Pali BJT10. අථ ඛො ආයස්මා සාගතො ආකාසෙ අන්තලික්ඛෙ අනෙකවිහිතං උත්තරිමනුස්සධම්මං ඉද්ධිපාටිහාරියං දස්සෙත්වා භගවතො පාදෙසු සිරසා නිපතිත්වා භගවන්තං එතදවොච: “සත්ථා මෙ භන්තෙ, භගවා. සාවකො‘හමස්මි. සත්ථා මෙ භන්තෙ, භගවා. සාවකො‘හමස්මී”ති.
Sinhala BJT10. ඉන් පසු ආයුෂ්මත් සාගත තෙමේ අහස් කුසෙහි උතුරු මිනිස් දම්පෙළහර දක්වා භාග්‍යවතුන් වහන්සේගේ පාමුල හිසින් වැටී භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මාගේ ශාස්තෘ වන සේක. මම ශ්‍රාවක වෙමි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මාගේ ශාස්තෘ වන සේක. මම ශ්‍රාවක වෙමි” යි මෙය සැළකෙළේ ය.
Pali BJT11. අථ ඛො තානි අසීතිගාමිකසහස්සානි “අච්ඡරියං වත භො! අබ්භුතං වත භො! සාවකො හි නාම එවං මහිද්ධිකො භවිස්සති. එවං මහානුභාවො, අහො නූන සත්ථා”ති භගවන්තංයෙව සමන්නාහරන්ති. නො තථා ආයස්මන්තං සාගතං.
Sinhala BJT11. ඉක්බිති ඒ අසූදහසක් ගම් ප්‍රධානයෝ “පින්වත්නි, ආශ්චර්‍ය්‍යයෙකි! පින්වත්නි, පෙර නො වූවෙකි! ඒ එසේ ම ය. ශ්‍රාවක තෙමේ මෙසේ මහත් ඍද්ධි ඇත්තේ මෙසේ මහත් අනුභාව ඇත්තේ වන්නේ නම්, ශාස්තෘ තෙමේ අහෝ පුදුමැ!” යි භාග්‍යවතුන් වහන්සේ ම සලකත්. ආයුෂ්මත් සාගත තෙරුන් ගැණ එසේ නො සලකත්.
Pali BJT12. අථ ඛො භගවා තෙසං අසීතියා ගාමිකසහස්සානං චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය අනුපුබ්බීකථං කථෙසි. සෙය්යථිදං – දානකථං සීලකථං සග්ගකථං කාමානං ආදීනවං ඔකාරං සංකිලෙසං නෙක්ඛම්මෙ ආනිසංසං පකාසෙසි.
Sinhala BJT12. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ අසූ දහසක් ගම් ප්‍රධානයන්ගේ සිතේ අදහස තම සිතින් දැන අනුපිළිවෙළකතාව වදාළ සේක. එනම් දානකථාව, ශීලකථාව, ස්වර්‍ගකථාව, කාමයන් දුක්බව, ලාමකබව, කෙලෙසීම, පැවිද්දෙහි අනුසස් වදාළ සේක.
Pali BJT13. යදා තෙ භගවා අඤ්ඤාසි කල්ලචිත්තෙ මුදුචිත්තෙ විනීවරණචිත්තෙ උදග්ගචිත්තෙ පසන්නචිත්තෙ, අථ යා බුද්ධානං සාමුක්කංසිකා ධම්මදෙසනා - තං පකාසෙසි, දුක්ඛං සමුදයං නිරොධං මග්ගං. සෙය්යථාපි නාම සුද්ධං වත්ථං අපගතකාළකං සම්මදෙව රජනං පතිගණ්හෙය්ය, එවමෙවං තෙසං අසීතියා ගාමිකසහස්සානං තස්මිංයෙව ආසනෙ විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි: “යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරොධධම්ම”න්ති.
Sinhala BJT13. යම් කලෙක භාග්‍යවතුන් වහන්සේ ඔවුන් සුදුසු වූ සිත් ඇත්තන් මොළොක් වූ සිත් ඇත්තන් නො වැසුනු සිත් ඇත්තන් නො හැකුළුණු සිත් ඇත්තන් පහන් සිත් ඇත්තන් ද කොට දත් සේක් ද, එකල්හි බුදුවරයන්ගේ තමන් ම පියොවින් උසස් බවට පැමිණියා වූ යම් ධර්‍මදේශනාවක් වේ ද, ඒ දුඃඛ සත්‍යය සමුදයසත්‍යය නිරෝධසත්‍යය මාර්‍ගසත්‍යය යන චතුස්සත්‍යය ප්‍රකාශ කළ සේක. පහ වූ කිලුටු ඇති පිරිසිදු වස්ත්‍රයක් මනා කොට සායම් අල්ලා ගන්නේ යම් සේ ද, එසේ ම ඒ අසූදහසක්, ගම් ප්‍රධානයන්ට ඒ ආසනයෙහි දී ම “යමක් හට ගැණීම ස්වභාවය කොට ඇත්තේ ද, ඒ සියල්ල නිරුද්ධ වීම ස්වභාවය කොට ඇතැ” යි පහ වූ රාගාදී රජස් ඇති පහ වූ කෙලෙස් මල ඇති සෝතාපත්තිමග්ගඤාණය පහළ වූයේ ය.
Pali BJT14. තෙ දිට්ඨධම්මා පත්තධම්මා විදිතධම්මා පරියොගාළ්හධම්මා තිණ්ණවිචිකිච්ඡා විගතකථඞ්කථා වෙසාරජ්ජප්පත්තා අපරප්පච්චයා සත්ථුසාසනෙ භගවන්තං එතදවොචුං: “අභික්කන්තං භන්තෙ, අභික්කන්තං භන්තෙ. සෙය්යථාපි භන්තෙ, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය ‘චක්ඛුමන්තො රූපානි දක්ඛින්තී’ති, එවමෙවං භගවතා අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එතෙ මයං භන්තෙ, භගවන්තං සරණං ගච්ඡාම. ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකෙ නො භගවා ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතෙ සරණං ගතෙ”ති.
Sinhala BJT14. දුටු දහම් ඇති පැමිණි දහම් ඇති අවබෝධ කළ දහම් ඇති නුවණින් බැස ගත් දහම් ඇති තරණය කළ විචිකිච්ඡා ඇති පහ වූ ‘කෙසේ කෙසේ දැ’ යි පැවති සැක ඇති විශාරදභාවයට පැමිණි බුදුසසුන්හි අනුන්ගේ උපකාර නො වුව මනා වූ ඔහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ: “ස්වාමීනි, ඉතා යහපත් ය. ස්වාමීනි, ඉතා යහපත් ය. ස්වාමීනි, යටිකුරු කරණ ලද්දක් යම් සේ උඩුකුරු කරන්නේ ද, වසන ලද්දක් යම් සේ විවෘත කරන්නේ ද, මං මුළා වූවහුට මාර්‍ගය යම් සේ කියන්නේ ද, ‘ඇස් ඇත්තෝ රූප දකින්නාහු’ යි ගනඳුරෙහි තෙල් පහනක් යම් සේ දරන්නේ ද, එපරිද්දෙන් ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ක්‍රමයෙන් ධර්‍මය තෙමේ ප්‍රකාශ කරණ ලද්දේ ය. ස්වාමීනි, ඒ අපි භාග්‍යවතුන් වහන්සේ ද නවලෝකොත්තර ධර්‍මය ද අෂ්ටාර්‍ය්‍ය පුද්ගල භික්‍ෂුසඞ්ඝයා ද සරණ කොට යමු. භාග්‍යවතුන් වහන්සේ අද පටන් අප දිවි තෙක් සරණ ගියා වූ උපාසකයන් කොට දරණසේක්වා” යි.
Pali BJT15. අථ ඛො සොණස්ස කොළිවීසස්ස එතදහොසි: “යථා යථා ඛො අහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි, නයිදං සුකරං අගාරං අජ්ඣාවසතා එකන්තපරිපුණ්ණං එකන්තපරිසුද්ධං සඞ්ඛලිඛිතං බ්රහ්මචරියං චරිතුං. යන්නූනාහං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජෙය්ය”න්ති.
Sinhala BJT15. එකල්හි කොළිවීසසෝණයන්ට “මම භාග්‍යවතුන් වහන්සේ විසින් යම් යම් පරිද්දෙකින් දෙසන ලද ධර්‍මය දනිම් ද, ගිහිගෙයි වසන්නහු විසින් ඒකාන්තයෙන් පරිපූණී වූ හැම ලෙසින් පිරිසිදු වූ සඞ්ඛලිඛිත වූ බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරීම පහසු නො වේ. මම කෙස් රැවුල් බහා කසාවත් හැඳ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවන්නෙම් නම් යෙහෙකැ” යි මේ සිත් වි ය.
Pali BJT16. අථ ඛො තානි අසීති ගාමිකසහස්සානි භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කමිසුං. අථ ඛො සොණො කොළිවීසො අචිරපක්කන්තෙසු තෙසු අසීතියා ගාමිකසහස්සෙසු යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සොණො කොළිවීසො භගවන්තං එතදවොච: “යථා යථාහං භන්තෙ, භගවතා ධම්මං දෙසිතං ආජානාමි, නයිදං සුකරං අගාරං අජ්ඣාවසතා එකන්තපරිපුණ්ණං එකන්තපරිසුද්ධං සඞ්ඛලිඛිතං බ්රහ්මචරියං චරිතුං. ඉච්ඡාමහං භන්තෙ, කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිතුං. පබ්බාජෙතු මං භන්තෙ, භගවා”ති. අලත්ථ ඛො සොණො කොළිවීසො භගවතො සන්තිකෙ පබ්බජ්ජං. අලත්ථ උපසම්පදං.
Sinhala BJT16. ඉන් පසු ඒ අසූදහසක් ගම් වැස්සෝ භාග්‍යවතුන් වහන්සේගේ භාසිතය ඉතා සතුටින් පිළිගෙණ අනුමෝදන් වී හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට ගියහ. ඉක්බිති කොළිවීස සෝණ තෙමේ ඒ අසූ දහසක් ගම් ප්‍රධානයන් ගිය නොබෝ වේලාවක දී භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්නේ ය. පසෙක හුන් කොළිවීස සෝණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ විසින් යම් යම් පරිද්දෙකින් දේශනා කරණ ලද ධර්‍මය දනිම් ද ඒකාන්තයෙන් පරිපූර්‍ණ වූ හැම ලෙසින් පිරිසිදු වූ සඞ්ඛලිඛිත වූ මේ බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරීම ගිහිගෙයි වසන්නහුට පහසු නො වේ. ස්වාමීනි, මම කෙස් රැවුල් බහා කසාවත් හැඳ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වන්නට කැමැත්තෙමි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මා පැවිදි කරණසේක්වා” යි සැළකෙළේ ය. කොළිවීස සෝණතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිද්ද ලැබුයේ ය. උපසම්පදාව ලැබුයේ ය.
Pali BJT17. අචිරූපසම්පන්නො ච පනායස්මා සොණො සීතවනෙ විහරති. තස්ස අච්චාරද්ධවීරියස්ස චඞ්කමතො පාදා භිජ්ජිංසු. චඞ්කමො ලොහිතෙන ඵුටො හොති සෙය්යථාපි ගවාඝාතනං.
Sinhala BJT17. උපසපන් වීමෙන් නොබෝ කල් ඇති ආයුෂ්මත් සෝණ තෙමේ සීතවනයෙහි වෙසෙ යි. බලවත් වීර්‍ය්‍යය ඇති ව සක්මන් කරන්නා වූ ඒ සෝණ තෙරුන්ගේ පතුල් පැළුනේ ය. සක්මන ගවයන් මරණ තැනක් සේ ලෙයින් තැවරුණේ ය.
Pali BJT18. අථ ඛො ආයස්මතො සොණස්ස රහොගතස්ස පතිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: “යෙ ඛො කෙචි භගවතො සාවකා ආරද්ධවිරියා විහරන්ති, අහං තෙසං අඤ්ඤතරො. අථ ච පන මෙ නානුපාදාය ආසවෙහි චිත්තං විමුච්චති. සංවිජ්ජන්ති ඛො පන මෙ කුලෙ භොගා. සක්කා භොගෙ ච භුඤ්ජිතුං. පුඤ්ඤානි ච කාතුං. යන්නූනාහං හීනායාවත්තිත්වා භොගෙ ච භුඤ්ජෙය්යං. පුඤ්ඤානි ච කරෙය්ය”න්ති.
Sinhala BJT18. ඉක්බිති රහෝගත වූ විවේකයට පැමිණ හුන්නා වූ ආයුෂ්මත් සෝණ තෙරුන්ට “භාග්‍යවතුන් වහන්සේගේ යම් කිසි ශ්‍රාවක කෙනෙක් පටන් ගත් වීර්‍ය්‍යය ඇත්තෝ ව වෙසෙත් ද, මම උන්වහන්සේලා අතුරෙහි එක්තරා එකෙක් වෙමි. එහෙත් මාගේ සිත උපාදාන රහිත ව (තෘෂ්ණදාෂ්ටි වශයෙන් අල්ලා නො ගෙණ) කාමාදිආශ්‍රවයන්ගෙන් නො මිදේ. මාගේ ගෙයි භෝගයෝ ඇත්තාහු ම ය. සම්පත් අනුභව කරන්නටත් පින් කරන්නටත් හැකි ය. මම ගිහි බවට පෙරැළී සම්පත් අනුභව කරන්නෙම් නම්, පිණුත් කරන්නෙම් නම්, යෙහෙකැ” යි මෙසේ අදහසක් උපන්නේ ය.
Pali BJT19. අථ ඛො භගවා ආයස්මතො සොණස්ස චෙතසා චෙතො පරිවිතක්කමඤ්ඤාය සෙය්යථාපි නාම බලවා පුරිසො සමිඤ්ජිතං වා බාහං පසාරෙය්ය, පසාරිතං වා බාහං සමිඤ්ජෙය්ය එවමෙව ගිජ්ඣකූටෙ පබ්බතෙ අන්තරහිතො සීතවනෙ පාතුරහොසි.
Sinhala BJT19. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් සෝණ තෙරුන්ගේ සිතේ අදහස තම සිතින් දැන බලවත් පුරුෂයෙක් හැකිළූ අතක් යම් සේ දිගු කරන්නේ හෝ වේ ද, දිගු කළ අතක් යම්සේ හකුළන්නේ හෝ වේ ද, එපරිද්දෙන් ගිජුකුළුපව්වෙහි අතුරුදහන් ව සේක් සීතවනයෙහි පහළ වූ සේක.
Pali BJT20. අථ ඛො භගවා සම්බහුලෙහි භික්ඛූහි සද්ධිං සෙනාසනචාරිකං ආහිණ්ඩන්තො යෙනායස්මතො සොණස්ස චඞ්කමො තෙනුපසඞ්කමි. අද්දසා ඛො භගවා ආයස්මතො සොණස්ස චඞ්කමං ලොහිතෙන ඵුට්ඨං. දිස්වාන භික්ඛූ ආමන්තෙසි: “කස්ස ඛ්වායං භික්ඛවෙ, චඞ්කමො ලොහිතෙන ඵුට්ඨො සෙය්යථාපි ගවාඝාතන”න්ති. “ආයස්මතො භන්තෙ, සොණස්ස අච්චාරද්ධවීරියස්ස චඞ්කමතො පාදා භිජ්ජිංසු. තස්සායං චඞ්කමො ලොහිතෙන ඵුට්ඨො, සෙය්යථාපි ගවාඝාතන”න්ති.
Sinhala BJT20. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බොහෝ භික්‍ෂූන් සමග සේනාසන චාරිකාවෙහි වඩනා සේක් ආයුෂ්මත් සෝණ තෙරුන්ගේ සක්මන වෙතට එළඹි සේක. භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් සෝණ තෙරුන්ගේ ලෙයින් වැකුනු සක්මන දුටු සේක. දැක භික්‍ෂූන් ඇමතූ සේක: “මහණෙනි, ගවයන් මරණ තැනක් සේ ලෙයින් වැකී ඇති මේ සක්මන කවරකුගේ ද? “ස්වාමීනි, දැඩි සේ පටන් ගත් වීර්‍ය්‍යය ඇති ව සක්මන් කරන්නා වූ සෝණ තෙරුන්ගේ පතුල් පැළුනේ ය. උන් වහන්සේගේ මේ සක්මන ගවයන් මරණ තැනක් සේ ලෙයින් වැකුනේ ය.”
Pali BJT21. අථ ඛො භගවා යෙනායස්මතො සොණස්ස විහාරො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. ආයස්මාපි ඛො සොණො භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං සොණං භගවා එතදවොච: “නනු තෙ සොණ, රහොගතස්ස පතිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: ‘යෙ ඛො කෙචි භගවතො සාවකා අච්චාරද්ධවිරියා විහරන්ති, අහං තෙසං අඤ්ඤතරො. අථ ච පන මෙ න අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චති. සංවිජ්ජන්ති ඛො පන මෙ කුලෙ භොගා. සක්කා භොගෙ ච භුඤ්ජිතුං පුඤ්ඤානි ච කාතුං. යන්නූනාහං හීනායාවත්තිත්වා භොගෙ ච භුඤ්ජෙය්යං. පුඤ්ඤානි ච කරෙය්ය”’න්ති. “එවං භන්තෙ”ති.
Sinhala BJT21. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් සෝණ තෙරුන්ගේ වෙහෙරට වැඩි සේක. වැඩ පැණවූ අසුනෙහි වැඩ හුන් සේක. ආයුෂ්මත් සෝණ ස්ථවිර තෙමේ ද භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්නේ ය. පසෙක හුන් සෝණ තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: “සෝණ, රහෝගත වූ විවේකයට පැමිණ හුන් තට ‘භාග්‍යවතුන් වහන්සේගේ යම් කිසි ශ්‍රාවක කෙනෙක් පටන් ගත් වීර්‍ය්‍යය ඇත්තෝ ව වෙසෙත් ද, මම උන්වහන්සේලා අතුරෙහි එක්තරා එකෙක් වෙමි. එහෙත් මාගේ තෘෂ්ණාදෘෂ්ටිවශයෙන් අල්ලා නො ගෙණ කාමාදිආශ්‍රවයන්ගෙන් නො මිදෙයි. මාගේ ගෙයි භෝගයෝ ඇත්තාහු ම ය. සම්පත් අනුභව කරන්නටත් පින් කරන්නටත් හැක්කේ ය. මම ගිහිබවට පෙරැළී සම්පත් අනුභව කරන්නෙම් නම්, පිණුත් කරන්නෙම් නම්, යෙහෙකැ” යි මේ සිත පහළ වූයේ නො වේ ද?“. “ස්වාමීනි, එසේ ය.”
Pali BJT22. “තං කිම්මඤ්ඤසි සොණ, කුසලො ත්වං පුබ්බෙ අගාරිකභූතො වීණාය තන්තිස්සරෙ?”ති. “එවං භන්තෙ”ති. “තං කිම්මඤ්ඤසි සොණ, යදා තෙ වීණාය තන්තියො අච්චායතා හොන්ති, අපි නු තෙ වීණා තස්මිං සමයෙ සරවතී වා හොති කම්මඤ්ඤා වා?”ති. “නො හෙතං, භන්තෙ”ති. “තං කිම්මඤ්ඤසි සොණ, යදා තෙ වීණාය තන්තියො අතිසිථිලා හොන්ති, අපි නු තෙ වීණා තස්මිං සමයෙ සරවතී වා හොති කම්මඤ්ඤා වා?”ති. “නො හෙතං භන්තෙ”ති. “තං කිම්මඤ්ඤසි, සොණ, යදා තෙ වීණාය තන්තියො නෙව අච්චායතා හොන්ති නාතිසිථිලා, සමෙ ගුණෙ පතිට්ඨිතා, අපි නු තෙ වීණා තස්මිං සමයෙ සරවතී වා හොති කම්මඤ්ඤා වා?”ති. “එවං භන්තෙ”ති.
Sinhala BJT22. “සෝණ, ඒ කිමැ යි සිතන්නෙහි ද? තෝ පෙර ගිහි වූයේ වීණා වාදනයෙහි දක්‍ෂ වූයෙහි ද? “ස්වාමීනි, එසේ ය”. “සෝණ, ඒ කිමැ යි සිතන්නෙහි ද? යම් කලෙක තාගේ වීණාවෙහි තත් තදින් අදනා ලද්දේ ඉතා තද වූයේ වේ ද, කිම, එකල්හි තාගේ වීණාව මිහිරි හඬ ඇත්තී හෝ කර්‍මයට යෝග්‍ය වූවා හෝ වේ ද?” “ස්වාමීනි, මේ නො වේ ම ය” “සෝණ, ඒ කිමැ යි සිතන්නෙහි ද? යම් කලෙක තාගේ වීණාවෙහි තත් ඉතා ලිහිල් වූයේ වේ ද, කිම, එකල්හි තාගේ වීණාව මිහිරි හඬ ඇත්තී හෝ කර්‍මයට යෝග්‍ය වූවා හෝ වේ ද?” “ස්වාමීනි, මේ නො වේ ම ය.” “සෝණ, ඒ කිමැ යි සිතන්නෙහි ද? යම් කලෙක තාගේ වීණාවෙහි තත් ඉතා තද නො වූයේ ඉතා ලිහිල් නො වූයේ සමගුණයෙහි පිහිටියේ වේ ද, කිම, එකල්හි තාගේ වීණාව මිහිරි හඬ ඇත්තී හෝ කර්‍මයට යෝග්‍ය වූවා හෝ වේ ද?” “ස්වාමීනි, එසේ වන්නී ය.”
Pali BJT23. “එවමෙව ඛො සොණ, අච්චාරද්ධවිරියං උද්ධච්චාය සංවත්තති. අතිලීනවිරියං කොසජ්ජාය සංවත්තති. තස්මාතිහ ත්වං සොණ, විරියසමතං{1} අධිට්ඨහ. ඉන්ද්රියානඤ්ච සමතං{2} පටිවිජ්ඣ. තත්ථ ච නිමිත්තං ගණ්හාහී”ති. “එවං, භන්තෙ”ති ඛො ආයස්මා සොණො භගවතො පච්චස්සොසි.
Sinhala BJT23. “සෝණ, එපරිද්දෙන් ම දැඩි ව ගත් වීර්‍ය්‍යය උඩඟුබව පිණිස පවතී. ඉතා සැඟවුනු (හැකුළුණු) වීර්‍ය්‍යය කුසීතබව පිණිස පවතී. සෝණ, එහෙයින් තෝ වීර්‍ය්‍යයාගේ සමබව ඉටා ගණුව, ඉඳුරන්ගේ සමබව දැන ගණුව. එහි නිමිති ද ගණුව.” “ස්වාමීනි, එසේ ය” යි ආයුෂ්මත් සෝණ ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්නේ ය.
Pali BJT24. අථ ඛො භගවා ආයස්මන්තං සොණං ඉමිනා ඔවාදෙන ඔවදිත්වා සෙය්යථාපි නාම බලවා පුරිසො සම්මිඤ්ජිතං වා බාහං පසාරෙය්ය, පසාරිතං වා බාහං සමිඤ්ජෙය්ය, එවමෙව සීතවනෙ ආයස්මතො සොණස්ස පමුඛෙ අන්තරහිතො ගිජ්ඣකූටෙ පබ්බතෙ පාතුරහොසි.
Sinhala BJT24. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් සෝණ තෙරුන්ට මේ අවවාදයෙන් අවවාද දී බලවත් පුරුෂයෙක් හැකිළූ අතක් යම් සේ දිගු කරන්නේ ද, දිගු කළ අතක් යම් සේ හකුළන්නේ ද, එපරිද්දෙන් සීත වනයෙහි ආයුෂ්මත් සෝණ තෙරුන්ගේ ඉදිරියෙහි අතුරුදහන් වූ සේක් ගිජු කුළුපව්වෙහි පහළ වු සේක.
Pali BJT25. අථ ඛො ආයස්මා සොණො අපරෙන සමයෙන විරියසමතං අධිට්ඨාසි. ඉන්ද්රියානඤ්ච සමතං පටිවිජ්ඣි. තත්ථ ච නිමිත්තං අග්ගහෙසි. අථ ඛො ආයස්මා සොණො එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො න චිරස්සෙව යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසි. ‘ඛීණා ජාති. වුසිතං බ්රහ්මචරියං. කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා”ති අබ්භඤ්ඤාසි.{1} අඤ්ඤතරො ච පනායස්මා සොණො අරහතං අහොසි.
Sinhala BJT25. ඉක්බිති ආයුෂ්මත් සෝණ ස්ථවිර තෙමේ පසු කාලයෙහි වීර්‍ය්‍යයාගේ සමබව ඉටී ය. ඉඳුරන්ගේ සමබව දත්තේ ය. එහි නිමිති ද ගත්තේ ය. ඉක්බිති ආයුෂ්මත් සෝණ ස්ථවිර තෙමේ එකලා වූයේ වෙන් වූයේ නිරතුරු සිහි ඇත්තේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ භාවනාවට යැවූ සිත් ඇති ව වාසය කරණුයේ යමක් පිණිස කුලපුත්‍රයෝ මනා කොට ම ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙත් ද, නිරුත්තර වූ මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යය කෙළවර කොට ඇති ඒ රහත්බව නොබෝ දිනකින් ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට (ඊට) පැමිණ විසී ය. “ජාතිය ක්‍ෂය විය. බඹසර වැස නිමවන ලදී. සිවු මගින් කළ යුතු කටයුතු කරණ ලදී. මේ රහත්බව පිණිස අනෙකක් නැතැ” යි දත්තේ ය. ආයුෂ්මත් සෝණ ස්ථවිර තෙමේ රහතුන් අතුරෙහි එක්තරා නමක් වී ය.
Pali BJT26. අථ ඛො ආයස්මතො සොණස්ස අරහත්තප්පත්තස්ස එතදහොසි: “යන්නූනාහං භගවතො සන්තිකෙ අඤ්ඤං බ්යාකරෙය්ය”න්ති. අථ ඛො ආයස්මා සොණො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මා සොණො භගවන්තං එතදවොච.
Sinhala BJT26. ඉක්බිති රහත් බවට පැමිණි ආයුෂ්මත් සෝණ තෙරුන්ට “මම භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි අර්‍හත්ත්‍වය ප්‍රකාශ කරන්නෙම් නම්, යෙහෙකැ” යි මේ සිත් වි ය. එකල ආයුෂ්මත් සෝණ ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත ගියේ ය. ගොස් භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්නේ ය. පසෙක හුන් ආයුෂ්මත් සෝණ ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකෙළේ ය:
Pali BJT27. “යො සො භන්තෙ, භික්ඛු අරහං ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප්පත්තසදත්ථො පරික්ඛීණභවසඤ්ඤොජනො සම්මදඤ්ඤා විමුත්තො, සො ඡ ඨානානි අධිමුත්තො හොති: නෙක්ඛම්මාධිමුත්තො හොති. පවිවෙකාධිමුත්තො හොති. අබ්යාපජ්ඣාධිමුත්තො හොති. උපාදානක්ඛයාධිමුත්තො හොති. තණ්හක්ඛයාධිමුත්තො හොති. අසම්මොහාධිමුත්තො හොති.
Sinhala BJT27. “ස්වාමීනි, යම් ඒ මහණෙක් තෙමේ රහත් වූයේ ගෙවා දැමූ කාමාදි ආශ්‍රව ඇත්තේ වැස නිම කළ බඹසර ඇත්තේ සිවුමගින් කොට නිම කළ කටයුතු ඇත්තේ බහා තැබූ බර ඇත්තේ පැමිණි රහත්බව ඇත්තේ ගෙවූ බවබැඳුම් ඇත්තේ මනා කොට සිවුමගනුවණින් දැන මිදුනේ වේ ද, ඒ මහණ තෙමේ කරුණු සයක් ප්‍රත්‍යක්‍ෂ කළේ වේ: නෛෂ්ක්‍රම්‍යය ප්‍රත්‍යක්‍ෂ කෙළේ ය. ප්‍රවිවේකය ප්‍රත්‍යක්‍ෂ කෙළේ ය. අර්‍හත්ත්‍වය ප්‍රත්‍යක්‍ෂ කෙළේ ය. උපාදානක්‍ෂයය ප්‍රත්‍යක්‍ෂ කෙළේ ය. තෘෂ්ණාක්‍ෂයය ප්‍රත්‍යක්‍ෂ කෙළේ ය. අසම්මෝහය (නිර්‍වාණය){*} ප්‍රත්‍යක්‍ෂ කෙළේ ය.
Pali BJT28. “සියා ඛො පන භන්තෙ ඉධෙකච්චස්ස ආයස්මතො එවමස්ස: ‘කෙවලං සද්ධාමත්තකං නූන අයමායස්මා නිස්සාය නෙක්ඛම්මාධිමුත්තො’ති. න ඛො පනෙතං භන්තෙ, එවං දට්ඨබ්බං. ඛීණාසවො භන්තෙ, භික්ඛු වුසිතවා, කතකරණීයො කරණීයමත්තානං{2} අසමනුපස්සන්තො කතස්ස වා පතිචයං, ඛයා රාගස්ස වීතරාගත්තා නෙක්ඛම්මාධිමුත්තො හොති. ඛයා දොසස්ස වීතදොසත්තා නෙක්ඛම්මාධිමුත්තො හොති. ඛයා මොහස්ස වීතමොහත්තා නෙක්ඛම්මාධිමුත්තො හොති.
Sinhala BJT28. “ස්වාමීනි, මෙහි ඇතැම් ආයුෂ්මතකුහට ‘මේ ආයුෂ්මත් තෙමේ හුදෙක් (ප්‍රතිවේධප්‍රඥාරහිත) ශ්‍රද්ධාමාත්‍රයක් නිසා නෛෂ්ක්‍රම්‍යය ප්‍රත්‍යක්‍ෂ කෙළේ දෝ’ යි කිසි විටෙක මෙසේ අදහස් වන්නේ ය. ස්වාමීනි, මේ ප්‍රකාශය මෙසේ නො දත යුතු ය. ස්වාමීනි, ගෙවා දැමූ කාමාදිආශ්‍රව ඇති වැස නිම කළ බඹසර ඇති සිවුමගින් කොට නිම කළ කටයුතු ඇති මහණ තෙමේ තමා විසින් සිවුමගින් කළයුතු තවත් කටයුතු ඇතැයි හෝ කළ (භාවනා) කර්‍මයාගේ නැවත (කිරීමෙන්) වැඩීමක් හෝ නො දක්නේ, රාගය ක්‍ෂය වීමෙන් පහ වූ රාගය ඇති බැවින් නෛෂ්ක්‍රම්‍යය ප්‍රත්‍යක්‍ෂ කෙළේ ය. ද්වේෂය ක්‍ෂය වීමෙන් පහ වූ ද්වේෂය ඇති බැවින් නෛෂ්ක්‍රම්‍යය ප්‍රත්‍යක්‍ෂ කෙළේ ය. මෝහය ක්‍ෂය වීමෙන් පහ වූ මෝහය ඇති බැවින් නෛෂ්ක්‍රම්‍යය ප්‍රත්‍යක්‍ෂ කෙළේ ය.
Pali BJT29. “සියා ඛො පන භන්තෙ, ඉධෙකච්චස්ස ආයස්මතො එවමස්ස: ‘ලාභසක්කාරසිලොකං නූන අයමායස්මා නිකාමයමානො පවිවෙකාධිමුත්තො’ති. න ඛො පනෙතං භන්තෙ, එවං දට්ඨබ්බං. ඛීණාසවො භන්තෙ, භික්ඛු වුසිතවා කතකරණීයො කරණීයමත්තනො අසමනුපස්සන්තො කතස්ස වා පතිචයං, ඛයා රාගස්ස වීතරාගත්තා පවිවෙකාධිමුත්තො හොති. ඛයා දොසස්ස වීතදොසත්තා පවිවෙකාධිමුත්තො හොති. ඛයා මොහස්ස වීතමොහත්තා පවිවෙකාධිමුත්තො හොති.
Sinhala BJT29. “ස්වාමීනි, මෙහි කිසි ආයුෂ්මතකුහට ‘මේ ආයුෂ්මත් තෙමේ ලාභසත්කාර කීර්තිය කැමැති වෙමින් ප්‍රවිවේකය ප්‍රත්‍යක්‍ෂ කෙළේ දෝ’ යි කිසි විටෙක මෙසේ අදහස් වන්නේ ය. ස්වාමීනි, මේ මෙසේ නො දත යුතු ය. ස්වාමීනි, ගෙවා දැමූ කාමාදිආශ්‍රව ඇති වැස නිම කළ බඹසර ඇති සිවු මගින් කොට නිම කළ කටයුතු ඇති මහණ තෙමේ තමා විසින් කළ යුතු කටයුතු ඇතැයි හෝ කළ කර්‍මයාගේ නැවත වැඩීමක් හෝ නො දක්නේ, රාගය ක්‍ෂය වීමෙන් පහ වූ රාගය ඇති බැවින් ප්‍රවිවේකය ප්‍රත්‍යක්‍ෂ කළේ වේ. ද්වේෂය ක්‍ෂය වීමෙන් පහ වූ ද්වේෂය ඇති බැවින් ප්‍රවිවේකය ප්‍රත්‍යක්‍ෂ කළේ වේ. මෝහය ක්‍ෂය වීමෙන් පහ වූ මෝහය ඇති බැවින් ප්‍රවිවේකය ප්‍රත්‍යක්‍ෂ කළේ වේ.
Pali BJT30. “සියා ඛො පන භන්තෙ ඉධෙකච්චස්ස ආයස්මතො එවමස්ස ‘සීලබ්බතපරාමාසං නූන අයමායස්මා සාරතො පච්චාගච්ඡන්තො අබ්යාපජ්ඣාධිමුත්තො”ති. න ඛො පනෙතං එවං දට්ඨබ්බං. ඛීණාසවො භන්තෙ, භික්ඛු වුසිතවා කතකරණීයො කරණීයමත්තනො අසමනුපස්සන්තො කතස්ස වා පතිචයං, ඛයා රාගස්ස වීතරාගත්තා අබ්යාපජ්ඣාධිමුත්තො හොති. ඛයා දොසස්ස වීතදොසත්තා අබ්යාපජ්ඣාධිමුත්තො හොති. ඛයා මොහස්ස වීතමොහත්තා අබ්යාපජ්ඣාධිමුත්තො හොති. -පෙ- ඛයා රාගස්ස වීතරාගත්තා උපාදානක්ඛයාධිමුත්තො හොති. ඛයා දොසස්ස වීතදොසත්තා උපාදානක්ඛයාධිමුත්තො හොති. ඛයා මොහස්ස වීතමොහත්තා උපාදානක්ඛයාධිමුත්තො හොති. -පෙ- ඛයා රාගස්ස වීතරාගත්තා තණ්හක්ඛයාධිමුත්තො හොති. ඛයා දොසස්ස වීතදොසත්තා තණ්හක්ඛයාධිමුත්තො හොති. ඛයා මොහස්ස වීතමොහත්තා තණ්හක්ඛයාධිමුත්තො හොති. -පෙ- ඛයා රාගස්ස වීතරාගත්තා අසම්මොහාධිමුත්තො හොති. ඛයා දොසස්ස වීතදොසත්තා අසම්මොහාධිමුත්තො හොති. ඛයා මොහස්ස වීතමොහත්තා අසම්මොහාධිමුත්තො හොති.
Sinhala BJT30. ‘ස්වාමීනි, මෙහි කිසි ආයුෂ්මතකුහට ‘මේ ආයුෂ්මත් තෙමේ ඒකාන්තයෙන් සීලබ්බතපරාමාසය සාරවශයෙන් ගණිමින් රහත්බව ප්‍රත්‍යක්‍ෂ කළේ දෝ’ යි කිසි විටෙක මෙසේ අදහස් වන්නේ ය. ස්වාමීනි, මේ මෙසේ නො දත යුතු ය. ස්වාමීනි, ගෙවා දැමූ කාමාදි ආශ්‍රව ඇති වැස නිම කළ බඹසර ඇති සිවුමගින් කොට නිම කළ කටයුතු ඇති මහණ තෙමේ තමන් විසින් කටයුතු ඇතැයි හෝ කළ කර්‍මයාගේ නැවත වැඩීමක් හෝ නො දක්නේ, රාගය ක්‍ෂය වීමෙන් පහ වූ රාගය ඇති බැවින් රහත් බව ප්‍රත්‍යක්‍ෂ කෙළේ ය. ද්වේෂය ක්‍ෂය වීමෙන් පහ වූ ද්වේෂය ඇති බැවින් රහත්බව ප්‍රත්‍යක්‍ෂ කෙළේ ය. මෝහය ක්‍ෂය වීමෙන් පහ වූ මෝහය ඇති බැවින් රහත් වූයේ ය. –පෙ – රාගය ක්‍ෂය වීමෙන් පහ වූ රාගය ඇති බැවින් උපාදානක්‍ෂයය ප්‍රත්‍යක්‍ෂ කෙළේ ය. ද්වේෂය ක්‍ෂය වීමෙන් පහ වූ ද්වේෂය ඇති බැවින් උපාදානක්‍ෂයය ප්‍රත්‍යක්‍ෂ කෙළේ ය. මෝහය ක්‍ෂය වීමෙන් පහ වූ මෝහය ඇති බැවින් උපාදානක්‍ෂයය ප්‍රත්‍යක්‍ෂ කෙළේ ය. –පෙ– රාගය ක්‍ෂය වීමෙන් පහ වූ රාගය ඇති බැවින් තෘෂ්ණාක්‍ෂයය ප්‍රත්‍යක්‍ෂ කෙළේ ය. ද්වේෂය ක්‍ෂය වීමෙන් පහ වූ ද්වේෂය ඇති බැවින් තෘෂ්ණාක්‍ෂයය ප්‍රත්‍යක්‍ෂ කෙළේ ය. මෝහය ක්‍ෂය වීමෙන් පහ වූ මෝහය ඇති බැවින් තෘෂ්ණාක්‍ෂයය ප්‍රත්‍යක්‍ෂ කෙළේය. –පෙ– රාගය ක්‍ෂය වීමෙන් පහ වූ රාගය ඇති බැවින් අසම්මෝහය ප්‍රත්‍යක්‍ෂ කෙළේ ය. ද්වේෂය ක්‍ෂය වීමෙන් පහ වූ ද්වේෂය ඇති බැවින් අසම්මෝහය ප්‍රත්‍යක්‍ෂ කෙළේ ය. මෝහය ක්‍ෂය වීමෙන් පහ වූ මෝහය ඇති බැවින් අසම්මෝහය ප්‍රත්‍යක්‍ෂ කෙළේ ය.
Pali BJT31. “එවං සම්මා විමුත්තචිත්තස්ස භන්තෙ, භික්ඛුනො භුසා චෙපි චක්ඛුවිඤ්ඤෙය්යා රූපා චක්ඛුස්ස ආපාථං ආගච්ඡන්ති, නෙවස්ස චිත්තං පරියාදියන්ති. අමිස්සීකතමෙවස්ස චිත්තං හොති ඨිතං ආනෙඤ්ජප්පත්තං. වයඤ්චස්සානුපස්සති. භුසා චෙපි සොතවිඤ්ඤෙය්යා සද්දා -පෙ- ඝානවිඤ්ඤෙය්යා ගන්ධා -පෙ- ජිව්හාවිඤ්ඤෙය්යා රසා -පෙ- කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා -පෙ- මනොවිඤ්ඤෙය්යා ධම්මා මනස්ස ආපාථං ආගච්ඡන්ති, නෙවස්ස චිත්තං පරියාදියන්ති. අමිස්සීකතමෙවස්ස චිත්තං හොති ඨිතං ආනෙඤ්ජප්පත්තං. වයඤ්චස්සානුපස්සති.
Sinhala BJT31. “ස්වාමීනි, මෙසේ මනා කොට මිදුනු සිත් ඇති රහත් මහණහුගේ ඇස්හමුවට ඉදින් චක්ඛුවිඤ්ඤාණයෙන් දතයුතු වූ බලවත් (දිව්‍යමය වූ හෝ) රූපයෝ පැමිණෙත් ද, ඒ රහත්හුගේ සිත නො ම අල්ලා ගණිත් (නො මඩිත්.) ඒ රහත්හුගේ සිත අරමුණ හා අමිශ්‍රිත වූයේ ම පිහිටියේ නො සැලෙන බවට පැමිණියේ වේ. ඒ අරමුණේ විනාශය ද දකි යි. සෝතවිඤ්ඤාණයෙන් දතයුතු බලවත් ශබ්දයෝ –පෙ– ඝාණවිඤ්ඤාණයෙන් දත යුතු වූ බලවත් ගන්‍ධයෝ –පෙ– ජිව්හාවිඤ්ඤාණයෙන් දත යුතු වූ බලවත් රසයෝ –පෙ– කායවිඤ්ඤාණයෙන් දත යුතු වූ බලවත් ඵොට්ඨබ්බයෝ –පෙ– මනෝවිඤ්ඤාණයෙන් දත යුතු වූ බලවත් ධර්‍මයෝ සිත් හමුවට පැමිණෙත් ද, ඒ රහත්හුගේ සිත මැඩ නො ගණිත්. ඒ රහත්හුගේ සිත අමිශ්‍රිත වූයේ ම පිහිටියේ නිසල බවට පැමිණියේ වේ. ඒ ධම්මාරම්මණයාගේ විනාශය ද දකි යි.
Pali BJT32. “සෙය්යථාපි භන්තෙ, සෙලො පබ්බතො අච්ඡිද්දො අසුසිරො එකග්ඝනො, පුරත්ථිමාය චෙපි දිසාය ආගච්ඡෙය්ය භුසා වාතවුට්ඨි, නෙව නං සඞ්කම්පෙය්ය. න සම්පකම්පෙය්ය. න සම්පවෙධෙය්ය. පච්ඡිමාය චෙපි දිසාය ආගච්ඡෙය්ය භුසා වාතවුට්ඨි -පෙ- උත්තරාය චෙපි දිසාය ආගච්ඡෙය්ය භුසා වාතවුට්ඨි -පෙ- දක්ඛිණාය චෙපි දිසාය ආගච්ඡෙය්ය භුසා වාතවුට්ඨි, නෙව නං සඞ්කම්පෙය්ය න සම්පකම්පෙය්ය. න සම්පවෙධෙය්ය. එවමෙව ඛො භන්තෙ, එවං සම්මා විමුත්තචිත්තස්ස භික්ඛුනො භුසා චෙපි චක්ඛුවිඤ්ඤෙය්යා රූපා චක්ඛුස්ස ආපාථං ආගච්ඡන්ති. නෙවස්ස චිත්තං පරියාදියන්ති. අමිස්සීකතමෙවස්ස චිත්තං හොති ඨිතං ආනෙජ්ජප්පත්තං. වයඤ්චස්සානුපස්සති. භුසා චෙපි සොතවිඤ්ඤෙය්යා සද්දා -පෙ- ඝානවිඤ්ඤෙය්යා ගන්ධා -පෙ- ජිව්හාවිඤ්ඤෙය්යා රසා -පෙ- කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා -පෙ- මනොවිඤ්ඤෙය්යා ධම්මා මනස්ස ආපාථං ආගච්ඡන්ති. නෙවස්ස චිත්තං පරියාදියන්ති. අමිස්සීකතමෙවස්ස චිත්තං හොති ඨිතං ආනෙජ්ජප්පත්තං. වයඤ්චස්සානුපස්සතී”ති.
Sinhala BJT32. “ස්වාමීනි, කුඩා සිදුරු රහිත වූ මහසිදුරු රහිත වූ ඒකඝන වූ ගල්පව්වෙක් (වේ ද), බලවත් වාතමේඝයෙක් පෙරදිගින් එන්නේ, ඒ පර්‍වතය යම් සේ සොලවාලිය නො හැක්කේ ද, හාත්පසින් සොලවාලිය නො හැක්කේ ද, වෙවුලුවා හෙළිය නො හැක්කේ ද, බලවත් වාතමේඝයෙක් පැසුළුදිගින් එන්නේ ද –පෙ– බලවත් වාතමේඝයෙක් උතුරුදිගින් එන්නේ ද, –පෙ– බලවත් වාතමේඝයෙක් දකුණුදිගින් එන්නේ ද, ඒ පර්‍වතය යම් සේ සොලවාලිය නො හැක්කේ ද, කොයි අතිනුත් සොලවාලිය නො හැක්කේ ද, වෙවුලුවා හෙළිය නො හැක්කේ ද, ස්වාමීනි, එපරිද්දෙන් මනා කොට මිදුනු සිත් ඇති ඒ රහත්හුගේ ඇස් හමුවට චක්ඛුවිඤ්ඤාණයෙන් දත යුතු වූ බලවත් රූපයෝ පැමිණෙත් ද, ඒ රහත්හුගේ සිත නො ම අල්ලා ගණිත්. ඒ රහත්හුගේ සිත මිශ්‍රිත නො වූයේ ම පිහිටියේ නො සැලෙනබවට පැමිණියේ වේ. රූපාරම්මණයාගේ විනාශය ද දකියි. සෝතවිඤ්ඤාණයෙන් දත යුතු වූ බලවත් ශබ්දයෝ –පෙ – ඝාණවිඤ්ඤාණයෙන් දත යුතු වූ බලවත් ගන්‍ධයෝ – පෙ – ජිව්හාවිඤ්ඤාණයෙන් දත යුතු වූ බලවත් රසයෝ –පෙ– කායවිඤ්ඤාණයෙන් දත යුතු වූ බලවත් ඵොට්ඨබ්බයෝ –පෙ– මනෝවිඤ්ඤාණයෙන් දත යුතු වු බලවත් ධර්‍මයෝ සිත් හමුවට පැමිණෙත් ද, ඒ රහත්හුගේ සිත නො ම අල්ලා ගණිත්. ඒ රහත්හුගේ සිත මිශ්‍රිත නො වූයේ ම පිහිටියේ නොසැලෙනබවට පැමිණියේ වේ. ධම්මාරම්මණයාගේ විනාශය ද දකි යි.
Pali BJT33. “නෙක්ඛම්මං අධිමුත්තස්ස, පවිවෙකඤ්ච චෙතසො, අබ්යාපජ්ඣාධිමුත්තස්ස, උපාදානක්ඛයස්ස ච; තණ්හක්ඛයාධිමුත්තස්ස අසම්මොහඤ්ච චෙතසො, දිස්වා ආයතනුප්පාදං සම්මා චිත්තං විමුච්චති.
Sinhala BJT33. “නෙක්ඛම්මය, සිත්හි ප්‍රවිවේකය, අඛ්‍යාපජ්ඣය, උපාදානක්ඛයය, තණ්හක්ඛයය, සිත්හි අසම්මෝහය (යන නම් ඇති රහත්බව) අවබෝධ කොට සිටියා වූ රහත්හුගේ සිත ආයතනයන්ගේ ඉපදීම (විපස්සනා වසයෙන්) දැක මනා කොට (ඵලසමාපත්ති වසයෙන්) මිදේ. (නිවන් අරමුණෙහි පිහිටයි යූ සේයි.)
Pali BJT34. තස්ස සම්මා විමුත්තස්ස සන්තචිත්තස්ස භික්ඛුනො, කතස්ස පතිචයො නත්ථි කරණීයං න විජ්ජති.
Sinhala BJT34. ඵලසමාපත්තිවසයෙන් මනා කොට මිදුනු සන්හුන් සිත් ඇති ඒ රහත් මහණහුට කළ කර්‍මයාගේ නැවැත වැඩීමෙක් නැත්තේ ය. සිවුමගින් (තවත්) කටයුත්තෙක් විද්‍යාමාන නො වේ.
Pali BJT35. සෙලො යථා එකඝනො වාතෙන න සමීරති, එවං රූපා රසා සද්දා ගන්ධා ඵස්සා ච කෙවලා; ඉට්ඨා ධම්මා අනිට්ඨා ච නප්පවෙධෙන්ති තාදිනො, ඨිතං චිත්තං විප්පමුත්තං, වයඤ්චස්සානුපස්සතී”ති.
Sinhala BJT35. ඒකඝන වූ ගල්පව්වෙක් සිවුදිගින් හමන හුළඟින් යම් සේ නො සැලේ ද, එපරිද්දෙන් සියලු රූප, සද්ද, ගන්‍ධ, රස, ඵොට්ඨබ්බ යන ආරම්මණයෝ ද, ඉෂ්ට වූ හෝ අනිෂ්ට වූ ධම්මාරම්මණයෝ ද රහතුන් වහන්සේගේ සිත කම්පිත නො කෙරෙත් ඒ රහත්හුගේ ස්ථිර වූ මැනවින් කෙලෙසුන්ගෙන් මිදුනු සිත විනාශය ද දකි යි.{*}”
Pali BJT36. අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: “එවං ඛො භික්ඛවෙ, කුලපුත්තා අඤ්ඤං ව්යාකරොන්ති. අත්ථො ච වුත්තො. අත්තා ච අනුපනීතො. අථ ච, පනිධෙකච්චෙ මොඝපුරිසා හසමානකා{1} මඤ්ඤෙ අඤ්ඤං ව්යාකරොන්ති. තෙ පච්ඡා විඝාතං ආපජ්ජන්තී”ති.
Sinhala BJT36. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, මෙසේ කුලපුත්‍රයෝ රහත්බව ප්‍රකාශ කෙරෙත්. අර්‍ත්‍ථය ද කියන ලද්දේ ය. (මම රහත්මි යි මෙසේ ව්‍යඤ්ජනවශයෙන්) තෙමේ ද නො එළවන ලද්දේ ය. එහෙත් මෙහි ඇතැම් හිස් පුරුෂයෝ සිනහසෙන්නවුන් මෙන් රහත්බව ප්‍රකාශ කෙරෙත්. ඔහු පසු ව දුකට පැමිණෙත්” යි භික්‍ෂූන් ඇමතූ සේක.
Pali BJT37. අථ ඛො භගවා ආයස්මන්තං සොණං ආමන්තෙසි: “ත්වං ඛො’සි සොණ, සුඛුමාලො. අනුජානාමි තෙ සොණ, එකපලාසිකං උපාහන”න්ති. “අහං ඛො භන්තෙ, අසීතිසකටවාහෙ හිරඤ්ඤං ඔහාය අගාරස්මා අනගාරියං පබ්බජිතො සත්තහත්ථිකඤ්ච අනීකං. අථාහං භන්තෙ, එකපලාසිකං චෙ උපාහනං පරිහරිස්සාමි{2}, තස්ස මෙ භවිස්සන්ති වත්තාරො: ‘සොණො කොළිවීසො අසීතිසකටවාහෙ හිරඤ්ඤං ඔහාය අගාරස්මා අනගාරියං පබ්බජිතො සත්තහත්ථිකඤ්ච අනීකං. සො දානායං එකපලාසිකාසු උපාහනාසු සත්තො’ති. සචෙ භගවා භික්ඛුසඞ්ඝස්ස අනුජානිස්සති, අහම්පි පරිභුඤ්ජිස්සාමි. නො චෙ භගවා භික්ඛුසඞ්ඝස්ස අනුජානිස්සති, අහම්පි න පරිභුඤ්ජිස්සාමී”ති.
Sinhala BJT37. නැවැත භාග්‍යවතුන් වහන්සේ “සෝණ, තෝ සියුමැලි ය. සෝණ, තට එක් පටලයක් (පටක්) ඇති වහනක් අනුදනිමි” යි ආයුෂ්මත් සෝණ තෙරුන් ඇමතූ සේක. “ස්වාමීනි, මම අසූගැල්බරක් මසුරන් ද (එක් අණීකයක් වූ ඇතකු හා ඇතිනියන් සදෙනකුන් ඇති) ඇත් අණීක සතක් ද හැර දමා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වීමි. දැන් මම එක්පටවහනක් දරන් නෙම් නම්, ඒ මට ‘කොළිවීස සෝණ තෙමේ අසූගැල්බරක් මසුරන් ද ඇත් අණීක සතක් ද හැර දමා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ ය. ඒ මේ සෝණ තෙමේ දැන් එක් පටක් ඇති වහන්හි ඇලුනේ ය’ යි කියන්නෝ වෙත්. භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුසඞ්ඝයාහට අනුදන්නා සේක් නම්, මමත් පරිභෝග කරන්නෙමි. භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂු සඞ්ඝයාහට නො අනුදන්නා සේක් නම්, මමත් පරිභෝග නො කරන්නෙමි” යි.
Pali BJT38. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “අනුජානාමි භික්ඛවෙ, එකපලාසිකං උපාහනං. න භික්ඛවෙ, දිගුණා උපාහනා ධාරෙතබ්බා. න තිගුණා උපාහනා ධාරෙතබ්බා. න ගුණඞ්ගුණූපාහනා{3} ධාරෙතබ්බා. යො ධාරෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT38. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට “මහණෙනි, එක්පටක් ඇති වහනක් අනුදනිමි. මහණෙනි, දෙපටක් ඇති වහන් නො දැරිය යුතු ය. තෙපටක් ඇති වහන් නො දැරිය යුතු ය. තුන් පටට වැඩි පට ඇති වහන් ද නො දැරිය යුතු ය. යමෙක් දරන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි භික්‍ෂූන් ඇමතූ සේක.
Pali BJT39. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ සබ්බනීලිකා{4} උපාහනායො ධාරෙන්ති. -පෙ- සබ්බපීතිකා{5} උපාහනායො ධාරෙන්ති. සබ්බලොහිතිකා{6} උපාහනායො ධාරෙන්ති. සබ්බමඤ්ජෙට්ඨිකා{7} උපාහනායො ධාරෙන්ති. සබ්බකණ්හා{8} උපාහනායො ධාරෙන්ති. සබ්බමහාරඞ්ගරත්තා උපාහනායො ධාරෙන්ති. සබ්බමහානාමරත්තා උපාහනායො ධාරෙන්ති. මනුස්සා උජ්ඣායන්ති, ඛීයන්ති, විපාචෙන්ති: “සෙය්යථාපි ගිහී කාමභොගිනො”ති.
Sinhala BJT39. එකල්හි සවග මහණෝ සව් (සියල්ල) නිල් (පැහැයෙන් යුත්) වහන් දරත්. –පෙ– සව්රන්වන් වහන් දරත්. සව්රත් වහන් දරත්. සව්මඳටවන් වහන් දරත්. සව්කළු වහන් දරත්. සව්පතඟිවන් (රත්වෑයන් පිටිපැහැ යුත්) වහන් දරත්. මුසු වූ (හෝ රත්පියුම්මල්පෙති) පැහැ යුත් වහන් දරත්. මිනිස්සු (මොහු) “කාමභෝගී වූ ගිහින් සේ” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්.
Pali BJT40. භගවතො එතමත්ථං ආරොචෙසුං: “න භික්ඛවෙ, සබ්බනීලිකා උපාහනා ධාරෙතබ්බා. -පෙ- න සබ්බපීතිකා උපාහනා ධාරෙතබ්බා. න සබ්බලොහිතිකා උපාහනා ධාරෙතබ්බා. න සබ්බමඤ්ජෙට්ඨිකා උපාහනා ධාරෙතබ්බා. න සබ්බකණ්හා උපාහනා ධාරෙතබ්බා. න සබ්බමහාරඞ්ගරත්තා උපාහනා ධාරෙතබ්බා. න සබ්බමහානාමරත්තා උපාහනා ධාරෙතබ්බා. යො ධාරෙය්ය, ආපත්ති දුක්කටස්සා” ති.
Sinhala BJT40. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සව්නිල් වහන් නො දැරිය යුතු ය. –පෙ – සව්රන්වන් වහන් නො දැරිය යුතු ය. සව්රතු වහන් නො දැරිය යුතු ය. සව්මඳටවන් වහන් නො දැරිය යුතු ය. සව්කළු වහන් නො දැරිය යුතු ය. සව්පතඟිපැහැති වහන් නො දැරිය යුතු ය. මිශ්‍ර වූ පැහැති වහන් නො දැරිය යුතු ය. යමෙක් දරන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි.
Pali BJT41. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ නීලකවට්ටිකා{1} උපාහනායො ධාරෙන්ති -පෙ- පීතකවට්ටිකා උපාහනායො ධාරෙන්ති. ලොහිතකවට්ටිකා උපාහනායො ධාරෙන්ති. මඤ්ජෙට්ඨිකවට්ටිකා උපාහනායො ධාරෙන්ති. කණ්හවට්ටිකා උපාහනායො ධාරෙන්ති. මහාරඞ්ගරත්තවට්ටිකා උපාහනායො ධාරෙන්ති. මහානාමරත්තවට්ටිකා උපාහනායො ධාරෙන්ති. මනුස්සා උජ්ඣායන්ති, ඛීයන්ති, විපාචෙන්ති: “සෙය්යථාපි ගිහී කාමභොගිනො”ති.
Sinhala BJT41. එකල්හි සවගමහණෝ නිල් වැටි = වර (වරපට) ඇති වහන් දරත්. –පෙ– රන්වන් වර ඇති වහන් දරත්. රතුවර ඇති වහන් දරත්. මදටවන් වර ඇති වහන් දරත්. කළුවන් වර ඇති වහන් දරත්. පතඟිවන් වර ඇති වහන් දරත්. මුසු වූ පැහැ යුත් වර ඇති වහන් දරත්. මිනිස්සු “(මොහු) කාමභෝගී වූ ගිහින් සේ” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්.
Pali BJT42. භගවතො එතමත්ථං ආරොචෙසුං: “න භික්ඛවෙ, නීලකවට්ටිකා උපාහනා ධාරෙතබ්බා. -පෙ- න පීතකවට්ටිකා උපාහනා ධාරෙතබ්බා. න ලොහිතකවට්ටිකා උපාහනා ධාරෙතබ්බා. න මඤ්ජෙට්ඨිකවට්ටිකා උපාහනා ධාරෙතබ්බා. න කණ්හවට්ටිකා උපාහනා ධාරෙතබ්බා. න මහාරඞ්ගරත්තවට්ටිකා උපාහනා ධාරෙතබ්බා. න මහානාමරත්තවට්ටිකා උපාහනා ධාරෙතබ්බා. යො ධාරෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT42. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, නිල් වන් වර ඇති වහන් නො දැරිය යුතු ය. –පෙ– රන්වන් වර ඇති වහන් නො දැරිය යුතු ය. රතුවර ඇති වහන් නො දැරිය යුතු ය. මඳටවන් වර ඇති වහන් නො දැරිය යුතු ය. කළුවන් වර ඇති වහන් නො දැරිය යුතු ය. පතඟිවන් වර ඇති වහන් නො දැරිය යුතු ය. මුසු වූ පැහැ යුත් වර ඇති වහන් නො දැරිය යුතු ය. යමෙක් දරන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි.
Pali BJT43. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ ඛල්ලිකබද්ධා{2} උපාහනායො ධාරෙන්ති. -පෙ- පුටබද්ධා උපාහනායො ධාරෙන්ති. පාළිගුණ්ඨිමා උපාහනායො ධාරෙන්ති. තූලපුණ්ණිකා{3} උපාහනායො ධාරෙන්ති. තිත්තිරපත්තිකා උපාහනායො ධාරෙන්ති, මෙණ්ඩවිසාණවට්ටිකා{4} උපාහනායො ධාරෙන්ති. අජවිසාණවට්ටිකා{5} උපාහනායො ධාරෙන්ති, විච්ඡිකාළිකා උපාහනායො ධාරෙන්ති, මොරපිඤ්ජපරිසිබ්බිතා{6} උපාහනායො ධාරෙන්ති. චිත්රා උපාහනායො ධාරෙන්ති. මනුස්සා උජ්ඣායන්ති, ඛීයන්ති, විපාචෙන්ති: “සෙය්යථාපි ගිහී කාමභොගිනො”ති.
Sinhala BJT43. එකල්හි සවගමහණෝ විළුම් වසාලන වර ඇති වහන් දරත්. –පෙ– කෙණ්ඩය වසාලන සේ මැසූ වහන් දරත්. පිටිපාවසාලන වගන් දරත්. පුලුන් පුරවා මැසූ වහන් දරත්. තිත්වටුපියාපතින් පිරියම් කළ වහන් දරත්. මැඩෙළු අං වැනි සටහන් ඇති වර (දෙපැත්තෙහි = පය දෙඇඟිලි අවුළුවන තැන) යොදා කළ වහන් දරත්. තිරෙළුඅං වැනි සටහන් ඇති වර යොදා කළ වහන් දරත්. ගෝනුසුනඟුටු ආකාරයෙන් වර යොදා කළ වහන් දරත්. මොනරපිල්වලින් මසා කළ වහන් දරත්. විසිතුරු (වර ඇති) වහන් දරත්. මිනිස්සු “(මොහු) කාමභෝගී වූ ගිහින් සේ” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්.
Pali BJT44. භගවතො එතමත්ථං ආරොචෙසුං: “න භික්ඛවෙ, ඛල්ලිකබද්ධා උපාහනා ධාරෙතබ්බා. -පෙ- න පුටබද්ධා උපාහනා ධාරෙතබ්බා. න පාළිගුණ්ඨිමා උපාහනා ධාරෙතබ්බා. න තූලපුණ්ණිකා උපාහනා ධාරෙතබ්බා. න තිත්තිරපත්තිකා උපාහනා ධාරෙතබ්බා. න මෙණ්ඩවිසාණවට්ටිකා උපාහනා ධාරෙතබ්බා. න අජවිසාණවට්ටිකා උපාහනා ධාරෙතබ්බා. න විච්ඡිකාළිකා උපාහනා ධාරෙතබ්බා. න මොරපිඤ්ජපරිසිබ්බිතා උපාහනා ධාරෙතබ්බා. න චිත්රා උපාහනා ධාරෙතබ්බා. යො ධාරෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT44. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, විළුම් වසාලන වර ඇති වහන් නො දැරිය යුතු ය. –පෙ– කෙණ්ඩය දක්වා වසාලන වහන් නො දැරිය යුතු ය. පිටිපා වසාලන වහන් නො දැරිය යුතු ය. පුලුන් පුරවා මැසූ වහන් නො දැරිය යුතු ය. තිත්වටුපියාපතින් පිරියම් කළ වහන් නො දැරිය යුතු ය. එළුඅං වැනි සටහන් ඇති වර යොදා කළ වහන් නො දැරිය යුතු ය. තිරෙළුඅං වැනි සටහන් ඇති වර යොදා කළ වහන් නො දැරිය යුතු ය. ගෝනුසුනගුටු ආකාරයෙන් වර යොදා කළ වහන් නො දැරිය යුතු ය. මොනරපිල්වලින් මසා කළ වහන් නො දැරිය යුතු ය. විසිතුරු වහන් නො දැරිය යුතු ය. යමෙක් දරන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි.
Pali BJT45. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ සීහචම්මපරික්ඛටා උපාහනායො ධාරෙන්ති. -පෙ- ව්යග්ඝචම්මපරික්ඛටා උපාහනායො ධාරෙන්ති. දීපිචම්මපරික්ඛටා උපාහනායො ධාරෙන්ති. අජිනචම්මපරික්ඛටා උපාහනායො ධාරෙන්ති. උද්දචම්මපරික්ඛටා උපාහනායො ධාරෙන්ති. මජ්ජාරචම්මපරික්ඛටා උපාහනායො ධාරෙන්ති. කාළකචම්මපරික්ඛටා උපාහනායො ධාරෙන්ති. උලූකචම්මපරික්ඛටා{1} උපාහනායො ධාරෙන්ති. මනුස්සා උජ්ඣායන්ති, ඛීයන්ති, විපාචෙන්ති: “සෙය්යථාපි ගිහී කාමභොගිනො”ති.
Sinhala BJT45. එකල්හි සවගමහණෝ සිහසම් වටේ යොදා කළ වහන් දරත්. –පෙ– වගසම් වටේ යොදා කළ වහන් දරත්. දිවිසම් වටේ යොදා කළ වහන් දරත්. අඳුන්දිවිසම් වටේ යොදා කළ වහන් දරත්. දියබලුසම් වටේ යොදා කළ වහන් දරත්. බළල්සම් වටේ යොදා කළ වහන් දරත්. ලෙහෙනසම් වටේ යොදා කළ වහන් දරත්. මහමුහුණු (බකමූණු) සම් වටේ යොදා කළ වහන් දරත්. මිනිස්සු “(මොහු) කාමභෝගී වූ ගිහින් සේ” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්.
Pali BJT46. භගවතො එතමත්ථං ආරොචෙසුං: “න භික්ඛවෙ, සීහචම්මපරික්ඛටා උපාහනා ධාරෙතබ්බා. -පෙ- න ව්යග්ඝචම්මපරික්ඛටා උපාහනා ධාරෙතබ්බා. න දීපිචම්මපරික්ඛටා උපාහනා ධාරෙතබ්බා. න අජිනචම්මපරික්ඛටා උපාහනා ධාරෙතබ්බා. න උද්දචම්මපරික්ඛටා උපාහනා ධාරෙතබ්බා. න මජ්ජාරචම්මපරික්ඛටා උපාහනා ධාරෙතබ්බා. න කාළකචම්මපරික්ඛටා උපාහනා ධාරෙතබ්බා. න උලූකචම්මපරික්ඛටා උපාහනා ධාරෙතබ්බා. යො ධාරෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT46. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සිහසම් වටේ යොදා කළ වහන් නො දැරිය යුතු ය. –පෙ– වගසම් වටේ යොදා කළ වහන් නො දැරිය යුතු ය. දිවිසම් වටේ යොදා කළ වහන් නො දැරිය යුතු ය. අඳුන්දිවිසම් වටේ යොදා කළ වහන් නො දැරිය යුතුය. දියබලුසම් වටේ යොදා කළ වහන් නො දැරිය යුතු ය. බළල්සම් වටේ යොදා කළ වහන් නො දැරිය යුතු ය. ලේනසම් වටේ යොදා කළ වහන් නො දැරිය යුතුය. මහමුහුණුසම් වටේ යොදා කළ වහන් නො දැරිය යුතු ය. යමෙක් දරන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි.
Pali BJT47. අථ ඛො භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය රාජගහං පිණ්ඩාය පාවිසි අඤ්ඤතරෙන භික්ඛුනා පච්ඡාසමණෙන. අථ ඛො සො භික්ඛු ඛඤ්ජමානො භගවන්තං පිට්ඨිතො පිට්ඨිතො අනුබන්ධි.
Sinhala BJT47. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙණ කැටු ව යන එක්තරා මහණකු සමග රජගහනුවරට පිඬු පිණිස වැඩි සේක. ඒ මහණ තෙමේ කොර ගසමින් භාග්‍යවතුන් වහන්සේ පසු පස ලුහුබැඳ ගියේ ය.
Pali BJT48. අද්දසා ඛො අඤ්ඤතරො උපාසකො ගණඞ්ගණූපාහනං{2} ආරොහිත්වා භගවන්තං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන උපාහනා ඔරොහිත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා යෙන සො භික්ඛු තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තං භික්ඛුං අභිවාදෙත්වා එතදවොච: “කිස්ස භන්තෙ අය්යො ඛඤ්ජතී”ති. “පාදා මෙ ආවුසො ඵලිතා”ති.{3} “හන්ද භන්තෙ, උපාහනායො”ති. “අලං ආවුසො, පටික්ඛිත්තා භගවතා ගණඞ්ගණූපාහනා”ති. “ගණ්හාහෙතා භික්ඛු උපාහනායො”ති.
Sinhala BJT48. එකල්හි එක්තරා උපාසකයෙක් සිවුපටක් ඇති වහන් ලා එන්නේ වඩින්නා වූ භාග්‍යවතුන් වහන්සේ දුර දී ම දුටුයේ ය. දැක වහන් මුදා භාග්‍යවතුන් වහන්සේ වෙතට ගියේ ය. ගොස් භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ ඒ මහණහු වෙතට ගියේ ය. ගොස් ඒ මහණහු සකසා වැඳ මෙය කීයේ ය: “ස්වාමීනි, ආර්‍ය්‍ය තෙමේ කුමක් නිසා කොර ගසයි දැ?” යි. “ඇවැත්නි, මාගේ පතුල් පැළුනේ ය.” “ස්වාමීනි, එසේ නම් මෙන්න වහන්.” “ඇවැත්නි, වුව මනා නැත. භාග්‍යවතුන් වහන්සේ විසින් සිවුපට වහන් ප්‍රතික්‍ෂේප කරණ ලදී.” “මහණ, මේ වහන් ගණුව.”
Pali BJT49. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “අනුජානාමි භික්ඛවෙ, ඔමුක්කං ගණඞ්ගණූපාහනං. න භික්ඛවෙ, නවා ගණඞ්ගණූපාහනා ධාරෙතබ්බා. යො ධාරෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT49. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට “මහණෙනි, පරිභෝගයෙන් මුදා ඉවත් කළ පටගණන් ඇති වහන් අනුදනිමි. මහණෙනි, පටගණන් ඇති අළුත් වහන් නො දැරිය යුතු ය. යමෙක් දරන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි.
Pali BJT50. තෙන ඛො පන සමයෙන භගවා අජ්ඣොකාසෙ අනුපාහනො චඞ්කමති. “සත්ථා අනුපාහනො චඞ්කමතී”ති. ථෙරාපි භික්ඛූ අනුපාහනා චඞ්කමන්ති.
Sinhala BJT50. එකල්හි භාග්‍යවතුන් වහන්සේ එලිමහන්හි වහන් රහිත ව සක්මන් කරණ සේක. “ශාස්තෲන් වහන්සේ වහන් රහිත ව සක්මන් කරණ සේකැ” යි ස්ථවිර භික්‍ෂූහු ද වහන් රහිත ව සක්මන් කෙරෙති.
Pali BJT51. ඡබ්බග්ගියා භික්ඛු සත්ථරි අනුපාහනෙ චඞ්කමමානෙ ථෙරෙසුපි භික්ඛූසු අනුපාහනෙසු චඞ්කමමානෙසු සඋපාහනා චඞ්කමන්ති. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා, තෙ උජ්ඣායන්ති, ඛීයන්ති, විපාචෙන්ති: “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ සත්ථරි අනුපාහනෙ චඞ්කමමානෙ ථෙරෙසුපි භික්ඛූසු අනුපාහනෙසු චඞ්කමමානෙසු සඋපාහනා චඞ්කමිස්සන්තී”ති.
Sinhala BJT51. ශාස්තෲන් වහන්සේ වහන් රහිත ව සක්මන් කරණ කල්හි ස්ථවිර භික්‍ෂූන් වහන් රහිත ව සක්මන් කරණ කල්හි සවගමහණෝ වහන් සහිත ව සක්මන් කෙරෙත්. ආශා රහිත වූ යම් ඒ භික්‍ෂූහු වෙත් ද ඔහු “ශාස්තෲන් වහන්සේ වහන් රහිත ව සක්මන් කරණ කල්හි ස්ථවිර භික්‍ෂූන් වහන් රහිත ව සක්මන් කරණ කල්හි කෙසේ නම් සවග මහණෝ වහන් සහිත ව සක්මන් කරත් දැ”යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්.
Pali BJT52. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. “සච්චං කිර භික්ඛවෙ, ඡබ්බග්ගියා භික්ඛූ සත්ථරි අනුපාහනෙ චඞ්කමමානෙ, ථෙරෙසුපි භික්ඛූසු අනුපාහනෙසු චඞ්කමමානෙසු සඋපාහනා චඞ්කමන්තී?”ති. “සච්චං භගවා.”
Sinhala BJT52. එකල්හි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ශාස්තෲන් වහන්සේ වහන් රහිත ව සක්මන් කරණ කල්හි ස්ථවිර භික්‍ෂූන් වහන් රහිත ව සක්මන් කරණ කල්හි සවග මහණෝ වහන් සහිත ව සක්මන් කෙරෙත් ල. ඒ සැබෑ ද?” “භාග්‍යවතුන් වහන්ස, සැබෑ ය.”
Pali BJT53. විගරහි බුද්ධො භගවා “කථං හි නාම තෙ භික්ඛවෙ, මොඝපුරිසා, සත්ථරි අනුපාහනෙ චඞ්කමමානෙ ථෙරෙසුපි භික්ඛූසු අනුපාහනෙසු චඞ්කමමානෙසු සඋපාහනා චඞ්කමිස්සන්ති? ඉමෙහි නාම භික්ඛවෙ, ගිහී කාමභොගිනො ඔදාතවසනා{1} අභිජීවනිකස්ස සිප්පස්ස කාරණා ආචරියෙසු සගාරවා සප්පතිස්සා{2} සභාගවුත්තිකා විහරිස්සන්ති. ඉධ ඛො තං භික්ඛවෙ, සොභෙථ, යං තුම්හෙ එවං ස්වාක්ඛාතෙ ධම්මවිනයෙ පබ්බජිතා සමානා ආචරියෙසු ආචරියමත්තෙසු උපජ්ඣායෙසු උපජ්ඣායමත්තෙසු අගාරවා අප්පතිස්සා අසභාගවුත්තිකා විහරෙය්යාථ?
Sinhala BJT53. “මහණෙනි, ඒ හිස් පුරුෂයෝ ශාස්තෲන් වහන්සේ වහන් රහිත ව සක්මන් කරණ කල්හි ස්ථවිරභික්‍ෂූන් වහන් රහිත ව සක්මන් කරණ කල්හි කෙසේ නම් වහන් සහිත ව සක්මන් කරත් දැ” යි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ (ඔවුන්ට) ගැරහූ සේක. “මහණෙනි, සුදුපිළි අඳින්නා වූ කාමභෝගී වූ මේ ගිහියෝ දිවි පැවැත්වීමට සුදුසු වූ ශිල්ප හේතුවෙන් ඇදුරන් කෙරෙහි ගෞරව සහිත ව ආදරසහිත ව සමාන පැවැතුම් ඇති ව වාසය කරන්නාහු ය. මහණෙනි, ඉදින් තෙපි මෙසේ මනා කොට දෙසූ ශාසනයෙහි පැවිදි ව ඇදුරන් කෙරෙහි ඇදුරන් පමණ වූවන් කෙරෙහි උපාධ්‍යායයන් කෙරෙහි උපාධ්‍යායයන් පමණ වූවන් කෙරෙහි ගෞරව රහිත ව ආදර රහිත ව නො සමපැවැතුම් ඇති ව වසන්නහු නම්, මෙහි තෙපි හොබනහු ද?
Pali BJT54. නෙතං භික්ඛවෙ, අප්පසන්නානං වා පසාදාය -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “න භික්ඛවෙ, ආචරියෙසු ආචරියමත්තෙසු උපජ්ඣායෙසු උපජ්ඣායමත්තෙසු අනුපාහනෙසු චඞ්කමමානෙසු සඋපාහනෙන චඞ්කමිතබ්බං. යො චඞ්කමෙය්ය, ආපත්ති දුක්කටස්ස. න භික්ඛවෙ{3}, අජ්ඣාරාමෙ උපාහනා ධාරෙතබ්බා. යො ධාරෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT54. “මහණෙනි, මෙය නො පැහැදුනවුන්ගේ පැහැදීම පිණිස හෝ නො වේ –පෙ–” යි ගරහා දැහැමි කතා කොට “මහණෙනි, ඇදුරන් පමණ වූවන් උපාධ්‍යායයන් පමණ වූවන් වහන් රහිත ව සක්මන් කරණ කල්හි වහන් සහිත ව සක්මන් නො කළ යුතු ය. යමෙක් (එසේ) සක්මන් කරන්නේ නම්, දුකුළාඇවැත් වේ. මහණෙනි, ආරාමය තුළ වහන් නො දැරිය යුතු ය. යමෙක් දරන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි භික්‍ෂූන් ඇමතූ සේක.
Pali BJT55. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො පාදඛීලාබාධො හොති. භික්ඛූ තං භික්ඛුං{4} පරිග්ගහෙත්වා උච්චාරම්පි පස්සාවම්පි නික්ඛාමෙන්ති. අද්දසා ඛො භගවා සෙනාසනචාරිකං ආහිණ්ඩන්තො තෙ භික්ඛූ තං භික්ඛුං පරිග්ගහෙත්වා උච්චාරම්පි පස්සාවම්පි නික්ඛාමෙන්තෙ. දිස්වාන යෙන තෙ භික්ඛූ තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තෙ භික්ඛූ එතදවොච: “කිං ඉමස්ස භික්ඛවෙ, භික්ඛුනො ආබාධො”ති. “ඉමස්ස භන්තෙ ආයස්මතො පාදඛීලාබාධො. ඉමං මයං පරිග්ගහෙත්වා උච්චාරම්පි පස්සාවම්පි නික්ඛාමෙමා’ති.
Sinhala BJT55. එකල්හි එක්තරා මහණකුට පාදයෙහි මස්දළු ලියලන ආබාධයෙක් වේ. භික්‍ෂූහු ඒ මහණහු වට කොට (ඔසොවා) ගෙණ මල ද මුත්‍ර ද පහ කරවත්. සේනාසනචාරිකාවෙහි වඩින්නා වූ භාග්‍යවතුන් වහන්සේ ඒ මහණහු ඔසොවා ගෙණ මල ද මුත්‍ර ද පහ කරවන්නා වූ ඒ භික්‍ෂූන් දුටු සේක. දැක ඒ භික්‍ෂූන් වෙතට වැඩි සේක. වැඩ “මහණෙනි, මේ මහණහුගේ ආබාධය කිනම් දැ” යි ඒ භික්‍ෂූන් අතින් අසා වදාළ සේක. “ස්වාමීනි, මේ මහණහුට පාදයෙහි මස්දළු හට ගැණිම් ආබාධයෙක් වේ. අපි මොහු ඔසොවා ගෙණ මල ද මුත්‍ර ද පහ කරවමු” යි.
Pali BJT56. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “අනුජානාමි භික්ඛවෙ, යස්ස පාදා වා දුක්ඛා, පාදා වා ඵලිතා, පාදඛීලො වා ආබාධො,{5} උපාහනං ධාරෙතු”න්ති.
Sinhala BJT56. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණ යෙහි දැහැමි කතා කොට “මහණෙනි, යම් මහණකුගේ පාදයෝ දුක් ඇත්තාහු හෝ වෙත් ද, පතුල් පැළුනේ හෝ වේ ද, පාදයෙහි මස්දළු හට ගැණීම් ආබාධයෙක් හෝ වේ ද, එකල්හි වහන් දරන්නට අනුදනිමි” යි භික්‍ෂූන් ඇමතූ සේක.
Pali BJT57. තෙන ඛො පන සමයෙන භික්ඛූ අධොතෙහි පාදෙහි මඤ්චම්පි පීඨම්පි අභිරුහන්ති. චීවරම්පි සෙනාසනම්පි දුස්සති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, ‘ඉදානි මඤ්චං වා පීඨං වා අභිරුහිස්සාමී ති උපාහනං ධාරෙතු”න්ති.
Sinhala BJT57. එකල්හි භික්‍ෂූහු නො සේදූ පාවලින් යුක්ත ව ඇඳට ද පුටුවට ද නගිත්, සිවුර ද සෙනසුන ද කිලිටි වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ‘දැන් ඇඳට හෝ පුටුවට නගින්නෙමි’ යි වහන් දරන්නට අනුදනිමි” යි.
Pali BJT58. තෙන ඛො පන සමයෙන භික්ඛූ රත්තියා උපොසථග්ගම්පි සන්නිසජ්ජම්පි ගච්ඡන්තා අන්ධකාරෙ ඛාණුම්පි කණ්ටකම්පි අක්කමන්ති. පාදා දුක්ඛා හොන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, අජ්ඣාරාමෙ උපාහනං ධාරෙතුං උක්කං පදීපං කත්තරදණ්ඩ”න්ති.
Sinhala BJT58. එකල්හි භික්‍ෂූහු රාත්‍රියෙහි පොහෝගෙට ද රැස් ව හිඳිනා තැනට ද යන්නෝ අන්‍ධකාරයෙහි උල් ද කටු ද පාගති. පාදයෝ වේදනා සහිත වෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ආරාමය තුළ වහන්, ගිනි හුලක්, පහනක්, සැරයටියක් දරන්නට අනුදනිමි” යි.
Pali BJT60. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ රත්තියා පච්චූසසමයං පච්චුට්ඨාය කට්ඨපාදුකායො අභිරුහිත්වා අජ්ඣොකාසෙ චඞ්කමන්ති උච්චාසද්දා මහාසද්දා ඛටඛටසද්දා අනෙකවිහිතං තිරච්ඡානකථං කථෙන්තා- සෙය්යථිදං: රාජකථං චොරකථං මහාමත්තකථං සෙනාකථං භයකථං යුද්ධකථං අන්නකථං පානකථං වත්ථකථං සයනකථං මාලාකථං ගන්ධකථං ඤාතිකථං යානකථං ගාමකථං නිගමකථං නගරකථං ජනපදකථං ඉත්ථිකථං පුරිසකථං සූරකථං විසිඛාකථං කුම්භට්ඨානකථං පුබ්බපෙතකථං නානත්තකථං ලොකක්ඛායිකං සමුද්දක්ඛායිකං ඉතිභවාභවකථං ඉති වා, කීටකම්පි අක්කමිත්වා මාරෙන්ති, භික්ඛූපි සමාධිම්හා චාවෙන්ති.
Sinhala BJT60. එකල්හි සවගමහණෝ රැ අලුයම් කාලයෙහි නැගිට දැවවහන් පය ලා ගෙණ උස්හඬ ඇති ව මහහඬ ඇති ව ඛට බට යන හඬ නගන්නෝ නන් වැදෑරුම් තිරිසන් කතා කරමින් එළිමහනෙහි සක්මන් කෙරෙත්. – එනම්: රාජකථා චෝරකථා මහාමාත්‍යකථා සේනාකථා භයකථා ආහාරකථා පානකථා වස්ත්‍රකථා සයනකථා මාලාකථා ගන්‍ධකථා ඥාතිකථා යානකථා ග්‍රාමකථා නිගමකථා නගරකථා ජනපදකථා ස්ත්‍රීකථා පුරුෂකථා ශුරකථා වීථිකථා කුම්භස්ථානකථා (පැන්තොට හා පැන් ගෙණෙන දාසීන් පිළිබඳ කථා) පූර්‍වප්‍රේතකථා නානාත්‍වකථා ලෝකනිර්‍මාණකථා සමුද්‍රකථා වැඩීම හා නො වැඩීම පිළිබඳ කථා යන මොහු ය. පණුවන් ද පාගා මරත්. භික්‍ෂූන් ද සමාධියෙන් තොර කෙරෙත්.
Pali BJT61. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා තෙ උජ්ඣායන්ති, ඛීයන්ති, විපාචෙන්ති: “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ රත්තියා පච්චූසසමයං පච්චුට්ඨාය කට්ඨපාදුකායො අභිරුහිත්වා අජ්ඣොකාසෙ චඞ්කමිස්සන්ති උච්චාසද්දා මහාසද්දා ඛටඛටසද්දා අනෙකවිහිතං තිරච්ඡානකථං කථෙන්තා - සෙය්යථීදං: රාජකථං චොරකථං -පෙ- ඉ ති භවාභවකථං. ඉති වා, කීටකම්පි අක්කමිත්වා මාරෙස්සන්ති. භික්ඛූපි සමාධිම්හා චාවෙස්සන්තී”ති.
Sinhala BJT61. ආශාරහිත යම් ඒ භික්‍ෂූහු වෙත් ද, ඒ භික්‍ෂූහු “සවගමහණෝ කෙසේ නම් රෑ අලුයම් කාලයෙහි නැගිට දැව වහන් පය ලා ගෙණ උස්හඬ ඇති ව මහහඬ ඇති ව ඛට බට යන හඩ නගන්නෝ නන් වැදෑරුම් තිරිසන් කතා – එනම්: රාජකථා චෝරකථා –පෙ– වැඩීම හා නො වැඩීම පිළිබඳ කතා යන තිරිසන් කතා කරමින් එළිමහනෙහි සක්මන් කරත් ද, පණුවන් ද පාගා මරත් ද, භික්‍ෂූන් ද සමාධියෙන් තොර කරත් දැයි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්.
Pali BJT62. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. -පෙ- “සච්චං කිර භික්ඛවෙ, ඡබ්බග්ගියා භික්ඛූ රත්තියා පච්චූසසමයං පච්චුට්ඨාය කට්ඨපාදුකායො අභිරුහිත්වා අජ්ඣොකාසෙ චඞ්කමන්ති උච්චාසද්දා මහාසද්දා ඛටඛටසද්දා අනෙකවිහිතං තිරච්ඡානකථං කථෙන්තා - සෙය්යථිදං: රාජකථං චොරකථං -පෙ- ඉති භවාභවකථං ඉති වා? කීටකම්පි අක්කමිත්වා මාරෙන්ති, භික්ඛූපි සමාධිම්හා චාවෙන්තී?”ති. “සච්චං, භගවා”.
Sinhala BJT62. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සවගමහණෝ රෑ අලුයම නැගිට දැවවහන් පය ලා ගෙණ උස්හඬ ඇති ව මහත්හඬ ඇති ව බට බට යන හඬ නගන්නෝ නන් වැදෑරුම් තිරිසන් කතා – රාජකථා චෝරකථා –පෙ– වැඩීම හා නොවැඩීම පිළිබඳ කතා යන මේ තිරිසන් කතා කියමින් එළිමහනෙහි සක්මන් කරත් යනු සැබෑ ද? පණුවන් ද පාගා මරත්. භික්‍ෂූන් ද සමාධියෙන් තොර කෙරෙත් දැ?”යි. “භාග්‍යවතුන් වහන්ස, සැබෑ ය”.
Pali BJT63. විගරහි බුද්ධො භගවා -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “න භික්ඛවෙ, කට්ඨපාදුකා ධාරෙතබ්බා. යො ධාරෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT63. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ ගර්‍හා කළසේක. –පෙ– ගරහා දැහැමි කතා කොට “මහණෙනි, දැවවහන් නො දැරිය යුතු ය. යමෙක් දරන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි භික්‍ෂූන් ඇමතූ සේක.
Pali BJT64. අථ ඛො භගවා රාජගහෙ යථාභිරන්තං විහරිත්වා යෙන බාරාණසී තෙන චාරිකං පක්කාමි. අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන බාරාණසී තදවසරි. තත්රසුදං භගවා බාරාණසියං විහරති ඉසිපතනෙ මිගදායෙ.
Sinhala BJT64. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කැමැති තාක් කල් රජගහ නුවර වැඩ වාසය කොට බරණැස බලා චාරිකා කළ සේක. පිළිවෙළින් චාරිකා කරණ සේක් බරණැස් නුවරට වැඩි සේක. භාග්‍යවතුන් වහන්සේ එහි බරණැස මිගදාය නම් වූ ඉසිපතනයෙහි වසන සේක.
Pali BJT65. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ “භගවතා කට්ඨපාදුකා පටික්ඛිත්තා”ති තාලතරුණෙ ඡෙදාපෙත්වා තාලපත්තපාදුකායො ධාරෙන්ති. තානි තාලතරුණානි ඡින්නානි මිලායන්ති. මනුස්සා උජ්ඣායන්ති, ඛීයන්ති, විපාචෙන්ති: “කථං හි නාම සමණා සක්යපුත්තියා තාලතරුණෙ ඡෙදාපෙත්වා තාලපත්තපාදුකායො ධාරෙස්සන්ති? තානි තාලතරුණානි ඡින්නානි මිලායන්ති. එකින්ද්රියං සමණා සක්යපුත්තියා ජීවං විහෙඨෙන්තී”ති.
Sinhala BJT65. එකල්හි සවගමහණෝ “භාග්‍යවතුන් වහන්සේ විසින් දැව වහන් තහනම් කරණ ලදැ” යි තරුණ තල්ගස් සිඳුවා තල්පතින් කළ පාදුකා = වහන් දරත්. ගොබ සිඳින ලද ඒ තරුණ තල්ගස් මැලවේ. මිනිස්සු “ශාක්‍යපුත්‍රීය වූ ශ්‍රමණයෝ කෙසේ නම් තරුණ තල්ගස් සිඳුවා තල්පතින් කළ වහන් දරත් ද? කපා දැමූ ඒ තරුණ තල්ගස් මැලවේ. ශාක්‍යපුත්‍රීය වූ ශ්‍රමණයෝ ඒකින්‍ද්‍රියජීව පෙළත්” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්.
Pali BJT66. අස්සොසුං ඛො භික්ඛූ තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. -පෙ- “සච්චං කිර භික්ඛවෙ, ඡබ්බග්ගියා භික්ඛූ තාලතරුණෙ ඡෙදාපෙත්වා තාලපත්තපාදුකායො ධාරෙන්ති. තානි තාලතරුණානි ඡින්නානි මිලායන්තී”?ති. “සච්චං භගවා.”
Sinhala BJT66. භික්‍ෂූහු අවමන් කරණ නින්‍දා කරණ දොස් කියන ඒ මිනිසුන්ගේ කතාව ඇසූහ. එකල්හි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සවග මහණෝ තරුණ තල්ගස් කපවා තල්පතින් කළ වහන් දරත් ල. කපා දැමූ ඒ තරුණ තල්ගස් මැලවේ ල. ඒ සැබෑ දැ?” යි. “භාග්‍යවතුන් වහන්ස, සැබෑ ය.”
Pali BJT67. විගරහි බුද්ධො භගවා “කථං හි නාම තෙ භික්ඛවෙ, මොඝපුරිසා තාලතරුණෙ ඡෙදාපෙත්වා තාලපත්තපාදුකායො ධාරෙස්සන්ති.? තානි තාලතරුණානි ඡින්නානි මිලායන්ති. ජීවසඤ්ඤිනො හි භික්ඛවෙ, මනුස්සා රුක්ඛස්මිං. නෙතං භික්ඛවෙ, අප්පසන්නානං වා පසාදාය -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: ‘න භික්ඛවෙ, තාලපත්තපාදුකා ධාරෙතබ්බා. යො ධාරෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT67. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ ගැරහූ සේක. “මහණෙනි, ඒ හිස් පුරුෂයෝ කෙසේ නම් තරුණ තල්ගස් කපවා තල්පතින් කළ වහන් දරත් ද? ගොබ කපා දැමූ ඒ තරුණ තල්ගස් මැලවේ. මහණෙනි, මිනිස්සු ගස්වල පණ ඇත්තාහු ය යන කල්පනා ඇත්තෝ වෙත්. “මහණෙනි, මෙය නො පැහැදුනවුන්ගේ පැහැදීම පිණිස හෝ නො වේ. –පෙ–” ගරහා දැහැමි කතා කොට “මහණෙනි, තල්පතින් කළ වහන් නො දැරිය යුතු ය. යමෙක් දරන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි භික්‍ෂූන් ඇමතූ සේක.
Pali BJT68. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ “භගවතා තාලපත්තපාදුකා පටික්ඛිත්තා”ති වෙළුතරුණෙ ඡෙදාපෙත්වා වෙළුපත්තපාදුකායො ධාරෙන්ති. තානි වෙළුතරුණානි ඡින්නානි මිලායන්ති. මනුස්සා උජ්ඣායන්ති, ඛීයන්ති, විපාචෙන්ති: “කථං හි නාම සමණා සක්යපුත්තියා වෙළුතරුණෙ ඡෙදාපෙත්වා වෙළුපත්තපාදුකායො ධාරෙස්සන්ති? තානි වෙළුතරුණානි ඡින්නානි මිලායන්ති. එකින්ද්රියං සමණා සක්යපුත්තියා ජීවං විහෙඨෙන්තී”ති.
Sinhala BJT68. එකල්හි සවගමහණෝ “භාග්‍යවතුන් වහන්සේ විසින් තල්පතින් කළ වහන් තහනම් කරණ ලදැ” යි තරුණ උණගස් කපවා උණපතින් කළ වහන් දරත්. කපා දැමූ ඒ ලපටි උණගස් මැලවේ. මිනිස්සු “ශාක්‍යපුත්‍රීය වූ ශ්‍රමණයෝ කෙසේ නම් ලපටි උණගස් කපවා උණපතින් කළ වහන් දරත් ද? කපා දැමූ ඒ ලපටි උණගස් මැලවේ. ශාක්‍ය පුත්‍රීය වූ ශ්‍රමණයෝ ඒකින්‍ද්‍රියජීව පෙළත්” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්.
Pali BJT69. අස්සොසුං ඛො භික්ඛූ තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං -පෙ- “න භික්ඛවෙ, වෙළුපත්තපාදුකා ධාරෙතබ්බා. යො ධාරෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT69. භික්‍ෂූහු අවමන් කරණ නින්‍දා කරණ දොස් කියන ඒ මිනිසුන්ගේ කතාව ඇසූහ. එකල්හි භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. –පෙ– “මහණෙනි, උණපතින් කළ වහන් නො දැරිය යුතු ය. යමෙක් දරන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි.
Pali BJT70. අථ ඛො භගවා බාරාණසියං යථාභිරන්තං විහරිත්වා යෙන භද්දියං තෙන චාරිකං පක්කාමි. අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන භද්දියං තදවසරි. තත්ර සුදං භගවා භද්දියෙ විහරති ජාතියාවනෙ.
Sinhala BJT70. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කැමැති තාක් කල් බරණැස් නුවර වාසය කොට භද්දියනගරය බලා චාරිකාවෙහි වැඩි සේක. පිළිවෙළින් චාරිකාවෙහි වඩිනා සේක් භද්දියනගරයට පැමිණියහ. භාග්‍යවතුන් වහන්සේ එහි භද්දිය නගර සමීපයෙහි වූ ජාතියවන වෙහෙරෙහි වසන සේක.
Pali BJT71. තෙන ඛො පන සමයෙන භද්දියා භික්ඛූ අනෙකවිහිතං පාදුකමණ්ඩනානුයොගමනුයුත්තා විහරන්ති. තිණපාදුකං කරොන්තිපි කාරාපෙන්තිපි. මුඤ්ජපාදුකං කරොන්තිපි කාරාපෙන්තිපි. බබ්බජපාදුකං කරොන්තිපි කාරාපෙන්තිපි. හින්තාලපාදුකං කරොන්තිපි කාරාපෙන්තිපි. කමලපාදුකං කරොන්තිපි කාරාපෙන්තිපි. කම්බලපාදුකං කරොන්තිපි කාරාපෙන්තිපි. රිඤ්චන්ති උද්දෙසං පරිපුච්ඡං අධිසීලං අධිචිත්තං අධිපඤ්ඤං.
Sinhala BJT71. එකල්හි භද්දියනගර වැසි භික්‍ෂූහු නොයෙක් ලෙසින් වහන් සැරසීමෙහි එක්වන් යෙදී වසත්. තණවහන් ද කෙරෙත්. කරවත්. මුදුතණවහන් ද කෙරෙත්. කරවත්. බබුස්තණවහන් ද කෙරෙත්. කරවත්. කිතුල් (ඉඳි) කොළවහන් ද කෙරෙත්. කරවත්. කමලතණ (සැවැන්න) වහන් ද කෙරෙත්. කරවත්. පලස් (උණුලොම්) වහන් ද කෙරෙත්. කරවත්. උදෙසීම ද පිළිවිසීම ද අධිශීලය ද අධිචිත්තය ද අධිප්‍රඥාව ද සිස් කෙරෙත්.
Pali BJT72. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා තෙ උජ්ඣායන්ති, ඛීයන්ති, විපාචෙන්ති: “කථං හි නාම භද්දියා භික්ඛූ අනෙකවිහිතං පාදුකමණ්ඩනානුයොගමනුයුත්තා විහරිස්සන්ති? තිණපාදුකං කරිස්සන්තිපි? කාරාපෙස්සන්තිපි? මුඤ්ජපාදුකං කරිස්සන්තිපි? කාරාපෙස්සන්තිපි? බබ්බජපාදුකං කරිස්සන්තිපි? කාරාපෙස්සන්තිපි? හින්තාලපාදුකං කරිස්සන්තිපි? කාරාපෙස්සන්තිපි? කමලපාදුකං කරිස්සන්තිපි? කාරාපෙස්සන්තිපි? කම්බලපාදුකං කරිස්සන්තිපි? කාරාපෙස්සන්තිපි? රිඤ්චිස්සන්ති උද්දෙසං පරිපුච්ඡං අධිසීලං අධිචිත්තං අධිපඤ්ඤ”න්ති. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT72. ආශා රහිත වූ යම් ඒ භික්‍ෂූහු වෙත් ද, ඒ භික්‍ෂූහු “භද්දිය නගර වැසි භික්‍ෂූහු කෙසේ නම් නොයෙක් ලෙසින් වහන් සැරසීමෙහි එක්වන් යෙදී වසත් ද? “තණවහන් කරත් ද? කරවත් ද? මුදුතණවහන් කරත් ද? කරවත් ද? බබුස්තණ වහන් කරත් ද? කරවත් ද? කිතුල්කොළවහන් කරත් ද? කරවත් ද? කමලතණවහන් කරත් ද? කරවත් ද? පලස්වහන් කරත් ද? කරවත් ද? උදෙසීම පිළිවිසීම අධිශීලය අධිචිත්තය අධිප්‍රඥාව සිස් කරත් දැ?” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ.
Pali BJT73. “සච්චං කිර භික්ඛවෙ, භද්දියා භික්ඛූ අනෙකවිහිතං පාදුකමණ්ඩනානුයොගමනුයුත්තා විහරන්ති? තිණපාදුකං කරොන්තිපි? කාරාපෙන්තිපි? මුඤ්ජපාදුකං කරොන්තිපි? කාරාපෙන්තිපි? බබ්බජපාදුකං කරොන්තිපි? කාරාපෙන්තිපි? හින්තාලපාදුකං කරොන්තිපි? කාරාපෙන්තිපි? කමලපාදුකං කරොන්තිපි? කාරාපෙන්තිපි? කම්බලපාදුකං කරොන්තිපි? කාරාපෙන්තිපි? රිඤ්චන්ති උද්දෙසං පරිපුච්ඡං අධිසීලං අධිචිත්තං අධිපඤ්ඤ?”න්ති. “සච්චං භගවා.”
Sinhala BJT73. “මහණෙනි, භද්දිය නගර වැසි භික්‍ෂූහු නොයෙක් ලෙසින් වහන් සැරසීමෙහි යෙදී වසත් ල. ඒ සැබෑ ද? තණවහන් කෙරෙත් ද? කරවත් ද? මුදුතණවහන් කෙරෙත් ද? කරවත් ද? බබුස්තණවහන් කෙරෙත් ද? කරවත් ද? කිතුල්කොළවහන් කෙරෙත් ද? කරවත් ද? කමලතණවහන් කෙරෙත් ද? කරවත් ද? පලස්වහන් කෙරෙත් ද? කරවත් ද? උදෙසීම පිළිවිසීම අධිශීලය අධිචිත්තය අධිප්‍රඥාව සිස් කෙරෙත් ද?”. “භාග්‍යවතුන් වහන්ස, සැබෑය.”
Pali BJT74. විගරහි බුද්ධො භගවා: “කථං හි නාම තෙ භික්ඛවෙ, මොඝපුරිසා අනෙකවිහිතං පාදුකමණ්ඩනානුයොගමනුයුත්තා විහරිස්සන්ති - තිණපාදුකං කරිස්සන්තිපි? කාරාපෙස්සන්තිපි? මුඤ්ජපාදුකං කරිස්සන්තිපි? කාරාපෙස්සන්තිපි? බබ්බජපාදුකං{1} කරිස්සන්තිපි? කාරාපෙස්සන්තිපි? හින්තාලපාදුකං කරිස්සන්තිපි? කාරාපෙස්සන්තිපි? කමලපාදුකං කරිස්සන්තිපි? කාරාපෙස්සන්තිපි? කම්බලපාදුකං කරිස්සන්තිපි? කාරාපෙස්සන්තිපි? රිඤ්චිස්සන්ති උද්දෙසං පරිපුච්ඡං අධිසීලං අධිචිත්තං අධිපඤ්ඤං.
Sinhala BJT74. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ “මේ සිස් පුරුෂයෝ කෙසේ නම් නොයෙක් ලෙසින් පාදුකා සැරසීමෙහි යෙදී වසත් ද? තණ පාදුකා කෙරෙත් ද? කරවත් ද? මුදුතණ පාදුකා කෙරෙත් ද? කාරවත් ද? බබුස්තණ පාදුකා කෙරෙත් ද? කරවත් ද? කිතුල්කොළපාදුකා කෙරෙත් ද? කරවත් ද? කමලතණ පාදුකා කෙරෙත් ද? කරවත් ද? පලස්වහන් කෙරෙත් ද? කරවත් ද? උදෙසීම පිළිවිසීම අධිශීලය අධිචිත්තය අධිප්‍රඥාව සිස් කෙරෙත් දැ” යි ගැරහූ සේක.
Pali BJT75. “නෙතං භික්ඛවෙ, අප්පසන්නානං වා පසාදාය -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: න භික්ඛවෙ, තිණපාදුකා ධාරෙතබ්බා. න මුඤ්ජපාදුකා ධාරෙතබ්බා. න බබ්බජපාදුකා ධාරෙතබ්බා. න හින්තාලපාදුකා ධාරෙතබ්බා. න කමලපාදුකා ධාරෙතබ්බා. න කම්බලපාදුකා ධාරෙතබ්බා. න සොවණ්ණමයා පාදුකා ධාරෙතබ්බා. න රූපිමයා{2} පාදුකා ධාරෙතබ්බා. න මණිමයා පාදුකා ධාරෙතබ්බා. න වෙළුරියමයා පාදුකා ධාරෙතබ්බා. න ඵළිකමයා පාදුකා ධාරෙතබ්බා. න කංසමයා පාදුකා ධාරෙතබ්බා. න කාචමයා පාදුකා ධාරෙතබ්බා. න තිපුමයා පාදුකා ධාරෙතබ්බා. න සීසමයා පාදුකා ධාරෙතබ්බා. න තම්බලොහමයා පාදුකා ධාරෙතබ්බා. යො ධාරෙය්ය, ආපත්ති දුක්කටස්ස. න ච භික්ඛවෙ, කාචි සඞ්කමනියා පාදුකා ධාරෙතබ්බා. යො ධාරෙය්ය, ආපත්ති දුක්කටස්ස. අනුජානාමි, භික්ඛවෙ, තිස්සො පාදුකායො{3} ධුවට්ඨානීයා අසඞ්කමනීයායො: වච්චපාදුකං පස්සාවපාදුකං ආචමනපාදුක”න්ති.
Sinhala BJT75. “මහණෙනි, මෙය නො පැහැදුනවුන්ගේ පැහැදීම පිණිස හෝ නො වේ යි –පෙ– ගරහා දැහැමි කතා කොට ‘මහණෙනි, තණපාදුකා නො දැරිය යුතු ය. මුදුතණපාදුකා නො දැරිය යුතු ය. බබුස්තණපාදුකා නො දැරිය යුතු ය. කිතුල්කොළපාදුකා නො දැරිය යුතු ය. කමලතණපාදුකා නො දැරිය යුතු ය. පලස්පාදුකා නො දැරිය යුතු ය. රනින් කළ පාදුකා නො දැරිය යුතු ය. රිදියෙන් කළ පාදුකා නො දැරිය යුතු ය. මිණියෙන් කළ පාදුකා නො දැරිය යුතු ය. වෙරළුමිණියෙන් කළ පාදුකා නො දැරිය යුතු ය. පළිඟුයෙන් කළ පාදුකා නො දැරිය යුතු ය. කස්ලෝහයෙන් කළ පාදුකා නො දැරිය යුතු ය. කදාමිණි(වීදුරු)යෙන් කළ පාදුකා නො දැරිය යුතු ය. ඊයමෙන් කළ පාදුකා නො දැරිය යුතු ය. කළුඊයමෙන් කළ පාදුකා ද නො දැරිය යුතු ය. තඹ ලෝහයෙන් කළ පාදුකා ද නො දැරිය යුතු ය. යමෙක් දරන්නේ නම්, දුකුළා ඇවැත් වේ” යි භික්‍ෂූන් ඇමතූ සේක: “මහණෙනි, ගෙණ යා හැකි (පය ලා ඇවිද්ද හැකි) කිසි (යම්) පාදුකා නො දැරිය යුතු ය. යමෙක් දරන්නේ නම්, දුකුළාඇවැත් වේ. මහණෙනි, ස්ථිර ව (එහි ම) තිබෙන, තැන තැන ගෙණ යා නො හැකි වූ වැසිකිළිපාදුකාව කෙසකිළිපාදුකාව දියකිස සාහන පාදුකාව යන පාදුකා තුණක් අනුදනිමි” යි.
Pali BJT76. අථ ඛො භගවා භද්දියෙ යථාභිරත්තං විහරිත්වා යෙන සාවත්ථි තෙන චාරිකං පක්කාමි. අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන සාවත්ථි තදවසරි. තත්ර සුදං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ.
Sinhala BJT76. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භද්දියනගරයෙහි කැමැති තාක් කල් වාසය කොට සැවැත්නුවර බලා චාරිකාවෙහි වැඩි සේක. පිළිවෙළින් චාරිකාවෙහි වඩිනා සේක් සැවැත් නුවරට පැමිණියහ. භාග්‍යවතුන් වහන්සේ එහි සැවැත්නුවර ජේතවනයෙහි වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වසන සේක.
Pali BJT77. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ අචිරවතියා නදියා ගාවීනං තරන්තීනං විසාණෙසුපි ගණ්හන්ති. කණ්ණෙසුපි ගණ්හන්ති. ගීවායපි ගණ්හන්ති. ඡෙප්පායපි{4} ගණ්හන්ති. පිට්ඨිම්පි අභිරුහන්ති. රත්තචිත්තාපි අඞ්ගජාතං ඡුපන්ති. වච්ඡතරිම්පි ඔගාහෙත්වා මාරෙන්ති.
Sinhala BJT77. එකල්හි සවගමහණෝ අචිරවතීගංගාවෙන් එතෙර වන්නා වූ දෙනුන්ගේ අං ද අල්වා ගණිත්. කන් ද අල්වා ගණිත්. බෙල්ල ද අල්වා ගණිත්. නගුට ද අල්වා ගණිත්. පිටට ද නගිත්. රාගයෙන් රත් වූ සිත් ඇත්තාහු රහසඟ ද ස්පර්‍ශ කෙරෙත්. නාඹු වැසිදෙන ද දියෙහි ගිල්වා මරත්.
Pali BJT78. මනුස්සා උජ්ඣායන්ති, ඛීයන්ති, විපාචෙන්ති: “කථං හි නාම සමණා සක්යපුත්තියා ගාවීනං තරන්තීන. විසාණෙසුපි ගහෙස්සන්ති? කණ්ණෙසුපි ගහෙස්සන්ති? ගීවායපි ගහෙස්සන්ති? ඡෙප්පායපි ගහෙස්සන්ති? පිට්ඨම්පි අභිරුහිස්සන්ති? රත්තචිත්තාපි අඞ්ගජාතං ඡුපිස්සන්ති? වච්ඡතරිම්පි ඔගාහෙත්වා මාරෙස්සන්ති? සෙය්යථාපි ගිහී කාමභොගිනො?”ති.
Sinhala BJT78. මිනිස්සු “ශාක්‍යපුත්‍රීය වූ ශ්‍රමණයෝ කාමභෝගී ගිහින් සේ කෙසේ නම් (ගඟින්) එතෙර වන්නා වූ දෙනුන්ගේ අං අල්වා ගණිත් ද? කන් අල්ලා ගණිත් ද? බෙල්ල අල්වා ගණිත් ද? නගුට අල්වා ගණිත් ද? පිටට නගිත් ද? රාගයෙන් රත් වූ සිත් ඇති ව රහසඟ ස්පර්‍ශ කරත් ද? නාඹුවැසිදෙනුන් දියෙහි ගිල්වා මරත් දැ” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්.
Pali BJT79. අස්සොසුං ඛො භික්ඛූ තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං: “සච්චං කිර භික්ඛවෙ, -පෙ- සච්චං භගවා.”
Sinhala BJT79. භික්‍ෂූහු අවමන් කරණ නින්‍දා කරණ දොස් කියන ඒ මිනිසුන්ගේ කතාව ඇසූහ. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, සැබෑ ද? –පෙ– භාග්‍යවතුන් වහන්ස සැබෑ ය.”
Pali BJT80. විගරහි බුද්ධො භගවා -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “න භික්ඛවෙ, ගාවීනං විසාණෙසු ගහෙතබ්බං. න කණ්ණෙසු ගහෙතබ්බං. න ගීවාය ගහෙතබ්බං. න ඡෙප්පාය ගහෙතබ්බං. න පිට්ඨි අභිරුහිතබ්බා. යො අභිරුහෙය්ය, ආපත්ති දුක්කටස්ස. න ච භික්ඛවෙ, රත්තචිත්තෙන අඞ්ගජාතං ඡුපිතබ්බං. යො ඡුපෙය්ය, ආපත්ති ථුල්ලච්චයස්ස. න වච්ඡතරී මාරෙතබ්බා. යො මාරෙය්ය, යථාධම්මො කාරෙතබ්බො”ති.
Sinhala BJT80. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ ගැරහූ සේක. –පෙ– ගරහා දැහැමි කතා කොට භික්‍ෂූන් ඇමතූ සේක: “මහණෙනි, දෙනුන්ගේ අං නො (අල්වා) ගත යුතු ය. කන් නො (අල්වා) ගත යුතු ය. බෙල්ල නො (අල්වා) ගත යුතු ය. නගුට නො (අල්වා) ගත යුතු ය. පිටට නො නැගිය යුතු ය. යමෙක් නගින්නේ නම්, දුකුළාඇවැත් වේ. මහණෙනි, රාගයෙන් රත් වූ සිතින් අඞ්ගජාතය නො පහළ යුතු ය. යමෙක් පහස්නේ නම් ථුලසිඇවැත් වේ. වැසිනැහැඹිය නො මැරිය යුතු ය. යමෙක් මරන්නේ නම්, ඇවැත් පරිදි කරවිය යුතු” යි.
Pali BJT81. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ යානෙන යායන්ති ඉත්ථියුත්තෙනපි පුරිසන්තරෙන පුරිසයුත්තෙනපි ඉත්ථන්තරෙන. මනුස්සා උජ්ඣායන්ති, ඛීයන්ති, විපාචෙන්ති: “සෙය්යථාපි ගඞ්ගාමහියායා”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. -පෙ- “න භික්ඛවෙ, යානෙන යායිතබ්බං. යො යායෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT81. එකල්හි සවගමහණෝ දෙනුන් යෙදූ පිරිමිරියැදුරා ඇති පිරිමිසතුන් යෙදූ ගෑණුරියැදුරා ඇති යානයෙන් යෙත්. මිනිස්සු “ගඞ්ගා උත්සව ක්‍රීඩා පිණිස (යන්නේ) යම් සේ ද, එ මෙනැ” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, යානයෙන් නො යා යුතු ය. යමෙක් යන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි.
Pali BJT82. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු කොසලෙසු ජනපදෙ සාවත්ථිං ගච්ඡන්තො භගවන්තං දස්සනාය අන්තරාමග්ගෙ ගිලානො හොති. අථ ඛො සො භික්ඛු මග්ගා ඔක්කම්ම අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ නිසීදි.
Sinhala BJT82. එකල්හි එක්තරා මහණෙක් තෙමේ භාග්‍යවතුන් වහන්සේ දකිනු පිණිස කොසොල්දනව්වෙහි වූ සැවැත්නුවරට යන්නේ අතරමග දී ගිලන් වූයේ වේ. ඉක්බිති ඒ මහණ තෙමේ මාර්‍ගයෙන් ඉවත් ව එක්තරා ගසක් මුල හුන්නේ ය.
Pali BJT83. මනුස්සා තං භික්ඛුං පස්සිත්වා{1} එතදවොචුං: “කහං භන්තෙ, අය්යො ගමිස්සතී”ති. “සාවත්ථිං ඛො අහං ආවුසො, ගමිස්සාමි භගවන්තං දස්සනායා”ති. “එහි භන්තෙ, ගමිස්සාමා”ති. “නාහං ආවුසො, සක්කොමි, ගිලානොම්හී”ති. “එහි භන්තෙ, යානං අභිරුහා”ති. “අලං ආවුසො, පටික්ඛිත්තං භගවතා යානා”න්ති කුක්කුච්චායන්තො යානං නාභිරුහි.
Sinhala BJT83. මිනිස්සු ඒ මහණහු දැක “ස්වාමීන් වහන්සේ කොහි වඩිනා සේක් දැ” යි ඇසූහ. “ඇවැත්නි, මම භාග්‍යවතුන් වහන්සේ දකිනු පිණිස සැවැත්නුවරට යන්නෙමි” යි. “ස්වාමීනි, (එසේ නම්) වඩින්න, යන්නෙමු” යි. “ඇවැත්නි, මම යා නො හැක්කෙමි. ගිලන්මි” යි. “එන්න, ස්වාමීනි, යානයට නගින්න” යි. “ඇවැත්නි, වුවමනා නැත. භාග්‍යවතුන් වහන්සේ විසින් යානය තහනම් කරණ ලදී” යි. සැක කරන්නේ යානයට නො නැංගේ ය.
Pali BJT84. අථ ඛො සො භික්ඛු සාවත්ථිං ගන්ත්වා භික්ඛූනං එතමත්ථං ආරොචෙසි. භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. -පෙ- “අනුජානාමි භික්ඛවෙ, ගිලානස්ස යානා”න්ති.
Sinhala BJT84. ඉක්බිති ඒ මහණ තෙමේ සැවැත්නුවරට ගොස් භික්‍ෂූන්ට මේ කරුණ සැළකළේ ය. භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, ගිලනහුට යානය අනුදනිමි” යි.
Pali BJT85. අථ ඛො භික්ඛූනං එතදහොසි: “ඉත්ථියුත්තං නු ඛො පුරිසයුත්තං නු ඛො”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, පුරිසයුත්තං හත්ථවට්ටක”න්ති.
Sinhala BJT85. එකල්හි භික්‍ෂූන්ට ගෑණු සතුන් යෙදූ යානය ද? (නොහොත්) පිරිමි සතුන් යෙදූ යානය දැ” යි මේ සිත් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, (ගොන් ආදී) පිරිමිසතුන් යෙදූ අතින් අදිනා යානය අනුදනිමි” යි.
Pali BJT86. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො යානුග්ඝාතෙන බාළ්හතරං අඵාසු අහොසි. භගවතො එතමත්ථං ආරොචෙසුං. -පෙ- “අනුජානාමි භික්ඛවෙ, සිවිකං පාටඞ්කි”න්ති.
Sinhala BJT86. එකල්හි එක්තරා මහණකුට යානය ගැස්සීමෙන් ඉතා දැඩි අපහසුවෙක් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සිවිකාව (දෝලාව) හිදොළුව (පල්ලැක්කිය) අනුදනිමි” යි.
Pali BJT87. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ උච්චාසයනමහාසයනානි ධාරෙන්ති. සෙය්යථිදං: ආසන්දිං පල්ලඞ්කං ගොණකං චිත්තකං පටිකං පටලිකං තූලිකං විකතිකං උද්දලොමිං{2} එකන්තලොමිං කට්ඨිස්සං කොසෙය්යං කුත්තකං හත්ථත්ථරං අස්සත්ථරං රථත්ථරං අජිනප්පවෙණිං කාදලිමිගපවරපච්චත්ථරණං{3} සඋත්තරච්ඡදං උභතො ලොහිතකූපධානං{4}.
Sinhala BJT87. එකල්හි සවගමහණෝ උසසුන් මහසුන් දරත්: දික් හඟළා පුටුව, පළඟ, මහාකොඳුපලස, විසිතුරු එළුලොම් ඇතිරිය, එළුලොම් සුදු ඇතිරිය, ගනපුප්රතුඇතිරිය, පුලුන් බහා කළ තුලිකාව (ගුදිරිය), සිංහව්‍යාඝ්‍රාදි රූපයන්ගෙන් විසිතුරු එළුලොම් ඇතිරිය, එක්පසෙක නැගි ලොම් ඇති එළුලොම් ඇතිරිය, දෙපස නැගි ලොම් ඇති එළුලොම් ඇතිරිය, රන් කම් කළ නූලෙන් වියූ ඇතිරිය, රනින් මුසු තිහිරිහුයින් කළ ඇතිරිය, සොළොස් නළඟනන්ට නැටිය හැකි පමණින් එළුලොමින් කළ මහ ඇතිරිය, ඇතු පිට ලන ඇතිරිය, අසු පිට ලන ඇතිරිය, රියෙහි අතුරණ ඇතිරිය, අඳුන් දිවිසමින් ඇඳ පමණට කළ ඇතිරිය, කෙහෙල්මුවසමින් කළ උතුම් ඇතිරිය, රතු වියන් සහිත වූ හිස් දොර පාමුල රතු කන්වැයින් තැබූ අසුන යන මොහු ය.
Pali BJT88. මනුස්සා විහාරචාරිකං ආහිණ්ඩන්තා පස්සිත්වා උජ්ඣායන්ති, ඛීයන්ති, විපාචෙන්ති: “සෙය්යථාපි ගිහී කාමභොගිනො”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. -පෙ- “න භික්ඛවෙ, උච්චාසයනමහාසයනානි ධාරෙතබ්බානි. සෙය්යථිදං: ආසන්දි පල්ලඞ්කො ගොණකො චිත්තකො පටිකා පටලිකා, තූලිකා විකතිකා උද්ධලොමී එකන්තලොමී කට්ඨිස්සං, කොසෙය්යං කුත්තකං හත්ථත්ථරං අස්සත්ථරං රථත්ථරං අජිනප්පවෙණි කදලිමිගපවරපච්චත්ථරණං සඋත්තරච්ඡදං උභතො ලොහිතකූපධානං. යො ධාරෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT88. විහාරචාරිකාවෙහි ඇවිදින මිනිස්සු දැක “කාමභෝගී ගිහින් සේ ය” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, උසසුන් මහසුන් නො දැරිය යුතු ය. එනම් දික්සඟළාපුටුව, පලඟ, මහකොඳුපලස, විසිතුරු එළුලොම් ඇතිරිය, එළුලොම් සුදු ඇතිරිය, ගනපුප් රතු ඇතිරිය, පුළුන් බහා කළ බිසිය, සිංහව්‍යාඝ්‍රාදිරූපයන්ගෙන් විසිතුරු එළුලොම් ඇතිරිය, එක්පසෙක නැගි ලොම් ඇති එළුලොම් ඇතිරිය, දෙපස නැගි ලොම් ඇති එළුලොම් ඇතිරිය, රන්කම් කළ නූලෙන් වියූ ඇතිරිය, රනින් මුසු තිහිරිහුයින් කළ ඇතිරිය, නළඟනන් සොළොසකට නැටිය හැකි පමණින් එළුලොමින් කළ ඇතිරිය, ඇතු පිට ලන ඇතිරිය, අසු පිට ලන ඇතිරිය, රියෙහි අතුරණ ඇතිරිය, අඳුන්දිවිසමින් ඇඳ පමණින් කළ ඇතිරිය, කෙහෙල්මුවසමින් කළ උතුම් ඇතිරිය, රතු වියන් සහිත වූ (හිස පය) දෙපස රතුකන්වැයින් තැබූ අසුන යන මොහු ය. යමෙක් (මේ අසුන්) දරන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි.
Pali BJT89. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ “භගවතා උච්චාසයනමහාසයනානි පටික්ඛිත්තානී”ති මහාචම්මානි ධාරෙන්ති: සීහචම්මං බ්යග්ඝචම්මං දීපිචම්මං. තානි මඤ්චප්පමාණෙනපි ඡින්නානි හොන්ති. පීඨප්පමාණෙනපි ඡින්නානි හොන්ති, අන්තොපි මඤ්චෙ පඤ්ඤත්තානි හොන්ති. බහිපි මඤ්චෙ පඤ්ඤත්තානි හොන්ති. අන්තොපි පීඨෙ පඤ්ඤත්තානි හොන්ති. බහිපි පීඨෙ පඤ්ඤත්තානි හොන්ති. මනුස්සා විහාරචාරිකං ආහිණ්ඩන්තා පස්සිත්වා උජ්ඣායන්ති, ඛීයන්ති, විපාචෙන්ති: “සෙය්යථාපි ගිහී කාමභොගිනො”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. -පෙ- “න භික්ඛවෙ, මහාචම්මානි ධාරෙතබ්බානි: සීහචම්මං බ්යග්ඝචම්මං දීපිචම්මං. යො ධාරෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT89. එකල්හි සවගමහණෝ “භාග්‍යවතුන් වහන්සේ විසින් උසසුන් මහසුන් තහනම් කරණ ලදැ’ යි සිංහසම් වගසම් දිවිසම් යන මහසම් දරත්. ඒ සම් ඇඳ පමණට ද සිඳින ලද්දේ වේ. පුටු පමණින් ද සිඳින ලද්දේ වේ. ඇඳේ ද පණවන ලද්දේ වේ. ඇඳින් පිටත ද පණවන ලද්දේ වේ. පුටුවේ ද පණවන ලද්දේ වේ. පුටුවෙන් පිටත ද පණවන ලද්දේ වේ. විහාරචාරිකාවෙහි ඇවිදින මිනිස්සු දැක “කාමභෝගී ගිහින් සේ” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සිංහසම් වගසම් දිවිසම් යන මහසම් නො දැරිය යුතු ය. යමෙක් දරන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි.
Pali BJT90. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ “භගවතා මහාචම්මානි පටික්ඛිත්තානී”ති ගොචම්මානි ධාරෙන්ති. තානි මඤ්චප්පමාණෙනපි ඡින්නානි හොන්ති. පීඨප්පමාණෙනපි ඡින්නානි හොන්ති. අන්තොපි මඤ්චෙ පඤ්ඤත්තානි හොන්ති. බහිපි මඤ්චෙ පඤ්ඤත්තානි හොන්ති. අන්තොපි පීඨෙ පඤ්ඤත්තානි හොන්ති. බහිපි පීඨෙ පඤ්ඤත්තානි හොන්ති.
Sinhala BJT90. එකල්හි සවගමහණෝ “භාග්‍යවතුන් වහන්සේ විසින් මහසම් තහනම් කරණ ලදැ” යි ගෙරිසම් දරත්, ඒ ගෙරිසම් ඇඳ පමණට ද සිඳින ලද්දේ වේ. පුටු පමණට ද සිඳින ලද්දේ වේ. ඇඳේ ද පණවන ලද්දේ වේ. ඇඳෙන් පිටත ද පණවන ලද්දේ වේ. පුටුවේ ද පණවන ලද්දේ වේ. පුටුවෙන් පිටත ද පණවන ලද්දේ වේ.
Pali BJT91. අඤ්ඤතරොපි පාපභික්ඛු අඤ්ඤතරස්ස පාපූපාසකස්ස කුලූපගො{1} හොති. අථ ඛො සො පාපභික්ඛු පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන තස්ස පාපූපාසකස්ස නිවෙසනං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. අථ ඛො සො පාපූපාසකො යෙන සො පාපභික්ඛු තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තං පාපභික්ඛුං අභිවාදෙත්වා එකමන්තං නිසීදි.
Sinhala BJT91. එක්තරා පවිටු මහණෙක් එක්තරා පාපි උපාසකයකුගේ කුලූපග වේ. එකල්හි ඒ පාපි භික්‍ෂු තෙමේ පෙරවරුයෙහි හැඳ පොරවා පාසිවුරු ගෙන ඒ පාපී උපාසකයාගේ ගෙට ගියේ ය. ගොස් පැණවූ අසුනෙහි හුන්නේ ය. ඉක්බිති ඒ පවිටු උවසු තෙමේ ඒ පවිටු මහණ වෙතට එළඹියේ ය. එළඹ ඒ පවිටු මහණ සකසා වැඳ පසෙක හුන්නේ ය.
Pali BJT92. තෙන ඛො පන සමයෙන තස්ස පාපූපාසකස්ස වච්ඡකො හොති තරුණකො අභිරූපො දස්සනීයො පාසාදිකො චිත්රො සෙය්යථාපි දීපිච්ඡාපො. අථ ඛො සො පාපභික්ඛු තං වච්ඡකං සක්කච්චං උපනිජ්ඣායති. අථ ඛො සො පාපූපාසකො තං පාපභික්ඛුං එතදවොච: “කිස්ස භන්තෙ, අය්යො ඉමං වච්ඡකං සක්කච්චං උපනිජ්ඣායතී”ති. “අත්ථො මෙ ආවුසො, ඉමස්ස වච්ඡකස්ස චම්මෙනා”ති. අථ ඛො සො පාපූපාසකො තං වච්ඡකං වධිත්වා චම්මං විධුනිත්වා තස්ස පාපභික්ඛුනො පාදාසි. අථ ඛො සො පාපභික්ඛු තං චම්මං සඞ්ඝාටියා පටිච්ඡාදෙත්වා අගමාසි.
Sinhala BJT92. එකල්හි ඒ පාපී උපාසකයාගේ තරුණ වූ මනා රූ ඇති දැකුම්කලු සතුට එළවන දිවිපැටවකු සේ විසිතුරු පැහැ ඇති වස්සෙක් වේ. ඒ පාපී භික්‍ෂූ තෙමේ ඒ වස්සා ගැණ ඉතා ඕනෑකමින් සලකා බලයි. එවිට ඒ පාපී උපාසක තෙමේ ඒ පාපී භික්‍ෂුහුහට “කවරහෙයින් ස්වාමීනි, ස්වාමීන් වහන්සේ මේ වස්සා ගැණ ඉතා ඕනෑකමින් සිතා බලත් දැ” යි මෙය ඇසී ය. “ඇවැත්නි, මේ වස්සාගේ සමින් මට වැඩෙක් තිබේ.” ඉක්බිති ඒ පාපී උපාසක තෙමේ ඒ වස්සා මරා හම උපුටා ඒ පාපී භික්‍ෂුහුහට දුන්නේ ය. ඉන් පසු ඒ පාපී භික්‍ෂු තෙමේ ඒ හම සඟළ සිවුරෙන් වසා ගෙණ ගියේ ය.
Pali BJT93. අථ ඛො සා ගාවී වච්ඡගිද්ධිනී තං පාපභික්ඛුං පිට්ඨිතො පිට්ඨිතො අනුබන්ධි. භික්ඛූ එවමාහංසු: “කිස්ස ත්යායං ආවුසො, ගාවී පිට්ඨිතො පිට්ඨිතො අනුබද්ධා”ති.{1} “අහම්පි ඛො ආවුසො, න ජානාමි කෙන ම්යායං ගාවී පිට්ඨිතො පිට්ඨිතො අනුබද්ධා”ති.
Sinhala BJT93. ඒ වේලෙහි වස්සා කෙරෙහි ගිජු වූ ඒ දෙන ඒ පවිටු මහණහු පසු පස ලුහුබැඳ ගියා ය. “ඇවැත්නි, කුමක් නිසා මේ දෙන තා පසු පස ලුහුබැඳ ඒ දැ” යි භික්‍ෂූහු මෙසේ ඇසූහ. “ඇවැත්නි, මේ දෙන මා පසු පස කුමක් හෙයින් ලුහුබැඳ එන්නී දැ” යි මමත් නො දනිමි.
Pali BJT94. තෙන ඛො පන සමයෙන තස්ස පාපභික්ඛුනො සඞ්ඝාටි ලොහිතෙන මක්ඛිතා හොති. භික්ඛූ එවමාහංසු: “අයං පන තෙ ආවුසො, සඞ්ඝාටි කිං කතා?”ති. අථ ඛො සො පාපභික්ඛු භික්ඛූනං එතමත්ථං ආරොචෙසි. “කිං පන ත්වං ආවුසො, පාණාතිපාතෙ සමාදපෙසී”ති. “එවමාවුසො”ති. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා, තෙ උජ්ඣායන්ති, ඛීයන්ති, විපාචෙන්ති: “කථං හි නාම භික්ඛු පාණාතිපාතෙ සමාදපෙස්සති? නනු භගවතා අනෙකපරියායෙන පාණාතිපාතො ගරහිතො? පාණාතිපාතා වෙරමණී පසත්ථා”ති. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා තං පාපභික්ඛුං පටිපුච්ඡි. “සච්චං කිර ත්වං භික්ඛු පාණාතිපාතෙ සමාදපෙසී”ති. “සච්චං භගවා.”
Sinhala BJT94. එකල්හි ඒ පාපී භික්‍ෂුහුගේ සඟළසිවුර ලෙයින් වැකුනේ වේ. “ඇවැත්නි, තාගේ සඟළසිවුර කුමක් කෙළේ දැ” යි භික්‍ෂූහු මෙසේ ඇසූහ. එවිට ඒ පාපී භික්‍ෂූතෙමේ භික්‍ෂූන්ට මේ කරුණ ප්‍රකාශ කළේ ය. “කිමෙක් ද ඇවැත්නි, තෝ සතුන් මැරීමෙහි සමාදන් කරවූයෙහි ද?”. “ඇවැත්නි, එසේ ය.” අල්පෙච්ඡ වූ යම් ඒ භික්‍ෂූහු වෙත් ද, ඒ භික්‍ෂූහු “කෙසේ නම් මහණෙක් සතුන් මැරීමෙහි සමාදන් කරවා ද? භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ලෙසින් සතුන් මැරීම ගරහන ලද්දේ නො වේ ද? සතුන් මැරීමෙන් වැළකීම පසස්නා ලද්දේ නො වේ දැ” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්, ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. ඉන් පසු භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කරුණෙහි භික්‍ෂූහුසඞ්ඝයා රැස් කරවා ඒ පවිටුමහණහුගෙන් විචාළ සේක. “මහණ, සැබෑ ද? තෝ සතුන් මැරීමෙහි සමාදන් කරවූයෙහි ද?” “භාග්‍යවතුන් වහන්ස, සැබෑ ය.”
Pali BJT95. විගරහි බුද්ධො භගවා: “කථං හි නාම ත්වං මොඝපුරිස, පාණාතිපාතෙ සමාදපෙස්සසි? නනු මයා, මොඝපුරිස, අනෙකපරියායෙන පාණාතිපාතො ගරහිතො? පාණාතිපාතා වෙරමණී පසත්ථා? නෙතං මොඝපුරිස, අප්පසන්නානං වා පසාදාය -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “න භික්ඛවෙ, පාණාතිපාතෙ සමාදපෙතබ්බං. යො සමාදපෙය්ය, යථා ධම්මො කාරෙතබ්බො. න භික්ඛවෙ, ගොචම්මං ධාරෙතබ්බං. යො ධාරෙය්ය, ආපත්ති දුක්කටස්ස. න ච භික්ඛවෙ, කිඤ්චි චම්මං ධාරෙතබ්බං. යො ධාරෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT95. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ ගැරහූ සේක. “සිස් පුරුෂය, කෙසේ නම් තෝ සතුන් මැරීමෙහි සමාදන් කරවූයෙහි ද, සිස් පුරුෂය, මා විසින් සතුන් මැරීම නොයෙක් ලෙසින් ගරහන ලද්දේ නො වේ ද? සතුන් මැරීමෙන් වැළකීම පසස්නා ලද්දේ නො වේ ද? සිස් පුරුෂය, මෙය නො පැහැදුනවුන්ගේ පැහැදීම පිණිස හෝ නො වේ. –පෙ– ගරහා දැහැමි කතා කොට භික්‍ෂූන් ඇමතූ සේක: “මහණෙනි, සතුන් මැරීමෙහි සමාදන් නො කරවිය යුතු ය. යමෙක් සමාදන් කරවන්නේ ද, ඇවැත් පරිදි කරවිය යුතු ය. මහණෙනි, ගෙරිසම් නො දැරිය යුතු ය. යමෙක් දරන්නේ නම්, දුකුළාඇවැත් වේ. මහණෙනි, කිසි හමක් නො දැරිය යුතු ය. යමෙක් දරන්නේ නම්, දුකුළාඇවැත්වේ ” යි.
Pali BJT96. තෙන ඛො පන සමයෙන මනුස්සානං මඤ්චොපි{2} පීඨම්පි චම්මොනද්ධානි හොන්ති චම්මවිනද්ධානි. භික්ඛූ කුක්කුච්චායන්තා නාභිනිසීදන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, ගිහිවිකටං{3} අභිනිසීදිතුං. නත්වෙව අභිනිපජ්ජිතු”න්ති.
Sinhala BJT96. එකල්හි මිනිසුන්ගේ ඇඳ ද පුටු ද සම් වද්දන ලද්දේ වෙයි. භික්‍ෂූහු කුකුස් කරන්නෝ නො හිඳිත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ගිහින් සතු ඇඳපුටුවල හිඳින්නටත් එහි නො නිදන්නටත් අනුදනිමි” යි.
Pali BJT97. තෙන ඛො පන සමයෙන විහාරා චම්මවට්ටෙහි ඔගුම්බීයන්ති.{4} භික්ඛූ කුක්කුච්චායන්තා නාභිනිසීදන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, බන්ධනමත්තං අභිනිසීදිතු”න්ති.
Sinhala BJT97. එකල්හි විහාරයෝ සම්වැටියෙන් වෙළා බඳිනු ලැබෙත්. භික්‍ෂූහු කුකුස් කරන්නෝ නො හිඳිත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, බැඳුම්පමණ නිසා හිඳින්නට අනුදනිමි” යි.
Pali BJT98. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ සඋපාහනා ගාමං පවිසන්ති. මනුස්සා උජ්ඣායන්ති, ඛීයන්ති, විපාචෙන්ති: “සෙය්යථාපි ගිහී කාමභොගිනො”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ, සඋපාහනෙන ගාමො පවිසිතබ්බො. යො පවිසෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT98. එකල්හි සවගමහණෝ වහන් සහිත ව ගමට පිවිසෙත්. මිනිස්සු “කාමභෝගී ගිහින් වැනි ය” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, වහන් සහිත ව ගමට නො පිවිසිය යුතු ය. යමෙක් පිවිසෙන්නේ නම්, දුකුළා ඇවැත් වේ” යි.
Pali BJT99. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු ගිලානො හොති. න සක්කොති විනා උපාහනෙන ගාමං පවිසිතුං. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, ගිලානෙන භික්ඛුනා සඋපාහනෙන ගාමං පවිසිතු”න්ති.
Sinhala BJT99. එකල්හි එක්තරා මහණෙක් තෙමේ ගිලන් වෙයි. වහන් නැති ව ගමට පිවිසෙන්නට අපොහොසත් වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ගිලන්මහණහු විසින් වහනින් යුක්ත ව ගම් වැදීම අනුදනිමි” යි.
Pali BJT100. තෙන ඛො පන සමයෙන ආයස්මා මහාකච්චායනො අවන්තීසු විහරති කුරරඝරෙ{1} පපාතෙ{2} පබ්බතෙ. තෙන ඛො පන සමයෙන සොණො උපාසකො කුටිකණ්ණො{3} ආයස්මතො මහාකච්චානස්ස උපට්ඨාකො හොති.
Sinhala BJT100. එකල්හි ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිර, තෙමේ අවන්ති ජනපදයෙහි කුරරඝර නගරයෙහි ප්‍රපාතපර්‍වතයෙහි වාසය කරයි. එකල්හි කුටිකණ්ණ නම් වූ සෝණ උපාසක තෙමේ ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරුන්ගේ උපස්ථායක වේ.
Pali BJT101. අථ ඛො සොණො උපාසකො කුටිකණ්ණො යෙනායස්මා මහාකච්චානො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං මහාකච්චානං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සොණො, උපාසකො කුටිකණ්ණො ආයස්මන්තං මහාකච්චානං එතදවොච: “යථා යථාහං භන්තෙ, අය්යෙන මහාකච්චානෙන ධම්මං දෙසිතං ආජානාමි, නයිදං සුකරං අගාරං අජ්ඣාවසතා එකන්තපරිපුණ්ණං. එකන්තපරිසුද්ධං සඞ්ඛලිඛිතං බ්රහ්මචරියං චරිතුං. ඉච්ඡාමහං භන්තෙ, කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිතුං. පබ්බාජෙතු මං භන්තෙ අය්යො මහාකච්චායනො”ති.{4} “දුක්කරං ඛො සොණ, යාවජීවං එකසෙය්යං එකභත්තං බ්රහ්මචරියං චරිතුං. ඉඞ්ඝ ත්වං සොණ , තත්ථෙව අගාරිකභූතො බුද්ධානං සාසනං අනුයුඤ්ජ කාලයුත්තං එකසෙය්යං එකභත්තං බ්රහ්මචරිය”න්ති.
Sinhala BJT101. දිනක් කුටිකණ්ණ සෝණ උපාසක තෙමේ ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරුන් වෙත ගියේ ය. ගොස් ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරුන් සකසා වැඳ පසෙක හුන්නේ ය. පසෙක හුන් කුටිකණ්ණ සෝණ උපාසක තෙමේ ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරුන්ට මෙය සැළකළේ ය: “ස්වාමීනි, ආර්‍ය්‍යය වූ මහාකාත්‍යායනයන් වහන්සේ විසින් දෙසන ලද ධර්‍මය යම් යම් පරිද්දෙකින් මම දනිම් ද, ඒකාන්තයෙන් පරිපූර්‍ණ වූ හැම ලෙසින් පිරිසිදු වූ සඞ්ඛලිඛිත{*} වූ මේ බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරීම ගිහිගෙයි වසන්නහුට පහසු නො වේ. ස්වාමීනි, මම කෙස් රැවුල් බහා කසාවත් හැඳ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වන්නට කැමැත්තෙමි. ස්වාමී වූ මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේ මා පැවිදි කරණ සේක්වා”යි. “සෝණ, දිවිහිම් කොට එක් සයනයක් ඇති එක් වේලේ බත් ඇති බඹසර විසීම පහසු නො වේ. සෝණ, එබැවින් තෝ ගිහි වූයේ බුදුන්ගේ අනුශාසනය වූ කාලානුරූප වූ එක් සයනයක් ඇති එක් වේලේ බත් ඇති ඒ බ්‍රහ්මචර්‍ය්‍යයෙහිම (අටසිල්හි) යෙදෙව” යි.
Pali BJT102. අථ ඛො සොණස්ස උපාසකස්ස කුටිකණ්ණස්ස යො අහොසි පබ්බජ්ජාභිසඞ්ඛාරො, සො පටිප්පස්සම්භි. දුතියම්පි ඛො සොණො උපාසකො කුටිකණ්ණො -පෙ- තතියම්පි ඛො සොණො උපාසකො කුටිකණ්ණො යෙනායස්මා මහාකච්චානො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං මහාකච්චානං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සොණො උපාසකො කුටිකණ්ණො ආයස්මන්තං මහාකච්චානං එතදවොච: “යථා යථාහං භන්තෙ අය්යෙන මහාකච්චායනෙන ධම්මං දෙසිතං ආජානාමි, නයිදං සුකරං අගාරං අජ්ඣාවසතා එකන්තපරිපුණ්ණං එකන්තපරිසුද්ධං සඞ්ඛලිඛිතං බ්රහ්මචරියං චරිතුං. ඉච්ඡාමහං භන්තෙ, කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිතුං. පබ්බාජෙතු මං, භන්තෙ, අය්යො මහාකච්චානො”ති. අථ ඛො ආයස්මා මහාකච්චානො සොණං උපාසකං කුටිකණ්ණං පබ්බාජෙසි.
Sinhala BJT102. ඉක්බිති කුටිකණ්ණසෝණ උපාසකයාහට ඇති වූ පැවිදි වීමේ තියුණු අදහස සංසිඳී ගියේ ය. දෙවනු ද කුටිකණ්ණසෝණ උපාසක තෙමේ –පෙ– තෙවනු ද කුටිකණ්ණසෝණ උපාසක තෙමේ ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරුන් වෙත ගියේ ය. ගොස් ආයුෂ්මත් වූ මහාකාත්‍යායන තෙරුන් සකසා වැඳ පසෙක හුන්නේ ය. පසෙක හුන් කුටිකණ්ණසෝණ උපාසක තෙමේ ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරුන්ට මෙය සැළ කළේ ය: “ස්වාමීනි, මම ආර්‍ය්‍ය වූ මහාකාත්‍යායනයන් වහන්සේ විසින් දෙසන ලද ධර්‍මය යම් යම් පරිද්දෙකින් දනිම් ද, ඒකාන්තයෙන් පරිපූර්‍ණ වූ හැම ලෙසින් පිරිසිදු වූ සඞ්ඛලිඛිත වූ මේ බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරීම ගිහිගෙහි වසන්නහුට පහසු නො වේ. ස්වාමීනි, මම කෙස් රැවුල් බහා කසාවත් හැඳ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වන්නට කැමැත්තෙමි. ස්වාමී වූ මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේ මා පැවිදි කරණ සේක්වා” යි. ඉක්බිති ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේ කුටිකණ්ණසෝණ උපාසකයා පැවිදි කළහ.
Pali BJT103. තෙන ඛො පන සමයෙන අවන්තිදක්ඛිණාපථො අප්පභික්ඛුකො හොති. අථ ඛො ආයස්මා මහාකච්චානො තිණ්ණං වස්සානං අච්චයෙන කිච්ඡෙන කසිරෙන තතො තතො දසවග්ගං භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා ආයස්මන්තං සොණං උපසම්පාදෙසි.
Sinhala BJT103. එකල්හි අවන්තිදක්ඛිණාපථය මහණගණයාගෙන් තොර වූයේ වේ. එහෙයින් ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේ තෙවසක් ඇවෑමෙන් ඉතා දුකින් ඒ ඒ දිශාවෙන් දශවර්ගික වූ භික්‍ෂුසඞ්ඝයා රැස් කරවා ආයුෂ්මත් සෝණහෙරණහු උපසපන් කළහ.
Pali BJT104. අථ ඛො ආයස්මතො සොණස්ස වස්සං වුත්ථස්ස රහොගතස්ස පතිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: “සුතොයෙව ඛො මෙ සො භගවා ‘එදිසො ච එදිසො චා’ති. න ච මයා සම්මුඛා දිට්ඨො. ගච්ඡෙය්යාහං තං භගවන්තං දස්සනාය අරහන්තං සම්මාසම්බුද්ධං, සචෙ මං උපජ්ඣායො අනුජානෙය්යා”ති.
Sinhala BJT104. ඉක්බිති වස් වැස නිම කළ රහෝගත වූ විවේකයට පැමිණ හුන් ආයුෂ්මත් සෝණ තෙරුන්ගේ සිත්හි මෙබඳු අදහසෙක් උපන: “මා විසින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‘මෙබඳු ය, මෙබඳු ය’ යි අසන ලදසේක් ම ය. (එහෙත්) මා විසින් ඉදිරියෙහි නො ද දක්නා ලදහ. මට උපාධ්‍යායයන් වහන්සේ අනුදන්නා සේක් නම්, මම අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ දක්නට යන්නෙමි” යි.
Pali BJT105. අථ ඛො ආයස්මා සොණො සායණ්හසමයං පතිසල්ලානා වුට්ඨිතො යෙනායස්මා මහාකච්චානො තෙනුපසඞ්කමි, උපසංකමිත්වා ආයස්මන්තං මහාකච්චායනං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා සොණො ආයස්මන්තං මහාකච්චායනං එතදවොච: “ඉධ මය්හං භන්තෙ, රහොගතස්ස පතිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: ‘සුතොයෙව ඛො මෙ සො භගවා ‘එදිසො ච එදිසො චා’ති. න ච මයා සම්මුඛා දිට්ඨො. ගච්ඡෙය්යාහං තං භගවන්තං දස්සනාය අරහන්තං සම්මාසම්බුද්ධං, සචෙ මං උපජ්ඣායො අනුජානෙය්යා’ති. ‘ගච්ඡෙය්යාහං භන්තෙ, තං භගවන්තං දස්සනාය අරහන්තං සම්මාසම්බුද්ධං, සචෙ මං උපජ්ඣායො අනුජානාතී”ති. “සාධු සාධු සොණ. ගච්ඡ ත්වං සොණ, තං භගවන්තං දස්සනාය අරහන්තං සම්මාසම්බුද්ධං, දක්ඛිස්සසි ත්වං සොණ තං භගවන්තං පාසාදිකං පසාදනීයං{1} සන්තින්ද්රියං සන්තමානසං උත්තමදමථසමථමනුප්පත්තං දන්තං ගුත්තං යතින්ද්රියං නාගං.
Sinhala BJT105. ඉක්බිති ආයුෂ්මත් සෝණස්ථවිර තෙමේ සවස් කාලයෙහි විවේකයෙන් නැගී සිටියේ මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේ වෙත ගියේ ය. ගොස් ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්නේ ය. පසෙක හුන් ආයුෂ්මත් සෝණ ස්ථවිර තෙමේ කාත්‍යායන ස්ථවිරයන් වහන්සේට මෙය සැළකෙළේ ය. “ස්වාමීනි, මෙහි රහෝගත ව විවේකයට පැමිණ හුන් මාගේ සිතෙහි මෙබඳු අදහසෙක් උපන: ‘මා විසින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‘මෙබඳු ය, මෙබඳු ය’ යි අසන ලදසේක් ම ය. (එහෙත්) මා විසින් ඉදිරියෙහි නො ද දක්නා ලදහ. ඉදින් මට උපාධ්‍යායයන් වහන්සේ අනුදන්නෝ නම් අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ දක්නට යන්නෙමි යි. ස්වාමීනි, උපාධ්‍යායයන් වහන්සේ ඉදින් මට අනුදනිත් නම්, මම අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ දක්නට යන්නෙමි” යි. “සෝණ, ඉතා යහපති. සෝණ, තෝ අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේ දක්නට යව. සෝණ, තෝ පැහැදීම එළවන පැහැදීමට ස්ථාන වූ සන්සුන් ඉඳුරන් ඇති සන්සුන් සිත් ඇති උතුම් කායූපසමයට හා චිත්තූපසමයට පැමිණියා වූ දැමුනා වූ රක්නා ලද ඉඳුරන් ඇති හික්මවූ ඉඳුරන් ඇති ශ්‍රේෂ්ඨ වූ නොහොත් පව් නැති ඒ භාග්‍යවතුන් වහන්සේ දක්නෙහි ය.
Pali BJT106. “තෙන හි ත්වං සොණ, මම වචනෙන භගවතො පාදෙ සිරසා වන්ද ‘උපජ්ඣායො මෙ භන්තෙ, ආයස්මා මහාකච්චායනො භගවතො පාදෙ සිරසා වන්දතී’ති. එවඤ්ච වදෙහි ‘අවන්තිදක්ඛිණාපථො භන්තෙ, අප්පභික්ඛුකො. තිණ්ණං මෙ වස්සානං අච්චයෙන කිච්ඡෙන කසිරෙන තතො තතො දසවග්ගං භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා උපසම්පදං අලත්ථං. අප්පෙව නාම භගවා අවන්තිදක්ඛිණාපථෙ අප්පතරෙන ගණෙන උපසම්පදං අනුජානෙය්යා”ති.
Sinhala BJT106. “සෝණ, එසේ නම් තෝ ‘ස්වාමීනි, මාගේ උපාද්ධ්‍යාය වූ ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් හිසින් වඳිති’ යි කියා මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් හිසින් වඳුව. මෙසේත් සැළකරව: ‘ස්වාමීනි, අවන්තිදක්ඛිණාපථය මහණගණයාගෙන් තොර වූයේ ය. තුන් අවුරුද්දක් ඇවෑමෙන් ඉතා දුකින් (අපහසුවෙන්) ඒ ඒ දිශාවන්ගෙන් දශවර්ගිකභික්‍ෂුසඞ්ඝයා රැස් කරවා ගෙණ (මම) මාගේ උපසම්පදාව ලැබුයෙමි. භාග්‍යවතුන් වහන්සේ අවන්තිදක්ඛිණාපථයෙහි ඉතා අඩු වූ භික්‍ෂුගණයාගෙන් යුක්ත උපසම්පදාව අනුදන්නා සේක් නම් යෙහෙක.
Pali BJT107. “අවන්තිදක්ඛිණාපථෙ භන්තෙ, කණ්හුත්තරා භූමි ඛරා ගොකණ්ටකහතා. අප්පෙව නාම භගවා අවන්තිදක්ඛිණාපථෙ. ගණඞ්ගණූපාහනං අනුජානෙය්ය.
Sinhala BJT107. “ස්වාමීනි, අවන්තිදක්ඛිණාපථයෙහි කළු මැටි වැඩි බිම ගවකුරයෙන් කැඩුනී ය. රළු ය. භාග්‍යවතුන් වහන්සේ අවන්තිදක්ඛිණාපථයෙහි පට කීපයක් ඇති ඝන වහන් අනුදන්නා සේක් නම්, යෙහෙක.
Pali BJT108. “අවන්තිදක්ඛිණාපථෙ භන්තෙ, නහානගරුකා මනුස්සා උදකසුද්ධිකා. අප්පෙව නාම භගවා අවන්තිදක්ඛිණාපථෙ ධුවනහානං අනුජානෙය්ය.
Sinhala BJT108. “ස්වාමීනි, අවන්තිදක්ඛිණාපථයෙහි මිනිස්සු නෑම ගරු කොට ගත්තෝ ය. දියෙන් පිරිසිදු බව බලාපොරොත්තු වන්නෝ ය. භාග්‍යවතුන් වහන්සේ අවන්තිදක්ඛිණාපථයෙහි නිත්‍යස්නානය (නිතර නෑම) අනුදන්නා සේක් නම්, යෙහෙක.
Pali BJT109. “අවන්තිදක්ඛිණාපථෙ භන්තෙ, චම්මානි අත්ථරණානි එළකචම්මං අජචම්මං මිගචම්මං. සෙය්යථාපි භන්තෙ, මජ්ඣිමෙසු ජනපදෙසු එරගු මොරගු මජ්ජාරු ජන්තු{2}, එවමෙව ඛො භන්තෙ, අවන්තිදක්ඛිණාපථෙ චම්මානි අත්ථරණානි එළකචම්මං අජචම්මං මිගචම්මං. අප්පෙව නාම භගවා අවන්තිදක්ඛිණාපථෙ චම්මානි අත්ථරණානි අනුජානෙය්ය එළකචම්මං අජචම්මං මිගචම්මං.
Sinhala BJT109. “ස්වාමීනි, අවන්තිදක්ඛිණාපථයෙහි එළුසම්, තිරෙළුසම්, මුවසම්, යන සම් ඇතිරි වේ. ස්වාමීනි, මධ්‍යජනපදයෙහි එරගු, මොරගු, මජ්ජාරු, ජන්තු යන තෘණයන්ගෙන් කළ කළාල මෙන් – ස්වාමීනි, අවන්තිදක්ඛිණාපථයෙහි එළුසම් තිරෙළුසම් මුවසම් යන සම් ඇතිරි වේ. භාග්‍යවතුන් වහන්සේ අවන්තිදක්ඛිණාපථයෙහි එළුසම් තිරෙළු සම් මුවසම් යන සම්ඇතිරි අනුදන්නා සේක් නම්, යෙහෙක”.
Pali BJT110. “එතරහි භන්තෙ, මනුස්සා නිස්සීමගතානං භික්ඛූනං චීවරං දෙන්ති: ‘ඉමං චීවරං ඉත්ථන්නාමස්ස දෙමා’ති. තෙ ආගන්ත්වා ආරොචෙන්ති: ‘ඉත්ථන්නාමෙහි තෙ ආවුසො, මනුස්සෙහි චීවරං දින්න’න්ති තෙ කුක්කුච්චායන්තා න සාදියන්ති’ මා නො නිස්සග්ගියං අහොසී’ති. අප්පෙව නාම භගවා චීවරෙ පරියායං ආචික්ඛෙය්යා”ති.
Sinhala BJT110. “ස්වාමීනි, දැන් මිනිස්සු සීමාවෙන් බැහැරට ගිය භික්‍ෂූන්ට ‘මේ සිවුර, මෙනම් ඇත්තහුට දෙමු’ යි සිවුරු දෙත්. ඔහු අවුත් ‘ඇවැත්නි, මෙනම් ඇති මිනිසුන් විසින් තට සිවුරු දෙන ලදැ’ යි කියත්. ඔහු කුකුස් කරන්නෝ ‘අපට නිසඟිපචිති නො වේවා” යි නො ඉවසත් (නො පිළිණිත්). භාග්‍යවතුන් වහන්සේ සිවුරෙහි ක්‍රමයක් (පිළිගැණිමේ නීතියක්) වදාළ සේක් නම්, යෙහෙකැ” යි.