Mahāvagga

Great Division

Buddha Jayanthi Tipitaka · pathnirvana/tipitaka.lk · CC BY-ND 4.0 · Fetched 2026-04-25 · 2799 segments

පෙන්වන කොටස් 1401-1500 න් 2799

10. අථ ඛො ආයස්මා සාගතො ආකාසෙ අන්තලික්ඛෙ අනෙකවිහිතං උත්තරිමනුස්සධම්මං ඉද්ධිපාටිහාරියං දස්සෙත්වා භගවතො පාදෙසු සිරසා නිපතිත්වා භගවන්තං එතදවොච: “සත්ථා මෙ භන්තෙ, භගවා. සාවකො‘හමස්මි. සත්ථා මෙ භන්තෙ, භගවා. සාවකො‘හමස්මී”ති.
11. අථ ඛො තානි අසීතිගාමිකසහස්සානි “අච්ඡරියං වත භො! අබ්භුතං වත භො! සාවකො හි නාම එවං මහිද්ධිකො භවිස්සති. එවං මහානුභාවො, අහො නූන සත්ථා”ති භගවන්තංයෙව සමන්නාහරන්ති. නො තථා ආයස්මන්තං සාගතං.
12. අථ ඛො භගවා තෙසං අසීතියා ගාමිකසහස්සානං චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය අනුපුබ්බීකථං කථෙසි. සෙය්යථිදං – දානකථං සීලකථං සග්ගකථං කාමානං ආදීනවං ඔකාරං සංකිලෙසං නෙක්ඛම්මෙ ආනිසංසං පකාසෙසි.
13. යදා තෙ භගවා අඤ්ඤාසි කල්ලචිත්තෙ මුදුචිත්තෙ විනීවරණචිත්තෙ උදග්ගචිත්තෙ පසන්නචිත්තෙ, අථ යා බුද්ධානං සාමුක්කංසිකා ධම්මදෙසනා - තං පකාසෙසි, දුක්ඛං සමුදයං නිරොධං මග්ගං. සෙය්යථාපි නාම සුද්ධං වත්ථං අපගතකාළකං සම්මදෙව රජනං පතිගණ්හෙය්ය, එවමෙවං තෙසං අසීතියා ගාමිකසහස්සානං තස්මිංයෙව ආසනෙ විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි: “යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරොධධම්ම”න්ති.
14. තෙ දිට්ඨධම්මා පත්තධම්මා විදිතධම්මා පරියොගාළ්හධම්මා තිණ්ණවිචිකිච්ඡා විගතකථඞ්කථා වෙසාරජ්ජප්පත්තා අපරප්පච්චයා සත්ථුසාසනෙ භගවන්තං එතදවොචුං: “අභික්කන්තං භන්තෙ, අභික්කන්තං භන්තෙ. සෙය්යථාපි භන්තෙ, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය ‘චක්ඛුමන්තො රූපානි දක්ඛින්තී’ති, එවමෙවං භගවතා අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එතෙ මයං භන්තෙ, භගවන්තං සරණං ගච්ඡාම. ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකෙ නො භගවා ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතෙ සරණං ගතෙ”ති.
15. අථ ඛො සොණස්ස කොළිවීසස්ස එතදහොසි: “යථා යථා ඛො අහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි, නයිදං සුකරං අගාරං අජ්ඣාවසතා එකන්තපරිපුණ්ණං එකන්තපරිසුද්ධං සඞ්ඛලිඛිතං බ්රහ්මචරියං චරිතුං. යන්නූනාහං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජෙය්ය”න්ති.
16. අථ ඛො තානි අසීති ගාමිකසහස්සානි භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කමිසුං. අථ ඛො සොණො කොළිවීසො අචිරපක්කන්තෙසු තෙසු අසීතියා ගාමිකසහස්සෙසු යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සොණො කොළිවීසො භගවන්තං එතදවොච: “යථා යථාහං භන්තෙ, භගවතා ධම්මං දෙසිතං ආජානාමි, නයිදං සුකරං අගාරං අජ්ඣාවසතා එකන්තපරිපුණ්ණං එකන්තපරිසුද්ධං සඞ්ඛලිඛිතං බ්රහ්මචරියං චරිතුං. ඉච්ඡාමහං භන්තෙ, කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිතුං. පබ්බාජෙතු මං භන්තෙ, භගවා”ති. අලත්ථ ඛො සොණො කොළිවීසො භගවතො සන්තිකෙ පබ්බජ්ජං. අලත්ථ උපසම්පදං.
17. අචිරූපසම්පන්නො ච පනායස්මා සොණො සීතවනෙ විහරති. තස්ස අච්චාරද්ධවීරියස්ස චඞ්කමතො පාදා භිජ්ජිංසු. චඞ්කමො ලොහිතෙන ඵුටො හොති සෙය්යථාපි ගවාඝාතනං.
18. අථ ඛො ආයස්මතො සොණස්ස රහොගතස්ස පතිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: “යෙ ඛො කෙචි භගවතො සාවකා ආරද්ධවිරියා විහරන්ති, අහං තෙසං අඤ්ඤතරො. අථ ච පන මෙ නානුපාදාය ආසවෙහි චිත්තං විමුච්චති. සංවිජ්ජන්ති ඛො පන මෙ කුලෙ භොගා. සක්කා භොගෙ ච භුඤ්ජිතුං. පුඤ්ඤානි ච කාතුං. යන්නූනාහං හීනායාවත්තිත්වා භොගෙ ච භුඤ්ජෙය්යං. පුඤ්ඤානි ච කරෙය්ය”න්ති.
19. අථ ඛො භගවා ආයස්මතො සොණස්ස චෙතසා චෙතො පරිවිතක්කමඤ්ඤාය සෙය්යථාපි නාම බලවා පුරිසො සමිඤ්ජිතං වා බාහං පසාරෙය්ය, පසාරිතං වා බාහං සමිඤ්ජෙය්ය එවමෙව ගිජ්ඣකූටෙ පබ්බතෙ අන්තරහිතො සීතවනෙ පාතුරහොසි.
20. අථ ඛො භගවා සම්බහුලෙහි භික්ඛූහි සද්ධිං සෙනාසනචාරිකං ආහිණ්ඩන්තො යෙනායස්මතො සොණස්ස චඞ්කමො තෙනුපසඞ්කමි. අද්දසා ඛො භගවා ආයස්මතො සොණස්ස චඞ්කමං ලොහිතෙන ඵුට්ඨං. දිස්වාන භික්ඛූ ආමන්තෙසි: “කස්ස ඛ්වායං භික්ඛවෙ, චඞ්කමො ලොහිතෙන ඵුට්ඨො සෙය්යථාපි ගවාඝාතන”න්ති. “ආයස්මතො භන්තෙ, සොණස්ස අච්චාරද්ධවීරියස්ස චඞ්කමතො පාදා භිජ්ජිංසු. තස්සායං චඞ්කමො ලොහිතෙන ඵුට්ඨො, සෙය්යථාපි ගවාඝාතන”න්ති.
21. අථ ඛො භගවා යෙනායස්මතො සොණස්ස විහාරො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. ආයස්මාපි ඛො සොණො භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං සොණං භගවා එතදවොච: “නනු තෙ සොණ, රහොගතස්ස පතිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: ‘යෙ ඛො කෙචි භගවතො සාවකා අච්චාරද්ධවිරියා විහරන්ති, අහං තෙසං අඤ්ඤතරො. අථ ච පන මෙ න අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චති. සංවිජ්ජන්ති ඛො පන මෙ කුලෙ භොගා. සක්කා භොගෙ ච භුඤ්ජිතුං පුඤ්ඤානි ච කාතුං. යන්නූනාහං හීනායාවත්තිත්වා භොගෙ ච භුඤ්ජෙය්යං. පුඤ්ඤානි ච කරෙය්ය”’න්ති. “එවං භන්තෙ”ති.
22. “තං කිම්මඤ්ඤසි සොණ, කුසලො ත්වං පුබ්බෙ අගාරිකභූතො වීණාය තන්තිස්සරෙ?”ති. “එවං භන්තෙ”ති. “තං කිම්මඤ්ඤසි සොණ, යදා තෙ වීණාය තන්තියො අච්චායතා හොන්ති, අපි නු තෙ වීණා තස්මිං සමයෙ සරවතී වා හොති කම්මඤ්ඤා වා?”ති. “නො හෙතං, භන්තෙ”ති. “තං කිම්මඤ්ඤසි සොණ, යදා තෙ වීණාය තන්තියො අතිසිථිලා හොන්ති, අපි නු තෙ වීණා තස්මිං සමයෙ සරවතී වා හොති කම්මඤ්ඤා වා?”ති. “නො හෙතං භන්තෙ”ති. “තං කිම්මඤ්ඤසි, සොණ, යදා තෙ වීණාය තන්තියො නෙව අච්චායතා හොන්ති නාතිසිථිලා, සමෙ ගුණෙ පතිට්ඨිතා, අපි නු තෙ වීණා තස්මිං සමයෙ සරවතී වා හොති කම්මඤ්ඤා වා?”ති. “එවං භන්තෙ”ති.
23. “එවමෙව ඛො සොණ, අච්චාරද්ධවිරියං උද්ධච්චාය සංවත්තති. අතිලීනවිරියං කොසජ්ජාය සංවත්තති. තස්මාතිහ ත්වං සොණ, විරියසමතං{1} අධිට්ඨහ. ඉන්ද්රියානඤ්ච සමතං{2} පටිවිජ්ඣ. තත්ථ ච නිමිත්තං ගණ්හාහී”ති. “එවං, භන්තෙ”ති ඛො ආයස්මා සොණො භගවතො පච්චස්සොසි.
24. අථ ඛො භගවා ආයස්මන්තං සොණං ඉමිනා ඔවාදෙන ඔවදිත්වා සෙය්යථාපි නාම බලවා පුරිසො සම්මිඤ්ජිතං වා බාහං පසාරෙය්ය, පසාරිතං වා බාහං සමිඤ්ජෙය්ය, එවමෙව සීතවනෙ ආයස්මතො සොණස්ස පමුඛෙ අන්තරහිතො ගිජ්ඣකූටෙ පබ්බතෙ පාතුරහොසි.
25. අථ ඛො ආයස්මා සොණො අපරෙන සමයෙන විරියසමතං අධිට්ඨාසි. ඉන්ද්රියානඤ්ච සමතං පටිවිජ්ඣි. තත්ථ ච නිමිත්තං අග්ගහෙසි. අථ ඛො ආයස්මා සොණො එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො න චිරස්සෙව යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසි. ‘ඛීණා ජාති. වුසිතං බ්රහ්මචරියං. කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා”ති අබ්භඤ්ඤාසි.{1} අඤ්ඤතරො ච පනායස්මා සොණො අරහතං අහොසි.
26. අථ ඛො ආයස්මතො සොණස්ස අරහත්තප්පත්තස්ස එතදහොසි: “යන්නූනාහං භගවතො සන්තිකෙ අඤ්ඤං බ්යාකරෙය්ය”න්ති. අථ ඛො ආයස්මා සොණො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මා සොණො භගවන්තං එතදවොච.
27. “යො සො භන්තෙ, භික්ඛු අරහං ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප්පත්තසදත්ථො පරික්ඛීණභවසඤ්ඤොජනො සම්මදඤ්ඤා විමුත්තො, සො ඡ ඨානානි අධිමුත්තො හොති: නෙක්ඛම්මාධිමුත්තො හොති. පවිවෙකාධිමුත්තො හොති. අබ්යාපජ්ඣාධිමුත්තො හොති. උපාදානක්ඛයාධිමුත්තො හොති. තණ්හක්ඛයාධිමුත්තො හොති. අසම්මොහාධිමුත්තො හොති.
28. “සියා ඛො පන භන්තෙ ඉධෙකච්චස්ස ආයස්මතො එවමස්ස: ‘කෙවලං සද්ධාමත්තකං නූන අයමායස්මා නිස්සාය නෙක්ඛම්මාධිමුත්තො’ති. න ඛො පනෙතං භන්තෙ, එවං දට්ඨබ්බං. ඛීණාසවො භන්තෙ, භික්ඛු වුසිතවා, කතකරණීයො කරණීයමත්තානං{2} අසමනුපස්සන්තො කතස්ස වා පතිචයං, ඛයා රාගස්ස වීතරාගත්තා නෙක්ඛම්මාධිමුත්තො හොති. ඛයා දොසස්ස වීතදොසත්තා නෙක්ඛම්මාධිමුත්තො හොති. ඛයා මොහස්ස වීතමොහත්තා නෙක්ඛම්මාධිමුත්තො හොති.
29. “සියා ඛො පන භන්තෙ, ඉධෙකච්චස්ස ආයස්මතො එවමස්ස: ‘ලාභසක්කාරසිලොකං නූන අයමායස්මා නිකාමයමානො පවිවෙකාධිමුත්තො’ති. න ඛො පනෙතං භන්තෙ, එවං දට්ඨබ්බං. ඛීණාසවො භන්තෙ, භික්ඛු වුසිතවා කතකරණීයො කරණීයමත්තනො අසමනුපස්සන්තො කතස්ස වා පතිචයං, ඛයා රාගස්ස වීතරාගත්තා පවිවෙකාධිමුත්තො හොති. ඛයා දොසස්ස වීතදොසත්තා පවිවෙකාධිමුත්තො හොති. ඛයා මොහස්ස වීතමොහත්තා පවිවෙකාධිමුත්තො හොති.
30. “සියා ඛො පන භන්තෙ ඉධෙකච්චස්ස ආයස්මතො එවමස්ස ‘සීලබ්බතපරාමාසං නූන අයමායස්මා සාරතො පච්චාගච්ඡන්තො අබ්යාපජ්ඣාධිමුත්තො”ති. න ඛො පනෙතං එවං දට්ඨබ්බං. ඛීණාසවො භන්තෙ, භික්ඛු වුසිතවා කතකරණීයො කරණීයමත්තනො අසමනුපස්සන්තො කතස්ස වා පතිචයං, ඛයා රාගස්ස වීතරාගත්තා අබ්යාපජ්ඣාධිමුත්තො හොති. ඛයා දොසස්ස වීතදොසත්තා අබ්යාපජ්ඣාධිමුත්තො හොති. ඛයා මොහස්ස වීතමොහත්තා අබ්යාපජ්ඣාධිමුත්තො හොති. -පෙ- ඛයා රාගස්ස වීතරාගත්තා උපාදානක්ඛයාධිමුත්තො හොති. ඛයා දොසස්ස වීතදොසත්තා උපාදානක්ඛයාධිමුත්තො හොති. ඛයා මොහස්ස වීතමොහත්තා උපාදානක්ඛයාධිමුත්තො හොති. -පෙ- ඛයා රාගස්ස වීතරාගත්තා තණ්හක්ඛයාධිමුත්තො හොති. ඛයා දොසස්ස වීතදොසත්තා තණ්හක්ඛයාධිමුත්තො හොති. ඛයා මොහස්ස වීතමොහත්තා තණ්හක්ඛයාධිමුත්තො හොති. -පෙ- ඛයා රාගස්ස වීතරාගත්තා අසම්මොහාධිමුත්තො හොති. ඛයා දොසස්ස වීතදොසත්තා අසම්මොහාධිමුත්තො හොති. ඛයා මොහස්ස වීතමොහත්තා අසම්මොහාධිමුත්තො හොති.
31. “එවං සම්මා විමුත්තචිත්තස්ස භන්තෙ, භික්ඛුනො භුසා චෙපි චක්ඛුවිඤ්ඤෙය්යා රූපා චක්ඛුස්ස ආපාථං ආගච්ඡන්ති, නෙවස්ස චිත්තං පරියාදියන්ති. අමිස්සීකතමෙවස්ස චිත්තං හොති ඨිතං ආනෙඤ්ජප්පත්තං. වයඤ්චස්සානුපස්සති. භුසා චෙපි සොතවිඤ්ඤෙය්යා සද්දා -පෙ- ඝානවිඤ්ඤෙය්යා ගන්ධා -පෙ- ජිව්හාවිඤ්ඤෙය්යා රසා -පෙ- කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා -පෙ- මනොවිඤ්ඤෙය්යා ධම්මා මනස්ස ආපාථං ආගච්ඡන්ති, නෙවස්ස චිත්තං පරියාදියන්ති. අමිස්සීකතමෙවස්ස චිත්තං හොති ඨිතං ආනෙඤ්ජප්පත්තං. වයඤ්චස්සානුපස්සති.
32. “සෙය්යථාපි භන්තෙ, සෙලො පබ්බතො අච්ඡිද්දො අසුසිරො එකග්ඝනො, පුරත්ථිමාය චෙපි දිසාය ආගච්ඡෙය්ය භුසා වාතවුට්ඨි, නෙව නං සඞ්කම්පෙය්ය. න සම්පකම්පෙය්ය. න සම්පවෙධෙය්ය. පච්ඡිමාය චෙපි දිසාය ආගච්ඡෙය්ය භුසා වාතවුට්ඨි -පෙ- උත්තරාය චෙපි දිසාය ආගච්ඡෙය්ය භුසා වාතවුට්ඨි -පෙ- දක්ඛිණාය චෙපි දිසාය ආගච්ඡෙය්ය භුසා වාතවුට්ඨි, නෙව නං සඞ්කම්පෙය්ය න සම්පකම්පෙය්ය. න සම්පවෙධෙය්ය. එවමෙව ඛො භන්තෙ, එවං සම්මා විමුත්තචිත්තස්ස භික්ඛුනො භුසා චෙපි චක්ඛුවිඤ්ඤෙය්යා රූපා චක්ඛුස්ස ආපාථං ආගච්ඡන්ති. නෙවස්ස චිත්තං පරියාදියන්ති. අමිස්සීකතමෙවස්ස චිත්තං හොති ඨිතං ආනෙජ්ජප්පත්තං. වයඤ්චස්සානුපස්සති. භුසා චෙපි සොතවිඤ්ඤෙය්යා සද්දා -පෙ- ඝානවිඤ්ඤෙය්යා ගන්ධා -පෙ- ජිව්හාවිඤ්ඤෙය්යා රසා -පෙ- කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා -පෙ- මනොවිඤ්ඤෙය්යා ධම්මා මනස්ස ආපාථං ආගච්ඡන්ති. නෙවස්ස චිත්තං පරියාදියන්ති. අමිස්සීකතමෙවස්ස චිත්තං හොති ඨිතං ආනෙජ්ජප්පත්තං. වයඤ්චස්සානුපස්සතී”ති.
33. “නෙක්ඛම්මං අධිමුත්තස්ස, පවිවෙකඤ්ච චෙතසො, අබ්යාපජ්ඣාධිමුත්තස්ස, උපාදානක්ඛයස්ස ච; තණ්හක්ඛයාධිමුත්තස්ස අසම්මොහඤ්ච චෙතසො, දිස්වා ආයතනුප්පාදං සම්මා චිත්තං විමුච්චති.
34. තස්ස සම්මා විමුත්තස්ස සන්තචිත්තස්ස භික්ඛුනො, කතස්ස පතිචයො නත්ථි කරණීයං න විජ්ජති.
35. සෙලො යථා එකඝනො වාතෙන න සමීරති, එවං රූපා රසා සද්දා ගන්ධා ඵස්සා ච කෙවලා; ඉට්ඨා ධම්මා අනිට්ඨා ච නප්පවෙධෙන්ති තාදිනො, ඨිතං චිත්තං විප්පමුත්තං, වයඤ්චස්සානුපස්සතී”ති.
36. අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: “එවං ඛො භික්ඛවෙ, කුලපුත්තා අඤ්ඤං ව්යාකරොන්ති. අත්ථො ච වුත්තො. අත්තා ච අනුපනීතො. අථ ච, පනිධෙකච්චෙ මොඝපුරිසා හසමානකා{1} මඤ්ඤෙ අඤ්ඤං ව්යාකරොන්ති. තෙ පච්ඡා විඝාතං ආපජ්ජන්තී”ති.
37. අථ ඛො භගවා ආයස්මන්තං සොණං ආමන්තෙසි: “ත්වං ඛො’සි සොණ, සුඛුමාලො. අනුජානාමි තෙ සොණ, එකපලාසිකං උපාහන”න්ති. “අහං ඛො භන්තෙ, අසීතිසකටවාහෙ හිරඤ්ඤං ඔහාය අගාරස්මා අනගාරියං පබ්බජිතො සත්තහත්ථිකඤ්ච අනීකං. අථාහං භන්තෙ, එකපලාසිකං චෙ උපාහනං පරිහරිස්සාමි{2}, තස්ස මෙ භවිස්සන්ති වත්තාරො: ‘සොණො කොළිවීසො අසීතිසකටවාහෙ හිරඤ්ඤං ඔහාය අගාරස්මා අනගාරියං පබ්බජිතො සත්තහත්ථිකඤ්ච අනීකං. සො දානායං එකපලාසිකාසු උපාහනාසු සත්තො’ති. සචෙ භගවා භික්ඛුසඞ්ඝස්ස අනුජානිස්සති, අහම්පි පරිභුඤ්ජිස්සාමි. නො චෙ භගවා භික්ඛුසඞ්ඝස්ස අනුජානිස්සති, අහම්පි න පරිභුඤ්ජිස්සාමී”ති.
38. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “අනුජානාමි භික්ඛවෙ, එකපලාසිකං උපාහනං. න භික්ඛවෙ, දිගුණා උපාහනා ධාරෙතබ්බා. න තිගුණා උපාහනා ධාරෙතබ්බා. න ගුණඞ්ගුණූපාහනා{3} ධාරෙතබ්බා. යො ධාරෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
39. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ සබ්බනීලිකා{4} උපාහනායො ධාරෙන්ති. -පෙ- සබ්බපීතිකා{5} උපාහනායො ධාරෙන්ති. සබ්බලොහිතිකා{6} උපාහනායො ධාරෙන්ති. සබ්බමඤ්ජෙට්ඨිකා{7} උපාහනායො ධාරෙන්ති. සබ්බකණ්හා{8} උපාහනායො ධාරෙන්ති. සබ්බමහාරඞ්ගරත්තා උපාහනායො ධාරෙන්ති. සබ්බමහානාමරත්තා උපාහනායො ධාරෙන්ති. මනුස්සා උජ්ඣායන්ති, ඛීයන්ති, විපාචෙන්ති: “සෙය්යථාපි ගිහී කාමභොගිනො”ති.
40. භගවතො එතමත්ථං ආරොචෙසුං: “න භික්ඛවෙ, සබ්බනීලිකා උපාහනා ධාරෙතබ්බා. -පෙ- න සබ්බපීතිකා උපාහනා ධාරෙතබ්බා. න සබ්බලොහිතිකා උපාහනා ධාරෙතබ්බා. න සබ්බමඤ්ජෙට්ඨිකා උපාහනා ධාරෙතබ්බා. න සබ්බකණ්හා උපාහනා ධාරෙතබ්බා. න සබ්බමහාරඞ්ගරත්තා උපාහනා ධාරෙතබ්බා. න සබ්බමහානාමරත්තා උපාහනා ධාරෙතබ්බා. යො ධාරෙය්ය, ආපත්ති දුක්කටස්සා” ති.
41. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ නීලකවට්ටිකා{1} උපාහනායො ධාරෙන්ති -පෙ- පීතකවට්ටිකා උපාහනායො ධාරෙන්ති. ලොහිතකවට්ටිකා උපාහනායො ධාරෙන්ති. මඤ්ජෙට්ඨිකවට්ටිකා උපාහනායො ධාරෙන්ති. කණ්හවට්ටිකා උපාහනායො ධාරෙන්ති. මහාරඞ්ගරත්තවට්ටිකා උපාහනායො ධාරෙන්ති. මහානාමරත්තවට්ටිකා උපාහනායො ධාරෙන්ති. මනුස්සා උජ්ඣායන්ති, ඛීයන්ති, විපාචෙන්ති: “සෙය්යථාපි ගිහී කාමභොගිනො”ති.
42. භගවතො එතමත්ථං ආරොචෙසුං: “න භික්ඛවෙ, නීලකවට්ටිකා උපාහනා ධාරෙතබ්බා. -පෙ- න පීතකවට්ටිකා උපාහනා ධාරෙතබ්බා. න ලොහිතකවට්ටිකා උපාහනා ධාරෙතබ්බා. න මඤ්ජෙට්ඨිකවට්ටිකා උපාහනා ධාරෙතබ්බා. න කණ්හවට්ටිකා උපාහනා ධාරෙතබ්බා. න මහාරඞ්ගරත්තවට්ටිකා උපාහනා ධාරෙතබ්බා. න මහානාමරත්තවට්ටිකා උපාහනා ධාරෙතබ්බා. යො ධාරෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
43. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ ඛල්ලිකබද්ධා{2} උපාහනායො ධාරෙන්ති. -පෙ- පුටබද්ධා උපාහනායො ධාරෙන්ති. පාළිගුණ්ඨිමා උපාහනායො ධාරෙන්ති. තූලපුණ්ණිකා{3} උපාහනායො ධාරෙන්ති. තිත්තිරපත්තිකා උපාහනායො ධාරෙන්ති, මෙණ්ඩවිසාණවට්ටිකා{4} උපාහනායො ධාරෙන්ති. අජවිසාණවට්ටිකා{5} උපාහනායො ධාරෙන්ති, විච්ඡිකාළිකා උපාහනායො ධාරෙන්ති, මොරපිඤ්ජපරිසිබ්බිතා{6} උපාහනායො ධාරෙන්ති. චිත්රා උපාහනායො ධාරෙන්ති. මනුස්සා උජ්ඣායන්ති, ඛීයන්ති, විපාචෙන්ති: “සෙය්යථාපි ගිහී කාමභොගිනො”ති.
44. භගවතො එතමත්ථං ආරොචෙසුං: “න භික්ඛවෙ, ඛල්ලිකබද්ධා උපාහනා ධාරෙතබ්බා. -පෙ- න පුටබද්ධා උපාහනා ධාරෙතබ්බා. න පාළිගුණ්ඨිමා උපාහනා ධාරෙතබ්බා. න තූලපුණ්ණිකා උපාහනා ධාරෙතබ්බා. න තිත්තිරපත්තිකා උපාහනා ධාරෙතබ්බා. න මෙණ්ඩවිසාණවට්ටිකා උපාහනා ධාරෙතබ්බා. න අජවිසාණවට්ටිකා උපාහනා ධාරෙතබ්බා. න විච්ඡිකාළිකා උපාහනා ධාරෙතබ්බා. න මොරපිඤ්ජපරිසිබ්බිතා උපාහනා ධාරෙතබ්බා. න චිත්රා උපාහනා ධාරෙතබ්බා. යො ධාරෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
45. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ සීහචම්මපරික්ඛටා උපාහනායො ධාරෙන්ති. -පෙ- ව්යග්ඝචම්මපරික්ඛටා උපාහනායො ධාරෙන්ති. දීපිචම්මපරික්ඛටා උපාහනායො ධාරෙන්ති. අජිනචම්මපරික්ඛටා උපාහනායො ධාරෙන්ති. උද්දචම්මපරික්ඛටා උපාහනායො ධාරෙන්ති. මජ්ජාරචම්මපරික්ඛටා උපාහනායො ධාරෙන්ති. කාළකචම්මපරික්ඛටා උපාහනායො ධාරෙන්ති. උලූකචම්මපරික්ඛටා{1} උපාහනායො ධාරෙන්ති. මනුස්සා උජ්ඣායන්ති, ඛීයන්ති, විපාචෙන්ති: “සෙය්යථාපි ගිහී කාමභොගිනො”ති.
46. භගවතො එතමත්ථං ආරොචෙසුං: “න භික්ඛවෙ, සීහචම්මපරික්ඛටා උපාහනා ධාරෙතබ්බා. -පෙ- න ව්යග්ඝචම්මපරික්ඛටා උපාහනා ධාරෙතබ්බා. න දීපිචම්මපරික්ඛටා උපාහනා ධාරෙතබ්බා. න අජිනචම්මපරික්ඛටා උපාහනා ධාරෙතබ්බා. න උද්දචම්මපරික්ඛටා උපාහනා ධාරෙතබ්බා. න මජ්ජාරචම්මපරික්ඛටා උපාහනා ධාරෙතබ්බා. න කාළකචම්මපරික්ඛටා උපාහනා ධාරෙතබ්බා. න උලූකචම්මපරික්ඛටා උපාහනා ධාරෙතබ්බා. යො ධාරෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
47. අථ ඛො භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය රාජගහං පිණ්ඩාය පාවිසි අඤ්ඤතරෙන භික්ඛුනා පච්ඡාසමණෙන. අථ ඛො සො භික්ඛු ඛඤ්ජමානො භගවන්තං පිට්ඨිතො පිට්ඨිතො අනුබන්ධි.
48. අද්දසා ඛො අඤ්ඤතරො උපාසකො ගණඞ්ගණූපාහනං{2} ආරොහිත්වා භගවන්තං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන උපාහනා ඔරොහිත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා යෙන සො භික්ඛු තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තං භික්ඛුං අභිවාදෙත්වා එතදවොච: “කිස්ස භන්තෙ අය්යො ඛඤ්ජතී”ති. “පාදා මෙ ආවුසො ඵලිතා”ති.{3} “හන්ද භන්තෙ, උපාහනායො”ති. “අලං ආවුසො, පටික්ඛිත්තා භගවතා ගණඞ්ගණූපාහනා”ති. “ගණ්හාහෙතා භික්ඛු උපාහනායො”ති.
49. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “අනුජානාමි භික්ඛවෙ, ඔමුක්කං ගණඞ්ගණූපාහනං. න භික්ඛවෙ, නවා ගණඞ්ගණූපාහනා ධාරෙතබ්බා. යො ධාරෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
50. තෙන ඛො පන සමයෙන භගවා අජ්ඣොකාසෙ අනුපාහනො චඞ්කමති. “සත්ථා අනුපාහනො චඞ්කමතී”ති. ථෙරාපි භික්ඛූ අනුපාහනා චඞ්කමන්ති.
51. ඡබ්බග්ගියා භික්ඛු සත්ථරි අනුපාහනෙ චඞ්කමමානෙ ථෙරෙසුපි භික්ඛූසු අනුපාහනෙසු චඞ්කමමානෙසු සඋපාහනා චඞ්කමන්ති. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා, තෙ උජ්ඣායන්ති, ඛීයන්ති, විපාචෙන්ති: “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ සත්ථරි අනුපාහනෙ චඞ්කමමානෙ ථෙරෙසුපි භික්ඛූසු අනුපාහනෙසු චඞ්කමමානෙසු සඋපාහනා චඞ්කමිස්සන්තී”ති.
52. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. “සච්චං කිර භික්ඛවෙ, ඡබ්බග්ගියා භික්ඛූ සත්ථරි අනුපාහනෙ චඞ්කමමානෙ, ථෙරෙසුපි භික්ඛූසු අනුපාහනෙසු චඞ්කමමානෙසු සඋපාහනා චඞ්කමන්තී?”ති. “සච්චං භගවා.”
53. විගරහි බුද්ධො භගවා “කථං හි නාම තෙ භික්ඛවෙ, මොඝපුරිසා, සත්ථරි අනුපාහනෙ චඞ්කමමානෙ ථෙරෙසුපි භික්ඛූසු අනුපාහනෙසු චඞ්කමමානෙසු සඋපාහනා චඞ්කමිස්සන්ති? ඉමෙහි නාම භික්ඛවෙ, ගිහී කාමභොගිනො ඔදාතවසනා{1} අභිජීවනිකස්ස සිප්පස්ස කාරණා ආචරියෙසු සගාරවා සප්පතිස්සා{2} සභාගවුත්තිකා විහරිස්සන්ති. ඉධ ඛො තං භික්ඛවෙ, සොභෙථ, යං තුම්හෙ එවං ස්වාක්ඛාතෙ ධම්මවිනයෙ පබ්බජිතා සමානා ආචරියෙසු ආචරියමත්තෙසු උපජ්ඣායෙසු උපජ්ඣායමත්තෙසු අගාරවා අප්පතිස්සා අසභාගවුත්තිකා විහරෙය්යාථ?
54. නෙතං භික්ඛවෙ, අප්පසන්නානං වා පසාදාය -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “න භික්ඛවෙ, ආචරියෙසු ආචරියමත්තෙසු උපජ්ඣායෙසු උපජ්ඣායමත්තෙසු අනුපාහනෙසු චඞ්කමමානෙසු සඋපාහනෙන චඞ්කමිතබ්බං. යො චඞ්කමෙය්ය, ආපත්ති දුක්කටස්ස. න භික්ඛවෙ{3}, අජ්ඣාරාමෙ උපාහනා ධාරෙතබ්බා. යො ධාරෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
55. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො පාදඛීලාබාධො හොති. භික්ඛූ තං භික්ඛුං{4} පරිග්ගහෙත්වා උච්චාරම්පි පස්සාවම්පි නික්ඛාමෙන්ති. අද්දසා ඛො භගවා සෙනාසනචාරිකං ආහිණ්ඩන්තො තෙ භික්ඛූ තං භික්ඛුං පරිග්ගහෙත්වා උච්චාරම්පි පස්සාවම්පි නික්ඛාමෙන්තෙ. දිස්වාන යෙන තෙ භික්ඛූ තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තෙ භික්ඛූ එතදවොච: “කිං ඉමස්ස භික්ඛවෙ, භික්ඛුනො ආබාධො”ති. “ඉමස්ස භන්තෙ ආයස්මතො පාදඛීලාබාධො. ඉමං මයං පරිග්ගහෙත්වා උච්චාරම්පි පස්සාවම්පි නික්ඛාමෙමා’ති.
56. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “අනුජානාමි භික්ඛවෙ, යස්ස පාදා වා දුක්ඛා, පාදා වා ඵලිතා, පාදඛීලො වා ආබාධො,{5} උපාහනං ධාරෙතු”න්ති.
57. තෙන ඛො පන සමයෙන භික්ඛූ අධොතෙහි පාදෙහි මඤ්චම්පි පීඨම්පි අභිරුහන්ති. චීවරම්පි සෙනාසනම්පි දුස්සති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, ‘ඉදානි මඤ්චං වා පීඨං වා අභිරුහිස්සාමී ති උපාහනං ධාරෙතු”න්ති.
58. තෙන ඛො පන සමයෙන භික්ඛූ රත්තියා උපොසථග්ගම්පි සන්නිසජ්ජම්පි ගච්ඡන්තා අන්ධකාරෙ ඛාණුම්පි කණ්ටකම්පි අක්කමන්ති. පාදා දුක්ඛා හොන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, අජ්ඣාරාමෙ උපාහනං ධාරෙතුං උක්කං පදීපං කත්තරදණ්ඩ”න්ති.
60. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ රත්තියා පච්චූසසමයං පච්චුට්ඨාය කට්ඨපාදුකායො අභිරුහිත්වා අජ්ඣොකාසෙ චඞ්කමන්ති උච්චාසද්දා මහාසද්දා ඛටඛටසද්දා අනෙකවිහිතං තිරච්ඡානකථං කථෙන්තා- සෙය්යථිදං: රාජකථං චොරකථං මහාමත්තකථං සෙනාකථං භයකථං යුද්ධකථං අන්නකථං පානකථං වත්ථකථං සයනකථං මාලාකථං ගන්ධකථං ඤාතිකථං යානකථං ගාමකථං නිගමකථං නගරකථං ජනපදකථං ඉත්ථිකථං පුරිසකථං සූරකථං විසිඛාකථං කුම්භට්ඨානකථං පුබ්බපෙතකථං නානත්තකථං ලොකක්ඛායිකං සමුද්දක්ඛායිකං ඉතිභවාභවකථං ඉති වා, කීටකම්පි අක්කමිත්වා මාරෙන්ති, භික්ඛූපි සමාධිම්හා චාවෙන්ති.
61. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා තෙ උජ්ඣායන්ති, ඛීයන්ති, විපාචෙන්ති: “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ රත්තියා පච්චූසසමයං පච්චුට්ඨාය කට්ඨපාදුකායො අභිරුහිත්වා අජ්ඣොකාසෙ චඞ්කමිස්සන්ති උච්චාසද්දා මහාසද්දා ඛටඛටසද්දා අනෙකවිහිතං තිරච්ඡානකථං කථෙන්තා - සෙය්යථීදං: රාජකථං චොරකථං -පෙ- ඉ ති භවාභවකථං. ඉති වා, කීටකම්පි අක්කමිත්වා මාරෙස්සන්ති. භික්ඛූපි සමාධිම්හා චාවෙස්සන්තී”ති.
62. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. -පෙ- “සච්චං කිර භික්ඛවෙ, ඡබ්බග්ගියා භික්ඛූ රත්තියා පච්චූසසමයං පච්චුට්ඨාය කට්ඨපාදුකායො අභිරුහිත්වා අජ්ඣොකාසෙ චඞ්කමන්ති උච්චාසද්දා මහාසද්දා ඛටඛටසද්දා අනෙකවිහිතං තිරච්ඡානකථං කථෙන්තා - සෙය්යථිදං: රාජකථං චොරකථං -පෙ- ඉති භවාභවකථං ඉති වා? කීටකම්පි අක්කමිත්වා මාරෙන්ති, භික්ඛූපි සමාධිම්හා චාවෙන්තී?”ති. “සච්චං, භගවා”.
63. විගරහි බුද්ධො භගවා -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “න භික්ඛවෙ, කට්ඨපාදුකා ධාරෙතබ්බා. යො ධාරෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
64. අථ ඛො භගවා රාජගහෙ යථාභිරන්තං විහරිත්වා යෙන බාරාණසී තෙන චාරිකං පක්කාමි. අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන බාරාණසී තදවසරි. තත්රසුදං භගවා බාරාණසියං විහරති ඉසිපතනෙ මිගදායෙ.
65. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ “භගවතා කට්ඨපාදුකා පටික්ඛිත්තා”ති තාලතරුණෙ ඡෙදාපෙත්වා තාලපත්තපාදුකායො ධාරෙන්ති. තානි තාලතරුණානි ඡින්නානි මිලායන්ති. මනුස්සා උජ්ඣායන්ති, ඛීයන්ති, විපාචෙන්ති: “කථං හි නාම සමණා සක්යපුත්තියා තාලතරුණෙ ඡෙදාපෙත්වා තාලපත්තපාදුකායො ධාරෙස්සන්ති? තානි තාලතරුණානි ඡින්නානි මිලායන්ති. එකින්ද්රියං සමණා සක්යපුත්තියා ජීවං විහෙඨෙන්තී”ති.
66. අස්සොසුං ඛො භික්ඛූ තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. -පෙ- “සච්චං කිර භික්ඛවෙ, ඡබ්බග්ගියා භික්ඛූ තාලතරුණෙ ඡෙදාපෙත්වා තාලපත්තපාදුකායො ධාරෙන්ති. තානි තාලතරුණානි ඡින්නානි මිලායන්තී”?ති. “සච්චං භගවා.”
67. විගරහි බුද්ධො භගවා “කථං හි නාම තෙ භික්ඛවෙ, මොඝපුරිසා තාලතරුණෙ ඡෙදාපෙත්වා තාලපත්තපාදුකායො ධාරෙස්සන්ති.? තානි තාලතරුණානි ඡින්නානි මිලායන්ති. ජීවසඤ්ඤිනො හි භික්ඛවෙ, මනුස්සා රුක්ඛස්මිං. නෙතං භික්ඛවෙ, අප්පසන්නානං වා පසාදාය -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: ‘න භික්ඛවෙ, තාලපත්තපාදුකා ධාරෙතබ්බා. යො ධාරෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
68. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ “භගවතා තාලපත්තපාදුකා පටික්ඛිත්තා”ති වෙළුතරුණෙ ඡෙදාපෙත්වා වෙළුපත්තපාදුකායො ධාරෙන්ති. තානි වෙළුතරුණානි ඡින්නානි මිලායන්ති. මනුස්සා උජ්ඣායන්ති, ඛීයන්ති, විපාචෙන්ති: “කථං හි නාම සමණා සක්යපුත්තියා වෙළුතරුණෙ ඡෙදාපෙත්වා වෙළුපත්තපාදුකායො ධාරෙස්සන්ති? තානි වෙළුතරුණානි ඡින්නානි මිලායන්ති. එකින්ද්රියං සමණා සක්යපුත්තියා ජීවං විහෙඨෙන්තී”ති.
69. අස්සොසුං ඛො භික්ඛූ තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං -පෙ- “න භික්ඛවෙ, වෙළුපත්තපාදුකා ධාරෙතබ්බා. යො ධාරෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
70. අථ ඛො භගවා බාරාණසියං යථාභිරන්තං විහරිත්වා යෙන භද්දියං තෙන චාරිකං පක්කාමි. අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන භද්දියං තදවසරි. තත්ර සුදං භගවා භද්දියෙ විහරති ජාතියාවනෙ.
71. තෙන ඛො පන සමයෙන භද්දියා භික්ඛූ අනෙකවිහිතං පාදුකමණ්ඩනානුයොගමනුයුත්තා විහරන්ති. තිණපාදුකං කරොන්තිපි කාරාපෙන්තිපි. මුඤ්ජපාදුකං කරොන්තිපි කාරාපෙන්තිපි. බබ්බජපාදුකං කරොන්තිපි කාරාපෙන්තිපි. හින්තාලපාදුකං කරොන්තිපි කාරාපෙන්තිපි. කමලපාදුකං කරොන්තිපි කාරාපෙන්තිපි. කම්බලපාදුකං කරොන්තිපි කාරාපෙන්තිපි. රිඤ්චන්ති උද්දෙසං පරිපුච්ඡං අධිසීලං අධිචිත්තං අධිපඤ්ඤං.
72. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා තෙ උජ්ඣායන්ති, ඛීයන්ති, විපාචෙන්ති: “කථං හි නාම භද්දියා භික්ඛූ අනෙකවිහිතං පාදුකමණ්ඩනානුයොගමනුයුත්තා විහරිස්සන්ති? තිණපාදුකං කරිස්සන්තිපි? කාරාපෙස්සන්තිපි? මුඤ්ජපාදුකං කරිස්සන්තිපි? කාරාපෙස්සන්තිපි? බබ්බජපාදුකං කරිස්සන්තිපි? කාරාපෙස්සන්තිපි? හින්තාලපාදුකං කරිස්සන්තිපි? කාරාපෙස්සන්තිපි? කමලපාදුකං කරිස්සන්තිපි? කාරාපෙස්සන්තිපි? කම්බලපාදුකං කරිස්සන්තිපි? කාරාපෙස්සන්තිපි? රිඤ්චිස්සන්ති උද්දෙසං පරිපුච්ඡං අධිසීලං අධිචිත්තං අධිපඤ්ඤ”න්ති. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං.
73. “සච්චං කිර භික්ඛවෙ, භද්දියා භික්ඛූ අනෙකවිහිතං පාදුකමණ්ඩනානුයොගමනුයුත්තා විහරන්ති? තිණපාදුකං කරොන්තිපි? කාරාපෙන්තිපි? මුඤ්ජපාදුකං කරොන්තිපි? කාරාපෙන්තිපි? බබ්බජපාදුකං කරොන්තිපි? කාරාපෙන්තිපි? හින්තාලපාදුකං කරොන්තිපි? කාරාපෙන්තිපි? කමලපාදුකං කරොන්තිපි? කාරාපෙන්තිපි? කම්බලපාදුකං කරොන්තිපි? කාරාපෙන්තිපි? රිඤ්චන්ති උද්දෙසං පරිපුච්ඡං අධිසීලං අධිචිත්තං අධිපඤ්ඤ?”න්ති. “සච්චං භගවා.”
74. විගරහි බුද්ධො භගවා: “කථං හි නාම තෙ භික්ඛවෙ, මොඝපුරිසා අනෙකවිහිතං පාදුකමණ්ඩනානුයොගමනුයුත්තා විහරිස්සන්ති - තිණපාදුකං කරිස්සන්තිපි? කාරාපෙස්සන්තිපි? මුඤ්ජපාදුකං කරිස්සන්තිපි? කාරාපෙස්සන්තිපි? බබ්බජපාදුකං{1} කරිස්සන්තිපි? කාරාපෙස්සන්තිපි? හින්තාලපාදුකං කරිස්සන්තිපි? කාරාපෙස්සන්තිපි? කමලපාදුකං කරිස්සන්තිපි? කාරාපෙස්සන්තිපි? කම්බලපාදුකං කරිස්සන්තිපි? කාරාපෙස්සන්තිපි? රිඤ්චිස්සන්ති උද්දෙසං පරිපුච්ඡං අධිසීලං අධිචිත්තං අධිපඤ්ඤං.
75. “නෙතං භික්ඛවෙ, අප්පසන්නානං වා පසාදාය -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: න භික්ඛවෙ, තිණපාදුකා ධාරෙතබ්බා. න මුඤ්ජපාදුකා ධාරෙතබ්බා. න බබ්බජපාදුකා ධාරෙතබ්බා. න හින්තාලපාදුකා ධාරෙතබ්බා. න කමලපාදුකා ධාරෙතබ්බා. න කම්බලපාදුකා ධාරෙතබ්බා. න සොවණ්ණමයා පාදුකා ධාරෙතබ්බා. න රූපිමයා{2} පාදුකා ධාරෙතබ්බා. න මණිමයා පාදුකා ධාරෙතබ්බා. න වෙළුරියමයා පාදුකා ධාරෙතබ්බා. න ඵළිකමයා පාදුකා ධාරෙතබ්බා. න කංසමයා පාදුකා ධාරෙතබ්බා. න කාචමයා පාදුකා ධාරෙතබ්බා. න තිපුමයා පාදුකා ධාරෙතබ්බා. න සීසමයා පාදුකා ධාරෙතබ්බා. න තම්බලොහමයා පාදුකා ධාරෙතබ්බා. යො ධාරෙය්ය, ආපත්ති දුක්කටස්ස. න ච භික්ඛවෙ, කාචි සඞ්කමනියා පාදුකා ධාරෙතබ්බා. යො ධාරෙය්ය, ආපත්ති දුක්කටස්ස. අනුජානාමි, භික්ඛවෙ, තිස්සො පාදුකායො{3} ධුවට්ඨානීයා අසඞ්කමනීයායො: වච්චපාදුකං පස්සාවපාදුකං ආචමනපාදුක”න්ති.
76. අථ ඛො භගවා භද්දියෙ යථාභිරත්තං විහරිත්වා යෙන සාවත්ථි තෙන චාරිකං පක්කාමි. අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන සාවත්ථි තදවසරි. තත්ර සුදං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ.
77. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ අචිරවතියා නදියා ගාවීනං තරන්තීනං විසාණෙසුපි ගණ්හන්ති. කණ්ණෙසුපි ගණ්හන්ති. ගීවායපි ගණ්හන්ති. ඡෙප්පායපි{4} ගණ්හන්ති. පිට්ඨිම්පි අභිරුහන්ති. රත්තචිත්තාපි අඞ්ගජාතං ඡුපන්ති. වච්ඡතරිම්පි ඔගාහෙත්වා මාරෙන්ති.
78. මනුස්සා උජ්ඣායන්ති, ඛීයන්ති, විපාචෙන්ති: “කථං හි නාම සමණා සක්යපුත්තියා ගාවීනං තරන්තීන. විසාණෙසුපි ගහෙස්සන්ති? කණ්ණෙසුපි ගහෙස්සන්ති? ගීවායපි ගහෙස්සන්ති? ඡෙප්පායපි ගහෙස්සන්ති? පිට්ඨම්පි අභිරුහිස්සන්ති? රත්තචිත්තාපි අඞ්ගජාතං ඡුපිස්සන්ති? වච්ඡතරිම්පි ඔගාහෙත්වා මාරෙස්සන්ති? සෙය්යථාපි ගිහී කාමභොගිනො?”ති.
79. අස්සොසුං ඛො භික්ඛූ තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං: “සච්චං කිර භික්ඛවෙ, -පෙ- සච්චං භගවා.”
80. විගරහි බුද්ධො භගවා -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “න භික්ඛවෙ, ගාවීනං විසාණෙසු ගහෙතබ්බං. න කණ්ණෙසු ගහෙතබ්බං. න ගීවාය ගහෙතබ්බං. න ඡෙප්පාය ගහෙතබ්බං. න පිට්ඨි අභිරුහිතබ්බා. යො අභිරුහෙය්ය, ආපත්ති දුක්කටස්ස. න ච භික්ඛවෙ, රත්තචිත්තෙන අඞ්ගජාතං ඡුපිතබ්බං. යො ඡුපෙය්ය, ආපත්ති ථුල්ලච්චයස්ස. න වච්ඡතරී මාරෙතබ්බා. යො මාරෙය්ය, යථාධම්මො කාරෙතබ්බො”ති.
81. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ යානෙන යායන්ති ඉත්ථියුත්තෙනපි පුරිසන්තරෙන පුරිසයුත්තෙනපි ඉත්ථන්තරෙන. මනුස්සා උජ්ඣායන්ති, ඛීයන්ති, විපාචෙන්ති: “සෙය්යථාපි ගඞ්ගාමහියායා”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. -පෙ- “න භික්ඛවෙ, යානෙන යායිතබ්බං. යො යායෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
82. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු කොසලෙසු ජනපදෙ සාවත්ථිං ගච්ඡන්තො භගවන්තං දස්සනාය අන්තරාමග්ගෙ ගිලානො හොති. අථ ඛො සො භික්ඛු මග්ගා ඔක්කම්ම අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ නිසීදි.
83. මනුස්සා තං භික්ඛුං පස්සිත්වා{1} එතදවොචුං: “කහං භන්තෙ, අය්යො ගමිස්සතී”ති. “සාවත්ථිං ඛො අහං ආවුසො, ගමිස්සාමි භගවන්තං දස්සනායා”ති. “එහි භන්තෙ, ගමිස්සාමා”ති. “නාහං ආවුසො, සක්කොමි, ගිලානොම්හී”ති. “එහි භන්තෙ, යානං අභිරුහා”ති. “අලං ආවුසො, පටික්ඛිත්තං භගවතා යානා”න්ති කුක්කුච්චායන්තො යානං නාභිරුහි.
84. අථ ඛො සො භික්ඛු සාවත්ථිං ගන්ත්වා භික්ඛූනං එතමත්ථං ආරොචෙසි. භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. -පෙ- “අනුජානාමි භික්ඛවෙ, ගිලානස්ස යානා”න්ති.
85. අථ ඛො භික්ඛූනං එතදහොසි: “ඉත්ථියුත්තං නු ඛො පුරිසයුත්තං නු ඛො”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, පුරිසයුත්තං හත්ථවට්ටක”න්ති.
86. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො යානුග්ඝාතෙන බාළ්හතරං අඵාසු අහොසි. භගවතො එතමත්ථං ආරොචෙසුං. -පෙ- “අනුජානාමි භික්ඛවෙ, සිවිකං පාටඞ්කි”න්ති.
87. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ උච්චාසයනමහාසයනානි ධාරෙන්ති. සෙය්යථිදං: ආසන්දිං පල්ලඞ්කං ගොණකං චිත්තකං පටිකං පටලිකං තූලිකං විකතිකං උද්දලොමිං{2} එකන්තලොමිං කට්ඨිස්සං කොසෙය්යං කුත්තකං හත්ථත්ථරං අස්සත්ථරං රථත්ථරං අජිනප්පවෙණිං කාදලිමිගපවරපච්චත්ථරණං{3} සඋත්තරච්ඡදං උභතො ලොහිතකූපධානං{4}.
88. මනුස්සා විහාරචාරිකං ආහිණ්ඩන්තා පස්සිත්වා උජ්ඣායන්ති, ඛීයන්ති, විපාචෙන්ති: “සෙය්යථාපි ගිහී කාමභොගිනො”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. -පෙ- “න භික්ඛවෙ, උච්චාසයනමහාසයනානි ධාරෙතබ්බානි. සෙය්යථිදං: ආසන්දි පල්ලඞ්කො ගොණකො චිත්තකො පටිකා පටලිකා, තූලිකා විකතිකා උද්ධලොමී එකන්තලොමී කට්ඨිස්සං, කොසෙය්යං කුත්තකං හත්ථත්ථරං අස්සත්ථරං රථත්ථරං අජිනප්පවෙණි කදලිමිගපවරපච්චත්ථරණං සඋත්තරච්ඡදං උභතො ලොහිතකූපධානං. යො ධාරෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
89. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ “භගවතා උච්චාසයනමහාසයනානි පටික්ඛිත්තානී”ති මහාචම්මානි ධාරෙන්ති: සීහචම්මං බ්යග්ඝචම්මං දීපිචම්මං. තානි මඤ්චප්පමාණෙනපි ඡින්නානි හොන්ති. පීඨප්පමාණෙනපි ඡින්නානි හොන්ති, අන්තොපි මඤ්චෙ පඤ්ඤත්තානි හොන්ති. බහිපි මඤ්චෙ පඤ්ඤත්තානි හොන්ති. අන්තොපි පීඨෙ පඤ්ඤත්තානි හොන්ති. බහිපි පීඨෙ පඤ්ඤත්තානි හොන්ති. මනුස්සා විහාරචාරිකං ආහිණ්ඩන්තා පස්සිත්වා උජ්ඣායන්ති, ඛීයන්ති, විපාචෙන්ති: “සෙය්යථාපි ගිහී කාමභොගිනො”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. -පෙ- “න භික්ඛවෙ, මහාචම්මානි ධාරෙතබ්බානි: සීහචම්මං බ්යග්ඝචම්මං දීපිචම්මං. යො ධාරෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
90. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ “භගවතා මහාචම්මානි පටික්ඛිත්තානී”ති ගොචම්මානි ධාරෙන්ති. තානි මඤ්චප්පමාණෙනපි ඡින්නානි හොන්ති. පීඨප්පමාණෙනපි ඡින්නානි හොන්ති. අන්තොපි මඤ්චෙ පඤ්ඤත්තානි හොන්ති. බහිපි මඤ්චෙ පඤ්ඤත්තානි හොන්ති. අන්තොපි පීඨෙ පඤ්ඤත්තානි හොන්ති. බහිපි පීඨෙ පඤ්ඤත්තානි හොන්ති.
91. අඤ්ඤතරොපි පාපභික්ඛු අඤ්ඤතරස්ස පාපූපාසකස්ස කුලූපගො{1} හොති. අථ ඛො සො පාපභික්ඛු පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන තස්ස පාපූපාසකස්ස නිවෙසනං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. අථ ඛො සො පාපූපාසකො යෙන සො පාපභික්ඛු තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තං පාපභික්ඛුං අභිවාදෙත්වා එකමන්තං නිසීදි.
92. තෙන ඛො පන සමයෙන තස්ස පාපූපාසකස්ස වච්ඡකො හොති තරුණකො අභිරූපො දස්සනීයො පාසාදිකො චිත්රො සෙය්යථාපි දීපිච්ඡාපො. අථ ඛො සො පාපභික්ඛු තං වච්ඡකං සක්කච්චං උපනිජ්ඣායති. අථ ඛො සො පාපූපාසකො තං පාපභික්ඛුං එතදවොච: “කිස්ස භන්තෙ, අය්යො ඉමං වච්ඡකං සක්කච්චං උපනිජ්ඣායතී”ති. “අත්ථො මෙ ආවුසො, ඉමස්ස වච්ඡකස්ස චම්මෙනා”ති. අථ ඛො සො පාපූපාසකො තං වච්ඡකං වධිත්වා චම්මං විධුනිත්වා තස්ස පාපභික්ඛුනො පාදාසි. අථ ඛො සො පාපභික්ඛු තං චම්මං සඞ්ඝාටියා පටිච්ඡාදෙත්වා අගමාසි.
93. අථ ඛො සා ගාවී වච්ඡගිද්ධිනී තං පාපභික්ඛුං පිට්ඨිතො පිට්ඨිතො අනුබන්ධි. භික්ඛූ එවමාහංසු: “කිස්ස ත්යායං ආවුසො, ගාවී පිට්ඨිතො පිට්ඨිතො අනුබද්ධා”ති.{1} “අහම්පි ඛො ආවුසො, න ජානාමි කෙන ම්යායං ගාවී පිට්ඨිතො පිට්ඨිතො අනුබද්ධා”ති.
94. තෙන ඛො පන සමයෙන තස්ස පාපභික්ඛුනො සඞ්ඝාටි ලොහිතෙන මක්ඛිතා හොති. භික්ඛූ එවමාහංසු: “අයං පන තෙ ආවුසො, සඞ්ඝාටි කිං කතා?”ති. අථ ඛො සො පාපභික්ඛු භික්ඛූනං එතමත්ථං ආරොචෙසි. “කිං පන ත්වං ආවුසො, පාණාතිපාතෙ සමාදපෙසී”ති. “එවමාවුසො”ති. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා, තෙ උජ්ඣායන්ති, ඛීයන්ති, විපාචෙන්ති: “කථං හි නාම භික්ඛු පාණාතිපාතෙ සමාදපෙස්සති? නනු භගවතා අනෙකපරියායෙන පාණාතිපාතො ගරහිතො? පාණාතිපාතා වෙරමණී පසත්ථා”ති. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා තං පාපභික්ඛුං පටිපුච්ඡි. “සච්චං කිර ත්වං භික්ඛු පාණාතිපාතෙ සමාදපෙසී”ති. “සච්චං භගවා.”
95. විගරහි බුද්ධො භගවා: “කථං හි නාම ත්වං මොඝපුරිස, පාණාතිපාතෙ සමාදපෙස්සසි? නනු මයා, මොඝපුරිස, අනෙකපරියායෙන පාණාතිපාතො ගරහිතො? පාණාතිපාතා වෙරමණී පසත්ථා? නෙතං මොඝපුරිස, අප්පසන්නානං වා පසාදාය -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “න භික්ඛවෙ, පාණාතිපාතෙ සමාදපෙතබ්බං. යො සමාදපෙය්ය, යථා ධම්මො කාරෙතබ්බො. න භික්ඛවෙ, ගොචම්මං ධාරෙතබ්බං. යො ධාරෙය්ය, ආපත්ති දුක්කටස්ස. න ච භික්ඛවෙ, කිඤ්චි චම්මං ධාරෙතබ්බං. යො ධාරෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
96. තෙන ඛො පන සමයෙන මනුස්සානං මඤ්චොපි{2} පීඨම්පි චම්මොනද්ධානි හොන්ති චම්මවිනද්ධානි. භික්ඛූ කුක්කුච්චායන්තා නාභිනිසීදන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, ගිහිවිකටං{3} අභිනිසීදිතුං. නත්වෙව අභිනිපජ්ජිතු”න්ති.
97. තෙන ඛො පන සමයෙන විහාරා චම්මවට්ටෙහි ඔගුම්බීයන්ති.{4} භික්ඛූ කුක්කුච්චායන්තා නාභිනිසීදන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, බන්ධනමත්තං අභිනිසීදිතු”න්ති.
98. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ සඋපාහනා ගාමං පවිසන්ති. මනුස්සා උජ්ඣායන්ති, ඛීයන්ති, විපාචෙන්ති: “සෙය්යථාපි ගිහී කාමභොගිනො”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ, සඋපාහනෙන ගාමො පවිසිතබ්බො. යො පවිසෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
99. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු ගිලානො හොති. න සක්කොති විනා උපාහනෙන ගාමං පවිසිතුං. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, ගිලානෙන භික්ඛුනා සඋපාහනෙන ගාමං පවිසිතු”න්ති.
100. තෙන ඛො පන සමයෙන ආයස්මා මහාකච්චායනො අවන්තීසු විහරති කුරරඝරෙ{1} පපාතෙ{2} පබ්බතෙ. තෙන ඛො පන සමයෙන සොණො උපාසකො කුටිකණ්ණො{3} ආයස්මතො මහාකච්චානස්ස උපට්ඨාකො හොති.
101. අථ ඛො සොණො උපාසකො කුටිකණ්ණො යෙනායස්මා මහාකච්චානො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං මහාකච්චානං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සොණො, උපාසකො කුටිකණ්ණො ආයස්මන්තං මහාකච්චානං එතදවොච: “යථා යථාහං භන්තෙ, අය්යෙන මහාකච්චානෙන ධම්මං දෙසිතං ආජානාමි, නයිදං සුකරං අගාරං අජ්ඣාවසතා එකන්තපරිපුණ්ණං. එකන්තපරිසුද්ධං සඞ්ඛලිඛිතං බ්රහ්මචරියං චරිතුං. ඉච්ඡාමහං භන්තෙ, කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිතුං. පබ්බාජෙතු මං භන්තෙ අය්යො මහාකච්චායනො”ති.{4} “දුක්කරං ඛො සොණ, යාවජීවං එකසෙය්යං එකභත්තං බ්රහ්මචරියං චරිතුං. ඉඞ්ඝ ත්වං සොණ , තත්ථෙව අගාරිකභූතො බුද්ධානං සාසනං අනුයුඤ්ජ කාලයුත්තං එකසෙය්යං එකභත්තං බ්රහ්මචරිය”න්ති.
102. අථ ඛො සොණස්ස උපාසකස්ස කුටිකණ්ණස්ස යො අහොසි පබ්බජ්ජාභිසඞ්ඛාරො, සො පටිප්පස්සම්භි. දුතියම්පි ඛො සොණො උපාසකො කුටිකණ්ණො -පෙ- තතියම්පි ඛො සොණො උපාසකො කුටිකණ්ණො යෙනායස්මා මහාකච්චානො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං මහාකච්චානං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සොණො උපාසකො කුටිකණ්ණො ආයස්මන්තං මහාකච්චානං එතදවොච: “යථා යථාහං භන්තෙ අය්යෙන මහාකච්චායනෙන ධම්මං දෙසිතං ආජානාමි, නයිදං සුකරං අගාරං අජ්ඣාවසතා එකන්තපරිපුණ්ණං එකන්තපරිසුද්ධං සඞ්ඛලිඛිතං බ්රහ්මචරියං චරිතුං. ඉච්ඡාමහං භන්තෙ, කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිතුං. පබ්බාජෙතු මං, භන්තෙ, අය්යො මහාකච්චානො”ති. අථ ඛො ආයස්මා මහාකච්චානො සොණං උපාසකං කුටිකණ්ණං පබ්බාජෙසි.
103. තෙන ඛො පන සමයෙන අවන්තිදක්ඛිණාපථො අප්පභික්ඛුකො හොති. අථ ඛො ආයස්මා මහාකච්චානො තිණ්ණං වස්සානං අච්චයෙන කිච්ඡෙන කසිරෙන තතො තතො දසවග්ගං භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා ආයස්මන්තං සොණං උපසම්පාදෙසි.
104. අථ ඛො ආයස්මතො සොණස්ස වස්සං වුත්ථස්ස රහොගතස්ස පතිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: “සුතොයෙව ඛො මෙ සො භගවා ‘එදිසො ච එදිසො චා’ති. න ච මයා සම්මුඛා දිට්ඨො. ගච්ඡෙය්යාහං තං භගවන්තං දස්සනාය අරහන්තං සම්මාසම්බුද්ධං, සචෙ මං උපජ්ඣායො අනුජානෙය්යා”ති.
105. අථ ඛො ආයස්මා සොණො සායණ්හසමයං පතිසල්ලානා වුට්ඨිතො යෙනායස්මා මහාකච්චානො තෙනුපසඞ්කමි, උපසංකමිත්වා ආයස්මන්තං මහාකච්චායනං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා සොණො ආයස්මන්තං මහාකච්චායනං එතදවොච: “ඉධ මය්හං භන්තෙ, රහොගතස්ස පතිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: ‘සුතොයෙව ඛො මෙ සො භගවා ‘එදිසො ච එදිසො චා’ති. න ච මයා සම්මුඛා දිට්ඨො. ගච්ඡෙය්යාහං තං භගවන්තං දස්සනාය අරහන්තං සම්මාසම්බුද්ධං, සචෙ මං උපජ්ඣායො අනුජානෙය්යා’ති. ‘ගච්ඡෙය්යාහං භන්තෙ, තං භගවන්තං දස්සනාය අරහන්තං සම්මාසම්බුද්ධං, සචෙ මං උපජ්ඣායො අනුජානාතී”ති. “සාධු සාධු සොණ. ගච්ඡ ත්වං සොණ, තං භගවන්තං දස්සනාය අරහන්තං සම්මාසම්බුද්ධං, දක්ඛිස්සසි ත්වං සොණ තං භගවන්තං පාසාදිකං පසාදනීයං{1} සන්තින්ද්රියං සන්තමානසං උත්තමදමථසමථමනුප්පත්තං දන්තං ගුත්තං යතින්ද්රියං නාගං.
106. “තෙන හි ත්වං සොණ, මම වචනෙන භගවතො පාදෙ සිරසා වන්ද ‘උපජ්ඣායො මෙ භන්තෙ, ආයස්මා මහාකච්චායනො භගවතො පාදෙ සිරසා වන්දතී’ති. එවඤ්ච වදෙහි ‘අවන්තිදක්ඛිණාපථො භන්තෙ, අප්පභික්ඛුකො. තිණ්ණං මෙ වස්සානං අච්චයෙන කිච්ඡෙන කසිරෙන තතො තතො දසවග්ගං භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා උපසම්පදං අලත්ථං. අප්පෙව නාම භගවා අවන්තිදක්ඛිණාපථෙ අප්පතරෙන ගණෙන උපසම්පදං අනුජානෙය්යා”ති.
107. “අවන්තිදක්ඛිණාපථෙ භන්තෙ, කණ්හුත්තරා භූමි ඛරා ගොකණ්ටකහතා. අප්පෙව නාම භගවා අවන්තිදක්ඛිණාපථෙ. ගණඞ්ගණූපාහනං අනුජානෙය්ය.
108. “අවන්තිදක්ඛිණාපථෙ භන්තෙ, නහානගරුකා මනුස්සා උදකසුද්ධිකා. අප්පෙව නාම භගවා අවන්තිදක්ඛිණාපථෙ ධුවනහානං අනුජානෙය්ය.
109. “අවන්තිදක්ඛිණාපථෙ භන්තෙ, චම්මානි අත්ථරණානි එළකචම්මං අජචම්මං මිගචම්මං. සෙය්යථාපි භන්තෙ, මජ්ඣිමෙසු ජනපදෙසු එරගු මොරගු මජ්ජාරු ජන්තු{2}, එවමෙව ඛො භන්තෙ, අවන්තිදක්ඛිණාපථෙ චම්මානි අත්ථරණානි එළකචම්මං අජචම්මං මිගචම්මං. අප්පෙව නාම භගවා අවන්තිදක්ඛිණාපථෙ චම්මානි අත්ථරණානි අනුජානෙය්ය එළකචම්මං අජචම්මං මිගචම්මං.
110. “එතරහි භන්තෙ, මනුස්සා නිස්සීමගතානං භික්ඛූනං චීවරං දෙන්ති: ‘ඉමං චීවරං ඉත්ථන්නාමස්ස දෙමා’ති. තෙ ආගන්ත්වා ආරොචෙන්ති: ‘ඉත්ථන්නාමෙහි තෙ ආවුසො, මනුස්සෙහි චීවරං දින්න’න්ති තෙ කුක්කුච්චායන්තා න සාදියන්ති’ මා නො නිස්සග්ගියං අහොසී’ති. අප්පෙව නාම භගවා චීවරෙ පරියායං ආචික්ඛෙය්යා”ති.