Pali BJT2. අථ ඛො යසස්ස කුලපුත්තස්ස පඤ්චහි කාමගුණෙහි සමප්පිතස්ස සමඞ්ගීභූතස්ස පරිචාරයමානස්ස පටිගච්චෙව{2} නිද්දා ඔක්කමි. පරිජනස්ස’පි නිද්දා ඔක්කමි, සබ්බරත්තියො ච තෙලප්පදීපො ඣායති.
Sinhala BJT2. ඉක්බිති පස්කම්ගුණයෙන් මොනවට සෑහීමට පැමිණි හැම ලෙසින් ඉඳුරන් පිණවන යස කුලපුත්‍රයාහට හැමට පළමුව නින්ද පැමිණියේය. පිරිවර ජනයාහට ද නින්ද පැමිණියේය. මුළු රෑ තෙල් පහන ද දැල්වේ.
Pali BJT3. අථ ඛො යසො කුලපුත්තො පටිගච්චෙව පබුජ්ඣිත්වා අද්දස සකං පරිජනං සුපන්තං. අඤ්ඤිස්සා කච්ඡෙ වීණං. අඤ්ඤිස්සා කණ්ඨෙ මුදිඞ්ගං. අඤ්ඤිස්සා කච්ඡෙ ආලම්බරං, අඤ්ඤං වික්කෙසිකං අඤ්ඤං වික්ඛෙළිකං. අඤ්ඤා විප්පලපන්තියො. හත්ථප්පත්තං සුසානං මඤ්ඤෙ. දිස්වානස්ස ආදීනවො පාතුරහොසි. නිබ්බිදාය චිත්තං සණ්ඨාසි.
Sinhala BJT3. එකල්හි යසකුලපුත්‍රතෙමේ හැමට පළමු පිබිද නිදන සිය පිරිවර දුටුවේ ය. එකකගේ කිසිල්ලෙහි වීණාව වී ය. එකකගේ බෙල්ලේ මිහිඟුබෙරය වී ය. එකකගේ කිසිල්ලෙහි පණාබෙරය වී ය. අවුල් වූ කෙස් ඇති එකක ද කෙළ වැහෙන එකක ද නන් දොඩන අන් අඟනන් ද දුටුවේ ය. එතැන හමුවට පත් අමුසොහොනක් වැනි වී ය. දැක, ඒ කුලපුත්‍රයාහට දොස් පෙණී ගියේ ය. සසර කළකිරීමෙහි සිත පිහිටියේ ය.
Pali BJT4. අථ ඛො යසො කුලපුත්තො උදානං උදානෙසි: “උපද්දුතං වත භො; උපස්සට්ඨං වත භො”ති.
Sinhala BJT4. ඉක්බිති යසකුලපුත්‍රතෙමේ “භවත්නි, ඒකාන්තයෙන් තෘෂ්ණාදි ක්ලේශයන් විසින් පීඩා කරණ ලද්දේ ය. භවත්නි, තෘෂ්ණාදික්ලේශයන් විසින්. දැඩි කොට ගන්නා ලද්දේ ය” යි උදන් ඇනී ය.
Pali BJT5. අථ ඛො යසො කුලපුත්තො සුවණ්ණපාදුකායො ආරොහිත්වා යෙන නිවෙසනද්වාරං තෙනුපසඞ්කමි. අමනුස්සා ද්වාරං විවරිංසු: “මා යසස්ස කුලපුත්තස්ස කොචි අන්තරායමකාසි අගාරස්මා අනගාරියං පබ්බජ්ජායා”ති .
Sinhala BJT5. ඉක්බිති යසකුලපුත්‍රතෙමේ රන්මිරිවැඩිසඟළ පය ලා නිවෙස්දොරට පැමිණියේ ය. දෙවියෝ “යසකුලපුත්‍රයාහට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිද්දට කිසිවෙක් අන්තරාය නො කෙරේවා” යි දොර හළහ.
Pali BJT6. අථ ඛො යසො කුලපුත්තො යෙන නගරද්වාරං තෙනුපසඞ්කමි. අමනුස්සා ද්වාරං විවරිංසු. “මා යසස්ස කුලපුත්තස්ස කොචි අන්තරායමකාසි අගාරස්මා අනගාරියං පබ්බජ්ජායා”ති.
Sinhala BJT6. ඉක්බිති යසකුලපුත්‍ර තෙමේ නුවර දොරට පැමිණියේ ය. යසකුලපුත්‍රයාහට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිද්දට කිසිවෙක් අන්තරාය නො කෙරේවා” යි දෙවියෝ දොර අළහ.
Pali BJT7. අථ ඛො යසො කුලපුත්තො යෙන ඉසිපතනං මිගදායො, තෙනුපසඞ්කමි. තෙන ඛො පන සමයෙන භගවා රත්තියා පච්චූසසමයං පච්චුට්ඨාය අජ්ඣොකාසෙ චඞ්කමති. අද්දසා ඛො භගවා යසං කුලපුත්තං දූරතො’ව ආගච්ඡන්තං. දිස්වාන චඞ්කමා ඔරොහිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. අථ ඛො යසො කුලපුත්තො භගවතො අවිදූරෙ උදානං උදානෙසි: උපද්දුතං වත භො; උපස්සට්ඨං වත භො”ති.
Sinhala BJT7. ඉක්බිති යසකුලපුත්‍රතෙමේ ඉසිපතනය වූ මෘගදායයට ගියේ ය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ අලුයම්වේලෙහි නැඟී සිට එළිමහනෙහි සක්මන් කරණසේක. භාග්‍යවතුන් වහන්සේ එන්නා වූ යසකුලපුත්‍රයා දුර දී ම දුටුසේක. දැක, සක්මනින් ඉවත් වී පැණවූ අසුනෙහි වැඩ හුන් සේක. එකල්හි යසකුලපුත්‍රතෙමේ භාග්‍යවතුන් වහන්සේට නුදුරු තැනක සිට “භවත්නි, ඒකාන්තයෙන් තෘෂ්ණාදික්ලේශයන් විසින් පීඩා කරණ ලද්දේ ය. තෘෂණාදික්ලේශයන් විසින් දැඩි කොට ගන්නා ලද්දේ ය” යි උදන් ඈනී ය.
Pali BJT8. අථ ඛො භගවා යසං කුලපුත්තං එතදවොච: “ඉදං ඛො යස, අනුපද්දුතං. ඉදං අනුපස්සට්ඨං. එහි යස, නිසීද. ධම්මං තෙ දෙසෙස්සාමී”ති{1} අථ ඛො යසො කුලපුත්තො “ඉදං කිර අනුපද්දුතං. ඉදං අනුපස්සට්ඨ”න්ති හට්ඨො උදග්ගො සුවණ්ණපාදුකාහි ඔරොහිත්වා යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නස්ස ඛො යසස්ස කුලපුත්තස්ස භගවා ආනුපුබ්බීකථං{2} කථෙසි. සෙය්යථිදං: දානකථං සීලකථං සග්ගකථං කාමානං ආදීනවං ඔකාරං සඞ්කිලෙසං නෙක්ඛම්මෙ ආනිසංසං පකාසෙසි. යදා භගවා අඤ්ඤාසි යසං කුලපුත්තං කල්ලචිත්තං මුදුචිත්තං විනීවරණචිත්තං උදග්ගචිත්තං පසන්නචිත්තං, අථ යා බුද්ධානං සාමුක්කංසිකා{3} ධම්මදෙසනා තං පකාසෙසි – දුක්ඛං සමුදයං නිරොධං මග්ගං. සෙය්යථාපි නාම සුද්ධං වත්ථං අපගතකාළකං සම්මදෙව රජනං පටිගණ්හෙය්ය, එවමෙව යසස්ස කුලපුත්තස්ස තස්මිංයෙව ආසනෙ විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි “යං කිඤ්චි සමුදයධම්මං, සබ්බං තං නිරොධධම්ම”න්ති.
Sinhala BJT8. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ යසකුලපුත්‍රයාහට “යසය, මේ වනාහි තෘෂ්ණාදික්ලේශයන් විසින් පීඩා නො කරණ ලද්දේ ය. තෘෂ්ණාදි ක්ලේශයන් විසින් දැඩි කොට නො ගන්නා ලද්දේ ය. යසය, එව. හිඳුව, තට දහම් දෙසන්නෙමි” යි වදාළ සේක. ඉක්බිති යසකුලපුත්‍රතෙමේ “මේ පීඩා නො කරණ ලද්දේ ල. මේ දැඩි කොට නො ගන්නා ලද්දේ ල” යි සතුටු වූයේ ඔද වැඩි වූයේ මිරිවැඩිසඟළ ගලවා භාග්‍යවතුන් වහන්සේ වැඳ පසෙක හුන්නේ ය. පසෙක හුන්නා වූ යසකුලපුත්‍රයාහට භාග්‍යවතුන් වහන්සේ පිළිවෙළකතාව වදාළසේක. එනම්:– දානකථාව සීලකථාව ස්වර්‍ගකථාව කාමයන්ගේ දෝෂය ලාමකභාවය කෙලෙසීමට හේතු වන බව ගිහිගෙන් නික්මීමෙහි අනුසස් (යන මෙය) ප්‍රකාශ කළසේක. යම් කලෙක භාග්‍යවතුන් වහන්සේ යසකුලපුත්‍රයා (කාමච්ඡන්‍දය පහ වීමෙන්) යෝග්‍ය වූ සිත් ඇත්තෙකැ යි ද, (ව්‍යාපාදය දුරු වීමෙන්) මොළොක් වූ සිත් ඇත්තෙකැ යි ද, (උද්ධච්චකුක්කුච්චය දුරු වීමෙන්) නො විසිරුණු සිත් ඇත්තෙකැ යි ද (ථීනමිද්ධය පහ වීමෙන්) නො හැකුළුණු සිත් ඇත්තෙකැ යි ද (විචිකිච්ඡාව දුරු වීමෙන්) නිසැක සිත් ඇත්තෙකැ යි ද දත් සේක් ද, එකල්හි බුදුවරයන්ගේ තමා ම උසස්බවට පැමිණි යම් ධර්‍මදේශනාවක් වේ ද, දුඃඛසත්‍යය සමුදයසත්‍යය නිරෝධසත්‍යය මාර්‍ගසත්‍යය යන ඒ චතුරාර්‍ය්‍යසත්‍යය ප්‍රකාශ කළසේක. පහ වූ කිලුටු ඇති පිරිසුදු වස්ත්‍රයක් මනා සේ සායම් ගන්නේ යම් සේ ද, එපරිද්දෙන් යසකුලපුත්‍රයාහට ඒ අසුනෙහි දී ම “හටගැණීම ස්වභාවය කොට ඇති යම්කිසිවක් වේ ද, ඒ සියල්ල නිරුද්ධ වීම ස්වභාවය කොට ඇතැ” යි යන රාගාදිරජස් රහිත වූ පහ වූ කෙලෙස්මල ඇති දහම්ඇස (සෝතාපත්තිඤාණය) පහළ වූයේ ය.
Pali BJT9. අථ ඛො යසස්ස කුලපුත්තස්ස මාතා පාසාදං අභිරුහිත්වා යසං කුලපුත්තං අපස්සන්තී යෙන සෙට්ඨි ගහපති, තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා සෙට්ඨිං ගහපතිං එතදවොච: “පුත්තො තෙ ගහපති, යසො න දිස්සතී”ති. අථ ඛො සෙට්ඨි ගහපති චතුද්දිසා අස්සදූතෙ උය්යොජෙත්වා සාමංයෙව යෙන ඉසිපතනං මිගදායො තෙනුපසඞ්කමි. අද්දසා ඛො සෙට්ඨි ගහපති සුවණ්ණපාදුකානං නික්ඛෙපං. දිස්වාන තඤ්ඤෙව අනුගමා{1}. අද්දසා ඛො භගවා සෙට්ඨිං ගහපතිං දූරතො’ව ආගච්ඡන්තං, දිස්වාන භගවතො එතදහොසි: “යන්නූනාහං තථාරූපං ඉද්ධාභිසඞ්ඛාරං අභිසඞ්ඛරෙය්යං, යථා සෙට්ඨි ගහපති ඉධ නිසින්නො ඉධ නිසින්නං යසං කුලපුත්තං න පස්සෙය්යා”ති. අථ ඛො භගවා තථාරූපං ඉද්ධාභිසඞ්ඛාරං අභිසඞ්ඛාසි.{2}
Sinhala BJT9. ඉක්බිති යසකුලපුත්‍රයාගේ මවුතොමෝ පහයට නැඟී යසකුලපුත්‍රයා නො දක්නී සිටුගැහැවියා වෙත ගියා ය. ගොස්, සිටුගැහැවියාහට “ගැහැවිය, ඔබගේ පුත් වූ යසතෙමේ නො දක්නා ලැබේ” යයි කීවා ය. එකල්හි සිටුගැහැවි තෙමේ අසුන් නැඟී දූතයන් සිවුදිගට යවා තෙමේ ම ඉසිපතන නම් වූ මෘගදායයට ගියේ ය. එහි සිටුගැහැවි තෙමේ සුවර්‍ණපාදුකාවන්ගේ අඩි සටහන දුටුයේ ය. දැක, එය අනු ව ගියේ ය. භාග්‍යවතුන් වහන්සේ එන්නා වූ සිටුගැහැවියා දුර දී ම දුටු සේක. දැක්මෙන් භාග්‍යවතුන් වහන්සේට “මෙහි හුන්නා වූ සිටුගැහැවි තෙමේ මෙහි හුන් යසකුලපුත්‍රයා යම් සේ නො දක්නේ ද, මම එබඳු වූ ඍද්ධියක් කරන්නෙම් නම් යෙහෙකැ” යි මේ සිත වි ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එබඳු වූ ඍද්ධියක් කළ සේක.
Pali BJT10. අථ ඛො සෙට්ඨි ගහපති යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං එතදවොච: “අපි භන්තෙ, භගවා යසං කුලපුත්තං පස්සෙය්යා?”ති. තෙන හි ගහපති, නිසීද. අප්පෙව නාම ඉධ නිසින්නො ඉධ නිසින්නං යසං කුලපුත්තං පස්සෙය්යාසී”ති.
Sinhala BJT10. ඉක්බිති සිටුගැහැවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත ගියේ ය. ගොස් භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, කිම? භාග්‍යවතුන් වහන්සේ යසකුලපුතු දුටු සේක් ද?”යි ඇසී ය. “ගැහැවිය, එසේ නම්’ හිඳුව. මෙහි හුන් තෝ මෙහි හුන් යසකුලපුතු ඒකාන්තයෙන් දක්නෙහි ය”යි (උන් වහන්සේ වදාළ සේක.)
Pali BJT11. අථ ඛො සෙට්ඨි ගහපති “ඉධෙව කිරාහං නිසින්නො ඉධ නිසින්නං යසං කුලපුත්තං පස්සිස්සාමී” ති හට්ඨො උදග්ගො භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නස්ස ඛො සෙට්ඨිස්ස ගහපතිස්ස භගවා අනුපුබ්බීකථං කථෙසි -පෙ- අපරප්පච්චයො සත්ථුසාසනෙ භගවන්තං එතදවොච: “අභික්කන්තං භන්තෙ. අභික්කන්තං භන්තෙ. සෙය්යථාපි භන්තෙ, නික්කුජ්ජිතං{3} වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය චක්ඛුමන්තො රූපානි දක්ඛින්තීති’ එවමෙවං භගවතා අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං, භන්තෙ, භගවන්තං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකං මං භගවා ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගත”න්ති . සො’ව{4} ලොකෙ පඨමං උපාසකො අහොසි තෙවාචිකො.
Sinhala BJT11. ඉක්බිති සිටුගැහැවි තෙමේ “මම මෙහි ම හුන්නෙම් මෙහි ම හුන් යසකුලපුතු ද දකින්නෙමි”යි සතුටු වූයේ ඔද වැඩි සිතැත්තේ, භාග්‍යවතුන් සකසා වැඳ පසෙක හුන්නේ ය. පසෙක හුන් සිටුගැහැවියාහට භාග්‍යවතුන් වහන්සේ පිළිවෙළකතාව වදාළ සේක. –පෙ– ශාස්තෘශාසනයෙහි පරප්‍රත්‍යයයක් නැත්තේ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, ඉතා යහපත් ය. ස්වාමීනි, ඉතා යහපත් ය. ස්වාමීනි, යටිකුරු කරණලද්දක් යම් සේ උඩුකුරු කරන්නේ ද, වසන ලද්දක් යම් සේ විවෘත කරන්නේ ද, මං මුළා වූවකුට යම් සේ මග කියන්නේ ද, ‘ඇස් ඇත්තෝ රූප දකින්නාහු යැ’ යි අඳුරෙහි තෙල්පහනක් දරන්නේ ද, එපරිද්දෙන් ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ක්‍රමයෙන් ධර්‍මය ප්‍රකාශ කරණ ලද්දේ ය. ස්වාමීනි, ඒ මම භාග්‍යවතුන් වහන්සේ ද නවලෝකෝත්තරධර්‍මය ද අෂ්ටාර්‍ය්‍ය පුද්ගලභික්‍ෂුසඞ්ඝයා ද සරණ කොට යමි. භාග්‍යවතුන් වහන්සේ අද පටන් දිවිහිමියෙන් සරණ ගියා වූ මා උපාසකයකු කොට දරණ සේක්වා”යි කීයේ ය. හෙතෙමේ ම ලෝකයෙහි පළමු තෙවාචික{1} උපාසක වූයේ ය.
Pali BJT12. අථ ඛො යසස්ස කුලපුත්තස්ස පිතුනො ධම්මෙ දෙසියමානෙ යථාදිට්ඨං යථාවිදිතං භූමිං පච්චවෙක්ඛන්තස්ස අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චි. අථ ඛො භගවතො එතදහොසි: “යසස්ස ඛො කුලපුත්තස්ස පිතුනො ධම්මෙ දෙසියමානෙ යථාදිට්ඨං යථාවිදිතං භූමිං පච්චවෙක්ඛන්තස්ස අනුපාදාය ආසවෙහි චිත්තං විමුත්තං. අභබ්බො ඛො යසො කුලපුත්තො හීනායාවත්තිත්වා කාමෙ පරිභුඤ්ජිතුං සෙය්යථාපි පුබ්බෙ අගාරිකභූතො. යන්නූනාහං තං ඉද්ධාභිසඞ්ඛාරං පටිප්පස්සම්භෙය්ය”න්ති.
Sinhala BJT12. ඉක්බිති පියාහට දහම් දෙසනු ලබන කල්හි දුටු පරිදි දත් පරිදි ආර්‍ය්‍යභූමිය මැනැවින් සලකන්නා වූ යසකුලපුත්‍රයාගේ සිත තාෂ්ණදෘෂ්ටි වශයෙන් අල්ලා නො ගෙණ ආශ්‍රවයන් කෙරෙන් මිදුනේ ය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “පියාහට දහම් දෙසනු ලබන කල්හි දුටු පරිදි දත් පරිදි ආර්‍ය්‍යභූමිය ප්‍රත්‍යවේක්‍ෂා කරන්නා වූ යසකුලපුත්‍රයාගේ සිත තෘෂ්ණාදෘෂ්ටිවශයෙන් නො ගෙණ ආශ්‍රවයන් කෙරෙන් මිදුනේ ය. යසකුලපුත්‍ර තෙමේ පෙර ගිහි කල්හි මෙන් − ගිහි වී – කම්සැප විඳීමට නුසුදුසු ම ය. මම ඒ ඍද්ධිය දැන් හැර ලන්නෙම් නම් යෙහෙකැ” යි සිතෙක් උපන්නේ ය.
Pali BJT13. අථ ඛො භගවා තං ඉද්ධාභිසඞ්ඛාරං පටිප්පස්සම්භෙසි. අද්දසා ඛො සෙට්ඨි ගහපති යසං කුලපුත්තං නිසින්නං. දිස්වාන යසං කුලපුත්තං එතදවොච: “මාතා තෙ තාත, යස, පරිදෙවසොකසමාපන්නා. දෙහි මාතුයා ජීවිත”න්ති.
Sinhala BJT13. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ ඍද්ධිය හළ සේක. සිටුගැහැවිතෙමේ එහි හුන් යසකුලපුත්‍රයා දුටුයේ ය. දැක, “පුත්‍රය, යස, නුඹගේ මවු තොමෝ වැලපීමට හා ශෝකයට පැමිණියා ය. මවට ජීවිතය දෙව” යි යසකුලපුත්‍රයාහට කීයේ ය.
Pali BJT14. අථ ඛො යසො කුලපුත්තො භගවන්තං උල්ලොකෙසි. අථ ඛො භගවා සෙට්ඨිං ගහපතිං එතදවොච: “තං කිම්මඤ්ඤසි ගහපති, යසස්ස{1} සෙඛෙන ඤාණෙන සෙඛෙන දස්සනෙන ධම්මො දිට්ඨො විදිතො සෙය්යථාපි තයා. තස්ස යථාදිට්ඨං යථාවිදිතං භූමිං පච්චවෙක්ඛන්තස්ස අනුපාදාය ආසවෙහි චිත්තං විමුත්තං. භබ්බො නු ඛො සො ගහපති, හීනායාවත්තිත්වා කාමෙ පරිභුඤ්ජිතුං සෙය්යථාපි පුබ්බෙ අගාරිකභූතො?”ති. “නො හෙතං භන්තෙ”. “යසස්ස ඛො ගහපති, කුලපුත්තස්ස සෙඛෙන ඤාණෙන සෙඛෙන දස්සනෙන ධම්මො දිට්ඨො විදිතො සෙය්යථාපි තයා. තස්ස යථාදිට්ඨං යථාවිදිතං භූමිං පච්චවෙක්ඛන්තස්ස අනුපාදාය ආසවෙහි චිත්තං විමුත්තං. අභබ්බො ඛො ගහපති, යසො කුලපුත්තො හීනායාවත්තිත්වා කාමෙ පරිභුඤ්ජිතුං සෙය්යථාපි පුබ්බෙ අගාරිකභූතො”ති.
Sinhala BJT14. ඉක්බිති යසකුලපුත්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේ දෙස බැලුයේ ය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සිටුගැහැවියාහට “ගැහැවිය, ඒ කුමකැ යි සිතහි ද? යසකුලපුත්‍රයා විසින්, ඔබ විසින් මෙන්, (පළමු කොට) සේඛඤාණයෙන් ද සෙඛදස්සනයෙන් ද ආර්‍ය්‍යසත්‍යධර්‍මය දක්නා ලද්දේ ය. දක්නා ලද පරිදි දන්නාලද පරිදි ඒ ආර්‍ය්‍යභූමිය ප්‍රත්‍යවේක්‍ෂා කරන්නා වූ ඒ යසකුලපුත්‍රයාගේ සිත තෘෂ්ණාදෘෂ්ටිවශයෙන් නො ගෙණ ආශ්‍රවයන් කෙරෙන් මිදුනේ ය. ගැහැවිය, යසකුලපුත්‍ර තෙමේ පෙර ගිහිකල මෙන් ගිහිබවට හැරී කම්සැප විඳින්නට සුදුස්සෙක් වේ දැ?” යි අසා වදාළ සේක. “ස්වාමීනි, සුදුසු නො වේ ම ය.” “ගැහැවිය, යසකුලපුත්‍රයා විසින් යට තුන්මග නුවණින් ද යට තුන්මග දැක්මෙන් ද චතුස්සත්‍ය ධර්‍මය, ඔබ විසින් මෙන්, (පළමු කොට) දක්නා ලද්දේ ය. දුටු පරිදි දත් පරිදි ඒ ආර්‍ය්‍යභූමිය ප්‍රත්‍යවේක්‍ෂා කරන්නා වූ ඔහුගේ සිත තෘෂ්ණාදෘෂ්ටි වශයෙන් නො ගෙණ ආශ්‍රවයන්ගෙන් මිදුනේ ය. ගැහැවිය, යස කුලපුත්‍ර තෙමේ පෙර ගිහිකල මෙන් ගිහි වී කම්සැප විඳින්ට නුසුදුසු ම ය.”
Pali BJT15. “ලාභා භන්තෙ, යසස්ස කුලපුත්තස්ස, සුලද්ධං භන්තෙ, යසස්ස කුලපුත්තස්ස, යථා යසස්ස කුලපුත්තස්ස අනුපාදාය ආසවෙහි චිත්තං විමුත්තං. අධිවාසෙතු මෙ භන්තෙ, භගවා අජ්ජතනාය භත්තං යසෙන කුලපුත්තෙන පච්ඡාසමණෙනා”ති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන.
Sinhala BJT15. “යම් සේ යසකුලපුත්‍රයාගේ සිත උපාදාන රහිත ව ආශ්‍රවයන් ගෙන් මිදුනේ ද, ස්වාමීනි, යසකුලපුත්‍රයාහට එය ලාභයකි. ස්වාමීනි, යස කුලපුත්‍රයා විසින් ඒ මනා සේ ලද්දකි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ පසුමහණ වූ යසකුලපුතු සමග අද මාගේ බත ඉවසන සේක්වා.” භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දභාවයෙන් ඉවසූ සේක.
Pali BJT16. අථ ඛො සෙට්ඨි ගහපති භගවතො අධිවාසනං විදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි. අථ ඛො යසො කුලපුත්තො අචිරපක්කන්තෙ සෙට්ඨිම්හි භගවන්තං එතදවොච: “ලභෙය්යා’ හං භන්තෙ, භගවතො සන්තිකෙ පබ්බජ්ජං. ලභෙය්යං උපසම්පද”න්ති. “එහි භික්ඛූ”ති භගවා අවොච: “ස්වාක්ඛාතො ධම්මො. චර බ්රහ්මචරියං සම්මා දුක්ඛස්ස අන්තකිරියායා”ති. සා’ව තස්ස ආයස්මතො උපසම්පදා අහොසි.
Sinhala BJT16. ඉක්බිති සිටුගැහැවි තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන හුනස්නෙන් නැඟිට භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට ගියේ ය. එකල්හි යසකුලපුත්‍ර තෙමේ සිටුගැහැවියා ගිය නො බෝ වේලාවක දී “ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ වෙතින් පැවිද්ද ලබන්නෙමි. උපසම්පදාව ලබන්නෙමි” යි භාග්‍යවතුන් වහන්සේට සැළ කෙළේ ය. උන් වහන්සේ “මහණ, එව. ධර්‍මය මොනවට දෙසන ලද්දේ ය. මොනවට දුක් කෙළවර කිරීම පිණිස බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරෙව” යි වදාළ සේක. බුදුන්ගේ ඒ වචනය ම ඒ ආයුෂ්මත්හුහට උපසම්පදාව වී ය.
Pali BJTතෙන ඛො පන සමයෙන සත්ත ලොකෙ අරහන්තො හොන්ති.
Sinhala BJTඑකල්හි ලෝකයෙහි රහත්හු සත් දෙනෙක් වෙති.
Pali BJTයසස්ස පබ්බජ්ජා නිට්ඨිතා.
Sinhala BJTයසකුලපුත්‍රයාගේ පැවිද්ද කියා නිමවන ලදී.
Pali BJT1. අථ ඛො භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය ආයස්මතා යසෙන පච්ඡාසමණෙන යෙන සෙට්ඨිස්ස ගහපතිස්ස නිවෙසනං, තෙනුපසඞ්කමි උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. අථ ඛො ආයස්මතො යසස්ස මාතා ච පුරාණදුතියිකා ච යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. තාසං භගවා අනුපුබ්බීකථං කථෙසි. සෙය්යථිදං: දානකථං සීලකථං සග්ගකථං කාමානං ආදීනවං ඔකාරං සඞ්කිලෙසං නෙක්ඛම්මෙ ච ආනිසංසං පකාසෙසි. යදා තා භගවා අඤ්ඤාසි කල්ලචිත්තා මුදුචිත්තා විනීවරණචිත්තා උදග්ගචිත්තා පසන්නචිත්තා, අථ යා බුද්ධානං සාමුක්කංසිකා ධම්මදෙසනා, තං පකාසෙසි: දුක්ඛං සමුදයං නිරොධං මග්ගං. සෙය්යථාපි නාම සුද්ධං වත්ථං අපගතකාළකං සම්මදෙව රජනං පතිගණ්හෙය්ය, එවමෙව තාසං තස්මිංයෙව ආසනෙ විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි: යං කිඤ්චි සමුදයධම්මං, සබ්බං තං නිරොධධම්ම”න්ති. තා දිට්ඨධම්මා පත්තධම්මා විදිතධම්මා පරියොගාළ්හධම්මා තිණ්ණවිචිකිච්ඡා විගතකථඞ්කථා වෙසාරජ්ජප්පත්තා අපරප්පච්චයා සත්ථුසාසනෙ භගවන්තං එතදවොචුං: “අභික්කන්තං භන්තෙ, අභික්කන්තං භන්තෙ’ -පෙ- එතා මයං භන්තෙ, භගවන්තං සරණං ගච්ඡාම ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසිකායො නො භගවා ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතා”ති. තා ච ලොකෙ පඨමං උපාසිකා අහෙසුං තෙවාචිකා.
Sinhala BJT1. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරුවෙහි හැඳ පාසිවුරු ගෙණ පසු ව යන මහණ වූ ආයුෂ්මත් යස මහණහු සමග සිටුගැහැවියාගේ ගෙට වැඩිසේක. වැඩ පැණවූ අසුනෙහි හුන් සේක. ඉක්බිති ආයුෂ්මත් යසමහණහුගේ මවු ද පුරාණ භාර්‍ය්‍යාව ද භාග්‍යවතුන් වහන්සේ වැඩ හුන් තැනට ගියහ. ගොස්, භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්හ. භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ට පිළිවෙළ කථාව වදාළ සේක. එනම්:– දානකථාව, ශීලකථාව, ස්වර්‍ගකථාව, කාමයන්ගේ දෝෂය, ලාමකබව, කෙලෙසීමට හේතු වනබව හා නෙක්ඛම්මයෙහි අනුසස් ද ප්‍රකාශ කළ සේක. භාග්‍යවතුන් වහන්සේ ඔවුන් සුදුසු සිත් ඇතියවුනැ යි ද මොළොක් සිත් ඇතියවුනැ යි ද නීවරණයන්ගෙන් තොර වූ සිත් ඇතියවුනැ යි ද ඔද වැඩි සිත් ඇතියවුනැයි ද පහන්සිත් ඇතියවුනැ යි ද දත් කල්හි බුදුවරයන්ගේ තමා ම උසස් වූ ධර්‍මදේශනාව වූ දුඃඛසත්‍යය සමුදයසත්‍යය නිරෝධසත්‍යය මාර්‍ගසත්‍යය යන ඒ චතුරාර්‍ය්‍යසත්‍යය ප්‍රකාශ කළ සේක. යම් සේ පහ වූ කිලුටු ඇති පිරිසිදු වස්ත්‍රයක් හොඳින් සායම් අල්ලා ගන්නේ ද, එසේ ම ඔවුන්ට ඒ අසුනෙහි දී ම “යම් කිසිවක් හට ගැන්ම ස්වභාවය කොට ඇත්තේද, ඒ සියල්ල නිරුද්ධ වීම ස්වභාවය කොට ඇතැ” යි පහ වූ රාගාදිරජස් ඇති පහ වූ කෙලෙස්මල ඇති සෝතාපත්තිමග්ගඤාණය උපන්නේ ය. ඔහු දක්නාලද දහම් ඇත්තෝ පැමිණි දහම් ඇත්තෝ අවබෝධ කළ දහම් ඇත්තෝ වෙසෙසින් බැස ගත් දහම් ඇත්තෝ දුරු කළ සැක ඇත්තෝ පහ වූ කෙසේ කෙසේ දැ යි පැවති සැක ඇත්තෝ ආර්‍ය්‍යභාවයට පැමිණියෝ බුදුසසුනෙන් පිටත් ඇදහීමක් නැත්තෝ “ස්වාමීනි, ඉතා යහපත. ස්වාමීනි, ඉතා යහපත –පෙ – ස්වාමීනි, මේ අපි භාග්‍යවතුන් වහන්සේ ද නවලෝකොත්තර ධර්‍මය ද ආර්‍ය්‍යසඞ්ඝයා වහන්සේ ද සරණ කොට යමු. භාග්‍යවතුන් වහන්සේ අද පටන් අප දිවිහිමියෙන් සරණ ගියා වූ උවැසියන් කොට දරණසේක්වා” යි දැන්වූහ. ඒ දෙදෙන ලෝකයෙහි ප්‍රථම වූ තෙවාචිකඋපාසිකාවෝ වූහ.
Pali BJT2. අථ ඛො ආයස්මතො යසස්ස මාතා ච පිතා ච පුරාණදුතියිකා ච භගවන්තඤ්ච ආයස්මන්තඤ්ච යසං පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්ථා සන්තප්පෙත්වා සම්පවාරෙත්වා භගවන්තං භුත්තාවිං ඔනීතපත්තපාණිං එකමන්තං නිසීදිංසු. අථ ඛො භගවා ආයස්මතො යසස්ස මාතරඤ්ච පිතරඤ්ච පුරාණදුතියිකඤ්ච ධම්මියා කථාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සමුත්තෙජෙත්වා සම්පහංසෙත්වා උට්ඨායාසනා පක්කාමි.
Sinhala BJT2. ඉක්බිති ආයුෂ්මත් යසමහණහුගේ මවු හා පියා ද පුරාණ භාර්‍ය්‍යාව ද භාග්‍යවතුන් වහන්සේ හා ආයුෂ්මත් යසතෙරුන් ප්‍රණීත වූ කෑ යුතු දෙයින් හා බිදිය යුතු දෙයින් ද සියතින් මනා කොට සතප්පා පැරැත්ත කොට වළඳවා, වළඳා නිමවූ, පාත්‍රයෙන් බැහැර කළ අත් ඇති, භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ පසෙක හුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් යසමහණහුගේ මවු ද පියා ද පුරාණභාර්‍ය්‍යාව ද දැහැමි කතාවෙන් මනාකොට කරුණු දක්වා සමාදන් කරවා තියුණු කරවා සතුටු කරවා හුනස්නෙන් නැඟිට වැඩිසේක.
Pali BJT3. අස්සොසුං ඛො ආයස්මතො යසස්ස චත්තාරො ගිහීසහායකා බාරාණසියං සෙට්ඨානුසෙට්ඨීනං කුලානං පුත්තා විමලො සුබාහු පුණ්ණජි ගවම්පති “යසො කිර කුලපුත්තො කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිතො”ති. සුත්වාන නෙසං එතදහොසි: “නහ නූන සො ඔරකො ධම්මවිනයො, න සා ඔරකා පබ්බජ්ජා, යත්ථ යසො කුලපුත්තො කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිතො”ති. තෙ යෙනායස්මා යසො, තෙනුපසඞ්කමිංසු, උපසඞ්කමිත්වා ආයස්මන්තං යසං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු. අථ ඛො ආයස්මා යසො තෙ චත්තාරො ගිහිසහායකෙ ආදාය යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා යසො භගවන්තං එතදවොච: “ඉමෙ මෙ භන්තෙ චත්තාරො ගිහීසහායකා බාරාණසියං සෙට්ඨානුසෙට්ඨීනං කුලානං පුත්තා විමලො සුබාහු පුණ්ණජි ගවම්පති. ඉමෙ භගවා ඔවදතු අනුසාසතූ”ති .
Sinhala BJT3. ආයුෂ්මත් යසතෙරුන් වහන්සේගේ ගිහි කල්හි යහළු වූ බරණැස් නුවර සිටුඅනුසිටුකුලයන්ගේ පුත්‍ර වූ විමල සුබාහු පුණ්ණජි ගවම්පති යන සතර දෙන “යසකුලපුත්‍ර තෙමේ ඉසකේ රවුල් බැහැර කරවා කසාවත් හැඳ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ යැ” යි ඇසූහ. ඇසීමෙන් ඔවුනට “යම් සස්නෙක යස තෙමේ පැවිදි වූයේ නම්, ඒ ධර්‍මවිනය (ශාසනය) ලාමක නො වේ. ඒ පැවිද්ද ලාමක නො වේ ය” යි සිතක් පහළ වූයේ ය. ඔහු ආයුෂ්මත් යසතෙරුන් හුන් තැනට ගියහ. ගොස්, ආයුෂ්මත් යසතෙරුන් වහන්සේ සකසා වැඳ පසෙක සිටියහ. ඉක්බිති ආයුෂ්මත් යසමහණතෙමේ ඒ ගිහි යහළුවන් සිවු දෙනා කැඳවා ගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙතට ගියහ. ගොස් භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්හ. පසෙක හුන් ආයුෂ්මත් යසමහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, බරණැස් නුවර සිටුඅනුසිටුකුලයන්ගේ පුත්‍ර වු විමල සුබාහු පුණ්ණජි ගවම්පති යන මේ සිවු දෙන මාගේ ගිහිකල්හි යහළුවෝ ය. භාග්‍යවතුන් වහන්සේ මොවුන්ට අවවාද කරණ සේක්වා” යි සැළ කෙළේ ය.
Pali BJT4. තෙසං භගවා අනුපුබ්බීකථං කථෙසි, සෙය්යථිදං: දානකථං සීලකථං සග්ගකථං කාමානං ආදීනවං ඔකාරං සඞ්කිලෙසං නෙක්ඛම්මෙ ච ආනිසංසං පකාසෙසි. යදා තෙ භගවා අඤ්ඤාසි කල්ලචිත්තෙ මුදුචිත්තෙ විනීවරණචිත්තෙ උදග්ගචිත්තෙ පසන්නචිත්තෙ, අථ යා බුද්ධානං සාමුක්කංසිකා ධම්මදෙසනා, තං පකාසෙසි: දුක්ඛං සමුදයං නිරොධං මග්ගං. සෙය්යථාපි නාම සුද්ධං වත්ථං අපගතකාළකං සම්මදෙව රජනං පතිගණ්හෙය්ය, එවමෙව තෙසං තස්මිංයෙව ආසනෙ විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි: “යං කිඤ්චි සමුදයධම්මං, සබ්බං තං නිරොධධම්ම”න්ති. තෙ දිට්ඨධම්මා පත්තධම්මා විදිතධම්මා පරියොගාළ්හධම්මා තිණ්ණවිචිකිච්ඡා විගතකථඞ්කථා වෙසාරජ්ජප්පත්තා අපරප්පච්චයා සත්ථුසාසනෙ භගවන්තං එතදවොචුං: “ලභෙය්යාම මයං භන්තෙ, භගවතො සන්තිකෙ පබ්බජ්ජං. ලභෙය්යාම උපසම්පද”න්ති.
Sinhala BJT4. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ට පිළිවෙළකථාව වදාළ සේක. ඒ මෙසේ ය:– දානකථාව ශීලකථාව ස්වර්‍ගකථාව කාමයන් දුක්සහිත බව ලාමක බව කෙලෙසීමට හේතු වනබව හා නෙක්ඛම්මයෙහි අනුසස් ද ප්‍රකාශ කළ සේක. භාග්‍යවතුන් වහන්සේ ඔවුන් සත්‍යයාවබෝධයට සුදුසු සිත් ඇතියවුන් කොට මොළොක් සිත් ඇතියවුන් කොට නීවරණයන්ගෙන් තොර වූ සිත් ඇතියවුන් කොට ඔද වැඩි සිත් ඇතියවුන් කොට පහන් සිත් ඇතියවුන් කොට දත් කල්හි බුදුවරයන්ගේ තමා ම උසස් වූ ධර්‍මදේශනාව වූ දුඃඛසත්‍යය සමුදයසත්‍යය නිරෝධසත්‍යය මාර්‍ගසත්‍යය යන චතුරාර්‍ය්‍ය සත්‍යය ප්‍රකාශ කළ සේක. පහ වූ කිලුටු ඇති පිරිසිදු වස්ත්‍රයක් හොඳින් සායම් අල්ලාගන්නේ යම් සේ ද, එසේ ම ඔවුන්ට ඒ ආසනයෙහි දී ම ‘යම් කිසිවක් හටගැණීම ස්වභාවය කොට ඇත්තේ ද, ඒ සියල්ල නිරුද්ධ වීම ස්වභාව කොට ඇතැ” යි යන පහ වූ රාගාදිරජස් ඇති පහ වූ කෙලෙස්මල ඇති සෝතාපත්තිමග්ග ඤාණය පහළ වූයේ ය. ඔහු දක්නා ලද දහම් ඇත්තෝ, පැමිණි දහම් ඇත්තෝ, අවබෝධ කළ දහම් ඇත්තෝ, වෙසෙසින් බැසගත් දහම් ඇත්තෝ, දුරු කළ සැක ඇත්තෝ, පහ වූ කෙසේ කෙසේ දැ යි පැවැති සැක ඇත්තෝ, නිර්‍භය භාවයට පැමිණියෝ, සත්‍යාවබෝධයෙහි අනුන්ගේ උපකාරයක් නුවුව මනා වූවෝ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, අපි භාග්‍යවතුන් වහන්සේ වෙතින් පැවිද්ද ලබන්නෙමු. උපසම්පදාව ලබන්නෙමු” යි කීහ.
Pali BJT“එථ භික්ඛවො”ති භගවා අවොච: “ස්වාක්ඛාතො ධම්මො. චරථ බ්රහ්මචරියං සම්මා දුක්ඛස්ස අන්තකිරියායා”ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, එවු. ධර්‍මය මොනවට දෙසන ලද්දේ ය. මනා කොට දුක් කෙළවර කිරීම පිණිස බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරෙවු” යි වදාළ සේක.
Pali BJTසා’ව තෙසං ආයස්මන්තානං උපසම්පදා අහොසි. අථ ඛො භගවා තෙ භික්ඛූ ධම්මියා කථාය ඔවදි. අනුසාසි. තෙසං භගවතා ධම්මියා කථාය ඔවදියමානානං අනුසාසියමානානං අනුපාදාය ආසවෙහි චිත්තානි විමුච්චිංසු.
Sinhala BJTඒ වචනය ම ඒ ආයුෂ්මත්වරුන්ට උපසම්පදාව වී ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ භික්‍ෂූන්ට දැහැමි කතාවෙන් අවවාද කළ සේක. අනුශාසනා කළ සේක. භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කතාවෙන් අවවාද කරණු ලැබූ අනුශාසනා කරණු ලැබූ ඒ භික්‍ෂූන්ගේ චිත්තයෝ තෘෂ්ණා දෘෂ්ටිවශයෙන් නො ගෙණ ආශ්‍රවයන් කෙරෙන් මිදුනාහ.
Pali BJTතෙන ඛො පන සමයෙන එකාදස ලොකෙ අරහන්තො හොන්ති.
Sinhala BJTඑකල්හි ලෝකයෙහි රහත්හු එකොළොස් දෙනෙක් වෙති.
Pali BJTචතුගිහීසහායපබ්බජ්ජා නිට්ඨිතා.
Sinhala BJTසිවුගිහියහළුවන්ගේ පැවිද්ද කියා නිමවන ලදී.
Pali BJT1. අස්සොසුං ඛො ආයස්මතො යසස්ස පඤ්ඤාසමත්තා ගිහීසහායකා ජානපදා පුබ්බානුපුබ්බකානං කුලානං පුත්තා “යසො කිර කුලපුත්තො කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිතො”ති. සුත්වාන නෙසං එතදහොසි: “න හ නූන සො ඔරකො ධම්මවිනයො, න සා ඔරකා පබ්බජ්ජා, යත්ථ යසො කුලපුත්තො කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිතො”ති. තෙ යෙනායස්මා යසො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා ආයස්මන්තං යසං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු. අථ ඛො ආයස්මා යසො තෙ පඤ්ඤාසමත්තෙ ගිහීසහායකෙ ආදාය යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා යසො භගවන්තං එතදවොච: “ඉමෙ මෙ භන්තෙ, පඤ්ඤාසමත්තා ගිහීසහායකා ජානපදා පුබ්බානුපුබ්බකානං කුලානං පුත්තා. ඉමෙ භගවා ඔවදතු අනුසාසතූ”ති.
Sinhala BJT1. ආයුෂ්මත් යසභික්‍ෂුහුගේ පූර්‍වානුපූර්‍වකුලයන්ගේ (පරම්පරා වශයෙන් පිළිවෙළින් පැරණි වූ කුලයන්ගේ) පුත්‍ර වූ දනවු වැසි පණසක් පමණ ගිහියහළුවෝ “යසකුලපුත්‍ර තෙමේ හිසකේ රවුලු බැහැර කරවා කසාවත් හැඳ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ ය” යි ඇසුවාහු ය. අසා, ඔවුන්ට “යසකුලපුත්‍ර තෙමේ හිසකේ රවුලු බැහැර කරවා කුසාවත් හැඳ ගිහිගෙන් නික්ම යම් ශාසනයෙක්හි පැවිදි වූයේ ද, ඒ ධර්‍මවිනය ඒකාන්තයෙන් ලාමක නො වේ. ඒ පැවිද්ද ලාමක නො වේ ය” යි සිතක් උපන. ඒ යහළුවෝ ආයුෂ්මත් යස භික්‍ෂුහු හුන් තැනට ගියහ. ගොස්, ආයුෂ්මත් යස භික්‍ෂුහු වැඳ පසෙක සිටියාහ. ඉක්බිති ආයුෂ්මත් යසභික්‍ෂුහුගේ පණසක් පමණ වූ ඒ ගිහියහළුවන් කැඳවා ගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙතට ගියහ. ගොස්, භාග්‍යවතුන් වහන්සේ වැඳ පසෙක හුන්හ. පසෙක හුන්නා වූ යසභික්‍ෂු තෙමේ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, දනවුවැසි පරම්පරාවශයෙන් පිළිවෙළින් පැරණි වූ කුලයන්ගේ පුත්‍ර වූ පණසක් පමණ වූ මොහු මාගේ ගිහිකල්හි යහළුවෝ ය. භාග්‍යවතුන් වහන්සේ මොවුන්ට අවවාද කරණ සේක්වා. අනුශාසනා කරණ සේක්වා” යි සැළකෙළේ ය.
Pali BJT2. තෙසං භගවා ආනුපුබ්බීකථං කථෙසි, සෙය්යථිදං: දානකථං සීලකථං සග්ගකථං කාමානං ආදීනවං ඔකාරං සඞ්කිලෙසං නෙක්ඛම්මෙ ච ආනිසංසං පකාසෙසි -පෙ- දුක්ඛං සමුදයං නිරොධං මග්ගං. සෙය්යථාපි නාම සුද්ධං වත්ථං අපගතකාළකං සම්මදෙව රජනං පතිගණ්හෙය්ය, එවමෙව තෙසං තස්මිංයෙව ආසනෙ විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි: “යං කිඤ්චි සමුදයධම්මං, සබ්බං තං නිරොධධම්ම”න්ති. තෙ දිට්ඨධම්මා පත්තධම්මා විදිතධම්මා පරියොගාළ්හධම්මා තිණ්ණවිචිකිච්ඡා විගතකථඞ්කථා වෙසාරජ්ජප්පත්තා අපරප්පච්චයා සත්ථුසාසනෙ භගවන්තං එතදවොචුං “ලභෙය්යාම මයං භන්තෙ, භගවතො සන්තිකෙ පබ්බජ්ජං. ලභෙය්යාම උපසම්පද”න්ති. “එථ භික්ඛවො”ති භගවා අවොච: “ස්වාක්ඛාතො ධම්මො. චරථ බ්රහ්මචරියං සම්මා දුක්ඛස්ස අන්තකිරියායා”ති. සා’ව තෙසං ආයස්මන්තානං උපසම්පදා අහොසි. අථ ඛො භගවා තෙ භික්ඛූ ධම්මියා කථාය ඔවදි. අනුසාසි. තෙසං භගවතා ධම්මියා කථාය ඔවදියමානානං අනුසාසියමානානං අනුපාදාය ආසවෙහි චිත්තානි විමුච්චිංසු.
Sinhala BJT2. භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ට පිළිවෙළකථාව දෙසූ සේක. එනම්: දානකථාව, ශීලකථාව, ස්වර්‍ගකථාව, කාමයන්ගෙන් දෝෂය ලාමකබව කෙලෙසීම, නෛෂ්ක්‍රම්‍යයෙහි අනුසස් ද යන මෙය වදාළ සේක. –(පෙ)–{1} යම් සේ පහ වූ කිලුටු ඇති පිරිසිදු වස්ත්‍රයක් මනා කොට ම සායම් ගන්නේ ද, එපරිද්දෙන් ම ඔවුනට ඒ ආසනයෙහි දී ම “යමක් හටගැණීම ස්වභාවය කොට ඇත්තේ ද, ඒ සියල්ල නිරුද්ධ වීම ස්වභාවය කොට ඇතැ” යි පහ වූ රාගාදිරජස් ඇති පහ වූ කෙලෙස්මල ඇති (ශ්‍රෝතාපත්ති) මාර්‍ගඥානය පහළ වි ය. ඔහු දක්නා ලද සිවුසස්දහම් ඇත්තාහු, පැමිණි සිවුසස්දහම් ඇත්තාහු, අවබෝධ කළ සිවුසස්දහම් ඇත්තාහු, බැස ගත් සිවුසස්දහම් ඇත්තාහු, දුරු කළ සැක ඇත්තාහු, පහ වූ කෙසේ කෙසේ දැ යි පැවැති සැක ඇත්තාහු, බුදුසස්නෙහි විශාරද භාවයට පැමිණියාහු, බුදුසස්නෙහි පරප්‍රත්‍යය රහිත වූවාහු භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, අපි භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිද්ද ලබන්නෙමු. උපසම්පදාව ලබන්නෙමු” යි සැළ කළහ. භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, එවු. ධර්‍මය මනා කොට දෙසන ලද්දේ ය. මනා ව දුක් කෙළවර කරණු පිණිස බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරෙවු” යි වදාළසේක. ඒ ම ඒ ආයුෂ්මත්වරුන්ගේ උපසම්පදාව වී ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ භික්‍ෂූන්ට දැහැමි කථාවෙන් අවවාද කළ සේක. අනුශාසනා කළ සේක. භාග්‍යවතුන් වහන්සේ විසින් අවවාද කරණු ලබන අනුශාසනා කරණු ලබන ඔවුන්ගේ චිත්තයෝ තෘෂ්ණාදෘෂ්ටිවශයෙන් නො ගෙණ ආශ්‍රවයන් කෙරෙන් මිදුනාහු ය.
Pali BJTතෙන ඛො පන සමයෙන එකසට්ඨි ලොකෙ අරහන්තො හොන්ති.
Sinhala BJTඒ කාලයෙහි ලෝකයෙහි රහත්හු එක් සැටදෙනෙක් වෙත්.
Pali BJT3. අථ ඛො භගවා භික්ඛූ{1} ආමන්තෙසි: “මුත්තා’හං, භික්ඛවෙ, සබ්බපාසෙහි යෙ දිබ්බා යෙ ච මානුසා. තුම්හෙ’පි, භික්ඛවෙ, මුත්තා සබ්බපාසෙහි යෙ දිබ්බා යෙ ච මානුසා. චරථ භික්ඛවෙ, චාරිකං බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං. මා එකෙන ද්වෙ අගමිත්ථ. දෙසෙථ භික්ඛවෙ, ධම්මං ආදිකල්යාණං මජ්ඣෙ කල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සබ්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙථ. සන්ති සත්තා අප්පරජක්ඛජාතිකා; අස්සවණතා ධම්මස්ස පරිහායන්ති, භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාතාරො. අහම්පි භික්ඛවෙ, යෙන උරුවෙලා සෙනානිනිගමො, තෙනුපසඞ්කමිස්සාමි ධම්මදෙසනායා”ති.
Sinhala BJT3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූසේක. “මහණෙනි, මම දෙවියන් පිළිබඳ වූ යම් ක්ලේශපාශයෝ වෙත් ද, මිනිසුන් පිළිබඳ වූ යම් ක්ලේශපාශයෝත් වෙත් ද, ඒ සියලු ක්ලේශපාශයන්ගෙන් මිදුනෙමි. මහණෙනි, තෙපි ද දෙවියන් පිළිබඳ වූ යම් ක්ලේශපාශයෝ වෙත් ද, මිනිසුන් පිළිබඳ වූ යම් ක්ලේශපාශයෝත් වෙත් ද, ඒ සියලු ක්ලේශපාශයන්ගෙන් මිදුනහු ය. මහණෙනි, බොහෝ දෙනාට හිත පිණිස ද බොහෝ දෙනාට සැප පිණිස ද ලොවට අනුකම්පා පිණිස ද දෙවි මිනිසුන්ට වැඩ පිණිස ද හිත පිණිස ද සැප පිණිස ද චාරිකාවෙහි හැසිරෙවු. දෙනමක් එක් මගින් නො යවු. මහණෙනි, ආදියෙහි යහපත් වූ මධ්‍යයෙහි යහපත් වූ අවසනැ යහපත් වූ අර්‍ත්‍ථ සහිත වූ ව්‍යඤ්ජන සම්පත්තියෙන් යුක්ත වූ සියල්ලෙන් සම්පූණ වූ ධර්‍මය දෙසවු. පිරිසිදු වූ බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කරවු. අල්පරජස්ක වූ (ස්වල්ප වූ රාගාදී රජස් ඇති) සත්ත්‍වයෝ වෙති. ඔහු දහම් නො ඇසීමෙන් පිරිහෙත්. දහම් අවබෝධ කරන්නෝ වන්නාහ. මහණෙනි, මමත් උරුවෙල් දනව්වෙහි සේනානිනියම්ගමට දහම් දෙසනු පිණිස යන්නෙමි” යි වදාළ සේක.
Pali BJT4. අථ ඛො මාරො පාපිමා යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං ගාථාය අජ්ඣභාසි –
Sinhala BJT4. එකල්හි පවිටු මාර තෙමේ භාග්‍යවතුන් වහන්සේ හුන් තැනට ගියේ ය. ගොස්, භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් මෙසේ කීයේ ය:–
Pali BJT“බද්ධොසි සබ්බපාසෙහි, යෙ දිබ්බා යෙ ච මානුසා, මහාබන්ධනබද්ධො’සි, න මෙ සමණ මොක්ඛසී”ති.
Sinhala BJT“දෙවියන් පිළිබඳ වූ ද මිනිසුන් පිළිබඳ වූ ද යම් කෙලෙස් මලපුඩු ඇද් ද, ඒ සියලු කෙලෙස් මලපුඩුවලින් බඳනාලද්දේ වෙහි ය. ඒ මහත් කෙලෙස්බැඳුමෙන් බැඳුනේ වෙහි ය. ශ්‍රමණය, මාගේ විෂයයෙන් නො මිදෙන්නෙහි ය.”
Pali BJT“මුත්තා’හං සබ්බපාසෙහි, යෙ දිබ්බා යෙ ච මානුසා, මහාබන්ධනමුත්තො’ම්හි නිහතො ත්වමසි අන්තකා”ති.
Sinhala BJT“මම දෙවියන් පිළිබඳ වූ ද මිනිසුන් පිළිබඳ වූ ද යම් කෙලෙස් මලපුඬු කෙනෙක් වෙද් ද, ඒ සියලු පාසයන්ගෙන් මිදුනෙම් වෙම්. ඒ මහත් කෙලෙස් බැඳුමෙන් මිදුනෙම් වෙමි. මාරය, තෝ නැසුනේ වෙහි ය.”
Pali BJT“අන්තලික්ඛචරො පාසො ය්වායං චරති මානසො, තෙන තං බාධයිස්සාමි න මෙ සමණ මොක්ඛසී” ති.
Sinhala BJT“අහස හැසිරෙණ අන්තලික්ඛවර{*} නම් වූ සිතෙහි හටගත්තා වූ යම් මේ රාගපාසයක් වේ ද එයින් තා බඳින්නෙමි. ශ්‍රමණය, මාගේ විෂයයෙන් නො මිදෙන්නෙහි ය.”
Pali BJT“රූපා සද්දා රසා ගන්ධා, ඵොට්ඨබ්බා ච මනොරමා; එත්ථ මෙ විගතො ඡන්දො, නිහතො ත්වමසි අන්තකා”ති.
Sinhala BJT“සිත්කලු වූ රූපයෝ ද ශබ්දයෝ ද රසයෝ ද ගන්‍ධයෝ ද ස්පර්‍ශයෝ ද යන මේ පස්කම් කෙරෙහි පැවැති මාගේ ආලය වෙසෙසින් පහ ව ගියේ ය. මාරය තෝ නැසුනේ වෙහි ය.”
Pali BJTඅථ ඛො මාරො පාපිමා “ජානාති මං භගවා. ජානාති මං සුගතො”ති දුක්ඛී දුම්මනො තත්ථෙවන්තරධායී ති.
Sinhala BJTඑකල්හි පවිටු මාර තෙමේ “භාග්‍යවතුන් වහන්සේ මා දන්නා සේක. සුගතයන් වහන්සේ මා දන්නා සේකැ” යි දුක් ඇත්තේ නොසතුටු සිත් ඇත්තේ එහි ම නො පෙණී ගියේ ය.
Pali BJTමාරකථා එකාදසමී නිට්ඨිතා.
Sinhala BJTඑකොළොස්වන මාරකතාව නිමි.
Pali BJT1. තෙන ඛො පන සමයෙන භික්ඛූ නානාදිසා නානාජනපදා පබ්බජ්ජාපෙඛෙ උපසම්පදාපෙඛෙ{1} ආනෙන්ති: භගවා නෙ පබ්බාජෙස්සති උපසම්පාදෙස්සතී”ති. තත්ථ භික්ඛූ චෙව කිලමන්ති පබ්බජ්ජාපෙඛා ච උපසම්පදාපෙඛා ච. අථ ඛො භගවතො රහොගතස්ස පතිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: “එතරහි ඛො භික්ඛූ නානාදිසා නානාජනපදා පබ්බජ්ජාපෙඛෙ උපසම්පදාපෙඛෙ ආනෙන්ති. භගවා නෙ පබ්බාජෙස්සති උපසම්පාදෙස්සතී”ති. තත්ථ භික්ඛූ චෙව කිලමන්ති, පබ්බජ්ජාපෙඛා ච උපසම්පදාපෙඛා ච. යන්නූනාහං භික්ඛූනං අනුජානෙය්යං: “තුම්හෙව’දානි භික්ඛවෙ, තාසු තාසු දිසාසු තෙසු තෙසු ජනපදෙසු පබ්බාජෙථ උපසම්පාදෙථා”ති.
Sinhala BJT1. එකල්හි භික්‍ෂූහු නොයෙක් දිශාවන්ගෙන් නොයෙක් ජනපදයන් ගෙන් ප්‍රව්‍රජ්‍යාපේක්‍ෂකයන් ද උපසම්පදාපේක්‍ෂකයන් ද “බුදුරජානන් වහන්සේ ඔවුන් පැවිදි කරණසේක. උපසපන් කරණසේකැ” යි සිතා කැඳවා ගෙණ එත්. එයින් භික්‍ෂූහු ද ප්‍රව්‍රජ්‍යපේක්‍ෂකයෝ ද උපසම්පදාපේක්‍ෂකයෝ ද වෙහෙසට පැමිණෙත්. එකල්හි රහෝගත වූ විවේකයට පැමිණියාවූ භාග්‍යවතුන් වහන්සේට “මෙකල්හි වනාහි භික්‍ෂූහු ‘භාග්‍යවතුන් වහන්සේ පැවිදි කරන්නාහ. උපසපන් කරන්නාහ’ යි නොයෙක් දිශාවන්ගෙන් නොයෙක් ජනපදයන්ගෙන් ප්‍රව්‍රජ්‍යාපේක්‍ෂකයන් ද උපසම්පදාපේක්‍ෂකයන් ද ගෙණ එත්. එයින් භික්‍ෂූහු ද ප්‍රව්‍රජ්‍යාපෙක්‍ෂකයෝ ද උපසම්පදාපේක්‍ෂකයෝ ද වෙහෙසට පත් වෙති. ‘මහණෙනි, මෙකල තෙපි ම ඒ ඒ දිශාවන්හි ම ඒ ඒ ජනපදයන්හි ම පැවිදි කරවු. උපසම්පදා කරවු’ යි මම භික්‍ෂූන්ට අනුදන්නෙම් නම් යෙහෙකැ” යි කල්පනාවක් පහළ වූයේ ය.
Pali BJT2. අථ ඛො භගවා සායණ්හසමයං පතිසල්ලානා වුට්ඨිතො එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “ඉධ මය්හං භික්ඛවෙ රහොගතස්ස පතිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: ‘එතරහි ඛො භික්ඛූ නානාදිසා නානාජනපදා පබ්බජ්ජාපෙඛෙ උපසම්පදාපෙඛෙ ච ආනෙන්ති - භගවා නෙ පබ්බාජෙස්සති, උපසම්පාදෙස්සතී ති. තත්ථ භික්ඛූ චෙව කිලමන්ති පබ්බජ්ජාපෙඛා ච උපසම්පදාපෙඛා ච. යන්නූනාහං භික්ඛූනං අනුජානෙය්යංතුම්හෙව’දානි භික්ඛවෙ තාසු තාසු දිසාසු තෙසු තෙසු ජනපදෙසු පබ්බාජෙථ උපසම්පාදෙථා”ති.
Sinhala BJT2. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස්කාලයෙහි විවේකයෙන් නැඟී සිටිසේක මේ නිදානයෙහි ප්‍රථම කාරණයෙහි භික්‍ෂුසඞ්ඝයා රැස් කරවා දැහැමිකතා කොට භික්‍ෂූන් ඇමතූසේක: “මහණෙනි, මෙහි රහෝගත වූ විවේකයට පැමිණ හුන්නා වූ මාගේ සිතට මෙබඳු පරිවිතර්‍කයක් පහළ වී ය: “මෙකල්හි භික්‍ෂූහු ‘භාග්‍යවතුන් වහන්සේ පැවිදි කරන්නාහ. උපසපන් කරන්නාහ’ යි නොයෙක් දිශාවන්ගෙන් නොයෙක් ජනපදයන්ගෙන් ප්‍රව්‍රජ්‍යාපේක්‍ෂකයන් ද උපසම්පදාපේක්‍ෂකයන් ද ගෙණ එත්. එයින් භික්‍ෂූහු ද ප්‍රව්‍රජ්‍යපේක්‍ෂකයෝ උපසම්පදාපේක්‍ෂකයෝ ද වෙහෙසට පැමිණෙත්. මහණෙනි, මෙකල තෙපි ම ඒ ඒ දිශාවන්හි ම ඒ ඒ ජනපදයන්හි ම පැවිදි කරවු. උපසම්පදා කරවු’ ය යි මම භික්‍ෂූන්ට අනුදන්නෙම් නම් යෙහෙකැ” යි කියායි.
Pali BJT3. අනුජානාමි භික්ඛවෙ, තුම්හෙව’දානි තාසු තාසු දිසාසු තෙසු තෙසු ජනපදෙසු පබ්බාජෙථ. උපසම්පාදෙථාති. එවඤ්ච පන භික්ඛවෙ, පබ්බාජෙතබ්බො. උපසම්පාදෙතබ්බො. පඨමං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා{1} එකංසං උත්තරාසඞ්ගං කාරාපෙත්වා භික්ඛූනං පාදෙ වන්දාපෙත්වා උක්කුටිකං නිසීදාපෙත්වා, අඤ්ජලිං පග්ගණ්හාපෙත්වා, එවං වදෙහීති වත්තබ්බො:
Sinhala BJT3. මහණෙනි, මෙකල තෙපි ම ඒ ඒ දිශාවන්හි ම ඒ ඒ ජනපදයන්හි ම පැවිදි කරවූ. උපසම්පදා කරවු යි අනුදනිමි. මහණෙනි, මෙසේ පැවිදි කළ යුතු ය. උපසපන් කළ යුතු ය: පළමු කොට හිසකේ රවුල් බා කසාවත් අඳවා උතුරුසඟසිවුර එකස් කරවා භික්‍ෂූන්ගේ පා වඳවා උක්කුටුකයෙන් හිඳුවා ඇඳිලි බඳවා මෙසේ කියව යි කිය යුතු ය.
Pali BJT“බුද්ධං සරණං ගච්ඡාමි,
Sinhala BJT“බුදුන් සරණ යෙමි
Pali BJTධම්මං සරණං ගච්ඡාමි,
Sinhala BJTදහම් සරණ යෙමි
Pali BJTසඞ්ඝං සරණං ගච්ඡාමි;
Sinhala BJTසඟ සරණ යෙම්
Pali BJTදුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි,
Sinhala BJTදෙවනු ද බුදුන් සරණ යෙමි
Pali BJTදුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි,
Sinhala BJTදෙවනු ද දහම් සරණ යෙමි
Pali BJTදුතියම්පි සඞ්ඝං සරණං ගච්ඡාමි;
Sinhala BJTදෙවනු ද සඟ සරණ යෙමි
Pali BJTතතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි,
Sinhala BJTතෙවනු ද බුදුන් සරණ යෙමි
Pali BJTතතියම්පි ධම්මං සරණං ගච්ඡාමි,
Sinhala BJTතෙවනු ද දහම් සරණ යෙමි
Pali BJTතතියම්පි සඞ්ඝං සරණං ගච්ඡාමි.”
Sinhala BJTතෙවනු ද සඟ සරණ යෙමි” යි.
Pali BJTඅනුජානාමි භික්ඛවෙ, ඉමෙහි තීහි සරණගමනෙහි පබ්බජ්ජං උපසම්පදන්ති.
Sinhala BJTමහණෙනි, මේ ත්‍රිවිධ වූ සරණගමනින් පැවිදි බව හා උපසම්පදාව ද අනුදනිමි යි වදාළ සේක.
Pali BJTතීහි සරණගමනෙහි පබ්බජ්ජාඋපසම්පදාකථා ද්වාදසමි නිට්ඨිතා.
Sinhala BJTදොළොස් වන සරණගමනින් (වන) පැවිද්ද හා උපසම්පදාව පිළිබඳ කථාව නිමි.
Pali BJT1. අථ ඛො භගවා වස්සං වුත්ථො{2} භික්ඛූ ආමන්තෙසි: “මය්හං ඛො භික්ඛවෙ, යොනිසො මනසිකාරා යොනිසො සම්මප්පධානා අනුත්තරා විමුත්ති අනුප්පත්තා. අනුත්තරා විමුත්ති සච්ඡිකතා. තුම්හෙ’පි භික්ඛවෙ, යොනිසො මනසිකාරා යොනිසො සම්මප්පධානා අනුත්තරං විමුත්තිං අනුපාපුණාථ. අනුත්තරං විමුත්තිං සච්ඡිකරොථා”ති.
Sinhala BJT1. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වස් වුසූ සේක් භික්‍ෂූන් ඇමතූ සේක: “මහණෙනි, මවිසින් උපාය වශයෙන් මෙනෙහි කිරීමෙන් ද උපායයෙන් මනා සේ ප්‍රදහන වීර්‍ය්‍ය කිරීමෙන් ද නිරුත්තර වූ අර්‍හත්ඵලවිමුක්ති තොමෝ ලබනලද්දී ය. නිරුත්තර වූ අර්‍හත්ඵලවිමුක්ති තොමෝ ප්‍රත්‍යක්‍ෂ කරණ ලද්දී ය. මහණෙනි, තෙපි ද උපායවශයෙන් මෙනෙහි කිරීමෙන් ද උපායයෙන් මනා සේ ප්‍රදහන වීර්‍ය්‍ය කිරීමෙන් ද නිරුත්තර වූ අර්‍හත්ඵලවිමුක්තියට පැමිණෙවු. නිරුත්තර වූ අර්‍හත්ඵලවිමුක්තිය ප්‍රත්‍යක්‍ෂ කරවු.”
Pali BJT2. අථ ඛො මාරො පාපිමා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං ගාථාය අජ්ඣභාසි:-
Sinhala BJT2. ඉක්බිති පවිටු මාර තෙමේ භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් (මෙසේ) කීයේ ය:
Pali BJT“බද්ධො’සි මාරපාසෙහි යෙ දිබ්බා යෙ ච මානුසා, මහාබන්ධනබද්ධො’සි න මෙ සමණ මොක්ඛසී”ති.
Sinhala BJT“දෙවියන් පිළිබඳ වූ ද මිනිසුන් පිළිබඳ වූ ද යම් මාරපාශ කෙනෙක් වෙත් නම්, ඒ සියලු මාරපාශවලින් බැඳුනේ වෙහි ය. මාරබන්‍ධනවලින් බඳනා ලද්දෙහි ය. ශ්‍රමණය, මාගේ විෂයයෙන් නො මිදෙන්නෙහි ය.”
Pali BJT“මුත්තො’හං මාරපාසෙහි යෙ දිබ්බා යෙ ච මානුසා, මාරබන්ධනමුත්තො’ම්හි නිහතො ත්වමසි අන්තකා”ති.
Sinhala BJT“මම දෙවියන් පිළිබඳ වූ ද මිනිසුන් පිළිබඳ වූ ද යම් මාරපාශ කෙනෙක් වෙත් නම්, ඒ සියලු මාරපාශවලින් මිදුනෙම් වෙමි. මරබැඳුම්වලින් මිදුනෙම් වෙමි. මාරය, තෝ නැසුනේ වෙහි ය.”
Pali BJTඅථ ඛො මාරො පාපිමා “ජානාති මං භගවා, ජානාති මං සුගතො”ති දුක්ඛී දුම්මනො තත්ථෙවන්තරධායි.
Sinhala BJTඉක්බිති පවිටු මාර තෙමේ “භාග්‍යවතුන් වහන්සේ මා දන්නා සේක. සුගතයන් වහන්සේ මා දන්නාසේකැ” යි දුක් ඇත්තේ නො සතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදහන් වූයේ ය.
Pali BJT3. අථ ඛො භගවා බාරාණසියං යථාභිරන්තං විහරිත්වා යෙන උරුවෙලා තෙන චාරිකං පක්කාමි. අථ ඛො භගවා මග්ගා ඔක්කම්ම යෙන අඤ්ඤතරො වනසණ්ඩො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා තං වනසණ්ඩං අජ්ඣොගාහෙත්වා අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ නිසීදි.
Sinhala BJT3. එකල්හි භාග්‍යවතුන් වහන්සේ බරණැස් නුවර කැමැති තාක් කල් වාසය කොට උරුවෙල් දනව්වට වැඩි සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මාර්‍ගයෙන් බැහැර ව එක්තරා වනලැහැබකට වැඩිසේක. වැඩ ඒ වනලැහැබට ඇතුල් ව එක්තරා ගසක් මුල වැඩ හුන්සේක.
Pali BJT4. තෙන ඛො පන සමයෙන තිංසමත්තා භද්දවග්ගියා සහායකා සපජාපතිකා තස්මිං වනසණ්ඩෙ පරිචාරෙන්ති. එකස්ස පජාපති නාහොසි. තස්ස අත්ථාය වෙසී ආනීතා අහොසි. අථ ඛො සා වෙසී තෙසු පමත්තෙසු පරිචාරෙන්තෙසු භණ්ඩං ආදාය පලායිත්ථ.
Sinhala BJT4. එකල්හි තිසක් පමණ යහළු වූ භද්‍රවර්ගිකයෝ බිරියන් සහිත වූවාහු ඒ වනලැහැබෙහි ඔබිනොබ හැසිරෙත්. එකකුට බිරියක් නො වූ ය. ඔහු සඳහා වෙසඟනක් ගෙණෙන ලද්දී ය. එකල්හි ඒ වෙසඟන ඔවුන් පමා ව ඉඳුරන් පිණවන කල්හි (ඔවුන්ගේ) බඩු ගෙණ පලා ගියා ය.
Pali BJT5. අථ ඛො තෙ සහායකා සහායකස්ස වෙය්යාවච්චං කරොන්තා තං ඉත්ථිං ගවෙසන්තා තං වනසණ්ඩං ආහිණ්ඩන්තා අද්දසංසු භගවන්තං අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ නිසින්නං. දිස්වාන යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං: එතදවොචුං: “අපි භන්තෙ, භගවා එකං ඉත්ථිං{1} පස්සෙය්යා”ති. “කිම්පන වො කුමාරා, ඉත්ථියා!”ති. ඉධ මයං භන්තෙ, තිංසමත්තා භද්දවග්ගියා සහායකා සපජාපතිකා ඉමස්මිං වනසණ්ඩෙ පරිචාරිම්හා. එකස්ස පජාපති නාහොසි. තස්ස අත්ථාය වෙසී ආනීතා අහොසි. අථ ඛො සා භන්තෙ, වෙසී අම්හෙසු පමත්තෙසු පරිචාරෙන්තෙසු භණ්ඩං ආදාය පලායිත්ථ. තෙ මයං, භන්තෙ, සහායකා සහායකස්ස වෙය්යාවච්චං කරොන්තා, තං ඉත්ථිං ගවෙසන්තා, ඉමං වනසණ්ඩං ආහිණ්ඩාමා”ති.
Sinhala BJT5. එකල්හි ඒ යහළුවෝ යහළුවාට උපකාර කරමින් ඒ ස්ත්‍රිය සොයමින් ඒ වනලැහැබෙහි ඇවිදින්නාහු එක්තරා ගසක් මුල වැඩ හුන් භාග්‍යවතුන් වහන්සේ දුටුවාහු ය. දැක භාග්‍යවතුන් වහන්සේ වෙතට ගියහ. ගොස් භාග්‍යවතුන් වහන්සේට “කිමෙක් ද, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ස්ත්‍රියක දුටු සේක් දැ?” යි ඇසූහ. “කුමාරයෙනි, තොපට ස්ත්‍රියගෙන් කම් කිම?” “ස්වාමීනි, මෙහි තිසක් පමණ වූ භාර්‍ය්‍යාවන් සහිත වූ භද්‍රවර්ගික යහළුවෝ වූ අපි මේ වනලැහැබෙහි හැසුරුණෙමු. එකකුට භාර්‍ය්‍යයාවක් නො වූ ය. ඔහු පිණිස ගණිකාවක් ගෙණෙන ලද්දී ය. ඒ වෙසඟන තොමෝ අප පමා ව ඉඳුරන් පිණවන කල්හි (අප සතු) බඩු පැහැර ගෙණ පලා ගියා ය. ස්වාමීනි, යහළු වූ අපි (අපගේ) යහළුවාගේ මෙහෙ කරමින් ඒ ස්ත්‍රිය සොයමින් මේ වන ලැහැබෙහි ඇවිදිමු” යි කීහ.
Pali BJT6. “තං කිං මඤ්ඤථ වො කුමාරා, - කතමං නු ඛො තුම්හාකං වරං, යං වා තුම්හෙ ඉත්ථිං ගවෙසෙය්යාථ, යං වා අත්තානං ගවෙසෙය්යාථා?”ති “එතදෙව භන්තෙ, අම්හාකං වරං, - යං මයං අත්තානං ගවෙසෙය්යාමා”ති. “තෙන හි වො කුමාරා, නිසීදථ. ධම්මං වො දෙසිස්සාමී”ති. “එවං භන්තෙ”ති ඛො තෙ භද්දවග්ගියා සහායකා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු.
Sinhala BJT6. “කුමාරයෙනි, තෙපි ඒ කුමැ යි සිතවු ද? තෙපි ස්ත්‍රියක හෝ සොයවු ද, තමන් හෝ සොයවු ද, යන යමක් ඇත් ද, මෙදෙකින් තොපට කවරක් උතුම් ද?” “ස්වාමීනි, යම් හෙයකින් අපි තමන් සොයන්නෙමු නම් මෙය ම අපට උතුම් වේ”. “කුමාරයිනි, එසේ වී නම්, තෙපි මෙහි හිඳිවු. තොපට මම දහම් දෙසන්නෙමි”. “ස්වාමීනි, එසේ ය” යි යහළු වූ ඒ භද්‍රවර්ගිකයෝ භාග්‍යවතුන් වහන්සේ වැඳ පසෙක හුන්හ.
Pali BJT6. තෙසං භගවා ආනුපුබ්බීකථං කථෙසි, සෙය්යථිදං: දානකථං සීලකථං සග්ගකථං කාමානං ආදීනවං ඔකාරං සඞ්කිලෙසං නෙක්ඛම්මෙ ච ආනිසංසං පකාසෙසි යදා තෙ භගවා අඤ්ඤාසි කල්ලචිත්තෙ මුදුචිත්තෙ විනීවරණචිත්තෙ උදග්ගචිත්තෙ පසන්නචිත්තෙ, අථ යා බුද්ධානං සාමුක්කංසිකා ධම්මදෙසනා තං පකාසෙසි: දුක්ඛං සමුදයං නිරොධං මග්ගං. සෙය්යථාපි නාම සුද්ධං වත්ථං අපගතකාළකං සම්මදෙව රජනං පතිගණ්හෙය්ය, එවමෙව තෙසං තස්මිංයෙව ආසනෙ විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි: “යං කිඤ්චි සමුදයධම්මං, සබ්බං තං නිරොධධම්ම”න්ති. තෙ දිට්ඨධම්මා පත්තධම්මා විදිතධම්මා පරියොගාළ්හධම්මා තිණ්ණවිචිකිච්ඡා විගතකථඞ්කථා වෙසාරජ්ජප්පත්තා අපරප්පච්චයා සත්ථුසාසනෙ භගවන්තං එතදවොචුං: “ලභෙය්යාම මයං භන්තෙ, භගවතො සන්තිකෙ පබ්බජ්ජං. ලභෙය්යාම උපසම්පද”න්ති. “එථ භික්ඛවො”ති භගවා අවොච “ස්වාක්ඛාතො ධම්මො. චරථ බ්රහ්මචරියං සම්මා දුක්ඛස්ස අන්තකිරියායා”ති. සා’ව තෙසං ආයස්මන්තානං උපසම්පදා අහොසි.
Sinhala BJT6. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ට පිළිවෙළකථාව වදාළ සේක. ඒ කවරේ ද යත්: දානකථාව සීලකථාව ස්වර්‍ගකථාව කාමයන්ගේ දෝෂය ලාමකභාවය කෙලෙසීම පැවිද්දෙහි අනුසස් ද (යන මෙය) පැවසූහ. යම් කලෙක භාග්‍යවතුන් වහන්සේ ඔවුන් සුදුසු සිත් ඇත්තන් මොළොක් සිත් ඇත්තන් නීවරණ රහිත වූ සිත් ඇත්තන් ඔදවැඩි සිත් ඇත්තන් පහන් සිත් ඇත්තන් යි දත්සේක් ද, එකල්හි බුදුවරුන්ගේ තමා ම උසස් වූ ධර්‍ම දේශනාවක් වී ද, දුඃඛසත්‍යය සමුදය සත්‍යය නිරෝධසත්‍යය මාර්‍ගසත්‍යය යන ඒ චතුස්සත්‍යය දෙසූහ. පහ වූ කිලිටි ඇති පිරිසිදු වස්ත්‍රයක් යම් සේ මනා කොට ම සායම් ගන්නේ ද, එ පරිද්දෙන් ම ඔවුන්ට ඒ ආසනයෙහි දී ම “යම් කිසිවක් හටගැණීම ස්වභාවය කොට ඇත්තේ ද ඒ සියල්ල නිරුද්ධ වීම ස්වභාවය කොට ඇතැ”යි පහ වූ රාගාදි රජස් ඇති පහ වූ කෙලෙස්මල ඇති සෝතාපත්තිමග්ගඤාණය උපන්නේ ය. දක්නාලද සිවුසස් දහම් ඇති පැමිණි සිවුසස්දහම් ඇති අවබෝධ කළ සිවුසස්දහම් ඇති හාත්පසින් බැස ගත් සිවුසස්දහම් ඇති දුරු කළ විචිකිච්ඡා ඇති පහ වූ කෙසේ කෙසේ දැ යි පැවති සැක ඇති විශාර ද භාවයට පැමිණි ශාස්තෘශාසනාවබෝධයෙහි අන් පිහිටක් වුවමනා නැති ඔහු භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, අපි භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිද්ද ලබන්නෙමු. උපසම්පදාව ලබන්නෙමු” යි දැන්වූහ. භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, එවු. ධර්‍මය මනා කොට දේශනා කරණ ලද්දේ ය. මනා කොට දුක් කෙළවර කරණ පිණිස බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරෙවු ය” යි වදාළ සේක. ඒ ම ඒ ආයුෂ්මත්වරුන්ට උපසම්පදාව වි ය.
Pali BJTභද්දවග්ගියසහායකානං වත්ථු නිට්ඨිතං.
Sinhala BJTභද්‍රවර්ගික වූ යහළුවන්ගේ කථාවස්තුව නිමි.
Pali BJTදුතියභාණවාරං.
Sinhala BJTදෙවන බණවර නිමි.
Pali BJT1. අථ ඛො භගවා අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන උරුවෙලා තදවසරි. තෙන ඛො පන සමයෙන උරුවෙලායං තයො ජටිලා පටිවසන්ති: උරුවෙලකස්සපො නදීකස්සපො ගයාකස්සපො ති. තෙසු උරුවෙලකස්සපො ජටිලො පඤ්චන්නං ජටිලසතානං නායකො හොති විනායකො අග්ගො පමුඛො පාමොක්ඛො. නදීකස්සපො ජටිලො තිණ්ණං ජටිලසතානං නායකො හොති. විනායකො අග්ගො පමුඛො පාමොක්ඛො. ගයාකස්සපො ජටිලො ද්වින්නං ජටිලසතානං නායකො හොති විනායකො අග්ගො පමුඛො පාමොක්ඛො.
Sinhala BJT1. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පිළිවෙළින් චාරිකාවෙහි හැසිරෙමින් උරුවෙල්දනව්වට වැඩිසේක. ඒ කාලයෙහි උරුවේලාවෙහි උරුවේලකාශ්‍යප නදීකාශ්‍යප ගයාකාශ්‍යප යි ජටිලයෝ තිදෙනෙක් වාසය කරත්. ඔවුන් අතුරෙන් උරුවේලකාශ්‍යපජටිල තෙමේ පන්සියයක් ජටිලයන්ට නායක වේ. (තම ලබ්ධිය ගන්වන බැවින්) විනායක වේ. අග්‍ර වේ. ප්‍රමුඛ වේ. ආචාර්‍ය්‍ය වේ. නදීකාශ්‍යප ජටිල තෙමේ තුන්සියයක් ජටිලයන්ට නායක වේ. විනායක වේ. අග්‍ර වේ. ප්‍රමුඛ වේ. ආචාර්‍ය්‍ය වේ. ගයාකාශ්‍යප ජටිල තෙමේ දෙසියයක් ජටිලයන්ට නායක වේ. විනායක වේ. අග්‍ර වේ. ප්‍රමුඛ වේ. ආචාර්‍ය්‍ය වේ.
Pali BJT2. අථ ඛො භගවා යෙන උරුවෙලකස්සපස්ස ජටිලස්ස අස්සමො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා උරුවෙලකස්සපං ජටිලං එතදවොච: “සචෙ තෙ කස්සප, අගරු, වසෙය්යාම එකරත්තිං{1} අග්යාගාරෙ”ති. “න ඛො මෙ මහාසමණ, ගරු. චණ්ඩෙත්ථ නාගරාජා ඉද්ධිමා ආසීවිසො ඝොරවිසො. සො තං මා විහෙඨෙසී”ති. දුතියම්පි ඛො භගවා උරුවෙලකස්සපං ජටිලං එතදවොච: “සචෙ තෙ කස්සප, අගරු, වසෙය්යාම එකරත්තිං අග්යාගාරෙ”ති. “න ඛො මෙ මහාසමණ, ගරු. චණ්ඩෙත්ථ නාගරාජා ඉද්ධිමා ආසීවිසො ඝොරවිසො, සො තං මා විහෙඨෙසී”ති. තතියම්පි ඛො භගවා උරුවෙලකස්සපං ජටිලං එතදවොච: “සචෙ තෙ, කස්සප, අගරු, වසෙය්යාම එකරත්තිං අග්යාගාරෙ”ති. “න ඛො මෙ මහාසමණ, ගරු චණ්ඩෙත්ථ නාගරාජා ඉද්ධිමා ආසීවිසො. සො තං මා විහෙඨෙසී”ති. “අප්පෙව නාම {2}මං න විහෙඨෙය්ය, ඉඞ්ඝ ත්වං කස්සප, අනුජානාහි අග්යාගාර”න්ති. “විහර මහාසමණ, යථාසුඛ”න්ති. අථ ඛො භගවා අග්යාගාරං පවිසිත්වා තිණසන්ථරකං පඤ්ඤපෙත්වා නිසීදි පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා.
Sinhala BJT2. එකල්හි භාග්‍යවතුන් වහන්සේ උරුවේලකාශ්‍යපජටිලයාගේ අසපුවට වැඩිසේක. වැඩ “කාශ්‍යපය, ඉදින් ඔබට බරක් නැති නම් එක් රැයක් ගිනිහල්ගෙයි වසන්නෙමු” යි උරුවෙලකාශ්‍යපජටිලයාට වදාළ සේක. “මහාශ්‍රමණය, මට කිසි බරක් නැත. මෙහි චණ්ඩ වූ ඍද්ධි ඇති වහා පැතිරෙන විස ඇති දරුණු විස ඇති නාරජෙක් වෙයි. ඒ නාරජ තෙමේ නුඹවහන්සේ නො වෙහෙසාවා” යි (උරුවේලකාශ්‍යප තෙමේ කී ය). දෙවනු ද භාග්‍යවතුන් වහන්සේ උරුවේලකාශ්‍යප ජටිලයාහට “කාශ්‍යපය, ඉදින් ඔබට බරක් නො වේ නම්, එක් රැයක් ගිනිහල්ගෙයි වසන්නෙමු” යි වදාළ සේක. “මහා ශ්‍රමණය, මට කිසි බරක් නැත. මෙහි චණ්ඩ වූ ඍද්ධි ඇති වහා පැතිරෙන විස ඇති දරුණු විස ඇති නාරජෙක් වෙයි. හේ නුඹවහන්සේ නො වෙහෙසාවා” යි (කි ය). තෙවනු ද භාග්‍යවතුන් වහන්සේ උරුවේලකාශ්‍යපජටිලයාහට “කාශ්‍යපය, ඔබට කිසි බරක් නො වේ නම්, එක් රැයක් ගිනිහල්ගෙයි වසන්නෙමු” යි වදාළසේක. “මහා ශ්‍රමණය, මට කිසි බරක් නැත. මෙහි චණ්ඩ වූ ඍද්ධි ඇති වහා පැතිරෙන විස ඇති දරුණු විස ඇති නාරජෙක් වෙයි. හේ නුඹවහන්සේ නො වෙහෙසාවා” යි (කී ය). “මා නො පෙළන්නේ නම් මැනවි. කාශ්‍යපය, ඔබ ගිනිහල්ගෙය අනුදතමැනැවැ” යි වදාළසේක. (එවිට කාශ්‍යප තෙමේ) “මහාශ්‍රමණය, සැප සේ වාසය කරව” යි කීයේ ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ගිනිහල්ගෙට ඇතුල් ව තණඇතිරිය පණවා පලඟ බැඳ කය කෙළින් තබා සිහිය එළවා වැඩ හුන්සේක.
Pali BJT3. අථ ඛො සො නාගො අද්දස භගවන්තං පවිට්ඨං.{3} දිස්වාන දුම්මනො{4} පධූපායි. අථ ඛො භගවතො එතදහොසි: “යන්නූනාහං ඉමස්ස නාගස්ස අනුපහච්ච ඡවිඤ්ච චම්මඤ්ච මංසඤ්ච නහාරුඤ්ච අට්ඨිඤ්ච අට්ඨිමිඤ්ජඤ්ච තෙජසා තෙජං පරියාදියෙය්ය”න්ති. අථ ඛො භගවා තථාරූපං ඉද්ධාභිසඞ්ඛාරං අභිසඞ්ඛරිත්වා පධූපායි. අථ ඛො සො නාගො දුක්ඛං අසහමානො පජ්ජලි. භගවාපි තෙජොධාතුං සමාපජ්ජිත්වා පජ්ජලි. උභින්නං සජොතිභූතානං අග්යාගාරං ආදිත්තං විය හොති සම්පජ්ජලිතං සජොතිභූතං. අථ ඛො තෙ ජටිලා අග්යාගාරං පරිවාරෙත්වා එවමාහංසු: “අභිරූපො වත භො මහාසමණො නාගෙන විහෙඨියතී”ති. අථ ඛො භගවා තස්සා රත්තියා අච්චයෙන තස්ස නාගස්ස අනුපහච්ච ඡවිඤ්ච චම්මඤ්ච මංසඤ්ච නහාරුඤ්ච අට්ඨිඤ්ච අට්ඨිමිඤ්ජඤ්ච තෙජසා තෙජං පරියාදියිත්වා පත්තෙ පක්ඛිපිත්වා උරුවෙලකස්සපස්ස ජටිලස්ස දස්සෙසි: “අයං තෙ කස්සප, නාගො. පරියාදින්නො අස්ස තෙජසා තෙජො”ති. අථ ඛො උරුවෙලකස්සපස්ස ජටිලස්ස එතදහොසි: “මහිද්ධිකො ඛො මහාසමණො මහානුභාවො. යත්ර හි නාම චණ්ඩස්ස නාගරාජස්ස ඉද්ධිමතො ආසීවිසස්ස ඝොරවිසස්ස තෙජසා තෙජං පරියාදියිස්සති. නත්වෙව ච ඛො අරහා යථා අහ”න්ති.
Sinhala BJT3. එකල්හි ඒ නාගතෙමේ (ගිනිහල්ගෙට) ඇතුල් වූ භාග්‍යවතුන් වහන්සේ දුටුයේ ය. දැක නො සතුටු සිත් ඇත්තේ තදින් දුමා ගියේ ය. එකල්හි භාග්‍යවතුන් වහන්සේට “මම මේ නාගයාගේ සිවිය ද සම ද මස් ද නහර ද ඇට ද ඇටමිදුලු ද නො ගටා සියතෙදින් ඔහුගේ තෙද නසන්නේ නම් යෙහෙකැ” යි මෙබඳු සිතක් උපන්නේ ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එබඳු වූ ඍද්ධියක් කොට තදින් දුමා ගියහ. එකල්හි ඒ නාග තෙමේ කෝපය නො ඉවසන්නේ වැඩියක් ඇවිළ ගත්තේ ය. භාග්‍යවතුන් වහන්සේ ද තේජෝධාතුවට සමවැද වැඩියක් ඇවිළ ගත්හ. දෙදෙනා ගිනිදැල් සහිත වූ කල්හි (ඇවිළ ගත්කල්හි) ගිනිහල්ගෙය ගින්නෙන් ඇවිළ ගත්තා සේ වෙයි. හාත්පසින් දිලිසුනේ වෙයි. ගිනිදැල් සහිත වෙයි. එකල්හි ඒ ජටිලයෝ ගිනිහල්ගෙය පිරිවරා “භවත්නි, මනා රූ ඇති මහාශ්‍රමණ තෙමේ ඒකාන්තයෙන් නාගයා විසින් වෙහෙසෙනුලැබේ ය” යි කීහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රෑ ඇවෑමෙන් ඒ නාගයාගේ සිවිය ද සම ද මස් ද නහර ද ඇට ද ඇටමිදුලු ද නො ගටා සිය තෙදින් ඔහුගේ තෙද අබිබවා පාත්‍රයෙහි බහා “කාශ්‍යපය, මේ තාගේ නාගතෙමේ ය. මොහුගේ තෙද මාගේ තෙදින් අභිභවනය කරණලදැ”යි උරුවේලකාශ්‍යපජටිලයාහට දැක්වූහ. ඉක්බිති උරුවේලකාශ්‍යපජටිලයාහට “යමෙක් චණ්ඩ වූ ඍද්ධි ඇති වහා පැතිරෙන විස ඇති දරුණු විස ඇති නාරජුගේ තෙද සියතෙදින් නසන්නේ ද, ඒ මහාශ්‍රමණ තෙමේ මහත් ඍද්ධි ඇත්තේ ම ය. මහත් අනුභාව ඇත්තේ ම ය. එහෙත් මා මෙන් රහත් නො වේ ම ය” යි මේ අදහස වී ය.
Pali BJT4. නෙරඤ්ජරායං භගවා උරුවෙලකස්සපං ජටිලමවොච, සචෙ තෙ කස්සප අගරු විහරෙමු අජ්ජුණ්හො අග්ගිසරණම්භීති{1}
Sinhala BJT4. භාග්‍යවතුන් වහන්සේ නේරඤ්ජරා ගඟ සමීපයෙහි විසූ උරුවේලකාශ්‍යපජටිලයාහට “කාශ්‍යපය, ඉදින් ඔබට බරක් නො වේ නම්, අද එක් දිනක් ගිනිහල්ගෙයි වසමු” යි වදාළසේක.
Pali BJTන ඛො මෙ මහාසමණ ගරු ඵාසුකාමොව තං නිවාරෙමි, චණ්ඩෙත්ථ නාගරාජා ඉද්ධිමා ආසීවිසො ඝොරවිසො සො තං මා විහෙඨෙසීති.
Sinhala BJTමහාශ්‍රමණය, මට කිසි බරක් නැත්තේ ම ය. මේ ගිනිහල්ගෙයි චණ්ඩ වූ ඍද්ධි ඇති ආශීවිස වූ දරුණු විස ඇති නාරජෙක් වෙසෙයි. ‘හේ නුඹවහන්සේ නො වෙහෙසා වා’ යි නුඹවහන්සේට පහසු කැමැත්තේ ම නුඹවහන්සේ වළකා ලමි.
Pali BJTඅප්පෙව මං න විහෙඨෙය්ය ඉඞ්ඝ ත්වං කස්සප අනුජානාහි අග්යාගාරන්ති දින්නන්ති නං විදිත්වා අසම්භීතො පාවිසි භයමතීතො.
Sinhala BJTඒ නාරජතෙමේ මා නො වෙහෙසන්නේ නම් මැනවි. කාශ්‍යපය, තෝ ගිනිහල්ගෙය අනුදනුව. ‘ඒ ගිනිහල්ගෙය දෙන ලද්දේ ය’ යි දැන බිය ඉක්මවූයේ තැති ගැණීම් රහිත වූයේ ගිනිහල්ගෙට පිවිසිසේ ය.
Pali BJTදිස්වා ඉසිං පවිට්ඨං අහිනාගො දුම්මනො පධූපායි, සුමනමනසො{2} අධිමනො මනුස්සනාගොපි තත්ථ පධූපායි.
Sinhala BJTනාරජතෙමේ (ගිනිහල්ගෙය තුළට) පිවිසි බුදුරජුන් දැක නො සතුටු සිත් ඇත්තේ තදින් දුමා ගියේ ය. (පූර්‍ව වූ) බුදුවරුන් හා සමසිත් ඇති උසස් සිත් ඇති මනුෂ්‍යශ්‍රේෂ්ඨ තෙමේ ද තදින් දුමා ගියේ ය.
Pali BJTමක්ඛඤ්ච අසහමානො අහිනාගො පාවකොව පජ්ජලි, තෙජොධාතුසු කුසලො මනුස්සනාගො’පි තත්ථ පජ්ජලි.
Sinhala BJTනාරජතෙමේ කෝපය ද නො ඉවසන්නේ ගින්නක් සේ තදින් ඇවිළුනේ ය. එහි දී තොජොධාතුසමාපත්තිවිෂයයෙහි දක්‍ෂ වූ මනුෂ්‍යශ්‍රේෂ්ඨ තෙමේ ද තදින් ඇවිළුනේ ය.
Pali BJTඋභින්නං සජොතිභූතානං අග්යාගාරං උදිච්චරෙ ජටිලා{3}, අභිරූපො වත භො මහාසමණො නාගෙන විහෙඨියතීති භණන්ති.
Sinhala BJTදෙදෙන ගිනිදැල් සහිත වූ කල්හි (ගින්නෙන් ඇවිළ ගත් කල්හි) ජටිලයෝ ගිනිහල්ගෙය දෙස බැලූහ. නොහොත් පිරිවැරූහ. ‘භවත්නි, මනා රූ ඇති මහාශ්‍රමණතෙමේ නාරජු විසින් වෙහෙසනුලැබේ ය යි කියත්.
Pali BJTඅථ රත්තියා{4} අච්චයෙන අහිනාගස්ස{5} අච්චියො න හොන්ති, ඉද්ධිමතො පනුට්ඨිතා{6} අනෙකවණ්ණා අච්චියො හොන්ති.
Sinhala BJTඉක්බිති රෑ ඉක්ම යාමෙන් නාරජුගේ ගිනිදැල් නො වෙයි. ඍද්ධිමත් බුදුරජානන් වහන්සේගේ (සිරුරෙන්) නැඟී සිටි නොයෙක් පැහැ ඇති රශ්මීහු වෙත්.
Pali BJTනීලකා{7} අථ ලොහිතිකා මඤ්ජෙට්ඨා පීතිකා{8} ඵළිකවණ්ණායො, අඞ්ගීරසස්ස කායෙ අනෙකවණ්ණා අච්චියො හොන්ති.
Sinhala BJTඑකල්හි බුදුරජානන් වහන්සේගේ සිරුරෙහි හටගත් නිල්වන් වූ ද ලේවන් වූ ද මදටවන් වූ ද රන්වන් වූ ද පළිඟුවන් වූ ද රශ්මීහු නන් පැහැ ඇත්තෝ වෙත්.
Pali BJTපත්තම්හි ඔදහිත්වා අහිනාගං බ්රාහ්මණස්ස දස්සෙසි, අයං තෙ කස්සප නාගො පරියාදින්නො අස්ස තෙජසා තෙජොති.
Sinhala BJTනාරජු පාත්‍රයෙහි බහා “කාශ්‍යපය, මේ තොපගේ නාරජතෙමේ ය. මොහුගේ තෙද මාගේ තෙදින් හාත්පසින් මැඩගන්නා ලද්දේ ය”යි බ්‍රාහ්මණයාහට දැක්වූ සේක.
Pali BJT5. අථ ඛො උරුවෙලකස්සපො ජටිලො භගවතො ඉමිනා ඉද්ධිපාටිහාරියෙන අභිප්පසන්නො භගවන්තං එතදවොච: “ඉධෙව මහාසමණ, විහර. අහං ධුවභත්තෙනා”ති.
Sinhala BJT5. ඉක්බිති උරුවෙලකාශ්‍යපජටිලතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ මේ ඍද්ධිප්‍රාතිහාර්‍ය්‍යයෙන් වෙසෙසින් පහන් වූයේ “මහාශ්‍රමණය, මෙහි ම වාසය කරවු. මම නුඹවහන්සේට නිති බතින් උපස්ථාන කරමි”යි භාග්‍යවතුන් වහන්සේට කීයේ ය.
Pali BJTපඨමං පාටිහාරියං.
Sinhala BJTප්‍රථමප්‍රාතිහාර්‍ය්‍ය නිමි.
Pali BJT6. අථ ඛො භගවා උරුවෙලකස්සපස්ස ජටිලස්ස අස්සමස්ස අවිදූරෙ අඤ්ඤතරස්මිං වනසණ්ඩෙ විහාසි. අථ ඛො චත්තාරො මහාරාජා අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං වනසණ්ඩං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා චතුද්දිසා අට්ඨංසු සෙය්යථාපි මහන්තා අග්ගික්ඛන්ධා.
Sinhala BJT6. එකල්හි භාග්‍යවතුන් වහන්සේ උරුවේලකාශ්‍යපජටිලයාගේ අසපුවට නුදුරෙහි එක්තරා වනලැහැබෙක්හි විසූසේක. එකල්හි සතර වරම්මහරජහු රෑ පෙරයම ඉක්ම ගිය කල්හි විශිෂ්ටශරීරවර්‍ණ ඇත්තාහු සියලු වනලැහැබ බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියාහු ය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ මහත් ගිනිකඳන් සේ සිව්දිග සිටියාහු ය.
Pali BJTඅථ ඛො උරුවෙලකස්සපො ජටිලො තස්සා රත්තියා අච්චයෙන යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං එතදවොච: “කාලො මහාසමණ, නිට්ඨිතං භත්තං. කෙ නු ඛො තෙ මහාසමණ අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං වනසණ්ඩං ඔභාසෙත්වා යෙන ත්වං තෙනුපසඞ්කමිංසු? උපසඞ්කමිත්වා තං අභිවාදෙත්වා චතුද්දිසා අට්ඨංසු සෙය්යථාපි මහන්තා අග්ගික්ඛන්ධා?”ති.
Sinhala BJTඉක්බිති උරුවෙලකාශ්‍යපජටිලතෙමේ ඒ රැය ඇවෑමෙන් භාග්‍යවතුන් වහන්සේ වෙතට ගියේ ය. ගොස් භාග්‍යවතුන් වහන්සේගෙන් “මහාශ්‍රමණය, මේ සුදුසුකාලය වේ. බත නිමවී ය. මහාශ්‍රමණය, රෑ පෙරයම ඉක්ම ගිය කල්හි විශිෂ්ටශරීරවර්‍ණ ඇති ඒ කවර කෙනෙක් මුළු වනලැහැබ බබුළුවා නුඹවහන්සේ වෙතට පැමිණියාහු ද? පැමිණ නුඹවහන්සේ වැඳ මහත් වූ ගිනිකඳන් සේ සිව්දිග සිටියාහුදැ?’ යි ඇසී ය.
Pali BJT“එතෙ ඛො කස්සප, චත්තාරො මහාරාජා යෙනාහං තෙනුපසඞ්කමිංසු ධම්මස්සවනායා”ති. අථ ඛො උරුවෙලකස්සපස්ස ජටිලස්ස එතදහොසි: “මහිද්ධිකො ඛො මහාසමණො මහානුභාවො, යත්ර හි නාම චත්තාරොපි මහාරාජා උපසඞ්කමිස්සන්ති ධම්මස්සවණාය. නත්වෙව ච ඛො අරහා යථා අහ”න්ති. අථ ඛො භගවා උරුවෙලකස්සපස්ස ජටිලස්ස භත්තං භුඤ්ජිත්වා තස්මිංයෙව වනසණ්ඩෙ විහාසි.
Sinhala BJT“කාශ්‍යපය, ඒ සතරවරම්මහරජහු දහම් අසනු පිණිස මා වෙතට පැමිණියාහු ය”යි (වදාළසේක). එකල්හි උරුවේලකාශ්‍යපජටිලයාහට “යමකු කරා සතරවරම්මහරජහු දහම් අසනු පිණිස පැමිණෙන්නාහු ද, ඒ මහාශ්‍රමණ තෙමේ මහත් ඍද්ධි ඇත්තේ ම වේ. මහත් අනුභාව ඇත්තේ ම වේ. එහෙත් මා මෙන් රහත් නො වේ ම ය” යි සිතක් උපන්නේ ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උරුවේලකාශ්‍යපජටිලයාගේ බත වළඳා ඒ වනලැහැබෙහි ම විසූසේක.
Pali BJTදුතියං පාටිහාරියං.
Sinhala BJTද්වීතියප්‍රාතිහාර්‍ය්‍ය යි.
Pali BJT7. අථ ඛො සක්කො දෙවානමින්දො අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණො කෙවලකප්පං වනසණ්ඩං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි සෙය්යථාපි මහාඅග්ගික්ඛන්ධො, පුරිමාහි වණ්ණනිභාහි අභික්කන්තතරො ච පණීතතරො ච.
Sinhala BJT7. ඉක්බිති සක්දෙව්රජතෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි විශිෂ්ට ශරීරවර්‍ණ ඇත්තේ සියලු වනලැහැබ බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ පසෙක සිටියේ ය. මහගිනිකඳක් සේ පළමු පැහැයට වඩා අතිශයින් විශිෂ්ට වූයේ ද අතිශයින් ප්‍රණීත වූයේ ද වි ය.
Pali BJTඅථ ඛො උරුවෙලකස්සපො ජටිලො තස්සා රත්තියා අච්චයෙන යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං එතදවොච: “කාලො මහාසමණ, නිට්ඨිතං භත්තං. කො නු ඛො සො මහාසමණ, අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණො කෙවලකප්පං වනසණ්ඩං ඔභාසෙත්වා යෙන ත්වං තෙනුපසඞ්කමි? උපසඞ්කමිත්වා තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි සෙය්යථාපි මහාඅග්ගික්ඛන්ධො පුරිමාහි වණ්ණනිභාහි අභික්කන්තතරො ච පණීතතරො ච?”
Sinhala BJTඉක්බිති උරුවේලකාශ්‍යපතෙමේ ඒ රෑ ඉක්ම ගිය කල්හි භාග්‍යවතුන් වහන්සේ වෙතට පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට “මහාශ්‍රමණය, මේ සුදුසු කාලය යි. බත නිමියේ ය. මහාශ්‍රමණය, රෑ පෙරයම ඉක්ම ගිය කල්හි විශිෂ්ටශරීරවර්‍ණ ඇති කවරෙක්, වනලැහැබ බබුළුවා ඔබවහන්සේ වෙතට පැමිණියේ ද? පැමිණ නුඹ වහන්සේ වැඳ පසෙක සිටියේ ද? හේ මහ ගිනිකඳක් සේ පළමු වූ පැහැසටහන්වලට වඩා අතිශයින් විශිෂ්ට වූයේ ද අතිශයින් ප්‍රණීත වූයේ ද වී ය” යි කීයේ ය.
Pali BJT“එසො ඛො කස්සප, සක්කො දෙවානමින්දො යෙනාහං තෙනුපසඞ්කමි ධම්මස්සවණායා”ති. අථ ඛො උරුවෙලකස්සපස්ස ජටිලස්ස එතදහොසි: “මහිද්ධිකො ඛො මහාසමණො මහානුභාවො, යත්ර හි නාම සක්කොපිදෙවානමින්දො උපසඞ්කමිස්සති ධම්මස්සවණාය, නත්වෙව ච ඛො අරහා යථා අහ”න්ති. අථ ඛො භගවා උරුවෙලකස්සපස්ස ජටිලස්ස භත්තං භුඤ්ජිත්වා තස්මිංයෙව වනසණ්ඩෙ විහාසි.
Sinhala BJT“කාශ්‍යපය, දෙවියන්ට අධිපති වූ ශක්‍ර තෙමේ දහම් අසනු පිණිස මා වෙතට පැමිණියේ ය” යි (වදාළසේක). එකල්හි උරුවේලකාශ්‍යප ජටිලයාහට “යමකු කරා දෙවියන්ට අධිපති වූ ශක්‍ර තෙමේත් දහම් අසනු පිණිස පැමිණෙන්නේ ද, ඒ මහාශ්‍රමණතෙමේ මහත් ඍද්ධි ඇත්තේ ම ය, මහත් අනුභාව ඇත්තේ ම ය. එහෙත් මා මෙන් රහත් නො වේ මැ” යි සිතක් උපන්නේ ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උරුවේලකාශ්‍යප ජටිලයාගේ බත වළඳා, ඒ වනලැහැබෙහි ම විසූසේක.
Pali BJTතතියං පාටිහාරියං.
Sinhala BJTතෘතීයප්‍රාතිහාර්‍ය්‍යය යි.
Pali BJT8. අථ ඛො බ්රහ්මා සහම්පති අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණො කෙවලකප්පං වනසණ්ඩං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි සෙය්යථාපි මහාඅග්ගික්ඛන්ධො, පුරිමාහි වණ්ණනිභාහි අභික්කන්තතරො ච පණීතතරො ච.
Sinhala BJT8. ඉක්බිති සහම්පති බ්‍රහ්මතෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි විශිෂ්ටශරීරවර්‍ණ ඇත්තේ වනලැහැබ බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙතට පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ පසෙක සිටියේ ය. මහාගිනිකඳක් සේ පළමු පැහැ සටහන්වලට වඩා අතිශයින් විශිෂ්ට වූයේ ද, අතිශයින් ප්‍රණීත වූයේ ද වි ය.
Pali BJT9. අථ ඛො උරුවෙලකස්සපො ජටිලො තස්සා රත්තියා අච්චයෙන යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං එතදවොච: “කාලො මහාසමණ, නිට්ඨිතං භත්තං. කො නු ඛො සො මහාසමණ, අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණො කෙවලකප්පං වනසණ්ඩං ඔභාසෙත්වා යෙන ත්වං තෙනුපසඞ්කමි? උපසඞ්කමිත්වා තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි සෙය්යථාපි මහා අග්ගික්ඛන්ධො පුරිමාහි වණ්ණනිභාහි අභික්කන්තතරො ච පණීතතරො චා?”ති.
Sinhala BJT9. ඉක්බිති උරුවේලකාශ්‍යප ජටිලතෙමේ ඒ රෑ ඉක්ම ගිය පසු භාග්‍යවතුන් වහන්සේ වෙතට ගියේ ය. ගොස් භාග්‍යවතුන් වහන්සේට “මහාශ්‍රමණය, මේ සුදුසු කාලය යි. බත නිමවූයේ ය. මහාශ්‍රමණය, රෑ පෙරයම ඉක්ම ගිය කල්හි විශිෂ්ටශරීරවර්‍ණ ඇති ඒ කවරෙක් වනලැහැබ බබුළුවා ඔබවහන්සේ වෙතට පැමිණියේ ද, පැමිණ ඔබ වහන්සේ වැඳ පසෙක සිටියේ ද? හේ මහාගිනිකඳක් සේ පළමු පැහැසටහන් වලට වඩා අතිශයින් විශිෂ්ට වූයේ ද අතිශයින් ප්‍රණීත වූයේ ද වී ය” යි කීයේ ය.
Pali BJT“එසො ඛො කස්සප, බ්රහ්මා සහම්පති යෙනාහං තෙනුපසඞ්කමි ධම්මස්සවනායා”ති. අථ ඛො උරුවෙලකස්සපස්ස ජටිලස්ස එතදහොසි: “මහිද්ධිකො ඛො මහාසමණො මහානුභාවො, යත්ර හි නාම බ්රහ්මාපි සහම්පති උපසඞ්කමිස්සති ධම්මසවණාය, නත්වෙව ච ඛො අරහා යථා අහ”න්ති. අථ ඛො භගවා උරුවෙලකස්සපස්ස ජටිලස්ස භත්තං භුඤ්ජිත්වා තස්මිංයෙව වනසණ්ඩෙ විහාසි.
Sinhala BJT“කාශ්‍යපය, සහම්පති බ්‍රහ්මතෙමේ දහම් ඇසීම පිණිස මා වෙත පැමිණියේ” යි වදාළසේක. එකල්හි උරුවේලකාශ්‍යපජටිලයාහට “යමකු කරා සහම්පති බ්‍රහ්මයාත් දහම් ඇසීම පිණිස පැමිණෙන්නේ ද, ඒ මහාශ්‍රමණතෙමේ මහත් ඍද්ධි ඇත්තේ ම ය. මහත් අනුභාව ඇත්තේ ම ය. එහෙත් මා මෙන් රහත් නො වේ ම ය”යි සිතක් උපන්නේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උරුවේලකාශ්‍යපජටිලයාගේ බත වළඳා ඒ වනලැහැබෙහි ම විසූසේක.
Pali BJTචතුත්ථං පාටිහාරියං.
Sinhala BJTචතුර්‍ත්‍ථප්‍රාතිහාර්‍ය්‍යය යි.
Pali BJT10. තෙන ඛො පන සමයෙන උරුවෙලකස්සපස්ස ජටිලස්ස මහායඤ්ඤො පච්චුපට්ඨිතො හොති. කෙවලකප්පා ච අඞ්ගමගධා පහූතං ඛාදනීයං භොජනීයං ආදාය අභික්කමිතුකාමා හොන්ති. අථ ඛො උරුවෙලකස්සපස්ස ජටිලස්ස එතදහොසි: “එතරහි ඛො මෙ මහායඤ්ඤො පච්චුපට්ඨිතො. කෙවලකප්පා ච අඞ්ගමගධා පහූතං ඛාදනීයං භොජනීයං ආදාය අභික්කමිස්සන්ති. සචෙ මහාසමණො මහාජනකායෙ ඉද්ධිපාටිහාරියං කරිස්සති, මහාසමණස්ස ලාභසක්කාරො අභිවඩ්ඪිස්සති. මම ලාභසක්කාරො පරිහායිස්සති. අහො නූන මහාසමණො ස්වාතනාය නාගච්ඡෙය්යා”ති.
Sinhala BJT10. එකල්හි උරුවේලකාශ්‍යපජටිලයාගේ මහායාගයක් එළඹ සිටියේ වෙයි. මුළු අඟුමගදදනවුවැස්සෝ බොහෝ වූ කෑයුතු දේත් බිදියයුතු දේත් ගෙණ එළඹෙනු කැමැත්තෝ වෙති. එකල්හි උරුවේලකාශ්‍යපජටිලයාහට “දැන් මාගේ මහායාගය එළඹ සිටියේ ය. අඟුමගදදනවුවැස්සෝ බොහෝ වූ කෑ යුතු දේත් බිදියයුතු දේත් ගෙණ එළඹෙන්නාහු ය. ඉදින් මහාශ්‍රමණ තෙමේ මහාජනසමූහයා මැද ඍද්ධිප්‍රාතිහාර්‍ය්‍යයක් කෙළේ නම්, මහාශ්‍රමණයාගේ ලාභසත්කාර ය වැඩෙන්නේ ය. මගේ ලාභසත්කාරය පිරිහෙන්නේ ය. එහෙයින් මහාශ්‍රමණ තෙමේ හෙට නො එන්නේ නම් යෙහෙකැ” යි මෙබඳු සිතක් උපන්නේ ය.
Pali BJT11. අථ ඛො භගවා උරුවෙලකස්සපස්ස ජටිලස්ස චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය උත්තරකුරුං ගන්ත්වා තතො පිණ්ඩපාතං ආහරිත්වා අනොතත්තදහෙ පරිභුඤ්ජිත්වා තත්ථෙව දිවාවිහාරං අකාසි.
Sinhala BJT11. එකල්හි භාග්‍යවතුන් වහන්සේ උරුවේලකාශ්‍යපජටිලයාගේ කල්පනාව සියසිතින් දැන උතුරුකුරුදිවයිනට වැඩ එයින් පිණ්ඩපාතය ගෙණවුත් අනවතප්තවිල සමීපයෙහි දී වළඳා එහි ම දිවාවිහරණය කළසේක.
Pali BJT12. අථ ඛො උරුවෙලකස්සපො ජටිලො තස්සා රත්තියා අච්චයෙන යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං එතදවොච: “කාලො මහාසමණ. නිට්ඨිතං භත්තං. කින්නු ඛො මහාසමණ, භිය්යො නාගමාසි? අපි ච මයං තං සරාම: ‘කින්නු ඛො මහාසමණො නාගච්ඡතී?ති. ඛාදනීයස්ස ච භොජනීයස්ස ච තෙ පටිවිංසො{1} ඨපිතො”ති.
Sinhala BJT12. එකල්හි උරුවේලකාශ්‍යප ජටිලතෙමේ ඒ රැය ඉක්ම ගිය කල්හි භාග්‍යවතුන් වහන්සේ වෙතට පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට “මහාශ්‍රමණය, මේ සුදුසු කාලය යි. බත නිමවූයේ ය. මහා ශ්‍රමණය, කුමක් නිසා ඊයේ නො ආවහු ද? එහෙත් ‘අපි මහාශ්‍රමණතෙමේ කුමක් නිසා නො ඒ දැ?’ යි ඔබවහන්සේ සිහිපත් කෙළෙමු. කෑ යුතු දෙය ද බිදියයුතු දෙය ද පිළිබඳ ඔබ වහන්සේගේ කොටස තබන ලද්දේ ය” යි කීයේ ය.
Pali BJT13. “නනු තෙ කස්සප, එතදහොසි: එතරහි ඛො මෙ මහායඤ්ඤො පච්චුපට්ඨිතො, කෙවලකප්පා ච අඞ්ගමගධා පහූතං ඛාදනීයං භොජනීයං ආදාය අභික්කමිස්සන්ති. සචෙ මහාසමණො මහාජනකායෙ ඉද්ධිපාටිහාරියං කරිස්සති, මහාසමණස්ස ලාභසක්කාරො අභිවඩ්ඪිස්සති. මම ලාභසක්කාරො පරිහායිස්සති. අහො නූන මහාසමණො ස්වාතනාය නාගච්ඡෙය්යා?”ති.
Sinhala BJT13. ‘කාශ්‍යපය, නුඹට ‘දැන් මාගේ මහායාගය එළඹ සිටියේ ය. අඟුමගදදනවුවැසි ඉතා වැඩි දෙනෙක් බොහෝ වූ කෑ යුතු දේත් බිදිය යුතු දේත් ගෙණ එළඹෙන්නාහු ය. ඉදින් මහාශ්‍රමණ තෙමේ මහාජනසමූහයා මැද ඍද්ධිප්‍රාතිහාර්‍ය්‍යයක් කරන්නේ නම්, මහාශ්‍රමණයාගේ ලාභසත්කාරය වැඩෙන්නේ ය. මගේ ලාභසත්කාර පිරිහෙන්නේ ය. එහෙයින් මහාශ්‍රමණ තෙමේ හෙට නො එන්නේ නම් යෙහෙකැ’ යි මෙබඳු සිතක් නො වූයේ ද?
Pali BJT14. “සො ඛො අහං කස්සප, තව චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය උත්තරකුරුං ගන්ත්වා තතො පිණ්ඩපාතං ආහරිත්වා අනොතත්තදහෙ පරිභුඤ්ජිත්වා තත්ථෙව දිවාවිහාරං අකාසි”න්ති.
Sinhala BJT14. “කාශ්‍යපය, ඒ මම නුඹගේ සිත මා සිතින් දැන උතුරුකුරු දිවයිනට ගොස් එයින් පිණ්ඩපාතය ගෙණවුත් අනවතප්තවිල සමීපයෙහි දී වළඳා එහි ම දිවාවිහරණය කෙළෙමි” යි වදාළසේක.
Pali BJT15. අථ ඛො උරුවෙලකස්සපස්සජටිලස්ස එතදහොසි: “මහිද්ධිකො ඛො මහාසමණො මහානුභාවො, යත්ර හි නාම චෙතසා’පි චිත්තං පජානිස්සති, නත්වෙව ච ඛො අරහා යථා අහ”න්ති. අථ ඛො භගවා උරුවෙලකස්සපස්ස ජටිලස්ස භත්තං භුඤ්ජිත්වා{2} තස්මිංයෙව වනසණ්ඩෙ විහාසි.
Sinhala BJT15. එකල්හි උරුවේලකාශ්‍යපජටිලයාහට “යමෙක් සිය සිතින් අනුන්ගේ සිත දැන ගන්නේ ද, ඒ මහාශ්‍රමණ තෙමේ මහත් ඍද්ධි ඇත්තේ ම ය. මහත් අනුභාව ඇත්තේම ය. එහෙත් මා මෙන් රහත්, නො වේ මැ” යි සිතක් වූයේ ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උරුවේලකාශ්‍යපජටිලයාගේ බත වළඳා ඒ වනලැහැබෙහි ම විසූසේක.
Pali BJTපඤ්චමං පාටිහාරියං.
Sinhala BJTපඤ්චම ප්‍රාතිහාර්‍ය්‍යය යි
Pali BJT1. තෙන ඛො පන සමයෙන භගවතො පංසුකූලං උප්පන්නං හොති. අථ ඛො භගවතො එතදහොසි: “කත්ථ නු ඛො අහං පංසුකූලං ධොවෙය්ය?”න්ති. අථ ඛො සක්කො දෙවානමින්දො භගවතො චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය පාණිනා පොක්ඛරණිං ඛණිත්වා භගවන්තං එතදවොච: “ඉධ භන්තෙ, භගවා පංසුකූලං ධොවතූ”ති. අථ ඛො භගවතො එතදහොසි: “කිම්හි නු ඛො අහං පංසුකූලං පරිමද්දෙය්ය?”න්ති අථ ඛො සක්කො දෙවානමින්දො භගවතො චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය මහතිං සිලං උපනික්ඛිපි: ඉධ භන්තෙ, භගවා පංසුකූලං පරිමද්දතූ”ති. අථ ඛො භගවතො එතදහොසි: “කිම්හි නු ඛො අහං ආලම්බිත්වා උත්තරෙය්ය”න්ති? අථ ඛො කකුධෙ අධිවත්ථා දෙවතා භගවතො චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය සාඛං ඔනාමෙසි{1} “ඉධ භන්තෙ, භගවා ආලම්බිත්වා උත්තරතූ”ති. අථ ඛො භගවතො එතදහොසි: “කිම්හි නු ඛො අහං පංසුකූලං විස්සජ්ජෙය්ය?”න්ති. අථ ඛො සක්කො දෙවානමින්දො භගවතො චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය මහතිං සිලං උපනික්ඛිපි: “ඉධ භන්තෙ, භගවා පංසුකූලං විස්සජ්ජෙතූ”ති.
Sinhala BJT1. එකල්හි භාග්‍යවතුන් වහන්සේට පංසුකූලයක් උපන්නේ ය. එවිට උන්වහන්සේට “මම කොතැන්හි දී පංසුකූලය සෝදන්නේනම් දැ?” යි සිතක් පහළ වූයේ ය. අනතුරු ව දෙවියන්ට අධිපති වූ ශක්‍රතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ සිත තම සිතින් දැන අතින් පොකුණක් හාරා භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මෙහි පංසුකූලය සෝදන සේක්වා” යි සැළ කෙළේ ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේට “මම කුමක ලා පංසුකූලය පිරිමදින්නෙම් දැ?” යි සිතක් වි ය. ඉක්බිති සක්දෙව්රජතෙමේ භාග්‍යවතුන් වහන්සේ ගේ චිත්තවිතර්‍කය තම සිතින් දැන “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මෙහි පංසුකූලය පිරිමදිනසේක්වා” යි මහත් ගලක් එළවා තැබුයේ ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේට “මම කොතැනක එල්බී ගොඩ නගින්නෙම්දැ?” යි සිතක් වූයේය. ඉක්බිති කුඹුක්ගසෙහි අරක් ගත් දේවතා තොමෝ භාග්‍යවතුන් වහන්සේගේ සිත තම සිතින් දැන “භාග්‍යවතුන් වහන්සේ මෙහි එල්බී ගොඩ නගින සේක් වා” යි අත්තක් නැමූ ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේට “මම පංසුකූලය කොතැනක දිග හරින්නෙම් (– වනම් දැ යි) සිතක් වූයේ ය. ඉක්බිති සක්දෙව්රජතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ සිත තම සිතින් දැන “භාග්‍යවතුන් වහන්සේ පංසුකූලය මෙහි දිග හරිණ (වනන) සේක්වා” යි මහත් ගලක් එළවා තැබුයේ ය.
Pali BJT2. අථ ඛො උරුවෙලකස්සපො ජටිලො තස්සා රත්තියා අච්චයෙන යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං එතදවොච: “කාලො මහාසමණ, නිට්ඨිතං භත්තං. කින්නු ඛො මහාසමණ, නායං පුබ්බෙ ඉධ පොක්ඛරණී, සායං ඉධ පොක්ඛරණී? නයිමා සිලා පුබ්බෙ උපනික්ඛිත්තා. කෙනිමා සිලා උපනික්ඛිත්තා? නයිමස්ස කකුධස්ස පුබ්බෙ සාඛා ඔනතා, සායං සාඛා ඔනතා?”ති.
Sinhala BJT2. ඉක්බිති උරුවේලකාශ්‍යපජටිල තෙමේ ඒ රැය ඉක්ම ගිය කල්හි භාග්‍යවතුන් වහන්සේ වෙතට පැමිණියේ ය. පැමිණ “මහාශ්‍රමණය, මේ සුදුසු කාලය යි. බත නිමවූයේ ය. මහාශ්‍රමණය, කිමෙක් ද? මේ පොකුණ පෙර මෙහි නො වී ය. මෙහි ඒ මේ පොකුණ දැන් තිබේ. පෙර මේ ගල නො තිබුනි. කවරකු විසින් මේ ගල තබන ලද්දේ ද? පෙර මේ කුඹුක් ගසේ අත්ත නො නැමින. දැන් ඒ මේ අත්ත නැමිනැ’ යි කීයේ ය.
Pali BJT3. ඉධ මෙ කස්සප, පංසුකූලං උප්පන්නං අහොසි. තස්ස මය්හං කස්සප, එතදහොසි: “කත්ථ නු ඛො අහං පංසුකූලං ධොවෙය්ය”න්ති. අථ ඛො කස්සප, සක්කො දෙවානමින්දො මම චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය පාණිනා පොක්ඛරණිං ඛණිත්වා මං එතදවොච: ‘ඉධ භන්තෙ, භගවා පංසුකූලං ධොවතූ’ති. සායං අමනුස්සෙන පාණිනා ඛතා{2} පොක්ඛරණී. තස්ස මය්හං කස්සප, එතදහොසි’ ‘කිම්හි නු ඛො අහං පංසුකූලං පරිමද්දෙය්ය?”න්ති. අථ ඛො කස්සප, සක්කො දෙවානමින්දො මම චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය මහතිං සිලං උපනික්ඛිපි: ‘ඉධ, භන්තෙ, භගවා පංසුකූලං පරිමද්දතූ”ති. සායං අමනුස්සෙන උපනික්ඛිත්තා සිලා. තස්ස මය්හං කස්සප, එතදහොසි: ‘කිම්හි නු ඛො අහං ආලම්බිත්වා උත්තරෙය්ය?”න්ති. අථ ඛො කස්සප, කකුධෙ අධිවත්ථා දෙවතා ජ මම චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය සාඛං ඔනාමෙසි: ‘ඉධ භන්තෙ, භගවා ආලම්බිත්වා උත්තරතූ’ති. ස්වායං ආහරභත්ථො කකුධො. තස්ස මය්හං කස්සප, එතදහොසි: ‘කිම්හි නු ඛො අහං පංසුකූලං විස්සජ්ජෙය්ය?’න්ති. අථ ඛො කස්සප, සක්කො දෙවානමින්දො මම චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය මහතිං සිලං උපනික්ඛිපි: ‘ඉධ භන්තෙ භගවා පංසුකූලං විස්සජ්ජෙතූ’ති. සායං අමනුස්සෙන උපනික්ඛිත්තා සිලා”ති. අථ ඛො උරුවෙලකස්සපස්ස ජටිලස්ස එතදහොසි: “මහිද්ධිකො ඛො මහාසමණො මහානුභාවො, යත්ර හි නාම සක්කොපි දෙවානමින්දො වෙය්යාවච්චං කරිස්සති. නත්වෙව ච ඛො අරහා යථා අහ”න්ති. අථ ඛො භගවා උරුවෙලකස්සපස්ස ජටිලස්ස භත්තං භුඤ්ජිත්වා තස්මිංයෙව වනසණ්ඩෙ විහාසි.
Sinhala BJT3. “කාශ්‍යපය, මෙහි දී මට පංසුකූලයක් උපන්නේ ය. ‘කොතැනක මම පංසුකූලය සෝදන්නෙම් දැ?’ යි ඒ මට සිතක් උපන. කාශ්‍යපය, ඉක්බිති සක්දෙව්රජ තෙමේ තම සිතින් මාගේ සිත දැන අතින් පොකුණක් හාරා මට “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ පංසුකූලය මෙහි සෝදනසේක්වා’ යි කීයේ ය. ඒ මේ පොකුණ නො මිනිසකු අතින් සාරණලද්දේ ය. කාශ්‍යපය, ඒ මට ‘මම කො තැනක පංසුකූලය පිරිමදින්නෙම් දැ?’ යි සිතක් වූයේ ය. කාශ්‍යපය, ඉක්බිති සක්දෙව්රජ තෙමේ තම සිතින් මාගේ සිත දැන ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ පංසුකූලය මෙහි පිරිමදිනසේක්වා’ යි මහත් ගලක් එළවා තැබුවේ ය. ඒ මේ ගල නො මිනිසකු විසින් එළවා තබන ලද්දේ ය. ‘කාශ්‍යපය, ඒ මට මම කො තැනක එල්බී ගොඩ නගින්නෙම් දැ’ යි සිතක් උපන්නේ ය. ඉක්බිති කාශ්‍යපය, කුඹුක්ගසෙහි අරක්ගත් දේවතාතොමෝ තම සිතින් මාගේ සිත දැන ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මෙහි එල්බී ගොඩ නගිනසේක්වා” යි අත්තක් නැමූ ය. ඒ මේ කුඹුක්ගස “ස්වාමීනි, අත දෙව” යි කියන්නා සේ ය. කාශ්‍යපය, ඒ මට ‘මම පංසුකූලය කො තැනක දිග හරින්නෙම් දැ?’ යි සිතක් වි ය. ඉක්බිති කාශ්‍යපය, සක්දෙව්රජ තෙමේ තම සිතින් මාගේ සිත දැන ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මෙහි පංසුකූලය දිග හරිණසේක්වා’ යි මහත් ගලක් එළවා තැබුයේ ය. ඒ මේ ගල නො මිනිසකු විසින් එළවා තබන ලද්දේ ය” යි (වදාළසේක.) ඉක්බිති උරුවේලකාශ්‍යපජටිලයාහට “සක්දෙව් රජතෙමේත් යම් මහාශ්‍රමණයකුට වතාවත් කරන්නේ ද, ඒ මහාශ්‍රමණතෙමේ මහත් ඍද්ධිඇත්තේ ම ය. මහත් අනුභාව ඇත්තේ ම ය. එහෙත් මා මෙන් රහත් නො වේ ම ය” යි සිතක් වූයේ ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උරුවේලකාශ්‍යපජටිලයාගේ බත වළඳා ඒ වනලැහැබෙහි ම විසූ සේක.
Pali BJT4. අථ ඛො උරුවෙලකස්සපො ජටිලො තස්සා රත්තියා අච්චයෙන යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතො කාලං ආරොචෙසි: “කාලො මහාසමණ, නිට්ඨිතං භත්ත”න්ති. “ගච්ඡ, කස්සප,{1} ආයාමහ”න්ති උරුවෙලකස්සපං ජටිලං උය්යොජෙත්වා යාය ජම්බුයා ජම්බුදීපො පඤ්ඤායති තතො ඵලං ගහෙත්වා පඨමතරං ආගන්ත්වා අග්යාගාරෙ නිසීදි. අද්දසා ඛො උරුවෙලකස්සපො ජටිලො භගවන්තං අග්යාගාරෙ නිසින්නං. දිස්වාන භගවන්තං එතදවොච: “කතමෙන ත්වං මහාසමණ, මග්ගෙන ආගතො? අහං තයා පඨමතරං පක්කන්තො. සො ත්වං පඨමතරං ආගන්ත්වා අග්යාගාරෙ නිසින්නො”ති. “ඉධාහං කස්සප, තං උය්යොජෙත්වා යාය ජම්බුයා ජම්බුදීපො පඤ්ඤායති, තතො ඵලං ගහෙත්වා පඨමතරං ආගන්ත්වා අග්යාගාරෙ නිසින්නො. ඉදං ඛො කස්සප, ජම්බුඵලං වණ්ණසම්පන්නං ගන්ධසම්පන්නං රසසම්පන්නං. සචෙ ආකඞ්ඛසි පරිභුඤ්ජා”ති. “අලං, මහාසමණ, ත්වං යෙවෙතං{2} අහරසි,{3} ත්වං යෙවෙතං පරිභුඤ්ජා”ති. අථ ඛො උරුවෙලකස්සපස්ස ජටිලස්ස එතදහොසි: “මහිද්ධිකො ඛො මහාසමණො මහානුභාවො. යත්ර හි නාම මං පඨමතරං උය්යොජෙත්වා යාය ජම්බුයා ජම්බුදීපො පඤ්ඤායති, තතො ඵලං ගහෙත්වා පඨමතරං ආගන්ත්වා අග්යාගාරෙ නිසීදිස්සති, නත්වෙව ච ඛො අරහා යථා අහ”න්ති. අථ ඛො භගවා උරුවෙලකස්සපස්ස ජටිලස්ස භත්තං භුඤ්ජිත්වා තස්මිංයෙව වනසණ්ඩෙ විහාසි.
Sinhala BJT4. ඉක්බිති උරුවෙලකාශ්‍යපජටිලතෙමේ ඒ රැය ඉක්ම ගිය පසු භාග්‍යවතුන් වහන්සේ වෙතට පැමිණියේ ය. පැමිණ “මහාශ්‍රමණය, සුදුසු කාලය වේ. බත නිමියේ ය” යි කල් දැන්වී ය. “කාශ්‍යපය යව. මම පසු ව එමි” යි උරුවේලකාශ්‍යපජටිලයා යවා දඹදිව යම් දඹගසකින් ප්‍රසිද්ධ වේ ද, ඒ දඹගසින් ගෙඩියක් ගෙණ පළමු කොට අවුත් ගිනිහල්ගෙයි වැඩ හුන්සේක. උරුවේලකාශ්‍යපජටිල තෙමේ ගිනිහල්ගෙයි වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ දුටුයේ ය. දැක “මහාශ්‍රමණය, ඔබ කවර මගකින් ආසේක් ද? මම ඔබට පළමු ව පිටත් වූයෙමි. ඒ ඔබ පළමු කොට අවුත් ගිනිහල්ගෙයි හුන්සේකැ” යි කීයේ ය. “කාශ්‍යපය, මෙහි මම ඔබ පිටත් කොට, දඹදිව යම් දඹගසකින් ප්‍රසිද්ධ වේ ද ඒ ගසින් ගෙඩියක් ගෙණ පළමු කොට අවුත් ගිනිහල්ගෙයි හුන්නෙමි. කාශ්‍යපය, මේ දඹගෙඩිය පැහැයෙන් පිරිපුන් ය. සුවඳින් පිරිපුන් ය. රසයෙන් පිරිපුන් ය. ඉදින් කැමැත්තෙහි නම් අනුභව කරව” යි වදාළ සේක. “මහාශ්‍රමණය, කම් නැත. ඔබ ම මේ දඹදෙහඩිය ගෙණ ආසේක. ඔබ ම මෙය අනුභව කරණු මැනැව.” ඉක්බිති උරුවේලකාශ්‍යපජටිලයාහට “යමෙක් මා පළමු කොට පිටත් කර යවා, දඹදිව යම් දඹගසකින් ප්‍රසිද්ධ වේ ද, ඒ දඹගසින් ගෙඩියක් ගෙණ පළමුකොට අවුත් ගිනිහල්ගෙයි හුන්නේ ද, ඒ මහාශ්‍රමණ තෙමේ මහත් ඍද්ධි ඇත්තේ ම ය. මහත් අනුභාව ඇත්තේ ම ය. එහෙත් මා මෙන් රහත් නො වේ ම ය” යි සිතක් වූයේ ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උරුවේලකාශ්‍යපජටිලයාගේ බත වළඳා ඒ වනලැහැබෙහි ම විසූසේක.
Pali BJT5. අථ ඛො උරුවෙලකස්සපො ජටිලො තස්සා රත්තියා අච්චයෙන යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවතො කාලං ආරොචෙසි: “කාලො මහාසමණ, නිට්ඨිතං භත්ත”න්ති. ගච්ඡ, කස්සප, ආයාමහ”න්ති උරුවෙලකස්සපං ජටිලං උය්යොජෙත්වා යාය ජම්බුයා ජම්බුදීපො පඤ්ඤායති, තස්සා අවිදූරෙ අම්බො -පෙ- තස්සා අවිදූරෙ ආමලකී -පෙ- තස්සා අවිදූරෙ හරීතකී -පෙ- තස්සා අවිදූරෙ -පෙ- තාවතිංසං ගන්ත්වා පාරිච්ඡත්තකපුප්ඵං ගහෙත්වා පඨමතරං ආගන්ත්වා අග්යාගාරෙ නිසීදි. අද්දසා ඛො උරුවෙලකස්සපො ජටිලො භගවන්තං අග්යාගාරෙ නිසින්නං. දිස්වාන භගවන්තං එතදවොච: “කතමෙන ත්වං මහාසමණ, මග්ගෙන ආගතො. අහං තයා පඨමතරං පක්කන්තො. සො ත්වං පඨමතරං ආගන්ත්වා අග්යාගාරෙ නිසින්නො”ති. “ඉධාහං කස්සප, තං උය්යොජෙත්වා තාවතිංසං ගන්ත්වා පාරිච්ඡත්තකපුප්ඵං ගහෙත්වා පඨමතරං ආගන්ත්වා අග්යාගාරෙ නිසින්නො. ඉදං ඛො කස්සප, පාරිච්ඡත්තකපුප්ඵං වණ්ණසම්පන්නං ගන්ධසම්පන්න”න්ති.{4} අථ ඛො උරුවෙලකස්සපස්ස ජටිලස්ස එතදහොසි: “මහිද්ධිකො ඛො මහාසමණො මහානුභාවො, යත්ර හි නාම මං පඨමතරං උය්යොජෙත්වා තාවතිංසං ගන්ත්වා පාරිච්ඡත්තකපුප්ඵං ගහෙත්වා පඨමතරං ආගන්ත්වා අග්යාගාරෙ නිසීදිස්සති. නත්වෙව ච ඛො අරහා යථා අහ”න්ති.
Sinhala BJT5. ඉක්බිති උරුවෙලකාශ්‍යපජටිලතෙමේ ඒ රැය ඉක්ම ගිය කල්හි භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට “මහාශ්‍රමණය, මේ සුදුසු කාලය වේ. බත නිමියේ ය” යි කල් දැන්වී ය. “කාශ්‍යපය, යව, මම එමි” යි උරුවේලකාශ්‍යපජටිලයා පිටත් කර යවා දඹදිව යම් දඹගසකින් ප්‍රසිද්ධ වේ ද, ඒ දඹගසට නුදුරෙහි අඹගසක් වේ. –පෙ– ඒ අඹගසට නුදුරෙහි නෙල්ලිගසක් වේ. –පෙ– ඒ නෙල්ලිගසට නුදුරෙහි අරළුගසක් වේ. –පෙ– තව්තිසා දෙව්ලොවට වැඩ පරසතුමලක් ගෙණ පළමු කොට අවුත් ගිනිහල්ගෙයි වැඩහුන් සේක. උරුවෙලකාශ්‍යපජටිලතෙමේ ගිනිහල්ගෙයි වැඩ හුන් භාග්‍යවතුන් වහන්සේ දුටුයේ ය. දැක භාග්‍යවතුන් වහන්සේට “මහාශ්‍රමණය, නුඹවහන්සේ කිනම් මගකින් ආසේක් ද? මම නුඹවහන්සේට වඩා පළමු කොට පිටත් වූයෙම් වෙමි. ඒ නුඹවහන්සේ පළමු කොට අවුත් ගිනිහල්ගෙයි හුන්සේකැ” යි කීයේ ය. “කාශ්‍යපය, මම මෙහි ඔබ පිටත් කර යවා තාවතිංසයට ගොස් පරසතුමලක් ගෙණ පළමුකොට අවුත් ගිනිහල්ගෙයි හුන්නෙම් වෙමි. කාශ්‍යපය, මේ පරසතුමල පැහැයෙන් යුක්ත ය. සුවඳින් යුක්ත ය” යි වදාළසේක. ඉක්බිති උරුවේලකාශ්‍යපජටිලයාහට “යමෙක් මා පළමු කොට පිටත් කර යවා තාවතිංසයට ගොස් පරසතුමලක් ගෙණ පළමු කොට අවුත් ගිනිහල්ගෙයි හුන්නේ ද, ඒ මහාශ්‍රමණතෙමේ මහත් ඍද්ධි ඇත්තේ ම ය. මහත් අනුභාව ඇත්තේ ම ය. එහෙත් මා මෙන් රහත් නො වේ මැ” යි සිතක් වූයේ ය.