Mahāvagga

Great Division

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1001-1100 න් 2799

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTතතියකභාණවාරං.
Sinhala BJTතෙවනබණවර ය.
Pali BJTඉම්මහි ඛන්ධකෙ වත්ථු ඡ අසීති:
Sinhala BJTමේ ඛන්‍ධකයෙහි වස්තු අසූ සයෙකි.
Pali BJTතස්ස උද්දානං:
Sinhala BJTඑහි උද්දානය (වස්තු නාමාවලිය) මෙසේ ය:
Pali BJT1. තිත්ථියා බිම්බිසාරො ච සන්නිපතිතුං තුණ්හිකා, ධම්මං රහො{1} පාතිමොක්ඛං දෙවසිකං තදා සකිං.
Sinhala BJT1. තීර්‍ත්‍ථකයන් බිම්සර රජ රැස් වීමට අනුදැනීම, නිහඬ ව හිඳීම, දහම් දෙසීමට අනුදැනීම, රහසිගත ව සිටීමේ දී උපන් පරිවිතර්‍කය, පාමොක් උදෙසීමට අනුදැනීම, දින පතා පාමොක් උදෙසීම තහනම් කිරීම, පක්‍ෂය කට වරක් පාමොක් උදෙසීමට නියම කිරීම.
Pali BJT2. යථාපරිසා සමග්ගං{2} සාමග්ගී මද්දකුච්ඡි ච; සීමා මහතී නදියා අනු ද්වෙ ඛුද්දකානි ච.
Sinhala BJT2. පිරිස අනු ව පාමොක් උදෙසීම තහනම් කිරීම, සමග ව පාමොක් උදෙසීම, සමගි වන ආකාරය, මද්දකුච්ජිය, සීමාසම්මතය, මහා සීමා සම්මතය තහනම් කිරීම, නදීපාරසීමා සම්මතය තහනම් කිරීම, එය අනුදැනීම, පිරිවෙණක් පාසා පාමොක් උදෙසීම තහනම් කිරීම, එක් සීමාවෙක උපෝසථාගාර දෙකක් සම්මත නො කිරීම, කුඩා උපෝසථාගාර මහත් කර ගැණීම.
Pali BJT3. නවා රාජගහෙ චෙව සීමා අවිප්පවාසනා, සම්මන්නෙ පඨමං සීමං පච්ඡා සීමං සමූහනෙ
Sinhala BJT3. නවකය, රජගහනුවර අවිප්පවාස සම්මුතිය අනුදැනීම, සීමා සම්මුතිය කරණ කල පළමු ව සමානසංවාස සීමාසම්මුතිය කොට පසු ව අවිප්පවාස සීමා සම්මුතිය කිරීම, සමූහනනය කරණ කල පළමු ව අවිප්පවාසසීමාව උදුරා පසු ව සමානසංවාසසීමාව උද්ධරණය.
Pali BJT4. අසම්මතා ගාමසීමා නදියා සමුද්දෙ සරෙ, උදකුක්ඛෙපො සම්භින්දන්ති තථෙවජ්ඣොත්ථරන්ති ච.
Sinhala BJT4. අසම්මත වූ ගාමසීමාව, නදියෙහි සමුද්‍රයෙහි ජාතස්සරයෙහි උදකොත්ක්‍ෂේපසීමාව, සීමාවෙන් සීමාවක් මිශ්‍ර කොට සීමා සම්මුති තහනම, සීමාවෙන් සීමාව යටපත් කිරීම.
Pali BJT5. කති කම්මානි උද්දෙසො, සවරා අසතීපි ච, ධම්මං විනයං තජ්ජෙන්ති පුන විනයතජ්ජනා
Sinhala BJT5. කෙතෙක් කර්‍ම, පාතිමොක්ඛුද්දෙසය, වැදිබිය, සැකෙවින් පාමොක් නො උදෙසීම, බණ දෙසීම, විනය පිළිවිසීම, තර්‍ජනය.
Pali BJT6. චොදනා කතෙ ඔකාසෙ අධම්මප්පටික්කොසනා, චතු පඤ්ච පරා ආවී සඤ්චිච්ච චෙපි වායමෙ
Sinhala BJT6. අවකාශ කළ කල්හි චෝදනා කිරීම, අධර්‍මකර්‍ම විරෝධය, දෘෂ්ටිය ප්‍රකාශ කිරීම, එකලා මහණහුගේ අධිෂ්ඨානය, දැන දැන පාමොක් නො ඇස්වීම, ව්‍යායාමය.
Pali BJT7. සගහට්ඨා අනජ්ඣිට්ඨා චොදනම්හි න ජානති {3}, සම්බහුලා න ජානන්ති සජ්ජුකං න ච ගච්ඡරෙ.
Sinhala BJT7. ගිහියන් සිටි පිරිසෙහි පාමොක් නොඋදෙසීම, ඇරයුම් නැති ව පාමොක් උදෙසීම, චෝදනාවත්‍ථුයෙහි විසූ තෙරනමක් උපෝසථාදිය නො දැනීම, බොහෝ භික්‍ෂූන් උපෝසථාදිය නොදැනීම, එකෙණෙහි එක් භික්‍ෂුනමකට අණ කිරීම, නවකයන් නොයෑම.
Pali BJT8. කතමී කීවතිකා දූරෙ ආරොචෙතුඤ්ච නස්සරි, උක්ලාපං{4} ආසනං දීපො {5} දිසා අඤ්ඤො{6} බහුස්සුතො.
Sinhala BJT8. කිනම් දිනයක් දැ යි පිළිවිසීම, ගණන විචාරීම, දුර යන කල්හි සැළකිරීම අමතක වීම, පොහෝගෙය කසළ සහිත වීම, අසුන් නො පැණවීම, පහන් නො දැල්වීම, දිශා යන කල ඇදුරන් නො පිළිවිසීම, අන්‍ය බහුශ්‍රුත භික්‍ෂුනමකගේ පැමිණීම
Pali BJT9. සජ්ජුකං වස්සුපොසථො{7} සුද්ධිකම්මඤ්ච ඤාතකා, ගග්ගො චතු තයො ද්වෙකො ආපත්ති සභාගා සරි.
Sinhala BJT9. සමීප ආවාසයකට එක් නමක් යැවීම, වස් විසූ පැවිද්දන් පොහොය කිරීම, පාරිශුද්ධිය ගෙණ පොහොය කිරීම, ඡන්‍දය ගෙණ කර්‍ම කිරීම, නෑයන් භික්‍ෂූහු අල්ලා ගත් කල කර්‍ම කිරීම, ගර්‍ග භික්‍ෂුනම, සිවුනමට පාමොක් උදෙසීම, තුන් නම ඤත්තිය තබා පාරිසුද්ධිඋපෝසථය කිරීම, දෙනම පිළිබඳ පාරිසුද්ධිඋපෝසථය, එක් නම පිළිබඳ අධිට්ඨානඋපෝසථය, ආපත්තියට පැමිණීම, සභාගාපත්තින් දෙසීම හා පිළිගැණීම, ඇවැත් සිහි කිරීම.
Pali BJT10. සබ්බො සඞ්ඝො වෙමතිකො න ජානන්ති{1} බහුස්සුතො, බහූ සමසමා ථොකා පරිසා අවුට්ඨිතාය ච {2}
Sinhala BJT10. සියලු සඞ්ඝයාගේ සභාග ඇවැතෙහි විමතිය, නො දැනීම, බහුශ්‍රුත භික්‍ෂුනමකගේ වචනය පරිදි ඇවැතට පිළියම් කිරීම, බොහෝ භික්‍ෂූන්ගේ පැමිණීම, ගණනින් සමාන භික්‍ෂු පිරිසක් පැමිණීම, ටික පිරිසක් පැමිණීම, පිරිස නො නැගිටි කල්හි පැමිණීම.
Pali BJT11. එකච්චා වුට්ඨිතා සබ්බා ජානන්ති ච වෙමතිකා, කප්පතෙවාති කුක්කුච්චා ජානං පස්සං සුණන්ති ච.
Sinhala BJT11. කොටසක් නැගී සිටි කල පැමිණීම, සියලු පිරිස නැගී සිටි කල පැමිණීම, වර්‍ගය යි දැන පොහොය කිරීම, වෙමතික ව පොහොය කිරීම, කැප ද නො කැප දැ යි කුකුස් කිරීම, තවත් භික්‍ෂූන් ඇතැ යි දැන කිරීම, දැක කිරීම, අසා කිරීම.
Pali BJT12. ආවාසිකෙන ආගන්තු චාතුපණ්ණරසො පුන, පාටිපදො පණ්ණරසො ලිඞ්ගසංවාසකා{3} උභො.
Sinhala BJT12. ආවාසිකයන් හා ආගන්තුකයෝ, ආවාසිකයන්ට චාතුද්දසිය, ආගන්තුකයන්ට පණ්ණරසිය, ආවාසිකයන්ට පණ්ණරසිය, ආගන්තුකයන්ට චාතුද්දසිය, ආවාසිකයන්ට පණ්ණරසිය, ආගන්තුකයන්ට පෑළවිය, ආවාසිකයන්ට පෑළවිය, ආගන්තුකයන්ට පණ්ණරසිය, ආවාසිකලිඞ්ගාදිය, නානාසංවාසක, සමානසංවාසක යන උභයසංවාසකයෝ.
Pali BJT13. පාරිවාසානුපොසථො{4} අඤ්ඤත්ර සඞ්ඝසාමග්ගියා, එතෙ විභත්තා උද්දානා වත්ථු විභූතකාරණාති.
Sinhala BJT13. පාරිවාසිකපාරිසුද්ධිඋපෝසථය, සඞ්ඝසාමග්ගිය හැර නො පොහෝ දිනයෙහි පොහොය නො කිරීම – යන වස්තු ප්‍රකාශ කිරීමට කරුණු වූ මේ උද්දානයෝ බෙදන ලදහ.
Pali BJT3.
Sinhala BJT3.
Pali BJTවස්සූපනායිකක්ඛන්ධකං.
Sinhala BJTවස්සූපනායිකක්ඛන්‍ධකය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ.
Sinhala BJT1. එකල්හි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ රජගහනුවර ලෙහෙනුන්ට බොජුන් දුන් බිම වූ වේළුවනාරාමයෙහි වැඩ වාසය කරණ සේක.
Pali BJT2. තෙන ඛො පන සමයෙන භගවතා භික්ඛූනං වස්සාවාසො අපඤ්ඤත්තො හොති.
Sinhala BJT2. එකල්හි භාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂූන්ට වස් විසීම නො පණවන ලද්දේ වේ.
Pali BJT3. තෙධ{1} භික්ඛූ හෙමන්තම්පි ගිම්හම්පි වස්සම්පි චාරිකං චරන්ති.
Sinhala BJT3. එකල්හි ඒ භික්‍ෂූහු හේමන්තයෙහි ද ගිම්හානයෙහි ද වස්සානයෙහි ද සැරිසරත්.
Pali BJT4. මනුස්සා උජ්ඣායන්ති, ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම සමණා සක්යපුත්තියා හෙමන්තම්පි ගිම්හම්පි වස්සම්පි චාරිකං චරිස්සන්ති, හරිතානි තිණානි සම්මද්දන්තා, එකින්ද්රියං ජීවං විහෙඨෙන්තා, බහූ ඛුද්දකෙ පාණෙ සඞ්ඝාතං ආපාදෙන්තා? ඉමෙ හි නාම අඤ්ඤතිත්ථියා දුරක්ඛාතධම්මා වස්සාවාසං අල්ලීයිස්සන්ති. සඞ්කාසයිස්සන්ති.{2} ඉමෙ හි නාම සකුන්තකා රුක්ඛග්ගෙසු කුලාවකානි කරිත්වා වස්සාවාසං අල්ලීයිස්සන්ති. සඞ්කාසයිස්සන්ති. ඉමෙ හි පන සමණා සක්යපුත්තියා හෙමන්තම්පි ගිම්හම්පි වස්සම්පි චාරිකං චරන්ති, හරිතානි තිණානි සම්මද්දන්තා, එකින්ද්රියං ජීවං විහෙඨෙන්තා, බහූ ඛුද්දකෙ පාණෙ සඞ්ඝාතං ආපාදෙන්තා”ති.
Sinhala BJT4. මිනිස්සු “කෙසේ නම් ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ හේමන්තයෙහි ද ගිම්හානයෙහි ද වස්සානයෙහි ද නිල් තණ මඩිමින් (පාගමින්) ඒකින්‍ද්‍රිය ජීව පෙළමින් බොහෝ කුඩා සතුන් විනාශයට පමුණුවමින් චාරිකා කරත් ද? මේ අන්‍යතීර්‍ත්‍ථකපරිව්‍රාජකයෝ වැරැදි සේ කියූ දහම් ඇත්තාහු ද වස් විසීමෙහි ඇලෙත් උත්සාහ රහිත ව නිතර එක තැන වසන්නාහු ය. මේ කුරුල්ලෝ ද ගස් මුදුන්හි කූඩු සාදා ගෙණ වැසිකාලයෙහි (ඒ කූඩුවල) ඇලී වසන්නෝ ය. (ගොදුරු සෙවීමෙහි) උත්සාහ නැති ව නිතර එක තැන වසන්නෝ ය. මේ ශ්‍රමණශාක්‍යපුත්‍රීයයෝ හේමන්තයෙහි ද ගිම්හානයෙහි ද වස්සානයෙහි ද නිල් තණ මඩිමින් ඒකින්‍ද්‍රියජීව පෙළමින් බොහෝ කුඩා සතුන් විනාශයට පමුණුවමින් චාරිකා කරත්” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්.
Pali BJT5. අස්සොසුං ඛො භික්ඛූ තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං.
Sinhala BJT5. භික්‍ෂූහු අවමන් කරණ නින්‍දා කරණ දොස් කියන ඒ මිනිසුන්ගේ බස් ඇසූහ.
Pali BJT6. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT6. එවිට භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ.
Pali BJT7. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “අනුජානාමි භික්ඛවෙ, වස්සං උපගන්තු”න්ති.
Sinhala BJT7. ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට “මහණෙනි, මම වස් එළඹෙන්නට අනුදනිමි” යි භික්‍ෂූන් ඇමතූසේක.
Pali BJT8. අථ ඛො භික්ඛූනං එතදහොසි: “කදා නු ඛො වස්සං උපගන්තබ්බ”න්ති.
Sinhala BJT8. එකල්හි භික්‍ෂූන්ට “කවදා වස් එළඹිය යුතු දැ?” යි සිත් වි ය.
Pali BJT9. භගවතො එතමත්ථං ආරොචෙසුං: “අනුජානාමි භික්ඛවෙ, වස්සානෙ වස්සං උපගන්තු”න්ති.
Sinhala BJT9. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, වස්සාන ඍතුවෙහි වස් එළඹෙන්නට අනුදනිමි” යි.
Pali BJT10. අථ ඛො භික්ඛූනං එතදහොසි “කති නු ඛො{3} වස්සූපනායිකා”ති.
Sinhala BJT10. එකල්හි “වස් එළඹීම් කෙතෙක් දැ?” යි භික්‍ෂූන්ට සිත් වි ය.
Pali BJT11. භගවතො එතමත්ථං ආරොචෙසුං. “ද්වෙමා භික්ඛවෙ, වස්සූපනායිකා: පුරිමිකා. පච්ඡිමිකා ච.{4} අපරජ්ජුගතාය ආසාළ්හියා පුරිමිකා උපගන්තබ්බා. මාසගතාය ආසාළ්හියා පච්ඡිමිකා උපගන්තබ්බා. ඉමා ඛො භික්ඛවෙ, ද්වෙ වස්සූපනායිකා”ති.
Sinhala BJT11. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, පෙරවස් එළඹීම පසුවස් එළඹීම යැ යි මේ වස් එළඹීම් දෙකෙකි. ඇසළ පුණු පොහොය අනික් දිනට ගිය කල්හි ඇසළ පුණු පොහෝදිනයෙන් පසුදිනයෙහි – අවපෑළවියෙහි – පෙරවස් එළඹිය යුතු ය, ඇසළ පුණුපොහොයෙන් මසක් ඉක්ම ගිය කල්හි පසුවස් එළඹිය යුතු ය. මහණෙනි, මේ වස් එළඹීම් දෙක” යි.
Pali BJT12. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ වස්සං උපගන්ත්වා අන්තරාවස්සං චාරිකං චරන්ති.
Sinhala BJT12. එකල්හි සවග මහණෝ වස් එළඹ වස් තුළ චාරිකාව කරත්.
Pali BJT13. මනුස්සා තථෙව උජ්ඣායන්ති, ඛීයන්ති, විපාචෙන්ති: “කථං හි නාම සමණා සක්යපුත්තියා හෙමන්තම්පි ගිම්හම්පි වස්සම්පි චාරිකං චරිස්සන්ති, හරිතානි තිණානි සම්මද්දන්තා, එකින්ද්රියං ජීවං විහෙඨෙන්තා, බහූ ඛුද්දකෙ පාණෙ සඞ්ඝාතං ආපාදෙන්තා? ඉමෙ හි නාම අඤ්ඤතිත්ථියා දුරක්ඛාතධම්මා වස්සාවාසං අල්ලීයිස්සන්ති, සඞ්කසායිස්සන්ති. ඉමෙ හි නාම සකුන්තකා රුක්ඛග්ගෙසු කුලාවකානි කරිත්වා වස්සාවාසං අල්ලීයිස්සන්ති, සඞ්කසායිස්සන්ති. ඉමෙ පන සමණා සක්යපුත්තියා හෙමන්තම්පි ගිම්හම්පි වස්සම්පි චාරිකං චරන්ති හරිතානි තිණානි සම්මද්දන්තා, එකින්ද්රියං ජීවං විහෙඨෙන්තා, බහූ ඛුද්දකෙ පාණෙ සඞ්ඝාතං ආපාදෙන්තා”ති.
Sinhala BJT13. මිනිස්සු පෙර මෙන් “ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ හේමන්තයෙහි ද ගිම්හානයෙහි ද වස්සානයෙහි ද නිල් තණ මඩිමින් ඒකින්‍ද්‍රියජීව පෙළමින් බොහෝ කුඩා සතුන් විනාශයට පමුණුවමින් කෙසේ නම් චාරිකාවෙහි හැසිරෙත් ද? මේ අන්‍යතීර්‍ත්‍ථකයෝ වැරදි සේ කියූ ධර්‍ම ඇත්තාහු වස් විසීමෙහි ඇලෙන්නාහු ය. උත්සාහ රහිත ව නිතර එක තැන වසන්නාහු ය. මේ කුරුල්ලෝ ගස් මුදුන්හි කූඩු සාදා ගෙණ වැසිකාලයෙහි (කූඩුවල) ඇලී වසන්නාහු ය. (ගොදුරු සෙවීමෙහි) උත්සාහ නැති ව නිතර එක තැන වසන්නාහු ය. මේ ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ හේමන්තයෙහි ද ගිම්හානයෙහි ද වස්සානයෙහි ද නිල් තණ මඩිමින් ඒකින්‍ද්‍රියජීව පෙළමින් බොහෝ කුඩා සතුන් විනාශයට පමුණුවමින් චාරිකාව කෙරෙත්” යි අවමන් කෙරෙත්, නින්‍දා කෙරෙත්, දොස් කියත්.
Pali BJT14. අස්සොසුං ඛො භික්ඛූ තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා තෙ උජ්ඣායන්ති, ඛීයන්ති, විපාචෙන්ති: “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ වස්සං උපගන්ත්වා අන්තරාවස්සං චාරිකං චරිස්සන්තී?”ති.
Sinhala BJT14. භික්‍ෂූහු අවමන් කරණ, අගුණ පතුරුවන, දොස් කියන ඒ මිනිසුන්ගේ බස් ඇසූහ. යම් ඒ ආශාරහිත භික්‍ෂූහු වෙත් ද, ඒ භික්‍ෂූහු “සවග මහණෝ කෙසේ නම් වස් එළඹ වස තුළ චාරිකාව කරත් දැයි දැ?” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්.
Pali BJT15. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT15. එකල්හි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ වග සැළ කළහ.
Pali BJT16. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “න භික්ඛවෙ, වස්සං උපගන්ත්වා පුරිමං වා තෙමාසං පච්ඡිමං වා තෙමාසං අවසිත්වා චාරිකා පක්කමිතබ්බා. යො පක්කමෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT16. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට “මහණෙනි, වස් එළඹ පළමු තෙමස හෝ පසු තෙමස හෝ නො වැස චාරිකා නො කට යුතු ය. යමෙක් චාරිකා කරන්නේ නම්, දුකුළා ඇවැත් වේ යැ” යි භික්‍ෂූන් අමතා වදාළසේක.
Pali BJT17. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ න ඉච්ඡන්ති වස්සං උපගන්තුං.
Sinhala BJT17. එකල්හි සවග මහණෝ වස් එළඹෙන්නට නො කැමැති වෙති.
Pali BJT18. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ, වස්සං න උපගන්තබ්බං යො න උපගච්ඡෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT18. භාග්‍යවතුන් වහන්සේට මේ වග සැළකළහ. “මහණෙනි, වස් නො එළඹිය යුතු නො වේ. යමෙක් වස් නො එළඹෙන්නේ නම්, දුකුළා ඇවැත් වේ.”
Pali BJT19. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ තදහු වස්සූපනායිකාය වස්සං අනුපගන්තුකාමා සඤ්චිච්ච ආවාසං අතික්කමන්ති.
Sinhala BJT19. එකල්හි සවග මහණෝ එදවස වස් එළඹෙන දිනයෙහි වස් නො එළඹෙනු කැමැත්තෝ දැන දැන ආවාසය ඉක්මවා යෙත්.
Pali BJT20. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ, තදහු වස්සූපනායිකාය වස්සං අනුපගන්තුකාමෙන සඤ්චිච්ච ආවාසො අතික්කමිතබ්බො. යො අතික්කමෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT20. භාග්‍යවතුන් වහන්සේට මේ වග සැළකළහ. “මහණෙනි, එදවස වස් එළඹෙන දිනයෙහි වස් නො එළඹෙනු කැමැත්තහු විසින් දැන දැන ආවාසය නො ඉක්මවිය යුතු ය. යමෙක් ඉක්මවන්නේ නම්, දුකුළාඇවැත් වේ”
Pali BJT21. තෙන ඛො පන සමයෙන රාජා මාගධො සෙනියො බිම්බිසාරො වස්සං උක්කඩ්ඪිතුකාමො භික්ඛූනං සන්තිකෙ දූතං පාහෙසි: “යදි පනය්යා ආගමෙ ජුණ්හෙ වස්සං උපගච්ඡෙය්යු”න්ති.
Sinhala BJT21. එකල්හි මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජ තෙමේ වස් මුලට අදිනු කැමැත්තේ “ආර්‍ය්‍යයෝ ලබන පුර පසළොස්වක් තිථියෙහි වස් එළඹෙන්නාහු නම් යෙහෙකැ” යි භික්‍ෂූන් වෙතට දූතයකු යැවී ය.
Pali BJT22. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, රාජූනං අනුවත්තිතු”න්ති.
Sinhala BJT22. භාග්‍යවතුන් වහන්සේට මේ වග සැළකළහ. “මහණෙනි, රජුන්ට එකඟ ව පවතින්නට අනුදනිමි” යි වදාළසේක.
Pali BJT23. අථ ඛො භගවා රාජගහෙ යථාභිරත්තං විහරිත්වා යෙන සාවත්ථි, තෙන චාරිකං පක්කාමි. අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන සාවත්ථි, තදවසරි. තත්ර සුදං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ.
Sinhala BJT23. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කැමැති තාක් වාසය කොට සැවැත්නුවර සැරි සරා වැඩි සේක. පිළිවෙළින් සැරි සරණ සේක් සැවැත් නුවරට පැමිණියාහ. භාග්‍යවතුන් වහන්සේ එහි සැවැත් නුවර ජේතවනයෙහි අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වාසය කරණ සේක.
Pali BJT24. තෙන ඛො පන සමයෙන කොසලෙසු ජනපදෙ උදෙනෙන උපාසකෙන සඞ්ඝං උද්දිස්ස විහාරො කාරාපිතො හොති.
Sinhala BJT24. එකල්හි කොසොල්දනව්වෙහි උදේන නම් උපාසකයා විසින් සඞ්ඝයා උදෙසා විහාරයෙක් කරවන ලද්දේ වේ.
Pali BJT25. සො භික්ඛූනං සන්තිකෙ දූතං පාහෙසි: “ආගච්ඡන්තු භදන්තා, ඉච්ඡාමි දානං ච දාතුං, ධම්මං ච සොතුං, භික්ඛූ ච පස්සිතු”න්ති.
Sinhala BJT25. හෙ තෙමේ “පින්වතුන් වහන්සේ වඩින සේක්වා, මම දන් දෙන්නට ද බණ අසන්නට ද භික්‍ෂූන් දකින්නට ද කැමැත්තෙමි” යි භික්‍ෂූන් වෙතට දූතයකු යැවී ය.
Pali BJT26. භික්ඛූ එවමාහංසු: “භගවතා ආවුසො පඤ්ඤත්තං න වස්සං උපගන්ත්වා පුරිමං වා තෙමාසං පච්ඡිමං වා තෙමාසං අවසිත්වා චාරිකා පක්කමිතබ්බාති. ආගමෙතු උදෙනො උපාසකො යාව භික්ඛූ වස්සං වසන්ති. වස්සං වුත්ථා ආගමිස්සන්ති. සචෙ පනස්ස අච්චායිකං කරණීයං, තත්ථෙව ආවාසිකානං භික්ඛූනං සන්තිකෙ විහාරං පතිට්ඨාපෙතූ”ති.
Sinhala BJT26. භික්‍ෂූහු, “ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් වස් එළඹ පළමු තෙමස හෝ පසු තෙමස හෝ නො වැස චාරිකා නො කට යුතු ය යි පණවන ලද්දේ ය, (එහෙයින්) උදේන උපාසක තෙමේ යම් තාක් භික්‍ෂූහු වස් වෙසෙත් ද, ඒ තාක් බලාපොරොත්තු වේවා. වස් පැවරූවෝ (වස් වැස පවරා නිමවූවෝ) එන්නාහ. යම් ලෙසකින් ඉක්මනින් කළ යුතු කටයුත්තෙක් වන්නේ නම්, එහි ම ආවාසික භික්‍ෂූන්ගේ වෙත විහාරය පිහිටුවාවා” යි කීහ.
Pali BJT27. උදෙනො උපාසකො උජ්ඣායති, ඛීයති විපාචෙති: “කථං හි නාම භදන්තා මයා පහිතෙ: න ආගච්ඡිස්සන්ති.{1} අහං හි දායකො කාරකො සඞ්ඝූපට්ඨාකො”ති.
Sinhala BJT27. උදේන උපාසක තෙමේ “පින්වතුන් වහන්සේ මා පණිවිඩ එවූ කල්හි කෙසේ නම් නො එත් ද? මම දායකයෙක් වෙමි. කටයුතු කරන්නෙක් වෙමි. සඞ්ඝෝපස්ථායකයෙක් වෙමි” යි අවමන් කරයි. නින්‍දා කරයි. දොස් කියයි.
Pali BJT28. අස්සොසුං ඛො භික්ඛූ උදෙනස්ස උපාසකස්ස උජ්ඣායන්තස්ස ඛීයන්තස්ස විපාචෙන්තස්ස.
Sinhala BJT28. භික්‍ෂූහු අවමන් කරණ නින්‍දා කරණ දොස් කියන උදේන උපාසකයාගේ කතාව ඇසූහ.
Pali BJT29. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “අනුජානාමි භික්ඛවෙ, සත්තන්නං සත්තාහකරණීයෙන පහිතෙ: ගන්තුං, න ත්වෙව අප්පහිතෙ: - භික්ඛුස්ස, භික්ඛුණියා සික්ඛමානාය සාමණෙරස්ස සාමණෙරියා උපාසකස්ස උපාසිකාය. අනුජානාමි භික්ඛවෙ, ඉමෙසං සත්තන්නං සත්තාහකරණීයෙන පහිතෙ: ගන්තුං. න ත්වෙව අප්පහිතෙ. සත්තාහං සන්නිවත්තො කාතබ්බො.”
Sinhala BJT29. එකල්හි භික්‍ෂූහු මේ වග භාග්‍යවතුන් වහන්සේට සැළකළහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට “මහණෙනි, පණිවිඩ එවූ කල්හි සත් දෙනකුන් වෙතට සත්තාහකරණීයයෙන් යන්නටත් පණිවිඩ නො එවූ කල්හි නො යන්නටත් අනුදනිමි. මහණෙනි, මහණ මෙහෙණ හික්මෙන්නිය හෙරණ හෙරණි උපාසක උපාසිකා යන මේ සත් දෙනා වෙතට පණිවිඩ එවූ කල්හි සත්තාහකරණීයයෙන් යන්නටත් පණිවිඩ නො එවූ කල්හි නො යන්නටත් අනුදනිමි. සතියෙන් ආ පසු ඊම කට යුතු ය.”
Pali BJT30. “ඉධ පන භික්ඛවෙ උපාසකෙන සඞ්ඝං උද්දිස්ස විහාරො කාරාපිතො හොති. සො චෙ භික්ඛූනං සන්තිකෙ දූතං පහිණෙය්ය: “ආගච්ඡන්තු භදන්තා, ඉච්ඡාමි දානං ච දාතුං, ධම්මං ච සොතුං, භික්ඛූ ච පස්සිතු”න්ති. ගන්තබ්බං භික්ඛවෙ, සත්තාහකරණීයෙන පහිතෙ: න ත්වෙව අප්පහිතෙ, සත්තාහං සන්නිවත්තො කාතබ්බො.”
Sinhala BJT30. “මහණෙනි, මෙහි උපාසකයකු විසින් සඞ්ඝයා උදෙසා විහාරයෙක් කරවන ලද්දේ වේ. හෙ තෙමේ ඉදින් “පින්වතුන් වහන්සේලා වඩින සේක්වා, මම දන් දෙන්නට ද බණ අසන්නට ද භික්‍ෂූන් දකින්නට ද කැමැත්තෙමි’ යි භික්‍ෂූන් වෙතට දූතයකු යවන්නේ නම්, මහණෙනි, පණිවිඩ එවූ කල්හි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ නො එවූ කල්හි නො යා යුතු ම ය, සතියෙන් ආපසු ඊම කළ යුතු ය.”
Pali BJT31. “ඉධ පන භික්ඛවෙ, උපාසකෙන සඞ්ඝං උද්දිස්ස අඩ්ඪයොගො කාරාපිතො හොති -පෙ- පාසාදො කාරාපිතො හොති -පෙ- හම්මියං කාරාපිතං හොති -පෙ- ගුහා කාරාපිතා හොති -පෙ- පරිවෙණං කාරාපිතං හොති -පෙ- කොට්ඨකො කාරාපිතො හොති -පෙ- උපට්ඨානසාලා කාරාපිතා හොති -පෙ- අග්ගිසාලා කාරාපිතා හොති -පෙ- කප්පියකුටි කාරාපිතා හොති -පෙ- වච්චකුටි කාරාපිතා හොති -පෙ- චඞ්කමො කාරාපිතො හොති -පෙ- චඞ්කමනසාලා කාරාපිතා හොති -පෙ- උදපානො කාරාපිතො හොති -පෙ- උදපානසාලා කාරාපිතා හොති -පෙ- ජන්තාඝරං කාරාපිතං හොති -පෙ- ජන්තාඝරසාලා කාරාපිතා හොති -පෙ- පොක්ඛරණී කාරාපිතා හොති -පෙ- මණ්ඩපො කාරාපිතො හොති -පෙ- ආරාමො කාරාපිතො හොති -පෙ- ආරාමවත්ථු කාරාපිතං හොති. සො චෙ භික්ඛූනං සන්තිකෙ දූතං පහිණෙය්ය:, ‘ආගච්ඡන්තු භදන්තා, ඉච්ඡාමි දානං ච දාතුං ධම්මං ච සොතුං භික්ඛූ ච පස්සිතු’න්ති, ගන්තබ්බං භික්ඛවෙ, සත්තාහකරණීයෙන පහිතෙ:. න ත්වෙව අප්පහිතෙ:. සත්තාහං සන්නිවත්තො කාතබ්බො.
Sinhala BJT31. “මහණෙනි, මෙහි උපාසකයකු විසින් සඞ්ඝයා උදෙසා ගුරුළු පියාපත් වැනි සෙවෙනි ඇති ගෙයක් කරවන ලද්දේ වේ. –පෙ– සිවුරැස් ගෙයක් කරවන ලද්දේ වේ. –පෙ– සඳලු සහිත ගෙයක් කරවන ලද්දේ වේ. –පෙ– ගුහාවක් කරවන ලද්දේ වේ. –පෙ– පිරිවෙණක් කරවන ලද්දේ වේ. –පෙ– කොටු ගෙයක් කරවන ලද්දේ වේ. –පෙ– උපස්ථාන ශාලාවක් කරවන ලද්දී වේ. –පෙ– අග්නි ශාලාවක් කරවන ලද්දී වේ. –පෙ– කැප කිළියක් කරවන ලද්දේ වේ. –පෙ– වැසි කිළියක් කරවන ලද්දේ වේ. –පෙ– සක්මනක් කරවන ලද්දේ වේ. –පෙ– චඞ්ක්‍රමණශාලාවක් කරවන ලද්දේ වේ. –පෙ– ලිඳක් කරවන ලද්දේ වේ. –පෙ– ලින් හලක් කරවන ලද්දේ වේ. –පෙ– ජන්තාඝරයෙක් කරවන ලද්දේ වේ. –පෙ– ජන්තාඝර ශාලාවක් කරවන ලද්දී වේ. –පෙ– පොකුණක් කරවන ලද්දේ වේ. –පෙ– මණ්ඩපයෙක් කරවන ලද්දේ වේ. –පෙ– ආරාමයෙක් කරවන ලද්දේ වේ. –පෙ– ආරාම වත්තක් කරවන ලද්දේ වේ. හෙ තෙමේ ‘පින්වතුන් වහන්සේලා වඩින සේක්වා. මම දන් දෙන්නට ද බණ අසන්නට ද භික්‍ෂූන් දකින්නට ද කැමැත්තෙමි’ යි භික්‍ෂූන් වෙත දූතයකු එවන්නේ නම් මහණෙනි, පණිවිඩ එවූ කල්හි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ නො එවූ කල්හි නො යා යුතු ම ය. සතියකින් ආපසු ඊම කළ යුතු ය.”
Pali BJT32. “ඉධ පන භික්ඛවෙ, උපාසකෙන සම්බහුලෙ භික්ඛූ උද්දිස්ස -පෙ- එකං භික්ඛුං උද්දිස්ස විහාරො කාරාපිතො හොති. අඩ්ඪයොගො කාරාපිතො හොති. පාසාදො කාරාපිතො හොති. හම්මියං කාරාපිතං හොති. ගුහා කාරාපිතා හොති. පරිවෙණං කාරාපිතං හොති. කොට්ඨකො කාරාපිතො හොති. උපට්ඨානසාලා කාරාපිතා හොති. අග්ගිසාලා කාරාපිතා හොති. කප්පියකුටි කාරාපිතා හොති. වච්චකුටි කාරාපිතා හොති. චඞ්කමො කාරාපිතො හොති. චඞ්කමනසාලා කාරාපිතා හොති. උදපානො කාරාපිතො හොති. උදපානසාලා කාරාපිතා හොති. ජන්තාඝරං කාරාපිතං හොති. ජන්තාඝරසාලා කාරාපිතා හොති. පොක්ඛරණී කාරාපිතා හොති. මණ්ඩපො කාරාපිතො හොති. ආරාමො කාරාපිතො හොති. ආරාමවත්ථු කාරාපිතං හොති. සො චෙ භික්ඛූනං සන්තිකෙ දූතං පහිණෙය්ය: ‘ආගච්ඡන්තු භදන්තා, ඉච්ඡාමි දානං ච දාතුං ධම්මං ච සොතුං භික්ඛූ ච පස්සිතු’න්ති. ගන්තබ්බං භික්ඛවෙ, සත්තාහකරණීයෙන පහිතෙ: න ත්වෙව අප්පහිතෙ. සත්තාහං සන්නිවත්තො කාතබ්බො.”
Sinhala BJT32. “මහණෙනි, මෙහි උපාසකයකු විසින් බොහෝ භික්‍ෂූන් උදෙසා –පෙ– එක් භික්‍ෂුවක් උදෙසා විහාරයෙක් කරවන ලද්දේ වේ. අඩසෙවෙනි ඇති ගෙයක් කරවන ලද්දේ වේ. සිවුරැස් ගෙයක් කරවන ලද්දේ වේ. සඳලු සහිත ගෙයක් කරවන ලද්දේ වේ. ගුහාවක් කරවන ලද්දේ වේ. පිරිවෙණක් කරවන ලද්දේ වේ. කොටුගෙයක් කරවන ලද්දේ වේ. උපස්ථානශාලාවක් කරවන ලද්දී වේ. අග්නිශාලාවක් කරවන ලද්දී වේ. කැප කිළියක් කරවන ලද්දේ වේ. වැසිකිළියක් කරවන ලද්දේ වේ. සක්මනක් කරවන ලද්දේ වේ. චඞ්ක්‍රමණශාලාවක් කරවන ලද්දේ වේ. ලින් හලක් කරවන ලද්දේ වේ. ජන්තාඝරයෙක් කරවන ලද්දේ වේ. ජන්තාඝර ශාලාවක් කරවන ලද්දී වේ. පොකුණක් කරවන ලද්දේ වේ. මණ්ඩපයෙක් කරවන ලද්දේ වේ. ආරාමයෙක් කරවන ලද්දේ වේ. ආරාම වත්තක් කරවන ලද්දේ වේ. හෙ තෙමේ ‘පින්වතුන් වහන්සේලා වඩින සේක්වා. මම දන් දෙන්නට බණ අසන්නට භික්‍ෂූන් දකින්නට කැමැත්තෙමි’ යි භික්‍ෂූන් වෙතට දූතයකු යවන්නේ නම්, මහණෙනි, පණිවිඩ එවූ කල්හි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ නො එවූ කල්හි නො යා යුතු ම ය. සතියෙන් ආ පසු ඊම කළ යුතු ය.”
Pali BJT33. “ඉධ පන භික්ඛවෙ, උපාසකෙන භික්ඛුණිසඞ්ඝං උද්දිස්ස -පෙ- සම්බහුලා භික්ඛුණියො උද්දිස්ස -පෙ- එකං භික්ඛුනිං උද්දිස්ස -පෙ- සම්බහුලා සික්ඛමානායො උද්දිස්ස -පෙ- එකං සික්ඛමානං උද්දිස්ස -පෙ- සම්බහුලෙ සාමණෙරෙ උද්දිස්ස -පෙ- එකං සාමණෙරං උද්දිස්ස -පෙ- සම්බහුලා සාමණෙරියො උද්දිස්ස -පෙ- එකං සාමණෙරිං උද්දිස්ස -පෙ- විහාරො කාරාපිතො හොති. අඩ්ඪයොගො කාරාපිතො හොති. පාසාදො කාරාපිතො හොති. හම්මියං කාරාපිතං හොති. ගුහා කාරාපිතා හොති. පරිවෙණං කාරාපිතං හොති. කොට්ඨකො කාරාපිතො හොති. උපට්ඨානසාලා කාරාපිතා හොති. අග්ගිසාලා කාරාපිතා හොති. කප්පියකුටි කාරාපිතා හොති. චඞ්කමො කාරාපිතො හොති. චඞ්කමනසාලා කාරාපිතා හොති. උදපානො කාරාපිතො හොති. උදපානසාලා කාරාපිතා හොති. පොක්ඛරණී කාරාපිතා හොති. මණ්ඩපො කාරාපිතො හොති. ආරාමො කාරාපිතො හොති. ආරාමවත්ථු කාරාපිතං හොති. සො චෙ භික්ඛූනං සන්තිකෙ දූතං පහිණෙය්ය: ‘ආගච්ඡන්තු භදන්තා, ඉච්ඡාමි දානං ච දාතුං ධම්මං ච සොතුං භික්ඛූ ච පස්සිතු’න්ති. ගන්තබ්බං භික්ඛවෙ, සත්තාහකරණීයෙන පහිතෙ:. න ත්වෙව අප්පහිතෙ: සත්තාහං සන්නිවත්තො කාතබ්බො.”
Sinhala BJT33. “මහණෙනි, මෙහි උපාසකයකු විසින් මෙහෙණි සඟ උදෙසා –පෙ– බොහෝ මෙහෙණන් උදෙසා –පෙ– එක් මෙහෙණක උදෙසා – පෙ– බොහෝ හික්මෙන්නියන් උදෙසා –පෙ– එක් හික්මෙන්නියක උදෙසා –පෙ– බොහෝ හෙරණුන් උදෙසා –පෙ– එක් හෙරණකු උදෙසා –පෙ– බොහෝ සාමණේරීන් උදෙසා –පෙ– එක් සාමණෙරියක උදෙසා විහාරයෙක් කරවන ලද්දේ වේ. අඩ සෙවෙනි ඇති ගෙයක් කරවන ලද්දේ වේ. සිවුරැස් ගෙයක් කරවන ලද්දේ වේ. සඳලු සහිත ගෙයක් කරවන ලද්දේ වේ. ගුහාවක් කරවන ලද්දේ වේ. පිරිවෙණක් කරවන ලද්දේ වේ. කොටුගෙයක් කරවන ලද්දේ වේ. උපස්ථානශාලාවක් කරවන ලද්දේ වේ. අග්නිශාලාවක් කරවන ලද්දී වේ. කැපකිළියක් කරවන ලද්දේ වේ. සක්මනක් කරවන ලද්දී වේ. චඞ්ක්‍රමණ ශාලාවක් කරවන ලද්දී වේ. ලිඳක් කරවන ලද්දේ වේ. ලින් හලක් කරවන ලද්දේ වේ. පොකුණක් කරවන ලද්දේ වේ. මණ්ඩපයෙක් කරවන ලද්දී වේ. ආරාමයෙක් කරවන ලද්දේ වේ. ආරාම වත්තක් කරවන ලද්දේ වේ. හෙ තෙමේ ‘පින්වතුන් වහන්සේලා වඩින සේක්වා මම දන් දෙන්නට ද බණ අසන්නට ද භික්‍ෂූන් දකින්නට ද කැමැත්තෙමි’ යි භික්‍ෂූන් වෙතට දූතයකු යවන්නේ නම්, මහණෙනි, පණිවිඩ එවූ කල්හි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ නො එවූ කල්හි නො යා යුතු ම ය. සතියෙන් ආපසු ඊම කළ යුතු ය.
Pali BJT34. “ඉධ පන භික්ඛවෙ, උපාසකෙන අත්තනො අත්ථාය නිවෙසනං කාරාපිතං හොති. -පෙ- සයනිඝරං කාරාපිතං හොති. -පෙ- උද්දොසිතො{1} කාරාපිතො හොති. -පෙ- අට්ටො කාරාපිතො හොති. -පෙ- මාලො කාරාපිතො හොති. -පෙ- ආපණො කාරාපිතො හොති. -පෙ- ආපණසාලා කාරාපිතා හොති. -පෙ- පාසාදො කාරාපිතො හොති. -පෙ- හම්මියං කාරාපිතං හොති. -පෙ- ගුහා කාරාපිතා හොති. -පෙ- පරිවෙණං කාරාපිතං හොති. -පෙ- කොට්ඨකො කාරාපිතො හොති. -පෙ- උපට්ඨානසාලා කාරාපිතා හොති. -පෙ- අග්ගිසාලා කාරාපිතා හොති. -පෙ- රසවතී කාරාපිතා හොති. -පෙ- වච්චකුටී කාරාපිතා හොති. -පෙ- චඞ්කමො කාරාපිතො හොති. -පෙ- චඞ්කමනසාලා කාරාපිතා හොති. -පෙ- උදපානො කාරාපිතො හොති. -පෙ- උදපානසාලා කාරාපිතා හොති. -පෙ- ජන්තාඝරං කාරාපිතං හොති. -පෙ- ජන්තාඝරසාලා කාරාපිතා හොති. -පෙ- පොක්ඛරණී කාරාපිතා හොති. -පෙ- මණ්ඩපො කාරාපිතො හොති. -පෙ- ආරාමො කාරාපිතො හොති. -පෙ- ආරාමවත්ථු කාරාපිතං හොති. -පෙ- පුත්තස්ස වා වාරෙය්යං හොති. -පෙ- ධීතුයා වා වාරෙය්යං හොති. -පෙ- ගිලානො වා හොති. -පෙ- අභිඤ්ඤාතං වා සුත්තන්තං භණති. සො චෙ භික්ඛූනං සන්තිකෙ දූතං පහිණෙය්ය: ‘ආගච්ඡන්තු භදන්තා. ඉමං සුත්තන්තං පරියාපුණිස්සන්ති, පුරායං සුත්තන්තො න පලුජ්ජතී’ති. අඤ්ඤතරං වා පනස්ස කිච්චං හොති කරණීයං වා, සො චෙ භික්ඛූනං සන්තිකෙ දූතං පහිණෙය්ය: “ආගච්ඡන්තු භදන්තා, ඉච්ඡාමි දානඤ්ච දාතුං, ධම්මං ච සොතුං, භික්ඛූ ච පස්සිතු’න්ති. ගන්තබ්බං භික්ඛවෙ, සත්තාහකරණීයෙන පහිතෙ:. න ත්වෙව අප්පහිතෙ: සත්තාහං සන්නිවත්තො කාතබ්බො.”
Sinhala BJT34. “මහණෙනි, මෙහි උපාසකයකු විසින් තමන් පිණිස ගෙයක් කරවන ලද්දේ වේ. –පෙ– නිදන ගෙයක් කරවන ලද්දේ වේ. –පෙ– බඩු තබන ගෙයක් කරවන ලද්දේ වේ. –පෙ– මුරගෙයක් කරවන ලද්දේ වේ. –පෙ– එක කැණිමඬලෙන් යුත් ගෙයක් කරවන ලද්දේ වේ. –පෙ– සල්පිලක් කරවන ලද්දේ වේ. –පෙ– සල්පිල්හලක් කරවන ලද්දේ වේ. –පෙ– සිවුරැස්ගෙයක් කරවන ලද්දේ වේ. –පෙ– සඳලු සහිත ගෙයක් කරවන ලද්දේ වේ. –පෙ– ගුහාවක් කරවන ලද්දී වේ. –පෙ– පිරිවෙණක් කරවන ලද්දේ වේ. –පෙ– කොටු ගෙයක් කරවන ලද්දේ වේ. –පෙ– උපස්ථානශාලාවක් කරවන ලද්දී වේ. –පෙ– අග්නිශාලාවක් කරවන ලද්දී වේ. –පෙ– මුළුතැන්ගෙයක් කරවන ලද්දේ වේ. –පෙ– වැසිකිළියක් කරවන ලද්දී වේ. –පෙ– සක්මනක් කරවන ලද්දේ වේ. –පෙ– චඞ්ක්‍රමණ ශාලාවක් කරවන ලද්දී වේ. –පෙ– ලිඳක් කරවන ලද්දේ වේ. –පෙ– ලින්හලක් කරවන ලද්දේ වේ. –පෙ– ජන්තාඝරයෙක් කරවන ලද්දේ වේ. –පෙ– ජන්තාඝර සාලාවක් කරවන ලද්දී වේ. –පෙ– පොකුණක් කරවන ලද්දේ වේ. –පෙ– මණ්ඩපයෙක් කරවන ලද්දේ වේ. –පෙ– ආරාමයෙක් කරවන ලද්දේ වේ. –පෙ– ආරාම වත්තක් කරවන ලද්දේ වේ. –පෙ– පුතකුගේ ආවාහ මඟුලෙක් හෝ වේ. –පෙ– දුවකගේ විවාහ මඟුලෙක් හෝ වේ. –පෙ– ගිලන් වූයේ හෝ වේ. –පෙ– ප්‍රසිද්ධ වූ සූත්‍රධර්‍මයක් හෝ කියයි. හෙ තෙමේ ‘පින්වතුන් වහන්සේලා වඩින සේක්වා. මේ සූත්‍ර ධර්‍මය යම් තාක් නො නැසේ ද, ඊට පෙර මේ සුත්‍රධර්‍මය පුහුණු කරන්නාහු’ යි භික්‍ෂූන් වෙතට දූතයකු එවන්නේ ද, ඔහුගේ අන් කිසක් හෝ කටයුත්තක් හෝ වේ ද, (එකල) හෙ තෙමේ ‘පින්වතුන් වහන්සේලා වඩින සේක්වා, මම දන් දෙන්නට ද බණ අසන්නට ද භික්‍ෂූන් දකින්නට ද කැමැත්තෙමි’ යි භික්‍ෂූන් වෙතට දූතයකු එවන්නේ නම්, මහණෙනි, පණිවිඩ එවූ කල්හි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ නො එවූ කල්හි නො යා යුතු ම ය. සතියෙන් ආ පසු ඊම කළ යුතු ය.”
Pali BJT35. “ඉධ පන භික්ඛවෙ, උපාසිකාය සඞ්ඝං උද්දිස්ස විහාරො කාරාපිතො හොති. සා චෙ භික්ඛූනං සන්තිකෙ දූතං පහිණෙය්ය: ‘ආගච්ඡන්තු අය්යා, ඉච්ඡාමි දානඤ්ච දාතුං, ධම්මං ච සොතුං, භික්ඛූ ච පස්සිතු’න්ති. ගන්තබ්බං භික්ඛවෙ, සත්තාහකරණීයෙන පහිතෙ: න ත්වෙව අප්පහිතෙ: සත්තාහං සන්නිවත්තො කාතබ්බො.”
Sinhala BJT35. “මහණෙනි, මෙහි උපාසිකාවක විසින් සඞ්ඝයා උදෙසා විහාරයෙක් කරවන ලද්දේ වේ. ඕ තොමෝ ඉදින් ‘ආර්‍ය්‍යයන් වහන්සේලා වඩින සේක් වා. මම දන් දෙන්නට ද බණ අසන්නට ද භික්‍ෂූන් දකින්නට ද කැමැත්තෙමි’ යි භික්‍ෂූන් වෙතට, දූතයකු එවන්නී නම්, මහණෙනි, පණිවිඩ එවූ කල්හි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ නො එවූ කල්හි නො යා යුතු ම ය. සතියෙන් ආ පසු ඊම කළ යුතු ය.”
Pali BJT36. “ඉධ පන භික්ඛවෙ, උපාසිකාය සඞ්ඝං උද්දිස්ස අඩ්ඪයොගො කාරාපිතො හොති. පාසාදො කාරාපිතො හොති. හම්මියං කාරාපිතං හොති. ගුහා කාරාපිතා හොති. පරිවෙණං කාරාපිතං හොති. කොට්ඨකො කාරාපිතො හොති. උපට්ඨානසාලා කාරාපිතා හොති. අග්ගිසාලා කාරාපිතා හොති. කප්පියකුටි කාරාපිතා හොති. වච්චකුටී කාරාපිතා හොති. චඞ්කමො කාරාපිතො හොති. චඞ්කමනසාලා කාරාපිතා හොති. උදපානො කාරාපිතො හොති. උදපානසාලාකාරාපිතා හොති. ජන්තාඝරං කාරාපිතං හොති. ජන්තාඝරසාලා කාරාපිතා හොති. පොක්ඛරණී කාරාපිතා හොති. මණ්ඩපො කාරාපිතො හොති. ආරාමො කාරාපිතො හොති. ආරාමවත්ථු කාරාපිතං හොති. සා චෙ භික්ඛූනං සන්තිකෙ දූතං පහිණෙය්ය: ‘ආගච්ඡන්තු අය්යා, ඉච්ඡාමි දානඤ්ච දාතුං, ධම්මං ච සොතුං, භික්ඛූ ච පස්සිතු”න්ති. ගන්තබ්බං භික්ඛවෙ, සත්තාහකරණීයෙන පහිතෙ: න ත්වෙව අප්පහිතෙ: සත්තාහං සන්නිවත්තො කාතබ්බො.”
Sinhala BJT36. “මහණෙනි, මෙහි උපාසිකාවක විසින් සඞ්ඝයා උදෙසා අඩ සෙවෙනි ඇති ගෙයක් කරවන ලද්දේ වේ. සිවුරැස්ගෙයක් කරවන ලද්දේ වේ. සඳලු සහිත ගෙයක් කරවන ලද්දේ වේ. ගුහාවක් කරවන ලද්දේ වේ. පිරිවෙණක් කරවන ලද්දේ වේ. කොටුගෙයක් කරවන ලද්දේ වේ. උපස්ථාන ශාලාවක් කරවන ලද්දී වේ. අග්නිශාලාවක් කරවන ලද්දී වේ. කැපකිළියක් කරවන ලද්දී වේ. වැසිකිළියක් කරවන ලද්දී වේ. සක්මනක් කරවන ලද්දේ වේ. චඞ්ක්‍රමණශාලාවක් කරවන ලද්දී වේ. ලිඳක් කරවන ලද්දේ වේ. ලින්හලක් කරවන ලද්දේ වේ. ජන්තාඝරයෙක් කරවන ලද්දේ වේ. ජන්තාඝර ශාලාවක් කරවන ලද්දී වේ. පොකුණක් කරවන ලද්දේ වේ. මණ්ඩපයෙක් කරවන ලද්දේ වේ. ආරාමයෙක් කරවන ලද්දේ වේ. ආරාමවත්තක් කරවන ලද්දේ වේ. ඕ තොමෝ ‘ආර්‍ය්‍යයන් වහන්සේලා වඩිනසේක්වා. මම දන් දෙන්නට ද බණ අසන්නට ද භික්‍ෂූන් දකින්නට ද කැමැත්තෙමි’ යි භික්‍ෂූන් වෙතට දූතයකු එවන්නී නම්, මහණෙනි, පණිවිඩ එවූ කල්හි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ නො එවූ කල්හි නො යා යුතු ම ය. සතියෙන් ආ පසු ඊම කළ යුතු ය.
Pali BJT37. “ඉධ පන භික්ඛවෙ, උපාසිකාය සම්බහුලෙ භික්ඛූ උද්දිස්ස. -පෙ- එකං භික්ඛුං උද්දිස්ස -පෙ- භික්ඛුණිසඞ්ඝං උද්දිස්ස -පෙ- සම්බහුලා භික්ඛුණියො උද්දිස්ස -පෙ- එකං භික්ඛුනිං උද්දිස්ස -පෙ- සම්බහුලා සික්ඛමානායො උද්දිස්ස -පෙ- එකං සික්ඛමානං උද්දිස්ස -පෙ- සම්බහුලෙ සාමණෙරෙ උද්දිස්ස -පෙ- එකං සාමණෙරං උද්දිස්ස -පෙ- සම්බහුලා සාමණෙරියො උද්දිස්ස -පෙ- එකං සාමණෙරිං උද්දිස්ස -පෙ- අත්තනො අත්ථාය නිවෙසනං කාරාපිතං හොති. සයනිඝරං කාරාපිතං හොති. උදොසිතො කාරාපිතො හොති. අට්ටො කාරාපිතො හොති. මාලො කාරාපිතො හොති. ආපණො කාරාපිතො හොති. ආපණසාලා කාරාපිතා හොති. පාසාදො කාරාපිතො හොති. හම්මියං කාරාපිතං හොති. ගුහා කාරාපිතා හොති. පරිවෙණං කාරාපිතං හොති. කොට්ඨකො කාරාපිතො හොති. උපට්ඨානසාලා කාරාපිතා හොති. අග්ගිසාලා කාරාපිතා හොති. රසවතී කාරාපිතා හොති. වච්චකුටි කාරාපිතා හොති. චඞ්කමො කාරාපිතො හොති. චඞ්කමනසාලා කාරාපිතා හොති. උදපානො කාරාපිතො හොති. උදපානසාලා කාරාපිතා හොති. ජන්තාඝරං කාරාපිතං හොති. ජන්තාඝරසාලා කාරාපිතා හොති. පොක්ඛරණී කාරාපිතා හොති. මණ්ඩපො කාරාපිතො හොති. ආරාමො කාරාපිතො හොති. ආරාමවත්ථු කාරාපිතං හොති. පුත්තස්ස වා වාරෙය්යං හොති. ධීතුයා වා වාරෙය්යං හොති. ගිලානා වා හොති. අභිඤ්ඤාතං වා සුත්තන්තං භණති. සා චෙ භික්ඛූනං සන්තිකෙ දූතං පහිණෙය්ය: ‘ආගච්ඡන්තු අය්යා. ඉමං සුත්තන්තං පරියාපුණිස්සන්ති, පුරායං සුත්තන්තො පලුජ්ජතී’ති. අඤ්ඤතරං වා පනස්සා කිච්චං හොති කරණීයං වා. සා චෙ භික්ඛූනං සන්තිකෙ දූතං පහිණෙය්ය: ‘ආගච්ඡන්තු අය්යා, ඉච්ඡාමි දානං ච දාතුං, ධම්මඤ්ච සොතුං, භික්ඛූ ච පස්සිතු’න්ති, ගන්තබ්බං භික්ඛවෙ, සත්තාහකරණීයෙන පහිතෙ:. න ත්වෙව අප්පහිතෙ:. සත්තාහං සන්නිවත්තො කාතබ්බො.”
Sinhala BJT37. “මහණෙනි, මෙහි උපාසිකාවක විසින් බොහෝ භික්‍ෂූන් උදෙසා –පෙ– එක් භික්‍ෂුනමක් උදෙසා –පෙ– මෙහෙණසඟ උදෙසා –පෙ– බොහෝ මෙහෙණන් උදෙසා –පෙ– එක් මෙහෙණක උදෙසා –පෙ– බොහෝ හික්මෙන්නියන් උදෙසා –පෙ– එක් හික්මෙන්නියක උදෙසා –පෙ– බොහෝ හෙරණුන් උදෙසා –පෙ– එක් හෙරණකු උදෙසා –පෙ– බොහෝ සාමණේරීන් උදෙසා –පෙ– එක් සාමණෙරියක උදෙසා –පෙ– තමන් පිණිස ගෙයක් කරවන ලද්දේ වේ. නිදන ගෙයක් කරවන ලද්දේ වේ. –පෙ– බඩු තබන ගෙයක් කරවන ලද්දේ වේ. –පෙ– මුරගෙයක් කරවන ලද්දේ වේ. –පෙ– එක් කැණිමඬලින් යුත් ගෙයක් කරවන ලද්දේ වේ. –පෙ– කඩ පිලක් කරවන ලද්දේ වේ. කඩපිල්හලක් කරවන ලද්දේ වේ. –පෙ– සිවුරැස්ගෙයක් කරවන ලද්දේ වේ. –පෙ– සඳලු සහිත ගෙයක් කරවන ලද්දේ වේ. –පෙ– ගුහාවක් කරවන ලද්දී වේ. පිරිවෙණක් කරවන ලද්දේ වේ. –පෙ– කොටුගෙයක් කරවන ලද්දේ වේ. උපස්ථානශාලාවක් කරවන ලද්දී වේ. –පෙ– අග්නිශාලාවක් කරවන ලද්දී වේ. –පෙ– මුළුතැන්ගෙයක් කරවන ලද්දේ වේ. –පෙ– වැසිකිළියක් කරවන ලද්දී වේ. –පෙ– සක්මනක් කරවන ලද්දේ වේ. –පෙ– චඞ්ක්‍රමණශාලාවක් කරවන ලද්දී වේ. –පෙ– ලිඳක් කරවන ලද්දේ වේ. –පෙ– ලින්හලක් කරවන ලද්දේ වේ. –පෙ– ජන්තාඝරයෙක් කරවන ලද්දේ වේ. –පෙ– ජන්තාඝර ශාලාවක් කරවන ලද්දී වේ. –පෙ– පොකුණක් කරවන ලද්දේ වේ. –පෙ– මණ්ඩපයෙක් කරවන ලද්දේ වේ. –පෙ– ආරාමයෙක් කරවන ලද්දේ වේ. –පෙ– ආරාම වත්තක් කරවන ලද්දේ වේ. –පෙ– පුතකුගේ ආවාහ මඟුලෙක් වේ. –පෙ– දුවකගේ විවාහ මඟුලෙක් හෝ වේ. –පෙ– ගිලන් වූවා හෝ වේ. –පෙ– ප්‍රසිද්ධ වූ සූත්‍ර ධර්‍මයක් හෝ කියයි. –පෙ– ඕ තොමෝ ‘ආර්‍ය්‍යයන් වහන්සේලා වඩිනසේක්වා. මේ සූත්‍ර ධර්‍මය යම් තාක් පලුදු වේ ද, ඊට පෙර මේ සූත්‍ර ධර්‍මය පුහුණු කරන්නාහු’ යි භික්‍ෂූන් වෙතට දූතයකු එවන්නී ද, ඈ පිළිබඳ කළයුතු එක්තරා කටයුත්තෙක් හෝ වේ ද, මහණෙනි, පණිවිඩ එවූ කල්හි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ නො එවූ කල්හි නො යා යුතු ම ය. සතියෙන් නැවත ඊම කළ යුතු ය.”
Pali BJT38. “ඉධ පන භික්ඛවෙ, භික්ඛුනා සඞ්ඝං උද්දිස්ස -පෙ- භික්ඛුණියා සඞ්ඝං උද්දිස්ස -පෙ- සික්ඛමානාය සඞ්ඝං උද්දිස්ස -පෙ- සාමණෙරෙන සඞ්ඝං උද්දිස්ස -පෙ- සාමණෙරියා සඞ්ඝං උද්දිස්ස -පෙ- සම්බහුලෙ භික්ඛූ උද්දිස්ස -පෙ- එකං භික්ඛුං උද්දිස්ස -පෙ- භික්ඛුණිසඞ්ඝං උද්දිස්ස -පෙ- සම්බහුලා භික්ඛුණියො උද්දිස්ස -පෙ- එකං භික්ඛුණිං උද්දිස්ස -පෙ- සම්බහුලා සික්ඛමානායො උද්දිස්ස -පෙ- එකං සික්ඛමානං උද්දිස්ස -පෙ- සම්බහුලෙ සාමණෙරෙ උද්දිස්ස -පෙ- එකං සාමණෙරං උද්දිස්ස -පෙ- සම්බහුලා සාමණෙරියො උද්දිස්ස -පෙ- එකං සාමණෙරිං උද්දිස්ස -පෙ- අත්තනො අත්ථාය විහාරො කාරාපිතො හොති. අඩ්ඪයොගො කාරාපිතො හොති. පාසාදො කාරාපිතො හොති. හම්මියං කාරාපිතං හොති. ගුහා කාරාපිතා හොති. පරිවෙණං කාරාපිතං හොති. කොට්ඨකො කාරාපිතො හොති. උපට්ඨානසාලා කාරාපිතා හොති. අග්ගිසාලා කාරාපිතා හොති. කප්පියකුටි කාරාපිතා හොති. චඞ්කමො කාරාපිතො හොති. චඞ්කමනසාලා කාරාපිතා හොති. උදපානො කාරාපිතො හොති. උදපානසාලා කාරාපිතා හොති. පොක්ඛරණී කාරාපිතා හොති. මණ්ඩපො කාරාපිතො හොති. ආරාමො කාරාපිතො හොති. ආරාමවත්ථු කාරාපිතං හොති. සා චෙ භික්ඛූනං සන්තිකෙ දූතං පහිණෙය්ය: ‘ආගච්ඡන්තු අය්යා ඉච්ඡාමි දානඤ්ච දාතුං, ධම්මඤ්ච සොතුං, භික්ඛූ ච පස්සිතු’න්ති, ගන්තබ්බං භික්ඛවෙ, සත්තාහකරණීයෙන පහිතෙ: න ත්වෙව අප්පහිතෙ: සත්තාහං සන්නිවත්තො කාතබ්බො”ති.
Sinhala BJT38. “මහණෙනි, මෙහි මහණකු විසින් සඞ්ඝයා උදෙසා –පෙ– මෙහෙණක විසින් සඞ්ඝයා උදෙසා –පෙ– හික්මෙන්නියක විසින් සඞ්ඝයා උදෙසා –පෙ– හෙරණකු විසින් සඞ්ඝයා උදෙසා –පෙ– හෙරණියක විසින් සඞ්ඝයා උදෙසා –පෙ– බොහෝ භික්‍ෂූන් උදෙසා –පෙ– එක් මහණකු උදෙසා –පෙ– මෙහෙණ සඟ උදෙසා –පෙ– බොහෝ මෙහෙණන් උදෙසා –පෙ– එක් මෙහෙණක උදෙසා –පෙ– බොහෝ හික්මෙන්නියන් උදෙසා –පෙ– එක් හික්මෙන්නියක උදෙසා –පෙ– බොහෝ හෙරණුන් උදෙසා –පෙ– එක් හෙරණකු උදෙසා –පෙ– බොහෝ සාමණේරීන් උදෙසා –පෙ– එක් සාමණෙරියක උදෙසා –පෙ– තමන් පිණිස විහාරයෙක් කරවන ලද්දේ වේ. අඩසෙවෙනි ඇති ගෙයක් කරවන ලද්දේ වේ. සිවුරැස්ගෙයක් කරවන ලද්දේ වේ. සඳලු සහිත ගෙයක් කරවන ලද්දේ වේ. ගුහාවක් කරවන ලද්දේ වේ. පිරිවෙණක් කරවන ලද්දේ වේ. කොටුගෙයක් කරවන ලද්දේ වේ. උපස්ථානශාලාවක් කරවන ලද්දී වේ. අග්නිශාලාවක් කරවන ලද්දී වේ. කැප කිළියක් කරවන ලද්දී වේ. සක්මනෙක් කරවන ලද්දේ වේ. චඞ්ක්‍රමණ ශාලාවක් කරවන ලද්දී වේ. ලිඳක් කරවන ලද්දේ වේ. ලින්හලක් කරවන ලද්දේ වේ. පොකුණක් කරවන ලද්දේ වේ. මණ්ඩපයක් කරවන ලද්දේ වේ. ආරාමයක් කරවන ලද්දේ වේ. ආරාමවත්තක් කරවන ලද්දේ වේ. ඕ තොමෝ ‘ආර්‍ය්‍යයන් වහන්සේලා වඩින සේක්වා. මම දන් දෙන්නට ද බණ අසන්නට ද භික්‍ෂූන් දකින්නට ද කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු එවන්නී නම්, මහණෙනි, පණිවිඩ එවූ කල්හි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ නො එවූ කල්හි නො යා යුතු ම ය. සතියෙන් නැවත ඊම කළ යුතුය.”
Pali BJT39. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු ගිලානො හොති. සො භික්ඛූනං සන්තිකෙ දූතං පාහෙසි: ‘අහං හි{1} ගිලානො ආගච්ඡන්තු භික්ඛූ ඉච්ඡාමි භික්ඛූනං ආගත”න්ති.
Sinhala BJT39. එකල්හි වනාහි එක්තරා මහණෙක් තෙමේ ගිලන් වූයේ වේ. හෙතෙමේ “මම ගිලන් වෙමි. භික්‍ෂූහු එත්වා. භික්‍ෂූන්ගේ ඊම කැමැත්තෙමි” යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යැවූයේ ය.
Pali BJT40. භගවතො එතමත්ථං ආරොචෙසුං:- “අනුජානාමි භික්ඛවෙ, පඤ්චන්නං සත්තාහකරණීයෙන අප්පහිතෙපි ගන්තුං පගෙව පහිතෙ: භික්ඛුස්ස භික්ඛුණියා සික්ඛමානාය සාමණෙරස්ස සාමණෙරියා{2}. අනුජානාමි භික්ඛවෙ, ඉමෙසං පඤ්චන්නං සත්තාහකරණීයෙන අප්පහිතෙපි ගන්තුං, පගෙව පහිතෙ: සත්තාහං සන්නිවත්තො කාතබ්බො.”
Sinhala BJT40. භාග්‍යවතුන් වහන්සේට මේ වග සැළ කළහ. “මහණෙනි, මහණෙක මෙහෙණක හික්මෙන්නියක හෙරණෙක හෙරණියක යන පස් දෙනාගේ සමීපයට පණිවිඩ නො එවූ කල්හි ද සත්තාහකරණීයයෙන් යන්ට අනුදනිමි. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? මහණෙනි, මේ පස්දෙනාගේ සමීපයට පණිවිඩ නො එවූ කල්හි ද සත්තාහකරණීයයෙන් යන්ට අනුදනිමි. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් ආ පසු ඊම කළ යුතු ය.”
Pali BJT41. “ඉධ පන භික්ඛවෙ, භික්ඛු ගිලානො හොති. සො චෙ භික්ඛූනං සන්තිකෙ දූතං පහිණෙය්ය: ‘අහං හි ගිලානො. ආගච්ඡන්තු භික්ඛූ. ඉච්ඡාමි භික්ඛූනං ආගත’න්ති. ගන්තබ්බං භික්ඛවෙ, සත්තාහකරණීයෙන අප්පහිතෙපි පගෙව පහිතෙ: ‘ගිලානභත්තං වා පරියෙසිස්සාමි, ගිලානුපට්ඨාකභත්තං වා පරියෙසිස්සාමි, ගිලානභෙසජ්ජං වා පරියෙසිස්සාමි, පුච්ඡිස්සාමි වා, උපට්ඨහිස්සාමි වා ති. සත්තාහං සන්නිවත්තො කාතබ්බො.”
Sinhala BJT41. “මහණෙනි, මෙහි මහණෙක් තෙමේ ගිලන් වූයේ වේ. හෙ තෙමේ ‘මම ගිලන් වෙමි. භික්‍ෂූහු එත්වා. භික්‍ෂූන්ගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නේ නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ‘ගිලන්බත් හෝ සොයන්නෙමි. ග්ලානෝපස්ථායකයන් සඳහා බත් හෝ සොයන්නෙමි. ගිලන් බෙහෙත් හෝ සොයන්නෙමි. සුවදුක් හෝ විචාරන්නෙමි. උවැටන් හෝ කරන්නෙමි’ යි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් ආ පසු ඊම කළ යුතු ය.”
Pali BJT42. “ඉධ පන භික්ඛවෙ, භික්ඛුස්ස අනභිරති උප්පන්නා හොති. සො චෙ භික්ඛූනං සන්තිකෙ දූතං පහිණෙය්ය: ‘අනභිරති මෙ උප්පන්නා. ආගච්ඡන්තු භික්ඛූ. ඉච්ඡාමි භික්ඛූනං ආගත’න්ති, ගන්තබ්බං භික්ඛවෙ, සත්තාහකරණීයෙන අප්පහිතෙපි පගෙව පහිතෙ: ‘අනභිරතං වූපකාසෙස්සාමි වා, වූපකාසාපෙස්සාමි වා, ධම්මකථං වාස්ස කරිස්සාමී ති. සත්තාහං සන්නිවත්තො කාතබ්බො.”
Sinhala BJT42. “මහණෙනි, මෙහි මහණෙකුහට සසුන්හි කළකිරීමෙක් උපන්නේ වේ. හෙ තෙමේ ‘මට කළකිරීමෙක් උපන්නේ ය. භික්‍ෂූහු එත්වා, භික්‍ෂූන්ගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නේ නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ‘කළකිරීම බැහැර කරන්නෙමි හෝ බැහැර කරවන්නෙමි. ඔහුට ධර්‍ම කථාවක් හෝ කරන්නෙමි” යි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවතිය යුතු ය.”
Pali BJT43. “ඉධ පන භික්ඛවෙ, භික්ඛුස්ස කුක්කුච්චං උප්පන්නං හොති. සො චෙ භික්ඛූනං සන්තිකෙ දූතං පහිණෙය්ය: ‘කුක්කුච්චං මෙ උප්පන්නං. ආගච්ඡන්තු භික්ඛූ. ඉච්ඡාමි භික්ඛූනං ආගත’න්ති. ගන්තබ්බං භික්ඛවෙ, සත්තාහකරණීයෙන අප්පහිතෙපි පගෙව පහිතෙ: ‘කුක්කුච්චං විනොදෙස්සාමි වා, විනොදාපෙස්සාමි වා, ධම්මකථං වාස්ස කරිස්සාමී’ති. සත්තාහං සන්නිවත්තො කාතබ්බො.”
Sinhala BJT43. “මහණෙනි, මෙහි මහණෙකුහට කුකුසෙක් උපන්නේ වේ. හෙ තෙමේ “මට කුකුසෙක් උපන්නේ ය. භික්‍ෂූහු එත්වා. භික්‍ෂූන් ගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නේ නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ‘කුකුස දුරු කරන්නෙමි යි හෝ, දුරු කරවාලන්නෙමි යි හෝ, මොහුට ධර්‍මකථාවක් හෝ කරන්නෙමි’ යි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවතිය යුතු ය.”
Pali BJT44. “ඉධ පන භික්ඛවෙ, භික්ඛුස්ස දිට්ඨිගතං උප්පන්නං හොති. සො චෙ භික්ඛූනං සන්තිකෙ දූතං පහිණෙය්ය: “දිට්ඨිගතං මෙ උප්පන්නං. ආගච්ඡන්තු භික්ඛූ. ඉච්ඡාමි භික්ඛූනං ආගත’න්ති. ගන්තබ්බං භික්ඛවෙ, සත්තාහකරණීයෙන අප්පහිතෙපි පගෙව පහිතෙ: ‘දිට්ඨිගතං විවෙචෙස්සාමි වා, විවෙචාපෙස්සාමි වා, ධම්මකථං වාස්ස කරිස්සාමී’ති. සත්තාහං සන්නිවත්තො කාතබ්බො.”
Sinhala BJT44. “මහණෙනි, මෙහි මහණෙකුහට මිසදිටුවක් උපන්නේ වේ. හෙ තෙමේ ‘මට මිසදිටුවක් උපන්නේ ය. භික්‍ෂූහු එත්වා. භික්‍ෂූන්ගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නේ නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ‘මිසදිටුව බැහැර කරන්නෙමි යි හෝ, බැහැර කරවන්නෙමි යි හෝ, මොහුට ධර්‍ම කථාවක් හෝ කරන්නෙමි’ යි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවතිය යුතු ය.”
Pali BJT45. “ඉධ පන භික්ඛවෙ, භික්ඛු ගරුධම්මං අජ්ඣාපන්නො හොති පරිවාසාරහො. සො චෙ භික්ඛූනං සන්තිකෙ දූතං පහිණෙය්ය: ‘අහං හි ගරුධම්මං අජ්ඣාපන්නො පරිවාසාරහො. ආගච්ඡන්තු භික්ඛූ. ඉච්ඡාමි භික්ඛූනං ආගත’න්ති, ගන්තබ්බං භික්ඛවෙ, සත්තාහකරණීයෙන අප්පහිතෙපි පගෙව පහිතෙ: ‘පරිවාසදානං උස්සුක්කං කරිස්සාමි වා, අනුස්සාවෙස්සාමි වා: ගණපූරකො වා භවිස්සාමී’ති. සත්තාහං සන්නිවත්තො කාතබ්බො.”
Sinhala BJT45. “මහණෙනි, මෙහි මහණෙක් තෙමේ ගරු ඇවැතට පැමිණියේ පිරිවෙසට සුදුසු වූයේ වේ. හෙ තෙමේ ‘මම ගරු ඇවැතට පැමිණි යේ පිරිවෙසට සුදුසු වූයේ වෙමි. භික්‍ෂූහු එත්වා. භික්‍ෂූන්ගේ ඊම කැමැත්තෙමි” යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නේ නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ‘පිරිවෙස් දීම ඉක්මන් කරන්නෙමි යි හෝ (කර්‍මවාක්‍ය) අස්වන්නෙමි යි හෝ, ගණපූරකයෙක් හෝ වන්නෙමි” යි සත්තාහකරණීයයෙන් යායුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවැතිය යුතු ය.”
Pali BJT46. “ඉධ පන භික්ඛවෙ, භික්ඛු මූලාය පටිකස්සනාරහො හොති. සො චෙ භික්ඛූනං සන්තිකෙ දූතං පහිණෙය්ය: ‘අහං හි මූලාය පටිකස්සනාරහො ආගච්ඡන්තු භික්ඛූ. ඉච්ඡාමි භික්ඛූනං ආගත’න්ති. ගන්තබ්බං භික්ඛවෙ, සත්තාහකරණීයෙන අප්පහිතෙපි පගෙව පහිතෙ: ‘මූලාය පටිකස්සනං උස්සුක්කං කරිස්සාමි වා, අනුස්සාවෙස්සාමි වා, ගණපූරකො වා භවිස්සාමී’ති. සත්තාහං සන්නිවත්තො කාතබ්බො.”
Sinhala BJT46. “මහණෙනි, මෙහි මහණෙක් තෙමේ ‘මූලායපටිකස්සන’ නම් විනයකර්‍මයට සුදුසු වූයේ වේ. හෙතෙමේ ‘මම ‘මූලායපටිකස්සන’ විනයකර්‍මයට සුදුසු වූයේ වෙමි. භික්‍ෂූහු එත්වා, භික්‍ෂූන්ගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නේ නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ‘මූලායපටිකස්සනකර්‍මය’ ඉක්මන් කරන්නෙමි යි හෝ, (කර්‍මවාක්‍ය) අස්වන්නෙමි යි හෝ, ගණපූරකයෙක් හෝ වන්නෙමි’ යි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවැතිය යුතුය.”
Pali BJT47. “ඉධ පන භික්ඛවෙ, භික්ඛු මානත්තාරහො හොති. සො චෙ භික්ඛූනං සන්තිකෙ දූතං පහිණෙය්ය: ‘අහං හි මානත්තාරහො. ආගච්ඡන්තු භික්ඛූ. ඉච්ඡාමි භික්ඛූනං ආගත’න්ති. ගන්තබ්බං භික්ඛවෙ, සත්තාහකරණීයෙන අප්පහිතෙපි පගෙව පහිතෙ: ‘මානත්තදානං උස්සුක්කං කරිස්සාමි වා, අනුස්සාවෙස්සාමි වා, ගණපූරකො වා භවිස්සාමී’ති. සත්තාහං සන්නිවත්තො කාතබ්බො.”
Sinhala BJT47. “මහණෙනි, මෙහි මහණෙක් තෙමේ මානතට සුදුසු වේ. හෙ තෙමේ “මම මානතට සුදුසු වූයේ වෙමි. භික්‍ෂූහු එත්වා. භික්‍ෂූන්ගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නේ නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද මානත දීම ඉක්මන් කරන්නෙමි යි හෝ, (කර්‍මවාක්‍ය) අස්වන්නෙමි යි හෝ, ගණපූරකයෙක් හෝ වන්නෙමි’ යි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවැතිය යුතු ය.”
Pali BJT48. “ඉධ පන භික්ඛවෙ, භික්ඛු අබ්භානාරහො හොති. සො චෙ භික්ඛූනං සන්තිකෙ දූතං පහිණෙය්ය: ‘අහං හි අබ්භානාරහො. ආගච්ඡන්තු භික්ඛූ. ඉච්ඡාමි භික්ඛූනං ආගත’න්ති. ගන්තබ්බං භික්ඛවෙ, සත්තාහකරණීයෙන අප්පහිතෙපි පගෙව පහිතෙ: ‘අබ්භානං උස්සුක්කං කරිස්සාමි වා, අනුස්සාවෙස්සාමි වා, ගණපූරකො වා භවිස්සාමී”ති. සත්තාහං සන්නිවත්තො කාතබ්බො.”
Sinhala BJT48. “මහණෙනි, මෙහි මහණෙක් තෙමේ අබ්භානයට සුදුසු වූයේ වේ. හෙ තෙමේ ‘මම අබ්භානයට සුදුසු වූයේ වෙමි. භික්‍ෂූහු එත්වා. භික්‍ෂූන්ගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නේ නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ‘අබ්භානය දීම ඉක්මන් කරන්නෙමි යි හෝ, (කර්‍මවාක්‍ය) අස්වන්නෙමි යි හෝ ගණපූරකයෙක් හෝ වන්නෙමි’ යි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවතිය යුතු ය.”
Pali BJT49. “ඉධ පන භික්ඛවෙ, භික්ඛුස්ස සඞ්ඝො කම්මං කත්තුකාමො හොති. තජ්ජනීයං වා නියස්සං වා පබ්බාජනීයං වා පටිසාරණීයං වා උක්ඛෙපනීයං වා. සො චෙ භික්ඛූනං සන්තිකෙ දූතං පහිණෙය්ය: “සඞ්ඝො මෙ කම්මං කත්තුකාමො. ආගච්ඡන්තු භික්ඛූ. ඉච්ඡාමි භික්ඛූනං ආගත’න්ති. ගන්තබ්බං භික්ඛවෙ, සත්තාහකරණීයෙන අප්පහිතෙපි පගෙව පහිතෙ: ‘කින්ති නු ඛො සඞ්ඝො කම්මං න කරෙය්ය. ලහුතාය වා පරිණාමෙය්යා’ති. සත්තාහං සන්නිවත්තො කාතබ්බො.”
Sinhala BJT49. “මහණෙනි, මෙහි මහණෙකුහට සඞ්ඝ තෙමේ තජ්ජනීයකර්‍මය හෝ නියස්සකර්‍මය හෝ පබ්බාජනීයකර්‍මය හෝ පටිසාරණීයකර්‍මය හෝ උක්ඛේපනීයකර්‍මය හෝ කරණු කැමැත්තේ වේ. හෙතෙමේ ‘සඞ්ඝ තෙමේ මට කර්‍මයක් කරණු කැමැත්තේ වේ. භික්‍ෂූහු එත්වා. භික්‍ෂූන්ගේ ඊම කැමැත්තෙමි” යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නේ නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ‘සඞ්ඝ තෙමේ කෙසේ නම් කර්‍ම නො ම කරන්නේ ද? කර්‍මය සැහැල්ලු බවට හෝ පෙරළන්නේ දැ’ යි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවතිය යුතු ය.”
Pali BJT50. “කතං වා පනස්ස හොති සඞ්ඝෙන කම්මං තජ්ජනීයං වා නියස්සං වා පබ්බාජනීයං වා පටිසාරණීයං වා උක්ඛෙපනීයං වා. සො චෙ භික්ඛූනං සන්තිකෙ දූතං පහිණෙය්ය: ‘සඞ්ඝො මෙ කම්මං අකාසි. ආගච්ඡන්තු භික්ඛූ. ඉච්ඡාමි භික්ඛූනං ආගත’න්ති. ගන්තබ්බං භික්ඛවෙ, සත්තාහකරණීයෙන අප්පහිතෙපි පගෙව පහිතෙ: – ‘කින්ති නු ඛො සම්මා වත්තෙය්ය? ලොමං පාතෙය්ය? නෙත්ථාරං වත්තෙය්ය? සඞ්ඝො තං කම්මං පටිප්පස්සම්භෙය්යා’ති. සත්තාහං සන්නිවත්තො කාතබ්බො.”
Sinhala BJT50. “මොහුට සඞ්ඝයා විසින් තජ්ජනීයකර්‍මය හෝ නියස්සකර්‍මය හෝ පබ්බාජනීයකර්‍මය හෝ පටිසාරණීයකර්‍මය හෝ උක්ඛේපනීයකර්‍මය හෝ කරණ ලද්දේ වේ. හෙ තෙමේ “සඞ්ඝ තෙමේ මට කර්‍මයක් කෙළේ ය. භික්‍ෂූහු එත්වා. භික්‍ෂූන්ගේ ඊම කැමැත්තෙමි” යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නේ නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ‘කෙසේ නම් මනා කොට පවතින්නේ ද? මහණුන්ට අනුලොම් ව පවතින්නේ ද? කර්‍මයෙන් නිදහස් වන සේ පවතින්නේ ද? සඞ්ඝ තෙමේ ඒ කර්‍මය සංසිඳුවන්නේ දැ’ යි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේද? සතියෙන් නැවැතිය යුතු ය.”
Pali BJT51 “ඉධ පන භික්ඛවෙ, භික්ඛුණී ගිලානා හොති. සා චෙ භික්ඛූනං සන්තිකෙ දූතං පහිණෙය්ය: ‘අහං හි ගිලානා. ආගච්ඡන්තු අය්යා. ඉච්ඡාමි අය්යානං ආගත’න්ති. ගන්තබ්බං භික්ඛවෙ, සත්තාහකරණීයෙන අප්පහිතෙපි පගෙව පහිතෙ: ‘ගිලානභත්තං වා පරියෙසිස්සාමි, ගිලානුපට්ඨාකභත්තං වා පරියෙසිස්සාමි, ගිලානභෙසජ්ජං වා පරියෙසිස්සාමි, පුච්ඡිස්සාමි වා, උපට්ඨහිස්සාමි වා’ති. සත්තාහං සන්නිවත්තො කාතබ්බො.”
Sinhala BJT51. “මහණෙනි, මෙහි මෙහෙණක් ගිලන් වූවා වේ. ඕ තොමෝ “මම ගිලන් වූවා වෙමි. පින්වතුන් වහන්සේලා එත්වා. පින්වතුන් වහන්සේලාගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නී නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ‘ගිලන්බත් හෝ සොයන්නෙමි. ග්ලානෝපස්ථායකයන් සඳහා හෝ, බත් සොයන්නෙමි. ගිලන් බෙහෙත් හෝ සොයන්නෙමි. (සුවදුක්) විචාරන්නෙමි යි හෝ, උවැටන් හෝ කරන්නෙමි’ යි සත්තාහකරණීයයෙන් යා යුතුය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවැතිය යුතු ය.”
Pali BJT52. “ඉධ පන භික්ඛවෙ, භික්ඛුණියා අනභිරති උප්පන්නා හොති. සා චෙ භික්ඛූනං සන්තිකෙ දූතං පහිණෙය්ය: ‘අනභිරති මෙ උප්පන්නා. ආගච්ඡන්තු අය්යා. ඉච්ඡාමි අය්යානං ආගත’න්ති. ගන්තබ්බං භික්ඛවෙ, සත්තාහකරණීයෙන අප්පහිතෙපි පගෙව පහිතෙ: ‘අනභිරතං වූපකාසෙස්සාමි වාවූපකාසාපෙස්සාමි වා, ධම්මකථං වාස්සා කරිස්සාමී’ති. සත්තාහං සන්නිවත්තො කාතබ්බො.”
Sinhala BJT52. “මහණෙනි, මෙහි මෙහෙණකට කළකිරීමක් වේ. ඕ තොමෝ ‘මට කළකිරීමක් උපන. පින්වතුන් වහන්සේලා එත්වා. පින්වතුන් වහන්සේලාගේ ඊම කැමැත්තෙමි’යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නී නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ‘කළකිරීම සංසිඳුවන්නෙමි යි හෝ, සංසිඳුවා ලන්නෙමි යි හෝ, මෑට ධර්‍ම කථාවක් හෝ කරන්නෙමි යි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනුම කවරේ ද? සතියෙන් නැවැතිය යුතු ය.”
Pali BJT53. “ඉධ පන භික්ඛවෙ, භික්ඛුණියා කුක්කුච්චං උප්පන්නං හොති. සා චෙ භික්ඛූනං සන්තිකෙ දූතං පහිණෙය්ය: ‘කුක්කුච්චං මෙ උප්පන්නං. ආගච්ඡන්තු අය්යා. ඉච්ඡාමි අය්යානං ආගත’න්ති. ගන්තබ්බං භික්ඛවෙ, සත්තාහකරණීයෙන අප්පහිතෙපි පගෙව පහිතෙ: ‘කුක්කුච්චං විනොදෙස්සාමි වා, විනොදාපෙස්සාමි වා, ධම්මකථං වාස්සා කරිස්සාමී’ති. සත්තාහං සන්නිවත්තො කාතබ්බො.”
Sinhala BJT53. “මහණෙනි, මෙහි මෙහෙණකට කුකුසෙක් උපන්නේ වේ. ඕ තොමෝ ‘මට කුකුසෙක් උපන්නේ ය. පින්වතුන් වහන්සේලා එත්වා. පින්වතුන් වහන්සේලාගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නී නම්, ‘මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ‘කුකුස දුරු කරන්නෙමි’ යි හෝ, දුරු කරවන්නෙමි යි හෝ, මෑට ධර්‍මකථාවක් හෝ කරන්නෙමි’ යි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවැතිය යුතු ය.”
Pali BJT54. “ඉධ පන භික්ඛවෙ, භික්ඛුණියා දිට්ඨිගතං උප්පන්නං හොති. සා චෙ භික්ඛූනං සන්තිකෙ දූතං පහිණෙය්ය: ‘දිට්ඨිගතං මෙ උප්පන්නං. ආගච්ඡන්තු අය්යා, ඉච්ඡාමි අය්යානං ආගත’න්ති. ගන්තබ්බං භික්ඛවෙ, සත්තාහකරණීයෙන අප්පහිතෙපි පගෙව පහිතෙ: ‘දිට්ඨිගතං විවෙචෙස්සාමි වා, විවෙචාපෙස්සාමි වා, ධම්මකථං වාස්සා කරිස්සාමී’ති. සත්තාහං සන්නිවත්තො කාතබ්බො.”
Sinhala BJT54. “මහණෙනි, මෙහි මෙහෙණකට මිසදිටුවක් උපන්නේ වේ. ඕ තොමෝ ‘මට මිසදිටුවක් උපන්නේ ය. පින්වතුන් වහන්සේලා එත්වා, පින්වතුන් වහන්සේලාගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නී නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද මිසදිටුව බැහැර කරන්නෙමි යි හෝ, බැහැර කරවන්නෙමි යි හෝ, මෑට ධර්‍මකථාවක් හෝ කරන්නෙමි’ යි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවැතිය යුතු ය.”
Pali BJT55. “ඉධ පන භික්ඛවෙ, භික්ඛුණී ගරුධම්මං අජ්ඣාපන්නා හොති මානත්තාරහා. සා චෙ භික්ඛූනං සන්තිකෙ දූතං පහිණෙය්ය: ‘අහං හි ගරුධම්මං අජ්ඣාපන්නා මානත්තාරහා. ආගච්ඡන්තු අය්යා, ඉච්ඡාමි අය්යානං ආගත’න්ති. ගන්තබ්බං භික්ඛවෙ, සත්තාහකරණීයෙන අප්පහිතෙපි පගෙව පහිතෙ: ‘මානත්තදානං උස්සුක්කං කරිස්සාමී’ති. සත්තාහං සන්නිවත්තො කාතබ්බො.”
Sinhala BJT55. “මහණෙනි, මෙහි මෙහෙණක් ගරු ඇවැතට පැමිණියා මානතට සුදුසු වූවා වේ. ඕ තොමෝ “මම ගරු ඇවතට පැමිණියා මානතට සුදුසු වූවා වෙමි. පින්වතුන් වහන්සේලා එත්වා, පින්වතුන් වහන්සේලාගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නී නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද මානත දීම ඉක්මන් කරන්නෙමි යි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවැතිය යුතු ය.”
Pali BJT56. “ඉධ පන භික්ඛවෙ, භික්ඛුණී මූලාය පටිකස්සනාරහා හොති. සා චෙ භික්ඛූනං සන්තිකෙ දූතං පහිණෙය්ය: ‘අහං හි මූලාය පටිකස්සනාරහා ආගච්ඡන්තු අය්යා. ඉච්ඡාමි අය්යානං ආගත’න්ති. ගන්තබ්බං භික්ඛවෙ, සත්තාහකරණීයෙන අප්පහිතෙපි පගෙව පහිතෙ: ‘මූලාය පටිකස්සනං උස්සුක්කං කරිස්සාමී’ති. සත්තාහං සන්නිවත්තො කාතබ්බො.”
Sinhala BJT56. “මහණෙනි, මෙහි මෙහෙණක් මූලායපටිකස්සනකර්‍මයට සුදුසු වූවා වේ. ඕ තොමෝ ‘මම මූලායපටිකස්සනකර්‍මයට සුදුසු වූවා වෙමි. පින්වතුන් වහන්සේලා එත්වා. පින්වතුන් වහන්සේලාගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නී නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද මූලායපටිකස්සනකර්‍මය ඉක්මන් කරන්නෙමි’ යි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවැතිය යුතු ය.”
Pali BJT57. “ඉධ පන භික්ඛවෙ, භික්ඛුණී අබ්භානාරහා හොති. සා චෙ භික්ඛූනං සන්තිකෙ දූතං පහිණෙය්ය: ‘අහං හි අබ්භානාරහා ආගච්ඡන්තු අය්යා. ඉච්ඡාමි අය්යානං ආගත’න්ති. ගන්තබ්බං භික්ඛවෙ, සත්තාහකරණීයෙන අප්පහිතෙපි පගෙව පහිතෙ: ‘අබ්භානං උස්සුක්කං කරිස්සාමී’ති. සත්තාහං සන්නිවත්තො කාතබ්බො.”
Sinhala BJT57. “මහණෙනි, මෙහි මෙහෙණක් අබ්භානයට සුදුසු වූවා වේ. ඕ තොමෝ “මම අබ්භානයට සුදුසු වූවා වෙමි. පින්වතුන් වහන්සේලා එත්වා. පින්වතුන් වහන්සේලාගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නී නම්, මහණෙනි, පණිවුඩ නො එවූ කල්හි ද ‘අබ්භානය ඉක්මන් කරන්නෙමි’ යි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවැතිය යුතු ය.
Pali BJT58. “ඉධ පන භික්ඛවෙ, භික්ඛුණියා සඞ්ඝො කම්මං කත්තුකාමො හොති තජ්ජනීයං වා නියස්සං වා, පබ්බාජනීයං වා පටිසාරණීයං වා උක්ඛෙපනීයං වා. සා චෙ භික්ඛූනං සන්තිකෙ දූතං පහිණෙය්ය: ‘සඞ්ඝො මෙ කම්මං කත්තුකාමො ආගච්ඡන්තු අය්යා. ඉච්ඡාමි අය්යානං ආගත’න්ති. ගන්තබ්බං භික්ඛවෙ, සත්තාහකරණීයෙන අප්පහිතෙපි පගෙව පහිතෙ: ‘කින්ති නු ඛො සඞ්ඝො කම්මං න කරෙය්ය? ලහුකාය වා පරිණාමෙය්යා’ති. සත්තාහං සන්නිවත්තො කාතබ්බො.”
Sinhala BJT58. “මහණෙනි, මෙහි මෙහෙණකට සඞ්ඝ තෙමේ තජ්ජනීයකර්‍මය හෝ නියස්සකර්‍මය හෝ පබ්බාජනීයකර්‍මය හෝ පටිසාරණීයකර්‍මය හෝ උක්ඛේපනීයකර්‍මය හෝ කරණු කැමැත්තේ වේ. ඕ තොමෝ ‘සඞ්ඝතෙමේ මට කර්‍මයක් කරණු කැමැත්තේ ය. පින්වතුන් වහන්සේලා එත්වා. පින්වතුන් වහන්සේලාගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නී නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ‘සඞ්ඝ තෙමේ කෙසේ නම් කර්‍ම නො කරන්නේ ද කර්‍මය සැහැල්ලු කිරීම පිණිස හෝ පෙරළන්නේ දැයි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවැතිය යුතු ය.”
Pali BJT59. “කතං වා පනස්සා හොති සඞ්ඝෙන කම්මං තජ්ජනීයං වා නියස්සං වා පබ්බාජනීයං වා පටිසාරණීයං වා උක්ඛෙපනීයං වා. සා චෙ භික්ඛූනං සන්තිකෙ දූතං පහිණෙය්ය: ‘සඞ්ඝො මෙ කම්මං අකාසි. ආගච්ඡන්තු අය්යා. ඉච්ඡාමි අය්යානං ආගත”න්ති. ගන්තබ්බං භික්ඛවෙ, සත්තාහකරණීයෙන අප්පහිතෙපි. පගෙව පහිතෙ: ‘කින්ති නු ඛො සම්මා වත්තෙය්ය? ලොමං පාතෙය්ය? නෙත්ථාරං වත්තෙය්ය? සඞ්ඝො තං කම්මං පටිප්පස්සම්භෙය්යා’ති. සත්තාහං සන්නිවත්තො කාතබ්බො.”
Sinhala BJT59. “මෑට සඞ්ඝයා විසින් තජ්ජනීයකර්‍මය හෝ නියස්සකර්‍මය හෝ පබ්බාජනීයකර්‍මය හෝ පටිසාරණීයකර්‍මය හෝ උක්ඛේපනීයකර්‍මය හෝ කරණ ලද්දේ වේ. ඕ තොමෝ ‘සඞ්ඝ තෙමේ මට කර්‍මයක් කෙළේ ය. පින්වතුන් වහන්සේලා එත්වා. පින්වතුන් වහන්සේලාගේ ඊම කැමැත්තෙමි”යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නී නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ‘කෙසේ නම් මනා කොට පවත්නේ ද? මහණුන්ට අනුලොම් ව පවත්නේ ද? කර්‍මයෙන් නිදහස් වන සේ පවත්නේ ද? සඞ්ඝ තෙමේ ඒ කර්‍මය සංසිඳුවන්නේ දැ’ යි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවැතිය යුතු ය.”
Pali BJT60. “ඉධ පන භික්ඛවෙ, සික්ඛමානා ගිලානා හොති. සා චෙ භික්ඛූනං සන්තිකෙ දූතං පහිණෙය්ය: ‘අහං හි ගිලානා. ආගච්ඡන්තු අය්යා. ඉච්ඡාමි අය්යානං ආගත’න්ති. ගන්තබ්බං භික්ඛවෙ, සත්තාහකරණීයෙන අප්පහිතෙපි පගෙව පහිතෙ: ‘ගිලානභත්තං වා පරියෙසිස්සාමි, ගිලානුපට්ඨාක භත්තං වා පරියෙසිස්සාමි, ගිලානභෙසජ්ජං වා පරියෙසිස්සාමි, පුච්ඡිස්සාමි වා, උපට්ඨහිස්සාමි වා’ති. සත්තාහං සන්නිවත්තො කාතබ්බො.”
Sinhala BJT60. “මහණෙනි, මෙහි හික්මෙන්නියක් තොමෝ ගිලන් වූවා වෙයි. ඕ තොමෝ ‘මම ගිලන් වූවා වෙමි. පින්වතුන් වහන්සේලා එත්වා. පින්වතුන් වහන්සේලාගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නී නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ‘ගිලන් බත් හෝ සොයන්නෙමි. ග්ලානෝපස්ථායකයා සඳහා හෝ බත් සොයන්නෙමි. ගිලන්බෙහෙත් හෝ සොයන්නෙමි. සුවදුක් හෝ විචාරන්නෙමි’ උවැටන් හෝ කරන්නෙමි’යි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවැතිය යුතු ය.”
Pali BJT61. “ඉධ පන භික්ඛවෙ, සික්ඛමානාය අනභිරති උප්පන්නා හොති. -පෙ- සික්ඛමානාය කුක්කුච්චං උප්පන්නං හොති. -පෙ- සික්ඛමානාය දිට්ඨිගතං උප්පන්නං හොති. -පෙ- සික්ඛමානාය සික්ඛා කුපිතා හොති. සා චෙ භික්ඛූනං සන්තිකෙ දූතං පහිණෙය්ය: “සික්ඛා මෙ කුපිතා. ආගච්ඡන්තු අය්යා. ඉච්ඡාමි අය්යානං ආගත’න්ති. ගන්තබ්බං භික්ඛවෙ, සත්තාහකරණීයෙන අප්පහිතෙපි පගෙව පහිතෙ: ‘සික්ඛාසමාදානං උස්සුක්කං කරිස්සාමී’ති. සත්තාහං සන්නිවත්තො කාතබ්බො.”
Sinhala BJT61. “මහණෙනි, මෙහි හික්මෙන්නියකට කළකිරීමක් වේ. –පෙ– හික්මෙන්නියකට කුකුසෙක් උපන්නේ වේ. –පෙ– හික්මෙන්නියකට මිසදිටුවක් උපන්නේ වේ. –පෙ– හික්මෙන්නියකගේ ශික්‍ෂා තොමෝ කිපියා වේ. ඕ තොමෝ ‘මාගේ ශික්‍ෂා තොමෝ කිපියා ය. පින්වතුන් වහන්සේලා එත්වා. පින්වතුන් වහන්සේලාගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නී නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ‘ශික්‍ෂාසමාදානය ඉක්මන් කරන්නෙමි’ යි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවැතිය යුතු ය.”
Pali BJT62. “ඉධ පන භික්ඛවෙ, සික්ඛමානා උපසම්පජ්ජිතුකාමා හොති. සා චෙ භික්ඛූනං සන්තිකෙ දූතං පහිණෙය්ය: ‘අහං හි උපසම්පජ්ජිතුකාමා. ආගච්ඡන්තු අය්යා. ඉච්ඡාමි අය්යානං ආගත’න්ති. ගන්තබ්බං භික්ඛවෙ, සත්තාහකරණීයෙන අප්පහිතෙපි පගෙව පහිතෙ: ‘උපසම්පදං උස්සුක්කං කරිස්සාමි වා. අනුස්සාවෙස්සාමි වා, ගණපූරකො වා භවිස්සාමී”ති. සත්තාහං සන්නිවත්තො කාතබ්බො.”
Sinhala BJT62. ‘මහණෙනි, මෙහි හික්මෙන්නියක් තොමෝ ‘මම උපසපන් වනු කැමැත්තී වෙමි. පින්වතුන් වහන්සේලා එත්වා. පින්වතුන් වහන්සේලාගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නී නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ‘උපසම්පදාව ඉක්මන් කරන්නෙමි යි හෝ, (කම්වදන්) අස්වන්නෙමි යි හෝ, ගණපූරකයෙක් හෝ වන්නෙමි’ යි සත්තාහකරණියයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවැතිය යුතු ය.”
Pali BJT63. “ඉධ පන භික්ඛවෙ, සාමණෙරො ගිලානො හොති. සො චෙ භික්ඛූනං සන්තිකෙ දූතං පහිණෙය්ය: ‘අහං හි ගිලානො. ආගච්ඡන්තු භික්ඛූ. ඉච්ඡාමි භික්ඛූනං ආගත’න්ති. ගන්තබ්බං භික්ඛවෙ, සත්තාහකරණීයෙන අප්පහිතෙපි පගෙව පහිතෙ: ‘ගිලානභත්තං වා පරියෙසිස්සාමි, ගිලානුපට්ඨාකභත්තං වා පරියෙසිස්සාමි, ගිලානභෙසජ්ජං වා පරියෙසිස්සාමි, පුච්ඡිස්සාමි වා, උපට්ඨහිස්සාමි වා’ති. සත්තාහං සන්නිවත්තො කාතබ්බො.”
Sinhala BJT63. “මහණෙනි, මෙහි සාමණේරයෙක් තෙමේ ගිලන් වූයේ වේ. හෙ තෙමේ ‘මම ගිලන් වෙමි. පින්වතුන් වහන්සේලා එත්වා. පින්වතුන් වහන්සේලාගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නේ නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ‘ගිලන්බත් හෝ සොයන්නෙමි. ග්ලානෝපස්ථායකයන් සඳහා හෝ බත් සොයන්නෙමි. ගිලන් බෙහෙත් හෝ සොයන්නෙමි. (සුවදුක්) විචාරන්නෙමි යි හෝ, උවැටන් හෝ කරන්නෙමි’ යි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවැතිය යුතු ය.”
Pali BJT64. “ඉධ පන භික්ඛවෙ, සාමණෙරස්ස අනභිරති උප්පන්නා හොති. -පෙ- සාමණෙරස්ස කුක්කුච්චං උප්පන්නං හොති. -පෙ- සාමණෙරස්ස දිට්ඨිගතං උප්පන්නං හොති. -පෙ- සාමණෙරො වස්සං පුච්ඡිතුකාමො හොති. සො චෙ භික්ඛූනං සන්තිකෙ දූතං පහිණෙය්ය: ‘අහං හි වස්සං පුච්ඡිතුකාමො. ආගච්ඡන්තු භික්ඛූ. ඉච්ඡාමි භික්ඛූනං ආගත’න්ති. ගන්තබ්බං භික්ඛවෙ, සත්තාහකරණීයෙන අප්පහිතෙපි පගෙව පහිතෙ: ‘පුච්ඡිස්සාමි වා. ආචික්ඛිස්සාමි වා’ති. සත්තාහං සන්නිවත්තො කාතබ්බො.”
Sinhala BJT64. “මහණෙනි, මෙහි හෙරණකුට කළකිරීමක් වේ. –පෙ– හෙරණකුහට කුකුසෙක් වේ. –පෙ– හෙරණකුහට මිසදිටුවක් වේ. –පෙ– හෙරණෙක් තෙමේ වස් විචාරණු කැමැත්තේ වේ. හෙ තෙමේ ‘මම වස් විචාරණු කැමැත්තේ වෙමි. භික්‍ෂූහු එත්වා. භික්‍ෂූන් ගේ ඊම කැමැත්තෙමි”යි භික්‍ෂුන්ගේ සමීපයට දූතයකු යවන්නේ නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ‘විචාරන්නෙමි යි හෝ කියන්නෙමි” යි හෝ සත්තාහකරණියයෙන් යායුතුය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවැතිය යුතුය”
Pali BJT65. “ඉධ පන භික්ඛවෙ, සාමණෙරො උපසම්පජ්ජිතුකාමො හොති. සො චෙ භික්ඛූනං සන්තිකෙ දූතං පහිණෙය්ය: ‘අහං හි උපසම්පජ්ජිතුකාමො. ආගච්ඡන්තු භික්ඛූ. ඉච්ඡාමි භික්ඛූනං ආගත’න්ති. ගන්තබ්බං භික්ඛවෙ, සත්තාහකරණීයෙන අප්පහිතෙපි පගෙව පහිතෙ: ‘උපසම්පදං උස්සුක්කං කරිස්සාමි වා, අනුස්සාවෙස්සාමි වා, ගණපූරකො වා භවිස්සාමී’ති. සත්තාහං සන්නිවත්තො කාතබ්බො.”
Sinhala BJT65. “මහණෙනි, මෙහි හෙරණෙක් තෙමේ උපසපන් වනු කැමැත්තේ වේ. හෙ තෙමේ ‘මම උපසපන් වනු කැමැත්තේ වෙමි. භික්‍ෂූහු එත්වා භික්‍ෂූන්ගේ ඊම කැමැත්තෙමි’යි භික්‍ෂුන්ගේ සමීපයට දූතයකු යවන්නේ නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ‘උපසම්පදාව ඉක්මන් කරන්නෙමි යි හෝ, (කම්වදන්) අස්වන්නෙමි යි හෝ, ගණපූරකයෙක් හෝ වන්නෙමි” යි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවැතිය යුතු ය.
Pali BJT66. “ඉධ පන භික්ඛවෙ, සාමණෙරී{1} ගිලානා හොති. සා චෙ භික්ඛූනං සන්තිකෙ දූතං පහිණෙය්ය: ‘අහං හි ගිලානා. ආගච්ඡන්තු අය්යා. ඉච්ඡාමි අය්යානං ආගත’න්ති. ගන්තබ්බං භික්ඛවෙ, සත්තාහකරණීයෙන අප්පහිතෙපි පගෙව පහිතෙ: ‘ගිලානභත්තං වා පරියෙසිස්සාමි, ගිලානුපට්ඨාකභත්තං වා පරියෙසිස්සාමි, ගිලානභෙසජ්ජං වා පරියෙසිස්සාමි, පුච්ඡිස්සාමි වා, උපට්ඨහිස්සාමි වා”ති. සත්තාහං සන්නිවත්තො කාතබ්බො.”
Sinhala BJT66. මහණෙනි, මෙහි මෙ හෙරණක් තොමෝ ගිලන් වූවා වේ. ඕ තොමෝ ‘මම ගිලන් වූවා වෙමි. පින්වතුන් වහන්සේලා එත්වා. පින්වතුන් වහන්සේලාගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නී නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ‘ගිලන්බත් හෝ සොයන්නෙමි. ග්ලානෝපස්ථායකයන් සඳහා හෝ බත් සොයන්නෙමි. ගිලන්බෙහෙත් හෝ සොයන්නෙමි. (සුවදුක්) විචාරන්නෙමි යි හෝ, උවැටන් හෝ කරන්නෙමි’යි සත්තාහකරණියයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවැතිය යුතුය.
Pali BJT67. “ඉධ පන භික්ඛවෙ, සාමණෙරියා අනභිරති උප්පන්නා හොති. -පෙ- සාමණෙරියා කුක්කුච්චං උප්පන්නං හොති. -පෙ- සාමණෙරියා දිට්ඨිගතං උප්පන්නං හොති. -පෙ- සාමණෙරී වස්සං පුච්ඡිතුකාමා හොති. සා චෙ භික්ඛූනං සන්තිකෙ දූතං පහිණෙය්ය: ‘අහං හි වස්සං පුච්ඡිතුකාමා, ආගච්ඡන්තු අය්යා. ඉච්ඡාමි අය්යානං ආගත’න්ති. ගන්තබ්බං භික්ඛවෙ, සත්තාහකරණීයෙන අප්පහිතෙපි පගෙව පහිතෙ:– ‘පුච්ඡිස්සාමි වා, ආචික්ඛිස්සාමි වා’ති. සත්තාහං සන්නිවත්තො කාතබ්බො.”
Sinhala BJT67. “මහණෙනි, මෙහි සාමණේරියකට කළකිරීමක් වේ. –පෙ– සාමණේරියකට කුකුසක් වේ. සාමණේරියකට මිසදිටුවක් වේ. –පෙ– සාමණේරියක් තොමෝ වස් විචාරණු කැමැත්තී වේ. ඕ තොමෝ ‘මම වස් විචාරණු කැමැත්තී වෙමි. පින්වතුන් වහන්සේලා එත්වා. පින්වතුන් වහන්සේලාගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නී නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ‘විචාරන්නෙමි යි හෝ, කියන්නෙමි’යි හෝ සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවැතිය යුතු ය.”
Pali BJT68. “ඉධ පන භික්ඛවෙ, සාමණෙරී සික්ඛං සමාදියිතුකාමා හොති. සා චෙ භික්ඛූනං සන්තිකෙ දූතං පහිණෙය්ය: ‘අහං හි සික්ඛං සමාදියිතුකාමා. ආගච්ඡන්තු අය්යා. ඉච්ඡාමි අය්යානං ආගත’න්ති. ගන්තබ්බං භික්ඛවෙ, සත්තාහකරණීයෙන අප්පහිතෙපි පගෙව පහිතෙ: ‘සික්ඛාසමාදානං උස්සුක්කං කරිස්සාමී’ති. සත්තාහං සන්නිවත්තො කාතබ්බො”ති.
Sinhala BJT68. “මහණෙනි, මෙහි සාමණේරියක් තොමෝ ශික්‍ෂාසමාදානය කැමැත්තී වේ. ඕ තොමෝ “මම ශික්‍ෂා සමාදන් වනු කැමැත්තී වෙමි. පින්වතුන් වහන්සේලා එත්වා. පින්වතුන් වහන්සේලාගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නී නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ‘ශික්‍ෂාසමාදානය ඉක්මන් කරන්නෙමි’යි සත්තාහකරණියයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවැතිය යුතු ය.”
Pali BJT69. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො මාතා ගිලානා හොති. සා පුත්තස්ස සන්තිකෙ දූතං පාහෙසි: ‘අහං හි ගිලානා. ආගච්ඡතු මෙ පුත්තො. ඉච්ඡාමි පුත්තස්ස ආගත”න්ති.
Sinhala BJT69. එකල්හි එක්තරා මහණකුගේ මවු තොමෝ ගිලන් වූවා වේ. ඕ තොමෝ “මම ගිලන් වූවා වෙමි. මාගේ පුත්‍රතෙමේ ඒවා. පුත්‍රයාගේ ඊම කැමැත්තෙමි” යි පුත්‍රයාගේ සමීපයට දූතයකු යැවූ ය.
Pali BJT70. අථ ඛො තස්ස භික්ඛුනො එතදහොසි: “භගවතා පඤ්ඤත්තං සත්තන්නං සත්තාහකරණීයෙන පහිතෙ: ගන්තුං; න ත්වෙව අප්පහිතෙ. පඤ්චන්නං සත්තාහකරණීයෙන අප්පහිතෙපි ගන්තුං. පගෙව පහිතෙ.{1} අයං ච මෙ මාතා ගිලානා. සා ච අනුපාසිකා. කථං නු ඛො මයා පටිපජ්ජිතබ්බ”න්ති.
Sinhala BJT70. එකල්හි ඒ භික්‍ෂූහුහට “භාග්‍යවතුන් වහන්සේ විසින් පණිවිඩ එවූ කල්හි සත් දෙනකුන්ගේ සමීපයට සත්තාහකරණියයෙන් යන්ටත් පණිවිඩ නො එවූ කල්හි ද පස් දෙනකුන්ගේ සමීපයට යන්ටත් පණවන ලද්දේය. පණිවිඩ එවූ කල්හි කියනු ම කිම? මාගේ මේ මවු තොමෝ ගිලන් වූවා ය. ඕ තොමෝත් උපාසිකාවක් නො වූවා ය. මා විසින් කෙසේ පිළිපැදිය යුතු දැ” යි මෙබඳු සිතෙක් උපන.
Pali BJT71. භගවතො එතමත්ථං ආරොචෙසුං:- “අනුජානාමි භික්ඛවෙ, සත්තන්නං සත්තාහකරණීයෙන අප්පහිතෙපි ගන්තුං, පගෙව පහිතෙ. භික්ඛුස්ස භික්ඛුණියා සික්ඛමානාය සාමණෙරස්ස සාමණෙරියා මාතුයා ච පිතුස්ස ච. අනුජානාමි භික්ඛවෙ, ඉමෙසං සත්තන්නං සත්තාහකරණීයෙන අප්පහිතෙපි ගන්තුං, පගෙව පහිතෙ. සත්තාහං සන්නිවත්තො කාතබ්බො.”
Sinhala BJT71. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද සත් දෙනකුන්ගේ සමීපයට සත්තාහකරණියයෙන් යන්ට අනුදනිමි. පණිවිඩ එවූ කල්හි කියනු ම කිම? මහණ මෙහෙණ හික්මෙන්නිය සාමණේරය සාමණෙරිය මවු පියා යන මේ සත් දෙනාගේ සමීපයට පණිවිඩ නො එවූ කල්හි ද සත්තාහකරණියයෙන් යන්ට අනුදනිමි. පණිවිඩ එවූ කල්හි කියනු ම කිම? සතියෙන් නැවැතිය යුතු ය.”
Pali BJT72. “ඉධ පන භික්ඛවෙ, භික්ඛුස්ස මාතා ගිලානා හොති. සා චෙ පුත්තස්ස සන්තිකෙ දූතං පහිණෙය්ය: ‘අහං හි ගිලානා. ආගච්ඡතු මෙ පුත්තො. ඉච්ඡාමි පුත්තස්ස ආගත’න්ති. ගන්තබ්බං භික්ඛවෙ, සත්තාහකරණීයෙන අප්පහිතෙපි පගෙව පහිතෙ: ‘ගිලානභත්තං වා පරියෙසිස්සාමි, ගිලානුපට්ඨාකභත්තං වා පරියෙසිස්සාමි, ගිලානභෙසජ්ජං වා පරියෙසිස්සාමි, පුච්ඡිස්සාමි වා, උපට්ඨහිස්සාමි වා’ති. සත්තාහං සන්නිවත්තො කාතබ්බො.”
Sinhala BJT72. “මහණෙනි, මෙහි මහණකුගේ මවු ගිලන් වූවා වේ. ඕ තොමෝ ‘මම ගිලන් වූවා වෙමි. මාගේ පුත්‍ර තෙමේ ඒවා, පුත්‍රයාගේ ඊම කැමැත්තෙමි’ යි පුත්‍රයාගේ සමීපයට දූතයකු යවන්නී නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ගිලන් බත් හෝ සොයන්නෙමි. ග්ලානෝපස්ථායකයන් සඳහා හෝ බත් සොයන්නෙමි. ගිලන් බෙහෙත් හෝ සොයන්නෙමි. විචාරන්නෙමි යි හෝ උවැටන් කරන්නෙමි’ යි හෝ සත්තාහකරණියයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කිම? සතියෙන් නැවැතිය යුතු ය.”
Pali BJT73. “ඉධ පන භික්ඛවෙ, භික්ඛුස්ස පිතා ගිලානො හොති. සො චෙ පුත්තස්ස සන්තිකෙ දූතං පහිණෙය්ය: ‘අහං හි ගිලානො. ආගච්ඡතු මෙ පුත්තො, ඉච්ඡාමි පුත්තස්ස ආගත’න්ති. ගන්තබ්බං භික්ඛවෙ, සත්තාහකරණීයෙන අප්පහිතෙපි පගෙව පහිතෙ: ‘ගිලානභත්තං වා පරියෙසිස්සාමි. ගිලානුපට්ඨාකභත්තං වා පරියෙසිස්සාමි. ගිලානභෙසජ්ජං වා පරියෙසිස්සාමි. පුච්ඡිස්සාමි වා. උපට්ඨහිස්සාමි වා’ති, සත්තාහං සන්නිවත්තො කාතබ්බො.”
Sinhala BJT73. “මහණෙනි, මෙහි මහණකුගේ පියා ගිලන් වූයේ වේ. හෙතෙමේ ‘මම ගිලන් වූයේ වෙමි. මාගේ පුත්‍ර තෙමේ ඒවා. පුත්‍රයාගේ ඊම කැමැත්තෙමි, යි පුත්‍රයාගේ සමීපයට දූතයකු යවන්නේ නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ‘ගිලන් බත් හෝ සොයන්නෙමි. ග්ලානෝපස්ථායකයන් සඳහා බත් හෝ සොයන්නෙමි. ගිලන් බෙහෙත් හෝ සොයන්නෙමි. විචාරන්නෙමි යි හෝ උවැටන් හෝ කරන්නෙමි යි සත්තාහකරණියයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු කිම? සතියෙන් නැවතිය යුතු ය.”
Pali BJT74. “ඉධ පන භික්ඛවෙ, භික්ඛුස්ස භාතා ගිලානො හොති. සො චෙ භාතුනො සන්තිකෙ දූතං පහිණෙය්ය: ‘අහං හි ගිලානො. ආගච්ඡතු මෙ භාතා. ඉච්ඡාමි භාතුනො ආගත’න්ති. ගන්තබ්බං භික්ඛවෙ, සත්තාහකරණීයෙන පහිතෙ: න ත්වෙව අප්පහිතෙ. සත්තාහං සන්නිවත්තො කාතබ්බො.”
Sinhala BJT74. “මහණෙනි, මෙහි මහණකුගේ බෑයෙක් ගිලන් වූයේ වේ. හෙතෙමේ “මම ගිලන් වූයේ වෙමි මාගේ භ්‍රාතෘ තෙමේ ඒවා. බෑයාගේ ඊම කැමැත්තෙමි’ යි බෑයාගේ සමීපයට දූතයකු යවන්නේ නම්, මහණෙනි, පණිවිඩ එවූ කල්හි සත්තාහකරණියයෙන් යා යුතු ය. පණිවිඩ නො එවූ කල්හි නො යා යුතු ම ය. සතියෙන් නැවතිය යුතු ය.”
Pali BJT75. “ඉධ පන භික්ඛවෙ, භික්ඛුස්ස භගිනී ගිලානා හොති. සා චෙ භාතුනො සන්තිකෙ දූතං පහිණෙය්ය: ‘අහං හි ගිලානා. ආගච්ඡතු මෙ භාතා ඉච්ඡාමි භාතුනො ආගත’න්ති. ගන්තබ්බං භික්ඛවෙ, සත්තාහකරණීයෙන පහිතෙ න ත්වෙව අප්පහිතෙ. සත්තාහං සන්නිවත්තො කාතබ්බො.”
Sinhala BJT75. “මහණෙනි, මෙහි මහණකුගේ බුහුනක් ගිලන් වූවා වේ. ඕ තොමෝ ‘මම ගිලන් වූවා වෙමි. මාගේ භ්‍රාතෘ තෙමේ ඒවා. භ්‍රාතෘගේ ඊම කැමැත්තෙමි’යි බෑයාගේ සමීපයට දූතයකු යවන්නී නම්, මහණෙනි, පණිවිඩ එවූ කල්හි සත්තාහකරණියයෙන් යා යුතු ය. පණිවිඩ නො එවූ කල්හි නො යා යුතු ම ය. සතියෙන් නැවතිය යුතු ය.”
Pali BJT76. “ඉධ පන භික්ඛවෙ, භික්ඛුස්ස ඤාතකො ගිලානො හොති. සො චෙ භික්ඛුස්ස සන්තිකෙ දූතං පහිණෙය්ය: ‘අහං හි ගිලානො. ආගච්ඡතු භදන්තො. ඉච්ඡාමි භදන්තස්ස ආගත’න්ති. ගන්තබ්බං භික්ඛවෙ, සත්තාහකරණීයෙන පහිතෙ. න ත්වෙව අප්පහිතෙ. සත්තාහං සන්නිවත්තො කාතබ්බො.”
Sinhala BJT76. “මහණෙනි, මෙහි මහණකුගේ නෑයෙක් ගිලන් වූයේ වේ. හෙ තෙමේ ‘මම ගිලන් වූයේ වෙමි. පින්වතුන් වහන්සේ වඩින සේක්වා. පින්වතුන් වහන්සේගේ ඊම කැමැත්තෙමි’යි මහණකුගේ සමීපයට දූතයකු යවන්නේ නම්, පණිවිඩ එවූ කල්හි සත්තාහකරණියයෙන් යා යුතු ය. පණිවිඩ නො එවූ කල්හි නො යා යුතු ම ය. සතියෙන් නැවතිය යුතු ය.”
Pali BJT77. “ඉධ පන භික්ඛවෙ, භික්ඛුභතිකො{1} ගිලානො හොති. සො චෙ භික්ඛූනං සන්තිකෙ දූතං පහිණෙය්ය: ‘අහං හි ගිලානො. ආගච්ඡන්තු භදන්තා.{2} ඉච්ඡාමි භදන්තානං ආගත’න්ති. ගන්තබ්බං භික්ඛවෙ, සත්තාහකරණීයෙන පහිතෙ න ත්වෙව අප්පහිතෙ. සත්තාහං සන්නිවත්තො කාතබ්බො”ති{3}
Sinhala BJT77. “මහණෙනි, මෙහි භික්‍ෂූන්ගේ මෙහෙකරුවෙක් ගිලන් වූයේ වේ. හෙතෙමේ ‘මම ගිලන් වූයේ වෙමි. පින්වතුන් වහන්සේලා වඩින සේක්වා. පින්වතුන් වහන්සේලාගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නේ නම්, මහණෙනි, පණිවිඩ එවූ කල්හි සත්තාහකරණියයෙන් යා යුතු ය. පණිවිඩ නො එවූ කල්හි නො යා යුතු ම ය. සතියෙන් නැවතිය යුතු ය.”
Pali BJT78. තෙන ඛො පන සමයෙන සඞ්ඝස්ස මහාවිහාරො{4} උද්රීයති. අඤ්ඤතරෙන උපාසකෙන අරඤ්ඤෙ භණ්ඩං ඡෙදාපිතං හොති. සො භික්ඛූනං සන්තිකෙ දූතං පාහෙසි. “සචෙ භදන්තා තං භණ්ඩං ආවහාපෙය්යුං{5}, දජ්ජාහං තං භණ්ඩ”න්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, සඞ්ඝකරණීයෙන ගන්තුං. සත්තාහං සන්නිවත්තො කාතබ්බො”ති.
Sinhala BJT78. එකල්හි සඞ්ඝයාගේ මහාවිහාරයක් නැසී යයි. එක්තරාඋපාසකයකු විසින් වනයෙහි දැවබඩු සිඳවන ලද්දේ වේ. හෙ තෙමේ “පින්වතුන් වහන්සේලා ඒ බඩු අදවා (ගෙන්වා) ගන්නාහු නම්, මම ඒ බඩු පින්වතුන් වහන්සේලාට දෙමි” යි භික්‍ෂුන්ගේ සමීපයට දූතයකු යැවී ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සඞ්ඝයා පිළිබඳ කටයුතු නිසා යන්ට අනුදනිමි. සතියෙන් නැවතිය යුතු ය.”
Pali BJTවස්සාවාසභාණවාරං නිට්ඨිතං.
Sinhala BJTවස්සාවාසභාණවාරය නිමි.
Pali BJT1. තෙන ඛො පන සමයෙන කොසලෙසු ජනපදෙ අඤ්ඤතරස්මිං ආවාසෙ වස්සූපගතා භික්ඛූ වාළෙහි උබ්බාළ්හා හොන්ති. ගණ්හිංසුපි. පරිපාතිංසුපි. භගවතො එතමත්ථං ආරොචෙසුං. “ඉධ පන භික්ඛවෙ, වස්සූපගතා භික්ඛූ වාළෙහි උබ්බාළ්හා හොන්ති. ගණ්හන්තිපි. පරිපාතෙන්තිපි. ‘එසෙව අන්තරායො’ති පක්කමිතබ්බං. අනාපත්ති වස්සච්ඡෙදස්ස.”
Sinhala BJT1. එකල්හි කොසොල් දනව්වෙහි එක්තරා ආවාසයෙක වස් එළැඹි භික්‍ෂුහු චණ්ඩවනමෘගයන් විසින් පෙළන ලද්දාහු වෙති. අල්වා ද ගත්හ. මරා ද හෙළූහ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, මෙහි වස් එළැඹි භික්‍ෂූහු චණ්ඩවනමෘගයන් විසින් පෙළන ලද්දාහු වෙත්. අල්වා ද ගණිත්. මරා ද හෙළත්. ‘මේ ම අන්තරාය’යි බැහැර යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”
Pali BJT2. “ඉධ පන භික්ඛවෙ, වස්සූපගතා භික්ඛූ සිරිංසපෙහි උබ්බාළ්හා හොන්ති. ඩංසන්තිපි. පරිපාතෙන්තිපි. ‘එසෙව{1} අන්තරායො’ති පක්කමිතබ්බං. අනාපත්ති වස්සච්ඡෙදස්ස.”
Sinhala BJT2. “මහණෙනි, මෙහි වස් එළැඹි භික්‍ෂූහු සර්‍පයන් විසින් පෙළන ලද්දාහු වෙත්. ඩැසීම ද කෙරෙත්. මරා ද හෙළත්. ‘මේ ම අන්තරාය ය’යි බැහර යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”
Pali BJT3. “ඉධ පන භික්ඛවෙ, වස්සූපගතා භික්ඛූ චොරෙහි උබ්බාළ්හා හොන්ති, විලුම්පන්තිපි. ආකොටෙන්තිපි. ‘එසෙව අන්තරායො’ති පක්කමිතබ්බං. අනාපත්ති වස්සච්ඡෙදස්ස.”
Sinhala BJT3 “මහණෙනි, මෙහි එළැඹි භික්‍ෂුහු සොරුන් විසින් පෙළන ලද්දාහු වෙත්. අල්ලා ගණිත්. ආයුධ වලින් පහර ද දෙත් ‘මේ ම අන්තරාය ය’යි බැහර යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”