‘සගය දොරටුපාලය, වැඩෙක් නැත. තරුණ වූ වෙදෙක් මට කුමක් කරන්නේ ද, ඉතා උසස් වූ බොහෝ දිසාපාමොක් වෙදවරු ද අවුත් (මා) සුවපත් කරන්නට අසමර්‍ත්‍ථ වූහ. බොහෝ අමුරන් ගෙණ ගියහ යි කියා” යි ජීවක කෝමාරභච්චයාහට දැන්වී ය.
Pali BJT16. “ගච්ඡ භණෙ දොවාරික, සෙට්ඨිභරියාය පාවද:- ‘වෙජ්ජො අය්යෙ, එවමාහ: මා කිරය්යෙ, පුරෙ කිඤ්චි අදාසි. යදා අරොගා හොසි, තදා යං ඉච්ඡෙය්යාසි, තං දජ්ජෙය්යාසී”ති. “එවං ආචරියා”ති ඛො සො දොවාරිකො ජීවකස්ස කොමාරභච්චස්ස පටිස්සුත්වා යෙන සෙට්ඨිභරියා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා සෙට්ඨිභරියං එතදවොච: “වෙජ්ජො අය්යෙ, එවමාහ: මා කිරය්යෙ, පුරෙ කිඤ්චි අදාසි. යදා අරොගා හොසි, තදා යං ඉච්ඡෙය්යාසි, තං දජ්ජෙය්යාසී”ති. “තෙන හි භණෙ දොවාරික, වෙජ්ජො ආගච්ඡතූ”ති. “එවං අය්යෙ”ති ඛො සො දොවාරිකො සෙට්ඨිභරියාය පටිස්සුත්වා යෙන ජීවකො කොමාරභච්චො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ජීවකං කොමාරභච්චං එතදවොච: “සෙට්ඨිභරියා තං ආචරිය, පක්කොසතී”ති .
Sinhala BJT16. “සගය, දොරටුපාලය, යව. ‘ආර්‍ය්‍යාවෙනි, සුවපත් කිරීමට පෙර කිසිවක් නො දේවා. යම් කලෙක සුවපත් වෙහි ද, එකල්හි යමක් (දෙනු) කැමැත්තෙහි නම්, එය දෙන්නෙහි’ යි ආර්‍ය්‍යාවෙනි, වෙදා මෙසේ කියා යි සිටු බිරිඳට කියව”. “ආචාර්‍ය්‍යයෙනි එසේය” යි. ඒ දොරටුපාල තෙමේ ජීවක කෝමාරභච්චයාහට පිළිවදන් දි සිටු බිරිඳ වෙත ගියේ ය. ගොස් “ආර්‍ය්‍යාවෙනි, වෙදා මෙසේ කියයි: ආර්‍ය්‍යාවෙනි, පිළියම් කිරීමට පෙර කිසිවක් නො දේවා. යම් කලෙක සුවපත් වෙහි ද, එකල්හි යමක් (දෙනු) කැමැත්තෙහි නම්, එය දෙන්නෙහි” යි සිටුබිරිඳට කීයේ ය. “සගය, දොරටුපාලය, එසේ නම් වෙදා ඒවා” යි. “ආර්‍ය්‍යාවෙනි, එසේ ය” යි ඒ දොරටුපාල තෙමේ සිටුබිරිඳට පිළිවදන් දී ජීවක කෝමාරභච්චයා වෙත ගියේ ය. ගොස් “ආචාර්‍ය්‍යයෙනි, සිටුබිරිඳ ඔබ කැඳවා” යි ජීවක කොමාරභච්චහට දැන්වී ය.
Pali BJT17. අථ ඛො ජීවකො කොමාරභච්චො යෙන සෙට්ඨිභරියා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා සෙට්ඨිභරියාය විකාරං සල්ලක්ඛෙත්වා සෙට්ඨිභරියං එතදවොච: “පසතෙන මෙ{2} අය්යෙ, සප්පිනා අත්ථො”ති . අථ ඛො සෙට්ඨිභරියා ජීවකස්ස කොමාරභච්චස්ස පසතං සප්පිං දාපෙසි. අථ ඛො ජීවකො කොමාරභච්චො තං පසතං සප්පිං නානාභෙසජ්ජෙහි නිප්පචිත්වා සෙට්ඨිභරියං මඤ්චකෙ උත්තානං නිපජ්ජාපෙත්වා{3} නත්ථුතො අදාසි. අථ ඛො තං සප්පිං නත්ථුතො දින්නං මුඛතො උග්ගඤ්ඡි. අථ ඛො සෙට්ඨිභරියා පටිග්ගහෙ නිට්ඨුභිත්වා{4} දාසිං ආණාපෙසි: “හන්ද ජෙ, ඉමං සප්පිං පිචුනා ගණ්හාහී”ති.
Sinhala BJT17. එකල්හි ජීවක කෝමාරභච්ච තෙමේ සිටුබිරිඳ වෙත ගියේ ය. ගොස් සිටුබිරිඳගේ රෝගය සලකා “ආර්‍ය්‍යාවෙනි, මට පතක් පමණ ගිතෙල් වුව මනා” යි සිටුබිරිඳට කීයේ ය. ඉක්බිති සිටුබිරිඳ ජීවක කෝමාරභච්චයාහට පතක් පමණ ගිතෙල් දෙවූ ය. එකල්හි ජීවක කෝමාරභච්ච තෙමේ ඒ පතක් පමණ ගිතෙල් නොයෙක් බෙහෙත් හා (මුසු කොට) පිස සිටුබිරිඳ ඇඳෙහි උඩුකුරු කොට හොවා නස්‍යය කෙළේ ය. එකල්හි නැහැයට වක් කළ ඒ ගිතෙල් මුවින් පිට වූයේ ය. ඉක්බිති සිටුබිරිඳ බඳුනෙක කාරා දමා “කෙල්ල, මේ ගිතෙල් පුලුන්රොදකින් ගණුව” යි දාසියට අණ කළා ය.
Pali BJT18. අථ ඛො ජීවකස්ස - කොමාරභච්චස්ස එතදහොසි: “අච්ඡරියං{5}, යාව ලූඛායං ඝරණී, යත්ර හි නාම ඉමං ඡඩ්ඩනීයධම්මං සප්පිං පිචුනා ගාහාපෙස්සති. බහුකානි ච මෙ මහග්ඝානි මහග්ඝානි{6} භෙසජ්ජානි උපගතානි. කිම්පිමායඞ්කිඤ්චි{7} දෙය්යධම්මං දස්සතී”ති.
Sinhala BJT18. එවේලෙහි ජීවක කෝමාරභච්චයාහට “පුදුමයෙකි! මේ ගෙහඹුව ඉතා ලෝභ ඇත්තී ය. යම් හෙයකින් මැ මේ හළයුතු ගිතෙල පුළුන් රොදකින් ගන්වා ලූ ද, එ හෙයිනි. මාගේ ඉතා අගනා වූ බොහෝ බෙහෙත් ද (මෑට) වැය විය. මෝ යම් කිසි දෙයධර්‍මයක් කිම මට දෙන්නී” දැයි මේ සිත් විය.
Pali BJT19. අථ ඛො සෙට්ඨිභරියා ජීවකස්ස කොමාරභච්චස්ස විකාරං සල්ලක්ඛෙත්වා ජීවකං කොමාරභච්චං එතදවොච: “කිස්ස ත්වං ආචරිය, විමනොසී”ති. ඉධ මෙ එතදහොසි: අච්ඡරියං යාව ලූඛායං ඝරණී, යත්ර හි නාම ඉමං ඡඩ්ඩනීයධම්මං සප්පිං පිචුනා ගාහාපෙස්සති. බහුකානි ච මෙ මහග්ඝානි මහග්ඝානි භෙසජ්ජානි උපගතානි. කිම්පිමායඞ්කිඤ්චි දෙය්යධම්මං දස්සතී”ති. “මයං ඛො ආචරිය, අගාරිකා{1} නාම උපජානාමෙතස්ස සඤ්ඤමස්ස. වරමෙතං සප්පි දාසානං වා කම්මකරානං වා පාදබ්භඤ්ජනං වා පදීපකරණෙ වා ආසිත්තං. මා ත්වං ආචරිය, විමනො අහොසි. න තෙ දෙය්යධම්මො හායිස්සතී”ති.
Sinhala BJT19. ඉක්බිති ඒ සිටුබිරිඳ ජීවක කෝමාරභච්චයාගේ විකාරය (කළකිරීම) සලකා “ආචාර්‍ය්‍යයෙනි, ඔබ කුමක් නිසා නො සතුටු දැ?” යි ජීවක කෝමාරභච්චයා විචාළා ය. “පුදුමයෙකි! මේ ගෙහඹුව ඉතා ලෝභ ඇත්තී ය. යම් හෙයකින් මෑ මේ හළයුතු ගිතෙල පුලුන් රොදෙකින් ගන්වා ලූ ද, එහෙයිනි. මාගේ ඉතා අගනා බොහෝ බෙහෙත් ද (මෑට) වැය විය. මෝ මට යම්කිසි දෙයධර්‍මයක් (මිලක්) කිම දෙන්නී දැ යි මෙහි මට මේ අදහස වී ය”යි. හෙතෙමේ කී ය. “ඇදුර, අපි ගිහි ගෙයි වසන්නමෝ සකසුරුවමේ (රැක්මේ) අනුසස් දනුම්හ. මේ ගිතෙල් දාසයන්ගේ ද කම්කරුවන්ගේ ද පය ගැල්වීමට හෝ පහනක් දැල්වීමේ දී වත් කරණ ලද්දේ හෝ යහපත් ය. ඇදුර, ඔබ නො සතුටු නො වන්න. ඔබට දියයුතු දේ නො අඩු වන්නේ ය.” යි ඕ තොමෝ කීය.
Pali BJT20. අථ ඛො ජීවකො කොමාරභච්චො සෙට්ඨිභරියාය සත්තවස්සිකං සීසාබාධං එකෙනෙව නත්ථුකම්මෙන අපකඩ්ඪි. අථ ඛො සෙට්ඨිභරියා අරොගා සමානා ජීවකස්ස කොමාරභච්චස්ස චත්තාරි සහස්සානි පාදාසි. පුත්තො “මාතා මෙ අරොගාපිතා”ති{2} චත්තාරි සහස්සානි පාදාසි. සුණිසා “සස්සු මෙ අරොගාපිතා”ති චත්තාරි සහස්සානි පාදාසි. සෙට්ඨිගහපති “භරියා මෙ අරොගාතා”ති චත්තාරි සහස්සානි පාදාසි දාසඤ්ච දාසිඤ්ච අස්සරථඤ්ච.
Sinhala BJT20. එකල්හි ජීවක කෝමාරභච්ච තෙමේ සිටුබිරිඳගේ සත් වසක් පැවැති හිසරුදාව එක ම නස්‍යකර්‍මයෙන් දුරු කෙළේ ය. ඉක්බිති සිටුබිරිඳ සුවපත් වූවා ජීවක කෝමාරභච්චයාහට සාරදහසක් දුන්නී ය. පුත්‍රයා ද “මාගේ මවු නීරෝග කරණ ලදැ” යි සාරදහසක් දුන්නේ ය. යෙහෙළිය “මගේ නැන්දා නීරෝග කරණ ලදැ” යි සාරදහසක් දුන්නී ය. සිටුගැහැවි තෙමේ “මගේ බිරිඳ නීරෝග කරණ ලදැ” යි සාරදහසක් ද දාසයකු ද දාසියක ද අශ්වරථයක් ද දුන්නේ ය.
Pali BJT21. අථ ඛො ජීවකො කොමාරභච්චො තානි සොළසසහස්සානි ආදාය දාසඤ්ච දාසිඤ්ච අස්සරථඤ්ච යෙන රාජගහං තෙන පක්කාමි. අනුපුබ්බෙන යෙන රාජගහං යෙන අභයො රාජකුමාරො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා අභයං රාජකුමාරං එතදවොච: “ඉදං මෙ දෙව, පඨමකම්මං සොළසසහස්සානි දාසො ච දාසී ච අස්සරථො ච. පතිගණ්හාතු මෙ දෙවො පොසාවනික”න්ති. “අලං භණෙ ජීවක, තුය්හෙව හොතු. අම්හාකඤ්ඤෙව අන්තෙපුරෙ නිවෙසනං මාපෙහී”ති. “එවං දෙවා”ති ඛො ජීවකො කොමාරභච්චො අභයස්ස රාජකුමාරස්ස පටිස්සුත්වා අන්තෙපුරෙ නිවෙසනං{3} මාපෙසි.
Sinhala BJT21. ඉක්බිති ජීවක කෝමාරභච්ච තෙමේ ඒ සොළොස් දහසත් දාසයාත් දාසියත් අශ්වරථයත් ගෙණ රජගහනුවර බලා නික්ම ගියේ ය. පිළිවෙළින් රජගහනුවරට ගොස් අභය රාජකුමාරයා වෙත එළඹියේ ය. එළඹ “දේවයන් වහන්ස, රන් සොළොස් දහසක් ද දාසයෙක් ද දාසියක් ද අශ්වරථයක් ද යන මෙතෙක් මගේ පළමු වෙදකමෙන් ලැබුනේ ය. දේවයන් වහන්සේ මා වැඩූ පෝසාවනික මිලයට මෙය පිළිගන්නා සේක්වා” යි අභයරාජකුමාරයාහට කීයේ ය. “සගය ජීවකය, කම් නැත. මේ තට ම වේවා. අපගේ ම නුවර තුළ ගෙයක් ගොඩ නගව” යි. “දේවයන් වහන්ස, එසේ ය” යි ජීවක කෝමාරභච්ච තෙමේ අභයරාජකුමාරයාහට පිළිවදන් දි ඇතුල්නුවර ගෙයක් ගොඩ නැංවී ය.
Pali BJT22. තෙන ඛො පන සමයෙන රඤ්ඤො මාගධස්ස සෙනියස්ස බිම්බිසාරස්ස භගන්දලාබාධො හොති. සාටකා ලොහිතෙන මක්ඛියන්ති. දෙවියො දිස්වා උප්පණ්ඩෙන්ති: “උතුනී’දානි දෙවො. පුප්ඵං දෙවස්ස උප්පන්නං. න චිරං{4} දෙවො විජායිස්සතී”ති. තෙන රාජා මඞ්කු හොති.
Sinhala BJT22. ඒ කාලයෙහි මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජුහට භගන්‍දරාබාධය වේ. සළු ලෙයින් තැවරුණේ වේ. බිසෝවරු දැක “දැන් රජ තෙමේ උතුනී වේ. රජුට ඔසප් උපන. නො බෝ කලකින් රජ තෙමේ වදන්නේ ය” යි වෙහෙසත්. (කවටබස් කියත්.) එයින් රජ තෙමේ මංකු (=තෙද රහිත ව ලජ්ජිත) වේ.
Pali BJT23. අථ ඛො රාජා මාගධො සෙනියො බිම්බිසාරො අභයං රාජකුමාරං එතදවොච: “මය්හං ඛො භණෙ අභය, තාදිසො ආබාධො. සාටකා ලොහිතෙන මක්ඛියන්ති. දෙවියො දිස්වා{5} උප්පණ්ඩෙන්ති: “උතුනී’දානි දෙවො. පුප්ඵං දෙවස්ස උප්පන්නං. න චිරං දෙවො විජායිස්සතී”ති. “ඉඞ්ඝ භණෙ අභය, තාදිසං වෙජ්ජං ජානාහි යො මං තිකිච්ඡෙය්යා”ති. “අයං දෙව, අම්හාකං ජීවකො වෙජ්ජො තරුණො භද්රකො. සො දෙවං තිකිච්ඡිස්සතී”ති. “තෙන හි භණෙ අභය, ජීවකං වෙජ්ජං ආණාපෙහි. සො මං තිකිච්ඡිස්සතී”ති.
Sinhala BJT23. එකල්හි මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජ තෙමේ අභයරාජකුමාරයාහට “සගය අභය, මට මෙබඳු රෝගයෙක් වේ. සළු ලෙයින් වැකී යයි. බිසෝවරු දැක ‘දැන් රජ තෙමේ මල්වර ඇත්තේ වේ. රජුට ඔසප් උපන. රජ තෙමේ නොබෝ කලකින් වදන්නේ ය’යි කවටකම් කෙරෙත්”. “සගය, අභය, යමෙක් මට පිළියම් කරන්නේ ද, එබඳු වෙදකු දනුව” යි රජතෙමේ කීයේ ය. “දේවයන් වහන්ස, අපගේ මේ ජීවක වෙද තෙමේ තරුණ ය. භද්‍ර ය. කලණ ගුණ ඇත්තේ ය. හෙතෙමේ දේවයන් වහන්සේට පිළියම් කරන්නේ ය.” (රජතෙමේ) “සගය අභය, එසේ නම් ජීවක වෙදාට අණ කරව. හෙතෙමේ මට පිළියම් කරන්නේ ය”යි කී ය.
Pali BJT24. අථ ඛො අභයො රාජකුමාරො ජීවකං කොමාරභච්චං ආණාපෙසි: “ගච්ඡ භණෙ ජීවක, රාජානං තිකිච්ඡාහී”ති. “එවං දෙවා”ති ඛො ජීවකො කොමාරභච්චො අභයස්ස රාජකුමාරස්ස පටිස්සුත්වා නඛෙන භෙසජ්ජං ආදාය යෙන රාජා මාගධො සෙනියො බිම්බිසාරො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා රාජානං මාගධං සෙනියං බිම්බිසාරං එතදවොච: “ආබාධං{1} දෙව, පස්සාමා”ති.
Sinhala BJT24. ඉක්බිති අභයරාජකුමාර තෙමේ “සගය, ජීවකය, රජුට පිළියම් කරව” යි ජීවක කෝමාරභච්චයාට අණ කෙළේ ය. “දේවයන් වහන්ස, එසේ ය” යි ජීවක කෝමාරභච්ච තෙමේ අභයරාජකුමාරයාට පිළිවදන් දි බෙහෙතක් නියතුළ බහා ගෙණ මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජු වෙත ගියේ ය. ගොස් මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජුට “දේවයන් වහන්ස, රෝගය බලමු” යි කීයේ ය.
Pali BJT25. අථ ඛො ජීවකො කොමාරභච්චො රඤ්ඤො මාගධස්ස සෙනියස්ස බිම්බිසාරස්ස භගන්දලාබාධං එකෙනෙව ආලෙපෙන අපකඩ්ඪි. අථ ඛො රාජා මාගධො සෙනියො බිම්බිසාරො අරොගො සමානො පඤ්ච ඉත්ථිසතානි සබ්බාලඞ්කාරං භූසාපෙත්වා{2} ඔමුඤ්චාපෙත්වා පුඤ්ජං කාරාපෙත්වා ජීවකං කොමාරභච්චං එතදවොච: “එතං භණෙ ජීවක, පඤ්චන්නං ඉත්ථිසතානං සබ්බාලඞ්කාරං තුය්හං හොතු”ති. “අලං දෙව, අධිකාරං මෙ දෙවො සරතු”ති. “තෙන හි භණෙ ජීවක, මං උපට්ඨහ. ඉත්ථාගාරඤ්ච බුද්ධපමුඛඤ්ච සඞ්ඝ”න්ති.{3} “එවං දෙවා”ති ඛො ජීවකො කොමාරභච්චො රඤ්ඤො මාගධස්ස සෙනියස්ස බිම්බිසාරස්ස පච්චස්සොසි.
Sinhala BJT25. ඉක්බිති ජීවක කෝමාරභච්ච තෙමේ මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජුගේ භගන්‍දරාබාධය එක ම ආලේපයකින් බැහැර කෙළේ ය. එකල්හි මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජ තෙමේ නීරෝග වූයේ පන්සියයක් අඟනන් සියලු අබරණින් සරසවා, (නැවත) මුදවා පොට්ටනියක් කරවා ජීවකකෝමාරභච්ච හට “සගය ජීවකය, මේ පන්සියයක් අඟනන්ගේ සියලු අබරණ තට වේවා” යි කීයේ ය. ජීවක තෙමේ “දේවයන් වහන්ස, (මෙයින් මට) කම් නැත. දේවයන් වහන්සේ මාගේ අධිකාරය (ශ්‍රේෂ්ඨ) ක්‍රියාව සිහි කෙරෙත්වා” යි කී ය. “ජීවකය, එසේ නම් මටත් බුද්ධප්‍රමුඛසඞ්ඝයාටත් උපස්ථාන කරව”. “දේවයන් වහන්ස, එසේ ය” යි ජීවක කෝමාරභච්ච තෙමේ මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජුට පිළිවදන් දුන්නේ ය.
Pali BJT26. තෙන ඛො පන සමයෙන රාජගහිකස්ස සෙට්ඨිස්ස සත්තවස්සිකො සීසාබාධො හොති. බහූ මහන්තා මහන්තා දිසාපාමොක්ඛා වෙජ්ජා ආගන්ත්වා නාසක්ඛිංසු අරොගං කාතුං. බහුං හිරඤ්ඤං ආදාය අගමංසු. අපි ච වෙජ්ජෙහි පච්චක්ඛාතො හොති. එකච්චෙ වෙජ්ජා එවමාහංසු: “පඤ්චමං දිවසං සෙට්ඨිගහපති කාලං කරිස්සති”ති. එකච්චෙ වෙජ්ජා එවමාහංසු: “සත්තමං දිවසං සෙට්ඨිගහපති කාලං කරිස්සතී”ති.
Sinhala BJT26. එකල්හි රජගහනුවර වැසි සිටුහු හට සත් අවුරුද්දක් සිට පැවැති හිස රුදාවෙක් වේ. ඉතා උසස් වූ බොහෝ දිසාපාමොක් වෙදවරු අවුත් සුවපත් කරන්නට නො හැකි වූහ. බොහෝ අමුරන් – ගෙණ ගියහ. තව ද වෙදුන් විසින් ප්‍රතික්‍ෂේප කරණ ලද්දේ වේ. ඇතැම් වෙද්දු “සිටුගැහැවි තෙමේ පස්වන දිනයෙහි කලුරිය කරන්නේ ය” යි මෙසේ කීහ. සමහර වෙද්දු “සිටුගැහැවි තෙමේ සත්වන දින කලුරිය කරන්නේ ය” යි මෙසේ කීහ.
Pali BJT27. අථ ඛො රාජගහිකස්ස නෙගමස්ස එතදහොසි: “අයං ඛො සෙට්ඨිගහපති බහුකාරො{4} රඤ්ඤො චෙව නෙගමස්ස ච. අපි ච වෙජ්ජෙහි පච්චක්ඛාතො. එකච්චෙ වෙජ්ජා එවමාහංසු: ‘පඤ්චමං දිවසං සෙට්ඨිගහපති කාලං කරිස්සතී’ති. එකච්චෙ වෙජ්ජා එවමාහංසු: ‘සත්තමං දිවසං සෙට්ඨිගහපති කාලං කරිස්සතී’ති. අයඤ්ච රඤ්ඤො ජීවකො වෙජ්ජො තරුණො භද්රකො. යන්නූන මයං රාජානං ජීවකං වෙජ්ජං යාචෙය්යාම සෙට්ඨිං ගහපතිං තිකිච්ඡිතු”න්ති.
Sinhala BJT27. ඉන් පසු රජගහනුවර වැසි කෙළෙඹි සමූහයාට “මේ සිටුගැහැවි තෙමේ රජුට ද කෙළෙඹි සමූහයාට ද බොහෝ උපකාර ඇත්තේ වේ. එහෙත් වෙදුන් විසින් හරණා ලද්දේ ය. සමහර වෙද්දු ‘සිටු ගැහැවි තෙමේ පස්වන දිනයෙහි කලුරිය කරන්නේ ය’ යි මෙසේ කීහ. සමහර වෙද්දු ‘සිටුගැහැවි තෙමේ සත්වන දින කලුරිය කරන්නේ ය’ යි මෙසේ කීහ. රජුගේ මේ ජීවක වෙද තෙමේ තරුණ ය. භද්‍ර ය. අපි සිටු ගැහැවියාහට පිළියම් කරන්නට රජුගෙන් ජීවක වෙදා ඉල්ලන්නෙමු නම් යෙහෙකැ” යි සිත් වි ය.
Pali BJT28. අථ ඛො රාජගහිකො නෙගමො යෙන රාජා මාගධො සෙනියො බිම්බිසාරො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා රාජානං මාගධං සෙනියං බිම්බිසාරං එතදවොච: “අයං දෙව, සෙට්ඨිගහපති බහූපකාරො දෙවස්ස චෙව නෙගමස්ස ච. අපි ච වෙජ්ජෙහි පච්චක්ඛාතො. එකච්චෙ වෙජ්ජා එවමාහංසු: ‘පඤ්චමං දිවසං සෙට්ඨිගහපති කාලං කරිස්සතී’ති. එකච්චෙ වෙජ්ජා එවමාහංසු: ‘සත්තමං දිවසං සෙට්ඨිගහපති කාලං කරිස්සති’ති. සාධු දෙවො ජීවකං වෙජ්ජං ආණාපෙතු සෙට්ඨිං ගහපතිං තිකිච්ඡිතු”න්ති. අථ ඛො රාජා මාගධො සෙනියො බිම්බිසාරො ජීවකං කොමාරභච්චං ආණාපෙසි: “ගච්ඡ භණෙ ජීවක, සෙට්ඨිං ගහපතිං තිකිච්ඡාහී”ති.
Sinhala BJT28. ඉක්බිති රජගහනුවර වැසි කෙළෙඹි ගණයා මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජු වෙත ගියේ ය. ගොස්, “දේවයන් වහන්ස, මේ සිටු ගැහැවි තෙමේ දේවයන් වහන්සේට ද කෙළෙඹි ගණයාට ද බොහෝ උපකාර ඇත්තේ වේ. තවද වෙදුන් විසින් හරණා ලද්දේ ය. සමහර වෙද්දු ‘සිටුගැහැවි තෙමේ පස්වන දිනයෙහි කලුරිය කරන්නේ ය’ යි. මෙසේ කීහ. සමහර වෙද්දු ‘සිටුගැහැවි තෙමේ සත්වන දිනයෙහි කලුරිය කරන්නේ ය’ යි මෙසේ කීහ. දේවයන් වහන්සේ සිටුගැහැවියාට පිළියම් කරන්නට ජීවක වෙදාට අණ කෙරෙත්වා” යි මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජුහට කී ය. එකල්හි මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජ තෙමේ “සගය ජීවකය, යව. සිටුගැහැවියාහට පිළියම් කරව” යි ජීවක කොමාරභච්චහට අණ කෙළේ ය.
Pali BJT29. “එවං දෙවා”ති ඛො ජීවකො කොමාරභච්චො රඤ්ඤො මාගධස්ස සෙනියස්ස බිම්බිසාරස්ස පටිස්සුත්වා යෙන සෙට්ඨි ගහපති තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා සෙට්ඨිස්ස ගහපතිස්ස විකාරං සල්ලක්ඛෙත්වා සෙට්ඨිං ගහපතිං එතදවොච: “සචාහං තං ගහපති, අරොගාපෙය්යං{1}, කිං මෙ අස්ස දෙය්යධම්මො”ති. “සබ්බං සාපතෙය්යඤ්ච තෙ ආචරිය, හොතු. අහඤ්ච තෙ දාසො”ති. “සක්ඛිස්සසි පන ත්වං ගහපති, එකෙන පස්සෙන සත්තමාසෙ නිපජ්ජිතු”න්ති. “සක්කොමහං ආචරිය, එකෙන පස්සෙන සත්තමාසෙ නිපජ්ජිතු”න්ති. “සක්ඛිස්සසි පන ත්වං ගහපති, දුතියෙන පස්සෙන සත්තමාසෙ නිපජ්ජිතු”න්ති. “සක්කොමහං, ආචරිය, දුතියෙන පස්සෙන සත්තමාසෙ නිපජ්ජිතු”න්ති. “සක්ඛිස්සසි පන ත්වං ගහපති, උත්තානො සත්තමාසෙ නිපජ්ජිතු”න්ති. “සක්කොමහං ආචරිය, උත්තානො සත්තමාසෙ නිපජ්ජිතු”න්ති.
Sinhala BJT29. “දේවයන් වහන්ස, එසේ ය” යි ජීවක කෝමාරභච්ච තෙමේ මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජුහට පිළිවදන් දී සිටුගැහැවියා වෙත ගියේ ය. ගොස් සිටුගැහැවියාගේ රෝගය සලකා “ගැහැවිය, ඉදින් මම ඔබ නීරෝග කරන්නෙම් නම්, මට දිය යුතු දෙය කුමක් වන්නේ දැ” යි සිටුගැහැවියාට කීයේ ය. “ඇදුර, සියලු සම්පත් ඔබට වේවා. මමත් ඔබට දාසයෙක් වෙමි”. “ගැහැවිය, සත්මසක් එක් ඇළයකින් හොවින්ට ඔබ සමත් ද?” “ඇදුර, සත්මසක් එක් ඇළයකින් හොවින්ට මම සමත් වෙමි”. “ගැහැවිය, සත්මසක් දෙවන ඇළයෙන් හොවින්ට ඔබ සමත් ද?” “ඇදුර, සත්මසක් දෙවන ඇළයෙන් හොවින්ට මම සමත් වෙමි.” “ගැහැවිය, සත්මසක් උඩුකුරු ව හොවින්ට ඔබ සමත් ද?” “ඇදුර, සත්මසක් උඩුකුරු ව හොවින්ට මම පොහොසත් වෙමි”.
Pali BJT30. අථ ඛො ජීවකො කොමාරභච්චො සෙට්ඨිං ගහපතිං මඤ්චකෙ නිපප්ජාපෙත්වා මඤ්චකෙන{2} සම්බන්ධිත්වා සීසච්ඡවිං ඵාලෙත්වා{3} සිබ්බනිං{4} විනාමෙත්වා ද්වෙ පාණකෙ නීහරිත්වා ජනස්ස{5} දස්සෙසි: “පස්සෙය්යාථ{6} ඉමෙ ද්වෙ පාණකෙ එකං ඛුද්දකං එකං මහල්ලකං. යෙ තෙ ආචරියා එවමාහංසු: ‘පඤ්චමං දිවසං සෙට්ඨි ගහපති කාලං කරිස්සති’ති, තෙහායං මහල්ලකො පාණකො දිට්ඨො. පඤ්චමං දිවසං සෙට්ඨිස්ස ගහපතිස්ස මත්ථලුඞ්ගං පරියාදියිස්සති. මත්ථලුඞ්ගස්ස පරියාදානා සෙට්ඨි ගහපති කාලං කරිස්සති. සුදිට්ඨො තෙහි ආචරියෙහි. යෙපි තෙ ආචරියා එවමාහංසු: ‘සත්තමං දිවසං සෙට්ඨි ගහපති කාලං කරිස්සති’ති, තෙහායං ඛුද්දකො පාණකො දිට්ඨො. සත්තමං දිවසං සෙට්ඨිස්ස ගහපතිස්ස මත්ථලුඞ්ගං පරියාදියිස්සති. මත්ථලුඞ්ගස්ස පරියාදානා සෙට්ඨි ගහපති කාලං කරිස්සති. සුදිට්ඨො තෙහි ආචරියෙහී”ති. සිබ්බනිං සම්පටිපාදෙත්වා{7} සීසච්ඡවිං සිබ්බෙත්වා{8} ආලෙපං අදාසි.
Sinhala BJT30. ඉක්බිති ජීවක කෝමාරභච්ච තෙමේ සිටුගැහැවියා ඇඳක හොවා ඇඳ හා බැඳ හිසෙහි සිවිය පළා හිස් බැඳුම (තුන් සන්‍ධිය) වෙන් කොට (හිස් කබල ගලවා) පණුවන් දෙදෙනකුන් බැහැර කොට ජනයාට දැක්වී ය: “එකකු කුඩා වූ ද එකකු මහත් වූ ද මේ පණුවන් දෙදෙනා බලවු. යම් ඒ ඇදුරු කෙනෙක් ‘සිටුගැහැවි තෙමේ පස්වන දිනයෙහි කලුරිය කරන්නේ ය’ යි මෙසේ කීවාහු ද, ඔවුන් විසින් දක්නා ලද මේ මහත පණුවා පස්වන දිනයෙහි සිටුගැහැවියාගේ හිස්මුල් (මොළය) කා නිම වන්නේ ය. හිස්මුල් කා නිමවීමෙන් සිටුගැහැවි තෙමේ කලුරිය කරන්නේ ය. ඒ ඇදුරන් විසින් මැනවින් දක්නා ලද්දේ ය. යම් ඒ ඇදුරු කෙනෙක් ‘සිටුගැහැවි තෙමේ සත්වන දිනයෙහි කලුරිය කරන්නේ ය’ යි මෙසේ කීවාහු ද, ඔවුන් විසින් දක්නා ලද මේ කුඩා පණුවා සත්වන දිනයෙහි සිටුගැහැවියාගේ හිස්මුල් කා නිම වන්නේ ය. හිස්මුල් කා නිමවීමෙන් සිටුගැහැවි තෙමේ කලුරිය කරන්නේ ය. ඒ ඇදුරන් විසින් මැනවින් දක්නා ලද්දේ ය” යි හිස්මැස්ම (හිස්කබල පෙර සේ ම) සන්‍ධි කොට හිසේ සිවිය මසා ආලේපයක් දුන්නේ ය.
Pali BJT31. අථ ඛො සෙට්ඨිගහපති සත්තාහස්ස අච්චයෙන ජීවකං කොමාරභච්චං එතදවොච: “නාහං ආචරිය, සක්කොමි එකෙන පස්සෙන සත්තමාසෙ නිපජ්ජිතු”න්ති. නනු මෙ ත්වං ගහපති, පටිස්සුණි: සක්කොමහං ආචරිය, එකෙන පස්සෙන සත්තමාසෙ නිපජ්ජිතු”න්ති. “සච්චාහං ආචරිය, පටිස්සුණිං. අපාහං මරිස්සාමි, නාහං සක්කොමි එකෙන පස්සෙන සත්තමාසෙ නිපජ්ජිතු”න්ති. “තෙන හි ත්වං ගහපති, දුතියෙන පස්සෙන සත්තමාසෙ නිපජ්ජාහී”ති.
Sinhala BJT31. ඉක්බිති සිටුගැහැවි තෙමේ සත්දවසක් ඉක්ම ගිය පසු ජීවක කෝමාරභච්චයාහට “ඇදුර සත්මසක් එක්ඇළයකින් හොවින්ට මම අසමත් වෙමි” යි කීයේ ය. “ගැහැවිය, තෙපි මට ‘ඇදුර, සත්මසක් එක්ඇළයකින් හොවින්ට මම සමත් වෙමි’ යි ප්‍රතිඥා නො කළහු ද?” “ඇදුර, සැබව. මම ප්‍රතිඥා කෙළෙමි. එහෙත් මම මැරෙන්නෙම් නමුත් සත්මසක් එක් ඇළයකින් හොවින්ට මම අසමත් වෙමි. “එසේ නම්, ගැහැවිය, ඔබ දෙවන ඇළයෙන් සත්මසක් හොවිනු මැනවැ”යි කී ය.
Pali BJT32. අථ ඛො සෙට්ඨි ගහපති සත්තාහස්ස අච්චයෙන ජීවකං කොමාරභච්චං එතදවොච: “නාහං ආචරිය, සක්කොමි දුතියෙන පස්සෙන සත්තමාසෙ නිපජ්ජිතු”න්ති. “නනු මෙ ත්වං ගහපති, පටිස්සුණි: සක්කොමහං ආචරිය, දුතියෙන පස්සෙන සත්තමාසෙ නිපජ්ජිතු”න්ති. “සච්චාහං ආචරිය, පටිස්සුණිං, අපාහං මරිස්සාමි, නාහං{9} සක්කොමි දුතියෙන පස්සෙන සත්තමාසෙ නිපජ්ජිතු”න්ති. “තෙන හි ත්වං ගහපති, උත්තානො සත්තමාසෙ නිපජ්ජාහී”ති.
Sinhala BJT32. ඉක්බිති සිටු ගැහැවි තෙමේ සත්දවසක් ඉක්ම ගිය පසු ජීවක කෝමාරභච්චයාහට “ඇදුර, සත්මසක් දෙවන ඇළයෙන් හොවින්ට මම අසමත් වෙමි” යි කීයේ ය. “ගැහැවිය, තෙපි මට ‘ඇදුර, මම සත්මසක් දෙවන ඇළයෙන් හොවින්ට හැක්කෙමි’ යි ප්‍රතිඥා නුදුනහුද?” “ඇදුර, සැබව. මම ප්‍රතිඥා දුනිමි. එහෙත් මම මැරෙන්නෙම් නමුත් දෙවන ඇළයෙන් සත්මසක් හොවින්ට මම අසමත් වෙමි”. “එසේ නම්, ගැහැවිය ඔබ උඩුකුරු ව සත්මසක් හොවිනු මැනවැ” යි කීය.
Pali BJT33. අථ ඛො සෙට්ඨි ගහපති සත්තාහස්ස අච්චයෙන ජීවකං කොමාරභච්චං එතදවොච: “නාහං ආචරිය, සක්කොමි උත්තානො සත්තමාසෙ නිපජ්ජිතු”න්ති. “නනු මෙ ත්වං ගහපති පටිස්සුණි: සක්කොමහං ආචරිය, උත්තානො සත්තමාසෙ නිපජ්ජිතු”න්ති. “සච්චාහං, ආචරිය පටිස්සුණිං. අපාහං මරිස්සාමි නාහං, සක්කොමි උත්තානො සත්තමාසෙ නිපජ්ජිතු”න්ති. “අහඤ්චෙතං ගහපති, න වදෙය්යං, එත්තකම්පි ත්වං න නිපජ්ජෙය්යාසි. අපි ච පටිගච්චොසි මයා ඤාතො: තීහි සත්තාහෙහි සෙට්ඨි ගහපති අරොගො භවිස්සතී’ති. උට්ඨෙහි ගහපති, අරොගො’සි. ජානාහි{1} කිං මෙ දෙය්යධම්මො”ති. “සබ්බං සාපතෙය්යඤ්ච තෙ ආචරිය, හොතු. අහං ච තෙ දාසො”ති. “අලං ගහපති, මා මෙ ත්වං සබ්බං සාපතෙය්යං අදාසි. මා ච මෙ දාසො. රඤ්ඤො සතසහස්සං දෙහි මය්හං සතසහස්ස”න්ති. අථ ඛො සෙට්ඨි ගහපති අරොගො සමානො රඤ්ඤො සතසහස්සං අදාසි ජීවකස්ස කොමාරභච්චස්ස සතසහස්සං.
Sinhala BJT33. ඉක්බිති සිටුගැහැවි තෙමේ සත්දවසක් ඉක්ම ගිය පසු ජීවක කෝමාරභච්චයාහට “ඇදුර, සත්මසක් උඩුකුරු ව හොවින්ට මම අසමත් වෙමි” යි කීයේ ය. “ගැහැවිය, තෙපි මට ‘ඇදුර, සත්මසක් උඩුකුරු ව හොවින්ට මම සමත් වෙමි’ යි පිළින කෙළෙහි ද නො කෙළෙහි ද?” “ඇදුර, සැබව. මම පිළින කෙළෙමි. එහෙත් මම මැරෙන්නෙම් නමුත් මම සත් මසක් උඩුකුරු ව හොවින්ට අසමත් වෙමි”. “ගැහැවිය, මම මෙය නො කීයෙම් නම්, තෙපි මෙපමණකුත් නො හොවින්නහු ය. එසේ නමුත් ‘සති තුණකින් සිටුගැහැවි තෙමේ නීරෝග වන්නේ ය’ යි මා විසින් පළමු කොට ම දන්නා ලද්දෙහි ය. ගැහැවිය, නැගී සිටුව, නීරෝග වෙහි ය. මාහට දිය යුතු දේ කිමැ යි දනුව”. “ඇදුර, සියලු සම්පත් ඔබට වේවා. මම ද ඔබගේ දාසයෙක් වෙමි”. “ගැහැවිය, කම් නැත. මාහට සියලු සම්පත් නො දෙව. මා හට දාසයෙක් ද නො වෙව. රජුට ලක්‍ෂයක් ද මට ලක්‍ෂයක් ද දෙව” යි. කී ය. එකල්හි සිටු ගැහැවි තෙමේ නීරෝග වූයේ රජුට ලක්‍ෂයක් ද ජීවක කෝමාරභච්චයාට ලක්‍ෂයක් ද දුන්නේ ය.
Pali BJT34. තෙන ඛො පන සමයෙන බාරාණසෙය්යකස්ස සෙට්ඨිපුත්තස්ස මොක්ඛචිකාය කීළන්තස්ස අන්තගණ්ඩාබාධො හොති, යෙන යාගු’පි පීතා න සම්මා පරිණාමං ගච්ඡති, භත්තම්පි භුත්තං න සම්මා පරිණාමං ගච්ඡති, උච්චාරොපි පස්සාවොපි න පගුණො. සො තෙන කිසො හොති ලූඛො දුබ්බණ්ණො උප්පණ්ඩුප්පණ්ඩුකජාතො ධමනිසන්ථතගත්තො.
Sinhala BJT34. එකල්හි බරණැස්නුවර සිටුපුතුහට කරණම් පැනීමෙන් ක්‍රීඩා කරද්දී බඩවැල ගැට ගැසීමෙන් හටගත් රෝගයෙක් වේ. ඒ ආබාධය කරණ කොට (ඔහු) පානය කළ කැඳ ද මනා කොට දිරවීමට නො යෙ යි. අනුභව කළ බත් ද මනා කොට නො දිරයි. මලමූත්‍ර ද ස්වභාවයෙන් පහ වීමෙක් (ඔහුට) නැත. එයින් හෙතෙමේ වෑරුණේ වියලුනේ දුර්‍වණි වූයේ හටගත් පඬුවන්පැහැ ඇත්තේ නහර ඉල්පුනු සිරුරු ඇත්තේ වෙයි.
Pali BJT35. අථ ඛො බාරාණසෙය්යකස්ස සෙට්ඨිස්ස එතදහොසි: “මය්හං ඛො පුත්තස්ස තාදිසො{2} ආබාධො, යෙන යාගු’පි පීතා න සම්මා පරිණාමං ගච්ඡති. භත්තම්පි භුත්තං න සම්මා පරිණාමං ගච්ඡති. උච්චාරො’පි පස්සාවො’පි න පගුණො. සො තෙන කිසො ලූඛො දුබ්බණ්ණො උප්පණ්ඩුප්පණ්ඩුකජාතො ධමනිසන්ථතගත්තො. යන්නූනාහං රාජගහං ගන්ත්වා රාජානං ජීවකං වෙජ්ජං යාචෙය්යං පුත්තං මෙ තිකිච්ඡිතු”න්ති.
Sinhala BJT35. ඉක්බිති බරණැස් සිටුහට “යම් ආබාධයක් කරණ කොට පානය කළ කැඳ මනා කොට නො දිරා ද, අනුභව කළ බත් මනා කොට නො දිරා ද, මලමූත්‍ර ද ස්වභාවයෙන් පහ නො වේ ද, මාගේ පුත්‍රයාට එබඳු රෝගයෙක් වේ. හෙතෙමේ එයින් වෑරුණේ වියලුනේ දුර්වර්‍ණ ඇත්තේ උපන් පඬුවන්පැහැ ඇත්තේ නහර ඉල්පුනු සිරුරු ඇත්තේ වෙයි. මම රජගහනුවරට ගොස් මාගේ පුතුට පිළියම් කරන්නට ජීවක වෙදා රජුගෙන් ඉල්ලන්නෙම් නම්, යෙහෙකැ” යි සිත් වි ය.
Pali BJT36. අථ ඛො බාරාණසෙය්යකො සෙට්ඨි රාජගහං ගන්ත්වා යෙන රාජා මාගධො සෙනියො බිම්බිසාරො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා රාජානං මාගධං සෙනියං බිම්බිසාරං එතදවොච: “මය්හං ඛො දෙව, පුත්තස්ස තාදිසො ආබාධො, යෙන යාගු’පි{3} පීතා න සම්මා පරිණාමං ගච්ඡති, භත්ත’ම්පි භුත්තං න සම්මා පරිණාමං ගච්ඡති. උච්චාරො’පි පස්සාවො’පි න පගුණො. සො තෙන කිසො ලූඛො දුබ්බණ්ණො උප්පණ්ඩුප්පණ්ඩුකජාතො ධමනිසන්ථතගත්තො. සාධු දෙවො ජීවකං වෙජ්ජං ආණාපෙතු පුත්තං මෙ තිකිච්ඡිතු”න්ති.
Sinhala BJT36. ඉක්බිති බරණැස් සිටු තෙමේ රජගහනුවරට ගොස් මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජු වෙත එළඹියේ ය. එළඹ මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජුට “දේවයන් වහන්ස, යම් ආබාධයක් කරණ කොට පානය කළ කැඳ මනා කොට නො දිරා ද, අනුභව කළ බත් මනා කොට නො දිරා ද, මලමූත්‍රත් පහ නො වේ ද, මාගේ පුතුට එබඳු වූ රෝගයෙක් වේ. හෙතෙමේ එයින් වෑරුණේ වියලුනේ දුර්වර්‍ණ ඇත්තේ උපන් පඬුපැහැ ඇත්තේ නහර ඉල්පුනු සිරුරු ඇත්තේ වේ. දේවයන් වහන්සේ මාගේ පුතුට පිළියම් කරන්නට ජීවක වෙදාට අණ කෙරෙත්වා” යි කීය.
Pali BJT37. අථ ඛො රාජා මාගධො සෙනියො බිම්බිසාරො ජීවකං කොමාරභච්චං ආණාපෙසි: “ගච්ඡ, භණෙ ජීවක, බාරාණසිං ගන්ත්වා බාරාණසෙය්යකං සෙට්ඨිපුත්තං තිකිච්ඡාහී”ති. “එවං දෙවා”ති ඛො ජීවකො කොමාරභච්චො රඤ්ඤො මාගධස්ස සෙනියස්ස බිම්බිසාරස්ස පටිස්සුත්වා බාරාණසිං ගන්ත්වා යෙන බාරාණසෙය්යකො සෙට්ඨිපුත්තො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා බාරාණසෙය්යකස්ස සෙට්ඨිපුත්තස්ස විකාරං සල්ලක්ඛෙත්වා ජනං උස්සාරෙත්වා තිරොකරණිං{4} පරික්ඛිපිත්වා ථම්භෙ උබ්බන්ධිත්වා{5} භරියං පුරතො ඨපෙත්වා උදරච්ඡවිං උප්පාටෙත්වා අන්තගණ්ඨිං නීහරිත්වා භරියාය දස්සෙසි: “පස්ස තෙ සාමිකස්ස ආබාධං. ඉමිනා යාගු’පි පීතා න සම්මා පරිණාමං ගච්ඡති. භත්තම්පි භුත්තං න සම්මා පරිණාමං ගච්ඡති. උච්චාරො’පි පස්සාවො’පි න පගුණො. ඉමිනා’යං කිසො ලූඛො දුබ්බණ්ණො උප්පණ්ඩුප්පණ්ඩුකජාතො ධමනිසන්ථතගත්තො”ති. අන්තගණ්ඨිං විනිවෙඨෙත්වා අන්තානි පටිපවෙසෙත්වා උදරච්ඡවිං සිබ්බිත්වා ආලෙපං අදාසි.
Sinhala BJT37. එකල්හි මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජ තෙමේ “සගය ජීවකය, බරණැසට යව. ගොස් බරණැස්සිටුපුතුට පිළියම් කරව” යි ජීවක කෝමාරභච්චයාහට අණ කෙළේ ය. “දේවයන් වහන්ස, එසේ ය” යි ජීවක කෝමාරභච්ච තෙමේ මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජුට පිළිවදන් දී බරණැසට ගොස් බරණැස්සිටුපුත් වෙත එළඹියේ ය. එළඹ බරණැස්සිටුපුතුගේ රෝගය සලකා ජනයා බැහැර කරවා තිරයකින් වට කොට ඔහු කණුවක බැඳ බිරිඳ ඉදිරියෙහි සිටුවා බඩ සිවිය උපුටා අතුණුගැටය බැහැර කොට “තිගේ සැමියාගේ රෝගය බලව” යි බිරිඳට දැක්වී ය. “මේ රෝගයෙන් පානය කළ කැඳ ද මනා කොට නො දිරයි. අනුභව කළ බත් ද මනාකොට නො දිරයි. මලමුත්‍රත් පහ නො වේ. මෙයින් මෙතෙමේ වෑරුණේ වියලුනේ දුර්වර්‍ණ ඇත්තේ උපන් පඬු පැහැ ඇත්තේ නහර ඉල්පුනු සිරුරු ඇත්තේ වේ” යි (කියා) අතුණුගැටය උනා හැර නැවත අතුණු ඇතුල් කොට බඩසිවිය මසා ආලේපයක් දුන්නේ ය.
Pali BJT38. අථ ඛො බාරාණසෙය්යකො සෙට්ඨිපුත්තො න චිරස්සෙව අරොගො අහොසි. අථ ඛො බාරාණසෙය්යකො සෙට්ඨි “පුත්තො මෙ අරොගො ඨිතො”ති. ජීවකස්ස කොමාරභච්චස්ස සොළසසහස්සානි පාදාසි. අථ ඛො ජීවකො කොමාරභච්චො තානි සොළසසහස්සානි ආදාය පුනදෙව රාජගහං පච්චාගඤ්ඡි.
Sinhala BJT38. ඉක්බිති බරණැස්සිටුපුත් තෙමේ නොබෝ කලකින් ම නීරෝග වූයේ ය. අනතුරු ව බරණැස්සිටු තෙමේ “මාගේ පුත්‍රයා නීරෝග කරණ ලද්දේය” යි ජීවක කෝමාරභච්චයාහට සොළොස් දහසක් දුන්නේ ය. ජීවක කෝමාරභච්ච තෙමේ ඒ සොළොස් දහස ගෙණ නැවත රජගහ නුවරට පෙරළා ගියේ ය.
Pali BJT39. තෙන ඛො පන සමයෙන රඤ්ඤො{1} පජ්ජොතස්ස පණ්ඩුරොගාබාධො හොති. බහූ මහන්තා මහන්තා දිසාපාමොක්ඛා වෙජ්ජා ආගන්ත්වා නාසක්ඛිංසු අරොගං කාතුං. බහුං හිරඤ්ඤං ආදාය අගමංසු. අථ ඛො රාජා පජ්ජොතො රඤ්ඤො මාගධස්ස සෙනියස්ස බිම්බිසාරස්ස සන්තිකෙ දූතං පාහෙසි: “මය්හං ඛො තාදිසො ආබාධො. සාධු දෙවො ජීවකං වෙජ්ජං ආණාපෙතු. සො මං තිකිච්ඡිස්සතී”ති.
Sinhala BJT39. එකල්හි පජ්ජෝත රජහට පාණ්ඩුරෝගාබාධයෙක් වේ. ඉතා උසස් බොහෝ දිසාපාමොක් වෙදවරු අවුත් නීරෝග කරන්නට නො හැකි වූහ. බොහෝ අමුරන් ගෙණ ගියහ. ඉක්බිති පජ්ජෝත රජතෙමේ “මට මෙබඳු ආබාධයෙක් වේ. දෙව තෙමේ ජීවක වෙදාට අණ කෙරේවා. හෙතෙමේ මට පිළියම් කරන්නේ ය” යි මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජු වෙත දූතයකු යැවී ය.
Pali BJT40. අථ ඛො රාජා මාගධො සෙනියො බිම්බිසාරො ජීවකං කොමාරභච්චං ආණාපෙසි: “ගච්ඡ භණෙ ජීවක, උජ්ජෙනිං ගන්ත්වා රාජානං පජ්ජොතං තිකිච්ඡාහී”ති. “එවං දෙවා”ති ජීවකො කොමාරභච්චො රඤ්ඤො මාගධස්ස සෙනියස්ස බිම්බිසාරස්ස පටිස්සුත්වා උජ්ජෙනිං ගන්ත්වා යෙන රාජා පජ්ජොතො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා රඤ්ඤො පජ්ජොතස්ස විකාරං සල්ලක්ඛෙත්වා රාජානං පජ්ජොතං එතදවොච: “සප්පිං දෙව, නිප්පචිස්සාමි{2}. තං දෙවො පිවිස්සතී”ති. “අලං භණෙ ජීවක, යං තෙ සක්කා විනා සප්පිනා අරොගං කාතුං, තං කරොහි. ජෙගුච්ඡං මෙ සප්පි, පටික්කූල”න්ති.
Sinhala BJT40. ඉක්බිති මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජතෙමේ “සගය ජීවකය, උදෙනියට යව ගොස් පජ්ජෝත රජුට පිළියම් කරව” යි ජීවක කෝමාරභච්චයාහට අණ කෙළේ ය. “දේවයන් වහන්ස, එසේ ය” යි ජීවක කෝමාරභච්ච තෙමේ මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජුට පිළිවදන් දී උදෙනියට ගොස් පජ්ජෝත රජු වෙත එළඹියේ ය. එළඹ පජ්ජෝත රජුගේ රෝගය සලකා “දේවයන් වහන්ස, ගිතෙල් මුසු බෙහෙතක් පිසන්නෙමි. රජතෙමේ එය පානය කරන්නේ දැ” යි පජ්ජෝත රජුගෙන් ඇසී ය. “සගය ජීවකය, කම් නැත. යම් ලෙසකින් ගිතෙල් නැති ව නීරෝග කරන්නට ඔබට හැක්කේ නම් එසේ කරව. මාහට ගිතෙල් අප්‍රිය ය. පිළිකුල් ය”.
Pali BJT41. අථ ඛො ජීවකස්ස කොමාරභච්චස්ස එතදහොසි: “ඉමස්ස ඛො රඤ්ඤො තාදිසො ආබාධො න සක්කා විනා සප්පිනා අරොගං කාතුං. යන්නූනාහං සප්පිං නිප්පචෙය්යං කසාවවණ්ණං කසාවගන්ධං කසාවරස”න්ති. අථ ඛො ජීවකො කොමාරභච්චො නානාභෙසජ්ජෙහි සප්පිං නිප්පචි කසාවවණ්ණං කසාවගන්ධං කසාවරසං.
Sinhala BJT41. එකල්හි ජීවක කෝමාරභච්චයාහට “ගිතෙල් නැති ව නීරෝග කරන්නට නො හැක්කේ ය. මේ රජුට (ඇත්තේ) එබඳු ආබාධයෙකි. මම කසට පැහැ ඇති කසට ගඳ ඇති කසටරස ඇති ගිතෙල් බෙහෙතක් පිසන්නෙම් නම් යෙහෙකැ” යි සිත් වි ය. ඉක්බිති ජීවක කෝමාරභච්ච තෙමේ නොයෙක් බෙහෙතින් යුත් කසාවන් වූ කසට ගඳ ඇති කසට රස ඇති ගිතෙල් බෙහෙතක් පිසී ය.
Pali BJT42. අථ ඛො ජීවකස්ස කොමාරභච්චස්ස එතදහොසි: “ඉමස්ස ඛො රඤ්ඤො සප්පි පීතං පරිණාමෙන්තං උද්දෙකං දස්සති. චණ්ඩො’යං රාජා ඝාතාපෙය්යාපි{3} මං. යන්නූනාහං පටිකගච්චෙව ආපුච්ඡෙය්ය”න්ති.
Sinhala BJT42. අනතුරු ව ජීවක කෝමාරභච්චයාහට “මේ රජුට පානය කළ ගිතෙල් පැසවන්නේ තැලි (ඔක්කාරය) උපදවන්නේ ය. මේ රජ තෙමේ චණ්ඩ ය. මා මැරවිය හැක්කේ ය. මම පළමු කොට ම විචාරන්නෙම් නම්, යෙහෙකැ” යි සිත් වි ය.
Pali BJT43. අථ ඛො ජීවකො කොමාරභච්චො යෙන රාජා පජ්ජොතො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා රාජානං පජ්ජොතං එතදවොච: “මයං ඛො දෙව, වෙජ්ජා නාම තාදිසෙන මුහුත්තෙන මූලානි උද්ධරාම. භෙසජ්ජානි සංහරාම. සාධු දෙවො{4} වාහනාගාරෙසු ච ද්වාරෙසු ච ආණාපෙතු: ‘යෙන වාහනෙන ජීවකො ඉච්ඡති, තෙන වාහනෙන ගච්ඡතු. යෙන ද්වාරෙන ඉච්ඡති, තෙන ද්වාරෙන ගච්ඡතු. යං කාලං ඉච්ඡති, තං කාලං ගච්ඡතු. යං කාලං ඉච්ඡති තං කාලං පවිසතූ”ති.
Sinhala BJT43. ඉක්බිති ජීවක කෝමාරභච්ච තෙමේ පජ්ජෝත රජු වෙත එළඹියේ ය. එළඹ “දේවයන් වහන්ස, අපි වෙදහු වූ කලී (යම් බඳු නැකැත් සුදුසු නම්) එබඳු නැකතින් මුල් උදුරා ගණුම්හ. බෙහෙත් එකතු කරම්හ. එහෙයින් වාහනාගාරයන්හි ද, ද්වාරයන්හි ද “ජීවකයා යම් වාහනයකින් (යනු) කැමැති ද, ඒ වාහනයෙන් යේවා. යම් ද්වාරයකින් (යනු) කැමැති ද, ඒ ද්වාරයෙන් යේවා. යම් කලෙක (යනු) කැමැති ද, එකල්හි යේවා. යම් කලෙක පිවිසෙනු කැමැති ද එකල්හි පිවිසේවා” යි දේවයන් වහන්සේ අණ කෙරෙත්වා” යි පජ්ජෝතරජුට කී ය.
Pali BJT44. අථ ඛො රාජා පජ්ජොතො වාහනාගාරෙසු ච ද්වාරෙසු ච ආණාපෙසි: “යෙන වාහනෙන ජීවකො ඉච්ඡති, තෙන වාහනෙන ගච්ඡතු. යෙන ද්වාරෙන ඉච්ඡති, තෙන ද්වාරෙන ගච්ඡතු. යං කාලං ඉච්ඡති, තං කාලං ගච්ඡතු. යං කාලං ඉච්ඡති, තං කාලං පවිසතූ”ති.
Sinhala BJT44. ඉන් පසු පජ්ජෝත රජ තෙම් “යම් වාහනයකින් ජීවක තෙමේ යනු කැමැති වේ ද, ඒ වාහනයෙන් යේවා. යම් දොරටුවකින් (යනු) කැමැති වේ ද, ඒ දොරටුවෙන් යේවා. යම් කලෙක (යනු) කැමැති වේ ද, එකල්හි යේවා. යම්කලෙක (පිවිසෙනු) කැමැති වේ ද, එකල්හි පිවිසේවා” යි වාහනාගාරයන්හි ද ද්වාරයන්හි ද අණ කරවී ය.
Pali BJT45. තෙන ඛො පන සමයෙන රඤ්ඤො පජ්ජොතස්ස භද්දවතිකා නාම හත්ථිනිකා පඤ්ඤාසයොජනිකා හොති. අථ ඛො ජීවකො කොමාරභච්චො රඤ්ඤො පජ්ජොතස්ස සප්පිං{1} උපනාමෙසි: “කසාවං දෙවො පිවතූ”ති. අථ ඛො ජීවකො කොමාරභච්චො රාජානං පජ්ජොතං සප්පිං පායෙත්වා හත්ථිසාලං ගන්ත්වා භද්දවතිකාය හත්ථිනිකාය නගරම්හා නිප්පති.
Sinhala BJT45. එකල්හි පජ්ජෝත රජුගේ භද්දවතිකා නම් ඇතින්න දවසකට පණස් යොදුනක් යන ගමන් වේග ඇත්තී ය. ඉක්බිති ජීවක කෝමාරභච්ච තෙමේ පජ්ජෝත රජුට “දේවයන් වහන්සේ කෂාය පානය කරණ සේක්වා” යි කසට පැහැති ගිතෙල් බෙහෙත එළවී ය. ජීවක කෝමාරභච්ච තෙමේ පජ්ජෝත රජුට ගිතෙල් බෙහෙත පොවා ඇත්හලට ගොස් භද්දවතී ඇතින්න පිට නැගී නුවරින් පලා ගියේ ය.
Pali BJT46. අථ ඛො රඤ්ඤො පජ්ජොතස්ස තං සප්පි පීතං පරිණාමෙන්තං උද්රෙකං අදාසි. අථ ඛො රාජා පජ්ජොතො මනුස්සෙ එතදවොච: “දුට්ඨෙන භණෙ, ජීවකෙන සප්පිං පායිතො’ම්හි. තෙන හි භණෙ, ජීවකං වෙජ්ජං විචිනථා”ති. “භද්දවතිකාය දෙව, හත්ථිනිකාය නගරම්හා නිප්පතිතො”ති.
Sinhala BJT46. එවිට පජ්ජෝත රජුට පානය කළ ඒ ගිතෙල් බෙහෙත පැසවන්නේ තැලි ඉපදවී ය. ඉක්බිති පජ්ජෝත රජ තෙමේ “සගයෙනි, දුෂ්ට වූ ජීවකයා විසින් ගිතෙල් පොවන ලද්දේ වෙමි. සගයෙනි, එබැවින් ජීවක වෙදා සොයවු” යි මිනිසුන්ට කීයේ ය. “දේවයන් වහන්ස, භද්දවතී ඇතින්න පිට නැගී නුවරින් පැන ගියේ ය” යි ඔහු කීහ.
Pali BJT47. තෙන ඛො පන සමයෙන රඤ්ඤො පජ්ජොතස්ස කාකො නාම දාසො සට්ඨියොජනිකො හොති අමනුස්සෙන ජාතො{2}. අථ ඛො රාජා පජ්ජොතො කාකං දාසං ආණාපෙසි. “ගච්ඡ භණෙ කාක, ජීවකං වෙජ්ජං නිවත්තෙහි: “රාජා තං ආචරිය නිවත්තාපෙතී’ති. එතෙ ඛො භණෙ කාක, වෙජ්ජා නාම බහුමායා. මා චස්ස කිඤ්චි පටිග්ගහෙසී”ති.
Sinhala BJT47. එකල්හි පජ්ජෝත රජුගේ අමනුෂ්‍යයකු නිසා උපන් කාක නම් දාස තෙමේ දවසකට සැට යොදුන් යන ගමන් වේග ඇත්තේ වේ. ඉක්බිති පජ්ජෝත රජ තෙමේ “කොල කාකය, ‘ආචාර්‍ය්‍යයෙනි, රජ තෙමේ ඔබ නවත්වා’ය යි ජීවක වෙදා නවතව. කොල කාකය, මේ වෙද්දු නම් බොහෝ මායා ඇත්තාහු ය. ඔහු දෙන කිසිවක් නො පිළිගණුව” යි කාකදාසයාහට අණ කෙළේ ය.
Pali BJT48. අථ ඛො කාකො දාසො ජීවකං කොමාරභච්චං අන්තරාමග්ගෙ කොසම්බියං සම්භාවෙසි පාතරාසං කරොන්තං. අථ ඛො කාකො දාසො ජීවකං කොමාරභච්චං එතදවොච: “රාජා තං ආචරිය, නිවත්තාපෙතී”ති. “ආගමෙහි භණෙ කාක, යාව භුඤ්ජාමි{3}. හන්ද භණෙ කාක, භුඤ්ජස්සූ”ති. “අලං ආචරිය, රඤ්ඤාම්හි ආණත්තො, ‘එතෙ ඛො භණෙ කාක, වෙජ්ජා නාම බහුමායා. මා චස්ස කිඤ්චි පටිග්ගහෙසී”ති.
Sinhala BJT48. ඉක්බිති කාක දාස තෙමේ අතරමග කොසඹෑ නුවර දී උදාසන අහර ගන්නා ජීවකයා දුටුයේ ය. එකල්හි කාක දාස තෙමේ “ආචාර්‍ය්‍යයෙනි, රජ තෙමේ ඔබ නවත්වා” යයි ජීවක කෝමාරභච්චයාහට කීයේ ය. “කොල කාකය, අනුභව කරමි. ඒ තාක් බලාපොරොත්තු වෙව. කොල කාකය, තෝ ද අනුභව කරව”. ආචාර්‍ය්‍යයෙනි, කම් නැත. ‘කාකය මේ වෙද්දු නම් බොහෝ මායා ඇත්තාහු ය. ඔහු දෙන කිසිවක් නො පිළිගණුව’යි රජු විසින් අණ කරණ ලද්දෙම් වෙමි”යි කාකදාසයා කී ය.
Pali BJT49. තෙන ඛො පන සමයෙන ජීවකො කොමාරභච්චො නඛෙන භෙසජ්ජං ඔලුම්පෙත්වා ආමලකඤ්ච ඛාදති පානීයඤ්ච පිවති. අථ ඛො ජීවකො කොමාරභච්චො කාකං දාසං එතදවොච: “හන්ද භණෙ කාක, ආමලකඤ්ච ඛාද. පානීයඤ්ච පිවස්සූ”ති. අථ ඛො කාකො දාසො “අයඤ්ච ඛො වෙජ්ජො ආමලකඤ්ච ඛාදති. පානීයඤ්ච පිවති. න අරහති කිඤ්චි පාපකං හොතු”න්ති උපඩ්ඪාමලකඤ්ච ඛාදි. පානීයඤ්ච අපායි. තස්ස තං උපඩ්ඪාමලකං ඛාදිතං තත්ථෙව නිච්ඡාරෙසි.
Sinhala BJT49. එකල්හි ජීවක කෝමාරභච්ච තෙමේ නියගින් බෙහෙතක් ඔබා ගෙණ නෙල්ලි ද කයි. පැන් ද බොයි. එකල්හි ජීවක කෝමාරභච්චතෙමේ “කොල කාකය, නෙල්ලි ද කව. පැන් ද බොව”යි කාකදාසයාට කී ය. ඉක්බිති කාක දාස තෙම් “මේ වෙදා නෙල්ලි ද කයි. පැන් ද බොයි. කිසි නපුරක් වන්නට යුතු නො වේ ය“යි නෙල්ලි ගෙඩියෙන් අඩක් ද කෑයේ ය. පැන් ද බිවේ ය. ඔහු විසින් කන ලද ඒ නෙල්ලි පලුව එ වෙලේම ඔහුට විරේක කෙළේ ය.
Pali BJT50. අථ ඛො කාකො දාසො ජීවකං කොමාරභච්චං එතදවොච: “අත්ථි මෙ ආචරිය, ජීවිත”න්ති. “මා භණෙ කාක, භායි. ත්වඤ්චෙව අරොගො භවිස්සසි. රාජා ච. චණ්ඩො සො රාජා ඝාතාපෙය්යාපි මං. තෙනාහං න නිවත්තාමී”ති භද්දවතිකං හත්ථිනිකං කාකස්ස නිය්යාදෙත්වා යෙන රාජගහං තෙන පක්කාමි. අනුපුබ්බෙන යෙන රාජගහං{4} යෙන රාජා මාගධො සෙනියො බිම්බිසාරො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා රඤ්ඤො මාගධස්ස සෙනියස්ස බිම්බිසාරස්ස එතමත්ථං ආරොචෙසී. “සුට්ඨු භණෙ ජීවක, අකාසි යං සි{5} න නිවත්තො’. චණ්ඩො සො රාජා ඝාතාපෙය්යාපි ත”න්ති.
Sinhala BJT50. එවිට කාකදාස තෙමේ “ආචාර්‍ය්‍යයන් වහන්ස, මාගේ ජීවිතය රැකේදැ” යි ජීවක කෝමාරභච්චයාගෙන් ඇසී ය. “කොල, කාකය, බිය පත් නොව, තෝත් නීරෝග වන්නෙහි ය. රජ තෙමේ ද නීරෝග වන්නේ ය. චණ්ඩ වූ ඒ රජතෙමේ මා මරවන්නේ ද වේ. එහෙයින් මම නො නවතිමි” යි භද්දවතිකා ඇතින්න කාකදාසයාට භාර දී රජගහ නුවර බලා නික්ම ගියේ ය. පිළිවෙළින් රජගහනුවරට ගියේ මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජු වෙත එළඹියේ ය. එළඹ මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජුට මේ වග සැළකෙළේ ය. රජ තෙමේ “සගය ජීවකය, යම් හෙයකින් නො නැවතුනෙහි ද එහෙයින් යහපතක් කෙළෙහි ය. (නැවතුනෙහි නම්) චණ්ඩ වූ ඒ රජතෙමේ තා මරවන්නේ ය.”යි කී ය.
Pali BJT51. අථ ඛො රාජා පජ්ජොතො අරොගො සමානො ජීවකස්ස කොමාරභච්චස්ස සන්තිකෙ දූතං පාහෙසි: “ආගච්ඡතු ජීවකො. වරං දස්සාමී”ති. “අලං අය්යො{6}. අධිකාරං මෙ දෙවො සරතූ”ති.
Sinhala BJT51. ඉක්බිති පජ්ජෝත රජ තෙමේ නීරෝග වූයේ “ජීවක තෙමේ පැමිණේව. වරයක් දෙන්නෙමි” යි ජීවක කෝමාරභච්චයා වෙත දූතයකු යැවී ය. “ආර්‍ය්‍යය, කම් නැත. දේවයන් වහන්සේ මාගේ අධිකාරය (=ශ්‍රේෂ්ඨ ක්‍රියාව) සිහි කෙරෙත්වා” යි කියා යැවී ය.
Pali BJT52. තෙන ඛො පන සමයෙන රඤ්ඤො පජ්ජොතස්ස සීවෙය්යකං දුස්සයුගං උප්පන්නං හොති බහුන්නං{1} දුස්සානං බහුන්නං දුස්සයුගානං බහුන්නං දුස්සයුගසතානං බහුන්නං දුස්සයුගසහස්සානං බහුන්නං දුස්සයුගසතසහස්සානං අග්ගඤ්ච සෙට්ඨඤ්ච මොක්ඛඤ්ච උත්තමඤ්ච පවරඤ්ච. අථ ඛො රාජා පජ්ජොතො තං සීවෙය්යකං දුස්සයුගං ජීවකස්ස කොමාරභච්චස්ස පාහෙසි.
Sinhala BJT52. එකල්හි පජ්ජෝතරජුහට බොහෝ වස්ත්‍රයන්ට බොහෝ වස්ත්‍ර යුග්මයන්ට බොහෝ සිය ගණන් වස්ත්‍රයුග්මයන්ට බොහෝ දහස් ගණන් වස්ත්‍රයුග්මයන්ට බොහෝ ලක්‍ෂගණන් වස්ත්‍රයුග්මයන්ට අග්‍ර වූ ද ශ්‍රේෂ්ඨ වූ ද මුඛ්‍ය වූ ද උතුම් වූ ප්‍රවර වූ ද සීවෙය්‍යකවස්ත්‍රයුග්මයක් ලැබුනේ වේ. ඉක්බිති පජ්ජෝත රජතෙමේ ඒ සීවෙය්‍යකවස්ත්‍රයුග්මය ජීවක කොමාරභච්චහට යැවී ය.
Pali BJT53. අථ ඛො ජීවකස්ස කොමාරභච්චස්ස එතදහොසි: “ඉදං ඛො මෙ සීවෙය්යකං දුස්සයුගං රඤ්ඤා පජ්ජොතෙන පහිතං බහුන්නං දුස්සානං බහුන්නං දුස්සයුගානං බහුන්නං දුස්සයුගසතානං බහුන්නං දුස්සයුගසහස්සානං බහුන්නං දුස්සයුගසතසහස්සානං අග්ගඤ්ච සෙට්ඨඤ්ච මොක්ඛඤ්ච උත්තමඤ්ච පවරඤ්ච. නයිමං{2} අඤ්ඤො කොචි පච්චාරහති අඤ්ඤත්ර තෙන භගවතා අරහතා සම්මා සම්බුද්ධෙන, රඤ්ඤා වා මාගධෙන සෙනියෙන බිම්බිසාරෙනා”ති.
Sinhala BJT53. එකල්හි ජීවක කෝමාරභච්චයාහට “පජ්ජෝත රජු විසින් මා වෙත එවූ සීවෙය්‍යකවස්ත්‍රයුග්මය බොහෝ වස්ත්‍රයන්ට බොහෝ වස්ත්‍ර යුග්මයන්ට බොහෝ සියගණන් වස්ත්‍රයුග්මයන්ට බොහෝ දහස්ගණන් වස්ත්‍රයුග්මයන්ට බොහෝ ලක්‍ෂගණන් වස්ත්‍රයුග්මයන්ට අග්‍ර ද වේ. ශ්‍රේෂ්ඨ ද වේ. මුඛ්‍ය ද වේ. උතුම් ද වේ. ප්‍රවර ද වේ. භාග්‍යවත් වූ අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ ඒ තථාගතයන් වහන්සේ හෝ මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජු හෝ හැර අන් කිසිවෙක් මේ වස්ත්‍රයුග්මයට සුදුසු නො වේ”යි. මේ සිත විය.
Pali BJT54. තෙන ඛො පන සමයෙන භගවතො කායො දොසාභිසන්නො හොති. අථ ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: “දොසාභිසන්නො ඛො ආනන්ද තථාගතස්ස කායො. ඉච්ඡති තථාගතො විරෙචනං පාතු”න්ති.
Sinhala BJT54. එකල්හි භාග්‍යවතුන් වහන්සේගේ ශරීරය දොස් කිපීමෙන් පීඩිත වේ. භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනඳ තෙරුන් ඇමැතූ සේක: “ආනන්‍දය, තථාගතයන්ගේ ශරීරය දොස් අධික වූයේ වේ. තථාගත තෙමේ විරේක බෙහෙතක් පානය කරන්නට කැමැති”යි වදාළ සේක.
Pali BJT55. අථ ඛො ආයස්මා ආනන්දො යෙන ජීවකො කොමාරභච්චො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ජීවකං කොමාරභච්චං එතදවොච: “දොසාභිසන්නො ඛො ආවුසො ජීවක, තථාගතස්ස කායො. ඉච්ඡති තථාගතො විරෙචනං පාතු”න්ති. “තෙන හි භන්තෙ ආනන්ද, භගවතො කායං කතිපාහං සිනෙහෙථා”ති.
Sinhala BJT55. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍දස්ථවිරයන් වහන්සේ ජීවක කෝමාරභච්චයා වෙත ගියහ. ගොස් ඇවැත ජීවකය, තථාගතයන් වහන්සේගේ ශරීරය දොස් කිපීමෙන් පීඩිත වේ. තථාගතයන් වහන්සේ විරේක බෙහෙතක් පානය කරන්නට කැමැති සේකැ”යි ජීවක කෝමාරභච්චයාහට කීහ. “ආනන්‍ද ස්ථවිරයන් වහන්ස, එසේ නම් භාග්‍යවතුන් වහන්සේගේ ශරීරය කිහිප දිනක් තෙල් පොවා මොළොක් කරණ සේක්වා”යි හෙතෙම කී ය.
Pali BJT56. අථ ඛො ආයස්මා ආනන්දො භගවතො කායං කතිපාහං සිනෙහෙත්වා යෙන ජීවකො කොමාරභච්චො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ජීවකං කොමාරභච්චං එතදවොච “සිනිද්ධො ඛො ආවුසො ජීවක, තථාගතස්ස කායො. යස්ස’දානි කාලං මඤ්ඤසී”ති.
Sinhala BJT56. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ කිහිප දිනක් භාග්‍යවතුන් වහන්සේගේ ශරීරය මොළොක් කොට ජීවක කෝමාරභච්චයා වෙත ගියහ. ගොස් “ඇවැත, ජීවකය, තථාගතයන් වහන්සේගේ ශරීරය මොළොක් වූයේය. දැන් යමකට කල් සලකන්නෙහි නම් මේ ඒ විරේක බෙහෙත දීමට කල් වේ යැ යි ජීවකකෝමාරභච්චයාහට දැන්වූහ.
Pali BJT57. අථ ඛො ජීවකස්ස කොමාරභච්චස්ස එතදහොසි: “න ඛො මෙ තං පතිරූපං යො’හං භගවතො ඔළාරිකං විරෙචනං දදෙය්ය”න්ති. තීණි උප්පලහත්ථානි නානාභෙසජ්ජෙහි පරිභාවෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා එකං උප්පලහත්ථං භගවතො උපනාමෙසි: “ඉමං භන්තෙ භගවා පඨමං උප්පලහත්ථං උපසිඞ්ඝතු. ඉදං භගවන්තං දසක්ඛත්තුං විරෙචෙස්සතී”ති. දුතියං උප්පලහත්ථං භගවතො උපනාමෙසි: “ඉමං භන්තෙ භගවා දුතියං උප්පලහත්ථං උපසිඞ්ඝතු. ඉදං භගවන්තං දසක්ඛත්තුං විරෙචෙස්සතී”ති. තතියං උප්පලහත්ථං භගවතො උපනාමෙසි: “ඉමං භන්තෙ භගවා තතියං උප්පලහත්ථං උපසිඞ්ඝතු. ඉදං භගවන්තං දසක්ඛත්තුං විරෙචෙස්සතී”ති. එවං භගවතො සමතිංසාය විරෙචනං භවිස්සතී”ති. අථ ඛො ජීවකො කොමාරභච්චො භගවතො සමතිංසාය විරෙචනං දත්වා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
Sinhala BJT57. එවිට ජීවක කෝමාරභච්චයාහට “මම භාග්‍යවතුන් වහන්සේට දැඩි වූ විරේක බෙහෙතක් දෙන්නෙමි නම්, මට ඒ සුදුසු නො වේ”යි සිත් වි ය. එසේ සිතා උපුල්මිටි තුණක් නොයෙක් බෙහෙත් ගල්වා ගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මේ පළමුවන උපුල්මිටිය සිඹිනා සේක්වා. මෙය භාග්‍යවතුන් වහන්සේට දසවරක් විරේක කරන්නේ ය” යි එක් උපුල් මිටියක් භාග්‍යවතුන් වහන්සේට එළවූයේ ය. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මේ දෙවන උපුල් මිටිය සිඹිනා සේක් වා. මෙය භාග්‍යවතුන් වහන්සේට දසවරක් විරේක කරන්නේය”යි දෙවන උපුල් මිටිය භාග්‍යවතුන් වහන්සේට එළවූයේ ය. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මේ තෙවන උපුල්මිටිය සිඹිනා සේක්වා. මෙය භාග්‍යවතුන් වහන්සේට දසවරක් විරේක කරන්නේ ය” යි තෙවන උපුල් මිටිය භාග්‍යවතුන් වහන්සේට එළවූයේ ය. ඉක්බිති ජීවක කෝමාරභච්ච තෙමේ භාග්‍යවතුන් වහන්සේට තිස් වරක් විරේක වන්නට බෙහෙත් දී භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට නික්ම ගියේ ය.
Pali BJT58. අථ ඛො ජීවකස්ස කොමාරභච්චස්ස බහි ද්වාරකොට්ඨකා නික්ඛන්තස්ස එතදහොසි: “මයා ඛො භගවතො සමතිංසාය විරෙචනං දින්නං. දොසාභිසන්නො තථාගතස්ස කායො. න භගවන්තං සමතිංසක්ඛත්තුං විරෙචෙස්සති. එකූනත්තිංසක්ඛත්තූං භගවන්තං විරෙචෙස්සති. අපි ච භගවා විරිත්තො නහායිස්සති. නහාතං භගවන්තං සකිං විරෙචෙස්සති. එවං භගවතො සමතිංසාය විරෙචනං භවිස්සතී”ති.
Sinhala BJT58. ඉක්බිති බිහිදොරොටුවෙන් නික්මෙන්නා වූ ජීවක කොමාරභච්චහට “මා විසින් භාග්‍යවතුන් වහන්සේට තිස්වරක් විරේක වන බෙහෙතක් දෙන ලද්දේ ය. තථාගතයන් වහන්සේගේ ශරීරය දොස් අධික වූයේ වේ. භාග්‍යවතුන් වහන්සේට තිස්වරක් විරේක නො වන්නේ ය. එකුන් තිස්වරක් භාග්‍යවතුන් වහන්සේට විරේක වන්නේ ය. එහෙත් විරේචනය කළා වූ භාග්‍යවතුන් වහන්සේ ස්නානය කරන්නාහ. ස්නානය කළා වූ භාග්‍යවතුන් වහන්සේට වරක් විරේචනය වන්නේ ය. මෙසේ භාග්‍යවතුන් වහන්සේට තිස් වරක් විරේචනය වන්නේය” යි මේ සිත විය.