Pali BJT29. අථ ඛො භගවා පාටලිගාමිකෙ උපාසකෙ ආමන්තෙසි: “පඤ්චිමෙ ගහපතයො, ආදීනවා දුස්සීලස්ස සීලවිපත්තියා. කතමෙ පඤ්ච? ඉධ, ගහපතයො, දුස්සීලො සීලවිපන්නො පමාදාධිකරණං මහතිං භොගජානිං නිගච්ඡති. අයං පඨමො ආදීනවො දුස්සීලස්ස සීලවිපත්තියා. පුන චපරං, ගහපතයො, දුස්සීලස්ස සීලවිපන්නස්ස පාපකො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡති. අයං දුතියො ආදීනවො දුස්සීලස්ස සීලවිපත්තියා. පුන චපරං ගහපතයො, දුස්සීලො සීලවිපන්නො යඤ්ඤදෙව පරිසං උපසඞ්කමති: යදි ඛත්තියපරිසං යදි බ්රාහ්මණපරිසං යදි ගහපතිපරිසං යදි සමණපරිසං, අවිසාරදො උපසඞ්කමති මඞ්කුභූතො. අයං තතියො ආදීනවො දුස්සීලස්ස සීලවිපත්තියා. පුන චපරං, ගහපතයො, දුස්සීලො සීලවිපන්නො සම්මූළ්හො කාලං කරොති. අයං චතුත්ථො ආදීනවො දුස්සීලස්ස සීලවිපත්තියා. පුන චපරං ගහපතයො, දුස්සීලො සීලවිපන්නො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. අයං පඤ්චමො ආදීනවො දුස්සීලස්ස සීලවිපත්තියා. ඉමෙ ඛො ගහපතයො, පඤ්ච ආදීනවා දුස්සීලස්ස සීලවිපත්තියා.
Sinhala BJT29. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පාටලිගම්වැසි උපාසකයන් ඇමතූ සේක: “ගැහැවියෙනි, දුග්ශීලයාගේ ශීලවිපත්තියෙහි මේ දොස් පසෙක් වේ. කවරපසෙක්ද? යත් ගැහැවියෙනි, මෙහි දුශ්ශීල තෙමේ ශීලවිපත්තියට පැමිණියේ ප්‍රමාදහේතුවෙන් මහත් භොගහානියට පැමිණේ. මේ දුශ්ශීලයාගේ ශීලවිපත්තියෙහි පළමුවන දොස වේ. නැවැත ද ගැහැවියෙනි, සිල්විපතට පැමිණි දුශ්ශීලයා පිළිබඳ අයහපත් කීර්තිරාවයෙක් පැන නගියි. මේ දුශ්ශීලයාගේ ශීලවිපත්තියෙහි දෙවන දොස වේ. නැවැත ද ගැහැවියෙනි, සිල්විපතට පැමිණි දුශ්ශීල තෙමේ ක්‍ෂත්‍රිය පිරිස බමුණුපිරිස ගැහැවි පිරිස මහණපිරිස යන යම් යම් පිරිසක් වෙතට එළඹේ ද, බිය ඇති ව තෙද රහිත ව එළඹෙයි. මේ දුශ්ශීලයාගේ ශීලවිපත්තියෙහි තෙවන දොස වේ. නැවැත ද ගැහැවියෙනි, සිල්විපතට පැමිණි දුශ්ශීල තෙමේ මුළා වූයේ කලුරිය කරයි. මේ දුශ්ශීලයාගේ ශීලවිපත්තියෙහි සිවුවන දොස වේ. නැවැත ද ගැහැවියෙනි, සිල්විපතට පැමිණි දුශ්ශීල තෙමේ ජීවිතේන්‍ද්‍රියවිනාශයෙන් මරණින් පසු සැපයෙන් පහ වූ දුකට පිහිට වූ අකමැත්තෙන් ම (දුබල ව) පතිත වන්නා වූ නරකයෙහි උපදී. මේ දුශ්ශීලයාගේ ශීලවිපත්තියෙහි පස්වන දොස වේ. ගැහැවියෙනි, මේ දුශ්ශීලයාගේ ශීලවිපත්තියෙහි දොස් පස ය.”
Pali BJT30. පඤ්චිමෙ ගහපතයො, ආනිසංසා සීලවතො සීලසම්පදාය. කතමෙ පඤ්ච? ඉධ ගහපතයො, සීලවා සීලසම්පන්නො අප්පමාදාධිකරණං මහන්තං භොගක්ඛන්ධං අධිගච්ඡති. අයං පඨමො ආනිසංසො සීලවතො සීලසම්පදාය. පුන චපරං ගහපතයො, සීලවතො සීලසම්පන්නස්ස කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡති. අයං දුතියො ආනිසංසො සීලවතො සීලසම්පදාය. පුන චපරං ගහපතයො, සීලවා සීලසම්පන්නො යඤ්ඤදෙව පරිසං උපසඞ්කමති: යදි ඛත්තියපරිසං යදි බ්රාහ්මණපරිසං යදි ගහපතිපරිසං යදි සමණපරිසං, විසාරදො උපසඞ්කමති අමඞ්කුභූතො. අයං තතියො ආනිසංසො සීලවතො සීලසම්පදාය. පුන චපරං ගහපතයො, සීලවා සීලසම්පන්නො අසම්මූළ්හො කාලං කරොති. අයං චතුත්ථො ආනිසංසො සීලවතො සීලසම්පදාය. පුන චපරං ගහපතයො, සීලවා සීලසම්පන්නො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. අයං පඤ්චමො ආනිසංසො සීලවතො සීලසම්පදාය. ඉමෙ ඛො ගහපතයො, පඤ්ච ආනිසංසා සීලවතො සීලසම්පදායා”ති.
Sinhala BJT30. “ගැහැවියෙනි, සිල්වත්හුගේ සීලසම්පත්තියෙහි මේ අනුසස් පසෙක් වේ. කවර පසෙක් ද? ගැහැවියෙනි, මෙහි සිල් ඇත්තේ සීලයෙන් යුක්ත වූයේ අප්‍රමාදහේතුවෙන් මහත් වූ භොගරාශියක් ලබයි. මේ සිල්වත්හුගේ සීලසම්පත්තියෙහි පළමුවන ආනිසංසය වේ. නැවැත ද ගැහැවියෙනි, සිල්වත් වූ සීලයෙන් යුක්ත වූවහුගේ යහපත් කීර්තිරාවයෙක් පැන නගියි. මේ සිල්වත්හුගේ සීලසම්පත්තියෙහි දෙවන ආනිසංසය වේ. නැවැත ද ගැහැවියෙනි, සිල් ඇත්තේ සීලයෙන් යුක්ත වූයේ ක්‍ෂත්‍රියපිරිස බමුණුපිරිස ගැහැවිපිරිස මහණපිරිස යන යම් යම් පිරිසක් වෙතට එළඹේ ද, නිර්‍භය ව තෙද සහිත ව එළඹේ. මේ සිල්වත්හුගේ සීලසම්පත්තියෙහි තෙවන ආනිසංසය වේ. නැවැත ද ගැහැවියෙනි, සිල් ඇත්තේ සීලයෙන් යුක්ත වූයේ නො මුළා ව කලුරිය කෙරේ. මේ සිල්වත්හුගේ සීලසම්පත්තියෙහි සිවුවන ආනිසංසය වේ. නැවැත ද, ගැහැවියෙනි, සිල් ඇත්තේ සීලයෙන් යුක්ත වූයේ ජීවිතේන්‍ද්‍රිය විනාශයෙන් මරණින් පසු මනා ගති ඇති ස්වර්‍ගලෝකයෙහි උපදී. මේ සිල්වත්හුගේ සීලසම්පත්තියෙහි පස්වන ආනිසංසය වේ. ගැහැවියෙනි, මේ සිල්වත්හුගේ සීලසම්පත්තියෙහි අනුසස් පස ය.”
Pali BJT31. අථ ඛො භගවා පාටලිගාමිකෙ උපාසකෙ බහුදෙව රත්තිං ධම්මියා කථාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සමුත්තෙජෙත්වා සම්පහංසෙත්වා උය්යොජෙසි “අභික්කන්තා ඛො ගහපතයො, රත්ති. යස්සදානි තුම්හෙ කාලං මඤ්ඤථා”ති. “එවං භන්තෙ”ති, ඛො පාටලිගාමිකා උපාසකා භගවතො පටිස්සුත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කමිංසු. අථ ඛො භගවා අචිරපක්කන්තෙසු පාටලිගාමිකෙසු උපාසකෙසු සුඤ්ඤාගාරං පාවිසි.
Sinhala BJT31. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පාටලීගම්වැසි උපාසකයන් රෑ බොහෝ වේලාවක් ම දැහැමි කතාවෙන් කරුණු දක්වා සමාදන් කරවා තියුණු කරවා සතුටු කරවා “ගැහැවියෙනි, රාත්‍රිතොමෝ ඉක්ම ගියා ය. දැන් යම් ගමනකට බලාපොරොත්තු වන්නහු නම්, එයට කාලය දනිවු” යි වදාළහ. පාටලිගම්වැසි උපාසකයෝ “ස්වාමීනි, එසේ ය” යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට ගියහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පාටලිගම්වැසි උපාසකයන් ගිය නොබෝ වේලාවකින් ශුන්‍යාගාරයට පිවිසි සේක.
Pali BJT32. තෙන ඛො පන සමයෙන සුනීධවස්සකාරා මගධමහාමත්තා පාටලිගාමෙ නගරං මාපෙන්ති වජ්ජීනං පටිබාහාය. අද්දසා ඛො භගවා රත්තියා පච්චූසසමයං පච්චුට්ඨාය දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සම්බහුලා දෙවතායො පාටලිගාමෙ වත්ථූනි පරිගණ්හන්තියො. යස්මිං පදෙසෙ මහෙසක්ඛා දෙවතා වත්ථූනි පරිගණ්හන්ති, මහෙසක්ඛානං තත්ථ රාජූනං රාජමහාමත්තානං චිත්තානි නමන්ති නිවෙසනානි මාපෙතුං. යස්මිං පදෙසෙ මජ්ඣිමා දෙවතා වත්ථූනි පරිගණ්හන්ති, මජ්ඣිමානං තත්ථ රාජූනං රාජමහාමත්තානං චිත්තානි නමන්ති නිවෙසනානි මාපෙතුං. යස්මිං පදෙසෙ නීචා දෙවතා වත්ථූනි පරිගණ්හන්ති, නීචානං තත්ථ රාජූනං රාජමහාමත්තානං චිත්තානි නමන්ති නිවෙසනානි මාපෙතුං.
Sinhala BJT32. එකල්හි සුනීධ–වස්සකාර නම් මගධමහාමාත්‍යයයෝ වජ්ජීන් වළකනු පිණිස පාටලිගම්හි නුවරක් ගොඩ නගත්. භාග්‍යවතුන් වහන්සේ රෑ අලුයම් වේලෙහි නැගී සිට පාටලිගම්හි ගෙබිම් පරිග්‍රහණ කරන්නා වූ (=අරක් ගන්නා වූ) බොහෝ දෙවියන් මිනිසැස ඉක්ම වූ පිරිසිදුවූ දිවැසින් දුටුසේක. මහේශාඛ්‍ය දෙවියෝ යම් පෙදෙසක ගෙබිම් පරිග්‍රහණ කෙරෙත් (=දෘෂ්ටි හෙළීම් වසයෙන් ගණිත්) ද, එහි ගෙවල් ගොඩ නගන්නට මහේශාඛ්‍ය වූ රජුන්ගේ ද රජමහ ඇමැතියන්ගේ ද සිත් නැමේ. මධ්‍යම වූ දෙවියෝ යම් පෙදෙසක ගෙබිම් පරිග්‍රහණ කෙරෙත් ද, එහි ගෙවල් ගොඩ නගන්නට මධ්‍යම වූ රජුන්ගේ ද රජමහඇමැතියන්ගේ ද සිත් නැමේ. පහත් වූ දෙවියෝ යම් පෙදෙසක ගෙබිම් පරිග්‍රහණය කෙරෙත් ද, එහි ගෙවල් ගොඩ නගන්නට පහත් රජුන්ගේ ද රජමහඇමැතියන්ගේ ද සිත් නැමේ.
Pali BJT33. අථ ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: “කො නු ඛො තෙ ආනන්ද, පාටලිගාමෙ නගරං මාපෙන්තී”ති? “සුනීධවස්සකාරා, භන්තෙ, මගධමහාමත්තා පාටලිගාමෙ නගරං මාපෙන්ති වජ්ජීනං පටිබාහායා”ති. “සෙය්යථාපි ආනන්ද, දෙවෙහි තාවතිංසෙහි සද්ධිං මන්තෙත්වා, එවමෙව ඛො ආනන්ද, සුනීධවස්සකාරා මගධමහාමත්තා පාටලිගාමෙ නගරං මාපෙන්ති වජ්ජීනං පටිබාහාය. ඉධාහං ආනන්ද, රත්තියා පච්චූසසමයං පච්චුට්ඨාය අද්දසං දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සම්බහුලා දෙවතායො පාටලිගාමෙ වත්ථූනි පරිගණ්හන්තියො. යස්මිං පදෙසෙ මහෙසක්ඛා දෙවතා වත්ථූනි පරිගණ්හන්ති, මහෙසක්ඛානං තත්ථ රාජූනං රාජමහාමත්තානං චිත්තානි නමන්ති නිවෙසනානි මාපෙතුං. යස්මිං පදෙසෙ මජ්ඣිමා දෙවතා වත්ථූනි පරිගණ්හන්ති, මජ්ඣිමානං තත්ථ රාජූනං රාජමහාමත්තානං චිත්තානි නමන්ති නිවෙසනානි මාපෙතුං. යස්මිං පදෙසෙ නීචා දෙවතා වත්ථූනි පරිගණ්හන්ති, නීචානං තත්ථ රාජූනං රාජමහාමත්තානං චිත්තානි නමන්ති නිවෙසනානි මාපෙතුං. යාවතා ආනන්ද, අරියං ආයතනං, යාවතා වණිප්පථො, ඉදං අග්ගනගරං භවිස්සති පාටලිපුත්තං පුටභෙදනං. පාටලිපුත්තස්ස ඛො ආනන්ද, තයො අන්තරායා භවිස්සන්ති අග්ගිතො වා උදකතො වා අබ්භන්තරතො වා මිථුභෙදා”ති.
Sinhala BJT33. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ “ආනන්‍දය, ඒ කවර කෙනෙක් පාටලිගම්හි නුවරක් ගොඩ නගත් දැ” යි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේගෙන් ඇසූ සේක. “ස්වාමීනි, සුනීධ ය, වස්සකාරය යන මගධමහාමාත්‍යයෝ වජ්ජීන් පිළිබහනු (=වළක්වනු) පිණිස පාටලිගම්හි නුවරක් ගොඩනගත්” යි (සැළකෙළේය.) “ආනන්‍දය, සුනීධ–වස්සකාරමගධමහාමාත්‍යයයෝ තව්තිසාවැසි දෙවියන් හා මන්ත්‍රණය කොට ගෙණ (කරන්නා) සේ, ආනන්‍දය, වජ්ජීන් වළක්වනු පිණිස පාටලිගම්හි නුවරක් ඉදි කෙරෙත්. ආනන්‍දය, මම මෙහි රෑ අලුයම් වේලෙහි නැගී සිට පාටලිගම්හි ගෙබිම් පරිග්‍රහණය කරන්නා වූ බොහෝ දෙවියන් මිනිසැස ඉක්ම වූ පිරිසිදු වූ දිවැසින් දුටුවෙමි. මහේශාඛ්‍ය දෙවියෝ යම් පෙදෙසක ගෙබිම් පරිග්‍රහණ කෙරෙත් ද, එහි ගෙවල් ගොඩ නගන්නට මහේශාඛ්‍ය රජුන්ගේ හා රජමහඇමැතියන්ගේ ද සිත් නැමේ. මධ්‍යම වූ දෙවියෝ යම් පෙදෙසක ගෙබිම් පරිග්‍රහණ කෙරෙත් ද, එහි ගෙවල් ගොඩ නගන්නට මධ්‍යම වූ රජුන්ගේ හා රජමහඇමැතියන්ගේ සිත් නැමේ. පහත් වූ දෙවියෝ යම් පෙදෙසක ගෙබිම් පරිග්‍රහණ කෙරෙත් ද, එහි ගෙවල් ගොඩ නගන්නට පහත් වූ රජුන්ගේ හා රජමහඇමැතියන්ගේ සිත් නැමේ. ආනන්‍දය, ආර්‍ය්‍යායතනය (=ආර්‍ය්‍යාවාසය – ආර්‍ය්‍ය මිනිසුන් ගැවසෙන තැන්) යම් තාක් ද, වණික්පථය (=වෙළඳ මග – වෙළෙඳුන් බඩු විකුණන හෝ වසන තැන්) යම් තාක් ද, එහි (නන් දෙසින් ගෙණෙන වෙළෙඳ) බඩු පොදි ලිහන මේ පාටලීපුත්‍රය අග්‍රනගරය වන්නේ ය. ආනන්‍දය, පාටලිපුත්‍ර නගරයට ගින්නෙන් ද ජලයෙන් ද (රටවැස්සන්) උනුන් බිඳීමෙන් ඇතුළතින් දැ යි අන්තරාය තුණෙක් වන්නේ ය” යි වදාළසේක.
Pali BJT34. අථ ඛො සුනීධවස්සකාරා මගධමහාමත්තා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදිංසු. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො සුනීධවස්සකාරා මගධමහාමත්තා භගවන්තං එතදවොචුං: “අධිවාසෙතු නො භවං ගොතමො අජ්ජතනාය භත්තං සද්ධිං භික්ඛුසඞ්ඝෙනා”ති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන. අථ ඛො සුනීධවස්සකාරා මගධමහාමත්තා භගවතො අධිවාසනං විදිත්වා පක්කමිංසු.
Sinhala BJT34. එකල්හි සුනීධ–වස්සකාරමගධමහාමාත්‍යයයෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ හා සතුටු වූහ. සතුටු විය යුතු සිත් ඇලවිය යුතු වූ කතා කොට නිමවා පසෙක සිටියහ. පසෙක සිටි සුනීධ–වස්සකාර මගධමහාමාත්‍යයයෝ භාග්‍යවතුන් වහන්සේට “භවත් ගෞතම තෙමේ භික්‍ෂුසඞ්ඝයාත් සමග අදට අපගේ බත ඉවසාවා” යි සැළකළහ. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණිම්භාවයෙන් ඉවසා වදාළ සේක.
Pali BJT35. අථ ඛො සුනීධවස්සකාරා මගධමහාමත්තා පණීතං ඛාදනීයං භොජනීයං පටියාදාපෙත්වා භගවතො කාලං ආරොචාපෙසුං: “කාලො භො ගොතම, නිට්ඨිතං භත්ත”න්ති. අථ ඛො භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය යෙන සුනීධවස්සකාරානං මගධමහාමත්තානං පරිවෙසනා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි සද්ධිං භික්ඛුසඞ්ඝෙන.
Sinhala BJT35. ඉක්බිති සුනීධ–වස්සකාරමගධමහාමාත්‍යයෝ භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන ඉන් නික්ම ගියහ. අනතුරු ව සුනීධ–වස්සකාර මගධමහාමාත්‍යයයෝ ප්‍රණීත වූ කෑ යුතු බිදිය යුතු දේ පිළියෙල කරවා “භවත් ගෞතමයන් වහන්ස, මේ කාලය වේ. බත් නිමියේ” යි භාග්‍යවතුන් වහන්සේට කල් සැළකරවූහ. භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරොවා පාසිවුරු ගෙණ සුනීධ–වස්සකාරමගධමහාමාත්‍යයන්ගේ පරිවේසනයට (=වළඳවන තැනට) වැඩි සේක. වැඩ පණවා තුබූ අසුනෙහි භික්‍ෂුසඞ්ඝයාත් සමග වැඩ හුන් සේක.
Pali BJT36. අථ ඛො සුනීධවස්සකාරා මගධමහාමත්තා බුද්ධපමුඛං භික්ඛුසඞ්ඝං පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්ථා සන්තප්පෙත්වා සම්පවාරෙත්වා භගවන්තං භුත්තාවිං ඔනීතපත්තපාණිං එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නෙ ඛො සුනීධවස්සකාරෙ මගධමහාමත්තෙ භගවා ඉමාහි ගාථාහි අනුමොදි:
Sinhala BJT36. එවිට සුනීධ–වස්සකාරමගධමහාමාත්‍යයයෝ බුද්ධප්‍රමුඛභික්‍ෂුසඞ්ඝයා ප්‍රණීත වූ කෑ යුතු බිදිය යුතු දෙයින් සියතින් සතප්වා පවරා, වළඳා අවසන් කළ පාත්‍රයෙන් බැහැරට ගත් අත් ඇති භාග්‍යවතුන් වහන්සේ වෙත පසෙක හුන්හ. භාග්‍යවතුන් වහන්සේ පසෙක හුන් සුනීධ–වස්සකාරමගධමහාමාත්‍යයන් මේ ගාථාවලින් අනුමෝදනා කළ සේක.
Pali BJT37. “යස්මිං පදෙසෙ කප්පෙති වාසං පණ්ඩිතජාතියො,{1} සීලවන්තෙත්ථ භොජෙත්වා සඤ්ඤතෙ බ්රහ්මචාරයො{2}.
Sinhala BJT37. “යම් පෙදෙසක පණ්ඩිත වූවෙක් වාසය කෙරේ නම්, එහි සිල්වත් සංයත වූ බ්‍රහ්මචාරීන් වළඳවා–
Pali BJT38. යා තත්ථ දෙවතා ආසුං, තාසං දක්ඛිණමාදිසෙ, තා පූජිතා පූජයන්ති, මානිතා මානයන්ති නං.
Sinhala BJT38. එහි යම් දේවතාවෝ වූවාහු ද, ඔවුනට පින් දෙන්නේ ය. (මෙසේ) පුදන ලද දෙවියෝ ඔහු ද පුදත්. බුහුමන් කරණ ලද දෙවියෝ ඔහුට බුහුමන් කරත්.
Pali BJT39. “තතො නං අනුකම්පන්ති මාතා පුත්තංව ඔරසං, දෙවතානුකම්පිතො පොසො සදා භද්රානි පස්සතී”ති
Sinhala BJT39. එයින්, මවු තොමෝ ලෙහි හොවා වඩන පුතුට මෙන්, ඔහුට අනුකම්පා කෙරෙත්. දෙවියන් විසින් අනුකම්පා කරණ ලද පුරුෂ තෙමේ සියලු කල්හි යහපත දකි යි.
Pali BJT40. අථ ඛො භගවා සුනීධවස්සකාරෙ මගධමහාමත්තෙ ඉමාහි ගාථාහි අනුමොදිත්වා උට්ඨායාසනා පක්කාමි. තෙන ඛො පන සමයෙන සුනීධවස්සකාරා මගධමහාමත්තා භගවන්තං පිට්ඨිතො පිට්ඨිතො අනුබද්ධා හොන්ති: “යෙන අජ්ජ සමණො ගොතමො ද්වාරෙන නික්ඛමිස්සති, තං ගොතමද්වාරං නාම භවිස්සති. යෙන තිත්ථෙන ගඞ්ගං නදිං උත්තරිස්සති, තං ගොතමතිත්ථං නාම භවිස්සතී”ති. අථ ඛො භගවා යෙන ද්වාරෙන නික්ඛමි, තං ගොතමද්වාරං නාම අහොසි. අථ ඛො භගවා යෙන ගඞ්ගා නදී, තෙනුපසඞ්කමි. තෙන ඛො පන සමයෙන ගඞ්ගානදී පූරා හොති සමතිත්තිකා කාකපෙය්යා. මනුස්සා අඤ්ඤෙ නාවං පරියෙසන්ති; අඤ්ඤෙ උළුම්පං පරියෙසන්ති, අඤ්ඤෙ කුල්ලං බන්ධන්ති ඔරා පාරං ගන්තුකාමා.
Sinhala BJT40. භාග්‍යවතුන් වහන්සේ සුනීධ–වස්සකාරමගධමහාමාත්‍යයන් මේ ගාථාවලින් අනුමෝදනා කොට හුනස්නෙන් නැගිට වැඩි සේක. එකල්හි සුනීධ–වස්සකාරමගධමහාමාත්‍යයෝ “අද ශ්‍රමණ ගෞතම තෙමේ යම් දොරකින් නික්මෙන්නේ ද, ඒ දොර ගෞතමද්වාර නම් වන්නේ ය. යම් තොටකින් ගඞ්ගානදිය තරණය කරන්නේ ද, ඒ තොට ගෞතමතීර්‍ත්‍ථ නම් වන්නේ ය” යි භාග්‍යවතුන් වහන්සේගේ පිටිපස ලුහු බැන්දාහු වෙත්. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ යම් දොරකින් නික්මුනු සේක් ද, ඒ දොර ගෞතමද්වාර නම් වි ය. භාග්‍යවතුන් වහන්සේ ගඞ්ගානදිය වෙතට එළඹි සේක. එකල්හි ගඞ්ගානදිය ගංඉවුර සම ව පිරුණේ වෙයි. කවුඩන් විසින් පිව හැකි වේ. මෙ ගොඩින් එ ගොඩට යනු කැමැති වූ මිනිස්සු සමහරු නැව් සොයත්. සමහරු (දඬු) පහුරු සොයත්. සමහරු (උණ බට ආදියෙන්) පහුරු බඳිත්.
Pali BJT41. අද්දසා ඛො භගවා තෙ මනුස්සෙ අඤ්ඤෙ නාවං පරියෙසන්තෙ අඤ්ඤෙ උළුම්පං පරියෙසන්තෙ අඤ්ඤෙ කුල්ලං බන්ධන්තෙ ඔරා පාරං ගන්තුකාමෙ. දිස්වාන සෙය්යථාපි නාම බලවා පුරිසො සමිඤ්ජිතං වා බාහං පසාරෙය්ය, පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්ය, එවමෙව{1} භගවා ගඞ්ගාය නදියා ඔරිමතීරෙ අන්තරහිතො පාරිමතීරෙ පච්චුට්ඨාසි සද්ධිං භික්ඛුසඞ්ඝෙන. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
Sinhala BJT41. භාග්‍යවතුන් වහන්සේ මෙ ගොඩින් එ ගොඩට යනු කැමැති වූ මිනිසුන්, නැව් සොයන සමහරුන්, පහුරු සොයන සමහරුන්, පහුරු බඳින සමහරුන් දුටු සේක. දැක, බලවත් පුරුෂයෙක් හැකිළූ අත යම් සේ දිගු කරන්නේ හෝ වේ ද, දිගු කළ අත යම් සේ හකුළන්නේ හෝ වේ ද, එපරිද්දෙන් භාග්‍යවතුන් වහන්සේ ගඞ්ගානදියෙහි මෙ ගොඩ ඉවුරෙහි අතුරුදහන් වූ සේක් එ ගොඩ ඉවුරෙහි භික්‍ෂුසඞ්ඝයා සමග පහළ වූ සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වේලෙහි මේ උදන් ඇනූසේක.
Pali BJT42. “යෙ තරන්ති අණ්ණවං සරං සෙතුං කත්වාන විසජ්ජ පල්ලලානි, කුල්ලං හි ජනො පබන්ධති{2} තිණ්ණා මෙධාවිනො ජනා”ති.
Sinhala BJT42. “යම් කෙනෙක් දියවතුරු හැර ගැඹුරු වූ (තෘෂ්ණා) නදිය ම තරණය කෙරෙත් ද, ඔහු ආර්‍ය්‍යමාර්‍ගය හෙය කොට එය තරණය කෙරෙත්. මහාජන තෙමේ දියත්තක් තරණය කිරීමට ද පහුරු බඳියි. නුවණැති බුද්ධාදිජනයෝ පහුරක් නැති ව ම එතෙර වූවාහු ය.”
Pali BJT43. අථ ඛො භගවා යෙන කොටිගාමො තෙනුපසඞ්කමි. තත්ර සුදං භගවා කොටිගාමෙ විහරති. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: “චතුන්නං භික්ඛවෙ, අරියසච්චානං අනනුබොධා අප්පටිවෙධා එවමිදං දීඝමද්ධානං සන්ධාවිතං සංසරිතං මමඤ්චෙව තුම්හාකඤ්ච. කතමෙසං චතුන්නං:? දුක්ඛස්ස භික්ඛවෙ, අරියසච්චස්ස අනනුබොධා අප්පටිවෙධා එවමිදං දීඝමද්ධානං සන්ධාවිතං සංසරිතං මමඤ්චෙව තුම්හාකඤ්ච. දුක්ඛසමුදයස්ස අරියසච්චස්ස -පෙ- දුක්ඛනිරොධස්ස අරියසච්චස්ස -පෙ- දුක්ඛනිරොධගාමිනියා පටිපදාය{3} අරියසච්චස්ස අනනුබොධා අප්පටිවෙධා එවමිදං දීඝමද්ධානං සන්ධාවිතං සංසරිතං මමඤ්චෙව තුම්හාකඤ්ච. තයිදං භික්ඛවෙ, දුක්ඛං අරියසච්චං අනුබුද්ධං පටිවිද්ධං. දුක්ඛසමුදයං අරියසච්චං අනුබුද්ධං පටිවිද්ධං. දුක්ඛනිරොධං අරියසච්චං අනුබුද්ධං පටිවිද්ධං. දුක්ඛනිරොධගාමිනීපටිපදං අරියසච්චං අනුබුද්ධං පටිවිද්ධං. උච්ඡින්නා භවතණ්හා. ඛීණා භවනෙත්ති. නත්ථිදානි පුනබ්භවො”ති.
Sinhala BJT43. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කොටිග්‍රාමයට වැඩි සේක. භාග්‍යවතුන් වහන්සේ එහි කෝටිග්‍රාමයෙහි වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, මා විසින් ද තොප විසින් ද චතුරාර්‍ය්‍යසත්‍යධර්‍මය අවබෝධ නො කිරීමෙන් ප්‍රතිවේධ නො කිරීමෙන් මේ දිගු කලක් මෙසේ ධාවනය කරණ ලද්දේ ය. සැරිසරණ ලද්දේ ය. කවර සතරක් අවබෝධ ප්‍රතිවේධ නො කිරීමෙන් ද? යත්: ‘මහණෙනි, මා විසින් ද, තොප විසින් ද දුඃඛාර්‍ය්‍යසත්‍යය අවබෝධ නො කිරීමෙන් ප්‍රතිවේධ නො කිරීමෙන් මේ දිගුකලක් මෙසේ ධාවනය කරණ ලද්දේ ය. සැරි සරණ ලද්දේ ය. මා විසින් ද තොප විසින් ද දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍යය –පෙ– දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍යය –පෙ– දුඃඛනිරෝධගාමිනීප්‍රතිදාර්‍ය්‍යසත්‍යය අවබෝධ නො කිරීමෙන් ප්‍රතිවේධ නො කිරීමෙන් මේ දිගු කලක් මෙසේ ධාවනය කරණ ලද්දේ ය. සැරි සරණ ලද්දේ ය. මහණෙනි, ඒ මේ දුඃඛ්‍යාර්‍ය්‍යසත්‍යය අවබෝධ කරණ ලද්දේ ය. ප්‍රතිවේධ කරණ ලද්දේ ය. දුඃඛසමුදයාර්‍ය්‍යාසත්‍යය අවබෝධ කරණ ලද්දේ ය. ප්‍රතිවේධ කරණ ලද්දේ ය. දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍යය අවබෝධ කරණ ලද්දේ ය. ප්‍රතිවේධ කරණ ලද්දේ ය. දුඃඛනිරොධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය අවබෝධ කරණ ලද්දේ ය. ප්‍රතිවේධ කරණ ලද්දේ ය. භවතෘෂ්ණාව සිඳින ලද්දී ය. භවනෙත්තිය ක්‍ෂය කරණ ලද්දී ය. දැන් පුනර්‍භවයෙක් නැත්තේ ය” යි භික්‍ෂූන්ට වදාළ සේක:
Pali BJT44. “චතුන්නං අරියසච්චානං යථාභූතං අදස්සනා, සංසිතං{4} දීඝමද්ධානං තාසු තාස්වෙව ජාතිසු.
Sinhala BJT44. “චතුරාර්‍ය්‍යසත්‍යයන් තත් වූ පරිදි නො දැක්මෙන් ම දිගු කලක් ඒ ඒ ජාතීන්හි සැරිසරණ ලද්දේ ය.
Pali BJT45. තානි එතානි දිට්ඨානි භවනෙත්ති සමූහතා, උච්ඡින්නං මූලං{5} දුක්ඛස්ස නත්ථිදානි පුනබ්භවොති.
Sinhala BJT45. ඒ මේ චතුරාර්‍ය්‍යසත්‍යධර්‍මයෝ දක්නා ලදහ. භවනෙත්තිය නසන ලද්දී ය. දුකෙහි මුල් සිඳින ලද්දේ ය. දැන් නැවැත ඉපැත්මෙක් නැත්තේ ය.”
Pali BJT46. අස්සොසි ඛො අම්බපාලී ගණිකා “භගවා කිර කොටිගාමං අනුප්පත්තො”ති. අථ ඛො අම්බපාලී ගණිකා භද්රානි භද්රානි යානානි යොජාපෙත්වා භද්රං යානං{1} අභිරුහිත්වා භද්රෙහි භද්රෙහි යානෙහි වෙසාලියා නිය්යාසි භගවන්තං දස්සනාය. යාවතිකා යානස්ස භූමි, යානෙන ගන්ත්වා, යානා පච්චොරොහිත්වා පත්තිකාව යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො අම්බපාලිං ගණිකං භගවා ධම්මියා කථාය සන්දස්සෙසි සමාදපෙසි. සමුත්තෙජෙසි සම්පහංසෙසි. අථ ඛො අම්බපාලී ගණිකා භගවතා ධම්මියා කථාය සන්දස්සිතා සමාදපිතා සමුත්තෙජිතා සම්පහංසිතා භගවන්තං එතදවොච: “අධිවාසෙතු මෙ භන්තෙ භගවා ස්වාතනාය භත්තං සද්ධිං භික්ඛුසඞ්ඝෙනා”ති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන. අථ ඛො අම්බපාලී ගණිකා භගවතො අධිවාසනං විදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
Sinhala BJT46. අම්බපාලී නම් ගණිකා තොමෝ “භාග්‍යවතුන් වහන්සේ කොටිග්‍රාමයට වැඩි සේක් ල” යි ඇසූ ය. ඉක්බිති අම්බපාලී ගණිකා තොමෝ හොඳ හොඳ යානයන් යොදවා හොඳ යානයකට නැගී හොඳ හොඳ යානාවලින් යුක්ත ව භාග්‍යවතුන් වහන්සේ දක්නා පිණිස විශාලාමහනුවරින් නික්ම ගියා ය. යානයෙන් යා හැකි බිම යම් පමණ ද, එපමණ තැන් යානයෙන් ගොස් යානයෙන් බැස පාගමනින් ම භාග්‍යවතුන් වහන්සේ වෙතට ගියා ය. ගොස් භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්නී ය. භාග්‍යවතුන් වහන්සේ පසෙක හුන් අම්බපාලී ගණිකාව දැහැමි කතාවෙන් කරුණු දැක්වූහ. සමාදන් කරවූහ. තියුණු කරවූහ. සතුටු කරවූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කතාවෙන් කරුණු දක්වන ලද සමාදන් කරවන ලද තියුණු කරවන ලද සතුටු කරවන ලද අම්බපාලී ගණිකා තොමෝ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුසඞ්ඝයා සමග හෙටට මාගේ බත පිළිගන්නා සේක්වා” යි සැළකළා ය. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භාවයෙන් ඉවසා වදාළ සේක. ඉක්බිති අම්බපාලී ගණිකා තොමෝ භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන හුනස්නෙන් නැගිට සකසා වැඳ පැදකුණු කොට ගියා ය.
Pali BJT47. අස්සොසුං ඛො වෙසාලිකා ලිච්ඡවී “භගවා කිර කොටිගාමං අනුප්පත්තො”ති. අථ ඛො වෙසාලිකා ලිච්ඡවී භද්රානි භද්රානි යානානි යොජාපෙත්වා භද්රං භද්රං යානං අභිරූහිත්වා භද්රෙහි භද්රෙහි යානෙහි වෙසාලියා නියීංසු{2} භගවන්තං දස්සනාය. අප්පෙකච්චෙ ලිච්ඡවී නීලා හොන්ති නීලවණ්ණා නීලවත්ථා නීලාලඞ්කාරා. අප්පෙකච්චෙ ලිච්ඡවී පීතා හොන්ති පීතවණ්ණා පීතවත්ථා පීතාලඞ්කාරා. අප්පෙකච්චෙ ලිච්ඡවී ලොහිතකා හොන්ති ලොහිතවණ්ණා{3} ලොහිතකවත්ථා ලොහිතාලඞ්කාරා. අප්පෙකච්චෙ ලිච්ඡවී ඔදාතා හොන්ති ඔදාතවණ්ණා ඔදාතවත්ථා ඔදාතාලඞ්කාරා.
Sinhala BJT47. විශාලාමහනුවර වැසි ලිච්ඡවීහු “භාග්‍යවතුන් වහන්සේ කොටිග්‍රාමයට වැඩි සේක් ල” යි ඇසූහ. ඉක්බිති විශාලාමහනුවර වැසි ලිච්ඡවීහු හොඳ හොඳ යානයන් යොදවා හොඳ හොඳ යානයන්ට නැගී හොඳ හොඳ යානයන්ගෙන් යුක්ත ව භාග්‍යවතුන් වහන්සේ දක්නට විශාලාමහනුවරින් නික්ම ගියහ. ඇතැම් ලිච්ඡවීහු නිල් වෙත්. නිල්පැහැ ඇත්තෝ වෙත්. නිල්වත් ඇත්තෝ වෙත්. නිල්අබරණ ඇත්තෝ වෙත්. ඇතැම් ලිච්ඡවීහු රන්වන් වෙත්. රන්වන් පැහැ ඇත්තෝ වෙත්. රන් වන් වත් ඇත්තෝ වෙත්. රන්වන් අබරණ ඇත්තෝ වෙත්. ඇතැම් ලිච්ඡවීහු රතු වෙත්. රතුපැහැ ඇත්තෝ වෙත්. රතුවත් ඇත්තෝ වෙත්. රතුඅබරණ ඇත්තෝ වෙත්. ඇතැම් ලිච්ඡවීහු සුදු වෙත්. සුදුපැහැ ඇත්තෝ වෙත්. සුදුවත් ඇත්තෝ වෙත්. සුදුඅබරණ ඇත්තෝ වෙත්.
Pali BJT48. අථ ඛො අම්බපාලී ගණිකා දහරානං දහරානං ලිච්ඡවීනං ඊසාය ඊසං යුගෙන යුගං චක්කෙන චක්කං අක්ඛෙන අක්ඛං පතිවට්ටෙසි. අථ ඛො තෙ ලිච්ඡවී අම්බපාලිං ගණිකං එතදවොචුං: “කිස්ස ජෙ අම්බපාලි, අම්හාකං{4} දහරානං දහරානං ලිච්ඡවීනං ඊසාය ඊසං යුගෙන යුගං චක්කෙන චක්කං අක්ඛෙන අක්ඛං පතිවට්ටෙසී”ති. “තථා හි පන මයා අය්යපුත්තා, ස්වාතනාය බුද්ධපමුඛො භික්ඛුසඞ්ඝො නිමන්තිතො”ති. “දෙහි ජෙ අම්බපාලි, අම්හාකං එතං භත්තං සතසහස්සෙනා”ති. “සචෙපි මෙ අය්යපුත්තා වෙසාලිං සාහාරං දජ්ජෙය්යාථ, නෙව දජ්ජා භත්ත”න්ති.
Sinhala BJT48. ඉක්බිති අම්බපාලීගණිකා තොමෝ තරුණලිච්ඡවීන්ගේ රියහිස රියහිසෙන් ද වියදණ්ඩ වියදණ්ඩෙන් ද චක්‍රය චක්‍රයෙන් ද අකුර අකුරෙන් ද ගැටුවා ය. ඉක්බිති ඒ ලිච්ඡවීහු අම්බපාලී ගණිකාවට “කෙල්ල අම්බපාලි, කුමක් හෙයින් අපගේ ලිච්ඡවී තරුණයන්ගේ රියහිස රියහිසෙන් වියදණ්ඩ වියදණ්ඩෙන් චක්‍රය චක්‍රයෙන් අකුර අකුරෙන් ගැටුවා දැ” යි ඇසූහ. “ආර්‍ය්‍යපුත්‍රයෙනි, එසේ ම ය. මා විසින් හෙට බතට බුද්ධප්‍රමුඛභික්‍ෂුසඞ්ඝ තෙමේ පවරණ ලද්දේ” යි. “කෙල්ල, අම්බපාලි, ලක්‍ෂයකින් (ලක්‍ෂයක් ගෙණ) මේ බත අපට දෙව”. “ආර්‍ය්‍යපුත්‍රයෙනි, ඉදින් ජනපද සහිත වූ විශාලාමහානගරය මට දෙන්නහු ද, මම ඒ බත නො ම දෙන්නෙමි” යි.
Pali BJT49. අථ ඛො තෙ ලිච්ඡවී අඞ්ගුලිං ඵොටෙසුං: “පරාජිතම්හ{5} වත භො අම්බකාය. පරාජිතම්හ වත භො අම්බකායා”ති.
Sinhala BJT49. ඉක්බිති ඒ ලිච්ඡවීහු “භවත්නි, ගැහැණියක විසින් පරදවන ලද්දෝ වෙමු. භවත්නි, ගැහැණියක විසින් පරදවන ලද්දෝ වෙමු” යි අසුර ගැසූහ.
Pali BJT50. අථ ඛො තෙ ලිච්ඡවී යෙන භගවා තෙනුපසඞ්කමිංසු. අද්දසා ඛො භගවා තෙ ලිච්ඡවී දූරතොව ආගච්ඡන්තෙ. දිස්වාන භික්ඛූ ආමන්තෙසි: “යෙහි භික්ඛවෙ, භික්ඛූහි දෙවා තාවතිංසා අදිට්ඨපුබ්බා, ඔලොකෙථ භික්ඛවෙ, ලිච්ඡවීපරිසං. අපලොකෙථ භික්ඛවෙ, ලිච්ඡවීපරිසං. උපසංහරථ භික්ඛවෙ, ලිච්ඡවීපරිසං තාවතිංසපරිස”න්ති.
Sinhala BJT50. ඒ ලිච්ඡවීහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. භාග්‍යවතුන් වහන්සේ එන්නා වූ ඒ ලිච්ඡවීන් දුර දී ම දුටු සේක. දැක භික්‍ෂූන් අමතා “මහණෙනි, යම් භික්‍ෂූන් විසින් තව්තිසාවැසි දෙවියෝ පෙර නො දක්නා ලද්දෝ ද, මහණෙනි, (ඒ තෙපි), ලිච්ඡවීපිරිස බලවු. මහණෙනි, ලිච්ඡවීපිරිස බලවු. ලිච්ඡවීපිරිස තව්තිසාපිරිස ය යි සලකවු” යි වදාළ සේක.
Pali BJT51. අථ ඛො තෙ ලිච්ඡවී යාවතිකා යානස්ස භූමි, යානෙන ගන්ත්වා යානා පච්චොරොහිත්වා පත්තිකාව යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නෙ ඛො තෙ ලිච්ඡවී භගවා ධම්මියා කථාය සන්දස්සෙසි. සමාදපෙසි. සමුත්තෙජෙසි. සම්පහංසෙසි. අථ ඛො තෙ ලිච්ඡවී භගවතා ධම්මියා කථාය සන්දස්සිතා සමාදපිතා සමුත්තෙජිතා සම්පහංසිතා භගවන්තං එතදවොචුං: “අධිවාසෙතු නො භන්තෙ භගවා ස්වාතනාය භත්තං සද්ධිං භික්ඛුසඞ්ඝෙනා”ති. “අධිවුත්ථොම්හි ලිච්ඡවී, ස්වාතනාය අම්බපාලියා ගණිකාය භත්ත”න්ති. අථ ඛො තෙ ලිච්ඡවී අඞ්ගුලිං පොඨෙසුං: “පරාජිතම්හ වත භො අම්බකාය. පරාජිතම්හ වත භො අම්බකායා”ති. අථ ඛො තෙ ලිච්ඡවී භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කමිංසු.
Sinhala BJT51. ඉක්බිති ඒ ලිච්ඡවීහු යානයෙන් යා හැකි බිම යම් පමණ ද, එපමණ යානයෙන් ගොස් යානයෙන් බැස පාගමනින් ම භාග්‍යවතුන් වහන්සේ වෙතට ගියහ. ගොස් භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්හ. භාග්‍යවතුන් වහන්සේ පසෙක හුන් ඒ ලිච්ඡවීන්ට දැහැමි කතාවෙන් කරණු දැක්වූහ. (එහි ඔවුන්) සමාදන් කරවූහ. තියුණු කරවූහ. සතුටු කරවූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කතාවෙන් කරුණු දක්වන ලද සමාදන් කරවන ලද තියුණු කරවන ලද සතුටු කරවන ලද ඒ ලිච්ඡවීහු භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂු සඞ්ඝයා සමග හෙට අපේ බත ඉවසන සේක්වා” යි සැළකළහ. “ලිච්ඡවීනි, අම්බපාලිගණිකාව විසින් හෙට බත පිණිස ආරාධිත වෙමි” යි (වදාළසේක). ඉක්බිති ඒ ලිච්ඡවීහු “භවත්නි, ගැහැණියක විසින් පරදවන ලද්දෝ වෙමු. භවත්නි, ගැහැණියක විසින් පරදවන ලද්දෝ වෙමු” යි අසුර ගැසූහ. එකල්හි ඒ ලිච්ඡවීහු භාග්‍යවතුන් වහන්සේගේ භාසිතය සතුටින් පිළිගෙණ අනුමෝදන් ව හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට ගියහ.
Pali BJT52. අථ ඛො භගවා කොටිගාමෙ යථාභිරත්තං විහරිත්වා යෙන නාතිකා{1} තෙනුපසඞ්කමි. තත්ර සුදං භගවා නාතිකෙ විහරති ගිඤ්ජකාවසථෙ. අථ ඛො අම්බපාලී ගණිකා තස්සා රත්තියා අච්චයෙන සකෙ ආරාමෙ පණීතං ඛාදනීයං භොජනීයං පටියාදාපෙත්වා භගවතො කාලං ආරොචාපෙසි: “කාලො භන්තෙ, නිට්ඨිතං භත්ත”න්ති. අථ ඛො භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය යෙන අම්බපාලියා ගණිකාය පරිවෙසනා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි සද්ධිං භික්ඛුසඞ්ඝෙන.
Sinhala BJT52. භාග්‍යවතුන් වහන්සේ කෝටිග්‍රාමයෙහි කැමැති තාක් කල් වාසය කොට නාතිකාගමට වැඩි සේක. භාග්‍යවතුන් වහන්සේ එහි නාතිකාගමෙහි ගඩොළින් කළ හෙයින් ගිඤ්ජකාවසථ නම් වූ ගෙඩිගෙයි වැඩ වසන සේක. ඉක්බිති අම්බපාලිගණිකාව ඒ රෑ ඉක්ම යෑමෙන් පසු සිය අරමෙහි ප්‍රණීත වූ කෑ යුතු බිදිය යුතු දෙය පිළියෙල කරවා “ස්වාමීනි, කාලය වේ. බත් නිමියේ” යි භාග්‍යවතුන් වහන්සේට කල් සැළකරවූ ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරොවා පාසිවුරු ගෙණ අම්බපාලිගණිකාවගේ පරිවේසනයට (බොජුන්හලට) වැඩි සේක. වැඩ භික්‍ෂුසඞ්ඝයා සමග පැණවූ අසුනෙහි වැඩ හුන් සේක.
Pali BJT53. අථ ඛො අම්බපාලී ගණිකා බුද්ධපමුඛං භික්ඛුසඞ්ඝං පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්ථා සන්තප්පෙත්වා සම්පවාරෙත්වා භගවන්තං භුත්තාවිං ඔනීතපත්තපාණිං එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නා ඛො අම්බපාලී ගණිකා භගවන්තං එතදවොච: “ඉමාහං භන්තෙ, අම්බවනං බුද්ධපමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස දම්මී”ති. පටිග්ගහෙසි භගවා ආරාමං.
Sinhala BJT53. ඉක්බිති අම්බපාලිගණිකාව බුද්ධප්‍රමුඛභික්‍ෂුසඞ්ඝයා ප්‍රණීත වූ කෑ යුතු දෙයින් බිදිය යුතු දෙයින් සියතින් සතප්පා පවරා, වළඳා අවසන් කළ පාත්‍රයෙන් බැහැර කළ අත් ඇති භාග්‍යවතුන් වහන්සේ වෙත පසෙක හුන්නී ය. පසෙක හුන් අම්බපාලිගණිකාව භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, මම මේ අඹඋයන බුද්ධප්‍රමුඛභික්‍ෂුසඞ්ඝයාට දෙමි” යි සැළකළා ය. භාග්‍යවතුන් වහන්සේ ආරාමය පිළිගත් සේක.
Pali BJT54. අථ ඛො භගවා අම්බපාලිං ගණිකං ධම්මියා කථාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සමුත්තෙජෙත්වා සම්පහංසෙත්වා උට්ඨායාසනා යෙන මහාවනං තෙනුපසඞ්කමි. තත්ර සුදං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං.
Sinhala BJT54. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අම්බපාලිගණිකාව දැහැමි කතාවෙන් කරුණු දක්වා සමාදන් කරවා තියුණු කරවා සතුටු කරවා හුනස්නෙන් නැගිට මහාවනයට වැඩි සේක. භාග්‍යවතුන් වහන්සේ එහි විශාලාමහනුවර මහාවනයෙහි වූ කූටාගාරශාලාවෙහි වැඩ වසන සේක.
Pali BJTලිච්ඡවීභාණවාරො තතියො.
Sinhala BJTලිච්ඡවීබණවර තෙවැනිය.
Pali BJT1. තෙන ඛො පන සමයෙන අභිඤ්ඤාතා අභිඤ්ඤාතා ලිච්ඡවී සන්ථාගාරෙ{1} සන්නිසින්නා සන්නිපතිතා අනෙකපරියායෙන බුද්ධස්ස වණ්ණං භාසන්ති. ධම්මස්ස වණ්ණං භාසන්ති. සඞ්ඝස්ස වණ්ණං භාසන්ති.
Sinhala BJT1. එකල්හි ඉතා ප්‍රසිද්ධ වූ (වැදගත්) ලිච්ඡවීහු සන්‍ථාගාර (රැස්වීම්) සාලාවෙහි රැස් ව නොයෙක් කරුණෙන් බුදුන්ගේ ගුණ කියත්. ධර්‍මයෙහි ගුණ කියත්. සඞ්ඝයාගේ ගුණ කියත්.
Pali BJT2. තෙන ඛො පන සමයෙන සීහො සෙනාපති නිගණ්ඨසාවකො තස්සං පරිසායං නිසින්නො හොති. අථ ඛො සීහස්ස සෙනාපතිස්ස එතදහොසි: “නිස්සංසයං ඛො සො භගවා අරහං සම්මාසම්බුද්ධො භවිස්සති. තථා හිමෙ අභිඤ්ඤාතා අභිඤ්ඤාතා ලිච්ඡවී සන්ථාගාරෙ සන්නිසින්නා සන්නිපතිතා අනෙකපරියායෙන බුද්ධස්ස වණ්ණං භාසන්ති. ධම්මස්ස වණ්ණං භාසන්ති. සඞ්ඝස්ස වණ්ණං භාසන්ති. යන්නූනාහං තං භගවන්තං දස්සනාය උපසඞ්කමෙය්යං අරහන්තං සම්මාසම්බුද්ධ”න්ති.
Sinhala BJT2. එවේලෙහි නිර්ග්‍රන්‍ථශ්‍රාවක වූ සීහසේනාපති තෙමේ ඒ පිරිසෙහි හුන්නේ වේ. ඉක්බිති සීහසේනාපතිහුහට “නිසැකයෙන් ම ඒ භාග්‍යවතුන් වහන්සේ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වෙති. එහෙයින් ම මේ ඉතා ප්‍රසිද්ධ ලිච්ඡවීහු සන්‍ථාගාරයෙහි රැස් ව හුන්නෝ නොයෙක් අයුරින් බුදුන්ගේ ගුණ කියත්. ධර්‍මයේ ගුණ කියත්. සඞ්ඝයාගේ ගුණ කියත්. මම රහත් වූ සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ දක්නට එළඹෙන්නෙම් නම්, යෙහෙකැ” යි සිතෙක් වි ය.
Pali BJT3. අථ ඛො සීහො සෙනාපති යෙන නිගණ්ඨො නාතපුත්තො{2} තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා නිගණ්ඨං නාතපුත්තං අභිවාදෙත්වා{3} එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සීහො සෙනාපති නිගණ්ඨං නාතපුත්තං එතදවොච: “ඉච්ඡාමහං භන්තෙ, සමණං ගොතමං දස්සනාය උපසඞ්කමිතු”න්ති. “කිං පන ත්වං සීහ, කිරියවාදො සමානො අකිරියවාදං සමණං ගොතමං දස්සනාය උපසඞ්කමිස්සසි? සමණො හි සීහ, ගොතමො අකිරියවාදො අකිරියාය ධම්මං දෙසෙති. තෙන ච සාවකෙ විනෙතී”ති. අථ ඛො සීහස්ස සෙනාපතිස්ස යො අහොසි ගමිකාභිසඞ්ඛාරො{4} භගවන්තං දස්සනාය සො පටිප්පස්සම්භි.
Sinhala BJT3. ඉක්බිති සීහසේනාපති තෙමේ නිර්ග්‍රන්‍ථඥාත පුත්‍රයා වෙත ගියේ ය. ගොස් නිර්ග්‍රන්‍ථඥාතපුත්‍රයා සකසා වැඳ පසෙක හුන්නේ ය. පසෙක හුන් සීහසේනාපති තෙමේ නිර්ග්‍රන්‍ථඥාතපුත්‍රයාහට “ස්වාමිනී, මම ශ්‍රමණ ගෞතමයන් දක්නට යෑමට කැමැත්තෙමි” යි කීයේ ය. “සීහය, ක්‍රියාවාදී වූ තෝ අක්‍රියාවාදී වූ ශ්‍රමණ ගෞතමයන් දක්නට කුමක් නිසා එළඹෙන්නෙහි ද? සීහය, ශ්‍රමණ ගෞතම තෙමේ අක්‍රියාවාදී ය. නො කිරීම පිණිස දහම් දෙසයි. එයින් ම ශ්‍රාවකයන් හික්මවයි”. එකල්හි සීහසේනාපතිහුහට භාග්‍යවතුන් වහන්සේ දැකීමට යෑමෙහි යම් උත්සාහයෙක් වී ද, එය සංහිඳී ගියේ ය.
Pali BJT4. දුතියම්පි ඛො -පෙ- තතියම්පි ඛො අභිඤ්ඤාතා අභිඤ්ඤාතා ලිච්ඡවී සන්ථාගාරෙ සන්නිසින්නා සන්නිපතිතා අනෙකපරියානෙන බුද්ධස්ස වණ්ණං භාසන්ති. ධම්මස්ස වණ්ණං භාසන්ති. සඞ්ඝස්ස වණ්ණං භාසන්ති. තතියම්පි ඛො සීහස්ස සෙනාපතිස්ස එතදහොසි: “නිස්සංසයං ඛො සො භගවා අරහං සම්මාසම්බුද්ධො භවිස්සති. තථා හි මෙ අභිඤ්ඤාතා අභිඤ්ඤාතා ලිච්ඡවී සන්ථාගාරෙ සන්නිසින්නා සන්නිපතිතා අනෙකපරියායෙන බුද්ධස්ස වණ්ණං භාසන්ති. ධම්මස්ස වණ්ණං භාසන්ති. සඞ්ඝස්ස වණ්ණං භාසන්ති. කිං හි මෙ කරිස්සන්ති නිගණ්ඨා අපලොකිතා වා අනපලොකිතා වා? යන්නූනාහං කිං හි මෙ කරිස්සන්ති නිගණ්ඨා අපලොකිතා වා අනපලොකිතා වා? යන්නූනාහං අනපලොකෙත්වාව නිගණ්ඨෙ තං භගවන්තං දස්සනාය උපසඞ්කමෙය්යං අරහන්තං සම්මාසම්බුද්ධ”න්ති.
Sinhala BJT4. දෙවනු ද –පෙ– තෙවනු ද ඉතා ප්‍රසිද්ධ වූ ලිච්ඡවීහු සන්‍ථාගාරයෙහි රැස් ව හුන්නාහු නොයෙක් කරුණෙන් බුදුන්ගේ ගුණ කියත්. ධර්‍මයෙහි ගුණ කියත්. සඞ්ඝයාගේ ගුණ කියත්. තෙවනු ද සීහසේනාපතියාහට “ඒ භාග්‍යවතුන් වහන්සේ නිසැකයෙන් ම අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වෙති. එබැවින් ම මේ ඉතා ප්‍රසිද්ධ වූ ලිච්ඡවීහු සන්‍ථාගාරයෙහි රැස් ව හුන්නාහු නොයෙක් අයුරින් බුදුන්ගේ ගුණ කියත්. ධර්‍මයෙහි ගුණ කියත්. සඞ්ඝයාගේ ගුණ කියත්. නිගණ්ඨයෝ විචාරණ ලද්දෝ හෝ නො විචාරණ ලද්දෝ හෝ මාහට කුමක් කරන්නාහු ද? මම නිගණ්ඨයන් නො විචාරා ම රහත් වූ සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ දක්නා පිණිස යන්නෙම් නම්, යෙහෙකැ” යි සිත් වි ය.
Pali BJT5. අථ ඛො සීහො සෙනාපති පඤ්චහි රථසතෙහි දිවාදිවස්ස වෙසාලියා නීය්යාසි භගවන්තං දස්සනාය. යාවතිකා යානස්ස භූමි යානෙන ගන්ත්වා යානා පච්චොරොහිත්වා පත්තිකොව යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සීහො සෙනාපති භගවන්තං එතදවොච: “සුතම්මෙතං භන්තෙ, අකිරියවාදො සමණො ගොතමො අකිරියාය ධම්මං දෙසෙති. තෙන ච සාවකෙ විනෙතීති. යෙ තෙ භන්තෙ එවමාහංසු: අකිරියවාදො සමණො ගොතමො අකිරියාය ධම්මං දෙසෙති. තෙන ච සාවකෙ විනෙතී’ති. කච්චි තෙ භන්තෙ, භගවතො වුත්තවාදිනො? න ච භගවන්තං අභූතෙන අබ්භාචික්ඛන්ති? ධම්මස්ස චානුධම්මං ව්යාකරොන්ති? න ච කොචි සහධම්මිකො වාදානුවාදො{5} ගාරය්හං ඨානං ආගච්ඡති? අනබ්භක්ඛාතුකාමා හි මයං භන්තෙ භගවන්ත”න්ති.
Sinhala BJT5. ඉක්බිති සීහසේනාපති තෙමේ රිය පන්සියයකින් යුක්ත ව ඉරමුදුන් දවල් භාග්‍යවතුන් වහන්සේ දක්නා පිණිස විශාලාමහානගරයෙන් නික්ම ගියේ ය. යානයෙන් යා යුතු සීමාව යම් පමණ ද, (එපමණ) යානයෙන් ගොස් යානයෙන් බැස පාගමනින් ම භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්නේ ය. පසෙක හුන් සීහසේනාපති තෙමේ භාග්‍යවතුන් වන්සේට “ස්වාමිනී, ‘ශ්‍රමණ ගෞතම තෙමේ අක්‍රියාවාදී වේ. නො කිරීම පිණිස දහම් දෙසයි. එයින් ශ්‍රාවකයන් ද හික්මවා’ යි මා විසින් මෙය අසන ලද්දේ ය. ස්වාමිනී, යම් ඒ කෙනෙක් ‘ශ්‍රමණ ගෞතම තෙමේ අක්‍රියවාදී වේ. නො කිරීම පිණිස දහම් දෙසයි. එයින් ශ්‍රාවකයන් ද හික්මවා’ යි. මෙසේ කීහු ද, ස්වාමිනී, කිමෙක් ද, ඔහු භාග්‍යවතුන් වහන්සේ විසින් කියන ලද්දක් කියන්නාහු ද? භාග්‍යවතුන් වහන්සේ බොරුවෙන් ගටා නො කියත් ද? කාරණයට එකඟ වූවක් ප්‍රකාශ කෙරෙත් ද? (එයින්) කරුණු සහිත වූ කිසියම් වාදයෙක් හෝ අනුවාදයෙක් ගැරහිය යුතු තැනට නො පැමිණේ ද? ස්වාමිනී, අපි භාග්‍යවතුන් වහන්සේට බොරුවෙන් ගටා චෝදනා නො කරණු කැමැත්තෝ ම වෙමු” යි (සැළකෙළේ ය).
Pali BJT6. “අත්ථි සීහ, පරියායො, යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය: ‘අකිරියවාදො සමණො ගොතමො අකිරියාය ධම්මං දෙසෙති. තෙන ච සාවකෙ විනෙතී’ති.
Sinhala BJT6. “සීහය, මැනවින් (ඇතිසැටි) කියන්නෙක් යම් ක්‍රමයකින් ‘ශ්‍රමණ ගෞතම තෙමේ අක්‍රියාවාද ඇත්තේ නො කිරීම පිණිස දහම් දෙසයි. එයින් ම ශ්‍රාවකයන් හික්මවා’ යි මට කියන්නේ නම්, එබඳු ක්‍රමයෙක් ඇත්තේ ය.”
Pali BJT7. “අත්ථි සීහ, පරියායො, යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය: ‘කිරියවාදො සමණො ගොතමො කිරියාය ධම්මං දෙසෙති. තෙන ච සාවකෙ විනෙතී’ති.
Sinhala BJT7. “සීහය, මැනවින් කියන්නෙක් යම් ක්‍රමයකින් ‘ශ්‍රමණ ගෞතම තෙමේ ක්‍රියාවාද ඇත්තේ කිරීම පිණිස දහම් දෙසයි. එයින් ම ශ්‍රාවකයන් හික්මවා’ යි මට කියන්නේ නම්, එබඳු ක්‍රමයෙක් ඇත්තේ ය.”
Pali BJT8. “අත්ථි සීහ, පරියායො යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය: ‘උච්ඡෙදවාදො සමණො ගොතමො උච්ඡෙදාය ධම්මං දෙසෙති. තෙන ච සාවකෙ විනෙතී’ති.
Sinhala BJT8. “සීහය, මැනවින් කියන්නෙක් යම් ක්‍රමයකින් ‘ශ්‍රමණ ගෞතම තෙමේ උච්ඡේදවාද ඇත්තේ සිඳ ලීම පිණිස දහම් දෙසයි. එයින් ම ශ්‍රාවකයන් හික්මවා’ යි මට කියන්නේ නම්, එබඳු ක්‍රමයෙක් ඇත්තේ ය.”
Pali BJT9. “අත්ථි සීහ, පරියායො, යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය: ‘ජෙගුච්ඡී සමණො ගොතමො ජෙගුච්ඡිතාය ධම්මං දෙසෙති. තෙන ච සාවකෙ විනෙතී’ති.
Sinhala BJT9. “සීහය, මැනවින් කියන්නෙක් යම් ක්‍රමයකින් ‘ශ්‍රමණ ගෞතම තෙමේ පිළිකුල් කරන්නේ පිළිකුල්බව පිණිස දහම් දෙසයි. එයින් ම ශ්‍රාවකයන් හික්මවා’ යි මට කියන්නේ නම්, එබඳු ක්‍රමයෙක් ඇත්තේ ය.”
Pali BJT10. “අත්ථි සීහ, පරියායො, යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය: වෙනයිකො සමණො ගොතමො විනයාය ධම්මං දෙසෙති. තෙන ච සාවකෙ විනෙතී’ති.
Sinhala BJT10. “සීහය, මැනවින් කියන්නෙක් යම් ක්‍රමයකින් ‘ශ්‍රමණ ගෞතම තෙමේ විනාශ කරන්නේ විනාශය පිණිස දහම් දෙසයි. එයින් ම ශ්‍රාවකයන් හික්මවා’ යි මට කියන්නේ නම්, එබඳු ක්‍රමයෙක් ඇත්තේ ය.”
Pali BJT11. “අත්ථි සීහ, පරියායො, යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය: ‘තපස්සී සමණො ගොතමො තපස්සිතාය ධම්මං දෙසෙති. තෙන ච සාවකෙ විනෙතී’ති.
Sinhala BJT11. “සීහය, මැනවින් කියන්නෙක් යම් ක්‍රමයකින් “ශ්‍රමණ ගෞතම තෙමේ තපස් ඇත්තේ (තවන්නේ) තැවීම පිණිස දහම් දෙසයි. එයින් ම ශ්‍රාවකයන් හික්මවා’ යි මට කියන්නේ නම්, එබඳු ක්‍රමයෙක් ඇත්තේ ය.”
Pali BJT12. “අත්ථි සීහ, පරියායො, යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය: ‘අපගබ්භො සමණො ගොතමො අපගබ්භතාය ධම්මං දෙසෙති. තෙන ච සාවකෙ විනෙතී’ති.
Sinhala BJT12. “සීහය, මැනවින් කියන්නෙක් යම් ක්‍රමයකින් ‘ශ්‍රමණ ගෞතම තෙමේ හීන වූ ගැබ් ඇත්තේ (ගර්‍භාවාස – ඉපදීම් නැත්තේ) ගැබ් (ඉපදීම) පහ කිරීම පිණිස දහම් දෙසයි. එයින් ම ශ්‍රාවකයන් හික්මවා’ යි මට කියන්නේ නම්, එබඳු ක්‍රමයෙක් ඇත්තේ ය.”
Pali BJT13. “අත්ථි සීහ, පරියායො, යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය: ‘අස්සත්ථො සමණො ගොතමො, අස්සාසාය ධම්මං දෙසෙති. තෙන ච සාවකෙ විනෙතී’ති.
Sinhala BJT13. “සීහය, මැනවින් කියන්නෙක් යම් ක්‍රමයකින් ‘ශ්‍රමණ ගෞතම තෙමේ අස්වැසුනේ අස්වැසුම පිණිස දහම් දෙසයි. එයින් ම ශ්‍රාවකයන් හික්මවා’ යි මට කියන්නේ නම්, එබඳු ක්‍රමයෙක් ඇත්තේ ය.”
Pali BJT14. “කතමො ච සීහ, පරියායො, යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය: ‘අකිරියවාදො සමණො ගොතමො අකිරියාය ධම්මං දෙසෙති. තෙන ච සාවකෙ විනෙතී’ති. අහං හි සීහ, අකිරියං වදාමි කායදුච්චරිතස්ස වචීදුච්චරිතස්ස මනොදුච්චරිතස්ස. අනෙකවිහිතානං පාපකානං අකුසලානං ධම්මානං අකිරියං වදාමි. අයං ඛො සීහ, පරියායො, යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය: ‘අකිරියවාදො සමණො ගොතමො අකිරියාය ධම්මං දෙසෙති. තෙන ච සාවකෙ විනෙතී’ති.
Sinhala BJT14. “සීහය, මැනවින් කියන්නෙක් යම් ක්‍රමයකින් ‘ශ්‍රමණ ගෞතම තෙමේ අක්‍රියාවාද ඇත්තේ නො කිරීම පිණිස දහම් දෙසයි. එයින් ම ශ්‍රාවකයන් හික්මවා’ යි මට කියන්නේ නම්, ඒ ක්‍රමය කවරේ ද? සීහය, මම කායදුච්චරිතය වචීදුච්චරිතය මනෝදුච්චරිතය නො කිරීම කියමි. (සෙසු) නානාවිධ ලාමක අකුශල ධර්‍මයන් නො කිරීම කියමි. සීහය, මැනවින් කියන්නෙක් යම් ක්‍රමයකින් ‘ශ්‍රමණ ගෞතම තෙමේ අක්‍රියාවාද ඇත්තේත් නො කිරීම පිණිස දහම් දෙසයි. එයින් ම ශ්‍රාවකයන් හික්මවා’ යි මට කියන්නේ නම්, මේ ඒ ක්‍රමය වේ.”
Pali BJT15. “කතමො ච සීහ, පරියායො, යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය: ‘කිරියවාදො සමණො ගොතමො කිරියාය ධම්මං දෙසෙති. තෙන ච සාවකෙ විනෙතී’ති. අහං හි සීහ, කිරියං වදාමි කායසුචරිතස්ස වචීසුචරිතස්ස මනොසුචරිතස්ස. අනෙකවිහිතානං කුසලානං ධම්මානං කිරියං වදාමි. අයං ඛො සීහ, පරියායො, යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය: ‘කිරියවාදො සමණො ගොතමො. කිරියාය ධම්මං දෙසෙති. තෙන ච සාවකෙ විනෙතී’ති.
Sinhala BJT15. “සීහය, මැනවින් කියන්නෙක් යම් ක්‍රමයකින් ‘ශ්‍රමණ ගෞතම තෙමේ ක්‍රියාවාද ඇත්තේ කිරීම පිණිස දහම් දෙසයි. එයින් ම ශ්‍රාවකයන් හික්මවා’ යි මට කියන්නේ නම්, ඒ ක්‍රමය කවරේ ද? සීහය, මම කායසුචරිතය වචීසුචරිතය මනෝසුචරිතය කිරීම කියමි. නානාවිධ කුශලධර්‍මයන්ගේ කිරීම කියමි. සීහය, මැනවින් කියන්නෙක් යම් ක්‍රමයකින් ‘ශ්‍රමණ ගෞතම තෙමේ ක්‍රියාවාද ඇත්තේ කිරීම පිණිස දහම් දෙසයි. එයින් ම ශ්‍රාවකයන් හික්මවා’ යි මට කියන්නේ නම්, මේ ඒ ක්‍රමය වේ.”
Pali BJT16. “කතමො ච සීහ, පරියායො, යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය: ‘උච්ඡෙදවාදො සමණො ගොතමො, උච්ඡෙදාය ධම්මං දෙසෙති. තෙන ච සාවකෙ විනෙතී’ති. අහං හි සීහ, උච්ඡෙදං වදාමි රාගස්ස දොසස්ස මොහස්ස. අනෙකවිහිතානං පාපකානං අකුසලානං ධම්මානං උච්ඡෙදං වදාමි. අයං ඛො සීහ, පරියායො, යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය: ‘උච්ඡෙදවාදො සමණො ගොතමො උච්ඡෙදාය ධම්මං දෙසෙති. තෙන ච සාවකෙ විනෙතී’ති.
Sinhala BJT16. “සීහය, මැනවින් කියන්නෙක් යම් ක්‍රමයකින් ‘ශ්‍රමණ ගෞතම තෙමේ උච්ඡේදවාද ඇත්තේ සිඳ ලීම පිණිස දහම් දෙසයි. එයින් ම ශ්‍රාවකයන් හික්මවා’ යි මට කියන්නේ නම්, ඒ ක්‍රමය කවරේ ද? සීහය, මම රාගයාගේ දෝසයාගේ මෝහයාගේ සිඳීම කියමි. නානාවිධ ලාමක අකුශලධර්‍මයන්ගේ සිඳීම කියමි. සීහය, මැනවින් කියන්නෙක් යම් ක්‍රමයකින් ‘ශ්‍රමණ ගෞතම තෙමේ උච්ඡේදවාද ඇත්තේ සිඳ ලීම පිණිස දහම දෙසයි. එයින් ම ශ්‍රාවකයන් හික්මවා’ යි මට කියන්නේ නම්, මේ ඒ ක්‍රමය වේ.”
Pali BJT17. “කතමො ච සීහ, පරියායො, යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය: ‘ජෙගුච්ඡී සමණො ගොතමො,ජෙගුච්ඡිතාය ධම්මං දෙසෙති. තෙන ච සාවකෙ විනෙතී’ති. අහං හි සීහ, ජිගුච්ඡාමි කායදුච්චරිතෙන වචීදුච්චරිතෙන මනොදුච්චරිතෙන. අනෙකවිහිතානං පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තියා ජිගුච්ඡාමි. අයං ඛො සීහ, පරියායො, යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය: “ජෙගුච්ඡී සමණො ගොතමො ජෙගුච්ඡිතාය ධම්මං දෙසෙති. තෙන ච සාවකෙ විනෙතී’ති.
Sinhala BJT17. “සීහය, මැනවින් කියන්නෙක් යම් ක්‍රමයකින් ‘ශ්‍රමණ ගෞතම තෙමේ පිළිකුල් කරන්නේ පිළිකුල්බව පිණිස දහම් දෙසයි. එයින් ම ශ්‍රාවකයන් හික්මවා’ යි මට කියන්නේ නම්, ඒ ක්‍රමය කවරේ ද? සීහය, මම කායදුච්චරිතය වචීදුච්චරිතය මනෝදුච්චරිතය පිළිකුල් කරමි. නානාවිධ ලාමක වූ අකුශලධර්‍මයන්ගේ ඉපදීම පිළිකුල් කරමි. සීහය, මැනවින් කියන්නෙක් යම් ක්‍රමයකින් ‘ශ්‍රමණ ගෞතම තෙමේ පිළිකුල් කරන්නේ පිළිකුල්බව පිණිස දහම් දෙසයි. එයින් ම ශ්‍රාවකයන් හික්මවා’ යි මට කියන්නෙන් නම්, මේ ඒ ක්‍රමය වේ.”
Pali BJT18. “කතමො ච සීහ, පරියායො, යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය: ‘වෙනයිකො සමණො ගොතමො විනයාය ධම්මං දෙසෙති. තෙන ච සාවකෙ විනෙතී’ති. අහං හි සීහ, විනයාය ධම්මං දෙසෙමි රාගස්ස දොසස්ස මොහස්ස. අනෙකවිහිතානං පාපකානං අකුසලානං ධම්මානං විනයාය ධම්මං දෙසෙමි. අයං ඛො සීහ, පරියායො යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය: ‘වෙනයිකො සමණො ගොතමො විනයාය ධම්මං දෙසෙති. තෙන ච සාවකෙ විනෙතී’ති.
Sinhala BJT18. “සීහය, මැනවින් කියන්නෙක් යම් ක්‍රමයකින් ‘ශ්‍රමණ ගෞතම තෙමේ විනාශ කරන්නේ විනාශය පිණිස දහම් දෙසයි. එයින් ම ශ්‍රාවකයන් හික්මවා’ යි මට කියන්නේ නම්, ඒ ක්‍රමය කවරේ ද? සීහය, මම රාගය දෝසය මෝහය වැනසීම පිණිස දහම් දෙසමි. නානාවිධ ලාමක අකුශලධර්‍මයන්ගේ විනාශය පිණිස දහම් දෙසමි. සීහය, මැනවින් කියන්නෙක් යම් ක්‍රමයකින් ‘ශ්‍රමණ ගෞතම තෙමේ විනාශකාර වූයේ විනාශය පිණිස දහම් දෙසයි. එයින් ම ශ්‍රාවකයන් හික්මවා’ යි මට කියන්නේ නම්, මේ ඒ ක්‍රමය වේ.”
Pali BJT19. “කතමො ච, සීහ, පරියායො, යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය: ‘තපස්සී සමණො ගොතමො තපස්සිතාය ධම්මං දෙසෙති. තෙන ච සාවකෙ විනෙතී’ති. තපනීයාහං සීහ, පාපකෙ අකුසලෙ ධම්මෙ වදාමි කායදුච්චරිතං වචීදුච්චරිතං මනොදුච්චරිතං. යස්ස ඛො සීහ, තපනීයා පාපකා අකුසලා ධම්මා පහීණා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා{1} ආයතිං අනුප්පාදධම්මා, තමහං තපස්සීති වදාමි. තථාගතස්ස ඛො සීහ, තපනීයා පාපකා අකුසලා ධම්මා පහීණා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවංකතා ආයතිං අනුප්පාදධම්මා. අයං ඛො සීහ, පරියායො, යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය: තපස්සී සමණො ගොතමො තපස්සිතාය ධම්මං දෙසෙති. තෙන ච සාවකෙ විනෙතී’ති.
Sinhala BJT19. “සීහය, මැනවින් කියන්නෙක් යම් ක්‍රමයකින් ‘ශ්‍රමණ ගෞතම තෙමේ තවන්නේ තැවීම පිණිස දහම් දෙසයි. එයින් ම ශ්‍රාවකයන් හික්මවා’ යි මට කියන්නේ නම්, ඒ ක්‍රමය කවරේ ද? සීහය, මම කායදුච්චරිතය වවීදුච්චරිතය මනෝදුච්චරිතය තැවිය යුතු වූ ලාමක අකුශලධර්‍මය යි කියමි. සීහය, යමකුගේ තැවිය යුතු වූ ලාමක අකුශලධර්‍මයෝ ප්‍රහීණ වූවාහු ද, සිඳින ලද මුල් ඇත්තාහු ද, මුදුන සිඳ දැමූ (නැවත නො වැඩෙන) තල්ගසක් සේ කරණ ලද්දාහු ද, පසු ව නූපදනා සේ විනාශයට පමුණුවන ලද්දාහු ද, මත්තෙහි නූපදනා ස්වභාවය ඇත්තාහු ද, මම ඔහු තපස්සී යි කියමි. සීහය තථාගතයන් වහන්සේගේ තැවිය යුතු වූ ලාමක වූ අකුශලධර්‍මයෝ ප්‍රහීණ වූහ. සිඳින ලද මුල් ඇත්තාහ. මුදුන සිඳ දැමූ තල්ගසක් සේ කරණ ලදහ. නැවත නූපදනා සේ විනාශයට පමුණුවන ලදහ. මත්තෙහි නූපදනා ස්වභාවය ඇත්තාහ. සීහය, මැනවින් කියන්නෙක් යම් ක්‍රමයකින් ‘ශ්‍රමණ ගෞතම තෙමේ තවන්නේ තැවීම පිණිස දහම් දෙසයි. එයින් ම ශ්‍රාවකයන් හික්මවා’ යි මට කියන්නේ නම්, මේ ඒ ක්‍රමය වේ.”
Pali BJT20. “කතමො ච සීහ, පරියායො, යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය: ‘අපගබ්භො සමණො ගොතමො අපගබ්භතාය ධම්මං දෙසෙති. තෙන ච සාවකෙ විනෙතී’ති? යස්ස ඛො සීහ, ආයතිං ගබ්භසෙය්යා පුනබ්භවාභිනිබ්බත්ති පහීණා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවංකතා ආයතිං අනුප්පාදධම්මා, තමහං අපගබ්භොති වදාමි. තථාගතස්ස ඛො සීහ, ආයතිං ගබ්භසෙය්යා පුනබ්භවාභිනිබ්බත්ති පහීණා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා. අයං ඛො සීහ, පරියායො යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය: ‘අපගබ්භො සමණො ගොතමො අපගබ්භතාය ධම්මං දෙසෙති. තෙන ච සාවකෙ විනෙතී’ති.
Sinhala BJT20. “සීහය, මැනවින් කියන්නෙක් යම් ක්‍රමයකින් ‘ශ්‍රමණ ගෞතම තෙමේ ගැබ් නැත්තේ ගැබ් නැසීම පිණිස දහම් දෙසයි. එයින් ම ශ්‍රාවකයන් හික්මවා’ යි මට කියන්නේ නම්, ඒ ක්‍රමය කවරේ ද? සීහය, යමකුගේ මතු ගැබෙක හොවීම (මවුකුස විසීම) නැවැත භවයක ඉපදීම ප්‍රහීණ වී ද, සිඳ දැමූ මුල් ඇත්තේ ද, මුදුන සිඳ දැමූ නැවත හට නො ගන්නා තල්ගසක් සේ කරණ ලද්දේ ද, අභාවයට පමුණුවන ලද්දේ ද, මත්තෙහි නූපදනා ස්වභාවය ඇත්තේ ද, මම ඔහු අපගබ්භ ය යි කියමි. සීහය, තථාගතයන්ගේ මතු මවුකුස විසීම නැවැත භවයෙක ඉපදීම ප්‍රහීණ වී ය. සිඳින ලද මුල් ඇත්තේ ය. මුදුන සිඳ දැමූ තල්ගසක් සේ කරණ ලද්දේ ය. අභාවයට පමුණුවන ලද්දේ ය. මත්තෙහි නූපදනා ස්වභාවය ඇත්තේ ය. සීහය, මැනවින් කියන්නෙක් යම් ක්‍රමයකින් ‘ශ්‍රමණ ගෞතම තෙමේ ගැබ් නැත්තේ ගැබ් නසනු පිණිස දහම් දෙසයි. එයින් ම ශ්‍රාවකයන් හික්මවා’ යි මට කියන්නේ නම්, මේ ඒ ක්‍රමය වේ.”
Pali BJT21. “කතමො ච සීහ, පරියායො, යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය: ‘අස්සත්ථො සමණො ගොතමො අස්සාසාය ධම්මං දෙසෙති. තෙන ච සාවකෙ විනෙතී’ති? අහං හි සීහ, අස්සත්ථොපරමෙන අස්සාසෙන. අස්සාසාය ච{1} ධම්මං දෙසෙමි. තෙන ච සාවකෙ විනෙමි. අයං ඛො සීහ, පරියායො, යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය: ‘අස්සත්ථො සමණො ගොතමො අස්සාසාය ධම්මං දෙසෙති. තෙන ච සාවකෙ විනෙතී”ති.
Sinhala BJT21. “සීහය, මැනවින් කියන්නෙක් යම් ක්‍රමයකින් ‘ශ්‍රමණ ගෞතම තෙමේ අස්වැසුනේ අස්වැසීම පිණිස දහම් දෙසයි. එයින් ම ශ්‍රාවකයන් හික්මවා’ යි මට කියන්නේ නම්, ඒ ක්‍රමය කවරේ ද? සීහය, මම උතුම් වූ (සිවුමගපල) අස්වැසීමෙන් සැනසුනේ වෙමි. අස්වැසීම පිණිස දහම් දෙසමි. එයින් ම ශ්‍රාවකයන් හික්මවමි. සීහය, මැනවින් කියන්නෙක් යම් ක්‍රමයකින් ‘ශ්‍රමණගෞතමතෙමේ අස්වැසුනේ අස්වැසීම පිණිස දහම් දෙසයි. එයින් ම ශ්‍රාවකයන් හික්මවා’ යි මට කියන්නේ නම්, මේ ඒ ක්‍රමය වේ.”
Pali BJT22. එවං වුත්තෙ සීහො සෙනාපති භගවන්තං එතදවොච: “අභික්කන්තං භන්තෙ. අභික්කන්තං භන්තෙ. සෙය්යථාපි භන්තෙ නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය: ‘චක්ඛුමන්තො රූපානි දක්ඛින්තී’ ති, එවමෙවං භගවතා අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං, භන්තෙ, තතියම්පි භගවන්තං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකං මං භගවා ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගත”න්ති.
Sinhala BJT22. මෙසේ වදාළ කල්හි සීහසේනාපති තෙමේ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, ඉතා යහපත් ය. ස්වාමිනී, ඉතා යහපත් ය. ස්වාමිනී, යටිකුරු කරණ ලද්දක් යම් සේ උඩුකුරු කරන්නේ ද, වසන ලද්දක් යම් සේ විවෘත කරන්නේ ද, මං මුළා වූවකුට යම් සේ මග කියන්ගෙන් ද, ‘ඇස් ඇත්තෝ රූප දකින්නාහු ය’ යි ගනඳුරෙහි තෙල්පහනක් යම් සේ දරන්නේ ද, එපරිද්දෙන් ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ක්‍රමයෙන් දහම් දෙසන ලද්දේ ය. ස්වාමිනී, ඒ මම භාග්‍යවතුන් වහන්සේ ද, නව ලෝකෝත්තර ධර්‍මය ද, අෂ්ටාර්‍ය්‍යපුද්ගල භික්‍ෂුසඞ්ඝයා ද සරණ කොට යමි. භාග්‍යවතුන් වහන්සේ අද පටන් දිවි හිම් කොට සරණ ගියා වූ උපාසකයකු කොට මා දරණ සේක්වා” යි සැළ කෙළේය.
Pali BJT23. අනුවිච්චකාරං ඛො සීහ, කරොහි. අනුවිච්චකාරො තුම්හාදිසානං ඤාතමනුස්සානං සාධු හොතී”ති. ඉමිනාපහං භන්තෙ භගවතො වචනෙන භිය්යොසොමත්තාය{2} අත්තමනො අභිරද්ධො, යං මං භගවා එවමාහ: “අනුවිච්චකාරං ඛො සීහ, කරොහි. අනුවිච්චකාරො තුම්හාදිසානං ඤාතමනුස්සානං සාධු හොතී”ති. මමං හි භන්තෙ අඤ්ඤතිත්ථියා සාවකං ලභිත්වා කෙවලකප්පං වෙසාලිං පටාකං පරිහරෙය්යුං: “සීහො{3} අම්හාකං සෙනාපති සාවකත්තං උපගතො’ති. අථ ච පන මං භගවා එවමාහ: “අනුවිච්චකාරං ඛො සීහ, කරොහි. අනුවිච්චකාරො තුම්හාදිසානං ඤාතමනුස්සානං සාධු හොතී”ති. එසාහං භන්තෙ දුතියම්පි භගවන්තං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකං මං භගවා ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගත”න්ති.
Sinhala BJT23. සීහය, දැන (සිතා බලා) ක්‍රියා කරව, තොප වැනි ප්‍රසිද්ධ මිනිසුන්ට සලකා බලා ක්‍රියා කිරීම සුදුසු වේ. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්සේ “සීහය, දැන ක්‍රියා කරව. තොප වැනි ප්‍රසිද්ධ මිනිසුන්ට සලකා බලා කිරීම සුදුසු වේ” යි මෙසේ මට යම් වචනයක් වදාළ සේක් ද, මම භාග්‍යවතුන් වහන්සේගේ මේ වචනයෙන් ඉතා බොහෝ සේ සතුටු වූයෙම් ඇලුනෙම් වෙමි. “ස්වාමිනී, අන්‍යතීර්‍ත්‍ථකයෝ (නම්) මා වැනි ශ්‍රාවකයකු ලැබ ‘සීහසේනාපති තෙමේ අපගේ ශ්‍රාවකභාවයට පැමිණියේ’ යි මුළු විශාලා මහනුවර දද නංවා (හඬ නගා) ඇවිදින්නාහු ය. එහෙත් භාග්‍යවතුන් වහන්සේ ‘සීහය, දැන ක්‍රියා කරව. තොප වැනි ප්‍රසිද්ධ මිනිසුන්ට දැන කිරීම සුදුසු වේ’ යි මට මෙසේ වදාළ සේක. ස්වාමිනී, මේ මම දෙවනු ද භාග්‍යවතුන් වහන්සේ ද, නවලෝකෝත්තරධර්‍මය ද, අෂ්ටර්‍ය්‍යපුද්ගලභික්‍ෂුසඞ්ඝයා ද සරණ කොට යමි. භාග්‍යවතුන් වහන්සේ අද පටන් දිවි හිම් කොට සරණ ගියා වූ උපාසකයකු කොට මා දරණ සේක්වා.”
Pali BJT24. දීඝරත්තං ඛො තෙ සීහ, නිගණ්ඨානං ඔපානභූතං කුලං, යෙන තෙසං උපගතානං පිණ්ඩකං{1} දාතබ්බං මඤ්ඤෙය්යාසී”ති. ඉමිනාපාහං භන්තෙ, භගවතො භීය්යොසොමත්තාය අත්තමනො අභිරද්ධො, යං මං භගවා එවමාහ: “දීඝරත්තං ඛො තෙ සීහ, නිගණ්ඨානං ඔපානභූතං කුලං, යෙන තෙසං උපගතානං පිණ්ඩකං දාතබ්බං මඤ්ඤෙය්යාසී”ති.
Sinhala BJT24. සීහය, තොපගේ කුලය (නිවෙස) බොහෝ කලක් නිඝණ්ඨයන්ට පැන් පොකුණක් සේ සිටියේ ය. එහෙයින් (තොප) වෙත පැමිණි නිඝණ්ඨයන්ට පිණ්ඩාහාරය දිය යුතු ය යි සිතව”. (බුදුන් සරණ ගිය මුත් නිඝණ්ඨයන් පැමිණි කල ඔවුන්ට දෙන දෑ නො සිඳ දිය යුතු ම ය යි යූ සේ යි.) ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, ‘සීහය, තොපගේ කුලය බොහෝ කලක් නිඝණ්ඨයන්ට පැන්පොකුණක් සේ වීය. එහෙයින් වෙත පැමිණි නිඝණ්ඨයන්ට පිඬු දිය යුතු ය යි සිතව’ යි මට යම් වචනයක් වදාළ සේක් ද, මම භාග්‍යවතුන් වහන්සේගේ මේ වචනයෙන් ද ඉතා බොහෝ සේ සතුටු වූයෙම් ඇලුනෙම් වෙමි.
Pali BJT25. සුතං මෙතං භන්තෙ, “සමණො ගොතමො එවමාහ: මය්හමෙව දානං දාතබ්බං. න අඤ්ඤෙසං දානං දාතබ්බං. මය්හමෙව සාවකානං දානං දාතබ්බං. න අඤ්ඤෙසං සාවකානං දානං දාතබ්බං. මය්හමෙව දින්නං මහප්ඵලං. න අඤ්ඤෙසං දින්නං මහප්ඵලං. මය්හමෙව සාවකානං දින්නං මහප්ඵලං. න අඤ්ඤෙසං සාවකානං දින්නං මහප්ඵල”න්ති. අථ ච පන මං භගවා නිගණ්ඨෙසුපි දානෙ සමාදපෙති. අපි ච භන්තෙ, මයමෙත්ථ කාලං ජානිස්සාම. එසාහං භන්තෙ, තතියම්පි භගවන්තං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකං මං භගවා ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගත න්ති.
Sinhala BJT25. ස්වාමිනී, “ශ්‍රමණ ගෞතම තෙමේ ‘මට ම දන් දිය යුතු ය. අන්හට දන් නො දිය යුතු ය. මාගේ ම ශ්‍රාවකයන්ට දන් දිය යුතු ය. අන්‍යයන්ගේ ශ්‍රාවකයන්ට දන් නො දිය යුතු ය. මට ම දෙන ලද්ද මහත්ඵල ඇත්තේ ය. අන්හට දෙන ලද්ද මහත්ඵල ඇත්තේ නො වේ. මාගේ ම ශ්‍රාවකයන්ට දෙන ලද්ද මහත්ඵල ඇත්තේ ය. අන්‍යයන්ගේ ශ්‍රාවකයන්ට දෙන ලද්ද මහත්ඵල ඇත්තේ නො වේ” යි මෙසේ වදාරන්නේ ය” යි මා විසින් අසන ලද්දේ ය. එහෙත් භාග්‍යවතුන් වහන්සේ නිගණ්ඨයන් කෙරෙහි ද දීමෙහි මා සමාදන් කරවන සේක. (මෙහෙයවන සේක). ස්වාමිනී, වේවා; අපි මෙහි කල් දන්නෙමු. ස්වාමිනී, මේ මම තෙවනු ද භාග්‍යවතුන් වහන්සේ ද, නවලෝකොත්තරධර්‍ම ය ද අෂටාර්‍ය්‍යපුද්ගලභික්‍ෂුසඞ්ඝයා ද, සරණ කොට යමි. භාග්‍යවතුන් වහන්සේ අද පටන් දිවි හිම් කොට සරණ ගියා වූ උපාසකයකු කොට මා දරණ සේක්වායි.
Pali BJT26. අථ ඛො භගවා සීහස්ස සෙනාපතිස්ස අනුපුබ්බීකථං කථෙසි සෙය්යථිදං: දානකථං සීලකථං සග්ගකථං, කාමානං ආදීනවං ඔකාරං සංකිලෙසං. නෙක්ඛම්මෙ ආනිසංසං පකාසෙසි. යදා භගවා අඤ්ඤාසි සීහසෙනාපතිං කල්ලචිත්තං මුදුචිත්තං විනීවරණචිත්තං උදග්ගචිත්තං පසන්නචිත්තං, අථ යා බුද්ධානං සාමුක්කංසිකා ධම්මදෙසනා, තං පකාසෙසි: දුක්ඛං සමුදයං නිරොධං මග්ගං. සෙය්යථාපි නාම සුද්ධං වත්ථං අපගතකාළකං සම්මදෙව රජනං පතිගණ්හෙය්ය, එවමෙව සීහස්ස සෙනාපතිස්ස තස්මිංයෙව ආසනෙ විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි: “යංකිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරොධධම්ම”න්ති.
Sinhala BJT26. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සීහසේනාපතිහුහට දානකථාව සීලකථාව ස්වර්‍ගකථාව කාමයන් දුක්බව ලාමකබව කෙලෙසීමට හේතු වන බව යන පිළිවෙළකථාව වදාළසේක. පැවිද්දෙහි අනුසස් ද ප්‍රකාශ කළ සේක. භාග්‍යවතුන් වහන්සේ යම් විටෙක සීහසේනාපතියා සුදුසු සිත් ඇතැ යි, මොළොක් සිත් ඇතැ යි, නීවරණ රහිත වූ සිත් ඇතැ යි, ඔදවැඩි සිත් ඇතැ යි, පහන් සිත් ඇතැ යි, දත් සේක් ද, එකල බුදුවරුන්ගේ තමන් (=ස්වභාවයෙන්) ම උත්කෘෂ්ට වූ ධර්‍මදේශනාව – දුඃඛසත්‍යය සමුදයසත්‍යය නිරෝධසත්‍යය මාර්‍ගසත්‍යය යන මේ චතුරාර්‍ය්‍යසත්‍යය ප්‍රකාශ කළ සේක. පහ වූ කිලුටු ඇති පිරිසිදු වස්ත්‍රයෙක් යම් සේ මනා කොට සායම් ගන්නේ ද, එසේ ම සීහසේනාපතිහුහට ඒ ආසනයෙහි දී ම “යම් කිසිවක් හටගැණීම ස්වභාවය කොට ඇත්තේ ද, ඒ සියල්ල නිරුද්ධ වීම ස්වභාවය කොට ඇතැ” යි පහ වූ රාගාදි රජස් ඇති පහ වූ කෙලෙස්මල ඇති සෝතාපත්තිමග්ගඤාණය පහළ වූයේ ය.
Pali BJT27. අථ ඛො සීහො සෙනාපති දිට්ඨධම්මො පත්තධම්මො විදිතධම්මො පරියොගාළ්හධම්මො තිණ්ණවිචිකිච්ඡො විගතකථඞ්කථො වෙසාරජ්ජප්පත්තො අපරප්පච්චයො සත්ථුසාසනෙ භගවන්තං එතදවොච: “අධිවාසෙතු මෙ භන්තෙ භගවා ස්වාතනාය භත්තං සද්ධිං භික්ඛුසඞ්ඝෙනා”ති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන. අථ ඛො සීහො සෙනාපති භගවතො අධිවාසනං විදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
Sinhala BJT27. ඉක්බිති දක්නා ලද දහම් ඇති පැමිණ දහම් ඇති අවබෝධ කළ දහම් ඇති වෙසෙසින් බැස ගත් දහම් ඇති තරණය කළ විචිකිච්ඡා ඇති පහ වූ කෙසේ කෙසේ දැ යි පැවැති සැක ඇති විශාරදභාවයට පැමිණි, බුදුදහමෙහි අනුන්ගේ උපකාරයක් නො වුව මනා වූ සීහසේනාපති තෙමේ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමිනී, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුසඞ්ඝයා සමග හෙට මාගේ බත ඉවසන සේක්වා” යි සැළකෙළේ ය. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණිම්භාවයෙන් ඉවසූ සේක. අනතුරු ව සීහ සේනාපති තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට ගියේ ය.
Pali BJT28. අථ ඛො සීහො සෙනාපති අඤ්ඤතරං පුරිසං ආණාපෙසි: “ගච්ඡ භණෙ, පවත්තමංසං ජානාහී”ති. අථ ඛො සීහො සෙනාපති තස්සා රත්තියා අච්චයෙන පණීතං ඛාදනීයං භොජනීයං පටියාදාපෙත්වා භගවතො කාලං ආරොචාපෙසි. “කාලො භන්තෙ, නිට්ඨිතං භත්ත”න්ති. අථ ඛො භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන සීහස්ස සෙනාපතිස්ස නිවෙසනං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි සද්ධිං භික්ඛුසඞ්ඝෙන.
Sinhala BJT28. ඉක්බිති සීහසේනාපති තෙමේ “සගය, යව, ප්‍රවෘත්තමාංස (විකුණන මස්) තිබේ දැ යි දනුව” යි එක්තරා පුරුෂයකුට ඇණවී ය. නැවැත සීහසේනාපති තෙමේ ඒ රැය ඉක්ම යෑමෙන් පසු ප්‍රණීත වූ කෑ යුතු වූ බිදිය යුතු වූ දෙය පිළියෙල කරවා භාග්‍යවතුන් වහන්සේට “ස්වාමිනී, මේ කාල ය යි. බත් නිමියේ” යි කල් සැළකරවී ය. භාග්‍යවතුන් වහන්සේ පෙරවරු වේලෙහි හැඳ පොරොවා පාසිවුරු ගෙණ සීහසේනාපතියාගේ නිවෙසට වැඩි සේක. වැඩ භික්‍ෂුසඞ්ඝයා සමග පැණවූ අසුනෙහි වැඩ හුන් සේක.
Pali BJT29. තෙන ඛො පන සමයෙන සම්බහුලා නිගණ්ඨා වෙසාලියං රථියා රථියං{1} සිඞ්ඝාටකෙන සිඞ්ඝාටකං බාහා පග්ගය්හ කන්දන්ති: “අජ්ජ සීහෙන සෙනාපතිනා ථුල්ලං පසුං{2} වධිත්වා සමණස්ස ගොතමස්ස භත්තං කතං. තං සමණො ගොතමො ජානං උද්දිස්සකටං මංසං පරිභුඤ්ජති පටිච්චකම්ම”න්ති.
Sinhala BJT29. එසමයෙහි බොහෝ නිගණ්ඨයෝ විශාලාමහනුවර වීථියෙන් වීථියෙහි සතරමංසන්‍ධියෙන් සතරමංසන්‍ධියෙහි (සිටගෙණ) දෙඅත් ඔසොවා ගෙණ “අද සීහසේනාපතියා විසින් තරබාරු සිවුපාවකු මරා ශ්‍රමණ ගෞතමයාට බත් කරණ ලද්දේ ය. ශ්‍රමණ ගෞතම තෙමේ තමන් උදෙසා කළ (මරණ ලද) තමන් නිමිති කොට (කන්නා විසින් ද ස්පර්‍ශ කරණ ප්‍රාණඝාතකර්‍ම) ඇති ඒ මස් දැන ගෙණ වළඳා” යි විලාප (අඳෝනා) කියත්.
Pali BJT30. අථ ඛො අඤ්ඤතරො පුරිසො යෙන සීහො සෙනාපති තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා සීහස්ස සෙනාපතිස්ස උපකණ්ණකෙ ආරොචෙසි: “යග්ඝෙ භන්තෙ, ජානෙය්යාසි? එතෙ සම්බහුලා නිගණ්ඨා වෙසාලියං රථියා රථියං සිඞ්ඝාටකෙන සිඞ්ඝාටකං බාහා පග්ගය්හ කන්දන්ති: අජ්ජ සීහෙන සෙනාපතිනා ථුල්ලං පසුං වධිත්වා සමණස්ස ගොතමස්ස භත්තං කතං. තං සමණො ගොතමො ජානං උද්දිස්සකටං මංසං පරිභුඤ්ජති පටිච්චකම්ම”’න්ති.
Sinhala BJT30. එවිට එක්තරා පුරුෂයෙක් සීහසේනාපතියා වෙතට ගියේ ය. ගොස් සීහසේනාපතියාට “ස්වාමිනී, දන්නෙහි ද? මේ බොහෝ නිගණ්ඨයෝ විශාලාමහනුවර වීථියෙන් වීථියට සතරමංසන්‍ධියෙන් සතරමංසන්‍ධියට පැමිණ ‘අද සීහසේනාපතියා විසින් තරබාරු සිවුපාවකු මරා ශ්‍රමණ ගෞතමයාහට බත් කරණ ලද්දේ ය. ශ්‍රමණ ගෞතම තෙමේ තමන් උදෙසා කළ තමන් නිමිති කොට ඇති ඒ මස් දැන ගෙණ වළඳා’ යි දෙඅත් ඔසොවා ගෙණ අඳෝනා කියත්” යි කණ ලඟ (කොඳුරා) දැන්වී ය.
Pali BJT31. “අලං අය්යො, දීඝරත්තම්පි තෙ ආයස්මන්තා අවණ්ණකාමා බුද්ධස්ස. අවණ්ණකාමා ධම්මස්ස. අවණ්ණකාමා සඞ්ඝස්ස. න ච පන තෙ ආයස්මන්තා ජිරින්ති{3} තං භගවන්තං අසතා තුච්ඡා මුසා අභූතෙන අබ්භාචික්ඛන්තා. න ච මයං ජීවිතහෙතූපි සඤ්චිච්ච පාණං ජීවිතා වොරොපෙය්යාමා”ති.
Sinhala BJT31. “පින්වත, කම් නැත. ඒ ආයුෂ්මත්හු බොහෝ කලක් ම බුදුන්ගේ අගුණ කියනු කැමැත්තෝ ය. ධර්‍මයෙහි අගුණ කියනු කැමැත්තෝ ය. සඞ්ඝයාගේ අගුණ කියනු කැමැත්තෝ ය. ඒ භාග්‍යවතුන් වහන්සේට නැත්තා වූ හිස් වූ බොරු වූ අවිද්‍යාමාන වූ කරුණකින් ගටා කියන්නා වූ ඒ ආයුෂ්මත්හු නො දිරත්, (චෝදනාවෙහි කෙළවරට නො පැමිණෙත්.) අපි ජීවිතහේතුවෙන් වත් දැන දැන ප්‍රාණයකු ජීවිතයෙන් තොර නො කරන්නෙමු.”
Pali BJT32. අථ ඛො සීහො සෙනාපති බුද්ධපමුඛං භික්ඛුසඞ්ඝං පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්ථා සන්තප්පෙත්වා සම්පවාරෙත්වා භගවන්තං භුත්තාවිං ඔනීතපත්තපාණිං එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො සීහං සෙනාපතිං භගවා ධම්මියා කථාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සමුත්තෙජෙත්වා සම්පහංසෙත්වා උට්ඨායාසනා පක්කාමි.
Sinhala BJT32. ඉක්බිති සීහසේනාපති තෙමේ බුද්ධප්‍රමුඛභික්‍ෂුසඞ්ඝයා ප්‍රණීත වූ කෑ යුතු දෙයින් බිදිය යුතු දෙයින් සියතින් සතප්පා පවරා, වළඳා අවසන් කළ පාත්‍රයෙන් බැහැරට ගත් අත් ඇති භාග්‍යවතුන් වහන්සේ වෙත පසෙක හුන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ පසෙක හුන් සීහසේනාපතියා දැහැමි කතාවෙන් කරුණු දක්වා සමාදන් කරවා තියුණු කරවා සතුටු කරවා හුනස්නෙන් නැගිට වැඩි සේක.
Pali BJT33. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “න භික්ඛවෙ, ජානං උද්දිස්සකටං මංසං පරිභුඤ්ජිතබ්බං. යො පරිභුඤ්ජෙය්ය ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ, තිකොටිපරිසුද්ධං මච්ඡමංසං: අදිට්ඨං අසුතං අපරිසඞ්කිත”න්ති.
Sinhala BJT33. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට භික්‍ෂූන් අමතා “මහණෙනි, දැන දැන තමන් උදෙසා කළ මස් නො වැළඳිය යුතු ය. යමෙක් වළඳන්නේ නම් දුකුළාඇවැත් වේ” යි වදාළ සේක. “මහණෙනි, තමන් විසින් නො දුටු, නො ඇසූ, සැක නො කළ, ත්‍රිකෝටිකපරිශුද්ධ මත්ස්‍යමාංස අනුදනිමි”.
Pali BJT34. තෙන ඛො පන සමයෙන වෙසාලී සුභික්ඛා හොති සුසස්සා{4} සුලභපිණ්ඩා. සුකරා උඤ්ඡෙන පග්ගහෙන යාපෙතුං.
Sinhala BJT34. එකල්හි විශාලාමහනුවර සුලභ වූ භික්‍ෂා ඇත්තේ යහපත් සස්‍ය ඇත්තේ සුව සේ ලැබිය හැකි ආහාර ඇත්තේ පාත්‍රය ගෙණ පිඬු සිඟා යෑමෙන් යැපීමට පහසු වූයේ වේ.
Pali BJT35. අථ ඛො භගවතො රහොගතස්ස පතිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: “යානි තානි මයා භික්ඛූනං අනුඤ්ඤාතානි දුබ්භික්ඛෙ දුස්සස්සෙ දුල්ලභපිණ්ඩෙ අන්තො වුත්ථං අන්තො පක්කං සාමං පක්කං, උග්ගහිතපටිග්ගහිතකං තතො නීහටං, පුරෙභත්තං පටිග්ගහිතං, වනට්ඨං, පොක්ඛරට්ඨං, අජ්ජාපි නු ඛො තානි භික්ඛූ පරිභුඤ්ජන්තී”ති.
Sinhala BJT35. ඉක්බිති රහෝගත වූ විවේකයට පැමිණ හුන් භාග්‍යවතුන් වහන්සේගේ සිතෙහි මෙබඳු කල්පනාවෙක් පහළ වි ය: “භික්‍ෂා නැති සස්‍ය නැති දුර්‍ලභ වූ පිඬු ඇති කාලයෙහි – ඇතුළත තබන ලද ඇතුළත පිසන ලද තමන් විසින් පිසන ලද්ද, පෙර පිළිගන්නා ලද නැවැත පිළිගත් දෙය, වැළඳූ තැනින් ගෙණෙන ලද්ද, පෙරවරුයෙහි පිළිගන්නා ලද්ද, වනයෙහි හටගත් දෙය. පියුම්ගසෙහි හටගත් දෙය යන යම් ඒ දෑ මා විසින් භික්‍ෂූන්ට අනුදන්නා ලද ද භික්‍ෂූහු ඒ දෑ අදත් පරිභෝග කෙරෙත්දැ” යි (කියායි).
Pali BJT36. අථ ඛො භගවා සායණ්හසමයං පතිසල්ලානා වුට්ඨිතො ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: “යානි තානි ආනන්ද, මයා භික්ඛූනං අනුඤ්ඤාතානි දුබ්භික්ඛෙ දුස්සස්සෙ දුල්ලභපිණ්ඩෙ අන්තො වුත්ථං අන්තො පක්කං සාමං පක්කං, උග්ගහිතපටිග්ගහිතකං, තතො නීහටං, පුරෙභත්තං පටිග්ගහිතං, වනට්ඨං පොක්ඛරට්ඨං, අජ්ජාපි නු ඛො තානි භික්ඛූ පරිභුඤ්ජන්තී”ති. “පරිභුඤ්ජන්ති භගවා”ති.
Sinhala BJT36. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් වේලෙහි විවේකයෙන් නැගී සිටි සේක් “ආනන්‍දය, භික්‍ෂා නැති සස්‍ය නැති පිඬු දුර්‍ලභ වූ කාලයෙහි ඇතුළත තබන ලද ඇතුළත පිසන ලද තමන් විසින් පිසන ලද දෙය, පෙර පිළිගන්නා ලද නැවැත පිළිගත් දෙය, වැළඳූ තැනින් ගෙණෙන ලද්ද, පෙරවරු පිළිගන්නා ලද්ද, වනයෙහි හටගත් දෙය පියුම්ගසෙහි හටගත් දෙය යන යම් ඒ දෑ මා විසින් භික්‍ෂූන්ට අනුදන්නා ලද ද භික්‍ෂූහු ඒ දෑ අදත් වළඳත් දැ” යි ආයුෂ්මත් අනඳ තෙරුන් විචාළ සේක. “භාග්‍යවතුන් වහන්ස, වළඳත්” යි අනඳ තෙරහු සැළකළහ.
Pali BJT37. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “යානි තානි භික්ඛවෙ, මයා භික්ඛූනං අනුඤ්ඤාතානි දුබ්භික්ඛෙ දුස්සස්සෙ දුල්ලභපිණ්ඩෙ අන්තො වුත්ථං අන්තො පක්කං සාමං පක්කං, උග්ගහිතපටිග්ගහිතකං, තතො නීහටං, පුරෙභත්තං පටිග්ගහිතං, වනට්ඨං පොක්ඛරට්ඨං, තානාහං අජ්ජතග්ගෙ පටික්ඛිපාමි. න භික්ඛවෙ, අන්තො වුත්ථං අන්තො පක්කං සාමං පක්කං උග්ගහිතපටිග්ගහිතකං පරිභුඤ්ජිතබ්බං. යො පරිභුඤ්ජෙය්ය, ආපත්ති දුක්කටස්ස. න ච භික්ඛවෙ, තතො නීහටං, පුරෙභත්තං පටිග්ගහිතං, වනට්ඨං, පොක්ඛරට්ඨං භුත්තාවිනා පවාරිතෙන අනතිරිත්තං පරිභුඤ්ජිතබ්බං. යො පරිභුඤ්ජෙය්ය, යථා ධම්මො කාරෙතබ්බො”ති.
Sinhala BJT37. අනතුරු ව භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට “මහණෙනි, භික්‍ෂා නැති සස්‍ය නැති දුර්‍ලභ වූ පිඬු ඇති කාලයෙහි – ඇතුළත තබන ලද ඇතුළත පිසන ලද තමන් විසින් පිසන ලද දෙය, පෙර පිළිගන්නා ලද නැවැත පිළිගත් දෙය, වැළඳූ තැනින් ගෙණෙන ලද්ද, පෙරවරුයෙහි පිළිගන්නා ලද්ද, වනයෙහි හටගත් දෙය, පියුම්ගසෙහි හටගත් දෙය යන යම් ඒ දෑ මා විසින් භික්‍ෂූන්ට අනුදන්නා ලද ද, මම අද පටන් ඒ දෑ ප්‍රතික්‍ෂේප කරමි. මහණෙනි, ඇතුළත තබන ලද ඇතුළත පිසන ලද තමන් විසින් පිසන ලද දෙය, පෙර පිළිගන්නා ලද නැවැත පිළිගත් දෙය, නො වැළඳිය යුතු ය. යමෙක් වළඳන්නේ නම්, දුකුළාඇවැත් වේ. මහණෙනි, වළඳා අවසන් කළ පවාරණය කළ මහණහු විසින් වැළඳූ තැනින් ගෙනෙණන ලද, පෙරවරුයෙහි පිළිගන්නා ලද, වනයෙහි හටගත් පියුම්ගසෙහි හටගත් අනතිරික්ත වූ, දෙය නො වැළඳිය යුතු ය. යමෙක් වළඳන්නේ නම්, ඇවැත් පරිදි කරවිය යුතු ය” යි.
Pali BJT38. තෙන ඛො පන සමයෙන ජානපදා මනුස්සා බහුං ලොණම්පි තෙලම්පි තණ්ඩුලම්පි ඛාදනීයම්පි සකටෙසු ආරොපෙත්වා බහාරාමකොට්ඨකෙ සකටපරිවත්තං කරිත්වා අච්ඡන්ති: “යදා පටිපාටිං ලභිස්සාම, තදා භත්තං කරිස්සාමා”ති. මහා ච මෙඝො උග්ගතො හොති.
Sinhala BJT38. එකල්හි දනවුවැසි මිනිස්සු බොහෝ ලුණු ද තෙල් ද සහල් ද කෑ යුතු දෑ ද ගැල්වල පටවා ගෙණ අරම්කොටුවෙන් පිටත ගැල්වට තබා “යම් විටෙක පිළිවෙළ වාරය ලබන්නෙමු ද එවිට බත් පිළියෙල කරන්නෙමු” යි බලා සිටිත්. මහාමේඝයෙක් ද නැගුනේ වෙයි.
Pali BJT39. අථ ඛො තෙ මනුස්සා යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා ආයස්මන්තං ආනන්දං එතදවොචුං: “ඉධ භන්තෙ ආනන්ද, බහුං ලොණම්පි තෙලම්පි තණ්ඩුලම්පි ඛාදනීයම්පි සකටෙසු ආරොපිතා{1} තිට්ඨන්ති, මහා ච මෙඝො උග්ගතො. කථන්නුඛො භන්තෙ ආනන්ද,{2} පටිපජ්ජිතබ්බ”න්ති.
Sinhala BJT39. ඉක්බිති ඒ මිනිස්සු ආයුෂ්මත් අනඳ තෙරුන් වෙතට ගියහ. ගොස් “ස්වාමිනී, ආනන්‍දස්ථවිරයන් වහන්ස, මෙහි බොහෝ ලුණු ද තෙල් ද සහල් ද කෑ යුතු දෑ ද ගැල්වල පටවා තිබේ. මහා මේඝයෙක් ද නැංගේ ය. ස්වාමිනී, ආනන්‍දස්ථවිරයන් වහන්ස, කුමක් කළ යුතු දැ” යි ආයුෂ්මත් අනඳ තෙරුන් විචාළහ.
Pali BJT40. අථ ඛො ආයස්මා ආනන්දො භගවතො එතමත්ථං ආරොචෙසි. “තෙනහානන්ද, සඞ්ඝො පච්චන්තිමං විහාරං කප්පියභූමිං සම්මන්නිත්වා තත්ථ වාසෙතු, යං සඞ්ඝො ආකඞ්ඛති විහාරං වා අඩ්ඪයොගං වා පාසාදං වා හම්මියං වා ගුහං වා. එවඤ්ච පන භික්ඛවෙ, සම්මන්නිතබ්බො{3} - ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො: “සුණාතු මෙ භන්තෙ, සඞ්ඝො. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො ඉත්ථන්නාමං විහාරං කප්පියභූමිං සම්මන්නෙය්ය, එසා ඤත්ති. “සුණාතු මෙ භන්තෙ, සඞ්ඝො. සඞ්ඝො ඉත්ථන්නාමං විහාරං කප්පියභූමිං සම්මන්නති. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස විහාරස්ස කප්පියභූමියා සම්මුති, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය. සම්මතො සඞ්ඝෙන ඉත්ථන්නාමො විහාරො කප්පියභූමි. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී, එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJT40. එවිට ආයුෂ්මත් ආනන්‍දස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “ආනන්‍දය, එසේ නම් සඞ්ඝ තෙමේ යම් වෙහෙරක් හෝ අඩපියසි ඇති ගෙයක් හෝ පහයක් හෝ සඳලු සහිත ගෙයක් හෝ ගුහාවක් හෝ යන යම් තැනක් කැපබිමක් කිරීමට කැමැති වේ ද, එබඳු පසු පසෙක පිහිටි විහාරයක් කැපබිම සේ සම්මත කොට එහි තැන්පත් කෙරේවා. මහණෙනි, මෙසේ සම්මත කළ යුතු ය: ව්‍යක්ත වූ ප්‍රතිබල භික්‍ෂුනමක් විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ ය: “ස්වාමිනී, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම්, සඞ්ඝ තෙමේ මෙනම් විහාරය කැපබිම කොට සම්මත කරන්නේ ය. මේ දැන්වීම ය. ස්වාමිනී, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා, සඞ්ඝ තෙමේ මෙනම් විහාරය කැප බිම කොට සම්මත කරයි. යම් ආයුෂ්මතකුහට මෙනම් විහාරය කැපබිමක් කොට සම්මත කිරීම රුචි වේ නම්, හෙ තෙමේ නිශ්ශබ්ද වේවා. යමකුහට රුචි නො වේ නම්, හෙ තෙමේ කියාවා. සඞ්ඝ තෙමේ මෙනම් විහාරය කැපබිම කොට සම්මත කරණ ලද්දේ ය. සඞ්ඝයාට (එය) රුචි වේ. එහෙයින් නිශ්ශබ්ද වේ. මෙය මෙසේ දරමි” යි.
Pali BJT41. තෙන ඛො පන සමයෙන මනුස්සා තත්ථෙව සම්මුතියා{1} කප්පියභූමියා යාගුයො පචන්ති. භත්තානි පචන්ති. සූපානි සම්පාදෙන්ති. මංසානි කොට්ටෙන්ති. කට්ඨානි ඵාලෙන්ති.
Sinhala BJT41. එකල්හි මිනිස්සු එහි ම – සම්මත කරණ ලද කැපබිමෙහි කැඳ පිසත්. බත් පිසත්. ව්‍යඤ්ජන සපයත්. මස් කපත්. දර පළත්.
Pali BJT42. අස්සොසි ඛො භගවා රත්තියා පච්චූසසමයං පච්චුට්ඨාය උච්චාසද්දං මහාසද්දං කාකොරවසද්දං. සුත්වාන ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: “කින්නු ඛො සො ආනන්ද, උච්චාසද්දො මහාසද්දො කාකොරවසද්දො”?ති. “එතරහි භන්තෙ, මනුස්සා තත්ථෙව සම්මුතියා කප්පියභූමියා යාගුයො පචන්ති. භත්තානි පචන්ති. සූපානි සම්පාදෙන්ති. මංසානි කොට්ටෙන්ති. කට්ඨානි ඵාලෙන්ති. සො එසො භගවා, උච්චාසද්දො මහාසද්දො කාකොරවසද්දො”ති.
Sinhala BJT42. භාග්‍යවතුන් වහන්සේ රෑ අලුයම්හි නැගී සිට උස්හඬ මහහඬ කවුඩුහඬ ඇසූ සේක. අසා “ආනන්‍දය, ඒ උස්හඬ මහහඬ කවුඩුහඬ කිමැ” යි ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් විචාළ සේක. “ස්වාමිනී, මිනිස්සු දැන් සම්මත භූමියෙහි ම කැඳ පිසත්. බත් පිසත්. ව්‍යඤ්ජන සපයත්. මස් කපත්. දර පළත්. භාග්‍යවතුන් වහන්ස, මේ ඒ උස්හඬ මහහඬ කවුඩුහඬ ය”.
Pali BJT43. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “න භික්ඛවෙ, සම්මුතිකප්පියභූමි පරිභුඤ්ජිතබ්බා. යො පරිභුඤ්ජෙය්ය, ආපත්ති දුක්කටස්ස. “අනුජානාමි භික්ඛවෙ, තිස්සො කප්පියභූමියො: උස්සාවනන්තිකං ගොනිසාදිකං ගහපති”න්ති.
Sinhala BJT43. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට භික්‍ෂූන් ඇමතූ සේක. “මහණෙනි, සම්මත කළ කැපබිම පරිභෝග නො කට යුතු ය. යමෙක් පරිභෝග කරන්නේ නම්, දුකුළාඇවැත් වේ. මහණෙනි, උස්සාවනන්තිකා කිළිය, ගො නිසාදි කිළිය, ගහපති කිළිය යි කැපබිම් තුණක් අනුදනිමි”.
Pali BJT44. තෙන ඛො පන සමයෙන ආයස්මා යසොජො ගිලානො හොති. තස්සත්ථාය භෙසජ්ජානි ආහරියන්ති. තානි භික්ඛූ බහි වාසෙන්ති. උක්කපිණ්ඩිකාපි ඛාදන්ති, චොරාපි හරන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි, භික්ඛවෙ, සම්මුතිං කප්පියභූමිං පරිභුඤ්ජිතුං. අනුජානාමි භික්ඛවෙ, චතස්සො කප්පියභූමියො: උස්සාවනන්තිකං ගොනිසාදිකං ගහපතිං සම්මුති”න්ති.
Sinhala BJT44. එකල්හි ආයුෂ්මත් යසොජ ස්ථවිර තෙමේ ගිලන් වේ. උන්වහන්සේ පිණිස බෙහෙත් ගෙණෙනු ලැබේ. භික්‍ෂූහු ඒ බෙහෙත් බැහැර තබවත්. බළල් මී ආදී සත්තු ද කත්. සොරු ද ගෙණ යත්. භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැළකළහ. “මහණෙනි, සම්මත කළ කැපබිම පරිභෝග කරන්නට අනුදනිමි. මහණෙනි, උස්සාවනන්තිකා ගො නිසාදිකා ගහපති සම්මුති යි කැපබිම් සතරක් අනුදනිමි”.{*}
Pali BJTසීහභාණවාරො චතුත්ථො.
Sinhala BJTසීහබණවර සිවුවැනි වේ.
Pali BJT1. තෙන ඛො පන සමයෙන භද්දියනගරෙ මෙණ්ඩකො ගහපති පටිවසති. තස්ස එවරූපො ඉද්ධානුභාවො හොති: සීසං නහායිත්වා ධඤ්ඤාගාරං සම්මජ්ජාපෙත්වා පද්වාරෙ{1} නිසීදති. අන්තළික්ඛා ධඤ්ඤස්ස ධාරා ඔපතිත්වා ධඤ්ඤාගාරං පූරෙති.
Sinhala BJT1. එකල්හි භද්දිය නගරයෙහි මෙණ්ඩක නම් (සිටු) ගැහැවියෙක් වෙසෙයි. ඒ සිටුහුගේ මෙබඳු ඍද්ධ්‍යනුභාවයෙක් වේ: ඉස් සෝධා නා කොටුගෙය හමදවා ප්‍රාග්ද්වාරයෙහි (අක් දෙරියෙහි – ගෘහය අභිමුඛයෙහි) හිඳියි. අහසින් ධාන්‍යධාරා (=රත්හැල් වී කඳු) වැටී කොටුගෙය පුරවයි.
Pali BJT2. භරියාය එවරූපො ඉද්ධානුභාවො හොති: එකඤ්ඤෙව ආළ්හකථාලිකං උපනිසීදිත්වා එකඤ්ච සූපභිඤ්ජරකං{2} දාසකම්මකරපොරිසං භත්තෙන පරිවිසති. න තාව තං ඛීයති{3}, යාව සා න වුට්ඨාති.
Sinhala BJT2. බිරින්දගේ මෙබඳු ඍද්ධ්‍යනුභාවයෙක් වේ: සිවු නැළියක් ගන්නා එක ම බත්තලියක් හා එක ම ව්‍යඤ්ජන ඇතිලියක් ලඟ හිඳගෙණ දස්කම්කරු පිරිසට බත් වළඳවයි. ඕ තොමෝ යම් තාක් (එතැනින්) නො නැගිටී ද, ඒ තාක් එය හිස් නො වේ.
Pali BJT3. පුත්තස්ස එවරූපො ඉද්ධානුභාවො හොති: එකංයෙව සහස්සත්ථවිකං ගහෙත්වා දාසකම්මකරපොරිසස්ස ඡම්මාසිකං{4} වෙතනං දෙති. න තාව තං ඛීයති, යාවස්ස හත්ථගතා.
Sinhala BJT3. පුත්‍රයාගේ මෙබඳු ඍද්ධ්‍යනුභාවයෙක් වේ: දහසින් බැඳි එක ම පියල්ලක් ගෙණ දස්කම්කරු පුරුෂයන්ට සමසක වැටුප් දෙයි. යම් තාක් (ඒ පසුම්බිය) ඔහුගේ අතෙහි වේ ද, ඒ තාක් එය හිස් නො වේ.
Pali BJT4. සුණිසාය එවරූපො ඉද්ධානුභාවො හොති: එකඤ්ඤෙව චතුදොණිකං පිටකං උපනිසීදිත්වා දාසකම්මකරපොරිසස්ස ඡම්මාසිකං බීජභත්තං{5} දෙති. න තාව තං ඛීයති, යාව සා න වුට්ඨාති.
Sinhala BJT4. යෙහෙළියගේ මෙබඳු ඍද්ධ්‍යනුභාවයෙක් වේ: ද්‍රෝණ (ලාස්) සතරක් ගන්නා එක ම වී පැස ලඟ හිඳ දස්කම්කරු පුරුෂයන්ට සමසක බත් බිජුවට (= වී) දෙයි. යම් තාක් ඕ තොමෝ (එතැනින්) නො නැගිටී ද, ඒ තාක් එය හිස් නො වේ.
Pali BJT5. දාසස්ස එවරූපො ඉද්ධානුභාවො හොති: එකෙන නඞ්ගලෙන කසන්තස්ස සත්ත සීතායො ගච්ඡන්ති.
Sinhala BJT5. දාසයාගේ මෙබඳු ඍද්ධ්‍යනුභාවයෙක් වේ: එක් නඟුලකින් සාන්නහුට හීවිටි (නඟුල්පාර) සතක් (සෑවී) යෙයි.
Pali BJT6. අස්සොසි ඛො රාජා මාගධො සෙනියො බිම්බිසාරො “අම්හාකං කිර විජිතෙ භද්දියනගරෙ මෙණ්ඩකො ගහපති පටිවසති. තස්ස එවරූපො ඉද්ධානුභාවො: සීසං නහායිත්වා ධඤ්ඤාගාරං සම්මජ්ජාපෙත්වා පද්වාරෙ නිසීදති, අන්තළික්ඛා ධඤ්ඤස්ස ධාරා ඔපතිත්වා ධඤ්ඤාගාරං පූරෙති. භරියාය එවරූපො ඉද්ධානුභාවො: එකංයෙව ආළ්හකථාලිකං උපනිසීදිත්වා එකඤ්ච සූපභිඤ්ජරකං දාසකම්මකරපොරිසං භත්තෙන පරිවිසති. න තාව තං ඛීයති, යාව සා න වුට්ඨාති. පුත්තස්ස එවරූපො ඉද්ධානුභාවො: එකංයෙව සහස්සත්ථවිකං ගහෙත්වා දාසකම්මකරපොරිසස්ස ඡම්මාසිකං වෙතනං දෙති. න තාව තං ඛීයති, යාවස්ස හත්ථගතා. සුණිසාය එවරූපො ඉද්ධානුභාවො: එකංයෙව චතුදොණිකං පිටකං උපනිසීදිත්වා දාසකම්මකරපොරිසස්ස ඡම්මාසිකං බීජභත්තං දෙති. න තාව තං ඛීයති, යාව සා න වුට්ඨාති. දාසස්ස එවරූපො ඉද්ධානුභාවො: එකෙන නඞ්ගලෙන කසන්තස්ස සත්ත සීතායො ගච්ඡන්තී”ති.
Sinhala BJT6. මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජ තෙමේ – “අපගේ රටෙහි භද්දියනගරයෙහි මෙණ්ඩක නම් ගැහැවියෙක් වෙසේ. ඔහුගේ මෙබඳු ඍද්ධ්‍යනුභාවයෙක් වේ: හිස් සෝදා නහා කොටුගෙය හමදවා ඉදිරිදෙරටුවෙහි හිඳියි. අහසින් වී ධාරා වැටී කොටුගෙය පුරවයි. බිරින්දගේ මෙබඳු ‘ඍද්ධ්‍යනුභාවයෙක් වේ: සිවු නැළියක් ගන්නා එක ම බත්තලියක් හා එක ම ව්‍යඤ්ජනඇතිලියක් ලඟ හිඳ ගෙණ දස්කම්කරුපිරිසට බත් වළඳවයි. යම් තාක් ඕ තොමෝ නො නැගිටි ද, ඒ තාක් එය හිස් නො වේ. පුත්‍රයාගේ මෙබඳු ඍද්ධ්‍යනුභාවයෙක් වේ. දහසින් බැඳි එක ම පියල්ලක් ගෙණ දස්කම්කරු පුරුෂයන්ට සමසක වැටුප් දෙයි. යම් තාක් (ඒ පසුම්බිය) ඔහුගේ අතෙහි වේ ද, ඒ තාක් එය හිස් නො වේ’. ලේළියගේ මෙබඳු ඍද්ධ්‍යනුභාවයෙක් වේ. සතර ද්‍රෝණයක් ගන්නා එක ම පෙට්ටියක් ලඟ හිඳ දස්කම්කරු පුරුෂයන්ට සමසක බත් බිජුවට දෙයි. යම් තාක් ඕ තොමෝ නො නැගිටී ද, ඒ තාක් එය හිස් නො වේ. දාසයාගේ මෙබඳු ඍද්ධ්‍යනුභාවයෙක් වේ. එක් නඟුලකින් සාන්නහුට හීවිටි සතක් (සෑවී) යේ ය” යි ඇසී ය.
Pali BJT7. අථ ඛො රාජා මාගධො සෙනියො බිම්බිසාරො අඤ්ඤතරං සබ්බත්ථකං මහාමත්තං ආමන්තෙසි: “අම්හාකං කිර භණෙ, විජිතෙ භද්දියනගරෙ මෙණ්ඩකො ගහපති පටිවසති. තස්ස එවරූපො ඉද්ධානුභාවො: සීසං නහායිත්වා ධඤ්ඤාගාරං සම්මජ්ජාපෙත්වා පද්වාරෙ නිසීදති. අන්තළික්ඛා ධඤ්ඤස්ස ධාරා ඔපතිත්වා ධඤ්ඤාගාරං පූරෙති. භරියාය -පෙ- පුත්තස්ස -පෙ- සුණිසාය -පෙ- දාසස්ස එවරූපො ඉද්ධානුභාවො: එකෙන නඞ්ගලෙන කසන්තස්ස සත්ත සීතායො ගච්ඡන්තීති. ගච්ඡ භණෙ, ජානාහි. යථා මයා සාමං දිට්ඨො, එවං තව දිට්ඨො භවිස්සතී”ති.
Sinhala BJT7. ඉක්බිති මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජ තෙමේ සියලු කටයුතුවල යෙදෙන එක්තරා මහඇමැතියකු ඇමතූසේ ය: “සගය, අපගේ රටෙහි භද්දියනගරයෙහි මෙණ්ඩක නම් ගැහැවියෙක් වෙසෙයි. ඔහුගේ මෙබඳු ඍද්ධ්‍යනුභාවයෙක් වේ. හිස සෝධා නා කොටුගෙය හමදවා අගදොරකඩ හිඳියි. අහසින් ධාන්‍යධාරා වැටී කොටුගෙය පුරවයි. බිරින්දගේ –පෙ– පුත්‍රයාගේ –පෙ– යේළනියන්ගේ –පෙ– දාසයාගේ මෙබඳු ඍද්ධ්‍යනුභාවයෙක් වේ. එක් නඟුලකින් සාන්නහුට හීවිටි සතක් යෙ යි. සගය, යව. දනුව, තා විසින් දක්නා ලද්ද මා විසින් ම දක්නා ලද්දක් මෙන් වන්නේ ය.
Pali BJT8. “එවං දෙවා”ති ඛො සො මහාමත්තො රඤ්ඤො මාගධස්ස සෙනියස්ස බිම්බිසාරස්ස පටිස්සුත්වා චතුරඞ්ගිනියා සෙනාය යෙන භද්දියං තෙන පායාසි. අනුපුබ්බෙන යෙන භද්දියං යෙන මෙණ්ඩකො ගහපති තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා මෙණ්ඩකං ගහපතිං එතදවොච: “අහං හි ගහපති, රඤ්ඤා ආණත්තො ‘අම්හාකං කිර භණෙ, විජිතෙ භද්දිය නගරෙ මෙණ්ඩකො ගහපති පටිවසති. තස්ස එවරූපො ඉද්ධානුභාවො: සීසං නහායිත්වා ධඤ්ඤාගාරං සම්මජ්ජාපෙත්වා පද්වාරෙ නිසීදති. අන්තළික්ඛා ධඤ්ඤස්ස ධාරා ඔපතිත්වා ධඤ්ඤාගාරං පූරෙති. -පෙ- දාසස්ස එවරූපො ඉද්ධානුභාවො: එකෙන නඞ්ගලෙන කසන්තස්ස සත්ත සීතායො ගච්ඡන්තී.’ ගච්ඡ භණෙ, ජානාහි. යථා මයා සාමං දිට්ඨො, එවං තව දිට්ඨො භවිස්සතී’ති. පස්සාම තෙ ගහපති, ඉද්ධානුභාව”න්ති.
Sinhala BJT8. ඒ මහාමාතා තෙමේ “දේවයන් වහන්ස, එසේ ය” යි මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජුහට පිළිවදන් දී සිවුරඟසෙනගින් යුක්ත ව භද්දිය නගරයට ගියේ ය. පිළිවෙළින් (ගොස්) භද්දියනුවර මෙණ්ඩක ගැහැවියා වෙතට පැමිණියේ ය. පැමිණ මෙණ්ඩක ගැහැවියාහට මෙය කී ය: “ගැහැවිය, මම – අපගේ රටෙහි භද්දියනගරයෙහි මෙණ්ඩක නම් ගැහැවියෙක් වෙසෙයි. ඔහුගේ මෙබඳු ඍද්ධ්‍යනුභාවයෙක් වේ: හිස සෝදා නා කොටුගෙය හමදවා ඉදිරිදොර හිඳියි. අහසින් ධාන්‍ය ධාරා වැටී කොටුගෙය පුරවයි. –පෙ– දාසයාගේ මෙබඳු ඍද්ධ්‍යනුභාවයෙක් වේ. එක් නඟුලකින් සාන්නහුට හීවිටි සතක් යේ ය’ යි. සගය, යව, දනුව, තා විසින් දක්නා ලද්ද මා විසින් ම දක්නා ලද්දක් මෙන් වන්නේ ය යි රජු විසින් අණවන ලද්දෙම් වෙමි. ගෘහපතිය, තාගේ ඍද්ධ්‍යනුභාවය බලන්නෙමු.”
Pali BJT9. අථ ඛො මෙණ්ඩකො ගහපති සීසං නහායිත්වා ධඤ්ඤාගාරං සම්මජ්ජාපෙත්වා පද්වාරෙ නිසීදි. අන්තළික්ඛා ධඤ්ඤස්ස ධාරා ඔපතිත්වා ධඤ්ඤාගාරං පූරෙසි.
Sinhala BJT9. ඉක්බිති මෙණ්ඩක ගැහැවි තෙමේ හිස සෝදා නා කොටුගෙය හමදවා ඉදිරි දොරටුවෙහි හුන්නේ ය. අහසින් ධාන්‍යධාරා වැටී කොටුගෙය පිරවී ය.
Pali BJT10. “දිට්ඨො තෙ ගහපති, ඉද්ධානුභාවො. භරියාය තෙ ඉද්ධානුභාවං පස්සිස්සාමා”ති{1}. අථ ඛො මෙණ්ඩකො ගහපති භරියං ආණාපෙසි: “තෙන හි චතුරඞ්ගිනිං සෙනං භත්තෙන පරිවිසා”ති. අථ ඛො මෙණ්ඩකස්ස ගහපතිස්ස භරියා එක යෙව ආළ්හකථාලිකං උපනිසීදිත්වා එකඤ්ච සූපභිඤ්ජරකං චතුරඞ්ගිනිං සෙනං භත්තෙන පරිවිසි. න තාව තං ඛීයි.{2} යාව සා න වුට්ඨාසි.{3}
Sinhala BJT10. “ගැහැවිය, තාගේ ඍද්ධ්‍යනුභාවය දක්නා ලද්දේ ය. තාගේ බිරින්දගේ ඍද්ධ්‍යනුභාවය බලන්නෙමු”. ඉක්බිති මෙණ්ඩක ගැහැවි තෙමේ “එසේ නම් සිවුරඟසෙනඟට බත් කව” යි බිරින්දට අණ කෙළේ ය. එවිට මෙණ්ඩක ගැහැවිහුගේ බිරින්ද සතර නැළියක් ගන්නා එක ම බත් තලියක් ලඟ හිඳ එක ම ව්‍යඤජනඇතිලියක් ගෙණ සිවුරඟසෙනඟට බත් කැවී ය. යම් තාක් ඕ තොමෝ නො නැගී සිටියා ද, ඒ තාක් එය හිස් නො වී ය.
Pali BJT11. “දිට්ඨො තෙ ගහපති, භරියායපි ඉද්ධානුභාවො. පුත්තස්ස තෙ ඉද්ධානුභාවං පස්සාමා”ති. අථ ඛො මෙණ්ඩකො ගහපති පුත්තං ආණාපෙසි: “තෙන හි චතුරඞ්ගිනියා සෙනාය ඡම්මාසිකං වෙතනං දෙහී”ති . අථ ඛො මෙණ්ඩකස්ස ගහපතිස්ස පුත්තො එකංයෙව සහස්සත්ථවිකං ගහෙත්වා චතුරඞ්ගිනියා සෙනාය ඡම්මාසිකං වෙතනං අදාසි. න තාව තං ඛීයි, යාවස්ස හත්ථගතා.
Sinhala BJT11. “ගැහැවිය, තාගේ බිරින්දගේ ඍද්ධ්‍යනුභාවය දක්නා ලද්දේ ය. තාගේ පුත්‍රයාගේ ඍද්ධ්‍යනුභාවය බලන්නෙමු” යි. එවිට මෙණ්ඩක ගැහැවි තෙමේ “එසේ නම් සිවුරඟසෙනඟට සමසක වැටුප් දෙව” යි පුත්‍රයාට අණ කෙළේ ය. ඉක්බිති මෙණ්ඩක ගැහැවිහුගේ පුත්‍ර තෙමේ දහසින් බැඳි එක ම පියල්ලක් ගෙණ සිවුරඟසෙනඟට සමසක වැටුප් දුන්නේ ය. යම් තාක් ඒ පසුම්බිය ඔහුගේ අතෙහි වී ද, ඒ තාක් එය හිස් නො වී ය.
Pali BJT12. “දිට්ඨො තෙ, ගහපති, පුත්තස්සපි ඉද්ධානුභාවො. සුණිසාය තෙ ඉද්ධානුභාවං පස්සාමා”ති. අථ ඛො මෙණ්ඩකො ගහපති සුණිසං ආණාපෙසි: “තෙන හි චතුරඞ්ගිනියා සෙනාය ඡම්මාසිකං බීජභත්තං දෙහී”ති. අථ ඛො මෙණ්ඩකස්ස ගහපතිස්ස සුණිසා එකංයෙව චතුදොණිකං පිටකං උපනිසීදිත්වා චතුරඞ්ගිනියා සෙනාය ඡම්මාසිකං බීජභත්තං අදාසි. න තාව තං ඛීයී, යාව සා න වුට්ඨාසි.
Sinhala BJT12. “ගැහැවිය, තාගේ පුත්‍රයාගේ ඍද්ධ්‍යනුභාවය දක්නා ලද්දේ ය. තාගේ යෙහෙළියගේ ඍද්ධ්‍යනුභාවය බලන්නෙමු” යි. එවිට මෙණ්ඩක ගැහැවි තෙමේ “එසේ නම් සිවුරඟසෙනඟට සමසක බත්බිජු දෙව” යි යෙහෙළියට අණ කෙළේ ය. ඉක්බිති මෙණ්ඩක ගැහැවිහුගේ යෙහෙළි තොමෝ ද්‍රෝණසතරක් ගන්නා එක ම වී පෙට්ටියක් ලඟ හිඳ සිවුරඟසෙනඟට සමසක බත්බිජු දුන්නී ය. යම් තාක් ඕ තොමෝ නො නැගී සිටියා ද, ඒ තාක් එය අවසන් නො වී ය.
Pali BJT13. “දිට්ඨො තෙ ගහපති, සුණිසායපි ඉද්ධානුභාවො. දාසස්ස තෙ ඉද්ධානුභාවං පස්සාමා”ති. “මය්හං ඛො සාමි, දාසස්ස ඉද්ධානුභාවො ඛෙත්තෙ පස්සිතබ්බො”ති. “අලං ගහපති, දිට්ඨො තෙ දාසස්සපි ඉද්ධානුභාවො”ති.
Sinhala BJT13. “ගැහැවිය, තාගේ යෙහෙළියගේ ඍද්ධ්‍යනුභාවය දක්නා ලද්දේ ය. තාගේ දාසයාගේ ඍද්ධානුභාවය බලන්නෙමු” යි. “හිමියෙනි, මාගේ දාසයාගේ ඍද්ධ්‍යනුභාවය කෙතෙහි දී දැක්ක යුතු ය”. “ගැහැවිය, කම් නැත. තාගේ දාසයාගේ ඍද්ධ්‍යනුභාවය ද දක්නා ලද්දේ ය”.
Pali BJT14. අථ ඛො සො මහාමත්තො චතුරඞ්ගිනියා සෙනාය පුනදෙව රාජගහං පච්චාගඤ්ඡි. යෙන රාජා මාගධො සෙනියො බිම්බිසාරො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා රඤ්ඤො මාගධස්ස සෙනියස්ස බිම්බිසාරස්ස එතමත්ථං ආරොචෙසි.
Sinhala BJT14. ඉක්බිති ඒ මහාමාත්‍ය තෙමේ සිවුරඟසෙනනනඟින් යුක්ත ව නැවැත රජගහනුවරට පෙරළා ගියේ ය. (එහි) මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජු වෙතට එළඹියේ ය. එළඹ මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජුට මෙ පවත් දැන්වී ය.
Pali BJT15. අථ ඛො භගවා වෙසාලියං යථාභිරන්තං විහරිත්වා යෙන භද්දියං තෙන චාරිකං පක්කාමි මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං අඩ්ඪතෙළසෙහි භික්ඛුසතෙහි.
Sinhala BJT15. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ විශාලාමහානගරයෙහි කැමැති තාක් කල් වාසය කොට එක්දහස්දෙසියපණසක් වූ මහාභික්‍ෂුසඞ්ඝයා සමග භද්දියනුවර බලා චාරිකාවෙහි වැඩි සේක.
Pali BJT16. අථ ඛො භගවා අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන භද්දියං තදවසරි. තත්රසුදං භගවා භද්දියෙ විහරති ජාතියාවනෙ.
Sinhala BJT16. එකල භාග්‍යවතුන් වහන්සේ පිළිවෙළින් චාරිකාවෙහි වඩිනා සේක් භද්දියනගරයට පැමිණියහ. භාග්‍යවතුන් වහන්සේ එහි භද්දිය නගරයෙහි ජාතියාවනයෙහි (සමන්මල් වනයෙහි) වැඩ වාසය කරණ සේක.
Pali BJT17. අස්සොසි ඛො මෙණ්ඩකො ගහපති “සමණො ඛලු භො ගොතමො සක්යපුත්තො සක්යකුලා පබ්බජිතො භද්දියං අනුප්පත්තො භද්දියෙ විහරති ජාතියාවනෙ. තං ඛො පන භගවන්තං ගොතමං එවං කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො: ‘ඉතිපි සො භගවා අරහං, සම්මාසම්බුද්ධො, විජ්ජාචරණසම්පන්නො, සුගතො, ලොකවිදූ, අනුත්තරො පුරිසදම්මසාරථි, සත්ථා දෙවමනුස්සානං බුද්ධො, භගවා.{1} සො ඉමං ලොකං සදෙවකං සමාරකං සබ්රහ්මකං සස්සමණබ්රාහ්මණිං පජං සදෙවමනුස්සං, සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති. සො ධම්මං දෙසෙති ආදිකල්යාණං මජ්ඣෙ කල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සබ්යඤ්ජනං. කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙති. සාධු ඛො පන තථාරූපානං අරහතං දස්සනං හොතී”ති.
Sinhala BJT17. මෙණ්ඩක ගැහැවි තෙමේ “ශාක්‍යපුත්‍ර වූ ශාක්‍යකුලයෙන් පැවිදි වූ ශ්‍රමණ භවත් ගෞතම තෙමේ භද්දියනගරයට පැමිණියේ භද්දියනගරයෙහි ජාතියා වනයෙහි වාසය කෙරේ. ඒ භාග්‍යවත් ගෞතමයන් වහන්සේගේ කල්‍යාණ වූ කීර්තිඝෝෂයෙක් පැන නැංගේ ය. ඒ භාග්‍යවතුන් වහන්සේ ‘මේ මේ කරුණෙන් රහත් සේක. මේ මේ කරුණෙන් සම්‍යක් සම්බුද්ධ සේක. මේ මේ කරුණෙන් අෂ්ටවිද්‍යාවෙන් හා පසළොස්චරණධර්‍මයෙන් යුක්ත සේක. මේ මේ කරුණෙන් සුගත් සේක. මේ මේ කරුණෙන් ලෝකවිදූ සේක. මේ මේ කරුණෙන් පුරුෂයන් දමනය කිරීමෙහි නිරුත්තර වූ සාරථි සේක. මේ මේ කරුණෙන් දෙව්මිනිසුන්ට ශාස්තෘ සේක. මේ මේ කරුණෙන් බුද්ධ සේක. මේ මේ කරුණෙන් භාග්‍යවත් සේක. උන්වහන්සේ දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ මේ අවකාශලෝකය ද, මහණ බමුණන් සහිත වූ දෙව් මිනිසුන් සහිත වූ සත්ත්‍වලෝකය ද තමන්වහන්සේ ම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කරණ සේක. උන්වහන්සේ මුල මැද අග යහපත් වූ අර්‍ත්‍ථසම්පත්තියෙන් යුක්ත වූ පදසම්පත්තියෙන් යුක්ත වූ දහම් දෙසන සේක. සර්‍වප්‍රකාරයෙන් සම්පූර්‍ණ වූ පිරිසිදු වූ ශාසනමාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කරණ සේක’. එබඳු වූ රහතුන්ගේ දැකීම යහපත් වේ” ය යි ඇසී ය.
Pali BJT18. අථ ඛො මෙණ්ඩකො ගහපති භද්රානි භද්රානි යානානි යොජාපෙත්වා භද්රං භද්රං යානං අභිරූහිත්වා භද්රෙහි භද්රෙහි යානෙහි භද්දියා නීය්යාසි භගවන්තං දස්සනාය.
Sinhala BJT18. ඉක්බිති මෙණ්ඩක ගැහැවි තෙමේ හොඳ හොඳ යානයන් යොදවා හොඳ යානයකට නැගී හොඳ හොඳ යානයන්ගෙන් යුක්ත ව භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස භද්දියනුවරින් පිටත් ව ගියේ ය.
Pali BJT19. අද්දසංසු ඛො සම්බහුලා තිත්ථියා මෙණ්ඩකං ගහපතිං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන මෙණ්ඩකං ගහපතිං එතදවොචුං: කහං ත්වං ගහපති, ගච්ඡසී”ති. “ගච්ඡාමහං භන්තෙ, භගවන්තං සමණං ගොතමං{2} දස්සනායා”ති. “කිං පන ත්වං ගහපති, කිරියවාදො සමානො අකිරියවාදං සමණං ගොතමං දස්සනාය උපසඞ්කමිස්සසි? සමණො හි ගහපති, ගොතමො අකිරියවාදො අකිරියාය ධම්මං දෙසෙති. තෙන ච සාවකෙ විනෙතී”ති.
Sinhala BJT19. බොහෝ තීර්‍ත්‍ථකයෝ එන්නා වූ මෙණ්ඩක ගැහැවියා දුර දී ම දුටුවාහු ය. දැක මෙණ්ඩක ගැහැවියාට “ගැහැවිය, තෝ කොහි යෙහි දැ” යි කීහ. ස්වාමිනී, මම භාග්‍යවත් ශ්‍රමණගෞතමයන් දැකීමට යමි”. “ගැහැවිය, තෝ ක්‍රියාවාදී වෙහි. කුමක් හෙයින් අක්‍රියාවාදී ශ්‍රමණ ගෞතමයා දැකීමට යෙහි ද? ගැහැවිය, ශ්‍රමණගෞතම තෙමේ අක්‍රියාවාදී වූයේ නො කිරීම පිණිස දහම් දෙසයි. එයින් ම ශ්‍රාවකයන් හික්මවයි”.
Pali BJT20. අථ ඛො මෙණ්ඩකස්ස ගහපතිස්ස එතදහොසි: “නිස්සංසයං, ඛො සො භගවා අරහං සම්මා සම්බුද්ධො භවිස්සති, යථාපිමෙ{3} තිත්ථියා උසූයන්තී”ති. යාවතිකා යානස්ස භූමි යානෙන ගන්ත්වා යානා පච්චොරොහිත්වා පත්තිකොව යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නස්ස ඛො මෙණ්ඩකස්ස ගහපතිස්ස භගවා ආනුපුබ්බීකථං කථෙසි සෙය්යථිදං: දානකථං සීලකථං සග්ගකථං, කාමානං ආදීනවං ඔකාරං සංකිලෙසං, නෙක්ඛම්මෙ ආනිසංසං පකාසෙසි.
Sinhala BJT20. ඉක්බිති මෙණ්ඩක ගැහැවියාහට “මේ තීර්‍ත්‍ථකයෝ යම් කරුණකින් ඊර්‍ෂ්‍යා කෙරෙත් ද, ඒ කරුණෙන් ම ඒ භාග්‍යවතුන් වහන්සේ නිසැකයෙන් ම රහත් වෙති. සම්‍යක්සම්බුද්ධ වෙති” යි මෙබඳු සිතෙක් විය. (ගැහැවි තෙමේ) යානයෙන් යා හැකි බිම යම් පමණවී ද, එපමණ තැන් යානයෙන් ගොස් යානයෙන් බැස පාගමනින් ම භාග්‍යවතුන් වහන්සේ වෙතට ගියේ ය. ගොස් භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්නේ ය. පසෙක හුන් මෙණ්ඩක ගැහැවියාහට භාග්‍යවතුන් වහන්සේ පිළිවෙළ කතාව එනම්: දානකථාව සීලකථාව ස්වර්‍ගකථාව, කාමයන් දුක්බව ලාමකබව කෙලෙසීම ඇතිබව වදාළ සේක. පැවිද්දෙහි අනුසස් ද ප්‍රකාශ කළ සේක.
Pali BJT21. යදා භගවා අඤ්ඤාසි මෙණ්ඩකං ගහපතිං කල්ලචිත්තං මුදුචිත්තං විනීවරණචිත්තං උදග්ගචිත්තං පසන්නචිත්තං, අථ යා බුද්ධානං සාමුක්කංසිකා ධම්මදෙසනා, තං පකාසෙසි - දුක්ඛං සමුදයං නිරොධං මග්ගං. සෙය්යථාපි නාම සුද්ධං වත්ථං අපගතකාළකං සම්මදෙව රජනං පතිගණ්හෙය්ය, එවමෙව ඛො මෙණ්ඩකස්ස ගහපතිස්ස තස්මිං යෙව ආසනෙ විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි: “යං කිඤ්චි සමුදයධම්මං, සබ්බං තං නිරොධධම්ම”න්ති.
Sinhala BJT21. යම් විටෙක භාග්‍යවතුන් වහන්සේ මෙණ්ඩක ගැහැවියා සුදුසු සිත් ඇතැ යි මොළොක් සිත් ඇතැ යි නීවරණ රහිත වූ සිත් ඇතැ යි ඔදවැඩි සිත් ඇතැ යි පහන් සිත් ඇතැ යි දත් සේක් ද එකල්හි බුදුවරුන්ගේ තමන් ම (ස්වභාවයෙන් ම) උත්කෘෂ්ට වූ ධර්‍මදේශනාව – දුඃඛසත්‍යය සමුදයසත්‍යය නිරෝධසත්‍යය මාර්‍ගසත්‍යය යන ඒ චතුරාර්‍ය්‍යසත්‍යය ප්‍රකාශ කළ සේක. පහ වූ කිලුටු ඇති පිරිසිදු වස්ත්‍රයෙක් යම් සේ මනා කොට සායම් ගන්නේ ද, එසේ ම මෙණ්ඩක ගැහැවියාහට ඒ ආසනයෙහි දී ම “යම් කිසිවක් හටගැණීම ස්වභාවය කොට ඇත්තේ ද, ඒ සියල්ල නිරුද්ධ වීම ස්වභාවය කොට ඇතැ” යි පහ වූ රාගාදීරජස් ඇති පහ වූ කෙලෙස් මල ඇති සෝතාපත්තිමග්ගඤාණය පහළ වූයේ ය.
Pali BJT22. අථ ඛො මෙණ්ඩකො ගහපති දිට්ඨධම්මො පත්තධම්මො විදිතධම්මො පරියොගාළ්හධම්මො තිණ්ණවිචිකිච්ඡො විගතකථඞ්කථො වෙසාරජ්ජප්පත්තො අපරප්පච්චයො සත්ථුසාසනෙ භගවන්තං එතදවොච: “අභික්කන්තං භන්තෙ අභික්කන්තං භන්තෙ. සෙය්යථාපි භන්තෙ නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය: ‘චක්ඛුන්තො රූපානි දක්ඛින්තී’ති, එවමෙව භගවතා අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං භන්තෙ, භගවන්තං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකං මං භගවා ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතං. අධිවාසෙතු ච මෙ භන්තෙ භගවා ස්වාතනාය භත්තං සද්ධිං භික්ඛුසඞ්ඝෙනා”ති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන. අථ ඛො මෙණ්ඩකො ගහපති භගවතො අධිවාසනං විදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
Sinhala BJT22. ඉක්බිති දක්නා ලද දහම් ඇති පැමිණි දහම් ඇති අවබෝධ කළ දහම් ඇති වෙසෙසින් බැස ගත් දහම් ඇති තරණය කළ විචිකිච්ඡා ඇති පහ වූ ‘කෙසේ කෙසේ දැ’ යි පැවැති සැක ඇති විශාරදභාවයට පැමිණි බුදුදහම්හි (අවබෝධය පිණිස) අනුන්ගේ උපකාරයක් නො වුව මනා වූ මෙණ්ඩක ගැහැවි තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකෙළේ ය. “ස්වාමීනි ඉතා යහපත, ස්වාමීනි, ඉතා යහපත. ස්වාමීනි යටිකුරු කරණ ලද්දක් යම් සේ උඩුකුරු කරන්නේ ද, වසන ලද්දක් යම් සේ විදහා පාන්නේ ද, මංමුළා වූවකුට යම් සේ මාර්‍ගය කියන්නේ ද, ‘ඇස් ඇත්තෝ රූප දකින්නාහු ය’ යි අන්‍ධකාරයෙහි තෙල්පහනක් යම් සේ දරන්නේ ද එපරිද්දෙන් ම, භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ක්‍රමයෙන් ධර්‍මය දේශනා කරණ ලද්දේ ය. ස්වාමීනි, මේ මම භාග්‍යවතුන් වහන්සේ ද නවලෝකෝත්තරධර්‍මය ද අෂ්ටාර්‍ය්‍යපුද්ගලභික්‍ෂුසඞ්ඝයා ද සරණ කොට යමි. භාග්‍යවතුන් වහන්සේ අද පටන් මා දිවි හිම් කොට සරණ ගිය වූ උපාසකයකු කොට දරණ සේක්වා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුසඞ්ඝයා සමග හෙට මාගේ බත ද ඉවසන සේක්වා”. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භාවයෙන් ඉවසූ සේක. ඉක්බිති මෙණ්ඩක ගැහැවි තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන හුනස්නෙන් නැගිට සකසා වැඳ පැදකුණු කොට ගියේ ය.
Pali BJT23. අථ ඛො මෙණ්ඩකො ගහපති තස්සා රත්තියා අච්චයෙන පණීතං ඛාදනීයං භොජනීයං පටියාදාපෙත්වා භගවතො කාලං ආරොචාපෙසි: “කාලො භන්තෙ, නිට්ඨිතං භත්ත”න්ති.
Sinhala BJT23. එකල්හි මෙණ්ඩක ගැහැවි තෙමේ ඒ රෑ ඉක්ම යෑමෙන් පසු ප්‍රණීත වූ කෑ යුතු බිදිය යුතු දේ පිළියෙල කරවා භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි මේ කාලය යි. බත් නිමියේ ය” යි කල් සැළ කරවී ය.
Pali BJT24. අථ ඛො භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන මෙණ්ඩකස්ස ගහපතිස්ස නිවෙසනං, තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි සද්ධිං භික්ඛුසඞ්ඝෙන.
Sinhala BJT24. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙණ මෙණ්ඩක ගැහැවියාගේ නිවෙසට වැඩි සේක. වැඩ භික්‍ෂු සඞ්ඝයා සමග පැණවූ අසුනෙහි හුන් සේක.
Pali BJT25. අථ ඛො මෙණ්ඩකස්ස ගහපතිස්ස භරියා ච පුත්තො ච සුණිසා ච දාසො ච යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. තෙසං භගවා අනුපුබ්බීකථං කථෙසි සෙය්යථිදං: දානකථං සීලකථං සග්ගකථං, කාමානං ආදීනවං ඔකාරං සඞ්කිලෙසං, නෙක්ඛම්මෙ ආනිසංසං පකාසෙසි.
Sinhala BJT25. එකල්හි මෙණ්ඩක ගැහැවියාගේ බිරින්ද ද පුත්‍රයා ද ලේළිය ද දාසයා ද භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්හ. භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ට පිළිවෙළකතාව එනම්: දානකථාව සීලකථාව ස්වර්‍ගකථාව, කාමයන් දුක් බව ලාමකබව කෙලෙසීම ඇති බව වදාළ සේක. පැවිද්දෙහි අනුසස් ද ප්‍රකාශ කළ සේක.
Pali BJT26. යදා තෙ භගවා අඤ්ඤාසි කල්ලචිත්තෙ මුදුචිත්තෙ විනීවරණ චිත්තෙ උදග්ගචිත්තෙ පසන්නචිත්තෙ, අථ යා බුද්ධානං සාමුක්කංසිකා ධම්මදෙසනා, තං පකාසෙසි - දුක්ඛං සමුදයං නිරොධං මග්ගං. සෙය්යථාපි නාම සුද්ධං වත්ථං අපගතකාළකං සම්මදෙව රජනං පතිගණ්හෙය්ය, එවමෙව තෙසං තස්මිංයෙව ආසනෙ විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි: “යං කිඤ්චි සමුදයධම්මං, සබ්බං තං නිරොධධම්ම”න්ති.
Sinhala BJT26. යම් විටෙක භාග්‍යවතුන් වහන්සේ ඔවුන් සුදුසු සිත් ඇත්තන් මොළොක් සිත් ඇත්තන් නීවරණ රහිත වූ සිත් ඇත්තන් ඔදවැඩි සිත් ඇත්තන් පහන් සිත් ඇත්තන් යි දත් සේක් ද, එකල්හි බුදුවරුන්ගේ සාමුක්කංසික වූ ධර්‍මදේශනාව – දුඃඛසත්‍යය සමුදයසත්‍යය නිරෝධසත්‍යය මාර්‍ගසත්‍යය යන ඒ චතුරාර්‍ය්‍යසත්‍යය ප්‍රකාශ කළ සේක. පහ වූ කිලුටු ඇති පිරිසිදු වස්ත්‍රයෙක් යම් සේ මනා කොට සායම් ගන්නේ ද, එපරිද්දෙන් ම ඔවුන්ට ඒ ආසනයෙහි දී ම “යම් කිසිවක් හටගැණීම ස්වභාවය කොට ඇත්තේ ද, ඒ සියල්ල නිරුද්ධ වීම ස්වභාවය කොට ඇතැ” යි පහ වූ රාගාදිරජස් ඇති පහ වූ කෙලෙස්මල ඇති සෝතාපත්තිමග්ගඤාණය පහළ වූයේ ය.
Pali BJT27. තෙ දිට්ඨධම්මා පත්තධම්මා විදිතධම්මා පරියොගාළ්හධම්මා තිණ්ණවිචිකිච්ඡා විගතකථඞ්කථා වෙසාරජ්ජප්පත්තා අපරප්පච්චයා සත්ථුසාසනෙ භගවන්තං එතදවොචුං: අභික්කන්තං භන්තෙ. අභික්කන්තං භන්තෙ. සෙය්යථාපි භන්තෙ, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය - ‘චක්ඛුමන්තො රූපානි දක්ඛින්තී’ති, එවමෙව භගවතා අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එතෙ මයං භන්තෙ, භගවන්තං සරණං ගච්ඡාම ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකෙ නො භගවා ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතෙ”ති.
Sinhala BJT27. දක්නා ලද දහම් ඇති පැමිණි දහම් ඇති අවබෝධ කළ දහම ඇති වෙසෙසින් බැස ගත් දහම් ඇති තරණය කළ විචිකිච්ඡා ඇති පහ වූ ‘කෙසේ කෙසේ දැ’ යි පැවැති සැක ඇති විශාරදභාවයට පැමිණි බුදුදහම්හි (අවබෝධය පිණිස) අනුන්ගේ උපකාරයක් නො වුව මනා වූ ඔහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ: “ස්වාමීනි, ඉතා යහපත. ස්වාමීනි, ඉතා යහපත. ස්වාමීනි, යටිකුරු කරණ ලද්දක් යම් සේ උඩුකුරු කරන්නේ ද, වසන ලද්දක් යම් සේ විදහා පාන්නේ ද, මං මුළා වූවකුට යම් සේ මග කියන්ගෙන් ද, ‘ඇස් ඇත්තෝ රූප දකින්නාහු ය’ යි අන්‍ධකාරයෙහි තෙල්පහනක් යම් සේ දරන්නේ ද, එපරිද්දෙන් ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ක්‍රමයෙන් ධර්‍මය දේශනා කරණ ලද්දේ ය. ස්වාමීනි, මේ අපි භාග්‍යවතුන් වහන්සේ ද නවලෝකොත්තර ධර්‍මය ද අෂ්ටාර්‍ය්‍යපුද්ගල භික්‍ෂු සඞ්ඝයා ද සරණ කොට යමු. භාග්‍යවතුන් වහන්සේ අප අද පටන් දිවි හිම් කොට සරණ ගියා වූ උපාසකයන් කොට දරණ සේක්වා” යි.
Pali BJT28. අථ ඛො මෙණ්ඩකො ගහපති බුද්ධපමුඛං භික්ඛුසඞ්ඝං පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්ථා සන්තප්පෙත්වා සම්පවාරෙත්වා, භගවන්තං භුත්තාවිං ඔනීතපත්තපාණිං එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො මෙණ්ඩකො ගහපති භගවන්තං එතදවොච: “යාව භන්තෙ භගවා භද්දියෙ විහරති තාව අහං බුද්ධපමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස ධුවභත්තෙනා”ති. අථ ඛො භගවා මෙණ්ඩකං ගහපතිං ධම්මියා කථාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සමුත්තෙජෙත්වා සම්පහංසෙත්වා උට්ඨායාසනා පක්කාමි.
Sinhala BJT28. ඉක්බිති මෙණ්ඩක ගැහැවි තෙමේ බුද්ධප්‍රමුඛභික්‍ෂුසඞ්ඝයා ප්‍රණීත වූ කෑ යුතු බිදිය යුතු දෙයින් සියතින් සතප්පා පවරා, වළඳා අවසන් කළ පාත්‍රයෙන් ඉවත් කළ අත් ඇති භාග්‍යවතුන් වහන්සේ වෙත පසෙක හුන්නේ ය. පසෙක හුන් මෙණ්ඩක ගැහැවි තෙමේ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ යම් තාක් කල් භද්දියනගරයෙහි වාසය කරණ සේක් ද, ඒ තාක් කල් මම බුද්ධප්‍රමුඛභික්‍ෂුසඞ්ඝයාහට නිති බතින් උපස්ථාන කරමි” යි සැළකෙළේ ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙණ්ඩක ගැහැවියා දැහැමිකතාවෙන් කරුණු දක්වා සමාදන් කරවා තියුණු කරවා සතුටු කරවා හුනස්නෙන් නැගිට වැඩි සේක.