14. තෙන ඛො පන සමයෙන භික්ඛූනං පරිපුණ්ණං හොති තිචීවරං. අත්ථො ච හොති පරිස්සාවනෙහිපි ථවිකාහිපි. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, පරික්ඛාරචොළක”න්ති.
15. අථ ඛො භික්ඛූනං එතදහොසි: “යානි තානි භගවතා අනුඤ්ඤාතානි තිචීවරන්ති වා වස්සිකසාටිකාති{1} වා නිසීදනන්ති වා පච්චත්ථරණන්ති වා කණ්ඩුප්පටිච්ඡාදීති වා මුඛපුඤ්ඡනචොළකන්ති වා පරික්ඛාරචොළකන්ති වා, සබ්බානි තානි අධිට්ඨාතබ්බානි නු ඛො? උදාහු විකප්පෙතබ්බානී?”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, තිචීවරං අධිට්ඨාතුං, න විකප්පෙතුං. වස්සිකසාටිකං වස්සානං චාතුමාසං අධිට්ඨාතුං, තතො පරං විකප්පෙතුං; නිසීදනං අධිට්ඨාතුං න විකප්පෙතුං; පච්චත්ථරණං අධිට්ඨාතුං න විකප්පෙතුං, කණ්ඩුපටිච්ඡාදිං යාව ආබාධා අධිට්ඨාතුං, තතොපරං විකප්පෙතුං, මුඛපුඤ්ඡනචොළකං අධිට්ඨාතුං, න විකප්පෙතුං. පරික්ඛාරචොළකං අධිට්ඨාතුං, න විකප්පෙතු”න්ති. අථඛො භික්ඛූනං එතදහොසි: “කිත්තකං පච්ඡිමං නු ඛො චීවරං විකප්පෙතබ්බ”න්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, ආයාමෙන අට්ඨඞ්ගුලං සුගතඞ්ගුලෙන චතුරඞ්ගුලවිත්ථතං පච්ඡිමං චීවරං විකප්පෙතු”න්ති.
16. තෙන ඛො පන සමයෙන ආයස්මතො මහාකස්සපස්ස පංසුකූලකතො ගරුකො හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, සුත්තලූඛං කාතු”න්ති. විකණ්ණො හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, විකණ්ණං උද්ධරිතු”න්ති. සුත්තා ඔකිරීයන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, අනුවාතං පරිභණ්ඩං ආරොපෙතු”න්ති. තෙන ඛො පන සමයෙන සඞ්ඝාටියා පත්තා ලුජ්ජන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, අට්ඨපදකං කාතු”න්ති.
17. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො තිචීවරෙ කයිරමානෙ සබ්බං ඡින්නකං නප්පහොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, ද්වෙ ඡින්නකානි එකං අච්ඡින්නක”න්ති. ද්වෙ ඡින්නකානි එකං අච්ඡින්නකං නප්පහොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ ද්වෙ අච්ඡින්නකානි. එකං ඡින්නක”න්ති. ද්වෙ අච්ඡින්නකානි එකං ඡින්නකං නප්පහොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, අන්වාධිකම්පි ආරොපෙතුං. න ච භික්ඛවෙ, සබ්බං අච්ඡින්නකං ධාරෙතබ්බං. යො ධාරෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
18. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො බහුං චීවරං උප්පන්නං හොති. සො ච තං චීවරං මාතාපිතූනං{2} දාතුකාමො හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “මාතාපිතරොති ඛො{3} භික්ඛවෙ, වදමානෙ{4} කිං වදෙය්යාම. “අනුජානාමි භික්ඛවෙ, මාතාපිතූනං දාතුං. න ච භික්ඛවෙ සද්ධාදෙය්යං විනිපාතෙතබ්බං. යො විනිපාතෙය්ය” ආපත්ති දුක්කටස්සා”ති.
19. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු අන්ධවනෙ චීවරං නික්ඛිපිත්වා සන්තරුත්තරෙන ගාමං පිණ්ඩාය පාවිසි. චොරා තං චීවරං අවහරිංසු. සො භික්ඛු දුච්චොළො හොති ලූඛචීවරො. භික්ඛූ එවමාහංසු: “කිස්ස ත්වං ආවුසො, දුච්චොළො ලූඛචීවරොසී”ති. ඉධාහං{1} ආවුසො, අන්ධවනෙ චීවරං නික්ඛිපිත්වා සන්තරුත්තරෙන ගාමං පිණ්ඩාය පාවිසිං. චොරා තං චීවරං අවහරිංසු. තෙනාහං දුච්චොළො ලූඛචීවරො”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ, සන්තරුත්තරෙන ගාමො පවිසිතබ්බො. යො පවිසෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
20. තෙන ඛො පන සමයෙන ආයස්මා ආනන්දො අස්සතියා සන්තරුත්තරෙන ගාමං පිණ්ඩාය පාවිසි. භික්ඛූ ආයස්මන්තං ආනන්දං එතදවොචුං: “නනු ඛො ආවුසො ආනන්ද, භගවතා පඤ්ඤත්තං ‘න සන්තරුත්තරෙන ගාමො පවිසිතබ්බො’ති. කිස්ස ත්වං ආවුසො සන්තරුත්තරෙන ගාමං පවිට්ඨො?”ති. “සච්චං ආවුසො, භගවතා පඤ්ඤත්තං ‘න සන්තරුත්තරෙන ගාමො පවිසිතබ්බො’ති. අපි චාහං අස්සතියා පවිට්ඨො”ති.
21. භගවතො එතමත්ථං ආරොචෙසුං. “පඤ්චිමෙ භික්ඛවෙ, පච්චයා සඞ්ඝාටියා නික්ඛෙපාය: ගිලානො වා හොති, වස්සිකසඞ්කෙතං වා හොති, නදීපාරගතං{2} වා හොති. අග්ගළගුත්තිවිහාරො වා හොති. අත්ථතකඨිනං වා හොති. ඉමෙ ඛො භික්ඛවෙ, පඤ්ච පච්චයා සඞ්ඝාටියා නික්ඛෙපාය.
22. “පඤ්චිමෙ භික්ඛවෙ, පච්චයා උත්තරාසඞ්ගස්ස නික්ඛෙපාය: ගිලානො වා හොති, වස්සිකසඞ්කෙතං වා හොති. නදීපාරගතං වා හොති. අග්ගළගුත්තිවිහාරො වා හොති. අත්ථතකඨිනං වා හොති. ඉමෙ ඛො භික්ඛවෙ, පඤ්ච පච්චයා උත්තරාසඞ්ගස්ස අන්තරවාසකස්ස නික්ඛෙපාය.
23. “පඤ්චිමෙ භික්ඛවෙ, පච්චයා අන්තරවාසකස්ස නික්ඛෙපාය: ගිලානො වා හොති. වස්සිකසඞ්කෙතං වා හොති. නදීපාරගතං වා හොති. අග්ගළගුත්තිවිහාරො වා හොති. අත්ථතකඨිනං වා හොති. ඉමෙ ඛො භික්ඛවෙ, පඤ්ච පච්චයා අන්තරවාසකස්ස නික්ඛෙපාය.
24. “පඤ්චිමෙ භික්ඛවෙ, පච්චයා වස්සිකසාටිකාය නික්ඛෙපාය: ගිලානො වා හොති. නිස්සීමගතං{3} වා හොති. නදීපාරගතං වා හොති. අග්ගුළගුත්ති විහාරො වා හොති. වස්සිකසාටිකා අකතා වා හොති. විප්පකතා වා. ඉමෙ ඛො භික්ඛවෙ, පඤ්ච පච්චයා වස්සිකසාටිකාය නික්ඛෙපයා”ති.
25. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු එකො වස්සං වසි. තත්ථ මනුස්සා “සඞ්ඝස්ස දෙමා”ති චීවරානි අදංසු. අථ ඛො තස්ස භික්ඛුනො එතදහොසි: “භගවතා පඤ්ඤත්තං චතුවග්ගො පච්ඡිමො සඞ්ඝො’ති. අහඤ්චම්හි එකකො. ඉමෙ ච මනුස්සා ‘සඞ්ඝස්ස දෙමා’ති චීවරානි අදංසු. යන්නූනාහං ඉමානි සඞ්ඝිකානි චීවරානි සාවත්ථිං හරෙය්ය”න්ති. අථ ඛො සො භික්ඛු තානි චීවරානි ආදාය සාවත්ථිං ගන්ත්වා භගවතො එතමත්ථං ආරොචෙසි. “තුය්හෙව භික්ඛු, තානි චීවරානි යාව කථිනස්ස උබ්භාරායා”ති.
26. “ඉධ පන භික්ඛවෙ, භික්ඛු එකො වස්සං වසති. තත්ථ මනුස්සා ‘සඞ්ඝස්ස දෙමා’ති චීවරානි දෙන්ති. “අනුජානාමි භික්ඛවෙ, තස්සෙව තානි චීවරානි යාව කථිනස්ස උබ්භාරායා”ති.
27. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු උතුකාලං එකො වසි. තත්ථ මනුස්සා “සඞ්ඝස්ස දෙමා”ති චීවරානි අදංසු. අථ ඛො තස්ස භික්ඛුනො එතදහොසි: “භගවතා පඤ්ඤත්තං ‘චතුවග්ගො පච්ඡිමො සඞ්ඝො’ති. අහඤ්චම්හි එකකො. ඉමෙ ච මනුස්සා ‘සඞ්ඝස්ස දෙමා’ති චීවරානි අදංසු. යන්නූනාහං ඉමානි සඞ්ඝිකානි චීවරානි සාවත්ථිං හරෙය්ය”න්ති. අථ ඛො සො භික්ඛු තානි චීවරානි ආදාය සාවත්ථිං ගන්ත්වා භික්ඛූනං එතමත්ථං ආරොචෙසි. භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, සම්මුඛීභූතෙන සඞ්ඝෙන භාජෙතුං.”
28. “ඉධ පන භික්ඛවෙ, භික්ඛු උතුකාලං එකො වසති. තත්ථ මනුස්සා ‘සඞ්ඝස්ස දෙමා’ති චීවරානි දෙන්ති. “අනුජානාමි භික්ඛවෙ, තෙන භික්ඛුනා තානි චීවරානි ‘අධිට්ඨාතුං මය්හං ඉමානි චීවරානී”ති. තස්ස චෙ භික්ඛවෙ, භික්ඛුනො තං චීවරං අනධිට්ඨිතෙ අඤ්ඤො භික්ඛු ආගච්ඡති, සමකො දාතබ්බො භාගො. තෙහි චෙ භික්ඛවෙ, භික්ඛූහි තං චීවරං භාජියමානෙ, අපාතිතෙ කුසෙ අඤ්ඤො භික්ඛු ආගච්ඡති, සමකො දාතබ්බො භාගො. තෙහි චෙ භික්ඛවෙ, භික්ඛූහි තං චීවරං භාජියමානෙ පාතිතෙ කුසෙ අඤ්ඤො භික්ඛු ආගච්ඡති, න අකාමා දාතබ්බො භාගො”ති.
29. තෙන ඛො පන සමයෙන ද්වෙ භාතුකා{1} ථෙරා, ආයස්මා ච ඉසිදාසො ආයස්මා ච ඉසිභද්දො, සාවත්ථියං වස්සං වුත්ථා අඤ්ඤතරං ගාමකාවාසං අගමංසු. මනුස්සා “චිරස්සාපි ථෙරා ආගතා”ති සචීවරානි භත්තානි අකංසු{2}. ආවාසිකා භික්ඛූ ථෙරෙ පුච්ඡිංසු: “ඉමානි භන්තෙ සඞ්ඝිකානි චීවරානි ථෙරෙ ආගම්ම උප්පන්නානි. සාදියිස්සන්ති ථෙරා භාග”න්ති. ථෙරා එවමාහංසු: “යථා ඛො මයං ආවුසො, භගවතා ධම්මං දෙසිතං ආජානාම, තුම්හාකංයෙවෙතානි{3} චීවරානි යාව කථිනස්ස උබ්භාරායා”ති.
30. තෙන ඛො පන සමයෙන තයො භික්ඛූ රාජගහෙ වස්සං වසන්ති. තත්ථ මනුස්සා “සඞ්ඝස්ස දෙමා”ති චීවරානි දෙන්ති. අථ ඛො තෙසං භික්ඛූනං එතදහොසි: “භගවතා පඤ්ඤත්තං ‘චතුවග්ගො පච්ඡිමො සඞ්ඝො’ති. මයඤ්චම්හා තයො ජනා. ඉමෙ ච මනුස්සා ‘සඞ්ඝස්ස දෙමා’ති චීවරානි දෙන්ති. කථන්නු ඛො අම්හෙහි පටිපජ්ජිතබ්බ”න්ති.
31. තෙන ඛො පන සමයෙන සම්බහුලා ථෙරා, ආයස්මා ච නීලවාසී, ආයස්මා ච සාණවාසී, ආයස්මා ච ගොපකො, ආයස්මා ච භගු, ආයස්මා ච ඵළිකසන්දානො පාටලිපුත්තෙ විහරන්ති කුක්කුටාරාමෙ. අථ ඛො තෙ භික්ඛූ පාටලිපුත්තං ගන්ත්වා ථෙරෙ පුච්ඡිංසු. ථෙරා එවමාහංසු: “යථා ඛො මයං ආවුසො, භගවතා ධම්මං දෙසිතං ආජානාම, තුම්හාකංයෙව තානි චීවරානි යාව කථිනස්ස උබ්භාරායා”ති.
32. තෙන ඛො පන සමයෙන ආයස්මා උපනන්දො සක්යපුත්තො සාවත්ථියං වස්සං වුත්ථො අඤ්ඤතරං ගාමකාවාසං අගමාසි. තත්ථ භික්ඛූ{1} චීවරං භාජෙතුකාමා සන්නිපතිංසු. තෙ එවමාහංසු: “ඉමානි ඛො ආවුසො සඞ්ඝිකානි චීවරානි භාජියිස්සන්ති. සාදියිස්සසි භාග?න්ති.” “ආමාවුසො සාදියිස්සාමී”ති. තතො චීවරභාගං ගහෙත්වා අඤ්ඤං ආවාසං අගමාසි. තත්ථපි භික්ඛූ චීවරං භාජෙතුකාමා සන්නිපතිංසු. තෙපි එවමාහංසු: “ඉමානි ඛො ආවුසො සඞ්ඝිකානි චීවරානි භාජියිස්සන්ති. සාදියිස්සසි භාගන්ති?” “ආමාවුසො සාදියිස්සාමී”ති තතොපි චීවරභාගං ගහෙත්වා අඤ්ඤං ආවාසං අගමාසි. තත්ථපි භික්ඛූ චීවරං භාජෙතුකාමා සන්නිපතිංසු. තෙපි එවමාහංසු: “ඉමානි ඛො ආවුසො සඞ්ඝිකානි චීවරානි භාජියිස්සන්ති. සාදියිස්සසි භාගන්ති?” “ආමාවුසො සාදියිස්සාමී”ති. තතොපි චීවරභාගං ගහෙත්වා මහන්තං චීවරභණ්ඩියං{2} ආදාය පුනදෙව සාවත්ථිං පච්චාගඤ්ඡි.
33. භික්ඛු එවමාහංසු: “මහුපුඤ්ඤොසි ත්වං ආවුසො උපනන්ද, බහුං තෙ චීවරං උප්පන්නන්ති.” “කුතො මෙ ආවුසො පුඤ්ඤං? ඉධාහං ආවුසො සාවත්ථියං වස්සං වුත්ථො අඤ්ඤතරං ගාමකාවාසං අගමාසිං. තත්ථ භික්ඛූ චීවරං භාජෙතුකාමා සන්නිපතිංසු. තෙ මං{3} එවමාහංසු: “ඉමානි ඛො ආවුසො සඞ්ඝිකානි චීවරානි භාජියිස්සන්ති සාදියිස්සසි භාගන්ති.” ‘ආමාවුසො සාදියිස්සාමී’ති තතො චීවරභාගං ගහෙත්වා අඤ්ඤං ආවාසං අගමාසිං. තත්ථපි භික්ඛූ චීවරං භාජෙතුකාමා සන්නිපතිංසු. තෙපි මං එවමාහංසු: ‘ඉමානි ඛො ආවුසො සඞ්ඝිකානි චීවරානි භාජියිස්සන්ති. සාදියිස්සසි භාගන්ති.” “ආමාවුසො සාදියිස්සාමී”ති තතොපි චීවරභාගං ගහෙත්වා අඤ්ඤං ආවාසං අගමාසිං. තත්ථපි භික්ඛූ චීවරං භාජෙතුකාමා සන්නිපතිංසු. තෙපි මං එවමාහංසු: ‘ඉමානි ඛො ආවුසො සඞ්ඝිකානි චීවරානි භාජියිස්සන්ති. සාදියිස්සසි භාගන්ති.’ ‘ආමාවුසො සාදියිස්සාමී’ ති තතොපි චීවරභාගං අග්ගහෙසිං. එවං මෙ බහුං චීවරං උප්පන්න”න්ති.
34. “කිං පන ත්වං ආවුසො උපනන්ද, අඤ්ඤත්ර වස්සං වුත්ථො අඤ්ඤත්ර චීවරභාගං සාදියී”ති.{4} “එවමාවුසො”ති. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති. ඛීයන්ති. විපාචෙන්ති: “කථං හි නාම ආයස්මා උපනන්දො සක්යපුත්තො අඤ්ඤත්ර වස්සං වුත්ථො අඤ්ඤත්ර චීවරභාගං සාදියිස්සතී”ති.
35. භගවතො එතමත්ථං ආරොචෙසුං. “සච්චං කිර ත්වං උපනන්ද, අඤ්ඤත්ර වස්සං වුත්ථො අඤ්ඤත්ර චීවරභාගං සාදියී”ති. “සච්චං භගවා”. විගරහි බුද්ධො භගවා: “කථං හි නාම ත්වං මොඝපුරිස, අඤ්ඤත්ර වස්සං වුත්ථො අඤ්ඤත්ර චීවරභාගං සාදියිස්සසි, නෙතං මොඝපුරිස, අප්පසන්නානං වා පසාදාය -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: න භික්ඛවෙ අඤ්ඤත්ර වස්සං වුත්ථෙන අඤ්ඤත්ර චීවරභාගො සාදිතබ්බො. යො සාදියෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
36. තෙන ඛො පන සමයෙන ආයස්මා උපනන්දො සක්යපුත්තො එකො ද්වීසු ආවාසෙසු වස්සං වසි “එවං මෙ බහුං චීවරං උප්පජ්ජිස්සතී”ති. අථ ඛො තෙසං භික්ඛූනං එතදහොසි: “කථන්නු ඛො ආයස්මතො උපනන්දස්ස සක්යපුත්තස්ස චීවරපටිවීසො දාතබ්බො”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “දෙථ භික්ඛවෙ, මොඝපුරිසස්ස එකාධිප්පායං.”
37. “ඉධ පන භික්ඛවෙ, භික්ඛු එකො ද්වීසු ආවාසෙසු වස්සං වසති ‘එවං මෙ බහුං චීවරං උප්පජ්ජිස්සතී’ති. සචෙ අමුත්ර උපඩ්ඪං අමුත්ර උපඩ්ඪං වසති, අමුත්ර උපඩ්ඪො, අමුත්ර උපඩ්ඪො චීවරපටිවිංසො දාතබ්බො. යත්ථ වා පන බහුතරං වසති, තතො චීවරපටිවිංසො දාතබ්බො”ති.
38. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො කුච්ඡිවිකාරාබාධො හොති. සො සකෙ මුත්තකරීසෙ පළිපන්නො සෙති. අථ ඛො භගවා ආයස්මතා ආනන්දෙන පච්ඡාසමණෙන සෙනාසනචාරිකං ආහිණ්ඩන්තො යෙන තස්ස භික්ඛුනො විහාරො තෙනුපසඞ්කමි.
39. අද්දසා ඛො භගවා තං භික්ඛුං සකෙ මුත්තකරීසෙ පළිපන්නං සෙමානං{1}. දිස්වාන යෙන සො භික්ඛු තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තං භික්ඛුං එතදවොච: “කිං තෙ භික්ඛු, ආබාධො”ති. “කුච්ඡිවිකාරො මෙ භගවා”ති. “අත්ථි පන තෙ භික්ඛු, උපට්ඨාකො”ති. “නත්ථි භගවා”ති. “කිස්ස තං භික්ඛූ න උපට්ඨෙන්තී”ති.{2} “අහං ඛො භන්තෙ, භික්ඛූනං අකාරකො. තෙන මං භික්ඛූ න උපට්ඨෙන්තී”ති.
40. අථ ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: “ගච්ඡානන්ද, උදකං ආහර. ඉමං භික්ඛුං නහාපෙස්සාමා”ති. “එවං භන්තෙ”ති ඛො ආයස්මා ආනන්දො භගවතො පටිස්සුත්වා උදකං ආහරි. භගවා උදකං ආසිඤ්චි. ආයස්මා ආනන්දො පරිධොවි. භගවා සීසතො අග්ගහෙසි. ආයස්මා ආනන්දො පාදතො උච්චාරෙත්වා මඤ්චකෙ නිපාතෙසුං.
41. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා භික්ඛූ පටිපුච්ඡි: “අත්ථි භික්ඛවෙ, අමුකස්මිං විහාරෙ භික්ඛු ගිලානො”ති. “අත්ථි භගවා”ති. “කිං තස්ස භික්ඛවෙ, භික්ඛුනො ආබාධො”ති. “තස්ස භන්තෙ, ආයස්මතො කුච්ඡිවිකාරාබාධො”ති. “අත්ථි පන භික්ඛවෙ, තස්ස භික්ඛුනො උපට්ඨාකො”ති. “නත්ථි භගවා”ති. “කිස්ස තං භික්ඛූ න උපට්ඨෙන්තී”ති. “එසො භන්තෙ, භික්ඛු භික්ඛූනං අකාරකො. තෙන තං භික්ඛූ න උපට්ඨෙන්තී”ති.
42. “නත්ථි වො භික්ඛවෙ, මාතා, නත්ථි පිතා, යෙ වො උපට්ඨහෙය්යුං. තුම්හෙ චෙ භික්ඛවෙ, අඤ්ඤමඤ්ඤං න උපට්ඨහිස්සථ, අථ කො චරහි උපට්ඨහිස්සති. යො භික්ඛවෙ, මං උපට්ඨහෙය්ය සො ගිලානං උපට්ඨහෙය්ය. සචෙ උපජ්ඣායො හොති, උපජ්ඣායෙන යාවජීවං උපට්ඨාතබ්බො. වුට්ඨානමස්ස ආගමෙතබ්බං. සචෙ ආචරියො හොති, ආචරියෙන යාවජීවං උපට්ඨාතබ්බො. වුට්ඨානමස්ස ආගමෙතබ්බං. සචෙ සද්ධිවිහාරිකො හොති, සද්ධිවිහාරිකෙන යාවජීවං උපට්ඨාතබ්බො; වුට්ඨානමස්ස ආගමෙතබ්බං. සචෙ අන්තෙවාසිකො හොති, අන්තෙවාසිකෙන යාවජීවං උපට්ඨාතබ්බො. වුට්ඨානමස්ස ආගමෙතබ්බං. සචෙ සමානුපජ්ඣායකො හොති, සමානුපජ්ඣායකෙන යාවජීවං උපට්ඨාතබ්බො. වුට්ඨානමස්ස ආගමෙතබ්බං. සචෙ සමානාචරියකො හොති, සමානාචරියකෙන යාවජීවං උපට්ඨාතබ්බො. වුට්ඨානමස්ස ආගමෙතබ්බං. සචෙ න හොති උපජ්ඣායො වා ආචරියො වා සද්ධිවිහාරිකො වා අන්තෙවාසිකො වා සමානුපජ්ඣායකො වා සමානාචරියකො වා, සඞ්ඝෙන උපට්ඨාතබ්බො. නො චෙ උපට්ඨහෙය්ය, ආපත්ති දුක්කටස්ස.
43. “පඤ්චහි භික්ඛවෙ, අඞ්ගෙහි සමන්නාගතො ගිලානො දූපට්ඨො හොති: අසප්පායකාරී හොති, සප්පායෙ මත්තං න ජානාති, භෙසජ්ජං න පටිසෙවිතා හොති, අත්ථකාමස්ස ගිලානුපට්ඨාකස්ස යථාභූතං ආබාධං නාවිකත්තා හොති ‘අභික්කමන්තං වා අභික්කමතී ති පටික්කමන්තං වා පටික්කමතී ති ඨිතං වා ඨිතොති, උප්පන්නානං සාරීරිකානං වෙදනානං දුක්ඛානං තිප්පානං{1} ඛරානං කටුකානං අසාතානං අමනාපානං පාණහරානං අනධිවාසකජාතිකො හොති, ඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො ගිලානො දූපට්ඨො හොති.
44. පඤ්චහි භික්ඛවෙ, අඞ්ගෙහි සමන්නාගතො ගිලානො සූපට්ඨො හොති: සප්පායකාරී හොති, සප්පායෙ මත්තං ජානාති, භෙසජ්ජං පටිසෙවිතා හොති, අත්ථකාමස්ස ගිලානුපට්ඨාකස්ස යථාභූතං ආබාධං ආවීකත්තා හොති ‘අභික්කමන්තං වා අභික්කමතීති, පටික්කමන්තං වා පටික්කමතීති, ඨිතං වා ඨිතො’ති, උප්පන්නානං සාරීරිකානං වෙදනානං දුක්ඛානං තිප්පානං ඛරානං කටුකානං අසාතානං අමනාපානං පාණහරානං අධිවාසකජාතිකො හොති. ඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො ගිලානො සූපට්ඨො හොති.
45. පඤ්චහි භික්ඛවෙ, අඞ්ගෙහි සමන්නාගතො ගිලානුපට්ඨාකො නාලං ගිලානං උපට්ඨාතුං: න පටිබලො හොති භෙසජ්ජං සංවිධාතුං, සප්පායාසප්පායං න ජානාති අසප්පායං උපනාමෙති සප්පායං අපනාමෙති, ආමිසන්තරො ගිලානං උපට්ඨාති නො මෙත්තචිත්තො, ජෙගුච්ඡී හොති උච්චාරං වා පස්සාවං වා ඛෙළං වා වන්තං වා නීහාතුං, න පටිබලො හොති ගිලානං කාලෙන කාලං ධම්මියා කථාය සන්දස්සෙතුං සමාදපෙතුං සමුත්තෙජෙතුං සම්පහංසෙතුං, ඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො ගිලානුපට්ඨාකො නාලං ගිලානං උපට්ඨාතුං.
46. “පඤ්චහි භික්ඛවෙ, අඞ්ගෙහි සමන්නාගතො ගිලානුපට්ඨාකො අලං ගිලානං උපට්ඨාතුං: පටිබලො හොති භෙසජ්ජං සංවිධාතුං, සප්පායාසප්පායං ජානාති අසප්පායං අපනාමෙති සප්පායං උපනාමෙති, මෙත්තචිත්තො ගිලානං උපට්ඨාති නො ආමිසන්තරො, අජෙගුච්ඡි හොති උච්චාරං වා පස්සාවං වා ඛෙළං වා වන්තං වා නීහාතුං, පටිබලො හොති ගිලානං කාලෙන කාලං ධම්මියා කථාය සන්දස්සෙතුං සමාදපෙතුං සමුත්තෙජෙතුං සම්පහංසෙතුං, ඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො ගිලානුපට්ඨාකො අලං ගිලානං උපට්ඨාතු”න්ති.
47. තෙන ඛො පන සමයෙන ද්වෙ භික්ඛූ කොසලෙසු ජනපදෙසු අද්ධානමග්ගප්පටිපන්නා හොන්ති. තෙ අඤ්ඤතරං ආවාසං උපගච්ඡිංසු. තත්ථ අඤ්ඤතරො භික්ඛු ගිලානො හොති. අථ ඛො තෙසං භික්ඛූනං එතදහොසි: “භගවතා ඛො ආවුසො ගිලානුපට්ඨානං වණ්ණිතං. හන්ද මයං ආවුසො ඉමං භික්ඛුං උපට්ඨෙමා”ති{2} තෙ තං උපට්ඨහිංසු. සො තෙහි උපට්ඨියමානො{3} කාලමකාසි.
48. අථ ඛො තෙ භික්ඛූ තස්ස භික්ඛුනො පත්තචීවරං ආදාය සාවත්ථිං ගන්ත්වා භගවතො එතමත්ථං ආරොචෙසුං. භික්ඛුස්ස භික්ඛවෙ, කාලකතෙ සඞ්ඝො සාමී පත්තචීවරෙ. අපි ච ගිලානුපට්ඨාකා බහූපකාරා. අනුජානාමි භික්ඛවෙ, සඞ්ඝෙන තිචීවරං ච පත්තංච ගිලානුපට්ඨාකානං දාතුං.
49. “එවඤ්ච පන භික්ඛවෙ, දාතබ්බං: තෙන ගිලානුපට්ඨාකෙන භික්ඛුනා සඞ්ඝං උපසඞ්කමිත්වා එවමස්ස වචනීයො: ‘ඉත්ථන්නාමො භන්තෙ භික්ඛු කාලකතො. ඉදං තස්ස තිචීවරං ච පත්තො චා’ති. ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො: “සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. ඉත්ථන්නාමො භික්ඛු කාලකතො. ඉදං තස්ස තිචීවරඤ්ච පත්තො ච. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො ඉමං තිචීවරඤ්ච පත්තඤ්ච ගිලානුපට්ඨාකානං දදෙය්ය. එසා ඤත්ති. සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. ඉත්ථන්නාමො භික්ඛු කාලකතො. ඉදං තස්ස තිචීවරඤ්ච පත්තො ච. සඞ්ඝො ඉමං තිචීවරඤ්ච පත්තඤ්ච ගිලානුපට්ඨාකානං දෙති. යස්සායස්මතො ඛමති ඉමස්ස තිචීවරස්ස ච පත්තස්ස ච ගිලානුපට්ඨාකානං දානං, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය. “දින්නං ඉදං සඞ්ඝෙන තිචීවරඤ්ච පත්තො ච ගිලානුපට්ඨාකානං. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති .
50. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො සාමණෙරො කාලකතො හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “සාමණෙරස්ස භික්ඛවෙ, කාලකතෙ සඞ්ඝො සාමී පත්තචීවරෙ. අපි ච ගිලානුපට්ඨාකා බහූපකාරා. අනුජානාමි භික්ඛවෙ, සඞ්ඝෙන චීවරඤ්ච පත්තං ච ගිලානුපට්ඨාකානං දාතුං.”
51. “එවඤ්ච පන භික්ඛවෙ, දාතබ්බං: තෙන ගිලානුපට්ඨාකෙන භික්ඛුනා සඞ්ඝං උපසඞ්කමිත්වා එවමස්ස වචනීයො: “ඉත්ථන්නාමො භන්තෙ, සාමණෙරො කාලකතො. ඉදං තස්ස චීවරඤ්ච පත්තො චා’ති. බ්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො: “සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. ඉත්ථන්නාමො සාමණෙරො කාලකතො. ඉදං තස්ස චීවරඤ්ච පත්තො ච. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො ඉමං චීවරඤ්ච පත්තඤ්ච ගිලානුපට්ඨාකානං දදෙය්ය. එසා ඤත්ති. සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. ඉත්ථන්නාමො සාමණෙරො කාලකතො. ඉදං තස්ස චීවරඤ්ච පත්තො ච. සඞ්ඝො ඉමං චීවරඤ්ච පත්තඤ්ච ගිලානුපට්ඨාකානං දෙති. යස්සායස්මතො ඛමති ඉමස්ස චීවරස්ස ච පත්තස්ස ච ගිලානුපට්ඨාකානං දානං, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය. දින්නං ඉදං සඞ්ඝෙන චීවරඤ්ච පත්තො ච ගිලානුපට්ඨාකානං. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති.
52. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු ච සාමණෙරො ච ගිලානං උපට්ඨහිංසු. සො තෙහි උපට්ඨහියමානො කාලමකාසි. අථ ඛො තස්ස ගිලානුපට්ඨාකස්ස භික්ඛුනො එතදහොසි: “කථන්නු ඛො ගිලානුපට්ඨාකස්ස සාමණෙරස්ස චීවරපටිවිංසො දාතබ්බො”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, ගිලානුපට්ඨාකස්ස සාමණෙරස්ස සමකං පටිවීසං දාතු”න්ති.
53. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු බහුභණ්ඩො බහුපරික්ඛාරො කාලකතො හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “භික්ඛුස්ස භික්ඛවෙ, කාලකතෙ සඞ්ඝො සාමී පත්තචීවරෙ. අපි ච ගිලානුපට්ඨාකා බහූපකාරා. අනුජානාමි භික්ඛවෙ, සඞ්ඝෙන තිචීවරඤ්ච පත්තඤ්ච ගිලානුපට්ඨාකානං දාතුං. යං තත්ථ ලහුභණ්ඩං ලහුපරික්ඛාරං, තං සම්මුඛීභූතෙන සඞ්ඝෙන භාජෙතුං. යං තත්ථ ගරුභණ්ඩං ගරුපරික්ඛාරං තං ආගතානාගතස්ස චාතුද්දිසස්ස සඞ්ඝස්ස අවිස්සජ්ජිකං අවෙභඞ්ගික”න්ති.
54. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු නග්ගො හුත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං එතදවොච: “භගවා භන්තෙ අනෙකපරියායෙන අප්පිච්ඡස්ස සන්තුට්ඨස්ස සල්ලෙඛස්ස ධුතස්ස පාසාදිකස්ස අපචයස්ස වීරියාරම්භස්ස වණ්ණවාදී. ඉදං භන්තෙ නග්ගියං අනෙකපරියායෙන අප්පිච්ඡතාය සන්තුට්ඨියා{1} සල්ලෙඛාය ධුතත්තාය{2} පාසාදිකතාය අපචයාය විරියාරම්භාය සංවත්තති. සාධු භන්තෙ, භගවා භික්ඛූනං නග්ගියං අනුජානාතූ”ති. විගරහි බුද්ධො භගවා: “අනනුච්ඡවියං මොඝපුරිස, අනනුලොමිකං. අප්පතිරූපං. අස්සාමණකං. අකප්පියං. අකරණීයං. කථං හි නාම ත්වං මොඝපුරිස, නග්ගියං තිත්ථියසමාදානං සමාදියිස්සසි? නෙතං මොඝපුරිස, අප්පසන්නානං වා පසාදාය -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “න භික්ඛවෙ, නග්ගියං තිත්ථියසමාදානං සමාදියිතබ්බං. යො සමාදියෙය්ය, ආපත්ති ථුල්ලච්චයස්සා”ති.
55. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු කුසචීරං නිවාසෙත්වා -පෙ- වාකචීරං නිවාසෙත්වා -පෙ- ඵලකචීරං නිවාසෙත්වා -පෙ- කෙසකම්බලං නිවාසෙත්වා -පෙ- වාලකම්බලං නිවාසෙත්වා -පෙ- උලූකපක්ඛං නිවාසෙත්වා -පෙ- අජිනක්ඛිපං නිවාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං එතදවොච: “භගවා භන්තෙ අනෙකපරියායෙන අප්පිච්ඡස්ස සන්තුට්ඨස්ස සල්ලෙඛස්ස ධුතස්ස පාසාදිකස්ස අපචයස්ස වීරියාරම්භස්ස වණ්ණවාදී. ඉදං භන්තෙ, අජිනක්ඛිපං අනෙකපරියායෙන අප්පිච්ඡතාය සන්තුට්ඨිතාය සල්ලෙඛාය ධුතතාය පාසාදිකතාය අපචයාය විරියාරම්භාය සංවත්තති. සාධු භන්තෙ, භගවා භික්ඛූනං අජිනක්ඛිපං අනුජානාතූ”ති. විගරහි බුද්ධො භගවා: “අනනුච්ඡවියං මොඝපුරිස, අනනුලොමිකං අප්පතිරූපං. අස්සාමණකං. අකප්පියං අකරණීයං. කථං හි නාම ත්වං මොඝපුරිස, අජිනක්ඛිපං තිත්ථියධජං ධාරෙස්සසි. නෙතං මොඝපුරිස, අප්පසන්නානං වා පසාදාය -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “න භික්ඛවෙ, අජිනක්ඛිපං තිත්ථියධජං ධාරෙතබ්බං. යො ධාරෙය්ය, ආපත්ති ථුල්ලච්චයස්සා”ති.
54. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු අක්කනාළං නිවාසෙත්වා -පෙ- පොත්ථකං නිවාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං එතදවොච: “භගවා භන්තෙ, අනෙකපරියායෙන අප්පිච්ඡස්ස සන්තුට්ඨස්ස සල්ලෙඛස්ස ධුතස්ස පාසාදිකස්ස අපචයස්ස වීරියාරම්භස්ස වණ්ණවාදී. අයං භන්තෙ පොත්ථකො අනෙකපරියායෙන අප්පිච්ඡතාය සන්තුට්ඨිතාය සල්ලෙඛාය ධුතත්තාය පාසාදිකතාය අපචයාය විරියාරම්භාය සංවත්තති. සාධු භන්තෙ, භගවා භික්ඛූනං පොත්ථකං අනුජානාතූ”ති. විගරහි බුද්ධො භගවා “අනනුච්ඡවියං මොඝපුරිස, අනනුලොමිකං. අප්පතිරූපං. අස්සාමණකං. අකප්පියං අකරණීයං. කථං හි නාම ත්වං මොඝපුරිස, පොත්ථකං නිවාසෙස්සසි. නෙතං මොඝපුරිස, අප්පසන්නානං වා පසාදාය -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “න භික්ඛවෙ, පොත්ථකො නිවාසෙතබ්බො. යො නිවාසෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
55. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ සබ්බනීලකානි චීවරානි ධාරෙන්ති -පෙ- සබ්බපීතකානි චීවරානි ධාරෙන්ති. -පෙ- සබ්බලොහිතකානි චීවරානි ධාරෙන්ති. -පෙ- සබ්බමඤ්ජෙට්ඨකානි චීවරානි ධාරෙන්ති -පෙ- සබ්බකණ්හානි චීවරානි ධාරෙන්ති. -පෙ- සබ්බමහාරඞ්ගරත්තානි චීවරානි ධාරෙන්ති. -පෙ- සබ්බමහානාමරත්තානි චීවරානි ධාරෙන්ති. -පෙ- අච්ඡින්නදසානි චීවරානි ධාරෙන්ති. -පෙ- දීඝදසානි චීවරානි ධාරෙන්ති. -පෙ- පුප්ඵදසානි චීවරානි ධාරෙන්ති. -පෙ- ඵණදසානි චීවරානි ධාරෙන්ති. -පෙ- කඤ්චුකං ධාරෙන්ති. -පෙ- තිරීටකං ධාරෙන්ති. -පෙ- වෙඨනං ධාරෙන්ති. මනුස්සා උජ්ඣායන්ති. ඛීයන්ති. විපාචෙන්ති: “කථං හි නාම සමණා සක්යපුත්තියා වෙඨනං ධාරෙස්සන්ති, සෙය්යථාපි ගිහී කාමභොගිනො”ති.
56. භගවතො එතමත්ථං ආරොචෙසුං . “න භික්ඛවෙ සබ්බනීලකානි චීවරානි ධාරෙතබ්බානි. න සබ්බපීතකානි චීවරානි ධාරෙතබ්බානි. න සබ්බලොහිතකානි චීවරානි ධාරෙතබ්බානි. න සබ්බමඤ්ජෙට්ඨකානි චීවරානි ධාරෙතබ්බානි. න සබ්බකණ්හානි චීවරානි ධාරෙතබ්බානි. න සබ්බමහාරඞ්ගරත්තානි චීවරානි ධාරෙතබ්බානි. න සබ්බමහානාමරත්තානි චීවරානි ධාරෙතබ්බානි. න අච්ඡින්නදසානි චීවරානි ධාරෙතබ්බානි. න දීඝදසානි චීවරානි ධාරෙතබ්බානි. න පුප්ඵදසානි චීවරානි ධාරෙතබ්බානි. න ඵණදසානි චීවරානි ධාරෙතබ්බානි. න කඤ්චුකං ධාරෙතබ්බං. න තිරීටකං ධාරෙතබ්බං. න වෙඨනං ධාරෙතබ්බං. යො ධාරෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
57. තෙන ඛො පන සමයෙන වස්සං වුත්ථා භික්ඛූ අනුප්පන්නෙ චීවරෙ පක්කමන්තිපි. විබ්භමන්තිපි. කාලම්පි කරොන්ති. සාමණෙරාපි පටිජානන්ති. සික්ඛං පච්චක්ඛාතකාපි පටිජානන්ති. අන්තිමවත්ථුං අජ්ඣාපන්නකාපි පටිජානන්ති. උම්මත්තකාපි පටිජානන්ති. ඛිත්තචිත්තාපි පටිජානන්ති. වෙදනාට්ටාපි පටිජානන්ති. ආපත්තියා අදස්සනෙ උක්ඛිත්තකාපි පටිජානන්ති. ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛිත්තකාපි පටිජානන්ති. පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛිත්තකාපි පටිජානන්ති. පණ්ඩකාපි පටිජානන්ති. ථෙය්යසංවාසකාපි පටිජානන්ති. තිත්ථියපක්කන්තකාපි පටිජානන්ති. තිරච්ඡානගතාපි පටිජානන්ති. මාතුඝාතකාපි පටිජානන්ති. පිතුඝාතකාපි පටිජානන්ති. අරහන්තඝාතකාපි පටිජානන්ති. භික්ඛුනිදූසකාපි පටිජානන්ති. සඞ්ඝභෙදකාපි පටිජානන්ති. ලොහිතුප්පාදකාපි පටිජානන්ති. උභතොබ්යඤ්ජනකාපි පටිජානන්ති.
58. භගවතො එතමත්ථං ආරොචෙසුං. “ඉධ පන භික්ඛවෙ, වස්සං වුත්ථො භික්ඛු අනුප්පන්නෙ චීවරෙ පක්කමති, සන්තෙ පතිරූපෙ ගාහකෙ දාතබ්බං.
59. “ඉධ පන භික්ඛවෙ, වස්සං වුත්ථො භික්ඛු අනුප්පන්නෙ චීවරෙ විබ්භමති, කාලං කරොති, සාමණෙරො පටිජානාති, සික්ඛං පච්චක්ඛාතකො පටිජානාති, අන්තිමවත්ථුං අජ්ඣාපන්නකො පටිජානාති, සඞ්ඝො සාමී.
60. “ඉධ පන භික්ඛවෙ, වස්සං වුත්ථො භික්ඛු අනුප්පන්නෙ චීවරෙ උම්මත්තකො පටිජානාති, ඛිත්තචිත්තො පටිජානාති, වෙදනාට්ටො පටිජානාති, ආපත්තියා අදස්සනෙ උක්ඛිත්තකො පටිජානාති, ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛිත්තකො පටිජානාති, පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛිත්තකො පටිජානාති, සන්තෙ පතිරූපෙ ගාහකෙ දාතබ්බං.
61. “ඉධ පන භික්ඛවෙ, වස්සං වුත්ථො භික්ඛු අනුප්පන්නෙ චීවරෙ පණ්ඩකො පටිජානාති, ථෙය්යසංවාසකො පටිජානාති, තිත්ථියපක්කන්තකො පටිජානාති, තිරච්ඡානගතො පටිජානාති, මාතුඝාතකො පටිජානාති, පිතුඝාතකො පටිජානාති, අරහන්තඝාතකො පටිජානාති, භික්ඛුනිදූසකො පටිජානාති, සඞ්ඝභෙදකො පටිජානාති, ලොහිතුප්පාදකො පටිජානාති, උභතොබ්යඤ්ජනකො පටිජානාති, සඞ්ඝො සාමී.
62. “ඉධ පන භික්ඛවෙ, වස්සං වුත්ථො භික්ඛු උප්පන්නෙ චීවරෙ අභාජිතෙ පක්කමති, සන්තෙ පතිරූපෙ ගාහකෙ දාතබ්බං.
63. “ඉධ පන භික්ඛවෙ, වස්සං වුත්ථො භික්ඛු උප්පන්නෙ චීවරෙ අභාජිතෙ විබ්භමති, කාලං කරොති, සාමණෙරො පටිජානාති, සික්ඛං පච්චක්ඛාතකො පටිජානාති, අන්තිමවත්ථුං අජ්ඣාපන්නකො පටිජානාති, සඞ්ඝො සාමී.
64. “ඉධ පන භික්ඛවෙ, වස්සං වුත්ථො භික්ඛු උප්පන්නෙ චීවරෙ අභාජිතෙ උම්මත්තකො පටිජානාති. ඛිත්තචිත්තො පටිජානාති, වෙදනාට්ටො පටිජානාති, ආපත්තියා අදස්සනෙ උක්ඛිත්තකො පටිජානාති, ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛිත්තකො පටිජානාති, පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛිත්තකො පටිජානාති, සන්තෙ පතිරූපෙ ගාහකෙ දාතබ්බං.
65. “ඉධ පන භික්ඛවෙ, වස්සං වුත්ථො භික්ඛු උප්පන්නෙ චීවරෙ අභාජිතෙ පණ්ඩකො පටිජානාති, ථෙය්යසංවාසකො පටිජානාති, තිත්ථියපක්කන්තකො පටිජානාති, තිරච්ඡානගතො පටිජානාති, මාතුඝාතකො පටිජානාති, පිතුඝාතකො පටිජානාති, අරහන්තඝාතකො පටිජානාති, භික්ඛුනිදූසකො පටිජානාති, සඞ්ඝභෙදකො පටිජානාති, ලොහිතුප්පාදකො පටිජානාති, උභතොබ්යඤ්ජනකො පටිජානාති, සඞ්ඝො සාමී.”
66. “ඉධ පන භික්ඛවෙ, වස්සං වුත්ථානං භික්ඛූනං අනුප්පන්නෙ චීවරෙ සඞ්ඝො භිජ්ජති, තත්ථ මනුස්සා එකස්මිං පක්ඛෙ උදකං දෙන්ති, එකස්මිං පක්ඛෙ චීවරං දෙන්ති ‘සඞ්ඝස්ස දෙමා’ති. සඞ්ඝස්සෙවෙතං.
67. “ඉධ පන භික්ඛවෙ, වස්සං වුත්ථානං භික්ඛූනං අනුප්පන්නෙ චීවරෙ සඞ්ඝො භිජ්ජති. තත්ථ මනුස්සා එකස්මිං පක්ඛෙ උදකං දෙන්ති, තස්මිංයෙව පක්ඛෙ චීවරං දෙන්ති ‘සඞ්ඝස්ස දෙමා’ති, සඞ්ඝස්සෙවෙතං.
68. “ඉධ පන භික්ඛවෙ, වස්සං වුත්ථානං භික්ඛූනං අනුප්පන්නෙ චීවරෙ සඞ්ඝො භිජ්ජති. තත්ථ මනුස්සා එකස්මිං පක්ඛෙ උදකං දෙන්ති, එකස්මිං පක්ඛෙ චීවරං දෙන්ති ‘පක්ඛස්ස දෙමා’ති, පක්ඛස්සෙවෙතං.
69. “ඉධ පන, භික්ඛවෙ, වස්සං වුත්ථානං භික්ඛූනං අනුප්පන්නෙ චීවරෙ සඞ්ඝො භිජ්ජති. තත්ථ මනුස්සා එකස්මිං පක්ඛෙ උදකං දෙන්ති, තස්මිංයෙව පක්ඛෙ චීවරං දෙන්ති ‘පක්ඛස්ස දෙමා’ති, පක්ඛස්සෙවෙතං.
70. “ඉධ පන භික්ඛවෙ, වස්සං වුත්ථානං භික්ඛූනං උප්පන්නෙ චීවරෙ අභාජිතෙ සඞ්ඝො භිජ්ජති. සබ්බෙසං සමකං භාජෙතබ්බ”න්ති.
71. තෙන ඛො පන සමයෙන ආයස්මා රෙවතො අඤ්ඤතරස්ස භික්ඛුනො හත්ථෙ ආයස්මතො සාරිපුත්තස්ස චීවරං පාහෙසි: “ඉමං චීවරං ථෙරස්ස දෙහී”ති. අථ ඛො සො භික්ඛු අන්තරාමග්ගෙ ආයස්මතො රෙවතස්ස විස්සාසා තං චීවරං අග්ගහෙසි. අථ ඛො ආයස්මා රෙවතො ආයස්මතා සාරිපුත්තෙන සමාගන්ත්වා පුච්ඡි: “අහං භන්තෙ, ථෙරස්ස චීවරං පාහෙසිං. සම්පත්තං තං චීවර”න්ති. “නාහන්තං ආවුසො චීවරං පස්සාමී”ති. අථ ඛො ආයස්මා රෙවතො තං භික්ඛුං එතදවොච: “අහං ආවුසො ආයස්මතො හත්ථෙ ථෙරස්ස චීවරං පාහෙසිං. කහං තං චීවර”න්ති. “අහම්භන්තෙ, ආයස්මතො විස්සාසා තං චීවරං අග්ගහෙසි”න්ති.
72. භගවතො එතමත්ථං ආරොචෙසුං. “ඉධ පන භික්ඛවෙ, භික්ඛු භික්ඛුස්ස හත්ථෙ චීවරං පහිණාති: “ඉමං චීවරං ඉත්ථන්නාමස්ස දෙහී”ති. සො අන්තරාමග්ගෙ යො පහිණාති, තස්ස විස්සාසා ගණ්හාති, සුග්ගහිතං. යස්ස පහීයති තස්ස විස්සාසා ගණ්හාති, දුග්ගහීතං.
73. “ඉධ පන භික්ඛවෙ, භික්ඛු භික්ඛුස්ස හත්ථෙ චීවරං පහිණාති: ‘ඉමං චීවරං ඉත්ථන්නාමස්ස දෙහී”ති. සො අන්තරාමග්ගෙ යස්ස පහීයති, තස්ස විස්සාසා ගණ්හාති, දුග්ගහීතං. යො පහිණාති, තස්ස විස්සාසා ගණ්හාති, සුග්ගහීතං.
74. “ඉධ පන භික්ඛවෙ, භික්ඛු භික්ඛුස්ස හත්ථෙ චීවරං පහිණාති: ‘ඉමං චීවරං ඉත්ථන්නාමස්ස දෙහී’ති. සො අන්තරාමග්ගෙ සුණාති: ‘යො පහිණාති, සො කාලකතො’ති. තස්ස මතකචීවරං අධිට්ඨාති, ස්වාධිට්ඨිතං. යස්ස පහීයති තස්ස විස්සාසා ගණ්හාති, දුග්ගහීතං.
75. “ඉධ පන භික්ඛවෙ, භික්ඛු භික්ඛුස්ස හත්ථෙ චීවරං පහිණාති: ‘ඉමං චීවරං ඉත්ථන්නාමස්ස දෙහී’ති. සො අන්තරාමග්ගෙ සුණාති: ‘යස්ස පහීයති, සො කාලකතො’ති. තස්ස මතකචීවරං අධිට්ඨාති. ද්වාධිට්ඨිතං. යො පහිණාති තස්ස විස්සාසා ගණ්හාති, සුග්ගහීතං.
76. “ඉධ පන භික්ඛවෙ, භික්ඛු භික්ඛුස්ස හත්ථෙ චීවරං පහිණාති: ‘ඉමං චීවරං ඉත්ථන්නාමස්ස දෙහී’ති. සො අන්තරාමග්ගෙ සුණාති: ‘උභො කාලකතා’ති. යො පහිණාති, තස්ස මතකචීවරං අධිට්ඨාති, ස්වාධිට්ඨිතං. යස්ස පහීයති, තස්ස මතකචීවරං අධිට්ඨාති, ද්වාධිට්ඨිතං.
77. “ඉධ පන භික්ඛවෙ, භික්ඛු භික්ඛුස්ස හත්ථෙ චීවරං පහිණාති: ‘ඉමං චීවරං ඉත්ථන්නාමස්ස දම්මී’ති. සො අන්තරාමග්ගෙ යො පහිණාති, තස්ස විස්සාසා ගණ්හාති, දුග්ගහිතං. යස්ස පහීයති තස්ස විස්සාසා ගණ්හාති, සුග්ගහීතං.
78. “ඉධ පන භික්ඛවෙ, භික්ඛු භික්ඛුස්ස හත්ථෙ චීවරං පහිණාති: ‘ඉමං චීවරං ඉත්ථන්නාමස්ස දම්මී’ති. සො අන්තරාමග්ගෙ යස්ස පහීයති, තස්ස විස්සාසා ගණ්හාති, සුග්ගහීතං. යො පහිණාති, තස්ස විස්සාසා ගණ්හාති, දුග්ගහීතං.
79. “ඉධ පන භික්ඛවෙ, භික්ඛු භික්ඛුස්ස හත්ථෙ චීවරං පහිණාති: ‘ඉමං චීවරං ඉත්ථන්නාමස්ස දම්මී’ති. සො අන්තරාමග්ගෙ සුණාති: ‘යො පහිණාති, සො කාලකතො’ති. තස්ස මතකචීවරං අධිට්ඨාති, ද්වාධිට්ඨිතං. යස්ස පහීයති, තස්ස විස්සාසා ගණ්හාති. සුග්ගහීතං.
80. “ඉධ පන භික්ඛවෙ, භික්ඛු භික්ඛුස්ස හත්ථෙ චීවරං පහිණාති: “ඉමං චීවරං ඉත්ථන්නාමස්ස දම්මී’ති. සො අන්තරාමග්ගෙ සුණාති: “යස්ස පහීයති සො කාලකතො’ති. තස්ස මතකචීවරං අධිට්ඨාති, ස්වාධිට්ඨිතං. යො පහිණාති, තස්ස විස්සාසා ගණ්හාති, දුග්ගහීතං.
81. “ඉධ පන භික්ඛවෙ, භික්ඛු භික්ඛුස්ස හත්ථෙ චීවරං පහිණාති: ‘ඉමං චීවරං ඉත්ථන්නාමස්ස දම්මී’ති. සො අන්තරාමග්ගෙ සුණාති: ‘උභො කාලකතා’ති. යො පහිණාති, තස්ස මතකචීවරං අධිට්ඨාති, ද්වාධිට්ඨිතං. යස්ස පහීයති, තස්ස මතකචීවරං අධිට්ඨාති, ස්වාධිට්ඨිතං.”
82. “අට්ඨිමා භික්ඛවෙ, මාතිකා චීවරස්ස උප්පාදාය: සීමාය දෙති. කතිකාය දෙති. භික්ඛාපඤ්ඤත්තියා දෙති. සඞ්ඝස්ස දෙති. උභතො සඞ්ඝස්ස දෙති. වස්සං වුත්ථසඞ්ඝස්ස දෙති. ආදිස්ස දෙති, පුග්ගලස්ස දෙති.”
83. “සීමාය දෙති, යාවතිකා භික්ඛූ අන්තොසීමගතා, තෙහි භාජෙතබ්බං.
84. “කතිකාය දෙති, සම්බහුලා ආවාසා සමානලාභා හොන්ති, එකස්මිං ආවාසෙ දින්නෙ සබ්බත්ථ දින්නං හොති.
85. “භික්ඛාපඤ්ඤත්තියා දෙති, යත්ථ සඞ්ඝස්ස ධුවකාරා කරීයන්ති, තත්ථ දෙති.
86. “සඞ්ඝස්ස දෙති, සම්මුඛීභූතෙන සඞ්ඝෙන භාජෙතබ්බං.
87. “උභතො සඞ්ඝස්ස දෙති, බහුකාපි භික්ඛූ හොන්ති, එකා භික්ඛුනී හොති, උපඩ්ඪං දාතබ්බං, බහුකාපි භික්ඛුනියො හොන්ති, එකො භික්ඛු හොති, උපඩ්ඪං දාතබ්බං.
88. “වස්සං වුත්ථසඞ්ඝස්ස දෙති, යාවතිකා භික්ඛූ තස්මිං ආවාසෙ වස්සං වුත්ථා, තෙහි භාජෙතබ්බං.
89. “ආදිස්ස දෙති, යාගුයා වා භත්තෙ වා ඛාදනීයෙ වා චීවරෙ වා සෙනාසනෙ වා භෙසජ්ජෙ වා.
90. “පුග්ගලස්ස දෙති, “ඉමං චීවරං ඉත්ථන්නාමස්ස දම්මී’ති.”
චීවරක්ඛන්ධකො නිට්ඨිතො අට්ඨමො.
ඉමම්හි ඛන්ධකෙ වත්ථූ ඡන්නවුති.
තස්ස උද්දානං:
1. රාජගහකො නෙගමො දිස්වා වෙසාලියං ගණිං, පුන රාජගහං ගන්ත්වා රඤ්ඤො තං පටිවෙදයි.
2. පුත්තො සාලවතිකාය අභයස්ස හි අත්රජො, ජීවතීති කුමාරෙන සඞ්ඛාතො ජීවකො ඉති.
3. සො හි තක්කසිලං{1} ගන්ත්වා උග්ගහෙත්වා මහාභිසො, සත්තවස්සිකආබාධං නත්ථුකම්මෙන නාසයි.
4. රඤ්ඤො භගන්දලාබාධං, ආලෙපෙන අපාකරි{2}, මමඤ්ච ඉත්ථාගාරඤ්ච බුද්ධසඞ්ඝඤ්චුපට්ඨහ{3}.
5. රාජගහිකො ච සෙට්ඨි අන්තගණ්ඨිං තිකිච්ඡිතං{4}, පජ්ජොතස්ස මහ රොගං ඝතපානෙන නාසයි.
6. අධිකාරඤ්ච සීවෙය්යං{5} අභිසන්නං සිනෙහයි,{6} තීහි{7} උප්පලහත්ථෙහි සමතිංසවිරෙචනං.
7. පකතත්තං වරං යාචි, සීවෙය්යඤ්ච පටිග්ගහි, චීවරඤ්ච ගිහීදානං අනුඤ්ඤාසි තථාගතො.
8. රාජගහෙ ජනපදෙ බහුං උප්පජ්ජි චීවරං, පාවාරො කොසිකඤ්චෙව කොජවො අඩ්ඪකාසියං.
9. උච්චාවචා ච සන්තුට්ඨි නාගමෙ සාගමෙසු ච{8} පඨමං පච්ඡා සදිසා කතිකා ච පටීහරුං.
10. භණ්ඩාගාරං අගුත්තඤ්ච වුත්ථාපෙන්ති තථෙව ච, උස්සන්නං කොලාහලඤ්ච කථං භාජෙ කථං දදෙ.
11. සකාතිරෙකභාගෙන පටිවිංසො කථං දදෙ, ඡකණෙන සීතුන්දී ච{9} උත්තරිතුං{10} න ජානරෙ.
12. ඔරොපෙන්තා භාජනඤ්ච, පාතියා ච ඡමාය ච; උපචිකාමජ්ඣෙ ජීරන්ති එකතො පත්ථින්නෙන ච.
13. ඵරුසාච්ඡින්නච්චිබද්ධා අද්දසාසි උබ්භණ්ඩිතෙ, වීමංසිත්වා සක්යමුනි අනුඤ්ඤාසි තිචීවරං.
14. අඤ්ඤෙන අතිරෙකෙන උප්පජ්ජි ඡිද්දමෙව ච, චාතුද්දීපො වරං යාචි දාතුං වස්සිකසාටිකං.
15. ආගන්තුගමිගිලානං උපට්ඨාකඤ්ච භෙසජං{1} ධුවං උදකසාටිඤ්ච පණීතං අතිඛුද්දකං.
16. ථුල්ලකච්ඡු මුඛං ඛොමං පරිපුණ්ණං අධිට්ඨනං{2}, පච්ඡිමං{3} කතො ගරුකො විකණ්ණො සුත්තමොකිරි{4}.
17. ලුජ්ජන්ති නප්පහොන්ති ච අන්වාධිකං බහූනි ච, අන්ධවනෙ අසතියා එකො වස්සං උතුම්හි ච.
18. ද්වෙ භාතුකා රාජගහෙ, උපනන්දො පුන ද්වීසු; කුච්ඡිවිකාරො ගිලානො, උභො චෙව ගිලානකා{5}.