Cullavagga

Lesser Division

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 3843 segments

පෙන්වන කොටස් 1201-1300 න් 3843

5. ධර්‍මවාදී බොහෝ මහණහු “මේ දහම් ය. මේ විනය ය මේ ශාස්තෘශාසන ය මෙය ගණිවු මෙය රුස්වවු” යි අධර්‍මවාදී බොහෝ මහණුන්ට හඟවත්. සිතවත්. පෙන්වත්, පුනපුනා පෙන්වත්. දක්වත්. පුනපුනා දක්වත්. ඉදින් මෙසේ ඒ අධිකරණය සන්හිඳේ නම් සම්මුඛාවිනය වූ දැහැමින් සන්හිඳේ.
6. ධර්‍මවාදී බොහෝ මහණහු “මේ දහම ය. මේ විනය ය මේ ශාස්තෘශාසන ය මෙය ගණුව මෙය රුස්ව”යි අධර්‍මවාදී සඞ්ඝයාට හඟවත්. සිතවත්. පෙන්වත්. පුනපුනා පෙන්වත්. දක්වත්. පුනපුනා දක්වත්. ඉදින් මෙසේ ඒ අධිකරණය සන්හිඳේ නම් සම්මුඛාවිනය වූ දැහැමින් සන්හිඳේ.
7. ධර්‍මවාදී සඞ්ඝ තෙමේ “මේ දහම ය. මේ විනය ය මේ ශාස්තෘශාසන ය මෙය ගණුව මෙය රුස්ව”යි අධර්‍මවාදී පුද්ගලයාට හඟවයි. සිතවයි. පෙන්වයි. පුනපුනා පෙන්වයි. දක්වයි. පුනපුනා දක්වයි. ඉදින් මෙසේ ඒ අධිකරණය සන්හිඳේ නම් සම්මුඛාවිනය වූ දැහැමින් සන්හිඳේ.
8 ධර්‍මවාදී සඞ්ඝතෙමේ “මේ දහම ය. මේ විනය ය මේ ශාස්තෘශාසන ය මෙය ගණිවු මෙය රුස්වවු”යි අධර්‍මවාදී බොහෝ මහණුන්ට හඟවයි. සිතවයි. පෙන්වයි. පුනපුනා පෙන්වයි. දක්වයි. පුනපුනා දක්වයි. ඉදින් මෙසේ ඒ අධිකරණය සන්හිඳේ නම් සම්මුඛාවිනය වූ දැහැමින් සන්හිඳේ.
9. ධර්‍මවාදී සඞ්ඝ තෙමේ “මේ දහම ය. මේ විනය ය මේ ශාසතාශාසන ය මෙය ගණුව මෙය රුස්ව”යි අධර්‍මවාදී සඞ්ඝයාට හඟවයි. සිතවයි. පෙන්වයි. පුනපුනා පෙන්වයි. දක්වයි. පුනපුනා දක්වයි. ඉදින් මෙසේ ඒ අධිකරණය සන්හිඳේ නම් සම්මුඛාවිනය වූ දැහැමින් සන්හිඳේ යී.
ධර්‍මවාදීනවකය නිමි.
2. සතිවිනය
1. එ සමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ, රජගහනුවර සමීපයෙහි කලන්‍දක නිවාප නම් වේළුවනවාරාමයෙහි වැඩවසන සේක. එ කල්හි උපතින් සත්වස් ඇති ආයුෂ්මත් දබ්බමල්ලපුත්‍ර විසින් රහත්බව පසක් කරණ ලද්දේ වෙයි. සව්වකු විසින් පැමිණිය යුතු (ලැබිය යුතු) යම් කිසිවක් ඇත්නම් ඒ සියල්ල උහු විසින් ලබන ලද්දේ වෙයි. උහුට මත්තෙහි කටයුතු කිසිවක් ද නැත. කරණ ලද්දෙහි නැවත වැඩීමෙක් ද නැත. ඉක්බිති එකලා ව විවේකයෙන් හුන් ආයුෂ්මත් දබ්බමල්ලපුත් හට මෙබඳු චිත්තවිතර්‍කයෙක් පහළ විය: “උපතින් සත් වස් ඇති මා විසින් රහත්බව පසක් කරණ ලදී. සව්වකු විසින් ලැබිය යුතු යම් කිසිවක් වේ නම් මවිසින් ඒ සියල්ල ලබන ලදි. මට මතු කටයුතු කිසිවක් ද, කරණ ලද්දෙහි නැවත වැඩීමෙක් ද නැත. මම සඟහට වතාවතක් කරනෙම් නම් කිම්දෝයි ඉක්බිති ආයුෂ්මත් දබ්බමල්ලපුත්හට මෙබඳු සිතෙක් විය: මම සඟනට සෙනසුන් ද පනවම් නම් බත් ද උදෙසම් නම් මනාමැනු” යි.
2. ඉක්බිති ආයුෂ්මත් දබ්බමල්ලපුත් තෙමේ සවස්කල පිළිසලනින් නැඟී සිටියේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පස් ව හින. එකත්පස් ව හුන් මල්ලපුත් ආයුෂ්මත් දබ්බ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය: “වහන්ස, මෙහි එකලා ව විවේකයෙන් හුන් මට මෙබඳු සිත්හසරෙක් පහළ විය: උපතින් සත්වස් ඇති මා විසින් රහත්බව පසක් කරණ ලදි. සව්වකු විසින් යම් කිසිවක් ලැබිය යුතු නම් ඒ සියල්ල මවිසින් ලබන ලදි. මතු කිසි කටයුත්තෙක් ද මට නැත කරණ ලද්දෙහි නැවත වැඩීමෙක් ද නැත. මම සඟනට වතාවතක් කරම් නම් කිම්දැ” යි. වහන්ස, ඒ මට මෙබඳු සිතෙක් විය: “මම සඟනට සෙනසුන් ද පනවම් නම් බතුදු උදෙසම් නම් මනා මැනු”යි. “වහන්ස, මම සඟනට සෙනසුන් පනවන්නට ද බත් උදෙසන්නට ද කැමැත්තෙමි”යි. “දබ්බ මැනැවි. මැනැවි. දබ්බ එසේ නම් සඟනට සෙනසුන් ද පනවවු, බතුදු උදෙසවු” යි. එසේ ය වහන්සැයි ආයුෂ්මත් දබ්බමල්ලපුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දිනි.
3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ ප්‍රස්තාවයෙහි දැහැමිකතා කොට භික්‍ෂූන් ඇමතූ සේක. මහණෙනි, එසේ නම් සඞ්ඝ තෙමේ දබ්බමල්ලපුතු සෙනසුන් පනවන්නකු කොට ද බත් උදෙසන්නකු කොට ද සම්මත කෙරේවා. මහණෙනි, මෙසේ සම්මත කළ යුතු පළමු කොට දබ්බ යැද්ද යුතු. යැද වියත් පබල මහණකු විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුතු:
“වහන්ස, සඞ්ඝ තෙමේ මා වදන් අසාවා: ඉදින් සඟනට පැමිණි කල් ඇත්තේ නම් සඞ්ඝ තෙමේ ආයුෂ්මත් දබ්බමල්ලපුතු සෙනසුන් පනවන්නකු කොට ද බත් උදෙසන්නකු කොට ද සම්මත කරන්නෙන් ය. මේ දැන්වීම යි.
වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වදන අසාවා, සඞ්ඝ තෙමේ ආයුෂ්මත් දබ්බමල්ලපුතු සෙනසුන් පනවන්නකු කොට ද බත් උදෙසන්නකු කොට ද සම්මත කෙරෙයි. ආයුෂ්මත් දබ්බමල්ලපුතු සෙනසුන් පනවන්නකු කොට ද බත් උදෙසන්නකු කොට ද සම්මත කිරීම යම් ආයුෂ්මතකුහට රුස්නේ නම් හෙ තෙමේ නිහඬ වන්නේ ය. යමකුහට රිසි නො වේ නම් හෙ තෙමේ බණන්නේ ය.
සඟ විසින් ආයුෂ්මත් දබ්බමල්ලපුත්තෙමේ සෙනසුන් පනවන්නකු කොට ද බත් උදෙසන්නකු කොට ද සම්මත කරණ ලදි. සඟහට රිසියෙයි. එහෙයින් නිහඬ ය. මෙසේ මෙය දරමි” යි.
4. සම්මත කරණ ලද ආයුෂ්මත් දබ්බ මල්ලපුත් තෙමේ සභාග සභාග භික්‍ෂුන්ට එක්තැනෙක සෙනසුන් පනවයි: යම් භික්‍ෂූහු සූත්‍රාන්තිකයෝ නම් ‘ඔහු ඔවුනොවුන් සූත්‍රාන්ත සඞ්ගායනා කරන්නාහ’ යි ඔවුනට එක්තැනෙක සෙනසුන් පනවයි. යම් භික්‍ෂූහු විනයධරයෝ නම් ‘ඔහු ඔවුනොවුන් විනය විසඳන්නාහු ය’ යි ඔවුනට එක්තැනෙක සෙනසුන් පනවයි. යම් භික්‍ෂූහු ධම්කථිකයෝ (ආභිධම්මිකයෝ) නම් ‘ඔහු ඔවුනොවුන් ධර්‍මය සාකච්ඡා කරන්නාහ’ යි ඔවුනට එක්තැනෙක සෙනසුන් පනවයි. යම් භික්‍ෂූහු ධාන්‍යලාභිහු නම් ‘ඔහු ඔවුනොවුන් නො පෙළන්නාහ’ යි ඔවුනට එක්තැනෙක හෝ සෙනසුන් පනවයි. යම් භික්‍ෂූහු තිරශ්චීන කථා ඇති ව කය තරකිරීමෙහි තත්පර ව වෙසෙත් නම් ‘මේ ආයුෂ්මත්හු මේ තිරශ්චීන කථා රතියෙනුදු වෙසෙන්නාහ’ යි ඔවුනට ද එක්තැනෙක සෙනසුන් පනවයි. යම් භික්‍ෂූහු නො කල්හි පැමිණෙත් නම් ඔවුනට ද තේජෝධාතුවට සමවැද ඒ ආලෝකයෙන් ම සෙනසුන් පනවයි.
5. භික්‍ෂූහු දැන දැන ‘අපි ආයුෂ්මත් දබ්බමල්ලපුතුගේ ඉදුපෙළහර දක්නමෝ’ යි නොකල්හි නිතර පැමිණෙත්, ඔහු ආයුෂ්මත් දබ්බමල්ලපුතු වෙත එළඹ ඇවැත්නි, දබ්බයෙනි, අපට සෙනසුන් පනවාලව යි. මෙසේ කියත්, ආයුෂ්මත් දබ්බමල්ලපුත් තෙමේ ඔවුනට ‘ආයුෂ්මත්හු කොතැන්හි කැමැති වෙද්ද, මේ කොතැන්හි පනවම් දැ’යි මෙසේ කියයි. ඔහු දැන දැන දුර තැන් දක්වත්, “ඇවැත්නි, අපට ගිජුකුළුපව්වෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට සොරපවයින්පවුවෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට ඉසිගිලිපස කළුගල්තලායෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට වේභාරපවුපස සත්පත්ගොහෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට සීතවෙනෙහි නාකෙම්බෙයදෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට ගොයුම් කඳුරැලියෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට තිඹිරි කඳුරැලියෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට තපෝද කඳුරැලියෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට හුණුදිය අරමෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට ජීවක අඹවෙනෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට මද්දකුච්ජි නම් මුවලැව්හි සෙනසුන් පනවාලව”යි.
6. ආයුෂ්මත් දබ්බමල්ලපුත් තෙමේ තේජෝධාතුවට සමවැද ඇගිල්ල දැල්වෙන එළියෙන් ඔවුන්ට පෙරටු ව පෙරටු ව යෙයි. ඔහු ද ඒ එළියෙන් ම ආයුෂ්මත් දබ්බ මල්ලපුතුගේ පිටුපස පිටුපස යෙත්, ආයුෂ්මත් දබ්බමල්ලපුත් තෙමේ ඔවුන්ට මෙසේ සෙනසුන් පනවයි. මේ ඇඳ ය, මේ පුටුව ය, මේ බිස්ස ය, මේ කොට්ටය ය, මේ වැසිකිළිය ය, මේ කෙසකිළිය ය, මේ පැන් ය, මේ පිරිබොදුනී ජල ය, මේ සැරයටිය, මේ සඟුන්ගේ කතිකවත ය, මෙ කල පිවිසිය යුතු, මෙ කල නික්මිය යුතු යි. ආයුෂ්මත් දබ්බමල්ලපුත් තෙමේ ඔවුනට මෙසේ සෙනසුන් පනවා නැවත වේළුවනයට පෙරළා එයි.
7. එසමයෙහි මෙත්තියභුම්මජක මහණහු නවකයෝ ද මඳ පිණැත්තෝ ද වෙති. සඞ්ඝයාගේ යම් ලමු සෙනසුන් ද ලමු බත් ද වෙත් නම් ඔහු ඔවුන්ට පැමිණෙති. එ සමයෙහි රජගහනුවර මිනිස්සු තෙර මහණුන්ට නොයෙක් දැයින් මැනැවින් සකස් කළ බොජුන් - ගිතෙල් ද තෙල් ද මසවුළු ද දෙන්නට කැමැති වෙත්. මෙත්තියභුම්මජක මහණුන්ට කාඩිකලකැඳ දෙවෙනි කොට ඇති පිසූ පරිදි නිවුඩුසාලේ පියවි බත දෙත්. ඔහු පසු බත පිණ්ඩපාතයෙන් වැළකුණහු “ඇවැත්නි, තොපගේ බත්හලෙහි කිමෙක් වී ද තොපගේ බත්හලෙහි කිමෙක් වී දැ” යි තෙරමහණුන් පුළුවුසිත්. ඇතැම් තෙරහු “ඇවැත්නි, අපට ගිතෙල් වී ය. තෙල් වී ය. මසවුළුවී” යයි මෙසේ කියත්. මෙත්තියභුම්මජක මහණහු “ඇවැත්නි, අපට කාඩි දෙවෙනි කොට ඇති පිසූ පරිදි නිමුඩුසාලේ පියවි බත හැර කිසිවක් නො වී ය” යි මෙසේ කියත්.
8. එ සමයෙහි කල්‍යාණභත්තික ගැහැවිතෙමේ සඟනට නිතිබත් කොට බත් සතරක් දෙයි. හෙ තෙමේ අඹුදරුවන් සමඟ බත්හලෙහි එළඹ සිට වළඳවයි. අන්නු බතින් පුළුවුසිත්, අන්නු සූපයෙන් පුළුවුසිත්. අන්නු තෙලින් පුළුවුසිත්. අන්නු මසවුළින් පුළුවුසිත්. එ කල්හි කල්‍යාණභත්තික ගැහැවියාගේ සෙට පිණිස බත (වාර විසින්) මෙත්තියභුම්මජක භික්‍ෂූන් සඳහා උදෙසුයේ වෙයි. ඉක්බිති ව කල්‍යාණභත්තික ගැහැවි තෙමේ කිසියම් කටයුත්තක් සඳහා අරමට ගියේ ය. හෙ තෙමේ ආයුෂ්මත් දබ්බමල්ලපුතු වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් දබ්බමල්ලපුතු වැඳ එකත්පස් ව හින. එකත් පස් ව හුන් කල්‍යාණභත්තික ගැහැවිහු ආයුෂ්මත් දබ්බමල්ලපුත්තෙමේ දැහැමි කථාවෙන් කරුණු දැක්වී ය සමාදන් කරවී ය. තෙ ද ගැන්වී ය. සතුටු කරවී ය.
9. ඉක්බිති කල්‍යාණභත්තික ගැහැවි තෙමේ ආයුෂ්මත් දබ්බමල්ලපුතු විසින් කරුණු දක්වන ලදුයේ සමාදන් කරවනු ලදුයේ තෙද ගන්වනු ලදුයේ සතුටු කරවනු ලදුයේ ආයුෂ්මත් දබ්බමල්ලපුත් හට “වහන්ස, අපගේ ගෙයි සෙට පිණිස බත කවරකුට උදෙසන ලද්දේ දැ” යි මෙය කී ය. ගැහැවි ය, තොපගේ ගෙයි සෙට පිණිස වූ බත මෙත්තියභුම්මජක භික්‍ෂූන්ට උදෙසන ලදැ යි. එ කල්හි කල්‍යාණභත්තික ගැහැවි තෙමේ “කෙසේ නම් ලාමකභික්‍ෂූහු අපගේ ගෙයි වළඳන්නාහු දැ”යි නො සතුටු සිත් ඇත්තේ විය. ගෙට ගොස් “එම්බල දැස්ස, දෙසට බත්ගන්නා යම් කෙනෙක් පැමිණෙත් නම් දොරකොටුයෙහි අසුන් පණවා කාඩි දෙවැනි කොට ඇති නිවුඩු බතින් වළඳව” යි දැස්ස ඇණවී ය. ‘එසේ ය හිමියනි’ යි ඒ දැස්ස කල්‍යාණභත්තික ගැහැවියාට පිළිවදන් ඇස්වූ ය.
10. එ කල්හි මෙත්තිය භුම්මජක මහණහු “ඇවැත්නි, ඊයේ අපට කල්‍යාණභත්තික ගැහැවිහුගේ බත උදෙසන ලදි. සෙට අඹුදරුවන් සහිත කල්‍යාණභත්තික ගැහැවි තෙමේ එළඹ සිට අප වළඳවන්නේ ය: කෙනෙක් බතින් පුළුවුස්නාහ. කෙනෙක් සූපයෙන් පුළුවුස්නාහ. කෙනෙක් තෙලින් පුළුවුස්නාහ. කෙනෙක් මසවුළින් පුළුවුස්නාහ” යි ඔහු ඒ සොම්නසින් ම සිතුසේ රෑ නිදි නොගත්හ.
11. ඉක්බිති මෙත්තිය භූම්මජක මහණහු පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙණ කල්‍යාණභත්තික ගැහැවිහුගේ නිවෙස්න වෙත එළඹියහ. ඒ දැස්ස එන්නා වූ මෙත්තිය භුම්මජක මහණුන් දුරදී ම දුටු දැක දොරකොටුයෙහි අසුන් පණවා “වහන්ස, හුන මැනැවැ” යි මෙත්තිය භුම්මජක මහණුන්ට මෙය කියූ. එ කල්හි මෙත්තිය භුම්මජක මහණුන්ට “එකැත්නෙන් ම බත නො නිමියේ වන, එහෙයින් අපි කොටුයෙහි හිඳුවනු ලබමෝ” යි මේ සිත විය. එ කල ඒ දැස්ස “වහන්ස, වළඳනු මැනැවැ” යි කාඩි දෙවෙනි කොට ඇති කුඩු සහිත (නිවුඩු) බතින් යුතුව එළඹ සිටියා ය. “නැඟනියෙනී, අපි මෙහි නිතිබත් ඇත්තමෝ වම්හ” යි. “හිමිනු ‘නිතිබත් ඇත්තහ’ යි දනිමි. එහෙත් මම ඊයේ ම ගැහැවිහු විසින් ‘එම්බා දැස්ස, හෙට බත් ගන්නා යම් කෙනෙක් එද්ද, කොටුයෙහි අසුන් පණවා කාඩි දෙවෙනි කොට ඇති නිවුඩු සාලේ බතින් (ඔවුන්) වළඳව’යි අණවන ලද්මු. වහන්ස, වළඳනු මැනවැ” යි.
12. ඉක්බිති මෙත්තිය භූම්මජක මහණහු “ඇවැත්නි, ඊයේ කල්‍යාණභත්තික ගැහැවි තෙමේ අරමට දබ්බමල්ලපුතු ලඟට ගියේ ය. එකැතින් ම දබ්බමල්ලපුතු විසින් අපි ගැහැවිහු කෙරෙහි බිඳුවන ලද්දමෝ” යි. ඔහු ඒ දොම්නසින් ම සිතු සේ නො වැළඳුහ. එ කල්හි මෙත්තියභුම්මජක මහණහු බතින් පසු පිණ්ඩපාතයෙන් වැළකුණාහු අරමට ගොස් පාසිවුරු තැන්පත් කොට තබා - නිහඬ වූවාහු මකු වූවාහු නැමුනු කඳැට ඇත්තාහු යටිහුරු කළ මුව ඇත්තාහු සිතිවිලි සිතමින් කිසිවක් නො වැටහෙන්නාහු බිහි දොරකොටුවෙහි සඟළසිවුරින් අකවටු අවුලුවා ගෙණ හුන්හ.
13. ඉක්බිති මෙත්තියා මෙහෙණ මෙත්තියභුම්මජක මහණුන් වෙත එළඹියා ය. එළඹ මෙත්තියභුම්මජක මහණුන්ට ‘හිමියෙනි, වඳිමි’යි. මෙය කියූ. එසේ කී කල්හි මෙත්තියභුම්මජක මහණහු නො බිණුහ. දෙවන වටදු ... තෙවන වටදු මෙත්තියා මෙහෙණ මෙත්තියභුම්මජක මහණුන්ට ‘හිමියෙනි, වඳිමි’ යි මෙය කියූ. තෙවන වටදු මෙත්තියභුම්මජක මහණහු නො බිණුහු, “ආර්‍ය්‍යයනට මම කිනම් අපරාධයක් කෙළෙමේ ද? ආර්‍ය්‍යයෝ කුමක් හෙයින් මා හා නො බෙණෙත් දැ” යි. “නැඟනියෙනි, ඒ එසේ ම ය. දබ්බමල්ලපුතු විසින් අප වෙහෙසනු ලබනුවන් තී උපෙක‍්ෂා කෙරෙහි” යි. ‘ආර්‍ය්‍යයෙනි, මම කුමක් කෙරෙම් දැ’ යි. නැඟනියෙනි, ඉදින් තී රිසියවු නම් අද ම භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් දබ්බමල්ලපුතු නසාලන සේකැ” යි. ‘ආර්‍ය්‍යයෙනි, මම කුම් කෙරමේ ද? මවිසින් කිමෙක් කට හැක්කේ දැ’ යි.
14. “නැඟනියෙනි, එවු. තෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹෙව. එළඹ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කියව: වහන්ස, මෙය නො නිසි ය. නො සරුප් ය. වහන්ස, යම් මේ දිශාවක් බිය රහිත නම් උවදුරු රහිත නම් පීඩා රහිත නම් ඒ මේ දිශාව බිය සහිත ය, උවදුරු සහිත ය, පීඩා සහිත ය. යම් තැනෙක මද සුළඟෙකුදු නැද්ද එහි මහ සුළං නැගිණ. දිය ඇවිලගත්තාක් මෙනි. ආර්‍ය්‍ය දබ්බමල්ලපුත්‍ර හිමියන් විසින් මම් දූෂිතයමු”යි. ‘එසේ ය, ආර්‍ය්‍යයෙනි’ යි මෙත්තිය මෙහෙණ මෙත්තියභුම්මජක මහණුන්ට පිළිතුරු දී භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියා ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව සිටියා ය. එකත් පස් ව සිටි ඒ මෙත්තිය මෙහෙණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළාය: “වහන්ස, මෙය නො නිසි ය. නො සරුප් ය. වහන්ස, යම් මේ දිශාවක් බිය රහිත ද පීඩා රහිත ද උවදුරු රහිත ද ඒ මේ දිශාව බිය සහිත ය. පීඩා සහිත ය. උවදුරු සහිත ය. යම් තැනෙක සුළඟෙක් නොවී ද එහි සැඩ සුළං නැගිණි. දිය ඇවිල ගත්තාක් මෙනි. ආර්‍ය්‍යදබ්බමල්ලපුත්‍රයන් විසින් දූෂිතයමු”යි.
15. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ ප්‍රස්තාවයෙහි බික්සඟ රැස් කරවා ආයුෂ්මත් දබ්බ මල්ලපුතු පුළුවුත් සේක. “දබ්බ, යම්සේ මේ මෙහෙණ කිවුද තෙපි මෙබන්දක් කළහු සිහි කරවු දැ”යි. “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ යම් සේ මා දන්නා සේක් ද (- එසේ මම් දතයුතු වෙමියි )” දෙවන වටදු භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් දබ්බමල්ල පුතුට මෙය වදාළ සේක: “දබ්බ, මේ මෙහෙණ යම්සේ කිවුද තෙපි මෙබන්දක් කළහු සිහි කරවු දැ” යි. “වහන්ස,භාග්‍යවතුන් වහන්සේ යම්සේ මා දන්නා සේක් ද (-එසේ මම් දතයුතු වෙමියි.)” තෙවන වටදු භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් දබ්බමල්ලපුතුට මෙය වදාළ සේක. “දබ්බ, යම්සේ මේ මෙහෙණ කිවුද, තෙපි මෙබන්දක් කළහු සිහි කරවු දැ”යි? “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ යම් සේ මා දන්නා සේක්ද (-එසේ මම් දතයුතු වෙමියි.)” දබ්බ, දබ්බ (පණ්ඩිත)යෝ මෙසේ පරප්‍රත්‍යයෙන් (අනුන් පිහිටෙන්) නිරවුල් නොකෙරෙත්. ඉදින් තා විසින් කරණ ලද නම් කරණ ලදැ යි කියව, ඉදින් නො කරණලද නම් නො කරණ ලදැ යි කියව යි. “වහන්ස, මම උපන් තැන් පටන් සිහිනෙනුදු මෙවුන්දම් සෙවුනමේ නො ම දනිමි. පිබිදියෙම් කියනු ම කවරේ දැ” යි. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක: “මහණෙනි, එසේ නම් මෙත්තියා මෙහෙණ (ශ්‍රමණලිංග නාසනායෙන්) නසවු. මේ (මෙහෙයු) මහණුන් ද විමසවු”යි. මෙය වදාරා භාග්‍යවතුන් වහන්සේ හුනස්නෙන් නැගී වෙහෙරට වැඩි සේක.
16. ඉක්බිති ඒ භික්‍ෂූහු මෙත්තියා මෙහෙණ නැසූහ. (සිවුරු හැරවූහ). එ කල්හි මෙත්තියභුම්මජක මහණහු ඒ භික්‍ෂුන්ට මෙය කීහු: “ඇවැත්නි, මෙත්තියා මෙහෙණ නහමක් නසවු. ඕ තොමෝ කිසි අපරාධයක් නො කෙරෙයි. කිපියා වූ නො සතුටු සිත් ඇති නෙරණ අදහස් ඇති අප විසින් ඕ උත්සාහවත් කරණ ලදු” යි. ඇවැත්නි, කිමෙක් ද? තෙපි ආයුෂ්මත් දබ්බමල්ලපුතුට අමූලික සීලවිපත්තියෙන් චෝදනා කරවු දැ යි? ‘ඇවැත්නි, එසේ’ යි. යම් ඒ මහණහු අපිස් වූවාහු ... ඔහු අවමන් කෙරෙත්, නුගුණ කියත්, දොස් පහළ කෙරෙත්: කෙසේ නම් මෙත්තියභුම්මජක මහණහු ආයුෂ්මත් දබ්බමල්ලපුතුට අමූලික සීලවිපත්තියෙන් චෝදනා කෙරෙත් දැ යි.
17. ඉක්බිති. ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ කරුණ සැළ කළහ. මහණෙනි, සැබෑ ද, මෙත්තියභුම්මජක මහණහු දබ්බමල්ලපුතුට අමූලික සීලවිපත්තියෙන් චෝදනා කෙරෙද් දැ යි? ‘භාග්‍යවතුන් වහන්ස, සැබැවි’. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ ගැරහූ සේක. ගරහා ... භික්‍ෂූන්ට එයට සුදුසු වූ එයට අනුලොම් වූ දැහැමි කථා කොට භික්‍ෂූන් ඇමතූ සේක:
18. මහණෙනි, එසේ නම් සඞ්ඝ තෙමේ සිහියෙන් විපුලබවට පැමිණි දබ්බ මල්ලපුතුට සති විනය දේවා මහණෙනි, මෙසේ දිය යුතු: මහණෙනි, ඒ දබ්බමල්ලපුතු විසින් සඞ්ඝයා වෙත එළඹ උතුරුසඟ එකස් කොට මහලු මහණුන්ගේ පා වැඳ උළුල්ලෙන් හිඳ ඇඳිලි බැඳ මෙසේ කියයුතු වන්නේ ය: “වහන්ස, මේ මෙත්තිය භූම්මජක මහණහු අමූලික සීලවිපත්තියෙන් මට චෝදනා කෙරෙත්. වහන්ස, ඒ මම ස්මෘතිවිපුලත්‍වයට (ස්මෘතිඅවිප්‍රවාසයට) පැමිණියෙම් සඞ්ඝයාගෙන් සතිවිනය යදිමි” යි. දෙවන වටදු යැද්ද යුතු .... තෙවන වටදු යැද්ද යුතු. වහන්ස, මේ මෙත්තිය භුම්මජක මහණහු අමූලික සීලවිපත්තියෙන් මට චෝදනා කෙරෙති. ඒ මම ස්මෘතිවිපුලත්‍වයට පැමිණියෙම්. වහන්ස, තෙවන වටදු සඞ්ඝයාගෙන් සතිවිනය යදිමි” යි.
19. වියත් පබල මහණකු විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ ය:
“වහන්ස, සඞ්ඝ තෙමේ මා වදන අසාවා. මේ මෙත්තියභුම්මජක මහණහු ආයුෂ්මත් දබ්බමල්ලපුතුට අමූලික සීලවිපත්තියෙන් චෝදනා නඟත්. ආයුෂ්මත් දබ්බමල්ලපුත් තෙමේ සිහිවිපුල බවට පැමිණියේ සඞ්ඝයාගෙන් සතිවිනය යදි. ඉදින් සඟනට පැමිණි කල් ඇත්තේ නම් සඞ්ඝ තෙමේ සිහිවිපුල බවට පැමිණ ආයුෂ්මත් දබ්බමල්ලපුතුට සතිවිනය දෙන්නේය. මේ ඤත්තිය යි.
වහන්ස, සඞ්ඝ තෙමේ මා වදන අසාවා. මේ මෙත්තියභුම්මජක මහණහු ආයුෂ්මත් දබ්බමල්ලපුතුට මුල් නැති සිල්විපතින් චෝදනා නඟත්, ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍ර තෙමේ ස්මෘතිවිපුලත්‍වයට පැමිණියේ සඞ්ඝයාගෙන් ස්මෘතිවිනය ඉල්ලයි. සඞ්ඝ තෙමේ ස්මෘතිවිපුලත්‍වයට පැමිණි ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රයාට ස්මෘතිවිනය දෙයි. ස්මෘතිවිපුලත්‍වයට පැමිණ ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රයාට ස්මෘතිවිනය දීම යම් ආයුෂ්මතකුහට රිසියේ නම් හේ නිහඬ වන්නේ ය. යමකුහට රිසි නො වේ නම් හේ බණන්නෙන් ය.
දෙවන වටදු මේ අරුත කියම් ... තෙවන වටදු මේ අරුත කියමි: වහන්ස, සඞ්ඝ තෙමේ මා වදන අසාවා. මේ මෙත්තියභුම්මජක මහණහු මුල් නැති සිල්විපතින් ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රහට චෝදනා නගත්. ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍ර තෙමේ ස්මෘතිවිපුලත්‍වයට පැමිණියේ සඞ්ඝයාගෙන් සතිවිනය යදියි. සඞ්ඝ තෙමේ ස්මෘතිවිපුලත්‍වයට පැමිණි ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රහට සතිවිනය දෙයි. ස්මෘතිවිපුලත්‍වයට පැමිණි ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රහට සතිවිනය දිම යම් ආයුෂ්මතකුහට රිසියේ නම් හේ නිහඬ වන්නේ ය. යමකුහට රිසි නො වේ නම් හේ බණන්නේ ය.
ස්මෘතිවිපුලත්‍වයට පැමිණි ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රහට සඞ්ඝයා විසින් සතිවිනය දෙන ලදි. සඞ්ඝයාට රිසියේ. එහෙයින් නිහඬ ය. මෙසේ මෙය දරමි” යි.
මහණෙනි, මේ දැහැමි සතිවිනය දීම් පසෙකි: මහණ තෙමේ ඇවැත් නැත්තේ පිරිසිදු වූයේ වෙයි. ඔහුට චෝදනාත් කෙරෙයි. (හෙතෙමේත්) යදී. ඔහුට සඞ්ඝ තෙමේ සතිවිනය දෙයි. දැහැමින් සමඟ ව දෙයි මහණෙනි, මේ දැහැමි සතිවිනය දීම් පසයි.{*}
සතිවිනය නිමියේ ය.
3. අමූළ්හවිනය
1. එ සමයෙහි ගග්ග මහණ තෙමේ සිත් පෙරළියෙන් වූ උමතු ඇතියේ වෙයි. සිත් පෙරළීමෙන් උමතු වූ ඔහු විසින් බසින් බිණු කයින් මැඩූ බොහෝ නො සරුප්කම් කරණ ලද්දේ වෙයි. සිත් පෙරළුනු උමතුවූවහු විසින් කරණ ලද නො සරුප් කම් හේතු කොට ගෙණ භික්‍ෂූහු ගග්ග මහණහට “මෙබඳු ඇවැත් අවන් ආයුෂ්මත් ඒ ඇවැත සිහි කෙරේවා” යි ඇවැතින් චෝදනා කෙරෙත්. හෙ තෙමේ මෙසේ කියයි: “ඇවැත් නි, මම සිත් පෙරළීමෙන් උමතු වීමි. සිත් පෙරළීමෙන් උමතු වූ මා විසින් වචනයෙන් කියූ කයින් මැවූ බොහෝ නො සරුප්කම් කරණ ලදි. මම එය නො සමරමි. මුළා වූ මා විසින් මෙය කරණ ලදැ” යි. මෙසේ කියනු ලබන්නාහු ද “මෙබඳු ඇවැත් අවන් ආයුෂ්මත් ඒ ඇවැත සිහි කෙරේවා”යි ඔහුට චෝදනා කෙරෙත් ම ය.
2. යම් මහණහු අපිස් වූවාහු නම් ... ඔහු අවමන් කෙරෙත්, නුගුණ කියත්, දොස් පහළ කෙරෙත්: “සිත් පෙරළීමෙන් උමතු වූවහු විසින් කළ කම් හේතු කොට ගෙණ භික්‍ෂූහු කෙසේ නම් ගග්ග මහණහට ‘මෙබඳු ඇවැත් අවන් ආයුෂ්මත් ඒ ඇවැත සිහි කෙරේවා’යි ඇවැතින් චෝදනා කළාහු ද - හෙ තෙමේ මෙසේ කියයි: ‘ඇවැත්නි, මම සිත් පෙරළීමෙන් උමතු වීමි. සිත් පෙරළීමෙන් උමතු වූ ඒ මා විසින් බසින් බිණූ කයින් මැවූ බොහෝ නො සරුප්කම් කරණ ලදි. මම එය නො සමරමි. මුළාවූ මා විසින් මෙය කරණ ලදැ’ යි. මෙසේ කියනු ලබන්නාහු ද ‘මෙබඳු ඇවැත් අවන් ආයුෂ්මත් ඒ ඇවැත සිහි කෙරේවා’ යි ඔහුට චෝදනා කෙරෙත් ම ය. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැළ කළහ. මහණෙනි, සැබෑ ද ... ‘භාග්‍යවතුන් වහන්ස, සැබවි.’ භාග්‍යවත් බුදුරජානන් වහන්සේ ගැරහූ සේක. ගරහා ... දැහැමි කථා කොට භික්‍ෂූන් ඇමතූ සේක:
3 මහණෙනි, එසේ නම් සඞ්ඝ තෙමේ ගග්ග මහණහට අමූළ්හවිනය දේවා. මහණෙනි, මෙසේ දිය යුතු; මහණෙනි, ගග්ග මහණහු විසින් සඟ වෙත එළඹ උතුරු සඟල එකස් කොට වැඩිමහලු මහණුන්ගේ පා වැඳ උළුල්ලෙන් හිඳ ඇඳිලි බැඳ මෙසේ කිය යුතු වන්නේ ය: වහන්ස, මම සිත් පෙරළීමෙන් උමතු වීමි. සිත් පෙරළීමෙන් උමතු වූ ඒ මා විසින් බසින් කියනලද කයින් මඬනා ලද බොහෝ නො සරුප්කම් කරණ ලදි. සිත් පෙරළුනු උමතු වූවහු විසින් කරණ ලද නො සරුප්කම් හේතු කොට ගෙණ “මෙබඳු ඇවැතකට පැමිණි ආයුෂ්මත් ඒ ඇවැත සිහි කෙරේවා” යි භික්‍ෂූහු මට ඇවතින් චෝදනා කෙරෙත් ඔවුන්ට මම මෙසේ කියමි: -
“ඇවැත්නි, මම් වූ කලි සිත් පෙරැළීමට පත් උමතුවෙකිම් විමි, සිත් පෙරැළීමට පත් උමතුවකු වූ ඒ මා විසින් බසින් කියන ලද, කයින් කරණ ලද බොහෝ අශ්‍රාමණක දෑ (මහණුන් විසින් නො කටයුතු නොසරුප්කම්) කරණ ලදී. මම් එය නො සමරමි. සිහි මුළා වූ මා විසින් එය කරණ ලදී යනුවෙනි.” මෙසේත් (මා විසින්) කියනු ලබන ඒ මහණහු මට “ආයුෂ්මත් තෙමේ මෙ බඳු ඇවතකට පැමිණියා සිහි කෙරේවා” යි චෝදනා කෙරෙත් ම ය. වහන්ස ඒ මම් (දැන්) පහ වූ සිහි මුළාව ඇත්තමේ (සිහිමුළායෙන් මිදුනෙම්) සංඝයා වෙතින් අමූළ්හ විනය ඉල්ලමි” යි යාච්ඤා කළ යුතු. දෙවෙනි වර ද ... යාච්ඤා කළ යුතු. තෙවෙනි වර ද. “වහන්ස, මම් සිත් පෙරැළීමට පත් උමතුවෙකිම් වීමි. සිත්පෙරැළීමට පත් උමතුවකු වූ ඒ මා විසින් බසින් කියන ලද කයින් කරණ ලද බොහෝ අශ්‍රාමණක දෑ (මහණුන් විසින් නොකටයුතු නො සරුප්කම්) කරණ ලදි. සිත් පෙරැළීමට පත් උමතුවකු වූ මා විසින් කරණ ලද දෑ කරණ කොට ගෙන, “ආයුෂ්මත්තෙමේ මෙ බඳු ඇවැතකට පැමිණියා සිහි කෙරේවා” යි මට ඇවැතින් චෝදනා කෙරෙත්. මම් ඔවුනට මෙසේ කියමි: “ඇවැත්නි, මම් වූ කලි සිත් පෙරැළීමට පත් උමතුවෙකිම් වීමි. සිත්පෙරැළීමට පත් උමතුවකු වූ ඒ මා විසින් බසින් කියන ලද කයින් කරණ ලද බොහෝ අශ්‍රාමණක දෑ (මහණුන් විසින් නොකටයුතු නොසරුප්කම්) කරණ ලදී. මම් එය නො සමරමි. සිහි මුළා වූ මා විසින් එය කරණ ලදී” යනුවෙනි. මෙසේත් (මා විසින්) කියනු ලබන ඒ මහණහුමට “ආයුෂ්මත් තෙමේ මෙ බඳු ඇවැතකට පැමිණියා සිහි කෙරේවා”යි චෝදනා කෙරෙත් ම ය. වහන්ස, ඒ මම් (දැන්) පහ වූ සිහි මුළාව ඇත්තෙම් (සිහි මුළායෙන් මිදුණෙම්) තුන්වැනි වරද සංඝයා වෙතින් අමූළ්හ විනයය ඉල්ලමි” යි යාච්ඤා කළ යුතු.
4. ව්‍යක්ත වූ ප්‍රබල වූ මහණක්හු විසින් සංඝ තෙමේ මෙසේ දැන්වීය යුතු:
“වහන්ස, සංඝ තෙමේ මගේ වචනය අසාවා: මේ ගර්‍ග මහණ තෙම උමතු වූයේ සිත් පෙරැළීමට පැමිණියේ විය. උමතු වූ සිත් පෙරැළියට පත් වචනයෙන් කියන ලද්දාවූද කයින් කරණ ලද්දාවූ ද බොහෝ අශ්‍රාමණක දෑ (මහණුනට නො සරුප් වූ බොහෝ දෑ) කරණ ලද්දේ ය. මහණහු උමතු වූ සිත් පෙරැළියට පැමිණ කරණ ලද දෑ කරණ කොට ගෙන ගර්‍ග මහණහට “ආයුෂ්මත් තෙමේ මෙබඳු ඇවැතකට පැමිණියා සිහි කෙරේවා” යි ඇවැතින් චෝදනා කෙරෙත්. හෙ තෙම ඇවැත්නි, මම් වූ කලි උමතු වූයමේ සිත් පෙරැළියට පැමිණියෙම් වීමි. උමතු වූ සිත් පෙරැළියට පැමිණි ඒ මා විසින් වචනයෙන් ද කයින් ද බොහෝ අශ්‍රාමණක නොසරුප් කම් කරණ ලදි. මම් ඒ දෑ නො සමරමි. ඒ දෑ සිහි මුළා වූ මා විසින් කරණ ලද්දේ යැ” යි මෙසේ කියයි. ඔහු මෙසේ කියනු ලබන්නාහු ද ඒ මහණහට ‘ආයුෂ්මත් තෙමේ මෙබඳු ඇවැතකට පැමිණියා සිහි කෙරේ වා’යි චෝදනා කෙරෙත් ම ය. සිහි මුළායෙන් මිදුණු හෙතෙම සංඝයා වෙතින් අමූළ්හ විනය යදී. ඉදින් සංඝයාට පැමිණි කල් ඇත්තේ වී නම්, සංඝතෙමේ සිහිමුළා බැවින් මිදුණු ගර්‍ග මහණහට අමූළ්හ විනය දෙන්නේ ය. මේ ඥප්ති යි (දැනුම් දීම යි).
වහන්ස, සංඝ තෙමේ මගේ වචනය අසාවා: මේ ගර්‍ග මහණ තෙම සිත් පෙරැළියට පැමිණි උමතුවෙක් විය. සිත් පෙරැළියට පත් උමතු වූ ඔහු විසින් වාචසික වූ ද කායික වූ ද බොහෝ අශ්‍රාමණක දෑ (මහණුනට නො සරුප් දෑ) කරණ ලදී. මහණහු සිත් පෙරැළියට පැමිණි උමතු වූ මොහු විසින් කරණ ලද දෑ කරණ කොට ගෙන ‘ආයුෂ්මත් තෙමේ මෙබඳු ඇවැතකට පැමිණියා සිහි කෙරේවා’යි ගර්‍ග මහණහට ඇවැතින් චෝදනා කෙරෙත් ම ය. (එවිට) හෙ තෙමේ මෙසේ කියයි:
‘ඇවැත්නි, සිත් පෙරැළියට පැමිණි උමතුවෙක් වීමි...’ යනුවෙනි. හේ සිහි මුළාවෙන් මිදුනේ සංඝයා වෙතින් අමූළ්හවිනයය ඉල්ලයි, සංඝ තෙමේ සිහිමුළාවෙන් මිදුණු ගගර්‍ මහණහට අමූළ්හවිනයය දෙයි. ගගර්‍ මහණහට අමූළ්හ විනයය දීම යම් ආයුෂ්මතක්හට රිසියෙයි නම් හේ නිහඬ වේවා. යම් ආයුෂ්මතක් හට නො රිසියෙයි නම් හේ කියාවා.
දෙවනු ව ද මෙ කරුණ කියමි ... තෙවනු ව ද මෙ කරුණ කියමි ... සංඝයා විසින් සිහිමුළාවෙන් මිදුණු ගර්‍ග මහණහට අමූළ්හ විනයය දෙන ලද්දේ ය. එය සඞ්ඝයාට රිසියෙයි. එ හෙයින් නිහඬ වෙයි. මෙසේ මෙ කරුණ නුවණින් සලකමි”.
5. මහණෙනි, මේ නො දැහැමි වූ අමූළ්හවිනයය දීම් තුනෙකි. දැහැමි වූ අමූළ්හවිනයය දීම් තුනෙකි.
නොදැහැමි වූ අමූළ්හවිනය දාන තුන කවර? යත්: මහණෙනි, මෙහි මහණ තෙම ඇවැතකට පැමිණියේ වෙයි. ඔහුට සංඝ තෙමේ හෝ බොහෝ භික්‍ෂුහු හෝ එක් පුඟුලෙක් හෝ “ආයුෂ්මත් තෙමේ ‘මෙබඳු ඇවැතකට පැමිණියෙමි’යි සිහි කෙරේ වා” යි චෝදනා කෙරෙයි. හේ සිහි කරන්නේ ම “ඇවැත්නි මෙබඳු ඇවැතකට පැමිණියෙම් වෙමියි නො ම සිහි කරමි” යි මෙසේ කියයි. සඞ්ඝයා ඔහුට අමූළ්හවිනය දෙයි. මේ නො දැහැමි වූ අමූළ්හවිනය දීමෙකි.
මහණෙනි, මෙහි මහණෙක් ඇවැතකට පැමිණියේ වෙයි. ඔහුට සංඝ තෙමේ හෝ බොහෝ මහණහු හෝ එක් පුඟුලෙක් හෝ ‘මෙබඳු ඇවැතකට පැමිණියෙමි යි ආයුෂ්මත් තෙමේ සිහි කෙරේවා’ යි ඔහුට චෝදනා කෙරෙයි. හේ සිහි කරන්නේ ම ‘ඇවැත්නි, සිහිනයෙකින් මෙන් සිහි කරමි’යි මෙසේ කියයි. ඔහුට සංඝයා අමූළ්හ විනය දෙයි. මේ නොදැහැමි වූ අමූළ්හවිනයය දීමෙකි.
මහණෙනි, මෙහි මහණෙක් ඇවැතකට පැමිණියේ වෙයි. සංඝ තෙමේ හෝ බොහෝ මහණහු හෝ එක් පුද්ගලයෙක් හෝ ‘මෙබඳු ඇවැතකට පැමිණියෙම් වෙමි’යි ආයුෂ්මත් තෙමේ සිහි කෙරේවා’ යි ඔහුට චෝදනා කෙරෙයි, හේ උමතු නොවන්නේ ම ‘මමත් මෙසේ කෙරෙමි, තෙපිත් මෙසේ කරහු, මටත් මෙය කැප ය, තොපටත් මෙය කැප වේ’ යැ යි උමතුවක්හු සේ කථා කෙරෙයි. සංඝයා ඔහුට අමූළ්හවිනයය දෙයි. මේ නොදැහැමි වූ අමූළ්හවිනය දානයෙකි. මෙසේ අමූළ්හවිනයයා ගේ මේ නොදැහැමි වූ දීම් තුනෙකි.
6. දැහැමි වූ අමූළ්හ විනයයා ගේ දීම් තුන කවර යත්: මහණෙනි, මෙහි මහණෙක් සිත් පෙරැළියට ගිය උමතුවෙක් වෙයි. සිත් පෙරැළියට ගිය උමතු වූ ඔහු විසින් වාචසික වූ ද කායික වූ ද බොහෝ අශ්‍රාමණක දෑ කරන ලද්දේ වෙයි. සංඝයා හෝ බොහෝ භික්‍ෂූහු හෝ එක් පුඟුලෙක් හෝ ‘තමා මෙබඳු ඇවැතකට පැමිණෙන්නා ආයුෂ්මත් තෙමේ සිහි කෙරේවා’ යි ඔහුට චෝදනා කෙරෙයි. හේ සිහි නොකරන්නේ ම ‘ඇවැත්නි, මෙබඳු ඇවැතකට පැමිණියෙමි’යි මම් නො ම සිහි කෙරෙමි’යි මෙසේ කියයි. සංඝ තෙමේ ඔහුට අමූළ්හවිනයය දෙයි. අමූළ්හවිනයයා ගේ ඒ දීම දැහැමි ය.
මහණෙනි, මෙහි මහණෙක් වනාහි සිත් පෙරැළියට ගිය උමතුවෙක් වෙයි. සිත් පෙරැළියට පැමිණි උමතු වූ ඔහු විසින් වාචසික වූ ද කායික වූ ද බොහෝ අශ්‍රාමණක දෑ කරන ලද්දේ වෙයි. සංඝයා හෝ බොහෝ මහණහු හෝ එක් පුඟුලෙක් හෝ තමා මෙබඳු ඇවැතකට පැමිණියා ආයුෂ්මත් තෙමේ සිහි කෙරේවා’ යි ඔහුට චෝදනා කෙරෙයි. හේ සිහි නො කරනුයේ ම ‘ඇවැත්නි, මම් සිහිනෙන් මෙන් සිහි කෙරෙමි’ යි මෙසේ කියයි. සංඝයා ඔහුට අමූළ්හවිනය දෙයි. ඒ අමූළ්හවිනයයා ගේ දානය දැහැමි යි.
මහණෙනි, මෙහි මහණෙක් වනාහි සිහි පෙරැළියට ගිය උමතුවෙක් වෙයි. සිහිපෙරළියට ගිය උමතු වූ ඔහු විසින් වාචසික වූ ද කායික වූ ද බොහෝ අශ්‍රාමණක දැ කරන ලද්දේ වෙයි සංඝයා හෝ බොහෝ මහණහු හෝ එක් පුඟුලෙක් (එක් මහණෙක්) හෝ ඔහුට ‘මෙබඳු ඇවැතකට තමා පැමිණියා ආයුෂ්මත් තෙමේ සිහි කෙරේවා’ යි චෝදනා කෙරෙයි. හේ උමතු වූයේ ‘මමත් මෙසේ කරමි, තෙපිත් මෙසේ කරවු, මටත් මෙය කැප ය, තොපටත් මෙය කැප යැ’යි උමතු අයුරක් කරයි. සංඝතෙමේ. ඔහුට අමූළ්හවිනයය දෙයි. අමූළ්හවිනයයාගේ ඒ දීම දැහැමි යි.
මේ දැහැමි වූ අමූළ්හවිනය දීම් තුන ය.”
4. ප්‍රතිඥාතකරණය
7. එ සමයෙහි වනාහි ෂඩ්වර්ගික භික්‍ෂුහු අප්‍රතිඥායෙන් (වරද කළම්හ යි චුදිතයන්ගේ ප්‍රතිඥාවක් නැති ව) මහණුනට තජ්ජනීය කර්‍මය ද නියස්සකර්‍මය ද පබ්බාජනියකර්‍මය ද පටිසාරණීයකර්‍මය ද උක්ඛේපනීය කර්‍මය ද කරත්. යම් මහණ කෙනෙක් අල්පේච්ඡ ද ... ඔහු කෙසේ නම් සවැගි මහණහු ප්‍රතිඥා රහිත ව මහණුනට තජ්ජනීයකර්‍මයත් නියස්ස කර්‍මයත් පබ්බාජනියකර්‍මයත් පටිසාරණීයකර්‍මයත් උක්ඛේපනීය කර්‍මයත් කෙරෙත් දැ’යි අවමන් කෙරෙත් දොස් කියත්, නුගුණ පතුරුවත්, ඉක්බිති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළහ ... මහණෙනි, ඒ සැබෑ ද? ... අසා වදාළ සේක.
‘සැබැව, භාග්‍යවතුන්වහන්සැ’ යි මහණහු පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ ... ගරහා දැහැමි කතා කොට, “මහණෙනි, ප්‍රතිඥා නැති වැ මහණුනට තජ්ජනීයකර්‍මය හෝ නියස්සකර්‍මය හෝ පබ්බාජනිය කර්‍මය හෝ පටිසාරණීයකර්‍මය හෝ උක්ඛේපනීයකර්‍මය හෝ නො කළ යුතු. යමෙක් එය කරන්නේ නම්, ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය.
8. මහණෙනි, පටිඤ්ඤාතකරණය මෙසේ (මතු දැක්වෙන පරිදි) නො දැහැමි වේ, මෙසේ දැහැමි වේ. මහණෙනි, පටිඤ්ඤාතකරණය කෙසේ නො දැහැමි වේ ද යත්: මහණෙක් පරිජි ඇවැතට පැමිණියේ වෙයි. ඔහුට සංඝයා හෝ බොහෝ මහණහු හෝ එක් මහණෙක් හෝ ‘ආයුෂ්මත් තෙමේ පරිජි ඇවැතට පැමිණියේ වේ’ යැ යි චෝදනා කෙරෙයි. එවිට හෙතෙම ‘ඇවැත්නි, මම් පරිජි ඇවැතට නොපැමිණියෙමි. සඟවෙසෙස් ඇවැතට පැමිණියෙමි’ යි මෙසේ කියයි. සංඝ තෙමේ ඔහුට සඟවෙසෙස් ඇවැතින් විනයකර්‍මය කරවයි. මේ නො දැහැමි ප්‍රතිඥාතකරණ යි.
මහණෙක් පරිජි ඇවැතකට පැමිණියේ වෙයි. ඔහුට සංඝයා හෝ බොහෝ මහණහු හෝ එක් මහණෙක් හෝ ‘ආයුෂ්මත් තෙමේ පරිජි ඇවැතට පැමිණියේ වේ’ යැ යි චෝදනා කෙරෙයි. හෙතෙම ‘ඇවැත්නි, මම් පරිජි ඇවැතට නො පැමිණියෙමි. මම් තුලැසි ඇවැතට පැමිණියෙමි. පචිති ඇවැතට ... පාටිදේසනීය ඇවැතට ... දුකුළා ඇවැතට ... දුබැසි ඇවැතට පැමිණියෙමි යි මෙසේ කියයි. සංඝ තෙමේ ඔහුට දුබැසි ඇවැතින් විනයකර්‍ම කරවයි. මේ ද නොදැහැමි ප්‍රතිඥාතකරණ යි.
මහණෙක් දුබැසි ඇවැතකට පැමිණියේ වෙයි. ඔහුට සංඝයා හෝ බොහෝ මහණහු හෝ එක් පුඟුලෙක් හෝ ‘ආයුෂ්මත් තෙමේ දුබැසි ඇවැතට පැමිණියේ වේ යැ’ යි චෝදනා කෙරෙයි. ඒ මහණ තෙම ‘ඇවැත්නි මම් දුබැසි ඇවැතට නො පැමිණියෙමි. සඟවෙසෙස් ඇවැතට පැමිණියෙමි’ යි ... ‘තුලැසි ඇවැතට පැමිණියෙමි’ යි ... ‘පචිති ඇවැතට ... පාටිදේසනීය ඇවැතට ... දුකුළා ඇවැතට පැමිණියෙමි’ යි මෙසේ හේ කියයි. සංඝ තෙමේ ඔහුට දුකුළා ඇවැතින් විනයකර්‍මය කරවයි. මේ ප්‍රතිඥාතකරණය නො දැහැමි වේ. මහණෙනි, මෙසේ ම ප්‍රතිඥාතකරණය නොදැහැමි වේ.
9. මහණෙනි, ප්‍රතිඥාතකරණය කෙසේ නම් දැහැමි වේ ද? යත්: මහණෙක් පරිජි ඇවැතට පැමිණියේ වෙයි. ඔහුට සංඝයා හෝ බොහෝ මහණහු හෝ එක් පුඟුලෙක් හෝ ‘ආයුෂ්මත් තෙමේ පරිජි ඇවැතට පැමිණියේ වේ යැ’ යි චෝදනා කෙරෙයි. හෙ තෙම ‘එසේ ය, ඇවැත්නි, පරිජි ඇවැතට පැමිණියෙමි යි මෙසේ කියයි. සංඝ තෙමේ ඔහුට පරිජි ඇවැතින් විනයකර්‍මය කරවයි. මේ ප්‍රතිඤ්ඤාතකරණය දැහැමි වේ.
මහණෙක් සඟවෙසෙස් ඇවැතට ... ථුලැසි ඇවැතට ... පචිති ඇවැතට ... පාටිදේසනීය ඇවැතට ... දුකුළා ඇවැතට ... දුබැසි ඇවැතට පැමිණියේ වෙයි. ඔහුට සංඝ තෙමේ හෝ බොහෝ මහණහු හෝ එක් පුඟුලෙක් හෝ ‘ආයුෂ්මත් තෙමේ දුබැසි ඇවැතට පැමිණියේ යැ’ යි චෝදනා කෙරෙයි. හේ ‘එසේ යැ ඇවැත්නි දුබැසි ඇවැතට පැමිණියෙමි’ යි මෙසේ කියයි. ඔහුට සංඝ තෙමේ දුබැසි ඇවැතින් විනයකර්‍මය කරවයි. මේ ප්‍රතිඥාතකරණය දැහැමි වේ.
මහණෙනි, මෙසේ ම ප්‍රතිඥාතකරණය දැහැමි වේ.
5. යේභුය්‍යසිකාව
10. එ සමයෙහි වනාහි භික්‍ෂුහු සංඝයා මැදදී උපන් කලහ ඇත්තාහු, හටගත් ඩබර ඇත්තාහු, විවාදාපන්න වූවාහු ඔවු නොවුන් මුඛ නැමැති අඩයැටිවලින් විදුනෝ වැ වෙසෙත්. ඒ අධිකරණය සන්හිඳුවන්නට (භික්‍ෂූහු) සමත් නො වෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ කරුණ සැලකළහ. “මහණෙනි, මෙබඳු අධිකරණය යේභුය්‍යසිකායේන් (ධර්‍මවාදීන් වැඩිතරම් දෙනකුගේ මඟින් කරන ශමථයෙන්) සන්හිඳුවන්නට අනුදනිමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
(තව ද එය කරන සැටි මෙසේ ද වදාළ සේක.)
11. “මහණෙනි, යම් මහණෙක් ඡන්‍දයෙන් අගතියට නො යන්නේ ද, ද්වේෂයෙන් අගතියට නො යන්නේ ද, මෝහයෙන් අගතියට නො යන්නේද, බියෙන් අගතියට නො යන්නේ ද, ගත් නොගත් සලාකා දන්නේ ද මෙ කී අංග පසින් යුත් මහණ තෙම සලාකා ගන්වන්නෙක් කොට සම්මත කටයුතු. මහණෙනි, මෙසේ වනාහි සම්මත කටයුතු. පළමු කොට මහණෙක් යැදියැ යුතු: යැද, ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් සංඝ තෙමේ මෙසේ දැන්වියැ යුතු:
‘වහන්ස, සංඝ තෙමේ මගේ වචනය අසාවා. ඉදින් සංඝයාට පැමිණි කල් ඇත්තේ වී නම් (මෙයට සුදුසු කාලය යැ යි හැඟේ නම්) සංඝ තෙමේ මෙ නම් මහණහු සලාකගන්වන්නකු කොට සම්මත කරන්නේ ය. මේ ඥප්තිය (දැනුම් දීම) යි.
වහන්ස, සංඝ තෙමේ මගේ වචනය අසාවා. සංඝ තෙමේ මෙ නම් මහණහු සලාකා ගන්වන්නකු කොට සම්මත කෙරෙයි. මෙ මහණහු සලාකා ගන්වන්නකු කොට සම්මත කිරීම යම් ආයුෂ්මතක්හට රිසියේ නම්, හේ නිහඬ වේවා. යම් ආයුෂ්මතක්හට නො රිසියෙන්නේ නම්, හේ කියා වා. සඞ්ඝයා විසින් මෙ නම් මහණ තෙම සලාකා ගන්වන්වන්නෙක් කොට සම්මත විය. සඞ්ඝයාට එය රිසියෙයි. එ හෙයින් නිහඬ ය. මෙසේ මෙය දරමි (සලකමි”) යනුවෙනි.
12. “මහණෙනි, මේ නො දැහැමි සලාකා ගැන්වීම් දසයෙක, දැහැමි සලාකා ගැන්වීම් දසයෙක.
නොදැහැමි සලාකා ගැන්වීම් දසය කවර යැ: අධිකරණය අල්පමාත්‍ර එකෙක් වෙයි, ආවාස දෙක තුනකට නො ගියේ වෙයි (නොහොත් දෙතුන් වරක් විනිශ්චය නො කරන ලද්දේ වෙයි). දෙතුන් වරක් ඒ මහණුන් විසින් සිහි නො කරන ලද්දේ ද අනුන් ලවා සිහි නොකරවන ලද්දේ ද වෙයි. අධර්‍මවාදීහු වැඩිතරම් යැ යි දනී. අධර්‍මවාදීහු වැඩිතරම් වන්නාහු නම් ඉතා යෙහෙකැ යි සිතා සලාකා ගන්වයි. සඞ්ඝයා බිඳෙතැ යි දනී. සංඝයා බිඳෙතොත් ඉතා යෙහෙකැ යි සිතා සලාකා ගන්වයි. නො දැහැමින් (අධර්‍මවාදී අපි වඩා බලවත් වන්නමු. යි සිතා සලාකා දෙක දෙක බැගින්) ගනිත්. ව්‍යග්‍ර වැ (ධර්‍මවාදී) සලාකා අඩු වනු පිණිස ධර්‍මවාදී දෙදෙනෙක් එක් සලාකාව බැගින් ගනිත්. තමන් ගේ දෘෂ්ටිය වූ පරිදි සලාකා නො ගනිත්. මේ නොදැහැමි සලාකා ගැනුම් දසය යැ.
දැහැමි සලාකා ගැනුම් දසය කවර යැ: අධිකරණය අල්පමාත්‍ර නො වෙයි, ආවාසයනට ගියේ වෙයි (නොහොත් දෙතුන් වරක් විනිශ්චය කරන ලද්දේ වෙයි, ඒ මහණුන් විසින් දෙතුන් වරක් සිහි කරන ලද්දේ ද අනුන් ලවා සිහි කරවන ලද්දේ ද වෙයි. ධර්‍මවාදීන් ඉතා වැඩිතරම් ගණනෙක් වෙති යි දනී, සංඝයා නො බිඳෙන්නේ යැ යි, සංඝයා නො බිඳෙන්නේ නම් ඉතා යෙහහෙකැ යි දනී. දැහැමින් සලාකා ගනිත්, (දෙදෙනෙක් එක සලාකාවක් නො ගෙන) සමග වැ සලාකා ගනිත්, (පක්‍ෂය තර කැරැ ගැන්ම පිණිස නො වැ) තමන් ගේ දෘෂ්ටිය පරිදි සලාකා ගනිත්. මේ දැහැමි සලාකා ගැනුම් දසය යැ’ යි ද වදාළ සේක.
6. තස්සපාපිය්‍යසිකාව
13. එ සමයෙහි වනාහි උවාළ නම් මහණ තෙම සඟ මැදදී ඇවැතින් පිරික්සනු ලබනුයේ, අවඥා කොට ප්‍රතිඥා කෙරෙයි. ප්‍රතිඥා කොට අවඥා කෙරෙයි. එකෙකින් අනෙකෙක් වසාලයි, දැන බොරු කියයි. යම් මහණ කෙනෙක් අල්පේච්ඡ ද, ඔහු ... උවාළ මහණ තෙම කෙසේ නම් සඟ මැදදී ඇවැතින් පිරික්සනු ලබනුයේ කෙසේ නම් අවඥා කොට ප්‍රතිඥා කරන්නේ ද, ප්‍රතිඥා කොට අවඥා කරන්නේ ද, එකෙකින් අනෙකක් වසාලන්නේ ද, දැන දැන බොරු කියන්නේ දැ” යි පහත් කොට සිතත්, දොස් කියත්, අගුණ පතුරුවත්.
14. ඉක්බිති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහු ය. ‘මහණෙනි, ... සැබෑ දැ?’ යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක. ‘සැබැව වහන්සැ’ යි මහණහු පිළිවදන් දුන්හ. ... භාග්‍යවතුන් වහන්සේ ... ගරහා දැහැමි කථා කොට මහණුන් බණවා, ‘මහණෙනි, එසේ වී නම් සඞ්ඝ තෙමේ උවාළ මහණහට තස්සපාපිය්‍යසිකා කර්‍මය (පාපෝත්සන්න පුද්ගලයාට කළ යුතු විනයකර්‍මය) කෙරේ වා. මහණෙනි, මෙසේ එය කළ යුතු: පළමු කොට, උවාළ තෙම චෝදයිතව්‍ය ය. චෝදනා කොට ඇවැත සිහි කැරැවිය යුතු, සිහි කරවා ඇවැත නැංවිය යුතු. ඇවැත නංවා ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් සඞ්ඝ තෙමේ මෙසේ දැන්විය යුතු:
“සඞ්ඝ තෙමේ මගේ වචනය අසාවා. මේ උවාළ මහණ තෙම සඟ මැදදී ඇවැතින් පිරික්සනු ලබන්නේ, අවමන් කොට පිළින කෙරෙයි, පිළින කොට අවමන් කෙරෙයි. එකෙකින් අනෙකෙක් වසාලයි, දැන දැන බොරු කියයි. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ (සුදුසු කල් ඇත්තේ) වී නම්, සංඝ තෙමේ උවාළ මහණ හට තස්සපාපිය්‍යසිකාකර්‍මය කරන්නේ ය. මේ ඥප්තිය යැ.
වහන්ස, සංඝ තෙමේ මගේ වචනය අසාවා. මේ උවාළ මහණ තෙම ... දැන දැන බොරු කියයි. සංඝ තෙමේ උවාළ මහණහට තස්සපාපිය්‍යසිකාකර්‍මය කෙරෙයි. උවාළ මහණහට තස්සපාපිය්‍යසිකාකර්‍මය කිරීම යම් මහණකුහට රිසියෙයි ද හේ නිහඬ වේවා. යම් මහණකුට නොරිසියෙයි ද හේ කියාවා. දෙවැනි වර ද මෙ කරුණ කියමි. ... තෙවෙනි වර ද මෙ කරුණ කියමි......
සංඝයා, විසින් උවාළ මහණහට තස්සපාපිය්‍යසිකාකර්‍මය කරණ ලදී. එය සංඝයාට රිසියෙයි, එහෙයින් නිහඬ ය. මෙසේ මේ කරුණ දරමි (සලකමි)” යනුවෙනි.
මහණෙනි, දැහැමි වූ මේ තස්සපාපිය්‍යසිකාකර්‍ම කිරීම් පසෙකි. මහණ තෙම අපිරිසිදු වූ කාය වාක් කර්‍ම ඇත්තේ වේ ද, අලජ්ජි වේ ද (දැන දැන ඇවැත් අවදනා සුලුවේ ද), උපවාද සහිත වේ ද, ඔහුට සංඝ තෙමේ තස්සපාපිය්‍යසිකාකර්‍මය කෙරෙයි ද, එ ද සමග වූ සංඝ තෙමේ ධර්‍මය වූ පරිදි කෙරෙයි ද - මහණෙනි, මේ දැහැමි වූ තස්සපාපිය්‍යසිකා කර්‍මය කිරීම් පස ය.
අධර්‍ම කර්‍ම දොළොස
15. මහණෙනි, අඞ්ග තුනෙකින් සමන්‍විත වූ තස්සපාපිය්‍යසිකාකර්‍මය අධර්‍මකර්‍මයෙක් ද අවිනය කර්‍මයෙක් ද නොමනාසේ සන්සිඳුනෙක් ද වෙයි. (කවර අංග තුනෙකින් ද? යත්:) නො හමුයෙහි කරණ ලද්දේ වේ ද, නොපිළිවිස කරණ ලද්දේ වේ ද, පිළිණ නොගෙන කරණ ලද්දේ වේ ද, මේ අඞ්ග තුනින් සමන්‍විත තස්සපාපිය්‍යසිකාකර්‍මය අධර්‍මකර්‍ම ද අවිනය කර්‍ම ද නොමනා ලෙස සන්හිඳුනෙක් ද වෙයි. ...
ඇවැත නො නඟා කරණ ලද්දේ වේ ද, නො දැහැමෙන් කරණ ලද්දේ වේ ද, ව්‍යග්‍ර වූ සංඝයා විසින් කරණ ලද්දේ වේ ද මේ අංග තුනින් සමන්‍විත වූ තස්සපාපිය්‍යසිකා කර්‍මය අධර්‍ම කර්‍ම ද අවිනයකර්‍ම ද නොමනා ලෙස සන්හිඳුනෙක් ද වෙයි.
ධර්‍ම කර්‍ම දොළොස
16. මහණෙනි, අඞ්ග තුනෙකින් සමන්‍විත වූ තස්සපාපිය්‍යසිකා කර්‍මය ධර්‍මකර්‍ම ද විනයකර්‍ම ද මොනොවට සංහිඳුනෙක් ද වෙයි. (කවර අඞ්ග තුනෙකින් සමන්‍විත කර්‍මයෙක් ද යත්:) හමුයෙහි කරණ ලද්දේ වේ ද, පිළිවිස කරණ ලද්දේ වේ ද, ප්‍රතිඥායෙන් (ප්‍රතිඥා ගෙන) කරණ ලද්දේ වේ ද - මේ අඞ්ග තුනෙන් සමන්‍විත කර්‍මය යි. ... ඇවැත නංවා කරණ ලද්දේ වේ ද, ධර්‍මයෙන් කරණ ලද්දේ වේ ද, සමග්‍ර සඞ්ඝයා විසින් කරණ ලද්දේ වේ ද - මහණෙනි, මේ අංග තුනින් සමන්‍විත තස්සපාපිය්‍යසිකා කර්‍මය ධර්‍මකර්‍මයක් ද විනය කර්‍මයෙක් ද මොනොවට සංසිඳුනු කර්‍මයෙක් ද වෙයි. [තජ්ජනීය කර්‍මයෙහි ශුක්ල පක්‍ෂය යම්සේ ද එසේ විස්තර කළ යුතු.]
ආකාංක්‍ෂමාණ ෂට්කය
17. මහණෙනි, අඞ්ග තුනෙකින් සමන්‍විත වූ මහණහට සංඝ තෙමේ කැමැති වන්නේ නම් තස්සපාපිය්‍යසිකා කර්‍මය කරන්නේ ය: ඩබර කරන්නේ ‘කලහ කරන්නේ විවාද කරන්නේ වාක්කලහ කරන්නේ වේ ද, සංඝයා විෂයයෙහි අධිකරණ උපදවන්නේ වේ ද, අනුවණ වූයේ නොවියත් වූයේ ඇවැත් බහුල කොට ඇත්තේ සස්නට අනුලොම් නොවූ ගෘහී සංසර්‍ගයෙන් ගිහියන් හා මිශ්‍ර ව වෙසේ ද, මහණෙනි, මෙසේ වූ අඞ්ග තුනෙකින් යුත් මහණහට සංඝ තෙමේ කැමැති වන්නේ නම් තස්සපාපිය්‍යසිකා කර්‍මය කරන්නේ ය.
මහණෙනි, අන් අඞ්ග තුනෙකින් ද සමන්‍විත වූ මහණහට සංඝ තෙමේ කැමැති වන්නේ නම් තස්සපාපිය්‍යසිකාකර්‍මය කරන්නේ ය: අධිශීල විෂයයෙහි (උපසම්පදා ශීලයෙහි) විපන් සිල් ඇත්තේ වේ ද, උත්තම ආචාර විෂයයෙහි (ශ්‍රමණාචාරයෙහි) විපන් ආචාර ඇත්තේ වේද, උත්තම දෘෂ්ටි විෂයයෙහි (සම්‍යග්දෘෂ්ටියෙහි) විපන් දෘෂ්ටි ඇත්තේ වේ ද, මහණෙනි, මෙසේ වූ අඞ්ග තුනෙකින් යුත් මහණහට සංඝ තෙමේ කැමැති වන්නේ නම් තස්සපාපිය්‍යසිකාකර්‍මය කරන්නේ ය. 2
මහණෙනි, අන් අඞ්ග තුනෙකින් ද සමන්‍විත මහණහට සංඝ තෙමේ කැමැත්තේ නම් තස්සපාපිය්‍යසිකාකර්‍මය කරන්නේ ය; බුදුනට දොස් නඟා ද, දහමට දොස් කියා ද සඟනට දොස් කියා ද මහණෙනි, මේ අඞ්ග තුනින් යුත් මහණහට සංඝ තෙමේ කැමැත්තේ නම්, තස්සපාපිය්‍යසිකාකර්‍මය කරන්නේ ය. 3
මහණෙනි, සංඝ තෙමේ කැමැත්තේ තුන් මහණ කෙනකුනට තස්සපාපිය්‍යසිකාකර්‍මය කරන්නේ ය: එක් මහණෙක් ඩබර කරන්නේ වෙයි ද ... එක් මහණෙක් සංඝයා කෙරෙහි අධිකරණ කරන්නේ. වෙයි ද ... එක් මහණෙක් අඥානත් අව්‍යක්තත් වේ ද, ආපත්තී බහුල කොටැත්තේ ආපත්තිපරිචේඡදය ද නො දන්නේ වේ ද ... එක් මහණෙක් පැවිද්දනට අනුලොම් නොවූ ගෘහීසංසර්‍ගයෙන් ගිහියන් හා මිශ්‍ර වැ වෙසේ ද මහණෙනි, සංඝ තෙමේ කැමැත්තේ නම් මේ තුන් මහණුනට තස්සපාපිය්‍යසිකාකර්‍මය කරන්නේ ය.4
මහණෙනි, අන් තුන් මහණ කෙනකුනට සංඝ තෙමේ කැමැති වන්නේ තස්සපාපිය්‍යසිකාකර්‍මය කරන්නේ ය. එක් මහණෙක් අධිශීලයෙහි ශීලවිපන්න වෙයි, එකෙක් අධ්‍යාචාරයෙහි (උතුම් ශ්‍රමණාචාරයෙහි) ආචාරවිපන්න වෙයි, එකෙක් අතිදෘෂ්ටියෙහි (සම්‍යග්දෘෂ්ටියෙහි) දෘෂ්ටිවිපන්න වෙයි. මහණෙනි, මේ තුන් මහණුනට සංඝ තෙමේ කැමැත්තේ නම් තස්සපාපිය්‍යසිකාකර්‍මය කරන්නේ ය. 5
මහණෙනි, අන් තුන් මහණ කෙනකුනට සංඝ තෙමේ කැමැති වන්නේ තස්සපාපිය්‍යසිකාකර්‍මය කරන්නේ ය: එක් මහණෙක් බුදුනට දොස් කියයි, එකෙක් දහමට දොස් කියයි, එකෙක් සංඝයාට දොස් කියයි. මහණෙනි, මේ තුන් මහණුනට සංඝ තෙමේ කැමැත්තේ තස්සපාපිය්‍යසිකාකර්‍මය කරන්නේ ය. 6
ආකාංක්‍ෂමාණ ෂට්කය නිමියේ ය.
අටළොස් වත
18. මහණෙනි, තස්සපාපිය්‍යසිකාකර්‍මය කරණු ලැබූ මහණහු විසින් මැනැවින් පැවැතියැ යුතු. එහි ලා මේ මනා පැවැත්ම යි: ඔහු විසින් තමා උපාධ්‍යාය ව උපසම්පදා නො කළ යුතු යි, (තමා ආචාර්‍ය්‍ය ව) නිස නො දිය යුතු යි, හෙරණකු තමා වෙත නො තබා ගත යුතු යි, භික්ඛුනීඕවාදක සම්මතිය. නො ඉවැසිය යුතු යි, සම්මතිය ලද මහණහු විසින් ද මෙහෙණනට ඔවා නො දිය යුතු යි, ... භික්‍ෂූන් ඔවුනොවුන් හා කලහ පිණිස නො යෙදවිය යුතු යි.{1}
ඉක්බිති සංඝ තෙමේ උවාළ මහණහට තස්සපාපිය්‍යසිකාකර්‍මය කළේ ය.
7. තෘණාවස්තාරකය
19. එ සමයෙහි වනාහි උපන් ඩබර ඇති, උපන් කලහ ඇති, විවාදාපන්න ව වසන මහණුන් විසින් වාචසික වූ ද කායික වූ ද බොහෝ අශ්‍රාමණක කම් කරණ ලද්දේ වෙයි. එ කල වනාහි ඒ මහණුනට මේ සිත විය; “උපන් ඩබර ඇති ව උපන් කලහ ඇති ව විවාදාපන්න ව වසන අප විසින් වාචසික වූ ද කායික වූ ද බොහෝ ආශ්‍රාමණක දෑ කරණ, ලද්දේ වෙයි. ඉදින් අපි මේ ඇවැත්වලින් ඔවුනොවුනට පිළියම් කරවන්නමෝ නම්, ඒ අධිකරණය රළු බව පිණිස, සැඩ බව පිණිස, භේදය පිණිස පවතින්නේ ය. මෙහි අප විසින් කෙසේ පිළිපැදිය යුතු වන්නේ ද?” යනුවෙනි.
20. ඔහු භාග්‍යවතුන් වහන්සේට මේ පවත් සැල කළාහ. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:) “මහණෙනි, මෙහි උපන් ඩබර ඇති ව, උපන් කළහ. ඇති ව විවාදාපන්නව වසනා මහණුන් විසින් වාචසික වූ ද කායික වූ ද බොහෝ අශ්‍රාමණක ක්‍රියා කරණ ලද්දේ වේ ද, ඉදින් එහි මහණුනට උපන් ඩබර ඇති ව උපන් කලහ ඇති ව විවාදාපන්නව වසන අප විසින් වාචසික වූත් කායික වූත් බොහෝ ආශ්‍රාමණක ක්‍රියා කරණ ලද්දේ ය. ඉදින් අපි මේ ඇවැත්වලින් ඔවුනොවුනට චෝදනා කරන්නමෝ නම් ඒ අධිකරණය කර්‍කශ බව පිණිස, චණ්ඩ බව පිණිස, භේදය පිණිස පවත්නේ ය යන්න වීය හැක්කැ’යි මෙසේ සිතෙක් වන්නේ නම්, මහණෙනි, මෙබඳු අධිකරණය තෘණවස්ත්‍රාරකයෙන් (තණකොළින් කසළ වසාලන්නාක් මෙන් කිරීමෙන්) සන්සිඳුවන්නට අනුදනිමි”යි යනු යි.
මහණෙනි, මෙසේ එය සංසිඳුවිය යුතු: “සියලු දෙනා ම එක් තැනෙක රැස් විය යුතු, රැස් වැ ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින් ‘වහන්ස, සඞ්ඝ තෙමේ මගේ වචනය අසා වා. උපන් ඩබර ඇති ... අප විසින් ... බොහෝ ආශ්‍රාමණක ක්‍රියා කරණ ලද්දේ ය. ඉදින් අපි මේ ඇවැත්වලින් ඔවුනොවුනට චෝදනා කරන්නමෝ නම්, ඒ අධිකරණය ඇතැම් විට කර්‍කශ බව පිණිස, චණ්ඩ බව පිණිස, භේදය පිණිස පැවැතිය හැක්ක. ඉදින් සංඝයාට ප්‍රාප්ත කාලය ඇත්තේ වේ නම් සංඝ තෙමේ දළ වරද හැර, ගිහියනට ගැරැහුම් ආදියෙන් යුත් වරද හැර, ඉතිරි මේ සියලු අධිකරණය තෘණවස්ත්‍රාරකයෙන් සංසිඳුවන්නේ යැ’යි මෙසේ සංඝ තෙමේ දැන්විය යුතු.
21. එක් පක්‍ෂයෙක වූ මහණුන් අතුරෙන් ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින් ‘ආයුෂ්මත්හු මගේ වචනය අසත් වා. උපන් ඩබර ඇති ... අප විසින් වාචසික වූ ද කායික වූ ද බොහෝ ආශ්‍රාමණක කියා කරණ ලද්දේ වෙයි. ඉදින් අපි මේ ඇවැත්වලින් ඔවුනොවුනට චෝදනා කරන්න මෝ නම් ඒ අධිකරණය කර්‍කශ බව පිණිස, චණ්ඩ බව පිණිස, භේදය පිණිස, පවතිනු ඇත. ඉදින් ආයුෂ්මතුන්හට පැමිණි කල් ඇත්තේ වී නම්, මම්, ආයුෂ්මතුන් ගේ යම් ඇවැතෙක් වේ ද, තමා ගේ යම් ඇවැතෙක් වේ ද, ඒ හැම ආයුෂ්මතුනට වැඩ පිණිස ද තමාට වැඩ පිණිස ද, දළවරද හැරපියා, ගිහියනට නිගා කිරීම් ආදි විසින් වූ (ගෘහීප්‍රතිසංයුක්ත) වරද ද හැර පියා, සඟ මැදදී තෘණවස්ත්‍රාරකයෙන් දෙසන්නෙමි’ යි ස්වකීය පක්‍ෂය ඥාපයිතව්‍ය ය (සිය පසට දැන්විය යුතු).
එ කල්හි එක් පක්‍ෂයෙක වූ අනිත් මහණුන් අතුරෙන් ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින්,