Cullavagga

Lesser Division

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 3843 segments

පෙන්වන කොටස් 901-1000 න් 3843

3. වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. මේ උදායී මහණ තෙම පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට සඞ්ඝයාගෙන් පක්‍ෂ පිරිවෙස යැදී ය. සඞ්ඝ තෙම උදායී මහණහට පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්‍ෂ පිරිවෙස දුන්නේ ය. හේ පිරිවෙස වසනුයේ, පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට ඒ අතරැ පැමිණියේ ය. හේ සඞ්ඝයාගෙන් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව යැද්දේ ය. සඞ්ඝ තෙමේ පස් දිනක් පිළිසන් වූ අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කෙළේ ය. හේ සඞ්ඝයාගෙන් අතරැ අවන් පස් දිනක් පිළිසන් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පළමු ඇවත පටන් කොට සමෝධාන පිරිවෙස ඉල්ලයි. සඞ්ඝ තෙමේ උදායී මහණහට අතරැ අවන් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පළමු ඇවැත පටන් කොට සමෝධාන පිරිවෙස දෙයි. උදායී මහණහට අතරැ අවන් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැත සඳහා පළමු ඇවැත පටන් කොට පිරිවෙස දීම යම් ආයුෂ්මතක් හට රිසියේ නම් හේ නිහඬ වන්නේ ය. යමකුට නො රිසියේ නම්, හේ කියන්නේ ය.
දෙවනු ද මේ කරුණ කියමි ... තෙවනු ද මේ කරුණ කියමි ...
සඞ්ඝයා විසින් උදායී මහණහට පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැත සඳහා පළමු ඇවැත පටන් කොට සමෝධාන පිරිවෙස දෙන ලදි. සඞ්ඝයාට රිසියෙයි. මෙසේ මෙය දරමි”.
සමෝධාන පිරිවෙස නිමියේ ය.
16. මානත්තාරහමූලායපටිකස්සනාදිය
1. හේ වුසූ පිරිවෙස් ඇත්තේ මානතට යෝග්‍ය වැ සිටියේ, ඒ අතරැ පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හේ භික්‍ෂූනට “ඇවැත්නි, මම් පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි ... ඒ මම් වුසූ පිරිවෙස් ඇතියෙම්, මානතට යෝග්‍ය ව සිටියෙම්, පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට ඒ අතරැ පැමිණියෙමි. කෙසේ නම් මා විසින් පිළිපැද්ද යුතු දැ?” යි කීයේ ය. භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළ කළහ.
2. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:) එසේ වී නම් මහණෙනි, සඞ්ඝ තෙමේ උදායී මහණහට පස් දිනක් පිළිසන් වූ අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කොට පළමු ඇවැතට සමෝධාන පිරිවෙස දේවා. මහණෙනි, මෙසේ මූලායපටිකස්සනාව කළ යුතු ... මහණෙනි, පළමු ඇවැතට මෙසේ සමෝධාන පිරිවෙස දිය යුතු:
ව්‍යක්ත වූ ප්‍රතිබල මහණක්හු විසින් සංඝ තෙමේ දැන්විය යුතු:
3. “වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා ... සඞ්ඝ තෙමේ උදායී මහණහට අතරැ අවන් පස් දිනක් පිළිසන් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනා කොට පළමු ඇවැතට සමෝධාන පිරිවෙස දෙයි ... යම් ආයුෂ්මතක්හට රිසියේ නම් හේ නිහඬ වේවා. යමක් හට නොරිසියේ නම්, හේ කියාවා.
දෙවනු ද මේ කරුණ කියමි ... තෙවනු ද මේ කරුණ කියමි ...
සඞ්ඝයා විසින් උදායී මහණහට අතරැ අවන් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පළමු ඇවැත පටන් කොට සමෝධාන පිරිවෙස දෙන ලද්දේ ය. සඞ්ඝයාට රිසියෙයි. එහෙයින් නිහඬ ය. මෙසේ මෙය දරමි” යනු යි.
මානත්තාරහ මූලායපටිකස්සනාදිය නිමියේ ය.
17. තිකාපත්තික මානත
1. හේ වුසූ පිරිවෙස් ඇතියේ, භික්‍ෂූනට “ඇවැත්නි, මම පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් සඞ්ඝයාගෙන් පක්‍ෂයක් පිළිසන් ... එක් ඇවැතට පක්‍ෂ පිරිවෙස ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙමේ ... පක්‍ෂ පිරිවෙස දුන. ඒ මම් පිරිවෙස් වසනුයෙම් ඒ අතරැ පස් දිනක් පිළිසන් ... එක් ඇවැතකට පැමිණියෙමි. ඒ මම් සඞ්ඝයාගෙන් පස් දිනක් පිළිසන් අතරැ අවන් ... එක් ඇවැතට ... මූලායපටිකස්සනාව ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙමේ පස් දිනක් පිළිසන් අතරැ අවන් ... එක් ඇවැතට මූලායපටිකස්සනාව කෙළේ ය. ඒ මම් වුසූ පිරිවෙස් ඇතියෙම්, මානතට සුදුසු වූයෙම්, ඒ අතරැ පස් දිනක් පිළිසන් ... එක් ඇවැතකට පැමිණියෙමි. වහන්ස, ඒ මම් අතරැ අවන් පස් දිනක් පිළිසන් ... එක් ඇවැතට සඞ්ඝයාගෙන් පළමු ඇවැත හා එක් කොට සමෝධාන පිරිවෙස ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙමේ අතරැ අවන් පස් දිනක් පිළිසන් ... ඇවැතට ... සමෝධාන පිරිවෙස දුන. ඒ මම් වුසූ පිරිවෙස් ඇතියෙමි. මා විසින් කෙසේ නම් පිළිපැදිය යුතු දැ?” යි කීයේ ය. ඔහු භාග්‍යවතුන් වහන්සේට එ පවත් දැන්වූහ.
(භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:) “මහණෙනි, එසේ වී නම්, සඞ්ඝ තෙමේ උදායී මහණහට තුන් ඇවැත්නට සරැයෙක මානත දේවා. මහණෙනි, එය මෙසේ දිය යුතු: මහණෙනි, ඒ උදායී මහණහු විසින් සඞ්ඝයා කරා එළැඹ මෙය කිය යුතු: “වහන්ස, මම් පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි ... වහන්ස, ඒ මම් වුසූ පිරිවෙස් ඇතියෙම්, තුන් ඇවැත්නට සඞ්ඝයා ගෙන් සරැයක මානත යදිමි” යනු යි. දෙවනු ද ඉල්ලිය යුතු ... තෙවනු ද ඉල්ලිය යුතු.
2. ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් සඞ්ඝ තෙමේ (මෙසේ) දැන්වියැ යුතු:
“වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා: මේ උදායී මහණ තෙම පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය ... හේ වුසූ පිරිවෙස ඇතියේ තුන් ඇවැත්නට සඞ්ඝයා ගෙන් සරැයක මානත යදී. ඉදින් සඞ්ඝයාට මේ කර්‍මය ප්‍රාප්තකාල වේ නම්, සඞ්ඝ තෙම උදායී මහණහට තුන් ඇවැත්නට සරැයක මානත දෙන්නේ ය. මේ ඥප්තිය යි.
වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා: මේ උදායී මහණ තෙම පක්‍ෂයක් පිළිසන් වූ එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හේ වුසූ පිරිවෙස් ඇතියේ, තුන් ඇවැත්නට සඞ්ඝයාගෙන් සරැයක මානත යදී. සඞ්ඝ තෙමේ උදායී මහණහට තුන් ඇවැත්නට සරැයක මානත දෙයි. උදායී මහණහට තුන් ඇවැත්නට සරැයක මානත දීම යම් ආයුෂ්මතක් හට රිසියේ නම් හේ නිහඬ වේවා. යමක් හට නො රිසියේ නම් හේ කියාවා. දෙවනු ද මෙ කරුණ කියමි ... තෙවනු ද මෙ කරුණ කියමි ...
සඞ්ඝයා විසින් උදායී මහණහට තුන් ඇවැත්නට සරැයක මානත දෙන ලද්දේ ය. සඞ්ඝයාට රිසියෙයි. එ හෙයින් නිහඬ ය. මෙසේ මෙය දරමි” යනු යි.
තිකාපත්තික මානත නිමියේ ය.
18. මානත්තචාරිකමූලායපටිකස්සනාදිය
1. හෙ තෙම මානත පුරණුයේ, ඒ අතරැ පස්දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හේ මහණුනට “ඇවැත්නි, මම පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි ... ඒ මම් මානත පූරණයෙම් අතරෙහි පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. කෙසේ නම් මා විසින් පිළිපැද්ද යුතු දැ?” යි කීයේ ය. ඒ මහණහු මේ පවත් භාගසවතුන් වහන්සේට සැළ කළහ. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:) මහණෙනි, එසේ වී නම්, සඞ්ඝ තෙන්ම උදායී මහණහට අතරැ අවන් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කොට, පළමු ඇවැතට සමෝධාන පිරිවෙස දී, සරැයක මානත දේවා.
2. මහණෙනි, මෙසේත් මූලායපටිකස්සනාව කළ යුතු ... මහණෙනි, මෙසේත් පළමු ඇවැතට සමෝධාන පිරිවෙස දියැ යුතු ... මහණෙනි, මෙසේත් සරැයක මානත දියැ යුතු ... සඞ්ඝ තෙමේ උදායී මහණහට සරැයෙක මානත දෙයි ...
සඞ්ඝයා විසින් උදායී මහණහට අතරැ අවන් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට සරැයක මානත දෙන ලදි. සඞ්ඝයාට රිසියෙයි. එ හෙයින් නිහඬ ය. මෙසේ මෙය සලකමි යනු යි.
මානත්තචාරික මූලායපටිකස්සනාදීහු නිමියහ.
19. අබ්භානාරහමූලායපටිකස්සනාදිය
1. හේ පිරූ මානත ඇතියේ, අබ්භානයට යෝග්‍ය වැ සිටියේ, පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම භික්‍ෂූනට “ඇවැත්නි, මම් පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි ... ඒ මම් පිරූ මානත ඇතියෙම්, අබ්භානයට යෝග්‍ය වූයෙම්, ඒ අතරැ පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. කෙසේ නම් මා විසින් පිළිපැද්ද යුතු දැ?” යි සැළ කෙළේ ය. ඔහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් දැන්වූහ. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:) “එසේ නම් මහණෙනි, සඞ්ඝ තෙමේ උදායී මහණහට පස් දිනක් පිළිසන්, අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කොට පළමු ඇවැතට සමෝධාන පිරිවෙස දී සරැයක මානත දේවා. මහණෙනි, මෙසේ ම මූලායපටිකස්සනාව කළ යුතු ... මහණෙනි, මෙසේ ම පළමු ඇවැතට සමෝධාන පිරිවෙස දිය යුතු ... මහණෙනි, මෙසේ ම සරැයක මානත දිය යුතු ... සඞ්ඝ තෙමේ උදායී මහණට සරැයක මානත දෙයි ...
සඞ්ඝයා විසින් උදායී මහණහට පස් දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් මානත දෙන ලද්දේ ය. සඞ්ඝයාට රිසියෙයි. එහෙයින් නිහඬ ය. මෙසේ මෙය සලකමි” යනු යි.
අබ්භානාරහ මූලායපටිකස්සනාදීහු නිමියහ.
20. පක්ඛපටිච්ඡන්න අබ්භානය
1. හෙ තෙමේ පිරූ මානත ඇතියේ, මහණුනට “ඇවැත්නි, මම් පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම පිරූ මානත ඇතියෙමි. කෙසේ නම් මා විසින් පිළිපැදිය යුතු දැ?” යි සැළ කෙළේ ය. ඔහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් දැන්වූහ. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:) “මහණෙනි, එසේ නම් සඞ්ඝ තෙමේ උදායී මහණහට අබ්භානය කෙරේවා.
2. මහණෙනි, මෙසේ අබ්භානය කටයුතු ය: “මහණෙනි, ඒ උදායී මහණහු විසින් සඞ්ඝයා වෙත එළඹ උතුරුසඟ එකස් කොට වැඩි මහලු භික්‍ෂූන්ගේ පා වැඳ උත්කුටුකව හිඳ, දොහොත් මුදුන් තබා, මෙසේ කිය යුතු වන්නේ ය: “වහන්ස, මම් පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් සඞ්ඝයා (ගෙන්) පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පක්‍ෂපරිවාසය යැදීමි. ඒ මට සඞ්ඝ තෙම පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්‍ෂපරිවාසය දුන්නේ ය. ඒ මම් පිරිවෙස වසන්නෙම්, එයතුරෙහි පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙම් ඒ මම් සඞ්ඝයා (ගෙන්) පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි අතුරු ඇවැතට මූලායපටිකස්සනාව යැදීමි. ඒ මට සඞ්ඝයා පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි අතුරු ඇවැතට මූලායපටිකස්සනාව කෙළේ ය. ඒ මම් සඞ්ඝයා (ගෙන්) පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි අතුරු ඇවැත සඳහා පළමු ඇවැත පටන් කොට සමෝධාන පිරිවෙස යැදීමි. ඒ මට සඞ්ඝ තෙම පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි අතුරු ඇවැත සඳහා පළමු ඇවැත පටන් කොට සමෝධාන පිරිවෙස දුන්නේ ය. ඒ මම් වුසූ පිරිවෙස් ඇතියෙම්, මානතට යෝග්‍ය වැ සිටියෙම් එයතරැ පස් දිනක් පිළිසන් වූ එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් සඞ්ඝයා (ගෙන්) පස් දිනක් පිළිසන් වූ අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව යැදීමි. ඒ මට සඞ්ඝ තෙමේ පස් දිනක් පිළිසන් වූ අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කෙළේ ය. ඒ මම් සඞ්ඝයා (ගෙන්) පස් දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැත සඳහා පළමු ඇවැත පටන් කොට සමෝධාන පිරිවෙස යැදීමි. ඒ මට සඞ්ඝ තෙමේ පස් දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැත පටන් කොට සමෝධාන පිරිවෙස දුන්නේ ය. ඒ මම් වුසූ පිරිවෙස ඇතියෙම්, සඞ්ඝයා (ගෙන්) තුන් ඇවැත්නට සරැයක මානත යැදීමි. ඒ මට සඞ්ඝ තෙමේ තුන් ඇවැත්නට සරැයක මානත දුන්නේ ය. ඒ මම මානත පුරණුයෙම්, අතරැ පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් අතරැ අවන් පස් දිනක් පිළිසන් ඒ සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට සඞ්ඝයා (ගෙන්) මූලායපටිකස්සනාව යැදීමි. ඒ මට සඞ්ඝ තෙමේ අතරැ අවන් පස් දිනක් පිළිසන් ඒ සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කෙළේ ය.
“ඒ මම් සංඝයා (ගෙන්) අතරැ අවන් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැත සඳහා පළමු ඇවැත පටන් කොට සමෝධාන පිරිවෙස යැදීමි. ඒ මට සඞ්ඝ තෙමේ පස් දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැත සඳහා පළමු ඇවැතට සමෝධාන පිරිවෙස දුන්නේ ය. ඒ මම් සඞ්ඝයා (ගෙන්) පස් දිනක් පිළිසන් වූ අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට සරැයක මානත යැදීමි. ඒ මට සඞ්ඝ තෙමේ පස් දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට සරැයක මානත දුන්නේ ය. ඒ මම් පිරූ මානත ඇතියෙමි, අබ්භානයට යෝග්‍ය වැ සිටියෙම්, පස් දිනක් පිළිසන් වූ සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට අතරැ පැමිණියෙමි. ඒ මම් සඞ්ඝයා (ගෙන්) පස් දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව යැදීමි. ඒ මට සඞ්ඝ තෙමේ පස්දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායාපටිකස්සනාව කෙළේ ය. ඒ මම සඞ්ඝයා (ගෙන්) පස් දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැත සඳහා පළමු ඇවැත පටන් කොට සමෝධාන පිරිවෙස යැදීමි. ඒ මට් සඞ්ඝ තෙමේ පස් දිනක් පිළිසන් වූ අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැත සඳහා පළමු ඇවත පටන් කොට සමෝධාන පිරිවෙස දුන්නේ ය. ඒ මම් සඞ්ඝයාගෙන් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි අතුරු ඇවැතට සරැයක මානත යැදීමි. ඒ මට සඞ්ඝ තෙමේ පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි අතුරු ඇවැතට සරැයක මානත දුන්නේ ය. වහන්ස, ඒ මම් පිරූ මානත ඇතියෙම්, සඞ්ඝයයා (ගෙන්) අබ්භානය යදිමි”යනු යි.
දෙවනු ද ඉල්ලිය යුතු. තෙවනු ද ඉල්ලිය යුතු.
3. ව්‍යක්ත වූ ප්‍රතිබල මහණක්හු විසින් සඞ්ඝ තෙමේ මෙසේ දැන්වියැ යුතු.
“වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. මේ උදායී මහණ තෙම පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හේ සඞ්ඝයා (ගෙන්) පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්‍ෂපරිවාසය යැදී ය. සඞ්ඝ තෙමේ උදායී මහණහට පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්‍ෂපරිවාසය දුන්නේ ය. හේ පිරිවෙස වසන්නේ ඒ අතරැ පස් දිනක් පිළිසන් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හේ සඞ්ඝයා (ගෙන්) පස් දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව යැද්දේ ය.
සඞ්ඝ තෙමේ උදායී මහණහට පස් දිනක් පිළිසන්, අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කෙළේ ය. හේ සඞ්ඝයා (ගෙන්) පස් දිනක් පිළිසන්, අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැත සඳහා පළමු ඇවැත පටන් කොට සමෝධාන පිරිවෙස යැද්දේ ය. සඞ්ඝ තෙමේ උදායී මහණහට පස් දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැත සඳහා පළමු ඇවැත පටන් කොට සමෝධාන පිරිවෙස දුන්නේ ය. හේ වුසූ පිරිවෙස ඇත්තේ, මානතට යෝග්‍ය වැ සිටියේ, එයතරැ පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හේ සඞ්ඝයා (ගෙන්) පස් දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලාපටිකස්සනාව යැදී ය. සඞ්ඝ තෙමේ උදායී මහණහට පස් දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කෙළේ ය. හෙ තෙම් සඞ්ඝයා (ගෙන්) පස් දිනක් පිළිසන්, අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැත සඳහා පළමු ඇවැත පටන් කොට සමෝධාන පිරිවෙස යැද්දේ ය. සඞ්ඝ තෙමේ උදායී මහණහට පස් දිනක් පිළිසන්, අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැත සඳහා පළමු ඇවැත පටන් කොට සමෝධාන පිරිවෙස දුන්නේ ය. හේ වුසූ පිරිවෙස ඇතියේ, සඞ්ඝයා (ගෙන්) තුන් ඇවැත්නට සරැයෙක මානත යැද්දේ ය. සඞ්ග තෙමේ උදායී මහණහට තුන් ඇවැත්නට සරැයෙක මානත දුන්නේ ය.
හේ මානත පුරණුයේ, එයතරැ පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හේ සඞ්ඝයා (ගෙන්) පස් දිනක් පිළිසන්, අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව යැද්දේ ය. සඞ්ඝ තෙමේ උදායී මහණහට පස් දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කෙළේ ය. හෙ තෙමේ සඞ්ඝයා (ගෙන්) පස් දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැත සඳහා පළමු ඇවැත පටන් කොට සමෝධාන පිරිවෙස යැද්දේය. සඞ්ඝ තෙමේ උදායී මහණහට පස් දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැත සඳහා පළමු ඇවැත පටන් කොට සමෝධාන පිරිවෙස දුන්නේ ය. හේ වුසූ පිරිවෙස ඇත්තේ සඞ්යා (ගෙන්) පස් දිනක් පිළිසන්, අතරැ අවන් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට සරැයෙක මානත යැද්දේ ය. සඞ්ඝ තෙම උදායී මහණහට පස් දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට සරැයෙක මානත දුන්නේ ය. හේ පිරූ මානත ඇතියේ, අබ්භානයට යෝග්‍ය වැ සිටියේ, එයතරු පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හේ සඞ්ඝයා (ගෙන්) පස් දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව යැද්දේ ය. සඞ්ඝ තෙමේ උදායී මහණහට පස් දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලාසපටිකසනාව කෙළේ ය. හේ සඞ්ඝයා (ගෙන්) පස් දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැත සඳහා පළමු ඇවැත පටන් කොට සමෝධාන පිරිවෙස යැද්දේ ය.
සඞ්ඝ තෙමේ උදායී මහණහට පස් දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැත සඳහා පළමු ඇවැත පටන් කොට සමෝධාන පිරිවෙස දුන්නේ ය. හේ සඞ්ඝයා (ගෙන්) පස් දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට සරැයෙක මානත යැද්දේ ය. සඞ්ඝ තෙමේ උදායී මහණහට පස් දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට සරැයෙක මානත දුන්නේ ය. හේ පිරූ මානත ඇතියේ, සඞ්ඝයාගෙන් අබ්භානය ඉල්ලයි. ඉදින් සඞ්ඝයාට මේ කර්‍මය ප්‍රාප්තකාල වේ නම් සඞ්ඝ තෙමේ උදායී මහණහට අබ්භානය කරන්නේ ය. මේ ඥප්තිය යි.
සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා; මේ උදායී මහණ තෙම පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය ... හේ පිරූ මානත ඇත්තේ, සඞ්ඝයා (ගෙන්) අබ්භානය යදී. සඞ්ඝ තෙමේ උදායී මහණහට අබ්භානය කෙරෙයි. යම් ආයුෂ්මතක්හට උදායී මහණහු පිළිබඳ අබ්භානය රිසියේ නම්, හේ නිහඬ වේවා. යමක් හට නො රිසියේ නම්, හේ කියාවා.
දෙවනුවද මෙ කරුණ කියමි ... තෙවනුව ද මෙ කරුණ කියමි ...
සඞ්ඝයා විසින් උදායී මහණ තෙම් අබ්භිත ය. සඞ්ඝයාට ඒ රිසියෙයි. එහෙයින් නිහඬ ය. මෙසේ මෙය සලකමි” යනු යි.
පක්ඛපටිච්ඡන්න අබ්භානය නිමියේ ය.
සුක්කවිසට්ඨි ඇවැතට පිළියම් සමාප්ත ය.
2. පිරිවෙස
1. අග්ඝසමෝධාන පිරිවෙස
1. එ සමයෙහි එක්තරා මහණෙක් බොහෝ සඟවෙසෙස් ඇවැත් අවන්නේ වෙයි. එක් ඇවැතෙක් එක් දිනක් පිළිසන් ය. එක් ඇවැතෙක් දෙදිනක් පිළිසන් ය. එක් ඇවැතෙක් තෙදිනක් පිළිසන් ය. එක් ඇවැතෙක් සිවුදිනක් පිළිසන් ය. එක් ඇවැතෙක් පස්දිනක් පිළිසන් ය. එක් ඇවැතෙක් සදිනක් පිළිසන් ය. එක් ඇවැතෙක් සත් දිනක් පිළිසන් ය. එක් ඇවැතෙක් අටදිනක් පිළිසන් ය. එක් ඇවැතෙක් නවදිනක් පිළිසන් ය. එක් ඇවැතෙක් දසදිනක් පිළිසන් ය.
2. හෙ තෙම “ඇවැත්නි, මම බොහෝ සඟවෙසස් ඇවැත්වලට පැමිණියෙමි. එක් ඇවැතෙක් එක් දිනක් පිළිසන් ය ... එක් ඇවැතෙක් දසදිනක් පිළිසන් ය. මා විසින් කෙසේ පිළිපැදිය යුතු දැ?” යි මහණුනට සැළ කෙළේ ය. ඔහු භාග්‍යවතුන් වහන්සේට මෙ කරුණ සැළ කළහ. (භාග්‍යවතුන් වහන්සේ මේ වදාළහ:) “මහණෙනි, එසේ නම් සංඝ තෙම ඒ මහණහට ඒ ඇවැත් අතුරෙන් යම් ඇවැතෙක් දසදිනක් පිළිසන් ද, ඒ ඇවැතේ අගයෙන් (ඒ ඇවැතේ ප්‍රමාණයෙන්) සමෝධාන පරිවාසය දේවා. මහණෙනි, එය මෙසේ දිය යුතු: මහණෙනි, ඒ මහණහු විසින් සංඝයා වෙත එළඹ මෙසේ කිය යුතු: “වහන්ස මම බොහෝ සඟවෙසෙස් ඇවැත් වලට පැමිණියෙමි. එක් ඇවැතෙක් එක් දිනක් පිළිසන් ය ... එක් ඇවැතෙක් දසදිනක් පිළිසන් ය. වහන්ස, ඒ මම ඒ ඇවැත් අතුරෙන් යම් ඇවැතෙක් දස දිනක් පිළිසන් ද, ඒ ඇවැතේ අගයෙන් සමෝධාන පරිවාසය සඟහු යදිමි” යනුයි. දෙවනුත් යැදිය යුතු ... තෙවනුත් යැදිය යුතු.
3. ව්‍යක්ත ප්‍රතිබල මහණකු විසින් සඞ්ඝයා දැන්විය යුතු:
“වහන්ස, සඞ්ඝ තෙම මාගේ වචනය අසාවා: මෙ නම් ඇති මේ මහණ බොහෝ සඟවෙසෙස් ඇවැත්වලට පැමිණියේ ය. එක් දිනක් පිළිසන් එක් ඇවැතෙකි … එක් ඇවැතෙක් දසදිනක් පිළිසන් ය. හෙ තෙම ඒ ඇවැත් අතුරෙන් යම් ඇවැතෙක් දසදිනක් පිළිසන් ද, ඒ ඇවැතේ අගයෙන් සමෝධාන පිරිවෙස සඟහු යදියි. ඉදින් සඞ්ඝයාට ප්‍රාප්තකාල කර්‍මයෙක් වී නම්, සඞ්ඝ තෙම් මේ නම් භික්‍ෂූහට ඒ ඇවැත් අතුරෙන් යම් ඇවැතෙක් දස දිනක් පිළිසන් ද, ඒ ඇවැතේ අගයෙන් සමෝධාන පරිවාසය දෙන්නේ ය. මේ ඥප්තිය ය.
වහන්ස, සඞ්ඝ තෙම මාගේ වචනය අසාවා: මෙනම් මහණ තෙම බොහෝ සහ වෙසෙස් ඇවැත්වලට පැමිණියේ ය. එක් ඇවැතෙක් එක් දිනක් පිළිසන් ය ... එක් ඇවැතෙක් දසදිනක් පිළිසන් ය. ඒ මහණ එ ඇවැත් අතුරෙන් යම් ඇවැතෙක් දස දිනක් පිළිසන් ද, එ ඇවැතේ අගයෙන් සමෝධාන පරිවාසය සඟහු යදී. සඞ්ඝ තෙම මෙ නම් මහණහට යම් ඇවැතෙක් දසදිනක් පිළිසන් ද, ඒ ඇවැතේ අගයෙන් සමෝධාන පරිවාසය දෙයි. මෙ නම් ඇති මහණහට ඒ ඇවැත් අතුරෙන් යම් ඇවැතෙක් දසදිනක් පිළිසන් ද, ඒ ඇවැතේ අගයෙන් සමෝධාන පරිවාසදානය යම් ආයුෂ්මතකුට අභිමත නම්, හෙ තෙම නිහඬ වේවා, යමකුට අනභිමත නම් හෙ තෙම කියාවා.
දෙවනුත් මේ කරුණ කියමි ... තෙවනුත් මෙ කරුණ කියමි ...
සඞ්ඝයා විසින් මෙනම් මහණහට ඒ ඇවැත් අතුරෙන් යම් ඇවැතෙක් දසදිනක් පිළිසන් ද, ඒ ඇවැතේ අගයෙන් (ප්‍රමාණයෙන්) සමෝධාන පරිවාසය දෙන ලදී. සඞ්ඝයාට එය රිසියෙයි. එහෙයින් නිහඬ ය. මේ කරුණ මෙසේ පිළිගණිමි.”
අග්ඝසමෝධානය පරිවාසය නිමි.
2. චිරපටිච්ඡන්නඅග්ඝසමෝධාන පිරිවෙස
1. එ සමයෙහි එක්තරා මහණෙක් බොහෝ සඟවෙසෙස් ඇවැත්වලට පැමිණියේ ය. එක් ඇවැතෙක් එක් දිනක් පිළිසන් ය. දෙ ඇවැතෙක් දෙදිනක් පිළිසන් ය. තුන් ඇවැතෙක් තෙදිනක් පිළිසන් ය. සිවු ඇවැතෙක් සිවු දිනක් පිළිසන් ය. ඇවැත් පසෙක් පස් දිනක් පිළිසන් ය. ඇවැත් සයෙක් සදිනක් පිළිසන් ය. ඇවැත් සතෙක් සත් දිනක් පිළිසන් ය. ඇවැත් අටෙක් අට දිනක් පිළිසන් ය. ඇවැත් නවයෙක් නව දිනක් පිළිසන් ය. ඇවැත් දසයෙක් දස දිනක් පිළිසන් ය.
2. හෙ තෙම “ඇවැත්නි, මම් බොහෝ සඟවෙසෙස් ඇවැත්වලට පැමිණියෙමි. එක් ඇවැතෙක් එක් දිනක් පිළිසන් ය ... ඇවැත් දසයෙක් දසදිනක් පිළිසන් ය. මා විසින් කෙසේ පිළිපැදිය යුතු දැ?” යී මහණනුනට කී ය. ඔහු භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැළ කළහ. “මහණෙනි, එසේ නම් සඞ්ඝ තෙමේ ඒ මහණහට ඒ ඇවැත් අතුරෙන් හැමට වැඩිකල් පිළිසන් යම් ඇවැත්හු වෙද්ද, ඒ ඇවැත්වල අගයෙන් සමෝධාන පිරිවෙස දේවා. මහණෙනි, සමෝධාන පිරිවෙස මෙසේ දිය යුතු: මහණෙනි, ඒ මහණ විසින්, සඞ්ඝයා වෙත එළැඹ උතුරුසඟ එකස් කොට පෙරෙවැ ... මෙසේ කිය යුතු: “වහන්ස, මම බොහෝ සඟවෙසෙස් ඇවැත් අවන්මි. එක් ඇවැතෙක් එක් දිනක් පිළිසන් ය ... දස ඇවැතෙක් දසදිනක් පිළිසන් ය. වහන්ස, ඒ මම් ඒ ඇවැත් අතුරෙන් යම් ඇවැත්හු හැමට වැඩිකල් පිළිසන් වූහු ද, ඒ ආපත්තීන්ගේ අගයෙන් සමෝධාන පරිවාසය සඞ්ඝයා යදිමි”යනු යි. දෙවනුත් යැදිය යුතු: ... තෙවනුත් යැදිය යුතු.
3. ව්‍යක්ත ප්‍රතිබල මහණකු විසින් සඞ්ඝයා මෙසේ දැන්විය යුතු:
“වහන්ස, සඞ්ඝ තෙම මාගේ වචනය අසාවා. මෙ නම් ඇති මේ භික්‍ෂු තෙම බොහෝ සඟවෙසෙස් ඇවැත් අවන් ය. එක් ඇවැතෙක් එක් දිනක් පිළිසන් ය ... දස ඇවැතක් දසදිනක් පිළිසන් ය. හෙ තෙම ඒ ඇවැත් අතුරෙන් යම් ඇවැත් හැමට වැඩිකල් පිළිසන් ද, ඒ ආපත්තීන්ගේ අගයෙන් සමෝධාන පරිවාසය සඞ්ඝයා යදියි. ඉදින් කර්‍මය සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම්, සඞ්ඝ තෙමේ මෙ නම් භික්‍ෂූහට ඒ ඇවැත් අතුරෙන් යම් ඇවැත් හැමට වැඩිකල් පිළිසන් ද, ඒ ආපත්තීන්ගේ අගයෙන් සමෝධාන පරිවාසය දෙන්නේ ය. මේ ඥප්තිය ය.
වහන්ස, සඞ්ඝ තෙම මාගේ වචනය අසාවා. මේ නම් ඇති මෙ මේ භික්‍ෂූ තෙම බොහෝ සඟවෙසෙස් ඇවැත් අවන් ය. එක් ඇවැතෙක් එක් දිනක් පිළිසන්ය ... දස ඇවැතෙක් දස දිනක් පිළිසන් ය. හෙ තෙම ඒ ඇවැත් අතුරෙන් යම් ඇවැත් හැමට වැඩිකල් පිළිසන් ද, ඒ ආපත්තීන්ගේ අගයෙන් සමෝධාන පරිවාසය යදියි.
සඞ්ඝ තෙම මෙ නම් භික්‍ෂූහට ඒ ඇවැත් අතුරෙන් යම් ඇවැත් හැමට වැඩිකල් පිළිසන් ද, ඒ ආපත්තීන්ගේ අගයෙන් සමෝධාන පරිවාසය දෙයි. යම් ආයුෂ්මතකුට මෙ නම් ඇති භික්‍ෂූහට ඒ ඇවැත් අතුරෙන් යම් ඇවැත්හු හැමට වැඩිකල් වැසුනාහු ද ඒ ආපත්තීන්ගේ අගයෙන් සමෝධාන පරිවාසයාගේ දීම අභිමත නම්, හෙ තෙම නිහඬ වේවා. යමකුට අනභිමත නම් හෙතෙම කියාවා.
දෙවනුත් මේ කරුණ කියමි ... තෙවනුත් මේ කරුණ කියමි ...
සඞ්ඝයා විසින් මෙ නම් ඇති භික්‍ෂූහට ඒ ඇවැත් අතුරෙන් යම් ඇවැත්හු හැමට වැඩිකල් වැසුනෝ ද, ඒ ආපත්තීන්ගේ අගයෙන් සමෝධාන පරිවාසය දෙන ලදී. සඞ්ඝයාට එය අභිමත යි. එහෙයින් නිහඬ ය. මේ කරුණ මෙසේ දරමි (පිළිගණිමි).
අග්ඝසමෝධානය නිමි.
3. දෙමස් පිරිවෙස
1. එ කල්හි එක්තරා මහණෙක් දෙමසක් පිළිසන්වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියේ වෙයි. ඒ භික්‍ෂූහට “මම් වනාහි දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. මම් දෙමසක් පිළිසන් වූ එක් ඇවැතකට දෙමස්පිරිවෙස සඞ්ඝයා යදින්නෙම් නම් යෙහෙකැ” යි මේ සිත විය. හෙ තෙම දෙමසක් පිළිසන් වූ එක් ඇවැතකට දෙමස්පිරිවෙස සඟහු යැදී ය. සඞ්ඝ තෙමේ ඒ භික්‍ෂූහට දෙමසක් පිළිසන් වූ එක් ඇවැතකට දෙමස් පිරිවෙස දුන පිරිවෙස් පුරණ ඔහුට ලජ්ජිධර්‍මය පහළවිය: “මම් වනාහි දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. ඒ මට - මම් දෙමසක් පිළිසන් වූ එක් ඇවැතකට දෙමසක් පිරිවෙස සඞ්ඝයා යදින්නෙම් නම් යෙහෙකැයි මේ සිත උපන. ඒ මම දෙමසක් පිළිසන් වූ එක් ඇවැතකට දෙමස්පිරිවෙස සඞ්ඝයාගෙන් ඉල්ලීමි. සඞ්ඝ තෙම දෙමසක් පිළිසන් වූ එක් ඇවැතකට දෙමස් පිරිවෙස ඒ මට දුන්නේ ය. පිරිවෙස් පුරණ මට - මම දෙමසක් පිළිසන් වූ අන් ඇවැතට ද දෙමස් පිරිවෙස සඞ්ඝයා යදින්නෙම් නම් යෙහෙකැ”යි. ලජ්ජීධර්‍මය පහළ විය.
2. ඒ භික්‍ෂූ තෙම භික්‍ෂූන්හට මෙසේ කීය. “ඇවැත්නි, මම් දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. ඒ මට ‘මම් වනාහි දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. ඒ මම් දෙමසක් පිළිසන් එක් ඇවැතකට දෙමස් පිරිවෙස සඟහු යදින්නෙම් නම් යෙහෙකැ’යි මේ සිත විය. ඒ මම් දෙමසක් පිළිසන් එක් ඇවැතකට දෙමස්පිරිවෙස සඞ්ඝයා යැදීමි. ඒ මට සඞ්ඝ තෙමේ දෙමසක් පිළිසන් එක් ඇවැතට දෙමස් පිරිවෙස දුන. පිරිවෙස් පුරණ ඒ මට ‘මම් වනාහි දෙමසක් පිළිසන් වූ, සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි’ යි ලජ්ජීධර්‍මය පහළවිය. මම් දෙමසක් පිළිසන් එක් ඇවැතකට දෙමස්පිරිවෙස සඟහු යදින්නෙම් නම් යෙහෙකැ’ යි මේ සිත විය.
ඒ මම් දෙමසක් පිළිසන් වූ එක් ඇවැතකට දෙමස්පිරිවෙස සඞ්ඝයා යැදීමි. ඒ මට සඞ්ඝ තෙමේ දෙමසක් පිළිසන් එක් ඇවැතකට දෙමස්පිරිවෙස දුන. පිරිවෙස් පුරණ ඒ මට ලජ්ජීධර්‍මය පහළ විය: ‘මම් දෙමසක් පිළිසන් වූ අන් ඇවතකටත් දෙමස්පිරිවෙස සඞ්ඝයා යදින්නෙම් නම් යෙහෙකි’ යි. මා විසින් කෙසේ පිළිපැදිය යුතු දැ? යි.
3. ඔහු භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැළ කළහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: මහණෙනි, එසේ නම් සඞ්ඝ තෙමේ ඒ භික්‍ෂූහට දෙමසක් පිළිසන්වූ අනිත් ඇවැතට ද දෙමස්පිරිවෙස දේවා. මහණෙනි, (ඒ දෙමස්පිරිවෙස ද) මෙසේ දිය යුතු: මහණෙනි, ඒ මහණ විසින් සඞ්ඝයා වෙත එළැඹ උතුරුසඟ එකස් කොට පෙරෙව වැඩි මහලු භික්‍ෂූන්ගේ පා වැඳ උත්කුටුක ව හිඳ ඇඳිලි බැඳ, මෙසේ කිය යුතු: “වහන්ස, මම දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. ඒ මට ‘මම් වනාහි දෙමසක් පිළිසන් සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. මම් දෙමසක් පිළිසන් එක් ඇවැතකට දෙමසක් පිරිවෙස යදින්නෙම් නම් යෙහෙකැ’ යි මේ සිත විය. ඒ මම් දෙමසක් පිළිසන් එක් ඇවැතකට දෙමසක් පිරිවෙස සඞ්ඝයා යැදීමි. සඞ්ඝ තෙම දෙමසක් පිළිසන් වූ එක් ඇවැතකට දෙමසක් පිරිවෙස ඒ මට දුන. පිරිවෙස් වසන ඒ මට ‘මම් වනාහි දෙමසක් පිළිසන් සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි යි ලජ්ජීධර්‍මය පහළ විය’. ඒ මට මේ සිත විය: ‘මම් දෙමසක් පිළිසන් සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. ඒ මම් දෙමසක් පිළිසන් එක් ඇවැතකට දෙමසක් පිරිවෙස සඞ්ඝයා යදින්නෙම් නම් යෙහෙකැ’ යි. ඒ මම් දෙමසක් පිළිසන් එක් ඇවැතකට දෙමස්පිරිවෙස සඞ්ඝයා යැදීමි. සඞ්ඝ තෙමේ දෙමසක් පිළිසන් එක් ඇවැතකට දෙමස්පිරිවෙස ඒ මට දුන. පිරිවෙස් පුරණ ඒ මට “මම දෙමසක පිළිසන් ඉතිරි ඇවැතටත් දෙමස් පිරිවෙස සඞ්ඝයා යදින්නෙම් නම් යෙහෙකැ’යි ලජ්ජිධර්‍මය පහළ විය. වහන්ස, ඒ මම් දෙමසක් පිළිසන් ඉතිරි ඇවැතටත් දෙමස්පිරිවෙස සඞ්ඝයා යදිමි”යි දෙවනුත් යැදිය යුතු තෙවනුත් යැදිය යුතු.
4. ව්‍යක්ත ප්‍රතිබල මහණකු විසින් සඞ්ඝයා දැන්විය යුතු:
“වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. මේ නම් භික්‍ෂූ තෙම දෙමසක් පිළිසන් සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියේ ය. ඒ භික්‍ෂූහට ‘මම් වනාහි දෙමසක් පිළිසන් සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. මම දෙමසක් පිළිසන් එක් ඇවැතකට දෙමසක් පිරිවෙස සංඝයා යදින්නෙම් නම් යෙහෙකැ’යි මේ සිත විය. හේ දෙමසක් පිළිසන් එක් ඇවැතකට දෙමසක් පිරිවෙස සඞ්ඝයා යැදී ය. සඞ්ඝ තෙමේ දෙමසක් පිළිසන් එක් ඇවැතකට දෙමස්පිරිවෙස ඔහුට දුන. පිරිවෙස් පුරණ ඒ භික්‍ෂූහට ‘මම් වනාහි දෙමසක් පිළිසන් සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි’ යි. ලජ්ජීධර්‍මය පහළ විය. ඒ මට ‘මම් වනාහි දෙමසක් පිළිසන් වූ සඟවෙසේ ඇවැත් දෙකකට පැමිණියෙමි. මම දෙමසක් පිළිසන් වූ එක් ඇවැතකට දෙමස් පිරිවෙස යදින්නෙම් නම් යෙහෙකි’ යි මේ සිත විය. ඒ මම් දෙමසක් පිළිසන් එක් ඇවැතකට දෙමස්පිරිවෙස සඞ්ඝයා යැදීමි.
සඞ්ඝ තෙමේ ඒ මට දෙමසක් පිළිසන් එක් ඇවැතකට දෙමස් පිරිවෙස දුන්නේ ය. පිරිවෙස් පුරණ ඒ මට ‘මම දෙමසක් පිළිසන් අනිත් ඇවැතට ද දෙමස් පිරිවෙස සඞ්ඝයා යදින්නෙම් නම් යෙහෙකැ’යි ලජ්ජීධර්‍මය පහළ විය. හෙතෙම දෙමසක් පිළිසන් අනිත් ඇවැතට ද දෙමස් පිරිවෙස සඞ්ඝයා යදීයී. ඉඳින් සඞ්ඝයාට පැමිණිකල් ඇත්තේ නම්, සඞ්ඝ තෙම මෙ නම් භික්‍ෂූහට දෙමසක් පිළිසන් අනිත් ඇවැතට ද දෙමස් පිරිවෙස දෙන්නේ ය. මේ ඥප්තිය යි.
වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා: මෙ නම් මේ භික්‍ෂු තෙමේ දෙමසක් පිළිසන් සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියේ ය. ඒ භික්‍ෂූහට ‘මම් දෙමසක් පිළිසන් සඟවෙසෙස් ඇවත් දෙකකට පැමිණියෙමි. මම් දෙමසක් පිළිසන් එක් ඇවැතකට දෙමස්පිරිවෙස යදින්නෙම් නම් යෙහෙකැ’යි මේ සිත විය. ඒ භික්‍ෂු තෙමේ දෙමසක් පිළිසන් එක් ඇවැතකට දෙමස්පිරිවෙස සඞ්ඝයා යැදී ය. සඞ්ඝ තෙමේ දෙමසක් පිළිසන් එක් ඇවැතකට දෙමස් පිරිවෙස ඒ භික්‍ෂුහට දුන. පිරිවෙස් පුරණ ඒ මහණහට ‘මම වනාහි දෙමසක් පිළිසන් සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි’ යි ලජ්ජීධර්‍මය පහළවිය. ඒ මට ‘මම් දෙමසක් පිළිසන් සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. මම් දෙමසක් පිළිසන් එක් ඇවැතකට දෙමස්පිරිවෙස යදින්නෙම් යෙහෙකැ’ යි මේ සිත විය. ඒ මම් දෙමසක් පිළිසන් එක් ඇවැතකට දෙමස්පිරිවෙස සඞ්ඝයා යැදීමි. ඒ මට සඞ්ඝ තෙමේ දෙමසක් පිළිසන් එක් ඇවැතකට දෙමස්පිරිවෙස දුන. පිරිවෙස් වසන ඒ මට ‘මම දෙමසක් පිළිසන් අනිත් ඇවැතටත් දෙමස් පිරිවෙස පිරිවෙස සඞ්ඝයා යදින්නෙම් නම් යෙහෙකැ’යි ලජ්ජීධර්‍මය පහළ විය. ඒ භික්‍ෂු තෙම දෙමසක් පිළිසන් අනිත් ඇවැතට ද දෙමස් පිරිවෙස සඞ්ඝයා යදියි. සඞ්ඝ තෙමේ මෙ නම් භික්‍ෂුහට දෙමසක් පිළිසන් අනිත් ඇවැතට ද දෙමස් පිරිවෙස දෙයි. මෙ නම් භික්‍ෂූහට දෙමසක් පිළිසන් අනිත් ඇවැතට ද දෙමස් පිරිවෙස දීම යම් ආයුෂ්මතකුහට අභිමත නම්, හෙ තෙම් නිහඬ වේවා. යමකුට අනභිමත නම්, හෙ තෙම කියාවා.
දෙවනුත් මේ කරුණ කියමි ... තෙවනුත් මේ කරුණ කියමි.
සඞ්ඝයා විසින් මෙ නම් ඇති භික්‍ෂුහට දෙමසක් පිළිසන් වූ අනිත් ඇවැතට ද දෙමස් පිරිවෙස දෙන ලදී. සඞ්ඝයාට එය අභිමත යි. එහෙයින් නිහඬ ය. මේ කරුණ මෙසේ සලකමි” යි.
මහණෙනි, ඒ මහණ විසින් අනාරෝචිත ඒ අනිත් ඇවැත මුල් කොට දෙමසක් පිරිවෙස පිරිය යුතු.
4. දෙමස්පිරිවෙස් පිරියැයුතු සැටි
1. මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂූ තෙමේ දෙමසක් පිළිසන් සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණෙයි. ඒ භික්‍ෂූහට “මම වනාහි දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. මම දෙමසක් පිළිසන් වූ එක් ඇවැතකට දෙමස්පිරිවෙස යදින්නේනම් නම් යෙහෙකැ”යි මේ සිත විය. ඒ භික්‍ෂූ තෙම දෙමසක් පිළිසන් වූ එක් ඇවැතකට දෙමස්පිරිවෙස සඞ්ඝයාගෙන් යදියි. සඞ්ඝ තෙම ඒ භික්‍ෂූහට දෙමසක් පිළිසන් එක් ඇවැතකට දෙමස්පිරිවෙස දෙයි. පිරිවෙස් පුරණ ඒ භික්‍ෂූහට “මම වනාහි දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි” යි ලජ්ජීධර්‍මය උපදියි. - ඒ මට ‘මම් දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. ඉදින් මම දෙමසක් පිළිසන් වූ එක් ඇවැතකට දෙමස් පිරිවෙස සඞ්ඝයා යදින්නෙම් නම් යෙහෙකැ’යි මේ සිත විය. ඒ මම් දෙමසක් පිළිසන් වූ එක් ඇවැතකට දෙමස් පිරිවෙස සඞ්ඝයා යැදීමි. ඒ මට සංඝ තෙම දෙමසක් පිළිසන් එක් ඇවැතකට දෙමස් පිරිවෙස දුනි. පිරිවෙස් පුරණ ඒ මට ‘මම් දෙමසක් පිළිසන් අනිත් ඇවතටත් දෙමස්පිරිවෙස සඞ්ඝයා යදින්නෙම් යෙහෙකැ’ යි ලජ්ජීධර්‍මය පහළ විය. ඒ භික්‍ෂූ තෙම දෙමසක් පිළිසන් වූ අනෙක් ඇවැතට ද දෙමස් පිරිවෙස සඞ්ඝයා යදියි. සඞ්ඝ තෙම ඒ භික්‍ෂූහට දෙමසක් පිළිසන් අනෙක් ඇවැතට ද දෙමස් පිරිවෙස දෙයි. මහණෙනි ඒ මහණ විසින් (අනාරෝචිත) ඒ ඇවැත නිමිති කොට දෙමසක් පිරිවෙස පිරියයුතු.
2. මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂූ තෙම දෙමසක් පිළිසන් සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණෙයි. එක් ඇවැතක් දනී එක් ඇවැතක් නො දනී. හෙ තෙම යම් ඇවැතක් දනී ද, දෙමසක් පිළිසන් වූ ඒ ඇවැතට දෙමස් පිරිවෙස සඞ්ඝයා යදියි. සඞ්ඝ තෙම දෙමසක් පිළිසන් වූ ඒ ඇවැතට දෙමසක් පිරිවෙස ඔහුට දෙයි. පිරිවෙස් පුරණ හෙ තෙම අනිත් ඇවත ද දනියි. ඔහුට “මම් වනාහි දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණෙයමි. එක් ඇවැතක් දැන සිටියෙමි. එක් ඇවැතක් නොදැන සිටියෙමි. ඒ මම යම් ඇවැතක් දැන සිටියෙම් ද, දෙමසක් පිළිසන් වූ ඒ ඇවැතට දෙමස් පිරිවෙස සඞ්ඝයා යැදීමි. සඞ්ඝ තෙමේ දෙමසක් පිළිසන් වූ ඒ ඇවැතට දෙමස් පිරිවෙස ඒ මට දුන. පිරිවෙස් පුරණ ඒ මම් අනිත් ඇවැත ද දනිමි. – ‘මම් දෙමසක් පිළිසන් වූ අනිත් ඇවැතට ද දෙමසක් පිරිවෙස සඞ්ඝයා යදින්නෙම් නම් යෙහෙකැ’යි මේ සිත වෙයි. ඒ භික්‍ෂූ තෙම දෙමසක් පිළිසන් අනිත් ඇවැතට ද දෙමස් පිරිවෙස සඞ්ඝයා යදියි. සඞ්ඝ තෙමේ ඒ භික්‍ෂූහට දෙමසක් පිළිසන් අනිත් ඇවැතට ද දෙමස් පිරිවෙස දෙයි. මහණෙනි, ඒ මහණ විසින් (පසු ව දැන ගත්) ඒ ඇවැත මුල් කොට දෙමසක් පිරිවෙස් විසිය යුතු ය.
3. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණෙයි. (එයින්) එක් ඇවැතක් සිහි කරයි. දෙමසක් පිළිසන් වූ ඒ ඇවැතට පිරිවෙස සඞ්ඝයා යදියි. සඞ්ඝ තෙමේ ඒ භික්‍ෂූහට දෙමසක් පිළිසන් ඒ ඇවැතට දෙමස් පිරිවෙස දෙයි. -
පිරිවෙස් පුරණ ඒ භික්‍ෂූ තෙම අනෙක් ඇවැත ද සිහි කරයි. ඒ භික්‍ෂුහට “මම වනාහි දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. (එයින්) එක් ඇවැතක් සිහි කළෙමි. එක් ඇවැතක් සිහි නො කෙළෙමි. ඒ මම් යම් ඇවැතක් සිහි කළෙම් ද, දෙමසක් පිළිසන් වූ ඒ ඇවැතට දෙමස් පිරිවෙස සඞ්ඝයා යැදීමි. ඒ මට සඞ්ඝ තෙමේ දෙමසක් පිළිසන් ඒ ඇවැතට දෙමස්පිරිවෙස දුනි. පිරිවෙස් පුරණ ඒ මම් අනෙක් ඇවැත ද සිහි කරමි. මම දෙමසක් පිළිසන් වූ අනෙක් ඇවැතට ද දෙමස්පිරිවෙස සඞ්ඝයා යදින්නෙම් නම් යෙහෙකැ” යි මෙසේ සිතෙයි. ඒ භික්‍ෂු තෙමේ දෙමසක් පිළිසන් වූ අනෙක් ඇවැතට ද දෙමස්පිරිවෙස සඞ්ඝයා යදියි. සඞ්ඝ තෙමේ ඒ භික්‍ෂූහට දෙමසක් පිළිසන් වූ අනෙක් ඇවැතට ද දෙමස් පිරිවෙස දෙයි. මහණෙනි, ඒ භික්‍ෂූ විසින් (පසු ව සිහි කළ) ඒ ඇවැත කරුණු කොට දෙමසක් පිරිවෙස පිරිය යුතු.
4. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණෙයි. (එයින්) එක් ඇවැතක් පිළිබඳ විමති නැත්තේ ය. එක් ඇවැතක් පිළිබඳ විමති ඇත්තේ ය. ඒ භික්‍ෂු තෙමේ යම් ඇවැතෙක විමති නැත්තේ ද, දෙමසක් පිළිසන් වූ ඒ ඇවැතට දෙමස් පිරිවෙස සඞ්ඝයා යදියි. සඞ්ඝ තෙමේ ඒ මහණහට දෙමසක් පිළිසන් වූ ඒ ඇවැතට දෙමස්පිරිවෙස දෙයි. පිරිවෙස් පුරණ ඒ මහණ තෙම අනිත් ඇවැතෙහි ද විමති නැත්තේ වෙයි. ඒ මහණහට “මම් වනාහි දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණි යෙමි. එක් ඇවැතක් පිළිබඳ විමති ඇත්තෙමි. එක් ඇවැතක විමති නැත්තෙමි. ඒ මම යම් ඇවැතෙක්හි විමති නැත්තෙම් ද, දෙමසක් පිළිසන් වූ ඒ ඇවැතට දෙමසක් පිරිවෙස සඞ්ඝයා යැදීමි. සඞ්ඝ තෙමේ ඒ මට දෙමසක් පිළිසන් ඒ ඇවැතට දෙමස්පිරිවෙස දුන. පිරිවෙස් පුරණ ඒ මම් අනිත් ඇවැතෙහි ද විමත් නැත්තෙම් වීමි. ඒ මට මම් දෙමසක් පිළිසන් වූ අනිත් ඇවැතට ද දෙමස්පිරිවෙස සඞ්ඝයා යදින්නෙම් නම් යෙහෙක” යී මෙසේ සිතෙයි. ඒ මහණ තෙම දෙමසක් පිළිසන් වූ අනිත් ඇවැතට ද දෙමස්පිරිවෙස සඞ්ඝයා යදියි. සඞ්ඝ තෙමේ දෙමසක් පිළිසන් වූ අනෙක් ඇවැතට ද දෙමස්පිරිවෙස ඔහුට දෙයි. මහණෙනි, ඒ මහණ විසින් (පසු ව නිසැක වූ) ඒ ඇවැත මුල් කොට ගෙණ දෙමසක් පිරිවෙස් විසිය යුතු.
5. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණෙයි. එක් ඇවැතෙක් දැන පිළිසන් ය. එක් ඇවැතෙක් නොදැන පිළිසන් ය. ඒ භික්‍ෂූ තෙම දෙමසක් පිළිසන් වූ ඒ ඇවැත්නට දෙමසක් පිරිවෙස සඞ්ඝයා යදියි. සඞ්ඝ තෙමේ ඒ භික්‍ෂූහට දෙමසක් පිළිසන්වූ ඒ ඇවත්නට දෙමස්පිරිවෙස දෙයි. -
ඒ මහණ පිරිවෙස් පුරණ කල්හි බොහෝ ඇසු පිරූ තැන් ඇති දන්නා ලද දීඝනිකායදි ආගම ඇති සුත්‍රපිටකය දරන්නාවූ විනයපිටකය දරන්නාවූ උභයමාතිකා දරන්නාවු පණ්ඩිත වූ ව්‍යක්ත වූ නුවණ ඇති පවට පිළිකුල් කරණ සුලු වූ සුළු වරදෙහි කුකුස් කරන්නාවූ ශික්‍ෂාකාමී (හික්මෙනු කැමැත්තාවූ) මහණෙක් එයි. ඒ භික්‍ෂූ තෙමේ “ඇවැත්නි, මේ භික්‍ෂූ කිනම් ඇවැතකට පැමිණියේ ද? මේ භික්‍ෂූ කිනම් ඇවැතකට පිරිවෙස් පුරන්නේ දැ? යී මෙසේ කියයි
“ඇවැත්නි, මේ භික්‍ෂූ තෙමේ දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියේ ය. එක් ඇවැතක් දැන පිළිසන් ය. එක් ඇවැතක් නොදැන පිළිසන් ය. ඒ මහණ දෙමසක් පිළිසන් වූ ඒ ඇවැත්නට දෙමස්පිරිවෙස සඞ්ඝයා යැදී ය. සඞ්ඝ තෙමේ ඒ භික්‍ෂුහට දෙමසක් පිළිසන් වූ ඒ ඇවැත්වලට දෙමස්පිරිවෙස දුන. ඇවැත්නි, මේ මහණ ඒ ඇවැත්නට පැමිණියේ ය. මේ මහණ ඒ ඇවැත්නට පිරිවෙස් පුරා යැ” යී ඔහු මෙසේ පිළිතුරු දෙත්.
ඒ භික්‍ෂූ තෙමේ “ඇවැත්නි, යම් මේ ඇවැතක් දැන පිළිසන් ද, ඒ ඇවැතට පිරිවෙස දීම දැහැමි ය. දැහැමි බැවින් එය නගියි - යෙදෙයි. ඇවැත්නි, යම් මේ ඇවැතක් නොදැන පිළිසන් ද, ඒ ඇවැතට පිරිවෙස් දීම නොදැහැමි ය. නො දැහැමි බැවින් නො නැගෙයි. ඇවැත්නි, එක් ඇවැතකට භික්‍ෂූ තෙමේ මානත ලැබීමට සුදුසු යැ” යි කියයි.
6. මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂූ තෙමේ දෙමසක් පිළිසන් වූ සඟ වෙසෙස් ඇවැත් දෙකකට පැමිණෙයි. (ඉන්) එක් ඇවැතක් සිහි කරමින් පිළිසන්ය. එක් ඇවැතක් සිහි නොකරමින් පිළිසන් ය. ඒ භික්‍ෂූ තෙම දෙමසක් පිළිසන් වූ ඒ ඇවැත්නට දෙමස්පිරිවෙස සඞ්ඝයා යදියි. සඞ්ඝ තෙමේ ඒ භික්‍ෂූහට දෙමසක් පිළිසන් ඒ ඇවැත්නට දෙමස්පිරිවෙස දෙයි.
ඒ මහණ පිරිවෙස් පුරණ කල්හි බොහෝ ඇසූ පිරූ තැන් ඇති, දන්නා ලද දීඝනිකායාදි ආගම ඇති, ධර්‍මය දරන්නාවූ, විනය දරන්නාවූ, අභිධර්‍මමාතෘකා නොහොත් උභයපාතිමෝක්ඛයන් දරණ, පණ්ඩිත වූ ව්‍යක්ත වූ තුලනප්‍රඥා ඇති පවට පිළිකුල් කරණ, වරදට කුකුස් කරණ, ශික්‍ෂාකාමී අන් මහණෙක් එයි. ඒ භික්‍ෂූ “ඇවැත්නි, මේ භික්‍ෂු තෙමේ කිනම් ඇවැතකට පැමිණියේ ද? මේ භික්‍ෂූ තෙමේ කිනම් ඇවතකට පිරිවෙස් පුරා දැ?” යි මෙසේ අසයි.
ඒ භික්‍ෂූහු මෙසේ කියති: “ඇවැත්නි, මේ භික්‍ෂු තෙම දෙමසක් පිළිසන් වූ සඟවෙසස් ඇවැත් දෙකකට පැමිණියේ ය. එක් ඇවැතක් සිහි කරමින් පිළිසන් ය. එක් ඇවැතක් සිහි නොකරමින් පිළිසන් ය. ඒ භික්‍ෂූ තෙමේ දෙමසක් පිළිසන් වූ ඒ ආපත්තීනට දෙමස්පිරිවෙස සංඝයාගෙන් ඉල්ලීය. සංඝ තෙමේ ඒ භික්‍ෂූහට දෙමසක් පිළිසන් වූ ඒ ඇවැත්නට දෙමස්පිරිවෙස දුන. ඇවැත්නි, මේ භික්‍ෂූ තෙමේ ඒ ඇවැත්නට පැමිණියේ ය. මේ භික්‍ෂූ තෙමේ ඒ ඇවැත්නට පිරිවෙස් පුරයි” යනුයි.
ඒ භික්‍ෂූ තෙමේ මෙසේ කියයි: “ඇවැත්නි, යම් ඇවැතක් සිහි කරමින් පිළිසන් ද, ඒ ඇවැතට පිරිවෙස දීම දැහැමි ය. දැහැමි බැවින් යෙදෙයි. ඇවැත්නි යම් මේ ඇවැතක් සිහි නොකරමින් පිළිසන් ද ඒ ඇවැතට පිරිවෙස් දීම. නො දැහැමි ය. නො දැහැමිබැවින් නො යෙදෙයි. ඇවැත්නි, එක් ඇවතකට භික්‍ෂු තෙමේ මානත පිරීමට සුදුසු ය” (යනු යි).
7. “මහණෙනි, මෙහි මහණෙක් දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණෙයි. ඉන් එක් ඇවැතෙක් විමතියක් නැතිව පිළිසන් ය. අනෙක් ඇවැත විමතියක් ඇතිව පිළිසන් ය. ඒ මහණ තෙම දෙමසක් පිළිසන් වූ ඒ ඇවැත්නට දෙමස්පිරිවෙස යදියි. සංඝ තෙමේ ඒ මහණහට දෙමසක් පිළිසන් වූ ඒ ඇවැත්නට දෙමස්පිරිවෙස දෙයි.
එ මහණ පිරිවෙස් පුරණ කල්හි දන්නාලද ආගම ඇති, බොහෝ ඇසූ පිරූ තැන් ඇති, ධර්‍මය ධරණ විනය ධරණ මාතෘකා ධරණ, පණ්ඩිත වූ, ව්‍යක්ත, කළණ ප්‍රඥා ඇති, පවට පිළිකුල් කරණ සුලු වූ, වරදට කුකුස් කරණ, හික්මෙනු කැමැති අන් මහණෙක් එ තැනට පැමිණෙයි. හෙතෙම ‘ඇවැත්නි, මේ භික්‍ෂූ තෙම කිනම් ඇවැතකට පැමිණියේ ද? මේ මහණ කිනම් ඇවැතකට පිරිවෙස් පුරා දැ?” යී මෙසේ කියයි.
ඒ භික්‍ෂූහු “ඇවැත්නි, මේ මහණ තෙම දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියේ ය. ඉන් එක් ඇවැතෙක් විමතියක් නැති ව පිළිසන් ය. අනෙක් ඇවැත විමති ඇති ව පිළිසන් ය. ඒ මහණ තෙම දෙමසක් පිළියන් වූ ඒ අවැත්නට දෙමස්පිරිවෙස සංඝයා යැදී. සංඝ තෙම ඒ භික්‍ෂුහට දෙමසක් පිළිසන් වූ ඒ ඇවැත්නට දෙමස්පිරිවෙස දුන. ඇවැත්නි, මේ මහණ ඒ ඇවැත්නට පැමිණියේ ය. මේ මහණ ඒ ඇවැත්නට පිරිවෙස් පුරායැ” යි කියත්.
ඒ භික්‍ෂූ තෙම “ඇවැත්නි, යම් මේ ඇවැතක් විමති නැති ව පිළිසන් ද, ඒ ඇවැතට පිරිවෙස දීම දැහැමි ය. දැහැමි බැවින් නැගෙයි. ඇවැත්නි, යම් මේ ඇවැතක් වනාහි විමති ඇති ව පිළිසන් ද, ඒ ඇවැතට පිරිවෙස දීම නො දැහැමිය. නො දැහැමි බැවින් නො නැගෙයි. ඇවැත්නි, එක් ඇවැතකට භික්‍ෂූ තෙමේ මානත ලැබීමට සුදුසු යැ” යි කියයි.
8. එ සමයෙහි වනාහි එක්තරා මහණෙක් දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියේ වෙයි ඒ මහණහට “මම් වනාහි දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙම්. මම් දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකට එක්මස්පිරිවෙස සංඝයා යදින්නෙම් නම් යෙහෙකි” යි මේ සිත වෙයි.
ඒ භික්‍ෂූ තෙම දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට එක්මස්පිරිවෙස සංඝයා යැදී ය. සංඝ තෙමේ දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට එක්මස්පිරිවෙස ඒ භික්‍ෂුහට දුන. පිරිවෙස් පුරණ ඒ මහණහට “මම් වනාහි දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. ඒ මට ‘මම් දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. මම් දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට එක්මස්පිරිවෙස සංඝයා යදින්නෙම් නම යෙහෙකැ’යි මේ සිත විය. ඒ මම දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට එක්මස්පිරිවෙස සංඝයා යැදීමි. සංඝ තෙමේ ඒ මට දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට එක්මස්පිරිවෙස දුන. පිරිවෙස් පුරණ ඒ මට ‘මම් දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙක පිළිබඳ අනිත් මස පිරිවෙස ද සංඝයා යදින්නෙම් නම් යෙහෙකැ’ යි ලජ්ජීධර්‍මය පහළ විය. ඒ භික්‍ෂූ තෙමේ භික්‍ෂූනට මේ කරුණ දැන්විය:
“ඇවැත්නි, මම දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. ඒ මට ‘මම වනාහි දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. මම දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට එක් මස පිරිවෙස සංඝයා යදින්නෙම් නම් යෙහෙකැ යි මේ සිත විය. ඒ මම දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට එක් මසක් පිරිවෙස සංඝයා යැදීමි. ඒ මට සංඝ තෙමේ දෙමසක් පිළිසන්වූ ඇවැත් දෙකට එක්මස පිරිවෙස දුන. පිරිවෙස් පුරණ ඒ මට “මම් වනාහි දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි” යි ලජ්ජීධර්‍මය පහළ විය. ඒ මට ‘මම් දෙමසක් පිළිසන්වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. මම් දෙමසක් පිළිසන්වූ ඇවැත් දෙකට එක් මස් පිරිවෙස යදින්නෙම් නම් යෙහෙකැ’ යි මේ සිත විය. ඒ මම් දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට එක් මස පිරිවෙස සංඝයා යැදීමි. ඒ මට සංඝ තෙමේ දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට එක් මසක් පිරිවෙස දුන. පිරිවෙස් පුරණ ඒ මට “මම දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට අනෙක් මසක පිරිවෙස ද සංඝයා යදින්නෙමි නම් යෙහෙකැ” යි ලජ්ජීධර්‍මය පහළ විය. මා විසින් කෙසේ පිළිපැදිය යුතු දැ” යි.
9. මේ කරුණ භාග්‍යවතුන් වහන්සේට සැළ කළේය “මහණෙනි, එසේ නම් සංඝතෙමේ දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට ඒ මහණහට ඉතිරි මාසපරිවාසය ද දානය කෙරේවා. මහණෙනි, (ඉතිරි මාසපරිවෙස ද) මෙසේ දිය යුතු: මහණෙනි, ඒ භික්‍ෂුහු විසින් සංඝයා වෙත එළඹ “වහන්ස, මම දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. ඒ මට ‘මම් වනාහි දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවත් දෙකකට පැමිණියෙමි. මම දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට එක් මස පිරිවෙස යදින්නෙම් නම් යෙහෙකැ’ යි මේ සිත විය. ඒ මම් දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට එක්මස්පිරිවෙස සංඝයා යැදීමි. ඒ මට සංඝ තෙමේ දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට එක්මස් පිරිවෙස දුන. පිරිවෙස් පුරණ ඒ මට “මම් වනාහි දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි” යි. ලජ්ජීධර්‍මය පහළ විය. ඒ මට ‘මම් දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. මම දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට එක්මස් පිරිවෙස සංඝයා යදින්නෙමි නම් යෙහෙකැ’යි මේ සිත විය. ඒ මම් දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට එක්මස් පිරිවෙස සංඝයා යැදීමි. ඒ මට සංඝ තෙමේ දෙමසක් පිළිසන්වූ ඇවැත් දෙකට එක්මස් පිරිවෙස දුන. පිරිවෙස් පුරණ ඒ මට ‘මම් දෙමසක් පිළිසන් ඇවැත් දෙක පිළිබඳ ඉතිරි මාසපරිවාසය ද සංඝයා යදින්නෙම් නම් යෙහෙකැ’යි ලජ්ජීධර්‍මය පහළ විය. ඒ මම් දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙක ට ඉතිරි මාසපරිවාසය ද සංඝයා යදිමි.” දෙවනුත් යැදිය යුතු ... තෙවනුත් යැදිය යුතු.
10. ව්‍යක්ත ප්‍රතිබල මහණකු විසින් සංඝයා දැන්විය යුතු:
“වහන්ස, සංඝ තෙමේ මාගේ වචනය අසාවා: මෙ නම් මේ භික්‍ෂූ තෙමේ දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවත් දෙකකට පැමිණියේ ය. ඒ භික්‍ෂූහට ‘මම් දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. මම් දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට එක්මස් පිරිවෙස සංඝයා යදින්නෙම් නම් යෙහෙකැ’ යි. මේ සිත විය. ඒ මහණ දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට එක්මස්පිරිවෙස සංඝයා යැදී ය. සංඝ තෙමේ ඒ භික්‍ෂුහට දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට එක්මස් පිරිවෙස දුන. පිරිවෙස් පුරණ ඒ භික්‍ෂූහට ‘මම් වනාහි දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි’ යි ලජ්ජීධර්‍මය පහළවිය. ඒ මට ‘මම දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. මම් දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට එක්මස පිරිවෙස සංඝයා යදින්නෙම් නම් යෙහෙකැ’ යි මේ සිත විය. ඒ මම් දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට එක්මස් පිරිවෙස සංඝයා යැදීමි. ඒ මට සංඝ තෙමේ දෙමසක් පිළිසන් වූ ඇවත් දෙකට එක්මස් පිරිවෙස දුන. පිරිවෙස් පුරණ ඒ මට ‘මම්, දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙක පිළිබඳ ඉතරමාසපරිවාසය ද සංඝයා යදින්නෙම් නම් යෙහෙකැ’යි ලජ්ජීධර්‍මය පහළ වීය. ඒ මහණ දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙක පිළිබඳ ඉතරමාසපරිවාසය ද සංඝයා යදී. ඉදින් සංඝයාට පැමිණි කල් ඇති කර්‍මයෙක් නම් සංඝ තෙමේ මෙ භික්‍ෂූහට දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙක පිළිබඳ ඉතරමාසපරිවාසය ද දෙන්නේ ය. මේ ඥප්තිය යි.