Pali BJT14. න භික්ඛවෙ මානත්තාරහෙන භික්ඛුනා සභික්ඛුකා ආවාසා වා අනාවාසා වා සභික්ඛුකො ආවාසො ගන්තබ්බො -පෙ- සභික්ඛුකො අනාවාසො ගන්තබ්බො -පෙ- සභික්ඛුකො ආවාසො වා අනාවාසො වා ගන්තබ්බො යත්ථස්සු භික්ඛූ නානාසංවාසකා අඤ්ඤත්ර පකතත්තෙන අඤ්ඤත්ර අන්තරායා.
Sinhala BJT14. මහණෙනි, මානත්තාරහ මහණහු විසින් සභික්‍ෂුක ආවාසයෙන් හෝ අනාවාසයෙන් නානාසංවාසක මහණුන් ඇති සභික්‍ෂුක ආවාසයට පුවතත් මහණක්හු නැති වැ අන්තරායයක් නැති වැ නො යා යුතු ... සභික්‍ෂුක අනාවාසයට නො යා යුතු ... සභික්‍ෂුක ආවාසයට හෝ අනාවාසයට නො යා යුතු.
Pali BJT15. ගන්තබ්බො භික්ඛවෙ මානත්තාරහෙන භික්ඛුනා සභික්ඛුකා ආවාසා සභික්ඛුකො ආවාසො යත්ථස්සු භික්ඛූ සමානසංවාසකා, යං ජඤ්ඤා සක්කොමි අජ්ජෙව ගන්තුන්ති. -පෙ- සභික්ඛුකො අනාවාසො -පෙ- සභික්ඛුකො ආවාසො වා අනාවාසො වා යත්ථස්සු භික්ඛූ සමානසංවාසකා, යං ජඤ්ඤා සක්කොමි අජ්ජෙව ගන්තුන්ති.
Sinhala BJT15. මහණෙනි, මානත්තාරහ මහණහු විසින් සභික්‍ෂුක ආවාසයෙන් සමානසංවාසක භික්‍ෂූන් ඇති, ‘අද ම යා හැක්කෙමි’ යි දන්නා, සභික්‍ෂුක ආවාසයට යා යුතු ... සභික්‍ෂුක අනාවාසයට ... සමානසංවාසක මහණුන් ඇති, ‘අදම යා හැක්කෙමි’ යි දන්නා සභික්‍ෂුක ආවාසයට හෝ අනාවාසයට යා යුතු.
Pali BJT16. ගන්තබ්බො භික්ඛවෙ මානත්තාරහෙන භික්ඛුනා සභික්ඛුකා අනාවාසා සභික්ඛුකො ආවාසො -පෙ- සභික්ඛුකො අනාවාසො -පෙ- සභික්ඛුකො ආවාසො වා අනාවාසො වා, යත්ථස්සු භික්ඛූ සමානසංවාසකා, යං ජඤ්ඤා සක්කොමි අජ්ජෙව ගන්තුන්ති.
Sinhala BJT16. මහණෙනි, මානත්තාරහ මහණහු විසින් සභික්‍ෂුක අනාවාසයෙන් සමානසංවාසක භික්‍ෂූන් ඇති ‘අදම යා හැක්කෙමි’යි දන්නා සභික්‍ෂුක ආවාසයට ... සභික්‍ෂුක අනාවාසයට ... සභික්‍ෂුක ආවාසයට හෝ අනාවාසයට යා යුතු.
Pali BJT17. ගන්තබ්බො භික්ඛවෙ මානත්තාරහෙන භික්ඛුනා සභික්ඛුකා ආවාසා වා අනාවාසා වා සභික්ඛුකො ආවාසො -පෙ- සභික්ඛුකො අනාවාසො -පෙ- සභික්ඛුකො ආවාසො වා අනාවාසො වා, යත්ථස්සු භික්ඛූ සමානසංවාසකා, යං ජඤ්ඤා සක්කොමි අජ්ජෙව ගන්තුන්ති.
Sinhala BJT17. මහණෙනි, මානත්තාරහ මහණහු විසින් සභික්‍ෂුක ආවාසයෙන් හෝ අනාවාසයෙන් හෝ සමානසංවාසක භික්‍ෂූන් ඇති, ‘අද ම යා හැක්කෙමි’ යි දන්නා සභික්‍ෂුක ආවාසයට ... සභික්‍ෂුක අනාවාසයට ... සභික්‍ෂුක ආවාසයට හෝ අනාවාසයට යා යුතු.
Pali BJT18. න භික්ඛවෙ මානත්තාරහෙන භික්ඛුනා පකතත්තෙන භික්ඛුනා සද්ධිං එකච්ඡන්නෙ ආවාසෙ වත්ථබ්බං. න එකච්ඡන්නෙ අනාවාසෙ වත්ථබ්බං, න එකච්ඡන්නෙ ආවාසෙ වා අනාවාසෙ වා වත්ථබ්බං. පකතත්තං භික්ඛුං දිස්වා ආසනා වුට්ඨාතබ්බං. පකතත්තො භික්ඛු ආසනෙන නිමන්තෙතබ්බො. න පකතත්තෙන භික්ඛුනා සද්ධිං එකාසනෙ නිසීදිතබ්බං. න නීචෙ ආසනෙ නිසින්නෙ උච්චෙ ආසනෙ නිසීදිතබ්බං. න ඡමායං නිසින්නෙ ආසනෙ නිසීදිතබ්බං. න එකචඞ්කමෙ චඞ්කමිතබ්බං. න නීචෙ චඞ්කමෙ චඞ්කමන්තෙ උච්චෙ චඞ්කමෙ චඞ්කමිතබ්බං. න ඡමායං චඞ්කමන්තෙ චඞ්කමෙ චඞ්කමිතබ්බං.
Sinhala BJT18. මහණෙනි, මානත්තාරහ මහණහු විසින් පුවතත් මහණක්හු හා එක් සෙවෙනි ඇති ආවාසයෙහි නො විසියැ යුතු. එක් සෙවෙනි ඇති අනාවාසයෙහි නො විසියැ යුතු. එක් සෙවෙනි ඇති ආවාසයෙහි හෝ අනාවාසයෙහි නො විසියැ යුතු. පුවතත් මහණක්හු දැක හුනස්නෙන් නැගී සිටියැ යුතු. පුවතත් මහණ තෙම අස්නෙන් නිමැතියැ යුතු. පුවතත් මහණක්හු හා එකස්නෙහි නො ඉන්දැ යුතු. ඔහු මිටි අස්නැ හුන් කල්හි තමා උසස්නැ නො ඉන්දැ යුතු. ඔහු බිම උන් කල්හි තමා අස්නෙක නො ඉන්දැ යුතු. ඔහු හා එක් සක්මන්මළුයෙහි සක්මන් නො කළ යුතු. ඔහු මිටි සක්මන්මළුවෙක සක්මන් කරණ කල්හි තමා උස් සක්මන් මළුවෙක සක්මන් නො කළ යුතු. ඔහු බිමැ සක්මන් කරණ කල්හි තමා සක්මන්මළුවෙක සක්මන් නො කළ යුතු.
Pali BJT19. න භික්ඛවෙ මානත්තාරහෙන භික්ඛුනා පාරිවාසිකෙන භික්ඛුනා සද්ධිං -පෙ- මූලායපටිකස්සනාරහෙන භික්ඛුනා සද්ධිං -පෙ- මානත්තචාරිකෙන භික්ඛුනා සද්ධිං -පෙ- අබ්භානාරහෙන භික්ඛුනා සද්ධිං එකච්ඡන්නෙ ආවාසෙ වත්ථබ්බං. න එකච්ඡන්නෙ අනාවාසෙ වත්ථබ්බං. න එකච්ඡන්නෙ ආවාසෙ වා අනාවාසෙ වා වත්ථබ්බං. න එකාසනෙං නිසීදිතබ්බං. න නීචෙ ආසනෙ නිසින්නෙ උච්චෙ ආසනෙ නිසීදිතබ්බං. න ඡමායං නිසින්නෙ ආසනෙ නිසීදිතබ්බං. න එකචඞ්කමෙ චඞ්කමිතබ්බං. න නීචෙ චඞ්කමෙ චඞ්කමන්තෙ උච්චෙ චඞ්කමෙ චඞ්කමිතබ්බං. න ඡමායං චඞ්කමන්තෙ චඞ්කමෙ චඞ්කමිතබ්බං.
Sinhala BJT19. මහණෙනි, මානත්තාරහ මහණහු විසින් පිරිවෙස් වසන මහණකු හා … මූලායපටිකස්සනාරහ මහණකු හා ... මානත්තාරහ (වඩා මහලු) මහණකු හා ... මානත පුරණ මහණකු හා ... අබ්භානයට සුදුසු මහණකු හා එක් සෙවෙනියක් ඇති ආවාසයෙහි නො විසියැ යුතු. එක් සෙවෙනියක් ඇති අනාවාසයෙහි නො විසියැ යුතු. ඔහු හා එකස්නෙහි නො ඉන්දැ යුතු. ඔහු මිටි අස්නැ උන් කලැ තමා උසස්නෙහි නො ඉන්දැ යුතු. ඔහු බිමැ උන් කලැ තමා අස්නෙක නො ඉන්දැ යුතු. ඔහු හා එක් සක්මන්මළුයෙහි සක්මන් නො කළ යුතු. ඔහු මිටි සක්මන් මළුයෙහි සක්මන් කරණ කලැ තමා උස් සක්මන්මළුවෙක සක්මන් නො කළ යුතු. ඔහු බිමැ සක්මන් කරණ කලැ තමා සක්මන් මළුවෙක සක්මන් නො කළ යුතු.
Pali BJT20. මානත්තාරහචතුත්ථො චෙ භික්ඛවෙ පරිවාසං දදෙය්ය, මූලාය පටිකස්සෙය්ය, මානත්තං දදෙය්ය, තබ්බීසො අබ්භෙය්ය, අකම්මං, න ච කරණීයන්ති.
Sinhala BJT20. මහණෙනි, මානතට සුදුස්සා සිවුවනු කොටැති වැ පිරිවෙස දෙන්නේ නම්, මූලායපටිකස්සනාව කරන්නේ නම්, මානත දෙන්නේ නම්, ඔහු විසිවනු කොටැති වැ අබ්භාන කරන්නේ නම්, ඒ අකර්‍මයෙක, නො ද කටයුතු.
Pali BJTමානත්තාරහවත්තං නිට්ඨිතං.
Sinhala BJTමානත්තාරහයා පිළිබඳ වත නිමියේ ය.
Pali BJT4. මානත්තචාරිකවත්තං
Sinhala BJT4. මානත්තචාරික වත
Pali BJT1. තෙන ඛො පන සමයෙන මානත්තචාරිකා භික්ඛූ සාදියන්ති පකතත්තානං භික්ඛූනං අභිවාදනං පච්චුට්ඨානං අඤ්ජලිකම්මං සාමීචිකම්මං ආසනාභිහාරං සෙය්යාභිහාරං පාදොදකං පාදපීඨං පාදකඨලිකං, පත්තචීවරපටිග්ගහණං නහානෙ පිට්ඨිපරිකම්මං. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම මානත්තචාරිකා භික්ඛූ සාදියිස්සන්ති පකතත්තානං භික්ඛූනං අභිවාදනං පච්චුට්ඨානං -පෙ- නහානෙ පිට්ඨිපරිකම්මන්ති. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT1. එ සමයෙහි මානත්තවාරික (මානත පුරණ) මහණහු පුවතත් මහණුන්ගේ වැඳීම, දැක හුනස්නෙන් නැගී සිටීම, ඇඳිලිබැඳීම, සාමීචි කර්‍මය, අසුන් එළැවීම, යහන් එළැවීම, පා දෝනා දිය එළැවීම, පාපුටුව එළැවීම, පාකටෙලිය එළැවීම, පාසිවුරු පිළිගැන්ම, නෑමෙහි පිටුපිරියම යන මේ වත් ඉවසත්. යම් මහණ කෙතෙක් අපිස් ගුණැත්තෝ ද, ... ඔහු “කෙසේ නම් මානත පුරණ මහණහු පුවතත් මහණුන්ගේ වැඳීම, දැක හුනස්නෙන් නැගී සිටීම ... නෑමෙහි පිටුපිරියම යන මෙකී වත් ඉවසත් දැ” යි ලාමක කොට සිතත්, දොස් නගත්, නුගුණ පතුරුවත්. ඉක්බිති ඒ මහණහු මෙ පවත් භාග්‍යවතුන් වහන්සේට සැළ කළහ.
Pali BJT2. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා භික්ඛූ පටිපුච්ඡි “සච්චං කිර භික්ඛවෙ මානත්තචාරිකා භික්ඛූ සාදියන්ති පකතත්තානං භික්ඛූනං අභිවාදනං පච්චුට්ඨානං -පෙ- නහානෙ පිට්ඨිපරිකම්ම?”න්ති. “සච්චං භගවා.” විගරහි බුද්ධො භගවා: කථං හි නාම භික්ඛවෙ මානත්තචාරිකා භික්ඛූ සාදියිස්සන්ති පකතත්තානං භික්ඛූනං අභිවාදනං පච්චුට්ඨානං -පෙ- නහානෙ පිට්ඨිපරිකම්මං? නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: –
Sinhala BJT2. එකලැ භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මෙ කාරණයෙහි බික්සඟන රැස් කරවා, “මහණෙනි, මානත පුරණ මහණහු පුවතත් මහණුන්ගේ වැඳීම, දැක හුනස්නෙන් නැඟි සිටීම ... නෑමෙහි පිටුපිරියම යන මෙකී වත් ඉවසත් යනු සැබෑ දැ?” යි අසා වදාළ සේක. “සැබැව, වහන්සැ” යි ඔහු පිළිවදන් දුන්හ. “මහණෙනි, මානත පුරණ මහණහු කෙසේ නම් පුවතත් මහණුන්ගේ වැඳීම, දැක හුනස්නෙන් නැගී සිටීම ... නෑමෙහි පිටුපිරියම, ඉවසන්නාහු ද? මහණෙනි, මෙය නොපහනුන්ගේ පැහැදීම පිණිස හෝ ... නො වේ යැ” යි භාග්‍යවතුන්වහන්සේ ඒ මහණුනට ගැරැහු සේක. ගරහා දැහැමි කතා කොට මහණුන් බණවා වදාළ සේක:
Pali BJT3. න භික්ඛවෙ මානත්තචාරිකෙන භික්ඛුනා සාදිතබ්බං පකතත්තානං භික්ඛූනං අභිවාදනං පච්චුට්ඨානං -පෙ- නහානෙ පිට්ඨිපරිකම්මං. යො සාදියෙය්ය, ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT3. මහණෙනි, මානත පුරණ මහණහු විසින් පුවතත් මහණුන්ගේ වැඳීම, දැක හුනස්නෙන් නැගී සිටීම ... නෑමෙහි පිටුපිරියම් නො ඉවැසියැ යුතු. යමෙක් ඉවසන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය.
Pali BJT4. අනුජානාමි භික්ඛවෙ මානත්තචාරිකානං භික්ඛූනං මිථු යථාබුඩ්ඪං අභිවාදනං පච්චුට්ඨානං -පෙ- නහානෙ පිට්ඨිපරිකම්මං.
Sinhala BJT4. මහණෙනි, මානත පුරණ මහණුනට වැඩි මහලු පිළිවෙළින් උනුන් වැඳීම, දැක හුනස්නෙන් නැඟී සිටීම ... නෑමෙහි පිටුපිරියම අනුදනිමි.
Pali BJT5. අනුජානාමි භික්ඛවෙ මානත්තචාරිකානං භික්ඛූනං පඤ්ච යථාබුඩ්ඪං: උපොසථං පවාරණං වස්සිකසාටිකං ඔනොජනං භත්තං.
Sinhala BJT5. මහණෙනි, මානත පුරණ මහණුනට මහලු පිළිවෙළින් ඔවුනොවුන් පොහෝ කිරීම, පවාරණය, වැසි සළුපිළිගැන්ම, පසු වැ පිළිගන්නා පිණිස එ දිනට නියමිත බතක් අත් හැරීම, චතුශ්ශාල බත පිළිගැන්ම යන පස අනුදනිමි.
Pali BJT6. තෙන හි භික්ඛවෙ මානත්තචාරිකානං භික්ඛූනං වත්තං පඤ්ඤාපෙස්සාමි යථා මානත්තචාරිකෙහි භික්ඛූහි වත්තිතබ්බං.
Sinhala BJT6. එහෙයින් මහණෙනි, මානත පුරණ මහණුනට ඔවුන් විසින් පැවැතිය යුතු පරිදි වත් පණවන්නෙමි.
Pali BJT7. මානත්තචාරිකෙන භික්ඛවෙ භික්ඛුනා සම්මා වත්තිතබ්බං. තත්රායං සම්මා වත්තනා: න උපසම්පාදෙතබ්බං න නිස්සයො දාතබ්බො. න සාමණෙරො උපට්ඨාපෙතබ්බො. න භික්ඛුනොවාදකසම්මුති සාදිතබ්බා. සම්මතෙනාපි භික්ඛුනියො න ඔවදිතබ්බා. යාය ආපත්තියා සඞ්ඝෙන මානත්තං දින්නං හොති, සා ආපත්ති න ආපජ්ජිතබ්බා, අඤ්ඤා වා තාදිසිකා, තතො වා පාපිට්ඨතරා. කම්මං න ගරහිතබ්බං. කම්මිකා න ගරහිතබ්බා. න පකතත්තස්ස භික්ඛුනො උපොසථො ඨපෙතබ්බො. න පවාරණා ඨපෙතබ්බා. න සවචනීයං කාතබ්බං. න අනුවාදො පට්ඨපෙතබ්බො. න ඔකාසො කාරෙතබ්බො. න චොදෙතබ්බො. න සාරෙතබ්බො. න භික්ඛූහි සම්පයොජෙතබ්බං.
Sinhala BJT7. මහණෙනි, මානත පුරණ මහණහු විසින් මොනොවට පැවැතියැ යුතු. එහි මේ මනා පැවැත්ම යි: තමා උපාධ්‍යාය වැ උපසම්පදා නො කළ යුතු. තමා ඇදුරු වැ නිසා නො දියැ යුතු. හෙරෙණක් උවටන් පිණිස තමා වෙත නො තැබිය යුතු. භික්ඛුනෝවාදක සම්මතිය නො ඉවැසියැ යුතු. සම්මත වූ ද මහණහු විසින් මෙහෙණනට ඔවා නො දියැ යුතු. යම් ඇවැතෙකින් සඞ්ඝයා විසින් මානත දෙන ලදුයේ නම් ඒ ඇවැත නො ඇවැද්දැ යුතු. අන් එබඳු ඇවැතක් හේ එයට වඩා පවිටු ඇවැතක් හෝ නො ඇවැදියැ යුතු. විනයකර්‍මය නො ගැරැහියැ යුතු කර්‍මය කළ මහණහු නො ගැරැහිය යුතුහ. පුවතත් මහණක්හුගේ පොහොය නො තැබියැ යුතු. පවාරණාව නො තැබියැ යුතු. සවචනීය කර්‍මය නො කළ යුතු. වෙහෙරැ දෙටු තන්හි නො සිටියැ යුතු. අවකාශ නො කැරැවිය යුතු. චෝදනා නො කළයුතු. ඇවැත් සිහිපත් නො කැරැවියැ යුතු. මහණුන් හා කලහ නො යෙදියැ යුතු.
Pali BJT8. න භික්ඛවෙ මානත්තචාරිකෙන භික්ඛුනා පකතත්තස්ස භික්ඛුනො පුරතො ගන්තබ්බං. න පුරතො නිසීදිතබ්බං. යො හොති සඞ්ඝස්ස ආසනපරියන්තො සෙය්යාපරියන්තො විහාරපරියන්තො සො තස්ස පදාතබ්බො. තෙන ච සො සාදිතබ්බො.
Sinhala BJT8. මහණෙනි, මානත පුරණ මහණහු විසින් පුවතත් මහණහට පෙරටු වැ නො යෑ යුතු. පෙරටු වැ නො ඉන්දැ යුතු. සඞ්ඝයාගේ යම් අන්තිම අස්නෙක්, යහනෙක්, වෙහෙරෙක් වේ ද, එය ඔහුට දියැ යුතු. ඔහු විසින් ද එය ඉවැසියැ යුතු.
Pali BJT9. න භික්ඛවෙ මානත්තචාරිකෙන භික්ඛුනා පකතත්තෙන භික්ඛුනා පුරෙසමණෙන වා පච්ඡාසමණෙන වා කුලානි උපසඞ්කමිතබ්බානි. න ආරඤ්ඤිකඞ්ගං සමාදාතබ්බං. න පිණ්ඩපාතිකඞ්ගං සමාදාතබ්බං. න ච තප්පච්චයා පිණ්ඩපාතො නීහරාපෙතබ්බො ‘මා මං ජානිංසූ’ති.
Sinhala BJT9. මහණෙනි, මානත පුරණ මහණහු විසින් පුවතත් මහණහට පෙරටු වැ යන හෝ පසු වැ යන මහණකු වැ කුලයෝ නො එළැඹිය යුතුහ. ආරණ්‍යකාඞ්ගය සමාදන් කොට නො ගත යුතු පිණ්ඩපාතිකාඞ්ගය සමාදන් කොට නො ගත යුතු. ‘මා නො දනිත්වා’ යි එ කරුණින් පිණ්ඩපාතය ගෙන්වා නො ගත යුතු.
Pali BJT10. මානත්තචාරිකෙන භික්ඛවෙ භික්ඛුනා ආගන්තුකෙන ආරොචෙතබ්බං. ආගන්තුකස්ස ආරොචෙතබ්බං. උපොසථෙ ආරොචෙතබ්බං. පවාරණාය ආරොචෙතබ්බං. දෙවසිකං ආරොචෙතබ්බං. සචෙ ගිලානො හොති දූතෙනපි ආරොචෙතබ්බං.
Sinhala BJT10. මහණෙනි, මානත පුරණ ආගන්තුක මහණහු විසින් නේවාසික මහණුනට ආරෝචනා කළ යුතු. නේවාසික මහණහු විසින් ආගන්තුක මහණහට ආරෝචනා කළ යුතු. උපෝසථයෙහි ආරෝචනා කළ යුතු. පවාරණායෙහි ආරෝචනා කළ යුතු. ඉදින් මානත පුරණ මහණ ගිලන් වේ නම් දූත මහණකු ලවා ආරෝචනා කැරැවියැ යුතු.
Pali BJT11. න භික්ඛවෙ මානත්තචාරිකෙන භික්ඛුනා සභික්ඛුකා ආවාසා අභික්ඛුකො ආවාසො ගන්තබ්බො අඤ්ඤත්ර සඞ්ඝෙන අඤ්ඤත්ර අන්තරායා. න භික්ඛවෙ මානත්තචාරිකෙන භික්ඛුනා සභික්ඛුකා ආවාසා අභික්ඛුකො අනාවාසො ගන්තබ්බො අඤ්ඤත්ර සඞ්ඝෙන අඤ්ඤත්ර අන්තරායා. න භික්ඛවෙ මානත්තචාරිකෙන භික්ඛුනා සභික්ඛුකා ආවාසා අභික්ඛුකො ආවාසො වා අනාවාසො වා ගන්තබ්බො අඤ්ඤත්ර සඞ්ඝෙන අඤ්ඤත්ර අන්තරායා.
Sinhala BJT11. මහණෙනි, මානත පුරණ මහණහු විසින් සඞ්ඝයාගෙන් වෙන් වැ දශවිධ අන්තරායයෙන් කිසිත් නැති වැ මහණුන් ඇති ආවාසයෙන් මහණුන් නැති ආවාසයට නො යා යුතු. මහණෙනි, මානත පුරණ මහණහු විසින් සඞ්ඝායාගෙන් වෙන් වැ අන්තරායයක් නැති වැ සභික්‍ෂුක අවාසයෙන් අභික්‍ෂුක අනාවාසයට නො යා යුතු. මහණෙනි, මානත පුරණ මහණහු විසින් සඞ්ඝයාගෙන් වෙන් වැ අන්තරායයක් නැති වැ සභික්‍ෂුක ආවාසයෙන් අභික්‍ෂුක ආවාසයට හෝ අනාවාසයට නො යා යුතු.
Pali BJT12. න භික්ඛවෙ මානත්තචාරිකෙන භික්ඛුනා සභික්ඛුකා අනාවාසා අභික්ඛුකො ආවාසො ගන්තබ්බො අඤ්ඤත්ර සඞ්ඝෙන අඤ්ඤත්ර අන්තරායා -පෙ- අභික්ඛුකො අනාවාසො ගන්තබ්බො -පෙ- අභික්ඛුකො ආවාසො වා අනාවාසො වා ගන්තබ්බො අඤ්ඤත්ර සඞ්ඝෙන අඤ්ඤත්ර අන්තරායා.
Sinhala BJT12. මහණෙනි, මානත පුරණ මහණහු විසින් සඞ්ඝයාගෙන් වෙන් වැ අන්තරායක් නැතිවැ සභික්‍ෂුක අනාවාසයෙන් අභික්‍ෂුක ආවාසයට නො යා යුතු ... අභික්‍ෂුක අනාවාසයට නො යා යුතු ... සඞ්ඝයාගෙන් වෙන්වැ අන්තරායක් නැතිවැ අභික්‍ෂුක ආවාසයට හෝ අනාවාසයට හෝ නො යා යුතු.
Pali BJT13. න භික්ඛවෙ මානත්තචාරිකෙන භික්ඛුනා සභික්ඛුකා ආවාසා වා අනාවාසා වා අභික්ඛුකො ආවාසො ගන්තබ්බො අඤ්ඤත්ර සඞ්ඝෙන අඤ්ඤත්ර අන්තරායා -පෙ- අභික්ඛුකො අනාවාසො ගන්තබ්බො -පෙ- අභික්ඛුකො ආවාසො වා අනාවාසො වා ගන්තබ්බො අඤ්ඤත්ර සඞ්ඝෙන අඤ්ඤත්ර අන්තරායා.
Sinhala BJT13. මහණෙනි, මානත පුරණ මහණහු විසින් සඞ්ඝයාගෙන් තොර වැ අන්තරායක් නැති වැ සභික්‍ෂුක ආවාසයෙන් හෝ අනාවාසයෙන් හෝ අභික්‍ෂුක ආවාසයට නො යා යුතු ... අභික්‍ෂුක අනාවාසයට නො යා යුතු ... සඞ්ඝයාගෙන් වෙන් වැ අන්තරායක් නැති වැ අභික්‍ෂුක ආවාසයට හෝ අනාවාසයට නො යා යුතු.
Pali BJT14. න භික්ඛවෙ මානත්තචාරිකෙන භික්ඛුනා සභික්ඛුකා ආවාසා සභික්ඛුකො ආවාසො ගන්තබ්බො යත්ථස්සු භික්ඛූ නානාසංවාසකා අඤ්ඤත්ර සඞ්ඝෙන අඤ්ඤත්ර අන්තරායා. -පෙ- සභික්ඛුකො අනාවාසො ගන්තබ්බො -පෙ- සභික්ඛුකො ආවාසො වා අනාවාසො වා ගන්තබ්බො යත්ථස්සු භික්ඛූ නානාසංවාසකා අඤ්ඤත්ර සඞ්ඝෙන අඤ්ඤත්ර අන්තරායා.
Sinhala BJT14. මහණෙනි, මානත පුරණ මහණහු විසින් සංඝයා නැති වැ අන්තරායයක් නැති වැ සභික්‍ෂුක ආවාසයෙන් නානාසංවාසක භික්‍ෂූන් ඇති සභික්‍ෂුක ආවාසයට නො යා යුතු ... සභික්‍ෂුක අනාවාසයට ... සඞ්ඝයාගෙන් තොර වැ අන්තරායක් නැති වැ නානාසංවාසක භික්‍ෂූන් ඇති සභික්‍ෂුක ආවාසයට හෝ අනාවාසයට නො යා යුතු.
Pali BJT15. න භික්ඛවෙ මානත්තචාරිකෙන භික්ඛුනා සභික්ඛුකා අනාවාසා සභික්ඛුකො ආවාසො ගන්තබ්බො යත්ථස්සු භික්ඛූ නානාසංවාසකා අඤ්ඤත්ර සඞ්ඝෙන අඤ්ඤත්ර අන්තරායා -පෙ- සභික්ඛුකො අනාවාසො ගන්තබ්බො -පෙ- සභික්ඛුකො ආවාසො වා අනාවාසො වා ගන්තබ්බො, යත්ථස්සු භික්ඛූ නානාසංවාසකා අඤ්ඤත්ර සඞ්ඝෙන අඤ්ඤත්ර අන්තරායා.
Sinhala BJT15. මහණෙනි, මානත පුරණ මහණහු විසින් සඞ්ඝයාගෙන් තොර වැ අන්තරායක් නැති වැ සභික්‍ෂුක අනාවාසයෙන් නානාසංවාසක භික්‍ෂූන් ඇති සභික්‍ෂුක ආවාසයට නො යා යුතු ... සභික්‍ෂුක අනාවාසයට නො යා යුතු ... සඞ්ඝයාගෙන් තොර වැ අන්තරායක් නැති වැ නානාසංවාසක භික්‍ෂූන් ඇති සභික්‍ෂුක ආවාසයට හෝ අනාවාසයට නො යා යුතු.
Pali BJT16. න භික්ඛවෙ මානත්තචාරිකෙන භික්ඛුනා සභික්ඛුකා ආවාසා වා අනාවාසා වා සභික්ඛුකො ආවාසො ගන්තබ්බො යත්ථස්සු භික්ඛූ නානාසංවාසකා අඤ්ඤත්ර සඞ්ඝෙන අඤ්ඤත්ර අන්තරායා -පෙ- සභික්ඛුකො අනාවාසො ගන්තබ්බො -පෙ- සභික්ඛුකො ආවාසො වා අනාවාසො වා ගන්තබ්බො යත්ථස්සු භික්ඛූ නානාසංවාසකා අඤ්ඤත්ර සඞ්ඝෙන අඤ්ඤත්ර අන්තරායා.
Sinhala BJT16. මහණෙනි, මානත පුරණ මහණහු විසින් සංඝයාගෙන් තොර වැ අන්තරායක් නැති වැ සභික්‍ෂුක ආවාසයෙන් හෝ අනාවාසයෙන් නානාසංවාසක භික්‍ෂූන් ඇති සභික්‍ෂුක ආවාසයට ... සභික්‍ෂුක අනාවාසයට ... සඞ්ඝයාගෙන් තොරවැ අන්තරායෙක් නැතිවැ නානාසංවාසක භික්‍ෂූන් ඇති සභික්‍ෂුක ආවාසයට හෝ අනාවාසයට නො යා යුතු.
Pali BJT17. ගන්තබ්බො භික්ඛවෙ මානත්තචාරිකෙන භික්ඛුනා සභික්ඛුකා ආවාසා සභික්ඛුකො ආවාසො යත්ථස්සු භික්ඛූ නානාසංවාසකා, යං ජඤ්ඤා සක්කොමි අජ්ජෙව ගන්තුන්ති -පෙ- සභික්ඛුකො අනාවාසො -පෙ- සභික්ඛුකො ආවාසො වා අනාවාසො වා -පෙ-
Sinhala BJT17. මහණෙනි, මානත පුරණ මහණහු විසින් සභික්‍ෂුක ආවාසයෙන් ‘අද ම යන්නට හැක්කෙමි’ යි තමා දන්නා, සමානසංවාසක භික්‍ෂූන් ඇති සභික්‍ෂුක ආවාසයට ... සභික්‍ෂුක අනාවාසයට ... සභික්‍ෂුක ආවාසයට හෝ අනාවාසයට යා යුතු.
Pali BJT18. ගන්තබ්බො භික්ඛවෙ මානත්තචාරිකෙන භික්ඛුනා සභික්ඛුකා අනාවාසා සභික්ඛුකො ආවාසො -පෙ- සභික්ඛුකො අනාවාසො -පෙ- සභික්ඛුකො ආවාසො වා අනාවාසො වා යත්ථස්සු භික්ඛූ සමානසංවාසකා, යං ජඤ්ඤා සක්කොමි අජ්ජෙව ගන්තුන්ති.
Sinhala BJT18. මහණෙනි, මානත පුරණ මහණහු විසින් සභික්‍ෂුක අනාවාසයෙන් ‘අද ම යන්නට හැක්කෙමි’ යි තමා දන්නා, සමානසංවාසක භික්‍ෂූන් ඇති සභික්‍ෂුක ආවාසයට ... සභික්‍ෂුක අනාවාසයට ... සභික්‍ෂුක ආවාසයට හෝ අනාවාසයට යා යුතු.
Pali BJT19. ගන්තබ්බො භික්ඛවෙ මානත්තචාරිකෙන භික්ඛුනා සභික්ඛුකා ආවාසා වා අනාවාසා වා සභික්ඛුකො ආවාසො -පෙ- සභික්ඛුකො අනාවාසො -පෙ- සභික්ඛුකො ආවාසො වා අනාවාසො වා යත්ථස්සු භික්ඛූ සමානසංවාසකා, යං ජඤ්ඤා සක්කොමි අජ්ජෙව ගන්තුන්ති.
Sinhala BJT19. මහණෙනි, මානත පුරණ මහණහු විසින් සභික්‍ෂුක ආවාසයෙන් හෝ අනාවාසයෙන් ‘අද ම යන්නට හැක්කෙමි’ යි තමා දන්නා, සමානසංවාසක භික්‍ෂූන් ඇති සභික්‍ෂුක ආවාසයට ... සභික්‍ෂුක අනාවාසයට ... සභික්‍ෂුක ආවාසයට හෝ අනාවාසයට යා යුතු.
Pali BJT20. න භික්ඛවෙ මානත්තචාරිකෙන භික්ඛුනා පකතත්තෙන භික්ඛුනා සද්ධිං එකච්ඡන්නෙ ආවාසෙ වත්ථබ්බං. න එකච්ඡන්නෙ අනාවාසෙ වත්ථබ්බං. න එකච්ඡන්නෙ ආවාසෙ වා අනාවාසෙ වා වත්ථබ්බං. පකතත්තං භික්ඛුං දිස්වා ආසනා වුට්ඨාතබ්බං. පකතත්තො භික්ඛු ආසනෙන නිමන්තෙතබ්බො. න පකතත්තෙන භික්ඛුනා සද්ධිං එකාසනෙ නිසීදිතබ්බං. න නීචෙ ආසනෙ නිසින්නෙ උච්චෙ ආසනෙ නිසීදිතබ්බං. න ඡමායං නිසින්නෙ ආසනෙ නිසීදිතබ්බං. න එකචඞ්කමෙ චඞ්කමිතබ්බං. න නීචෙ චඞ්කමෙ චඞ්කමන්තෙ උච්චෙ චඞ්කමෙ චඞ්කමිතබ්බං. න ඡමායං චඞ්කමන්තෙ චඞ්කමෙ චඞ්කමිතබ්බං.
Sinhala BJT20. මහණෙනි, මානත පුරණ මහණහු විසින් පුවතත් මහණක්හු හා එක් ම සෙවෙනියක් ඇති ආවාසයෙහි නො විසියැ යුතු. එක් ම සෙවෙනියක් ඇති අනාවාසයෙහි නො විසියැ යුතු. එක් ම සෙවෙනියක් ඇති ආවාසයෙහි හෝ අනාවාසයෙහි නො විසියැ යුතු. පුවතත් මහණකු දැක අස්නෙන් නැගී සිටියැ යුතු. පුවතත් මහණ තෙම අස්නෙන් පැවැරියැ යුතු. පුවතත් මහණක්හු හා එක් අස්නෙහි නො හින්දැ යුතු. ඔහු මිටි අස්නැ හුන් කල්හි තමා උසස්නැ නො හින්දැ යුතු. ඔහු බිමැ හුන් කලැ තමා අස්නෙකැ නො හින්දැ යුතු. ඔහු හා එක් සක්මන්මළුයෙහි සක්මන් නො කළ යුතු. ඔහු මිටි සක්මන්මළුයෙහි සක්මන් කරණ කලැ තමා උස් සක්මන්මළුවෙහි සක්මන් නො කළ යුතු. ඔහු බිමැ සක්මන් කරණ කලැ තමා සක්මන්මළුයෙකැ සක්මන් නො කළ යුතු.
Pali BJT21. න භික්ඛවෙ මානත්තචාරිකෙන භික්ඛුනා පාරිවාසිකෙන භික්ඛුනා සද්ධිං -පෙ- මූලායපටිකස්සනාරහෙන භික්ඛුනා සද්ධිං -පෙ- මානත්තාරහෙන භික්ඛුනා සද්ධිං -පෙ- මානත්තචාරිකෙන බුඩ්ඪතරෙන භික්ඛුනා සද්ධිං -පෙ- අබ්භානාරහෙන භික්ඛුනා සද්ධිං එකච්ඡන්නෙ ආවාසෙ වත්ථබ්බං. න එකච්ඡන්නෙ අනාවාසෙ වත්ථබ්බං. න එකච්ඡන්නෙ ආවාසෙ වා අනාවාසෙ වා වත්ථබ්බං. න එකාසනෙ නිසීදිතබ්බං. න නීචෙ ආසනෙ නිසින්නෙ උච්චෙ ආසනෙ නිසීදිතබ්බං. න ඡමායං නිසින්නෙ ආසනෙ නිසීදිතබ්බං. න එකචඞ්කමෙ චඞ්කමිතබ්බං. න නීචෙ චඞ්කමෙ චඞ්කමන්තෙ උච්චෙ චඞ්කමෙ චඞ්කමිතබ්බං. න ඡමායං චඞ්කමන්තෙ චඞ්කමෙ චඞ්කමිතබ්බං.
Sinhala BJT21. මහණෙනි, මානත පුරණ මහණහු විසින් පිරිවෙස් වසන මහණහු හා ... මූලායපටිකස්සනාවට සුදුසු මහණකු හා ... මානත පුරණ වැඩිමහලු මහණකු හා ... අබ්භානයට සුදුසු මහණකු හා එක් සෙවෙනියක් ඇති ආවාසයෙහි නො විසියැ යුතු. එක් සෙවෙනියක් ඇති අනාවාසයෙහි නො විසියැ යුතු. එක් සෙවෙනියක් ඇති ආවාසයෙහි හෝ අනාවාසයෙහි නො විසියැ යුතු. එක් අස්නෙහි නො හින්දැ යුතු. ඔහු මිටි අස්නැ හුන් කල්හි තමා උස් අස්නැ නො හින්දැ යුතු. ඔහු බිමැ හුන් කල්හි තමා අස්නෙක නො හින්දැ යුතු. එක් සක්මන්මළුයෙහි සක්මන් නො කළ යුතු. ඔහු මිටි සක්මන්මළුයෙහි සක්මන් කරණ කලැ තමා උස් සක්මන්මළුවෙක සක්මන් නො කළ යුතු. ඔහු බිමැ සක්මන් කරණ කලැ තමා සක්මන්මළුවෙකැ සක්මන් නො කළ යුතු.
Pali BJT22. මානත්තචාරිකචතුත්ථො චෙ භික්ඛවෙ පරිවාසං දදෙය්ය, මූලායපටිකස්සෙය්ය, මානත්තං දදෙය්ය, තබ්බීසො අබ්භෙය්ය, අකම්මං, න ච කරණීයන්ති.
Sinhala BJT22. මහණෙනි, මානත පුරන්නහු සිවුවනු කොටැති ව පිරිවෙස් දෙන්නේ නම්, මූලායපටිකස්සනාව කරන්නේ නම්, මානත දෙන්නේ නම්, ඔහු විසිවනු කොටැති ව අබ්භාන කරන්නේ නම්, ඒ අකර්‍ම වේ. නො කටයුතු ය.
Pali BJT23. අථ ඛො ආයස්මා උපාලි යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා උපාලි භගවන්තං එතදවොච: “කති නු ඛො භන්තෙ මානත්තචාරිකස්ස භික්ඛුනො රත්තිච්ඡෙදා?”ති. “චත්තාරො ඛො උපාලි මානත්තචාරිකස්ස භික්ඛුනො රත්තිච්ඡෙදා: සහවාසො විප්පවාසො අනාරොචනා ඌනෙ ගණෙ චරණන්ති. ඉමෙ ඛො උපාලි චත්තාරො මානත්තචාරිකස්ස භික්ඛුනො රත්තිච්ඡෙදා”ති.
Sinhala BJT23. ඉක්බිත්තෙන් ආයුෂ්මත් උපාලි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ වැඳ එක් පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් උපාලි තෙරණුවෝ “වහන්ස, මානත පුරන්නහුට රාත්‍රිච්ඡේද කීයෙක් දැ? යි මෙය විචාළේ ය. “උපාලිනි, සහවාසය (පුවතත් මහණුන් හා එක් වැ විසීම), විප්‍රවාසය (හුදෙකලා ව විසීම), අනාරෝචනාව (ආගන්තුකාදීනට තමා වත් පුරණ බව නොදැන්වීම), ඌණගණයෙහි හැසිරීම (භික්‍ෂූන් සිවුනමකට අඩු භික්‍ෂූපිරිසෙහි හැසිරීම) යැ යි මානත පුරණ මහණහට රාත්‍රිච්ඡේද සතරෙක. උපාලීනි, මොහු සතර දෙන මානත පුරණ මහණහට රාත්‍රිච්ඡේදයෝ යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJT24. තෙන ඛො පන සමයෙන සාවත්ථියං මහා භික්ඛුසඞ්ඝො සන්නිපතිතො හොති. න සක්කොන්ති මානත්තචාරිකා භික්ඛූ මානත්තං සොධෙතුං භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT24. එකල්හි සැවැත්හි මහත් භික්‍ෂුසමූහයෙක් රැස් වූයේ වෙයි. මානත පුරන්නාහු මානත ශුද්ධ කරන්නට නො හැකි වෙත්. භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැළ කළහ.
Pali BJT25. “අනුජානාමි භික්ඛවෙ මානත්තං නික්ඛිපිතුං. එවඤ්ච පන භික්ඛවෙ නික්ඛිපිතබ්බං: තෙන මානත්තචාරිකෙන භික්ඛුනා එකං භික්ඛුං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා එවමස්ස වචනීයො ‘මානත්තං නික්ඛපාමී’ති. නික්ඛිත්තං හොති මානත්තං. ‘වත්තං නික්ඛිපාමි’ති. නික්ඛිත්තං හොති මානත්තං” ති.
Sinhala BJT25. “මහණෙනි, මානත් නික්‍ෂේප කරන්නට අනුදනිමි. මහණෙනි, මෙසේ ම මානත නික්‍ෂිප්ත කළ යුතු: ඒ මානත පුරණ මහණහු විසින් එක් මහණක්හු කරා එළැඹ උතුරුසඟ එකස් කොට උත්කුටුක වැ හිඳ, දොහොත් මුදුන් තබා, ‘මානත නික්‍ෂිප්ත කරමි (බහා තබමි)’ යි මෙසේ කිය යුතු වන්නේ ය. (එයින්) මානත නික්‍ෂේප කරණ ලද්දේ වෙයි. ‘වත නික්‍ෂිප්ත කරමි’ යි කියුව ද මානත නික්‍ෂිප්ත වෙයි.
Pali BJT26. තෙන ඛො පන සමයෙන සාවත්ථියා භික්ඛූ තහං තහං පක්කමිංසු. න සක්කොන්ති මානත්තචාරිකා භික්ඛූ මානත්තං සොධෙතුං. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ මානත්තං සමාදියිතුං. එවඤ්ච පන භික්ඛවෙ සමාදාතබ්බං: තෙන මානත්තචාරිකෙන භික්ඛුනා එකං භික්ඛුං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා එවමස්ස වචනීයො ‘මානත්තං සමාදියාමී’ති. සමාදින්නං හොති මානත්තං. ‘වත්තං සමාදියාමී’ති. සමාදින්නං හොති මානත්ත”න්ති.
Sinhala BJT26. එ සමයෙහි මහණහු සැවැත්නුවරින් නික්මැ ඒ ඒ අත ගියහ. (භික්‍ෂූන් නැති බැවින්) මානත පුරණ මහණහු මානත ශුද්ධ කරන්නට නො හැකි වෙත්. භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැළ කළහ. “මහණෙනි, මානත සමාදන් කරන්නට අනුදනිමි. මහණෙනි, මෙසේ සමාදන් කළ යුතු: ඒ මානත පුරණ මහණහු විසින් එක් මහණකු කරා එළැඹ, උතුරුසඟ එකස් කොට, උත්කුටුක වැ හිඳ, දොහොත් මුදුන් තබා, ‘මානත සමාදන් කරමි’යි. මෙසේ කියැ යුතු වන්නේ ය. මානත සමාදන් කරණ ලදුයේ වෙයි. ‘වත සමාදන් කෙරෙමි’ යි කියුව ද මානත සමාදන් කරණ ලදුයේ වෙයි.
Pali BJTමානත්තචාරිකවත්තං නිට්ඨිතං.
Sinhala BJTමානත්තචාරික වත නිමියේ ය.
Pali BJT5. අබ්භානාරහවත්තං
Sinhala BJT5. අබ්භානාහර වත
Pali BJT1. තෙන ඛො පන සමයෙන අබ්භානාරහා භික්ඛූ සාදියන්ති පකතත්තානං භික්ඛූනං අභිවාදනං පච්චුට්ඨානං අඤ්ජලිකම්මං සාමීචිකම්මං ආසනාභිහාරං සෙය්යාභිහාරං පාදොදකං පාදපීඨං පාදකඨලිකං පත්තචීවරපටිග්ගහණං නහානෙ පිට්ඨිපරිකම්මං. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා සන්තුට්ඨා ලජ්ජිනො කුක්කුච්චකා සික්ඛාකාමා, තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: කථං හි නාම අබ්භානාරහා භික්ඛූ සාදියිස්සන්ති පකතත්තානං භික්ඛූනං අභිවාදනං පච්චුට්ඨානං -පෙ- නහානෙ පිට්ඨිපරිකම්මන්ති.
Sinhala BJT1. එ සමයෙහි වනාහි අබ්භානයට සුදුසු මහණහු පුවතත් මහණුන්ගේ වැඳීම හුනස්නෙන් නැගී සිටීම ඇඳිලිබැඳීම, සාමීචිකර්‍ම, අසුන් එළැවීම, යහන් එළැවීම, පාපුටුව එළැවීම, පාකටෙලිය එළැවීම, නෑමෙහි පිටුපිරියම ඉවසත්. යම් මහණ කෙනෙක් අපිස් ගුණැත්තෝ ද ... ඔහු තුමූ “කෙසේ නම් අබ්භානයට සුදුසු මහණහු පුවතත් මහණුන්ගේ වැඳුම් හුනස්නෙන් නැගී සිටුම් ... නෑමෙහි පිටුපිරිමැඳුම් යන මෙකී වත් ඉවසන්නාහු දැ?” යි ලාමක කොට සිතත්, දොස් නගත්, නුගුණ පතුරුවත්.
Pali BJT2. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා භික්ඛූ පටිපුච්ඡි: “සච්චං කිර භික්ඛවෙ අබ්භානාරහා භික්ඛූ සාදියන්ති පකතත්තානං භික්ඛූනං අභිවාදනං පච්චුට්ඨානං -පෙ- නහානෙ පිට්ඨිපරිකම්ම”න්ති? “සච්චං භගවා”. විගරහි බුද්ධො භගවා: “කථං හි නාම භික්ඛවෙ අබ්භානාරහා භික්ඛූ සාදියිස්සන්ති පකතත්තානං භික්ඛූනං අභිවාදනං පච්චුට්ඨානං -පෙ- නහානෙ පිට්ඨිපරිකම්මං. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි:
Sinhala BJT2. ඉක්බිත්තෙන් ඒ මහණහු භාග්‍යවතුන්වහන්සේට මේ පවත් සැළ කළහ. ඒ කල්හි භාග්‍යවතුන්වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි බික්සඟන රැස් කරවා, “මහණෙනි, අබ්භානයට සුදුසු මහණහු පුවතත් මහණුන්ගේ වැඳුම් හුනස්නෙන් නැගී සිටුම් ... නෑමෙහි පිටුපිරියම් ඉවසත් යනු සැබෑ දැ?” යි අසා වදාළ සේක. “සැබැව, භාග්‍යවතුන්වහන්සැ” යි ඔහු කීහ. මහණෙනි, කෙසේ නම් අබ්භානයට සුදුසු මහණහු පුවතත් මහණුන්ගේ වැඳුම්, හුනස්නෙන් නැගී සිටුම් ... නෑමෙහි පිටුපිරියම් ඉවසන්නාහු ද? මහණෙනි, මෙය නොපහනුන්ගේ පැහැදීම පිණිස හෝ ... නො වේ’ යැ යි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වෙසෙසින් ගැරැහූ සේක. ගරහා දැහැමි කතා කොට මහණුනට මෙසේ වදාළ සේක:
Pali BJT3. න භික්ඛවෙ අබ්භානාරහෙන භික්ඛුනා සාදිතබ්බං පකතත්තානං භික්ඛූනං අභිවාදනං පච්චුපට්ඨානං -පෙ- නහානෙ පිට්ඨිපරිකම්මං. යො සාදියෙය්ය, ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT3. මහණෙනි, අබ්භානයට සුදුසු මහණහු විසින් පුවතත් මහණුන්ගේ වැඳුම්, දැක හුනස්නෙන් නැගී සිටුම් ... නෑමෙහි පිටුපිරියම් නො ඉවැසියැ යුතු. යමෙක් ඉවසන්නේ නම්, ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය.
Pali BJT4. අනුජානාමි භික්ඛවෙ අබ්භානාරහානං භික්ඛූනං මිථු යථාබුඩ්ඪං අභිවාදනං පච්චුට්ඨානං -පෙ- නහානෙ පිට්ඨිපරිකම්මං.
Sinhala BJT4. මහණෙනි, අබ්භානයට සුදුසු මහණුනට උනුන් මහළුපිළිවෙළින් වැඳීම, දැක හුනස්නෙන් නැගී සිටීම ... නෑමෙහි පිටුපිරියම අනුදනිමි.
Pali BJT5. අනුජානාමි භික්ඛවෙ අබ්භානාරහානං භික්ඛූනං පඤ්ච යථාබුඩ්ඪං: උපොසථං පවාරණං වස්සිකසාටිකං ඔනොජනං භත්තං.
Sinhala BJT5. මහණෙනි, අබ්භානයට සුදුසු මහණුනට මහලු පිළිවෙළින් පොහෝ කිරීම, පවාරණාව, වැසිසළු පිළිගැන්ම, පසු ව පිළිගණු පිණිස එ දිනට නියමිත බත අත් හැරීම, චතුශ්ශාල බත පිළිගැන්ම යන පස අනුදනිමි.
Pali BJT6. තෙන හි භික්ඛවෙ අබ්භානාරහානං භික්ඛූනං වත්තං පඤ්ඤාපෙස්සාමි යථා අබ්භානාරහෙහි භික්ඛූහි වත්තිතබ්බං.
Sinhala BJT6. එහෙයින් මහණෙනි, අබ්භානයට සුදුසු මහණුන් විසින් පැවැතියැ යුතු යම්සේ ද, එසේ ඔවුනට වත් පණවන්නෙමි.
Pali BJT7. අබ්භානාරහෙන භික්ඛවෙ භික්ඛුනා සම්මා වත්තිතබ්බං. තත්රායං සම්මාවත්තනා: න උපසම්පාදෙතබ්බං -පෙ- න භික්ඛූහි සම්පයොජෙතබ්බං. (යථා මූලායපටිකස්සනාරහස්ස වත්තං, තථා මානත්තාරහස්ස ච මානත්තචාරිකස්ස ච අබ්භානාරහස්ස චා ති තිණ්ණං එකසදිසං විත්ථාරෙතබ්බං.)
Sinhala BJT7. මහණෙනි, අබ්භානාරහ (අබ්භානයට සුදුසු) මහණහු විසින් මනා ව පැවැතිය යුතු. එහි මේ මනා පැවැත්ම යි: තමා උපාධ්‍යාය වැ උපසම්පදා නො කළ යුතු ... භික්‍ෂූන් කලහයෙහි නො යෙදිය යුතු. [මූලායපටිකස්ස නාරහ මහණහු පිළිබඳ වත යම්සේ ද මානත්තාරහ මහණහුගේ ද මානත්තවාරික මහණහුගේ ද අබ්භානාරහ මහණහුගේ ද යන තුන් දෙනාගේ වත් ද එසේ ම එක් සැටියෙන් විස්තර කළ යුතු.]
Pali BJT8. න භික්ඛවෙ අබ්භානාරහෙන භික්ඛුනා පකතත්තස්ස භික්ඛුනො පුරතො ගන්තබ්බං. න පුරතො නිසීදිතබ්බං. යො හොති සඞ්ඝස්ස ආසනපරියන්තො සෙය්යාපරියන්තො විහාරපරියන්තො සො තස්ස පදාතබ්බො. තෙන ච සො සාදිතබ්බො.
Sinhala BJT8. මහණෙනි, අබ්භානයට සුදුසු මහණහු විසින් පුවතත් මහණහට පෙරටු වැ නො යෑ යුතු පෙරටු වැ නො හින්දැ යුතු. සංඝයාගේ යම් අන්තිම අස්නෙක්, යහනෙක්, වෙහෙරෙක් වේ ද, එය ඔහුට දියැ යුතු. ඔහු විසිනුත් එයැ ඉවැසියැ යුතු.
Pali BJT9. න භික්ඛවෙ අබ්භානාරහෙන භික්ඛුනා පකතත්තෙන භික්ඛුනා පුරෙසමණෙන වා පච්ඡාසමණෙන වා කුලානි උපසඞ්කමිතබ්බානි. න ආරඤ්ඤිකඞ්ගං සමාදාතබ්බං. න පිණ්ඩපාතිකඞ්ගං සමාදාතබ්බං. න ච තප්පච්චයා පිණ්ඩපාතො නීහරාපෙතබ්බො ‘මා මං ජානිංසූ’ති.
Sinhala BJT9. මහණෙනි, අබ්භානාරහ මහණහු විසින් පුවතත් මහණක්හු හා පෙරමහණකු වැ හෝ පසුමහණකු වැ කුලයෝ නො එළැඹියැ යුතුහ. ආරණ්‍යකාඞ්ගය සමාදන් කොට නො ගත යුතු. පිණ්ඩපාතිකාඞ්ගය සමාදන් කොට නො ගත යුතු. “මා නො දනිත්ව” යි එකරුණින් පිණ්ඩපාතය ගෙන්වා නො ගත යුතු.
Pali BJT10. න භික්ඛවෙ අබ්භානාරහෙන භික්ඛුනා සභික්ඛුකා ආවාසා අභික්ඛුකො ආවාසො ගන්තබ්බො අඤ්ඤත්ර පකතත්තෙන අඤ්ඤත්ර අන්තරායා. න භික්ඛවෙ අබ්භානාරහෙන භික්ඛුනා සභික්ඛුකා ආවාසා අභික්ඛුකො අනාවාසො ගන්තබ්බො, අඤ්ඤත්ර පකතත්තෙන අඤ්ඤත්ර අන්තරායා. -පෙ- (යථා හෙට්ඨා, තථා විත්ථාරෙතබ්බං)
Sinhala BJT10. මහණෙනි අබ්භානාරහ මහණහු විසින් පුවතත් මහණක්හු නැති ව, සභික්‍ෂුක ආවාසයෙන් අභික්‍ෂුක ආවාසයට නො යා යුතු. මහණෙනි, අබ්භානාරහ මහණහු විසින් පුවතත් මහණකු නැති වැ, අන්තරායයක් නැති වැ, සභික්‍ෂුක ආවාසයෙන් අභික්‍ෂුක අනාවාසයකට නො යා යුතු ... [යට දැක්වුණ පරිදි විස්තර කටයුතු]
Pali BJT11. ගන්තබ්බො භික්ඛවෙ අබ්භානාරහෙන භික්ඛුනා සභික්ඛුකා ආවාසා -පෙ- අනාවාසා -පෙ- ආවාසා වා අනාවාසා වා සභික්ඛුකො ආවාසො -පෙ- සභික්ඛුකො අනාවාසො -පෙ- සභික්ඛුකො ආවාසො වා අනාවාසො වා, යත්ථස්සු භික්ඛූ සමානසංවාසකා, යං ජඤ්ඤා සක්කොමි අජ්ජෙව ගන්තුන්ති.
Sinhala BJT11. මහණෙනි, අබ්භානාරහ මහණහු විසින් ‘අද ම යන්නට හැක්කෙමි’ යි තමා දන්නා, සමානසංවාසක මහණුන් ඇති සභික්‍ෂුක ආවාසයෙන් ... අනාවාසයෙන් ... ආවාසයෙන් හෝ අනාවාසයෙන් හෝ සභික්‍ෂුක ආවාසයට ... සභික්‍ෂුක අනාවාසයට ... සභික්‍ෂුක ආවාසයට හෝ අනාවාසයට හෝ යා යුතු.
Pali BJT12. න භික්ඛවෙ අබ්භානාරහෙන භික්ඛුනා පකතත්තෙන භික්ඛුනා සද්ධිං එකච්ඡන්නෙ ආවාසෙ වත්ථබ්බං. න එකච්ඡන්නෙ අනාවාසෙ වත්ථබ්බං. න එකච්ඡන්නෙ ආවාසෙ වා අනාවාසෙ වා වත්ථබ්බං. පකතත්තං භික්ඛුං දිස්වා ආසනා වුට්ඨාතබ්බං. පකතත්තො භික්ඛු ආසනෙන නිමන්තෙතබ්බො. න පකතත්තෙන භික්ඛුනා සද්ධිං එකාසනෙ නිසීදිතබ්බං. න නීචෙ ආසනෙ නිසින්නෙ උච්චෙ ආසනෙ නිසීදිතබ්බං. න ඡමායං නිසින්නෙ ආසනෙ නිසීදිතබ්බං. න එකචඞ්කමෙ චඞ්කමිතබ්බං. න නීචෙ චඞ්කමෙ චඞ්කමන්තෙ උච්චෙ චඞ්කමෙ චඞ්කමිතබ්බං. න ඡමායං චඞ්කමන්තෙ චඞ්කමෙ චඞ්කමිතබ්බං.
Sinhala BJT12. මහණෙනි, අබ්භානාරහ මහණහු විසින් පුවතත් මහණක්හු හා එක් සෙවෙනියක් ඇති ආවාසයෙහි නො විසියැ යුතු. එක් සෙවෙනියක් ඇති අනාවාසයෙහි නො විසියැ යුතු. එක් සෙවෙනියක් ඇති ආවාසයෙහි හෝ අනාවාසයෙහි හෝ නො විසියැ යුතු. පුවතත් මහණක්හු දැක අස්නෙන් නැගී සිටියැ යුතු. පුවතත් මහණ තෙම අස්නෙන් පැවැරිය යුතු. පුවතත් මහණක්හු හා එකස්නෙහි නො හින්දැ යුතු. පුවතත් මහණහු මිටි අස්නැ හුන් කලැ තමා උසස්නැ නො හින්දැ යුතු. ඔහු බිමැ හුන් කලැ තමා අස්නෙහි නො හින්දැ යුතු. ඔහු හා එක් සක්මන්මළුවේ සක්මන් නො කළ යුතු. ඔහු මිටි සක්මන්මළුවෙහි සක්මන් කරණ කලැ තමා උස් සක්මන්මළුවෙහි සක්මන් නො කළ යුතු. ඔහු බිමැ සක්මන් කරණ කලැ තමා සක්මන්මළුයෙහි සක්මන් නො කළ යුතු.
Pali BJT13. න භික්ඛවෙ අබ්භානාරහෙන භික්ඛුනා පාරිවාසිකෙන භික්ඛුනා සද්ධිං -පෙ- මූලායපටිකස්සනාරහෙන භික්ඛුනා සද්ධිං -පෙ- මානත්තාරහෙන භික්ඛුනා සද්ධිං -පෙ- මානත්තචාරිකෙන භික්ඛුනා සද්ධිං -පෙ- අබ්භානාරහෙන බුඩ්ඪතරෙන භික්ඛුනා සද්ධිං එකච්ඡන්නෙ ආවාසෙ වත්ථබ්බං. න එකච්ඡන්නෙ අනාවාසෙ වත්ථබ්බං. න එකච්ඡන්නෙ ආවාසෙ වා අනාවාසෙ වා වත්ථබ්බං. න එකාසනෙ නිසීදිතබ්බං. න නීචෙ ආසනෙ නිසින්නෙ උච්චෙ ආසනෙ නිසීදිතබ්බං. න ඡමායං නිසින්නෙ ආසනෙ නිසීදිතබ්බං. න එකචඞ්කමෙ චඞ්කමිතබ්බං. න නීචෙ චඞ්කමෙ චඞ්කමන්තෙ උච්චෙ චඞ්කමෙ චඞ්කමිතබ්බං. න ඡමායං චඞ්කමන්තෙ චඞ්කමෙ චඞ්කමිතබ්බං.
Sinhala BJT13. මහණෙනි, අබ්භානාරහ මහණහු විසින් පාරිවාසික මහණහු හා ... මූලායපටිකස්සනාරහ මහණහු හා මානත්තාරහ මහණහු හා ... මානත්තවාරික මහණහු හා ... අබ්භානාරහ වඩා මහලු මහණහු හා එක් සෙවෙනි ඇති ආවාසයෙහි නො විසියැ යුතු. එක් සෙවෙනි ඇති අනාවාසයෙහි නො විසියැ යුතු එක් සෙවෙනි ඇති ආවාසයෙහි හෝ අනාවාසයෙහි නො විසියැ යුතු. එක් අස්නෙහි නො හින්දැ යුතු. ඔහු මිටි අස්නැ උන්කලැ තමා උසස්නැ නො හින්දැ යුතු. ඔහු බිම හුන් කලැ තමා අස්නැ නො හින්දැ යුතු. ඔහු හා එක් සක්මන්මළුයෙහි සක්මන් නො කළ යුතු. ඔහු මිටි සක්මන්මළුවේ සක්මන් කරණ කලැ තමා උස් සක්මන් මළුයෙහි සක්මන් නො කළ යුතු. ඔහු බිමැ සක්මන් කරණ කලැ තමා සක්මන් මළුයෙහි සක්මන් නො කළ යුතු.
Pali BJT14. අබ්භානාරහචතුත්ථො චෙ භික්ඛවෙ පරිවාසං දදෙය්ය, මූලායපටිකස්සෙය්ය, මානත්තං දදෙය්ය, තබ්බීසො අබ්භෙය්ය, අකම්මං. න ච කරණීයන්ති.
Sinhala BJT14. මහණෙනි, ඉදින් අබ්භානයට සුදුස්සහු සතර වැනි කොටැති ව පිරිවෙස දෙන්නේ ද, මූලායපටිකස්සනාව කරන්නේ ද, මානත දෙන්නේ ද, ඔහු විසිවැනි කොටැති ව අබ්භාන කරන්නේ ද, ඒ අකර්‍ම යි. නො ද කටයුතු යි.
Pali BJTඅබ්භානාරහවත්තං නිට්ඨිතං.
Sinhala BJTඅබ්භානාරහ වත නිමියේ ය.
Pali BJTපාරිවාසිකක්ඛන්ධකො නිට්ඨිතො දුතියො.
Sinhala BJTදෙවෙනි පාරිවාසික්ඛන්‍ධකය නිමියේ ය.
Pali BJTඉමස්මිං ඛන්ධකෙ වත්ථූ පඤ්ච.
Sinhala BJTමේ ඛන්‍ධකයෙහි වස්තු පසෙකි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJT1. පාරිවාසිකා සාදියන්ති පකතත්තාන භික්ඛූනං, අභිවාදනං පච්චුට්ඨානං අඤ්ජලිඤ්ච සාමීචියං.
Sinhala BJT1. පිරිවෙස් සමාදන් කොට ගත්තෝ පුවතත් මහණුන්ගේ වැඳුම් ද දැක හුනස්නෙන් නැගී සිටීම් ද ඇඳිලිබැඳුම් ද, සාමීචිකර්‍ම ද,
Pali BJT2. ආසනං සෙය්යාභිහාරං පාදොදකං පාදපීඨං, පාදකඨලිකං පත්තචීවරපටිග්ගාහණං, නහානෙ පිට්ඨිපරිකම්මං උජ්ඣායන්ති ච පෙසලා.
Sinhala BJT2. අසුන් එළැවීම් ද, යහන් එළැවීම් ද, පාදෝනාදිය පාපුටුව පාද කඨලිකාව එළැවීම ද, පාසිවුරු පිළිගැනුම් ද, නෑමෙහි පිටුපිරියම් ද ඉවසත්. පියසීල මහණහු දොස් නගත්.
Pali BJT3. දුක්කටං සාදියන්තස්ස මිථු පඤ්ච යථාබුඩ්ඪං, උපොසථං පවාරණං, වස්සිකොනොජභොජනං.
Sinhala BJT3. මේ දෑ ඉවසන්නහුට දුකුළා ඇවැත් වේ. පාරිවාසිකයනට මහලු පිළිවෙළින් ඔවුනොවුන්ගේ උපෝසථ පවාරණා වස්සිකසාටීකා ඕනෝජන භත්ත යන මෙය අනුදත් සේක.
Pali BJT4. සම්මා ච වත්තනා තත්ථ පකතත්තස්ස ගච්ඡරෙ, යො ච හොති පරියන්තො න පුරෙ පච්ඡා සමණෙ
Sinhala BJT4. එහි පාරිවාසිකයාගේ මනා පැවැත්ම ද, පුවතත් මහණකුට පෙරටු ව යෑම ඉදීම නො කළයුතු බව ද, සංඝයාගේ යම් අන්තිම ආසනයෙක් ශයනයෙක් විහාරයෙක් වේ නම් එහි විසිය යුතු බව ද, එසේ ම පුවතත් මහණකු හා පෙරැ ව හෝ පසු ව හෝ කුලයන් කරා නො එළැඹිය යුතු බව ද පැණැවූ සේක.
Pali BJT5. ආරඤ්ඤං පිණ්ඩනීහාරො ආගන්තුකෙ උපොසථෙ, පවාරණා ච දූතෙන ගන්තබ්බො ච සභික්ඛුකො.
Sinhala BJT5. ආරඤ්ඤිකඞ්ග සමාදානය ද, පිණ්ඩපාතිකඞ්ග සමාදානය හා පිණ්ඩපාතනීහාරය ද පාරිවාසික මහණහු විසින් නො කටයුතු ය. ආගන්තුකයා හා ආරෝචනාව ද, උපෝසථයෙහි ආරෝචනාව ද, පවාරණයෙහි ආරෝචනාව ද, ගිලන් වේ නම් දූතයකු ලවා ආරෝචනා කරවීම ද, සභික්‍ෂුක ආවාසයෙන් අභික්‍ෂුක ආවාසයකට නො යායුතු බව ද පැණවූ සේක.
Pali BJT6. එකච්ඡන්නෙ න වත්ථබ්බං න ඡමායං නිස්සජ්ජිතෙ, ආසනෙ නීචෙ චඞ්කමෙ, ඡමායං චඞ්කමෙන ච.
Sinhala BJT6. පාරිවාසික මහණහු විසින් පුවතත් මහණක්හු හා එක්ඡදනයක් ඇති තැන නො විසිය යුතු. පුවතත් මහණහු බිමැ හුන් කලැ පාරිවාසිකයා අස්නෙක නො හින්දැ යුතු. පුවතත් මහණහු මිටිඅස්නැ උන් කලැ පාරිවාසිකයා උසස්නැ නො හින්දැ යුතු. පුවතත් මහණහු බිම සක්මන්කරණ කලැ පාරිවාසිකයා සක්මනෙහි සක්මන් නො කළයුතු.
Pali BJT7. බුඩ්ඪතරෙන අකම්මං රත්තිච්ඡෙදා ච සොධනා, නික්ඛිපනං සමාදානං ඤාතබ්බං පාරිවාසිකං
Sinhala BJT7. ඒකච්ඡන්නයෙහි වැඩිමහලු මහණකු හා නො විසිය යුතු බැව් ආදීන් නො කටයුතු දෑ ද, රාත්‍රිච්ඡේදයෝ ද, පරිවාසශෝධනය ද, පරිවාස නිඃක්‍ෂේපය ද, පරිවාසය නැවත සමාදන් කොට ගැන්ම ද යන පාරිවාසිකයා අයත් මේ දෑ දත යුතු.
Pali BJT8. මූලායමානත්තාරහං, තථා මානත්තචාරිකා; අබ්භානාරහකං චාපි සම්භෙදනයතො පුන.
Sinhala BJT8. මූලායපටිකස්සනාරහ වත ද, මානත්තාරහ වත ද, එසේ ම මානත්තවාරිකයා පිළිබඳ වත් ද, අබ්භානාරහ පුද්ගලයා අයත් වත් ද ප්‍රභේද නය වශෙයන් දත යුතු.
Pali BJT9. පාරිවාසිකෙසු තයො, චතු මානත්තචාරිකෙ, න සමෙන්ති රත්තිච්ඡෙදෙසු මානත්තෙසු ච දෙවසි, ද්වෙ කම්මා සදිසා සෙසා තයො කම්මා සමා’සමාති
Sinhala BJT9. පාරිවාසික භික්‍ෂූන් විෂයයෙහි රාත්‍රිච්ඡේද තුනෙක් ද, මානත්තාරහ භික්‍ෂූන් විෂයයෙහි රාත්‍රිච්ඡේද සතරෙක් ද පණවන ලදහ. රාත්‍රිච්ඡේදයන්හි ඔහු සම නො වෙත්. මානත් විෂයයෙහි දිනපතා ආරෝචනා කටයුතු. කර්‍මයෝ දෙදෙනෙක් සමයහ. සෙසු තුන් කර්‍මයෝ ඇතැම් කරුණින් සම ද ඇතැම් කරුණින් අසම ද වෙත්.
Pali BJT3.
Sinhala BJT3.
Pali BJTසමුච්චයක්ඛන්ධකං
Sinhala BJTසමුච්චයක්ඛන්‍ධකය
Pali BJT1. සුක්කවිසට්ඨි
Sinhala BJT1. සුක්‌කවිස්‌සට්‌ඨි
Pali BJT1. අපටිච්ඡන්නමානත්තං
Sinhala BJT1. අපටිච්ඡන්න මානත
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා උදායී එකං ආපත්තිං ආපන්නො හොති සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං{1} අපටිච්ඡන්නං. සො භික්ඛූනං ආරොචෙසි: “අහං ආවුසො එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං අපටිච්ඡන්නං. කථං නු ඛො මයා පටිපජ්ජිතබ්බන්ති.” භගවතො{2} එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT1. එ සමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ සැවත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එ කල්හි ආයුෂ්මත් උදායී තෙම අපටිච්ඡන්න වූ එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි (දැන දැන සුකුරුමිදීම වූ) ඇවැතකට පැමිණියේ වෙයි. හෙ තෙම “ඇවැත්නි, මම් අපටිච්ඡන්න වූ සඤ්චේතනිකා සුක්කවියට්ඨි ඇවැතකට පැමිණියෙමි. මා විසින් කෙසේ නම් පිළිපැදිය යුතු දැ?” යි. භික්‍ෂූනට මෙ කරුණ සැළ කෙළේ ය. ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට සැළ කළහ.
Pali BJT2. තෙන හි භික්ඛවෙ සඞ්ඝො උදායිස්ස භික්ඛුනො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං දෙතු. එවඤ්ච පන භික්ඛවෙ දාතබ්බං:
Sinhala BJT2. “මහණෙනි, එසේ වී නම් සඞ්ඝ තෙමේ උදායී මහණහට අපටිච්ඡන්න වූ එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට ෂඩ්රාත්‍රික (සරැයක් පිරියැ යුතු) මානත දේවා. මහණෙනි, ඒ මානත ද මෙසේ දිය යුතු:
Pali BJTතෙන භික්ඛවෙ උදායිනා භික්ඛුනා සඞ්ඝං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා බුඩ්ඪානං භික්ඛූනං පාදෙ වන්දිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා එවමස්ස වචනීයො:
Sinhala BJTමහණෙනි, ඒ උදායී මහණහු විසින් සඞ්ඝයා වෙත එළැඹ, උතුරුසඟ එකස් කොට, වැඩි මහලු මහණුන්ගේ පා වැඳ, උත්කුටුක වැ හිඳ දොහොත් මුදුන් තබා, මෙසේ කියැ යුතු වන්නේ ය:
Pali BJT“අහං භන්තෙ එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං අපටිච්ඡන්නං. සො’හං භන්තෙ, සඞ්ඝං එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං යාචාමි. අහං භන්තෙ{3} එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං අපටිච්ඡන්නං. දුතියම්පි භන්තෙ3 සඞ්ඝං එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං යාචාමි. අහං භන්තෙ එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං අපටිච්ඡන්නං. තතියම්පි භන්තෙ3 සඞ්ඝං එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං යාචාමී”ති.
Sinhala BJT“වහන්ස, මම් පිළිසන් නොවූ එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. වහන්ස, ඒ මේ පිළිසන් නොවූ එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත සඞ්ඝයාගෙන් ඉල්ලමි. වහන්ස, මම් පිළිසන් නොවූ එක් සඤ්චේතනිකා ඇවැතකට පැමිණියෙමි. වහන්ස, පිළිසන් නොවූ එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවතට ෂාඩ්රාත්‍රික (සරැයක් පිරිය යුතු) මානත දෙවනුව ද සඞ්ඝයාගෙන් ඉල්ලමි. වහන්ස, මම් පිළිසන් නොවූ එක් සඤ්චේතනිකා ඇවැතකට පැමිණියෙමි. වහන්ස, මම් පිළිසන් නොවූ එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත තෙවනු ද සඞ්ඝයාගෙන් ඉල්ලමි” යනු යි.
Pali BJT3. ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
Sinhala BJT3. ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් සඞ්ඝ තෙමේ මෙසේ දැන්විය යුතු:
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අයං උදායී භික්ඛු එකං ආපත්තිං ආපජ්ජි සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං අපටිච්ඡන්නං. සො සඞ්ඝං එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං යාචති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො උදායිස්ස භික්ඛුනො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං දදෙය්ය. එසා ඤත්ති.
Sinhala BJT“වහන්ස, සඞ්ඝ තෙමේ මබස් අසාවා: මේ උදායී මහණ තෙම නොපිළිසන් වූ එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම නොපිළිසන් වූ එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සඞ්ඝයාගෙන් ෂාඩ්රාත්‍රික මානත ඉල්ලයි. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම්, සඞ්ග තෙමේ උදායී මහණහට නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත දෙන්නේ ය. මේ ඥප්තිය යි.”
Pali BJT“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො: අයං උදායී භික්ඛු එකං ආපත්තිං ආපජ්ජි සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං අපටිච්ඡන්නං. සො සඞ්ඝං එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං යාචති. සඞ්ඝො උදායිස්ස භික්ඛුනො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං දෙති. යස්සායස්මතො ඛමති උදායිස්ස භික්ඛුනො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තස්ස දානං, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය.
Sinhala BJT“වහන්ස, සඞ්ඝ තෙමේ මගේ වචනය අසාවා: මේ උදායී මහණ තෙම නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම සඞ්ඝයාගෙන් නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත ඉල්ලයි. සඞ්ඝ තෙමේ උදායී මහණහට නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත දෙයි. උදායී මහණහට නොපිළිසන් එක්සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත දීම යම් ආයුෂ්මතක්හට රිසියේ නම්, හේ නිහඬ වේ වා. යමක් හට එය නො රිසියේ නම් හේ කියාවා.”
Pali BJTදුතියම්පි එතමත්ථං වදාමි: සුණාතු මෙ භන්තෙ, සඞ්ඝො අයං උදායී භික්ඛු එකං ආපත්තිං ආපජ්ජි සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං අපටිච්ඡන්නං. සො සඞ්ඝං එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං යාචති. සඞ්ඝො උදායිස්ස භික්ඛුනො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං දෙති. යස්සායස්මතො ඛමති උදායිස්ස භික්ඛුනො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තස්ස දානං, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය.
Sinhala BJTදෙවනු ද මේ කරුණ කියමි: වහන්ස, සඞ්ඝ තෙමේ මබස් අසාවා. මේ උදායී මහණ තෙම නොපිළිසන් වූ එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවගැතකට පැමිණියේ ය. හෙ තෙම නොපිළිසන් වූ එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත සඞ්ඝයාගෙන් ඉල්ලයි. සඞ්ඝ තෙමේ උදායී මහණහට නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත දෙයි. උදායී මහණහට නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත දීම යම් ආයුෂ්මතක්හට රිසියේ නම්, හේ නිහඬ වේවා. යමක් හට නො රිසියේ නම් හේ කියාවා.
Pali BJTතතියම්පි එතමත්ථං වදාමි: සුණාතු මෙ භන්තෙ සඞ්ඝො අයං උදායී භික්ඛු එකං ආපත්තිං ආපජ්ජි සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං අපටිච්ඡන්නං. සො සඞ්ඝං එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං යාචති. සඞ්ඝො උදායිස්ස භික්ඛුනො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං දෙති. යස්සායස්මතො ඛමති උදායිස්ස භික්ඛුනො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තස්ස දානං, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය.
Sinhala BJTතෙවනු ද මෙ කරුණ කියමි: වහන්ස, සඞ්ඝ තෙමේ මබස් අසාවා. මේ උදායී මහණ වෙතම නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙතෙම නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත සඞ්ඝයාගෙන් ඉල්ලයි. සඞ්ඝ තෙමේ උදායී මහණහට නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවගැතට සරැයක් පිරිය යුතු මානත දෙයි. උදායී මහණහට නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත දීම යම් ආයුෂ්මතක්හට රිසියේ නම්, හේ නිහඬ වේවා. යමක් හට නො රිසියේ නම්, හේ කියාවා.
Pali BJTදින්නං සඞ්ඝෙන උදායිස්ස භික්ඛුනො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං. ඛමති සඞ්ඝස්ස, තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති .
Sinhala BJTඋදායී මහණහට නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත සඞ්ඝයා විසින් දෙන ලද්ෂද් ය. සඞ්ඝයාට රිසියෙයි. එ හෙයින් නිහඬ ය. මෙසේ මෙය සලකමි” යනු යි.
Pali BJTඅපටිච්ඡන්නමානත්තං නිට්ඨිතං.
Sinhala BJTඅපටිච්ඡන්න මානත නිමියේ ය.
Pali BJT2. අපටිච්ඡන්නඅබ්භානං
Sinhala BJT2. අපටිච්ඡන්න අබ්භානය
Pali BJT1. සො චිණ්ණමානත්තො භික්ඛූනං ආරොචෙසි: “අහං ආවුසො එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං අපටිච්ඡන්නං. සො’හං සඞ්ඝං එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං යාචිං. තස්ස මෙ සඞ්ඝො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං අදාසි. සො’හං චිණ්ණමානත්තො. කථං නු ඛො මයා පටිපජ්ජිතබ්බන්ති?”. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT1. හෙ තෙම පිරූ මානත ඇත්තේ, භිකුෂුනට මෙසේ සැළ කෙළේ ය: “ඇවැත්නි, මම් නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත සඞ්ඝයාගෙන් ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙමේ නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත දුන්නේ ය. ඒ මම් පිරූ මානත ඇත්තෙමි. මා විසින් කෙසේ පිළිපැදිය යුතු ද?” යනුයි. භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැළකළහ.
Pali BJT“තෙන හි භික්ඛවෙ සඞ්ඝො උදායිං භික්ඛුං අබ්භෙතු. එවඤ්ච පන භික්ඛවෙ අබ්භෙතබ්බො: තෙන භික්ඛවෙ උදායිනා භික්ඛුනා සඞ්ඝං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා බුඩ්ඪානං භික්ඛූනං පාදෙ වන්දිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා එවමස්ස වචනීයො:
Sinhala BJT2. “මහණෙනි, එසේ වී නම් සඞ්ඝ තෙම උදායී මහණහට අබ්භානය කෙරේවා. මහණෙනි, මෙසේ අබ්භානය ද කළ යුතු වේ: “මහණෙනි, ඒ උදායී මහණහු විසින් සඞ්ඝයා කරා එළැඹ උතුරුසඟ එකස් කොට, වැඩි මහලු භික්‍ෂූන්ගේ පා වැඳ, උත්කුටුක වැ හිඳ, දොහොත් මුදුන් තබා මෙසේ කිය යුතු වන්නේය:
Pali BJTඅහං භන්තෙ එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං අපටිච්ඡන්නං. සො’හං සඞ්ඝං එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං යාචිං. තස්ස මෙ සඞ්ඝො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං අදාසි. සො’හං භන්තෙ චිණ්ණමානත්තො සඞ්ඝං අබ්භානං යාචාමි.”
Sinhala BJT“වහන්ස, මම් නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත සඞ්ඝයාගෙන් ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙම නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත දුන්නේ ය. වහන්ස, ඒ මම් පිරූ මානත ඇතියෙම් සඞ්ඝයාගෙන් අබ්භානය ඉල්ලමි.
Pali BJTඅහං භන්තෙ එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං අපටිච්ඡන්නං. සො’හං සඞ්ඝං එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං යාචිං. තස්ස මෙ සඞ්ඝො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං අදාසි. සො’හං චිණ්ණමානත්තො දුතියම්පි භන්තෙ සඞ්ඝං අබ්භානං යාචාමි.
Sinhala BJTවහන්ස, මම් නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත සඞ්ඝයාගෙන් ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙම නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත දුන්නේ ය. වහන්ස, ඒ මම් පිරූ මානත ඇතියෙම් දෙවනු ද සඞ්ඝයාගෙන් අබ්භානය ඉල්ලමි.
Pali BJTඅහං භන්තෙ එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං අපටිච්ඡන්නං. සො’හං සඞ්ඝං එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං යාචිං. තස්ස මෙ සඞ්ඝො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං අදාසි. සො’හං චිණ්ණමානත්තො තතියම්පි භන්තෙ සඞ්ඝං අබ්භානං යාචාමීති.
Sinhala BJTවහන්ස, මම් නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවතට සරැයක් පිරිය යුතු මානත සඞ්ඝයාගෙන් ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙම නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත දුන්නේ ය. වහන්ස, ඒ මම් පිරූ මානත ඇතියෙම් තෙවනු ද සඞ්ඝයාගෙන් අබ්භානය ඉල්ලමි”යනු යි.
Pali BJT3. ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
Sinhala BJT3. ව්‍යක්ත ප්‍රතිබල මහණහු විසින් සඞ්ඝ තෙමේ මෙසේ දැන්විය යුතු:
Pali BJT“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අයං උදායී භික්ඛු එකං ආපත්තිං ආපජ්ජි සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං අපටිච්ඡන්නං. සො සඞ්ඝං එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං යාචි. සඞ්ඝො උදායිස්ස භික්ඛුනො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං අදාසි. සො චිණ්ණමානත්තො සඞ්ඝං අබ්භානං යාචති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො උදායිං භික්ඛුං අබ්භෙය්ය. එසා ඤත්ති.
Sinhala BJTසඞ්ඝ තෙමේ මබස් අසාවා: මේ උදායී මහණ එක් නොපිළිසන් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සඞ්ඝයාගෙන් සරැයක් පිරිය යුතු මානත ඉල්ලී ය. සඞ්ඝ තෙම උදායී මහණහට නොපිළිසන්වූ එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත දුන්නේ ය. හේ පිරූ මානත ඇත්තේ සඞ්ඝයාගෙන් අබ්භානය ඉල්ලයි. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම් සඞ්ඝ තෙමේ උදායී මහණ අබ්භානය කෙරේවා. මේ ඥප්තියයි.
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො අයං උදායී භික්ඛු එකං ආපත්තිං ආපජ්ජි සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං අපටිච්ඡන්නං. සො සඞ්ඝං එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං යාචි. සඞ්ඝො උදායිස්ස භික්ඛුනො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං අදාසි. සො චිණ්ණමානත්තො සඞ්ඝං අබ්භානං යාචති. සඞ්ඝො උදායිං භික්ඛුං අබ්භෙති. යස්සායස්මතො ඛමති උදායිස්ස භික්ඛුනො අබ්භානං, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය.
Sinhala BJTවහන්ස, සඞ්ඝ තෙමේ මබස් අසාවා. මේ උදායී මහණ තෙම නො පිළිසන් එක් සෙඤවත නිකා සුකකවිසටඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම එක් නොපිළිසන් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සඞ්ඝයාගෙන් සරැයක් පිරිය යුතු මානත ඉල්ලී ය. සඞ්ඝ තෙම උදායී මහණහට නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත දුන්නේ ය. හේ පිරූ මානත ඇත්තේ සඞ්ඝයාගෙන් අබ්භානය ඉල්ලයි. සඞ්ඝ තෙමේ උදායී මහණ අබ්භානය කෙරෙයි. යම් ආයුෂ්මතක්හට උදායී මහණහුගේ අබ්භානය රිසියේ නම්, හේ නිහඬ වන්නේ ය. යමකුහට නො රිසියේ නම් හේ කියන්නේ ය.
Pali BJTදුතියම්පි එතමත්ථං වදාමි: සුණාතු මෙ භන්තෙ, සඞ්ඝො අයං උදායී භික්ඛු එකං ආපත්තිං ආපජ්ජි සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං අපටිච්ඡන්නං. සො සඞ්ඝං එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං යාචි. සඞ්ඝො උදායිස්ස භික්ඛුනො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං අදාසි. සො චිණ්ණමානත්තො සඞ්ඝං අබ්භානං යාචති. සඞ්ඝො උදායිං භික්ඛුං අබ්භෙති, යස්සායස්මතො ඛමති උදායිස්ස භික්ඛුනො අබ්භානං, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය.
Sinhala BJTදෙවනු ද මෙ කරුණ කියමි: වහන්ස, සඞ්ඝ තෙම මගේ වචනය අසාවා: මේ උදායී මහණ තෙම නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හේ ඒ නොපිළිසන් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත සඞ්ඝයාගෙන් ඉල්ලී ය. සඞ්ඝ තෙම උදායී මහණහට එක් නොපිළිසන් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත දුන්නේ ය. හේ පිරූ මානත ඇත්තේ සඞ්ඝයාගෙන් අබ්භානය ඉල්ලයි. සඞ්ඝ තෙමේ උදායී මහණ අබ්භානය කෙරෙයි. යම් ආයුෂ්මතක්හට උදායී මහණහුගේ අබ්භානය රිසියේ නම් හේ නිහඬ වේවා. යමකුට නොරිසියේ නම්, හේ කියාවා,
Pali BJTතතියම්පි එතමත්ථං වදාමි: සුණාතු මෙ භන්තෙ සඞ්ඝො අයං උදායී භික්ඛු එකං ආපත්තිං ආපජ්ජි සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං අපටිච්ඡන්නං. සො සඞ්ඝං එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං යාචි. සඞ්ඝො උදායිස්ස භික්ඛුනො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං අදාසි. සො චිණ්ණමානත්තො සඞ්ඝං අබ්භානං යාචති. සඞ්ඝො උදායිං භික්ඛුං අබ්භෙති. යස්සායස්මතො ඛමති උදායිස්ස භික්ඛුනො අබ්භානං, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය.
Sinhala BJTතෙවනු ද මෙ කරුණ කියමි, වහන්ස, සඞ්ඝ තෙම මගේ වචනය අසාවා: මේ උදායී මහණ තෙම නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු. මානත සඞ්ඝයාගෙන් ඉල්ලී ය. සඞ්ඝ තෙම උදායී මහණහට එක් නොපිළිසන් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි. ඇවැතට සරැයක් පිරිය යුතු මානත දුන්නේ ය. හේ පිරූ මානත ඇත්තේ සඞ්ඝයාගෙන් අබ්භානය ඉල්ලයි. සඞ්ඝ තෙමේ උදායී මහණ අබ්භානය කෙරෙයි. යම් ආයුෂ්මතක්හට උදායී මහණහුගේ අබ්භානය රිසියේ නම, හේ නිහඬ වේවා. යමකුහට නො රිසියේ නම් හේ කියාවා.
Pali BJTඅබ්භිතො සඞ්ඝෙන උදායී භික්ඛු. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJTසඞ්ඝයා විසින් උදායී මහණ තෙම අබ්භිත ය. සඞ්ඝයාට රිසියෙයි. එහෙයින් නිහඬ ය. මෙසේ මෙය සලකමි යනු යි.
Pali BJTඅපටිච්ඡන්තඅබ්භානං නිට්ඨිතං.
Sinhala BJTඅපටිච්ඡන්න අබ්භානය නිමියේ ය.
Pali BJT3. එකාහපටිච්ඡන්නපරිවාසො
Sinhala BJT3. ඒකාහපටිච්ඡන්න පිරිවෙස
Pali BJT1. තෙන ඛො පන සමයෙන ආයස්මා උදායී එකං ආපත්තිං ආපන්නො හොති සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං එකාහපටිච්ඡන්නං. සො භික්ඛූනං ආරොචෙසි: “අහං ආවුසො, එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං එකාහපටිච්ඡන්නං, කථං නු ඛො මයා පටිපජ්ජිතබ්බන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT1. එ සමයෙහි ආයුෂ්මත් උදායී තෙම එක් දවසක් පිළිසන් වූ සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ වෙයි. හෙ තෙම “ඇවැත්නි, මම් එක් දවසක් පිළිසන් වූ සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. මා විසින් කෙසේ නම් පිළිපැදිය යුතුදැ” යි භික්‍ෂූනට සැළ කෙළේ ය. භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් දැන්වූහ. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:)
Pali BJT2. “තෙන හි භික්ඛවෙ සඞ්ඝො උදායිස්ස භික්ඛුනො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා එකාහපටිච්ඡන්නාය එකාහපරිවාසං දෙතු. එවඤ්ච පන, භික්ඛවෙ දාතබ්බො:
Sinhala BJT“මහණෙනි, එසේ වී නම්, සඞ්ඝ තෙමේ උදායී මහණහට එක් දවසක් පිළිසන් වූ සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට එක් දවසක් වසන පිරිවෙස දේවා. මහණෙනි, එය මෙසේ දිය යුතු:
Pali BJTතෙන භික්ඛවෙ උදායිනා භික්ඛුනා සඞ්ඝං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා බුඩ්ඪානං භික්ඛූනං පාදෙ වන්දිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා එවමස්ස වචනීයො: “අහං භන්තෙ එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං එකාහපටිච්ඡන්නං. සො’හං භන්තෙ සඞ්ඝං එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා එකාහපටිච්ඡන්නාය එකාහපරිවාසං යාචාමී”ති. දුතියම්පි යාචිතබ්බො -පෙ- තතියම්පි යාචිතබ්බො -පෙ-
Sinhala BJT2. මහණෙනි, ඒ උදායී මහණහු විසින් සඞ්ඝයා වෙත එළැඹ උතුරුසඟ එකස් කොට වැඩි මහලු මහණුන්ගේ පා වැද, උත්කුටුක වැ හිඳ, දොහොත් මුදුන් තබා, “වහන්ස, මම් එක් දවසක් පිළිසන් වූ සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. වහන්ස, ඒ මම් එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සඞ්ඝයාගෙන් එක් දවසක් වසන පිරිවෙස ඉල්ලමි” යි මෙසේ කිය යුතු වන්නේ ය දෙවනු ද ඉල්ලිය යුතු ... තෙවනු ද ඉල්ලිය යුතු ...
Pali BJT3. ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
Sinhala BJT3. ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් සඞ්ඝ තෙමේ මෙසේ දැන්විය යුතු.
Pali BJT“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො: අයං උදායී භික්ඛු එකං ආපත්තිං ආපජ්ජි සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං එකාහපටිච්ඡන්නං. සො සඞ්ඝං එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා එකාහපටිච්ඡන්නාය එකාහපරිවාසං යාචති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො උදායිස්ස භික්ඛුනො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා එකාහපටිච්ඡන්නාය එකාහපරිවාසං දදෙය්ය. එසා ඤත්ති.
Sinhala BJT“වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. මේ උදායී මහණ තෙම එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම එක් දවසක් පිළිසන් වූ එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට එක් දවසක් වසන පිරිවෙස ඉල්ලයි. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ වී නම් සඞ්ඝ තෙමේ උදායී මහණහට එක් දවසක් පිළිසන් වූ එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට එක් දවසක් වසන පිරිවෙස දේවා. මේ ඥප්තිය යි.
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො: අයං උදායී භික්ඛු එකං ආපත්තිං ආපජ්ජි සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං එකාහපටිච්ඡන්නං. සො සඞ්ඝං එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා එකාහපටිච්ඡන්නාය එකාහපරිවාසං යාචති. සඞ්ඝො උදායිස්ස භික්ඛුනො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා එකාහපටිච්ඡන්නාය එකාහපරිවාසං දෙති. යස්සායස්මතො ඛමති උදායිස්ස භික්ඛුනො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා එකාහපටිච්ඡන්නාය එකාහපරිවාසස්ස දානං, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය.
Sinhala BJTවහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා: මේ උදායී මහණ තෙමේ එක් දවසක් පිළිසන් වූ එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙතෙම එක් දවසක් පිළිසන් වූ එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට එක් දවසක් වසන පිරිවෙස සඞ්ඝයාගෙන් ඉල්ලයි. සඞ්ඝ තෙම උදායී මහණ හට එක් දවසක් පිළිසන් වූ එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට එක් දවසක් වසන පිරිවෙස සඞ්ඝයාගෙන් ඉල්ලයි. සඞ්ඝ තෙමේ උදායී මහණහට එක් දවසක් පිළිසන් වූ එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට එක් දවසක් වසන පිරිවෙස දෙයි. උදායී මහණහට එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුකකවිසටඨි ඇවැතට එක් දවසක් වසන පිරිවෙස දීම යම් ආයුෂ්මතක්හට රිසියේ නම්, හෝ නිහඬ වන්නේ ය. යමක් හට නො රිසියේ නම් හේ කියන්නේ ය.
Pali BJTදුතියම්පි එතමත්ථං වදාමි -පෙ- තතියම්පි එතමත්ථං වදාමි -පෙ-
Sinhala BJTදෙවනු ද මෙ කරුණ කියමි ... තෙවනු ද මෙ කරුණ කියමි ...