Cullavagga

Lesser Division

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 501-600 න් 3845

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTතිණුක්කූපමා කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහූපායාසා, ආදීනවො එත්ථ භිය්යො.
Sinhala BJTකාමයෝ තණසුලකට උපමා ඇත්තෝ ය. බොහෝ දුක් ඇත්තෝ ය. දැඩි ආයාස ඇත්තෝ ය. මෙහි ආදීනව බොහෝ ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී.
Pali BJTඅඞ්ගාරකාසූපමා කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහූපායාසා, ආදීනවො එත්ථ භිය්යො.
Sinhala BJTකාමයෝ අඟුරුවළකට උපමා ඇත්තෝ ය. බොහෝ දුක් ඇත්තෝ ය. දැඩි ආයාස ඇත්තෝ ය. මෙහි ආදීනව බොහෝ ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී.
Pali BJTසුපිණකූපමා කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහූපායාසා, ආදීනවො එත්ථ භිය්යො.
Sinhala BJTකාමයෝ සිහිනයකට උපමා ඇත්තෝ ය. බොහෝ දුක් ඇත්තෝ ය. දැඩි ආයාස ඇත්තෝ ය. මෙහි ආදීනව බොහෝ ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී.
Pali BJTයාචිතකූපමා කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහූපායාසා, ආදීනවො එත්ථ භිය්යො.
Sinhala BJTකාමයෝ (තාවකාලිකව) ඉල්ලා ගන්නා ලද්දකට උපමා ඇත්තෝ ය. බොහෝ දුක් ඇත්තෝ ය. දැඩි ආයාස ඇත්තෝ ය. මෙහි ආදීනව බොහෝ ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී.
Pali BJTරුක්ඛඵලූපමා කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහූපායාසා, ආදීනවො එත්ථ භිය්යො.
Sinhala BJTකාමයෝ ගසක ගෙඩි හා උපමා ඇත්තෝ ය. බොහෝ දුක් ඇත්තෝ ය. දැඩි ආයාස ඇත්තෝ ය. මෙහි ආදීනව බෙහෙවි යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී.
Pali BJTඅසිසූනූපමා කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහූපායාසා, ආදීනවො එත්ථ භිය්යො.
Sinhala BJTකාමයෝ මස්කපන කැත්ත හා මස්ලොඹුවකට උපමා ඇත්තෝ ය. බොහෝ දුක් ඇත්තෝ ය. දැඩි ආයාස ඇත්තෝ ය. මෙහි ආදීනව බෙහෙවි යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී.
Pali BJTසත්තිසූලූපමා කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහූපායාසා, ආදීනවො එත්ථ භිය්යො.
Sinhala BJTකාමයෝ සිරියක් හා සූලායුධයකට උපමා ඇත්තෝ ය. බොහෝ දුක් ඇත්තෝ ය. දැඩි ආයාස ඇත්තෝ ය. මෙහි ආදීනව බෙහෙවි යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී.
Pali BJTසප්පසිරූපමා කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහූපායාසා, ආදීනවො එත්ථ භිය්යො”ති.
Sinhala BJTකාමයෝ සර්‍පශීර්‍ෂයකට උපමා ඇත්තෝ ය. බොහෝ දුක් ඇත්තෝ ය. දැඩි ආයාස ඇත්තෝ ය. මෙහි ආදීනව බොහෝ යයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී.
Pali BJT5. එවම්පි ඛො අරිට්ඨො භික්ඛු ගද්ධබාධිපුබ්බො තෙහි භික්ඛූහි වුච්චමානො තථෙව තං පාපකං දිට්ඨිගතං ථාමසා පරාමාසා අභිනිවිස්ස වොහරති: “එවං බ්යා ඛො අහං ආවුසො භගවතා ධම්මං දෙසිතං ආජානාමි: යථා යෙ මෙ අන්තරායිකා ධම්මා වුත්තා භගවතා, තෙ පටිසෙවතො නාලං අන්තරායායා”ති.
Sinhala BJT5. ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්‍ෂුතෙම ඒ භික්‍ෂූන් විසින් මෙසේ කියනු ලැබූයේ “ඇවැත්නි, යම් මේ අන්තරායකර ධර්‍මයෝ භාග්‍යවතුන් වහන්සේ විසින් යම් සේ වදාරණ ලද ද, ඒ ධර්‍ම සේවනය කරන්නාට අන්තරාය පිණිස ප්‍රමාණ නො වෙති යි සිතිය හැකි සේ භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසනලද ධර්‍මයක් මම දනිමි” යි ඒ ලාමක දෘෂ්ටිය එ ලෙස ම දැඩි කොට ගෙණ ඊට ඇතුල්වී ව්‍යවහාර කෙරෙයි.
Pali BJTයතො ච ඛො තෙ භික්ඛූ නාසක්ඛිංසු අරිට්ඨං භික්ඛුං ගද්ධබාධිපුබ්බං එතස්මා පාපකා දිට්ඨිගතා විවෙචෙතුං, අථ ඛො තෙ භික්ඛූ යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTගද්ධබාධිපුබ්බ අරිට්ඨ මහණ මේ ලාමක මිත්‍ථ්‍යාදෘෂ්ටියෙන් වෙන් කරන්නට යම් හෙයකින් ඒ භික්‍ෂූහු අසමත් වූවාහු ද, එකල්හි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනක ද එතැනට එළැඹියාහුය. එළඹ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළ කළාහුය.
Pali BJT6. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා අරිට්ඨං භික්ඛුං ගද්ධබාධිපුබ්බං පටිපුච්ඡි: සච්චං කිර තෙ, අරිට්ඨ, එවරූපං පාපකං දිට්ඨිගතං උප්පන්නං ‘තථාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි: යථා යෙමෙ අන්තරායිකා ධම්මා වුත්තා භගවතා තෙ පටිසෙවතො නාලං අන්තරායායා’ති.
Sinhala BJT6. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි ප්‍රකරණයෙහි භික්‍ෂුසඞ්ඝයා රැස් කරවා “අරිට්ඨය, ‘යම් මේ අන්තරායකර ධර්‍මයෝ භාග්‍යවතුන් වහන්සේ විසින් යම් සේ වදාරනලද ද, ඒ ධර්‍මයෝ සේවනය කරන්නාට අන්තරාය පිණිස ප්‍රමාණ නොවෙත් ය යි සිතිය හැකි සේ භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසූ ධර්‍මයක් මම දනිමි’ යි මෙ බඳු ලාමක දෘෂ්ටියක් තට උපන්නේ ය යනු සැබෑදැ” යි අරිට්ඨ මහණහු පුළුවුත් සේක.
Pali BJT“එවං බ්යා ඛො අහං භන්තෙ භගවතා ධම්මං දෙසිතං ආජානාමි: යථා යෙ මෙ අන්තරායිකා ධම්මා වුත්තා භගවතා, තෙ පටිසෙවතො නාලං අන්තරායායා”ති.
Sinhala BJT“යම් මේ අන්තරායකර ධර්‍මයෝ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණලදහු ද, ඒ ධර්‍මයෝ සේවනය කරන්නාට අන්තරාය පිණිස සමර්‍ත්‍ථ නො වෙත් යැයි සිතිය හැකි සේ, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසූ ධර්‍මයක් මම දනිමි” යි (අරිට්ඨ මහණ කී ය).
Pali BJT“කස්ස නු ඛො නාම ත්වං, මොඝපුරිස, මයා එවං ධම්මං දෙසිතං ආජානාසි? නනු මයා මොඝපුරිස අනෙකපරියායෙන අන්තරායිකා ධම්මා අන්තරායිකා වුත්තා, අලඤ්ච පන තෙ පටිසෙවතො අන්තරායාය.
Sinhala BJT“හිස් පුරුෂය, මවිසින් කවරකුට එසේ දෙසූ ධර්‍මයක් නුඹ දනිහි ද, හිස් පුරුෂය, මවිසින් නන් අයුරින් අන්තරායකර ධර්‍මයෝ අන්තරායකරහ යි ප්‍රකාශ කරණ ලද්දාහු නො වෙත් ද, සේවනය කරන්නාට සඟමොක් වළකනු පිණිස ඒ දහම් සමත් නො වෙත් ද?
Pali BJT7. අප්පස්සාදා කාමා වුත්තා මයා බහුදුක්ඛා බහුපායාසා, ආදීනවො එත්ථ භිය්යො.
Sinhala BJT7. මවිසින් කාමයෝ අල්ප ආශ්වාද (රස විඳගැණුම්) ඇත්තෝ ය, බොහෝ දුක් ඇත්තෝ ය, දැඩි ආයාස ඇත්තෝ ය, මේ කාමයෙහි ආදීනව බොහෝය යි පවසන ලදහ.
Pali BJTඅට්ඨිකඞ්ඛලූපමා කාමා වුත්තා මයා බහුදුක්ඛා බහුපායාසා, ආදීනවො එත්ථ භිය්යො.
Sinhala BJTම විසින් කාමයෝ ඇටසැකිල්ලකට උපමා ඇත්තෝ ය යි ... පවසන ලදහ.
Pali BJTමංසපෙසූපමා කාමා වුත්තා මයා බහුදුක්ඛා බහූපායාසා, ආදීනවො එත්ථ භිය්යො.
Sinhala BJTම විසින් කාමයෝ මස්වැදැල්ලකට උපමා ඇත්තෝ ය යි ... පවසන ලදහ.
Pali BJTතිණුක්කූපමා කාමා වුත්තා මයා බහුදුක්ඛා බහූපායාසා, ආදීනවො එත්ථ භිය්යො.
Sinhala BJTම විසින් කාමයෝ තණසුලකට උපමා ඇත්තෝ ය යි ... පවසන ලදහ.
Pali BJTඅඞ්ගාරකාසූපමා කාමා වුත්තා මයා බහුදුක්ඛා බහූපායාසා, ආදීනවො එත්ථ භිය්යො.
Sinhala BJTම විසින් කාමයෝ අඟුරුවළකට උපමා ඇත්තෝ ය යි ... පවසන ලදහ.
Pali BJTසුපිණකූපමා කාමා වුත්තා මයා බහුදුක්ඛා බහූපායාසා, ආදීනවො එත්ථ භිය්යො.
Sinhala BJTම විසින් කාමයෝ සිහිනයකට උපමා ඇත්තෝ ය යි ... පවසන ලදහ.
Pali BJTයාචිතකූපමා කාමා වුත්තා මයා බහුදුක්ඛා බහූපායාසා, ආදීනවො එත්ථ භිය්යො.
Sinhala BJTම විසින් කාමයෝ ඉල්ලාගන්නා ලද්දකට උපමා ඇත්තෝ ය යි ... පවසන ලදහ.
Pali BJTරුක්ඛඵලූපමා කාමා වුත්තා මයා බහුදුක්ඛා බහූපායාසා, ආදීනවො එත්ථ භිය්යො.
Sinhala BJTම විසින් කාමයෝ ගසක ගෙඩි හා උපමා ඇත්තෝ ය යි ... පවසන ලදහ.
Pali BJTඅසිසූනූපමා කාමා වුත්තා මයා බහුදුක්ඛා බහූපායාසා, ආදීනවො එත්ථ භිය්යො.
Sinhala BJTම විසින් කාමයෝ මස් කපන කැත්ත හා මස්ලොඹුවකට උපමා ඇත්තෝ ය යි ... පවසන ලදහ.
Pali BJTසත්තිසූලූපමා කාමා වුත්තා මයා බහුදුක්ඛා බහූපායාසා, ආදීනවො එත්ථ භිය්යො.
Sinhala BJTම විසින් කාමයෝ සිරිය හා සුලායුධයට උපමා ඇත්තෝ ය යි ... පවසන ලදහ.
Pali BJTසප්පසිරූපමා කාමා වුත්තා මයා, බහුදුක්ඛා බහුපායාසා, ආදීනවො එත්ථ භිය්යො.
Sinhala BJTම විසින් කාමයෝ සර්‍පසිරසකට උපමා ඇත්තෝය, බොහෝ දුක් ඇත්තෝ ය, බොහෝ ආයාස ඇත්තෝ ය, මේ කාමයෙහි ආදීනව බොහෝ යයි ප්‍රකාශ කරණ ලදහ.
Pali BJT8. අථ ච පන ත්වං, මොඝපුරිස, අත්තනා දුග්ගහිතෙන අම්හෙ ච අබ්භාචික්ඛසි, අත්තානඤ්ච ඛණසි, බහුඤ්ච අපුඤ්ඤං පසවසි. තං හි තෙ මොඝපුරිස භවිස්සති දීඝරත්තං අහිතාය දුක්ඛාය. නෙතං, මොඝපුරිස, අප්පසන්නානං වා පසාදාය -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි:
Sinhala BJT8. එසේ ඇති කල්හිත් හිස්පුරුෂය, තෝ තමන් වරදවා ගත් අදහසින් අපට ද බොරුවෙන් චෝදනා කරන්නෙහි ය. තමන් ගුණ සාරාලන්නෙහි ය. බොහෝ අකුසල් රැස් කරන්නෙහි ය. හිස්පුරුෂය, එය නුඹට බොහෝ කාලයක් අහිත පිණිස දුක් පිණිස වන්නේ ය. හිස්පුරුෂය, මෙය නොපැහැදුනවුන්ගේ පැහැදීම පිණිස හෝ ... නො වෙයි. (අරිට්ඨ භික්‍ෂුහට) ගරහා දැහැමි කථා කොට භික්‍ෂූන් ඇමතූ සේක:
Pali BJTතෙන හි භික්ඛවෙ සඞ්ඝො අරිට්ඨස්ස භික්ඛුනො ගද්ධබාධිපුබ්බස්ස, පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ, උක්ඛෙපනීයකම්මං කරොතු අසම්භොගං සඞ්ඝෙන.
Sinhala BJTමහණෙනි, එසේ නම් සංඝ තෙම ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්‍ෂුහට ලාමක දෘෂ්ටිය නොදුරලීමෙහි සංඝයා සමග සම්භෝග නැති උක්ඛේපනීයකර්‍මය කෙරේවා.
Pali BJTඑවඤ්ච පන භික්ඛවෙ කාතබ්බං: පඨමං අරිට්ඨො භික්ඛු ගද්ධබාධිපුබ්බො චොදෙතබ්බො. චොදෙත්වා සාරෙතබ්බො. සාරෙත්වා ආපත්තිං ආරොපෙතබ්බො. ආපත්තිං ආරොපෙත්වා ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
Sinhala BJTමහණෙනි, (ඒ උක්ඛේපනීයකර්‍මය) මෙසේ කටයුතු යි. පළමු කොට ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්‍ෂුහට චෝදනා කළ යුතු යි. චෝදනා කොට (ඇවැත) සිහිපත් කරවිය යුතුයි. (ඇවැත) සිහිපත් කරවා ඇවැත නැංවිය යුතු යි. ඇවැත නංවා ප්‍රතිබල වූ වියත් මහණකු විසින් සංඝතෙමේ දැන්විය යුතු යි:
Pali BJT9. “සුණාතු මෙ භන්තෙ සඞ්ඝො: අරිට්ඨස්ස භික්ඛුනො ගද්ධබාධිපුබ්බස්ස එවරූපං පාපකං දිට්ඨිගතං උප්පන්නං, “තථාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි: යථා යෙ’මෙ අන්තරායිකා ධම්මා වුත්තා භගවතා තෙ පටිසෙවතො නාලං අන්තරායායා”ති. සො තං දිට්ඨිං නප්පටිනිස්සජ්ජති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො අරිට්ඨස්ස භික්ඛුනො ගද්ධබාධිපුබ්බස්ස පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං කරෙය්ය, අසම්භොගං සඞ්ඝෙන. එසා ඤත්ති.
Sinhala BJT9. “ස්වාමීනි, සංඝ තෙම මාගේ වචනය අසාවා. ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්‍ෂුහට “යම් මේ ධර්‍ම කෙනෙක් අන්තරායකරහ යි භාග්‍යවතුන් වහන්සේ විසින් යම් සේ වදාරණ ලදහු ද, ඒ ධර්‍ම සේවනය කරන්නහුට අන්තරාය පිණිස නො වෙත් යැ යි සිතිය හැකි සේ භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසූ ධර්‍මයක් මම දනිමි” යි මෙබඳු ලාමක දෘෂ්ටියෙක් උපන්නේ වෙයි. හෙ තෙම ඒ දෘෂ්ටිය නො දුරලයි. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම්, සංඝතෙම ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්‍ෂුහට සංඝයා සමග ධර්‍මාමිෂ සම්භෝග නැති, ලාමක දෘෂ්ටිය නොදුරලීමෙහි උක්ඛේපනීයකර්‍මය කරන්නේ ය. මේ ඤත්තිය යි.
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො: අරිට්ඨස්ස භික්ඛුනො ගද්ධබාධිපුබ්බස්ස එවරූපං පාපකං දිට්ඨිගතං උප්පන්නං, “තථාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි: යථා යෙ’මෙ අන්තරායිකා ධම්මා වුත්තා භගවතා තෙ පටිසෙවතො නාලං අන්තරායායා”ති. සො තං දිට්ඨිං නප්පටිනිස්සජ්ජති. සඞ්ඝො අරිට්ඨස්ස භික්ඛුනො ගද්ධබාධිපුබ්බස්ස පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං කරොති අසම්භොගං සඞ්ඝෙන. යස්සායස්මතො ඛමති අරිට්ඨස්ස භික්ඛුනො ගද්ධබාධිපුබ්බස්ස, පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයස්ස කම්මස්ස කරණං අසම්භොගං සඞ්ඝෙන, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය.
Sinhala BJTස්වාමීනි, සංඝ තෙම මාගේ වචනය අසාවා. ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්‍ෂුහට “යම් මේ අන්තරයාකර ධර්‍මයෝ භාග්‍යවතුන් වහන්සේ විසින් යම් සේ දෙසන ලදහු ද, ඒ ධර්‍ම සේවනය කරන්නහුට අන්තරාය පිණිස නො වෙත් යැ යි සිතිය හැකි සේ භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසූ ධර්‍මයක් මම දනිමි”යි මෙබඳු ලාමක දෘෂ්ටියෙක් උපන්නේ වෙයි. හෙ තෙම ඒ ලාමක දෘෂ්ටිය නො දුරලයි. සංඝතෙම ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්‍ෂුහට සංඝයා සමග සම්භෝග නැති ඒ ලාමක දෘෂ්ටිය නොදුරලීමෙහි උක්ඛේපනීය කර්‍මය කරයි ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්‍ෂුහට සඞ්ඝයා සමග සම්භෝග නැති, ලාමක දෘෂ්ටිය නො දුරලීමෙහි උක්ඛේපනීයකර්‍මය කිරීම යම් ආයුෂ්මතකුට අභිමත නම්, හෙ තෙම නිශ්ශබ්ද වේවා. යමකුට අනභිමත නම් හෙ තෙම කියාවා.
Pali BJTදුතියම්පි එතමත්ථං වදාමි -පෙ- තතියම්පි එතමත්ථං වදාමි. සුණාතු මෙ භන්තෙ සඞ්ඝො: අරිට්ඨස්ස භික්ඛුනො ගද්ධබාධිපුබ්බස්ස එවරූපං පාපකං දිට්ඨිගතං උප්පන්නං “තථාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි: යථා යෙ’මෙ අන්තරායිකා ධම්මා වුත්තා භගවතා තෙ පටිසෙවතො නාලං අන්තරායායා”ති. සො තං දිට්ඨිං නප්පටිනිස්සජ්ජති. සඞ්ඝො අරිට්ඨස්ස භික්ඛුනො ගද්ධබාධිපුබ්බස්ස පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං කරොති අසම්භොගං සඞ්ඝෙන. යස්සායස්මතො ඛමති අරිට්ඨස්ස භික්ඛුනො ගද්ධබාධිපුබ්බස්ස පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ, උක්ඛෙපනීයස්ස කම්මස්ස කරණං අසම්භොගං සඞ්ඝෙන, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය.
Sinhala BJTදෙවනුවත් මේ කාරණය කියමි ... තෙවනුවත් මේ කාරණය කියමි. ස්වාමීනි, සඞ්ඝ තෙම මාගේ වචනය අසාවා. ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්‍ෂුහට “යම් මේ අන්තරායකර ධර්‍මයෝ භාග්‍යවතුන් වහන්සේ විසින් යම්සේ වදාරණ ලදහු ද, ඒ ධර්‍ම සේවනය කරන්නහුට අන්තරාය පිණිස නොවෙත් යැයි සිතිය හැකි සේ භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසූ ධර්‍මයක් මම දනිමි”යි, මෙබඳු ලාමක දෘෂ්ටියෙක් උපන්නේ වෙයි. ඒ අරිට්ඨ භික්‍ෂු තෙම ඒ ලාමක දෘෂ්ටිය නො දුරලයි. සඞ්ඝ තෙම ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්‍ෂුහට සඞ්ඝයා සමග සම්භෝග නැති, ඒ ලාමක දෘෂ්ටිය නො දුරලීමෙහි උක්ඛේපනීය කර්‍මය කරයි. ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්‍ෂුහට සඞ්ඝයා සමග ධර්‍මාමිෂ සම්භෝග නැති, ලාමක දෘෂ්ටිය නො දුරලීමෙහි උක්ඛේපනීයකර්‍මය කිරීම යම් ආයුෂ්මතකුට රුචි වේ නම්, හෙ තෙම නිශ්ශබ්ද වේවා, යමකුට රුචි නොවේ නම් හෙ තෙම් කියාවා.
Pali BJTකතං සඞ්ඝෙන අරිට්ඨස්ස භික්ඛුනො ගද්ධබාධිපුබ්බස්ස පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං අසම්භොගං සඞ්ඝෙන. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJTසඞ්ඝයා විසින් ගද්ධබාධිපුඛබ අරිට්ඨ භික්‍ෂුහට සඞ්ඝයා සමග සම්භෝග නැති, ලාමක දෘෂ්ටිය නො දුරලීමේ උක්ඛේපනීය කර්‍මය කරණ ලදී. සංඝයාට එය අභිමත යි. එහෙයින් නිශ්ශබ්ද යි. මෙය මෙසේ පිළිගණිමි” යි.
Pali BJT10. ආවාසපරම්පරඤ්ච භික්ඛවෙ සංසථ, “අරිට්ඨො භික්ඛු ගද්ධබාධිපුබ්බො සඞ්ඝෙන පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මකතො අසම්භොගං සඞ්ඝෙනා”ති.
Sinhala BJT10. මහණෙනි, ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්‍ෂුහට සංඝයා සමග සම්භෝග නැති, ලාමක දෘෂ්ටිය නො දුරැලීමෙහි උක්ඛේපනීය කර්‍මය කරණ ලද්දේ යැයි ආවාසයක් පාසා ද දන්වව්.
Pali BJTඅධම්මකම්මද්වාදසකං
Sinhala BJTඅධර්‍මකර්‍ම දොළොස
Pali BJT1. තීහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතං පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ, උක්ඛෙපනීයකම්මං අධම්මකම්මඤ්ච හොති අවිනයකම්මඤ්ච දුවූපසන්තඤ්ච: අසම්මුඛා කතං හොති, අපටිපුච්ඡා කතං හොති, අපටිඤ්ඤාය කතං හොති. ඉමෙහි ඛො භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතං පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං අධම්මකම්මඤ්ච හොති අවිනයකම්මඤ්ච දුවූපසන්තඤ්ච.
Sinhala BJT1. මහණෙනි, ලාමක දෘෂ්ටිය නො දුරලීමෙහි කළ අඞ්ග තුණෙකින් යුත් උක්ඛේපනීය කර්‍මය නො දැහැමි කමෙක් ද වෙයි. අවිනය කමෙක් ද නො සංහිඳුනෙක් ද වෙයි. නො හමුවෙහි කරණ ලද්දේ වේ ද, නො පිළිවිස කරණ ලද්දේ වේ ද, පිළිණ නොගෙණ කරණ ලද්දේ වේ ද, මහණෙනි, ලාමක දෘෂ්ටිය නො දුරලීමේ කළ මේ අඞ්ග තුණින් යුතු උක්ඛේපනීය කර්‍මය නොදැහැමිකමෙක් ද වෙයි. අවිනයකමෙක් ද වෙයි. නො සංහිඳුනෙක් ද වෙයි.
Pali BJT2. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතං පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ, උක්ඛෙපනීයකම්මං අධම්මකම්මඤ්ච හොති අවිනයකම්මඤ්ච දුවූපසන්තඤ්ච: අනාපත්තියා කතං හොති, අදෙසනාගාමිනියා ආපත්තියා කතං හොති, දෙසිතාය ආපත්තියා කතං හොති -පෙ-
Sinhala BJT2. මහණෙනි, ලාමක දෘෂ්ටිය නොදුරලීමෙහි අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් යුක්ත උක්ඛේපනීය කර්‍මය නොදැහැමිකමෙක් ද වෙයි. අවිනය කමෙක් ද වෙයි. නො සංහිඳුනක් ද වෙයි. නො ඇවැතෙහි කරණ ලද්දේ වේ ද, දෙසීමෙන් පිරිසිදු නොවන ඇවැතෙහි කරණ ලද්දේ වේ ද, ඇවැත දෙසූ කල්හි කරණ ලද්දේ වේ ද ...
Pali BJT3. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- අචොදෙත්වා කතං හොති, අසාරෙත්වා කතං හොති, ආපත්තිං අනාරොපෙත්වා කතං හොති -පෙ-
Sinhala BJT3. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් ... චෝදනා නො කොට කරණ ලද ද, සිහිපත් නො කරවා කරණ ලද ද, ඇවැතට නොනංවා කරණ ලද ද ...
Pali BJT4. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- අසම්මුඛා කතං හොති, අධම්මෙන කතං හොති, වග්ගෙන කතං හොති -පෙ-
Sinhala BJT4. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් ... නො හමුවෙහි කරණ ලද්දේ වේ ද, නො දැහැමින් කරණ ලද්දේ වේ ද, ව්‍යග්‍ර වූ සඞ්ඝයා විසින් කරණ ලද්දේ වේ ද ...
Pali BJT5. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- අපටිපුච්ඡා කතං හොති, අධම්මෙන කතං හොති, වග්ගෙන කතං හොති -පෙ-
Sinhala BJT5. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් ... නො පිළිවිස කරණ ලද්දේ වේ ද නො දැහැමින් කරණ ලද්දේ වේ ද, ව්‍යග්‍ර වූ සඞ්ඝයා විසින් කරණ ලද්දේ වේ ද ...
Pali BJT6. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- අපටිඤ්ඤාය කතං හොති, අධම්මෙන කතං හොති, වග්ගෙන කතං හොති -පෙ-
Sinhala BJT6. මහණෙනි, අන්‍ය වූ අඞ්ග තුණෙකින් ... පිළිණ නො ගෙණ කරණ ලද්දේ වේ ද, නො දැහැමින් කරණ ලද්දේ වේ ද, ව්‍යග්‍ර වූ සඞ්ඝයා විසින් කරණ ලද්දේ වේ ද ...
Pali BJT7. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- අනාපත්තියා කතං හොති, අධම්මෙන කතං හොති, වග්ගෙන කතං හොති -පෙ-
Sinhala BJT7. මහණෙනි, අන්‍ය වූ අඞ්ග තුණෙකින් ... නො ඇවැතෙහි කරණ ලද්දේ වේ ද, නොදැහැමින් කරණ ලද්දේ වේ ද, ව්‍යග්‍ර වූ සඞ්ඝයා විසින් කරණ ලද්දේ වේ ද ...
Pali BJT8. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- අදෙසනාගාමිනියා ආපත්තියා කතං හොති, අධම්මෙන කතං හොති, වග්ගෙන කතං හොති -පෙ-
Sinhala BJT8. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් ... දෙසීමෙන් පිරිසිදු නොවන ඇවැතෙහි කරණ ලද්දේ වේ ද, නොදැහැමින් කරණ ලද්දේ වේ ද, ව්‍යග්‍ර වූ සඞ්ඝයා විසින් කරණ ලද්දේ වේ ද ...
Pali BJT9. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- දෙසිතාය ආපත්තියා කතං හොති, අධම්මෙන කතං හොති, වග්ගෙන කතං හොති -පෙ-
Sinhala BJT9. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් ... ඇවැත දෙසූ කල්හි කරණ ලද ද, නො දැහැමින් කරණ ලද ද, ව්‍යග්‍ර වූ සඞ්ඝයා විසින් කරණ ලද ද ...
Pali BJT10. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- අචොදෙත්වා කතං හොති, අධම්මෙන කතං හොති, වග්ගෙන කතං හොති -පෙ-
Sinhala BJT10. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් ... චෝදනා නොකොට කරණ ලද්දේ වේ ද, නො දැහැමින් කරණ ලද්දේ වේ ද, ව්‍යග්‍ර වූ සඞ්ඝයා විසින් කරණ ලද්දේ වේ ද ...
Pali BJT11. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- අසාරෙත්වා කතං හොති, අධම්මෙන කතං හොති, වග්ගෙන කතං හොති -පෙ-
Sinhala BJT11. මහණෙනි, අන්‍ය වූද අඞ්ග තුණෙකින් යුතු ... සිහිපත් නො කරවා කරණ ලද්දේ වේ ද, නොදැහැමින් කරණ ලද්දේ වේ ද, ව්‍යග්‍ර වූ සඞ්ඝයා විසින් කරණ ලද්දේ වේ ද ...
Pali BJT12. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- ආපත්තිං අනාරොපෙත්වා කතං හොති, අධම්මෙන කතං හොති, වග්ගෙන කතං හොති. ඉමෙහි ඛො භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතං පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං අධම්මකම්මඤ්ච හොති අවිනයකම්මඤ්ච දුවූපසන්තඤ්ච.
Sinhala BJT12. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් යුතු, ලාමක දෘෂ්ටිය නො දුරලීමෙහි කළ උක්ඛේපනීය කර්‍මය නොදැහැමිකමෙක් ද වෙයි. අවිනය කමෙක් ද වෙයි. නොසංහිඳුනෙක් ද වෙයි. ඇවැත නො නංවා කරණ ලද්දේ වේ ද, නොදැහැමින් කරණ ලද්දේ වේ ද, ව්‍යග්‍ර වූ සඞ්ඝයා විසින් කරණ ලද්දේ වේ ද මහණෙනි, මෙ අඞ්ග තුණෙන් යුක්ත වූ ලාමක දෘෂ්ටිය නො දුරලීමෙහි කළ උක්ඛේපනීය කර්‍මය නොදැහැමිකමෙක් ද වෙයි. අවිනය කමෙක් ද වෙයි. නො සංහිඳුනෙක් ද වෙයි.
Pali BJTඅධම්මකම්මද්වාදසකං නිට්ඨිතං.
Sinhala BJTඅධර්‍මකම් දොළොස නිමි.
Pali BJTධම්මකම්මද්වාදසකං
Sinhala BJTධර්‍මකම් දොළොස
Pali BJT1. තීහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතං පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං ධම්මකම්මඤ්ච හොති විනයකම්මඤ්ච සුවුපසන්තං ච: සම්මුඛා කතං හොති, පටිපුච්ඡා කතං හොති, පටිඤ්ඤාය කතං හොති. ඉමෙහි ඛො භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතං පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං ධම්මකම්මඤ්ච හොති විනයකම්මඤ්ච සුවුපසන්තං ච:
Sinhala BJT1. මහණෙනි, අඞ්ග තුණෙකින් යුක්ත වූ ලාමක දෘෂ්ටියනොදුරලීමෙහි කළ උක්ඛේපනීය කර්‍මය දැහැමිකමෙක් ද වෙයි, විනයකමෙක් ද වෙයි, මනා ව සංහිඳුනෙක් ද වෙයි: හමුවෙහි කරණ ලද්දේ වේ ද, පිළිවිස කරණ ලද්දේ වේ ද, පිළිණගෙණ කරණ ලද්දේ වේද, මහණෙනි, මේ අඞ්ග තුණෙන් යුතු ලාමක දෘෂ්ටිය නොදුරලීමේ උක්ඛේපනීය කර්‍මය දැහැමිකමෙක් ද වෙයි. විනයකමෙක් ද වෙයි. මනා ව සංහිඳුනෙක් ද වෙයි.
Pali BJT2. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතං පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං ධම්මකම්මඤ්ච හොති, විනයකම්මඤ්ච සුවුපසන්තං ච: ආපත්තියා කතං හොති, දෙසනාගාමිනියා ආපත්තියා කතං හොති, අදෙසිතාය ආපත්තියා කතං හොති -පෙ-
Sinhala BJT2. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් යුතු ලාමක දෘෂ්ටිය නොදුරලීමේ උක්ඛේපනීය කර්‍මය දැහැමිකමෙක් ද වෙයි, විනයකමෙක් ද මනා ව සංසිඳුනෙක් ද වෙයි: ඇවත ඇති කල්හි කරණ ලද ද, දෙසීමෙන් පිරිසිදු වන ඇවැතෙහි කරණ ලද ද, ඇවැත නො දෙසූ කල්හි කරණ ලද ද ...
Pali BJT3. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- චොදෙත්වා කතං හොති, සාරෙත්වා කතං හොති, ආපත්තිං ආරොපෙත්වා කතං හොති -පෙ-
Sinhala BJT3. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් යුත් ... චෝදනා කොට කරණ ලද ද, සිහිපත් කරවා කරණ ලද ද, ඇවැත නංවා කරණලද ද ...
Pali BJT4. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- සම්මුඛා කතං හොති, ධම්මෙන කතං හොති, සමග්ගෙන කතං හොති -පෙ-
Sinhala BJT4. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් යුත් ... හමුවෙහි කරණලද ද, දැහැමින් කරණලද ද සමග වූ සඞ්ඝයා විසින් කරණ ලද ද ...
Pali BJT5. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- පටිපුච්ඡා කතං හොති, ධම්මෙන කතං හොති, සමග්ගෙන කතං හොති -පෙ-
Sinhala BJT5. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් යුත් ... පිළිවිස කරණ ලද ද, දැහැමින් කරණ ලද ද සමග වූ සඞ්ඝයා විසින් කරණ ලද ද ...
Pali BJT6. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- පටිඤ්ඤාය කතං හොති, ධම්මෙන කතං හොති, සමග්ගෙන කතං හොති -පෙ-
Sinhala BJT6. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් යුත් ... පිළිණ ගෙණ කරණ ලද ද, දැහැමින් කරණ ලද ද, සමග වූ සඞ්ඝයා විසින් කරණ ලද ද ...
Pali BJT7. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- ආපත්තියා කතං හොති, ධම්මෙන කතං හොති, සමග්ගෙන කතං හොති -පෙ-
Sinhala BJT7. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් යුත් ... ඇවැත ඇති කල්හි කරණ ලද ද, දැහැමින් කරණ ලද ද, සමග වූ සඞ්ඝයා විසින් කරණ ලද ද ...
Pali BJT8. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- දෙසනාගාමිනියා ආපත්තියා කතං හොති, ධම්මෙන කතං හොති, සමග්ගෙන කතං හොති -පෙ-
Sinhala BJT8. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් යුත් ... දෙසීමෙන් පිරිසිදු වන ඇවැතෙහි කරණ ලද ද, දැහැමින් කරණ ලද ද, සමගි වූ සඞ්ඝයා විසින් කරණ ලද ද ...
Pali BJT9. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- අදෙසිතාය ආපත්තියා කතං හොති, ධම්මෙන කතං හොති, සමග්ගෙන කතං හොති -පෙ-
Sinhala BJT9. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් යුත් ... දෙසූ ඇවැතෙහි කරණ ලද ද, දැහැමින් කරණ ලද ද, සමග වූ සඞ්ඝයා විසින් කරණ ලද ද ...
Pali BJT10. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- චොදෙත්වා කතං හොති, ධම්මෙන කතං හොති, සමග්ගෙන කතං හොති -පෙ-
Sinhala BJT10. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් යුත් ... චෝදනා කොට කරණ ලද ද, දැහැමින් කරණ ලද ද, සමග වූ සඞ්ඝයා විසින් කරණ ලද ද ...
Pali BJT11. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- සාරෙත්වා කතං හොති, ධම්මෙන කතං හොති, සමග්ගෙන කතං හොති -පෙ-
Sinhala BJT11. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් යුත් ... සිහිපත් කරවා කරණ ලද ද, දැහැමින් කරණ ලද ද, සමග වූ සඞ්ඝයා විසින් කරණ ලද ද ...
Pali BJT12. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- ආපත්තිං ආරොපෙත්වා කතං හොති, ධම්මෙන කතං හොති, සමග්ගෙන කතං හොති. ඉමෙහි ඛො භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතං පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං ධම්මකම්මඤ්ච හොති, විනයකම්මඤ්ච, සුවුපසන්තඤ්ච:
Sinhala BJT12. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් යුත් ... ලාමක දෘෂ්ටිය නො දුරැලීමෙහි කළ උක්ඛේපනීය කර්‍මය දැහැමිකමෙක් ද වෙයි. විනය කමෙක් ද වෙයි. මනා ව සංහිඳුනෙක් ද වෙයි. ඇවැත නංවා කරණ ලද ද, දැහැමින් කරණ ලද ද, සමග වූ සඞ්ඝයා විසින් කරණ ලද ද, මහණෙනි, මේ අඞ්ග තුණින් යුත්, ලාමක දෘෂ්ටිය නො දුරලීමෙහි කළ උක්ඛේපනීය කර්‍මය දැහැමි කමෙක් ද වෙයි. විනය කමෙක් ද වෙයි. මනාව සංහිඳුනෙක් ද යෙයි.
Pali BJTධම්මකම්මද්වාදසකං නිට්ඨිතං.
Sinhala BJTදැහැමිකම් දොළොස නිමි.
Pali BJTආකඞ්ඛමානඡක්කං
Sinhala BJTආකඞ්ඛමාන ෂටකය
Pali BJT1. තීහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආකඞ්ඛමානො සඞ්ඝො පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං කරෙය්ය: භණ්ඩනකාරකො හොති කලහකාරකො විවාදකාරකො භස්සකාරකො සඞ්ඝෙ අධිකරණකාරකො, බාලො හොති අව්යත්තො ආපත්තිබහුලො අනපදානො, ගිහීසංසට්ඨො විහරති අනනුලොමිකෙහි ගිහීසංසග්ගෙහි, ඉමෙහි ඛො භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආකඞ්ඛමානො සඞ්ඝො පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං කරෙය්ය.
Sinhala BJT1. මහණෙනි, අඞ්ග තුණෙකින් යුක්ත භික්‍ෂුහට සංඝ තෙම කැමැති වන්නේ නම් ලාමක දෘෂ්ටිය නො දුරැලීමෙහි උක්ඛේපනීය කර්‍මය කරන්නේ ය ඩබර කරන්නේ කලහ කරන්නේ විරුද්ධවාද ඇති කරන්නේ වාක්කලහ කරන්නේ සංඝයා විෂයෙහි අධිකරණ ඉදිරිපත් කරන්නේ වේ ද, අඥ වූයේ නොවියත් වූයේ ඇවැත් බහුල කොට ඇත්තේ කෙළවරක් නැති ඇවැත් ඇත්තේ වේ ද, ගිහියන් හා එකට ගැටුනේ අනුලොම් නො වූ ගිහීසංර්‍ගයෙන් යුක්ත වැ වසයි ද මහණෙනි, මේ අඞ්ග තුණින් යුතු මහණහට සංඝ තෙම් කැමැති නම් ලාමක දෘෂ්ටිය නො දුරලීමෙහි උක්ඛේපනීය කර්‍මය කරන්නේ ය.
Pali BJT2. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආකඞ්ඛමානො සඞ්ඝො පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං කරෙය්ය: අධිසීලෙ සීලවිපන්නො හොති, අජ්ඣාචාරෙ ආචාරවිපන්නො හොති, අතිදිට්ඨියා දිට්ඨිවිපන්නො හොති. ඉමෙහි ඛො භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආකඞ්ඛමානො සඞ්ඝො පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං කරෙය්ය.
Sinhala BJT2. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් යුත් මහණහට සංඝ තෙම කැමැති නම් ලාමක දෘෂ්ටිය නො දුරැලීමේ උක්ඛේපනීය කර්‍මය කරන්නේ ය: උත්තම ශීලයෙහි නටුවාවූ සිල් ඇත්තේ ද, උතුම් ආචාරයෙහි නටුවාවූ ආචාර ඇත්තේ ද, උතුම් සම්‍යදෘෂ්ටියෙහි විපන් දිටු ඇත්තේ ද, මහණෙනි, මේ අඞ්ග තුණින් යුත් මහණහට සංඝ තෙම කැමැති නම් ලාමක දෘෂ්ටිය නො දුරැලීමෙහි උක්ඛේපනීය කර්‍මය කරන්නේ ය.
Pali BJT3. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආකඞ්ඛමානො සඞ්ඝො පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං කරෙය්ය: බුද්ධස්ස අවණ්ණං භාසති, ධම්මස්ස අවණ්ණං භාසති, සඞ්ඝස්ස අවණ්ණං භාසති, ඉමෙහි ඛො භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආකඞ්ඛමානො සඞ්ඝො පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං කරෙය්ය.
Sinhala BJT3. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් යුත් මහණහට සංඝ තෙම කැමැති නම් ලාමක දෘෂ්ටිය නො දුරලීමෙහි උක්ඛේපනීය කර්‍මය කරන්නේ ය: බුදුරුවන්හි අයුණු කියයි ද, දමුරුවන්හි අයුණු කියයි ද, සඟුරුවන්හි අයුණු කියයි ද, මහණෙනි, මේ අඞ්ග තුණින් යුත් මහණහට සංඝ තෙම කැමැති නම් ලාමක දෘෂ්ටිය නො දුරැලීමෙහි උක්ඛේපනීය කර්‍මය කරන්නේ ය.
Pali BJT4. තිණ්ණං භික්ඛවෙ භික්ඛූනං ආකඞ්ඛමානො සඞ්ඝො පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං කරෙය්ය: එකො භණ්ඩනකාරකො හොති කලහකාරකො විවාදකාරකො භස්සකාරකො සඞ්ඝෙ අධිකරණකාරකො, එකො බාලො හොති අව්යත්තො ආපත්තිබහුලො අනපදානො, එකො ගිහීසංසට්ඨො විහරති අනනුලොමිකෙහි ගිහීසංසග්ගෙහි. ඉමෙසං ඛො භික්ඛවෙ තිණ්ණං භික්ඛූනං ආකඞ්ඛමානො සඞ්ඝො පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං කරෙය්ය.
Sinhala BJT4. මහණෙනි, භික්‍ෂූන් තිදෙනකුන්හට සංඝ තෙම කැමැති නම් පාපදෘෂ්ටිය නො දුරලීමෙහි උක්ඛේපනීය කර්‍මය කරන්නේය: එක් මහණෙක් ඩබර කරන්නේ කලහ කරන්නේ විරුද්ධවාද ඇතිකරන්නේ වාක්කලහ කරන්නේ සංඝයා හමුවේ අධිකරණ කරන්නේ වේ ද, එක් මහණෙක් බාල වූයේ නො වියත් වූයේ ඇවැත් බහුල කොට ඇත්තේ සීමාරහිත ඇවැත් ඇත්තේ වේ ද, එක් මහණෙක් ගිහියන් හා එකට ගැටුනේ අනුලොම් නොවූ ගිහීසංසර්‍ගයෙන් යුක්ත වූයේ වෙසෙයි ද, මහණෙනි, මේ භික්‍ෂූන් තිදෙනාට සංඝතෙම කැමැති නම් පාපදෘෂ්ටිය නො දුරලීමේ උක්ඛේපනීය කර්‍මය කරන්නේ ය.
Pali BJT5. අපරෙසම්පි භික්ඛවෙ තිණ්ණං භික්ඛූනං ආකඞ්ඛමානො සඞ්ඝො පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං කරෙය්ය: එකො අධිසීලෙ සීලවිපන්නො හොති, එකො අජ්ඣාචාරෙ ආචාරවිපන්නො හොති, එකො අතිදිට්ඨියා දිට්ඨිවිපන්නො හොති. ඉමෙසං ඛො භික්ඛවෙ තිණ්ණං භික්ඛූනං ආකඞ්ඛමානො සඞ්ඝො පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං කරෙය්ය.
Sinhala BJT5. මහණෙනි, අන්‍ය වූ ද භික්‍ෂූන් තිදෙනකුන්හට සංඝ තෙම කැමැති නම් පාපදෘෂ්ටිය නො දුරලීමේ උක්ඛේපනීය කර්‍මය කරන්නේ ය: එක් මහණෙක් උත්තමශීලයෙහි විපන් සිල් ඇත්තේ ද, උත්තමාචාරයෙහි නටුවා වූ ආචාර ඇත්තේ ද, එක් මහණෙක් උතුම් දෘෂ්ටියෙහි නටුවා වූ දිටු ඇත්තේ වේ ද, මහණෙනි, මේ භික්‍ෂූන් තිදෙනාට සංඝ තෙම කැමැති නම් පාපදෘෂ්ටිය නො දුරලීමේ උක්ඛේපනීය කර්‍මය කරන්නේ ය.
Pali BJT6. අපරෙසම්පි භික්ඛවෙ තිණ්ණං භික්ඛූනං ආකඞ්ඛමානො සඞ්ඝො පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං කරෙය්ය: එකො බුද්ධස්ස අවණ්ණං භාසති, එකො ධම්මස්ස අවණ්ණං භාසති, එකො සඞ්ඝස්ස අවණ්ණං භාසති. ඉමෙසං ඛො භික්ඛවෙ තිණ්ණං භික්ඛූනං ආකඞ්ඛමානො සඞ්ඝො පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සගෙ උක්ඛෙපනීයකම්මං කරෙය්ය.
Sinhala BJT6. මහණෙනි, අන්‍ය වූ ද භික්‍ෂූන් තිදෙනකුන්හට සංඝ තෙම කැමැති නම් පාපදෘෂ්ටිය නො දුරලීමේ උක්ඛේපනීය කර්‍මය කරන්නේ ය: එක් මහණෙක් බුදුරුවන්හි අගුණ කියයි ද, එක් මහණෙක් දමුරුවන්හි අගුණ කියයි ද, එක් මහණෙක් සඟුරුවන්හි අගුණ කියයි ද, මහණෙනි, මේ භික්‍ෂූන් තිදෙනාට සංඝ තෙම කැමැති නම්, පාපදෘෂ්ටිය නො දුරලීමෙහි උක්ඛේපනීය කර්‍මය කරන්නේ ය.
Pali BJTපාපිකාය දිට්ඨියා අප්පටිනිස්සගෙ උක්ඛෙපනීයකම්මෙ ආකඞ්ඛමානඡක්කං නිට්ඨිතං.
Sinhala BJTලාමක දෘෂ්ටිය නො දුරලීමේ උක්ඛේපනීය කර්‍මයෙහි ආකඞ්ඛමාන ෂට්කය නිමි.
Pali BJTතෙචත්තාළීසවත්තං
Sinhala BJTතෙසාළිස්වත
Pali BJT1. පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මකතෙන භික්ඛවෙ භික්ඛුනා සම්මා වත්තිතබ්බං. තත්රායං සම්මා වත්තනා: න උපසම්පාදෙතබ්බං, න නිස්සයො දාතබ්බො, න සාමණෙරො උපට්ඨාපෙතබ්බො, න භික්ඛුනොවාදකසම්මුති සාදිතබ්බා, සම්මතෙනාපි භික්ඛුනියො න ඔවදිතබ්බා, යාය ආපත්තියා සඞ්ඝෙන, පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං කතං හොති සා ආපත්ති න ආපජ්ජිතබ්බා, අඤ්ඤා වා තාදිසිකා, තතො වා පාපිට්ඨතරා, කම්මං න ගරහිතබ්බං, කම්මිකා න ගරහිතබ්බා, -පෙ- න පකතත්තස්ස භික්ඛුනො උපොසථො ඨපෙතබ්බො, න පවාරණා ඨපෙතබ්බා, න සවචනීයං කාතබ්බං, න අනුවාදො පට්ඨපෙතබ්බො, න ඔකාසො කාරෙතබ්බො, න චොදෙතබ්බො, න සාරෙතබ්බො, න භික්ඛූහි සම්පයොජෙතබ්බන්ති.
Sinhala BJT1. මහණෙනි, පාපදෘෂ්ටිය නො දුරලීමෙහි උක්ඛේපනීය කර්‍මය කරණු ලැබූ මහණ විසින් මැනැවින් පැවැතිය යුතුයි. එහි මේ මනා ව පැවැත්ම යි: (තමා උපාද්ධ්‍යාය ව) උපසම්පදා නො කළ යුතු යි. නිස නො දිය යුතු යි. හෙරණකු ලවා උවටැන් නො කරවා ගත යුතු යි. මෙහෙණිනට ඔවා දීමේ සම්මතිය නො ඉවසිය යුතු යි. සම්මතිය ලදුයේත් මෙහෙණිනට ඔවා නො දිය යුතු යි. යම් ඇවැතකින් සංඝයා විසින් ලාමක දෘෂ්ටිය නො දුරලීමෙහි උක්ඛේපනීය කර්‍මය කරණ ලද ද ඒ ඇවැතට නො පැමිණිය යුතු යි. එවැනි අන් ඇවැතකට හෝ නො පැමිණිය යුතු යි. එයට වැඩි ලාමක ඇවැතකට හෝ නො පැමිණිය යුතු යි. කර්‍මය නො ගැරැහිය යුතු යි. කර්‍මය කළවුනට නො ගැරහිය යුතු යි ... පුවතත් මහණහුගේ පොහොය තැබීම නො කළ යුතු යි. පවාරණය නො තැබිය යුතු යි. සවචනීය කම් නො කළ යුතු යි. විහාරයෙහි අධිපතිබව්හි නො සිටිය යුතු යි. අවසර ගැණීම නො කරවිය යුතු යි. චෝදනා නො කළ යුතු යි. ඇවැත් සිහිපත් කරවීම නො කළ යුතු යි. භික්‍ෂූන් ඔවුනොවුන් කලහයට නො යෙදවිය යුතු යි.
Pali BJTපාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මෙ තෙචත්තාළීසවත්තං නිට්ඨිතං.
Sinhala BJTපාපදෘෂ්ටිය නො දුරලීමේ උක්ඛේපනීය කර්‍මයෙහි තෙසාළිස් වත නිමි.
Pali BJT1. අථ ඛො සඞ්ඝො අරිට්ඨස්ස භික්ඛුනො ගද්ධබාධිපුබ්බස්ස පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං අකාසි අසම්භොගං සඞ්ඝෙන. සො සඞ්ඝෙන පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මකතො විබ්භමි.
Sinhala BJT1. ඉක්බිති සංඝ තෙම පෙර ගිජුලිහිණියන් මැරූ කුලයෙහි උපන් අරිට්ඨ භික්‍ෂුහට පාපදෘෂ්ටිය නො බැහැරලීමෙහි සංඝයා සමග සම්භෝග නැති උක්ඛේපනීය කර්‍මය කළේ ය. ඒ අරිට්ඨ භික්‍ෂු තෙම සංඝයා විසින් පාපදෘෂ්ටිය නො බැහැරලීමෙහි උක්ඛේපනීය කර්‍මය කරණු ලැබුයේ සිවුරු හැර ගියේ ය.
Pali BJT2. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම අරිට්ඨො භික්ඛු ගද්ධබාධිපුබ්බො සඞ්ඝෙන පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මකතො විබ්භමිස්සතී”ති. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT2. අපිස්සතොස් ගුණ ඇති, පවට පිළිකුල් කරන, හික්මෙනු කැමැති යම් ඒ භික්‍ෂූහු වෙත් ද, ඔහු “ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්‍ෂුතෙම සංඝයා විසින් පාපදෘෂ්ටිය නො බැහැරලීමෙහි උක්ඛේපනීය කර්‍මය කරණ ලද්දේ කෙසේ නම් සිවුරු හැර ගියේ දැ යි” අවඥා කෙරෙත්. දොස් කියත්. නුගුණ පතුරුවත්, ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළකළහ.
Pali BJT3. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා භික්ඛූ පටිපුච්ඡි: “සච්චං කිර භික්ඛවෙ අරිට්ඨො භික්ඛු ගද්ධබාධිපුබ්බො සඞ්ඝෙන පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මකතො විබ්භමී”ති “සච්චං භගවා”.
Sinhala BJT3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි භික්‍ෂු සංඝයා රැස් කරවා, “මහණෙනි, ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්‍ෂු තෙම සංඝයා විසින් පාපදෘෂ්ටිය නො බැහැරලීමෙහි උක්ඛේපනීය කර්‍මය කරණු ලැබුයේ සිවුරු හැර ගියේ ය යනු සැබෑ දැ” යි විචාළ සේක. “භාග්‍යවතුන් වහන්ස, සැබෑ යැ” යි (භික්‍ෂූහු පිළිතුරු දුන්හ.)
Pali BJT4. විගරහි බුද්ධො භගවා: “අනනුච්ඡවිකං -පෙ- කථං හි නාම සො භික්ඛවෙ මොඝපුරිසො සඞ්ඝෙන පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මකතො විබ්භමිස්සති. නෙතං භික්ඛවෙ, අප්පසන්නානං වා පසාදාය -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “තෙන හි භික්ඛවෙ සඞ්ඝො පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං පටිප්පස්සම්භෙතු”.
Sinhala BJT4. “මහණෙනි, නුසුදුස්සෙක ... කෙසේ නම් ඒ හිස් පුරුෂ තෙම සංඝයා විසින් පාපදෘෂ්ටිය නො බැහැරලීමේ උක්ඛේපනීය කර්‍මය කරණ ලද්දේ සිවුරු හැර ගියේ ද” මහණෙනි, මෙය නොපහන් වුවන්ගේ පැහැදීම පිණිස ... නො වේ යැ යි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ වෙසෙසින් ගැරහූ සේක. ගරහා දැහැමි කථා කොට භික්‍ෂූන් ඇමතූ සේක: “මහණෙනි, එසේ නම් සංඝ තෙම පාපදෘෂ්ටිය නො බැහැරලීමේ උක්ඛේපනීය කර්‍මය සංහිඳුවාවා.
Pali BJT5. පඤ්චහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං න පටිප්පස්සම්භෙතබ්බං: උපසම්පාදෙති, නිස්සයං දෙති, සාමණෙරං උපට්ඨාපෙති, භික්ඛුනොවාදකසම්මුතිං සාදියති, සම්මතො’පි භික්ඛුනියො ඔවදති. ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සගෙ උක්ඛෙපනීයකම්මං න පටිප්පස්සම්භෙතබ්බං.
Sinhala BJT5. මහණෙනි, අඞ්ග පසෙකින් යුක්ත භික්‍ෂුහුගේ පාපදෘෂ්ටිය නො දුරලීමෙහි උක්ඛේපනීය කර්‍මය නො සංහිඳුවිය යුතු යි. උපසම්පදා කරයි ද, නිස දෙයි ද, හෙරණකු ලවා උවටන් කරවා ගණි ද, මෙහෙණිනට ඔවා දීමේ සම්මතිය ඉවසයි ද, සම්මතිය ලදුවත් මෙහෙණනට ඔවා දෙයි ද, මහණෙනි, මේ පසඟින් යුතු මහණහට පාපදෘෂ්ටිය නො බැහැරලීමේ උක්ඛේපනීය කර්‍මය නො සංහිඳුවිය යුතු යි.
Pali BJT6. අපරෙහිපි භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං න පටිප්පස්සම්භෙතබ්බං: යාය ආපත්තියා සඞ්ඝෙන පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං කතං හොති තං ආපත්තිං ආපජ්ජති, අඤ්ඤං වා තාදිසිකං, තතො වා පාපිට්ඨතරං, කම්මං ගරහති, කම්මිකෙ ගරහති. ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං න පටිප්පස්සම්භෙතබ්බං.
Sinhala BJT6. මහණෙනි, අනෙකුදු අඞ්ග පසෙකින් යුත් මහණහුගේ පාපදෘෂ්ටිය නො බැහැරලීමෙහි උක්ඛේපනීය කර්‍මය නො සංහිඳුවිය යුතු යි. යම් ඇවැතෙකින් සංඝයා විසින් පාපදෘෂ්ටිය නො බැහැරලීමෙහි උක්ඛේපනීය කර්‍මය කරණ ලද නම් ඒ ඇවැතට පැමිණෙයි ද, එබඳු අන් ඇවැතකට හෝ පැමිණෙයි ද, එයටත් වඩා ලාමක ඇවැතකට හෝ පැමිණෙයි ද, කර්‍මයට ගරහයි ද, කර්‍මය කළවුනට ගරහයි ද, මහණෙනි, මේ අඞ්ග පසින් යුත් මහණහුගේ පාපදෘෂ්ටිය නො බැහැරලීමේ උක්ඛේපනීය කර්‍මය නො නැවැත්විය යුතු යි.
Pali BJT7. අට්ඨහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං න පටිප්පස්සම්භෙතබ්බං: පකතත්තස්ස භික්ඛුනො උපොසථං ඨපෙති, පවාරණං ඨපෙති, සවචනීයං කරොති, අනුවාදං පට්ඨපෙති, ඔකාසං කාරෙති, චොදෙති, සාරෙති, භික්ඛූහි සම්පයොජෙති. ඉමෙහි ඛො භික්ඛවෙ අට්ඨහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං න පටිප්පස්සම්භෙතබ්බං.
Sinhala BJT7. මහණෙනි, අඞ්ග අටෙකින් යුත් මහණහුගේ පාපදෘෂ්ටිය නො බැහැරලීමේ උක්ඛේපනීය කර්‍මය නො සංහිඳුවිය යුතු යි. පුවතත් මහණහුගේ පොහොය තබයි ද, පවාරණය තබයි ද, සවචනීය කම් කරයි ද, විහාරයෙහි අධිපති බව්හි සිටියි ද, අවසර ගැණීම කරවයි ද, චෝදනා කරයි ද, ඇවැත් සිහිපත් කරවයි ද, භික්‍ෂූන් ඔවුනොවුන් කලහ පිණිස යොදවයි ද, මහණෙනි, මේ පසඟින් යුත් මහණහුගේ පාපදෘෂ්ටිය නොබැහැරලීමේ උක්ඛේපනීය කර්‍මය නො සංහිඳුවිය යුතු යි.
Pali BJTපාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මෙ නපටිප්පස්සම්භෙතබ්බ අට්ඨාරසකං නිට්ඨිතං.
Sinhala BJTපාපදෘෂ්ටිය නොබැහැරලීමේ උක්ඛේපනීය කර්‍මයෙහි නො සංහිඳුවිය යුතු අංග අටොළොස නිමි.
Pali BJTපටිප්පස්සම්භෙතබ්බඅට්ඨාරසකං
Sinhala BJTසංහිඳුවියයුතු අංග අටොළොස
Pali BJT1. පඤ්චහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං පටිප්පස්සම්භෙතබ්බං: න උපසම්පාදෙති, න නිස්සයං දෙති, න සාමණෙරං උපට්ඨාපෙති, න භික්ඛුනොවාදකසම්මුතිං සාදියති, සම්මතොපි භික්ඛුනියො න ඔවදති. ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං පටිප්පස්සම්භෙතබ්බං.
Sinhala BJT1. මහණෙනි, අඞ්ග පසෙකින් යුත් මහණහුගේ පාපදෘෂ්ටිය නොබැහැරලීමෙහි උක්ඛේපනීය කර්‍මය සංහිඳුවිය යුතු යි: උපසම්පදා නො කරයි ද, නිස නො දෙයි ද, හෙරණකු උවටනෙහි නො යොදයි ද, මෙහෙණිනට ඔවා දීමේ සම්මුතිය නො ඉවසයි ද, සම්මුතිය ලදුයේත් මෙහෙණිනට ඔවා නො දෙයි ද, මහණෙනි, මේ පසඟින් යුත් මහණහුගේ පාපදෘෂ්ටිය නොබැහැරලීමේ උක්ඛේපනීය කර්‍මය සංහිඳුවිය යුතු යි.
Pali BJT2. අපරෙහිපි භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං පටිප්පස්සම්භෙතබ්බං. යාය ආපත්තියා සඞ්ඝෙන පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං කතං හොති තං ආපත්තිං න ආපජ්ජති, අඤ්ඤං වා තාදිසිකං, තතො වා පාපිට්ඨතරං, කම්මං න ගරහති, කම්මිකෙ න ගරහති. ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං පටිප්පස්සම්භෙතබ්බං.
Sinhala BJT2. මහණෙනි, අනෙකුදු අඞ්ග පසෙකින් යුත් මහණහුගේ පාපදෘෂ්ටිය නො බැහැරලීමේ උක්ඛේපනීය කර්‍මය සංහිඳුවිය යුතු යි: යම් ඇවැතෙකින් සංඝයා විසින් පාපදෘෂ්ටිය නො බැහැරලීමෙහි උක්ඛේපනීය කර්‍මය කරණ ලද්දේ නම් ඒ ඇවැතට නො පැමිණෙයි ද, එවැනි අන් ඇවැතකට හෝ නො පැමිණෙයි ද, එයටත් වඩා ලාමක ඇවැතකට හෝ නො පැමිණෙයි ද, කර්‍මයට නො ගරහයි ද, කර්‍මය කළවුනට නො ගරහයි ද, මහණෙනි, මේ පසඟින් යුත් මහණහුගේ පාපදෘෂ්ටිය නො බැහැරලීමේ උක්ඛේපනීය කර්‍මය සංහිඳුවිය යුතු යි.
Pali BJT3. අට්ඨහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං පටිප්පස්සම්භෙතබ්බං: න පකතත්තස්ස භික්ඛුනො උපොසථං ඨපෙති, න පවාරණං ඨපෙති, න සවචනීයං කරොති, න අනුවාදං පට්ඨපෙති, න ඔකාසං කාරෙති, න චොදෙති, න සාරෙති, න භික්ඛූහි සම්පයොජෙති. ඉමෙහි ඛො භික්ඛවෙ අට්ඨහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං පටිප්පස්සම්භෙතබ්බං.
Sinhala BJT3. මහණෙනි, අඞ්ග අටෙකින් යුත් මහණහුගේ පාපදෘෂ්ටිය නො බැහැරලීමේ උක්ඛේපනීය කර්‍මය සංහිඳුවිය යුතු යි. පුවතත් මහණක්හුගේ පොහොය නො තබයි ද, පවාරණය නො තබයි ද, සවචනීය කම් නො කරයි ද, විහාරයේ අධිපති බව්හි නො සිටියි ද, අවසර ගැන්වීම නො කරයි ද, චෝදනා නො කරයි ද, ඇවැත් සිහිපත් නො කරවයි ද, භික්‍ෂූන් ඔවුනොවුන් කලහයට නො යොදයි ද, මහණෙනි, මේ අඞ්ග අටින් යුත් මහණහුගේ පාපදෘෂ්ටිය නොබැහැරලීමෙහි උක්ඛේපනීය කර්‍මය සංහිඳුවිය යුතු යි.
Pali BJTපාපිකාය දිට්ඨියා අටිප්පනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මෙ පටිප්පස්සම්භෙතබ්බ අට්ඨාරසකං නිට්ඨිතං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJTපටිප්පස්සම්භනං
Sinhala BJTසංහිඳුවීම
Pali BJT1. එවඤ්ච පන භික්ඛවෙ පටිප්පස්සම්භෙතබ්බං: තෙන භික්ඛවෙ පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මකතෙන භික්ඛුනා සඞ්ඝං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා බුඩ්ඪානං භික්ඛූනං පාදෙ වන්දිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා එවමස්ස වචනීයො:
Sinhala BJT1. මහණෙනි, පාපදෘෂ්ටිය නොබැහැරලීමෙහි වූ උක්ඛේපනීය කර්‍මය මෙසේ සංහිඳුවිය යුතු යි: මහණෙනි, පාපදෘෂ්ටිය නො බැහැරලීමේ උක්ඛේපනීය කර්‍මය කරණු ලැබූ ඒ මහණ විසින් සංඝයා වෙත එළැඹ පොරෝණය ඒකාංශ කොට වැඩිමහලු භික්‍ෂූන් පා වැඳ උත්කුටුකයෙන් හිඳ දෝත් මුදුන තබා වැඳ මෙසේ කිය යුතු යි:
Pali BJT“අහං භන්තෙ සඞ්ඝෙන පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මකතො සම්මා වත්තාමි, ලොමං පාතෙමි, නෙත්ථාරං වත්තාමි. පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ, උක්ඛෙපනීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධිං යාචාමී”ති. දුතියම්පි යාචිතබ්බා. තතියම්පි යාචිතබ්බා.
Sinhala BJT“වහන්ස, මම සඞ්ඝයා විසින් පාපදෘෂ්ටිය නොබැහැරලීමෙහි උක්ඛේපනීය කර්‍මය කරණු ලැබූයෙමි. මනා ව පවතිමි. භික්‍ෂූන් අනුව පවතිමි. නිස්තරණ වතෙහි පවතිමි. පාපදෘෂ්ටිය නො බැහැරලීමෙහි උක්ඛේපනීය කර්‍මයාගේ සංහිඳුවීම යදිමි” යනුයි. දෙවනුත් යැදිය යුතුයි. තෙවනුත් යැදිය යුතු යි.
Pali BJTව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
Sinhala BJTවියත් ප්‍රතිබල මහණහු විසින් සඞ්ඝ තෙම දැන්විය යුතු යි:
Pali BJT“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අයං ඉත්ථන්නාමො භික්ඛු සඞ්ඝෙන පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මකතො සම්මා වත්තති, ලොමං පාතෙති, නෙත්ථාරං වත්තති, පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ, උක්ඛෙපනීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධිං යාචති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො ඉත්ථන්නාමස්ස භික්ඛුනො පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං පටිප්පස්සම්භෙය්ය. එසා ඤත්ති.
Sinhala BJT“වහන්ස, සංඝ තෙම මාගේ වචනය අසාවා. මේ නම් ඇති මේ භික්‍ෂු තෙම සංඝයා විසින් පාපදෘෂ්ටිය නො බැහැරලීමෙහි උක්ඛේපනීය කර්‍මය කරණ ලද්දේ මැනැවින් පවතියි. භික්‍ෂූන් අනුව පවතියි. නිස්තරණ වතෙහි පවතියි. පාපදෘෂ්ටිය නොබැහැරලීමෙහි උක්ඛේපනීය කර්‍මයාගේ සංහිඳුවීම් යදියි. ඉඳින් සංඝයාට පැමිණි කල් ඇත්තේ නම් සංඝ තෙම මේ නම් ඇති භික්‍ෂූහුගේ පාපදෘෂ්ටිය නොබැහැරලීමෙහි උක්ඛේපනීය කර්‍මය සංහිඳුවන්නේ ය. මේ ඤත්තිය යි.
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො: අයං ඉත්ථන්නාමො භික්ඛු සඞ්ඝෙන පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ, උක්ඛෙපනීයකම්මකතො සම්මා වත්තති, ලොමං පාතෙති, නෙත්ථාරං වත්තති. පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධිං යාචති. සඞ්ඝො ඉත්ථන්නාමස්ස භික්ඛුනො පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං පටිප්පස්සම්භෙති. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස භික්ඛුනො, පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධි, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය.
Sinhala BJTවහන්ස, සංඝ තෙම මාගේ වචනය අසාවා. මේ නම් ඇති මේ භික්‍ෂු තෙම සඞ්ඝයා විසින් පාපදෘෂ්ටිය නොබැහැරලීමෙහි උක්ඛේපනීය කර්‍මය කරණ ලැබුයේ මැනැවින් පවතියි. භික්‍ෂූන් අනුව පවතියි. අටොළොස් නිස්තරණ වතෙහි පවතියි. පාපදෘෂ්ටිය නොබැහැරලීමේ උක්ඛේපනීය කර්‍මයාගේ සංහිඳුවීම යදියි. සංඝ තෙම මේ නම ඇති භික්‍ෂුහුගේ පාප දෘෂ්ටිය නොබැහැරලිමේ උක්ඛේපනීය කර්‍මය සංහිඳුවයි. මෙ නම් ඇති භික්‍ෂුහුගේ පාපදෘෂ්ටිය නොහැරීමේ උක්ඛේපනීය කර්‍මයාගේ සංහිඳුවීම යම් ආයුෂ්මතකුට අභිමත නම්, හෙ තෙම නිශ්ශබ්ද වේවා. යම්කුට අනභිමත නම් හෙ තෙම කියාවා.
Pali BJT“දුතියම්පි එතමත්ථං වදාමි -පෙ- තතියම්පි එතමත්ථං වදාමි:
Sinhala BJTදෙවනුත් මේ කාරණය කියමි ... තෙවනුත් මේ කාරණය කියමි.
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අයං ඉත්ථන්නාමො භික්ඛු සඞ්ඝෙන පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මකතො සම්මා වත්තති, ලොමං පාතෙති, නෙත්ථාරං වත්තති, පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධිං යාචති. සඞ්ඝො ඉත්ථන්නාමස්ස භික්ඛුනො පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං පටිප්පස්සම්භෙති. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස භික්ඛුනො පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධි, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය.
Sinhala BJTවහන්ස, සංඝ තෙම මාගේ වචනය අසාවා. මේ නම් ඇති මේ භික්‍ෂු තෙම සංඝයා විසින් පාපදෘෂ්ටිය නො බැහැරලීමේ උක්ඛේපනීය කර්‍මය කරණ ලද්දේ මැනැවින් පවතියි. භික්‍ෂූන් අනුව පවතියි. අටළොස් නිස්තරණ වතෙහි පවතියි. පාපදෘෂ්ටිය නො බැහැරලීමේ උක්ඛේපනීය කර්‍මයාගේ සංහිඳුවීම යදියි. සංඝ තෙම මෙ නම් ඇති භික්‍ෂුහුගේ පාපදෘෂ්ටිය නො බැහැරලීමේ උක්ඛේපනීය කර්‍මය සංහිඳුවයි. මේ නම් භික්‍ෂුහුගේ පාපදෘෂ්ටිය නොබැහැරලීමෙහි උක්ඛේපනීය කර්‍මයාගේ සංහිඳුවීම් යම් ආයුෂ්මතකුහට අභිමත නම් හෙ තෙම නිශ්ශබ්ද වේවා. යමකුට අනභිමත නම් හෙ තෙම කියාවා.
Pali BJTපටිප්පස්සද්ධං සඞ්ඝෙන ඉත්ථන්නාමස්ස භික්ඛුනො පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං. ඛමති සඞ්ඝස්ස, තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJTසංඝයා විසින් මෙ නම් භික්‍ෂුහුගේ පාපදෘෂ්ටිය නොහැරීමෙහි උක්ඛේපනීය කර්‍මය සංහිඳුවන ලදී. එය සංඝයාට රිසියෙයි. එහෙයින් මෙසේ නිහඬ ය. මේ කාරණය පිළිගණිමි” යි.
Pali BJTපාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං නිට්ඨිතං සත්තමං.
Sinhala BJTසත්වැනි වූ පාපදෘෂ්ටිය නොබැහැරලීමෙහි උක්ඛේපනීයකර්‍මය නිමි.
Pali BJTකම්මක්ඛන්ධකො නිට්ඨිතො පඨමො.
Sinhala BJTපළමු වන කර්‍මස්කන්‍ධකය නිමියේ ය.
Pali BJTඉමම්හි ඛන්ධකෙ වත්ථු සත්ත.
Sinhala BJTමේ ඛන්‍ධකයෙහි වස්තු සතෙකි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJT1. පණ්ඩුලොහිතකා භික්ඛූ සයං භණ්ඩනකාරකා තාදිසෙ උපසඞ්කම්ම උස්සහිංසු ච භණ්ඩනෙ.
Sinhala BJT1. පණ්ඩුකලෝහිතක මහණහු තුමූ කලහ කරන්නෝ ව එබඳුවන් වෙත එළඹ ඔවුනුදු කලහයෙහි උත්සාහවත් කළහ.
Pali BJT2. අනුප්පන්නාපි ජායන්ති උප්පන්නානිපි ච වඩ්ඪරෙ අප්පිච්ඡා පෙසලා භික්ඛූ උජ්ඣායන්ති පරිසතො{1}.
Sinhala BJT2. එයින් නොඋපන් කලහ උපදී. උපන් කලහ වැඩේ. අල්පෙච්ඡ වූ ප්‍රියශීල භික්‍ෂූහු පිරිස් වශයෙන් (පිරිස් පිරිස් වැ) දොස් පවසත්.
Pali BJT3. සද්ධම්මට්ඨිතිකො බුද්ධො සයම්භූ අග්ගපුග්ගලො ආණාපෙසි තජ්ජනීයකම්මං සාවත්ථියං ජිනො.
Sinhala BJT3. ලොවට අගපුඟුල් වූ, තමන් ම සියල්ල දත්, සදහම් බොහෝ කල් පවතිනු කැමැති සම්බුදුරජුහු සැවැත් නුවරදී තර්‍ජනීය කර්‍මය ඇණැවූහ.