Cullavagga

Lesser Division

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 3843 segments

පෙන්වන කොටස් 2101-2200 න් 3843

“මහණෙනි, අදිනා රැහැන ලන සිදුර ද අනුදනිමි” යි (වදාළ සේක.)
දොරපළු නො වැසෙත් භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, අඟුල් වැටිය (දොරපොල්ල) ද අගුල් කණුව ද යතුර ද තරංකය ද අනුදනිමි” යි වදාළසේක.
එ සමයෙහි මහණහු දොරපළුව අරින්නට නො හැකි වෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, කෙසිසිදුර ද ලොහොමුවා යතුර ද ලීමුවා යතුර අංමුවා යතුර ද යන යතුරු තුන ද අනුදනිමි” යි (වදාළ සේක.)
යම් විහාර විවෘත කොට පිවිසෙත් ද ඒ විහාරයෝ නො රැකුණාහු වෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, යතුරු ඉද්ද අනුදනිමි” යි (වදාළසේක.)
7. එසමයෙහි විහාරයෝ තණ සෙවෙණි ඇත්තෝ වූහ. ශීත කාලයෙහි ශීත ද උෂ්ණ කාලයෙහි උෂ්ණ ද වෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, ඝන දඩු යොදා ඇතුළත පිටත බදාම ආලිප්ත කරන්නට අනුදනිමි” යි වදාළසේක.
8. එසමයෙහි විහාරයෝ වාකවුළු නැත්තාහු ඇසට අහිත ද දුගඳ ද වෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, ස්තූපයන්හි සතරැස් කොටුව සෙයින් සිදුරු සිටින සේ ගඩොළින් කළ වාකවුළුව ද, දැල් වාකවුළුව ද කූරු වාකවුළුව ද යන තුන් වාකවුළු අනුදනිමි”යි වදාළසේක.
වාකවුළු අතරින් ලෙහෙන්නු ද වවුලෝ ද පිවිසෙත් භාග්‍යවතුන් වහන්සේට මෙම පවත් සැලකළාහ.
“මහණෙනි, රෙදි වෙළා කළ පාපිස්නක් (බඳින්නට) අනුදනිමි” යි වදාළසේක.
රෙදි පාපිස්න අතුරෙන් ද ලෙහෙන්නුත් වවුලෝත් පිවිසෙත් ...
“මහණෙනි, වාකවුළු වසන්නට දොරපළුවක් ද එහි බඳින්නට බිස්සක් ද අනුදනිමි” යි වදාළසේක.
9. එ සමයෙහි මහණහු බිමැ නිදත්. සිරුරු ද සිවුරු ද පසින් වැකුණාහු වෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, තණඇතිරියක් අනුදනිමි”යි වදාළසේක.
තණඇතිරිය මීයන් ද වේයන් ද විසින් කනුලැබේ.
“මහණෙනි, පිළක් අනුදනිමි” යි වදාළසේක.
පිළෙහි ගාත්‍රයෝ පෙළෙත්.
“මහණෙනි, බිදලමඤ්චකය (වේවැල් ඇඳ) අනුදනිමි” යි වදාළ සේක.
10. එසමයෙහි වනාහි සඞ්යාට සොහොනෙක දමන ලද මසාරකයක් (පා විද අටනීන් පිවිස්වා කළ ඇඳෙක්) ලැබිණ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, මසාරක ඇඳපා විද එහි අටනි බහා කළ ඇඳ අනුදනිමි” යි වදාළසේක.
මසාරක පුටුවෙක් උපන්නේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැලකළාහ.
“මහණෙනි, මසාරක පුටුව අනුදනිමි” යි වදාළසේක.
එ සමයෙහි සඞ්ඝයාට බුන්‍දිකාබද්ධ (විට්ටම් විද එහි පා යොදා තනන ලද) ඇඳෙක් ලැබිණ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, බුන්‍දිකාබද්ධ ඇඳ අනුදනිමි” යි වදාළසේක.
බුන්‍දිකාබද්ධ (විට්ටම් විද එහි පා ඇතුල් කොට තනන ලද) පුටුවෙක් ලැබිණ. ...
“මහණෙනි, බුන්‍දිකාබද්ධ පුටුව අනුදනිමි” යි වදාළසේක.
එ සමයෙහි සඞ්ඝයාට සොහොනෙක දමාපියන ලද කකුළු පා ඇඳෙක් (කකුළුවන්ගේ බඳු වක් පා ඇති ඇඳෙක්) ලැබුණේය. භාග්‍යවතුන් වහන්සේට එ පවත් සැලකළහ.
“මහණෙනි, කකුළු පා ඇඳ අනුදනිමි” යි වදාළ සේක.
කකුළු පා පුටුවෙක් උපන ...
“මහණෙනි, කකුළුපා පුටුව අනුදනිමි” යි වදාළසේක.
එ සමයෙහි සඞ්ඝයාට සොහොනෙක දමාපියන ලද ආහච්චපාදක අටනි විද එහි ඇඳපා බහා ඇණ ලා කළ ඇඳෙක් ලැබුණේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, ආහච්චපාදක ඇඳ අනුදනිමි” යි වදාළසේක.
ආහච්චපාදක අටනි විද එහි පුටුවක් උපන්නේ වේ....
“මහණෙනි, ආහච්චපාදක පුටුව අනුදනිමි” යි වදාළසේක.
11. එ සමයෙහි සඞ්ඝයාට සතරැස් පුටුවෙක් උපන්නේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, සතරැස් පුටුව අනුදනිමි” යි වදාළසේක.
උස් වූ සතරැස් පුටුවෙක් උපන්නේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, උස් සතරැස් පුටුව අනුදනිමි” යි වදාළසේක.
සප්තාඞ්ගයෙක් (කවිච්චියෙක්) උපන්නේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, කවිච්චිය අනුදනිමි” යි වදාළසේක.
උස් කවිච්චියෙක් උපන්නේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, උස් කවිච්චිය අනුදනිමි” යි වදාළසේක.
භද්‍රපීඨයක් (වේ වැල් මුවා පුටුවෙක්) උපන්නේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, වේවැල්මුවා පුටුව අනුදනිමි” යි වදාළසේක.
පීඨිකාවෙක් (රෙදිකඩක් බැඳි පුටුවෙක්) උපන්නේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, රෙදිකඩ බන් පුටුව අනුදනිමි” යි වදාළසේක.
පුවරුපා පුටුවෙක් උපන්නේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, පුවරු පා පුටුව අනුදනිමි” යි වදාළසේක.
ඇඹුල්වැටි පුටුවෙක් උපන්නේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, ඇඹුල්වැටි පුටුව අනුදනිමි” යි වදාළසේක.
පුවරුවෙක් (බංකුවෙක්) උපන්නේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, පුවරුව අනුදනිමි” යි වදාළසේක.
කොස්සෙක් උපන්නේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, කොස්ස අනුදනිමි” යි වදාළසේක.
පිදුරුවලින් තැනු අස්නෙක් ලැබුණේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, පිදුරුපුටුව අනුදනිමි” යි වදාළසේක.
12. එ සමයෙහි සවැගි මහණහු උස් ඇඳෙහි වැදහෙත්. මිනිස්සු විහාරචාරිකායෙහි ඇවිදුනාහු (ඔවුන්) දැක ලාමක කොට සිතත්, නො ගුණ කියත්, කාමභෝගී ගිහියන් බඳුහ” යි දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, උස් ඇඳෙහි නො වැදහියැයුතු. යමෙක් වැදහෙන්නේ නම් දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
එ සමයෙහි එක්තරා මහණෙක් මිටි හැඳෙක හෝනේ සපකු විසින් ඩස්නා ලද්දේ වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත්සැලකළහ.
“මහණෙනි, ඇඳ පිළිපා අනුදනිමි” යි වදාළසේක.
එ සමයෙහි සැවැගි මහණහු උස්වූ ඇඳපිළිපා පරිභෝග කරත්. ඇඳපිළිපා සහිත ව පෙරැළි වැටෙත්. ....
“මහණෙනි, උස් ඇඳ පිළිපා නො දැරියයුතු. යමෙක් දරන්නේ නම් දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, අටඟුලක් පරම කොටැති ඇඳපිළිපා අනුදනිමි” යි වදාළසේක.
13. එ සමයෙහි සඞ්ඝයාට නූල් ලැබුණේ වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, ඇඳ වියන්නට අනුදනිමි” යි වදාළසේක.
ඇඳ වියල්හු බොහෝ නූල් ගනිත්. (ඇදවියල්වලට ම බොහෝ නූල් වියදම් වේ).
“මහණෙනි, වියල් විද අට පා දූ පුවරුවක් සේ වියන්නට අනුදනිමි” යි වදාළසේක.
රෙදිකඩෙක් උපන්නේ වෙයි.
“මහණෙනි, බිමැ අතුරන ඇතිරියක් කරන්නට අනුදනිමි” යි වදාළසේක.
පුලුන් උපන්නේ වේ.
“මහණෙනි, අවුල් හැර කොට්ටයක් කරන්නට අනුදනිමි. රුක් පුලුන් වැල් පුලුන් තණබට ආදියෙන් ලැබෙන පුලුන් යැ යි තුන් වගයෙකි” යි වදාළසේක.
එ සමයෙහි සවැගි මහණෝ කයින් අඩක් පමණ දික් වූ කොට්ට දරත්. මිනිස්සු විහාරවාරිකාවේ ඇවිදුනාහු ‘කාමභෝගී ගිහියන් බන්දහ’ යි එය දැක ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, අඩකයක් පමණ දික් වූ කොට්ට නො දැරියයුතු, යමෙක් දරන්නේ නම් දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, හිසට සුදුසු පමණ වූ කොට්ටය අනුදනිමි” යි වදාළසේක.
14. එ සමයෙහි රජගහනුවර ගිරග්ගසමජ්ජ උත්සවය වෙයි. මිනිස්සු මහඇමැතියන් සඳහා ලොම් මෙට්ට (ලොම් පුරවා කළ මෙට්ට), රෙදි මෙට්ට, වැහැරිමෙට්ට තණ මෙට්ට යන (බොහෝ) මෙට්ට පිළියෙළ කරත්, සමජ්ජය අවසන් වූ කල්හි උර ගලවා ගෙනයත්. මහණහු සමද්‍යස්ථානයෙහි (උළෙල පැවැති තැනැ) හැරදමන ලද බොහෝ ලොම් ද රෙදි ද වැහැරි ද තණ ද කොළ ද දුටුහ. දැක භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, ලොම් මෙට්ටය, රෙදි මෙට්ටය, වැහැරි මෙට්ටය, තෘණ මෙට්ටය, කොළ මෙට්ටය යන මෙට්ට පස අනුදනිමි” යි වදාළසේක.
එ සමයෙහි සඞ්ඝයාට සෙනසුන් පිරිකර වශයෙන් වූ වස්තුයෙක් උපන්නේ වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, මෙට්ටය වසාලන්නට (මෙට්ට උරයක් වශයෙන් යොදන්නට) අනුදනිමි” යි වදාළසේක.
එ සමයෙහි මහණහු ඇඳමෙට්ටය පුටුවෙහි අතුරත්, පුටු මෙට්ටය ඇඳෙහි අතුරත්, මෙට්ට බිඳීයේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළඹාහ.
“මහණෙනි, මෙට්ට (ගුදිරි) යෙදූ ඇඳ ද මෙට්ට ලූ පුටුව ද අනුදනිමි” යි වදාළසේක.
යටට රෙදි ඇතිරියක් නො දමා මෙට්ට එළත් යට පැත්තෙන් පැළෙත්.....
“මහණෙනි, යටට රෙදි ඇතිරියක් ලා අතුරා මෙට්ටය වසන්නට අනුදනිමි” යි වදාළසේක.
උරය ගලවාගෙන යෙත්......
“මහණෙනි, කහ ආදි පැහැයෙකින් බින්‍දු ඉසින්නට අනුදනිමි” යි වදාළසේක.
ගෙනයෙත් ම ය.....
“මහණෙනි, භත්තිකර්‍මය (කසටින් ලකුණු කිරීම) අනුදනිමි” යි වදාළ සේක.
ගෙනයෙත් ම ය.....
“මහණෙනි, භස්තභක්තිය (පසඟුල් සලකුණ) අනුදනිමි” යි වදාළ සේක.
15. එ සමයෙහි තොටුවන්ගේ යහන්හු සුදුපැහැ වෙත්. බිම කළු පැහැ කැරුණේ ය. - බිත්ති ගුරු පිරියම් කැරුණේ ය. බොහෝ මිනිස්සු වැදහෝනා අපේක්‍ෂා ඇත්තෝ එහි යෙත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, වෙහෙරෙහි සුදුපැහැ කළුපැහැ ගුරුපැහැ පිරියම් කරන්නට අනුදනිමි” යි වදාළසේක.
එ සමයෙහි රළු බිත්තියෙහි සුදු පැහැ නො රැඳෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, දහවියා පිඬු දී අත්ලෙන් තුනී කොට සුදු පැහැ හෙළන්නට (රඳවන්නට) අනුදනිමි” යි වදාළසේක.
සුදු පැහැය එකට නොබැඳෙන්නේ වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, සියුම් මැටි දී අත්ලෙන් තුනී කොට සුදුපැහැය හෙළන්නට අනුදනිමි” යි වදාළසේක.
සුදුපැහැය එකට නො බැඳෙන්නේ වෙයි.
“මහණෙනි, මැලියම ද පිටිකැඳ ද අනුදනිමි” යි වදාළසේක.
එ සමයෙහි රළු බිත්තියෙහි ගුරු පිරියම් නො බැඳේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, දහවියා පිඬු දි අත්ලෙන් මැද ගුරු පැහැ හෙළන්නට අනුදනිමි” යි වදාළසේක.
ගුරු පැහැය එකට නො බැඳෙන්නේ වෙයි. ....