Pali BJTඛුද්දානුඛුද්දකසික්ඛාපදකථා
Sinhala BJTඛුද්දානුඛුද්දක සික්ඛාපද කථාව
Pali BJT9. අථ ඛො ආයස්මා ආනන්දො ථෙරෙ භික්ඛූ එතදවොච: භගවා මං භන්තෙ පරිනිබ්බානකාලෙ එවමාහ: ආකඞ්ඛමානො ආනන්ද සඞ්ඝො මමච්චයෙන ඛුද්දානුඛුද්දකානි සික්ඛාපදානි සමූහනෙය්යාති. පුච්ඡි පන ත්වං ආවුසො ආනන්ද භගවන්තං කතමානි පන භන්තෙ ඛුද්දානුඛුද්දකානි සික්ඛාපදානීති. න ඛො අහං භන්තෙ භගවන්තං පුච්ඡිං, කතමානි පන භන්තෙ ඛුද්දානුඛුද්දකානි සික්ඛාපදානීති.
Sinhala BJT9. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ ස්ථවිර භික්‍ෂූන්ට මෙය කීහ. “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවෙන කාලයෙහි මට මෙසේ වදාළසේක. ආනන්‍දය, සඞ්ඝයා කැමැති වන්නේ නම් මා ඇවෑමෙන් ඛුද්දානුඛුද්දක ශික්‍ෂාපද සමූහනය කරන්නේ ය යි. ඇවත ආනන්‍දය, “වහන්ස, ඛුද්දානුඛුද්දක ශික්‍ෂාපද කවරේ දැ”යි තෙපි භාග්‍යවතුන් වහන්සේ පිළිවිසුහු දැ යි. වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේගෙන් “වහන්ස, ඛුද්දානුඛුද්දක ශික්‍ෂාපද කවරහු දැ’යි නො පිළිවිසීමි යි.
Pali BJTඑකච්චෙ ථෙරා එවමාහංසු: චත්තාරි පාරාජිකානි ඨපෙත්වා අවසෙසානි ඛුද්දානුඛුද්දකානි සික්ඛාපදානීති. එකච්චෙ ථෙරා එවමාහංසු: චත්තාරි පාරාජිකානි ඨපෙත්වා තෙරස සඞ්ඝාදිසෙසෙ ඨපෙත්වා අවසෙසානි ඛුද්දානුඛුද්දකානි සික්ඛාපදානීති. එකච්චෙ ථෙරා එවමාහංසු: චත්තාරි පාරාජිකානි ඨපෙත්වා තෙරස සඞ්ඝාදිසෙසෙ ඨපෙත්වා ද්වෙ අනියතෙ ඨපෙත්වා අවසෙසානි ඛුද්දානුඛුද්දකානි සික්ඛාපදානීති. එකච්චෙ ථෙරා එවමාහංසු: චත්තාරි පාරාජිකානි ඨපෙත්වා තෙරස සඞ්ඝාදිසෙසෙ ඨපෙත්වා ද්වෙ අනියතෙ ඨපෙත්වා තිංස නිස්සග්ගියෙ පාචිත්තියෙ ඨපෙත්වා අවසෙසානි ඛුද්දානුඛුද්දකානි සික්ඛාපදානීති. එකච්චෙ ථෙරා එවමාහංසු:– චත්තාරි පාරාජිකානි ඨපෙත්වා තෙරස සඞ්ඝාදිසෙසෙ ඨපෙත්වා ද්වෙ අනියතෙ ඨපෙත්වා තිංස නිස්සග්ගියෙ පාචිත්තියෙ ඨපෙත්වා ද්වෙනවුති පාචිත්තියෙ ඨපෙත්වා අවසෙසානි ඛුද්දානුඛුද්දකානි සික්ඛාපදානීති. එකච්චෙ ථෙරා එවමාහංසු: චත්තාරි පාරාජිකානි ඨපෙත්වා තෙරස සඞ්ඝාදිසෙසෙ ඨපෙත්වා ද්වෙ අනියතෙ ඨපෙත්වා තිංස නිස්සග්ගියෙ පාචිත්තියෙ ඨපෙත්වා ද්වෙනවුති පාචිත්තියෙ ඨපෙත්වා චත්තාරො පාටිදෙසනීයෙ ඨපෙත්වා අවසෙසානි ඛුද්දානුඛුද්දකානි සික්ඛාපදානීති.
Sinhala BJTඇතැම් තෙර කෙනෙක් මෙසේ කීහු: සතර පරිජි තබා සෙස්සෝ ඛුද්දානුඛුද්දක ශික්‍ෂයාපද වෙතැ’යි. ඇතැම් තෙර කෙනෙක් මෙසේ කීහු: සතර පරිජි තබා තෙළෙස් සඟවෙසෙස් තබා සෙස්සෝ ඛුද්දානුඛුද්දක ශික්‍ෂාපද වෙතැ’යි. ඇතැම් තෙර කෙනෙක් මෙසේ කීහු: සතර පරිජි තබා තෙළෙස් සඟවෙසෙස් තබා අනියත දෙක තබා සෙස්සෝ ඛුද්දානුඛුද්දක ශික්‍ෂාපද වෙතැ’යි. ඇතැම් තෙර කෙනෙක් මෙසේ කීහු: සතර පරිජි තබා තෙළෙස් සඟවෙසෙස් තබා අනියත දෙක තබා තිස් නිසගි පචිති තබා සෙස්සෝ බුදානුබුදාදක ශික්‍ෂයාපද වෙතැ’යි. ඇතැම් තෙර කෙනෙක් මෙසේ කීහු: සතර පරිජි තබා තෙළෙස් සඟවෙසෙස් තබා අනියත දෙක තබා තිස් නිසගි පචිති තබා දෙයානු පචිති තබා සෙස්සෝ ඛුද්දානුඛුද්දක ශික්‍ෂාපද වෙතැ යි. ඇතැම් තෙර කෙනෙක් මෙසේ කීහු: සතර පරිජි තබා තෙළෙස් සඟවෙසෙස් තබා අනියත දෙක තබා තිස් නිසගි පචිති තබා දෙයානු පචිති තබා සිවු පාටිදේසනීය තබා සෙස්සෝ ඛුද්දානුඛුද්දක ශික්‍ෂයාපද වෙතැ යි.
Pali BJT10. අථ ඛො ආයස්මා මහාකස්සපො සඞ්ඝං ඤාපෙසි: සුණාතු මෙ ආවුසො සඞ්ඝො. සන්තම්හාකං සික්ඛාපදානි ගිහිගතානි ගිහීනොපි ජානන්ති ‘ඉදං වො සමණානං සක්යපුත්තියානං කප්පති, ඉදං වො න කප්පතීති. සචෙ මයං ඛුද්දානුඛුද්දකානි සික්ඛාපදානි සමූහනිස්සාම භවිස්සන්ති වත්තාරො: ධූමකාලිකං සමණෙන ගොතමෙන සාවකානං සික්ඛාපදං පඤ්ඤත්තං. යාවිමෙසං සත්ථා අට්ඨාසි තාවිමෙ සික්ඛාපදෙසු සික්ඛිංසු. යතො ඉමෙසං සත්ථා පරිනිබ්බුතො න දානිමෙ සික්ඛාපදෙසු සික්ඛන්තීති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො අප්පඤ්ඤත්තං න පඤ්ඤාපෙය්ය. පඤ්ඤත්තං න සමුච්ඡින්දෙය්ය. යථාපඤ්ඤත්තෙසු සික්ඛාපදෙසු සමාදාය වත්තෙය්ය. එසා ඤත්ති.
Sinhala BJT10. ඉක්බිති ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ සඞ්ඝයාට මෙසේ දැන්වූහ. ඇවැත්නි, සඞ්ඝයා මබස් අසාවා. ගිහියන් පිළිබඳ වූ ශික්‍ෂාපද අපට ඇත. ශ්‍රමණ ශාක්‍යපුත්‍රයන්ට මෙය කැපය. මෙය අකැප ය යි ගිහියෝ ද දනිති. ඉදින් අපි ඛුද්දානුඛුද්දක ශික්‍ෂාපද සමූහනය කරන්නෙමු නම් “ශ්‍රමණ ගෞතමයන් විසින් ශ්‍රාවකයන්ට ශික්‍ෂාපද පනවනලද්දේ (උන්වහන්සේගේ) චිතකයෙහි දුම් ඇති තෙක් පමණි. යම්තාක් මොවුන්ගේ ශාස්තෘන් වහන්සේ සිටිසේක් ද ඒතාක් මොවුහු ශික්‍ෂාපදයන්හි හික්මුණෝ ය. යම් හෙයෙකින් මොවුන්ගේ ශාස්තෘන් වහන්සේ පිරිනිවිසේක් ද (එහෙයින්) දැන් මොවුහු ශික්‍ෂාපදයන්හි නො හික්මෙතැ යි කියන්නෝ වන්නාහ. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වේ නම් සඞ්ඝයා නො පනවන ලද්දක් නො පනවන්නේ ය. පනවනලද්ද නොසිඳින්නේ ය. පනවන ලද ශික්‍ෂාපදයන්හි ඇති පරිද්දෙන් සමාදන් ව පවත්නේ ය. මේ ඥප්ති යි.
Pali BJTසුණාතු මෙ ආවුසො සඞ්ඝො. සන්තම්හාකං සික්ඛාපදානි ගිහීගතානි ගිහීනොපි ජානන්ති ඉදං වො සමණානං සක්යපුත්තියානං කප්පති. ඉදං වො න කප්පතීති. සචෙ මයං ඛුද්දානුඛුද්දකානි සික්ඛාපදානි සමූහනිස්සාම, භවිස්සන්ති වත්තාරො: ධූමකාලිකං සමණෙන ගොතමෙන සාවකානං සික්ඛාපදං පඤ්ඤත්තං. යාවිමෙසං සත්ථා අට්ඨාසි තාවිමෙ සික්ඛාපදෙසු සික්ඛිංසු. යතො ඉමෙසං සත්ථා පරිනිබ්බුතො න දානිමෙ සික්ඛාපදෙසු සික්ඛන්තීති. සඞ්ඝො අප්පඤ්ඤත්තං න පඤ්ඤාපෙති පඤ්ඤත්තං න සමුච්ඡින්දති. යථාපඤ්ඤත්තෙසු සික්ඛාපදෙසු සමාදාය වත්තති. යස්සායස්මතො ඛමති අපඤ්ඤත්තස්ස අපඤ්ඤාපනා{1} පඤ්ඤත්තස්ස අසමුච්ඡෙදො, යථාපඤ්ඤත්තෙසු සික්ඛාපදෙසු සමාදාය වත්තනා, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති සො භාසෙය්ය.
Sinhala BJTඇවැත්නි, සඞ්ඝයා මබස් අසාවා. ගිහියන් පිළිබඳ වූ ශික්‍ෂාපද අපට ඇත. ශ්‍රමණ ශාක්‍යපුත්‍රයන්ට මෙය කැප ය, මෙය අකැප ය, යි ගිහියෝ ද දනිති. ඉදින් අපි ඛුද්දානුඛුද්දක ශික්‍ෂාපද සමූහනය කරන්නෙමු නම් ශ්‍රමණ ගෞතමයන් විසින් ශ්‍රාවකයන්ට ශික්‍ෂාපද පනවනලද්දේ (උන් වහන්සේගේ) චිතකයෙහි දුම් ඇති තෙක් පමණි. යම්තාක් මොවුන්ගේ ශාස්තෘන් වහන්සේ සිටිසේක් ද ඒතාක් මොවුහු ශික්‍ෂාපදයන්හි හික්මුණෝ ය. යම්හෙයෙකින් මොවුන්ගේ ශාස්තෘන් වහන්සේ පිරිනිවිසේක් ද (එහෙයින්) දැන් මොවුහු ශික්‍ෂාපදයන්හි නො හික්මෙතැ යි කියන්නෝ වන්නාහ. සඞ්ඝයා නො පනවන ලද්දක් නො පනවයි. පනවනලද්ද නො සිඳියි. පනවනලද ශික්‍ෂාපදයන්හි ඇති පරිද්දෙන් සමාදන් ව පවතියි. යම් ආයුෂ්මත් කෙනකුහට නො පනවනලද්ද නො පැනවීම, පනවනලද්ද නො සිඳීම, පනවනලද ශික්‍ෂාපදයන්හි ඇති පරිද්දෙන් සමාදන් ව පැවැත්ම, රුචි වේ නම් උන්වහන්සේ නිහඬවන්නාහ, යම් කෙනකුහට රුචි නො වේ නම් උන්වහන්සේ කියන්නාහ.
Pali BJTසඞ්ඝො අපඤ්ඤත්තං න පඤ්ඤාපෙති පඤ්ඤත්තං න සමුච්ඡින්දති, යථා පඤ්ඤත්තෙසු සික්ඛාපදෙසු සමාදාය වත්තති. ඛමති සඞ්ඝස්ස තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමීති.
Sinhala BJTසඞ්ඝයා නො පනවනලද්ද නො පනවයි. පනවනලද්ද නො සිඳියි. පනවනලද ශික්‍ෂාපදයන්හි ඇති පරිද්දෙන් සමාදන් ව පවතියි. සඞ්ඝයාට (මෙය) රුචි වෙයි. එහෙයින් නිහඬ ය. මෙය මෙස් දරමි යි.
Pali BJT11. අථ ඛො ථෙරා භික්ඛූ ආයස්මන්තං ආනන්දං එතදවොචුං: ඉදං තෙ ආවුසො ආනන්ද දුක්කටං යං ත්වං භගවන්තං න පුච්ඡි-කතමානි පන භන්තෙ ඛුද්දානුඛුද්දකානි සික්ඛාපදානීති. දෙසෙහි තං දුක්කටන්ති.
Sinhala BJT11. ඉක්බිති ස්ථවිර භික්‍ෂුහු ආනන්‍ද ආයුෂ්මත්හට මෙය කීහු : ඇවැත් ආනන්‍දයෙනි, යම්හෙයෙකින් තෙපි ‘වහන්ස, ඛුද්දානුඛුද්දක ශික්‍ෂා පද කවරහු දැ යි භාග්‍යවතුන් වහන්සේ නො විචාළහු ද මෙය තොප වරදවා කරන ලද්දකි, ඒ වරදවා කරනලද්ද ප්‍රකාශ කරවයි.
Pali BJTඅහං ඛො භන්තෙ අසතියා{2} භගවන්තං න පුච්ඡිං කතමානි පන භන්තෙ ඛුද්දානුඛුද්දකානි සික්ඛාපදානීති. නාහං තං දුක්කටං පස්සාමි. අපිචායස්මන්තානං සද්ධාය දෙසෙමි තං දුක්කටන්ති.
Sinhala BJTවහන්ස, මම නොසිහියෙන් (යුතු වූයෙම්) වහන්ස, ඛුද්දානුඛුද්දක ශික්‍ෂාපද කවරහු දැ යි භාග්‍යවතුන් වහන්සේ නො විචාළෙමි. මම එය වරදවා කරනලද්දකැ යි නො දකිමි. එහෙත් ආයුෂ්මතුන් වහන්සේගේ බස ඇදහීමෙන් එය වරදවා කරන ලද යි ප්‍රකාශ කරමි.
Pali BJTඉදම්පි තෙ ආවුසො ආනන්ද දුක්කටං යං ත්වං භගවතො වස්සිකසාටිකං අක්කමිත්වා සිබ්බෙසි. දෙසෙහි තං දුක්කටන්ති.
Sinhala BJTඇවැත්, ආනන්‍දයෙනි, යම් හෙයෙකින් තෙපි භාග්‍යවතුන් වහන්සේගේ වැසි සළුව පයින් මැඩ ගෙන මැසුවහු ද මෙය ද තොප වරදවා කරන ලද්දකි. ඒ වරදවා කරනලද්ද ප්‍රකාශ කරව යි.
Pali BJTනාහං ඛො භන්තෙ අගාරවෙන භගවතො වස්සිකසාටිකං අක්කමිත්වා සිබ්බෙසිං. නාහන්තං දුක්කටං පස්සාමි. අපිචායස්මන්තානං සද්ධාය දෙසෙමි තං දුක්කටන්ති.
Sinhala BJTවහන්ස, මම අගෞරවයෙන් භාග්‍යවතුන් වහන්සේගේ වැසි සළුව පයින් මැඩගෙන නො මැසූයෙමි. මම එය වරදවා කරන ලද්දකැයි නොදකිමි. එහෙත් ආයුෂ්මතුන් වහන්සේගේ බස ඇදහීමෙන් එය වරදවා කරන ලදැ යි ප්‍රකාශ කරමි.
Pali BJTඉදම්පි තෙ ආවුසො ආනන්ද දුක්කටං යං ත්වං මාතුගාමෙහි භගවතො සරීරං පඨමං වන්දාපෙසි. තාසං රොදන්තීනං භගවතො සරීරං අස්සුකෙන මක්ඛිතං. දෙසෙහි තං දුක්කටන්ති.
Sinhala BJTඇවැත් ආනන්‍දයෙනි, යම් හෙයෙකින් තෙපි මාගමුන් ලවා භාග්‍යවතුන් වහන්සේගේ සිරුර පළමුව වැන්දවුහු ද හඬන්නා වූ ඔවුන්ගේ කඳුළින් භාග්‍යවතුන් වහන්සේගේ සිරුර ගැල්විණි ද මෙය ද තොපගේ දුෂ්කෘතයෙකි. ඒ දුෂ්කෘතය ප්‍රකාශ කරව යි.
Pali BJTඅහං ඛො භන්තෙ මායිමා{1} විකාලෙ අහෙසුන්ති මාතුගාමෙහි භගවතො සරීරං පඨමං වන්දාපෙසිං. නාහං තං දුක්කටං පස්සාමි. අපිචායස්මන්තානං සද්ධාය දෙසෙමි තං දුක්කටන්ති.
Sinhala BJTවහන්ස, මම ‘මොවුහු විකාලයෙහි (හැසිරෙන්නෝ) නො වෙත්වා’ යි මාගමුන් ලවා භාග්‍යවතුන් වහන්සේගේ සිරුර පළමුව වැන්දවීමි. මම එය දුෂ්කෘතයකැ’යි නො දකිමි. එහෙත් ආයුෂ්මතුන් වහන්සේගේ බස ඇදහීමෙන් එය දුෂ්කෘතයකැ’යි ප්‍රකාශ කරමි.
Pali BJTඉදම්පි තෙ ආවුසො ආනන්ද දුක්කටං යං ත්වං භගවතා ඔළාරිකෙ නිමිත්තෙ කයිරමානෙ ඔළාරිකෙ ඔභාසෙ කයිරමානෙ න භගවන්තං යාචි-තිට්ඨතු භගවා කප්පං. තිට්ඨතු සුගතො කප්පං බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානන්ති. දෙසෙහි තං දුක්කටන්ති.
Sinhala BJTඇවැත් ආනන්‍දයෙනි, යම් හෙයෙකින් තෙපි ද භාග්‍යවතුන් වහන්සේ විසින් ඕළාරික වු නිමිති කරනුලබන කල්හි ඕළාරික වූ ආලොකය කරනුලබන කල්හි, බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සැප පිණිස ලොවට අනුකම්පා පිණිස දෙව් මිනිසුන්ට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස භාග්‍යවතුන් වහන්සේ (ආයුෂ් කල්පයක්) වැඩ සිටින සේක්වා, සුගතයන් වහන්සේ කල්පයක් වැඩ සිටින සේක්වා යී භාග්‍යවතුන් වහන්සේ නො යැදුහු ද මෙය ද තොපගේ දුෂ්කෘතයෙකි. ඒ දුෂ්කෘතය ප්‍රකාශ කරව යි.
Pali BJTඅහං ඛො භන්තෙ මාරෙන පරියුට්ඨිතචිත්තො න භගවන්තං යාචිං තිට්ඨතු භගවා කප්පං, තිට්ඨතු සුගතො කප්පං බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානන්ති. නාහන්තං දුක්කටං පස්සාමි. අපිචායස්මන්තානං සද්ධාය දෙසෙමි තං දුක්කටන්ති.
Sinhala BJTවහන්ස, මම වනාහි මාරයා විසින් හාත්පසින් මඩනා ලද සිත් ඇත්තෙම්, බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස ‘ ලොවට අනුකම්පා පිණිස දෙව්මිනිසුන්ට වැඩ පිණිස හිතපිණිස, සුවපිණිස භාගයවතුන් වහන්සේ කල්පයක් වැඩ සිටින සේක්වා, සුගතයන් වහන්සේ කල්පයක් වැඩ සිටින සේක්වා යි නො යැදීමි. මම එය දුෂ්කෘතයකැ’යි නො දකිමි. එහෙත් ආයුෂ්මතුන් වහන්සේගේ බස ඇදහීමෙන් එය දුෂ්කෘතයකැ’යි ප්‍රකාශ කරමි.
Pali BJTඉදම්පි තෙ ආවුසො ආනන්ද දුක්කටං-යං ත්වං මාතුගාමස්ස තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ පබ්බජ්ජං උස්සුක්කං අකාසි. දෙසෙහි තං දුක්කටන්ති.
Sinhala BJTඇවැත් ආනන්‍දයෙනි, යම්හෙයෙකින් තෙපි තථාගතයන් වහන්සේ විසින් මනාව ප්‍රකාශ කරනලද ධර්‍මවිනයෙහි (ශාසනයෙහි) මාගමගේ පැවිද්දට උත්සාහවත් කළහු ය. මෙය ද තොපගේ දුෂ්කෘතයෙකි. ඒ දුෂ්කෘතය ප්‍රකාශ කරවයි.
Pali BJTඅහං ඛො භන්තෙ අයං මහාපජාපති ගොතමී භගවතො මාතුච්ඡා ආපාදිකා පොසිකා ඛීරස්ස දායිකා භගවන්තං ජනෙත්තියා කාලකතාය{2} ථඤ්ඤං පායෙසීති මාතුගාමස්ස තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ පබ්බජ්ජං උස්සුක්කං අකාසිං. නාහං තං දුක්කටං පස්සාමි. අපිචායස්මන්තානං සද්ධාය දෙසෙමි තං දුක්කටන්ති.
Sinhala BJTවහන්ස, මම වනාහි මේ මහාප්‍රජාපතී ගෝතමි භාග්‍යවතුන් වහන්සේගේ මවගේ සොහොවුරි ය. (උන්වහන්සේ) හදා වඩා ගත්තී ය, පොෂණය කළා ය, කිරි දුන්නී ය. මව කලුරිය කළ කල්හි කිරි පෙව්වාය යි සලකා තථාගතයන් වහන්සේ විසින් මනාව ප්‍රකාශ කරන ලද ධර්‍මවිනයෙහි මාගමගේ පැවිද්දට උත්සාහවත් කෙළෙමි. මම එය දුෂ්කෘතයෙකැ යි නො දකිමි. එහෙත් ආයුෂ්මතුන් වහන්සේලාගේ බස ඇදහීමෙන් එය දුෂ්කෘතයෙකැ යි ප්‍රකාශ කරමි යි.
Pali BJT12. තෙන ඛො පන සමයෙන ආයස්මා පුරාණො දක්ඛිණාගිරිස්මිං චාරිකං චරති මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි. අථ ඛො ආයස්මා පුරාණො ථෙරෙහි භික්ඛූහි ධම්මෙ ච විනයෙ ච සංගීතෙ දක්ඛිණාගිරිස්මිං යථාභිරන්තං විහරිත්වා යෙන රාජගහං යෙන වෙළුවනං කලන්දකනිවාපො යෙන ථෙරා භික්ඛූ තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා ථෙරෙහි භික්ඛූහි සද්ධිං පටිසම්මොදිත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං පුරාණං ථෙරා භික්ඛූ එතදවොචුං: ථෙරෙහි ආවුසො පුරාණ, ධම්මො ච විනයො ච සංගීතො. උපෙහි තං සඞ්ගීතින්ති. සුසංගීතාවුසො ථෙරෙහි ධම්මො ච විනයො ච. අපි ච යථෙව මයා භගවතො සම්මුඛා සුතං සම්මුඛා පටිග්ගහිතං තථෙවාහං ධාරෙස්සාමීති.
Sinhala BJT12. එසමයෙහි ආයුෂ්මත් පුරාණ තෙරණුවෝ පන්සියයක් පමණවූ මහත් භික්‍ෂූ සමූහයක් සමග දක්‍ෂිණාගිරියෙහි චාරිකාවෙහි හැසිරෙති. ඉක්බිති ස්ථවිර භික්‍ෂූන් විසින් ධර්‍මය ද විනය ද සඞ්ගායනා කළ කල්හි ආයුෂ්මත් පුරාණ තෙරණුවෝ දක්‍ෂිණාගිරියෙහි කැමැති තාක් කල් වැස රජගහ නුවර යම් තැනෙක ද, කලන්‍දක නිවාප නම් වූ වේළුවනය යම් තැනෙක ද, ස්ථවිර භික්‍ෂූහු යම් තැනෙක ද එතැනට එළැඹියහ. එළඹ ස්ථවිර භික්‍ෂූන් සමග පිළිසඳර කථා කොට එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන්නා වූ පුරාණ ආයුෂ්මතුන්ට ස්ථවිර භික්‍ෂූහු මෙසේ කීහ. ඇවැත් පුරාණයෙනි, ස්ථවිරවරුන් විසින් ධර්‍මය ද , විනය ද සඞ්ගායනා කරනලද්දේ ය. ඒ සංගීතිය ට එළඹෙනු මැනවැ’යි. (පිළිගනු මැනවැයි) ඇවැත්නි, ස්ථවිරවරුන් විසින් ධර්‍මය ද විනය ද මොනොවට සංගායනා කරනලද්දේ ය. වැළිදු මා විසින් භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි යම්සේ අසන ලද ද යම්සේ පිළිගන්නා ලද ද එසෙයින් ම මම දරන්නෙමි”යි කීහ.
Pali BJTබ්රහ්මදණ්ඩකථා
Sinhala BJTබ්‍රහ්මදණ්ඩ කථාව
Pali BJT13. අථ ඛො ආයස්මා ආනන්දො ථෙරෙ භික්ඛූ එතදවොච: භගවා මං භන්තෙ පරිනිබ්බානකාලෙ එවමාහ: තෙනහානන්ද සඞ්ඝො මමච්චයෙන ඡන්නස්ස භික්ඛුනො බ්රහ්මදණ්ඩං ආණාපෙතූති. පුච්ඡි පන ත්වං ආවුසො ආනන්ද භගවන්තං කතමො ච පන භන්තෙ බ්රහ්මදණ්ඩොති. පුච්ඡිං ඛො අහං භන්තෙ භගවන්තං කතමො පන භන්තෙ බ්රහ්මදණ්ඩොති. ඡන්නො ආනන්ද භික්ඛු යං ඉච්ඡෙය්ය තං වදෙය්ය. භික්ඛූහි ඡන්නො භික්ඛු නෙව වත්තබ්බො. න ඔවදිතබ්බො. නානුසාසිතබ්බොති. තෙනහාවුසො ආනන්ද ත්වඤ්ඤෙව ඡන්නස්ස භික්ඛුනො බ්රහ්මදණ්ඩං ආණාපෙහීති.
Sinhala BJT13. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ ස්ථවිර භික්‍ෂුන්ට මෙය කීහ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ පරිනිර්‍වාණ කාලයෙහි මට මෙසේ වදාළසේක: ආනන්‍ද, එසේ වී නම් මා ඇවෑමෙන් සඞ්ඝයා ඡන්න භික්‍ෂූහට බ්‍රහ්මදණ්ඩය අණ කෙරේවා’යි. ඇවැත් ආනන්‍දයෙනි, “වහන්ස බ්‍රහ්මදණඩය නම් කවරේ දැ”යි තෙපි භාග්‍යයවතුන් වහන්සේ විචාළහු දැ යි. වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේගෙන්, “වහන්ස, බ්‍රහ්මදණ්ඩය නම් කවරේ දැ”යි විචාළෙමි. ආනන්‍ද, ඡන්න භික්‍ෂූ තෙම යමක් කැමැති නම් එය කියන්නේ ය. භික්‍ෂූන් විසින් ඡන්න භික්‍ෂුතෙම නො ම බිණියයුතු ය. ඔවදන් නොකළයුතු ය. අනුශාසනය නො කළයුතු යි. ඇවත් ආනන්‍දයෙනි, එසේ වී නම් තෙපි ම ඡන්න භික්‍ෂූවට බ්‍රහ්මදණ්ඩය අණ කරව’යි.
Pali BJTකථාහං භන්තෙ ඡන්නස්ස භික්ඛුනො බ්රහ්මදණ්ඩං ආණාපෙමි? චණ්ඩො සො භික්ඛු ඵරුසොති. තෙනහාවුසො ආනන්ද බහුකෙහි භික්ඛූහි සද්ධිං ගච්ඡාහීති. එවං භන්තෙති ඛො ආයස්මා ආනන්දො ථෙරානං භික්ඛූනං පටිස්සුත්වා මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි නාවාය කොසම්බිං උජ්ජවි{1}. නාවාය පච්චොරොහිත්වා රඤ්ඤො උදෙනස්ස උය්යානස්ස අවිදූරෙ අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ නිසීදි.
Sinhala BJTවහන්ස, මම කෙසේ ඡන්න භික්‍ෂූවට බ්‍රහ්මදණ්ඩය අණ කෙරෙම් ද? ඒ මහණ චණ්ඩ ය, පරුෂ යයි. ඇවැත් ආනන්‍දයෙනි, එසේ වී නම් බොහෝ භික්‍ෂූන් සමග යව’යි. ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ ස්ථවිර භික්‍ෂූන්ට එසේ ය. වහන්සැ’ යි පිළිවදන් දී පන්සියක් පමණ වූ මහත් භික්‍ෂූපිරිසක් සමග නැවෙන් කොසඹෑ නුවර වෙත උඩුගංබලා ගියහ. නැවෙන් බැස උදේන රජුගේ උයනට නුදුරෙහි එක්තරා රුක්මුලෙක වැඩහුන්හ.
Pali BJT14. තෙන ඛො පන සමයෙන රාජා උදෙනො උය්යානෙ පරිචාරෙති සද්ධිං ඔරොධෙන. අස්සොසි ඛො රඤ්ඤො උදෙනස්ස ඔරොධො අම්හාකං කිර ආචරියො අය්යො ආනන්දො උය්යානස්ස අවිදූරෙ අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ නිසින්නොති. අථ ඛො රඤ්ඤො උදෙනස්ස ඔරොධො රාජානං උදෙනං එතදවොච: අම්හාකං කිර දෙව ආචරියො අය්යො ආනන්දො උය්යානස්ස අවිදූරෙ අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ නිසින්නො. ඉච්ඡාම මයං දෙව අය්යං ආනන්දං පස්සිතුන්ති. තෙන හි තුම්හෙ සමණං ආනන්දං පස්සථාති.
Sinhala BJT14. එසමයෙහි උදේන රජ අන්තඃපුර ජනයා සමග උයනෙහි හැසිරෙයි. උදේන රජුගේ අන්තඃපුර ජනයා “අපගේ ආචාර්‍ය්‍ය වූ ආනන්‍ද ආර්‍ය්‍යයන් වහන්සේ උයනට නුදුරෙහි එක්තරා රුක්මුලෙක හුන්සේකැ”යි ඇසී ය. ඉක්බිති උදේන රජුගේ අන්තඃපුර ජනයා උදේන රජහට මෙසේ කී ය: “දේවයන් වහන්ස, අපගේ ආචාර්‍ය්‍ය වූ ආනන්‍ද ආර්‍ය්‍යයන් වහන්සේ උයනට නුදුරෙහි එක්තරා රුක් මුලෙක හුන්සේක. දේවයන් වහන්ස, අපි ආනන්‍ද ආර්‍ය්‍යයන් වහන්සේ දක්නට කැමැත්තම්හ”යි. එසේ නම් තෙපි ආනන්‍ද ශ්‍රමණයා දකිවුයි.
Pali BJTඅථ ඛො රඤ්ඤො උදෙනස්ස ඔරොධො යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං ආනන්දං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො රඤ්ඤො උදෙනස්ස ඔරොධං ආයස්මා ආනන්දො ධම්මියා කථාය සන්දස්සෙසි, සමාදපෙසි, සමුත්තෙජෙසි සම්පහංසෙසි. අථ ඛො රඤ්ඤො උදෙනස්ස ඔරොධො ආයස්මතා ආනන්දෙන ධම්මියා කථාය සන්දස්සිතො සමාදපිතො සමුත්තෙජිතො සම්පහංසිතො ආයස්මතො ආනන්දස්ස පඤ්ච උත්තරාසඞ්ගසතානි පාදාසි. අථ ඛො රඤ්ඤො උදෙනස්ස ඔරොධො ආයස්මතො ආනන්දස්ස භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා ආයස්මන්තං ආනන්දං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා යෙන රාජා උදෙනො තෙනුපසඞ්කමි.
Sinhala BJTඉක්බිති උදේන රජුගේ අන්තඃපුර ජනයා ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක ද එතැනට එළඹියේ ය. එළඹ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත් පසෙක හුන්නා වූ උදේන රජුගේ අන්තඃපුර ජනයාට ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ දැහැමි කථාවෙන් මොනොවට කරුණු දැක්වූහ. සමාදන් කරවූහ. තෙදගැන්වූහ. සතුටු කරවූහ. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ විසින් දැහැමි කථාවෙන් මොනවට කරුණු දක්වන ලද, සමාදන් කරවනලද, තෙදගන්වන ලද, සතුටු කරවන ලද උදේන රජුගේ අන්තඃපුර ජනයා ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට උතුරුසළු පන්සියයක් ප්‍රදානය කෙළේ ය. ඉක්බිති උදේන රජුගේ අන්තඃපුර ජනයා ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේගේ භාෂිතයට සතුටු වී අනුමෝදන් වී හුනස්නෙන් නැඟී ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ වැඳ පැදකුණු කොට උදෙනරජ යම් තැනක ද එතැනට එළඹියේ ය.
Pali BJTඅද්දසා ඛො රාජා උදෙනො ඔරොධං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන ඔරොධං එතදවොච: අපි නු තුම්හෙ සමණං ආනන්දං පස්සිත්ථාති. අපස්සිම්හා ඛො මයං දෙව අය්යං ආනන්දන්ති. අපි නු තුම්හෙ සමණස්ස ආනන්දස්ස කිඤ්චි අදත්ථාති. අදම්හා ඛො මයං දෙව අය්යස්ස ආනන්දස්ස පඤ්චඋත්තරාසඞ්ගසතානීති. රාජා උදෙනො උජ්ඣායති ඛීයති විපාචෙති: කථං හි නාම සමණො ආනන්දො තාව බහුං චීවරං පටිග්ගහෙස්සති. දුස්සවණිජ්ජං වා සමණො ආනන්දො කරිස්සති පග්ගාහිකසාලං වා පසාරෙස්සතීති.
Sinhala BJTඋදේන රජ එන්නා වූ අන්තඃපුර ජනයා දුරදී ම දුටුවේ ය. දැක අන්තඃපුර ජනයාට මෙය කී ය: “තෙපි ශ්‍රමණ ආනන්‍ද දුටු දැ”යි. “දේවයිනි, අපි ආනන්‍ද ආර්‍ය්‍යයන් දුටුම්හ යි”. තෙපි ශ්‍රමණ ආනන්දට කිසිවක් දුන්නු දැ යි. දේවයිනි, අපි ආනන්‍ද ආර්‍ය්‍යයන් වහන්සේට උතුරුසළු පන්සියයක් දුනුම්හ’යි. කෙසේ නම් ශ්‍රමණ ආනන්‍ද තෙම එපමණ බොහෝ සිවුරු පිළිගත්තේ ද. ශ්‍රමණ ආනන්‍ද තෙම රෙදි වෙළඳාම හෝ කරන්නේ ද, රෙදි වෙළඳ හලක් විවෘත කරන්නේ දැ යි. උදේන රජ එය ලමු කොට සිතයි. නුගුණ කියයි. දොස් පතුරුවයි.
Pali BJT15. අථ ඛො රාජා උදෙනො යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මතා ආනන්දෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං{1} වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො රාජා උදෙනො ආයස්මන්තං ආනන්දං එතදවොච: ආගමා නු ඛොධ{2} භො ආනන්ද අම්හාකං ඔරොධොති.
Sinhala BJT15. ඉක්බිති උදේන රජ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක ද එතැනට එළඹියේ ය. එළඹ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් සමග සතුටු විය. සතුටු වියයුතු සිහි කටයුතු කථාව නිමවා එකත් පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් උදෙනරජ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන්ට “භවත් ආනන්‍දයෙනි, අපගේ අන්තඃපුර ජනයා මෙහි ආයේ දැ’යි මෙය කී ය.
Pali BJTආගමා ඛො තෙධ{3} මහාරාජ ඔරොධොති”.
Sinhala BJTමහරජ තොපගේ අන්තඃපුර ජනයා මෙහි ආයේ යැ’යි.
Pali BJT“අපි පන භොතො ආනන්දස්ස කිඤ්චි අදාසීති”.
Sinhala BJTභවත් ආනන්‍දහට කිසිවක් දුන්නේ දැ’යි.
Pali BJT“අදාසි ඛො මෙ මහාරාජ පඤ්චඋත්තරාසඞ්ගසතානී”ති.
Sinhala BJTමහරජ මට උතුරුසළු පන්සියක් දුන්නේ යැ’යි,
Pali BJT“කිම්පන භවං ආනන්දො තාව බහුං චීවරං කරිස්සතී”ති.
Sinhala BJTභවත් ආනන්‍ද තෙම එපමණ බොහෝ සිවුරු කුමක් කරන්නේ දැ’යි.
Pali BJTයෙ පන තෙ මහාරාජ භික්ඛූ දුබ්බලචීවරා තෙහි සද්ධිං සංවිභජිස්සාමීති.
Sinhala BJTමහරජ, යම් භික්‍ෂූ කෙනෙක් දුබල සිවුරු ඇත්තාහු ද ඔවුන් සමග බෙදාගන්නෙමි’ යි.
Pali BJTයානි ඛො පන භො ආනන්ද පොරාණකානි දුබ්බලචීවරානි තානි කථං කරිස්සථාති.
Sinhala BJTභවත් ආනන්‍දයෙනි, යම් පැරණි දුබල සිවුරු වෙත් ද ඒවා කෙසේ කරන්නහු දැ’යි.
Pali BJTතානි මහාරාජ උත්තරත්ථරණං කරිස්සාමාති.
Sinhala BJTමහරජ, ඒවා ඇතිරිලි කරන්නෙමු’යි.
Pali BJTයානි ඛො පන භො ආනන්ද පොරාණකානි උත්තරත්ථරණානි තානි කථං කරිස්සථාති.
Sinhala BJTභවත් ආනන්‍දයෙනි, යම් පැරණි ඇතිරිලි වෙත් ද ඒවා කෙසේ කරන්නහු දැ’යි.
Pali BJTතානි මහාරාජ භිසිච්ඡවියො කරිස්සාමාති.
Sinhala BJTමහරජ, ඒවා බිසිඋර (බිසිවලට දමන උර) කරන්නෙමු’යි.
Pali BJTයානි පන{4} භො ආනන්ද පොරාණකානි භිසිච්ඡවියො තානි කථං කරිස්සථාති.
Sinhala BJTභවත් ආනන්‍දයෙනි, යම් පැරණි බිසිඋර වෙත් ද ඒවා කෙසේ කරන්නහු දැ’යි.
Pali BJTතානි මහාරාජ භුම්මත්ථරණං කරිස්සාමාති.
Sinhala BJTමහරජ, ඒවා බුමුතුරුණු කරන්නෙමු’යි.
Pali BJTයානි පන භො ආනන්ද පොරාණකානි භුම්මත්ථරණානි තානි කථං කරිස්සථාති.
Sinhala BJTභවත් ආනන්‍දයෙනි, යම් පැරණි බුමුතුරුණු වෙත් ද ඒවා කෙසේ කරන්නහු දැ’යි.
Pali BJTතානි මහාරාජ පාදපුඤ්ඡනියො කරිස්සාමාති.
Sinhala BJTමහරජ ඒවා පාපිසි කරන්නෙමු’යි.
Pali BJTයා පන භො ආනන්ද පොරාණකා පාදපුඤ්ඡනියො තා කථං කරිස්සථාති.
Sinhala BJTභවත් ආනන්‍දයෙනි, යම් පැරණි පාපිසි වෙත් ද, ඒවා කෙසේ කරන්නහු දැ’යි.
Pali BJTතා මහාරාජ රජොහරණං කරිස්සාමාති.
Sinhala BJTමහරජ, ඒවා රජස් හරණ කඩ කරන්නෙමු’යි.
Pali BJTයානි පන භො ආනන්ද පොරාණකානි රජොහරණානි තානි කථං කරිස්සථාති.
Sinhala BJTභවත් ආනන්‍දයෙනි, යම් පැරණි රජස් හරණ කඩ වෙත් ද ඒවා කෙසේ කරන්නහු දැ යි.
Pali BJTතානි මහාරාජ කොට්ටෙත්වා චික්ඛල්ලෙන මද්දිත්වා පරිභණ්ඩං ලිම්පිස්සාමාති.
Sinhala BJTමහරජ, ඒවා කොටා මැටි සමග අනා පිරිබඩ ආලේප කරන්නෙමු’යි.
Pali BJTඅථ ඛො රාජා උදෙනො සබ්බෙවිමෙ සමණා සක්යපුත්තියා යොනිසො උපනෙන්ති. න කුලවං{1} ගමෙන්තීති ආයස්මතො ආනන්දස්ස අඤ්ඤානිපි පඤ්ච දුස්සසතානි පාදාසි. අයං චරහි ආයස්මතො ආනන්දස්ස පඨමං චීවරභික්ඛා උප්පජ්ජි චීවරසහස්සං.
Sinhala BJTඉක්බිති උදේන රජ “මේ ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ සියල්ල ම නුවණින් යොදවත්, ගබඩාවට නො යවතැ යි (සලකා) ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට අනිත් වස්ත්‍රපන්සියක් ද ප්‍රදානය කෙළේ ය. මේ වනාහි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට සිවුරු දහසෙක් වූ පළමු චීවර භික්‍ෂාව උපන.
Pali BJT16. අථ ඛො ආයස්මා ආනන්දො යෙන ඝොසිතාරාමො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. අථ ඛො ආයස්මා ඡන්නො යෙන ආයස්මා ආනන්දො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං ආනන්දං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං ඡන්නං ආයස්මා ආනන්දො එතදවොච: සඞ්ඝෙන තෙ ආවුසො ඡන්න බ්රහ්මදණ්ඩො ආණත්තොති.{2} කතමො පන භන්තෙ ආනන්ද බ්රහ්මදණ්ඩොති.{3}
Sinhala BJT16. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ ඝෝෂිතාරාමය යම් තැනෙක ද එතැනට එළඹිසේක. එළඹ පැනවූ අස්නෙහි හුන්සේක. ඉක්බිති ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක ද එතැනට එළඹියහ. එළඹ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත් පසෙක හුන් ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන් වහන්සේට ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ මෙය ප්‍රකාශකළ සේක. “ඇවත් ඡන්නයෙනි, සඞ්ඝයා විසින් තොපට බ්‍රහ්මදණඬය පණවන ලදැ’යි. වහන්ස ආනන්‍දයෙනි, බ්‍රහ්මදණ්ඩය නම් කවරේ දැ’යි,
Pali BJTත්වං ආවුසො ඡන්න භික්ඛූ{4} යං ඉච්ඡෙය්යාසි තං වදෙය්යාසි. භික්ඛූහි ත්වං නෙව වත්තබ්බො න ඔවදිතබ්බො නානුසාසිතබ්බොති. නන්වාහං භන්තෙ ආනන්ද හතො එත්තාවතා යතොහං භික්ඛූහි නෙව වත්තබ්බො න ඔවදිතබ්බො නානුසාසිතබ්බොති- තත්ථෙව මුච්ඡිතො පපති.{5}
Sinhala BJTඇවැත් ඡන්නයෙනි. තෙපි යමක් කැමැති නම් එය භික්‍ෂූන්ට කියන්නහුය. (එහෙත්) භික්‍ෂූන් විසින් තෙපි නො බිණියයුත්තනු ය අවවාද නො කළයුත්තහු ය අනුශාසනා නො කළයුත්තහු ය යි. වහන්ස ආනන්‍දයෙනි, යම් හෙයෙකින් මම භික්‍ෂූන් විසින් නො බිණිය යුත්තෙම් ද, අවවාද නො කළයුත්තෙම් ද, අනුසාසනා නො කළයුත්තෙම් ද, මෙපමණකින් මම නටුයේ නො වෙම් දැ’යි (කියා) මූර්ඡිත ව එහි ම වැටුණේ ය.
Pali BJT17. අථ ඛො ආයස්මා ඡන්නො බ්රහ්මදණ්ඩෙන අට්ටීයමානො හරායමානො ජිගුච්ඡමානො එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො නචිරස්සෙව යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසි. ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං නාපරං ඉත්ථත්තායාති අබ්භඤ්ඤාසි. අඤ්ඤතරො ච පනායස්මා ඡන්නො අරහතං අහොසි.
Sinhala BJT17. ඉක්බිති ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන් වහන්සේ බ්‍රහ්මදණඩයෙන් පෙළෙනු ලබන්නේ ලජ්ජා කරනුලබන්නේ පිළිකුල් කරනු ලබන්නේ එකලා වූයේ ගණයා කෙරෙන් වෙන් වූයේ නො පමා වූයේ කෙලෙස් තවන වැර ඇත්තේ කෙලෙස් තැවීමෙහි යොදන ලද සිත් ඇති ව වෙසෙන්නේ නො බෝ කලෙකින් ම යමක් සඳහා කුලපුත්‍රයෝ මොනොවට ගිහිගෙන් නික්ම අනගාරික වූ ශාසනයෙහි පැවිදි වෙත් ද අනුත්තර වූ මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යයාව කෙළවර කොට ඇති ඒ ධර්‍මය ඉහාත්මයෙහි දී ම තමා ම දැන සාක්‍ෂාත් කොට එයට පැමිණ විසූහ. ඉපදීම ක්‍ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යය වැස නිමවනලදී. කළයුත්ත කරන ලදී. මේ භවයෙන් මතු අනිත් භවයෙක් නැතැ යි වෙසෙසින් ම දත්හ. ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන් වහන්සේ රහතුන් අතුරෙන් එක් නමක් වූහ.
Pali BJTඅථ ඛො ආයස්මා ඡන්නො අරහත්තං පත්තො යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං ආනන්දං එතදවොච: පටිප්පස්සම්භෙහි දානි මෙ භන්තෙ ආනන්ද බ්රහ්මදණ්ඩන්ති. යදග්ගෙන තයා ආවුසො ඡන්න අරහත්තං සච්ඡිකතං තදග්ගෙන තෙ බ්රහ්මදණ්ඩො පටිප්පස්සද්ධොති.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන් වහන්සේ රහත්බවට පැමිණිසේක් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක ද එතැනට එළඹියහ. එළඹ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට මෙය කීහ: වහන්ස, ආනන්‍දයෙනි දැන් මාගේ බ්‍රහ්මදණ්ඩය සන්සිඳුවනු මැනවැ’යි. ඇවැත් ඡන්නයෙනි, යම් කලෙක තොප විසින් රහත්බව සාක්‍ෂාත් කරනලද ද එකල තොපගේ බ්‍රහ්මදණඩය සන්හිඳුණේ යි.
Pali BJTඉමාය ඛො පන විනයසඞ්ගීතියා පඤ්ච භික්ඛුසතානි අනූනානි අනධිකානි අහෙසුං. තස්මා අයං විනයසඞ්ගීති පඤ්චසතිකාති වුච්චතීති.
Sinhala BJTමේ විනය සංගීතියට අඩු වැඩි නො වූ පන්සියක් භික්‍ෂූහු වූහ. එහෙයින් මේ විනය සංගීතිය පඤ්චසතිකා යි කියනු ලැබේ යි.
Pali BJTපඤ්චසතිකක්ඛන්ධකං එකාදසමං.{1}
Sinhala BJTඑකොළොස්වැනි පඤ්චසතිකක්ඛන්‍ධක යි.
Pali BJTඉමම්හි ඛන්ධකෙ වත්ථු තෙවීසති
Sinhala BJTමේ ඛන්‍ධකයෙහි වස්තු තෙවිස්සෙකි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJT1. පරිනිබ්බුතම්හි සම්බුද්ධෙ ථෙරො කස්සපසව්හයො ආමන්තයී භික්ඛුගණං සද්ධම්මමනුපාලකො.
Sinhala BJT1. සම්බුදුන් පිරිනිවි කල්හි සද්ධර්‍මයෙහි අනුපාලක වූ කාශ්‍යප නම් තෙරුන් වහන්සේ භික්‍ෂූ සමූහයා ඇමතූසේක.
Pali BJT2. පාවායද්ධානමග්ගම්හි සුභද්දෙන පවෙදිතං සඞ්ගායිස්සාම සද්ධම්මං අධම්මො පුරෙ දිප්පති.
Sinhala BJT2. පාවා නුවරට යන දීර්‍ඝ මාර්‍ගයෙහි සුභද්ද විසින් ප්‍රකාශ කරන ලද්දේ ය. අධර්‍මය බැබළීමට පෙර සද්ධර්‍මය සංගායනා කරම්හ. (යනු ද.)
Pali BJT3. එකෙනූනපඤ්චසතං ආනන්දම්පි ච උච්චිනි ධම්මවිනයසඞ්ගීතිං වසන්තො ගුහමුත්තමෙ.
Sinhala BJT3. එක් නමක් අඩු පන්සියක් ද ආනන්‍ද තෙරුන් ද තෝරා ගත්හ. උතුම් ගුහායෙහි වෙසෙමින් ධර්‍මවිනය සංගායනා කිරීම ද,
Pali BJT4. උපාලිං විනයං පුච්ඡි සුත්තන්තානන්දපණ්ඩිතං පිටකං තීණි සඞ්ගීතිං අකංසු ජිනසාවකා.
Sinhala BJT4. උපාලි තෙරුන් විනය ද පණ්ඩිත ආනන්‍ද තෙරුන් සූත්‍රාන්තය ද විචාළහ. ජිනශ්‍රාවකයන් වහන්සේලා තුන් පිටකය සංගායනා කළහ.
Pali BJT5. ඛුද්දානුඛුද්දකා නානා යථා පඤ්ඤත්ති වත්තනා න පුච්ඡි අක්කමිත්වා ච වන්දාපෙසි න යාචි ච පබ්බජ්ජං මාතුගාමස්ස සද්ධාය දුක්කටානිමෙ
Sinhala BJT5. ඛුද්දානුඛුද්දක ශික්‍ෂාපද පිළිබඳ විවිධ මත, පැනවීම අනුව පැවැත් වීම, (ඛුද්දානුඛුද්දක කවරේ දැ යි) නො ඇසීම, ඇක්මීම, වැන්දවීම, නො යැදීම, මාගම් පැවිද්ද යන මේවා (තෙරවරුන්ගේ වචනය) ඇදහීම නිසා දුෂ්කෘත යැ’යි කීම,
Pali BJT6. පුරාණො බ්රහ්මදණ්ඩං ච ඔරොධො උදෙනෙන සහ තාව බහූ දුබ්බලං ච උත්තරත්ථරණා භිසි.
Sinhala BJT6. පුරාණ තෙර ය, බ්‍රහ්මදණ්ඩ ය, උදේන රජු සහ අන්තඃපුර ජනයා ය, බොහෝ සිවුරු ය, දුබල සිවුරු ය, ඇතිරිලිය, බිසිය,
Pali BJT7. භුම්මත්ථරණා පුඤ්ඡනියො රජො චික්ඛල්ලමද්දනා සහස්සචීවරුප්පජ්ජි පඨමානන්දසව්හයා.
Sinhala BJT7. බුමුතුරුණු ය, පාපිස්නා ය, රජස් හරණ ය, මැටි සමග මැඩීම ය, අනඳ තෙරුන්ට පළමුවරට දහසක් සිවුරු ඇතිවීම ය.
Pali BJT8. තජ්ජිතො බ්රහ්මදණ්ඩෙන චතුස්සච්චං අපාපුණි වසීභූතා පඤ්චසතා තස්මා පඤ්චසතී ඉති.
Sinhala BJT8. බ්‍රහ්මදණඩයෙන් තර්‍ජනය කිරීම ය. චතුස්සතාස ය අවබෝධ කිරීම, පන්සියක් රහතුන් වූ හෙයින් පඤ්චසතී යැ’යි ව්‍යවහාර කිරීම ද වේ.
Pali BJT12.
Sinhala BJT12.
Pali BJTසත්තසතිකක්ඛන්ධකං
Sinhala BJTසත්‌තසතිකක්‌ඛන්‌ධකය
Pali BJTපඨම භාණවාරං
Sinhala BJTපළමු බණවර
Pali BJT1. තෙන ඛො පන සමයෙන වස්සසතපරිනිබ්බුතෙ භගවති වෙසාලිකාවජ්ජිපුත්තකා භික්ඛූ වෙසාලියං දසවත්ථුනි දීපෙන්ති: කප්පති සිඞ්ගිලොණකප්පො. කප්පති ද්වඞ්ගුලකප්පො. කප්පති ගාමන්තරකප්පො. කප්පති ආවාසකප්පො. කප්පති අනුමතිකප්පො. කප්පති ආචිණ්ණකප්පො. කප්පති අමථිතකප්පො. කප්පති ජලොගිපාතුං,{1} කප්පති අදසකං නිසීදනං. කප්පති ජාතරූපරජතන්ති.
Sinhala BJT1. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පිරිනිවී සියක් අවුරුදු ගත වූ කල්හි විශාලා වැසි වජ්ජිපුත්‍රක භික්‍ෂූහු විශාලා නුවර දශවස්තුවක් ප්‍රකාශ කෙරෙත්. එනම් සිඞ්ගිලොණකප්පය (අඟෙහි තබා ගත් ලුණු යාවකාලික වස්තු සමග වැළඳීම) කැප ය, ද්වංගුලකප්පය (ඉර හැරුණු පසු ඡායාව දෑඟුල් ඉක්මෙන තෙක් දන් වැළඳීම) කැප ය, ගාමන්තර කප්පය (වළඳා පැවැරූ භික්‍ෂූව විසින් අන් ගමකට යමැ යි අනතිරික්ත භෝජනය වැළඳීම) කැප ය, ආවාසකප්ප ය (එක් සීමාවක් ඇතුළත නොයෙක් ආවාසයන්හි වෙන වෙන ම පොහෝ පවුරුණු කිරීම) කැප ය, අනුමතිකප්පය (අත්පසට නො පැමිණ සීමාව ඇතුළත සිටි භික්‍ෂූන්ගේ ඡන්‍දය පසුව ගන්නෙමුයි කියා පොහෝ පවුරුණු ආදිය කිරීම) කැප ය, ආචිණ්ණකප්පය (ආචාර්‍ය්‍ය උපාධ්‍යායයන් විසින් පුරුදු කරන ලද සියල්ල එසේ කිරීම) කැප ය, අමථීතකප්පය (භෝජන පවාරණය කොට නො කළඹන ලද දී වැළඳීම) කැප ය, නො පැසුණු සුරා පානය කැප ය, දාවලු නැති නිසීදනය කැප ය, රන්රිදී කැප ය යන මොහුයි.
Pali BJT2. තෙන ඛො පන සමයෙන ආයස්මා යසො කාකණ්ඩකපුත්තො වජ්ජීසු චාරිකං චරමානො යෙන වෙසාලී තදවසරි. තත්ර සුදං ආයස්මා යසො කාකණ්ඩකපුත්තො වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. තෙන ඛො පන සමයෙන වෙසාලිකා වජ්ජිපුත්තකා භික්ඛූ තදහුපොසථෙ කංසපාතිං උදකෙන පූරෙත්වා මජ්ඣෙ භික්ඛුසඞ්ඝස්ස ඨපෙත්වා ආගතාගතෙ වෙසාලිකෙ උපාසකෙ එවං වදෙන්ති:{2} දෙථාවුසො සඞ්ඝස්ස කහාපණම්පි අඩ්ඪම්පි පාදම්පි මාසකරූපම්පි. භවිස්සති සඞ්ඝස්ස පරික්ඛාරෙන කරණීයන්ති. එවං වුත්තෙ ආයස්මා යසො කාකණ්ඩකපුත්තො වෙසාලිකෙ උපාසකෙ එතදවොච: මාවුසො අදත්ථ සඞ්ඝස්ස කහාපණම්පි අඩ්ඪම්පි පාදම්පි මාසකරූපම්පි. න කප්පති සමණානං සක්යපුත්තියානං ජාතරූපරජතං. න සාදියන්ති සමණා සක්යපුත්තියා ජාතරූපරජතං. න පටිගණ්හන්ති සමණා සක්යපුත්තියා ජාතරූපරජතං. නික්ඛිත්තමණිසුවණ්ණා සමණා සක්යපුත්තියා, අපෙතජාතරූපරජතාති.
Sinhala BJT2. එසමයෙහි කාකණ්ඩක පුත්‍ර වූ ආයුෂ්මත් යස ස්ථවිරයන් වහන්සේ වජ්ජි ජනපදයෙහි චාරිකාවෙහි හැසිරෙන්නාහු විශාලා නුවර යම් තැනෙක ද එහි පැමිණියාහ. එහි කාකණ්ඩක පුත්‍ර වූ ආයුෂ්මත් යස ස්ථවිරයන් වහන්සේ විශාලා නුවර මහාවනයෙහි කූටාගාරශාලාවෙහි වෙසෙති. එකල්හි විශාලා නුවර වැසි වප්ජිපුත්‍රක භික්‍ෂූහු ඒ පොහෝ දිනයෙහි රන්බඳුනක් ජලයෙන් පුරවා භික්‍ෂුසඞ්ඝයා මැද තබා එහි පැමිණි පැමිණි විශාලා නුවර වැසි උපාසකයන්ට මෙසේ කියත්: “ඇවැත්නි, සඞ්ඝයාට කහවණුවක් හෝ අඩකහවණුවක් හෝ කහවණු පාදයක් හෝ රන්මස්සක් හෝ දෙවු. සඞ්ඝයාට පිරිකරින් කටයුතු ඇතැ”යි. මෙසේ කී කල්හි කාකණ්ඩක පුත්‍ර වූ ආයුෂ්මත් යස ස්ථවිරයන් වහන්සේ විශාලා වැසි උපාසකයන්ට මෙය කීහ. “ඇවැත්නි, සඞ්ඝයාට කහවණුවක් හෝ අඩ කහවණුවක් හෝ කහවණු පාදයක් හෝ රන්මස්සක් හෝ නො දෙවු. ශ්‍රමණ ශාක්‍යපුත්‍රයන්ට රන් රිදී කැප නො වේ. ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ රන්රිදී නො ඉවසත්. ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ රන්රිදී නො පිළිගනිත්. ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ බහා තැබූ මිණි හා රන් ඇත්තාහු ය. රන්රිදීයෙන් වෙන් වූවාහු ය යි”.
Pali BJTඑවම්පි ඛො වෙසාලිකා උපාසකා ආයස්මතා යසෙන කාකණ්ඩකපුත්තෙන වුච්චමානා අදංසු යෙව සඞ්ඝස්ස කහාපණම්පි අඩ්ඪම්පි පාදම්පි මාසකරූපම්පි. අථ ඛො වෙසාලිකා වජ්ජිපුත්තකා භික්ඛූ තස්සා රත්තියා අච්චයෙන තං හිරඤ්ඤං භික්ඛග්ගෙන පටිවිංසං{3} ඨපෙත්වා භාජෙසුං.
Sinhala BJTකාකණ්ඩක පුත්‍ර වූ ආයුෂ්මත් යස ස්ථවිරයන් වහන්සේ විසින් මෙසේ ද කියනු ලබන්නා වූ විශාලා වැසි උපාසකයෝ සඞ්ඝයාට කහවණු ද අඩකහවණු ද කහවණු පාද ද රන්මසු ද දුන්නාහු ම ය. ඉක්බිති විශාලා වැසි වජ්ජිපුත්‍රක භික්‍ෂූහු ඒ රාත්‍රිය ඇවෑමෙන් ඒ රන් භික්‍ෂා වශයෙන් කොටස් තබා බෙදූහ.
Pali BJT3. අථ ඛො වෙසාලිකා වජ්ජිපුත්තකා භික්ඛූ ආයස්මන්තං යසං කාකණ්ඩකපුත්තං එතදවොචුං: එසො තෙ ආවුසො යස හිරඤ්ඤස්ස පටිවිංසොති. නත්ථි මෙ ආවුසො හිරඤ්ඤස්ස පටිවිංසො නාහං හිරඤ්ඤං සාදියාමීති.
Sinhala BJT3. ඉක්බිති විශාලා වැසි වජ්ජිපුත්‍රක භික්‍ෂූහු කාකණ්ඩකපුත්‍ර වූ ආයුෂ්මත් යස ස්ථවිරයන් වහන්සේට මෙය කීහු: “ඇවැත් යස ස්ථවිරයෙනි, තෙල තොපගේ රන් කොටස යැ”යි. ඇවැත්නි, මගේ රන් කොටසෙක් නැත. මම රන් නො ඉවසමි යි.
Pali BJTඅථ ඛො වෙසාලිකා වජ්ජිපුත්තකා භික්ඛූ අයං ආවුසො යසො කාකණ්ඩකපුත්තො උපාසකෙ සද්ධෙ පසන්නෙ අක්කොසති, පරිභාසති, අප්පසාදං කරොති. හන්දස්ස මයං පටිසාරණීයකම්මං කරොමාති, තෙ තස්ස පටිසාරණීයකම්මං අකංසු. අථ ඛො ආයස්මා යසො කාකණ්ඩකපුත්තො වෙසාලිකෙ වජ්ජිපුත්තකෙ භික්ඛූ එතදවොච: භගවතා ආවුසො පඤ්ඤත්තං පටිසාරණීයකම්මකතස්ස භික්ඛුනො අනුදූතො දාතබ්බොති. දෙථ මෙ ආවුසො අනුදූතං භික්ඛුන්ති. අථ ඛො වෙසාලිකා වජ්ජිපුත්තකා භික්ඛූ එකං භික්ඛුං සම්මන්නිත්වා ආයස්මතො යසස්ස කාකණ්ඩකපුත්තස්ස අනුදූතං අදංසු.
Sinhala BJTඉක්බිති විශාලා වැසි වජ්ජිපුත්‍රක භික්‍ෂූහු, “ඇවැත්නි, කාකණ්ඩක පුත්‍ර වූ මේ යස (ස්ථවිර) තෙම සැදැහැති, පැහැදුණු, උපාසකයන්ට ආක්‍රෝශ කරයි, පිරිහෙළා බෙණෙයි, නො පැහැදීම ඇති කරයි. එහෙයින් අපි මොහුට පටිසාරණීය කර්‍මය කරම්හ”යි කියා ඔව්හු උන්වහන්සේට පටිසාරණීය කර්‍මය කළහ. ඉක්බිති කාකණ්ඩකපුත්‍ර වූ ආයුෂ්මත් යස ස්ථවිරයන් වහන්සේ විශාලා වැසි වජ්ජිපුත්‍රක භික්‍ෂූන්ට මෙය කීහ. “ඇවැත්නි, පටිසාරණීය කර්‍මය කරනලද භික්‍ෂූවට අනුදුතයෙක් දිය යුත්තේ යැ යි භාග්‍යවතුන් වහන්සේ විසින් පනවනලද්දේ ය, ඇවැත්නි මට අනුදුත වූ භික්‍ෂූවක් දෙව යි. ඉක්බිති විශාලා වැසි වජ්ජිපුත්‍රක භික්‍ෂූහු එක් භික්‍ෂූවක් සම්මත කොට කාකණ්ඩකපුත්‍ර වූ ආයුෂ්මත් යස ස්ථවිරයන්ට අනුදූතයකු කොට දුන්හ.
Pali BJT4. අථ ඛො ආයස්මා යසො කාකණ්ඩකපුත්තො අනුදූතෙන භික්ඛුනා සද්ධිං වෙසාලිං පවිසිත්වා වෙසාලිකෙ උපාසකෙ එතදවොච: අහං කිරායස්මන්තෙ උපාසකෙ සද්ධෙ පසන්නෙ අක්කොසාමි, පරිභාසාමි, අප්පසාදං කරොමි. සොහං අධම්මං අධම්මොති වදාමි. ධම්මං ධම්මොති වදාමි. අවිනයං අවිනයොති වදාමි. විනයං විනයොති වදාමි.
Sinhala BJT4. ඉක්බිති කාකණ්ඩකපුත්‍ර වූ ආයුෂ්මත් යස ස්ථවිරයන් වහන්සේ අනුදුත භික්‍ෂුව සමග වේසාලියට පිවිස විශාලා නුවර වැසි උපාසකයන්ට මෙය කීහ. “යම්බඳු වූ මම අධර්‍මය අධර්‍ම යැ යි කියම් ද, ධර්‍මය ධර්‍ම යැයි කියම් ද අවිනය අවිනයැ යි කියම් ද විනය විනයැ යි කියම් ද ඒ මම සැදැහැති පැහැදුණු ආයුෂ්මත් උපාසකයන්ට ආක්‍රෝශ කෙරෙම් ල පිරිහෙළා බෙණෙම් ල, නො පැහැදීම ඇති කෙරෙම් ල.
Pali BJTඑකමිදං ආවුසො සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො ආවුසො භගවා භික්ඛූ ආමන්තෙසි: චත්තාරො මෙ භික්ඛවෙ චන්දිමසුරියානං උපක්කිලෙසා යෙහි උපක්කිලෙසෙහි උපක්කිලිට්ඨා චන්දිමසූරියා න තපන්ති න භාසන්ති න විරොචන්ති. කතමෙ චත්තාරො? අබ්භං භික්ඛවෙ චන්දිමසුරියානං උපක්කිලෙසො යෙන උපක්කිලෙසෙන උපක්කිලිට්ඨා චන්දිමසූරියා න තපන්ති න භාසන්ති න විරොචන්ති. මහිකා භික්ඛවෙ චන්දිමසුරියානං උපක්කිලෙසො -පෙ- ධූමරජො භික්ඛවෙ චන්දිමසුරියානං උපක්කිලෙසො -පෙ- රාහු භික්ඛවෙ අසුරින්දො චන්දිමසුරියානං උපක්කිලෙසො යෙහි උපක්කිලෙසෙහි උපක්කිලිට්ඨා චන්දිමසූරියා න තපන්ති න භාසන්ති න විරොචන්ති.
Sinhala BJTඇවැත්නි, එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වෙසෙන සේක. ඇවැත්නි, එහි දී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක. මහණෙනි, යම් උපක්ලෙශයන්ගෙන් කෙලෙසීමට පත් වූ සඳහිරු දෙදෙනා නො දිලෙත් ද පැහැ නො විහිදුවත් ද නො බබළත් ද සඳ හිරු දෙදෙනාට එබඳු උපක්ලේශයෝ සතරෙක් වෙත්. කවර සතරෙක් ද යත්; මහණෙනි, යම් උපක්ලේශයෙකින් කෙලෙසීමට පත්වූ සඳහිරු දෙදෙනා නො දිලෙත් ද, පැහැ නො විහිදුවත් ද, නො බබළත් ද වලාකුළ සඳහිරු දෙදෙනාට (එබඳු) උපක්ලෙශයෙකි, මහණෙනි,....මීදුම සඳහිරු දෙදෙනාට එබඳු උපක්ලෙශයෙකි. මහණෙනි,... දුම්රජස (දුම් හා දූවිලි) සඳහිරු දෙදෙනාට එබඳු උපක්ලෙශයෙකි, මහණෙනි, ... රාහු අසුරිඳු සඳහිරු දෙදෙනාට එබඳු උපක්ලෙශයෙකි, මහණෙනි, යම් උපක්ලේශයෙකින් කෙලෙසීමට පත් වූ සඳහිරු දෙදෙනා නො දිලෙත් ද, පැහැ නො විහිදුවත් ද, නො බබළත් ද මේ සතර සඳහිරු දෙදෙනාට උපක්ලේශයෙන් වෙත්.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ චත්තාරොමෙ සමණබ්රාහ්මණානං උපක්කිලෙසායෙහි උපක්කිලෙසෙහි උපක්කිලිට්ඨා එකෙ සමණබ්රාහ්මණා න තපන්ති න භාසන්ති න විරොචන්ති. කතමෙ චත්තාරො? සන්ති භික්ඛවෙ එකෙ සමණබ්රාහ්මණා සුරං පිවන්ති. මෙරයං පිවන්ති. සුරාමෙරයපානා අප්පටිවිරතා. අයං භික්ඛවෙ පඨමො සමණබ්රාහ්මණානං උපක්කිලෙසො යෙන උපක්කිලෙසෙන උපක්කිලිට්ඨා එකෙ සමණබ්රාහ්මණා න තපන්ති. න භාසන්ති. න විරොචන්ති. පුන ච පරං භික්ඛවෙ එකෙ සමණබ්රාහ්මණා මෙථුනං ධම්මං පතිසෙවන්ති, මෙථුනධම්මා අප්පටිවිරතා. අයං භික්ඛවෙ දුතියො සමණබ්රාහ්මණානං උපක්කිලෙසො
Sinhala BJTමහණෙනි, මෙපරිද්දෙන් ම යම් උපක්ලේශයෙකින් කෙලෙසීමට පත් වූ ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් නො දිලෙත් ද, පැහැ නො විහිදුවත් ද නො බබළත් ද, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට එබඳු මේ උපක්ලේශ සතරෙකි. කවර සතරෙක් ද යත්: මහණෙනි, ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් සුරා බොති. මේරය බොති. සුරාමේරය පානයෙන් නො වැළකුණාහු වෙත්. මහණෙනි, යම් උපක්ලේශයෙකින් කෙලෙසීමට පත්වූ ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් නො දිලෙත් ද, පැහැ නො විහිදුවත් ද, නො බබළත් ද, ශ්‍රමණ ද බ්‍රාහ්මණයන්ට මේ පළමු උපක්ලේශ යයි. මහණෙනි, වැළි දු (අනිකක් කියමි.)... ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් මෙවුන්දම් සේවනය කෙරෙත්. මෙවුන් දමින් නො වැළකුණාහු වෙත්. මහණෙනි, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට මේ දෙවැනි උපක්ලේශය යි.
Pali BJT-පෙ- පුන ච පරං භික්ඛවෙ එකෙ සමණබ්රාහ්මණා ජාතරූපරජතං සාදියන්ති ජාතරූපරජතපටිග්ගහණා අප්පටිවිරතා. අයං භික්ඛවෙ තතියො සමණබ්රාහ්මණානං උපක්කිලෙසො -පෙ- පුන ච පරං භික්ඛවෙ එකෙ සමණබ්රාහ්මණා මිච්ඡාජීවෙන ජීවිතං කප්පෙන්ති මිච්ඡාජීවා අප්පටිවිරතා. අයං භික්ඛවෙ චතුත්ථො සමණබ්රාහ්මණානං උපක්කිලෙසො -පෙ- ඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො සමණබ්රාහ්මණානං උපක්කිලෙසා යෙහි උපක්කිලෙසෙහි උපක්කිලිට්ඨා එකෙ සමණබ්රාහ්මණා න තපන්ති න භාසන්ති න විරොචන්තීති. ඉදමවොචාවුසො භගවා. ඉදං වත්වාන සුගතො අථාපරං එතදවොච සත්ථා:
Sinhala BJTමහණෙනි, වැළිදු අනිකක් (කියමි.) ... ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් රන්රිදී ඉවසත්, රන්රිදී පිළිගැනීමෙන් නො වැළකුණාහු වෙත්. මහණෙනි, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට මේ තෙවැනි උපක්ලේශ යයි. මහණෙනි, වැළි දු අනිකක් (කියමි.) ... ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් මිථ්‍යා ආජීවයෙන් ජීවිකාව කෙරෙත්. මිථ්‍යා ආජීවයෙන් නොවැළකුණාහු වෙත්. මහණෙනි, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට මේ සිවුවැනි උපක්ලේශය යි. මහණෙනි, යම් උපක්ලේශයෙකින් කෙලෙසීමට පත්වූ ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් නො දිලෙත් ද, පැහැ නො විහිදුවත් ද, නො බබළත් ද, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට මේ (එබඳු) උපක්ලේශ සතර වෙතැ’යි. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සුගතයන් වහන්සේ මෙය වදාරා ඉක්බිති වැළිදු ශාස්තෲන් වහන්සේ මෙය වදාළසේක.
Pali BJTරාගදොසපරික්ලිට්ඨා එකෙ සමණබ්රාහ්මණා අවිජ්ජා නිවුතා පොසා පියරූපාභිනන්දිනො,
Sinhala BJTඇතැම් මහණ බමුණෝ රාගයෙන් හා ද්වේෂයෙන් හාත්පසින් කිලුටු වූවාහු අවිද්‍යාවෙන් වැසුණාහු ප්‍රියරූපයන්හි සතුටුවීම් වශයෙන් ඇලෙන පුරුෂයෝ වූවාහු,
Pali BJTසුරං පිවන්ති මෙරයං පටිසෙවන්ති මෙථුනං රජතං ජාතරූපඤ්ච සාදියන්ති අවිද්දසූ.
Sinhala BJTනොනුවණින් යුක්ත වූවාහු, සුරා ද මේරය ද බොති. මෙවුන්දම් සෙවිති. රිදී හා රන් ද ඉවසත්.
Pali BJTමිච්ඡාජීවෙන ජීවන්ති එකෙ සමණබ්රාහ්මණා එතෙ උපක්කිලෙසා වුත්තා බුද්ධෙනාදිච්චබන්ධුනා.
Sinhala BJTඇතැම් මහණබමුණේ මිථ්‍යා ආජීවයෙන් ජීවත් වෙත්. ආදිත්‍යබන්‍ධු වූ බුදුන් විසින් මොහු උපක්ලේශයෝ යී වදාරන ලදහ.
Pali BJTයෙහි උපක්කිලෙසෙහි උපක්කිලිට්ඨා එකෙ සමණබ්රාහ්මණා න තපන්ති න භාසන්ති න විරොචන්ති{1} අසුද්ධා සරජා මගා.
Sinhala BJTඅපිරිසුදු වූ (කෙලෙස්) රජස් සහිත වූ නොසුදුසු පැවතුම් ඇත්තා වූ ඇතැම් මහණබමුණෝ යම් උපක්ලෙශයන්ගෙන් කිලුටු වූවාහු නො දිලෙත් ද, පැහැ නො විහිදුවත් ද, නො බබළත් ද,
Pali BJTඅන්ධකාරෙන ඔනද්ධා තණ්හාදාසා සනෙත්තිකා වඩ්ඪෙන්ති කටසිං ඝොරං ආදියන්ති පුනබ්භවන්ති.
Sinhala BJTඅවිද්‍යා නමැති අන්‍ධකාරයෙන් වැළඳගන්නා ලද්දා වූ තෘෂ්ණාවට දාස වූ සංසාරයට පමුණුවන තෘෂ්ණාව සහිත වූ (ඔවුහු) පොළොව වඩත්, ඝෙර වූ පුනර්‍භවය වැළඳගනිත්.
Pali BJTඑවංවාදී කිරාහං ආයස්මන්තෙ උපාසකෙ සද්ධෙ පසන්නෙ අක්කොසාමි, පරිභාසාමි, අප්පසාදං කරොමි. සොහං{2} අධම්මං අධම්මොති වදාමි. ධම්මං ධම්මොති වදාමි. අවිනයං අවිනයොති වදාමි. විනයං විනයොති වදාමි.
Sinhala BJTමෙසේ කියන්නා වූ මම ශ්‍රද්ධාවත් පැහැදුණු ආයුෂ්මත් උපාසකයන් ආක්‍රෝශ කෙරෙම් ල, පිරිහෙළා බෙණෙම් ල, අප්‍රසාදය (ඇති) කෙරෙම් ල. ඒ මම අධර්‍මය අධර්‍ම ය යි කියමි. ධර්‍මය ධර්‍ම ය යි කියමි. අවිනය අවිනය යි කියමි. විනය විනය යි කියමී.
Pali BJT5. එකමිදං ආවුසො සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පනාවුසො සමයෙන{3} රාජන්තෙපුරෙ රාජපරිසායං සන්නිසින්නානං සන්නිපතිතානං අයමන්තරා කථා උදපාදි: කප්පති සමණානං සක්යපුත්තියානං ජාතරූපරජතං. සාදියන්ති සමණා සක්යපුත්තියා ජාතරූපරජතං. පටිගණ්හන්ති සමණා සක්යපුත්තියා ජාතරූපරජතන්ති. තෙන ඛො පනාවුසො සමයෙන මණිචූළකො ගාමණී තස්සං පරිසායං නිසින්නො හොති.
Sinhala BJT5. ඇවැත්නි, එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි වූ කලන්‍දකනිවාප නම් වූ වේළුවනයෙහි වෙසෙන සේක. ඇවැත්නි, එ සමයෙහි රජුගේ අන්තඃපුරයෙහි රජපිරිසෙහි රැස්ව හුන්නවුන්ගේ මේ අතුරු කථාවෙක් උපන්නේ ය. (එනම්) ශ්‍රමණ ශාක්‍යපුත්‍රයන්ට රන්රිදී කැප ය. ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ රන්රිදී ඉවසත්. ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ රන්රිදී පිළිගනිත් යනු යි. ඇවැත්නි, එසමයෙහි මණිචූළක ගාමණී ඒ පිරිසෙහි හුන්නේ වෙයි.
Pali BJTඅථ ඛො ආවුසො මණිචූළකො ගාමණී තං පරිසං එතදවොච: මා අය්යො{1} එවං අවචුත්ථ. න කප්පති සමණානං සක්යපුත්තියානං ජාතරූපරජතං. න සාදියන්ති සමණා සක්යපුත්තියා ජාතරූපරජතං. න පටිගණ්හන්ති සමණා සක්යපුත්තියා ජාතරූපරජතං. නික්ඛිත්තමණිසුවණ්ණා සමණා සක්යපුත්තියා අපෙතජාතරූපරජතාති. අසක්ඛි ඛො ආවුසො මණිචූළකො ගාමණී තං පරිසං සඤ්ඤාපෙතුං.
Sinhala BJTඇවැත්නි, ඉක්බිති මණිචූළක ගාමණී ඒ පිරිසට මෙය කී ය: “ආර්‍ය්‍යයෙනි, මෙසේ නො කියවු, ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයන්ට රන්රිදී නො කැප ය. ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ රන්රිදී නො ඉවසත්. ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ රන් රිදී නො පිළිගනිත්. ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ බහා තැබූ මිණි හා රන් ඇත්තාහ. රන් රිදීයෙන් වැළකුණාහ යි”. ඇවැත්නි, මණිචූළ ගාමණී ඒ පිරිසට (කාරණය) පිළිගන්වන්නට හැකි වූයේ ය.
Pali BJT6. අථ ඛො ආවුසො මණිචූළකො ගාමණී තං පරිසං සඤ්ඤාපෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආවුසො මණිචූළකො ගාමණී භගවන්තං එතදවොච: ඉධ භන්තෙ රාජන්තෙපුරෙ රාජපරිසායං සන්නිසින්නානං සන්නිපතිතානං අයමන්තරා{2} කථා උදපාදි: කප්පති සමණානං සක්යපුත්තියානං ජාතරූපරජතං. සාදියන්ති සමණා සක්යපුත්තියා ජාතරූපරජතං. පටිගණ්හන්ති{3} සමණා සක්යපුත්තියා ජාතරූපරජතන්ති. එවං වුත්තෙ අහං භන්තෙ තං පරිසං එතදවොචං: මා අය්යො එවං අවචුත්ථ. න කප්පති සමණානං සක්යපුත්තියානං ජාතරූපරජතං. න සාදියන්ති සමණා සක්යපුත්තියා ජාතරූපරජතං. න පටිගණ්හන්ති සමණා සක්යපුත්තියා ජාතරූපරජතං. නික්ඛිත්තමණිසුවණ්ණා සමණා සක්යපුත්තියා අපෙතජාතරූපරජතාති. අසක්ඛිං ඛො අහං භන්තෙ තං පරිසං සඤ්ඤාපෙතුං. කච්චාහං භන්තෙ එවං ව්යාකරමානො වුත්තවාදී චෙව භගවතො හොමි. න ච භගවන්තං අභූතෙන අබ්භාචික්ඛාමි. ධම්මස්ස චානුධම්මං ව්යාකරොමි. න ච කොචි සහධම්මිකො වාදානුවාදො ගාරය්හං ඨානං ආගච්ඡතීති?
Sinhala BJT6. ඇවැත්නි, ඉක්බිති මණිචූළක ගාමණී ඒ පිරිසට (කාරණය) පිළිගන්වා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක ද එතැනට එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්නේ ය. ඇවැත්නි, එකත්පසෙක හුන් මණිචූළක ගාමණී භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය. වහන්ස මෙහි රජුගේ අන්තඃපුරයෙහි රජපිරිසෙහි රැස්ව හුන්නවුන්ගේ මේ අතුරු කථාවෙක් උපන්නේ ය. (එනම්) ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයන්ට රන්රිදී කැප ය. ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ රන්රිදී ඉවසත්. ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ රන්රිදී පිළිගනිත්. (යනුයි.) මෙසේ කී කල්හි වහන්ස, ඒ පිරිසට මම මෙය කීමි. ආර්‍ය්‍යයෙනි, මෙසේ නො කියවු. ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයන්ට රන්රිදී නො කැප ය. ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ රන්රිදී නො ඉවසත්. ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ රන්රිදී නො පිළිගනිත්. ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ බහා තැබූ මිණි හා රන් ඇත්තාහ. රන්රිදීයෙන් වැළකුණාහ යි. වහන්ස, මම ඒ පිරිසට (කරුණු) පිළිගැන්වීමට හැකි වීමි. වහන්ස, කිමෙක් ද? මෙසේ විවරණය කරන්නා වූ මම භාග්‍යවතුන් වහන්සේ දෙසූ ධර්‍මය කියන්නෙකුත් වෙම් ද? භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් දොස් කියන්නෙකුත් නො වෙම් ද? ධර්‍මයට අනුකූල වූ ධර්‍මයක් ප්‍රකාශ කෙරෙම් ද? කිසියම් සහධාර්මික වූ වාදයට බැසගැන්මක් ගැරහිය යුතු තැනට නො පැමිණේ දැ’යි.
Pali BJTතග්ඝ ත්වං ගාමණි එවං ව්යාකරමානො වුත්තවාදී චෙව මෙ අහොසි න ච මං අභූතෙන අබ්භාචික්ඛසි. ධම්මස්ස චානුධම්මං ව්යාකරොසි. න ච කොචි සහධම්මිකො වාදානුවාදො ගාරය්හං ඨානං ආගච්ඡති. න හි ගාමණි කප්පති සමණානං සක්යපුත්තියානං ජාතරූපරජතං. න සාදියන්ති සමණා සක්යපුත්තියා ජාතරූපරජතං. න පටිගණ්හන්ති සමණා සක්යපුත්තියා ජාතරූපරජතං. නික්ඛිත්තමණිසුවණ්ණා සමණා සක්යපුත්තියා අපෙතජාතරූපරජතාති. යස්ස ඛො ගාමණි ජාතරූපරජතං කප්පති, පඤ්චපි තස්ස කාමගුණා කප්පන්ති. යස්ස පඤ්ච කාමගුණා කප්පන්ති, එකංසෙනෙතං ගාමණි ධාරෙය්යාසි අස්සමණධම්මො අසක්යපුත්තියධම්මොති. අපිචාහං ගාමණි එවං වදාමි: තිණං තිණත්ථිකෙන පරියෙසිතබ්බං. දාරුං දාරුත්ථිකෙන පරියෙසිතබ්බං. සකටං සකටත්ථිකෙන පරියෙසිතබ්බං. පුරිසො පුරිසත්ථිකෙන පරියෙසිතබ්බො. නත්වෙවාහං ගාමණි කෙනචි පරියායෙන ජාතරූපරජතං සාදිතබ්බං පරියෙසිතබ්බන්ති වදාමීති. එවංවාදී කිරාහං ආයස්මන්තෙ උපාසකෙ සද්ධෙ පසන්නෙ අක්කොසාමි පරිභාසාමි අප්පසාදං කරොමි. සොහං අධම්මං අධම්මොති වදාමි. ධම්මං ධම්මොති වදාමි. අවිනයං අවිනයොති වදාමි. විනයං විනයොති වදාමි.
Sinhala BJTගාමණී, මෙසේ විවරණය කරන්නා වූ නුඹ ඒකාන්තයෙන් මා දෙසූ ධර්‍මය කියන්නෙක් ද වූවෙහි, මට අභූතයෙන් දෝෂාරෝපණය ද නො කරන්නෙහි, ධර්‍මයට අනුකූල වූ ධර්‍මයක් ම ප්‍රකාශ කරන්නෙහි. කිසියම් සහධාර්මික වූ වාදයට බැසගැන්මක් ගැරහියයුතු තැනට ද නො පැමිණෙයි. ගාමණී, ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයන්ට රන්රිදී කැප නො වෙයි. ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ රන්රිදී නො පිළිගනිත්. ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ බහා තැබූ මිණි හා රන් ඇත්තාහ. රන් රිදීයෙන් වැළකුණාහ යි. ගාමණී, යමකුට රන්රිදී කැප වෙයි ද, ඔහට පඤ්චකාම ගුණයෝ ද කැප වෙත්. ගාමණී, යමකුට පඤ්චකාමගුණයෝ කැප වෙත් ද, හේ මහණදම් නැත්තෙකි. ශාක්‍යපුත්‍රීය දහම් නැත්තෙකැ’යි මෙය ඒකාන්තයෙන් දරන්නෙහි. තව ද ගාමණී මම මෙසේ කියමි. තණ කැමැත්තකු විසින් තණ සෙවියයුතු. දැව කැමැත්තකු විසින් දැව සෙවියයුතු, ගැල්, කැමැත්තකු විසින් ගැල්, සෙවියයුතු. පුරුෂයන් කැමැත්තකු විසින් පුරුෂයා සෙවියයුතු, ගාමණී මම කිසි ක්‍රමයකින් රන්රිදී ඉවසියයුතු ය. සෙවියයුතු යැ’යි. නො කියමි’යි මෙසේ කියන්නා වූ මම ශ්‍රද්ධාව ඇති පැහැදුණු ආයුෂ්මත් උපාසකයන් ආක්‍රෝශ කෙරෙම් ල, පිරිහෙළා බෙණෙම් ල, අප්‍රසාදය කෙරෙම් ල. ඒ මම අධර්‍මය අධර්‍ම ය යි කියමි. ධර්‍මය ධර්‍ම යයි කියමි. අවිනය අවිනය යි කියමි. විනය විනයයි කියමි.
Pali BJT7. එකමිදං ආවුසො සමයං භගවා තත්ථෙව{1} රාජගහෙ ආයස්මන්තං උපනන්දං සක්යපුත්තං ආරබ්භ ජාතරූපරජතං පටික්ඛිපි සික්ඛාපදං ච පඤ්ඤාපෙසි. එවංවාදී කිරාහං ආයස්මන්තෙ උපාසකෙ සද්ධෙ පසන්නෙ අක්කොසාමි, පරිභාසාමි, අප්පසාදං කරොමි සොහං අධම්මං අධම්මොති වදාමි. ධම්මං ධම්මොති වදාමි. අවිනයං අවිනයොති වදාමි. විනයං විනයොති වදාමීති. එවං වුත්තෙ වෙසාලිකා උපාසකා ආයස්මන්තං යසං කාකණ්ඩකපුත්තං එතදවොචුං: එකොව භන්තෙ අය්යො යසො කාකණ්ඩකපුත්තො සමණො සක්යපුත්තියො. සබ්බෙවිමෙ අස්සමණා අසක්යපුත්තියා. වසතු භන්තෙ අය්යො යසො කාකණ්ඩකපුත්තො වෙසාලියං. මයං අය්යස්ස යසස්ස කාකණ්ඩකපුත්තස්ස උස්සුක්කං කරිස්සාම චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානන්ති. අථ ඛො ආයස්මා යසො කාකණ්ඩකපුත්තො වෙසාලිකෙ උපාසකෙ සඤ්ඤාපෙත්වා අනුදූතෙන භික්ඛුනා සද්ධිං ආරාමං අගමාසි.
Sinhala BJT7. ඇවැත්නි, එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ඒ වෙහෙරෙහි දී ම ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයා ඇරබ රන්රිදී ප්‍රතික්‍ෂේප කළසේක. ශික්‍ෂාපදයක් ද පැනවූයේක. මෙසේ කියන්නාවූ මම ශ්‍රද්ධාව ඇති පැහැදුණු ආයුෂ්මත් උපාසකයන් ආක්‍රෝශ කෙරෙම් ල, පිරිහෙළා බෙණෙම් ල, අප්‍රසාදය කෙරෙම් ල, ඒ මම අධර්‍මය අධර්‍ම යයි කියමි, ධර්‍මය ධර්‍ම ය යි කියමි, අවිනය අවිනය යි කියමි, විනය විනය යි කියමී යි. මෙසේ කී කල්හි විශාලා වැසි උවසුවෝ කාකණ්ඩකපුත්‍ර නම් වූ යස ආයුෂ්මතුන් වහන්සේට මෙය කීහ. “වහන්ස, කාකණ්ඩකපුත්‍ර වූ යස ආර්‍ය්‍යයන් වහන්සේ එක ම ශ්‍රමණ ශාක්‍යපුත්‍රයන් වහන්සේ ය, මේ සියල්ලෝ ම ශ්‍රමණයෝ නො වෙති. ශාක්‍යපුත්‍රයෝ නො වෙති. වහන්ස, යස කාකණ්ඩකපුත්‍ර ආර්‍ය්‍යයන් වහන්සේ වේසාලියෙහි වසනසේක්වා, අපි යස කාකණ්ඩකපුත්‍ර ආර්‍ය්‍යයන් වහන්සේට චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත් පිරිකර සඳහා උත්සාහ කරන්නෙමු”යි. ඉක්බිති ආයුෂ්මත් යස කාකණ්ඩකපුත්‍ර ස්ථවිරයන් වහන්සේ විශාලා වැසි උපාසකයන්ට කරුණු දන්වා අනුදූත භික්‍ෂුව සමග අරමට වැඩියහ.
Pali BJT8. අථ ඛො වෙසාලිකා වජ්ජිපුත්තකා භික්ඛූ අනුදූතං භික්ඛුං පුච්ඡිංසු: ඛමාපිතා ආවුසො යසෙන කාකණ්ඩකපුත්තෙන වෙසාලිකා උපාසකාති? උපාසකෙහි පාපිකං නො ආවුසො කතා.{2} එකොව යසො කාකණ්ඩකපුත්තො සමණො සක්යපුත්තියො කතො. සබ්බෙව මයං අස්සමණා අසක්යපුත්තියා කතාති.
Sinhala BJT8. ඉක්බිති විශාලාවැසි වජ්ජිපුත්‍රක භික්‍ෂුහු “ඇවැත්නි, කාකණ්ඩක පුත්‍ර යස විසින් විශාලාවැසි උවසුවෝ ක්‍ෂමාකරවන ලද්දාහු”දැ යි අනුදූත භික්‍ෂුව විචාළහ. ඇවැත්නි, උවසුවන් ලවා අපි පවිටෝ කරන ලද්දම්හ. යස කාකණ්ඩකපුත්‍ර තෙම එක ම ශ්‍රමණ ශාක්‍යපුත්‍රයා කරන ලද්දේ ය. අපි සියල්ලෝ ම අශ්‍රමණයෝ අශාක්‍යපුත්‍රයෝ කරන ලද්දම්හ” යි.
Pali BJTඅථ ඛො වෙසාලිකා වජ්ජිපුත්තකා භික්ඛූ අයං ආවුසො යසො කාකණ්ඩකපුත්තො අම්හෙහි අසම්මතො ගිහීනං පකාසෙසි. හන්දස්ස මයං උක්ඛෙපනීයකම්මං කරොමාති. තෙ තස්ස උක්ඛෙපනීයකම්මං කත්තුකාමා සන්නිපතිංසු. අථ ඛො ආයස්මා යසො කාකණ්ඩකපුත්තො වෙහාසං අබ්භුග්ගන්ත්වා කොසම්බියං පච්චුට්ඨාසි. අථ ඛො ආයස්මා යසො කාකණ්ඩකපුත්තො පාවෙය්යකානඤ්ච අවන්තිදක්ඛිණාපථකානඤ්ච භික්ඛූනං සන්තිකෙ දූතං පාහෙසි: ආගච්ඡන්තු ආයස්මන්තා ඉමං අධිකරණං ආදියිස්සාම, පුරෙ අධම්මො දිප්පති ධම්මො පටිබාහීයති, අවිනයො දිප්පති විනයො පටිබාහීයති, පුරෙ අධම්මවාදිනො බලවන්තො හොන්ති ධම්මවාදිනො දුබ්බලා හොන්ති. අවිනයවාදිනො බලවන්තො හොන්ති විනයවාදිනො දුබ්බලා හොන්තීති. තෙන ඛො පන සමයෙන ආයස්මා සම්භූතො සාණවාසී අහොගඞ්ගෙ පබ්බතෙ පටිවසති. අථ ඛො ආයස්මා යසො කාකණ්ඩකපුත්තො යෙන අහොගඞ්ගො පබ්බතො යෙනායස්මා සම්භූතො සාණවාසී තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං සම්භූතං සාණවාසිං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා යසො කාකණ්ඩකපුත්තො ආයස්මන්තං සම්භූතං සාණවාසිං එතදවොච:
Sinhala BJTඉක්බිති විශාලාවැසි වජ්ජිපුත්‍රක භික්‍ෂූහු “ඇවැත්නි, මේ යස කාකණ්ඩකපුත්‍ර තෙම අප විසින් සම්මත නො කරන ලද්දේ ගිහියන්ට (භික්‍ෂූන්ගේ දොස්) ප්‍රකාශ කෙළේ ය. එහෙයින් අපි මොහුට උක්ඛේපනීය කර්‍මය කරම්හ”යි (කියා) ඔව්හු උන්වහන්සේට උක්ඛේපනීය කර්‍මය කරනු කැමැති ව රැස්වූහ. ඉක්බිති ආයුෂ්මත් යස කාකණ්ඩකපුත්‍ර ස්ථවිරයන් වහන්සේ අහසට නැගී කොසඹෑ නුවරෙහි පහළ වූයේක. ඉක්බිති ආයුෂ්මත් යස කාකණ්ඩකපුත්‍ර ස්ථවිරයන් වහන්සේ පාවා නුවරවාසී වූ ද, අවන්ති දක්ෂිණාපථ වාසී වූ ද, භික්‍ෂූන් සමීපයට දූතයකු යැවූහ. “අධර්‍මය බැබළීමට ද ධර්‍මය බැහැර කරනු ලැබීමට ද අවිනය බැබළීමට ද විනය බැහැර කරනු ලැබීමට ද පෙර අධර්මවාදීන් බලවත් වීමට ද ධර්මවාදීන් දුබලවීමට ද, අවිනයවාදීන් බලවත්වීමට ද විනයවාදීන් දුබලවීමට ද පෙර ආයුෂ්මත්හු පැමිණෙත්වා, මේ අධිකරණය ඉදිරියට ගන්නෙමු (කියා)යි. එසමයෙහි සාණවාසී ආයුෂ්මත් සම්භූත ස්ථවිරයන් වහන්සේ අහොගඞ්ග පර්‍වතයෙහි වෙසෙනසේක. ඉක්බිති ආයුෂ්මත් යස කාකණ්ඩකපුත්‍ර ස්ථවිරයන් වහන්සේ අහොගඞ්ග පර්‍වතය යම් තැනෙක ද සාණවාසී ආයුෂ්මත් සම්භූත ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක ද එතැනට එළඹිසේක. එළඹ සාණවාසී ආයුෂ්මත් සම්භූත ස්ථවිරයන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්සේක. එකත්පසෙක හුන් ආයුෂ්මත් යසකාකණ්ඩක පුත්‍ර ස්ථවිරයන් වහන්සේ සාණවාසී ආයුෂ්මත් සම්භූත ස්ථවිරයන් වහන්සේට මෙය කීහ.
Pali BJTඉමෙ භන්තෙ වෙසාලිකා වජ්ජිපුත්තකා භික්ඛූ වෙසාලියං දසවත්ථූනි දීපෙන්ති-කප්පති සිඞ්ගිලොණකප්පො. කප්පති ද්වඞ්ගුලකප්පො. කප්පති ගාමන්තරකප්පො. කප්පති ආවාසකප්පො. කප්පති අනුමතිකප්පො. කප්පති ආචිණ්ණකප්පො. කප්පති අමථිතකප්පො. කප්පති ජලොගිපාතුං{1}. කප්පති අදසකං නිසීදනං. කප්පති ජාතරූපරජතන්ති. හන්ද මයං භන්තෙ ඉමං අධිකරණං ආදියිස්සාම. පුරෙ අධම්මො දිප්පති ධම්මො පටිබාහීයති. අවිනයො දිප්පති විනයො පටිබාහීයති. පුරෙ අධම්මවාදිනො බලවන්තො හොන්ති ධම්මවාදිනො දුබ්බලා හොන්ති අවිනයවාදිනො බලවන්තො හොන්ති විනයවාදිනො දුබ්බලා හොන්තීති. එවමාවුසොති ඛො ආයස්මා සම්භූතො සාණවාසී ආයස්මතො යසස්ස කාකණ්ඩකපුත්තස්ස පච්චස්සොසි.
Sinhala BJT“වහන්ස, විශාලාවැසි මේ වජ්ජිපුත්‍රක භික්‍ෂූහු විශාලාවෙහි දශවස්තුවක් දක්වත්. (එනම්) සිඞ්ගිලෝණකප්පය කැප ය. ද්වඞ්ගුල කප්පය කැප ය, ගාමන්තරකප්පය කැප ය, ආවාසකප්පය කැප ය, අනුමතිකප්පය කැප ය, ආචිණ්ණකප්පය කැප ය, අමථිත කප්පය කැප ය, නො පැසුණු සුරා බොන්නට කැප ය, දහවලු නැති නිසීදනය කැප ය, රන්රිදී කැප ය (යනුයි). වහන්ස, අධර්‍මය බැබළීමට ද ධර්‍මය බැහැර කරනු ලැබීමට ද, අවිනය බැබළීමට ද, විනය බැහැර කරනු ලැබීමට ද පෙර අධර්මවාදීන් බලවත්වීමට ද, ධර්මවාදීන් දුබල වීමට ද, අවිනයවාදීන් බලවත්වීමට ද විනය වාදීන් දුබලවීමට ද පෙර අපි මේ අධිකරණය කර ගන්නෙමු” යි. ඇවැත්නි, එසේ යැ යි සාණවාසී ආයුෂ්මත් සම්භූත ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් යස කාකණ්ඩකපුත්‍ර ස්ථවිරයන් වහන්සේට පිළිවදන් දුන්හ.
Pali BJT9. අථ ඛො සට්ඨිමත්තා පාවෙය්යකා භික්ඛූ සබ්බෙ ආරඤ්ඤිකා, සබ්බෙ පිණ්ඩපාතිකා, සබ්බෙ පංසුකූලිකා, සබ්බෙ තෙචීවරිකා, සබ්බෙව අරහන්තො අහොගඞ්ගෙ පබ්බතෙ සන්නිපතිංසු. අට්ඨඅසීතිමත්තා අවන්ති දක්ඛිණාපථකා භික්ඛූ අප්පෙකච්චෙ ආරඤ්ඤිකා, අප්පෙකච්චෙ පිණ්ඩපාතිකා, අප්පෙකච්චෙ පංසුකූලිකා, අප්පෙකච්චෙ තෙචීවරිකා සබ්බෙව අරහන්තො අහොගඞ්ගෙ පබ්බතෙ සන්නිපතිංසු.
Sinhala BJT9. ඉක්බිති සියල්ලෝ ම ආරඤ්ඤික වූ සියල්ලෝ ම පිණ්ඩපාතික වූ සියල්ලෝ ම පංසුකූලික වූ සියල්ලෝ ම තෙචීවරික වූ සියල්ලෝ ම රහත් වූ පාවා නුවර වැසි සැටක් පමණ භික්‍ෂූහු අහොගඞ්ග පර්‍වතයෙහි රැස්වූහ. ඇතැමෙක් ආරඤ්ඤික වූ ඇතැමෙක් පිණ්ඩපාතික වූ ඇතැමෙක් පංසුකූලික වූ ඇතැමෙක් තෙචීවරික වූ සියල්ලෝ ම රහත් වූ අවන්ති දක්ෂිණාපථවාසී වූ අටාසූවක් පමණ භික්‍ෂූහු අහොගඞ්ග පර්‍වතයෙහි රැස්වූහ.
Pali BJTඅථ ඛො ථෙරානං භික්ඛූනං මන්තයමානානං එතදහොසි: ඉදං ඛො අධිකරණං කක්ඛළඤ්ච වාලඤ්ච. කං නු ඛො මයං පක්ඛං ලභෙය්යාම යෙන මයං ඉමස්මිං අධිකරණෙ බලවන්තතරා අස්සාමාති. තෙන ඛො පන සමයෙන ආයස්මා රෙවතො සොරෙය්යෙ පටිවසති බහුස්සුතො ආගතාගමො ධම්මධරො විනයධරො මාතිකාධරො පණ්ඩිතො ව්යත්තො මෙධාවී ලජ්ජී කුක්කුච්චකො සික්ඛාකාමො. අථ ඛො ථෙරානං භික්ඛූනං එතදහොසි: “අයං ඛො ආයස්මා රෙවතො සොරෙය්යෙ පටිවසති බහුස්සුතො ආගතාගමො ධම්මධරො විනයධරො මාතිකාධරො පණ්ඩිතො ව්යත්තො මෙධාවී ලජ්ජී කුක්කුච්චකො සික්ඛාකාමො. සචෙ මයං ආයස්මන්තං රෙවතං පක්ඛං ලභිස්සාම එවං මයං ඉමස්මිං අධිකරණෙ බලවන්තතරා අස්සාමාති.
Sinhala BJTඉක්බිති මන්ත්‍රණය කරන ස්ථවිර භික්‍ෂූන්ට මේ අදහස විය: මේ අධිකරණය වනාහි කර්‍කශ ද චණ්ඩ ද වෙයි. යමක් හේතු කොට ගෙන අපි මේ අධිකරණයෙහි අතිශයින් බලවත් වන්නෙමුද එබඳු වූ පක්‍ෂයක් අපි කෙසේ නම් ලබන්නෙමු දැ’යි. එසමයෙහි වනාහි බහුශ්‍රුත වූ අවබෝධ කළ ආගම ඇති ධර්‍මධර වූ විනයධර වූ මාතෘකා (මාතෘකා ස්වරූප අභිධර්‍මය) ධර වූ පණ්ඩිත වූ ව්‍යක්ත වූ නුවණැත්තා වූ ලජ්ජී වූ වරදෙහි කුකුස් කරන්නා වූ ශික්‍ෂාකාමී වූ ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ සොරෙය්‍ය නගරයෙහි වැඩවෙසෙති. ඉක්බිති ස්ථවිර භික්‍ෂූන්ට මේ අදහස විය: බහුශ්‍රුත වූ අවබෝධ කළ ආගම ඇති ධර්‍මධර වූ විනයධර වූ මාතෘකා (මාතෘකාස්වරූප අභිධර්‍මය) ධර වූ පණ්ඩිත වූ ව්‍යක්ත වූ නුවණැත්තා වූ ලජ්ජී වූ වරදෙහි කුකුස් කරන්නා වූ ශික්‍ෂාකාමී වූ මේ ආයුෂ්ම රේවත ස්ථවිරයන් වහන්සේ සොරෙය්‍ය නගරයෙහි වැඩවෙසෙති. ඉදින් අපි ආයුෂ්මත්රෙවත ස්ථවිරයන් වහන්සේ (අපට) පක්‍ෂ කොට ලබන්නෙමු නම් මෙසේ අපි මේ අධිකරණයෙහි අතිශයින් බලවත් වන්නෙමු යි.
Pali BJTඅස්සොසි ඛො ආයස්මා රෙවතො දිබ්බාය සොතධාතුයා විසුද්ධාය අතික්කන්තමානුසිකාය ථෙරානං භික්ඛූනං මන්තයමානානං සුත්වානස්ස එතදහොසි: ඉදං ඛො අධිකරණං කක්ඛළඤ්ච වාලඤ්ච. න ඛො මෙතං පතිරූපං සොහං එවරූපෙ අධිකරණෙ ඔසක්කෙය්යං. ඉදානි ච පන තෙ භික්ඛූ ආගච්ඡිස්සන්ති. සොහං තෙහි ආකිණ්ණො න ඵාසුං{2} ගමිස්සාමි. යන්නූනාහං පටිගච්චෙව ගච්ඡෙය්යන්ති. අථ ඛො ආයස්මා රෙවතො සොරෙය්යා සඞ්කස්සං අගමාසි.
Sinhala BJTමන්ත්‍රණය කරන ස්ථවිර භික්‍ෂූන්ගේ (කථාව) ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ මිනිස්බව ඉක්ම වූ විසුද්ධ වූ දිව්‍ය ශ්‍රෝතසින් (දිවකනින්) ඇසූහ. අසා උන්වහන්සේට මේ අදහස විය. මේ අධිකරණය වනාහි කර්‍කශ ද චණ්ඩ ද වෙයි. යම්බඳු වූ මම මෙවැනි අධිකරණයෙහි (හැකියාව යටපත් කරන්නෙම්) පසු බසින්නෙම් නම් මෙය මට සුදුසු නො වෙයි. දැනුදු ඒ භික්‍ෂූහු එන්නාහු ය. ඒ මම ඒ භික්‍ෂූන් සමග ආකීර්‍ණ වූයෙම් (නම්) පහසුව යන්නට නො හැක්කෙමි. මම පෙරටුව ම යන්නෙම් නම් ඉතා යෙහෙකැ’යි. ඉක්බිති ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ සොරෙය්‍ය නුවරින් සඩ්කස්ස නුවරට වැඩියහ.
Pali BJT10. අථ ඛො ථෙරා භික්ඛූ සොරෙය්යං ගන්ත්වා පුච්ඡිංසු කහං ආයස්මා රෙවතොති. තෙ එවමාහංසු: එසායස්මා රෙවතො සඞ්කස්සං ගතොති. අථ ඛො ආයස්මා රෙවතො සඞ්කස්සා කණ්ණකුජ්ජං අගමාසි. අථ ඛො ථෙරා භික්ඛූ සඞ්කස්සං ගන්ත්වා පුච්ඡිංසු කහං ආයස්මා රෙවතොති. තෙ එවමාහංසු: එසායස්මා රෙවතො කණ්ණකුජ්ජං ගතොති. අථ ඛො ආයස්මා රෙවතො කණ්ණකුජ්ජා උදුම්බරං අගමාසි. අථ ඛො ථෙරා භික්ඛූ කණ්ණකුජ්ජං ගන්ත්වා පුච්ඡිංසු කහං ආයස්මා රෙවතොති. තෙ එවමාහංසු: එසායස්මා රෙවතො උදුම්බරං ගතොති. අථ ඛො ආයස්මා රෙවතො උදුම්බරා අග්ගළපුරං අගමාසි. අථ ඛො ථෙරා භික්ඛූ උදුම්බරං ගන්ත්වා පුච්ඡිංසු කහං ආයස්මා රෙවතොති? තෙ එවමාහංසු: එසායස්මා රෙවතො අග්ගළපුරං ගතොති. අථ ඛො ආයස්මා රෙවතො අග්ගළපුරා සහජාතිං අගමාසි. අථ ඛො ථෙරා භික්ඛූ අග්ගළපුරං ගන්ත්වා පුච්ඡිංසු කහං ආයස්මා රෙවතොති. තෙ එවමාහංසු: එසායස්මා රෙවතො සහජාතිං ගතොති. අථ ඛො ථෙරා භික්ඛූ ආයස්මන්තං රෙවතං සහජාතියා සම්භාවෙසුං.
Sinhala BJT10. ඉක්බිති ස්ථවිර භික්‍ෂූහු සොරෙය්‍ය නුවරට ගොස් ආයුෂ්මත් “රේවත තෙරුන් වහන්සේ කොහි දැ යි ඇසූහ. තෙලෙ ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ සඞ්කස්සයට වැඩියහ’යි ඔහු කීහ. ඉක්බිති ආයුෂ්මත් රේවත තෙරුන් වහන්සේ සඞ්කස්සයෙන් කණ්ණකුජ්ජ නුවරට වැඩියහ. ඉක්බිති ස්ථවිර භික්‍ෂූහු සඞ්කස්ස නුවරට ගොස් ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ කොහි දැ යි ඇසූහ. තෙලෙ ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ කණ්ණකුජ්ජයට වැඩියහ යි ඔහු කීහ. ඉක්බිති ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ කණ්ණකුජ්ජ නුවරින් උදුම්බර නුවරට වැඩියහ. ඉක්බිති ස්ථවිර භික්‍ෂූහු කණ්ණකුජ්ජයට ගොස් ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ කොහි දැ යි ඇසූහ. තෙලෙ ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ උදුම්බර නුවරට වැඩිසේකැ’යි ඔහු කීහ. ඉක්බිති ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ උදුම්බර නුවරින් අග්ගළපුරයට වැඩියහ. ඉක්බිති ස්ථවිර භික්‍ෂූහු උදුම්බර නුවරට ගොස් ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ කොහි දැ යි ඇසූහ. තෙලෙ ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ අග්ගළපුරයට වැඩිසේකැයි ඔහු කීහ. ඉක්බිති ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ අග්ගළ පුරයෙන් සහජාති පුරයට වැඩියහ. ඉක්බිති ස්ථවිර භික්‍ෂූහු අග්ගළ පුරයට ගොස් ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ කොහි දැ යි ඇසූහ. තෙලෙ ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ සහජාති පුරයට වැඩිසේකැ’යි ඔහු කීහ. ඉක්බිති ස්ථවිර භික්‍ෂූහු සහජාති පුරයෙහි දී ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ සම්භාවනය කළහ. (හමු වූහ.)
Pali BJT11. අථ ඛො ආයස්මා සම්භූතො සාණවාසී ආයස්මන්තං යසං කාකණ්ඩකපුත්තං එතදවොච: අයං ආවුසො ආයස්මා රෙවතො බහුස්සුතො ආගතාගමො ධම්මධරො විනයධරො මාතිකාධරො පණ්ඩිතො ව්යත්තො මෙධාවී ලජ්ජී කුක්කුච්චකො සික්ඛාකාමො සචෙ මයං ආයස්මන්තං රෙවතං පඤ්හං පුච්ඡිස්සාම පටිබලො ආයස්මා රෙවතො එකෙනෙව පඤ්හෙන සකලම්පි රත්තිං වීතිනාමෙතුං. ඉදානි ච පනායස්මා රෙවතො අන්තෙවාසිකං සරභාණකං භික්ඛුං අජ්ඣෙසිස්සති. සො ත්වං තස්ස භික්ඛුනො සරභඤ්ඤපරියොසානෙ ආයස්මන්තං රෙවතං උපසඞ්කමිත්වා ඉමානි දසවත්ථූනි පුච්ඡෙය්යාසීති.
Sinhala BJT11. ඉක්බිති සාණවාසී ආයුෂ්මත් සම්භූත ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් යස කාකණ්ඩකපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මෙය කීහ. ‘ඇවැත්නි, මේ ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ බහුශැතයහ. අවබෝධ කළ ආගම ඇත්තාහ, ධර්‍මධරයහ, විනයධරයහ, මාතිකාධරයහ, පණ්ඩිතයහ, ව්‍යක්තයහ, නුවණැත්තහ, ලජ්ජීහ, වරදෙහි කුකුස් කරන සුල්ලහ, ශික්‍ෂාකාමීහ. ඉදින් අපි ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අසන්නෙමු නම් එකප්‍රශ්නයකින් ම සියලු රැය ඉක්මවන්නට ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ ප්‍රතිබලයහ. දැන් වනාහි ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ අතැවැසි සරභාණක (මිහිරි ස්වරයෙන් දේශනාකරන) භික්‍ෂූනමක් අධ්‍යෙෂණය කරවන්නාහ. ඒ භික්‍ෂූනමගේ මිහිරිස්වරයෙන් බිණීම අවසානයෙහි නුඹ වහන්සේ ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වෙත එළඹ මේ දසවස්තූන් අසන්නහු නම් මැනවැ’යි.
Pali BJTඑවම්භන්තෙති ඛො ආයස්මා යසො කාකණ්ඩකපුත්තො ආයස්මතො සම්භූතස්ස සාණවාසිස්ස පච්චස්සොසි. අථ ඛො ආයස්මා රෙවතො අන්තෙවාසිකං සරභාණකං භික්ඛුං අජ්ඣෙසි. අථ ඛො ආයස්මා යසො කාකණ්ඩකපුත්තො තස්ස භික්ඛුනො සරභඤ්ඤපරියොසානෙ යෙනායස්මා රෙවතො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං රෙවතං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා යසො කාකණ්ඩකපුත්තො ආයස්මන්තං රෙවතං එතදවොච:
Sinhala BJTඑසේ ය වහන්සැ යි (කියා) ආයුෂ්මත් යස කාකණ්ඩකපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් සාණවාසී සම්භූත ස්ථවිරයන් වහන්සේට පිළිවදන් දුන්හ. ඉක්බිති ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ අතැවැසි ස්වරභාණක භික්‍ෂූනම අධ්‍යෙෂණය කළහ. ඉක්බිති ඒ භික්‍ෂුනමගේ ස්වරභාණය අවසානයෙහි ආයුෂ්මත් යස කාකණ්ඩකපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක ද එතැනට එළඹියහ. එළඹ ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත් පසෙක හුන් ආයුෂ්මත් යස කාකණ්ඩකපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේට මෙය කීහ:
Pali BJT12.1. කප්පති භන්තෙ සිඞ්ගිලොණකප්පොති. කො සො ආවුසො සිඞ්ගිලොණකප්පොති. කප්පති භන්තෙ සිඞ්ගිනා ලොණං පරිහරිතුං, යත්ථ අලොණකං භවිස්සති-තත්ථ පරිභුඤ්ජිස්සාමීති. නාවුසො කප්පතීති.
Sinhala BJT12-1 වහන්ස, සිඞ්ගිලොණකප්පය කැප වේ දැ’යි. ඇවැත්නි, ඒ සිඞ්ගිලොණකප්පය නම් කවරේ දැ?යි. වහන්ස, යම් තැනෙක ලුණු නැති භොජනයක් වේ නම් එහි දී වළඳන්නෙමි”යි අඟකින් ලුණු පරිහරණය කිරීමට කැප වෙයි ද, ඇවැත්නි නො කැප වෙයි.
Pali BJT2. කප්පති භන්තෙ ද්වඞ්ගුලකප්පොති. කො සො ආවුසො ද්වඞ්ගුලකප්පොති. කප්පති භන්තෙ ද්වඞ්ගුලාය ඡායාය වීතිවත්තාය විකාලෙ භොජනං භුඤ්ජිතුන්ති. නාවුසො කප්පතීති.
Sinhala BJT2. වහන්ස, ද්වඩ්ගුලකප්පය කැප වේ දැ යි. ඇවැත්නි, ඒ ද්වඞ්ගුලකප්පය නම් කවරේ දැ’යි. වහන්ස, සෙවණැල්ල අඟල් දෙකක් ඉක්ම ගිය කල්හි විකාලයෙහි භෝජනය වැළඳීමට කැප වෙයි ද? ඇවැත්නි, නො කැප වෙයි.
Pali BJT3. කප්පති භන්තෙ ගාමන්තරකප්පොති. කො සො ආවුසො ගාමන්තරකප්පොති. කප්පති භන්තෙ ඉදානි ගාමන්තරං ගමිස්සාමීති භුත්තාවිනා පවාරිතෙන අනතිරිත්තං භොජනං භුඤ්ජිතුන්ති. නාවුසො කප්පතීති.
Sinhala BJT3. වහන්ස, ගාමන්තරකප්පය කැප වේ දැ යි. ඇවැත්නි, ඒ ගාමන්තරකප්පය නම් කවරේ දැ යි. වහන්ස, දැන් අනිත් ගමකට යන්නෙමි යි (සලකා) වළඳා අවසන් ව පවාරණය කළ භික්‍ෂූව විසින් අයිරිත් නො කළ භෝජනය වළඳන්ට කැප වෙයි දැ යි. ඇවැත්නි, නො කැප වෙයි.
Pali BJT4. කප්පති භන්තෙ ආවාසකප්පොති. කො සො ආවුසො ආවාසකප්පොති. කප්පති භන්තෙ සම්බහුලා ආවාසා සමානසීමා නානුපොසථං කාතුන්ති. නාවුසො කප්පතීති.
Sinhala BJT4. වහන්ස, ආවාසකප්පය කැප වේ ද යි. ඇවැත්නි, ඒ ආවාසකප්පය නම් කවරේ දැ යි. වහන්ස, සමාන සීමාවක් ඇති බොහෝ ආවාසයෝ වෙත් (නම් එහි) නානා උපෝසථය කිරීමට කැප වේ දැ යි. ඇවැත්නි, නො කැප වෙයි.
Pali BJT5. කප්පති භන්තෙ අනුමතිකප්පොති. කො සො ආවුසො අනුමතිකප්පොති? කප්පති භන්තෙ වග්ගෙන සඞ්ඝෙන කම්මං කාතුං ආගතෙ භික්ඛූ අනුජානිස්සාමාතී.{1} නාවුසො කප්පතීති.
Sinhala BJT5. වහන්ස, අනුමතිකප්පය කැප වේ දැ’ යි. ඇවැත්නි ඒ අනුමතිකප්පය නම් කවරේ ද’යි. වහන්ස, පැමිණි කල්හි භික්‍ෂීන් අනුදන්නෙමු’යි වර්‍ග වූ සඞ්ඝයා විසින් (සඞ්ඝ) කර්‍මයන් කිරීමට කැප වේ දැ යි. ඇවැත්නි, නො කැප වෙයි.
Pali BJT6. කප්පති භන්තෙ ආචිණ්ණකප්පොති? කො සො ආවුසො ආචිණ්ණකප්පොති. කප්පති භන්තෙ ඉදං මෙ උපජ්ඣායෙන අජ්ඣාචිණ්ණං ඉදං මෙ ආචරියෙන අජ්ඣාචිණ්ණන්ති තං අජ්ඣාචරිතුන්ති. ආචිණ්ණකප්පො ඛො ආවුසො එකච්චො කප්පති එකච්චො න කප්පතීති.
Sinhala BJT6. වහන්ස, ආචිණ්ණකප්පය කැප වේ දැ’යි. ඇවැත්නි, ඒ ආචිණ්ණකප්පය නම් කවරේ දැ යි. වහන්ස මෙය මාගේ උපාධ්‍යායයන් වහන්සේ විසින් පුරුදු කරනලදය මෙය මාගේ ආචාර්‍ය්‍යයන් වහන්සේ විසින් පුරුදු කරන ලද යැ’යි (සලකා) එය පුරුදු කොට හැසිරෙන්නට කැප වේ දැ’යි. ඇවැත්නි, ඇතැම් ආචිණ්ණකප්පයක් කැප වෙයි. ඇතැම් ආචිණ්ණකප්පයක් නො කැප වෙයි.
Pali BJT7. කප්පති භන්තෙ අමථිතකප්පොති. කො සො ආවුසො අමථිතකප්පොති. කප්පති භන්තෙ යං තං ඛීරං ඛීරභාවං විජහිතං අසම්පත්තං දධිභාවං තං භුත්තාවිනා පවාරිතෙන අනතිරිත්තං පාතුන්ති, නාවුසො කප්පතීති.
Sinhala BJT7. වහන්ස, අමථීතකප්පය කැප වේ දැ යි. ඇවැත්නි, ඒ අමථිතකප්පය නම් කවරේ දැ යි. වහන්ස, යම් ඒ කිරක් කිරිබව අත්හළේ ද දී බවට නො පැමිණියේ ද, වළඳා අවසන් ව පවාරණය කළ භික්‍ෂුව විසින් අයිරිත් නො කළ ඒ කිරි බොන්නට කැප වේ දැ’යි. ඇවැත්නි, නො කැප වෙයි.
Pali BJT8. කප්පති භන්තෙ ජලොගිපාතුන්ති.{2} කො සො ආවුසො ජලොගීති{3}. කප්පති භන්තෙ යා සා සුරා අසුත්තා{4} අසම්පත්තා මජ්ජභාවං. තං පාතුන්ති. නාවුසො කප්පතීති.
Sinhala BJT8. වහන්ස, ජලොගිය බොන්නට කැප වේ දැ යි. ඇවැත්නි, ඒ ජලොගිය නම් කවරේ දැ යි. වහන්ස, යම් ඒ සුරාවක් නො පැසුණි ද මද්‍යබවට නො පැමිණියා ද එය බොන්නට කැප වේ දැ යි. ඇවැත්නි, නො කැප වෙයි.
Pali BJT9. කප්පති භන්තෙ අදසකං නිසීදනන්ති. නාවුසො කප්පතීති.
Sinhala BJT9. වහන්ස, දහවලු රහිත නිසීදනය කැප වේ දැ යි. ඇවැත්නි, නො කැප වෙයි.
Pali BJT10. කප්පති භන්තෙ ජාතරූපරජතන්ති. නාවුසො කප්පතීති.
Sinhala BJT10. වහන්ස, රන්රිදී කැප වේ දැ යි. ඇවැත්නි, නො කැප වෙයි.