Pali BJTආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මෙ පටිප්පස්සම්භෙතබ්බ තෙචත්තාරීසකං නිට්ඨිතං.
Sinhala BJTඇවැත නොදැක්මෙහි උකෙව්නීකම්හි සන්හිඳුවියයුතු තෙසාළිස නිමියේ ය.
Pali BJT[පටිප්පස්සම්භනං]
Sinhala BJT[සන්හිඳුවීම]
Pali BJT1. එවඤ්ච පන භික්ඛවෙ පටිප්පස්සම්භෙතබ්බං: තෙන භික්ඛවෙ ඡන්නෙන භික්ඛුනා සඞ්ඝං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා බුඩ්ඪානං භික්ඛූනං පාදෙ වන්දිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා එවමස්ස වචනීයො:
Sinhala BJT1. මහණෙනි, මෙසේ සන්හිඳුවිය යුතු: මහණෙනි, ඒ ඡන්න මහණහු විසින් සඞ්ඝයා කරා එළැඹ උතුරුසඟ එකස් කොට, වැඩිමහලු මහණුන් පා වැඳ උත්කුටුක ව හිඳ දොහොත් මුදුන් තබා මෙසේ කියැ යුතු:
Pali BJT“අහං භන්තෙ සඞ්ඝෙන ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මකතො සම්මා වත්තාමි. ලොමං පාතෙමි. නෙත්ථාරං වත්තාමි. ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධිං යාචාමී”ති. දුතියම්පි යාචිතබ්බො. තතියම්පි යාචිතබ්බො.
Sinhala BJT“වහන්ස, මම් ඇවැත නොදැක්මෙහි සඞ්ඝයා විසින් උකෙව්නිකම් කරණ ලදුයෙම් මනා ව පවතිමි. අනුලොම් ව පවතිමි, නිස්තරණ වත් අනුව පවතිමි. ඇවැත නොදැක්මෙහි උකෙව්නිකම්හි සන්හිඳුවීම යදිමි”යි. දෙවනු ද යැද්ද යුතු. තෙවනු ද යැද්ද යුතු.
Pali BJTව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
Sinhala BJTව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් සඞ්ඝ තෙමේ මෙසේ දැන්විය යුතු:
Pali BJT“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අයං ඡන්නො භික්ඛු සඞ්ඝෙන ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මකතො සම්මා වත්තති. ලොමං පාතෙති, නෙත්ථාරං වත්තති. ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධිං යාචති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො ඡන්නස්ස භික්ඛුනො ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මං පටිප්පස්සම්භෙය්ය. එසා ඤත්ති.
Sinhala BJT“වහන්ස, සඞ්ඝ තෙමේ මබස අසාවා: මේ ඡන්න මහණ සඞ්ඝයා විසින් ඇවැත නොදැක්මෙහි උකෙව්නීකම් කරණ ලදුයේ මනා ව පවතී. අනුලොම් ව පවතී. නිස්තරණ වත අනුව පවතී. ඇවැත නො දැක්මෙහි උකෙව්නිකම් සන්හිඳුවීම යදී. ඉදින් සඟහට පැමිණි කල් ඇත්තේ වී නම් සඞ්ඝ තෙමේ ඡන්න මහණහට ඇවැත නොදැක්මෙහි උකෙව්නිකම් සන්හිඳුවන්නේ ය. මේ ඥප්තියයි.
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො: අයං ඡන්නො භික්ඛු සඞ්ඝෙන ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මකතො සම්මා වත්තති. ලොමං පාතෙති. නෙත්ථාරං වත්තති. ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධිං යාචති. සඞ්ඝො ඡන්නස්ස භික්ඛුනො ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මං පටිප්පස්සම්භෙති. යස්සායස්මතො ඛමති ඡන්නස්ස භික්ඛුනො ආපත්තියා අදස්සනෙ, උක්ඛෙපනීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධි, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය.
Sinhala BJTවහන්ස, සඞ්ඝ තෙමේ මබස අසාවා. මේ ඡන්න මහණ සඞ්ඝයා විසින් ඇවැත නොදැක්මෙහි උකෙව්නිකම් කරණ ලදුයේ මනා ව පවතී. අනුලොම් ව පවතී. නිස්තරණ වත අනුව පවතී. ඇවැත් නොදැක්මෙහි උකෙව්නිකම් සන්හිඳුවීම යදී. සඞ්ඝ තෙමේ ඡන්න මහණහට ඇවැත් නොදැක්මෙහි උකෙව්නිකම් සන්හිඳුවයි. ඡන්න මහණහට ඇවැත් නොදැක්මෙහි උකෙව්නිකම් සන්හිඳුවීම යම් ආයුෂ්මතකුහට රුස්නේ ද, හේ නිහඬ වේවා. යම් ආයුෂ්මතකුහට නොරුස්නේ ද, හේ කියවා:
Pali BJTදුතියම්පි එතමත්ථං වදාමි -පෙ- තතියම්පි එතමත්ථං වදාමි: සුණාතු මෙ භන්තෙ සඞ්ඝො: අයං ඡන්නො භික්ඛු සඞ්ඝෙන ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මකතො සම්මා වත්තති. ලොමං පාතෙති. නෙත්ථාරං වත්තති. ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධිං යාචති. සඞ්ඝො ඡන්නස්ස භික්ඛුනො ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මං පටිප්පස්සම්භෙති. යස්සායස්මතො ඛමති ඡන්නස්ස භික්ඛුනො ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධි, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය.
Sinhala BJTදෙවනු ද මෙ කරුණ කියමි ... තෙවනු ද මෙ කරුණ කියමි: වහන්ස, සඞ්ඝ තෙමේ මබස් අසාවා. මේ ඡන්න මහණ තෙම සඞ්ඝයා විසින් ඇවැත් නොදැක්මෙහි උකෙව්නිකම් කරණ ලදුයේ මනා ව පවතී. අනුලොම් ව පවතී. නිස්තරණ වත අනුව පවතී. ඇවැත නො දැක්මෙහි උකෙව්නිකම්හි සන්හිඳුවීම යදි. සඞ්ඝ තෙමේ ඡන්න මහණහට ඇවැත නොදැක්මෙහි කළ උකෙව්නිකම් සන්හිඳුවයි. යම් ආයුෂ්මතකුහට ඡන්න මහණහුගේ ඇවැත නොදැක්මෙහි උකෙව්නිකම් සන්හිඳුවීම රුස්නේ ද, හේ නිහඬ වන්නේ ය. යමක්හට නොරුස්නේ ද, හේ කියන්නේ ය.
Pali BJTපටිප්පස්සද්ධං සඞ්ඝෙන ඡන්නස්ස භික්ඛුනො ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මං. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJTසඞ්ඝයා විසින් ඡන්න මහණහුගේ ඇවැත් නොදැක්මෙහි උකෙව්නිකම් සන්හිඳුවන ලද්දේ ය. සඞ්ඝයාට රිසියෙයි. එහෙයින් නිහඬ ය. මෙසේ මෙය දරමි.
Pali BJTආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මං නිට්ඨිතං පඤ්චමං.
Sinhala BJTපස්වනු ඇවැත් නොදැක්මෙහි උකෙව්නිකම් නිමියේ ය.
Pali BJT6. ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයකම්මං
Sinhala BJT6. ඇවැතට පිළියම් නොකිරීමෙහි උක්ඛේපනීයකර්‍මය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා කොසම්බියං විහරති ඝොසිතාරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා ඡන්නො ආපත්තිං ආපජ්ජිත්වා න ඉච්ඡති ආපත්තිං පටිකාතුං. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ආයස්මා ඡන්නො ආපත්තිං ආපජ්ජිත්වා න ඉච්ඡිස්සති ආපත්තිං පටිකාතු”න්ති.
Sinhala BJT1. එ සමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ කොසොඹෑ නුවර නිසා ඝෝෂිතාරාමයෙහි වෙසෙන සේක. එ සමයෙහි ආයුෂ්මත් ඡන්න තෙම ඇවැත් ඇවැද ඇවැතට පිළියම් කරන්නට නො කැමැති වෙයි. යම් මහණ කෙනෙක් අල්පේච්ඡ ද ... ඔහු “ආයුෂ්මත් ඡන්න තෙම ඇවැත් ඇවැද ඇවැතට පිළියම් කරන්නට කෙසේ නම් නො කැමැත්තේ දැ”යි ලාමක කොට කියත්, නොගුණ පවසත්, නොගුණ පතුරවත්.
Pali BJT2. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා භික්ඛූ පටිපුච්ඡි. “සච්චං කිර භික්ඛවෙ ඡන්නො භික්ඛු ආපත්තිං ආපජ්ජිත්වා න ඉච්ඡති ආපත්තිං පටිකාතු”න්ති. “සච්චං භගවා”.
Sinhala BJT2. ඉක්බිත්තෙන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළ කළහ. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙහි මේ ප්‍රස්තාවයෙහි බික්සඟන රැස් කරවා “මහණෙනි, සැබෑ ද? ඡන්න මහණ ඇවැත් ඇවැද ඇවැතට පිළියම් කරන්නට නො කැමැත්තේ දැ?” යි පුළුවුත් සේක. “සැබැව වහන්සැ”යි භික්‍ෂූහු කීහ.
Pali BJT3. විගරහි බුද්ධො භගවා: කථං හි නාම සො භික්ඛවෙ මොඝපුරිසො ආපත්තිං ආපජ්ජිත්වා න ඉච්ඡිස්සති ආපත්තිං පටිකාතුං. නෙතං භික්ඛවෙ, අප්පසන්නානං වා පසාදාය -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි.
Sinhala BJT3. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ ගැරැහූ සේක: “මහණෙනි, කෙසේ නම් ඒ හිස් පුරිස් තෙම ඇවැත් ඇවැද ඇවැතට පිළියම් කරන්නට කැමැති නො වේ ද? මහණෙනි, මෙය සස්නෙහි නොපහනුන්ගේ පැහැදීම පිණිස හෝ ... නො වේ යැ”යි ගරහා දැහැමි කතා කොට භික්‍ෂූන් බණවා මෙසේ වදාළ සේක:
Pali BJT4. “තෙන හි භික්ඛවෙ සඞ්ඝො ඡන්නස්ස භික්ඛුනො ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයකම්මං කරොතු අසම්භොගං සඞ්ඝෙන. එවඤ්ච පන භික්ඛවෙ කාතබ්බං: පඨමං ඡන්නො භික්ඛු චොදෙතබ්බො. චොදෙත්වා සාරෙතබ්බො. සාරෙත්වා ආපත්ති ආරොපෙතබ්බො. ආපත්තිං ආරොපෙත්වා ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
Sinhala BJT4. මහණෙනි, එසේ වී නම්, සඞ්ඝ තෙමේ ඡන්න මහණහට ඇවැතට පිළියම් නො කිරීමෙහි සඞ්ඝයා හා සමාන සම්භෝග රහිත වූ උකෙව්නිකම් කෙරේවා. මහණෙනි, එය මෙසේ කළ යුතු: “පළමු කොට ඡන්න මහණ තෙම චුදිත කළ යුතු. චෝදනා කොට ඇවැත සිහි කැරැවිය යුතු. සිහි කරවා ඇවැත නැංවිය යුතු. ඇවැත නංවා ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් සඞ්ඝ තෙමේ මෙසේ දැන්විය යුතු:
Pali BJT“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අයං ඡන්නො භික්ඛු ආපත්තිං ආපජ්ජිත්වා න ඉච්ඡති ආපත්තිං පටිකාතුං. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො ඡන්නස්ස භික්ඛුනො ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයකම්මං කරෙය්ය අසම්භොගං සඞ්ඝෙන. එසා ඤත්ති.
Sinhala BJT“වහන්ස, සඞ්ඝ තෙමේ මබස් අසාවා. මේ ඡන්න මහණ ඇවැත් ඇවැද ඇවැතට පිළියම් කරන්නට නො කැමැත්තේ ය. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම්, සඞ්ඝ තෙමේ ඡන්න මහණහට ඇවැතට පිළියම් නො කිරීමෙහි සඞ්ඝයා හා සම්භෝග රහිත වූ උකෙව්නිකම් කරන්නේ ය. මේ ඥප්තිය යි.
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අයං ඡන්නො භික්ඛු ආපත්තිං ආපජ්ජිත්වා න ඉච්ඡති ආපත්තිං පටිකාතුං. සඞ්ඝො ඡන්නස්ස භික්ඛුනො ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයකම්මං කරොති අසම්භොගං සඞ්ඝෙන. යස්සායස්මතො ඛමති ඡන්නස්ස භික්ඛුනො ආපත්තියා අප්පටිකම්මෙ, උක්ඛෙපනීයස්ස කම්මස්ස කරණං අසම්භොගං සඞ්ඝෙන, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය.
Sinhala BJTවහන්ස, සඞ්ඝ තෙමේ මබස් අසාවා. මේ ඡන්න මහණ ඇවැත් ඇවැද ඇවැතට පිළියම් කරන්නට නො කැමැත්තේ ය. සඞ්ඝ තෙම ඡන්න මහණහට ඇවැතට පිළියම් නො කිරීමෙහි සඞ්ඝයා හා සම්භෝග රහිත වූ උකෙව්නිකම් කෙරෙයි. ඡන්න මහණහට ඇවැතට පිළියම් නො කිරීමෙහි සඞ්ඝයා හා සම්භෝග රහිත වූ උකෙව්නිකම් කිරීම යම් ආයුෂ්මතක්හට රිසියේ නම් හේ නිහඬ වන්නේ ය. යමකුහට නො රිසියේ නම් හේ කියන්නේ ය.
Pali BJTදුතියම්පි එතමත්ථං වදාමි -පෙ- තතියම්පි එතමත්ථං වදාමි: සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අයං ඡන්නො භික්ඛු ආපත්තිං ආපජ්ජිත්වා න ඉච්ඡති ආපත්තිං පටිකාතුං. සඞ්ඝො ඡන්නස්ස භික්ඛුනො ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයකම්මං කරොති අසම්භොගං සඞ්ඝෙන. යස්සායස්මතො ඛමති ඡන්නස්ස භික්ඛුනො ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයස්ස කම්මස්ස කරණං අසම්භොගං සඞ්ඝෙන. සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය.
Sinhala BJTදෙවනු ද මෙ කරුණ කියමි ... තෙවනු ද මෙ කරුණ කියමි: සඞ්ඝ තෙමේ මබස් අසාවා. මේ ඡන්න මහණ ඇවැත් ඇවැද ඇවැතට පිළියම් කරන්නට නො කැමැති වෙයි. සඞ්ඝ තෙමේ ඡන්න මහණහට ඇවැතට පිළියම් නොකිරීමෙහි සඞ්ඝයා හා සම්භෝග රහිත වූ උකෙව්නිකම් කෙරෙයි. ඡන්න මහණහට ඇවැතට පිළියම් නොකිරීමෙහි සඞ්ඝයා හා සම්භෝග රහිත වූ උකෙව්නිකම් කිරීම යම් ආයුෂ්මතක්හට රිසියේ නම් හේ නිහඬ වේවා. යමකුට නො රිසියේ නම්, හේ කියාවා.
Pali BJTකතං සඞ්ඝෙන ඡන්නස්ස භික්ඛුනො ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයකම්මං අසම්භොගං සඞ්ඝෙන. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී’ති.
Sinhala BJTසඞ්ඝයා විසින් ඡන්න මහණහට ඇවැතට පිළියම් නොකිරීමෙහි සඞ්ඝයා හා සම්භෝග රහිත වූ උකෙව්නිකම් කරණ ලද්දේ ය. සඞ්ඝයාට රිසියෙයි. එහෙයින් නිහඬ ය. මෙසේ මෙය දරමි” යි.
Pali BJTආවාසපරම්පරඤ්ච භික්ඛවෙ සංසථ: “ඡන්නො භික්ඛු ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයකම්මකතො අසම්භොගං සඞ්ඝෙනා”ති.
Sinhala BJTමහණෙනි, “ඡන්න මහණ තෙම ඇවැතට පිළියම් නොකිරීමෙහි සඞ්ඝයා හා සම්භෝග රහිත වූ උකෙව්නිකම් කරණ ලදැ” යි ආවාසපරම්පරාවට ද (ආවාසයක් පාසා) දන්වවු”යී වදාළ සේක.
Pali BJTඅධම්මකම්මද්වාදසකං
Sinhala BJTඅධර්‍මකර්‍ම දොළොස
Pali BJT1. තීහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතං ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයකම්මං අධම්මකම්මඤ්ච හොති අවිනයකම්මඤ්ච, දුවූපසන්තඤ්ච: අසම්මුඛා කතං හොති, අපටිපුච්ඡා කතං හොති, අප්පටිඤ්ඤාය කතං හොති. ඉමෙහි ඛො භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතං ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයකම්මං අධම්මකම්මඤ්ච හොති අවිනයකම්මඤ්ච, දුවූපසන්තඤ්ච.
Sinhala BJT1. මහණෙනි, ඇවැතට පිළියම් නොකිරීමෙහි උත්ක්‍ෂේපණීය කර්‍මය අඞ්ග තුණෙකින් සමන්‍විත වූයේ අධර්‍මකර්‍ම ද අවිනයකර්‍ම ද දුරුපශාන්ත ද වෙයි: නොහමුයෙහි කරණ ලදුයේ වේ ද, නොපිළිවිස කරණ ලදුයේ වේ ද, නොපිළිණෙන් කරණ ලදුයේ වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණින් යුත්, ඇවැතට පිළියම් නොකිරීමෙහි උත්ක්‍ෂේපණීය කර්‍මය අධර්‍මකර්‍ම ද අවිනයකර්‍ම ද දුරුපශාන්ත ද වෙයි.
Pali BJT2. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතං, ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයකම්මං අධම්මකම්මඤ්ච හොති, අවිනයකම්මඤ්ච, දුවූපසන්තඤ්ච: අනාපත්තියා කතං හොති, අදෙසනාගාමිනියා ආපත්තියා කතං හොති, දෙසිතාය ආපත්තියා කතං හොති. -පෙ-
Sinhala BJT2. මහණෙනි, ඇවැතට පිළියම් නොකිරීමෙහි උත්ක්‍ෂේපණීයකර්‍මය අන් තෙඅඟකින් ද සමන්‍විත වූයේ අධමකර්‍ම ද අවිනයකර්‍ම ද දුරුපශාන්ත ද වෙයි. නොඇවැතෙහි කරණ ලදුයේ වේ ද, දේශනාගාමිනී නො වන ඇවැතෙහි කරණ ලදුයේ වේ ද, දෙසන ලද ඇවැතෙහි කරණ ලදුයේ වේ ද ...
Pali BJT3. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- අචොදෙත්වා කතං හොති, අසාරෙත්වා කතං හොති, ආපත්තිං අනාරොපෙත්වා කතං හොති. -පෙ-
Sinhala BJT3. මහණෙනි, අන් තෙඅඟකින් ද ... චෝදනා නොකොට කරණ ලද්දේ වේ ද, සිහි නොකරවා කරණ ලද්දේ වේ ද, ඇවැත නොනංවා කරණ ලද්දේ වේ ද ...
Pali BJT4. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- අසම්මුඛා කතං හොති, අධම්මෙන කතං හොති, වග්ගෙන කතං හොති. -පෙ-
Sinhala BJT4. මහණෙනි, අන් තෙඅඟකින්ද ... නොහමුයෙහි කරණ ලද්දේ වේ ද, නොදැහැමින් කරණ ලද්දේ වේ ද, ව්‍යග්‍ර වූ සඞ්ඝයා විසින් කරණ ලද්දේ වේ ද ...
Pali BJT5. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- අපටිපුච්ඡා කතං හොති, අධම්මෙන කතං හොති, වග්ගෙන කතං හොති. -පෙ-
Sinhala BJT5. මහණෙනි, අන් තෙඅඟකින් ද ... නොපිළිවිස කරණ ලද්දේ වේ ද, නොදැහැමින් කරණ ලද්දේ වේ ද, ව්‍යග්‍ර ව කරණ ලද්දේ වේ ද ...
Pali BJT6. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- අප්පටිඤ්ඤාය කතං හොති, අධම්මෙන කතං හොති, වග්ගෙන කතං හොති. -පෙ-
Sinhala BJT6. මහණෙනි, අන් තෙඅඟකින් ද ... පිළිණ නොකොට කරණ ලද්දේ වේ ද, නොදැහැමින් කරණ ලද්දේ වේ ද, ව්‍යග්‍ර ව කරණ ලද්දේ වේ ද ...
Pali BJT7. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- අනාපත්තියා කතං හොති, අධම්මෙන කතං හොති, වග්ගෙන කතං හොති. -පෙ-
Sinhala BJT7. මහණෙනි, අන් තෙඅඟකින් ද ... නොඇවැතෙහි කරණ ලදුයේ වේ ද, නොදැහැමෙන් කරණ ලදුයේ වේ ද, ව්‍යග්‍ර ව කරණ ලදුයේ වේ ද ...
Pali BJT8. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- අදෙසනාගාමිනියා ආපත්තියා කතං හොති, අධම්මෙන කතං හොති, වග්ගෙන කතං හොති. -පෙ-
Sinhala BJT8. මහණෙනි, අන් තෙඅඟකින් ද ... දේශනාගාමීනි නොවන ඇවැතෙහි කරණ ලද්දේ වේ ද, නොදැහැමින් කරණ ලද්දේ වේ ද, ව්‍යග්‍ර ව කරණ ලද්දේ වේ ද ...
Pali BJT9. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- දෙසිතාය ආපත්තියා කතං හොති, අධම්මෙන කතං හොති, වග්ගෙන කතං හොති. -පෙ-
Sinhala BJT9. මහණෙනි, අන් තෙඅඟකින් ද ... දෙසන ලද ඇවැතෙහි කරණ ලද්දේ වේ ද, නොදැහැමෙන් කරණ ලද්දේ වේ ද, ව්‍යග්‍ර ව කරණ ලද්දේ වේ ද ...
Pali BJT10. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- අචොදෙත්වා කතං හොති, අධම්මෙන කතං හොති, වග්ගෙන කතං හොති. -පෙ-
Sinhala BJT10. මහණෙනි, අන් තෙඅඟකින් ද ... චෝදනා නොකොට කරණ ලද්දේ වේ ද, නොදැහැමින් කරණ ලද්දේ වේ ද, ව්‍යග්‍ර ව කරණ ලද්දේ වේ ද ...
Pali BJT11. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- අසාරෙත්වා කතං හොති, අධම්මෙන කතං හොති, වග්ගෙන කතං හොති. -පෙ-
Sinhala BJT11. මහණෙනි, අන් තෙඅඟකින් ද ... ඇවැත සිහිපත් නොකරවා කරණ ලද්දේ වේ ද, නොදැහැමින් කරණ ලද්දේ වේ ද, ව්‍යග්‍ර ව කරණ ලද්දේ වේ ද ...
Pali BJT12. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- ආපත්තිං අනාරොපෙත්වා කතං හොති, අධම්මෙන කතං හොති, වග්ගෙන කතං හොති. ඉමෙහි ඛො භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතං ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයකම්මං අධම්මකම්මඤ්ච හොති, අවිනයකම්මඤ්ච, දුවූපසන්තඤ්ච.
Sinhala BJT12. මහණෙනි, අන් තෙඅඟකින් ද ... ඇවැත නොනංවා කරණ ලද්දේ වේ ද, නොදැහැමෙන් කරණ ලද්දේ වේ ද, ව්‍යග්‍ර ව කරණ ලද්දේ වේ ද, මහණෙනි, මේ අඞ්ග තුනින් යුත්, ඇවැතට පිළියම් නොකිරීමෙහි උකෙව්නිකම අධර්‍මකර්‍ම ද අවිනයකර්‍ම ද දුරුපශාන්ත ද වෙයි.
Pali BJTආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයකම්මෙ අධම්මකම්මද්වාදසකං නිට්ඨිතං.
Sinhala BJTඇවැතට පිළියම් නොකිරීමෙහි උකෙව්නිකම්හි අධර්‍මකර්‍ම ද්වාදශකය නිමියේ ය.
Pali BJTධම්මකම්මද්වාදසකං
Sinhala BJTධර්‍මකර්‍මද්වාදශකය
Pali BJT1. තීහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතං ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයකම්මං ධම්මකම්මං ච හොති විනයකම්මඤ්ච, සුවුපසන්තඤ්ච: සම්මුඛා කතං හොති, පටිපුච්ඡා කතං හොති, පටිඤ්ඤාය කතං හොති. ඉමෙහි ඛො භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතං ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයකම්මං ධම්මකම්මඤ්ච හොති විනයකම්මඤ්ච සුවුපසන්තඤ්ච.
Sinhala BJT1. මහණෙනි, අඞ්ග තුනෙකින් යුත්, ඇවැතට පිළියම් නොකිරීමෙහි උකෙව්නිකම් ධර්‍මකර්‍ම ද විනයකර්‍ම ද සූපශාන්ත ද වෙයි: හමුයෙහි කරණ ලද්දේ වේ ද, පිළිවිස කරණ ලද්දේ වේ ද, පිළිණ කිරීමෙන් කරණ ලද්දේ වේ ද, මහණෙනි, මේ අඞ්ග තුනෙන් යුත්, ඇවැතට පිළියම් නොකිරීමෙහි උකෙව්නිකම් ධර්‍මකර්‍ම ද විනයකර්‍ම ද සූපශාන්ත ද වෙයි.
Pali BJT2. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතං ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයකම්මං ධම්මකම්මඤ්ච හොති, විනයකම්මඤ්ච සුවුපසන්තං ච: ආපත්තියා කතං හොති, දෙසනාගාමිනියා ආපත්තියා කතං හොති, අදෙසිතාය ආපත්තියා කතං හොති -පෙ-
Sinhala BJT2. මහණෙනි, අන් තෙඅඟකිනුදු යුත්, ඇවැතට පිළියම් නොකිරීමෙහි කළ උකෙව්නිකම් ධර්‍මකර්‍ම ද විනයකර්‍ම ද සූපශාන්ත ද වෙයි: ඇවැතෙහි කරණ ලද්දේ වේ ද, දේශනාගාමීනි ඇවැතෙහි කරණ ලද්දේ වේ ද, නොදෙසූ ඇවැතෙහි කරණ ලද්දේ වේ ද ...
Pali BJT3. අපරෙහිපි භික්ඛවෙ -පෙ- චොදෙත්වා කතං හොති, සාරෙත්වා කතං හොති, ආපත්තිං ආරොපෙත්වා කතං හොති -පෙ-
Sinhala BJT3. මහණෙනි, අන්‍ය වූ ද තෙඅඟකින් ... චෝදනා කොට කරණ ලද්දේ වේ ද, සිහිපත් කරවා කරණ ලද්දේ වේ ද, ඇවැත නංවා කරණ ලද්දේ වේ ද ...
Pali BJT4. අපරෙහිපි භික්ඛවෙ -පෙ- සම්මුඛා කතං හොති, ධම්මෙන කතං හොති, සමග්ගෙන කතං හොති -පෙ-
Sinhala BJT4. මහණෙනි, අන්‍ය වූ ද තෙඅඟකින් ... හමුවෙහි කරණ ලද්දේ වේ ද, දැහැමෙන් කරණ ලද්දේ වේ ද, සමග ව කරණ ලද්දේ වේ ද ...
Pali BJT5. අපරෙහිපි භික්ඛවෙ -පෙ- පටිපුච්ඡා කතං හොති, ධම්මෙන කතං හොති, සමග්ගෙන කතං හොති -පෙ-
Sinhala BJT5. මහණෙනි, අන්‍ය වූ ද තෙඅඟකින් ... පිළිවිස කරණ ලද්දේ වේ ද, දැහැමෙන් කරණ ලද්දේ වේ ද, සමග ව කරණ ලද්දේ වේ ද ...
Pali BJT6. අපරෙහිපි භික්ඛවෙ -පෙ- පටිඤ්ඤාය කතං හොති, ධම්මෙන කතං හොති, සමග්ගෙන කතං හොති -පෙ-
Sinhala BJT6. මහණෙනි, අන්‍ය වූ ද තෙඅඟකින් ... පිළිණෙන් කරණ ලද්දේ වේ ද, දැහැමෙන් කරණ ලද්දේ වේ ද, සමග ව කරණ ලද්දේ වේ ද ...
Pali BJT7. අපරෙහිපි භික්ඛවෙ -පෙ- ආපත්තියා කතං හොති, ධම්මෙන කතං හොති, සමග්ගෙන කතං හොති -පෙ-
Sinhala BJT7. මහණෙනි, අන්‍ය වූ ද තෙඅඟකින් ... ඇවැතෙහි කරණ ලද්දේ වේ ද, දැහැමෙන් කරණ ලද්දේ වේ ද, සමග ව කරණ ලද්දේ වේ ද ...
Pali BJT8. අපරෙහිපි භික්ඛවෙ -පෙ- දෙසනාගාමිනියා ආපත්තියා කතං හොති, ධම්මෙන කතං හොති, සමග්ගෙන කතං හොති -පෙ-
Sinhala BJT8. මහණෙනි, අන්‍ය වූ ද තෙඅඟකින් ... දේශනාගාමිනි ඇවැතෙහි කරණ ලද්දේ වේ ද, දැහැමෙන් කරණ ලද්දේ වේ ද, සමග ව කරණ ලද්දේ වේ ද ...
Pali BJT9. අපරෙහිපි භික්ඛවෙ -පෙ- අදෙසිතාය ආපත්තියා කතං හොති, ධම්මෙන කතං හොති, සමග්ගෙන කතං හොති -පෙ-
Sinhala BJT9. මහණෙනි, අන්‍ය වූ ද තෙඅඟකින් ... නොදෙසූ ඇවැතෙහි කරණ ලද්දේ වේ ද, දැහැමෙන් කරණ ලද්දේ වේ ද, සමග ව කරණ ලද්දේ වේ ද ...
Pali BJT10. අපරෙහිපි භික්ඛවෙ -පෙ- චොදෙත්වා කතං හොති, ධම්මෙන කතං හොති, සමග්ගෙන කතං හොති -පෙ-
Sinhala BJT10. මහණෙනි, අන්‍ය වූ ද තෙඅඟකින් ... චෝදනා කොට කරණ ලද්දේ වේ ද, දැහැමෙන් කරණ ලද්දේ වේ ද, සමග ව කරණ ලද්දේ වේ ද ...
Pali BJT11. අපරෙහිපි භික්ඛවෙ -පෙ- සාරෙත්වා කතං හොති, ධම්මෙන කතං හොති, සමග්ගෙන කතං හොති -පෙ-
Sinhala BJT11. මහණෙනි, අන්‍ය වූ ද තෙඅඟකින් ... ඇවැත සිහිපත් කරවා කරණ ලද්දේ වේ ද, දැහැමෙන් කරණ ලද්දේ වේ ද, සමග ව කරණ ලද්දේ වේ ද ...
Pali BJT12. අපරෙහිපි භික්ඛවෙ -පෙ- ආපත්තිං ආරොපෙත්වා කතං හොති, ධම්මෙන කතං හොති, සමග්ගෙන කතං හොති, ඉමෙහි ඛො භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතං ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයකම්මං ධමකම්මඤ්ච හොති විනයකම්මං ච, සුවුපසන්තං ච:
Sinhala BJT12. මහණෙනි, අන්‍ය වූ ද තෙඅඟකින් ... ඇවැත නංවා කරණ ලද්දේ වේ ද, දැහැමෙන් කරණ ලද්දේ වේ ද, සමග ව කරණ ලද්දේ වේ ද, මහණෙනි, මේ අඞ්ග තුනින් යුත්, ඇවැතට පිළියම් නොකිරීමෙහි උකෙව්නිකම් ධර්‍මකර්‍ම ද විනයකර්‍ම ද සූපශාන්ත ද වේ.
Pali BJTආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයකම්මෙ ධම්මකම්මද්වාදසකං නිට්ඨිතං.
Sinhala BJTඇවැතට පිළියම් නොකිරීමෙහි උකෙව්නිකම්හි ධර්‍මකර්‍මද්වාදශකය නිමියේ ය.
Pali BJT1. තීහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආකඞ්ඛමානො සඞ්ඝො ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයකම්මං කරෙය්ය: භණ්ඩනකාරකො හොති කලහකාරකො විවාදකාරකො භස්සකාරකො සඞ්ඝෙ අධිකරණකාරකො, බාලො හොති අව්යත්තො ආපත්තිබහුලො අනපදානො, ගිහීසංසට්ඨො විහරති අනනුලොමිකෙහි ගිහීසංසග්ගෙහි, ඉමෙහි ඛො භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආකඞ්ඛමානො සඞ්ඝො ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයකම්මං කරෙය්ය.
Sinhala BJT1. මහණෙනි, අඞ්ග තුණෙකින් යුක්ත මහණහට සඞ්ඝ තෙම කැමැති නම් ඇවැතට පිළියම් නොකිරීමෙහි උක්ඛේපනීයකර්‍මය කරන්නේ ය: ඩබර කරන්නේ වේ ද කලහ කරන්නේ වේ ද විවාද කරන්නේ වේ ද වාක්කලහ කරන්නේ වේ ද සඞ්ඝයා හමුයෙහි අධිකරණ කරන්නේ වේ ද, අව්‍යක්ත වූ ඇවැත් බහුල කොට ඇත්තා වූ සීමාරහිත ඇවැත් ඇති බාලයෙක් වේ ද, ගිහියන් හා එකට ගැටුනේ අනුලොම් නොවූ ගිහීසංසර්‍ගයෙන් යුක්ත වූයේ වසයි ද, මහණෙනි, මේ අඞ්ග තුණින් යුක්ත මහණහට සඞ්ඝ තෙම කැමැති නම් ඇවැතට පිළියම් නොකිරීමෙහි උක්ඛේපනීයකර්‍මය කරන්නේ ය.
Pali BJT2. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආකඞ්ඛමානො සඞ්ඝො ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයකම්මං කරෙය්ය: අධිසීලෙ සීලවිපන්නො හොති, අජ්ඣාචාරෙ ආචාරවිපන්නො හොති, අතිදිට්ඨියා දිට්ඨිවිපන්නො හොති. ඉමෙහි ඛො භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො, ආකඞ්ඛමානො සඞ්ඝො ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයකම්මං කරෙය්ය.
Sinhala BJT2. අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් යුක්ත මහණහට සඞ්ඝ තෙම කැමැති නම් ඇවැතට පිළියම් නොකිරීමෙහි උක්ඛේපනීයකර්‍මය කරන්නේ ය: උත්තම ශීලයෙහි නටුවා වූ සිල් ඇත්තේ ද, උත්තම ආචාරයෙහි නටුවාවූ ආචාර ඇත්තේ ද, උතුම් වූ සම්‍යග්දෘෂ්ටියෙහි විපන්දිටු ඇත්තේ ද, මහණෙනි, මේ අඞ්ග තුණෙන් යුක්ත මහණහට සඞ්ඝ තෙම කැමැති නම් ඇවැතට පිළියම් නොකිරීමෙහි උක්ඛේපනීයකර්‍මය කරන්නේ ය.
Pali BJT3. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආකඞ්ඛමානො සඞ්ඝො ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයකම්මං කරෙය්ය: බුද්ධස්ස අවණ්ණං භාසති, ධම්මස්ස අවණ්ණං භාසති, සඞ්ඝස්ස අවණ්ණං භාසති. ඉමෙහි ඛො භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආකඞ්ඛමානො සඞ්ඝො ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයකම්මං කරෙය්ය.
Sinhala BJT3. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් යුක්ත මහණහට සඞ්ඝ තෙම කැමැති නම් ඇවැතට පිළියම් නොකිරීමෙහි උක්ඛේපනීයකර්‍මය කරන්නේ ය: බුදුරුවන්හි අයුණු කියයි ද, දමුරුවන්හි අයුණු කියයි ද, සඟුරුවන්හි අයුණු කියයි ද, මහණෙනි, මේ අඞ්ග තුණින් යුතු මහණහට සංඝ තෙම කැමැති නම් ඇවැතට පිළියම් නොකිරීමෙහි උක්ඛේපනීයකර්‍මය කරන්නේ ය.
Pali BJT4. තිණ්ණං භික්ඛවෙ භික්ඛූනං ආකඞ්ඛමානො සඞ්ඝො ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයකම්මං කරෙය්ය: එකො භණ්ඩනකාරකො හොති කලහකාරකො විවාදකාරකො භස්සකාරකො සඞ්ඝෙ අධිකරණකාරකො, එකො බාලො හොති අව්යත්තො ආපත්තිබහුලො අනපදානො, එකො ගිහීසංසට්ඨො විහරති අනනුලොමිකෙහි ගිහීසංසග්ගෙහි. ඉමෙසං ඛො භික්ඛවෙ තිණ්ණං භික්ඛූනං ආකඞ්ඛමානො සඞ්ඝො ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයකම්මං කරෙය්ය.
Sinhala BJT4. මහණෙනි, භික්‍ෂූන් තිදෙනෙකුට සංඝ තෙම කැමැති නම් ඇවැතට පිළියම් නොකිරීමෙහි උක්ඛේපනීයකර්‍මය කරන්නේ ය: එක් මහණෙක් ඩබර කරන්නේ වේ ද, කලහ කරන්නේ ද, විරුද්ධ වාද ඇති කරන්නේ ද, වාක් කලහ කරන්නේ ද, සංඝයා හමුවෙහි අධිකරණ කරන්නේ ද, එක් මහණෙක් බාල වූයේ අව්‍යක්ත වූයේ ඇවැත් බහුල කොට ඇත්තේ කෙළවරක් නැති ඇවැත් ඇත්තේ ද, එක් මහණෙක් ගිහියන් හා එකට ගැටුනේ අනුලොම් නොවූ ගිහිසංසර්‍ගයෙන් යුක්ත ව වෙසෙයි ද, –පෙ– මහණෙනි, මේ භික්‍ෂූන් තෙ නමට සඞ්ඝ තෙම කැමැති නම් ඇවැතට පිළියම් නොකිරීමෙහි උක්ඛේපනීයකර්‍මය කරන්නේ ය.
Pali BJT5. අපරෙසම්පි භික්ඛවෙ තිණ්ණං භික්ඛූනං ආකඞ්ඛමානො සඞ්ඝො ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයකම්මං කරෙය්ය: එකො අධිසීලෙ සීලවිපන්නො හොති, එකො අජ්ඣාචාරෙ ආචාරවිපන්නො හොති, එකො අතිදිට්ඨියා දිට්ඨිවිපන්නො හොති. ඉමෙසං ඛො භික්ඛවෙ තිණ්ණං භික්ඛූනං ආකඞ්ඛමානො සඞ්ඝො ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයකම්මං කරෙය්ය.
Sinhala BJT5. මහණෙනි, අන්‍ය වූ ද භික්‍ෂූන් තිදෙනෙකුට සඞ්ඝ තෙම කැමැති නම් ඇවැතට පිළියම් නොකිරීමෙහි උක්ඛේපනීයකර්‍මය කරන්නේ ය: එක් මහණෙක් උත්තම ශීලයෙහි නටුවාවූ සිල් ඇත්තේ ද, උත්තමාචාරයෙහි නටුවාවූ ආචාර ඇත්තේ ද, උත්තම සම්‍යග්දෘෂ්ටියෙහි නටුවාවූ දිටු ඇත්තේ ද, මහණෙනි, මේ භික්‍ෂූන් තෙ නමට සඞ්ඝ තෙම කැමැති නම් ඇවැතට පිළියම් නොකිරීමෙහි උක්ඛේපනීයකර්‍මය කරන්නේ ය.
Pali BJT6. අපරෙසම්පි භික්ඛවෙ තිණ්ණං භික්ඛූනං ආකඞ්ඛමානො සඞ්ඝො ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයකම්මං කරෙය්ය. එකො බුද්ධස්ස අවණ්ණං භාසති, එකො ධම්මස්ස අවණ්ණං භාසති, එකො සඞ්ඝස්ස අවණ්ණං භාසති. ඉමෙසං ඛො භික්ඛවෙ තිණ්ණං භික්ඛූනං ආකඞ්ඛමානො සඞ්ඝො ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයකම්මං කරෙය්ය.
Sinhala BJT6. මහණෙනි, අන්‍ය වූ ද භික්‍ෂූන් තෙ නමකට සඞ්ඝ තෙම කැමැති නම් ඇවැතට පිළියම් නොකිරීමෙහි උක්ඛේපනීයකර්‍මය කරන්නේ ය: එක් මහණෙක් බුදුරුවන්හි අයුණු කියයි ද, එක් මහණෙක් දමුරුවන්හි අයුණු කියයි ද, එක් මහණෙක් සඟුරුවන්හි අයුණු කියයි ද, මහණෙනි, මේ භික්‍ෂූන් තිදෙනාට සඞ්ඝ තෙම කැමැති නම්, ඇවැතට පිළියම් නොකිරීමෙහි උක්ඛේපනීයකර්‍මය කරන්නේ ය.
Pali BJTආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයකම්මෙ ආකඞ්ඛමානඡක්කං නිට්ඨිතං.
Sinhala BJTඇවැතට පිළියම් නොකිරීම පිළිබඳ උක්ඛේපනීය කර්‍මයෙහි ආකඞ්ඛමාන ඡක්කය නිමි.
Pali BJTතෙචත්තාරීසවත්තං
Sinhala BJTතෙසාළිස්වත
Pali BJT1. ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයකම්මකතෙන භික්ඛවෙ භික්ඛුනා සම්මා වත්තිතබ්බං. තත්රායං සම්මා වත්තනා: න උපසම්පාදෙතබ්බං, න නිස්සයො දාතබ්බො, න සාමණෙරො උපට්ඨාපෙතබ්බො, න භික්ඛුනොවාදකසම්මුති සාදිතබ්බා, සම්මතෙනපි භික්ඛුනියො න ඔවදිතබ්බා. යාය ආපත්තියා සඞ්ඝෙන ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයකම්මං කතං හොති සා ආපත්ති න ආපජ්ජිතබ්බා, අඤ්ඤා වා තාදිසිකා, තතො වා පාපිට්ඨතරා. කම්මං න ගරහිතබ්බං. කම්මිකා න ගරහිතබ්බා. න පකතත්තස්ස භික්ඛුනො අභිවාදනං පච්චුට්ඨානං අඤ්ජලිකම්මං සාමීචිකම්මං ආසනාභිහාරො සෙය්යාභිහාරො පාදොදකං පාදපීඨං පාදකඨලිකං පත්තචීවරප්පටිග්ගහණං නහානෙ පිට්ඨිපරිකම්මං සාදිතබ්බං. න පකතත්තො භික්ඛු සීලවිපත්තියා අනුද්ධංසෙතබ්බො, න ආචාරවිපත්තියා අනුද්ධංසෙතබ්බො, න දිට්ඨිවිපත්තියා අනුද්ධංසෙතබ්බො, න ආජීවවිපත්තියා අනුද්ධංසෙතබ්බො. න භික්ඛු භික්ඛූහි භෙදෙතබ්බො. න ගිහීධජො ධාරෙතබ්බො, න තිත්ථියධජො ධාරෙතබ්බො, න තිත්ථියා සෙවිතබ්බා. භික්ඛූ සෙවිතබ්බා, භික්ඛුසික්ඛාය සික්ඛිතබ්බං, න පකතත්තෙන භික්ඛුනා සද්ධිං එකච්ඡන්නෙ ආවාසෙ වත්ථබ්බං, න එකච්ඡන්නෙ අනාවාසෙ වත්ථබ්බං, න එකච්ඡන්නෙ ආවාසෙ වා අනාවාසෙ වා වත්ථබ්බං. පකතත්තං භික්ඛුං දිස්වා ආසනා වුට්ඨාතබ්බං, න පකතත්තො භික්ඛු ආසාදෙතබ්බො අන්තො වා බහි වා, න පකතත්තස්ස භික්ඛුනො උපොසථො ඨපෙතබ්බො, න පවාරණා ඨපෙතබ්බා, න සවචනීයං කාතබ්බං, න අනුවාදො පට්ඨපෙතබ්බො, න ඔකාසො කාරෙතබ්බො, න චොදෙතබ්බො, න සාරෙතබ්බො, න භික්ඛූහි සම්පයොජෙතබ්බන්ති.
Sinhala BJT1. මහණෙනි, ඇවැතට පිළියම් නො කිරීමෙහි උක්ඛේපනීයකර්‍මය කරණු ලැබූ මහණහු විසින් මැනැවින් පැවැතිය යුතු යි. එහි මේ මනා ව පැවැත්ම ය: (උකෙව්නිකම් කරණු ලැබූ මහණහු විසින්) තමන් උපාද්ධ්‍යාය ව) උපසම්පදා නො කළ යුතු යි. නිස නොදිය යුතු යි. හෙරණකුගෙන් උවටැන් නොලැබිය යුතු යි. මෙහෙණිනට ඔවා දීමේ සම්මතිය නොඉවසිය යුතු යි. සම්මතිය ලදුයේත් මෙහෙණිනට ඔවා නො දිය යුතු යි. යම් ඇවැතකින් සංඝයා විසින් ඇවැතට පිළියම් නොකිරීමෙහි උක්ඛේපනීය කර්‍මය කරණ ලද්දේ වේ ද ඒ ඇවැතට නොපැමිණිය යුතු යි. එවැනි අන් ඇවැතකට හෝ නො පැමිණිය යුතු යි. එයටත් වඩා ලාමක ඇවැතකට හෝ නො පැමිණිය යුතු යි. විනයකර්‍මයට නොගැරගිය යුතු යි. කර්‍ම කළ භික්‍ෂූහු නො ගැරැහිය යුත්තාහ. පුවතත් මහණක්හුගේ අභිවාදනය, දැක හුනස්නෙන් නැගිටීම, අඤ්ජලිකර්‍මය, වෙනත් පවන් සැලීම් ආදි සාමීචිකර්‍ම, හිඳිනා ආසන එළවා තැබීම, හෝනා ශයන එළවා තැබීම, පාදොවුන් දිය තැබීම, සේදූ පා තබන පුටුව ගෙණ තැබීම – නොසේදූ පා තබන පුවරුව ගෙණ තැබීම, පාසිවුරු පිළිගැණීම, නානස්ථානයෙහි පිට පිරියම් කිරීම යන මේ උපහාර නො ඉවසිය යුතු යි. පුවතත් මහණහට සීලවිපත්තියෙන් චෝදනා නො කළ යුතු යි. ආචාරවිපත්තියෙන් චෝදනා නො කළ යුතු යි. දිට්ඨිවිපත්තියෙන් චෝදනා නො කළ යුතු යි. ආජීවවිපත්තියෙන් චෝදනා නො කළ යුතු යි. භික්‍ෂූන් භික්‍ෂූන් සමග භින්න නො කළ යුතු යි. ගිහීන්ගේ ලක්‍ෂණයක් වූ ශ්වේත වස්ත්‍ර ධාරණාදිය නො කළ යුතු යි. තීර්‍ත්‍ථක ලක්‍ෂණයක් වූ කුසවැහැරිදැරීම් ආදිය නො කළ යුතු යි. තීර්‍ත්‍ථකයෝ නොසෙවිය යුත්තාහ. භික්‍ෂූහු සේවනය කළ යුත්තාහ. භික්‍ෂුශික්‍ෂාවෙහි හික්මිය යුතු යි. පුවතත් භික්‍ෂුහු සමග එක් සෙවෙනි ආවාසයෙහි නො විසිය යුතු යි. එක් සෙවෙනි අනාවාසයෙහි ද නො විසිය යුතු යි. එක් සෙවෙනි ආවාසයෙහි ද අන්‍යවාසයෙහි ද නො විසිය යුතු යි. පුවතත් මහණහු දැක ආසනයෙන් නැගිටිය යුතු යි. පුවතත් මහණහු විහාරය තුළ දී හෝ පිටත දී හෝ නොගැටිය යුතු යි. පුවතත් මහණහුගේ පොහෝ තැබීම නො කළ යුතු යි. පවුරුණු තැබීම නො කළ යුතු යි. සවචනීය කම් නො කළ යුතු යි. විහාරයෙහි අධිපති තනතුරෙහි නො පිහිටිය යුතු යි. අවසර ගැණීම නො කරවිය යුතු යි. පුවතත් මහණහට චෝදනා නොකළ යුතු යි. ඇවැත් සිහිපත් නො කරවිය යුතු යි. භික්‍ෂූන් සමග කලහ නො යෙදිය යුතු යි”.
Pali BJTආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයකම්මෙ තෙචත්තාරීසවත්තං නිට්ඨිතං.
Sinhala BJTඇවැතට පිළියම් නො කිරීමේ උක්ඛේපනීය කර්‍මයෙහි තෙසාළිස් වත නිමි.
Pali BJT[පටිප්පස්සම්භනං]
Sinhala BJT[සංහිඳුවීම]
Pali BJT1. අථ ඛො සඞ්ඝො ඡන්නස්ස භික්ඛුනො ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයකම්මං අකාසි අසම්භොගං සඞ්ඝෙන. සො සඞ්ඝෙන ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයකම්මකතො තම්හා ආවාසා අඤ්ඤං ආවාසං අගමාසි.
Sinhala BJT1. ඉක්බිති සඞ්ඝ තෙම ඡන්න භික්‍ෂුහට ඇවැතට පිළියම් නොකිරීමෙහි සඞ්ඝයා හා සම්භෝග රහිත උක්ඛේපනීය කර්‍මය කෙළේ ය. ඇවැතට පිළියම් නොකිරීමෙහි උක්ඛේපනීය කර්‍මය කරණු ලැබූ ඒ ඡන්න තෙම ඒ ආවාසයෙන් අනිත් ආවාසයකට ගියේ ය.
Pali BJT2. තත්ථ භික්ඛූ නෙව අභිවාදෙසුං, න පච්චුට්ඨෙසුං, න අඤ්ජලිකම්මං න සාමීචිකම්මං අකංසු, න සක්කරිංසු, න ගරුංකරිංසු, න මානෙසුං, න පූජෙසුං. සො භික්ඛූහි අසක්කරියමානො අගරුකරියමානො අමානියමානො අපූජියමානො අසක්කාරපකතො තම්හාපි ආවාසා අඤ්ඤං ආවාසං අගමාසි.
Sinhala BJT2. එහි භික්‍ෂූහු නො ම වැන්දාහුය. දැක නො නැගිට්ටාහ. ඇඳිලිකම් නො කළහ. සාමීචිකම් නො කළහ. සත්කාර නො කළහ. ගරුකාර නො කළහ. බුහුමන් නො කළහ. නො පිදූහ. ඒ ඡන්න නම් භික්‍ෂු තෙම භික්‍ෂූන් විසින් සත්කාර කරණු නොලබන්නේ ගරුකරණු නොලබන්නේ බුහුමන් කරණු නොලබන්නේ පුදනු නොලබන්නේ අසත්කාරයෙන් මඬනා ලද්දේ ඒ ආවාසයෙන් ද අනෙක් ආවාසයකට ගියේය.
Pali BJT3. තත්ථපි භික්ඛූ නෙව අභිවාදෙසුං, න පච්චුට්ඨෙසුං, න අඤ්ජලිකම්මං න සාමීචිකම්මං අකංසු, න සක්කරිංසු, න ගරුංකරිංසු, න මානෙසුං, න පූජෙසුං. සො භික්ඛූහි අසක්කරියමානො අගරුකරියමානො අමානියමානො අපූජියමානො අසක්කාරපකතො තම්හාපි ආවාසා අඤ්ඤං ආවාසං අගමාසි. තත්ථපි භික්ඛූ නෙව අභිවාදෙසුං, න පච්චුට්ඨෙසුං, න අඤ්ජලිකම්මං න සාමීචිකම්මං අකංසු, න සක්කරිංසු, න ගරුං කරිංසු, න මානෙසුං, න පූජෙසුං. සො භික්ඛූහි අසක්කරියමානො අගරුකරියමානො අමානියමානො අපූජියමානො අසක්කාරපකතො පුනදෙව කොසම්බිං පච්චාගඤ්ඡි.
Sinhala BJT3. එහිදී ද භික්‍ෂූහු නො ම වැන්දාහු ය. දැක නො නැගිට්ටාහු ය. ඇඳිලිකම් නො කළාහු ය. සාමීචිකම් නො කළාහු ය. සත්කාර නො කළාහු ය. ගරුකාර නො කළාහු ය. බුහුමන් නො කළාහු ය. නො ම පිදුවාහු ය. ඒ ඡන්න භික්‍ෂු තෙම භික්‍ෂූන් විසින් සත්කාර කරණු නොලබන්නේ ගරු කරණු නොලබන්නේ බුහුමන් කරණු නොලබන්නේ පුදනු නොලබන්නේ අසත්කාරයෙන් මඩනා ලද්දේ ඒ ආවාසයෙන් ද අන් ආවාසයකට ගියේ ය. එහිදී ද භික්‍ෂූහු නො ම වැන්දාහුය. දැක නොනැගිට්ටාහුය. අඤ්ජලිකර්‍ම නො කළාහු ය. සාමීචිකර්‍ම නො කළාහු ය. සත්කාර නො කළාහු ය. ගරු නො කළාහු ය. බුහුමන් නො කළාහු ය. නො පිදුවාහු ය. ඒ ඡන්න භික්‍ෂු තෙම භික්‍ෂූන් විසින් සත්කාර කරණු නොලබන්නේ ගරු කරණු නො ලබන්නේ බුහුමන් කරණු නො ලබන්නේ පුදනු නො ලබන්නේ අසත්කාරයෙන් මඬනා ලද්දේ නැවතත් කොසඹෑනුවරට ම පෙරළා පැමිණියේ ය.
Pali BJT4. සො සම්මා වත්තති, ලොමං පාතෙති, නෙත්ථාරං වත්තති, භික්ඛූ උපසඞ්කමිත්වා එවං වදෙති: අහං ආවුසො සඞ්ඝෙන ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයකම්මකතො සම්මා වත්තාමි, ලොමං පාතෙමි, නෙත්ථාරං වත්තාමි. කථං නු ඛො මයා පටිපජ්ජිතබ්බන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “තෙන හි භික්ඛවෙ සඞ්ඝො ඡන්නස්ස භික්ඛුනො ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයකම්මං පටිප්පස්සම්භෙතු.”
Sinhala BJT4. ඒ ඡන්න භික්‍ෂු තෙම (ඉන් පසු) මැනැවින් පවතියි. භික්‍ෂූන් අනුව පවතියි. නිස්තරණ වතෙහි පවතියි. (ඒ ඡන්න භික්‍ෂු තෙම) භික්‍ෂූන් වෙත එළැඹ ‘ඇවැත්නි, මම සංඝයා විසින් ඇවැතට පිළියම් නො කිරීමෙහි උක්ඛේපනීයකර්‍මය කරණු ලැබූයෙම් මනා කොට පවතිමි. භික්‍ෂූන් අනුව පවතිමි. නිස්තරණ වතෙහි පවතිමි. මා විසින් කෙසේ පිළිපැදිය යුතු දැ’ යි මෙසේ භික්‍ෂූන්හට කියයි. භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළ කළාහු ය. “මහණෙනි, එසේ නම් සංඝ තෙම ඡන්න භික්‍ෂුහට ඇවැතට පිළියම් නොකිරීමෙහි කළ උක්ඛේපනීයකර්‍මය සංහිඳුවාවා”.
Pali BJTනපටිප්පස්සම්භෙතබ්බ තෙචත්තාරීසකං
Sinhala BJTනොසංහිඳුවියයුත්තෙහි අංග තෙසාළිස
Pali BJT1. පඤ්චහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයකම්මං න පටිප්පස්සම්භෙතබ්බං: උපසම්පාදෙති, නිස්සයං දෙති, සාමණෙරං උපට්ඨාපෙති, භික්ඛුනොවාදකසම්මුතිං සාදියති, සම්මතොපි භික්ඛුනියො ඔවදති. ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයකම්මං න පටිප්පස්සම්භෙතබ්බං.
Sinhala BJT1. මහණෙනි, අංග පසකින් යුක්ත භික්‍ෂුහුගේ ඇවැතට පිළියම් නොකිරීමෙහි උක්ඛේපනීය කර්‍මය නොසංහිඳුවිය යුතු යි. උපසම්පදා කරයි ද නිස දෙයි ද හෙරණකු ලවා උවටැන් කරවා ගණිද මෙහෙණින්ට ඔවා දීමේ සම්මතිය ඉවසයි ද සම්මතිය ලදුයේත් මෙහෙණිනට ඔවා දෙයි ද, මහණෙනි, මේ අංග පසින් යුක්ත මහණහුගේ ඇවැතට පිළියම් නොකිරීමෙහි උක්ඛේපනීය කර්‍මය නොසංහිඳුවිය යුතු යි.
Pali BJT2. අපරෙහිපි භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයකම්මං න පටිප්පස්සම්භෙතබ්බං: යාය ආපත්තියා සඞ්ඝෙන ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයකම්මං කතං හොති, තං ආපත්තිං ආපජ්ජති, අඤ්ඤං වා තාදිසිකං, තතො වා පාපිට්ඨතරං, කම්මං ගරහති, කම්මිකෙ ගරහති. ඉමෙහි ඛො -පෙ-
Sinhala BJT2. මහණෙනි, අන්‍ය වූ ද අංග පසකින් යුතු භික්‍ෂුහුගේ ඇවැතට පිළියම් නොකිරීමෙහි කළ උක්ඛේපනීය කර්‍මය නොසංහිඳුවිය යුතු යි: යම් ඇවැතකින් සංඝයා විසින් ඇවැතට පිළියම් නොකිරීමේ උක්ඛේපනීය කර්‍මය කරණ ලද්දේ වේ ද ඒ ඇවැතට පැමිණෙයි ද, එවැනි අන් ඇවැතකට හෝ පැමිණෙයි ද, එයටත් වඩා ලාමක ඇවැතකට හෝ පැමිණෙයි ද, කර්‍මයට ගරහයි ද, කාරක සංඝයාට ගරහයි ද, මහණෙනි, මේ පසඟින් යුතු මහණහුගේ ඇවැතට පිළියම් නොකිරීමෙහි උක්ඛේපනීය කර්‍මය නොසංහිඳුවිය යුතු යි.
Pali BJT3. අපරෙහිපි භික්ඛවෙ -පෙ- පකතත්තස්ස භික්ඛුනො අභිවාදනං, පච්චුට්ඨානං, අඤ්ජලිකම්මං, සාමීචිකම්මං, ආසනාභිහාරං සාදියති ඉමෙහි ඛො -පෙ-
Sinhala BJT3. මහණෙනි, අන්‍ය වූ ද අංග පසකින් යුතු මහණහුගේ ඇවැතට පිළියම් නොකිරීමෙහි කළ උක්ඛේපනීය කර්‍මය නො සංහිඳුවිය යුතු යි: පුවතත් මහණහුගේ අභිවාදනය, හුනස්නෙන් නැගිටීම, අඤ්ජලිකර්‍මය, සාමීචිකර්‍මය, හිඳිනා අසුන් එළවා තැබීම (යන මේ පස) ඉවසයි ද, මහණෙනි, මේ පසඟින් යුතු මහණහුගේ ඇවැතට පිළියම් නොකිරීමෙහි උක්ඛේපනීය කර්‍මය නොසංහිඳුවිය යුතු යි.
Pali BJT4. අපරෙහිපි භික්ඛවෙ -පෙ- පකතත්තස්ස භික්ඛුනො සෙය්යාභිහාරං, පාදොදකං, පාදපීඨං, පාදකඨලිකං, පත්තචීවරප්පටිග්ගහණං, නහානෙ පිට්ඨිපරිකම්මං සාදියති. ඉමෙහි ඛො -පෙ-
Sinhala BJT4. මහණෙනි, අන්‍ය වූ ද පසඟකින් යුතු මහණහුගේ ඇවැතට පිළියම් නොකිරීමේ උක්ඛේපනීය කර්‍මය නො සංහිඳුවිය යුතු යි: පුවතත් මහණහුගේ හෝනා යහන් එළවා තැබීම, පාදොවුන් දිය තැබීම, සේදූ පා තබන පුටුව නොසේදූ පාතබන පුවරුව තැබීම, පාසිවුරු පිළිගැණීම, නෑමෙහි පිට පිරියම් කිරීම ඉවසයි ද, මහණෙනි, මේ පසඟින් යුතු ... නො සංහිඳුවිය යුතු යි.
Pali BJT5. අපරෙහිපි භික්ඛවෙ -පෙ- පකතත්තං භික්ඛුං සීලවිපත්තියා අනුද්ධංසෙති, ආචාරවිපත්තියා අනුද්ධංසෙති, දිට්ඨිවිපත්තියා අනුද්ධංසෙති, ආජීවවිපත්තියා අනුද්ධංසෙති, භික්ඛුං භික්ඛූහි භෙදෙති. ඉමෙහි ඛො -පෙ-
Sinhala BJT5. මහණෙනි, අන්‍ය වූ ද පසඟකින් යුතු මහණහුගේ ඇවැතට පිළියම් නොකිරීමෙහි උක්ඛේපනීය කර්‍මය නො සංහිඳුවිය යුතු යි: පුවතත් මහණහට සිල්විපතින් චෝදනා කරයි ද, ආචාරවිපතින් චෝදනා කරයි ද, දිට්ඨිවිපතින් චෝදනා කරයි ද, ආජීවවිපතින් චෝදනා කරයි ද, භික්‍ෂූන් භික්‍ෂූන් කෙරෙන් බිඳුවයි ද, මහණෙනි, මේ පසඟින් යුතු මහණහුගේ ඇවැතට පිළියම් නො කිරීමෙහි උක්ඛේපනීය කර්‍මය නොසංහිඳුවිය යුතු යි.
Pali BJT6. අපරෙහිපි භික්ඛවෙ -පෙ- ගිහීධජං ධාරෙති, තිත්ථියධජං ධාරෙති, තිත්ථියෙ සෙවති, භික්ඛූ න සෙවති, භික්ඛුසික්ඛාය න සික්ඛති. ඉමෙහි ඛො -පෙ-
Sinhala BJT6. මහණෙනි, අන්‍ය වූ ද පසඟකින් යුතු මහණහුගේ ඇවැතට පිළියම් නොකිරීමෙහි උක්ඛේපනීය කර්‍මය නො සංහිඳුවිය යුතු යි: ගිහීන්ගේ ලක්‍ෂණ වූ ශ්වේතවස්ත්‍රාදිය දරයි ද, තීර්‍ත්‍ථකයන්ගේ ලක්‍ෂණ වූ කුසවැහැරි ආදිය දරයි ද, තීර්‍ත්‍ථකයන් ඇසුරු කරයි ද, භික්‍ෂූන් සේවනය නොකරයි ද, භික්‍ෂුශික්‍ෂාවෙහි නො හික්මෙයි ද ...
Pali BJT7. අපරෙහිපි භික්ඛවෙ -පෙ- පකතත්තෙන භික්ඛුනා සද්ධිං එකච්ඡන්නෙ ආවාසෙ වසති, එකච්ඡන්නෙ අනාවාසෙ වසති, එකච්ඡන්නෙ ආවාසෙ වා අනාවාසෙ වා වසති, පකතත්තං භික්ඛුං දිස්වා ආසනා න උට්ඨාති, පකතත්තං භික්ඛුං ආසාදෙති අන්තො වා බහි වා. ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයකම්මං න පටිප්පස්සම්භෙතබ්බං.
Sinhala BJT7. මහණෙනි, අන්‍ය වූ ද අංග පසකින් යුතු මහණහුගේ ඇවැතට පිළියම් නොකිරීමෙහි උක්ඛේපනීය කර්‍මය නො සංහිඳුවිය යුතු යි: පුවතත් මහණහු සමග එක් සෙවෙනි ආවාසයේ වසයි ද, එක් සෙවෙනි අනාවාසයෙහි වසයි ද, එක් සෙවෙනි ආවාසයෙහි හෝ අනාවාසයෙහි හෝ වසයි ද, පුවතත් මහණහු දැක හුනස්නෙන් නො නැගිටී ද, අරම තුළදී හෝ පිටතදී හෝ පුවතත් මහණහු ගටයි ද, මහණෙනි, මේ පසඟින් යුතු මහණහුගේ ඇවැතට පිළියම් නොකිරීමෙහි උක්ඛේපනීය කර්‍මය නො සංහිඳුවිය යුතු යී.
Pali BJT8. අට්ඨහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයකම්මං න පටිප්පස්සම්භෙතබ්බං: පකතත්තස්ස භික්ඛුනො උපොසථං ඨපෙති, පවාරණං ඨපෙති, සවචනීයං කරොති, අනුවාදං පට්ඨපෙති, ඔකාසං කාරෙති, චොදෙති, සාරෙති, භික්ඛූහි සම්පයොජෙති. ඉමෙහි ඛො, භික්ඛවෙ, අට්ඨහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයකම්මං න පටිප්පස්සම්භෙතබ්බං.
Sinhala BJT8. මහණෙනි, අංග අටකින් යුක්ත මහණහුගේ ඇවැතට පිළියම් නොකිරීමේ උක්ඛේපනීය කර්‍මය නො සංහිඳුවිය යුතු යි: පුවතත් මහණක්හුගේ පොහොය තැබීම කරයි ද, පවුරුණු තබයි ද, සවචනීය කම් කරයි ද, විහාරයෙහි දෙටුතනතුරෙහි සිටියි ද, අවකාශ ගැණීම කරවයි ද, චෝදනා කරයි ද, ඇවැත් සිහිපත් කරවයි ද, භික්‍ෂූන් හා කලහ පිණිස යොදවයි ද, මහණෙනි, මේ අංග අටින් යුතු මහණහුගේ ඇවැතට පිළියම් නොකිරීමෙහි උක්ඛේපනීය කර්‍මය නො සංහිඳුවිය යුතු යි.
Pali BJTආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයකම්මෙ න පටිප්පස්සම්භෙතබ්බ තෙචත්තාරීසකං නිට්ඨිතං.
Sinhala BJTඇවැතට පිළියම් නොකිරීමේ උක්ඛේපනීය කර්‍මය නොසංහිඳුවිය යුතු අංග තෙසාළිස නිමි.
Pali BJTපටිප්පස්සම්භෙතබ්බතෙචත්තාරීසකං
Sinhala BJTSegment missing in this edition
Pali BJT1. පඤ්චහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයකම්මං පටිප්පස්සම්භෙතබ්බං: න උපසම්පාදෙති, න නිස්සයං දෙති, න සාමණෙරං උපට්ඨාපෙති, න භික්ඛුනොවාදකසම්මුතිං සාදියති, සම්මතොපි භික්ඛුනියො න ඔවදති. ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයකම්මං පටිප්පස්සම්භෙතබ්බං.
Sinhala BJT1. මහණෙනි, අංග පසකින් යුක්ත භික්‍ෂුහුගේ ඇවැතට පිළියම් නොකිරීමේ උක්ඛේපනීය කර්‍මය සංහිඳුවිය යුතු යි: උපසම්පදා නො කරයි ද, නිස නොදෙයි ද, හෙරණහු ලවා උවටැන් නොකරවා ගණී ද, මෙහෙණිනට ඔවා දීමේ සම්මතිය නො ඉවසයි ද, සම්මතිය ලදුයේත් මෙහෙණිනට ඔවා නොදෙයි ද, මහණෙනි, මේ පසඟින් යුතු මහණහුගේ ඇවැතට පිළියම් නොකිරීමේ උක්ඛේපනීය කර්‍මය සංහිඳුවිය යුතු යි.
Pali BJT2. අපරෙහිපි භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයකම්මං පටිප්පස්සම්භෙතබ්බං: යාය ආපත්තියා සඞ්ඝෙන ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයකම්මං කතං හොති තං ආපත්තිං න ආපජ්ජති, අඤ්ඤං වා තාදිසිකං, තතො වා පාපිට්ඨතරං, කම්මං න ගරහති, කම්මිකෙ න ගරහති. -පෙ-
Sinhala BJT2. මහණෙනි, අන්‍යය වූ ද අංග පසකින් යුක්ත මහණහුගේ ඇවැතට පිළියම් නොකිරීමෙහි උක්ඛේපනීය කර්‍මය සංහිඳුවිය යුතු යි: යම් ඇවැතකින් සඞ්ඝයා විසින් උක්ඛේපනීය කර්‍මය කරණ ලද නම් ඒ ඇවැතට නො පැමිණෙයි ද, අන්‍ය වූ ද එවැනි ඇවැතකට නො පැමිණෙයි ද, එයටත් වඩා ලාමක ඇවැතකට හෝ නො පැමිණෙයි ද, කර්‍මයට නො ගරහයි ද, මහණෙනි, මේ අංග පසින් යුතු මහණහුගේ ඇවැතට පිළියම් නොකිරීමේ උක්ඛේපනීය කර්‍මය සංහිඳුවිය යුතු යි.
Pali BJT3. අපරෙහිපි භික්ඛවෙ -පෙ- න පකතත්තස්ස භික්ඛුනො අභිවාදනං, පච්චුට්ඨානං, අඤ්ජලිකම්මං, සාමීචිකම්මං, ආසනාභිහාරං සාදියති. ඉමෙහි ඛො -පෙ-.
Sinhala BJT3. මහණෙනි, අන්‍ය වූ ද අංග පසකින් යුත් මහණහුගේ ඇවැතට පිළියම් නොකිරීමෙහි උක්ඛේපනීය කර්‍මය සංහිඳුවිය යුතු යි: පුවතත් මහණහුගේ වැඳීම ද, හුනස්නෙන් නැගිටීම ද, අඤ්ජලීකර්‍මය ද, සාමීචිකර්‍මය ද, හිඳිනා අසුන් පණවා තැබීම ද යන පස නො ඉවසයි ද, මහණෙනි, මේ අංග පසින් යුතු මහණහුගේ ඇවැතට පිළියම් නො කිරීමෙහි උක්ඛේපනීය කර්‍මය සංහිඳුවිය යුතු යි.
Pali BJT4. අපරෙහිපි භික්ඛවෙ -පෙ- න පකතත්තස්ස භික්ඛුනො සෙය්යාභිහාරං, පාදොදකං පාදපීඨං, පාදකඨලිකං, පත්තචීවරප්පටිග්ගහණං, නහානෙ පිට්ඨිපරිකම්මං සාදියති. ඉමෙහි ඛො -පෙ-
Sinhala BJT4. මහණෙනි, අන්‍ය වූ ද අංග පසකින් යුතු මහණහුගේ ඇවැතට පිළියම් නොකිරීමේ උක්ඛේපනීය කර්‍මය සංහිඳුවිය යුතු යි: පුවතත් මහණහුගේ හෝනා යහන් එළවා තැබීම, පාදොවුන් දිය තැබීම, පාපුටුව තැබීම නොසේදූ පා තබන පුවරුව තැබීම, පාසිවුරු පිළිගැණීම, නෑමෙහි පිට පිරියම් කිරීම නො ඉවසයි ද ...
Pali BJT5. අපරෙහිපි භික්ඛවෙ -පෙ- න පකතත්තං භික්ඛුං සීලවිපත්තියා අනුද්ධංසෙති, න ආචාරවිපත්තියා අනුද්ධංසෙති, න දිට්ඨිවිපත්තියා අනුද්ධංසෙති, න ආජීවවිපත්තියා අනුද්ධංසෙති, න භික්ඛුං භික්ඛූහි භෙදෙති. ඉමෙහි ඛො -පෙ-
Sinhala BJT5. මහණෙනි, අන්‍ය වූ ද අංග පසකින් යුක්ත මහණහුගේ ඇවැතට පිළියම් නොකිරීමෙහි උක්ඛේපනීය කර්‍මය සංහිඳුවිය යුතු යි: පුවතත් මහණහට සීලවිපත්තියෙන් චෝදනා නො කරයි ද, ආචාරවිපත්තියෙන් චෝදනා නො කරයි ද, දිට්ඨිවිපත්තියෙන් චෝදනා නො කරයි ද, ආජීවවිපත්තියෙන් චෝදනා නො කරයි ද, භික්‍ෂූන් භික්‍ෂූන් කෙරෙන් නො බිඳුවයි ද ...
Pali BJT6. අපරෙහිපි භික්ඛවෙ -පෙ- න ගිහීධජං ධාරෙති, න තිත්ථියධජං ධාරෙති, න තිත්ථියෙ සෙවති, භික්ඛූ සෙවති, භික්ඛුසික්ඛාය සික්ඛති, ඉමෙහි ඛො -පෙ-
Sinhala BJT6. මහණෙනි, අන්‍ය වූ ද පසඟකින් යුතු මහණහුගේ ... ගිහී ලක්‍ෂණ වූ ශ්වේත වස්ත්‍රාදිය නො දරයි ද, තීර්‍ත්‍ථකයන්ගේ ලක්‍ෂණ වූ කුසවැහැරි ආදිය නො දරයි ද, තීර්‍ත්‍ථකයන් සේවනය නො කරයි ද, භික්‍ෂූන් සේවනය කරයි ද, භික්‍ෂුභික්‍ෂාවෙහි හික්මෙයි ද ...
Pali BJT7. අපරෙහිපි භික්ඛවෙ -පෙ- න පකතත්තෙන භික්ඛුනා සද්ධිං එකච්ඡන්නෙ ආවාසෙ වසති, න එකච්ඡන්නෙ අනාවාසෙ වසති, න එකච්ඡන්නෙ ආවාසෙ වා අනාවාසෙ වා වසති, පකතත්තං භික්ඛුං දිස්වා ආසනා වුට්ඨාති, න පකතත්තං භික්ඛුං ආසාදෙති අන්තො වා බහි වා, ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආපත්තියා අප්පටිකම්මෙ, උක්ඛෙපනීයකම්මං පටිප්පස්සම්භෙතබ්බං.
Sinhala BJT7. මහණෙනි, අන්‍ය වූ ද පසඟකින් යුතු මහණහුගේ ඇවැතට පිළියම් නො කිරීමේ උක්ඛේපනීය කර්‍මය සංහිඳුවිය යුතු යි: පුවතත් මහණක්හු සමග එක් සෙවෙනි ආවාසයෙහි නො වසයි ද, එක් සෙවෙනි අනාවාසයෙහි නො වසයි ද, එක් සෙවෙනි ආවාසයෙහි හෝ අනාවාසයෙහි හෝ නො වසයි ද, පුවතත් මහණහු දැක හුනස්නෙන් නැගිටී ද, විහාරය තුළදී හෝ පිටතදී පුවතත් මහණහු නො ගටයි ද, මහණෙනි, මේ පසඟින් යුතු මහණහුගේ ඇවැතට පිළියම් නො කිරීමේ උකෙව්නිකම සංහිඳුවිය යුතු යි.
Pali BJT8. අට්ඨහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයකම්මං පටිප්පස්සම්භෙතබ්බං: න පකතත්තස්ස භික්ඛුනො උපොසථං ඨපෙති, න පවාරණං ඨපෙති, න සවචනීයං කරොති, න අනුවාදං පට්ඨපෙති, න ඔකාසං කාරෙති, න චොදෙති, න සාරෙති, න භික්ඛූහි සම්පයොජෙති, ඉමෙහි ඛො භික්ඛවෙ අට්ඨහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයකම්මං පටිප්පස්සම්භෙතබ්බං.
Sinhala BJT8. මහණෙනි, අංග අටකින් යුතු මහණහුගේ ඇවැතට පිළියම් නො කිරීමෙහි උක්ඛේපනීය කර්‍මය සංහිඳුවිය යුතු යි: පුවතත් මහණහුගේ උපෝසථය නො තබයි ද, පවාරණය නො තබයි ද, සවචනීය කර්‍මය නො කරයි ද, විහාරයෙහි අධිපතිබැව්හි නො සිටි ද, අවසර ගැණීම නො කරවයි ද, චෝදනා නො කරයි ද, ඇවැත් සිහිපත් නො කරවයි ද, භික්‍ෂූන් හා කලහ නො යොදවයි ද, මහණෙනි, මේ අටඟින් යුතු මහණහුගේ ඇවැතට පිළියම් නොකිරීමේ උක්ඛේපනීය කර්‍මය සංහිඳුවිය යුතු යි.
Pali BJTආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයකම්මෙ පටිප්පස්සම්භෙතබ්බතෙචත්තාරීසකං නිට්ඨිතං.
Sinhala BJTඇවැතට පිළියම් නොකිරීමේ උක්ඛේපනීය කර්‍මය සංහිඳුවිය යුතු අංග තෙසාළිස නිමි.
Pali BJT[පටිප්පස්සම්භනං]
Sinhala BJT[සංහිඳුවීම]
Pali BJT1. එවඤ්ච පන භික්ඛවෙ පටිප්පස්සම්භෙතබ්බං: තෙන භික්ඛවෙ ඡන්නෙන භික්ඛුනා සඞ්ඝං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා බුඩ්ඪානං භික්ඛූනං පාදෙ වන්දිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා එවමස්ස වචනීයො: අහං භන්තෙ සඞ්ඝෙන ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයකම්මකතො සම්මා වත්තාමි, ලොමං පාතෙමි, නෙත්ථාරං වත්තාමි, ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධිං යාචාමීති. දුතියම්පි යාචිතබ්බා. තතියම්පි යාචිතබ්බා. ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:–
Sinhala BJT1. මහණෙනි, (ඇවැතට පිළියම් නොකිරීමෙහි උක්ඛේපනීය කර්‍මය) මෙසේ සංහිඳුවිය යුතු ය: මහණෙනි, ඒ ඡන්න භික්‍ෂුහු විසින් සංඝයා වෙත එළඹ උතුරුසඟ එකස් කොට වැඩිමහලු භික්‍ෂූන්ගේ පා වැඳ උත්කුටුකයෙන් හිඳ ඇඳිලි බැඳ මෙසේ කිය යුතු යි: ස්වාමීනි, මම ඇවැතට පිළියම් නොකිරීම නිසා සඞ්ඝයා විසින් උක්ඛේපනීය කර්‍මය කරණු ලැබූයෙම් මැනවින් පවතිමි. භික්‍ෂූන් අනුව පවතිමි. නිස්තරණ වතෙහි පිහිටා සිටිමි. ඇවැතට පිළියම් නොකිරීමෙහි උක්ඛේපනීය කර්‍මයාගේ සංහිඳුවීම යාච්ඤා කරමි යි. දෙවනු වත් යැදිය යුතුයි. තෙවනු වත් යැදිය යුතුයි. ප්‍රතිබල ව්‍යක්ත මහණකු විසින් සංඝ තෙමෙ දැන්විය යුතු යි:
Pali BJT“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො: අයං ඡන්නො භික්ඛු සඞ්ඝෙන ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයකම්මකතො සම්මා වත්තති, ලොමං පාතෙති, නෙත්ථාරං වත්තති, ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධිං යාචති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො ඡන්නස්ස භික්ඛුනො ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයකම්මං පටිප්පස්සම්භෙය්ය එසා ඤත්ති.
Sinhala BJT“ස්වාමීනි, සංඝ තෙම මාගේ වචනය අසාවා. මේ ඡන්න භික්‍ෂුතෙම ඇවැතට පිළියම් නොකිරීමෙහි උක්ඛේපනීය කර්‍මය කරණු ලැබුයේ මැනවින් පවතියි. භික්‍ෂූන් අනුව පවතියි. නිස්තරණ වතෙහි පවතියි. ඇවැතට පිළියම් නොකිරීමේ උක්ඛේපනීය කර්‍මයාගේ සංහිඳුවීම යාච්ඤා කරයි. ඉදින් සංඝයාට පැමිණි කල් ඇත්තේ නම් සංඝ තෙම ඡන්න භික්‍ෂුහුගේ ඇවැතට පිළියම් නොකිරීමේ උක්ඛේපනීය කර්‍මය සංහිඳුවන්නේ ය. මේ ඤත්තිය යි.
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො: අයං ඡන්නො භික්ඛු සඞ්ඝෙන ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයකම්මකතො සම්මා වත්තති, ලොමං පාතෙති, නෙත්ථාරං වත්තති, ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධිං යාචති. සඞ්ඝො ඡන්නස්ස භික්ඛුනො ආපත්තියා අප්පටිකම්මෙ, උක්ඛෙපනීයකම්මං පටිප්පස්සම්භෙති. යස්සායස්මතො ඛමති ඡන්නස්ස භික්ඛුනො ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධි, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය.
Sinhala BJTස්වාමීනි, සංඝ තෙම මාගේ වචනය අසාවා. මේ ඡන්න භික්‍ෂුතෙම සංඝයා විසින් ඇවැතට පිළියම් නොකිරීම පිළිබඳ උක්ඛේපනීය කර්‍මය කරණ ලද්දේ මැනවින් පවතියි. භික්‍ෂූන් අනුව පවතියි. නිස්තරණ වතෙහි පිහිටයි ඇවැතට පිළියම් නොකිරීම පිළිබඳ උක්ඛේපනීය කර්‍මයාගේ සංහිඳුවීම යාච්ඤා කරයි. සංඝ තෙම ඡන්න භික්‍ෂුහුගේ ඇවැතට පිළියම් නොකිරීම පිළිබඳ උක්ඛේපනීය කර්‍මය සංහිඳුවයි. ඡන්න භික්‍ෂුහුගේ ඇවැතට පිළියම් නොකිරීමෙහි උක්ඛේපනීයකර්‍මය සංහිඳුවීම යම් ආයුෂ්මතකුහට අභිමත නම් හෙ තෙම නිශ්ශබ්ද වේවා. යමකුට අභිමත නො වේ නම් හෙ තෙම කියාවා.
Pali BJTදුතියම්පි එතමත්ථං වදාමි, -පෙ- තතියම්පි එතමත්ථං වදාමි:- – සුණාතු මෙ භන්තෙ සඞ්ඝො: අයං ඡන්නො භික්ඛු සඞ්ඝෙන ආපත්තියා අප්පටිකම්මෙ, උක්ඛෙපනීයකම්මකතො සම්මා වත්තති ලොමං පාතෙති නෙත්ථාරං වත්තති. ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධිං යාචති. සඞ්ඝො ඡන්නස්ස භික්ඛුනො ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයකම්මං පටිප්පස්සම්භෙති. යස්සායස්මතො ඛමති ඡන්නස්ස භික්ඛුනො ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධි, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය.
Sinhala BJTදෙවනුත් මේ කාරණය කියමි ... තෙවනුත් මේ කාරණය කියමි. ස්වාමීනි, සංඝතෙම මාගේ වචනය අසාවා. මේ ඡන්න භික්‍ෂු තෙම ඇවැතට පිළියම් නොකිරීමෙහි උක්ඛේපනීය කර්‍මය කරණ ලද්දේ මැනැවින් පවතියි. භික්‍ෂූන් අනුව පවතියි. අටළොස් නිස්තරණ වතෙහි පවතියි. ඇවැතට පිළියම් නොකිරීමේ උක්ඛේපනීයකර්‍මයාගේ සංහිඳුවීම යදියි. සංඝ තෙම ඡන්න භික්‍ෂුහුගේ ඇවැතට පිළියම් නොකිරීම පිළිබඳ උක්ඛේපනීය කර්‍මය සංහිඳුවයි. ඡන්න භික්‍ෂුහුගේ ඇවැතට පිළියම් නොකිරීමෙහි උක්ඛේපනීය කර්‍මයාගේ සංහිඳුවීම යම් ආයුෂ්මතකුහට අභිමත නම් හෙ තෙම නිශ්ශබ්ද වේවා. යමකුට අභිමත නො වේ නම් හෙ තෙම කියාවා.
Pali BJTපටිප්පස්සද්ධං සඞ්ඝෙන ඡන්නස්ස භික්ඛුනො ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයකම්මං, ඛමති සඞ්ඝස්ස, තස්මා තුණ්හී, එවමෙතං ධාරයාමීති.”
Sinhala BJTසඞ්ඝයා විසින් ඡන්න භික්‍ෂුහුගේ ඇවැතට පිළියම් නොකිරීම පිළිබඳ උක්ඛේපනීය කර්‍මය සංහිඳුවන ලදී. එය සංඝයාට අභිමත යි. එහෙයින් නිශ්ශබ්ද යි. මේ කාරණය මෙසේ දරමි”.
Pali BJTආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයකම්මං නිට්ඨිතං ඡට්ඨං.
Sinhala BJTඇවැතට පිළියම් නොකිරීමේ උක්ඛේපනීය කර්‍මය සවැනි යි.
Pali BJT7. පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං
Sinhala BJT7. පවිටුදෘෂ්ටිය නොදුරැලීමේ උක්ඛේපනීය කර්‍මය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන අරිට්ඨස්ස නාම භික්ඛුනො ගද්ධබාධිපුබ්බස්ස එවරූපං පාපකං දිට්ඨිගතං උප්පන්නං හොති: ‘තථාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි යථා යෙ’මෙ අන්තරායිකා ධම්මා වුත්තා භගවතා, තෙ පටිසෙවතො නාලං අන්තරායායා’ති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල වනාහි පෙර ගිජුලිහිණියන් නැසූ කුලයෙහි උපන්නා වූ අරිට්ඨ භික්‍ෂුහට “යම් මේ අන්තරායකර ධර්‍ම කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් යම්සේ වදාරණ ලද්දාහු ද, ඒ ධර්‍ම සේවනය කරන්නාට අන්තරාය පිණිස ප්‍රමාණ නො වෙති යි සිතිය හැකි සේ භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසූ දහමක් මම දනිමි” යි. මෙබඳු ලාමක දෘෂ්ටියක් උපන්නේ වෙයි.
Pali BJT2. අස්සොසුං ඛො සම්බහුලා භික්ඛූ අරිට්ඨස්ස නාම කිර භික්ඛුනො ගද්ධබාධිපුබ්බස්ස එවරූපං පාපකං දිට්ඨිගතං උප්පන්නං: ‘තථාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි යථා යෙ’මෙ අන්තරායිකා ධම්මා වුත්තා භගවතා තෙ පටිසෙවතො නාලං අන්තරායායා’ති.
Sinhala BJT2. පෙර ගිජුළිහිණියන් මැරූ කුලයෙහි උපන් අරිට්ඨ භික්‍ෂුහට “යම් ධර්‍ම කෙනෙක් අන්තරායකරහ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද හු ද, ඒ ධර්‍ම සෙවුනාහට ස්වර්‍ගමෝක්‍ෂ අන්තරාය පිණිස ප්‍රමාණවත් නොවෙති යි. සිතිය හැකි සේ භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසූ දහමක් මම දනිමි” යි මෙබඳු ලාමක දෘෂ්ටියක් උපන්නේ වේ යැ යි මෙ පවත් බොහෝ භික්‍ෂූහු ඇසූහ.
Pali BJT3. අථ ඛො තෙ භික්ඛූ යෙන අරිට්ඨො භික්ඛු ගද්ධබාධිපුබ්බො, තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා අරිට්ඨං භික්ඛුං ගද්ධබාධිපුබ්බං එතදවොචුං:
Sinhala BJT3. ඉක්බිති ඒ භික්‍ෂූහු පෙර ගිජුළිහිණියන් මැරූ කුලයෙහි උපන් අරිට්ඨ භික්‍ෂු කරා එළැඹියහ. එළැඹ එගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්‍ෂුහට මෙසේ කීහු:
Pali BJT“සච්චං කිර තෙ ආවුසො අරිට්ඨ එවරූපං පාපකං දිට්ඨිගතං උප්පන්නං: ‘තථාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි: යථා යෙමෙ අන්තරායිකා ධම්මා වුත්තා භගවතා, තෙ පටිසෙවතො නාලං අන්තරායායා”ති.
Sinhala BJT“ඇවැත්නි අරිට්ඨයෙනි, යම් ඒ ධර්‍ම කෙනෙක් සගමොක් දෙකට අන්තරායකරහ යි භාග්‍යවතුන් වහන්සේ විසින් යම්සේ වදාරණ ලදහු ද, ඒ ධර්‍ම සේවනය කරන්නහුට එසේ ස්වර්‍ගමෝක්‍ෂ අන්තරාය පිණිස ප්‍රමාණ නොවෙත් ය යි සිතිය හැකි සේ භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසූ ධර්‍මයක්{*} මම දනිමි” යි. මෙබඳු ලාමක දෘෂ්ටියක් ඔබට උපන්නේ ලු. ඒ සැබෑදැ?” යි.
Pali BJT“එවං බ්යා ඛො අහං ආවුසො භගවතා ධම්මං දෙසිතං ආජානාමි: යථා යෙ මෙ අන්තරායිකා ධම්මා වුත්තා භගවතා, තෙ පටිසෙවතො නාලං අන්තරායායා”ති.
Sinhala BJT“ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ අන්තරායකර ධර්‍මයෝ යම්සේ දෙසන ලදහු ද, ඒ ධර්‍ම සේවනය කරන්නහුට සගමොක් දෙකට අන්තරාය පිණිස ප්‍රමාණ නොවෙත් යැ යි මෙසේ සිතිය හැකිසේ භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසූ ධර්‍මයක් මම දනිමි” යි හේ කීය.
Pali BJT4. මා ආවුසො අරිට්ඨ එවං අවච මා භගවන්තං අබ්භාචික්ඛි. න හි සාධු භගවතො අබ්භක්ඛානං. න හි භගවා එවං වදෙය්ය. අනෙකපරියායෙන ආවුසො අරිට්ඨ අන්තරායිකා ධම්මා අන්තරායිකා වුත්තා භගවතා, අලඤ්ච පන තෙ පටිසෙවතො අන්තරායාය.
Sinhala BJT4. “ඇවැත් අරිට්ඨයෙනි, එසේ නො කියව. භාග්‍යවතුන් වහන්සේට බොරුවෙන් දෝෂාරෝපණය නො කරව, භාග්‍යවතුන් වහන්සේට බොරුවෙන් දෝෂාරෝපණය නො මැනවි. භාග්‍යවතුන් වහන්සේ මෙසේ නො වදාරණ සේක් ම ය. ඇවැත් අරිට්ඨයෙනි, අන්තරායකර ධර්‍මයෝ නොයෙක් ආකාරයෙන් අන්තරායකරහ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදහ. ඒ ධර්‍ම සේවනය කරන්නාට (සගමොක්) අවුරණු පිණිස සමත් ම ය.
Pali BJT“අප්පස්සාදා කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහුපායාසා, ආදීනවො එත්ථ භිය්යො.
Sinhala BJT“කාමයෝ අල්ප වූ ආශ්වාද ඇත්තෝ ය. බොහෝ දුක් ඇත්තෝ ය. දැඩි ආයාස ඇත්තෝ ය. මෙහි උවදුරු බොහෝ ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී.
Pali BJTඅට්ඨිකඞ්කලූපමා කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහූපායාසා, ආදීනවො එත්ථ භිය්යො.
Sinhala BJTකාමයෝ ඇටසැකිල්ලකට උපමා ඇත්තෝය. බොහෝ දුක් ඇත්තෝය. දැඩි ආයාස ඇත්තෝ ය. මෙහි ආදීනව බොහෝ ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී.
Pali BJTමංසපෙසූපමා කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහූපායාසා, ආදීනවො එත්ථ භිය්යො.
Sinhala BJTකාමයෝ මස්වැදැල්ලකට උපමා ඇත්තෝ ය. බොහෝ දුක් ඇත්තෝය. දැඩි ආයාස ඇත්තෝ ය. මෙහි ආදීනව බොහෝ ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී.