Cullavagga

Lesser Division

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 301-400 න් 3845

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT2. තෙන හි භික්ඛවෙ සඞ්ඝො සුධම්මස්ස භික්ඛුනො අනුදූතං දෙතු චිත්තං ගහපතිං ඛමාපෙතුං. එවං ච පන භික්ඛවෙ දාතබ්බො: පඨමං භික්ඛු යාචිතබ්බො. යාචිත්වා ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
Sinhala BJT2. එහෙයින් “මහණෙනි, සංඝ තෙමේ සුධර්‍ම භික්‍ෂුහට චිත්ත ගැහැවියා කමවන්නට අනුදූතයකු දේවා. මහණෙනි, මෙසේ දිය යුතු යි: පළමු ව මහණ තෙමේ යැදිය යුතු යි. එසේ යැද ප්‍රතිබල වියත් මහණකු විසින් සංඝ තෙමේ මෙසේ දැන්විය යුතු යි:
Pali BJT“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුං සුධම්මස්ස භික්ඛුනො අනුදූතං දදෙය්ය චිත්තං ගහපතිං ඛමාපෙතුං. එසා ඤත්ති.
Sinhala BJT“ස්වාමීනි, සංඝ තෙමේ මාගේ වචනය අසාවා. ඉඳින් සංඝයාට පැමිණි කල් ඇත්තේ නම්, සංඝ තෙමේ චිත්ත ගැහැවියා කමා කරවනු පිණිස සුධර්‍ම නම් භික්‍ෂුහට මෙ නම් මහණහු අනුදූතයකු කොට දේවා. මේ ඤත්තිය යි.
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො. සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුං සුධම්මස්ස භික්ඛුනො අනුදූතං දෙති චිත්තං ගහපතිං ඛමාපෙතුං. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස භික්ඛුනො සුධම්මස්ස භික්ඛුනො අනුදූතස්ස දානං චිත්තං ගහපතිං ඛමාපෙතුං, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය.
Sinhala BJTස්වාමීනි, සංඝ තෙමේ මාගේ වචනය අසාවා. සංඝ තෙමේ සුධර්‍ම භික්‍ෂුහට චිත්ත ගැහැවියා කමවනු පිණිස මෙ නම් මහණ අනුදූතයකු කොට දෙයි. චිත්ත ගෘහපතියා කමවනු පිණිස සුධර්‍ම භික්‍ෂුහට මෙ නම් මහණහු අනුදූතයකු කොට දීම යම් ආයුෂ්මතකුහට රුචි වේ නම්, හෙතෙම නිශ්ශබ්ද වේවා. යමකුට රුචි නො වේ නම්, හෙ තෙමේ කථා කෙරේවා (කියාවා).
Pali BJTදින්නො සඞ්ඝෙන ඉත්ථන්නාමො භික්ඛු සුධම්මස්ස භික්ඛුනො අනුදූතො චිත්තං ගහපතිං ඛමාපෙතුං. ඛමති සඞ්ඝස්ස, තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJTසංඝයා විසින් සුධර්‍ම භික්‍ෂුහට චිත්ත ගැහැවියා කමවනු පිණිස මෙ නම් ඇති භික්‍ෂු තෙමේ අනුදූතයකු කොට දෙන ලදී. එය සංඝයාට රුචි යි (අභිමත යි). එහෙයින් නිශ්ශබ්ද යි. මෙය මෙසේ දරමි (සලක මි)” යි.
Pali BJT3. තෙන භික්ඛවෙ සුධම්මෙන භික්ඛුනා අනුදූතෙන භික්ඛුනා සද්ධිං මච්ඡිකාසණ්ඩං ගන්ත්වා චිත්තො ගහපති ඛමාපෙතබ්බො “ඛම ගහපති, පසාදෙමි තං”ති. එවං චෙ වුච්චමානො ඛමති, ඉච්චෙතං කුසලං. නො චෙ ඛමති, අනුදූතෙන භික්ඛුනා වත්තබ්බො: ‘ඛම ගහපති ඉමස්ස භික්ඛුනො, පසාදෙති තන්ති.” එවං චෙ වුච්චමානො ඛමති, ඉච්චෙතං කුසලං. නො චෙ ඛමති අනුදූතෙන භික්ඛුනා වත්තබ්බො: “ඛම ගහපති ඉමස්ස භික්ඛුනො. අහං තං පසාදෙමී”ති. එවං චෙ වුච්චමානො ඛමති ඉච්චෙතං කුසලං. නො චෙ ඛමති අනුදූතෙන භික්ඛුනා වත්තබ්බො: “ඛම ගහපති ඉමස්ස භික්ඛුනො සඞ්ඝස්ස වචනෙනා”ති. එවං චෙ වුච්චමානො ඛමති ඉච්චෙතං කුසලං.
Sinhala BJT3. මහණෙනි, සුධර්‍ම භික්‍ෂුහු විසින් ඒ අනුදූත මහණහු සමග මච්ජිකාසණ්ඩයට ගොස් “ගෘහපතිය, කමනු මැනැව තොප පහදවමි’ යි (තොපගේ පැහැදීම පතමි’යි) චිත්ත ගෘහපති තෙම කැමැවිය යුතු යි. ඉදින් මෙසේ කියනු ලබන්නේ කමා නම් තෙල මැනවි, ඉදින් නො කමා නම් අනුදූත මහණහු විසින් “ගැහැවිය, මේ භික්‍ෂුහට ක්‍ෂමා කළ මැනව. තොප පහදවා ය යි (තොපගේ ප්‍රසාදය පතා ය යි) කිය යුතු යි. මෙසේ කියනු ලබන්නේ ඉදින් කමා නම්, එසේ එය යහපති. ඉදින් කමා නො කෙරේ නම් අනුදූත භික්‍ෂු විසින් “ගැහැවියා මේ භික්‍ෂුහට කමා කළ මැනවි. මම තොප පහදවමි” යි (තොපගේ පැහැදීම පතමියි) කිය යුතුයි. ඉදින් මෙසේ කියනු ලබන්නේ කමා නම් ඒ මැනවි. ඉදින් නො කමා නම් අනුදූත භික්‍ෂූහු විසින් “සංඝයාගේ වචනයෙන් මේ භික්‍ෂුහට කමව”යි කිය යුතු යි. ඉදින් මෙසේ කියනු ලබන්නේ කමයි ද ඒ මැනවි.
Pali BJTනො චෙ ඛමති, අනුදූතෙන භික්ඛුනා සුධම්මං භික්ඛුං චිත්තස්ස ගහපතිනො දස්සනූපචාරං අවිජහාපෙත්වා සවණූපචාරං අවිජහාපෙත්වා එකංසං උත්තරාසඞ්ගං කාරාපෙත්වා උක්කුටිකං නිසීදාපෙත්වා අඤ්ජලිං පග්ගණ්හාපෙත්වා සා ආපත්තිං දෙසාපෙතබ්බා’ති.
Sinhala BJTඉදින් කමා නො කෙරේ නම්, අනුදූත භික්‍ෂුහු විසින් සුධර්‍ම භික්‍ෂු තෙම චිත්තගෘහපතියාට පෙණෙන තෙක් මානය නොඉක්ම වා ඇසෙන තෙක් මානය නොඉක්මවා උතුරුසඟ එකස් කරවා උත්කුටුකයෙන් හිඳුවා ඇඳිලි බඳවා ඒ ඇවැත දෙසවිය යුතු යි.
Pali BJT4. අථ ඛො ආයස්මා සුධම්මො අනුදූතෙන භික්ඛුනා සද්ධිං මච්ඡිකාසණ්ඩං ගන්ත්වා චිත්තං ගහපතිං ඛමාපෙසි. සො සම්මා වත්තති, ලොමං පාතෙති, නෙත්ථාරං වත්තති. භික්ඛූ උපසඞ්කමිත්වා එවං වදෙති: ‘අහං ආවුසො සඞ්ඝෙන පටිසාරණීයකම්මකතො සම්මා වත්තාමි, ලොමං පාතෙමි, නෙත්ථාරං වත්තාමි. කථං නු ඛො මයා පටිපජ්ජිතබ්බ’න්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. තෙන හි භික්ඛවෙ සඞ්ඝො සුධම්මස්ස භික්ඛුනො පටිසාරණීයකම්මං පටිප්පස්සම්භෙතු.
Sinhala BJT4. ඉක්බිති ආයුෂ්මත් සුධර්‍ම තෙම අනුදූත භික්‍ෂු සමඟ මච්ජිකාසණ්ඩයට ගොස් චිත්තගෘහපතියා කමා කරවී ය. ඒ සුධර්‍ම භික්‍ෂු තෙම මැනැවින් පවතියි. භික්‍ෂූන් අනුව හැසිරෙයි අටොළොස් නිස්තරණ වත පුරයි. භික්‍ෂූන් වෙත එළැඹ මෙසේ කියයි: “ඇවැත්නි, මම සංඝයා විසින් පටිසාරණීයකර්‍මය කරණු ලැබුයෙම් මැනැවින් පවතිමි. භික්‍ෂූන් අනුව හැසිරෙමි. නිස්තරණ වන් අනුව පවතිමි. මවිසින් කෙසේ පිළිපැදිය යුතු දැ?” යි. භික්‍ෂුහු මේ කාරණය භාග්‍යවතුන් වහන්සේට සැළ කළහ. මහණෙනි, එසේ වී නම් සඞ්ඝ තෙමේ සුධර්‍ම භික්‍ෂුහුගේ පටිසාරණීය කර්‍මය සන්හිඳුවා ලන්නේ ය.
Pali BJT1. පඤ්චහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො පටිසාරණීයකම්මං න පටිප්පස්සම්භෙතබ්බං: උපසම්පාදෙති, නිස්සයං දෙති, සාමණෙරං උපට්ඨාපෙති, භික්ඛුනොවාදකසම්මුතිං සාදියති, සම්මතොපි භික්ඛුනියො ඔවදති. ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො පටිසාරණීයකම්මං න පටිප්පස්සම්භෙතබ්බං.
Sinhala BJT1. “මහණෙනි, අංග පසෙකින් යුක්ත භික්‍ෂුහුගේ පටිසාරණීය කර්‍මය නො සන්හිඳුවිය යුතු යි: තමා උපාධ්‍යාය ව උපසම්පදා කෙරෙයි ද, නිස දෙයි ද, හෙරණකු ලවා උවටන් කරවා ගණි ද, මෙහෙණිනට ඔවා දීමේ සම්මතිය ඉවසයි ද, සම්මතිය ලදහු විසිනුදු මෙහෙණිනට ඔවා දෙයි ද, මහණෙනි, මේ පසඟින් යුතු භික්‍ෂුහුගේ පටිසාරණීය කර්‍මය නො සන්හිඳුවිය යුතු යි.
Pali BJT2. අපරෙහිපි භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො පටිසාරණීයකම්මං න පටිප්පස්සම්භෙතබ්බං: යාය ආපත්තියා සඞ්ඝෙන පටිසාරණීයකම්මං කතං හොති තං ආපත්තිං ආපජ්ජති, අඤ්ඤං වා තාදිසිකං, තතො වා පාපිට්ඨතරං, කම්මං ගරහති, කම්මිකෙ ගරහති. ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො පටිසාරණීයකම්මං න පටිප්පස්සම්භෙතබ්බං.
Sinhala BJT2. මහණෙනි, අන්‍ය වූ ද පඤ්ච අඞ්ගයකින් යුක්ත මහණහුගේ පටිසාරණීය කර්‍මය නො සංසිඳුවිය යුතු යි: යම් ඇවැතකින් සංඝයා විසින් පටිසාරණීය කර්‍මය කරන ලද්දේ වේ නම් ඒ ඇවතට පැමිණේ ද, එ බඳු වූ අන් ඇවැතකට හෝ පැමිණේ ද, එයටත් වඩා ලාමක ඇවැතකට හෝ පැමිණේ ද, කර්‍මයට ගරහයි ද, කාරක සංඝයාට ගරහයි ද, මහණෙනි, මේ පසඟින් යුතු මහණහුගේ පටිසාරණීය කර්‍මය නො සන්හිඳුවිය යුතු යි.
Pali BJT3. අට්ඨහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො පටිසාරණීයකම්මං න පටිප්පස්සම්භෙතබ්බං: පකතත්තස්ස භික්ඛුනො උපොසථං ඨපෙති, පවාරණං ඨපෙති, සවචනීයං කරොති, අනුවාදං පට්ඨපෙති, ඔකාසං කාරෙති, චොදෙති, සාරෙති, භික්ඛූහි සම්පයොජෙති. ඉමෙහි ඛො භික්ඛවෙ අට්ඨහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො පටිසාරණීයකම්මං න පටිප්පස්සම්භෙතබ්බං.
Sinhala BJT3. මහණෙනි, අංග අටකින් යුතු මහණහුගේ පටිසාරණීය කර්‍මය නො නැවැත්විය යුතු යි: පුවතත් මහණහුට පොහොය තබා ද, පවුරුණු තබා ද, සවචනීය කම් කරයි ද, වෙහෙර දෙටු තැන් ආදි ප්‍රධාන කම් කරයි ද, අවකාශ කරවයි ද, චෝදනා කරයි ද, ඇවැත් සිහිපත් කරවයි ද, භික්‍ෂූන් ඔවුනොවුන් හා කලහයට යොදවයි ද, මහණෙනි, මේ අටඟින් යුතු මහණහුගේ පටිසාරණීය කර්‍මය නො සන්හිඳුවිය යුතු යි.
Pali BJTපටිසාරණීයකම්මෙ නපටිප්පස්සම්භෙතබ්බ අට්ඨාරසකං නිට්ඨිතං.
Sinhala BJTපටිසාරණීය කර්‍මයෙහි නො සන්හිඳුවිය යුතු අංග අටොළොස නිමි.
Pali BJTපටිප්පස්සම්භෙතබ්බඅට්ඨාරසකං
Sinhala BJTසන්හිඳුවිය යුතු අංග අටොළොස
Pali BJT1. පඤ්චහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො පටිසාරණීයකම්මං පටිප්පස්සම්භෙතබ්බං: න උපසම්පාදෙති, න නිස්සයං දෙති, න සාමණෙරං උපට්ඨාපෙති, න භික්ඛුනොවාදකසම්මුතිං සාදියති, සම්මතොපි භික්ඛුනියො න ඔවදති. ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො පටිසාරණීයකම්මං පටිප්පස්සම්භෙතබ්බං.
Sinhala BJT1. මහණෙනි, අංග පසකින් යුත් මහණහුගේ පටිසාරණීය කර්‍මය සන්හිඳුවිය යුතු යි: උපසම්පදා නො කරවයි ද, නිස නො දෙයි ද, හෙරණකු ලවා උවටන් නොකරවයි ද, මෙහෙණිනට ඔවා දීමේ සම්මතිය නො ඉවසයි ද, සම්මතිය ලද්දේ නමුදු මෙහෙණිනට ඔවා නො දෙයි ද, මහණෙනි, මේ පසඟින් යුතු මහණහුගේ පටිසාරණීය කර්‍මය සන්හිඳුවිය යුතු ය.
Pali BJT2. අපරෙහිපි භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො පටිසාරණීයකම්මං පටිප්පස්සම්භෙතබ්බං: යාය ආපත්තියා සඞ්ඝෙන පටිසාරණීයකම්මං කතං හොති, තං ආපත්තිං න ආපජ්ජති, අඤ්ඤං වා තාදිසිකං, තතො වා පාපිට්ඨතරං, කම්මං න ගරහති, කම්මිකෙ න ගරහති. ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො පටිසාරණීයකම්මං පටිප්පස්සම්භෙතබ්බං.
Sinhala BJT2. මහණෙනි, අනිත් අංග පසෙකිනුදු යුතු මහණහුගේ පටිසාරණීය කර්‍මය සන්හිඳුවිය යුතු යි: යම් ඇවැතකින් සඞ්ඝයා විසින් පටිසාරණීය කර්‍මය කරණ ලද්දේ නම් ඒ ඇවැතට නො පැමිණෙයි ද, එ වැනි අන් ඇවැතකට හෝ නො පැමිණෙයි ද, එයට වඩා ලාමක ඇවැතකට හෝ නො පැමිණෙයි ද, කර්‍මයට නො ගරහයි ද, කර්‍මය කළවුනට නො ගරහයි ද, මහණෙනි, මේ පසඟින් යුතු මහණහුගේ පටිසාරණීයකර්‍මය සන්හිඳුවිය යුතු යි.
Pali BJT3. අට්ඨහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො පටිසාරණීයකම්මං පටිප්පස්සම්භෙතබ්බං: න පකතත්තස්ස භික්ඛුනො උපොසථං ඨපෙති, න පවාරණං ඨපෙති, න සවචනීයං කරොති, න අනුවාදං පට්ඨපෙති, න ඔකාසං කාරෙති, න චොදෙති, න සාරෙති, න භික්ඛූහි සම්පයොජෙති. ඉමෙහි ඛො භික්ඛවෙ අට්ඨහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො පටිසාරණීයකම්මං පටිප්පස්සම්භෙතබ්බං.
Sinhala BJT3. මහණෙනි, අංග අටකින් යුතු මහණහුගේ පටිසාරණීය කර්‍මය සන්හිඳුවිය යුතු ය: පුවතත් මහණහුගේ පොහොය නො තබයි ද, පවුරුණු නො තබයි ද, සවචනීය කම් නො කරයි ද, ප්‍රධානකම් නො කරයි ද, අවකාශ නො කරවයි ද, චෝදනා නො කරයි ද, ඇවැත් සිහි පත් නො කරවයි ද, භික්‍ෂූන් කලහ පිණිස නො යොදවයි ද, මහණෙනි, මේ අටඟින් යුත් භික්‍ෂුහුගේ පටිසාරණීය කර්‍මය සන්හිඳුවිය යුතු යි.
Pali BJTපටිසාරණීයකම්මෙ පටිප්පස්සම්භෙතබ්බඅට්ඨාරසකං නිට්ඨිතං.
Sinhala BJTපටිසාරණීය කර්‍මයෙහි සන්හිඳුවිය යුතු අංග අටළොස නිමි.
Pali BJT[පටිප්පස්සම්භනං:]
Sinhala BJT[සන්හිඳුවීම]
Pali BJT1. එවඤ්ච පන භික්ඛවෙ පටිප්පස්සම්භෙතබ්බං: තෙන{1} භික්ඛවෙ සුධම්මෙන භික්ඛුනා සඞ්ඝං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා බුඩ්ඪානං භික්ඛූනං පාදෙ වන්දිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා එවමස්ස වචනීයො: අහං භන්තෙ සඞ්ඝෙන පටිසාරණීයකම්මකතො සම්මා වත්තාමි, ලොමං පාතෙමි, නෙත්ථාරං වත්තාමි, පටිසාරණීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධිං යාචාමීති. දුතියම්පි යාචිතබ්බො. තතියම්පි යාචිතබ්බො.
Sinhala BJT1. මහණෙනි, මෙසේ (පටිසාරණීය කර්‍මය) සන්හිඳුවිය යුතු ය: මහණෙනි, ඒ සුධර්‍ම නම් භික්‍ෂුහු විසින් සංඝයා වෙත එළඹ උත්තරාසංගය එකස් කොට පොරොවා වැඩි මහලු භික්‍ෂූන්ගේ පා වැඳ උක්කුටික ව හිඳ ඇඳිලි බැඳ මෙසේ කිය යුතු යි: “ස්වාමීනි, සංඝයා විසින් පටිසාරණීය කර්‍මය කරණු ලැබූ මම මනා ව පවතිමි. භික්‍ෂූන්ට අනුකූල ව පවතිමි. අටළොස් නිස්තරණ වත්හි පවතිමි. පටිසාරණීයකර්‍මයාගේ සන්හිඳුවීම යදිමි” යි. දෙවෙනුවත් යැදිය යුතු යි. තෙවෙනුත් යැදිය යුතු යි.
Pali BJTව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
Sinhala BJTව්‍යක්ත මහණකු විසින් සංඝ තෙමේ දැන්විය යුත්තේ යි:
Pali BJT“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො: අයං සුධම්මො භික්ඛු සඞ්ඝෙන පටිසාරණීයකම්මකතො සම්මා වත්තති, ලොමං පාතෙති, නෙත්ථාරං වත්තති, පටිසාරණීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධිං යාචති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො සුධම්මස්ස භික්ඛුනො පටිසාරණීයකම්මං පටිප්පස්සම්භෙය්ය. එසා ඤත්ති.
Sinhala BJT“ස්වාමීනි, සංඝ තෙමේ මාගේ වචනය අසාවා: මේ සුධර්‍ම භික්‍ෂු තෙමේ සංඝයා විසින් පටිසාරණීය කර්‍මය කරණු ලැබුයේ මනා ව පවතියි. අනුකූල ව පවතියි. නිස්තරණවත්හි පවතියි. පටිසාරණීයකර්‍මයාගේ සන්හිඳුවීම යදියි. ඉදින් සංඝයාට පැමිණි කල් ඇත් නම් සංඝ තෙමේ සුධර්‍ම භික්‍ෂුහුගේ පටිසාරණීය කර්‍මය සන්හිඳුවන්නේ ය. මේ ඤත්තිය යි.
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො: අයං සුධම්මො භික්ඛු සඞ්ඝෙන පටිසාරණීයකම්මකතො සම්මා වත්තති, ලොමං පාතෙති, නෙත්ථාරං වත්තති, පටිසාරණීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධිං යාචති. සඞ්ඝො සුධම්මස්ස භික්ඛුනො පටිසාරණීයකම්මං පටිප්පස්සම්භෙති. යස්සායස්මතො ඛමති සුධම්මස්ස භික්ඛුනො පටිසාරණීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධි, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය.
Sinhala BJTස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා: මේ සුධර්‍ම භික්‍ෂු තෙමේ සංඝයා විසින් පටිසාරණීය කර්‍මය කරණ ලද්දේ මනා ව පවතියි. අනුකූල ව පවතියි. නිස්තරණ වත්හි පවතියි. පටිසාරණීයකර්‍මයාගේ සන්හිඳුවීම යදියි. සඞ්ඝ තෙමේ සුධර්‍ම භික්‍ෂුහුගේ පටිසාරණීය කර්‍මය සන්හිඳුවයි. යම් ආයුෂ්මතකුට සුධර්‍ම භික්‍ෂුහුගේ පටිසාරණීයකර්‍මය සන්හිඳුවීම රුචි වේ නම්, හෙ තෙම නිශ්ශබ්ද වේවා. යමකුට රුචි නොවේ නම් හෙ තෙම කියාවා.
Pali BJTදුතියම්පි එතමත්ථං වදාමි -පෙ- තතියම්පි එතමත්ථං වදාමි. සුණාතු මෙ භන්තෙ සඞ්ඝො: අයං සුධම්මො භික්ඛු සඞ්ඝෙන පටිසාරණීයකම්මකතො සම්මා වත්තති, ලොමං පාතෙති, නෙත්ථාරං වත්තති, පටිසාරණීයස්සකම්මස්ස පටිප්පස්සද්ධිං යාචති. සඞ්ඝො සුධම්මස්ස භික්ඛුනො පටිසාරණීයකම්මං පටිප්පස්සම්භෙති. යස්සායස්මතො ඛමති සුධම්මස්ස භික්ඛුනො පටිසාරණීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධි, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය. පටිප්පස්සද්ධං සඞ්ඝෙන සුධම්මස්ස භික්ඛුනො පටිසාරණීයකම්මං. ඛමති සඞ්ඝස්ස, තස්මා තුණ්හී, එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJTදෙවනුත් මේ කරුණ කියමි ... තෙවනුත් මේ කරුණ කියමි: සඞ්ඝ තෙමේ මාගේ වචනය ආසාවා: මේ සුධර්‍ම භික්‍ෂු තෙමේ සංඝයා විසින් පටිසාරණීය කර්‍මය කරණු ලැබුයේ මැනැවින් පවතියි. අනුකූල ව පවතියි. නිස්තරණවත්හි පවතියි. පටිසාරණීය කර්‍මයාගේ සන්හිඳුවීම යදියි. සඞ්ඝ තෙමේ සුධර්‍ම භික්‍ෂුහුගේ පටිසාරණීයකර්‍මය සන්හිඳුවයි. සුධර්‍ම භික්‍ෂුහුගේ පටිසාරණීය කර්‍මය සන්හිඳුවීම යම් ආයුෂ්මතකුට අභිමත නම් හෙතෙම නිශ්ශබ්ද වේවා. යමකුට අභිමත නොවේ නම් හෙ තෙම කියාවා. සඞ්ඝයා විසින් සුධර්‍ම භික්‍ෂුහුගේ පටිසාරණීය කර්‍මය සන්හිඳුවනලදී. සඞ්ඝයාහට එය අභිමත යි. එහෙයින් නිශ්ශබ්ද ය. මේ කරුණ මෙසේ පිළිගණිමි”.
Pali BJTපටිසාරණීයකම්මං චතුත්ථං නිට්ඨිතං.
Sinhala BJTසිවුවැනි වූ පටිසාරණීය කර්‍මය නිමි.
Pali BJT5. ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මං
Sinhala BJT5. ඇවැත් නොදැක්මෙහි උක්ඛේපනීය කර්‍මය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා කොසම්බියං විහරති ඝොසිතාරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා ඡන්නො ආපත්තිං ආපජ්ජිත්වා න ඉච්ඡති ආපත්තිං පස්සිතුං. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: කථං හි නාම ආයස්මා ඡන්නො ආපත්තිං ආපජ්ජිත්වා න ඉච්ඡිස්සති ආපත්තිං පස්සිතුන්ති. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ කොසඹෑ නුවර (සමීපයෙහි) ඝෝසිතාරාමයෙහි වැඩ වාසය කරණ සේක. එකල්හි ආයුෂ්මත් ඡන්න තෙමේ ඇවැතට පැමිණ ඇවැත දකිනු නොකැමැති වෙයි. යම් ඒ භික්‍ෂු කෙනෙක් අල්පේච්ඡයෝ ද,... ඒ භික්‍ෂුහු ලාමක කොට සිතත්. දොස් පවසත්. නුගුණ පතුරවත්. ඉක්බිති ඒ භික්‍ෂූහු මේ කාරණය භාග්‍යවතුන් වහන්සේට සැළ කළාහු ය.
Pali BJT2. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා භික්ඛූ පටිපුච්ඡි සච්චං කිර භික්ඛවෙ ඡන්නො භික්ඛු ආපත්තිං ආපජ්ජිත්වා න ඉච්ඡති ආපත්තිං පස්සිතු”න්ති. සච්චං භගවා.
Sinhala BJT2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ ප්‍රාප්තාවසරයෙහි භික්‍ෂුසංඝයා රැස් කරවා භික්‍ෂූන් විචාළ සේක: “මහණෙනි, ඡන්න භික්‍ෂු තෙමේ ඇවැතට පැමිණ ඇවැත දකින්නට නො කැමැති වෙයි’ යනු සැබෑද?” “භාග්‍යවතුන් වහන්ස, සැබෑ ය.”
Pali BJT3. විගරහි බුද්ධො භගවා: “කථං හි නාම සො භික්ඛවෙ මොඝපුරිසො ආපත්තිං ආපජ්ජිත්වා න ඉච්ඡිස්සති ආපත්තිං පස්සිතුං, නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි:
Sinhala BJT3. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ “මහණෙනි, කෙසේ නම් ඒ හිස් පුරුෂයා ඇවැතට පැමිණ ඇවත දකින්නට නො කැමැති වේ දැ” යි නින්‍දා කළ සේක. “මහණෙනි, මෙය නොපැහැදුනවුන්ගේ පැහැදීමට හෝ නො වෙයි ...” ගරහා දැහැමි කථා වදාරා භික්‍ෂූන් ඇමතූ සේක:
Pali BJT4. තෙන හි භික්ඛවෙ සඞ්ඝො ඡන්නස්ස භික්ඛුනො ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මං කරොතු අසම්භොගං සඞ්ඝෙන. එවඤ්ච පන භික්ඛවෙ කාතබ්බං: පඨමං ඡන්නො භික්ඛු චොදෙතබ්බො. චොදෙත්වා සාරෙතබ්බො සාරෙත්වා ආපත්තිං ආරොපෙතබ්බො. ආපත්තිං ආරොපෙත්වා ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
Sinhala BJT4. “එසේ නම් මහණෙනි, සංඝ තෙමේ ඡන්න භික්‍ෂුහට ඇවැත් නොදැක්මෙහි සඞ්ඝයා හා සම්භෝග නැති උක්ඛේපනීය කර්‍මය (ධර්‍මාමිෂ සම්භෝගයෙන් වෙන් කිරීමේ කර්‍මය) කෙරේවා. මහණෙනි, එය මෙසේ කළ යුතු යි: පළමු ව ඡන්න භික්‍ෂු තෙමේ චෝදනා කළ යුතු යි. චෝදනා කොට ඇවැත සිහිපත් කැරැවිය යුතු යි. සිහිපත් කරවා ඇවැත නැංවිය යුතු යි. ඇවැත නංවා ප්‍රතිබල වූ ව්‍යක්ත මහණකු විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුතු යි:
Pali BJT5. “සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අයං ඡන්නො භික්ඛු ආපත්තිං ආපජ්ජිත්වා න ඉච්ඡති ආපත්තිං පස්සිතුං. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො ඡන්නස්ස භික්ඛුනො ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මං කරෙය්ය අසම්භොගං සඞ්ඝෙන. එසා ඤත්ති.
Sinhala BJT5. “ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා: මේ ඡන්න භික්‍ෂුහු තෙම ඇවැතට පැමිණ ඇවැත දක්නට නොකැමැති වෙයි. ඉදින් සංඝයාට පැමිණි කල් ඇත්නම් සඞ්ඝ තෙම ඡන්න භික්‍ෂුහට සඞ්ඝයා සමග ධර්‍මාමිෂසම්භෝගය නොපවත්වන සේ ඇවැත නොදැක්මෙහි උක්ඛේපනීය කර්‍මය කරන්නේ ය. මේ ඤත්තිය යි.
Pali BJT“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො: අයං ඡන්නො භික්ඛු ආපත්තිං ආපජ්ජිත්වා න ඉච්ඡති ආපත්තිං පස්සිතුං. සඞ්ඝො ඡන්නස්ස භික්ඛුනො ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මං කරොති අසම්භොගං සඞ්ඝෙන. යස්සායස්මතො ඛමති ඡන්නස්ස භික්ඛුනො උක්ඛෙපනීයස්ස කම්මස්ස කරණං අසම්භොගං සඞ්ඝෙන, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති සො භාසෙය්ය.
Sinhala BJTස්වාමීනි, සඞ්ඝ තෙම මාගේ වචනය අසාවා. මේ ඡන්න භික්‍ෂු තෙම ඇවැතට පැමිණ ඇවැත දක්නට නොකැමැති වෙයි. සංඝ තෙම ඡන්න භික්‍ෂුහට සංඝයා සමග ධර්‍මාමිෂසම්භෝග නොපවත්වන සේ ඇවැත නොදැක්මෙහි උක්ඛේපනීය කර්‍මය කරයි. යම් ආයුෂ්මතකුට ඡන්න භික්‍ෂුහට සඞ්ඝයා සමග ධර්‍මාමිෂසම්භෝග නොපවත්වන සේ ඇවැත නොදැක්මෙහි උක්ඛේපනීයකර්‍මය කිරීම රුචි නම් හෙ තෙම නිශ්ශබ්ද වන්නේය. යමකුට රුචි නො වේ නම් හෙ තෙම කියන්නේ ය.
Pali BJTදුතියම්පි එතමත්ථං වදාමි -පෙ- තතියම්පි එතමත්ථං වදාමි: – සුණාතු මෙ භන්තෙ සඞ්ඝො: අයං ඡන්නො භික්ඛු ආපත්තිං ආපජ්ජිත්වා න ඉච්ඡති ආපත්තිං පස්සිතුං. සඞ්ඝො ඡන්නස්ස භික්ඛුනො ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මං කරොති අසම්භොගං සඞ්ඝෙන. යස්සායස්මතො ඛමති ඡන්නස්ස භික්ඛුනො ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයස්ස කම්මස්ස කරණං අසම්භොගං සඞ්ඝෙන, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය.
Sinhala BJTදෙවනුත් මේ කරුණ කියමි. … තෙවනුත් මේ කරුණ කියමි: ස්වාමීනි, සඞ්ඝ තෙම මාගේ වචනය අසාවා: මේ ඡන්න භික්‍ෂු තෙම ඇවැතට පැමිණ ඇවැත දැකීමට නොකැමැති වෙයි. සංඝ තෙම ඡන්න භික්‍ෂුහට සඞ්ඝයා සමග ධර්‍මාමිෂසම්භෝග නොපවත්වන සේ ඇවැත නොදැක්මෙහි උක්ඛේපනීය කර්‍මය කරයි. ඡන්න භික්‍ෂුහට සඞ්ඝයා සමග ධර්‍මාමිෂසම්භෝග නොපවත්වන සේ ඇවැත නොදැක්මෙහි උක්ඛේපනීය කර්‍මය කිරීම යම් ආයුෂ්මතකුට රුචි වේ නම් හෙතෙම නිශ්ශබ්ද වන්නේ ය. යමකුට රුචි නො වේ නම් හෙ තෙම කියන්නේ ය.
Pali BJTකතං සඞ්ඝෙන ඡන්නස්ස භික්ඛුනො ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මං අසම්භොගං සඞ්ඝෙන. ඛමති සඞ්ඝස්ස, තස්මා තුණ්හී, එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJTසඞ්ඝයා විසින් ඡන්න භික්‍ෂුහට සඞ්ඝයා සමග ධර්‍මාමිෂ සම්භෝග නොපවත්වන සේ ඇවැත නොදැක්මෙහි උක්ඛේපනීය කර්‍මය කරණ ලදි. සඞ්ඝයාට එය අභිමත යි. එහෙයින් නිශ්ශබ්ද යි. මේ කරුණ මෙසේ දරමි.
Pali BJT6. ආවාසපරම්පරඤ්ච භික්ඛවෙ සංසථ ‘ඡන්නො භික්ඛු ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මකතො අසම්භොගං සඞ්ඝෙනා’ති.
Sinhala BJT6. ‘මහණෙනි, ඡන්න භික්‍ෂු තෙම සංඝයා සමග ධර්‍මාමිෂ සම්භෝග නොපවත්වන ලෙස ඇවැත නොදැක්මෙහි උක්ඛේපනීය කර්‍මය කරණ ලද්දේය’යි හැම ආවාසයෙහි ආරෝචනය කරවු.
Pali BJTඅධම්මකම්මද්වාදසකං
Sinhala BJTඅධර්‍මකර්‍මද්වාදශකය
Pali BJT1. තීහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතං ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මං අධම්මකම්මඤ්ච හොති අවිනයකම්මඤ්ච දුවූපසන්තඤ්ච: අසම්මුඛා කතං හොති, අපටිපුච්ඡා කතං හොති, අපටිඤ්ඤාය කතං හොති. ඉමෙහි ඛො භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතං ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මං අධම්මකම්මඤ්ච හොති අවිනයකම්මඤ්ච දුවූපසන්තඤ්ච.
Sinhala BJT1. මහණෙනි, තෙ අඟෙකින් යුක්ත වූ ඇවැත් නොදැක්මෙහි උක්ඛේපනීය කර්‍මය නොදැහැමි කර්‍මයක් ද වෙයි. අවිනය කර්‍මයක් ද වෙයි. නොමනා ව සන්හිඳුනක් ද වෙයි: නොහමුවෙහි කරණ ලද්දේ වේ ද, නොපිළිවිස කරණ ලද්දේ වේ ද, පිළිණ නොගෙණ කරණ ලද්දේ වේ ද, මහණෙනි, මේ අංග තුණින් යුක්ත වූ ඇවැත් නොදැක්මෙහි උක්ඛේපනීය කර්‍මය නොදැහැමි කම් ද අවිනය කර්‍ම ද නොසන්හිඳුනා ලද ද වෙයි.
Pali BJT2. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතං ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මං අධම්මකම්මඤ්ච හොති අවිනයකම්මඤ්ච දුවූපසන්තඤ්ච: අනාපත්තියා කතං හොති, අදෙසනාගාමිනියා ආපත්තියා කතං හොති, දෙසිතාය ආපත්තියා කතං හොති -පෙ-
Sinhala BJT2. මහණෙනි, අන්‍ය වූ ද අංග තුණකින් යුත් ඇවැත් නොදැක්මෙහි උක්ඛේපනීය කර්‍මය නොදැහැමි කම් ද වෙයි. අවිනය කර්‍ම ද වෙයි. නොසංසිඳුනා ලද ද වෙයි: ඇවැත නැති කල්හි කරණ ලද්දේ වේ ද, දෙසීමෙන් පිරිසිදු නොවන ඇවැතෙහි කරණ ලද්දේ ද, ඇවැත දෙසූ කල්හි කරණ ලද්දේ වේ ද ...
Pali BJT3. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- අචොදෙත්වා කතං හොති, ආපත්තිං අසාරෙත්වා කතං හොති, අනාරොපෙත්වා කතං හොති -පෙ-
Sinhala BJT3. මහණෙනි, අන්‍ය වූ ද අංග තුණකින් යුතු ඇවැත නොදැක්මෙහි උක්ඛේපනීය කර්‍මය… චෝදනා නොකොට කරණ ලද්දේ වේ ද, සිහිපත් නො කරවා කරණ ලද්දේ වේ ද, ඇවැත නොංනවා කරණ ලද්දේ වේ ද ...
Pali BJT4. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- අසම්මුඛා කතං හොති, අධම්මෙන කතං හොති, වග්ගෙන කතං හොති -පෙ-
Sinhala BJT4. මහණෙනි, අනිත් අංග තුණකින් යුතු ඇවැත නොදැක්මෙහි උකෙව්නිකම් නොදැහැමි කම් ද වෙයි… නො හමුවෙහි කරණ ලද්දේ ද අදමින් කරණ ලද්දේ ද, ව්‍යග්‍ර වූ සඟන විසින් කරණ ලද්දේ ද ...
Pali BJT5. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- අපටිපුච්ඡා කතං හොති, අධම්මෙන කතං හොති, වග්ගෙන කතං හොති -පෙ-
Sinhala BJT5. මහණෙනි, අනිත් තෙ අඟකින් යුතු ඇවැත නොදැක්මෙහි උකෙව්නිය කම් නොදැහැමි කම්ද වෙයි… නොපිළිවිස කරණ ලද්දේ ද, නොදැහැමින් කරණ ලද්දේ ද, ව්‍යග්‍ර වූ සඟන විසින් කරණ ලද්දේ ද ...
Pali BJT6. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- අපටිඤ්ඤාය කතං හොති, අධම්මෙන කතං හොති, වග්ගෙන කතං හොති -පෙ-
Sinhala BJT6. මහණෙනි, අනිත් තෙ අඟකින් යුතු ඇවැත නොදැක්මෙහි උකෙව්නිකම් නොදැහැමි කම් ද වෙයි. … පිළිණ නොගෙණ කරණ ලද්දේ ද, අදමින් කරණ ලද්දේ ද, ව්‍යග්‍ර වූ සඟන විසින් කරණ ලද්දේ ද.
Pali BJT7. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- අනාපත්තියා කතං හොති, අධම්මෙන කතං හොති, වග්ගෙන කතං හොති -පෙ-
Sinhala BJT7. මහණෙනි, අනිත් තෙ අඟකින් යුතු ඇවැත නොදැක්මෙහි උකෙව්නිකම් නොදැහැමි කම් ද වෙයි ... ඒ ඇවැත් නැතියා වැ කරණ ලද්දේ ද, අදමින් කරණ ලද්දේ ද, ව්‍යග්‍ර වූ සඟන විසින් කරණ ලද්දේ ද.
Pali BJT8. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- අදෙසනාගාමිනියා ආපත්තියා කතං හොති, අධම්මෙන කතං හොති, වග්ගෙන කතං හොති -පෙ-
Sinhala BJT8. මහණෙනි, අනිත් තෙ අඟකින් යුතු ඇවැත නොදැක්මෙහි උකෙව්නි කම් නො දැහැමි කම් ද වෙයි … දෙසුමෙන් පිරිසිදු නොවන ඇවැතෙහි කරණ ලද්දේ ද, අදමින් කරණ ලද්දේ ද, ව්‍යග්‍ර වූ සඟන විසින් කරණ ලද්දේ ද,
Pali BJT9. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- දෙසිතාය ආපත්තියා කතං හොති, අධම්මෙන කතං හොති, වග්ගෙන කතං හොති -පෙ-
Sinhala BJT9. මහණෙනි, අනිත් තෙඅඟකින් යුතු ඇවැත් නොදැක්මෙහි උකෙව්නි කම් නොදැහැමි කම් ද වෙයි… ඇවැත දෙසූ කල්හි කරණ ලද්දේ ද, නොදැහැමින් කරණ ලද්දේ ද, ව්‍යග්‍ර වූ සඟන විසින් කරණ ලද්දේ ද ...
Pali BJT10. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- අචොදෙත්වා කතං හොති, අධම්මෙන කතං හොති, වග්ගෙන කතං හොති -පෙ-
Sinhala BJT10. මහණෙනි, අනිත් තෙඅඟකින් යුතු ඇවැත් නොදැක්මෙහි උකෙව්නි කම් නොදැහැමි කම් ද වෙයි… චෝදනා නොකොට කරණ ලද්දේ ද අදමින් කරණ ලද්දේ ද, ව්‍යග්‍ර වූ සඟන විසින් කරණ ලද්දේ ද ...
Pali BJT11. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- අසාරෙත්වා කතං හොති, අධම්මෙන කතං හොති, වග්ගෙන කතං හොති -පෙ-
Sinhala BJT11. මහණෙනි, අනිත් තෙ අඟකින් යුත් ඇවැත් නොදැක්මෙහි උකෙව්නි කම් නොදැහැමි කම් ද වෙයි… සිහිපත් නොකරවා කරණ ලද්දේ ද, නොදැහැමින් කරණ ලද්දේ ද, ව්‍යග්‍ර වූ සඟන විසින් කරණ ලද්දේ ද ...
Pali BJT12. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- ආපත්තිං අනාරොපෙත්වා කතං හොති, අධම්මෙන කතං හොති, වග්ගෙන කතං හොති. ඉමෙහි ඛො භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතං ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මං අධම්මකම්මඤ්ච හොති, අවිනයකම්මඤ්ච දුවූපසන්තඤ්ච.
Sinhala BJT12. මහණෙනි, අනිත් තෙඅඟකින් යුතු ඇවැත් නොදැක්මෙහි උකෙව්නි කම් නොදැහැමි කම් ද වෙයි… ඇවැත නොනඟා කරණ ලද්දේ ද, නොදැහැමින් කරණ ලද්දේ ද, ව්‍යග්‍ර වූ සඟන විසින් කරණ ලද්දේ ද, මහණෙනි, මේ තෙඅඟින් යුතු ඇවැත් නොදැක්මෙහි උකෙව්නි කම් නොදැහැමිකම් ද වෙයි. අවිනය කම් ද වෙයි. නොසන්හිඳුනේ ද වෙයි.
Pali BJTඅධම්මකම්මද්වාදසකං නිට්ඨිතං.
Sinhala BJTඅධර්‍ම කර්‍ම දොළොස නිමි.
Pali BJTධම්මකම්මද්වාදසකං
Sinhala BJTධර්‍ම කර්‍ම දොළොස
Pali BJT1. තීහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතං ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මං ධම්මකම්මං ච හොති, විනයකම්මඤ්ච, සුවුපසන්තඤ්ච: සම්මුඛා කතං හොති, පටිපුච්ඡා කතං හොති, පටිඤ්ඤාය කතං හොති. ඉමෙහි ඛො භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතං ආපත්තියා අදස්සනෙ, උක්ඛෙපනීයකම්මං ධම්මකම්මං ච හොති, විනයකම්මං ච, සුවුපසන්තං ච:
Sinhala BJT1. මහණෙනි, තෙඅඟකින් යුතු ඇවැත් නොදැක්මෙහි උකෙව්නිකම් දැහැමි කම් ද වෙයි. විනය කම් ද වෙයි, මනා ව සන්හිඳුනක් ද වෙයි: හමුවෙහි කරණ ලද්දේ ද, පිළිවිස කරණ ලද්දේ ද, පිළිණ ගෙණ කරණ ලද්දේ වේ ද, මහණෙනි, මේ තෙඅඟින් යුතු ඇවැත නොදැක්මෙහි උකෙව්නි කම් දැහැමි කම් ද වෙයි. විනය කම් ද වෙයි. මනා ව සන්හිඳුනේ ද වෙයි.
Pali BJT2. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතං ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මං ධම්මකම්මඤ්ච හොති, විනයකම්මං ච හොති, සුවුපසන්තං ච: ආපත්තියා කතං හොති, දෙසනාගාමිනියා ආපත්තියා කතං හොති, අදෙසිතාය ආපත්තියා කතං හොති-පෙ-
Sinhala BJT2. මහණෙනි, අනිත් තෙඅඟකින් යුතු ඇවැත නොදැක්මෙහි උකෙව්නිකම් දැහැමි කම් ද ... ඇවැත ඇති කල්හි කරණ ලද්දේ ද දෙසීමෙන් පිරිසිදු වන ඇවැතෙහි කරණ ලද්දේ ද, ඇවැත නොදෙසූ කල්හි කරණ ලද්දේ වේ ද,...
Pali BJT3. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- චොදෙත්වා කතං හොති, සාරෙත්වා කතං හොති, ආපත්තිං ආරොපෙත්වා කතං හොති -පෙ-
Sinhala BJT3. මහණෙනි, අනිත් තෙඅඟකින් යුතු ඇවැත නොදැක්මෙහි උකෙව්නි කම් දැහැමි කම් ද වෙයි… සොයා (චෝදනා කොට) කරණ ලද්දේ වේ ද, සිහිපත් කරවා කරණ ලද ද, ඇවත නංවා කරණ ලද්දේ ද,...
Pali BJT4. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- සම්මුඛා කතං හොති, ධම්මෙන කතං හොති, සමග්ගෙන කතං හොති -පෙ-
Sinhala BJT4. මහණෙනි, අනිත් තෙ අඟකින් යුතු ඇවැත් නොදැක්මෙහි උකෙව්නිකම් දැහැමි කම් ද වෙයි… හමුවෙහි කරණ ලද්දේ වේ ද, දැහැමින් කරණ ලද්දේ වේ ද, සමග්‍ර වූ සඟන විසින් කරණ ලද්දේ වේ ද ...
Pali BJT5. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- පටිපුච්ඡා කතං හොති, ධම්මෙන කතං හොති, සමග්ගෙන කතං හොති -පෙ-
Sinhala BJT5. මහණෙනි, අනිත් තෙ අඟකින් යුතු ඇවැත් නොදැක්මෙහි උකෙව්නිකම් දැහැමි කම් ද වෙයි.… පිළිවිස කරණ ලද්දේ වේ ද, දැහැමින් කරණ ලද්දේ වේ ද, සමග්‍ර වූ සඟන විසින් කරණ ලද්දේ වේ ද,...
Pali BJT6. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- පටිඤ්ඤාය කතං හොති, ධම්මෙන කතං හොති, සමග්ගෙන කතං හොති -පෙ-
Sinhala BJT6. මහණෙනි, අනිත් තෙ අඟකින් යුතු ඇවැත් නොදැක්මෙහි උකෙව්නිකම් දැහැමි කම් ද වෙයි. … පිළිණ ගෙණ කරණ ලද්දේ වේ ද, දැහැමින් කරණ ලද්දේ වේ ද, සමග්‍ර වූ සඟන විසින් කරණ ලද්දේ වේ ද ...
Pali BJT7. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- ආපත්තියා කතං හොති, ධම්මෙන කතං හොති, සමග්ගෙන කතං හොති -පෙ-
Sinhala BJT7. මහණෙනි, අනිත් තෙ අඟකින් යුතු ඇවැත් නොදැක්මෙහි උකෙව්නිකම් දැහැමි කම් ද වෙයි ... ඇවැත ඇති කල්හි කරණ ලද්දේ ද, දැහැමින් කරණ ලද්දේ වේ ද, සමග්‍ර වූ සඟන විසින් කරණ ලද්දේ ද…
Pali BJT8. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- දෙසනාගාමිනියා ආපත්තියා කතං හොති, ධම්මෙන කතං හොති, සමග්ගෙන කතං හොති -පෙ-
Sinhala BJT8. මහණෙනි, අනිත් තෙ අඟකින් යුතු ඇවැත් නොදැක්මෙහි උකෙව්නිකම් දැහැමි කම් ද වෙයි. … දෙසුමෙන් පිරිසිදු වන ඇවැත ඇති කල්හි කරණ ලද්දේ වේ ද, දැහැමින් කරණ ලද්දේ වේ ද, සමග්‍ර වූ සඟන විසින් කරණ ලද්දේ වේ ද,...
Pali BJT9. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- අදෙසිතාය ආපත්තියා කතං හොති, ධම්මෙන කතං හොති, සමග්ගෙන කතං හොති -පෙ-
Sinhala BJT9. මහණෙනි, අනිත් තෙ අඟකින් යුතු ඇවැත් නොදැක්මෙහි උකෙව්නිකම් දැහැමිකම් ද වෙයි. … ඇවැත නොදෙසූ කල්හි කරණ ලද්දේ වේ ද දැහැමින් කරණ ලද්දේ වේ ද, සමග්‍ර වූ සඟන විසින් කරණ ලද්දේ වේ ද,...
Pali BJT10. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- චොදෙත්වා කතං හොති, ධම්මෙන කතං හොති, සමග්ගෙන කතං හොති -පෙ-
Sinhala BJT10. මහණෙනි, අනිත් අංග තුණකින් යුතු ඇවැත් නොදැක්මෙහි උකෙව්නිකම් දැහැමි කම් ද වෙයි. විනය කමක් ද වෙයි. මනා ව සංහිඳුනක් ද වෙයි: සොයා කරණ ලද්දේ වේ ද, දැහැමින් කරණ ලද්දේ වේ ද, සමග්‍ර වූ සඟන විසින් කරණ ලද්දේ වේ ද,...
Pali BJT11. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- සාරෙත්වා කතං හොති, ධම්මෙන කතං හොති, සමග්ගෙන කතං හොති -පෙ-
Sinhala BJT11. මහණෙනි, අනිත් තෙ අඟකින් යුතු ඇවැත් නොදැක්මෙහි උකෙව්නිකම් දැහැමි කම් ද වෙයි. … සිහිපත් කරවා කරණ ලද්දේ ද, දැහැමින් කරණ ලද්දේ ද, සමග්‍ර වූ සඟන විසින් කරණ ලද්දේ ද,...
Pali BJT12. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- ආපත්තිං ආරොපෙත්වා කතං හොති, ධම්මෙන කතං හොති, සමග්ගෙන කතං හොති. ඉමෙහි ඛො භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතං ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මං ධම්මකම්මඤ්ච හොති, විනයකම්මං ච, සුවුපසන්තං ච.
Sinhala BJT12. මහණෙනි, අනිත් තෙ අඟකින් යුතු ඇවැත් නොදැක්මෙහි උකෙව්නිකම් දැහැමි කම් ද වෙයි. විනය කම් ද වෙයි. මනා ව සන්හිඳුනේ ද වෙයි: ඇවැත නංවා කරණ ලද්දේ වේ ද, දැහැමින් කරණ ලද්දේ වේද, සමග්‍ර වූ සඟන විසින් කරණ ලද්දේ වේ ද, මහණෙනි, මේ තෙ අඟින් යුතු ඇවැත නොදැක්මෙහි උකෙව්නිකම් දැහැමිකම් ද වෙයි. විනයකර්‍ම ද වෙයි. මනා ව සන්හිඳුනේ ද වෙයි.
Pali BJTධම්මකම්මද්වාදසකං නිට්ඨිතං.
Sinhala BJTධර්‍මකර්‍මදොළොස නිමියේ ය.
Pali BJTආකඞ්ඛමානඡක්කං
Sinhala BJTආකඞ්ඛමානඡක්කය
Pali BJT1. තීහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආකඞ්ඛමානො සඞ්ඝො ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මං කරෙය්ය: භණ්ඩනකාරකො හොති කලහකාරකො විවාදකාරකො භස්සකාරකො සඞ්ඝෙ අධිකරණකාරකො, බාලො හොති අව්යත්තො ආපත්තිබහුලො අනපදානො, ගිහීසංසට්ඨො විහරති අනනුලොමිකෙහි ගිහීසංසග්ගෙහි. ඉමෙහි ඛො භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආකඞ්ඛමානො සඞ්ඝො ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මං කරෙය්ය.
Sinhala BJT1. මහණෙනි, අංග තුණකින් යුක්ත භික්‍ෂුහට සංඝ තෙම කැමැති නම් ඇවැත් නොදැක්මෙහි උක්ඛේපනීය කර්‍මය කරන්නේ ය: යම් මහණෙක්, ඩබර කරන්නේ ද කලහ කරන්නේ ද විරුද්ධවාද කරන්නේ ද වාක්කලහ කරන්නේ ද සංඝයා හමුවේ අධිකරණ කරන්නේ ද, අව්‍යක්ත වූ ඇවැත් බහුල කොට ඇත්තාවූ ඉමක් නැති ඇවැත් ඇත්තා වූ බාලයෙක් වෙයි ද, ගිහියන් හා එකට ගැටුනේ අනුලොම් නොවූ ගිහීසංසර්‍ගයෙන් යුක්ත වූයේ වාසය කරයි ද, මහණෙනි, මේ තෙ අඟින් යුතු මහණහට සංඝ තෙම කැමැති වන්නේ නම් ඇවැත් නොදැක්මෙහි උක්ඛේපනීය කර්‍මය කරන්නේ ය.
Pali BJT2. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආකඞ්ඛමානො සඞ්ඝො ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මං කරෙය්ය: අධිසීලෙ සීලවිපන්නො හොති, අජ්ඣාචාරෙ ආචාරවිපන්නො හොති, අතිදිට්ඨියා දිට්ඨිවිපන්නො හොති. ඉමෙහි ඛො භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආකඞ්ඛමානො සඞ්ඝො ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මං කරෙය්ය.
Sinhala BJT2. මහණෙනි, අනෙකුදු තෙ අඟකින් යුතු මහණහට සංඝ තෙමේ කැමැති නම් ඇවැත් නොදැක්මෙහි උක්ඛේපනීය කර්‍මය කරන්නේ ය: උත්තම ශීලයෙහි (පාමොක් සංවර සිල්හි) නටුවා වූ සිල් ඇත්තේ ද, උත්තමාචාරයෙහි නටුවා වූ ආචාර ඇත්තේ ද, උත්තම සම්‍යග්දෘෂ්ටියෙහි නටුවා වූ දිටු ඇත්තේ ද, මහණෙනි, මේ අංග තුණින් යුතු මහණහට සංඝ තෙමේ කැමැති නම් ඇවැත් නොදැක්මෙහි උකෙව්නිකම් කරන්නේ ය.
Pali BJT3. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආකඞ්ඛමානො සඞ්ඝො ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මං කරෙය්ය: බුද්ධස්ස අවණ්ණං භාසති, ධම්මස්ස අවණ්ණං භාසති, සඞ්ඝස්ස අවණ්ණං භාසති. ඉමෙහි ඛො භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආකඞ්ඛමානො සඞ්ඝො ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මං කරෙය්ය.
Sinhala BJT3. මහණෙනි, අන්‍ය වූ ද අංග තුණකින් යුක්ත වූ මහණහට සංඝ තෙමේ කැමැති නම් ඇවැත් නොදැක්මෙහි උකෙව්නි කම් කරන්නේ ය. බුදුරුවන්හි අයුණු කියයි ද, දමුරුවන්හි අයුණු කියයි ද, සඟුරුවන්හි අයුණු කියයි ද, මහණෙනි, මේ තෙ අඟින් යුතු මහණහට සංඝ තෙම කැමැති නම් ඇවැත් නොදැක්මෙහි උකෙව්නි කම් කරන්නේ ය.
Pali BJT4. තිණ්ණං භික්ඛවෙ භික්ඛූනං ආකඞ්ඛමානො සඞ්ඝො ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මං කරෙය්ය: එකො භණ්ඩනකාරකො හොති කලහකාරකො විවාදකාරකො භස්සකාරකො සඞ්ඝෙ අධිකරණකාරකො, එකො බාලො හොති අව්යත්තො ආපත්තිබහුලො අනපදානො, එකො ගිහීසංසට්ඨො විහරති අනනුලොමිකෙහි ගිහීසංසග්ගෙහි. ඉමෙසං ඛො භික්ඛවෙ තිණ්ණං භික්ඛූනං ආකඞ්ඛමානො සඞ්ඝො ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මං කරෙය්ය.
Sinhala BJT4. මහණෙනි, භික්‍ෂූන් තිදෙනකුන්හට සංඝ තෙම කැමැති නම්, ඇවැත් නොදැක්මෙහි උක්ඛේපනීයකර්‍මය කරන්නේ ය: එක් මහණෙක් ඩබර කරන්නේ කලහ කරන්නේ විරුද්ධවාද ඇති කරන්නේ වාක්කලහ කරන්නේ සංඝයා ඉදිරියෙහි අධිකරණ ඇති කරන්නේ වෙයි ද, එක් මහණෙක් අවියත් ඇවැත් බහුල කොට ඇති, සීමා රහිත ඇවැත් ඇති බාලයෙක් වෙයි ද, එක් මහණෙක් ගිහියන් හා එකට ගැටුනේ අනුලොම් නොවූ ගිහි සසඟින් යුක්ත වූයේ වෙසෙයි ද, මහණෙනි, මේ අංග තුණෙන් යුතු මහණුනට සංඝ තෙම කැමැති නම් ඇවැත් නොදැක්මෙහි උකෙව්නි කම් කරන්නේ ය.
Pali BJT5. අපරෙසම්පි භික්ඛවෙ තිණ්ණං භික්ඛූනං ආකඞ්ඛමානො සඞ්ඝො ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මං කරෙය්ය: එකො අධිසීලෙ සීලවිපන්නො හොති, එකො අජ්ඣාචාරෙ ආචාරවිපන්නො හොති, එකො අතිදිට්ඨියා දිට්ඨිවිපන්නො හොති. ඉමෙසං ඛො භික්ඛවෙ භික්ඛූනං ආකඞ්ඛමානො සඞ්ඝො ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මං කරෙය්ය.
Sinhala BJT5. අන්‍ය වූ ද භික්‍ෂූන් තිදෙනකුන්හට සංඝ තෙමේ කැමැති නම් ඇවැත් නොදැක්මෙහි උක්ඛේපනීය කර්‍මය කරන්නේ ය: එක් මහණෙක් උත්තම ශීලයෙහි නටුවා වූ සිල් ඇත්තේ ද, උතුම් ආචාරයෙහි විපන් ආචාර ඇත්තේ ද, උතුම් සම්‍යග්දෘෂ්ටියෙහි විපන් දිටු ඇත්තේ ද, මහණෙනි, මේ භික්‍ෂූන් තිදෙනාට සංඝ තෙමේ කැමැති නම් ඇවැත් නොදැක්මෙහි උකෙව්නි කම් කරන්නේය.
Pali BJT6. අපරෙසම්පි භික්ඛවෙ තිණ්ණං භික්ඛූනං ආකඞ්ඛමානො සඞ්ඝො ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මං කරෙය්ය: එකො බුද්ධස්ස අවණ්ණං භාසති, එකො ධම්මස්ස අවණ්ණං භාසති. එකො සඞ්ඝස්ස අවණ්ණං භාසති. ඉමෙසං ඛො භික්ඛවෙ තිණ්ණං භික්ඛූනං ආකඞ්ඛමානො සංඝො ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මං කරෙය්ය.
Sinhala BJT6. මහණෙනි, අන්‍ය වූ ද භික්‍ෂූන් තිදෙනකුන්හට සඞ්ඝ තෙමේ කැමැති වන්නේ නම්, ඇවැත නොදැක්මෙහි උක්ඛේපනීය කර්‍මය කරන්නේ ය: එක් මහණෙක් බුදුරුවන්හි අයුණු කියයි. එක් මහණෙක් දමුරුවන්හි අයුණු කියයි. එක් මහණෙක් සඟුරුවන්හි අයුණු කියයි. මහණෙනි, මේ භික්‍ෂූන් තිදෙනට සඞ්ඝ තෙමේ කැමැත්තේ නම් ඇවැත් නොදැක්මෙහි උක්ඛේපනීය කර්‍මය කරන්නේ ය.
Pali BJTආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මෙ ආකඞ්ඛමානඡක්කං නිට්ඨිතං.
Sinhala BJTඇවැත නොදැක්මෙහි උක්ඛේපනීය කර්‍මයෙහි ආකඞ්ඛමාන ඡක්කය නිමියේ ය.
Pali BJTආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මෙ තෙචත්තාරීසවත්තං
Sinhala BJTඇවැත නොදැක්මෙහි උක්ඛේපනීය කර්‍මයෙහි තෙසාළිස් වත
Pali BJT1. ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මකතෙන භික්ඛවෙ භික්ඛුනා සම්මා වත්තිතබ්බං. තත්රායං සම්මාවත්තනා: න උපසම්පාදෙතබ්බං. න නිස්සයො දාතබ්බො. න සාමණෙරො උපට්ඨාපෙතබ්බො. න භික්ඛුනොවාදකසම්මුති සාදිතබ්බා. සම්මතෙනපි භික්ඛුනියො න ඔවදිතබ්බා. යාය ආපත්තියා සංඝෙන ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මං කතං හොති සා ආපත්ති න ආපජ්ජිතබ්බා, අඤ්ඤා වා තාදිසිකා, තතො වා පාපිට්ඨතරා. කම්මං න ගරහිතබ්බං. කම්මිකා න ගරහිතබ්බා. න පකතත්තස්ස භික්ඛුනො අභිවාදනං පච්චුට්ඨානං අඤ්ජලිකම්මං සාමීචිකම්මං ආසනාභිහාරො සෙය්යාභිහාරො පාදොදකං පාදපීඨං-පාදකඨලිකා පත්තචීවරපටිග්ගහනං නහානෙ පිට්ඨිපරිකම්මං සාදිතබ්බං. න පකතත්තො භික්ඛු සීලවිපත්තියා අනුද්ධංසෙතබ්බො. න ආචාරවිපත්තියා අනුද්ධංසෙතබ්බො. න දිට්ඨිවිපත්තියා අනුද්ධංසෙතබ්බො. න ආජීවවිපත්තියා අනුද්ධංසෙතබ්බො. න භික්ඛු භික්ඛූහි භෙදෙතබ්බො. න ගිහීධජො ධාරෙතබ්බො. න තිත්ථියධජො ධාරෙතබ්බො. න තිත්ථියා සෙවිතබ්බා. භික්ඛූ සෙවිතබ්බා. භික්ඛුසික්ඛාය සික්ඛිතබ්බං. න පකතත්තෙන භික්ඛුනා සද්ධිං එකච්ඡන්නෙ ආවාසෙ වත්ථබ්බං. න එකච්ඡන්නෙ අනාවාසෙ වත්ථබ්බං. න එකච්ඡන්නෙ ආවාසෙ වා අනාවාසෙ වා වත්ථබ්බං. පකතත්තං භික්ඛුං දිස්වා ආසනා වුට්ඨාතබ්බං. න පකතත්තො භික්ඛු ආසාදෙතබ්බො අන්තො වා බහි වා. න පකතත්තස්ස භික්ඛුනො උපොසථො ඨපෙතබ්බො. න පවාරණා ඨපෙතබ්බා, න සවචනීයං කාතබ්බං. න අනුවාදො පට්ඨපෙතබ්බො. න ඔකාසො කාරෙතබ්බො. න චොදෙතබ්බො. න සාරෙතබ්බො. න භික්ඛූහි සම්පයොජෙතබ්බන්ති.
Sinhala BJT1. මහණෙනි, ඇවැත නොදැක්මෙහි උකෙව්නිකම් කරණු ලැබූ මහණහු විසින් මොනොවට පැවැතිය යුතු. එහි මේ මොනොවට පැවැත්ම යි: උපසපන් නො කටයුතු. නිස නො දිය යුතු. හෙරණකු උපස්ථායක කොට නො ගත යුතු. භික්ඛුනෝවාදක සම්මතිය නො ඉවැසිය යුතු. සම්මතිය ලද්දහු විසිනුදු මෙහෙණනට ඔවා නො දිය යුතු. යම් ඇවැතක් හේතු කොට සඞ්ඝයා විසින් ඇවැත් නොදැක්මෙහි උකෙව්නි කම් කරණ ලද නම්, ඒ ඇවැත හෝ, එබඳු අන් ඇවැතක් හෝ, එයට වඩා පවිටු ඇවැතක් හෝ නො ඇවැද්ද යුතු. විනය කර්‍මය නො ගැරැහිය යුතු. කර්‍මය කළහු නො ගැරැහිය යුතුහ. පුවතත් මහණක්හුගේ වැඳීම ද, දැක හුනස්නෙන් නැගී සිටීම ද, ඇඳිලි බැඳුම ද, සාමීචිකර්‍මය ද, අසුන් එළැවීම ද, යහන් එළැවීම ද, පාදෝනා දිය එළැවීම ද, පාපුටුවපාදකඨලිකාව එළැවීම ද, (ඔහු තමා) පාසිවුරු පිළිගැන්ම ද නෑමෙහි (ඔහු තමා) පිට පිරියම් කිරීම ද නො ඉවසිය යුතු. පුවතත් මහණෙක් ශීලවිපත්තියෙන් චෝදිත නො කටයුතු. ආචාරවිපත්තියෙන් චෝදිත නො කටයුතු. දෂ්ටිවිපත්තියෙන් චෝදිත නො කටයුතු. ආජීවවිපත්තියෙන් චෝදිත නො කටයුතු. මහණෙක් මහණුන් කෙරෙන් නො බිඳුවිය යුතු. ගිහිදද (සුදුවත් ආදිය) නො දැරිය යුතු. තොටුදද (කුසවැහැරි ආදිය) නො දැරිය යුතු. තොටුවෝ නො සෙවිය යුතුහ. මහණහු සෙවිය යුතුහ. මහණසිකෙහි හික්මිය යුතු. පුවතත් මහණක්හු හා එක් සෙවෙණිය ඇති ආවාසයෙහි නො විසිය යුතු. එක් සෙවෙණිය ඇති අනාවාසයෙහි නො විසිය යුතු. එක් සෙවෙණිය ඇති ආවාසයෙහි ද අනාවාසයෙහි ද නො විසිය යුතු. පුවතත් මහණක්හු දැක හුනස්නෙන් නැගී සිටිය යුතු. පුවතත් මහණ තෙම වෙහෙර තුළ දී හෝ වෙහෙරින් බැහැරැ හෝ නො ගැටිය යුතු. පුවතත් මහණක්හුගේ පොහෝ කිරීම නො තැබිය යුතු. පවාරණාව නො තැබිය යුතු. සවචනීය කර්‍මය නො කළ යුතු. වෙහෙරැ දෙටුකම් නො කට යුතු. අවකාශ නො කරවිය යුතු. චෝදනා නො කටයුතු. ඇවැත් සිහි කරවීම නො කළ යුතු. මහණුන් හා කලහයෙහි නො යොදා ලිය යුතු.
Pali BJTආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මෙ තෙචත්තාරීසවත්තං නිට්ඨිතං.
Sinhala BJTඇවැත නොදැක්මෙහි උක්ඛේපනීයකර්‍මයෙහි තෙසාළිස්වත නිමියේ ය.
Pali BJT[ඡන්නස්ස භික්ඛුනො සම්මාවත්තනං]
Sinhala BJT[ඡන්නභික්‍ෂුහුගේ මනාපැවැත්ම]
Pali BJT1. අථ ඛො සඞ්ඝො ඡන්නස්ස භික්ඛුනො, ආපත්තියා අදස්සනෙ, උක්ඛෙපනීයකම්මං අකාසි – අසම්භොගං සඞ්ඝෙන. සො සඞ්ඝෙන, ආපත්තියා අදස්සනෙ, උක්ඛෙපනීයකම්මකතො තම්හා ආවාසා අඤ්ඤං ආවාසං අගමාසි. තත්ථ භික්ඛූ නෙව අභිවාදෙසුං, න පච්චුට්ඨෙසුං, න අඤ්ජලිකම්මං න සාමීචිකම්මං අකංසු, න සක්කරිංසු, න ගරුකරිංසු. න මානෙසුං. න පූජෙසුං.
Sinhala BJT1. ඉක්බිති සඞ්ඝ තෙමේ ඡන්න මහණහට ඇවැත නො දැක්මෙහි, සඞ්ඝයා හා සම්භෝග රහිත වූ උක්ඛේපනීය කර්‍මය කෙළේය. හේ ඇවැත නොදැක්මෙහි සඞ්ඝයා විසින් උකෙව්නී කම් කරණ ලද්දේ ඒ ආවාසයෙන් අනෙක් ආවාසයකට ගියේ ය. එහි මහණහු ඔහු නො ම වැන්දහ. දැක හුනස්නෙන් නො ම නැගී සිටියහ. ඇඳිලි බැඳීම ද සාමීචි කර්‍මය ද නො ම කළහ. සත්කාර නො ම කළහ. ගරුකාර නො ම කළහ. බුහුමන් නො ම කළහ. නො ම පිදූහ.
Pali BJTසො භික්ඛූහි අසක්කරියමානො අගරුකරියමානො අමානියමානො අපූජියමානො අසක්කාරපකතො තම්හාපි ආවාසා අඤ්ඤං ආවාසං අගමාසි.
Sinhala BJTහෙතෙම මහණුන් විසින් සත්කාර ගරුකාර නො කරණු ලබනුයේ බුහුමන් නො කරණු ලබනුයේ, නො පුදනු ලබනුයේ, අසත්කාරයෙන් මඬනා ලදුයේ ඒ ආවාසයෙන් අනෙක් ආවාසයකට ගියේ ය.
Pali BJTතත්ථපි භික්ඛූ නෙව අභිවාදෙසුං. න පච්චුට්ඨෙසුං, න අඤ්ජලිකම්මං න සාමීචිකම්මං අකංසු. න සක්කරිංසු. න ගරුකරිංසු. න මානෙසුං. න පූජෙසුං.
Sinhala BJTඑහි ද භික්‍ෂූහු නො ම වැන්දහ. දැක හුනස්නෙන් නො ම නැගී සිටියහ. අඤ්ජලීකර්‍මය නො ම කළහ. සාමීචිකර්‍මය නො ම කළහ. සත්කාර නො ම කළහ. ගරුකාර නො ම කළහ. බුහුමන් නො ම කළහ. නො ම පිදූහ.
Pali BJTසො භික්ඛූහි අසක්කරියමානො අගරුකරියමානො, අමානියමානො අපූජියමානො අසක්කාරපකතො තම්හාපි ආවාසා අඤ්ඤං ආවාසං අගමාසි.
Sinhala BJTහෙ තෙම භික්‍ෂූන් විසින් සත්කාර ගරුකාර නො කරණු ලබනුයේ, බුහුමන් නො කරණු ලබනුයේ, නො පුදනු ලබනුයේ, අසත්කාරයෙන් මඬනා ලදුයේ ඒ ආවාසයෙනුදු අන් ආවාසයකට ගියේ ය.
Pali BJTතත්ථපි භික්ඛූ නෙව අභිවාදෙසුං. න පච්චුට්ඨෙසුං. න අඤ්ජලිකම්මං න සාමීචිකම්මං අකංසු. න සක්කරිංසු. න ගරුකරිංසු. න මානෙසුං න පූජෙසුං.
Sinhala BJTඑහි ද භික්‍ෂූහු නො ම වැන්දහ. දැක හුනස්නෙන් නො ම නැගී සිටියහ. අඤ්ජලිකර්‍ම සාමීචිකර්‍ම නො ම කළහ. සත්කාර ගරුකාර බහුමාන නො ම කළහ. නොම පිදූහ.
Pali BJTසො භික්ඛූහි අසක්කරියමානො අගරුකරියමානො අමානියමානො අපූජියමානො අසක්කාරපකතො පුනදෙව කොසම්බිං පච්චාගඤ්ඡි.
Sinhala BJTහෙ තෙම භික්‍ෂූන් විසින් සත්කාර ගරුකාර බහුමාන කරණු නො ලබනුයේ, නොපුදනු ලබනුයේ, අසත්කාරයෙන් මඩනා ලදුයේ, යලි දු කොසඹෑ නුවරට පෙරළා ආයේ ය.
Pali BJT2. සො සම්මා වත්තති. ලොමං පාතෙති, නෙත්ථාරං වත්තති. භික්ඛූ උපසඞ්කමිත්වා එවං වදෙති: “අහං ආවුසො සඞ්ඝෙන ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මකතො සම්මා වත්තාමි. ලොමං පාතෙමි. නෙත්ථාරං වත්තාමි. කථං නු ඛො මයා පටිපජ්ජිතබ්බ”න්ති.
Sinhala BJT2. හෙ තෙම මොනොවට පවතී. අනුලොම් ව පවතී. නිස්තරණ වත අනුව පවතී. මහණුන් කරා එළැඹ “ඇවැත්නි මම් සඞ්ඝයා විසින් ඇවැත නොදැක්මෙහි උක්ඛේපනීයකර්‍මය කරණ ලදුයෙම් මනා ව පවතිමි, අනුලොම් ව පවතිමි, නිස්තරණ වත අනුව පවතිමි. කෙසේ නම් මා විසින් පිළිපැද්ද යුතු දැ?” යි මෙසේ කියයි.
Pali BJTභගවතො එතමත්ථං ආරොචෙසුං. “තෙන හි භික්ඛවෙ සඞ්ඝො ඡන්නස්ස භික්ඛුනො ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මං පටිප්පස්සම්භෙතු”.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළ කළහ. “මහණෙනි, එසේ වී නම් සඞ්ඝ තෙමේ ඡන්න මහණහට ඇවැත නොදැක්මෙහි උක්ඛේපනීය කර්‍මය සන්හිඳුවාවා”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJTන පටිප්පස්සම්භෙතබ්බ තෙචත්තාරීසකං
Sinhala BJTනොසන්හිඳුවියයුතු තෙසාළිස
Pali BJT1. පඤ්චහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආපත්තියා අදස්සනෙ, උක්ඛෙපනීයකම්මං න පටිප්පස්සම්භෙතබ්බං: උපසම්පාදෙති, නිස්සයං දෙති, සාමණෙරං උපට්ඨාපෙති, භික්ඛුනොවාදකසම්මුතිං සාදියති, සම්මතොපි භික්ඛුනියො ඔවදති. ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මං න පටිප්පස්සම්භෙතබ්බං.
Sinhala BJT1. “මහණෙනි, අඞ්ග පසෙකින් සමන්‍විත මහණහුගේ ඇවැත නො දැක්මෙහි උකෙව්නිකම් නො සන්හිඳුවිය යුතු: උපසපන් කෙරේ ද, නිස දේ ද, හෙරණකු උවටුවකු කොට තමා වෙත සිටුවා ද, භික්බුනෝවාදක සම්මතිය ඉවසා ද, සම්මත වූයේත් මෙහෙණනට ඔවා දෙයි ද, මහණෙනි, මේ පසඟින් යුත් මහණහුගේ ඇවැත නොදැක්මෙහි උකෙව්නි කම නො සන්හිඳුවිය යුතු.
Pali BJT2. අපරෙහිපි භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මං න පටිප්පස්සම්භෙතබ්බං: යාය ආපත්තියා සඞ්ඝෙන ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මං කතං හොති තං ආපත්තිං ආපජ්ජති, අඤ්ඤං වා තාදිසිකං, තතො වා පාපිට්ඨතරං. කම්මං ගරහති. කම්මිකෙ ගරහති. ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මං න පටිප්පස්සම්භෙතබ්බං.
Sinhala BJT2. මහණෙනි, අන් අඞ්ග පසෙකිනුදු යුත් මහණහුගේ ඇවැත නො දැක්මෙහි උකෙව්නිකම නො සන්හිඳුවිය යුතු: සඞ්ඝයා විසින් යම් ඇවැතෙකින් ඇවැත නොදැක්මෙහි උකෙව්නිකම් කරණ ලද්දේ වේ නම් ඇවැතට පැමිණේ ද, එබඳු අන් ඇවැතකට හෝ, එයට වඩා ලාමක ඇවැතකට හෝ පැමිණේ ද, විනය කර්‍මයට ගරහා ද, කර්‍මය කළවුන් හට ගරහා ද, මහණෙනි, මේ අඞ්ග පසින් සමන්‍විත මහණහුගේ ඇවැත නොදැක්මෙහි උකෙව්නිකම නො සන්හිඳුවිය යුතු.
Pali BJT3. අපරෙහිපි භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මං න පටිප්පස්සම්භෙතබ්බං: පකතත්තස්ස භික්ඛුනො අභිවාදනං, පච්චුට්ඨානං, අඤ්ජලිකම්මං, සාමීචිකම්මං, ආසනාභිහාරං සාදියති. ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මං න පටිප්පස්සම්භෙතබ්බං.
Sinhala BJT3. මහණෙනි, අන් අඞ්ග පසෙකිනුදු යුත් මහණහුගේ ඇවැත නොදැක්මෙහි උකෙව්නිකම නො සන්හිඳුවිය යුතු: පුවතත් මහණක්හුගේ අභිවාදන, පච්වුට්ඨාන, අඤ්ජලීකම්ම, සාමීචිකම්ම, ආසනාභිහාර ඉවසා ද, මහණෙනි, මේ අඞ්ග පසින් යුත් මහණහුගේ ඇවැත නොදැක්මෙහි උකෙව්නිකම නො සන්හිඳුවිය යුතු.
Pali BJT4. අපරෙහිපි භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මං න පටිප්පස්සම්භෙතබ්බං: පකතත්තස්ස භික්ඛුනො සෙය්යාභිහාරං, පාදොදකං පාදපීඨං-පාදකඨලිකං, පත්තචීවරප්පටිග්ගහණං, නහානෙ පිට්ඨිපරිකම්මං සාදියති. ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මං න පටිප්පස්සම්භෙතබ්බං.
Sinhala BJT4. මහණෙනි, අන් අඞ්ග පසෙකිනුදු යුත් මහණහුගේ ඇවැත නොදැක්මෙහි උක්ඛේපනීය කර්‍මය නො සන්හිඳුවිය යුතු: පුවතත් මහණක්හුගේ ශය්‍යාභිහාර, පාදොදක, පාදපීඨ–පාදකඨලිකා, පාත්‍රචීවරප්‍රතිග්‍රහණ, නෑමෙහි පෘෂ්ඨපරිකර්‍ම යන මේ දෑ ඉවසා ද, මහණෙනි, මෙකී අඞ්ග පසින් යුත් මහණහුගේ ඇවැත නොදැක්මෙහි උකෙව්නිකම් නො සන්හිඳුවිය යුතු.
Pali BJT5. අපරෙහිපි භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මං න පටිප්පස්සම්භෙතබ්බං: පකතත්තං භික්ඛුං සීලවිපත්තියා අනුද්ධංසෙති, ආචාරවිපත්තියා අනුද්ධංසෙති, දිට්ඨිවිපත්තියා අනුද්ධංසෙති, ආජීවවිපත්තියා අනුද්ධංසෙති, භික්ඛුං භික්ඛූහි භෙදෙති. ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මං න පටිප්පස්සම්භෙතබ්බං.
Sinhala BJT5. මහණෙනි, අන් අඞ්ග පසෙකිනුදු යුත් මහණහුගේ ඇවැත නොදැක්මෙහි උකෙව්නිකම නො සන්හිඳුවිය යුතු: පුවතත් මහණකුට ශීලවිපත්තියෙන් චෝදනා කෙරේ ද, ආචාර විපත්තියෙන් චෝදනා කෙරේ ද, දෘෂ්ටිවිපත්තියෙන් චෝදනා කෙරේ ද, ආජීවවිපත්තියෙන් චෝදනා කෙරේ ද, මහණකු මහණුන් කෙරෙන් බිඳුවා ද, මහණෙනි, මේ අඞ්ග පසින් යුත් මහණහුගේ ඇවැත නොදැක්මෙහි උකෙව්නිකම නො සන්හිඳුවිය යුතු.
Pali BJT6. අපරෙහිපි භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මං න පටිප්පස්සම්භෙතබ්බං: ගිහීධජං ධාරෙති, තිත්ථියධජං ධාරෙති, තිත්ථියෙ සෙවති, භික්ඛූ න සෙවති, භික්ඛුසික්ඛාය න සික්ඛති. ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මං න පටිප්පස්සම්භෙතබ්බං.
Sinhala BJT6. මහණෙනි, අන් අඞ්ග පසෙකිනුදු යුත් මහණහුගේ ඇවැත නොදැක්මෙහි උකෙව්නිකම නො සන්හිඳුවිය යුතු: ගිහිදද දරා ද, තොටුදද දරා ද, තොටුවන් සොයා ද, මහණුන් නො සොයා ද, මහණසිකෙහි නො හික්මේ ද, මහණෙනි, මේ පසඟින් යුත් මහණහුගේ ඇවැත නොදැක්මෙහි උකෙව්නිකම නො සන්හිඳුවිය යුතු.
Pali BJT7. අපරෙහිපි භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මං න පටිප්පස්සම්භෙතබ්බං: පකතත්තෙන භික්ඛුනා සද්ධිං එකච්ඡන්නෙ ආවාසෙ වසති, එකච්ඡන්නෙ අනාවාසෙ වසති, එකච්ඡන්නෙ ආවාසෙ වා අනාවාසෙ වා වසති, පකතත්තං භික්ඛුං දිස්වා ආසනා න උට්ඨාති, පකතත්තං භික්ඛුං ආසාදෙති අන්තො වා බහි වා. ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මං න පටිප්පස්සම්භෙතබ්බං.
Sinhala BJT7. මහණෙනි, අන් අඞ්ග පසෙකිනුදු යුත් මහණහුගේ ඇවැත නොදැක්මෙහි උකෙව්නිකම නො සන්හිඳුවිය යුතු: පුවතත් මහණක්හු හා ඒකච්ඡන්න ආවාසයෙහි වෙසේ ද, ඒකච්ඡන්න අනාවාසයෙහි වෙසේ ද, ඒකච්ඡන්න ආවාසයෙහිත් අනාවාසයෙහිත් වෙසේ ද, පුවතත් මහණහු දැක හුනස්නෙන් නො නැගී සිටී ද, පුවතත් මහණක්හු ආවාසය තුළ දී හෝ එයින් බැහැර දී හෝ ගටා ද, මහණෙනි, මේ අඞ්ග පසින් යුත් මහණහු ඇවැත නො දැක්මෙහි උකෙව්නිකම නො සන්හිඳුවිය යුතු.
Pali BJT8. අට්ඨහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මං න පටිප්පස්සම්භෙතබ්බං: පකතත්තස්ස භික්ඛුනො උපොසථං ඨපෙති, පවාරණං ඨපෙති, සවචනීයං කරොති, අනුවාදං පට්ඨපෙති, ඔකාසං කාරෙති, චොදෙති, සාරෙති, භික්ඛූහි සම්පයොජෙති, ඉමෙහි ඛො භික්ඛවෙ අට්ඨහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මං න පටිප්පස්සම්භෙතබ්බං.
Sinhala BJT8. මහණෙනි, අඞ්ග අටෙකින් යුත් මහණහු ඇවැත නොදැක්මෙහි උකෙව්නිකම් නො සන්හිඳුවිය යුතු: පුවතත් මහණක්හු පොහෝකම් නවත්වා ද, පවුරුණු නවත්වා ද, සවචනීය කෙරේ ද, අනුවාදය පිහිටුවා ද, අවකාශ කරවා ද, චෝදනා කෙරේ ද, ඇවැත් සිහි කරවා ද, මහණුන් හා කලහ කරවා ද, මහණෙනි, මේ අඞ්ග අටින් යුත් මහණහු ඇවැත නො දැක්මෙහි උකෙව්නිකම නො සන්හිඳුවිය යුතු.
Pali BJTආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මෙ න පටිප්පස්සම්භෙතබ්බ තෙචත්තාරීසකං නිට්ඨිතං.
Sinhala BJTඇවැත නොදැක්මෙහි උකෙව්නිකම්හි නොසන්හිඳුවිය යුතු තෙසාළිස නිමියේ ය.
Pali BJTපටිප්පස්සම්භෙතබ්බ තෙචත්තාරීසකං
Sinhala BJTසන්හිඳුවිය යුතු තෙසාළිස
Pali BJT1. පඤ්චහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො, ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මං පටිප්පස්සම්භෙතබ්බං: න උපසම්පාදෙති, න නිස්සයං දෙති, න සාමණෙරං උපට්ඨාපෙති, න භික්ඛුනොවාදකසම්මුතිං සාදියති, සම්මතොපි භික්ඛුනියො න ඔවදති. ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මං පටිප්පස්සම්භෙතබ්බං.
Sinhala BJT1. මහණෙනි, අඞ්ග පසෙකින් යුත් මහණහුගේ ඇවැත නොදැක්මෙහි උකෙව්නිකම සන්හිඳුවිය යුතු: උපසපන් නො කෙරේ ද, නිස නො දේ ද, හෙරණකු වැටුම්හි නො ලා ද, භික්ඛුනෝවාදක සම්මතිය නො ඉවසා ද, සම්මත වූයේ නමුදු මෙහෙණනට ඔවා නො දේ ද, මහණෙනි, මේ අඞ්ග පසින් යුත් මහණහුගේ ඇවැත නොදැක්මෙහි උකෙව්නිකම සන්හිඳුවිය යුතු.
Pali BJT2. අපරෙහිපි භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මං පටිප්පස්සම්භෙතබ්බං: යාය ආපත්තියා සඞ්ඝෙන ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මං කතං හොති තං ආපත්තිං න ආපජ්ජති, අඤ්ඤං වා තාදිසිකං, තතො වා පාපිට්ඨතරං, කම්මං න ගරහති, කම්මිකෙ න ගරහති. ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආපත්තියා අදස්සනෙ, උක්ඛෙපනීයකම්මං පටිප්පස්සම්භෙතබ්බං.
Sinhala BJT2. මහණෙනි, අන් අඞ්ග පසෙකිනුදු යුත් මහණහුගේ ඇවැත නො දැක්මෙහි උකෙව්නිකම් සන්හිඳුවිය යුතු: සඞ්ඝයා විසින් යම් ඇවැතෙකින් ඇවැත නොදැක්මෙහි උකෙව්නිකම් කරණ ලදුයේ වේ නම් ඒ ඇවැත නො අවදී ද, එබඳු වූ අන් ඇවැතක් හෝ, එයට වඩා ලාමක ඇවැතක් නො අවදී ද, විනයකර්‍මය නො ගරහා ද, කර්‍මය කළවුන් නො ගරහා ද, මහණෙනි, මේ පසඟින් යුත් මහණහුගේ ඇවැත නොදැක්මෙහි උකෙව්නිකම් සන්හිඳුවිය යුතු.
Pali BJT3. අපරෙහිපි භික්ඛවෙ, පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මං පටිප්පස්සම්භෙතබ්බං: න පකතත්තස්ස භික්ඛුනො අභිවාදනං, පච්චුට්ඨානං, අඤ්ජලිකම්මං, සාමීචිකම්මං, ආසනාභිහාරං සාදියති. ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මං පටිප්පස්සම්භෙතබ්බං.
Sinhala BJT3. මහණෙනි, අන් අඞ්ග පසෙකිනුදු යුත් මහණහුගේ ‘ඇවැත නො දැක්මෙහි උකෙව්නිකම් සන්හිඳුවිය යුතු: පුවතත් මහණක්හු අභිවාදන, පච්වුට්ඨාන, අඤ්ජලිකර්‍ම, සාමීචිකර්‍ම, ආසනාභිහාර නො ඉවසා ද, මහණෙනි, මේ අඞ්ග පසින් යුත් මහණහුගේ ඇවැත නො දැක්මෙහි උකෙව්නිකම් සන්හිඳුවිය යුතු.
Pali BJT4. අපරෙහිපි භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මං පටිප්පස්සම්භෙතබ්බං: න පකතත්තස්ස භික්ඛුනො සෙය්යාභිහාරං, පාදොදකං පාදපීඨං-පාදකඨලිකං, පත්තචීවරප්පටිග්ගහණං, නහානෙ පිට්ඨිපරිකම්මං සාදියති. ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මං පටිප්පස්සම්භෙතබ්බං.
Sinhala BJT4. මහණෙනි, අන් අඞ්ග පසෙකිනුදු යුත් මහණහුගේ ඇවැත නො දැක්මෙහි උකෙව්නිකම් සන්හිඳුවිය යුතු: පුවතත් මහණක්හුගේ ශය්‍යාභිහාර, පාදොදක, පාදපීඨ–පාදකඨලිකා, පාසිවුරු පිළිගැනුම්, නෑමෙහි පිට පිරියම් නො ඉවසා ද, මේ අඞ්ග පසින් යුත් මහණහු ඇවැත නො දැක්මෙහි උකෙව්නිකම් සන්හිඳුවිය යුතු.
Pali BJT5. අපරෙහිපි භික්ඛවෙ, පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මං පටිප්පස්සම්භෙතබ්බං: න පකතත්තං භික්ඛුං සීලවිපත්තියා අනුද්ධංසෙති, න ආචාරවිපත්තියා අනුද්ධංසෙති, න දිට්ඨිවිපත්තියා අනුද්ධංසෙති, න ආජීවවිපත්තියා අනුද්ධංසෙති, න භික්ඛුං භික්ඛූහි භෙදෙති. ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මං පටිප්පස්සම්භෙතබ්බං.
Sinhala BJT5. මහණෙනි, අන් අඞ්ග පසෙකිනුදු යුත් මහණහු ඇවැත නො දැක්මෙහි උකෙව්නිකම් සන්හිඳුවිය යුතු: පුවතත් මහණකුට ශීලවිපත්තියෙන් චෝදනා නො කෙරේ ද, ආචාරවිපත්තියෙන් “චෝදනා නො කෙරේ ද, දෘෂ්ටිවිපත්තියෙන් චෝදනා නො කෙරේ ද, ආජීවවිපත්තියෙන් චෝදනා නො කෙරේ ද, මහණකු මහණුන් කෙරෙන් නො බිඳුවා ද, මහණෙනි, මේ අඞ්ග පසින් යුත් මහණහු ඇවැත නොදැක්මෙහි උකෙව්නිකම් සන්හිඳුවිය යුතු.
Pali BJT6. අපරෙහිපි භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මං පටිප්පස්සම්භෙතබ්බං: න ගිහීධජං ධාරෙති, න තිත්ථියධජං ධාරෙති, න තිත්ථියෙ සෙවති, භික්ඛූ සෙවති, භික්ඛුසික්ඛාය සික්ඛති. ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මං පටිප්පස්සම්භෙතබ්බං.
Sinhala BJT6. මහණෙනි, අන් අඞ්ග පසෙකිනුදු යුත් මහණහු ඇවැත නො දැක්මෙහි උකෙව්නිකම් සන්හිඳුවිය යුතු: ගිහිදද නො දරා ද, තොටුදද නො දරා ද, තොටුවන් නො සොයා ද, භික්‍ෂූන් සොයා ද, භික්‍ෂුශික්‍ෂාහි හික්මේ ද, මහණෙනි, මේ පසඟින් යුත් මහණහුගේ ඇවැත නො දැක්මෙහි උකෙව්නිකම් සන්හිඳුවිය යුතු.
Pali BJT7. අපරෙහිපි භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මං පටිප්පස්සම්භෙතබ්බං: න පකතත්තෙන භික්ඛුනා සද්ධිං එකච්ඡන්නෙ ආවාසෙ වසති, න එකච්ඡන්නෙ අනාවාසෙ වසති, න එකච්ඡන්නෙ ආවාසෙ වා අනාවාසෙ වා වසති, පකතත්තං භික්ඛුං දිස්වා ආසනා වුට්ඨාති, න පකතත්තං භික්ඛුං ආසාදෙති අන්තො වා බහි වා. ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මං පටිප්පස්සම්භෙතබ්බං.
Sinhala BJT7. මහණෙනි, අන් අඞ්ග පසෙකිනුදු යුත් මහණහුගේ ඇවැත නොදැක්මෙහි උකෙව්නිකම් සන්හිඳුවිය යුතු: පුවතත් මහණහු හා එක් සෙවෙනි අවස්හි නො වෙසේ ද, එක් සෙවෙනි නොඅවස්හි නො වෙසේ ද, එක් සෙවෙනි අවස්හිත් නො අවස්හිත් නො වෙසේ ද, පුවතත් මහණකු දැක හුනස්නෙන් නැගී සිටී ද, පුවතත් මහණකු වෙහෙර තුළ දී හෝ බැහැර දි හෝ නො ගටා ද, මහණෙනි, මේ පසඟින් යුත් මහණහු ඇවැත නොදැක්මෙහි උකෙව්නිකම් සන්හිඳුවිය යුතු.
Pali BJT8. අට්ඨහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මං පටිප්පස්සම්භෙතබ්බං: න පකතත්තස්ස භික්ඛුනො උපොසථං ඨපෙති, න පවාරණං ඨපෙති, න සවචනීයං කරොති, න අනුවාදං පට්ඨපෙති, න ඔකාසං කාරෙති, න චොදෙති, න සාරෙති, න භික්ඛූහි සම්පයොජෙති. ඉමෙහි ඛො භික්ඛවෙ අට්ඨහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මං පටිප්පස්සම්භෙතබ්බං.
Sinhala BJT8. මහණෙනි, අටඟෙකින් යුත් මහණහු ඇවැත නොදැක්මෙහි උකෙව්නිකම් සන්හිඳුවිය යුතු: පුවතත් මහණහු පොහෝකම් නො නවතා ද, පවුරුණු නො නවතා ද, සවචනීය නො කෙරේ ද, අනුවාද නො පිහිටුවා ද, අවකාශ නොකරවා ද, චෝදනා නො කෙරේ ද, ඇවැත් සිහි නො කරවා ද, මහණුන් හා කලහ නො යොදා ද, මහණෙනි, මේ අටඟින් යුත් මහණහු ඇවැත් නොදැක්මෙහි උකෙව්නිකම් නො සන්හිඳුවිය යුතු.