Mahāvagga

Great Division

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1501-1600 න් 2799

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT115. “එවං භන්තෙ”ති ඛො ආයස්මා සොණො ආයස්මතො මහාකච්චානස්ස පටිස්සුත්වා උට්ඨායාසනා ආයස්මන්තං මහාකච්චානං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා සෙනාසනං සංසාමෙත්වා පත්තචීවරං ආදාය යෙන සාවත්ථි තෙන පක්කාමි.
Sinhala BJT115. “එසේ ය, ස්වාමීනි” යි ආයුෂ්මත් සෝණ ස්ථවිර තෙමේ ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේට පිළිවදන් දී හුනස්නෙන් නැගිට ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට සෙනසුන තැන්පත් කොට තබා පාසිවුරු ගෙණ සැවැත් නුවරට ගියේ ය.
Pali BJT116. අනුපුබ්බෙන යෙන සාවත්ථි ජෙතවනං අනාථපිණ්ඩිකස්ස ආරාමො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. අථ ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: “ඉමස්ස ආනන්ද, ආගන්තුකස්ස භික්ඛුනො සෙනාසනං පඤ්ඤාපෙහී”ති.
Sinhala BJT116. පිළිවෙළින් (ගොස්) සැවැත්නුවර ජේතවනයෙහි අනේපිඬු සිටුහුගේ ආරාමය යම් තැනෙක ද, භාග්‍යවතුන් වහන්සේ යම් තැනක ද, එහි එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්නේ ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ට “ආනන්‍දය, මේ ආගන්තුක භික්‍ෂුහුහට සෙනසුනක් පණව” යි ඇමතූ සේක.
Pali BJT117. අථ ඛො ආයස්මා ආනන්දො “යස්ස ඛො මං භගවා ආණාපෙති ‘ඉමස්ස ආනන්ද, ආගන්තුකස්ස භික්ඛුනො සෙනාසනං පඤ්ඤාපෙහී’ති, ඉච්ඡති භගවා තෙන භික්ඛුනා සද්ධිං එකවිහාරෙ වත්ථුං. ඉච්ඡති භගවා ආයස්මතා සොණෙන සද්ධිං එකවිහාරෙ වත්ථු”න්ති යස්මිං විහාරෙ භගවා විහරති, තස්මිං විහාරෙ ආයස්මතො සොණස්ස සෙනාසනං පඤ්ඤාපෙසි.
Sinhala BJT117. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍දස්ථවිරයන් වහන්සේ “ආනන්‍දය, මේ ආගන්තුක භික්‍ෂූහුහට සෙනසුනක් පණව” යි භාග්‍යවතුන් වහන්සේ මට යමකු පිළිබඳ ව අණ කරණ සේක් ද, භාග්‍යවතුන් වහන්සේ ඒ මහණහු සමග එක වෙහෙර විසීම කැමැති සේක. භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් සෝණ තෙරුන් සමග එක වෙහෙර විසීම කැමැති සේකැ’ යි භාග්‍යවතුන් වහන්සේ යම් වෙහෙරක වසන සේක් නම්, ඒ වෙහෙරෙහි ආයුෂ්මත් සෝණ තෙරුන්ට සෙනසුන් පැණවූහ.
Pali BJT118. අථ ඛො භගවා බහුදෙව රත්තිං අජ්ඣොකාසෙ වීතිනාමෙත්වා විහාරං පාවිසි. ආයස්මාපි ඛො සොණො බහුදෙව රත්තිං අජ්ඣොකාසෙ වීතිනාමෙත්වා විහාරං පාවිසි.
Sinhala BJT118. එකල්හි භාග්‍යවතුන් වහන්සේ රෑ බොහෝ වේලාවක් එළිමහනෙහි කල් ගෙවා වෙහෙරට පිවිසි සේක. ආයුෂ්මත් සෝණ ස්ථවිර තෙමේ ද රෑ බොහෝ වේලාවක් එළිමහනෙහි කල් ගෙවා වෙහෙරට පිවිසියේ ය.
Pali BJT119. අථ ඛො භගවා රත්තියා පච්චූසසමයං පච්චුට්ඨාය ආයස්මන්තං සොණං අජ්ඣෙසි: “පටිභාතු තං භික්ඛු ධම්මො භාසිතු”න්ති. “එවං භන්තෙ”ති ඛො ආයස්මා සොණො භගවතො පටිස්සුණිත්වා සබ්බානෙව අට්ඨකවග්ගිකානි සරෙන අභාසි.
Sinhala BJT119. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රෑ අලුයම නැගී සිට සෝණ තෙරුන්ට “මහණ, තට දහම් දෙසීමට වැටහේවා” යි ආරාධනා කළ සේක. “එසේ ය, ස්වාමීනි,” යි ආයුෂ්මත් සෝණ ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී සියලු ම අෂ්ටකවර්‍ගයෙහි සූත්‍රයන්{*} මිහිරිහඩින් කීයේ ය.
Pali BJT120. අථ ඛො භගවා ආයස්මතො සොණස්ස සරභඤ්ඤපරියොසානෙ අබ්භනුමොදි: සාධු. සාධු. භික්ඛු. ‘සුග්ගහීතානි ඛො තෙ භික්ඛු, අට්ඨකවග්ගිකානි සුමනසිකතානි සූපධාරිතානි. කල්යාණියාසි{1} වාචාය සමන්නාගතො විස්සට්ඨාය, අත්ථස්ස විඤ්ඤාපනියා. කති වස්සොසි ත්වං භික්ඛූ?”ති. “එකවස්සො අහං භගවා”ති. “කිස්ස පන ත්වං භික්ඛු, එවං චිරං අකාසී?”ති. “චිරදිට්ඨො{2} මෙ භන්තෙ, කාමෙසු ආදීනවො. අපි ච සම්බාධා ඝරාවාසො{3} බහුකිච්චො බහුකරණීයො{4}”ති.
Sinhala BJT120. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් සෝණ තෙරුන්ගේ මිහිරි හඬින් (පෙළ අරුත්) කීම අවසන්හි වෙසෙසින් සතුටු වූ සේක. “මහණ, ඉතා මැනවි. මහණ, තා විසින් අෂ්ටකවර්‍ගයෙහි වූ සූත්‍රයෝ මනා සේ උගන්නා ලදහ. මනා සේ මෙනෙහි කරණ ලද්දාහු ය. මනා කොට විමසන ලද්දාහු ය. විශද වූ නිර්දෝෂ වූ අර්‍ත්‍ථය වෙසෙසින් හඟවන්නා වූ යහපත් වචනයෙන් යුක්ත වූයෙහි ය. මහණ, තෝ කෙතෙක් වස් ඇත්තේ වෙහි ද?” “භාග්‍යවතුන් වහන්ස, මම එක්වස් ඇත්තේ වෙමි” “මහණ, තෝ කුමක් නිසා මෙසේ බොහෝ කල් යැවූයෙහි ද?” “ස්වාමීනි, මා විසින් කාමයන් දුක්බව බොහෝ කලින් දක්නා ලද්දේ ය. එහෙත් ගිහිගෙයි විසීම අවකාශ රහිත ය. බොහෝ කෘත්‍යය ඇත්තේ ය. බොහෝ කටයුතු ඇත්තේ ය”.
Pali BJT121. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
Sinhala BJT121. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වේලෙහි මේ උදානය පහළ කළසේක:
Pali BJT“දිස්වා ආදීනවං ලොකෙ ඤත්වා ධම්මං නිරූපධිං, අරියො න රමති පාපෙ පාපෙ න රමතී සුචී” ති.
Sinhala BJT“සංස්කාරලෝකයෙහි අනිත්‍යාදිදෝෂය දැක උපධි රහිත වූ නිර්‍වාණධර්‍මය මගපල නුවණින් දැන ආර්‍ය්‍ය පුද්ගල තෙමේ පවෙහි නො ඇලෙයි. (ඒ එසේ මැයි) මාර්‍ගඵලලාභී විශුද්ධපුද්ගල තෙමේ පව්කම්හි නො ඇලේ” යි.
Pali BJT122. අථ ඛො ආයස්මා සොණො “පටිසම්මොදති ඛො මං භගවා. අයං ඛ්වස්ස කාලො යං මෙ උපජ්ඣායො පරිදස්සී”ති{1} උට්ඨායාසනා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා භගවතො පාදෙ සිරසා නිපතිත්වා භගවන්තං එතදවොච: “උපජ්ඣායො මෙ භන්තෙ, ආයස්මා මහාකච්චානො භගවතො පාදෙ සිරසා වන්දති. එවඤ්ච වදෙති:
Sinhala BJT122. ඉක්බිති ආයුෂ්මත් සෝණ ස්ථවිර තෙමේ “භාග්‍යවතුන් වහන්සේ මා හා, පිළිසඳර කතා කරණ සේක. මාගේ උපාධ්‍යාය තෙමේ යමක් දැන්වී ද, ඊට මේ කාලය වේ ය” යි හුනස්නෙන් නැගිට උතුරුසඟසිවුර එකස් කොට භාග්‍යවතුන් වහන්සේගේ පාමුල හිසින් වැටී භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකෙළේ ය: “ස්වාමීනි, මාගේ උපාධ්‍යාය වූ ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් හිසින් වඳිත්. මෙසේ ද කියත්:
Pali BJT123. “අවන්තිදක්ඛිණාපථො භන්තෙ, අප්පභික්ඛුකො. තිණ්ණං මෙ වස්සානං අච්චයෙන කිච්ඡෙන කසිරෙන තතො තතො දසවග්ගං භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා උපසම්පදං අලත්ථං. අප්පෙව නාම භගවා අවන්තිදක්ඛිණාපථෙ අප්පතරෙන ගණෙන උපසම්පදං අනුජානෙය්ය.
Sinhala BJT123. “ස්වාමීනි, අවන්තිදක්ඛිණාපථය භික්‍ෂූන් ස්වල්ප ගණනක් ඇති පෙදෙසෙකි. තුන් අවුරුද්දක් ඇවෑමෙන් ඉතා දුකින් ඒ ඒ දිශාවන්ගෙන් දශවර්ගික භික්‍ෂුසඞ්ඝයා රැස් කරවා (මම) මාගේ උපසම්පදාව ලැබීමි. භාග්‍යවතුන් වහන්සේ අවන්තිදක්ඛිණාපථයෙහි ඉතා ස්වල්ප වූ භික්‍ෂුගණයාගෙන් උපසපන් කිරීම අනුදන්නා සේක් නම්, යෙහෙක.”
Pali BJT124. “අවන්තිදක්ඛිණාපථෙ භන්තෙ, කණ්හුත්තරා භූමි ඛරා ගොකණ්ටකහතා. අප්පෙවනාම භගවා අවන්ති දක්ඛිණාපථෙ ගුණඞ්ගණූපාහනං අනුජානෙය්ය.
Sinhala BJT124. “ස්වාමීනි, අවන්තිදක්ඛිණාපථයෙහි මතුපිට කළුමැටි බහුල බිම රළු ය. ගවකුරවලින් කැඩුනේ ය.{*} භාග්‍යවතුන් වහන්සේ අවන්තිදක්ඛිණාපථයෙහි ගණඞ්‍ගණඋපාහනයන් අනුදන්නා සේක් නම්, යෙහෙක.”
Pali BJT125. “අවන්තිදක්ඛිණාපථෙ භන්තෙ, නහානගරුකා මනුස්සා උදකසුද්ධිකා. අප්පෙව නාම භගවා අවන්තිදක්ඛිණාපථෙ ධුවනහානං අනුජානෙය්ය.
Sinhala BJT125. “ස්වාමීනි, අවන්තිදක්ඛිණාපථයෙහි මිනිස්සු නෑම ගරු කරන්නෝ ය. උදකසුද්ධිය (දියෙන් පිරිසිදු බව) බලාපොරොත්තු වන්නෝ ය. භාග්‍යවතුන් වහන්සේ අවන්තිදක්ඛිණාපථයෙහි නිතර නෑම අනුදන්නා සේක් නම්, යෙහෙක.”
Pali BJT126. “අවන්තිදක්ඛිණාපථෙ භන්තෙ, චම්මානි අත්ථරණානි: එළකචම්මං අජචම්මං මිගචම්මං. සෙය්යථාපි භන්තෙ, මජ්ඣිමෙසු ජනපදෙසු එරගු මොරගු මජ්ජාරු ජන්තු, එවමෙව ඛො භන්තෙ අවන්තිදක්ඛිණාපථෙ චම්මානි අත්ථරණානි එළකචම්මං අජචම්මං මිගචම්මං. අප්පෙව නාම භගවා අවන්තිදක්ඛිණාපථෙ චම්මානි අත්ථරණානි අනුජානෙය්ය: එළකචම්මං අජචම්මං මිගචම්මං.”
Sinhala BJT126. “ස්වාමීනි, අවන්තිදක්ඛිණාපථයෙහි එළුසම් තිරෙළුසම් මුවසම් යන සම්ඇතිරි වේ. ස්වාමීනි, මධ්‍යමජනපදයෙහි එරගු මොරගු මජ්ජාරු ජන්තු{*} යන තෘණයෙන් කළ කළාල මෙන් ස්වාමීනි, අවන්තිදක්ඛිණාපථයෙහි එළුසම් තිරෙළුසම් මුවසම් යන සම් ඇතිරි වෙයි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ අවන්තිදක්ඛිණාපථයෙහි එළුසම් තිරෙළුසම් මුවසම් යන සම් ඇතිරි අනුදන්නා සේක් නම්, යෙහෙක.”
Pali BJT127. “එතරහි භන්තෙ, මනුස්සා නිස්සීමගතානං භික්ඛූනං චීවරං දෙන්ති: ‘ඉමං චීවරං ඉත්ථන්නාමස්ස දෙමා’ති. තෙ ආගන්ත්වා ආරොචෙන්ති: ‘ඉත්ථන්නාමෙහි තෙ ආවුසො මනුස්සෙහි චීවරං දින්න’න්ති. තෙ කුක්කුච්චායන්තා න සාදියන්ති ‘මා නො නිස්සග්ගියං අහොසී’ති. අප්පෙව නාම භගවා චීවරෙ පරියායං ආචික්ඛෙය්යා”ති.
Sinhala BJT127. “ස්වාමීනි, දැන් මිනිස්සු සීමාවෙන් බැහැර ගිය භික්‍ෂූන්ට ‘මේ සිවුර මෙනම් ඇත්තහුට දෙමු’ යි සිවුරු දෙත්. ඒ භික්‍ෂූහු අවුත් ‘ඇවැත්නි, මෙනම් ඇති මිනිසුන් විසින් තට සිවුරක් දෙන ලදැ’ යි කියත්. ඔහු කුකුස් කරන්නෝ ‘අපට නිසඟිපචිති නො වේවා’ යි{*} නො ඉවසත්. භාග්‍යවතුන් වහන්සේ සිවුරෙහි (පිළිපදිනා) ක්‍රමයක් වදාරණසේක් නම්, යෙහෙක” යනුයි.
Pali BJT128. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ, ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි. “අවන්තිදක්ඛිණාපථො භික්ඛවෙ, අප්පභික්ඛුකො. අනුජානාමි භික්ඛවෙ, සබ්බපච්චන්තිමෙසු ජනපදෙසු විනයධරපඤ්චමෙන ගණෙන උපසම්පදං.
Sinhala BJT128. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කරුණෙහි දැහැමිකතා කොට භික්‍ෂූන් ඇමතූ සේක: “මහණෙනි, අවන්තිදක්ඛිණාපථය භික්‍ෂූගණයාගෙන් හිඟ වූයේ ය. මහණෙනි, සියලු ප්‍රත්‍යන්තජනපදයන්හි විනයධරයා පස් වැනි කොට ඇති භික්‍ෂුගණයාගෙන් උපසපන් කිරීම අනුදනිමි” යි.
Pali BJT129. “තත්රිමෙ පච්චන්තිමා ජනපදා: පුරත්ථිමාය දිසාය කජඞ්ගලං{2} නාම නිගමො. තස්සාපරෙන{3} මහාසාලා. තතො පරා පච්චන්තිමා ජනපදා. ඔරතො මජ්ඣෙ. පුරත්ථිමදක්ඛිණාය දිසාය සල්ලවතී{4} නාම නදී. තතො පරා පච්චන්තිමා ජනපදා. ඔරතො මජ්ඣෙ. දක්ඛිණාය දිසාය සෙතකණ්ණිකං නාම නිගමො. තතො පරා පච්චන්තිමා ජනපදා. ඔරතො මජ්ඣෙ. පච්ඡිමාය දිසාය ථූණං නාම බ්රාහ්මණගාමො. තතො පරා පච්චන්තිමා ජනපදා, ඔරතො මජ්ඣෙ. උත්තරාය දිසාය උසීරද්ධජො නාම පබ්බතො. තතො පරා පච්චන්තිමා ජනපදා. ඔරතො මජ්ඣෙ. අනුජානාමි භික්ඛවෙ, එවරූපෙසු පච්චන්තිමෙසු ජනපදෙසු විනයධරපඤ්චමෙන ගණෙන උපසම්පදං.”
Sinhala BJT129. “මේ එහි ප්‍රත්‍යන්තජනපදයෝ ය:{*} (මහබෝමැඩට) පෙරදිගින් කජඞ්ගල නම් නියම්ගම ය. ඉන් පිටත මහාශාලයෝ ය. ඉන් ඔබ්බෙහි ප්‍රත්‍යන්තජනපදයෝ ය. ඉන් මොබ මධ්‍යදේශය යි. පූර්‍වදක්‍ෂිණ දිශාවෙන් (ගිනිකොණින්) සලලවතී නම් ගඞ්ගාව ය. ඉන් ඔබ්බෙහි ප්‍රත්‍යන්තජනපදයෝ ය. ඉන් මොබ මධ්‍යදේශය යි. දකුණුදිගින් ශ්වේතකර්ණිකා නම් නියම්ගම ය. ඉන් ඔබ්බෙහි ප්‍රත්‍යන්තජනපදයෝ ය. ඉන් මොබ මධ්‍යදේශය යි. බස්නාහිරිදිගින් ථූණ නම් බමුණුගම ය. ඉන් ඔබ්බෙහි ප්‍රත්‍යන්නතජනපදයෝ ය. ඉන් මොබ මධ්‍යදේශය යි. උතුරුදිගින් උශිරධ්වජ නම් පර්‍වත ය යි. ඉන් ඔබ්බෙහි ප්‍රත්‍යන්තජනපදයෝ ය. ඉන් මොබ මධ්‍යදේශ ය යි. මහණෙනි, මෙබඳු ප්‍රත්‍යන්තජනපදයන්හි විනයධරයා පස් වැනි කොට ඇති භික්‍ෂුගණයාගෙන් උපසපන් කිරීම අනුදනිමි” යි.
Pali BJT130. “අවන්තිදක්ඛිණාපථෙ භික්ඛවෙ, කණ්හුත්තරා භූමි ඛරා ගොකණ්ටකහතා. අනුජානාමි භික්ඛවෙ, සබ්බපච්චන්තිමෙසු ජනපදෙසු ගණඞ්ගණූපාහනං.”
Sinhala BJT130. “මහණෙනි, අවන්තිදක්ඛිණාපථයෙහි මතුපිට කළු මැටි බහුල බිම ගවකුරයෙන් කැඩුනී රළු ය. මහණෙනි, සියලු ප්‍රත්‍යන්තජනපදයන්හි පටගණන් ඇති ඝන වහන් (දැරීම) අනුදනිමි” යි.
Pali BJT131. “අවන්තිදක්ඛිණාපථෙ භික්ඛවෙ, නහානගරුකා මනුස්සා උදකසුද්ධිකා. අනුජානාමි භික්ඛවෙ, සබ්බපච්චන්තිමෙසු ජනපදෙසු ධුවනහානං.”
Sinhala BJT131. “මහණෙනි, අවන්තිදක්ඛිණාපථයෙහි මිනිස්සු නෑම ගරු කොට ගත්තෝ ය. දියෙන් පිරිසිදු වීම කැමැත්තෝ ය. මහණෙනි, සියලු ප්‍රත්‍යන්තජනපදයන්හි නිතර නෑම අනුදනිමි” යි.
Pali BJT132. “අවන්තිදක්ඛිණාපථෙ භික්ඛවෙ, චම්මානි අත්ථරණානි: එළකචම්මං අජචම්මං මිගචම්මං සෙය්යථාපි භික්ඛවෙ, මජ්ඣිමෙසු ජනපදෙසු එරගු මොරගු මජ්ජාරු ජන්තු, එවමෙව ඛො භික්ඛවෙ, අවන්තිදක්ඛිණාපථෙ චම්මානි අත්ථරණානි: එළකචම්මං අජචම්මං මිගචම්මං. අනුජානාමි භික්ඛවෙ, සබ්බපච්චන්තිමෙසු ජනපදෙසු චම්මානි අත්ථරණානි: එළකචම්මං අජචම්මං මිගචම්මං.”
Sinhala BJT132. “මහණෙනි, අවන්තිදක්ඛිණාපථයෙහි එළුසම් තිරෙළුසම් මුවසම් යන සම් ඇතිරි වේ. මහණෙනි, මධ්‍යමජනපදයන්හි එරගු මොරගු මජ්ජාරු ජන්තු යන තෘණයන්ගෙන් කළ කළාල සේ මහණෙනි, අවන්තිදක්ඛිණාපථයෙහි එළුසම් තිරෙළුසම් මුවසම් යන සම් ඇතිරි වේ. මහණෙනි, සියලු ප්‍රත්‍යන්තජනපදයන්හි එළුසම් තිරෙළුසම් මුවසම් යන සම් ඇතිරි අනුදනිමි” යි.
Pali BJT133. “ඉධ පන භික්ඛවෙ, මනුස්සා නිස්සීමගතානං භික්ඛූනං චීවරං දෙන්ති: ‘ඉමං චීවරං ඉත්ථන්නාමස්ස දෙමා’ති. අනුජානාමි භික්ඛවෙ, සාදියිතුං{1}. න තාව තං ගණනූපගං යාව න හත්ථං ගච්ඡතී”ති.
Sinhala BJT133. “මහණෙනි, මෙහි මිනිස්සු සීමාවෙන් බැහැර ගිය භික්‍ෂූන්ට ‘මේ සිවුර මෙනම් ඇත්තහුට දෙමු’ යි සිවුරු දෙත්. මහණෙනි, ඉවසන්ට අනුදනිමි. යම් තාක් කල් ඒ අත්පත් නොවේ ද, ඒ තාක් කල් ගණනට නො ගැණේ යි” වදාළ සේක.
Pali BJTචම්මක්ඛන්ධකො නිට්ඨිතො පංචමො.
Sinhala BJTපස්වන චම්මක්ඛන්‍ධකය නිමි.
Pali BJTඉමම්හි ඛන්ධකෙ වත්ථූ තෙසට්ඨි.
Sinhala BJTමේ ඛන්‍ධකයෙහි වස්තු තෙසැටෙකි.
Pali BJTතස්ස උද්දානං:
Sinhala BJTඑහි උද්දානය (වස්තුනාමාවලිය) මෙසේ ය:
Pali BJT1. රාජා ච මාගධො සොණො අසීතිසහස්සිස්සරො, සාගතො ගිජ්ඣකූටම්හි බහුං දස්සෙසි උත්තරිං{1}.
Sinhala BJT1. මගධාධිපති බිම්බිසාර තෙමේ ය. සෝණසිටු තෙමේ ය. අසූදහසක් ගම්දෙටුහු ය. සාගතස්ථවිර තෙමේ ගිජුකුළුපව්වෙහි බොහෝ උතුරු මිනිස්දම් දැක් වී ය.
Pali BJT2. පබ්බජ්ජාරද්ධභිජ්ජිංසු වීණං එකපලාසිකං, නීලා පීතා ලොහිතිකා{2} මඤ්ජෙට්ඨා කණ්හමෙව ච.
Sinhala BJT2. සෝණසිටුගේ පැවිද්ද හා අධිකවීර්‍ය්‍යය නිසා පතුල් පැළිම, වෙණ වැයීම, එක්පට වහන් අනුදැනීම, නිල්වන් වහන්, රන්වන් වහන්, රතුවහන්, මදටියවන් වහන්, කළුවහන්–
Pali BJT3. මහාරඞ්ගා මහානාමා වට්ටිකා ච{3} පටික්ඛිපි; ඛල්ලිකා{4} පුට පාළී ච තූලතිත්තිරමෙණ්ඩජා.
Sinhala BJT3. පතඟිවන් වහන්, මුසුපැහැති වහන්, නිල්වන් ඈ වරපට ඇති වහන් යන මේ වහන් ප්‍රතික්‍ෂේප කිරීම, විලුඹ වසා කළ වහන්, කෙණ්ඩා වැසෙන සේ කළ වහන්, පිටිපා වසාලන වහන්, පුලුන් පුරවා කළ වහන්, තිත්වටුපියාපත් පිරියමින් විසිතුරු කොට කළ වහන්, බැටලුඅං සටහන් වර ඇති වහන්, එළුඅං සටහන් වර ඇති වහන්–
Pali BJT4. විච්ඡිකා මොරචිත්රා ච{5} සීහබ්යග්ඝා ච දීපිකා, අජිනුද්දා මජ්ජාරී ච කාළොලුක{6} පරික්ඛටා.
Sinhala BJT4. ගෝනුසුනගුටුසටහන් වර ඇති වහන්, මොනරවිල් වහන්, විසිතුරු වහන්, සිහසමින් කළ වහන්, වගසමින් කළ වහන්, අඳුන්දිවිසමින් කළ වහන්, දියබලුසමින් කළ වහන්, බළල්සමින් කළ වහන්, ලේනසමින් කළ වහන්, බකමූණු පිහාටුවලින් කළ වහන් ප්‍රතික්‍ෂේප කිරීම–
Pali BJT5. ඵලිතූපාහනා{7} ඛීලා ධොතඛාණුඛටඛටා, තාලවෙළුතිණඤ්චෙ ව මුඤ්ජබබ්බජහින්තලා{8}.
Sinhala BJT5. පැළුනු පතුල් ඇති මහණකු නිසා වහන් අනුදැනීම, පට කිහිපයකින් යුත්වහන් අනුදැනීම, සවගමහණුන් නිසා ආරාමය තුළ වහන් දැරීම තහනම් කිරීම, පාදඛීලාබාධය, සේදූ පාදය, උල් ඇණිම, ඛට ඛට යන ශබ්දයෙන් යුත් පාදුකා දැරීම, තල්කොළ, උණකොළ, තණකොළ පාදුකා, මුදුතණ, බබුස්තණ, කිතුල්කොළ යන මෙයින් කළ පාදුකා ප්‍රතික්‍ෂේප කිරීම–
Pali BJT6. කමලකම්බලසොවණ්ණා රූපිකා මණි වෙළුරි, ඵළිකා කංසකාචා ච තිපු සීසඤ්ච තම්බකා.
Sinhala BJT6. කමලතණ, පලස් පාදුකා, රන්, රිදී, මැණික්, වෙරළුමිණි, පළිඟු, කස්ලෝහ, කදාමිණි, සුදුඊයම්, කළුඊයම්, තඹලෝහෝ, යන මෙයින් කළ පාදුකා ප්‍රතික්‍ෂේප කිරීම–
Pali BJT7. ගාවී යානං ගිලානො ච පුරිසායුත්තං{9} සිවිකා, සයනානි මහාචම්මා, ගොචම්මෙහි ච පාපකො.
Sinhala BJT7. ගඟින් එතරවන දෙනුන්, යානාව, ගිලනා, පිරිමිසතුන් යෙදූ යානාවන්, සිවිකා, හිදොළු, මහසම්, ගෙරිසම්, පවිටුමහණ යන මොවුන් පිළිබඳ වස්තු–
Pali BJT8. ගිහීනං චම්මවද්ධෙහි පවිසන්ති ගිලානකා{10} මහාකච්චායනො සොණො, සරෙනට්ඨකවග්ගිකං{11}.
Sinhala BJT8. ගිහින් සතු සම්වෙලූ අසුන්, සම්බැඳි වෙහෙර හිඳීම, (වහන් පය ලා ගම්) වැඳීම, ගිලන්හු, මහාකාත්‍යායන ස්ථවිර තෙමේ, සෝණස්ථවිර තෙමේ, මිහිරිහඬින් අෂ්ටක වර්‍ග සූත්‍ර දෙසීම–
Pali BJT9. උපසම්පදං පඤ්චහි ගණඞ්ගණා ධුවසිනායනා{12}, චම්මත්ථරණානුඤ්ඤාසි න තාව ගණනූපගං; අදාසි’ මෙ වරෙ පඤ්ච සොණත්ථෙරස්ස නායකොති.
Sinhala BJT9. පංචවර්ගිකභික්‍ෂූන් විසින් උපසපන් කිරීම, තුන් පටින් වැඩි පට ඇති වහන් දැරීම, නිත්‍යාස්නානය, සම්ඇතිරි, අත්පත් වන තෙක් ගණන් නො ගැණෙන සිවුරු ඉවසීම ද අනුදත් සේක. නායක වූ බුදුරජානන් වහන්සේ සෝණ තෙරුන්ට මේ වර පස දුන් සේක.
Pali BJTවිනයපිටකෙ
Sinhala BJTවිනයපිටකයෙහි
Pali BJTමහාවග්ගපාළියා
Sinhala BJTමහවග
Pali BJTදුතියො භාගො
Sinhala BJTද්විතීය භාගය
Pali BJTනමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස.
Sinhala BJTඒ භාග්‍යවත් අර්‍හත් සම්මාසම්බුදුරජානන් වහන්සේට නමස්කාර වේවා.
Pali BJT6.
Sinhala BJT6.
Pali BJTභෙසජ්ජක්ඛන්ධකං
Sinhala BJTභේසජ්ජක්ඛන්‍ධකය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන භික්ඛූනං සාරදිකෙන ආබාධෙන ඵුට්ඨානං යාගුපි පීතා උග්ගච්ඡති. භත්තම්පි භුත්තං උග්ගච්ඡති. තෙ තෙන කිසා හොන්ති ලූඛා දුබ්බණ්ණා උප්පණ්ඩුප්පණ්ඩුකජාතා ධමනිසන්ථතගත්තා. අද්දසා ඛො භගවා තෙ භික්ඛූ කිසෙ ලූඛෙ දුබ්බණ්ණෙ උප්පණ්ඩුප්පණ්ඩුකජාතෙ ධමනිසන්ථතගත්තෙ. දිස්වාන ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: “කින්නුඛො ආනන්ද එතරහි භික්ඛූ කිසා ලූඛා දුබ්බණ්ණා උප්පණ්ඩුප්පණ්ඩුකජාතා, ධමනිසන්ථතගත්තා?”ති.
Sinhala BJT1. එකල්හි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ සැවැත්නුවර ජේතවනයෙහි වූ අනේපිඬුසිටුහුගේ ආරාමයෙහි වාසය කරණ සේක. එකල්හි ශරත්කාලයෙහි හටගත් පිත්තරෝගයෙන් පහස්නා ලද භික්‍ෂූන්හට බොන ලද කැඳ ද (නො දිරීමෙන්) නැගෙයි. අනුභව කළ බත් ද (නො දිරීමෙන්) නැගෙයි. ඒ හේතුවෙන් ඒ භික්‍ෂූහු වෑරුණු රළු සිරුරු ඇත්තාහු දුර්වර්‍ණ වූවාහු ඉතා පඬුවන් වූවාහු නහර ඉල්පුනු සිරුරු ඇත්තාහු වෙති. භාග්‍යවතුන් වහන්සේ වෑරුණු රළු සිරුරු ඇති දුර්වර්‍ණ වූ ඉතා පඬුවන් වූ නහර ඉල්පුනු සිරුර ඇති ඒ භික්‍ෂූන් දුටු සේක. දැක “ආනන්‍දය, දැන් භික්‍ෂූහු කුමක් හෙයින් වෑරුණු රළු සිරුරු ඇත්තාහු දුර්වර්‍ණ වූවාහු ඉතා පඬුවන් වූවාහු නහර ඉල්පුනු සිරුර ඇත්තාහු දැ” යි අනඳතෙරුන් ඇමතූ සේක.
Pali BJT2. “එතරහි භන්තෙ භික්ඛූනං සාරදිකෙන ආබාධෙන ඵුට්ඨානං යාගුපි පීතා උග්ගච්ඡති. භත්තම්පි භුත්තං උග්ගච්ඡති. තෙ තෙන කිසා හොන්ති{1} ලූඛා දුබ්බණ්ණා උප්පණ්ඩුප්පණ්ඩුකජාතා, ධමනිසන්ථතගත්තා”ති.
Sinhala BJT2. “ස්වාමීනි, දැන් ශරත්කාලයෙහි වූ රෝගයෙන් පහස්නා ලද භික්‍ෂූන්හට බොන ලද කැඳ ද උඩට එයි. අනුභව කළ බත් ද උඩට එයි. ඒ හේතුවෙන් ඒ භික්‍ෂූහු වෑරුණාහු ය. රළු වූ සිරුරු ඇත්තෝ ය. දුර්වර්‍ණ වූවෝ ඉතා පඬුවන් වූවෝ ය. නහර ඉල්පුනු සිරුරු ඇත්තෝ ය.”
Pali BJT3. අථ ඛො භගවතො රහොගතස්ස පතිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: “එතරහි ඛො භික්ඛූනං සාරදිකෙන ආබාධෙන ඵුට්ඨානං යාගුපි පීතා උග්ගච්ඡති. භත්තම්පි භුත්තං උග්ගච්ඡති. තෙ තෙන කිසා ලූඛා දුබ්බණ්ණා උප්පණ්ඩුප්පණ්ඩුකජාතා ධමනිසන්ථතගත්තා. කින්නු ඛො අහං භික්ඛූනං භෙසජ්ජං අනුජානෙය්යං, යං භෙසජ්ජඤ්චෙව අස්ස භෙසජ්ජසම්මතඤ්ච ලොකස්ස. ආහාරත්ථඤ්ච ඵරෙය්ය. න ච ඔළාරිකො ආහාරො පඤ්ඤායෙය්යා”ති.
Sinhala BJT3. ඉක්බිති රහෝගත වූ විවේකයට පැමිණ හුන් භාග්‍යවතුන් වහන්සේගේ සිතෙහි “දැන් ශරත්කාලයෙහි වූ රෝගයෙන් පහස්නා ලද භික්‍ෂූන්හට බොන ලද කැඳ ද උඩට එයි. අනුභව කළ බත් ද උඩට එයි. ඒ හේතුවෙන් ඒ භික්‍ෂූහු වෑරුණෝය. රළු වූවෝ ය. දුර්වර්‍ණ වූවෝ ඉතා පඬුවන් වූවෝ ය. නහර ඉල්පුනු සිරුරු ඇත්තෝ ය. එහෙයින් යමක් බෙහෙත් වන්නේ ද, ලෝකයා විසින් බෙහෙතැ යි සම්මතත් කරණ ලද්දේ ද, අහරකිසත් සපයන්නේ ද, දළආහාරයක් සේ නො පෙණෙන්නේ ද, එබඳු වූ බෙහෙදක් මම භික්‍ෂූන්ට කිම අනුදන්නෙම් දැ”යි අදහසෙක් පහළ වූයේ ය.
Pali BJT4. අථ ඛො භගවතො එතදහොසි: “ඉමානි ඛො පඤ්ච භෙසජ්ජානි. සෙය්යථිදං: සප්පි නවනීතං තෙලං මධු ඵාණිතං භෙසජ්ජානි චෙව භෙසජ්ජසම්මතානි ච ලොකස්ස. ආහාරත්ථඤ්ච ඵරන්ති. න ච ඔළාරිකො ආහාරො පඤ්ඤායති. යන්නූනාහං භික්ඛූනං ඉමානි පඤ්ච භෙසජ්ජානි අනුජානෙය්යං කාලෙ පටිග්ගහෙත්වා කාලෙ පරිභුඤ්ජිතු”න්ති.
Sinhala BJT4. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේට “මේ බෙහෙත් පසෙක් වේ. එනම්: ගිතෙල් වෙඬරු තලතෙල් මීපැණි උක්සකුරු යන මේ ය. මොහු බෙහෙත් ද වෙති. ලෝකයා විසින් බෙහෙතැ යි ද සම්මතයහ අහර කිසත් සිදු කෙරෙත්. දළආහාරයක් සේ නො පෙණෙත්. මම භික්‍ෂූන්හට මේ පස් බෙහෙත් සුදුසු කාලයෙහි පිළිගෙණ සුදුසු කාලයෙහි වැළඳීමට අනුදන්නෙම් නම්, යෙහෙකැ” සි මේ සිත් වි ය.
Pali BJT5. අථ ඛො භගවා සායණ්හසමයං පතිසල්ලානා වුට්ඨිතො එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “ඉධ මය්හං. භික්ඛවෙ, රහොගතස්ස පතිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: ‘එතරහි ඛො භික්ඛූනං සාරදිකෙන ආබාධෙන ඵුට්ඨානං යාගුපි පීතා උග්ගච්ඡති. භත්තම්පි භුත්තං උග්ගච්ඡති. තෙ තෙන කිසා ලූඛා දුබ්බණ්ණා උප්පණ්ඩුප්පණ්ඩුකජාතා ධමනිසන්ථතගත්තා. කින්නු ඛො අහං භික්ඛූනං භෙසජ්ජං අනුජානෙය්යං යං ඛො{1} භෙසජ්ජං චෙව අස්ස, භෙසජ්ජසම්මතඤ්ච ලොකස්ස. ආහාරත්ථඤ්ච ඵරෙය්ය. න ච ඔළාරිකො ආහාරො පඤ්ඤායෙය්යා”ති.
Sinhala BJT5. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි විවේකයෙන් නැගී සිටි සේක් මේ නිදානයෙහි මේ කරුණෙහි දැහැමි කතා කොට “මහණෙනි, මෙහි රහෝගත ව විවේකයට පැමිණ හුන් මාගේ සිතෙහි ‘දැන් ශරත්කාලයෙහි වූ රෝගයෙන් පහස්නා ලද භික්‍ෂූන්හට බීපු කැඳ ද උඩට එයි. වැළඳූ බත් ද උඩට එයි. ඒ හේතුවෙන් ඒ භික්‍ෂූහු වෑරුණෝ ය. රළු වූවෝ ය. දුර්වර්‍ණ වූවෝ ය. ඉතා පඬුවන් වූවෝ නහර ඉල්පුනු සිරුරු ඇත්තෝ ය. (එහෙයින්) යමක් බෙහෙත් වේ ද, ලෝකයා විසින් බෙහෙතැ යි සම්මතත් කරණ ලද්දේ ද, අහරකිසත් සිදු කරන්නේ ද, දළආහාරයක් සේ නො පෙණෙන්නේ ද, (එබඳු වූ) බෙහෙතක් මම භික්‍ෂූන්ට කිම අනුදන්නෙම් දැ’ යි අදහසෙක් උපන.
Pali BJT6. තස්ස මය්හං භික්ඛවෙ, එතදහොසි: “ඉමානි ඛො පඤ්ච භෙසජ්ජානි. සෙය්යථිදං: සප්පි නවනීතං තෙලං මධු ඵාණිතං භෙසජ්ජානි චෙව භෙසජ්ජසම්මතානි ච ලොකස්ස. ආහාරත්ථඤ්ච ඵරන්ති. න ච ඔළාරිකො ආහාරො පඤ්ඤායති. යන්නූනාහං භික්ඛූනං ඉමානි පඤ්ච භෙසජ්ජානි අනුජානෙය්යං කාලෙ පටිග්ගහෙත්වා කාලෙ පරිභුඤ්ජිතු”න්ති. “අනුජානාමි භික්ඛවෙ, තානි පඤ්ච භෙසජ්ජානි කාලෙ පටිග්ගහෙත්වා කාලෙ පරිභුඤ්ජිතු”න්ති.
Sinhala BJT6. “මහණෙනි, ඒ මට – ‘මේ බෙහෙත් පසෙක් වේ. එනම්: ගිතෙල් වෙඬරු තලතෙල් මීපැණි උක්සකුරු යන මේ ය. මොහු බෙහෙත් ද වෙති. ලෝකයා විසින් බෙහෙතැ යි ද සම්මතයහ. අහර කිසත් සිදු කෙරෙත්. දළ ආහාරයක් සේ නො පෙණෙත්. මම භික්‍ෂූන්හට මේ පස් බෙහෙත් සුදුසු කාලයෙහි පිළිගෙණ සුදුසු කාලයෙහි වළඳන්නට අනුදන්නෙම් නම්, යෙහෙකැ’යි මේ සිත් වි ය. මහණෙනි, ඒ බෙහෙත් පස සුදුසු කාලයෙහි පිළිගෙණ සුදුසු කාලයෙහි වළඳන්නට අනුදනිමි” යි.
Pali BJT7. තෙන ඛො පන සමයෙන භික්ඛූ තානි පඤ්ච භෙසජ්ජානි කාලෙ පටිග්ගහෙත්වා කාලෙ පරිභුඤ්ජන්ති. තෙසං යානිපි තානි පාකතිකානි ලූඛානි භොජනානි, තානිපි නච්ඡාදෙන්ති. පගෙව සෙනෙසිතානි{2}. තෙ තෙන චෙව සාරදිකෙන ආබාධෙන ඵුට්ඨා ඉමිනා ච භත්තච්ඡාදකෙන{3} තදුභයෙන භියොසොමත්තාය කිසා හොන්ති ලූඛා දුබ්බණ්ණා උප්පණ්ඩුප්පණ්ඩුකජාතා ධමනිසන්ථතගත්තා.
Sinhala BJT7. එකල්හි භික්‍ෂූහු ඒ පස් බෙහෙත් සුදුසු කාලයෙහි පිළිගෙණ සුදුසු කාලයෙහි පරිභෝග කෙරෙත්. ඒ භික්‍ෂූන්හට යම් ඒ ස්වාභාවික වූ රළුආහාරයෝ වෙත් ද, ඒ ආහාරයෝ ද රුචි නො වෙත්. සිනිඳු ආහාරයෝ රුචි නොවෙත් යනු කිම? ඒ භික්‍ෂූහු ශරත් කාලයෙහි හටගත් ඒ රෝගයෙන් ද මේ ආහාරඅරුචියෙන් ද යන ඒ දෙකින් පහස්නා ලද්දාහු බොහෝ සෙයින් වෑරුණෝ ය. රළු වූවෝ ය. දුර්වර්‍ණ වූවෝ ය. ඉතා පඬුවන් වූ නහර ඉල්පුනු සිරුරු ඇත්තෝ ය.
Pali BJT8. අද්දසා ඛො භගවා තෙ භික්ඛූ භිය්යොසොමත්තාය කිසෙ ලූඛෙ දුබ්බණ්ණෙ උප්පණ්ඩුප්පණ්ඩුකජාතෙ ධමනිසන්ථතගත්තෙ, දිස්වාන ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: “කින්නු ඛො, ආනන්ද, එතරහි භික්ඛූ භිය්යොසොමත්තාය කිසා ලූඛා දුබ්බණ්ණා උප්පණ්ඩුප්පණ්ඩුකජාතා ධමනිසන්ථතගත්තා?”ති.
Sinhala BJT8. භාග්‍යවතුන් වහන්සේ ඉතා තදින් වෑරුණු රළු වූ දුර්වර්‍ණ වූ ඉතා පඬුවන් වූ නහර ඉල්පුනු සිරුරු ඇති ඒ භික්‍ෂූන් දුටු සේක. දැක, “ආනන්‍දය, කුමක් නිසා දැන් භික්‍ෂූහු ඉතා තදින් වෑරණාහු ද? රළු වූවාහු ද? දුර්වර්‍ණ වූවාහු ද? ඉතා පඬුවන් වූවාහු ද? නහර ඉල්පුනු සිරුර ඇත්තාහු දැ” යි අනඳ තෙරුන් ඇමතූ සේක.
Pali BJT9. “එතරහි, භන්තෙ, භික්ඛූ තානි පඤ්ච භෙසජ්ජානි කාලෙ පටිග්ගහෙත්වා කාලෙ පරිභුඤ්ජන්ති. තෙසං යානිපි තානි පාකතිකානි ලූඛානි භොජනානි තානිපි නච්ඡාදෙන්ති. පගෙව සෙනෙසිකානි. තෙ තෙන චෙව සාරදිකෙන ආබාධෙන ඵුට්ඨා ඉමිනා ච භත්තාච්ඡාදකෙන තදුභයෙන භිය්යොසොමත්තාය කිසා ලූඛා දුබ්බණ්ණා උප්පණ්ඩුප්පණ්ඩුකජාතා ධමනිසන්ථතගත්තා”ති.
Sinhala BJT9. “ස්වාමීනි, භික්‍ෂූහු දැන් ඒ පස් බෙහෙත් සුදුසු කාලයෙහි පිළිගෙණ සුදුසු කාලයෙහි වළඳත්. ඔවුන්ට යම් ඒ ස්වාභාවික වූ රළු ආහාරයෝ වෙත් ද, ඒ ආහාරයෝ ද රුචි නො වෙත්. සිනිඳු ආහාරයෝ කියනු කිම? ඒ භික්‍ෂූහු ශරත් කාලයෙහි හටගත් ඒ රෝගයෙන් ද මේ ආහාරඅරුචියෙන් ද යන ඒ දෙකින් පහස්නා ලද්දාහු බොහෝ සෙයින් වෑරුණාහු ය. රළු වූවාහුය. දුර්වර්‍ණ වූවාහු පඬුවන් වූවාහු ය. නහර ඉල්පුනු සිරුරු ඇත්තාහු ය” යි.
Pali BJT10. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “අනුජානාමි භික්ඛවෙ, තානි පඤ්ච භෙසජ්ජානි පටිග්ගහෙත්වා කාලෙපි විකාලෙපි පරිභුඤ්ජිතු”න්ති.
Sinhala BJT10. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කරුණෙහි දැහැමි කතා කොට “මහණෙනි, ඒ පස් බෙහෙත් පිළිගෙණ පෙරවරු කාලයෙහි ද පස්වරුකාලයෙහි ද වළඳන්නට අනුදනිමි” යි භික්‍ෂූන් ඇමතූ සේක.
Pali BJT11. තෙන ඛො පන සමයෙන ගිලානානං භික්ඛූනං වසෙහි භෙසජ්ජෙහි අත්ථො හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, වසානි භෙසජ්ජානි: අච්ඡවසං මච්ඡවසං, සුසුකාවසං සූකරවසං ගද්රභවසං කාලෙ පටිග්ගහිතං කාලෙ නිප්පක්කං{1} කාලෙ සංසත්තං{2} තෙලපරිභොගෙන පරිභුඤ්ජිතුං. විකාලෙ චෙ භික්ඛවෙ, පටිග්ගහිතං විකාලෙ නිප්පක්කං විකාලෙ සංසත්තං, තඤ්චෙ පරිභුඤ්ජෙය්ය, ආපත්ති තිණ්ණං දුක්කටානං. කාලෙ චෙ භික්ඛවෙ, පටිග්ගහිතං විකාලෙ නිප්පක්කං විකාලෙ සංසත්තං, තඤ්චෙ පරිභුඤ්ජෙය්ය, ආපත්ති ද්වින්නං දුක්කටානං. කාලෙ චෙ භික්ඛවෙ, පටිග්ගහිතං කාලෙ නිප්පක්කං විකාලෙ සංසත්තං, තං චෙ පරිභුඤ්ජෙය්ය, ආපත්ති දුක්කටස්ස. කාලෙ චෙ භික්ඛවෙ, පටිග්ගහිතං කාලෙ නිප්පක්කං කාලෙ සංසත්තං, තඤ්චෙ පරිභුඤ්ජෙය්ය, අනාපත්තී”ති.
Sinhala BJT11. එකල්හි ගිලන් භික්‍ෂූන්ට වුරුණුතෙල්බෙහෙදින් ප්‍රයෝජන වේ. භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළකළහ. “මහණෙනි, වුරුණුතෙල් බෙහෙත්: වලස්තෙල් මත්ස්‍ය තෙල් කිඹුල්තෙල් ඌරුතෙල් කොටළුතෙල් යන තෙල් පෙරවරු කාලයෙහි පිළිගන්නා ලදු ව පෙරවරු කාලයෙහි පැසවන (කකාරණ) ලදු ව පෙරවරු කාලයෙහි (අන්‍යද්‍රව්‍යයන් හා කලතා) පෙරණ ලදු ව තෙල පරිභෝගයෙන් වළඳන්නට අනුදනිමි. මහණෙනි, පස්වරු කාලයෙහි පිළිගන්නා ලද, පස්වරු කාලයෙහි පැසවූ, පස්වරු කාලයෙහි පෙරූ එය වළඳන්නේ නම්, දුකුළාඇවැත් තුණක් වේ. මහණෙනි, පෙරවරු කාලයෙහි පිළිගන්නා ලද, පස්වරු කාලයෙහි පැසවූ, පස්වරු කාලයෙහි පෙරූ එය වළඳන්නේ නම්, දුකුළාඇවැත් දෙකක් වේ. මහණෙනි, පෙරවරු කාලයෙහි පිළිගන්නා ලද, පෙරවරු කාලයෙහි පැසවූ, පස්වරු කාලයෙහි පෙරූ එය වළඳන්නේ නම්, දුකුළාඇවැතෙක් වේ. මහණෙනි, පෙරවරු කාලයෙහි පිළිගන්නා ලද, පෙරවරු කාලයෙහි පැසවූ, පෙරවරු කාලයෙහි පෙරූ එය වළඳන්නේ නම්, ඇවැත් නො වේ” යි.
Pali BJT12. තෙන ඛො පන සමයෙන ගිලානානං භික්ඛූනං මූලෙහි භෙසජ්ජෙහි අත්ථො හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, මූලානි භෙසජ්ජානි: හලිද්දිං, සිඞ්ගිවෙරං වචං වචත්ථං අතිවිසං කටුකරොහිණිං උසීරං, භද්දමුත්තකං. යානි වා පනඤ්ඤානිපි අත්ථි මූලානි භෙසජ්ජානි, නෙව ඛාදනීයෙ ඛාදනීයත්ථං ඵරන්ති, න භොජනීයෙ භොජනීයත්ථං ඵරන්ති, තානි පටිග්ගහෙත්වා යාවජීවං පරිහරිතුං, සති පච්චයෙ පරිභුඤ්ජිතුං. අසති පච්චයෙ පරිභුඤ්ජන්තස්ස ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT12. එකල්හි ගිලන්මහණුන්ට මුල්බෙහෙදින් ප්‍රයෝජන වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. මහණෙනි, කහ ඉඟුරු වදකහ හෙළවදකහ අතිවිඩයන් කුළුරෑණ සුවඳහොට වම්මුතු යන මුල් බෙහෙත් ද, යම් අනෙක් මුල් බෙහෙතක් කෑ යුතු දැයෙහි ලා කෑමෙහි ප්‍රයෝජනය නො සපයයි ද, බුදිය යුතු දැයෙහි ලා බුදීමේ ප්‍රයෝජනය නො සපයයි ද, (ඛාද්‍ය භෝජ්‍ය වශයෙන් නො ගැණෙන) එබඳු මුල් පිළිගෙණ දිවි ඇති තාක් පරිහරණය කරන්නට ද උපන් පසෙහි (හේතුවක් ඇති කල්හි) වළඳන්නට ද අනුදනිමි. නූපන් පසෙහි වළඳන්නහුට දුකුළාඇවැත් වේ යි.
Pali BJT13. තෙන ඛො පන සමයෙන ගිලානානං භික්ඛූනං මූලෙහි භෙසජ්ජෙහි පිට්ඨෙහි අත්ථො හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, නිසදං නිසදපොතක”න්ති.{3}
Sinhala BJT13. එකල්හි ගිලන්මහණුන්ට බෙහෙත්මුල්පිටිවලින් ප්‍රයෝජන වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, දාගල (ඇඹරුම්ගල) ද දරුගල ද අනුදනිමි” යි.
Pali BJT14. තෙන ඛො පන සමයෙන ගිලානානං භික්ඛූනං කසාවෙහි භෙසජ්ජෙහි අත්ථො හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, කසාවානි භෙසජ්ජානි: නිම්බකසාවං කුටජකසාවං පටොලකසාවං සිග්ගවකසාවං නත්තමාලකසාවං. යානි වා පනඤ්ඤානිපි අත්ථි කසාවානි{4} භෙසජ්ජානි නෙව ඛාදනීයෙ ඛාදනීයත්ථං ඵරන්ති, න භොජනීයෙ භොජනීයත්ථං ඵරන්ති තානි – පටිග්ගහෙත්වා යාවජීවං පරිහරිතුං, සති පච්චයෙ පරිභුඤ්ජිතුං. අසති පච්චයෙ පරිභුඤ්ජන්තස්ස ආපත්ති දුක්කටස්සා’ති.
Sinhala BJT14. එකල්හි ගිලන්මහණුන්ට කසටබෙහෙතින් ප්‍රයෝජන වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, කොහොඹකසට කෙළිඳකසට දුම්මෑල්ලකසට හඟුලුකසට කරඳකසට යන කසට බෙහෙත් ද, යම් අනෙක් කසටබෙහෙත් කෑ යුතු දැයෙහි ලා කෑමේ ප්‍රයෝජනය නො සපයයි ද, අනුභව කට යුතු දැයෙහි ලා අනුභව කිරීමේ ප්‍රයෝජනය නො සපයයි ද, එබඳු කසටබෙහෙත් පිළිගෙණ දිවි තෙක් පරිහරණය කරන්නට ද හේතුවක් ඇති කල්හි වැළඳීමට ද අනුදනිමි. හේතුවක් නැති කල්හි වළඳන්නහුට දුකුළාඇවැත් වේ” යි.
Pali BJT15. තෙන ඛො පන සමයෙන ගිලානානං භික්ඛූනං පණ්ණෙහි භෙසජ්ජෙහි අත්ථො හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, පණ්ණානි භෙසජ්ජානි: නිම්බපණ්ණං කුටජපණ්ණං පටොලපණ්ණං සුලසිපණ්ණං කප්පාසපණ්ණං{5}. යානි වා පනඤ්ඤානිපි අත්ථි පණ්ණානි භෙසජ්ජානි නෙව ඛාදනීයෙ ඛාදනීයත්ථං ඵරන්ති, න භොජනීයෙ භොජනීයත්ථං ඵරන්ති, තානි පටිග්ගහෙත්වා යාවජීවං පරිහරිතුං, සති පච්චයෙ පරිභුඤ්ජිතුං. අසති පච්චයෙ පරිභුඤ්ජන්තස්ස ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT15. එකල්හි ගිලන්මහණුන්ට කොළබෙහෙතින් ප්‍රයෝජන වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, කොසඹකොළ කෙළිඳකොළ දුම්මෑල්ලකොළ තලාකොළ කපුකොළ යන කොළ බෙහෙත් ද යම් අනෙක් කොළබෙහෙතක් කෑ යුතු දැයෙහි ලා කෑමෙහි ප්‍රයෝජනය නො සපයයි ද, අනුභව කටයුතු දැයෙහි ලා අනුභව කිරීමේ ප්‍රයෝජනය නො සපයයි ද, එබඳු කොළබෙහෙත් පිළිගෙණ දිවි ඇති තාක් පරිහරණය කරන්නට ද හේතුවක් ඇති කල්හි වැළඳීමට ද අනුදනිමි. හේතුවක් නැති කල්හි වළඳන්නහුට දුකුළාඇවැත් වේ” යි.
Pali BJT16. තෙන ඛො පන සමයෙන ගිලානානං භික්ඛූනං ඵලෙහි භෙසජ්ජෙහි අත්ථො හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, ඵලානි භෙසජ්ජානි: විළඞ්ගං පිප්ඵලිං මරිචං හරීටකං විභීටකං ආමලකං ගොට්ඨඵලං{1}, යානි වා පනඤ්ඤානි පි අත්ථි ඵලානි භෙසජ්ජානි, නෙව ඛාදනීයෙ ඛාදනීයත්ථං ඵරන්ති, න භොජනීයෙ භොජනීයත්ථං ඵරන්ති, තානි පටිග්ගහෙත්වා යාවජීවං පරිහරිතුං. සති පච්චයෙ පරිභුඤ්ජිතුං. අසති පච්චයෙ පරිභුඤ්ජන්තස්ස ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT16. එකල්හි ගිලන්මහණුන්ට පලබෙහෙතින් ප්‍රයෝජන වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, වළඟසාල් තිප්පිලි ගම්මිරිස් අරළු බුළු නෙල්ලි ගොටුපල (කුකුළු පක් = කුකුරුමුවන්) යන පලබෙහෙත් ද, යම් අනෙක් පලබෙහෙත් කෑ යුතු දැයෙහි ලා කෑමෙහි ප්‍රයෝජනය නො සපයයි ද, අනුභව කට යුතු දැයෙහි ලා අනුභව කිරීමේ ප්‍රයෝජනය නො සපයයි ද, එබඳු පලබෙහෙත් පිළිගෙණ දිවි ඇති තාක් පරිහරණය කරන්නට ද හේතුවක් ඇති කල්හි වළඳන්නට ද අනුදනිමි. හේතුවක් නැති කල්හි වළඳන්නහුට දුකුළාඇවැත් වේ” යි.
Pali BJT17. තෙන ඛො පන සමයෙන ගිලානානං භික්ඛූනං ජතූහි භෙසජ්ජෙහි අත්ථො හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, ජතූනි භෙසජ්ජානි: හිංගු හිංගුජතු{2} හිංගුසිපාටිකං තකං තකපත්තිං තකපණ්ණිං සජ්ජුලසං, යානි වා පනඤ්ඤානිපි අත්ථි ජතූනි භෙසජ්ජානි නෙව ඛාදනීයෙ ඛාදනීයත්ථං ඵරන්ති, න භොජනීයෙ භොජනීයත්ථං ඵරන්ති, තානි පටිග්ගහෙත්වා යාවජීවං පරිහරිතුං, සති පච්චයෙ පරිභුඤ්ජිතුං. අසති පච්චයෙ පරිභුඤ්ජන්තස්ස ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT17. එකල්හි ගිලන්මහණුන්ට මැලියම්බෙහෙතින් ප්‍රයෝජන වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, හිඞ්ගු (= පෙරුම් කායම්) හිඞ්ගුදඬු තම්බා ගත් මැලියම්, හිඞ්ගුකොළ තම්බා ගත් මැලියම්, රුක් කරටියෙන් වැහෙන මැලියම්, රුක්හි කොළවලින් වැහෙන මැලියම්, රුක්හි මෙරූ කොළ තම්බා ගත් මැලියම්, දුම්මල යන මැලියම් බෙහෙත් ද, යම් අනෙක් මැලියම්බෙහෙතක් කෑ යුතු දැයෙහි ලා කෑමෙහි ප්‍රයෝජනය නො සපයයි ද, අනුභව කටයුතු දැයෙහි ලා අනුභව කිරීමේ ප්‍රයෝජනය නො සපයයි ද, එබඳු මැලියම්බෙහෙත් පිළිගෙණ දිවි ඇති තාක් පරිහරණය කරන්නට ද, හේතුවක් ඇති කල්හි වළඳන්නට ද අනුදනිමි. හේතුවක් නැති කල්හි වළඳන්නහුට දුකුළාඇවැත් වේ” යි.
Pali BJT18. තෙන ඛො පන සමයෙන ගිලානානං භික්ඛූනං ලොණෙහි භෙසජ්ජෙහි අත්ථො හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, ලොණානි භෙසජ්ජානි: සාමුද්දං කාළලොණං, සින්ධවං උබ්භිදං බිළාලං{3}, යානි වා පනඤ්ඤානිපි අත්ථි ලොණානි භෙසජ්ජානි, නෙව ඛාදනීයෙ ඛාදනීයත්ථං ඵරන්ති, න භොජනීයෙ භොජනීයත්ථං ඵරන්ති, තානි පටිග්ගහෙත්වා යාවජීවං පරිහරිතුං. සති පච්චයෙ පරිභුඤ්ජිතුං. අසති පච්චයෙ පරිභුඤ්ජන්තස්ස ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT18. එකල්හි ගිලන්මහණුන්ට ලුණුබෙහෙතින් ප්‍රයෝජන වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, මූදුලුණු, කළුලුණු, සින්‍ධුජනපදයෙහි උපන් ලුණු, සුවස ලුණු, බළල් ලුණු යන ලුණුමිශ්‍ර බෙහෙත් ද, යම් අනෙක් ලුණුබෙහෙතක් කෑ යුතු දැයෙහි ලා කෑමෙහි ඵලය නො සිදු කෙරේ ද, අනුභව කටයුතු දැයෙහි ලා අනුභව කිරීමේ ඵලය නො සිදු කෙරේ ද, එබඳු ලුණුබෙහෙත් පිළිගෙණ දිවි ඇති තාක් පරිහරණය කරන්නට ද, හේතුවක් ඇති කල්හි වැළඳීමට ද අනුදනිමි. හේතුවක් නැති කල්හි වළඳන්නහුට දුකුළාඇවැත් වේ” යි.
Pali BJT19. තෙන ඛො පන සමයෙන ආයස්මතො ආනන්දස්ස උපජ්ඣායස්ස ආයස්මතො බෙලට්ඨසීසස්ස{4} ථුල්ලකච්ඡාබාධො හොති. තස්ස ලසිකාය චීවරානි කායෙ ලග්ගන්ති. තානි භික්ඛූ උදකෙන තෙමෙත්වා තෙමෙත්වා අපකඩ්ඪන්ති.
Sinhala BJT19. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ගේ උපාධ්‍යාය වූ ආයුෂ්මත් බෙලට්ඨිසිස ස්ථවිරයන් වහන්සේට මහත් කැසීම් රෝගයෙක් වේ. සැරව ඕජසින් සිවුරු උන්වහන්සේගේ සිරුරෙහි ඇලෙයි. භික්‍ෂූහු ඒ සිවුරු දියෙන් තෙමතෙමා බැහැර කෙරෙත්.
Pali BJT20. අද්දසා ඛො භගවා සෙනාසනචාරිකං ආහිණ්ඩන්තො තෙ භික්ඛූ තානි චීවරානි උදකෙන තෙමෙත්වා තෙමෙත්වා අපකඩ්ඪන්තෙ, දිස්වාන යෙන තෙ භික්ඛූ තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තෙ භික්ඛූ එතදවොච: “කිං ඉමස්ස භික්ඛවෙ, භික්ඛුනො ආබාධො”ති? “ඉමස්ස භන්තෙ ආයස්මතො ථුල්ලකච්ඡාබාධො. ලසිකාය චීවරානි කායෙ ලග්ගන්ති. තානි මයං උදකෙන තෙමෙත්වා තෙමෙත්වා අපකඩ්ඪාමා”ති .
Sinhala BJT20. සේනාසනචාරිකාවෙහි වඩින්නා වූ භාග්‍යවතුන් වහන්සේ ඒ සිවුරු දියෙන් තෙමතෙමා ඉවත් කරන්නා වූ ඒ භික්‍ෂූන් දුටු සේක. දැක ඒ භික්‍ෂූන් වෙතට වැඩි සේක. වැඩ ඒ භික්‍ෂූන්ගෙන් “මහණෙනි, මේ මහණහුගේ ආබාධය කිමැ” යි ඇසූහ. “ස්වාමීනි, මේ ආයුෂ්මතුන්ට ථුල්ලකච්ඡාබාධය වේ. සැරව ඕජසින් සිවුරු සිරුරෙහි ඇලෙයි. අපි ඒ සිවුරු දියෙන් තෙමතෙමා ඉවත් කරමු” යි.
Pali BJT21. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “අනුජානාමි භික්ඛවෙ, යස්ස කණ්ඩු වා පිළකා වා අස්සාවො වා ථුල්ලකච්ඡු වා ආබාධො, කායො වා දුග්ගන්ධො, චුණ්ණානි භෙසජ්ජානි. අගිලානස්ස ඡකණං මත්තිකං රජනනිප්පක්කං. අනුජානාමි භික්ඛවෙ, උදුක්ඛලමුසල”න්ති.
Sinhala BJT21. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කරුණෙහි දැහැමි කතා කොට “මහණෙනි, යම් මහණකුහට කැසීමෙක් හෝ පොළක් හෝ ඕජස් ගැලීමෙක් හෝ දැඩි කැසීම් ආබාධයෙක් හෝ වේ ද, කය හෝ දුගඳ වේ ද, (ඔහුට) සුණු බෙහෙත් අනුදනිමි” යි භික්‍ෂූන් ඇමතූ සේක. නො ගිලන්මහණහුට ගොමබෙටි, මැටි, රජනකසට අනුදනිමි. මහණෙනි, වංගෙඩිය හා මොහොල අනුදනිමි” යි.
Pali BJT22. තෙන ඛො පන සමයෙන ගිලානානං භික්ඛූනං චුණ්ණෙහි භෙසජ්ජෙහි චාලිතෙහි අත්ථො හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, චුණ්ණචාලිනි”න්ති. සණ්හෙහි අත්ථො හොති. “අනුජානාමි භික්ඛවෙ, දුස්සචාලිනි”න්ති.
Sinhala BJT22. එකල්හි ගිලන්මහණුන්ට සලන ලද බෙහෙත්සුණුවෙන් ප්‍රයෝජන වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සුණු සලන පෙරහනක් අනුදනිමි”යි. සියුම් සුණුවෙන් ප්‍රයෝජන වේ. “මහණෙනි, රෙදිපෙරහනක් අනුදනිමි” යි.
Pali BJT23. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො අමනුස්සිකාබාධො හොති. තං ආචරියුපජ්ඣායා උපට්ඨහන්තා නාසක්ඛිංසු අරොගං කාතුං. සො සූකරසූනං ගන්ත්වා ආමකමංසඤ්ච{1} ඛාදි. ආමකලොහිතඤ්ච{2} පිවි. තස්ස සො අමනුස්සිකාබාධො පටිප්පස්සම්භි. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, අමනුස්සිකාබාධෙ ආමකමංසං ආමකලොහිත”න්ති.
Sinhala BJT23. එකල්හි එක්තරා මහණකුට අමනුෂ්‍යාබාධයෙක් වේ. ආචාර්‍ය්‍යඋපාධ්‍යායයෝ ඔහුට උවැටන් කරන්නෝ නීරෝග කරන්නට නො හැකි වූහ. ඒ මහණ තෙමේ ඌරන් මරණ තැනකට ගොස් අමුමස් කෑසේ ය. අමුලේ ද බීයේ ය. (ආවිෂ්ට වූ අමනුෂ්‍යයා මස් ලේ කා බී ගියේ ය යි යූ සේ යි.) ඔහුගේ ඒ අමනුෂ්‍යාබාධය සන්සිඳුනේ ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, අමනුෂ්‍යයන් නිසා හටගත් රෝගයෙහි අමුමස් අමුලේ අනුදනිමි” යි.
Pali BJT24. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො චක්ඛුරොගාබාධො හොති. තං භික්ඛූ පරිග්ගහෙත්වා උච්චාරම්පි පස්සාවම්පි නික්ඛාමෙන්ති.
Sinhala BJT24. එකල්හි එක්තරා මහණකුහට ඇස්ලෙඩක් වේ. භික්‍ෂූහු ඔහු අල්වා ඔසොවා ගෙණ මල ද මුත්‍ර ද පහ කරවත්.
Pali BJT25. අද්දසා ඛො භගවා සෙනාසනචාරිකං ආහිණ්ඩන්තො තෙ භික්ඛූ තං භික්ඛුං පරිග්ගහෙත්වා උච්චාරම්පි පස්සාවම්පි නික්ඛාමෙන්තෙ. දිස්වාන යෙන තෙ භික්ඛූ තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තෙ භික්ඛූ එතදවොච: “කිං ඉමස්ස භික්ඛවෙ, භික්ඛුනො ආබාධො”ති. “ඉමස්ස භන්තෙ, ආයස්මතො චක්ඛුරොගාබාධො. ඉමං මයං පරිග්ගහෙත්වා උච්චාරම්පි පස්සාවම්පි නික්ඛාමෙමා”ති.
Sinhala BJT25. සේනාසනචාරිකාවෙහි වඩින්නා වූ භාග්‍යවතුන් වහන්සේ ඒ මහණහු අල්වා ඔසොවා ගෙණ මල ද මුත්‍ර ද පහ කරවන්නා වූ ඒ භික්‍ෂූන් දුටු සේක. දැක ඒ භික්‍ෂූන් වෙත එළඹි සේක. එළඹ ඒ භික්‍ෂූන්ගෙන් “මහණෙනි, මේ මහණහුගේ ආබාධය කිමැ” යි පිළිවිසූහ. “ස්වාමීනි, මේ මහණහුට ඇස්ලෙඩකි. අපි මේ මහණහු අල්වා ගෙණ මල ද මුත්‍ර ද පහ කරවමු” යි.
Pali BJT26. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “අනුජානාමි භික්ඛවෙ, අඤ්ජනං: කාළඤ්ජනං රසඤ්ජනං සොතඤ්ජනං ගෙරුකං කපල්ලක”{3}න්ති. අඤ්ජනූපපිංසනෙහි{4} අත්ථො හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, චන්දනං තගරං කාළානුසාරියං තාලීසං භද්දමුත්තක”න්ති.
Sinhala BJT26. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කරුණෙහි දැහැමි කතා කොට “මහණෙනි, කළුඅඳුන්, රසඳුන්, ගං හෝ ආදියෙහි උපදින අඳුන්, ලොහෝඅඳුන්, සුවන්ගුරුඅඳුන්, පහන්සිළුදැලිඅඳුන් යන අඳුන් අනුදනිමි” යි භික්‍ෂූන් ඇමතූ සේක. අඳුන් පිණිස ගල ගා ගත් බෙහෙතින් ප්‍රයෝජන වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සඳුන්, තුවරලා, කළුඅගිල්, තලිස්, වම්මුතු අනුදනිමි” යි.
Pali BJT27. තෙන ඛො පන සමයෙන භික්ඛූ පිට්ඨානි අඤ්ජනානි ථාලකෙසුපි{5} සරාවකෙසුපි නික්ඛිපන්ති. තිණචුණ්ණෙහිපි පංසුකෙහිපි ඔකිරීයන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, අඤ්ජනි”න්ති.
Sinhala BJT27. එකල්හි භික්‍ෂූහු පිටිඅඳුන් තලු තැටියෙහි ද මලාවෙහි ද බහත්. තණසුන්නෙන් ද පසින් ද ගැවසී ගණිත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, අඳුන්කුලාවක් (නළයක්) අනුදනිමි” යි.
Pali BJT28. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ උච්චාවචා අඤ්ජනියො ධාරෙන්ති: සොවණ්ණමයං රූපීයමයං. මනුස්සා උජ්ඣායන්ති, ඛීයන්ති, විපාචෙන්ති: “සෙය්යථාපි ගිහී කාමභොගිනො”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ, උච්චාවචා අඤ්ජනියො{6} ධාරෙතබ්බා. යො ධාරෙය්ය, ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ, අට්ඨිමයං දන්තමයං විසාණමයං නළමයං වෙළුමයං කට්ඨමයං ජතුමයං ඵලමයං ලොහමයං සඞ්ඛනාභිමය”න්ති.
Sinhala BJT28. එකල්හි සවගමහණෝ රනින් කළ රිදියෙන් කළ උස් පහත් අගය ඇති අඳුන්කුලා දරත්. මිනිස්සු “කාමභෝගී ගිහින් සේ” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, උසස් පහත් අඳුන්කුලා නො දැරිය යුතු ය. යමෙක් දරන්නේ නම්, දුකුළාඇවැත් වේ. මහණෙනි, ඇටෙන් කළ, දතින් කළ, අඟින් කළ, බටදඬුවෙන් කළ, උණදඬුවෙන් කළ, ලීයෙන් කළ, ලාකඩින් කළ, පැසුනුඵලයෙන් කළ, ලෝහයෙන් කළ, සක්නැබින් කළ අඳුන්කුලා අනුදනිමි” යි.
Pali BJT29. තෙන ඛො පන සමයෙන අඤ්ජනියො අපාරුතා හොන්ති, තිණචුණ්ණෙහිපි පංසුකෙහිපි ඔකිරීයන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, අපිධාන”න්ති. අපිධානං පතති{7}. “අනුජානාමි භික්ඛවෙ, සුත්තකෙන බන්ධිත්වා අඤ්ජනියා බන්ධිතු”න්ති. අඤ්ජනී ඵලති{8}. “අනුජානාමි භික්ඛවෙ, සුත්තකෙන සිබ්බෙතු”න්ති.
Sinhala BJT29. එකල්හි අඳුන්කුලාවෝ නො වසන ලද්දාහු වෙත්. තණසුන්නෙන් හා පසින් ද ගැවසී ගණිත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, පියනක් අනුදනිමි” යි. පියන වැටේ. “මහණෙනි, හුයකින් පියන බැඳ අඳුන්කුලාවෙහි බඳින්නට අනුදනිමි” යි. කුලාව පැළෙයි. “මහණෙනි, හුයෙන් විදිනට අනුදනිමි” යි.
Pali BJT30. තෙන ඛො පන සමයෙන භික්ඛූ අඞ්ගුලියා අඤ්ජන්ති. අක්ඛීනි දුක්ඛානි හොන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, අඤ්ජනිසලාක”න්ති.
Sinhala BJT30. එකල්හි භික්‍ෂූහු ඇඟිල්ලෙන් අඳුන් ගාති. ඇස් පෙළෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, අඳුන්කූරු (අඳුන්ලහ) අනුදනිමි” යි.
Pali BJT31. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ උච්චාවචා අඤ්ජනිසලාකායො ධාරෙන්ති සොවණ්ණමයං රූපිමයං.{1} මනුස්සා උජ්ඣායන්ති, ඛීයන්ති, විපාචෙන්ති: “සෙය්යථාපි ගිහී කාමභොගිනො”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ, උච්චාවචා අඤ්ජනිසලාකා ධාරෙතබ්බා. යො ධාරෙය්ය, ආපත්ති දුක්කටස්ස. “අනුජානාමි භික්ඛවෙ, අට්ඨිමයං -පෙ- සඞ්ඛනාභිමය”න්ති.
Sinhala BJT31. එකල්හි සවගමහණෝ රනින් කළ, රිදියෙන් කළ උසස් පහත් අඳුන්කූරු දරත්. මිනිස්සු “කාමභෝගී ගිහින් සේ” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, උසස් පහත් අඳුන්කූරු නො දැරිය යුතු ය. යමෙක් දරන්නේ නම්, දුකුළාඇවැත් වේ. මහණෙනි, ඇටෙන් කළ –පෙ– සක්නැබින් කළ අඳුන්කූරු අනුදනිමි” යි.
Pali BJT32. තෙන ඛො පන සමයෙන අඤ්ජනිසලාකා භූමියං පතිතා ඵරුසා හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, සලාකොධානිය”න්ති.{2}
Sinhala BJT32. එකල්හි අඳුන්කූරු බිම වැටුනේ රළු වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, අඳුන්කූරු ලන කොපුවක් අනුදනිමි”යි.
Pali BJT33. තෙන ඛො පන සමයෙන භික්ඛූ අඤ්ජනිම්පි අඤ්ජනිසලාකම්පි හත්ථෙන පරිහරන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, අඤ්ජනිත්ථවික”න්ති. අංසවට්ටකො{3} න හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, අංසවට්ටකං{4} බන්ධනසුත්ත”න්ති.
Sinhala BJT33. එකල්හි භික්‍ෂූහු අඳුන්කුලා ද අඳුන්කූරු ද අතින් පරිහරණය කරත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, අඳුන් පසුම්බියක් අනුදනිමි” යි. අංසවට්ටකයෙක් (උරහිස ලන පටියක්) නො වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, අස්වටක් බඳිනහුයක් අනුදනිමි” යි.
Pali BJT34. තෙන ඛො පන සමයෙන ආයස්මතො පිලින්දිවච්ඡස්ස{5} සීසාභිතාපො හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, මුද්ධනි තෙලක”න්ති. නක්ඛමණීයො හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, නත්ථුංකම්මන්ති. නත්ථුං ගලති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, නත්ථුංකරණි”න්ති.
Sinhala BJT34. එකල්හි ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරුන්ට හිසරුදාවක් වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, හිසෙහි තෙල් ගෑම අනුදනිමි” යි. ඉවසිය හැක්කේ නො වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, නස්‍ය කිරීම අනුදනිමි” යි. නස්‍යය වැගිරේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, නස්‍යකරණියක් = නැහැඔරුවක් අනුදනිමි” යි.
Pali BJT35. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ උච්චාවචා නත්ථුංකරණියො ධාරෙන්ති සොවණ්ණමයං රූපිමයං. මනුස්සා උජ්ඣායන්ති, ඛීයන්ති, විපාචෙන්ති: “සෙය්යථාපි ගිහී කාමභොගිනො”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ, උච්චාවචා නත්ථුංකරණී ධාරෙතබ්බා. යො ධාරෙය්ය, ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ, අට්ඨිමයං -පෙ- සඞ්ඛනාභිමය”න්ති. නත්ථුං විසමං ආසිඤ්චීන්ති.{6} භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, යමකං නත්ථුකරණි”න්ති.{7} නක්ඛමනියො හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, ධූමං පාතු”න්ති. තඤ්ඤෙව වට්ටිං ආලිම්පෙත්වා පිවන්ති. කණ්ඨො{8} ඩහති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, ධූමනෙත්ත”න්ති.
Sinhala BJT35. එකල්හි සවගමහණෝ රනින් කළ, රිදියෙන් කළ උසස් පහත් නස්‍යකරණීන් දරත්. මිනිස්සු “කාමභෝගී ගිහින් සේ” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, උසස් පහත් නස්‍යකරණී නො දැරිය යුතු ය. යමෙක් දරන්නේ නම්, දුකුළාඇවැත් වේ. මහණෙනි, ඇටෙන් කළ –පෙ– සක්නැබින් කළ නස්‍යකරණී අනුදනිමි” යි. නස්‍යය විෂම ව වැගිරේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, යමක (සමදෙණි දෙකකින් යුත්) නස්‍යකරණියක් අනුදනිමි” යි. නො ඉවසිය හැකි වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, දුම් බීම අනුදනිමි” යි. ඒ දුන්වැටිය ම දල්වා බොත්. උගුර දැවේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, දුම්කෝවක් (=නළයක්) අනුදනිමි” යි.
Pali BJT36. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ උච්චාවචානි ධූමනෙත්තානි, ධාරෙන්ති සොවණ්ණමයං රූපීමයං. මනුස්සා උජ්ඣායන්ති. ඛීයන්ති, විපාචෙන්ති: සෙය්යථාපි ගිහී කාමභොගිනො”ති. “න භික්ඛවෙ, උච්චාවචානි ධූමනෙත්තානි ධාරෙතබ්බානි. යො ධාරෙය්ය, ආපත්ති දුක්කටස්ස. “අනුජානාමි භික්ඛවෙ, අට්ඨිමයං -පෙ- සඞ්ඛනාභිමය”න්ති.
Sinhala BJT36. එකල්හි සවගමහණෝ රනින් කළ, රිදියෙන් කළ වටිනා කමින් වැඩි අඩු දුම්කෝව දරත්. මිනිස්සු “කාමභෝගී ගිහින් සේ” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, උසස් පහත් දුම්කෝව නො දැරිය යුතු ය. යමෙක් දරන්නේ නම්, දුකුළාඇවැත් වේ. මහණෙනි, ඇටෙන් කළ –පෙ– සක්නැබින් කළ දුම්කෝව අනුදනිමි” යි.
Pali BJT37. තෙන ඛො පන සමයෙන ධූමනෙත්තානි අපාරුතානි හොන්ති. පාණකා පවිසන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, අපිධාන”න්ති.
Sinhala BJT37. එකල්හි දුම්කෝව නො වැසුනේ වේ. සත්තු වදිත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, පියනක් අනුදනිමි”යි.
Pali BJT38. තෙන ඛො පන සමයෙන භික්ඛූ ධූමනෙත්තානි හත්ථෙන පරිහරන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, ධූමනෙත්තත්ථවික”න්ති. එකතො ඝංසීයන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, යමකත්ථවික”න්ති. අංසවට්ටකො න හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, අංසවට්ටකං බන්ධනසුත්ත”න්ති.
Sinhala BJT38. එකල්හි භික්‍ෂූහු දුම්කෝව අතින් පරිහරණය කරත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, දුම්කෝව ලන පසුම්බියක් අනුදනිමි” යි. එකට හැපෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, බියලි (කොපු) දෙකක් ඇති පසුම්බියක් අනුදනිමි” යි. අංසවට්ටකයෙක් නො වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, අංසවට්ටකයක් බඳිනාහුයක් අනුදනිමි” යි.
Pali BJT39. තෙන ඛො පන සමයෙන ආයස්මතො පිලින්දිවච්ඡස්ස වාතාබාධො හොති. වෙජ්ජා එවමාහංසු: “තෙලං පචිතබ්බ”න්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, තෙලපාක”න්ති. තස්මිං ඛො පන තෙලපාකෙ මජ්ජං පක්ඛිපිතබ්බං හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, තෙලපාකෙ මජ්ජං පක්ඛිපිතු”න්ති.
Sinhala BJT39. එකල්හි ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරුන්ට වාතාබාධයෙක් වේ. වෙද්දු “තෙලක් පිසිය යුතු ය” යි මෙසේ කීහ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, බෙහෙත්තෙල් පිසීම අනුදනිමි” යි. ඒ තෙල් පිසීමෙහි මද්‍යය බැහිය යුත්තේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, බෙහෙත් පිණිස පිසන තෙලෙහි මද්‍යය බැහීම අනුදනිමි” යි.
Pali BJT40. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ අතිපක්ඛිත්තමජ්ජානි තෙලානි පචන්ති. තානි පිවිත්වා මජ්ජන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ, අතිපක්ඛිත්තමජ්ජං තෙලං පාතබ්බං. යො පිවෙය්ය, යථා ධම්මො කාරෙතබ්බො. අනුජානාමි භික්ඛවෙ, යස්මිං තෙලපාකෙ මජ්ජස්ස න ච වණ්ණො{1} න ච ගන්ධො න ච රසො පඤ්ඤායති, එවරූපං මජ්ජපක්ඛිත්තං තෙලං පාතු”න්ති.
Sinhala BJT40. එකල්හි සවගමහණෝ වැඩියක් බැහූ මද්‍යය ඇති තෙල් පිසත්. ඒ තෙල් පානය කොට මත් වෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, වැඩියක් බැහූ මද්‍යය ඇති තෙල් නො පිය යුතු ය. යමෙක් බොන්නේ නම්, ඇවැත් පරිදි කරවිය යුතු ය. මහණෙනි, යම් තෙල් පිසීමෙක මද්‍යායෙහි පැහැය නො පෙණේ ද, ගඳ නො පෙණේ ද, රසය නො පෙණේ ද, එබඳු වූ මද්‍යාය බැහූ තෙල් බීම අනුදනිමි” යි.
Pali BJT41. තෙන ඛො පන සමයෙන භික්ඛූනං බහුං අතිපක්ඛිත්තමජ්ජං තෙලං පක්කං හොති. අථ ඛො භික්ඛූනං එතදහොසි: “කථන්නු ඛො අතිපක්ඛිත්තමජ්ජෙ තෙලෙ පටිපජ්ජිතබ්බ”න්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, අබ්භඤ්ජනං අධිට්ඨාතු”න්ති.
Sinhala BJT41. එකල්හි භික්‍ෂූන්ට මද්‍යය වැඩියක් බැහූ බොහෝ තෙල් පිසන ලද්දේ වේ. එකල්හි භික්‍ෂූන්ට “ඉතා වැඩියක් මද්‍යය බැහූ තෙලෙහි කෙසේ පිළිපැදිය යුතු දැ” යි මේ සිත් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ඇඟ ගල්වන තෙලක් කොට ඉටීමට අනුදනිමි”යි.
Pali BJT42. තෙන ඛො පන සමයෙන ආයස්මතො පිලින්දිවච්ඡස්ස බහුතරං තෙලං පක්කං හොති, තෙලභාජනං න විජ්ජති{2}. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, තීණි තුම්බානි: ලොහතුම්බං කට්ඨතුම්බං ඵලතුම්බ”න්ති.
Sinhala BJT42. එකල්හි ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරුන්ට බොහෝ තෙල් පිසන ලද්දේ වේ. තෙල්බඳුනෙක් නැත්තේ ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ලොහොසැළිය, ලීසැළිය, මේරූ පලයෙන් කළ සැළිය යන සැළි තුණක් අනුදනිමි” යි.
Pali BJT43. තෙන ඛො පන සමයෙන ආයස්මතො පිලින්දිවච්ඡස්ස අඞ්ගවාතො හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, සෙදකම්ම”න්ති. නක්ඛමනියො හොති. -පෙ- භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, සම්භාරසෙද”න්ති. නක්ඛමනියො හොති. -පෙ- “අනුජානාමි භික්ඛවෙ, මහාසෙද”න්ති. නක්ඛමනියො හොති. -පෙ- “අනුජානාමි භික්ඛවෙ, භඞ්ගොදක”න්ති. නක්ඛමනියො හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, උදකකොට්ඨක”න්ති.
Sinhala BJT43. එකල්හි ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරුන්ට අඞ්ගවාතයෙක් (=ඇඟරුදාවෙක්) වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ස්වේදය (ඩහ ගැන්වීම) අනුදනිමි” යි. නො ඉවසිය හැක්කේ වේ. –පෙ– “මහණෙනි, කොළ වර්‍ග වලින් ස්වේද ගැන්වීම අනුදනිමි” යි. පහසු නො වේ. –පෙ– “මහණෙනි, මහාස්වේද ගැන්වීම{*} අනුදනිමි” යි. පහසු නො වේ. –පෙ– “මහණෙනි, (ස්වේද ගැන්වීමට) කොළ තැම්බූ දිය අනුදනිමි” යි. පහසු නො වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, (ස්වේද ගැන්වීමට) දියකොටුවක්{*} අනුදනිමි” යි.
Pali BJT44. තෙන ඛො පන සමයෙන ආයස්මතො පිලින්දිවච්ඡස්ස පබ්බවාතො හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, ලොහිතං මොචෙතු”න්ති. නක්ඛමනීයො හොති. -පෙ- “අනුජානාමි භික්ඛවෙ, ලොහිතං මොචෙත්වා විසාණෙන ගහෙතු”න්ති.{3}
Sinhala BJT44. එකල්හි ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරුන්ට පුරුක්වාතයෙක් (=හන්දිරුදාවක්) වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ලේ ඇරීම අනුදනිමි” යි. පහසු නො වේ. –පෙ– “මහණෙනි, ලේ මුදා අඟකින් ගන්නට අනුදනිමි” යි.
Pali BJT45. තෙන ඛො පන සමයෙන ආයස්මතො පිලින්දිවච්ඡස්ස පාදා ඵලිතා{4} හොන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, පාදබ්භඤ්ජන”න්ති. නක්ඛමනීයො හොති. -පෙ- “අනුජානාමි භික්ඛවෙ, පජ්ජං අභිසඞ්ඛරිතු”න්ති.
Sinhala BJT45. එකල්හි ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරුන්ගේ පාදයෝ පැළුනාහු වෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, පය ගල් වන තෙලක් අනුදනිමි.” පහසු නොවේ. –පෙ– “මහණෙනි, පයට හිත වූ බෙහෙතක් පිළියෙල කරන්නට (පිසන්නට) අනුදනිමි” යි.
Pali BJT46. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො ගණ්ඩාබාධො හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, සත්ථකම්ම”න්ති. කසාවොදකෙන අත්ථො හොති. “අනුජානාමි භික්ඛවෙ, කසාවොදක”න්ති. තිලකක්කෙන අත්ථො හොති. -පෙ- “අනුජානාමි භික්ඛවෙ, තිලකක්කන්ති. කබලිකාය අත්ථො හොති. -පෙ- “අනුජානාමි භික්ඛවෙ, කබලික”න්ති. වණබන්ධනචොලකෙන{1} අත්ථො හොති. -පෙ- “අනුජානාමි භික්ඛවෙ, වණබන්ධනචොලක”න්ති. වණො කණ්ඩුවති. -පෙ- “අනුජානාමි භික්ඛවෙ, සාසපකුණ්ඩෙන{2} ඵොසිතු”න්ති.{3} වණො කිලිජ්ජිත්ථ{4} -පෙ- “අනුජානාමි භික්ඛවෙ, “ධූමං කාතු”න්ති. වඩ්ඪමංසං{5} වුට්ඨාති. -පෙ- “අනුජානාමි භික්ඛවෙ, ලොණසක්ඛරිකාය ඡින්දිතු”න්ති. වණො න රූහති. -පෙ- “අනුජානාමි භික්ඛවෙ, වණතෙල”න්ති. තෙලං ගලති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, විකාසිකං සබ්බං වණපටිකම්ම”න්ති.
Sinhala BJT46. එකල්හි එක්තරා මහණකුහට ගණ්ඩාබාධයෙක් වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සැත්කම් අනුදනිමි” යි. කහට වතුරෙන් ප්‍රයෝජන වේ. –පෙ– “මහණෙනි, කහටවතුර අනුදනිමි” යි. තලකල්කයෙන් ප්‍රයෝජන වේ. –පෙ– “මහණෙනි, තලකල්කය අනුදනිමි” යි. කබොලුවකින් (පැලැස්තරයකින්) ප්‍රයෝජන වේ. –පෙ– “මහණෙනි, කබොලුවක් අනුදනිමි” යි. වණ බඳින රෙදි කඩකින් ප්‍රයෝජන වේ. –පෙ– “මහණෙනි, වණ බඳින රෙදිකඩක් අනුදනිමි” යි. වණය කසයි. –පෙ– “මහණෙනි, අබකුඩුවෙන් උලන්නට අනුදනිමි” යි. වණය තෙත් වි ය.–පෙ– “මහණෙනි, දුම් (වේදු) ඇල්ලීමට අනුදනිමි” යි. වැඩෙන මස්දළු නගී. –පෙ– “මහණෙනි, ලුණුපුපුරකින් සිඳින්නට අනුදනිමි” යි. වණය ගොඩ නො වේ. –පෙ–“මහණෙනි, වණතෙල් අනුදනිමි” යි. තෙල් වැගිරෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, වණවැටියක් (තෙල් රඳවන කඩක්) ද සියලු වණ පිළියම් ද අනුදනිමි” යි.
Pali BJT47. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු අහිනා දට්ඨො හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, චත්තාරි මහාවිකටානි දාතුං: ගූථං මුත්තං ඡාරිකං මත්තික”න්ති. අථ ඛො භික්ඛූනං එතදහොසි: “අප්පටිග්ගහිතානි නු ඛො උදාහු පටිග්ගහෙතබ්බානී”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, සති කප්පියකාරකෙ පටිග්ගහාපෙතුං, අසති කප්පියකාරකෙ සාමං ගහෙත්වා පරිභුඤ්ජිතු”න්ති.
Sinhala BJT47. එකල්හි එක්තරා මහණෙක් තෙමේ සර්‍පයකු විසින් දෂ්ට කරණ ලද්දේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, මල, මූත්‍ර, උණුඅළු, මැටි යන සතර මහාවිකටය දෙන්නට අනුදනිමි” යි. එකල්හි භික්‍ෂූන්ට “නො පිළිගත් මල ආදීහු ද? නොහොත් පිළිගතයුතු මල ආදීහු දැ” යි මේ සිත් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, කැපකරුවකු ඇති කල්හි පිළිගන්වා ගන්නට ද, කැපකරුවකු නැති කල්හි තමන් ගෙණ වළඳන්නට ද අනුදනිමි” යි.
Pali BJT48. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරෙන භික්ඛුනා විසං පීතං හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, ගූථං පායෙතු”න්ති. අථ ඛො භික්ඛූනං එතදහොසි: “අප්පටිග්ගහිතො නු ඛො උදාහු පටිග්ගහෙතබ්බො”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, යං කරොන්තො පතිගණ්හාති, ස්වෙව පටිග්ගහො කතො හොති. න පුන පටිග්ගහාපෙතබ්බො”ති.
Sinhala BJT48. එකල්හි එක්තරා මහණකු විසින් විස බොන ලද්දේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, අශුචි පොවන්නට අනුදනිමි” යි. එකල්හි භික්‍ෂූන්ට නො පිළිගත් මල ද නොහොත් පිළිගත යුතු මල දැ” යි මේ සිත් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, පහ කරමින් යමක් පිළිගණී ද, ඒ ම පිළිගැණීම වේ. නැවැත පිළිගන්වා ගත යුත්තේ නො වේ” ය යි අනුදනිමි.
Pali BJT49. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො ඝරදින්නකාබාධො හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, සීතාළොලිං පායෙතු”න්ති.
Sinhala BJT49. එකල්හි එක්තරා මහණකුහට ඝරදින්නකාබාධයෙක් (ඝරණිය =ගෙහඹු දුන් වසීකරණ බෙහෙදක් බීමෙන් හටගත් ආබාධයෙක්) වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, හීවිට (නගුලෙහි) ඇලුනු මඩ දියෙන් කලතා පෙවීමට අනුදනිමි” යි.
Pali BJT50. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු දුට්ඨගහණිකො හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, ආමිසඛාරං පායෙතු”න්ති.
Sinhala BJT50. එකල්හි එක්තරා මහණෙක් තෙමේ නපුරු ග්‍රහණිරෝග ඇත්තේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, වියලිබත් පුළුස්සා දිය කොට පෙරා ගත් බත්කාරම පොවන්නට අනුදනිමි” යි.
Pali BJT51. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො පණ්ඩුරොගාබාධො හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං . “අනුජානාමි භික්ඛවෙ, මුත්තහරීටකං පායෙතු”න්ති.
Sinhala BJT51. එකල්හි එක්තරා මහණකුහට පණ්ඩුරෝගාබාධයෙක් වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ගොමූත්‍රයෙහි ලූ අරළු පොවන්නට අනුදනිමි” යි.
Pali BJT52. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො ඡවිදොසාබාධො හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, ගන්ධාලෙපං කාතු”න්ති.
Sinhala BJT52. එකල්හි එක්තරා මහණකුහට ඡවිදොෂාබාධයෙක් වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සුගන්‍ධද්‍රව්‍යය ආලේප කරන්නට අනුදනිමි” යි.
Pali BJT53. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු අභිසන්නකායො හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං . “අනුජානාමි භික්ඛවෙ, විරෙචනං පාතු”න්ති. අච්ඡකඤ්ජියා අත්ථො හොති. -පෙ- “අනුජානාමි භික්ඛවෙ, අච්ඡකඤ්ජි”න්ති. අකටයූසෙන අත්ථො හොති. -පෙ- “අනුජානාමි භික්ඛවෙ, අකටයූස”න්ති. කටාකටෙන අත්ථො හොති. -පෙ- “අනුජානාමි භික්ඛවෙ, කටාකට”න්ති. පටිච්ඡාදනීයෙන අත්ථො හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, පටිච්ඡාදනීය”න්ති.
Sinhala BJT53. එකල්හි එක්තරා මහණෙක් තෙමේ දොස් කිපුනු සිරුරු ඇත්තේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, විරේචනයක් බොන්නට අනුදනිමි” යි. පෙරා ගත් කැඳවතුරෙන් ප්‍රයෝජන වේ. –පෙ– “මහණෙනි, බත් නැති කැඳවතුර අනුදනිමි” යි. දුරු මිරිස් නො යෙදූ මුංඇට තැම්බූ වතුරෙන් ප්‍රයෝජන වේ. –පෙ– “මහණෙනි, මුං ඇට තැම්බූ වතුර අනුදනිමි” යි. මුංඇට තම්බා ඇට නැති සේ පෙරා ගත් වතුරෙන් ප්‍රයෝජන වේ. –පෙ– “මහණෙනි, මුංඇට තම්බා ඇට නැති සේ පෙරා ගත් වතුර අනුදනිමි” යි. මස්රසයෙන් ප්‍රයෝජන වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, මස්රසය අනුදනිමි”යි.
Pali BJT54. තෙන ඛො පන සමයෙන ආයස්මා පිලින්දිවච්ඡො රාජගහෙ පබ්භාරං සොධාපෙති ලෙණං කත්තුකාමො. අථ ඛො රාජා මාගධො සෙනියො බිම්බිසාරො යෙනායස්මා පිලින්දිවච්ඡො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං පිලින්දිවච්ඡං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො රාජා මාගධො සෙනියො බිම්බිසාරො ආයස්මන්තං පිලින්දිවච්ඡං එතදවොච: “කිං භන්තෙ ථෙරො කාරාපෙතී”ති. “පබ්භාරං, මහාරාජ, සොධාපෙමි ලෙණං කත්තුකාමො”ති. “අත්ථො භන්තෙ, අය්යස්ස ආරාමිකෙනා”ති. “න ඛො මහාරාජ, භගවතා ආරාමිකො අනුඤ්ඤාතො”ති. “තෙන හි භන්තෙ, භගවන්තං පටිපුච්ඡිත්වා මම ආරොචෙය්යාථා”ති. “එවං මහාරාජා”ති ඛො ආයස්මා පිලින්දිවච්ඡො රඤ්ඤො මාගධස්ස සෙනියස්ස බිම්බිසාරස්ස පච්චස්සොසි.
Sinhala BJT54. එකල්හි ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ ස්ථවිර තෙමේ ලෙණක් කරණු කැමැත්තේ රජගහනුවර ගුහාවක් ශුද්ධ කරව යි. ඉක්බිති මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජතෙමේ පිලින්‍දිවච්ඡ තෙරුන් වෙත ගියේ ය. ගොස් ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරුන් සකසා වැඳ පසෙක හුන්නේ ය. පසෙක හුන් මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජතෙමේ ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරුන්ගෙන් “ස්වාමීනි, ස්ථවිර තෙමේ කුමක් කරවා දැ” යි ඇසී ය. “මහරජ, ලෙණක් කරණු කැමැත්තෙම් ගුහාවක් පිරිසිදු කරවමි” යි. “ස්වාමීනි, ඔබවහන්සේට ආරාමිකයකුගෙන් ප්‍රයෝජන වේ දැ” යි (ඇසී ය). “මහරජ, භාග්‍යවතුන් වහන්සේ විසින් ආරාමිකයෙක් නො අනුදන්නා ලද්දේ ය” යි. “ස්වාමීනි, එසේ නම් භාග්‍යවතුන් වහන්සේගෙන් පිළිවිස මට දන්වනු මැනවි” යි. ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ ස්ථවිර තෙමේ “මහරජ, එසේ ය” යි මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජුහට පිළිවදන් දුන්නේ ය.
Pali BJT55. අථ ඛො ආයස්මා පිලින්දිවච්ඡො රාජානං මාගධං සෙනියං බිම්බිසාරං ධම්මියා කථාය සන්දස්සෙසි. සමාදපෙසි. සමුත්තෙජෙසි. සම්පහංසෙසි. අථ ඛො රාජා මාගධො සෙනියො බිම්බිසාරො ආයස්මතා පිලින්දිවච්ඡෙන ධම්මියා කථාය සන්දස්සිතො සමාදපිතො සමුත්තෙජිතො සම්පහංසිතො උට්ඨායාසනා ආයස්මන්තං පිලින්දිවච්ඡං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
Sinhala BJT55. ඉක්බිති ආයුෂ්මත් වූ පිලින්‍දිවච්ඡ ස්ථවිර තෙමේ මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජු දැහැමිකතාවෙන් කරුණු දැක්වී ය. සමාදන් කරවී ය. තියුණු කරවී ය. සතුටු කරවී ය. ඉක්බිති මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජතෙමේ ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරුන් විසින් දැහැමි කතාවෙන් කරුණු දක්වන ලද්දේ සමාදන් කරවන ලද්දේ තියුණු කරවන ලද්දේ සතුටු කරවන ලද්දේ හුනස්නෙන් නැගිට ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරුන් සකසා වැඳ පැදකුණු කොට ගියේ ය.
Pali BJT56. අථ ඛො ආයස්මා පිලින්දිවච්ඡො භගවතො සන්තිකෙ දූතං පාහෙසි: “රාජා භන්තෙ, මාගධො සෙනියො බිම්බිසාරො ආරාමිකං දාතුකාමො. කථන්නු ඛො භන්තෙ{1} පටිපජ්ජිතබ්බ”න්ති? අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “අනුජානාමි භික්ඛවෙ, ආරාමික”න්ති.
Sinhala BJT56. ඉක්බිති ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ ස්ථවිර තෙමේ “ස්වාමීනි, මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජ තෙමේ ආරාමිකයකු දෙනු කැමැත්තේ ය. ස්වාමීනි, එහි දී කෙසේ පිළිපැදිය යුතු දැ” යි භාග්‍යවතුන් වහන්සේගේ සමීපයට දූතයකු යැවී ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට “මහණෙනි, ආරාමිකයකු අනුදනිමි” යි භික්‍ෂූන් ඇමතූ සේක.
Pali BJT57. දුතියම්පි ඛො රාජා මාගධො සෙනියො බිම්බිසාරො යෙනායස්මා පිලින්දිවච්ඡො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං පිලින්දිවච්ඡං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො රාජා මාගධො සෙනියො බිම්බිසාරො ආයස්මන්තං පිලින්දිවච්ඡං එතදවොච: “අනුඤ්ඤාතො භන්තෙ, භගවතා ආරාමිකො”ති. “එවං මහාරාජා”ති. “තෙන හි භන්තෙ, අය්යස්ස ආරාමිකං දම්මී”ති.
Sinhala BJT57. දෙවනු ද මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජ තෙමේ ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරුන් වෙත ගියේ ය. ගොස් ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරුන් සකසා වැඳ පසෙක හුන්නේ ය. පසෙක හුන් මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජ තෙමේ ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරුන්ගෙන් “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් ආරාමිකයෙක් අනුදන්නා ලද්දේ දැ” යි ඇසී ය. “මහරජ, එසේ ය”. “ස්වාමීනි, එසේ නම් ස්වාමීන් වහන්සේට ආරාමිකයකු දෙමි” යි.
Pali BJT58. අථ ඛො රාජා මාගධො සෙනියො බිම්බිසාරො ආයස්මතො පිලින්දිවච්ඡස්ස ආරාමිකං පටිස්සුත්වා විස්සරිත්වා චිරෙන සතිං පටිලභිත්වා අඤ්ඤතරං සබ්බත්ථකං මහාමත්තං ආමන්තෙසි: “යො මයා භණෙ, අය්යස්ස ආරාමිකො පටිස්සුතො, දින්නො සො ආරාමිකො”ති. “න ඛො, දෙව, අය්යස්ස ආරාමිකො දින්නො”ති. “කීව චිරන්නු ඛො භණෙ, ඉතො හි{1} තං හොතී”ති. අථ ඛො සො මහාමත්තො රත්තියො විගණෙත්වා{2} රාජානං මාගධං සෙනියං බිම්බිසාරං එතදවොච: “පඤ්ච දෙව රත්තිසතානී”ති. “තෙන හි භණෙ, අය්යස්ස පඤ්ච ආරාමිකසතානි දෙහී”ති.{3} “එවං දෙවා”ති ඛො සො මහාමත්තො රඤ්ඤො මාගධස්ස සෙනියස්ස බිම්බිසාරස්ස පටිස්සුත්වා ආයස්මතො පිලින්දිවච්ඡස්ස පඤ්ච ආරාමිකසතානි පාදාසි. පාටියෙක්කො ගාමො නිවිසි. ආරාමිකගාමොතිපි{4} නං ආහංසු. පිලින්දිගාමොතිපි{5} නං ආහංසු.
Sinhala BJT58. ඉක්බිති මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජ තෙමේ ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරුන්ට අරාමිකයකු ගිවිස සිහි නො කොට කල් ගෙවා සිහි ලැබ සියලුකටයුතුවල අධිපති වූ එක්තරා මහඇමැතියකු අමතා “සගය, මා විසින් ආර්‍ය්‍යයන් වහන්සේට යම් ආරාමිකයෙක් (දීමට) ප්‍රතිඥා කරණ ලද්දේ ද, ඒ ආරාමික තෙමේ දෙන ලද්දේ දැ” යි ඇසී ය. “දේවයන් වහන්ස, ආරාමිකයෙක් නො දෙන ලද්දේ ය” යි. “සගය, මෙදවසින් එදවස කෙතෙක් කල් දැ” යි (ඇසී ය). ඉක්බිති ඒ මහාමාත්‍ය තෙමේ රෑ ගණන් කොට මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජුට “දේවයන් වහන්ස, රෑ පන්සියයකැ” යි කීයේ ය. “සගය, එසේ නම් ආර්‍ය්‍යයන් වහන්සේට ආරාමිකයන් පන්සියයක් දෙවු” යි. “දේවයන් වහන්ස, එසේ ය” යි ඒ මහාමාත්‍ය තෙමේ මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජුහට ගිවිස ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරුන්ට ආරාමිකයන් පන්සියයක් දුන්නේ ය. වෙන ම (වෙන් වූ) ගමක් පිහිටියේ ය. ඒ ගම ආරාමිකගම යි ද කීහ. ඒ ගම පිලින්‍දිගම යි ද කීහ.
Pali BJT59. තෙන ඛො පන සමයෙන ආයස්මා පිලින්දිවච්ඡො තස්මිං ගාමකෙ කුලූපගො හොති. අථ ඛො ආයස්මා පිලින්දිවච්ඡො පුබ්බන්හසමයං* නිවාසෙත්වා පත්තචීවරමාදාය පිලින්දිගාමං පිණ්ඩාය පාවිසි.
Sinhala BJT59. එකල්හි ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ ස්ථවිර තෙමේ ඒ ගමෙහි කුලුපග වේ. ඉක්බිති ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ ස්ථවිර තෙමේ පෙරවරු කාලයෙහි හැඳ පොරවා පා සිවුරු ගෙණ පිලින්‍දිගමට පිඬු පිණිස පිවිසියේ ය.
Pali BJT60. තෙන ඛො පන සමයෙන තස්මිං ගාමකෙ උස්සවො හොති. දාරකා අලඞ්කිතා{6} මාලාකිතා කීළන්ති. අථ ඛො ආයස්මා පිලින්දිවච්ඡො පිලින්දිගාමකෙ සපදානං පිණ්ඩාය චරමානො යෙන අඤ්ඤතරස්ස ආරාමිකස්ස නිවෙසනං තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි.
Sinhala BJT60. එකල්හි ඒ ගමෙහි උත්සවයෙක් වේ. එහි දරුවෝ අබරණින් සැරසුනෝ පැලඳි මල්මාලා ඇත්තෝ ක්‍රීඩා කෙරෙත්. ඉක්බිති ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ ස්ථවිර තෙමේ පිලින්‍දිගමෙහි ගෙපිළිවෙළින් පිඬු සිඟා හැසිරෙන්නේ එක්තරා ආරාමිකයකුගේ ගෙට වැඩියේ ය. වැඩ පැණවූ අසුනෙහි වැඩ හුන්නේ ය.
Pali BJT61. තෙන ඛො පන සමයෙන තස්සා ආරාමිකිනියා ධීතා අඤ්ඤෙ දාරකෙ අලඞ්කතෙ මාලාකිතෙ පස්සිත්වා රොදති: “මාලං මෙ දෙථ. අලංකාරං මෙ දෙථා”ති. අථ ඛො ආයස්මා පිලින්දිවච්ඡො තං ආරාමිකිනිං එතදවොච: “කිස්සායං දාරිකා රොදතී”ති. “අයං භන්තෙ, දාරිකා අඤ්ඤෙ දාරකෙ අලඞ්කිතෙ මාලාකිතෙ පස්සිත්වා රොදති: ‘මාලං මෙ දෙථ. අලඞ්කාරං මෙ දෙථා’ති. කුතො අම්හාකං දුග්ගතානං මාලා. කුතො අලඞ්කාරො”ති.
Sinhala BJT61. එකල්හි ඒ ආරාමිකබිරින්දෑගේ දුව අබරණින් සැරසුනු පැලඳි මල්මාලා ඇති අන් දරුවන් දැක “මට මල්මාලාවක් දෙවු. මට ආභරණ දෙවු” යි හඬයි. ඉක්බිති ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ ස්ථවිර තෙමේ “මේ දැරිය කුමක් නිසා හඬා දැ” යි ඒ ආරාමිකබිරින්දෑගෙන් ඇසී ය. “ස්වාමීනි, මේ ලදැරිය අබරණින් සැරසුනු පැලඳි මල්මාලා ඇති අන් දරුවන් දැක “මට මල්මාලාවක් දෙවු. මට ආභරණ දෙවු” යි හඬයි. දුප්පත් වූ අපට මල්මාලා කොයින් ද? ආභරණ කොයින් දැ” යි (ඕතොමෝ කීවා ය.)
Pali BJT62. අථ ඛො ආයස්මා පිලින්දිවච්ඡො අඤ්ඤතරං තිණණ්ඩුපකං ගහෙත්වා තං ආරාමිකිනිං එතදවොච: “හන්දිමං තිණණ්ඩුපකං තස්සා දාරිකාය සීසෙ පටිමුඤ්චා”ති. අථ ඛො සා ආරාමිකිනී තං තිණණ්ඩුපකං ගහෙත්වා තස්සා දාරිකාය සීසෙ පටිමුඤ්චි. සා අහොසි සුවණ්ණමාලා අභිරූපා දස්සනීයා පාසාදිකා. නත්ථි තාදිසා රඤ්ඤොපි අන්තෙපුරෙ සුවණ්ණමාලා. මනුස්සා රඤ්ඤො මාගධස්ස සෙනියස්ස බිම්බිසාරස්ස ආරොචෙසුං: “අමුකස්ස දෙව, ආරාමිකස්ස ඝරෙ සුවණ්ණමාලා අභිරූපා දස්සනීයා පාසාදිකා. නත්ථි තාදිසා දෙවස්සපි අන්තෙපුරෙ සුවණ්ණමාලා. කුතො තස්ස දුග්ගතස්ස? නිස්සංසයං චොරිකාය ආභතා”ති. අථ ඛො රාජා මාගධො සෙනියො බිම්බිසාරො තං ආරාමිකකුලං බන්ධාපෙසි.
Sinhala BJT62. ඉක්බිති ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ ස්ථවිර තෙමේ එක්තරා තණ දරණුවක් ගෙණ ඒ ආරාමිකබිරින්දෑට “එසේ නම් මේ තණදරණුව ඒ ලදැරියගේ හිසෙහි පලඳව” යි කීයේ ය. ඉක්බිති ඒ ආරාමික බිරින්ද ඒ තණදරණුව ගෙණ ඒ ලදැරියගේ හිසෙහි පැලඳුවා ය. ඒ මාලාව මනා රූ ඇති දැකුම් කටයුතු සිත් ගන්නා රන්මාලාවක් වි ය. රජුගේ ද අන්තඃපුරයෙහි එබඳු වූ රන්මාලාවක් නැත. මිනිස්සු “දේවයන් වහන්ස, අසවල් ආරාමිකයාගේ ගෙයි මනා රූ ඇති දැකුම් කටයුතු සිත් ගන්නා රන්මාලාවක් ඇත. එබඳු වූ රන්මාලයක් දේවයන් වහන්සේගේ අන්තඃපුරයෙහි ද නැත. ඒ දුප්පතාට (එබඳු රන් මාලයක්) කොයින් ද? නිසැකයෙන් සොරකමින් ගෙණෙන ලද ය” යි මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජුහට දැන්වූහ. ඉක්බිති මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජ තෙමේ ඒ ආරාමිකකුලය බැඳවී ය. (සිර කරවී ය.)