Pali BJT59. “ඉධ පන භික්ඛවෙ, අඤ්ඤතරස්මිං ආවාසෙ තදහුපොසථෙ සබ්බො සඞ්ඝො සභාගාය ආපත්තියා වෙමතිකො හොති. බ්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො: “සුණාතු මෙ භන්තෙ සඞ්ඝො: අයං සබ්බො සඞ්ඝො සභාගාය ආපත්තියා වෙමතිකො. යදා නිබ්බෙමතිකො භවිස්සති, තදා තං ආපත්තිං පටිකරිස්සතී”ති, වත්වා උපොසථො කාතබ්බො පාතිමොක්ඛං උද්දිසිතබ්බං. නත්වෙව තප්පච්චයා උපොසථස්ස අන්තරායො කාතබ්බො.”
Sinhala BJT59. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එ දවස පොහොයෙහි සියලු සඞ්ඝ තෙමේ සමාන වූ ඇවැතෙහි විමති ඇත්තේ වේ. (එහෙයින්) ව්‍යක්ත වූ ප්‍රතිබල භික්‍ෂුනමක් විසින් සඞ්ඝයාට දැන් විය යුතු ය: ‘ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. මේ සියලු සඞ්ඝ තෙමේ සමාන ඇවැතෙහි විමති ඇත්තේ වේ. යම් කලෙක්හි විමති නැත්තේ වන්නේ නම්, එකල්හි ඒ ඇවැතට පිළියම් කරන්නේ ය’ යි උපෝසථය කළ යුතුය. පාමොක් උදෙසිය යුතු ය. ඒ හේතුවෙන් උපෝසථයට අන්තරායයක් නො කළ යුතු ම ය.”
Pali BJT60. “ඉධ පන භික්ඛවෙ, අඤ්ඤතරස්මිං ආවාසෙ වස්සූපගතො සඞ්ඝො සභාගං ආපත්තිං ආපන්නො හොති. තෙහි භික්ඛවෙ, භික්ඛූහි එකො භික්ඛු සාමන්තා ආවාසා සජ්ජුකං පාහෙතබ්බො: ‘ගච්ඡාවුසො, තං ආපත්තිං පටිකරිත්වා ආගච්ඡ. මයං තෙ සන්තිකෙ තං ආපත්තිං පටිකරිස්සාමා’ති. එවඤ්චෙතං ලභෙථ, ඉච්චෙතං කුසලං. නො චෙ ලභෙථ, එකො භික්ඛු සත්තාහකාලිකං පාහෙතබ්බො: ‘ගච්ඡාවුසො. තං ආපත්තිං පටිකරිත්වා ආගච්ඡ. මයං තෙ සන්තිකෙ තං ආපත්තිං පටිකරිස්සාමා”ති.
Sinhala BJT60. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක වස් එළඹියා වූ සඞ්ඝ තෙමේ සමාන ඇවැතකට පැමිණියේ වේ. මහණෙනි, ඒ භික්‍ෂූන් විසින් සමීප විහාරයකට එක් භික්‍ෂුනමක් ‘ඇවැත්නි, යව. ඒ ඇවතට පිළියම් කොට එව. අපි ඔබගේ සමීපයෙහි ඒ ඇවතට පිළියම් කරන්නෙමු”යි එදවස එනු පිණිස යැවිය යුතු ය. මේ මෙසේ ලබන්නහු නම්, ඒ යහපත් ය. ඉදින් නො ලබන්නහු නම්, එක් භික්‍ෂුනමක් ‘ඇවැත්නි, යව. ඒ ඇවැතට පිළියම් කොට එව. අපි ඔබගේ සමීපයෙහි ඒ ඇවැතට පිළියම් කරන්නෙමු” යි සත් දවසකට කල් දී යැවිය යුතු ය.”
Pali BJT61. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්මිං ආවාසෙ සබ්බො සඞ්ඝො සභාගං ආපත්තිං ආපන්නො හොති. සො න ජානාති තස්සා ආපත්තියා නාමං, න ගොත්තං.{1} තත්ථඤ්ඤො භික්ඛු ආගච්ඡති බහුස්සුතො ආගතාගමො ධම්මධරො විනයධරො මාතිකාධරො පණ්ඩිතො ව්යත්තො මෙධාවී ලජ්ජී කුක්කුච්චකො සික්ඛාකාමො. තමෙනං අඤ්ඤතරො භික්ඛු, යෙන සො භික්ඛු, තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා තං භික්ඛුං එතදවොච:
Sinhala BJT61. එකල්හි එක්තරා ආවාසයෙක සියලු සඞ්ඝ තෙමේ සමාන ඇවැතකට පැමිණියේ වේ. හෙතෙමේ ඒ ඇවැතෙහි නම නො දනි යි. ගෝත්‍රය නො දනි යි. එහි බොහෝ ඇසූ පිරූ තැන් ඇත් අවබෝධ කළ ආගම ඇති ධර්‍මධර වූ විනයධර වූ උභයමාතෘකාධර වූ නුවණැත්තා වූ ව්‍යක්ත වූ විදසුන් නුවණැත්තා වූ පව් කිරීමෙහි ලජ්ජා ඇත්තා වූ කුකුස් ඇත්තා වූ ශික්‍ෂාකාමී වූ අන් මහණෙක් එ යි. (ඔහු ආ පසු) එක්තරා මහණෙක් තෙමේ ඒ මහණහු වෙතට ගියේ ය. ගොස් ඒ මහණහුට මෙය කීයේ ය.
Pali BJT62. ‘යො නු ඛො, ආවුසො, එවඤ්චෙවඤ්ච කරොති, කින්නාම සො ආපත්තිං ආපජ්ජතී”ති. සො එවමාහ: ‘යො ඛො ආවුසො එවඤ්චෙවඤ්ච කරොති, ඉමන්නාමං සො ආපත්තිං ආපජ්ජති. ඉමන්නාම ත්වං ආවුසො, ආපත්තිං ආපන්නො. පටිකරොහි තං ආපත්ති’න්ති. සො එවමාහ: ‘න ඛො අහං ආවුසො, එකොව ඉමං ආපත්තිං ආපන්නො, අයං සබ්බො සඞ්ඝො ඉමං ආපත්තිං ආපන්නො’ති. සො එවමාහ: ‘කින්තෙ ආවුසො, කරිස්සති පරො ආපන්නො වා අනාපන්නො වා. ඉඞ්ඝ ත්වං ආවුසො, සකාය ආපත්තියා වුට්ඨහා’ති{2}
Sinhala BJT62. “ඇවැත්නි, යම් මහණෙක් මෙසේත් මෙසේත් කෙරේ ද, ඒ මහණ තෙමේ කිනම් ඇවතකට පැමිණේ ද? ඒ මහණ තෙමේ “ඇවැත්නි, යමෙක් මෙසේත් මෙසේත් කෙරේ නම්, හෙතෙමේ මෙනම් ඇවතකට පැමිණේ. ඇවැත්නි, තෙපි මෙනම් ඇවතකට පැමිණියෝ වහු ය. ඒ ඇවැතට පිළියම් කරවු”යි හෙතෙමේ මෙසේ කීයේ ය. (එවිට) ඒ ඇවතට පැමිණි මහණ තෙමේ ‘ඇවැත්නි, මම එකලාව ම මේ ඇවතට නො පැමිණියෙමි. මේ සියලු සඞ්ඝ තෙමේ මේ ඇවැතට පැමිණියේ ය”යි කීයේ ය. ඉක්බිති අළුතෙන් පැමිණි මහණ තෙමේ ‘ඇවැත්නි, අනෙකෙක් පැමිණියේ හෝ නො පැමිණියේ හෝ ඔබට කිම? ඇවැත්නි, ඒ නිසා තෙපි සිය ඇවැතින් නැඟී සිටිවු” යි මෙසේ කීයේ ය.
Pali BJT70. අථ ඛො සො භික්ඛු තස්ස භික්ඛුනො වචනෙන තං ආපත්තිං පටිකරිත්වා යෙන තෙ භික්ඛූ තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තෙ භික්ඛූ එතදවොච: “යො කිර ආවුසො, එවඤ්චෙවඤ්ච කරොති; ඉමං නාම සො ආපත්තිං ආපජ්ජති. ඉමං නාම තුම්හෙ ආවුසො ආපත්තිං ආපන්නා, පටිකරොථ තං ආපත්ති”න්ති. අථ ඛො තෙ භික්ඛූ න ඉච්ඡිංසු තස්ස භික්ඛුනො වචනෙන තං ආපත්තිං පටිකාතුං. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT70. එකල්හි ඒ මහණ තෙමේ ඒ මහණහුගේ වචනයෙන් ඒ ඇවැතට පිළියම් කොට ඒ මහණුන් හුන් තැනට ගියේ ය. ගොස් “ඇවැත්නි, යමෙක් තෙමේ මෙසේත් මෙසේත් කෙරේ ද, හෙතෙමේ මෙනම් ඇවැතකට පැමිණේ. ඇවැත්නි, තෙපි මෙනම් ඇවැතකට පැමිණියහු ඒ ඇවැතට පිළියම් කරවු”යි ඒ භික්‍ෂූන්ට මෙය කීයේ ය. ඉක්බිති ඒ මහණහු ඒ මහණහුගේ වචනයෙන් ඒ ඇවැතට පිළියම් කරන්නට නො කැමැති වූහ. භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළකළහ.
Pali BJT“ඉධ පන භික්ඛවෙ, අඤ්ඤතරස්මිං ආවාසෙ සබ්බො සඞ්ඝො සභාගං ආපත්තිං ආපන්නො හොති. සො න ජානාති තස්සා ආපත්තියා නාමං න ගොත්තං. තත්ථඤ්ඤො{1} භික්ඛු ආගච්ඡති බහුස්සුතො ආගතාගමො ධම්මධරො විනයධරො මාතිකාධරො පණ්ඩිතො ව්යත්තො මෙධාවී ලජ්ජී කුක්කුච්චකො සික්ඛාකාමො. තමෙනං අඤ්ඤතරො භික්ඛු යෙන සො භික්ඛු තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තං භික්ඛුං එවං වදෙති: ‘යො නු ඛො ආවුසො, එවඤ්චෙවඤ්ච කරොති, කිං නාම සො ආපත්තිං ආපජ්ජතී’ති. සො එවං වදෙති: ‘යො ඛො ආවුසො, එවඤ්චෙවඤ්ච කරොති, ඉමං නාම සො ආපත්තිං ආපජ්ජති. ඉමං නාම ත්වං ආවුසො, ආපත්තිං ආපන්නො පටිකරොහි තං ආපත්ති’න්ති. සො එවං වදෙති: ‘න ඛො අහං ආවුසො, එකො ව ඉමං ආපත්තිං ආපන්නො. අයං සබ්බො සඞ්ඝො ඉමං ආපත්තිං ආපන්නො’ති. සො එවං වදෙති: ‘කින්තෙ ආවුසො, කරිස්සති පරො ආපන්නො වා අනාපන්නො වා? ඉඞ්ඝ ත්වං ආවුසො, සකාය ආපත්තියා වුට්ඨහා’ති. සො චෙ භික්ඛවෙ, භික්ඛු තස්ස භික්ඛුනො වචනෙන තං ආපත්තිං පටිකරිත්වා යෙන තෙ භික්ඛූ තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තෙ භික්ඛූ එවං වදෙති: ‘යො කිර ආවුසො, එවඤ්චෙවඤ්ච කරොති, ඉමං නාම සො ආපත්තිං ආපජ්ජති. ඉමං නාම තුම්හෙ ආවුසො, ආපත්තිං ආපන්නා. පටිකරොථ තං ආපත්ති’න්ති. තෙ චෙ භික්ඛවෙ, භික්ඛූ තස්ස භික්ඛුනො වචනෙන තං ආපත්තිං පටිකරෙය්යුං, ඉච්චෙතං කුසලං. නො චෙ පටිකරෙය්යුං, න තෙ භික්ඛවෙ, භික්ඛූ තෙන භික්ඛුනා අකාමා වචනීයා”ති.
Sinhala BJT“මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක සියලු සඞ්ඝ තෙමේ සභාගාපත්තියකට පැමිණියේ වේ. ඒ සඞ්ඝ තෙමේ ඒ ආපත්තියෙහි නම නො දනි යි. ගෝත්‍රය නො දනි යි. එහි බොහෝ ඇසූ පිරූ තැන් ඇති පුහුණු කළ නිකාය ඇතී ධර්‍මය දරන්නා වූ විනය දරන්නා වූ උභයමාතෘකා දරන්නා වූ නුවණැත්තා වූ ව්‍යක්ත වූ විදර්‍ශනාප්‍රඥාවෙන් ප්‍රාඥ වූ පව් කිරීමෙහි ලජ්ජා ඇත්තා වූ කුකුස් ඇත්තා වූ ශික්‍ෂාකාමී වූ අන් මහණෙක් තෙමේ එයි. එක්තරා මහණෙක් ඒ පැමිණි මහණහු වෙතට එළඹියේ ය. එළඹ ඒ මහණහුට මෙසේ කියයි: ‘ඇවැත්නි, යම් මහණෙක් තෙමේ මෙසේත් මෙසේත් කෙරේ ද, ඒ මහණ තෙමේ කිනම් ඇවැතකට පැමිණේ දැ? යි. හෙතෙමේ ‘ඇවැත්නි, යම් මහණෙක් මෙසේත් මෙසේත් කෙරේ නම්, හෙතෙමේ මෙනම් ඇවැතකට පැමිණේ. ඇවැත්නි, තෙපි මෙනම් ඇවැතට පැමිණියහු ය. එයට පිළියම් කරවු” යි මෙසේ කිය යි. හෙතෙමේ ‘ඇවැත්නි, මම තනි වූයේ ම මේ ඇවැතට නො පැමිණියෙමි. මේ සියලු සඞ්ඝ තෙමේ මේ ඇවැතට පැමිණියේ ය” යි මෙසේ කියයි. හෙතෙමේ ‘ඇවැත්නි, අනිකෙක් පැමිණියේ හෝ නො පැමිණියේ හෝ ඔබට කිම? ඇවැත්නි, එබැවින් තෙපි සිය ඇවතින් නැගී සිටිවු’ යි මෙසේ කිය යි. මහණෙනි, “ඉදින් ඒ මහණ තෙමේ ඒ මහණහුගේ වචනයෙන් ඒ ඇවැතට පිළියම් කොට ඒ මහණුන් වෙතට ගියේ ය. ගොස් ‘ඇවැත්නි, යම් මහණෙක් තෙමේ මෙසේත් මෙසේත් කෙරේ ද, ඒ මහණෙතමේ මෙනම් ඇවැතකට පැමිණේ. ඇවැත්නි, තෙපි මෙනම් ඇවැතට පැමිණියහු ය. ඒ ඇවැතට පිළියම් කරවු” යි ඒ භික්‍ෂූන්ට මෙසේ කිය යි. මහණෙනි, ඉදින් ඒ මහණහු ඒ මහණහුගේ වචනයෙන් ඒ ඇවැතට පිළියම් කරන්නාහු නම්, එය යහපත් ය. ඉදින් පිළියම් නො කරන්නාහු නම්, මහණෙනි, ඒ මහණහු තුමූ ඒ මහණහු විසින් නො කැමැත්තෙන් නො කිය යුත්තාහ.”
Pali BJTචොදනාවත්ථුභාණවාරං නිට්ඨිතං.
Sinhala BJTචෝදනාවස්තුභාණවාරය කියා නිමවන ලදී.
Pali BJT1. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්මිං ආවාසෙ තදහුපොසථෙ සම්බහුලා ආවාසිකා භික්ඛූ සන්නිපතිංසු චත්තාරො වා අතිරෙකා වා. තෙ න ජානිංසු ‘අත්ථඤ්ඤෙ ආවාසිකා භික්ඛූ අනාගතා’ති . තෙ ධම්මසඤ්ඤිනො විනයසඤ්ඤිනො වග්ගා සමග්ගසඤ්ඤිනො උපොසථං අකංසු, පාතිමොක්ඛං උද්දිසිංසු. තෙහි උද්දිස්සමානෙ පාතිමොක්ඛෙ අථඤ්ඤෙ ආවාසිකා භික්ඛූ ආගච්ඡිංසු බහුතරා. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT1. එකල්හි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවුනමක් හෝ වැඩිගණනක් හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වූහ. “නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ.”යි ඔහු නො දත්හ. ඒ භික්‍ෂූහු ධර්‍මය යන කල්පනා ඇත්තෝ විනය යන කල්පනා ඇත්තෝ වර්‍ග වූවාහු සමගි ය යන කල්පනා ඇත්තෝ පොහොය කළාහු ය. පාමොක් උදෙසූහ. ඔවුන් පාමොක් උදෙසනු ලබන කල්හි නැවැත ඉතා බොහෝ වූ අන්‍ය ආවාසිකභික්‍ෂූහු ආහ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ.
Pali BJT2. ඉධ පන භික්ඛවෙ, අඤ්ඤතරස්මිං ආවාසෙ තදහුපොසථෙ සම්බහුලා ආවාසිකා භික්ඛූ සන්නිපතන්ති චත්තාරො වා අතිරෙකා වා. තෙ න ජානන්ති ‘අත්ථඤ්ඤෙ ආවාසිකා භික්ඛූ අනාගතා’ති. තෙ ධම්මසඤ්ඤිනො විනයසඤ්ඤිනො වග්ගා සමග්ගසඤ්ඤිනො උපොසථං කරොන්ති. පාතිමොක්ඛං උද්දිසන්ති. තෙහි උද්දිස්සමානෙ පාතිමොක්ඛෙ අථඤ්ඤෙ ආවාසිකා භික්ඛූ ආගච්ඡන්ති බහුතරා. තෙහි භික්ඛවෙ, භික්ඛූහි පුන පාතිමොක්ඛං උද්දිසිතබ්බං. උද්දෙසකානං අනාපත්ති.” 1.
Sinhala BJT2. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවු නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ වූ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ඒ භික්‍ෂූහු ‘නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ” යි නො ද නිත්. “ඒ භික්‍ෂූහු ධර්‍මය යන කල්පනා ඇත්තෝ විනය යන කල්පනා ඇත්තෝ වර්‍ග වූවාහු සමගි ය යන කල්පනා ඇත්තෝ පොහොය කරත්. පාමොක් උදෙසත්. ඔවුන් පාමොක් උදෙසනු ලබන කල්හි නැවැත ඉතා බොහෝ වූ අන්‍ය වූ ආවාසික භික්‍ෂූහු එති. මහණෙනි, ඒ භික්‍ෂූන් විසින්, නැවැත පාමොක් උදෙසිය යුතු ය. උදෙසූවන්ට ඇවැත්නො වේ.” 1.
Pali BJT3. “ඉධ පන භික්ඛවෙ, අඤ්ඤතරස්මිං ආවාසෙ තදහුපොසථෙ සම්බහුලා ආවාසිකා භික්ඛූ සන්නිපතන්ති චත්තාරො වා අතිරෙකා වා. තෙ න ජානන්ති ‘අත්ථඤ්ඤෙ ආවාසිකා භික්ඛූ අනාගතා’ති. ‘තෙ ධම්මසඤ්ඤිනො විනයසඤ්ඤිනො වග්ගා සමග්ගසඤ්ඤිනො උපොසථං කරොන්ති. පාතිමොක්ඛං උද්දිසන්ති. තෙහි උද්දිස්සමානෙ පාතිමොක්ඛෙ අථඤ්ඤෙ ආවාසිකා භික්ඛූ ආගච්ඡන්ති සමසමා. උද්දිට්ඨං සුඋද්දිට්ඨං. අවසෙසං සොතබ්බං. උද්දෙසකානං අනාපත්ති.” 2.
Sinhala BJT3. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවු නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසික භික්‍ෂූහු රැස් වෙත්. ඒ භික්‍ෂූහු ‘නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ” යි නො ද නිත්. “ඒ භික්‍ෂූහු ධර්‍මය යන කල්පනා ඇත්තෝ විනය යන කල්පනා ඇත්තෝ වර්‍ග වූවාහු සමගි ය යන කල්පනා ඇත්තෝ පොහොය කරත්. පාමොක් උදෙසත්. ඔවුන් පාමොක් උදෙසනු ලබන කල්හි නැවැත සමසම වූ ආවාසික භික්‍ෂූහු එති. උදෙසනලද්ද මනා කොට උදෙසන ලද්දේ වේ. සෙස්ස ඇසිය යුතු ය. උදෙසූවන්ට ඇවැත් නො වේ.” 2.
Pali BJT4. “ඉධ පන භික්ඛවෙ, අඤ්ඤතරස්මිං ආවාසෙ තදහුපොසථෙ සම්බහුලා ආවාසිකා භික්ඛූ සන්නිපතන්ති චත්තාරො වා අතිරෙකා වා. තෙ න ජානන්ති ‘අත්ථඤ්ඤෙ ආවාසිකා භික්ඛූ අනාගතා’ති, “තෙ ධම්මසඤ්ඤිනො විනයසඤ්ඤිනො වග්ගා සමග්ගසඤ්ඤිනො උපොසථං කරොන්ති පාතිමොක්ඛං උද්දිසන්ති. තෙහි උද්දිස්සමානෙ පාතිමොක්ඛෙ අථඤ්ඤෙ ආවාසිකා භික්ඛූ ආගච්ඡන්ති ථොකතරා. උද්දිට්ඨං සුඋද්දිට්ඨං. අවසෙසං සොතබ්බං. උද්දෙසකානං අනාපත්ති.” 3.
Sinhala BJT4. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවු නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසික භික්‍ෂූහු රැස් වෙත්. ඒ භික්‍ෂූහු ‘නො පැමිණි අන්‍ය වූ ආවාසික භික්ෂූහු ඇත්තාහ” යි නො දනිත්. “ඒ භික්‍ෂූහු ධර්‍මය යන කල්පනා ඇත්තෝ විනය යන කල්පනා ඇත්තෝ වර්‍ග වූවාහු සමගි ය යන කල්පනා ඇත්තෝ පොහොය කරත්. පාමොක් උදෙසත්. ඔවුන් පාමොක් උදෙසනු ලබන කල්හි නැවැත ඉතා අඩු වූ අන්‍ය වූ ආවාසික භික්‍ෂූහු එති. උදෙසන ලද්ද මනා කොට උදෙසන ලද්දේ වේ. සෙස්ස ඇසිය යුතු ය. උදෙසූවන්ට ඇවැත් නොවේ.” 3.
Pali BJT5. “ඉධ පන භික්ඛවෙ, අඤ්ඤතරස්මිං ආවාසෙ තදහුපොසථෙ සම්බහුලා ආවාසිකා භික්ඛූ සන්නිපතන්ති චත්තාරො වා අතිරෙකා වා. තෙ න ජානන්ති ‘අත්ථඤ්ඤෙ ආවාසිකා භික්ඛූ අනාගතා’ති, “තෙ ධම්මසඤ්ඤිනො විනයසඤ්ඤිනො වග්ගා සමග්ගසඤ්ඤිනො උපොසථං කරොන්ති. පාතිමොක්ඛං උද්දිසන්ති. තෙහි උද්දිට්ඨමත්තෙ පාතිමොක්ඛෙ අථඤ්ඤෙ ආවාසිකා භික්ඛූ ආගච්ඡන්ති බහුතරා. තෙහි භික්ඛවෙ, භික්ඛූහි පුන පාතිමොක්ඛං උද්දිසිතබ්බං. උද්දෙසකානං අනාපත්ති.” 4.
Sinhala BJT5. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවුනමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසභික්‍ෂූහු රැස් වෙත්. ඒ භික්‍ෂූහු ‘නො පැමිණි අන්‍ය වූ ආවාසික භික්ෂූහු ඇත්තාහ” යි නො දනිත්. “ඒ භික්‍ෂූහු ධර්‍මය යන කල්පනා ඇත්තෝ විනය යන කල්පනා ඇත්තෝ වර්‍ග වූවාහු සමගි ය යන කල්පනා ඇත්තෝ පොහොය කරත්. පාමොක් උදෙසත්. ඔවුන් පාමොක් උදෙසූ ඇසිල්ලෙහි නැවැත ඉතා බොහෝ වූ අන්‍ය වූ ආවාසික භික්‍ෂූහු එති. “මහණෙනි, ඒ භික්‍ෂූන් විසින් නැවැත පාමොක් උදෙසිය යුතු ය. උදෙසූවන්ට ඇවැත් නො වේ.” 4.
Pali BJT6. “ඉධ පන භික්ඛවෙ, අඤ්ඤතරස්මිං ආවාසෙ තදහුපොසථෙ සම්බහුලා ආවාසිකා භික්ඛූ සන්නිපතන්ති චත්තාරො වා අතිරෙකා වා. තෙ න ජානන්ති අ‘ත්ථඤ්ඤෙ ආවාසිකා භික්ඛූ අනාගතා’ති, තෙ ධම්මසඤ්ඤිනො විනයසඤ්ඤිනො වග්ගා සමග්ගසඤ්ඤිනො උපොසථං කරොන්ති. පාතිමොක්ඛං උද්දිසන්ති. තෙහි උද්දිට්ඨමත්තෙ පාතිමොක්ඛෙ අථඤ්ඤෙ ආවාසිකා භික්ඛූ ආගච්ඡන්ති සමසමා. උද්දිට්ඨං සුඋද්දිට්ඨං. තෙසං සන්තිකෙ පාරිසුද්ධි ආරොචෙතබ්බා. උද්දෙසකානං අනාපත්ති.” 5.
Sinhala BJT6. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවු නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ වූ ආවාසික භික්‍ෂූහු රැස් වෙති. ඒ භික්‍ෂූහු ‘නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ” යි නො දනිත්. ඒ භික්‍ෂූහු ධර්‍මය යන කල්පනා ඇත්තෝ විනය යන කල්පනා ඇත්තෝ වර්‍ග වූවාහු සමගි ය යන කල්පනා ඇත්තෝ පොහොය කෙරෙත්. පාමොක් උදෙසත්. ඔවුන් පාමොක් උදෙසූ ඇසිල්ලෙහි නැවත සමසම වූ අන්‍ය ආවාසිකභික්‍ෂූහු එති. උදෙසන ලද්ද මනා කොට උදෙසන ලද්දේ වේ. ඒ භික්‍ෂූන්ගේ සමීපයෙහි පාරිසුද්ධිය සැළකළ යුතු ය. උදෙසූවන්ට ඇවැත් නො වේ.” 5.
Pali BJT7. “ඉධ පන භික්ඛවෙ, අඤ්ඤතරස්මිං ආවාසෙ තදහුපොසථෙ සම්බහුලා ආවාසිකා භික්ඛූ සන්නිපතන්ති චත්තාරො වා අතිරෙකා වා. තෙ න ජානන්ති ‘අත්ථඤ්ඤෙ ආවාසිකා භික්ඛූ අනාගතා’ති, තෙ ධම්මසඤ්ඤිනො විනයසඤ්ඤිනො වග්ගා සමග්ගසඤ්ඤිනො උපොසථං කරොන්ති. පාතිමොක්ඛං උද්දිසන්ති. තෙහි උද්දිට්ඨමත්තෙ පාතිමොක්ඛෙ අථඤ්ඤෙ ආවාසිකා භික්ඛූ ආගච්ඡන්ති ථොකතරා. උද්දිට්ඨං සුඋද්දිට්ඨං. තෙසං සන්තිකෙ පාරිසුද්ධි ආරොචෙතබ්බා. උද්දෙසකානං අනාපත්ති.” 6.
Sinhala BJT7. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවු නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ වූ ආවාසිකභික්‍ෂූහු රැස් වෙති. ඒ භික්‍ෂූහු ‘නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ” යි නො දනිත්. ඒ භික්‍ෂූහු ධර්‍මය යන කල්පනා ඇති ව විනය යන කල්පනා ඇති ව වර්‍ග වූවෝ සමගි ය යන කල්පනා ඇති ව පොහොය කරත්. පාමොක් උදෙසත්. ඔවුන් පාමොක් උදෙසූ ඇසිල්ලෙහි නැවැත අන්‍ය වූ ඉතා ටික දෙනෙක් වූ ආවාසිකභික්‍ෂූහු එති උදෙසන ලද්ද මනා කොට උදෙසන ලද්දේ වේ. ඔවුන්ගේ සමීපයෙහි පාරිසුද්ධිය සැළකළ යුතු ය. උදෙසූවන්ට ඇවැත් නො වේ.” 6.
Pali BJT8. “ඉධ පන භික්ඛවෙ, අඤ්ඤතරස්මිං ආවාසෙ තදහුපොසථෙ සම්බහුලා ආවාසිකා භික්ඛූ සන්නිපතන්ති චත්තාරො වා අතිරෙකා වා. තෙ න ජානන්ති ‘අත්ථඤ්ඤෙ ආවාසිකා භික්ඛූ අනාගතා’ති, තෙ ධම්මසඤ්ඤිනො විනයසඤ්ඤිනො වග්ගා සමග්ගසඤ්ඤිනො උපොසථං කරොන්ති. පාතිමොක්ඛං උද්දිසන්ති. තෙහි උද්දිට්ඨමත්තෙ පාතිමොක්ඛෙ අවුට්ඨිතාය පරිසාය අථඤ්ඤෙ ආවාසිකා භික්ඛූ ආගච්ඡන්ති බහුතරා. තෙහි භික්ඛවෙ, භික්ඛූහි පුන පාතිමොක්ඛං උද්දිසිතබ්බං. උද්දෙසකානං අනාපත්ති.” 7.
Sinhala BJT8. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවුනමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ වූ ආවාසිකභික්‍ෂූහු රැස් වෙති. ඒ භික්‍ෂුහු “නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ” යි නො දනිත්. ඒ භික්‍ෂූහු ධර්‍මය යන කල්පනා ඇති ව විනය යන කල්පනා ඇතිව වර්‍ග වූවෝ සමගි ය යන කල්පනා ඇති ව පොහොය කරත්. පාමොක් උදෙසත්. ඔවුන් පාමොක් උදෙසූ ඇසිල්ලෙහි පිරිස නො නැගී සිටි කල්හි නැවැත අන්‍ය වූ ඉතා ‘බොහෝ වූ ආවාසික භික්‍ෂූහු එත්. මහණෙනි, ඒ භික්‍ෂූන් විසින් නැවැත පාමොක් උදෙසිය යුතු ය. උදෙසූවන්ට ඇවැත් නො වේ.” 7. –
Pali BJT9. “ඉධ පන භික්ඛවෙ, අඤ්ඤතරස්මිං ආවාසෙ තදහුපොසථෙ සම්බහුලා ආවාසිකා භික්ඛූ සන්නිපතන්ති චත්තාරො වා අතිරෙකා වා. තෙ න ජානන්ති ‘අත්ථඤ්ඤෙ ආවාසිකා භික්ඛූ අනාගතා’ති, තෙ ධම්මසඤ්ඤිනො විනයසඤ්ඤිනො වග්ගා සමග්ගසඤ්ඤිනො උපොසථං කරොන්ති. පාතිමොක්ඛං උද්දිසන්ති. තෙහි උද්දිට්ඨමත්තෙ පාතිමොක්ඛෙ අවුට්ඨිතාය පරිසාය අථඤ්ඤෙ ආවාසිකා භික්ඛූ ආගච්ඡන්ති සමසමා. උද්දිට්ඨං සුඋද්දිට්ඨං. තෙසං සන්තිකෙ පාරිසුද්ධි ආරොචෙතබ්බා. උද්දෙසකානං අනාපත්ති.” 8.
Sinhala BJT9. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවු නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසික භික්‍ෂූහු රැස් වෙති. ඒ භික්‍ෂූහු “නො පැමිණි අන්‍ය වූ ආවාසික භික්ෂූහු ඇත්තාහ” යි නො දනිත්. ඒ භික්‍ෂූහු ධර්‍මය යන කල්පනා ඇති ව විනය යන කල්පනා ඇති ව වර්‍ග වූවෝ සමගි ය යන කල්පනා ඇති ව පොහොය කරත්. පාමොක් උදෙසත්. ඔවුන් පාමොක් උදෙසූ ඇසිල්ලෙහි පිරිස නො නැගී සිටි කල්හි නැවැත අන්‍ය වූ සමසම වූ ආවාසිකභික්‍ෂූහු එත්. උදෙසන ලද්ද මනා කොට උදෙසන ලද්දේ වේ. ඔවුන්ගේ සමීපයෙහි පාරිසුද්ධිය සැළකළ යුතු ය. උදෙසූවන්ට ඇවැත් නො වේ.” 8.
Pali BJT10. “ඉධ පන භික්ඛවෙ, අඤ්ඤතරස්මිං ආවාසෙ තදහුපොසථෙ සම්බහුලා ආවාසිකා භික්ඛූ සන්නිපතන්ති චත්තාරො වා අතිරෙකා වා. තෙ න ජානන්ති ‘අත්ථඤ්ඤෙ ආවාසිකා භික්ඛූ අනාගතා’ති, තෙ ධම්මසඤ්ඤිනො විනයසඤ්ඤිනො වග්ගා සමග්ගාසඤ්ඤිනො උපොසථං කරොන්ති. පාතිමොක්ඛං උද්දිසන්ති. තෙහි උද්දිට්ඨමත්තෙ පාතිමොක්ඛෙ අවුට්ඨිතාය පරිසාය අථඤ්ඤෙ ආවාසිකා භික්ඛූ ආගච්ඡන්ති ථොකතරා. උද්දිට්ඨං සුඋද්දිට්ඨං. තෙසං සන්තිකෙ පාරිසුද්ධි ආරොචෙතබ්බා. උද්දෙසකානං අනාපත්ති. 9.
Sinhala BJT10. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවුනමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ වූ ආවාසික භික්‍ෂූහු රැස් වෙත්. ඒ භික්‍ෂූහු ‘නො පැමිණි අන්‍ය වූ ආවාසික භික්ෂූහු ඇත්තාහ” යි නො දනිත්. ඒ භික්‍ෂූහු ධර්‍මය යන කල්පනා ඇති ව විනය යන කල්පනා ඇති ව වර්‍ග වූවාහු සමගිය යන කල්පනා ඇති ව පොහොය කෙරෙත්. පාමොක් උදෙසත්. ඔවුන් පාමොක් උදෙසූ ඇසිල්ලෙහි පිරිස නො නැගී සිටි කල්හි නැවැත අන්‍ය වූ ඉතා අඩු වූ ආවාසික භික්‍ෂූහු එත්. උදෙසන ලද්ද මනා කොට උදෙසන ලද්දේ වේ. ඔවුන්ගේ සමීපයෙහි පාරිසුද්ධිය සැළකළ යුතු ය. උදෙසූවන්ට ඇවැත් නො වේ.” 9.
Pali BJT11. “ඉධ පන භික්ඛවෙ, අඤ්ඤතරස්මිං ආවාසෙ තදහුපොසථෙ සම්බහුලා ආවාසිකා භික්ඛූ සන්නිපතන්ති චත්තාරො වා අතිරෙකා වා. තෙ න ජානන්ති ‘අත්ථඤ්ඤෙ ආවාසිකා භික්ඛූ අනාගතා’ති, තෙ ධම්මසඤ්ඤිනො විනයසඤ්ඤිනො වග්ගා සමග්ගසඤ්ඤිනො උපොසථං කරොන්ති. පාතිමොක්ඛං උද්දිසන්ති. තෙහි උද්දිට්ඨමත්තෙ පාතිමොක්ඛෙ එකච්චාය වුට්ඨිතාය පරිසාය අථඤ්ඤෙ ආවාසිකා භික්ඛූ ආගච්ඡන්ති බහුතරා. තෙහි භික්ඛවෙ, භික්ඛූහි පුන පාතිමොක්ඛං උද්දිසිතබ්බං. උද්දෙසකානං අනාපත්ති.” 10.
Sinhala BJT11. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවුනමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ඒ භික්‍ෂූහු ‘නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ” යි නො දනිත්. ධර්‍මය යන කල්පනා ඇති, විනය යන කල්පනා ඇති, වර්‍ග වූ, සමගි ය යන කල්පනා ඇති ඒ භික්‍ෂූහු පොහොය කරත්. පාමොක් උදෙසත්. ඔවුන් පාමොක් උදෙසූ ඇසිල්ලෙහි ඇතැම් පිරිසක් නැගී සිටි කල්හි නැවැත ඉතා බොහෝ වූ අනන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු එත්. මහණෙනි, ඒ භික්‍ෂූන් විසින් නැවැත පාමොක් උදෙසිය යුතු ය. උදෙසූවන්ට ඇවැත් නො වේ.” 10.
Pali BJT12. ඉධ පන භික්ඛවෙ, අඤ්ඤතරස්මිං ආවාසෙ තදහුපොසථෙ සම්බහුලා ආවාසිකා භික්ඛූ සන්නිපතන්ති චත්තාරො වා අතිරෙකා වා. තෙ න ජානන්ති ‘අත්ථඤ්ඤෙ ආවාසිකා භික්ඛූ අනාගතා’ති, තෙ ධම්මසඤ්ඤිනො විනයසඤ්ඤිනො වග්ගා සමග්ගසඤ්ඤිනො උපොසථං කරොන්ති. පාතිමොක්ඛං උද්දිසන්ති. තෙහි උද්දිට්ඨමත්තෙ පාතිමොක්ඛෙ එකච්චාය වුට්ඨිතාය පරිසාය අථඤ්ඤෙ ආවාසිකා භික්ඛූ ආගච්ඡන්ති සමසමා. උද්දිට්ඨං සුඋද්දිට්ඨං. තෙසං සන්තිකෙ පාරිසුද්ධි ආරොචෙතබ්බා. උද්දෙසකානං අනාපත්ති.” 11.
Sinhala BJT12. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවු නමක් හෝ එයට වැඩි ගණනක් හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ‘නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ’ යි ඒ භික්‍ෂූහු නො දනිත්. ධර්‍මය යන කල්පනා ඇති, විනය යන කල්පනා ඇති, වර්‍ග වූ, සමගි ය යන කල්පනා ඇති, ඒ භික්‍ෂූහු පොහොය කරත්. පාමොක් උදෙසත්. ඔවුන් පාමොක් උදෙසූ ඇසිල්ලෙහි පිරිස කොටසක් නැගී සිටි කල්හි නැවැත සමසම වූ අන්‍ය වූ ආවාසික භික්‍ෂූහු එති. උදෙසන ලද්ද මනා කොට උදෙසන ලද්දේ වේ. ඔවුන්ගේ සමීපයෙහි පාරිසුද්ධිය සැළකළ යුතු ය. උදෙසූවන්ට ඇවැත් නො වේ” 11.
Pali BJT13. “ඉධ පන භික්ඛවෙ, අඤ්ඤතරස්මිං ආවාසෙ තදහුපොසථෙ සම්බහුලා ආවාසිකා භික්ඛූ සන්නිපතන්ති. චත්තාරො වා අතිරෙකා වා. තෙ න ජානන්ති ‘අත්ථඤ්ඤෙ ආවාසිකා භික්ඛූ අනාගතා’ති, තෙ ධම්මසඤ්ඤිනො විනයසඤ්ඤිනො වග්ගා සමග්ගසඤ්ඤිනො උපොසථං කරොන්ති. පාතිමොක්ඛං උද්දිසන්ති. තෙහි උද්දිට්ඨමත්තෙ පාතිමොක්ඛෙ එකච්චාය වුට්ඨිතාය පරිසාය අථඤ්ඤෙ ආවාසිකා භික්ඛූ ආගච්ඡන්ති ථොකතරා. උද්දිට්ඨං සුඋද්දිට්ඨං. තෙසං සන්තිකෙ පාරිසුද්ධි ආරොචෙතබ්බා. උද්දෙසකානං අනාපත්ති.” 12.
Sinhala BJT13. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවුනමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ‘නො පැමිණි අන්‍ය වූ ආවාසික භික්ෂූහු ඇත්තාහ” යි ඒ භික්‍ෂූහු නො දනිත්. ධර්‍මය යන කල්පනා ඇති, විනය යන කල්පනා ඇති, වර්‍ග වූ, සමගි ය යන කල්පනා ඇති, ඒ භික්‍ෂූහු පොහොය කරත්. පාමොක් උදෙසත්. ඔවුන් පාමොක් උදෙසූ ඇසිල්ලෙහි පිරිස කොටසක් නැගී සිටි කල්හි නැවැත ඉතා ටික වූ අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු එත්. උදෙසන ලද්ද මනා කොට උදෙසන ලද්දේ වේ. ඔවුන්ගේ සමීපයෙහි පාරිසුද්ධිය සැළකළ යුතු ය. උදෙසූවන්ට ඇවැත් නො වේ.” 12.
Pali BJT14. “ඉධ පන භික්ඛවෙ, අඤ්ඤතරස්මිං ආවාසෙ තදහුපොසථෙ සම්බහුලා ආවාසිකා භික්ඛූ සන්නිපතන්ති චත්තාරො වා අතිරෙකා වා. තෙ න ජානන්ති ‘අත්ථඤ්ඤෙ ආවාසිකා භික්ඛූ අනාගතා’ති, තෙ ධම්මසඤ්ඤිනො විනයසඤ්ඤිනො වග්ගා සමග්ගසඤ්ඤිනො උපොසථං කරොන්ති. පාතිමොක්ඛං උද්දිසන්ති. තෙහි උද්දිට්ඨමත්තෙ පාතිමොක්ඛෙ සබ්බාය වුට්ඨිතාය පරිසාය අථඤ්ඤෙ ආවාසිකා භික්ඛූ ආගච්ඡන්ති බහුතරා. තෙහි භික්ඛවෙ, භික්ඛූහි පුන පාතිමොක්ඛං උද්දිසිතබ්බං. උද්දෙසකානං අනාපත්ති.” 13.
Sinhala BJT14. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවු නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ‘නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ” යි ඒ භික්‍ෂූහු නො දනිත්. ධර්‍මය යන කල්පනා ඇති, විනය යන කල්පනා ඇති, වර්‍ග වූ, සමගි ය යන කල්පනා ඇති, ඒ භික්‍ෂූහු පොහොය කරත්. පාමොක් උදෙසත්. ඔවුන් පාමොක් උදෙසූ ඇසිල්ලෙහි පිරිස කොටසක් නැගී සිටි කල්හි නැවැත ඉතා බොහෝ වූ අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු එත්. මහණෙනි, ඒ භික්‍ෂූන් විසින් නැවැත පාමොක් උදෙසිය යුතු ය. උදෙසූවන්ට ඇවැත් නො වේ.” 13.
Pali BJT15. “ඉධ පන භික්ඛවෙ, අඤ්ඤතරස්මිං ආවාසෙ තදහුපොසථෙ සම්බහුලා ආවාසිකා භික්ඛූ සන්නිපතන්ති චත්තාරො වා අතිරෙකා වා. තෙ න ජානන්ති ‘අත්ථඤ්ඤෙ ආවාසිකා භික්ඛූ අනාගතා’ති, තෙ ධම්මසඤ්ඤිනො විනයසඤ්ඤිනො වග්ගා සමග්ගසඤ්ඤිනො උපොසථං කරොන්ති. පාතිමොක්ඛං උද්දිසන්ති. තෙහි උද්දිට්ඨමත්තෙ පාතිමොක්ඛෙ සබ්බාය වුට්ඨිතාය පරිසාය අථඤ්ඤෙ ආවාසිකා භික්ඛූ ආගච්ඡන්ති සමසමා. උද්දිට්ඨං සුඋද්දිට්ඨං. තෙසං සන්තිකෙ පාරිසුද්ධි ආරොචෙතබ්බා. උද්දෙසකානං අනාපත්ති.” 14.
Sinhala BJT15. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවු නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ‘නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ’ යි ඒ භික්‍ෂූහු නො දනිත්. “ධර්‍මය යන කල්පනා ඇති, විනය යන කල්පනා ඇති, වර්‍ග වූ, සමගි ය යන කල්පනා ඇති, ඒ භික්‍ෂූහු පොහොය කරත්, පාමොක් උදෙසත්, ඔවුන් පාමොක් උදෙසූ ඇසිල්ලෙහි සියලු පිරිස නැගී සිටි කල්හි නැවැත සමසම වූ අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු එත්. උදෙසන ලද්ද මනා කොට උදෙසන ලද්දේ වේ. ඔවුන්ගේ සමීපයෙහි පාරිසුද්ධිය සැළකළ යුතු ය. උදෙසූවන්ට ඇවැත් නො වේ.” 14.
Pali BJT16. “ඉධ පන භික්ඛවෙ, අඤ්ඤතරස්මිං ආවාසෙ තදහුපොසථෙ සම්බහුලා ආවාසිකා භික්ඛූ සන්නිපතන්ති චත්තාරො වා අතිරෙකා වා. තෙ න ජානන්ති ‘අත්ථඤ්ඤෙ ආවාසිකා භික්ඛූ අනාගතා’ති, තෙ ධම්මසඤ්ඤිනො විනයසඤ්ඤිනො වග්ගා සමග්ගසඤ්ඤිනො උපොසථං කරොන්ති. පාතිමොක්ඛං උද්දිසන්ති. තෙහි උද්දිට්ඨමත්තෙ පාතිමොක්ඛෙ., සබ්බාය වුට්ඨිතාය පරිසාය., අථඤ්ඤෙ ආවාසිකා භික්ඛූ ආගච්ඡන්ති ථොකතරා. උද්දිට්ඨං සුඋද්දිට්ඨං. තෙසං සන්තිකෙ පාරිසුද්ධි ආරොචෙතබ්බා. උද්දෙසකානං අනාපත්ති.” 15.
Sinhala BJT16. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවුනමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ‘නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ’ යි ඒ භික්‍ෂූහු නො දනිත්. ධර්‍මය යන කල්පනා ඇති, විනය යන කල්පනා ඇති, වර්‍ග වූ, සමගි ය යන කල්පනා ඇති, ඒ භික්‍ෂූහු පොහොය කරත්. පාමොක් උදෙසත්. ඔවුන් පාමොක් උදෙසූ ඇසිල්ලෙහි සියලු පිරිස නැගී සිටි කල්හි නැවැත ඉතා ටික වූ අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු එත්. උදෙසන ලද්ද මනා කොට උදෙසන ලද්දේ වේ. ඔවුන්ගේ සමීපයෙහි පාරිසුද්ධිය සැළකළ යුතු ය. උදෙසූවන්ට ඇවැත් නො වේ.” 15.
Pali BJTඅනාපත්තිපන්නරසකං නිට්ඨිතං.
Sinhala BJTඅනාපත්තිපණ්ණරසකය නිමි.
Pali BJT1. “ඉධ පන භික්ඛවෙ, අඤ්ඤතරස්මිං ආවාසෙ තදහුපොසථෙ සම්බහුලා ආවාසිකා භික්ඛූ සන්නිපතන්ති චත්තාරො වා අතිරෙකා වා. තෙ ජානන්ති ‘අත්ථඤ්ඤෙ ආවාසිකා භික්ඛූ අනාගතා’ති. තෙ ධම්මසඤ්ඤිනො විනයසඤ්ඤිනො වග්ගා වග්ගසඤ්ඤිනො උපොසථං කරොන්ති. පාතිමොක්ඛං උද්දිසන්ති. තෙහි උද්දිස්සමානෙ පාතිමොක්ඛෙ අථඤ්ඤෙ ආවාසිකා භික්ඛූ ආගච්ඡන්ති බහුතරා. තෙහි භික්ඛවෙ, භික්ඛූහි පුන පාතිමොක්ඛං උද්දිසිතබ්බං. උද්දෙසකානං ආපත්ති දුක්කටස්ස.” 1.
Sinhala BJT1. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවු නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ‘නො පැමිණි අන්‍ය වූ ආවාසික භික්‍ෂුහු ඇත්තාහ” යි ඒ භික්ෂූහු දනිත්. ධර්‍මය යන කල්පනා ඇති, විනය යන කල්පනා ඇති, වර්‍ග වූ, වර්‍ග ය යන කල්පනා ඇති, ඒ භික්‍ෂූහු පොහොය කරත්. පාමොක් උදෙසත්. ඔවුන් පාමොක් උදෙසනු ලබන කල්හි නැවැත ඉතා බොහෝ වූ අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු එත්. මහණෙනි, ඒ භික්‍ෂූන් විසින් නැවැත පාමොක් උදෙසිය යුතු ය. උදෙසූවන්ට දුකුළාඇවැත් වේ.” 1.
Pali BJT2. “ඉධ පන භික්ඛවෙ, අඤ්ඤතරස්මිං ආවාසෙ තදහුපොසථෙ සම්බහුලා ආවාසිකා භික්ඛූ සන්නිපතන්ති චත්තාරො වා අතිරෙකා වා. තෙ ජානන්ති, ‘අත්ථඤ්ඤෙ ආවාසිකා භික්ඛූ අනාගතා’ති, තෙ ධම්මසඤ්ඤිනො විනයසඤ්ඤිනො වග්ගා සමග්ගසඤ්ඤිනො උපොසථං කරොන්ති. පාතිමොක්ඛං උද්දිසන්ති. තෙහි උද්දිස්සමානෙ පාතිමොක්ඛෙ අථඤ්ඤෙ ආවාසිකා භික්ඛූ ආගච්ඡන්ති සමසමා. උද්දිට්ඨං සුඋද්දිට්ඨං. අවසෙසං සොතබ්බං. උද්දෙසකානං ආපත්ති දුක්කටස්ස.” 2.
Sinhala BJT2. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවු නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ වූ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. “නො පැමිණි අන්‍ය වූ ආවාසික භික්‍ෂුහු ඇත්තාහ” යි ඒ භික්‍ෂුහු දනිත්. ධර්‍මය යන කල්පනා ඇති, විනය යන කල්පනා ඇති, වර්‍ග වූ, වර්‍ග ය යන කල්පනා ඇති, ඒ භික්‍ෂූහු පොහොය කරත්. පාමොක් උදෙසත්. ඔවුන් පාමොක් උදෙසනු ලබන කල්හි නැවැත සමසම වූ අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු එත්. උදෙසන ලද්ද මනා කොට උදෙසන ලද්දේ වේ. සෙස්ස ඇසිය යුතු ය. උදෙසූවන්ට දුකුළාඇවැත් වේ.” 2.
Pali BJT3. “ඉධ පන භික්ඛවෙ, අඤ්ඤතරස්මිං ආවාසෙ තදහුපොසථෙ සම්බහුලා ආවාසිකා භික්ඛූ සන්නිපතන්ති චත්තාරො වා අතිරෙකා වා. තෙ ජානන්ති ‘අත්ථඤ්ඤෙ ආවාසිකා භික්ඛූ අනාගතා’ති තෙ ධම්මසඤ්ඤිනො විනයසඤ්ඤිනො වග්ගා වග්ගසඤ්ඤිනො උපොසථං කරොන්ති. පාතිමොක්ඛං උද්දිසන්ති. තෙහි උද්දිස්සමානෙ පාතිමොක්ඛෙ අථඤ්ඤෙ ආවාසිකා භික්ඛූ ආගච්ඡන්ති ථොකතරා. උද්දිට්ඨං සුඋද්දිට්ඨං. අවසෙසං සොතබ්බං උද්දෙසකානං ආපත්ති දුක්කටස්ස.” 3.
Sinhala BJT3. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවු නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ වූ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. “නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ” යි ඒ භික්ෂූහු දනිත්. ධර්‍මය යන කල්පනා ඇති, විනය යන කල්පනා ඇති, වර්‍ග වූ, වර්‍ග ය යන කල්පනා ඇති, ඒ භික්‍ෂූහු පොහොය කරත්. පාමොක් උදෙසත්. ඔවුන් පාමොක් උදෙසනු ලබන කල්හි නැවැත ඉතා ටික වූ අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු එති. උදෙසන ලද්ද මනා කොට උදෙසන ලද්දේ වේ. සෙස්ස ඇසිය යුතු ය. උදෙසූවන්ට දුකුළාඇවැත් වේ.” 3.
Pali BJT4. “ඉධ පන භික්ඛවෙ, අඤ්ඤතරස්මිං ආවාසෙ තදහුපොසථෙ සම්බහුලා ආවාසිකා භික්ඛූ සන්නිපතන්ති චත්තාරො වා අතිරෙකා වා. තෙ ජානන්ති ‘අත්ථඤ්ඤෙ ආවාසිකා භික්ඛූ අනාගතා’ති. තෙ ධම්මසඤ්ඤිනො විනයසඤ්ඤිනො වග්ගා වග්ගසඤ්ඤිනො උපොසථං කරොන්ති. පාතිමොක්ඛං උද්දිසන්ති. තෙහි උද්දිට්ඨමත්තෙ පාතිමොක්ඛෙ -පෙ- අවුට්ඨිතාය පරිසාය -පෙ- එකච්චාය වුට්ඨිතාය පරිසාය -පෙ- සබ්බාය වුට්ඨිතාය පරිසාය අථඤ්ඤෙ ආවාසිකා භික්ඛූ ආගච්ඡන්ති බහුතරා -පෙ- සමසමා -පෙ- ථොකතරා. උද්දිට්ඨං සුඋද්දිට්ඨං. තෙසං සන්තිකෙ පාරිසුද්ධි ආරොචෙතබ්බා. උද්දෙසකානං ආපත්ති දුක්කටස්ස.” 4-15
Sinhala BJT4. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවු නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ‘නො පැමිණි අන්‍ය වූ ආවාසික භික්ෂූහු ඇත්තාහ” යි ඒ භික්ෂූහු දනිත්. ධර්‍මය යන කල්පනා ඇති, විනය යන කල්පනා ඇති, වර්‍ග වූ, වර්‍ග ය යන කල්පනා ඇති, ඒ භික්‍ෂූහු පොහොය කරත්. පාමොක් උදෙසත්. ඔවුන් පාමොක් උදෙසූ ඇසිල්ලෙහි –පෙ– පිරිස නො නැගී සිටි කල්හි –පෙ– පිරිස කොටසක් නැගී සිටි කල්හි –පෙ– සියලු පිරිස නැගී සිටි කල්හි නැවැත ඉතා බොහෝ වූ – පෙ– සමසම වූ –පෙ– ඉතා ටික වූ අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු එත්. උදෙසන ලද්ද මනා කොට උදෙසන ලද්දේ වේ. ඔවුන්ගේ සමීපයෙහි පාරිසුද්ධිය සැළකළ යුතු ය. උදෙසූවන්ට දුකුළාඇවැත් වේ.” 4-15.
Pali BJTවග්ගාවග්ගසඤ්ඤි පණ්ණරසකං නිට්ඨිතං.
Sinhala BJTවග්ගාවග්ගසඤ්ඤීපණ්ණරසකය නිමි.
Pali BJT1. “ඉධ පන භික්ඛවෙ, අඤ්ඤතරස්මිං ආවාසෙ තදහුපොසථෙ සම්බහුලා ආවාසිකා භික්ඛූ සන්නිපතන්ති චත්තාරො වා අතිරෙකා වා. තෙ ජානන්ති ‘අත්ථඤ්ඤෙ ආවාසිකා භික්ඛූ අනාගතා’ති. තෙ ‘කප්පති නු ඛො අම්හාකං උපොසථො කාතුං? න නු ඛො කප්පතී’?ති වෙමතිකා උපොසථං කරොන්ති. පාතිමොක්ඛං උද්දිසන්ති. තෙහි උද්දිස්සමානෙ පාතිමොක්ඛෙ අථඤ්ඤෙ ආවාසිකා භික්ඛූ ආගච්ඡන්ති බහුතරා. තෙහි භික්ඛවෙ, භික්ඛූහි පුන පාතිමොක්ඛං උද්දිසිතබ්බං. උද්දෙසකානං ආපත්ති දුක්කටස්ස.” 1.
Sinhala BJT1. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවුනමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ‘නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ” යි ඒ භික්ෂූහු දනිත්. ඒ භික්‍ෂූහු ‘අපට පොහොය කිරීම කැප ද? නො කැප දැ?‘ යි විමති ඇත්තෝ පොහොය කරත්, පාමොක් උදෙසත්, ඔවුන් පාමොක් උදෙසනු ලබන කල්හි නැවැත ඉතා බොහෝ වූ අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු එත්. මහණෙනි, ඒ භික්‍ෂූන් විසින් නැවත පාමොක් උදෙසිය යුතු ය. උදෙසූවන්ට දුකුළාඇවැත් වේ.” 1.
Pali BJT2. “ඉධ පන භික්ඛවෙ, අඤ්ඤතරස්මිං ආවාසෙ තදහුපොසථෙ සම්බහුලා ආවාසිකා භික්ඛූ සන්නිපතන්ති චත්තාරො වා අතිරෙකා වා. ‘තෙ ජානන්ති අත්ථඤ්ඤෙ ආවාසිකා භික්ඛූ අනාගතා’ති, තෙ ‘කප්පති නු ඛො අම්හාකං උපොසථො කාතුං? න නු ඛො කප්පතී?’ති. වෙමතිකා උපොසථං කරොන්ති. පාතිමොක්ඛං උද්දිසන්ති. තෙහි උද්දිස්සමානෙ පාතිමොක්ඛෙ අථඤ්ඤෙ ආවාසිකා භික්ඛූ ආගච්ඡන්ති සමසමා. උද්දිට්ඨං සුඋද්දිට්ඨං. අවසෙසං සොතබ්බං. උද්දෙසකානං ආපත්ති දුක්කටස්ස.” 2.
Sinhala BJT2. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවු නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ‘නො පැමිණි අන්‍ය වූ ආවාකභික්‍ෂූහු ඇත්තාහ” යි ඒ භික්ෂූහු දනිත්. ඒ භික්‍ෂූහු ‘අපට පොහොය කිරීම කැප ද? නො කැප දැ?‘ යි විමති ඇත්තෝ පොහොය කරත්. පාමොක් උදෙසත්. ඔවුන් පාමොක් උදෙසනු ලබන කල්හි නැවැත සම සම වූ අන්‍ය වූ ආවාසික භික්‍ෂූහු එත්. උදෙසන ලද්ද මනා කොට උදෙසන ලද්දේ වේ. සෙස්ස ඇසිය යුතු ය උදෙසූවන්ට දුකුළාඇවැත් වේ.” 2.
Pali BJT3. “ඉධ පන භික්ඛවෙ, අඤ්ඤතරස්මිං ආවාසෙ තදහුපොසථෙ සම්බහුලා ආවාසිකා භික්ඛූ සන්නිපතන්ති චත්තාරො වා අතිරෙකා වා. තෙ ජානන්ති ‘අත්ථඤ්ඤෙ ආවාසිකා භික්ඛූ අනාගතා’ති, තෙ “කප්පති නු ඛො අම්හාකං උපොසථො කාතුං? න නු ඛො කප්පතී’?ති, වෙමතිකා උපොසථං කරොන්ති. පාතිමොක්ඛං උද්දිසන්ති. තෙහි උද්දිස්සමානෙ පාතිමොක්ඛෙ අථඤ්ඤෙ ආවාසිකා භික්ඛූ ආගච්ඡන්ති ථොකතරා. උද්දිට්ඨං සුඋද්දිට්ඨං. අවසෙසං සොතබ්බං. උද්දෙසකානං ආපත්ති දුක්කටස්ස.” 3.
Sinhala BJT3. ‘මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවු නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ වූ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ‘නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ’ යි ඒ භික්ෂූහු දනිත්. ඒ භික්‍ෂූහු ‘අපට පොහොය කිරීම කැප ද? නො කැප දැ?‘ යි විමති ඇත්තෝ පොහොය කරත්. පාමොක් උදෙසත්. ඔවුන් පාමොක් උදෙසනු ලබන කල්හි ඉතා ටික ගණනක් අන්‍ය වූ ආවාසික භික්‍ෂූහු එත්. උදෙසන ලද්ද මනා කොට උදෙසන ලද්දේ වේ. සෙස්ස ඇසිය යුතු ය. උදෙසූවන්ට දුකුළාඇවැත් වේ.” 3.
Pali BJT4. “ඉධ පන භික්ඛවෙ, අඤ්ඤතරස්මිං ආවාසෙ තදහුපොසථෙ සම්බහුලා ආවාසිකා භික්ඛූ සන්නිපතන්ති චත්තාරො වා අතිරෙකා වා. තෙ ජානන්ති ‘අත්ථඤ්ඤෙ ආවාසිකා භික්ඛූ අනාගතා’ති. තෙ ‘කප්පති නු ඛො අම්හාකං උපොසථො කාතුං න නු ඛො කප්පතී?’ති, වෙමතිකා උපොසථං කරොන්ති. පාතිමොක්ඛං උද්දිසන්ති. තෙහි උද්දිට්ඨමත්තෙ පාතිමොක්ඛෙ -පෙ- අවුට්ඨිතාය පරිසාය -පෙ- එකච්චාය වුට්ඨිතාය පරිසාය -පෙ- සබ්බාය වුට්ඨිතාය පරිසාය අථඤ්ඤෙ ආවාසිකා භික්ඛූ ආගච්ඡන්ති බහුතරා -පෙ- සමසමා -පෙ- ථොකතරා. උද්දිට්ඨං සුඋද්දිට්ඨං. තෙසං සන්තිකෙ පාරිසුද්ධි ආරොචෙතබ්බා. උද්දෙසකානං ආපත්ති දුක්කටස්ස.” 4-15
Sinhala BJT4. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවු නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ වූ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ‘නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ’ යි ඒ භික්ෂූහු දනිත්. ඒ භික්‍ෂූහු ‘අපට පොහොය කිරීම කැප ද? නො කැප දැ?‘ යි විමති ඇත්තෝ පොහොය කරත්. පාමොක් උදෙසත්. ඔවුන් පාමොක් උදෙසූ ඇසිල්ලෙහි –පෙ– පිරිස නො නැගී සිටි කල්හි –පො– පිරිස කොටසක් නැගී සිටි කල්හි –පෙ– සියලු පිරිස නැගී සිටි කල්හි නැවැත ඉතා බොහෝ ගණනක් –පෙ – සම සම ගණනක් –පෙ– ඉතා ටික ගණනක් අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු එත්. උදෙසන ලද්ද මනා කොට උදෙසන ලද්දේ වේ. ඔවුන්ගේ සමීපයෙහි පාරිසුද්ධිය සැළකළ යුතු ය. උදෙසූවන්ට දුකුළා ඇවැත් වේ.” 4-15.
Pali BJTවෙමතිකපණ්ණරසකං නිට්ඨිතං.
Sinhala BJTවෙමතිකපණ්ණරසකය නිමි.
Pali BJT1. “ඉධ පන භික්ඛවෙ, අඤ්ඤතරස්මිං ආවාසෙ තදහුපොසථෙ සම්බහුලා ආවාසිකා භික්ඛූ සන්නිපතන්ති චත්තාරො වා අතිරෙකා වා. තෙ ජානන්ති ‘අත්ථඤ්ඤෙ ආවාසිකා භික්ඛූ අනාගතා’ති. තෙ ‘කප්පතෙව අම්හාකං උපොසථො කාතුං. නාම්හාකං න කප්පතී’ති, කුක්කුච්චපකතා උපොසථං කරොන්ති. පාතිමොක්ඛං උද්දිසන්ති. තෙහි උද්දිස්සමානෙ පාතිමොක්ඛෙ අථඤ්ඤෙ ආවාසිකා භික්ඛූ ආගච්ඡන්ති බහුතරා. තෙහි භික්ඛවෙ, භික්ඛූහි පුන පාතිමොක්ඛං උද්දිසිතබ්බං. උද්දෙසකානං ආපත්ති දුක්කටස්ස.” 1.
Sinhala BJT1. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවු නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ‘නො පැමිණි අන්‍ය වූ ආවාසික භික්ෂූහු ඇත්තාහ.’ යි. ඒ භික්ෂූහු දනිත්. ඒ භික්‍ෂූහු ‘අපට පොහොය කිරීම කැප ම ය. අපට පොහොය කිරීම නො කැප නො වේ’ යි කුකුසින් මඩනා ලද්දෝ පොහොය කරත්. පාමොක් උදෙසත්. ඔවුන් පාමොක් උදෙසනු ලබන කල්හි නැවැත ඉතා බොහෝ ගණනක් අන්‍ය වූ ආවාසික භික්‍ෂූහු එත්. මහණෙනි, ඒ භික්‍ෂූන් විසින් නැවැත පාමොක් උදෙසිය යුතු ය. උදෙසූවන්ට දුකුළාඇවැත් වේ. 1.
Pali BJT2. “ඉධ පන භික්ඛවෙ, අඤ්ඤතරස්මිං ආවාසෙ තදහුපොසථෙ සම්බහුලා ආවාසිකා භික්ඛූ සන්නිපතන්ති චත්තාරො වා අතිරෙකා වා. තෙ ජානන්ති ‘අත්ථඤ්ඤෙ ආවාසිකා භික්ඛූ අනාගතා’ති. තෙ ‘කප්පතෙව අම්හාකං උපොසථො කාතුං නාම්හාකං න කප්පතී’ති, කුක්කුච්චපකතා උපොසථං කරොන්ති. පාතිමොක්ඛං උද්දිසන්ති. තෙහි උද්දිස්සමානෙ පාතිමොක්ඛෙ අථඤ්ඤෙ ආවාසිකා භික්ඛූ ආගච්ඡන්ති සමසමා. උද්දිට්ඨං සුඋද්දිට්ඨං. අවසෙසං සොතබ්බං. උද්දෙසකානං ආපත්ති දුක්කටස්ස.” 2.
Sinhala BJT2. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවු නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. “නො පැමිණි අන්‍ය වූ ආවාසික භික්ෂූහු ඇත්තාහ’ යි ඒ භික්ෂූහු දනිත්. ඒ භික්‍ෂූහු ‘අපට පොහොය කිරීම කැප ම ය. අපට පොහොය කිරීම නො කැප නො වේ’ යි කුකුසින් මඩනා ලද්දෝ පොහොය කරත්. පාමොක් උදෙසත්. ඔවුන් පාමොක් උදෙසනු ලබන කල්හි නැවත සම සම ගණනක් අන්‍ය වූ ආවාසික භික්‍ෂූහු එත්. උදෙසන ලද්ද මනා කොට උදෙසන ලද්දේ වේ. සෙස්ස ඇසිය යුතු ය. උදෙසූවන්ට දුකුළාඇවැත් වේ.” 2.
Pali BJT3. “ඉධ පන භික්ඛවෙ, අඤ්ඤතරස්මිං ආවාසෙ තදහුපොසථෙ සම්බහුලා ආවාසිකා භික්ඛූ සන්නිපතන්ති චත්තාරො වා අතිරෙකා වා. තෙ ජානන්ති ‘අත්ථඤ්ඤෙ ආවාසිකා භික්ඛූ අනාගතා’ති. තෙ ‘කප්පතෙව අම්හාකං උපොසථො කාතුං, නාම්හාකං න කප්පතී’ති, කුක්කුච්චපකතා උපොසථං කරොන්ති. පාතිමොක්ඛං උද්දිසන්ති. තෙහි උද්දිස්සමානෙ පාතිමොක්ඛෙ අථඤ්ඤෙ ආවාසිකා භික්ඛූ ආගච්ඡන්ති ථොකතරා. උද්දිට්ඨං සුඋද්දිට්ඨං. අවසෙසං සොතබ්බං. උද්දෙසකානං ආපත්ති දුක්කටස්ස.” 3.
Sinhala BJT3. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවු නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ වූ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ‘නො පැමිණි අන්‍ය වූ ආවාසික භික්ෂූහු ඇත්තාහ” යි ඒ භික්ෂූහු දනිත්. ඒ භික්‍ෂූහු ‘අපට පොහොය කිරීම කැප ම ය. අපට පොහොය කිරීම නො කැප නො වේ’ යි කුකුසින් මඩනා ලද්දෝ පොහොය කරත්. පාමොක් උදෙසත්. ඔවුන් පාමොක් උදෙසනු ලබන කල්හි නැවැත ටික ගණනක් අන්‍ය වූ ආවාසික භික්‍ෂූහු එත්. උදෙසන ලද්ද මනා කොට උදෙසන ලද්දේ වේ. සෙස්ස ඇසිය යුතු ය. උදෙසූවන්ට දුකුළාඇවැත් වේ.” 3.
Pali BJT4. “ඉධ පන භික්ඛවෙ, අඤ්ඤතරස්මිං ආවාසෙ තදහුපොසථෙ සම්බහුලා ආවාසිකා භික්ඛූ සන්නිපතන්ති චත්තාරො වා අතිරෙකා වා. තෙ ජානන්ති ‘අත්ථඤ්ඤෙ ආවාසිකා භික්ඛූ අනාගතා’ති. තෙ ‘කප්පතෙව අම්හාකං උපොසථො කාතුං නාම්හාකං න කප්පතී’ති, කුක්කුච්චපකතා උපොසථං කරොන්ති. පාතිමොක්ඛං උද්දිසන්ති. තෙහි උද්දිට්ඨමත්තෙ පාතිමොක්ඛෙ -පෙ- අවුට්ඨිතාය පරිසාය -පෙ- එකච්චාය වුට්ඨිතාය පරිසාය -පෙ- සබ්බාය වුට්ඨිතාය පරිසාය අථඤ්ඤෙ ආවාසිකා භික්ඛූ ආගච්ඡන්ති බහුතරා. -පෙ- සමසමා. -පෙ- ථොකතරා. උද්දිට්ඨං සුඋද්දිට්ඨං. තෙසං සන්තිකෙ පාරිසුද්ධි ආරොචෙතබ්බා. උද්දෙසකානං ආපත්ති දුක්කටස්ස.” 4-15.
Sinhala BJT4. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවු නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ‘නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ? යි ඒ භික්ෂූහු දනිත්. ඒ භික්‍ෂූහු ‘අපට පොහොය කිරීම කැප ම ය. අපට පොහොය කිරීම නො කැප නො වේ” යි කුකුසින් මඩනා ලද්දෝ පොහොය කරත්. පාමොක් උදෙසත්. ඔවුන් පාමොක් උදෙසූ ඇසිල්ලෙහි –පෙ– පිරිස නො නැගී සිටි කල්හි – පෙ– පිරිස කොටසක් නැගී සිටි කල්හි – පෙ– සියලු පිරිස නැගී සිටි කල්හි නැවැත ඉතා බොහෝ ගණනක් –පෙ– සම සම ගණනක් –පෙ– ඉතා ටික ගණනක් අනන්‍ය වූ ආවාසික භික්‍ෂූහු එත්. උදෙසන ලද්ද මනා කොට උදෙසන ලද්දේ වේ. ඔවුන්ගේ සමීපයෙහි පාරිසුද්ධිය සැළකළ යුතු ය. උදෙසූවන්ට දුකුළාඇවැත් වේ.” 4-15.
Pali BJTකුක්කුච්චපකතපණ්ණරසකං නිට්ඨිතං.
Sinhala BJTකුක්කුච්චපකතපණ්ණරසකය නිමි.
Pali BJT1. “ඉධ පන භික්ඛවෙ, අඤ්ඤතරස්මිං ආවාසෙ තදහුපොසථෙ සම්බහුලා ආවාසිකා භික්ඛූ සන්නිපතන්ති චත්තාරො වා අතිරෙකා වා. තෙ ජානන්ති ‘අත්ථඤ්ඤෙ ආවාසිකා භික්ඛූ අනාගතා’ති. තෙ ‘නස්සන්තෙතෙ විනස්සන්තෙතෙ. කො තෙහි අත්ථො’ති භෙදපුරෙක්ඛාරා උපොසථං කරොන්ති. පාතිමොක්ඛං උද්දිසන්ති. තෙහි උද්දිස්සමානෙ පාතිමොක්ඛෙ අථඤ්ඤෙ ආවාසිකා භික්ඛූ ආගච්ඡන්ති බහුතරා. තෙහි භික්ඛවෙ, භික්ඛූහි පුන පාතිමොක්ඛං උද්දිසිතබ්බං. උද්දෙසකානං ආපත්ති ථුල්ලච්චයස්ස.”
Sinhala BJT1. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවු නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසික භික්‍ෂූහු රැස් වෙත්. ‘නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ’ යි ඒ භික්ෂූහු දනිත්. ඒ භික්ෂූහු ‘මේ මහණහු නැසෙත්වා. මේ මහණහු වැනසෙත්වා. ඔවුන්ගෙන් කිනම් වැඩෙක් දැ’ යි බිඳීමේ අදහස පෙරටු කොට ඇත්තාහු පොහොය කරත්. පාමොක් උදෙසත්. ඔවුන් පාමොක් උදෙසනු ලබන කල්හි නැවත ඉතා බොහෝ වූ අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු එත්. මහණෙනි, ඒ භික්‍ෂූන් විසින් නැවැත පාමොක් උදෙසිය යුතු ය. උදෙසූවන්ට ථුලසි ඇවැත් (මහවරද) වේ.”
Pali BJT2. “ඉධ පන භික්ඛවෙ, අඤ්ඤතරස්මිං ආවාසෙ තදහුපොසථෙ සම්බහුලා ආවාසිකා භික්ඛූ සන්නිපතන්ති චත්තාරො වා අතිරෙකා වා. තෙ ජානන්ති ‘අත්ථඤ්ඤෙ ආවාසිකා භික්ඛූ අනාගතා’ති. තෙ ‘නස්සන්තෙතෙ විනස්සන්තෙතෙ. කො තෙහි අත්ථො’ති භෙදපුරෙක්ඛාරා උපොසථං කරොන්ති. පාතිමොක්ඛං උද්දිසන්ති. තෙහි උද්දිස්සමානෙ පාතිමොක්ඛෙ අථඤ්ඤෙ ආවාසිකා භික්ඛූ ආගච්ඡන්ති සමසමා. උද්දිට්ඨං සුඋද්දිට්ඨං අවසෙසං සොතබ්බං. උද්දෙසකානං ආපත්ති ථුල්ලච්චයස්ස.”
Sinhala BJT2. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවු නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ‘නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ’ යි ඒ භික්ෂූහු දනිත්. ඒ භික්ෂූහු ‘මේ මහණහු නැසෙත්වා. මේ මහණහු වැනසෙත්වා. ඔවුන්ගෙන් කිනම් වැඩෙක් දැ’ යි බිඳීමේ අදහස පෙරටු කොට ඇත්තාහු පොහොය කරත්. පාමොක් උදෙසත්. ඔවුන් පාමොක් උදෙසනු ලබන කල්හි නැවැත සමසම ගණනක් අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු එත්. උදෙසන ලද්ද මනා කොට උදෙසන ලද්දේ වේ. සෙස්ස ඇසිය යුතු ය. උදෙසූ වන්ට ථුලසි ඇවැත් වේ.”
Pali BJT3. “ඉධ පන භික්ඛවෙ, අඤ්ඤතරස්මිං ආවාසෙ තදහුපොසථෙ සම්බහුලා ආවාසිකා භික්ඛූ සන්නිපතන්ති චත්තාරො වා අතිරෙකා වා. තෙ ජානන්ති ‘අත්ථඤ්ඤෙ ආවාසිකා භික්ඛූ අනාගතා’ති. තෙ ‘නස්සන්තෙතෙ. විනස්සන්තෙතෙ. කො තෙහි අත්ථො’ති භෙදපුරෙක්ඛාරා උපොසථං කරොන්ති. පාතිමොක්ඛං උද්දිසන්ති. තෙහි උද්දිස්සමානෙ පාතිමොක්ඛෙ අථඤ්ඤෙ ආවාසිකා භික්ඛූ ආගච්ඡන්ති ථොකතරා. උද්දිට්ඨං සුඋද්දිට්ඨං. අවසෙසං සොතබ්බං. උද්දෙසකානං ආපත්ති ථුල්ලච්චයස්ස.”
Sinhala BJT3. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවු නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසික භික්‍ෂූහු රැස් වෙත්. ‘නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ’ යි ඒ භික්ෂූහු දනිත්. ඒ භික්ෂූහු ‘මේ මහණහු නැසෙත්වා. මේ මහණහු වැනසෙත්වා. ඔවුන්ගෙන් කිනම් වැඩෙක් දැ’ යි බිඳීමේ අදහස පෙරටු කොට ඇත්තාහු පොහොය කෙරෙත්. පාමොක් උදෙසත්. ඔවුන් පාමොක් උදෙසනු ලබන කල්හි නැවත ඉතා ටික ගණනක් අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු එත්. උදෙසන ලද්ද මනා කොට උදෙසන ලද්දේ වේ. සෙස්ස ඇසිය යුතු ය. උදෙසූවන්ට ථුලසි ඇවැත් වේ.”
Pali BJT4. “ඉධ පන භික්ඛවෙ, අඤ්ඤතරස්මිං ආවාසෙ තදහුපොසථෙ සම්බහුලා ආවාසිකා භික්ඛූ සන්නිපතන්ති චත්තාරො වා අතිරෙකා වා. තෙ ජානන්ති ‘අත්ථඤ්ඤෙ ආවාසිකා භික්ඛූ අනාගතා’ති. තෙ ‘නස්සන්තෙතෙ. විනස්සන්තෙතෙ. කො තෙහි අත්ථො’ති භෙදපුරෙක්ඛාරා උපොසථං කරොන්ති. පාතිමොක්ඛං උද්දිසන්ති. තෙහි උද්දිට්ඨමත්තෙ පාතිමොක්ඛෙ අථඤ්ඤෙ ආවාසිකා භික්ඛූ ආගච්ඡන්ති බහුතරා. තෙහි භික්ඛවෙ, භික්ඛූහි පුන පාතිමොක්ඛං උද්දිසිතබ්බං. උද්දෙසකානං ආපත්ති ථුල්ලච්චයස්ස.”
Sinhala BJT4. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවු නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ‘නො පැමිණි අන්‍ය වූ ආවාසික භික්ෂූහු ඇත්තාහ’ යි ඒ භික්ෂූහු දනිත්. ඒ භික්ෂූහු ‘මේ මහණහු නැසෙත්වා. මේ මහණහු වැනසෙත්වා. ඔවුන්ගෙන් කිනම් වැඩෙක් දැ’ යි බිඳීමේ අදහස පෙරටු කොට ඇත්තාහු පොහොය කරත්. පාමොක් උදෙසත්. ඔවුන් පාමොක් උදෙසූ ඇසිල්ලෙහි නැවත ඉතා බොහෝ වූ අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු එත්. මහණෙනි, ඒ භික්‍ෂූන් විසින් නැවැත පාමොක් උදෙසිය යුතු ය. උදෙසූවන්ට ථුලසි ඇවැත් වේ.
Pali BJT5. “ඉධ පන භික්ඛවෙ, අඤ්ඤතරස්මිං ආවාසෙ තදහුපොසථෙ සම්බහුලා ආවාසිකා භික්ඛූ සන්නිපතන්ති චත්තාරො වා අතිරෙකා වා. තෙ ජානන්ති ‘අත්ථඤ්ඤෙ ආවාසිකා භික්ඛූ අනාගතා’ති තෙ ‘නස්සන්තෙතෙ. විනස්සන්තෙතෙ. කො තෙහි අත්ථො’ති භෙදපුරෙක්ඛාරා උපොසථං කරොන්ති. පාතිමොක්ඛං උද්දිසන්ති. තෙහි උද්දිට්ඨමත්තෙ පාතිමොක්ඛෙ අථඤ්ඤෙ ආවාසිකා භික්ඛූ ආගච්ඡන්ති සමසමා. උද්දිට්ඨං සුඋද්දිට්ඨං. තෙසං සන්තිකෙ පාරිසුද්ධි ආරොචෙතබ්බා. උද්දෙසකානං ආපත්ති ථුල්ලච්චයස්ස.”
Sinhala BJT5. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවු නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ‘නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ’ යි ඒ භික්ෂූහු දනිත්. ඒ භික්ෂූහු ‘මේ මහණහු නැසෙත්වා. මේ මහණහු වැනසෙත්වා. ඔවුන්ගෙන් කිනම් වැඩෙක් දැ’ යි බිඳීමේ අදහස පෙරටු කොට ඇත්තාහු පොහොය කරත්. පාමොක් උදෙසත්. ඔවුන් පාමොක් උදෙසූ ඇසිල්ලෙහි නැවැත සම සම ගණනක් අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු එත්. උදෙසන ලද්ද මනා කොට උදෙසන ලද්දේ වේ. ඔවුන්ගේ සමීපයෙහි පාරිසුද්ධිය සැළකළ යුතු ය. උදෙසූවන්ට ථුලසි ඇවැත් වේ.”
Pali BJT6. “ඉධ පන භික්ඛවෙ, අඤ්ඤතරස්මිං ආවාසෙ තදහුපොසථෙ සම්බහුලා ආවාසිකා භික්ඛූ සන්නිපතන්ති චත්තාරො වා අතිරෙකා වා. තෙ ජානන්ති ‘අත්ථඤ්ඤෙ ආවාසිකා භික්ඛූ අනාගතා’ති. තෙ ‘නස්සන්තෙතෙ. විනස්සන්තෙතෙ. කො තෙහි අත්ථො’ති භෙදපුරෙක්ඛාරා උපොසථං කරොන්ති. පාතිමොක්ඛං උද්දිසන්ති. තෙහි උද්දිට්ඨමත්තෙ පාතිමොක්ඛෙ අථඤ්ඤෙ ආවාසිකා භික්ඛූ ආගච්ඡන්ති ථොකතරා. උද්දිට්ඨං සුඋද්දිට්ඨං. තෙසං සන්තිකෙ පාරිසුද්ධි ආරොචෙතබ්බා. උද්දෙසකානං ආපත්ති ථුල්ලච්චයස්ස.”
Sinhala BJT6. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවු නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ‘නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ’ යි ඒ භික්ෂූහු දනිත්. ඒ භික්ෂූහු ‘මේ මහණහු නැසෙත් වා. මේ මහණහු වැනසෙත්වා. ඔවුන්ගෙන් කිනම් වැඩෙක් දැ’ යි බිඳීමේ අදහස පෙරටු කොට ඇත්තාහු පොහොය කරත්. පාමොක් උදෙසත්. ඔවුන් පාමොක් උදෙසූ ඇසිල්ලෙහි නැවැත ඉතා ටික ගණනක් අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු එත්. උදෙසන ලද්ද මනා කොට උදෙසන ලද්දේ වේ. ඔවුන්ගේ සමීපයෙහි පාරිසුද්ධිය සැළකළ යුතු ය. උදෙසූවන්ට ථුලසි ඇවැත් වේ.”
Pali BJT7. “ඉධ පන භික්ඛවෙ, අඤ්ඤතරස්මිං ආවාසෙ තදහුපොසථෙ සම්බහුලා ආවාසිකා භික්ඛූ සන්නිපතන්ති චත්තාරො වා අතිරෙකා වා. තෙ ජානන්ති ‘අත්ථඤ්ඤෙ ආවාසිකා භික්ඛූ අනාගතා’ති. තෙ ‘නස්සන්තෙතෙ. විනස්සන්තෙතෙ. කො තෙහි අත්ථො’ති භෙදපුරෙක්ඛාරා උපොසථං කරොන්ති. පාතිමොක්ඛං උද්දිසන්ති. තෙහි උද්දිට්ඨමත්තෙ පාතිමොක්ඛෙ අවුට්ඨිතාය පරිසාය අථඤ්ඤෙ ආවාසිකා භික්ඛූ ආගච්ඡන්ති බහුතරා. තෙහි භික්ඛවෙ, භික්ඛූහි පුන පාතිමොක්ඛං උද්දිසිතබ්බං. උද්දෙසකානං ආපත්ති ථුල්ලච්චයස්ස.”
Sinhala BJT7. ‘මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවු නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ‘නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ’ යි ඒ භික්ෂූහු දනිත්. ඒ භික්ෂූහු ‘මේ මහණහු නැසෙත් වා. මේ මහණහු වැනසෙත්වා. ඔවුන්ගෙන් කිනම් වැඩෙක් දැ’ යි බිඳීමේ අදහස පෙරටු කොට ඇත්තාහු පොහොය කරත්. පාමොක් උදෙසත්. ඔවුන් පාමොක් උදෙසූ ඇසිල්ලෙහි පිරිස නො නැගී සිටි කල්හි නැවැත ඉතා වැඩි ගණනක් අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු එත්. මහණෙනි, ඒ භික්‍ෂූන් විසින් නැවත පාමොක් උදෙසිය යුතු ය. උදෙසූවන්ට ථුලසි ඇවැත් වේ.”
Pali BJT8. “ඉධ පන භික්ඛවෙ, අඤ්ඤතරස්මිං ආවාසෙ තදහුපොසථෙ සම්බහුලා ආවාසිකා භික්ඛූ සන්නිපතන්ති චත්තාරො වා අතිරෙකා වා. තෙ ජානන්ති ‘අත්ථඤ්ඤෙ ආවාසිකා භික්ඛූ අනාගතා’ති. තෙ ‘නස්සන්තෙතෙ. විනස්සන්තෙතෙ. කො තෙහි අත්ථො’ති භෙදපුරෙක්ඛාරා උපොසථං කරොන්ති. පාතිමොක්ඛං උද්දිසන්ති. තෙහි උද්දිට්ඨමත්තෙ පාතිමොක්ඛෙ අවුට්ඨිතාය පරිසාය අථඤ්ඤෙ ආවාසිකා භික්ඛූ ආගච්ඡන්ති සමසමා. උද්දිට්ඨං සුඋද්දිට්ඨං. තෙසං සන්තිකෙ පාරිසුද්ධි ආරොචෙතබ්බා. උද්දෙසකානං ආපත්ති ථුල්ලච්චයස්ස.”
Sinhala BJT8. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවු නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ‘නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ’ යි ඒ භික්ෂූහු දනිත්. ඒ භික්ෂූහු ‘මේ මහණහු නැසෙත්වා. මේ මහණහු වැනසෙත්වා, ඔවුන්ගෙන් කිනම් වැඩෙක් දැ’ යි බිඳීමේ අදහස පෙරටු කොට ඇත්තාහු පොහොය කරත්. පාමොක් උදෙසත්. ඔවුන් පාමොක් උදෙසූ ඇසිල්ලෙහි පිරිස නො නැගී සිටි කල්හි නැවැත සමසම ගණනක් අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු එත්. උදෙසන ලද්ද මනා කොට උදෙසන ලද්දේ වේ. ඔවුන්ගේ සමීපයෙහි පාරිසුද්ධිය සැළකළ යුතු ය. උදෙසූවන්ට ථුලසි ඇවැත් වේ.”
Pali BJT9. “ඉධ පන භික්ඛවෙ, අඤ්ඤතරස්මිං ආවාසෙ තදහුපොසථෙ සම්බහුලා ආවාසිකා භික්ඛූ සන්නිපතන්ති චත්තාරො වා අතිරෙකා වා. තෙ ජානන්ති ‘අත්ථඤ්ඤෙ ආවාසිකා භික්ඛූ අනාගතා’ති. තෙ ‘නස්සන්තෙතෙ. විනස්සන්තෙතෙ. කො තෙහි අත්ථො’ති භෙදපුරෙක්ඛාරා උපොසථං කරොන්ති. පාතිමොක්ඛං උද්දිසන්ති. තෙහි උද්දිට්ඨමත්තෙ පාතිමොක්ඛෙ අවුට්ඨිතාය පරිසාය අථඤ්ඤෙ ආවාසිකා භික්ඛූ ආගච්ඡන්ති ථොකතරා. උද්දිට්ඨං සුඋද්දිට්ඨං. තෙසං සන්තිකෙ පාරිසුද්ධි ආරොචෙතබ්බා. උද්දෙසකානං ආපත්ති ථුල්ලච්චයස්ස.”
Sinhala BJT9. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවු නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ‘නො පැමිණි අන්‍ය වූ ආවාසික භික්ෂූහු ඇත්තාහ’ යි ඒ භික්ෂූහු දනිත්. ඒ භික්ෂූහු ‘මේ මහණහු නැසෙත්වා. මේ මහණහු වැනසෙත්වා. ඔවුන්ගෙන් කිනම් වැඩෙක් දැ’ යි බිඳීමේ අදහස පෙරටු කොට ඇත්තාහු පොහොය කරත්. පාමොක් උදෙසත්. ඔවුන් පාමොක් උදෙසූ ඇසිල්ලෙහි පිරිස නො නැගී සිටි කල්හි නැවැත ඉතා ටික ගණනක් අන්‍ය වූ ආවාසික භික්‍ෂූහු එත්. උදෙසන ලද්ද මනා කොට උදෙසන ලද්දේ වේ. ඔවුන්ගේ සමීපයෙහි පාරිසුද්ධිය සැළකළ යුතු ය. උදෙසූවන්ට ථුලසි ඇවැත් වේ.”
Pali BJT10. “ඉධ පන භික්ඛවෙ, අඤ්ඤතරස්මිං ආවාසෙ තදහුපොසථෙ සම්බහුලා ආවාසිකා භික්ඛූ සන්නිපතන්ති චත්තාරො වා අතිරෙකා වා. තෙ ජානන්ති ‘අත්ථඤ්ඤෙ ආවාසිකා භික්ඛූ අනාගතා’ති. තෙ ‘නස්සන්තෙතෙ. විනස්සන්තෙතෙ. කො තෙහි අත්ථො’ති භෙදපුරෙක්ඛාරා උපොසථං කරොන්ති. පාතිමොක්ඛං උද්දිසන්ති. තෙහි උද්දිට්ඨමත්තෙ පාතිමොක්ඛෙ එකච්චාය වුට්ඨිතාය පරිසාය අථඤ්ඤෙ ආවාසිකා භික්ඛූ ආගච්ඡන්ති බහුතරා. තෙහි භික්ඛවෙ, භික්ඛූහි පුන පාතිමොක්ඛං උද්දිසිතබ්බං. උද්දෙසකානං ආපත්ති ථුල්ලච්චයස්ස.”
Sinhala BJT10. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවු නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ‘නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ’ යි ඒ භික්ෂූහු දනිත්. ඒ භික්ෂූහු ‘මේ මහණහු නැසෙත්වා. මේ මහණහු වැනසෙත්වා. ඔවුන්ගෙන් කිනම් වැඩෙක් දැ’ යි බිඳීමේ අදහස පෙරටු කොට ඇත්තාහු පොහොය කෙරෙත්. පාමොක් උදෙසත්. ඔවුන් පාමොක් උදෙසූ ඇසිල්ලෙහි පිරිස කොටසක් නැගී සිටි කල්හි නැවැත වැඩි ගණනක් අන්‍ය වූ ආවාසික භික්‍ෂූහු එත්. මහණෙනි, ඒ භික්‍ෂූන් විසින් නැවත පාමොක් උදෙසිය යුතු ය. උදෙසූවන්ට ථුලසි ඇවැත් වේ.”
Pali BJT11. “ඉධ පන භික්ඛවෙ, අඤ්ඤතරස්මිං ආවාසෙ තදහුපොසථෙ සම්බහුලා ආවාසිකා භික්ඛූ සන්නිපතන්ති චත්තාරො වා අතිරෙකා වා. තෙ ජානන්ති ‘අත්ථඤ්ඤෙ ආවාසිකා භික්ඛූ අනාගතා’ති. තෙ ‘නස්සන්තෙතෙ. විනස්සන්තෙතෙ. කො තෙහි අත්ථො’ති භෙදපුරෙක්ඛාරා උපොසථං කරොන්ති. පාතිමොක්ඛං උද්දිසන්ති. තෙහි උද්දිට්ඨමත්තෙ පාතිමොක්ඛෙ එකච්චාය වුට්ඨිතාය පරිසාය අථඤ්ඤෙ ආවාසිකා භික්ඛූ ආගච්ඡන්ති සමසමා. උද්දිට්ඨං සුඋද්දිට්ඨං. තෙසං සන්තිකෙ පාරිසුද්ධි ආරොචෙතබ්බා. උද්දෙසකානං ආපත්ති ථුල්ලච්චයස්ස.”
Sinhala BJT11. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවු නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ‘නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ’ යි ඒ භික්ෂූහු දනිත්. ඒ භික්ෂූහු ‘මේ මහණහු නැසෙත්වා. මේ මහණහු වැනසෙත්වා. ඔවුන්ගෙන් කිනම් වැඩෙක් දැ’ යි බිඳීමේ අදහස පෙරටු කොට ඇත්තාහු පොහොය කරත්. පාමොක් උදෙසත්. ඔවුන් පාමොක් උදෙසූ ඇසිල්ලෙහි පිරිස කොටසක් නැගී සිටි කල්හි නැවැත සමසම ගණනක් අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු එත්. උදෙසන ලද්ද මනා කොට උදෙසන ලද්දේ වේ. ඔවුන්ගේ සමීපයෙහි පාරිසුද්ධිය සැළකළ යුතු ය. උදෙසූවන්ට ථුලසි ඇවැත් වේ.”
Pali BJT12. “ඉධ පන භික්ඛවෙ, අඤ්ඤතරස්මිං ආවාසෙ තදහුපොසථෙ සම්බහුලා ආවාසිකා භික්ඛූ සන්නිපතන්ති චත්තාරො වා අතිරෙකා වා. තෙ ජානන්ති ‘අත්ථඤ්ඤෙ ආවාසිකා භික්ඛූ අනාගතා’ති. තෙ ‘නස්සන්තෙතෙ. විනස්සන්තෙතෙ. කො තෙහි අත්ථො’ති භෙදපුරෙක්ඛාරා උපොසථං කරොන්ති. පාතිමොක්ඛං උද්දිසන්ති. තෙහි උද්දිට්ඨමත්තෙ පාතිමොක්ඛෙ එකච්චාය වුට්ඨිතාය පරිසාය අථඤ්ඤෙ ආවාසිකා භික්ඛූ ආගච්ඡන්ති ථොකතරා. උද්දිට්ඨං සුඋද්දිට්ඨං. තෙසං සන්තිකෙ පාරිසුද්ධි ආරොචෙතබ්බා. උද්දෙසකානං ආපත්ති ථුල්ලච්චයස්ස.”
Sinhala BJT12. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවු නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ‘නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ” යි ඒ භික්ෂූහු දනිත්. ඒ භික්ෂූහු ‘මේ මහණහු නැසෙත්වා. මේ මහණහු වැනෙසෙත්වා. ඔවුන්ගෙන් කිනම් වැඩෙක් දැ’ යි බිඳීමේ අදහස පෙරටු කොට ඇත්තාහු පොහොය කෙරෙත්. පාමොක් උදෙසත්. ඔවුන් පාමොක් උදෙසූ ඇසිල්ලෙහි පිරිස කොටසක් නැගී සිටි කල්හි නැවැත ඉතා ටික ගණනක් අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු එත්. උදෙසන ලද්ද මනා කොට උදෙසන ලද්දේ වේ. ඔවුන්ගේ සමීපයෙහි පාරිසුද්ධිය සැළකළ යුතු ය. උදෙසූවන්ට ථුලසි ඇවැත් වේ.“
Pali BJT13. “ඉධ පන භික්ඛවෙ, අඤ්ඤතරස්මිං ආවාසෙ තදහුපොසථෙ සම්බහුලා ආවාසිකා භික්ඛූ සන්නිපතන්ති චත්තාරො වා අතිරෙකා වා. තෙ ජානන්ති ‘අත්ථඤ්ඤෙ ආවාසිකා භික්ඛූ අනාගතා’ති. තෙ ‘නස්සන්තෙතෙ. විනස්සන්තෙතෙ. කො තෙහි අත්ථො’ති භෙදපුරෙක්ඛාරා උපොසථං කරොන්ති. පාතිමොක්ඛං උද්දිසන්ති. තෙහි උද්දිට්ඨමත්තෙ පාතිමොක්ඛෙ සබ්බාය වුට්ඨිතාය පරිසාය අථඤ්ඤෙ ආවාසිකා භික්ඛූ ආගච්ඡන්ති බහුතරා. තෙහි භික්ඛවෙ, භික්ඛූහි පුන පාතිමොක්ඛං උද්දිසිතබ්බං. උද්දෙසකානං ආපත්ති ථුල්ලච්චයස්ස.”
Sinhala BJT13. ‘මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙකු එදවස පොහොයෙහි සිවු නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ‘නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ’ යි ඒ භික්ෂූහු දනිත්. ඒ භික්ෂූහු ‘මේ මහණහු නැසෙත්වා. මේ මහණහු වැනසෙත්වා. ඔවුන්ගෙන් කිනම් වැඩෙක් දැ’ යි බිඳීමේ අදහස පෙරටු කොට ඇත්තාහු පොහොය කරත්. පාමොක් උදෙසත්. ඔවුන් පාමොක් උදෙසූ ඇසිල්ලෙහි සියලු පිරිස නැගී සිටි කල්හි නැවැත ඉතා බොහෝ වූ අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු එත්. මහණෙනි, ඒ භික්‍ෂූන් විසින් නැවත පාමොක් උදෙසිය යුතු ය. උදෙසූවන්ට ථුලසි ඇවැත් වේ.”
Pali BJT14. “ඉධ පන භික්ඛවෙ, අඤ්ඤතරස්මිං ආවාසෙ තදහුපොසථෙ සම්බහුලා ආවාසිකා භික්ඛූ සන්නිපතන්ති චත්තාරො වා අතිරෙකා වා. තෙ ජානන්ති ‘අත්ථඤ්ඤෙ ආවාසිකා භික්ඛූ අනාගතා’ති. තෙ ‘නස්සන්තෙතෙ. විනස්සන්තෙතෙ. කො තෙහි අත්ථො’ති භෙදපුරෙක්ඛාරා උපොසථං කරොන්ති. පාතිමොක්ඛං උද්දිසන්ති. තෙහි උද්දිට්ඨමත්තෙ පාතිමොක්ඛෙ සබ්බාය වුට්ඨිතාය පරිසාය අථඤ්ඤෙ ආවාසිකා භික්ඛූ ආගච්ඡන්ති සමසමා. උද්දිට්ඨං සුඋද්දිට්ඨං. තෙසං සන්තිකෙ පාරිසුද්ධි ආරොචෙතබ්බා. උද්දෙසකානං ආපත්ති ථුල්ලච්චයස්ස.”
Sinhala BJT14. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවු නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ වූ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ‘නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ’ යි ඒ භික්ෂූහු දනිත්. ඒ භික්ෂූහු ‘මේ මහණහු නැසෙත්වා. මේ මහණහු වැනසෙත්වා. ඔවුන්ගෙන් කිනම් වැඩෙක් දැ’ යි බිඳීමේ අදහස පෙරටු කොට ඇත්තාහු පොහොය කරත්. පාමොක් උදෙසත්. ඔවුන් පාමොක් උදෙසූ ඇසිල්ලෙහි සියලු පිරිස නැගී සිටි කල්හි නැවැත සමසම ගණනක් අනන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු එත්. උදෙසන ලද්ද මනා කොට උදෙසන ලද්දේ වේ. ඔවුන්ගේ සමීපයෙහි පාරිසුද්ධිය සැළකළ යුතු ය. උදෙසූවන්ට ථුලසි ඇවැත් වේ.”
Pali BJT15. “ඉධ පන භික්ඛවෙ, අඤ්ඤතරස්මිං ආවාසෙ තදහුපොසථෙ සම්බහුලා ආවාසිකා භික්ඛූ සන්නිපතන්ති චත්තාරො වා අතිරෙකා වා. තෙ ජානන්ති ‘අත්ථඤ්ඤෙ ආවාසිකා භික්ඛූ අනාගතා’ති. තෙ ‘නස්සන්තෙතෙ. විනස්සන්තෙතෙ. කො තෙහි අත්ථො’ති භෙදපුරෙක්ඛාරා උපොසථං කරොන්ති. පාතිමොක්ඛං උද්දිසන්ති. තෙහි උද්දිට්ඨමත්තෙ පාතිමොක්ඛෙ සබ්බාය වුට්ඨිතාය පරිසාය අථඤ්ඤෙ ආවාසිකා භික්ඛූ ආගච්ඡන්ති ථොකතරා. උද්දිට්ඨං සුඋද්දිට්ඨං. තෙසං සන්තිකෙ පාරිසුද්ධි ආරොචෙතබ්බා. උද්දෙසකානං ආපත්ති ථුල්ලච්චයස්ස.”
Sinhala BJT15. ‘මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවු නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ‘නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ’ යි ඒ භික්ෂූහු දනිත්. ඒ භික්ෂූහු ‘මේ මහණහු නැසෙත්වා. මේ මහණහු වැනසෙත්වා. ඔවුන්ගෙන් කිනම් වැඩෙක් දැ’ යි බිඳීමේ අදහස පෙරටු කොට ඇත්තාහු පොහොය කරත්. පාමොක් උදෙසත්. ඔවුන් පාමොක් උදෙසූ ඇසිල්ලෙහි සියලු පිරිස නැගී සිටි කල්හි නැවැත ඉතා ටික ගණනක් අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු එත්. උදෙසන ලද්ද මනා කොට උදෙසන ලද්දේ වේ. ඔවුන්ගේ සමීපයෙහි පාරිසුද්ධිය සැළකළ යුතු ය. උදෙසූවන්ට ථූලසි ඇවැත් වේ.”
Pali BJTභෙදපුරෙක්ඛාරපණ්ණරසකං නිට්ඨිතං.
Sinhala BJTභේදපුරෙක්ඛාරපණ්ණරසකය නිමි.
Pali BJTපඤ්චවීසතිතිකා නිට්ඨිතා.
Sinhala BJTපඤ්චවීසතිතිකය{*} නිමි.
Pali BJT1. “ඉධ පන භික්ඛවෙ, අඤ්ඤතරස්මිං ආවාසෙ තදහුපොසථෙ සම්බහුලා ආවාසිකා භික්ඛූ සන්නිපතන්ති චත්තාරො වා අතිරෙකා වා. තෙ න ජානන්ති ‘අඤ්ඤෙ ආවාසිකා භික්ඛූ අන්තො සීමං ඔක්කමන්තී”ති -පෙ- තෙ න ජානන්ති ‘අඤ්ඤෙ ආවාසිකා භික්ඛූ අන්තො සීමං ඔක්කන්තා’ති -පෙ- තෙ න පස්සන්ති ‘අඤ්ඤෙ ආවාසිකෙ භික්ඛූ අන්තො සීමං ඔක්කමන්තෙ’ -පෙ- තෙ න පස්සන්ති ‘අඤ්ඤෙ ආවාසිකෙ භික්ඛූ අන්තො සීමං ඔක්කන්තෙ’ -පෙ- තෙ න සුණන්ති ‘අඤ්ඤෙ ආවාසිකා භික්ඛූ අන්තො සීමං ඔක්කමන්තී’ති. -පෙ- තෙ න සුණන්ති “අඤ්ඤෙ ආවාසිකා භික්ඛූ අන්තො සීමං ඔක්කන්තා’ති. ආවාසිකෙන ආවාසිකා එකසතපඤ්චසත්තතිතිකා{1} නයතො’ ආවාසිකෙන ආගන්තුකා ආගන්තුකෙන ආවාසිකා ආගන්තුකෙන ආගන්තුකා පෙය්යාලමුඛෙන සත්තතිකසතානි හොන්ති.”
Sinhala BJT1. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවු නමක් හෝ වැඩිගණනක් හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ඒ භික්‍ෂූහු ‘අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇතුල් සීමාවට පැමිණෙත්’ යි නො දනිත්. –පෙ– ඒ භික්‍ෂූහු ‘අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇතුල් සීමාවට පැමිණියාහු’ යි නො දනිත්. –පෙ– ඒ භික්‍ෂූහු ඇතුල් සීමාවට පැමිණෙන්නා වූ අන්‍ය වූ ආවාසිකභික්‍ෂූන් නො දකිත්. –පෙ– ඒ භික්‍ෂූහු ‘අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇතුල් සීමාවට පැමිණෙත්” යි නො අසත්. –පෙ– ඒ භික්‍ෂූහු ‘අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇතුල් සීමාවට පැමිණියාහු’ යි නො අසත්. ආවාසිකයන් හා ආවාසිකයෝ, ක්‍රම විසින් තික එක්සිය පන් සැත්තෑවකි.{*} ආවාසිකයන් හා ආගන්තුකයෝ, ආගන්තුකයන් හා ආවාසිකයෝ, ආගන්තුකයන් හා ආගන්තුකයෝ, පෙය්‍යාලමුඛයෙන් තික සත්සියයෙක් වේ”{*}
Pali BJT2. “ඉධ පන භික්ඛවෙ, ආවාසිකානං භික්ඛූනං චාතුද්දසො හොති. ආගන්තුකානං. පණ්ණරසො. සචෙ ආවාසිකා බහුතරා හොන්ති ආගන්තුකෙහි ආවාසිකානං අනුවත්තිතබ්බං. සචෙ සමසමා හොන්ති ආගන්තුකෙහි ආවාසිකානං අනුවත්තිතබ්බං. සචෙ ආගන්තුකා බහුතරා හොන්ති ආවාසිකෙහි ආගන්තුකානං අනුවත්තිතබ්බං.”
Sinhala BJT2. “මහණෙනි, මෙහි ආවාසික භික්‍ෂූන්ට තුදුස්වක වේ. ආගන්තුක භික්‍ෂූන්ට පසළොස්වක වේ. ඉදින් ආවාසිකයෝ වැඩි වෙත් නම්, ආගන්තුකයන් ආවාසිකයන්ට අනුව පැවතිය යුතු ය. ඉදින් සමසම වෙත් නම්, ආගන්තුකයන් ආවාසිකයන්ට අනුව පැවතිය යුතු ය. ඉදින් ආගන්තුකයෝ වැඩි වෙත් නම්, ආවාසිකයන් ආගන්තුකයන්ට අනුව පැවතිය යුතු ය”.
Pali BJT3. “ඉධ පන භික්ඛවෙ, ආවාසිකානං භික්ඛූනං පණ්ණරසො හොති. ආගන්තුකානං චාතුද්දසො සචෙ ආවාසිකා බහුතරා හොන්ති ආගන්තුකෙහි ආවාසිකානං අනුවත්තිතබ්බං. සචෙ සමසමා හොන්ති ආගන්තුකෙහි ආවාසිකානං අනුවත්තිතබ්බං. සචෙ ආගන්තුකා බහුතරා හොන්ති ආවාසිකෙහි ආගන්තුකානං අනුවත්තිතබ්බං.”
Sinhala BJT3. “මහණෙනි, මෙහි ආවාසික භික්‍ෂූන්ට පසළොස්වක වේ. ආගන්තුක භික්‍ෂූන්ට තුදුස්වක වේ. ඉදින් ආවාසිකයෝ වැඩි වෙත් නම්, ආගන්තුකයන් ආවාසිකයන්ට අනුව පැවතිය යුතු ය. ඉදින් සමසම වෙත් නම්, ආගන්තුකයන් ආවාසිකයන්ට අනුව පැවතිය යුතු ය. ඉදින් ආගන්තුකයෝ වැඩි වෙත් නම්, ආවාසිකයන් ආගන්තුකයන්ට අනුව පැවතිය යුතු ය”.
Pali BJT4. “ඉධ පන භික්ඛවෙ, ආවාසිකානං භික්ඛූනං පාටිපදො හොති, ආගන්තුකානං පණ්ණරසො. සචෙ ආවාසිකා බහුතරා හොන්ති, ආවාසිකෙහි ආගන්තුකානං න අකාමා දාතබ්බා සාමග්ගී. ආගන්තුකෙහි නිස්සීමං ගන්ත්වා උපොසථො කාතබ්බො. සචෙ සමසමා හොන්ති ආවාසිකෙහි ආගන්තුකානං න අකාමා දාතබ්බා සාමග්ගී. ආගන්තුකෙහි නිස්සීමං ගන්ත්වා උපොසථො කාතබ්බො. සචෙ ආගන්තුකා බහුතරා හොන්ති ආවාසිකෙහි ආගන්තුකානං සාමග්ගී වා දාතබ්බා. නිස්සීමං වා ගන්තබ්බං.”
Sinhala BJT4. “මහණෙනි, මෙහි ආවාසිකභික්‍ෂූන්ට පෑළවිය වේ. ආගන්තුකයන්ට පසළොස්වක වේ. ඉදින් ආවාසිකයෝ වැඩි වෙත් නම්, ආවාසිකයන් විසින් ආගන්තුකයන්ට නො කැමැත්තෙන් සාමග්ගිය නො දිය යුතු ය. ආගන්තුකයන් විසින් සීමාවෙන් බැහැරට ගොස් පොහොය කළ යුතු ය. ඉදින් සමසම වෙත් නම්, ආවාසිකයන් විසින් ආගන්තුකයන්ට නො කැමැත්තෙන් සාමග්ගිය නො දිය යුතු ය. ආගන්තුකයන් විසින් සීමාවෙන් බැහැරට ගොස් පොහොය කළ යුතු ය. ඉදින් ආගන්තුකයෝ වැඩි වෙත් නම්, ආවාසිකයන් විසින් ආගන්තුකයන්ට සාමග්ගිය හෝ දිය යුතු ය සීමාවෙන් බැහැරට හෝ යා යුතු ය.”
Pali BJT5. “ඉධ පන භික්ඛවෙ, ආවාසිකානං භික්ඛූනං පණ්ණරසො හොති. ආගන්තුකානං පාටිපදො. සචෙ ආවාසිකා බහුතරා හොන්ති, ආගන්තුකෙහි ආවාසිකානං සාමග්ගී වා දාතබ්බා. නිස්සීමං වා ගන්තබ්බං. සචෙ සමසමා හොන්ති ආගන්තුකෙහි ආවාසිකානං සාමග්ගී වා දාතබ්බා. නිස්සීමං වා ගන්තබ්බං. සචෙ ආගන්තුකා බහුතරා හොන්ති ආගන්තුකෙහි ආවාසිකානං න අකාමා දාතබ්බා සාමග්ගී. ආවාසිකෙහි නිස්සීමං ගන්ත්වා උපොසථො කාතබ්බො.”
Sinhala BJT5. “මහණෙනි, මෙහි ආවාසිකභික්‍ෂූන්ට පසළොස්වක වේ. ආගන්තුකයන්ට පෑළවිය වේ. ඉදින් ආවාසිකයෝ වැඩි වෙත් නම්, ආගන්තුකයන් විසින් ආවාසිකයන්ට සාමග්ගිය හෝ දිය යුතු ය. සීමාවෙන් බැහැරට හෝ යා යුතු ය. ඉදින් සමසම වෙත් නම්, ආගන්තුකයන් විසින් ආවාසිකයන්ට සාමග්ගිය හෝ දිය යුතු ය. සීමාවෙන් බැහැරට හෝ යා යුතු ය. ඉදින් ආගන්තුකයෝ වැඩි වෙත් නම්, ආගන්තුකයන් විසින් ආවාසිකයන්ට නො කැමැත්තෙන් සාමග්ගිය නො දිය යුතු ය. ආවාසිකයන් විසින් සීමාවෙන් බැහැරට ගොස් පොහොය කළ යුතු ය.”
Pali BJT6. “ඉධ පන භික්ඛවෙ, ආගන්තුකා භික්ඛූ පස්සන්ති ආවාසිකානං භික්ඛූනං ආවාසිකාකාරං, ආවාසිකලිඞ්ගං ආවාසිකනිමිත්තං ආවාසිකුද්දෙසං සුපඤ්ඤත්තං මඤ්චපීඨං භිසිබිබ්බොහනං පානීයං පරිභොජනීයං සූපට්ඨිතං පරිවෙණං සුසම්මට්ඨං. පස්සිත්වා වෙමතිකා හොන්ති ‘අත්ථි නු ඛො ආවාසිකා භික්ඛූ නත්ථි නු ඛො’ති. තෙ වෙමතිකා න විචිනන්ති. අවිචිනිත්වා උපොසථං කරොන්ති. ආපත්ති දුක්කටස්ස. තෙ වෙමතිකා විචිනන්ති. විචිනිත්වා න පස්සන්ති. අපස්සිත්වා උපොසථං කරොන්ති අනාපත්ති. තෙ වෙමතිකා විචිනන්ති. විචිනිත්වා පස්සන්ති. පස්සිත්වා එකතො උපොසථං කරොන්ති. අනාපත්ති. තෙ වෙමතිකා විචිනන්ති. විචිනිත්වා පස්සන්ති. පස්සිත්වා පාටෙක්කං උපොසථං කරොන්ති. ආපත්ති දුක්කටස්ස. තෙ වෙමතිකා විචිනන්ති. විචිනිත්වා පස්සන්ති. පස්සිත්වා ‘නස්සන්තෙතෙ. විනස්සන්තෙතෙ. කො තෙහි අත්ථො’ති භෙදපුරෙක්ඛාරා උපොසථං කරොන්ති. ආපත්ති ථුල්ලච්චයස්ස.”
Sinhala BJT6. “මහණෙනි, මෙහි ආගන්තුකභික්‍ෂූහු ආවාසිකභික්‍ෂූන්ගේ ආවාසිකයන් වතින් සම්පූර්‍ණ ද අසම්පූර්‍ණ ද යනු හඳුන්වන ලකුණු (ආචාරසණ්ඨානය) ද, නො පෙණෙන ආවාසිකයන් හඳුන්වන ලකුණු ද, ආවාසිකයන් ඇතැ යි හඳුන්වන ලකුණු ද, ආවාසිකයන් හඳුන්වන පිරිකර දැකීම ද, මනා කොට පැණවූ ඇඳ පුටු ද, බිසි හා කන්වැයින් ද මනා කොට එළ වූ පැන් හා පරිභෝග කට යුතු දිය ද, මනා කොට හැමදි පිරිවෙණ ද දකිත්. දැක ‘ආවාසිකභික්‍ෂූහු ඇත් ද නැද්දැ’ යි විමති ඇත්තෝ වෙත්. විමති ඇත්තා වූ ඒ ආගන්තුකභික්‍ෂූහු (ආවාසිකභික්‍ෂූන්) නො සොයත්. නො සොයා පොහොය කරත්. දුකුළාඇවැත් වේ. විමති ඇත්තා වූ ඒ භික්‍ෂූහු සොයත්, සොයා නො දකිත්. නො දැක පොහොය කරත්. ඇවැත් නො වේ. විමති ඇත්තා වූ ඒ භික්‍ෂූහු සොයත්. සොයා දකිත්. දැක එකතු ව පොහොය කරත්. ඇවැත් නො වේ. විමති ඇත්තා වූ ඒ භික්‍ෂූහු සොයත්. සොයා දකිත්. දැක වෙන් වෙන් ව පොහොය කරත්. දුකුළාඇවැත් වේ. විමති ඇත්තා වූ ඒ භික්‍ෂූහු සොයත්. සොයා දකිත්. දැක ‘මේ මහණහු නැසෙත්වා. මේ මහණහු වැනසෙත්වා. ඔවුන්ගෙන් කිනම් වැඩෙක් දැ’ යි බිඳීමේ අදහස පෙරටු කොට ඇත්තාහු පොහොය කරත්. ථුලසි ඇවැත් වේ”
Pali BJT7. “ඉධ පන භික්ඛවෙ, ආගන්තුකා භික්ඛූ සුණන්ති ආවාසිකානං භික්ඛූනං ආවාසිකාකාරං ආවාසිකලිඞ්ගං ආවාසිකනිමිත්තං ආවාසිකුද්දෙසං චඞ්කමන්තානං පදසද්දං සජ්ඣායසද්දං, උක්කාසිතසද්දං, ඛිපිතසද්දං. සුත්වා වෙමතිකා හොන්ති ‘අත්ථි නු ඛො ආවාසිකා භික්ඛූ නත්ථි නු ඛො?’ති. තෙ වෙමතිකා න විචිනන්ති. අවිචිනිත්වා උපොසථං කරොන්ති. ආපත්ති දුක්කටස්ස. තෙ වෙමතිකා විචිනන්ති. විචිනිත්වා න පස්සන්ති. අපස්සිත්වා උපොසථං කරොන්ති. අනාපත්ති. තෙ වෙමතිකා විචිනන්ති. විචිනිත්වා පස්සන්ති.පස්සිත්වා එකතො උපොසථං කරොන්ති. අනාපත්ති. තෙ වෙමතිකා විචිනන්ති. විචිනිත්වා පස්සන්ති. පස්සිත්වා පාටෙක්කං උපොසථං කරොන්ති. ආපත්ති දුක්කටස්ස. තෙ වෙමතිකා විචිනන්ති. විචිනිත්වා පස්සන්ති. පස්සිත්වා ‘නස්සන්තෙතෙ. විනස්සන්තෙතෙ. කො තෙහි අත්ථො’ති. භෙදපුරෙක්ඛාරා උපොසථං කරොන්ති. ආපත්ති ථුල්ලච්චයස්ස.”
Sinhala BJT7. “මහණෙනි, මෙහි ආගන්තුකභික්‍ෂූහු ආවාසිකභික්‍ෂූන්ගේ ආචාරසණ්ඨානය ආවාසිකයන්, හඳුන්වන ලකුණු, ආවාසිකයන් ඇතැ යි හඳුන්වන ලකුණු, ආවාසිකයන් හඳුන්වන පිරිකර දැකීම, සක්මන් කරන්නවුන්ගේ පාහඬ, හැදෑරීමේ හඬ, කෑරීම්හඬ, කිවිසිලිහඬ, අසත්. අසා ‘ආවාසික භික්‍ෂූහු ඇත් ද? නැත් දැ’? යි විමති ඇත්තෝ වෙත්. විමති ඇත්තා වූ ඒ භික්‍ෂූහු නො සොයත්. නො සොයා පොහොය කරත්, දුකුළාඇවැත් වේ. විමති ඇත්තා වූ ඒ භික්‍ෂූහු සොයත්. සොයා නො දකිත්. නො දැක පොහොය කරත්. ඇවැත් නො වේ. විමති ඇත්තා වූ ඒ භික්‍ෂූහු සොයත්. සොයා දකිත්. දැක එකතු ව පොහොය කරත්. ඇවැත් නො වේ. විමති ඇත්තා වූ ඒ භික්‍ෂූහු සොයත්. සොයා දකිත්. දැක වෙන් වෙන් ව පොහොය කරත්. දුකුළාඇවැත් වේ. විමති ඇත්තා වූ ඒ භික්‍ෂූහු සොයත්. සොයා දකිත්. දැක ‘මේ මහණහු නැසෙත්වා. මේ මහණහු වැනසෙත්වා. ඔවුන්ගෙන් කිනම් වැඩෙක් දැ’ යි බිඳීමේ අදහස පෙරටු කොට ඇත්තාහු පොහොය කරත්. ථුලසි ඇවැත් වේ”
Pali BJT8. “ඉධ පන භික්ඛවෙ, ආවාසිකා භික්ඛූ පස්සන්ති ආගන්තුකානං භික්ඛූනං ආගන්තුකාකාරං, ආගන්තුකලිඞ්ගං, ආගන්තුකනිමිත්තං ආගන්තුකුද්දෙසං අඤ්ඤාතකං පත්තං අඤ්ඤාතකං චීවරං අඤ්ඤාතකං නිසීදනං පාදානං ධොතං උදකනිස්සෙකං. පස්සිත්වා වෙමතිකා හොන්ති ‘අත්ථි නු ඛො ආගන්තුකා භික්ඛූ නත්ථි නු ඛො”?ති. තෙ වෙමතිකා න විචිනන්ති. අවිචිනිත්වා උපොසථං කරොන්ති. ආපත්ති දුක්කටස්ස. තෙ වෙමතිකා විචිනන්ති. විචිනිත්වා න පස්සන්ති; අපස්සිත්වා උපොසථං කරොන්ති. අනාපත්ති. තෙ වෙමතිකා විචිනන්ති. විචිනිත්වා පස්සන්ති. පස්සිත්වා එකතො උපොසථං කරොන්ති. අනාපත්ති. තෙ වෙමතිකා විචිනන්ති. විචිනිත්වා පස්සන්ති. පස්සිත්වා පාටෙක්කං උපොසථං කරොන්ති. ආපත්ති දුක්කටස්ස. තෙ වෙමතිකා විචිනන්ති. විචිනිත්වා පස්සන්ති. පස්සිත්වා ‘නස්සන්තෙතෙ. විනස්සන්තෙතෙ. කො තෙහි අත්ථො’ති භෙදපුරෙක්ඛාරා උපොසථං කරොන්ති. ආපත්ති ථුල්ලච්චයස්ස.”
Sinhala BJT8. “මහණෙනි, මෙහි ආවාසිකභික්‍ෂූහු ආගන්තුකභික්‍ෂූන්ගේ ආගන්තුක ආකාරය, ආගන්තුක ලක්‍ෂණය, ආගන්තුක නිමිත්ත, ආගන්තුක උද්දේසය, නො හඳුනන පාත්‍රය, නො හඳුනන සිවුර, නො හඳුනන නිසීදනය, පා සේදු තැන්, වැගුරුණු දිය, දකිත්. දැක ‘ආගන්තුක භික්‍ෂූහු ඇත් ද? නැත් දැ?’ යි විමති ඇත්තෝ වෙත්. විමති ඇත්තා වූ ඒ ආවාසික භික්‍ෂූහු (ආගන්තුක භික්‍ෂූන්) නො සොයත්, නො සොයා පොහොය කරත්. දුකුළාඇවැත් වේ. විමති ඇත්තා වූ ඒ භික්‍ෂූහු සොයත්, සොයා නො දකිත්. නො දැක පොහොය කරත්. ඇවැත් නො වේ. විමති ඇත්තා වූ ඒ භික්‍ෂූහු සොයත්. සොයා දකිත්. දැක එකතු ව පොහොය කරත්. ඇවැත් නො වේ. විමති ඇත්තා වූ ඒ භික්‍ෂූහු සොයත්. සොයා දකිත්. දැක වෙන් වෙන් ව පොහොය කරත්. දුකුළාඇවැත් වේ. විමති ඇත්තා වූ ඒ භික්‍ෂූහු සොයත්. සොයා දකිත්. දැක ‘මේ මහණහු නැසෙත්වා. මේ මහණහු වැනසෙත්වා. ඔවුන්ගෙන් කිනම් වැඩෙක් දැ’ යි බිඳීමේ අදහස පෙරටු කොට ඇත්තාහු පොහොය කරත්. ථූලසි ඇවැත් වේ”
Pali BJT9. “ඉධ පන භික්ඛවෙ, ආවාසිකා භික්ඛූ සුණන්ති. ආගන්තුකානං භික්ඛූනං ආගන්තුකාකාරං ආගන්තුකලිඞ්ගං ආගන්තුකනිමිත්තං ආගන්තුකුද්දෙසං ආගච්ඡන්තානං පදසද්දං උපාහනපප්ඵොටනසද්දං උක්කාසිතසද්දං ඛිපිතසද්දං. සුත්වා වෙමතිකා හොන්ති ‘අත්ථි නු ඛො ආගන්තුකා භික්ඛූ නත්ථි නු ඛො’?ති. තෙ වෙමතිකා න විචිනන්ති. අවිචිනිත්වා උපොසථං කරොන්ති. ආපත්ති දුක්කටස්ස. තෙ වෙමතිකා විචිනන්ති. විචිනිත්වා න පස්සන්ති. අපස්සිත්වා උපොසථං කරොන්ති. අනාපත්ති. තෙ වෙමතිකා විචිනන්ති. විචිනිත්වා පස්සන්ති. පස්සිත්වා එකතො උපොසථං කරොන්ති. අනාපත්ති. තෙ වෙමතිකා විචිනන්ති. විචිනිත්වා පස්සන්ති. පස්සිත්වා පාටෙක්කං උපොසථං කරොන්ති ආපත්ති දුක්කටස්ස. තෙ වෙමතිකා විචිනන්ති. විචිනිත්වා පස්සන්ති. පස්සිත්වා ‘නස්සන්තෙතෙ. විනස්සන්තෙතෙ. කො තෙහි අත්ථො’ති භෙදපුරෙක්ඛාරා උපොසථං කරොන්ති. ආපත්ති ථුල්ලච්චයස්ස.”
Sinhala BJT9. “මහණෙනි, මෙහි ආවාසිකභික්‍ෂූහු ආගන්තුකභික්‍ෂූන්ගේ ආගන්තුකආකාරය, ආගන්තුකලක්‍ෂණය, ආගන්තුකනිමිත්ත, ආගන්තුකඋද්දේසය, එන්නවුන්ගේ පාහඬ, වහන් ගසා දැමීමේ හඬ, කැරීම් හඬ, කිවිසිලි හඬ අසත්. අසා ‘ආගන්තුකභික්‍ෂූහු ඇත් ද?, නැත් දැ?” යි විමතී ඇත්තාහු වෙත්.” විමති ඇත්තා වූ ඒ භික්‍ෂූහු (ආගන්තුක භික්‍ෂූන්) නො සොයත්. නො සොයා පොහොය කරත්. දුකුළාඇවැත් වේ. විමති ඇත්තා වූ ඒ භික්‍ෂූහු සොයත්. සොයා නො දකිත්. නො දැක පොහොය කරත්. ඇවැත් නො වේ. විමති ඇත්තා වූ ඒ භික්‍ෂූහු සොයත්. සොයා දකිත්. දැක එකතු ව පොහොය කරත් ඇවැත් නො වේ. විමති ඇත්තා වූ ඒ භික්‍ෂූහු සොයත්. සොයා දකිත්. දැක වෙන් වෙන් ව පොහොය කරත්. දුකුළාඇවැත් වේ. විමති ඇත්තා වූ ඒ භික්‍ෂූහු සොයත්. සොයා දකිත්. දැක ‘මේ මහණහු නැසෙත්වා. මේ මහණහු වැනසෙත්වා. ඔවුන්ගෙන් කිනම් වැඩෙක් දැ’ යි බිඳීමේ අදහස පෙරටු කොට ඇත්තාහු පොහොය කරත්. ථුලසි ඇවැත් වේ”
Pali BJT10. “ඉධ පන භික්ඛවෙ, ආගන්තුකා භික්ඛූ පස්සන්ති ආවාසිකෙ භික්ඛූ නානාසංවාසකෙ. තෙ සමානසංවාසකදිට්ඨිං පටිලභන්ති. සමානසංවාසකදිට්ඨිං පටිලභිත්වා න පුච්ඡන්ති. අපුච්ඡිත්වා එකතො උපොසථං කරොන්ති. අනාපත්ති. තෙ පුච්ඡන්ති. පුච්ඡිත්වා නාභිවිතරන්ති. අනභිවිතරිත්වා එකතො උපොසථං කරොන්ති. ආපත්ති දුක්කටස්ස. තෙ පුච්ඡන්ති. පුච්ඡිත්වා නාභිවිතරන්ති. අනභිවිතරිත්වා පාටෙක්කං උපොසථං කරොන්ති. අනාපත්ති.
Sinhala BJT10. “මහණෙනි, මෙහි ආගන්තුකභික්‍ෂූහු දාෂ්ටිවශයෙන් නානාසංවාසක වූ ආවාසික භික්‍ෂූන් දකිත්. ඒ ආගන්තුක භික්‍ෂූහු සමානසංවාසකදෘෂ්ටිය ලබත්. සමානසංවාසකදෘෂ්ටිය ලබා නො විචාරත්. නො විචාරා එකතු ව පොහොය කරත්. ඇවැත් නො වේ. ඒ භික්‍ෂූහු විචාරත්. විචාරා (නානාසංවාසකභාවය) බැහැර නො කෙරෙත්. ඒ දෘෂ්ටිය බැහැර නො කොට එකතු ව පොහොය කරත්. දුකුළාඇවැත් වේ. ඒ භික්‍ෂුහු විචාරත්. විචාරා බැහැර නො කෙරෙත්. බැහැර නො කොට වෙන් වෙන් ව පොහොය කරත්. ඇවැත් නො වේ”
Pali BJT11. “ඉධ පන භික්ඛවෙ, ආගන්තුකා භික්ඛූ පස්සන්ති ආවාසිකෙ භික්ඛූ සමානසංවාසකෙ. තෙ නානාසංවාසකදිට්ඨිං පටිලභන්ති. නානාසංවාසකදිට්ඨිං පටිලභිත්වා න පුච්ඡන්ති. අපුච්ඡිත්වා එකතො උපොසථං කරොන්ති. ආපත්ති දුක්කටස්ස. තෙ පුච්ඡන්ති. පුච්ඡිත්වා අභිවිතරන්ති. අභිවිතරිත්වා පාටෙක්කං උපොසථං කරොන්ති. ආපත්ති දුක්කටස්ස. තෙ පුච්ඡන්ති. පුච්ඡිත්වා අභිවිතරන්ති. අභිවිතරිත්වා එකතො උපොසථං කරොන්ති. අනාපත්ති.”
Sinhala BJT11. “මහණෙනි, මෙහි ආගන්තුකභික්‍ෂූහු සමානසංවාසක වූ ආවාසිකභික්‍ෂූන් දකිත්. ඒ භික්‍ෂූහු නානාසංවාසකදෘෂ්ටිය ලබත්. නානාසංවාසකදෘෂ්ටිය ලබා නො විචාරත්, නො විචාරා එකතු ව පොහොය කරත්. දුකුළාඇවැත් වේ. ඒ භික්‍ෂූහු විචාරත්. විචාරා බැහැර කෙරෙත්. බැහැර කොට වෙන් වෙන් ව පොහොය කරත්. දුකුළාඇවැත් වේ. ඒ භික්‍ෂූහු විචාරත්. විචාරා බැහැර කරත්. බැහැර කොට එකතු ව පොහොය කරත්. ඇවැත් නො වේ”
Pali BJT12. “ඉධ පන භික්ඛවෙ, ආවාසිකා භික්ඛූ පස්සන්ති ආගන්තුකෙ භික්ඛූ නානාසංවාසකෙ. තෙ සමානසංවාසකදිට්ඨිං පටිලභන්ති. සමානසංවාසකදිට්ඨිං පටිලභිත්වා න පුච්ඡන්ති. අපුච්ඡිත්වා එකතො උපොසථං කරොන්ති. අනාපත්ති. තෙ පුච්ඡන්ති. පුච්ඡිත්වා නාභිවිතරන්ති. අනභිවිතරිත්වා එකතො උපොසථං කරොන්ති. ආපත්ති දුක්කටස්ස. තෙ පුච්ඡන්ති. පුච්ඡිත්වා නාභිවිතරන්ති. අනභිවිතරිත්වා පාටෙක්කං උපොසථං කරොන්ති. අනාපත්ති.”
Sinhala BJT12 “මහණෙනි, මෙහි ආවාසික භික්‍ෂූහු නානාසංවාසක වූ ආගන්තුකභික්‍ෂූන් දකිත්. ඒ භික්‍ෂූහු සමානසංවාසකදෘෂ්ටිය ලබත්. සමානසංවාසකදෘෂ්ටිය ලබා නො විචාරත්. නො විචාරා එකතු ව පොහොය කරත්. ඇවැත් නො වේ. ඒ භික්‍ෂූහු විචාරත්. විචාරා බැහැර නො කෙරෙත්. බැහැර නො කොට එකතු ව පොහොය කරත්. දුකුළාඇවැත් වේ. ඒ භික්‍ෂූහු විචාරත්. විචාරා බැහැර නො කෙරෙත්. බැහැර නො කොට වෙන් වෙන් ව පොහොය කෙරෙත්. ඇවැත් නා වේ”
Pali BJT13. “ඉධ පන භික්ඛවෙ, ආවාසිකා භික්ඛූ පස්සන්ති ආගන්තුකෙ භික්ඛූ සමානසංවාසකෙ. තෙ නානාසංවාසකදිට්ඨිං පටිලභන්ති. නානාසංවාසකදිට්ඨිං පටිලභිත්වා න පුච්ඡන්ති. අපුච්ඡිත්වා එකතො උපොසථං කරොන්ති. ආපත්ති දුක්කටස්ස. තෙ පුච්ඡන්ති. පුච්ඡිත්වා අභිවිතරන්ති. අභිවිතරිත්වා පාටෙක්කං උපොසථං කරොන්ති. ආපත්ති දුක්කටස්ස. තෙ පුච්ඡන්ති. පුච්ඡිත්වා අභිවිතරන්ති. අභිවිතරිත්වා එකතො උපොසථං කරොන්ති. අනාපත්ති.”
Sinhala BJT13. “මහණෙනි, මෙහි ආවාසිකභික්‍ෂූහු සමානසංවාසක වූ ආගන්තුකභික්‍ෂූන් දකිත්. ඒ භික්‍ෂූහු නානාසංවාසකදෘෂ්ටිය ලබත්. නානාසංවාසකදෘෂ්ටිය ලබා නො විචාරත්. නො විචාරා එකතු ව පොහොය කෙරෙත්. දුකුළාඇවැත් වේ. ඒ භික්‍ෂූහු විචාරත්. විචාරා බැහැර කෙරෙත්. බැහැර කොට වෙන් වෙන් ව පොහොය කෙරෙත්. දුකුළාඇවැත් වේ. ඒ භික්‍ෂූහු විචාරත්. විචාරා බැහැර කෙරෙත්. බැහැර කොට එකතු ව පොහොය කෙරෙත්. ඇවැත් නො වේ”
Pali BJT14. න භික්ඛවෙ, තදහුපොසථෙ සභික්ඛුකා ආවාසා අභික්ඛුකො ආවාසො ගන්තබ්බො අඤ්ඤත්ර සඞ්ඝෙන අඤ්ඤත්ර අන්තරායා.
Sinhala BJT14. මහණෙනි, එදවස පොහොයෙහි භික්‍ෂූන් සහිත වූ ආවාසයෙන් භික්‍ෂූන් රහිත වූ ආවාසයට සඞ්ඝයා හැර අන්තරායයක් නැති ව නො යා යුතු ය.
Pali BJT15. න භික්ඛවෙ, තදහුපොසථෙ සභික්ඛුකා ආවාසා අභික්ඛුකො අනාවාසො ගන්තබ්බො අඤ්ඤත්ර සඞ්ඝෙන අඤ්ඤත්ර අන්තරායා.
Sinhala BJT15. මහණෙනි, එදවස පොහොයෙහි භික්‍ෂූන් සහිත වූ ආවාසයෙන් භික්‍ෂූන් රහිත වූ අනාවාසයට සඞ්ඝයාගෙන් තොර ව අන්තරායයක් නැති ව නො යා යුතු ය.
Pali BJT16. න භික්ඛවෙ, තදහුපොසථෙ සභික්ඛුකා ආවාසා අභික්ඛුකො ආවාසො වා අනාවාසො වා ගන්තබ්බො අඤ්ඤත්ර සඞ්ඝෙන අඤ්ඤත්ර අන්තරායා.
Sinhala BJT16. මහණෙනි, එදවස පොහොයෙහි භික්‍ෂූන් සහිත වූ ආවාසයෙන් භික්‍ෂූන් රහිත වූ ආවාසයට හෝ අනාවාසයට සඞ්ඝයාගෙන් තොරව අන්තරායයක් නැති ව නො යා යුතු ය.
Pali BJT17. න භික්ඛවෙ, තදහුපොසථෙ සභික්ඛුකා අනාවාසා අභික්ඛුකො ආවාසො ගන්තබ්බො අඤ්ඤත්ර සඞ්ඝෙන අඤ්ඤත්ර අන්තරායා.
Sinhala BJT17. මහණෙනි, එදවස පොහොයෙහි භික්‍ෂූන් සහිත වූ අනාවාසයෙන් භික්‍ෂූන් රහිත වූ ආවාසයට සඞ්ඝයාගෙන් තොර වූ අන්තරායයක් නැති ව නො යා යුතු ය.
Pali BJT18. න භික්ඛවෙ, තදහුපොසථෙ සභික්ඛුකා අනාවාසා අභික්ඛුකො අනාවාසො ගන්තබ්බො අඤ්ඤත්ර සඞ්ඝෙන අඤ්ඤත්ර අන්තරායා.
Sinhala BJT18. මහණෙනි, එදවස පොහොයෙහි භික්‍ෂූන් සහිත වූ අනාවාසයෙන් භික්‍ෂූන් රහිත වූ අනාවාසයට සඞ්ඝයාගෙන් තොර ව අන්තරායයක් නැති ව නො යා යුතු ය.
Pali BJT19. න භික්ඛවෙ, තදහුපොසථෙ සභික්ඛුකා අනාවාසා අභික්ඛුකො ආවාසො වා අනාවාසො වා ගන්තබ්බො අඤ්ඤත්ර සඞ්ඝෙන අඤ්ඤත්ර අන්තරායා.
Sinhala BJT19. මහණෙනි, එදවස පොහොයෙහි භික්‍ෂූන් සහිත වූ අනාවාසයෙන් භික්‍ෂූන් රහිත වූ ආවාසයට හෝ අනාවාසයට සඞ්ඝයාගෙන් තොර ව අන්තරායයක් නැති ව නො යා යුතු ය.
Pali BJT20. න භික්ඛවෙ, තදහුපොසථෙ සභික්ඛුකා ආවාසා වා අනාවාසා වා අභික්ඛුකො ආවාසො ගන්තබ්බො අඤ්ඤත්ර සඞ්ඝෙන අඤ්ඤත්ර අන්තරායා.
Sinhala BJT20. මහණෙනි, එදවස පොහොයෙහි භික්‍ෂූන් සහිත වූ ආවාසයෙන් හෝ අනාවාසයෙන් හෝ භික්‍ෂූන් රහිත වූ ආවාසයට සඞ්ඝයාගෙන් තොර ව අන්තරායයක් නැති ව නො යා යුතු ය.
Pali BJT21. න භික්ඛවෙ, තදහුපොසථෙ සභික්ඛුකා ආවාසා වා අනාවාසා වා අභික්ඛුකො අනාවාසො ගන්තබ්බො අඤ්ඤත්ර සඞ්ඝෙන අඤ්ඤත්ර අන්තරායා.
Sinhala BJT21. මහණෙනි, එදවස පොහොයෙහි භික්‍ෂූන් සහිත වූ ආවාසයෙන් හෝ අනාවාසයෙන් හෝ භික්‍ෂූන් රහිත වූ අනාවාසයට සඞ්ඝයාගෙන් තොර ව අන්තරායයක් නැති ව නො යා යුතු ය.
Pali BJT22. න භික්ඛවෙ, තදහුපොසථෙ සභික්ඛුකා ආවාසා වා අනාවාසා වා අභික්ඛුකො ආවාසො වා අනාවාසො වා ගන්තබ්බො අඤ්ඤත්ර සඞ්ඝෙන අඤ්ඤත්ර අන්තරායා.
Sinhala BJT22. මහණෙනි, එදවස පොහොයෙහි භික්‍ෂූන් සහිත වූ ආවාසයෙන් හෝ අනාවාසයෙන් හෝ භික්‍ෂූන් රහිත වූ ආවාසයට හෝ අනාවාසයට සඞ්ඝයාගෙන් තොර ව අන්තරායයක් නැති ව නො යා යුතු ය.
Pali BJT23. න භික්ඛවෙ, තදහුපොසථෙ සභික්ඛුකා ආවාසා සභික්ඛුකො ආවාසො ගන්තබ්බො යත්ථස්සු භික්ඛූ නානාසංවාසකා අඤ්ඤත්ර සඞ්ඝෙන අඤ්ඤත්ර අන්තරායා.
Sinhala BJT23. මහණෙනි, එදවස පොහොයෙහි යම් තැනෙක නානාසංවාසක වූ භික්‍ෂූහු වසන්නාහු ද, (එබඳු වූ) භික්‍ෂූන් සහිත වූ ආවාසයෙන් භික්‍ෂූන් සහිත වූ ආවාසයට සඞ්ඝයාගෙන් තොර ව අන්තරායයක් නැති ව නො යා යුතු ය.
Pali BJT24. න භික්ඛවෙ, තදහුපොසථෙ සභික්ඛුකා ආවාසා සභික්ඛුකො අනාවාසො ගන්තබ්බො යත්ථස්සු භික්ඛූ නානාසංවාසකා අඤ්ඤත්ර සඞ්ඝෙන අඤ්ඤත්ර අන්තරායා.
Sinhala BJT24. මහණෙනි, එදවස පොහොයෙහි යම් තැනෙක නානාසංවාසක වූ භික්‍ෂූහු වසන්නාහු ද, (එබඳු වූ) භික්‍ෂූන් සහිත වූ ආවාසයෙන් භික්‍ෂූන් සහිත වූ අනාවාසයට සඞ්ඝයාගෙන් තොර ව අන්තරායයක් නැති ව නො යා යුතු ය.
Pali BJT25. න භික්ඛවෙ, තදහුපොසථෙ සභික්ඛුකා ආවාසා සභික්ඛුකො ආවාසො වා අනාවාසො වා ගන්තබ්බො යත්ථස්සු භික්ඛූ නානාසංවාසකා අඤ්ඤත්ර සඞ්ඝෙන අඤ්ඤත්ර අන්තරායා.
Sinhala BJT25. මහණෙනි, එදවස පොහොයෙහි යම් තැනෙක නානාසංවාසක වූ භික්‍ෂූහු වසන්නාහු ද, (එබඳු වූ) භික්‍ෂූන් සහිත වූ ආවාසයෙන් භික්‍ෂූන් සහිත වූ ආවාසයට හෝ අනාවාසයට සඞ්ඝයාගෙන් තොර ව අන්තරායයක් නැති ව නො යා යුතු ය.
Pali BJT26. න භික්ඛවෙ, තදහුපොසථෙ සභික්ඛුකා අනාවාසා සභික්ඛුකො ආවාසො ගන්තබ්බො යත්ථස්සු භික්ඛූ නානාසංවාසකා අඤ්ඤත්ර සඞ්ඝෙන අඤ්ඤත්ර අන්තරායා.
Sinhala BJT26. මහණෙනි, එදවස පොහොයෙහි යම් තැනෙක නානාසංවාසක භික්‍ෂූහු වසන්නාහු ද, (එබඳු වූ) භික්‍ෂූන් සහිත වූ අනාවාසයෙන් භික්‍ෂූන් සහිත වූ ආවාසයට සඞ්ඝයාගෙන් තොර ව අන්තරායයක් නැති ව නො යා යුතු ය.
Pali BJT27. න භික්ඛවෙ, තදහුපොසථෙ සභික්ඛුකා අනාවාසා සභික්ඛුකො අනාවාසො ගන්තබ්බො යත්ථස්සු භික්ඛූ නානාසංවාසකා අඤ්ඤත්ර සඞ්ඝෙන අඤ්ඤත්ර අන්තරායා.
Sinhala BJT27. මහණෙනි, එදවස පොහොයෙහි යම් තැනෙක නානාසංවාසක භික්‍ෂූහු වසන්නාහු ද, (එබඳු වූ) භික්‍ෂූන් සහිත වූ අනාවාසයෙන් භික්‍ෂූන් සහිත වූ අනාවාසයට සඞ්ඝයාගෙන් තොර ව අන්තරායයක් නැති ව නො යා යුතු ය.
Pali BJT28. න භික්ඛවෙ, තදහුපොසථෙ සභික්ඛුකා අනාවාසා සභික්ඛුකො ආවාසො වා අනාවාසො වා ගන්තබ්බො යත්ථස්සු භික්ඛූ නානාසංවාසකා අඤ්ඤත්ර සඞ්ඝෙන අඤ්ඤත්ර අන්තරායා.
Sinhala BJT28. මහණෙනි, එදවස පොහොයෙහි යම් තැනෙක නානාසංවාසක භික්‍ෂූහු වසන්නාහු ද, (එබඳු වූ) භික්‍ෂූන් සහිත වූ අනාවාසයෙන් භික්‍ෂූන් සහිත වූ ආවාසයට හෝ අනාවාසයට හෝ සඞ්ඝයාගෙන් තොර ව අන්තරායයක් නැති’ ව නො යා යුතු ය.
Pali BJT29. න භික්ඛවෙ, තදහුපොසථෙ සභික්ඛුකා ආවාසා වා අනාවාසා වා සභික්ඛුකො ආවාසො ගන්තබ්බො යත්ථස්සු භික්ඛූ නානාසංවාසකා අඤ්ඤත්ර සඞ්ඝෙන අඤ්ඤත්ර අන්තරායා.
Sinhala BJT29. මහණෙනි, එදවස පොහොයෙහි යම් තැනෙක නානාසංවාසක භික්‍ෂූහු වසන්නාහු ද, (එබඳු වූ) භික්‍ෂූන් සහිත වූ ආවාසයෙන් හෝ අනාවාසයෙන් හෝ භික්‍ෂූන් සහිත වූ ආවාසයට සඞ්ඝයාගෙන් තොර ව අන්තරායයක් නැති ව නො යා යුතු ය.
Pali BJT30. න භික්ඛවෙ, තදහුපොසථෙ සභික්ඛුකා ආවාසා වා අනාවාසා වා සභික්ඛුකො අනාවාසො ගන්තබ්බො යත්ථස්සු භික්ඛූ නානාසංවාසකා අඤ්ඤත්ර සඞ්ඝෙන අඤ්ඤත්ර අන්තරායා.
Sinhala BJT30. මහණෙනි, එදවස පොහොයෙහි යම් තැනෙක නානාසංවාසක භික්‍ෂූහු වසන්නාහු ද, (එබඳු වූ) භික්‍ෂූන් සහිත වූ ආවාසයෙන් හෝ අනාවාසයෙන් හෝ භික්‍ෂූන් සහිත වූ අනාවාසයට සඞ්ඝයාගෙන් තොර ව අන්තරායයක් නැති ව නො යා යුතු ය.
Pali BJT31. න භික්ඛවෙ, තදහුපොසථෙ සභික්ඛුකා ආවාසා වා අනාවාසා වා සභික්ඛුකො ආවාසො වා අනාවාසො වා ගන්තබ්බො යත්ථස්සු භික්ඛූ නානාසංවාසකා අඤ්ඤත්ර සඞ්ඝෙන අඤ්ඤත්ර අන්තරායා.
Sinhala BJT31. මහණෙනි, එදවස පොහොයෙහි යම් තැනෙක නානාසංවාසක භික්‍ෂූහු වසන්නාහු ද, (එබඳු වූ) භික්‍ෂූන් සහිත වූ ආවාසයෙන් හෝ අනාවාසයෙන් හෝ භික්‍ෂූන් සහිත වූ ආවාසයට හෝ අනාවාසයට සඞ්ඝයා ගෙන් තොර ව අන්තරායයක් නැති ව නො යා යුතු ය.
Pali BJT32. ගන්තබ්බො භික්ඛවෙ, තදහුපොසථෙ සභික්ඛුකා ආවාසා සභික්ඛුකො ආවාසො යත්ථස්සු භික්ඛූ සමානසංවාසකා, යං ජඤ්ඤා සක්කොමි අජ්ජෙව ගන්තුන්ති.
Sinhala BJT32. මහණෙනි, එදවස පොහොයෙහි යම් තැනෙක සමාන සංවාසක භික්‍ෂූහු වසන්නාහු ද, යම් තැනකට “අද ම යන්නට හැක්කෙමි’ යි, දන්නේ ද, භික්‍ෂූන් සහිත වූ ආවාසයෙන් එබඳු භික්‍ෂූන් සහිත වූ ආවාසයට යා යුතුය.
Pali BJT33. ගන්තබ්බො භික්ඛවෙ, තදහුපොසථෙ සභික්ඛුකා ආවාසා සභික්ඛුකො අනාවාසො -පෙ- සභික්ඛුකො ආවාසො වා අනාවාසො වා යත්ථස්සු භික්ඛූ සමානසංවාසකා, යං ජඤ්ඤා සක්කොමි අජ්ජෙව ගන්තුන්ති.
Sinhala BJT33. මහණෙනි, එදවස පොහොයෙහි යම් තැනෙක සමානසංවාසක භික්‍ෂූහු වසන්නාහු ද, යම් තැනකට ‘අද ම යන්නට හැක්කෙමි’ යි දන්නේ ද, භික්‍ෂූන් සහිත වූ ආවාසයෙන් (එබඳු) භික්‍ෂූන් සහිත වූ අනාවාසයට –පෙ– භික්‍ෂූන් සහිත වූ ආවාසයට හෝ අනාවාසයට හෝ යා යුතු ය.
Pali BJT34. ගන්තබ්බො භික්ඛවෙ, තදහුපොසථෙ සභික්ඛුකා අනාවාසා සභික්ඛුකො ආවාසො -පෙ- සභික්ඛුකො අනාවාසො -පෙ- සභික්ඛුකො ආවාසො වා අනාවාසො වා යත්ථස්සු භික්ඛූ සමානසංවාසකා, යං ජඤ්ඤා සක්කොමි අජ්ජෙව ගන්තුන්ති.
Sinhala BJT34. මහණෙනි, එදවස පොහොයෙහි යම් තැනෙක සමානසංවාසක භික්‍ෂූහු වසන්නාහු ද, යම් තැනකට ‘අද ම යන්නට හැක්කෙමි’ යි දන්නේ ද, භික්‍ෂූන් සහිත වූ අනාවාසයෙන් (එබඳු) භික්‍ෂූන් සහිත වූ ආවාසයට –පෙ– භික්‍ෂූන් සහිත වූ අනාවාසයට –පො– භික්‍ෂූන් සහිත වූ ආවාසයට හෝ අනාවාසයට හෝ යා යුතු ය.
Pali BJT35. ගන්තබ්බො භික්ඛවෙ, තදහුපොසථෙ සභික්ඛුකා ආවාසා වා අනාවාසා වා සභික්ඛුකො ආවාසො -පෙ- සභික්ඛුකො අනාවාසො -පෙ- සභික්ඛුකො ආවාසො වා අනාවාසො වා යත්ථස්සු භික්ඛූ සමානසංවාසකා, යං ජඤ්ඤා සක්කොමි අජ්ජෙව ගන්තුන්ති.
Sinhala BJT35. මහණෙනි, එදවස පොහොයෙහි යම් තැනෙක සමානසංවාසක භික්‍ෂූහු වසන්නාහු ද, යම් තැනකට ‘අද ම යන්නට හැක්කෙමි’ යි දන්නේ ද, භික්‍ෂූන් සහිත වූ ආවාසයෙන් හෝ අනාවාසයෙන් හෝ (එබඳු) භික්‍ෂූන් සහිත වූ ආවාසයට –පෙ– භික්‍ෂූන් සහිත වූ අනාවාසයට – පෙ– භික්‍ෂූන් සහිත වූ ආවාසයට හෝ අනාවාසයට හෝ යා යුතු ය.
Pali BJT36. න භික්ඛවෙ, භික්ඛුනියා නිසින්නපරිසාය පාතිමොක්ඛං උද්දිසිතබ්බං. යො උද්දිසෙය්ය, ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT36. මහණෙනි, මෙහෙණක හුන් පිරිසෙහි පාමොක් නො උදෙසිය යුතු ය. යමෙක් උදෙසන්නේ නම්, දුකුළාඇවැත් වේ.
Pali BJT37. න සික්ඛමානාය -පෙ- න සාමණෙරස්ස -පෙ- න සාමණෙරියා -පෙ- න සික්ඛං{1} පච්චක්ඛාතකස්ස -පෙ- න අන්තිමවත්ථුං අජ්ඣාපන්නකස්ස නිසින්නපරිසාය පාතිමොක්ඛං උද්දිසිතබ්බං. යො උද්දිසෙය්ය, ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT37. හික්මෙන්නියක – පෙ – නො උදෙසිය යුතු ය. හෙරණකු –පෙ – නො උදෙසිය යුතු ය. හෙරණියක –පෙ– නො උදෙසිය යුතු ය. ශික්‍ෂා අත්හළ එකකු –පෙ– නො උදෙසිය යුතු ය. අන්තිමවස්තුවට පැමිණියකු හුන් පිරිසෙහි පාමොක් නො උදෙසිය යුතු ය යමෙක් උදෙසන්නේ නම්, දුකුළාඅවැත් වේ.
Pali BJT38. න ආපත්තියා අදස්සනෙ උක්ඛිත්තකස්ස නිසින්නපරිසාය පාතිමොක්ඛං උද්දිසිතබ්බං. යො උද්දිසෙය්ය, යථාධම්මො කාරෙතබ්බො.
Sinhala BJT38. ඇවැත් නො දැක්මෙහි බැහැර ලූ එකකු හුන් පිරිසෙහි පාමොක් නො උදෙසිය යුතු ය. යමෙක් උදෙසන්නේ නම්, ධර්‍මය (විනය නීති) යම්සේ ද, එසේ කරවිය යුතු ය.
Pali BJT39. න ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛිත්තකස්ස නිසින්නපරිසාය -පෙ- න පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛිත්තකස්ස නිසින්නපරිසාය පාතිමොක්ඛං උද්දිසිතබ්බං. යො උද්දිසෙය්ය, යථා ධම්මො, කාරෙතබ්බො.
Sinhala BJT39. ඇවැතට පිළියම් නො කිරීමෙහි බැහැර ලූ එකකු හුන් පිරිසෙහි –පෙ– ලාමක මිසදිටු අත් නො හැරීමෙහි බැහැර ලූවකු හුන් පිරිසෙහි පාමොක් නො උදෙසිය යුතු ය. යමෙක් උදෙසන්නේ නම්, ධර්‍මය (විනය නීති) පරිදි කරවිය යුතු ය.
Pali BJT40. න පණ්ඩකස්ස නිසින්නපරිසාය පාතිමොක්ඛං උද්දිසිතබ්බං. යො උද්දිසෙය්ය, ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT40. පණ්ඩකයකු හුන් පිරිසෙහි පාමොක් නො උදෙසිය යුතු ය. යමෙක් උදෙසන්නේ නම්, දුකුළාදෑවැත් වේ.
Pali BJT41. න ථෙය්යසංවාසකස්ස -පෙ- න තිත්ථියපක්කන්තකස්ස -පෙ- න තිරච්ඡානගතස්ස -පෙ- න මාතුඝාතකස්ස -පෙ- න පිතුඝාතකස්ස -පෙ- න අරහන්තඝාතකස්ස -පෙ- න භික්ඛුණීදූසකස්ස -පෙ- න සඞ්ඝභෙදකස්ස -පෙ- න ලොහිතුප්පාදකස්ස -පෙ- න උභතොබ්යඤ්ජනකස්ස නිසින්නපරිසාය පාතිමොක්ඛං උද්දිසිතබ්බං. යො උද්දිසෙය්ය, ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT41. පැවිද්ද සොරකම් කළහු –පෙ– තීර්‍ත්‍ථකයන් කරා ගියකු –පෙ– තිරිසන් ගියකු –පෙ– මවු මැරූවකු –පෙ– පියා මැරූවකු –පෙ– රහතුන් මැරූවකු –පෙ – මෙහෙණන් දූෂණය කළහු –පෙ– සඞ්ඝභේදකයකු –පෙ– ලෝහිතුප්පාදකයකු –පෙ– උභතොඛ්‍යඤ්ජනකයකු හුන් පිරිසෙහි පාමොක් නො උදෙසිය යුතු ය. යමෙක් උදෙසන්නේ නම්, දුකුළාඇවැත් වේ.
Pali BJT42. න භික්ඛවෙ, පාරිවාසිකපාරිසුද්ධිදානෙන උපොසථො කාතබ්බො අඤ්ඤත්ර අවුට්ඨිතාය පරිසාය.
Sinhala BJT42. මහණෙනි, පිරිස නො නැගිටියොත් පාරිවාසිකපාරිසුද්ධිය දීමෙන් පොහොය නො කට යුතු ය.
Pali BJT43. න ච භික්ඛවෙ, අනුපොසථෙ උපොසථො කාතබ්බො අඤ්ඤත්ර සඞ්ඝසාමග්ගියාති.
Sinhala BJT43. මහණෙනි, සඞ්ඝසාමග්‍රිය හැර අනුපෝසථයෙහි (චාතුද්දසී – පණ්ණරසී නො වන දිනෙක) පොහොය නො කට යුතු ය.
Pali BJTඋපොසථක්ඛන්ධකො දුතියො.{2}
Sinhala BJTදෙවන උපෝසථක්ඛන්‍ධකය නිමි.