Mahāvagga

Great Division

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1301-1400 න් 2799

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT17. න භික්ඛවෙ, තදහු පවාරණාය සභික්ඛුකා අනාවාසා අභික්ඛුකො ආවාසො ගන්තබ්බො අඤ්ඤත්ර සඞ්ඝෙන අඤ්ඤත්ර අන්තරායා.
Sinhala BJT17. මහණෙනි, එදවස පවාරණදිනයෙහි භික්‍ෂූන් සහිත වූ අනාවාසයෙන් භික්‍ෂූන් රහිත වූ ආවාසයට සඞ්ඝයාගෙන් වෙන් ව අන්තරායයක් නැති ව නො යා යුතු ය.
Pali BJT18. න භික්ඛවෙ, තදහු පවාරණාය සභික්ඛුකා අනාවාසා අභික්ඛුකො අනාවාසො ගන්තබ්බො අඤ්ඤත්ර සඞ්ඝෙන අඤ්ඤත්ර අන්තරායා.
Sinhala BJT18. මහණෙනි, එදවස පවාරණදිනයෙහි භික්‍ෂූන් සහිත වූ අනාවාසයෙන් භික්‍ෂූන් රහිත වූ අනාවාසයට සඞ්ඝයාගෙන් වෙන් ව අන්තරායයක් නැති ව නො යා යුතු ය.
Pali BJT19. න භික්ඛවෙ, තදහු පවාරණාය සභික්ඛුකා අනාවාසා අභික්ඛුකො ආවාසො වා අනාවාසො වා ගන්තබ්බො අඤ්ඤත්ර සඞ්ඝෙන, අඤ්ඤත්ර අන්තරායා.
Sinhala BJT19. මහණෙනි, එදවස පවාරණදිනයෙහි භික්‍ෂූන් සහිත වූ අනාවාසයෙන් භික්‍ෂූන් රහිත වූ ආවාසයට හෝ අනාවාසයට හෝ සඞ්ඝයාගෙන් වෙන් ව අන්තරායයක් නැති ව නො යා යුතු ය.
Pali BJT20. න භික්ඛවෙ, තදහු පවාරණාය සභික්ඛුකා ආවාසා වා අනාවාසා වා අභික්ඛුකො ආවාසො ගන්තබ්බො අඤ්ඤත්ර සඞ්ඝෙන,අඤ්ඤත්ර අන්තරායා.
Sinhala BJT20. මහණෙනි, එදවස පවාරණදිනයෙහි භික්‍ෂූන් සහිත වූ ආවාසයෙන් හෝ අනාවාසයෙන් හෝ භික්‍ෂූන් රහිත වූ ආවාසයට සඞ්ඝයාගෙන් වෙන් ව අන්තරායයක් නැති ව නො යා යුතු ය.
Pali BJT21. න භික්ඛවෙ, තදහු පවාරණාය සභික්ඛුකා ආවාසා වා අනාවාසා වා අභික්ඛුකො අනාවාසො ගන්තබ්බො අඤ්ඤත්ර සඞ්ඝෙන අඤ්ඤත්ර අන්තරායා.
Sinhala BJT21. මහණෙනි, එදවස පවාරණදිනයෙහි භික්‍ෂූන් සහිත වූ ආවාසයෙන් හෝ අනාවාසයෙන් හෝ භික්‍ෂූන් රහිත වූ අනාවාසයට සඞ්ඝයාගෙන් වෙන් ව අන්තරායයක් නැති ව නො යා යුතු ය.
Pali BJT22. න භික්ඛවෙ, තදහු පවාරණාය සභික්ඛුකා ආවාසා වා අනාවාසා වා අභික්ඛුකො ආවාසො වා අනාවාසො වා ගන්තබ්බො අඤ්ඤත්ර සඞ්ඝෙන අඤ්ඤත්ර අන්තරායා.
Sinhala BJT22. මහණෙනි, එදවස පවාරණදිනයෙහි භික්‍ෂූන් සහිත වූ ආවාසයෙන් හෝ අනාවාසයෙන් භික්‍ෂූන් රහිත වූ ආවාසයට හෝ අනාවාසයට හෝ සඞ්ඝයාගෙන් වෙන් ව අන්තරායයක් නැති ව නො යා යුතු ය.
Pali BJT23. න භික්ඛවෙ, තදහු පවාරණාය සභික්ඛුකා ආවාසා සභික්ඛුකො ආවාසො ගන්තබ්බො යත්ථස්සු භික්ඛූ නානාසංවාසකා අඤ්ඤත්ර සඞ්ඝෙන, අඤ්ඤත්ර අන්තරායා.
Sinhala BJT23. මහණෙනි, එදවස පවාරණදිනයෙහි යම් තැනෙක නානාසංවාසක වූ භික්‍ෂූහු වසන්නාහු ද (එබඳු වූ) භික්‍ෂූන් සහිත වූ ආවාසයෙන් භික්‍ෂූන් සහිත වූ ආවාසයට සඞ්ඝයාගෙන් වෙන් ව අන්තරායයක් නැති ව නො යා යුතු ය.
Pali BJT24. න භික්ඛවෙ, තදහු පවාරණාය සභික්ඛුකා ආවාසා සභික්ඛුකො අනාවාසො ගන්තබ්බො යත්ථස්සු භික්ඛූ නානාසංවාසකා අඤ්ඤත්ර සඞ්ඝෙන අඤ්ඤත්ර අන්තරායා.
Sinhala BJT24. මහණෙනි, එදවස පවාරණදිනයෙහි යම් තැනෙක නානාසංවාසක වූ භික්‍ෂූහු වසන්නාහු ද (එබඳු වූ) භික්‍ෂූන් සහිත වූ ආවාසයෙන් භික්‍ෂූන් සහිත වූ අනාවාසයට සඞ්ඝයාගෙන් වෙන් ව අන්තරායයක් නැති ව නො යා යුතු ය.
Pali BJT25. න භික්ඛවෙ, තදහු පවාරණාය සභික්ඛුකා ආවාසා සභික්ඛුකො ආවාසො වා අනාවාසො වා ගන්තබ්බො, යත්ථස්සු භික්ඛූ නානාසංවාසකා අඤ්ඤත්ර සඞ්ඝෙන අඤ්ඤත්ර අන්තරායා.
Sinhala BJT25. මහණෙනි, එදවස පවාරණදිනයෙහි යම් තැනෙක නානාසංවාසක භික්‍ෂූහු වසන්නාහු ද (එබඳු වූ) භික්‍ෂූන් සහිත වූ ආවාසයෙන් භික්‍ෂූන් සහිත වූ ආවාසයට හෝ අනාවාසයට හෝ සඞ්ඝයාගෙන් වෙන් ව අන්තරායයක් නැති ව නො යා යුතු ය.
Pali BJT26. න භික්ඛවෙ, තදහු පවාරණාය සභික්ඛුකා අනාවාසා සභික්ඛුකො ආවාසො ගන්තබ්බො යත්ථස්සු භික්ඛූ නානාසංවාසකා අඤ්ඤත්ර සඞ්ඝෙන අඤ්ඤත්ර අන්තරායා.
Sinhala BJT26. මහණෙනි, එදවස පවාරණදිනයෙහි යම් තැනෙක නානාසංවාසක වූ භික්‍ෂූහු වසන්නාහු ද එබඳු වූ භික්‍ෂූන් සහිත වූ අනාවාසයෙන් භික්‍ෂූන් සහිත වූ ආවාසයට සඞ්ඝයාගෙන් වෙන් ව අන්තරායයක් නැති ව නො යා යුතු ය.
Pali BJT27. න භික්ඛවෙ, තදහු පවාරණාය සභික්ඛුකා අනාවාසා සභික්ඛුකො අනාවාසො ගන්තබ්බො යත්ථස්සු භික්ඛූ නානාසංවාසකා අඤ්ඤත්ර සඞ්ඝෙන අඤ්ඤත්ර අන්තරායා.
Sinhala BJT27. මහණෙනි, එදවස පවාරණදිනයෙහි යම් තැනෙක නානාසංවාසක වූ භික්‍ෂූහු වසන්නාහු ද (එබඳු වූ) භික්‍ෂූන් සහිත වූ අනාවාසයෙන් භික්‍ෂූන් සහිත වූ අනාවාසයට සඞ්ඝයාගෙන් වෙන් ව අන්තරායයක් නැති ව නො යා යුතු ය.
Pali BJT28. න භික්ඛවෙ, තදහු පවාරණාය සභික්ඛුකා අනාවාසා සභික්ඛුකො ආවාසො වා අනාවාසො වා ගන්තබ්බො යත්ථස්සු භික්ඛූ නානාසංවාසකා අඤ්ඤත්ර සඞ්ඝෙන අඤ්ඤත්ර අන්තරායා.
Sinhala BJT28. මහණෙනි, එදවස පවාරණදිනයෙහි යම් තැනෙක නානාසංවාසක වූ භික්‍ෂූහු වසන්නාහු ද (එබඳු වූ) භික්‍ෂූන් සහිත වූ අනාවාසයෙන් භික්‍ෂූන් සහිත වූ ආවාසයට හෝ අනාවාසයට හෝ සඞ්ඝයාගෙන් වෙන් ව අන්තරායයක් නැති ව නො යා යුතු ය.
Pali BJT29. න භික්ඛවෙ, තදහු පවාරණාය සභික්ඛුකා ආවාසා වා අනාවාසා වා සභික්ඛුකො ආවාසො ගන්තබ්බො යත්ථස්සු භික්ඛූ නානාසංවාසකා අඤ්ඤත්ර සඞ්ඝෙන අඤ්ඤත්ර අන්තරායා.
Sinhala BJT29. මහණෙනි, එදවස පවාරණදිනයෙහි යම් තැනෙක නානාසංවාසක වූ භික්‍ෂූහු වසන්නාහු ද (එබඳු වූ) භික්‍ෂූන් සහිත වූ ආවාසයෙන් හෝ අනාවාසයෙන් හෝ භික්‍ෂූන් සහිත වූ ආවාසයට සඞ්ඝයාගෙන් වෙන් ව අන්තරායයක් නැති ව නො යා යුතු ය.
Pali BJT30. න භික්ඛවෙ, තදහු පවාරණාය සභික්ඛුකා ආවාසා වා අනාවාසා වා සභික්ඛුකො අනාවාසො ගන්තබ්බො යත්ථස්සු භික්ඛූ නානාසංවාසකා අඤ්ඤත්ර සඞ්ඝෙන අඤ්ඤත්ර අන්තරායා.
Sinhala BJT30. මහණෙනි, එදවස පවාරණදිනයෙහි යම් තැනෙක නානාසංවාසක වූ භික්‍ෂූහු වසන්නාහු ද (එබඳු වූ) භික්‍ෂූන් සහිත වූ ආවාසයෙන් හෝ අනාවාසයෙන් හෝ භික්‍ෂූන් සහිත වූ අනාවාසයට සඞ්ඝයාගෙන් වෙන් ව අන්තරායයක් නැති ව නො යා යුතු ය.
Pali BJT31. න භික්ඛවෙ, තදහු පවාරණාය සභික්ඛුකා ආවාසා වා අනාවාසා වා සභික්ඛුකො ආවාසො වා අනාවාසො වා ගන්තබ්බො යත්ථස්සු භික්ඛූ නානාසංවාසකා අඤ්ඤත්ර සඞ්ඝෙන අඤ්ඤත්ර අන්තරායා.
Sinhala BJT31. මහණෙනි, එදවස පවාරණදිනයෙහි යම් තැනෙක නානාසංවාසක වූ භික්‍ෂූහු වසන්නාහු ද (එබඳු වූ) භික්‍ෂූන් සහිත වූ ආවාසයෙන් හෝ අනාවාසයෙන් හෝ භික්‍ෂූන් සහිත වූ ආවාසයට සඞ්ඝයාගෙන් වෙන් ව අන්තරායයක් නැති ව නො යා යුතු ය.
Pali BJT32. ගන්තබ්බො භික්ඛවෙ, තදහු පවාරණාය සභික්ඛුකා ආවාසා සභික්ඛුකො ආවාසො යත්ථස්සු භික්ඛූ සමානසංවාසකා යං ජඤ්ඤා “සක්කොමි අජ්ජෙව ගන්තු”න්ති.
Sinhala BJT32. මහණෙනි, එදවස පවාරණදිනයෙහි යම් තැනෙක සමාන සංවාසක වූ භික්‍ෂූහු වසන්නාහු ද යම් තැනක් “අද ම යන්නට හැක්කෙමි” යි දන්නේ ද එබඳු වූ භික්‍ෂූන් සහිත වූ ආවාසයෙන් භික්‍ෂූන් සහිත වූ ආවාසයට යා යුතු ය.
Pali BJT33. ගන්තබ්බො භික්ඛවෙ, තදහු පවාරණාය සභික්ඛුකා ආවාසා සභික්ඛුකො අනාවාසො -පෙ- සභික්ඛුකො ආවාසො වා අනාවාසො වා යත්ථස්සු භික්ඛූ සමානසංවාසකා යං ජඤ්ඤා “සක්කොමි අජ්ජෙව ගන්තු”න්ති.
Sinhala BJT33. මහණෙනි, එදවස පවාරණදිනයෙහි යම් තැනෙක සමාන සංවාසක වූ භික්‍ෂූහු වසන්නාහු ද යම් තැනක් “අද ම යන්නට හැක්කෙමි” යි දන්නේ ද (එබඳු වූ) භික්‍ෂූන් සහිත වූ ආවාසයෙන් භික්‍ෂූන් සහිත වූ අනාවාසයට –පෙ– භික්‍ෂූන් සහිත වූ ආවාසයට හෝ අනාවාසයට හෝ යා යුතු ය.
Pali BJT34. ගන්තබ්බො භික්ඛවෙ, තදහු පවාරණාය සභික්ඛුකා අනාවාසා සභික්ඛුකො ආවාසො -පෙ- සභික්ඛුකො අනාවාසො -පෙ- සභික්ඛුකො ආවාසො වා අනාවාසො වා යත්ථස්සු භික්ඛූ සමානසංවාසකා යං ජඤ්ඤා “සක්කොමි අජ්ජෙව ගන්තු”න්ති.
Sinhala BJT34. මහණෙනි, එදවස පවාරණදිනයෙහි යම් තැනෙක සමාන සංවාසක වූ භික්‍ෂූහු වසන්නාහු ද, යම් තැනක් “අද ම යන්නට හැක්කෙමි” යි දන්නේ ද එබඳු වූ භික්‍ෂූන් සහිත වූ ආවාසයට –පෙ– භික්‍ෂූන් සහිත වූ අනාවාසයට –පෙ– භික්‍ෂූන් සහිත වූ ආවාසයට හෝ අනාවාසයට හෝ යා යුතු ය.
Pali BJT35. ගන්තබ්බො භික්ඛවෙ, තදහු පවාරණාය සභික්ඛුකා ආවාසා වා අනාවාසා වා සභික්ඛුකො ආවාසො -පෙ- සභික්ඛුකො අනාවාසො -පෙ- සභික්ඛුකො ආවාසො වා අනාවාසො වා යත්ථස්සු භික්ඛූ සමානසංවාසකා යං ජඤ්ඤා “සක්කොමි අජ්ජෙව ගන්තු”න්ති.
Sinhala BJT35. මහණෙනි, එදවස පවාරණදිනයෙහි යම් තැනෙක සමාන සංවාසක වූ භික්‍ෂූහු වසන්නාහු ද, යම් තැනක් “අද ම යන්නට හැක්කෙමි” යි දන්නේ ද (එබඳු වූ) භික්‍ෂූන් සහිත වූ ආවාසයෙන් හෝ අනාවාසයෙන් හෝ භික්‍ෂූන් සහිත වූ ආවාසයට –පෙ– භික්‍ෂූන් සහිත වූ අනාවාසයට –පෙ– භික්‍ෂූන් සහිත වූ ආවාසයට හෝ අනාවාසයට හෝ යා යුතු ය.
Pali BJT36. න භික්ඛවෙ, භික්ඛුනියා නිසින්නපරිසාය පවාරෙතබ්බං. යො පවාරෙය්ය ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT36. මහණෙනි, මෙහෙණක හුන් පිරිසෙහි නො පැවරිය යුතු ය. යමෙක් පවරන්නේ නම් දුකුළාඇවැත් වේ.
Pali BJT37. න සික්ඛමානාය -පෙ- න සාමණෙරස්ස -පෙ- න සාමණෙරාය -පෙ- න සික්ඛං පච්චක්ඛාතකස්ස -පෙ- න අන්තිමවත්ථුං අජ්ඣාපන්නකස්ස නිසින්නපරිසාය පවාරෙතබ්බං. යො පවාරෙය්ය ආපත්ති දුක්කටස්ස .
Sinhala BJT37. හික්මෙන්නියක –පෙ– නො පැවරිය යුතු ය. හෙරණකු –පෙ– නො පැවරිය යුතු ය. හෙරණියක –පෙ– නො පැවරිය යුතු ය. ශික්‍ෂාව බැහැරලූවකු –පෙ– නො පැවරිය යුතු ය. අන්තිම වස්තුවට පැමිණියකු හුන් පිරිසෙහි නො පැවරිය යුතු ය. යමෙක් පවරන්නේ නම් දුකුළාඇවැත් වේ.
Pali BJT38. න ආපත්තියා අදස්සනෙ උක්ඛිත්තකස්ස නිසින්නපරිසාය පවාරෙතබ්බං. යො පවාරෙය්ය යථාධම්මො කාරෙතබ්බො.
Sinhala BJT38. ඇවැත් නො දැක්මෙහි බැහැර ලූවකු හුන් පිරිසෙහි නො පැවරිය යුතු ය. යමෙක් පවරන්නේ නම් ධර්‍මය (විනය නීති) පරිදි කරවිය යුතු ය.
Pali BJT39. න ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛිත්තකස්ස -පෙ- න පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛිත්තකස්ස නිසින්නපරිසාය පවාරෙතබ්බං. යො පවාරෙය්ය, යථාධම්මො කාරෙතබ්බො.
Sinhala BJT39. ඇවැතට පිළියම් නො කිරීමෙහි බැහැර ලූවකු –පෙ– ලාමක මිසදිටු අත නො හැරීමෙහි බැහැර ලූවකු හුන් පිරිසෙහි නො පැවරිය යුතු ය. යමෙක් පවරන්නේ නම් ධර්‍මය පරිදි කරවිය යුතු ය.
Pali BJT40. න පණ්ඩකස්ස නිසින්නපරිසාය පවාරෙතබ්බං. යො පවාරෙය්ය ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT40. පණ්ඩකයකු හුන් පිරිසෙහි නො පැවරිය යුතු ය. යමෙක් පවරන්නේ නම් දුකුළාඇවැත් වේ.
Pali BJT41. න ථෙය්යසංවාසකස්ස -පෙ- න තිත්ථියපක්කන්තකස්ස -පෙ- න තිරච්ඡානගතස්ස -පෙ- න මාතුඝාතකස්ස -පෙ- න පිතුඝාතකස්ස -පෙ- න අරහන්තඝාතකස්ස -පෙ- න භික්ඛුනිදූසකස්ස -පෙ- න සඞ්ඝභෙදකස්ස -පෙ- න ලොහිතුප්පාදකස්ස -පෙ- න උභතොබ්යඤ්ජනකස්ස නිසින්නපරිසාය පවාරෙතබ්බං. යො පවාරෙය්ය, ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT41. පැවිද්ද සොරකම් කළ එකකු –පෙ– නො පැවරිය යුතු ය. තීර්‍ත්‍ථකයන් කරා ගියකු –පෙ– නො පැවරිය යුතු ය. තිරිසන් ගියකු –පෙ– නො පැවරිය යුතු ය. මාතෘඝාතකයකු –පෙ– නො පැවරිය යුතු ය. පිතෘඝාතකයකු –පෙ– නො පැවරිය යුතු ය. අරහන්තඝාතකයකු –පෙ– නො පැවරිය යුතු ය. භික්ඛුණීදූසකයකු –පෙ– නො පැවරිය යුතු ය. සඞ්ඝභේදකයකු –පෙ– නො පැවරිය යුතු ය. ලෝහිතුප්‍පාදකයකු –පෙ– නො පැවරිය යුතු ය. උභාතොබ්‍යඤ්‍ජනකයකු හුන් පිරිසෙහි නො පැවරිය යුතු ය. යමෙක් පවරන්නේ නම් දුකුළාඇවැත් වේ.
Pali BJT42. න භික්ඛවෙ, පාරිවාසිකපවාරණාදානෙන පවාරෙතබ්බං අඤ්ඤත්ර අවුට්ඨිතාය පරිසාය.
Sinhala BJT42. මහණෙනි, පිරිස නො නැගී හුන් කල්හි හැර පාරිවාසික පවාරණය දීමෙන් නො පැවරිය යුතු ය.
Pali BJT43. න ච භික්ඛවෙ, අපවාරණාය පවාරෙතබ්බං අඤ්ඤත්ර සඞ්ඝසාමග්ගියා’ති.
Sinhala BJT43. මහණෙනි, සඞ්ඝසාමග්ගියෙහි හැර පවාරණය නො කට යුතු දිනයෙහි නො පැවරිය යුතු ය.
Pali BJTදුතියකභාණවාරං නිට්ඨිතං{1}.
Sinhala BJTදෙවන බණවර නිමි.
Pali BJT1. තෙන ඛො පන සමයෙන කොසලෙසු ජනපදෙ අඤ්ඤතරස්මිං ආවාසෙ තදහු පවාරණාය සවරකභයං අහොසි. භික්ඛූ නාසක්ඛිංසු තෙවාචිකං පවාරෙතුං. භගවතො එතමත්ථං ආරොචෙසුං: “අනුජානාමි භික්ඛවෙ ද්වෙවාචිකං පවාරෙතු”න්ති. බාළ්හතරං සවරකභයං අහොසි. භික්ඛූ නාසක්ඛිංසු ද්වෙවාචිකං පවාරෙතුං. භගවතො එතමත්ථං ආරොචෙසුං: “අනුජානාමි භික්ඛවෙ, එකවාචිකං පවාරෙතු”න්ති. බාළ්හතරං සවරකභයං අහොසි. භික්ඛූ නාසක්ඛිංසු එකවාචිකං පවාරෙතුං. භගවතො එතමත්ථං ආරොචෙසුං: “අනුජානාමි භික්ඛවෙ, සමානවස්සිකං පවාරෙතු”න්ති.
Sinhala BJT1. එකල්හි කොසොල් දනව්වෙහි එක්තරා ආවාසයෙක එදවස පවාරණයෙහි වැද්දන්ගෙන් බියක් වූයේ ය. භික්‍ෂූහු තෙවරක් කීමෙන් පවරන්නට නො හැකි වූහ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, දෙවරක් කීමෙන් පවරන්නට අනුදනිමි” යි. දැඩි වැදි බියක් වූයේ ය. භික්‍ෂූහු දෙවරක් කීමෙන් පවරන්නට නො හැකි වූහ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, එක්වරක් කීමෙන් පවරන්නට අනුදනිමි” යි. ඉතා දැඩි වැදිබියක් වූයේ ය. භික්‍ෂුහු එක්වරක් කීමෙන් ද පවරන්නට නො හැකි වූහ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සමාන වස් ඇත්තන් එකතු ව (කීමෙන්) පවරන්නට අනුදනිමි” යි.
Pali BJT2. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්මිං ආවාසෙ තදහු පවාරණාය මනුස්සෙහි දානං දෙන්තෙහි යෙභුය්යෙන රත්ති ඛෙපිතා හොති. අථ ඛො තෙසං භික්ඛූනං එතදහොසි: “මනුස්සෙහි දානං දෙන්තෙහි යෙභුය්යෙන රත්ති ඛෙපිතා. සචෙ සඞ්ඝො තෙවාචිකං පවාරෙස්සති. අප්පවාරිතො’ව සඞ්ඝො භවිස්සති අථායං රත්ති විභායිස්සති. කථන්නු ඛො අම්හෙහි පටිපජ්ජිතබ්බ”න්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං: “ඉධ පන භික්ඛවෙ, අඤ්ඤතරස්මිං ආවාසෙ තදහු පවාරණාය මනුස්සෙහි දානං දෙන්තෙහි යෙභුය්යෙන රත්ති ඛෙපිතා හොති. තත්ර චෙ භික්ඛූනං{1} එවං හොති ‘මනුස්සෙහි දානං දෙන්තෙහි යෙභුය්යෙන රත්ති ඛෙපිතා. සචෙ සඞ්ඝො තෙවාචිකං පවාරෙස්සති. අප්පවාරිතො’ව සඞ්ඝො භවිස්සති. අථායං රත්ති විභායිස්සතී’ති, බ්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො: ‘සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. මනුස්සෙහි දානං දෙන්තෙහි යෙභුය්යෙන රත්ති ඛෙපිතා. සචෙ සඞ්ඝො තෙවාචිකං පවාරෙස්සති. අප්පවාරිතො’ව සඞ්ඝො භවිස්සති. අථායං රත්ති විභායිස්සති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො ද්වෙවාචිකං -පෙ- එකවාචිකං -පෙ- සමානවස්සිකං පවාරෙය්යා”ති.
Sinhala BJT2. එකල්හි එක්තරා ආවාසයෙක එදවස පවාරණයෙහි දන් දෙන්නා වූ මිනිසුන් විසින් බොහෝ සෙයින් රාත්‍රිය ගෙවන ලදී. එකල්හි ඒ භික්‍ෂූන්ට “දන් දෙන්නා වූ මිනිසුන් විසින් බොහෝ සෙයින් රාත්‍රිය ගෙවන ලදී. ඉදින් සඞ්ඝ තෙමේ තෙවරක් කියා පවරන්නේ නම්, සඞ්ඝ තෙමේ නො පැවරූයේ ම වන්නේ ය. එසේ කල්හි මේ රාත්‍රිය පහන් වන්නේ ය. අප විසින් කෙසේ පිළිපැදිය යුතු දැ“යි මේ සිත් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පවාරණ දිනයෙහි දන් දෙන්නා වූ මිනිසුන් විසින් බොහෝ සෙයින් රාත්‍රිය ගෙවන ලදී. එහි දී භික්‍ෂූන්ට ‘දන් දෙන්නා වූ මිනිසුන් විසින් බොහෝ සෙයින් රාත්‍රිය ගෙවන ලදී. සඞ්ඝ තෙමේ තෙවරක් කීමෙන් පවරන්නේ නම් සඞ්ඝ තෙමේ නො පැවරූයේ ම වන්නේ ය. එසේ කල්හි මේ රාත්‍රිය පහන් වන්නේ ය’ යි මෙසේ අදහස් වේ නම්, ව්‍යක්ත වූ ප්‍රතිබල භික්‍ෂූ නමක් විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුතු ය. “ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. දන් දෙන්නා වූ මිනිසුන් විසින් බොහෝ සෙයින් රාත්‍රිය ගෙවන ලදී. ඉදින් සඞ්ඝ තෙමේ තුන් වරක් පවරන්නේ නම්, සඞ්ඝ තෙමේ නො පැවරූයේ ම වන්නේ ය. දැන් මේ රාත්‍රිය පහන් වන්නේ ය. ඉදින් සඞ්ඝයාට පැමිණ කල් ඇත්තේ නම්, සඞ්ඝ තෙමේ දෙවරක් කීමෙන් –පෙ– එක්වරක් කීමෙන් –පෙ– සමාන වස් ඇත්තන් එකතු ව කීමෙන් පවරන්නේ ය.”
Pali BJT3. ඉධ පන භික්ඛවෙ, අඤ්ඤතරස්මිං ආවාසෙ තදහු පවාරණාය භික්ඛූහි ධම්මං භණන්තෙහි -පෙ- සුත්තන්තිකෙහි සුත්තන්තං සඞ්ගායන්තෙහි -පෙ- විනයධරෙහි විනයං විනිච්ඡිනන්තෙහි{2} -පෙ- ධම්මකථිකෙහි ධම්මං සාකච්ඡන්තෙහි -පෙ- භික්ඛූහි කලහං කරොන්තෙහි යෙභුය්යෙන රත්ති ඛෙපිතා හොති. තත්ර චෙ භික්ඛූනං එවං හොති -පෙ- “භික්ඛූහි කලහං කරොන්තෙහි යෙභුය්යෙන රත්ති ඛෙපිතා, සචෙ සඞ්ඝො තෙවාචිකං පවාරෙස්සති අප්පවාරිතො’ව සඞ්ඝො භවිස්සති. අථායං රත්ති විභායිස්සතී”ති, බ්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො: “සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. භික්ඛූහි කලහං කරොන්තෙහි යෙභුය්යෙන රත්ති ඛෙපිතා. සචෙ සඞ්ඝො තෙවාචිකං පවාරෙස්සති අප්පවාරිතො’ව සඞ්ඝො භවිස්සති. අථායං රත්ති විභායිස්සති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො ද්වෙවාචිකං -පෙ- එකවාචිකං -පෙ- සමානවස්සිකං පවාරෙය්යා”ති.
Sinhala BJT3. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පවාරණයෙහි දහම් දෙසන්නා වූ භික්‍ෂූන් විසින් –පෙ– සූත්‍රාන්ත සඞ්ගායනා කරන්නා වූ සූත්‍රාන්තිකයන් විසින් –පෙ– විනය විසඳන්නා වූ විනයධරයන් විසින් –පෙ– ධර්‍ම සාකච්ඡා කරන්නා වූ ධර්‍මකථිකයන් විසින් –පෙ– කලහ කරන්නා වූ භික්‍ෂූන් විසින් බොහෝ සෙයින් රාත්‍රිය ගෙවන ලදී. එහි දී භික්‍ෂූන්ට ‘කලහ කරන්නා වූ භික්‍ෂූන් විසින් රාත්‍රිය ගෙවන ලදී. සඞ්ඝ තෙමේ තෙවරක් කීමෙන් පවරන්නෙන් නම්, සඞ්ඝ තෙමේ නො පැවරූයේ ම වන්නේ ය. මේ රාත්‍රිය ද පහන් වන්නේ ය” යි මෙසේ අදහස් වේ නම්, ව්‍යක්ත වූ ප්‍රතිබල භික්‍ෂු නමක් විසින් සඞ්ඝ තෙමේ දැන් විය යුතු ය. ‘ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා: කලහ කරන්නා වූ භික්‍ෂූන් විසින් බොහෝ සෙයින් රාත්‍රිය ගෙවන ලදී. ඉදින් සඞ්ඝ තෙමේ තෙවරක් කීමෙන් පවරන්නේ නම්, සඞ්ඝ තෙමේ නො පැවරූයේ ම වන්නේ ය. දැන් මේ රාත්‍රිය පහන් වන්නේ ය. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම්, සඞ්ඝ තෙමේ දෙවරක් කීමෙන් –පෙ– එක් වරක් කීමෙන් –පෙ– සමාන වස් ඇත්තන් එකතු ව කීමෙන් පවරන්නේ ය” යි.
Pali BJT4. තෙන ඛො පන සමයෙන කොසලෙසු ජනපදෙ අඤ්ඤතරස්මිං ආවාසෙ තදහු පවාරණාය මහාභික්ඛුසඞ්ඝො සන්නිපතිතො හොති, පරිත්තඤ්ච අනොවස්සිකං{1} හොති, මහා ච මෙඝො{2} උග්ගතො හොති. අථ ඛො තෙසං භික්ඛූනං එතදහොසි: “අයං ඛො මහාභික්ඛුසඞ්ඝො සන්නිපතිතො. පරිත්තඤ්ච අනොවස්සිකං. මහා ච මෙඝො උග්ගතො. සචෙ සඞ්ඝො තෙවාචිකං පවාරෙස්සති, අප්පවාරිතො’ව සඞ්ඝො භවිස්සති. අථායං මෙඝො පවස්සිස්සති{3}. කථන්නු ඛො අම්හෙහි පටිපජ්ජිතබ්බ”න්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “ඉධ පන භික්ඛවෙ, අඤ්ඤතරස්මිං ආවාසෙ තදහු පවාරණාය මහාභික්ඛුසඞ්ඝො සන්නිපතිතො හොති. පරිත්තඤ්ච අනොවස්සිකං හොති මහා ච මෙඝො උග්ගතො හොති. තත්ර චෙ භික්ඛූනං එවං හොති: “අයං ඛො මහාභික්ඛුසඞ්ඝො සන්නිපතිතො. පරිත්තඤ්ච අනොවස්සිකං. මහා ච මෙඝො උග්ගතො. සචෙ සඞ්ඝො තෙවාචිකං පවාරෙස්සති, අප්පවාරිතො’ව සඞ්ඝො භවිස්සති. අථායං මෙඝො පවස්සිස්සතී’ති. බ්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො: “සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අයං මහාභික්ඛුසඞ්ඝො සන්නිපතිතො. පරිත්තඤ්ච අනොවස්සිකං, මහා ච මෙඝො උග්ගතො. සචෙ සඞ්ඝො තෙවාචිකං පවාරෙස්සති, අප්පවාරිතො’ව සඞ්ඝො භවිස්සති, අථායං මෙඝො පවස්සිස්සති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො ද්වෙවාචිකං -පෙ- එකවාචිකං -පෙ- සමානවස්සිකං පවාරෙය්යා”ති.
Sinhala BJT4. එකල්හි කොසොල්දනව්වෙහි එක්තරා ආවාසයෙක එදවස පවාරණ දිනයෙහි මහාභික්‍ෂුසඞ්ඝ තෙමේ රැස් වූයේ වේ. නො තෙමෙන තැන් ඉතා ටික වේ. මහත් මේඝයෙක් ද නැංගේ වේ. එකල්හි ඒ භික්‍ෂූන්ට “මේ මහාභික්‍ෂූහුසඞ්ඝ තෙමේ රැස් වූයේ වේ. නො තෙමෙන තැන් ද ටික ය. මහාමේඝයෙක් ද නැංගේ වේ. ඉදින් සඞ්ඝ තෙමේ තුන් වරක් කීමෙන් පවරන්නේ නම්, සඞ්ඝ තෙමේ නො පැවරූයේ ම වන්නේ ය. මේ මේඝය ද වසින්නේ ය. අප විසින් කෙසේ පිළිපැදිය යුතු දැ” යි මේ සිත් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පවාරණ දිනයෙහි මහාභික්‍ෂුසඞ්ඝ තෙමේ රැස් වූයේ වේ. නො තෙමෙන තැන් ද ටික වේ. මහත් වූ මේඝයෙක් ද නැංගේ වේ. එහි දී භික්‍ෂූන්ට ‘මේ මහාභික්‍ෂුසඞ්ඝ තෙමේ රැස් වූයේ වේ. නො තෙමෙන තැන් ද ටික ය. මහත් වූ මේඝයෙක් ද නැංගේ ය. සඞ්ඝ තෙමේ තුන්වරක් කීමෙන් පවරන්නේ නම්, සඞ්ඝ තෙමේ නො පැවරූයේ ම වන්නේ ය. ඒ මේඝය ද වසින්නේ ය’යි මෙසේ අදහස් වේ නම්, ව්‍යක්ත වූ ප්‍රතිබල භික්‍ෂුනමක් විසින් සඞ්ඝ තෙමේ දැන් විය යුතු ය: ‘ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. මේ මහාභික්‍ෂු සඞ්ඝ තෙමේ රැස් වූයේ ය. නො තෙමෙන තැන් ද ටික ය. මහත් වූ මේඝයෙක් ද නැංගේ ය. ඉදින් සඞ්ඝ තෙමේ තෙවරක් කීමෙන් පවරන්නේ නම්, සඞ්ඝ තෙමේ නො පැවරූයේ ම වන්නේ ය. මේ මේඝය ද වසින්නේ ය. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම්, සඞ්ඝ තෙමේ දෙවරක් කීමෙන් –පෙ– එක්වරක් කීමෙන් –පෙ– සමාන වස් ඇත්තන් එකතු ව කීමෙන් පවරන්නේ ය” යි.
Pali BJT5. “ඉධ පන භික්ඛවෙ, අඤ්ඤතරස්මිං ආවාසෙ තදහු පවාරණාය රාජන්තරායො හොති -පෙ- චොරන්තරායො හොති -පෙ- අග්යන්තරායො හොති -පෙ- උදකන්තරායො හොති -පෙ- මනුස්සන්තරායො හොති -පෙ- අමනුස්සන්තරායො හොති -පෙ- වාළන්තරායො හොති -පෙ- සිරිංසපන්තරායො හොති -පෙ- ජීවිතන්තරායො හොති -පෙ- බ්රහ්මචරියන්තරායො හොති. තත්ර චෙ භික්ඛූනං එවං හොති: ‘අයං ඛො බ්රහ්මචරියන්තරායො. සචෙ සඞ්ඝො තෙවාචිකං පවාරෙස්සති, අප්පවාරිතො’ව සඞ්ඝො භවිස්සති. අථායං බ්රහ්මචරියන්තරායො භවිස්සතී”ති. බ්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො: “සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අයං බ්රහ්මචරියන්තරායො. සචෙ සඞ්ඝො තෙවාචිකං පවාරෙස්සති, අප්පවාරිතො’ව සඞ්ඝො භවිස්සති, අථායං බ්රහ්මචරියන්තරායො භවිස්සති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො ද්වෙවාචිකං -පෙ- එකවාචිකං -පෙ- සමානවස්සිකං පවාරෙය්යා”ති.
Sinhala BJT5. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පවාරණ දිනයෙහි රජුගෙන් අන්තරායයෙක් වේ. –පෙ– සොරුන්ගෙන් අන්තරායයෙක් වේ. –පෙ– ගින්නෙන් අන්තරායයෙක් වේ. –පෙ– ජලයෙන් අන්තරායයෙක් වේ. –පෙ– මිනිසුන්ගෙන් අන්තරායයෙක් වේ. –පෙ– අමනුෂ්‍යයන්ගෙන් අන්තරායයෙක් වේ. –පෙ– චණ්ඩමෘගයන්ගෙන් අන්තරායයෙක් වේ. –පෙ– සර්‍පයන්ගෙන් අන්තරායයෙක් වේ. –පෙ– ජීවිතයට අන්තරායයෙක් වේ. –පෙ– බ්‍රහ්මචර්‍ය්‍යයට අන්තරායයෙක් වේ. –පෙ– එහි දී භික්‍ෂූන්ට ‘මේ බ්‍රහ්මචර්‍ය්‍යාන්තරායයෙකි. සඞ්ඝ තෙමේ තෙවරක් කීමෙන් පවරන්නේ නම්, සඞ්ඝ තෙමේ නො පැවරූයේ ම වන්නේ ය. මේ බ්‍රහ්මචර්‍ය්‍යයට අන්තරායය ද වන්නේ ය’ යි මෙසේ අදහස් වේ නම්, ව්‍යක්ත වූ ප්‍රතිබල භික්‍ෂුනමක් විසින් සඞ්ඝ තෙමේ දැන් විය යුතු ය: “ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. මේ බ්‍රහ්මචර්‍ය්‍යයට අන්තරායයෙකි. ඉදින් සඞ්ඝ තෙමේ තෙවරක් කීමෙන් පවරන්නේ නම්, සඞ්ඝ තෙමේ නො පැවරූයේ ම වන්නේ ය. මේ බ්‍රහ්මචර්‍ය්‍යාන්තරායය ද වන්නේ ය. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම්, සඞ්ඝ තෙමේ දෙවරක් කීමෙන් –පෙ– එක් වරක් කීමෙන් –පෙ– සමාන වස් ඇත්තන් එකතු ව කීමෙන් පවරන්නේ ය” යි.
Pali BJT6. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ සාපත්තිකා පවාරෙන්ති භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ, සාපත්තිකෙන පවාරෙතබ්බං. යො පවාරෙය්ය, ආපත්ති දුක්කටස්ස. අනුජානාමි, භික්ඛවෙ, යො සාපත්තිකො පවාරෙති, තස්ස ඔකාසං කාරාපෙත්වා ආපත්තියා චොදෙතු”න්ති.
Sinhala BJT6. එකල්හි සවග මහණෝ ඇවැත් සහිත වූවෝ පවරත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ඇවැත් සහිත වූවහු විසින් නො පැවරිය යුතු ය. යමෙක් පවරන්නේ නම්, දුකුළා ඇවැත් වේ. මහණෙනි, ඇවැත් සහිත වූ යමෙක් පවරා නම්, ඔහුට අවකාශ කරවා (කැමැත්ත ගෙණ) ඇවැතින් චෝදනා කරන්නට අනුදනිමි” යි.
Pali BJT7. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ ඔකාසං කාරාපියමානා න ඉච්ඡන්ති ඔකාසං කාතුං. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, ඔකාසං අකරොන්තස්ස පවාරණං ඨපෙතුං. එවඤ්ච පන භික්ඛවෙ, ඨපෙතබ්බා: තදහු පවාරණාය චාතුද්දසෙ වා පණ්ණරසෙ වා තස්මිං පුග්ගලෙ සම්මුඛීභූතෙ සඞ්ඝමජ්ඣෙ උදාහරිතබ්බං: ‘සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. ඉත්ථන්නාමො පුග්ගලො සාපත්තිකො. තස්ස පවාරණං ඨපෙමි. න තස්මිං සම්මුඛීභූතෙ පවාරෙතබ්බ’න්ති. ඨපිතා හොති පවාරණා”.
Sinhala BJT7. එකල්හි සවග මහණෝ අවකාශ කරවනු ලබන්නෝ අවකාශ කරන්නට (ඉඩ දෙන්නට) නො කැමැති වෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ: “මහණෙනි, අවකාශ නො කරන්නහුගේ පවාරණය නවතාලන්ට අනුදනිමි. මහණෙනි, මෙසේ නැවැත්විය යුතු ය. එදවස පවාරණයෙහි තුදුස්වක්හි හෝ පසළොස්වක්හි හෝ ඒ පුද්ගලයා හමු වූ කල්හි සඟමැද ප්‍රකාශකළ යුතු ය: ‘ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා: මෙ නම් ඇති පුද්ගල තෙමේ ඇවැත් සහිත වේ. ඔහුගේ පවාරණය නවත්වමි. ඔහු හමු වූ කල්හි නො පැවරිය යුතු ය’ යි (මෙසේ) පවාරණය නවත්වන ලද්දේ වේ.”
Pali BJT8. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ “පුරම්හාකං පෙසලා භික්ඛූ පවාරණං ඨපෙන්තී”ති පටිගච්චෙව සුද්ධානං භික්ඛූනං අනාපත්තිකානං අවත්ථුස්මිං අකාරණෙ පවාරණං ඨපෙන්ති. පවාරිතානම්පි පවාරණං ඨපෙන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ, සුද්ධානං භික්ඛූනං අනාපත්තිකානං අවත්ථුස්මිං අකාරණෙ පවාරණා ඨපෙතබ්බා. යො ඨපෙය්ය, ආපත්ති දුක්කටස්ස. න ච භික්ඛවෙ, පවාරිතානම්පි පවාරණා ඨපෙතබ්බා. යො ඨපෙය්ය, ආපත්ති දුක්කටස්ස.”
Sinhala BJT8. එකල්හි සවග මහණෝ “පේශලභික්‍ෂූහු අපට පෙර අපගේ පවාරණය නවත්වති” යි වස්තුවක් නැති ව නිකරුණෙහි පළමු කොට ම ඇවැත් රහිත වූ පිරිසිදු වූ භික්‍ෂූන්ගේ පවාරණය නවත්වති. පවාරණය කළ භික්‍ෂූන්ගේ ද පවාරණය නවත්වත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, වස්තුවක් නැති කල්හි නිකරුණෙහි ඇවැත් රහිත වූ පිරිසිදු භික්‍ෂූන්ගේ පවාරණය නො නැවැත්විය යුතු ය. යමෙක් නවත්වන්නේ නම්, දුකුළාඇවැත් වේ. මහණෙනි, පවාරණය කළ භික්‍ෂූන්ගේ ද පවාරණය නො නැවැත්විය යුතු ය. යමෙක් නවත්වන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි.
Pali BJT9. “එවං ඛො භික්ඛවෙ, ඨපිතා හොති පවාරණා. එවං අට්ඨපිතා. කථං ච භික්ඛවෙ, අට්ඨපිතා හොති පවාරණා? තෙවාචිකාය චෙ භික්ඛවෙ, පවාරණාය භාසිතාය ලපිතාය පරියොසිතාය පවාරණං ඨපෙති, අට්ඨපිතා හොති පවාරණා. ද්වෙවාචිකාය චෙ, භික්ඛවෙ, -පෙ- එකවාචිකාය චෙ භික්ඛවෙ, -පෙ- සමානවස්සිකාය චෙ භික්ඛවෙ, පවාරණාය භාසිතාය ලපිතාය පරියොසිතාය පවාරණං ඨපෙති, අට්ඨපිතා හොති පවාරණා. එවං ඛො භික්ඛවෙ අට්ඨපිතා හොති පවාරණා.”
Sinhala BJT9. “මහණෙනි, පවාරණය මෙසේ නවත්වන ලද්දේ වේ. මෙසේ නො නවත්වන ලද්දේ වේ. මහණෙනි, පවාරණය කෙසේ නො නවත්වන ලද්දේ වේ ද? මහණෙනි, තෙවාචික පවාරණය කියූ කල්හි පැවසූ කල්හි අවසන් කළ කල්හි පවාරණය නවතා ද, (එකල්හි) පවාරණය නො නවත්වන ලද්දේ වේ. මහණෙනි, ද්වේවාචික පවාරණය –පෙ– මහණෙනි, ඒකවාචික පවාරණය –පෙ– මහණෙනි, සමානවස්සික පවාරණය කියූ කල්හි පැවසූ කල්හි අවසන් කළ කල්හි පවාරණය නවතා ද, එකල්හි පවාරණය නො නවත්වන ලද්දේ වේ. මහණෙනි, මෙසේ පවාරණය නො නවත්වන ලද්දේ වේ.”
Pali BJT10. “කථඤ්ච භික්ඛවෙ, ඨපිතා හොති පවාරණා? තෙවාචිකාය චෙ භික්ඛවෙ පවාරණාය භාසිතාය ලපිතාය අපරියොසිතාය පවාරණං ඨපෙති, ඨපිතා හොති පවාරණා. ද්වෙවාචිකාය චෙ භික්ඛවෙ, -පෙ- එකවාචිකාය චෙ භික්ඛවෙ, -පෙ- සමානවස්සිකාය චෙ භික්ඛවෙ, පවාරණාය භාසිතාය ලපිතාය අපරියොසිතාය පවාරණං ඨපෙති, ඨපිතා හොති පවාරණා. එවං ඛො භික්ඛවෙ, ඨපිතා හොති පවාරණා.”
Sinhala BJT10. “මහණෙනි, පවාරණය කෙසේ නවත්වන ලද්දේ වේ ද? මහණෙනි, තෙවාචික පවාරණය කියූ කල්හි පැවසූ කල්හි අවසන් නො කළ කල්හි පවාරණය නවතා ද, පවාරණය නවත්වන ලද්දේ වේ. මහණෙනි, ද්වේවාචික පවාරණය –පෙ– මහණෙනි, ඒකවාචික පවාරණය –පෙ– මහණෙනි, සමාන වස්සිකපවාරණය කියූ කල්හි පැවසූ කල්හි අවසන් නො කළ කල්හි පවාරණය නවතා ද, පවාරණය නවත්වන ලද්දේ වේ. මහණෙනි, මෙසේ පවාරණය නවත්වන ලද්දේ වේ.”
Pali BJT11. “ඉධ පන භික්ඛවෙ, තදහු පවාරණාය භික්ඛු භික්ඛුස්ස පවාරණං ඨපෙති. තඤ්චෙ භික්ඛුං අඤ්ඤෙ භික්ඛූ ජානන්ති ‘අයං ඛො ආයස්මා අපරිසුද්ධකායසමාචාරො අපරිසුද්ධවචීසමාචාරො අපරිසුද්ධආජීවො, බාලො අව්යත්තො, න පටිබලො අනුයුඤ්ජියමානො අනුයොගං දාතු’න්ති. ‘අලං භික්ඛු, මා භණ්ඩනං. මා කලහං. මා විග්ගහං. මා විවාද’න්ති ඔමද්දිත්වා සඞ්ඝෙන පවාරෙතබ්බං.”
Sinhala BJT11. “මහණෙනි, මෙහි එදවස පවාරණයෙහි මහණෙක් තෙමේ මහණකුගේ පවාරණය නවතයි. ‘මේ ආයුෂ්මත් තෙමේ කය පිළිබඳ අපිරිසිදු හැසිරීම් ඇත්තේ ය. වචනය පිළිබඳ අපිරිසිදු වූ හැසිරීම් ඇත්තේ ය. අපිරිසිදු වූ දිවිපැවැතුම් ඇත්තේ ය. අඥ ය. අව්‍යක්ත ය. කරුණු විචාරණු ලබන්නේ කරුණු ඉදිරිපත් කරන්නට දක්‍ෂ නො වේ ය’ යි අන්‍ය වූ භික්‍ෂූහු ඒ මහණහු දනිත්. ‘මහණ, කම් නැත, ඩබර නො කරව, කලහ නො කරව, විරුද්ධ ගැණීම් නො ගණුව විරුද්ධවාද නො කරව’ යි (මෙසේ ඔහුගේ කීම) මැඩ සඞ්ඝයා විසින් පැවරිය යුතු ය.”
Pali BJT12. “ඉධ පන භික්ඛවෙ, තදහු පවාරණාය භික්ඛු භික්ඛුස්ස පවාරණං ඨපෙති. තඤ්චෙ භික්ඛුං අඤ්ඤෙ භික්ඛූ ජානන්ති “අයං ඛො ආයස්මා පරිසුද්ධකායසමාචාරො අපරිසුද්ධවචීසමාචාරො අපරිසුද්ධාජීවො බාලො අබ්යත්තො, න පටිබලො අනුයුඤ්ජියමානො අනුයොගං දාතු’න්ති, ‘අලං භික්ඛු, මා භණ්ඩනං, මා කලහං. මා විග්ගහං. මා විවාද’න්ති ඔමද්දිත්වා සඞ්ඝෙන පවාරෙතබ්බං.”
Sinhala BJT12. “මහණෙනි, මෙහි එදවස පවාරණයෙහි මහණෙක් තෙමේ මහණකුගේ පවාරණය නවතයි. ‘මේ ආයුෂ්මත් තෙමේ කය පිළිබඳ පිරිසිදු වූ හැසිරීම් ඇත්තේ ය. වචනය පිළිබඳ අපිරිසිදු වූ හැසිරීම් ඇත්තේ ය. අපිරිසිදු වූ දිවිපැවැතුම් ඇත්තේ ය. අඥ ය. අව්‍යක්ත ය. කරුණු විචාරණු ලබන්නේ කරුණු කීමට දක්‍ෂ නො වේ’ යි අන්‍ය වූ භික්‍ෂූහු ඒ මහණහු දනිත්. ‘මහණ, කම් නැත. ඩබර නො කරව, කලහ නො කරව, විරුද්ධ ගැණිම් නො ගණුව, විරුද්ධවාද නො කරව’ යි (මෙසේ ඔහුගේ කීම) මැඩ සඞ්ඝයා විසින් පැවරිය යුතු ය.”
Pali BJT13. “ඉධ පන භික්ඛවෙ, තදහු පවාරණාය භික්ඛු භික්ඛුස්ස පවාරණං ඨපෙති. තඤ්චෙ භික්ඛුං අඤ්ඤෙ භික්ඛූ ජානන්ති ‘අයං ඛො ආයස්මා පරිසුද්ධකායසමාචාරො පරිසුද්ධවචීසමාචාරො අපරිසුද්ධාජීවො, බාලො අබ්යත්තො, න පටිබලො අනුයුඤ්ජියමානො අනුයොගං දාතු’න්ති, ‘අලං භික්ඛු, මා භණ්ඩනං. මා කලහං. මා විග්ගහං. මා විවාද’න්ති ඔමද්දිත්වා සඞ්ඝෙන පවාරෙතබ්බං.”
Sinhala BJT13. “මහණෙනි, එදවස පවාරණයෙහි මහණෙක් තෙමේ මහණකුගේ පවාරණය නවතයි. ‘මේ ආයුෂ්මත්තෙමේ කය පිළිබඳ පිරිසිදු වූ හැසිරීම් ඇත්තේ ය. වචනය පිළිබඳ පිරිසිදු වූ හැසිරීම් ඇත්තේ ය. අපිරිසිදු වූ දිවිපැවැතුම් ඇත්තේ ය. අඥ ය. අව්‍යක්ත ය. කරුණු විචාරණු ලබන්නේ කරුණු කීමට දක්‍ෂ නො වේ’ යි අනාථ වූ භික්‍ෂූහු ඒ මහණහු දනිත්. ‘මහණ, ඩබර නො කරව, කලහ නො කරව, විරුද්ධ ගැණිම් නො ගණුව, විරුද්ධවාද නො කරව’ යි මෙසේ (ඔහුගේ කීම) මැඩ සඞ්ඝයා විසින් පැවරිය යුතු ය.”
Pali BJT14. “ඉධ පන භික්ඛවෙ, තදහු පවාරණාය භික්ඛු භික්ඛුස්ස පවාරණං ඨපෙති. තඤ්චෙ භික්ඛුං අඤ්ඤෙ භික්ඛූ ජානන්ති: “අයං ඛො ආයස්මා පරිසුද්ධකායසමාචාරො පරිසුද්ධවචීසමාචාරො පරිසුද්ධාජීවො, බාලො අබ්යත්තො, න පටිබලො අනුයුඤ්ජියමානො අනුයොගං දාතු’න්ති, ‘අලං භික්ඛු, මා භණ්ඩනං. මා කලහං. මා විග්ගහං. මා විවාද’න්ති ඔමද්දිත්වා සඞ්ඝෙන පවාරෙතබ්බං.”
Sinhala BJT14. “මහණෙනි, මෙහි එදවස පවාරණයෙහි මහණෙක් තෙමේ මහණකුගේ පවාරණය නවතයි. ‘මේ ආයුෂ්මත් තෙමේ කය පිළිබඳ පිරිසිදු වූ හැසිරීම් ඇත්තේ ය. වචනය පිළිබඳ පිරිසිදු වූ හැසිරීම් ඇත්තේ ය. පිරිසිදු වූ දිවිපැවැතුම් ඇත්තේ ය. අඥ ය. අව්‍යක්ත ය. කරුණු විචාරණු ලබන්නේ කරුණු කීමට දක්‍ෂ නො වේ” යි අන්‍ය වූ භික්‍ෂූහු ඒ මහණහු දනිත්. ‘මහණ ඩබර නො කරව, කලහ නො කරව, විරුද්ධ ගැණිම් නො ගණුව, විරුද්ධ වාද නො කරව’ යි මෙසේ (ඔහුගේ කීම) මැඩ සඞ්ඝයා විසින් පැවරිය යුතු ය.”
Pali BJT15. “ඉධ පන භික්ඛවෙ, තදහු පවාරණාය භික්ඛු භික්ඛුස්ස පවාරණං ඨපෙති. තඤ්චෙ භික්ඛුං අඤ්ඤෙ භික්ඛූ ජානන්ති: ‘අයං ඛො ආයස්මා පරිසුද්ධකායසමාචාරො, පරිසුද්ධවචීසමාචාරො පරිසුද්ධාජීවො, පණ්ඩිතො ව්යත්තො පටිබලො අනුයුඤ්ජියමානො අනුයොගං දාතු’න්ති. සො එවමස්ස වචනීයො: ‘යං ඛො ත්වං ආවුසො, ඉමස්ස භික්ඛුනො පවාරණං ඨපෙසි, කිම්හි නං ඨපෙසි? සීලවිපත්තියා{1} ඨපෙසි? ආචාරවිපත්තියා ඨපෙසි? දිට්ඨිවිපත්තියා ඨපෙසී’ති?”
Sinhala BJT15. “මහණෙනි, මෙහි එදවස පවාරණයෙහි මහණෙක් තෙමේ මහණකුගේ පවාරණය නවතයි. ‘මේ ආයුෂ්මත් තෙමේ කය පිළිබඳ පිරිසිදු වූ හැසිරීම් ඇත්තේ ය. වචනය පිළිබඳ පිරිසිදු වූ හැසිරීම් ඇත්තේ ය. පිරිසිදු වූ දිවිපැවැතුම් ඇත්තේ ය. පණ්ඩිත ය. ව්‍යක්ත ය. කරුණු විචාරණු ලබන්නේ කරුණු කීමට දක්‍ෂ වේ’ යි අන්‍ය වූ භික්‍ෂූහු ඒ මහණහු දනිත්. ‘ඇවැත්නි, යම් හෙයකින් තෝ මේ මහණහුගේ පවාරණය නවත්වන්නෙහි කිනම් හේතුවකින් එය නවත්වන්නෙහි ද? සීලවිපත්තිය හේතු කොට නවත්වන්නෙහි ද? ආචාරවිපත්තිය හේතු කොට නවත්වන්නෙහි ද? දාෂ්ටිවිපත්තිය හේතු කොට නවත්වන්නෙහි දැ?‘යි ඒ මහණ තෙමේ මෙසේ විචාළ යුතු වන්නේ ය.”
Pali BJT16. “සො චෙ එවං වදෙය්ය: ‘සීලවිපත්තියා වා ඨපෙමි. ආචාරවිපත්තියා වා ඨපෙමි. දිට්ඨිවිපත්තියා වා ඨපෙමී’ති. සො එවමස්ස වචනීයො: ‘ජානාති{2} පනායස්මා සීලවිපත්තිං? ජානාති ආචාරවිපත්තිං? ජානාති දිට්ඨිවිපත්ති’න්ති? සො චෙ එවං වදෙය්ය: ‘ජානාමි ඛො අහං ආවුසො සීලවිපත්තිං. ජානාමි ආචාරවිපත්තිං. ජානාමි දිට්ඨිවිපත්ති’න්ති. සො එවමස්ස වචනීයො: ‘කතමා පනාවුසො සීලවිපත්ති? කතමා ආචාරවිපත්ති? කතමා දිට්ඨිවිපත්තී’ති?”
Sinhala BJT16. “සීලවිපත්තිය හේතු කොට හෝ නවතමි. ආචාරවිපත්තිය හේතු කොට හෝ නවතමි. දෘෂ්ටිවිපත්තිය හේතු කොට හෝ නවතමි’ යි ඒ මහණ තෙමේ මෙසේ කියන්නේ නම්, ‘ආයුෂ්මත් තෙමේ සීලවිපත්තිය දනී ද? ආචාරවිපත්තිය දනී ද? දෘෂ්ටි විපත්තිය දනී දැ?” යි ඒ මහණ තෙමේ මෙසේ විචාළ යුතු වන්නේ ය. ‘ඇවැත්නි, මම සීලවිපත්තිය දනිමි. ආචාරවිපත්තිය දනිමි. දෘෂ්ටිවිපත්තිය දනිමි’ යි ඒ මහණ තෙමේ මෙසේ කියන්නේ නම්, ‘ඇවැත්නි, සීලවිපත්තිය කවරී ද? ආචාරවිපත්තිය කවරී ද? දෘෂ්ටිවිපත්තිය කවරී දැ’ යි ඒ මහණ තෙමේ මෙසේ විචාළ යුතු වන්නේ ය.”
Pali BJT17. “සො චෙ එවං වදෙය්ය:- ‘චත්තාරි පාරාජිකානි, තෙරස සඞ්ඝාදිසෙසා අයං සීලවිපත්ති. ථුල්ලච්චයං පාචිත්තියං පාටිදෙසනීයං දුක්කටං දුබ්භාසිතං, අයං ආචාරවිපත්ති. මිච්ඡාදිට්ඨි අන්තග්ගාහිකාදිට්ඨි අයං දිට්ඨිවිපත්තී’ති. සො එවමස්ස වචනීයො: ‘යං ඛො ත්වං ආවුසො ඉමස්ස භික්ඛුනො පවාරණං ඨපෙසි, දිට්ඨෙන ඨපෙසි? සුතෙන ඨපෙසි? පරිසඞ්කාය ඨපෙසී’ති.
Sinhala BJT17. “සතර පරිජි, තෙරස සඞ්ඝාදිසේස යන මේ සීලවිපත්ති නමි. ථුල්ලච්චය පාචිත්තිය පාටිදේසනීය දුක්කට දුබ්භාසිත යන මේ ආචාරවිපත්ති නමි. මිච්ඡාදිට්ඨි අන්තග්ගාහකදිට්ඨි යන මේ දෘෂ්ටිවිපත්ති නමි’ යි. ඒ මහණ තෙමේ මෙසේ කියන්නේ නම්, ‘ඇවැත්නි, යම් හෙයකින් තෝ මේ මහණහුගේ පවාරණය නවත්වන්නෙහි දක්නා ලද්දකින් නවත්වන්නෙහි ද? අසන ලද්දකින් නවත්වන්නෙහි ද? සැකයකින් නවත්වන්නෙහි දැ?‘ යි ඒ මහණ තෙමේ මෙසේ ඇසිය යුතු වන්නේ ය.”
Pali BJT18. “සො චෙ එවං වදෙය්ය: දිට්ඨෙන වා ඨපෙමි. සුතෙන වා ඨපෙමි. පරිසඞ්කාය වා ඨපෙමී’ති. සො එවමස්ස වචනීයො: ‘යං ඛො ත්වං ආවුසො, ඉමස්ස භික්ඛුනො දිට්ඨෙන පවාරණං ඨපෙසි, කින්තෙ දිට්ඨං? කින්ති තෙ දිට්ඨං? කදා තෙ දිට්ඨං? කත්ථ තෙ දිට්ඨං? පාරාජිකං අජ්ඣාපන්නො දිට්ඨො? සඞ්ඝාදිසෙසං අජ්ඣාපන්නො දිට්ඨො? ථුල්ලච්චයං -පෙ- පාචිත්තියං -පෙ- පාටිදෙසනීයං -පෙ- දුක්කටං -පෙ- දුබ්භාසිතං අජ්ඣාපන්නො දිට්ඨො? කත්ථ ච ත්වං අහොසි? කත්ථ චායං භික්ඛු අහොසි? කිඤ්ච ත්වං කරොසි? කිඤ්චායං භික්ඛු කරොතී?’ති.”
Sinhala BJT18. “දුටුවකින් හෝ නවත්වමි. ඇසුවකින් හෝ නවත්වමි. සැකයකින් හෝ නවත්වමි’ යි ඒ මහණ තෙමේ මෙසේ කියන්නේ නම්, ‘ඇවැත්නි, යම් හෙයකින් තෝ මේ මහණහුගේ පවාරණය දුටුවකින් නවත්වන්නෙහි නම්, තා විසින් කුමක් දක්නා ලද්දේ ද? තා විසින් කිනම් ලෙසකින් දක්නා ලද්දේ ද? තා විසින් කවර කලෙක දක්නා ලද්දේ ද? තා විසින් කොතැනක දී දක්නා ලද්දේ ද? පාරාජිකාවට පැමිණෙනුයේ දක්නා ලද්දේ ද? සඞ්ඝාදිසේසයට පැමිණෙනුයේ දක්නා ලද්දේ ද? ථුල්ලච්චයයට –පෙ– පාචිත්තියට –පෙ– පාටිදේසනීයයට –පෙ– දුක්කටයට –පෙ– දුබ්භාසිතයට පැමිණෙනුයේ දක්නා ලද්දේ ද? තෝ කොතැනක වූ යෙහි ද? මේ මහණ කොතැනක වූයේ ද? තෝ කුමක් කෙරෙහි ද? මේ මහණ කුමක් කෙරේ දැ?‘ යි ඒ මහණ තෙමේ මෙසේ කිය යුතු වන්නේ ය.”
Pali BJT19. “සො චෙ එවං වදෙය්ය: ‘න ඛො අහං ආවුසො, ඉමස්ස භික්ඛුනො දිට්ඨෙන පවාරණං ඨපෙමි. අපි ච සුතෙන පවාරණං ඨපෙමී’ති. සො එවමස්ස වචනීයො: “යං ඛො ත්වං ආවුසො ඉමස්ස භික්ඛුනො සුතෙන පවාරණං ඨපෙසි, කින්තෙ සුතං? කින්ති තෙ සුතං? කදා තෙ සුතං? කත්ථ තෙ සුතං? පාරාජිකං අජ්ඣාපන්නොති සුතං? සඞ්ඝාදිසෙසං අජ්ඣාපන්නොති සුතං? ථුල්ලච්චයං -පෙ- පාචිත්තියං -පෙ- පාටිදෙසනීයං -පෙ- දුක්කටං -පෙ- දුබ්භාසිතං අජ්ඣාපන්නොති සුතං? භික්ඛුස්ස සුතං? භික්ඛුනියා සුතං? සික්ඛමානාය සුතං? සාමණෙරස්ස සුතං? සාමණෙරියා සුතං? උපාසකස්ස සුතං? උපාසිකාය සුතං? රාජූනං සුතං? රාජමහාමත්තානං සුතං? තිත්ථියානං සුතං? තිත්ථියසාවකානං සුත?’න්ති.”
Sinhala BJT19. “ඇවැත්නි, මම මේ මහණහුගේ පවාරණය දුටුවකින් නො නවතමි. එහෙත් ඇසුවකින් පවාරණය නවතමි’ යි ඒ මහණ තෙමේ මෙසේ කියන්නේ නම්, ‘ඇවැත්නි, යම් හෙයකින් තෝ මේ මහණහුගේ පවාරණය ඇසුවකින් නවතන්නෙහි නම්, තා විසින් කුමක් අසන ලද්දේ ද? තා විසින් කිනම් ලෙසකින් අසන ලද්දේ ද? තා විසින් කවර කලෙක අසන ලද්දේ ද? තා විසින් කොතැනක දී අසන ලද්දේ ද? පාරාජිකාවට පැමිණියේ යි අසන ලද්දේ ද? සඞ්ඝයාදිසේසයට පැමිණියේ යි අසන ලද්දේ ද? ථුල්ලච්චයයට –පෙ– පාචිත්තියට –පෙ– පාටිදේසනීයයට –පෙ– දුක්කටයට –පෙ– දුබ්භාසිතයට පැමිණියේ යි අසන ලද්දේ ද? මහණකුගෙන් අසන ලද්දේ ද? මෙහෙණකගෙන් අසන ලද්දේ ද? හික්මෙන්නියකගෙන් අසන ලද්දේ ද? හෙරණකුගෙන් අසන ලද්දේ ද? හෙරණියකගෙන් අසන ලද්දේ ද? උපාසකයකුගෙන් අසන ලද්දේ ද? උපාසිකාවකගෙන් අසන ලද්දේ ද? රජුන්ගෙන් අසන ලද්දේ ද? රජමහඇමතියන්ගෙන් අසන ලද්දේ ද? තීර්‍ත්‍ථකයන්ගෙන් අසන ලද්දේ ද? තීර්‍ත්‍ථකශ්‍රාවකයන්ගෙන් අසන ලද්දේ දැ?’ යි ඒ මහණ තෙමේ මෙසේ ඇසිය යුතු වන්නේ ය.”
Pali BJT20. “සො චෙ එවං වදෙය්ය: ‘න ඛො අහං ආවුසො ඉමස්ස භික්ඛුනො සුතෙන පවාරණං ඨපෙමි. අපි ච පරිසඞ්කාය පවාරණං ඨපෙමී’ති. සො එවමස්ස වචනීයො: ‘යං ඛො ත්වං ආවුසො ඉමස්ස භික්ඛුනො පරිසඞ්කාය පවාරණං ඨපෙසි, කිං පරිසඞ්කසි? කින්ති පරිසඞ්කසි? කදා පරිසඞ්කසි? කත්ථ පරිසඞ්කසි? පාරාජිකං අජ්ඣාපන්නොති පරිසඞ්කසි? සඞ්ඝාදිසෙසං අජ්ඣාපන්නොති පරිසඞ්කසි? ථුල්ලච්චයං -පෙ- පාචිත්තියං -පෙ- පාටිදෙසනීයං -පෙ- දුක්කටං -පෙ- දුබ්භාසිතං අජ්ඣාපන්නොති පරිසඞ්කසි? භික්ඛුස්ස සුත්වා පරිසඞ්කසි? භික්ඛුනියා සුත්වා පරිසඞ්කසි? සාමණෙරස්ස සුත්වා පරිසඞ්කසි? සාමණෙරියා සුත්වා පරිසඞ්කසි? උපාසකස්ස සුත්වා පරිසඞ්කසි? උපාසිකාය සුත්වා පරිසඞ්කසි? රාජූනං සුත්වා පරිසඞ්කසි? රාජමහාමත්තානං සුත්වා පරිසඞ්කසි? තිත්ථියානං සුත්වා පරිසඞ්කසි? තිත්ථියසාවකානං සුත්වා පරිසඞ්කසී”?ති.”
Sinhala BJT20. “ඇවැත්නි, මම ද මේ මහණහුගේ පවාරණය ඇසුවකින් නො නවතමි. එහෙත් සැකයකින් පවාරණය නවතමි’ යි ඒ මහණ තෙමේ මෙසේ කියන්නේ නම්, “ඇවැත්නි, යම් හෙයකින් තෝ මේ මහණහුගේ පවාරණය සැකයකින් නවතන්නෙහි නම්, කුමක් සැක කරන්නෙහි ද? කිනම් ලෙසකින් සැක කරන්නෙහි ද? කවර කලෙක සැක කරන්නෙහි ද? කොතැනෙක දී සැක කරන්නෙහි ද? පාරාජිකාවට පැමිණියේ යි සැක කරන්නෙහි ද? සඞ්ඝයාදිසේසයට පැමිණියේ යි සැක කරන්නෙහි ද? ථුල්ලච්චයයට –පෙ– පාචිත්තියට –පෙ– පාටිදේසනීයයට –පෙ– දුක්කටයට –පෙ– දුබ්භාසිතයට පැමිණියේ යි සැක කරන්නෙහි ද? මහණකුගෙන් අසා සැක කරන්නෙහි ද? මෙහෙණකගෙන් අසා සැක කරන්නෙහි ද? හික්මෙන්නියකගෙන් අසා සැක කරන්නෙහි ද? හෙරණකුගෙන් අසා සැක කරන්නෙහි ද? හෙරණියකගෙන් අසා සැක කරන්නෙහි ද? උපාසකයකුගෙන් අසා සැක කරන්නෙහි ද? උපාසිකාවකගෙන් අසා සැක කරන්නෙහි ද? රජුන්ගෙන් අසා සැක කරන්නෙහි ද? රජමහ ඇමැතියන්ගෙන් අසා සැක කරන්නෙහි ද? තීර්‍ත්‍ථකයන්ගෙන් අසා සැක කරන්නෙහි ද? තීර්‍ත්‍ථකශ්‍රාවකයන්ගෙන් අසා සැක කරන්නෙහි දැ?’ යි ඒ මහණ තෙමේ මෙසේ ඇසිය යුතු වන්නේ ය.”
Pali BJT21. “සො චෙ එවං වදෙය්ය: ‘න ඛො අහං ආවුසො ඉමස්ස භික්ඛුනො පරිසඞ්කාය පවාරණං ඨපෙමි. අපි ච අහං{1} න ජානාමි - කෙන අහං ඉමස්ස භික්ඛුනො පවාරණං ඨපෙමී’ති. සො චෙ භික්ඛවෙ, චොදකො භික්ඛු අනුයොගෙන විඤ්ඤූනං සබ්රහ්මචාරීනං චිත්තං. න ආරාධෙති. ‘අනනුවාදො චුදිතො භික්ඛූ’ති අලං වචනාය. සො චෙ භික්ඛවෙ, චොදකො භික්ඛු අනුයොගෙන විඤ්ඤූනං සබ්රහ්මචාරීනං චිත්තං ආරාධෙති, ‘සානුවාදො චුදිතො භික්ඛූ’ති අලං වචනාය.”
Sinhala BJT21. “ඇවැත්නි, මම මේ මහණහුගේ පවාරණය සැකයකින් නො නවත්වමි. එහෙත් මම මේ මහණහුගේ පවාරණය කුමකින් නවත්වම් දැ? යි මම නො දනිමි’ යි ඒ මහණ තෙමේ මෙසේ කියන්නේ නම්, මහණෙනි, ඒ චෝදක භික්‍ෂු තෙමේ ප්‍රශ්න කිරීමෙන් නුවණැති සබ්‍රම්සරුන්ගේ සිත සතුටු නො කෙරේ ද ‘චූදිත භික්‍ෂු තෙමේ චෝදනා රහිතයෙකැ’ යි කීමට සුදුසු වේ. මහණෙනි, ඒ චෝදක භික්‍ෂූ තෙමේ ප්‍රශ්න කිරීමෙන් නුවණැති සබ්‍රම්සරුන්ගේ සිත සතුටු කෙරේ ද, ‘චූදිතභික්‍ෂූ තෙමේ චෝදනාසහිතයෙකැ’යි කීමට සුදුසු වේ.
Pali BJT22. “සො චෙ භික්ඛවෙ, චොදකො භික්ඛු අමූලකෙන පාරාජිකෙන අනුද්ධංසිතං පටිජානාති, සඞ්ඝාදිසෙසං ආරොපෙත්වා සඞ්ඝෙන පවාරෙතබ්බං. සො චෙ භික්ඛවෙ, චොදකො භික්ඛු අමූලකෙන සඞ්ඝාදිසෙසෙන අනුද්ධංසිතං පටිජානාති, යථාධම්මං කාරාපෙත්වා සඞ්ඝෙන පවාරෙතබ්බං. සො චෙ භික්ඛවෙ, චොදකො භික්ඛු අමූලකෙන ථුල්ලච්චයෙන -පෙ- පාචිත්තියෙන -පෙ- පාටිදෙසනීයෙන -පෙ- දුක්කටෙන -පෙ- දුබ්භාසිතෙන අනුද්ධංසිතං පටිජානාති, යථාධම්මං කාරාපෙත්වා සඞ්ඝෙන පවාරෙතබ්බං.”
Sinhala BJT22. “මහණෙනි, ඒ චෝදකභික්‍ෂු තෙමේ අමූලික වූ පාරාජිකාපත්තියකින් චෝදනා කිරීම ප්‍රතිඥා කෙරේ ද, (ඒ චෝදකයාට) සඞ්ඝාදිසේසාපත්තිය ආරෝපණය කොට සඞ්ඝයා විසින් පැවරිය යුතු ය. මහණෙනි, ඒ චෝදකභික්‍ෂු තෙමේ අමූලික වූ සඞ්ඝාදිසේසාපත්තියකින් චෝදනා කිරීම ප්‍රතිඥා කෙරේ ද, (ඔහුට) ඇවැත් පරිදි කරවා සඞ්ඝයා විසින් පැවරිය යුතු ය. ‘මහණෙනි, චෝදකභික්‍ෂු තෙමේ අමූලික වූ ථුල්ලච්චයාපත්තියකින් –පෙ– පාචිත්තියාපත්තියකින් –පෙ– පාටිදේසනීයාපත්තියකින් දුක්කටාපත්තියකින් –පෙ– දුබ්භාසිතාපත්තියකින් චෝදනා කිරීම ප්‍රතිඥා කෙරේ ද, ධර්‍මය පරිදි කරවා සඞ්ඝයා විසින් පැවරිය යුතු ය.”
Pali BJT23. “සො චෙ භික්ඛවෙ, චුදිතො භික්ඛු පාරාජිකං අජ්ඣාපන්නොති පටිජානාති, නාසෙත්වා සඞ්ඝෙන පවාරෙතබ්බං. සො චෙ භික්ඛවෙ චුදිතො භික්ඛු සඞ්ඝාදිසෙසං අජ්ඣාපන්නොති පටිජානාති, සඞ්ඝාදිසෙසං ආරොපෙත්වා සඞ්ඝෙන පවාරෙතබ්බං. සො චෙ භික්ඛවෙ, චුදිතො භික්ඛු ථුල්ලච්චයං -පෙ- පාචිත්තියං -පෙ- පාටිදෙසනීයං -පෙ- දුක්කටං -පෙ- දුබ්භාසිතං අජ්ඣාපන්නොති පටිජානාති, යථාධම්මං කාරාපෙත්වා සඞ්ඝෙන පවාරෙතබ්බං.”
Sinhala BJT23. “මහණෙනි, චුදිත භික්‍ෂූ තෙමේ ‘පාරාජිකාපත්තියට පැමිණියෙමි’ යි ප්‍රතිඥා කෙරේ ද, ලිඞ්ගනාසනය කොට (=සිවුරු හරවා) සඞ්ඝයා විසින් පැවරිය යුතු ය. මහණෙනි, චූදිතභික්‍ෂු තෙමේ ‘සඞ්ඝාදිසේසාපත්තියට පැමිණියෙමි’ යි ප්‍රතිඥා කෙරේ ද, (ඔහුට) සඞ්ඝාදිසේසාපත්තිය ආරෝපණය කොට සඞ්ඝයා විසින් පැවරිය යුතු ය. මහණෙනි, චූදිතභික්‍ෂු තෙමේ ‘ථුල්ලච්චයාපත්තියකට –පෙ– පාචිත්තියාපත්තියකට –පෙ– පාටිදේසනීයාපත්තියකට –පෙ– දුක්කටාපත්තියකට –පෙ– දුබ්භාසිතාපත්තියකට පැමිණියෙමි’ යි ප්‍රතිඥා කෙරේ ද, (ඔහුට) ධර්‍මය පරිදි කරවා සඞ්ඝයා විසින් පැවරිය යුතු ය.”
Pali BJT24. “ඉධ පන භික්ඛවෙ, භික්ඛු තදහු පවාරණාය ථුල්ලච්චයං අජ්ඣාපන්නො හොති. එකච්චෙ භික්ඛූ ථුල්ලච්චයදිට්ඨිනො හොන්ති. එකච්චෙ භික්ඛූ සඞ්ඝාදිසෙසදිට්ඨිනො හොන්ති. යෙ තෙ භික්ඛවෙ, භික්ඛූ ථුල්ලච්චයදිට්ඨිනො, තෙහි සො භික්ඛවෙ, භික්ඛු එකමන්තං අපනෙත්වා යථාධම්මං කාරාපෙත්වා සඞ්ඝං උපසඞ්කමිත්වා එවමස්ස වචනීයො: ‘යං ඛො සො, ආවුසො භික්ඛු ආපත්තිං ආපන්නො, සාස්ස යථාධම්මං පටිකතා. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො පවාරෙය්යා’ති. ඉධ පන භික්ඛවෙ, භික්ඛු තදහු පවාරණාය ථුල්ලච්චයං අජ්ඣාපන්නො හොති. එකච්චෙ භික්ඛූ ථුල්ලච්චයදිට්ඨිනො හොන්ති. එකච්චෙ භික්ඛූ පාචිත්තියදිට්ඨිනො හොන්ති. -පෙ- එකච්චෙ භික්ඛූථුල්ලච්චයදිට්ඨිනො හොන්ති. එකච්චෙ භික්ඛූ පාටිදෙසනීය දිට්ඨිනො හොන්ති. -පෙ- එකච්චෙ භික්ඛූ ථුල්ලච්චයදිට්ඨිනො හොන්ති. එකච්චෙ භික්ඛූ දුක්කටදිට්ඨිනො හොන්ති. -පෙ- එකච්චෙ භික්ඛූ ථුල්ලච්චයදිට්ඨිනො හොන්ති. එකච්චෙ භික්ඛූ දුබ්භාසිතදිට්ඨිනො හොන්ති. යෙ තෙ භික්ඛවෙ, භික්ඛූ ථුල්ලච්චයදිට්ඨිනො, තෙහි සො භික්ඛවෙ, භික්ඛු එකමන්තං අපනෙත්වා යථාධම්මං කාරාපෙත්වා සඞ්ඝං උපසඞ්කමිත්වා එවමස්ස වචනීයො: ‘යං ඛො සො ආවුසො, භික්ඛු ආපත්තිං ආපන්නො, සාස්ස යථාධම්මං පටිකතා. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො පවාරෙය්යා’ති.”
Sinhala BJT24. “මහණෙනි, මෙහි මහණෙක් තෙමේ එදවස පවාරණයෙහි ථුල්ලච්යාපත්තියකට පැමිණියේ වේ. ඇතැම් මහණෝ ථුල්ලච්චයාපත්තිය යන ලබ්ධි ඇත්තෝ වෙත්. ඇතැම් මහණෝ සඞ්ඝාදිසේසාපත්තිය යන ලබ්ධි ඇත්තෝ වෙත්. මහණෙනි, යම් ඒ මහණෝ ථුල්ලච්චයාපත්තිය යන ලබ්ධිය ඇත්තෝ වෙත් ද, මහණෙනි, ඒ මහණුන් විසින් ඒ මහණ තෙමේ පසෙකට ඉවත් කොට ඇවැත් පරිදි කරවා සඞ්ඝයා වෙතට එළඹ මෙසේ කිය යුතු වන්නේ ය: ‘ඇවැත්නි, ඒ මහණ තෙමේ යම් ඇවැතකට පැමිණියේ ද, ඔහු විසින් ඒ ඇවැත විනය පරිදි පිළියම් කරණ ලදී. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම්, සඞ්ඝ තෙමේ පවරන්නේය’ යි. මහණෙනි, මෙහි එදවස පවාරණයෙහි මහණෙක් තෙමේ ථුල්ලච්චයාපත්තියකට පැමිණියේ වේ. ඇතැම් මහණෝ ථුල්ලච්චය ය යන ලබ්ධිය ඇත්තෝ වෙත්. ඇතැම් මහණෝ පාචිත්තිය ය යන ලබ්ධිය ඇත්තෝ වෙත්. –පෙ– ඇතැම් මහණෝ ථුල්ලච්චය යන ලබ්ධිය ඇත්තෝ වෙත්. ඇතැම් මහණෝ පාටිදේසනීය ය යන ලබ්ධිය ඇත්තෝ වෙත්. –පෙ– ඇතැම් මහණෝ ථුල්ලච්චය ය යන ලබ්ධිය ඇත්තෝ වෙත්. ඇතැම් මහණෝ දුක්කටය යන ලබ්ධිය ඇත්තෝ වෙත්. –පෙ– ඇතැම් මහණෝ ථුල්ලච්චය ය යන ලබ්ධිය ඇත්තෝ වෙත්. ඇතැම් මහණෝ දුබ්භාසිතය යන ලබ්ධිය ඇත්තෝ වෙත්. මහණෙනි, යම් ඒ මහණෝ ථුල්ලච්චය ය යන ලබ්ධිය ඇත්තෝ වෙත් ද මහණෙනි, ඒ මහණුන් විසින් ඒ මහණ තෙමේ පසෙකට බැහැර කොට ඇවැත් පරිදි කරවා සඞ්ඝයා වෙත එළඹ මෙසේ කිය යුතු වන්නේ ය. “ඇවැත්නි, ඒ මහණ තෙමේ යම් ඇවැතකට පැමිණියේ ද, ඔහු විසින් ඒ අවැත විනය පරිදි පිළියම් කරණ ලදී. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම්, සඞ්ඝ තෙමේ පවරන්නේය’ යි.”
Pali BJT25. “ඉධ පන භික්ඛවෙ, භික්ඛු තදහු පවාරණාය පාචිත්තියං අජ්ඣාපන්නො හොති. පාටිදෙසනීයං අජ්ඣාපන්නො හොති. [එකච්චෙ භික්ඛූ පාචිත්තියදිට්ඨිනො හොන්ති. එකච්චෙ භික්ඛූ සඞ්ඝාදිසෙසදිට්ඨිනො හොන්ති. යෙ තෙ භික්ඛවෙ, භික්ඛූ පාචිත්තිය දිට්ඨිනො, තෙහි සො භික්ඛවෙ භික්ඛු එකමන්තං අපනෙත්වා යථාධම්මං කාරාපෙත්වා සඞ්ඝං උපසඞ්කමිත්වා එවමස්ස වචනීයො: ‘යං ඛො සො ආවුසො භික්ඛු ආපත්තිං ආපන්නො, සාස්ස යථාධම්මං පටිකතා. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො පවාරෙය්යා’ති. ඉධ පන භික්ඛවෙ -පෙ- එකච්චෙ භික්ඛූ පාචිත්තියදිට්ඨිනො හොන්ති. එකච්චෙ භික්ඛූ ථුල්ලච්චය දිට්ඨිනො හොන්ති -පෙ- ඉධ පන භික්ඛවෙ -පෙ- එකච්චෙ භික්ඛූ පාචිත්තිය දිට්ඨිනො හොන්ති. එකච්චෙ භික්ඛූ පාටිදෙසනීයදිට්ඨිනො හොන්ති. -පෙ- ඉධ පන භික්ඛවෙ, -පෙ- එකච්චෙ භික්ඛූ පාචිත්තියදිට්ඨිනො හොන්ති එකච්චෙ භික්ඛූ දුක්කටදිට්ඨිනො හොන්ති. -පෙ- ඉධ පන භික්ඛවෙ, -පෙ- එකච්චෙ භික්ඛූ පාචිත්තියදිට්ඨිනො හොන්ති. එකච්චෙ භික්ඛූ දුබ්භාසිතදිට්ඨිනො හොන්ති. යෙතෙ භික්ඛවෙ, භික්ඛූ පාචිත්තියදිට්ඨිනො, තෙහි සො භික්ඛවෙ, භික්ඛු එකමන්තං අපනෙත්වා යථාධම්මං කාරාපෙත්වා සඞ්ඝං උපසඞ්කමිත්වා එවමස්ස වචනීයො: ‘යං ඛො සො ආවුසො භික්ඛු ආපත්තිං ආපන්නො, සාස්ස යථාධම්මං පටිකතා. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො පවාරෙය්යා’ති.]”
Sinhala BJT25. “මහණෙනි, මෙහි එදවස පවාරණයෙහි භික්‍ෂූ නමක් පචිති ඇවැතකට පැමිණියේ වේ. {*}[ඇතැම් භික්‍ෂූහු පචිති ය යන ලබ්ධි ඇත්තාහු වෙත්. ඇතැම් භික්‍ෂූහු සඞ්ඝාදිසේස ය යන ලබ්ධි ඇත්තාහු වෙත්. මහණෙනි, යම් ඒ භික්‍ෂූහු පචිති ය යන ලබ්ධි ඇත්තාහු ද, ඒ භික්‍ෂූන් විසින් ඒ භික්‍ෂු තෙමේ පසෙකට බැහැර කොට ඇවැත් පරිදි කරවා සඞ්ඝයා වෙත එළඹ මෙසේ කියයුතු වන්නේ ය. ‘ඇවැත්නි, ඒ භික්‍ෂූහුතෙමේ යම් ඇවැතකට පැමිණියේ ද ඒ ඇවැත විනය වූ පරිදි පිළියම් කරණ ලදී. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වේ නම්, සඞ්ඝ තෙමේ පවරන්නේ ය’ යි. මහණෙනි, මෙහි –පෙ– ඇතැම් භික්‍ෂූහු පචිති ය යන ලබ්ධි ඇත්තාහු වෙත්. ඇතැම් භික්‍ෂූහු තුලසි ය යන ලබ්ධි ඇත්තාහු වෙත්. –පෙ– මහණෙනි, මෙහි –පෙ– ඇතැම් භික්‍ෂූහු පචිති ය යන ලබ්ධි ඇත්තාහු වෙත්. ඇතැම් භික්‍ෂූහු පාටිදේසනීය ය යන ලබ්ධි ඇත්තාහු වෙත්. –පෙ– මහණෙනි, මෙහි –පෙ– ඇතැම් භික්‍ෂූහු පචිති ය යන ලබ්ධි ඇත්තාහු වෙත්. ඇතැම් භික්‍ෂූහු දුකකට ය යන ලබ්ධි ඇත්තාහු වෙත් –පෙ– මහණෙනි, මෙහි –පෙ– ඇතැම් භික්‍ෂූහු පචිති ය යන ලබ්ධි ඇත්තාහු වෙත්. ඇතැම් භික්‍ෂූහු දුබ්භාසිතය යන ලබ්ධි ඇත්තාහු වෙත්. මහණෙනි, යම් ඒ භික්‍ෂූහු පචිතිය යන ලබ්ධි ඇත්තෝ ද, ඔවුන් විසින් ඒ භික්‍ෂූහුතෙම පසෙකට ඉවත් කොට ඇවැත් පරිදි කරවා සඞ්ඝයා වෙත එළඹ මෙසේ කියයුතු වන්නේය. ‘ඇවැත්නි, ඒ භික්‍ෂු තෙමේ යම් ඇවැතකට පැමිණියේ ද, ඒ ඇවැතට විනය වූ පරිදි පිළියම් කරණ ලදී. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වේ නම්, සඞ්ඝතෙමේ පවරන්නේ ය’ යි.]
Pali BJT26. “[ඉධ පන භික්ඛවෙ, භික්ඛු තදහු පවාරණාය] පාටිදෙසනීයං අජ්ඣාපන්නො හොති. [එකච්චෙ භික්ඛූ පාටිදෙසනීයදිට්ඨිනො හොන්ති. එකච්චෙ භික්ඛූ සඞ්ඝාදිසෙසදිට්ඨිනො හොන්ති. යෙ තෙ භික්ඛවෙ භික්ඛූ පාටිදෙසනීයදිට්ඨිනො, තෙහි සො භික්ඛවෙ භික්ඛූ එකමන්තං අපනෙත්වා යථාධම්මං කාරාපෙත්වා සඞ්ඝං උපසඞ්කමිත්වා එවමස්ස වචනීයො: ‘යං ඛො සො ආවුසො භික්ඛු ආපත්තිං ආපන්නො, සාස්ස යථාධම්මං පටිකතා. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො පවාරෙය්යා’ති. ඉධ පන භික්ඛවෙ -පෙ- එකච්චෙ භික්ඛූ පාටිදෙසනීයදිට්ඨිනො හොන්ති. එකච්චෙ භික්ඛූ ථුල්ලච්චයදිට්ඨිනො හොන්ති. -පෙ- ඉධ පන භික්ඛවෙ -පෙ- එකච්චෙ භික්ඛූ පාටිදෙසනීයදිට්ඨිනො හොන්ති. එකච්චෙ භික්ඛූ පාචිත්තියදිට්ඨිනො හොන්ති -පෙ- ඉධ පන භික්ඛවෙ -පෙ- එකච්චෙ භික්ඛූ පාටිදෙසනීයදිට්ඨිනො හොන්ති. එකච්චෙ භික්ඛු පාචිත්තියදිට්ඨිනො හොන්ති -පෙ- ඉධ පන භික්ඛවෙ -පෙ- එකච්චෙ භික්ඛූ පාටිදෙසනීය දිට්ඨිනො හොන්ති. එකච්චෙ භික්ඛූ දුක්කටදිට්ඨිනො හොන්ති. -පෙ- ඉධ පන භික්ඛවෙ -පෙ- එකච්චෙ භික්ඛූ පාටිදෙසනීය දිට්ඨිනො හොන්ති. එකච්චෙ භික්ඛූ දුබ්භාසිතදිට්ඨිනො හොන්ති. යෙ තො භික්ඛවෙ, භික්ඛූ පාටිදෙසනීයදිට්ඨිනො, තෙහි සො භික්ඛවෙ, භික්ඛු එකමන්තං අපනෙත්වා යථාධම්මං කාරාපෙත්වා සඞ්ඝං උපසඞ්කමිත්වා එවමස්ස වචනීයො: ‘යං ඛො සො ආවුසො භික්ඛු ආපත්තිං ආපන්නො, සාස්ස යථාධම්මං පටිකතා. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො පවාරෙය්යා’ති.]”{*}
Sinhala BJT26. “[මහණෙනි, මෙහි එ දවස පවාරණයෙහි භික්‍ෂූ නමක්] පාටිදේසනීය ඇවැතකට පැමිණියේ වේ. {*}[ඇතැම් භික්‍ෂූහු පාටිදේසනීය ය යන ලබ්ධි ඇත්තාහු වෙත්. ඇතැම් භික්‍ෂූහු සඞ්ඝාදිසේස ය යන ලබ්ධි ඇත්තාහු වෙත්. මහණෙනි, යම් ඒ භික්‍ෂූහු පාටිදේසනීය ය යන ලබ්ධි ඇත්තාහු ද, මහණෙනි, ඔවුන් විසින් ඒ භික්‍ෂුතෙමේ පසෙකට බැහැර කොට ඇවැත් පරිදි කරවා සඞ්ඝයා වෙත එළඹ මෙසේ කියයුතු වන්නේය. “ඇවැත්නි, ඒ භික්‍ෂු තෙමේ යම් ඇවැතකට පැමිණියේ ද, ඒ ඇවැත විනය වූ පරිදි පිළියම් කරණ ලදී. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වේ නම්, සඞ්ඝ තෙමේ පවරන්නේ ය’ යි. මහණෙනි, මෙහි –පෙ– ඇතැම් භික්‍ෂූහු පාටිදේසනීය ය යන ලබ්ධි ඇත්තාහු වෙත්. ඇතැම් භික්‍ෂූහු තුලසි ය යන ලබ්ධි ඇත්තාහු වෙත්. –පෙ– මහණෙනි මෙහි –පෙ– ඇතැම් භික්‍ෂූහු පාටිදේසනීය ය යන ලබ්ධි ඇත්තාහු වෙත්. ඇතැම් භික්‍ෂූහු පචිති ය යන ලබ්ධි ඇත්තාහු වෙත්. –පෙ– මහණෙනි, මෙහි –පෙ– ඇතැම් භික්‍ෂූහු පාටිදේසනීය ය යන ලබ්ධි ඇත්තාහු වෙත්. ඇතැම් භික්‍ෂූහු දුක්කට ය යන ලබ්ධි ඇත්තාහු වෙත්. –පෙ– මහණෙනි, මෙහි –පෙ– ඇතැම් භික්‍ෂූහු පාටිදේසනීය යන ලබ්ධි ඇත්තාහු වෙත්. ඇතැම් භික්‍ෂූහු දුබ්භාසිත ය යන ලබ්ධි ඇත්තාහු වෙත්. මහණෙනි, යම් ඒ භික්‍ෂූහු පාටිදේසනීය යන ලබ්ධි ඇත්තෝ ද, මහණෙනි, ඔවුන් විසින් ඒ භික්‍ෂූහු තෙමේ පසෙකට බැහැර කොට ඇවැත් පරිදි කරවා සඞ්ඝයා වෙත එළඹ මෙසේ කියයුතු වන්නේ ය. ‘ඇවැත්නි, ඒ භික්‍ෂූහු තෙමේ යම් ඇවැතකට පැමිණියේ ද, ඒ ඇවැතට විනය වූ පරිදි පිළියම් කරණ ලදී. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වේ නම්, සඞ්ඝ තෙමේ පවරන්නේ ය’ යි.]
Pali BJT27. [“ඉධ පන භික්ඛවෙ, භික්ඛු තදහු පවාරණාය] දුක්කටං අජ්ඣාපන්නො හොති. එකච්චෙ භික්ඛු දුක්කටදිට්ඨිනො හොන්ති. එකච්චෙ භික්ඛු සඞ්ඝාදිසෙසදිට්ඨිනො හොන්ති. යෙ තෙ භික්ඛවෙ භික්ඛූ දුක්කටදිට්ඨිනො, තෙහි සො භික්ඛවෙ භික්ඛු එකමන්තං අපනෙත්වා යථාධම්මං කාරාපෙත්වා සඞ්ඝං උපසඞ්කමිත්වා එවමස්ස වචනීයො: ‘යං ඛො සො ආවුසො භික්ඛු ආපත්තිං ආපන්නො, සාස්ස යථාධම්මං පටිකතා. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො පවාරෙය්යා’ති. ඉධ පන භික්ඛවෙ -පෙ- එකච්චෙ භික්ඛූ දුක්කටදිට්ඨිනො හොන්ති. එකච්චෙ භික්ඛූ ථුල්ලච්චයදිට්ඨිනො හොන්ති -පෙ- ඉධ පන භික්ඛවෙ -පෙ- එකච්චෙ භික්ඛූ දුක්කටදිට්ඨිනො හොන්ති. එකච්චෙ භික්ඛූ පාචිත්තියදිට්ඨිනො හොන්ති. -පෙ- ඉධ පන භික්ඛවෙ -පෙ- එකච්චෙ භික්ඛූ දුක්කටදිට්ඨිනො හොන්ති. එකච්චෙ භික්ඛූ පාටිදෙසනීයදිට්ඨිනො හොන්ති. -පෙ- ඉධ පන භික්ඛවෙ -පෙ- එකච්චෙ භික්ඛූ දුක්කටදිට්ඨිනො හොන්ති. එකච්චෙ භික්ඛූ දුබ්භාසිතදිට්ඨිනො හොන්ති. යෙ තෙ භික්ඛවෙ භික්ඛූ දුක්කටදිට්ඨිනො, තෙහි සො භික්ඛවෙ භික්ඛු එකමන්තං අපනෙත්වා යථාධම්මං කාරාපෙත්වා සඞ්ඝං උපසඞ්කමිත්වා එවමස්ස වචනීයො: ‘යං ඛො සො ආවුසො භික්ඛු ආපත්තිං ආපන්නො, සාස්ස යථාධම්මං පටිකතා. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො පවාරෙය්යා’ති.”]
Sinhala BJT27. [”මහණෙනි, මෙහි භික්‍ෂු නමක් එදවස පවාරණයෙහි] දුක්කටාපත්තියකට පැමිණියේ වේ. ඇතැම් භික්‍ෂූහු දුක්කට ය යන ලබ්ධි ඇත්තාහු වෙත්. ඇතැම් භික්‍ෂූහු සඞ්ඝාදිසේසය යන ලබ්ධි ඇත්තාහු වෙත්. මහණෙනි, යම් ඒ භික්‍ෂූහු දුක්කට ය යන ලබ්ධි ඇත්තාහු ද, ඔවුන් විසින් ඒ භික්‍ෂු තෙමේ පසෙකට බැහැර කොට ඇවැත් පරිදි කරවා සඞ්ඝයා වෙත එළඹ මෙසේ කිය යුතු වන්නේ ය: ‘ඇවැත්නි, ඒ භික්‍ෂූතෙමේ යම් ඇවැතකට පැමිණියේ ද, ඒ ඇවත විනය වූ පරිදි පිළියම් කරණ ලදී. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වේ නම්, සඞ්ඝ තෙමේ පවරන්නේ ය’ යි. මහණෙනි, මෙහි –පෙ– ඇතැම් භික්‍ෂූහු දුක්කටය යන ලබ්ධි ඇත්තෝ වෙත්. ඇතැම් භික්‍ෂූහු තුලසි ය යන ලබ්ධි ඇත්තෝ වෙත් –පෙ– මහණෙනි, මෙහි –පෙ– ඇතැම් භික්‍ෂූහු දුක්කට ය යන ලබ්ධි ඇත්තෝ වෙත්. ඇතැම් භික්‍ෂූහු පචිති ය යන ලබ්ධි ඇත්තෝ වෙත් –පෙ– මහණෙනි මෙහි –පෙ– ඇතැම් භික්‍ෂූහු දුක්කට ය යන ලබ්ධි ඇත්තෝ වෙත්. ඇතැම් භික්‍ෂූහු පාටිදේසනීය යන ලබ්ධි ඇත්තෝ වෙත්. –පෙ– මහණෙනි, මෙහි –පෙ– ඇතැම් භික්‍ෂූහු දුක්කට ය යන ලබ්ධි ඇත්තෝ වෙත්. ඇතැම් භික්‍ෂූහු දුබ්භාසිත ය යන ලබ්ධි ඇත්තෝ වෙත්. මහණෙනි, යම් ඒ භික්‍ෂූහු දුක්කට ලබ්ධි ඇත්තෝ ද, මහණෙනි, ඔවුන් විසින් ඒ භික්‍ෂුතෙම පසෙකට බැහැර කොට ඇවැත් පරිදි කරවා සඞ්ඝයා වෙත එළඹ මෙසේ කිය යුතු වන්නේ ය: ‘ඇවැත්නි, ඒ භික්‍ෂුතෙමේ යම් ඇවැතකට පැමිණියේ ද, ඒ ඇවැතට විනය වූ පරිදි පිළියම් කරණ ලදී. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වේ නම්, සඞ්ඝ තෙමේ පවරන්නේ ය’ යි”.
Pali BJT28. [“ඉධ පන භික්ඛවෙ, භික්ඛූ තදහු පවාරණාය] දුබ්භාසිතං අජ්ඣාපන්නො හොති. එකච්චෙ භික්ඛූ දුබ්භාසිතදිට්ඨිනො හොන්ති. එකච්චෙ භික්ඛූ සඞ්ඝාදිසෙසදිට්ඨිනො හොන්ති. යෙ තෙ භික්ඛවෙ, භික්ඛූ දුබ්භාසිතදිට්ඨිනො, තෙහි සො භික්ඛවෙ, භික්ඛූ එකමන්තං අපනෙත්වා යථාධම්මං කාරාපෙත්වා සඞ්ඝං උපසඞ්කමිත්වා එවමස්ස වචනීයො: ‘යං ඛො සො ආවුසො භික්ඛු ආපත්තිං ආපන්නො, සාස්ස යථාධම්මං පටිකතා. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො පවාරෙය්යා’ති. ඉධ පන භික්ඛවෙ භික්ඛූ තදහු පවාරණාය දුබ්භාසිතං අජ්ඣාපන්නො හොති. එකච්චෙ භික්ඛූ දුබ්භාසිතදිට්ඨිනො හොන්ති. එකච්චෙ භික්ඛූ ථුල්ලච්චයදිට්ඨිනො හොන්ති. [-පෙ- ඉධ පන භික්ඛවෙ -පෙ-] එකච්චෙ භික්ඛූ දුබ්භාසිතදිට්ඨිනො හොන්ති. එකච්චෙ භික්ඛූ පාචිත්තියදිට්ඨිනො හොන්ති. [-පෙ- ඉධ පන භික්ඛවෙ, -පෙ-] එකච්චෙ භික්ඛූ දුබ්භාසිතදිට්ඨිනො හොන්ති. එකච්චෙ භික්ඛූ පාටිදෙසනීය දිට්ඨිනො හොන්ති. [-පෙ- ඉධ පන භික්ඛවෙ -පෙ-] එකච්චෙ භික්ඛූ දුබ්භාසිතදිට්ඨිනො හොන්ති. එකච්චෙ භික්ඛූ දුක්කටදිට්ඨිනො හොන්ති. යෙ තෙ භික්ඛවෙ, භික්ඛූ දුබ්භාසිත දිට්ඨිනො තෙහි සො භික්ඛවෙ, භික්ඛු එකමන්තං අපනෙත්වා යථා ධම්මං කාරාපෙත්වා සඞ්ඝං උපසඞ්කමිත්වා එවමස්ස වචනීයො: ‘යං ඛො සො ආවුසො භික්ඛු ආපත්තිං ආපන්නො, සාස්ස යථාධම්මං පටිකතා. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො පවාරෙය්යා’ති.”
Sinhala BJT28. [“මහණෙනි, මෙහි එදවස පවාරණයෙහි භික්‍ෂුනමක්] දුබ්භාසිතාපත්තියකට පැමිණියේ වේ. ඇතැම් භික්‍ෂූහු දුබ්භාසිත ය යන ලබ්ධි ඇත්තාහු වෙත්. ඇතැම් භික්‍ෂූහු සඞ්ඝාදිසේස ය යන ලබ්ධි ඇත්තෝ වෙත්. මහණෙනි, යම් ඒ භික්‍ෂූහු දුක්කටය යන ලබ්ධි ඇත්තෝ ද, මහණෙනි, ඔවුන් විසින් ඒ භික්‍ෂු තෙම එක්පසෙකට බැහැර කොට ඇවැත් පරිදි කරවා සඞ්ඝයා වෙත එළඹ මෙසේ කිය යුතු වන්නේ ය: ‘ඇවැත්නි, ඒ භික්‍ෂුතෙම යම් ඇවැතකට පැමිණියේ ද, ඒ ඇවැතට විනය වූ පරිදි පිළියම් කරණ ලදී. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වේ නම්, සඞ්ඝතෙමේ පවරන්නේ ය’ යි [මහණෙනි, මෙහි –පෙ–] ඇතැම් භික්‍ෂූහු දුබ්භාසිත ය යන ලබ්ධි ඇත්තෝ වෙත්. ඇතැම් භික්‍ෂුහු තුලසි ය යන ලබ්ධි ඇත්තෝ වෙති. [–පෙ– මහණෙනි, මෙහි –පෙ–] ඇතැම් භික්‍ෂූහු දුබ්භාසිත ය යන ලබ්ධි ඇත්තෝ වෙති. ඇතැම් භික්‍ෂූහු පචිති ය යන ලබ්ධි ඇත්තෝ වෙති. [–පෙ– මහණෙනි, මෙහි –පෙ–] ඇතැම් භික්‍ෂූහු දුබ්භාසිත ය යන ලබ්ධි ඇත්තෝ වෙත්. ඇතැම් භික්‍ෂූහු පාටිදේසනීය ය යන ලබ්ධි ඇත්තෝ වෙත් [–පෙ– මහණෙනි, මෙහි –පෙ–] ඇතැම් භික්‍ෂූහු දුබ්භාසිත ය යන ලබ්ධි ඇත්තෝ වෙති. ඇතැම් භික්‍ෂූහු දුක්කට ය යන ලබ්ධි ඇත්තෝ වෙති. මහණෙනි, යම් ඒ භික්‍ෂූහු දුබ්භාසිත ය යන ලබ්ධි ඇත්තෝ ද, මහණෙනි, ඔවුන් විසින් ඒ භික්‍ෂුතෙම පසෙකට බැහැර කොට ඇවැත් පරිදි කරවා සඞ්ඝයා වෙත එළඹ මෙසේ කිය යුතු වන්නේ ය: ‘ඇවැත්නි, ඒ භික්‍ෂුතෙම යම් ඇවැතකට පැමිණියේ ද, ඒ ඇවැතට විනය වූ පරිදි පිළියම් කරණ ලදී. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වේ නම්, සඞ්ඝ තෙමේ පවරන්නේ ය’ යි.”
Pali BJT29. “ඉධ පන භික්ඛවෙ, භික්ඛු තදහු පවාරණාය සඞ්ඝමජ්ඣෙ උදාහරෙය්ය: ‘සුණාතු මෙ, භන්තෙ සඞ්ඝො. ඉදං වත්ථු පඤ්ඤායති, න පුග්ගලො. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, වත්ථුං ඨපෙත්වා සඞ්ඝො පවාරෙය්යා”ති. සො එවමස්ස වචනීයො: ‘භගවතා ඛො ආවුසො විසුද්ධානං පවාරණා පඤ්ඤත්තා. සචෙ වත්ථු පඤ්ඤායති, න පුග්ගලො, ඉදානෙව නං වදෙහී’ති.”
Sinhala BJT29. “මහණෙනි, මෙහි මහණෙක් තෙමේ එදවස පවාරණයෙහි සඟ මැද ‘ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. මේ වස්තුව පෙණේ. පුද්ගල තෙමේ නො පෙණේ. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම්, වස්තුව තබා සඞ්ඝ තෙමේ පවරන්නේ ය’ යි කියන්නේ ය. ‘ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් පිරිසිදු මහණුන්ට පවාරණය පණවන ලද්දේ ය. වස්තුව පෙණේ නම්, පුද්ගල තෙමේ නො පෙණේ නම්, දැන් ම එය කියව’ යි ඒ මහණ තෙමේ මෙසේ කිය යුතු වන්නේ ය:
Pali BJT30. ඉධ පන, භික්ඛවෙ, භික්ඛු තදහු පවාරණාය සඞ්ඝමජ්ඣෙ උදාහරෙය්ය: “සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අයං පුග්ගලො පඤ්ඤායති, න වත්ථු. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, පුග්ගලං ඨපෙත්වා සඞ්ඝො පවාරෙය්යා’ති. සො එවමස්ස වචනීයො: ‘භගවතා ආවුසො විසුද්ධානඤ්ච{1} සමග්ගානඤ්ච පවාරණා පඤ්ඤත්තා. සචෙ පුග්ගලො පඤ්ඤායති, න වත්ථූ, ඉදානෙව නං වදෙහී’ති.”
Sinhala BJT30. “මහණෙනි, මෙහි මහණෙක් තෙමේ එදවස පවාරණයෙහි සඟ මැද ‘ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. මේ පුද්ගලතෙමේ පෙණේ. වස්තුව නො පෙණේ. සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම්, පුද්ගලයා තබා සඞ්ඝ තෙමේ පවරන්නේ ය’ යි කියන්නේ ය. ‘ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් පිරිසිදු වූ ද සමගි වූ ද මහණුන්ට පවාරණය පණවන ලද්දේ ය. පුද්ගල තෙමේ පෙණේ නම්, වස්තුව නො පෙණේ නම්, දැන් ම ඔහු කියව’ යි ඒ මහණ තෙමේ මෙසේ කිය යුතු වන්නේ ය.”
Pali BJT31. “ඉධ පන භික්ඛවෙ, භික්ඛු තදහු පවාරණාය සඞ්ඝමජ්ඣෙ උදාහරෙය්ය: ‘සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. ඉදං වත්ථූ ච පුග්ගලො ච පඤ්ඤායති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, වත්ථුඤ්ච පුග්ගලඤ්ච ඨපෙත්වා සඞ්ඝො පවාරෙය්යා’ති. සො එවමස්ස වචනීයො: ‘භගවතා ඛො ආවුසො විසුද්ධානඤ්ච සමග්ගානඤ්ච පවාරණා පඤ්ඤත්තා. සචෙ වත්ථු ච පුග්ගලො ච පඤ්ඤායති, ඉදානෙව නං වදෙහී’ති. පුබ්බෙ චෙ භික්ඛවෙ, පවාරණාය වත්ථු පඤ්ඤායති, පච්ඡා පුග්ගලො, කල්ලං වචනාය. පුබ්බෙ චෙ භික්ඛවෙ, පවාරණාය පුග්ගලො පඤ්ඤායති, පච්ඡා වත්ථු, කල්ලං වචනාය. පුබ්බෙ චෙ භික්ඛවෙ, පවාරණාය වත්ථු ච පුග්ගලො ච පඤ්ඤායති, තඤ්චෙ කතාය පවාරණාය උක්කොටෙති. උක්කොටනකං පාචිත්තිය’න්ති.”
Sinhala BJT31. “මහණෙනි, මෙහි මහණෙක් තෙමේ එදවස පවාරණයෙහි සඟ මැද ‘ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. මේ වස්තුව ද පුද්ගල තෙමේ ද පෙණේ. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වේ නම්, වස්තුව ද පුද්ගලයා ද තබා සඞ්ඝ තෙමේ පවරන්නේ ය’ යි කියන්නේ ය. ‘ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් පිරිසිදු වූ ද සමගි වූ ද මහණුන්ට පවාරණය පණවන ලද්දේ ය. වස්තුව ද පුද්ගලයා ද පෙණේ නම්, දැන් ම එය කියව’ යි ඒ මහණ තෙමේ මෙසේ කිය යුතු වන්නේ ය. මහණෙනි, පැවරීමට පෙර වස්තුව පෙණේ ද, පසු ව පුද්ගලයා පෙණේ ද, කීමට (චෝදනා කිරීමට) සුදුසු වේ. මහණෙනි, පැවරීමට පෙර පුද්ගලයා පෙණේ ද, පසු ව වස්තුව පෙණේ ද, කීමට (චෝදනා කිරීමට) සුදුසු වේ. මහණෙනි, පැවරීමට පෙර වස්තුවත් පුද්ගලයාත් පෙණේ ද, පැවරීම කළ කල්හි එය උගුළුවා ද (=නැවත විනිශ්චය කිරීමට ඉල්ලා ද, එකල්හි) උක්කෝටනක (=විනයානුකුල ව සමථයට පැමිණ වූ අධිකරණයක් නැවත විනිශ්චය කිරීමට සැලැස්වීම් හේතුවෙන් වන) පාචිත්තිය වේ යි.”
Pali BJT32. තෙන ඛො පන සමයෙන සම්බහුලා සන්දිට්ඨා සම්භත්තා භික්ඛූ කොසලෙසු ජනපදෙ අඤ්ඤතරස්මිං ආවාසෙ වස්සං උපගච්ඡිංසු. තෙසං සාමන්තා අඤ්ඤෙ භික්ඛූ භණ්ඩනකාරකා කලහකාරකා විවාදකාරකා භස්සකාරකා සඞ්ඝෙ අධිකරණකාරකා වස්සං උපගච්ඡිංසු: “මයං තෙසං භික්ඛූනං වස්සං වුත්ථානං පවාරණාය පවාරණං ඨපෙස්සාමා”ති. අස්සොසුං ඛො තෙ භික්ඛූ “අම්හාකං කිර සාමන්තා අඤ්ඤෙ භික්ඛූ භණ්ඩනකාරකා කලහකාරකා විවාදකාරකා භස්සකාරකා සඞ්ඝෙ අධිකරණකාරකා වස්සං උපගතා ‘මයං තෙසං භික්ඛූනං වස්සං වුත්ථානං පවාරණාය පවාරණං ඨපෙස්සාමා’ති. කථන්නු ඛො අම්හෙහි පටිපජ්ජිතබ්බ”න්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT32. එකල්හි දුටුමිතුරු වූ දැඩිමිතුරු වූ බොහෝ භික්‍ෂූහු කොසොල් දනව්වෙහි එක්තරා ආවාසයෙක වස් එළඹියහ. ඒ භික්‍ෂූන්ට සමීප තැනෙක ඩබර කරන්නා වූ කලහ කරන්නා වූ විවාද කරන්නා වූ කලහ උපදවන කතා කරන්නා වූ සඞ්ඝයා වෙත නඩු කියන්නා වූ අන්‍ය වූ භික්‍ෂූහු “අපි වස් වැස නිම කළ ඒ භික්‍ෂූන්ගේ පවාරණයෙහි දී පවාරණය නවතන්නෙමු” යි වස් එළඹියහ. ඒ භික්‍ෂූහු “ඩබර කරන්නා වූ කලහ කරන්නා වූ විවාද කරන්නා වූ කලහ උපදවන කතා කරන්නා වූ සඞ්ඝයා වෙත නඩු කියන්නා වූ අන්‍ය වූ භික්‍ෂූහු ‘අපි වස් වැස නිම කළ ඒ භික්‍ෂූන්ගේ පවාරණයෙහි දී පවාරණය නවතන්නෙමු’ යි අපට සමීප තැනෙක වස් එළඹියාහු” යි ඇසූහ. “අප විසින් (මෙහි දී) කෙසේ පිළිපැදිය යුතු ද?” භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ.
Pali BJT33. ඉධ පන, භික්ඛවෙ, සම්බහුලා සන්දිට්ඨා සම්භත්තා භික්ඛූ අඤ්ඤතරස්මිං ආවාසෙ වස්සං උපගච්ඡන්ති. තෙසං සාමන්තා අඤ්ඤෙ භික්ඛූ භණ්ඩනකාරකා කලහකාරකා විවාදකාරකා භස්සකාරකා සඞ්ඝෙ අධිකරණකාරකා වස්සං උපගච්ඡන්ති: ‘මයං තෙසං භික්ඛූනං වස්සං වුත්ථානං පවාරණාය පවාරණං ඨපෙස්සාමා’ති. අනුජානාමි භික්ඛවෙ, තෙහි භික්ඛූහි ද්වෙ තයො උපොසථෙ චාතුද්දසිකෙ කාතුං ‘කථං මයං තෙහි භික්ඛූහි පඨමතරං පවාරෙය්යාමා’ති.”
Sinhala BJT33. “මහණෙනි, මෙහි දුටුමිතුරු වූ දැඩිමිතුරු වූ බොහෝ භික්‍ෂූහු එක්තරා ආවාසයෙක වස් එළඹෙත්. ඔවුන්ට සමීප තැනෙක ඩබර කරන්නා වූ කලහ කරන්නා වූ විවාදකරන්නා වූ කලහ උපදවන කතා කරන්නා වූ සඞ්ඝයා වෙත නඩු කියන්නා වු අන්‍ය වූ භික්‍ෂූහු ‘අපි වස් වැස නිම කළ ඒ භික්‍ෂූන්ගේ පවාරණයෙහි දී පවාරණය නවතන්නෙමු’ යි වස් එළඹෙත්. මහණෙනි, ‘අපි ඒ භික්‍ෂූන්ට වඩා පළමු කොට කෙසේ පවරන්නෙමු දැ’ යි ඒ (මිතුරු වූ) භික්‍ෂූන් විසින් පොහොය දෙක තුණක් චාතුද්දසික කිරීමට අනුදනිමි” යි.
Pali BJT34. “තෙ චෙ භික්ඛවෙ, භික්ඛූ භණ්ඩනකාරකා කලහකාරකා විවාදකාරකා භස්සකාරකා සඞ්ඝෙ අධිකරණකාරකා තං ආවාසං ආගච්ඡන්ති, තෙහි භික්ඛවෙ, ආවාසිකෙහි භික්ඛූහි ලහුං ලහුං සන්නිපතිත්වා පවාරෙතබ්බං. පවාරෙත්වා වත්තබ්බා: ‘පවාරිතා ඛො මයං ආවුසො. යථායස්මන්තා මඤ්ඤන්ති තථා කරොන්තූ’ති.”
Sinhala BJT34. “මහණෙනි, ඩබර කරන්නා වූ කලහ කරන්නා වූ විවාද කරන්නා වූ කලහ උපදවන කතා කරන්නා වූ සඞ්ඝයා වෙත නඩු කියන්නා වූ ඒ භික්‍ෂූහු ඒ ආවාසයට එත් ද මහණෙනි, ආවාසික වූ ඒ භික්‍ෂූන් විසින් ඉක්මනින් ම රැස් වී පැවරිය යුතු ය. පවරා ‘ඇවැත්නි, අපි පැවරුවෝ වෙමු. ආයුෂ්මත්හු යම් සේ හඟිත් ද, එසේ කෙරෙත්වා’ යි කිය යුතු ය.”
Pali BJT35. “තෙ චෙ භික්ඛවෙ, භික්ඛූ භණ්ඩනකාරකා කලහකාරකා විවාදකාරකා භස්සකාරකා සඞ්ඝෙ අධිකරණකාරකා අසංවිහිතා තං ආවාසං ආගච්ඡන්ති, තෙහි භික්ඛවෙ, ආවාසිකෙහි භික්ඛූහි ආසනං පඤ්ඤාපෙතබ්බං. පාදොදකං පාදපීඨං පාදකඨලිකං උපනික්ඛිපිතබ්බං. පච්චුගන්ත්වා පත්තචීවරං පටිග්ගහෙතබ්බං. පානීයෙන පුච්ඡිතබ්බා{1}. තෙ සංවික්ඛිත්වා{2} නිස්සීමං ගන්ත්වා පවාරෙතබ්බං. පවාරෙත්වා වත්තබ්බා: ‘පවාරිතා ඛො මයං ආවුසො, යථායස්මන්තා මඤ්ඤන්ති, තථා කරොන්තූ’ති. එවඤ්චෙතං ලභෙථ, ඉච්චෙතං කුසලං. නො චෙ ලභෙථ, ආවාසිකෙන{3} භික්ඛවෙ, භික්ඛුනා බ්යත්තෙන පටිබලෙන ආවාසිකා භික්ඛූ ඤාපෙතබ්බා: “සුණන්තු මෙ, ආයස්මන්තා ආවාසිකා, යදායස්මන්තානං පත්තකල්ලං, ඉදානි උපොසථං කරෙය්යාම. පාතිමොක්ඛං උද්දිසෙය්යාම. ආගමෙ කාළෙ පවාරෙය්යාමා’ති.
Sinhala BJT35. “මහණෙනි, ඩබර කරන්නා වූ විවාද කරන්නා වූ කලහ උපදවන කතා කරන්නා වූ සඞ්ඝයා වෙත, නඩු කියන්නා වූ ඒ භික්‍ෂූහු සංවිදහන රහිත ව (එන බව නො අඟවා) ඒ ආවාසයට එත් නම්, මහණෙනි, ඒ ආවාසික භික්‍ෂූන් විසින් අසුන් පැණවිය යුතු ය. පා දෝනා දිය පාපුටුව පාපුවරුව එළවිය යුතු ය. ඉදිරියට ගොස් පාසිවුරු පිළිගත යුතු ය. පැනින් පිළිවිසිය යුත්තාහ. ඒ ඩබරකරුමහණුන් මුළා කොට (‘තෙපි ක්ලාන්ත වූවහු ය. මොහොතක් විඩා සංසිඳුවා ගණිවු’ යි) සීමාවෙන් බැහැරට ගොස් පැවරිය යුතු ය. පවරා ‘ඇවැත්නි, අපි පැවරුවෝ වෙමු. ආයුෂ්මත්හු යම් සේ හඟිත් නම්, එසේ කෙරෙත්වා’ යි කිය යුතු ය. මෙය මෙසේ ලබන්නහු නම්, ඒ යහපත් ය. නො ලබන්නහු නම්, මහණෙනි, ආවාසික වූ ව්‍යක්ත වූ ප්‍රතිබල භික්‍ෂූනමක් විසින් ඒ ආවාසිකභික්‍ෂූහු දැන්විය යුතු ය. ‘ආයුෂ්මත් වූ ආවාසික භික්‍ෂූහු මාගේ වචනය අසත් වා. ආයුෂ්මතුන්ට පැමිණි කල් ඇත්තේ නම්, දැන් පොහොය කරන්නෙමු. පාමොක් උදෙසන්නෙමු. ලබන කළුවර පොහොය දිනයෙහි පවරන්නෙමු’ යි.
Pali BJT36. “තෙ චෙ භික්ඛවෙ, භික්ඛූ භණ්ඩනකාරකා කලහකාරකා විවාදකාරකා භස්සකාරකා සඞ්ඝෙ අධිකරණකාරකා තෙ භික්ඛූ එවං වදෙය්යුං: ‘සාධාවුසො, ඉදානෙව නො පවාරෙථා’ති, තෙ එවමස්සු වචනීයා: ‘අනිස්සරා ඛො තුම්හෙ ආවුසො අම්හාකං පවාරණාය. න තාව මයං පවාරෙය්යාමා’ති.
Sinhala BJT36. “මහණෙනි, ඩබර කරන්නා වූ කලහ කරන්නා වූ විවාද කරන්නා වූ කලහ උපදවන කතා කරන්නා වූ සඞ්ඝයා වෙත නඩු කියන්නා වූ ඒ භික්‍ෂූහු ‘ඇවැත්නි, මැනවි. දැන් ම අපට පවරවු’ යි ඒ ආවාසික භික්‍ෂූන්ට මෙසේ කියන්නාහු ද, ඒ ඩබරකරු මහණහු ‘ඇවැත්නි, තෙපි අපගේ පවාරණයෙහි අධිපතීහු නො වහු. අපි ඒ තාක් කල් (ලබන පොහොය තෙක්) නො පවරන්නෙමු’ යි මෙසේ කිය යුතු වන්නාහු ය.
Pali BJT37. “තෙ චෙ භික්ඛවෙ, භික්ඛූ භණ්ඩනකාරකා කලහකාරකා විවාදකාරකා භස්සකාරකා සඞ්ඝෙ අධිකරණකාරකා තං කාළං අනුවසෙය්යුං, ආවාසිකෙන භික්ඛවෙ, භික්ඛුනා{3} බ්යත්තෙන පටිබලෙන ආවාසිකා භික්ඛූ ඤාපෙතබ්බා: ‘සුණන්තු මෙ ආයස්මන්තා ආවාසිකා. යදායස්මන්තානං පත්තකල්ලං, ඉදානි උපොසථං කරෙය්යාම. පාතිමොක්ඛං උද්දිසෙය්යාම. ආගමෙ ජුණ්හෙ පවාරෙය්යාමා’ති.
Sinhala BJT37. “මහණෙනි, ඩබර කරන්නා වූ කලහ කරන්නා වූ විවාද කරන්නා වූ කලහ උපදවන කතා කරන්නා වූ සඞ්ඝයා වෙත නඩු කියන්නා වූ ඒ භික්‍ෂූහු ඒ කළුවර පොහොය (මහාපවාරණදිනය පටන් තුදුස්වක) තෙක් එක් ව වසන්නාහු නම්, මහණෙනි, ආවාසික වූ ව්‍යක්ත වූ ප්‍රතිබල භික්‍ෂූ නමක් විසින් ආවාසික භික්‍ෂූහු දැන්විය යුතු ය: ‘ආයුෂ්මත් වූ ආවාසික භික්‍ෂූහු මාගේ වචනය අසත්වා. ආයුෂ්මතුන්ට පැමිණි කල් ඇත්තේ නම්, දැන් පොහොය කරන්නෙමු. පාමොක් උදෙසන්නෙමු. ලබන ජුණ්හයෙහි (පුරපසළොස්වක් හි) පවරන්නෙමු’ යි.
Pali BJT38. “තෙ චෙ භික්ඛවෙ, භික්ඛූ භණ්ඩනකාරකා කලහකාරකා විවාදකාරකා භස්සකාරකා සඞ්ඝෙ අධිකරණකාරකා තෙ භික්ඛූ එවං වදෙය්යුං: ‘සාධාවුසො, ඉදානෙව නො පවාරෙථා”ති.{4} තෙ එවමස්සු වචනීයා: ‘අනිස්සරා ඛො තුම්හෙ ආවුසො අම්හාකං පවාරණාය. න තාව මයං පවාරෙය්යාමා’ති.
Sinhala BJT38. ‘මහණෙනි, ඩබර කරන්නා වූ කලහ කරන්නා වූ විවාද කරන්නා වූ කලහ උපදවන කතා කරන්නා වූ සඞ්ඝයා වෙත නඩු කියන්නා වූ ඒ භික්‍ෂූහු ඒ ආවාසික භික්‍ෂූන්ට ‘ඇවැත්නි, මැනවි. දැන් ම අපට පවරවු’ යි මෙසේ කියන්නාහු නම්, ඒ භික්‍ෂූහු ‘ඇවැත්නි, තෙපි අපගේ පවාරණයෙහි ඊශ්වර නො වහු. අපි ඒ තාක් කල් නො පවරන්නෙමු’ යි මෙසේ කිය යුතු වන්නාහු ය.
Pali BJT39. “තෙ චෙ භික්ඛවෙ, භික්ඛූ භණ්ඩනකාරකා කලහකාරකා විවාදකාරකා භස්සකාරකා සඞ්ඝෙ අධිකරණකාරකා තම්පි ජුණ්හං අනුවසෙය්යුං, තෙහි භික්ඛවෙ, භික්ඛූහි සබ්බෙහෙව ආගමෙ ජුණ්හෙ කොමුදියා චාතුමාසිනියා අකාමා පවාරෙතබ්බං.
Sinhala BJT39. “මහණෙනි, ඩබර කරන්නා වූ කලහ කරන්නා වූ විවාද කරන්නා වූ කලහ උපද වන කතා කරන්නා වූ සඞ්ඝයා වෙත නඩු කියන්නා වූ ඒ භික්‍ෂූහු ඒ පණ්ණරසීදිනයෙහි ද එක් ව වසන්නාහු නම්, මහණෙනි, ඒ සියලු භික්‍ෂූන් විසින් ම ඉදිරියෙහි එන සිවුමස්පිරීම් ඇති කොමුදී නම් ඉල් පුරපසළොස්වක්හි{*} නො කැමැත්තෙන් (අවශ්‍යයෙන්) පැවරිය යුතු ය.
Pali BJT40. “තෙහි චෙ භික්ඛවෙ, භික්ඛූහි පවාරියමානෙ ගිලානො අගිලානස්ස පවාරණං ඨපෙති. සො එවමස්ස වචනීයො: “ආයස්මා ඛො ගිලානො; ගිලානො ච අනනුයොගක්ඛමො වුත්තො භගවතා. ආගමෙහි ආවුසො යාව අරොගො හොසි. අරොගො ආකඞ්ඛමානො චොදෙස්සසී”ති. එවං චෙ වුච්චමානො චොදෙති, අනාදරියෙ පාචිත්තියං.
Sinhala BJT40. “මහණෙනි, ඒ භික්‍ෂූන් විසින් පවාරණය කරණු ලබන කල්හි ගිලන් මහණෙක් නොගිලන් මහණකුගේ පැවරීම නවත්වා ද, ඒ මහණ තෙමේ ‘ආයුෂ්මත් තෙමේ ගිලන් ය. භාග්‍යවතුන් වහන්සේ විසින් ගිලන් තෙමේ ද කරුණු විචාරීමට නුසුදුස්සෙකැ’ යි වදාරණ ලද්දේ ය. ඇවැත්නි, යම් තාක් කල් රෝග නැත්තෙක් වෙහි ද, (ඒ තාක් කල්) බලාපොරොත්තු වෙව, රෝග නැත්තෙහි කැමැත්තෙහි චෝදනා කරන්නෙහි” යි කිය යුතු වන්නේ ය. මෙසේ කියනු ලබන්නේ චෝදනා කෙරේ නම්, අනාදරයෙහි පචිති වේ.
Pali BJT41. “තෙහි චෙ භික්ඛවෙ, භික්ඛූහි පවාරියමානෙ අගිලානො ගිලානස්ස පවාරණං ඨපෙති, සො එවමස්ස වචනීයො: “අයං ඛො ආවුසො භික්ඛු ගිලානො. ගිලානො ච අනනුයොගක්ඛමො වුත්තො භගවතා. ආගමෙහි ආවුසො යාවායං භික්ඛු අරොගො හොති. අරොගං ආකඞ්ඛමානො චොදෙස්සසී’ති. එවඤ්චෙ වුච්චමානො චොදෙති, අනාදරියෙ පාචිත්තියං.
Sinhala BJT41. “මහණෙනි, ඒ භික්‍ෂූන් විසින් පවාරණය කරණු ලබන කල්හි නො ගිලන් මහණෙක් ගිලන් මහණකුගේ පවාරණය තබා ද, ඒ මහණ තෙමේ ‘ඇවැත්නි, මේ මහණතෙමේ ගිලන් ය. භාග්‍යවතුන් වහන්සේ විසින් ගිලන් තෙමේ ද කරුණු නො විචාළ යුත්තෙකැ යි වදාරණ ලද්දේ ය. ඇවැත්නි, මේ මහණ යම් තාක් කල් රෝග නැත්තේ වේ ද, ඒ තාක් කල් බලාපොරොත්තු වෙව, රෝග නැත්තහුට කැමැති වන්නෙහි චෝදනා කරන්නෙහි’ යි කිය යුතු වන්නේ ය. මෙසේ කියනු ලබන්නේ චෝදනා කෙරේ නම්, අනාදරයෙහි පචිති වේ.
Pali BJT42. “තෙහි චෙ භික්ඛවෙ, භික්ඛූහි පවාරියමානෙ ගිලානො ගිලානස්ස පවාරණං ඨපෙති, සො එවමස්ස වචනීයො: ‘ආයස්මන්තා ඛො ගිලානා. ගිලානො ච අනනුයොගක්ඛමො වුත්තො භගවතා. ආගමෙහි ආවුසො යාව අරොගා හොථ. අරොගො අරොගං ආකඞ්ඛමානො චොදෙස්සසී’ති. එවං චෙ වුච්චමානො චොදෙති, අනාදරියෙ පාචිත්තියං.
Sinhala BJT42. “මහණෙනි, ඒ භික්‍ෂූන් විසින් පවාරණය කරණු ලබන කල්හි ගිලන් මහණෙක් තෙමේ ගිලන් මහණකුගේ පවාරණය තබා ද, ඒ මහණ තෙමේ ‘ආයුෂ්මත්හු ගිලන්හු වෙත්. භාග්‍යවතුන් වහන්සේ විසින් ගිලන් තෙමේ ද කරුණු විචාරීමට නුසුදුස්සෙකැ’ යි වදාරණ ලද්දේ ය. ඇවැත්නි, යම් තාක් කලකින් රෝග නැත්තෝ වහු ද, ඒ තාක් බලාපොරොත්තු වෙවු. රෝග නැත්තේ රෝග නැත්තහුට කැමැති වන්නෙහි චෝදනා කරන්නෙහි’ යි මෙසේ කිය යුතු වන්නේ ය. මෙසේ කියනු ලබන්නේ චෝදනා කෙරේ නම්, අනාදරයෙහි පචිති වේ.
Pali BJT43. “තෙහි චෙ භික්ඛවෙ, භික්ඛූහි පවාරියමානෙ අගිලානො අගිලානස්ස පවාරණං ඨපෙති, උභො සඞ්ඝෙන සමනුයුඤ්ජිත්වා සමනුගාහිත්වා සමනුභාසිත්වා{1} යථාධම්මං කාරාපෙත්වා සඞ්ඝෙන පවාරෙතබ්බ”න්ති.
Sinhala BJT43. “මහණෙනි, ඒ භික්‍ෂූන් විසින් පවාරණය කරණු ලබන කල්හි නො ගිලන් මහණෙක් තෙමේ නො ගිලන් මහණකුගේ පවාරණය තබා ද ඒ දෙදෙනා සඞ්ඝයා විසින් අනුයෝගවතෙහි යොදා කරුණු විචාරා, කරුණු පිළිගන්වා, කරුණු කියා, ඇවැත් පරිදි කරවා සඞ්ඝයා විසින් පැවරිය යුතු ය” යි.
Pali BJT44. තෙන ඛො පන සමයෙන සම්බහුලා සන්දිට්ඨා සම්භත්තා භික්ඛූ කොසලෙසු ජනපදෙ අඤ්ඤතරස්මිං ආවාසෙ වස්සං උපගච්ඡිංසු. තෙසං සමග්ගානං සම්මොදමානානං අවිවදමානානං විහරතං අඤ්ඤතරො ඵාසුවිහාරො අධිගතො හොති. අථ ඛො තෙසං භික්ඛූනං එතදහොසි: “අම්හාකං ඛො සමග්ගානං සම්මොදමානානං අවිවදමානානං විහරතං අඤ්ඤතරො ඵාසුවිහාරො අධිගතො. සචෙ මයං ඉදානි පවාරෙස්සාම, සියාපි භික්ඛූ පවාරෙත්වා චාරිකං පක්කමෙය්යුං. එවං මයං ඉමම්හා ඵාසුවිහාරා පරිබාහිරා භවිස්සාම. කථන්නු ඛො අම්හෙහි පටිපජ්ජිතබ්බ”න්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT44. එකල්හි දුටුමිතුරු වූ දැඩිමිතුරු වූ බොහෝ භික්‍ෂූහු කොසොල් දනව්වෙහි එක්තරා ආවාසයෙක වස් එළැඹියහ. සමගි ව සතුටු ව විවාද නො කරමින් වසන්නා වූ ඒ භික්‍ෂූන් විසින් එක්තරා පහසු විහරණයක් (තරුණසමථය හෝ තරුණ විදර්‍ශනාව) ලබන ලද්දේ වේ. එකල්හි ඒ භික්‍ෂූන්ට ‘සමගි ව සතුටු ව විවාද නො කරමින් වසන්නා වූ අප විසින් එක්තරා පහසුවිහරණයක් අවබෝධ කරණ ලද්දේ ය. අපි දැන් පවරන්නෙමු නම්, භික්‍ෂූහු පවාරණය කොට චාරිකාවට යන්නාහු ම ය. එසේ ඇති කල්හි අපි මේ පහසුවිහරණයෙන් (සමථ–විපස්සනාවෙන්) බැහැර වන්නෙමු. අප විසින් කෙසේ පිළිපැදිය යුතු දැ’ යි මේ සිත් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ.
Pali BJT45. “ඉධ පන භික්ඛවෙ, සම්බහුලා සන්දිට්ඨා සම්භත්තා භික්ඛූ අඤ්ඤතරස්මිං ආවාසෙ වස්සං උපගච්ඡන්ති. තෙසං සමග්ගානං සම්මොදමානානං අවිවදමානානං විහරතං අඤ්ඤතරො ඵාසුවිහාරො අධිගතො හොති. තත්ර චෙ භික්ඛූනං එවං හොති: ‘අම්හාකං ඛො සමග්ගානං සම්මොදමානානං අවිවදමානානං විහරතං අඤ්ඤතරො ඵාසුවිහාරො අධිගතො. සචෙ මයං ඉදානි පවාරෙස්සාම, සියාපි භික්ඛූ පවාරෙත්වා චාරිකං පක්කමෙය්යුං, එවං මයං ඉමම්හා ඵාසුවිහාරා පරිබාහිරා භවිස්සාමා’ති,
Sinhala BJT45. “මහණෙනි, මෙහි දුටුමිතුරු වූ දැඩිමිතුරු වූ බොහෝ භික්‍ෂූහු එක්තරා ආවාසයෙක වස් එළැඹෙත්. සමගි ව සතුටු ව විවාද නො කරමින් වසන්නා වූ ඒ භික්‍ෂූන් විසින් එක්තරා පහසු විහරණයෙක් ලබන ලද්දේ වේ. එහි දී ඒ භික්‍ෂූන්ට ‘සමගි ව සතුටු ව විවාද නො කරමින් වසන්නා වූ අප විසින් එක්තරා පහසු විහරණයෙක් ලබන ලද්දේ ය. අපි දැන් පවරන්නෙමු නම්, භික්‍ෂූහු පවාරණය කොට චාරිකාවට යන්නාහු ම ය. එසේ ඇති කල්හි අපි මේ පහසු විහරණයෙන් බැහැර වන්නෙමු’ යි මෙසේ අදහස් වේ නම්, –
Pali BJT46. “අනුජානාමි භික්ඛවෙ, තෙහි භික්ඛූහි පවාරණාසඞ්ගහං කාතුං. එවඤ්ච පන භික්ඛවෙ, කාතබ්බො: සබ්බෙහෙව එකජ්ඣං සන්නිපතිතබ්බං. සන්නිපතිත්වා ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
Sinhala BJT46. “මහණෙනි, ඒ භික්‍ෂූන් විසින් පවාරණය කල් තැබීම කරන්නට අනුදනිමි. මහණෙනි, ඒ මෙසේ කළ යුතු ය: සියල්ලන් ම එක් තැනෙක රැස් විය යුතු ය. රැස් ව ව්‍යක්ත වූ ප්‍රතිබල භික්‍ෂු නමක් විසින් සඞ්ඝයාට දැන්විය යුතු ය:
Pali BJT47. “සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අම්හාකං සමග්ගානං සම්මොදමානානං අවිවදමානානං විහරතං අඤ්ඤතරො ඵාසුවිහාරො අධිගතො. සචෙ මයං ඉදානි පවාරෙස්සාම, සියාපි භික්ඛූ පවාරෙත්වා චාරිකං පක්කමෙය්යුං. එවං මයං ඉමම්හා ඵාසුවිහාරා පරිබාහිරා භවිස්සාම. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො පවාරණාසඞ්ගහං කරෙය්ය. ඉදානි උපොසථං කරෙය්ය. පාතිමොක්ඛං උද්දිසෙය්ය, ආගමෙ{1} කොමුදියා චාතුමාසිනියා පවාරෙය්ය. එසා ඤත්ති.”
Sinhala BJT47. ‘ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. සමගි ව සතුටු ව විවාද නො කරමින් වසන්නා වූ අප විසින් එක්තරා පහසු විහරණයෙක් ලබන ලද්දේ ය. අපි දැන් පවරන්නෙමු නම්, භික්‍ෂූහු පවාරණය කොට චාරිකාවට යන්නාහු ම ය. මෙසේ ඇති කල්හි අපි මේ පහසුවිහරණයෙන් බැහැර වන්නෙමු. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම්, සඞ්ඝ තෙමේ පවාරණාසඞ්ගහය (පවාරණය කල් තැබීම) කරන්නේ ය. දැන් පොහොය කරන්නේ ය. පාමොක් උදෙසන්නේ ය. ඉදිරියෙහි එන සිවුමස් පිරෙණ කොමුදී නම් පසළොස්වක්හි පවාරණය කරන්නේ ය. මේ දැන්වීම ය.
Pali BJT48. “සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අම්හාකං සමග්ගානං සම්මොදමානානං අවිවදමානානං විහරතං අඤ්ඤතරො ඵාසුවිහාරො අධිගතො. සචෙ මයං ඉදානි පවාරෙස්සාම, සියාපි භික්ඛූ පවාරෙත්වා චාරිකං පක්කමෙය්යුං. එවං මයං ඉමම්හා ඵාසුවිහාරා පරිබාහිරා භවිස්සාම. සඞ්ඝො පවාරණාසඞ්ගහං කරොති, ඉදානි උපොසථං කරිස්සති, පාතිමොක්ඛං උද්දිසිස්සති, ආගමෙ කොමුදියා චාතුමාසිනියා පවාරෙස්සති. යස්සායස්මතො ඛමති පවාරණාසඞ්ගහස්ස කරණං. ඉදානි උපොසථං කරිස්සති, පාතිමොක්ඛං උද්දිසිස්සති. ආගමෙ කොමුදියා චාතුමාසිනියා පවාරෙස්සති. සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය.”
Sinhala BJT48. ‘ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. සමගි ව සතුටු ව විවාද නො කරමින් වසන්නා වූ අප විසින් එක්තරා පහසු විහරණයෙක් ලබන ලද්දේ ය. අපි දැන් පවරන්නෙමු නම්, භික්‍ෂූහු පවරා චාරිකාවට යන්නාහු ම ය. මෙසේ ඇති කල්හි අපි මේ පහසු විහරණයෙන් බැහැර වන්නෙමු. (එබැවින්) සඞ්ඝ තෙමේ පවාරණාසංග්‍රහය කරන්නේ ය. දැන් පොහොය කරන්නේ ය. පාමොක් උදෙසන්නේ ය. ඉදිරියෙහි එන චාතුමාසිනී කොමුදී නම් ඉල්පුරපසළොස්වක්හි පවරන්නේය. යම් ආයුෂ්මතකුහට ‘දැන් පොහොය කරන්නේය, පාමොක් උදෙසන්නේ ය, ඉදිරියෙහි එන චාතුමාසිනී කොමුදී නම් පසළොස්වක්හි පවාරණය කරන්නේ ය’ යි (මෙසේ) පවාරණාසංග්‍රහය කිරීම රුචි වේ නම්, ඒ ආයුෂ්මත් තෙමේ නිශ්ශබ්ද වේවා. යමකුට රුචි නො වේ නම්, හෙතෙමේ කියන්නේ ය.
Pali BJT49. “කතො සඞ්ඝෙන පවාරණාසඞ්ගහො, ඉදානි උපොසථං කරිස්සති, පාතිමොක්ඛං උද්දිසිස්සති, ආගමෙ කොමුදියා චාතුමාසිනියා පවාරෙස්සති. ‘ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJT49. “සඞ්ඝයා විසින් පවාරණාසඞ්ග්‍රහය කරණ ලද්දේ ය. දැන් පොහොය කරන්නේ ය. පාමොක් උදෙසන්නේ ය. ඉදිරියෙහි එන චාතුමාසිනී කොමුදී නම් පසළොස්වක් හි පවාරණය කරන්නේ ය. එය සඞ්ඝයාට රුචි වේ. එහෙයින් නිශ්ශබ්ද වේ. මෙය මෙසේ දරමි”යි.
Pali BJT50. “තෙහි චෙ භික්ඛවෙ, භික්ඛූහි කතෙ පවාරණාසඞ්ගහෙ අඤ්ඤතරො භික්ඛු එවං වදෙය්ය: ‘ඉච්ඡාමහං ආවුසො ජනපදචාරිකං පක්කමිතුං, අත්ථි මෙ ජනපදෙ කරණීය’න්ති, සො එවමස්ස වචනීයො: ‘සාධාවුසො, පවාරෙත්වා ගච්ඡාහී’ති.
Sinhala BJT50. “මහණෙනි, ඒ භික්‍ෂූන් පවාරණාසඞ්ග්‍රහය කළ කල්හි එක්තරා මහණෙක් තෙමේ ‘ඇවැත්නි, මම ජනපදචාරිකාවට යන්නට කැමැත්තෙමි. මට ජනපදයෙහි කටයුත්තෙක් ඇත්තේ ය.’ යි මෙසේ කියන්නේ නම්, ඒ මහණ තෙමේ ‘ඇවැත්නි, මැනවි. පවාරණය කොට යව’ යි මෙසේ කිය යුතු වන්නේ ය.
Pali BJT51. “සො චෙ භික්ඛවෙ, භික්ඛු පවාරයමානො අඤ්ඤතරස්ස භික්ඛුනො පවාරණං ඨපෙති. සො එවමස්ස වචනීයො: ‘අනිස්සරො ඛො මෙ ත්වං ආවුසො පවාරණාය. න තාවාහං පවාරෙස්සාමී’ති. තස්ස චෙ භික්ඛවෙ, භික්ඛුනො පවාරයමානස්ස අඤ්ඤතරො භික්ඛු පවාරණං ඨපෙති.{2} උභො සඞ්ඝෙන සමනුයුඤ්ජිත්වා සමනුගාහිත්වා සමනුභාසිත්වා යථාධම්මං කාරාපෙතබ්බා.
Sinhala BJT51. “මහණෙනි, ඒ මහණ තෙමේ පවරණුයේ එක්තරා මහණකුගේ පවාරණය තබා ද, ඒ මහණ තෙමේ ‘ඇවැත්නි, තෝ මාගේ පවාරණයෙහි ඊශ්වර නො වෙහි. මම ඒ තාක් කල් නො පවරන්නෙමි’ යි මෙසේ කිය යුතු වන්නේ ය. මහණෙනි, එක්තරා මහණෙක් තෙමේ පවරන්නා වූ ඒ මහණහුගේ පවාරණය තබා ද, දෙදෙනා සඞ්ඝයා විසින් කරුණෙහි යොදා කරුණ පිළිගන්වා කරුණ විස්තර කොට ඇවැත් පරිදි කරවිය යුත්තාහ.
Pali BJT52. “සො චෙ භික්ඛවෙ, භික්ඛු ජනපදෙ තං කරණීයං තීරෙත්වා පුනදෙව අන්තොකොමුදියා චාතුමාසිනියා තං ආවාසං ආගච්ඡති, තෙහි චෙ භික්ඛවෙ, භික්ඛූහි පවාරියමානෙ අඤ්ඤතරො භික්ඛු තස්ස භික්ඛුනො පවාරණං ඨපෙති, සො එවමස්ස වචනීයො: ‘අනිස්සරො ඛො මෙ ත්වං ආවුසො පවාරණාය, පවාරිතො අහ’න්ති. තෙහි චෙ භික්ඛවෙ, භික්ඛූහි පවාරියමානෙ සො භික්ඛු අඤ්ඤතරස්ස භික්ඛුනො පවාරණං ඨපෙති, උභො සඞ්ඝෙන සමනුයුඤ්ජිත්වා සමනුගාහිත්වා සමනුභාසිත්වා යථාධම්මං කාරාපෙත්වා සඞ්ඝෙන පවාරෙතබ්බ”න්ති.
Sinhala BJT52. “මහණෙනි, ඒ මහණ තෙමේ ජනපදයෙහි ඒ කටයුතු අවසන් කොට නැවැත සිවුමස් පිරෙණ කොමුදී නම් පසළොස්වක ඇතුළත ඒ ආවාසයට පැමිණේ ද, මහණෙනි, ඒ භික්‍ෂූන් විසින් පවාරණය කරණු ලබන කල්හි එක්තරා මහණෙක් තෙමේ ඒ මහණහුගේ පවාරණය තබා ද, ඒ මහණ තෙමේ ‘ඇවැත්නි, තෝ මාගේ පවාරණයෙහි ඊශ්වර නො වෙහි. මම පැවරූයේ වෙමි යි මෙසේ කිය යුතු වන්නේ ය. මහණෙනි, ඒ භික්‍ෂූන් විසින් පවාරණය කරණු ලබන කල්හි ඒ මහණ තෙමේ එක්තරා මහණකුගේ පවාරණය තබා ද, දෙදෙනා සඞ්ඝයා විසින් කරුණෙහි යොදා, කරුණු පිළිගන්වා, සමනුභාෂණය කොට, ඇවැත් පරිදි කරවා සඞ්ඝයා විසින් පැවරිය යුතු ය.
Pali BJTපවාරණක්ඛන්ධකො නිට්ඨිතො චතුත්ථො.
Sinhala BJTසිවුවන පවාරණක්ඛන්‍ධකය නිමි.
Pali BJTතස්ස උද්දානං:
Sinhala BJTමේ ඛන්‍ධකයෙහි උද්දානය (වස්තුනාමාවලිය) මෙසේය:
Pali BJT1. වස්සං වුත්ථා කොසලෙසු ආගම්ම{1} සත්ථුදස්සනං{2}, අඵාසු{3} පසුසංවාසං, අඤ්ඤමඤ්ඤානුලොමතා.
Sinhala BJT1. කොසොල්දනව්වෙහි වස් වැස නිම කළ භික්‍ෂූහු ශාස්තෘදර්‍ශනයට පැමිණියහ. අපහසු වූ පසුසංවාසය, උනුන්ට අනුලොම් වූ පවාරණය,
Pali BJT2. පවාරෙන්තාසනෙ{4} ද්වෙ ච කම්මං{5} ගිලානඤාතකා, රාජා චොරා ච ධුත්තා ච භික්ඛුපච්චත්ථිකා තථා.
Sinhala BJT2. උත්කුටුකයෙන් හිඳ පැවරීම, පැවරූ පසු අසුනෙහි හිඳීම, පවාරණ දෙක, කර්‍ම (සතර), ගිලන්හුගේ පැවරීම, නෑයෝ මහණකු ගණිති. එසේ රජහු සොරහු ධූර්‍තයෝ පසමිතුරු භික්‍ෂූහු (මහණුන්) ගණිත්.
Pali BJT3. පඤ්ච චතු තයො ද්වෙකො ආපන්නො වෙමතී සරී, සබ්බො සඞ්ඝො වෙමතිකො බහු සමා ච{6} ථොකිකා.
Sinhala BJT3. පස් දෙනාගේ පැවරීම, සිවුදෙනාගේ පැවරීම, තිදෙනාගේ පැවරීම, දෙදෙනාගේ පැවරීම, එකකුගේ පැවරීම, ඇවැතට පැමිණීම, ඇවැතෙහි විමතිය, ඇවැත සිහිපත් කිරීම, සියලු සඞ්ඝ තෙමේ ඇවැතෙහි විමති ඇත්තේ ය. බොහෝ පිරිස, සමපිරිස, ටිකපිරිස,
Pali BJT4. ආවාසිකා චාතුද්දසො{7} ලිඞ්ගසංවාසකා උභො, ගන්තබ්බං න නිසින්නාය{8} ඡන්දදානෙ පවාරණා{9}.
Sinhala BJT4. ආවාසිකයෝ (ආගන්තුකයෝ) තුදුස්වක, පසළොස්වක, ආවාසික ලක්‍ෂණ, උභයසංවාසකයෝ, යා යුතු ය. නො යා යුතු ය. මෙහෙණන් ඈ හුන් පිරිසෙහි නො පැවරීම, පාරිවාසික පවාරණාදානයෙන් නො පැවරීම, නො පැවරිය යුතු දිනයෙහි නො පැවරීම,
Pali BJT5. සවරෙහි ඛෙපිතා මෙඝො අන්තරා ච පවාරණා, න කරොන්ති{10} පුරම්හාකං{11} අට්ඨපිතා ච භික්ඛුනො.
Sinhala BJT5. වැදිබියෙන් නො පැවරීම, රාත්‍රිය ගෙවන ලදී. වැස්ස, අන්තරාය, සාපත්තිකව පැවරීම, චෝදනාවට ඉඩ නො දීම. පෙර අපගේ පවාරණය නැවැත්වූහ යි අනාපත්තිකයන්ගේ පවාරණය නැවැත්වීම, නැවැත්වීම (වන පරිදි හා) නො වන පරිදි, භික්‍ෂුහුගේ (පවාරණය තැබීම),
Pali BJT6. කිම්හි චාති{12} කතමඤ්ච දිට්ඨෙන සුතසංකයා{13}, චොදකො චුදිතකො ච ථුල්ලච්චය{14} වත්ථු භණ්ඩනං{15}, පවාරණා{16} සඞ්ගහො ච අනිස්සරො පවාරයෙති{17}.
Sinhala BJT6. කිනම් හේතුවකින් දැ යි පිළිවිසීම, කිනම් දැ යි පිළිවිසීම, දුටුවකින් හෝ ඇසුවකින් හෝ සැකයකින් හෝ පැවරීම, චෝදක තෙමේ ය, චූදිතක තෙමේ ය, ථුල්ලච්චය, වස්තු, භණ්ඩනකාරක යන මොහු ය. පවාරණාසඞ්ග්‍රහය ද පවාරණයෙහි නො ඉසුරුබව ද වේ.
Pali BJTඉමම්හි ඛන්ධකෙ වත්ථූ ඡචත්තාරීසා.
Sinhala BJTමේ ඛන්‍ධකයෙහි වස්තු සතළිස් සයෙකි.
Pali BJT5.
Sinhala BJT5.
Pali BJTචම්මක්ඛන්ධකං
Sinhala BJTචම්මක්ඛන්‍ධකය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා රාජගහෙ විහරති ගිජ්ඣකූටෙ පබ්බතෙ. තෙන ඛො පන සමයෙන රාජා මාගධො සෙනියො බිම්බිසාරො අසීතියා ගාමසහස්සෙසු ඉස්සරියාධිපච්චං රජ්ජං කාරෙති{1}. තෙන ඛො පන සමයෙන චම්පායං සොණො නාම කොළිවීසො සෙට්ඨිපුත්තො සුඛුමාලො හොති. තස්ස පාදතලෙසු ලොමානි ජාතානි හොන්ති. අථ ඛො රාජා මාගධො සෙනියො බිම්බිසාරො තානි අසීතිගාමිකසහස්සානි සන්නිපාතාපෙත්වා කෙනචිදෙව කරණීයෙන සොණස්ස කොළිවීසස්ස සන්තිකෙ දූතං පාහෙසි: “ආගච්ඡතු සොණො, ඉච්ඡාමි සොණස්ස ආගත”න්ති.
Sinhala BJT1. එකල්හි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි වූ ගිජුකුළුපව්වෙහි වැඩ වසන සේක. එකල්හි මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජ තෙමේ ගම් අසූදහසෙක ඓශ්වර්‍ය්‍යයයෙන් හා අධිපති භාවයෙන් යුත් රාජ්‍යය කරවයි. එකල්හි චම්පානුවර කොළිවීස ගොත්‍රයෙහි උපන් සෝණ නම් සිටුපුත්‍ර තෙමේ සිවුමැලි වූයේ වේ. ඔහුගේ යටිපතුල්හි (අඳුන්වන්) ලොම් හට ගත්තේ වේ. එකල්හි මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජ තෙමේ කිසියම් කටයුත්තක් සඳහා (මෙන්) ඒ අසූ දහසක් ගම් ප්‍රධානයන් රැස් කරවා කොළිවීසගෝත්‍රයෙහි උපන් සෝණ සිටුපුතු වෙතට “සෝණ තෙමේ පැමිණේවා. සෝණගේ ඊම කැමැත්තෙමි” යි දූතයකු යැවී ය.
Pali BJT2. අථ ඛො සොණස්ස කොළිවීසස්ස මාතාපිතරො සොණං කොළිවීසං එතදවොචුං: “රාජා තෙ තාත. සොණ, පාදෙ දක්ඛිතුකාමො. මා ඛො ත්වං තාත, සොණ, යෙන රාජා තෙන පාදෙ අභිප්පසාරෙය්යාසි. රඤ්ඤො පුරතො පල්ලඞ්කෙන නිසීද. නිසින්නස්ස තෙ රාජා පාදෙ දක්ඛිස්සතී”ති.
Sinhala BJT2. එවිට කොළිවීස සෝණගේ මවු පියෝ ‘පුත් සෝණ, රජ තෙමේ ඔබගේ පාදයන් දකිනු කැමැත්තේ ය. පුත් සෝණ, තෝ රජු දිසාවට පාදයන් දිගු නො කරව. රජුගේ ඉදිරියෙහි අහරමිණිය ගොතා හිඳුව. රජ තෙමේ එසේ හුන් තාගේ පාදයන් දකින්නේ ය” යි කොළිවීස සෝණට කීහ.
Pali BJT3. අථ ඛො සොණං කොළිවීසං සිවිකාය ආනෙසුං. අථ ඛො සොණො කොළිවීසො යෙන රාජා මාගධො සෙනියො බිම්බිසාරො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා රාජානං මාගධං සෙනියං බිම්බිසාරං අභිවාදෙත්වා රඤ්ඤො පුරතො පල්ලඞ්කෙන නිසීදි. අද්දසා ඛො රාජා මාගධො සෙනියො බිම්බිසාරො සොණස්ස කොළිවීසස්ස පාදතලෙසු ලොමානි ජාතානි.
Sinhala BJT3. ඉක්බිති කොළිවීස සෝණ සිවිගෙයකින් (දෝලාවකින්) ගෙණවාහු ය. කොළිවීස සෝණ තෙමේ මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජු වෙතට ගියේ ය. ගොස් මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජු සකසා වැඳ රජ ඉදිරියෙහි අහරමිණිය ගොතා හුන්නේ ය. මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජ තෙමේ කොළිවීස සෝණගේ යටිපතුල්හි හටගත් ලොම් දුටුයේ ය.
Pali BJT4. අථ ඛො රාජා මාගධො සෙනියො බිම්බිසාරො තානි අසීති ගාමිකසහස්සානි දිට්ඨධම්මිකෙ අත්ථෙ අනුසාසිත්වා උය්යොජෙසි “තුම්හෙ ඛ්වත්ථ භණෙ, මයා දිට්ඨධම්මිකෙ අත්ථෙ අනුසිට්ඨා{2}. ගච්ඡථ තං භගවන්තං පයිරුපාසථ; සො නො භගවා සම්පරායිකෙ අත්ථෙ අනුසාසිස්සතී”ති. අථ ඛො තානි අසීතිගාමිකසහස්සානි යෙන ගිජ්ඣකූටො පබ්බතො තෙනුපසඞ්කමිංසු.
Sinhala BJT4. ඉක්බිති මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජ තෙමේ ඒ අසූ දහසක් ගම් ප්‍රධානයන් මේ ජීවිතයට හිත වූ කරුණෙහි අනුශාසනා කොට “කොලෙනි, මා විසින් තෙපි මේ ජීවිතයට හිත වූ කරුණෙහි අනුශාසනා කරණ ලද්දෝ වහු ය. යවු. ඒ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹෙවු. අපගේ ඒ භාග්‍යවතුන් වහන්සේ පරලොවට හිත වූ කරුණෙහි අනුශාසනා කරන්නාහු ය” යි පිටත් කෙළේ ය. එවිට ඒ අසූදහසක් ගම් ප්‍රධානයෝ ගිජු කුළුපව්වට ගියහ.
Pali BJT5. තෙන ඛො පන සමයෙන ආයස්මා සාගතො භගවතො උපට්ඨාකො හොති. අථ ඛො තානි අසීතිගාමිකසහස්සානි යෙනායස්මා සාගතො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා ආයස්මන්තං සාගතං එතදවොචුං: “ඉමානි භන්තෙ, අසීතිගාමිකසහස්සානි ඉධූපසඞ්කන්තානි භගවන්තං දස්සනාය. සාධු මයං භන්තෙ, ලභෙය්යාම භගවන්තං දස්සනායා”ති. තෙන හි තුම්හෙ ආයස්මන්තො මුහුත්තං ඉධෙව තාව හොථ, යාවාහං භගවන්තං පටිවෙදෙමී”ති.
Sinhala BJT5. ඒ කාලයෙහි ආයුෂ්මත් සාගත ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ උපස්ථායක වෙත්. එහෙයින් ඒ අසූදහසක් ගම් ප්‍රධානයෝ ආයුෂ්මත් සාගත තෙරුන් වෙතට ගියහ. ගොස් ආයුෂ්මත් සාගත තෙරුන්ට “ස්වාමීනි, මේ අසූදහසක් ගම් ප්‍රධානයෝ භාග්‍යවතුන් වහන්සේ දක්නට මෙහි පැමිණියාහු ය. ස්වාමීනි, අපි භාග්‍යවතුන් වහන්සේ දක්නට ලබන්නෙමු නම් මැනවැ” යි මෙය සැළකළහ. “එසේ නම් ආයුෂ්මත්නි, තෙපි මම යම්තාක් කලෙකින් භාග්‍යවතුන් වහන්සේට එය දන්වන්නෙම් ද, ඒ තාක් කල් මොහොතක් මෙහි ම සිටිවු.”
Pali BJT6. අථ ඛො ආයස්මා සාගතො තෙසං අසීතියා ගාමිකසහස්සානං පුරතො පෙක්ඛමානානං පාටිකාය නිමුජ්ජිත්වා භගවතො පුරතො උම්මුජ්ජිත්වා භගවන්තං එතදවොච: “ඉමානි භන්තෙ, අසීති ගාමිකසහස්සානි ඉධූපසඞ්කන්තානි භගවන්තං දස්සනාය. යස්සදානි භන්තෙ, භගවා කාලං මඤ්ඤතී”ති.
Sinhala BJT6. ඉක්බිති සාගත ස්ථවිරයන් වහන්සේ ඒ අසූදහසක් ගම් ප්‍රධානයන් ඉදිරියෙහි බලා සිටිය දී සඳකඩපහණෙහි ගිලී භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මතු වී භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, මේ අසූදහසක් ගම් ප්‍රධානයෝ භාග්‍යවතුන් වහන්සේ දක්නට මෙහි පැමිණියාහු ය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ එයට කල් දන්නා සේක්වා”යි මෙය සැළකළහ.
Pali BJT7. “තෙන හි ත්වං සාගත, විහාරපච්ඡායායං ආසනං පඤ්ඤපෙහී”ති. “එවං භන්තෙ”ති ඛො ආයස්මා සාගතො භගවතො පටිස්සුණිත්වා පීඨං ගහෙත්වා භගවතො පුරතො නිමුජ්ජිත්වා තෙසං අසීතියා ගාමිකසහස්සානං පුරතො පෙක්ඛමානානං පාටිකාය උම්මුජ්ජිත්වා විහාරපච්ඡායායං ආසනං පඤ්ඤාපෙසි{1}.
Sinhala BJT7. “සාගත, එසේ නම් වෙහෙර පිටිපස සෙවණෙහි අසුන් පණවන්නැ? යි වදාළ සේක. “ස්වාමීනි, එසේ ය” යි ආයුෂ්මත් සාගත ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී පුටුවක් ගෙණ භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහි ගිලී ඒ අසූදහසක් ගම් ප්‍රධානයන් ඉදිරියෙහි බලා සිටිය දී සඳකඩ පහණෙන් මතු වී වෙහෙර පිටිපස සෙවණෙහි අසුනක් පැණවූහ.
Pali BJT8. අථ ඛො භගවා විහාරා නික්ඛමිත්වා විහාරපච්ඡායායං පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. අථ ඛො තානි අසීතිගාමිකසහස්සානි යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු.
Sinhala BJT8. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ විහාරයෙන් නික්ම වෙහෙර පිටිපස සෙවණෙහි පැණවූ අසුනෙහි වැඩ හුන් සේක. ඉන් පසු ඒ අසූ දහසක් ගම් ප්‍රධානයෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්හ.
Pali BJT9. අථ ඛො තානි අසීතිගාමිකසහස්සානි ආයස්මන්තංයෙව සාගතං සමන්නාහරන්ති. නො තථා භගවන්තං. අථ ඛො භගවා තෙසං අසීතියා ගාමිකසහස්සානං චෙතසා චෙතො පරිවිතක්කමඤ්ඤාය ආයස්මන්තං සාගතං ආමන්තෙසි: “තෙන හි ත්වං සාගත, භීය්යොසොමත්තාය උත්තරිමනුස්සධම්මං{2} ඉද්ධිපාටිහාරියං දස්සෙහී”ති. “එවං භන්තෙ”ති ඛො ආයස්මා සාගතො භගවතො පටිස්සුණිත්වා වෙහාසං අබ්භුග්ගන්ත්වා ආකාසෙ අන්තලික්ඛෙ චඞ්කමතිපි, තිට්ඨතිපි, නිසීදතිපි, සෙය්යම්පි කප්පෙති, ධූපායතිපි{3}, පජ්ජලතිපි, අන්තරධායතිපි.
Sinhala BJT9. එකල්හි ඒ අසූදහසක් ගම් ප්‍රධානයෝ ආයුෂ්මත් සාගත තෙරුන් ගැණ ම සලකත්. භාග්‍යවතුන් වහන්සේ ගැණ එසේ නො සලකත්. භාග්‍යවතුන් වහන්සේ ඒ අසූදහසක් ගම් ප්‍රධානයන්ගේ සිතේ අදහස තම සිතින් දැන ආයුෂ්මත් සාගත තෙරුන් ඇමතූ සේක: “සාගත, එසේ නම් තෝ බොහෝවක් උතුරු මිනිස් දම් පෙළහර දක්වවු” යි. “ස්වාමීනි, එසේ ය” යි ආයුෂ්මත් සාගත තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී අහසට නැගී අහසෙහි සක්මන් ද කෙරෙයි. සිටීම ද කෙරෙයි. සයනය ද කෙරෙයි. දුමන්නේ ද වෙයි. දිලිසෙන්නේ ද වෙයි. අතුරුදහන් ද වෙයි.