14. මහණෙනි, මෙහි මහණෙක් පිරිවෙස් පුරන්නේ ඒ අතර බොහෝ සඟවෙසස් ඇවැත් අවදියි. ඇතැම් ඇවැත් සිහි කරයි. ඇතැම් ඇවැත් සිහි නො කරයි. යම් ඇවැත් සිහි කරයි ද, ඒ ඇවැත් සඟවයි. යම් ඇවැත් සිහි නො කරයි ද, ඒ ඇවැත් නො සඟවයි. ඒ මහණ තෙමේ සිවුරු හැර නැවත උපසපන් වූයේ පෙර සිහි කොට සැඟවූ ඇවැත් පසු ව සිහි කොට නො සඟවයි. පෙර සිහි නො කොට නො සැඟවූ ඇවැත් පසු ව සිහි කොට සඟවයි. ඒ මහණ තෙමේ මූලායපටිකස්සනය කළයුතු වේ. ඒ මහණහට පළමු ඇවත සමග පිළිසන් ඇවැත් පමණින් සමෝධාන පරිවාසය ද දිය යුතු.
15. මහණෙනි, මෙහි මහණෙක් පිරිවෙස් පුරන්නේ ඒ අතර බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. ඇතැම් ඇවැත් සිහි කරයි. ඇතැම් ඇවැත් සිහි නො කරයි. යම් ඇවැත් සිහි කරයි ද, ඒ ඇවැත් සඟවයි. යම් ඇවැත් සිහි නො කරයි ද, ඒ ඇවැත් නො සඟවයි. ඒ මහණ තෙමේ සිවුරු හැර නැවත උපසපන් වූයේ පෙර සිහි කොට සැඟවූ ඇවැත් පසු ව සිහි කොට සඟවයි. පෙර සිහි නො කොට නො සැඟවු ඇවැත් පසු ව සිහි කොට නො සඟවයි. ඒ මහණ තෙමේ මුල් ඇවැතට ඇද්ද යුතු. ඒ මහණහට පළමු ඇවත සමග පිළිසන් ඇවැත් පමණින් සමෝධාන පරිවයාසය ද දිය යුතු.
16. මහණෙනි, මෙහි මහණෙක් පිරිවෙස් පුරන්නේ ඒ අතර බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. ඇතැම් ඇවැත් සිහි කරයි. ඇතැම් ඇවැත් සිහි නො කරයි. යම් ඇවැත් සිහි කරයි ද, ඒ ඇවැත් නො සහවයි. ඒ මහණ තෙමේ සිවුරු හැර නැවත උපසපන් වූයේ පෙර සිහි කොට සැඟවු ඇවැත් පසු ව සිහි කොට සඟවයි. පෙර සිහි නො කොට නො සැඟවූ ඇවැත් පසු ව සිහි කොට සඟවයි. ඒ මහණ තෙමේ මුල් ඇවතට ඇද්ද යුතු. ඒ මහණහට පළමු ඇවත සමග පිළිසන් ඇවැත් පමණින් සමෝධාන පිරිවෙස ද දිය යුතු.
17. මහණෙනි, මෙහි මහණෙක් පිරිවෙස් පුරන්නේ ඒ අතර බොහෝ සඟ වෙසෙස් ඇවැත් අවදියි. ඇතැම් ඇවැත්හි විමති නැත්තේ ය. ඇතැම් ඇවැත්හි විමති ඇත්තේ ය. යම් ඇවැත්හි විමති නැත්තේ ද, ඒ ඇවැත් සඟවයි. යම් ඇවැත්හි විමති ඇත්තේ ද, ඒ ඇවැත් නො සඟවයි. මහණ තෙමේ සිවුරු හැර නැවත උපසපන් වූයේ පෙර විමති නැති ව යම් ඇවැත් සැඟවී ද, ඒ ඇවැත් පසු ව විමති නැත්තේ නො සඟවයි. පෙර විමති ඇති ව නො සැඟවූ ඇවත් පසු ව විමති නැති ව නො සඟවයි. ඒ මහණතෙමේ මුල් ඇවැතට ඇද්ද යුතු. ඒ මහණහට පළමු ඇවත සමග පිළිසන් ඇවැත් පමණින් සමෝධානපරිවාසය ද දිය යුතු.
18. මහණෙනි, මෙහි මහණෙක් පිරිවෙස් පුරන්නේ ඒ අතර බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. ඇතැම් ඇවැත්හි විමති නැත්තේ වෙයි. ඇතැම් ඇවැත්හි විමති ඇත්තේ වෙයි. යම් ඇවැත්හි විමති නැත්තේ ද, ඒ ඇවැත් සඟවයි. යම් ඇවැත්හි විමති ඇත්තේ ද, ඒ ඇවැත් නො සඟවයි. ඒ මහණ තෙමේ සිවුරු හැර නැවත උපසපන් වූයේ පෙර විමති නැති ව සැඟවු ඇවැත් පසු ව විමති නැත්තේ නො සඟවයි. පෙර විමති ඇති ව නො සැඟවු ඇවැත් පසු ව විමති නැත්තේ සඟවයි. ඒ මහණ තෙමේ මුල් ඇවැතට ඇද්ද යුතු ඒ මහණහට පළමු ඇවත සමග පිළිසන් ඇවැත් පමණින් සමෝධානපරිවාසය ද දිය යුතු.
19. මහණෙනි, මෙහි මහණෙක් පිරිවෙස් පුරන්නේ ඒ අතර බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. ඇතැම් ඇවැත්හි විමති නැත්තේ ය. ඇතැම් ඇවැත්හි විමති ඇත්තේ ය. යම් ඇවැත්හි විමති නැත්තේ ද, ඒ ඇවැත් සඟවයි. යම් ඇවැත්හි විමති ඇත්තේ ද, ඒ ඇවැත් නො සඟවයි. හෙතෙමේ උපැවිදි ව නැවත උපසපන් වූයේ පෙර විමති නැති ව යම් ඇවැත් සැඟවී ද, පසු ව ඒ ඇවැත් විමති නැති ව සඟවයි. පෙර විමතී ඇති ව යම් ඇවැත් නො සැඟවී ද, පසු ව විමති නැති ව ඒ ඇවැත් නො සඟවයි. ඒ මහණ තෙමේ මුලට ඇද්ද යුතු. ඒ මහණහට පළමු ඇවත සමග පිළිසන් ඇවැත් පමණින් සමෝධාන පිරිවෙස ද දිය යුතු.
20. මහණෙනි, මෙහි මහණෙක් පිරිවෙස් පුරන්නේ ඒ අතර බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. ඇතැම් ඇවැත්හි විමති නැත්තේ ය. ඇතැම් ඇවැත්හි විමති ඇත්තේ ය. විමති නැති ඇවැත් සඟවයි. විමති ඇති ඇවැත් නො සඟවයි. හෙතෙමේ උපැවිදි ව නැවත උපසපන් වූයේ පෙර විමති නැති ව සැඟවූ ඇවැත් පසු ව ද විමති නැති ව සඟවයි. පෙර විමති ඇති ව නො සැඟවූ ඇවැත් පසු ව විමති නැති ව සඟවයි. ඒ මහණතෙමේ මුලට ඇද්ද යුතු. ඒ මහණහට පළමු ඇවැත සමග පිළිසන් ඇවත් පමණින් සමෝධාන පිරිවෙස ද දිය යුතු.
[21-40.] මහණෙනි, මෙහි මහණෙක් පිරිවෙස් පුරණුයේ ඒ අතර බොහෝ සඟවෙසෙස් ඇවත් ඇවද පිළිසන් නො කොට හෙරණක් වෙයි ... [යට කී පරිදි විස්තර කට යුතු.] [41-60] උමතුවෙක් වෙයි ... [යට කී පරිදි විස්තර කට යුතු.] [61-80] පෙරලුනු සිතැතියෙක් වෙයි ... [යට කී පරිදි විස්තර කට යුතු] [81-100] වේදනායෙන් පෙළෙන්නෙක් වෙයි. ඔහුට පිළිසන් වූ ද, පිළිසන් නො වූ ද ඇවැත් වේ ... [යට කී පරිදි විස්තර කට යුතු...] ඇතැම් ඇවැත් දනී. ඇතැම් ඇවැත් නො දනී ... ඇතැම් ඇවැත් සමරයි. ඇතැම් ඇවැත් නො සමරයි ... ඇතැම් ඇවැත්හි විමති ඇත්තේ වේ. ඇතැම් ඇවැත්හි විමති නැත්තේ වේ. විමති නැති ඇවත් වසයි. විමති ඇති ඇවැත් නො වසයි. හෙතෙමේ වේදනායෙන් පෙළෙන්නෙක් වෙයි. නැවත හෙතෙමේ වේදනායෙන් නො පෙළෙන්නෙක් ව පළමු විමති නැති ව වැසූ ඇවැත් පසු ව විමති නැති ව නො වසයි. පළමු විමති ඇති ව නො වැසූ ඇවැත් පසු ව විමති නැති ව නො වසයි ... පළමු විමති නැති ව වැසූ ඇවැත් පසු ව විමති නැති ව නො වසයි ... පළමු විමති ඇති ව නො වැසූ ඇවැත් පසු ව විමති නැතිව වසයි ... පෙර විමති නැති ව වැසූ ඇවැත් පසු ව විමති නැති ව වසයි. පෙර විමති ඇති ව නො වැසූ ඇවැත් පසු ව විමති නැති ව නො වසයි ... පළමු විමති නැති ව සැඟවූ ඇවැත් පසු ව විමති නැති ව සඟවයි. පළමු විමති ඇති ව නො සැඟවූ ඇවැත් පසු ව විමති නැති ව සඟවයි. ඒ මහණ තෙමේ මුල් ඇවැතට ඇද්ද යුතු. ඒ මහණහට මුල් ඇවත සමග ඇවත් පිළිසන් පමණින් සමෝධාන පිරිවෙස ද දිය යුතු.
[101-200.] මහණෙනි, මෙහි මහණෙක් මානතට නිසි වූයේ ... [ඒ අතර බොහෝ සඟවෙසෙස් ඇවැත් ඇවද පිළිසන් නො කොට උපැවිදි වෙයි] ...
[201-300.] මහණෙනි, මෙහි මහණෙක් මානත පුරන්නේ ... [ඒ අතර බොහෝ සඟවෙසෙස් ඇවැත් ඇවද පිළිසන්නොකොට උපැවිදි වෙයි.] ...
[301-400.] මහණෙනි, මෙහි මහණෙක් අබ්භාන කර්‍මයට සුදුසු වූයේ ඒ අතර බොහෝ සඟවෙසෙස් ඇවැත් ඇවද පිළිසන් නො කොට උපැවිදි වෙයි ... [මානතට සුදුසු වූවහුත්, මානත පුරන්නාත්, අබ්භානයට සුදුසු වූවහුත් (මුල කී) පිරිවෙස් පුරන්නා මෙන් විතර කට යුතු.] මහණෙනි, මෙහි මහණෙක් අබ්භානයට සුදුසු වූයේ ඒ අතර බොහෝ සඟවෙසෙස් ඇවැත් ඇවද නො පිළිසන් කොට හෙරෙණක් වෙයි. ... උමතු වූවෙක් වෙයි ... පෙරලුනු සිතැත්තෙක් වෙයි ... වේදනායෙන් පෙළෙන්නෙක් වෙයි. ඔහුට පිළිසන් වූ ද නො පිළිසන් වූ ද ඇවැත් වේ ... ඇතැම් ඇවැත් දනී. ඇතැම් ඇවැත් නො දැනී ... ඇතැම් ඇවැත් සමරයි. ඇවැත් නො සමරයි ... ඇතැම් ඇවැත්හි විමති රහිත ය. ඇතැම් ඇවැත්හි විමති සහිත ය. යම් ඇවැත්හි විමති රහිත ද ඒ ඇවැත් සඟවයි.
යම් ඇවැත්හි විමති සහිත ද ඒ ඇවැත් නො සඟවයි. හෙතෙමේ වේදනායෙන් පෙළෙන්නෙක් වේ. නැවත හෙතෙමේ වේදනායෙන් නො පෙළෙන්නෙක් ව පෙර විමති නැති ව සැඟවූ ඇවැත් පසු ව විමති නැති ව නො සඟවයි. පෙර විමති ඇති ව නො සැඟවූ ඇවැත් පසු ව විමති නැති ව නො සඟවයි ... පෙර විමති නැති ව සැඟවූ ඇවැත් පසු ව විමති නැති ව නො සඟවයි. පෙර විමති ඇති ව නො සැඟවූ ඇවැත් පසු ව විමති නැති ව සඟවයි ... පෙර විමති නැති ව වැසූ ඇවැත් පසු ව විමති නැති ව වසයි. පෙර විමති ඇති ව නො වැසූ ඇවැත් පසු ව විමති නැති ව නො වසයි ... පළමු විමති නැති ව වැසූ ඇවැත් පසු ව විමති නැති ව වසයි. පෙර විමති ඇති ව නො වැසූ ඇවැත් පසු ව විමති නැති ව වසයි. ඒ මහණතෙමේ මුල් ඇවතට ඇද්ද යුතු. ඔහුට පළමු ඇවත සමග පිළිසන් ඇවැත් පමණින් සමෝධාන පිරිවෙස ද දිය යුතු යි.
මූලායපටිකස්සන සිවුසිය නිමි.
7. පරිමාණාදි වාර අට
1. මහණෙනි, මෙහි මහණෙක් ප්‍රමාණවත් (=ගණන් ඇති) බොහෝ සඟ වෙසෙස් ඇවැත් ඇවද පිළිසන් නො කොට උපැවිදි වෙයි ...
2. මහණෙනි, මෙහි මහණෙක් පමණ නැති බොහෝ සඟවෙසෙස් ඇවැත් ඇවද පිළිසන් නො කොට උපැවිදි වෙයි ...
3. මහණෙනි, මෙහි මහණෙක් එක් නම් ඇති බොහෝ සඟවෙසෙස් ඇවැත් ඇවද පිළිසන් නො කොට උපැවිදි වෙයි ...
4. මහණෙනි, මෙහි මහණෙක් වෙන් වෙන් නම් ඇති බොහෝ සඟවෙසෙස් ඇවැත් ඇවද පිළිසන් නො කොට උපැවිදි වෙයි ...
5. මහණෙනි, මෙහි මහණෙක් සභාග වූ (= සමාන) බොහෝ සඟවෙසෙස් ඇවැත් ඇවද පිළිසන් නො කොට උපැවිදි වෙයි ...
6. මහණෙනි, මෙහි මහණෙක් විසභාග වූ බොහෝ සඟෙවෙසස් ඇවැත් ඇවද පිළිසන් නො කොට උපැවිදි වෙයි ...
7. මහණෙනි, මෙහි මහණෙක් වෙන් වෙන් වූ බොහෝ සඟවෙසෙස් ඇවැත් ඇවද පිළිසන් නො කොට උපැවිදි වෙයි ...
8. මහණෙනි, මෙහි මහණෙක් මුසු වූ බොහෝ සඟවෙසෙස් ඇවැත් ඇවද පිළිසන් නො කොට උපැවිදි වෙයි ...
(යට කී පරිදි විතර කට යුතු යි.)
පරිමාණාදි වාර අට නිමියේ ය.
8. ද්වේභික්ඛුවාර එකොළොස
1. දෙමහණ කෙනෙක් සඟවෙසෙස් අවන්හු වෙති. ඔහු සඟවෙසෙස්හි සඟවෙසෙස් දිටු ඇත්තෝ වෙති. එක් මහණෙක් සඟවයි. එක් මහණෙක් නො සඟවයි. යමෙක් සඟවා නම් හේ දුකුළා ඇවැත් දෙස්විය යුතු වේ. ඇවැත් පිළිසන් පමණින් ඔහුට පිරිවෙස ද දී දෙදෙනාට ම මානත දිය යුතු.
2. දෙමහණ කෙනෙක් සඟවෙසෙස් අවන්හු වෙති. ඔහු සඟවෙසෙස්හි විමති ඇත්තාහු වෙත්. එක් මහණෙක් සඟවයි. එක් මහණෙක් නො සඟවයි. යමෙක් සඟවා නම් හේ දුකුළා ඇවැත් දෙස්විය යුතු වේ. ඇවැත් පිළිසන් පමණින් ඔහුට පිරිවෙස ද දී දෙදෙනාට ම මානත දිය යුතු.
3. දෙමහණ කෙනෙක් සඟවෙසෙස් අවන්හු වෙති. ඔහු සඟවෙසෙස්හි මුසුදිටු ඇත්තෝ වෙත්. එක් මහණෙක් සඟවයි. එක් මහණෙක් නො සඟවයි. යමෙක් සඟවා නම් හේ දුකුළා දෙස්විය යුතු වේ. ඇවැත් පිළිසන් පමණින් ඔහුට පිරිවෙස ද දී දෙදෙනාට ම මානත දිය යුතු.
4. මහණහු දෙදෙනෙක් මුසු ඇවැත් අවන්හු වෙති. ඔහු මුසු ඇවැත්හි සඟවෙසෙස් දිටු ඇත්තෝ වෙත්. එක් මහණෙක් සඟවයි. එක් මහණෙක් නො සඟවයි. යමෙක් සඟවා නම් හේ දුකුළා දෙස්විය යුතු වේ. ඇවැත් පිළිසන් පමණින් ඔහුට පිරිවෙස ද දී දෙදෙනාට ම මානත දිය යුතු.
5. දෙමහණ කෙනෙක් මුසු ඇවැත් අවන්හු වෙති. ඔහු මුසු ඇවැත්හි මුසුදිටු ඇත්තෝ වෙත්. එක් මහණෙක් වසයි. එක් මහණෙක් නො වසයි. යමෙක් වසා නම් හේ දුකුළා දෙස්විය යුතු වේ. ඇවැත් පිළිසන් පමණින් ඔහුට පිරිවෙස ද දි දෙදෙනාට ම මානත දිය යුතු.
6. දෙමහණ කෙනෙක් නුමුසු ඇවැත් අවන්හු වෙති. ඔහු නුමුසු ඇවැත්හි සඟවෙසෙස් දිටු ඇත්තෝ වෙත්. එක් මහණෙක් සඟවයි. එක් මහණෙක් නො සඟවයි. යමෙක් සඟවා නම් හේ දුකුළා දෙස්විය යුතු වේ. දෙදෙන ම දහම් වූ පරිදි කරවිය යුතුහ.
7. දෙමහණ කෙනෙක් නුමුසු ඇවැත් අවන්හු වෙති. ඔහු නුමුසු ඇවැත්හි නුමුසු දිටු ඇත්තෝ වෙත්. එක් මහණෙක් සඟවයි. එක් මහණෙක් නො සඟවයි. යමෙක් සඟවා නම් හේ දුකුළා දෙස්විය යුතු වේ. දෙදෙන ම දහම් වූ පරිදි කරවිය යුතුහ.
8. මහණහු දෙදෙනෙක් සඟවෙසෙස් අවන්හු වෙති. ඔහු සඟවෙසෙස්හි සඟවෙසෙස් දිටු ඇත්තෝ වෙත්. එක් මහණකුට සැළකරන්නෙමි යි සිත් වෙයි. එක් මහණකුට නො සැළකරන්නෙමි යි සිත් වෙයි. හෙතෙමේ (රාත්‍රි) පළමු යම්හිත් සඟවයි. දෙවන යම්හිත් සඟවයි. තෙවන යම්හිත් සඟවයි. අරුණ නැගි කල අවැත සහවන ලද්දේ වේ. යමෙක් සඟවා නම් හේ දුකුළා දෙස්විය යුතු වේ. ඇවැත් පිළිසන් පමණින් ඔහුට පිරිවෙස ද දී දෙදෙනාට ම මානත දිය යුතු.
9. දෙමහණ කෙනෙක් සඟවෙසෙස් අවන්හු වෙති. ඔහු සහ වෙසෙස්හි සඟවෙසෙස් දිටු ඇත්තෝ වෙත්. ඔහු සැළකරන්නෙමු යි යෙති. එක් මහණකුට අතරමග දී නො සැළකරන්නෙමි යි මකුදම් උපදී. හෙතෙමේ පළමු යම්හිත් වසයි. දෙවන යම්හිත් වසයි. තෙවන යම්හිත් වසයි. අරුණ නැගි කල ඇවත වැසුනේ වේ. යමෙක් වසා නම් හේ දුකුළා දෙස්විය යුතු වේ. ඇවත් පිළිසන් පමණින් ඔහුට පිරිවෙස ද දී දෙදනාට ම මානත දිය යුතු.
10. දෙමහණ කෙනෙක් සඟවෙසෙස් අවන්හු වෙති. ඔහු සඟවෙසෙස්හි සහවෙසෙස් දිටු ඇත්තෝ වෙති. ඔහු උමතු වූවෝ වෙත්. පසු ව ඔහු උමතු නො වූවෝ ව එක් මහණෙක් සඟවයි. එක් මහණෙක් නො සඟවයි. යමෙක් සඟවා නම් හේ දුකුළා දෙස්විය යුතු වේ. ඇවැත් පිළිසන් පමණින් ඔහුට පිරිවෙස ද දී දෙදෙනාට ම මානත දිය යුතු.
11. දෙමහණ කෙනෙක් සඟවෙසස් අවන්හු වෙති. ඔහු පාමොක් උදෙසන කල්හි “මේ දහමත් පාමොක් සුතුරෙහි ආයේ ල, සුතුරෙහි ඇතුළත් ල, අඩමසක් පාසා උදෙසුමට පැමිණේ ල යි මේ දැන් ම අපි දැනුම්හ යි” මෙසේ කියත්. ඔහු සඟවෙසෙස්හි සඟවෙසෙස් දිටු ඇත්තෝ වෙත්. එක් මහණෙක් සඟවයි. එක් මහණෙක් නො සඟවයි. යමෙක් සඟවා නම් හේ දුකුළා දෙස්විය යුතුවේ. ඇවැත් පිළිසන් පමණින් ඔහුට පිරිවෙස ද දී දෙදෙනාට ම මානත දිය යුතු යි.
ද්වේභික්ඛුවාර එකොළොස නිමි.
9. මූලායපටිකස්සන අවිසුද්ධි නවකය
1. මහණෙනි, මෙහි මහණෙක් ගණන් ඇත්තා වූ ද ගණන් නැත්තා වූ ද එක් නම් ඇත්තා වූ ද වෙන් වෙන් නම් ඇත්තා වූ ද සභාග වූ ද විසභාග වූ ද වෙන් වෙන් වූ ද මුසු වූ ද බොහෝ සඟවෙසෙස් අවදියි. හෙතෙමේ ඒ ඇවැත්නට සඞ්ඝයාගෙන් සමෝධාන පිරිවෙස යදියි. ඔහුට සඞ්ඝ තෙමේ ඒ ඇවැත් සඳහා සමෝධාන පිරිවෙස දෙයි. හෙතෙමේ පිරිවෙස් පුරන්නේ ඒ අතර ගණන් ඇති පිළිසන් නො වූ බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. හෙතෙමේ සඞ්ඝයාගෙන් අතර ඇවැතුන් සඳහා මූලායපටිකස්සනය යදි. සඞ්ඝ තෙමේ ඔහුට දැහැමි වූ අකෝප්‍ය වූ තැනට නිසි කර්‍මයෙන් අතර ඇවැත් සඳහා මූලායපටිකස්සන කම් කෙරෙයි. දැහැමින් සමෝධාන පිරිවෙස් දෙයි. නො දැහැමින් මානත දෙයි. නො දැහැමින් අබ්භානය කෙරෙයි. මහණෙනි, ඒ මහණ තෙමේ ඒ ආපත්තීන් ගෙන් පිරිසිදු වූයේ නො වේ.
2. මහණෙනි, මෙහි මහණෙක් ප්‍රමාණවත් වූ ද ප්‍රමාණ රහිත වූ ද එක් නමක් ඇත්තා වූ ද වෙන් වෙන් නම් ඇත්තා වූ ද සභාග වූ ද විසභාග වූ ද වත්‍ථිත වූ ද සම්භින්න වූ ද බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. හෙතෙමේ සඞ්ඝයාගෙන් ඒ ඇවැත්නට සමෝධාන පිරිවෙස යදියි. ඔහුට සඞ්ඝ තෙමේ ඒ ඇවැත් සඳහා සමෝධාන පිරිවෙස දෙයි. හෙතෙමේ පිරිවෙස් පුරන්නේ අතර ප්‍රමාණවත් වූ වැසුනු බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. හෙතෙමේ සඞ්ඝයාගෙන් අතර ඇවැත්නට මූලායපටිකස්සනය යදියි. සඞ්ඝ තෙමේ ඔහුට අකෝප්‍ය වූ තැනට නිසි දැහැමි කර්‍මයෙන් අතර ඇවැත් සඳහා මූලායපටිකස්සනය කෙරෙයි. දැහැමෙන් සමෝධාන පිරිවෙස දෙයි. නො දැහැමින් මානත දෙයි, නො දැහැමින් අබ්භානය කෙරෙයි. මහණෙනි, ඒ මහණ තෙමේ ඒ ආපතතින්ගෙන් අවිසුද්ධ වූයේ වෙයි.
3. මහණෙනි, මෙහි මහණෙක් පමණ වූ ද අපමණ වූ ද එක් නම් වූ ද වෙන් වෙන් නම් වූ ද සභාග වූ ද විසභාග වූ ද විවත්‍ථිත වූ ද සම්භින්න වූ ද බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. හෙතෙමේ ඒ ඇවැත්නට සඞ්ඝයාගෙන් සමෝධාන පිරිවෙස යදියි. සඞ්ඝ තෙමේ ඒ ඇවැත් සඳහා ඔහුට සමෝධාන පිරිවෙස දෙයි. හෙතෙමේ පිරිවෙස් පුරන්නේ අතර පමණ වූ පිළිසන් වූ ද පිළිසන් නො වූ ද බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. හෙතෙමේ අතර ඇවැත්නට සඞ්ඝයාගෙන් මූලායපටිකස්සනය යදියි. සඞ්ඝ තෙමේ අකෝප්‍ය වූ තැනට නිසි දැහැමිකර්‍මයෙන් ඔහුට අතර ඇවැත් සඳහා මූලායපටිකස්සන කම් කෙරෙයි. දැහැමින් සමෝධාන පිරිවෙස දෙයි. නො දැහැමින් මානත දෙයි. නො දැහැමින් අබ්භානය කෙරෙයි. මහණෙනි, ඒ මහණ තෙමේ ඒ ආපත්තීගෙන් විසුද්ධ වූයේ නො වේ.
4-7. මහණෙනි, මෙහි මහණෙක් පමණ වූ ද අපමණ වූ ද එක් නම් වූ ද වෙන් වෙන් නම් වූ ද සභාග වූ ද විසභාග වූ ද වවත්‍ථිත වූ ද සම්භින්න වූ ද බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. හෙතෙමේ සඞ්ඝයා ගෙන් ඒ ඇවැත්නට සමෝධාන පිරිවෙස යදියි. සඟන තෙමේ ඔහුට ඒ ඇවැත් සඳහා සමෝධාන පිරිවෙස දෙයි. හෙතෙමේ පිරිවෙස් පුරන්නේ අතර නො පමණ වූ නො වැසුනු ... නො පමණ වූ වැසුනු ... නො පමණ වූ වැසුනා වූත් නො වැසුනා වූත් ... පමණ වූ ද නො පමණ වූ ද නො වැසුනා වූ බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. හෙතෙමේ සඞ්ඝයාගෙන් අතර ඇවැත් සඳහා මූලායපටිකස්සනය යදියි. සඞ්ඝ තෙමේ අකෝප්‍ය වූ තැනට නිසි දැහැමි කර්‍මයෙන් ඔහුට අතර ඇවැත් සඳහා මූලායපටිකස්සන කම් කෙරේ. දැහැමින් සමෝධාන පිරිවෙස දෙයි. නො දැහැමින් මානත දෙයි. නො දැහැමින් අබ්භානය කෙරෙයි. මහණෙනි, ඒ මහණ තෙමේ ඒ ඇවැතුන්ගෙන් පිරිසිදු වූයේ නො වෙයි.
8. මහණෙනි, මෙහි මහණෙක් ගණන් ඇත්තා වූ ද ගණන් නැත්තා වූ ද එක් නමක් ඇත්තා වූ ද වෙන් වෙන් නම් ඇත්තා වූ ද සමාන වූ ද අසමාන වූ ද වවත්‍ථිත වූ ද සම්භින්න වූ ද බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. හෙතෙමේ සඞ්ඝයාගෙන් ඒ ඇවැත් නට සමෝධාන පිරිවෙස යදියි. සඞ්ඝ තෙමේ ඔහුට ඒ ඇවැත් සඳහා සමෝධාන පිරිවෙස දෙයි.
හෙතෙමේ පිරිවෙස් පුරන්නේ පමණ වූ ද අපමණ වූ ද වැසුනු බොහෝ සඟ වෙසෙස් ඇවැත් අවදියි. හෙතෙමේ සඞ්ඝයාගෙන් අතර ඇවැත් සඳහා මූලායපටිකස්සනය යදියි. සඞ්ඝ තෙමේ අකෝප්‍ය වූ තැනට නිසි දැහැමි කර්‍මයෙන් ඔහුට අතර ඇවැත් සඳහා මූලායපටිකස්සනය කෙරේ. දැහැමින් සමෝධාන පිරිවෙස දෙයි. නො දැහැමින් මානත දෙයි. නො දැහැමින් අබ්භානය කෙරෙයි. මහණෙනි, ඒ මහණ තෙමේ ඒ ආපත්තීන්ගෙන් විශුද්ධ වූයේ නො වෙයි.
9. මහණෙනි, මෙහි මහණෙක් පමණ වූ ද අපමණ වූ ද එක් නම් වූ ද වෙන් වෙන් නම් වූ ද සභාග වූ ද විසභාග වූ ද වවත්‍ථිත වූ ද සම්භින්න වූ ද බොහෝ සඟවෙසෙස් ඇවැත්නට පැමිණේ. හෙතෙමේ සඞ්ඝයාගෙන් ඒ ආපත්තීන්ට සමෝධානපරිවාසය යදියි. සඞ්ඝ තෙමේ ඔහුට ඒ ඇවැත් සඳහා සමෝධානපරිවාසය දෙයි. හෙතෙමේ පිරිවෙස් පුරන්නේ ඒ අතර පමණ වූ ද අපමණ වූ ද වැසුනා වූත් නො වැසුනා වූත් බොහෝ සඞ්ඝාදිසේසාපත්තීන්ට පැමිණේ. හෙතෙමේ සඞ්ඝයාගෙන් ඒ ආපත්තීන්ට මූලායපටිකස්සනය යදියි. සඞ්ඝ තෙමේ අකෝප්‍ය වූ ස්ථානාහී වූ ධාර්මික කර්‍මයෙන් ඔහුට ඒ ආපත්තීන් සඳහා මූලායපටිකස්සනය කෙරෙයි. දැහැමින් සමෝධානපරිවාසය දෙයි. නො දැහැමින් මානත දෙයි. නො දැහැමින් අබ්භාන කර්‍මය කෙරෙයි. මහණෙනි, ඒ මහණ තෙමේ ඒ ආපත්තීන් ගෙන් විශුද්ධ වූයේ නො වේ යි.
මූලායපටිකස්සන අවිසුද්ධි නවකය නිමියේ යි.
10. මූලායපටිකස්සන විසුද්ධි නවකය
1-3. මහණෙනි, මෙහි මහණෙක් පමණ වූ ද අපමණ වූ ද ... වවත්‍ථිත වූ ද සම්භින්න වූ ද බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. හෙතෙමේ සඞ්ඝයාගෙන් ඒ ඇවැත්නට සමෝධාන පරිවාසය යදියි. සඞ්ඝ තෙමේ ඔහුට ඒ ඇවැත් සඳහා සමෝධාන පරිවාසය දෙයි. හෙතෙමේ පිරිවෙස් පුරන්නේ ඒ අතර පමණ වූ නො වැසුනු ... පමණ වූ වැසුනු ... පමණ වූ වැසුනා වූත් නො වැසුනා වූත් බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. හෙතෙමේ සඞ්ඝයාගෙන් අතර ඇවැත්නට මූලායපටිකස්සනය යදියි. සඞ්ඝ තෙමේ ඔහුට අකෝප්‍ය වූ තැනට නිසි දැහැමි කර්‍මයෙන් අතර ඇවැත් සඳහා මූලායපටිකස්සනයනය කෙරෙයි. දැහැමින් සමෝධාන පිරිවෙස දෙයි. දැහැමින් මානත දෙයි. දැහැමින් අබ්භානය කෙරෙයි. මහණෙනි, ඒ මහණ තෙමේ ඒ ආපත්තීන්ගෙන් විශුද්ධ වූයේ වෙයි.
4-6. මහගණනි, මෙහි මහණෙක් පමණ වූ ද අපමණ වූ ද ... වවත්‍ථිත වූ ද සම්භින්න වූ ද බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. හෙතෙමේ සඞ්ඝයාගෙන් ඒ ඇවැත්නට සමෝධාන පිරිවෙස යදියි. හෙතෙමේ පිරිවෙස් පුරන්නේ අතර අපමණ වූ නො වැසුනු ... අපමණ වූ වැසුනු ... අපමණ වූ වැසුනා වූත් නො වැසුනා වූත් බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. හෙතෙමේ සඞ්ඝයාගෙන් අතර ඇවැත් සඳහා මූලායපටිකස්සනය යදියි. සඞ්ඝ තෙමේ ඔහුට අකෝප්‍ය වූ තැනට නිසි දැහැමිකමින් අතර ඇවැත් සඳහා මූලායපටිකස්සනය කෙරෙයි. දැහැමින් සමෝධාන පිරිවෙස දෙයි. දැහැමින් මානත දෙයි. දැහැමින් අබ්භානය කෙරෙයි. මහණෙනි, ඒ මහණ තෙමේ ඒ ආපත්තීන්ගෙන් විශුද්ධ වූයේ වෙයි.
7-9. මහණෙනි, මෙහි මහණෙක් පමණ වූ ද නො පමණ වූ ද ... නුමුසු වූ ද මුසු වූ ද බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. හෙතෙමේ සඞ්ඝයාගෙන් ඒ ඇවැත්නට සමෝදහන් පිරිවෙස යදියි. සඞ්ඝ තෙමේ ඔහුට ඒ ඇවැත් සඳහා සමෝදහන් පිරිවෙස දෙයි. හෙතෙමේ පිරිවෙස් පුරන්නේ අතර පමණ වූ ද නො පමණ වූ ද නො වැසුනු ... පමණ වූ ද නො පමණ වූ ද වැසුනු ... පමණ වූ ද නො පමණ වූ ද වැසුනා වූත් නො වැසුනා වූත් බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. හෙතෙමේ සඞ්ඝයාගෙන් අතර ඇවැතුන්ගේ මුලට ඇදීම යදියි. සඞ්ඝ තෙමේ අකෝප්‍ය වු තැනට සුදුසු දැහැමිකමින් ඔහු අතර ඇවැත් පිණිස මුලට අදියි. දැහැමින් සමෝදහන් පිරිවෙස දෙයි. දැහැමින් මානත දෙයි. දැහැමින් අබ්භානය කෙරෙයි. මහණෙනි, ඒ මහණ තෙමේ ඒ ඇවැතුන්ගෙන් විශුද්ධ වූයේ වේ යී.
මූලායපටීකස්සනවිසුද්ධි නවකය නිමි.
11. දෙවන මූලායපටිකස්සන විසුද්ධි නවකය
1. මහණෙනි, මෙහි මහණෙක් පමණ වූ ද නො පමණ වූ ද ... නුමුසු වූ ද මුසු වූ ද බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. හෙතෙමේ සඞ්ඝයාගෙන් ඒ ඇවැත්නට සමෝදහන් පිරිවෙස යදියි. සඞ්ඝ තෙමේ ඔහුට ඒ ඇවැත් සඳහා සමෝදහන් පිරිවෙස දෙයි. හෙතෙමේ පිරිවෙසෙනුයේ අතර ගණන් ඇති නො වැසුනු බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. හෙතෙමේ සඞ්ඝයාගෙන් අතර ඇවැත් පිණිස මුලට ඇදීම යදී. සඞ්ඝතෙමේ කෝප්‍ය වූ (=ගැරහිය යුතු) තැනට නො නිසි නො දැහැමිකමින් ඔහු අතර ඇවැත් පිණිස මුලට අදියි. නො දැහැමින් පිරිවෙස දෙයි. හෙතෙමේ පිරිවෙසෙමි යි හඟනේ ඒ අතර ගණන් සහිත නො වැසුනු බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි.
හෙතෙමේ ඒ බිම සිටියේ පළමු ඇවැත්නට අතර ඇවැත් සමරයි. පසු ඇවැත්නට අතර ඇවැත් ද සමරයි. ඔහුව මෙසේ සිත් වේ. “මම් වූ කලි ගණන් සහිත වූ ද ගණන් රහිත වූ ද ... නුමුසු වූ ද මුසු වූ ද බොහෝ සඟවෙසෙස් ඇවැත් අවන්මි. ඒ මම සඞ්ඝයාගෙන් ඒ ඇවැත්නට සමෝදහන් පිරිවෙස යැදීමි. ඒ මට සඞ්ඝ තෙමේ ඒ ඇවැත් සඳහා සමෝදහන් පිරිවෙස දිනි. ඒ මම පිරිවෙසෙනුයෙම් අතර ගණන් සහිත නො වැසුනු බොහෝ සඟවෙසෙස් ඇවැත් අවන්මි. ඒ මම සඞ්ඝයාගෙන් අතර ඇවැතුන්ගේ මුලට ඇදීම යැදීම්, සඞ්ඝ තෙමේ ඒ මා කෝප්‍ය වූ තැනට නො නිසි නො දහැමිකමින් ඒ ඇවැත් සඳහා මුලට ඇදී ය. නො දැහැමින් සමෝදහන් පිරිවෙස දිනි. ඒ මම පිරිවෙසෙමි යි හඟනෙම් අතර පමණ වූ නො වැසුනු බොහෝ සඟවෙසෙස් ඇවැත් අවන්මි. ඒ මම එබිම සිටියෙම් පළමු ඇවැත්නට අතර ඇවැත් සමරමි. පසු ඇවැත්නට අතර ඇවැත් ද සමරමි. අකෝප්‍ය වූ තැනට නිසි දැහැමිකමින් පළමු ඇවැත්නට අතර ඇවැතුන්ගේත් පසු ඇවැත්නට අතර ඇවැතුන්ගේත් මුලට ඇදීම ද, දැහැමින් සමෝදහන් පිරිවෙස ද, දැහැමින් මානත ද, දැහැමින් අබ්භානය ද යදනෙම් නම් මැනවැ” යි.
හෙතෙමේ සඞ්ඝයාගෙන් අකෝප්‍ය වූ තැනට නිසි දැහැමිකමින් පළමු ඇවැත්නට අතර ඇවැතුන්ගේත් පසු ඇවැත්නට අතර ඇවැතුන්ගේත් මූලායපටිකස්සනය ද, දැහැමින් සමෝදහන් පිරිවෙස ද, දැහැමින් මානත ද, දැහැමින් අබ්භානය ද යදී, සඞ්ඝ තෙමේ අකෝප්‍ය වූ තැනට නිසි දැහැමිකමින් ඔහුට පළමු ඇවැත්නට අතර ඇවැතුන්ගේත් පසු ඇවැත්නට අතර ඇවැතුන්ගේත් මූලාය පටිකස්සනය කෙරේ. දැහැමින් සමෝදහන් පිරිවෙස දෙයි. දැහැමින් මානත දෙයි. දැහැමින් අබ්භානය කෙරෙයි. මහණෙනි, ඒ මහණ තෙමේ ඒ ඇවැතුන්ගෙන් විශුද්ධ වූයේ වෙයි.
2-3 මහණෙනි, මෙහි මහණෙක් පමණ වූ ද අපමණ වූ ද ... නො මුසු වූ ද මුසු වූ ද බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදී. හෙතෙමේ සඞ්ඝයාගෙන් ඒ ඇවැතුන්ට සමෝදහන් පිරිවෙස යදී. සඞ්ඝ තෙමේ ඒ ඇවැතුන්ට සමෝදහන්පිරිවෙස දෙයි. හෙතෙමේ පිරිවෙසෙනුයේ අතර පමණ වූ පිළිසන් වූ ... පමණ වූ පිළිසන් වූත් පිළිසන් නො වූත් බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදී. හෙතෙමේ සඞ්ඝයාගෙන් අතර ඇවැතුන්ගේ මූලායපටිකස්සනය යදී. සඞ්ඝ තෙමේ ඔහුට කෝප්‍ය වූ තැනට නො නිසි නො දැහැමි කමෙන් අතර ඇවැතුන්ගේ මූලායපටිකස්සනය කෙරේ. නො දැහැමින් සමෝදහන් පිරිවෙස දෙයි. හෙතෙමේ පිරිවෙසෙමි යි හඟනේ ඒ අතර පමණ වූ වැසුනා වූත් නො වැසුනා වූත් බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදී.
හෙතෙමේ එබිම සිටියේ පළමු ඇවැතුන්ට අතර ඇවැත් සිහිකෙරෙයි. පසු ඇවැතුන්ට අතර ඇවැත් ද සිහිකෙරෙයි. ඔහුට මෙසේ සිත් වේ. “මම පමණ වූ ද අපමණ වූ ද ... නුමුසු වූ ද මුසු වූ ද බොහෝ සඟවෙසෙස් ඇවැත් අවන්මි. ඒ මම සඞ්ඝයයාගෙන් ඒ ඇවැතුන්ට සමෝදහන් පිරිවෙස යැදීමි. ඒ මට සඞ්ඝතෙමේ ඒ ඇවැත් සඳහා සමෝදහන් පිරිවෙස දිනි. ඒ මම පිරිවෙසෙනුයෙම් ඒ අතර පමණ වූ වැසුනා වූත් නො වැසුනා වූත් බොහෝ සඟවෙසෙස් ඇවැත් අවන්මි. ඒ මම් සඞ්ඝයාගෙන් අතර ඇවැතුන්ගේ මූලායපටිකස්සනය යැදීමි. සඞ්ඝතෙමේ ඒ මට කෝප්‍ය වූ තැනට නො නිසි නො දැහැමිකමින් මූලාපටිකස්සනය කෙළේය. නො දැහැමින් සමෝදහන් පිරිවෙස දිනි. ඒ මම පිරිවෙසෙමි යි හඟනෙම් ඒ අතර පමණ වූ වැසුනා වූත් නො වැසුනා වූත් බොහෝ සඟවෙසෙස් ඇවැත් අවන්මි. ඒ මම එබිම සිටියෙම් පළමු ඇවැතුන්ට අතර ඇවැත් සිහිකරමි. පසු ඇවැතුන්ට අතර ඇවැත් ද සිහිකරමි. මම සඞ්ඝයාගෙන් අකෝප්‍ය වූ තැනට නිසි දැහැමිකමින් පළමු ඇවතුන්ට අතර ඇවැතුන්ගේත් පසු ඇවැතුන්ට අතර ඇවැතුන්ගේත් මූලායපටිකස්සනය ද, දැහැමින් සමෝදහන්පිරිවෙස ද, දැහැමින් මානත ද, දැහැමින් අබ්භානය ද යදනෙම් නම් මැනවැ” යි.
හෙතෙමේ සඞ්ඝයාගෙන් අකෝප්‍ය වූ තැනට නිසි දැහැමිකමින් පළමු ඇවැතුන්ට අතර ඇවැතුන්ගේත් පසු ඇවැතුන්ට අතර ඇවැතුන්ගේත් මූලායපටිකස්සනය ද, දැහැමින් සමෝදහන් පිරිවෙස ද, දැහැමින් මානත ද, දැහැමින් අබ්භානය ද යදියි. සඞ්ඝතෙමේ අකෝප්‍ය වූ තැනට සුදුසු දැහැමිකමින් ඔහුට පළමු ඇවැතුන්ට අතර ඇවැතුන් පිණිසත් පසු ඇවැතුන්ට අතර ඇවැතුන් පිණිසත් මූලායපටිකස්සනය කෙරේ. දැහැමින් සමෝදහන්පිරිවෙස දෙයි. දැහැමින් මානත දෙයි. දැහැමින් අබ්භාන කෙරෙයි. මහණෙනි, ඒ මහණ තෙමේ ඒ ඇවැතුන්ගෙන් විශුද්ධ වූයේ වේ.
4-6. මහණෙනි, මෙහි මහණෙක් පමණ වු ද නො පමණ වූ ද ... නුමුසු වූ ද මුසු වූ ද බොහෝ සඟවෙසෙස් ඇවැතුන්ට පැමිණේ. හෙතෙමේ ඒ ඇවැතුන්ට සඞ්ඝයාගෙන් සමෝදහන් පිරිවෙස යදියි. සඞ්ඝ තෙමේ ඒ ඇවැතුන් සඳහා ඔහුට සමෝදහන්පිරිවෙස දෙයි. හෙතෙමේ පිරිවෙසෙනුයේ නො පමණ වූ නො පිළිසන් වූ ... නො පමණ වූ පිළිසන් වූ ... නො පමණ වූ පිළිසන් වූත් නො පිළිසන් වූත් බොහෝ වූ සඟවෙසෙස් ඇවැත් අවදියි. හෙතෙමේ සඞ්ඝයාගෙන් අතර ඇවැතුන්ගේ මුලට ඇදීම යදියි. සඞ්ඝතෙමේ ඔහු කෝප්‍ය වූ තැනට නො නිසි වූ නො දැහැමිකමින් අතර ඇවැත් පිණිස මුලට අදියි. නො දැහැමින් සමෝදහන් පිරිවෙස දෙයි. හෙතෙමේ පිරිවෙසෙමි යි හඟිමින් ... දැහැමින් සමෝදහන්පිරිවෙස දෙයි. දැහැමින් මානාත දෙයි. දැහැමින් අබ්භාන කෙරෙයි. මහණෙනි, ඒ මහණතෙමේ ඒ ඇවැතින් විශුද්ධ වූයේ වෙයි.
7. මහණෙනි, මෙහි මහණෙක් පමණ වූ ද අපමණ වූ ද ... නුමුසු වූ ද මුසු වූ ද බොහෝ වූ සඟවෙසෙස් ඇවැත් අවදියි. හෙතෙමේ සඞ්ඝයාගෙන් ඒ ඇවැතුන්ට සමෝදහන් පිරිවෙස යදියි. ඔහුට සඞ්ඝතෙමේ ඒ ඇවැතුන් සඳහා සමෝදහන්පිරිවෙස දෙයි. හෙතෙමේ පිරිවෙසෙනුයේ අතර පමණ වූ ද නො පමණ වූ ද නො පිළිසන් වූ බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. හෙතෙමේ සඞ්ඝයාගෙන් අතර ඇවැතුන්ගේ මුලට ඇදීම යදියි. සඞ්ඝතෙමේ ඔහු කෝප්‍ය වූ තැනට නිසි නො වූ නො දැහැමිකමින් අතර ඇවැත් පිණිස මුලට අදියි. නො දැහැමින් සමෝදහන් පිරිවෙස දෙයි. හෙතෙමේ පිරිවෙසෙමි යි හඟිමින් ... දැහැමින් සමෝදහන් පිරිවෙස දෙයි. දැහැමින් මානත දෙයි. දැහැමින් අබ්භාන කෙරෙයි. මහණෙනි, ඒ මහණතෙමේ ඒ ඇවැතුන්ගෙන් විශුද්ධ වූයේ වෙයි.
8. මහණෙනි, මෙහි මහණෙක් පමණ වූත් අපමණ වූත් ... නුමුසු වූත් මුසු වූත් බොහෝ වූ සඟවෙසෙස් ඇවැත් අවදියි. හෙතෙමේ සඞ්ඝයාගෙන් ඒ ඇවැතුන්ට සමෝදහන් පිරිවෙස යදියි. සඞ්ඝතෙමේ ඔහුට ඒ ඇවැත් සඳහා සමෝදහන් පිරිවෙස දෙයි. හෙතෙමේ පිරිවෙසෙනුයේ අතර පමණ වූ ද නො පමණ වූ ද පිළිසන් වූ බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. හෙතෙමේ සඞ්ඝයාගෙන් අතර ඇවැතුන්ගේ මුලට ඇදීම යදියි. සඞ්ඝතෙමේ ඔහු කෝප්‍ය වූ තැනට නිසි නො වූ නො දැහැමිකමින් අතර ඇවැත් පිණිස මුලට අදියි. නො දැහැමින් සමෝදහන් පිරිවෙස දෙයි. හෙතෙමේ පිරිවෙසෙමි යි හඟෙන් අතර පමණ වූ ද නො පමණ වූ ද පිළිසන් වූ බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි.
හෙතෙමේ එබිම සිටියේ පළමු ඇවැතුන්ට අතර ඇවැත් සිහි කෙරෙයි. පසු ඇවැතුන්ට අතර ඇවැත් ද සිහි කෙරෙයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි. මම වූ කලි නො පමණ වූත් පමණ වූත් ... නුමුසු වූත් මුසු වූත් බොහෝ වූ සඟවෙසෙස් ඇවැත් අවන්මි. ඒ මම සඞ්ඝයාගෙන් ඒ ඇවතුන්ට සමෝදහන්පිරිවෙස යැද්දෙමි. සඞ්ඝතෙමේ ඒ මට ඒ ඇවැතුන් සඳහා සමෝදහන්පිරිවෙස දිනි. ඒ මම පිරිවෙසෙනුයෙම් ඒ අතර පමණ වූත් නො පමණ වූත් පිළිසන් වු බොහෝ සඟවෙසෙස් ඇවැත් අවන්මි. ඒ මම සඞ්ඝයාගෙන් අතර ඇවතුන්ගේ මුලට ඇදීම යැද්දෙමි.
සඞ්ඝතෙමේ ඒ මට කෝප්‍ය වූ තැනට නිසි නො වූ නො දැහැමිකමින් අතර ඇවැතුන්ගේ මූලායපටිකස්සනය කෙළේය. නො දැහැමින් සමෝදහන්පිරිවෙස දිනි. ඒ මම පිරිවෙසෙමි යි හඟනෙම් අතර පමණ වූත් අපමණ වූත් පිළිසන් වූ බොහෝ සඟවෙසෙස් ඇවැත් අවන්මි. ඒ මම එබිම සිටියෙම් පළමු ඇවැතුන්ට අතර ඇවැත් සිහිකරමි. පසු ඇවැතුන්ට අතර ඇවැත් ද සිහිකරමි. මම සඞ්ඝයාගෙන් අකෝප්‍ය වූ තැනට නිසි වූ දැහැමිකමින් පළමු ඇවැතුන්ට අතර ඇවැතුන්ගේත් පසු ඇවැතුන්ට අතර ඇවැතුන්ගේත් මූලායපටිකස්සනය ද, දැහැමින් සමෝදහන් පිරිවෙස ද, දැහැමින් මානත ද, දැහැමින් අබ්භානය ද යදනෙම් නම් ඉතා මැනවැ” යි.
හෙතෙමේ සඞ්ඝයාගෙන් අකෝප්‍ය වූ තැනට නිසි වූ දැහැමිකමින් පළමු ඇවැතුන්ට අතර ඇවැතුන්ගේත් පසු ඇවැතුන්ට අතර ඇවැතුන්ගේත් මූලායපටිකස්සනය ද, දැහැමින් සමෝදහන් පිරිවෙස ද, දැහැමින් මානත ද, දැහැමින් අබ්භානය ද යදියි. සඞ්ඝතෙමේ ඔහුට අකෝප්‍ය වූ තැනට නිසි වූ දැහැමිකමින් පළමු ඇවැතුන්ට අතර ඇවැතුන් පිණිසත් පසු ඇවැතුන්ට අතර ඇවැත් පිණිසත් මූලායපටිකස්සනය කෙරෙයි. දැහැමින් සමෝදහන්පිරිවෙස දෙයි. දැහැමින් මානත දෙයි. දැහැමින් අබ්භාන කෙරෙයි. මහණෙනි, එ මහණ තෙමේ ඒ ඇවැතුන්ගෙන් විශුද්ධ වූයේ වෙයි.
9. මහණෙනි, මෙහි මහණෙක් පමණ වූ ද අපමණ වූ ද ... වෙන් වෙන් වූ ද මුසු වූ ද බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. හෙතෙමේ සඞ්ඝයාගෙන් ඒ ඇවැතුන්ට සමෝදහන් පිරිවෙස යදියි. සඞ්ඝතෙමේ ඔහුට ඒ ඇවත් සඳහා සමෝදහන් පිරිවෙස දෙයි. හෙතෙමේ පිරිවෙසෙනුයේ අතර පමණ වූ ද අපමණ වූ ද වැසුනා වූ ද නො වැසුනා වූ ද බොහෝ සඟවෙසෙස් ඇවැත්නට පැමිණේ. හෙතෙමේ සඞ්ඝයාගෙන් අතර ඇවැතුන්ගේ මූලායපටිකස්සනය යදී. සඞ්ඝතෙමේ කෝප්‍ය වූ තැනට නො නිසි දැහැමිකමින් ඔහුට අතර ඇවැතුන්ගේ මූලායපටිකස්සනය කෙරේ. හෙතෙමේ පිරිවෙසෙමි යි හඟනේ ඒ අතර පමණ වූ ද අපමණ වූ ද පිළිසන් වූ ද නො පිළිසන් වූ ද බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි.
හෙතෙමේ එබිම සිටියේ පළමු ඇවැතුන්ට අතර ඇවැත් සිහිකරයි. පසු ඇවැතුන්ට අතර ඇවත් ද සිහිකරයි. ඔහුට මෙසේ සිත් වෙයි. “මම් පමණ වූ ද අපමණ වූ ද එක් නම් ඇත්තා වූ ද වෙන් වෙන් නම් ඇත්තා වූ ද සභාග වූ ද විසභාග වූ ද වෙන් වෙන් වූ ද මුසු වූ ද බොහෝ සඟවෙසෙස් ඇවැත් අවන්මි, ඒ මම සඞ්ඝයාගෙන් ඒ ඇවැතුන්ට සමෝදහන් පිරිවෙස යැදීමි. සඞ්ඝතෙමේ ඒ මට ඒ ඇවැත් සඳහා සමෝදහන් පිරිවෙස දිනි. ඒ මම පිරිවෙසෙනුයෙම් ඒ අතර පමණ වූ ද අපමණ වූ ද පිළිසන් වූ ද නො පිළිසන් වූ ද බොහෝ සඟවෙසෙස් ඇවැත් අවන්මි. ඒ මම සඞ්ඝයාගෙන් අතර ඇවැතුන්ගේ මූලායපටිකස්සනය යැදීමි. සඞ්ඝතෙමේ ඒ මට කෝප්‍ය වූ තැනට නො නිසි නො දැහැමි කමින් අතර ඇවැතුන්ගේ මූලායපටිකස්සනය කෙළේ ය:-
නො දැහැමින් සමෝදහන් පිරිවෙස දිනි. ඒ මම පිරිවෙසෙමි යි හඟනෙම් ඒ අතර පමණ වූ ද නො පමණ වූ ද පිළිසන් වූ ද නො පිළිසන් වූ ද බොහෝ සඟවෙසෙස් ඇවැත් අවන්මි. ඒ මම එබිම සිටියෙම් පළමු ඇවැතුන්ට අතර ඇවැත් සමරමි. පසු ඇවැතුන්ට අතර ඇවැත් ද සමරමි. මම සඞ්ඝයාගෙන් අකෝප්‍ය වූ තැනට නිසි දැහැමිකමින් පළමු ඇවැතුන්ට අතර ඇවැතුන් පිණිසත් පසු ඇවැතුන්ට අතර ඇවැතුන් පිණිසත් මුලට ඇදීම ද, දැහැමින් සමෝදහන් පිරිවෙස ද, දැහැමින් මානත ද, දැහැමින් අබ්භානය ද, යදනෙම් නම් මැනවැ”යි.
හෙතෙමේ සඞ්ඝයාගෙන් අකෝප්‍ය වූ තැනට නිසි ධාර්මිකකර්‍මයෙන් පළමු ආපත්තීන්ට අතර ආපත්තීන්ගේත් පසු ආපත්තීන්ට අතර ආපත්තීන්ගේත් මූලායපටිකස්සනය ද, දැහැමින් සමෝධානපරිවාසය ද, දැහැමින් මානත ද, දැහැමින් අබ්භානය ද ඉල්ලයි. සඞ්ඝ තෙමේ ඔහුට අකෝප්‍ය වූ ස්ථානාර්‍හ වූ ධාර්මිකකර්‍මයෙන් පළමු ඇවැතුන්ට අතර ඇවැතුන්ගේත් පසු ඇවැතුන්ට අතර ඇවැතුන්ගේත් මූලායපටිකස්සනය කෙරෙයි. දැහැමින් සමෝධානපරිවාසය දෙයි. දැහැමින් මානත දෙයි. දැහැමින් අබ්භානකර්‍මය කෙරෙයි. මහණෙනි, ඒ මහණ තෙමේ ඒ ආපත්තීන්ගෙන් විශුද්ධ වූයේ වේ යි.
දෙවන මූලායපටිකස්සනවිසුද්ධිනවකය නිමියේ ය.
සමුච්චයකඛන්‍ධකය තෙවැනි යි.
එහි උද්දානය:
අපටිච්ඡන්න ය, ඒකාහපටිච්ඡන්න ය, ද්වීහපටිච්ඡන්න ය, තීහපටිච්ඡන්නය, චතුහපටිච්ඡන්න ය, පඤ්චාහපටිච්ඡන්න ය, පක්ඛ- දසාහ- පටිච්ඡන්න ය යන ඇවැත් ද සුද්ධන්තපරිවාසය ද මුනීද්‍රයන් වහන්සේ වදාළ සේක.
වීබ්හන්තාදිවාර (සිවුසිය) ද, පරිමාණාදිවාර අට ද, ද්වේභික්ඛුවාර එකොළොසෙහි - ආපත්තිසඤ්ඤී ද, වෙමතික දෙදෙන ද, මිස්සකදිටඨි ද, මිස්සකයෙහි ගරුකදිට්ඨි ද,
මිස්සකයෙහි මිස්සකදිට්ඨි ද, සුද්ධකයෙහි ගරුකදිට්ඨි ද, සුද්ධදිට්ඨි ද, ආපත්තිඡාදනය ද, යලි පක්කමිත (මක්බධම්ම විසින් ආරෝචනා නො කිරීම) සමග -
උම්මත්තක හා (පාමොක්) දේසනා ද, මූලායපටිකස්සන - අවිසුද්ධි - විසුද්ධි (නවක තුන) ද යන මොහු තාම්‍රපර්ණිද්වීපප්‍රසාදක වූ මහාවිහාරවාසී විභජ්ජවාදී ආචාර්‍ය්‍යවරයන්ගේ ශාසනස්ථිතිය පිණිස වූ (චුල්ලවග්ගසමුච්චයකඛන්‍ධකයෙහි) වාචනාමාර්‍ගයෝ යි.
සමුච්වයක්බන්‍ධකය නිමි.
4.
සමථක්‌ඛන්‌ධකය
1. සම්මුඛාවිනය
එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ සැවත්නුවර සමීපයෙහි අනේපිඬු සිටුහුගේ දෙව්රම්හි වැඩ වසන සේක. එකල්හි සවග මහණහු නො හමු වූ මහණුන්ට තජ්ජනීය ද නියස්ස ද පබ්බාජනීය ද පටිසාරණීය ද උක්ඛේපනීය ද යන කර්‍ම කෙරෙත්. අපිස් වූ සතොස් වූ ලජ්ජි වූ කුකුස් ඇති යම් ඒ මහණහු වෙත් ද, ඔහු කෙසේ නම් සවගමහණහු නො හමු වූ භික්‍ෂූන්ට තජ්ජනීය කර්‍මයත් නියස්ස කර්‍මයත් පබ්බාජනීය කර්‍මයත් පටිසාරණීය කර්‍මයත් උක්ඛේපනීය කර්‍මයත් කෙරෙත් දැ? යි අවමන් කෙරෙත්. දොස් කියත්. නුගුණ පතුරුවත්.
ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැළ කළහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ ප්‍රකරණ (ප්‍රස්තාව)යෙහි භික්‍ෂූ සඞ්ඝයා රැස් කරවා භික්‍ෂූන් පිළිවිසි සේක:
මහණෙනි, සැබෑ ද? සවගමහණහු නො හමු වූ මහණුන්ට තජ්ජනීය කර්‍මයත් නියස්ස කර්‍මයත් පබ්බාජනීය කර්‍මයත් පටිසාරණීය කර්‍මයත් උක්ඛේපනීය කර්‍මයත් කෙරෙත් දැ යි. ‘භාග්‍යවතුන් වහන්ස, සැබව.’ භාග්‍යයවත් බුදුරජානන් වහන්සේ ගැරහූ සේක. මහණෙනි, ඒ හිස් පුරුෂයන්ගේ නො නිසි ක්‍රියායෙකි. අනුලොම් නො වූවෙකි. පිළිරූ නො වූවෙකි. නො මහණකමෙකි. නො කැප වූවෙකි. නො කට යුත්තෙකි. මහණෙනි, කෙසේ නම් ඒ හිස් පුරුෂයෝ නො හමු වූ මහණුන්ට තජ්ජනීය කර්‍මයත් නියස්ස කර්‍මයත් පබ්බාජනීය කර්‍මයත් පටිසාරණීය කර්‍මයත් උක්ඛේපනීය කර්‍මයත් කළාහු ද? මහණෙනි, මෙය නො පහන් වූවන්ගේ පැහැදීම පිණිස නො වේ. ගරහා ... දැහැමි කථා කොට භික්‍ෂූන් ඇමතූ සේක:
“මහණෙනි, මෙය හමු වූ මහණුන්ට තජ්ජනීය හෝ නියස්ස හෝ පබ්බාජනීය හෝ පටිසාරණීය හෝ උක්ඛේපනීය හෝ කර්‍මය නො කළ යුතු. යමෙක් කෙරේ නම් ඔහුට දුකුළා වේ”යි.
අධර්‍මවාදීනවකය:
අධම්මවාදී පුග්ගල ය, අධම්මවාදී සම්බහුල ය, අධම්මවාදී සඞ්ඝ ය, ධම්මවාදී පුග්ගල ය, ධම්මවාදී සම්බහුල ය, ධම්මවාදී සඞ්ඝ ය (යි මාතිකා සයෙකි.)
1. අධර්‍මවාදී පුද්ගල තෙමේ “මේ ධර්‍මය, මේ විනය ය, මේ ශාස්තෘශාසන ය, මෙය ගණුව, මෙය රුස්ව”සි ධර්‍මවාදී පුද්ගලයාට හඟවයි. සිතවයි. දක්වයි. පුනපුනා දක්වයි. පෙන්වයි. පුනපුනා පෙන්වයි. ඉදින් මෙසේ ඒ අධිකරණය සන්හිඳේ නම් සම්මුඛාවිනය පිළිරූ වූ නො දැහැමින් සන්හිඳෙයි.
2. අධර්‍මවාදී පුද්ගල තෙමේ “මේ ධර්‍ම ය, මේ විනය ය, මේ ශාස්තෘශාසන ය, මෙය ගණිවු, මෙය රුස්වවු”යි ධර්‍මවාදී බොහෝ මහණුන්ට හඟවයි. සිතවයි. දක්වයි. පුනපුනා දක්වයි. පෙන්වයි . පුනපුනා පෙන්වයි. ඉදින් මෙසේ ඒ අධිකරණය සන්හිඳේ නම් සම්මුඛ්බාවිනය පිළිරූ වූ නො දැහැමින් සන්හිඳෙයි.
3. අධර්‍මවාදී පුද්ගල තෙමේ “මේ දහම ය. මේ විනය ය මේ ශාස්තෘශාසන ය, මෙය ගණුව, මෙය රුස්ව”යි ධර්‍මවාදීසඞ්ඝයාට හඟවයි. සිතවයි. දක්වයි. පුනපුනා දක්වයි. පෙන්වයි. පුනපුනා පෙන්වයි. ඉදින් මෙසේ ඒ අධිකරණය සන්හිඳේ නම් සම්මුඛ්බාවිනය පිළිරූ වූ නො දැහැමින් සන්හිඳෙයි.
4. අධර්‍මවාදී බොහෝ මහණහු “මේ දහම ය. මේ විනය ය මේ ශාස්තෘශාසන ය, මෙය ගණුව, මෙය රුස්ව”යි ධර්‍මවාදී පුද්ගලයාට හඟවත්, සිතවත්. පුනපුනා දක්වත්. පෙන්වත්. පුනපුනා පෙන්වත්. ඉදින් මෙසේ ඒ අධිකරණය සන්හිඳේ නම් සම්මුඛාවිනය පිළිරූ වූ නො දැහැමින් සන්හිඳෙයි.
5. අධර්‍මවාදී බොහෝ මහණහු “මේ දහම ය. මේ විනය ය මේ ශාස්තෘශාසන ය, මෙය ගණිවු, මෙය රුස්වවු” යි ධර්‍මවාදී බොහෝ මහණුන්ට හඟවත්, සිතවත්. දක්වත්. පුනපුනා දක්වත් පෙන්වත්. පුනපුනා පෙන්වත්. ඉදින් මෙසේ ඒ අධිකරණය සන්හිඳේ නම් සම්මුඛ්බාවිනය පිළිරූ වූ නො දැහැමින් සන්හිඳෙයි.
6. අධර්‍මවාදී බොහෝ මහණහු “මේ දහම ය. මේ විනය ය මේ ශාස්තෘශාසන ය, මෙය ගණුව, මෙය රුස්ව” යි ධර්‍මවාදී සඞ්ඝයාට හඟවත්. සිතවත්. දක්වත්, පුනපුනා දක්වත් පෙන්වත් පුනපුනා පෙන්වත් . ඉදින් මෙසේ ඒ අධිකරණය සන්හිඳේ නම් සම්මුඛාවිනය පිළිරූ වූ නො දැහැමින් සන්හිඳේ.
7. අධර්‍මවාදී සඞ්ඝ තෙමේ “මේ දහම ය. මේ විනය ය මේ ශාස්තෘශාසන ය, මෙය ගණුව, මෙය රුස්ව”යි ධර්‍මවාදී පුඟුලාට හඟවයි සිතවයි. දක්වයි. පුනපුනා දක්වයි. පෙන්වයි. පුනපුනා පෙන්වයි. ඉදින් මෙසේ ඒ අධිකරණය සන්හිඳේ නම් සම්මුඛාවිනය පිළිරූ වූ නො දැහැමින් සන්හිඳේ.
8. අධර්‍මවාදී සඞ්ඝ තෙමේ “මේ දහම ය. මේ විනය ය මේ ශාස්තෘශාසන ය, මෙය ගණිවු. මෙය රුස්වවු”යි. ධර්‍මවාදී බොහෝ මහණුන්ට හඟවයි. සිතවයි. දක්වයි. පුනපුනා දක්වයි. පෙන්වයි. පුනපුනා පෙන්වයි. ඉදින් ඒ අධිකරණය මෙසේ සන්හිඳේ නම් සම්මුඛාවිනය පිළිරූ වූ නො දැහැමින් සන්හිඳේ.
9. අධර්‍මවාදී සඞ්ඝ තෙමේ “මේ දහම ය. මේ විනය ය මේ ශාස්තෘශාසන ය, මෙය ගණුව, මෙය රුස්ව” යි ධර්‍මවාදී සඞ්ඝයාට හඟවයි. සිතවයි. දක්වයි. පුනපුනා දක්වයි. පෙන්වයි. පුනපුනා පෙන්වයි. ඉදින් මෙසේ ඒ අධිකරණය සන්හිඳේ නම් සම්මුඛාවිනය පිළිරූ වූ නො දැහැමින් සන්හිඳේ යි.
අධර්‍මවාදීනවකය නිමි.
ධර්‍මවාදීනවකය
1. ධර්‍මවාදී පුද්ගල තෙමේ “මේ දහම ය. මේ විනය ය මේ ශාස්තෘශාසන ය, මෙය ගණුව, මෙය රුස්ව”යි අධර්‍මවාදී පුද්ගලයාට හඟවයි. සිතවයි. දක්වයි. පුනපුනා දක්වයි. බලවයි. පුනපුනා බලවයි. ඉදින් මෙසේ ඒ අධිකරණය සන්හිඳේ නම් සම්මුඛාවිනය වූ දැහැමින් සන්හිඳේ.
2. ධර්‍මවාදී පුද්ගල තෙමේ “මේ දහම ය මේ විනය ය මේ ශාස්තෘශාසන ය මෙය ගණිවු මෙය රුස්වවු” යි අධර්‍මවාදී බොහෝ මහණුන්ට හඟවයි. සිතවයි. පෙන්වයි. පුනපුනා පෙන්වයි. දක්වයි. පුනපුනා දක්වයි. ඉදින් මෙසේ ඒ අධිකරණය සන්හිඳේ නම් සම්මුඛාවිනය වූ දැහැමින් සන්හිඳේ.
3. ධර්‍මවාදී පුද්ගල තෙමේ “මේ දහම ය. මේ විනය ය මේ ශාස්තෘශාසන ය මෙය ගණුව මෙය රුස්ව”යි අධර්‍මවාදී සඞ්ඝයාට හඟවයි. සිතවයි. පෙන්වයි. පුනපුනා පෙන්වයි. දක්වයි. පුනපුනා දක්වයි. ඉදින් මෙසේ ඒ අධිකරණය සන්හිඳේ නම් සම්මුඛාවිනය දැහැමින් සන්හිඳේ.
4. ධර්‍මවාදී බොහෝ මහණහු “මේ දහම ය. මේ විනය ය මේ ශාස්තෘශාසන ය මෙය ගණුව මෙය රුස්ව”යි අධර්‍මවාදී පුද්ගලයාට හඟවත්. සිතවත්. පෙන්වත්. පුනපුනා පෙන්වත්. දක්වත්. පුනපුනා දක්වත්. ඉදින් මෙසේ ඒ අධිකරණය සන්හිඳේ නම් සම්මුඛාවිනය වූ දැහැමින් සන්හිඳේ.