Pali BJT29. අථ ඛො භගවා භද්දියෙ යථාභිරත්තං විහරිත්වා මෙණ්ඩකං ගහපතිං අනාපුච්ඡා යෙන අඞ්ගුත්තරාපො තෙන චාරිකං පක්කාමි මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං අඩ්ඪතෙළසෙහි භික්ඛුසතෙහි.
Sinhala BJT29. ඉන් පසු භාග්‍යවතුන් වහන්සේ කැමැති තාක් කල් භද්දියනගරයෙහි වාසය කොට මෙණ්ඩකගැහැවියා නො විචාරා භික්‍ෂූන් එක් දහස්දෙසියපණසක් වූ මහාභික්‍ෂුසඞ්ඝයා සමග අඞ්ගුත්තරාපය බලා චාරිකාවෙහි වැඩි සේක.
Pali BJT30. අස්සොසි ඛො මෙණ්ඩකො ගහපති “භගවා කිර යෙන අඞ්ගුත්තරාපො තෙන චාරිකං පක්කන්තො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං අඩ්ඪතෙළසෙහි භික්ඛුසතෙහී”ති.
Sinhala BJT30. මෙණ්ඩක ගැහැවි තෙමේ “භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් එක් දහස්දෙසියපණසක් වූ මහාභික්‍ෂුසඞ්ඝයා සමග අඞ්ගුත්තරාපය බලා වැඩි සේක් ල” යි ඇසී ය.
Pali BJT31. අථ ඛො මෙණ්ඩකො ගහපති දාසෙ ච කම්මකරෙ ච ආණාපෙසි: “තෙන හි භණෙ, බහුං ලොණම්පි තෙලම්පි තණ්ඩුලම්පි ඛාදනීයම්පි සකටෙසු ආරොපෙත්වා ආගච්ඡථ. අඩ්ඪතෙළසානි ච ගොපාලකසතානි අඩ්ඪතෙළසානි ච ධෙනුසතානි ආදාය ආගච්ඡන්තු. යත්ථ භගවන්තං{1} පස්සිස්සාම, ධාරුණ්හෙන{2} ඛීරෙන භොජෙස්සාමා”ති.
Sinhala BJT31. ඉක්බිති මෙණ්ඩක ගැහැවි තෙමේ “කොලෙ නි, එසේ නම් බොහෝ ලුණු ද තෙල් ද මී ද සහල් ද කෑ යුතු දේ ද ගැල්වල පටවා ගෙණ එවු. එක්දහස්දෙසියපණසක් ගොපල්ලන් ද එක්දහස්දෙසියපණසක් දෙනුන් ද ගෙණ එත්වා. අපි යම් තැනෙක දී භාග්‍යවතුන් වහන්සේ දකින්නෙමු ද, එහි දී එකෙණෙහි දෙවූ උණුසුම් කිරි වළඳවන්නෙමු” යි දාසයන්ට ද කම්කරුවන්ට ද අණ කෙළේ ය.
Pali BJT32. අථ ඛො මෙණ්ඩකො ගහපති භගවන්තං අන්තරාමග්ගෙ කන්තාරෙ සම්භාවෙසි. අථ ඛො මෙණ්ඩකො ගහපති යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො මෙණ්ඩකො ගහපති භගවන්තං එතදවොච: “අධිවාසෙතු මෙ භන්තෙ භගවා ස්වාතනාය භත්තං සද්ධිං භික්ඛුසඞ්ඝෙනා”ති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන. අථ ඛො මෙණ්ඩකො ගහපති භගවතො අධිවාසනං විදිත්වා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
Sinhala BJT32. එකල මෙණ්ඩක ගැහැවි තෙමේ අතරමග කාන්තාරයෙහි දී භාග්‍යවතුන් වහන්සේට හමු වි ය. එහි දී මෙණ්ඩක ගැහැවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙතට එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක සිටියේ ය. පසෙක සිටි මෙණ්ඩක ගැහැවි තෙමේ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුසඞ්ඝයා සමග හෙට මාගේ බත ඉවසන සේක්වා” යි සැළකෙළේ ය. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණිම්භාවයෙන් ඉවසූ සේක. ඉක්බිති මෙණ්ඩක ගැහැවි තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට ගියේ ය.
Pali BJT33. අථ ඛො මෙණ්ඩකො ගහපති තස්සා රත්තියා අච්චයෙන පණීතං ඛාදනීයං භොජනීයං පටියාදාපෙත්වා භගවතො කාලං ආරොචාපෙසි: “කාලො භන්තෙ, නිට්ඨිතං භත්ත”න්ති.
Sinhala BJT33. ඉක්බිති මෙණ්ඩක ගැහැවි තෙමේ ඒ රෑ ඉක්ම ගිය පසු ප්‍රණීත වූ කෑ යුතු බිදිය යුතු දෙය පිළියෙල කරවා භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි මේ කාල ය යි. බත නිමියේ ය” යි කල් දැන්වී ය.
Pali BJT34. අථ ඛො භගවාපුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන මෙණ්ඩකස්ස ගහපතිස්ස පරිවෙසනා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි සද්ධිං භික්ඛුසඞ්ඝෙන.
Sinhala BJT34. ඉන් පසු භාග්‍යවතුන් වහන්සේ පෙරවරුකාලයෙහි හැඳ පොරොවා පාසිවුරු ගෙණ මෙණ්ඩක ගැහැවියාගේ පරිවේසනයට වැඩි සේක. වැඩ භික්‍ෂුසඞ්ඝයාත් සමග පැණවූ අසුනෙහි වැඩ හුන් සේක.
Pali BJT35. අථ ඛො මෙණ්ඩකො ගහපති අඩ්ඪතෙළසානි ගොපාලකසතානි ආණාපෙසි: “තෙන හි භණෙ, එකමෙකං ධෙනුං ගහෙත්වා එකමෙකස්ස භික්ඛුනො උපතිට්ඨථ ධාරුණ්හෙන ඛීරෙන භොජෙස්සාමා”ති.
Sinhala BJT35. එවිට මෙණ්ඩක ගැහැවි තෙමේ එක්දහස්දෙසියපණසක් ගොපල්ලන්ට “කොලෙනි, ‘දෙවූ කෙණෙහි උණුසුම් කිරි වළඳවන්නෙමු’ යි එක එක දෙන ගෙණ එක එක මහණහු වෙතට එළඹ සිටිවු” යි අණ කෙළේ ය.
Pali BJT36. අථ ඛො මෙණ්ඩකො ගහපති බුද්ධපමුඛං භික්ඛුසඞ්ඝං පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්ථා සන්තප්පෙසි. සම්පවාරෙසි ධාරුණ්හෙන ච ඛීරෙන. භික්ඛූ කුක්කුච්චායන්තා ඛීරං න පතිගණ්හන්ති. “පතිගණ්හාථ භික්ඛවෙ, පරිභුඤ්ජථා”ති.
Sinhala BJT36. එකල මෙණ්ඩක ගැහැවි තෙමේ බුද්ධප්‍රමුඛභික්‍ෂුසඞ්ඝයා ප්‍රණීත වූ කෑ යුතු දෙයින් ද බිදිය යුතු දෙයින් ද සියතින් සැතැප්වී ය. දෙවූ කෙණෙහි උණුසුම් වූ කිරෙන් ද පැවරී ය. භික්‍ෂූහු කුකුස් කරන්නෝ කිරි නො පිළිගණිත්. “මහණෙනි, පිළිගණිවු. වළඳවු.”
Pali BJT37. අථ ඛො මෙණ්ඩකො ගහපති බුද්ධපමුඛං භික්ඛුසඞ්ඝං පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්ථා සන්තප්පෙත්වා සම්පවාරෙත්වා ධාරුණ්හෙන ච ඛීරෙන භගවන්තං භුත්තාවිං ඔනීතපත්තපාණිං එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො මෙණ්ඩකො ගහපති භගවන්තං එතදවොච: “සන්ති භන්තෙ, මග්ගා කන්තාරා, අප්පොදකා අප්පභක්ඛා න සුකරා අපාථෙය්යෙන ගන්තුං. සාධු භන්තෙ, භගවා භික්ඛූනං පාථෙය්යං අනුජානාතූ”ති. අථ ඛො භගවා මෙණ්ඩකං ගහපතිං ධම්මියා කථාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සමුත්තෙජෙත්වා සම්පහංසෙත්වා උට්ඨායාසනා පක්කාමි.
Sinhala BJT37. ඉක්බිති මෙණ්ඩක ගැහැවි තෙමේ බුද්ධප්‍රමුඛභික්‍ෂුසඞ්ඝයා ප්‍රණීත වූ කෑ යුතු දෙයින් ද බිදිය යුතු දෙයින් ද එකෙණෙහි දෙවූ කිරෙන් ද සියතින් සතප්පා පවරා, වළඳා අවසන් කළ පාත්‍රයෙන් බැහැර කළ අත් ඇති භාග්‍යවතුන් වහන්සේ වෙත පසෙක හුන්නේ ය. පසෙක හුන් මෙණ්ඩක ගැහැවි තෙමේ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි දිය නැත්තා වූ ආහාර නැත්තා වූ පාථේය (මාර්ගෝපකරණ) රහිත ව නො යා හැකි (යෑමට අපහසු වූ) කාන්තාරමාර්‍ගයෝ ඇත්තාහ. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට මාර්ගෝපකරණ අනුදන්නා සේක්වා. ඒ යහපති” යි සැළකෙළේ ය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙණ්ඩක ගැහැවියාට දැහැමි කතාවෙන් මොනවට කරුණු දක්වා එහි ඔහු සමාදන් කරවා තියුණු කරවා සතුටු කරවා හුනස්නෙන් නැගිට වැඩි සේක.
Pali BJT38. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “අනුජානාමි භික්ඛවෙ, පඤ්ච ගොරසෙඛීරං දධි තක්කං නවනීතං සප්පි. සන්ති භික්ඛවෙ, මග්ගා කන්තාරා අප්පොදකා අප්පභක්ඛා න සුකරා අපාථෙය්යෙන ගන්තුං. අනුජානාමි. භික්ඛවෙ, පාථෙය්යං පරියෙසිතුං. තණ්ඩුලො තණ්ඩුලත්ථිකෙන. මුග්ගො මුග්ගත්ථිකෙන. මාසො මාසත්ථිකෙන. ලොණං ලොණත්ථිකෙන. ගුළො ගුළත්ථිකෙන. තෙලං තෙලත්ථිකෙන. සප්පි සප්පිත්ථිකෙන. සන්ති භික්ඛවෙ, මනුස්සා සද්ධා පසන්නා. තෙ කප්පියකාරකානං හත්ථෙ හිරඤ්ඤං උපනික්ඛිපන්ති: ‘ඉමිනා අය්යස්ස යං කප්පියං තං දෙථා’ති. අනුජානාමි. භික්ඛවෙ, යං තතො කප්පියං තං සාදියිතුං.{1} න ත්වෙවාහං භික්ඛවෙ, කෙනචි පරියායෙන ජාතරූපරජතං සාදියිතබ්බං{2} පරියෙසිතබ්බන්ති. වදාමී”ති.
Sinhala BJT38. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට භික්‍ෂූන් ඇමතූ සේක. “මහණෙනි, කිරි දිහි මෝරු වෙඬරු ගිතෙල් යන පස්ගෝරසය අනුදනිමි. මහණෙනි, දිය නැත්තා වූ ආහාර නැත්තා වූ මග වියදම් රහිත ව යෑමට අපහසු වූ කාන්තාරමාර්‍ගයෝ ඇත්තාහ. මහණෙනි, මාර්ගෝපකරණ සොයන්නට අනුදනිමි. සහල් කැමැත්තහු විසින් සහල්, මුං කැමැත්තාහු විසින් මුං, මෑඇට කැමැත්තහු විසින් මෑඇට, ලුණු කැමැත්තහු විසින් ලුණු, උක්සකුරු කැමැත්තහු විසින් උක්සකුරු, තෙල් කැමැත්තහු විසින් තෙල්, ගිතෙල් කැමැත්තහු විසින් ගිතෙල් සෙවිය යුතු ය යි අනුදනිමි. මහණෙනි, සැදැහැති පහන් වූ මිනිස්සු ඇත්තාහ. ඔහු ‘මෙයින් ස්වාමීන් වහන්සේට කැප වූ දෙයක් ගෙණ දෙවු’යි කැපකරුවන්ගේ අත මසුරන් (මුදල්) තබත්. මහණෙනි, එයින් කැප වූ දෙයක් ඉවසන්නට අනුදනිමි. මහණෙනි, කිසි ලෙසකින් රන් රිදී ඉවසිය යුතු ය යි සෙවිය යුතු ය යි මම නො කියමි” යි වදාළ සේක.
Pali BJT39. අථ ඛො භගවා අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන ආපණං තදවසරි. අස්සොසි ඛො කෙණියො ජටිලො “සමණො ඛලු භො ගොතමො සක්යපුත්තො සක්යකුලා පබ්බජිතො ආපණං අනුප්පත්තො ආපණෙ විහරති.{1} තං ඛො පන භවන්තං ගොතමං එවං කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො: ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථී සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා. සො ඉමං ලොකං සදෙවකං සමාරකං සබ්රහ්මකං, සස්සමණබ්රාහ්මණිං පජං සදෙවමනුස්සං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති. -පෙ- සාධු ඛො පන තථාරූපානං අරහතං දස්සනං හොතී”ති.
Sinhala BJT39. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පිළිවෙළින් චාරිකා කරණ සේක් ආපණයට වැඩි සේක. කේණිය ජටිල තෙමේ “ශාක්‍යපුත්‍ර වූ ශාක්‍ය කුලයෙන් පැවිදි වූ ශ්‍රමණ භවත් ගෞතම තෙමේ ආපණයට පැමිණියේ ආපණයෙහි වෙසේ. ඒ භාග්‍යවත් ගෞතමයන්ගේ යහපත් කීර්තිරාවයෙක් පැන නැංගේ ය. ‘ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කරුණෙන් ද රහත් සේක. මේ මේ කරුණෙන් ද සම්‍යක් සම්බුද්ධ සේක. මේ මේ කරුණෙන් ද අෂ්ටවිද්‍යාවෙන් හා පසළොස්චරණධර්‍මයෙන් යුක්ත සේක. මේ මේ කරුණෙන් ද සුගත සේක. මේ මේ කරුණෙන් ද ලෝකවිදූ සේක. මේ මේ කරුණෙන් ද පුරුෂයන් දමනය කිරීමෙහි නිරුත්තර වූ සාරථි සේක. මේ මේ කරුණෙන් ද දෙවි මිනිසුන්ට ශාස්තෘ සේක. මේ මේ කරුණෙන් ද බුද්ධ සේක. මේ මෙම කරුණෙන් ද භාග්‍යවත් සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ මේ අවකාශලෝකය ද, මහණබමුණන් සහිත වූ දෙවි මිනිසුන් සහිත වූ සත්ත්‍වලෝකය ද තමන්වහන්සේ ම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කරණ සේක. –පෙ– එබඳු වූ රහතුන්ගේ දැකීම යහපත් වේ ය” යි ඇසී ය.
Pali BJT40. අථ ඛො කෙණියස්ස ජටිලස්ස එතදහොසි: “කින්නු ඛො අහං සමණස්ස ගොතමස්ස හරාපෙය්ය”න්ති. අථ ඛො කෙණියස්ස ජටිලස්ස එතදහොසි: “යෙපි ඛො තෙ බ්රාහ්මණානං පුබ්බකා ඉසයො මන්තානං කත්තාරො මන්තානං පවත්තාරො, යෙසමිදං එතරහි බ්රාහ්මණා පොරාණං මන්තපදං ගීතං පවුත්තං සමීහිතං තදනුගායන්ති, තදනුභාසන්ති, භාසිතමනුභාසන්ති, වාචිතමනුවාචෙන්ති සෙය්යථිදං: අට්ටකො, වාමකො, වාමදෙවො, වෙස්සාමිත්තො, යමතග්ගි{2}, අඞ්ගීරසො, භාරද්වාජො, වාසෙට්ඨො, කස්සපො, භගු, රත්තූපරතා විරතා විකාලභොජනා. තෙ එවරූපානි පානානි සාදියිංසු. “සමණොපි ගොතමො රත්තූපරතො විරතො විකාලභොජනා. අරහති සමණොපි ගොතමො එවරූපානි පානානි සාදියිතු”න්ති පහූතං පානං පටියාදාපෙත්වා කාජෙහි ගාහාපෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො කෙණියො ජටිලො භගවන්තං එතදවොච: “පතිගණ්හාතු මෙ භවං ගොතමො පාන”න්ති. “තෙන හි කෙණිය, භික්ඛූනං දෙහී”ති. භික්ඛූ කුක්කුච්චායන්තා න පතිගණ්හන්ති. “පතිගණ්හාථ භික්ඛවෙ, පරිභුඤ්ජථා”ති.
Sinhala BJT40. ඉක්බිති කේණිය ජටිලයාහට “මම ශ්‍රමණ භවත් ගෞතමයන්ට කුමක් යවන්නෙම් දැ” යි සිත් වි ය. නැවත කේණිය ජටිලයාහට මෙසේ සිතුනේ ය: “බමුණන්ගේ මන්ත්‍ර (වේද) කළා වූ පැවැත්වූ යම් ඒ පූර්‍ව ඍෂීහු වූවහු ද, යම්කෙනෙකුන් සතු වූ ඒ පැරණි වේද මන්ත්‍ර දැන් බමුණෝ (පෙර බමුණන්) ගැයූ කියු රැස් කොට තැබූ පරිදි ගයත් ද, කියත් ද, හදාළ පරිදි හදාරත් ද, කියවූ පරිදි කියවත් (උගන්වත්) ද, ඒ ඍෂීහු – එනම්: අට්ටක, වාමක, වාමදෙව, වෙස්සාමිත්ත, යමතග්ගි, අඞ්ගිරස, භාරද්වාජ, වාසෙට්ඨ, කස්සප, භගු යන මොහු රාත්‍රිභෝජනයෙන් වැළකුනෝ ය. විකල්බොජුනෙන් තොර වූවෝ ය. ඔහු මෙබඳු පැන් ඉවසූහ. ශ්‍රමණගෞතම තෙමේ ද රාත්‍රිභෝජයෙන් වැළකුනේ ය. විකල්බොජුනෙන් වෙන් වූයේ ය ශ්‍රමණගෞතම තෙමේ ද මෙබඳු පැන් ඉවසීමට සුදුසු වේ” යි (මෙසේ සිතූ කේණිය ජටිල තෙමේ) බොහෝ පැන්{1} පිළියෙල කරවා කත්වලින් ගෙන්වා ගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙත ගියේ ය. ගොස් භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වි ය. සතුටු විය යුතු වූ සිත් ඇලවිය යුතු වූ කතා කොට නිමවා පසෙක සිටියේ ය. පසෙක සිටි කේණිය ජටිල තෙමේ භාග්‍යවතුන් වහන්සේට “භවත් ගෞතම තෙමේ මාගේ පැන් පිළිගණීවා” යි සැළකෙළේ ය. “කේණිය, එසේ නම් භික්‍ෂූන්ට දෙව”. භික්‍ෂූහු කුකුස් කරන්නෝ නො පිළිගණිත්. “මහණෙනි, පිළිගණිවු, වළඳවු”.
Pali BJT41. අථ ඛො කෙණියො ජටිලො බුද්ධපමුඛං භික්ඛුසඞ්ඝං පහූතෙහි පානෙහි සහත්ථා සන්තප්පෙත්වා සම්පවාරෙත්වා, භගවන්තං ධොතහත්ථං ඔනීතපත්තපාණිං එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො කෙණියං ජටිලං භගවා ධම්මියා කථාය සන්දස්සෙසි. සමාදපෙසි. සමුත්තෙජෙසි. සම්පහංසෙසි.
Sinhala BJT41. ඉක්බිති කේණිය ජටිල තෙමේ බුද්ධප්‍රමුඛභික්‍ෂුසඞ්ඝයා බොහෝ පැනින් සියතින් සතප්පා පවරා, සේදූ අත් ඇති පාත්‍රයෙන් බැහැර කළ අත් ඇති භාග්‍යවතුන් වහන්සේ වෙත පසෙක හුන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ පසෙක හුන් කේණිය ජටිලයාට දැහැමි කතාවෙන් කරුණු දැක්වූ සේක. එහි ඔහු සමාදන් කරවූ සේක. සතුටු කරවූ සේක. තියුණු කරවූ සේක.
Pali BJT42. අථ ඛො කෙණියො ජටිලො භගවතා ධම්මියා කථාය සන්දස්සිතො සමාදපිතො සමුත්තෙජිතො සම්පහංසිතො භගවන්තං එතදවොච: “අධිවාසෙතු මෙ භවං ගොතමො ස්වාතනාය භත්තං සද්ධිං භික්ඛුසඞ්ඝෙනා”ති. “මහා ඛො කෙණිය, භික්ඛුසඞ්ඝො. අඩ්ඪතෙළසානි භික්ඛුසතානි. ත්වඤ්ච බ්රාහ්මණෙසු අභිප්පසන්නො”ති. දුතියම්පි ඛො කෙණියො ජටිලො භගවන්තං එතදවොච: “කිඤ්චාපි භො{1} ගොතම, මහා භික්ඛුසඞ්ඝො අඩ්ඪතෙළසානි භික්ඛුසතානි, අහං ච බ්රාහ්මණෙසු අභිප්පසන්නො, අධිවාසෙතු මෙ භවං ගොතමො ස්වාතනාය භත්තං සද්ධිං භික්ඛුසඞ්ඝෙනා”ති. “මහා ඛො, කෙණිය, භික්ඛුසඞ්ඝො. අඩ්ඪතෙළසානි භික්ඛුසතානි. ත්වං ච බ්රාහ්මණෙසු අභිප්පසන්නො”ති . තතියම්පි ඛො කෙණියො ජටිලො භගවන්තං එතදවොච: “කිඤ්චාපි භො ගොතම, මහා භික්ඛුසඞ්ඝො අඩ්ඪතෙළසානි භික්ඛුසතානි, අහං ච බ්රාහ්මණෙසු අභිප්පසන්නො, අධිවාසෙතු මෙ භවං{2} ගොතමො ස්වාතනාය භත්තං සද්ධිං භික්ඛුසඞ්ඝෙනා”ති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන. අථ ඛො කෙණියො ජටිලො භගවතො අධිවාසනං විදිත්වා උට්ඨායාසනා පක්කාමි.
Sinhala BJT42. භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කතාවෙන් කරුණු දැක්වූ සමාදන් කරවූ තියුණු කරවූ සතුටු කරවූ කේණිය ජටිල තෙමේ “භවත් ගෞතම තෙමේ භික්‍ෂුසඞ්ඝයා සමග හෙට මාගේ බත ඉවසාවා” යි සැළකෙළේ ය. “කේණිය, භික්‍ෂුසඞ්ඝ තෙමේ මහත් වේ. එක්දහස් දෙසියපණසෙකි. තෝ ද බමුණන් කෙරෙහි වෙසෙසින් පැහැදුනෙකැ”යි (බුදුහු වදාළහ.) දෙවනු ද කේණිය ජටිල තෙමේ භාග්‍යවතුන් වහන්සේහට භවත් ගෞතමයන් වහන්ස, භික්‍ෂුසඞ්ඝයා කෙසේ මහත් වුවත් එක්දහස්දෙසියපණසක් වුවත් මා ද බමුණන් කෙරෙහි වෙසෙසින් පැහැදුනත් භවත් ගෞතම තෙමේ භික්‍ෂුසඞ්ඝයා සමග හෙට මාගේ බත ඉවසාවා” යි සැළකෙළේ ය. “කේණිය, භික්‍ෂුසඞ්ඝ තෙමේ මහත් වේ. එක්දහස්දෙසිය පණසෙකි. තෝ ද බමුණන් කෙරෙහි වෙසෙසින් පැහැදුනෙක”. තෙවනු ද කේණිය ජටිල තෙමේ භාග්‍යවතුන් වහන්සේට “භවත් ගෞතමයන් වහන්ස, භික්‍ෂුසඞ්ඝයා කෙසේ මහත් වුවත් එක්දහස්දෙසියපණසක් වුවත් මා ද බමුණන් කෙරෙහි පැහැදුනත් භවත් ගෞතම තෙමේ භික්‍ෂුසඞ්ඝයා සමග හෙට මාගේ බත ඉවසාවා” යි සැළකෙළේ ය. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණිම්භාවයෙන් ඉවසූ සේක. ඉක්බිති කේණිය ජටිල තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන හුනස්නෙන් නැගිට ගියේ ය.
Pali BJT43. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “අනුජානාමි භික්ඛවෙ, අට්ඨ පානානි: අම්බපානං ජම්බුපානං චොචපානං මොචපානං මධුපානං{3} මුද්දිකපානං සාලූකපානං ඵාරුසකපානං. අනුජානාමි භික්ඛවෙ, සබ්බං ඵලරසං ඨපෙත්වා ධඤ්ඤඵලරසං. අනුජානාමි භික්ඛවෙ, සබ්බං පත්තරසං ඨපෙත්වා ඩාකරසං. අනුජානාමි භික්ඛවෙ, සබ්බං පුප්ඵරසං ඨපෙත්වා මධූකපුප්ඵරසං. අනුජානාමි භික්ඛවෙ, උච්ඡුරස”න්ති.
Sinhala BJT43. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට භික්‍ෂූන් ඇමතූසේක: “මහණෙනි, අඹපැන් දඹපැන් ඇටකෙසෙල්පැන් මස් කෙසෙල්පැන් මීපැන් මිදිපැන් ඕලුපැන් බොරලුදමුනුපැන් යන අට වැදෑරුම් පැන් අනුදනිමි. මහණෙනි, ධාන්‍යඵලරසය හැර සියලු ඵලරසය අනුදනිමි. මහණෙනි, පිසූ පලාකොළරසය හැර දිය හා මුසු කොට මිරිකාගත් සියලු කොළරස අනුදනිමි. මහණෙනි, මීපුප්රසය හැර සියලු මල්රස අනුදනිමි. මහණෙනි, උක් රසය (උක් ඉස්ම) අනුදනිමි” යි වදාළ සේක.
Pali BJT44. අථ ඛො කෙණියො ජටිලො තස්සා රත්තියා අච්චයෙන සකෙ අස්ස මෙ පණීතං ඛාදනීයං භොජනීයං පටියාදාපෙත්වා භගවතො කාලං ආරොචාපෙසි: “කාලො භො ගොතම, නිට්ඨිතං භත්ත”න්ති. අථ ඛො භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන කෙණියස්ස ජටිලස්ස අස්සමො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි සද්ධිං භික්ඛුසඞ්ඝෙන.
Sinhala BJT44. එකල්හි කේණිය ජටිල තෙමේ ඒ රෑ ඉක්ම ගිය පසු සිය අසපුවෙහි ප්‍රණීත වූ කෑ යුතු බිදිය යුතු දැ පිළියෙල කරවා භාග්‍යවතුන් වහන්සේට “භවත් ගෞතමයන් වහන්ස, මේ කාලය යි. බත් නිමියේ ය” යි කල් සැළකරවී ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරොවා පාසිවුරු ගෙණ කේණිය ජටිලයාගේ අසපුවට වැඩි සේක. වැඩ භික්‍ෂුසඞ්ඝයා සමග පැණවූ අසුනෙහි වැඩ හුන් සේක.
Pali BJT45. අථ ඛො කෙණියො ජටිලො බුද්ධපමුඛං භික්ඛුසඞ්ඝං පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්ථා සන්තප්පෙත්වා සම්පවාරෙත්වා, භගවන්තං භුත්තාවිං ඔනීතපත්තපාණිං එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො කෙණියං ජටිලං භගවා ඉමාහි ගාථාහි අනුමොදි:- –
Sinhala BJT45. එවිට කේණිය ජටිල තෙමේ බුද්ධප්‍රමුඛභික්‍ෂුසඞ්ඝයා ප්‍රණීත වූ කෑ යුතු දෙයින් බිදිය යුතු දෙයින් සියතින් සතප්පා පවරා, වළඳා අවසන් කළ පාත්‍රයෙන් ඉවත් කළ අත් ඇති භාග්‍යවතුන් වහන්සේ වෙත පසෙක හුන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ පසෙක හුන් කේණිය ජටිලයාට මේ ගාථාවන්ගෙන් අනුමෝදන් කළ සේක:–
Pali BJTi. “අග්ගිහුත්තමුඛා යඤ්ඤා සාවිත්තී ඡන්දසො මුඛං, රාජා මුඛං මනුස්සානං නදීනං සාගරො මුඛං.
Sinhala BJTi. “යාගයේ ගිනිපිදීම ප්‍රධාන කොට ඇත්තාහ. සාවිත්‍රීජන්‍දස{*} වේදයට ප්‍රධාන වේ. රජතෙමේ මිනිසුන්ට ප්‍රධාන වේ. සාගරය නදීන්ට ප්‍රධාන වේ.
Pali BJTii. නක්ඛත්තානං මුඛං චන්දො ආදිච්චො තපතං මුඛං, පුඤ්ඤමාකඞ්ඛමානානං{4} සඞ්ඝො වෙ යජතං මුඛ”න්ති.
Sinhala BJTii. චන්‍ද්‍ර තෙමේ තාරකාවන්ට ප්‍රධාන වේ. බබළන්නන් අතුරෙන් සූර්‍ය්‍ය තෙමේ ප්‍රධාන වේ. පින් කැමැත්තා වූ දන් දෙන්නන්ට සඞ්ඝ තෙමේ ඒකාන්තයෙන් ප්‍රධාන වේ”.
Pali BJT46. අථ ඛො භගවා කෙණියං ජටිලං ඉමාහි ගාථාහි අනුමොදිත්වා උට්ඨායාසනා පක්කාමි. අථ ඛො භගවා ආපණෙ යථාභිරන්තං විහරිත්වා යෙන කුසිනාරා, තෙන චාරිකං පක්කාමි මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං අඩ්ඪතෙළසෙහි භික්ඛුසතෙහි.
Sinhala BJT46. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කේණියජටිලයාට මේ ගාථාවන් ගෙන් අනුමෝදනා කොට හුනස්නෙන් නැගිට වැඩි සේක. නැවත භාග්‍යවතුන් වහන්සේ එක්දහස්දෙසියපණසක් වූ මහාභික්‍ෂුසඞ්ඝයා සමග ආපණයෙහි කැමැති තාක් කල් වාසය කොට කුසිනාරාව බලා චාරිකාවෙහි වැඩි සේක.
Pali BJT47. අස්සොසුං ඛො කොසිනාරකා මල්ලා “භගවා කිර කුසිනාරං ආගච්ඡති මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං අඩ්ඪතෙළසෙහි භික්ඛුසතෙහී”ති. තෙ සඞ්ගරං අකංසු: “යො භගවතො පච්චුග්ගමනං න කරිස්සති, පඤ්චසතානිස්ස දණ්ඩො”ති.
Sinhala BJT47. කුසිනාරානුවරවැසි මල්ලයෝ “භාග්‍යවතුන් වහන්සේ එක් දහස්දෙසියපණසක් වූ මහාභික්‍ෂුසඞ්ඝයා සමග කුසිනාරාවට එත් ල” යි ඇසූහ. ඔහු “යමෙක් භාග්‍යවතුන් වහන්සේට පෙරගමන් නො කරන්නේ ද, ඔහුට පන්සියයක් දඩැ” යි ගිවිසුමක් කළහ.
Pali BJT48. තෙන ඛො පන සමයෙන රොජො මල්ලො ආයස්මතො ආනන්දස්ස සහායො හොති. අථ ඛො භගවා අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන කුසිනාරා, තදවසරි. අථ ඛො කොසිනාරකා මල්ලා භගවතො පච්චුග්ගමනං අකංසු.
Sinhala BJT48. එකල්හි රොජමල්ල තෙමේ අනඳතෙරුන්ගේ සහායයෙක් වේ. භාග්‍යවතුන් වහන්සේ පිළිවෙළින් චාරිකාවෙහි වඩනා සේක් කුසිනාරාවට පැමිණියහ. එකල්හි කුසිනාරානුවරවැසි මල්ලයෝ භාග්‍යවතුන් වහන්සේට පෙරගමන් කළහ.
Pali BJT49. අථ ඛො රොජො මල්ලො භගවතො පච්චුග්ගමනං කරිත්වා යෙනායස්මා ආනන්දො, තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං ආනන්දං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතං ඛො රොජං මල්ලං ආයස්මා ආනන්දො එතදවොච: “උළාරං ඛො තෙ ඉමං ආවුසො රොජ, යං ත්වං භගවතො පච්චුග්ගමනං අකාසී”ති. “නාහං, භන්තෙ ආනන්ද, බහුකතො බුද්ධෙ වා ධම්මෙ වා සඞ්ඝෙ වා{1}. අපි ච ඤාතීහි සඞ්ගරො කතො: ‘යො භගවතො පච්චුග්ගමනං න කරිස්සති, පඤ්චසතානිස්ස දණ්ඩො’ති. සො ඛො අහං භන්තෙ ආනන්ද, ඤාතීනං දණ්ඩභයා එවාහං භගවතො පච්චුග්ගමනං අකාසි”න්ති.
Sinhala BJT49. රොජමල්ල තෙමේ භාග්‍යවතුන් වහන්සේට පෙරගමන් කොට ආයුෂ්මත් අනඳතෙරුන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් අනඳ තෙරුන් සකසා වැඳ පසෙක සිටියේ ය. ආයුෂ්මත් ආනන්‍දස්ථවිර තෙමේ පසෙක හුන් රොජමල්ලයාට “ඇවැත, රොජය, තෝ භාග්‍යවතුන් වහන්සේට යම් පෙරගමනක් කෙළෙහි ද, තාගේ මේ ගමන ඉතා උසස් ය” යි කී ය. “ස්වාමීනි ආනන්‍දස්ථවිරයන් වහන්ස, මම බුදුන් කෙරෙහි හෝ ධර්‍මය කෙරෙහි හෝ සඞ්ඝයා කෙරෙහි හෝ බොහෝ උපකාර කෙළෙම් නො වෙමි. එහෙත් ‘යමෙක් භාග්‍යවතුන් වහන්සේට පෙරගමන් නො කරන්නේ ද, ඔහුට පන්සියයක් දඩැ’ යි නෑයන් විසින් සම්මතයක් කරණ ලද්දේ ය. ස්වාමීනි, ආනන්‍දස්ථවිරයන් වහන්ස, ඒ මම නෑයන්ගේ දඩයට බියෙන් භාග්‍යවතුන් වහන්සේට පෙරගමන් කෙළෙමි” යි.
Pali BJT50. අථ ඛො ආයස්මා ආනන්දො අනත්තමනො අහොසි: “කථං හි නාම රොජො මල්ලො එවං වක්ඛතී”ති. අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: “අයං භන්තෙ රොජො මල්ලො අභිඤ්ඤාතො ඤාතමනුස්සො. මහිද්ධිකො{2} ඛො පන එවරූපානං ඤාතමනුස්සානං ඉමස්මිං ධම්මවිනයෙ පසාදො. සාධු භන්තෙ, භගවා තථා කරොතු, යථා රොජො මල්ලො ඉමස්මිං ධම්මවිනයෙ පසීදෙය්යා”ති. “න ඛො තං, ආනන්ද, දුක්කරං තථාගතෙන යථා රොජො මල්ලො ඉමස්මිං ධම්මවිනයෙ පසීදෙය්යා”ති.
Sinhala BJT50. එකල්හි ආයුෂ්මත් ආනන්‍දස්ථවිර තෙමේ “කෙසේ නම් රොජමල්ල තෙමේ මෙසේ කීයේ දැ” යි නො සතුටු සිත් ඇත්තේ වී ය. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍දස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්නේ ය. පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍දස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, මේ රොජමල්ල තෙමේ ප්‍රකට වූවෙකි. බොහෝ දෙනා විසින් දන්නා ලද මිනිසෙකි. මෙබඳු ප්‍රකට මිනිසුන් මේ සසුනෙහි පැහැදීම මහත් දියුණුවෙක. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ, රොජමල්ල තෙමේ මේ සසුනෙහි යම් සේ පහදින්නේ නම්, එසේ කරණ සේක්වා” යි සැළ කෙළේ ය. “ආනන්‍දය, රොජමල්ල තෙමේ මේ සසුනෙහි යම් සේ පහදින්නේ නම් එසේ කිරීම තථාගතයන් විසින් දුෂ්කර නො වේ” යි.
Pali BJT51. අථ ඛො භගවා රොජං මල්ලං මෙත්තෙන චිත්තෙන ඵරිත්වා උට්ඨායාසනා විහාරං පාවිසි. අථ ඛො රොජො මල්ලො භගවතා{3} මෙත්තෙන චිත්තෙන ඵුට්ඨො සෙය්යථාපි නාම ගාවී තරුණවච්ඡා{4}, එවමෙව, විහාරෙන විහාරං පරිවෙණෙන පරිවෙණං උපසඞ්කමිත්වා භික්ඛූ පුච්ඡති: “කහන්නු ඛො භන්තෙ එතරහි සො භගවා විහරති අරහං සම්මාසම්බුද්ධො? දස්සනකාමා හි මයං තං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධ”න්ති. “එසාවුසො රොජ, විහාරො සංවුතද්වාරො. තෙන අප්පසද්දො උපසඞ්කමිත්වා අතරමානො ආලින්දං පවිසිත්වා උක්කාසිත්වා අග්ගළං ආකොටෙහි, විවරිස්සති තෙ භගවා ද්වාර”න්ති.
Sinhala BJT51. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රොජමල්ලයාහට මෙත්සිත පතුරුවා හුනස්නෙන් නැගිට විහාරයට පිවිසි සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ විසින් මෙත්සිතින් පහස්නා ලද රොජමල්ල තෙමේ ලදරුවස්සකු ඇති දෙනක මෙන් වෙහෙරෙන් වෙහෙරට පිරිවෙණෙන් පිරිවෙණට ගොස් “ස්වාමීනි අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ දැන් කොහි වැඩ වසන සේක් ද? අපි අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ දකිනු කැමැත්තම්හ” යි භික්‍ෂූන් විචාරයි. “ඇවැත, රොජය, තෙල වැසූ දොර ඇති විහාරය වෙයි. නිශ්ශබ්ද ව එහි එළඹ ඉක්මන් නො වී ආලින්‍දයට පිවිස කාරා අගුළට තට්ටු කරව. භාග්‍යවතුන් වහන්සේ තට දොර අරින්නාහු ය” යි භික්‍ෂූහු කීහ.
Pali BJT52. අථ ඛො රොජො මල්ලො යෙන සො විහාරො සංවුතද්වාරො, තෙන අප්පසද්දො උපසඞ්කමිත්වා අතරමානො ආලින්දං පවිසිත්වා උක්කාසිත්වා අග්ගළං ආකොටෙසි. විවරි භගවා ද්වාරං. අථ ඛො රොජො මල්ලො විහාරං පවිසිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නස්ස ඛො රොජස්ස මල්ලස්ස භගවා ආනුපුබ්බීකථං කථෙසි; සෙය්යථීදං: දානකථං සීලකථං සග්ගකථං, කාමානං ආදීනවං ඔකාරං සංකිලෙසං, නෙක්ඛම්මෙ ආනිසංසං පකාසෙසි.
Sinhala BJT52. ඉක්බිති රොජමල්ල තෙමේ වැසූ දොර ඇති ඒ වෙහෙරට නිශ්ශබ්ද ව පැමිණ ඉක්මන් නො වී ආලින්‍දයට පිවිස කාරා අගුළට තට්ටු කෙළේ ය. භාග්‍යවතුන් වහන්සේ දොර අළ සේක. එවිට රොජමල්ල තෙමේ වෙහෙරට පිවිස භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ පසෙක හුන් රොජමල්ලයාහට පිළිවෙළ කතාව එනම්: දානකථාව ශීලකථාව ස්වර්‍ගකථාව, කාමයන් දුක්බව ලාමකබව කෙලෙසීම ඇති බව වදාළ සේක. පැවිද්දෙහි අනුසස් ද ප්‍රකාශ කළ සේක.
Pali BJT53. යදා භගවා අඤ්ඤාසි රොජං මල්ලං කල්ලචිත්තං මුදුචිත්තං විනීවරණචිත්තං උදග්ගචිත්තං පසන්නචිත්තං, අථ යා බුද්ධානං සාමුක්කංසිකා ධම්මදෙසනා, තං පකාසෙසි: දුක්ඛං සමුදයං නිරොධං මග්ගං සෙය්යථාපි නාම සුද්ධං වත්ථං අපගතකාළකං සම්මදෙව රජනං පතිගණ්හෙය්ය, එවමෙව ඛො රොජස්ස මල්ලස්ස තස්මිංයෙව ආසනෙ විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි: “යං කිඤ්චි සමුදයධම්මං, සබ්බං තං නිරොධධම්ම”න්ති.
Sinhala BJT53. භාග්‍යවතුන් වහන්සේ යම් විටෙක රොජමල්ලයා සුදුසු සිත් ඇතැ යි මොළොක් සිත් ඇතැ යි නීවරණ රහිත සිත් ඇතැ යි ඔදවැඩි සිත් ඇතැ යි පහන් සිත් ඇතැ යි දත් සේක් ද, එකල්හි බුදුවරුන්ගේ සාමුත්කර්ෂිකීධර්‍මදේශනාව – දුඃඛසත්‍යය සමුදයසත්‍යය නිරෝධසත්‍යය මාර්‍ගසත්‍යය යන චතුරාර්‍ය්‍යසත්‍යය ප්‍රකාශ කළ සේක. පහ වූ කිලුටු ඇති පිරිසිදු වස්ත්‍රයෙක් යම් සේ මනා කොට සායම් ගන්නේ ද, එපරිද්දෙන් ම රොජමල්ලයාහට ඒ ආසනයෙහි දී ම “යමක් හටගැණීම ස්වභාවය කොට ඇත්තේ ද, ඒ සියල්ල නිරුද්ධ වීම ස්වභාවය කොට ඇතැ” යි යන පහ වූ රාගාදීරජස් ඇති පහ වූ කෙලෙස්මල ඇති සෝතාපත්තිමග්ගඤාණය පහළ වූයේ ය.
Pali BJT54. අථ ඛො රොජො මල්ලො දිට්ඨධම්මො පත්තධම්මො විදිතධම්මො පරියොගාළ්හධම්මො තිණ්ණවිචිකිච්ඡො විගතකථඞ්කථො වෙසාරජ්ජප්පත්තො අපරප්පච්චයො සත්ථුසාසනෙ භගවන්තං එතදවොච: “සාධු භන්තෙ, අය්යා මමඤ්ඤෙව පතිගණ්හෙය්යුං චීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරං, නො අඤ්ඤෙස”න්ති. “යෙසං ඛො රොජ, සෙඛෙන ඤාණෙන සෙඛෙන දස්සනෙන ධම්මො දිට්ඨො සෙය්යථාපි තයා, තෙසම්පි එවං හොති: ‘අහො නූන අය්යා අම්හාකඤ්ඤෙව පතිගණ්හෙය්යුං චීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරං, නො අඤ්ඤෙස’න්ති. තෙන හි රොජ, තව චෙව පටිග්ගහෙස්සන්ති අඤ්ඤෙසඤ්චා”ති.
Sinhala BJT54. ඉක්බිති දක්නා ලද දහම් ඇති අවබොධකළ දහම් ඇති බැස ගත් දහම් ඇති තරණය කළ විචිකිච්ඡා ඇති පහ වූ කෙසේ කෙසේ දැ යි පැවැති සැක ඇති විශාරදභාවයට පැමිණි බුදුදහම්හි අනුන්ගේ උපකාරයක් නො වුව මනා වූ රොජමල්ල තෙමේ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, ආර්‍ය්‍යයන් වහන්සේලා මාගෙන් ම සිවුරු, පිඬු, සෙනසුන්, ගිලන්පස බෙහෙත්පිරිකර පිළිගන්නාහු නම්, අනුන්ගෙන් නො පිළිගන්නාහු නම්, යෙහෙකැ” යි සැළකෙළේ ය. “රොජය, තා විසින් දක්නා ලද පරිදි යම් කෙනෙකුන් විසින් සේඛඤාණයෙන් සෙඛදස්සනයෙන් නිර්‍වාණධර්‍මය දක්නා ලද්දේ නම්, ඔවුන්ට ද ‘ආර්‍ය්‍යයන් වහන්සේලා අපගෙන් ම සිවුරු අහර සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර පිළිගන්නහු නම්, අනුන්ගෙන් නො පිළිගන්නාහු නම්, යෙහෙකැ’ යි මෙසේ අදහස් වේ. රොජය, එසේ නම්, තාගේ සිවුරු – පිරිකර ද අනුන්ගේ සිවුරු – පිරිකර ද, පිළිගන්නාහු ය” යි (වදාළ සේක).
Pali BJT55. තෙන ඛො පන සමයෙන කුසිනාරායං පණීතානං භත්තානං භත්තපටිපාටි අට්ඨිතා හොති. අථ ඛො රොජස්ස මල්ලස්ස පටිපාටිං අලභන්තස්ස එතදහොසි: “යන්නූනාහං භත්තග්ගං ඔලොකෙය්යං, යං භත්තග්ගෙ නාස්ස, තං පටියාදෙය්ය’න්ති. අථ ඛො රොජො මල්ලො භත්තග්ගං ඔලොකෙන්තො ද්වෙ නාද්දස ඩාකඤ්ච පිට්ඨඛාදනීයඤ්ච. අථ ඛො රොජො මල්ලො යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං ආනන්දං එතදවොච: “ඉධ මෙ භන්තෙ ආනන්ද, පටිපාටිං අලභන්තස්ස එතදහොසි: ‘යන්නූනාහං භත්තග්ගං ඔලොකෙය්යං, යං භත්තග්ගෙ නාස්ස, තං පටියාදෙය්ය’න්ති. සො ඛො අහං, භන්තෙ ආනන්ද, භත්තග්ගං ඔලොකෙන්තො ද්වෙ නාද්දසං ඩාකඤ්ච පිට්ඨඛාදනීයඤ්ච. සචාහං භන්තෙ ආනන්ද, පටියාදෙය්යං ඩාකඤ්ච පිට්ඨඛාදනීයඤ්ච, පතිගණ්හෙය්ය මෙ භගවා”ති. “තෙන හි රොජ, භගවන්තං පටිපුච්ඡිස්සාමී”ති.
Sinhala BJT55. එකල්හි කුසිනාරානුවර පිණී වූ බත් පිළිවෙළක් පැවැත්තේ ය. එකල්හි පිළිවෙළ (දන් දීමට දිනක්) නො ලබන්නා වූ රොජමල්ලයාහට “මම බත්හල බලන්නෙම් නම් යෙහෙක. බත්හලෙහි යමක් නො වන්නේ නම්, එය පිළියෙල කරන්නෙමි” යි සිත් වි ය. ඉන් පසු බත්හල බලන්නා වූ රොජමල්ල තෙමේ පලා ද පිටකැවිලි ද යන දෙක නො දුටුයේ ය. එවිට රොජමල්ල තෙමේ ආයුෂ්මත් අනඳතෙරුන් වෙතට ගියේ ය. ගොස් ආයුෂ්මත් අනඳතෙරුන්ට “ස්වාමීනි ආනන්‍දස්ථවිරයන් වහන්ස, මෙහි දන් දීමට දිනක් නො ලබන්නා වූ මට ‘මම බත්හල බලන්නෙම් නම්, යෙහෙක. බත්හලෙහි යමක් නො වන්නේ නම්, එය පිළියෙල කරන්නෙමි’ යි සිත් වි ය. ස්වාමීනි, ආනන්‍දස්ථවිරයන් වහන්ස, ඒ මම බත්හල බලන්නෙම් පලාකොළ ද පිටිකැවුම් ද යන දෙක නො දුටුවෙමි. ස්වාමීනි, ආනන්‍දස්ථවිරයන් වහන්ස, ඒ මම පලාකොළත් පිටිකෑමත් පිළියෙල කරන්නෙම් නම්, භාග්‍යවතුන් වහන්සේ මාගේ පලාකොළත් පිටිකෑමත් පිළිගන්නා සේක් දැ” යි විචාළේ ය. “රොජය, එසේ නම් භාග්‍යවතුන් වහන්සේ විචාරන්නෙමි” යි.
Pali BJT56. අථ ඛො ආයස්මා ආනන්දො භගවතො එතමත්ථං ආරොචෙසි. “තෙනහානන්ද, පටියාදෙතූ”ති. “තෙන හි රොජ, පටියාදෙහී”ති.
Sinhala BJT56. ඉක්බිති ආනන්‍දස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළකළහ: “ආනන්‍දය, එසේ නම් පිළියෙල කෙරේවා” යි. “රොජය, එසේ නම් පිළියෙල කරන්නැ” යි (ආනන්‍දස්ථවිරයන් වහන්සේ රොජයාහට දැන්වූහ).
Pali BJT57. අථ ඛො රොජො මල්ලො තස්සා රත්තියා අච්චයෙන පහූතං ඩාකඤ්ච පිට්ඨඛාදනීයඤ්ච පටියාදාපෙත්වා භගවතො උපනාමෙසි පතිගණ්හාතු මෙ භන්තෙ භගවා ඩාකඤ්ච පිට්ඨඛාදනීයඤ්චා”ති. “තෙන හි රොජ භික්ඛූනං දෙහී”ති.{*} භික්ඛූ කුක්කුච්චායන්තා න පතිගණ්හන්ති. “පතිගණ්හාථ භික්ඛවෙ, පරිභුඤ්ජථා”ති.
Sinhala BJT57. ඉක්බිති රොජමල්ල තෙමේ ඒ රෑ ඉක්ම ගිය පසු බොහෝ පලා ද පිටිකෑම ද පිළියෙල කරවා “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මාගේ පලාත් පිටිකෑමත් පිළිගන්නා සේක්වා” යි භාග්‍යවතුන් වහන්සේ වෙතට එළවී ය. “රොජය, එසේ නම් භික්‍ෂූන්ට දෙව” යි. භික්‍ෂූහු කුකුස් කරන්නෝ නො පිළිගණිත්. “මහණෙනි, පිළිගණිවු. වළඳවු” යි.
Pali BJT58. අථ ඛො රොජො මල්ලො බුද්ධපමුඛං භික්ඛුසඞ්ඝං පහූතෙහි ඩාකෙහි ච පිට්ඨඛාදනීයෙහි ච සහත්ථා සන්තප්පෙත්වා සම්පවාරෙත්වා භගවන්තං ධොතහත්ථං ඔනීතපත්තපාණිං එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො රොජං මල්ලං භගවා ධම්මියා කථාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සමුත්තෙජෙත්වා සම්පහංසෙත්වා උට්ඨායාසනා පක්කාමි.
Sinhala BJT58. ඉක්බිති රොජමල්ල තෙමේ බුද්ධප්‍රමුඛභික්‍ෂුසඞ්ඝයා බොහෝ පලාවලින් හා පිටිකෑමෙන් ද සියතින් සතප්පා, සේදූ අත් ඇති පාත්‍රයෙන් ඉවත් කළ අත් ඇති භාග්‍යවතුන් වහන්සේ වෙත පසෙක හුන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ පසෙක හුන් රොජමල්ලයාට දැහැමිකතාවෙන් කරුණු දක්වා සමාදන් කරවා තියුණු කරවා සතුටු කරවා හුනස්නෙන් නැගිට වැඩි සේක.
Pali BJT59. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “අනුජානාමි භික්ඛවෙ, සබ්බඤ්ච ඩාකං සබ්බඤ්ච පිට්ඨඛාදනීය”න්ති.
Sinhala BJT59. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමිකතා කොට භික්‍ෂූන් ඇමතූ සේක. “මහණෙනි, පිසූ නො පිසූ සියලු පලා ද සියලු පිටිකෑම ද අනුදනිමි” යි
Pali BJT60. අථ ඛො භගවා කුසිනාරායං යථාභිරත්තං විහරිත්වා යෙන ආතුමා, තෙන චාරිකං පක්කාමි මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං අඩ්ඪතෙළසෙහි භික්ඛුසතෙහි.
Sinhala BJT60. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කැමැති තාක් කල් කුසිනාරාවෙහි වාසය කොට එක්දහස්දෙසියපණසක් වූ මහාභික්‍ෂුසඞ්ඝයා සමග ආතුමානගරය බලා චාරිකාවෙහි වැඩි සේක.
Pali BJT61. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො වුඩ්ඪපබ්බජිතො ආතුමායං පටිවසති නහාපිතපුබ්බො. තස්ස ද්වෙ දාරකා හොන්ති මඤ්ජුකා පටිභාණෙය්යකා දක්ඛා පරියොදාතසිප්පා සකෙ ආචරියකෙ නහාපිතකම්මෙ. අස්සොසි ඛො සො බුඩ්ඪපබ්බජිතො “භගවා කිර ආතුමං ආගච්ඡති මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං අඩ්ඪතෙළසෙහි භික්ඛුසතෙහී”ති.
Sinhala BJT61. එකල්හි පෙර කරනැවෑමියෙක් වූ එක්තරා මහලු පැවිද්දෙක් ආතුමානගරයෙහි වෙසෙයි. ඔහුට මිහිරිබස් කියන සියසිප්හි වැටහෙන නුවණැති දක්‍ෂ වූ සියඇදුරන් අයත් කරනෑවිකම්හි නිදොස් වූ ශිල්ප ඇත්තා වූ දරු දෙදෙනෙක් වෙත්. ඒ මහලු පැවිදි තෙමේ “භාග්‍යවතුන් වහන්සේ එක්දහස්දෙසියපණසක් වූ මහාභික්‍ෂුසඞ්ඝයා සමග ආතුමානගරයට එත් ල” යි ඇසී ය.
Pali BJT62. අථ ඛො සො බුඩ්ඪපබ්බජිතො තෙ දාරකෙ එතදවොච: “භගවා කිර තාතා, ආතුමං ආගච්ඡති මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං අඩ්ඪතෙළසෙහි භික්ඛුසතෙහි. ගච්ඡථ තුම්හෙ තාතා, ඛුරභණ්ඩං ආදාය. නාළියාවාපකෙන අනුඝරකං{1} ආහිණ්ඩථ. ලොණම්පි තෙලම්පි තණ්ඩුලම්පි ඛාදනීයම්පි සංහරථ. භගවතො ආගතස්ස යාගුදානං{2} කරිස්සාමා”ති. “එවං තාතා”ති ඛො තෙ දාරකා තස්ස බුඩ්ඪපබ්බජිතස්ස පටිස්සුණිත්වා ඛුරභණ්ඩං ආදාය නාළියා ආවාපකෙන අනුඝරකං ආහිණ්ඩන්ති ලොණම්පි තෙලම්පි තණ්ඩුලම්පි ඛාදනීයම්පි සංහරන්තා. මනුස්සා තෙ දාරකෙ මඤ්ජුකෙ පටිභාණෙය්යකෙ පස්සිත්වා යෙපි න කාරාපෙතුකාමා, තෙපි කාරාපෙන්ති, කාරාපෙත්වාපි බහුං දෙන්ති. අථ ඛො තෙ දාරකා බහුං ලොණම්පි තෙලම්පි තණ්ඩුලම්පි ඛාදනීයම්පි සංහරිංසු.
Sinhala BJT62. ඉක්බිති ඒ මහලු පැවිදි තෙමේ “දරුවෙනි, භාග්‍යවතුන් වහන්සේ එක්දහස්දෙසියපණසක් වූ මහාභික්‍ෂුසඞ්ඝයා සමග ආතුමානගරයට එත් ල” යි ඒ දරුවන්ට කී ය. “දරුවෙනි, තෙපි කරනෑවිබඩු ගෙණ නැළියක් හා ආවාපක=පසුම්බියක් ද ඇතු ව යවු, ගෙයක් පාසා ඇවිදිවු. වැඩියා වූ භාග්‍යවතුන්ට කැඳදනක් දෙන්නෙමු. ලුණු ද තෙල් ද සහල් ද කෑ යුතු දේ ද රැස් කරවු” යි. “පියේ, එසේ ය” යි ඒ දරුවෝ මහලු පැවිද්දාට පිළිවදන් දී කරනෑවිබඩු ගෙණ නැළියකින් හා පසුම්බියකින් යුක්ත ව ලුණු ද තෙල් ද සහල් ද කෑ යුතු දේ ද රැස් කරමින් ගෙයක් පාසා ඇවිදිත්. මිනිස්සු මිහිරිබස් කියන සියසිප්හි ප්‍රතිභා සම්පන්න වූ ඒ දරුවන් දැක, යම් කෙනෙක් (කරකම්) නො කරවනු කැමැත්තාහු ද, ඔහු ද කරවත්. කරවා ගෙණ ද බොහෝ දෙත්. ඉක්බිති ඒ දරුවෝ බොහෝ ලුණු ද තෙල් ද සහල් ද කෑ යුතු දේ ද රැස් කළහ.
Pali BJT63. අථ ඛො භගවා අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන ආතුමා තදවසරි. තත්ර සුදං භගවා ආතුමායං විහරති භුසාගාරෙ.
Sinhala BJT63. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පිළිවෙළින් චාරිකා කරණ සේක් ආතුමානගරයට පැමිණියහ. භාග්‍යවතුන් වහන්සේ එහි පිදුරු (සෙවෙනි කළ) ගෙයක වැඩ වසන සේක.
Pali BJT64. අථ ඛො සො බුඩ්ඪපබ්බජිතො තස්සා රත්තියා අච්චයෙන පහූතං යාගුං පටියාදාපෙත්වා භගවතො උපනාමෙසි: “පතිගණ්හාතු මෙ භන්තෙ භගවා යාගු”න්ති.
Sinhala BJT64. ඉක්බිති ඒ මහලු පැවිදිතෙමේ ඒ රෑ ඉක්ම ගිය පසු බොහෝ කැඳ පිළියෙල කරවා “ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කැඳ පිළිගන්නා සේක්වා” යි භාග්‍යවතුන් වහන්සේ වෙතට එළවී ය.
Pali BJT65. ජානන්තාපි තථාගතා පුච්ඡන්ති. ජානන්තාපි න පුච්ඡන්ති. කාලං විදිත්වා න පුච්ඡන්ති. අත්ථසංහිතං තථාගතා පුච්ඡන්ති නො අනත්ථසංහිතෙ සෙගුඝාතො තථාගතානං. ද්වීහාකාරෙහි බුද්ධා භගවන්තො භික්ඛූ පටිපුච්ඡන්ති. “ධම්මං වා දෙසෙස්සාම. සාවකානං වා සික්ඛාපදං පඤ්ඤාපෙස්සාමා”ති.
Sinhala BJT65. තථාගතවරු දන්නෝ ම විචාරත්. දන්නෝ ම නො විචාරත්. කල් දැන විචාරත්. කල් දැන නො විචාරත්. තථාගතවරු අර්‍ත්‍ථයෙන් යුක්ත වූවක් විචාරත්. අනර්‍ත්‍ථ සහිත වූවක් නො විචාරත්, අනර්‍ත්‍ථයෙන් යුක්ත වචනයෙහි හේතු නැසීම තථාගතයන් වහන්සේලාට මාර්‍ගඥානයෙන් ම සිද්ධ ය. භාග්‍යවත් බුදුරජහු “ධර්‍මය හෝ දෙසන්නෙමු. ශ්‍රාවකයන්ට ශික්‍ෂාපද හෝ පණවන්නෙමු” යි යන දෙ කරුණින් භික්‍ෂූන් පිළිවිසිත්.
Pali BJT66. අථ ඛො භගවා තං බුඩ්ඪපබ්බජිතං එතදවොච: “කුතායං භික්ඛු, යාගූ”ති අථ ඛො සො බුඩ්ඪපබ්බජිතො භගවතො එතමත්ථං ආරොචෙසි. විගරහි බුද්ධො භගවා, ‘අනනුච්ඡවියං මොඝපුරිස, අනනුලොමිකං අප්පතිරූපං අස්සාමණකං අකප්පියං අකරණීයං. කථං හි නාම ත්වං මොඝපුරිස, පබ්බජිතෙ{1} අකප්පියෙ සමාදපෙස්සසි{2}. නෙතං මොඝපුරිස, අප්පසන්නානං වා පසාදාය -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “න භික්ඛවෙ, පබ්බජිතා අකප්පියෙ සමාදපෙතබ්බා{3}. යො සමාදපෙය්ය, ආපත්ති දුක්කටස්ස. න ච භික්ඛවෙ, නහාපිතපුබ්බෙන ඛුරභණ්ඩං පරිහරිතබ්බං. යො පරිහරෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT66. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ මහලු පැවිද්දහු “මහණ, මේ කැඳ කොයින් දැ?” යි අසා වදාළ සේක. එවිට ඒ මහලු පැවිදිතෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැළකෙළේ ය. ඉන් පසු භාග්‍යවත් බුදුරජානන් වහන්සේ “සිස් පුරුෂය, නුසුදුස්සෙක. අනුලොම් නො වන්නෙක. නො ගැළපෙන්නක. මහණකමට නුසුදුසු ය. නො කැප වූවෙක. නො කට යුත්තෙක. සිස් පුරුෂය, කෙසේ නම් තෝ පැවිද්දන් නො කැප කරුණෙහි සමාදන් කරවූයෙහි ද, සිස් පුරුෂය, මෙය නො පැහැදුනවුන්ගේ පැහැදීම පිණිස හෝ නො වේ” යි ගැරහූ සේක. –පෙ– ගරහා දැහැමිකතා කොට භික්‍ෂූන් ඇමතූ සේක. “මහණෙනි, පැවිද්දෝ නො කැප කරුණෙහි සමාදන් නො කරවිය යුත්තාහු ය. යමෙක් සමාදන් කරවන්නේ නම්, දුකුළාඇවැත් වේ. මහණෙනි, පෙර කරනැවෑමි වූ මහණහු විසින් කරබඩු පරිහරණය නො කළ යුතු ය. යමෙක් පරිහරණය කරන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි.
Pali BJT67. අථ ඛො භගවා ආතුමායං යථාභිරත්තං විහරිත්වා යෙන සාවත්ථි තෙන චාරිකං පක්කාමි. අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන සාවත්ථි තදවසරි. තත්ර සුදං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ.
Sinhala BJT67. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කැමැති තාක් කල් ආතුමානගරයෙහි වැඩ වාසය කොට සැවැත්නුවර බලා චාරිකාවෙහි වැඩි සේක. පිළිවෙළින් චාරිකාවෙහි වඩිනා සේක් සැවැත්නුවරට පැමිණියහ. භාග්‍යවතුන් වහන්සේ එහි සැවැත්නුවර ජේතවනයෙහි අනේපිඬුසිටුහුගේ ආරාමයෙහි වසන සේක.
Pali BJT68. තෙන ඛො පන සමයෙන සාවත්ථියං බහුං ඵලඛාදනීයං උප්පන්නං හොති{4}. අථ ඛො භික්ඛූනං එතදහොසි: “කින්නු ඛො භගවතා ඵලඛාදනීය අනුඤ්ඤාතං? කිං අනනුඤ්ඤාත”න්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, සබ්බං ඵලඛාදනීය”න්ති.
Sinhala BJT68. එකල්හි සැවැත්නුවර බොහෝ කෑ යුතු පල උපන්නේ වේ. එකල භික්‍ෂූන්ට “කිම, භාග්‍යවතුන් වහන්සේ විසින් කෑ යුතු පල අනුදන්නාලද ද? කිම, නො අනුදන්නා ලද දැ” යි සිත් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, කෑ යුතු සියලු පල අනුදනිමි” යි.
Pali BJT69. තෙන ඛො පන සමයෙන සඞ්ඝිකානි බීජානි පුග්ගලිකාය භූමියා රොපියන්ති, පුග්ගලිකානි බීජානි සඞ්ඝිකාය භූමියා රොපියන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “සඞ්ඝිකානි භික්ඛවෙ, බීජානි පුග්ගලිකාය භූමියා රොපිතානි භාගං දත්වා පරිභුඤ්ජිතබ්බානි. පුග්ගලිකානි බීජානි සඞ්ඝිකාය භූමියා රොපිතානි භාගං දත්වා පරිභුඤ්ජිතබ්බානී”ති.
Sinhala BJT69. ඒ කාලයෙහි සඟුන් අයත් බිජුවට පුද්ගලයන් අයත් බිම්හි රෝපණය කරණු ලැබේ. පුද්ගලයන් අයත් බිජුවට සඟුන් අයත් බිම්හි රෝපණය කරණු ලැබේ. භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැළකළහ. “මහණෙනි, සඟුන් අයත් බිජුවට පුද්ගලයන් අයත් බිම්හි රෝපණය කරණ ලද්දේ නම්, (දහයෙන්) කොටසක් දී වැළඳිය යුතු ය. පුද්ගලයන් අයත් බිජුවට සඟුන් අයත් බිම්හි රෝපණය කරණ ලද්දේ නම්, (දහයෙන්) කොටසක් දී වැළඳිය යුතු ය” යි.
Pali BJT70. තෙන ඛො පන සමයෙන භික්ඛූනං කිස්මිඤ්චි කිස්මිඤ්චි ඨානෙ කුක්කුච්චං උප්පජ්ජති: “කින්නු ඛො භගවතා අනුඤ්ඤාතං? කිං අනනුඤ්ඤාත”න්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “යං භික්ඛවෙ, මයා ‘ඉදං න කප්පතී’ති අප්පටික්ඛිත්තං තං චෙ අකප්පියං අනුලොමෙති, කප්පියං පටිබාහති, තං වො න කප්පති. යං භික්ඛවෙ, මයා ‘ඉදං න කප්පතී’ති අප්පටික්ඛිත්තං, තං චෙ කප්පියං අනුලොමෙති, අකප්පියං පටිබාහති, තං වො කප්පති. යං භික්ඛවෙ, මයා ‘ඉදං කප්පතී’ති අනනුඤ්ඤාතං, තං චෙ අකප්පියං අනුලොමෙති, කප්පියං පටිබාහති, තං වො න කප්පති. යං භික්ඛවෙ, මයා ‘ඉදං කප්පතී’ති අනනුඤ්ඤාතං, තං චෙ කප්පියං අනුලොමෙති, අකප්පියං පටිබාහති, තං වො කප්පතී”ති.
Sinhala BJT70. ඒ කාලයෙහි භික්‍ෂූන්ට ඇතැම් කරුණෙහි “කිම, භාග්‍යවතුන් වහන්සේ විසින් අනුදන්නා ලද ද? කිම, නො අනුදන්නා ලද දැ” යි කුකුස් උපදී. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, මා විසින් ‘මේ නො කැපැ’ යි යමක් ප්‍රතික්‍ෂේප නො කරණ ලද්දේ ද, ඉදින් එය නො කැපයට අනුලොම් වේ ද, කැපය වළකා ද, තොපට එය නො කැප වේ. මහණෙනි, මා විසින් ‘මේ නො කැපැ’ යි යමක් ප්‍රතික්‍ෂේප නො කරණ ලද්දේ ද, ඉදින් එය කැපයට අනුලොම් වේ ද, නො කැපය වළකා ද, තොපට එය කැප වේ. මහණෙනි, මා විසින් මේ කැපැ යි යමක් නො අනුදන්නා ලද්දේ ද, ඉදින් එය නො කැපයට අනුලොම් වේ ද, කැපය වළකා ද, තොපට එය නො කැප වේ. මහණෙනි, මා විසින් මේ කැපැ යි නො අනුදන්නා ලද්දේ ද, ඉදින් එය කැපයට අනුලොම් වේ ද, නො කැපය වළකා ද, තොපට එය කැප වේ” යි.
Pali BJT71. අථ ඛො භික්ඛූනං එතදහොසි: “කප්පති නු ඛො යාවකාලිකෙන යාමකාලිකං? න නු ඛො කප්පති? කප්පති නු ඛො යාවකාලිකෙන සත්තාහකාලිකං? න නු ඛො කප්පති? කප්පති නු ඛො යාවකාලිකෙන යාවජීවිකං? න නු ඛො කප්පති? කප්පති නු ඛො යාමකාලිකෙන සත්තාහකාලිකං? න නු ඛො කප්පති? කප්පති නු ඛො යාමකාලිකෙන යාවජීවිකං? න නු ඛො කප්පති? කප්පති නු ඛො සත්තාහකාලිකෙන යාවජීවිකං? න නු ඛො කප්පතී?”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “යාවකාලිකෙන භික්ඛවෙ, යාමකාලිකං, තදහු පටිග්ගහිතං කාලෙ කප්පති, විකාලෙ න කප්පති. යාවකාලිකෙන භික්ඛවෙ, සත්තාහකාලිකං තදහු පටිග්ගහිතං කාලෙ කප්පති. විකාලෙ න කප්පති. යාවකාලිකෙන භික්ඛවෙ, යාවජීවිකං තදහු පටිග්ගහිතං කාලෙ කප්පති, විකාලෙ න කප්පති. යාමකාලිකෙන භික්ඛවෙ, සත්තාහකාලිකං තදහු පටිග්ගහිතං යාමෙ කප්පති. යාමාතික්කන්තෙ න කප්පති. යාමකාලිකෙන භික්ඛවෙ, යාවජීවිකං තදහු පටිග්ගහිතං යාමෙ කප්පති. යාමාතික්කන්තෙ න කප්පති. සත්තාහකාලිකෙන භික්ඛවෙ, යාවජීවිකං පටිග්ගහිතං සත්තාහං කප්පති. සත්තාහාතික්කන්තෙ න කප්පතී”ති.
Sinhala BJT71. එකල්හි භික්‍ෂූන්ට “යාවකාලිකය හා මිශ්‍ර වූ යාමකාලිකය කැප වේ ද? නො කැප වේ ද? යාවකාලිකාය හා මිශ්‍ර වූ සත්තාහකාලිකය කැප වේ ද? නො කැප වේ ද? යාවකාලිකය හා මිශ්‍ර වූ යාවජීවිකය කැප වේ ද? නො කැප වේ ද? යාමකාලිකය හා මිශ්‍ර වූ සත්තාහකාලිකය කැප වේ ද? නො කැප වේ ද? යාමකාලිකය හා මිශ්‍ර වූ යාවජීවිකය කැප වේ ද? නො කැප වේ ද? සත්තාහකාලිකය හා මිශ්‍ර වූ යාවජීවිකය කැප වේ ද? නො කැප වේ දැ” යි අදහස් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, එදවස පිළිගන්නා ලද යාවකාලිකය හා මිශ්‍ර වූ යාමකාලිකය කාලයෙහි (පෙරවරුයෙහි) කැප වේ. නො කල්හි (පස්වරුයෙහි) නො කැප වේ. මහණෙනි, එදවස පිළිගත් යාවකාලිකය හා මිශ්‍ර වූ සත්තාහකාලිකය කාලයෙහි කැප වේ. නො කල්හි නො කැප වේ. මහණෙනි, එදවස පිළිගත් යාවකාලිකය හා මිශ්‍ර වූ යාවජීවිකය කාලයෙහි කැප වේ. නො කල්හි නො කැප වේ. මහණෙනි, එදවස පිළිගත් යාමකාලිකය හා මිශ්‍ර වූ සත්තාහකාලිකය පැසුළුයම අවසන තෙක් කැප වේ. පැසුළුයම ඉක්මුනු කල්හි නො කැප වේ. මහණෙනි, එදවස පිළිගත් යාමකාලිකය හා මිශ්‍ර වූ යාවජීවිකය පැසුළුයම අවසන තෙක් කැප වේ. පැසුළුයම ඉක්මුනු කල්හි නො කැප වේ. මහණෙනි, එ දවස පිළිගත් සත්තාහකාලිකය හා මිශ්‍ර වූ යාවජීවිකය සතියක් කැප වේ. සතිය ඉක්මුනු කල්හි නො කැප වේ” යි.
Pali BJTභෙසජ්ජක්ඛන්ධකො නිට්ඨිතො ඡට්ඨො.
Sinhala BJTසවන භේසජ්ජක්ඛන්‍ධකය නිමි.
Pali BJTඉමම්හි ඛන්ධකෙ වත්ථූ එකසතං ඡ වත්ථූ.
Sinhala BJTමේ ඛන්‍ධකයෙහි වස්තු එක්සියසයෙකි.
Pali BJTතස්ස උද්දානං:
Sinhala BJTඑහි උද්දානය (වස්තුනාමාවලිය) මෙසේ ය:
Pali BJTසාරදිකෙ විකාලෙපි වසං මූලෙ පිට්ඨෙහි ච, කසාවෙහි පණ්ණං ඵලං ජතු ලොණං ඡකණඤ්ච.
Sinhala BJTශරද්ඍතුවෙහි ලෙඩ, නො කල්හි ගිතෙල් ඈ බෙහෙත්, වුරුණුතෙල්, මුල් හා මුලින් කළ පිටි, කසට හා කොළ, පල ලාටු, ලුණු, අස්බෙටි ද,
Pali BJTචුණ්ණං චාලිනී මංසඤ්ච අඤ්ජනී{1} උපපිංසනී{2}, අඤ්ජනී උච්ච{3}පාරුතා සලාකා සලාකොධනී{4}.
Sinhala BJTසුණු පෙණේරය, අමුමස්, අඳුන්, අඳුන් සාදන ද්‍රව්‍යය, අඳුන්කුලා, රන් ආදියෙන් කළ උසස් අඳුන්කූරු, අඳුන්කූරුකොපු,
Pali BJTථවිකං සවට්ටකං{5} සුත්තං මුද්ධනි තෙල{6}නත්ථු ච, නත්ථුකරණී ධූම{7} නෙත්තඤ්ච පිධානං යමකත්ථවි{8}.
Sinhala BJTථවිකය, අංසවට්ටකය, හුය, හිසෙහි ලන තෙල්, නස්‍යය, නස්‍යය කරණ ඔරු, ධූමනෙත්තය, පියන, යමකථවිකය,
Pali BJTතෙලපාකෙසු මජ්ජඤ්ච අතික්ඛිත්තං අබ්භඤ්ජනං, තුම්බං සෙදං සම්භාරඤ්ච, මහාභඞ්ගොදකං තථා.
Sinhala BJTමද්‍ය මිශ්‍ර තෙල් පිසීම, අධිකමද්‍යතෙල්බිම, තෙල් ඇඟ ගෑම, සැළි, ඩහගැන්වීම, සම්හාරසෙදය, මහාසෙදය, එසේ ම භඞ්ගෝදකය,
Pali BJTදකකොට්ඨං ලොහිතඤ්ච විසාණං පාදබ්භඤ්ජනං, පජ්ජං සත්ථං කසාවඤ්ච තිලකක්කං කබලිකං.
Sinhala BJTදියකොටුව, ලේ බැහැර කිරීම, වක්කම් ඇල්ලීම, පාතෙල් ගැල්වීම, පාදයට හිත තෙල් පිසීම, සැත්කම් කිරීම, කසාවෝදකය, තිලකක්කය, කබලිකය,
Pali BJTචොලං සාසපකුඩ්ඩඤ්ච{9} ධූමසක්ඛරිකාය ච, වණතෙලං විකාසිකං විකටඤ්ච පටිග්ගහං.
Sinhala BJTවණ බඳින රෙදිකඩ, අබපිටි, දුම් දීම, ලුණුපුපුරෙන් කැපීම, වණතෙල්, වණවැටිය, විකට පිළිගැණීම,
Pali BJTගූථං කරොන්තා රොළිඤ්ච ඛාරං මුත්තහරිටකී{10} ගන්ධා විරෙචනඤ්චෙව අච්ඡා කට{11} කටාකටං.
Sinhala BJTමල පෙවීම, සීතාලෝලිය, ක්‍ෂාරය, ගොමූත්‍රයෙහි ලූ අරළු, ගන්‍ධාලේපය, විරේචනය, අච්ඡකඤ්ජිය, නො කළ යුෂය, කළ නො කළ යුෂය,
Pali BJTපටිච්ඡාදනී පබ්භාරා ආරාමා සතා පඤ්චහි{12} ගුළං මුග්ගං සොවීරඤ්ච සාමපාකා{13} පුනා පචෙ.
Sinhala BJTමස්රසය, ගුහා පිරිසිදු කිරීම, ආරාමිකයන් පන්සියයක් දීම, උක්සකුරු, මුංඇට, ලුණුකාඩි, සාමපාකය, පුනපාකය,
Pali BJTපුනානුඤ්ඤාසි දුබ්භික්ඛෙ ඵලඤ්ච තිලඛාදනී, පුරෙභත්තං කායඩාහො නිබ්බට්ටඤ්ච භගන්දලං.
Sinhala BJTදුර්භික්‍ෂයෙහි නැවත අනුදැනීම, පල, තල, කෑයුතු දෙය, පෙරබත, කායදාහය, උපුටා හළ බීජ ඇති පල, භගන්‍දරාරෝගය,
Pali BJTවත්ථිකම්මඤ්ච සුප්පි ච{14} මනුස්සමංසමෙව ච, හත්ථි අස්සා සුනඛාහි{15} සීහබ්යග්ඝං ච දීපිකං.{16}
Sinhala BJTවස්තිකර්‍මය, සුප්පියාඋපාසිකාව, මිනීමස්, ඇත්මස්, අස්මස්, බලුමස්, සර්‍පමස්, සිංහමස්, වගමස්, දිවිමස්,
Pali BJTඅච්ඡ තරච්ඡ මංසඤ්ච පටිපාටි ච යාගු ච, තරුණං අඤ්ඤත්ර ගුළං සුනීධාවසථාගරං.{17}
Sinhala BJTවලස්මස්, කරබානාවලස්මස්, පටිපාටිය, කැඳ, තරුණමහාමාත්‍ය, අන් තැනෙක නො වැළඳීම, උක්සකුරු, සුනීධ–වස්සකාර දෙදෙන, ආවස්ථාගාරය,
Pali BJTගඞ්ගා කොටි සච්චකථා අම්බපාලී ච ලිච්ඡවී, උද්දිස්ස කටං සුභික්ඛං පුනදෙව පටික්ඛිපි.
Sinhala BJTගඞ්ගානදිය, කෝටිග්‍රාමය, චතුස්සත්‍යකථා, අම්බපාලිගණිකාව, ලිච්ඡවීහු, උදෙසා කළ මත්ස්‍යමාංසය, සුභික්‍ෂයෙහි නැවත තහනම් කිරීම,
Pali BJTමෙඝො යසො මෙණ්ඩකො ච ගොරසං පාථෙය්යකෙන ච, කෙණි අම්බො ජම්බුචොච මොචමධුමුද්දිකසාලුකං.
Sinhala BJTමේඝය, යසෝජස්ථවිර, මෙණ්ඩක, මාර්ගෝපකරණය හා පස්ගෝරසය, කේණිය, අම්බජම්බු වොච මොච මධු මුද්දික සාලුක ඵාරුසක යන අෂ්ටපාන වර්‍ග, පලාකාළ හා පිටි, ආතුමානුවර, කරනැවෑමි, සැවැත්නුවර දී කෑයුතු පල අනුදැනීම, බීජරෝපණය, ඇතැම් කරුණෙහි සැකය, කාලිකයෙහි විනිශ්චය ද වේ.
Pali BJTඵාරුසකං{18} ඩාකපිට්ඨං, ආතුමායං නහාපිතො, සාවත්ථියං ඵලං බීජං කිස්මිං ඨානෙ ච කාලිකෙති.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT7.
Sinhala BJT7.
Pali BJTකඨිනක්ඛන්ධකං
Sinhala BJTකඨිනක්ඛන්‍ධකය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ සැවැත්නුවර ජේතවනයෙහි වූ අනේපිඬුසිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක.
Pali BJT2. තෙන ඛො පන සමයෙන තිංසමත්තා පාවෙය්යකා{1} භික්ඛූ සබ්බෙ ආරඤ්ඤකා{2} සබ්බෙ පිණ්ඩපාතිකා සබ්බෙ පංසුකූලිකා සබ්බෙ තෙචීවරිකා සාවත්ථිං ගච්ඡන්තා{3} භගවන්තං දස්සනාය උපකට්ඨාය වස්සූපනායිකාය නාසක්ඛිංසු සාවත්ථියං වස්සූපනායිකං සම්භාවෙතුං. අන්තරාමග්ගෙ සාකෙතෙ වස්සං උපගච්ඡිංසු.
Sinhala BJT2. එකල්හි පාවානුවරවැසි තිසක් පමණ භික්‍ෂූහු සියල්ලෝ ආරණ්‍යක වූවාහු සියල්ලෝ පිණ්ඩපාතික වූවාහු සියල්ලෝ පංසුකූලික වූවාහු සියල්ලෝ තෙචීවරික වූවාහු භාග්‍යවතුන් වහන්සේ දක්නට සැවැත් නුවරට යන්නාහු වස් එළඹීම ලං වූ කල්හි සැවැත්නුවර වස් එළඹෙන්නට යෑමට නො හැකි වූහ. අතරමග සාකේතනුවර වස් එළඹියහ.
Pali BJT3. තෙ උක්කණ්ඨිතරූපා වස්සං වසිංසු “ආසන්නෙව නො භගවා විහරති ඉතො ඡසු යොජනෙසු. න ච මයං ලභාම භගවන්තං දස්සනායා”ති.
Sinhala BJT3. ඔහු “භාග්‍යවතුන් වහන්සේ අපගේ සමීපයෙහි ම මෙයින් සයොදුනක් ගිය තැන්හි වැඩ වසන සේක. අපි භාග්‍යවතුන් වහන්සේ දක්නට නො ලබමු” යි කළකිරුණෝ ම වස් විසූහ.
Pali BJT4. අථ ඛො තෙ භික්ඛූ වස්සං වුත්ථා තෙමාසච්චයෙන කතාය පවාරණාය දෙවෙ වස්සන්තෙ උදකසඞ්ගහෙ උදකචික්ඛල්ලෙ ඔකපුණ්ණෙහි චීවරෙහි කිලන්තරූපා, යෙන සාවත්ථි ජෙතවනං අනාථපිණ්ඩිකස්ස ආරාමො, යෙන භගවා, තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු.
Sinhala BJT4. ඉක්බිති වස් වැස නිම කළ ඒ භික්‍ෂූහු තෙමසක් ඇවෑමෙන් පවාරණය කළ කල්හි වැසි වසිද්දී දිය ගැල්මෙන් (වළ ගොඩ) පිරුණු කල්හි ගොහොරු මඩෙහි දියෙන් පිරුණු (තෙමුනු) සිවුරුවලින් යුක්ත ව ක්ලාන්තස්වභාව ඇත්තෝ සැවැත්නුවර ජේතවනයෙහි වූ අනේපිඬුසිටුහුගේ ආරාමයෙහි භාග්‍යවතුන් වහන්සේ වෙතට ගියහ. ගොස් භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්හ.
Pali BJT5. ආචිණ්ණං ඛො පනෙතං බුද්ධානං භගවන්තානං ආගන්තුකෙහි භික්ඛූහි සද්ධිං පටිසම්මොදිතුං. අථ ඛො භගවා තෙ භික්ඛූ එතදවොච: “කච්චි භික්ඛවෙ, ඛමනීයං? කච්චි යාපනීයං? කච්චි සමග්ගා සම්මොදමානා අවිවදමානා ඵාසුකං වස්සං වසිත්ථ? න ච පිණ්ඩකෙන කිලමිත්ථා?”ති.
Sinhala BJT5. භාග්‍යවත් බුදුවරුන්ට ආගන්තුක භික්‍ෂූන් සමග සතුටු වීම පුරුදු ම ය. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ ඒ භික්‍ෂූන්ගෙන් “මහණෙනි, කිම, ඉවසිය හැකි ද? කිම, යැපිය හැකි ද? කිම, සමගි වූවහු සතුටු වූවහු විවාද නො කරන්නහු පහසුවෙන් වස් වුසූහු ද? ආහාරයෙන් වෙහෙසට පත් නො වූවහු දැ” යි අසා වදාළ සේක.
Pali BJT6. “ඛමනීයං භගවා. යාපනීයං භගවා. සමග්ගා ච මයං භන්තෙ, සම්මොදමානා අවිවදමානා වස්සං වසිම්හ. න ච පිණ්ඩකෙන කිලමිම්හ. ඉධ මයං භන්තෙ තිංසමත්තා පාවෙය්යකා භික්ඛූ සාවත්ථිං ආගච්ඡන්තා භගවන්තං දස්සනාය උපකට්ඨාය වස්සූපනායිකාය නාසක්ඛිම්හ සාවත්ථියං වස්සූපනායිකං සම්භාවෙතුං. අන්තරාමග්ගෙ සාකෙතෙ වස්සං උපගච්ඡිම්හ. තෙ මයං භන්තෙ උක්කණ්ඨිතරූපා වස්සං වසිම්හ ‘ආසන්නෙව නො භගවා විහරති ඉතො ඡසු යොජනෙසු. න ච මයං ලභාම භගවන්තං දස්සනායා’ති. අථ ඛො මයං භන්තෙ වස්සං වුත්ථා, තෙමාසච්චයෙන කතාය පවාරණාය, දෙවෙ වස්සන්තෙ උදකසඞ්ගහෙ උදකචික්ඛල්ලෙ ඔකපුණ්ණෙහි චීවරෙහි කිලන්තරූපා අද්ධානං ආගතා”ති.
Sinhala BJT6. “භාග්‍යවතුන් වහන්ස, ඉවසිය හැකි ය. භාග්‍යවතුන් වහන්ස, යැපිය හැකි ය. ස්වාමීනි, අපි සමගි ව සතුටු ව විවාද නො කරමින් වස් වුසුම්හ. ආහාරයෙන් ද වෙහෙසට පත් නො වූම්හ. ස්වාමීනි, මෙහි අපි පාවානුවර වැසි තිසක් පමණ වූ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ දක්නට සැවැත්නුවර එන්නමෝ වස් එළඹීම ලං වූ කල්හි සැවැත්නුවර වස් එළඹීමට පැමිණෙන්නට නො හැකි වූම්හ. අතරමග සාකේත නුවර වස් එළඹියෙමු. ඒ අපි ‘භාග්‍යවතුන් වහන්සේ අපගේ සමීපයෙහි ම මෙයින් සයොදුනක් ගිය තැන වැඩ වසන සේක. අපි භාග්‍යවතුන් වහන්සේ දක්නට නො ලබමු’ යි කළකිරුණාහු ම වස් වුසූම්හ. ස්වාමීනි, ඉක්බිති අපි වස් වැස නිම කළෝ තෙමසක් අවෑමෙන් පවාරණය කළ කල්හි වැහි වහිද්දී දිය ගැල්මෙහි ගොහොරු මඩෙහි දියෙන් පිරුණු සිවුරු වලින් යුක්ත ව ක්ලාන්තස්වභාවය ඇත්තමෝ දීර්‍ඝමාර්‍ගයට බැස ආවෙමු” යි.
Pali BJT7. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “අනුජානාමි භික්ඛවෙ, වස්සං වුත්ථානං භික්ඛූනං කඨිනං{4} අත්ථරිතුං. අත්ථතකඨිනානං වො භික්ඛවෙ, පංච කප්පිස්සන්ති: අනාමන්තචාරො, අසමාදානචාරො, ගණභොජනං, යාවදත්ථචීවරං, යො ච තත්ථ චීවරුප්පාදො, සො නෙසං භවිස්සති{5}. අත්ථතකඨිනානං වො, භික්ඛවෙ, ඉමානි පඤ්ච කප්පිස්සන්ති.”
Sinhala BJT7. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට භික්‍ෂූන් ඇමතූ සේක: “මහණෙනි, වස් වැස නිම කළ භික්‍ෂූන්ට කඨින ඇතිරීම අනුදනිමි” යි “මහණෙනි, ඇතිරූ කඨිනය ඇති (කෙළින් සිවුරු අතුළ) භික්‍ෂූන්ට අනාමන්තවාරය (නො විචාරා ගම් වැදීම), අසමාදානචාරය (තුන් සිවුරු නො ගෙණ යෑම), ගණභෝජනය (සමූහ භෝජනය), කැමැති පමණ සිවුරු පිළිගැණීම, එහි කඨිනය ඇතිරූ වෙහෙරෙහි යම්තාක් සිවුරු ලැබීමෙක් වේ ද, එය ද ඔවුන්ට (අයත්) වන්නේ ය යන පස කැප වන්නේ ය. මහණෙනි, අතුළ කඨිනය ඇති භික්‍ෂූන්ට මේ පස කැප වන්නේ ය.
Pali BJT8. එවඤ්ච පන භික්ඛවෙ කඨිනං අත්ථරිතබ්බං. ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
Sinhala BJT8. මහණෙනි, කඨිනය මෙසේ ඇතිරිය යුතු ය. ව්‍යක්ත වූ ප්‍රතිබල භික්‍ෂුනමක් විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුතු ය.
Pali BJT“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. ඉදං සඞ්ඝස්ස කඨිනදුස්සං උප්පන්නං. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො ඉමං කඨිනදුස්සං ඉත්ථන්නාමස්ස භික්ඛුනො දදෙය්ය කඨිනං අත්ථරිතුං. එසා ඤත්ති.
Sinhala BJT“ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. සඞ්ඝයාට මේ කඨිනවස්ත්‍රයක් ලැබුනේ ය. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම්, සඞ්ඝ තෙමේ මේ කඨිනවස්ත්‍රය මෙනම් ඇති මහණහුට කඨිනය ඇතිරීමට දෙන්නේ ය. මේ දැන්වීම ය.
Pali BJT“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. ඉදං සඞ්ඝස්ස කඨිනදුස්සං උප්පන්නං. සඞ්ඝො ඉමං කඨිනදුස්සං ඉත්ථන්නාමස්ස භික්ඛුනො දෙති කඨිනං අත්ථරිතුං. යස්සායස්මතො ඛමති ඉමස්ස කඨිනදුස්සස්ස ඉත්ථන්නාමස්ස භික්ඛුනො දානං කඨිනං අත්ථරිතුං, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය.
Sinhala BJT“ස්වාමීනි සඞ්ඝතෙමේ මාගේ වචනය අසාවා. සඞ්ඝයාට මේ කඨින වස්ත්‍රයක් ලැබුනේ ය. සඞ්ඝ තෙමේ මේ කඨිනවස්ත්‍රය මෙනම් ඇති මහණහුට කඨිනය ඇතිරීමට දෙයි. යම් ආයුෂ්මතකුහට මේ කඨින වස්ත්‍රය මෙනම් ඇති මහණහුට කඨිනය ඇතිරීමට දීම රුචි වේ නම්, හෙ තෙමේ නිශ්ශබ්ද වන්නේ ය. යම් ආයුෂ්මතකුහට රුචි නො වේ නම්, හෙ තෙමේ කියන්නේ ය.
Pali BJT“දින්නං ඉදං සඞ්ඝෙන කඨිනදුස්සං ඉත්ථන්නාමස්ස භික්ඛුනො කඨිනං අත්ථරිතුං. ඛමති සඞ්ඝස්ස තස්මා තුණ්හී, එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJT“සඞ්ඝයා විසින් මේ කඨිනවස්ත්‍රය මෙනම් ඇති මහණහුට කඨිනය ඇතිරීමට දෙන ලද්දේ ය. සඞ්ඝයාට (එය) රුචි වේ. එහෙයින් නිශ්ශබ්ද වේ. මෙය මෙසේ දරමි” යි.
Pali BJT9. එවං ඛො භික්ඛවෙ, අත්ථතං හොති කඨිනං, එවං අනත්ථතං. කථඤ්ච භික්ඛවෙ,{1} අනත්ථතං හොති කඨිනං? න උල්ලිඛිතමත්තෙන අත්ථතං හොති කඨිනං, න ධොවනමත්තෙන අත්ථතං හොති කඨිනං. න චීවරවිචාරණමත්තෙන අත්ථතං හොති කඨිනං. න ඡෙදනමත්තෙන අත්ථතං හොති කඨිනං. න බන්ධනමත්තෙන අත්ථතං හොති කඨිනං. න ඔවට්ටිකරණමත්තෙන{2} අත්ථතං හොති කඨිනං. න කණ්ඩූසකරණමත්තෙන{3} අත්ථතං හොති කඨිනං. න දළ්හීකම්මකරණමත්තෙන අත්ථතං හොති කඨිනං. න අනුවාතකරණමත්තෙන අත්ථතං හොති කඨිනං. න පරිභණ්ඩකරණමත්තෙන අත්ථතං හොති කඨිනං. න ඔවට්ටෙය්යකරණමත්තෙන{4} අත්ථතං හොති කඨිනං. න කම්බලමද්දනමත්තෙන අත්ථතං හොති කඨිනං. න නිමිත්තකතෙන අත්ථතං හොති කඨිනං. න පරිකථාකතෙන අත්ථතං හොති කඨිනං. න කුක්කුකතෙන අත්ථතං හොති කඨිනං. න සන්නිධිකතෙන අත්ථතං හොති කඨිනං. න නිස්සග්ගියෙන අත්ථතං හොති කඨිනං. න අකප්පකතෙන අත්ථතං හොති කඨිනං. න අඤ්ඤත්ර සඞ්ඝාටියා අත්ථතං හොති කඨිනං. න අඤ්ඤත්ර උත්තරාසඞ්ගෙන අත්ථතං හොති කඨිනං. න අඤ්ඤත්ර අන්තරවාසකෙන අත්ථතං හොති කඨිනං. න අඤ්ඤත්ර පඤ්චකෙන වා අතිරෙකපඤ්චකෙන වා තදහෙව සඤ්ඡින්නෙන සමණ්ඩලීකතෙන අත්ථතං හොති කඨිනං. න අඤ්ඤත්ර පුග්ගලස්ස අත්ථාරා අත්ථතං හොති කඨිනං. සම්මා චෙව{5} අත්ථතං හොති කඨිනං, තඤ්චෙ නිස්සීමට්ඨො අනුමොදති, එවම්පි අනත්ථතං හොති කඨිනං. එවං ඛො භික්ඛවෙ, අනත්ථතං හොති කඨිනං.
Sinhala BJT9. මහණෙනි, කඨිනය මෙසේ අතුළේ මෙසේ නො අතුළේ වේ. මහණෙනි, කඨිනය කෙසේ නො අතුළේ වේ ද, ලකුණු කළ (සිවුරේ දිග පළල ගත්) පමණින් කඨිනය නො අතුළේ වේ. වස්ත්‍රය සේදූ පමණින් කඨිනය නො අතුළේ වේ. කඩ නියම කිරීම් පමණින් කඨිනය නො අතුළේ වේ. කඩ කැපීම් පමණින් කඨිනය නො අතුළේ වේ. හිස් (බොරු) නූල් ඇදීම් පමණින් කඨිනය නො අතුළේ වේ. දික් මැහුම් මැසීම් පමණින් කඨිනය නො අතුළේ වේ. අතු බැඳුම් (මූට්ටු කිරීම්) පමණින් කඨිනය නො අතුළේ වේ. දෙපට එකට මැසීම් පමණින් කඨිනය නො අතුළේ වේ. පිට නුවා ඇල්ලූ පමණින් කඨිනය නො අතුළේ වේ. ඇතුල් නුවා ඇල්ලූ පමණින් කඨිනය නො අතුළේ වේ. අමුතු රෙදිපටක් ඇල්ලූ පමණින් කඨිනය නො අතුළේ වේ. එක් වරක් පඬු පෙවූ පමණින් කඨිනය නො අතුළේ වේ. මේ වස්ත්‍රයෙන් කඨිනය අතුරමි යි නිමිති කොට ලත් වස්ත්‍රයෙන් කඨිනය නො අතුළේ වේ. අනුසස් කීමෙන් ලත් වස්ත්‍රයෙන් කඨිනය නො අතුළේ වේ. තාවකාලික වස්ත්‍රයෙන් කඨිනය නො අතුළේ වේ. තැන්පත් කොට (එදින ම නො මසා) තුබූ වස්ත්‍රයෙන් කඨිනය නො අතුළේ වේ. (රැය ඉක්ම යෑමෙන්) නිසඟි වූ වස්ත්‍රයෙන් කඨිනය නො අතුළේ වේ. කප්බිඳු නො තැබූ වස්ත්‍රයෙන් කඨිනය නො අතුළේ වේ. සඟළ සිවුර හැර, උතුරුසඟ සිවුර හැර, අඳනය හැර (අනෙක් වස්ත්‍රයකින්) කඨිනය නො අතුළේ වේ. එදවස ම කපන ලද මැඩිලි සහිත කරණ (මැඩිලි දක්වා මසන) ලද කඩපසක් හෝ වැඩියක් හෝ කඩ ඇති සිවුරක් හැර අනෙකකින් කඨිනය නො අතුළේ වේ. පුද්ගලයකුගේ ඇතිරීමෙන් හැර (සඞ්ඝයාගේ හෝ ගණයාගේ ඇතිරීමෙන්) කඨිනය නො අතුළේ වේ. කඨිනය මනා කොට ම අතුරණ ලද වුවත් එය වස් විසූ විහාර සීමාවෙන් බැහැර සිටියෙක් අනුමෝදන් වේ ද, මෙසේ ද කඨිනය නො අතුළේ වේ. මහණෙනි, මෙසේ කඨිනය නො අතුළේ වේ.
Pali BJT[චතුවීසති ආකාරා]
Sinhala BJT(ආකාර සූවිස්සෙකි.)
Pali BJT10. කථඤ්ච භික්ඛවෙ, අත්ථතං හොති කඨිනං? අහතෙන අත්ථතං හොති කඨිනං. අහතකප්පෙන අත්ථතං හොති කඨිනං. පිලොතිකාය අත්ථතං හොති කඨිනං. පංසුකූලෙන අත්ථතං හොති කඨිනං. පාපණිකෙන අත්ථතං හොති කඨිනං. අනිමිත්තකතෙන අත්ථතං හොති කඨිනං. අපරිකථාකතෙන අත්ථතං හොති කඨිනං. අකුක්කුකතෙන අත්ථතං හොති කඨිනං. අසන්නිධිකතෙන අත්ථතං හොති කඨිනං. අනිස්සග්ගියෙන අත්ථතං හොති කඨිනං. කප්පකතෙන අත්ථතං හොති කඨිනං. සඞ්ඝාටියා අත්ථතං හොති කඨිනං. උත්තරාසඞ්ගෙන අත්ථතං හොති කඨිනං. අන්තරවාසකෙන අත්ථතං හොති කඨිනං. පඤ්චකෙන වා අතිරෙකපඤ්චකෙන වා තදහෙව සඤ්ඡින්නෙන සමණ්ඩලීකතෙන අත්ථතං හොති කඨිනං. පුග්ගලස්ස අත්ථාරා අත්ථතං හොති කඨිනං. සම්මා චෙ අත්ථතං හොති කඨිනං. තඤ්චෙ සීමට්ඨො අනුමොදති, එවම්පි අත්ථතං හොති කඨිනං. එවං ඛො භික්ඛවෙ, අත්ථතං හොති කඨිනං.
Sinhala BJT10. මහණෙනි, කඨිනය කෙසේ අතුරණ ලද්දේ වේ ද? අළුත් වස්ත්‍රයෙන් කඨිනය අතුරණ ලද්දේ වේ. අළුත් වස්ත්‍රයට සමාන වූ වස්ත්‍රයෙන් කඨිනය අතුරණ ලද්දේ වේ. රෙදි කැබලිවලින් කළ සිවුරෙන් කඨිනය අතුරණ ලද්දේ වේ. පංසුකූලික (වශයෙන් ලත්) වස්ත්‍රයෙන් කඨිනය අතුරණ ලද්දේ වේ. සල්පිල්දොරටුවෙහි හැර දැමූ (අහුලාගත්) වස්ත්‍රයෙන් කඨිනය අතුරණ ලද්දේ වේ. හැඟවීමක් නැති ව ලත් වස්ත්‍රයෙන් කඨිනය අතුරණ ලද්දේ වේ. අනුසස් නො කීමෙන් ලද වස්ත්‍රයෙන් කඨිනය අතුරණ ලද්දේ වේ. තාවකාලික නො වූ වස්ත්‍රයෙන් කඨිනය අතුරණ ලද්දේ වේ. සන්නිධි (තැන්පත්) කොට නො තැබූ වස්ත්‍රයෙන් කඨිනය අතුරණ ලද්දේ වේ. නිසඟි නො වූ වස්ත්‍රයෙන් කඨිනය අතුරණ ලද්දේ වේ. කප්බිඳු තැබූ වස්ත්‍රයෙන් කඨිනය අතුරණ ලද්දේ වේ. සඟළසිවුරෙන් කඨිනය අතුරණ ලද්දේ වේ. උතුරුසඟසිවුරෙන් කඨිනය අතුරණ ලද්දේ වේ. අඳනාසිවුරෙන් කඨිනය අතුරණ ලද්දේ වේ. එදවස ම කපන ලද මැඩිලි සහිත කරණ ලද අතු පසක් ඇති පසට වැඩි වූ හෝ අතු ඇති සිවුරකින් කඨිනය අතුරණ ලද්දේ වේ. පුද්ගලයකුගේ ඇතිරීමෙන් කඨිනය අතුරණ ලද්දේ වේ. කඨිනය මනා කොට (නියමය අනු ව ම) අතුරණ ලද්දේ ද, එය සීමාවෙහි සිටියෙක් අනුමෝදන් වේ ද, මෙසේත් කඨිනය අතුරණ ලද්දේ වේ. මහණෙනි, කඨිනය මෙසේ අතුරණ ලද්දේ වේ.
Pali BJT[සත්තරස ආකාරා]
Sinhala BJT[ආකාර සතළොස]
Pali BJT1. කථඤ්ච භික්ඛවෙ, උබ්භතං හොති කඨිනං? අට්ඨිමා භික්ඛවෙ, මාතිකා කඨිනස්ස උබ්භාරාය: පක්කමනන්තිකා නිට්ඨානන්තිකා සන්නිට්ඨානන්තිකා නාසනන්තිකා සවණන්තිකා ආසාවච්ඡෙදිකා සීමාතික්කන්තිකා සහුබ්භාරා”ති.{1}
Sinhala BJT1. මහණෙනි, කඨිනය කෙසේ (පඤ්චානිසංස නො ලැබෙන සේ) උදුරණ ලද්දේ වේ ද? මහණෙනි, කඨිනය ඉදිරීමට පක්කමනන්නතිකා නිට්ඨානන්තිකා සන්නිට්ඨානන්තිකා නාසනන්තිකා සවණන්තිකා ආසාවච්ඡේදිකා සීමාතික්කන්තිකා සහුබ්භාරා යි මේ මාතෘකා අටෙකි.
Pali BJT2. භික්ඛු අත්ථතකඨිනො කතචීවරං ආදාය පක්කමති “න පච්චෙස්ස”න්ති. තස්ස භික්ඛුනො පක්කමනන්තිකො කඨිනුද්ධාරො. (1)
Sinhala BJT2. කෙළින් අතුළ මහණ තෙමේ නිම කළ සිවුර ගෙණ “පෙරළා නො එන්නෙමි” යි ඒ ආවාසයෙන් බැහැර යෙයි. ඒ මහණහුට පක්කමනන්තික (බැහැර යෑම අවසන් කොට ඇති කඨිනුද්ධාරය (කඨිනබලය ඉදිරී යෑම)) වේ. (1)
Pali BJT3. භික්ඛු අත්ථතකඨිනො චීවරං ආදාය පක්කමති. තස්ස බහිසීමගතස්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස්සං. න පච්චෙස්ස”න්ති. සො තං චීවරං කාරෙති. තස්ස භික්ඛුනො නිට්ඨානන්තිකො කඨිනුද්ධාරො. (2)
Sinhala BJT3. අතුළ කඨින ඇති මහණ තෙමේ (නො කළ) සිවුර (වස්ත්‍රය) ගෙණ බැහැර යෙයි. සීමාවෙන් බැහැර වෙන වෙහරකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුට නිට්ඨානන්තික (සිවුර නිම කිරීම අවසන් කොට ඇති) කඨිනුද්ධාරය වේ. (2)
Pali BJT4. භික්ඛු අත්ථතකඨිනො චීවරං ආදාය පක්කමති. තස්ස බහිසීමගතස්ස එවං හොති: “නෙවිමං චීවරං කාරෙස්සං. න පච්චෙස්ස”න්ති. තස්ස භික්ඛුනො සන්නිට්ඨානන්තිකො කඨිනුද්ධාරො. (3)
Sinhala BJT4. අතුළ කඨින ඇති මහණ තෙමේ වස්ත්‍රය ගෙණ බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මේ සිවුර නො කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණහුට සන්නිට්ඨානන්තික (සනිටුහන් කිරීම අවසන් කොට ඇති) කඨිනුද්ධාරය වේ. (3)
Pali BJT5. භික්ඛු අත්ථතකඨිනො චීවරං ආදාය පක්කමති. තස්ස බහිසීමගතස්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස්සං. න පච්චෙස්ස”න්ති. සො තං චීවරං කාරෙති. තස්ස තං චීවරං කයිරමානං නස්සති. තස්ස භික්ඛුනො නාසනන්තිකො කඨිනුද්ධාරො. (4)
Sinhala BJT5. අතුළ කඨින ඇති මහණ තෙමේ සිවුර ගෙණ බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඔහුගේ කරණු ලබන ඒ සිවුර නැසෙයි. ඒ මහණහුට නාසනන්තික (නැසීම අවසන් කොට ඇති) කඨිනුද්ධාරය වේ. (4)
Pali BJT6. භික්ඛු අත්ථතකඨිනො චීවරං ආදාය පක්කමති “පච්චෙස්ස”න්ති. සො බහිසීමගතො තං චීවරං කාරෙති. සො කතචීවරො සුණාති: “උබ්භතං කිර තස්මිං ආවාසෙ කඨින”න්ති. තස්ස භික්ඛුනො සවණන්තිකො කඨිනුද්ධාරො. (5)
Sinhala BJT6. අතුළකඨින ඇති මහණ තෙමේ සිවුර ගෙණ “පෙරළා එන්නෙමි” යි බැහැර යෙයි. සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. නිම කළ සිවුර ඇති ඒ මහණ තෙමේ “ඒ ආවාසයෙහි කඨිනය උදුරණ ලද්දේ ල” යි අසයි. ඒ මහණහුට සවණන්තික (ඇසීම අවසන් කොට ඇති) කඨිනුද්ධාරය වේ. (5)
Pali BJT7. භික්ඛු අත්ථතකඨිනො චීවරං ආදාය පක්කමති “පච්චෙස්ස”න්ති. සො බහිසීමගතො තං චීවරං කාරෙති. සො කතචීවරො “පච්චෙස්සං. පච්චෙස්ස”න්ති බහිද්ධා කඨිනුද්ධාරං වීතිනාමෙති. තස්ස භික්ඛුනො සීමාතික්කන්තිකො කඨිනුද්ධාරො. (6)
Sinhala BJT7. අතුළකඨින ඇති මහණ තෙමේ සිවුර ගෙණ පෙරළා එන්නෙමි” යි බැහැර යයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. නිම කළ සිවුර ඇති ඒ මහණ තෙමේ “පෙරළා එන්නෙමි. පෙරළා එන්නෙමි” යි කඨිනයාගේ ඉදිරීම තෙක් බැහැර කල් ඉක්මවයි. ඒ මහණහුට සීමාතික්කන්තික (චීවර කාල සීමාව ඉකුත්වීම අවසන් කොට ඇති) කඨිනුද්ධාරය වේ.
Pali BJT8. භික්ඛු අත්ථතකඨිනො චීවරං ආදාය පක්කමති “පච්චෙස්ස”න්ති. සො බහිසීමගතො තං චීවරං කාරෙති. සො කතචීවරො “පච්චෙස්සං. පච්චෙස්ස”න්ති සම්භූණාති කඨිනුද්ධාරං. තස්ස භික්ඛුනො සහ භික්ඛූහි කඨිනුද්ධාරො. (7)
Sinhala BJT8. අතුළකඨින ඇති මහණ තෙමේ සිවුරු ගෙණ “පෙරළා එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. නිම කළ සිවුර ඇති ඒ මහණ තෙමේ “පෙරළා එන්නෙමි. පෙරළා එන්නෙමි” යි කඨිනුද්ධාරයට පැමිණේ. ඒ මහණහුට භික්‍ෂූන් සමග (= සහුබ්භාර) කඨිනුද්ධාරය වේ. (7)
Pali BJTආදායසත්තකං නිට්ඨිතං.
Sinhala BJTආදායසත්තකය නිමි.
Pali BJT1. භික්ඛු අත්ථතකඨිනො කතචීවරං සමාදාය පක්කමති “න පච්චෙස්ස”න්ති. තස්ස භික්ඛුනො පක්කමනන්තිකො කඨිනුද්ධාරො. (1)
Sinhala BJT1. අතුළකඨින ඇති මහණ තෙමේ නිම කළ සිවුර රැගෙණ “පෙරළා නො එන්නෙමි” යි බැහැර යෙයි. ඒ මහණහුට බැහැර යෑම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (1)
Pali BJT2. භික්ඛු අත්ථතකඨිනො චීවරං සමාදාය පක්කමති. තස්ස බහිසීමගතස්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස්සං. න පච්චෙස්ස”න්ති. සො තං චීවරං කාරෙති. තස්ස භික්ඛුනො නිට්ඨානන්තිකො කඨිනුද්ධාරො. (2)
Sinhala BJT2. අතුළකඨින ඇති මහණ තෙමේ (නො කළ) සිවුර රැගෙණ බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුට සිවුර නිම කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (2)
Pali BJT3. භික්ඛු අත්ථතකඨිනො චීවරං සමාදාය පක්කමති. තස්ස බහිසීමගතස්ස එවං හොති: “නෙවිමං චීවරං කාරෙස්සං. න පච්චෙස්ස”න්ති. තස්ස භික්ඛුනො සන්නිට්ඨානන්තිකො කඨිනුද්ධාරො. (3)
Sinhala BJT3. අතුළකඨින ඇති මහණ තෙමේ සිවුර රැගෙණ බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මේ සිවුර නො කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණහුට සනිටුහන් කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (3)
Pali BJT4. භික්ඛු අත්ථතකඨිනො චීවරං සමාදාය පක්කමති. තස්ස බහිසීමගතස්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස්සං. න පච්චෙස්ස”න්ති. සො තං චීවරං කාරෙති. තස්ස තං චීවරං කයිරමානං නස්සති. තස්ස භික්ඛුනො නාසනන්තිකො කඨිනුද්ධාරො. (4)
Sinhala BJT4. අතුළකඨින ඇති මහණ තෙමේ සිවුර රැගෙණ බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුගේ කරණු ලබන ඒ සිවුර නසියි. ඒ මහණහුට නැසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (4)
Pali BJT5. භික්ඛු අත්ථතකඨිනො චීවරං සමාදාය පක්කමති “පච්චෙස්ස”න්ති. සො බහිසීමගතො තං චීවරං කාරෙති. සො කතචීවරො සුණාති: “උබ්භතං කිර තස්මිං ආවාසෙ කඨින”න්ති. තස්ස භික්ඛුනො සවණන්තිකො කඨිනුද්ධාරො. (5)
Sinhala BJT5. අතුළකඨින ඇති මහණ තෙමේ සිවුර රැගෙණ “පෙරළා එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. නිම කළ සිවුර ඇති ඒ මහණ තෙමේ ඒ ආවාසයෙහි “කඨිනය උදුරණ ලද්දේ ල” යි අසයි. ඒ මහණහුට ඇසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (5)
Pali BJT6. භික්ඛු අත්ථතකඨිනො චීවරං සමාදාය පක්කමති “පච්චෙස්ස”න්ති. සො බහිසීමගතො තං චීවරං කාරෙති. සො කතචීවරො “පච්චෙස්සං පච්චෙස්ස”න්ති– බහිද්ධා කඨිනුද්ධාරං වීතිනාමෙති. තස්ස භික්ඛුනො සීමාතික්කන්තිකො කඨිනුද්ධාරො. (6)
Sinhala BJT6. අතුළකඨින ඇති මහණ තෙමේ සිවුර රැගෙණ “පෙරළා එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. නිම කළ සිවුරු ඇති ඒ මහණ තෙමේ “පෙරළා එන්නෙමි. පෙරළා එන්නෙමි” යි කඨිනයාගේ ඉදිරීම තෙක් බැහැර කල් ඉක්මවයි. ඒ මහණහුට සීමාව ඉකුත් වීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (6)
Pali BJT7. භික්ඛු අත්ථතකඨිනො චීවරං සමාදාය පක්කමති “පච්චෙස්ස”න්ති. සො බහිසීමගතො තං චීවරං කාරෙති. සො කතචීවරො “පච්චෙස්සං පච්චෙස්ස”න්ති සම්භූණාති කඨිනුද්ධාරං. තස්ස භික්ඛුනො සහ භික්ඛූහි කඨිනුද්ධාරො. (7)
Sinhala BJT7. අතුළකඨින ඇති මහණ තෙමේ සිවුර රැගෙණ “පෙරළා එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. නිම කළ සිවුරු ඇති ඒ මහණ තෙමේ “පෙරළා එන්නෙමි. පෙරළා එන්නෙමි” යි කඨිනුද්ධාරයට පැමිණේ. ඒ මහණහුට භික්‍ෂූන් සමග කඨිනුද්ධාරය වේ. (7)
Pali BJTසමාදායසත්තකං නිට්ඨිතං.
Sinhala BJTසමාදායසත්තකය නිමි.
Pali BJT1. භික්ඛු අත්ථතකඨිනො විප්පකතචීවරං ආදාය පක්කමති. තස්ස බහිසීමගතස්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස්සං. න පච්චෙස්ස”න්ති. සො තං චීවරං කාරෙති. තස්ස භික්ඛුනො නිට්ඨානන්තිකො කඨිනුද්ධාරො. (1)
Sinhala BJT1. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ අඩාළ කළ සිවුර ගෙණ බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුට සිවුර නිම කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (1)
Pali BJT2. භික්ඛු අත්ථතකඨිනො විප්පකතචීවරං ආදාය පක්කමති. තස්ස බහිසීමගතස්ස එවං හොති: “නෙවිමං චීවරං කාරෙස්සං. න පච්චෙස්ස”න්ති. තස්ස භික්ඛුනො සන්නිට්ඨානන්තිකො කඨිනුද්ධාරො. (2)
Sinhala BJT2. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ අඩාළ සිවුර ගෙණ බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මේ සිවුර නො කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණහුට සනිටුහන් කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (2)
Pali BJT3. භික්ඛු අත්ථතකඨිනො විප්පකතචීවරං ආදාය පක්කමති. තස්ස බහිසීමගතස්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස්සං. න පච්චෙස්ස”න්ති. සො තං චීවරං කාරෙති. තස්ස තං චීවරං කයිරමානං නස්සති. තස්ස භික්ඛුනො නාසනන්තිකො කඨිනුද්ධාරො. (3)
Sinhala BJT3. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ අඩාළ සිවුර ගෙණ බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුගේ කරණු ලබන ඒ සිවුර නැසෙයි. ඒ මහණහුට නැසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (3)
Pali BJT4. භික්ඛු අත්ථතකඨිනො විප්පකතචීවරං ආදාය පක්කමති “පච්චෙස්ස”න්ති. සො බහිසීමගතො තං චීවරං කාරෙති. සො කතචීවරො සුණාති: “උබ්භතං කිර තස්මිං ආවාසෙ කඨින”න්ති. තස්ස භික්ඛුනො සවණන්තිකො කඨිනුද්ධාරො. (4)
Sinhala BJT4. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ අඩාළ සිවුර ගෙණ “පෙරළා එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ “ඒ ආවාසයෙහි කඨිනය උදුරණ ලද්දේ ල” යි අසයි. ඒ මහණහුට ඇසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (4)