5. සො සාමණෙරෙහි අපසාදිතො හත්ථිභණ්ඩෙ අස්සභණ්ඩෙ උපසඞ්කමිත්වා එවං වදෙති: “එථ, මං ආවුසො, දූසෙථා”ති. හත්ථිභණ්ඩා අස්සභණ්ඩා දූසෙසුං. තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “පණ්ඩකා ඉමෙ සමණා සක්යපුත්තියා. යෙ’පි ඉමෙසං න පණ්ඩකා, තෙ’පි පණ්ඩකෙ දූසෙන්ති. එවං ඉමෙ සබ්බෙව අබ්රහ්මචාරිනො ති.”
6. අස්සොසුං ඛො භික්ඛූ තෙසං හත්ථිභණ්ඩානං අස්සභණ්ඩානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. “පණ්ඩකො භික්ඛවෙ, අනුපසම්පන්නො න උපසම්පාදෙතබ්බො. උපසම්පන්නො නාසෙතබ්බො”ති. (1)
7. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො පුරාණකුලපුත්තො ඛීණකොලඤ්ඤො සුඛුමාලො හොති. අථ ඛො තස්ස පුරාණකුලපුත්තස්ස ඛීණකොලඤ්ඤස්ස එතදහොසි: “අහං ඛො සුඛුමාලො. න පටිබලො අනධිගතං වා භොගං අධිගන්තුං අධිගතං වා භොගං ඵාතිකාතුං.{1} කෙන නු ඛො අහං උපායෙන සුඛඤ්ච ජීවෙය්යං? න ච කිලමෙය්යං?”ති.
8. අථ ඛො තස්ස පුරාණකුලපුත්තස්ස ඛීණකොලඤ්ඤස්ස එතදහොසි: “ඉමෙ ඛො සමණා සක්යපුත්තියා සුඛසීලා සුඛසමාචාරා සුභොජනානි භුඤ්ජිත්වා නිවාතෙසු සයනෙසු සයන්ති. යන්නූනාහං සාමං පත්තචීවරං පටියාදෙත්වා කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා ආරාමං ගන්ත්වා භික්ඛූහි සද්ධිං සංවසෙය්ය”න්ති.
9. අථ ඛො සො පුරාණකුලපුත්තො ඛීණකොලඤ්ඤො සාමං පත්තචීවරං පටියාදෙත්වා කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා ආරාමං ගන්ත්වා භික්ඛූ අභිවාදෙති. භික්ඛූ එවමාහංසු “කතිවස්සොසි ත්වං ආවුසො?”ති. “කිං එතං - ‘ආවුසො, “කතිවස්සො නාමා?”ති. “කො පන තෙ ආවුසො, උපජ්ඣායොති?” ති. “කිං එතං ආවුසො, උපජ්ඣායො නාමා?”ති. භික්ඛූ ආයස්මන්තං උපාලිං එතදවොචුං: “ඉඞ්ඝාවුසො උපාලි, ඉමං පබ්බජිතං අනුයුඤ්ජාහී”ති.
10. අථ ඛො සො පුරාණකුලපුත්තො ඛීණකොලඤ්ඤො ආයස්මතා උපාලිනා අනුයුඤ්ජියමානො එතමත්ථං ආරොචෙසි. ආයස්මා උපාලි භික්ඛූනං එතමත්ථං ආරොචෙසි. භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. “ථෙය්යසංවාසකො භික්ඛවෙ, අනුපසම්පන්නො න උපසම්පාදෙතබ්බො. උපසම්පන්නො නාසෙතබ්බො. තිත්ථියපක්කන්තකො භික්ඛවෙ, අනුපසම්පන්නො න උපසම්පාදෙතබ්බො. උපසම්පන්නො නාසෙතබ්බො”ති. (2.3)
11. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො නාගො නාගයොනියා අට්ටීයති. හරායති ජිගුච්ඡති. අථ ඛො තස්ස නාගස්ස එතදහොසි: “කෙන නු ඛො අහං උපායෙන නාගයොනියා ච පරිමුච්චෙය්යං? ඛිප්පඤ්ච මනුස්සත්තං පටිලභෙය්යං?”ති. අථ ඛො තස්ස නාගස්ස එතදහොසි: “ඉමෙ ඛො සමණා සක්යපුත්තියා ධම්මචාරිනො සමචාරිනො බ්රහ්මචාරිනො සච්චවාදිනො සීලවන්තො කල්යාණධම්මා. සචෙ ඛො අහං සමණෙසු සක්යපුත්තියෙසු පබ්බජෙය්යං, එවාහං නාගයොනියා ච පරිමුච්චෙය්යං. ඛිප්පඤ්ච මනුස්සත්තං පටිලභෙය්ය”න්ති.
12. අථ ඛො සො නාගො මාණවකවණ්ණෙන භික්ඛූ උපසඞ්කමිත්වා පබ්බජ්ජං යාචි. තං භික්ඛූ පබ්බාජෙසුං. උපසම්පාදෙසුං. තෙන ඛො පන සමයෙන සො නාගො අඤ්ඤතරෙන භික්ඛුනා සද්ධිං පච්චන්තිමෙ විහාරෙ පටිවසති. අථ ඛො සො භික්ඛු රත්තියා පච්චූසසමයං පච්චුට්ඨාය අජ්ඣොකාසෙ චඞ්කමති.
13. අථ ඛො සො නාගො තස්ස භික්ඛුනො නික්ඛන්තෙ විස්සත්ථො නිද්දං ඔක්කමි. සබ්බො විහාරො අහිනා පුණ්ණො. වාතපානෙහි භොගා නික්ඛන්තා හොන්ති. අථ ඛො සො භික්ඛු “විහාරං පවිසිස්සාමී”ති කවාටං පනාමෙන්තො අද්දස සබ්බං විහාරං අහිනා පුණ්ණං. වාතපානෙහි භොගෙ නික්ඛන්තෙ. දිස්වාන භීතො විස්සරමකාසි. භික්ඛූ උපධාවිත්වා තං භික්ඛුං එතදවොචුං: “කිස්ස ත්වං ආවුසො, විස්සරමකාසී?”ති. “අයං ආවුසො, සබ්බො විහාරො අහිනා පුණ්ණො, වාතපානෙහි භොගා නික්ඛන්තා”ති.
14. අථ ඛො සො නාගො තෙන සද්දෙන පටිබුජ්ඣිත්වා සකෙ ආසනෙ නිසීදි. භික්ඛූ එවමාහංසු: “කො’සි ත්වං ආවුසො?”ති. “අහම්භන්තෙ, නාගො”ති. “කිස්ස පන ත්වං ආවුසො, එවරූපං අකාසී?”ති.
15. අථ ඛො සො නාගො භික්ඛූනං එතමත්ථං ආරොචෙසි. භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා තං නාගං එතදවොච: “තුම්හෙ ච ඛ්වත්ථ නාගා. අවිරුළ්හිධම්මා ඉමස්මිං ධම්මවිනයෙ. ගච්ඡ ත්වං නාග, තත්ථෙව චාතුද්දසෙ පණ්ණරසෙ අට්ඨමියා ච පක්ඛස්ස උපොසථං උපවස, එවං ත්වං නාගයොනියා ච පරිමුච්චිස්සසි. ඛිප්පඤ්ච මනුස්සත්තං පටිලභිස්සසී”ති.
16. අථ ඛො සො නාගො “අවිරූළ්හිධම්මො කිරාහං ඉමස්මිං ධම්මවිනයෙ”ති දුක්ඛී දුම්මනො අස්සූනි පවත්තයමානො විස්සරං කත්වා පක්කාමි. අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: “ද්වෙ මෙ භික්ඛවෙ, පච්චයා නාගස්ස සභාවපාතුකම්මාය. යදා ච සජාතියා මෙථුනං ධම්මං පතිසෙවති, යදා ච විස්සත්ථො නිද්දං ඔක්කමති, ඉමෙ ඛො භික්ඛවෙ, ද්වෙ පච්චයා නාගස්ස සභාවපාතුකම්මාය. තිරච්ඡානගතො භික්ඛවෙ, අනුපසම්පන්නො න උපසම්පාදෙතබ්බො, උපසම්පන්නො නාසෙතබ්බො”ති. (4)
17. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො මාණවකො මාතරං ජීවිතා වොරොපෙසි. සො තෙන පාපකෙන කම්මෙන අට්ටීයති, හරායති, ජිගුච්ඡති. අථ ඛො තස්ස මාණවකස්ස එතදහොසි: “කෙන නු ඛො අහං උපායෙන ඉමස්ස පාපකස්ස කම්මස්ස{1} නික්ඛන්තිං කරෙය්ය”න්ති. අථ ඛො තස්ස මාණවකස්ස එතදහොසි: “ඉමෙ ඛො සමණා සක්යපුත්තියා ධම්මචාරිනො සමචාරිනො බ්රහ්මචාරිනො සච්චවාදිනො සීලවන්තො කල්යාණධම්මා. සචෙ ඛො අහං සමණෙසු සක්යපුත්තියෙසු පබ්බජෙය්යං, එවාහං ඉමස්ස පාපකස්ස කම්මස්ස නික්ඛන්තිං කරෙය්ය”න්ති.
18. අථ ඛො සො මාණවකො භික්ඛූ උපසඞ්කමිත්වා පබ්බජ්ජං යාචි. භික්ඛූ ආයස්මන්තං උපාලිං එතදවොචුං: “පුබ්බෙපි ඛො ආවුසො, උපාලි, නාගො මාණවකවණ්ණෙන භික්ඛූසු පබ්බජිතො. ඉඞ්ඝාවුසො, උපාලි, ඉමං මාණවකං අනුයුඤ්ජාහී”ති.
19. අථ ඛො සො මාණවකො ආයස්මතා උපාලිනා අනුයුඤ්ජියමානො එතමත්ථං ආරොචෙසි. ආයස්මා උපාලි භික්ඛූනං එතමත්ථං ආරොචෙසි. භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. “මාතුඝාතකො භික්ඛවෙ, අනුපසම්පන්නො න උපසම්පාදෙතබ්බො. උපසම්පන්නො නාසෙතබ්බො”ති. (5.)
20. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො මාණවකො පිතරං ජීවිතා වොරොපෙසි. සො තෙන පාපකෙන කම්මෙන අට්ටීයති, හරායති, ජිගුච්ඡති. අථ ඛො තස්ස මාණවකස්ස එතදහොසි: “කෙන නු ඛො අහං උපායෙන ඉමස්ස පාපකස්ස කම්මස්ස නික්ඛන්තිං කරෙය්ය”න්ති. අථ ඛො තස්ස මාණවකස්ස එතදහොසි: “ඉමෙ ඛො සමණා සක්යපුත්තියා ධම්මචාරිනො සමචාරිනො බ්රහ්මචාරිනො සච්චවාදිනො සීලවන්තො කල්යාණධම්මා. සචෙ ඛො අහං සමණෙසු සක්යපුත්තියෙසු පබ්බජෙය්යං, එවාහං ඉමස්ස පාපකස්ස කම්මස්ස නික්ඛන්තිං කරෙය්ය”න්ති.
21. අථ ඛො සො මාණවකො භික්ඛූ උපසඞ්කමිත්වා පබ්බජ්ජං යාචි. භික්ඛූ ආයස්මන්තං උපාලිං එතදවොචුං: පුබ්බෙපි ඛො ආවුසො උපාලි නාගො මාණවකවණ්ණෙන භික්ඛූසු පබ්බජිතො. ඉඞ්ඝාවුසො උපාලි, ඉමං මාණවකං අනුයුඤ්ජාහී”ති.
22. අථ ඛො සො මාණවකො ආයස්මතා උපාලිනා අනුයුඤ්ජියමානො එතමත්ථං ආරොචෙසි. ආයස්මා උපාලි භික්ඛූනං එතමත්ථං ආරොචෙසි. භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. පිතුඝාතකො භික්ඛවෙ, අනුපසම්පන්නො න උපසම්පාදෙතබ්බො. උපසම්පන්නො නාසෙතබ්බො”ති. (6)
23. තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛූ සාකෙතා සාවත්ථිං අද්ධානමග්ගප්පටිපන්නා හොන්ති. අන්තරාමග්ගෙ චොරා නික්ඛමිත්වා එකච්චෙ භික්ඛූ අච්ඡින්දිංසු, එකච්චෙ භික්ඛූ හනිංසු. සාවත්ථියා රාජභටා නික්ඛමිත්වා එකච්චෙ චොරෙ අග්ගහෙසුං. එකච්චෙ චොරා පලායිංසු. යෙ තෙ පලායිංසු. තෙ භික්ඛූසු පබ්බජිංසු. යෙ තෙ ගහිතා, තෙ වධාය ඔනිය්යන්ති.
24. අද්දසංසු ඛො තෙ{1} පලායිත්වා පබ්බජිතා තෙ චොරෙ වධාය ඔනීයමානෙ. දිස්වාන එවමාහංසු: “සාධු ඛො මයං පලායිම්හ. සචජ්ජ{2} මයං ගණ්හීයෙය්යාම.{3} මයම්පි එවමෙව හඤ්ඤෙය්යාමා”ති . භික්ඛූ එවමාහංසු: “කිම්පන තුම්හෙ ආවුසො, අකත්ථා”ති. අථ ඛො තෙ පබ්බජිතා භික්ඛූනං එතමත්ථං ආරොචෙසුං. භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. “අරහන්තො එතෙ භික්ඛවෙ, භික්ඛූ. අරහන්තඝාතකො භික්ඛවෙ, අනුපසම්පන්නො න උපසම්පාදෙතබ්බො. උපසම්පන්නො නාසෙතබ්බො”ති. (7)
25. තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛුනියො සාකෙතා සාවත්ථිං අද්ධානමග්ගප්පටිපන්නා හොන්ති. අන්තරාමග්ගෙ චොරා නික්ඛමිත්වා එකච්චා භික්ඛුනියො අච්ඡින්දිංසු. එකච්චා භික්ඛුණියො දූසෙසුං. සාවත්ථියා රාජභටා නික්ඛමිත්වා එකච්චෙ චොරෙ අග්ගහෙසුං. එකච්චෙ චොරා පලායිංසු. යෙ තෙ පලායිංසු. තෙ භික්ඛූසු පබ්බජිංසු. යෙ තෙ ගහිතා තෙ වධාය ඔනීයන්ති.
26. අද්දසාසුං ඛො තෙ පබ්බජිතා තෙ චොරෙ වධාය ඔනීයමානෙ. දිස්වාන එවමාහංසු: “සාධු ඛො මයං පලායිම්හ. සචජ්ජ මයං ගණ්හීයෙය්යාම, මයම්පි එවමෙව හඤ්ඤෙය්යාමා”ති. භික්ඛූ එවමාහංසු: “කිම්පන තුම්හෙ ආවුසො, අකත්ථා”ති. අථ ඛො තෙ පබ්බජිතා භික්ඛූනං එතමත්ථං ආරොචෙසුං. භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. “භික්ඛුණීදූසකො භික්ඛවෙ අනුපසම්පන්නො න උපසම්පාදෙතබ්බො. උපසම්පන්නො නාසෙතබ්බො. සඞ්ඝභෙදකො භික්ඛවෙ, අනුපසම්පන්නො න උපසම්පාදෙතබ්බො. උපසම්පන්නො නාසෙතබ්බො. ලොහිතුප්පාදකො භික්ඛවෙ, අනුපසම්පන්නො න උපසම්පාදෙතබ්බො. උපසම්පන්නො නාසෙතබ්බො”ති. (8. 9. 10.)
27. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො උභතොබ්යඤ්ජනකො භික්ඛූසු පබ්බජිතො හොති. සො කරොතිපි, කාරාපෙතිපි. භගවතො එතමත්ථං ආරොචෙසුං. “උභතොබ්යඤ්ජනකො භික්ඛවෙ, අනුපසම්පන්නො න උපසම්පාදෙතබ්බො. උපසම්පන්නො නාසෙතබ්බො”ති. (11.)
අනුපසම්පන්නෙකාදසවත්ථු නිට්ඨිතං.
1. තෙන ඛො පන සමයෙන භික්ඛූ අනුපජ්ඣායකං උපසම්පාදෙන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ, අනුපජ්ඣායකො උපසම්පාදෙතබ්බො. යො උපසම්පාදෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති. (1)
2. තෙන ඛො පන සමයෙන භික්ඛූ සඞ්ඝෙන උපජ්ඣායෙන උපසම්පාදෙන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ, සඞ්ඝෙන උපජ්ඣායෙන උපසම්පාදෙතබ්බො. යො උපසම්පාදෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති. (2)
3. තෙන ඛො පන සමයෙන භික්ඛූ ගණෙන උපජ්ඣායෙන උපසම්පාදෙන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ, ගණෙන උපජ්ඣායෙන උපසම්පාදෙතබ්බො. යො උපසම්පාදෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති. (3)
4. තෙන ඛො පන සමයෙන භික්ඛූ පණ්ඩකූපජ්ඣායෙන උපසම්පාදෙන්ති. -පෙ- ථෙය්යසංවාසකූපජ්ඣායෙන උපසම්පාදෙන්ති. - තිත්ථියපක්කන්තකූපජ්ඣායෙන උපසම්පාදෙන්ති. - තිරච්ඡානගතූපජ්ඣායෙන උපසම්පාදෙන්ති. - මාතුඝාතකූපජ්ඣායෙන උපසම්පාදෙන්ති - පිතුඝාතකූපජ්ඣායෙන උපසම්පාදෙන්ති - අරහන්තඝාතකූපජ්ඣායෙන උපසම්පාදෙන්ති - භික්ඛුණීදූසකූපජ්ඣායෙන උපසම්පාදෙන්ති - සඞ්ඝභෙදකූපජ්ඣායෙන උපසම්පාදෙන්ති - ලොහිතුප්පාදකූපජ්ඣායෙන උපසම්පාදෙන්ති - උභතොබ්යඤ්ජන-කූපජ්ඣායෙන උපසම්පාදෙන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
5. “න භික්ඛවෙ, පණ්ඩකූපජ්ඣායෙන උපසම්පාදෙතබ්බො. -පෙ- න{1} ථෙය්යසංවාසකූපජ්ඣායෙන උපසම්පාදෙතබ්බො. - න තිත්ථියපක්කන්තකූපජ්ඣායෙන උපසම්පාදෙතබ්බො. - න තිරච්ඡානගතූපජ්ඣායෙන උපසම්පාදෙතබ්බො - න මාතුඝාතකූපජ්ඣායෙන උපසම්පාදෙතබ්බො. - න පිතුඝාතකූපජ්ඣායෙන උපසම්පාදෙතබ්බො. - න අරහන්තඝාතකූපජ්ඣායෙන උපසම්පාදෙතබ්බො. - න භික්ඛුණීදූසකූපජ්ඣායෙන උපසම්පාදෙතබ්බො. - න සඞ්ඝභෙදකූපජ්ඣායෙන උපසම්පාදෙතබ්බො. - න ලොහිතුප්පාදකූපජ්ඣායෙන උපසම්පාදෙතබ්බො. - න උභතොබ්යඤ්ජනකූපජ්ඣායෙන උපසම්පාදෙතබ්බො. යො උපසම්පාදෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති. (4-14)
6. තෙන ඛො පන සමයෙන භික්ඛූ අපත්තකං උපසම්පාදෙන්ති. හත්ථෙසු පිණ්ඩාය චරන්ති. මනුස්සා උජ්ඣායන්ති, ඛීයන්ති, විපාචෙන්ති: “සෙය්යථාපි තිත්ථියා”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ, අපත්තකො උපසම්පාදෙතබ්බො. යො උපසම්පාදෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති. (15.)
7. තෙන ඛො පන සමයෙන භික්ඛූ අචීවරකං උපසම්පාදෙන්ති. නග්ගා පිණ්ඩාය චරන්ති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “සෙය්යථාපි තිත්ථියා”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ, අචීවරකො උපසම්පාදෙතබ්බො. යො උපසම්පාදෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති. (16)
8. තෙන ඛො පන සමයෙන භික්ඛූ අපත්තචීවරකං උපසම්පාදෙන්ති. නග්ගා හත්ථෙසු පිණ්ඩාය චරන්ති. මනුස්සා උජ්ඣායන්ති, ඛීයන්ති, විපාචෙන්ති: “සෙය්යථාපි තිත්ථියා”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ, අපත්තචීවරකො උපසම්පාදෙතබ්බො. යො උපසම්පාදෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති. (17)
9. තෙන ඛො පන සමයෙන භික්ඛූ යාචිතකෙන පත්තෙන උපසම්පාදෙන්ති. උපසම්පන්නෙ පත්තං පටිහරන්ති. හත්ථෙසු පිණ්ඩාය චරන්ති. මනුස්සා උජ්ඣායන්ති, ඛීයන්ති, විපාචෙන්ති: “සෙය්යථාපි තිත්ථියා”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ, යාචිතකෙන පත්තෙන උපසම්පාදෙතබ්බො. යො උපසම්පාදෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති. (18)
10. තෙන ඛො පන සමයෙන භික්ඛූ යාචිතකෙන චීවරෙන{1} උපසම්පාදෙන්ති. උපසම්පන්නෙ චීවරං පටිහරන්ති. නග්ගා පිණ්ඩාය චරන්ති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති, විපාචෙන්ති: “සෙය්යථාපි තිත්ථියා”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ, යාචිතකෙන චීවරෙන උපසම්පාදෙතබ්බො. යො උපසම්පාදෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති. (19)
11. තෙන ඛො පන සමයෙන භික්ඛූ යාචිතකෙන පත්තචීවරෙන උපසම්පාදෙන්ති. උපසම්පන්නෙ පත්තචීවරං පටිහරන්ති. නග්ගා හත්ථෙසු පිණ්ඩාය චරන්ති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “සෙය්යථාපි තිත්ථියා”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ, යාචිතකෙන පත්තචීවරෙන උපසම්පාදෙතබ්බො. යො උපසම්පාදෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති. (20)
න උපසම්පාදෙතබ්බෙකවීසතිවාරං{2} නිට්ඨිතං.
1. තෙන ඛො පන සමයෙන භික්ඛූ හත්ථච්ඡින්නං පබ්බාජෙන්ති. -පෙ- පාදච්ඡින්නං පබ්බාජෙන්ති. - හත්ථපාදච්ඡින්නං පබ්බාජෙන්ති. කණ්ණච්ඡින්නං පබ්බාජෙන්ති. නාසච්ඡින්නං පබ්බාජෙන්ති. කණ්ණනාසච්ඡින්නං පබ්බාජෙන්ති. අඞ්ගුලිච්ඡින්නං පබ්බාජෙන්ති. - අළච්ඡින්නං පබ්බාජෙන්ති. කණ්ඩරච්ඡින්නං පබ්බාජෙන්ති. - ඵණහත්ථකං පබ්බාජෙන්ති. - ඛුජ්ජං පබ්බාජෙන්ති. - වාමනං පබ්බාජෙන්ති. - ගලගණ්ඩිං පබ්බාජෙන්ති. - ලක්ඛණාහතං පබ්බාජෙන්ති. - කසාහතං පබ්බාජෙන්ති. - ලිඛිතකං{1} පබ්බාජෙන්ති - සීපදිං පබ්බාජෙන්ති. - පාපරොගිං පබ්බාජෙන්ති. - පරිසදූසකං පබ්බාජෙන්ති. - කාණං පබ්බාජෙන්ති. - කුණිං පබ්බාජෙන්ති. - ඛඤ්ජං පබ්බාජෙන්ති. - පක්ඛහතං පබ්බාජෙන්ති. - ඡින්නිරියාපථං පබ්බාජෙන්ති. - ජරාදුබ්බලං පබ්බාජෙන්ති. - අන්ධං පබ්බාජෙන්ති. - මූගං පබ්බාජෙන්ති. - බධිරං පබ්බාජෙන්ති. - අන්ධමූගං පබ්බාජෙන්ති. - අන්ධබධිරං පබ්බාජෙන්ති. - මූගබධිරං පබ්බාජෙන්ති. -පෙ- අන්ධමූගබධිරං පබ්බාජෙන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
2. “න භික්ඛවෙ, හත්ථච්ඡින්නො පබ්බාජෙතබ්බො. -පෙ- න පාදච්ඡින්නො පබ්බාජෙතබ්බො. - න හත්ථපාදච්ඡින්නො පබ්බාජෙතබ්බො. - න කණ්ණච්ඡින්නො පබ්බාජෙතබ්බො. - න නාසච්ඡින්නො පබ්බාජෙතබ්බො. - න කණ්ණනාසච්ඡින්නො පබ්බාජෙතබ්බො. - න අඞ්ගුලිච්ඡින්නො පබ්බාජෙතබ්බො. - න අළච්ඡින්නො පබ්බාජෙතබ්බො - න කණ්ඩරච්ඡින්නො පබ්බාජෙතබ්බො. - න ඵණහත්ථකො පබ්බාජෙතබ්බො. - න ඛුජ්ජො පබ්බාජෙතබ්බො. - න වාමනො පබ්බාජෙතබ්බො. - න ගලගණ්ඩී පබ්බාජෙතබ්බො. - න ලක්ඛණාහතො පබ්බාජෙතබ්බො. - න කසාහතො පබ්බාජෙතබ්බො. - න ලිඛිතකො පබ්බාජෙතබ්බො. - න සීපදී පබ්බාජෙතබ්බො. - න පාපරොගී පබ්බාජෙතබ්බො. - න පරිසදූසකො පබ්බාජෙතබ්බො. - න කාණො පබ්බාජෙතබ්බො. - න කුණී පබ්බාජෙතබ්බො. - න ඛඤ්ජො පබ්බාජෙතබ්බො. - න පක්ඛහතො පබ්බාජෙතබ්බො. - න ඡින්නිරියාපථො පබ්බාජෙතබ්බො. - න ජරාදුබ්බලො පබ්බාජෙතබ්බො. - න අන්ධො පබ්බාජෙතබ්බො. - න මූගො පබ්බාජෙතබ්බො. - න බධිරො පබ්බාජෙතබ්බො. - න අන්ධමූගො පබ්බාජෙතබ්බො. - න අන්ධබධිරො පබ්බාජෙතබ්බො. - න මූගබධිරො පබ්බාජෙතබ්බො. - න අන්ධමූගබධිරො පබ්බාජෙතබ්බො. යො පබ්බාජෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
නපබ්බාජෙතබ්බද්වත්තිංසවාරො නිට්ඨිතං.
දායජ්ජභාණවාරං නිට්ඨිතං නවමං.
1. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ අලජ්ජීනං නිස්සයං දෙන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ අලජ්ජීනං නිස්සයො දාතබ්බො. යො දදෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති. තෙන ඛො පන සමයෙන භික්ඛූ අලජ්ජීනං නිස්සාය වසන්ති. තෙපි න චිරස්සෙව අලජ්ජිනො හොන්ති පාප භික්ඛූ{1}. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ අලජ්ජීනං නිස්සාය වත්ථබ්බං. යො වසෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
2. අථ ඛො භික්ඛූනං එතදහොසි: “භගවතා පඤ්ඤත්තං ‘න අලජ්ජීනං නිස්සයො දාතබ්බො, න අලජ්ජීනං නිස්සාය වත්ථබ්බ’න්ති. කථන්නු ඛො මයං ජානෙය්යාම ලජ්ජිං වා අලජ්ජිං වා{2}”ති? භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ චතූහපඤ්චාහං ආගමෙතුං යාව භික්ඛුසභාගතං{3} ජානාමී”ති.
3. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු කොසලෙසු ජනපදෙසු{4} අද්ධානමග්ගප්පටිපන්නො හොති. අථ ඛො තස්ස භික්ඛුනො එතදහොසි: “භගවතා පඤ්ඤත්තං ‘න අනිස්සිතෙන වත්ථබ්බ’න්ති. අහඤ්චම්හි නිස්සයකරණීයො අද්ධානමග්ගප්පටිපන්නො, කථන්නු ඛො මයා පටිපජ්ජිතබ්බ”න්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, අද්ධානමග්ගප්පටිපන්නෙන භික්ඛුනා නිස්සයං අලභමානෙන අනිස්සිතෙන වත්ථු”න්ති.
4. තෙන ඛො පන සමයෙන ද්වෙ භික්ඛූ කොසලෙසු ජනපදෙ අද්ධානමග්ගප්පටිපන්නා හොන්ති. තෙ අඤ්ඤතරං ආවාසං උපගච්ඡිංසු. තත්ථ එකො භික්ඛු ගිලානො හොති. අථ ඛො තස්ස ගිලානස්ස භික්ඛුනො එතදහොසි: “භගවතා පඤ්ඤත්තං ‘න අනිස්සිතෙන වත්ථබ්බ’න්ති. අහඤ්චම්හි නිස්සයකරණීයො ගිලානො. කථන්නු ඛො මයා පටිපජ්ජිතබ්බ?”න්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ ගිලානෙන භික්ඛුනා නිස්සයං අලභමානෙන අනිස්සිතෙන වත්ථු”න්ති.
5. අථ ඛො තස්ස ගිලානුපට්ඨාකස්ස භික්ඛුනො එතදහොසි: “භගවතා පඤ්ඤත්තං ‘න අනිස්සිතෙන වත්ථබ්බ’න්ති. අහඤ්චම්හි නිස්සයකරණීයො. අයඤ්ච භික්ඛු ගිලානො. කථන්නු ඛො මයා පටිපජ්ජිතබ්බ”න්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ ගිලානුපට්ඨාකෙන භික්ඛුනා නිස්සයං අලභමානෙන යාචියමානෙන අනිස්සිතෙන වත්ථු”න්ති.
6. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු අරඤ්ඤෙ විහරති. තස්ස ච තස්මිං සෙනාසනෙ ඵාසු හොති. අථ ඛො තස්ස භික්ඛුනො එතදහොසි: “භගවතා පඤ්ඤත්තං ‘න අනිස්සිතෙන වත්ථබ්බ’න්ති. අහඤ්චම්හි නිස්සයකරණීයො අරඤ්ඤෙ විහරාමි. මය්හඤ්ච ඉමස්මිං සෙනාසනෙ ඵාසු හොති, කථන්නු ඛො මයා පටිපජ්ජිතබ්බ”න්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ ආරඤ්ඤිකෙන භික්ඛුනා ඵාසුවිහාරං සල්ලක්ඛෙන්තෙන නිස්සයං අලභමානෙන අනිස්සිතෙන වත්ථුං. යදා පතිරූපො නිස්සයදායකො ආගච්ඡිස්සති. තස්ස{5} නිස්සාය වසිස්සාමි”ති.
7. තෙන ඛො පන සමයෙන ආයස්මතො මහාකස්සපස්ස උපසම්පදාපෙඛො හොති. අථ ඛො ආයස්මා මහාකස්සපො ආයස්මතො ආනන්දස්ස සන්තිකෙ දූතං පාහෙසි: “ආගච්ඡතු ආනන්දො, ඉමං අනුස්සාවෙස්ස”තූති.{1} ආයස්මා ආනන්දො එවමාහ: “නාහං උස්සහාමි ථෙරස්ස නාමං ගහෙතුං. ගරු මෙ ථෙරො”ති . භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, ගොත්තෙනපි අනුස්සාවෙතු”න්ති.
8. තෙන ඛො පන සමයෙන ආයස්මතො මහාකස්සපස්ස ද්වෙ උපසම්පදාපෙඛා හොන්ති. තෙ විවදන්ති: “අහං පඨමං උපසම්පජ්ජිස්සාමි. අහං පඨමං උපසම්පජ්ජිස්සාමී”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ ද්වෙ එකානුස්සාවණෙ{2} කාතු”න්ති.
9. තෙන ඛො පන සමයෙන සම්බහුලානං ථෙරානං උපසම්පදාපෙඛා හොන්ති. තෙ විවදන්ති: “අහං පඨමං උපසම්පජ්ජිස්සාමි. අහං පඨමං උපසම්පජ්ජිස්සාමී”ති. ථෙරා එවමාහංසු: “හන්ද මයං ආවුසො සබ්බෙව එකානුස්සාවණෙ කරොමා”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ ද්වෙ තයො එකානුසාවණෙ කාතුං. තඤ්ච ඛො එකෙන උපජ්ඣායෙන. න ත්වෙව නානුපජ්ඣායෙනා”ති.
10. තෙන ඛො පන සමයෙන ආයස්මා කුමාරකස්සපො ගබ්භවීසො උපසම්පන්නො හොති.{3} අථ ඛො ආයස්මතො කුමාරකස්සපස්ස එතදහොසි: “භගවතා පඤ්ඤත්තං න ඌනවීසතිවස්සො පුග්ගලො උපසම්පාදෙතබ්බො’ති. අහඤ්චම්හි ගබ්භවීසො උපසම්පන්නො. උපසම්පන්නො නු ඛොම්හි? න නු ඛො උපසම්පන්නො?”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “යං භික්ඛවෙ මාතුකුච්ඡිස්මිං පඨමං චිත්තං උප්පන්නං, පඨමං විඤ්ඤාණං පාතුභූතං, තදුපාදාය සාවස්ස ජාති. අනුජානාමි භික්ඛවෙ ගබ්භවීසං උපසම්පාදෙතු”න්ති.
11. තෙන ඛො පන සමයෙන උපසම්පන්නා දිස්සන්ති කුට්ඨිකාපි ගණ්ඩිකාපි කිලාසිකාපි{4} සොසිකාපි අපමාරිකාපි. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ උපසම්පාදෙන්තෙන තෙරස අන්තරායිකෙ ධම්මෙ පුච්ඡිතුං. එවඤ්ච පන භික්ඛවෙ පුච්ඡිතබ්බො: “සන්ති තෙ එවරූපා ආබාධා – කුට්ඨං? ගණ්ඩො? කිලාසො? සොසො? අපමාරො? මනුස්සොසි? පුරිසොසි? භුජිස්සොසි? අණණොසි? නසි රාජභටො? අනුඤ්ඤාතොසි මාතාපිතූහි? පරිපුණ්ණවීසතිවස්සොසි? පරිපුණ්ණං තෙ පත්තචීවරං? කිංනාමොසි? කො නාමො තෙ උපජ්ඣායො?”ති.
12. තෙන ඛො පන සමයෙන භික්ඛූ අනනුසිට්ඨෙ උපසම්පදාපෙඛෙ අන්තරායිකෙ ධම්මෙ පුච්ඡන්ති. උපසම්පදාපෙඛා විත්ථායන්ති. මඞ්කූ හොන්ති. න සක්කොන්ති විස්සජ්ජෙතුං. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ පඨමං අනුසාසිත්වා පච්ඡා අන්තරායිකෙ ධම්මෙ පුච්ඡිතු”න්ති. තත්ථෙව සඞ්ඝමජ්ඣෙ අනුසාසන්ති. උපසම්පදාපෙඛා තථෙව විත්ථායන්ති. මඞ්කූ හොන්ති. න සක්කොන්ති විස්සජ්ජෙතුං. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ එකමන්තං අනුසාසිත්වා සඞ්ඝමජ්ඣෙ අන්තරායිකෙ ධම්මෙ පුච්ඡිතුං. එවඤ්ච පන භික්ඛවෙ, අනුසාසිතබ්බො: පඨමං උපජ්ඣං ගාහාපෙතබ්බො. උපජ්ඣං ගාහාපෙත්වා පත්තචීවරං ආචික්ඛිතබ්බං: අයං තෙ පත්තො. අයං සඞ්ඝාටි. අයං උත්තරාසඞ්ගො. අයං අන්තරවාසකො. ගච්ඡ, අමුම්හි ඔකාසෙ තිට්ඨාහී”ති.
13. බාලා අබ්යත්තා අනුසාසන්ති. දුරනුසිට්ඨා උපසම්පදාපෙඛා විත්ථායන්ති මඞ්කූ හොන්ති. න සක්කොන්ති, විස්සජ්ජෙතුං. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ බාලෙන අබ්යත්තෙන අනුසාසිතබ්බො. යො අනුසාසෙය්ය, ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ බ්යත්තෙන භික්ඛුනා පටිබලෙන අනුසාසිතු”න්ති.
14. අසම්මතා අනුසාසන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ අසම්මතෙන අනුසාසිතබ්බො. යො අනුසාසෙය්ය, ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ සම්මතෙන අනුසාසිතුං. එවඤ්ච පන භික්ඛවෙ සම්මන්නිතබ්බො: අත්තනා වා{1} අත්තානං සම්මන්නිතබ්බං. පරෙන වා පරො සම්මන්නිතබ්බො.
15. කථඤ්ච අත්තනාව අත්තානං සම්මන්නිතබ්බං? බ්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො: “සුණාතු මෙ භන්තෙ සඞ්ඝො ඉත්ථන්නාමො ඉත්ථන්නාමස්ස ආයස්මතො උපසම්පදාපෙඛො. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, අහං ඉත්ථන්නාමං අනුසාසෙය්ය”න්ති. එවං අත්තනා ව අත්තානං සම්මන්නිතබ්බං.
16. කථඤ්ච{2} පරෙන වා පරො සම්මන්නිතබ්බො? බ්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො: “සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. ඉත්ථන්නාමො ඉත්ථන්නාමස්ස ආයස්මතො උපසම්පදාපෙඛො. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, ඉත්ථන්නාමො ඉත්ථන්නාමං අනුසාසෙය්යා”ති . එවං පරෙන වා{3} පරො සම්මන්නිතබ්බො.
17. තෙන සම්මතෙන භික්ඛුනා උපසම්පදාපෙඛො උපසඞ්කමිත්වා එවමස්ස වචනීයො: “සුණසි ඉත්ථන්නාම. අයං තෙ සච්චකාලො, භූතකාලො. යං ජාතං තං සඞ්ඝමජ්ඣෙ පුච්ඡන්තෙ සන්තං අත්ථිති වත්තබ්බං, අසන්තං නත්ථීති වත්තබ්බං. මා ඛො විත්ථාසි. මා ඛො මඞ්කු අහොසි. එවං තං පුච්ඡිස්සන්ති: සන්ති තෙ එවරූපා ආබාධා – කුට්ඨං? ගණ්ඩො? කිලාසො? සොසො? අපමාරො? මනුස්සො’සි? පුරිසො’සි? භුජිස්සො’සි? අනණො’සි? නසි රාජභටො? අනුඤ්ඤාතො’සි මාතාපිතූහි? පරිපුණ්ණවීසතිවස්සො’සි? පරිපුණ්ණං තෙ පත්තචීවරං? කින්නාමො’සි? කො නාමො තෙ උපජ්ඣායො?”ති.
18. එකතො ආගච්ඡන්ති. “න භික්ඛවෙ, එකතො ආගන්තබ්බං. අනුසාසකෙන පඨමතරං ආගන්ත්වා සඞ්ඝො ඤාපෙතබ්බො:
19. “සුණාතු මෙ භන්තෙ, සඞ්ඝො. ඉත්ථන්නාමො ඉත්ථන්නාමස්ස ආයස්මතො උපසම්පදාපෙඛො. අනුසිට්ඨො සො මයා. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, ඉත්ථන්නාමො ආගච්ඡෙය්යා”ති. ආගච්ඡාහී’ති වත්තබ්බො.”
20. එකංසං උත්තරාසඞ්ගං කාරාපෙත්වා භික්ඛූනං පාදෙ වන්දාපෙත්වා උක්කුටිකං නිසීදාපෙත්වා අඤ්ජලිං පග්ගණ්හාපෙත්වා උපසම්පදං යාචාපෙතබ්බො:
21. “සඞ්ඝං භන්තෙ, උපසම්පදං යාචාමි. උල්ලුම්පතු මං භන්තෙ, සඞ්ඝො අනුකම්පං උපාදාය. දුතියම්පි භන්තෙ, සඞ්ඝං උපසම්පදං යාචාමි. උල්ලුම්පතු මං භන්තෙ, සඞ්ඝො අනුකම්පං උපාදාය. තතියම්පි භන්තෙ, සඞ්ඝං උපසම්පදං යාචාමි. උල්ලුම්පතු මං භන්තෙ, සඞ්ඝො අනුකම්පං උපාදායා”ති.
22. බ්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො: “සුණාතු මෙ භන්තෙ, සඞ්ඝො. අයං ඉත්ථන්නාමො ඉත්ථන්නාමස්ස ආයස්මතො උපසම්පදාපෙඛො. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, අහං ඉත්ථන්නාමං අන්තරායිකෙ ධම්මෙ පුච්ඡෙය්ය”න්ති. ‘සුණසි ඉත්ථන්නාම, අයං තෙ සච්චකාලො. භූතකාලො. යං ජාතං තං පුච්ඡාමි. සන්තං අත්ථිති වත්තබ්බං. අසන්තං නත්ථීති වත්තබ්බං. සන්ති තෙ එවරූපා ආබාධා – කුට්ඨං? ගණ්ඩො? කිලාසො? සොසො? අපමාරො? මනුස්සො’සි? පුරිසො’සි? භුජිස්සො’සි? අනණො’සි? නසි රාජභටො? අනුඤ්ඤාතො’සි මාතාපිතූහි? පරිපුණ්ණවීසතිවස්සො’සි? පරිපුණ්ණං තෙ පත්තචීවරං? කින්නාමො’සි? කො නාමො තෙ උපජ්ඣායො’?ති.
23. බ්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො: “සුණාතු මෙ භන්තෙ, සඞ්ඝො. අයං ඉත්ථන්නාමො ඉත්ථන්නාමස්ස ආයස්මතො උපසම්පදාපෙඛො. පරිසුද්ධො අන්තරායිකෙහි ධම්මෙහි. පරිපුණ්ණස්ස පත්තචීවරං. ඉත්ථන්නාමො සඞ්ඝං උපසම්පදං යාචති ඉත්ථන්නාමෙන උපජ්ඣායෙන. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො ඉත්ථන්නාමං උපසම්පාදෙය්ය ඉත්ථන්නාමෙන උපජ්ඣායෙන. එසා ඤත්ති.
24. “සුණාතු මෙ භන්තෙ, සඞ්ඝො. අයං ඉත්ථන්නාමො ඉත්ථන්නාමස්ස ආයස්මතො උපසම්පදාපෙඛො. පරිසුද්ධො අන්තරායිකෙහි ධම්මෙහි පරිපුණ්ණස්ස පත්තචීවරං. ඉත්ථන්නාමො සඞ්ඝං උපසම්පදං යාචති ඉත්ථන්නාමෙන උපජ්ඣායෙන. සඞ්ඝො ඉත්ථන්නාමං උපසම්පාදෙති ඉත්ථන්නාමෙන උපජ්ඣායෙන. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස උපසම්පදා ඉත්ථන්නාමෙන උපජ්ඣායෙන, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය.”
25. “දුතියම්පි එතමත්ථං වදාමි. සුණාතු මෙ භන්තෙ, සඞ්ඝො. අයං ඉත්ථන්නාමො ඉත්ථන්නාමස්ස ආයස්මතො උපසම්පදාපෙඛො, පරිසුද්ධො අන්තරායිකෙහි ධම්මෙහි. පරිපුණ්ණස්ස පත්තචීවරං. ඉත්ථන්නාමො සඞ්ඝං උපසම්පදං යාචති ඉත්ථන්නාමෙන උපජ්ඣායෙන. සඞ්ඝො ඉත්ථන්නාමං උපසම්පාදෙති ඉත්ථන්නාමෙන උපජ්ඣායෙන. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස උපසම්පදා ඉත්ථන්නාමෙන උපජ්ඣායෙන, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය.”
26. “තතියම්පි එතමත්ථං වදාමි. සුණාතු මෙ භන්තෙ, සඞ්ඝො. අයං ඉත්ථන්නාමො ඉත්ථන්නාමස්ස ආයස්මතො උපසම්පදාපෙඛො, පරිසුද්ධො අන්තරායිකෙහි ධම්මෙහි, පරිපුණ්ණස්ස පත්තචීවරං. ඉත්ථන්නාමො සඞ්ඝං උපසම්පදං යාචති ඉත්ථන්නාමෙන උපජ්ඣායෙන. සඞ්ඝො ඉත්ථන්නාමං උපසම්පාදෙති ඉත්ථන්නාමෙන උපජ්ඣායෙන. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස උපසම්පදා ඉත්ථන්නාමෙන උපජ්ඣායෙන, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය.”
27. “උපසම්පන්නො සඞ්ඝෙන ඉත්ථන්නාමො ඉත්ථන්නාමෙන උපජ්ඣායෙන. ඛමති සඞ්ඝස්ස, තස්මා තුණ්හී, එවමෙතං ධාරයාමී”ති.
උපසම්පදාකම්මං නිට්ඨිතං.
1. තාවදෙව ඡායා මෙතබ්බා. උතුපමාණං ආචික්ඛිතබ්බං. දිවසභාගො ආචික්ඛිතබ්බො. සඞ්ගීති ආචික්ඛිතබ්බා. චත්තාරො නිස්සයා ආචික්ඛිතබ්බා
2. පිණ්ඩියාලොපභොජනං නිස්සාය පබ්බජ්ජා. තත්ථ තෙ යාවජීවං උස්සාහො කරණීයො. අතිරෙකලාභො – සඞ්ඝභත්තං, උද්දෙසභත්තං, නිමන්තනං, සලාකභත්තං, පක්ඛිකං, උපොසථිකං, පාටිපදිකං. (1)
3. පංසුකූලචීවරං නිස්සාය පබ්බජ්ජා. තත්ථ තෙ යාවජීවං උස්සාහො කරණීයො. අතිරෙකලාභො – ඛොමං, කප්පාසිකං, කොසෙය්යං, කම්බලං, සාණං, භඞ්ගං. (2)
4. රුක්ඛමූලසෙනාසනං නිස්සාය පබ්බජ්ජා. තත්ථ තෙ යාවජීවං උස්සාහො කරණීයො. අතිරෙකලාභො – විහාරො, අඩ්ඪයොගො, පාසාදො, හම්මියං, ගුහා. (3)
5. පූතිමුත්තභෙසජ්ජං නිස්සාය පබ්බජ්ජා. තත්ථ තෙ යාවජීවං උස්සාහො කරණීයො. අතිරෙකලාභො – සප්පි, නවනීතං, තෙලං, මධු, ඵාණිත”න්ති. (4)
චත්තාරො නිස්සයා නිට්ඨිතා.
1. තෙන ඛො පන සමයෙන භික්ඛූ අඤ්ඤතරං භික්ඛුං උපසම්පාදෙත්වා එකකං ඔහාය පක්කමිංසු. සො පච්ඡා එකකොව{1} ආගච්ඡන්තො අන්තරාමග්ගෙ පුරාණදුතියිකාය සමාගඤ්ඡි. සා එවමාහ: “කිං දානි පබ්බජිතොසී?” ති.{2} “ආම, පබ්බජිතොම්හි”ති.{3} “දුල්ලභො ඛො පබ්බජිතානං මෙථුනො ධම්මො. එහි, මෙථුනං ධම්මං පතිසෙවා”ති. සො තස්සා මෙථුනං ධම්මං පතිසෙවිත්වා චිරෙන අගමාසි. භික්ඛූ එවමාහංසු: “කිස්ස ත්වං ආවුසො, එවං චිරං අකාසී?”ති. අථ ඛො සො භික්ඛු භික්ඛූනං එතමත්ථං ආරොචෙසි. භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, උපසම්පාදෙත්වා දුතියං දාතුං, චත්තාරි ච අකරණීයානි ආචික්ඛිතුං.”
2. උපසම්පන්නෙන භික්ඛුනා මෙථුනො ධම්මො න පතිසෙවිතබ්බො අන්තමසො තිරච්ඡානගතායපි. යො භික්ඛු මෙථුනං ධම්මං පතිසෙවති, අස්සමණො හොති අසක්යපුත්තියො. සෙය්යථාපි නාම පුරිසො සීසච්ඡින්නො අභබ්බො තෙන සරීරබන්ධනෙන ජීවිතුං, එවමෙව භික්ඛු මෙථුනං ධම්මං පතිසෙවිත්වා අස්සමණො හොති අසක්යපුත්තියො. තං තෙ යාවජීවං අකරණීයං. (1)
3. උපසම්පන්නෙන භික්ඛුනා අදින්නං ථෙය්යසඞ්ඛාතං න ආදාතබ්බං අන්තමසො තිණසලාකං උපාදාය. යො භික්ඛු පාදං වා පාදාරහං වා අතිරෙකපාදං වා අදින්නං ථෙය්යසඞ්ඛාතං ආදියති, අස්සමණො හොති අසක්යපුත්තියො. සෙය්යථාපි නාම පණ්ඩුපලාසො බන්ධනා පමුත්තො අභබ්බො හරිතත්තාය, එවමෙව භික්ඛු පාදං වා පාදාරහං වා අතිරෙකපාදං වා අදින්නං ථෙය්යසඞ්ඛාතං ආදියිත්වා අස්සමණො හොති අසක්යපුත්තියො. තං තෙ යාවජීවං අකරණීයං. (2)
4. උපසම්පන්නෙන භික්ඛුනා සඤ්චිච්ච පාණො ජීවිතා න වොරොපෙතබ්බො, අන්තමසො කුන්ථකිපිල්ලිකං උපාදාය. යො භික්ඛු සඤ්චිච්ච මනුස්සවිග්ගහං ජීවිතා වොරොපෙති අන්තමසො ගබ්භපාතනං උපාදාය, අස්සමණො හොති අසක්යපුත්තියො. සෙය්යථාපි නාම පුථුසිලා ද්වෙධා භින්නා අප්පටිසන්ධිකා හොති, එවමෙව භික්ඛු සඤ්චිච්ච මනුස්සවිග්ගහං ජීවිතා වොරොපෙත්වා අස්සමණො හොති අසක්යපුත්තියො. තං තෙ යාවජීවං අකරණීයං. (3)
5. උපසම්පන්නෙන භික්ඛුනා උත්තරිමනුස්සධම්මො න උල්ලපිතබ්බො අන්තමසො සුඤ්ඤාගාරෙ අභිරමාමීති. යො භික්ඛු පාපිච්ඡො ඉච්ඡාපකතො අසන්තං අභූතං උත්තරිමනුස්සධම්මං උල්ලපති ඣානං වා විමොක්ඛං වා සමාධිං වා සමාපත්තිං වා මග්ගං වා ඵලං වා, අස්සමණො හොති අසක්යපුත්තියො. සෙය්යථාපි නාම තාලො මත්ථකච්ඡින්නො අභබ්බො පුන විරූළ්හියා, එවමෙව භික්ඛු පාපිච්ඡො ඉච්ඡාපකතො අසන්තං අභූතං උත්තරිමනුස්සධම්මං උල්ලපිත්වා අස්සමණො හොති අසක්යපුත්තියො. තං තෙ යාවජීවං අකරණීය”න්ති. (4)
චත්තාරි අකරණීයානි නිට්ඨිතානි.
1. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු ආපත්තියා අදස්සනෙ උක්ඛිත්තකො විබ්භමි. සො පුන පච්චාගන්ත්වා භික්ඛූ උපසම්පදං යාචි. භගවතො එතමත්ථං ආරොචෙසුං.
2. “ඉධ පන භික්ඛවෙ, භික්ඛු ආපත්තියා අදස්සනෙ උක්ඛිත්තකො විබ්භමති, සො පුන පච්චාගන්ත්වා භික්ඛූ උපසම්පදං යාචති, සො එවමස්ස වචනීයො: ‘පස්සිස්සසි තං ආපත්ති’න්ති. සචාහං පස්සිස්සාමී ති, පබ්බාජෙතබ්බො. සචාහං න පස්සිස්සාමී ති, න පබ්බාජෙතබ්බො. පබ්බාජෙත්වා වත්තබ්බො: ‘පස්සිස්සසි තං ආපත්ති’න්ති. සචාහං පස්සිස්සාමී ති, උපසම්පාදෙතබ්බො. සචාහං න පස්සිස්සාමී ති, න උපසම්පාදෙතබ්බො. උපසම්පාදෙත්වා වත්තබ්බො: ‘පස්සිස්සසි තං ආපත්ති’න්ති. සචාහං පස්සිස්සාමී ති, ඔසාරෙතබ්බො. සචාහං න පස්සිස්සාමී ති, න ඔසාරෙතබ්බො. ඔසාරෙත්වා වත්තබ්බො: ‘පස්සාහි{1} තං ආපත්ති’න්ති. සචෙ පස්සති, ඉච්චෙතං කුසලං. නො චෙ පස්සති, ලබ්භමානාය සාමග්ගියා පුන උක්ඛිපිතබ්බො. අලබ්භමානාය සාමග්ගියා අනාපත්ති සම්භොගෙ සංවාසෙ.”
3. “ඉධ පන භික්ඛවෙ, භික්ඛු ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛිත්තකො විබ්භමති, සො පුන පච්චාගන්ත්වා භික්ඛූ උපසම්පදං යාචති. සො එවමස්ස වචනීයො: ‘පටිකරිස්සසි තං ආපත්ති’න්ති? සචාහං පටිකරිස්සාමී ති, පබ්බාජෙතබ්බො. සචාහං න පටිකරිස්සාමී ති, න පබ්බාජෙතබ්බො. පබ්බාජෙත්වා වත්තබ්බො: ‘පටිකරිස්සසි තං ආපත්ති’න්ති. සචාහං පටිකරිස්සාමී ති, උපසම්පාදෙතබ්බො. සචාහං න පටිකරිස්සාමී ති, න උපසම්පාදෙතබ්බො. උපසම්පාදෙත්වා වත්තබ්බො: ‘පටිකරිස්සසි තං ආපත්ති’න්ති? සචාහං පටිකරිස්සාමී ති, ඔසාරෙතබ්බො. සචාහං න පටිකරිස්සාමී ති, න ඔසාරෙතබ්බො. ඔසාරෙත්වා වත්තබ්බො: ‘පටිකරොහි තං ආපත්ති’න්ති. සචෙ පටිකරොති, ඉච්චෙතං කුසලං. නො චෙ පටිකරොති ලබ්භමානාය සාමග්ගියා පුන උක්ඛිපිතබ්බො. අලබ්භමානාය සාමග්ගියා අනාපත්ති සම්භොගෙ සංවාසෙ.”
4. “ඉධ පන භික්ඛවෙ, භික්ඛු පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛිත්තකො විබ්භමති, සො පුන පච්චාගන්ත්වා භික්ඛූ උපසම්පදං යාචති, සො එවමස්ස වචනීයො: ‘පටිනිස්සජිස්සසි තං පාපිකං දිට්ඨි’න්ති? සචාහං පටිනිස්සජිස්සාමී ති, පබ්බාජෙතබ්බො. ‘සචාහං න පටිනිස්සජිස්සාමී ති, න පබ්බාජෙතබ්බො. පබ්බාජෙත්වා වත්තබ්බො: ‘පටිනිස්සජිස්සසි තං පාපිකං දිට්ඨි’න්ති. ‘සචාහං පටිනිස්සජිස්සාමී ති, උපසම්පාදෙතබ්බො. සචාහං න පටිනිස්සජිස්සාමී ති, න උපසම්පාදෙතබ්බො. උපසම්පාදෙත්වා වත්තබ්බො: ‘පටිනිස්සජිස්සසි තං පාපිකං දිට්ඨි’න්ති? සචාහං පටිනිස්සජිස්සාමී ති, ඔසාරෙතබ්බො. සචාහං න පටිනිස්සජිස්සාමී ති න ඔසාරෙතබ්බො. ඔසාරෙත්වා වත්තබ්බො: ‘පටිනිස්සජාහි{2} තං පාපිකං දිට්ඨි’න්ති. සචෙ පටිනිස්සජති, ඉච්චෙතං කුසලං. නො චෙ පටිනිස්සජති, ලබ්භමානාය සාමග්ගියා පුන උක්ඛිපිතබ්බො. අලබ්භමානාය සාමග්ගියා අනාපත්ති සම්භොගෙ සංවාසෙ”ති.
මහාක්ඛන්ධකො පඨමො.
1. විනයම්හි මහත්ථෙසු,{1} පෙසලානං සුඛාවහෙ, නිග්ගහානඤ්ච පාපිච්ඡෙ ලජ්ජීනං පග්ගහෙසු ච.
සාසනාධාරණෙ චෙව{2} සබ්බඤ්ඤුජිනගොචරෙ, අනඤ්ඤවිසයෙ ඛෙමෙ සුප්පඤ්ඤත්තෙ අසංසයෙ.
ඛන්ධකෙ විනයෙ චෙව පරිවාරෙ ච මාතිකෙ, යථාත්ථකාරී කුසලො පටිපජ්ජති යොනිසො.
2. යො ගවං න විජානාති, න සො රක්ඛති ගොගණං, එවං සීලං අජානන්තො කිං සො රක්ඛෙය්ය සංවරං?
3. පමුට්ඨම්හි ච{3} සුත්තන්තෙ අභිධම්මෙ ච තාවදෙ, විනයෙ අවිනට්ඨම්හි පුන තිට්ඨති සාසනං.
4. තස්මා සඞ්ගාහණාහෙතු{4} උද්දානං අනුපුබ්බසො, පවක්ඛාමි යථාඤායං සුණොථ{5} මම භාසතො.
5. වත්ථු{6} නිදානං ආපත්ති, නයා පෙය්යාලමෙව ච, දුක්කරං තං අසෙසෙතුං නයතො තං විජානථා ති.
6. බොධී ච රාජායතනං{7} අජපාලො{8} සහම්පති; බ්රහ්මා ආළාරො උද්දො ච{9} භික්ඛු ච උපකො ඉසි.
7. කොණ්ඩඤ්ඤො භද්දියො වප්පො{10} මහානාමො ච අස්සජි, යසො චත්තාරො පඤ්ඤාස{11} සබ්බෙ පෙසෙසි සො දිසා.
8. වත්ථු මාරෙහි තිංසා ච උරුවෙලං තයො ජටී, අග්යාගාරං මහාරාජා සක්කො බ්රහ්මා ච කෙවලා.{12}
9. පංසුකූලං පොක්ඛරණී සිලා ච කකුධො සිලා, ජම්බු අම්බො ච ආමලො{13} පාරිපුප්ඵඤ්ච ආහරි.
10. ඵාළියන්තු උජ්ජලන්තු විජ්ඣායන්තු ච කස්සප, නිමුජ්ජන්ති{14} මුඛී මෙඝො ගයා ලට්ඨි ච මාගධො.
11. උපතිස්සො කොලිතො ච අභිඤ්ඤාතා ච පබ්බජුං,{15} දුන්නිවත්ථා පනාමනා කිසො ලූඛො ච බ්රාහ්මණො.
12. අනාචාරං ආචරති උදරං මාණවො ගණො, වස්සං බාලෙහි පක්කන්තො දසවස්සානි නිස්සයො.
13. න වත්තන්ති පනාමෙතුං, බාලා පස්සද්ධි පඤ්ච ඡ {1}, යො සො අඤ්ඤො ච නග්ගො ච අච්ඡින්නජටිලසාකියො {2}.