Pali BJT“යෙ ච ඛො{1} ත්වං ගොතමි, ධම්මෙ ජානෙය්යාසි ඉමෙ ධම්මා සරාගාය සංවත්තන්ති නො විරාගාය, සංයොගාය සංවත්තන්ති නො විසංයොගාය. ආචයාය සංවත්තන්ති නො අපචයාය. මහිච්ඡතාය සංවත්තන්ති නො අප්පිච්ඡතාය. අසන්තුට්ඨියා සංවත්තන්ති නො සන්තුට්ඨියා සඞ්ගණිකාය සංවත්තන්ති නො පවිවෙකාය කොසජ්ජාය සංවත්තන්ති නො විරියාරම්භාය. දුභරතාය{2} සංවත්තන්ති නො සුභරතාය. එකංසෙන ගොතමි ධාරෙය්යාසි නෙසො ධම්මො නෙසො විනයො නෙතං සත්ථුසාසනන්ති.
Sinhala BJT“ගෞතමිය, තෙපි මේ දහම්හු රාග සහිත බව පිණිස පවතිත්. රාගයෙන් පහවීම පිණිස නො පවතිත්. සසර හා බැඳීම පිණිස පවතිත්. සසරින් වෙන් වීම පිණිස නො පවතිත්. කෙලෙස් රැස් වීම පිණිස පවතිත්. කෙලෙස් දුරු වීම පිණිස නො පවතිත්. මහත් ආශා ඇති බව පිණිස පවතිත්, ආශා නැති බව පිණිස නො පවතිත්. ලද පමණින් සතුටු නො වීම පිණිස පවතිත්. ලද පමණින් සතුටු වීම පිණිස නො පවතිත්. ගණයා කෙරෙහි ඇලී විසීම පිණිස පවතිත්, ගණයා කෙරෙන් වෙන් වැ විසීම පිණිස නො පවතිත්. කුසීත බව පිණිස පවතිත්. වීර්‍ය්‍යාරම්භය පිණිස නො පවතිත්. දුකසේ පොෂණය කළ යුතු බව පිණිස පවතිත්, සුවසේ පොෂණය කළ හැකි බව පිණිස නො පවතිත්”යැයි දැන ගන්නහු ද, එසේ වූ මේ දෑ දහම් නො වේ විනය නො වේ ශාස්තෘශාසනය නො වේ”යයි සලකන්න.
Pali BJT“යෙ ච ඛො ත්වං ගොතමි ධම්මෙ ජානෙය්යාසි ඉමෙ ධම්මා විරාගාය සංවත්තන්ති නො සරාගාය. විසඤ්ඤොගාය සංවත්තන්ති නො සඤ්ඤොගාය, අපචයාය සංවත්තන්ති නො ආචයාය. අප්පිච්ඡතාය සංවත්තන්ති නො මහිච්ඡතාය. සන්තුට්ඨියා සංවත්තන්ති නො අසන්තුට්ඨියා. පවිවෙකාය සංවත්තන්ති නො සඞ්ගණිකාය. විරියාරම්භාය සංවත්තන්ති නො කොසජ්ජාය. සුභරතාය සංවත්තන්ති නො දුභරතාය. එකංසෙන ගොතමි, ධාරෙය්යාසි එසො ධම්මො එසො විනයො එතං සත්ථුසාසනන්ති.”
Sinhala BJTගෞතමිය, ‘මේ දහම්හු විරාගය පිණිස පවතිත් සරාගය පිණිස නො පවතිත්, මේ දහම්හු විසංයෝගය පිණිස පවතිත්, සංයෝගය පිණිස (සසරැ බැඳීම පිණිස) නො පවතිත්, කෙලෙස් දුරැලීම පිණිස පවතිත්. කෙලෙස් රැස් කිරීම පිණිස නො පවතිත්, අල්පේච්ඡ බව පිණිස පවතිත්, මහේච්ඡ බව පිණිස නො පවතිත්, සතුට පිණිස පවතිත්, නො සතුට පිණිස නො පවතිත්, ප්‍රවිවේකය පිණිස පවතිත් ගණසංගණිකාව පිණිස නො පවතිත් වීර්‍ය්‍යාරම්භය පිණිස පවතිත්, කුසීත බව පිණිස නො පවතිත්, සුපෝෂ්‍ය බව පිණිස පවතිත්, දුෂ්පොෂ්‍යබව පිණිස නො පවතිත්’යයි යම් දහම් කෙනෙකුන් දැනගන්නහු ද, ගෞතමිය, මේ ධර්‍මය යැ. මේ විනය යැ, මේ ශාස්තෘශාසනය යැ”යි ඒ ධර්‍මයන් දරන්නැ (සලකා ගන්නැ)”යි වදාළසේක.
Pali BJT11. තෙන ඛො පන සමයෙන භික්ඛුනීනං පාතිමොක්ඛං න උද්දිසීයති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT11. එ සමයෙහි වනාහි මෙහෙණන්ට පාමොක් නො උදෙසනු ලැබේ. භාග්‍යවතුන් වහන්සේට එ පවත් සැලකළහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ භික්ඛුනීනං පාතිමොක්ඛං උද්දිසිතුන්ති.”
Sinhala BJT“මහණෙනි, භික්ෂුණිනට පාමොක් උදෙසන්නට අනුදනිමි”යි වදාළසේක.
Pali BJTඅථ ඛො භික්ඛූනං එතදහොසි: “කෙන නු ඛො භික්ඛුනීනං පාතිමොක්ඛං උද්දිසිතබ්බන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTඑ කල්හි කවරකු විසින් භික්‍ෂූණිනට පාමොක් උදෙසියයුතු දැ’යි භික්‍ෂූනට මේ සිත විය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ භික්ඛූහි භික්ඛුනීනං පාතිමොක්ඛං උද්දිසිතුන්ති.”
Sinhala BJT“මහණෙනි, භික්‍ෂූන් විසින් භික්‍ෂූණිනට පාමොක් උදෙසන්නට අනුදනිමි”යි වදාළසේක.
Pali BJTතෙන ඛො පන සමයෙන භික්ඛූ භික්ඛුනූපස්සයං උපසඞ්කමිත්වා භික්ඛුනීනං පාතිමොක්ඛං උද්දිසන්ති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “ජායායො ඉමා ඉමෙසං ජාරියො ඉමා ඉමෙසං ඉදානි ඉමෙ ඉමාහි සද්ධිං අභිරමිස්සන්තී”ති.
Sinhala BJTඑ සමයෙහි භික්‍ෂූහු මෙහෙණවරට එළැඹ මෙහෙණනට පාමොක් උදෙසත්. “මිනිස්සු මේ මෙහෙණහු මේ භික්‍ෂූන් ගේ බිරියෝ යැ. මොහු මේ භික්‍ෂූන් ගේ සොර අඹුවෝ යැ” දැන් මොවුන් සමග අභිරමණය කරන්නාහ යි ලාමක කොට කියත්, නින්‍දා කෙරෙත් අගුණ පතුරුවත්.
Pali BJTඅස්සොසුං ඛො භික්ඛූ තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ භික්ඛූහි භික්ඛුනීනං පාතිමොක්ඛං උද්දිසිතබ්බං. යො උද්දිසෙය්ය ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ, භික්ඛුනීහි භික්ඛුනීනං පාතිමොක්ඛං උද්දිසිතුන්ති.”
Sinhala BJTභික්‍ෂූහු ලාමක කොට කියන, නින්‍දා කරන අගුණ පතුරුවන ඒ මිනිසුන්ගේ කථා ඇසූහ. ඉක්බිති ඔහු මෙ පවත් භාග්‍යවතුන් වහන්සේට සැලකළහ. “මහණෙනි, භික්‍ෂූන් විසින් මෙහෙණනට පාමොක් නො උදෙසියගැයුතු. යමෙක් උදෙසන්නේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. භික්‍ෂුණින් විසින් භික්ෂුණිනට පාමොක් උදෙසන්නට අනුදනිමි”යි වදාළසේක.
Pali BJTභික්ඛුනියො න ජානන්ති එවං පාතිමොක්ඛං උද්දිසිතබ්බන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, භික්ඛූහි භික්ඛුනීනං ආචික්ඛිතුං. එවං පාතිමොක්ඛං උද්දිසෙය්යාථා”ති.
Sinhala BJT“මෙසේ පාමොක් උදෙසියයුතු යැ”යි මෙහෙණහු නො දනිත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.“මහණෙනි, මෙසේ පාමොක් උදෙසියයුතු යැ යි භික්‍ෂූන් විසින් මෙහෙණනට කියන්නට අනුදනිමි”යි වදාළසේක.
Pali BJT12. තෙන ඛො පන සමයෙන භික්ඛුනියො ආපත්තිං න පටිකරොන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ භික්ඛුනියා ආපත්ති න පටිකාතබ්බා. යා න පටිකරෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT12. එ සමයෙහි මෙහෙණහු ඇවැතට පිළියම් නො කෙරෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. “මහණෙනි, මෙහෙණක විසින් ඇවැතට පිළියම් නො කළයුතු නො වේ. යම් මෙහෙණක් පිළියම් නො කරන්නී ද දුකුළා ඇවැත් වන්නේ යැ”යි වදාළසේක.
Pali BJTභික්ඛුනියො න ජානන්ති: “එවං ආපත්ති පටිකාතබ්බා’ති . භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ භික්ඛූහි භික්ඛුනීනං ආචික්ඛිතුං එවං ආපත්තිං පටිකරෙය්යාථා’ති.”
Sinhala BJTමෙසේ ඇවැතට පිළියම් කටයුතු යැ යි මෙහෙණහු නො දනිත්, භාග්‍යවතුන් වහන්සේට එ පවත් සැලකළහ. “මහණෙනි, මහණුන් විසින් මෙසේ ඇවැතට පිළියම් කරව යි මෙහෙණනට කියන්නට අනුදනිමි”යි වදාළසේක.
Pali BJTඅථ ඛො භික්ඛූනං එතදහොසි: “කෙන නු ඛො භික්ඛුනීනං ආපත්ති පටිග්ගහෙතබ්බා’ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ භික්ඛූහි භික්ඛුනීනං ආපත්තිං පටිග්ගහෙතු’න්ති.”
Sinhala BJTඑ කලැ ‘කවරක්හු විසින් මෙහෙණන්ගේ ඇවැත් පිළිගත යුතු දැ”යි භික්‍ෂූනට මෙ සිත විය. ”මහණෙනි, මහණුන් විසින් මෙහෙණන් ගේ ඇවැත් පිළිගන්නට අනුදනිමි”යි වදාළසේක.
Pali BJT13. තෙන ඛො පන සමයෙන භික්ඛුනියො රථිකායපි{1} ව්යූහෙ’පි සිඞ්ඝාටකෙපි භික්ඛුං පස්සිත්වා පත්තං භූමියං නික්ඛිපිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා ආපත්තිං පටිකරොන්ති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: ‘ජායායො ඉමා ඉමෙසං, ජාරියො ඉමා ඉමෙසං. රත්තිං විමානෙත්වා ඉදානි ඛමාපෙන්තී”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ භික්ඛූහි භික්ඛුනීනං ආපත්ති පටිග්ගහෙතබ්බා. යො පටිගණ්හෙය්ය ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ භික්ඛුනීහි භික්ඛුනීනං ආපත්තිං පටිග්ගහෙතුන්ති.”
Sinhala BJT13. එ සමයෙහි වූ කලි මෙහෙණහු වීථියෙහි දී ද, පිරිස් රැස්වන තැනදී ද, මංසන්දියේ දී ද මහණක්හු දැක, පාත්‍රය බිමැ තබා තනිපට සිවුර එකස් කොට උත්කුටුක වැ හිඳ දොහොත් මුදුන් තබා ඇවැතට පිළියම් කෙරෙත්. (ඇවැත් දෙසත්) මිනිස්සු ‘මොහු මොවුන් ගේ බිරියෝ ය, මොහු මොවුන්ගේ සොරබිරියෝ ය. රෑ අවමන් කොට දැන් කමවති”යි ලාමක කොට කියත් නින්‍දා කරත් දොස් පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. “මහණෙනි, භික්‍ෂූන්විසින් භික්‍ෂුණීන්ගේ ඇවැත් නො පිළිගතයුතු, යමෙක් පිළිගන්නේ ද ඒ මහණහට දුකුළා ඇවැත් වන්නේ ය. මෙහෙණන් විසින් මෙහෙණන් ගේ ඇවැත් පිළිගන්නට අනුදනිමි”යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
Pali BJTභික්ඛුනියො න ජානන්ති: එවං ආපත්ති පටිග්ගහෙතබ්බා’ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ භික්ඛූහි භික්ඛුනීනං ආචික්ඛිතුං එවං ආපත්තිං පටිගණ්හෙය්යාථා”ති.
Sinhala BJTමෙසේ ඇවැත් පිළිගතයුතුයැ’යි මෙහෙණහු නො දත්හ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.”මහණෙනි, මහණුන් විසින් ‘මෙසේ ඇවැත් පිළිගනිවු යැ’යි මෙහෙණනට කියා දෙන්නට අනුදනිමි”යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
Pali BJT14. තෙන ඛො පන සමයෙන භික්ඛුනීනං කම්මං න කරීයති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ භික්ඛුනීනං කම්මං කාතුන්ති.”
Sinhala BJT14. එ සමයෙහි වනාහි “මෙහෙණනට විනයකර්‍ම නො කරනු ලැබේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. ”මහණෙනි, මෙහෙණනට විනයකර්‍ම කරන්නට අනුදනිමි”යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
Pali BJTඅථ ඛො භික්ඛූනං එතදහොසි. “කෙන නු ඛො භික්ඛුනීනං කම්මං කාතබ්බන්ති? භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ භික්ඛූහි භික්ඛුනීනං කම්මං කාතුන්ති.”
Sinhala BJTඑ කලැ කවරකු විසින් මෙහෙණනට විනයකර්‍ම කළයුතු දැ?”යි භික්‍ෂූනට මේ සිත විය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළහ. “මහණෙනි, භික්‍ෂූන් විසින් මෙහෙණනට විනයකර්‍ම කරන්නට අනුදනිමි”යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
Pali BJT15. තෙන ඛො පන සමයෙන කතකම්මා භික්ඛුනියො රථිකායපි{1} ව්යූහෙපි සිංඝාටකෙපි භික්ඛුං පස්සිත්වා පත්තං භූමියං නික්ඛිපිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා ඛමාපෙන්ති එවං නූන කාතබ්බන්ති මඤ්ඤමානා. මනුස්සා තථෙව උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: ‘ජායායො ඉමා ඉමෙසං ජාරියො ඉමා ඉමෙසං. රත්තිං විමානෙත්වා ඉදානි ඛමාපෙන්තී”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT15. එ සමයෙහි වනාහි කරන ලද විනයකර්‍ම ඇති මෙහෙණහු වීථියෙහි දී ද පිරිසෙහි ද මංසන්දියෙහි ද මහණකු දැක, පාත්‍රය බිමැ තබා, තනිපට සිවුර එකස් කොට උත්කුටුක වැ හිඳ, දොහොත් මුදුන් තබා, ‘මෙසේ කළයුතු වනැ’ යි සලකන්නෝ කමවත්. මිනිස්සු පළමු සේ ම “මොහු මොවුන්ගේ බිරියෝ ය, මොහු මොවුන්ගේ සොරබිරියෝ ය, රාත්‍රියෙහි අවමන් කොට දැන් කමවති” යි ලාමක කොට කියත්, නින්‍දා කෙරෙත්, දොස් පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“න භික්ඛවෙ භික්ඛූහි භික්ඛුනීනං කම්මං කාතබ්බං. යො කරෙය්ය ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ භික්ඛුනීහි භික්ඛුනීනං කම්මං කාතුන්ති.”
Sinhala BJT”මහණෙනි, මහණුන් විසින් මෙහෙණනට විනයකර්‍ම නො කළයුතු. යමෙක් කරන්නේ නම් දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, මෙහෙණන් විසින් මෙහෙණනට විනයකර්‍ම කරන්නට අනුදනිමි” යි වදාළසේක.
Pali BJTභික්ඛුනියො න ජානන්ති: ‘එවං කම්මං කාතබ්බන්ති’. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ භික්ඛූහි භික්ඛුනීනං ආචික්ඛිතුං ‘එවං කම්මං කරෙය්යාථා’ති.
Sinhala BJTවිනයකර්‍ම මෙසේ කළයුතු යැ’ යි මෙහෙණහු නො දත්හ. භාග්‍යවතුන් වහන්සේට එ පවත් සැලකළහ. ”මහණෙනි, මෙසේ කර්‍ම කරව යි භික්‍ෂූන් විසින් මෙහෙණනට කියා දෙන්නට අනුදනිමි” යි වදාළසේක.
Pali BJT16. තෙන ඛො පන සමයෙන භික්ඛුනියො සඞ්ඝමජ්ඣෙ භණ්ඩනජාතා කලහජාතා විවාදාපන්නා අඤ්ඤමඤ්ඤං මුඛසත්තීහි විතුදන්තී{2} විහරන්ති. න සක්කොන්ති තං අධිකරණං වූපසමෙතුං. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ භික්ඛූහි භික්ඛුනීනං අධිකරණං වූපසමෙතුන්ති.”
Sinhala BJT16. එ සමයෙහි වනාහි මෙහෙණහු සඟමැද හටගත් භණ්ඩන ඇත්තෝ, හටගත් කලහ ඇත්තෝ, විවාදයට බටුවෝ, උනුන් මුඛ නැමති අඩයටියෙන් උනුන් විදුමින් වෙසෙත්. ඒ අධිකරණය සන්හිඳුවන්නට නො හැකි වෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. ”මහණෙනි, භික්‍ෂූන් විසින් මෙහෙණන්ගේ අධිකරණය සන්හිඳුවන්නට අනුදනිමි” යි (භාග්‍යවතුන් වහන්සේ) වදාළසේක.
Pali BJT17. තෙන ඛො පන සමයෙන භික්ඛූ භික්ඛුනීනං අධිකරණං වූපසමෙන්ති. තස්මිං ඛො පන අධිකරණෙ විනිච්ඡියමානෙ දිස්සන්ති භික්ඛුනියො කම්මප්පත්තායො’පි ආපත්තිගාමිනියොපි. භික්ඛුනියො එවමාහංසු: “සාධු භන්තෙ අය්යාව භික්ඛුනීනං කම්මං කරොන්තු අය්යාව භික්ඛුනීනං ආපත්තිං පටිගණ්හන්තු. එවං හි භගවතා පඤ්ඤත්තං “භික්ඛූහි භික්ඛුනීනං අධිකරණං වූපසමෙතබ්බන්ති.” භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT17. එ සමයෙහි මහණහු මෙහෙණන් ගේ අධිකරණ සන්හිඳුවත්, ඒ අධිකරණ විනිසනු ලබන කල්හි කර්‍මයට පැමිණියා වූ ද, ඇවැතට පැමිණියා වූ ද මෙහෙණහු දක්නා ලැබෙත්. මෙහෙණහු මෙසේ කීහ: “වහන්ස, යාච්ඤා කරම්හ. ආර්‍ය්‍යයෝ ම මෙහෙණන්ගේ ඇවැත් පිළිගනිත්වා. ‘මහණෙනි, භික්‍ෂූන් විසින් මෙහෙණන්ගේ අධිකරණය සන්හිඳුවිය යුතු’ යැ යි මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ යැ” යි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ භික්ඛූහි භික්ඛුනීනං කම්මං ආරොපෙත්වා භික්ඛුනීනං නිය්යාදෙතුං, භික්ඛුනීහි භික්ඛුනීනං කම්මං කාතුං. භික්ඛූහි භික්ඛුනීනං ආපත්තිං ආරොපෙත්වා භික්ඛුනීනං නිය්යාදෙතුං, භික්ඛුනීහි භික්ඛුනීනං ආපත්තිං පටිග්ගහෙතුන්ති”.
Sinhala BJT“මහණෙනි, භික්‍ෂූන් විසින් මෙහෙණනට විනයකර්‍මය නංවා මෙහෙණන් විසින් මෙහෙණන්ගේ විනයකර්‍මය කරන්නට මෙහෙණනට පවරන්නට ද භික්‍ෂූන් විසින් මෙහෙණනට ඇවැත් නංවා මෙහෙණන් විසින් මෙහෙණන්ගේ ඇවැත් පිළිගන්නට මෙහෙණනට පවරන්නට ද අනුදනිමි” යි වදාළසේක.
Pali BJT18. තෙන ඛො පන සමයෙන උප්පලවණ්ණාය භික්ඛුනියා අන්තෙවාසිනී භික්ඛුනී සත්ත වස්සානි භගවන්තං අනුබද්ධා හොති විනයං පරියාපුණන්ති. තස්සා මුට්ඨස්සතිනියා ගහිතො ගහිතො මුස්සති. අස්සොසි ඛො සා භික්ඛුනී භගවා කිර සාවත්ථිං ගන්තුකාමො’ති. අථ තස්සා භික්ඛුනියා එතදහොසි: අහං ඛො සත්ත වස්සානි භගවන්තං අනුබන්ධිං විනයං පරියාපුණන්තී. තස්සා මෙ මුට්ඨස්සතිනියා ගහිතො ගහිතො මුස්සති. දුක්කරං ඛො පන මාතුගාමෙන යාවජීවං සත්ථාරං අනුබන්ධිතුං. කථං නු ඛො මයා පටිපජ්ජිතබ්බන්ති? අථ ඛො සා භික්ඛුනී භික්ඛුනීනං එතමත්ථං ආරොචෙසි. භික්ඛුනියො භික්ඛූනං එතමත්ථං ආරොචෙසුං. භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ භික්ඛූහි භික්ඛුනීනං විනයං වාචෙතුන්ති.”
Sinhala BJT18. එසමයෙහි වනාහි උපුල්වන් මෙහෙණගේ අතැවැසි මෙහෙණක් විනය පුහුණු කරන්නී සත් වසක් භාග්‍යවතුන් වහන්සේ පසුපස ගියා ය. නටුවා වූ සිහි ඇති ඇය විසින් උගත් උගත් දෑ නැසෙයි (සිහි නැති ව යෙයි) භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවරට වඩිනු කැමැතිසේකැ යි ඕ ඇසුවා ය. (ඇයට අසන්නට ලැබිණ). එවිට එ මෙහෙණට මෙ සිත විය. “මම් වූ කලි විනය උගන්නිම් සත් වසක් භාග්‍යවතුන් වහන්සේ පසුපස ගියෙමි. නටුවා වූ සිහි ඇති ඒ මා උගත් උගත් දෑ නැසෙයි (සිහි නැති ව යෙයි). මාගමක විසින් යව්දිව් ශාස්තෘන් වහන්සේ පසුපස යනු දුෂ්කර ය. කෙසේ නම් මා විසින් පිළිපැද්දයුතු දැ” යි ඉක්බිති ඒ මෙහෙණ මෙහෙණනට මෙ පවත් සැලකළාය, මෙහෙණහු මහණුනට එ පවත් සැලකළහ. මහණහු භාග්‍යවතුන් වහන්සේට එ පවත් දැන්නුහ. “මහණෙනි, භික්‍ෂූන්විසින් මෙහෙණනට විනය කියවන්නට (උගන්වන්නට) අනුදනිමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
Pali BJTපඨම භාණවාරං.
Sinhala BJTපළමු බණවර යි.
Pali BJT19. අථ ඛො භගවා වෙසාලියං යථාභිරන්තං විහරිත්වා යෙන සාවත්ථි තෙන චාරිකං පක්කාමි. අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන සාවත්ථි තදවසරි. තත්ර සුදං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ.
Sinhala BJT19. එ කලැ භාග්‍යවතුන් වහන්සේ විසල් පුරැ කැමැති තාක් වැසැ සැවැත් නුවර බලා සැරි සරා වැඩිසේක. පිළිවෙළින් සැරි සරා වඩනාසේක්. සැවැත්නුවරට පැමිණ වදාළසේක. භාග්‍යවතුන් වහන්සේ ඒ සැවැත් නුවර දෙව්රම් නම් වූ අනේපිඬු සිටුහුගේ අරමැ වැඩ වසනසේක.
Pali BJT20. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ භික්ඛුනියො කද්දමොදකෙන ඔසිඤ්චන්ති ‘අප්පෙවනාම අම්හෙසු සාරජ්ජෙය්යුන්ති.’ භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ භික්ඛුනා භික්ඛුනියො කද්දමොදකෙන ඔසිඤ්චිතබ්බා. යො ඔසිඤ්චෙය්ය ආපත්ති දුක්කටස්ස. අනුජානාමි. භික්ඛවෙ තස්ස භික්ඛුනො දණ්ඩකම්මං කාතුන්ති.”
Sinhala BJT20. එ සමයෙහි වනාහි සවැගි මහණහු “අප කෙරෙහි මොවුන් ඇලෙතොත් මැනැවැ” යි සිතා මෙහෙණනට මඩදිය ඉසිත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. ”මහණෙනි, මහණහු විසින් මෙහෙණනට මඩදිය ආදිය නො ඉස්සැයුතු. යමෙක් ඉස්නේ ද ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, ඒ මහණහට දඬුවම් කරන්නට අනුදනිමි” යි වදාළසේක.
Pali BJTඅථ ඛො භික්ඛූනං එතදහොසි: ‘කින්නු ඛො දණ්ඩකම්මං කාතබ්බන්ති.’ භගවතො එතමත්ථං ආරොචෙසුං. “අවන්දියො සො භික්ඛවෙ භික්ඛු භික්ඛුනිසඞ්ඝෙන කාතබ්බො”ති.
Sinhala BJTඑ කලැ මහණුනට මේ සිත විය: ‘කිනම් දඬුවමක් කළයුතු දැ?’ යි භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. ”මහණෙනි, ඒ මහණහු භික්‍ෂුණී සංඝයා විසින් නො වැන්දයුත්තෙක් කළයුතු යැ” යි වදාළසේක.
Pali BJT21. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ කායං විවරිත්වා භික්ඛුනීනං දස්සෙන්ති -පෙ- ඌරුං විවරිත්වා භික්ඛුනීනං දස්සෙන්ති, අඞ්ගජාතං විවරිත්වා භික්ඛුනීනං දස්සෙන්ති, භික්ඛුනියො ඔභාසෙන්ති, භික්ඛුනීහි සද්ධිං සම්පයොජෙන්ති ‘අප්පෙවනාම අම්හෙසු සාරජ්ජෙය්යුන්ති.’ භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT21. එ සමයෙහි සවැගි මහණහු ‘මොවුන් අප කෙරෙහි ඇලුණොත් මැනැවැ’ යි සිතා සිය කය විවෘත කොට මෙහෙණනට දක්වත්, කළවය විවෘත කොට මෙහෙණනට දක්වත්, අංගජාතය විවෘත කොට මෙහෙණනට දක්වත්, මෙහෙණනට මෛථූනධර්ම නිඃශ්‍රිත වචන කියත්, මෙහෙණන් හා සමඟ (පුරුෂයන් අසද්ධර්‍මයෙන්) යොදවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
Pali BJT“න භික්ඛවෙ භික්ඛුනා කායො විවරිත්වා භික්ඛුනීනං දස්සෙතබ්බො. න ඌරු විවරිත්වා භික්ඛුනීනං දස්සෙතබ්බො. න අඞ්ගජාතං විවරිත්වා භික්ඛුනීනං දස්සෙතබ්බං. න භික්ඛුනියො ඔභාසෙතබ්බා. න භික්ඛුනීහි සද්ධිං සම්පයොජෙතබ්බං යො සම්පයොජෙය්ය ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ තස්ස භික්ඛුනො දණ්ඩකම්මං කාතුන්ති.”
Sinhala BJT“මහණෙනි, මහණහු විසින් කය විවර කොට මෙහෙණනට නො දැක්වියයුතු, කළව විවර කොට මෙහෙණනට නො දැක්වියැයුතු, අඞ්ගජාතය විවර කොට මෙහෙණනට නො දැක්වියැයුතු, මෙහෙණනට මෙවුන්දම් නිසි බස් නො කියැයුතු, මෙහෙණන් හා අනුන් නො යෙදැවියැයුතු, යමෙක් එසේ යොදවන්නේ ද ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ මහණෙනි, ඒ මහණහට දඬුවම් කරන්නට අනුදනිමි” යි වදාළසේක.
Pali BJTඅථ ඛො භික්ඛූනං එතදහොසි කින්නු ඛො දණ්ඩකම්මං කාතබ්බන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අවන්දියො සො භික්ඛවෙ භික්ඛු භික්ඛුනිසඞ්ඝෙන කාතබ්බොති.”
Sinhala BJT“කවර නම් දඬුවමක් කළයුතු ද?” යි භික්‍ෂුනට මේ සිත විය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. “මහණෙනි, ඒ මහණ භික්‍ෂුණි සංඝයා විසින් නො වැන්දයුත්තෙක් කළ යුතු යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක:
Pali BJT22. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛුනියො භික්ඛූ කද්දමොදකෙන ඔසිඤ්චන්ති ‘අප්පෙවනාම අම්හෙසු සාරජ්ජෙය්යුන්ති.’ භගවතො එතමත්ථං ආරොචෙසුං. න භික්ඛවෙ භික්ඛුනියා භික්ඛු කද්දමොදකෙන ඔසිඤ්චිතබ්බො. යා ඔසිඤ්චෙය්ය ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ තස්සා භික්ඛුනියා දණ්ඩකම්මං කාතුන්ති.”
Sinhala BJT22. එ සමයෙහි වනාහි සවැගි මෙහෙණෝ “මොවුන් අප කෙරෙහි ඇලෙතොත් මැනැවැ’ යි සිතා මහණුනට මඩදිය ඉසිත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. ”මහණෙනි, මෙහෙණක විසින් මහණෙක් මඩදියෙන් නො ඉස්සැයුතු, යම් මෙහෙණක් ඉස්නී ද ඇයට දුකුළා ඇවැත් වන්නේ ය, මහණෙනි, ඇයට දඬුවම් කළයුතු යැ” යි වදාළෙස්ක.
Pali BJTඅථ ඛො භික්ඛූනං එතදහොසි “කින්නු ඛො දණ්ඩකම්මං කාතබ්බන්ති.” භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ ආවරණං කාතුන්ති.”
Sinhala BJT‘කිනම් දඬුවමක් කළයුතු දැ?’ යි භික්‍ෂූනට මේ සිත විය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. “මහණෙනි, ආවරණ කරන්නට (වෙහෙරට පිවිසීම වළක්වන්නට) අනුදනිමි” යි වදාළසේක.
Pali BJTආවරණෙ කතෙ න ආදියන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ ඔවාදං ඨපෙතුන්ති.”
Sinhala BJTආවරණය කළ කලැ එය නො ගනිත් (නො සලකත්). භාග්‍යවතුන් වහන්සේට එ පවත් සැලකළහ. “මහණෙනි, අවවාදය තබන්නට (අවවාද කිරීම අත්හරනට) අනුදනිමි” යි වදාළසේක.
Pali BJT23. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛුනියො කායං විවරිත්වා භික්ඛූනං දස්සෙන්ති. ථනං විවරිත්වා භික්ඛූනං දස්සෙන්ති. ඌරුං විවරිත්වා භික්ඛූනං දස්සෙන්ති. අඞ්ගජාතං විවරිත්වා භික්ඛූනං දස්සෙන්ති. භික්ඛූ ඔභාසෙන්ති. භික්ඛූහි සද්ධිං සම්පයොජෙන්ති. “අප්පෙවනාම අම්හෙසු සාරජ්ජෙය්යුන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ භික්ඛුනියා කායො විවරිත්වා භික්ඛූනං දස්සෙතබ්බො, න ථනං විවරිත්වා භික්ඛූනං දස්සෙතබ්බං, න ඌරු විවරිත්වා භික්ඛූනං දස්සෙතබ්බො, න අඞ්ගජාතං විවරිත්වා භික්ඛූනං දස්සෙතබ්බං, න භික්ඛූ ඔභාසිතබ්බා, න භික්ඛූහි සද්ධිං සම්පයොජෙතබ්බං. යා සම්පයොජෙය්ය ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ තස්සා භික්ඛුනියා දණ්ඩකම්මං කාතුන්ති.
Sinhala BJT23. එ සමයෙහි සැවැගි මෙහෙණහු මොවුන් අප කෙරෙහි ඇලෙතොත් මැනවැ යි ‘මොහු අප කෙරෙහි ඇලෙන්නාහු නම් මැනැවැ’යි සිතා මහණුනට කය විවර කොට දක්වත්, මහණුනට තන විවරා දක්වත්, මහණුනට කළව විවර කොට දක්වත්, මහණුනට අඞ්ගජාතය විවර කොට දක්වත්, මහණුනට මෛථුනධර්‍ම නිශ්‍රිත වචන කියත්, මෙහෙණන් මහණුන් හා යොදවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. “මහණෙනි, මෙහෙණ විසින් භික්‍ෂුනට කය විවරකොට නො දැක්වියැයුතු, තන විවර කොට නො දැක්වියැයුතු, කළව විවර කොට භික්‍ෂුනට නො දැක්වියැයුතු, අඞ්ගජාතය විවර කොට නො දැක්වියැයුතු, භික්‍ෂුනට මෙවුන් දම් නිසි බස් නො බිණියැයුතු ස්ත්‍රීන් මහණුන් හා නො ගැළපියැයුතු. යම් මෙහෙණක් ස්ත්‍රීන් මහණුන් හා ගළපන්නී නම් ඇයට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, ඒ මෙහෙණට දඬුවම් කරන්නට අනුදනිමි” යි වදාළසේක.
Pali BJTඅථ ඛො භික්ඛූනං එතදහොසි ‘කින්නු ඛො දණ්ඩකම්මං කාතබ්බන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. අනුජානාමි භික්ඛවෙ ආවරණං කාතුන්ති. ආවරණෙ කතෙ න ආදියන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ ඔවාදං ඨපෙතුන්ති.”
Sinhala BJTඑ කල ‘කවර නම් දඬුවමක් කළයුතු ද?’ යි මහණුනට මෙ සිත විය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. ”මහණෙනි, ආවරණ කරන්ට අනුදනිමි” යි වදාළසේක. ආවරණ කළ කල්හි නො පිළිගනිත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. ”මහණෙනි, අවවාද තබන්නට (ඔවා දීම අත්හරින්ට) අනුදනිමි” වදාළසේක.
Pali BJTඅථ ඛො භික්ඛූනං එතදහොසි ‘කප්පති නු ඛො ඔවාදඨපිතාය භික්ඛුනියා සද්ධිං උපොසථං කාතුං න නු ඛො කප්පතී”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ ඔවාදට්ඨපිතාය භික්ඛුනියා සද්ධිං උපොසථො කාතබ්බො යාව න තං අධිකරණං වූපසන්තං හොතී”ති.
Sinhala BJTඑ කලැ “තබන ලද අවවාද ඇති මෙහෙණ හා පොහෝ කරන්නට කැප වේ ද නො වේ ද?” යි භික්‍ෂුනට මෙ සිත විය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. “මහණෙනි, ඒ අධිකරණය සන්හිඳෙන තෙක් තබන ලද අවවාද ඇති මෙහෙණක හා පොහෝ නො කළයුතු යැ” යි වදාළසේක.
Pali BJT24. තෙන ඛො පන සමයෙන ආයස්මා උදායී ඔවාදං ඨපෙත්වා චාරිකං පක්කාමි. භික්ඛුනියො උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම අය්යො උදායී ඔවාදං ඨපෙත්වා චාරිකං පක්කමිස්සතී?ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ ඔවාදං ඨපෙත්වා චාරිකා පක්කමිතබ්බා යො පක්කමෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT24. එ සමයෙහි වූ කලි උදායී තෙරණුවෝ අවවාද තබා සැරිසරා වැඩියහ. “කෙසේ නම් උදායී ආර්‍ය්‍යයන් වහන්සේ අවවාද තබා සැරිසරා වඩනාසේක් දැ?” යි. මෙහෙණහු ලාමක කොට කියත්, දොස් නඟත්, අගුණ පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ “මහණෙනි, අවවාද තබා චාරිකා නො කළයුතු. යමෙක් සැරිසරා යන්නේ ද ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
Pali BJT25. තෙන ඛො පන සමයෙන බාලා අව්යත්තා ඔවාදං ඨපෙන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ බාලෙන අව්යත්තෙන ඔවාදො ඨපෙතබ්බො. යො ඨපෙය්ය ආපත්ති දුක්කටස්සාති.
Sinhala BJT25. එ සමයෙහි අඥාන වූ අව්‍යක්ත වූ මහණහු (මෙහෙණනට) අවවාද තබත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. ”මහණෙනි, අඥාන වූ අව්‍යක්ත වූ මහණහු විසින් (මෙහෙණනට) අවවාද නො තැබියැයුතු. යමෙක් තබන්නේ ද ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
Pali BJT26. තෙන ඛො පන සමයෙන භික්ඛූ අවත්ථුස්මිං අකාරණෙ ඔවාදං ඨපෙන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ අවත්ථුස්මිං අකාරණෙ ඔවාදො ඨපෙතබ්බො. යො ඨපෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT26. එ සමයෙහි මහණහු අවස්තුයෙහි අකාරණයෙහි (මෙහෙණනට) අවවාද තබත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. “මහණෙනි, අවස්තුයෙහි අකාරණයෙහි අවවාද නො තැබියැයුතු වේ. යමෙක් එසේ අවවාද තබන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
Pali BJT27. තෙන ඛො පන සමයෙන භික්ඛූ ඔවාදං ඨපෙත්වා විනිච්ඡයං න දෙන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ ඔවාදං ඨපෙත්වා විනිච්ඡයො න දාතබ්බො. යො න දදෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT27. එ සමයෙහි මහණහු (මෙහෙණනට) අවවාද තබා, විනිශ්චය නො දෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ. ”මහණෙනි, අවවාද තබා විනිශ්චය නො දියැයුතු නො වේ. යමෙක් විනිශ්චය නො දෙන්නේ ද ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
Pali BJT28. තෙන ඛො පන සමයෙන භික්ඛුනියො ඔවාදං න ගච්ඡන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං: “න භික්ඛවෙ භික්ඛුනියා ඔවාදො න ගන්තබ්බො. යා න ගච්ඡෙය්ය යථාධම්මො කාරෙතබ්බො”ති.
Sinhala BJT28. එ සමයෙහි වනාහි මෙහෙණහු අවවාද ලබනු සඳහා නො යෙත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. ”මහණෙනි, මෙහෙණ විසින් අවවාද ලබනු (පිණිස) නො ම නො යෑ යුතු. යම් මෙහෙණක් නො යන්නී ද ඇයට ධර්‍මය වූ පරිදි දඬුවම් කළයුතු” යැ යි වදාළසේක.
Pali BJT29. තෙන ඛො පන සමයෙන සබ්බො භික්ඛුනීසඞ්ඝො ඔවාදං ගච්ඡති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “ජායායො ඉමා ඉමෙසං, ජාරියො ඉමා ඉමෙසං, ඉදානි ඉමා ඉමෙහි සද්ධිං අභිරමිස්සන්තී”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ සබ්බෙන භික්ඛුනිසඞ්ඝෙන ඔවාදො ගන්තබ්බො. ගච්ඡෙය්ය චෙ ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ චතූහි පඤ්චහි භික්ඛුනීහි ඔවාදං ගන්තුන්ති.
Sinhala BJT29. එ සමයෙහි සියලු භික්‍ෂුණි සංඝ තෙම අවවාද ලබනුවට යෙයි. මිනිස්සු “මොහු මොවුන්ගේ බිරියෝ ය, මොහු මොවුන්ගේ සොර බිරියෝ ය දැන් මොහු මොවුන් හා කාමාස්වාදයෙහි ඇලෙන්නාහ” යි ලාමක කොට කියත්, නින්‍දා කෙරෙත්, නුගුණ පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. ”මහණෙනි, සියලු භික්‍ෂුණි සංඝයා අවවාද ලබනුව නො යෑයුතු, ඉදින් යන්නේ නම් දුකුළා ඇවැත් වන්නේ ය, මහණෙනි, සතර නමක් හෝ පස් නමක් මෙහෙණන් විසින් අවවාද ලබනුවට යන්නට අනුදනිමි” යි වදාළසේක.
Pali BJT30. තෙන ඛො පන සමයෙන චතස්සො පඤ්ච භික්ඛුනියො ඔවාදං ගච්ඡන්ති. මනුස්සා තථෙව උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති ‘ජායායො ඉමා ඉමෙසං, ජාරියො ඉමා ඉමෙසං, ඉදානි ඉමා ඉමෙහි සද්ධිං අභිරමිස්සන්තී’ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ චතූහි පඤ්චහි භික්ඛුනීහි ඔවාදො ගන්තබ්බො. ගච්ඡෙය්යුං චෙ ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ ද්වෙ තිස්සො භික්ඛුනියො ඔවාදං ගන්තුං එකං භික්ඛුං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා පාදෙ වන්දිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිම්පග්ගහෙත්වා එවමස්ස වචනීයො භික්ඛුනීසඞ්ඝො අය්ය, භික්ඛුසඞ්ඝස්ස පාදෙ වන්දති ඔවාදූපසඞ්කමනඤ්ච යාචති. ලභතු කිර අය්ය, භික්ඛුනී සඞ්ඝො ඔවාදූපසඞ්කමනන්ති.
Sinhala BJT30. එ සමයෙහි මෙහෙණහු සතර දෙනෙක් පස් දෙනෙක් අවවාද ලබනු පිණිස යෙත්. මිනිස්සු “මොහු මේ මහණුන්ගේ බිරියෝ ය, මොහු මේ මහණුන්ගේ සොර අඹුවෝ ය. දැන් මොහු මේ මහණුන් හා කාමාස්වාදයෙහි ඇලෙන්නෝ යැ” යි පළමු සේ ම ලාමක කොට කියත්, නින්‍දා කෙරෙත්, දොස් පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. ”මහණෙනි, මෙහෙණන් සතර දෙනකුන් පස් දෙනකුන් අවවාද ලබනුවට නො යා යුතු. එසේ යන්නාහු වෙත් නම් ඔවුනට දුකුළා ඇවැත් වන්නේ ය. මෙහෙණන් දෙ නමක් තුන් නමක් අවවාද පිණිස යන්නට අනුදනිමි. එක් මහණකු කරා එළැඹ, තනිපට සිවුර එකස් කොට (පෙරෙවැ) පා වැඳ, උත්කුටුක වැ හිඳ, දොහොත් මුදුන් තබා, “‘ආර්‍ය්‍යන් වහන්ස, භික්‍ෂුණි සංඝ තෙම භික්‍ෂූ සංඝයා පා වඳී. අවවාද ලබනුවට එළැඹීම ද යදී. ආර්‍ය්‍යයන් වහන්ස, භික්‍ෂුණි සංඝ තෙම අවවාද ලබනු සඳහා එළැඹීම ලබාවා” යි. මෙසේ කියැයුතු වන්නේ ය.
Pali BJTතෙන භික්ඛුනා පාතිමොක්ඛුද්දෙසකො භික්ඛු උපසඞ්කමිත්වා එවමස්ස වචනීයො: ‘භික්ඛුනී සඞ්ඝො භන්තෙ භික්ඛුසඞ්ඝස්ස පාදෙ වන්දති ඔවාදූපසඞ්කමනඤ්ච යාචති. ලභතු කිර භන්තෙ භික්ඛුනී සඞ්ඝො ඔවාදූපසඞ්කමනන්ති.’ පාතිමොක්ඛුද්දෙසකෙන වත්තබ්බො. “අත්ථි කොචි භික්ඛු භික්ඛුනොවාදකො සම්මතො”ති. සචෙ හොති කොචි භික්ඛු භික්ඛුනොවාදකො සම්මතො පාතිමොක්ඛුද්දෙසකෙන වත්තබ්බො: “ඉත්ථන්නාමො භික්ඛු භික්ඛුනොවාදකො සම්මතො. තං භික්ඛුනීසඞ්ඝො උපසඞ්කමතූ”ති. සචෙ න හොති කොචි භික්ඛු භික්ඛුනොවාදකො සම්මතො පාතිමොක්ඛුද්දෙසකෙන වත්තබ්බො: කො ආයස්මා උස්සහති භික්ඛුනියො ඔවදිතුන්ති?
Sinhala BJTඒ මහණහු විසින් පාමොක් උදෙසන මහණකු කරා එළැඹ “වහන්ස, භික්‍ෂුණී සංඝ තෙම සඞ්ඝයාගේ පා වඳී. අවවාද සඳහා එළැඹීම ද යදි. වහන්ස, භික්‍ෂුණි සඞ්ඝ තෙම අවවාද පිණිස එළැඹීම ද ලබාවා” යි මෙසේ කියැයුතු. පාමොක් උදෙසුවා විසින් “මෙහෙණනට අවවාද කරන්නකු වශයෙන් සඞ්ඝ සම්මත වූ මහණෙක් ඇද්ද?” පිළිවිසියැයුතු. ඉදින් මෙහෙණනට අවවාද කරන්නකු වශයෙන් සම්මත කිසියම් මහණෙක් වී නම්, පාමොක් උදෙසුවා විසින් “මෙ නම් මහණ භික්ඛුනෝවාදක විසින් සම්මත යැ. ඔහු කරා භික්‍ෂුණීසඞ්ඝයා එළැඹේවා” යි කියැයුතු, ඉදින් භික්ක්ඛුනොවාදක සම්මතිය ලත් කිසිදු මහණෙක් නො වී නම් පාමොක් උදෙසුවා විසින් “කවර නම් ආයුෂ්මත් කෙනෙක් මෙහෙණනට අවවාද කරන්නට සමත් වෙත් දැ?” යි විචාළයුතු.
Pali BJTසචෙ කොචි උස්සහති භික්ඛුනියො ඔවදිතුං, සො ච හොති අට්ඨහඞ්ගෙහි සමන්නාගතො සම්මන්නිත්වා වත්තබ්බො: “ඉත්ථන්නාමො භික්ඛු භික්ඛුනොවාදකො සම්මතො. තං භික්ඛුනීසඞ්ඝො උපසඞ්කමතූ’ති. සචෙ න කොචි උස්සහති භික්ඛුනියො ඔවදිතුං පාතිමොක්ඛුද්දෙසකෙන වත්තබ්බො: නත්ථි කොචි භික්ඛු භික්ඛුනොවාදකො සම්මතො. පාසාදිකෙන භික්ඛුනී සඞ්ඝො සම්පාදෙතූ”ති.
Sinhala BJTඉදින් කිසි මහණෙක් මෙහෙණනට ඔවා දෙන්නට සමත් වන්නේ නම් හේ අටඟින් සමන්‍විත වී නම්, ඔහු සම්මත කොට, “මෙනම් මහණ භික්ඛුනෝවාදක විසින් සම්මත යැ. ඔබ කරා භික්‍ෂූණිසඞ්ඝ තෙමේ එළැඹේවා” යි කියැයුතු. ඉදින් කිසි දු මහණෙක් මෙහෙණනට ඔවා දෙන්නට සමත් නො වී නම්, “භික්ඛුනෝවාදක” යැ යි සම්මත කිසි දු මහණෙක් මෙහි නැත, භික්‍ෂූණිසඞ්ඝ තෙමේ ප්‍රසාද එළවන ගුණයෙන් එය සම්පාදනය කෙරේවා” යි කියැයුතු.
Pali BJT31. තෙන ඛො පන සමයෙන භික්ඛූ ඔවාදං න ගණ්හන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. ‘න භික්ඛවෙ ඔවාදො න ගහෙතබ්බො යො න ගණ්හෙය්ය ආපත්ති දුක්කටස්සා’ති.
Sinhala BJT31. එ සමයෙහි මහණහු භික්ඛුනෝවාදක සම්මති නො පිළිගනිත්. භාග්‍යවතුන් වහන්සේට එ පවත් සැලකළහ. ”මහණෙනි, අවවාදක සම්මතිය නො පිළිගතයුතු නො වේ. යමෙක් නො පිළිගන්නේ ද ඔහුට දුකුළා ඇවැත් වන්නේ” යැ යි වදාළසේක.
Pali BJTතෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු බාලො හොති. තං භික්ඛුනියො උපසඞ්කමිත්වා එතදවොචුං: ඔවාදං අය්ය ගණ්හාහී’ති .
Sinhala BJTඑ සමයෙහි එක්තරා අව්‍යක්ත මහණෙක් වෙයි. ඔහු කරා මෙහෙණහු එළඹ “ආර්‍ය්‍යන් වහන්ස, භික්ඛුනෝවාදය පිළිගත මැනැවි” යි කීහ.
Pali BJT“අහං හි භගිනි බාලො. කථාහං ඔවාදං ගණ්හාමී”ති. ගණ්හාහය්ය ඔවාදං. එවං හි භගවතා පඤ්ඤත්තං භික්ඛූහි භික්ඛුනීනං ඔවාදො ගහෙතබ්බො’ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ ඨපෙත්වා බාලං අවසෙසෙහි ඔවාදං ගහෙතුන්ති”.
Sinhala BJT“බිහිනිය, මම් නොදන්නෙකිමි, මම් කෙසේ නම් අවවාදක සම්මතිය පිළිගනිම් දැ?” යි කී ය. “ආර්‍ය්‍යන් වහන්ස, අවවාදක සම්මතිය පිළිගන්න. භික්‍ෂූන් විසින් මෙහෙණනට අවවාද කිරීමේ සම්මතිය පිළිගතයුතු යැ” යි මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් පනවන ලදැ’ යි. ඕ කීවා ය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. “මහණෙනි, අව්‍යක්තයා හැර සෙසු භික්‍ෂූන් විසින් භික්බුනෝවාදක සම්මතිය පිළිගන්නට අනුදනිමි” යි වදාළසේක.
Pali BJT32. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු ගිලානො හොති. තං භික්ඛුනියො උපසඞ්කමිත්වා එතදවොචුං “ඔවාදං අය්ය ගණ්හාහී”ති. “අහං හි භගිනි ගිලානො. කථාහං ඔවාදං ගණ්හාමී”ති. “ගණ්හාහය්ය ඔවාදං. එවං හි භගවතා පඤ්ඤත්තං: ඨපෙත්වා බාලං අවසෙසෙහි ඔවාදො ගහෙතබ්බො”ති.
Sinhala BJT32. එ සමයෙහි එක්තරා මහණෙක් ගිලන් වේ. මෙහෙණහු ඔහු කරා එළඹ, “ආර්‍ය්‍යයන් වහන්ස, භික්ඛුනෝවාදක සම්මතිය පිළිගන්නැ” යි කීහ. “බිහිනියෙනි, මම් ගිලන්මි. කෙසේ මම් අවවාදක සම්මතිය පිළිගනිම් දැ?” යි හේ කිව, “ආර්‍ය්‍යයන් වහන්ස, අවවාදක සම්මතිය පිළිගන්න. ‘අව්‍යක්තයා හැර සෙස්සවුන් විසින් අවවාදක සම්මතිය පිළිගතයුතු යැ” යි භාග්‍යවතුන් වහන්සේ විසින් පනවන ලද” යි කීහ.
Pali BJTභගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ ඨපෙත්වා බාලං ඨපෙත්වා ගිලානං අවසෙසෙහි ඔවාදං ගහෙතුන්ති”.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. “මහණෙනි, අව්‍යක්තයා ද ගිලනා ද හැර සෙස්සන් විසින් අවවාද සම්මතිය පිළිගන්නට අනුදනිමි” යි වදාළසේක.
Pali BJT33. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු ගමිකො හොති. තං භික්ඛුනියො උපසඞ්කමිත්වා එතදවොචුං: “ඔවාදං අය්ය ගණ්හාහී”ති. “අහං හි භගිනි, ගමිකො. කථාහං ඔවාදං ගණ්හාමී”ති “ගණ්හාහය්ය ඔවාදං. එවං හි භගවතා පඤ්ඤත්තං: ඨපෙත්වා බාලං ඨපෙත්වා ගිලානං අවසෙසෙහි ඔවාදො ගහෙතබ්බො”ති.
Sinhala BJT33. එසමයෙහි එක්තරා මහණෙක් ගමනෙක යෙදුණේ විය: මෙහෙණහු ඔහු වෙත එළඹ, “ආර්‍ය්‍යන් වහන්ස, භික්ඛුනෝවාද සම්මතිය පිළිගන්නැ” යි කීහ. “නැගැණියනි, මම් ගමිකයෙමි. එ හෙයින් කෙසේ නම්, මෙහෙණනට අවවාද කිරීමේ කාර්‍ය්‍යය බාරගනිම් දැ?” හේ කී ය. “ආර්‍ය්‍යයන් වහන්ස, අවවාදක සම්මතිය පිළිගත මැනැව, අව්‍යක්තයා ද ගිලනා ද හැර සෙස්සන් විසින් අවවාදක සම්මතිය පිළිගතයුතු යැ’යි මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් පනවනලද” යි කීහ.
Pali BJTභගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ ඨපෙත්වා බාලං ඨපෙත්වා ගිලානං ඨපෙත්වා ගමිකං අවසෙසෙහි ඔවාදං ගහෙතුන්ති”.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. “මහණෙනි, අව්‍යක්තයා ද ගිලනා ද ගමිකයා ද හැර සෙස්සන් විසින් අවවාදක සම්මතිය පිළිගතයුතු යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
Pali BJT34. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු අරඤ්ඤෙ විහරති. තං භික්ඛුනියො උපසඞ්කමිත්වා එතදවොචුං “ඔවාදං අය්ය, ගණ්හාහී”ති. “අහං හි භගිනි, අරඤ්ඤෙ විහරාමි කථාහං ඔවාදං ගණ්හාමී”ති. “ගණ්හාහය්ය ඔවාදං එවං හි භගවතා පඤ්ඤත්තං: ඨපෙත්වා බාලං ඨපෙත්වා ගිලානං ඨපෙත්වා ගමිකං අවසෙසෙහි ඔවාදො ගහෙතබ්බො”ති.
Sinhala BJT34. එ සමයෙහි එක්තරා මහණෙක් වෙනෙහි වෙසෙයි. මෙහෙණහු ඔහු කරා එළඹ, “ආර්‍ය්‍යන් වහන්ස, අවවාදක සම්මතිය පිළිගන්නැ” යි කීහ. “බුහුනැණියනි, මම් වෙනෙහි වෙසෙමි. කෙසේ නම් අවවාදක සම්මතිය පිළිගනිම් දැ?” යි හේ කිව. “ආර්‍ය්‍යයන් වහන්ස, අවවාදක සම්මතිය පිළිගන්නැ. ‘අව්‍යක්තයා ද ගිලනා ද ගමිකයා ද හැර සෙස්සන් විසින් අවවාදක සම්මතිය පිළිගතයුතු’ යැ යි මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් පනවන ලද”යි මෙහෙණහු කීහ.
Pali BJTභගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ ආරඤ්ඤකෙන භික්ඛුනා ඔවාදං ගහෙතුං සංකෙතඤ්ච කාතුං අත්ර පටිහරිස්සාමී”ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. “මහණෙනි, වනවැසි මහණ විසින් භික්ඛුනෝවාදක සම්මතිය පිළිගන්නට ද අසෝ තැන දී අවවාද කරන්නෙමි යි මෙ තැන දී අවවාද කරන්නෙමි යි, අවවාද කරන තැන පිළිබඳ සංකෙතයක් කරන්නට ද අනුදනිමි” යි වදාළසේක.
Pali BJT35. තෙන ඛො පන සමයෙන භික්ඛූ ඔවාදං ගහෙත්වා න ආරොචෙන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ ඔවාදො න ආරොචෙතබ්බො. යො න ආරොචෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT35. එසමයෙහි භික්‍ෂූහු අවවාදක සම්මතිය පිළිගෙන ආරෝචනය නො කරත් (නො දන්වත්). භාග්‍යවතුන් වහන්සේට මේ පවත සැලකළහ. “මහණෙනි, අවවාදක සම්මතිය පිළිගෙන ආරෝචනය නො කොට නො සිටියයුතු ය. යමෙක් ආරෝචනය නො කරන්නේ වී නම්, ඔහුට දුකුළා ඇවැත් වේ” යැ යි වදාළසේක.
Pali BJT36. තෙන ඛො පන සමයෙන භික්ඛූ ඔවාදං ගහෙත්වා න පච්චාහරන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ ඔවාදො න පච්චාහරිතබ්බො. යො න පච්චාහරෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT36. එ සමයෙහි මහණහු අවවාදක සම්මතිය පිළිගෙන ඒ බව පෙරළා නො සැල කරත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් දැන්වූහ. “මහණෙනි, අවවාදක සම්මතිය පිළිගත් බව පෙරළා නො ම නො දැන්වියයුතු. යමෙක් නො දන්වා නම් ඔහුට දුකුළා ඇවැත් වේ” යැ යි වදාළසේක.
Pali BJT37. තෙන ඛො පන සමයෙන භික්ඛුනියො සංකෙතං න ගච්ඡන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ භික්ඛුනියා සංකෙතං න ගන්තබ්බං. යා න ගච්ඡෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT37. එ සමයෙහි මෙහෙණෝ සලකුණු කළ තැනට නො යෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් දැන්වූහ. “මහණෙනි, භික්‍ෂුණිය විසින් සලකුණු කළ තැනට නො යෑම නො කළයුතු යි. යම් මෙහෙණක් නො යන්නී නම් (ඇයට) දුකුළා ඇවැත් වේ” යි වදාළසේක.
Pali BJT38. තෙන ඛො පන සමයෙන භික්ඛුනියො දීඝානි කායබන්ධනානි ධාරෙන්ති. තෙහෙව ඵාසුකෙ නමෙන්ති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: සෙය්යථාපි ගිහී කාමභොගිනියො’ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ භික්ඛුනියා දීඝං කායබන්ධනං ධාරෙතබ්බං. යා ධාරෙය්ය, ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ භික්ඛුනියා එකපරියාකතං කායබන්ධනං. න ච තෙන ඵාසුකෙ නාමෙතබ්බා. යා නාමෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT38. එ කල්හි මෙහෙණෝ දිග කාබහන් දරත්, එයින් ම ඉළ ඇට නමත්, ‘කාමභෝගී ගැහැණුන් මෙනැ’ යි මිනිස්සු ලමු කොට සිතති, නුගුණ කියති, දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් දැන්වූහ. “මහණෙනි, මෙහෙණ විසින් දිගු කාබහන් නො දැරියයුතු. යම් මෙහෙණක් දරා ද (ඇයට) දුකුළා ඇවැත් වේ. මහණෙනි, මෙහෙණට එක් වෙළුම් පටෙකින් යුත් කාබහන අනුදනිමි. එයින් ඉළ ඇට නො නැමියයුතු. යම් මෙහෙණක් නමා ද (ඇයට) දුකුළා ඇවත් වේ” යි වදාළසේක.
Pali BJT39. තෙන ඛො පන සමයෙන භික්ඛුනියො විලීවෙන පට්ටෙන ඵාසුකෙ නමෙන්ති, චම්මපට්ටෙන ඵාසුකෙ නමෙන්ති, දුස්සට්ටෙන ඵාසුකෙ නමෙන්ති, දුස්සවෙණියා ඵාසුකෙ නමෙන්ති, දුස්සවට්ටියා ඵාසුකෙ නමෙන්ති, චොළපට්ටෙන ඵාසුකෙ නමෙන්ති, චොළවෙණියා ඵාසුකෙ නමෙන්ති, චොළවට්ටියා ඵාසුකෙ නමෙන්ති, සුත්තවෙණියා ඵාසුකෙ නමෙන්ති, සුත්තවට්ටියා ඵාසුකෙ නමෙන්ති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: ‘සෙය්යථාපි ගිහී කාමභොගිනියො’ති. භගවතො එතමත්ථං ආරොචෙසුං . “න භික්ඛවෙ භික්ඛුනියා විලීවෙන පට්ටෙන ඵාසුකා නාමෙතබ්බා, න චම්මපට්ටෙන ඵාසුකා නමෙතබ්බා, න දුස්සපට්ටෙන ඵාසුකා නමෙතබ්බා, න දුස්සවෙණියා ඵාසුකා නමෙතබ්බා, න දුස්සවට්ටියා ඵාසුකා නමෙතබ්බා, න චොළපට්ටෙන ඵාසුකා නමෙතබ්බා, න චොළවෙණියා ඵාසුකා නමෙතබ්බා, න චොළවට්ටියා ඵාසුකා නමෙතබ්බා, න සුත්තවෙණියා ඵාසුකා නමෙතබ්බා, න සුත්තවට්ටියා ඵාසුකා නාමෙතබ්බා. යා නාමෙය්ය ආපත්ති දුක්කටස්සාති.
Sinhala BJT39. එ සමයෙහි මෙහෙණෝ මොළොක් උණපතුරෙන් කළ පටියෙන් ඉළඇට නමති, සම්පටින් ඉළඇට නමති, සුදුරෙදි වෙණියෙන් ඉළඇට නමති, සුදුරෙදි වැටියෙන් ඉළඇට නමති, කසාවන් රෙදිපටින් ඉළඇට නමති, කසාවන් රෙදිවෙණියෙන් ඉළඇට නමත්, කසාවන් රෙදිවැටින් ඉළඇට නමති, හුවෙණියෙන් ඉළඇට නමති, හුවැටින් ඉළඇට නමත්. ‘ගිහී කාමභෝගිනීන් මෙනැ” යි මිනිස්සු ලමු කොට සිතති, නුගුණ කියත්, දොස් පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ කරුණ සැලකළහ. “මහණෙනි, මෙහෙණ විසින් මොළොක් උණපතුරෙන් කළ පටියෙන් ඉළඇට නො නැමියයුතු, සම්පටින් ඉළඇට නො නැමියයුතු, සුදුරෙදි පටින් ඉළඇට නො නැමියයුතු, සුදුරෙදි වෙණියෙන් ඉළඇට නො නැමියයුතු, සුදුරෙදි වැටින් ඉළඇට නො නැමියයුතු, කසාවන් රෙදිපටින් ඉළඇට නො නැමියයුතු, කසාවන් රෙදි වෙණියෙන් ඉළඇට නො නැමියයුතු, කසාවන් රෙදි වැටින් ඉළඇට නො නැමියයුතු, හුවෙණියෙන් ඉළඇට නො නැමියයුතු, හුවැටින් ඉළඇට නො නැමියයුතු, යම් මෙහෙණක් නමා ද (ඇයට) දුකුළා ඇවැත් වේ” යි වදාළසේක.
Pali BJT40. තෙන ඛො පන සමයෙන භික්ඛුනියො අට්ඨිල්ලෙන ජඝනං ඝංසාපෙන්ති, ගොහනුකෙන ජඝනං කොට්ටාපෙන්ති, හත්ථං කොට්ටාපෙන්ති, හත්ථකොච්ඡං කොට්ටාපෙන්ති පාදං කොට්ටාපෙන්ති. පාදකොච්ඡං කොට්ටාපෙන්ති, ඌරුං කොට්ටාපෙන්ති. මුඛං කොට්ටාපෙන්ති, දන්තමංසං කොට්ටාපෙන්ති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: සෙය්යථාපි ගිහී කාමභොගිනියො’ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ භික්ඛුනියා අට්ඨිල්ලෙන ජඝනං ඝංසාපෙතබ්බං -පෙ- න දන්තමංසං කොට්ටාපෙතබ්බං. යා කොට්ටාපෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT40. එ සමයෙහි මෙහෙණෝ ගවයන්ගේ කෙණ්ඩා ඇටයෙන් කටි පෙදෙස (තුනටිය පෙදෙස) අතුල්ලති, ගවයන්ගේ හනු ඇටයෙන් කටිපෙදෙස කොටවති, අතෙහි (සිතුවම්) කොටවති, පිටි අත කොටවති. පයෙහි කෙණ්ඩා කොටවති, පිටිපතුල කොටවති, කලවා කොටවති. මුව කොටවති, දත්මස කොටවත්. ගිහී කාමභෝගිනීන් මෙනැ යි මිනිස්සු ලමු කොට සිතති, නුගුණ කියති, දොස් පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ කරුණ සැලකළාහ. “මහණෙනි, මෙහෙණ විසින් ගවයන්ගේ කෙණ්ඩාඇටයෙන් කටි පෙදෙස නො ඇතිල්ලිය යුතු ... දත් මස නො කෙටවිය යුතු, යම් මෙහෙණක් කොටවා නම් දුකුළා ඇවැත් වේ” යි වදාළසේක.
Pali BJT41. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛුනියො මුඛං ආලිම්පන්ති,- මුඛං උම්මද්දෙන්ති, මුඛං චුණ්ණෙන්ති, මනොසිලිකාය මුඛං ලඤ්ඡෙන්ති, අඞ්ගරාගං කරොන්ති, මුඛරාගං කරොන්ති, අඞ්ගරාගමුඛරාගං කරොන්ති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: සෙය්යථාපි ගිහී කාමභොගිනියොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ භික්ඛුනියා මුඛං ආලිම්පිතබ්බං, න මුඛං උම්මද්දෙතබ්බං, න මුඛං චුණ්ණෙතබ්බං, න මනොසිලිකාය මුඛං ලඤ්ඡෙතබ්බං, න අඞ්ගරාගො කාතබ්බො, න මුඛරාගො කාතබ්බො, න අඞ්ගරාගමුඛරාගො කාතබ්බො, යා කරෙය්ය{1} ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT41. එ සමයෙහි සවග මෙහෙණෝ මුව ආලේප කරති, මුව සිනිඳු කරති, මුව වත්සුණුයෙන් තවරති, මනොසීල (කල්ක) යෙන් මුව ලකුණු කරති, අඞ්ගරාග (ඇඟ පාට කිරීම) කරති, මුඛරාගය (මුහුණ පාටකිරීම) කරති, අඞ්ගරාගමුඛරාග (දෙක ම) කරත්. ‘ගිහීකාමභෝගිනීන් මෙනැ’ යි මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්. මෙ කරුණ භාග්‍යවතුන් වහන්සේට සැල කළහ. “මහණෙනි, මෙහෙණ විසින් මුව ආලෙපකිරීම නො කළ යුතු, මුව සිනිඳු කිරීම නො කළයුතු, මුව සුණු තැවරීම නො කළයුතු, මනොසීල කල්කයෙන් මුව ලකුණු කිරීම නො කළයුතු, අඞ්ගරාගය නො කළයුතු, මුඛරාගය නො කළයුතු, අඩ්ගරාග-මුඛරාග නො කළයුතු. යම් මෙහෙණක් කෙරේ නම් දුකුළා ඇවැත් වේ” යි වදාළසේක.
Pali BJT42. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛුනියො අවඞ්ගං කරොන්ති, විසෙසකං කරොන්ති, ඔලොකනකෙන ඔලොකෙන්ති, සාලොකෙ තිට්ඨන්ති, නච්චං{2} කාරාපෙන්ති, වෙසිං උට්ඨාපෙන්ති, පානාගාරං ඨපෙන්ති, සූනං ඨපෙන්ති, ආපණං පසාරෙන්ති. වඩ්ඪිං පයොජෙන්ති, වණිජ්ජං පයොජෙන්ති, දාසං උපට්ඨාපෙන්ති, දාසිං උපට්ඨාපෙන්ති, කම්මකාරං උපට්ඨාපෙන්ති, කම්මකාරිං උපට්ඨාපෙන්ති, තිරච්ඡානගතං උපට්ඨාපෙන්ති, හරීතකපක්කිකං පකිණන්ති, නමතකං ධාරෙන්ති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: සෙය්යථාපි ගිහී කාමභොගිනියොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ භික්ඛුනියා අවඞ්ගං කාතබ්බං. -පෙ- න නමතකං ධාරෙතබ්බං. යා ධාරෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT42. එ සමයෙහි සවග මෙහෙණෝ අවඞ්ගය (ඇසෙහි අඳුන් ගානා විට ඇස් කෙළවර යටිකුරු වූ විසිතුරු රේඛා ඇඳීම) කෙරෙති, කම්මුලෙහි විසේසකය (කම්මුලෙහි විසිතුරු පත්‍ර ලේඛා) කෙරෙති, කවුළුවෙන් (වීථිය දෙස) බලති, ආලෝක සහිත තැන (දොර හැර සිරුරින් අඩක් දක්වමින්) සිටිති, නෘත්‍ය කරවති, වෙසඟනන් එළවා සිටුවති, සුරාසැල් තබති, මස් වෙළඳ සැල් තබති (මස් විකුණති), වෙළඳසැල් විවෘත කෙරෙති, පොලී කිරීමෙහි යෙදෙති, වෙළඳාමෙහි යෙදෙති, දාසයන් එළවා සිටුවති, දාසීන් එළවා සිටුවති, කම්කරුවන් එළවා සිටුවති, කම්කරු ස්ත්‍රීන් එළවා සිටුවති, තිරිසනුන් එළවා සිටුවති, මිශු පළතුරුහල් (අරළු ඈ ගෙඩිවර්‍ග විකුණන අවන්හල්) විවෘත කෙරෙති, ඉළඇට නමන බැඳුම් දරත්. ‘ගිහී කාමභෝගිනීන් මෙනැ’ යි මිනිස්සු ලමු කොට සිතති, නුගුණ කියති, දොස් පතුරුවත්. මේ කරුණ භාග්‍යවතුන් වහන්සේට සැලකළහ. “මහණෙනි, මෙහෙණ විසින් අවඞ්ගය නො කළයුතු ... නමතකය නො දැරියයුතු, යම් මෙහෙණක් දරා නම් දුකුළා ඇවැත් වේ” යි (වදාළසේක).
Pali BJT43. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛුනියො සබ්බනීලකානි චීවරානි ධාරෙන්ති, සබ්බපීතකානි චීවරානි ධාරෙන්ති, සබ්බලොහිතකානි චීවරානි ධාරෙන්ති, සබ්බමඤ්ජෙට්ඨිකානි චීවරානි ධාරෙන්ති, සබ්බකණ්හානි චීවරානි ධාරෙන්ති, සබ්බමහාරඞ්ගරත්තානි චීවරානි ධාරෙන්ති, සබ්බමහානාමරත්තානි චීවරානි ධාරෙන්ති, අච්ඡින්නදසානි චීවරානි ධාරෙන්ති, දීඝදසානි චීවරානි ධාරෙන්ති, පුප්ඵදසානි චීවරානි ධාරෙන්ති, ඵණදසානි චීවරානි ධාරෙන්ති, කඤ්චුකං ධාරෙන්ති, තිරීටකං ධාරෙන්ති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: ‘සෙය්යථාපි ගිහී කාමභොගිනියො’ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ, භික්ඛුනියා සබ්බනීලකානි චීවරානි ධාරෙතබ්බානි -පෙ- න තිරීටකං ධාරෙතබ්බං. යා ධාරෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT43. එ සමයෙහි සවග මෙහෙණෝ සියල්ල නිල්වන් වූ සිවුරු දරති, සියල්ල පීතවර්‍ණ වූ සිවුරු දරති, සියල්ල ලේවන් වූ සිවුරු දරති, සියල්ල මදටවන් වූ සිවුරු දරති, සියල්ල කළුවන් වූ සිවුරු දරති, සියල්ල රත්වෑයන්ගේ පිටෙහි පැහැ වැනි පැහැයෙන් රඳනලද සිවුරු දරති, සියල්ල පියුම්පෙති වැනි පැහැයෙන් රඳනලද සිවුරු දරති, නො සිඳින ලද දහවලු කොන් ඇති සිවුරු දරති, දිගු දහවලු කොන් ඇති සිවුරු දරති, මලින් යුත් දහවලු ඇති සිවුරු දරති, පෙණ වැනි දහවලු ඇති සිවුරු දරති, සැට්ට දරති, රුක්සුඹුළු දරත්. ‘ගිහී කාමභෝගිනීන් මෙනැ” යි මිනිස්සු ලමු කොට සිතති, නුගුණ කියති, දොස් පතුරුවත්. මේ කරුණ භාග්‍යවතුන් වහන්සේට සැලකළෝය. “මහණෙනි, මෙහෙණ විසින් සියල්ල නිල්වන් වූ සිවුරු නො දැරියයුතු ... රුක්සුඹුළු නො දැරියයුතු. යම් මෙහෙණක් දරා නම් දුකුළා ඇවැත් වේ” යි වදාළසේක.
Pali BJT44. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරා භික්ඛුනී කාලං කරොන්තී එවමාහ: ‘මමච්චයෙන මය්හං පරික්ඛාරො සඞ්ඝස්ස හොතූ”ති. තත්ථ භික්ඛූ ච භික්ඛුනියො ච විවදන්ති ‘අම්හාකං හොති, අම්හාකං හොතී’ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “භික්ඛුනී චෙ භික්ඛවෙ කාලං කරොන්ති එවං වදෙය්ය ‘මමච්චයෙන මය්හං පරික්ඛාරො සඞ්ඝස්ස හොතූ’ති, අනිස්සරො තත්ථ භික්ඛුසඞ්ඝො, භික්ඛුනිසඞ්ඝස්සෙවෙතං. සික්ඛමානා චෙ භික්ඛවෙ -පෙ- සාමණෙරී චෙ භික්ඛවෙ කාලං කරොන්තී එවං වදෙය්ය: ‘මමච්චයෙන මය්හං පරික්ඛාරො සඞ්ඝස්ස හොතූ’ති, අනිස්සරො තත්ථ භික්ඛු සඞ්ඝො භික්ඛුනිසඞ්ඝස්සෙවෙතං. භික්ඛු චෙ භික්ඛවෙ කාලං කරොන්තො එවං වදෙය්ය: ‘මමච්චයෙන මය්හං පරික්ඛාරො සඞ්ඝස්ස හොතූ’ති, අනිස්සරො තත්ථ භික්ඛුනීසඞ්ඝො, භික්ඛුසඞ්ඝස්සෙවෙතං. සාමණෙරො චෙ භික්ඛවෙ -පෙ- උපාසකො චෙ භික්ඛවෙ -පෙ- උපාසිකා චෙ භික්ඛවෙ -පෙ- අඤ්ඤො චෙ භික්ඛවෙ කොචි කාලං කරොන්තො එවං වදෙය්ය: ‘මමච්චයෙන මය්හං පරික්ඛාරො සඞ්ඝස්ස හොතූ’ති. අනිස්සරො තත්ථ භික්ඛුනීසඞ්ඝො භික්ඛුසඞ්ඝස්සෙවෙතන්ති”.
Sinhala BJT44. එ සමයෙහි එක් මෙහෙණක් කලුරිය කරන්නී ‘මා ඇවෑමෙන් මාගේ පිරිකර සඞ්ඝයාට අයිති වේව’ යි කිවු ය. එහි මහණෝ ද මෙහෙණෝ ද ‘අපට අයිති යැ අපට අයිති යැ” යි විවාද කෙරෙත්. භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ දැන්වූහ. “මහණෙනි, ඉදින් මෙහෙණක් කලුරිය කරන්නී ‘මා ඇවෑමෙන් මාගේ පිරිකර සඞ්ඝයාට වේව’ යි කියන්නී නම් එහි භික්‍ෂු සඞ්ඝයා හිමිකරු නො වේ. මෙය භික්‍ෂුණී සඞ්ඝයාට ම ය. මහණෙනි, ඉදින් සික්ඛමානාවක් ... මහණෙනි, ඉදින් සාමණේරියක් කලුරිය කරන්නී ‘මා ඇවෑමෙන් මාගේ පිරිකර සඞ්ඝයාට වේව’ යි කියන්නී නම් එහි භික්‍ෂු සඩ්සයා හිමිකරු නො වේ. මෙය භික්‍ෂුණි සඞ්ඝයාට ම ය. මහණෙනි, ඉදින් මහණෙක් කලුරිය කරන්නේ ‘මා ඇවෑමෙන් මාගේ පිරිකර සඞ්ඝයාට වේව” යි කියන්නේ නම් එහි භික්‍ෂුණී සඞ්ඝයා හිමිකරු නො වේ. මෙය භික්ෂුසඩ්සයාට ම ය. මහණෙනි, ඉදින් සාමණේරයෙක් ... මහණෙනි, ඉදින් උපාසකයෙක් .... මහණෙනි, ඉදින් උපාසිකාවක් ... මහණෙනි, ඉදින් අන් කිසිවෙක් කලුරිය කරන්නේ ‘මා ඇවෑමෙන් මාගේ පිරිකර සඞ්ඝයාට වේව’ යි කියන්නේ නම් එහි භික්ෂුණිසඞ්ඝයා හිමිකරු නො වේ. මෙය භික්‍ෂූසඞ්ඝයාට ම” යැ යි (වදාළසේක.)
Pali BJT45. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරා ඉත්ථී පුරාණමල්ලී භික්ඛුනීසු පබ්බජිතා හොති. සා රථිකාය දුබ්බලකං භික්ඛුං පස්සිත්වා අංසකූටෙන පහාරං දත්වා පවට්ටෙසි.{1} භික්ඛූ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: ‘කථං හි නාම භික්ඛුනී භික්ඛුස්ස පහාරං දස්සතී’ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ භික්ඛුනියා භික්ඛුස්ස පහාරො දාතබ්බො. යා දදෙය්ය ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ භික්ඛුනියා භික්ඛුං පස්සිත්වා දූරතොව ඔක්කමිත්වා මග්ගං දාතුන්ති.”
Sinhala BJT45. එ සමයෙහි ගිහිකල මල්ලයකුගේ බිරියක් වූ ස්ත්‍රියක් මෙහෙණන් වෙත පැවිදිවූ ය. ඕ වීරියෙහි දී දුබල මහණකු දැක දසරුවෙන් පහර දී පෙරළුවා ය. ‘කෙසේ නම් මෙහෙණක් මහණකුට පහර දෙන්නී ද, යි භික්‍ෂූහු ලමු කොට සිතති, නුගුණ කියති, දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ දැන්වූහ. “මහණෙනි, මෙහෙණ විසින් මහණහට පහර නො දියයුතු, යම් මෙහෙණක් පහර දෙන්නී නම් දුකුළා ඇවැත් වේ. මහණෙනි, මෙහෙණ විසින් මහණකු දැක දුර දී ම ඉවත්වී මඟ (ඉඩ) දෙන්නට අනුදනිමි යි” (වදාළසේක.)
Pali BJT46. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරා ඉත්ථී පවුත්ථපතිකා ජාරෙන ගබ්භිනී හොති. සා ගබ්භං පාතෙත්වා කුලූපිකං භික්ඛුනිං එතදවොච: ‘හන්දය්යෙ ඉමං ගබ්භං පත්තෙන නීහරා’ති. අථ ඛො සා භික්ඛුනී තං ගබ්භං පත්තෙ පක්ඛිපිත්වා සඞ්ඝාටියා පටිච්ඡාදෙත්වා අගමාසි. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරෙන පිණ්ඩචාරිකෙන භික්ඛුනා සමාදානං කතං හොති ‘යමහං පඨමං භික්ඛං ලභිස්සාමි න තං අදත්වා භික්ඛුස්ස වා භික්ඛුනියා වා පරිභුඤ්ජිස්සාමී’ති.
Sinhala BJT46. එ සමයෙහි බැහැර වෙසෙන හිමියා ඇති එක්තරා ස්ත්‍රියක් සොර සැමියකු නිසා ගැබිනි වූය. ඕ ගැබ හෙළා කුලුපග මෙහෙණකට මෙසේ කිවු ය. ‘ආර්‍ය්‍යයාවෙනි, මේ ගැබ පාත්‍රයෙන් බැහැර ගෙන යනු මැනවැ’ යි. ඉක්බිති ඒ මෙහෙණ ඒ ගැබ පාත්‍රයෙහි බහා සඟළ සිවුරින් වසාගෙන ගියා ය. එසමයෙහි එක්තරා පිණ්ඩචාරික මහණකු විසින් ‘මම පළමු යම් භික්‍ෂාවක් ලබන්නෙම් ද එය මහණකුට හෝ මෙහෙණකට හෝ නො දී නො වළඳන්නෙමැ’ යි සමාදන්වීමක් කරන ලද්දේ වෙයි.
Pali BJTඅථ ඛො සො භික්ඛු තං භික්ඛුනිං පස්සිත්වා එතදවොච: ‘හන්ද භගිනි භික්ඛං පතිගණ්හා’ති{1}. ‘අලං අය්යා’ති. දුතියම්පි ඛො සො භික්ඛු තං භික්ඛුනිං එතදවොච: ‘හන්ද භගිනි භික්ඛං පතිගණ්හා’ති. ‘අලං අය්යා’ති. තතියම්පි ඛො සො භික්ඛු තං භික්ඛුනිං එතදවොච: ‘හන්ද භගිනි භික්ඛං පතිගණ්හා’ති ‘අලං අය්යා’ති. ‘මයා ඛො භගිනි සමාදානං කතං ‘යමහං පඨමං භික්ඛං ලභිස්සාමි න තං අදත්වා භික්ඛුස්ස වා භික්ඛුනියා වා පරිභුඤ්ජිස්සාමීති. හන්ද භගිනි භික්ඛං පතිගණ්හා’ති.
Sinhala BJTඉක්බිති ඒ මහණ ඒ මෙහෙණ දැක ‘සොහොවුරියනි, භික්‍ෂාව පිළිගනුව’ යි කී ය. ‘ආර්‍ය්‍යයෙනි, කම් නැත’ යී (කිවුය) දෙවැනි වරද ඒ මහණ ‘සොහොවුරියනි, භික්‍ෂාව පිළිගනුව’ යි ඒ මෙහෙණට කී ය. ‘ආර්‍ය්‍යයෙනි, කම්නැතැ’ යි කිවු ය. තෙවැනි වර ද ඒ මහණ ‘සොහොවුරියනි, භික්‍ෂාව පිළිගනුව’ යි ඒ මෙහෙණට කී ය. ‘ආර්‍ය්‍යයෙනි, කම්නැතැ’ යි කිවු ය. ‘සොහොයුරියනි, මා විසින් ‘මම පළමු යම් භික්‍ෂාවක් ලබන්නෙම් ද එය මහණකුට හෝ මෙහෙණකට නො දී නො වළඳන්නෙමැ’ යි සමාදන්වීමක් කරන ලද්දේ වෙයි. එහෙයින් සොහොවුරියනි භික්‍ෂාව පිළිගනුව’ යි කී ය.
Pali BJTඅථ ඛො සා භික්ඛුනී තෙන භික්ඛුනා නිප්පීළියමානා නීහරිත්වා පත්තං දස්සෙසි: ‘පස්ස අය්ය - පත්තෙ ගබ්භං. මා ච කස්සචි ආරොචෙසී’ති. අථ ඛො සො භික්ඛු උජ්ඣායති ඛීයති, විපාචෙති: ‘කථං හි නාම භික්ඛුනී පත්තෙන ගබ්භං නීහරිස්සතී’ති. අථ ඛො සො භික්ඛු භික්ඛූනං එතමත්ථං ආරොචෙසි. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා සන්තුට්ඨා ලජ්ජිනො කුක්කුච්චකා සික්ඛාකාමා තෙ උජ්ඣායන්ති ඛීයන්ති, විපාචෙන්ති: ‘කථං හි නාම භික්ඛුනී පත්තෙන ගබ්භං නීහරිස්සතී’ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ භික්ඛුනියා පත්තෙන ගබ්භො නීහරිතබ්බො. යා නීහරෙය්ය ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ භික්ඛුනියා භික්ඛුං පස්සිත්වා නීහරිත්වා පත්තං දස්සෙතුන්ති.”
Sinhala BJTඉක්බිති ඒ මෙහෙණ ඒ මහණ විසින් පෙළනු ලබන්නී පාත්‍රය බැහැර කොට ‘ආර්‍ය්‍යයන් වහන්ස, පාත්‍රයෙහි ගැබ බැලුව මැනවි, කිසිවකුට ද නො දැන්වුව මැනවැ යි කියා (පාත්‍රය) පෙන්වූ ය. ඉක්බිති ඒ මහණ ‘කෙසේ නම් මෙහෙණක් පාත්‍රයෙන් ගැබක් බැහැරට ගෙන යා ද? යි ලමු කොට සිතයි, නුගුණ කියයි, දොස් පතුරුවයි. වැලි ඒ මහණ මෙ කරුණ භික්‍ෂූන්ට සැලකෙළේ ය. අල්පෙච්ඡ වූ ලද දෙයින් සතුටු වන්නා වූ පවට ලජ්ජා ඇති (පව් කිරීමෙහි) කුකුස් ඇති හික්මෙනු කැමති යම් ඒ මහණ කෙනෙක් වෙත් ද ඔවුහු ‘කෙසේ නම් මෙහෙණක් පාත්‍රයෙන් ගැබක් බැහැරට ගෙන යන්නී ද? යි ලමු කොට සිතති, නුගුණ කියති, දොස් පතුරුවත්. මෙ කරුණ භාග්‍යවතුන් වහන්සේට සැල කළහ. “මහණෙනි, මෙහෙණක විසින් පාත්‍රයෙන් ගැබක් බැහැරට නො ගෙන යායුතු. යම් මෙහෙණක් ගෙනයන්නී ද දුකුළා ඇවැත් වේ. මහණෙනි, මෙහෙණ විසින් මහණකු දැක පාත්‍රය බැහැර කොට දැක්වීමට අනුදනිමි” යි (වදාළසේක).
Pali BJT47. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛුනියො භික්ඛුං පස්සිත්වා පරිවත්තෙත්වා පත්තමූලං දස්සෙන්ති. භික්ඛූ උජ්ඣායන්ති, ඛීයන්ති, විපාචෙන්ති: ‘කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛුනියො භික්ඛුං පස්සිත්වා පරිවත්තෙත්වා පත්තමූලං දස්සෙස්සන්තී’ති. අථ ඛො භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ භික්ඛුනියා භික්ඛුං පස්සිත්වා පරිවත්තෙත්වා පත්තමූලං දස්සෙතබ්බං. යා දස්සෙය්ය ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ භික්ඛුනියා භික්ඛුං පස්සිත්වා උක්කුජ්ජිත්වා පත්තං දස්සෙතුං. යඤ්ච පත්තෙ ආමිසං හොති තෙන ච භික්ඛු නිමන්තෙතබ්බොති”.
Sinhala BJT47. එසමයෙහි සවග මෙහෙණෝ මහණකු දැක පාත්‍රය පෙරළා පාත්‍රමූලය (පාත්‍රයෙහි අඩිය) පෙන්වති. ‘කෙසේ නම් සවග මෙහෙණෝ මහණකු දැක පාත්‍රය. පෙරළා පාත්‍රමූලය පෙන්වත් දැ’ යි මහණෝ ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත් ඉක්බිති ඒ මහණෝ මේ කරුණ භාග්‍යවතුන් වහන්සේට සැලකළහ. “මහණෙනි, මෙහෙණ විසින් මහණකු දැක පාත්‍රය. පෙරළා පාත්‍ර මූලය නො දැක්වියයුතු. යම් මෙහෙණක් දක්වා නම් දුකුළා ඇවැත් වේ. මහණෙනි, මෙහෙණ විසින් මහණකු දැක උඩුකුරු කොට පාත්‍රය දක්වන්නට අනුදනිමි. පාත්‍රයෙහි යම් ආමිසයක් වෙයි නම් එයින් ද ඒ මහණ පැවරියයුතු” යි වදාළසේක.
Pali BJT48. තෙන ඛො පන සමයෙන සාවත්ථියං රථිකාය පුරිසව්යඤ්ජනං ඡඩ්ඩිතං හොති. තං භික්ඛුනියො සක්කච්චං උපනිජ්ඣායිංසු. මනුස්සා උක්කුට්ඨිං අකංසු. තා භික්ඛුනියො මංකූ අහෙසුං. අථ ඛො තා භික්ඛුනියො උපස්සයං ගන්ත්වා භික්ඛුනීනං එතමත්ථං ආරොචෙසුං. යා තා භික්ඛුනියො අප්පිච්ඡා සන්තුට්ඨා ලජ්ජිනො කුක්කුච්චකා සික්ඛාකාමා තා උජ්ඣායන්ති, ඛීයන්ති, විපාචෙන්ති: ‘කථං හි නාම භික්ඛුනියො පුරිසව්යඤ්ජනං උපනිජ්ඣායිස්සන්තීති: අථ ඛො තා භික්ඛුනියො භික්ඛූනං එතමත්ථං ආරොචෙසුං. භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ භික්ඛුනියා පුරිසව්යඤ්ජනං උපනිජ්ඣායිතබ්බං. යා උපනිජ්ඣායෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT48. එ සමයෙහි සැවැත්නුවර විථියෙක පුරුෂ නිමිත්තක් දමන ලද්දේ වෙයි. මෙහෙණෝ එය මැනැවින් සිත් එළවා බැලූහු, මිනිස්සු ඔල්වර හඬ නැඟූහ. ඒ මෙහෙණෝ (ලජ්ජාවෙන්) මකු වූහ. ඉක්බිති ඒ මෙහෙණෝ මෙහෙණවරට ගොස් මෙහෙණන්ට මෙ කරුණ සැලකළහ. අල්පෙච්ඡ වූ ලද දැයින් සතුටු වන්නා වූ ලජ්ජි වූ (පවෙහි) කුකුස් ඇත්තා වූ ශික්‍ෂාකාමී වූ යම් ඒ මෙහෙණ කෙනෙක් වූ ද ඔවුහු ‘කෙසේ නම් මෙහෙණෝ පුරුෂනිමිත්ත සිත් එළවා බැලූහු දැ යි ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්. වැලි ඒ මෙහෙණෝ මෙ කරුණ මහණුන්ට දැන්වූහ. මහණෝ මේ කරුණ භාග්‍යවතුන් වහන්සේට සැලකළහ. “මහණෙනි, මෙහෙණ විසින් පුරුෂනිමිත්ත සිත් එළවා නො බැලියයුතු. යම් මෙහෙණක් සිත් එළවා බලා නම් දුකුළා ඇවැත් වේ”.
Pali BJT49. තෙන ඛො පන සමයෙන මනුස්සා භික්ඛූනං ආමිසං දෙන්ති. භික්ඛූ භික්ඛුනීනං දෙන්ති. මනුස්සා උජ්ඣායන්ති, ඛීයන්ති, විපාචෙන්ති: ‘කථං හි නාම භදන්තා අත්තනො පරිභොගත්ථාය දින්නං අඤ්ඤෙසං දස්සන්ති. මයම්පි න ජානාම දානං දාතුන්ති’. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ අත්තනො පරිභොගත්ථාය දින්නං අඤ්ඤෙසං දාතබ්බං. යො දදෙය්ය ආපත්ති දුක්කටස්සාති”.
Sinhala BJT49. එ සමයෙහි මිනිස්සු භික්‍ෂූන්ට ආමිසය දෙත්. භික්‍ෂීහු භික්‍ෂූණීන්ට දෙත්, ‘කෙසේ නම් වහන්දෑ තමන්ට පරිහොග පිණිස දුන් දැය අන්‍යයන්ට දෙන්නෝ ද, අපි දු දන් දෙන්නට නො දනිමු. දැ’යි මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ කරුණ සැලකළහ. “මහණෙනි, තමන්ට පරිහොග පිණිස දුන් දැය අනන්‍යයන්ට නො දියයුතු. යමෙක් දේ නම් දුකුළා ඇවැත් වේ” යි (වදාළ සේක.)
Pali BJT50. තෙන ඛො පන සමයෙන භික්ඛූනං ආමිසං උස්සන්නං හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ සඞ්ඝස්ස දාතුන්ති.” බාළ්හතරං උස්සන්නං හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ පුග්ගලිකම්පි දාතුන්ති.” තෙන ඛො පන සමයෙන භික්ඛූනං සන්නිධිකතං ආමිසං උස්සන්නං හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ භික්ඛූනං සන්නිධිං භික්ඛුනීහි භික්ඛූහි{1} පටිග්ගහාපෙත්වා පරිභුඤ්ජිතුන්ති.”
Sinhala BJT50. එ සමයෙහි භික්‍ෂූන්ට ආමිසය බොහෝ වූයේ වෙයි. භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ දැන්වූහ “මහණෙනි, සඞ්ඝයාට දීමට අනුදනිමි” යි (වදාළසේක.) ඉතා බෙහෙවින් රැස් වූයේ වෙයි. භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැලකළහ. “මහණෙනි, පෞද්ගලික ලෙස ද දීමට අනුදනිමි” යි (වදාළ සේක.) එසමයෙහි භික්‍ෂුන්ට රැස් කළ ආමිසය බොහෝ වූයේ වෙයි. භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැලකළහ. “මහණෙනි, භික්‍ෂුන්ගේ සන්නිධි (වශයෙන් රැස් කළ) ආමිසය භික්‍ෂූණින් විසින් ද භික්‍ෂූන් විසින් ද පිළිගන්වාගෙන වළඳන්නට අනුදනිමි” යි (වදාළසේක.)
Pali BJT51. තෙන ඛො පන සමයෙන මනුස්සා භික්ඛුනීනං ආමිසං දෙන්ති. භික්ඛුනියො භික්ඛූනං දෙන්ති. මනුස්සා උජ්ඣායන්ති, ඛීයන්ති, විපාචෙන්ති: ‘කථං හි නාම භික්ඛුනියො අත්තනො පරිභොගත්ථාය දින්නං අඤ්ඤෙසං දස්සන්ති. මයම්පි න ජානාම දානං දාතුන්ති’. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ භික්ඛුනියා අත්තනො පරිභොගත්ථාය දින්නං අඤ්ඤෙසං දාතබ්බං. යා දදෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT51. එසමයෙහි මිනිස්සු භික්‍ෂූණින්ට ආමිසය දෙත්, හික්‍ෂුණිහු භික්‍ෂූන්ට දෙත්, ‘කෙසේ නම් භික්‍ෂුණීහු තමන්ට පරිභෝග පිණිස දෙන ලද්ද අන්‍යයන්ට දෙන්නාහු ද, අපි දු දන් දෙන්නට නො දනුමෝ ද’ යි මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැලකළහ. “මහණෙනි, මෙහෙණ විසින් තමන්ගේ පරිභෝග පිණිස දෙන ලද්ද අන්‍යයන්ට නො දියයුතු, යම් මෙහෙණක් දේ නම් දුකුළ ඇවැත් වේ” යී වදාළසේක.
Pali BJT52. තෙන ඛො පන සමයෙන භික්ඛුනීනං ආමිසං උස්සන්නං හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ සඞ්ඝස්ස දාතුන්ති”. බාළ්හතරං උස්සන්නං හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ පුග්ගලිකම්පි දාතුන්ති”. තෙන ඛො පන සමයෙන භික්ඛුනීනං සන්නිධිකතං ආමිසං උස්සන්නං හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ භික්ඛුනීනං සන්නිධිං භික්ඛූහි භික්ඛුනීහි{1} පටිග්ගහාපෙත්වා{2} පරිභුඤ්ජිතුන්ති”.
Sinhala BJT52. එසමයෙහි මෙහෙණන්ට ආමිසය බොහෝ වූයේ වෙයි. භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැලකළහ. “මහණෙනි, සඞ්ඝයාට දෙන්නට අනුදනිමි” යි. ඉතා බෙහෙවින් රැස්වූයේ වෙයි. භාග්‍යවතුන් වහසේට මේ කරුණ දැන්වූහ. “මහණෙනි, පෞද්ගලිකවද දීමට අනුදනිමි” යි. එසමයෙහි භික්‍ෂූණීන්ගේ සන්නිධි කළ ආමිසය බොහෝ වූයේ වෙයි. භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැලකළහ. “මහණෙනි, මෙහෙණන්ගේ සන්නිධි කළ ආමිසය භික්‍ෂූන් විසින් ද භික්‍ෂුණින් විසින් ද පිළිගන්වාගෙන පරිභෝග කරන්නට අනුදනිමි” යි (වදාළසේක.)
Pali BJT53. තෙන ඛො පන සමයෙන භික්ඛූනං සෙනාසනං උස්සන්නං හොති. භික්ඛුනීනං න හොති. භික්ඛුනියො භික්ඛූනං සන්තිකෙ දූතං පාහෙසුං: ‘සාධු භන්තෙ අය්යා අම්හාකං සෙනාසනං දෙන්තු තාවකාලිකන්ති’. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ භික්ඛුනීනං සෙනාසනං දාතුං තාවකාලිකන්ති”.
Sinhala BJT53. එසමයෙහි භික්‍ෂූන්ට සෙනසුන් බොහෝ වූයේ වෙයි. භික්‍ෂුණීන්ට නො වෙයි. ‘වහන්ස, ආර්‍ය්‍යයන් වහන්සේ අපට තාවකාලික ව සෙනසුන් දෙන්නාහු නම් මැනවැ’ යි භික්‍ෂූන් සමීපයට දූතයකු යැවූහ. භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැල කළහ. “මහණෙනි, භික්‍ෂුණීන්ට තාවකාලික ව සෙනසුන් දෙන්නට අනුදනිමි” යි වදාළසේක.
Pali BJT54. තෙන ඛො පන සමයෙන උතුනියො භික්ඛුනියො ඔනද්ධමඤ්චං ඔනද්ධපීඨං අභිනිසීදන්තිපි අභිනිපජ්ජන්තිපි. සෙනාසනං ලොහිතෙන මක්ඛීයති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ උතුනියා{3} භික්ඛුනියා ඔනද්ධමඤ්චං ඔනද්ධපීඨං අභිනිසීදිතබ්බං. අභිනිපජ්ජිතබ්බං. යා අභිනිසීදෙය්ය වා අභිනිපජ්ජෙය්ය වා ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ ආවසථචීවරන්ති”
Sinhala BJT54. එ සමයෙහි ඔසප් වූ මෙහෙණෝ බඳනා ලද මෙට්ට සහිත ඇඳෙහි බඳනා ලද මෙට්ට සහිත පුටුවෙහි හිඳිත්, හොවිත්, සෙනසුන ලෙයින් තැවරෙයි. භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැලකළහ. “මහණෙනි, ඔසප් වූ මෙහෙණ විසින් බඳනා ලද මෙට්ට සහිත ඇඳෙහි බඳනා ලද මෙට්ට සහිත පුටුවෙහි නො හිඳියයුතු, නො හෙවියයුතු. යම් මෙහෙණක් හිඳී නම් හෝ හොවී නම් හෝ දුකුළා ඇවැත් වේ. මහණෙනි, ආවස්ථචීවරය (ආවාසයෙහි දී පරිභෝග කරන සිවුර) අනුදනිමි” යි වදාළසේක.
Pali BJTආවසථචීවරං{4} ලොහිතෙන මක්ඛීයති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ ආණිචොළකන්ති”. චොළකං නිපතති{5}. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ සුත්තකෙන බන්ධිත්වා ඌරුයා බන්ධිතුන්ති”. සුත්තකං ඡිජ්ජති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ සංවෙල්ලියං කටිසුත්තකන්ති”.
Sinhala BJTආවස්ථචීවරය ලෙයින් වැකෙයි. භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැලකළහ. “මහණෙනි, ආණිචෝලකය (රෙදිවලින් කළ මූඩියක් වැනි වැස්මක්) අනුදනිමි”යි. ආණිචෝලකය ගිලිහෙයි. භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැලකළහ. “මහණෙනි, හුයෙකින් බැඳ කළවායෙහි බඳින්නට අනුදනිමි” යි. හුය සිඳෙයි. භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැලකළහ. “මහණෙනි, කැසපට ද කටීහුය ද අනුදනිමි” යි (වදාළහ.)
Pali BJT55. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛුනියො සබ්බකාලං කටිසුත්තකං ධාරෙන්ති. මනුස්සා උජ්ඣායන්ති, ඛීයන්ති, විපාචෙන්ති. ‘සෙය්යථාපි ගිහී කාමභොගිනියොති’. භගවතො එතමත්ථං ආරොචෙසුං: “න භික්ඛවෙ භික්ඛුනියා සබ්බකාලං කටිසුත්තකං ධාරෙතබ්බං. යා ධාරෙය්ය ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ උතුනියා කටිසුත්තකන්ති”.
Sinhala BJT55. එ සමයෙහි සවග මෙහෙණෝ හැමකල්හි කටීහුය දරත්. ‘ගිහී කාමභෝගිනීන් මෙනැ’යි මිනිස්සු ලමු කොට සිතති, නුගුණ කියති, දොස් පතුරුවත්. මෙකරුණ භාග්‍යවතුන් වහන්සේට සැලකළහ. “මහණෙනි, මෙහෙණ විසින් හැමකල්හි කටීහුය නො දැරියයුතු. යම් මෙහෙණක් දරා නම් දුකුළා ඇවැත් වේ. මහණෙනි, ඔසප් වූ මෙහෙණට කටීහුය අනුදනිමි” යි වදාළහ.
Pali BJTදුතිය භාණවාරං.
Sinhala BJTදෙවැනි බණවර යි.
Pali BJT56. තෙන ඛො පන සමයෙන උපසම්පන්නායො දිස්සන්ති අනිමිත්තාපි නිමිත්තමත්තාපි අලොහිතාපි{1} ධුවලොහිතාපි පග්ඝරන්තීපි සිඛරිණීපි{2} ඉත්ථිපණ්ඩකාපි වෙපුරිසිකාපි සම්භින්නාපි උභතොබ්යඤ්ජනකාපි{3}. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ උපසම්පාදෙන්තියා චතුවීසති අන්තරායිකෙ ධම්මෙ පුච්ඡිතුං. එවඤ්ච පන භික්ඛවෙ පුච්ඡිතබ්බා: “නසි අනිමිත්තා, නසි නිමිත්තමත්තා, නසි අලොහිතා, නසි ධුවලොහිතා, නසි ධුවචොළා, නසි පග්ඝරන්තී, නසි සිඛරිණී, නසි ඉත්ථිපණ්ඩකා, නසි වෙපුරිසිකා, නසි සම්භින්නා, නසි උභතොබ්යඤ්ජනකා. සන්ති තෙ එවරූපා ආබාධා: කුට්ඨං ගණ්ඩො කිලාසො සොසො අපමාරො. මනුස්සාසි, ඉත්ථීසි, භුජිස්සාසි, අනණාසි, නසි රාජභටී, අනුඤ්ඤාතාසි මාතාපිතූහි සාමිකෙන, පරිපුණ්ණවීසතිවස්සාසි, පරිපුණ්ණං තෙ පත්තචීවරං, කිං නාමාසි, කා නාමා තෙ පවත්තිනී”ති.
Sinhala BJT56. එ සමයෙහි ස්ත්‍රී නිමිත්ත නැත්තා වූද, නිමිත්තමාත්‍රයක් ඇත්තා වූද, මඳක් ලේ වැගිරීම් ඇත්තාවූද, නිතර ලේ වැගිරීම් ඇත්තා වූ ද, නිතර වැසුම් කඩ දරන්නාවූද වැගිරෙන්නී වූ ද, පිටත නික්මුණු මස්රො ද ඇත්තා වූ ද, ස්ත්‍රී පණ්ඩක වූ ද, විකෘත පුරුෂස්වභාව ඇත්තා වූ ද, මිශ්‍රවූ වසමග පසමග ඇත්තා වූ ද, උභතෝබ්‍යඤ්ජනක වූද උපසපන් මෙහෙණීහු දක්නා ලැබෙත්. භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැලකළහ. මහණෙනි, උපසම්පදා කරන්නිය විසින් සූවිසි අන්තරායකරධර්‍ම පිළිවිසින්නට අනුදනිමි. මහණෙනි, මෙසේ පිළිවිසියයුතු. අනිමිත්තා නො වෙහි ද, නිමිනතමාත්‍ර ඇත්තී නො වෙහි ද, අලෝහිතා නො වෙහි ද, ධුවලෝහිතා නො වෙහිද, ධුවවෝළා නො වෙහි ද නිතර ලේ වැගිරීම් ඇත්තී නො වෙහි ද, සිඛරිණී නො වෙහි ද, ස්ත්‍රීපණ්ඩක නො වෙහිද, විකෘත පුරුෂස්වභාව ඇත්තී නො වෙහි ද, සම්භින්නා නො වෙහි ද, උභතෝබ්‍යඤ්ජනක නො වෙහි ද, කුෂ්ටරෝගය, ගෙඩිය, කිලාසය (එනම් කුෂ්ටරෝගය) ක්‍ෂය රෝගය, වස්මරය යන මෙබඳු ආබාධයෝ තොපට වෙත් ද, මනුෂ්‍ය වෙහිද, ස්ත්‍රියක් වෙහි ද, අදාසියක් වෙහි ද, ණය නැත්තියක් වෙහි ද, රජසෙබළියක් නො වෙහි ද, මවුපියන් විසින් හා හිමියා විසින් අනුදන්නාලද ද, පිරිපුන් විසිවයස් ඇත්තී ද, තොපගේ පාසිවුරු පිරිපුන් ද, කිනම් වෙහි ද, තොපගේ උපාධ්‍යායයා තොමෝ කිනම් ඇත්තී දැ යි.
Pali BJT57. තෙන ඛො පන සමයෙන භික්ඛූ භික්ඛුනීනං අන්තරායිකෙ ධම්මෙ පුච්ඡන්ති. උපසම්පදාපෙඛායො{4} විත්ථායන්ති මඞ්කූ හොන්ති න සක්කොන්ති විස්සජ්ජෙතුං. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ එකතො උපසම්පන්නාය භික්ඛුනීසඞ්ඝෙ විසුද්ධාය භික්ඛුසඞ්ඝෙ උපසම්පාදන්ති{5}”.
Sinhala BJT57. එසමයෙහි භික්‍ෂූහු භික්‍ෂූණීන්ගේ අන්තරායකරධර්‍ම පිළිවිසිත්, උපසම්පදාපේක්ෂිකාවෝ ගොළුගැසී සිටිත්, මකු වෙති. විසඳන්නට නො හැකි වෙත්. භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැලකළහ. “මහණෙනි, භික්‍ෂුණීසඞ්ඝයා කෙරෙහි පිරිසුදු වූ භික්‍ෂුණීසඞ්ඝයා කෙරෙහි උපසපන් වූ මෙහෙණහට භික්‍ෂූසඞ්ඝයා කෙරෙහි උපසම්පදා වීම අනුදනිමි”යි වදාළසේක.
Pali BJT58. තෙන ඛො පන සමයෙන භික්ඛුනියො අනනුසිට්ඨා උපසම්පදාපෙඛායො අන්තරායිකෙ ධම්මෙ පුච්ඡන්ති. උපසම්පදාපෙඛායො විත්ථායන්ති. මඞ්කූ හොන්ති. න සක්කොන්ති විස්සජ්ජෙතුං භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ පඨමං අනුසාසිත්වා පච්ඡා අන්තරායිකෙ ධම්මෙ පුච්ඡිතුන්ති”. තත්ථෙව සඞ්ඝමජ්ඣෙ අනුසාසන්ති, උපසම්පදාපෙඛායො තථෙව විත්ථායන්ති. මඞ්කූ හොන්ති. න සක්කොන්ති විස්සජ්ජෙතුං. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ එකමන්තං අනුසාසිත්වා සඞ්ඝමජ්ඣෙ අන්තරායිකෙ ධම්මෙ පුච්ඡිතුං.
Sinhala BJT58. එසමයෙහි භික්‍ෂුණීහු අනුශාසනා නො කළ උපසම්පදාපෙක්ෂිකාවන් අන්තරායික ධර්‍ම පිළිවිසිත්, උපසම්පදාපේක්ෂිකාවෝ ගොළුගැසී සිටිත්, මකු වෙත්, විසඳන්නට නො හැකි වෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැලකළහ. “මහණෙනි, පළමු අනුශාසනා කොට පසුව අන්තරායික ධර්‍ම පිළිවිසින්නට අනුදනිමි”යි. එහි සඟ මැද ම අනුශාසනා කරත්, උපසම්පදාපෙක්ෂිකාවෝ එසේ ම ගොළුගැසී සිටිති. මකු වෙති. විසඳන්නට නො හැකි වෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැලකළහ. “මහණෙනි, එකත්පසෙක අනුශාසනා කොට සහ මැද අන්තරායික ධර්‍ම පිළිවිසින්නට අනුදනිමි”යි.
Pali BJTඑවඤ්ච පන භික්ඛවෙ අනුසාසිතබ්බා: පඨමං උපජ්ඣං ගාහාපෙතබ්බා. උපජ්ඣං ගාහාපෙත්වා පත්තචීවරං ආචික්ඛිතබ්බං: අයං තෙ පත්තො, අයං සඞ්ඝාටි, අයං උත්තරාසඞ්ගො, අයං අන්තරවාසකො, ඉදං සඞ්කච්චිකං, අයං උදකසාටිකා. ගච්ඡ අමුම්හි ඔකාසෙ තිට්ඨාහීති. බාලා අව්යත්තා අනුසාසන්ති. දුරනුසිට්ඨා උපසම්පදාපෙඛායො විත්ථායන්ති, මඞ්කූ හොන්ති. න සක්කොන්ති විස්සජ්ජෙතුං. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ බාලාය අව්යත්තාය අනුසාසිතබ්බා. යා අනුසාසෙය්ය ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ ව්යත්තාය භික්ඛුනියා පටිබලාය අනුසාසිතුන්ති”. අසම්මතා අනුසාසන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ අසම්මතාය අනුසාසිතබ්බා. යා අනුසාසෙය්ය ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ සම්මතාය අනුසාසිතුං”.
Sinhala BJTමහණෙනි, මෙසේ අනුශාසනා කළයුතු. පළමුව උපාද්ධ්‍යායක ගැන්වියයුතු, උපාද්ධ්‍යායයක ගන්වා පාසිවුරු කියාදියයුතු: මේ තොපගේ පාත්‍ර ය, මෙ සඟළ සිවුර ය, මෙ තනිපට සිවුර ය, මෙ අඳනය ය, මෙ තනවැස්ම ය, මෙ දියසළුව ය. යව තෙල අවකාසයෙහි සිටුව යි. බාල වූ අව්‍යක්ත වූ (මෙහෙණීහු) අනුශාසනා කෙරෙත්. වැරදි ලෙස අනුශාසනා කරනලද උපසම්පදාපේක්ෂිකාවෝ ගොළුගැසී සිටිති, මකු වෙති, විසඳන්නට නො හැකි වෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැලකළහ. “මහණෙනි, බාල අව්‍යක්ත මෙහෙණ විසින් අනුශාසනා නො කළයුතු. යම් මෙහෙණක් අනුශාසනා කෙරේ නම් දුකුළා ඇවැත් වේ. මහණෙනි, ව්‍යක්ත ප්‍රතිබල මෙහෙණක විසින් අනුශාසනා කරන්නට අනුදනිමි”යි, සම්මත නො කරනලද මෙහෙණිහු අනුශාසනා කෙරෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැල කළහ. “මහණෙනි, සම්මත නො කළ මෙහෙණක විසින් අනුශාසනා නො කළයුතු. යම් මෙහෙණක් අනුශාසනා කෙරේ නම් දුකුළා ඇවැත් වේ. මහණෙනි, සම්මත කරනලද මෙහෙණක විසින් අනුශාසනා කරන්නට අනුදනිමි”.
Pali BJTඑවඤ්ච පන භික්ඛවෙ සම්මන්නිතබ්බා: අත්තනා වා අත්තානං සම්මන්නිතබ්බං. පරාය වා පරා සම්මන්නිතබ්බා. කථඤ්ච අත්තනාව අත්තානං සම්මන්නිතබ්බං? ව්යත්තාය භික්ඛුනියා පටිබලාය සඞ්ඝො ඤාපෙතබ්බො: “සුණාතු මෙ අය්යෙ සඞ්ඝො: ඉත්ථන්නාමා ඉත්ථන්නාමාය අය්යාය උපසම්පදාපෙඛා. යදි සඞ්ඝස්ස පත්තකල්ලං අහං ඉත්ථන්නාමා ඉත්ථන්නාමං අනුසාසෙය්යන්ති”. එවං අත්තනාව අත්තානං සම්මන්නිතබ්බං. කථඤ්ච පරායපරා සම්මන්නිතබ්බා? ව්යත්තාය භික්ඛුනියා පටිබලාය සඞ්ඝො ඤාපෙතබ්බො: “සුණාතු මෙ අය්යෙ සඞ්ඝො. ඉත්ථන්නාමා ඉත්ථන්නාමාය අය්යාය උපසම්පදාපෙඛා. යදි සඞ්ඝස්ස පත්තකල්ලං ඉත්ථන්නාමා ඉත්ථන්නාමං අනුසාසෙය්යාති”. එවං පරාය පරා සම්මන්නිතබ්බා.
Sinhala BJTමහණෙනි, මෙසේ සම්මත කළයුතු, තමා විසින් හෝ තමා සම්මත කළයුතු, තමා විසින් හෝ තමා සම්මත කළයුත්තේ කෙසේ ද? ව්‍යක්ත ප්‍රතිබල මෙහෙණක විසින් සඞ්ඝයා මෙසේ දැන්වියයුතු: “ආර්‍ය්‍යයාවෙනි, සඞ්ඝයා මාගේ වචනය අසාවා. මෙනම් ඇත්තී මෙනම් ආර්‍ය්‍යයාවගේ උපසම්පදාපේක්‍ෂිකාවකි. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම් මෙනම් ඇති මම මෙනම් ඇත්තිය අනුශාසනා කරන්නෙමි”යි. මෙසේ තමා විසින් ම තමා සම්මත කළයුතු, කෙසේ අන් මෙහෙණක විසින් අන් මෙහෙණක් සම්මත කළයුත්තී ද? ව්‍යක්ත ප්‍රතිබල භික්‍ෂූණියක විසින් සඞ්ඝයා (මෙසේ) දැන්වියයුතු: “ආර්‍ය්‍යයාවෙනි, සඞ්ඝයා මාගේ වචනය අසාවා. මෙනම් ඇත්තී මෙනම් ආර්‍ය්‍යයාවගේ උපසම්පදාපේක්‍ෂිකාවකි. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම් මෙනම් ඇත්තී මෙනම් ඇත්තිය අනුශාසනා කරන්නී ය” යි. මෙසේ අන් මෙහෙණක විසින් හෝ අන් මෙහෙණක් සම්මත කළයුතු,
Pali BJTතාය සම්මතාය භික්ඛුනියා උපසම්පදාපෙඛං උපසඞ්කමිත්වා එවමස්ස වචනීයා: “සුණසි ඉත්ථන්නාමෙ අයං තෙ සච්චකාලො භූතකාලො යං ජාතං තං සඞ්ඝමජ්ඣෙ පුච්ඡන්තෙ සන්තං අත්ථීති වත්තබ්බං. අසන්තං නත්ථීති වත්තබ්බං. මා ඛො විත්ථාසි{1} මා ඛො මඞ්කු අහොසි. එවං තං පුච්ඡිස්සන්ති: නසි අනිමිත්තා, නසි නිමිත්තමත්තා, නසි අලොහිතා{2}, නසි ධුවලොහිතා, නසි ධුවචොළා, නසි පග්ඝරන්ති, නසි සිඛරිණී{3}, නසි ඉත්ථිපණ්ඩකා, නසි වෙපුරිසිකා, නසි සම්භින්නා,
Sinhala BJTඒ සම්මත කරනලද මෙහෙණ විසින් උපසම්පදාපේක්ෂිකාව වෙත එළඹ මෙසේ කියයුත්තී ය: “මෙනම් ඇත්තිය, මෙය අසව, මෙ තොපගේ සත්‍ය කාල ය, භූතකාල යයි, යමක් වූයේ ද එය සඟමැද පුළුවුස්නා කල්හි ඇතිදැය ඇතැ’යි කියයුතු, නැතිදැය නැතැ’යි කියයුතු, ගොළුවකු මෙන් නො වව, මකු නො වව, මෙසේ තොප පිළිවිසින්නෝ ය. අනිමිත්තා නො වෙහි ද, යම්තම් නිමිති ඇත්තක් නො වෙහි ද, අලෝහිතා නො වෙහි ද, ධුවලෝහිතා නො වෙහි ද, ධුවචෝළා නො වෙහි ද, වැගිරෙන ස්වභාව ඇත්තී නො වෙහි ද, සිඛරිණි නො වෙහි ද, ස්ත්‍රීපණ්ඩක නො වෙහි ද, විකෘත පුරුෂ ස්වභාව ඇත්තක් නො වෙහි ද, මිශ්‍ර වූ මාර්‍ග ඇත්තක් නො වෙහි ද,
Pali BJTනසි උභතොබ්යඤ්ජනකා{1}, සන්ති තෙ එවරූපා ආබාධා–කුට්ඨං, ගණ්ඩො, කිලාසො, සොසො, අපමාරො. මනුස්සාසි, ඉත්ථීසි, භුජිස්සාසි, අනණාසි, නසි රාජභටී, අනුඤ්ඤාතාසි මාතාපිතූහි සාමිකෙන, පරිපුණ්ණවීසතිවස්සාසි, පරිපුණ්ණං තෙ පත්තචීවරං, කිං නාමාසි, කා නාමා තෙ පවත්තිනී”ති.
Sinhala BJTඋභතෝබ්‍යඤ්ජනක නො වෙහි ද, කුෂ්ට ය, (කල්පවතින) ගෙඩි ය කිලාස ය, ක්‍ෂයරොග ය, වස්මර ය යන මෙබඳු ආබාධයෝ තොපට වෙත් ද, මනුෂ්‍ය වෙහි ද, ස්ත්‍රී වෙහි ද, දාසියක් නො වෙහි ද, ණය නැත්තෙහි ද, රජසෙබළියක් නො වෙහි ද, මවු පියන් හා හිමියා විසින් අනුදන්නා ලද ද, පිරිපුන් විසිවයස් ඇත්තී ද, තොපගේ පාසිවුරු පිරිපුන් ද, කිනම් වෙහි ද, තොපගේ පවත්තිනී (උපාදධ්‍යයයා) කිනම් වේ දැ’යි.
Pali BJT59. එකතො ආගච්ඡන්ති. න එකතො ආගන්තබ්බං. අනුසාසිකාය පඨමතරං ආගන්ත්වා සඞ්ඝො ඤාපෙතබ්බො: සුණාතු මෙ අය්යෙ සඞ්ඝො. ඉත්ථන්නාමා{2} ඉත්ථන්නාමාය අය්යාය උපසම්පදාපෙඛා. අනුසිට්ඨා සා මයා. යදි සඞ්ඝස්ස පත්තකල්ලං ඉත්ථන්නාමා ආගච්ඡෙය්යාති. ආගච්ඡාහීති වත්තබ්බා. එකංසං උත්තරාසඞ්ගං කාරාපෙත්වා භික්ඛුනීනං පාදෙ වන්දාපෙත්වා උක්කුටිකං නිසීදාපෙත්වා අඤ්ජලිං පග්ගණ්හාපෙත්වා උපසම්පදං යාචාපෙතබ්බා: සඞ්ඝං අය්යෙ උපසම්පදං යාචාමි. උල්ලුම්පතු මං අය්යෙ සඞ්ඝො අනුකම්පං උපාදාය. දුතියම්පි අය්යෙ සඞ්ඝං උපසම්පදං යාචාමි. උල්ලුම්පතු මං අය්යෙ සඞ්ඝො අනුකම්පං උපාදාය. තතියම්පි අය්යෙ සඞ්ඝං උපසම්පදං යාචාමි. උල්ලුම්පතු මං අය්යෙ සඞ්ඝො අනුකම්පං උපාදායාති.
Sinhala BJT59. (අනුශාසනා කරන්නිය හා උපසම්පදාපෙක්ෂිකා) එක් ව පැමිණෙත්. (එසේ) එක්ව නො පැමිණියයුතු, අනුශාසකාව පළමු ව පැමිණ සඞ්ඝයා (මෙසේ) දැන්වියයුතු, ආර්‍ය්‍යයාවෙනි, සඞ්ඝයා මබස් අසාවා. මෙනම් ඇත්තී මෙනම් ආර්‍ය්‍යයාවගේ උපසම්පදාපේක්‍ෂිකාවකි. ඕ මා විසින් අනුශාසනා කරන ලදු, ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වේ නම් මෙනම් ඇත්තී එන්නී යැ යි. එව’යි කියයුත්තී ය. (ඈ පැමිණි විට) තනිපට සිවුර ඒකාංශ කරවා භික්‍ෂූණීන්ගේ පා වන්‍දවා උක්කුටික ව හිඳුවා ඇඳිලි බඳවා උපසම්පදාව ඉල්ලුම් කරවිය යුත්තී ය. ආර්‍ය්‍යාවෙනි, සඞ්ඝයාගෙන් උපසම්පදාව ඉල්වමි. ආර්‍ය්‍යාවෙනි, සඞ්ඝයා අනුකම්පා කොට මා (හෙරණ බැවින්) නඟා ලනසේක්වා. දෙවනු ද ආර්‍ය්‍යාවෙනි, සඞ්ඝයාගෙන් උපසම්පදාව ඉල්වමි. ආර්‍ය්‍යාවෙනි, සඞ්ඝයා අනුකම්පා කොට මා (හෙරණ බැවින්) නඟාලනසේක්වා තෙවනු ද ආර්‍ය්‍යාවෙනි, සඞ්ඝයාගෙන් උපසම්පදාව ඉල්වමි. ආර්‍ය්‍යාවෙනි, සඞ්ඝයා අනුකම්පා කොට මා (හෙරණ බැවින්) නඟාලනසේක්වා යි.
Pali BJTව්යත්තාය භික්ඛුනියා පටිබලාය සඞ්ඝො ඤාපෙතබ්බො: සුණාතු මෙ අය්යෙ සඞ්ඝො. අයං ඉත්ථන්නාමා ඉත්ථන්නාමාය අය්යාය උපසම්පදාපෙඛා, යදි සඞ්ඝස්ස පත්තකල්ලං අහං ඉත්ථන්නාමං අන්තරායිකෙ ධම්මෙ පුච්ඡෙය්යං. සුණසි ඉත්ථන්නාමෙ, අයං තෙ සච්චකාලො, භූතකාලො. යං ජාතං තං පුච්ඡාමි. සන්තං අත්ථීති වත්තබ්බං, අසන්තං නත්ථීති වත්තබ්බං, නසි අනිමිත්තා. නසි නිමිත්තමත්තා -පෙ- කිං නාමාසි? කා නාමා තෙ පවත්තිනීති.{3}
Sinhala BJTව්‍යක්ත ප්‍රතිබල මෙහෙණක විසින් සඞ්ඝයා (මෙසේ) දැන්විය යුතු, ආර්‍ය්‍යාවෙනි, සඞ්ඝයා මබස් අසාවා. මේ මෙනම් ඇත්තී මෙනම් ආර්‍ය්‍යා වගේ උපසම්පදාපේක්‍ෂිකාවකි. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වේ නම් මම මෙනම් ඇත්තිය අන්තරායිකධර්‍ම පිළිවිසින්නෙමි. මෙනම් තැනැත්තිය අසව, මෙ තොපගේ සත්‍යකාල ය, භූතකාල යයි. යමක් වූයේ නම් එය පුළුවුස්මි. ඇති දැය ඇතැ යි කියයුතු, නැති දැය නැතැ යි කියයුතු, අනිමිත්තා නො වෙහි ද, ස්වල්පමාත්‍ර නිමිති ඇත්තී නො වෙහි ද, ... කිනම් වෙහි ද, තොපගේ පවත්තිනී (උපාද්ධ්‍යායයා) කිනම් වේ දැ යි.
Pali BJTව්යත්තාය භික්ඛුනියා පටිබලාය සඞ්ඝො ඤාපෙතබ්බො: සුණාතු මෙ අය්යෙ සඞ්ඝො, අයං ඉත්ථන්නාමා ඉත්ථන්නාමාය අය්යාය උපසම්පදාපෙඛා. පරිසුද්ධා අන්තරායිකෙහි ධම්මෙහි. පරිපුණ්ණස්සා පත්තචීවරං. ඉත්ථන්නාමා සඞ්ඝං උපසම්පදං යාචති ඉත්ථන්නාමාය අය්යාය පවත්තිනියා. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො ඉත්ථන්නාමං උපසම්පාදෙය්ය ඉත්ථන්නාමාය අය්යාය පවත්තිනියා. එසා ඤත්ති.
Sinhala BJTව්‍යක්ත ප්‍රතිබල මෙහෙණක විසින් සඞ්ඝයා (මෙසේ) දැන්විය යුතු. ආර්‍ය්‍යයාවෙනි, සඞ්ඝයා මබස් අසාවා. මේ මෙනම් ඇත්තී මෙනම් ඇති ආර්‍ය්‍යාවගේ උපසම්පදාපේක්‍ෂිකාවකි. (ඕ) අන්තරායික ධර්‍මයන්ගෙන් පිරිසුදු ය. ඇගේ පාසිවුරු පිරිපුන් ය. මෙනම් ඇත්තී මෙනම් ආර්‍ය්‍යාව ප්‍රවර්තිනිය කොට සඞ්ඝයාගෙන් උපසම්පදාව ඉල්වයි. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වේ නම් සඞ්ඝයා මෙනම් ආර්‍ය්‍යාව ප්‍රවර්තිනිය කොට මෙනම් ඇත්තිය උපසම්පදා කරන්නේ ය. මේ ඤත්ති යි.
Pali BJT“සුණාතු මෙ අය්යෙ සඞ්ඝො. අයං ඉත්ථන්නාමා ඉත්ථන්නාමාය අය්යාය උපසම්පදාපෙඛා. පරිසුද්ධා අන්තරායිකෙහි ධම්මෙහි. පරිපුණ්ණස්සා පත්තචීවරං. ඉත්ථන්නාමා සඞ්ඝං උපසම්පදං යාචති ඉත්ථන්නාමාය අය්යාය පවත්තිනියා. සඞ්ඝො ඉත්ථන්නාමං උපසම්පාදෙති ඉත්ථන්නාමාය අය්යාය පවත්තිනියා. යස්සා අය්යාය ඛමති ඉත්ථන්නාමාය උපසම්පදා ඉත්ථන්නාමාය අය්යාය පවත්තිනියා. සා තුණ්හස්ස. යස්සා නක්ඛමති සා භාසෙය්ය.
Sinhala BJT“ආර්‍ය්‍යයාවෙනි, සඞ්ඝයා මබස් අසාවා. මේ මෙනම් ඇත්තී මෙනම් ආර්‍ය්‍යයාවගේ උපසම්පදාපේක්‍ෂිකාවකි. අන්තරායික ධර්‍මයන් ගෙන් පිරිසුදු ය, ඇගේ පාසිවුරු පිරිපුන් ය. මෙනම් ඇත්තී මෙනම් ආර්‍ය්‍යයාව ප්‍රවර්තිනිය කොට සඞ්ඝයාගෙන් උපසම්පදාව යදියි. මෙ නම් ආර්‍ය්‍යයාව ප්‍රවර්තිනිය කොට සඞ්ඝයා මෙනම් ඇත්තිය උපසම්පදා කරයි. මෙනම් ආර්‍ය්‍යාව ප්‍රවර්තිනිය කොට මෙනම් ඇත්තියගේ උපසම්පදාව යම් ආර්‍ය්‍යයාවකට රුචිවේ නම් ඕ නිහඬ වන්නී ය. යම් ආර්‍ය්‍යයාවකට නො රුස්නේ නම් ඕ කියන්නී ය.
Pali BJTදුතියම්පි එතමත්ථං වදාමි -පෙ- තතියම්පි එතමත්ථං වදාමි. සුණාතු මෙ අය්යෙ සඞ්ඝො. අයං ඉත්ථන්නාමා ඉත්ථන්නාමාය අය්යාය උපසම්පදාපෙඛා. පරිසුද්ධා අන්තරායිකෙහි ධම්මෙහි. පරිපුණ්ණස්සා පත්තචීවරං. ඉත්ථන්නාමා සඞ්ඝං උපසම්පදං යාචති ඉත්ථන්නාමාය අය්යාය පවත්තිනියා. සඞ්ඝො ඉත්ථන්නාමං උපසම්පාදෙති ඉත්ථන්නාමාය අය්යාය පවත්තිනියා. යස්සා අය්යාය ඛමති ඉත්ථන්නාමාය උපසම්පදා ඉත්ථන්නාමාය අය්යාය පවත්තිනියා. සා තුණ්හස්ස. යස්සා නක්ඛමති සා භාසෙය්ය.
Sinhala BJTදෙවැනි වර ද මේ කරුණ කියමි. ... තෙවැනි වර ද මේ කරුණ කියමි. ආර්‍ය්‍යාවෙනි, සඞ්ඝයා මබස් අසාවා. මේ මෙනම් ඇත්තී මෙනම් ආර්‍ය්‍යාවගේ උපසම්පදාපේක්‍ෂිකාවකි. අන්තරායික ධර්‍මයන්ගෙන් පිරිසුදු ය. ඇගේ පාසිවුරු පිරිපුන් ය. මෙනම් ඇත්තී මෙනම් ආර්‍ය්‍යාව ප්‍රවර්තිනිය කොට සඞ්ඝයාගෙන් උපසම්පදාව යදියි. මෙනම් ආර්‍ය්‍යාව ප්‍රවර්තිනිය කොට සඞ්ඝයා මෙනම් ඇත්තිය උපසම්පදා කරයි. මෙනම් ආර්‍ය්‍යාව ප්‍රවර්තිනිය කොට මෙනම් ඇත්තියගේ උපසම්පදාව යම් ආර්‍ය්‍යාවකට රුචිවේ නම් ඕ නිහඬ වන්නී ය. යම් ආර්‍ය්‍යාවකට නො රුස්නේ නම් ඕ කියන්නී ය.
Pali BJTඋපසම්පන්නා සඞ්ඝෙන ඉත්ථන්නාමා ඉත්ථන්නාමාය අය්යාය පවත්තිනියා. ඛමති සඞ්ඝස්ස තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJTසඞ්ඝයා විසින් මෙනම් ආර්‍ය්‍යාව ප්‍රවර්තිනිය කොට මෙනම් ඇත්තී උපසම්පදා කරනලද්දී ය. එය සඞ්ඝයාට රුචි වෙයි. එහෙයින් නිහඬ ය. මේ කරුණ මෙසේ දරමි”යි.
Pali BJTතාවදෙව තං ආදාය භික්ඛුසඞ්ඝං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කාරාපෙත්වා භික්ඛූනං පාදෙ වන්දාපෙත්වා උක්කුටිකං නිසීදාපෙත්වා අඤ්ජලිං පග්ගණ්හාපෙත්වා උපසම්පදං යාචාපෙතබ්බා. “අහං අය්යා ඉත්ථන්නාමා ඉත්ථන්නාමාය අය්යාය උපසම්පදාපෙඛා. එකතො උපසම්පන්නා භික්ඛුනීසඞ්ඝෙ විසුද්ධා, සඞ්ඝං අය්යා උපසම්පදං යාචාමි. උල්ලුම්පතු මං අය්යා සඞ්ඝො අනුකම්පං උපාදාය. අහං අය්යා ඉත්ථන්නාමා ඉත්ථන්නාමාය අය්යාය උපසම්පදාපෙඛා. එකතො උපසම්පන්නා භික්ඛුනීසඞ්ඝෙ විසුද්ධා, දුතියම්පි අය්යා සඞ්ඝං උපසම්පදං යාචාමි. උල්ලුම්පතු මං අය්යා සඞ්ඝො අනුකම්පං උපාදාය. අහං අය්යා ඉත්ථන්නාමා ඉත්ථන්නාමාය අය්යාය උපසම්පදාපෙඛා එකතො උපසම්පන්නා භික්ඛුනීසඞ්ඝෙ විසුද්ධා, තතියම්පි අය්යා සඞ්ඝං උපසම්පදං යාචාමි. උල්ලුම්පතු මං අය්යා සඞ්ඝො අනුකම්පං උපාදායා”ති.
Sinhala BJTඑකෙණෙහි ඇය රැගෙන (කැඳවාගෙන) භික්‍ෂූසඞ්ඝයා වෙත එළඹ තනිපටසිවුර ඒකාංශ කරවා භික්‍ෂූන්ගේ පා වන්‍දවා උත්කුටුක ව හිඳුවා ඇඳිලි බඳවා උපසම්පදාව ඉල්වියයුත්තී ය. “ආර්‍ය්‍යයෙනි, මෙනම් ඇති මම මෙනම් ආර්‍ය්‍යයාවගේ උපසම්පදාපේක්ෂිකාවක් වූවා භික්‍ෂුණීසඞ්ඝයා වෙත පිරිසුදු වූවා එක් පක්ෂයෙකින් (භික්‍ෂුණීසඞ්ඝයා කෙරෙහි) උපසපන් වූමු. ආර්‍ය්‍යයෙනි, (දැන් භික්‍ෂු) සඞ්ඝයාගෙන් උපසම්පදාව යදිමි. ආර්‍ය්‍යයෙනි, සඞ්ඝයා අනුකම්පා කොට මා (හෙරණ බැවින්) නගාසිටුවන සේක්වා. ආර්‍ය්‍යයෙනි, මෙනම් ඇති මම මෙනම් ආර්‍ය්‍යාවගේ උපසම්පදාපේක්ෂිකාවක් වූවා භික්‍ෂුණීසඞ්ඝයා වෙත පිරිසුදු වූවා එක් පක්ෂයෙකින් උපසපන් වූමු. ආර්‍ය්‍යයෙනි, දෙවනු ද සඞ්ඝයාගෙන් උපසම්පදාව යදිමි. ආර්‍ය්‍යයෙනි, සඞ්ඝයා අනුකම්පා කොට මා (හෙරණ බැවින්) නගාසිටුවනසේක්වා. ආර්‍ය්‍යයෙනි, මෙනම් ඇති මම මෙනම් ආර්‍ය්‍යයාවගේ උපසම්පදාපේක්ෂිකාවක් වූවා භික්‍ෂුණි සඞ්ඝයා වෙත පිරිසුදු වූවා එක් පක්‍ෂයකින් උපසපන් වූමු. ආර්‍ය්‍යයෙනි, තෙවනු ද සඞ්ඝයාගෙන් උපසම්පදාව යදිමි. ආර්‍ය්‍යයෙනි, සඞ්ඝයා අනුකම්පා කොට මා (හෙරණ බැවින්) නඟා සිටුවනසේක්වා” යි.
Pali BJTව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො: සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අයං ඉත්ථන්නාමා ඉත්ථන්නාමාය උපසම්පදාපෙඛා එකතො උපසම්පන්නා භික්ඛුනීසඞ්ඝෙ විසුද්ධා. ඉත්ථන්නාමා සඞ්ඝං උපසම්පදං යාචති ඉත්ථන්නාමාය පවත්තිනියා. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො ඉත්ථන්නාමං උපසම්පාදෙය්ය ඉත්ථන්නාමාය පවත්තිනියා. එසා ඤත්ති.
Sinhala BJTව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් සඞ්ඝයා (මෙසේ) දැන්විය යුතු ය: වහන්ස, සඞ්ඝයා මබස් අසාවා, මෙනම් ඇත්තියගේ උපසම්පදාපෙක්ෂිකා වූ මෝ මෙනම් ඇත්තී භික්‍ෂුණීසඞ්ඝයා කෙරෙහි පිරිසුදු වූවා එක් පක්ෂයෙකින් උපසපන් වූ ය. මෙනම් ඇත්තී මෙනම් ඇත්තිය ද පවත්තිනී කොට සඞ්ඝයාගෙන් උපසම්පදාව යදියි. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වේ නම් සඞ්ඝයා මෙනම් ඇත්තිය පවත්තිනිය කොට මෙනම් ඇත්තිය උපසම්පදා කරන්නේ ය. මේ ඥප්ති යි.
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අයං ඉත්ථන්නාමා ඉත්ථන්නාමාය උපසම්පදාපෙඛා එකතො උපසම්පන්නා භික්ඛුනීසඞ්ඝෙ විසුද්ධා. ඉත්ථන්නාමා සඞ්ඝං උපසම්පදං යාචති ඉත්ථන්නාමාය පවත්තිනියා. සඞ්ඝො ඉත්ථන්නාමං උපසම්පාදෙති ඉත්ථන්නාමාය පවත්තිනියා. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමාය උපසම්පදා ඉත්ථන්නාමාය පවත්තිනියා. සො තුණ්හස්ස. යස්ස නක්ඛමති සො භාසෙය්ය.
Sinhala BJTවහන්ස, සඞ්ඝයා මබස් සාවා. මෙනම් ඇත්තියගේ උපසම්පදාපේක්ෂිකා වූ මෝ මෙනම් ඇත්තී භික්‍ෂුණි සඞ්ඝයා කෙරෙහි පිරිසුදු වූවා එක් පක්ෂයෙකින් උපසපන් වූ ය. මෙනම් ඇත්තී මෙනම් ඇත්තිය පවත්තිනිය කොට සඞ්ඝයාගෙන් උපසම්පදාව යදියි. සඞ්ඝයා මෙනම් ඇත්තිය පවත්තිනිය කොට මෙනම් ඇත්තිය උපසම්පදා කරයි. මෙනම් ඇත්තිය පවත්තිනිය කොට මෙනම් ඇත්තියගේ උපසම්පදාව යම් ආයුෂ්මත් කෙනකුට රුචි වේ නම් උන්වහන්සේ නිහඬ වෙත්වා. යමකුට රුචි නො වේ නම් උන්වහන්සේ බෙණෙත්වා.
Pali BJTදුතියම්පි එතමත්ථං වදාමි -පෙ- තතියම්පි එතමත්ථං වදාමි. සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අයං ඉත්ථන්නාමා ඉත්ථන්නාමාය උපසම්පදාපෙඛා එකතො උපසම්පන්නා භික්ඛුනීසඞ්ඝෙ විසුද්ධා. ඉත්ථන්නාමා සඞ්ඝං උපසම්පදං යාචති ඉත්ථන්නාමාය පවත්තිනියා. සඞ්ඝො ඉත්ථන්නාමං උපසම්පාදෙති ඉත්ථන්නාමාය පවත්තිනියා. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමාය උපසම්පදා ඉත්ථන්නාමාය පවත්තිනියා, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති සො භාසෙය්ය.
Sinhala BJTදෙවනු ද මෙ කරුණ කියමි. ... තෙවනු ද මෙ කරුණ කියමි. වහන්ස, සඞ්ඝයා මබස් අසාවා. මෙනම් ඇත්තියගේ උපසම්පදාපෙක්ෂිකා වූ මෝ මෙනම් ඇත්තී භික්‍ෂුණීසඞ්ඝයා කෙරෙහි පිරිසුදු වූවා එක් පක්ෂයෙකින් උපසපන් වූ ය. මෙනම් ඇත්තී මෙනම් ඇත්තිය පවත්තිනිය කොට සඞ්ඝයාගෙන් උපසම්පදාව යදියි. සඞ්ඝයා මෙනම් ඇත්තිය පවත්තිනිය කොට මෙනම් ඇත්තිය උපසම්පදා කරයි. මෙනම් ඇත්තිය පවත්තිනිය කොට මෙනම් ඇත්තියගේ උපසම්පදාව යම් ආයුෂ්මත් කෙනකුට රුචි වේ නම් උන්වහන්සේ නිහඬ වෙත්වා. යමකුට රුචි නො වේ නම් උන්වහන්සේ බෙණෙත්වා.
Pali BJTඋපසම්පන්නා සඞ්ඝෙන ඉත්ථන්නාමා ඉත්ථන්නාමාය පවත්තිනියා. ඛමති සඞ්ඝස්ස තස්මා තුණ්හී එවමෙතං ධාරයාමීති.
Sinhala BJTමෙනම් ඇත්තිය පවත්තිනිය කොට මෙනම් ඇත්තී සඞ්ඝයා විසින් උපසම්පදා කරනලද්දී ය. (එය) සඞ්ඝයාට රුචි වෙයි. එහෙයින් නිහඬ ය. මෙ කරුණ මෙසේ දරමි යි.
Pali BJTතාවදෙව ඡායා මෙතබ්බා. උතුපමාණං ආචික්ඛිතබ්බං. දිවසභාගො ආචික්ඛිතබ්බො, සඞ්ගීති ආචික්ඛිතබ්බා, භික්ඛුනියො වත්තබ්බා ඉමිස්සා තයො ච නිස්සයෙ අට්ඨ ච අකරණීයානි ආචික්ඛෙය්යාථාති.
Sinhala BJTඑකෙණෙහි සෙවනැල්ල මිනියයුතු, ඍතුප්‍රමාණය කියයුතු, දිවසභාගය කියයුතු. සියල්ල එක්කොට සංගීතිය කියයුතු. මැයට නිස්සය තුන ද, නො කළයුතු කරුණු අට ද කියව යි භික්‍ෂුණීන්ට කියයුතු.
Pali BJT60. තෙන ඛො පන සමයෙන භික්ඛුනියො භත්තග්ගෙ ආසනං සඞ්කසායන්තියො{1} කාලං වීතිනාමෙසුං. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ අට්ඨන්නං භික්ඛුනීනං යථාවුඩ්ඪං අවසෙසානං යථාගතිකන්ති”.
Sinhala BJT60. එසමයෙහි භික්‍ෂුණීහු බත්හලෙහි අසුන් ගැන අවිනිශ්චිත වූවාහු (වළඳන) කාලය ඉක්මවූහ. භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ දැන්වූහ. “මහණෙනි, මෙහෙණන් අට නමකට වැඩි මහලු පිළිවෙළත් සෙස්සන්ට පැමිණි පිළිවෙළත් අනුදනිමි”යි (වදාළසේක.)
Pali BJT61. තෙන ඛො පන සමයෙන භික්ඛුනියො භගවතා අනුඤ්ඤාතං අට්ඨන්නං භික්ඛුනීනං යථාවුඩ්ඪං අවසෙසානං යථාගතිකන්ති සබ්බත්ථ අට්ඨාව{1}. භික්ඛුනියො යථාවුඩ්ඪං පටිබාහන්ති අවසෙසායො යථාගතිකං. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ භත්තග්ගෙ අට්ඨන්නං භික්ඛුනීනං යථාවුඩ්ඪං අවසෙසානං යථාගතිකං. අඤ්ඤත්ථ සබ්බත්ථ යථාවුඩ්ඪං න පටිබාහිතබ්බං. යා පටිබාහෙය්ය ආපත්ති දුක්කටස්සාති”.
Sinhala BJT61. එසමයෙහි භික්‍ෂුණීහු භාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂූණින් අට නමකට වැඩිමහලු පිළිවෙළත් සෙස්සනට පැමිණි පිළිවෙළත් අනුදන්නාලදැ යි සියලු තැන්හි භික්‍ෂූණින් අටනමක් වී වැඩිමහලු පිළිවෙළින් ද සෙස්සෝ පැමිණි පිළිවෙළින් ද (අසුන්) වෙන් කරත්, භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැලකළහ. “මහණෙනි, බත්හලෙහි භික්‍ෂූණීන් අට නමකට වැඩිමහලු පිළිවෙළින් හා සෙස්සන්ට පැමිණි පිළිවෙළින් (අසුන් වෙන් කිරීම) අනුදනිමි. අන් සැම තැන්හි වැඩිමහලු පිළිවෙළ අත් නො හළ යුතු යි. යම් මෙහෙණක් අත්හරින්නී නම් දුකුළා ඇවැත් වේ” යි.