Mahāvagga

Great Division

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1601-1700 න් 2799

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT63. දුතියම්පි ඛො ආයස්මා පිලින්දිවච්ඡො පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය පිලින්දිගාමං පිණ්ඩාය පාවිසි. පිලින්දිගාමකෙ සපදානං පිණ්ඩාය චරමානො යෙන තස්ස ආරාමිකස්ස නිවෙසනං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පටිවිස්සකෙ පුච්ඡි: “කහං ඉමං ආරාමිකකුලං ගත”න්ති. “එතිස්සා භන්තෙ, සුවණ්ණමාලාය කාරණා රඤ්ඤා බන්ධාපිත”න්ති.
Sinhala BJT63. දෙවනු ද ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ ස්ථවිර තෙමේ පෙරවරු කාලයෙහි හැඳ පොරවා පාසිවුරු ගෙණ පිලින්‍දිගමට පිඬු පිණිස ගියේ ය. පිලින්‍දිගමෙහි ගෙපිළිවෙළින් පිඬු පිණිස හැසිරෙන්නේ ඒ ආරාමිකයාගේ ගෙට එළඹියේ ය. එළඹ “මේ ආරාමිකකුලය කොහි ගියේ දැ” යි අසල් වැස්සන් අතින් විචාළේ ය. “ස්වාමීනි, ඒ රන්මාලාව හේතු කොට රජු විසින් බඳවන ලද්දේ ය” යි කීහ.
Pali BJT64. අථ ඛො ආයස්මා පිලින්දිවච්ඡො යෙන රඤ්ඤො මාගධස්ස සෙනියස්ස බිම්බිසාරස්ස නිවෙසනං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. අථ ඛො රාජා මාගධො සෙනියො බිම්බිසාරො යෙනායස්මා පිලින්දිවච්ඡො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං පිලින්දිවච්ඡං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො රාජානං මාගධං සෙනියං බිම්බිසාරං ආයස්මා පිලින්දිවච්ඡො එතදවොච: “කිස්ස මහාරාජ ආරාමිකකුලං බන්ධාපිත”න්ති. “තස්ස භන්තෙ, ආරාමිකස්ස ඝරෙ සුවණ්ණමාලා අභිරූපා, දස්සනීයා පාසාදිකා. නත්ථි තාදිසා අම්හාකම්පි අන්තෙපුරෙ සුවණ්ණමාලා. කුතො තස්ස දුග්ගතස්ස? නිස්සංසයං චොරිකාය ආභතා”ති.
Sinhala BJT64. ඉක්බිති ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ ස්ථවිර තෙමේ මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජුගේ මාලිගාවට ගියේ ය. ගොස් පැණවූ අසුනෙහි හුන්නේ ය. ඉක්බිති මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජ තෙමේ ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරුන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරුන් සකසා වැඳ පසෙක හුන්නේ ය. ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ ස්ථවිර තෙමේ පසෙක හුන් මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජුගෙන් “මහරජ, කුමක් හෙයින් ආරාමිකකුලය බඳවන ලද දැ” යි ඇසී ය. “ස්වාමීනි, ඒ ආරාමිකයාගේ ගෙයි මනා රූ ඇති දැකුම්කලු සිත් ගන්නා රන්මාලයක් තිබේ. එබඳු වූ රන්මලාවක් අපගේ අන්තඃපුරයෙහි ද නැත. ඒ දුප්පතාට රන්මාලයක් කොයින් ද? නිසැකයෙන් සොරකමින් ගෙණ එන ලද ය”.
Pali BJT65. අථ ඛො ආයස්මා පිලින්දිවච්ඡො රඤ්ඤො මාගධස්ස සෙනියස්ස බිම්බිසාරස්ස පාසාදං සුවණ්ණන්ති අධිමුච්චි. සො අහොසි සබ්බසොවණ්ණමයො. “ඉදං පන තෙ මහාරාජ, තාව බහුං සුවණ්ණං කුතො”ති. ‘අඤ්ඤාතං භන්තෙ, අය්යස්ස ඵසො{1} ඉද්ධානුභාවො”ති. තං ආරාමිකකුලං මුඤ්චාපෙසි. මනුස්සා “අය්යෙන කිර පිලින්දිවච්ඡෙන සරාජිකාය පරිසාය උත්තරිමනුස්සධම්මා{2} ඉද්ධිපාටිහාරියං දස්සිත”න්ති අත්තමනා අභිප්පසන්නා ආයස්මතො පිලින්දිවච්ඡස්ස පඤ්ච භෙසජ්ජානි අභිහරිංසු. සෙය්යථිදං: සප්පි{3} නවනීතං තෙලං මධු{4} ඵාණිත”න්ති.
Sinhala BJT65. ඉක්බිති ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ ස්ථවිර තෙමේ “මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජුගේ ප්‍රාසාදය රන් වේවා”සි ඉටුයේ ය. ඒ ප්‍රාසාදය සියල්ල රන් වි ය. “මහරජ, ඔබට මේ තරම් බොහෝ රන් කොයින් ද?” “ස්වාමීනි, දැන ගන්නා ලද්දේ ය. ආර්‍ය්‍යයන් වහන්සේගේ මේ ඍද්ධ්‍යානුභාව ය” යි ඒ ආරාමික කුලය නිදහස් කොට හැරියේ ය. මිනිස්සු ‘ස්වාමී වූ පිලින්‍දිවච්ඡ තෙරුන් විසින් රජුන් සහිත වූ පිරිසෙහි උතුරුමිනිස්දමින් ඉදුපෙළහරක් දක්වන ලද්දේ ල” යි සතුටු සිත් ඇත්තාහු විශේෂයෙන් පහන් වූවෝ ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරුන්ට පස් බෙහෙත් එළවූහ. එනම් ගිතෙල් වෙඬරු තලතෙල් මීපැණි සකුරු යන මේ ය.
Pali BJT66. පකතියාපි ච ආයස්මා පිලින්දිවච්ඡො ලාභී හොති පඤ්චන්නං භෙසජ්ජානං. ලද්ධං ලද්ධං පරිසාය විස්සජ්ජෙති. පරිසා චස්ස හොති බාහුලිකා{5}. ලද්ධං ලද්ධං කොලම්බෙපි ඝටෙපි පූරෙත්වා පටිසාමෙති{6}. පරිස්සාවනානිපි ථවිකායොපි පූරෙත්වා වාතපානෙසු ලග්ගෙති. තානි ඔලීනවිලීනානි තිට්ඨන්ති. උන්දූරෙහිපි විහාරා ඔකිණ්ණා විකිණ්ණා හොන්ති. මනුස්සා විහාරචාරිකං ආහිණ්ඩන්තා පස්සිත්වා උජ්ඣායන්ති, ඛීයන්ති, විපාචෙන්ති: “අන්තොකොට්ඨාගාරිකා ඉමෙ සමණා සක්යපුත්තියා සෙය්යථාපි රාජා මාගධො සෙනියො බිම්බිසාරො”ති.
Sinhala BJT66. ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ ස්ථවිර තෙමේ ප්‍රකෘතියෙන් ම පස් බෙහෙත් ලබනසුලු වේ. ලත් ලත් දෙය පිරිසට පරිත්‍යාග කරයි. උන්වහන්සේගේ පිරිස ද ප්‍රත්‍යයයන්ගේ බහුලත්‍වය පිණිස පිළිපන්නේ වේ. ලත් ලත් දෙය මහසැළි ද කළ ද පුරවා තැන් පත් කරයි. පෙරහන් ද පසුම්බි ද පුරවා වාකවුළුවල එල්ලයි. ඒ වැගිරි වැගිරී තිබේ. මීයන්ගෙන් ද ආවාසයෝ හැම අතින් ගැවසී ගත්තාහු වෙත්. මිනිස්සු විහාරචාරිකාවෙහි ඇවිදින්නෝ (ඒ දැක) “ශාක්‍යපුත්‍රීය වූ මේ ශ්‍රමණයෝ ඇතුළත කොටුගුල් ඇත්තෝ ය. මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජු වැනි ය” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්.
Pali BJT67. අස්සොසුං ඛො භික්ඛූ තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා තෙ උජ්ඣායන්ති, ඛීයන්ති, විපාචෙන්ති: “කථං හි නාම භික්ඛූ එවරූපාය බාහුල්ලාය චෙතෙස්සන්තී”ති. අථ ඛො තෙ භික්ඛූ{7} භගවතො එතමත්ථං ආරොචෙසුං. “සච්චං කිර භික්ඛවෙ, භික්ඛූ එවරූපාය බාහුල්ලාය චෙතෙන්තී”{8}ති. “සච්චං භගවා”. -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි. “යානි ඛො පන තානි ගිලානානං භික්ඛූනං පටිසායනීයානි භෙසජ්ජානි, සෙය්යථිදං: සප්පි නවනීතං තෙලං මධු ඵාණිතං, තානි පටිග්ගහෙත්වා සත්තාහපරමං සන්නිධිකාරකං පරිභුඤ්ජිතබ්බානි. තං අතික්කාමයතො යථා ධම්මො කාරෙතබ්බො”ති.
Sinhala BJT67. භික්‍ෂූහු අවමන් කරණ නින්‍දා කරණ දොස් කියන ඒ මිනිසුන්ගේ කතාව ඇසූහ. යම් ඒ භික්‍ෂූහු ආශා රහිත වූවාහු ද, ඒ භික්‍ෂූහු “කෙසේ නම් භික්‍ෂූහු මෙබඳු වූ ප්‍රත්‍යයයන්ගේ බහුලභාවය පිණිස (ප්‍රත්‍යයයන් බොහෝ සේ රැස් කිරීමට) සිතූහු දැ” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්, ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, භික්‍ෂූහු මෙබඳු වූ ප්‍රත්‍යයයන්ගේ බහුලභාවය පිණිස සිතත් ල, සැබෑ දැ” යි. “භාග්‍යවතුන් වහන්ස, සැබෑ ය”. –පෙ– ගරහා දැහැමි කතා කොට “ගිලන් භික්‍ෂූන් විසින් වැළඳිය යුතු වූ (රස විඳිය යුතු වූ) යම් ඒ බෙහෙත් එනම් ගිතෙල් වෙඬරු තලතෙල් මීපැණි සකුරු වේ ද, ඒ පිළිගෙණ සතියක් නගා තබා වැළඳිය යුතු ය. ඒ නියමිත කාලය (සතිය) ඉක්මවන්නහුට ඇවැත් පරිදි කරවිය යුතු ය” යි භික්‍ෂූන් ඇමතූ සේක.
Pali BJTභෙසජ්ජානුඤ්ඤාතභාණවාරො පඨමො.
Sinhala BJTබෙහෙත් අනුදත් පළමුබණවර නිම.
Pali BJT1. අථ ඛො භගවා සාවත්ථියං යථාභිරන්තං විහරිත්වා යෙන රාජගහං තෙන චාරිකං පක්කාමි.
Sinhala BJT1. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර කැමති තාක් වාසය කොට රජගහනුවර බලා චාරිකාවෙහි වැඩි සේක.
Pali BJT2. අද්දසා ඛො ආයස්මා කඞ්ඛාරෙවතො අන්තරාමග්ගෙ ගුළකරණං ඔක්කමිත්වා ගුළෙ පිට්ඨම්පි ඡාරිකම්පි පක්ඛිපන්තෙ. දිස්වාන “අකප්පියො ගුළො. සාමිසො. න කප්පති ගුළො විකාලෙ පරිභුඤ්ජිතු”න්ති කුක්කුච්චායන්තො සපරිසො ගුළං න පරිභුඤ්ජති. යෙපිස්ස සොතබ්බං මඤ්ඤන්ති, තෙපි ගුළං න පරිභුඤ්ජන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “කිමත්ථාය{1} භික්ඛවෙ, ගුළෙ පිට්ඨම්පි ඡාරිකම්පි පක්ඛිපන්තී”ති’ “බන්ධනත්ථාය{2} භගවා” ති. “සචෙ භික්ඛවෙ, බන්ධනත්ථාය{3} ගුළෙ පිට්ඨම්පි ඡාරිකම්පි පක්ඛිපන්ති, සො ච ගුළොත්වෙව සඞ්ඛං ගච්ඡති. අනුජානාමි භික්ඛවෙ, යථාසුඛං ගුළං පරිභුඤ්ජිතු”න්ති.
Sinhala BJT2. ආයුෂ්මත් කඞ්ඛාරේවත ස්ථවිර තෙමේ අතරමග උක්හකුරු කරණ තැනකට ඇතුල් ව උක්හකුරුවල පිටි ද අළු ද බහන්නවුන් දුටුයේ ය. දැක “උක්හකුරු අකැප වේ. ආමිස සහිත වේ. නො කල්හි වළඳන්නට උක්හකුරු කැප නො වේ ය” යි කුකුස් කරන්නේ පිරිස් සහිත ව උක්හකුරු නො වළඳයි. උන්වහන්සේගේ වචනය අදහන්නෝ ද උක්හකුරු නො වළඳත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, කුමක් සඳහා උක්හකුරුවල පිටිත් අළුත් බහත් ද?”. “භාග්‍යවතුන් වහන්ස, බඳිනු (කැටි කරණු) සඳහා ය.” “මහණෙනි, කැටි කිරීම සඳහා උක්හකුරුවල පිටිත් අළුත් බහත් නම්, එ ද උක්හකුරු ම ය යි සඞ්ඛ්‍යාවට යෙයි. මහණෙනි, උක්හකුරු කැමැති සේ වළඳන්නට අනුදනිමි” යි.
Pali BJT3. අද්දසා ඛො ආයස්මා කඞ්ඛාරෙවතො අන්තරාමග්ගෙ වච්චෙ මුග්ගං ජාතං. පස්සිත්වා “අකප්පියා මුග්ගා. පක්කාපි මුග්ගා ජායන්තී”ති කුක්කුච්චායන්තො සපරිසො මුග්ගං න පරිභුඤ්ජති. යෙපිස්ස සොතබ්බං මඤ්ඤන්ති තෙපි මුග්ගං න පරිභුඤ්ජන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “සචෙ භික්ඛවෙ, පක්කාපි මුග්ගා ජායන්ති, අනුජානාමි භික්ඛවෙ, යථාසුඛං මුග්ගං පරිභුඤ්ජිතු”න්ති.
Sinhala BJT3. ආයුෂ්මත් කඞ්ඛාරේවත ස්ථවිර තෙමේ අතර මග දී වර්චස්හි හටගත් මුං (මුං පැළ) දුටුයේ ය. දැක “මුං නො කැපය. තැම්බූ මුං ද පැළ වේ ය” යි කුකුස් කරමින් පිරිස් සහිත ව මුං නො වළඳයි. උන්වහන්සේගේ වචනය අදහන්නෝ ද මුං නො වළඳත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, තැම්බූ මුං හටගණිතත් මහණෙනි, කැමැති සේ (තැම්බූ) මුං වළඳන්නට අනුදනිමි” යි.
Pali BJT4. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො උදරවාතාබාධො හොති. සො ලොණසොවීරකං අපායි. තස්ස සො උදරවාතාබාධො පටිප්පස්සම්භි. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, ගිලානස්ස ලොණසොවීරකං අගිලානස්ස උදකසම්භින්නං පානපරිභොගෙන පරිභුඤ්ජිතු”න්ති.
Sinhala BJT4. එකල්හි එක්තරා මහණකුහට උදරවාතාබාධයෙක් වේ. හෙ තෙමේ ලෝණසෝවීරකය{*} බීයේ ය. ඔහුගේ ඒ උදරාබාධය සංසිඳුනේ ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ගිලනහුට ලෝණසෝවීරකය අනුදනිමි. නො ගිලනහුට දිය හා මුසු කළ ලෝණසෝවීරකය පානපරි භෝගයෙන් වළඳන්නට අනුදනිමි” යි.
Pali BJT5. අථ ඛො භගවා අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන රාජගහං තදවසරි. තත්ර සුදං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන භගවතො උදරවාතාබාධො හොති.
Sinhala BJT5. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පිළිවෙළින් චාරිකා කරණ සේක් රජගහනුවරට වැඩි සේක. භාග්‍යවතුන් වහන්සේ එහි රජගහනුවර කලන්‍දකනිවාපයෙහි වූ වේළුවනයෙහි වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේට උදරවාතාබාධයෙක් වේ.
Pali BJT6. අථ ඛො ආයස්මා ආනන්දො “පුබ්බෙපි භගවතො උදරවාතාබාධො තෙකටුලාය{4} යාගුයා ඵාසු හොතී”ති සාමං තිලම්පි තණ්ඩුලම්පි මුග්ගම්පි විඤ්ඤාපෙත්වා අන්තො වාසෙත්වා අන්තො සාමං පචිත්වා භගවතො උපනාමෙසි “පිවතු භගවා තෙකටුලයාගු”න්ති.
Sinhala BJT6. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙමේ “පෙරත් භාග්‍යවතුන් වහන්සේගේ උදරවාතාබාධය තිකුළුකැඳෙන් පහසු වූයේ වේ ය” යි තෙමේ තල ද සහල් ද මුං ද විනවා (ඉල්ලා) ගේ තුළ තබා ඇතුළත තමා විසින් පිස භාග්‍යවතුන් වහන්සේට “භාග්‍යවතුන් වහන්සේ තිකුළුකැඳ වළඳන සේක්වා” යි එළවී ය.
Pali BJT7. ජානන්තාපි තථාගතා පුච්ඡන්ති. ජානන්තාපි න පුච්ඡන්ති. කාලං විදිත්වා පුච්ඡන්ති. කාලං විදිත්වා න පුච්ඡන්ති. අත්ථසංහිතං තථාගතා පුච්ඡන්ති. නො අනත්ථසංහිතං. අනත්ථසංහිතෙ සෙතුඝාතො තථාගතානං. ද්වීහි ආකාරෙහි බුද්ධා භගවන්තො භික්ඛූ පටිපුච්ඡන්ති: ධම්මං වා දෙසිස්සාම සාවකානං වා සික්ඛාපදං පඤ්ඤාපෙස්සාමා”ති.
Sinhala BJT7. තථාගතවරයෝ දන්නෝ ද විචාරත්. දන්නෝ ද නො විචාරත්. කල් දැන විචාරත්. කල් දැන නො විචාරත්. තථාගතවරයෝ අර්‍ත්‍ථ සහිත වූවක් විචාරත්, අනර්‍ත්‍ථයෙන් යුක්ත වූවක් නො විචාරත්. තථාගතවරයන්ට අනර්‍ත්‍ථයෙන් යුක්ත වූවෙහි හේතු නැසීම මාර්‍ගයෙන් සිද්ධ ය. භාග්‍යවත් බුදුවරයෝ “ධර්‍මය හෝ දෙසන්නෙමු. ශ්‍රාවකයන්ට ශික්‍ෂාපද හෝ පණවන්නෙමු”සි දෙඅයුරකින් භික්‍ෂූන් විචාරත්.
Pali BJT8. අථ ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි “කුතො’යං{5} ආනන්ද, යාගූ”ති.
Sinhala BJT8. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ “ආනන්‍දය, මේ කැඳ කො තැනින් ලැබුනේ දැ” යි ආයුෂ්මත් අනඳතෙරුන් විචාළ සේක.
Pali BJT9. අථ ඛො ආයස්මා ආනන්දො භගවතො එතමත්ථං ආරොචෙසි. විගරහි බුද්ධො භගවා “අනනුලොමිකං අප්පතිරූපං අස්සාමණකං අකප්පියං අකරණීයං. කථං හි නාම ත්වං ආනන්ද, එවරූපාය බාහුල්ලාය චෙතෙස්සසි? යදපි ආනන්ද, අන්තො වුත්ථං{1}, තදපි අකප්පියං. යදපි අන්තො පක්කං, තදපි අකප්පියං. යදපි සාමං පක්කං, තදපි අකප්පියං. නෙතං ආනන්ද, අප්පසන්නානං වා පසාදාය” -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “න භික්ඛවෙ, අන්තො වුත්ථං අන්තො පක්කං සාමං පක්කං පරිභුඤ්ජිතබ්බං. යො පරිභුඤ්ජෙය, ආපත්ති දුක්කටස්ස. අන්තො චෙ භික්ඛවෙ, වුත්ථං අන්තො පක්කං සාමං පක්කං තඤ්චෙ පරිභුඤ්ජෙය්ය, ආපත්ති තිණ්ණං දුක්කටානං. අන්තො චෙ භික්ඛවෙ, වුත්ථං අන්තො පක්කං අඤ්ඤෙහි පක්කං, තඤ්චෙ පරිභුඤ්ජෙය්ය, ආපත්ති ද්වින්නං දුක්කටානං. අන්තො චෙ භික්ඛවෙ, වුත්ථං බහි පක්කං සාමං පක්කං, තඤ්චෙ පරිභුඤ්ජෙය්ය, ආපත්ති ද්වින්නං දුක්කටානං. බහි චෙ භික්ඛවෙ, වුත්ථං අන්තො පක්කං සාමං පක්කං, තඤ්චෙ පරිභුඤ්ජෙය්ය, ආපත්ති ද්වින්නං දුක්කටානං. අන්තො චෙ භික්ඛවෙ වුත්ථං බහි පක්කං අඤ්ඤෙහි පක්කං, තඤ්චෙ පරිභුඤ්ජෙය්ය, ආපත්ති දුක්කටස්ස. බහි චෙ, භික්ඛවෙ, වුත්ථං අන්තො පක්කං අඤ්ඤෙහි පක්කං, තඤ්චෙ පරිභුඤ්ජෙය්ය, ආපත්ති දුක්කටස්ස. බහි චෙ භික්ඛවෙ, වුත්ථං බහි පක්කං සාමං පක්කං, තඤ්චෙ පරිභුඤ්ජෙය්ය ආපත්ති දුක්කටස්ස. බහි චෙ භික්ඛවෙ, වුත්ථං බහි පක්කං අඤ්ඤෙහි පක්කං, තඤ්චෙ පරිභුඤ්ජෙය්ය, අනාපත්තී”ති.
Sinhala BJT9. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකෙළේ ය. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ “ආනන්‍දය, නුසුදුස්සෙක. අනුලොම් නො වූවෙක. නො ගැළපෙන්නක. නො මහණකමෙක. අකැප වූවෙක. නො කටයුත්තෙක. ආනන්‍දය, කෙසේ නම් තෝ මෙබඳු වූ ප්‍රත්‍යයයන්ගේ බහුලභාවය පිණිස සිතූවෙහි දැ?” යි ගැරහූ සේක. “ආනන්‍දය, යමක් ඇතුළත තුබූයේ ද, එ ද නො කැප ය. යමක් ඇතුළත පිසන ලද්දේ ද, එ ද නො කැප ය. යමක් තමන් විසින් පිසන ලද්දේ ද, එ ද නො කැප ය. ආනන්‍දය, මෙය නො පැහැදුනවුන්ගේ පැහැදීම පිණිස හෝ නො වේ” යි –පෙ– ගරහා දැහැමි කතා කොට “මහණෙනි, ඇතුළත තබන ලද ඇතුළත පිසන ලද තමන් විසින් පිසන ලද දෙය නො වැළඳිය යුතු ය. යමෙක් වළඳන්නේ නම්, දුකුළාඇවැත් වේ. මහණෙනි, ඇතුළත තබන ලද ඇතුළත පිසන ලද තමන් විසින් පිසන ලද දෙය වළඳන්නේ නම්, දුකුළාඇවැත් තුණක් වේ. මහණෙනි, ඇතුළත තබන ලද ඇතුළත පිසන ලද අනුන් විසින් පිසන ලද දෙය වළඳන්නේ නම්, දුකුළාඇවැත් දෙකක් වේ. මහණෙනි, ඇතුළත තබන ලද පිටත පිසන ලද තමන් විසින් පිසන ලද දෙය වළඳන්නේ නම්, දුකුළාඇවැත් දෙකක් වේ. මහණෙනි, පිටත තබන ලද ඇතුළත පිසන ලද තමන් විසින් පිසන ලද දෙය වළඳන්නේ නම්, දුකුළාඇවැත් දෙකක් වේ. මහණෙනි, ඇතුළත තබන ලද පිටත පිසන ලද අනුන් විසින් පිසන ලද දෙය වළඳන්නේ නම්, දුකුළාඇවැත් වේ. මහණෙනි, පිටත තබන ලද ඇතුළත පිසන ලද අනුන් විසින් පිසන ලද දෙය වළඳන්නේ නම්, දුකුළාඇවැත් වේ. මහණෙනි, පිටත තබන ලද පිටත පිසන ලද තමන් විසින් පිසන ලද දෙය වළඳන්නේ නම්, දුකුළාඇවැත් වේ. මහණෙනි, පිටත තබන ලද පිටත පිසන ලද අන්‍යයන් විසින් පිසන ලද දෙය වළඳන්නේ නම්, ඇවැත් නො වේ ය” යි භික්‍ෂූන් ඇමතූ සේක.
Pali BJT10. තෙන ඛො පන සමයෙන භික්ඛූ “භගවතා සාමංපාකො පටික්ඛිත්තො”ති පුන පාකෙ කුක්කුච්චායන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, පුන පාකං පචිතු”න්ති.
Sinhala BJT10. එකල්හි භික්‍ෂූහු “භාග්‍යවතුන් වහන්සේ විසින් තමන් විසින් පිසීම ප්‍රතික්‍ෂේප කරණ ලද්දේ ය” යි පිසූ දෙය නැවැත පිසීමෙහි කුකුස් කෙරෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, නැවැත පිසීම අනුදනිමි” යි.
Pali BJT11. තෙන ඛො පන සමයෙන රාජගහං දුබ්භික්ඛං හොති. මනුස්සා ලොණම්පි තෙලම්පි තණ්ඩුලම්පි ඛාදනීයම්පි ආරාමං ආහරන්ති. තානි භික්ඛූ බහි වාසෙන්ති. උක්කපිණ්ඩිකාපි ඛාදන්ති. චොරාපි හරන්ති. දමකාපි හරන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, අන්තො වාසෙතු”න්ති. අන්තො වාසෙත්වා බහි පාචෙන්ති. දමකා පරිවාරෙන්ති. භික්ඛූ අවිස්සත්ථා{2} පරිභුඤ්ජන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, අන්තො පචිතු”න්ති. දුබ්භික්ඛෙ කප්පියකාරකා බහුතරං හරන්ති. අප්පතරං භික්ඛූනං දෙන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, සාමං පචිතුං. අනුජානාමි භික්ඛවෙ, අන්තො වුත්ථං{3} අන්තො පක්කං සාමං පක්ක”න්ති.
Sinhala BJT11. එකල්හි රජගහනුවර දුර්භික්‍ෂ වේ. මිනිස්සු ලුණු ද තෙල් ද සහල් ද කෑ යුතු දෙය ද ආරාමයට ගෙණ එත්. භික්‍ෂූහු ඒ දෑ පිටත තබවත්. බළල් මී මුගටි ආදිහු ද කත්. සොරු ද පැහැර ගණිත්. ඉඳුල් කන්නෝ ද ගෙණ යත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ඇතුළත තබවන්ට අනුදනිමි” යි. ඇතුළත තබවා පිටත පිසවත්, ඉඳුල් කන්නෝ පිරිවරා ගණිත්. භික්‍ෂූහු විශ්වාස රහිත වූවාහු (සැකඇත්තෝ) වළඳත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ඇතුළත පිසන්නට අනුදනිමි” යි. දුර්භික්‍ෂයෙහි කැපකරුවෝ ඉතා වැඩියක් ගෙණ යත්. භික්‍ෂූන්ට ඉතා ස්වල්පයක් දෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, තමන් විසින් පිසන්නට අනුදනිමි. මහණෙනි, ඇතුළත තබන ලද්ද, ඇතුළත පිසන ලද්ද, තමන් විසින් පිසන ලද්ද අනුදනිමි” යි.
Pali BJT12. තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛූ කාසීසු වස්සං වුත්ථා{4} රාජගහං ගච්ඡන්තා භගවන්තං දස්සනාය අන්තරාමග්ගෙ න ලභිංසු ලූඛස්ස වා පණීතස්ස වා භොජනස්ස යාවදත්ථං පාරිපූරිං. බහුඤ්ච ඵලඛාදනීයං අහොසි. කප්පියකාරකො ච න අහොසි අථ ඛො තෙ භික්ඛූ කිලන්තරූපා යෙන රාජගහං වෙළුවනං කලන්දකනිවාපො යෙන භගවා තෙනුපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු.
Sinhala BJT12. එකල්හි බොහෝ භික්‍ෂූහු කසීදනව්වෙහි වස් වැස නිම කළෝ භාග්‍යවතුන් වහන්සේ දැක්මට රජගහනුවරට යන්නෝ අතර මග දී රළු වූ හෝ මිහිරි වූ හෝ බොජුන් සෑහෙන පමණ නො ලැබූහ. බොහෝ කෑයුතු ඵලවර්‍ග වි ය. කැපකරුවෙක් නො වී ය. ඉක්බිති ඒ භික්‍ෂූහු ක්ලාන්ත ස්වභාව ඇත්තෝ රජගහ නුවර කලන්‍දකනිවාපය වූ වේළුවනයෙහි භාග්‍යවතුන් වහන්සේ හුන් තැනට එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්හ.
Pali BJT13. ආචිණ්ණං ඛො පනෙතං බුද්ධානං භගවන්තානං ආගන්තුකෙහි භික්ඛූහි සද්ධිං පටිසම්මොදිතුං. අථ ඛො භගවා තෙ භික්ඛූ එතදවොච: “කච්චි භික්ඛවෙ, ඛමනීයං? කච්චි යාපනීයං? කච්චිත්ථ අප්පකිලමථෙන අද්ධානං ආගතා? කුතො ච තුම්හෙ භික්ඛවෙ, ආගච්ඡථා?”ති. “ඛමනීයං භගවා. යාපනීයං භගවා. ඉධ මයං භන්තෙ කාසීසු වස්සං වුත්ථා රාජගහං ආගච්ඡන්තා භගවන්තං දස්සනාය අන්තරාමග්ගෙ න ලභිම්හා ලූඛස්ස වා පණීතස්ස වා භොජනස්ස යාවදත්ථං පාරිපූරිං. බහුඤ්ච ඵලඛාදනීයං අහොසි. කප්පියකාරකො ච න අහොසි. තෙන මයං කිලන්තරූපා අද්ධානං ආගතා”ති.
Sinhala BJT13. භාග්‍යවත් බුදුරජුන් විසින් ආගන්තුක භික්‍ෂූන් සමග මේ පිළිසඳර කතා කිරීම පුරුදු කරණ ලද්දේ ම ය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, කිම ඉවසිය හැකි ද? කීම යැපිය හැකි ද? කිම නිදුකින් අදන් මග ආවාහු ද? මහණෙනි, තෙපි කොතැනින් එවු දැ?” යි ඒ භික්‍ෂූන් විචාළ සේක. “භාග්‍යවතුන් වහන්ස, ඉවසිය හැකි ය. භාග්‍යවතුන් වහන්ස, යැපිය හැකි ය. ස්වාමීනි, අපි මෙහි කසිදනව්වෙහි වුසූ වස් ඇත්තමෝ භාග්‍යවතුන් වහන්සේ දැක්මට රජගහ නුවරට එන්නමෝ අතර මග දී රළු වූ හෝ මිහිරි වූ හෝ සෑහෙන පමණ බොජුන් නො ලැබීමු. බොහෝ කෑ යුතු ඵලවර්‍ග ද වී ය. කැපකරුවෙක් ද නො වූයේ ය. එයින් අපි ක්ලාන්තස්වභාව ඇත්තමෝ අදන්මග ආවෝ වෙමු” යි.
Pali BJT14. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “අනුජානාමි භික්ඛවෙ, යත්ථ ඵලඛාදනීයං පස්සති, කප්පියකාරකො ච න හොති, සාමං ගහෙත්වා හරිත්වා කප්පියකාරකං{1} පස්සිත්වා භූමියං නික්ඛිපිත්වා පටිග්ගහාපෙත්වා පරිභුඤ්ජිතුං. අනුජානාමි භික්ඛවෙ, උග්ගහිතපටිග්ගහිත”න්ති{2}.
Sinhala BJT14. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට “මහණෙනි, යම් තැනෙක කෑ යුතු ඵලවර්‍ග දකී ද, කැපකරුවෙක් නො වේ ද, (එය) තමන් ගෙණ ගොස් කැපකරුවෙකු දැක බිම හෙළා පිළිගන්වා ගෙණ වළඳන්නට අනුදනිමි. මහණෙනි, උග්ගහිතපටිග්ගහිතය (තමා විසින් ගත් ඵලාදිය වැළඳියටි වුව නැවත පිළිගන්වා ගැණීම) අනුදනිමි” යි භික්‍ෂූන් ඇමතූ සේක.
Pali BJT15. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස බ්රාහ්මණස්ස නවා ච තිලා නවඤ්ච මධු උප්පන්නා හොන්ති. අථ ඛො තස්ස බ්රාහ්මණස්ස එතදහොසි: “යන්නූනාහං නවෙ ච තිලෙ නවං ච මධුං බුද්ධප්පමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස දදෙය්ය”න්ති. අථ ඛො සො බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි{3}. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො සො බ්රාහ්මණො භගවන්තං එතදවොච: “අධිවාසෙතු මෙ භවං ගොතමො ස්වාතනාය භත්තං සද්ධිං භික්ඛුසඞ්ඝෙනා”ති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන. අථ ඛො සො බ්රාහ්මණො භගවතො අධිවාසනං විදිත්වා පක්කාමි.
Sinhala BJT15. එකල්හි එක්තරා බමුණකුහට අළුත් තල ද අළුත් මීපැණි ද ලැබුනේ වේ. ඉක්බිති ඒ බමුණාහට “මම අළුත් තලත් අළුත් මී පැණිත් බුද්ධප්‍රමුඛසඞ්ඝයාට දෙන්නෙම් නම් යෙහෙකැ” යි මේ සිත් වි ය. එකල්හි ඒ බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය යුතුවූ සිත් ගන්නා කතා කොට නිමවා පසෙක සිටියේ ය. පසෙක සිටියා වූ ඒ බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේහට “භවත් ගෞතම තෙමේ භික්‍ෂුසඞ්ඝයා සමග හෙට පිණිස මාගේ බත ඉවසාවා” යි (කී ය). භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණිම්භාවයෙන් ඉවසා වදාළ සේක. එකල්හි ඒ බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන නික්ම ගියේ ය.
Pali BJT16. අථ ඛො සො බ්රාහ්මණො තස්සා රත්තියා අච්චයෙන පණීතං ඛාදනීයං භොජනීයං පටියාදාපෙත්වා භගවතො කාලං ආරොචාපෙසි: “කාලො භො ගොතම, නිට්ඨිතං භත්ත”න්ති. අථ ඛො භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය යෙන තස්ස බ්රාහ්මණස්ස නිවෙසනං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි සද්ධිං භික්ඛුසඞ්ඝෙන.
Sinhala BJT16. ඉක්බිති ඒ බ්‍රාහ්මණ තෙමේ ඒ රැය ඉක්ම යෑමෙන් (පසු) ප්‍රණීත වූ කෑ යුතු දෑ බිදිය යුතු දෑ පිළියෙල කරවා “භවත් ගෞතමය, දැන් කාල ය යි. බත් නිමියේ ය” යි භාග්‍යවතුන් වහන්සේට කල් දන්වා ලී ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරොවා පා සිවුරු ගෙණ ඒ බ්‍රාහ්මණයාගේ ගෙට වැඩි සේක. වැඩ භික්‍ෂුසඞ්ඝයා සමග පැණවූ අසුනෙහි වැඩ හුන් සේක.
Pali BJT17. අථ ඛො සො බ්රාහ්මණො බුද්ධපමුඛං භික්ඛුසඞ්ඝං පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්ථා සන්තප්පෙත්වා සම්පවාරෙත්වා භගවන්තං භුත්තාවිං ඔනීතපත්තපාණිං එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො තං බ්රාහ්මණං භගවා ධම්මියා කථාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සමුත්තෙජෙත්වා සම්පහංසෙත්වා උට්ඨායාසනා පක්කාමි.
Sinhala BJT17. එවිට ඒ බ්‍රාහ්මණ තෙමේ බුද්ධප්‍රමුඛභික්‍ෂුසඞ්ඝයා ප්‍රණීත වූ කෑ යුතු දෙයින් බිදිය යුතු දෙසින් සියතින් සතප්වා හොඳින් වළඳවා වළඳා අවසන් කළ, පාත්‍රයෙන් බැහැර කළ අත් ඇති, භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පසෙක හුන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ පසෙක හුන් ඒ බ්‍රාහ්මණයාට දැහැමි කතාවෙන් කරුණු දක්වා සමාදන් කරවා තියුණු කරවා සතුටු කරවා හුනස්නෙන් නැගිට වැඩි සේක.
Pali BJT18. අථ ඛො තස්ස බ්රාහ්මණස්ස අචිරපක්කන්තස්ස භගවතො එතදහොසි: “යෙසං ඛො මයා අත්ථාය බුද්ධපමුඛො භික්ඛුසඞ්ඝො නිමන්තිතො නවෙ ච තිලෙ නවං ච මධුං දස්සාමී”ති තෙ මයා පම්මුට්ඨා{4} දාතුං. යන්නූනාහං නවෙ ච තිලෙ නවඤ්ච මධුං කොලම්බෙහි ච ඝටෙහි ච ආරාමං ආහරාපෙය්ය”න්ති{5}.
Sinhala BJT18. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වැඩි නොබෝ වේලාවක දී ඒ බමුණාහට “අළුත්තල ද අළුත්මී ද දෙන්නෙමි යි මා විසින් යමක් පිණිස බුද්ධප්‍රමුඛභික්‍ෂුසඞ්ඝ තෙමේ පවරණ ලද්දේ ද, මා විසින් ඒ දෑ දීමට සිහිපත් නො කරණ ලදි. මම අළුත්තලත් අළුත්මීපැණිත් මහසැළිවලින් ද කළවලින් ද ආරාමයට ගෙන්වා ගෙණ යන්නෙම් නම්, යෙහෙකැ” යි මේ සිත් වි ය.
Pali BJT19. අථ ඛො සො බ්රාහ්මණො නවෙ ච තිලෙ නවඤ්ච මධුං කොලම්බෙහි ච ඝටෙහි ච ආරාමං ආහරාපෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො සො බ්රාහ්මණො භගවන්තං එතදවොච: “යෙසං ඛො මයා භො ගොතම, අත්ථාය බුද්ධපමුඛො භික්ඛුසඞ්ඝො නිමන්තිතො ‘නවෙ ච තිලෙ නවඤ්ච මධුං දස්සාමී’ති, තෙ මයා පමුට්ඨා දාතුං. පතිගණ්හාතු මෙ භවං ගොතමො නවෙ ච තිලෙ නවඤ්ච මධු”න්ති. “තෙන හි බ්රාහ්මණ, භික්ඛූනං දෙහී”ති.
Sinhala BJT19. එවිට ඒ බ්‍රාහ්මණ තෙමේ අළුත්තලත් අළුත්මීපැණිත් මහ සැළිවලින් ද කළවලින් ද ආරාමයට ගෙන්වා ගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙතට ගියේ ය. ගොස් පසෙක සිටියේ ය. පසෙක සිටියා වූ ඒ බ්‍රාහ්මණ තෙමේ “භවත් භෞතමයන් වහන්ස, “අළුත්තලත් අළුත් මීපැණිත් දෙන්නෙමි” යි මා විසින් යමක් පිණිස බුද්ධප්‍රමුඛභික්‍ෂුසඞ්ඝ තෙමේ පවරණ ලද්දේ ද, ඒ දෑ දීමට මා විසින් සිහි නො කරණ ලදී. භවත් ගෞතම තෙමේ මාගේ අළුත්තලත් අළුත්මීපැණිත් පිළිගණීවා” යි භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකෙළේ ය. “බ්‍රාහ්මණය, එසේ නම් භික්‍ෂූන්ට දෙව”.
Pali BJT20. තෙන ඛො පන සමයෙන භික්ඛූ දුබ්භික්ඛෙ අප්පමත්තකෙපි පවාරෙන්ති, පටිසඞ්ඛාපි පටික්ඛිපන්ති, සබ්බො ච සඞ්ඝො පවාරිතො හොති. භික්ඛූ කුක්කුච්චායන්තා න පතිගණ්හන්ති. “පතිගණ්හාථ{1} භික්ඛවෙ, පරිභුඤ්ජථ. අනුජානාමි භික්ඛවෙ, තතො නීහටං භුත්තාවිනා පවාරිතෙන අනතිරිත්තං පරිභුඤ්ජිතු”න්ති.
Sinhala BJT20. එකල්හි භික්‍ෂූහු දුර්භික්‍ෂයෙහි සුළුදෙයක් දුන් කල්හි ද පවරත්. සලකා ද ප්‍රතික්‍ෂේප කෙරෙත්. සියලු සඞ්ඝ තෙමේ භෝජන (වළඳා) පවාරණය කෙළේ වෙයි. භික්‍ෂූහු කුකුස් කරන්නෝ නො පිළිගණිත්. “මහණෙනි, පිළිගණිවු. වළඳවු. මහණෙනි, වැළඳූ තැනින් ගෙණ එන ලද අතිරික්ත නො වූ ආහාරය (පඨම පවාරණා සික්ඛාපදයෙහි කී ලෙසින් අයිරිත් නො කළ ආහාරය) වළඳා අවසන් කළ පැවරූ මහණහු විසින් වළඳන්නට අනුදනිමි” යි.
Pali BJT21. තෙන ඛො පන සමයෙන ආයස්මතො උපනන්දස්ස සක්යපුත්තස්ස උපට්ඨාකකුලං සඞ්ඝස්ස අත්ථාය ඛාදනීයං පාහෙසි: “ඉදං ඛාදනීයං{2} අය්යස්ස උපනන්දස්ස දස්සෙත්වා සඞ්ඝස්ස දාතබ්බ”න්ති.
Sinhala BJT21. එකල්හි ශාක්‍යපුත්‍ර වූ ආයුෂ්මත් උපනන්‍ද තෙරුන්ගේ උපස්ථායකකුලයක් සඞ්ඝයා පිණිස “මේ කෑ යුතු දෑ ස්වාමී වූ උපනන්‍ද තෙරුන්ට පෙන්වා සඞ්ඝයාට දිය යුතු ය” යි කෑමක් යැවී ය.
Pali BJT22. තෙන ඛො පන සමයෙන ආයස්මා උපනන්දො සක්යපුත්තො ගාමං පිණ්ඩාය පවිට්ඨො හොති.
Sinhala BJT22. එකල්හි ශාක්‍යෂුත්‍ර ආයුෂ්මත් උපනන්‍ද් ස්ථවිර තෙමේ පිඬු පිණිස ගමට පිවිසියේ වේ.
Pali BJT23. අථ ඛො තෙ මනුස්සා ආරාමං ගන්ත්වා භික්ඛූ පුච්ඡිංසු: “කහං භන්තෙ, අය්යො උපනන්දො”ති. එසාවුසො, ආයස්මා උපනන්දො සක්යපුත්තො ගාමං පිණ්ඩාය පවිට්ඨො”ති. “ඉදං භන්තෙ ඛාදනීයං අය්යස්ස උපනන්දස්ස දස්සෙත්වා සඞ්ඝස්ස දාතබ්බ”න්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “තෙන හි භික්ඛවෙ, පටිග්ගහෙත්වා නික්ඛිපථ යාව උපනන්දො ආගච්ඡතී”ති.
Sinhala BJT23. ඉක්බිති ඒ මිනිස්සු ආරාමයට ගොස් “ස්වාමීනි, ස්වාමී වූ උපනන්‍ද ස්ථවිර තෙමේ කොහි දැ” යි භික්‍ෂූන් විචාළහ. “ඇවැත්නි, මේ ශාක්‍යපුත්‍ර වූ ආයුෂ්මත් උපනන්‍ද ස්ථවිර තෙමේ පිඬු පිණිස ගමට පිවිසියේ” යි. “ස්වාමීනි, මේ කෑම ස්වාමී වූ උපනන්‍ද තෙරුන්ට පෙන්වා සඞ්ඝයාට දිය යුතු ය” යි. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, එසේ නම් පිළිගෙණ උපනන්‍දයන් එන තුරු බහා තබවු”.
Pali BJT24. අථ ඛො ආයස්මා උපනන්දො සක්යපුත්තො පුරෙභත්තං කුලානි පයිරුපාසිත්වා දිවා ආගච්ඡති.
Sinhala BJT24. ඉක්බිති ශාක්‍යපුත්‍ර වූ ආයුෂ්මත් උපනන්‍ද ස්ථවිර තෙමේ පෙරවරු කාලයෙහි කුලයන් ඇසුරු කරමින් සිට ඉතා දහවල් එයි.
Pali BJT25. තෙන ඛො පන සමයෙන භික්ඛූ දුබ්භික්ඛෙ අප්පමත්තකෙපි පවාරෙන්ති. පටිසඞ්ඛාපි පටික්ඛිපන්ති. සබ්බො ච සඞ්ඝො පවාරිතො හොති. භික්ඛූ කුක්කුච්චායන්තා න පතිගණ්හන්ති. “පතිගණ්හාථ භික්ඛවෙ, පරිභුඤ්ජථ. අනුජානාමි භික්ඛවෙ, පුරෙභත්තං පටිග්ගහිතං භුත්තාවිනා පවාරිතෙන අනතිරිත්තං පරිභුඤ්ජිතු”න්ති.
Sinhala BJT25. එකල්හි භික්‍ෂූහු දුර්භික්‍ෂයෙහි සුළුදෙයක් දුන් කල්හි ද පවරත්. සලකා ද ප්‍රතික්‍ෂේප කෙරෙත්. “සියලු සඞ්ඝ තෙමේ පැවරූයේ වේ ය” යි භික්‍ෂූහු කුකුස් කරන්නෝ නො පිළිගණිත්. “මහණෙනි, පිළිගණිවු. වළඳවු. මහණෙනි, පෙරවරුයෙහි පිළිගන්නා ලද අතිරික්ත නො වූ ආහාරය වළඳා අවසන් කළ පැවරූ (=භෝජන ප්‍රතික්‍ෂේප කළ) මහණහු විසින් වළඳන්නට අනුදනිමි” යි.
Pali BJT26. අථ ඛො භගවා රාජගහෙ යථාභිරන්තං විහරිත්වා යෙන සාවත්ථි තෙන චාරිකං පක්කාමි. අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන සාවත්ථි තදවසරි. තත්ර සුදං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ.
Sinhala BJT26. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කැමැති තාක් වාසය කොට සැවැත්නුවර බලා චාරිකාවෙහි වැඩි සේක. පිළිවෙළින් චාරිකා කරණ සේක් සැවැත්නුවරට වැඩියහ. භාග්‍යවතුන් වහන්සේ එහි සැවැත්නුවර ජේතවනයෙහි වූ අනේපිඬුසිටුහුගේ ආරාමයෙහි වසන සේක.
Pali BJT27. තෙන ඛො පන සමයෙන ආයස්මතො සාරිපුත්තස්ස කායඩාහාබාධො හොති.
Sinhala BJT27. එකල්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට කායදාහ ආබාධයෙක් (කයදැවිල්ලෙක්) වේ.
Pali BJT28. අථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො යෙනායස්මා සාරිපුත්තො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං සාරිපුත්තං එතදවොච: “පුබ්බෙ තෙ ආවුසො සාරිපුත්ත, කායඩාහාබාධො කෙන ඵාසු හොතී”ති. “භිසෙහි ච මෙ ආවුසො මුළාලිකාහි චා”ති.
Sinhala BJT28. ඉක්බිති ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ වෙතට එළඹියහ. එළඹ “ඇවැත්නි, ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, පෙර ඔබගේ කයදැවිල්ල කුමකින් පහසු වී දැ?” යි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් ඇසූහ. “ඇවැත්නි, මාගේ රෝගය නෙළුම්අලයෙන් ද නෙළුඹුදැළියෙන් ද පහසු වී ය”.
Pali BJT29. අථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො සෙය්යථාපි නාම බලවා පුරිසො සම්මිඤ්ජිතං වා බාහං පසාරෙය්ය, පසාරිතං වා බාහං සමිඤ්ජෙය්ය, එවමෙව ජෙතවනෙ අන්තරහිතො මන්දාකිනියා පොක්ඛරණියා තීරෙ පාතුරහොසි.
Sinhala BJT29. ඉක්බිති ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ බලවත් පුරුෂයෙක් හැකිළූ අත දිගු කරන්නේ යම් සේ ද, දිගු කළ අත හකුළන්නේ යම් සේ ද, එපරිද්දෙන් ජේතවනයෙහි අතුරුදහන් වූ සේක් මන්‍දාකිනී පොකුණු ඉවුරෙහි පහළ වූ සේක.
Pali BJT30. අද්දසා ඛො අඤ්ඤතරො නාගො ආයස්මන්තං මහාමොග්ගල්ලානං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන ආයස්මන්තං මහාමොග්ගල්ලානං එතදවොච: “එතු ඛො භන්තෙ, අය්යො මහාමොග්ගල්ලානො. ස්වාගතං භන්තෙ අය්යස්ස මහාමොග්ගල්ලානස්ස. කෙන භන්තෙ, අය්යස්ස අත්ථො? කිං දම්මී”ති. “භිසෙහි ච මෙ ආවුසො අත්ථො මුළාලිකාහි චා”ති.
Sinhala BJT30. එක්තරා ඇතෙක් එන්නා වූ ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ දුර දී ම දුටුයේ ය. දැක ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේට “ස්වාමීනි, ස්වාමී වූ මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ වඩින සේක්වා. ස්වාමීනි, ස්වාමී වූ මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේගේ යහපත් පැමිණීමෙකි. ස්වාමීනි, ස්වාමීන් වහන්සේට කුමකින් ප්‍රයෝජන වේ ද, (මම) කුමක් දෙම් දැ” යි කීයේ ය. “ඇවැත්නි, මට නෙළුම්අලයෙන් ද, නෙළුඹුදැළියෙන් ද ප්‍රයෝජන වේ”.
Pali BJT31. අථ ඛො සො නාගො අඤ්ඤතරං නාගං ආණාපෙසි: “තෙන හි භණෙ අය්යස්ස භිසෙ ච මුළාලිකායො ච යාවදත්ථං දෙහී”ති. අථ ඛො සො නාගො මන්දාකිනිං පොක්ඛරණිං ඔගාහෙත්වා සොණ්ඩාය භිසඤ්ච භිසමුළාලිකඤ්ච{1} අබ්බාහෙත්වා{2} සුවික්ඛාලිතං වික්ඛාලෙත්වා භණ්ඩිකං බන්ධිත්වා යෙනායස්මා මහාමොග්ගල්ලානො තෙනුපසඞ්කමි.
Sinhala BJT31. එවිට ඒ ඇත්තෙමේ එක්තරා ඇතකුට “කොල, එසේ නම් ස්වාමීන් වහන්සේට නෙළුම්අල ද නෙළුඹුදැළි ද සෑහෙන පමණ දෙව” යි අණ කෙළේ ය. ඉක්බිති ඒ ඇත් තෙමේ මන්‍දාකිනීපොකුණට බැස හොඬින් නෙළුඹලද නෙළුඹුදැළි ද උපුටා ගෙණ මනා කොට සෝදා මිටියක් බැඳ ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ වෙතට පැමිණියේ ය.
Pali BJT32. අථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො සෙය්යථාපි නාම බලවා පුරිසො සම්මිඤ්ජිතං වා බාහං පසාරෙය්ය, පසාරිතං වා බාහං සමිඤ්ජෙය්ය, එවමෙව මන්දාකිනියා පොක්ඛරණියා තීරෙ අන්තරහිතො ජෙතවනෙ පාතුරහොසි.
Sinhala BJT32. ඉක්බිති ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ බලවත් පුරුෂයෙක් හැකිළූ, අත දිගු කරන්නේ යම් සේ ද, දිගු කළ අත හකුළන්නේ යම් සේ ද, එපරිද්දෙන් වහා මන්‍දාකිනි පොකුණු ඉවුරෙහි අතුරුදහන් වූ සේක් ජේතවනයෙහි පහළ වූ සේක.
Pali BJT33. සොපි ඛො නාගො මන්දාකිනියා පොක්ඛරණියා තීරෙ අන්තරහිතො ජෙතවනෙ පාතුරහොසි. අථ ඛො සො නාගො ආයස්මතො මහාමොග්ගල්ලානස්ස භිසෙ ච මුළාලිකායො ච පටිග්ගහාපෙත්වා ජෙතවනෙ අන්තරහිතො මන්දාකිනියා පොක්ඛරණියා තීරෙ පාතුරහොසි.
Sinhala BJT33. ඒ ඇත් තෙමේ ද මන්‍දාකිනීපොකුණු ඉවුරෙහි අතුරුදහන් ව ජේතවනයෙහි පහළ වූයේ ය. ඉක්බිති ඒ ඇත් තෙමේ ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේට නෙළුඹල ද නෙළුඹුදැළි ද පිළිගන්වා ජේතවනයෙහි අතුරුදහන් ව මන්‍දාකිනීපොකුණු ඉවුරෙහි පහළ වූයේ ය.
Pali BJT34. අථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො ආයස්මතො සාරිපුත්තස්ස භිසෙ ච මුළාලිකායො ච උපනාමෙසි. අථ ඛො ආයස්මතො සාරිපුත්තස්ස භිසෙ ච මුළාලිකායො ච පරිභුත්තස්ස{3} කායඩාහාබාධො පටිප්පස්සම්භි. බහූ භිසා ච මුළාලිකායො ච අවසිට්ඨා හොන්ති.
Sinhala BJT34. ඉන් පසු ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට නෙළුඹල ද නෙළුඹුදැළි ද එළවූහ. නෙළුඹල ද නෙළුඹුදැළි ද වැළඳූ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ කයේ දැවිල්ල සංසිඳුනේ ය. බොහෝ නෙළුඹල ද නෙළුඹුදැළි ද ඉතිරි වි ය.
Pali BJT35. තෙන ඛො පන සමයෙන භික්ඛූ දුබ්භික්ඛෙ අප්පමත්තකෙපි පවාරෙන්ති. පටිසඞ්ඛාපි පටික්ඛිපන්ති. සබ්බො ච සඞ්ඝො පවාරිතො හොති. භික්ඛූ කුක්කුච්චායන්තා න පතිගණ්හන්ති. “පතිගණ්හාථ භික්ඛවෙ, පරිභුඤ්ජථ. “අනුජානාමි භික්ඛවෙ, වනට්ඨං පොක්ඛරට්ඨං භුත්තාවිනා පවාරිතෙන අනතිරිත්තං පරිභුඤ්ජිතු”න්ති.
Sinhala BJT35. එකල්හි භික්‍ෂූහු දුර්භික්‍ෂයෙහි ස්වල්පමාත්‍රයක් දුන් කල්හි ද පවරත්. දැන ද ප්‍රතික්‍ෂේප කෙරෙත්, සියලු සඞ්ඝ තෙමේ ද පැවරූයේ වේ. භික්‍ෂූහු කුකුස් කරමින් නො පිළිගණිත්. “මහණෙනි, පිළිගණිවු. වළඳවු. මහණෙනි, වළඳා අවසන් කළ මහණහු විසින් වනයෙහි හටගත් පියුම්ගසෙහි හටගත් අතිරික්ත නො වූ දෑ වළඳන්නට අනුදනිමි”.
Pali BJT36. තෙන ඛො පන සමයෙන සාවත්ථියං බහුං ඵලඛාදනීයං උප්පන්නං{1} හොති, කප්පියකාරකො ච න හොති. භික්ඛූ කුක්කුච්චායන්තා ඵලං න පරිභුඤ්ජන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, අබීජං නිබ්බට්ටබීජං{2} අකතකප්පං ඵලං පරිභුඤ්ජිතු”න්ති.
Sinhala BJT36. එකල්හි සැවැත්නුවර කෑයුතු බොහෝ ඵලවර්‍ග උපන්නේ වේ. කැපකරුවෙක් ද නො වේ. භික්‍ෂූහු කුකුස් කරමින් ඵල නො වළඳත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, මුහු කළ ඇට නැත්තා වූ ද (පැළ වෙන) ඇට ඉවත් කළා වූ ද කැප නො කළා වූ ඵලවර්‍ග වළඳන්නට අනුදනිමි” යි.
Pali BJT37. අථ ඛො භගවා සාවත්ථියං යථාභිරන්තං විහරිත්වා යෙන රාජගහං තෙන චාරිකං පක්කාමි. අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන රාජගහං තදවසරි. තත්ර සුදං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ.
Sinhala BJT37. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර කැමැති තාක් කල් වාසය කොට රජගහනුවර බලා චාරිකාවෙහි වැඩි සේක. පිළිවෙළින් චාරිකා කරණ සේක් රජගහනුවරට වැඩිසේක. භාග්‍යවතුන් වහන්සේ එහි රජගහනුවර කලන්‍දකනිවාපයෙහි වූ වේළුවනාරාමයෙහි වාසය කරණ සේක.
Pali BJT38. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො භගන්දලාබාධො හොති. ආකාසගොත්තො වෙජ්ජො සත්ථකම්මං කරොති. අථ ඛො භගවා සෙනාසනචාරිකං ආහිණ්ඩන්තො යෙන තස්ස භික්ඛුනො විහාරො තෙනුපසඞ්කමි. අද්දසා ඛො ආකාසගොත්තො වෙජ්ජො භගවන්තං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන භගවන්තං එතදවොච: “ආගච්ඡතු භවං ගොතමො, ඉමස්ස භික්ඛුනො වච්චමග්ගං පස්සතු සෙය්යථාපි ගොධාමුඛ”න්ති .
Sinhala BJT38. එකල්හි එක්තරා මහණකුහට භගන්‍දරාබාධයෙක් වේ. ආකාසගොත්ත වෙද තෙමේ සැත්කම් (ශල්‍යකර්‍මයක්) කරයි. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සේනාසනචාරිකාවෙහි වඩිනා සේක් ඒ මහණහුගේ විහාරයට වැඩි සේක. ආකාසගොත්ත වෙද තෙමේ වඩින්නා වූ භාග්‍යවතුන් වහන්සේ දුර දී ම දුටුයේ ය. දැක “භවත් ගෞතම තෙමේ (මෙහි) ඒවා. මේ මහණහුගේ තලගොයි කට වැනි වූ වසමග බලාවා” යි කීයේ ය.
Pali BJT39. අථ ඛො භගවා “මමං{3} ඛ්වායං මොඝපුරිසො උප්පණ්ඩෙතී”ති තතොව පටිනිවත්තිත්වා, එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා භික්ඛූ පටිපුච්ඡි: “අත්ථි{4} භික්ඛවෙ, අමුකස්මිං විහාරෙ භික්ඛු ගිලානො?”ති. “අත්ථි භගවා”ති. “කිං තස්ස භික්ඛවෙ, භික්ඛුනො ආබාධො?”ති. “තස්ස භන්තෙ ආයස්මතො භගන්දලාබාධො. ආකාසගොත්තො වෙජ්ජො සත්ථකම්මං කරොතී”ති. විගරහි බුද්ධො භගවා: “අනනුච්ඡවියං, භික්ඛවෙ, තස්ස මොඝපුරිසස්ස අනනුලොමිකං අප්පතිරූපං අස්සාමණකං අකප්පියං අකරණීයං. කථං හි නාම සො භික්ඛවෙ, මොඝපුරිසො සම්බාධෙ සත්ථකම්මං කාරාපෙස්සති. සම්බාධෙ භික්ඛවෙ සුඛුමා ඡවි. දුරොපයො වණො. දුප්පරිහාරං සත්ථං. නෙතං භික්ඛවෙ, අප්පසන්නානං වා පසාදාය -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “න භික්ඛවෙ, සම්බාධෙ සත්ථකම්මං කාරාපෙතබ්බං. යො කාරාපෙය්ය, ආපත්ති ථුල්ලච්චයස්සා”ති.
Sinhala BJT39. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ “මේ හිස් පුරුෂ තෙමේ මට විසුළු බස් බෙණේ ය” යී එයින් ම පෙරළා අවුත් මේ නිදානයෙහි මේ කාරණයෙහි භික්‍ෂුසඞ්ඝයා රැස් කරවා “මහණෙනි, අසුවල් වෙහෙර ගිලන් මහණෙක් ඇත්තේ දැ” යි භික්‍ෂූන් විචාළ සේක. “භාග්‍යවතුන් වහන්ස, ඇත්තේ ය.” “මහණෙනි, ඒ මහණහුගේ රෝගය කුමක් ද?” “ස්වාමීනි, ඒ ආයුෂ්මතුන් හට භගන්‍දරාබාධයෙකි. ආකාසගොත්ත වෙද තෙමේ ශල්‍යකර්‍ම කෙරෙයි.” භාග්‍යවත් බුදුරජානන් වහන්සේ ගැරහූ සේක. “මහණෙනි, ඒ හිස් පුරුෂයාගේ ක්‍රියාව නො ගැළපෙන්නක. අනුලොම් නො වූවෙක. නුසුදුස්සෙක. මහණකමට නො හොබනේ ය. අකැප වූවෙක. නො කටයුත්තෙක. මහණෙනි, ඒ හිස් පුරුෂ තෙමේ කෙසේ නම් සම්බාධ ස්ථානයෙහි (වස මග පස මග අතර) ශල්‍යකර්‍ම කරවී ද? මහණෙනි, ලිඞ්ගප්‍රදේශයෙහි සිවිය සියුම් ය. වණය සුව කරණු අපහසු ය. ආයුධය ක්‍රියා කරවීම දුෂ්කර ය. මහණෙනි, මෙය නො පැහැදුනවුන්ගේ පැහැදීම පිණිස හෝ නො වේ ය” යි –පෙ– ගරහා දැහැමි කතා කොට “මහණෙනි, ලිඞ්ගප්‍රදේශයෙහි ශල්‍යකර්‍ම නො කරවිය යුතු ය. යමෙක් කරවන්නේ නම්, ථූලසිඇවැත් වේ ය” යි වදාළ සේක.
Pali BJT40. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ “භගවතා සත්ථකම්මං පටික්ඛිත්ත”න්ති වත්ථිකම්මං කාරාපෙන්ති. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා තෙ උජ්ඣායන්ති, ඛීයන්ති, විපාචෙන්ති: “කථං හි නාමඡබ්බග්ගියා භික්ඛූ වත්ථිකම්මං කාරාපෙස්සන්තී”ති. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT40. එකල්හි සවගමහණෝ “භාග්‍යවතුන් වහන්සේ විසින් ශල්‍යකර්‍මය ප්‍රතික්‍ෂේප කරණ ලදැ” යි වස්තිකර්‍මය කරවත්. අල්පෙච්ඡ වූ යම් ඒ භික්‍ෂූහු වෙත් ද, ඒ භික්‍ෂූහු “සවගමහණෝ කෙසේ නම් වස්තිකර්‍ම කරවත් දැ” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. එකල්හි භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ.
Pali BJT41. “සච්චං කිර භික්ඛවෙ, ඡබ්බග්ගියා භික්ඛූ වත්ථිකම්මං කාරාපෙන්තී”ති. “සච්චං භගවා” -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “න භික්ඛවෙ, සම්බාධස්ස සාමන්තා ද්වඞ්ගුලා සත්ථකම්මං වා වත්ථිකම්මං වා කාරාපෙතබ්බං. යො කාරාපෙය්ය, ආපත්ති ථුල්ලච්චයස්සා”ති.
Sinhala BJT41. “මහණෙනි, සවගමහණෝ වස්තිකර්‍ම කරවත් ල යනු සැබෑ ද?” “භාග්‍යවතුන් වහන්ස, සැබෑ ය.” –පෙ– ගරහා දැහැමි කතා කොට ·‘මහණෙනි, ලිඞ්ගප්‍රදේශය හාත්පස දෑඟුලකින් ඇතුළත ශල්‍යකර්‍මය ද (සම්බාධයෙහි) වස්තිකර්‍මය (වස්තිපීඩනය) ද නො කරවිය යුතු ය. යමෙක් කරවා නම්, ථුලසිඇවැත් වේ ය” යි වදාළ සේක.
Pali BJT42. අථ ඛො භගවා රාජගහෙ යථාභිරන්තං විහරිත්වා යෙන බාරාණසී තෙන චාරිකං පක්කාමි. අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන බාරාණසී තදවසරි. තත්ර සුදං භගවා බාරාණසියං විහරති ඉසිපතනෙ මිගදායෙ.
Sinhala BJT42. එකල්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කැමැති තාක් කල් වාසය කොට බරණැස් නුවර බලා චාරිකාවෙහි වැඩි සේක. පිළිවෙළින් චාරිකා කරණ සේක් බරණැස් නුවරට වැඩි සේක. භාග්‍යවතුන් වහන්සේ එහි බරණැස්නුවර මෘගදාය නම් වූ ඉසිපතනාරාමයෙහි වසන සේක.
Pali BJT43. තෙන ඛො පන සමයෙන බාරාණසියං සුප්පියො ච උපාසකො සුප්පියා ච උපාසිකා උභො පසන්නා{1} හොන්ති දායකා කාරකා සඞ්ඝුපට්ඨාකා. අථ ඛො සුප්පියා උපාසිකා ආරාමං ගන්ත්වා විහාරෙන විහාරං පරිවෙණෙන පරිවෙණං උපසඞ්කමිත්වා භික්ඛූ පුච්ඡති: “කො භන්තෙ ගිලානො, කස්ස කිං ආහරියතූ”ති.
Sinhala BJT43. එකල්හි බරණැස් නුවර සුප්පියඋපාසක තෙමේ ද සුප්පියා උපාසිකා තොමෝ ද යන දෙදෙන පැහැදුනෝ වෙත්. දායකයෝ වෙත්. කාරකයෝ වෙත්. සඞ්ඝෝපස්ථායකයෝ වෙත්. එකල්හි සුප්පියාඋපාසිකා තොමෝ ආරාමයට ගොස් වෙහෙරෙන් වෙහෙරට පිරිවෙණෙන් පිරිවෙණට එළඹ “ස්වාමීනි, කවරෙක් ගිලන් වේ ද? කවරකුට කුමක් ගෙණෙනු යුතු දැ” යි භික්‍ෂූන් අතින් විචාරයි.
Pali BJT44. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරෙන භික්ඛුනා විරෙචනං පීතං හොති. අථ ඛො සො භික්ඛු සුප්පියං උපාසිකං එතදවොච: “මයා ඛො භගිනි, විරෙචනං පීතං. අත්ථො මෙ පටිච්ඡාදනීයෙනා”ති. “සුට්ඨු අය්ය, ආහරීයිස්සතී”ති. ඝරං ගන්ත්වා අන්තෙවාසිං ආණාපෙසි: “ගච්ඡ භණෙ, පවත්තමංසං ජානාහී”ති. “එවං අය්යෙ”ති ඛො සො පුරිසො සුප්පියාය උපාසිකාය පටිස්සුත්වා කෙවලකප්පං බාරාණසිං ආහිණ්ඩන්තො න අද්දස පවත්තමංසං. අථ ඛො සො පුරිසො යෙන සුප්පියා උපාසිකා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා සුප්පියං උපාසිකං එතදවොච: “නත්ථය්යෙ පවත්තමංසං. මාඝාතො අජ්ජා”ති.
Sinhala BJT44. එකල්හි එක්තරා මහණකු විසින් විරේචන බෙහෙතක් බොන ලද්දේ වේ. ඉක්බිති ඒ මහණ තෙමේ “බුහුනනිය, මා විසින් විරේචන බෙහෙතක් බොන ලදී. මට මස්රසයෙන් ප්‍රයෝජන වේ” යි සුප්පියා උපාසිකාවට කී ය. “ආර්‍ය්‍යයන් වහන්ස, හොඳ යි. ගෙණෙනු ලබන්නේය” යි ගෙට ගොස් අතැවැසියකුට “සගය, යව. කඩපිළෙහි විකිණීමට තැබූ මස් දනුව” යි අණ කළා ය. “ආර්‍ය්‍යාවෙනි, එසේ ය” යි ඒ පුරුෂතෙමේ සුප්පියාඋපාසිකාවට පිළිවදන් දී ගොස් මුළු බරණැස ඇවිදින්නේ කඩපිළෙහි විකිණීමට තැබූ මසක් නො දුටුයේ ය. ඉක්බිති ඒ පුරුෂ තෙමේ සුප්පියාඋපාසිකාව වෙතට ගියේ ය. ගොස් “ආර්‍ය්‍යාවෙනි, කඩපිළෙහි විකිණීමට තැබූ මසක් නැත්තේ ය. අද මාඝාත ය” (සතුන් මැරීම තහනම් ය) යි සුප්පියාඋපාසිකාවට දැන්වී ය.
Pali BJT45. අථ ඛො සුප්පියාය උපාසිකාය එතදහොසි: “තස්ස ඛො ගිලානස්ස භික්ඛුනො පටිච්ඡාදනීයං අලභන්තස්ස ආබාධො වා අභිවඩ්ඪිස්සති, කාලඞ්කිරියා වා භවිස්සති. න ඛො මෙ තං පතිරූපං, යාහං පටිස්සුත්වා න හරාපෙය්ය”න්ති. පොත්ථනිකං ගහෙත්වා ඌරුමංසං උක්කන්තිත්වා දාසියා අදාසි: “හන්ද ජෙ ඉමං මංසං සම්පාදෙත්වා, අමුකස්මිං විහාරෙ භික්ඛු ගිලානො, තස්ස දජ්ජෙහි{2}. යො ච මං පුච්ඡති, ‘ගිලානාති පටිවෙදෙහී”ති. උත්තරාසඞ්ගෙන ඌරුං පවෙඨෙත්වා{3} ඔවරකං පවිසිත්වා මඤ්චකෙ නිපජ්ජි.
Sinhala BJT45. එවිට සුප්පියාඋපාසිකාවට “මස්රසය නො ලබන ඒ ගිලන් මහණහුගේ රෝගය හෝ වැඩෙන්නේ ය. කලුරිය කිරීම හෝ වන්නේ ය. මම යමක් දීමට පොරොන්දු දී එය නො යවන්නෙම් නම්, එය මට නුසුදුසු ය” යි මෙබඳු සිතෙක් වි ය. මස් කපන කැත්ත ගෙණ කලවා මස් කපා “කෙල්ල, මේ මස පිස සකස් කොට, අසවල් වෙහෙර ගිලන් මහණෙක් වේ. ඒ මහණහුට දෙව” යි දාසියට දුන්නී ය. “යමෙක් මා ගැණ විචාරා නම්, ගිලන් වූවා යි කියව” යි උතුරුසළුවෙන් කලවය වෙළාගෙණ ඔවරකයට (නිදනගෙට) ඇතුල් ව ඇඳෙහි හොත්තා ය.
Pali BJT46. අථ ඛො සුප්පියො උපාසකො ඝරං ගන්ත්වා දාසිං පුච්ඡි: “කහං සුප්පියා”ති. “එසය්ය{4} ඔවරකෙ නිපන්නා”ති. අථ ඛො සුප්පියො උපාසකො යෙන සුප්පියා උපාසිකා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා සුප්පියං උපාසිකං එතදවොච: “කිස්ස නිපන්නාසී”ති. ගිලානාම්හී”ති{5}. “කින්තෙ ආබාධො”ති. අථ ඛො සුප්පියා උපාසිකා සුප්පියස්ස උපාසකස්ස එතමත්ථං ආරොචෙසි.
Sinhala BJT46. ඉක්බිති සුප්පියඋපාසක තෙමේ ගෙට ගොස් “සුප්පියාව කොහි දැ”යි දාසිය විචාළේ ය. “ආර්‍ය්‍යය, නිදනගෙයි හෝ නී ය”. එවිට සුප්පියඋපාසක තෙමේ සුප්පියාඋපාසිකාව වෙතට ගියේ ය. ගොස් “කුමක් හෙයින් හෝනිහි දැ” යි සුප්පියාඋපාසිකාවගෙන් ඇසී ය. “මම ගිලන්මි”. “තීගේ ආබාධය කුමක් ද?” එවිට සුප්පියාඋපාසිකා තොමෝ සුප්පියඋපාසකයාහට මේ කාරණය කී ය.
Pali BJT47. අථ ඛො සුප්පියො උපාසකො “අච්ඡරියං වත භො! අබ්භුතං වත භො! යාව සද්ධායං සුප්පියා පසන්නා, යත්ර හි නාම අත්තනොපි මංසානි පරිච්චත්තානි, කිම්පනිමාය{6} අඤ්ඤං කිඤ්චි අදෙය්යං භවිස්සතී”ති හට්ඨො උදග්ගො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි.
Sinhala BJT47. ඉක්බිති සුප්පියඋපාසක තෙමේ “භවත්නි, අරුමයක! භවත්නි, පෙර නො වූවෙක! මේ සුප්පියාඋපාසිකාතොමෝ නිරවශේෂයෙන් ශ්‍රද්ධාවත් ය. නිරවශේෂයෙන් ප්‍රසන්න ය. තමන්ගේ ම මස් මෙසේ පරිත්‍යාග කරණ ලද නම්, මැය විසින් නො දිය හැකි වූ අන් කුමක් වන්නේ දැ” යි සතුටු වූයේ ඔදවැඩියේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්නේ ය.
Pali BJT48. එකමන්තං නිසින්නො ඛො සුප්පියො උපාසකො භගවන්තං එතදවොච: “අධිවාසෙතු මෙ භන්තෙ භගවා ස්වාතනාය භත්තං සද්ධිං භික්ඛුසඞ්ඝෙනා”ති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන. අථ ඛො සුප්පියො උපාසකො භගවතො අධිවාසනං විදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
Sinhala BJT48. පසෙක හුන් සුප්පියඋපාසක තෙමේ “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුසඞ්ඝයා සමග හෙටට මාගේ බත ඉවසා වදාරණ සේක්වා” යි භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළේ ය. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණිම්භාවයෙන් ඉවසූ සේක. ඉක්බිති සුප්පියඋපාසක තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට නික්ම ගියේ ය.
Pali BJT49. අථ ඛො සුප්පියො උපාසකො තස්සා රත්තියා අච්චයෙන පණීතං ඛාදනීයං භොජනීයං පටියාදාපෙත්වා භගවතො කාලං ආරොචාපෙසි: “කාලො භන්තෙ, නිට්ඨිතං භත්ත”න්ති. අථ ඛො භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය යෙන සුප්පියස්ස උපාසකස්ස නිවෙසනං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි සද්ධිං භික්ඛුසඞ්ඝෙන.
Sinhala BJT49. ඉක්බිති සුප්පියඋපාසක තෙමේ ඒ රැය ඉක්ම යෑමෙන් පසු ප්‍රණීත වූ කෑ යුතු දෙය බිදිය යුතු දෙය පිළියෙල කරවා “ස්වාමීනි, දැන් මේ කාල ය යි, බත නිමියේ ය” යි භාග්‍යවතුන් වහන්සේට සැළකරවී ය. එවිට භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරොවා පා සිවුරු ගෙණ සුප්පියඋපාසකයාගේ ගෙට වැඩි සේක. වැඩ භික්‍ෂුසඞ්ඝයා සමග පැණවූ අසුනෙහි හුන් සේක.
Pali BJT50. අථ ඛො සුප්පියො උපාසකො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතං ඛො සුප්පියං උපාසකං භගවා එතදවොච: “කහං සුප්පියා”ති. “ගිලානා භගවා”ති. “තෙන හි ආගච්ඡතූ”ති. “න භගවා උස්සහතී”ති. “තෙන හි පරිග්ගහෙත්වාපි ආනෙථා”ති. අථ ඛො සුප්පියො උපාසකො සුප්පියං උපාසිකං පරිග්ගහෙත්වා ආනෙසි. තස්සා, සහ දස්සනෙන භගවතො තාව මහාවණො රුළහො අහොසි සුච්ඡවිලොමජාතො.
Sinhala BJT50. ඉක්බිති සුප්පියඋපාසක තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක සිටියේ ය. භාග්‍යවතුන් වහන්සේ පසෙක සිටි සුප්පිය උපාසකයාගෙන් “සුප්පියාව කොහි දැ” යි අසා වදාළ සේක. “භාග්‍යවතුන් වහන්ස, (ඕ තොමෝ) ගිලන් වූවා ය” යි. “එසේ නම් මෙහි ඒවා” යි. “භාග්‍යවතුන් වහන්ස, නො හැකිය”. “එසේ නම් ඔසොවා ගෙණ එවු” යි. ඉක්බිති සුප්පියඋපාසක තෙමේ සුප්පියාඋපාසිකාව ඔසොවා ගෙනායේ ය. භාග්‍යවතුන් වහන්සේගේ දැකීම සමග ම ඇගේ ඒ මහත් වූ වණය ගොඩ වී මනා සිවි ඇත්තේ වි ය. ලොම් හටගත්තේ වි ය.
Pali BJT51. අථ ඛො සුප්පියො ච උපාසකො සුප්පියා ච උපාසිකා “අච්ඡරියං වත භො! අබ්භුතං වත භො! තථාගතස්ස මහිද්ධිකතා මහානුභාවතා, යත්ර හි නාම සහදස්සනෙන භගවතො තාව මහාවණො රූළ්හො භවිස්සති, සුච්ඡවිලොමජාතො”ති හට්ඨා උදග්ගා බුද්ධපමුඛං භික්ඛුසඞ්ඝං පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්ථා සන්තප්පෙත්වා සම්පවාරෙත්වා භගවන්තං භුත්තාවිං ඔනීතපත්තපාණිං එකමන්තං නිසීදිංසු. අථ ඛො භගවා සුප්පියං ච උපාසකං සුප්පියං ච උපාසිකං ධම්මියා කථාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සමුත්තෙජෙත්වා සම්පහංසෙත්වා උට්ඨායාසනා පක්කාමි.
Sinhala BJT51. එවිට සුප්පියඋපාසක තෙමේ ද සුප්පියාඋපාසිකා තොමෝ ද “භාග්‍යවතුන්ගේ දැකීම සමග එපමණ මහත් වූ වණය ගොඩ වූයේ මනා සිවි ඇත්තේ හටගත් ලොම් ඇත්තේ වී නම්, තථාගතයන් වහන්සේගේ ඒ මහත් ඍද්ධි ඇති බව මහත් අනුභාව ඇති බව, භවත්නි, අරුමයකි! භවත්නි, පුදුමයකි!” යි සතුටු වූවෝ ඔද වැඩියාහු බුද්ධප්‍රමුඛ භික්‍ෂුසඞ්ඝයා ප්‍රණීත වූ කෑ යුතු දෙයින් බිදියු යුතු දෙයින් සියතින් සතප්වා පවරා, වළඳා අවසන් කළ පාත්‍රයෙන් බැහැර කළ අත් ඇති භාග්‍යවතුන් වහන්සේ වෙත පසෙක හුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සුප්පියඋපාසකයා ද සුප්පියාඋපාසිකාව ද දැහැමි කතාවෙන් කරුණු දක්වා සමාදන් කරවා තියුණු කරවා සතුටු කරවා හුනස්නෙන් නැගිට වැඩි සේක.
Pali BJT52. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා භික්ඛූ පටිපුච්ඡි: “කො භික්ඛවෙ, සුප්පියං උපාසිකං මංසං විඤ්ඤාපෙසී”ති. එවං වුත්තෙ සො භික්ඛු භගවන්තං එතදවොච: “අහං ඛො භන්තෙ සුප්පියං උපාසිකං මංසං විඤ්ඤාපෙසි”න්ති. “ආහරියිත්ථ භික්ඛූ”ති. “ආහරියිත්ථ භගවා”ති. “පරිභුඤ්ජි ත්වං භික්ඛූ”ති. “පරිභුඤ්ජාහං{1} භගවා”ති. “පටිවෙක්ඛි ත්වං භික්ඛූ”ති. “නාහං භගවා පටිවෙක්ඛි”න්ති.
Sinhala BJT52. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කරුණෙහි භික්‍ෂුසඞ්ඝයා රැස් කරවා “මහණෙනි, කවරෙක් සුප්පියාඋපාසිකාව මස් විණවූයේ දැ” යි භික්‍ෂූන් විචාළ සේක. මෙසේ විචාළ කල්හි ඒ මහණ තෙමේ “ස්වාමීනි, මම සුප්පියා උපාසිකාව මස් විණ වූ (ඉල්ලූ) යෙමි” යි භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළේ ය. “මහණ, ගෙණෙනු ලැබී ද?” “භාග්‍යවතුන් වහන්ස, ගෙණෙනු ලැබී ය”. “මහණ, තෝ වැළඳූයෙහි ද?” “භාග්‍යවතුන් වහන්ස, මම වැළඳූයෙමි”. “මහණ තෝ ‘කිනම් මසක් දැ’ යි විචාළෙහි (විමසුවෙහි) ද?” “භාග්‍යවතුන් වහන්ස, මම නො විමසුවෙමි”.
Pali BJT53. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම ත්වං මොඝපුරිස, අප්පටිවෙක්ඛිත්වා මංසං පරිභුඤ්ජිස්සසි. මනුස්සමංසං ඛො තයා මොඝපුරිස, පරිභුත්තං. නෙතං මොඝපුරිස, අප්පසන්නානං වා පසාදාය -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “සන්ති භික්ඛවෙ, මනුස්සා සද්ධා පසන්නා. තෙහි අත්තනොපි මංසානි පරිච්චත්තානි. න භික්ඛවෙ, මනුස්සමංසං පරිභුඤ්ජිතබ්බං. යො පරිභුඤ්ජෙය්ය, ආපත්ති ථුල්ලච්චයස්ස. න ච භික්ඛවෙ, අප්පටිවෙක්ඛිත්වා මංසං පරිභුඤ්ජිතබ්බං. යො පරිභුඤ්ජෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT53. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ ගැරහූ සේක. “සිස් පුරුෂය, තෝ කෙසේ නම් නො විචාරා (පරීක්‍ෂා නො කොට) මස් වැළඳූයෙහි ද? සිස් පුරුෂය, තා විසින් වළඳන ලද්දේ මනුෂ්‍යමාංසයෙකි. සිස් පුරුෂය මෙය නො පැහැදුනවුන්ගේ පැහැදීම පිණිස හෝ නො වේ” යි –පෙ– ගරහා දැහැමි කතා කොට “මහණෙනි, ශ්‍රද්ධාවත් වූ ප්‍රසන්න වූ මනුෂ්‍යයෝ වෙති. ඔවුන් විසින් තමන්ගේ මස් ද පුදන ලද්දේ ය. මහණෙනි, මිනිස් මස් නො වැළඳිය යුතු ය. යමෙක් වළඳන්නේ නම්, ථුලසිඇවැත් වේ” යි භික්‍ෂූන් ට වදාළ සේක. “මහණෙනි, නො විචාරා මස් නො වැළඳිය යුතු ය. යමෙක් වළඳන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි.
Pali BJT54. තෙන ඛො පන සමයෙන රඤ්ඤො හත්ථී මරන්ති. මනුස්සා දුබ්භික්ඛෙ හත්ථිමංසං පරිභුඤ්ජන්ති. භික්ඛූනං පිණ්ඩාය චරන්තානං හත්ථිමංසං දෙන්ති. භික්ඛූ හත්ථිමංසං පරිභුඤ්ජන්ති. මනුස්සා උජ්ඣායන්ති, ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම සමණා සක්යපුත්තියා හත්ථිමංසං පරිභුඤ්ජිස්සන්ති. රාජඞ්ගං හත්ථී. සචෙ රාජා ජානෙය්ය, න තෙසං{1} අත්තමනො අස්සා”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ, හත්ථිමංසං පරිභුඤ්ජිතබ්බං. යො පරිභුඤ්ජෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT54. එකල්හි රජුගේ ඇත්තු මැරෙත්. මිනිස්සු දුර්භික්‍ෂයෙහි ඇත් මස් අනුභව කරත්. පිඬු සිඟා හැසිරෙණ භික්‍ෂූන්ට ඇත්මස් දෙත්. භික්‍ෂූහු ඇත්මස් වළඳත්. මිනිස්සු “ශාක්‍යපුත්‍රීය වූ ශ්‍රමණයෝ කෙසේ නම් ඇත්මස් වළඳත් ද? ඇත් තෙමේ රජුගේ සේනා අවයවයෙකි. රජ තෙමේ දන්නේ නම්, ඔවුන්ට සතුටු සිත් ඇත්තේ නො වන්නේය” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්, භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ඇත්මස් නො වැළඳිය යුතු ය. යමෙක් වළඳන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි.
Pali BJT55. තෙන ඛො පන සමයෙන රඤ්ඤො අස්සා මරන්ති. මනුස්සා දුබ්භික්ඛෙ අස්සමංසං පරිභුඤ්ජන්ති. භික්ඛූනං පිණ්ඩාය චරන්තානං අස්සමංසං දෙන්ති. භික්ඛූ අස්සමංසං පරිභුඤ්ජන්ති. මනුස්සා උජ්ඣායන්ති, ඛීයන්ති, විපාචෙන්ති: “කථං හි නාම සමණා සක්යපුත්තියා අස්සමංසං පරිභුඤ්ජිස්සන්ති. රාජඞ්ගං අස්සා. සචෙ රාජා ජානෙය්ය, න තෙසං අත්තමනො අස්සා”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ, අස්සමංසං පරිභුඤ්ජිතබ්බං. යො පරිභුඤ්ජෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT55. එකල්හි රජුගේ අශ්වයෝ මැරෙත්. මිනිස්සු දුර්භික්‍ෂයෙහි අශ්වමාංස අනුභව කරත්. පිඬු සිඟා හැසිරෙණ භික්‍ෂූන්ට අශ්වමාංස දෙත්. භික්‍ෂූහු අශ්වමාංස වළඳත්. මිනිස්සු “ශාක්‍යපුත්‍රීය වූ ශ්‍රමණයෝ කෙසේ නම් අශ්වමාංස වළඳත් ද? අශ්වයෝ රජුගේ සේනා අවයවයෙකි. රජ තෙමේ දන්නේ නම්, ඔවුන්ට සතුටු සිත් ඇත්තේ නො වන්නේ ය” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, අශ්වමාංස නො වැළඳිය යුතු ය. යමෙක් වළඳන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි.
Pali BJT56. තෙන ඛො පන සමයෙන මනුස්සා දුබ්භික්ඛෙ සුනඛමංසං පරිභුඤ්ජන්ති, භික්ඛූනං පිණ්ඩාය චරන්තානං සුනඛමංසං දෙන්ති. භික්ඛූ සුනඛමංසං පරිභුඤ්ජන්ති. මනුස්සා උජ්ඣායන්ති, ඛීයන්ති, විපාචෙන්ති: “කථං හි නාම සමණා සක්යපුත්තියා සුනඛමංසං පරිභුඤ්ජිස්සන්ති. ජෙගුච්ඡො සුනඛො පටික්කූලො”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ, සුනඛමංසං පරිභුඤ්ජිතබ්බං. යො පරිභුඤ්ජෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT56. එකල්හි මිනිස්සු දුර්භික්‍ෂයෙහි බලුමස් අනුභව කරත්. පිඬු සිඟා හැසිරෙණ භික්‍ෂූන්ට බලුමස් දෙත්. භික්‍ෂූහු බලුමස් වළඳත්, මිනිස්සු “ශාක්‍යපුත්‍රීය වූ ශ්‍රමණයෝ කෙසේ නම් බලුමස් වළඳත් ද? බලු තෙමේ නින්‍දිත ය. පිළිකුල් ය” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, බලුමස් නො වැළඳිය යුතු ය. යමෙක් වළඳන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි.
Pali BJT57. තෙන ඛො පන සමයෙන මනුස්සා දුබ්භික්ඛෙ අහිමංසං පරිභුඤ්ජන්ති, භික්ඛූනං පිණ්ඩාය චරන්තානං අහිමංසං දෙන්ති. භික්ඛූ අහිමංසං පරිභුඤ්ජන්ති. මනුස්සා උජ්ඣායන්ති, ඛීයන්ති, විපාචෙන්ති: “කථං හි නාම සමණා සක්යපුත්තියා අහිමංසං පරිභුඤ්ජිස්සන්ති. ජෙගුච්ඡො අහි පටිකූලො”ති.
Sinhala BJT57. එකල්හි මිනිස්සු දුර්භික්‍ෂයෙහි සර්‍පමාංස අනුභව කරත්, පිඬු සිඟා හැසිරෙණ භික්‍ෂූන්ට සර්‍පමාංස දෙත්. භික්‍ෂූහු සර්‍පමාංස වළඳත්. මිනිස්සු “ශාක්‍යපුත්‍රීය වූ ශ්‍රමණයෝ කෙසේ නම් සර්‍පමාංස වළඳත් ද? සර්‍පයා හිරිකිත ය. පිළිකුල් ය” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්.
Pali BJT58. සුඵස්සොපි{2} නාගරාජා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො සුඵස්සො නාගරාජා භගවන්තං එතදවොච: “සන්ති හි{3} භන්තෙ, නාගා අස්සද්ධා අප්පසන්නා. තෙ අප්පමත්තකෙහිපි භික්ඛූ විහෙඨෙය්යුං. සාධු භන්තෙ, අය්යා අහිමංසං න පරිභුඤ්ජෙය්යු”න්ති.
Sinhala BJT58. සුඵස්ස නාරජ තෙමේ ද භාග්‍යවතුන් වහන්සේ වෙත ගියේ ය. ගොස් භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක සිටියේ ය. පසෙක සිටියා වූ සුඵස්ස නාරජ තෙමේ “ස්වාමීනි, ශ්‍රද්ධා නැති නො පහන් නාගයෝ ඇත්තාහ. ඔහු ස්වල්පයකිනුදු භික්‍ෂූන් පෙළන්නාහු ය. ස්වාමීනි, ආර්‍ය්‍යයන් වහන්සේලා සර්‍පමාංස නො වළඳන්නාහු නම්, යෙහෙකැ” යි භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළේ ය.
Pali BJT59. අථ ඛො භගවා සුඵස්සං නාගරාජානං ධම්මියා කථාය සන්දස්සෙසි. සමුත්තෙජෙසි. සම්පහංසෙසි. අථ ඛො සුඵස්සො නාගරාජා භගවතා ධම්මියා කථාය සන්දස්සිතො සමාදපිතො සමුත්තෙජිතො සම්පහංසිතො භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
Sinhala BJT59. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සුඵස්ස නාරජු දැහැමි කතාවෙන් කරුණු දැක්වූ සේක. සමාදන් කරවූ සේක. තියුණු කරවූ සේක. සතුටු කරවූ සේක. ඉක්බිති සුඵස්ස නාරජ තෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කතාවෙන් කරණු දක්වන ලද්දේ සමාදන් කරවන ලද්දේ තියුණු කරවන ලද්දේ සතුටු කරවන ලද්දේ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට නික්ම ගියේ ය.
Pali BJT60. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “න භික්ඛවෙ, අහිමංසං පරිභුඤ්ජිතබ්බං. යො පරිභුඤ්ජෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT60. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට භික්‍ෂූන් ඇමතූ සේක. “මහණෙනි, සර්‍පමාංස නො වැළඳිය යුතු ය. යමෙක් වළඳන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි.
Pali BJT61. තෙන ඛො පන සමයෙන ලුද්දකා සීහං හන්ත්වා සීහමංසං පරිභුඤ්ජන්ති. භික්ඛූනං පිණ්ඩාය චරන්තානං සීහමංසං දෙන්ති. භික්ඛූ සීහමංසං පරිභුඤ්ජිත්වා අරඤ්ඤෙ විහරන්ති. සීහා මංසගන්ධෙන{1} භික්ඛූ පරිපාතෙන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ, සීහමංසං පරිභුඤ්ජිතබ්බං. යො පරිභුඤ්ජෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT61. එකල්හි වැද්දෝ සිංහයන් මරා සිංහමස් අනුභව කරත්. පිඬු සිඟා හැසිරෙණ භික්‍ෂූන්ට සිංහමස් දෙත්. භික්‍ෂූහු සිංහමස් වළඳා වනයෙහි වෙසෙත්. සිංහයෝ මස්ගඳින් භික්‍ෂූන් නසත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සිංහමස් නො වැළඳිය යුතු ය. යමෙක් වළඳන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි.
Pali BJT62. තෙන ඛො පන සමයෙන ලුද්දකා ව්යග්ඝං හන්ත්වා ව්යග්ඝ මංසං පරිභුඤ්ජන්ති. භික්ඛූනං පිණ්ඩාය චරන්තානං ව්යග්ඝමංසං දෙන්ති. භික්ඛූ ව්යග්ඝමංසං පරිභුඤ්ජිත්වා අරඤ්ඤෙ විහරන්ති. ව්යග්ඝා මංසගන්ධෙන{2} භික්ඛූ පරිපාතෙන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ, ව්යග්ඝමංසං පරිභුඤ්ජිතබ්බං. යො පරිභුඤ්ජෙය්ය, ආපත්ති දුක්කටස්සාති.
Sinhala BJT62. එකල්හි වැද්දෝ ව්‍යාඝ්‍රයන් නසා ව්‍යාඝ්‍රමස් අනුභව කරත්. පිඬු සිඟා හැසිරෙණ භික්‍ෂූන්ට ව්‍යාඝ්‍රමස් දෙත්. භික්‍ෂූහු ව්‍යාඝ්‍රමස් වළඳා වනයෙහි වෙසෙත්. ව්‍යාඝ්‍රයෝ මස්ගඳින් භික්‍ෂූන් නසත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ව්‍යාඝ්‍රමස් නො වැළඳිය යුතු ය. යමෙක් වළඳන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි.
Pali BJT63. තෙන ඛො පන සමයෙන ලුද්දකා දීපිං හන්ත්වා දීපිමංසං පරිභුඤ්ජන්ති. භික්ඛූනං පිණ්ඩාය චරන්තානං දීපිමංසං දෙන්ති. භික්ඛූ දීපිමංසං පරිභුඤ්ජිත්වා අරඤ්ඤෙ විහරන්ති. දීපි මංසගන්ධෙන{3} භික්ඛූ පරිපාතෙන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ දීපිමංසං පරිභුඤ්ජිතබ්බං. යො පරිභුඤ්ජෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT63. එකල්හි වැද්දෝ දිවියන් නසා දිවිමස් අනුභව කරත්. පිඬු සිඟා හැසිරෙණ භික්‍ෂූන්ට දිවිමස් දෙත්. භික්‍ෂූහු දිවිමස් වළඳා වනයෙහි වෙසෙත්. දිවියෝ මස්ගඳින් භික්‍ෂූන් නසත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, දිවිමස් නො වැළඳිය යුතු ය. යමෙක් වළඳන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි.
Pali BJT64. තෙන ඛො පන සමයෙන ලුද්දකා අච්ඡං හන්ත්වා අච්ඡමංසං පරිභුඤ්ජන්ති. භික්ඛූනං පිණ්ඩාය චරන්තානං අච්ඡමංසං දෙන්ති. භික්ඛූ අච්ඡමංසං පරිභුඤ්ජිත්වා අරඤ්ඤෙ විහරන්ති. අච්ඡා මංසගන්ධෙන{4} භික්ඛූ පරිපාතෙන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ, අච්ඡමංසං පරිභුඤ්ජිතබ්බං. යො පරිභුඤ්ජෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT64. එකල්හි වැද්දෝ වලසුන් නසා වලස්මස් අනුභව කරත්. පිඬු සිඟා හැසිරෙණ භික්‍ෂූන්ට වලස්මස් දෙත්. භික්‍ෂූහු වලස්මස් වළඳා වනයෙහි වෙසෙත්. වලස්සු මස්ගඳින් භික්‍ෂූන් නසත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, වලස්මස් නො වැළඳිය යුතු ය. යමෙක් වළඳන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි.
Pali BJT65. තෙන ඛො පන සමයෙන ලුද්දකා තරච්ඡං හන්ත්වා තරච්ඡමංසං පරිභුඤ්ජන්ති. භික්ඛූනං පිණ්ඩාය චරන්තානං තරච්ඡමංසං දෙන්ති. භික්ඛූ තරච්ඡමංසං පරිභුඤ්ජිත්වා අරඤ්ඤෙ විහරන්ති. තරච්ඡා මංසගන්ධෙන{5} භික්ඛූ පරිපාතෙන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ, තරච්ඡමංසං පරිභුඤ්ජිතබ්බං. යො පරිභුඤ්ජෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT65. එකල්හි වැද්දෝ කරබානාවලසුන් නසා කරබානාවලස්මස් අනුභව කරත්. පිඬු සිඟා හැසිරෙණ භික්‍ෂූන්ට කරබානාවලස්මස් දෙත්. භික්‍ෂූහු කරබානාවලස්මස් වළඳා වනයෙහි වෙසෙත්. කරබානා වලස්සු මස්ගඳින් භික්‍ෂූන් නසත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, කරබානාවලස්මස් නො වැළඳිය යුතු ය. යමෙක් වළඳන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි.
Pali BJTසුප්පියභාණවාරො දුතියො.
Sinhala BJTදෙවන සුප්පියබණවර.
Pali BJT1. අථ ඛො භගවා බාරාණසියං යථාභිරත්තං විහරිත්වා යෙන අන්ධකවින්දං තෙන චාරිකං පක්කාමි මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං අඩ්ඪතෙළසෙහි භික්ඛුසතෙහි.
Sinhala BJT1. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බරණැස්නුවර කැමැති තාක් කල් වාසය කොට අන්‍ධකවින්‍දය බලා එක්දහස්දෙසියපණසක් වූ මහත් භික්‍ෂුසඞ්ඝයා සමග චාරිකාවෙහි වැඩි සේක.
Pali BJT2. තෙන ඛො පන සමයෙන ජානපදා මනුස්සා බහුං ලොණම්පි තෙලම්පි තණ්ඩුලම්පි ඛාදනීයම්පි සකටෙසු ආරොපෙත්වා බුද්ධපමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස පිට්ඨිතො පිට්ඨිතො අනුබද්ධා{1} හොන්ති “යදා පටිපාටිං ලභිස්සාම, තදා භත්තං කරිස්සාමා”ති. පඤ්චමත්තානි ච විඝාසාදසතානි.
Sinhala BJT2. එකල්හි දනවුවැසි මිනිස්සු බොහෝ ලුණු ද තෙල් ද සහල් ද කෑ යුතු දෙය ද ගැල්වල නගා “යම් විටෙක පිළිවෙළ වාරය ලබන්නෙමු ද එවිට බත් පිළියෙල කරන්නෙමු” යි බුද්ධප්‍රමුඛභික්‍ෂුසඞ්ඝයාගේ පිටිපස ලුහු බැඳ ගියාහු වෙත්. පන්සියයක් පමණ ඉඳුල් කන්නෝ (සිඟන්නෝ) ද (මේ පිරිස හා) ගියහ.
Pali BJT3. අථ ඛො භගවා අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන අන්ධකවින්දං තදවසරි. අථ ඛො අඤ්ඤතරස්ස බ්රාහ්මණස්ස පටිපාටිං අලභන්තස්ස එතදහොසි: “අධිකානි{2} ඛො මෙ ද්වෙ මාසානි බුද්ධපමුඛං භික්ඛුසඞ්ඝං අනුබන්ධන්තස්ස ‘යදා පටිපාටිං ලභිස්සාමි, තදා භත්තං කරිස්සාමී’ති. න ච මෙ පටිපාටි ලබ්භති, අහං චම්හි එකකො{3}. බහු ච මෙ ඝරාවාසත්ථො හායති. යන්නූනාහං භත්තග්ගං ඔලොකෙය්යං, යං භත්තග්ගෙ නාස්ස, තං පටියාදෙය්ය”න්ති. අථ ඛො සො බ්රාහ්මණො භත්තග්ගං ඔලොකෙන්තො ද්වෙ නාද්දස: යාගුඤ්ච මධුගොළකඤ්ච.
Sinhala BJT3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පිළිවෙළින් චාරිකා කරණ සේක් අන්‍ධකවින්‍දයට වැඩි සේක. එකල්හි (බත්) පිළිවෙළ වාරය නො ලබන්නා වූ එක්තරා බමුණකුහට “යම් විටෙක පිළිවෙළ වාරය ලබන්නෙම් ද, එවිට බත් පිළියෙල කරන්නෙමි යි බුද්ධප්‍රමුඛභික්‍ෂුසඞ්ඝයා ලුහු බඳනා මට දෙමසකට වැඩියක් ඉක්ම ගියේ ය. මාහට බත් පිළිවෙළ වාරය නො ලැබේ. මම ද තනි වූයෙමි. මාගේ බොහෝ වූ ද ගෘහවාසය පිළිබඳ කටයුතු පිරිහෙයි. මම බත්හල බලන්නෙම් නම් යෙහෙක. බත්හලෙහි යමක් නො වන්නේ ද, එය පිළියෙල කරන්නෙමි’ යි මෙබඳු සිතක් උපන. එවිට ඒ බ්‍රාහ්මණ තෙමේ බත්හල බලන්නේ දෙකක් – කැඳත් මීපිඬුත් නො දුටුයේ ය.
Pali BJT4. අථ ඛො සො බ්රාහ්මණො යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං ආනන්දං එතදවොච: “ඉධ මෙ භො ආනන්ද, පටිපාටිං අලභන්තස්ස එතදහොසි: ‘අධිකානි ඛො මෙ ද්වෙ මාසානි බුද්ධපමුඛං භික්ඛුසඞ්ඝං අනුබන්ධන්තස්ස ‘යදා පටිපාටිං ලභිස්සාමි තදා භත්තං කරිස්සාමී’ති. න ච මෙ පටිපාටි ලබ්භති අහං චම්හි එකකො. බහු ච මෙ ඝරාවාසත්ථො හායති. යන්නූනාහං භත්තග්ගං ඔලොකෙය්යං, ‘යං භත්තග්ගෙ නාස්ස තං පටියාදෙය්ය’න්ති. සො ඛො අහං භො ආනන්ද, භත්තග්ගං ඔලොකෙන්තො ද්වෙ නාද්දසං: යාගුඤ්ච මධුගොළකඤ්ච. සචාහං භො ආනන්ද පටියාදෙය්යං යාගුඤ්ච මධුගොළකඤ්ච, පතිගණ්හෙය්ය මෙ භවං ගොතමො”ති. “තෙන හි බ්රාහ්මණ, භගවන්තං පටිපුච්ඡිස්සාමී”ති.
Sinhala BJT4. ඉක්බිති ඒ බ්‍රාහ්මණ තෙමේ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් වෙත ගියේ ය. ගොස් “පින්වත් ආනන්‍දස්ථවිරයන් වහන්ස, බත්වාරය නො ලබන්නා වූ ‘යම් විටෙක බත් වාරය ලබන්නෙම් ද, එවිට බත් පිළියෙල කරන්නෙමි’ යි බුද්ධප්‍රමුඛභික්‍ෂුසඞ්ඝයා ලුහු බඳනා මට දෙමසකට වැඩියක් ඉක්ම ගියේ ය. මාහට බත්වාරය නො ලැබේ. මම ද තනි වූයෙමි. මාගේ බොහෝ වූ ගෘහවාසය පිළිබඳ කටයුතු පිරිහෙයි. මම බත්හල බලන්නෙම් නම් යෙහෙක. බත්හලෙහි යමක් නො වන්නේ ද, එය පිළියෙල කරන්නෙමි’ යි මෙබඳු සිතක් උපන. පින්වත් ආනන්‍ද ස්ථවිරයන් වහන්ස, ඒ මම බත්හල බලන්නෙම් කැඳත් මීපිඬුත් යන දෙක නො දුටුයෙමි. පින්වත් ආනන්‍ද ස්ථවිරයන් වහන්ස, මම කැඳත් මීපිඬුත් පිළියෙල කරන්නෙම් නම්, භවත් ගෞතම තෙමේ මාගේ කැඳ හා මීපිඬු පිළිගන්නේ දැ” යි ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ගෙන් විචාළේ ය. “බ්‍රාහ්මණය, එසේ නම් භාග්‍යවතුන් වහන්සේගෙන් විචාරන්නෙමි”යි.
Pali BJT5. අථ ඛො ආයස්මා ආනන්දො භගවතො එතමත්ථං ආරොචෙසි. “තෙනහානන්ද, පටියාදෙතූ”ති. “තෙන හි බ්රාහ්මණ, පටියාදෙහී”ති. අථ ඛො සො බ්රාහ්මණො තස්සා රත්තියා අච්චයෙන පහූතං යාගුඤ්ච මධුගොළකඤ්ච පටියාදාපෙත්වා භගවතො උපනාමෙසි: “පතිගණ්හාතු මෙ භවං ගොතමො යාගුඤ්ච මධුගොළකඤ්චා”ති. “තෙන හි බ්රාහ්මණ, භික්ඛූනං දෙහී”ති. භික්ඛූ කුක්කුච්චායන්තා න පතිගණ්හන්ති. “පතිගණ්හාථ භික්ඛවෙ, පරිභුඤ්ජථා”ති.
Sinhala BJT5. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “ආනන්‍දය, එසේ නම් පිළියෙල කෙරේවා” යි. “බ්‍රාහ්මණය, එසේ නම් පිළියෙල කරව” යි. ඉක්බිති ඒ බ්‍රාහ්මණ තෙමේ ඒ රැය ඉක්ම යෑමෙන් පසු බොහෝ වූ කැඳත් මීපිඬුත් පිළියෙල කරවා “පින්වත් ගෞතම තෙමේ මාගේ කැඳත් මීපිඬුත් පිළිගණීවා” යි භාග්‍යවතුන් වහන්සේ වෙත එළවී ය. “බ්‍රාහ්මණය, එසේ නම් භික්‍ෂූන්ට දෙව“යි. භික්‍ෂූහු කුකුස් කරන්නෝ නො පිළිගණිත්. “මහණෙනි, පිළිගණිවු. වළඳවු” යි.
Pali BJT6. අථ ඛො සො බ්රාහ්මණො බුද්ධපමුඛං භික්ඛුසඞ්ඝං පහූතාය යාගුයා ච මධුගොළකෙන ච සහත්ථා සන්තප්පෙත්වා සම්පවාරෙත්වා භගවන්තං ධොතහත්ථං ඔනීතපත්තපාණිං එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො තං බ්රාහ්මණං භගවා එතදවොච “දස ඉමෙ බ්රාහ්මණ, ආනිසංසා යාගුයා,{4} යාගුං දෙන්තො ආයුං දෙති. වණ්ණං දෙති. සුඛං දෙති. බලං දෙති. පටිභානං දෙති. යාගු පීතා ඛුදං{5} පටිහන්ති{6}. පිපාසං පටිවිනෙති{7}. වාතං අනුලොමෙති. වත්ථිං සොධෙති. ආමාවසෙසං පාචෙති. ඉමෙ ඛො බ්රාහ්මණ, දසානිසංසා යාගුයා”ති
Sinhala BJT6. නැවැත. ඒ බ්‍රාහ්මණ තෙමේ බුද්ධප්‍රමුඛභික්‍ෂුසඞ්ඝයා බොහෝ වූ කැඳින් ද මීපිඬුවෙන් ද සියතින් සතප්වා වළඳවා, සේදූ අත් ඇති පාත්‍රයෙන් බැහැර කළ අත් ඇති භාග්‍යවතුන් වහන්සේ වෙත පසෙක හුන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ පසෙක හුන් ඒ බමුණාට “බ්‍රාහ්මණය, කැඳෙහි මේ ආනිසංස දසයෙක් වේ: කැඳ දෙන්නේ ආයුෂ දෙයි. වර්‍ණය දෙයි. සැපය දෙයි. බලය දෙයි. නුවණ දෙයි. පානය කළ කැඳ බඩගිනි නසයි. පිපාසාව දුරු කෙරෙයි. වාතය අනුලොම් කරයි. වස්තිය පිරිසිදු කරයි. නො පැසී ශේෂ වූ ආහාරය පැසවයි. බ්‍රාහ්මණය, කැඳෙහි මේ ආනිසංස දසය” යි වදාළ සේක.
Pali BJT7. යො සඤ්ඤතානං පරදත්තභොජිනං කාලෙන සක්කච්ච දදාති යාගුං, දසස්ස ඨානානි අනුප්පවෙච්ඡති ආයුඤ්ච වණ්ණඤ්ච සුඛං බලඤ්ච.
Sinhala BJT7. යමෙක් කායසංයමාදියෙන් යුත් අනුන් විසින් දුන්දෙය වළඳනසුලුවූවන්ට සුදුසු කාලයෙහි සකස් කොට කැඳ දේ ද, හෙතෙමේ ඔහුට අනුසස් (කරුණු) දසයක් දෙයි. ආයුෂය ද වර්‍ණය ද සැපය ද බලය ද (දෙයි.)
Pali BJT8. පටිභාණමස්ස උපජායතෙ තතො ඛුදං පිපාසං{1} ව්යපනෙති වාතං, සොධෙති වත්ථිං පරිණාමෙති භුත්තං{2} භෙසජ්ජමෙතං සුගතෙන වණ්ණිතං.
Sinhala BJT8. ඔහුට එයින් නුවණ උපදියි. (කැඳ) බඩසය හා පවස ද දුරු කෙරෙයි. වාතය දුරු කෙරෙයි. වස්තිය ශුද්ධ කෙරෙයි. වැළඳූදැය දිරවයි. මේ බුදුරජුන් විසින් වර්‍ණනා කරණ ලද බෙහෙතකි.
Pali BJT9. තස්මා හි යාගුං අලමෙව දාතුං; නිච්චං මනුස්සෙන සුඛත්ථිකෙන; දිබ්බානි වා පත්ථයතා{3} සුඛානි; මනුස්සසොභග්යතමිච්ඡතා{4} වාති.
Sinhala BJT9. එබැවින් සුව කැමැති වූ දිව්‍යසම්පත් හෝ පතන්නාවූ මනුෂ්‍ය සම්පත් හෝ කැමැත්තා වූ මිනිසා විසින් නිති කැඳ දන් දීම සුදුසු වේ ම ය.
Pali BJT10. අථ ඛො භගවා තං බ්රාහ්මණං ඉමාහි ගාථාහි අනුමොදිත්වා උට්ඨායාසනා පක්කාමි. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “අනුජානාමි භික්ඛවෙ, යාගුඤ්ච මධුගොළකඤ්චා”ති.
Sinhala BJT10. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ බමුණාට මේ ගාථාවන්ගෙන් අනුමෝදන් කොට හුනස්නෙන් නැගී වැඩි සේක. අනතුරු ව භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට භික්‍ෂූන් ඇමතූ සේක: “මහණෙනි, කැඳත් මීපිඬුත් අනුදනිමි” යි.
Pali BJT11. අස්සොසුං ඛො මනුස්සා “භගවතා කිර භික්ඛූනං{5} යාගු අනුඤ්ඤාතා මධුගොළකඤ්චා”ති. තෙ කාලස්සෙව භොජ්ජයාගුං පටියාදෙන්ති මධුගොළකඤ්ච. භික්ඛූ කාලස්සෙව භොජ්ජාය යාගුයා{6} ධාතා මධුගොළකෙන ච භත්තග්ගෙ න චිත්තරූපං භුඤ්ජන්ති.{7}
Sinhala BJT11. මිනිස්සු “භාග්‍යවතුන් වහන්සේ විසින් කැඳත් මීපිඬුත් අනුදන්නා ලදැ” යි ඇසූහ. ඔහු බුදිනකැඳ ද මීපිඬු ද උදෑසන ම පිළියෙල කෙරෙත්. භික්‍ෂූහු කලින් ම බුදිනකැඳින් ද මීපිඬුවෙන් ද තෘප්ත වූවෝ බත් (බොජුන්) හලෙහි දී සිත් සේ බත් නො වළඳත්,
Pali BJT12. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරෙන තරුණප්පසන්නෙන{8} මහාමත්තෙන ස්වාතනාය බුද්ධපමුඛො භික්ඛුසඞ්ඝො නිමන්තිතො හොති. අථ ඛො තස්ස තරුණප්පසන්නස්ස මහාමත්තස්ස එතදහොසි: “යන්නූනාහං අඩ්ඪතෙළසන්නං භික්ඛුසතානං අඩ්ඪතෙළසානි මංසපාතිසතානි පටියාදෙය්යං, එකමෙකස්ස භික්ඛුනො එකමෙකං මංසපාතිං උපනාමෙය්ය”න්ති. අථ ඛො සො තරුණප්පසන්නො මහාමත්තො තස්සා රත්තියා අච්චයෙන පණීතං ඛාදනීයං භොජනීයං පටියාදාපෙත්වා අඩ්ඪතෙළසානි ච මංසපාතිසතානි භගවතො කාලං ආරොචාපෙසි: “කාලො භන්තෙ, නිට්ඨිතං භත්ත”න්ති. අථ ඛො භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය යෙන තස්ස තරුණප්පසන්නස්ස මහාමත්තස්ස නිවෙසනං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි සද්ධිං භික්ඛුසඞ්ඝෙන.
Sinhala BJT12. එකල්හි එක්තරා අළුත පැහැදුනු මහඇමතියකු විසින් බුද්ධප්‍රමුඛ භික්‍ෂුසඞ්ඝ තෙමේ පවරණ ලද්දේ වේ. ඉක්බිති අළුත පැහැදුනු ඒ මහ ඇමතියාහට “මම එක්දහස්දෙසියපණසක් භික්‍ෂූන්ට එක්දහස්දෙසිය පණසක් මස්තලි පිළියෙල කරන්නෙම් නම්, එක එක මහණහුට එක එක මස්තලිය එළවන්නෙම් නම්, යෙහෙකැ” යි සිත් වි ය. ඉක්බිති අළුත පැහැදුනු ඒ මහඇමති තෙමේ ඒ රැය ඉක්ම යෑමෙන් පසු ප්‍රණීත වූ කෑ යුතු දෑ බිදිය යුතු දෑ එක්දහස්දෙසියපණසක් මස්තලි ද පිළියෙල කරවා “ස්වාමීනි, මේ කාලය යි. බත් නිමියේ” යි භාග්‍යවතුන් වහන්සේට කල් දැන්වී ය. එවිට භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරොවා පා සිවුරු ගෙණ අළුත පැහැදුනු ඒ මහඇමතියාගේ ගෙට වැඩි සේක. වැඩ භික්‍ෂුසඞ්ඝයා සමග පැණ වූ අසුනෙහි වැඩ හුන් සේක.
Pali BJT13. අථ ඛො සො තරුණප්පසන්නො මහාමත්තො භත්තග්ගෙ භික්ඛූ පරිවිසති. භික්ඛූ එවමාහංසු:– “ථොකං ආවුසො දෙහී”ති. “මා ඛො තුම්හෙ භන්තෙ, ‘අයං තරුණප්ලසන්නො මහාමත්තො’ති ථොකං ථොකං පතිගණ්හිත්ථ{9}. බහුං මෙ ඛාදනීයං භොජනීයං පටියත්තං, අඩ්ඪතෙළසානි{10} මංසපාතිසතානි. එකමෙකං මංසපාතිං උපනාමෙස්සාමී{11}. පතිගණ්හථ භන්තෙ යාවදත්ථ”න්ති. “න ඛො මයං ආවුසො එතංකාරණා ථොකං ථොකං පතිගණ්හාම, අපි ච මයං කාලස්සෙව භොජ්ජාය යාගුයා ධාතා මධුගොළකෙන ච. තෙන මයං ථොකං ථොකං පතිගණ්හාමා”ති.
Sinhala BJT13. ඉක්බිති අළුත පැහැදුනු ඒ මහඇමති තෙමේ බත්හලෙහි භික්‍ෂූන් වළඳවයි. භික්‍ෂූහු “ඇවැත්නි, ටිකක් දෙව, ඇවැත, ටිකක් දෙව” යි මෙසේ කීහ. “ස්වාමීනි, නුඹ වහන්සේලා ‘මේ තෙමේ අළුත පැහැදුනු මහඇමතියෙකැ’ යි ටික ටික නො පිළිගන්නා සේක්වා.” මා විසින් බොහෝ කෑ යුතු දෙය ද බිදිය යුතු දෙය ද පිළියෙල කරණ ලද්දේ ය. එක්දහස් දෙසියපණසක් මස්තලි එක එක එළවන්නෙම්. ස්වාමීනි, සෑහෙන පමණ පිළිගන්නා සේක්වා “ඇවැත්නි, මේ කරුණෙන් අපි ටික ටික පිළිගන්නමෝ නො වෙමු. අපි උදෑසන ම භෝජ්ජයාගුවෙන් ද මීපිඬුවෙන් ද සෑහුනෝ වම්හ. එහෙයින් අපි ටික ටික පිළිගණිමු”යි.
Pali BJT14. අථ ඛො සො තරුණපසන්නො මහාමත්තො උජ්ඣායති, ඛීයති විපාචෙති: “කථං හි නාම භදන්තා මයා නිමන්තිතා අඤ්ඤස්ස භොජ්ජයාගුං පරිභුඤ්ජිස්සන්ති. න චාහං පටිබලො යාවදත්ථං දාතු”න්ති කුපිතො අනත්තමනො ආසාදනාපෙක්ඛො භික්ඛූනං පත්තෙ පූරෙන්තො අගමාසි “භුඤ්ජථ වා. හරථ වා”ති.
Sinhala BJT14. ඉක්බිති තුරුණුපහන් ඒ මහඇමති තෙමේ “කෙසේ නම් ස්වාමීන් වහන්සේලා මා විසින් පවරණ ලද්දෝ අන්‍යයකුගේ බුදිනකැඳ වැළඳූහු ද? මම සෑහෙන පමණ දෙන්නට අපොහොසත් වෙම් දැ” යි අවමන් කෙරෙයි. නින්‍දා කෙරෙයි. දොස් කියයි. (මෙසේ) කිපියේ නො සතුටු සිත් ඇත්තේ චෝදනාවෙන් පෙළනු කැමැත්තේ “වළඳවු, නැතහොත් ගෙණ යවු” යි භික්‍ෂූන්ගේ පාත්‍ර පුරවමින් ගියේ ය.
Pali BJT15. අථ ඛො සො තරුණප්පසන්නො මහාමත්තො බුද්ධපමුඛං භික්ඛුසඞ්ඝං පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්ථා සන්තප්පෙත්වා සම්පවාරෙත්වා භගවන්තං භුත්තාවිං ඔනීතපත්තපාණිං එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො තං තරුණප්පසන්නං මහාමත්තං භගවා ධම්මියා කථාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සමුත්තෙජෙත්වා සම්පහංසෙත්වා උට්ඨායාසනා පක්කාමි.
Sinhala BJT15. ඉක්බිති තුරුණුපහන් ඒ මහඇමති තෙමේ බුද්ධප්‍රමුඛභික්‍ෂූ සංඝයා ප්‍රණීත වූ කෑ යුතු දෙයින් ද බිදිය යුතු දෙයින් ද සියතින් සතප්වා වළඳවා, වළඳා අවසන් කළ පාත්‍රයෙන් බැහැර කළ අත් ඇති භාග්‍යවතුන් වහන්සේ වෙත පසෙක හුන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ පසෙක හුන් තුරුණුපහන් ඒ මහඇමතියා දැහැමි කතාවෙන් කරුණු දක්වා සමාදන් කරවා තියුණු කරවා සතුටු කරවා හුනස්නෙන් නැගිට වැඩි සේක.
Pali BJT16. අථ ඛො තස්ස තරුණප්පසන්නස්ස මහාමත්තස්ස අචිරපක්කන්තස්ස භගවතො අහුදෙව කුක්කුච්චං. අහු විප්පටිසාරො: “අලාභා වත මෙ, න වත මෙ ලාභා, දුල්ලද්ධං වත මෙ, න වත මෙ සුලද්ධං, යොහං කුපිතො අනත්තමනො ආසාදනාපෙක්ඛො භික්ඛූනං පත්තෙ පූරෙන්තො අගමාසිං ‘භුඤ්ජථ වා හරථ වා’ති. කින්නු ඛො මයා බහුං පසුතං පුඤ්ඤං වා අපුඤ්ඤං වා?”ති.
Sinhala BJT16. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වැඩ නො බෝ වේලාවක දී තුරුණුපහන් ඒ මහඇමතියාහට “ඒ මම කිපියෙම් නො සතුටු සිත් ඇත්තෙම් චෝදනා කරණු කැමැත්තෙම් ‘වළඳවු, නැතහොත් ගෙණ යවු’ යි භික්‍ෂූන්ගේ පාත්‍ර පුරවමින් ගියෙම් ද, ඒ මාහට අලාභ ය. මාහට ලාභයෙක් නො වේ. මා විසින් අයහපතක් ලද්දේ ය. මා විසින් යහපතක් නො ලද්දේ ය. කිමෙක් ද, මා විසින් බොහෝ කුසල් හෝ අකුසල් හෝ රැස් කරණ ලද්දේ දැ?” යි කුකුසෙක් වූයේ ය. විපිළිසරෙක් වූයේ ය.
Pali BJT17. අථ ඛො සො තරුණප්පසන්නො මහාමත්තො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො තරුණප්පසන්නො මහාමත්තො භගවන්තං එතදවොච: “ඉධ මය්හං භන්තෙ අචිරපක්කන්තස්ස භගවතො අහුදෙව කුක්කුච්චං. අහු විප්පටිසාරො: ‘අලාභා වත මෙ, න වත මෙ ලාභා, දුල්ලද්ධං වත මෙ, න වත මෙ සුලද්ධං, යොහං කුපිතො අනත්තමනො ආසාදනාපෙක්ඛො භික්ඛූනං පත්තෙ පූරෙන්තො අගමාසිං ‘භුඤ්ජථ වා හරථ වා’ති. කින්නු ඛො මයා බහුං පසුතං පුඤ්ඤං වා අපුඤ්ඤං වා?”ති. කින්නු ඛො මයා භන්තෙ බහුං පසුතං, පුඤ්ඤං වා අපුඤ්ඤං වා?”ති. “යදග්ගෙන තයා ආවුසො, ස්වාතනාය බුද්ධපමුඛො භික්ඛුසඞ්ඝො නිමන්තිතො, තදග්ගෙන තෙ බහුං පුඤ්ඤං පසුතං. යදග්ගෙන තෙ එකමෙකෙන භික්ඛුනා එකමෙකං සිත්ථං පටිග්ගහිතං, තදග්ගෙන තෙ බහුං පුඤ්ඤං පසුතං. සග්ගා තෙ ආරද්ධා”ති.
Sinhala BJT17. ඉක්බිති තුරුණුපහන් ඒ මහඇමති තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙතට ගියේ ය. ගොස් භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්නේ ය. පසෙක හුන් තුරුණුපහන් ඒ මහඇමති තෙමේ “ස්වාමීනි, මෙහි භාග්‍යවතුන් වහන්සේ වැඩ නො බෝ වේලාවකින් මට – ‘යම්සේ මම කිපියෙම් නො සතුටු සිත් ඇත්තෙම් නින්‍දා කිරීම බලාපොරොත්තු වන්නෙම් ‘වළඳවු, නැත්නම් ගෙණ යවු’ යි භික්‍ෂුන්ගේ පාත්‍ර පුරවමින් ගියෙම් ද, ඒ මාහට අලාභ ය. මාහට ලාභයෙක් නො වේ. මා විසින් අයහපතක් ලද්දේ ය. මා විසින් යහපතක් නො ලද්දේ ය. කිමෙක් ද, මා විසින් බොහෝ කුසල් හෝ අකුසල් හෝ රැස් කරණ ලද්දේ දැ?” යි කුකුසෙක් වූයේ ය. විපිළිසරෙක් වූයේ ය. “ස්වාමීනි, කිම මා විසින් බොහෝ පින් හෝ පව් හෝ රැස් කරණ ලද දැ?” යි විචාළේ ය. ඇවැත, යම් දිනෙක පටන් තා විසින් හෙටට බුද්ධප්‍රමුඛ භික්‍ෂුසඞ්ඝ තෙමේ පවරණ ලද්දේ ද, එදින පටන් තා විසින් බොහෝ පින් රැස් කරණ ලද්දේ ය. යම් වේලක පටන් එක එක මහණහු විසින් තොපගේ එක එක බත්තුළ පිළිගන්නා ලද්දේ ද, එවේලෙහි පටන් තොප විසින් බොහෝ පින් රැස් කරණ ලද්දේ ය. තොප විසින් ස්වර්‍ගයෝ සතුටු කරණ ලද්දාහ” යි.
Pali BJT18. අථ ඛො සො තරුණප්පසන්නො මහාමත්තො “ලාභා කිර මෙ. සුලද්ධං කිර මෙ. බහුං කිර මයා පුඤ්ඤං පසුතං. සග්ගා කිර මෙ ආරද්ධා”ති හට්ඨො උදග්ගො උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා භික්ඛූ පටිපුච්ඡි: “සච්චං කිර භික්ඛවෙ භික්ඛූ අඤ්ඤත්ර නිමන්තිතා අඤ්ඤස්ස භොජ්ජයාගුං පරිභුඤ්ජන්තී”ති. “සච්චං භගවා”ති. විගරහි බුද්ධො භගවා: කථං හි නාම තෙ භික්ඛවෙ, මොඝපුරිසා අඤ්ඤත්ර නිමන්තිතා අඤ්ඤස්ස භොජ්ජයාගුං පරිභුඤ්ජිස්සන්ති. නෙතං භික්ඛවෙ, අප්පසන්නානං වා පසාදාය” -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “න භික්ඛවෙ, අඤ්ඤත්ර නිමන්තිතෙන අඤ්ඤස්ස භොජ්ජයාගු පරිභුඤ්ජිතබ්බා. යො පරිභුඤ්ජෙය්ය යථා ධම්මො කාරෙතබ්බො”ති.
Sinhala BJT18. ඉක්බිති තුරුණුපහන් ඒ මහඇමති තෙමේ “මට ලාභයෙක් ල. මා විසින් මොනවට ලද්දේ ල. මා විසින් බොහෝ පින් රැස් කරණ ලද්දේ ල. මා විසින් ස්වර්‍ගයෝ සතුටු කරණ ලද්දෝ ල” යි සතුටු වූයේ ඔදවැඩියේ හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට නික්ම ගියේ ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙහි භික්‍ෂුසඞ්ඝයා රැස් කරවා “මහණෙනි, අන් තැනක පවරණ ලද්දෝ අනෙකකුගේ බුදිනකැඳ වළඳත් ල යනු සැබෑ දැ” යි භික්‍ෂූන් විචාළ සේක. “භාග්‍යවතුන් වහන්ස, සැබෑ ය”. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ “මහණෙනි, කෙසේ නම් ඒ සිස් පුරුෂයෝ අන් තැනක පවරණ (ආරාධනා) ලද්දෝ අන්‍යයකුගේ බුදිනකැඳ වැළඳූවාහුදැයි ගැරහූ සේක. “මහණෙනි, මෙය නො පැහැදුනවුන්ගේ පැහැදීම පිණිස හෝ නො වේ” යි –පෙ– ගරහා දැහැමි කතා කොට “මහණෙනි, අන් තැනක පවරණ ලද්දහු විසින්, අනෙකකුගේ බුදිනකැඳ නො වැළඳිය යුතු ය. යමෙක් වළඳන්නේ නම්, ඇවැත් පරිදි කර විය යුතු ය” යි වදාළ සේක.
Pali BJT19. අථ ඛො භගවා අන්ධකවින්දෙ යථාභිරන්තං විහරිත්වා යෙන රාජගහං තෙන චාරිකං පක්කාමි මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං අඩ්ඪතෙළසෙහි භික්ඛුසතෙහි.
Sinhala BJT19. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අන්‍ධකවින්‍දයෙහි කැමැති තාක් වාසය කොට භික්‍ෂූන් එක් දහස් දෙසිය පණසක් වූ මහාභික්‍ෂුසඞ්ඝයා සමග රජගහනුවර බලා චාරිකාවෙහි වැඩි සේක.
Pali BJT20. තෙන ඛො පන සමයෙන බෙලට්ඨො කච්චානො රාජගහා අන්ධකවින්දං අද්ධානමග්ගප්පටිපන්නො හොති පඤ්චමත්තෙහි සකටසතෙහි සබ්බෙහෙව ගුළකුම්භපූරෙහි. අද්දසා ඛො භගවා බෙලට්ඨං කච්චානං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන මග්ගා ඔක්කම්ම අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ නිසීදි.
Sinhala BJT20. එකල්හි බෙලට්ඨකච්චාන තෙමේ රජගහනුවරින් අන්‍ධකවින්‍දය බලා උක්හකුරු කළවලින් ම පිරුණු පන්සියයක් පමණ ගැල් සමග දීර්‍ඝමාර්‍ගයට පිළිපන්නේ වේ. භාග්‍යවතුන් වහන්සේ එන්නා වූ බෙලට්ඨකච්චානයා දුර දී ම දුටු සේක. දැක මාර්‍ගයෙන් ඉවත් ව එක්තරා ගසක් මුල වැඩ හුන් සේක.
Pali BJT21. අථ ඛො බෙලට්ඨො කච්චානො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො බෙලට්ඨො කච්චානො භගවන්තං එතදවොච: “ඉච්ඡාමහං භන්තෙ එකමෙකස්ස භික්ඛුනො එකමෙකං ගුළකුම්භං දාතු”න්ති. “තෙන හි ත්වං කච්චාන, එකංයෙව ගුළකුම්භං ආහරා”ති. “එවං භන්තෙ”ති ඛො බෙලට්ඨො කච්චානො භගවතො පටිස්සුත්වා එකංයෙව ගුළකුම්භං ආදාය යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං එතදවොච: “ආහටො{1} භන්තෙ, ගුළකුම්භො. කථාහං භන්තෙ, පටිපජ්ජාමී”ති. “තෙන හි ත්වං කච්චාන, භික්ඛූනං ගුළං දෙහී”ති. “එවං, භන්තෙ”ති ඛො බෙලට්ඨො කච්චානො භගවතො පටිස්සුත්වා භික්ඛූනං ගුළං දත්වා භගවන්තං එතදවොච: “දින්නො භන්තෙ, භික්ඛූනං ගුළො. බහු චායං ගුළො අවසිට්ඨො. කථාහං භන්තෙ, පටිපජ්ජාමී”ති. “තෙන හි ත්වං කච්චාන, භික්ඛූනං ගුළං යාවදත්ථං දෙහී”ති. “එවං භන්තෙ”ති ඛො බෙලට්ඨො කච්චානො භගවතො පටිස්සුත්වා භික්ඛූනං ගුළං යාවදත්ථං දත්වා භගවන්තං එතදවොච: “දින්නො භන්තෙ, භික්ඛූනං ගුළො යාවදත්ථො. බහු චායං ගුළො අවසිට්ඨො. කථාහං භන්තෙ, පටිපජ්ජාමී”ති. “තෙන හි ත්වං කච්චාන, භික්ඛූ ගුළෙහි සන්තප්පෙහී”ති. “එවං, භන්තෙ”ති ඛො බෙලට්ඨො කච්චානො භගවතො පටිස්සුත්වා භික්ඛූ ගුළෙහි සන්තප්පෙසි. එකච්චෙ භික්ඛූ පත්තෙපි පූරෙසුං. පරිස්සාවනානිපි ථවිකායොපි පූරෙසුං.
Sinhala BJT21. එවිට බෙලට්ඨකච්චාන තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක සිටියේ ය. පසෙක සිටියා වූ බෙලට්ඨකච්චාන තෙමේ “ස්වාමීනි, මම එක එක මහණහුට එක එක උක්සකුරුකළයක් දීමට කැමැත්තෙමි” යි භාග්‍යවතුන් වහන්සේට සැළකෙළේ ය. “කච්චානය, එසේ නම්, තෝ එක ම උක්හකුරුකළයක් ගෙණ එව.” “ස්වාමීනි, එසේ ය” යි බෙලට්ඨකච්චාන තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී එක ම උක්හකුරුකළයක් ගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ “ස්වාමීනි, උක්හකුරු කළයක් ගෙණ එන ලද්දේ ය. ස්වාමීනි, මම කෙසේ පිළිපදිම් දැ” යි භාග්‍යවතුන් වහන්සේට සැළකෙළේ ය. “කච්චානය, එසේ නම්, තෝ භික්‍ෂූන්ට උක්හකුරු දෙව”. “ස්වාමීනි එසේ ය” යි බෙලට්ඨකච්චාන තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී භික්‍ෂූන්ට උක්හකුරු දී “ස්වාමීනි, භික්‍ෂූන්ට උක්හකුරු දෙන ලද්දේ ය. මේ බොහෝ උක්හකුරු ඉතිරි වූයේ ය. ස්වාමීනි, මම කුමක් කරම් දැ” යි භාග්‍යවතුන් වහන්සේට සැළකෙළේ ය. “කච්චානය, එසේ නම්, තෝ භික්‍ෂූන්ට උක්හකුරු සෑහෙන පමණ දෙව”. “ස්වාමීනි, එසේ ය” යි බෙලට්ඨකච්චාන තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී, භික්‍ෂූන්ට සෑහෙන පමණ උක්හකුරු දී “ස්වාමීනි, භික්‍ෂූන්ට සෑහෙන පමණ උක්හකුරු දෙන ලද්දේ ය. මේ බොහෝ උක්හකුරු ඉතිරි වූයේ ය. ස්වාමීනි, මම කුමක් කරම් දැ” යි භාග්‍යවතුන් වහන්සේට සැළකෙළේ ය. “කච්චානය, එසේ නම්, තෝ භික්‍ෂූන් උක්හකුරු වලින් සතප්පව”. “ස්වාමීනි එසේ ය” යි බෙලට්ඨකච්චාන තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී භික්‍ෂූන් උක්හකුරුවලින් සැතැප්වී ය. ඇතැම් භික්‍ෂූහු පාත්‍ර ද පිරවූහ. පෙරහන් ද පසුම්බි ද පිරවූහ.
Pali BJT22. අථ ඛො බෙලට්ඨො කච්චානො භික්ඛූ ගුළෙහි සන්තප්පෙත්වා භගවන්තං එතදවොච: “සන්තප්පිතා භන්තෙ භික්ඛූ ගුළෙහි. බහු චායං ගුළො අවසිට්ඨො. කථාහං භන්තෙ, පටිපජ්ජාමී”ති. “තෙන හි ත්වං කච්චාන විඝාසාදානං ගුළං දෙහී”ති. “එවං භන්තෙ”ති ඛො බෙලට්ඨො කච්චානො භගවතො පටිස්සුත්වා විඝාසාදානං ගුළං දත්වා භගවන්තං එතදවොච: “දින්නො භන්තෙ විඝාසාදානං ගුළො. බහු චායං ගුළො අවසිට්ඨො. කථාහං භන්තෙ, පටිපජ්ජාමී”ති. “තෙන හි ත්වං කච්චාන, විඝාසාදානං ගුළං යාවදත්ථං දෙහී”ති. “එවං භන්තෙ”ති ඛො බෙලට්ඨො කච්චානො භගවතො පටිස්සුත්වා විඝාසාදානං ගුළං යාවදත්ථං දත්වා භගවන්තං එතදවොච: “දින්නො භන්තෙ, විඝාසාදානං ගුළො යාවදත්ථො. බහු චායං ගුළො අවසිට්ඨො. කථාහං භන්තෙ, පටිපජ්ජාමී”ති. “තෙන හි ත්වං කච්චාන, විඝාසාදෙ ගුළෙහි සන්තප්පෙහී”ති. “එවං, භන්තෙ”ති ඛො බෙලට්ඨො කච්චානො භගවතො පටිස්සුත්වා විඝාසාදෙ ගුළෙහි සන්තප්පෙසි. එකච්චෙ විඝාසාදා කොලම්බෙපි ඝටෙපි පූරෙසුං, පිටකානිපි උච්ඡඞ්ගෙපි පූරෙසුං.
Sinhala BJT22. ඉක්බිති බෙලට්ඨකච්චාන තෙමේ භික්‍ෂූන් උක්හකුරුවලින් සතප්වා “ස්වාමීනි, භික්‍ෂූහු උක්හකුරුවලින් සතප්පන ලද්දාහු ය. මේ බොහෝ උක්හකුරු ඉතිරි වූයේ ය. ස්වාමීනි මම කුමක් කරම් දැ” යි භාග්‍යවතුන් වහන්සේට සැළකෙළේ ය. “කච්චානය එසේ නම්, තෝ ඉඳුල් කන්නන්ට (යාචකයන්ට) උක්හකුරු දෙව”. “ස්වාමීනි, එසේ ය” යි බෙලට්ඨකච්චාන තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී යාචකයන්ට උක්හකුරු දී “ස්වාමීනි, යාචකයන්ට උක්හකුරු දෙන ලද්දේ ය. මේ බොහෝ උක්හකුරු ඉතිරි වූයේ ය. ස්වාමීනි, මම කුමක් කරම් දැ” යි භාග්‍යවතුන් වහන්සේගෙන් ඇසී ය. “කච්චානය, එසේ නම්, තෝ යාචකයන්ට උක්හකුරු සෑහෙන පමණ දෙව.” “ස්වාමීනි, එසේ ය” යි බෙලට්ඨකච්චාන තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී යාචකයන්ට උක්හකුරු සෑහෙන පමණ දී “ස්වාමීනි, යාචකයන්ට උක්හකුරු සෑහෙන පමණ දෙන ලද්දේ ය. මේ බොහෝ උක් හකුරු ඉතිරි වූයේ ය. ස්වාමීනි, මම කුමක් කරම් දැ” යි භාග්‍යවතුන් වහන්සේ ගෙන් ඇසී ය. “කච්චානය, එසේ නම් තෝ යාචකයන් උක්සකුරුවලින් සතප්පව”, “ස්වාමීනි, එසේ ය” යි බෙලට්ඨකච්චාන තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දි යාචකයන් උක්හකුරුවලින් සැතැප්වීය. ඇතැම් යාචකයෝ මහසැළි ද කළ ද පැස් ද පුරවාගත්හ. ඔඩොක්කු ද පුරවාගත්හ.
Pali BJT23. අථ ඛො බෙලට්ඨො කච්චානො විඝාසාදෙ ගුළෙහි සන්තප්පෙත්වා භගවන්තං එතදවොච: “සන්තප්පිතා භන්තෙ විඝාසාදා ගුළෙහි. බහු චායං ගුළො අවසිට්ඨො. කථාහං භන්තෙ පටිපජ්ජාමී”ති.? “නාහං තං කච්චාන, පස්සාමි සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය යස්සෙසො ගුළො{1} පරිභුත්තො සම්මා පරිණාමං ගච්ඡෙය්ය අඤ්ඤත්ර තථාගතස්ස වා තථාගතසාවකස්ස වා. තෙන හි ත්වං, කච්චාන, තං ගුළං අප්පහරිතෙ වා ඡඩ්ඩෙහි. අප්පාණකෙ වා උදකෙ ඔපිලාපෙහී”ති. “එවං භන්තෙ”ති ඛො බෙලට්ඨො කච්චානො භගවතො පටිස්සුත්වා තං ගුළං අප්පාණකෙ උදකෙ ඔපිලාපෙසි{2}. අථ ඛො සො ගුළො උදකෙ පක්ඛිත්තො චිච්චිටායති චිටිචිටායති සන්ධූපායති{3} සම්පධූපායති. සෙය්යථාපි නාම ඵාලො දිවසසන්තත්තො{4} උදකෙ පක්ඛිත්තො චිච්චිටායති, චිටිචිටායති, සන්ධූපායති, සම්පධූපායති, එවමෙව සො ගුළො උදකෙ පක්ඛිත්තො චිච්චිටායති. චිටිචිටායති. සන්ධූපායති. සම්පධූපායති.
Sinhala BJT23. ඉක්බිති බෙලට්ඨකච්චාන තෙමේ යාචකයන් උක්හකුරුවලින් සතප්වා “ස්වාමීනි, යාචකයෝ උක්හකුරුවලින් සතප්පන ලද්දාහ. මේ බොහෝ උක්හකුරු ඉතිරි වූයේ ය. ස්වාමීනි, කුමක් කරම් දැ” යි භාග්‍යවතුන් වහන්සේගෙන් ඇසී ය. “කච්චානය, මම, යමකු විසින් මේ උක්හකුරු අනුභව කරණ ලද්දේ මැනවින් දිරවීමට යන්නේ ද, තථාගතයන් හෝ තථාගත ශ්‍රාවකයකු හෝ හැර එබන්දකු දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ ලෝකයෙහි ද, මහණබමුණන් සහිත වූ දෙවි මිනිසුන් සහිත වූ ප්‍රජාවෙහි ද, මම නො දක්මි. කච්චානය, එසේ නම්, තෝ ඒ උක්හකුරු තණකොළ නැති තැනක හෝ දමව. සතුන් නැති දියෙහි හෝ පා කොට හරුව”. “ස්වාමීනි, එසේ ය” යි බෙලට්ඨකච්චාන තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී ඒ උක්හකුරු සතුන් නැති දියෙහි පා කොට හැරියේ ය. දියෙහි ලූ ඒ උක්හකුරු චිටි චිටි යන හඬ නගයි. චිටි චිටි යන හඬ නගයි. හැම අතින් දුමයි. හැම අතින් වැඩියක් දුමයි. දවසක් රත් කළ සීවැලක් (නගුල් තලයක්) දියෙහි ලන ලද්දේ යම් සේ චිටි චිටි යන හඬ නගා ද, චිටි චිටි යන හඬ නගා ද, හාත්පසින් දුමා යේ ද, හාත්පසින් වැඩියක් දුමා යේ ද, එපරිද්දෙන් ම ඒ උක්හකුරු දියෙහි ලන ලද්දේ චිටි චිටි යන හඬ නගයි. චිටි චිටි යන හඬ නගයි. හාත්පසින් දුමයි. හාත්පසින් වැඩියක් දුමයි.
Pali BJT24. අථ ඛො බෙලට්ඨො කච්චානො සංවිග්ගො ලොමහට්ඨජාතො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නස්ස ඛො බෙලට්ඨස්ස කච්චානස්ස භගවා අනුපුබ්බීකථං කථෙසි. සෙය්යථිදං: දානකථං සීලකථං සග්ගකථං කාමානං ආදීනවං ඔකාරං සංකිලෙසං නෙක්ඛම්මෙ ආනිසංසං පකාසෙසි. යදා භගවා අඤ්ඤාසි බෙලට්ඨං කච්චානං කල්ලචිත්තං මුදුචිත්තං විනීවරණචිත්තං උදග්ගචිත්තං පසන්නචිත්තං, අථ යා බුද්ධානං සාමුක්කංසිකා ධම්මදෙසනා, තං පකාසෙසි. (සෙය්යථාපි නාම සුද්ධං වත්ථං අපගතකාළකං සම්මදෙව රජනං පටිගණ්හෙය්ය,) එවමෙව බෙලට්ඨස්ස කච්චානස්ස තස්මිංයෙව ආසනෙ විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි: යං කිඤ්චි සමුදයධම්මං, සබ්බං තං නිරොධධම්ම”න්ති.
Sinhala BJT24. ඉක්බිති හටගත් බිය ඇති හටගත් ලොමුදහගැණීම් ඇති බෙලට්ඨකච්චාන තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙතට ගියේ ය. ගොස් භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ පසෙක හුන් බෙලට්ඨකච්චානයාහට පිළිවෙළකතාව වදාළ සේක. එනම්: දානකථාව සීලකථාව ස්වර්‍ගකථාව ද කාමයන් දුක්බව ලාමකබව කෙලෙසීමට හේතුවන බව ද, පැවිද්දෙහි අනුසස් ද ප්‍රකාශ කළ සේක. යම් කලෙක භාග්‍යවතුන් වහන්සේ බෙලට්ඨකච්චානයා සුදුසු සිත් ඇත්තෙක, මොළොක් වූ සිත් ඇත්තෙක, නො හැකුළුණු සිත් ඇත්තෙක, ඔදවැඩි සිත් ඇත්තෙක, පහන් සිත් ඇත්තෙකැ යි දත් සේක් ද, එකල්හි බුදුවරයන්ගේ සාමුක්කංසික වූ යම් ධර්‍මදේශනාවක් වේ ද, දුඃඛසත්‍යය සමුදයසත්‍යය නිරෝධසත්‍යය මාර්‍ගසත්‍යය යන ඒ චතුරාර්‍ය්‍යසත්‍යය ප්‍රකාශ කළ සේක. [පිරිසිදු වූ පහ වූ කිලිටු ඇති වස්ත්‍රයක් මනා ව සායම් ගන්නේ යම් සේ ද,]. එපරිද්දෙන් ම බෙලට්ඨකච්චානයාහට ඒ අසුනෙහි දී ම “හටගැණීම ස්වභාවය කොට ඇති යම් කිසිවක් වේ ද, ඒ සියල්ල නිරුද්ධ වීම ස්වභාවය කොට ඇතැ” යි රාගාදීරජස් රහිත වූ පහ වූ කෙලෙස්මල ඇති සෝතාපත්තිමග්ගඤාණය පහළ වූයේ ය.
Pali BJT25. අථ ඛො බෙලට්ඨො කච්චානො දිට්ඨධම්මො පත්තධම්මො විදිතධම්මො පරියොගාළ්හධම්මො තිණ්ණවිචිකිච්ඡො විගතකථඞ්කථො වෙසාරජ්ජප්පත්තො අපරප්පච්චයො සත්ථුසාසනෙ භගවන්තං එතදවොච: “අභික්කන්තං භන්තෙ, අභික්කන්තං භන්තෙ, සෙය්යථාපි භන්තෙ, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විචරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය: චක්ඛුමන්තො රූපානි දක්ඛින්තී ති, එවමෙවං ඛො භගවතා අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං භන්තෙ භගවන්තං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකං මං භගවා ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගත”න්ති.
Sinhala BJT25. ඉක්බිති බෙලට්ඨකච්චාන තෙමේ දක්නා ලද දහම් ඇත්තේ පැමිණි දහම් ඇත්තේ අවබෝධ කළ දහම් ඇත්තේ වෙසෙසින් බැස ගත් දහම් ඇත්තේ දුරු කළ සැක ඇත්තේ පහ වූ කෙසේ කෙසේ දැ යි පැවැති සැක ඇත්තේ විශාරදභාවයට පැමිණියේ බුදුසස්නෙහි (අවබෝධය සඳහා) අනුන්ගේ උපකාරයක් (ඕනෑ) නැත්තේ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, ඉතා යහපත. ස්වාමීනි, ඉතා යහපත. ස්වාමීනි, යටිකුරු කරණ ලද්දක් යම් සේ උඩුකුරු කරන්නේ ද, වසන ලද්දක් යම් සේ විදහා පාන්නේ ද, මං මුළා වූවහුට යම් සේ මග කියන්නේ ද, ‘ඇස් ඇත්තෝ රූප දක්නාහු’ යි ගනඳුරෙහි තෙල්පහනක් යම් සේ දරන්නේ ද, එපරිද්දෙන් ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ක්‍රමයෙන් ධර්‍මය තෙමේ ප්‍රකාශ කරණ ලද්දේ ය. ස්වාමීනි, ඒ මම භාග්‍යවතුන් වහන්සේ ද නවලෝකෝත්තරධර්‍මය ද අෂ්ටාර්‍ය්‍යපුද්ගලභික්‍ෂුසඞ්ඝයා ද සරණ කොට යමි. භාග්‍යවතුන් වහන්සේ අද පටන් දිවිහිමි කොට සරණ ගියා වූ මා උපාසකයකු කොට දරණ සේක්වා” යි සැළකෙළේ ය.
Pali BJT26. අථ ඛො භගවා අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන රාජගහං තදවසරි. තත්ර සුදං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන රාජගහෙ ගුළො උස්සන්නො හොති. භික්ඛූ “ගිලානස්සෙව භගවතා ගුළො අනුඤ්ඤාතො. නො අගිලානස්සා”ති කුක්කුච්චායන්තා ගුළං න පරිභුඤ්ජන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, ගිලානස්ස ගුළං. අගිලානස්ස ගුළොදක”න්ති.
Sinhala BJT26. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පිළිවෙළින් චාරිකාවෙහි වඩිනා සේක් රජගහනුවරට වැඩි සේක. භාග්‍යවතුන් වහන්සේ එහි රජගහ නුවර කලන්‍දකනිවාපයෙහි වූ වේළුවනාරාමයෙහි වසන සේක. එකල්හි රජගහනුවර උක්හකුරු බහුල වේ. භික්‍ෂූහු “භාග්‍යවතුන් වහන්සේ විසින් ගිලනහුට ම උක්හකුරු අනුදන්නා ලද්දේ ය. නොගිලන් වූවහුට නො අනුදන්නා ලද්දේ ය” යි කුකුස් කරමින් උක්හකුරු නො වළඳත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ගිලන් වූවහුට උක්හකුරු ද, නො ගිලන් වූවහුට උක්හකුරුදිය (උක්හකුරු කලතා ගත් දිය) ද අනුදනිමි” යි.
Pali BJT27. අථ ඛො භගවා රාජගහෙ යථාභිරන්තං විහරිත්වා යෙන පාටලිගාමො තෙන චාරිකං පක්කාමි මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං, අඩ්ඪතෙළසෙහි භික්ඛුසතෙහි. අථ ඛො භගවා අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන පාටලිගාමො තදවසරි. අස්සොසුං ඛො පාටලිගාමිකා උපාසකා “භගවා කිර පාටලිගාමං අනුප්පත්තො”ති. අථ ඛො පාටලිගාමිකා උපාසකා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නෙ ඛො පාටලිගාමිකෙ උපාසකෙ භගවා ධම්මියා කථාය සන්දස්සෙසි. සමාදපෙසි. සමුත්තෙජෙසි. සම්පහංසෙසි. අථ ඛො පාටලිගාමිකා උපාසකා භගවතා ධම්මියා කථාය සන්දස්සිතා සමාදපිතා සමුත්තෙජිතා සම්පහංසිතා භගවන්තං එතදවොචුං: “අධිවාසෙතු නො භන්තෙ භගවා ආවසථාගාරං සද්ධිං භික්ඛුසඞ්ඝෙනා”ති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන.
Sinhala BJT27. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කැමැති තාක් කල් වාසය කොට පාටලිග්‍රාමය බලා එක්දහස්දෙසියපණසක් වූ මහාභික්‍ෂු සඞ්ඝයා සමග චාරිකාවෙහි වැඩි සේක. භාග්‍යවතුන් වහන්සේ පිළිවෙළින් චාරිකා කරණ සේක් පාටලිගමට වැඩි සේක. පාටලිගම්වැසි උපාසකයෝ භාග්‍යවතුන් වහන්සේ පාටලිගමට වැඩිසේක් ල” යි ඇසූහ. එවිට පාටලිගම් වැසි උපාසකයෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්හ. භාග්‍යවතුන් වහන්සේ පසෙක හුන් පාටලිගම්වැසි උපාසකයන් දැහැමි කතාවෙන් කරුණු දැක්වූහ. සමාදන් කරවූහ. තියුණු කර වූහ. සතුටු කරවූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කතාවෙන් කරුණු දක්වන ලද සමාදන් කරවන ලද තියුණු කරවන ලද සතුටු කරවන ලද පාටලිගම්වැසි උපාසකයෝ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, භික්‍ෂුසඞ්ඝයා සමග භාග්‍යවතුන් වහන්සේ අපගේ ආගන්තුකාගාරය පිළිගන්නා සේක්වා” යි (කීහ). භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණිම්භාවයෙන් ඉවසූ සේක.
Pali BJT28. අථ ඛො පාටලිගාමිකා උපාසකා භගවතො අධිවාසනං විදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා යෙන ආවසථාගාරං තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා සබ්බසන්ථරිං ආවසථාගාරං සන්ථරිත්වා ආසනානි පඤ්ඤපෙත්වා, උදකමණිකං පතිට්ඨාපෙත්වා තෙලප්පදීපං ආරොපෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො පාටලිගාමිකා උපාසකා භගවන්තං එතදවොචුං: “සබ්බසන්ථරිං සන්ථතං{1} භන්තෙ, ආවසථාගාරං. ආසනානි පඤ්ඤත්තානි. උදකමණිකො පතිට්ඨාපිතො. තෙලප්පදීපො ආරොපිතො. යස්සදානි භන්තෙ, භගවා කාලං මඤ්ඤතී”ති. අථ ඛො භගවා නිවාසෙත්වා පත්තචීවරං ආදාය සද්ධිං භික්ඛුසඞ්ඝෙන යෙන ආවසථාගාරං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පාදෙ පක්ඛාලෙත්වා ආවසථා ගාරං පවිසිත්වා මජ්ඣිමං ථම්භං නිස්සාය පුරත්ථාභිමුඛො නිසීදි. භික්ඛුසඞ්ඝොපි ඛො පාදෙ පක්ඛාලෙත්වා ආවසථාගාරං පවිසිත්වා පච්ඡිමං භිත්තිං නිස්සාය පුරත්ථාභිමුඛො නිසීදි භගවන්තංයෙව පුරක්ඛත්වා. පාටලිගාමිකාපි ඛො උපාසකා පාදෙ පක්ඛාලෙත්වා ආවසථාගාරං පවිසිත්වා පුරත්ථිමං භිත්තිං නිස්සාය පච්ඡිමාභිමුඛා නිසීදිංසු, භගවන්තංයෙව පුරක්ඛත්වා.
Sinhala BJT28. ඉක්බිති පාටලිගම්වැසි උපාසකයෝ භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට ආගන්තුකාගාරයට ගියහ. ගොස් ආගන්තුකාගාරය සියලු තැන අතුරා අසුන් පණවා මහදියබඳුනක් පිහිටුවා තෙල්පහන් නගා භාග්‍යවතුන් වහන්සේ වෙත ගියහ. ගොස් භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක සිටියහ. පසෙක සිටි පාටලිගම්වැසි උපාසකයෝ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, ආගන්තුකාගාරය සියලු තැන අතුරණ ලදී. අසුන් පණවන ලදී. දිය බඳුනක් තබන ලදී. තෙල්පහන් නගන ලදී. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ දැන් යමකට කල් බලාපොරොත්තු වන සේක් නම්, මේ ඊට කාල ය” යි සැළකළහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ හැඳ පොරොවා පාසිවුරු ගෙණ භික්‍ෂුසඞ්ඝයා සමග ආගන්තුකාගාරයට වැඩි සේක. වැඩ පා සෝදා ආගන්තුකාගාරයට පිවිස මැදකණුව නිසා පෙරදිගට මුහුණ දී වැඩ හුන් සේක. භික්‍ෂුසඞ්ඝ තෙමේ ද පා සෝදා ආගන්තුකාගාරයට පිවිස පැසුළු බිත්තිය නිසා පෙරදිගට මුහුණ දී භාග්‍යවතුන් වහන්සේ ම පෙරටු කොට හුන්නේ ය. පාටලිගම්වැසි උපාසකයෝ ද පා සෝදා ආගන්තුකාගාරයට ඇතුල් ව පෙරදිග බිත්තිය නිසා පැසුළු දිගට මුහුණ දී භාග්‍යවතුන් වහන්සේ ම පෙරටු කොට හුන්හ.