Pali BJTදින්නො සඞ්ඝෙන උදායිස්ස භික්ඛුනො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා එකාහපරිවාසො. ඛමති සඞ්ඝස්ස තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී ති.
Sinhala BJTසඞ්ඝයා විසින් උදායී මහණහට එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට එක් දවසක් වසන පිරිවෙස දෙන ලද්දේ ය. සඞ්ඝයාට රිසියෙයි. එහෙයින් නිහඬ ය. මෙසේ මෙය සලකමි” යනු යි.
Pali BJTඑකාහප්පටිච්ඡන්නපරිවාසො නිට්ඨිතො.
Sinhala BJTඒකාහපටිච්ඡන්න පිරිවෙස නිමියේ ය.
Pali BJT4. එකාහපටිච්ඡන්නමානත්තං
Sinhala BJT4. ඒකාහපටිච්ඡන්න මානත
Pali BJT1. සො පරිවුත්ථපරිවාසො භික්ඛූනං ආරොචෙසි: “අහං ආවුසො එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං එකාහපටිච්ඡන්නං. සො’හං සඞ්ඝං එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා එකාහපටිච්ඡන්නාය එකාහපරිවාසං යාචිං. තස්ස මෙ සඞ්ඝො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා එකාහපටිච්ඡන්නාය එකාහපරිවාසං අදාසි. සො’හං පරිවුත්ථපරිවාසො. කථං නු ඛො මයා පටිපජ්ජිතබ්බන්ති.” භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT1. හෙ තෙම වුසූ පිරිවෙස් ඇත්තේ, “ඇවැත්නි, මම් එක් දවසක් පිළිසන් වූ එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට එක් දවසක් වසන පිරිවෙස සඞ්ඝයාගෙන් ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙමේ එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට එක් දවසක් වසන පිරිවෙස දුන්නේ ය. ඒ මම් වුසූ පිරිවෙස් ඇතියෙම් වෙමි. මා විසින් කෙසේ නම් පිළිපැදිය යුතු දැ? යි භික්‍ෂූනට කී ය. ඔහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළ කළහ.
Pali BJT2. තෙන හි භික්ඛවෙ සඞ්ඝො උදායිස්ස භික්ඛුනො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා එකාහපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං දෙතු. එවඤ්ච පන භික්ඛවෙ දාතබ්බං:
Sinhala BJT2. මහණෙනි, එසේ වී නම් සඞ්ඝ තෙමේ උදායී මහණහට එක් දවසක් පිළිසන් වූ එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත දේවා. මහණෙනි, එය මෙසේ දිය යුතු:
Pali BJTතෙන, භික්ඛවෙ උදායිනා භික්ඛුනා සඞ්ඝං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා බුඩ්ඪානං භික්ඛූනං පාදෙ වන්දිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා එවමස්ස වචනීයො “අහං භන්තෙ එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං එකාහපටිච්ඡන්නං. සො’හං සඞ්ඝං එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා එකාහපටිච්ඡන්නාය එකාහපරිවාසං යාචිං. තස්ස මෙ සඞ්ඝො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා එකාහපටිච්ඡන්නාය එකාහපරිවාසං අදාසි. සො’හං, භන්තෙ පරිවුත්ථපරිවාසො සඞ්ඝං එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා එකාහපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං යාචාමී”ති. දුතියම්පි යාචිතබ්බො තතියම්පි යාචිතබ්බො
Sinhala BJTඒ උදායී මහණහු විසින් සඞ්ඝයා වෙත එළැඹ උතුරුසඟ එකස් කොට, මහලු මහණුන් පා වැඳ උත්කුටුක වැ හිඳ දොහොත් මුදුන් දී “වහන්ස, මම් එක් දවසක් පිළිසන් වූ එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට එක් දවසක් වසන පිරිවෙස සඞ්ඝයාගෙන් ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙමේ එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට එක් දවසක් වසන පිරිවෙස දුන්නේ ය. වහන්ස, ඒ මම වුසූ පිරිවෙස ඇතියෙම්, එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත සඞ්ඝයාගෙන් ඉල්ලමි” යි මෙසේ කිය යුතු වන්නේ ය. දෙවනු ද ඉල්ලිය යුතු ... තෙවනු ද ඉල්ලිය යුතු ...
Pali BJTව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො.
Sinhala BJT3. ව්‍යක්ත වූ ප්‍රතිබල මහණක්හු විසින් සඞ්ඝ තෙමේ මෙසේ දැන්විය යුතු:
Pali BJT“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො අයං උදායී භික්ඛු එකං ආපත්තිං ආපජ්ජි සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං එකාහපටිච්ඡන්නං. සො සඞ්ඝං එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා එකාහපටිච්ඡන්නාය එකාහපරිවාසං යාචි. සඞ්ඝො උදායිස්ස භික්ඛුනො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා එකාහපටිච්ඡන්නාය එකාහපරිවාසං අදාසි. සො පරිවුත්ථපරිවාසො සඞ්ඝං එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා එකාහපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං යාචති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො උදායිස්ස භික්ඛුනො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා එකාහපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං දදෙය්ය. එසා ඤත්ති.
Sinhala BJT“සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා: මේ උදායී මහණ තෙම එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට එක් දවසක් වසන පිරිවෙස සඞ්ඝයාගෙන් ඉල්ලී ය. සඞ්ඝ තෙම උදායී මහණහට එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට එක් දවසක් වසන පිරිවෙස දුන්නේ ය. හේ වුසූ පිරිවෙස් ඇත්තේ, එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සඞ්ඝයාගෙන් සරැයක් පිරිය යුතු මානත ඉල්ලයි. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම් සඞ්ඝ තෙමේ උදායී මහණහට එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත දේවා. මේ ඥප්තිය යි.
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො: අයං උදායී භික්ඛු එකං ආපත්තිං ආපජ්ජි සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං එකාහපටිච්ඡන්නං. සො සඞ්ඝං එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා එකාහපටිච්ඡන්නාය එකාහපරිවාසං යාචි. සඞ්ඝො උදායිස්ස භික්ඛුනො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා එකාහපටිච්ඡන්නාය එකාහපරිවාසං අදාසි. සො පරිවුත්ථපරිවාසො සඞ්ඝං එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා එකාහපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං යාචති. සඞ්ඝො උදායිස්ස භික්ඛුනො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා එකාහපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං දෙති. යස්සායස්මතො ඛමති උදායිස්ස භික්ඛුනො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා එකාහපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තස්ස දානං, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය.
Sinhala BJTවහන්ස, සඞ්ඝ තෙමෙ මාගේ වචනය අසාවා: මේ උදායී මහණ තෙම එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙතම සඞ්ඝයාගෙන් එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට එක් දවසක් වසන පිරිවෙස ඉල්ලී ය. සඞ්ඝ තෙම උදායී මහණහට එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට එක් දවසක් වසන පිරිවෙස දුන්නේ ය. හේ වුසූ පිරිවෙස් ඇත්තේ, එක් දවසක් පිළිසන් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත සඞ්ඝයාගෙන් ඉල්ලයි. සඞ්ඝ තෙමේ උදායී මහණහට එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත දෙයි. උදායී මහණහට එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත දීම යම් ආයුෂ්මතක් හට රිසියේ නම්, හේ නිහඬ වේවා. යමකුහට නො රිසියේ නම්, හේ කියාවා.
Pali BJTදුතියම්පි එතමත්ථං වදාමි -පෙ- තතියම්පි එතමත්ථං වදාමි -පෙ-
Sinhala BJTදෙවනු ද මේ කරුණ කියමි ... තෙවනු ද මෙ කරුණ කියමි ...
Pali BJTදින්නං සඞ්ඝෙන උදායිස්ස භික්ඛුනො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා එකාහපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං. ඛමති සඞ්ඝස්ස තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJTසඞ්ඝයා විසින් උදායී මහණහට එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත සඞ්ඝයා විසින් දෙන ලදී. එය සඞ්ඝයාට රිසියෙයි. එ හෙයින් නිහඬ ය. මෙසේ මෙය සලකමි” යනු යි.
Pali BJTඑකාහපටිච්ඡන්නමානත්තං නිට්ඨිතං.
Sinhala BJTඒකාහපටිච්ඡන්න මානත නිමියේ ය.
Pali BJT5. එකාහපටිච්ඡන්නඅබ්භානං
Sinhala BJT5. ඒකාහපටිච්ඡන්න අබ්භානය
Pali BJT1. සො චිණ්ණමානත්තො භික්ඛූනං ආරොචෙසි: “අහං ආවුසො එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං එකාහපටිච්ඡන්නං. සො’හං සඞ්ඝං එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා එකාහපටිච්ඡන්නාය එකාහපරිවාසං යාචිං. තස්ස මෙ සඞ්ඝො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා එකාහපටිච්ඡන්නාය එකාහපරිවාසං අදාසි. සො’හං පරිවුත්ථපරිවාසො සඞ්ඝං එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා එකාහපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං යාචිං. තස්ස මෙ සඞ්ඝො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා එකාහපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං අදාසි. සො’හං චිණ්ණමානත්තො. කථං නු ඛො මයා පටිපජ්ජිතබ්බන්ති”. භගවතො එතමත්ථං ආරොචෙසුං:
Sinhala BJT1. හෙ තෙම පිරූ මානත ඇත්තේ, “ඇවැත්නි, මම් එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සඞ්ඝයාගෙන් එක් දවසක් විසිය යුතු පිරිවෙස ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙමේ එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට එක් දවසක් වසන පිරිවෙස දුන්නේ ය. ඒ මම් වුසූ පිරිවෙස් ඇතියෙම්, සඞ්ඝයාගෙන් එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙම එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත දුන්නේ ය. ඒ මම් පිරූ මානත ඇතියෙමි. කෙසේ නම් මා විසින් පිළිපැදිය යුතු දැයි භික්‍ෂූනට කීය. භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැළකළහ.
Pali BJT2. තෙන හි භික්ඛවෙ සඞ්ඝො උදායිං භික්ඛුං අබ්භෙතු. එවඤ්ච පන භික්ඛවෙ අබ්භෙතබ්බො:
Sinhala BJT2. (භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක:) “මහණෙනි, එසේ වී නම් සඞ්ඝ තෙමේ උදායී මහණ අබ්භාන කෙරේවා. මහණෙනි, මෙසේ අබ්භාන කට යුතු:
Pali BJTතෙන භික්ඛවෙ උදායිනා භික්ඛුනා සඞ්ඝං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා බුඩ්ඪානං භික්ඛූනං පදෙ වන්දිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා. එවමස්ස වචනීයො: අහං භන්තෙ එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං එකාහපටිච්ඡන්නං. සො’හං සඞ්ඝං එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා එකාහපටිච්ඡන්නාය එකාහපරිවාසං යාචිං. තස්ස මෙ සඞ්ඝො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා එකාහපටිච්ඡන්නාය එකාහපරිවාසං අදාසි. සො’හං පරිවුත්ථ පරිවාසො සඞ්ඝං එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා එකාහපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං යාචිං. තස්ස මෙ සඞ්ඝො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා එකාහපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං අදාසි. සො’හං භන්තෙ චිණ්ණමානත්තො සඞ්ඝං අබ්භානං යාචාමීති. දුතියම්පි යාචිතබ්බො. තතියම්පි යාචිතබ්බො.
Sinhala BJTඒ උදායී මහණහු විසින් සඞ්ඝයා වෙත එළඹ උතුරුසඟ එකස් කොට වැඩිමහලු මහණුන් පා වැඳ උත්කුටුක වැ හිඳ දොහොත් මුදුනැ තබා මෙසේ කිය යුතු: “වහන්ස, මම් එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් සඞ්ඝයාගෙන් එක් දවසක් පිළියන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට එක් දවසක් වසන පිරිවෙස ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙම එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට එක් දවසක් වසන පිරිවෙස දුන්නේ ය. ඒ මම් වුසූ පිරිවෙස් ඇතියෙම්, සඞ්ඝයාගෙන් ඒ එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙම එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත දුන්නේ ය. වහන්ස, ඒ මම පිරූ මානත ඇතියෙම්, සඞ්ඝයාගෙන් අබ්භානය ඉල්ලම්” කියා යි. දෙවනු ද ඉල්ලිය යුතු ... තෙවනු ද ඉල්ලිය යුතු ...
Pali BJT3. ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
Sinhala BJT3. ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුතු:
Pali BJT“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො: අයං උදායී භික්ඛු එකං ආපත්තිං ආපජ්ජි සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං එකාහපටිච්ඡන්නං. සො සඞ්ඝං එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා එකාහපටිච්ඡන්නාය එකාහපරිවාසං යාචි. සඞ්ඝො උදායිස්ස භික්ඛුනො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා එකාහපටිච්ඡන්නාය එකාහපරිවාසං අදාසි. සො පරිවුත්ථපරිවාසො සඞ්ඝං එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා එකාහපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං යාචි. සඞ්ඝො උදායිස්ස භික්ඛුනො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා එකාහපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං අදාසි. සො චිණ්ණමානත්තො සඞ්ඝං අබ්භානං යාචති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො උදායිං භික්ඛුං අබ්භෙය්ය. එසා ඤත්ති.
Sinhala BJT“සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා: මේ උදායී මහණ එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හේ සඞ්ඝයාගෙන් එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට එක් දවසක් වසන පිරිවෙස ඉල්ලී ය. සඞ්ඝ තෙම් උදායී මහණහට එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට එක් දවසක් වසන පිරිවෙස දුන්නේ ය. හේ වුසූ පිරිවෙස ඇත්තේ, සඞ්ඝයාගෙන් එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත ඉල්ලී ය. සඞ්ඝ තෙම උදායී මහණහට එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට සරුයක් පිරිය යුතු මානත දුන්නේ ය. හේ පිරූ මානත ඇත්තේ, සඞ්ඝයාගෙන් අබ්භානය ඉල්ලයි. ඉදින් සඞ්ඝයාට ප්‍රාප්ත කාල වේ නම්, සඞ්ඝ තෙමේ උදායී මහණ අබ්භාන කෙරේවා. මේ ඥප්තිය යි.
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො: අයං උදායී භික්ඛු එකං ආපත්තිං ආපජ්ජි සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං එකාහපටිච්ඡන්නං. සො සඞ්ඝං එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා එකාහපටිච්ඡන්නාය එකාහපරිවාසං යාචි. සඞ්ඝො උදායිස්ස භික්ඛුනො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා එකාහපටිච්ඡන්නාය එකාහපරිවාසං අදාසි. සො පරිවුත්ථපරිවාසො සඞ්ඝං එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා එකාහපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං යාචි. සඞ්ඝො උදායිස්ස භික්ඛුනො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා එකාහපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං අදාසි. සො චිණ්ණමානත්තො සඞ්ඝං අබ්භානං යාචති. සඞ්ඝො උදායිං භික්ඛුං අබ්භෙති. යස්සායස්මතො ඛමති, උදායිස්ස භික්ඛුනො අබ්භානං, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය.
Sinhala BJTසඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා: මේ උදායී මහණ තෙම එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම සඞ්ඝයාගෙන් එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට එක් දවසක් වසන පිරිවෙස ඉල්ලී ය. සඞ්ඝ තෙම උදායී මහණහට එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට එක් දවසක් වසන පිරිවෙස දුන්නේ ය. හේ වුසූ පිරිවෙස් ඇත්තේ, එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත සඞ්ඝයාගෙන් ඉල්ලී ය. සඞ්ඝ තෙම උදායී මහණහට එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත දුන්නේ ය. හේ පිරූ මානත ඇත්තේ සඞ්ඝයාගෙන් අබ්භානය ඉල්ලයි. සඞ්ඝ තෙම උදායී මහණ අබ්භානය කෙරෙයි. උදායී මහණහුගේ අබ්භානය යම් ආයුෂ්මතක්හට රිසියේ නම්, හේ නිහඬ වේවා. යමකුට නො රිසියේ නම්, හේ කියාවා.
Pali BJTදුතියම්පි එතමත්ථං වදාමි -පෙ- තතියම්පි එතමත්ථං වදාමි -පෙ-
Sinhala BJTදෙවනු ද මේ කරුණ කියමි ... තෙවනු ද මේ කරුණ කියමි ...
Pali BJTඅබ්භිතො සඞ්ඝෙන උදායී භික්ඛු ඛමති සඞ්ඝස්ස තස්මා තුණ්හී එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJTසඞ්ඝයා විසින් උදායී මහණ අබ්භිත වෙයි. එය සඞ්ඝයාට රිසියෙයි. එහෙයින් නිහඬ ය. මෙසේ මෙය සලකමි” යි.
Pali BJTඑකාහපටිච්ඡන්නඅබ්භානං නිට්ඨිතං.
Sinhala BJTඒකාහපටිච්ඡන්න අබ්භානය නිමියේ ය.
Pali BJT6. පඤ්චාහපටිච්ඡන්නපරිවාසො
Sinhala BJT6. පඤ්චාහපටිච්ඡන්න පිරිවෙස
Pali BJT1. තෙන ඛො පන සමයෙන ආයස්මා උදායී එකං ආපත්තිං ආපන්නො හොති සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං ද්වීහපටිච්ඡන්නං -පෙ- තීහපටිච්ඡන්නං -පෙ- චතූහපටිච්ඡන්නං -පෙ- තෙන ඛො පන සමයෙන ආයස්මා උදායි එකං ආපත්තිං ආපන්නො හොති සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පඤ්චාහපටිච්ඡන්නං. සො භික්ඛූනං ආරොචෙසි: “අහං ආවුසො එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පඤ්චාහපටිච්ඡන්නං. කථං නු ඛො මයා පටිපජ්ජිතබ්බ”න්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT1. එසමයෙහි ආයුෂ්මත් උදායී තෙම දෙදවසක් පිළිසන් ... තුන් දවසක් පිළිසන් ... සතර දවසක් පිළිසන් ... එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ වෙයි ... එ සමයෙහි ආයුෂ්මත් උදායී තෙම් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ වෙයි. හේ භික්‍ෂුනට “ඇවැත්නි, පස්දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. කෙසේ නම් මා විසින් පිළිපැදිය යුතු දැ” යි සැළ කෙළේ ය. ඔහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළ කළහ.
Pali BJT2. තෙන හි භික්ඛවෙ සඞ්ඝො උදායිස්ස භික්ඛුනො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පඤ්චාහපරිවාසං දෙතු. එවඤ්ච පන භික්ඛවෙ දාතබ්බො: තෙන භික්ඛවෙ උදායිනා භික්ඛුනා සඞ්ඝං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා බුඩ්ඪානං භික්ඛූනං පාදෙ වන්දිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා එවමස්ස වචනීයො: අහං භන්තෙ එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පඤ්චාහපටිච්ඡන්නං. සො’හං භන්තෙ සඞ්ඝං එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පඤ්චාහපරිවාසං යාචාමී ති. දුතියම්පි යාචිතබ්බො. -පෙ- තතියම්පි යාචිතබ්බො. ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
Sinhala BJT2. (භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක:) මහණෙනි, එසේ වී නම් සඞ්ඝ තෙමේ උදායී මහණහට පස්දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පස් දිනක් වසන පිරිවෙස දේවා. මහණෙනි, එය ද මෙසේ දිය යුතු: ඒ උදායී මහණහු විසින් සඞ්ඝයා වෙත එළැඹ උතුරුසඟ එකස් කොට වැඩි මහලු මහණුන් පා වැඳ, උත්කුටුක වැ හිඳ දොහොත් මුදුන් තබා “වහන්ස, මම පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. වහන්ස, ඒ මම් සඞ්ඝයාගෙන් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පස් දිනක් වසන පිරිවෙස ඉල්ලමි” යි මෙසේ කිය යුතු වන්නේ ය. දෙවනු ද ඉල්ලිය යුතු ... තෙවනු ද ඉල්ලිය යුතු ... ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුතු:
Pali BJT3. “සුණාතු මෙ භන්තෙ සඞ්ඝො: අයං උදායී භික්ඛු එකං ආපත්තිං ආපජ්ජි සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පඤ්චාහපටිච්ඡන්නං. සො සඞ්ඝං එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පඤ්චාහපරිවාසං යාචති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො උදායිස්ස භික්ඛුනො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පඤ්චාහපරිවාසං දදෙය්ය. එසා ඤත්ති.
Sinhala BJT3. “වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා: මේ උදායී මහණ තෙම පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම සඞ්ඝයාගෙන් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පස්දිනක් වසන පිරිවෙස ඉල්ලයි. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ වී නම්, සඞ්ඝ තෙමේ උදායී මහණහට පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පස් දිනක් වසන පිරිවෙස දේවා. මේ ඥප්තිය යි.
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අයං උදායී භික්ඛු එකං ආපත්තිං ආපජ්ජි සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පඤ්චාහපටිච්ඡන්නං. සො සඞ්ඝං එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පඤ්චාහපරිවාසං යාචති. සඞ්ඝො උදායිස්ස භික්ඛුනො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පඤ්චාහපරිවාසං දෙති. යස්සායස්මතො ඛමති උදායිස්ස භික්ඛුනො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පඤ්චාහපරිවාසස්ස දානං, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය.
Sinhala BJTවහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා: මේ උදායී මහණ තෙම පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම සඞ්ඝයාගෙන් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පස් දිනක් වසන පිරිවෙස ඉල්ලයි. සඞ්ඝ තෙමේ උදායී මහණහට පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පස් දිනක් වසන පිරිවෙස දෙයි. උදායී මහණහට පස්දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පස් දිනක් වසන පිරිවෙස දීම යම් ආයුෂ්මතක්හට රිසියේ නම්, හේ නිහඬ වේවා. යමකුහට නො රිසියේ නම්, හේ කියාවා.
Pali BJTදුතියම්පි එතමත්ථං වදාමි -පෙ- තතියම්පි එතමත්ථං වදාමි -පෙ-
Sinhala BJTදෙවනුවද මේ කරුණ කියමි ... තෙවනු ව ද මෙ කරුණ කියමි ...
Pali BJTදින්නො සඞ්ඝෙන උදායිස්ස භික්ඛුනො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පඤ්චාහපරිවාසො. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJTසඞ්ඝයා විසින් උදායී මහණහට පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පස් දිනක් වසන පිරිවෙස දෙන ලදි. සංඝයාට රිසියෙයි. එ හෙයින් නිහඬ ය. මෙසේ මෙය සලකමි.
Pali BJTපඤ්චාහපටිච්ඡන්නපරිවාසො නිට්ඨිතො.
Sinhala BJTපඤ්චාහපටිච්ඡන්න පිරිවෙස නිමියේ ය.
Pali BJT7. පාරිවාසිකමූලායපටිකස්සනා
Sinhala BJT7. පාරිවාසිකමූලායපටිකස්සනාව
Pali BJT1. සො පරිවසන්තො අන්තරා එකං ආපත්තිං ආපජ්ජි සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං අපටිච්ඡන්නං. සො භික්ඛූනං ආරොචෙසි: අහං ආවුසො එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පඤ්චාහපටිච්ඡන්නං. සො’හං සඞ්ඝං එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පඤ්චාහපරිවාසං යාචිං. තස්ස මෙ සඞ්ඝො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පඤ්චාහපරිවාසං අදාසි. සො’හං පරිවසන්තො අන්තරා එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං අපටිච්ඡන්නං. කථං නු ඛො මයා පටිපජ්ජිතබ්බන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT1. හෙ තෙම පිරිවෙස් වසනුයේ ඒ අතරැ නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම භික්‍ෂූනට “ඇවැත්නි, මම් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් සඞ්ඝයාගෙන් පස්දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පස් දිනක් වසන පිරිවෙස සඞ්ඝයාගෙන් ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙමේ පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පස් දිනක් වසන පිරිවෙස දුන්නේ ය. ඒ මම් පිරිවෙස් වසන්නෙම් ඒ අතරැ නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. මා විසින් කෙසේ පිළිපැදිය යුතු දැ” යි සැළ කෙළේ ය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් දැන්වූහ.
Pali BJT2. තෙන හි භික්ඛවෙ සඞ්ඝො උදායිං භික්ඛුං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය මූලාය පටිකස්සතු. එවං ච පන භික්ඛවෙ මූලාය පටිකස්සිතබ්බො: තෙන භික්ඛවෙ උදායිනා භික්ඛුනා සඞ්ඝං උපසඞ්කමිත්වා -පෙ- එවමස්ස වචනීයො: “අහං භන්තෙ එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පඤ්චාහපටිච්ඡන්නං . සො’හං සඞ්ඝං එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පඤ්චාහපරිවාසං යාචිං. තස්ස මෙ සඞ්ඝො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පඤ්චාහපරිවාසං අදාසි. සො’හං පරිවසන්තො අන්තරා එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං අපටිච්ඡන්නං. සො’හං භන්තෙ සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය මූලායපටිකස්සනං යාචාමී”ති. දුතියම්පි යාචිතබ්බො -පෙ- තතියම්පි යාචිතබ්බො -පෙ- ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
Sinhala BJT2. මහණෙනි, එසේ වී නම් සඞ්ඝ තෙමේ උදායී මහණහට අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට (පිළියම් පිණිස) මූලායපටිකස්සනාව කෙරේවා. මහණෙනි, මෙසේ මූලායපටිකස්සනාව කළ යුතු: ඒ උදායී මහණහු විසින් සඞ්ඝයා වෙත එළැඹ මෙසේ කිය යුතු වන්නේ ය: “වහන්ස, මම් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් සඞ්ඝයාගෙන් පස්දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පස් දිනක් වසන පිරිවෙස ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙමේ පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පස් දිනක් වසන පිරිවෙස දුන්නේ ය. ඒ මම පිරිවෙස් වසන්නෙම් ඒ අතරැ නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. වහන්ස, ඒ මම් සඞ්ඝයාගෙන් ඒ අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට (පිළියම් පිණිස) මූලායපටිකස්සනාව (මුල් ඇවැතට පෙරළා ඇදීම) ඉල්ලමි” යි දෙවනු ද ඉල්ලිය යුතු ... තෙවනු ද ඉල්ලිය යුතු ... ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුතු:
Pali BJT3. “සුණාතු මෙ භන්තෙ සඞ්ඝො: අයං උදායී භික්ඛු එකං ආපත්තිං ආපජ්ජි සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පඤ්චාහපටිච්ඡන්නං. සො සඞ්ඝං එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පඤ්චාහපරිවාසං යාචි. සඞ්ඝො උදායිස්ස භික්ඛුනො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පඤ්චාහපරිවාසං අදාසි. සො පරිවසන්තො අන්තරා එකං ආපත්තිං ආපජ්ජි සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං අපටිච්ඡන්නං. සො සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය මූලායපටිකස්සනං යාචති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං. සඞ්ඝො උදායිං භික්ඛුං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය මූලාය පටිකස්සෙය්ය. එසා ඤත්ති.
Sinhala BJT3. “වහන්ස, සඞ්ඝ තෙමේ මගේ වචනය අසාවා: මේ උදායී මහණ පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම සඞ්ඝයාගෙන් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පඤ්චාහපරිවාසය ඉල්ලී ය. සඞ්ඝ තෙමේ උදායී මහණහට පඤ්චාහපටිච්ඡන්න වූ එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පඤ්චාහපරිවාසය දුන්නේ ය. හේ පිරිවෙස වසනුයේ ඒ අතර නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම ඒ අතරැ අවන් ඒ නොපිළියන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට (පිළියම් පිණිස) සඞ්ඝයාගෙන් මූලායපටිකස්සනාය ඉල්ලයි. ඉදින් සඞ්ඝයාට ප්‍රාප්ත කාල නම්, සඞ්ඝ තෙම උදායී මහණහට අතරැ අවන් එක් නොපිළිසන් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කරන්නේ ය, මේ ඥප්තිය යි.
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අයං උදායී භික්ඛු එකං ආපත්තිං ආපජ්ජි සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පඤ්චාහපටිච්ඡන්නං. සො සඞ්ඝං එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පඤ්චාහපරිවාසං යාචි. සඞ්ඝො උදායිස්ස භික්ඛුනො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පඤ්චාහපරිවාසං අදාසි. සො පරිවසන්තො අන්තරා එකං ආපත්තිං ආපජ්ජි සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං අපටිච්ඡන්නං. සො සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය මූලායපටිකස්සනං යාචති. සඞ්ඝො උදායිං භික්ඛුං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය මූලාය පටිකස්සති. යස්සායස්මතො ඛමති උදායිස්ස භික්ඛුනො අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය මූලායපටිකස්සනා, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය.
Sinhala BJTවහන්ස, සඞ්ඝ තෙමේ මගේ වචනය අසාවා: මේ උදායී මහණ පඤ්චාහපටිච්ඡන්න එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම සඞ්ඝයාගෙන් පඤ්චාහපටිච්ඡන්න වූ එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පඤ්චාහපරිවාසය ඉල්ලී ය. සඞ්ඝ තෙමේ උදායී මහණහට පඤ්චාහපටිච්ඡන්න එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පඤ්චාහපරිවාසය දුන්නේ ය. හේ පිරිවෙස් වසන්නේ ඒ අතරැ නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම සඞ්ඝයාගෙන් අතරැ අවන් නොපිළිසන් ඒ සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සානාව (මුල් ඇවැතට ඇදීම) ඉල්ලයි. සඞ්ඝ තෙමේ උදායී මහණහට අතරැ අවන් නොපිළිසන් වූ එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කෙරේ. උදායී මහණහට අතරැ අවන් එක් අපටිච්ඡන්න සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව යම් ආයුෂ්මතක්හට රිසියේ නම් හෙ තෙම නිහඬ වේවා. යමකුට නො රිසියේ නම් හේ කියාවා.
Pali BJTදුතියම්පි එතමත්ථං වදාමි -පෙ- තතියම්පි එතමත්ථං වදාමි -පෙ-
Sinhala BJTදෙවනු ද මේ කරුණ කියමි ... තෙවනු ද මේ කරුණ කියමි ...
Pali BJTපටිකස්සිතො සඞ්ඝෙන උදායී භික්ඛු අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය මූලාය පටිකස්සනා. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJTසඞ්ඝයා විසින් උදායී මහණ තෙම අතරැ පැමිණි නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කරණ ලද්දේ ය. සඞ්ඝයාට රිසියෙයි. එ හෙයින් නිහඬ වෙයි. මෙසේ මෙ කරුණ සලකමි” යි
Pali BJTපරිවාසිකමූලායපටිකස්සනා නිට්ඨිතා.
Sinhala BJTපාරිවාසිකමූලායපටිකස්සනාව නිමි.
Pali BJT8. මානත්තාරහමූලායපටිකස්සනා
Sinhala BJT8. මානත්තාරහමූලායපටිකස්සනාව
Pali BJT1. සො පරිවුත්ථපරිවාසො මානත්තාරහො අන්තරා එකං ආපත්තිං ආපජ්ජි සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං අපටිච්ඡන්නං. සො භික්ඛූනං ආරොචෙසි: “අහං ආවුසො එකං ආපත්තිං ආපතිතං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පඤ්චාහපටිච්ඡන්නං. සො’හං සඞ්ඝං එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පඤ්චාහපරිවාසං යාචිං. තස්ස මෙ සඞ්ඝො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පඤ්චාහපරිවාසං අදාසි. සො’හං පරිවසන්තො අන්තරා එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං අපටිච්ඡන්නං. සො’හං සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය මූලායපටිකස්සනං යාචිං. තං මං සඞ්ඝො අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය මූලාය පටිකස්සි. සො’හං පරිවුත්ථපරිවාසො මානත්තාරහො අන්තරා එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං අපටිච්ඡන්නං. කථං නු ඛො මයා පටිපජ්ජිතබ්බ”න්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.{1}
Sinhala BJT1. හේ වුසූ පිරිවෙස් ඇත්තේ, මානතට සුදුසු වූයේ, ඒ අතරැ එක් නොපිළිසන් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම මහණුනට “ඇවැත්නි, මම පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් සඞ්ඝයාගෙන් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පඤ්චාහපරිවාසය ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙමේ පස්දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පඤ්චාහපරිවාසය දුන්නේ ය. ඒ මම් පිරිවෙස වසන්නෙම්, ඒ අතරැ නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් සඞ්ඝයාගෙන් අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව ඉල්ලීමි. සඞ්ඝ තෙමේ ඒ මට නොපිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කෙළේ ය. ඒ මම් වුසූ පිරිවෙස් ඇතියෙම්, මානතට සුදුසු වූයෙම්, ඒ අතරැ නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. කෙසේ නම් මා විසින් පිළිපැදිය යුතු දැ” යි සැළ කෙළේ ය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළ කළහ. (භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක:)
Pali BJT2. තෙන හි භික්ඛවෙ සඞ්ඝො උදායිං භික්ඛුං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය මූලාය පටිකස්සතු.
Sinhala BJT2. මහණෙනි, එසේ වී නම් සඞ්ඝ තෙමේ අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට උදායී මහණහට මූලායපටිකස්සනාව කෙරේවා.-
Pali BJTඑවං ච පන භික්ඛවෙ මූලාය පටිකස්සිතබ්බො: තෙන භික්ඛවෙ උදායිනා භික්ඛුනා සඞ්ඝං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා බුඩ්ඪානං භික්ඛූනං පාදෙ වන්දිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා එවමස්ස වචනීයො: “අහං භන්තෙ එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පඤ්චාහපටිච්ඡන්නං. සො’හං සඞ්ඝං එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පඤ්චාහපරිවාසං යාචිං. තස්ස මෙ සඞ්ඝො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පඤ්චාහපරිවාසං අදාසි. සො’හං පරිවසන්තො අන්තරා එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං අපටිච්ඡන්නං. සො’හං සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය මූලාය පටිකස්සනං යාචිං. තං මං සඞ්ඝො අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය මූලාය පටිකස්සි. සො’හං පරිවුත්ථපරිවාසො මානත්තාරහො අන්තරා එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං අපටිච්ඡන්නං. සො’හං භන්තෙ සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය මූලාය පටිකස්සනං යාචාමී”ති. දුතියම්පි යාචිතබ්බො. තතියම්පි යාචිතබ්බො. ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
Sinhala BJTමහණෙනි, මෙසේ මුලට ඇද්ද යුතු: මහණෙනි, ඒ උදායී මහණහු විසින් සඞ්ඝයා වෙත එළැඹ, උතුරුසඟ එකස් කොට, වැඩි මහලු මහණුන් පා වැඳ උත්කුටුක වැ හිඳ, දොහොත් මුදුන් තබා, ‘වහන්ස, මම් පස්දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි ඒ මම් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පස්දිනකට පිරිවෙස් ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙමේ පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පස්දිනක පිරිවෙස දුන්නේ ය. ඒ මම් අතරැ අවන් අපටිච්ඡන්න වූ ඒ එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙමේ අතරැ අවන් අපටිච්ඡන්න වූ එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කෙළේ ය. ඒ මම් වුසූ පිරිවෙස් ඇතියෙම්, මානතට සුදුසු වූයෙම්, ඒ අතරැ නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. වහන්ස, ඒ මම් අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට සඞ්ඝයාගෙන් මූලායපටිකස්සනාව ඉල්ලමි” යි මෙසේ කිය යුතු වන්නේ ය. දෙවනු ද ඉල්ලිය යුතු. තෙවනු ද ඉල්ලිය යුතු. ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් සඞ්ඝ තෙමේ මෙසේ දැන්විය යුතු:
Pali BJT3. “සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අයං උදායී භික්ඛු එකං ආපත්තිං ආපජ්ජි සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පඤ්චාහපටිච්ඡන්නං. සො සඞ්ඝං එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පඤ්චාහපරිවාසං යාචි. තස්ස සඞ්ඝො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පඤ්චාහපරිවාසං අදාසි. සො පරිවසන්තො අන්තරා එකං ආපත්තිං ආපජ්ජි සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං අපටිච්ඡන්නං. සො සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය මූලායපටිකස්සනං යාචි. තං සඞ්ඝො අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය මූලාය පටිකස්සි. සො පරිවුත්ථපරිවාසො මානත්තාරහො අන්තරා එකං ආපත්තිං ආපජ්ජි සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං අපටිච්ඡන්නං. සො සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය මූලාය පටිකස්සනං යාචති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො උදායිං භික්ඛුං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය මූලාය පටිකස්සෙය්ය. එසා ඤත්ති.
Sinhala BJT“වහන්ස, සඞ්ඝ තෙමේ මබස් අසාවා: මේ උදායී මහණ පස්දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම සඞ්ඝයාගෙන් පස්දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පස් දවසට පිරිවෙස ඉල්ලී ය. ඔහුට සඞ්ඝ තෙම පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පස් දවසකට පිරිවෙස දුන්නේ ය. හේ පිරිවෙස් වසනුයේ අතරැ නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හේ අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව ඉල්ලී ය. ඔහුට සඞ්ඝ තෙමේ අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කෙළේ ය. හේ වුසූ පිරිවෙස ඇත්තේ මානතට සුදුසු වූයේ, ඒ අතරැ නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව සඞ්ඝයාගෙන් ඉල්ලයි. ඉදින් සඞ්ඝයාට ප්‍රාප්ත කාල නම්, සඞ්ඝ තෙමේ උදායී මහණහට අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කෙරේවා. මේ ඥප්තිය යි.
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො: අයං උදායී භික්ඛු එකං ආපත්තිං ආපජ්ජි සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පඤ්චාහපටිච්ඡන්නං -පෙ- සො පරිවුත්ථපරිවාසො මානත්තාරහො අන්තරා එකං ආපත්තිං ආපජ්ජි සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං අපටිච්ඡන්නං. සො සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය මූලාය පටිකස්සනං යාචති. සඞ්ඝො උදායිං භික්ඛුං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය මූලාය පටිකස්සති. යස්සායස්මතො ඛමති උදායිස්ස භික්ඛුනො අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය මූලායපටිකස්සනා, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය.
Sinhala BJTවහන්ස, සඞ්ඝ තෙමේ මබස් අසාවා: මේ උදායී මහණ පස්දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හේ වුසූ පිරිවෙස් ඇත්තේ මානතට සුදුසු වූයේ ඒ අතරැ නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව සඞ්ඝයාගෙන් ඉල්ලයි. සඞ්ඝ තෙමේ උදායී මහණහට අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කෙරෙයි. උදායී මහණහට අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කිරීම යම් ආයුෂ්මතක්හට රිසියේ නම්, හේ නිහඬ වේවා, යමකුට නො රිසියේ නම් හේ කියාවා.
Pali BJTදුතියම්පි එතමත්ථං වදාමි -පෙ- තතියම්පි එතමත්ථං වදාමි -පෙ-
Sinhala BJTදෙවනු ද මෙ කරුණ කියමි ... තෙවනු ද මෙ කරුණ කියමි ...
Pali BJTපටිකස්සිතො සඞ්ඝෙන උදායී භික්ඛු අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය මූලායපටිකස්සනා. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJTසඞ්ඝයා විසින් උදායී මහණ තෙම අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කරණ ලද්දේ ය. සඞ්ඝයාට රිසියෙයි. එහෙයින් නිහඬ ය. මෙසේ මෙය සලකමි” යි.
Pali BJTමානත්තාරහමූලායපටිකස්සනා නිට්ඨිතා.
Sinhala BJTමානත්තාරහමූලායපටිකස්සනාව නිමි.
Pali BJT9. තිකාපත්තිමානත්තං
Sinhala BJT9. තිකාපත්ති මානත
Pali BJT1. සො පරිවුත්ථපරිවාසො භික්ඛූනං ආරොචෙසි: අහං ආවුසො එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පඤ්චාහපටිච්ඡන්නං -පෙ- සො’හං පරිවුත්ථපරිවාසො. කථං නු ඛො මයා පටිපජ්ජිතබ්බන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT1. හෙ තෙම වුසූ පිරිවෙස් ඇතියේ, “ඇවැත්නි, මම පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි ... ඒ මම් වුසූ පිරිවෙස් ඇතියෙමි. කෙසේ නම් මා විසින් පිළිපැදිය යුතු දැ” යි මහණුනට සැළ කෙළේ ය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් දැන්වූහ.
Pali BJT2. තෙන හි භික්ඛවෙ සඞ්ඝො උදායිස්ස භික්ඛුනො තිස්සන්නං ආපත්තීනං ඡාරත්තං මානත්තං දෙතු. එවං ච පන භික්ඛවෙ දාතබ්බං: තෙන භික්ඛවෙ උදායිනා භික්ඛුනා සඞ්ඝං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා බුඩ්ඪානං භික්ඛූනං පාදෙ වන්දිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා එවමස්ස වචනීයො: අහං භන්තෙ එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පඤ්චාහපටිච්ඡන්නං. සො’හං සඞ්ඝං එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පඤ්චාහපරිවාසං යාචිං. තස්ස මෙ සඞ්ඝො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පඤ්චාහපරිවාසං අදාසි. සො’හං පරිවසන්තො අන්තරා එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං අපටිච්ඡන්නං. සො’හං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය මූලායපටිකස්සනං යාචිං. තං මං සඞ්ඝො අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය මූලාය පටිකස්සි. සො’හං පරිවුත්ථපරිවාසො මානත්තාරහො අන්තරා එකං ආපත්තිං අපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං අපටිච්ඡන්නං. සො’හං සඞ්ඝං අන්තරා එකිස්සා අපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය මූලායපටිකස්සනං යාචිං. තස්ස මෙ සඞ්ඝො අන්තරා එකිස්සා අපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය මූලාය පටිකස්සි. සො’හං භන්තෙ පරිවුත්ථපරිවාසො සඞ්ඝං තිස්සන්නං ආපත්තීනං ඡාරත්තං මානත්තං යාචාමී ති. දුතියම්පි යාචිතබ්බො -පෙ- තතියම්පි යාචිතබ්බො -පෙ- ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
Sinhala BJT2. මහණෙනි, එසේ වී නම් සඞ්ඝ තෙමේ උදායී මහණහට තුන් ආපත්තීනට ෂාඩ්රාත්‍රික මානත දේවා. මහණෙනි, මෙසේ එය දිය යුතු: ඒ උදායී මහණහු විසින් සඞ්ඝයා වෙත එළඹ “වහන්ස, මම් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම සඞ්ඝයාගෙන් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පඤ්චාහපරිවාසය ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙම පඤ්චාහප්‍රතිච්ඡන්න එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පඤ්චාහපරිවාසය දුන්නේ ය. ඒ මම් පිරිවෙස් වසන්නෙම්, අතරැ නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි අතුරු ඇවැතට සඞ්ඝයාගෙන් මූලායපටිකස්සනාව ඉල්ලීමි. සඞ්ඝ තෙමේ මට අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කෙළේ ය. ඒ මම් වුසූ පිරිවෙස් ඇතියෙම්, මානතට සුදුසු වූයෙම්, අතරැ නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි අතුරු ඇවැතට මූලායපටිකස්සනාව සඞ්ඝයාගෙන් ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙමේ නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි අතුරු ඇවැතට මූලායපටිකස්සනාව කෙළේ ය. වහන්ස, ඒ මම් වුසූ පිරිවෙස් ඇතියෙම්, සඞ්ඝයාගෙන් තුන් ඇවැත්නට ෂඩ්රාත්‍රික මානත ඉල්ලමි’ යනු යි. දෙවනු ද ඉල්ලිය යුතු ... තෙවනු ද ඉල්ලිය යුතු ව්‍යක්ත වූ ප්‍රතිබල මහණක්හු විසින් සඞ්ඝ තෙමේ මෙසේ දැන්විය යුතු:
Pali BJT3. “සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අයං උදායී භික්ඛු එකං ආපත්තිං ආපජ්ජි සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පඤ්චාහපටිච්ඡන්නං -පෙ- සො පරිවුත්ථපරිවාසො සඞ්ඝං තිස්සන්නං ආපත්තීනං ඡාරත්තං මානත්තං යාචති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො උදායිස්ස භික්ඛුනො තිස්සන්නං ආපත්තීනං ඡාරත්තං මානත්තං දදෙය්ය. එසා ඤත්ති.
Sinhala BJT3. “වහන්ස, සඞ්ඝ තෙමේ මබස් අසාවා. මේ උදායී මහණ පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය ... හේ වුසූ පිරිවෙස ඇත්තේ සඞ්ඝයාගෙන් තුන් ඇවැත්නට ෂාඩ්රාත්‍රික මානත ඉල්ලයි. ඉදින් සඞ්ඝයාට ප්‍රාප්තකාල වී නම්, සඞ්ඝ තෙමේ උදායී මහණහට තුන් ඇවැත්නට ෂාඩ්රාත්‍රික මානත දේවා. මේ ඥප්තිය යි.
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අයං උදායී භික්ඛු එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පඤ්චාහපටිච්ඡන්නං -පෙ- සො පරිවුත්ථපරිවාසො සඞ්ඝං තිස්සන්නං ආපත්තීනං ඡාරත්තං මානත්තං යාචති. සඞ්ඝො උදායිස්ස භික්ඛුනො තිස්සන්නං ආපත්තීනං ඡාරත්තං මානත්තං දෙති. යස්සායස්මතො ඛමති උදායිස්ස භික්ඛුනො තිස්සන්නං ආපත්තීනං ඡාරත්තං මානත්තස්ස දානං, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය.
Sinhala BJTවහන්ස, සඞ්ඝ තෙමේ මබස් අසාවා: මේ උදායී මහණ පඤ්චාහ ප්‍රතිච්ඡන්න එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය ... හේ පිරූ පිරිවෙස් ඇතියේ සඞ්ඝයාගෙන් තුන් ඇවැත්නට ෂඩ්රාත්‍රික මානත ඉල්ලයි. සඞ්ඝ තෙමේ උදායී මහණහට තුන් ඇවැත්නට ෂාඩ්රාත්‍රික මානත දෙයි. උදායී මහණහට තුන් ඇවැත්නට ෂඩ්රාත්‍රික මානත දීම යම් ආයුෂ්මතකුට රිසියේ නම් හේ නිහඬ වේවා. යමකුට නො රිසියේ නම්, හේ කියාවා.
Pali BJTදුතියම්පි එතමත්ථං වදාමි -පෙ- තතියම්පි එතමත්ථං වදාමි -පෙ-
Sinhala BJTදෙවනු ද මෙ කරුණ කියමි ... තෙවනු ද මෙ කරුණ කියමි ...
Pali BJTදින්නං සඞ්ඝෙන උදායිස්ස භික්ඛුනො තිස්සන්නං ආපත්තීනං ඡාරත්තං මානත්තං. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJTසඞ්ඝයා විසින් උදායී මහණහට තුන් ඇවැත්නට ෂඩ්රාත්‍රික මානත දෙන ලද්දේ ය. සඞ්ඝයාට රිසියෙයි. එ හෙයින් නිහඬ ය. මෙසේ මෙය සලකමි” යි.
Pali BJTතිකාපත්තිමානත්තං නිට්ඨිතං.
Sinhala BJTතිකාපත්ති මානත නිමියේ ය.
Pali BJT10. මානත්තචාරිකමූලායපටිකස්සනා
Sinhala BJT10. මානත්තචාරිකමුලායපටිකස්සනාව
Pali BJT1. සො මානත්තං චරන්තො අන්තරා එකං ආපත්තිං ආපජ්ජි සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං අපටිච්ඡන්නං. සො භික්ඛූනං ආරොචෙසි: අහං ආවුසො එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පඤ්චාහපටිච්ඡන්නං -පෙ- සො’හං මානත්තං චරන්තො අන්තරා එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං අපටිච්ඡන්නං. කථං නු ඛො මයා පටිපජ්ජිතබ්බන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT1. හේ මානත පුරණුයේ, අතරැ නොපිළිසන් වූ එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හේ භික්‍ෂූනට “ඇවැත්නි, පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට මම් පැමිණියෙමි … ඒ මම් මානත පුරණුයෙම්, නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. කෙසේ නම් මා විසින් පිළිපැදිය යුතු දැ” යි සැළ කෙළේ ය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් දැන්වූහ.
Pali BJT2. තෙන හි භික්ඛවෙ සඞ්ඝො උදායිං භික්ඛුං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය පටිකස්සිත්වා ඡාරත්තං මානත්තං දෙතු. එවං ච පන භික්ඛවෙ මූලාය පටිකස්සිතබ්බො: තෙන භික්ඛවෙ උදායිනා භික්ඛුනා සඞ්ඝං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා වුඩ්ඪානං භික්ඛූනං පාදෙ වන්දිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා එවමස්ස වචනීයො: අහං භන්තෙ එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පඤ්චාහපටිච්ඡන්නං. සො’හං සඞ්ඝං එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පඤ්චාහපරිවාසං යාචි. තස්ස මෙ සඞ්ඝො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පඤ්චාහපරිවාසං අදාසි. සො’හං පරිවසන්තො අන්තරා එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං අපටිච්ඡන්නං. සො’හං සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය මූලාය පටිකස්සනං යාචිං. තං මං සඞ්ඝො අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය මූලාය පටිකස්සි. ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය මූලාය පටිකස්සි. සො’හං පරිවුත්ථපරිවාසො මානත්තාරහො අන්තරා එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං අපටිච්ඡන්නං. සො’හං සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය මූලාය පටිකස්සනා යාචිං. තස්ස මෙ සඞ්ඝො අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය මූලාය පටිකස්සි. සො’හං භන්තෙ පරිවුත්ථපරිවාසො සඞ්ඝං තිස්සන්නං ආපත්තීනං ඡාරත්තං මානත්තං යාචිං.
Sinhala BJT2. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:) මහණෙනි, එසේ නම් සඞ්ඝ තෙම උදායී මහණහට අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කොට, ෂාඩ්රාත්‍රික මානත දේවා. මහණෙනි, මෙසේ මූලායපටිකස්සනාව කළ යුතු: මහණෙනි, ඒ උදායී මහණහු විසින් සඞ්ඝයා වෙත එළඹ උතුරු සඟ එකස් කොට වැඩිමහලු තෙරුන් පා වැඳ උත්කුටුක වැ හිඳ, දොහොත් මුදුන තබා මෙසේ කියැ යුතු වන්නේය: “වහන්ස, මම් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතක් අවනිමි. ඒ මම් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්විසැටි ඇවැතට පස්දිනක් පිරිවෙස සඞ්ඝයා වෙතින් ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙමේ පස්දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්විසැටි ඇවැතට පස් දිනක් පිරිවෙස දුන්නේ ය. ඒ මම් පිරිවෙස් වසන්නෙම්, අතරැ නොපිළිසන් එක් සඤ්චේතනක සුක්විසැටි ඇවැතක් අවනිමි. ඒ මම් අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්විසැටි ඇවැතට මූලායපටිකස්සනාව සඞ්ඝයා වෙතින් ඉල්ලීමි. ඒ මට සංඝ තෙමේ අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කෙළේ ය. ඒ මම් වුසූ පිරිවෙසැත්තෙම්, මානතට සුදුසු වූයෙම්, ඒ අතරැ නොපිළිසන් සඤ්චේතනක සුක්විසැටි ඇවැතක් අවනිමි. ඒ මම් අතරැ අවන් නොපිළිසන් සඤ්චේතනක සුක්විසැටි ඇවැතට මූලායපටිකස්සනාව ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙමේ අතරැ අවන් නොපිළිසන් සඤ්චේතනක සුක්විසැටි ඇවැතට මූලායපටිකස්සනාව කෙළේ ය. වහන්ස, ඒ මම් පිරිවුසු පිරිවෙස ඇතියෙම්, තුන් ඇවැතුන් සඳහා සරැයෙක මානත සඟහු යැදීමි.
Pali BJTතස්ස මෙ සඞ්ඝො තිස්සන්නං ආපත්තීනං ඡාරත්තං මානත්තං අදාසි. සො’හං මානත්තං චරන්තො අන්තරා එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං අපටිච්ඡන්නං. සො’හං භන්තෙ සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය මූලාය පටිකස්සනං යාචාමී”ති. දුතියම්පි යාචිතබ්බො -පෙ- තතියම්පි යාචිතබ්බො. -පෙ- ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
Sinhala BJTඒ මට සඟ තෙමේ තුන් ඇවැත්නට සරැයෙක මානත දුනි. ඒ මම් මානත පුරනුයෙම්, අතරැ නොපිළිසන් එක් සඤ්චේතනක සුක්විසැටි ඇවතක් අවනිමි. වහන්ස, (ඒ මම අතරැ අවන්) නො පිළිසන් එක් සඤ්චේතනක සුක්විසැටි ඇවැතට මූලායපටිකස්සනාව සඟහු යදිමි” යනු යි. දෙවනු දු යැදිය යුතු ... තෙවනුදු යැදියැ යුතු ... වියත් පිළිබල මහණක්හු විසින් මෙසේ සඟ තෙමේ දැන්වියැ යුතු:
Pali BJT3. “සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අයං උදායී භික්ඛු එකං ආපත්තිං ආපජ්ජි සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පඤ්චාහපටිච්ඡන්නං -පෙ-. සො පරිවුත්ථපරිවාසො සඞ්ඝං තිස්සන්නං ආපත්තීනං ඡාරත්තං මානත්තං අදාසි. සො මානත්තං චරන්තො අන්තරා එකං ආපත්තිං ආපජ්ජි සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං අපටිච්ඡන්නං සො සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය මූලායපටිකස්සනං යාචති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො උදායිං භික්ඛුං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය මූලාය පටිකස්සෙය්ය. එසා ඤත්ති.
Sinhala BJT3. “සඟ තෙමේ මබස් අසාවා. මේ උදායී මහණ පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්විසැටි ඇවැතක් අවන ... හේ වුසූ පිරිවෙස් ඇත්තේ තුන් ඇවැත්නට සඟහු සරැයෙක මානත යැදී. සඟ තෙමේ උදායී මහණහට තුන් ඇවැත්නට සරැයෙක මානත දුන. හේ මානත පුරනුයේ අතරැ එක් නොපිළිසන් සඤ්චේතනක සුක්විසැටි ඇවැතක් අවන හේ අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්විසැටි ඇවැතට මූලායපටිකස්සනාව සඟහු යදි. ඉදින් (මෙය) සඟහට ප්‍රාප්තකාල කර්‍මයෙක් වේ නම්, සඟ තෙමේ උදායී මහණහට අතරැ අවන් නොපිළිසන් සඤ්චේතනක සුක්විසැටි ඇවැත සඳහා මූලායපටිකස්සනාව කරන්නේ ය. මේ ඥප්ති යැ.
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අයං උදායී භික්ඛූ එකං ආපත්තිං ආපජ්ජි සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පඤ්චාහටිච්ඡන්නං -පෙ-. සො මානත්තං චරන්තො අන්තරා එකං ආපත්තිං ආපජ්ජි සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං අපටිච්ඡන්නං. සො සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය මූලාය පටිකස්සනං යාචති. සඞ්ඝො උදායිං භික්ඛුං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය මූලාය පටිකස්සති. යස්සායස්මතො ඛමති උදායිස්ස භික්ඛුනො -පෙ- මූලාය පටිකස්සනා, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය.
Sinhala BJTසඟ තෙමේ මබස් අසාවා: මේ උදායී මහණ පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්විසැටි ඇවැතක් අවන ... හේ මානත පුරනුයේ, අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්විසැටි ඇවැතට මූලායපටිකස්සනාව සඟහු යදී. සඟ තෙමේ උදායී මහණහට අතරැ අවන් නො පිළිසන් එක් සඤ්චේතනක සුක්විසැටි ඇවැතට මූලායපටිකස්සනා කෙරෙයි උදායී මහණහට ... මූලායපටිකස්සනාව යම් ආයුෂ්මතක්හට රිසියේ නම්, හේ නිහඬ වන්නේ ය. යමක් හට නො රිසියේ නම්, හේ කියන්නේ ය.
Pali BJTදුතියම්පි එතමත්ථං වදාමි: -පෙ- තතියම්පි එතමත්ථං වදාමි: -පෙ-.
Sinhala BJTදෙවනුදු මෙ කරුණ කියමි. තෙවනුදු මෙ කරුණ කියමි ...
Pali BJTපටිකස්සිතො සඞ්ඝෙන උදායි භික්ඛු අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා මූලාය පටිකස්සනා. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී, එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJTසඟහු විසින් උදායී මහණ තෙම අතරැ අවන් එක් සඤ්චේතනක සුක්විසැටි ඇවැත සඳහා මූලායපටිකස්සනායෙන් පිළිකස්නා ලද සඟහට කැමෙයි. එහෙයින් නිහඬ යැ. මෙසේ මෙය දරම්” යනු යි.
Pali BJT4. එවං ච පන භික්ඛවෙ ඡාරත්තං මානත්තං දාතබ්බං: තෙන භික්ඛවෙ උදායිනා භික්ඛුනා සඞ්ඝං උපසඞ්කමිත්වා -පෙ- එවමස්ස වචනීයො: අහං භන්තෙ එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං අපටිච්ඡන්නං -පෙ- තං මං සඞ්ඝො -පෙ- මූලාය පටිකස්සසි. සො’හං පරිවුත්ථපරිවාසො මානත්තහාරො අන්තරා එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං අපටිච්ඡන්නං -පෙ-. තං මං සඞ්ඝො -පෙ- මූලාය පටිකස්සි -පෙ-. සො’හං භන්තෙ පරිවුත්ථපරිවාසො සඞ්ඝං තිස්සන්නං ආපත්තීනං ඡාරත්තං මානත්තං යාචි. තස්ස මෙ සඞ්ඝො තිස්සන්නං ආපත්තීනං ඡාරත්තං මානත්තං අදාසි. සො’හං මානත්තං චරන්තො අන්තරා එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං අපටිච්ඡන්නං. සො’හං භන්තෙ සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය අපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං යාචාමීති.
Sinhala BJT4. මහණෙනි, මානත ද මෙසේ දියැ යුතු: මහණෙනි, ඒ උදායී මහණ විසින් සඟහු කරා එළැඹ ... මෙසේ කියැ යුතු: “වහන්ස, මම් එක් නොපිළිසන් සඤ්චේතනක සුක්විසැටි ඇවැතක් අවනිමි ... ඒ මා සඟ තෙමේ මුලට පිළිකැසී. ඒ මම් පිරිවුසු පිරිවෙස් ඇතියෙම්, මානතට සුදුසුයෙම්, අතරැ එක් නොපිළිසන් සඤ්චේතනක සුක්විසැටි ඇවැතක් අවනිමි ... සඟ තෙමේ ඒ මා ... මුලට පිළිකැසී ... වහන්ස, ඒ මම් පිරිවුසු පිරිවෙස් ඇතියෙම්, තුන් ඇවැතුන් සඳහා සරැයක් පිරිය යුතු මානත සඟහු යැදීමි. ඒ මට සඟ තෙමේ තුන් ඇවැත්නට සරැයක් පිරියයුතු මානත දුන. ඒ මම් මානත පුරනුයෙම්, අතරැ එක් නොපිළිසන් සඤ්චේතනක සුක්විසැටි ඇවැතක් අවනිමි. වහන්ස, ඒ මම් අතරැ අවන් එක් නොපිළිසන් සඤ්චේතනික සුක්විසැටි ඇවැතට සරැයක් පිරිය යුතු මානත යදිමි” යි.
Pali BJTදුතියම්පි යාචිතබ්බො -පෙ- තතියම්පි යාචිතබ්බො -පෙ- ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
Sinhala BJTදෙවනු ද යැද්ද යුතු: තෙවනු ද යැද්ද යුතු ... වියත් පිළිඹුල් මහණක්හු විසින් සහ තෙමේ (මෙසේ) දැන්වියැ යුතු:
Pali BJT“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො: අයං උදායී භික්ඛු -පෙ- ඡාරත්තං මානත්තං යාචති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො උදායිස්ස භික්ඛුනො -පෙ- ඡාරත්තං මානත්තං දදෙය්ය. එසා ඤත්ති.
Sinhala BJT“වහන්ස, සඟ තෙමේ මබස් අසාවා: මේ උදායී මහණ ... සරැයක් පිරියැ යුතු මානත යදී. ඉදින් මේ කර්‍මය සඟහට ප්‍රාප්තකාල නම් සඟ තෙමේ උදායී මහණහට සරැයක් පිරියැ යුතු මානත දෙන්නේ ය. මේ ඥප්ති යැ.
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො. -පෙ- සඞ්ඝො. උදායිස්ස භික්ඛුනො ඡාරත්තං මානත්තං දෙති -පෙ- දුතියම්පි එතමත්ථං වදාමි: -පෙ- තතියම්පි එතමත්ථං වදාමි: -පෙ-
Sinhala BJT“වහන්ස, සහ තෙමේ මබස් අසාවා ... සඟ තෙමේ උදායී මහණහට සරැයක් පිරියැ යුතු මානත දෙයි ... දෙවනු ද මෙ කරුණ කියමි ... තෙවනු ද මෙ කරුණ කියමි ...
Pali BJTදින්නං සඞ්ඝෙන උදායිස්ස භික්ඛුනො අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං. ඛමති සඞ්ඝස්ස, තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී’ති.
Sinhala BJTසඟහු විසින් උදායී මහණහට අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්විසැටි ඇවැතට සරැයක් පිරියැ යුතු මානත දෙන ලද. සඟහට රිසියෙ යි. එහෙයින් නිහඬ යැ. මෙසේ මෙය දරමි” යි.
Pali BJTමානත්තචාරිකමුලායපටිකස්සනා නිට්ඨිතා.
Sinhala BJTමානත්තචාරිකමූලායපටිකස්සනාව නිමි.
Pali BJT11. අබ්භානාරහමූලායපටිකස්සනා
Sinhala BJT11. අබ්භානාරහමූලායපටිකස්සනාව
Pali BJT1. සො චිණ්ණමානත්තො අබ්භානාරහො අන්තරා එකං ආපත්තිං ආපජ්ජි සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං අපටිච්ඡන්නං. සො භික්ඛූනං ආරොචෙසි: අහං ආවුසො එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පඤ්චාහපටිච්ඡන්නං -පෙ- සො’හං චිණ්ණමානත්තො අබ්භානාරහො අන්තරා එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං අපටිච්ඡන්නං. කථං නු ඛො මයා පටිපජ්ජිතබ්බන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT1. හේ පිරූ මානත ඇත්තේ අබ්භානයට සුදුසු වූයේ, ඒ අතරැ එක් නොපිළිසන් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හේ භික්‍ෂූනට “ඇවැත්නි, මම එක් පඤ්චාහප්‍රතිච්ඡන්න සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි ... ඒ මම් පිරූ මානත ඇතියෙම්, අබ්භානයට සුදුසු වූයෙම්, ඒ අතරැ එක් නොපිළිසන් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. මා විසින් කෙසේ නම් පිළිපැදියැ යුතුදැ” යි සැළ කෙළේ ය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළ කළහ.
Pali BJT2. “තෙන හි භික්ඛවෙ සඞ්ඝො උදායිං භික්ඛුං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය මූලාය පටිකස්සිත්වා ඡාරත්තං මානත්තං දෙතු. එවඤ්ච පන භික්ඛවෙ මූලාය පටිකස්සිතබ්බො: -පෙ- එවං ච පන භික්ඛවෙ ඡාරත්තං මානත්තං දාතබ්බං -පෙ- දින්නං සංඝෙන උදායිස්ස භික්ඛුනො අන්තරා එකිස්සා අපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJT2. (භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක:) “මහණෙනි, එසේ නම් සඞ්ඝ තෙමේ උදායී මහණහට අතරැ අවන් නො පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කොට, ෂාඩ්රාත්‍රික මානත දේවා. මහණෙනි, මෙසේ මූලායපටිකස්සනාව කළ යුතු ... මහණෙනි, මෙසේ ෂාඩ්රාත්‍රික මානත දිය යුතු ... සඞ්ඝයා විසින් උදායී මහණහට අතරැ අවන් එක් නොපිළිසන් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට ෂාඩ්රාත්‍රික මානත දෙන ලද්දේ ය. සඞ්ඝයාට රිසියෙයි. එහෙයින් නිහඬ ය. මෙසේ මෙය සලකමි” යි.
Pali BJTඅබ්භානාරහමූලායපටිකස්සනා නිට්ඨිතා.
Sinhala BJTඅබ්භානාරහමූලායපටිකස්සනාව නිමි.
Pali BJT12. මූලායපටිකස්සිතස්ස අබ්භානං
Sinhala BJT12. මූලායපටිකස්සිත අබ්භානය
Pali BJT1. සො චිණ්ණමානත්තො භික්ඛූනං ආරොචෙසි: අහං ආවුසො එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පඤ්චාහ පටිච්ඡන්නං -පෙ- සො’හං චිණ්ණමානත්තො. කථං නු ඛො මයා පටිපජ්ජිතබ්බන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT1. හේ පිරුමානත ඇත්තේ භික්‍ෂූනට “ඇවැත්නි, මම් පඤ්චාහප්‍රතිච්ඡන්න, එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි ... ඒ මම් පිරූ මානත ඇතියෙම් වෙමි. කෙසේ නම් මා විසින් පිළිපැදිය යුතු දැ” යි මෙය කී ය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළ කළහ.
Pali BJTතෙන හි භික්ඛවෙ සඞ්ඝො උදායිං භික්ඛුං අබ්භෙතු. එවං ච පන භික්ඛවෙ අබ්භෙතබ්බො. තෙන භික්ඛවෙ උදායිනා භික්ඛුනා සඞ්ඝං උපසඞ්කමිත්වා -පෙ- එවමස්ස වචනීයො:
Sinhala BJT(භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:) මහණෙනි, එසේ නම් සඞ්ඝ තෙමේ උදායී මහණ අබ්භාන කෙරේවා. මහණෙනි, මෙසේ අබ්භාන කළ යුතු: මහණෙනි, ඒ උදායී මහණහු විසින් සඞ්ඝයා වෙත එළඹ ... මෙසේ කියැ යුතු:
Pali BJT“අහං භන්තෙ එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පඤ්චාහපටිච්ඡන්නං. සො’හං සඞ්ඝං එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පඤ්චාහපරිවාසං යාචිං. තස්ස මෙ සඞ්ඝො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පඤ්චාහපරිවාසං අදාසි. සො’හං පරිවසන්තො අන්තරා එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං අපටිච්ඡන්නං. සො’හං සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය මූලායපටිකස්සනං යාචිං. තං මං සඞ්ඝො අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය මූලාය පටිකස්සි. සො’හං පරිවුත්ථපරිවාසො මානත්තාරහො අන්තරා එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං අපටිච්ඡන්නං. සො’හං සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය මූලායපටිකස්සනං යාචිං. තං මං සඞ්ඝො අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය මූලාය පටිකස්සි. සො’හං පරිවුත්ථපරිවාසො සඞ්ඝං තිස්සන්නං ආපත්තීනං ඡාරත්තං මානත්තං යාචිං. තස්ස මෙ සඞ්ඝො තිස්සන්නං ආපත්තීනං ඡාරත්තං මානත්තං අදාසි. සො’හං මානත්තං චරන්තො අන්තරා එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං අපටිච්ඡන්නං. සො’හං සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය මූලායපටිකස්සනං යාචිං. තං මං සඞ්ඝො අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය මූලාය පටිකස්සි. සො’හං සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං යාචිං. තස්ස මෙ සඞ්ඝො අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං අදාසි. සො’හං චිණ්ණමානත්තො අබ්භානාරහො අන්තරා එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං අපටිච්ඡන්නං. සො’හං සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය මූලායපටිකස්සනං යාචිං. තං මං සඞ්ඝො අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය මූලාය පටිකස්සි. සො’හං සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං යාචිං. තස්ස මෙ සඞ්ඝො අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං අදාසි. සො’හං, භන්තෙ චිණ්ණමානත්තො සඞ්ඝං අබ්භානං යාචාමී”ති. “දුතියම්පි යාචිතබ්බො. තතියම්පි යාචිතබ්බං.
Sinhala BJT“වහන්ස, මම් පස්දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් සඞ්ඝයාගෙන් පස්දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පඤ්චාහපරිවාසය ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙම පඤ්චාහප්‍රතිච්ඡන්න වූ එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පඤ්චාහපරිවාසය දුන්නේ ය. ඒ මම් පිරිවෙස් වසන්නෙම්, ඒ අතරැ නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට සඞ්ඝයාගෙන් මූලායපටිකස්සනාව ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙම අතරැ අවන් නොපිළිසන් වූ එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කෙළේ ය. ඒ මම් වුසූ පිරිවෙස් ඇතියෙම්, මානතට සුදුසු වූයෙම්, ඒ අතරැ නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම අතරැ අවන් එක් නොපිළිසන් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙම අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කෙළේ ය. ඒ මම් වුසූ පිරිවෙස් ඇතියෙම්, සඞ්ඝයාගෙන් තුන් ඇවැත්නට ෂාඩ්රාත්‍රික මානත ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙම තුන් ඇවැත්නට ෂාඩ්රාත්‍රික මානත දුන්නේ ය. ඒ මම් මානත පුරන්නෙම්, ඒ අතරැ නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් සඞ්ඝයාගෙන් අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙමේ අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කෙළේ ය. ඒ මම් සඞ්ඝයාගෙන් අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට ෂාඩ්රාත්‍රික මානත ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙමේ අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට ෂාඩ්රාත්‍රික මානත දුන්නේ ය. ඒ මම් පිරූ මානත ඇත්තෙම්, අබ්භානයට සුදුසු වූයෙම්, ඒ අතරැ නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් සඞ්ඝයාගෙන් අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙමේ අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කෙළේ ය. ඒ මම් සඞ්ඝයාගෙන් අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට ෂාඩ්රාත්‍රික මානත ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙමේ අතරැ අවන් නොපිළියන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට ෂාඩ්රාත්‍රික මානත දුන්නේ ය. වහන්ස, ඒ මම් පිරූ මානත ඇතියෙම්, සඞ්ඝයාගෙන් අබ්භානය ඉල්ලමි” යනු යි. දෙවනු ද ඉල්ලිය යුතු. තෙවනු ද ඉල්ලිය යුතු.
Pali BJT2. ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො –
Sinhala BJT2. ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් සඞ්ඝ තෙමේ (මෙසේ) දැන්විය යුතු:
Pali BJT“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අයං උදායී භික්ඛු එකං ආපත්තිං ආපජ්ජි සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පඤ්චාහපටිච්ඡන්නං. සො සඞ්ඝං එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පඤ්චාහපරිවාසං යාචි. සඞ්ඝො උදායිස්ස භික්ඛුනො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පඤ්චාහපරිවාසං අදාසි. සො පරිවසන්තො අන්තරා එකං ආපත්තිං ආපජ්ජි සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං අපටිච්ඡන්නං. සො සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය මූලාය පටිකස්සනං යාචි. සඞ්ඝො උදායිං භික්ඛුං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය මූලාය පටිකස්සි. සො පරිවුත්ථපරිවාසො මානත්තාරහො අන්තරා එකං ආපත්තිං ආපජ්ජි සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං අපටිච්ඡන්නං. සො සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය මූලාය පටිකස්සනං යාචි. සඞ්ඝො උදායිං භික්ඛුං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය මූලාය පටිකස්සි. සො පරිවුත්ථපරිවාසො සඞ්ඝං තිස්සන්නං ආපත්තීනං ඡාරත්තං මානත්තං යාචි. සඞ්ඝො උදායිස්ස භික්ඛුනො තිස්සන්නං ආපත්තීනං ඡාරත්තං මානත්තං අදාසි. සො මානත්තං චරන්තො අන්තරා එකං ආපත්තිං ආපජ්ජි සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං අපටිච්ඡන්නං. සො සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය මූලාය පටිකස්සනං යාචි. සඞ්ඝො උදායිං භික්ඛුං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය මූලාය පටිකස්සි. සො සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං යාචි. සඞ්ඝො උදායිස්ස භික්ඛුනො අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං අදාසි. සො චිණ්ණමානත්තො අබ්භානාරහො අන්තරා එකං ආපත්තිං ආපජ්ජි සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං අපටිච්ඡන්නං. සො සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය මූලාය පටිකස්සනං යාචි. සඞ්ඝො උදායිං භික්ඛුං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය මූලාය පටිකස්සි. සො සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං යාචි. සඞ්ඝො උදායිස්ස භික්ඛුනො අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං අදාසි. සො චිණ්ණමානත්තො සඞ්ඝං අබ්භානං යාචති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො උදායිං භික්ඛුං අබ්භෙය්ය. එසා ඤත්ති.
Sinhala BJT“වහන්ස, සඞ්ඝ තෙමේ මබස් අසාවා: මේ උදායී මහණ පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම සඞ්ඝයාගෙන් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පඤ්චාහ පිරිවෙස ඉල්ලී ය. සඞ්ඝ තෙමේ උදායී මහණහට පස්දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පඤ්චාහපිරිවෙස දුන්නේ ය. හේ පිරිවෙසෙන්නේ ඒ අතරැ එක් නොපිළිසන් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙතෙම ඒ අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව ඉල්ලී ය. සඞ්ඝ තෙමේ උදායී මහණහට අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කෙළේ ය. හේ වුසූ පිරිවෙස් ඇත්තේ, මානතට සුදුසු වූයේ, ඒ අතරැ නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම සඞ්ඝයාගෙන් එක් නොපිළිසන් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව ඉල්ලී ය. සඞ්ඝ තෙමේ උදායී මහණහට අතර අවන් එක් නොපිළිසන් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කෙළේ ය. හේ වුසූ පිරිවෙස් ඇත්තේ, සඞ්ඝයාගෙන් තුන් ඇවැතට ෂාඩ්රාත්‍රික මානත ඉල්ලී ය. සඞ්ඝ තෙමේ උදායී මහණහට තුන් ඇවැත්නට ෂාඩ්රාත්‍රික මානත දුන්නේ ය. හේ මානත පුරණුයේ, ඒ අතරැ එක් නොපිළිසන් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවතකට පැමිණියේ ය. හෙ තෙම සඞ්ඝයාගෙන් අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව ඉල්ලී ය. සඞ්ඝ තෙමේ උදායී මහණහට අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කෙළේ ය. හෙ තෙම සඞ්ඝයාගෙන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට ෂාඩ්රාත්‍රික මානත ඉල්ලී ය. සඞ්ඝ තෙමේ උදායී මහණහට අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට ෂඩ්රාත්‍රික මානත දුන්නේ ය. හෙ තෙම පිරූ මානත ඇත්තේ, අබ්භානයට සුදුසු වූයේ, ඒ අතරැ නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම සඞ්ඝයාගෙන් අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක ඇවැතට මූලායපටිකස්සනාව ඉල්ලී ය. සඞ්ඝ තෙමේ අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට උදායී මහණහට මූලායපටිකස්සනාව කෙළේ ය. හෙ තෙම සඞ්ඝයාගෙන් අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට ෂාඩ්රාත්‍රික මානත ඉල්ලී ය. සඞ්ඝ තෙමේ උදායී මහණහට අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට ෂඩ්රාත්‍රික මානත දුන්නේ ය. හේ පිරූ මානත ඇත්තේ, සඞ්ඝයාගෙන් අබ්භානය ඉල්ලයි. ඉදින් සඞ්ඝයාට ප්‍රාප්තකාල වේ නම්, සඞ්ඝ තෙමේ උදායී මහණහට අබ්භාන කර්‍මය කෙරේවා. මේ ඥප්තිය යි.
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අයං උදායී භික්ඛු එකං ආපත්තිං ආපජ්ජි සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පඤ්චාහපටිච්ඡන්නං. -පෙ- සො චිණ්ණමානත්තො සඞ්ඝං අබ්භානං යාචති. සඞ්ඝො උදායිං භික්ඛුං අබ්භෙති. යස්සායස්මතො ඛමති උදායිස්ස භික්ඛුනො අබ්භානං, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය.
Sinhala BJTවහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. මේ උදායී මහණ තෙම පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේය. හෙ තෙම පිරූ මානත ඇත්තේ සඞ්ඝයාගෙන් අබ්භාන කර්‍මය ඉල්ලයි. සඞ්ඝ තෙමේ උදායී මහණහට අබ්භානකර්‍මය කෙරෙයි. යම් ආයුෂ්මතක්හට උදායී මහණහු පිළිබඳ අබ්භාන කර්‍මය රිසියේ නම්, හේ නිහඬ වේවා. යමකුට නො රිසියේ නම, හේ කියාවා.
Pali BJT“දුතියම්පි එතමත්ථං වදාමි -පෙ- තතියම්පි එතමත්ථං වදාමි -පෙ- අබ්භිතො සඞ්ඝෙන උදායී භික්ඛු. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJTදෙවනු ද මෙ කරුණ කියමි ... තෙවනු ද මෙ කරුණ කියමි ... සඞ්ඝයා විසින් උදායී මහණ තෙම අබ්භිත (=අබ්භානකර්‍මය කරණ ලදුයේ ) වෙයි. එය සඞ්ඝයාට රිසියෙයි. එ හෙයින් නිහඬ වෙයි. මෙසේ මෙය සලකමි” යනු යි.
Pali BJTමූලායපටිකස්සිතඅබ්භානං.
Sinhala BJTමූලායපටිකස්සිතයා පිළිබඳ අබ්භානය යි.
Pali BJT13. පක්ඛපටිච්ඡන්නපරිවාසො
Sinhala BJT13. පක්ඛපටිච්ඡන්න පිරිවෙස
Pali BJT1. තෙන ඛො පන සමයෙන ආයස්මා උදායී එකං ආපත්තිං ආපන්නො හොති සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පක්ඛපටිච්ඡන්නං. සො භික්ඛූනං ආරොචෙසි: “අහං ආවුසො එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පක්ඛපටිච්ඡන්නං. කථන්නුඛො මයා පටිපජ්ජිතබ්බන්ති.” භගවතො එතමත්ථං ආරොචෙසුං: තෙන හි භික්ඛවෙ සඞ්ඝො උදායිස්ස භික්ඛුනො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පක්ඛපටිච්ඡන්නාය පක්ඛපරිවාසං දෙතු. එවං ච පන භික්ඛවෙ දාතබ්බො: තෙන භික්ඛවෙ උදායිනා භික්ඛුනා සඞ්ඝං උපසඞ්කමිත්වා -පෙ- එවමස්ස වචනීයො: “අහං භන්තෙ එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පක්ඛපටිච්ඡන්නං. සො’හං භන්තෙ සඞ්ඝං එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පක්ඛපටිච්ඡන්නාය පක්ඛපරිවාසං යාචාමී”ති. දුතියම්පි යාචිතබ්බො. තතියම්පි යාචිතබ්බො.
Sinhala BJT1. එ සමයෙහි වනාහි ආයුෂ්මත් උදායී තෙම පක්‍ෂයක් පිළිසන් වූ සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. “ඇවැත්නි, මම් පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි, මා විසින් කෙසේ පිළිපැදිය යුතු දැ?” යි හේ භික්‍ෂූනට කි ය. ඔහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළ කළහ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: “මහණෙනි, එසේ වී නම් සඞ්ඝ තෙමේ උදායී මහණහට පක්‍ෂප්‍රතිච්ඡන්න එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පිරිවෙස දේවා. එය මෙසේ දිය යුතු: ඒ උදායී මහණහු විසින් සඞ්ඝයා කරා එළැඹ ... “වහන්ස, මම් පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. වහන්ස, ඒ මම් පක්‍ෂප්‍රතිච්ඡන්න එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්‍ෂපරිවාසය සඞ්ඝයා යදිමි”යි මෙසේ යැද්ද යුතු. දෙවනු ද යැද්ද යුතු. තෙවනු ද යැද්ද යුතු.
Pali BJT2. ව්යත්තෙන භික්ඛුනො පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො –
Sinhala BJT2. ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුතු:
Pali BJT“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො: අයං උදායී භික්ඛු එකං ආපත්තිං ආපජ්ජි සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පක්ඛපටිච්ඡන්නං. සො සඞ්ඝං එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පක්ඛපටිච්ඡන්නාය පක්ඛපරිවාසං යාචති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො උදායිස්ස භික්ඛුනො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පක්ඛපටිච්ඡන්නාය පක්ඛපරිවාසං දදෙය්ය. එසා ඤත්ති.
Sinhala BJT“වහන්ස, සඞ්ඝ තෙමේ මබස් අසාවා: මේ උදායී මහණ පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම පක්‍ෂයක් පිළිසන් වූ එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්‍ෂපරිවාසය සඞ්ඝයා යදී. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇති කර්‍මයෙක් වේ නම්, සඞ්ඝ තෙම උදායී භික්‍ෂූහට පක්‍ෂයක් පිළිසන් වූ එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්‍ෂපරිවාසය දෙන්නේ ය. මේ ඥප්තිය යි.
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අයං උදායී භික්ඛු එකං ආපත්තිං ආපජ්ජි සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පක්ඛපටිච්ඡන්නං. සො සඞ්ඝං එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පක්ඛපටිච්ඡන්නාය පක්ඛපරිවාසං යාචති. සඞ්ඝො උදායිස්ස භික්ඛුනො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පක්ඛපටිච්ඡන්නාය පක්ඛපරිවාසං දෙති. යස්සායස්මතො ඛමති උදායිස්ස භික්ඛුනො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පක්ඛපටිච්ඡන්නාය පක්ඛපරිවාසස්ස දානං. සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය.
Sinhala BJTවහන්ස, සඞ්ඝ තෙමේ මබස් අසාවා. මේ උදායී භික්‍ෂු තෙම පක්‍ෂයක් පිළිසන් වූ එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙතෙම සඞ්ඝයාගෙන් පක්‍ෂප්‍රතිච්ඡන්න වූ එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්‍ෂපරිවාසය සඞ්ඝයා යදී. සඞ්ඝ තෙම උදායී මහණහට පක්‍ෂප්‍රතිච්ඡන්න වූ එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්‍ෂපරිවාසය දෙයි. උදායී භික්‍ෂූහට පක්‍ෂප්‍රතිච්ඡන්නවූ එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්‍ෂපරිවාසය දීම යම් ආයුෂ්මතක්හට රිසියේ නම්, හේ නිහඬ වේවා. යමකුට නො රිසියේ නම් හේ කියාවා.
Pali BJTදුතියම්පි එතමත්ථං වදාමි -පෙ- තතියම්පි එතමත්ථං වදාමි. -පෙ- දින්නො සඞ්ඝෙන උදායිස්ස භික්ඛුනො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පක්ඛපටිච්ඡන්නාය පක්ඛපරිවාසො. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමීති.
Sinhala BJTදෙවනු ද මේ කරුණ කියම් ... තෙවනු ද මෙ කරුණ කියම් ... සඞ්ඝයා විසින් උදායී මහණහට පක්‍ෂප්‍රතිච්ඡන්න එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්‍ෂපරිවාසය දෙන ලද්දේ ය. සඞ්ඝයාට රිසියෙයි. එයින් නිහඬ ය. මෙසේ මෙය දරමි (පිළිගනිමි).
Pali BJTපක්ඛපටිච්ඡන්නපරිවාසො.
Sinhala BJTපක්ඛපටිච්ඡන්නපරිවාසය යි.
Pali BJT14. පක්ඛපාරිවාසිකමූලායපටිකස්සනං
Sinhala BJT14. පක්ඛපාරිවාසිකමූලායපටිකස්සනාව
Pali BJT1. සො පරිවසන්තො අන්තරා එකං ආපත්තිං ආපජ්ජි සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පඤ්චාහපටිච්ඡන්නං. සො භික්ඛූනං ආරොචෙසි: අහං ආවුසො එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පක්ඛපටිච්ඡන්නං. සො’හං සඞ්ඝං එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පක්ඛපටිච්ඡන්නාය පක්ඛපරිවාසං යාචිං. තස්ස මෙ සඞ්ඝො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පක්ඛපටිච්ඡන්නාය පක්ඛපරිවාසං අදාසි. සො’හං පරිවසන්තො අන්තරා එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පඤ්චාහපටිච්ඡන්නං. කථං නු ඛො මයා පටිපජ්ජිතබ්බන්ති?
Sinhala BJT1. හෙ තෙම පිරිවෙස වසන්නේ ඒ අතරැ පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙතෙම භික්‍ෂූනට “ඇවැත්නි, මම් පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්‍ෂපරිවාසය සඞ්ඝයා යැදීමි. ඒ මට සඞ්ඝ තෙමේ පක්‍ෂයක් පිළිසන් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්‍ෂපරිවාසය දුන්නේ ය. ඒ මම් පිරිවෙස් වසන්නෙම්, ඒ අතරැ පස් දිනක් පිළිසන් වූ එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. මා විසින් කෙසේ පිළිපැදිය යුතු දැ?” යි කීයේ ය.
Pali BJT2. භගවතො එතමත්ථං ආරොචෙසුං. තෙන හි භික්ඛවෙ සඞ්ඝො උදායිං භික්ඛුං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය මූලාය පටිකස්සිත්වා පුරිමාය ආපත්තියා සමොධානපරිවාසං දෙතු. එවඤ්ච පන භික්ඛවෙ මූලාය පටිකස්සිතබ්බො: තෙන භික්ඛවෙ උදායිනා භික්ඛුනා සඞ්ඝං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා වුඩ්ඪානං භික්ඛූනං පාදෙ වන්දිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා එවමස්ස වචනීයො: අහං භන්තෙ එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පක්ඛපටිච්ඡන්නං. සො’හං සඞ්ඝං එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පක්ඛපටිච්ඡන්නාය පක්ඛපරිවාසං යාචිං. තස්ස මෙ සඞ්ඝො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පක්ඛපටිච්ඡන්නාය පක්ඛපරිවාසං අදාසි. සො’හං පරිවසන්තො අන්තරා එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පඤ්චාහපටිච්ඡන්නං. සො’හං භන්තෙ සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය මූලායපටිකස්සනං යාචාමීති. දුතියම්පි යාචිතබ්බො. තතියම්පි යාචිතබ්බො. ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
Sinhala BJT2. ඔහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් දැන්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. මහණෙනි, එසේ වී නම්, සඞ්ඝ තෙමේ උදායී මහණ හට අතරැ පස් දිනක් පිළිසන් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කොට (ඇවැත මුලට නඟා) පළමු ඇවැතට සමෝධාන පිරිවෙස දේවා. මහණෙනි, මූලායපටිකස්සනාව මෙසේ කළ යුතු: ඒ උදායී මහණහු විසින් සඞ්ඝයා කරා එළැඹ ... මෙසේ කියැ යුතු වන්නේ ය: “වහන්ස, මම පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්‍ෂපරිවාසය සඞ්ඝයා යැදීමි. ඒ මට සඞ්ඝ තෙමේ පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්‍ෂපරිවාසය දුන්නේ ය. ඒ මම් පිරිවෙස් වසනුයෙම්, ඒ අතුරෙහි පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. වහන්ස, ඒ මම් ඒ අතරැ අවන් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව සඞ්ඝයා යදිමි” යනු යි. දෙවනු ද යැද්ද යුතු. තෙවනු ද යැද්ද යුතු. ව්‍යක්ත වූ ප්‍රතිබල මහණක්හු විසින් සඞ්ඝ තෙමේ මෙසේ දැන්විය යුතු:
Pali BJT3. “සුණාතු මෙ භන්තෙ සඞ්ඝො: අයං උදායී භික්ඛු එකං ආපත්තිං ආපජ්ජි සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පක්ඛපටිච්ඡන්නං. සො සඞ්ඝං එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පක්ඛපටිච්ඡන්නාය පක්ඛපරිවාසං යාචි. සඞ්ඝො උදායිස්ස භික්ඛුනො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පක්ඛපටිච්ඡන්නාය පක්ඛපරිවාසං අදාසි. සො පරිවසන්තො අන්තරා එකං ආපත්තිං ආපජ්ජි සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පඤ්චාහපටිච්ඡන්නං. සො සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය මූලාය පටිකස්සනං යාචති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො උදායිං භික්ඛුං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය මූලාය පටිකස්සෙය්ය. එසා ඤත්ති.
Sinhala BJT3. “වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා: මේ උදායී මහණ පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හේ පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට සඞ්ඝයා (ගෙන්) පක්‍ෂ පිරිවෙස ඉල්ලී ය. සඞ්ඝ තෙමේ උදායී මහණහට පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්‍ෂ පිරිවෙස දුන්නේ ය. හේ පිරිවෙස වසන්නේ, ඒ අතුරෙහි පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හේ අතරෙහි අවන් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව සඞ්ඝයා යදී. ඉදින් සඞ්ඝයාට මේ කර්‍මය ප්‍රාප්තකාල වී නම්, සඞ්ඝ තෙමේ උදායී මහණහට අතරැ අවන් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කරන්නේ ය. මේ ඥප්තිය යි.
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අයං උදායී භික්ඛු එකං ආපත්තිං ආපජ්ජි සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පක්ඛපටිච්ඡන්නං. සො සඞ්ඝං එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පක්ඛපටිච්ඡන්නාය පක්ඛපරිවාසං යාචි. සඞ්ඝො උදායිස්ස භික්ඛුනො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පක්ඛපටිච්ඡන්නාය පක්ඛපරිවාසං අදාසි. සො පරිවසන්තො අන්තරා එකං ආපත්තිං ආපජ්ජි සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පඤ්චාහපටිච්ඡන්නං. සො සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය මූලායපටිකස්සනං යාචති. සඞ්ඝො උදායිං භික්ඛුං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය මූලාය පටිකස්සති. යස්සායස්මතො ඛමති උදායිස්ස භික්ඛුනො අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය මූලාය පටිකස්සනා, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය.
Sinhala BJTවහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා: මේ උදායී මහණ තෙම පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හේ පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්‍ෂපරිවාසය සඞ්ඝයා යැදී ය. සඞ්ඝ තෙම උදායී මහණහට පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්‍ෂපරිවාසය දුන්නේ ය. හේ පිරිවෙස වසන්නේ ඒ අතුරෙහි පස් දිනක් පිළිසන් වූ එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම පස් දිනක් පිළිසන් වූ අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව සඞ්ඝයා යදී. සඞ්ඝ තෙමේ පස් දිනක් පිළිසන් වූ අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලාය පටිකස්සනාව කෙරෙයි. උදායී මහණහට පස් දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කිරීම යම් ආයුෂ්මතක්හට රිසියේ ද, හේ නිහඬ වේවා. යමකුට නො රිසියේ ද, හේ කියාවා.
Pali BJTදුතියම්පි එතමත්ථං වදාමි -පෙ- තතියම්පි එතමත්ථං වදාමි -පෙ-.
Sinhala BJTදෙවනු ද මෙ කරුණ කියමි ... තෙවනු ද මෙ කරුණ කියමි ...
Pali BJTපටිකස්සිතො සඞ්ඝෙන උදායී භික්ඛු අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය මූලායපටිකස්සනා. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJTපස් දිනක් පිළිසන්, අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට උදායී මහණ තෙමේ මූලායපටිකස්සනායෙන් පටිකස්සිත විය (මූලායපටිකස්සනාව කරණු ලැබී ය.) සඞ්ඝයාට රිසියෙයි. එහෙයින් නිහඬ ය. මෙසේ මෙ කරුණ සලකමි” යනු යි.
Pali BJTපක්ඛපාරිවාසිකමූලායපටිකස්සනා නිට්ඨිතා.
Sinhala BJTපක්ඛපාරිවාසිකමූලායපටිකස්සනාව නිමියේ ය.
Pali BJT15. සමොධානපරිවාසො
Sinhala BJT15. සමෝධාන පිරිවෙස
Pali BJT1. එවං ච පන භික්ඛවෙ පුරිමාය ආපත්තියා සමොධානපරිවාසො දාතබ්බො: තෙන භික්ඛවෙ උදායිනා භික්ඛුනා සඞ්ඝං උපසඞ්කමිත්වා -පෙ- එවමස්ස වචනීයො: අහං භන්තෙ එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පක්ඛපටිච්ඡන්නං. සො’හං සඞ්ඝං එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පක්ඛපටිච්ඡන්නාය පක්ඛපරිවාසං යාචිං.
Sinhala BJT1. “මහණෙනි, පළමු ඇවැතට සමෝධාන පරිවාසය ද මෙසේ දිය යුතු: මහණෙනි, ඒ උදායී මහණහු විසින් සඞ්ඝයා කරා එළැඹ ... මෙසේ කියැ යුතු. “වහන්ස, මම් පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් සඞ්ඝයාගෙන් පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්‍ෂපරිවාසය යැදීමි. -
Pali BJTතස්ස මෙ සඞ්ඝො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පක්ඛපටිච්ඡන්නාය පක්ඛපරිවාසං අදාසි. සො’හං පරිවසන්තො අන්තරා එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පඤ්චාහපටිච්ඡන්නං. සො’හං සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය මූලාය පටිකස්සනං යාචිං. තං මං සඞ්ඝො අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය මූලාය පටිකස්සි. සො’හං භන්තෙ සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පුරිමාය ආපත්තියා සමොධානපරිවාසං යාචාමීති. දුතියම්පි යාචිතබ්බො. තතියම්පි යාචිතබ්බො.
Sinhala BJTවහන්ස, සඞ්ඝ තෙමේ ඒ මට පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්‍ෂපරිවාසය දුන්නේ ය. ඒ මම් පිරිවෙස් වසනුයෙම්, ඒ අතරැ පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම සඞ්ඝයාගෙන් අතරැ අවන් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව යැදීමි. ඒ මට සඞ්ඝ තෙමේ පස් දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කෙළේ ය. වහන්ස, ඒ මම් අතරැ අවන් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පළමු ඇවැත පටන් කොට සමෝධාන පිරිවෙස යදිමි” යනු යි. දෙවනු ද යැදිය යුතු ... තෙවනු ද යැදිය යුතු.