Cullavagga

Lesser Division

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 3601-3700 න් 3845

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT62. තෙන ඛො පන සමයෙන භික්ඛුනියො න පවාරෙන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ භික්ඛුනියා න පවාරෙතබ්බං. යා න පවාරෙය්ය යථාධම්මො කාරෙතබ්බොති”. තෙන ඛො පන සමයෙන භික්ඛුනියො අත්තනා පවාරෙත්වා භික්ඛුසඞ්ඝං න පවාරෙන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ භික්ඛුනියා අත්තනා පවාරෙත්වා භික්ඛුසඞ්ඝො න පවාරෙතබ්බො. යා න පවාරෙය්ය යථාධම්මො කාරෙතබ්බො”ති.
Sinhala BJT62. එසමයෙහි භික්‍ෂුණීහු පවාරණය නො කෙරෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැලකළහ. “මහණෙනි, මෙහෙණ විසින් නො පැවරියයුතු නො වේ. යම් මෙහෙණක් නො පවරා නම් දහම් වූ පරිදි කරවියයුතු” යි, එසමයෙහි භික්‍ෂුණීහු තමන් පවරා භික්‍ෂූසඞ්ඝයා නො පවරත්, භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැලකළහ. “මහණෙනි, මෙහෙණ විසින් තමා පවරා භික්‍ෂූසඞ්ඝයා නො පැවරියයුතු නො වේ. යම් මෙහෙණක් නො පවරා නම් දහම් වූ පරිදි කරවියයුතු” යි.
Pali BJT63. තෙන ඛො පන සමයෙන භික්ඛුනියො භික්ඛූහි සද්ධිං එකතො පවාරෙන්තියො කොලාහලං අකංසු. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ භික්ඛුනියා භික්ඛූහි සද්ධිං එකතො පවාරෙතබ්බං. යා පවාරෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT63. එසමයෙහි භික්‍ෂුණීහු භික්‍ෂූන් සමග එකට පවාරණය කරන්නාහු කෝලාහල කළහ. භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැලකළහ. “මහණෙනි, භික්‍ෂුණිය භික්‍ෂූන් සමග එකට පවාරණය නො කළයුතු, යම් මෙහෙණක් පවරා නම් දුකුළා ඇවැත් වේ” යී.
Pali BJTතෙන ඛො පන සමයෙන භික්ඛුනියො පුරෙභත්තං පවාරෙන්තියො කාලං වීතිනාමෙසුං. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ පච්ඡාභත්තං පවාරෙතුන්ති”. පච්ඡාභත්තං පවාරෙන්තියො විකාලෙ අහෙසුං. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ අජ්ජතනා භික්ඛුනීසඞ්ඝං පවාරෙත්වා අපරජ්ජු භික්ඛුසඞ්ඝං පවාරෙතුන්ති”.
Sinhala BJTඑසමයෙහි භික්‍ෂුණීහු පෙරබත් වේලායෙහි පවරන්නාහු කාලය ඉක්මවූහ. භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැලකළහ. “මහණෙනි, පසුබත් වේලායෙහි පවරන්නට අනුදනිමි”යි. පසුබත් වේලායෙහි පවරන්නාහු විකාලයෙහි වූහ. භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැලකළහ. “මහණෙනි, අද දින භික්‍ෂුණීසඞ්ඝයා පවරා පසු දින භික්‍ෂූසඞ්ඝයා පවරන්නට අනුදනිමි”යි.
Pali BJT64. තෙන ඛො පන සමයෙන සබ්බො භික්ඛුනීසඞ්ඝො පවාරෙන්තො කොලාහලං අකාසි. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ එකං භික්ඛුනිං වියත්තං පටිබලං සම්මන්නිතුං භික්ඛුනීසඞ්ඝස්ස අත්ථාය භික්ඛුසඞ්ඝං පවාරෙතුං. එවඤ්ච පන භික්ඛවෙ සම්මන්නිතබ්බා: පඨමං භික්ඛුනී යාචිතබ්බා. යාචිත්වා ව්යත්තාය භික්ඛුනියා පටිබලාය සඞ්ඝො ඤාපෙතබ්බො: සුණාතු මෙ අය්යෙ සඞ්ඝො. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුනිං සම්මන්නෙය්ය භික්ඛුනිසඞ්ඝස්ස අත්ථාය භික්ඛුසඞ්ඝං පවාරෙතුං”. එසා ඤත්ති.
Sinhala BJT64. එසමයෙහි සියලු භික්‍ෂුණී සඞ්ඝයා පවරන්නේ කෝලාහල කෙළේ ය. භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැලකළහ. “මහණෙනි, භික්‍ෂුණීසඞ්ඝයා සඳහා භික්‍ෂූසඞ්ඝයා පවරන්නට එක් ව්‍යක්ත ප්‍රතිබල වූ භික්‍ෂූණියක් සම්මත කරන්නට අනුදනිමි. මහණෙනි, මෙසේ සම්මත කළයුතු, පළමුව මෙහෙණගේ කැමැත්ත ඉල්ලුම් කළයුතු ය. ඉල්ලුම් කොට ව්‍යක්ත ප්‍රතිබල භික්‍ෂුණියක විසින් සඞ්ඝයා (මෙසේ) දැන්වියයුතු ය. ආර්‍ය්‍යයාවෙනි, සඞ්ඝයා මබස් අසාවා. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වේ නම් භික්‍ෂුණීසඞ්ඝයා සඳහා භික්‍ෂූසඞ්ඝයා පැවරීමට මෙනම් භික්‍ෂුණිය සම්මත කරන්නේය’. මේ ඥප්තිය යි.
Pali BJT“සුණාතු මෙ අය්යෙ සඞ්ඝො, සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුනිං සම්මන්නති භික්ඛුනීසඞ්ඝස්ස අත්ථාය භික්ඛුසඞ්ඝං පවාරෙතුං. යස්සා අය්යාය ඛමති ඉත්ථන්නාමාය භික්ඛුනියා සම්මුති භික්ඛුනීසඞ්ඝස්ස අත්ථාය භික්ඛුසඞ්ඝං පවාරෙතුං. සා තුණ්හස්ස. යස්සා නක්ඛමති සා භාසෙය්ය. සම්මතා සඞ්ඝෙන ඉත්ථන්නාමා භික්ඛුනී භික්ඛුනිසඞ්ඝස්ස අත්ථාය භික්ඛුසඞ්ඝං පවාරෙතුං. ඛමති සඞ්ඝස්ස තස්මා තුණ්හී එවමෙතං ධාරයාමීති”.
Sinhala BJT“ආර්‍ය්‍යයාවෙනි, සඞ්ඝයා මබස් අසාවා. භික්‍ෂුණිසඞ්ඝයා සඳහා භික්‍ෂුසඞ්ඝයා පැවරීමට මෙනම් භික්‍ෂුණිය සඞ්ඝයා සම්මත කරන්නේ ය. භික්‍ෂුණීසඞ්ඝයා සඳහා භික්‍ෂූසඞ්ඝයා පැවරීමට මෙනම් භික්‍ෂුණිය සම්මත කිරීම යම් ආර්‍ය්‍යාවකට රුචි වේ නම් ඕ නිහඬ වන්නී ය. යම් ආර්‍ය්‍යාවකට අරුචි වේ නම් ඕ කියන්නී ය. භික්‍ෂුණීසඞ්ඝයා සඳහා භික්‍ෂූසඞ්ඝයා පැවරීමට සඞ්ඝයා විසින් මෙනම් ඇත්තී සම්මත ය. සඞ්ඝයාට (එය) රුචි වෙයි. එහෙයින් නිහඬ වෙයි. මෙය මෙසේ දරමි”යි.
Pali BJTතාය සම්මතාය භික්ඛුනියා භික්ඛුනීසඞ්ඝං ආදාය භික්ඛුසඞ්ඝං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා භික්ඛූනං පාදෙ වන්දිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිම්පග්ගහෙත්වා එවමස්ස වචනීයො භික්ඛුනීසඞ්ඝො අය්යා භික්ඛුසඞ්ඝං පවාරෙති දිට්ඨෙන වා සුතෙන වා පරිසඞ්කාය වා. වදතු අය්යා භික්ඛුසඞ්ඝො භික්ඛුනීසඞ්ඝං අනුකම්පං උපාදාය. පස්සන්තො පටිකරිස්සති. දුතියම්පි අය්යා භික්ඛුනීසඞ්ඝො භික්ඛුසඞ්ඝං පවාරෙති දිට්ඨෙන වා සුතෙන වා පරිසඞ්කාය වා. වදතු අය්යා භික්ඛුසඞ්ඝො භික්ඛුනීසඞ්ඝං අනුකම්පං උපාදාය පස්සන්තො පටිකරිස්සති. තතියම්පි අය්යා භික්ඛුනීසඞ්ඝො භික්ඛුසඞ්ඝං පවාරෙති දිට්ඨෙන වා සුතෙන වා පරිසඞ්කාය වා. වදතු අය්යා භික්ඛුසඞ්ඝො භික්ඛුනීසඞ්ඝං අනුකම්පං උපාදාය. පස්සන්තො පටිකරිස්සතීති.
Sinhala BJTඒ සම්මත කළ මෙහෙණ විසින් භික්‍ෂුණි සඞ්ඝයා රැගෙන භික්‍ෂූසඞ්ඝයා වෙත එළඹ උතුරුසඟ එකස් කොට භික්‍ෂූන්ගේ පා වැඳ උක්කුටික ව හිඳ ඇඳිලි බැඳ මෙසේ කියයුතු වන්නේ ය. ආර්‍ය්‍යයෙනි, භික්‍ෂුණීසඞ්ඝයා දුටු කරුණින් හෝ ඇසූ කරුණින් හෝ සැක කළ කරුණින් හෝ භික්‍ෂූසඞ්ඝයා පවාරණය කරයි. ආර්‍ය්‍යයෙනි, භික්‍ෂූසඞ්ඝයා භික්‍ෂූණිසඞ්ඝයාට අනුකම්පා කොට (වරදක් ඇතොත්) කියනසේක්වා. (ඒ වරද) දැක පිළියම් කරන්නේ ය. දෙවනු ද ආර්‍ය්‍යයෙනි, භික්‍ෂුණීසඞ්ඝයා දුටු කරුණින් හෝ ඇසූ කරුණින් හෝ සැක කළ කරුණින් හෝ භික්‍ෂූසඞ්ඝයා පවාරණය කරයි. ආර්‍ය්‍යයෙනි, භික්‍ෂූසඞ්ඝයා භික්‍ෂූණිසඞ්ඝයාට අනුකම්පා කොට (වරදක් ඇතොත්) කියනසේක්වා. (ඒ වරද) දැක පිළියම් කරන්නේ ය. තෙවනු ද ආර්‍ය්‍යයයෙනි, භික්‍ෂුණීසඞ්ඝයා දුටු කරුණින් හෝ ඇසූ කරුණින් හෝ සැක කළ කරුණින් හෝ භික‍්‍ෂුසඞ්ඝයා පවාරණය කරයි. ආර්‍ය්‍යයෙනි, භික්‍ෂුසඞ්ඝයා භික්‍ෂුණි සඞ්ඝයයාට අනුකම්පා කොට (වරදක් ඇතොත් කියනසේක්වා. (ඒ වරද) දැක පිළියම් කරන්නේ යි.
Pali BJT65. තෙන ඛො පන සමයෙන භික්ඛුනියො භික්ඛූනං උපොසථං ඨපෙන්ති, පවාරණං ඨපෙන්ති, සවචනීයං කරොන්ති, අනුවාදං පට්ඨපෙන්ති, ඔකාසං කාරෙන්ති, චොදෙන්ති, සාරෙන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ භික්ඛුනියා භික්ඛුස්ස උපොසථො ඨපෙතබ්බො, ඨපිතොපි අට්ඨපිතො, ඨපෙන්තියා ආපත්ති දුක්කටස්ස. න පවාරණා ඨපෙතබ්බා, ඨපිතාපි අට්ඨපිතා, ඨපෙන්තියා ආපත්ති දුක්කටස්ස. න සවචනීයං කාතබ්බං, කතම්පි අකතං, කරොන්තියා ආපත්ති දුක්කටස්ස. න අනුවාදො පට්ඨපෙතබ්බො, පට්ඨපිතොපි අපට්ඨපිතො, පට්ඨපෙන්තියා ආපත්ති දුක්කටස්ස. න ඔකාසො කාරෙතබ්බො, කාරිතොපි අකාරිතො, කාරෙන්තියා ආපත්ති දුක්කටස්ස. න චොදෙතබ්බො, චොදිතොපි අචොදිතො, චොදෙන්තියා ආපත්ති දුක්කටස්ස. න සාරෙතබ්බො, සාරිතොපි අසාරිතො, සාරෙන්තියා ආපත්ති දුක්කටස්සාති”.
Sinhala BJT65. එසමයෙහි භික්‍ෂුණීහු භික්‍ෂූන්ගේ උපෝසථය තබත්, (පොහොය කිරීම වළකත්.) පවාරණය වළකත්, සවචනීයබව කෙරෙත්, (ඔවුන් කෙරෙහි) ආධිපත්‍යය පිහිටුවාගනිත්. (වරද දැක්වීමට) අවකාශ කරවත්, චෝදනා කෙරෙත්, (වරද) සිහි කරවත්. භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැලකළහ. “මහණෙනි, භික්‍ෂුණිය විසින් භික්‍ෂූහුගේ උපෝසථය නො වැළකියයුතු, වළකන ලද ද නො වැළැක්වූයේ වෙයි, වළක්වන්නියට දුකුළා ඇවැත් වෙයි. පවාරණය නො වැළකියයුතු, වළකනලද ද නො වැළැක්වූයේ වෙයි, වළක්වන්නියට දුකුළා ඇවැත් වෙයි. සවචනීය නො කළයුතු, (එසේ) කරනලද ද නො කරනලද්දේ වෙයි, (එසේ) කරන්නියට දුකුළා ඇවැත් වෙයි. ආධිපත්‍යය නො පිහිටු විය යුතු, පිහිටුවනලද ද නො පිහිටුවනලද්දේ වෙයි. පිහිටුවන්නියට දුකුළා ඇවැත් වෙයි. (වරද දැක්වීමට) අවකාශ නො කරවියයුතු, (එසේ) කරවන ලද ද, නො කරවනලද්දේ වෙයි, (එසේ) කරවන්නියට දුකුළා ඇවැත් වෙයි. චෝදනා නො කළයුතු, චෝදනා කරන ලද ද නො කරනලද්දේ වෙයි, චෝදනා කරන්නියට දුකුළා ඇවැත් වෙයි. (වරද) සිහි නො කරවියයුතු, සිහි කරවුව ද සිහි නො කරවනලද්දේ වෙයි, සිහිකරවන්නීයට දුකුළා ඇවැත් වේ” යි.
Pali BJT66. තෙන ඛො පන සමයෙන භික්ඛූ භික්ඛුනීනං උපොසථං ඨපෙන්ති, පවාරණං ඨපෙන්ති, සවචනීයං කරොන්ති, අනුවාදං පට්ඨපෙන්ති, ඔකාසං කාරෙන්ති, චොදෙන්ති, සාරෙන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ භික්ඛුනා භික්ඛුනීනං{1} උපොසථං ඨපෙතුං, ඨපිතොපි සුට්ඨපිතො, ඨපෙන්තස්ස අනාපත්ති. පවාරණං ඨපෙතුං, ඨපිතාපි සුට්ඨපිතා, ඨපෙන්තස්ස අනාපත්ති. සවචනීයං කාතුං, කතම්පි සුකතං, කරොන්තස්ස අනාපත්ති. අනුවාදං පට්ඨපෙතුං, පට්ඨපිතොපි සුපට්ඨපිතො{2}. පට්ඨපෙන්තස්ස අනාපත්ති. ඔකාසං කාරෙතුං. කාරිතොපි සුකාරිතො, කාරෙන්තස්ස අනාපත්ති. චොදෙතුං, චොදිතාපි සුචොදිතා, චොදෙන්තස්ස අනාපත්ති. සාරෙතුං. සාරිතාපි සුසාරිතා, සාරෙන්තස්ස අනාපත්තී”ති.
Sinhala BJT66. එසමයෙහි භික්‍ෂූහු භික්‍ෂූණින්ගේ උපෝසථය වළක්වත්, පවාරණය වළක්වත්, සවචනීය කෙරෙත්, ආධිපත්‍යය පිහිටුවත්, (වරද දැක්වීමට) අවකාශ කරවත්, චෝදනා කෙරෙත්, (වරද) සිහි කරවත්. භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැලකළහ. “මහණෙනි, භික්‍ෂුව විසින් භික්‍ෂූණීන්ගේ උපෝසථය වළකන්නට අනුදනිමි. වළකනලද ද මොනොවට වළකන ලද්දේ වෙයි. වළකන්නහුට ඇවැත් නො වේ. පවාරණය වළකන්නට (අනුදනිමි.) වළකනලද ද මොනොවට වළකනලද වෙයි. වළකන්නහුට ඇවැත් නො වේ සවචනීය කරන්නට (අනුදනිමි.) කරනලද ද මනාකොට කරනලද්දේ ය. කරන්නාහට ඇවැත් නො වේ. ආධිපත්‍යය පිහිටුවන්නට (අනුදනිමි.) පිහිටුවනලද ද මනාලෙස පිහිටුවනලද්දේ ය. පිහිටුවන්නාහට ඇවැත් නො වේ. අවකාශ කරවීමට (අනුදනිමි.) කරවනලද ද මනාලෙස කරවනලද්දේ ය. කරවන්නාහට ඇවැත් නො වේ. චෝදනා කරන්නට (අනුදනිමි.) චෝදනා කරනලද ද මනාලෙස චෝදනා කරනලද්දේ ය. චෝදනා කරන්නාහට ඇවැත් නො වේ. සිහි කරවන්නට (අනුදනිමි.) සිහි කරවනලද ද මනාලෙස සිහි කරවන ලද්දී ය. සිහි කරවන්නාහට ඇවැත් නො වේ.”
Pali BJT67. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛුනියො යානෙන යායන්ති ඉත්ථියුත්තෙනපි පුරිසන්තරෙන පුරිසයුත්තෙනපි ඉත්ථන්තරෙන. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “සෙය්යථාපි ගඞ්ගාමහීයාති.{3} භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ භික්ඛුනියා යානෙන යායිතබ්බං. යා යායෙය්ය යථාධම්මො කාරෙතබ්බො”ති. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරා භික්ඛුනී ගිලානා හොති. න සක්කොති පදසා ගන්තුං. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ ගිලානාය යානන්ති”. අථ ඛො භික්ඛුනීනං එතදහොසි: “ඉත්ථියුත්තන්නු ඛො පුරිසයුත්තන්නු ඛොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ ඉත්ථියුත්තං පුරිසයුත්තං හත්ථවට්ටකන්ති”. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරාය{4} භික්ඛුනියා යානුග්ඝාතෙන බාළ්හතරං අඵාසු අහොසි. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ සිවිකං පාටඞ්කින්ති”.
Sinhala BJT67. එසමයෙහි සවග මෙහෙණහු පුරුෂයකු පදවන්නකු කොට ඇති ස්තීන් (දෙනුන්) යොදන ලද්දා වූ ද, ස්ත්‍රියක පදවන්නිය කොට ඇති පුරුෂයන් (ගොනුන්) යොදන ලද්දා වූ ද යානයෙන් යෙති. ගඞ්ගාක්‍රීඩාවෙහි මෙනැ යි මිනිස්සු ලමු කොට සිතති, නුගුණ කියති, දොස් පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැලකළහ. “මහණෙනි, මෙහෙණ විසින් යානයෙන් නො යායුතු. යම් මෙහෙණක් යන්නී නම් දහම් වූ පරිදි කරවියයුතු” යි. එසමයෙහි එක්තරා මෙහෙණක් ගිලන් වූවා පයින් යන්නට නො හැකි වෙයි. භාග්‍යවතුන් වහන්සේට, මෙකරුණ සැලකළහ. “මහණෙනි, ගිලන් මෙහෙණට යානය අනුදනිමි”යි. ඉක්බිති භික්‍ෂුණීන්ට ‘ස්ත්‍රීන් යොදන ලද යානය ද පුරුෂයන් යොදනලද යානය දැ’යි මේ සිත විය. භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැලකළහ. “මහණෙනි, ස්ත්‍රීන් (දෙනුන්) යොදනලද යානය, පුරුෂයන් (ගොනුන්) යොදනලද යානය හා අත්වටුගැල ද අනුදනිමි”යි. එසමයෙහි එක්තරා මෙහෙණකට යානයෙහි ගැස්සීමෙන් ඉතා දැඩි වූ අපහසුවක් විය. භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැලකළහ. “මහණෙනි, සිවිකාව (පුටුසිවිකාව) ද පල්ලැක්කිය (හිදොලුව) ද අනුදනිමි”යි.
Pali BJT68. තෙන ඛො පන සමයෙන අඩ්ඪකාසී ගණිකා භික්ඛුනීසු පබ්බජිතා හොති. සා සාවත්ථිං ගන්තුකාමා හොති භගවතො සන්තිකෙ උපසම්පජ්ජිස්සාමීති. අස්සොසුං ඛො ධුත්තා ‘අඩ්ඪකාසී කිර ගණිකා සාවත්ථිං ගන්තුකාමා’ති. තෙ මග්ගෙ පරියුට්ඨිංසු. අස්සොසි ඛො අඩ්ඪකාසී ගණිකා ‘ධුත්තා කිර මග්ගෙ පරියුට්ඨිතා’ති. භගවතො සන්තිකෙ දූතං පාහෙසි. “අහං හි උපසම්පජ්ජිතුකාමා කථන්නු ඛො මයා පටිපජ්ජිතබ්බන්ති.
Sinhala BJT68. එසමයෙහි අඩ්ඪකාසී නම් ගණිකාව මෙහෙණන් වෙත පැවිදි වූවා වෙයි. භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි උපසම්පදා වන්නෙමැ යි ඕ සැවැත් නුවරට යනු කැමැත්තී වෙයි. ‘අඩ්ඪකාසී ගණිකාව සැවැත් නුවරට යනු කැමැත්තීලැ’යි ධුර්තයෝ ඇසූහ. ඔවුහු මග රැකසිටියහ. ‘ධූර්‍තයෝ මග රැක සිටිත්ලැ’යි අඩඨකාසී ගණිකාව ඇසු ය. (ඉක්බිති ඕ) මම උපසම්පදාවනු කැමැත්තෙමි. මා කෙසේ පිළිපැදියයුතු දැ යි (කියා) භාග්‍යවතුන් වහන්සේ වෙත දූතයකු යැවූ ය.
Pali BJTඅථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “අනුජානාමි භික්ඛවෙ දූතෙනපි උපසම්පාදෙතුන්ති”. භික්ඛුදූතෙන උපසම්පාදෙන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ භික්ඛුදූතෙන උපසම්පාදෙතබ්බා. යො උපසම්පාදෙය්ය ආපත්ති දුක්කටස්සාති”. සික්ඛමානදූතෙන උපසම්පාදෙන්ති -පෙ- සාමණෙරදූතෙන උපසම්පාදෙන්ති -පෙ- සාමණෙරීදූතෙන උපසම්පාදෙන්ති -පෙ- බාලාය අව්යත්තාය දූතෙන උපසම්පාදෙන්ති. “න භික්ඛවෙ බාලාය අව්යත්තාය දූතෙන උපසම්පාදෙතබ්බා යා{1} උපසම්පාදෙය්ය ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ ව්යත්තාය භික්ඛුනියා පටිබලාය දූතෙන උපසම්පාදෙතුං. තාය දූතාය භික්ඛුනියා සඞ්ඝං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා භික්ඛූනං පාදෙ වන්දිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිම්පග්ගහෙත්වා එවමස්ස වචනීයො:
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කරුණෙහි ලා දැහැමි කථා කොට භික්‍ෂූන් ඇමතූසේක. “මහණෙනි, දූතයකු ලවා ද උපසම්පදා කරන්නට අනුදනිමි”යි (වදාළහ.) භික්‍ෂුදුතයකු ලවා උපසම්පදා කරවත්. භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැලකළහ. “මහණෙනි, භික්‍ෂුදූතයකු ලවා උපසම්පදා නො කරවියයුත්තාහ. යමෙක් උපසම්පදා කරවා නම් දුකුළා ඇවැත් වේ”යි. සික්ඛමාන දූතයකු ලවා උපසම්පදා කරවත් ... සාමණේරදුතයකු ලවා උපසම්පදා කරවත් ... සාමණෙරිදුතයකු ලවා උපසම්පදා කරවත් ... බාල අව්‍යක්ත මෙහෙණක වූ දූතයකු ලවා උපසම්පදා කරවත්, ‘මහණෙනි, බාල අව්‍යක්ත මෙහෙණක වූ දූතයකු ලවා උපසම්පදා නො කරවිය යුතු ය. යම් මෙහෙණක් (එසේ) උපසම්පදා කරවා නම් දුකුළා ඇවැත් වේ. ‘මහණෙනි, ව්‍යක්ත ප්‍රතිබල මෙහෙණක වූ දූතයකු ලවා උපසම්පදා කරවන්නට අනුදනිමි. ඒ දුත වූ මෙහෙණ විසින් සඞ්ඝයා වෙත එළඹ උතුරුසඟ එකස් කොට භික්‍ෂුන්ගේ පා වැඳ උක්කුටික ව හිඳ ඇඳිලි බැඳ මෙසේ කියයුතු වන්නේ ය:
Pali BJTඉත්ථන්නාමා අය්යා ඉත්ථන්නාමාය අය්යාය උපසම්පදාපෙඛා{2} එකතො උපසම්පන්නා භික්ඛුනීසඞ්ඝෙ විසුද්ධා. සා කෙනචිදෙව අන්තරායෙන න ආගච්ඡති. ඉත්ථන්නාමා අය්යා සඞ්ඝං උපසම්පදං යාචති උල්ලුම්පතු තං අය්යා සඞ්ඝො අනුකම්පං උපාදාය.
Sinhala BJT“ආර්‍ය්‍යයෙනි, මෙනම් ආර්‍ය්‍යයාවගේ උපසම්පදාපේක්ෂිකා වූ මෙනම් ඇත්තී භික්‍ෂුණි සඞ්ඝයා කෙරෙහි පිරිසුදු වූවා එක් පක්ෂයෙකින් උපසපන් වූ ය. ඕ කිසියම් අනතුරක් නිසා නො පැමිණෙයි. ආර්‍ය්‍යයෙනි, මෙනම් ඇත්තී සඞ්ඝයාගෙන් උපසම්පදාව යදියි. ආර්‍ය්‍යයෙනි, සඞ්ඝයා අනුකම්පා කොට ඇය හෙරණ බැවින් නඟාසිටුවන සේක්වා.
Pali BJTඉත්ථන්නාමා අය්යා ඉත්ථන්නාමාය අය්යාය උපසම්පදාපෙඛා එකතො උපසම්පන්නා භික්ඛුනීසඞ්ඝෙ විසුද්ධා. සා කෙනචිදෙව අන්තරායෙන න ආගච්ඡති. දුතියම්පි අය්යා ඉත්ථන්නාමා සඞ්ඝං උපසම්පදං යාචති. උල්ලුම්පතු තං අය්යා සඞ්ඝො අනුකම්පං උපාදාය.
Sinhala BJTආර්‍ය්‍යයෙනි, මෙනම් ආර්‍ය්‍යයාවගේ උපසම්පදාපේක්ෂිකා වූ මෙනම් ඇත්තී භික්‍ෂුණිසඞ්ඝයා කෙරෙහි පිරිසුදු වූවා එක් පක්ෂයෙකින් උපසපන් වූ ය. ඕ කිසියම් අනතුරක් නිසා නො පැමිණෙයි. ආර්‍ය්‍යයෙනි, මෙනම් ඇත්තී දෙවනු ද සඞ්ඝයාගෙන් උපසම්පදාව යදියි. ආර්‍ය්‍යයෙනි, සඞ්ඝයා අනුකම්පා කොට ඇය හෙරණ බැවින් නඟාසිටුවනසේක්වා.
Pali BJTඉත්ථන්නාමා අය්යා ඉත්ථන්නාමාය අය්යාය උපසම්පදාපෙඛා එකතො උපසම්පන්නා භික්ඛුනීසඞ්ඝෙ විසුද්ධා. සා කෙනචිදෙව අන්තරායෙන න ආගච්ඡති. තතියම්පි අය්යා ඉත්ථන්නාමා සඞ්ඝං උපසම්පදං යාචති. උල්ලුම්පතු තං අය්යා, සඞ්ඝො අනුකම්පං උපාදායාති.
Sinhala BJTආර්‍ය්‍යයෙනි, මෙනම් ආර්‍ය්‍යාවගේ උපසම්පදාපේක්ෂිකා වූ මෙනම් ඇත්තී භික්‍ෂුණි සඞ්ඝයා කෙරෙහි පිරිසිදු වූවා එක් පක්ෂයෙකින් උපසපන් වූ ය. ඕ කිසියම් අනතුරක් නිසා නො පැමිණෙයි. ආර්‍ය්‍යයෙනි, මෙනම් ඇත්තී තෙවනු ද සඞ්ඝයාගෙන් උපසම්පදාව යදියි. ආර්‍ය්‍යයෙනි, සඞ්ඝයා අනුකම්පා කොට ඇය හෙරණ බැවින් නඟාසිටුවනසේක්වා’ යි.
Pali BJTව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො: සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. ඉත්ථන්නාමා ඉත්ථන්නාමාය උපසම්පදාපෙඛා. එකතො උපසම්පන්නා භික්ඛුනීසඞ්ඝෙ විසුද්ධා. සා කෙනචිදෙව අන්තරායෙන න ආගච්ඡති. ඉත්ථන්නාමා සඞ්ඝං උපසම්පදං යාචති ඉත්ථන්නාමාය පවත්තිනියා. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො ඉත්ථන්නාමං උපසම්පාදෙය්ය ඉත්ථන්නාමාය පවත්තිනියා”. එසා ඤත්ති.
Sinhala BJTව්‍යක්ත ප්‍රතිබල භික්‍ෂූවක්හු විසින් (මෙසේ) දැන්වියයුතු. “වහන්ස, සඞ්ඝයා ම බස් අසාවා. මෙනම් ඇත්තියගේ උපසම්පදාපෙක්ෂිකා වූ මෙනම් ඇත්තී භික්‍ෂුණී සඞ්ඝයා කෙරෙහි පිරිසුදු වූවා එක් පක්ෂයෙකින් උපසපන් වූ ය. ඕ කිසියම් අනතුරක් නිසා නො පැමිණෙයි. මෙනම් ඇත්තී මෙනම් ඇත්තිය පවත්තිනිය කොට සඞ්ඝයාගෙන් උපසම්පදාව යදියි. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වේ නම් සඞ්ඝයා මෙනම් ඇත්තිය පවත්තිනිය කොට මෙනම් ඇත්තිය උපසම්පදා කරන්නේ ය”. මේ ඥප්ති යි.
Pali BJT“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. ඉත්ථන්නාමා ඉත්ථන්නාමාය උපසම්පදාපෙඛා එකතො උපසම්පන්නා භික්ඛුනීසඞ්ඝෙ විසුද්ධා. සා කෙනචිදෙව අන්තරායෙන නාගච්ඡති. ඉත්ථන්නාමා සඞ්ඝං උපසම්පදං යාචති ඉත්ථන්නාමාය පවත්තිනියා. සඞ්ඝො ඉත්ථන්නාමං උපසම්පාදෙති ඉත්ථන්නාමාය පවත්තිනියා. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමාය උපසම්පදා ඉත්ථන්නාමාය පවත්තිනියා. සො තුණ්හස්ස. යස්ස නක්ඛමති සො භාසෙය්ය.
Sinhala BJT“වහන්ස, සඞ්ඝයා මබස් අසාවා. මෙනම් ඇත්තියගේ උපසම්පදාපේක්ෂිකා වූ මෙනම් ඇත්තී භික්‍ෂුණීසඞ්ඝයා කෙරෙහි පිරිසුදු වූවා එක් පක්ෂයෙකින් උපසපන් වූ ය. ඕ කිසියම් අනතුරක් නිසා නො පැමිණෙයි. මෙනම් ඇත්තී මෙනම් ඇත්තිය පවත්තිනිය කොට සඞ්ඝයාගෙන් උපසම්පදාව යදියි. සඞ්ඝයා මෙනම් ඇත්තිය පවත්තිනිය කොට මෙනම් ඇත්තිය උපසම්පදා කරයි. මෙනම් ඇත්තිය පවත්තිනිය කොට මෙනම් ඇත්තියගේ උපසම්පදාව යම් ආයුෂ්මත් කෙනකුට රුචි වේ නම් උන්වහන්සේ නිහඬ වන්නාහ. යම් කෙනකුට රුචි නො වේ නම් උන්වහන්සේ කථා කරන්නාහ.
Pali BJTදුතියම්පි එතමත්ථං වදාමි -පෙ- තතියම්පි එතමත්ථං වදාමි: සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. ඉත්ථන්නාමා ඉත්ථන්නාමාය උපසම්පදාපෙඛා. එකතො උපසම්පන්නා භික්ඛුනීසඞ්ඝෙ විසුද්ධා. සා කෙනචිදෙව අන්තරායෙන නාගච්ඡති. ඉත්ථන්නාමා සඞ්ඝං උපසම්පදං යාචති ඉත්ථන්නාමාය පවත්තිනියා. සඞ්ඝො ඉත්ථන්නාමං උපසම්පාදෙති ඉත්ථන්නාමාය පවත්තිනියා. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමාය උපසම්පදා ඉත්ථන්නාමාය පවත්තිනියා. සො තුණ්හස්ස. යස්ස නක්ඛමති සො භාසෙය්ය.
Sinhala BJTදෙවනු ද මේ කරුණ කියමි ... තෙවනු ද මේ කරුණ කියමි. වහන්ස, සඞ්ඝයා මබස් අසාවා. මෙනම් ඇත්තියගේ උපසම්පදාපේක්ෂිකා වූ මෙනම් ඇත්තී භික්‍ෂුණි සඞ්ඝයා කෙරෙහි පිරිසුදු වූවා එක් පක්ෂයෙකින් උපසපන් වූ ය. ඕ කිසියම් අනතුරක් නිසා නො පැමිණෙයි. මෙනම් ඇත්තී මෙනම් ඇත්තිය පවත්තිනිය කොට සඞ්ඝයාගෙන් උපසම්පදාව යදියි. සඞ්ඝයා මෙනම් ඇත්තිය පවත්තිනිය කොට මෙනම් ඇත්තිය උපසම්පදා කරයි. මෙනම් ඇත්තිය පවත්තිනිය කොට මෙනම් ඇත්තියගේ උපසම්පදාව යම් ආයුෂ්මත් කෙනකුට රුචි වේ නම් උන්වහන්සේ නිහඬ වන්නාහ. යම් කෙනකුට රුචි නො වේ නම් උන්වහන්සේ කථා කරන්නාහ.
Pali BJTඋපසම්පන්නා සඞ්ඝෙන ඉත්ථන්නාමා ඉත්ථන්නාමාය පවත්තිනියා. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJT“මෙනම් ඇත්තිය පවත්තිනිය කොට මෙනම් ඇත්තී සඞ්ඝයා විසින් උපසපන් කරන ලද, (එය) සඞ්ඝයාට රුචි වෙයි. එහෙයින් නිහඬ වෙයි. මෙසේ මෙය දරමි”යි.
Pali BJTතාවදෙව ඡායා මෙතබ්බා, උතුපමාණං ආචික්ඛිතබ්බං. දිවසභාගො ආචික්ඛිතබ්බො. සංගීති ආචික්ඛිතබ්බා. භික්ඛුනියො වත්තබ්බා තස්සා තයො ච නිස්සයෙ අට්ඨ ච අකරණීයානි ආචික්ඛෙය්යාථාති.
Sinhala BJTඑකෙණෙහි ම සෙවනැල්ල මිනියයුතු, ඍතුප්‍රමාණය කියයුතු. දිවසභාගය කියයුතු, එ හැම එක් කොට සංගිතිය කියයුතු, ඇයට ‘නිස්සය තුන ද අකරණීය අට ද කියාදෙව’ යි භික්‍ෂූණින්ට කියයුතු යි.
Pali BJT69. තෙන ඛො පන සමයෙන භික්ඛුනියො අරඤ්ඤෙ විහරන්ති. ධුත්තා දූසෙන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ භික්ඛුනියා අරඤ්ඤෙ වත්ථබ්බං, යා වසෙය්ය ආපත්ති දුක්කටස්සාති”. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරෙන උපාසකෙන භික්ඛුනීසඞ්ඝස්ස උද්දොසිතො දින්නො හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ උද්දොසිතන්ති”. උද්දොසිතො න සම්මති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ උපස්සයන්ති”. උපස්සයො න සම්මති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ නවකම්මන්ති”. නවකම්මං න සම්මති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ පුග්ගලිකම්පි කාතුන්ති”.
Sinhala BJT69. එසමයෙහි භික්‍ෂුණීහු අරණ්‍යයෙහි වෙසෙත්. ධූර්‍තයෝ (ඔවුන්) දූෂණය කෙරෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ කරුණ සැලකළහ. “මහණෙනි, මෙහෙණ විසින් ආරණ්‍යයෙහි නො විසිය යුතු යම් මෙහෙණක් වෙසේ නම්, දුකුළා ඇවැත් වේ” යි. එසමයෙහි එක්තරා උවසුවකු විසින් භික්‍ෂුණිසඞ්ගයාට භාණ්ඩශාලාවක් දෙන ලද්දේ වෙයි. භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැලකළහ. “මහණෙනි, භාණ්ඩශාලාව අනුදනිමි” යි (වදාළහ). භාණ්ඩශාලාව නො සෑහෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැලකළහ. “මහණෙනි, මෙහෙණවර අනුදනිමි” යී. මෙහෙණවර නො පොහෝනේ වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැලකළහ. “මහණෙනි, නවකර්‍ම අනුදනිමි” යි. නවකර්‍මය නො පොහෝනේ වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැලකළහ. “මහණෙනි, පෞද්ගලික ගෙයක් කරන්නට අනුදනිමි” යි.
Pali BJT70. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරා ඉත්ථී සන්නිසින්නගබ්භා භික්ඛුනීසු පබ්බජිතා හොති. තස්සා පබ්බජිතාය ගබ්භො වුට්ඨාති. අථ ඛො තස්සා භික්ඛුනියා එතදහොසි: කථන්නු ඛො මයා ඉමස්මිං දාරකෙ පටිපජ්ජිතබ්බන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ පොසෙතුං යාව සො දාරකො විඤ්ඤුතං පාපුණාතී”ති.
Sinhala BJT70. එ සමයෙහි එක්තරා ස්ත්‍රියක් අප්‍රකට ව පිහිටි ගැබ් ඇත්තී භික්‍ෂූණින් වෙත පැවිදිවූ ය. ඇය පැවිදි වූ කල ගැබ නැඟී සිටියේ ය. (බිහි විය) ඉක්බිති ඒ භික්‍ෂුණියට මේ සිත විය: මේ දරුවා කෙරෙහි මා කෙසේ පිළිපැදියයුතු දැ යි. භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැලකළහ. “මහණෙනි, ඒ දරුවා නුවණැති බවට පැමිණෙන තුරු පෝෂණය කරන්නට අනුදනිමි” යි (වදාළසේක).
Pali BJTඅථ ඛො තස්සා භික්ඛුනියා එතදහොසි: මයා ච න ලබ්භා එකිකාය වත්ථුං, අඤ්ඤාය ච භික්ඛුනියා න ලබ්භා දාරකෙන සහ වත්ථුං, කථන්නු ඛො මයා පටිපජ්ජිතබ්බන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ එකං භික්ඛුනිං සම්මන්නිත්වා තස්සා භික්ඛුනියා දුතියං දාතුං. එවඤ්ච පන භික්ඛවෙ සම්මන්නිතබ්බා: පඨමං භික්ඛුනී යාචිතබ්බා. යාචිත්වා ව්යත්තාය භික්ඛුනියා පටිබලාය සඞ්ඝො ඤාපෙතබ්බො: සුණාතු මෙ අය්යෙ සඞ්ඝො. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුනිං සම්මන්නෙය්ය ඉත්ථන්නාමාය භික්ඛුනියා දුතියං. එසා ඤත්ති.
Sinhala BJTඉක්බිති ඒ භික්‍ෂුණියට මේ අදහස විය: මා විසින් තනි ව වසන්ට ද නො හැකි ය. අනිත් භික්‍ෂූණියකට ද (පිරිමි) දරුවකු සමග වසන්ට නො හැකි ය. මා කෙසේ පිළිපැදියයුතු දැ යි. භාග්‍යවතුන් වහන්සේට මෙ කරුණ සැලකළහ. “මහණෙනි, එක් මෙහෙණක් සම්මත කොට ඇය ඒ මෙහෙණට සහාය කොට දෙන්නට අනුදනිමි. මහණෙනි, මෙසේ සම්මත කළයුතු. පළමු ව ඒ මෙහෙණගෙන් (කැමැත්ත) ඉල්වියයුතු, ඉල්වා ව්‍යක්ත ප්‍රතිබල මෙහෙණක විසින් සඞ්ඝයා (මෙසේ) දැන්වියයුතු. ආර්‍ය්‍ය‍වෙනි සඞ්ඝයා මබස් අසාවා. ඉදින් සඞ්ඝයාට පැමිණිකල් වේ නම් මෙනම් භික්‍ෂුණිය මෙනම් භික්‍ෂූණියගේ දෙවැන්නක (සහායිකා) කොට සම්මත කරන්නේ ය. මේ ඥප්ති යි.
Pali BJTසුණාතු මෙ අය්යෙ සඞ්ඝො, සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුනිං සම්මන්නති ඉත්ථන්නාමාය භික්ඛුනියා දුතියං. යස්සා අය්යාය ඛමති ඉත්ථන්නාමාය භික්ඛුනියා සම්මුති ඉත්ථන්නාමාය භික්ඛුනියා දුතියාය. සා තුණ්හස්ස. යස්සා නක්ඛමති සා භාසෙය්ය. සම්මතා සඞ්ඝෙන ඉත්ථන්නාමා භික්ඛුනී ඉත්ථන්නාමාය භික්ඛුනියා දුතියා. ඛමති සඞ්ඝස්ස තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJTආර්‍ය්‍යාවෙනි, සඞ්ඝයා මබස් අසාවා. මෙනම් භික්‍ෂුණිය මෙනම් භික්‍ෂූණියගේ දෙවැන්න (සහායිකා) කොට සඞ්ඝයා සම්මත කරයි. මෙනම් භික්‍ෂූණියගේ දෙවැන්න (සහායිකා) කොට මෙනම් භික්‍ෂූණියගේ සම්මුතිය යම් ආර්‍ය්‍යාවකට රුචි වේ නම් ඕ නිහඬ වන්නී ය. යම් ආර්‍ය්‍යාවකට රුචි නො වේ නම්, ඕ කියන්නී ය. මෙනම් භික්‍ෂුණි මෙනම් භික්‍ෂූණියගේ දෙවැන්න (සහායිකා) කොට සඞ්ඝයා විසින් සම්මත කරන ලද්දී ය. සඞ්ඝයාට (එය) රුචි වෙයි. එහෙයින් නිහඬ ය. මෙය මෙසේ දරමි’ යි.
Pali BJTඅථ ඛො තස්සා දුතියිකාය භික්ඛුනියා එතදහොසි: කථන්නු ඛො මයා ඉමස්මිං දාරකෙ පටිපජ්ජිතබ්බන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ ඨපෙත්වා සාගාරං යථා අඤ්ඤස්මිං පුරිසෙ පටිපජ්ජන්ති එවං තස්මිං දාරකෙ පටිපජ්ජිතුන්ති”.
Sinhala BJTඉක්බිති ඒ සහායක භික්‍ෂුණියට මේ අදහස විය. මේ දරුවා කෙරෙහි මා කෙසේ පිළිපැදියයුතු දැ යි. භාග්‍යවතුන් වහන්සේට මෙ කරුණ සැලකළහ. “මහණෙනි, එකගෙහි නිදීම (සමග නිදීම) හැර අන් පුරුෂයකු කෙරෙහි යම්සේ පිළිපදිත් ද එසේ ඒ දරුවා කෙරෙහි ද පිළිපදින්නට අනුදනිමි” යි (වදාළහ.)
Pali BJTතෙන ඛො පන සමයෙන අඤ්ඤතරා භික්ඛුනී ගරුධම්මං අජ්ඣාපන්නා හොති මානත්තචාරිනී. අථ ඛො තස්සා භික්ඛුනියා එතදහොසි: මයා ච න ලබ්භා එකිකාය වත්ථුං. අඤ්ඤාය ච භික්ඛුනියා න ලබ්භා සහ මයා වත්ථුං. කථන්නු ඛො මයා පටිපජ්ජිතබ්බන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ එකං භික්ඛුනිං සම්මන්නිත්වා තස්සා භික්ඛුනියා දුතියං දාතුං. එවඤ්ච පන භික්ඛවෙ සම්මන්නිතබ්බා. පඨමං භික්ඛුනී යාචිතබ්බා. යාචිත්වා ව්යත්තාය භික්ඛුනියා පටිබලාය සඞ්ඝො ඤාපෙතබ්බො: සුණාතු මෙ අය්යෙ සඞ්ඝො යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුනිං සම්මන්නෙය්ය ඉත්ථන්නාමාය භික්ඛුනියා දුතියං. එසා ඤත්ති.
Sinhala BJTඑසමයෙහි එක් භික්‍ෂූණියක් ගරු ඇවතකට පැමිණියා මානෙතහි හැසිරෙන්නී වෙයි. ඉක්බිති ඒ භික්‍ෂුණියට මේ අදහස විය. “මට තනි ව වසන්ට ද නො හැකි ය. අනිත් භික්‍ෂූණියකට ද මා සමඟ වසන්ට නො හැකි ය. මා කෙසේ පිළිපැදියයුතු දැ” යි. භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැලකළහ. “මහණෙනි, එක් භික්‍ෂූණියක් සම්මත කොට ඒ භික්‍ෂුණියට සහාය (දෙවැන්නක) ලෙස දෙන්නට අනුදනිමි. මහණෙනි, මෙසේ සම්මත කළයුතු. පළමුව (ඒ) භික්‍ෂූණියගේ කැමැත්ත ඉල්වියයුතු. ඉල්වා ව්‍යක්ත ප්‍රතිබල භික්‍ෂූණියක විසින් සඞ්ඝයා මෙසේ දැන්වියයුතු. ආර්‍ය්‍යාවෙනි, සඞ්ඝයා මබස් අසාවා. ඉදින් සඞ්ඝයාට පැමිණිකල් වේ නම් සඞ්ඝයා මෙනම් භික්‍ෂුණිය මෙනම් භික්‍ෂුණියගේ දෙවැන්න (සහායිකා) ලෙස සම්මත කරන්නේ ය. මේ ඥප්ති යි.
Pali BJT“සුණාතු මෙ අය්යෙ සඞ්ඝො. සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුනිං සම්මන්නති ඉත්ථන්නාමාය භික්ඛුනියා දුතියං. යස්සා අය්යාය ඛමති ඉත්ථන්නාමාය භික්ඛුනියා සම්මුති ඉත්ථන්නාමාය භික්ඛුනියා දුතියං. සා තුණ්හස්ස, යස්සා නක්ඛමති සා භාසෙය්ය. සම්මතා සඞ්ඝෙන ඉත්ථන්නාමා භික්ඛුනී ඉත්ථන්නාමාය භික්ඛුනියා දුතියා. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමීති”.
Sinhala BJT“ආර්‍ය්‍යාවෙනි, සඞ්ඝයා මබස් අසාවා. සඞ්ඝයා මෙනම් භික්‍ෂුණිය මෙනම් භික්‍ෂූණියගේ දෙවැන්න (සහායිකා) ලෙස සම්මත කරයි. මෙනම් භික්‍ෂූණියගේ දෙවැන්න ලෙස මෙනම් භික්‍ෂුණිය සම්මත කිරීම යම් ආර්‍ය්‍යාවකට රුචි වේ නම් ඕ නිහඬ වන්නී ය. යම් ආර්‍ය්‍යාවකට රුචි නො වේ නම් ඕ කියන්නී ය. මෙනම් භික්‍ෂුණි මෙනම් භික්‍ෂූණියගේ දෙවැන්න ලෙස සඞ්ඝයා විසින් සම්මත කරන ලද්දී ය. (එය) සඞ්ඝයාට රුචි වෙයි. එහෙයින් නිහඬ ය. මෙය මෙසේ දරමි” යී.
Pali BJT71. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරා භික්ඛුනී සික්ඛං පච්චක්ඛාය විබ්භමි. සා පුන පච්චාගන්ත්වා භික්ඛුනියො උපසම්පදං යාචි. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න{1} භික්ඛවෙ භික්ඛුනියා සික්ඛාපච්චක්ඛානං යදෙව සා විබ්භන්තා තදෙව සා අභික්ඛුනී”ති.
Sinhala BJT71. එසමයෙහි එක්තරා භික්‍ෂූණියක් ශික්‍ෂාව ප්‍රතික්‍ෂේප කොට සිවුරු හැර ගියා ය. ඕ නැවත පෙරළා අවුත් භික්‍ෂූණීන්ගෙන් උපසම්පදාව ඉල්ලූ ය. භාග්‍යවතුන් වහන්සේට මෙ කරුණ සැල කළහ. “මහණෙනි, මෙහෙණකගේ ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යානයක් නැත. යම් විටෙක ඕ සිවුරු හළුවා ද එවිට ම ඕ අභික්ෂුණියක් වූවා” යි.
Pali BJTතෙන ඛො පන සමයෙන අඤ්ඤතරා භික්ඛුනී සකාසාවා{2} තිත්ථායතනං සඞ්කමි. සා පුන පච්චාගන්ත්වා භික්ඛුනියො උපසම්පදං යාචි. භගවතො එතමත්ථං ආරොචෙසුං. යා “සා භික්ඛවෙ භික්ඛුනී සකාවාසා තිත්ථායතනං සඞ්කන්තා සා පුන ආගතා න උපසම්පාදෙතබ්බා”ති.
Sinhala BJTඑසමයෙහි එක්තරා භික්‍ෂූණියක් කාෂාය වස්තූ සහිතව තීර්ථායතනයකට ගියා ය. ඕ නැවත පෙරළා අවුත් භික්‍ෂූණීන්ගෙන් උපසම්පදාව ඉල්ලූ ය. භාග්‍යවතුන් වහන්සේට මෙ කරුණ සැල කළහ. “මහණෙනි, යම් මෙහෙණක් සිවුරු සහිත ව තීර්ථායතනයකට ගියා ද නැවත පැමිණි ඕ උපසපන් නො කළ යුත්තී ය” යි වදාළහ.
Pali BJT72. තෙන ඛො පන සමයෙන භික්ඛුනියො පුරිසෙහි අභිවාදනං කෙසච්ඡෙදනං නඛච්ඡෙදනං වණපටිකම්මං කුක්කුච්චායන්තා න සාදියන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ සාදිතුන්ති.
Sinhala BJT72. එසමයෙහි භික්‍ෂුණීහු කුකුස් කරන්නාහු පුරුෂයන්ගෙන් වැඳීම, කෙස් සිඳීම, නිය සිඳීම, වණ පිළියම් නො ඉවසත්, භාග්‍යවතුන් වහන්සේට මෙ කරුණ සැලකළහ. “මහණෙනි, ඉවසන්නට අනුදනිමි” යි (වදාළහ.)
Pali BJTතෙන ඛො පන සමයෙන භික්ඛුනියො පල්ලඞ්කෙන නිසීදන්ති. පණ්හීසම්ඵස්සං සාදියන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ භික්ඛුනියා පල්ලඞ්කෙන නිසීදිතබ්බං. යා නිසීදෙය්ය ආපත්ති දුක්කටස්සාති”.
Sinhala BJTඑසමයෙහි භික්‍ෂුණීහු පර්‍ය්‍යඞ්කයෙන් හිඳිත්, විළුඹ ගැටීම, ඉවසත්, භාග්‍යවතුන් වහන්සේට මෙ කරුණ සැලකළහ. “මහණෙනි, මෙහෙණ ’ විසින් පර්‍ය්‍යඞ්කයෙන් නො හිඳියයුතු. යම් මෙහෙණක් හිඳී නම් දුකුළා ඇවැත් වේ” යී (වදාළහ.)
Pali BJT73. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරා භික්ඛුනී ගිලානා හොති. තස්සා විනා පල්ලඞ්කෙන න ඵාසු හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ භික්ඛුනියා අඩ්ඪපල්ලඞ්කන්ති”.
Sinhala BJT73. එසමයෙහි එක්තරා භික්‍ෂූණියක් ගිලන් වූ ය. ඇයට පර්‍ය්‍යඞ්කයෙන් හිඳීම් හැර පහසු නො වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ කරුණ සැලකළහ. “මහණෙනි, භික්‍ෂුණියට අර්‍ධ පර්‍ය්‍යඞ්කය අනුදනිමි” යි.
Pali BJTතෙන ඛො පන සමයෙන භික්ඛුනියො වච්චකුටියා වච්චං කරොන්ති. ඡබ්බග්ගියා භික්ඛුනියො තත්ථෙව ගබ්භං පාතෙන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ භික්ඛුනියා වච්චකුටියා වච්චො කාතබ්බො. යා කරෙය්ය ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ හෙට්ඨා විවටෙ උපරි පටිච්ඡන්නෙ වච්චං කාතුන්ති”.
Sinhala BJTඑසමයෙහි භික්‍ෂුණීහු වැසිකිළියෙහි අස්පස්කිස කෙරෙත්. සවග මෙහෙණෝ එහි ම ගැබ් හෙළත්, භාග්‍යවතුන් වහන්සේට මෙ කරුණ සැලකළහ. “මහණෙනි, භික්‍ෂුණිය විසින් වැසිකිළියෙහි අස්පස්කිස නොකළයුතු.. යම් මෙහෙණක් කෙරේ නම් දුකුළා ඇවැත් වේ. මහණෙනි, යට විවර වූ මත්තෙහි වසන ලද (ස්ථානයෙහි) අස්පස්කිස කරන්නට අනුදනිමි” යි.
Pali BJT74. තෙන ඛො පන සමයෙන භික්ඛුනියො චුණ්ණෙන නහායන්ති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති සෙය්යථාපි ගිහී කාමභොගිනියොති{1}. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ භික්ඛුනියා චුණ්ණෙන නහායිතබ්බං. යා නහායෙය්ය ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ කුක්කුසං මත්තිකන්ති”.
Sinhala BJT74. එසමයෙහි භික්‍ෂුණීහු සුණුයෙන් (ඇඟ සුවඳ කුඩු තවරමින්) නහත්. ගිහී කාමභෝගිනීන් මෙනැ යි මිනිස්සු ලමු කොට සිතති, නුගුණ කියති, දොස් පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ කරුණ සැලකළහ. “මහණෙනි, මෙහෙණ විසින් සුණුයෙන් නො නෑයුතු. යම් මෙහෙණක් නඟන්නී නම් දුකුළා ඇවැත් වේ. මහණෙනි, කුඩු හා මැටි ද අනුදනිමි” යි.
Pali BJTතෙන ඛො පන සමයෙන භික්ඛුනියො වාසිතකාය මත්තිකාය නහායන්ති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති. සෙය්යථාපි ගිහී කාමභොගිනියොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ භික්ඛුනියා වාසිතකාය මත්තිකාය නහායිතබ්බං. යා නහායෙය්ය ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ පකතිමත්තිකන්ති”.
Sinhala BJTඑසමයෙහි භික්‍ෂුණීහු සුවඳ කවන ලද මැටියෙන් නහත්. ගිහී කාමභෝගිනීන් මෙනැ යි මිනිස්සු ලමු කොට සිතති, නුගුණ කියති, දොස් පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැලකළහ. “මහණෙනි, මෙහෙණ විසින් සුවඳ කවන ලද මැටියෙන් නො නෑ යුතු. යම් මෙහෙණක් නහන්නී නම් දුකුළා ඇවත් වේ. මහණෙනි, පියවි මැටි අනුදනිමි” යි.
Pali BJT75. තෙන ඛො පන සමයෙන භික්ඛුනියො ජන්තාඝරෙ නහායන්තියො කොලාහලං අකංසු. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ භික්ඛුනියා ජන්තාඝරෙ නහායිතබ්බං. යා නහායෙය්ය ආපත්ති දුක්කටස්සාති”.
Sinhala BJT75. එසමයෙහි භික්‍ෂුණීහු ගිනිහල්ගෙහි නහන්නාහු කෝලාහල කළහ. භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැලකළහ. “මහණෙනි, මෙහෙණ විසින් ගිනිහල්ගෙහි නො නෑයුතු. යම් මෙහෙණක් නහන්නී නම් දුකුළා ඇවැත් වේ” යි.
Pali BJTතෙන ඛො පන සමයෙන භික්ඛුනියො පටිසොතෙ නහායන්ති ධාරාසම්ඵස්සං සාදියන්තා. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ භික්ඛුනියා පටිසොතෙ නහායිතබ්බං. යා නහායෙය්ය ආපත්ති දුක්කටස්සාති”.
Sinhala BJTඑසමයෙහි භික්‍ෂුණීහු ධාරා ස්පර්‍ශය ඉවසමින් ප්‍රතිස්‍රොතස්හි ස්නාන කෙරෙත්, භාග්‍යවතුන් වහන්සේට මෙ කරුණ සැලකළහ. “මහණෙනි, මෙහෙණ විසින් උඩුහොය නො නෑයුතු. යම් මෙහෙණක් නහන්නී නම් දුකුළා ඇවැත් වේ” යි.
Pali BJTතෙන ඛො පන සමයෙන භික්ඛුනියො අතිත්ථෙ නහායන්ති. ධුත්තා දූසෙන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ භික්ඛුනියා අතිත්ථෙ නහායිතබ්බං. යා නහායෙය්ය ආපත්ති දුක්කටස්සාති”.
Sinhala BJTඑසමයෙහි භික්‍ෂුණීහු නොතොටෙහි නහත්. ධුර්තයෝ දූෂණය කෙරෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැලකළහ. “මහණෙනි, මෙහෙණ විසින් නොතොටෙහි නො නෑයුතු. යම් මෙහෙණක් නහන්නී නම් දුකුළා ඇවැත් වේ’ යි.
Pali BJT76. තෙන ඛො පන සමයෙන භික්ඛුනියො පුරිසතිත්ථෙ නහායන්ති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති සෙය්යථාපි ගිහී කාමභොගිනියොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ භික්ඛුනියා පුරිසතිත්ථෙ නහායිතබ්බං. යා නහායෙය්ය ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ මහිලාතිත්ථෙ නහායිතුන්ති”.
Sinhala BJT76. එසමයෙහි භික්‍ෂුණීහු පුරුෂයන්ගේ තොටෙහි නහත්. ගිහී කාමභෝගිනීන් මෙනැ යි මිනිස්සු ලමු කොට සිතති. නුගුණ කියති, දොස් පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ කරුණ සැලකළහ. “මහණෙනි, මෙහෙණ විසින් පුරුෂයන්ගේ තොටෙහි නො නෑයුතු. යම් මෙහෙණක් නහන්නී නම් දුකුළා ඇවැත් වේ. මහණෙනි, මෙහෙලියන්ගේ තොටෙහි නහන්නට අනුදනිමි” යි (වදාළසේක.)
Pali BJTතතිය භාණවාරං.
Sinhala BJTතෙවැනි බණවරයි.
Pali BJTභික්ඛුනීක්ඛන්ධකං දසමං.
Sinhala BJTදසවැනි භික්ඛුනීඛන්‍ධක යි.
Pali BJTඉමම්හි ඛන්ධකෙ වත්ථූ එකසතං ඡ{2}
Sinhala BJTමේ ඛන්‍ධකයෙහි වස්තු එක්සිය සයෙකි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උදානය මෙසේ යි:
Pali BJT1. පබ්බජ්ජං ගොතමී යාචි නානුඤ්ඤාසි තථාගතො කපිලවත්ථු වෙසාලිං අගමාසි විනායකො.
Sinhala BJT1. ගෝතමී පැවිද්ද ඉල්වූ ය. තථාගතයන් වහන්සේ නො අනුදත්හ. විනායකයන් වහන්සේ කිඹුල්වතින් විසාලාවට වැඩිසේක.
Pali BJT2. රජොකිණ්ණෙන කොට්ඨකෙ ආනන්දස්ස පවෙදයි භබ්බොති නයතො යාචි මාතාති පොසිකාති ච.
Sinhala BJT2. රජස් වැකුණු සිරුරින් දොරකොටුවෙහි දී ආනන්‍ද හිමියන්ට දැන්වී ය. මවය පොෂණය කළ තැනැත්තිය යී කියමින් පැවිද්දට සුදුසු යැ යි නය වශයෙන් යැදී ය.
Pali BJT3. වස්සසතං තදහු ච අභික්ඛුපච්චාසිංසනා පවාරණා ගරුධම්මා ද්වෙ වස්සා අනක්කොසනා.
Sinhala BJT3. වස්සසත, තදහුපබ්බජිත, අභික්ඛුක ආවාස, පච්චාසිංසන, පවාරණ, ගරුධම්ම, දෙවධම්මා, අනක්කොසන,
Pali BJT4. ඔවටො ච අට්ඨ ධම්මා යාවජීවානුවත්තනා ගරුධම්මපටිග්ගාහො සාවස්සා උපසම්පදා.
Sinhala BJT4. ඔවට යන අෂ්ට ධර්‍මයෝ යාවජීවයෙන් පැවැත්විය යුත්තාහ. ඒ ගරුධම්ම පිළිගැනීම ම ඇයගේ උපසම්පදාව වීය.
Pali BJT5. වස්සසහස්සං පඤ්චෙව කුම්භථෙනක සෙතට්ඨි මඤ්ජෙට්ඨික උපමාහි එවං සද්ධම්මහිංසනා.
Sinhala BJT5. වස්සසහස්ස, පඤ්චසතවස්ස ද, කුම්භත්ථෙන, සෙතට්ඨි, මඤ්ජේට්ඨික, යන උපමාවලින් සද්ධර්‍මය පිරිහීම දැක්වීම ද,
Pali BJT6. ආලිං බන්ධෙය්යුපමාහි{1} පුන සද්ධම්මසණ්ඨිති උපසම්පාදෙතුං අය්යා යථා වුඩ්ඪාභිවාදනා.
Sinhala BJT6. ආලිබන්ධන උපමාවෙන් යළි සද්ධර්‍මයෙහි සංස්ථිතිය දැක්වීම ද, උපසම්පදා කිරීම, වැඩිමහලු පිළිවෙළින් වැඳීම,
Pali BJT7. න කරිස්සන්ති කිමෙව සාධාරණාසාධාරණං ඔවාදං පාතිමොක්ඛඤ්ච කෙන නු ඛො උපස්සයං.
Sinhala BJT7. නො කිරීම ද, කුමකට පනවම් දැ යි දෙසීම ද, සාධාරණ අසාධාරණ ශික්‍ෂාපද ද, අවවාද දීම, ප්‍රාතිමෝක්‍ෂය, කවරකු භික්‍ෂුණි ආරාමයට එළඹියයුතු ද (යන කරුණු ද,)
Pali BJT8. න ජානන්ති ච ආචික්ඛි න කරොන්ති ච භික්ඛූහි පටිග්ගහෙතුං භික්ඛූහි භික්ඛුනීහි පටිග්ගහො.
Sinhala BJT8. (පාමොක් උදෙසීම) නො දනිත්, (භික්‍ෂූණීන්ට) නො කියත්. ඇවතට පිළියම් නො කෙරෙත්, භික්‍ෂූන් විසින් ඇවැත් පිළිගැනීම, ඇවැත් පිළිගැනීම භික්‍ෂූන් විසින් භික්‍ෂූණීන්ට කියාදීම.
Pali BJT9. ආචික්ඛි කම්මං භික්ඛූහි උජ්ඣායන්ති භික්ඛුනීහි වා ආචික්ඛං භණ්ඩනඤ්ච රොපෙත්වා උපලාය ච.
Sinhala BJT9. ආචිකඛනය, භික්‍ෂූන් විසින් සඞ්ඝකර්‍ම කිරීම, මිනිසුන්ගේ දොස් කීම, භික්‍ෂූණින් විසින් කර්‍ම කිරීම, භික්‍ෂූන් විසින් කියාදීම, කලහ කිරීම, කර්‍ම ආරෝපණය කිරීම හා උප්පලවණ්ණනා පුවත ද, සාවත්ථියෙහි, මඩවතුර ඉසීම,
Pali BJT10. සාවත්ථියා කද්දමොද අවන්දි කාය ඌරු ච අඞ්ගජාතඤ්ච ඔභාසං සම්පයොජෙන්ති වග්ගිකා
Sinhala BJT10 .සාවත්ථියෙහි, මඩවතුර ඉසීම, අවන්‍දිය බව, ඡබ්බග්ගිය භික්‍ෂූණීන් ඌරු, අඞ්ගජාත දැක්වීම, ඔහාසනය, එකට ගැටීසිටීම,
Pali BJT11. අවන්දියො දණ්ඩකම්මං භික්ඛුනියො තථා පුන ආවරණඤ්ච ඔවාදං කප්පති නු ඛො පක්කමි.
Sinhala BJT11. අවන්‍දිය, දණඩකර්මය, භික්‍ෂූණින් ද එසේ කිරීම, ආවරණය අවවාද නැවැත්වීම, කැප දැ යි සිතීම, චාරිකාවෙහි නික්මීම,
Pali BJT12. බාලා වත්ථු විනිච්ඡයො ඔවාදං සඞ්ඝො පඤ්චහි දුවෙ තිස්සො න ගණ්හන්ති බාලා ගිලාන ගමිකා.
Sinhala BJT12. බාලා ය, වත්‍ථු ය, විනිච්ඡය ය, ඕවාද ය, සියලු සඞ්ඝයා ය. සතර පස්නම ය, දෙතුන්නම ය, අවවාද නො ගැනීම ය. බාලා, ගිලාන, ගමික,
Pali BJT13. ආරඤ්ඤිකා නාරොචෙන්ති න පච්චාගච්ඡන්ති ච. දීඝං විලීව චම්මඤ්ච දුස්සා ච වෙණි වට්ටි ච; චොළවෙණි ච වට්ටි ච සුත්තවෙණි ච වට්ටිකා.
Sinhala BJT13. ආරඤ්ඤික යන මොහු ද, න රොචන න පච්චාගමන දීඝ, විලීව, චම්ම, දුස්ස, වේණි, වට්ටි, චොළවෙණි, චෝළවට්ටි, සුත්තවේණි, සුත්තවටටිකා,
Pali BJT14. අට්ඨිල්ලං ගොහනුකෙන හත්ථකොච්ඡං පාදං තථා ඌරුං මුඛං දන්තමංසං ආලිම්පො මද්ද චුණ්ණනා.
Sinhala BJT14. අටඨිල්ල, ගොහනුක, හත්ථකොච්ඡ, පාද, පාදකොච්ඡ, ඌරු, මුඛ, දන්තමංස, ආලිම්පන, මද්දන, චුණ්ණන,
Pali BJT15. ලඤ්ඡෙන්ති අඞ්ගරාගඤ්ච මුඛරාගං තථා දුවෙ අවඞ්ගවිසෙසොලොකො සාලොකො සනච්චෙන ච
Sinhala BJT15. මුඛලඤ්ඡන, අඞ්ගරාග, මුඛරාග, අඞ්ගමුඛරාග, අවඞ්ග, විසෙසක, ඔලොකනක, සාලොක, සනචව,
Pali BJT16. වෙසී පානාගාරං සූනං ආපණං වඩ්ඪි වාණිජා දාසං දාසිං කම්මකරං කම්මකාරිං උපට්ඨහං{2}.
Sinhala BJT16. වේසී, පානාගාර, සූන, ආපණ, වඩඪී, වාණිජ (යන මේවා යෙදීම ද.) දාස, දාසී, කම්මකර, කම්මකාරී,
Pali BJT17. තිරච්ඡාන හරීතකී සන්ධාරයන්ති නමතකං නීලං පීතං ලොහිතකං මඤ්ජෙට්ඨ කණ්හ චීවරා.
Sinhala BJT17. තිරච්ඡාන-යන මොවුන්ට උවටැන් කිරීම ද, හරිතකී, නමතක දැරීම, නීල, පීත, ලෝහිත, මඤ්ජෙට්ඨ, කණ්හ චීවර ද,
Pali BJT18. මහාරඞ්ග මහානාම අච්ඡින්නා දීඝමෙව ච පුප්ඵ ඵල කංචුකඤ්ච තිරීටකඤ්ච ධාරයුං.
Sinhala BJT18. මහාරඞ්ග, මහානාම, අච්ජින්න, දීඝ, පුප්ඵ, ඵල කඤ්චුක තිරීටක යන සිවුරු දැරීම ද කළහ.
Pali BJT19. භික්ඛුනී සික්ඛමානාය සාමණෙරාය අච්චයෙ නීයාදිතෙ පරික්ඛාරෙ භික්ඛුනි චෙව ඉස්සරා.
Sinhala BJT19. භික්ඛුනී, සික්ඛමානා, සාමණේරා යන අයගේ අභාවයෙහි පිරිකර පවරනු ලැබූ කල්හි භික්‍ෂුණි හිමිකාරිය වේ.
Pali BJT20. භික්ඛුස්ස සාමණෙරස්ස, උපාසකස්සුපාසිකා අඤ්ඤෙසඤ්ච පරික්ඛාරෙ නිය්යාතෙ භික්ඛු ඉස්සරා
Sinhala BJT20. භික්‍ෂු, සාමණේර, උපාසක උපාසිකා සහ වෙනත් අයගේ පිරිකර පවරනු ලැබූ කල්හි භික්‍ෂූහු හිමියෝ වෙත්.
Pali BJT21. මල්ලිගබ්භං පත්තමූලං බ්යඤ්ජනං ආමිසෙන ච උස්සන්නඤ්ච බාළ්හතරං සන්නිධිකත මාමිසං.
Sinhala BJT21. පුරාණමල්ලී, ගර්‍භය, පාත්‍රමූලය, පුරුෂබ්‍යඤ්ජනය, ආමිසය, අධික ආමිසය, ඉතා අධික ආමිසය, සන්තිධිකත ආමිසය ද,
Pali BJT22. භික්ඛූනං යාදිසං හෙට්ඨං භික්ඛුනීනං තථා කරෙ සෙනාසනං උතුනියො මක්ඛීයති පටානි ච.
Sinhala BJT22. යට කියන ලද පරිදි භික්‍ෂූන්ට යම්සේ ද භික්‍ෂූණීන්ට ද එසේම කරන්නේ ය. සේනාසනය ද, උතුනී ද, වස්ත්‍ර ලෙයින් තැවරීම ද,
Pali BJT23. ඡිජ්ජන්ති සබ්බකාලඤ්ච අනිමිත්තාපි දිස්සරෙ නිමිත්තා ලොහිතා චෙව තථෙව ධුවලොහිතා.
Sinhala BJT23. හුය සිඳීම ද, සබ්බකාල ද, අනිමිත්තාදිය ද දක්නා ලැබෙත්, නිමිත්තා, ලොහිතා. එසේ ම ධුවලෝහිතා ද,
Pali BJT24. ධුවචොළ පග්ඝරණී සිඛරිණිත්ථි පණ්ඩකා වෙපුරිසී ච සම්භින්නා උභතොබ්යඤ්ජනා පි ච.
Sinhala BJT24. ධුවෙචාළා, පග්ඝරිණි, සිඛරිණී, ඉත්ථිපණ්ඩකා, වෙපුරිසී, සම්භිනනා, උභතොබ්‍යඤ්ජනා දැ යි,
Pali BJT25. අනිමිත්තාදිතො කත්වා යා ව උභතොබ්යඤ්ජනා එතං පෙය්යාලතො හෙට්ඨා කුට්ඨං ගණ්ඩො කිලාසි.
Sinhala BJT25. අනිමිත්තා ආදිකොට උභතොබ්‍යඤ්ජනකා තෙක් ඇති මෙය පෙය්‍යාල වශයෙන් යට කියන ලදී. කුෂ්ට ය, ගණ්ඩ ය, කිලාසී ය,
Pali BJT26. සොසාපමාරො මානුසි ඉත්ථීසි භුජිස්සාසි ච අණනා න රාජභටී අනුඤ්ඤාතා ච වීසති.
Sinhala BJT26. සොස ය, අපමාර ය, මානුසී ය, ඉත්‍ථි ය, භූජීස්සා ය, අණනා ය, න රාජහටී ය, අනුඤ්ඤතා ය, වීසතිවස්සා ය,
Pali BJT27. පරිපුණ්ණා ච කින්නාමා කා නාමා තෙ පවත්තිනී චතුවීසන්තරායානං පුච්ඡිත්වා උපසම්පදා.
Sinhala BJT27. පරිපුණ්ණ ය, කිංනාමා ය, පවත්නිනී, කිං නාමා ය යන සූවිසි අන්තරායික ධර්‍මයන් විමසා උපසම්පදා කිරීම වේ.
Pali BJT28. විත්ථායන්ති අනනුසිට්ඨා සඞ්ඝමජ්ඣෙ තථෙව ච උපජ්ඣා ගාහ සඞ්ඝාටි උත්තරන්තරවාසකො.
Sinhala BJT28. අනුශාසනා නො කරන ලද්දාහු සඟමැද ගොළුගැසී සිටිත්, උපජ්ඣායගාහන, සඞ්ඝාටි, උත්තරාසඞ්ග, අන්තරවාසක,
Pali BJT29. සංකච්චුදකසාටි ච ආචික්ඛිත්වාන පෙසයෙ බාලා අසම්මතෙ කතො යා චෙ පුච්ඡන්තරායිකා.
Sinhala BJT29. සංකච්චිකා, උදකසාටිකා ද කියා දී යවන්නේ ය. බාලා ය, අසම්මතා ය, එකතෝගමනය, අන්තරායිකධර්ම පිළිවිසීම ය.
Pali BJT30. එකතො උපසම්පන්නා භික්ඛුසඞ්ඝෙ තථා පුන ඡායා උතු දිවසඤ්ච සංගීති තයො නිස්සයෙ
Sinhala BJT30. ඒකතෝ උපසම්පන්නයා ය, එසේම භික්‍ෂූසඞ්ඝයා කෙරෙහි උපසපන් වීම ය, ඡායා, උතු, දිවස, සංගීති, නිස්සය තුන,
Pali BJT31. අට්ඨ අකරණීයානි කාලං සබ්බත්ථ අට්ඨධා න පවාරෙන්ති භික්ඛුනියො භික්ඛුසඞ්ඝං තථෙව ච.
Sinhala BJT31. අකරණීය අට, (යන මේවා කියාදීම ද,) කාලය ඉක්මවීම, හැමතැන අටනම බැගින් හිඳීම, භික්‍ෂූණින් නො පැවරීම, භික්‍ෂූන් නො පැවරීම,
Pali BJT32. කොලාහලං පුරෙභත්තං විකාලෙ ච කොලාහලං උපොසථං පවාරණං සවචනීයානුවාදනං.
Sinhala BJT32. කෝලාහල ය, පුරෙහතත ය, විකාලයෙහි කෝලාහල ය, උපෝසථ ය, පවාරණ ය, සවචනීය බව ය, අනුවාදන ය,
Pali BJT33. ඔකාසං චොදෙ සාරෙන්ති පටික්ඛිත්තං මහෙසිනා තථෙව භික්ඛු භික්ඛුනී අනුඤ්ඤාතං මහෙසිනා.
Sinhala BJT33. ඕකාස, චෝදන, සාරන යන මේවා මහර්ෂීන් වහන්සේ විසින් ප්‍රතික්‍ෂිප්ත ය, එසේ ම භික්‍ෂුණීන් විෂයෙහි භික්‍ෂුන්ට උන්වහන්සේ විසින් අනුඥාත ය.
Pali BJT34. යානං ගිලානයුත්තඤ්ච යානුග්ඝාතඩ්ඪකාසිකා භික්ඛු සික්ඛා සාමණෙරා සාමණෙරී ච බාලකා.
Sinhala BJT34. යානය, ගිලානය, (ඉත්‍ථි-පුරිස) යුක්ත යානය, යානුග්ඝාතය, අඩ්ඨකාසී ය භික්ඛූ සික්ඛමානා-සාමණේර-සාමණේරි- බාල යන දූතයෝ ය,
Pali BJT35. අරඤ්ඤෙ උපාසකෙන උද්දොසිතො උපස්සයං න සම්මති නවකම්මං නිසින්නගබ්භා එකිකා.
Sinhala BJT35. අරණ්‍යවාස ය, උපාසකයකු විසින් භාණ්ඩශාලාවක් දීම ය, උපස්සය ය, නො සෑහීම ය, නවකම්ම ය, යන මේවා ද නිසින්නගබ්භා, එකිකා,
Pali BJT36. සාගාරඤ්ච ගරුධම්මං පච්චක්ඛාය ච සඞ්කමි අභිවාදන කෙසා ච නඛා වණකම්මනා.
Sinhala BJT36. සාගාර ය, ගරුධම්ම ය, පච්චකබාන ය, සංක්‍රමණය, අභිවාදනය, කේස-නඛ ජෙදන ය, වණ පිළියම් ය,
Pali BJT37. පල්ලඞ්කෙන ගිලානා ච වච්චං චුණ්ණෙන වාසිතං ජන්තාඝරෙ පටිසොතෙ අතිත්ථෙ පුරිසෙන ච.
Sinhala BJT37. පල්ලඞ්ක ය, ගිලානය, වච්වය, චුණ්ණය, වාසිත ය, ජන්තාඝර ය, පටිසෝත ය, අතිත්ථ ය, පුරිසතිත්‍ථ ය (යන මේ කරුණු වලින් භික්‍ඛුනිඛන්‍ධකය වේ.)
Pali BJT38. මහාගොතමී ආයාචි ආනන්දො චාපි යොනිසො පරිසා චතස්සො හොන්ති පබ්බජ්ජා{1} ජිනසාසනෙ.
Sinhala BJT38. මහාගෝතමී ජිනසසුනෙහි පැවිද්ද යැදූ අනඳ තෙරුන් වහන්සේ ද නුවණින් යැදී ය. (සසුනෙහි) සිවු පිරිසක් වෙත්.
Pali BJT39. සංවෙගජනනත්ථාය සද්ධම්මස්ස ච වුද්ධියා ආතුරස්සෙව භෙසජ්ජං එවං බුද්ධෙන දෙසිතං.
Sinhala BJT39. සංවේග ඉපදවීම පිණිස ද සද්ධර්‍මයාගේ වැඩීම පිණිස ගිලනකුට බෙහෙතක් මෙන් බුදුන් විසින් මෙසේ දෙසන ලදී.
Pali BJT40. එවං විනීතා සද්ධම්මෙ මාතුගාමාපි ඉත්තරා{2} තා යන්ති අච්චුතං ඨානං යත්ථ ගන්ත්වා න සොචරෙති.
Sinhala BJT40. මෙසේ සද්ධර්‍මයෙහි විනීත වූ ඒ බොළඳ මාගම්හු පවා යම් තැනකට ගොස් ශෝක නො කෙරෙත් ද ඒ නොමියන තැනට (නිවනට) යෙත්,
Pali BJT11.
Sinhala BJT11.
Pali BJTපඤ්චසතිකක්ඛන්ධකං
Sinhala BJTපඤ්‌චසතිකක්‌ඛන්‌ධකය
Pali BJTසංගීති නිදානං
Sinhala BJTසංගීති නිදානය
Pali BJT1. අථ ඛො ආයස්මා මහාකස්සපො භික්ඛූ ආමන්තෙසි: එකමිදාහං ආවුසො සමයං පාවාය කුසිනාරං අද්ධානමග්ගප්පටිපන්නො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි. අථ ඛ්වාහං ආවුසො මග්ගා ඔක්කම්ම අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ නිසීදිං. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො ආජීවකො කුසිනාරාය{1} මන්දාරවපුප්ඵං ගහෙත්වා පාවං අද්ධානමග්ගප්පටිපන්නො හොති. අද්දසං ඛො අහං ආවුසො තං ආජීවකං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන තං ආජීවකං එතදවොචං: “අපාවුසො අම්හාකං සත්ථාරං ජානාසී”ති? ‘ආමාවුසො ජානාමි. අජ්ජ සත්තාහපරිනිබ්බුතො සමණො ගොතමො. තතො මෙ ඉදං මන්දාරවපුප්ඵං ගහිතන්ති”.
Sinhala BJT1. ඉක්බිති ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ භික්‍ෂූන් ඇමතූසේක. ඇවැත්නි, මම එක් සමයෙක පන්සියයක් පමණ භික්‍ෂූන් ඇති මහත් භික්‍ෂූ සඞ්ඝයා සමග පාවා නුවරින් කුසිනාරා නුවර කරා දීර්‍ඝ මාර්‍ගයට පිළිපන්නෙමි. ඇවැත්නි, ඉක්බිති මම මඟින් ඉවත් ව එක්තරා රුක් මුලෙක හුන්නෙමි. එසමයෙහි එක්තරා ආජීවකයෙක් මදාරා මලක් ගෙන කුසිනාරා නුවර සිට පාවා නුවර කරා දීර්‍ඝ මාර්‍ගයට පිළිපන්නේ ය. ඇවැත්නි, මම එන්නා වූ ඒ ආජීවකයා දුරදී ම දුටිමි. දැක ඒ ආජීවකයාට මෙය කීමි. ඇවැත්නි, අපගේ ශාස්තෘන් වහන්සේ දන්නෙහි දැ යි. එසේ ය. ඇවැත්නි, දනිමි. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ පිරිනිවී අදට සත් දවසෙකි. මා විසින් මේ මඳාරාමල එතැනින් ගන්නා ලදැ යි.
Pali BJT2. තත්රාවුසො යෙ තෙ භික්ඛූ අවීතරාගා, අප්පෙකච්චෙ බාහා පග්ගය්හ කන්දන්ති. ඡින්නපපාතං{2} පපතන්ති, ආවට්ටන්ති, විවට්ටන්ති, අතිඛිප්පං භගවා පරිනිබ්බුතො, අතිඛිප්පං සුගතො පරිනිබ්බුතො, අතිඛිප්පං චක්ඛුං{3} ලොකෙ අන්තරහිතන්ති. යෙ පන තෙ භික්ඛූ වීතරාගා තෙ සතා සම්පජානා අධිවාසෙන්ති “අනිච්චා සඞ්ඛාරා තං කුතෙත්ථ ලබ්භා”ති. අථඛ්වාහං ආවුසො තෙ භික්ඛූ එතදවොචං: “අලං ආවුසො මා සොචිත්ථ. මා පරිදෙවිත්ථ. නන්වෙතං ආවුසො භගවතා පටිගච්චෙව{4} අක්ඛාතං සබ්බෙහෙව පියෙහි මනාපෙහි නානාභාවො විනාභාවො අඤ්ඤථාභාවො? තං කුතෙත්ථ ආවුසො ලබ්භා යං තං ජාතං භූතං සඞ්ඛතං පලොකධම්මං තං වත මා පලුජ්ජීති නෙතං ඨානං විජ්ජතීති”.
Sinhala BJT2. ඇවැත්නි, එහි යම් ඒ භික්‍ෂූ කෙනෙක් අවීතරාග වූහු ද ඔවුනතුරෙන් ඇතැමෙක් “ඉතා ඉක්මනින් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පැසේක. ඉතා ඉක්මනින් සුගතයන් වහන්සේ පිරිනිවන් පෑසේක. ඉතා ඉක්මනින් ලෝකයෙහි ඇස අතුරුදහන් වී යැ”යි (කියමින්) හිසෙහි අත් බැඳ හඬත්. සිඳින ලද්දක් (බිම) වැටෙන්නා සේ වැටෙත්, ඉදිරියට පෙරළෙත්, පසු පසට පෙරළෙත්, යම් භික්‍ෂූ කෙනෙක් වීතරාග වූහු ද ඔවුහු සංස්කාරයෝ අනිත්‍යයහ. ඔවුන්ගේ නො බිඳ පැවැත්මක් කොයින් ලැබියහැකි දැ’යි (සලකා) සිහි ඇත්තාහු මනා නුවණින් යුක්ත වූවාහු ඉවසත්, ඇවැත්නි, අනතුරු ව මම ඒ භික්‍ෂූන්ට මෙය කීමි. “ඇවැත්නි, කම් නැත. ශෝක නො කරවු, නො වැළපෙවු, ඇවැත්නි, ප්‍රිය වූ මනාප වූ සියල්ලෙන් ම වෙනස් වීම වෙන් වීම, අනිත් ආකාරයෙකින් වීම වන්නේ ය යන මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් කැල ම ප්‍රකාශකරන ලද්දේ නො වේ ද? ඇවැත්නි, ඒ යමක් උපන්නේ ද, හටගත්තේ ද සඞ්ඛත වූයේ ද නැසෙනසුලු වේ ද එය ඒකාන්තයෙන් නො නැසේව’යි යන මේ කරුණ කොයින් ලැබේ ද? මේ කරුණ විද්‍යාමාන නො වේ යි.
Pali BJT3. තෙන ඛො පනාවුසො සමයෙන සුභද්දො නාම වුඩ්ඪපබ්බජිතො තස්සං පරිසායං නිසින්නො හොති. අථ ඛො ආවුසො සුභද්දො වුඩ්ඪපබ්බජිතො තෙ භික්ඛූ එතදවොච: “අලං ආවුසො. මා සොචිත්ථ. මා පරිදෙවිත්ථ. සුමුත්තා මයං තෙන මහාසමණෙන. උපද්දුතා ච මයං හොම ‘ඉදං වො කප්පති, ඉදං වො න කප්පතී’ති. ඉදානි පන මයං යං ඉච්ඡිස්සාම තං කරිස්සාම, යං න ඉච්ඡිස්සාම න තං කරිස්සාමාති”.
Sinhala BJT3. ඇවැත්නි, එසමයෙහි සුභද්ද නම් මහලු ව පැවිදි වූවෙක් ඒ පිරිසෙහි හුන්නේ වෙයි. ඇවැත්නි, ඉක්බිති ඒ සුභද්ද නම් මහලු පැවිද්දා ඒ භික්‍ෂුන්ට මෙය කී ය. “ඇවැත්නි, කම් නැත. ශෝක නො කරවු, නො වැළපෙවු, අපි ඒ මහාශ්‍රමණයාගෙන් මොනොවට මිදුණෝ වෙමු. මෙය තොපට කැප ය, මෙය තොපට නො කැප ය යි කීමෙන් උපද්‍රවයට ද පත්කරන ලද්දෝ වෙමු. දැන් අපි යමක් කැමැති නම් එය කරන්නෙමු. යමක් නො කැමැත්තෙමු නම් එය නො කරන්නෙමු”යි
Pali BJTහන්ද මයං ආවුසො ධම්මඤ්ච විනයඤ්ච සඞ්ගායාම පුරෙ අධම්මො දිප්පති ධම්මො පටිබාහීයති. පුරෙ අවිනයො දිප්පති විනයො පටිබාහීයති. පුරෙ අධම්මවාදිනො බලවන්තො හොන්ති. ධම්මවාදිනො දුබ්බලා හොන්ති. පුරෙ අවිනයවාදිනො බලවන්තො හොන්ති. විනයවාදිනො දුබ්බලා හොන්තීති.
Sinhala BJTඑහෙයින් ඇවැත්නි, අපි අධර්‍මය බැබළීමටත් ධර්‍මය බැහැර කරනු ලැබීමටත් පෙර, අවිනය බැබළීමටත් විනය බැහැර කරනු ලැබීමටත් පෙර, අධර්‍මවාදීන් බලවත්වීමටත් ධර්‍මවාදීන් දුබලවීමටත් පෙර, අවිනයවාදීන් බලවත්වීමටත් විනයවාදීන් දුබලවීමටත් පෙර, ධර්‍මය ද විනය ද සඞ්ගායනා කරම්හ’යි. (මහාකාශ්‍යප තෙරුන් වහන්සේ වදාළහ.)
Pali BJT“තෙන හි භන්තෙ ථෙරො භික්ඛූ උච්චිනතූති. අථ ඛො ආයස්මා මහාකස්සපො එකෙනූනානි පඤ්ච අරහන්තසතානි{1} උච්චිනි. භික්ඛූ ආයස්මන්තං මහාකස්සපං එතදවොචුං: අයං භන්තෙ ආයස්මා ආනන්දො කිඤ්චාපි සෙක්ඛො අභබ්බො ඡන්දා දොසා මොහා භයා අගතිං ගන්තුං. බහු ච අනෙන භගවතො සන්තිකෙ ධම්මො ච විනයො ච පරියත්තො. තෙන හි භන්තෙ ථෙරො ආයස්මන්තම්පි ආනන්දං උච්චිනතූති.
Sinhala BJTවහන්ස, එසේ නම් තෙරුන් (ඔබ) වහන්සේ භික්‍ෂූන් තෝරා ගන්නාසේක්වා’යි. ඉක්බිති ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ එක් නමක් උනු වූ පන්සියයක් රහතුන් වහන්සේ තෝරාගත්සේක. භික්‍ෂූහු ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේට මෙය කීහ. “වහන්ස, මේ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ ශෛක්‍ෂ්‍ය වුවත් ඡන්‍දයෙන් ද්වේෂයෙන් මෝහයෙන් භයින් අගතියට යෑමට නො සුදුසු ය. මුන් වහන්සේ විසින් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි බොහෝ ධර්‍මය ද විනය ද උගන්නා ලද්දේ ය. වහන්ස, එහෙයින් (ඔබ) තෙරුන් වහන්සේ ආනන්‍ද ආයුෂ්මතුන් වහන්සේ ද තෝරාගන්නා සේක්වා’යි.
Pali BJT4. අථ ඛො ආයස්මා මහාකස්සපො ආයස්මන්තම්පි ආනන්දං උච්චිනි. අථ ඛො ථෙරානං භික්ඛූනං එතදහොසි: කත්ථ නු ඛො මයං ධම්මඤ්ච විනයඤ්ච සඞ්ගායෙය්යාමාති. අථ ඛො ථෙරානං භික්ඛූනං එතදහොසි: රාජගහං ඛො මහාගොචරං පහූතසෙනාසනං. යන්නූන මයං රාජගහෙ වස්සං වසන්තා{2} ධම්මඤ්ච විනයඤ්ච සඞ්ගායෙය්යාම. න අඤ්ඤෙ භික්ඛූ රාජගහෙ වස්සං උපගච්ඡෙය්යුන්ති. අථ ඛො ආයස්මා මහාකස්සපො සඞ්ඝං ඤාපෙසි: සුණාතු මෙ ආවුසො සඞ්ඝො. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො ඉමානි පඤ්ච භික්ඛුසතානි සම්මන්නෙය්ය රාජගහෙ වස්සං වසන්තා ධම්මඤ්ච විනයඤ්ච සඞ්ගායිතුං. න අඤ්ඤෙහි භික්ඛූහි රාජගහෙ වස්සං වසිතබ්බන්ති. එසා ඤත්ති.
Sinhala BJT4. ඉක්බිති ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ ද තෝරාගත්හ. ඉක්බිති “අපි කොතැන්හි දී ධර්‍මය ද විනය ද සඞ්ගායනා කරමෝ දැ යි ස්ථවිර භික්‍ෂූන්ට මේ අදහස විය. “රජගහනුවර වනාහි මහා ගොදුරුගම් ඇත්තේ ය. බොහෝ සෙනසුන් ඇත්තේ ය. අපි රජගහ නුවර වස් වසමින් ධර්‍මය ද විනය ද සඞ්ගායනා කරන්නෙමු නම් ඉතා මැනව. අනිත් භික්‍ෂූ කෙනෙක් රජගහ නුවර වස් නො එළඹෙන්නාහු නම් යෙහෙකැ’යි. ඉක්බිති ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ සඞ්ඝයාට (මෙසේ දැන්වූහ.) “ඇවැත්නි, සඞ්ඝයා මබස් අසාවා. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වේ නම් රජගහ නුවර වස් වසමින් ධර්‍මය ද විනය ද සඞ්ගායනා කිරීමට සඞ්ඝයා මේ පන්සියයක් භික්‍ෂූන් සම්මත කරන්නේ ය. අනිත් භික්‍ෂූන් විසින් රජගහ නුවර වස් නො විසියයුතු’ය. මේ ඥප්ති යි.
Pali BJTසුණාතු මෙ ආවුසො සඞ්ඝො. ඉමානි පඤ්චභික්ඛුසතානි සම්මන්නති රාජගහෙ වස්සං වසන්තානි ධම්මඤ්ච විනයඤ්ච සඞ්ගායිතුං. න අඤ්ඤෙහි භික්ඛූහි රාජගහෙ වස්සං වසිතබ්බන්ති. යස්සායස්මතො ඛමති ඉමෙසං පඤ්චන්නං භික්ඛුසතානං සම්මුති රාජගහෙ වස්සං වසන්තානං ධම්මඤ්ච විනයඤ්ච සඞ්ගායිතුං. න අඤ්ඤෙහි භික්ඛූහි රාජගහෙ වස්සං වසිතබ්බන්ති, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති සො භාසෙය්ය.
Sinhala BJTඇවැත්නි, සඞ්ඝයා මබස් අසාවා. රජගහ නුවර වස් වසමින් ධර්‍මය ද විනය ද සඞ්ගායනා කිරීමට සඞ්ඝයා මේ පන්සියයක් භික්‍ෂූන් සම්මත කරයි. අනිත් භික්‍ෂූන් විසින් රජගහ නුවර වස් නො විසියයුතු ය. යම් ආයුෂ්මත් කෙනකුහට ‘අනිත් භික්‍ෂූන් විසින් රජගහ නුවර වස් නො විසියයුතු ය. මේ පන්සියයක් භික්‍ෂූන් රජගහ නුවර වස් වසමින් ධර්‍මය ද විනය ද, සඞ්ගායනා කිරීමට සම්මත කිරීම’ රුචි වේ නම් උන් වහන්සේ නිහඬ වන්නාහ. යම් කෙනකුට රුචි නො වේ නම් උන් වහන්සේ කියන්නාහ.
Pali BJTසම්මතානි සඞ්ඝෙන ඉමානි පඤ්චභික්ඛුසතානි රාජගහෙ වස්සං වසන්තා ධම්මඤ්ච විනයඤ්ච සඞ්ගායිතුං. න අඤ්ඤෙහි භික්ඛූහි රාජගහෙ වස්සං වසිතබ්බන්ති. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමීති.
Sinhala BJTමේ පන්සියයක් භික්‍ෂූන් රජගහ නුවර වස් වසමින් ධර්‍මය ද විනය ද සඞ්ගායනා කිරීමට සඞ්ඝයා විසින් සම්මත කරන ලද්දේ ය. අනිත් භික්‍ෂූන් රජගහ නුවර වස් නො විසියයුතු ය. (මෙය) සඞ්ඝයාට රුචි වෙයි. එහෙයින් නිහඬ ය. මෙය මෙසේ දරමි යි.
Pali BJT5. අථ ඛො ථෙරා භික්ඛූ රාජගහං අගමංසු ධම්මඤ්ච විනයඤ්ච සඞ්ගායිතුං. අථ ඛො ථෙරානං භික්ඛූනං එතදහොසි: භගවතා ඛො ආවුසො ඛණ්ඩඵුල්ලපටිසඞ්ඛරණං වණ්ණිතං. හන්ද මයං ආවුසො පඨමං මාසං ඛණ්ඩඵුල්ලං පටිසඞ්ඛරොම. මජ්ඣිමං මාසං සන්නිපතිත්වා ධම්මඤ්ච විනයඤ්ච සඞ්ගායිස්සාමාති. අථ ඛො ථෙරා භික්ඛූ පඨමං මාසං ඛණ්ඩඵුල්ලං පටිසඞ්ඛරිංසු. අථ ඛො ආයස්මා ආනන්දො ස්වෙ සන්නිපාතො, න ඛො මෙතං පතිරූපං යොහං සෙඛො{1} සමානො සන්නිපාතං ගච්ඡෙය්යන්ති බහුදෙවරත්තිං කායගතාය සතියා වීතිනාමෙත්වා රත්තියා පච්චූසසමයං නිපජ්ජිස්සාමීති කායං ආවජ්ජෙසි. අප්පත්තං ච සීසං බිම්බොහනං, භූමිතො ච පාදා මුත්තා, එතස්මිං අන්තරෙ අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චි. අථ ඛො ආයස්මා ආනන්දො අරහා සමානො සන්නිපාතං අගමාසි.
Sinhala BJT5. ඉක්බිති ස්ථවිර භික්‍ෂූහු ධර්‍මය ද විනය ද සඞ්ගායනා කිරීමට රජගහ නුවරට වැඩියාහ. ඉක්බිති ස්ථවිර භික්‍ෂූන්ට මේ අදහස විය. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් බිඳුණු පැලුණු තැන් පිළිසකර කිරීම වර්‍ණනා කරන ලද්දේ ය. එහෙයින් ඇවැත්නි, අපි පළමු මාසය බිඳුණු පැලුණු තැන් පිළිසකර කරමු. මධ්‍යම මාසයෙහි රැස්ව ධර්‍මය ද විනය ද සඞ්ගායනා කරන්නෙමු”යි. ඉක්බිති ස්ථවිර භික්‍ෂූහු පළමු මාසය බිඳුණු පැලුණු තැන් පිළිසකර කරවූහ. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ හෙට රැස්වීම ය. මම සේඛ වූයේ ම (රහත් නො වූයේ) රැස්වීමට යන්නෙම් නම් එය මට නිසි නො වේ යි (සලකා) රාත්‍රියෙහි බොහෝ වේලාවක් කාගීයාසිහියෙන් ගත කොට රාත්‍රිය පහන් වන වේලායෙහි හෝනෙමි යි (සිතා) කය හැරවූහ. හිස ද කොට්ටයට නො පැමිණියේ ය. පාදයෙන් ද පොළොවෙන් මිදුණාහ. මේ අතරෙහි සිත උපාදාන නො කොට ආස්‍රවයන්ගෙන් මිදුණේ ය. ඉන්පසු ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ රහත් වූවාහු ම රැස්වීමට වැඩිසේක.
Pali BJT6. අථ ඛො ආයස්මා මහාකස්සපො සඞ්ඝං ඤාපෙසි: සුණාතු මෙ ආවුසො සඞ්ඝො. යදි සඞ්ඝස්ස පත්තකල්ලං අහං උපාලිං විනයං පුච්ඡෙය්යන්ති. ආයස්මාපි උපාලි සඞ්ඝං ඤාපෙසි: සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. යදි සඞ්ඝස්ස පත්තකල්ලං අහං ආයස්මතා මහාකස්සපෙන විනයං පුට්ඨො විස්සජ්ජෙය්යන්ති. අථ ඛො ආයස්මා මහාකස්සපො ආයස්මන්තං උපාලිං එතදවොච: පඨමං ආවුසො උපාලි පාරාජිකං කත්ථ පඤ්ඤත්තන්ති. වෙසාලියං භන්තෙති. කං ආරබ්භාති. සුදින්නං කලන්දපුත්තං ආරබ්භාති. කිස්මිං වත්ථුස්මින්ති. මෙථුනධම්මෙති. අථ ඛො ආයස්මා මහාකස්සපො ආයස්මන්තං උපාලිං පඨමස්ස පාරාජිකස්ස වත්ථුම්පි පුච්ඡි, නිදානම්පි පුච්ඡි, පුග්ගලම්පි පුච්ඡි, පඤ්ඤත්තිම්පි පුච්ඡි, අනුපඤ්ඤත්තිම්පි පුච්ඡි, ආපත්තිම්පි පුච්ඡි, අනාපත්තිම්පි පුච්ඡි.
Sinhala BJT6. ඉක්බිති ආයුෂ්මත් මහාකාශ්‍යසප ස්ථවිරයන් වහන්සේ සඞ්ඝයාට (මෙසේ) දැන්වූහ. ඇවැත්නි සඞ්ඝයා මබස් අසාවා. ඉදින් සඞ්ඝයයාට පැමිණි කල් වේ නම් මම ආයුෂ්මත් උපාලි ස්ථවිරයන් විනය පිළි විසින්නෙමි යි. ආයුෂ්මත් උපාලි ස්ථවිරයන් වහන්සේ ද සඞ්ඝයාට (මෙසේ) දැන්වූහ. ‘වහන්ස සඞ්ඝයා මබස් අසාවා. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වේ නම් මම ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ විසින් විනය පුළුවුස්නාලද්දෙම් විසඳන්නෙමි’ යි. ඉක්බිති ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් උපාලි ස්ථවිරයන් වහන්සේට මෙය කීහ. ඇවැත උපාලි, පළමු පාරාජිකාව කොහිදී පනවනලද දැ යි. වහන්ස, වෙසා ලියෙහි දී යැ යි. කවරකු ඇරබැ දැයි, සුදිත්ත කලන්‍දපුත්‍ර ඇරබැ යයි. කිනම් වස්තුවෙක දැ යි. මෛථුනධර්මයෙහි යයි. ඉක්බිති ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් උපාලිගෙන් ප්‍රථම පාරාජිකාවෙහි වස්තුව ද පිළිවිසූහ. නිදානය ද පිළිවිසූහ. පුද්ගලයා ද පිළිවිසූහ. ප්‍රඥප්තිය ද පිළිවිසූහ. අනුප්‍රඥප්තිය ද පිළිවිසූහ. ආපත්තිය ද පිළිවිසූහ. අනාපත්තිය ද පිළිවිසූහ.
Pali BJT7. දුතියම්පනාවුසො උපාලි පාරාජිකං කත්ථ පඤ්ඤත්තන්ති. රාජගහෙ භන්තෙති. කං ආරබ්භාති. ධනියං කුම්භකාරපුත්තං ආරබ්භාති. කිස්මිං වත්ථුස්මින්ති. අදින්නාදානෙති. අථ ඛො ආයස්මා මහාකස්සපො ආයස්මන්තං උපාලිං දුතියස්ස පාරාජිකස්ස වත්ථුම්පි පුච්ඡි, නිදානම්පි පුච්ඡි, පුග්ගලම්පි පුච්ඡි, පඤ්ඤත්තිම්පි පුච්ඡි, අනුපඤ්ඤත්තිම්පි පුච්ඡි, ආපත්තිම්පි පුච්ඡි, අනාපත්තිම්පි පුච්ඡි.
Sinhala BJT7. ඇවත උපාලි, දෙවැනි පාරාජිකාව කොහි දී පනවන ලද දැයි වහන්ස, රජගහනුවර දීය යි. කවරකු ඇරබ දැ යි. ධනිය කුමහකාර පුතු ඇරබ යැ යි. කවර වස්තුවක දැ යි. නො දුන් දෙය ගැනීමෙහි යැ යි. ඉක්බිති ආයුෂ්මත් මහාකාශාසප ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් උපාලි ස්ථවිරයන් වහන්සේගෙන් දෙවැනි පාරාජිකාවෙහී වස්තුව ද ඇසූහ. නිදානය ද ඇසූහ. පුද්ගලයා ද ඇසූහ. ප්‍රඥප්තිය ද ඇසූහ. අනුප්‍රඥප්තිය ද ඇසූහ. ආපත්තිය ද ඇසූහ. ආනාපත්තීය ද ඇසූහ.
Pali BJTතතියම්පනාවුසො උපාලි පාරාජිකං කත්ථ පඤ්ඤත්තන්ති. වෙසාලියං භන්තෙති. කං ආරබ්භාති. සම්බහුලෙ භික්ඛූ ආරබ්භාති. කිස්මිං වත්ථුස්මින්ති. මනුස්සවිග්ගහෙති. අථ ඛො ආයස්මා මහාකස්සපො ආයස්මන්තං උපාලිං තතියස්ස පාරාජිකස්ස වත්ථුම්පි පුච්ඡි, නිදානම්පි පුච්ඡි, පුග්ගලම්පි පුච්ඡි, පඤ්ඤත්තිම්පි පුච්ඡි, අනුපඤ්ඤත්තිම්පි පුච්ඡි, ආපත්තිම්පි පුච්ඡි, අනාපත්තිම්පි පුච්ඡි.
Sinhala BJTඇවත උපාලි, තුන්වැනි පාරාජිකාව කොහි දී පනවනලද දැ යි. වහන්ස, වේසාලියෙහි දී යැ යි. කවරකු ඇරබ දැ යි. බොහෝ භික්‍ෂූන් ඇරබ යැ යි. කවර වස්තුවෙක දැ යි. මනුෂ්‍ය විග්‍රහයෙහි යැ යි. ඉක්බිති ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් උපාලි ස්ථවිරයන් වහන්සේගෙන් තුන්වැනි පාරාජිකාවෙහි වස්තුව ද ඇසූහ. නිදානය ද ඇසූහ. පුද්ගලයාද ඇසූහ. ප්‍රඥප්තිය ද ඇසූහ. අනුප්‍රඥප්තිය ද ඇසූහ. ආපත්තිය ද ඇසූහ. අනාපත්තිය ද ඇසූහ.
Pali BJTචතුත්ථම්පනාවුසො උපාලි පාරාජිකං කත්ථ පඤ්ඤත්තන්ති. වෙසාලියං භන්තෙති. කං ආරබ්භාති. වග්ගුමුදාතීරියෙ භික්ඛූ ආරබ්භාති. කිස්මිං වත්ථුස්මින්ති. උත්තරිමනුස්සධම්මෙති. අථ ඛො ආයස්මා මහාකස්සපො ආයස්මන්තං උපාලිං චතුත්ථස්ස පාරාජිකස්ස වත්ථුම්පි පුච්ඡි, නිදානම්පි පුච්ඡි, පුග්ගලම්පි පුච්ඡි, පඤ්ඤත්තිම්පි පුච්ඡි, අනුපඤ්ඤත්තිම්පි පුච්ඡි, ආපත්තිම්පි පුච්ඡි, අනාපත්තිම්පි පුච්ඡි. එතෙනෙව උපායෙන උභතො විභඞ්ගෙ{1} පුච්ඡි. පුට්ඨො පුට්ඨො ආයස්මා උපාලි විස්සජ්ජෙසි.
Sinhala BJTඇවත උපාලි, සිවුවැනි පාරාජිකාව කොහි දී පනවනලද දැ යි. වහන්ස, වේසාලියෙහි දී යැ යි. කවරකු ඇරබ දැ යි. වග්ගුමුදාතීරිය භික්‍ෂූන් ඇරබ යැ යි. කවර වස්තුවෙක දැ යි. උත්තරිමනුස්ස ධර්‍මයෙහි යැ යි. ඉක්බිති ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් උපාලි ස්ථවිරයන්ගෙන් සිවුවැනි පාරාජිකාවෙහි වස්තුව ද ඇසූහ. නිදානය ද ඇසූහ. පුද්ගලයා ද ඇසූහ. ප්‍රඥප්තිය ද ඇසූහ. අනුප්‍රඥප්තිය ද ඇසූහ. ආපත්තිය ද ඇසූහ. අනාපත්තිය ද ඇසූහ. මේ ක්‍රමයෙන් ම උභය විභඞ්ගය ඇසූහ. ඇසු ඇසූ ආයුෂ්මත් උපාලි ස්ථවිරයන් වහන්සේ විසඳුහ.
Pali BJT8. අථ ඛො ආයස්මා මහාකස්සපො සඞ්ඝං ඤාපෙසි: සුණාතු මෙ ආවුසො සඞ්ඝො. යදි සඞ්ඝස්ස පත්තකල්ලං අහං අයස්මන්තං ආනන්දං ධම්මං පුච්ඡෙය්යන්ති. අථ ඛො ආයස්මා ආනන්දො සඞ්ඝං ඤාපෙසි: සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. යදි සඞ්ඝස්ස පත්තකල්ලං අහං ආයස්මතා මහාකස්සපෙන ධම්මං පුට්ඨො{2} විස්සජ්ජෙය්යන්ති. අථ ඛො ආයස්මා මහාකස්සපො ආයස්මන්තං ආනන්දං එතදවොච: බ්රහ්මජාලං ආවුසො ආනන්ද කත්ථ භාසිතන්ති. අන්තරා ච භන්තෙ රාජගහං අන්තරා ච නාලන්දං රාජාගාරකෙ අම්බලට්ඨිකායන්ති. කං ආරබ්භාති. සුප්පියඤ්ච පරිබ්බාජකං බ්රහ්මදත්තඤ්ච මාණවන්ති. අථ ඛො ආයස්මා මහාකස්සපො ආයස්මන්තං ආනන්දං බ්රහ්මජාලස්ස නිදානම්පි පුච්ඡි, පුග්ගලම්පි පුච්ඡි.
Sinhala BJT8. ඉක්බිති ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ සඞ්ඝයාට (මෙසේ) දැන්වූහ. ඇවැත්නි, සඞ්ඝයා මබස් අසාවා. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වේ නම් මම ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන්ගෙන් ධර්‍මය පිළිවිසින්නෙමි යි ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ සඞ්ඝයාට (මෙසේ) දැන්වූහ. වහන්ස, සඞ්ඝයා මබස් අසාවා. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වේ නම් මම ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ විසින් ධර්‍මය පිළිවිසින ලද්දෙම් විසඳන්නෙමි’ යි. ඉක්බිති ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට මෙය කීහ. ඇවත, ආනන්‍දයෙනි, බ්‍රහ්මජාලය කොහිදී දෙසන ලද දැ යි. වහන්ස, රාජගහ-නාළන්දා දෙනුවර අතර අම්බලට්ඨිකා නම් උයනෙහි රජු පිණිස කරවන ලද ගෙහි දී ය යි. කවරකු ඇරබ දැ යි. සුප්පිය පරිබාජකයා ද බ්‍රහ්මදත්ත මාණවකයා ද ඇරබයැ යි. ඉක්බිති ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ ආනන්‍ද ස්ථවිරයන්ගෙන් බ්‍රහ්මජාලයෙහි නිදානය ද ඇසූහ. පුද්ගලයා ද ඇසූහ.
Pali BJTසාමඤ්ඤඵලං පනාවුසො ආනන්ද කත්ථ භාසිතන්ති. රාජගහෙ භන්තෙ ජීවකම්බවනෙති. කෙන සද්ධින්ති. අජාතසත්තුනා වෙදෙහිපුත්තෙන සද්ධින්ති. අථ ඛො ආයස්මා මහාකස්සපො ආයස්මන්තං ආනන්දං සාමඤ්ඤඵලස්ස නිදානම්පි පුච්ඡි, පුග්ගලම්පි පුච්ඡි. එතෙනෙව උපායෙන පඤ්චපි නිකායෙ පුච්ඡි. පුට්ඨො පුට්ඨො ආයස්මා ආනන්දො විස්සජ්ජෙසි.
Sinhala BJTඇවත ආනන්‍දයෙනි, සාමඤ්ඤඵල (සූත්‍රය) ය කොතැන දී දෙසනලද දැ යි. වහන්ස, රජගහ නුවර ජීවකගේ අඹ වෙනෙහි දී යයි. කවරකු සමග දැ යි. වේදේහිපුත්‍ර වූ අජාතසත්තු රජු සමග යයි. ඉක්බිති ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේගෙන් සාමඤ්ඤඵල සූත්‍රයෙහි නිදානය ද ඇසූහ. පුද්ගලයා ද ඇසූහ. මේ ක්‍රමයෙන් ම නිකාය පස ම ඇසූහ. ඇසු ඇසූ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ විසඳුහ.