Pali BJT4. අසම්මුඛා පටිපුච්ඡා පටිඤ්ඤාය කතං ච යං අනාපත්ති අදෙසනෙ දෙසිතාය කතං ච යං.
Sinhala BJT4. නොහමුයෙහි ද නොපිළිවිස ද, පිළිණ නොගෙණ ද යම් කර්‍මයෙක් කරණ ලද ද, නො ඇවැතෙහි ද දේසනාගාමිනී නොවූ ඇවැතෙහි ද දෙසූ ඇවැතෙහි ද යම් කර්‍මයෙක් කරණ ලද ද,
Pali BJT5. අචොදෙත්වා අසාරෙත්වා අනාරොපෙත්වා ච යං කතං අසම්මුඛා අධම්මෙන වග්ගෙන චාපි යං කතං.
Sinhala BJT5. චෝදනා නොකොට ද සිහිපත් නොකරවා ද ඇවැත නොනංවා ද යමක් කරණ ලද ද, නොහමුයෙහි ද නොදහමින් ද ව්‍යග්‍ර වූ සඟන විසින් ද යම් කර්‍මයෙක් කරණ ලද ද,
Pali BJT6. අප්පටිපුච්ඡා’ධම්මෙන පුන වග්ගෙන යං කතං අප්පටිඤ්ඤායධම්මෙන වග්ගෙන චාපි යං කතං.
Sinhala BJT6. නොපිළිවිස ද අධර්‍මයෙන් ද නැවැත ව්‍යග්‍ර වූ සඟන විසින් ද යම් කර්‍මයෙක් කරන ලද ද, පිළිණ නොගෙණ ද අධර්‍මයෙන් ද ව්‍යග්‍ර වූ සඟන විසින් ද යම් කර්‍මයෙක් කරණ ලද ද,
Pali BJT7. අනාපත්ති අධම්මෙන වග්ගෙන චාපි යං කතං. අදෙසනාගාමිනියා අධම්මවග්ගමෙව ච.
Sinhala BJT7. නො ඇවැතෙහි ද අධර්‍මයෙන් ද ව්‍යග්‍ර වූ සඟන විසින් ද යම් කර්‍මයෙක් කරණ ලද ද, දෙසීමෙන් පිරිසිදු නොවන ඇවැතෙහි ද අධර්‍මයෙන් ද ව්‍යග්‍ර වූ සඟන විසින් ද යම් කර්‍මයෙක් කරණ ලද ද,
Pali BJT8. දෙසිතාය අධම්මෙන වග්ගෙනාපි තථෙව ච අචොදෙත්වා අධම්මෙන වග්ගෙනාපි තථෙව ච.
Sinhala BJT8. ඇවැත දෙසූ කල්හි ද අධර්‍මයෙන් ද එසේ ම ව්‍යග්‍ර වූ සඟන විසින් ද යම් කර්‍මයෙක් කරණ ලද ද, චෝදනා නොකොට ද අධර්‍මයෙන් ද එසේ ම ව්‍යග්‍ර වූ සංඝයා විසින් ද යම් කර්‍මයක් කරණ ලද ද,
Pali BJT9. අසාරෙත්වා අධම්මෙන වග්ගෙනාපි තථෙව ච ආරොපෙත්වා අධම්මෙන වග්ගෙනාපි තථෙව ච.
Sinhala BJT9. සිහිපත් නො කරවා ද අධර්‍මයෙන් ද එසේ ම ව්‍යග්‍ර වූ සඟන විසින් ද යම් කර්‍මයෙක් කරණ ලද ද, එසේ ම ඇවැත නො නංවා ද අධර්‍මයෙන් ද ව්‍යග්‍ර වූ සඞ්ඝයා විසින් ද යම් කර්‍මයෙක් කරණ ලද ද, ඒ හැම අධර්‍මකර්‍ම යි.
Pali BJT10. කණ්හවාරනයෙනෙව සුක්කවාරං විජානියා{2} සඞ්ඝො ආකඞ්ඛමානො ච යස්ස තජ්ජනීයං කරෙ.
Sinhala BJT10. කෘෂ්ණපක්‍ෂයේ වාර ක්‍රමයෙන් ශුක්ලපක්‍ෂයේ වාරගණන ද දැන ගන්නේය. සංඝ තෙම කැමැති වන්නේ ද, ඔහුට තර්‍ජනීය කර්‍මය කරන්නේ ය.
Pali BJT11. භණ්ඩනං බාලො සංසට්ඨො අධිසීලෙ අජ්ඣාචාරෙ අතිදිට්ඨිවිපන්නො’ස්ස සඞ්ඝො තජ්ජනීයං කරෙ.
Sinhala BJT11. ඩබර කරන්නේ ද බාලයෙක් වේ ද ගිහිසංසර්‍ගයෙන් යුක්ත ද, උත්තම ශීලයෙහිත් උතුම් ආචාරයෙහිත් උතුම් දෘෂ්ටියෙහිත් නටුවා වූ ශීලාදිය ඇත්තේ ද සංඝ තෙම ඔහුට තර්‍ජනීය කර්‍මය කරන්නේ ය.
Pali BJT12. බුද්ධධම්මස්ස සඞ්ඝස්ස, අවණ්ණං යො ච භාසති තිණ්ණන්නම්පි ච භික්ඛූනං සඞ්ඝො තජ්ජනීයං කරෙ.
Sinhala BJT12. යමෙක් බුදුරජුන් අගුණ කියාද යමෙක් දහම්හි අගුණ කියා ද යමෙක් සංඝයාගේ අගුණ කියාද ඒ තුන් මහණුනට ම සඟ තෙමේ තර්‍ජනීය කර්‍මය කරන්නේය.
Pali BJT13. භණ්ඩනකාරකො එකො බාලො සංසග්ගනිස්සිතො අධිසීලෙ අජ්ඣාචාරෙ තථෙව අතිදිට්ඨියා.
Sinhala BJT13. එකෙක් කලහකරු වේ ද, එකෙක් නොවියත් වේ ද, එකෙක් ගිහිසසඟින් යුත් වේ ද, මේ තුන් දෙනාට ම සඟ තෙමේ තර්‍ජනීය කර්‍මය කරන්නේය. එකෙක් අධිශීලයෙහිත් අනෙකෙක් අධ්‍යචාරයෙත් එසේ ම අනෙකෙක් අතිදෘෂ්ටියෙහිත් විපන්න වේ ද, (මේ තිදෙනාටම සඟ තෙමේ තර්‍ජනීය කර්‍මය කරන්නේ ය.)
Pali BJT14. බුද්ධධම්මස්ස සඞ්ඝස්ස අවණ්ණං යො ච භාසති තජ්ජනීයකම්මකතස්සෙවං සම්මානුවත්තනා.
Sinhala BJT14. යමෙක් බුදුරජුන්ගේ අගුණ කියා ද, ධර්‍මයේ අගුණකියා ද, සංඝයාගේ අගුණ කියා ද, සඟ තෙමේ ඔවුන් තිදෙනාට ම තර්‍ජනීය කර්‍මය කරන්නේ ය. තර්‍ජනිය කර්‍මය කරණු ලැබුවහුගේ මෙසේ (මතු දැක්වෙන සේ) මනා පැවැත්ම විය යුතු:
Pali BJT15. උපසම්පදානිස්සයා සාමණෙරඋපට්ඨනා ඔවාදං සම්මතොවාපි න කරෙ තජ්ජනීකතො.
Sinhala BJT15. තර්‍ජනීයකර්‍මය කරණු ලැබූ මහණ තෙම් තමා උපාධ්‍යාය ව උපසම්පදාව ද, තමා ඇදුරු වැ නිස දීම ද, හෙරණකුගෙන් උවටන ගැන්ම ද, සම්මත වූ නුමුදු මෙහෙණිනට ඔවා දී ම ද නො කරන්නේ ය.
Pali BJT16. නාපජ්ජෙ තං ච ආපත්තිං තාදිසං ච තතො පරං කම්මං ච කම්මිකෙ චාපි න ගරහෙ තථාවිධො.
Sinhala BJT16. ඒ ඇවැතට ද එබඳු ඇවැතකට ද එයට වඩා පවිටු ඇවැතකට ද නො පැමිණිය යුතු. එවැනි මහණ තෙම කර්‍මයට ද කර්‍මය කළවුනට ද නො ගරහන්නේ ය.
Pali BJT17. උපොසථං පවාරණං පකතත්තස්ස නට්ඨපෙ සවචනිං අනුවාදො ඔකාසො චොදනෙන ච.
Sinhala BJT17. හේ පුවතත් මහණක්හුගේ පොහෝ කිරීම ද පවාරණාව ද නො තබන්නේ ය. සවචනීය කර්‍මය ද නො කරන්නේ ය. අනුවාදය නො පිහිටුවන්නේ ය. පුවතත් මහණකුට චෝදනා කරණු පිණිස අවකාශ නො කරවන්නේ ය. චෝදනා නො කරන්නේ ය.
Pali BJT18. සාරණං සම්පයොගඤ්ච න කරෙය්ය තථාවිධො උපසම්පදානිස්සයං සාමණෙරඋපට්ඨනා.
Sinhala BJT18. පුවතත් මහණකුට ඇවැත් සිහි කරවීම ද, මහණුන් උනුන් හා කලහයෙහි යෙදීම ද, තමා උපාධ්‍යාය වැ උපසම්පදාව ද, ආචාර්‍ය්‍ය ව නිසදීම ද, හෙරණකුගෙන් උවටන් ගැන්ම ද නො කරන්නේ ය.
Pali BJT19. ඔවාදසම්මතෙනාපි පංචඞ්ගෙහි න සම්මති තං චාපජ්ජති ආපත්තිං තාදිසිං ච තතො පරං.
Sinhala BJT19. අවවාදකසම්මතිය ලද්දහු විසිනුදු මෙහෙණිනට අවවාද නො කරන්නේ ය. ඉදින් මේ පස කරන්නේ නම්, මේ අඞ්ග පස කරණ කොට ගෙන තර්‍ජනිය කර්‍මය නො සංහිඳේ. ඒ ඇවැතට පැමිණේ ද, එබඳු ඇවැතකට පැමිණේ ද, එයට වඩා පවිටු ඇවැතකට පැමිණේ ද,
Pali BJT20. කම්මං ච කම්මිකෙ චාපි ගරහන්තො න සම්මති. උපොසථං පවාරණං සවචනීයං අනුවාදො.
Sinhala BJT20. කර්‍මයටත් කර්‍මය කළවුනටත් ගරහන්නේ ද, ඔහුට කළ තර්‍ජනිය කර්‍මය නො සංහිඳේ. උපෝසථය ද පවාරණාව ද සවචනීය කර්‍ම ද අනුවාදපට්ඨපනය ද,
Pali BJT21. ඔකාසො චොදනා චෙව සාරණා සම්පයොජනා. ඉමෙහට්ඨඞ්ගෙහි යො යුත්තො තජ්ජනා නූපසම්මති.
Sinhala BJT21. අවකාශ කරවීම ද, චෝදනා ද, ඇවැත් සිහි කරවීම ද, මහණුන් කලහයෙහි යෙදවීම ද යන මේ අඞ්ග අටින් යමෙක් යුක්ත ද, ඔහුට කළ තර්‍ජනීය කර්‍මය නො සංහිඳෙයි.
Pali BJT22. කණ්හවාරනයෙනෙව සුක්කවාරං විජානියා. බාලො ආපත්තිබහුලො සංසට්ඨො’පි ච සෙය්යසො.
Sinhala BJT22. කෘෂ්ණවාරයට කී නයින් ම ශුක්ලවාරය ද දැන ගන්නේ ය. සෙය්‍යසක මහණ තෙම අව්‍යක්ත ද, ඇවැත් බහුල කොට ඇත්තේ ද, ගිහින් අනනුලෝමික සංස්ර්‍ගයෙන් හැනුනේ ද වෙයි.
Pali BJT23. නියස්සකම්මං සම්බුද්ධො ආණාපෙසි මහාමුනි. කීටාගිරිස්මිං ද්වෙ භික්ඛූ අස්සජි ච පුනබ්බසු.
Sinhala BJT23. මහාමුනි වූ සම්බුදුහු නියස්සකර්‍මය ඇණැවූහ. අස්සජී ද පුනබ්බසු ද යන දෙමහණහු කීටාගිරියෙහි වෙසෙති.
Pali BJT24. අනාචාරං ච විවිධං ආචරිංසු අසඤ්ඤතා පබ්බාජනීයං සම්බුද්ධො කම්මං සාවත්ථියං ජිනො මච්ඡිකාසණ්ඩෙ සුධම්මො චිත්තස්සාවාසිකො අහු.
Sinhala BJT24. සංයම නැති මහණහු විවිධ අනාචාර කළහ. බුදුරජුහු ඔවුන් සඳහා සැවැත්හිදි පබ්බාජනීය කර්‍මය පැණැවූහ. සුධර්‍ම ස්ථවිර තෙම මච්ජිකාසණ්ඩ නුවරෙහි චිත්‍ර ශෘහපතියන්ගේ ආවාසයෙහි වසන්නේ විය.
Pali BJT25. ජාතිවාදෙන ඛුංසෙති, සුධම්මො චිත්තුපාසකං පටිසාරණීය කම්මං ආණාපෙසි තථාගතො.
Sinhala BJT25. ඒ සුදම් තෙර චිත්ත උවසුහට ජාතිවාදයෙන් ගටා බෙණෙයි. තථාගත බුදුහු ඒ කරුණෙහි පටිසාරණීය කර්‍මය පැණැවූහ.
Pali BJT26. කොසම්බියං ඡන්නං භික්ඛුං නිච්ඡන්තාපත්තිං පස්සිතුං අදස්සනෙ උක්ඛිපිතුං ආණාපෙසි ජිනුත්තමො.
Sinhala BJT26. ජිනෝත්තම බුදුරජුහු කොසොඹෑහිදී ඇවැත දක්නට නො කැමැති ඡන්න මහණහට ඇවැත් නොදැක්මෙහි උත්ක්‍ෂේපණීය කර්‍මය කරන්නට ඇණැවූහ.
Pali BJT27. ඡන්නො තං යෙව ආපත්තිං පටිකාතුං න ඉච්ඡති උක්ඛෙපනාප්පටිකම්මෙ ආණාපෙසි විනායකො.
Sinhala BJT27. ඡන්න තෙමේ ඒ ඇවැතට පිළියම් කරන්නට නො කැමැත්තේ වෙයි. විනේතෘ වූ බුදුරජුහු ඇවැතට පිළියම් නොකිරීමෙහි උඛෙව්නී කම් ඇණැවූහ.
Pali BJT28. පාපදිට්ඨි අරිට්ඨස්ස ආසි අඤ්ඤාණනිස්සිතා දිට්ඨියාප්පටිනිස්සග්ගෙ උක්ඛෙපං ජිනභාසිතං.
Sinhala BJT28. අරිට්ඨ මහණහට නොදැන්ම නිසා උපන් පාපදෘෂ්ටිය නො බැහැරැ ලීමෙහි උත්ක්‍ෂේපණීය කර්‍මය බුදුරජුන් විසින් වදාරණ ලද්දේ ය.
Pali BJT29. නියස්සකම්මං පබ්බාජං තථෙව පටිසාරණී අදස්සනාප්පටිකම්මෙ අනිස්සග්ගෙ ච දිට්ඨියා.
Sinhala BJT29. නියස්ස කර්‍මයත් පබ්බාජනීය කර්‍මයත්, එසේ ම පටිසාරණීය කර්‍මයත්, ඇවැත නොදැක්ම, ඇවැතට පිළියම් නොකිරීම, පාපදෘෂ්ටිය බැහැර නො කිරීම යන මෙහි (උක්ඛේපනීය) කර්‍මයත් (බුදුරජුහු ඇණැවූහ)
Pali BJT30. දවානාචාරූපඝාතමීච්ඡාආජීවමෙව ච පබ්බාජනීයකම්මම්හි අතිරෙකපදා ඉමෙ.
Sinhala BJT30. ක්‍රීඩා අනාචාර උපඝාත මිථ්‍යාආජීව යන මොහු පටිසාරණීය කර්‍මයෙහි අතිරේක පදයෝ යැ.
Pali BJT31. අලාභාවණ්ණා ද්වෙ පංච ද්වෙ පඤ්චකාති නාමකා පටිසාරණීයකම්මම්හි අතිරෙකපදා ඉමෙ.
Sinhala BJT31. ගිහීනට අලාභ පිණිස තැත් කිරීම පිළිබඳ වූ ගිහින් අගුණ කීම පිළිබඳ වූ ද පංචක දෙකෙක් දෙකෙකැ යි පටිසාරණීය කර්‍මයෙහි මොහු අතිරේක පදයෝ නම් වෙති.
Pali BJT32. තජ්ජනීයං නියස්සං ච දුවෙ කම්මාපි සාදිසා පබ්බජ්ජා පටිසාරිනං අත්ථි පදාතිරිත්තතා.
Sinhala BJT32. තර්‍ජනීය නියස්ස යන කර්‍ම දෙදෙන ම සමානහ. පබ්බාජනීය පටිසාරණීය යන කර්‍ම දෙදෙනාගේ අතිරේක පදඇති බව ද වේ.
Pali BJT33. තයො උක්ඛෙපනා කම්මා සදිසා තෙ විභත්තිතො තජ්ජනීයනයෙනාපි සෙසං කම්මං විජානියා’ති.
Sinhala BJT33. උක්ඛේපණිය කර්‍ම තිදෙනෙක. විභාග විසින් ඔහු සමාන හ. තර්‍ජනීය කර්‍මයට කී නයින් ම සෙසු කර්‍ම දැන ගන්නේ ය.
Pali BJTකම්මක්ඛන්ධකං නිට්ඨිතො.
Sinhala BJTකර්‍මස්කන්‍ධකය නිමියේ ය.
Pali BJT2.
Sinhala BJT2.
Pali BJTපාරිවාසිකක්ඛන්ධකො
Sinhala BJTපාරිවාසිකක්ඛන්‍ධකය
Pali BJT1. පාරිවාසිකවත්තං
Sinhala BJT1. පාරිවාසික වත
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන පාරිවාසිකා භික්ඛූ සාදියන්ති පකතත්තානං භික්ඛූනං අභිවාදනං පච්චුට්ඨානං අඤ්ජලිකම්මං සාමීචිකම්මං ආසනාභිහාරං සෙය්යාභිහාරං පාදොදකං පාදපීඨං පාදකඨලිකං පත්තචීවරපටිග්ගහණං නහානෙ පිට්ඨිපරිකම්මං. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති “කථං හි නාම පාරිවාසිකා භික්ඛූ සාදියිස්සන්ති පකතත්තානං භික්ඛූනං අභිවාදනං පච්චුට්ඨානං -පෙ- නහානෙ පිට්ඨිපරිකම්ම”න්ති. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT1. එ සමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ සැවැත්නුවර නිසා දෙව්රම් නම් වූ අනේපිඬු සිටුහුගේ අරමෙහි වැඩ වසන සේක. එසමයෙහි පිරිවෙස් වසන මහණහු පුවතත් මහණුන්ගේ වැඳීම, දැක හුනස්නෙන් නැගිටීම, ඇඳිලි බැඳීම, සාමීචිකර්‍මය, අසුන් එළැවීම, යහන් එළැවීම, පාදේනා දිය එළැවීම, පාපුටුව හා පාදකඨලිකාව එළවා තැබීම, පාසිවුරු පිළිගැනීම, නෑමෙහි පිට පිරියම් කිරීම යන මෙ කී දෑ ඉවසත්. අපිස් ගුණ ඇති ... යම් මහණ කෙනෙක් වෙත් ද, ඔහු “කෙසේ නම් පිරිවෙස් වසන මහණහු පුවතත් මහණුන්ගේ වැඳීම, දැක හුනස්නෙන් නැගී සිටීම ... නෑමෙහි පිට පිරියම් කිරීම ඉවසත් දැ?” යි අවඥා කෙරෙත්, දොස් කියත්, නුගුණ පතුරුවත්. ඉක්බිති ඒ මහණහු මෙ පවත් භාග්‍යවතුන් වහන්සේට සැළ කළහ.
Pali BJT2. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා භික්ඛූ පටිපුච්ඡි: “සච්චං කිර භික්ඛවෙ පාරිවාසිකා භික්ඛූ සාදියන්ති පකතත්තානං භික්ඛූනං අභිවාදනං පච්චුට්ඨානං -පෙ- නහානෙ පිට්ඨිපරිකම්ම”න්ති. ‘සච්චං භගවා’.
Sinhala BJT2. එකල්හි භාග්‍යවතුන්වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි බික්සඟන රැස් කරවා, “මහණෙනි, පිරිවෙස් වසන මහණහු පුවතත් මහණුන්ගේ වැඳීම, දැක හුනස්නෙන් නැගී සිටීම ... නෑමෙහි පිටු පිරියම් ඉවසත් යනු සැබෑ ද?” යි අසා වදාළසේක. “සැබැව, භාග්‍යවතුන් වහන්සැ”යි මහණහු පිළිවදන් ඇස්වූහ.
Pali BJT3. විගරහි බුද්ධො භගවා: “අනනුච්ඡවිකං -පෙ- කථං හි නාම භික්ඛවෙ පාරිවාසිකා භික්ඛූ සාදියිස්සන්ති පකතත්තානං භික්ඛූනං අභිවාදනං පච්චුට්ඨානං අඤ්ජලිකම්මං, සාමීචිකම්මං ආසනාභිහාරං සෙය්යාභිහාරං පාදොදකං පාදපීඨං පාදකඨලිකං පත්තචීවරපටිග්ගහණං නහානෙ පිට්ඨිපරිකම්මං. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි:
Sinhala BJT3. මහණෙනි, පිරිවෙස් වසන මහණහු කෙසේ නම් පුවතත් මහණුන් ගේ වැඳීම, දැක හුනස්නෙන් නැගී සිටිමි, ඇඳිලි බැඳීම, සාමිචීකර්‍මය, අසුන් එළැවීම, යහන් එළැවීම, පාදෝනා දිය එළැවීම, පාපුටු පාකටෙලි එළැවීම, පාසිවුරු පිළිගැනීම, නෑමෙහි පිටුපිරියම යන මෙකී වත් ඉවසත් ද, මහණෙනි, මෙය සස්නැ නො පහනුන්ගේ පැහැදීම් පිණිස ද ... නො පවතියැ යි භාග්‍යවතුන් වහන්සේ වෙසෙසින් ගැරැහු සේක. ගරහා දැහැමි කතා කොට මෙසේ වදාළ සේක:
Pali BJT4. “න භික්ඛවෙ පාරිවාසිකෙන භික්ඛුනා සාදිතබ්බං පකතත්තානං භික්ඛූනං අභිවාදනං පච්චුට්ඨානං අඤ්ජලිකම්මං සාමීචිකම්මං ආසනාභිහාරො සෙය්යාභිහාරො පාදොදකං පාදපීඨං පාදකඨලිකං පත්තචීවරපටිග්ගහණං නහානෙ පිට්ඨිපරිකම්මං. යො සාදියෙය්ය, ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT4. “මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් පුවතත් මහණුන්ගේ වැඳීම, දැක හුනස්නෙන් නැගී සිටීම, ඇඳිලි බැඳීම, සාමීචිකර්‍මය, අසුන් එළැවීම, යහන් එළැවීම, පා දෝනා දිය එළැවීම, පාපුටුව පාකටෙලිය එළැවීම, පාසිවුරු පිළිගැන්ම, නෑමෙහි පිටු පිරියම යන මෙකී වත් නො ඉවැසිය යුතු. යම් මහණෙක් ඉවසන්නේ ද, ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය.
Pali BJT5. අනුජානාමි භික්ඛවෙ පාරිවාසිකානං භික්ඛූනං මිථු යථාබුඩ්ඪං අභිවාදනං පච්චුට්ඨානං අඤ්ජලිකම්මං සාමීචිකම්මං ආසනාභිහාරං සෙය්යාභිහාරං පාදොදකං පාදපීඨං පාදකඨලිකං පත්තචීවරපටිග්ගහණං නහානෙ පිට්ඨිපරිකම්මං.”
Sinhala BJT5. මහණෙනි, පිරිවෙස් වසන මහණුන්හට උනුන් මහලු පිළිවෙළින් වැඳීම, දැක හුනස්නෙන් නැගී සිටීම, ඇඳිලි බැඳීම, සාමීචි කර්‍මය, අසුන් එළැවීම, යහන් එළැවීම, පා දෝනා දිය තැබීම, පාපුටුව පාකටෙලිය එළැවීම, පාසිවුරු පිළිගැන්ම, නෑමෙහි පිටුපිරියම යන මෙ කී වත් උනුනට මහලු පිළිවෙළින් කිරීම අනුදනිමි.”
Pali BJT6. අනුජානාමි භික්ඛවෙ පාරිවාසිකානං භික්ඛූනං පඤ්ච යථාබුඩ්ඪං: උපොසථං, පවාරණං, වස්සිකසාටිකං, ඔනොජනං, භත්තං.
Sinhala BJT6. මහණෙනි, පිරිවෙස් වසන මහණුනට උපෝසථ, පවාරණා, වස්සිකසාටිකා ඕනෝජන (පසුව ලබන අදහසින් එදිනට නියම බත නොගෙන හැරීම) චතුශ්ශාල බත ඉවසීම යන පස වැඩිමහලු පිළිවෙළ අනුව කිරීම අනුදනිමි.
Pali BJT7. තෙන හි භික්ඛවෙ පාරිවාසිකානං භික්ඛූනං වත්තං පඤ්ඤාපෙස්සාමි යථා පාරිවාසිකෙහි භික්ඛූහි වත්තිතබ්බං. පාරිවාසිකෙන භික්ඛවෙ භික්ඛුනා සම්මා වත්තිතබ්බං. තත්රායං සම්මා වත්තනා:
Sinhala BJT7. එහෙයින් මහණෙනි, පිරිවෙස් වසන මහණුනට ඔවුන් විසින් පැවැත්විය යුතු පරිදි වූ වත් පණවන්නෙමි. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් මොනොවට පැවැතිය යුතු. මේ එහි මොනොවට පැවැත්ම යි:
Pali BJT8. න උපසම්පාදෙතබ්බං, න නිස්සයො දාතබ්බො, න සාමණෙරො උපට්ඨපෙතබ්බො, න භික්ඛුනොවාදකසම්මුති සාදිතබ්බා, සම්මතෙනාපි භික්ඛුනියො න ඔවදිතබ්බා. යාය ආපත්තියා සඞ්ඝෙන පරිවාසො දින්නො හොති සා ආපත්ති න ආපජ්ජිතබ්බා, අඤ්ඤා වා තාදිසිකා, තතො වා පාපිට්ඨතරා, කම්මං න ගරහිතබ්බං, කම්මිකා න ගරහිතබ්බා. න පකතත්තස්ස භික්ඛුනො උපොසථො ඨපෙතබ්බො, න පවාරණා ඨපෙතබ්බා, න සවචනීයං කාතබ්බං, න අනුවාදො පට්ඨපෙතබ්බො, න ඔකාසො කාරෙතබ්බො, න චොදෙතබ්බො, න සාරෙතබ්බො, න භික්ඛූහි සම්පයොජෙතබ්බං.
Sinhala BJT8. පිරිවෙස් වසන මහණහු විසින් තමා උපාධ්‍යාය වැ උපසම්පදා නො කටයුතු. තමා ඇදුරු වැ නිස නො දියයුතු. හෙරණක් උවටු නො කොට යුතු. භික්ඛුනීඕවාදක සම්මතිය නො ඉවැසිය යුතු. සම්මතිය ලද්දහු විසිනුදු මෙහෙණනට ඔවා නො දිය යුතු. යම් ඇවැතෙකින් සඟහු විසින් පිරිවෙස් දෙන ලද ද, ඒ ඇවැත හෝ එ බඳු අන් ඇවැතක් හෝ එයට වඩා ලාමක ඇවැතක් හෝ නො ඇවැද්ද යුතු. කර්‍මය නො ගැරැහිය යුතු යැ. කර්‍මය කළ මහණහු නො ගැරැගියැ යුතුහ. පුවතත් මහණක්හුගේ පොහොය නො තැබියැ යුතු. පවුරුණු නො තැබියැ යුතු. සවචනීය කර්‍මය නො කළ යුතු. වෙහෙරැ දෙටුතන්හි නො සිටියැ යුතු. අවසර ගැන්ම නො කරවියැ යුතු. පුවතත් මහණක්හට චෝදනා නො කට යුතු. ඇවැත් සිහිකරවනු නො කට යුතු. මහණුන් උනුන් හා කලහයෙහි නො යෙදියැ යුතු.
Pali BJT9. න භික්ඛවෙ පාරිවාසිකෙන භික්ඛුනා පකතත්තස්ස භික්ඛුනො පුරතො ගන්තබ්බං, න පුරතො නිසීදිතබ්බං. යො හොති සඞ්ඝස්ස ආසනපරියන්තො සෙය්යාපරියන්තො විහාරපරියන්තො සො තස්ස පදාතබ්බො. තෙන ච සො සාදිතබ්බො.
Sinhala BJT9. මහණෙනි, පිරිවෙස් පුරණ මහණහු විසින් පුවතත් මහණකුහට පෙරටු වැ නො යෑ යුතු. පෙරටු වැ නො හින්දැ යුතු. සඞ්ඝයාගේ යම් කෙළවරැ අස්නෙක් කෙළවරැ යහනෙක් කෙළවරැ වෙහෙරෙක් වේ ද, එය ඔහුට දියැ යුතු. ඔහු විසිනුත් එය ඉවැසියැ යුතු.
Pali BJT10. න භික්ඛවෙ පාරිවාසිකෙන භික්ඛුනා පකතත්තෙන භික්ඛුනා පුරෙසමණෙන වා පච්ඡාසමණෙන වා කුලානි උපසඞ්කමිතබ්බානි. න ආරඤ්ඤිකඞ්ගං සමාදිතබ්බං, න පිණ්ඩපාතිකඞ්ගං සමාදාතබ්බං, න ච තප්පච්චයා පිණ්ඩපාතො නීහරාපෙතබ්බො ‘මා මං ජානිංසූ’ති.
Sinhala BJT10. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් පුවතත් මහණක්හු හා පෙරටු වැ යන මහණකු වැ හෝ පසු වැ යන මහණකු වැ හෝ කුලයෝ නො එළැඹියැ යුතුහ. ‘මා පිරිවෙස් පුරන්නකු කොට සෙස්සෝ නො දනිත්වා” යි යන ඒ කාරණයෙන් ආරණ‍්‍යකාඞ්ගය සමාදන් නො වියැ යුතු. පිණ්ඩපාතිකාඞ්ගය සමාදන් නො වියැ යුතු. පිණ්ඩපාතය නො ගෙන්වා ගත යුතු.
Pali BJT11. පාරිවාසිකෙන භික්ඛවෙ භික්ඛුනා ආගන්තුකෙන ආරොචෙතබ්බං, ආගන්තුකස්ස ආරොචෙතබ්බං, උපොසථෙ ආරොචෙතබ්බං, පවාරණාය ආරොචෙතබ්බං. සචෙ ගිලානො හොති දූතෙනපි ආරොචෙතබ්බං.
Sinhala BJT11. මහණෙනි, පිරිවෙස් වසන ආගන්තුක මහණහු විසින් නේවාසික මහණුනට තමා පිරිවෙස් වසන බව සැළ කළ යුතු. පිරිවෙස් වසන නේවාසික මහණහු විසින් ආගන්තුක මහණහට තමා පිරිවෙස් වසන බව සැළ කළ යුතු. පොහෝ කිරීමෙහිදී (තමා පිරිවෙස් පුරන බව) සැළ කළ යුතු. පවුරුණුයෙහිදී සැළ කළ යුතු. ඉදින් හේ ගිලන් වේ නම් දූතයකු ලවා නුමුදු සැළ කැරැවියැ යුතු.
Pali BJT12. න භික්ඛවෙ පාරිවාසිකෙන භික්ඛුනා සභික්ඛුකා ආවාසා අභික්ඛුකො ආවාසො ගන්තබ්බො අඤ්ඤත්ර පකතත්තෙන අඤ්ඤත්ර අන්තරායා. න භික්ඛවෙ පාරිවාසිකෙන භික්ඛුනා සභික්ඛුකා ආවාසා අභික්ඛුකො අනාවාසො ගන්තබ්බො අඤ්ඤත්ර පකතත්තෙන, අඤ්ඤත්ර අන්තරායා . න භික්ඛවෙ පාරිවාසිකෙන භික්ඛුනා සභික්ඛුකා ආවාසා අභික්ඛුකො ආවාසො වා අනාවාසො වා ගන්තබ්බො අඤ්ඤත්ර පකතත්තෙන අඤ්ඤත්ර අන්තරායා.
Sinhala BJT12. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් පුවතත් මහණක්හු නැති වැ, දසවිධ අන්තරාය අතුරෙන් යම් කිසි අන්තරායයක් නැති වැ, මහණුන් ඇති ආවාසයෙන් මහණුන් නැති ආවාසයට නො යෑ යුතු. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් මහණුන් ඇති ආවාසයෙන් මහණුන් නැති අනාවාසයට පුවතත් මහණක්හු නැති වැ, අන්තරායයක් නැති වැ, නො යෑ යුතු යි. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින්, පුවතත් මහණක්හු නැති වැ, අන්තරායයක් නැති වැ, මහණුන් ඇති ආවාසයෙන් මහණුන් නැති ආවාසයට හෝ අනාවාසයට නො යෑ යුතු.
Pali BJT13. න භික්ඛවෙ පාරිවාසිකෙන භික්ඛුනා සභික්ඛුකා අනාවාසා අභික්ඛුකො ආවාසො ගන්තබ්බො අඤ්ඤත්ර පකතත්තෙන අඤ්ඤත්ර අන්තරායා. න භික්ඛවෙ පාරිවාසිකෙන භික්ඛුනා සභික්ඛුකා අනාවාසා අභික්ඛුකො අනාවාසො ගන්තබ්බො අඤ්ඤත්ර පකතත්තෙන අඤ්ඤත්ර අන්තරායා. න භික්ඛවෙ පාරිවාසිකෙන භික්ඛුනා සභික්ඛුකා අනාවාසා අභික්ඛුකො ආවාසො වා අනාවාසො වා ගන්තබ්බො අඤ්ඤත්ර පකතත්තෙන අඤ්ඤත්ර අන්තරායා.
Sinhala BJT13. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් පුවතත් මහණක්හු නැති වැ, අන්තරායයක් නැතිවැ, මහණුන් ඇති අනාවාසයෙන් මහණුන් නැති ආවාසයට නො යා යුතු. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් පුවතත් මහණක්හු නැති ව, අන්තරායයක් නැති වැ, මහණුන් ඇති අනාවාසයෙන් මහණුන් නැති අනාවාසයට නො යා යුතු. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් පුවතත් මහණක්හු නැති ව, අන්තරායයක් නැති වැ, මහණුන් ඇති අනාවාසයෙන් මහණුන් නැති ආවාසයට හෝ අනාවාසයට හෝ නො යා යුතු.
Pali BJT14. න භික්ඛවෙ පාරිවාසිකෙන භික්ඛුනා සභික්ඛුකා ආවාසා වා අනාවාසා වා අභික්ඛුකො ආවාසො ගන්තබ්බො අඤ්ඤත්ර පකතත්තෙන අඤ්ඤත්ර අන්තරායා. න භික්ඛවෙ පාරිවාසිකෙන භික්ඛුනා සභික්ඛුකා ආවාසා වා අනාවාසා වා අභික්ඛුකො අනාවාසො ගන්තබ්බො අඤ්ඤත්ර පකතත්තෙන, අඤ්ඤත්ර අන්තරායා. න භික්ඛවෙ පාරිවාසිකෙන භික්ඛුනා සභික්ඛුකා ආවාසා වා අනාවාසා වා අභික්ඛුකො ආවාසො වා අනාවාසො වා ගන්තබ්බො අඤ්ඤත්ර පකතත්තෙන අඤ්ඤත්ර අන්තරායා.
Sinhala BJT14. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් පුවතත් මහණක්හු නැති වැ, අන්තරායයක් නැති වැ, මහණුන් ඇති ආවාසයෙන් හෝ අනාවාසයෙන් හෝ මහණුන් නැති ආවාසයට නො යා යුතු. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් පුවතත් මහණක්හු නැති වැ, අන්තරායයක් නැති වැ, මහණුන් ඇති ආවාසයෙන් හෝ අනාවාසයෙන් හෝ මහණුන් නැති අනාවාසයට නො යා යුතු. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් පුවතත් මහණක්හු නැති වැ, අන්තරායයක් නැති වැ, මහණුන් ඇති ආවාසයෙන් හෝ අනාවාසයෙන් හෝ මහණුන් නැති ආවාසයට හෝ අනාවාසයට නො යා යුතු.
Pali BJT15. න භික්ඛවෙ පාරිවාසිකෙන භික්ඛුනා සභික්ඛුකා ආවාසා සභික්ඛුකො ආවාසො ගන්තබ්බො යත්ථස්සු භික්ඛූ නානාසංවාසකා අඤ්ඤත්ර පකතත්තෙන අඤ්ඤත්ර අන්තරායා. න භික්ඛවෙ පාරිවාසිකෙන භික්ඛුනා සභික්ඛුකා ආවාසා සභික්ඛුකො ආවාසො වා අනාවාසො වා ගන්තබ්බො යත්ථස්සු භික්ඛූ නානාසංවාසකා අඤ්ඤත්ර පකතත්තෙන අඤ්ඤත්ර අන්තරායා.
Sinhala BJT15. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් මහණුන් ඇති ආවාසයෙකින් (නික්මැ) යම් තැනෙක නානාසංවාසක මහණහු ඇත් ද, එසේ වූ මහණුන් ඇති ආවාසයට පුවතත් මහණක්හු නැති වැ, අන්තරායයක් නැති වැ නො යා යුතු. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් මහණුන් ඇති ආවාසයෙකින් (නික්මැ) යම් තැනෙක නානාසංවාසක මහණහු ඇත් ද, එසේ වූ මහණුන් ඇති අනාවාසයකට පුවතත් මහණකු නැති වැ, අන්තරායයක් නැති වැ, නො යා යුතු. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් මහණුන් ඇති ආවාසයෙන් (නික්මැ) යම් තැනෙක නානාසංවාසක මහණහු ඇත් ද, එසේ වූ මහණුන් ඇති ආවාසයකට හෝ අනාවාසයකට හෝ පුවතත් මහණක්හු නැති වැ, අන්තරායයක් නැති වැ, නො යා යුතු.
Pali BJT16. න භික්ඛවෙ පාරිවාසිකෙන භික්ඛුනා සභික්ඛුකා අනාවාසා සභික්ඛුකො ආවාසො ගන්තබ්බො යත්ථස්සු භික්ඛූ නානාසංවාසකා අඤ්ඤත්ර පකතත්තෙන අඤ්ඤත්ර අන්තරායා. න භික්ඛවෙ පාරිවාසිකෙන භික්ඛුනා සභික්ඛුකා අනාවාසා සභික්ඛුකො අනාවාසො ගන්තබ්බො යත්ථස්සු භික්ඛූ නානාසංවාසකා අඤ්ඤත්ර පකතත්තෙන අඤ්ඤත්ර අන්තරායා. න භික්ඛවෙ පාරිවාසිකෙන භික්ඛුනා සභික්ඛුකා අනාවාසා සභික්ඛුකො ආවාසො වා අනාවාසො ගන්තබ්බො යත්ථස්සු භික්ඛූ නානාසංවාසකා අඤ්ඤත්ර පකතත්තෙන අඤ්ඤත්ර අන්තරායා.
Sinhala BJT16. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් මහණුන් ඇති අනාවාසයෙන් (නික්මැ) යම් තැනෙක නානාසංවාසක මහණහු ඇත් ද, එසේ වූ මහණුන් ඇති ආවාසයකට පුවතත් මහණක්හු නැති වැ, අන්තරායයක් නැති වැ නො යා යුතු. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් මහණුන් ඇති අනාවාසයෙන් (නික්මැ) යම් තැනෙක නානාසංවාසක මහණහු ඇත් ද, එසේ වූ මහණුන් ඇති අනාවාසයකට පුවතත් මහණකු නැති වැ, අන්තරායයක් නැති වැ, නො යා යුතු. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් මහණුන් ඇති අනාවාසයෙන් (නික්මැ) ය තැනෙක නානාසංවාසක මහණහු ඇත් ද, එසේ වූ මහණුන් ඇති ආවාසයකට හෝ අනාවාසයකට හෝ පුවතත් මහණකු නැති වැ, අන්තරායයක් නැති වැ නො යා යුතු.
Pali BJT17. න භික්ඛවෙ පාරිවාසිකෙන භික්ඛුනා සභික්ඛුකා ආවාසා වා අනාවාසා වා සභික්ඛුකො ආවාසො ගන්තබ්බො, යත්ථස්සු භික්ඛූ නානාසංවාසකා, අඤ්ඤත්ර පකතත්තෙන අඤ්ඤත්ර අන්තරායා. න භික්ඛවෙ පාරිවාසිකෙන භික්ඛුනා සභික්ඛුකා ආවාසා වා අනාවාසා වා සභික්ඛුකො ආවාසො ගන්තබ්බො, යත්ථස්සු භික්ඛූ නානාසංවාසකා, අඤ්ඤත්ර පකතත්තෙන, අඤ්ඤත්ර අන්තරායා. න භික්ඛවෙ පාරිවාසිකෙන භික්ඛුනා සභික්ඛුකා ආවාසා වා අනාවාසා වා සභික්ඛුකො ආවාසො වා අනාවාසො වා ගන්තබ්බො, යත්ථස්සු භික්ඛූ නානාසංවාසකා, අඤ්ඤත්ර පකතත්තෙන, අඤ්ඤත්ර අන්තරායා.
Sinhala BJT17. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් මහණුන් ඇති ආවාසයෙන් හෝ අනාවාසයෙන් හෝ (නික්මැ) යම් තැනෙක නානාසංවාසක මහණහු ඇත් ද, එසේවූ මහණුන් ඇති ආවාසයට පුවතත් මහණක්හු නැති වැ, අන්තරායයක් නැති වැ, නො යෑ යුතු. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් මහණුන් ඇති ආවාසයෙන් හෝ අනාවාසයෙන් හෝ (නික්මැ) යම් තැනෙක නානාසංවාසක මහණහු ඇත් ද, එසේ වූ මහණුන් ඇති අනාවාසයට පුවතත් මහණක්හු නැති වැ, අන්තරායයක් නැති වැ, නො යෑ යුතු. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් මහණුන් ඇති ආවාසයෙන් හෝ අනාවාසයෙන් හෝ (නික්මැ) යම් තැනෙක නානාසංවාසක මහණහු ඇත් ද, එසේ වූ මහණුන් ඇති ආවාසයට හෝ අනාවාසයට පුවතත් මහණක්හු නැති වැ, අන්තරායයක් නැති වැ, නො යෑ යුතු.
Pali BJT18. ගන්තබ්බො භික්ඛවෙ පාරිවාසිකෙන භික්ඛුනා සභික්ඛුකා ආවාසා සභික්ඛුකො ආවාසො, යත්ථස්සු භික්ඛූ සමානසංවාසකා, යං ජඤ්ඤා සක්කොමි අජ්ජෙව ගන්තුන්ති. ගන්තබ්බො භික්ඛවෙ පාරිවාසිකෙන භික්ඛුනා සභික්ඛුකා ආවාසා සභික්ඛුකො අනාවාසො, යත්ථස්සු භික්ඛූ සමානසංවාසකා, යං ජඤ්ඤා සක්කොමි අජ්ජෙව ගන්තුන්ති. ගන්තබ්බො භික්ඛවෙ පාරිවාසිකෙන භික්ඛුනා සභික්ඛුකා ආවාසා සභික්ඛුකො ආවාසො වා අනාවාසො වා, යත්ථස්සු භික්ඛූ සමානසංවාසකා, යං ජඤ්ඤා සක්කොමි අජ්ජෙව ගන්තුන්ති.
Sinhala BJT18. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් මහණුන් ඇති ආවාසයෙන් (නික්මැ) යම් තැනෙක සමානසංවාසක මහණහු ඇත් ද, යම් තැනකට ‘අද ම යන්නට හැක්කෙමි’යි දන්නේ ද, එසේ වූ මහණුන් ඇති ආවාසයට යා යුතු. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් මහණුන් ඇති ආවාසයෙන් (නික්මැ) යම් තැනෙක සමානසංවාසක මහණහු ඇත් ද, යම් තැනකට ‘අද ම යන්නට හැක්කෙමි’ යි දන්නේ ද, එසේ වූ මහණුන් ඇති අනාවාසයට යෑ යුතු. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් මහණුන් ඇති ආවාසයෙන් (නික්මැ) යම් තැනෙක සමානසංවාසක මහණහු ඇත් ද, යම් තැනකට ‘අද ම යන්නට හැක්කෙමි’ යි දන්නේ ද, එසේ වූ මහණුන් ඇති ආවාසයට හෝ අනාවාසයට යෑ යුතු.
Pali BJT19. ගන්තබ්බො භික්ඛවෙ පාරිවාසිකෙන භික්ඛුනා සභික්ඛුකා අනාවාසා සභික්ඛුකො ආවාසො, යත්ථස්සු භික්ඛූ සමානසංවාසකා, යං ජඤ්ඤා සක්කොමි අජ්ජෙව ගන්තුන්ති. ගන්තබ්බො භික්ඛවෙ පාරිවාසිකෙන භික්ඛුනා සභික්ඛුකා අනාවාසා සභික්ඛුකො අනාවාසො, යත්ථස්සු භික්ඛූ සමානසංවාසකා, යං ජඤ්ඤා සක්කොමි අජ්ජෙව ගන්තුන්ති. ගන්තබ්බො භික්ඛවෙ පාරිවාසිකෙන භික්ඛුනා සභික්ඛුකා අනාවාසා සභික්ඛුකො ආවාසො වා අනාවාසො වා, යත්ථස්සු භික්ඛූ සමානසංවාසකා, යං ජඤ්ඤා සක්කොමි අජ්ජෙව ගන්තුන්ති.
Sinhala BJT19. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් මහණුන් ඇති අනාවාසයෙන් (නික්මැ) යම් තැනෙක සමානසංවාසක මහණහු ඇත් ද, යම් තැනකට ‘අද ම යන්නට හැක්කෙමි’ යි දන්නේ ද, එසේ වූ මහණුන් ඇති ආවාසයට යෑ යුතු. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් මහණුන් ඇති අනාවාසයෙන් (නික්මැ) යම් තැනෙක සමානසංවාසක මහණහු ඇත් ද, යම් තැනකට ‘අද ම යෑ හැක්කෙමි’ යි දන්නේ ද, එසේ වූ මහණුන් ඇති, අනාවාසයට යෑ යුතු. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් මහණුන් ඇති අනාවාසයෙන් (නික්මැ) යම් තැනෙක සමානසංවාසක මහණහු ඇත් ද, යම් තැනකට ‘අද ම යන්නට හැක්කෙමි’ යි දන්නේ ද, එසේ වූ මහණුන් ඇති ආවාසයට හෝ අනාවාසයට යෑ යුතු.
Pali BJT20. ගන්තබ්බො භික්ඛවෙ පාරිවාසිකෙන භික්ඛුනා සභික්ඛුකා ආවාසා වා අනාවාසා වා සභික්ඛුකො ආවාසො, යත්ථස්සු භික්ඛූ සමානසංවාසකා, යං ජඤ්ඤා සක්කොමි අජ්ජෙව ගන්තුන්ති. ගන්තබ්බො භික්ඛවෙ පාරිවාසිකෙන භික්ඛුනා සභික්ඛුකා ආවාසා වා අනාවාසා වා සභික්ඛුකො අනාවාසො, යත්ථස්සු භික්ඛූ සමානසංවාසකා යං ජඤ්ඤා සක්කොමි අජ්ජෙව ගන්තුන්ති. ගන්තබ්බො භික්ඛවෙ පාරිවාසිකෙන භික්ඛුනා සභික්ඛුකා ආවාසා වා අනාවාසා වා සභික්ඛුකො ආවාසො වා අනාවාසො වා, යත්ථස්සු භික්ඛූ සමානසංවාසකා, යං ජඤ්ඤා සක්කොමි අජ්ජෙව ගන්තුන්ති.
Sinhala BJT20. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් මහණුන් ඇති ආවාසයෙන් හෝ අනාවාසයෙන් හෝ (නික්මැ) යම් තැනෙක සමානසංවාසක මහණහු ඇත් ද, යම් තැනකට ‘අද ම යන්නට හැක්කෙමි’ යි දන්නේ ද, එසේ වූ මහණුන් ඇති, ආවාසයට යෑ යුතු. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් මහණුන් ඇති ආවාසයෙන් හෝ අනාවාසයෙන් හෝ (නික්මැ) යම් තැනෙක සමානසංවාසක මහණහු ඇත් ද, යම් තැනකට ‘අද ම යන්නට හැක්කෙමි’ යි දන්නේ ද, එසේ වූ අනාවාසයට යෑ යුතු. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් මහණුන් ඇති ආවාසයෙන් හෝ අනාවාසයෙන් හෝ (නික්මැ) යම් තැනෙක සමානසංවාසක මහණහු ඇත් ද, යම් තැනකට ‘අද ම යන්නට හැක්කෙමි’ යි දන්නේ ද, එසේ වූ මහණුන් ඇති ආවාසයට හෝ අනාවාසයට යෑ යුතු.
Pali BJT21. න භික්ඛවෙ පාරිවාසිකෙන භික්ඛුනා පකතත්තෙන භික්ඛුනා සද්ධිං එකච්ඡන්නෙ ආවාසෙ වත්ථබ්බං. න එකච්ඡන්නෙ අනාවාසෙ වත්ථබ්බං. න එකච්ඡන්නෙ ආවාසෙ වා අනාවාසෙ වා වත්ථබ්බං. පකතත්තං භික්ඛුං දිස්වා ආසනා වුට්ඨාතබ්බං. පකතත්තො භික්ඛු ආසනෙන නිමන්තෙතබ්බො. න පකතත්තෙන භික්ඛුනා සද්ධිං එකාසනෙ නිසීදිතබ්බං. න නීචෙ ආසනෙ නිසින්නෙ උච්චෙ ආසනෙ නිසීදිතබ්බං. න ඡමායං නිසින්නෙ ආසනෙ නිසීදිතබ්බං. න එකචඞ්කමෙ චඞ්කමිතබ්බං. න නීචෙ චඞ්කමෙ චඞ්කමන්තෙ උච්චෙ චඞ්කමෙ චඞ්කමිතබ්බං. න ඡමායං චඞ්කමන්තෙ චඞ්කමෙ චඞ්කමිතබ්බං. න භික්ඛවෙ පාරිවාසිකෙන භික්ඛුනා පාරිවාසිකෙන බුඩ්ඪතරෙන භික්ඛුනා සද්ධිං -පෙ- මූලායපටිකස්සනාරහෙන භික්ඛුනා සද්ධිං -පෙ- මානත්තාරහෙන භික්ඛුනා සද්ධිං -පෙ- මානත්තචාරිකෙන භික්ඛුනා සද්ධිං -පෙ- අබ්භානාරහෙන භික්ඛුනා සද්ධිං එකච්ඡන්නෙ ආවාසෙ වත්ථබ්බං, න එකච්ඡන්නෙ අනාවාසෙ වත්ථබ්බං. න එකච්ඡන්නෙ ආවාසෙ වා අනාවාසෙ වා වත්ථබ්බං. න එකාසනෙ නිසීදිතබ්බං. න නීචෙ ආසනෙ නිසින්නෙ උච්චෙ ආසනෙ නිසීදිතබ්බං. න ඡමාය නිසින්නෙ ආසනෙ නිසීදිතබ්බං. න එකචඞ්කමෙ චඞ්කමිතබ්බං. න නීචෙ චඞ්කමෙ චඞ්කමන්තෙ උච්චෙ චඞ්කමෙ චඞ්කමිතබ්බං. න ඡමායං චඞ්කමන්තෙ චඞ්කමෙ චඞ්කමිතබ්බං.
Sinhala BJT21. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් පුවතත් මහණක්හු හා එක් සෙවෙනියක් ඇති ආවාසයෙහි නො විසියැ යුතු. එක් සෙවෙනියක් ඇති අනාවාසයෙහි නො විසියැ යුතු. එක් සෙවෙනියක් ඇති ආවාසයෙහි හෝ අනාවාසයෙහි නො විසියැ යුතු. පුවතත් මහණකු දැක හුනස්නෙන් නැගී සිටියැ යුතු. පුවතත් මහණ අස්නෙන් නිමැතිය යුතු. පුවතත් මහණක්හු හා එක් අස්නෙහි නො හින්දැ යුතු. පුවතත් මහණක්හු මිටි අස්නැ හුන් කල්හි තමා උස් අසුනැ නො හින්දැ යුතු. පුවතත් මහණක්හු බිමැ හුන් කල්හි තමා අස්නෙකැ නො හින්දැ යුතු. පුවතත් මහණක්හු හා එක් සක්මන් මළුයෙහි සක්මන් නො කළයුතු. පුවතත් මහණක්හු මිටි සක්මන් මළුයෙහි සක්මන් කරන කල්හි තමා උස් සක්මන් මළුවෙකැ සක්මන් නො කළ යුතු. පුවතත් මහණක්හු බිමැ සක්මන් කරන කල්හි තමා සක්මන් මළුවෙකැ සක්මන් නො කළ යුතු. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් පිරිවෙස් වසන වැඩි මහලු මහණකු හා ... මූලායපටිකස්සනාවට සුදුසු මහණකු හා ... මානතට සුදුසු මහණකු හා ... මානතෙහි හැසිරෙන මහණකු හා ... අබ්භානයට සුදුසු මහණකු හා එක් සෙවෙනියක් ඇති ආවාසයෙහි නො විසියැ යුතු. එක් සෙවෙනියක් ඇති අනාවාසයෙහි නො විසියැ යුතු. එක් සෙවෙනියක් ඇති ආවාසයෙහි හෝ අනාවාසයෙහි නො විසියැ යුතු. එක් අස්නෙහි නො හින්දැ යුතු. ඔහු මිටි අස්නැ උන් කල්හි තමා උසස්නෙක නො හින්දැ යුතු. ඔහු බිමැ හුන් කල්හි තමා අස්නෙකැ නො හින්දැ යුතු. ඔහු හා එක් සක්මන් මළුයෙහි සක්මන් නො කළ යුතු. ඔහු මිටි සක්මන් මළුයෙහි සක්මන් කරන කලැ තමා උස් සක්මන් මළුයෙහි සක්මන් නො කළ යුතු. ඔහු බිමැ සක්මන් කරන කලැ තමා සක්මන් මළුයෙහි සක්මන් නො කළ යුතු.
Pali BJT22. පාරිවාසිකචතුත්ථො චෙ භික්ඛවෙ පරිවාසං දදෙය්ය; මූලාය පටිකස්සෙය්ය, මානත්තං දදෙය්ය, තබ්බීසො අබ්භෙය්ය, අකම්මං. න ච කරණීයන්ති.
Sinhala BJT22. මහණෙනි, පිරිවෙස් වසන මහණහු සතර වැනි කොටැති වැ පිරිවෙස් දෙන්නේ නම්, මූලායපටිකස්සනාව කරන්නේ නම් මානත දෙන්නේ නම්, ඔහු විසිවැනි කොටැති වැ අබ්භාන කරන්නේ නම්, එය අකර්‍මයෙක් වෙයි. එය නො කටයුතු ද වෙයි.
Pali BJTචතුනවුති පාරිවාසිකවත්තං නිට්ඨිතං.
Sinhala BJTසිවුඅනූ පිරිවෙසිවත් නිමියේ ය.
Pali BJT23. අථ ඛො ආයස්මා උපාලි යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා උපාලි භගවන්තං එතදවොච: “කති නු ඛො භන්තෙ පාරිවාසිකස්ස භික්ඛුනො රත්තිච්ඡෙදා?”ති. “තයො ඛො උපාලි පාරිවාසිකස්ස භික්ඛුනො රත්තිච්ඡෙදා: සහවාසො, විප්පවාසො, අනාරොචනා. ඉමෙ ඛො උපාලි තයො පාරිවාසිකස්ස භික්ඛුනො රත්තිච්ඡෙදා”ති.
Sinhala BJT23. ඉක්බිත්තෙන් ආයුෂ්මත් උපාලි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ ඔබ වැඳ පසෙක ඉඳගත්හ. පසෙක හුන් ආයුෂ්මත් උපාලි තෙරණුවෝ “වහන්ස, පිරිවෙස් වසන මහණහට රාත්‍රිච්ඡේද කීයෙක් දැ?” යි විචාළහ. “උපාලිනි, සහවාසය (පුවතත් මහණුන් හා එක් වැ, විසීම), විනාවාසය (පුවතත් මහණුන්ගෙන් වෙන් ව විසීම), අනාරෝචනය (ආගන්තුකාදීනට තමා පිරිවෙස් වසන බව නොදැන්වීම) යැ යි පිරිවෙස් වසන මහණහට රාත්‍රිච්ඡේද තුනෙකැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJT24. තෙන ඛො පන සමයෙන සාවත්ථියා මහාභික්ඛුසඞ්ඝො සන්නිපතිතො හොති. න සක්කොන්ති පාරිවාසිකා භික්ඛූ පරිවාසං සොධෙතුං. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT24. එ සමයෙහි සැවැත්හි මහත් මහණමුළුවෙක් මුළු දෙවුණේ වෙයි. පිරිවෙස් වසන මහණහු පරිවාස ශෝධනය කරන්නට නො හැක්කාහ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළ කළහ.
Pali BJT25. “අනුජානාමි භික්ඛවෙ පරිවාසං නික්ඛිපිතුං. එවඤ්ච පන භික්ඛවෙ නික්ඛිපිතබ්බො: තෙන පාරිවාසිකෙන භික්ඛුනා එකං භික්ඛුං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා එවමස්ස වචනීයො: “පරිවාසං නික්ඛිපාමීති” නික්ඛිත්තො හොති පරිවාසො. “වත්තං නික්ඛිපාමීති” නික්ඛිත්තො හොති පරිවාසො”ති.
Sinhala BJT25. “මහණෙනි, පිරිවෙස නික්‍ෂිප්ත කරන්නට (බහා තබන්නට) අනුදනිමි. මහණෙනි, මෙසේ නික්‍ෂේප ද කළ යුතු: ඒ පිරිවෙස් වසන මහණහු විසින් එක් මහණක්හු කරා එළැඹ උතුරුසඟ එකස් කොට උත්කුටුක වැ හිඳ දොහොත් මුදුනැ තබා “පිරිවෙස බහා තබමි යි” මෙසේ කියැ යුතු. (මෙතෙකින්) පිරිවෙස බහා තබන ලදුයේ වෙයි. “වත බහා තබමි යි” කියැ යුතු. පිරිවෙස බහා තබන ලදුයේ වෙයි.
Pali BJT26. තෙන ඛො පන සමයෙන සාවත්ථියා භික්ඛූ තහං තහං පක්කමිංසු. න සක්කොන්ති පාරිවාසිකා භික්ඛූ පරිවාසං සොධෙතුං. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT26. එ සමයෙහි සැවතෙහි භික්‍ෂූහු ඒ ඒ අත නික්ම ගියහ. පිරිවෙස් වසන මහණහු පිරිවෙස් ශෝධනය කරණට නොහැකි වෙත්. මේ කරුණ භාග්‍යවතුන් වහන්සේට සැළ කළහ.
Pali BJT27. “අනුජානාමි භික්ඛවෙ පරිවාසං සමාදියිතුං. එවඤ්ච පන භික්ඛවෙ සමාදිතබ්බො: තෙන පාරිවාසිකෙන භික්ඛුනා එකං භික්ඛුං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිම්පග්ගහෙත්වා එවමස්ස වචනීයො: ‘පරිවාසං සමාදියාමී’ති. සමාදින්නො හොති පරිවාසො. ‘වත්තං සමාදියාමී’ති. සමාදින්නො හොති පරිවාසො’ති.
Sinhala BJT27. මහණෙනි, පිරිවෙස සමාදානය කොට ගන්නට අනුදනිමි යි. මහණෙනි, මෙසේ සමාදන්වීම කළයුතුයි. ඒ පිරිවෙස් වසන මහණහු විසින් එක් මහණකු වෙත එළඹ උතුරුසඟ එකස් කොට උත්කුටුකවැ හිඳ ඇඳිලි බැඳ “පිරිවෙස සමාදන් කොට ගණිමි යි” කිය යුතු. පිරිවෙස සමාදන් කොට ගන්නා ලදුයේ වෙයි. “වත සමාදන් කොට ගණිමි” යි, කිය යුතු. පිරිවෙස සමාදන් කොට ගන්නා ලදුයේ වෙයි.
Pali BJTපාරිවාසිකවත්තං නිට්ඨිතං.
Sinhala BJTපාරිවාසික වත නිමියේ ය.
Pali BJT2. මූලායපටිකස්සනාරහවත්තං
Sinhala BJT2. මූලායපටිකස්සනාරහ වත
Pali BJT1. තෙන ඛො පන සමයෙන මූලායපටිකස්සනාරහා භික්ඛූ සාදියන්ති; පකතත්තානං භික්ඛූනං අභිවාදනං පච්චුට්ඨානං අඤ්ජලිකම්මං සාමීචිකම්මං ආසනාභිහාරං සෙය්යාභිහාරං පාදොදකං පාදපීඨං පාදකඨලිකං පත්තචීවරපටිග්ගහණං නහානෙ පිට්ඨිපරිකම්මං. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා සන්තුට්ඨා ලජ්ජිනො කුක්කුච්චකා සික්ඛාකාමා, තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම මූලායපටිකස්සනාරහා භික්ඛූ සාදියිස්සන්ති පකතත්තානං භික්ඛූනං අභිවාදනං පච්චුට්ඨානං -පෙ- නහානෙ පිට්ඨිපරිකම්ම”න්ති. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT1. එ සමයෙහි මූලායපටිකස්සනාවට සුදුසු මහණහු පුවතත් මහණුන්ගේ අභිවාදන, පච්වුට්ඨාන, අඤ්ජලිකර්‍ම, සාමීචි කර්‍ම, ආසනාභිහාර, සෙය්‍යාභිහාර, පාදොදක, පාදපිඨ, පාදකඨලිකා, පත්තචීවර පටිග්ගහණ, නෑමෙහි පිට්ඨිපරිකම්ම යන මේ වත් ඉවසත්. අපිස් ගුණැති … සන්තුෂ්ටවූ ලජ්ජි වූ කුක්කුච්ච වූ ශික්‍ෂාකාම වූ යම් මහණ කෙනෙක් වෙත් ද, ඔහු “කෙසේ නම් මූලායපටිකස්සනාවට සුදුසු මහණහු පුවතත් මහණුන්ගේ අභිවාදන, පච්චුට්ඨාන ... නෑමෙහි පිට්ඨිපරිකම්ම යන මෙ කී වත් ඉවසන්නාහු දැ?” යි ලාමක කොට සිතත්, දොස් කියත්, නුගුණ පතුරුවත්. ඉක්බිත්තෙන් ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ කරුණ සැළ කළාහු ය.
Pali BJT2. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා භික්ඛූ පටිපුච්ඡි: “සච්චං කිර භික්ඛවෙ මූලායපටිකස්සනාරහා භික්ඛූ සාදියන්ති පකතත්තානං භික්ඛූනං අභිවාදනං පච්චුට්ඨානං -පෙ- නහානෙ පිට්ඨිපරිකම්ම”න්ති. “සච්චං භගවා.”
Sinhala BJT2. එ කලැ භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණෙහි මේ ප්‍රස්තාවයෙහි බික්සඟන රැස් කරවා, ‘මහණෙනි, මූලායපටිකස්සනාවට සුදුසු මහණහු පුවතත් මහණුන්ගේ අභිවාදන, පච්චුපට්ඨාන ... නෑමෙහි පිට්ඨිපරිකම්ම යන මේ වත් ඉවසන්නාහු ය යනු සැබෑ දැ” යි අසා වදාළ සේක. “සැබැව, භාග්‍යවතුන් වහන්සැ” යි එ මහණහු පිළිවදන් ඇස්සූහ.
Pali BJT3. විගරහි බුද්ධො භගවා: “අනනුච්ඡවිකං -පෙ- කථං හි නාම භික්ඛවෙ මූලායපටිකස්සනාරහා භික්ඛූ සාදියිස්සන්ති පකතත්තානං භික්ඛූනං අභිවාදනං පච්චුට්ඨානං -පෙ- නහානෙ පිට්ඨිපරිකම්මං. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය පසන්නානං වා භිය්යොභාවාය. අථ ඛො තං භික්ඛවෙ අප්පසන්නානං චෙව අප්පසාදාය, පසන්නානංච එකච්චානං අඤ්ඤථත්තායා’ති. විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි.
Sinhala BJT3. “මහණෙනි, කෙසේ නම් මූලායපටිකස්සනාවට සුදුසු මහණහු පුවතත් මහණුන්ගේ අභිවාදන, පච්චුපට්ඨාන, ... නෑමෙහි පිට්ඨිපරිකම්ම යන මෙකී වත් ඉවසන්නාහු ද? මහණෙනි, මෙය සස්නෙහි නොපහනුන්ගේ පැහැදීම පිණිස ද ... පහනුන්ගේ භූයෝභාවය පිණිස ද නො වේ. මහණෙනි, වැලිදු මෙය නොපහනුන්ගේ නොපැහැදීම පිණිස ද, පහන් වූ ඇතැමුන්ගේ අන්‍යථාත්‍වය පිණිස ද වේ යැ” යි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ වෙසෙසින් ගැරැහු සේක. ගරහා, දැහැමි කතා කොට භික්‍ෂූන් මෙසේ ඇමතූ සේක.
Pali BJT4. “න භික්ඛවෙ මූලායපටිකස්සනාරහෙන භික්ඛුනා සාදිතබ්බං පකතත්තානං භික්ඛූනං අභිවාදනං පච්චුට්ඨානං අඤ්ජලිකම්මං සාමීචිකම්මං ආසනාභිහාරං සෙය්යාභිහාරං පාදොදකං පාදපීඨං පාදකඨලිකං පත්තචීවරපටිග්ගහණං නහානෙ පිට්ඨිපරිකම්මං. යො සාදියෙය්ය, ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT4. “මහණෙනි, මූලායපටිකස්සනාවට සුදුසු මහණහු විසින් පුවතත් මහණුන්ගේ වැඳීම, දැක හුනස්නෙන් නැගී සිටීම, ඇඳිලි බැඳීම, සාමීචිකර්‍ම, අසුන් එළැවීම, යහන් එළැවීම, පාදෝනා දිය එළැවීම, පාපුටුව එළැවීම, පාකටෙලිය එළැවීම, පාසිවුරු පිළිගැන්ම, නෑමෙහි පිට පිරියම යන මෙ කී වත් නො ඉවැසියැ යුතු. යමෙක් ඉවසන්නේ නම් දුකුළා ඇවැත් වන්නේ ය.
Pali BJT5. අනුජානාමි භික්ඛවෙ මූලායපටිකස්සනාරහානං භික්ඛූනං මිථු යථාබුඩ්ඪං අභිවාදනං පච්චුට්ඨානං -පෙ- නහානෙ පිට්ඨිපරිකම්මං.
Sinhala BJT5. මහණෙනි, මූලායපටිකස්සනාවට සුදුසු මහණුනට මහලු පිළිවෙළින් උනුන් වැඳීම, දැක හුනස්නෙන් නැගී සිටීම, ... නෑමෙහි පිට පිරියම යන මෙ කී වත් අනුදනිමි.
Pali BJT6. අනුජානාමි, භික්ඛවෙ, මූලායපටිකස්සනාරහානං භික්ඛූනං පඤ්ච යථාබුඩ්ඪං උපොසථං පවාරණං වස්සිකසාටිකං ඔනොජනං භත්තං.
Sinhala BJT6. මහණෙනි, මූලායපටිකස්සනාවට සුදුසු මහණුනට මහලු පිළිවෙළින් පොහෝ කිරීම, පවාරණාව, වැසිසළුව පිළිගැණීම, ඕනෝජනය (පසු ව ලබන අදහසින් එදිනට නියමිත බත නො පිළිගෙණ හැරැ) දැමීම, (පාරිවාසිකයන් උදෙසා පැණවූ) චතුශ්ශාල බත පිළිගැණීම යන පස අනුදනිමි.
Pali BJT7. තෙන හි භික්ඛවෙ මූලායපටිකස්සනාරහානං භික්ඛූනං වත්තං පඤ්ඤාපෙස්සාමි යථා මූලායපටිකස්සනාරහෙහි භික්ඛූහි වත්තිතබ්බං. මූලායපටිකස්සනාරහෙන භික්ඛවෙ භික්ඛුනා සම්මා වත්තිතබ්බං. තත්රායං සම්මාවත්තනා:
Sinhala BJT7. එසේ වී නම් මහණෙනි, මූලායපටිකස්සනාවට සුදුසු වූ මහණුන් විසින් යම්සේ පැවතිය යුතු ද, මූලායපටිකස්සනාවට සුදුසු මහණුනට ඔවුන් විසින් පැවැතිය යුතු පරිදි වූ වත් පණවන්නෙමි. මහණෙනි, මූලායපටිකස්සනාවට සුදුසු මහණහු විසින් මොනොවට පැවැතියැ යුතු. එහි මේ මොනොවට පැවැත්ම යි:
Pali BJT8. න උපසම්පාදෙතබ්බං. න නිස්සයො දාතබ්බො. න සාමණෙරො උපට්ඨාපෙතබ්බො. න භික්ඛුනොවාදකසම්මුති සාදිතබ්බා. සම්මතෙනපි භික්ඛුනියො න ඔවදිතබ්බා. යාය ආපත්තියා සඞ්ඝෙන මූලාය පටිකස්සනාරහො කතො හොති සංඝෙන, සා ආපත්ති න ආපජ්ජිතබ්බා, අඤ්ඤා වා තාදිසිකා, තතො වා පාපිට්ඨතරා. කම්මං න ගරහිතබ්බං. කම්මිකා න ගරහිතබ්බා. න පකතත්තස්ස භික්ඛුනො උපොසථො ඨපෙතබ්බො. න පවාරණා ඨපෙතබ්බා. න සවචනීයං කාතබ්බං. න අනුවාදො පට්ඨපෙතබ්බො. න ඔකාසො කාරෙතබ්බො. න චොදෙතබ්බො. න සාරෙතබ්බො. න භික්ඛූහි සම්පයොජෙතබ්බං.
Sinhala BJT8. තමා උපාධ්‍යාය වැ උපසම්පදා නො කට යුතු. (ආචාර්‍ය්‍ය වැ) නිස නො දියැ යුතු. හෙරෙණක් උවටනට තමා වෙතැ නො තබා ගත යුතු. භික්බුනෝවාදක සම්මතිය නො ඉවැසිය යුතු. සම්මත වූවහු විසිනුදු මෙහෙණහු නො ඔවැයිය යුතු. යම් ඇවැතෙකින් මූලායපටිකස්සනාවට සුදුසු කෙළේ වේ ද, ඒ ඇවැත හෝ එබඳු වූ අන් ඇවැතක් හෝ එයටත් වඩා පවිටු ඇවැතක් නො ඇවැද්ද යුතු. විනයකර්‍මය නො ගැරැහියැ යුතු. විනයකර්‍මය කළ මහණහු නො ගැරැහියැ යුතුහ. පුවතත් මහණක්හුගේ උපෝසථය නො වැළැක්වියැ යුතු. පවාරණාව නො වැළැක්වියැ යුතු. සවචනීය කර්‍මය නො කටයුතු. අනුවාදය (වෙහෙරැ අධිපති බව) නො කළ යුතු. අවසර ගැන්වීම නො කළ යුතු. චෝදනා නො කළ යුතු. ඇවැත් සිහිපත් නො කැරැවියැ යුතු. මහණුන් උනුන් කලහයෙහි නො යෙදියැ යුතු.
Pali BJT9. න භික්ඛවෙ මූලායපටිකස්සනාරහෙන භික්ඛුනා පකතත්තස්ස භික්ඛුනො පුරතො ගන්තබ්බං. න පුරතො නිසීදිතබ්බං. යො හොති සඞ්ඝස්ස ආසනපරියන්තො, සෙය්යාපරියන්තො, විහාරපරියන්තො, සො තස්ස පදාතබ්බො. තෙන ච සො සාදිතබ්බො.
Sinhala BJT9. මහණෙනි, මුලායපටිකස්සානවට සුදුසු මහණහු විසින් පුවතත් මහණක්හට පෙරැටු වැ නො යා යුතු. පෙරටු වැ නො හින්දැ යුතු. සඞ්ඝයාගේ යම් පිරියත් අස්නෙක් පිරියත් යහනෙක් පිරියත් වෙහෙරෙක් වේ ද එය ඔහුට දියැ යුතු. ඔහු විසිනුත් එය ඉවැසියැ යුතු.
Pali BJT10. න භික්ඛවෙ මූලායපටිකස්සනාරහෙන භික්ඛුනා පකතත්තෙන භික්ඛුනා පුරෙසමණෙන වා පච්ඡාසමණෙන වා කුලානි උපසඞ්කමිතබ්බානි, න ආරඤ්ඤිකඞ්ගං සමාදියිතබ්බං. න පිණ්ඩපාතිකඞ්ගං සමාදියිතබ්බං. න ච තප්පච්චයා පිණ්ඩපාතො නීහරාපෙතබ්බො ‘මා මං ජානිංසූ’ති.
Sinhala BJT10. මහණෙනි, මූලායපටිකස්සනාවට සුදුසු මහණහු විසින් පෙරටු වැ යන මහණකු වැ හෝ පසු වැ යන මහණකු වැ හෝ පුවතත් මහණකු හා කුලයෝ නො එළැඹියැ යුතුහ. ආරණ්‍යාකාඞ්ගය සමාදන් කොට නො ගත යුතු. පිණ්ඩපාතිකාඞ්ගය සමාදන් කොට නො ගත යුතු. ‘මා පිරිවෙස් වසන නියා නො දනිත්වා” යි ඒ හේතුයෙන් පිණ්ඩපාතය තමා වෙත නො ගෙන්වා ගත යුතු.
Pali BJT11. න භික්ඛවෙ මූලායපටිකස්සනාරහෙන භික්ඛුනා සභික්ඛුකා ආවාසා අභික්ඛුකො ආවාසො ගන්තබ්බො, අඤ්ඤත්ර පකතත්තෙන, අඤ්ඤත්ර අන්තරායා. න භික්ඛවෙ මූලායපටිකස්සනාරහෙන භික්ඛුනා සභික්ඛුකා ආවාසා අභික්ඛුකො අනාවාසො ගන්තබ්බො, අඤ්ඤත්ර පකතත්තෙන, අඤ්ඤත්ර අන්තරායා. න භික්ඛවෙ මූලායපටිකස්සනාරහෙන භික්ඛුනා සභික්ඛුකා ආවාසා අභික්ඛුකො ආවාසො වා අනාවාසො වා ගන්තබ්බො. අඤ්ඤත්ර පකතත්තෙන, අඤ්ඤත්ර අන්තරායා.
Sinhala BJT11. මහණෙනි, මූලායපටිකස්සනාවට සුදුසු මහණහු විසින් පුවතත් මහණක්හු නැති වැ, අන්තරායයක් නැති වැ, මහණුන් ඇති ආවාසයෙකින් (නික්මැ) මහණුන් නැති ආවාසයකට නො යෑ යුතු. මහණෙනි, මූලායපටිකස්සනාවට සුදුසු මහණහු විසින් පුවතත් මහණක්හු නැති වැ, අන්තරායකුත් නැති වැ, සභික්‍ෂුක ආවාසයෙන් අභික්‍ෂුක අනාවාසයකට නො යෑ යුතු. මහණෙනි, මූලායපටිකස්සනාරහ මහණහු විසින් පුවතත් මහණක්හු නැති වැ, අන්තරායයකුත් නැති වැ, සභික්‍ෂුක ආවාසයෙන් අභික්‍ෂුක ආවාසයට හෝ අනාවාසයට නො යෑ යුතු.
Pali BJT12. න භික්ඛවෙ මූලායපටිකස්සනාරහෙන භික්ඛුනා සභික්ඛුකා අනාවාසා අභික්ඛුකො ආවාසො ගන්තබ්බො -පෙ- න -පෙ- සභික්ඛුකා අනාවාසා අභික්ඛුකො අනාවාසො ගන්තබ්බො -පෙ- න -පෙ- අභික්ඛුකො ආවාසො වා අනාවාසො වා ගන්තබ්බො, අඤ්ඤත්ර පකතත්තෙන, අඤ්ඤත්ර අන්තරායා.
Sinhala BJT12. මහණෙනි, මූලායපටිකස්සනාරහ මහණහු විසින් ... සභික්‍ෂුක අනාවාසයෙන් අභික්‍ෂුක ආවාසයට නො යෑ යුතු ... සභික්‍ෂුක අනාවාසයෙන් අභික්‍ෂුක අනාවාසයට නො යෑ යුතු ... පුවතත් මහණක්හු නැති වැ, අන්තරායයකුත් නැති වැ, අභික්‍ෂුක ආවාසයට හෝ අනාවාසයට නො යෑ යුතු.
Pali BJT13. න භික්ඛවෙ මූලායපටිකස්සනාරහෙන භික්ඛුනා සභික්ඛුකා ආවාසා වා අනාවාසා වා අභික්ඛුකො ආවාසො ගන්තබ්බො, -පෙ- න -පෙ- අභික්ඛුකො අනාවාසො ගන්තබ්බො -පෙ- න -පෙ- අභික්ඛුකො ආවාසො වා අනාවාසො වා ගන්තබ්බො, අඤ්ඤත්ර පකතත්තෙන, අඤ්ඤත්ර අන්තරායා.
Sinhala BJT13. මහණෙනි, මූලායපටිකස්සනාරහ මහණහු විසින් ... සභික්‍ෂුක ආවාසයෙන් හෝ අනාවාසයෙන් හෝ ... අභික්‍ෂුක ආවාසයට නො යෑ යුතු ... අභික්‍ෂුක අනාවාසයට නොයෑයුතු ... පුවතත් මහණකු නැති වැ, අන්තරායයක් නැති වැ අභික්‍ෂුක ආවාසයට හෝ අනාවාසයට හෝ නො යෑ යුතු.
Pali BJT14. න භික්ඛවෙ මූලායපටිකස්සනාරහෙන භික්ඛුනා සභික්ඛුකා ආවාසා සභික්ඛුකො ආවාසො ගන්තබ්බො යත්ථස්සු භික්ඛූ නානාසංවාසකා, අඤ්ඤත්ර පකතත්තෙන, අඤ්ඤත්ර අන්තරායා. න -පෙ- සභික්ඛුකො අනාවාසො ගන්තබ්බො -පෙ- න -පෙ- සභික්ඛුකො ආවාසො වා අනාවාසො වා ගන්තබ්බො, යත්ථස්සු භික්ඛූ නානාසංවාසකා, අඤ්ඤත්ර පකතත්තෙන, අඤ්ඤත්ර අන්තරායා.
Sinhala BJT14. මහණෙනි, මූලායපටිකස්සනාරහ මහණහු විසින් ... සභික්‍ෂුක ආවාසයෙන් සභික්‍ෂුක ආවාසයට නො යෑ යුතු ... සභික්‍ෂුක අනාවාසයට නො යෑ යුතු ... නානාසංවාසක භික්‍ෂූන් ඇති සභික්‍ෂුක ආවාසයට හෝ අනාවාසයට පුවතත් මහණක්හු නැති වැ, අන්තරායයක් නැති වැ නො යෑ යුතු.
Pali BJT15. න භික්ඛවෙ මූලායපටිකස්සනාරහෙන භික්ඛුනා සභික්ඛුකා අනාවාසා සභික්ඛුකො ආවාසො ගන්තබ්බො, යත්ථස්සු භික්ඛූ නානාසංවාසකා, අඤ්ඤත්ර පකතත්තෙන, අඤ්ඤත්ර අන්තරායා -පෙ- සභික්ඛුකො අනාවාසො ගන්තබ්බො -පෙ- සභික්ඛුකො ආවාසො වා අනාවාසො වා ගන්තබ්බො, යත්ථස්සු භික්ඛූ නානාසංවාසකා, අඤ්ඤත්ර පකතත්තෙන, අඤ්ඤත්ර අන්තරායා.
Sinhala BJT15. මහණෙනි, මූලායපටිකස්සනාරහ මහණහු විසින් ... සභික්‍ෂුක අනාවාසයෙන් සභික්‍ෂුක ආවාසයට නො යෑ යුතු ... සභික්‍ෂුක අනාවාසයට නො යෑ යුතු ... පුවතත් මහණක්හු නැති වැ අන්තරායයක් නැති වැ, නානාසංවාසක භික්‍ෂූන් ඇති සභික්‍ෂුක ආවාසයට හෝ අනාවාසයට නො යෑ යුතු.
Pali BJT16. න භික්ඛවෙ මූලායපටිකස්සනාරහෙන භික්ඛුනා සභික්ඛුකා ආවාසා වා අනාවාසා වා සභික්ඛුකො ආවාසො ගන්තබ්බො, යත්ථස්සු භික්ඛූ නානාසංවාසකා, අඤ්ඤත්ර පකතත්තෙන, අඤ්ඤත්ර අන්තරායා. -පෙ- සභික්ඛුකො අනාවාසො ගන්තබ්බො -පෙ- සභික්ඛුකො ආවාසො වා අනාවාසො වා ගන්තබ්බො, යත්ථස්සු භික්ඛූ නානාසංවාසකා, අඤ්ඤත්ර පකතත්තෙන, අඤ්ඤත්ර අන්තරායා.
Sinhala BJT16. මහණෙනි, මූලායපටිකස්සනාරහ මහණහු විසින් සභික්‍ෂුක ආවාසයෙන් හෝ අනාවාසයෙන් හෝ ... සභික්‍ෂුක ආවාසයට නො යෑ යුතු ... සභික්‍ෂුක අනාවාසයට නො යෑ යුතු ... පුවතත් මහණක්හු නැති වැ, අන්තරායයක් නැති වැ, නානාසසංවාසක භික්‍ෂූන් ඇති සභික්‍ෂුක ආවාසයට හෝ අනාවාසයට නො යෑ යුතු.
Pali BJT17. ගන්තබ්බො භික්ඛවෙ මූලායපටිකස්සනාරහෙන භික්ඛුනා සභික්ඛුකා ආවාසා, සභික්ඛුකො ආවාසො, යත්ථස්සු භික්ඛූ සමානසංවාසකා, යං ජඤ්ඤා සක්කොමි අජ්ජෙව ගන්තුන්ති. -පෙ- සභික්ඛුකො අනාවාසො -පෙ- සභික්ඛුකො ආවාසො වා අනාවාසො වා -පෙ-
Sinhala BJT17. මහණෙනි, මූලායපටිකස්සනාරහ මහණහු විසින් ... සභික්‍ෂුක ආවාසයෙන් සමානසංවාසක භික්‍ෂූන් ඇති, අද ම යත හැක්කැ යි දන්නා සභික්‍ෂුක ආවාසයට ... සභික්‍ෂුක අනාවාසයට ... සභික්‍ෂුක ආවාසයට හෝ අනාවාසයට යෑ යුතු.
Pali BJT18. ගන්තබ්බො භික්ඛවෙ මූලායපටිකස්සනාරහෙන භික්ඛුනා සභික්ඛුකා අනාවාසා සභික්ඛුකො ආවාසො, යත්ථස්සු භික්ඛූ සමානසංවාසකා, යං ජඤ්ඤා සක්කොමි අජ්ජෙව ගන්තුන්ති. -පෙ- සභික්ඛුකො අනාවාසො -පෙ- සභික්ඛුකො ආවාසො වා අනාවාසො වා -පෙ-
Sinhala BJT18. මහණෙනි, මූලායපටිකස්සනාරහ මහණහු විසින් ... සභික්‍ෂුක අනාවාසයෙන් සමානසංවාසක භික්‍ෂූන් ඇති, අද ම යෑ හැක්කැ යි දන්නා සභික්‍ෂුක ආවාසයට ... සභික්‍ෂුක අනාවාසයට … සභික්‍ෂුක ආවාසයට හෝ අනාවාසයට යෑ යුතු.
Pali BJT19. ගන්තබ්බො භික්ඛවෙ මූලායපටිකස්සනාරහෙන භික්ඛුනා සභික්ඛුකා ආවාසා වා අනාවාසා වා සභික්ඛුකො ආවාසො යත්ථස්සු භික්ඛූ සමානසංවාසකා, යං ජඤ්ඤා සක්කොමි අජ්ජෙව ගන්තුන්ති. -පෙ- සභික්ඛුකො අනාවාසො -පෙ- සභික්ඛුකො ආවාසො වා අනාවාසො වා. -පෙ- අජ්ජෙව ගන්තුන්ති.
Sinhala BJT19. මහණෙනි, මූලායපටිකස්සනාරහ මහණහු විසින් අද ම යා හැක්කැ යි දන්නා සභික්‍ෂුක ආවාසයෙන් හෝ අනාවාසයෙන් හෝ සමානසංවාසක භික්‍ෂූන් ඇති, සභික්‍ෂුක ආවාසයට ... සභික්‍ෂුක අනාවාසයට ... සභික්‍ෂුක ආවාසයට හෝ අනාවාසයට යා යුතු.
Pali BJT20. න භික්ඛවෙ මූලායපටිකස්සනාරහෙන භික්ඛුනා පකතත්තෙන භික්ඛුනා සද්ධිං එකච්ඡන්නෙ ආවාසෙ වත්ථබ්බං, න එකච්ඡන්නෙ අනාවාසෙ වත්ථබ්බං, න එකච්ඡන්නෙ ආවාසෙ වා අනාවාසෙ වා වත්ථබ්බං, පකතත්තං භික්ඛුං දිස්වා ආසනා වුට්ඨාතබ්බං, පකතත්තො භික්ඛු ආසනෙන නිමන්තෙතබ්බො. පකතත්තෙන භික්ඛුනා සද්ධිං එකාසනෙ නිසීදිතබ්බං, න නීචෙ ආසනෙ නිසින්නෙ උච්චෙ ආසනෙ නිසීදිතබ්බං, න ඡමායං නිසින්නෙ ආසනෙ නිසීදිතබ්බං. න එකචඞ්කමෙ චඞ්කමිතබ්බං, න නීචෙ චඞ්කමෙ චඞ්කමන්තෙ උච්චෙ චඞ්කමෙ චඞ්කමිතබ්බං, න ඡමාය චඞ්කමන්තෙ චඞ්කමෙචඞ්කමිතබ්බං. න භික්ඛවෙ මූලායපටිකස්සනාරහෙන භික්ඛුනා පාරිවාසිකෙන භික්ඛුනා සද්ධිං -පෙ- මූලායපටිකස්සනාරහෙන බුඩ්ඪතරෙන භික්ඛුනා සද්ධිං -පෙ- මානත්තාරහෙන භික්ඛුනා සද්ධිං -පෙ- මානත්තචාරිකෙන භික්ඛුනා සද්ධිං -පෙ- අබ්භානාරහෙන භික්ඛුනා සද්ධිං එකච්ඡන්නෙ ආවාසෙ වත්ථබ්බං. න එකච්ඡන්නෙ අනාවාසෙ වත්ථබ්බං, න එකච්ඡන්නෙ ආවාසෙ වා අනාවාසෙ වා වත්ථබ්බං, න එකාසනෙ නිසීදිතබ්බං; න නීචෙ ආසනෙ නිසින්නෙ උච්චෙ ආසනෙ නිසීදිතබ්බං, න ඡමායං නිසින්නෙ ආසනෙ නිසීදිතබ්බං, න එකචඞ්කමෙ චඞ්කමිතබ්බං, න නීචෙ චඞ්කමෙ චඞ්කමන්තෙ උච්චෙ චඞ්කමෙ චඞ්කමිතබ්බං, න ඡමායං චඞ්කමන්තෙ චඞ්කමෙ චඞ්කමිතබ්බං.
Sinhala BJT20. මහණෙනි, මූලායපටිකස්සනාරහ මහණහු විසින් පුවතත් මහණක්හු හා එක් සෙවෙනියක් ඇති ආවාසයෙහි නො විසියැ යුතු. එක් සෙවෙනියක් ඇති අනාවාසයෙහි නො විසියැ යුතු. එක් සෙවෙනියක් ඇති ආවාසයෙහි හෝ අනාවාසයෙහි නො විසියැ යුතු. පුවතත් මහණක්හු දැක හුනස්නෙන් නැගී සිටියැ යුතු. පුවතත් මහණ තෙම අස්නෙන් නිමැතියැ යුතු. පුවතත් මහණක්හු හා එක් අස්නෙහි නො හින්දැ යුතු. ඔහු මිටි අස්නැ හුන් කල්හි තමා උසස්නෙහි නො හින්දැ යුතු. ඔහු බිමැ හුන් කලැ තමා අස්නෙක නො හින්දැ යුතු. ඔහු හා එක් සක්මන් මළුයෙහි සක්මන් නො කළ යුතු. ඔහු මිටි සක්මන් මළුයෙහි සක්මන් කරන කලැ තමා උස් සක්මන් මළුවෙකැ සක්මන් නො කළ යුතු. ඔහු බිමැ සක්මන් කරන කලැ තමා සක්මන් මළුයෙකැ සක්මන් නො කළ යුතු. මහණෙනි, මූලායපටිකස්සනාරහ මහණහු විසින් පිරිවෙස් වසන මහණක්හු හා ... වඩා මහලු මූලායපටිකස්සනාරහ මහණක්හු හා ... මානත්තාරහ මහණක්හු හා ... මානත්තවාරික මහණක්හු හා ... අබ්භානාරහ මහණක්හු හා එක් සෙවෙනි ඇති ආවාසයෙහි නො විසියැ යුතු. එක් සෙවෙනි ඇති අනාවාසයෙහි නො විසියැ යුතු. එක් සෙවෙනි ඇති ආවාසයෙහි හෝ අනාවාසයෙහි නො විසියැ යුතු. එක් අස්නෙහි නො හින්දැ යුතු. ඔහු මිටි අස්නෙක හුන් කලැ තමා උසස්නෙකැ නො හින්දැ යුතු. ඔහු බිමැ හුන් කලැ තමා අස්නෙක නො හින්දැ යුතු. එක් සක්මන් මළුයෙහි ඔහු හා සක්මන් නො කළයුතු. ඔහු මිටි සක්මන් මළුයෙක සක්මන් කරද්දී තමා උස් සක්මන් මළුයෙක සක්මන් නො කළ යුතු. ඔහු බිමැ සක්මන් කරන කලැ තමා සක්මන් මළුවෙකැ සක්මන් නො කළ යුතු.
Pali BJT21. මූලායපටිකස්සනාරහචතුත්ථො චෙ භික්ඛවෙ පරිවාසං දදෙය්ය මූලායපටිකස්සෙය්ය, මානත්තං දදෙය්ය, තබ්බීසො අබ්භෙය්ය, අකම්මං, න ච කරණීයන්ති.
Sinhala BJT21. මහණෙනි, මූලායපටිකස්සනාවට සුදුසු මහණහු සතරවනු කොටැති වැ පිරිවෙස් දෙන්නේ නම්, මූලායපටිකස්සනාව කරන්නේ නම්, මානත දෙන්නේ නම්, ඔහු විසිවනු කොටැති වැ අබ්භානකර්‍මය කරන්නේ නම්, ඒ අකර්‍මයෙකි. නො ද කළ යුතු.
Pali BJTමූලායපටිකස්සනාරහවත්තං නිට්ඨිතං.
Sinhala BJTමූලායපටිකස්සනාරහ වත නිමියේ ය.
Pali BJT3. මානත්තාරහවත්තං
Sinhala BJT3. මානත්තාරහ වත
Pali BJT1. තෙන ඛො පන සමයෙන මානත්තාරහා භික්ඛූ සාදියන්ති පකතත්තානං භික්ඛූනං අභිවාදනං, පච්චුට්ඨානං, අඤ්ජලිකම්මං, සාමීචිකම්මං, ආසනාභිහාරං, සෙය්යාභිහාරං, පාදොදකං, පාදපීඨං, පාදකඨලිකං, පත්තචීවර පටිග්ගහණං, නහානෙ පිට්ඨිපරිකම්මං. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා සන්තුට්ඨා ලජ්ජිනො කුක්කුච්චකා සික්ඛාකාමා, තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම මානත්තාරහා භික්ඛූ සාදියිස්සන්ති පකතත්තානං භික්ඛූනං අභිවාදනං පච්චුට්ඨානං -පෙ- නහානෙ පිට්ඨිපරිකම්මන්ති. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT1. එ සමයෙහි මානත්තාරහ මහණහු පුවතත් මහණුන්ගේ වැඳීම්, දැක හුනස්නෙන් නැගී සිටීම, ඇඳිලි බැඳුම්, සාමීචිකර්‍ම, අසුන් එළැවීම්, යහන් එළැවීම්, පාදොවුන් දිය එළැවීම්, පාපුටුව එළැවීම්, පාකටෙලි එළැවීම්, පාසිවුරු පිළිගැණුම්, නෑමෙහි පිටුපිරියම් යන මෙකී වත් ඉවසත්, අපිස් ගුණැති සන්තුෂ්ටවූ ලජ්ජීවූ කුක්කුච්චකවූ ශික්‍ෂාකාමවූ යම් මහණ කෙනෙක් වෙත් ද, ඔහු “කෙසේ නම් මානත්තාරහ භික්‍ෂූහු පුවතත් මහණුන්ගේ වැඳීම් දැක හුනස්නෙන් නැගී සිටීම් ... නෑමෙහි පිටුපිරියම් යන මෙ කී වත් ඉවසන්නාහුදැ?” යි ලාමක කොට සිතත්, දොස් කියත්, නුගුණ පතුරුවත්, ඉක්බිති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කළහ.
Pali BJT2. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා භික්ඛු පටිපුච්ඡි: “සච්චං කිර භික්ඛවෙ මානත්තාරහා භික්ඛූ සාදියන්ති පකතත්තානං භික්ඛූනං අභිවාදනං පච්චුට්ඨානං -පෙ- නහානෙ පිට්ඨිපරිකම්මන්ති. “සච්චං භගවා.”
Sinhala BJT2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි බික්සඟන රැස්කරවා “මහණෙනි, මානත්තාරහ භික්‍ෂූහු පුවතත් මහණුන්ගේ වැඳීම, දැක හුනස්නෙන් නැගී සිටීම් ... නෑමෙහි පිටුපිරියම් යන මෙකී වත් ඉවසත් යනු සැබෑ දැ?” යි භික්‍ෂූන් විචාළ සේක. “සැබැව භාග්‍යවතුන් වහන්සැ” යි ඔහු කීහ.
Pali BJT3. විගරහි බුද්ධො භගවා: කථං හි නාම භික්ඛවෙ මානත්තාරහා භික්ඛූ සාදියිස්සන්ති පකතත්තානං භික්ඛූනං අභිවාදනං පච්චුට්ඨානං -පෙ- නහානෙ පිට්ඨිපරිකම්මං. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි.
Sinhala BJT3. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ “මහණෙනි, කෙසේ නම් මානත්තාරහ භික්‍ෂූහු පුවතත් මහණුන්ගේ වැඳීම්, දැක හුනස්නෙන් නැගී සිටීම් ... නෑමෙහි පිටුපිරියම් යන මෙකී වත්, ඉවසන්නාහු ද? මහණෙනි, මෙය නොපහනුන්ගේ පැහැදීම පිණිස හෝ නො වේ ... යැ යි වෙසෙසින් ගැරැහු සේක. ගරහා දැහැමි කතා කොට භික්‍ෂූන් ඇමතූ සේක:
Pali BJT4. න භික්ඛවෙ මානත්තාරහෙන භික්ඛුනා සාදිතබ්බං පකතත්තානං භික්ඛූනං අභිවාදනං, පච්චුට්ඨානං, -පෙ- නහානෙ පිට්ඨිපරිකම්මං. යො සාදියෙය්ය, ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ, මානත්තාරහානං භික්ඛූනං මිථු යථාබුඩ්ඪං අභිවාදනං, පච්චුට්ඨානං, -පෙ- නහානෙ පිට්ඨිපරිකම්මං.
Sinhala BJT4. “මහණෙනි, මානත්තාරහ මහණහු විසින් පුවතත් මහණුන්ගේ වැඳීම්, දැක හුනස්නෙන් නැගී සිටීම් ... නෑමෙහි පිටුපිරියම් යන මේ කී වත් නො ඉවැසියැ යුතු. යමෙක් ඉවසන්නේ නම්, ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, මානතට සුදුසු මහණුනට මහලු පිළිවෙළින් උනුන් වැඳීම, දැක හුනස්නෙන් නැගී සිටීම ... නෑමෙහි පිටුපිරියම් අනුදනිමි.
Pali BJT5. අනුජානාමි භික්ඛවෙ මානත්තාරහානං භික්ඛූනං පඤ්ච යථාබුඩ්ඪං උපොසථං, පවාරණං, වස්සිකසාටිකං, ඔනොජනං, භත්තං.
Sinhala BJT5. මහණෙනි, මානත්තාරහ මහණුනට උපෝසථය, පවාරණාව, වැසිසළු පිළිගැන්ම, ඕනෝජනය (පසුවට පිළිගන්නා අදහසින් එ දිනට නියමිත බත අත් හැරීම), චතුශ්ශාල බත පිළිගැන්ම, යන පස මහලු පිළිවෙළින් කිරීමට අනුදනිමි.
Pali BJT6. තෙන හි භික්ඛවෙ මානත්තාරහානං භික්ඛූනං වත්තං පඤ්ඤාපෙස්සාමි, යථා මානත්තාරහෙහි භික්ඛූහි වත්තිතබ්බං. මානත්තාරහෙන භික්ඛවෙ භික්ඛුනා සම්මා වත්තිතබ්බං. තත්රායං සම්මා වත්තනා:
Sinhala BJT6. එහෙයින් මහණෙනි, යම්සේ මානත්තාරහ මහණුන් විසින් පැවැතිය යුතු ද, එසේ ඔවුනට වත් පණවන්නෙමි. මහණෙනි, මානත්තාරහ මහණහු විසින් මොනොවට පැවැතියැ යුතු. මේ එහි මොනොවට පැවැත්ම යි:
Pali BJT7. න උපසම්පාදෙතබ්බං. න නිස්සයො දාතබ්බො. න සාමණෙරො උපට්ඨාපෙතබ්බො. -පෙ- න භික්ඛූහි සම්පයොජෙතබ්බං. න, භික්ඛවෙ, මානත්තාරහෙන භික්ඛුනා පකතත්තස්ස භික්ඛුනො පුරතො ගන්තබ්බං, න පුරතො නිසීදිතබ්බං. යො හොති සඞ්ඝස්ස ආසනපරියන්තො සෙය්යාපරියන්තො විහාරපරියන්තො, සො තස්ස පදාතබ්බො, තෙන ච සො සාදිතබ්බො.
Sinhala BJT7. තමා උපාධ්‍යාය වැ උපසම්පදා නො කළ යුතු. නිස නො දියයුතු. සාමෙණෙරයෙක් උපස්ථානයට නො ගතයුතු. ... මහණුන් උනුන් හා කලහයෙහි නො යෙදියැ යුතු. මහණෙනි, මානත්තාරහ මහණහු විසින් පුවතත් මහණහට පෙරටු ව නො යෑ යුතු. පෙරටු වැ නො හින්දැ යුතු. සංඝයාගේ යම් අන්තිම අස්නෙක්, අන්තිම යහනෙක්, අන්තිම වෙහෙරෙක් වේ ද, එය ඔහුට දියැ යුතු. ඔහු විසිනුත් එය ඉවැසියැ යුතු.
Pali BJT8. න භික්ඛවෙ මානත්තාරහෙන භික්ඛුනා පකතත්තෙන භික්ඛුනො{1} පුරෙසමණෙන වා පච්ඡාසමණෙන වා කුලානි උපසඞ්කමිතබ්බානි, න ආරඤ්ඤිකඞ්ගං සමාදියිතබ්බං, න පිණ්ඩපාතිකඞ්ගං සමාදියිතබ්බං, න තප්පච්චයා පිණ්ඩපාතො නීහරාපෙතබ්බො ‘මා මං ජානිංසූ’ති.
Sinhala BJT8. මහණෙනි, මානත්තාරහ මහණහු විසින් පුවතත් මහණක්හු හා පෙරටු වැ හෝ පසු වැ යන මහණකු වැ කුලයෝ නො එළැඹියැ යුතුහ. ආරණ්‍යකාඞ්ගය සමාදන් කොට නො ගත යුතු. පිණ්ඩපාතිකාඞ්ගය සමාදන් කොට නො ගත යුතු. මා (පිරිවෙස් පුරණබව) නොදනිත්වා” යි එ කරුණින් පිණ්ඩපාතය ගෙන්වා නො ගත යුතු.
Pali BJT9. න භික්ඛවෙ මානත්තාරහෙන භික්ඛුනා සභික්ඛුකා ආවාසා අභික්ඛුකො ආවාසො ගන්තබ්බො අඤ්ඤත්ර පකතත්තෙන අඤ්ඤත්ර අන්තරායා. න භික්ඛවෙ මානත්තාරහෙන භික්ඛුනා සභික්ඛුකා ආවාසා අභික්ඛුකො අනාවාසො ගන්තබ්බො අඤ්ඤත්ර පකතත්තෙන අඤ්ඤත්ර අන්තරායා. න භික්ඛවෙ මානත්තාරහෙන භික්ඛුනා සභික්ඛුකා ආවාසා අභික්ඛුකො ආවාසො වා අනාවාසො වා ගන්තබ්බො අඤ්ඤත්ර පකතත්තෙන අඤ්ඤත්ර අන්තරායා.
Sinhala BJT9. මහණෙනි, මානත්තාරහ මහණහු විසින් පුවතත් මහණක්හු නැති වැ අන්තරායයක් නැති වැ සභික්‍ෂුක ආවාසයෙකින් අභික්‍ෂුක ආවාසයට නො යා යුතු ... මහණෙනි, මානත්තාරහ මහණහු විසින් පුවතත් මහණක්හු නැති වැ අන්තරායයක් නැති වැ සභික්‍ෂුක ආවාසයෙන් අභික්‍ෂුක ආවාසයට හෝ අනාවාසයට නො යා යුතු.
Pali BJT10. න භික්ඛවෙ මානත්තාරහෙන භික්ඛුනා සභික්ඛුකා අනාවාසා අභික්ඛුකො ආවාසො ගන්තබ්බො -පෙ- අභික්ඛුකො අනාවාසො ගන්තබ්බො -පෙ- අභික්ඛුකො ආවාසො වා අනාවාසො වා ගන්තබ්බො අඤ්ඤත්ර පකතත්තෙන අඤ්ඤත්ර අන්තරායා.
Sinhala BJT10. මහණෙනි, මානත්තාරහ මහණහු විසින් පුවතත් මහණකු නැති වැ අන්තරායයක් නැති වැ සභික්‍ෂුක අනාවාසයෙන් අභික්‍ෂුක ආවාසයට නො යා යුතු ... අභික්‍ෂුක අනාවාසයට නො යා යුතු ... අභික්‍ෂුක ආවාසයට හෝ අනාවාසයට නො යා යුතු.
Pali BJT11. න භික්ඛවෙ මානත්තාරහෙන භික්ඛුනා සභික්ඛුකා ආවාසා වා අනාවාසා වා අභික්ඛුකො ආවාසො ගන්තබ්බො -පෙ- අභික්ඛුකො අනාවාසො ගන්තබ්බො -පෙ- අභික්ඛුකො ආවාසො වා අනාවාසො වා ගන්තබ්බො අඤ්ඤත්ර පකතත්තෙන අඤ්ඤත්ර අන්තරායා.
Sinhala BJT11. මහණෙනි, මානත්තාරහ මහණහු විසින් පුවතත් මහණක්හු නැති වැ අන්තරායයක් නැති වැ අභික්‍ෂුක ආවාසයෙන් හෝ අනාවාසයෙන් හෝ අභික්‍ෂුක ආවාසයට නො යා යුතු. ... අභික්‍ෂුක අනාවාසයට නො යා යුතු ... අභික්‍ෂුක ආවාසයට හෝ අනාවාසයට නො යා යුතු.
Pali BJT12. න භික්ඛවෙ මානත්තාරහෙන භික්ඛුනා සභික්ඛුකා ආවාසා සභික්ඛුකො ආවාසො ගන්තබ්බො යත්ථස්සු භික්ඛූ නානාසංවාසකා අඤ්ඤත්ර පකතත්තෙන අඤ්ඤත්ර අන්තරායා -පෙ- සභික්ඛුකො අනාවාසො ගන්තබ්බො -පෙ- සභික්ඛුකො ආවාසො වා අනාවාසො වා ගන්තබ්බො යත්ථස්සු භික්ඛූ නානාසංවාසකා අඤ්ඤත්ර පකතත්තෙන අඤ්ඤත්ර අන්තරායා.
Sinhala BJT12. මහණෙනි, මානත්තාරහ මහණහු විසින් සභික්‍ෂුක ආවාසයෙන් නානාසංවාසක මහණුන් ඇති සභික්‍ෂුක ආවාසයට පුවතත් මහණක්හු නැති වැ අන්තරායයක් නැති වැ නො යා යුතු ... සභික්‍ෂුක අනාවාසයට නො යා යුතු ... නානාසංවාසක මහණුන් ඇති සභික්‍ෂුක ආවාසයට හෝ අනාවාසයට පුවතත් මහණක්හු නැතිවැ අන්තරායක් නැතිවැ නො යා යුතු.
Pali BJT13. න භික්ඛවෙ මානත්තාරහෙන භික්ඛුනා සභික්ඛුකා අනාවාසා සභික්ඛුකො ආවාසො ගන්තබ්බො -පෙ- සභික්ඛුකො අනාවාසො ගන්තබ්බො -පෙ- සභික්ඛුකො ආවාසො වා අනාවාසො වා ගන්තබ්බො යත්ථස්සු භික්ඛූ නානාසංවාසකා අඤ්ඤත්ර පකතත්තෙන අඤ්ඤත්ර අන්තරායා.
Sinhala BJT13. මහණෙනි, මානත්තාරහ මහණහු විසින් සභික්‍ෂුක අනාවාසයෙන් නානාසංවාසක මහණුන් ඇති සභික්‍ෂුක ආවාසයට පුවතත් මහණක්හු නැතිවැ අන්තරායක් නැතිවැ නො යායුතු. ... සභික්‍ෂුක අනාවාසයට ... නානාසංවාසක මහණුන් ඇති සභික්‍ෂුක ආවාසයට හෝ අනාවාසයට පුවතත් මහණක්හු නැතිවැ අන්තරායක් නැතිවැ නො යා යුතු.