Pali BJT5. භික්ඛු අත්ථතකඨිනො විප්පකතචීවරං ආදාය පක්කමති “පච්චෙස්ස”න්ති. සො බහිසීමගතො තං චීවරං කාරෙති. සො කතචීවරො “පච්චෙස්සං. පච්චෙස්ස”න්ති බහිද්ධා කඨිනුද්ධාරං වීතිනාමෙති. තස්ස භික්ඛුනො සීමාතික්කන්තිකො කඨිනුද්ධාරො. (5)
Sinhala BJT5. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ අඩාළ සිවුර ගෙණ “පෙරළා එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. කළ සිවුරු ඇති ඒ මහණ තෙමේ “පෙරළා එන්නෙමි. පෙරළා එන්නෙමි” යි කඨිනයාගේ ඉදිරීම තෙක් බැහැර කල් ඉක්මවයි. ඒ මහණහුට සීමාව ඉකුත්වීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (5)
Pali BJT6. භික්ඛු අත්ථතකඨිනො විප්පකතචීවරං ආදාය පක්කමති “පච්චෙස්ස”න්ති. සො බහිසීමගතො තං චීවරං කාරෙති. සො කතචීවරො “පච්චෙස්සං. පච්චෙස්ස”න්ති සම්භූණාති කඨිනුද්ධාරං. තස්ස භික්ඛුනො සහ භික්ඛූහි කඨිනුද්ධාරො. (6)
Sinhala BJT6. ඇතිරූ කඨිනය ඇති මහණ තෙමේ අඩාළ සිවුර ගෙණ “පෙරළා එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. කළ සිවුර ඇති ඒ මහණ තෙමේ “පෙරළා එන්නෙමි. පෙරළා එන්නෙමි” යි කඨිනුද්ධාරයට පැමිණේ. ඒ මහණහුට භික්ෂූන් සමග කඨිනුද්ධාරය වේ. (6)
Pali BJTආදායඡක්කං නිට්ඨිතං.
Sinhala BJTආදාය ඡක්කය නිමි.
Pali BJT1. භික්ඛු අත්ථතකඨිනො විප්පකතචීවරං සමාදාය පක්කමති. තස්ස බහිසීමගතස්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස්සං. න පච්චෙස්ස”න්ති. සො තං චීවරං කාරෙති. තස්ස භික්ඛුනො නිට්ඨානන්තිකො කඨිනුද්ධාරො. (1)
Sinhala BJT1. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ අඩාළ කළ සිවුර රැගෙණ බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුට සිවුර නිම කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (1)
Pali BJT2. භික්ඛු අත්ථතකඨිනො විප්පකතචීවරං සමාදාය පක්කමති. තස්ස බහිසීමගතස්ස එවං හොති: “නෙවිමං චීවරං කාරෙස්සං. න පච්චෙස්ස”න්ති. තස්ස භික්ඛුනො සන්නිට්ඨානන්තිකො කඨිනුද්ධාරො. (2)
Sinhala BJT2. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ අඩාළ කළ සිවුර රැගෙණ බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මේ සිවුර නො කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණහුට සනිටුහන් කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (2)
Pali BJT3. භික්ඛු අත්ථතකඨිනො විප්පකතචීවරං සමාදාය පක්කමති. තස්ස බහිසීමගතස්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස්සං. න පච්චෙස්ස”න්ති. සො තං චීවරං කාරෙති. තස්ස තං චීවරං කයිරමානං නස්සති. තස්ස භික්ඛුනො නාසනන්තිකො කඨිනුද්ධාරො. (3)
Sinhala BJT3. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ අඩාළ කළ සිවුර රැගෙණ බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුගේ කරණු ලබන ඒ සිවුර නැසෙයි. ඒ මහණහුට නැසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (3)
Pali BJT4. භික්ඛු අත්ථතකඨිනො විප්පකතචීවරං සමාදාය පක්කමති “පච්චෙස්ස”න්ති. සො බහිසීමගතො තං චීවරං කාරෙති. සො කතචීවරො සුණාති: “උබ්භතං කිර තස්මිං ආවාසෙ කඨින”න්ති. තස්ස භික්ඛුනො සවණන්තිකො කඨිනුද්ධාරො. (4)
Sinhala BJT4. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ අඩාළ කළ සිවුරු රැගෙණ “පෙරළා එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. කළ සිවුරු ඇති ඒ මහණ තෙමේ “ඒ ආවාසයෙහි කඨිනය උදුරණ ලද්දේ ල” යි අසයි. ඒ මහණහුට ඇසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (4)
Pali BJT5. භික්ඛු අත්ථතකඨිනො විප්පකතචීවරං සමාදාය පක්කමති “පච්චෙස්ස”න්ති. සො බහිසීමගතො තං චීවරං කාරෙති. සො කතචීවරො “පච්චෙස්සං පච්චෙස්ස”න්ති. බහිද්ධා කඨිනුද්ධාරං වීතිනාමෙති. තස්ස භික්ඛුනො සීමාතික්කන්තිකො කඨිනුද්ධාරො. (5)
Sinhala BJT5. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ අඩාළ කළ සිවුර රැගෙණ “පෙරළා එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. කළ සිවුරු ඇති ඒ මහණ තෙමේ “පෙරළා එන්නෙමි. පෙරළා එන්නෙමි” යි කඨිනයාගේ ඉදිරීම තෙක් බැහැර කල් ගෙවයි. ඒ මහණහුට සීමාව ඉකුත් වීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (5)
Pali BJT6. භික්ඛු අත්ථතකඨිනො විප්පකතචීවරං සමාදාය පක්කමති “පච්චෙස්ස”න්ති. සො බහිසීමගතො තං චීවරං කාරෙති. සො කතචීවරො “පච්චෙස්සං. පච්චෙස්ස”න්ති සම්භූණාති කඨිනුද්ධාරං. තස්ස භික්ඛුනො සහ භික්ඛූහි කඨිනුද්ධාරො. (6)
Sinhala BJT6. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ අඩාළ කළ සිවුර රැගෙණ “පෙරළා එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. කළ සිවුරු ඇති ඒ මහණ තෙමේ “පෙරළා එන්නෙමි. පෙරළා එන්නෙමි” යි කඨිනුද්ධාරයට පැමිණේ ඒ මහණහුට භික්ෂූන් සමග කඨිනුද්ධාරය වේ. (6)
Pali BJTසමාදායඡක්කං නිට්ඨිතං.
Sinhala BJTසමාදායඡක්කය නිමි.
Pali BJT1. භික්ඛු අත්ථතකඨිනො චීවරං ආදාය පක්කමති. තස්ස බහිසීමගතස්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස්සං, න පච්චෙස්ස”න්ති. සො තං චීවරං කාරෙති. තස්ස භික්ඛුනො නිට්ඨානන්තිකො කඨිනුද්ධාරො. (1)
Sinhala BJT1. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ සිවුර ගෙණ බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුට සිවුර නිම කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (1)
Pali BJT2. භික්ඛු අත්ථතකඨිනො චීවරං ආදාය පක්කමති. තස්ස බහිසීමගතස්ස එවං හොති: “නෙවිමං චීවරං කාරෙස්සං. න පච්චෙස්ස”න්ති. තස්ස භික්ඛුනො සන්නිට්ඨානන්තිකො කඨිනුද්ධාරො. (2)
Sinhala BJT2. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ සිවුර ගෙණ බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මේ සිවුර නො කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණහුට සනිටුහන් කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (2)
Pali BJT3. භික්ඛු අත්ථතකඨිනො චීවරං ආදාය පක්කමති. තස්ස බහිසීමගතස්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස්සං න පච්චෙස්ස”න්ති. සො තං චීවරං කාරෙති. තස්ස තං චීවරං කයිරමානං නස්සති. තස්ස භික්ඛුනො නාසනන්තිකො කඨිනුද්ධාරො. (3)
Sinhala BJT3. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ සිවුර ගෙණ බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුගේ කරණු ලබන ඒ සිවුර නැසෙයි. ඒ මහණහුට නැසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (3)
Pali BJT[ආදාය තිකං. 1.]
Sinhala BJT[ආදාය තිකය 1.]
Pali BJT4. භික්ඛු අත්ථතකඨිනො චීවරං ආදාය පක්කමති. “න පච්චෙස්ස”න්ති. තස්ස බහිසීමගතස්ස එවං හොති. “ඉධෙවිමං චීවරං කාරෙස්ස”න්ති. සො තං චීවරං කාරෙති. තස්ස භික්ඛුනො නිට්ඨානන්තිකො කඨිනුද්ධාරො. (4)
Sinhala BJT4. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ සිවුර ගෙණ “පෙරළා නො එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුට සිවුර නිම කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (4)
Pali BJT5. භික්ඛු අත්ථතකඨිනො චීවරං ආදාය පක්කමති “න පච්චෙස්ස”න්ති. තස්ස බහිසීමගතස්ස එවං හොති: “නෙවිමං චීවරං කාරෙස්ස”න්ති. තස්ස භික්ඛුනො සන්නිට්ඨානන්තිකො කඨිනුද්ධාරො. (5)
Sinhala BJT5. අතිරූ කඨින ඇති මහණ තෙමේ සිවුර ගෙණ “පෙරළා නො එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මේ සිවුර නො කරවන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණහුට සනිටුහන් කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (5)
Pali BJT6. භික්ඛු අත්ථතකඨිනො චීවරං ආදාය පක්කමති “න පච්චෙස්ස”න්ති. තස්ස බහිසීමගතස්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස්ස”න්ති. සො තං චීවරං කාරෙති. තස්ස තං චීවරං කයිරමානං නස්සති. තස්ස භික්ඛුනො නාසනන්තිකො කඨිනුද්ධාරො. (6)
Sinhala BJT6. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ සිවුර ගෙණ “පෙරළා නො එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුගේ කරණු ලබන ඒ සිවුර නැසෙයි. ඒ මහණහුට නැසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (6)
Pali BJT[ආදාය තිකං. 2]
Sinhala BJT(ආදාය තිකය 2.)
Pali BJT7. භික්ඛු අත්ථතකඨිනො චීවරං ආදාය පක්කමති අනධිට්ඨිතෙන. නෙවස්ස හොති: “පච්චෙස්ස”න්ති. න පනස්ස හොති: “න පච්චෙස්ස”න්ති. තස්ස බහිසීමගතස්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස්සං. න පච්චෙස්ස”න්ති. සො තං චීවරං කාරෙති. තස්ස භික්ඛුනො නිට්ඨානන්තිකො කඨිනුද්ධාරො. (7)
Sinhala BJT7. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ (එන්නෙමි යි හෝ නො එන්නෙමි යි හෝ) නො ඉටීමෙන් සිවුර ගෙණ බැහැර යෙයි. ඒ මහණහුට “පෙරළා එන්නෙමි” යි ද අදහස් නො වේ. ඒ “මහණහුට පෙරළා නො එන්නෙමි” යි ද අදහස් නො වේ. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුට සිවුර නිම කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (7)
Pali BJT8. භික්ඛු අත්ථතකඨිනො චීවරං ආදාය පක්කමති අනධිට්ඨිතෙන. නෙවස්ස හොති: “පච්චෙස්ස”න්ති. න පනස්ස හොති: “න පච්චෙස්ස”න්ති. තස්ස බහිසීමගතස්ස එවං හොති: “නෙවිමං චීවරං කාරෙස්සං. න පච්චෙස්ස”න්ති. තස්ස භික්ඛුනො සන්නිට්ඨානන්තිකො කඨිනුද්ධාරො. (8)
Sinhala BJT8. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ නො ඉටීමෙන් සිවුර ගෙණ බැහැර යෙයි. ඒ මහණහුට “පෙරළා එන්නෙමි” යි ද අදහස් නො වේ. ඒ මහණහුට “පෙරළා නො එන්නෙමි” යි ද අදහස් නො වේ. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මේ සිවුර නො කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණහුට සනිටුහන අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (8)
Pali BJT9. භික්ඛු අත්ථතකඨිනො චීවරං ආදාය පක්කමති අනධිට්ඨිතෙන. නෙවස්ස හොති “පච්චෙස්ස”න්ති. න පනස්ස හොති: “න පච්චෙස්ස”න්ති. තස්ස බහිසීමගතස්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස්සං. න පච්චෙස්ස”න්ති. සො තං චීවරං කාරෙති. තස්ස තං චීවරං කයිරමානං නස්සති. තස්ස භික්ඛුනො නාසනන්තිකො කඨිනුද්ධාරො. (9)
Sinhala BJT9. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ නො ඉටීමෙන් සිවුර ගෙණ බැහැර යෙයි. ඒ මහණහුට “පෙරළා එන්නෙමි” යි ද අදහස් නො වේ. ඒ මහණහුට “පෙරළා නො එන්නෙමි” යි ද අදහස් නො වේ. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුගේ කරණු ලබන ඒ සිවුර නැසෙයි. ඒ මහණහුට නැසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (9)
Pali BJT[ආදාය තිකං. 3.]
Sinhala BJT(ආදාය තිකය 3.)
Pali BJT10. භික්ඛු අත්ථතකඨිනො චීවරං ආදාය පක්කමති “පච්චෙස්ස”න්ති. තස්ස බහිසීමගතස්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස්සං. න පච්චෙස්ස”න්ති. සො තං චීවරං කාරෙති. තස්ස භික්ඛුනො නිට්ඨානන්තිකො කඨිනුද්ධාරො. (10)
Sinhala BJT10. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ සිවුර ගෙණ “පෙරළා එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුට සිවුර නිම කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (10)
Pali BJT11. භික්ඛු අත්ථතකඨිනො චීවරං ආදාය පක්කමති “පච්චෙස්ස”න්ති. තස්ස බහිසීමගතස්ස එවං හොති: “නෙවිමං චීවරං කාරෙස්සං. න පච්චෙස්ස”න්ති. තස්ස භික්ඛුනො සන්නිට්ඨානන්තිකො කඨිනුද්ධාරො. (11)
Sinhala BJT11. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ සිවුර ගෙණ “පෙරළා එන්නෙමි” යි. බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මේ සිවුර නො කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණහුට සනිටුහන් කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (11)
Pali BJT12. භික්ඛු අත්ථතකඨිනො චීවරං ආදාය පක්කමති “පච්චෙස්ස”න්ති. තස්ස බහිසීමගතස්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස්සං. න පච්චෙස්ස”න්ති. සො තං චීවරං කාරෙති. තස්ස තං චීවරං කයිරමානං නස්සති. තස්ස භික්ඛුනො නාසනන්තිකො කඨිනුද්ධාරො. (12)
Sinhala BJT12. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ “පෙරළා එන්නෙමි” යි සිවුර ගෙණ බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුගේ කරණු ලබන ඒ සිවුර නැසෙයි. ඒ මහණහුට නැසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (12)
Pali BJT13. භික්ඛු අත්ථතකඨිනො චීවරං ආදාය පක්කමති “පච්චෙස්ස”න්ති. සො බහිසීමගතො තං චීවරං කාරෙති. සො කතචීවරො සුණාති: “උබ්භතං කිර තස්මිං ආවාසෙ කඨින”න්ති. තස්ස භික්ඛුනො සවණන්තිකො කඨිනුද්ධාරො. (13)
Sinhala BJT13. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ “පෙරළා එන්නෙමි” යි සිවුර ගෙණ බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. කළ සිවුර ඇති ඒ මහණ තෙමේ “ඒ ආවාසයෙහි කඨිනය උදුරණ ලද්දේ ල” යි අසයි. ඒ මහණහුට ඇසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (13)
Pali BJT14. භික්ඛු අත්ථතකඨිනො චීවරං ආදාය පක්කමති “පච්චෙස්ස”න්ති. සො බහිසීමගතො තං චීවරං කාරෙති. සො කතචීවරො “පච්චෙස්සං. පච්චෙස්ස”න්ති – බහිද්ධා කඨිනුද්ධාරං වීතිනාමෙති. තස්ස භික්ඛුනො සීමාතික්කන්තිකො කඨිනුද්ධාරො. (14)
Sinhala BJT14. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ “පෙරළා එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. කළ සිවුරු ඇති ඒ මහණ තෙමේ “පෙරළා එන්නෙමි. පෙරළා එන්නෙමි” යි කඨිනයාගේ ඉදිරීම තෙක් බැහැර කල් ඉක්මවයි. ඒ මහණහුට සීමාව ඉක්ම යෑම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (14)
Pali BJT15. භික්ඛු අත්ථතකඨිනො චීවරං ආදාය පක්කමති “පච්චෙස්ස”න්ති. සො බහිසීමගතො තං චීවරං කාරෙති. සො කතචීවරො “පච්චෙස්සං පච්චෙස්ස”න්ති සම්භුණාති කඨිනුද්ධාරං. තස්ස භික්ඛුනො සහ භික්ඛූහි කඨිනුද්ධාරො. (15)
Sinhala BJT15. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ “පෙරළා එන්නෙමි” යි සිවුර ගෙණ බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. කළ සිවුරු ඇති ඒ මහණ තෙමේ “පෙරළා එන්නෙමි. පෙරළා එන්නෙමි” යි කඨිනුද්ධාරයට පැමිණේ. ඒ මහණහුට භික්ෂූන් සමග කඨිනුද්ධාරය වේ. (15)
Pali BJT(ආදාය ඡක්කං)
Sinhala BJT(ආදාය ඡක්කය යි.)
Pali BJT[ආදායපණ්ණරසකං නිට්ඨිතං.]
Sinhala BJT(ආදාය පසළොස්වර නිමි.)
Pali BJT16. භික්ඛු අත්ථතකඨිනො චීවරං සමාදාය පක්කමති. -පෙ- (ආදායවාරසදිසං එවං විත්ථාරෙතබ්බං.)
Sinhala BJT16. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ සිවුර රැගෙණ බැහැර යෙයි. –පෙ– (ආදායවාරය සේ විස්තර කට යුතු ය.)
Pali BJT[සමාදායපණ්ණරසක පෙය්යාලං.]
Sinhala BJT[සමාදාය පසළොස්වර පෙය්‍යාලමෙන් දතයුතු.]
Pali BJT17. භික්ඛු අත්ථතකඨිනො විප්පකතචීවරං ආදාය පක්කමති. තස්ස බහිසීමගතස්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස්සං, න පච්චෙස්ස”න්ති. සො තං චීවරං කාරෙති. තස්ස භික්ඛුනො නිට්ඨානන්තිකො කඨිනුද්ධාරො (සමාදායවාරසදිසං එවං විත්ථාරෙතබ්බං.)
Sinhala BJT17. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ අඩාළ කළ සිවුර ගෙණ බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි. මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුට සිවුර නිම කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (සමාදායවාරය සේ විස්තර කට යුතු ය.)
Pali BJT[විප්පකතආදායපණ්ණරසකං පෙය්යාලං.]
Sinhala BJT[විප්පකතආදාය පසළොස්වර පෙය්‍යාලමෙන් දතයුතු.]
Pali BJT1. භික්ඛු අත්ථතකඨිනො විප්පකතචීවරං සමාදාය පක්කමති. තස්ස බහිසීමගතස්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස්සං, න පච්චෙස්ස”න්ති. සො තං චීවරං කාරෙති. තස්ස භික්ඛුනො නිට්ඨානන්තිකො කඨිනුද්ධාරො. (1)
Sinhala BJT1. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ අඩාළ සිවුර ගෙණ බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි. මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුට සිවුර නිම කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (1)
Pali BJT2. භික්ඛු අත්ථතකඨිනො විප්පකතචීවරං සමාදාය පක්කමති. තස්ස බහිසීමගතස්ස එවං හොති: “නෙවිමං චීවරං කාරෙස්සං. න පච්චෙස්ස”න්ති. තස්ස භික්ඛුනො සන්නිට්ඨානන්තිකො කඨිනුද්ධාරො. (2)
Sinhala BJT2. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ අඩාළ සිවුර රැගෙණ බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මේ සිවුර නො කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණහුට සනිටුහන් කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (2).
Pali BJT3. භික්ඛු අත්ථතකඨිනො විප්පකතචීවරං සමාදාය පක්කමති. තස්ස බහිසීමගතස්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස්සං. න පච්චෙස්ස”න්ති. සො තං චීවරං කාරෙති. තස්ස තං චීවරං කයිරමානං නස්සති. තස්ස භික්ඛුනො නාසනන්තිකො කඨිනුද්ධාරො. (3)
Sinhala BJT3. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ අඩාළ සිවුර රැගෙණ බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි. මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුගේ කරණු ලබන ඒ සිවුර නැසෙයි. ඒ මහණහුට නැසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (3)
Pali BJT[විප්පකතසමාදායතිකං 1.]
Sinhala BJT(විප්පකතසමාදායතිකය 1.)
Pali BJT4. භික්ඛු අත්ථතකඨිනො විප්පකතචීවරං සමාදාය පක්කමති “න පච්චෙස්ස”න්ති. තස්ස බහිසීමගතස්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස්ස”න්ති. සො තං චීවරං කාරෙති. තස්ස භික්ඛුනො නිට්ඨානන්තිකො කඨිනුද්ධාරො. (4)
Sinhala BJT4. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ අඩාළ සිවුර රැගෙණ “පෙරළා නො එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුට සිවුර නිම කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (4)
Pali BJT5. භික්ඛු අත්ථතකඨිනො විප්පකතචීවරං සමාදාය පක්කමති “න පච්චෙස්ස”න්ති. තස්ස බහිසීමගතස්ස එවං හොති: “නෙවිමං චීවරං කාරෙස්ස”න්ති. තස්ස භික්ඛුනො සන්නිට්ඨානන්තිකො කඨිනුද්ධාරො. (5)
Sinhala BJT5. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ අඩාළ සිවුර රැගෙණ “පෙරළා නො එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මේ සිවුර නො කරවන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණහුට සනිටුහන් කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (5)
Pali BJT6. භික්ඛු අත්ථතකඨිනො විප්පකතචීවරං සමාදාය පක්කමති “න පච්චෙස්ස”න්ති. තස්ස බහිසීමගතස්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස්ස”න්ති. සො තං චීවරං කාරෙති. තස්ස තං චීවරං කයිරමානං නස්සති. තස්ස භික්ඛුනො නාසනන්තිකො කඨිනුද්ධාරො. (6)
Sinhala BJT6. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ අඩාළ සිවුර රැගෙණ “පෙරළා නො එන්නෙමි” යි බැහැර යෙයි, බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණතෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුගේ කරණු ලබන ඒ සිවුර නැසෙයි. ඒ මහණහුට නැසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (6)
Pali BJT[විප්පකතසමාදායතිකං. 2.]
Sinhala BJT(විප්පකතසමාදායතිකය. 2.)
Pali BJT7. භික්ඛු අත්ථතකඨිනො විප්පකතචීවරං සමාදාය පක්කමති අනධිට්ඨිතෙන. නෙවස්ස හොති: “පච්චෙස්ස”න්ති. න පනස්ස හොති: “න පච්චෙස්ස”න්ති. තස්ස බහිසීමගතස්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස්සං. න පච්චෙස්ස”න්ති. සො තං චීවරං කාරෙති. තස්ස භික්ඛුනො නිට්ඨානන්තිකො කඨිනුද්ධාරො. (7)
Sinhala BJT7. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ අඩාළ සිවුර රැගෙණ නො ඉටීමෙන් බැහැර යෙයි. ඒ මහණහුට “පෙරළා එන්නෙමි” යි ද අදහස් නො වේ. ඒ මහණහුට “පෙරළා නො එන්නෙමි” යි ද අදහස් නො වේ. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුට සිවුර නිම කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (7)
Pali BJT8. භික්ඛු අත්ථතකඨිනො විප්පකතචීවරං සමාදාය පක්කමති අනධිට්ඨිතෙන. නෙවස්ස හොති: “පච්චෙස්ස”න්ති. න පනස්ස හොති: “න පච්චෙස්ස”න්ති. තස්ස බහිසීමගතස්ස එවං හොති: “නෙවිමං චීවරං කාරෙස්සං. න පච්චෙස්ස”න්ති. තස්ස භික්ඛුනො සන්නිට්ඨානන්තිකො කඨිනුද්ධාරො. (8)
Sinhala BJT8. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ අඩාළ සිවුර රැගෙණ නො ඉටීමෙන් බැහැර යෙයි. ඒ මහණහුට “පෙරළා එන්නෙමි” යි ද අදහස් නො වේ. ඒ මහණහුට “පෙරළා නො එන්නෙමි” යි ද අදහස් නො වේ. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මේ සිවුර නො කරවන්නෙමි පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණහුට සනිටුහන් කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (8)
Pali BJT9. භික්ඛු අත්ථතකඨිනො විප්පකතචීවරං සමාදාය පක්කමති අනධිට්ඨිතෙන. නෙවස්ස හොති: “පච්චෙස්ස”න්ති. න පනස්ස හොති: “න පච්චෙස්ස”න්ති. තස්ස බහිසීමගතස්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස්සං, න පච්චෙස්ස”න්ති. සො තං චීවරං කාරෙති. තස්ස තං චීවරං කයිරමානං නස්සති. තස්ස භික්ඛුනො නාසනන්තිකො කඨිනුද්ධාරො. (9)
Sinhala BJT9. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ අඩාළ සිවුර රැගෙණ නො ඉටා බැහැර යෙයි. ඒ මහණහුට “පෙරළා එන්නෙමි” යි ද අදහස් නො වේ. ඒ මහණහුට “පෙරළා නො එන්නෙමි” යි ද අදහස් නො වේ. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුගේ කරණු ලබන ඒ සිවුර නැසෙයි. ඒ මහණහුට නැසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (9)
Pali BJT[විප්පකතසමාදායතිකං. 3.]
Sinhala BJT(විප්පකතසමාදායතිකය. 3)
Pali BJT10. භික්ඛු අත්ථතකඨිනො විප්පකතචීවරං සමාදාය පක්කමති “පච්චෙස්ස”න්ති. තස්ස බහිසීමගතස්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස්සං. න පච්චෙස්ස”න්ති. සො තං චීවරං කාරෙති. තස්ස භික්ඛුනො නිට්ඨානන්තිකො කඨිනුද්ධාරො. (10)
Sinhala BJT10. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ අඩාළ සිවුර රැගෙණ “පෙරළා එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුට සිවුර නිම කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (10)
Pali BJT11. භික්ඛු අත්ථතකඨිනො විප්පකතචීවරං සමාදාය පක්කමති “පච්චෙස්ස”න්ති. තස්ස බහිසීමගතස්ස එවං හොති – “නෙවිමං චීවරං කාරෙස්සං, න පච්චෙස්ස”න්ති. තස්ස භික්ඛුනො සන්නිට්ඨානන්තිකො කඨිනුද්ධාරො.
Sinhala BJT11. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ අඩාළ සිවුර රැගෙණ “පෙරළා එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මේ සිවුර නො කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණහුට සනිටුහන් කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (11)
Pali BJT12. භික්ඛු අත්ථතකඨිනො විප්පකතචීවරං සමාදාය පක්කමති “පච්චෙස්ස”න්ති. තස්ස බහිසීමගතස්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස්සං. න පච්චෙස්ස”න්ති. සො තං චීවරං කාරෙති. තස්ස තං චීවරං කයිරමානං නස්සති. තස්ස භික්ඛුනො නාසනන්තිකො කඨිනුද්ධාරො. (12)
Sinhala BJT12. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ අඩාළ සිවුර රැගෙණ “පෙරළා එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුගේ කරණු ලබන ඒ සිවුර නැසෙයි. ඒ මහණහුට නැසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (12)
Pali BJT13. භික්ඛු අත්ථතකඨිනො විප්පකතචීවරං සමාදාය පක්කමති “පච්චෙස්ස”න්ති. සො බහිසීමගතො තං චීවරං කාරෙති. සො කතචීවරො සුණාති: “උබ්භතං කිර තස්මිං ආවාසෙ කඨින”න්ති. තස්ස භික්ඛුනො සවණන්තිකො කඨිනුද්ධාරො. (13)
Sinhala BJT13. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ අඩාළ සිවුර රැගෙණ “පෙරළා එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. කළ සිවුරු ඇති ඒ මහණ තෙමේ “ඒ ආවාසයෙහි කඨිනය උදුරණ ලද්දේ ල” යි අසයි. ඒ මහණහුට ඇසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (13)
Pali BJT14. භික්ඛු අත්ථතකඨිනො විප්පකතචීවරං සමාදාය පක්කමති “පච්චෙස්ස”න්ති. සො බහිසීමගතො තං චීවරං කාරෙති. සො කතචීවරො “පච්චෙස්සං, පච්චෙස්ස”න්ති බහිද්ධා කඨිනුද්ධාරං වීතිනාමෙති. තස්ස භික්ඛුනො සීමාතික්කන්තිකො කඨිනුද්ධාරො. (14)
Sinhala BJT14. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ අඩාළ සිවුර රැගෙණ “පෙරළා එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. කළ සිවුරු ඇති ඒ මහණ තෙමේ “පෙරළා එන්නෙමි” යි කඨිනයාගේ ඉදිරීම දක්වා බැහැර කල් ගෙවයි. ඒ මහණහුට සීමාව ඉක්මවීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (14)
Pali BJT15. භික්ඛු අත්ථතකඨිනො විප්පකතචීවරං සමාදාය පක්කමති “පච්චෙස්ස”න්ති. සො බහිසීමගතො තං චීවරං කාරෙති. සො කතචීවරො “පච්චෙස්සං. පච්චෙස්ස”න්ති සම්භුණාති කඨිනුද්ධාරං. තස්ස භික්ඛුනො සහ භික්ඛූහි කඨිනුද්ධාරො. (15)
Sinhala BJT15. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ අඩාළ සිවුර රැගෙණ “පෙරළා එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. කළ සිවුරු ඇති ඒ මහණ තෙමේ “පෙරළා එන්නෙමි. පෙරළා එන්නෙමි” යි කඨිනුද්ධාරයට පැමිණේ. ඒ මහණහුට භික්ෂූන් සමග කඨිනුද්ධාරය වේ. (15)
Pali BJT(විප්පකතසමාදායඡක්කං.)
Sinhala BJT(විප්පකතසමාදායඡක්කය)
Pali BJT[විප්පකතසමාදායපණ්ණරසකං]
Sinhala BJT(විප්පකතසමාදාය පසළොස්වර)
Pali BJTආදායභාණවාරො නිට්ඨිතො.
Sinhala BJTආදායභාණවාරය නිමි.
Pali BJT1. භික්ඛු අත්ථතකඨිනො චීවරාසාය පක්කමති. සො බහිසීමගතො තං චීවරාසං පයිරුපාසති. අනාසාය ලභති. ආසාය න ලභති. තස්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස්සං. න පච්චෙස්ස”න්ති. සො තං චීවරං කාරෙති. තස්ස භික්ඛුනො නිට්ඨානන්තිකො කඨිනුද්ධාරො.
Sinhala BJT1. ඇතුරූ කඨින ඇති මහණ තෙමේ සිවුරු ලැබීමේ ආසාවෙන් බැහැර යෙයි. බැහැර සීමාවකට (සමීප විහාරයකට) ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කරයි. ආසා නො කළ (යම්කිසි) තැනකින්{*} (සිවුරු) ලබයි. ආසාකළ තැනින් නො ලබයි. ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුට සිවුර නිම කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.
Pali BJT2. භික්ඛු අත්ථතකඨිනො චීවරාසාය පක්කමති. සො බහිසීමගතො තං චීවරාසං පයිරුපාසති. අනාසාය ලභති. ආසාය න ලභති. තස්ස එවං හොති: “නෙවිමං චීවරං කාරෙස්සං. න පච්චෙස්ස”න්ති. තස්ස භික්ඛුනො සන්නිට්ඨානන්තිකො කඨිනුද්ධාරො.
Sinhala BJT2. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ සිවුරු ලැබීමේ ආසාවෙන් බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කරයි. ආසා නො කළ තැනකින් (සිවුරු) ලබයි. ආසා කළ තැනින් නො ලබයි. ඒ මහණහුට “මේ සිවුර නො කරවන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණහුට සනිටුහන් කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.
Pali BJT3. භික්ඛු අත්ථතකඨිනො චීවරාසාය පක්කමති. සො බහිසීමගතො තං චීවරාසං පයිරුපාසති. අනාසාය ලභති, ආසාය න ලභති. තස්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස්සං. න පච්චෙස්ස”න්ති. සො තං චීවරං කාරෙති. තස්ස තං චීවරං කයිරමානං නස්සති. තස්ස භික්ඛුනො නාසනන්තිකො කඨිනුද්ධාරො.
Sinhala BJT3. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ සිවුරු ලැබීමේ ආසාවෙන් බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කරයි. ආසා නො කළ තැනකින් (සිවුරු) ලබයි. ආසා කළ තැනින් නො ලබයි. ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුගේ කරණු ලබන ඒ සිවුර නැසෙයි. ඒ මහණහුට නැසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.
Pali BJT4. භික්ඛු අත්ථතකඨිනො චීවරාසාය පක්කමති. තස්ස බහිසීමගතස්ස එවං හොති: “ඉධෙවිමං චීවරාසං පයිරුපාසිස්සං. න පච්චෙස්ස”න්ති. සො තං චීවරාසං පයිරුපාසති. තස්ස සා චීවරාසා උපච්ඡිජ්ජති. තස්ස භික්ඛුනො ආසාවච්ඡෙදිකො කඨිනුද්ධාරො.
Sinhala BJT4. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ සිවුරු ලැබීමේ ආසාවෙන් බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කරන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කෙරෙයි. ඒ මහණහුගේ ඒ සිවුරු ලැබීමේ ආසාව සිඳී යයි. ඒ මහණහුට ආසා සිඳීම ඇති කඨිනුද්ධාරය වේ.
Pali BJT5. භික්ඛු අත්ථතකඨිනො චීවරාසාය පක්කමති “න පච්චෙස්ස”න්ති. සො බහිසීමගතො තං චීවරාසං පයිරුපාසති. අනාසාය ලභති. ආසාය න ලභති. තස්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස්ස”න්ති. සො තං චීවරං කාරෙති. තස්ස භික්ඛුනො නිට්ඨානන්තිකො කඨිනුද්ධාරො.
Sinhala BJT5. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ සිවුරු ලැබීමේ ආසාවෙන් “පෙරළා නො එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කෙරෙයි. ආසා නො කළ තැනකින් (සිවුරු) ලබයි. ආසා කළ තැනින් නො ලබයි. ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුට සිවුර නිම කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.
Pali BJT6. භික්ඛු අත්ථතකඨිනො චීවරාසාය පක්කමති “න පච්චෙස්ස”න්ති. සො බහිසීමගතො තං චීවරාසං පයිරුපාසති. අනාසාය ලභති. ආසාය න ලභති. තස්ස එවං හොති: “නෙවිමං චීවරං කාරෙස්ස”න්ති. තස්ස භික්ඛුනො සන්නිට්ඨානන්තිකො කඨිනුද්ධාරො.
Sinhala BJT6. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ “පෙරළා නො එන්නෙමි” යි සිවුරු ලැබීමේ ආසාවෙන් බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කෙරෙයි. ආසා නො කළ තැනකින් (සිවුරු) ලබයි. ආසා කළ තැනින් නො ලබයි. ඒ මහණහුට “මේ සිවුර නො කරවන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණහුට සනිටුහන් කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.
Pali BJT7. භික්ඛු අත්ථතකඨිනො චීවරාසාය පක්කමති “න පච්චෙස්ස”න්ති. සො බහිසීමගතො තං චීවරාසං පයිරුපාසති. අනාසාය ලභති. ආසාය න ලභති. තස්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස්ස”න්ති. සො තං චීවරං කාරෙති. තස්ස තං චීවරං කයිරමානං නස්සති. තස්ස භික්ඛුනො නාසනන්තිකො කඨිනුද්ධාරො.
Sinhala BJT7. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ “පෙරළා නො එන්නෙමි”යි සිවුරු ලැබීමේ ආසාවෙන් බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කෙරෙයි. ආසා නො කළ තැනකින් (සිවුරු) ලබයි. ආසා කළ තැනින් නො ලබයි. ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුගේ කරණු ලබන්නා වූ ඒ සිවුර නැසෙයි. ඒ මහණහුට නැසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.
Pali BJT8. භික්ඛු අත්ථතකඨිනො චීවරාසාය පක්කමති “න පච්චෙස්ස”න්ති. තස්ස බහිසීමගතස්ස එවං හොති: “ඉධෙවිමං චීවරාසං පයිරුපාසිස්ස”න්ති. සො තං චීවරාසං පයිරුපාසති. තස්ස සා චීවරාසා උපච්ඡිජ්ජති. තස්ස භික්ඛුනො ආසාවච්ඡෙදිකො කඨිනුද්ධාරො.
Sinhala BJT8. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ “පෙරළා නො එන්නෙමි” යි සිවුරු ලැබීමේ ආසාවෙන් බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දි ම මේ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කරන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කෙරෙයි. ඒ මහණහුගේ ඒ සිවුරු ලැබීමේ අසාව සිඳී යයි. ඒ මහණහුට ආසා සිඳීම ඇති කඨිනුද්ධාරය වේ.
Pali BJT9. භික්ඛු අත්ථතකඨිනො චීවරාසාය පක්කමති අනධිට්ඨිතෙන. නෙවස්ස හොති “පච්චෙස්සන්ති. න පනස්ස හොති “න පච්චෙස්ස”න්ති. සො බහිසීමගතො තං චීවරාසං පයිරුපාසති. අනාසාය ලභති. ආසාය න ලභති. තස්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස්සං. න පච්චෙස්ස”න්ති. සො තං චීවරං කාරෙති. තස්ස භික්ඛුනො නිට්ඨානන්තිකො කඨිනුද්ධාරො.
Sinhala BJT9. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ සිවුරු ලැබීමේ ආසාවෙන් නො ඉටා (නැවත ඊම හෝ නො ඊම මෙනෙහි නො කොට) බැහැර යෙයි. ඒ මහණහුට “පෙරළා එන්නෙමි” යි ද අදහස් නො වේ. ඒ මහණහුට “පෙරළා නො එන්නෙමි” යි ද අදහස් නො වේ. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කෙරෙයි. ආසා නො කළ තැනකින් (සිවුරු) ලබයි. ආසා කළ තැනින් නො ලබයි. ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුට සිවුර නිම කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.
Pali BJT10. භික්ඛු අත්ථතකඨිනො චීවරාසාය පක්කමති අනධිට්ඨිතෙන. නෙවස්ස හොති “පච්චෙස්ස”න්ති. න පනස්ස හොති “න පච්චෙස්ස”න්ති. සො බහිසීමගතො තං චීවරාසං පයිරුපාසති. අනාසාය ලභති. ආසාය න ලභති. තස්ස එවං හොති: “නෙවිමං චීවරං කාරෙස්සං. න පච්චෙස්ස”න්ති. තස්ස භික්ඛුනො සන්නිට්ඨානන්තිකො කඨිනුද්ධාරො.
Sinhala BJT10. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ සිවුරු ලැබීමේ ආසාවෙන් නො ඉටා බැහැර යෙයි. ඒ මහණහුට “පෙරළා එන්නෙමි” යි ද අදහස් නො වේ. ඒ මහණහුට “පෙරළා නො එන්නෙමි” යි ද අදහස් නො වේ. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කෙරෙයි. ආසා නො කළ තැනකින් (සිවුරු) ලබයි. ආසා කළ තැනින් නො ලබයි. ඒ මහණහුට “මේ සිවුර නො කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණහුට සනිටුහන් කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.
Pali BJT11. භික්ඛු අත්ථතකඨිනො චීවරාසාය පක්කමති අනධිට්ඨිතෙන. නෙවස්ස හොති “පච්චෙස්ස”න්ති. න පනස්ස හොති “න පච්චෙස්ස”න්ති. සො බහිසීමගතො තං චීවරාසං පයිරුපාසති. අනාසාය ලභති. ආසාය න ලභති. තස්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස්සං. න පච්චෙස්ස”න්ති. සො තං චීවරං කාරෙති. තස්ස තං චීවරං කයිරමානං නස්සති. තස්ස භික්ඛුනො නාසනන්තිකො කඨිනුද්ධාරො.
Sinhala BJT11. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ සිවුරු ලැබීමේ ආසාවෙන් නො ඉටා බැහැර යෙයි. ඒ මහණහුට “පෙරළා එන්නෙමි” යි ද අදහස් නො වේ. ඒ මහණහුට “පෙරළා නො එන්නෙමි” යි ද අදහස් නො වේ. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කෙරෙයි. ආසා නො කළ තැනකින් (සිවුරු) ලබයි. ආසා කළ තැනින් නො ලබයි. ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුගේ කරණු ලබන ඒ සිවුර නැසෙයි. ඒ මහණහුට නැසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.
Pali BJT12. භික්ඛු අත්ථතකඨිනො චීවරාසාය පක්කමති අනධිට්ඨිතෙන. නෙවස්ස හොති “පච්චෙස්ස”න්ති. න පනස්ස හොති “න පච්චෙස්ස”න්ති. තස්ස බහිසීමගතස්ස එවං හොති: “ඉධෙවිමං චීවරාසං පයිරුපාසිස්සං. න පච්චෙස්ස”න්ති. සො තං චීවරාසං පයිරුපාසති. තස්ස සා චීවරාසා උපච්ඡිජ්ජති. තස්ස භික්ඛුනො ආසාවච්ඡෙදිකො කඨිනුද්ධාරො.
Sinhala BJT12. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ සිවුරු ලැබීමේ ආසාවෙන් නො ඉටා බැහැර යෙයි. ඒ මහණහුට “පෙරළා එන්නෙමි” යි ද අදහස් නො වේ. ඒ මහණහුට පෙරළා නො එන්නෙමි” යි ද අදහස් නො වේ. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කරන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කෙරෙයි. ඒ මහණහුගේ ඒ සිවුරු ලැබීමේ ආසාව සිඳී යයි. ඒ මහණහුට ආසා සිඳීම ඇති කඨිනුද්ධාරය වේ.
Pali BJTඅනාසා ද්වාදසකං{1} නිට්ඨිතං.
Sinhala BJTඅනාසා ද්වාදසකය (අනාසා පිළිබඳ වාර දොළොස නිමි.)
Pali BJT1. භික්ඛු අත්ථතකඨිනො චීවරාසාය පක්කමති “පච්චෙස්ස”න්ති. සො බහිසීමගතො තං චීවරාසං පයිරුපාසති. ආසාය ලභති. අනාසාය න ලභති. තස්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස්සං. න පච්චෙස්ස”න්ති. සො තං චීවරං කාරෙති. තස්ස භික්ඛුනො නිට්ඨානන්තිකො කඨිනුද්ධාරො.
Sinhala BJT1. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ සිවුරු ලැබීමේ ආසාවෙන් “පෙරළා එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කෙරෙයි. අපේක්‍ෂිතස්ථානයෙන් (සිවුරු) ලබයි. අනපේක්‍ෂිතස්ථානයකින් නො ලබයි. ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණෙතමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුට සිවුර නිම කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.
Pali BJT2. භික්ඛු අත්ථතකඨිනො චීවරාසාය පක්කමති “පච්චෙස්ස”න්ති. සො බහිසීමගතො තං චීවරාසං පයිරුපාසති. ආසාය ලභති. අනාසාය න ලභති. තස්ස එවං හොති: “නෙවිමං චීවරං කාරෙස්සං. න පච්චෙස්ස”න්ති. තස්ස භික්ඛුනො සන්නිට්ඨානන්තිකො කඨිනුද්ධාරො.
Sinhala BJT2. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ සිවුරු ලැබීමේ ආසාවෙන් “පෙරළා එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කරයි. අපේක්‍ෂිතස්ථානයෙන් (සිවුරු) ලබයි. අනපේක්‍ෂිතස්ථානයකින් නො ලබයි. ඒ මහණහුට “මේ සිවුර නො කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණහුට සනිටුහන් කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.
Pali BJT3. භික්ඛු අත්ථතකඨිනො චීවරාසාය පක්කමති “පච්චෙස්ස”න්ති. සො බහිසීමගතො තං චීවරාසං පයිරුපාසති. ආසාය ලභති. අනාසාය න ලභති. තස්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස්සං. න පච්චෙස්ස”න්ති. සො තං චීවරං කාරෙති. තස්ස තං චීවරං කයිරමානං නස්සති. තස්ස භික්ඛුනො නාසනන්තිකො කඨිනුද්ධාරො.
Sinhala BJT3. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ සිවුරු ලැබීමේ ආසාවෙන් “පෙරළා එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කරයි. අපේක්‍ෂිතස්ථානයෙන් (සිවුරු) ලබයි. අනපේක්‍ෂිතස්ථානයකින් නො ලබයි. ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුගේ කරණු ලබන ඒ සිවුර නැසෙයි. ඒ මහණහුට නැසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.
Pali BJT4. භික්ඛු අත්ථතකඨිනො චීවරාසාය පක්කමති “පච්චෙස්ස”න්ති. තස්ස බහිසීමගතස්ස එවං හොති: “ඉධෙවිමං චීවරාසං පයිරුපාසිස්සං. න පච්චෙස්ස”න්ති. සො තං චීවරාසං පයිරුපාසති. තස්ස සා චීවරාසා උපච්ඡිජ්ජති. තස්ස භික්ඛුනො ආසාවච්ඡෙදිකො කඨිනුද්ධාරො.
Sinhala BJT4. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ “පෙරළා එන්නෙමි” යි සිවුරු ලැබීමේ ආසාවෙන් බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කරන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. එ මහණ තෙමේ ඒ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කරයි. ඒ මහණහුගේ ඒ සිවුරු ලැබීමේ ආසාව සිඳී යයි. ඒ මහණහුට ආසා සිඳීම ඇති කඨිනුද්ධාරය වේ.
Pali BJT5. භික්ඛු අත්ථතකඨිනො චීවරාසාය පක්කමති “පච්චෙස්ස”න්ති. සො බහිසීමගතො සුණාති: “උබ්භතං කිර තස්මිං ආවාසෙ කඨින”න්ති. තස්ස එවං හොති: “යතො තස්මිං ආවාසෙ උබ්භතං කඨිනං, ඉධෙවිමං චීවරාසං පයිරුපාසිස්ස”න්ති. සො තං චීවරාසං පයිරුපාසති. ආසාය ලභති. අනාසාය න ලභති. තස්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස්සං. න පච්චෙස්ස”න්ති. සො තං චීවරං කාරෙති. තස්ස භික්ඛුනො නිට්ඨානන්තිකො කඨිනුද්ධාරො.
Sinhala BJT5. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ “පෙරළා එන්නෙමි” යි සිවුරු ලැබීමේ ආසාවෙන් බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ “ඒ ආවාසයෙහි කඨිනය උදුරණ ලද්දේ ල” යි අසයි. ඒ මහණහුට “යම් හෙයකින් ඒ ආවාසයෙහි කඨිනය උදුරණ ලද්දේ ද, මෙහි දී ම මේ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කරන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කරයි. අපේක්‍ෂිතස්ථානයෙන් (සිවුරු) ලබයි. අනපේක්‍ෂිතස්ථානයකින් නො ලබයි. ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුට සිවුර නිම කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.
Pali BJT6. භික්ඛු අත්ථතකඨිනො චීවරාසාය පක්කමති “පච්චෙස්ස”න්ති. සො බහිසීමගතො සුණාති: “උබ්භතං කිර තස්මිං ආවාසෙ කඨින”න්ති. තස්ස එවං හොති: “යතො තස්මිං ආවාසෙ උබ්භතං කඨිනං, ඉධෙවිමං චීවරාසං පයිරුපාසිස්ස”න්ති. සො තං චීවරාසං පයිරුපාසති. ආසාය ලභති. අනාසාය න ලභති. තස්ස එවං හොති: “නෙවිමං චීවරං කාරෙස්සං. න පච්චෙස්ස”න්ති. තස්ස භික්ඛුනො සන්නිට්ඨානන්තිකො කඨිනුද්ධාරො.
Sinhala BJT6. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ “පෙරළා එන්නෙමි” යි සිවුරු ලැබීමේ ආසාවෙන් බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ ආවාසයෙහි කඨිනය උදුරණ ලද්දේ ල” යි අසයි. ඒ මහණහුට “යම් හෙයකින් ඒ ආවාසයෙහි කඨිනය උදුරණ ලද්දේ ද, මෙහි දී ම මේ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කරන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කෙරෙයි. අපේක්‍ෂිතස්ථානයෙන් (සිවුරු) ලබයි. අනපේක්‍ෂිතස්ථානයකින් නො ලබයි. ඒ මහණහුට “මේ සිවුර නො කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණහුට සනිටුහන් කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.
Pali BJT7. භික්ඛු අත්ථතකඨිනො චීවරාසාය පක්කමති “පච්චෙස්ස”න්ති. සො බහිසීමගතො සුණාති: “උබ්භතං කිර තස්මිං ආවාසෙ කඨින”න්ති. තස්ස එවං හොති: “යතො තස්මිං ආවාසෙ උබ්භතං කඨිනං, ඉධෙවිමං චීවරාසං පයිරුපාසිස්ස”න්ති. සො තං චීවරාසං පයිරුපාසති. ආසාය ලභති. අනාසාය න ලභති. තස්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස්සං. න පච්චෙස්ස”න්ති. සො තං චීවරං කාරෙති. තස්ස තං චීවරං කයිරමානං නස්සති. තස්ස භික්ඛුනො නාසනන්තිකො කඨිනුද්ධාරො.
Sinhala BJT7. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ “පෙරළා එන්නෙමි” යි සිවුරු ලැබීමේ ආසාවෙන් බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ “ඒ ආවාසයෙහි කඨිනය උදුරණ ලද්දේ ල” යි අසයි. ඒ මහණහුට “යම් හෙයකින් ඒ ආවාසයෙහි කඨිනය උදුරණ ලද්දේ ද, මෙහි දී ම මේ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කරන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කෙරෙයි අපේක්‍ෂිතස්ථානයෙන් (සිවුරු) ලබයි. අනපේක්‍ෂිතස්ථානයකින් නො ලබයි. ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණතෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුගේ කරණු ලබන්නා වූ ඒ සිවුර නැසෙයි. ඒ මහණහුට නැසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.
Pali BJT8. භික්ඛු අත්ථතකඨිනො චීවරාසාය පක්කමති “පච්චෙස්ස”න්ති. සො බහිසීමගතො සුණාති: “උබ්භතං කිර තස්මිං ආවාසෙ කඨින”න්ති. තස්ස එවං හොති: “යතො තස්මිං ආවාසෙ උබ්භතං කඨිනං, ඉධෙවිමං චීවරාසං පයිරුපාසිස්සං. න පච්චෙස්ස”න්ති. සො තං චීවරාසං පයිරුපාසති. තස්ස සා චීවරාසා උපච්ඡිජ්ජති. තස්ස භික්ඛුනො ආසාවච්ඡෙදිකො කඨිනුද්ධාරො.
Sinhala BJT8. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ “පෙරළා එන්නෙමි” යි සිවුරු ලැබීමේ ආසාවෙන් බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ “ඒ ආවාසයෙහි කඨිනය උදුරණ ලද්දේ ල” යි අසයි. ඒ මහණහුට “යම් හෙයකින් ඒ ආවාසයෙහි කඨිනය උදුරණ ලද්දේ ද, මෙහි දී ම මේ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කරන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කරයි. ඒ මහණහුගේ ඒ සිවුරු ලැබීමේ ආසාව සිඳී යයි. ඒ මහණහුට ආසා සිඳීම ඇති කඨිනුද්ධාරය වේ.
Pali BJT9. භික්ඛු අත්ථතකඨිනො චීවරාසාය පක්කමති “පච්චෙස්ස”න්ති. සො බහිසීමගතො තං චීවරාසං පයිරුපාසති. ආසාය ලභති. අනාසාය න ලභති. සො තං චීවරං කාරෙති. සො කතචීවරො සුණාති: “උබ්භතං කිර තස්මිං ආවාසෙ කඨින”න්ති. තස්ස භික්ඛුනො සවණන්තිකො කඨිනුද්ධාරො.
Sinhala BJT9. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ “පෙරළා එන්නෙමි” යි සිවුරු ලැබීමේ ආසාවෙන් බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කෙරෙයි අපේක්‍ෂිතස්ථානයෙන් (සිවුරු) ලබයි. අනපේක්‍ෂිතස්ථානයකින් නො ලබයි. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. කළ සිවුර ඇති ඒ මහණ තෙමේ “ඒ ආවාසයෙහි කඨිනය උදුරණ ලද්දේ ල” යි අසයි. ඒ මහණහුට ඇසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.
Pali BJT10. භික්ඛු අත්ථතකඨිනො චීවරාසාය පක්කමති “පච්චෙස්ස”න්ති. තස්ස බහිසීමගතස්ස එවං හොති: “ඉධෙවිමං චීවරාසං පයිරුපාසිස්සං. න පච්චෙස්ස”න්ති. සො තං චීවරාසං පයිරුපාසති. තස්ස සා චීවරාසා උපච්ඡිජ්ජති. තස්ස භික්ඛුනො ආසාවච්ඡෙදිකො කඨිනුද්ධාරො.
Sinhala BJT10. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ “පෙරළා එන්නෙමි” යි සිවුරු ලැබීමේ ආසාවෙන් බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කරන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කෙරෙයි. ඒ මහණහුගේ ඒ සිවුරු ලැබීමේ ආසාව සිඳී යයි. ඒ මහණහුට ආසා සිඳීම ඇති කඨිනුද්ධාරය වේ.
Pali BJT11. භික්ඛු අත්ථතකඨිනො චීවරාසාය පක්කමති “පච්චෙස්ස”න්ති. සො බහිසීමගතො තං චීවරාසං පයිරුපාසති. ආසාය ලභති. අනාසාය න ලභති. සො තං චීවරං කාරෙති. සො කතචීවරො “පච්චෙස්සං පච්චෙස්ස”න්ති – බහිද්ධා කඨිනුද්ධාරං වීතිනාමෙති. තස්ස භික්ඛුනො සීමාතික්කන්තිකො කඨිනුද්ධාරො.
Sinhala BJT11. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ “පෙරළා එන්නෙමි” යි සිවුරු ලැබීමේ ආසාවෙන් බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කෙරෙයි. අපේක්‍ෂිතස්ථානයෙන් (සිවුරු) ලබයි. අනපේක්‍ෂිතස්ථානයකින් නො ලබයි. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. කළ සිවුර ඇති ඒ මහණ තෙමේ “පෙරළා එන්නෙමි. පෙරළා එන්නෙමි” යි කඨිනයාගේ ඉදිරීම තෙක් බැහැර කල් ගෙවයි. ඒ මහණහුට (චීවරකාල) සීමා ඉක්මවීම{*} අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.
Pali BJT12. භික්ඛු අත්ථතකඨිනො චීවරාසාය පක්කමති “පච්චෙස්ස”න්ති. සො බහිසීමගතො තං චීවරාසං පයිරුපාසති. ආසාය ලභති. අනාසාය න ලභති. සො තං චීවරං කාරෙති. සො කතචීවරො “පච්චෙස්සං පච්චෙස්ස”න්ති සම්භුණාති කඨිනුද්ධාරං. තස්ස භික්ඛුනො සහ භික්ඛූහි කඨිනුද්ධාරො.
Sinhala BJT12. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ “පෙරළා එන්නෙමි” යි සිවුරු ලැබීමේ ආසාවෙන් බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කෙරෙයි. අපේක්‍ෂිතස්ථානයෙන් (සිවුරු) ලබයි. අනපේක්‍ෂිතස්ථානයකින් නො ලබයි. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. කළ සිවුර ඇති ඒ මහණ තෙමේ “පෙරළා එන්නෙමි. පෙරළා එන්නෙමි” යි කඨිනුද්ධාරයට පැමිණේ. ඒ මහණහුට (සෙසු) භික්‍ෂූන් සමග කඨිනුද්ධාරය වේ.
Pali BJTආසාද්වාදසකං නිට්ඨිතං.
Sinhala BJTආසාද්වාදසකය (ආසා පිළිබඳ වාර දොළොස) නිමි.
Pali BJT1. භික්ඛු අත්ථතකඨිනො කෙනචිදෙව කරණීයෙන පක්කමති. තස්ස බහිසීමගතස්ස චීවරාසා උප්පජ්ජති. සො තං චීවරාසං පයිරුපාසති. අනාසාය ලභති. ආසාය න ලභති. තස්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස්සං. න පච්චෙස්ස”න්ති. සො තං චීවරං කාරෙති. තස්ස භික්ඛුනො නිට්ඨානන්තිකො කඨිනුද්ධාරො.
Sinhala BJT1. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ කිසි යම් කටයුත්තක් සඳහා බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට සිවුරු ආසාව උපදී. ඒ මහණ තෙමේ ඒ සිවුරු ආසාව ඇසුරු කෙරෙයි. අනපේක්‍ෂිතස්ථානයකින් (සිවුරු) ලබයි. අපේක්‍ෂිතස්ථානයෙන් නො ලබයි. ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුට සිවුර නිම කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.
Pali BJT2. භික්ඛු අත්ථතකඨිනො කෙනචිදෙව කරණීයෙන පක්කමති. තස්ස බහිසීමගතස්ස චීවරාසා උප්පජ්ජති. සො තං චීවරාසං පයිරුපාසති. අනාසාය ලභති. ආසාය න ලභති. තස්ස එවං හොති. “නෙවිමං චීවරං කාරෙස්සං. න පච්චෙස්ස”න්ති. තස්ස භික්ඛුනො සන්නිට්ඨානන්තිකො කඨිනුද්ධාරො.
Sinhala BJT2. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ කිසි යම් කටයුත්තක් සඳහා බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට සිවුරු ආසාව උපදී. ඒ මහණ තෙමේ ඒ සිවුරු ආසාව ඇසුරු කෙරෙයි. අනපේක්‍ෂිතස්ථානයකින් (සිවුරු) ලබයි. අපේක්‍ෂිතස්ථානයෙන් නො ලබයි. ඒ මහණහුට “මේ සිවුර නො කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණහුට සනිටුහන් කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.
Pali BJT3. භික්ඛු අත්ථතකඨිනො කෙනචිදෙව කරණීයෙන පක්කමති. තස්ස බහිසීමගතස්ස චීවරාසා උප්පජ්ජති. සො තං චීවරාසං පයිරුපාසති. අනාසාය ලභති. ආසාය න ලභති. තස්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස්සං. න පච්චෙස්ස”න්ති. සො තං චීවරං කාරෙති. තස්ස තං චීවරං කයිරමානං නස්සති. තස්ස භික්ඛුනො නාසනන්තිකො කඨිනුද්ධාරො.
Sinhala BJT3. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ කිසි යම් කටයුත්තක් සඳහා බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට සිවුරු ආසාව උපදී. ඒ මහණ තෙමේ ඒ සිවුරු ආසාව ඇසුරු කෙරෙයි. අනපේක්‍ෂිතස්ථානයකින් (සිවුරු) ලබයි. අපේක්‍ෂිතස්ථානයෙන් නො ලබයි. ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි. මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුගේ කරණු ලබන ඒ සිවුර නැසෙයි. ඒ මහණහුට නැසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.
Pali BJT4. භික්ඛු අත්ථතකඨිනො කෙනචිදෙව කරණීයෙන පක්කමති. තස්ස බහිසීමගතස්ස චීවරාසා උප්පජ්ජති. තස්ස එවං හොති: “ඉධෙවිමං චීවරාසං පයිරුපාසිස්සං. න පච්චෙස්ස”න්ති. සො තං චීවරාසං පයිරුපාසති. තස්ස සා චීවරාසා උපච්ඡිජ්ජති. තස්ස භික්ඛුනො ආසාවච්ඡෙදිකො කඨිනුද්ධාරො.
Sinhala BJT4. ඇති රූ කඨින ඇති මහණ තෙමේ කිසි යම් කටයුත්තක් සඳහා බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට සිවුරු ආසාව උපදී. ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුරු ආසාව ඇසුරු කරන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුරු ආසාව ඇසුරු කෙරෙයි. ඒ මහණහුගේ ඒ සිවුරු ආසාව සිඳී යයි. ඒ මහණහුට ආසා සිඳීම ඇති කඨිනුද්ධාරය වේ.
Pali BJT5. භික්ඛු අත්ථතකඨිනො කෙනචිදෙව කරණීයෙන පක්කමති “න පච්චෙස්ස”න්ති. තස්ස බහිසීමගතස්ස චීවරාසා උප්පජ්ජති. සො තං චීවරාසං පයිරුපාසති. අනාසාය ලභති. ආසාය න ලභති. තස්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස්ස”න්ති. සො තං චීවරං කාරෙති. තස්ස භික්ඛුනො නිට්ඨානන්තිකො කඨිනුද්ධාරො.
Sinhala BJT5. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ කිසියම් කටයුත්තක් සඳහා “පෙරළා නො එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට සිවුරු ආසාව උපදී. ඒ මහණ තෙමේ ඒ සිවුරු ආසාව ඇසුරු කෙරෙයි. අනපේක්‍ෂිතස්ථානයකින් (සිවුරු) ලබයි. අපේක්‍ෂිතස්ථානයෙන් නො ලබයි. ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුට සිවුර නිම කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.
Pali BJT6. භික්ඛු අත්ථතකඨිනො කෙනචිදෙව කරණීයෙන පක්කමති “න පච්චෙස්ස”න්ති. තස්ස බහිසීමගතස්ස චීවරාසා උප්පජ්ජති. සො තං චීවරාසං පයිරුපාසති. අනාසාය ලභති. ආසාය න ලභති. තස්ස එවං හොති: “නෙවිමං චීවරං කාරෙස්ස”න්ති. තස්ස භික්ඛුනො සන්නිට්ඨානන්තිකො කඨිනුද්ධාරො.
Sinhala BJT6. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ කිසි යම් කටයුත්තක් සඳහා “පෙරළා නො එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට සිවුරු ආසාව උපදී. ඒ මහණ තෙමේ ඒ සිවුරු ආසාව ඇසුරු කෙරෙයි. අනපේක්‍ෂිතස්ථානයකින් (සිවුරු) ලබයි. අපේක්‍ෂිතස්ථානයෙන් නො ලබයි. ඒ මහණහුට “මේ සිවුර නො කරවන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණහුට සනිටුහන් කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.
Pali BJT7. භික්ඛු අත්ථතකඨිනො කෙනචිදෙව කරණීයෙන පක්කමති “න පච්චෙස්ස”න්ති. තස්ස බහිසීමගතස්ස චීවරාසා උප්පජ්ජති. සො තං චීවරාසං පයිරුපාසති. අනාසාය ලභති. ආසාය න ලභති. තස්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස්ස”න්ති. සො තං චීවරං කාරෙති. තස්ස තං චීවරං කයිරමානං නස්සති. තස්ස භික්ඛුනො නාසනන්තිකො කඨිනුද්ධාරො.
Sinhala BJT7. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ කිසි යම් කටයුත්තක් සඳහා “පෙරළා නො එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට සිවුරු ආසාව උපදී. ඒ මහණ තෙමේ ඒ සිවුරු ආසාව ඇසුරු කෙරෙයි. අනපේක්‍ෂිතස්ථානයකින් (සිවුරු) ලබයි. අපේක්‍ෂිතස්ථානයෙන් නො ලබයි. ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුගේ කරණු ලබන ඒ සිවුර නැසෙයි. ඒ මහණහුට නැසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.
Pali BJT8. භික්ඛු අත්ථතකඨිනො කෙනචිදෙව කරණීයෙන පක්කමති “න පච්චෙස්ස”න්ති. තස්ස බහිසීමගතස්ස චීවරාසා උප්පජ්ජති. තස්ස එවං හොති: “ඉධෙවිමං චීවරාසං පයිරුපාසිස්ස”න්ති. සො තං චීවරාසං පයිරුපාසති. තස්ස සා චීවරාසා උපච්ඡිජ්ජති. තස්ස භික්ඛුනො ආසාවච්ඡෙදිකො කඨිනුද්ධාරො.
Sinhala BJT8. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ කිසි යම් කටයුත්තක් සඳහා “පෙරළා නො එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට සිවුරු ආසාව උපදී. ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුරු ආසාව ඇසුරු කරන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුරු ආසාව ඇසුරු කෙරෙයි. ඒ මහණහුගේ ඒ සිවුරු ආසාව සිඳී යයි. ඒ මහණහුට ආසා සිඳීම ඇති කඨිනුද්ධාරය වේ.
Pali BJT9. භික්ඛු අත්ථතකඨිනො කෙනචිදෙව කරණීයෙන පක්කමති අනධිට්ඨිතෙන. නෙවස්ස හොති “පච්චෙස්ස”න්ති. න පනස්ස හොති “න පච්චෙස්ස”න්ති. තස්ස බහිසීමගතස්ස චීවරාසා උප්පජ්ජති. සො තං චීවරාසං පයිරුපාසති. අනාසාය ලභති. ආසාය න ලභති. තස්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස්සං. න පච්චෙස්ස”න්ති. සො තං චීවරං කාරෙති. තස්ස භික්ඛුනො නිට්ඨානන්තිකො කඨිනුද්ධාරො.
Sinhala BJT9. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ කිසි යම් කටයුත්තක් සඳහා නො ඉටා බැහැර යෙයි. ඔහුට “පෙරළා එන්නෙමි” යි ද අදහස් නො වේ. ඔහුට “පෙරළා නො එන්නෙමි” යි ද අදහස් නො වේ. සීමාවෙන් බැහැර ගියා වූ ඒ මහණහුට චීවරාසාව උපදි. ඒ මහණ තෙමේ ඒ චීවරාසාව ඇසුරු කරයි. අනපේක්‍ෂිතස්ථානයකින් (සිවුරු) ලබයි. අපේක්‍ෂිතස්ථානයෙන් නො ලබයි. ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුට නිම කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.
Pali BJT10. භික්ඛු අත්ථතකඨිනො කෙනචිදෙව කරණීයෙන පක්කමති අනධිට්ඨිතෙන. නෙවස්ස හොති “පච්චෙස්ස”න්ති. න පනස්ස හොති “න පච්චෙස්ස”න්ති. තස්ස බහිසීමගතස්ස චීවරාසා උප්පජ්ජති. සො තං චීවරාසං පයිරුපාසති. අනාසාය ලභති. ආසාය න ලභති. තස්ස එවං හොති: “නෙවිමං චීවරං කාරෙස්සං. න පච්චෙස්ස”න්ති. තස්ස භික්ඛුනො සන්නිට්ඨානන්තිකො කඨිනුද්ධාරො.
Sinhala BJT10. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ කිසි යම් කටයුත්තක් සඳහා නො ඉටා බැහැර යෙයි. ඔහුට “පෙරළා එන්නෙමි” යි ද අදහස් නො වේ. ඔහුට “පෙරළා නො එන්නෙමි” යි ද අදහස් නො වේ. සීමාවෙන් බැහැර ගියා වූ ඔහුට චීවරාසාව උපදි. හෙ තෙමේ ඒ චීවරාසාව ඇසුරු කරයි. අනපේක්‍ෂිතස්ථානයකින් (සිවුරු) ලබයි. අපේක්‍ෂිතස්ථානයෙන් නො ලබයි. ඔහුට “මේ සිවුර නො කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණහුට සනිටුහන් කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.
Pali BJT11. භික්ඛු අත්ථතකඨිනො කෙනචිදෙව කරණීයෙන පක්කමති අනධිට්ඨිතෙන. නෙවස්ස හොති “පච්චෙස්ස”න්ති. න පනස්ස හොති “න පච්චෙස්ස”න්ති. තස්ස බහිසීමගතස්ස චීවරාසා උප්පජ්ජති. සො තං චීවරාසං පයිරුපාසති. අනාසාය ලභති. ආසාය න ලභති. තස්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස්සං. න පච්චෙස්ස”න්ති. සො තං චීවරං කාරෙති. තස්ස තං චීවරං කයිරමානං නස්සති. තස්ස භික්ඛුනො නාසනන්තිකො කඨිනුද්ධාරො.
Sinhala BJT11. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ කිසි යම් කටයුත්තක් සඳහා නො ඉටා බැහැර යෙයි. ඔහුට “පෙරළා එන්නෙමි” යි ද අදහස් නො වේ. ඔහුට “පෙරළා නො එන්නෙමි” යි ද අදහස් නො වේ. සීමාවෙන් බැහැර ගියා වූ ඔහුට චීවරාසාව උපදී. හෙ තෙමේ ඒ චීවරාසාව ඇසුරු කරයි. අනපේක්‍ෂිස්ථානයකින් (සිවුරු) ලබයි. අපේක්‍ෂිතස්ථානයෙන් නො ලබයි. ඔහුට “මෙහි දී ම මේ සිවුරු කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. හෙ තෙමේ ඒ සිවුරු කරව යි. ඔහුගේ කරණු ලබන්නා වූ ඒ සිවුර නැසෙයි. ඒ මහණහුට නැසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.
Pali BJT12. භික්ඛු අත්ථතකඨිනො කෙනචිදෙව කරණීයෙන පක්කමති අනධිට්ඨිතෙන. නෙවස්ස හොති “පච්චෙස්ස”න්ති. න පනස්ස හොති “න පච්චෙස්ස”න්ති. තස්ස බහිසීමගතස්ස චීවරාසා උප්පජ්ජති. තස්ස එවං හොති: “ඉධෙවිමං චීවරාසං පයිරුපාසිස්සං, න පච්චෙස්ස”න්ති. සො තං චීවරාසං පයිරුපාසති. තස්ස සා චීවරාසා උපච්ඡිජ්ජති. තස්ස භික්ඛුනො ආසාවච්ඡෙදිකො කඨිනුද්ධාරො.
Sinhala BJT12. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ කිසි යම් කටයුත්තක් සඳහා නො ඉටා බැහැර යෙයි. ඒ මහණහුට “පෙරළා එන්නෙමි” යි ද අදහස් නො වේ. ඒ මහණහුට “පෙරළා නො එන්නෙමි” යි ද අදහස් නො වේ. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට සිවුරු ආසාව උපදී. ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුරු ආසාව ඇසුරු කරන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුරු ආසාව ඇසුරු කෙරෙයි. ඒ මහණහුගේ ඒ සිවුරු ආසාව සිඳී යෙයි. ඒ මහණහුට ආසා සිඳීම ඇති කඨිනුද්ධාරය වේ.
Pali BJTකරණීයද්වාදසකං නිට්ඨිතං.
Sinhala BJTකරණීය ද්වාදසකය (කටයුතු පිළිබඳ වාර දොළොස නිමි.)
Pali BJT1. භික්ඛු අත්ථතකඨිනො දිසඞ්ගමිකො පක්කමති චීවරපටිවිංසං අපචිනයමානො{1}. තමෙනං දිසඞ්ගතං භික්ඛූ පුච්ඡන්ති: “කහං ත්වං ආවුසො වස්සං වුත්ථො? කත්ථ ච තෙ චීවරපටිවිංසො”ති{2}. සො එවං වදෙති: “අමුකස්මිං ආවාසෙ වස්සං වුත්ථොම්හි. තත්ථ ච මෙ චීවරපටිවිංසො”ති. තෙ එවං වදෙන්ති: “ගච්ඡාවුසො තං චීවරං ආහර. මයං තෙ ඉධ චීවරං කරිස්සාමා”ති. සො තං ආවාසං ගන්ත්වා භික්ඛූ පුච්ඡති: “කහං මෙ ආවුසො චීවරපටිවිංසො?”ති. තෙ එවං වදෙන්තී: “අයං තෙ ආවුසො චීවරපටිවිංසො. කහං ත්වං ගමිස්සසී?”ති.{3} සො එවං වදෙති: “අමුකං නාම{4} ආවාසං ගමිස්සාමි, තත්ථ මෙ භික්ඛූ චීවරං කරිස්සන්තී”ති. තෙ එවං වදෙන්ති: “අලං ආවුසො, මා අගමාසි. මයං තෙ ඉධ චීවරං කරිස්සාමා”ති. තස්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස්සං. න පච්චෙස්ස”න්ති. සො තං චීවරං කාරෙති. තස්ස භික්ඛුනො නිට්ඨානන්තිකො කඨිනුද්ධාරො.
Sinhala BJT1. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ දිශා යනුයේ සිවුරු කොටස බලාපොරොත්තු වෙමින් බැහැර යෙයි. භික්‍ෂූහු දිශා ගියා වූ ඒ මහණහු “ඇවැත, තෝ කොහි වස් වුසුවෙහි ද? තාගේ සිවුරු කොටස කොහිදැ” යි විචාරත්. ඒ මහණ තෙමේ අසවල් ආවාසයෙහි වස් වුසුවෙමි. මාගේ සිවුරු කොටස එහි ය” යි මෙසේ කියයි. ඒ භික්‍ෂූහු “ඇවැත්නි, යව. ඒ සිවුර ගෙණ එව. අපි මෙහි දී ඔබගේ සිවුර කරන්නෙමු” යි මෙසේ කියත්. ඒ මහණ තෙමේ ඒ ආවාසයට ගොස් “ඇවැත්නි, මාගේ සිවුරු කොටස කොහි දැ” යි භික්‍ෂූන් විචාරයි. ඒ භික්‍ෂූහු “ඇවැත, මේ තාගේ සිවුරු කොටස ය. තෝ කොහි යන්නෙහි දැ” යි මෙසේ කියත්. ඒ මහණ තෙමේ “අසවල් ආවාසයට යන්නෙමි. එහි භික්‍ෂූහු මාගේ සිවුරකරන්නාහු ය” යි මෙසේ කියයි. ඒ භික්‍ෂූහු “ඇවැත, කම් නැත. නො යව. අපි මෙහි දී ඔබගේ සිවුර කරන්නෙමු” යි මෙසේ කියත්. ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුට සිවුර නිම කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.
Pali BJT2. භික්ඛු අත්ථතකඨිනො දිසඞ්ගමිකො පක්කමති -පෙ- තස්ස භික්ඛුනො සන්නිට්ඨානන්තිකො කඨිනුද්ධාරො.
Sinhala BJT2. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ දිශා යනුයේ –පෙ– බැහැර යෙයි. –පෙ– ඒ මහණහුට සනිටුහන අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.
Pali BJT3. භික්ඛු අත්ථතකඨිනො දිසඞ්ගමිකො පක්කමති -පෙ- තස්ස භික්ඛුනො නාසනන්තිකො කඨිනුද්ධාරො.
Sinhala BJT3. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ දිශා යනුයේ −පෙ– බැහැර යෙයි. –පෙ– ඒ මහණහුට නැසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.
Pali BJT4. භික්ඛු අත්ථතකඨිනො දිසඞ්ගමිකො පක්කමති චීවරපටිවිංසං අපවිනයමානො. තමෙනං දිසඞ්ගතං භික්ඛූ පුච්ඡන්ති: “කහං ත්වං ආවුසො, වස්සං වුත්ථො? කත්ථ ච තෙ චීවරපටිවිංසො”ති. සො එවං වදෙති: “අමුකස්මිං ආවාසෙ වස්සං වුත්ථොම්හි. තත්ථ ච මෙ චීවරපටිවිංසො”ති. තෙ එවං වදෙන්ති: “ගච්ඡාවුසො තං චීවරං ආහර. මයං තෙ ඉධ චීවරං කරිස්සාමා”ති. සො තං ආවාසං ගන්ත්වා භික්ඛූ පුච්ඡති: “කහං මෙ ආවුසො, චීවරපටිවිංසො”?ති. තෙ එවං වදෙන්ති: “අයං තෙ ආවුසො චීවරපටිවිංසො”ති. සො තං චීවරං ආදාය තං ආවාසං ගච්ඡති. තමෙනං අන්තරාමග්ගෙ භික්ඛූ පුච්ඡන්ති: “කහං ආවුසො කහං ගමිස්සසී”ති. සො එවං වදෙති: “අමුකං නාම ආවාසං ගමිස්සාමි. තත්ථ මෙ භික්ඛූ චීවරං කරිස්සන්තී”ති. තෙ එවං වදෙන්ති: “අලං ආවුසො, මා අගමාසි. මයං තෙ ඉධ චීවරං කරිස්සාමා”ති. තස්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස්සං න පච්චෙස්ස”න්ති. සො තං චීවරං කාරෙති. තස්ස භික්ඛුනො නිට්ඨානන්තිකො කඨිනුද්ධාරො.
Sinhala BJT4. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ දිශා යනුයේ සිවුරු කොටස පතමින් බැහැර යෙයි. භික්‍ෂූහු දිශා ගියා වූ ඒ මහණහු “ඇවැත, තෝ කොහි වස් වුසුවෙහි ද? තාගේ සිවුරු කොටස කොහි දැ?” යි විචාරත්. ඒ මහණ තෙමේ “අසවල් ආවාසයෙහි වස් වුසුවෙමි. මාගේ සිවුරු කොටස එහි ය” යි මෙසේ කියයි. ඒ භික්‍ෂූහු “ඇවැත, යව. ඒ සිවුර ගෙණ එව. අපි තාගේ සිවුර මෙහි දි කරන්නෙමු” යි මෙසේ කියත්. ඒ මහණ තෙමේ ඒ ආවාසයට ගොස් “ඇවැත්නි, මාගේ සිවුරු කොටස කොහි දැ?” යි භික්‍ෂූන් විචාරයි. ඒ භික්‍ෂූහු “ඇවැත, තාගේ මේ සිවුරු කොටසැ” යි මෙසේ කියත්. ඒ මහණ තෙමේ ඒ සිවුර ගෙණ ඒ ආවාසයට යෙයි. භික්‍ෂූහු අතරමග දී “ඇවැත, කොහි යන්නෙහි දැ” යි ඔහු විචාරත්. ඒ මහණ තෙමේ “අසවල් ආවාසයට යන්නෙමි. එහි දී භික්‍ෂූහු මාගේ සිවුර කරන්නාහ ය” යි මෙසේ කියයි. ඒ මහණහු “ඇවැත, කම් නැත. නො යව. අපි මෙහි දී ඔබගේ සිවුර කරන්නෙමු” යි මෙසේ කියත්. ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නොඑන්නෙමි”යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුරු කරවයි. ඒ මහණහුට සිවුර නිම කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.
Pali BJT5. භික්ඛු අත්ථතකඨිනො දිසඞ්ගමිකො පක්කමති චීවරපටිවිංසං අපවිනයමානො. තමෙනං දිසඞ්ගතං භික්ඛූ පුච්ඡන්ති: “කහං ත්වං ආවුසො වස්සං වුත්ථො? කත්ථ ච තෙ චීවරපටිවිංසො”ති. සො එවං වදෙති: “අමුකස්මිං ආවාසෙ වස්සං වුත්ථොම්හි. තත්ථ ච මෙ චීවරපටිවිංසො”ති. තෙ එවං වදෙන්ති: “ගච්ඡාවුසො. තං චීවරං ආහර. මයං තෙ ඉධ චීවරං කරිස්සාමා”ති. සො තං ආවාසං ගන්ත්වා භික්ඛූ පුච්ඡති: “කහං මෙ ආවුසො චීවරපටිවිංසො”ති. තෙ එවං වදෙන්ති: “අයං තෙ ආවුසො චීවරපටිවිංසො”ති. සො තං චීවරං ආදාය තං ආවාසං ගච්ඡති. තමෙනං අන්තරාමග්ගෙ භික්ඛූ පුච්ඡන්ති: “කහං ආවුසො, ගමිස්සසී?”ති. සො එවං වදෙති: “අමුකං නාම ආවාසං ගමිස්සාමි. තත්ථ මෙ භික්ඛූ චීවරං කරිස්සන්තී”ති. තෙ එවං වදෙන්ති: “අලං ආවුසො, මා අගමාසි, මයං තෙ ඉධ චීවරං කරිස්සාමා”ති. තස්ස එවං හොති: “නෙවිමං චීවරං කාරෙස්සං. න පච්චෙස්ස”න්ති. තස්ස භික්ඛුනො සන්නිට්ඨානන්තිකො කඨිනුද්ධාරො.
Sinhala BJT5. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ දිශා යනුයේ සිවුරු කොටස පතමින් බැහැර යෙයි. භික්‍ෂූහු දිශා ගියා වූ ඒ මහණහු “ඇවැත, තෝ කොහි වස් වුසුවෙ හි ද? තාගේ සිවුරු කොටස කොහි දැ?” යි විචාරත්. ඒ මහණ තෙමේ “අසවල් ආවාසයෙහි වස් වුසුවෙමි. මාගේ සිවුරු කොටස එහි ය” යි මෙසේ කියයි. ඒ භික්‍ෂූහු “ඇවැත, යව. ඒ සිවුර ගෙණ එව. අපි මෙහි දී තාගේ සිවුර කරන්නෙමු” යි මෙසේ කියත්. ඒ මහණ තෙමේ ඒ ආවාසයට ගොස් “ඇවැත, මාගේ සිවුරු කොටස කොහි දැ?” යි භික්‍ෂූන් විචාරත්. ඒ භික්‍ෂූහු “ඇවැත, මේ තාගේ සිවුරු කොටසැ” යි මෙසේ කියත්. ඒ මහණ තෙමේ ඒ සිවුර ගෙණ ඒ ආවාසයට යෙයි. භික්‍ෂූහු අතරමග දි “ඇවැත, කොහි යන්නෙහි දැ?” යි ඒ මහණහු විචාරත්. ඒ මහණ තෙමේ “අසවල් ආවාසයට යන්නෙමි. එහි දී භික්‍ෂූහු මාගේ සිවුර කරන්නාහු ය” යි මෙසේ කියයි. ඒ භික්‍ෂූහු “ඇවැත, කම් නැත. නො යව. අපි මෙහි දී තාගේ සිවුර කරන්නෙමු” යි මෙසේ කියත්. ඒ මහණහුට “මේ සිවුර නො කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණහුට සනිටුහන අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.
Pali BJT6. භික්ඛු අත්ථතකඨිනො දිසඞ්ගමිකො පක්කමති -පෙ- “ඉධෙවිමං චීවරං කාරෙස්සං. න පච්චෙස්ස”න්ති. සො තං චීවරං කාරෙති. තස්ස තං චීවරං කයිරමානං නස්සති. තස්ස භික්ඛුනො නාසනන්තිකො කඨිනුද්ධාරො.
Sinhala BJT6. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ දිශා යනුයේ –පෙ– බැහැර යෙයි. –පෙ– “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුගේ කරණු ලබන ඒ සිවුර නැසෙයි. ඒ මහණහුට නැසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.