Pali BJT4. “ඉධ පන භික්ඛවෙ, වස්සූපගතා භික්ඛූ පිසාචෙහි උබ්බාළ්හා හොන්ති. ආවිසන්තිපි. ඔජම්පි හරන්ති{2}. ‘එසෙව අන්තරායො’ති පක්කමිතබ්බං. අනාපත්ති වස්සච්ඡෙදස්ස.”
Sinhala BJT4. “මහණෙනි, මෙහි වස් එළැඹි භික්‍ෂූහු පිශාචයන් විසින් පෙළන ලද්දාහු වෙත්. ආවිෂ්ට ද වෙත්. ශරීරඕජාව ද ගණිත්. ‘මේ ම අන්තරාය ය’යි බැහැර යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”
Pali BJT5. “ඉධ පන භික්ඛවෙ, වස්සූපගතානං භික්ඛූනං ගාමො අග්ගිනා දඩ්ඪො හොති. භික්ඛූ පිණ්ඩකෙන කිලමන්ති. ‘එසෙව අන්තරායො’ති පක්කමිතබ්බං. අනාපත්ති වස්සච්ඡෙදස්ස.
Sinhala BJT5. “මහණෙනි, මෙහි වස් එළැඹි භික්‍ෂූන්ගේ ගම ගින්නෙන් දැවුනේ වේ. භික්‍ෂූහු ආහාරයෙන් ක්ලාන්ත වෙති. ‘මේ ම අන්තරාය ය’යි බැහර යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”
Pali BJT6. “ඉධ පන භික්ඛවෙ, වස්සූපගතානං භික්ඛූනං සෙනාසනං අග්ගිනා දඩ්ඪං හොති. භික්ඛූ සෙනාසනෙන කිලමන්ති. ‘එසෙව අන්තරායො’ති පක්කමිතබ්බං. අනාපත්ති වස්සච්ඡෙදස්ස.”
Sinhala BJT6. “මහණෙනි, මෙහි වස් එළැඹි භික්‍ෂූන්ගේ සෙනසුන් ගින්නෙන් දැවුනේ වේ. භික්‍ෂූහු සෙනසුනෙන් ක්ලාන්ත වෙත්. ‘මේ ම අන්තරාය’යයි බැහර යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”
Pali BJT7. “ඉධ පන භික්ඛවෙ, වස්සූපගතානං භික්ඛූනං ගාමො උදකෙන වූළ්හො හොති. භික්ඛූ පිණ්ඩකෙන කිලමන්ති. ‘එසෙව අන්තරායො’ති පක්කමිතබ්බං. අනාපත්ති වස්සච්ඡෙදස්ස.”
Sinhala BJT7. “මහණෙනි, මෙහි වස් එළැඹි භික්‍ෂූන්ගේ ගම ජලයෙන් යට වි ය. භික්‍ෂූහු ආහාරයෙන් ක්ලාන්ත වෙත්. ‘මේ ම අන්තරාය’ යි බැහර යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”
Pali BJT8. “ඉධ පන භික්ඛවෙ, වස්සූපගතානං භික්ඛූනං සෙනාසනං උදකෙන වූළ්හං හොති. භික්ඛූ සෙනාසනෙන කිලමන්ති. ‘එසෙව අන්තරායො’ති පක්කමිතබ්බං. අනාපත්ති වස්සච්ඡෙදස්සා”ති.
Sinhala BJT8. “මහණෙනි, මෙහි වස් එළැඹි භික්‍ෂූන්ගේ සෙනසුන ජලයෙන් යට වි ය. භික්‍ෂූහු සෙනසුනෙන් ක්ලාන්ත වෙත්. ‘මේ ම අන්තරාය ය’යි බැහර යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”
Pali BJT9. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්මිං ආවාසෙ වස්සූපගතානං භික්ඛූනං ගාමො චොරෙහි වුට්ඨාපිතො{3} හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, යෙන ගාමො, තෙන ගන්තු”න්ති. ගාමො ද්වෙධා පභිජ්ජිත්ථ{4}. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, යෙන බහුතරා, තෙන ගන්තු”න්ති. බහුතරා අස්සද්ධා හොන්ති අප්පසන්නා. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, යෙන සද්ධා පසන්නා, තෙන ගන්තු”න්ති.
Sinhala BJT9. එකල්හි එක්තරා ආවාසයෙක වස් එළැඹි භික්‍ෂූන්ගේ ගම සොරුන් විසින් නගා හරිණ ලද්දේ ය. භාග්‍යවතුන්වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, ගම පිහිටි තැනට යන්ට අනුදනිමි”. ගම දෙකට බිඳුනේ ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ඉතා බොහෝ ගණනක් ගම් වැස්සන් ඇති තැනට යන්නට අනුදනිමි” ඉතා බොහෝ දෙනෙක් ශ්‍රද්ධා නැත්තෝ නො පහන් වූවෝ වෙති. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සැදැහැති පහන් මිනිසුන් ඇති තැනට යන්නට අනුදනිමි”.
Pali BJT10. තෙන ඛො පන සමයෙන කොසලෙසු ජනපදෙ අඤ්ඤතරස්මිං ආවාසෙ වස්සූපගතා භික්ඛූ න ලභිංසු ලූඛස්ස වා පණීතස්ස වා භොජනස්ස යාවදත්ථං පාරිපූරිං. භගවතො එතමත්ථං ආරොචෙසුං. ඉධ පන භික්ඛවෙ, වස්සූපගතා භික්ඛූ න ලභන්ති ලූඛස්ස වා පණීතස්ස වා භොජනස්ස යාවදත්ථං පාරිපූරිං. ‘එසෙව අන්තරායො’ති පක්කමිතබ්බං. අනාපත්ති වස්සච්ඡෙදස්ස.
Sinhala BJT10. එකල්හි කොසොල්දනව්වෙහි එක්තරා ආවාසයෙක වස් එළැඹි භික්‍ෂූහු රළු වූ හෝ මිහිරි වූ හෝ බොජුන් සෑහෙන පමණ නො ලැබූහ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, මෙහි වස් එළැඹි භික්‍ෂූහු රළු වූ හෝ මිහිරි වූ හෝ බොජුන් සෑහෙන පමණ නො ලබත්. ‘මේ ම අන්තරාය ය’යි බැහැර යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”
Pali BJT11. “ඉධ පන භික්ඛවෙ, වස්සූපගතා භික්ඛූ ලභන්ති ලූඛස්ස වා පණීතස්ස වා භොජනස්ස යාවදත්ථං පාරිපූරිං. න ලභන්ති සප්පායානි භොජනානි. ‘එසෙව අන්තරායො’ති පක්කමිතබ්බං. අනාපත්ති වස්සච්ඡෙදස්ස.”
Sinhala BJT11. “මහණෙනි, මෙහි වස් එළැඹි භික්‍ෂූහු රළු වූ හෝ මිහිරි වූ හෝ බොජුන් සෑහෙන පමණ ලබත්. හිත වූ බොජුන් නො ලබත්. ‘මේ ම අන්තරාය ය’යි බැහැර යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”
Pali BJT12. “ඉධ පන භික්ඛවෙ, වස්සූපගතා භික්ඛූ ලභන්ති ලූඛස්ස වා පණීතස්ස වා භොජනස්ස යාවදත්ථං පාරිපූරිං. ලභන්ති සප්පායානි භොජනානි. න ලභන්ති සප්පායානි භෙසජ්ජානි. ‘එසෙව අන්තරායො’ති පක්කමිතබ්බං. අනාපත්ති වස්සච්ඡෙදස්ස.”
Sinhala BJT12. “මහණෙනි, මෙහි වස් එළැඹි භික්‍ෂූහු රළු වූ හෝ මිහිරි වූ හෝ බොජුන් සෑහෙන පමණ ලබත්. හිත වූ බොජුන් ලබත්. හිත වූ බෙහෙත් නො ලබත්. ‘මේ ම අන්තරාය ය’යි බැහැර යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”
Pali BJT13. “ඉධ පන භික්ඛවෙ, වස්සූපගතා භික්ඛූ ලභන්ති ලූඛස්ස වා පණීතස්ස වා භොජනස්ස යාවදත්ථං පාරිපූරිං. ලභන්ති සප්පායානි භොජනානි. ලභන්ති සප්පායානි භෙසජ්ජානි න ලභන්ති පතිරූපං උපට්ඨාකං. ‘එසෙව අන්තරායො’ති පක්කමිතබ්බං. අනාපත්ති වස්සච්ඡෙදස්ස.”
Sinhala BJT13. “මහණෙනි, මෙහි වස් එළැඹි භික්‍ෂූහු රළු වූ හෝ මිහිරි වූ හෝ බොජුන් සෑහෙන පමණ ලබත්. හිත වූ බොජුන් ලබත්. හිත වූ බෙහෙත් ලබත්. සුදුසු වූ උපස්ථායකයකු නො ලබත්. ‘මේ ම අන්තරාය’යයි බැහැර යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”
Pali BJT14. “ඉධ පන භික්ඛවෙ, වස්සූපගතං භික්ඛුං ඉත්ථි නිමන්තෙති: ‘එහි භන්තෙ, හිරඤ්ඤං වා තෙ දෙමි. සුවණ්ණං වා තෙ දෙමි. ඛෙත්තං වා තෙ දෙමි. වත්ථුං වා තෙ දෙමි. ගාවුං වා තෙ දෙමි. ගාවිං වා තෙ දෙමි. දාසං වා තෙ දෙමි. දාසිං වා තෙ දෙමි. ධීතරං වා තෙ දෙමි භරියත්ථාය. අහං වා තෙ භරියා හොමි. අඤ්ඤං වා තෙ භරියං ආනෙමී”ති. තත්ර චෙ භික්ඛුනො එවං හොති: ‘ලහුපරිවත්තං ඛො චිත්තං වුත්තං භගවතා, සියාපි මෙ බ්රහ්මචරියස්ස අන්තරායො”ති. පක්කමිතබ්බං. අනාපත්ති වස්සච්ඡෙදස්ස.
Sinhala BJT14. “මහණෙනි, මෙහි ස්ත්‍රියක් ‘ස්වාමීනි, එනු මැනව. නුඹ වහන්සේට අමුරන් හෝ දෙමි. නුඹ වහන්සේට රන් හෝ දෙමි. නුඹ වහන්සේට කෙතක් හෝ දෙමි. නුඹ වහන්සේට වත්තක් හෝ දෙමි. නුඹ වහන්සේට ගවයකු හෝ දෙමි. නුඹ වහන්සේට දාසියක හෝ දෙමි. නුඹ වහන්සේට දාසයකු හෝ දෙමි. නුඹ වහන්සේට දාසියකු හෝ දෙමි. නුඹ වහන්සේට භාර්‍ය්‍යාව පිණිස දුව හෝ දෙමු. මම හෝ නුඹවහන්සේගේ භාර්‍ය්‍යා වෙමි. නුඹ වහන්සේට අන් බිරියක හෝ ගෙණෙමි’ යි වස් එළැඹි භික්‍ෂුනමකට නිමන්ත්‍රණය කෙරෙ යි. එහි දී ඒ භික්‍ෂුහුහට ‘සිත යුහු ව පෙරළේ ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ම ය. මාගේ බ්‍රහ්මචර්‍ය්‍යයට අන්තරායයෙක් වන්නේ ය’ යි මෙසේ අදහස් වේ නම්, බැහැර යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”
Pali BJT15. “ඉධ පන භික්ඛවෙ, වස්සූපගතං භික්ඛුං වෙසී නිමන්තෙති. -පෙ- ථුල්ලකුමාරී නිමන්තෙති. -පෙ- පණ්ඩකො නිමන්තෙති. -පෙ- ඤාතකා නිමන්තෙන්ති. -පෙ- රාජානො නිමන්තෙන්ති. -පෙ- චොරා නිමන්තෙන්ති. -පෙ- ධුත්තා නිමන්තෙන්ති. ‘එහි භන්තෙ, හිරඤ්ඤං වා තෙ දෙම. සුවණ්ණං වා තෙ දෙම. ඛෙත්තං වා තෙ දෙම. වත්ථුං වා තෙ දෙම. ගාවුං වා තෙ දෙම. ගාවිං වා තෙ දෙම. දාසං වා තෙ දෙම. දාසිං වා තෙ දෙම. ධීතරං වා තෙ දෙම භරියත්ථාය. අඤ්ඤං වා තෙ භරියං ආනෙමා’ති. තත්ර චෙ භික්ඛුනො එවං හොති: ‘ලහුපරිවත්තං ඛො චිත්තං වුත්තං භගවතා. සියාපි මෙ බ්රහ්මචරියස්ස අන්තරායො’ති, පක්කමිතබ්බං. අනාපත්ති වස්සච්ඡෙදස්ස.”
Sinhala BJT15. “මහණෙනි, මෙහි වස් එළැඹි භික්‍ෂුනමකට වෙසඟනක් නිමන්ත්‍රණය කරයි. –පෙ– විවාහයට නො පැමිණ වයසට පත් ස්ත්‍රියක් නිමන්ත්‍රණය කරයි. –පෙ– පණ්ඩකයෙක් නිමන්ත්‍රණය කරයි. –පෙ– නෑයෝ නිමන්ත්‍රණය කරත්. –පෙ– රජහු නිමන්ත්‍රණය කරත්. –පෙ– සොරු නිමන්ත්‍රණය කරත් –පෙ– ධූර්‍තයෝ හෝ ‘ස්වාමීනි, එනු මැනව. නුඹ වහන්සේට අමුරන් හෝ දෙමු. නුඹ වහන්සේට රන් හෝ දෙමු. නුඹවහන්සේට කෙතක් හෝ දෙමු. නුඹ වහන්සේට වත්තක් හෝ දෙමු. නුඹවහන්සේට ගවයකු හෝ දෙමු. නුඹවහන්සේට දෙනකු හෝ දෙමු. නුඹවහන්සේට දාසයකු හෝ දෙමු. නුඹ වහන්සේට දාසියක හෝ දෙමු. භාර්‍ය්‍යාව පිණිස නුඹ වහන්සේට දුව හෝ දෙමු. නුඹ වහන්සේට අන් බිරියක හෝ ගෙණෙමු’ යි නිමන්ත්‍රණය කරත්. එහි දී ඒ භික්‍ෂුහුහට ‘සිත යුහු ව පෙරළේ යයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මාගේ බ්‍රහ්මචර්‍ය්‍යයට අන්තරායයෙක් වන්නේ ය’ යි මෙසේ අදහස් වේ නම් බැහැර යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”
Pali BJT16. “ඉධ පන භික්ඛවෙ, වස්සූපගතො භික්ඛු අස්සාමිකං නිධිං පස්සති. තත්ර චෙ භික්ඛුනො එවං හොති: ‘ලහුපරිවත්තං ඛො චිත්තං වුත්තං භගවතා, සියාපි මෙ බ්රහ්මචරියස්ස අන්තරායො’ති, පක්කමිතබ්බං. අනාපත්ති වස්සච්ඡෙදස්ස.”
Sinhala BJT16. “මහණෙනි, මෙහි වස් එළැඹි මහණෙක් තෙමේ හිමියන් නැති නිධානයක් දකි යි. එහි දී ඒ මහණහුට ‘සිත වහා පෙරළේ ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මාගේ බ්‍රහ්මචර්‍ය්‍යයට අන්තරායයෙක් වන්නේ යි මෙසේ අදහස් වේ නම්, බැහැර යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”
Pali BJT17. “ඉධ පන භික්ඛවෙ, වස්සූපගතො භික්ඛු පස්සති සම්බහුලෙ භික්ඛූ සඞ්ඝභෙදාය පරක්කමන්තෙ. තත්ර චෙ භික්ඛුනො එවං හොති ‘ගරුකො ඛො සඞ්ඝභෙදො වුත්තො භගවතා. මා මයි සම්මුඛීභූතෙ සඞ්ඝො භිජ්ජී’ති පක්කමිතබ්බං. අනාපත්ති වස්සච්ඡෙදස්ස.”
Sinhala BJT17. “මහණෙනි, මෙහි වස් එළැඹි මහණෙක් තෙමේ සඞ්ඝභේදයට උත්සාහය කරන්නා වූ බොහෝ භික්‍ෂූන් දකී. එහි දී ඒ මහණහුට ‘සඞ්ඝභේදය තෙමේ බැරෑරුම් ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මා හමු ව සිටිය දී සඞ්ඝ තෙමේ නො බිඳේවා’ යි මෙසේ අදහස් වේ නම්, බැහැර යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”
Pali BJT18. “ඉධ පන භික්ඛවෙ, වස්සූපගතො භික්ඛු සුණාති ‘අසුකස්මිං කිර ආවාසෙ සම්බහුලා භික්ඛූ සඞ්ඝභෙදාය පරක්කමන්තී’ති. තත්ර චෙ භික්ඛුනො එවං හොති: ‘ගරුකො ඛො සඞ්ඝභෙදො වුත්තො භගවතා. මා මයි සම්මුඛීභූතෙ සඞ්ඝො භිජ්ජී’ති පක්කමිතබ්බං. අනාපත්ති වස්සච්ඡෙදස්ස.”
Sinhala BJT18. “මහණෙනි, මෙහි වස් එළැඹි මහණෙක් ‘අසවල් ආවාසයෙහි බොහෝ භික්‍ෂූහු සඞ්ඝභේදයට උත්සාහ කෙරෙත් ල’ යි අසයි. එහි දී ඒ මහණහුට ‘සඞ්ඝභේදය බැරෑරුම් ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මා හමු ව සිටිය දී සඞ්ඝතෙමේ නො බිඳේවා’ යි මෙසේ අදහස් වේ නම්, බැහැර යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”
Pali BJT19. “ඉධ පන භික්ඛවෙ, වස්සූපගතො භික්ඛු සුණාති ‘අසුකස්මිං කිර ආවාසෙ සම්බහුලා භික්ඛූ සඞ්ඝභෙදාය පරක්කමන්තී’ති. තත්ර චෙ භික්ඛුනො එවං හොති: “තෙ ඛො මෙ භික්ඛූ මිත්තා. ත්යාහං වක්ඛාමි. - ගරුකො ඛො ආවුසො, සඞ්ඝභෙදො වුත්තො භගවතා. මා ආයස්මන්තානං සඞ්ඝභෙදො රුච්චිත්ථාති. කරිස්සන්ති මෙ වචනං. සුස්සූසිස්සන්ති. සොතං ඔදහිස්සන්තී’ති, පක්කමිතබ්බං. අනාපත්ති වස්සච්ඡෙදස්ස.”
Sinhala BJT19. “මහණෙනි, මෙහි වස් එළැඹි මහණෙක් ‘අසවල් ආවාසයෙහි බොහෝ භික්‍ෂූහු සඞ්ඝභේදයට උත්සාහ කෙරෙත් ල’ යි අසයි. එහි දී ඒ මහණහුට ‘භික්‍ෂූහු මාගේ මිත්‍රයෝ ය. මම ඔවුන්ට ‘ඇවැත්නි, සඞ්ඝභේදය බැරෑරුම් ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. ආයුෂ්මතුන් හට සඞ්ඝභේදය රුචි නො වේවා” යි කියන්නෙමි. ඔහු මාගේ වචනය කරන්නෝ ය. අසන්නෝ ය. කන් යොමු කරන්නෝ ය’ යි මෙසේ අදහස් වේ නම්, යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”
Pali BJT20. “ඉධ පන භික්ඛවෙ, වස්සූපගතො භික්ඛු සුණාති ‘අසුකස්මිං කිර ආවාසෙ සම්බහුලා භික්ඛූ සඞ්ඝභෙදාය පරක්කමන්තී’ති. තත්ර චෙ භික්ඛුනො එවං හොති: ‘තෙ ඛො මෙ භික්ඛූ න මිත්තා. අපි ච යෙ තෙසං මිත්තා, තෙ මෙ මිත්තා. ත්යාහං වක්ඛාමි. තෙ වුත්තා තෙ වක්ඛන්ති - ගරුකො ඛො ආවුසො සඞ්ඝභෙදො වුත්තො භගවතා, මා ආයස්මන්තානං සඞ්ඝභෙදො රුච්චිත්ථාති. කරිස්සන්ති මෙ{1} වචනං, සුස්සූසිස්සන්ති. සොතං ඔදහිස්සන්තීති පක්කමිතබ්බං. අනාපත්ති වස්සච්ඡෙදස්ස.”
Sinhala BJT20. “මහණෙනි, මෙහි වස් එළැඹි මහණෙක් “අසවල් ආවාසයෙහි බොහෝ භික්‍ෂූහු සඞ්ඝභේදයට උත්සාහය කෙරෙත් ල’ යි අසයි. මහණෙනි, එහි දී මහණහුට “ඒ භික්‍ෂූහු මාගේ මිත්‍රයෝ නො වෙති. එහෙත් යම් කෙනෙක් ඔවුන්ගේ මිත්‍රයෝ වෙත් ද, ඔහු මාගේ මිත්‍රයෝ ය. මම ඔවුන්ට කියන්නෙමි. (මා විසින්) කියන ලද ඔහු ඔවුන්ට ‘ඇවැත්නි, සඞ්ඝභේදය බැරෑරුම් ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. ආයුෂ්මතුන්හට සඞ්ඝභේදය රුචි නො වේවා’ යි කියන්නාහු ය. මාගේ වචනය කරන්නෝ ය. අසන්නෝ ය. කන් යොමු කරන්නෝ ය’ යි මෙසේ අදහස් වේ නම්, යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”
Pali BJT21. “ඉධ පන භික්ඛවෙ, වස්සූපගතො භික්ඛු සුණාති ‘අසුකස්මිං කිර ආවාසෙ සම්බහුලෙහි භික්ඛූහි සඞ්ඝො භින්නො’ති. තත්ර චෙ භික්ඛුනො එවං හොති: ‘තෙ ඛො මෙ භික්ඛූ මිත්තා, ත්යාහං වක්ඛාමි - ගරුකො ඛො ආවුසො සඞ්ඝභෙදො වුත්තො භගවතා. මා ආයස්මන්තානං සඞ්ඝභෙදො රුච්චිත්ථා ති. කරිස්සන්ති මෙ වචනං. සුස්සූසිස්සන්ති. සොතං ඔදහිස්සන්තීති පක්කමිතබ්බං. අනාපත්ති වස්සච්ඡෙදස්ස.”
Sinhala BJT21. “මහණෙනි, මෙහි වස් එළැඹි මහණෙක් “අසවල් ආවාසයෙහි බොහෝ භික්‍ෂූන් විසින් සඞ්ඝ තෙමේ බිඳින ලද්දේ ල’ යි අසයි. එහි දී මහණහුට “ඒ භික්‍ෂූහු මාගේ මිත්‍රයෝ ය. මම ඔවුන්ට ‘ඇවැත්නි, සඞ්ඝභේදය බැරෑරුම් ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය ආයුෂ්මතුන්හට සඞ්ඝභේදය රුචි නො වේවා යි කියන්නෙමි. ඔහු මාගේ වචනය කරන්නෝ ය. අසන්නෝ ය. කන් යොමු කරන්නෝ ය’ යි මෙසේ අදහස් වේ නම්, යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”
Pali BJT22. “ඉධ පන භික්ඛවෙ, වස්සූපගතො භික්ඛු සුණාති: ‘අසුකස්මිං කිර ආවාසෙ සම්බහුලෙහි භික්ඛූහි සඞ්ඝො භින්නො”ති. තත්ර චෙ භික්ඛුනො එවං හොති: ‘තෙ ඛො මෙ භික්ඛූ න මිත්තා. අපි ච යෙ තෙසං මිත්තා, තෙ මෙ මිත්තා. ත්යාහං වක්ඛාමි. තෙ වුත්තා තෙ වක්ඛන්ති - ගරුකො ඛො ආවුසො, සඞ්ඝභෙදො වුත්තො භගවතා. මා ආයස්මන්තානං සඞ්ඝභෙදො රුච්චිත්ථා’ති. කරිස්සන්ති මෙ{1} වචනං. සුස්සූසිස්සන්ති. සොතං ඔදහිස්සන්තී”ති, පක්කමිතබ්බං. අනාපත්ති වස්සච්ඡෙදස්ස.”
Sinhala BJT22. “මහණෙනි, මෙහි වස් එළැඹි මහණෙක් ‘අසවල් ආවාසයෙහි බොහෝ භික්‍ෂූන් විසින් සඞ්ඝ තෙමේ බිඳින ලද්දේ ල’ යි අසයි. එහි දී ඒ මහණහුට ‘ඒ භික්‍ෂූහු මාගේ මිත්‍රයෝ නො වෙති. එහෙත් යම් කෙනෙක් ඔවුන්ගේ මිත්‍රයෝ වෙත් ද, ඔහු මාගේ මිත්‍රයෝ ය. මම ඔවුන්ට කියන්නෙමි. මා විසින් කියන ලද ඔහු ඔවුන්ට ‘ඇවැත්නි, සඞ්ඝභේදය බැරෑරුම් ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. ආයුෂ්මතුන්හට සඞ්ඝභේදය රුචි නො වේවා’යි කියන්නාහු ය. මාගේ වචනය කරන්නාහු ය. අසන්නාහු ය. කන් යොමු කරන්නාහු’ යි මෙසේ අදහස් වේ නම්, යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”
Pali BJT23. “ඉධ පන භික්ඛවෙ, වස්සූපගතො භික්ඛු සුණාති: ‘අසුකස්මිං{2} කිර ආවාසෙ සම්බහුලා භික්ඛුණියො සඞ්ඝභෙදාය පරක්කමන්තී’ති. තත්ර චෙ භික්ඛුනො එවං හොති: ‘තා ඛො මෙ භික්ඛුණියො මිත්තා. තාහං වක්ඛාමි - ගරුකො ඛො භගිනියො සඞ්ඝභෙදො වුත්තො භගවතා මා භගිනීනං සඞ්ඝභෙදො රුච්චිත්ථා’ති. කරිස්සන්ති. මෙ වචනං. සුස්සූසිස්සන්ති. සොතං ඔදහිස්සන්තී’ති. පක්කමිතබ්බං. අනාපත්ති වස්සච්ඡෙදස්ස.”
Sinhala BJT23. “මහණෙනි, මෙහි වස් එළැඹි මහණෙක් ‘අසවල් ආවාසයෙහි බොහෝ මෙහෙණෝ සඞ්ඝභේදයට උත්සාහ කරත් ල’ යි අසයි. එහි දී මහණහුට ‘ඒ මෙහෙණෝ මාගේ මිතුරෝ ය. ඔවුන්ට මම ‘නැගනියෙනි, සඞ්ඝභේදය බැරෑරුම් ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. නැගනියන්ට සඞ්ඝභේදය රුචි නො වේවා’ යි කියන්නෙමි. මාගේ වචනය කරන්නාහු ය. අසන්නාහු ය. කන් යොමු කරන්නාහු ය” යි මෙසේ අදහස් වේ නම්, යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”
Pali BJT24. “ඉධ පන භික්ඛවෙ, වස්සූපගතො භික්ඛු සුණාති: ‘අසුකස්මිං කිර ආවාසෙ සම්බහුලා භික්ඛුණියො සඞ්ඝභෙදාය පරක්කමන්තී’ති. තත්ර චෙ භික්ඛුනො එවං හොති: ‘තා ඛො මෙ භික්ඛුණියො න මිත්තා. අපි ච යා තාසං මිත්තා, තා මෙ මිත්තා. තාහං වක්ඛාමි. තා වුත්තා තා වක්ඛන්ති - ගරුකො ඛො භගිනියො සඞ්ඝභෙදො වුත්තො භගවතා. මා භගිනීනං සඞ්ඝභෙදො රුච්චිත්ථා’ති. කරිස්සන්ති තාසං වචනං. සුස්සූසිස්සන්ති. සොතං ඔදහිස්සන්තී’ති, පක්කමිතබ්බං. අනාපත්ති වස්සච්ඡෙදස්ස”.
Sinhala BJT24. “මහණෙනි, මෙහි වස් එළැඹි මහණෙක් ‘අසවල් ආවාසයෙහි බොහෝ මෙහෙණෝ සඞ්ඝභේදයට උත්සාහ කරත් ල’ යි අසයි. එහි දී ඒ මහණහුට ‘ඒ මෙහෙණෝ මාගේ මිතුරෝ නො වෙත්. එහෙත් යම් කෙනෙක් ඔවුන්ගේ මිතුරෝ වෙත් ද, ඔහු මාගේ යෙහෙළියෝ වෙත්. මම ඔවුන්ට කියන්නෙමි. (මා විසින්) කියන ලද ඔහු, ඔවුන්ට – නැගනියෙනි, සඞ්ඝභේදය බැරෑරුම් ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. නැගනියන්ට සඞ්ඝභේදය රුචි නො වේවා’ යි කියන්නාහු ය. මාගේ වචනය කරන්නාහු ය. අසන්නාහු ය. කන් යොමු කරන්නාහු’ ය යි මෙසේ අදහස් වේ නම්, යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”
Pali BJT25. “ඉධ පන භික්ඛවෙ, වස්සූපගතො භික්ඛු සුණාති: ‘අසුකස්මිං කිර ආවාසෙ සම්බහුලාහි භික්ඛුණීහි සඞ්ඝො භින්නො’ති. තත්ර චෙ භික්ඛුනො එවං හොති ‘තා ඛො මෙ භික්ඛුණියො මිත්තා. තාහං වක්ඛාමි - ගරුකො ඛො භගිනියො සඞ්ඝභෙදො වුත්තො භගවතා. මා භගිනීනං සඞ්ඝභෙදො රුච්චිත්ථා’ති. කරිස්සන්ති මෙ වචනං, සුස්සූසිස්සන්ති. සොතං ඔදහිස්සන්තී’ති, පක්කමිතබ්බං. අනාපත්ති වස්සච්ඡෙදස්ස”.
Sinhala BJT25. ‘මහණෙනි, මෙහි වස් එළැඹි මහණෙක් ‘අසවල් ආවාසයෙහි බොහෝ මෙහෙණන් විසින් සඞ්ඝ තෙමේ බිඳින ලද්දේ’ යි අසයි. එහි දී ඒ මහණහුට ඒ මෙහෙණෝ මාගේ යෙහෙළියෝ ය. මම ඔවුන්ට ‘නැගනියෙනි, සඞ්ඝභේදය බැරෑරුම් ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. නැගනියන්ට සඞ්ඝභේදය රුචි නො වේවා” යි කියන්නෙමි. මාගේ වචනය කරන්නාහු ය. අසන්නාහු ය. කන් යොමු කරන්නාහු ය’ යි මෙසේ අදහස් වේ නම්, යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”
Pali BJT26. “ඉධ පන භික්ඛවෙ, වස්සූපගතො භික්ඛු සුණාති: ‘අසුකස්මිං කිර ආවාසෙ සම්බහුලාහි භික්ඛුණීහි සඞ්ඝො භින්නො’ති. තත්ර චෙ භික්ඛුනො එවං හොති ‘තා ඛො මෙ භික්ඛුණියො න මිත්තා. අපි ච යා තාසං මිත්තා, තා මෙ මිත්තා. තාහං වක්ඛාමි. තා වුත්තා තා වක්ඛන්ති - ගරුකො ඛො භගිනියො සඞ්ඝභෙදො වුත්තො භගවතා. මා භගිනීනං සඞ්ඝභෙදො රුච්චිත්ථා’ති. කරිස්සන්ති මෙ වචනං, සුස්සූසිස්සන්ති. සොතං ඔදහිස්සන්තී’ති, පක්කමිතබ්බං. අනාපත්ති වස්සච්ඡෙදස්සා”ති.
Sinhala BJT26. මහණෙනි, මෙහි වස් එළැඹි මහණෙක් ‘අසවල් ආවාසයෙහි බොහෝ මෙහෙණන් විසින් සඞ්ඝ තෙමේ බිඳින ලද්දේ’ යි අසයි. එහි දී මහණහුට “ඒ මෙහෙණෝ මාගේ යෙහෙළියෝ නො වෙත්. එහෙත් යම් මෙහෙණෝ ඔවුන්ගේ මිතුරෝ වෙත් ද, ඔවුන් මාගේ මිතුරෝ ය. මම ඔවුන්ට කියන්නෙමි. (මා විසින්) කියන ලද ඔහු, ඔවුන්ට – නැගනියෙනි, සඞ්ඝභේදය බැරෑරුම් ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. නැගනියන්ට සඞ්ඝභේදය රුචි නො වේවා’ යි කියන්නාහු ය. මාගේ වචනය කරන්නාහු ය. අසන්නාහු ය. කන් යොමු කරන්නාහු ය’යි මෙසේ අදහස් වේ නම්, යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”
Pali BJT27. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු වජෙ වස්සං උපගන්තුකාමො හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, වජෙ වස්සං උපගන්තු”න්ති. වජො වුට්ඨාසි. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, යෙන වජො, තෙන ගන්තු”න්ති.
Sinhala BJT27. එකල්හි එක්තරා මහණෙක් ගාලෙහි වස් එළැඹෙනු කැමැත්තේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ගාලෙහි වස් එළැඹෙන්නට අනුදනිමි” යි. ගාල අන් තැනකටගියේ ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ගාල ගොස් සිටි තැනට යන්නට අනුදනිමි’.
Pali BJT28. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු උපකට්ඨාය වස්සූපනායිකාය සත්ථෙන ගන්තුකාමො හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, සත්ථෙ වස්සං උපගන්තු”න්ති.
Sinhala BJT28. එකල්හි එක්තරා මහණෙක් වස් එළැඹීම ලංව සිටි කල්හි ගැල් පදවන්නන් හා යනු කැමැත්තේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. ‘මහණෙනි, ගැලේ වස් එළැඹෙන්නට අනුදනිමි.”
Pali BJT29. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු උපකට්ඨාය වස්සූපනායිකාය නාවාය ගන්තුකාමො හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, නාවාය වස්සං උපගන්තු”න්ති.
Sinhala BJT29. එකල්හි එක්තරා මහණෙක් වස් එළැඹීම ලංව සිටි කල්හි නැවක යනු කැමැත්තේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, නැවෙහි වස් එළැඹෙන්නට අනුදනිමි” යි.
Pali BJT30. තෙන ඛො පන සමයෙන භික්ඛූ රුක්ඛසුසිරෙ වස්සං උපගච්ඡන්ති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “සෙය්යථාපි පිසාචිල්ලිකා”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ, රුක්ඛසුසිරෙ වස්සං උපගන්තබ්බං. යො උපගච්ඡෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT30. එකල්හි භික්‍ෂූහු ගස් සිදුරෙක වස් එළැඹෙත්. මිනිස්සු (මොවුන්) “පිශාච පැටවුන් සේ ය” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ගස් සිදුරෙහි වස් නො එළැඹිය යුතු ය. යමෙක් එළැඹෙන්නේ නම්, දුකුළා ඇවැත් වේ.”
Pali BJT31. තෙන ඛො පන සමයෙන භික්ඛූ රුක්ඛවිටභියා වස්සං උපගච්ඡන්ති. මනුස්සා උජ්ඣායන්ති, ඛීයන්ති විපාචෙන්ති: “සෙය්යථාපි මිගලුද්දකා”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ, රුක්ඛවිටභියා වස්සං උපගන්තබ්බං. යො උපගච්ඡෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT31. එකල්හි භික්‍ෂූහු රුක් වෙළෙප්හි වස් එළැඹෙත්. මිනිස්සු (මොවුන්) “මුව වැද්දන් සේ ය” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි රුක් වෙළෙප්හි වස් නො එළැඹිය යුතු ය. යමෙක් එළැඹෙන්නේ නම්, දුකුළාඇවැත් වේ.”
Pali BJT32. තෙන ඛො පන සමයෙන භික්ඛූ අජ්ඣොකාසෙ වස්සං උපගච්ඡන්ති. දෙවෙ වස්සන්තෙ රුක්ඛමූලම්පි නිබ්බකොසම්පි උපධාවන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ, අජ්ඣොකාසෙ වස්සං උපගන්තබ්බං. යො උපගච්ඡෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT32. එකල්හි භික්‍ෂූහු එළිමහනෙහි වස් එළැඹෙත්. වැසි වස්නා කල රුක් මුලට ද (ගෙවල්හි) අගුසෙවනට ද දුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, එළිමහනෙහි වස් නො එළැඹිය යුතු ය. යමෙක් එළැඹෙන්නේ නම්, දුකුළාඇවැත් වේ.”
Pali BJT33. තෙන ඛො පන සමයෙන භික්ඛූ අසෙනාසනිකා වස්සං උපගච්ඡන්ති. සීතෙනපි කිලමන්ති. උණ්හෙනපි කිලමන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ, අසෙනාසනිකෙන වස්සං උපගන්තබ්බං. යො උපගච්ඡෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT33. එකල්හි භික්‍ෂූහු සෙනසුන් නැත්තාහු වස් එළැඹෙත්. සීතයෙන් ද උෂ්ණයෙන් ද ක්ලාන්ත වෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සෙනසුන් නැත්තහු විසින් වස් නො එළඹිය යුතු ය. යමෙක් එළැඹෙන්නේ නම්, දුකුළා ඇවැත් වේ.”
Pali BJT34. තෙන ඛො පන සමයෙන භික්ඛූ ඡවකුටිකාය වස්සං උපගච්ඡන්ති. මනුස්සා උජ්ඣායන්ති. ඛීයන්ති. විපාචෙන්ති: “සෙය්යථාපි ඡවඩාහකා”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ, ඡවකුටිකාය වස්සං උපගන්තබ්බං. යො උපගච්ඡෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT34. එකල්හි භික්‍ෂූහු සොහොන්කිළියෙහි වස් එළැඹෙත්. මිනිස්සු (මොවුන්) “මිනී දවන්නන් සේ ය” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සොහොන් කිළියෙහි වස් නො එළැඹිය යුතු ය. යමෙක් එළැඹෙන්නේ නම්, දුකුළා ඇවැත් වේ.”
Pali BJT35. තෙන ඛො පන සමයෙන භික්ඛූ ඡත්තෙ වස්සං උපගච්ඡන්ති. මනුස්සා උජ්ඣායන්ති. ඛීයන්ති. විපාචෙන්ති: “සෙය්යථාපි ගොපාලකා”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං “න භික්ඛවෙ, ඡත්තෙ වස්සං උපගන්තබ්බං. යො උපගච්ඡෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT35. එකල්හි භික්‍ෂූහු ඡත්‍රය යට වස් එළැඹෙත්. මිනිස්සු (මොවුන්) “ගොපලුන් සේ ය” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ඡත්‍රය යට වස් නො එළැඹිය යුතු ය. යමෙක් එළැඹෙන්නේ නම්, දුකුළාඇවැත් වේ.”
Pali BJT36. තෙන ඛො පන සමයෙන භික්ඛූ චාටියා වස්සං උපගච්ඡන්ති. මනුස්සා උජ්ඣායන්ති. ඛීයන්ති. විපාචෙන්ති: “සෙය්යථාපි තිත්ථියා”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ, චාටියා වස්සං උපගන්තබ්බං. යො උපගච්ඡෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT36. එකල්හි භික්‍ෂූහු සැළියෙහි වස් එළැඹෙත්. මිනිස්සු (මොවුන්) “තීර්‍ත්‍ථකයන් සේ ය” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, සැළියෙහි වස් නො එළැඹිය යුතු ය. යමෙක් එළැඹෙන්නේ නම්, දුකුළාඇවැත් වේ.”
Pali BJT37. තෙන ඛො පන සමයෙන සාවත්ථියා සංඝෙන කතිකා{1} කතා හොති: “අන්තරාවස්සං න පබ්බාජෙතබ්බ”න්ති. විසාඛාය මිගාරමාතුයා නත්තා භික්ඛූ උපසඞ්කමිත්වා පබ්බජ්ජං යාචි. භික්ඛූ එවමාහංසු: “සඞ්ඝෙන ඛො ආවුසො කතිකා කතා - ‘අන්තරාවස්සං න පබ්බාජෙතබ්බ’න්ති. ආගමෙහි ආවුසො, යාව භික්ඛූ වස්සං වසන්ති. වස්සං වුත්ථා පබ්බාජෙස්සන්තී”ති.
Sinhala BJT37. එකල්හි සැවැත් නුවර දී සඞ්ඝයා විසින් “වස ඇතුළත පැවිදි නො කළ යුතු ය” යි කතිකාවක් කරණ ලද්දී ය. මිගාරමාතු වූ විශාඛාවගේ මුනුබුරෙක් භික්‍ෂූන් කරා එළඹ පැවිද්ද ඉල්ලී ය. භික්‍ෂූහු ‘ඇවැත්නි, ‘වස ඇතුළත පැවිදි නො කළ යුතු ය.’ යි සඞ්ඝයා විසින් කතිකාවක් කරණ ලද්දී ය. ඇවැත්නි, භික්‍ෂූහු යම් තාක් වස් වැස නිමවත් ද ඒ තාක් බලාපොරොත්තු වෙව, වස් වැස නිම කළාහු පැවිදි කරන්නාහු” යි මෙසේ කීහ.
Pali BJT38. අථ ඛො තෙ භික්ඛූ වස්සං වුත්ථා විසාඛාය මිගාරමාතුයා නත්තාරං එතදවොචුං: “එහිදානි, ආවුසො, පබ්බජාහී”ති. සො එවමාහ: “සචාහං භන්තෙ, පබ්බජිතො අස්සං, අභිරමෙය්යං චාහං.{2} න’දානාහං භන්තෙ, පබ්බජිස්සාමී”ති. විසාඛා මිගාරමාතා උජ්ඣායති. ඛීයති. විපාචෙති: “කථං හි නාම අය්යා එවරූපං කතිකං කරිස්සන්ති: ‘න අන්තරාවස්සං පබ්බාජෙතබ්බ’න්ති. කං කාලං ධම්මො න චරිතබ්බො”ති.
Sinhala BJT38. ඉක්බිති ඒ භික්‍ෂූහු වස් වැස නිම කළාහු මිගාර මාතු වූ විශාඛාවගේ මුණුබුරාට “ඇවැත්නි, දැන් එව, පැවිදි වෙව” යි කීහ. හෙතෙමේ “ස්වාමීනි, මම පැවිදි වූයේ වීම් නම්, මම (සසුනෙහි) සිත් අලවා වසන්නෙමි. ‘ස්වාමීනි, මම දැන් පැවිදි නො වන්නෙමි’ යි මෙසේ කීයේ ය. මිගාරමාතෘ වූ විශාඛා තොමෝ ‘පින්වතුන් වහන්සේලා කෙසේ නම් වස ඇතුළත දී පැවිදි නො කට යුතු ය’ යි මෙබඳු කතිකාවක් කරත් ද? “කිනම් කලෙක ධර්‍මය තෙමේ නො හැසිරිය යුතු දැ?’ යි අවමන් කරයි. නින්‍දා කරයි. දොස් කියයි.
Pali BJT39. අස්සොසුං ඛො භික්ඛූ විසාඛාය මිගාරමාතුයා උජ්ඣායන්තියා ඛීයන්තියා විපාචෙන්තියා. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ, එවරූපා කතිකා කාතබ්බා: ‘න අන්තරා වස්සං පබ්බාජෙතබ්බ’න්ති. යො කරෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT39. භික්‍ෂූහු අවමන් කරණ නින්‍දා කරණ දොස් කියන මිගාර මාතෘ වූ විශාඛාවගේ ඒ කතාව ඇසූහ. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ‘වස ඇතුළත දී පැවිදි නො කට යුතු ය’ යි මෙබඳු කතිකා නො කට යුතු ය. යමෙක් කරන්නේ නම්, දුකුළාඇවැත් වේ.
Pali BJT40. තෙන ඛො පන සමයෙන ආයස්මතා උපනන්දෙන සක්යපුත්තෙන රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස වස්සාවාසො පටිස්සුතො හොති පුරිමිකාය.
Sinhala BJT40. එකල්හි ශාක්‍යපුත්‍ර වූ ආයුෂ්මත් උපනන්‍ද තෙරුන් විසින් පසේනදි කොසොල් රජුගේ පෙරවස් විසීමට ආරාධනාවක් ගිවිස ගන්නා ලද්දේ ය.
Pali BJT41. සො තං ආවාසං ගච්ඡන්තො අද්දස, අන්තරාමග්ගෙ ද්වෙ ආවාසෙ බහුචීවරකෙ. තස්ස එතදහොසි: “යන්නූනාහං ඉමෙසු ද්වීසු ආවාසෙසු වස්සං වසෙය්යං, එවං මෙ බහුං චීවරං{3} උප්පජ්ජිස්සතී”ති.
Sinhala BJT41. හෙ තෙමේ ඒ ආවාසයට යන්නේ අතර මග දී බොහෝ සිවුරු ඇති ආවාස දෙකක් දුටුයේ ය. ඔහුට “මම මේ ආවාස දෙක්හි වස් වසන්නෙම් නම් යහපත් ය. එසේ ඇති කල්හි මට බොහෝ සිවුරු ලැබෙන්නේ ය” යි මෙබඳු සිතෙක් වි ය.
Pali BJT42. සො තෙසු ද්වීසු ආවාසෙසු වස්සං වසි. රාජා පසෙනදි කොසලො උජ්ඣායති. ඛීයති. විපාචෙති: “කථං හි නාම අය්යො උපනන්දො සක්යපුත්තො අම්හාකං වස්සාවාසං පටිස්සුණිත්වා විසංවාදෙස්සති? න නු භගවතා අනෙකපරියායෙන මුසාවාදො ගරහිතො? මුසාවාදා වෙරමණී පසත්ථා?”ති.
Sinhala BJT42. හෙ තෙමේ ඒ ආවාස දෙක්හි වස් විසී ය. පසේනදි කොසොල් රජ තෙමේ “කෙසේ නම් ශාක්‍යපුත්‍ර වූ ආර්‍ය්‍ය උපනන්‍ද ස්ථවිර තෙමේ අපගේ වස් ආරාධනාව ගිවිස (පිළිගෙණ) වෙනස් කෙරේ ද? භාග්‍යවතුන් වහන්සේ විසින් මුසාවාදය නොයෙක් අයුරින් ගරහන ලද්දේ නො වේ ද? මුසාවාදයෙන් වැළැක්ම පසසන ලද්දේ නො වේ දැ?’ යි අවමන් කරයි. නින්‍දා කරයි. දොස් කියයි.
Pali BJT43. අස්සොසුං ඛො භික්ඛූ රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස උජ්ඣායන්තස්ස ඛීයන්තස්ස විපාචෙන්තස්ස. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා, තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ආයස්මා උපනන්දො සක්යපුත්තො රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස වස්සාවාසං පටිස්සුණිත්වා විසංවාදෙස්සති? න නු භගවතා අනෙකපරියායෙන මුසාවාදො ගරහිතො? මුසාවාදා වෙරමණී පසත්ථා”? ති.
Sinhala BJT43. භික්‍ෂූහු අවමන් කරණ නින්‍දා කරණ දොස් කියන පසේනදි කොසොල් රජුගේ ඒ කතාව ඇසූහ. ඔවුන් අතුරෙහි යම් ඒ ආශාරහිත භික්‍ෂූහු වෙත් ද, ඔහු “කෙසේ නම් ශාක්‍යපුත්‍ර වූ ආයුෂ්මත් උපනන්‍ද තෙමේ පසේනදි කොසොල් රජුගේ වස් විසීමට ආරාධනාව පිළිගෙණ වෙනස් කෙරේ ද? භාග්‍යවතුන් වහන්සේ විසින් මුසාවාදය නොයෙක් අයුරින් ගරහන ලද්දේ නො වේ ද? මුසාවාදයෙන් වැළැක්ම පසසන ලද්දේ නො වේ දැ?” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්.
Pali BJT44. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා ආයස්මන්තං උපනන්දං සක්යපුත්තං පටිපුච්ඡි: “සච්චං කිර ත්වං උපනන්ද, රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස වස්සාවාසං පටිස්සුණිත්වා විසංවාදෙසී?”ති. “සච්චං භගවා{1}”. විගරහි බුද්ධො භගවා: “කථං හි නාම ත්වං මොඝපුරිස, රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස වස්සාවාසං පටිස්සුණිත්වා විසංවාදෙස්සති. නනු මයා මොඝපුරිස, අනෙකපරියායෙන මුසාවාදො ගරහිතො? මුසාවාදා වෙරමණී පසත්ථා? නෙතං මොඝපුරිස, අප්පසන්නානං වා පසාදාය -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි:
Sinhala BJT44. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි ලා භික්‍ෂුසඞ්ඝයා රැස් කරවා ශාක්‍යපුත්‍ර වූ ආයුෂ්මත් උපනන්‍ද තෙරුන් පිළිවිසිසේක. “උපනන්‍දය, පසේනදි කොසොල් රජුගේ වස් විසීමට ආරාධනාව පිළිගෙණ වෙනස් කෙළෙහි සැබෑ ද?” “භාග්‍යවතුන් වහන්ස, සැබව”. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ “හිස්පුරුෂය, තෝ කෙසේ නම් පසේනදි කොසොල් රජුගේ වස් ආරාධනාව පිළි ගෙණ වෙනස් කෙළෙහි ද? හිස්පුරුෂය, මා විසින් මුසාවාදය නොයෙක් අයුරින් ගරහන ලද්දේ නො වේ ද? මුසාවාදයෙන් වැළැක්ම පසසන ලද්දේ නො වේ ද? හිස්පුරුෂය, මෙය නො පැහැදුනවුන්ගේ පැහැදීම පිණිස හෝ –පෙ– නොවේ” යි ගැරහූසේක. ගරහා දැහැමිකතා කොට භික්‍ෂූන් ඇමතූසේක:
Pali BJT45. “ඉධ පන භික්ඛවෙ, භික්ඛුනා වස්සාවාසො පටිස්සුතො හොති පුරිමිකාය. සො තං ආවාසං ගච්ඡන්තො පස්සති අන්තරාමග්ගෙ ද්වෙ ආවාසෙ බහුචීවරකෙ. තස්ස එවං හොති: ‘යන්නූනාහං ඉමෙසු ද්වීසු ආවාසෙසු වස්සං වසෙය්යං. එවං මෙ බහුං චීවරං උප්පජ්ජිස්සතී’ති. සො තෙසු ද්වීසු ආවාසෙසු වස්සං වසති. තස්ස භික්ඛවෙ, භික්ඛුනො පුරිමිකා ච න පඤ්ඤායති, පටිස්සවෙ ච ආපත්ති දුක්කටස්ස.”
Sinhala BJT45. “මහණෙනි, මෙහි මහණකු විසින් පෙරවස පිණිස වස්ආරාධනාවක් පිළිගන්නා ලද්දේ ය. හෙ තෙමේ ඒ ආවාසයට යන්නේ අතර මග දී බොහෝ සිවුරු ඇති ආවාස දෙකක් දකියි. ඔහුට ‘මම මේ ආවාස දෙකෙහි වස් වසන්නෙම් නම් යෙහෙක. එසේ ඇති කල්හි මට බොහෝ සිවුරු ලැබෙන්නේ ය’ යි මෙබඳු සිතෙක් උපන. හෙතෙමේ ඒ ආවාස දෙකෙහි වස් විසී ය. මහණෙනි, ඒ මහණහුට පෙරවස ද නො පෙණේ. ගිවිසීමෙහි ද දුකුළාඇවැත් වේ.”
Pali BJT46. “ඉධ පන භික්ඛවෙ, භික්ඛුනා වස්සාවාසො පටිස්සුතො හොති පුරිමිකාය. සො තං ආවාසං ගච්ඡන්තො බහිද්ධා උපොසථං කරොති. පාටිපදෙ{2} විහාරං උපෙති, සෙනාසනං පඤ්ඤාපෙති. පානීයං පරිභොජනීයං උපට්ඨාපෙති. පරිවෙණං සම්මජ්ජති. සො තදහෙව අකරණීයො පක්කමති. තස්ස, භික්ඛවෙ, භික්ඛුනො පුරිමිකා ච න පඤ්ඤායති. පටිස්සවෙ ච ආපත්ති දුක්කටස්ස.”
Sinhala BJT46. “මහණෙනි, මෙහි මහණකු විසින් පෙරවස පිණිස වස් ආරාධනාවක් පිළිගන්නා ලද්දේ වේ. හෙ තෙමේ ඒ ආවාසයට යන්නේ පිටත දී පොහොය කරයි. පෑළවියෙහි වෙහෙරට පැමිණෙයි. සෙනසුන් පණවයි. පැන් හා පරිභෝග කටයුතු දිය එළවා තබයි. පිරිවෙණ හමදියි. හෙ තෙමේ එදවස ම කටයුතු නැත්තේ බැහැර යයි. මහණෙනි, ඒ මහණහුට පෙරවස ද නො පෙණේ. ගිවිසීමෙහි ද දුකුළාඇවැත් වේ.”
Pali BJT47. “ඉධ පන භික්ඛවෙ, භික්ඛුනා වස්සාවාසො පටිස්සුතො හොති පුරිමිකාය. සො තං ආවාසං ගච්ඡන්තො බහිද්ධා උපොසථං කරොති. පාටිපදෙ විහාරං උපෙති. සෙනාසනං පඤ්ඤාපෙති. පානීයං පරිභොජනීයං උපට්ඨාපෙති. පරිවෙණං සම්මජ්ජති. සො තදහෙව සකරණීයො පක්කමති. තස්ස භික්ඛවෙ, භික්ඛුනො පුරිමිකා ච න පඤ්ඤායති. පටිස්සවෙ ච ආපත්ති දුක්කටස්ස.”
Sinhala BJT47. “මහණෙනි, මෙහි මහණකු විසින් පෙරවස පිණිස වස් ආරාධනාවක් පිළිගන්නා ලද්දේ වේ. හෙ තෙමේ ඒ ආවාසයට යන්නේ පිටත දී පොහොය කරයි. පෑළවියෙහි වෙහෙරට පැමිණේ. සෙනසුන් පණවයි. පැන් හා පරිභෝග කටයුතු දිය එළවා තබයි. පිරිවෙණ හමදියි. හෙ තෙමේ එදවස ම කටයුතු සහිත වූයේ බැහැර යයි. මහණෙනි, ඒ මහණහුට පෙරවස ද නො පෙණේ. ගිවිසීමෙහි ද දුකුළාඇවැත් වේ.”
Pali BJT48. “ඉධ පන භික්ඛවෙ, භික්ඛුනා වස්සාවාසො පටිස්සුතො හොති පුරිමිකාය. සො තං ආවාසං ගච්ඡන්තො බහිද්ධා උපොසථං කරොති. පාටිපදෙ විහාරං උපෙති. සෙනාසනං පඤ්ඤාපෙති. පානීයං පරිභොජනීයං උපට්ඨාපෙති. පරිවෙණං සම්මජ්ජති. සො ද්වීහතීහං වසිත්වා අකරණීයො පක්කමති. තස්ස භික්ඛවෙ, භික්ඛුනො පුරිමිකා ච න පඤ්ඤායති. පටිස්සවෙ ච ආපත්ති දුක්කටස්ස.”
Sinhala BJT48. “මහණෙනි, මෙහි මහණකු විසින් පෙරවස පිණිස වස් ආරාධනාවක් පිළිගන්නා ලද්දේ වේ. හෙ තෙමේ ඒ ආවාසයට යන්නේ පිටත දී පොහොය කරයි. පෑළවියෙහි වෙහෙරට පැමිණේ. සෙනසුන් පණවයි. පැන් හා පරිභෝග කටයුතු දිය එළවා තබයි. පිරිවෙණ හමදියි. හෙ තෙමේ දෙතුන් දිනක් වැස කටයුතු රහිත වූයේ බැහැර යයි. මහණෙනි, ඒ මහණහුට පෙරවස ද නො පෙණේ. ගිවිසීමෙහි ද දුකුළාඇවැත් වේ.”
Pali BJT49. “ඉධ පන භික්ඛවෙ, භික්ඛුනා වස්සාවාසො පටිස්සුතො හොති පුරිමිකාය. සො තං ආවාසං ගච්ඡන්තො බහිද්ධා උපොසථං කරොති. පාටිපදෙ විහාරං උපෙති. සෙනාසනං පඤ්ඤාපෙති. පානීයං පරිභොජනීයං උපට්ඨාපෙති. පරිවෙණං සම්මජ්ජති. සො ද්වීහතීහං වසිත්වා සකරණීයො පක්කමති. තස්ස භික්ඛවෙ, භික්ඛුනො පුරිමිකා ච න පඤ්ඤායති. පටිස්සවෙ ච ආපත්ති දුක්කටස්ස.”
Sinhala BJT49. “මහණෙනි, මෙහි මහණකු විසින් පෙරවස පිණිස වස් විසීමෙක් (=වස් විසුමට ආරාධනාවක්) පිළිගන්නා ලද්දේ වේ. හෙ තෙමේ ඒ ආවාසයට යන්නේ පිටත දී පොහොය කරයි. පෑළවියෙහි වෙහෙරට පැමිණෙයි. සෙනසුන් පණවයි. පැන් හා පරිභෝග කටයුතු දිය එළවා තබයි. පිරිවෙණ හමදියි. හෙ තෙමේ දෙතුන් දිනක් වැස කටයුතු සහිත වූයේ බැහැර යයි. මහණෙනි, ඒ මහණහුට පෙරවස ද නො පෙණේ. ගිවිසීමෙහි ද දුකුළාඇවැත් වේ.”
Pali BJT50. “ඉධ පන භික්ඛවෙ, භික්ඛුනා වස්සාවාසො පටිස්සුතො හොති පුරිමිකාය. සො තං ආවාසං ගච්ඡන්තො බහිද්ධා උපොසථං කරොති. පාටිපදෙ විහාරං උපෙති. සෙනාසනං පඤ්ඤාපෙති. පානීයං පරිභොජනීයං උපට්ඨාපෙති. පරිවෙණං සම්මජ්ජති. සො ද්වීහතීහං වසිත්වා සත්තාහකරණීයෙන පක්කමති. සො තං සත්තාහං බහිද්ධා වීතිනාමෙති. තස්ස භික්ඛවෙ, භික්ඛුනො පුරිමිකා ච න පඤ්ඤායති, පටිස්සවෙ ච ආපත්ති දුක්කටස්ස.”
Sinhala BJT50. “මහණෙනි, මෙහි මහණකු විසින් පෙර වස පිණිස වස් විසීමෙක් පිළිගන්නා ලද්දේ වේ. හෙ තෙමේ ඒ ආවාසයට යන්නේ පිටත දී පොහොය කරයි. පෑළවියෙහි වෙහෙරට පැමිණෙයි. සෙනසුන් පණවයි. පැන් හා පිරිබෝදිය එළවා තබයි. පිරිවෙණ හමදියි. හෙ තෙමේ දෙතුන් දිනක් වැස සත්තාහකරණියයෙන් බැහැර යයි. හෙ තෙමේ ඒ සතිය පිටත ඉක්මවයි. මහණෙනි, ඒ මහණහුට පෙර වස ද නො පෙණේ. ගිවිසීමෙහි ද දුකුළාඇවැත් වේ.”
Pali BJT51. “ඉධ පන භික්ඛවෙ, භික්ඛුනා වස්සාවාසො පටිස්සුතො හොති පුරිමිකාය. සො තං ආවාසං ගච්ඡන්තො බහිද්ධා උපොසථං කරොති. පාටිපදෙ විහාරං උපෙති, සෙනාසනං පඤ්ඤාපෙති. පානීයං පරිභොජනීයං උපට්ඨාපෙති. පරිවෙණං සම්මජ්ජති. සො ද්වීහතීහං වසිත්වා සත්තාහකරණීයෙන පක්කමති. සො තං සත්තාහං අන්තො සන්නිවත්තං කරොති. තස්ස භික්ඛවෙ භික්ඛුනො පුරිමිකා ච පඤ්ඤායති. පටිස්සවෙ ච අනාපත්ති.”
Sinhala BJT51. “මහණෙනි, මෙහි මහණකු විසින් පෙරවස පිණිස වස් විසීමෙක් පිළිගන්නා ලද්දේ වේ. හෙ තෙමේ ඒ ආවාසයට යන්නේ පිටත දී පොහොය කරයි. පෑළවියෙහි වෙහෙරට පැමිණෙයි. සෙනසුන් පණවයි. පැන් හා පිරිබෝදිය එළවා තබයි. පිරිවෙණ හමදියි. හෙ තෙමේ දෙතුන් දිනක් වැස සත්තාහකරණියයෙන් බැහැර යයි. හෙ තෙමේ ඒ සතිය ඇතුළත නැවතීම (=පෙරළා ඊම) කෙරෙයි. මහණෙනි, ඒ මහණහුගේ පෙර වස ද පෙණෙයි. ගිවිසීමෙහි ද ඇවැත් නො වේ.”
Pali BJT52. “ඉධ පන භික්ඛවෙ, භික්ඛුනා වස්සාවාසො පටිස්සුතො හොති පුරිමිකාය. සො තං ආවාසං ගච්ඡන්තො බහිද්ධා උපොසථං කරොති. පාටිපදෙ විහාරං උපෙති. සෙනාසනං පඤ්ඤාපෙති. පානීයං පරිභොජනීයං උපට්ඨාපෙති. පරිවෙණං සම්මජ්ජති. සො සත්තාහං අනාගතාය පවාරණාය සකරණීයො පක්කමති. ආගච්ඡෙය්ය වා සො භික්ඛවෙ, භික්ඛු තං ආවාසං, න වා ආගච්ඡෙය්ය, තස්ස භික්ඛවෙ, භික්ඛුනො පුරිමිකා ච පඤ්ඤායති, පටිස්සවෙ ච අනාපත්ති.”
Sinhala BJT52. “මහණෙනි, මෙහි මහණකු විසින් පෙරවස පිණිස වස් විසීමෙක් පිළිගන්නා ලද්දේ වේ. හෙතෙමේ ඒ ආවාසයට යන්නේ පිටත දී පොහොය කරයි. පෑළවියෙහි වෙහෙරට පැමිණෙයි. සෙනසුන් පණවයි. පැන් හා පිරිබෝදිය එළවා තබයි. පිරිවෙණ හමදියි. හෙ තෙමේ පවාරණ දිනය නො පැමිණ සතියක් ඇති කල්හි (=පවාරණ දිනයට සතියක් තිබිය දී) කටයුතු සහිතව බැහැර යයි. මහණෙනි, ඒ මහණ තෙමේ ඒ ආවාසයට පැමිණෙන්නේ හෝ නො පැමිණෙන්නේ හෝ වේවා මහණෙනි, ඒ මහණහුගේ පෙරවස ද පෙණෙයි. “ගිවිසීමෙහි ද ඇවැත් නො වේ.”
Pali BJT53. “ඉධ පන භික්ඛවෙ, භික්ඛුනා වස්සාවාසො පටිස්සුතො හොති පුරිමිකාය. සො තං ආවාසං ගන්ත්වා උපොසථං කරොති. පාටිපදෙ විහාරං උපෙති. සෙනාසනං පඤ්ඤාපෙති. පානීයං පරිභොජනීයං උපට්ඨාපෙති. පරිවෙණං සම්මජ්ජති. සො තදහෙව අකරණීයො පක්කමති. තස්ස භික්ඛවෙ, භික්ඛුනො පුරිමිකා ච න පඤ්ඤායති පටිස්සවෙ ච ආපත්ති දුක්කටස්ස.”
Sinhala BJT53. “මහණෙනි, මෙහි මහණකු විසින් පෙරවස පිණිස වස් විසීමෙක් පිළිගන්නා ලද්දේ වේ. හෙ තෙමේ ඒ ආවාසයට ගොස් පොහොය කරයි. පෑළවියෙහි වෙහෙරට පැමිණෙයි. සෙනසුන් පණවයි. පැන් හා පිරිබෝදිය එළවා තබයි. පිරිවෙණ හමදියි. හෙ තෙමේ එදවස ම කටයුතු නැත්තේ බැහැර යයි. මහණෙනි, ඒ මහණහුගේ පෙරවස ද නො පෙණෙයි. ගිවිසී මෙහි ද දුකුළාඇවැත් වේ.”
Pali BJT54. “ඉධ පන භික්ඛවෙ, භික්ඛුනා වස්සාවාසො පටිස්සුතො හොති පුරිමිකාය සො තං ආවාසං ගන්ත්වා උපොසථං කරොති. පාටිපදෙ විහාරං උපෙති. සෙනාසනං පඤ්ඤාපෙති. පානීයං පරිභොජනීයං උපට්ඨාපෙති. පරිවෙණං සම්මජ්ජති. සො තදහෙව සකරණීයො පක්කමති. -පෙ- සො ද්වීහතීහං වසිත්වා අකරණීයො පක්කමති. -පෙ- සො ද්වීහතීහං වසිත්වා සකරණීයො පක්කමති. -පෙ- සො ද්වීහතීහං වසිත්වා සත්තාහකරණීයෙන පක්කමති. සො තං සත්තාහං බහිද්ධා වීතිනාමෙති තස්ස භික්ඛවෙ, භික්ඛුනො පුරිමිකා ච න පඤ්ඤායති. පටිස්සවෙ ච ආපත්ති දුක්කටස්ස. -පෙ- සො ද්වීහතීහං වසිත්වා සත්තාහකරණීයෙන පක්කමති. සො තං සත්තාහං අන්තො සන්නිවත්තං කරොති. තස්ස භික්ඛවෙ, භික්ඛුනො පුරිමිකා ච පඤ්ඤායති, පටිස්සවෙ ච අනාපත්ති.”
Sinhala BJT54. “මහණෙනි, මෙහි මහණකු විසින් පෙර වස පිණිස වස් විසීමෙක් පිළිගන්නා ලද්දේ වේ. හෙ තෙමේ ඒ ආවාසයට ගොස් පොහොය කරයි. පෑළවියෙහි වෙහෙරට පැමිණෙයි. සෙනසුන් පණවයි. පැන් හා පිරිබෝදිය එළවා තබයි. පිරිවෙණ හමදියි. හෙ තෙමේ එදවස ම කටයුතු සහිත වූයේ බැහැර යයි. –පෙ– හෙ තෙමේ දෙතුන් දිනක් වැස කටයුතු රහිත වූයේ බැහැර යයි –පෙ– හෙ තෙමේ දෙතුන් දිනක් වැස කටයුතු සහිත වූයේ බැහැර යයි. –පෙ– හෙතෙමේ දෙතුන් දිනක් වැස සත්තාහකරණියයෙන් බැහැර යයි. හෙ තෙමේ ඒ සතිය පිටත දී ඉක්මවයි. මහණෙනි, ඒ මහණහුගේ පෙරවස ද නො පෙණෙයි. ගිවිසීමෙහි ද දුකුළාඇවැත් වේ –පෙ– හෙ තෙමේ දෙතුන් දිනක් වැස සත්තාහකරණියයෙන් බැහැර යයි. හෙ තෙමේ ඒ සතිය ඇතුළත නැවතීම (=පෙරළා ඊම) කරයි. මහණෙනි, ඒ මහණහුගේ පෙරවස ද පෙණෙයි. ගිවිසීමෙහි ද ඇවැත් නො වේ.”
Pali BJT55. “ඉධ පන භික්ඛවෙ, භික්ඛුනා වස්සාවාසො පටිස්සුතො හොති පුරිමිකාය. සො තං ආවාසං ගන්ත්වා උපොසථං කරොති. පාටිපදෙ විහාරං උපෙති. සෙනාසනං පඤ්ඤාපෙති. පානීයං පරිභොජනීයං උපට්ඨාපෙති. පරිවෙණං සම්මජ්ජති. සො සත්තාහං අනාගතාය පවාරණාය සකරණීයො පක්කමති. ආගච්ඡෙය්ය වා සො භික්ඛවෙ, භික්ඛු තං ආවාසං, න වා ආගච්ඡෙය්ය, තස්ස භික්ඛවෙ භික්ඛුනො පුරිමිකා ච පඤ්ඤායති. පටිස්සවෙ ච අනාපත්ති.”
Sinhala BJT55. “මහණෙනි, මෙහි මහණකු විසින් පෙරවස පිණිස වස් විසීමෙක් පිළිගන්නා ලද්දේ වේ. හෙ තෙමේ ඒ ආවාසයට ගොස් පොහොය කරයි. පෑළවියෙහි වෙහෙරට පැමිණෙයි. සෙනසුන් පණවයි. පැන් හා පිරිබෝදිය එළවා තබයි. පිරිවෙණ හමදියි. හෙ තෙමේ පවාරණ දිනය නො පැමිණි සතියක් ඇති කල්හි කටයුතු සහිත වූයේ බැහැර යයි. මහණෙනි, ඒ මහණ තෙමේ ඒ ආවාසයට එන්නේ හෝ නො එන්නේ හෝ (වේවා) මහණෙනි, ඒ මහණහුගේ පෙරවස ද පෙණෙයි. ගිවිසීමෙහි ද ඇවැත් නො වේ.”
Pali BJT56. “ඉධ පන භික්ඛවෙ, භික්ඛුනා වස්සාවාසො පටිස්සුතො හොති පච්ඡිමිකාය. සො තං ආවාසං ගච්ඡන්තො බහිද්ධා උපොසථං කරොති. පාටිපදෙ විහාරං උපෙති. සෙනාසනං පඤ්ඤාපෙති. පානීයං පරිභොජනීයං උපට්ඨාපෙති. පරිවෙණං සම්මජ්ජති. සො තදහෙව සකරණීයො පක්කමති. තස්ස භික්ඛවෙ, භික්ඛුනො පච්ඡිමිකා ච න පඤ්ඤායති. පටිස්සවෙ ච ආපත්ති දුක්කටස්ස.”
Sinhala BJT56. “මහණෙනි, මෙහි මහණකු විසින් පසුවස පිණිස වස් විසීමෙක් පිළිගන්නා ලද්දේ වේ. හෙ තෙමේ ඒ ආවාසයට යන්නේ පිටත දී පොහොය කරයි. පෑළවියෙහි වෙහෙරට පැමිණෙයි. සෙනසුන් පණවයි. පැන් හා පිරිබෝදිය එළවා තබයි. පිරිවෙණ හමදියි. හෙ තෙමේ එදවස ම කටයුතු රහිත වූයේ බැහැර යයි. මහණෙනි, ඒ මහණහුගේ පසු වස ද නො පෙණෙයි ගිවිසීමෙහි ද දුකුළාඇවැත් වේ.”
Pali BJT57. “ඉධ පන භික්ඛවෙ, භික්ඛුනා වස්සාවාසො පටිස්සුතො හොති පච්ඡිමිකාය. සො තං ආවාසං ගච්ඡන්තො බහිද්ධා උපොසථං කරොති. පාටිපදෙ විහාරං උපෙති. සෙනාසනං පඤ්ඤාපෙති. පානීයං පරිභොජනීයං උපට්ඨාපෙති. පරිවෙණං සම්මජ්ජති. සො තදහෙව සකරණීයො පක්කමති. තස්ස භික්ඛවෙ, භික්ඛුනො පච්ඡිමිකා ච න පඤ්ඤායති. පටිස්සවෙ ච ආපත්ති දුක්කටස්ස.”
Sinhala BJT57. “මහණෙනි, මෙහි මහණකු විසින් පසු වස පිණිස වස් විසීමෙක් පිළිගන්නා ලද්දේ වේ. හෙ තෙමේ ඒ ආවාසයට යන්නේ පිටත දී පොහොය කරයි. පෑළවියෙහි වෙහෙරට පැමිණෙයි. සෙනසුන් පණවයි. පැන් හා පිරිබෝදිය එළවා තබයි. පිරිවෙණ හමදියි. හෙ තෙමේ එදවස ම කටයුතු සහිත වූයේ බැහැර යයි. මහණෙනි, ඒ මහණහුගේ පසුවස ද නො පෙණෙයි. ගිවිසීමෙහි ද දුකුළාඅඇවැත් වේ.”
Pali BJT58. “ඉධ පන භික්ඛවෙ, භික්ඛුනා වස්සාවාසො පටිස්සුතො හොති පච්ඡිමිකාය. සො තං ආවාසං ගච්ඡන්තො බහිද්ධා උපොසථං කරොති. පාටිපදෙ විහාරං උපෙති. සෙනාසනං පඤ්ඤාපෙති. පානීයං පරිභොජනීයං උපට්ඨාපෙති. පරිවෙණං සම්මජ්ජති. සො ද්වීහතීහං වසිත්වා සකරණීයො පක්කමති. තස්ස භික්ඛවෙ, භික්ඛුනො පච්ඡිමිකා ච න පඤ්ඤායති. පටිස්සවෙ ච ආපත්ති දුක්කටස්ස.”
Sinhala BJT58. “මහණෙනි, මෙහි මහණකු විසින් පසුවස පිණිස වස් විසීමෙක් පිළිගන්නා ලද්දේ වේ. හෙ තෙමේ ඒ ආවාසයට යන්නේ පිටත දී පොහොය කරයි. පෑළවියෙහි වෙහෙරට පැමිණෙයි. සෙනසුන් පණවයි. පැන් හා පිරිබෝදිය එළවා තබයි. පිරිවෙණ හමදියි. හෙ තෙමේ දෙතුන් දිනක් වැස කටයුතු රහිත වූයේ බැහැර යයි. මහණෙනි, ඒ මහණහුගේ පසුවස ද නො පෙණෙයි. ගිවිසීමෙහි ද දුකුළාඇවැත් වේ.”
Pali BJT59. “ඉධ පන භික්ඛවෙ, භික්ඛුනා වස්සාවාසො පටිස්සුතො හොති පච්ඡිමිකාය. සො තං ආවාසං ගච්ඡන්තො බහිද්ධා උපොසථං කරොති. පාටිපදෙ විහාරං උපෙති. සෙනාසනං පඤ්ඤාපෙති. පානීයං පරිභොජනීයං උපට්ඨාපෙති. පරිවෙණං සම්මජ්ජති. සො ද්වීහතීහං වසිත්වා සකරණීයො පක්කමති. තස්ස භික්ඛවෙ, භික්ඛුනො පච්ඡිමිකා ච න පඤ්ඤායති. පටිස්සවෙ ච ආපත්ති දුක්කටස්ස.”
Sinhala BJT59. “මහණෙනි, මෙහි මහණකු විසින් පසුවස පිණිස වස් විසීමෙක් පිළිගන්නා ලද්දේ වේ. හෙ තෙමේ ඒ ආවාසයට යන්නේ පිටත දී පොහොය කරයි. පෑළවියෙහි වෙහෙරට පැමිණෙයි. සෙනසුන් පණවයි. පැන් හා පිරිබෝදිය එළවා තබයි. පිරිවෙණ හමදියි. හෙ තෙමේ දෙතුන් දිනක් වැස කටයුතු සහිත වූයේ බැහැර යයි. මහණෙනි, ඒ මහණහුගේ පසුවස ද නො පෙණෙයි. ගිවිසීමෙහි ද දුකුළාඇවැත් වේ.”
Pali BJT60. “ඉධ පන භික්ඛවෙ, භික්ඛුනා වස්සාවාසො පටිස්සුතො හොති පච්ඡිමිකාය. සො තං ආවාසං ගච්ඡන්තො බහිද්ධා උපොසථං කරොති. පාටිපදෙ විහාරං උපෙති. සෙනාසනං පඤ්ඤාපෙති. පානීයං පරිභොජනීයං උපට්ඨාපෙති. පරිවෙණං සම්මජ්ජති. සො ද්වීහතීහං වසිත්වා සත්තාහකරණීයෙන පක්කමති, සො තං සත්තාහං බහිද්ධා වීතිනාමෙති. තස්ස භික්ඛවෙ, භික්ඛුනො පච්ඡිමිකා ච පඤ්ඤායති. පටිස්සවෙ ච ආපත්ති දුක්කටස්ස.”
Sinhala BJT60. “මහණෙනි, මෙහි මහණකු විසින් පසුවස පිණිස වස් විසීමෙක් පිළිගන්නා ලද්දේ වේ. හෙ තෙමේ ඒ ආවාසයට යන්නේ පිටත දී පොහොය කරයි. පෑළවියෙහි වෙහෙරට පැමිණෙයි. සෙනසුන් පණවයි. පැන් හා පිරිබෝදිය එළවා තබයි. පිරිවෙණ හමදියි. හෙ තෙමේ දෙතුන් දිනක් වැස සත්තාහකරණියයෙන් බැහැර යයි. හෙ තෙමේ ඒ සතිය පිටත දී ඉක්මවයි. මහණෙනි, ඒ මහණහුගේ පසුවස ද නො පෙණෙයි. ගිවිසීමෙහි ද දුකුළා ඇවැත් වේ.”
Pali BJT61. “ඉධ පන භික්ඛවෙ, භික්ඛුනා වස්සාවාසො පටිස්සුතො හොති පච්ඡිමිකාය. සො තං ආවාසං ගච්ඡන්තො බහිද්ධා උපොසථං කරොති. පාටිපදෙ විහාරං උපෙති. සෙනාසනං පඤ්ඤාපෙති. පානීයං පරිභොජනීයං. උපට්ඨාපෙති. පරිවෙණං සම්මජ්ජති. සො ද්වීහතීහං වසිත්වා සත්තාහකරණී යෙන පක්කමති. සො තං සත්තාහං අන්තො සන්නිවත්තං කරොති. තස්ස භික්ඛවෙ, භික්ඛුනො පච්ඡිමිකා ච පඤ්ඤායති, පටිස්සවෙ ච අනාපත්ති.”
Sinhala BJT61. “මහණෙනි, මෙහි මහණකු විසින් පසුවස පිණිස වස් විසීමෙක් (= වස් විසුමට ආරාධනාවක්) පිළිගන්නා ලද්දේ වේ. හෙ තෙමේ ඒ ආවාසයට යන්නේ පිටත දී පොහොය කරයි. පෑළවියෙහි වෙහෙරට පැමිණෙයි. සෙනසුන් පණවයි. පැන් හා පිරිබෝදිය එළවා තබයි. පිරිවෙණ හමදියි. හෙ තෙමේ දෙතුන් දිනක් වැස සත්තාහකරණියයෙන් බැහැර යයි. හෙ තෙමේ ඒ සතිය ඇතුළත නැවතීම (= පෙරළා ඊම) කරයි. මහණෙනි, ඒ මහණහුගේ පසුවස ද පෙණෙයි. ගිවිසීමෙහි ද ඇවැත් නො වේ.”
Pali BJT62. “ඉධ පන භික්ඛවෙ, භික්ඛුනා වස්සාවාසො පටිස්සුතො හොති පච්ඡිමිකාය. සො තං ආවාසං ගච්ඡන්තො බහිද්ධා උපොසථං කරොති. පාටිපදෙ විහාරං උපෙති. සෙනාසනං පඤ්ඤාපෙති. පානීයං පරිභොජනීයං. උපට්ඨාපෙති. පරිවෙණං සම්මජ්ජති. සො සත්තාහං අනාගතාය කොමුදියා චාතුමාසිනියා සකරණීයො පක්කමති. ආගච්ඡෙය්ය වා සො භික්ඛවෙ, භික්ඛු තං ආවාසං, න වා ආගච්ඡෙය්ය, තස්ස භික්ඛවෙ, භික්ඛුනො පච්ඡිමිකා ච පඤ්ඤායති. පටිස්සවෙ ච අනාපත්ති.”
Sinhala BJT62. “මහණෙනි, මෙහි මහණකු විසින් පසුවස පිණිස වස් විසීමෙක් පිළිගන්නා ලද්දේ වේ. හෙ තෙමේ ඒ ආවාසයට යන්නේ පිටත දී පොහොය කරයි. පෑළවියෙහි වෙහෙරට පැමිණෙයි. සෙනසුන් පණවයි. පැන් හා පිරිබෝදිය එළවා තබයි. පිරිවෙණ හමදියි. හෙ තෙමේ වර්‍ෂා මාස සතර අවසන්හි යෙදෙන කුමුදුමල් පිපුම් හෝ සඳරැස් ඇති ඉල් මස පුර පසළොස්වකට සතියක් තිබිය දී කටයුතු සහිත වූයේ බැහැර යයි. මහණෙනි, ඒ මහණ තෙමේ ඒ ආවාසයට එන්නේ හෝ නො එන්නේ හෝ වේවා. මහණෙනි, ඒ මහණහුගේ පසුවස ද පෙණෙයි. ගිවිසීමෙහි ද ඇවැත් නො වේ.”
Pali BJT63. “ඉධ පන භික්ඛවෙ, භික්ඛුනා වස්සාවාසො පටිස්සුතො හොති පච්ඡිමිකාය. සො තං ආවාසං ගන්ත්වා උපොසථං කරොති. පාටිපදෙ විහාරං උපෙති. සෙනාසනං පඤ්ඤාපෙති. පානීයං පරිභොජනීයං උපට්ඨාපෙති. පරිවෙණං සම්මජ්ජති. සො තදහෙව අකරණීයො පක්කමති. තස්ස භික්ඛවෙ, භික්ඛුනො පච්ඡිමිකා ච න පඤ්ඤායති. පටිස්සවෙ ච ආපත්ති දුක්කටස්ස.”
Sinhala BJT63. “මහණෙනි, මෙහි මහණකු විසින් පසු වස පිණිස වස් විසීමෙක් පිළිගන්නා ලද්දේ වේ. හෙ තෙමේ ඒ ආවාසයට ගොස් පොහොය කරයි. පෑළවියෙහි වෙහෙරට පැමිණෙයි සෙනසුන් පණවයි. පැන් හා පිරිබෝ දිය එළවා තබයි. පිරිවෙණ හමදියි. හෙ තෙමේ එදවස ම කටයුතු රහිත වූයේ බැහැර යයි. මහණෙනි, ඒ මහණහුගේ පසුවස ද නො පෙණෙයි. ගිවිසීමෙහි ද දුකුළාඇවැත් වේ.”
Pali BJT64. “ඉධ පන භික්ඛවෙ, භික්ඛුනා වස්සාවාසො පටිස්සුතො හොති පච්ඡිමිකාය. සො තං ආවාසං ගන්ත්වා උපොසථං කරොති. පාටිපදෙ විහාරං උපෙති. සෙනාසනං පඤ්ඤාපෙති. පානීයං පරිභොජනීයං උපට්ඨාපෙති. පරිවෙණං සම්මජ්ජති. සො තදහෙව සකරණීයො පක්කමති. -පෙ- සො ද්වීහතීහං වසිත්වා අකරණීයො පක්කමති. -පෙ- සො ද්වීහතීහං වසිත්වා සකරණීයො පක්කමති. -පෙ- ද්වීහතීහං වසිත්වා සත්තාහකරණීයෙන පක්කමති. සො තං සත්තාහං බහිද්ධා වීතිනාමෙති. තස්ස භික්ඛවෙ, භික්ඛුනො පච්ඡිමිකා ච න පඤ්ඤායති. පටිස්සවෙ ච ආපත්ති දුක්කටස්ස. -පෙ- සො ද්වීහතීහං වසිත්වා සත්තාහකරණීයෙන පක්කමති. සො තං සත්තාහං අන්තො සන්නිවත්තං කරොති. තස්ස භික්ඛවෙ, භික්ඛුනො පච්ඡිමිකා ච පඤ්ඤායති. පටිස්සවෙ ච අනාපත්ති.”
Sinhala BJT64. “මහණෙනි, මෙහි මහණකු විසින් පසුවස පිණිස වස් විසීමෙක් පිළිගන්නා ලද්දේ වේ. හෙ තෙමේ ඒ ආවාසයට ගොස් පොහොය කරයි. පෑළවියෙහි වෙහෙරට පැමිණෙයි. සෙනසුන් පණවයි. පැන් හා පිරිබෝදිය එළවා තබයි. පිරිවෙණ හමදියි. හෙ තෙමේ එදවස ම කටයුතු සහිත වූයේ බැහැර යයි –පෙ– හෙ තෙමේ දෙතුන් දිනක් වැස කටයුතු රහිත වූයේ බැහැර යයි. –පෙ– හෙ තෙමේ දෙතුන් දිනක් වැස කටයුතු සහිත වූයේ බැහැර යයි. –පෙ– හෙ තෙමේ දෙතුන් දිනක් වැස සත්තාහකරණියයෙන් බැහැර යයි. හෙ තෙමේ ඒ සතිය පිටත දී ඉක්මවයි. මහණෙනි, ඒ මහණහුගේ පසුවස ද නො පෙණෙයි. ගිවිසීමෙහි ද දුකුළාඇවැත් වේ –පෙ– හෙ තෙමේ දෙතුන් දිනක් වැස සත්තාහකරණියයෙන් බැහැර යයි. හෙ තෙමේ ඒ සතිය ඇතුළත නැවතීම (= පෙරළා ඊම) කරයි. මහණෙනි, ඒ මහණහුට පසුවස ද පෙණෙයි. ගිවිසීමෙහි ද ඇවැත් නො වේ.”
Pali BJT65. “ඉධ පන භික්ඛවෙ, භික්ඛුනා වස්සාවාසො පටිස්සුතො හොති පච්ඡිමිකාය. සො තං ආවාසං ගන්ත්වා උපොසථං කරොති. පාටිපදෙ විහාරං උපෙති. සෙනාසනං පඤ්ඤාපෙති. පානීයං පරිභොජනීයං උපට්ඨාපෙති. පරිවෙණං සම්මජ්ජති. සො සත්තාහං අනාගතාය කොමුදියා චාතුමාසිනියා සකරණීයො පක්කමති. ආගච්ඡෙය්ය වා සො භික්ඛවෙ, භික්ඛු තං ආවාසං, න වා ආගච්ඡෙය්ය, තස්ස භික්ඛවෙ, භික්ඛුනො පච්ඡිමිකා ච පඤ්ඤායති. පටිස්සවෙ ච අනාපත්ති.”
Sinhala BJT65. “මහණෙනි, මෙහි මහණකු විසින් පසුවස පිණිස වස් විසීමෙක් පිළිගන්නා ලද්දේ වේ. හෙ තෙමේ ඒ ආවාසයට ගොස් පොහොය කරයි. පෑළවියෙහි වෙහෙරට පැමිණෙයි. සෙනසුන් පණවයි. පැන් හා පිරිබෝ දිය එළවා තබයි. පිරිවෙණ හමදියි. හෙ තෙමේ චාතුමාසිනී කොමුදී නම් ඉල් පුර පසළොස්වකට සතියක් තිබිය දී කටයුතු සහිත වූයේ බැහැර යයි. මහණෙනි, ඒ මහණ තෙමේ ඒ ආවාසයට එන්නේ හෝ නො එන්නේ හෝ (වේවා) මහණෙනි, ඒ මහණහුගේ පසුවස ද පෙණෙයි. ගිවිසීමෙහි ද ඇවැත් නො වේ.”
Pali BJTවස්සූපනායිකක්ඛන්ධකො නිට්ඨිතො තතියො{1}.
Sinhala BJTතෙවෙනි වස්සූපනායිකක්ඛන්‍ධකය නිමි.
Pali BJTතස්ස උද්දානං:
Sinhala BJTඑහි උද්දානය (වස්තු නාමමාලාව) මෙසේ ය:
Pali BJT1. උපගන්තුං{1} කදා චෙව කති අන්තර{2} වස්ස ච, න ඉච්ඡන්ති ච සඤ්චිච්ච උක්කඩ්ඪිතුං උපාසකො.
Sinhala BJT1. වස් එළඹෙන්නට අනුදැනීම, කවර ඍතුවක දැ යි පිළිවිසීම, කෙතෙක් දැ යි පිළිවිසීම, වස් වැස චාරිකාවෙහි හැසිරීම, වස් විසීමට නො කැමැති වීම, දැන දැන ආරාමය ඉක්මවීම, වස්සුක්කඩ්ඪනය, උදේන උපාසක.
Pali BJT2. ගිලානො මාතා ච පිතා ච{3} භාතා ච අථ ඤාතකො, භික්ඛුභතිකො විහාරො වාළා චාපි සිරිංසපා.
Sinhala BJT2. ගිලන් වීම, මවු ගිලන් වීම, පියා ගිලන් වීම, සොහොයුරකු ගිලන් වීම, නෑයකු ගිලන් වීම, මෙහෙකරු ගිලන් වීම, විහාරය, චණ්ඩ වල් සිවුපාවුන්ගේ අන්තරාය, සර්‍පයන්ගේ අන්තරාය,
Pali BJT3. චොරො චෙව පිසාචා ච දඩ්ඪා තදුභයෙන ච, වූළ්හොදකෙන වුට්ඨාසි බහුතරා ච දායකා.
Sinhala BJT3. සොරුන්ගේ අන්තරාය, පිශාචයන්ගේ අන්තරාය, ගම ගින්නෙන් දෑම, සෙනසුන ගින්නෙන් දෑම, ගම හා සෙනසුන දියෙන් යට වීම හෝ අන්තරායට පත් වීම, ගම හැර යෑම, වැඩි ගම්වැස්සන් වෙතට යෑම, දෙන්නන් කරා යෑම.
Pali BJT4. ලූඛප්පණීතසප්පායභෙසජ්ජුපට්ඨකෙන ච ඉත්ථි වෙසී කුමාරී ච පණ්ඩකො ඤාතකෙන ච.
Sinhala BJT4. රළු හෝ මිහිරි ආහාර නො ලැබීම, හිත බොජුන් නො ලැබීම, හිත බෙහෙත් නො ලැබීම, උපස්ථායකයකු නො ලැබීම, ස්ත්‍රිය, වෙසඟන, තරුණ කුමරිය, පණ්ඩක, නෑ යන මොවුන්ගෙන් වන අන්තරාය.
Pali BJT5. රාජා චොරා{4} ධුත්තා නිධි{5} භෙදා අට්ඨවිධෙන ච{6}, වජො සත්ථො ච{7} නාවා ච සුසිරෙ විටභාය ච{8}.
Sinhala BJT5. රජ, සොර, ධූර්‍ත යන මොවුන්ගෙන් වන අන්තරාය, නිධානය, සඞ්ඝභේදය, ගාල, ගැල, නැව, රුක්සිදුර, රුක්වෙළෙප.
Pali BJT6. අජ්ඣොකාසෙ{9} වස්සාවාසො අසෙනාසනිකෙන ච, ඡවකුටිකා ඡත්තෙ ච චාටියා ච උපෙන්ති තෙ.
Sinhala BJT6. එළිමහනෙහි වස් විසීම, සෙනසුන් නැත්තහු වස් විසීම, සොහොන් කිළියෙහි, ඡත්‍රයෙහි, සැළියෙහි ඒ භික්‍ෂූහු වස් එළඹෙත් යන්න ද
Pali BJT7. කතිකා පටිසුණිත්වා බහිද්ධා ච උපොසථා{10}, පුරිමිකා පච්ඡිමිකා යථා ඤායෙන යොජයෙ.
Sinhala BJT7. කතිකාව, වස් ගිවිස බැහැර වස් විසීම, යන මොහු වෙත්. අන් තැනක පොහොය කොට වස් වසන තැනට පැමිණීම, පෙරවස පසුවස වශයෙන් සුදුසු පරිදි යොදන්නේ ය.
Pali BJT8. අකරණීයො{11} පක්කමති සකරණීයො{12} තථෙව චෙ, ද්වීහතීහං{13} වසිත්වාන සත්තාහකරණෙන ච{14} .
Sinhala BJT8. සත්තාහකරණියයෙන් නිකරුණේ බැහැර යයි. එසේ ම කරුණු සහිත ව බැහැර යයි. දෙතුන් දිනක් වැස සත්තාහකරණියයෙන් බැහැර යයි.
Pali BJT9. සත්තාහනාගතා චෙව ආගච්ඡෙය්ය න එය්ය වා, වත්ථුද්දානෙ අන්තරිකා තන්තිමග්ගං නිසාමයෙති
Sinhala BJT9. පවාරණයට සත්දිනක් තිබිය දී ගොස් පෙරළා පැමිණෙන්නේ හෝ නො පැමිණෙන්නේ හෝ වසට අන්තරාය නැති බව – යන මොහු උද්දානයෙහි ඇතුළත් වස්තූහු වෙත්. පෙළමග නුවණින් පරීක්‍ෂා කරන්නේ ය.
Pali BJTඉමම්හි ඛන්ධකෙ වත්ථූ{15} ද්වෙ පණ්ණාස{16}.
Sinhala BJTමේ ඛන්‍ධකයෙහි වස්තූහු දෙපණසෙකි.
Pali BJT4.
Sinhala BJT4.
Pali BJTපවාරණක්ඛන්ධකං.
Sinhala BJTපවාරණක්ඛන්‍ධකය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන සම්බහුලා සන්දිට්ඨා සම්භත්තා භික්ඛූ කොසලෙසු ජනපදෙසු අඤ්ඤතරස්මිං ආවාසෙ වස්සං උපගච්ඡිංසු.
Sinhala BJT1. එකල්හි භාග්‍යවත් වූ බුදුරජානන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන උයන්හි අනේපිඬුසිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි දුටුමිතුරු වූ දැඩිමිතුරු වූ බොහෝ භික්‍ෂූහු කොසොල් දනව්වෙහි එක්තරා ආවාසයෙක වස් එළඹියහ.
Pali BJT2. අථ ඛො තෙසං භික්ඛූනං එතදහොසි: “කෙන නු ඛො මයං උපායෙන සමග්ගා සම්මොදමානා අවිවදමානා ඵාසුකං වස්සං වසෙය්යාම? න ච පිණ්ඩකෙන කිලමෙය්යාමා?” ති.
Sinhala BJT2. එකල්හි ඒ භික්‍ෂූන්ට “අපි කිනම් උපායයකින් සමගි ව සතුටු වෙමින් විවාද නො කරමින් පහසුවෙන් වස් වසන්නෙමු ද? ආහාර ලැබීමෙන් ක්ලාන්ත නො වන්නෙමු දැ?” යි මෙබඳු සිතෙක් උපන.
Pali BJT3. අථ ඛො තෙසං භික්ඛූනං එතදහොසි: “සචෙ ඛො මයං අඤ්ඤමඤ්ඤං නෙව ආලපෙය්යාම, න සල්ලපෙය්යාම, යො පඨමං ගාමතො පිණ්ඩාය පටික්කමෙය්ය සො ආසනං පඤ්ඤාපෙය්ය, පාදොදකං පාදපීඨං පාදකඨලිකං උපනික්ඛිපෙය්ය, අවක්කාරපාතිං ධොවිත්වා උපට්ඨාපෙය්ය, පානීයං පරිභොජනීයං උපට්ඨාපෙය්ය. යො පච්ඡා ගාමතො පිණ්ඩාය පටික්කමෙය්ය, සචස්ස භුත්තාවසෙසො, සචෙ ආකඞ්ඛෙය්ය භුඤ්ජෙය්ය, නො චෙ ආකඞ්ඛෙය්ය අප්පහරිතෙ වා ඡඩ්ඩෙය්ය, අප්පාණකෙ වා උදකෙ ඔපිලාපෙය්ය, සො ආසනං උද්ධරෙය්ය, පාදොදකං පාදපීඨං පාදකඨලිකං පටිසාමෙය්ය, අවක්කාරපාතිං ධොවිත්වා පටිසාමෙය්ය, පානීයං පරිභොජනීයං පටිසාමෙය්ය, භත්තග්ගං සම්මජ්ජෙය්ය, යො පස්සෙය්ය පානීයඝටං වා පරිභොජනීයඝටං වා වච්චඝටං වා රිත්තං තුච්ඡං සො උපට්ඨාපෙය්ය, සචස්ස හොති අවිසය්හං, හත්ථවිකාරෙන දුතියං ආමන්තෙත්වා හත්ථවිලඞ්ඝකෙන උපට්ඨාපෙය්ය, නත්වෙව තප්පච්චයා වාචං භින්දෙය්ය. එවං ඛො මයං සමග්ගා සම්මොදමානා අවිවදමානා ඵාසුකං වස්සං වසෙය්යාම. න ච පිණ්ඩකෙන කිලමෙය්යාමා”ති.
Sinhala BJT3. නැවැත ඒ භික්‍ෂූන්ට “ඉදින් අපි උනුන් කතා නො කරන්නෙමු නම්, වදන් පිළිවදන් වසයෙන් කතා නො කරන්නෙමු නම්, යමෙක් පළමු කොට ගමෙහි පිඬු පිණිස හැසිර පෙරළා එන්නේ ද, හෙ තෙමේ අසුන් පණවන්නේ නම්, පා දෝනා දිය පාපුටුව නො සේදු පා තබන පුවරුව එළවා තබන්නේ නම්, ඉඳුල් ලන බඳුන සෝදා එළවන්නේ නම්, පැන් පිරිබෝදිය එළවන්නේ නම්, යමෙක් පසු ව ගමෙහි පිඬු පිණිස හැසිර පෙරළා පැමිණෙන්නේ ද, වළඳා ඉතිරි වූ ආහාරයෙක් වන්නේ ද, (එය) කැමැත්තේත් වන්නේ ද, එය වළඳන්නේ නම්, නො කැමැත්තේ නම්, නිල් තණ නැති තැනෙක දමන්නේ නම්, සතුන් නැති දියෙහි හෝ පා කොට හරින්නෙන් නම්, අසුන් ඔසොවා තබන්නේ නම්, පා දෝනා දිය පාපුටුව පා තබන පුවරුව තැන් පත් කරන්නේ නම්, ඉඳුල් ලන බඳුන සෝදා තැන් පත් කරන්නේ නම්, පැන් (කළය) පිරිබෝදිය (සැළ) තැන් පත් කරන්නේ නම්, බොජුන්හල හමදින්නේ නම්, යමෙක් සිස් වූ පැන්කළය හෝ පිරිබෝදියසැළ හෝ වැසිකිළිදිය කළය හෝ දක්නේ ද, හෙ තෙමේ එළවා තබන්නේ නම්, ඉදින් ඔහුට (එය) ඔසොවනු නො හැකි වේ නම්, අත වැනීමෙන් දෙවැන්නකු අමතා අත්විලඟින් (දෙදෙනකු බැඳගත් අත් වලින්) එළවා තබන්නේ නම්, ඒ හේතුවෙන් කතා නො කරන්නේ නම්, අපි මෙසේ සමගි ව සතුටුවෙමින් විවාද නො කරමින් පහසුවෙන් වස් වසන්නෙමු. ආහාරයෙන් ක්ලාන්ත නො වන්නෙමු” යි මෙබඳු සිතෙක් විය.
Pali BJT4. අථ ඛො තෙ භික්ඛූ අඤ්ඤමඤ්ඤං නෙව ආලපිංසු. න සල්ලපිංසු. යො පඨමං ගාමතො පිණ්ඩාය පටික්කමති, සො ආසනං පඤ්ඤාපෙති. පාදොදකං පාදපීඨං පාදකඨලිකං උපනික්ඛිපති. අවක්කාරපාතිං ධොවිත්වා උපට්ඨාපෙති. පානීයං පරිභොජනීයං උපට්ඨාපෙති. යො පච්ඡා ගාමතො පිණ්ඩාය පටික්කමති, සචෙ හොති භුත්තාවසෙසො, සචෙ ආකඞ්ඛති, භුඤ්ජති. නො චෙ ආකඞ්ඛති, අප්පහරිතෙ වා ඡඩ්ඩෙති. අප්පාණකෙ වා උදකෙ ඔපිලාපෙති. සො ආසනං උද්ධරති. පාදොදකං පාදපීඨං පාදකඨලිකං පටිසාමෙති. අවක්කාරපාතිං ධොවිත්වා පටිසාමෙති. පානීයං පරිභොජනීයං පටිසාමෙති. භත්තග්ගං සම්මජ්ජති. යො පස්සති පානීයඝටං වා පරිභොජනීයඝටං වා වච්චඝටං වා රිත්තං තුච්ඡං, සො උපට්ඨාපෙති. සචස්ස හොති අවිසය්හං, හත්ථවිකාරෙන දුතියං ආමන්තෙත්වා හත්ථවිලඞ්ඝකෙන උපට්ඨාපෙති. න ත්වෙව තප්පච්චයා වාචං භින්දති.
Sinhala BJT4. ඉක්බිති ඒ භික්‍ෂූහු උනුන් නො ම කතා කළහ. වදන් පිළිවදන් වශයෙන් නො ම කතා කළහ. යමෙක් පළමු ව ගමෙහි පිඬු පිණිස හැසිර හැරී ඒ ද, හෙ තෙමේ අසුන් පණවයි. පා දෝනා දිය පාපුටුව පාපුවරුව එළවා තබයි. ඉඳුල් ලන බඳුන සෝදා එළවයි. පැන් පිරිබෝදිය එළවයි. යමෙක් පසු ව ගමෙහි පිඬු පිණිස හැසිර පෙරළා ඒ ද, වළඳා ඉතිරි වූ ආහාරයෙක් වන්නේ ද කැමැත්තේ නම්, එය වළඳයි. නො කැමැත්තේ නම්, නිල් තණ නැති තැනෙක හෝ දමයි. සතුන් නැති දියෙහි හෝ පා කොට හරියි. හෙ තෙමේ අසුන් ඔසොවා තබයි. පා දෝනා දිය පාපුටුව පාපුවරුව තැන්පත් කරයි. ඉඳුල් ලන බඳුන සෝදා තැන්පත් කරයි. පැන් (කළය) පිරිබෝදිය (සැළ) තැන් පත් කරයි. බොජුන්හල හමදියි. යමෙක් සිස් වූ පැන්කළය හෝ පිරිබෝදියකළය හෝ වැසිකිළිදියකළය හෝ දක්නේ ද, හෙ තෙමේ එය එළවයි. ඉදින් ඔහුට (එය) නො හැක්කේ නම් හස්තසංඥාවෙන් දෙවැන්නකු අමතා අත්විලඟින් එළවයි. ඒ හේතුවෙන් කතා නො කරන්නේම ය.
Pali BJT5. ආචිණ්ණං ඛො පනෙතං වස්සං වුත්ථානං භික්ඛූනං භගවන්තං දස්සනාය උපසඞ්කමිතුං. අථ ඛො තෙ භික්ඛූ වස්සං වුත්ථා තෙමාසච්චයෙන සෙනාසනං සංසාමෙත්වා පත්තචීවරමාදාය යෙන සාවත්ථි, තෙන පක්කමිංසු. අනුපුබ්බෙන යෙන සාවත්ථි, ජෙතවනං, අනාථපිණ්ඩිකස්ස ආරාමො, යෙන භගවා, තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු.
Sinhala BJT5. භාග්‍යවතුන් වහන්සේ දැකීමට එළැඹීම ය යන මෙය වස් වැස නිම කළ භික්‍ෂූන්ගේ පුරුද්දෙක් ම වේ. එකල්හි වස් වැස නිම කළ ඒ භික්‍ෂූහු තෙමස ඇවෑමෙන් සෙනසුන් තැන් පත් කොට පාසිවුරු ගෙණ සැවැත්නුවරට ගියහ. පිළිවෙළින් ගොස් සැවැත් නුවර ජේතවනයෙහි වූ අනාථපිණ්ඩික සිටුගේ ආරාමයට එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වෙත ගියහ. ගොස් භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්හ.
Pali BJT6. ආචිණ්ණං ඛො පනෙතං බුද්ධානං භගවන්තානං ආගන්තුකෙහි භික්ඛූහි සද්ධිං පටිසම්මොදිතුං. අථ ඛො භගවා තෙ භික්ඛූ එතදවොච: “කච්චි භික්ඛවෙ, ඛමනීයං? කච්චි යාපනීයං? කච්චි සමග්ගා සම්මොදමානා අවිවදමානා ඵාසුකං වස්සං වසිත්ථ? න ච පිණ්ඩකෙන කිලමිත්ථා?”ති.
Sinhala BJT6. ආගන්තුක භික්‍ෂූන් හා පිළිසඳර කතා කිරීම යන මෙය භාග්‍යවත් වූ බුදුවරුන්ගේ පුරුද්දෙක් ම ය. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, කිම? (සැපපහසුකම්) ඉවසිය හැකි ද? කිම යැපිය හැකි ද? කිම සමගි වූවෝ සතුටු වෙමින් විවාද නො කරමින් පහසුවෙන් වස් විසූවහු ද? ආහාරයෙන් පීඩා නො ලැබූහු දැ?” යි යන මෙය ඒ භික්‍ෂූන්ගෙන් අසා වදාළසේක.
Pali BJT7. “ඛමනීයං භගවා. යාපනීයං භගවා. සමග්ගා ච මයං භන්තෙ, සම්මොදමානා අවිවදමානා ඵාසුකං වස්සං වසිම්හ. න ච පිණ්ඩකෙන කිලමිම්හා”ති.
Sinhala BJT7. “භාග්‍යවතුන් වහන්ස, ඉවසිය හැකි ය. භාග්‍යවතුන් වහන්ස, යැපිය හැකි ය. ස්වාමීනි, අපි සමගි ව සතුටු සිත් ඇති ව විවාද නො කරමින් පහසුවෙන් වස් විසූමු. ආහාරයෙන් ද ක්ලාන්ත නො වීමු” යි (භික්‍ෂූහු සැළකළහ).
Pali BJT8. ජානන්තාපි තථාගතා පුච්ඡන්ති. ජානන්තාපි න පුච්ඡන්ති. කාලං විදිත්වා පුච්ඡන්ති. කාලං විදිත්වා න පුච්ඡන්ති. අත්ථසංහිතං තථාගතා පුච්ඡන්ති නො අනත්ථසංහිතං. අනත්ථසංහිතෙ සෙතුඝාතො තථාගතානං.
Sinhala BJT8. තථාගතවරු දන්නෝ ද විචාරත්. දන්නෝ ද නො විචාරත්. කාලය දැන විචාරත්, කාලය දැන නො විචාරත්. තථාගතවරු අර්‍ත්‍ථයෙන් යුක්ත වූවක් විචාරත්. අනර්‍ත්‍ථයෙන් යුක්ත වූවක් නො විචාරත්. අනර්‍ත්‍ථයෙන් යුක්ත වචනයෙහි තථාගතයන් වහන්සේලාගේ මාර්‍ගඥානයෙන් ම හේතු නැසීම වේ.
Pali BJT9. ද්වීහාකාරෙහි බුද්ධා භගවන්තො භික්ඛූ පටිපුච්ඡන්ති, “ධම්මං වා දෙසෙස්සාම. සාවකානං වා සික්ඛාපදං පඤ්ඤාපෙස්සාමා”ති.
Sinhala BJT9. භාග්‍යවත් බුදුවරයෙක් “ධර්‍මය හෝ දෙසන්නෙමු. ශ්‍රාවකයන්ට ශික්‍ෂාපද හෝ පණවන්නෙමු” යි දෙ අයුරකින් භික්‍ෂූන් විචාරත්.
Pali BJT10. අථ ඛො භගවා තෙ භික්ඛූ එතදවොච: “යථා කථම්පන තුම්හෙ භික්ඛවෙ, සමග්ගා සම්මොදමානා අවිවදමානා ඵාසුකං වස්සං වසිත්ථ? න ච පිණ්ඩකෙන කිලමිත්ථා?”ති.
Sinhala BJT10. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, තෙපි කෙසේ නම් සමගි ව සතුටු සිත් ඇති ව විවාද නො කරමින් පහසුවෙන් වස් විසූවහු ද? ආහාරයෙන් ක්ලාන්ත නො වූහු දැ?” යි යන මෙය ඒ භික්‍ෂූන්ගෙන් විචාළසේක.
Pali BJT11. “ඉධ මයං භන්තෙ, සම්බහුලා සන්දිට්ඨා සම්භත්තා භික්ඛූ කොසලෙසු ජනපදෙසු අඤ්ඤතරස්මිං ආවාසෙ වස්සං උපගච්ඡිම්හා. තෙසං නො භන්තෙ, අම්හාකං එතදහොසි: “කෙන නු ඛො මයං උපායෙන සමග්ගා සම්මොදමානා අවිවදමානා ඵාසුකං වස්සං වසෙය්යාම? න ච පිණ්ඩකෙන කිලමෙය්යාමා?”ති.
Sinhala BJT11. “ස්වාමීනි, අපි මෙහි මිතුරු වූ දැඩිමිතුරු වූ බොහෝ භික්‍ෂූහු කොසොල් දනව්වෙහි එක්තරා ආවාසයෙක වස් එළැඹියෙමු. “ස්වාමීනි, ඒ අපට ‘අපි කිනම් උපායයකින් සමගි ව සතුටු සිත් ඇති ව විවාද නො කරමින් පහසුවෙන් වස් වසන්නෙමු ද? ආහාරයෙන් ද ක්ලාන්ත නො වෙමු දැ?’ යි මේ සිතෙක් උපන.
Pali BJT12. “තෙසං නො භන්තෙ, අම්හාකං එතදහොසි: “සචෙ ඛො මයං අඤ්ඤමඤ්ඤං නෙව ආලපෙය්යාම, න සල්ලපෙය්යාම, යො පඨමං ගාමතො පිණ්ඩාය පටික්කමෙය්ය සො ආසනං පඤ්ඤාපෙය්ය, පාදොදකං පාදපීඨං පාදකඨලිකං උපනික්ඛිපෙය්ය, අවක්කාරපාතිං ධොවිත්වා උපට්ඨාපෙය්ය, පානීයං පරිභොජනීයං උපට්ඨාපෙය්ය, යො පච්ඡා ගාමතො පිණ්ඩාය පටික්කමෙය්ය, සචස්ස භුත්තාවසෙසො, සචෙ ආකඞ්ඛෙය්ය, භුඤ්ජෙය්ය, නො චෙ ආකඞ්ඛෙය්ය, අප්පහරිතෙ වා ඡඩ්ඩෙය්ය, අප්පාණකෙ වා උදකෙ ඔපිලාපෙය්ය, සො ආසනං උද්ධරෙය්ය, පාදොදකං පාදපීඨං පාදකඨලිකං පටිසාමෙය්ය , අවක්කාරපාතිං ධොවිත්වා පටිසාමෙය්ය, පානීයං පරිභොජනීයං පටිසාමෙය්ය, භත්තග්ගං සම්මජ්ජෙය්ය, යො පස්සෙය්ය, පානීයඝටං වා පරිභොජනීයඝටං වා වච්චඝටං වා රිත්තං තුච්ඡං, සො උපට්ඨාපෙය්ය, සචස්ස හොති අවිසය්හං, හත්ථවිකාරෙන දුතියං ආමන්තෙත්වා හත්ථවිලඞ්ඝකෙන උපට්ඨාපෙය්ය, න ත්වෙව තප්පච්චයා වාචං භින්දෙය්ය, එවං ඛො මයං සමග්ගා සම්මොදමානා අවිවදමානා ඵාසුකං වස්සං වසෙය්යාම. න ච පිණ්ඩකෙන කිලමෙය්යාමා’ති.
Sinhala BJT12. “ස්වාමීනි, ඒ අපට “අපි කතා නො කරන්නෙමු නම්, වදන් පිළිවදන් වසයෙන් කතා නො කරන්නෙමු නම්, යමෙක් ගමෙහි පිඬු පිණිස හැසිර පළමුකොට පෙරළා එන්නේ ද හෙ තෙමේ අසුන් පණවන්නේ නම්, පා දෝනා දිය පාපුටුව නො සේදූ පා තබන පුවරුව එළවන්නේ නම්, ඉඳුල් ලන බඳුන සෝදා එළවන්නේ නම්, පැන් පිරිබෝදිය එළවන්නේ නම්, යමෙක් ගමෙහි පිඬු පිණිස හැසිර පසු ව පෙරළා එන්නේ ද, වළඳා ඉතිරි වූ ආහාරයෙක් වන්නේ ද, කැමැත්තේ ත් වන්නේ ද, එය වළඳන්නේ නම්, නො කැමැත්තේ නම්, නිල් තණ නැති තැනෙක දමන්නේ නම්, සතුන් නැති දියෙහි හෝ පා කොට හරින්නේ නම්, හෙ තෙමේ අසුන් ඔසොවා තබන්නේ නම්, පා දෝනා දිය පාපුටුව නො සේදූ පා තබන පුවරුව තැන්පත් කරන්නේ නම්, ඉඳුල් ලන බඳුන සෝදා තැන් පත් කරන්නේ නම් පැන් (කළය) පිරිබෝදිය (සැළ) තැන් පත් කරන්නේ නම්, බොජුන්හල හමදින්නේ නම්, යමෙක් සිස් වූ පැන්කළය හෝ පිරිබෝදියකළය හෝ වැසිකිළිදියකළය හෝ දක්නේ ද, හෙ තෙමේ එය එළවන්නේ නම්, ඔහුට නො හැක්කේ නම්, හස්තසංඥාවෙන් දෙවැන්නකු අමතා අත්විලඟුවෙන් එළවන්නේ නම්, ඒ හේතුවෙන් කතා නො කරන්නේ නම්, මෙසේ අපි සමගි ව සතුටු සිත් ඇති ව විවාද නො කරමින් පහසුවෙන් වස් වසන්නෙමු. ආහාරයෙන් ක්ලාන්ත නො වන්නෙමු’ යි. මේ සිත් උපන.”
Pali BJT13. “අථ ඛො මයං භන්තෙ, අඤ්ඤමඤ්ඤං නෙව ආලපිම්හා. න සල්ලපිම්හා. යො පඨමං ගාමතො පිණ්ඩාය පටික්කමති, සො ආසනං පඤ්ඤාපෙති. පාදොදකං පාදපීඨං පාදකඨලිකං උපනික්ඛිපති. අවක්කාරපාතිං ධොවිත්වා උපට්ඨාපෙති. පානීයං පරිභොජනීයං උපට්ඨාපෙති. යො පච්ඡා ගාමතො පිණ්ඩාය පටික්කමති, සචෙ හොති භුත්තාවසෙසො, සචෙ ආකඞ්ඛති, භුඤ්ජති. නො චෙ ආකඞ්ඛති, අප්පහරිතෙ වා ඡඩ්ඩෙති. අප්පාණකෙ වා උදකෙ ඔපිලාපෙති. සො ආසනං උද්ධරති. පාදොදකං පාදපීඨං පාදකඨලිකං පටිසාමෙති. අවක්කාරපාතිං ධොවිත්වා පටිසාමෙති. පානීයං පරිභොජනීයං පටිසාමෙති. භත්තග්ගං සම්මජ්ජති. යො පස්සති පානීයඝටං වා පරිභොජනීයඝටං වා වච්චඝටං වා රිත්තං තුච්ඡං සො උපට්ඨාපෙති. සචස්ස හොති අවිසය්හං, හත්ථවිකාරෙන දුතියං ආමන්තෙත්වා හත්ථවිලඞ්ඝකෙන උපට්ඨාපෙති, න ත්වෙව තප්පච්චයා වාචං භින්දති. එවං ඛො මයං භන්තෙ, සමග්ගා සම්මොදමානා අවිවදමානා ඵාසුකං වස්සං වසිම්හා. න ච පිණ්ඩකෙන කිලමිම්හා”ති.
Sinhala BJT13. “ඉක්බිති ස්වාමීනි, අපි උනුන් කතා නො කෙළෙමු. වදන් පිළිවදන් වසයෙන් කතා නො කෙළෙමු. යමෙක් ගමෙහි පිඬු පිණිස හැසිර පළමු කොට පෙරළා ඒ ද, හෙ තෙමේ අසුන් පණවයි. පා දෝනා දිය පාපුටුව පා පුවරුව එළවයි. ඉඳුල් ලන බඳුන සෝදා එළවයි. පැන් පිරිබෝදිය එළවයි. යමෙක් ගමෙහි පිඬු පිණිස හැසිර පසු ව පෙරළා ඒ නම්, වළඳා ඉතිරි වූ ආහාරයෙක් වේ ද, කැමැත්තේ නම්, එය වළඳයි නො කැමැත්තේ නම්, නිල් තණ නැති තැනෙක හෝ දමයි. සතුන් නැති දියෙහි හෝ පා කොට හරියි. හෙ තෙමේ අසුන් ඔසොවා තබයි. පාදෝනා දිය පාපුටුව පාපුවරුව තැන් පත් කරයි. ඉඳුල් ලන බඳුන සෝදා තැන් පත් කරයි. පැන් (කළය) පරිභෝග කට යුතු දිය (සැළ) තැන්පත් කරයි. බොජුන්හල හමදියි. යමෙක් සිස් වූ පැන් කළය හෝ පිරිබෝදියකළය හෝ වැසිකිළිදියකළය දක්නේද ද හෙ තෙමේ (එය) එළවයි. ඔහුට නො හැක්කේ නම්, හස්තසංඥාවෙන් දෙවැන්නකු අමතා අත්විලඟුවෙන් එළවයි. ඒ හේතුවෙන් කතා නො කරන්නේ ය. ස්වාමීනි, මෙසේ අපි සමගි ව සතුටු සිත් ඇති ව විවාද නො කරමින් පහසුවෙන් වස් විසීමු. ආහාරයෙන් ද ක්ලාන්ත නො වීමු” යි (සැළකළහ).
Pali BJT14. අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: “අඵාසුඤ්ඤෙව{1} කිර’මෙ{2} භික්ඛවෙ, මොඝපුරිසා වුත්ථා{3} සමානා ඵාසුකම්හ{4} වුත්ථාති පටිජානන්ති. පසුසංවාසඤ්ඤෙව කිර’මෙ භික්ඛවෙ, මොඝපුරිසා වුත්ථා සමානා ඵාසුකම්හ වුත්ථා’ති පටිජානන්ති. එළකසංවාසඤ්ඤෙව කිර’මෙ භික්ඛවෙ, මොඝපුරිසා වුත්ථා සමානා ඵාසුකම්හ වුත්ථා’ති පටිජානන්ති. සපත්තසංවාසඤ්ඤෙව කිර ‘මෙ භික්ඛවෙ, මොඝපුරිසා වුත්ථා සමානා ඵාසුකම්හ වුත්ථා’ති පටිජානන්ති. කථං හි නාමි’මෙ{5} භික්ඛවෙ, මොඝපුරිසා මූගබ්බතං තිත්ථියසමාදානං සමාදියිස්සන්ති. නෙතං, භික්ඛවෙ, අප්පසන්නානං වා පසාදාය -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “න භික්ඛවෙ, මූගබ්බතං තිත්ථියසමාදානං සමාදියිතබ්බං. යො සමාදියෙය්ය, ආපත්ති දුක්කටස්ස. අනුජානාමි, භික්ඛවෙ, වස්සං වුත්ථානං භික්ඛූනං තීහි ඨානෙහි පවාරෙතුං දිට්ඨෙන වා සුතෙන වා පරිසංකාය වා. සා වො භවිස්සති අඤ්ඤමඤ්ඤානුලොමතා ආපත්තිවුට්ඨානතා විනයපුරෙක්ඛාරතා. එවඤ්ච පන භික්ඛවෙ, පවාරෙතබ්බං: බ්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො–
Sinhala BJT14. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක. “මහණෙනි, මේ සිස් පුරුෂයෝ නො පහසුවෙන් ම විසුවෝ ‘පහසුවෙන් විසුම්හ’ යි ප්‍රතිඥා කෙරෙත්. මහණෙනි, මේ හිස්පුරුෂයෝ සිවුපාවන්ගේ එක් ව විසීම වැන්නක් ම කළෝ ‘පහසුවෙන් ම විසූම්හ ‘යි ප්‍රතිඥා කෙරෙත්. මහණෙනි, මේ හිස්පුරුෂයෝ එළුවන්ගේ එක් ව විසීම වැන්නක් ම කළාහු ‘පහසුවෙන් ම විසූම්හ’ යි ප්‍රතිඥා කෙරෙත්. මහණෙනි, මේ හිස් පුරුෂයෝ සතුරන්ගේ එක් ව විසීම වැන්නක් ම කළෝ ‘පහසුවෙන් ම විසූම්හ’ යි ප්‍රතිඥා කෙරෙත්. මහණෙනි, කෙසේ නම් මේ හිස්පුරුෂයෝ ගොළුවතක් වූ තීර්‍ත්‍ථකයන්ගේ සමාදානයක් සමාදන් ව ගත්තාහු ද? මහණෙනි, මෙය නො පැහැදුනවුන්ගේ පැහැදීම පිණිස –පෙ– නො වේයැ” යි ගරහා දැහැමි කතා කොට භික්‍ෂූන් ඇමතූ සේක. “මහණෙනි, ගොළුවතක් වූ තීර්‍ත්‍ථකසමාදානය නො සමාදන් විය යුතු ය. යමෙක් සමාදන් වන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි වදාළ සේක. “මහණෙනි, වස් වැස නිම කළ භික්‍ෂූන්ට දැකීමෙන් හෝ ඇසීමෙන් හෝ සැකයෙන් හෝ යන කරුණු තුණින් පවරන්නට හෙවත් දුටු හෝ ඇසූ හෝ සැක කළ හෝ තමාගේ දෝෂයන් කියන්නට භික්‍ෂූන් කැමති කරවා ගැණිමට අනුදනිමි. ඒ පැවරීම තොපට උනුන්ගේ අනුලොම්බව ද ඇවතින් නැගී සිටීම ද විනය පෙරටු කොට ගත් බව ද වන්නේ ය. මහණෙනි, මෙසේ පැවරිය යුතුය. ව්‍යක්ත වූ ප්‍රතිබල භික්‍ෂුනමක් විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ ය:–
Pali BJT“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අජ්ජ පවාරණා යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො පවාරෙය්යා” ති.
Sinhala BJT“සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. අද පවාරණය යි. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම් සඞ්ඝ තෙමේ පවරන්නේ ය” යි.
Pali BJT15. ථෙරෙන භික්ඛුනා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිම්පග්ගහෙත්වා එවමස්ස වචනීයො “සඞ්ඝං ආවුසො පවාරෙමි දිට්ඨෙන වා සුතෙන වා පරිසඞ්කාය වා. වදන්තු මං ආයස්මන්තො අනුකම්පං උපාදාය. පස්සන්තො පටිකරිස්සාමි. දුතියම්පි ආවුසො සඞ්ඝං පවාරෙමි දිට්ඨෙන වා සුතෙන වා පරිසඞ්කාය වා. වදන්තු මං ආයස්මන්තො අනුකම්පං උපාදාය. පස්සන්තො පටිකරිස්සාමි. තතියම්පි ආවුසො සඞ්ඝං පවාරෙමි දිට්ඨෙන වා සුතෙන වා පරිසඞ්කාය වා. වදන්තු මං ආයස්මන්තො අනුකම්පං උපාදාය. පස්සන්තො පටිකරිස්සාමී”ති.
Sinhala BJT15. ස්ථවිර භික්‍ෂූනම විසින් උතුරුසඟ සිවුර එකස් කොට උත්කුටුකයෙන් හිඳ ඇඳිලි බැඳ “ඇවැත්නි, සඞ්ඝයාට (මාගේ) දුටු ඇවැතින් හෝ ඇසූ ඇවැතින් හෝ සැක කළ ඇවැතින් හෝ කියන්නට පවරමි. ආයුෂ්මත්හු අනුකම්පා කොට මට කියත්වා. දොස් දක්නෙම් පිළියම් කරන්නෙමි” යි මෙසේ සඞ්ඝ තෙමේ කිය යුතු වන්නේ ය. “ඇවැත්නි, දෙවනු ද සඞ්ඝයාහට (මාගේ) දුටු ඇවැතින් හෝ ඇසූ ඇවැතින් හෝ සැක කළ ඇවැතින් හෝ (කියන්නට) පවරමි. ආයුෂ්මත්හු අනුකම්පා කොට මට කියත්වා. දොස් දක්නෙම් පිළියම් කරන්නෙමි. ඇවැත්නි, තෙවනු ද සඞ්ඝයාහට (මාගේ) දුටු ඇවැතින් හෝ ඇසූ ඇවැතින් හෝ සැක කළ ඇවැතින් හෝ (කියන්නට) පවරමි. ආයුෂ්මත්හු අනුකම්පා කොට මට කියත්වා. දොස් දක්නෙම් පිළියම් කරන්නෙමි” යි.
Pali BJT16. නවකෙන භික්ඛුනා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිම්පග්ගහෙත්වා එවමස්ස වචනීයො: “සඞ්ඝං භන්තෙ පවාරෙමි දිට්ඨෙන වා සුතෙන වා පරිසංකාය වා. වදන්තු මං ආයස්මන්තො අනුකම්පං උපාදාය. පස්සන්තො පටිකරිස්සාමි. දුතියම්පි භන්තෙ, සඞ්ඝං -පෙ- තතියම්පි භන්තෙ, සඞ්ඝං පවාරෙමි දිට්ඨෙන වා සුතෙන වා පරිසංකාය වා. වදන්තු මං ආයස්මන්තො අනුකම්පං උපාදාය. පස්සන්තො පටිකරිස්සාමී”ති.
Sinhala BJT16. නවක භික්‍ෂූනම විසින් උතුරුසඟ සිවුර එකස් කොට උත්කුටුකයෙන් හිඳ ඇඳිලි බැඳ “ස්වාමීනි, සඞ්ඝයාහට (මාගේ) දුටු ඇවැතින් හෝ ඇසූ ඇවැතින් හෝ සැක කළ ඇවැතින් හෝ කියන්නට පවරමි. ආයුෂ්මත්හු අනුකම්පා කොට මට කියත්වා. දොස් දක්නෙම් පිළියම් කරන්නෙමි. ස්වාමීනි, දෙවනු ද සඞ්ඝයාහට –පෙ– ස්වාමීනි, තෙවනු ද සඞ්ඝයා හට (මාගේ) දුටු ඇවැතින් හෝ ඇසූ ඇවැතින් හෝ සැක කළ ඇවැතින් හෝ කියන්නට පවරමි. ආයුෂ්මත්හු අනුකම්පා කොට මට කියත්වා. දොස් දක්නෙම් පිළියම් කරන්නෙමි” යි.
Pali BJT17. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ ථෙරෙසු භික්ඛූසු උක්කුටිකං නිසින්නෙසු පවාරයමානෙසු ආසනෙසු අච්ඡන්ති. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ ථෙරෙසු භික්ඛූසු උක්කුටිකං නිසින්නෙසු පවාරයමානෙසු ආසනෙසු අච්ඡිස්සන්තී”ති.
Sinhala BJT17. එකල්හි සවග මහණෝ උත්කුටුකයෙන් හුන් ස්ථවිර භික්‍ෂූන් පවරණ කල්හි අසුන්හි හිඳිත්. යම් ඒ භික්‍ෂූහු ආශා රහිත වෙත් ද, ඒ භික්‍ෂූහු “සවග මහණෝ කෙසේ නම් උත්කුටුකයෙන් හුන් ස්ථවිර භික්‍ෂූන් පවරණ කල්හි අසුන්වල හිඳිත් ද?” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්.
Pali BJT18. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. “සච්චං කිර භික්ඛවෙ, ඡබ්බග්ගියා භික්ඛූ ථෙරෙසු භික්ඛූසු උක්කුටිකං නිසින්නෙසු පවාරයමානෙසු ආසනෙසු අච්ඡන්තී?”ති. “සච්චං භගවා”.
Sinhala BJT18. එකල්හි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සවග මහණෝ උත්කුටුකයෙන් හුන් ස්ථවිර භික්‍ෂූන් පවරණ කල්හි අසුන්වල හිඳිත් ල යනු සැබෑ ද?” “භාග්‍යවතුන් වහන්ස, සැබෑ ය.“
Pali BJTවිගරහි බුද්ධො භගවා: “කථං හි නාම තෙ, භික්ඛවෙ මොඝපුරිසා ථෙරෙසු භික්ඛූසු උක්කුටිකං නිසින්නෙසු පවාරයමානෙසු ආසනෙසු අච්ඡිස්සන්ති?
Sinhala BJTභාග්‍යවත් බුදුරජානන් වහන්සේ “මහණෙනි, කෙසේ නම් ඒ හිස් පුරුෂයෝ උත්කුටුකයෙන් හුන් ස්ථවිර භික්‍ෂූන් පවරණ කල්හි අසුන්වල හිඳිත් ද?” යි ගැරහූ සේක.
Pali BJT19. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “න භික්ඛවෙ, ථෙරෙසු භික්ඛූසු උක්කුටිකං නිසින්නෙසු පවාරයමානෙසු ආසනෙසු අච්ඡිතබ්බං, යො අච්ඡෙය්ය, ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ, සබ්බෙහෙව උක්කුටිකං නිසින්නෙහි පවාරෙතු”න්ති.
Sinhala BJT19. “මහණෙනි, මෙය නො පැහැදුනවුන්ගේ පැහැදීම පිණිස –පෙ– නො වේ” යි ගරහා දැහැමි කතා කොට “මහණෙනි, උත්කුටුකයෙන් හුන් ස්ථවිර භික්‍ෂූන් පවාරණය කරණ කල්හි අසුන්වල නො හිඳිය යුතු ය. යමෙක් හිඳින්නේ නම්, දුකුළාඇවැත් වේ. මහණෙනි, උත්කුටුකයෙන් හුන් සියලු දෙනා විසින් ම පවරන්නට අනුදනිමි” යි භික්‍ෂූන් ඇමතූ සේක.
Pali BJT20. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො ථෙරො ජරාදුබ්බලො යාව සබ්බෙ පවාරෙන්තීති{1} උක්කුටිකං නිසින්නො ආගමයමානො මුච්ඡිතො පපති.
Sinhala BJT20. එකල්හි ජරායෙන් දුර්‍වල වූ එක්තරා තෙර නමක් සියල්ලෝ යම් තාක් කල් පවරත් ද, ඒ තාක් කල් බලාපොරොත්තු වෙමින් උත්කුටුකයෙන් හුන්නේ මුසපත් ව වැටුනේ ය.
Pali BJT21. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, තදමන්තරා උක්කුටිකං නිසීදිතුං යාව පවාරෙති. පවාරෙත්වා ආසනෙ නිසීදිතු”න්ති.
Sinhala BJT21. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, යම් තාක් කල් (තෙමේ) පවරා ද, ඒ අතර උත්කුටුකයෙන් හිඳින්නට, පවාරණය කොට අසුනෙහි හිඳින්නට අනුදනිමි”.
Pali BJT22. අථ ඛො භික්ඛූනං{2} එතදහොසි: “කති නු ඛො පවාරණා?”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “ද්වෙ’මා භික්ඛවෙ, පවාරණා: චාතුද්දසිකා{3} පණ්ණරසිකා ච. ඉමා ඛො භික්ඛවෙ, ද්වෙ පවාරණා”ති.
Sinhala BJT22. ඉක්බිති භික්‍ෂූන්ට “පවාරණයෝ කෙතෙක් දැ?” යි මේ අදහස වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, චාතුද්දසික ය, පණ්ණරසික යැ” යි මේ පවාරණ දෙකෙකි. මහණෙනි, මේ පවාරණ දෙක ය”.