Cullavagga

Lesser Division

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 3301-3400 න් 3845

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT79. වත්තං අපරිපූරෙන්තො න සීලං පරිපූරති අසුද්ධසීලො දුප්පඤ්ඤො චිත්තෙකග්ගං න වින්දති.
Sinhala BJT79. වත් නො පුරන්නේ සිල් පිරීම නො කරයි. අපිරිසුදු සිල් ඇති නුනුවණින් යුත් තෙනැත්තේ සිතෙහි එකඟබව නො විඳියි.
Pali BJT80. වික්ඛිත්තචිත්තො නෙකග්ගො සම්මා ධම්මං න පස්සති. අපස්සමානො සද්ධම්මං දුක්ඛා න පරිමුච්චති.
Sinhala BJT80. එකඟ නො වූ විසුරුණු සිත් ඇත්තේ මොනොවට දහම් නො දකී. සදහම් නො දක්නේ දුකින් නො මිදෙයි.
Pali BJT81. යං වත්තං පරිපූරෙන්තො සීලම්පි පරිපූරති විසුද්ධසීලො සප්පඤ්ඤො චිත්තෙකග්ගම්පි වින්දති.
Sinhala BJT81. යම්හෙයකින් වත් පුරන්නේ සීලයත් පුරා ද, පිරිසුදු සිල් ඇති මනා නුවණැත්තේ සිත් එකඟබව ද විඳියි.
Pali BJT82. අවික්ඛිත්තචිත්තො එකග්ගො සම්මා ධම්මං විපස්සති සම්පස්සමානො සද්ධම්මං දුක්ඛා සො පරිමුච්චති.
Sinhala BJT82. නො විසුරුණු සිල් ඇත්තේ එකඟබව ඇත්තේ මොනොවට ධර්‍මය දකී. සදහම් දක්නා හෙතෙම දුකින් මිදෙයි.
Pali BJT83. තස්මා හි වත්තං පූරෙය්ය ජිනපුත්තො විචක්ඛණො ඔවාදං බුද්ධසෙට්ඨස්ස තතො නිබ්බානමෙහීති.
Sinhala BJT83. එහෙයින් විචක්‍ෂණ වූ ජිනපුත්‍ර තෙම වත් පුරන්නේය. (මේ) ශ්‍රේෂ්ඨ බුදුන්ගේ අවවාදයයි. ඒ හේතුවෙන් නිවනට පැමිණෙන්නේය.
Pali BJT9.
Sinhala BJT9.
Pali BJTපාතිමොක්ඛට්ඨපනක්ඛන්ධකං.
Sinhala BJTපාතිමොක්‌ඛට්‌ඨපන‌ඛන්‌ධකය
Pali BJTපඨමභාණවාරං
Sinhala BJTපළමු බණවර
Pali BJTපාතිමොක්ඛුද්දෙසයාචන
Sinhala BJTපාමොක් උදෙසුම් යැදුම
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති පුබ්බාරාමෙ මිගාරමාතු පාසාදෙ. තෙන ඛො පන සමයෙන භගවා තදහුපොසථෙ භික්ඛුසඞ්ඝපරිවුතො නිසින්නො හොති.
Sinhala BJT1. එ සමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවරැ මිගාරමාතු පාසාද නම් වූ පූර්‍වාරාමයෙහි වැඩ වසන සේක. එ සමයෙහි භාග්‍යවතුන් වහන්සේ ඒ පොහෝ දිනයෙහි බික්සඟන විසින් පිරිවරන ලදු ව වැඩහුන් සේක.
Pali BJTඅථ ඛො ආයස්මා ආනන්දො අභික්කන්තාය රත්තියා නික්ඛන්තෙ පඨමෙ යාමෙ උට්ඨායාසනා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා භගවන්තං එතදවොච:: “අභික්කන්තා භන්තෙ රත්ති නික්ඛන්තො පඨමො යාමො චිරනිසින්නො භික්ඛුසඞ්ඝො උද්දිසතු භන්තෙ භගවා භික්ඛූනං පාතිමොක්ඛන්ති. එවං වුත්තෙ භගවා තුණ්හී අහොසි.
Sinhala BJTඑකලැ ඇවත් අනඳ තෙරණුවෝ රෑ බොහෝ ඉක්මැ ගිය කලැ රෑ පළමු යම ඉක්මිකලැ හුනස්නෙන් නැඟී සිට උතුරුසඟ එකස් කොට භාග්‍යවතුන් වහන්සේ දිසාවට ඇඳිලිබැඳ වැඳ “වහන්ස, රැය බොහෝ ඉක්මැ ගියේ ය. පළමු යම ඉක්මියේ ය. භික්‍ෂුසංඝ තෙමේ වැඩ හුන් බොහෝ වේලා ඇත්තේ වේ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුනට පාමොක් උදෙසන සේක්වා”යි කීහ. මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ නිහඬව හුන් සේක.
Pali BJTදුතියම්පි ඛො ආයස්මා ආනන්දො අභික්කන්තාය රත්තියා නික්ඛන්තෙ මජ්ඣිමෙ යාමෙ උට්ඨායාසනා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා භගවන්තං එතදවොච:: “අභික්කන්තා භන්තෙ රත්ති නික්ඛන්තො මජ්ඣිමො යාමො චිරනිසින්නො භික්ඛුසඞ්ඝො උද්දිසතු භන්තෙ භගවා භික්ඛූනං පාතිමොක්ඛන්ති”. දුතියම්පි ඛො භගවා තුණ්හී අහොසි.
Sinhala BJTදෙවෙනි වර ද ඇවත් අනඳ තෙරණුවෝ රෑ බොහෝ ඉක්මි කල්හි මැදුම් යම ඉක්මි කල්හි හුනස්නෙන් නැගී උතුරුසඟ එකස් කොට භාග්‍යවතුන් වහන්සේ දිසාවට ඇඳිලි බැඳ වැඳ භාග්‍යවතුන් වහන්සේට, “වහන්ස, රෑ බොහෝ ඉක්මැ ගියේ ය. මැදුම් යම ඉක්මියේ ය. භික්‍ෂුසංඝ තෙමේ වැඩහුන් බොහෝ වේලා ඇත්තේ වේ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුනට පාමොක් උදෙසන සේක්වා”යි කීහ. දෙවනුව ද භාග්‍යවතුන් වහන්සේ නිහඬව හුන්සේක.
Pali BJTතතියම්පි ඛො ආයස්මා ආනන්දො අභික්කන්තාය රත්තියා නික්ඛන්තෙ පච්ඡිමෙ යාමෙ උද්ධස්තෙ අරුණෙ නන්දිමුඛියා රත්තියා උට්ඨායාසනා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා භගවන්තං එතදවොච: “අභික්කන්තා භන්තෙ රත්ති. නික්ඛන්තො පච්ඡිමො යාමො උද්ධස්තං අරුණං, නන්දිමුඛී රත්ති, චිරනිසින්නො භික්ඛුසඞ්ඝො. උද්දිසතු භන්තෙ භගවා භික්ඛූනං පාතිමොක්ඛන්ති”.
Sinhala BJTතෙවෙනි වර ද ඇවත් අනඳ තෙරණුවෝ රැය ඉක්මි කල්හි පැසිම් යම ගෙවී අරුණු නැංග කල්හි රැය (පහන්වීමට ආසන්න බැවින්) නන්දිමුඛී නම් වේලාවෙහි හුනස්නෙන් නැගී උතුරුසඟ එකස් කොට භාග්‍යවතුන් වහන්සේ දිසාවට ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේට, “වහන්ස, රෑ බොහෝ ඉක්මිණ. පැසිම් යම ගෙවිණ, අරුණු නැඟිණ, රෑ නන්දිමුඛී නම් වේලාවය. බික්සඟ වැඩහුන් බොහෝ වේලා ඇත්තේ ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුනට පාමොක් උදෙසාවා”යි කීහ.
Pali BJT“අපරිසුද්ධා ආනන්ද පරිසා”ති.
Sinhala BJT“අනඳයෙනි, පිරිස අපිරිසුදු යැ’යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
Pali BJT2. අථ ඛො ආයස්මතො මහාමොග්ගල්ලානස්ස එතදහොසි: “කං නු ඛො භගවා පුග්ගලං සන්ධාය එවමාහ: අපරිසුද්ධා ආනන්ද පරිසා”’ති. අථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො සබ්බාවන්තං භික්ඛුසඞ්ඝං චෙතසා චෙතො පරිච්ච මනසාකාසි. අද්දසා ඛො ආයස්මා මහාමොග්ගල්ලානො තං පුග්ගලං දුස්සීලං පාපධම්මං අසුචිසංකස්සරසමාචාරං පටිච්ඡන්නකම්මන්තං අස්සමණං සමණපටිඤ්ඤං අබ්රහ්මචාරිං බ්රහ්මචාරීපටිඤ්ඤං අන්තොපූතිං අවස්සුතං කසම්බුජාතං මජ්ඣෙ භික්ඛුසඞ්ඝස්ස නිසින්නං.
Sinhala BJT2. එවිට ඇවත් මහමුගලන් තෙරණුවනට, “භාග්‍යවතුන් වහන්සේ කවර නම් පුඟුලකු සඳහා, අනඳය, පිරිස අපිරිසුදු යැ යි වදාළ සේක් දෝ”’යි මේ සිත විය. එ කලැ ඇවත් මහමුගලන් තෙරණුවෝ මුළු මහත් බික්සඟන තමන් සිතින් ඔවුන් සිත් පිරිසිඳැ මෙනෙහි කළහ. ඇවත් මහ මුගලන් තෙරණුවෝ සිල් නැති, ලාමක සබා ඇති, අපිරිසුදු වූ, සැකයෙන් සිහි කළ යුතු හැසුරුම් ඇති, වැසුණු ක්‍රියා ඇති, අශ්‍රමණ වැ ශ්‍රමණ ප්‍රතිඥාව කරන, බඹසැරිමියි පිළින කරන නමුත් බඹසරක් නැති, සිතතුළ කුණු ගැසුණු, කෙලෙසින් තෙත් වූ, හටගත් කෙලෙස් කසළ ඇති, බික්සඟන මැද හුන් ඒ පුඟුලා දුටුසේක.
Pali BJTදිස්වාන යෙන සො පුග්ගලො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තං පුග්ගලං එතදවොච: “උට්ඨෙහි ආවුසො දිට්ඨොසි භගවතා. නත්ථි තෙ භික්ඛූහි සද්ධිං සංවාසො”ති. එවං වුත්තෙ සො පුග්ගලො තුණ්හී අහොසි.
Sinhala BJTදැක ඒ පුඟුලා කරා එළඹියහ. එළඹ ඔහු බණවා, “ඇවත නැගී සිටුව, භාග්‍යවතුන් වහන්සේ විසින් දක්නා ලද්දේ වෙහි. භික්‍ෂූන් හා එක් වැ විසීමෙක් තට නැතැ”යි වදාළහ. මෙසේ කී කල්හි ඒ පුඟුල් තෙම නිහඬ විය.
Pali BJTදුතියම්පි ඛො ආයස්මා මහාමොග්ගල්ලානො තං පුග්ගලං එතදවොච: “උට්ඨෙහි ආවුසො, දිට්ඨොසි. භගවතා. නත්ථි තෙ භික්ඛූහි සද්ධිං සංවාසො”ති. දුතියම්පි ඛො සො පුග්ගලො තුණ්හී අහොසි.
Sinhala BJTදෙවෙනි වර ද ඇවත් මහමුගලන් තෙරණුවෝ ඒ පුඟුලා බණවා, “ඇවත, නැගී සිටු, භාග්‍යවතුන් වහන්සේ විසින් දක්නා ලද්දෙහි. භික්‍ෂූන් හා එක් වැ විසීමෙක් තට නැතැ”යි වදාළහ. දෙවෙනි වර ද ඒ පුඟුල් තෙම නිහඬ විය.
Pali BJTතතියම්පි ඛො ආයස්මා මහාමොග්ගල්ලානො තං පුග්ගලං එතදවොච: “උට්ඨෙහි ආවුසො, දිට්ඨොසි භගවතා. නත්ථි තෙ භික්ඛූහි සද්ධිං සංවාසො”ති. තතියම්පි ඛො සො පුග්ගලො තුණ්හී අහොසි.
Sinhala BJTතෙවෙනි වර ද ඇවත් මහමුගලන් තෙරණුවෝ ඒ පුඟුලා බණවා, “ඇවත නැගී සිටු, භාග්‍යවතුන් වහන්සේ විසින් දක්නා ලද්දෙහි. භික්‍ෂූන් හා එක් වැ විසීමෙක් තට නැතැ”යි වදාළ සේක. තෙවෙනි වර ද ඒ පුඟුලා නිහඬ වැ හුන්නේ ය.
Pali BJTඅථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො තං පුග්ගලං බාහායං ගහෙත්වා බහිද්වාරකොට්ඨකා නික්ඛාමෙත්වා සූචිඝටිකං දත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං එතදවොච: “නික්ඛාමිතො සො භන්තෙ පුග්ගලො මයා. පරිසුද්ධා පරිසා. උද්දිසතු භන්තෙ භගවා භික්ඛූනං පාතිමොක්ඛන්ති”.
Sinhala BJTඉක්බිති ඇවත් මහමුගලන් තෙරණුවෝ ඒ පුඟුලා අතින් අල්ලා ගෙන දොරටුයෙන් පිටතට නික්මවා සුචිඝටිකාව දී භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියාහ. එළැඹ, භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, මා විසින් ඒ පුඟුලා නික්මැවිණ. පිරිස පිරිසුදු ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුනට පාමොක් උදෙසන සේක් වා”යි වදාළහ.
Pali BJT“අච්ඡරියං මොග්ගල්ලාන, අබ්භුතං මොග්ගල්ලාන, යාව බාහාගහණාපි නාම සො මොඝපුරිසො ආගමෙස්සතී”ති.
Sinhala BJT“මෞද්ගල්‍යානයෙනි, ආශ්චර්‍ය්‍ය ය. මෞද්ගල්‍යානයෙනි, අද්භූතය. ඒ හිස් පුරුෂ තෙමේ අත්ලා ගන්නා තෙක් ම බලාපොරොත්තු වූයේ වේ දැ’යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJTමහාසමුද්දෙ අට්ඨ අච්ඡරියා
Sinhala BJTමුහුදේ ආශ්චර්‍ය්‍ය ධර්‍ම අට
Pali BJT3. අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: අට්ඨිමෙ භික්ඛවෙ මහාසමුද්දෙ අච්ඡරියා අබ්භුතා ධම්මා යෙ දිස්වා දිස්වා අසුරා මහාසමුද්දෙ අභිරමන්ති. කතමෙ අට්ඨ?
Sinhala BJT3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් බණවා මෙය වදාළ සේක: “මහණෙනි, යමක් දැක දැක අසුරයෝ මුහුදෙහි ඇලෙත් ද මුහුදෙහි වූ ඒ ආශ්චර්‍ය්‍ය ධර්‍ම අට දෙනෙකි. කවර අට දෙනෙක් ද යත්:
Pali BJTමහාසමුද්දො භික්ඛවෙ අනුපුබ්බනින්නො අනුපුබ්බපොණො අනුපුබ්බපබ්භාරො න ආයතකෙනෙව පපාතො. යම්පි භික්ඛවෙ මහාසමුද්දො අනුපුබ්බනින්නො අනුපුබ්බපොණො අනුපුබ්බපබ්භාරො න ආයතකෙනෙව පපාතො අයං භික්ඛවෙ මහාසමුද්දෙ පඨමො අච්ඡරියො අබ්භුතො ධම්මො යං දිස්වා දිස්වා අසුරා මහාසමුද්දෙ අභිරමන්ති.
Sinhala BJTමහණෙනි, මහමුහුද පිළිවෙළින් මිටි වූයේ පිළිවෙළින් නැඹුරු වූයේ පිළිවෙළින් ඉදිරියට නැමුණේ දිගට ම බෑවුම් ඇත්තේ නො වේ. මහණෙනි, මහමුහුද පිළිවෙළින් මිටි වූයේ ය. පිළිවෙළින් නැඹුරු වූයේ ය, පිළිවෙළින් ඉදිරියට නැමුණේ ය, දිගට ම බෑවුම් ඇත්තේ නො වේ ය යන යමෙක් ඇද්ද, මහණෙනි, යමක් දැක දැක අසුරයෝ මහමුහුදෙහි ඇලෙත් නම් මේ ඒ පළමු ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යැ.
Pali BJTපුන ච පරං භික්ඛවෙ මහාසමුද්දො ඨිතධම්මො වෙලං නාතිවත්තති. යම්පි භික්ඛවෙ මහාසමුද්දො ඨිතධම්මො වෙලං නාතිවත්තති, අයං භික්ඛවෙ මහාසමුද්දෙ දුතියො අච්ඡරියො අබ්භුතො ධම්මො යං දිස්වා දිස්වා අසුරා මහාසමුද්දෙ අභිරමන්ති.
Sinhala BJTතව ද අනෙකෙකි. මහණෙනි, මහමුහුද සිටි සබා ඇත්තේ ඉවුර ඉක්මැ නො යයි. මහණෙනි, මහමුහුද සිටි සබා ඇත්තේ ඉවුර ඉක්මැ නොයේ යන යමෙක් ඇද්ද, මෙය යමක් දැක දැක අසුරයෝ මහමුහුදෙහි ඇලෙත් නම් ඒ මහමුහුදැ වූ දෙවෙනි ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යැ.
Pali BJTපුන ච පරං භික්ඛවෙ මහාසමුද්දො න මතෙන කුණපෙන සංවසති. යං හොති මහාසමුද්දෙ මතං කුණපං තං ඛිප්පඤ්ඤෙව තීරං වාහෙති. ථලං වා උස්සාදෙති. යම්පි භික්ඛවෙ මහාසමුද්දො න මතෙන කුණපෙන සංවසති. යං හොති මහාසමුද්දෙ මතං කුණපං තං ඛිප්පඤ්ඤෙව තීරං වාහෙති. ථලං වා උස්සාදෙති. අයං භික්ඛවෙ මහාසමුද්දෙ තතියො අච්ඡරියො අබ්භුතො ධම්මො.
Sinhala BJTතව ද අනෙකෙකි. මහණෙනි, මහමුහුද මළකුණක් හා එක් වැ නො වෙසෙයි. මහමුහුද යම් මළ කුණක් වේ ද එය වහා ම මුහුදු තෙරට පමුණුවයි, ගොඩට හෝ බායි. මහණෙනි, මහ මුහුද මළ කුණක් හා එක් ව නො වෙසෙයි, මහමුහුද යම් මළ කුණෙක් වී නම් එය වහා ම මුහුදු තෙරට පමුණුවයි. ගොඩට බායි යන යමෙක් ඇද්ද, මහණෙනි, යමක් දැක දැක අසුරයෝ මහමුහුදැ ඇලෙත් නම් මේ ඒ මහමුහුදැ වූ තෙවෙනි ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යැ.
Pali BJTපුන ච පරං භික්ඛවෙ යා කාචි මහානදියො සෙය්යථිදං: ගඞ්ගා යමුනා අචිරවතී සරභූ මහී තා මහාසමුද්දං පත්තා ජහන්ති පුරිමානි නාමගොත්තානි, මහාසමුද්දොත්වෙව සඞ්ඛං ගච්ඡන්ති. යම්පි භික්ඛවෙ යා කාචි මහානදියො ගඞ්ගා -පෙ- මහාසමුද්දොත්වෙව සඞ්ඛං ගච්ඡන්ති අයං භික්ඛවෙ මහාසමුද්දෙ චතුත්ථො අච්ඡරියො අබ්භුතො ධම්මො -පෙ-
Sinhala BJTතව ද අනෙකෙකි. මහණෙනි, ගංගා යමුනා අචිරවතී සරයු මහී යන මහා නදීහු වෙත් ද, ඔහු මුහුදට පැමිණියාහු පළමු නම් ගොත් හැරදමත්. මහමුහුද යැ යි ම ව්‍යවහාරයට යෙත්. මහණෙනි,...යම් මහානදී කෙනෙක්.. මහමුහුද යැ යි ම ව්‍යවහාරයට යෙත් යන යමෙක් ඇද්ද, මහණෙනි, යමක්..... මේ මහමුහුදැ වූ සතර වන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යැ.
Pali BJTපුන ච පරං භික්ඛවෙ යා ච ලොකෙ සවන්තියො මහාසමුද්දං අප්පෙන්ති යා ච අන්තලික්ඛා ධාරා පපතන්ති, න තෙන මහාසමුද්දස්ස ඌනත්තං වා පූරත්තං වා පඤ්ඤායති. යම්පි භික්ඛවෙ යා ච ලොකෙ සවන්තියො මහාසමුද්දං අප්පෙන්ති යා ච අන්තලික්ඛා ධාරා පපතන්ති න තෙන මහාසමුද්දස්ස ඌනත්තං වා පූරත්තං වා පඤ්ඤායති. අයං භික්ඛවෙ මහාසමුද්දෙ පඤ්චමො අච්ඡරියො අබ්භුතො ධම්මො -පෙ-
Sinhala BJTතව ද අනෙකෙකි. ලොවැ යම් ඇළ දොළ නදී කෙනෙක් මුහුදට වදිත් ද, අහසින් යම් වැසි දහර කෙනෙකුත් වැටෙත් ද එයින් මුහුදේ අඩු බවෙක් හෝ වැඩි බවෙක් හෝ නො පැණෙයි. මහණෙනි, ලොවැ යම් ඇළ දොළ නදී කෙනෙක් මුහුදට වදිත් නම්, අහසින් වැසිදහර කෙනෙකුන් වැටෙත් නම්, එයින් මුහුදේ අඩු බවෙක් හෝ වැඩි බවෙක් හෝ නො පැනේය යන යමෙක්වේ ද මහණෙනි, යමක්... මෙය මහමුහුදේ පස් වන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යැ.
Pali BJTපුන ච පරං භික්ඛවෙ මහාසමුද්දො එකරසො ලොණරසො. යම්පි භික්ඛවෙ මහාසමුද්දො එකරසො ලොණරසො. අයං භික්ඛවෙ මහාසමුද්දෙ ඡට්ඨො අච්ඡරියො අබ්භුතො ධම්මො -පෙ-
Sinhala BJTතව ද අනෙකක් කියමි. මහණෙනි, මහමුහුද එක ම රසයක් ඇත්තේ ය, ලුණුරස ඇත්තේ ය. මහමුහුද එක ම රසයක් ඇත්තේ ය, ලුණු රස ඇත්තේය යන යමෙක් ඇද්ද මහණෙනි, යමක්... මෙය ද මහ මුහුදෙහි වූ සවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යැ.
Pali BJTපුන ච පරං භික්ඛවෙ මහාසමුද්දො බහුරතනො අනෙකරතනො. තත්රිමානි රතනානි, සෙය්යථිදං: මුත්තා මණි වෙළුරියො සඞ්ඛො සිලා පවාළං රජතං ජාතරූපං ලොහිතංකො මසාරගල්ලං. යම්පි භික්ඛවෙ මහාසමුද්දො බහුරතනො අනෙකරතනො: තත්රිමානි රතනානි -පෙ- අයං භික්ඛවෙ මහාසමුද්දෙ සත්තමො අච්ඡරියො අබ්භුතො ධම්මො -පෙ-
Sinhala BJTතව ද අනෙකක් කියමි. මහණෙනි, මහමුහුද බොහෝ රුවන් ඇත්තේ ය, නොයෙක් වැදෑරුම් රුවන් ඇත්තේ ය. එහි මුතු ය, මැණික් ය, වෙරළුමිණි ය, සක් ය, ශිලා යැ, පබුළු යැ, රිදී යැ, රන් යැ, රත්මිණි යැ, මැසිරිගල් ය යන මේ රත්නයෝ වෙත්. මහණෙනි, මහමුහුද බොහෝ රුවන් ඇත්තේ ය, නොයෙක් රුවන් ඇත්තේ ය. එහි ... මේ රුවන් ඇත්තේ ය යන මෙය මහමුහුදෙහි සත්වන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යැ.
Pali BJTපුන ච පරං භික්ඛවෙ මහාසමුද්දො මහතං භූතානං ආවාසො. තත්රිමෙ භූතා: තිමි තිමිඞ්ගලො තිමිරපිඞ්ගලො අසුරා නාගා ගන්ධබ්බා. සන්ති මහාසමුද්දෙ යොජනසතිකාපි අත්තභාවා ද්වියොජනසතිකාපි අත්තභාවා තියොජනසතිකාපි අත්තභාවා චතුයොජනසතිකාපි අත්තභාවා පඤ්චයොජනසතිකාපි අත්තභාවා. යම්පි භික්ඛවෙ මහාසමුද්දො මහතං භූතානං ආවාසො, තත්රිමෙ භූතා: තිමි -පෙ- සන්ති මහාසමුද්දෙ යොජනසතිකාපි අත්තභාවා -පෙ- පඤ්චයොජනසතිකාපි අත්තභාවා අයං භික්ඛවෙ මහාසමුද්දෙ අට්ඨමො අච්ඡරියො අබ්භුතො ධම්මො යං දිස්වා දිස්වා අසුරා මහාසමුද්දෙ අභිරමන්ති. ඉමෙ ඛො භික්ඛවෙ මහාසමුද්දෙ අට්ඨ අච්ඡරියා අබ්භුතා ධම්මා යෙ දිස්වා දිස්වා අසුරා මහාසමුද්දෙ අභිරමන්ති.
Sinhala BJTතව ද අනෙකක් කියමි. මහණෙනි, මහමුහුද මහාභූතයනට වාසස්ථාන යැ. එහි තිමි යැ, තිමිංගල යැ, තිමිරපිංගල යැ, අසුර යැ, නාග යැ, ගන්‍ධර්‍ව යැ යන මේ සත්ත්‍වයෝ වෙත්. මහ මුහුදෙහි යොදුන් සියයක් වූ ආත්මභාවයෝ ද යොදුන් දෙසියයක් වූ ආත්මභාවයෝ ද යොදුන් තුන්සියයක් වූ ආත්මභාවයෝ ද යොදුන් පන්සියයක් වූ ආත්මභාවයෝ ද වෙත්. මහාසමුද්‍රය මහත් සත්ත්‍වයනට වාසස්ථාන වේ ද, එහි තිමි ය.... මේ භූතයෝ වෙත්, මහාසමුද්‍රයේ යොදුන් සියයක් වූ ආත්මභාවයෝ වෙත් ද... යොදුන් පන්සියයක් වූ ආත්මභාවයෝ වෙත් ද, මහණෙනි, යමක් දැක දැක අසුරයෝ මහමුහුදෙහි ඇලෙත් නම්, මේ ඒ අටවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යැ. යමක් දැක දැක අසුරයෝ මහමුහුදැ ඇලෙත් නම් මේ ඒ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම අට යැ.
Pali BJT4. එවමෙව ඛො භික්ඛවෙ ඉමස්මිං ධම්මවිනයෙ අට්ඨ අච්ඡරියා අබ්භුතා ධම්මා යෙ දිස්වා දිස්වා භික්ඛූ ඉමස්මිං ධම්මවිනයෙ අභිරමන්ති. කතමෙ අට්ඨ?
Sinhala BJT4. මහණෙනි, එසේ ම යමක් දැක දැක භික්‍ෂූහු මේ ධර්‍ම විනයෙහි (මෙසස්නෙහි) ඇලෙත් ද, එසේ වූ මේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයෝ අට දෙනෙක් වෙත්. කවර අට දෙනෙක් ද යත්:
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ මහාසමුද්දො අනුපුබ්බනින්නො අනුපුබ්බපොණො අනුපුබ්බපබ්භාරො න ආයතකෙනෙව පපාතො. එවමෙව ඛො භික්ඛවෙ ඉමස්මිං ධම්මවිනයෙ අනුපුබ්බසික්ඛා අනුපුබ්බකිරියා අනුපුබ්බපටිපදා න ආයතකෙනෙව අඤ්ඤාපටිවෙධො. යම්පි භික්ඛවෙ ඉමස්මිං ධම්මවිනයෙ අනුපුබ්බසික්ඛා අනුපුබ්බකිරියා අනුපුබ්බපටිපදා න ආයතකෙනෙව අඤ්ඤාපටිවෙධො අයං භික්ඛවෙ ඉමස්මිං ධම්මවිනයෙ පඨමො අච්ඡරියො අබ්භුතො ධම්මො යං දිස්වා දිස්වා භික්ඛූ ඉමස්මිං ධම්මවිනයෙ අභිරමන්ති.
Sinhala BJTමහණෙනි, යම්සේ මහ මුහුද පිළිවෙළින් නැඹුරු වූයේ පිළිවෙළින් මිටි වූයේ පිළිවෙළින් ඉදිරියට නැමුණේ දිගට ම බෑවුම් නැත්තේ වේ ද, මහණෙනි, එසේ ම මෙ සස්නෙහි අනුපූර්‍ව හික්මීම, අනුපූර්‍ව ක්‍රියා පද්ධතිය, අනුපූර්‍ව පිළිවෙත වෙයි, කෙළින් ම එකෑවර රහත්බව පිළිවිදීමෙක් නො වේ. මහණෙනි, මේ සස්නෙහි අනුපූර්‍ව හික්මීම ය, අනුපූර්‍ව ක්‍රියා පද්ධතිය, අනුපූර්වප්‍රතිපත්තිය, කෙළින් ම එකෑවර රහත්බව් නො පිළිවිදුනාබව යන යමෙක් ඇද්ද, මහණෙනි, මෙය භික්‍ෂූන් දැක දැක මෙහි ඇලෙන මෙ සස්නෙහි පළමු වන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ මහාසමුද්දො ඨිතධම්මො වෙලං නාතිවත්තති, එවමෙව ඛො භික්ඛවෙ යං මයා සාවකානං සික්ඛාපදං පඤ්ඤත්තං තං මම සාවකා ජීවිතහෙතූපි නාතික්කමන්ති. යම්පි භික්ඛවෙ මයා මම සාවකානං සික්ඛාපදං පඤ්ඤත්තං තං මම සාවකා ජීවිතහෙතුපි නාතික්කමන්ති. අයං භික්ඛවෙ ඉමස්මිං ධම්මවිනයෙ දුතියො අච්ඡරියො අබ්භුතො ධම්මො -පෙ-.
Sinhala BJTමහණෙනි, යම්සේ මුහුද ස්ථිතධර්ම වූයේ ඉවුර නො ඉක්මවා ද, එසේ ම මා විසින් මාගේ සව්වනට යම් සිකපදයෙක් පනවන ලද ද මා සව්වෝ දිවි යතත් ඒවා නො ඉක්මෙත්, මහණෙනි, මා සව්වෝ මා පැනැ වූ සික පද දිවියතත් නො ඉක්මෙත් යන යමෙක් ඇද්ද, මහණෙනි, මෙය .... මෙ සස්නෙහි ආශ්චර්‍ය්‍ය අද්භූත දෙවෙනි දහම ය.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ මහාසමුද්දො න මතෙන කුණපෙන සංවසති, යං හොති මහාසමුද්දෙ මතං කුණපං තං ඛිප්පඤ්ඤෙව තීරං වාහෙති, ථලං උස්සාදෙති. එවමෙව ඛො භික්ඛවෙ යො සො පුග්ගලො දුස්සීලො පාපධම්මො අසුචි සඞ්කස්සරසමාචාරො පටිච්ඡන්නකම්මන්තො අස්සමණො සමණපටිඤ්ඤො අබ්රහ්මචාරී බ්රහ්මචාරිපටිඤ්ඤො අන්තොපූති අවස්සුතො කසම්බුජාතො, න තෙන සඞ්ඝො සංවසති ඛිප්පඤ්ඤෙව තං සන්නිපතිත්වා උක්ඛිපති. කිඤ්චාපි ඛො සො හොති මජ්ඣෙ භික්ඛුසඞ්ඝස්ස නිසින්නො. අථ ඛො සො ආරකාව සඞ්ඝම්හා, සඞ්ඝො ච තෙන. යම්පි භික්ඛවෙ යො සො පුග්ගලො දුස්සීලො පාපධම්මො -පෙ- න තෙන සඞ්ඝො සංවසති ඛිප්පඤ්ඤෙව තං සන්නිපතිත්වා උක්ඛිපති. කිඤ්චාපි ඛො සො හොති මජ්ඣෙ භික්ඛුසඞ්ඝස්ස නිසින්නො. අථ ඛො සො ආරකාව සඞ්ඝම්හා, සඞ්ඝො ච තෙන. අයං භික්ඛවෙ ඉමස්මිං ධම්මවිනයෙ තතියො අච්ඡරියො අබ්භුතො ධම්මො යං -පෙ-.
Sinhala BJTමහණෙනි, මහමුහුද යම්සේ මළකුණු හා එක්ව නො වෙසේ ද, මහමුහුද යම් මළකුණෙක් වේ නම්, එය වහා තීරයට පමුණුවා ද, ගොඩට ඔසොවා දමා ද, මහණෙනි, එසේ ම පාප ස්වභාව ඇති, අපිරිසිදු වූ සැකයෙන් සිහි කටයුතු හැසුරුම් ඇති, සැඟැවුණ ක්‍රියා ඇති මහණෙමි යි පිළින කරන නො මහණෙක් වූ, ඇතුළත කුණු වූ, කෙලෙසුන්ගෙන් තෙත් වූ හටගත් කෙලෙස් කසළ ඇති, යම් දුසිලෙක් වේ ද, සඞ්ඝයා ඔහු හා එක් ව නො වසයි. ඔහු සඟමැද උන්නත් සඞ්ඝයා රැස් ව අවහා ම ඔහු ඔසොවාදමයි. වැලිදු හේ සඞ්ඝයාගෙන් ඈත්හි ම වේ. සඞ්ඝයා ද ඔහු ගෙන් ඈත්හි වේ... මහණෙනි, මේ .... මෙ සස්නෙහි තුන් වන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය වේ.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ යා කාචි මහානදියො, සෙය්යථිදං: ගඞ්ගා යමුනා අචිරවතී සරභූ මහී, තා මහාසමුද්දං පත්තා ජහන්ති පුරිමානි නාමගොත්තානි මහාසමුද්දොත්වෙව සඞ්ඛං ගච්ඡන්ති. එවමෙව ඛො භික්ඛවෙ චත්තාරොමෙ වණ්ණා ඛත්තියා බ්රාහ්මණා වෙස්සා සුද්දා, තෙ තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජිත්වා ජහන්ති පුරිමානි නාමගොත්තානි, සමණා සක්යපුත්තියාත්වෙව සඞ්ඛං ගච්ඡන්ති. යම්පි භික්ඛවෙ චත්තාරොමෙ වණ්ණා ඛත්තියා -පෙ- සමණා සක්යපුත්තියාත්වෙව සඞ්ඛං ගච්ඡන්ති. අයං භික්ඛවෙ ඉමස්මිං ධම්මවිනයෙ චතුත්ථො අච්ඡරියො අබ්භුතො ධම්මො යං -පෙ-.
Sinhala BJTමහණෙනි, යම්සේ ගංගා යමුනා අචිරවතී සරයූ මහී යන යම් මහානදී කෙනෙක් ඇද්ද, ඔහු මහමුහුදට පැමිණියාහු පළමු නම්ගොත් හරිත් ද මහමුහුද යැ යි ම සංඛ්‍යාවට (ව්‍යවහාරයට) පැමිණෙත් ද, මහණෙනි, එසේ ම මේ ක්‍ෂත්‍රිය බ්‍රාහ්මණ වෛශ්‍ය ශුද්‍ර යැ යි සතර වර්‍ණ කෙනෙක් වෙත් ද, ඔහු තථාගතයන් විසින් දැන පවසන ලද ශාසනයෙහි පැවිදිවූවාහු පළමු නම්ගොත් හරිත්, ශාක්‍යපුත්‍රීය ශ්‍රමණයෝ යැ යි ම සංඛ්‍යාවට පැමිණෙත්. මහණෙනි, මෙය... මේ සස්නෙහි සතර වන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යැ.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ යා ච ලොකෙ සවන්තියො මහාසමුද්දං අප්පෙන්ති, යා ච අන්තලික්ඛා ධාරා පපතන්ති, න තෙන මහාසමුද්දස්ස ඌනත්තං වා පූරත්තං වා පඤ්ඤායති. එවමෙව ඛො භික්ඛවෙ බහූ චෙපි භික්ඛූ අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බායන්ති, න තෙන නිබ්බානධාතුයා ඌනත්තං වා පූරත්තං වා පඤ්ඤායති. යම්පි භික්ඛවෙ බහූ චෙපි භික්ඛූ අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බායන්ති න තෙන නිබ්බානධාතුයා ඌනත්තං වා පූරත්තං වා පඤ්ඤායති. අයං භික්ඛවෙ ඉමස්මිං ධම්මවිනයෙ පඤ්චමො අච්ඡරියො අබ්භුතො ධම්මො යං -පෙ-.
Sinhala BJTමහණෙනි, යම්සේ යම් ජලධාරා කෙනෙක් මහමුහුදට වදිත් ද, අහසින් යම් වැසිදහර කෙනෙක් වැටෙත් ද, එයින් මහමුහුදේ අඩු බවෙක් හෝ පිරුණු බවෙක් හෝ නො පැනේ ද, මහණෙනි, එසේ ම බොහෝ භික්‍ෂූහු ද අනුපාදිශේෂ නිර්‍වාණ ධාතුයෙන් පිරිනිවෙත් ද, එයින් නිර්වාණධාතුවගේ ඌන බවෙක් හෝ පිරුණු බවෙක් හෝ නො පැනේ. මහණෙනි, බොහෝ වූ ද භික්‍ෂූහු අනුපාදිශේෂ නිර්‍වාණ ධාතුයෙන් පිරිනිවෙත් ද, එයින් නිර්‍වාණ ධාතුහුගේ ඌනත්වයෙක් හෝ පූර්ණත්වයෙක් නො පැනේ යන යමක් ඇද්ද, මෙය..මෙ සස්නෙහි පස් වන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යැ.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ මහාසමුද්දො එකරසො ලොණරසො, එවමෙව ඛො භික්ඛවෙ අයං ධම්මවිනයො එකරසො විමුත්තිරසො. යම්පි භික්ඛවෙ අයං ධම්මවිනයො එකරසො විමුත්තිරසො. අයං භික්ඛවෙ ඉමස්මිං ධම්මවිනයෙ ඡට්ඨො අච්ඡරියො අබ්භුතො ධම්මො යං -පෙ-.
Sinhala BJTමහණෙනි, යම්සේ මහමුහුද ලුණුරස ඇත්තේ එක් මැ රසයක් ඇත්තේ වේ ද, එසේ ම මේ ශාසනය ද විමුක්ති රසය ඇත්තේ එක් ම රසයක් ඇත්තේ වෙයි. මහණෙනි, මෙය... මෙ සස්නෙහි සවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය වේ.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ මහාසමුද්දො බහුරතනො අනෙකරතනො, තත්රිමානි රතනානි, සෙය්යථිදං: මුත්තා මණි වෙළුරියො සඞ්ඛො සිලා පවාළං රජතං ජාතරූපං ලොහිතකො මසාරගල්ලං, එවමෙවඛො භික්ඛවෙ අයං ධම්මවිනයො බහුරතනො අනෙකරතනො. තත්රිමානි රතනානි, සෙය්යථිදං: චත්තාරො සතිපට්ඨානා චත්තාරො සම්මප්පධානා චත්තාරො ඉද්ධිපාදා පඤ්චින්ද්රියානි පඤ්ච බලානි සත්ත බොජ්ඣඞ්ගා අරියො අට්ඨඞ්ගිකො මග්ගො. යම්පි භික්ඛවෙ අයං ධම්මවිනයො බහුරතනො අනෙකරතනො තත්රිමානි රතනානි සෙය්යථිදං: චත්තාරො සතිපට්ඨානා -පෙ- අයං භික්ඛවෙ ඉමස්මිං ධම්මවිනයෙ සත්තමො අච්ඡරියො අබ්භුතො ධම්මො යං -පෙ-.
Sinhala BJTමහණෙනි, යම්සේ මහමුහුද බොහෝ රත්න ඇත්තේ, අනේක රත්න ඇත්තේ ද, ...එහි මුතු මැණික් වෙරළුමිණි, සක් ගල්, පබළු, රිදී, රත්රන්, රතුකැට, මැසිරිගල් යන මේ රත්නයෝ වෙත්.... එසේ ම මහණෙනි, මේ ශාසනය සතර සීවටන් යැ. සතර සම්‍යක් ප්‍රධන් යැ, සතර ඉදුපා යැ, පස් ඉඳුරෝ යැ, පස් බල යැ, සත් බොජඟ යැ, අරී අටැඟි මඟ යැ යන මේ රත්නයෝ වෙත්. මහණෙනි, මේ ශාසනය බොහෝ රත්න ඇත්තේ නොයෙක් රත්න ඇත්තේ වේ යන යමෙක් ඇද්ද, මහණෙනි, මෙය මෙ සස්නැ සත්වන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යැ.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ මහාසමුද්දො මහතං භූතානං ආවාසො. තත්රිමෙ භූතා: තිමි තිමිඞ්ගලො තිමිරපිඞ්ගලො අසුරා නාගා ගන්ධබ්බා. සන්ති මහාසමුද්දෙ යොජනසතිකාපි අත්තභාවා ද්වියොජනසතිකාපි අත්තභාවා තියොජනසතිකාපි අත්තභාවා චතුයොජනසතිකාපි අත්තභාවා පඤ්චයොජනසතිකාපි අත්තභාවා. එවමෙව ඛො භික්ඛවෙ අයං ධම්මවිනයො මහතං භූතානං ආවාසො. තත්රිමෙ භූතා: සොතාපන්නො සොතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නො සකදාගාමී සකදාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නො, අනාගාමී අනාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නො අරහා අරහත්තඵලසච්ඡිකිරියාය පටිපන්නො. යම්පි භික්ඛවෙ අයං ධම්මවිනයො මහතං භූතානං ආවාසො. තත්රිමෙ භූතා: සොතාපන්නො -පෙ- අයං භික්ඛවෙ ඉමස්මිං ධම්මවිනයෙ අට්ඨමො අච්ඡරියො අබ්භුතො ධම්මො යං දිස්වා දිස්වා භික්ඛූ ඉමස්මිං ධම්මවිනයෙ අභිරමන්ති. ඉමෙ ඛො භික්ඛවෙ ඉමස්මිං ධම්මවිනයෙ අට්ඨ අච්ඡරියා අබ්භුතා ධම්මා යෙ දිස්වා දිස්වා භික්ඛූ ඉමස්මිං ධම්මවිනයෙ අභිරමන්තීති.
Sinhala BJTමහණෙනි, යම්සේ මහසයුර මහත් සතුනට වාසස්ථාන වේ ද, එහි තිමි ය තිමිංගලය, තිමිරපිංගල ය, අසුර ය, නාග ය, ගන්‍ධර්‍ව ය යන මේ සත්තු වෙත්. මහණෙනි, මහමුහුදේ යොදුන් සියක් වූ අත්බව්හු ද යොදුන් දෙසියයක් වූ අත්බව්හු ද යොදුන් තුන්සියක් වූ අත්බව් ද යොදුන් සාරසියක් වූ අත්බව් ද යොදුන් පන්සියක් වූ අත්බව් ද ඇත්හ. එසේ ම මහණෙනි, මේ ශාසනය මහාභූතයනට වාසස්ථාන වේ. එහි සෝවන් ය, සෝවන්පල පසක් කරනුවට පිළිපන්නේ ය, සෙදැගැමි ය. සෙදැගැමිපල පසක් කරනුවට පිළිපන්නේ යැ. අනගැමි ය, අනගැමිපල පසක් කරනුවට පිළිපන්නේ ය, රහත් ය, රහත් පල පසක් කරනුවට පිළිපන්නේ ය යන මේ මහා සත්ත්‍වයෝ වෙත්. මහණෙනි, සස්න සෝවන් ... යන භූතයනට වාසස්ථාන වේ ද, මහණෙනි, මෙය යමක් දැක දැක භික්‍ෂූහු මෙ සස්නෙහි ඇලෙත් ද මේ ඒ අට වැනි ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යැ. මහණෙනි, මොහු වනාහි යම් දෑ දැක දැක භික්‍ෂූහු මෙ සස්නෙහි ඇලෙත් ද මේ මෙ සස්නෙහි වූ ඒ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම අට යැ.”
Pali BJTඅථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණු නුවණින් සලකා එ වේලෙහි මේ උදන් ඇනූ සේක.
Pali BJTසුඡන්නමතිවස්සති විවටං නාතිවස්සති; තස්මා ඡන්නං විවරෙථ එවං තං නාතිවස්සතී’ති.
Sinhala BJT“මොනොවට වසාගන්නාලදුයේ ඉතා වසී (අවන් ඇවැත් සඟවනුයේ තව තවත් ඇවැත්නට පැමිණේ). වැසුම් හළේ ඉතා නො වසී (අවන් ඇවැත විවෘත කරනුයේ අන් ඇවැතකට නො පැමිණෙයි). එ හෙයින් වසන ලද ඇවැත විවෘත කරන්නේ ය (කළයුතු ය). මෙසේ එය ඉතා නො වසී යයි.
Pali BJT5. අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: න දානාහං භික්ඛවෙ ඉතො පරං උපොසථං කරිස්සාමි පාතිමොක්ඛං උද්දිසිස්සාමි. තුම්හෙ’ව දානි භික්ඛවෙ ඉතො පරං උපොසථං කරෙය්යාථ පාතිමොක්ඛං උද්දිසෙය්යාථ. අට්ඨානමෙතං භික්ඛවෙ අනවකාසො යං තථාගතො අපරිසුද්ධාය පරිසාය උපොසථං කරෙය්ය පාතිමොක්ඛං උද්දිසෙය්ය. න ච භික්ඛවෙ සාපත්තිකෙන පාතිමොක්ඛං සොතබ්බං. යො සුණෙය්ය ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ යො සාපත්තිකො පාතිමොක්ඛං සුණාති තස්ස පාතිමොක්ඛං ඨපෙතුං.
Sinhala BJT5. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මහණුන් බණවා, “මහණෙනි, දැන් මෙයින් මතු මම් පොහෝ නො කරන්නෙමි, පාමොක් නො උදෙසන්නෙමි. මහණෙනි, තෙපි ම මෙයින් මතු පොහෝ කරවු, පාමොක් උදෙසවු. මහණෙනි, තථාගත තෙම නො පිරිසිදු පිරිසෙහි පොහෝ කරන්නේ ය, පාමොක් උදෙසන්නේ ය යන යමෙක් ඇද්ද, මෙය නො කරුණෙකි, වන්නට ඉඩක් නැති එකෙකි. මහණෙනි, ඇවැත් සහිතයා විසින් පාමොක් නො ම ඇසියැ යුතු, යමෙක් අසන්නේ ද දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, ඇවැත් ඇති වැ යමෙක් පාමොක් අසන්නේ ද ඔහුට පාමොක් තබන්නට (නො දෙසා නවතන්නට) අනුදනිමි.
Pali BJTඑවඤ්ච පන භික්ඛවෙ ඨපෙතබ්බං තදහුපොසථෙ චාතුද්දසෙ වා පණ්ණරසෙ වා තස්මිං පුග්ගලෙ සම්මුඛීභූතෙ සඞ්ඝමජ්ඣෙ උදාහරිතබ්බං: සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. ඉත්ථන්නාමො පුග්ගලො සාපත්තිකො තස්ස පාතිමොක්ඛං ඨපෙමි. න තස්මිං සම්මුඛීභූතෙ පාතිමොක්ඛං උද්දිසිතබ්බන්ති ඨපිතං හොති පාතිමොක්ඛන්ති.
Sinhala BJTමහණෙනි, මෙසේ පාමොක් තැබියැයුතු: තුදුස්වක් වූ හෝ පසළොස්වක් වූ එ පොහෝ දිනෙහි ඒ පුඟුලා හමු වූ කල්හි සඟ මැදැදී (මෙසේ) ඉදිරිපත් කළයුතු: “සංඝ තෙමේ මාගේ වචනය අසාවා. මෙ නම් පුද්ගල තෙමේ ආපත්ති සහිත ය. ඔහුට පාමොක් තබමි. ඔහු හමු වූ කල්හි පාමොක් නො උදෙසියැයුතු. මෙසේ පාමොක් තබන ලද්දේ වෙයි.
Pali BJTතෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ ‘නාම්හෙ කොචි ජානාතී’ති සාපත්තිකාව පාතිමොක්ඛං සුණන්ති, ථෙරා භික්ඛූ පරචිත්තවිදුනො භික්ඛූනං ආරොචෙන්ති: “ඉත්ථන්නාමො ච ඉත්ථන්නාමො ච ආවුසො ඡබ්බග්ගියා භික්ඛූ නාම්හෙ කොචි ජානාතීති සාපත්තිකාව පාතිමොක්ඛං සුණන්තී”ති. අස්සොසුං ඛො ඡබ්බග්ගියා භික්ඛූ ‘ථෙරා කිර භික්ඛූ පරචිත්තවිදුනො අම්හෙ භික්ඛූනං ආරොචෙන්ති ඉත්ථන්නාමො ච ඉත්ථන්නාමො ච ආවුසො ඡබ්බග්ගියා භික්ඛූ නාම්හෙ කොචි ජානාතීති සාපත්තිකාව පාතිමොක්ඛං සුණන්තී’ති. තෙ ‘පුරම්හාකං පෙසලා භික්ඛූ පාතිමොක්ඛං ඨපෙන්තී’ති පටිගච්චෙව සුද්ධානං භික්ඛූනං අනාපත්තිකානං අවත්ථුස්මිං අකාරණෙ පාතිමොක්ඛං ඨපෙන්ති.
Sinhala BJTඑසමයෙහි වනාහි සවැගි මහණෝ “කිසිවකු අප නො දනිතැ’යි සාපත්තිකව ම පාමොක් අසත්. පරසිත් දන්නා ස්ථවිර භික්‍ෂූහු “ඇවැත්නි, මෙ නමැති මෙ නමැති සවැගි මහණහු “කිසිවකු අප නො දනිති’යි සිතා සාපත්තික ව ම පාමොක් අසත් යැ”යි භික‍්ෂුනට සැලකෙරෙත්. පරසිත් දන්නා ස්ථවිර භික්‍ෂූහු “මෙ නමැත්තේ ද මෙ නමැත්තේ ද යන සවැගි මහණහු කිසිවකු අප නො දනිතැ යි සාපත්තික ව පාමොක් අසති” යි අප (ගැන) භික්‍ෂුනට කියත් යැ යි සවැගි මහණෝ ඇසූහ. “ප්‍රියශීල භික්‍ෂූන් අපට පාමොක් තබන්නට (නවතන්නට) පෙර අපි ඔවුන්ගේ පාමොක් තබම්හ”යි කියා කල් තබා ම පිරිසුදු අනාපත්තික භික්‍ෂුනට අවස්තුයෙහි අකාරණයෙහි ඔහු පාමොක් තබත්.
Pali BJTයෙ තෙ භික්ඛූ අප්පිච්ඡා සන්තුට්ඨා ලජ්ජිනො කුක්කුච්චකා සික්ඛාකාමා තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: ‘කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ සුද්ධානං භික්ඛූනං අනාපත්තිකානං අවත්ථුස්මිං අකාරණෙ පාතිමොක්ඛං ඨපෙස්සන්තී’ති. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං:
Sinhala BJTයම් භික්‍ෂු කෙනෙක් අල්පෙච්ඡ ද සන්තුෂ්ට ද ලජ්ජි ද කුකුස් කරන්නෝ ද ශික්‍ෂාකාමී ද ඔහු ‘කෙසේ නම් සවැගි මහණහු අනාපත්තික පිරිසුදු මහණුනට අවස්තුයෙහි අකාරණයෙහි පාමොක් තබන්නාහු දැ’යි ලාමක කොට සිතත්, නින්‍දා කෙරෙත්, දොස් පතුරුවත්, එකල ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
Pali BJT‘සච්චං කිර භික්ඛවෙ ඡබ්බග්ගියා භික්ඛූ සුද්ධානං භික්ඛූනං අනාපත්තිකානං අවත්ථුස්මිං අකාරණෙ පාතිමොක්ඛං ඨපෙන්තී’ති. ‘සච්චං භගවා’. -පෙ-
Sinhala BJT“මහණෙනි, සවැගි මහණෝ අනාපත්තික පිරිසුදු මහණුනට අවස්තුයෙහි අකාරණයෙහි පාමොක් තබත්ල. සැබෑ දැ”’ යි භාග්‍යවතුන් වහන්සේ අසාවදාළසේක.
Pali BJTවිගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “න භික්ඛවෙ සුද්ධානං භික්ඛූනං අනාපත්තිකානං අවත්ථුස්මිං අකාරණෙ පාතිමොක්ඛං ඨපෙතබ්බං. යො ඨපෙය්ය, ආපත්ති දුක්කටස්ස”.
Sinhala BJT“සැබැව භාග්‍යවතුන් වහන්සැ”’යි ඔහු කීහ.... භාග්‍යවතුන් වහන්සේ වෙසෙසින් ගරහා දැහැමි කතා කොට, භික්‍ෂූන් බණවා, “මහණෙනි, අනාපත්තික වූ ශුද්ධ භික්‍ෂුනට අවස්තුයෙහි අකාරණයෙහි පාමොක් නො තැබියැයුතු. යමෙක් තබන්නේ ද ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ’යි වදාළසේක.
Pali BJT6. එකං භික්ඛවෙ අධම්මිකං පාතිමොක්ඛට්ඨපනං එකං ධම්මිකං.
Sinhala BJT6. “මහණෙනි, නොදැහැමි පාමොක් තබනු එකෙක. දැහැමි පාමොක් තබනු එකෙක.
Pali BJTද්වෙ අධම්මිකානි පාතිමොක්ඛට්ඨපනානි ද්වෙ ධම්මිකානි.
Sinhala BJTනොදැහැමි පාමොක් තබනු දෙකෙක, දැහැමි පාමොක් තබනු ද දෙකෙක.
Pali BJTතීණි අධම්මිකානි පාතිමොක්ඛට්ඨපනානි තීණි ධම්මිකානි.
Sinhala BJTනොදැහැමි පාමොක් තබනු තුනෙක, දැහැමි පාමොක් තබනු ද තුනෙක.
Pali BJTචත්තාරි අධම්මිකානි පාතිමොක්ඛට්ඨපනානි චත්තාරි ධම්මිකානි.
Sinhala BJTනොදැහැමි පාමොක් තබනු සතරෙක, දැහැමි පාමොක් තබනු ද සතරෙක.
Pali BJTපඤ්ච අධම්මිකානි පාතිමොක්ඛට්ඨපනානි පඤ්ච ධම්මිකානි.
Sinhala BJTනොදැහැමි පාමොක් තබනු පසෙක දැහැමි පාමොක් තබනු ද පසෙක.
Pali BJTඡ අධම්මිකානි පාතිමොක්ඛට්ඨපනානි ඡ ධම්මිකානි.
Sinhala BJTනොදැහැමි පාමොක් තබනු සයෙක, දැහැමි පාමොක් තබනු ද සයෙක.
Pali BJTසත්ත අධම්මිකානි පාතිමොක්ඛට්ඨපනානි සත්ත ධම්මිකානි.
Sinhala BJTනොදැහැමි පාමොක් තබනු සතෙක, දැහැමි පාමොක් තබනු ද සතෙක.
Pali BJTඅට්ඨ අධම්මිකානි පාතිමොක්ඛට්ඨපනානි අට්ඨ ධම්මිකානි.
Sinhala BJTනොදැහැමි පාමොක් තබනු අටෙක, දැහැමි පාමොක් තබනු ද අටෙක.
Pali BJTනව අධම්මිකානි පාතිමොක්ඛට්ඨපනානි නව ධම්මිකානි.
Sinhala BJTනොදැහැමි පාමොක් තබනු නවයෙක, දැහැමි පාමොක් තබනු ද නවයෙක.
Pali BJTදස අධම්මිකානි පාතිමොක්ඛට්ඨපනානි දස ධම්මිකානි.
Sinhala BJTනොදැහැමි පාමොක් තබනු දසයෙක, දැහැමි පාමොක් තබනු ද දසයෙක.
Pali BJT7. කතමං එකං අධම්මිකං පාතිමොක්ඛට්ඨපනං: අමූලිකාය සීලවිපත්තියා පාතිමොක්ඛං ඨපෙති. ඉදං එකං අධම්මිකං පාතිමොක්ඛට්ඨපනං. කතමං එකං ධම්මිකං පාතිමොක්ඛට්ඨපනං: සමූලිකාය සීලවිපත්තියා පාතිමොක්ඛං ඨපෙති, ඉදං එකං ධම්මිකං පාතිමොක්ඛට්ඨපනං.
Sinhala BJT7. මහණෙනි, එක් නොදැහැමි පාමොක් තබනු කවර යැ: අමූලක ශීලවිපත්හි පාමොක් තබන්නේ නම් මේ එක් නොදැහැමි පාමොක් තබනු යැ. එක් දැහැමි පාමොක් තබනු කවර යැ: සමූලක සිල්විපත්හි පාමොක් තබන්නේ නම්, මේ එක් දැහැමි පාමොක් තබනු යැ.
Pali BJTකතමානි ද්වෙ අධම්මිකානි පාතිමොක්ඛට්ඨපනානි: අමූලිකාය සීලවිපත්තියා පාතිමොක්ඛං ඨපෙති. අමූලිකාය ආචාරවිපත්තියා පාතිමොක්ඛං ඨපෙති. ඉමානි ද්වෙ අධම්මිකානි පාතිමොක්ඛට්ඨපනානි. කතමානි ද්වෙ ධම්මිකානි පාතිමොක්ඛට්ඨපනානි: සමූලිකාය සීලවිපත්තියා පාතිමොක්ඛං ඨපෙති සමූලිකාය ආචාරවිපත්තියා පාතිමොක්ඛං ඨපෙති. ඉමානි ද්වෙ ධම්මිකානි පාතිමොක්ඛට්ඨපනානි.
Sinhala BJTනොදැහැමි පාමොක් තබනු දෙක කවර යැ: අමූලක ශීලවිපත්හි පාමොක් තබන්නේ ද, අමූලක ආචාර විපත්හි පාමොක් තබන්නේ ද, මේ නොදැහැමි පාමොක් තබනු දෙක යැ. දැහැමි පාමොක් තබනු දෙක කවර යැ: සමූලක ශීලවිපත්හි පාමොක් තබන්නේ ද සමූලක ආචාර විපත්හි පාමොක් තබන්නේ ද, මේ දැහැමි පාමොක් තබනු දෙක යැ.
Pali BJTකතමානි තීණි අධම්මිකානි පාතිමොක්ඛට්ඨපනානි: අමූලිකාය සීලවිපත්තියා පාතිමොක්ඛං ඨපෙති. අමූලිකාය ආචාරවිපත්තියා -පෙ- අමූලිකාය දිට්ඨිවිපත්තියා පාතිමොක්ඛං ඨපෙති, ඉමානි තීණි අධම්මිකානි පාතිමොක්ඛට්ඨපනානි. කතමානි තීණි ධම්මිකානි පාතිමොක්ඛට්ඨපනානි: සමූලිකාය සීලවිපත්තියා පාතිමොක්ඛං ඨපෙති. සමූලිකාය ආචාරවිපත්තියා -පෙ- සමූලිකාය දිට්ඨිවිපත්තියා පාතිමොක්ඛං ඨපෙති. ඉමානි තීණි ධම්මිකානි පාතිමොක්ඛට්ඨපනානි.
Sinhala BJTතුන් නොදැහැමි පාමොක් තබනු කවර යැ: අමූලක ශීලවිපත්හි.... අමූලක ආචාර විපත්හි... අමූලක දෘෂ්ටිවිපත්හි පාමොක් තබන්නේ ද, මේ තුන් නොදැහැමි පාමොක් තබනු යැ. තුන් දැහැමි පාමොක් තබනු කවර යැ; සමූලක ශීලවිපත්හි... සමූලක ආචාර විපත්හි.... සමූලක දෘෂ්ටි විපත්හි පාමොක් තබන්නේ ද, මේ තුන් දැහැමි පාමොක් තබනු යැ.
Pali BJTකතමානි චත්තාරි අධම්මිකානි පාතිමොක්ඛට්ඨපනානි: අමූලිකාය සීලවිපත්තියා පාතිමොක්ඛං ඨපෙති. අමූලිකාය ආචාරවිපත්තියා -පෙ- අමූලිකාය දිට්ඨිවිපත්තියා පාතිමොක්ඛං ඨපෙති. අමූලිකාය ආජීවවිපත්තියා පාතිමොක්ඛං ඨපෙති. ඉමානි චත්තාරි අධම්මිකානි පාතිමොක්ඛට්ඨපනානි. කතමානි චත්තාරි ධම්මිකානි පාතිමොක්ඛට්ඨපනානි: සමූලිකාය සීලවිපත්තියා -පෙ- සමූලිකාය ආචාරවිපත්තියා -පෙ- සමූලිකාය දිට්ඨිවිපත්තියා -පෙ- සමූලිකාය ආජීවවිපත්තියා පාතිමොක්ඛං ඨපෙති. ඉමානි චත්තාරි ධම්මිකානි පාතිමොක්ඛට්ඨපනානි.
Sinhala BJTසතර නොදැහැමි පාමොක් තබනු කවර යැ; අමූලක ශීලවිපත්හි..... අමූලක ආචාර විපත්හි... අමූලක දෘෂ්ටි විපත්හි අමූලක ආජීව විපත්හි පාමොක් තබන්නේ ද, මේ සතර නොදැහැමි පාමොක් තබනු යැ. සතර දැහැමි පාමොක් තබනු කවර යැ: සමූලක සිල්විපත්හි... සමූලක ආචාර විපත්හි... සමූලක දෘෂ්ටි විපත්හි..... සමූලක ආජීව විපත්හි පාමොක් තබන්නේ ද, මේ සතර දැහැමි පාමොක් තබනු යැ.
Pali BJTකතමානි පඤ්ච අධම්මිකානි පාතිමොක්ඛට්ඨපනානි: අමූලිකෙන පාරාජිකෙන පාතිමොක්ඛං ඨපෙති, අමූලිකෙන සඞ්ඝාදිසෙසෙන -පෙ- අමූලිකෙන පාචිත්තියෙන -පෙ- අමූලිකෙන පාටිදෙසනීයෙන -පෙ- අමූලිකෙන දුක්කටෙන පාතිමොක්ඛං ඨපෙති. ඉමානි පඤ්ච අධම්මිකානි පාතිමොක්ඛට්ඨපනානි. කතමානි පඤ්ච ධම්මිකානි පාතිමොක්ඛට්ඨපනානි: සමූලිකෙන පාරාජිකෙන -පෙ- සමූලිකෙන සඞ්ඝාදිසෙසෙන -පෙ-සමූලිකෙන පාචිත්තියෙන -පෙ- සමූලිකෙන පාටිදෙසනීයෙන -පෙ- සමූලිකෙන දුක්කටෙන පාතිමොක්ඛං ඨපෙති, ඉමානි පඤ්ච ධම්මිකානි පාතිමොක්ඛට්ඨපනානි.
Sinhala BJTපස් නොදැහැමි පාමොක් තබනු කවර යැ: අමූලක පරිජි ඇවැතින් පාමොක් තබා ද, අමූලක සඟවෙසෙස් ඇවැතින්..... අමූලක පචිති ඇවැතින්... අමූලක පාටිදේසනීය ඇවැතින්.... අමූලක දුකුළා ඇවැතින් පාමොක් තබන්නේ ද, මේ පස් නොදැහැමි පාමොක් තබනු යැ. පස් දැහැමි පාමොක් තබනු කවර යැ; සමූලක පරිජි ඇවැතින්..... සමූලක සඟවෙසෙස් ඇවැතින්..... සමූලක පචිති ඇවැතින්..... සමූලක පාටිදේසනීය ඇවැතින්... සමූලක දුකුළා ඇවැතින් පාමොක් තබන්නේ ද මේ පස් දැහැමි පාමොක් තබනු යැ.
Pali BJTකතමානි ඡ අධම්මිකානි පාතිමොක්ඛට්ඨපනානි: අමූලිකාය සීලවිපත්තියා පාතිමොක්ඛං ඨපෙති අකතාය, අමූලිකාය සීලවිපත්තියා -පෙ- කතාය, අමූලිකාය ආචාරවිපත්තියා -පෙ- අකතාය, අමූලිකාය ආචාරවිපත්තියා -පෙ- කතාය, අමූලිකාය දිට්ඨිවිපත්තියා -පෙ- අකතාය, අමූලිකාය දිට්ඨිවිපත්තියා පාතිමොක්ඛං ඨපෙති කතාය, ඉමානි ඡ අධම්මිකානි පාතිමොක්ඛට්ඨපනානි. කතමානි ඡ ධම්මිකානි පාතිමොක්ඛට්ඨපනානි: සමූලිකාය සීලවිපත්තියා -පෙ- කතාය, සමූලිකාය ආචාරවිපත්තියා -පෙ- අකතාය, සමූලිකාය ආචාරවිපත්තියා -පෙ- කතාය, සමූලිකාය දිට්ඨිවිපත්තියා -පෙ- අකතාය, සමූලිකාය දිට්ඨිවිපත්තියා පාතිමොක්ඛං ඨපෙති කතාය, ඉමානි ඡ ධම්මිකානි පාතිමොක්ඛට්ඨපනානි.
Sinhala BJTනොදැහැමි පාමොක් තබනු සය කවර යැ: නො කරන ලද්දෙහි අමූලක සිල්විපතින්..... කරන ලද්දෙහි අමූලක ශීල විපත්හි.... නො කරන ලද්දෙහි අමූලක ආචාර විපත්හි..... කරන ලද්දෙහි අමූලක ආචාර විපත්හි පාමොක් තබන්නේ ද මේ සය නොදැහැමි පාමොක් තබනු යැ. දැහැමි පාමොක් තබනු සය කවර යැ: නොකරන ලද්දෙහි සමූලක සිල්විපත්හි..... කරන ලද්දෙහි සමූලක සිල් විපත්හි... නොකරන ලද්දෙහි සමූලක ආචාර විපත්හි..... කරන ලද්දෙහි සමූලක ආචාර විපත්හි..... නොකරන ලද්දෙහි සමූලක දෘෂ්ටි විපත්හි..... කරන ලද්දෙහි සමූලක දෘෂ්ටි විපත්හි පාමොක් තබන්නේ ද, මේ සය දැහැමි පාමොක් තබනු යැ.
Pali BJTකතමානි සත්ත අධම්මිකානි පාතිමොක්ඛට්ඨපනානි: අමූලිකෙන පාරාජිකෙන පාතිමොක්ඛං ඨපෙති, අමූලිකෙන සඞ්ඝාදිසෙසෙන -පෙ- අමූලිකෙන ථුල්ලච්චයෙන -පෙ- අමූලිකෙන පාචිත්තියෙන -පෙ- අමූලිකෙන පාටිදෙසනීයෙන -පෙ- අමූලිකෙන දුක්කටෙන -පෙ- අමූලිකෙන දුබ්භාසිතෙන පාතිමොක්ඛං ඨපෙති, ඉමානි සත්ත අධම්මිකානි පාතිමොක්ඛට්ඨපනානි. කතමානි සත්ත ධම්මිකානි පාතිමොක්ඛට්ඨපනානි: සමූලිකෙන පාරාජිකෙන පාතිමොක්ඛං ඨපෙති, සමූලිකෙන සඞ්ඝාදිසෙසෙන -පෙ- සමූලිකෙන ථුල්ලච්චයෙන -පෙ- සමූලිකෙන පාචිත්තියෙන -පෙ- සමූලිකෙන පාටිදෙසනීයෙන -පෙ- සමූලිකෙන දුක්කටෙන -පෙ- සමූලිකෙන දුබ්භාසිතෙන පාතිමොක්ඛං ඨපෙති, ඉමානි සත්ත ධම්මිකානි පාතිමොක්ඛට්ඨපනානි.
Sinhala BJTසත් නො දැහැමි පාමොක් තබනු කවර යැ: අමූලක පරිජි ඇවැතින්..... අමූලක සඟවෙසෙස් ඇවැතින්..... අමූලක තුලැසි ඇවැතින්..... අමූලක පචිති ඇවැතින්... අමූලක පාටිදේසනීය ඇවැතින්..... අමූලක දුකුළා ඇවැතින්... අමූලක දුබැසි ඇවැතින් පාමොක් තබන්නේ ද, මේ සත් නොදැහැමි පාමොක් තබනු යැ. සත් දැහැමි පාමොක් තබනු කවර යැ; සමූලක පරිජි ඇවැතින්.... සමූලක සඟවෙසෙස් ඇවැතින්..... සමූලක තුලැසි ඇවැතින්..... සමූලක පචිති ඇවැතින්... සමූලක පාටිදේසනීය ඇවැතින්.... සමූලක දුකුළා ඇවැතින්... සමූලක දුබැසි ඇවැතින් පාමොක් තබන්නේ ද, මේ සත් දැහැමි පාමොක් තබනු ය.
Pali BJTකතමානි අට්ඨ අධම්මිකානි පාතිමොක්ඛට්ඨපනානි: අමූලිකාය සීලවිපත්තියා පාතිමොක්ඛං ඨපෙති අකතාය, අමූලිකාය සීලවිපත්තියා -පෙ- කතාය, අමූලිකාය ආචාරවිපත්තියා -පෙ- අකතාය, අමූලිකාය ආචාරවිපත්තියා -පෙ- කතාය, අමූලිකාය දිට්ඨිවිපත්තියා -පෙ- අකතාය, අමූලිකාය දිට්ඨිවිපත්තියා -පෙ- කතාය, අමූලිකාය ආජීවවිපත්තියා -පෙ- අකතාය, අමූලිකාය ආජීවවිපත්තියා -පෙ- කතාය. ඉමානි අට්ඨ අධම්මිකානි පාතිමොක්ඛට්ඨපනානි. කතමානි අට්ඨ ධම්මිකානි පාතිමොක්ඛට්ඨපනානි: සමූලිකාය සීලවිපත්තියා පාතිමොක්ඛං ඨපෙති අකතාය, සමූලිකාය සීලවිපත්තියා -පෙ- කතාය, සමූලිකාය ආචාරවිපත්තියා -පෙ- අකතාය, සමූලිකාය ආචාරවිපත්තියා -පෙ- කතාය, සමූලිකාය දිට්ඨිවිපත්තියා -පෙ- අකතාය, සමූලිකාය දිට්ඨිවිපත්තියා -පෙ- කතාය, සමූලිකාය ආජීවවිපත්තියා -පෙ- අකතාය, සමූලිකාය ආජීවවිපත්තියා පාතිමොක්ඛං ඨපෙති කතාය, ඉමානි අට්ඨ ධම්මිකානි පාතිමොක්ඛට්ඨපනානි.
Sinhala BJTඅට නො දැහැමි පාමොක් තබනු කවර යැ: නොකරන ලද්දෙහි අමූලක සිල් විපත්හි... කරන ලද්දෙහි අමූලක සිල් විපත්හි... නොකරන ලද්දෙහි අමූලක ආචාර විපත්හි..... කරන ලද්දෙහි අමූලක ආචාර විපත්හි... නො කරන ලද්දෙහි අමූලක දෘෂ්ටි විපත්හි... කරන ලද්දෙහි අමූලක දෘෂ්ටි විපත්හි... නො කරන ලද්දෙහි අමූලක ආජීව විපත්හි... කරන ලද්දෙහි අමූලක ආජීව විපත්හි පාමොක් තබන්නේ ද, මේ අට නො දැහැමි පාමොක් තබනු යැ. අට දැහැමි පාමොක් තබනු කවර යැ; නොකරන ලද්දෙහි සමූලක සිල්විපත්හි... කරන ලද්දෙහි සමූලක සිල්විපත්හි... නොකරන ලද්දෙහි සමූලක ආචාර විපත්හි..... කරන ලද්දෙහි සමූලක ආචාර විපත්හි..... නොකරන ලද්දෙහි සමූලක දෘෂ්ටි විපත්හි.... කරන ලද්දෙහි සමූලක දෘෂ්ටිවිපත්හි.... නොකරන ලද්දෙහි සමූලක ආජීවවිපත්හි... කරන ලද්දෙහි සමූලක ආජීව විපත්හි පාමොක් තබන්නේ ද, මේ අට දැහැමි පාමොක් තබනු යැ.
Pali BJTකතමානි නව අධම්මිකානි පාතිමොක්ඛට්ඨපනානි: අමූලිකාය සීලවිපත්තියා පාතිමොක්ඛං ඨපෙති අකතාය, අමූලිකාය සීලවිපත්තියා -පෙ- කතාය, අමූලිකාය සීලවිපත්තියා -පෙ- කතාකතාය, අමූලිකාය ආචාරවිපත්තියා -පෙ- අකතාය, අමූලිකාය ආචාරවිපත්තියා -පෙ- කතාය, අමූලිකාය ආචාරවිපත්තියා -පෙ- කතාකතාය. අමූලිකාය දිට්ඨිවිපත්තියා -පෙ- අකතාය, අමූලිකාය දිට්ඨිවිපත්තියා -පෙ- කතාය, අමූලිකාය දිට්ඨිවිපත්තියා පාතිමොක්ඛං ඨපෙති කතාකතාය, ඉමානි නව අධම්මිකානි පාතිමොක්ඛට්ඨපනානි. කතමානි නව ධම්මිකානි පාතිමොක්ඛට්ඨපනානි: සමූලිකාය සීලවිපත්තියා පාතිමොක්ඛං ඨපෙති අකතාය, සමූලිකාය සීලවිපත්තියා -පෙ- කතාය, සමූලිකාය සීලවිපත්තියා -පෙ- කතාකතාය, සමූලිකාය ආචාරවිපත්තියා -පෙ- අකතාය, සමූලිකාය ආචාරවිපත්තියා -පෙ- කතාය, සමූලිකාය ආචාරවිපත්තියා -පෙ- කතාකතාය, සමූලිකාය දිට්ඨිවිපත්තියා -පෙ- අකතාය, සමූලිකාය දිට්ඨිවිපත්තියා -පෙ- කතාය, සමූලිකාය දිට්ඨිවිපත්තියා -පෙ-– කතාකතාය. ඉමානි නව ධම්මිකානි පාතිමොක්ඛට්ඨපනානි.
Sinhala BJTනව නොදැහැමි පාමොක් තබනු කවර යැ? නොකරන ලද්දෙහි අමූලක සිල්විපත්හි පාමොක් තබන්නේ ද, කරන ලද අමූලික සිල් විපත්හි ... කරන ලද නොකරන ලද අමූලක සිල් විපත්හි..... නොකරන ලද අමූලක ආචාර විපත්හි... කරන ලද අමූලක ආචාර විපත්හි.... කරන ලද නො කරන ලද අමූලක ආචාර විපත්හි......... නො කරන ලද අමූලක දෘෂ්ටි විපත්හි... කරන ලද අමූලක දෘෂ්ටි විපත්හි.... කරන ලද නොකරන ලද අමූලක දෘෂ්ටි විපත්හි පාමොක් තබන්නේද, මේ නව නොදැහැමි පාමොක් තබනු යැ. නව දැහැමි පාමොක් තබනු කවර යැ? නොකරන ලද්දෙහි සමූලක සිල්විපත්හි පාමොක් තබන්නේ ද, කරන ලද්දෙහි සමූලක සිල්විපත්හි පාමොක් තබන්නේ ද, කරන ලද්දෙහිත් නොකරන ලද්දෙහිත් සමූලක සිල්විපත්හි පාමොක් තබන්නේ ද, කරන ලද්දෙහි සමූලක ආචාර විපත්හි - නොකරන ලද්දෙහි සමූලක ආචාර විපත්හි..... කරන ලද්දෙහිත් නො කරන ලද්දෙහිත් සමූලක ආචාර විපත්හි, කරන ලද්දෙහි සමූලක දෘෂ්ටි විපත්හි... නොකරන ලද්දෙහි සමූලක දෘෂ්ටි විපත්හි... කරන ලද්දෙහිත් නො කරන ලද්දෙහිත් සමූලක දෘෂ්ටි විපත්හි පාමොක් තබන්නේ ද, මේ නව දැහැමි පාමොක් තබනු යැ.
Pali BJTකතමානි දස අධම්මිකානි පාතිමොක්ඛට්ඨපනානි: න පාරාජිකො තස්සං පරිසායං නිසින්නො හොති, න පාරාජිකකථා විප්පකතා හොති; න සික්ඛං පච්චක්ඛාතකො තස්සං පරිසායං නිසින්නො හොති, න සික්ඛං පච්චක්ඛාතකථා විප්පකතා හොති, ධම්මිකං සාමග්ගිං උපෙති, න ධම්මිකං සාමග්ගිං පච්චාදියති, න ධම්මිකාය සාමග්ගියා පච්චාදානකථා විප්පකතා හොති, න සීලවිපත්තියා දිට්ඨසුතපරිසඞ්කිතො හොති, න ආචාරවිපත්තියා දිට්ඨසුතපරිසඞ්කිතො හොති, න දිට්ඨිවිපත්තියා දිට්ඨසුතපරිසඞ්කිතො හොති. ඉමානි දස අධම්මිකානි පාතිමොක්ඛට්ඨපනානි. කතමානි දස ධම්මිකානි පාතිමොක්ඛට්ඨපනානි? පාරාජිකො තස්සං පරිසායං නිසින්නො හොති, පාරාජිකකථා විප්පකතා හොති, සික්ඛං පච්චක්ඛාතකො තස්සං පරිසායං නිසින්නො හොති, සික්ඛං පච්චක්ඛාතකථා විප්පකතා හොති, ධම්මිකං සාමග්ගිං න උපෙති, ධම්මිකං සාමග්ගිං පච්චාදියති, ධම්මිකාය සාමග්ගියා පච්චාදානකථා විප්පකතා හොති, සීලවිපත්තියා දිට්ඨසුතපරිසඞ්කිතො හොති, ආචාරවිපත්තියා දිට්ඨසුතපරිසඞ්කිතො හොති, දිට්ඨිවිපත්තියා දිට්ඨසුතපරිසඞ්කිතො හොති. ඉමානි දස ධම්මිකානි පාතිමොක්ඛට්ඨපනානි.
Sinhala BJTදස නොදැහැමි පාමොක් තබනු කවර යැ? පරිජි ඇවැත් අවන්නෙක් එ පිරිසෙහි නො හුන්නේ වේ ද, පරිජිය පිළිබඳ කථාවෙක් නො අඩාළ වේ ද, ශික්‍ෂාව ප්‍රත්‍යාඛ්‍යාන කළෙක් එ පිරිසෙහි නො හුන්නේ වේ ද, සිඛ ප්‍රත්‍යාඛ්‍යාන කළක්හු පිළිබඳ කථාවෙක් අඩාළ නො වේ ද, දැහැමි සමගියකට නො එළැඹේ ද, දැහැමි සමගියක් නො පිළිගනී ද, දැහැමි සමගියක් පිළිගැන්ම පිළිබඳ කථාවෙක් අඩාළ නො වේ ද, සිල්විපත්හි දුටුයෙක් ඇසූයෙක් සැක කළෙක් නො වේ ද, ආචාර විපත්හි දුටු ඇසූ සැක කළෙක් නො වේ ද, දෘෂ්ටි විපත්හි දුටු ඇසූ සැකකළෙක් නො වේ ද, මේ දස නොදැහැමි පාමොක් තබනු යැ. දස දැහැමි පාමොක් තබනු කවර යැ? පරිජි අවන්නෙක් ඒ පිරිසෙහි උන්නේ වේ ද, පරිජි අවන්නක්හු පිළිබඳ කථාවෙක් අඩාළ වේ ද, සිඛ ප්‍රත්‍යාඛ්‍යාන කළෙක් එ පිරිසෙහි උන්නේ වේ ද, සිඛ ප්‍රත්‍යාඛ්‍යාන කළක්හු පිළිබඳ කථාව අඩාළ වේ ද, දැහැමි සමගියට නො එළැඹේ ද, දැහැමි සමගිය නො පිළිගනී ද, දැහැමි සමගිය පිළිගැන්ම ගැන කථාව අඩාළ වේ ද, සිල්විපත්හි දුටු ඇසූ සැකකළෙක් වේ ද, ආචාර විපත්හි දුටු ඇසූ සැක කළෙක් වේ ද, දිටුවිපත්හි දුටු ඇසූ සැක කළෙක් වේ ද, මේ දසය දැහැමි පාමොක් තබනු යැ.
Pali BJT8. කථං පාරාජිකො තස්සං පරිසායං නිසින්නො හොති: ඉධ භික්ඛවෙ යෙහි ආකාරෙහි යෙහි ලිඞ්ගෙහි යෙහි නිමිත්තෙහි පාරාජිකස්ස ධම්මස්ස අජ්ඣාපත්ති හොති, තෙහි ආකාරෙහි තෙහි ලිඞ්ගෙහි තෙහි නිමිත්තෙහි භික්ඛු භික්ඛුං පස්සති පාරාජිකං ධම්මං අජ්ඣාපජ්ජන්තං. න හෙව ඛො භික්ඛු භික්ඛුං පස්සති පාරාජිකං ධම්මං අජ්ඣාපජ්ජන්තං. අපි ච අඤ්ඤො භික්ඛු භික්ඛුස්ස ආරොචෙති ‘ඉත්ථන්නාමො ආවුසො භික්ඛු පාරාජිකං ධම්මං අජ්ඣාපන්නො’ති.
Sinhala BJT8. කෙසේ නම් පැරැදියෙක් එ පිරිසෙහි හුන්නේ වෙයි ද? මහණෙනි, මෙහි යම් ආකාරවලින් යම් ලකුණුවලින් යම් නිමිති වලින් පරිජි ඇවැතට පැමිණීමෙක් වේ ද, ඒ ආකාර ලක්‍ෂණ නිමිත්ත වලින් මහණෙක් පරිජි ඇවැතට අවදනා මහණක්හු දකී. එ මහණහු පරිජි ඇවැතට අවදින්නහු තෙමේ නො දකී. එහෙත් මහණෙක් මහණකුට ‘මෙ නම් මහණ පරිජි ඇවැතට අවනැ’යි කියයි. මහණ තෙම මහණකු පරිජි ඇවැතට අවදින්නහු නො ම දකී. අන් මහණෙකුත් ‘මෙ නම් මහණ පරිජි ඇවැතට අවන්නේය’යි මහණකුට සැල කරයි.
Pali BJTනහෙව ඛො භික්ඛු භික්ඛුං පස්සති පාරාජිකං ධම්මං අජ්ඣාපජ්ජන්තං. නාපි අඤ්ඤො භික්ඛු භික්ඛුස්ස ආරොචෙති ‘ඉත්ථන්නාමො ආවුසො භික්ඛු පාරාජිකං ධම්මං අජ්ඣාපන්නො’ති. අපි ච සො’ව භික්ඛු භික්ඛුස්ස ආරොචෙති ‘අහං ආවුසො පාරාජිකං ධම්මං අජ්ඣාපන්නො’ති.
Sinhala BJTමහණෙක් මහණකු නො ම දකි. අන් මහණෙකුත් මහණකුට ‘මෙ නම් මහණ; පරිජි ඇවැත් අවතැ’යි නො ද කියයි. වැලි දු ඒ මහණ ම ‘ඇවැත, මම් පරිජි ඇවැත් අවන්මි’යි කියයි.
Pali BJTආකඞ්ඛමානො භික්ඛවෙ භික්ඛු තෙන දිට්ඨෙන තෙන සුතෙන තාය පරිසඞ්කාය තදහුපොසථෙ චාතුද්දසෙ වා පණ්ණරසෙ වා තස්මිං පුග්ගලෙ සම්මුඛීභූතෙ සඞ්ඝමජ්ඣෙ උදාහරෙය්ය:
Sinhala BJTමහණෙනි, මහණ තෙම කැමැත්තේ නම් ඒ දුටු දැයින්, ඒ ඇසූ දැයින්, ඒ සැකයෙන් ඒ තුදුස්වක් හෝ පසළොස්වක් පොහෝ දිනෙහි ඒ පුඟුලා හමු වූ කල්හි සඟමැදැ දී මෙසේ ඉදිරිපත් කරන්නේ ය (කළයුතු):
Pali BJT“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. ඉත්ථන්නාමො පුග්ගලො පාරාජිකං ධම්මං අජ්ඣාපන්නො තස්ස පාතිමොක්ඛං ඨපෙමි. න තස්මිං සම්මුඛීභූතෙ පාතිමොක්ඛං උද්දිසිතබ්බන්ති”. ධම්මිකං පාතිමොක්ඛට්ඨපනං.
Sinhala BJT“වහන්ස, සඞ්ඝ තෙමෙ මා කියන්නක් අසාවා. මෙ නම් මහණ පරිජි ඇවැත් අවන. ඔහුට පාමොක් තබමි (වළක්වමි). ඔහු හමු වූ කලැ පාමොක් නො උදෙසියැයුතු’ යැ යි. (මේ) දැහැමි පාමොක් තැබීමෙකි.
Pali BJT“භික්ඛුස්ස පාතිමොක්ඛෙ ඨපිතෙ පරිසා වුට්ඨාති දසන්නං අන්තරායානං අඤ්ඤතරෙන: රාජන්තරායෙන වා චොරන්තරායෙන වා අග්ග්යන්තරායෙන වා උදකන්තරායෙන වා මනුස්සන්තරායෙන වා අමනුස්සන්තරායෙන වා වාළන්තරායෙන වා සිරිංසපන්තරායෙන{1} වා ජීවිතන්තරායෙන වා බ්රහ්මචරියන්තරායෙන වා, ආකඞ්ඛමානො භික්ඛවෙ, භික්ඛු තස්මිං වා ආවාසෙ අඤ්ඤස්මිං වා ආවාසෙ තස්මිං පුග්ගලෙ සම්මුඛීභූතෙ සඞ්ඝමජ්ඣෙ උදාහරෙය්ය: –
Sinhala BJTමහණකුට පාමොක් තැබූ කල්හි, රජුන්ගෙන් වූ උවදුරෙකින් හෝ සොරුන්ගෙන් වූ උවදුරෙකින් හෝ ගින්නෙන් වූ උවදුරෙකින් හෝ දියෙන් වූ උවදුරෙකින් හෝ මිනිසුන්ගෙන් වූ උවදුරෙකින් හෝ අමනුෂ්‍ය උවදුරෙකින් හෝ චණ්ඩ මෘගයන්ගෙන් වූ උවදුරෙකින් හෝ සර්‍පයන්ගෙන් වූ උවදුරෙකින් හෝ ජීවිතයට වියැහැකි උවදුරෙකින් හෝ මහණදමට වියැහැකි උවදුරෙකින් හෝ මේ දස උවදුරු අතුරෙන් එක්තරා උවදුරෙකින් පිරිස නැගී සිටී ද, මහණෙනි, මහණ තෙම කැමැති වන්නේ වී නම් ඒ ආවාසයෙහි හෝ අන් ආවාසයෙක්හි හෝ ඒ පුද්ගලයා හමු වූ කල්හි සඟමැදැ දී මෙසේ ඉදිරිපත් කරන්නේ ය (කළයුතු):
Pali BJT“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. ඉත්ථන්නාමස්ස පුග්ගලස්ස පාරාජිකකථා විප්පකතා. තං වත්ථුං අවිනිච්ඡිතං. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො තං වත්ථුං විනිච්ඡිනෙය්යාති”.
Sinhala BJT“වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ බස් අසාවා. මෙ නම් පුඟුලා පිළිබඳ වැ පරිජි කතාව අඩාළ විය. ඒ වස්තුව අවිනිශ්චිත ය. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වී නම් ඒ වස්තුව විනිශ්චය කරන්නේ ය (විනිශ්චය කෙරේවා)”.
Pali BJTඑවඤ්චෙතං ලභෙථ ඉච්චෙතං කුසලං. නො චෙ ලභෙථ තදහුපොසථෙ චාතුද්දසෙ වා පණ්ණරසෙ වා තස්මිං පුග්ගලෙ සම්මුඛීභූතෙ සඞ්ඝමජ්ඣෙ උදාහරිතබ්බං:
Sinhala BJTමෙය මෙසේ ලබන්නේ නම් ඒ මැනැව, ඉදින් නො ලබන්නේ නම් ඒ තුදුස්වක් හෝ පසළොස්වක් දවසැ ඒ පුඟුලහු හමු වූ කලැ සඟමැදැ දී (මෙසේ) ඉදිරිපත් කළයුතු:
Pali BJT“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. ඉත්ථන්නාමස්ස පුග්ගලස්ස පාරාජිකකථා විප්පකතා. තං වත්ථු අවිනිච්ඡිතං. තස්ස පාතිමොක්ඛං ඨපෙමි, න තස්මිං සම්මුඛීභූතෙ පාතිමොක්ඛං උද්දිසිතබ්බන්ති”.
Sinhala BJT“වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. මෙ නම් පුඟුලා පිළිබඳ පරිජි කථාව අඩාළ ව ඇත. ඒ වස්තුව අවිනිශ්චිත ය. ඔහුට පාමොක් තබමි. ඔහු හමු වූ කල්හි පාමොක් නො උදෙසියැයුතු” යනුවෙනි.
Pali BJTධම්මිකං පාතිමොක්ඛට්ඨපනං.
Sinhala BJTමේ දැහැමි පාමොක් තැබීම යි.
Pali BJT9. කථං සික්ඛං පච්චක්ඛාතකො තස්සං පරිසායං නිසින්නො හොති: ඉධ පන භික්ඛවෙ භික්ඛු යෙහි ආකාරෙහි යෙහි ලිඞ්ගෙහි යෙහි නිමිත්තෙහි සික්ඛා පච්චක්ඛාතා හොති, තෙහි ආකාරෙහි තෙහි ලිඞ්ගෙහි තෙහි නිමිත්තෙහි භික්ඛු භික්ඛුං පස්සති සික්ඛං පච්චක්ඛන්තං, නහෙව ඛො භික්ඛු භික්ඛුං පස්සති සික්ඛං පච්චක්ඛන්තං, අපි ච අඤ්ඤො භික්ඛු භික්ඛුස්ස ආරොචෙති ‘ඉත්ථන්නාමෙන ආවුසො භික්ඛුනා සික්ඛා පච්චක්ඛාතා’ති. නහෙව ඛො භික්ඛු භික්ඛුං පස්සති සික්ඛං පච්චක්ඛන්තං, නාපි අඤ්ඤො භික්ඛු භික්ඛුස්ස ආරොචෙති ‘ඉත්ථන්නාමෙන ආවුසො භික්ඛුනා සික්ඛා පච්චක්ඛාතා’ති, අපි ච සොව භික්ඛු භික්ඛුස්ස ආරොචෙති මයා ආවුසො සික්ඛා පච්චක්ඛාතා’ති. ආකඞ්ඛමානො භික්ඛවෙ භික්ඛු තෙන දිට්ඨෙන තෙන සුතෙන තාය පරිසඞ්කාය තදහුපොසථෙ චාතුද්දසෙ වා පණ්ණරසෙ වා තස්මිං පුග්ගලෙ සම්මුඛීභූතෙ සඞ්ඝමජ්ඣෙ උදාහරෙය්ය:
Sinhala BJT9. කෙසේ නම් ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යානය කෙළෙක් ඒ පිරිසෙහි හුන්නේ වෙයි: මහණෙනි, මෙහි මහණෙක් යම් ආකාර ලිංග නිමිත්තවලින් ශික්‍ෂාව ප්‍රත්‍යාඛ්‍යාන කෙරෙයි ද, ඒ ආකාර ලිංග නිමිත්තවලින් ශික්‍ෂාව ප්‍රත්‍යාඛ්‍යාන කරන මහණහු මහණෙක් දක්නේ ද, වැලිදු මහණ තමා ම ශික්‍ෂාව ප්‍රත්‍යාඛ්‍යාන කරන්නහු නො දකී ද, එහෙත් අන් මහණෙක් මහණකුට ‘මෙනම් මහණ විසින් ශික්‍ෂාව ප්‍රත්‍යාඛ්‍යාන යැ යි සැලකෙරෙයි ද, එහෙත් තෙමේ එ මහණහු ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යාන කරන්නහු නො දක්නේ ද, අන් මහණෙකුත් එ මහණහට “ඇවැත, මෙ නම් මහණ විසින් ශික්‍ෂාව ප්‍රත්‍යාඛ්‍යාන යැ යි නො කියන්නේ ද, වැලිදු ඒ මහණ ම “ඇවැත මා විසින් ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යාන යැ යි මහණකුට සැල කරන්නේ ද, මහණෙනි, ඉදින් ඒ මහණ තෙමේ කැමැති වන්නේ නම් ඒ දුටු ඇසූ සැකකළ දැයින් ඒ තුදුස්වක් හෝ පසළොස්වක් හෝ පොහෝ දිනැ ඒ පුඟුලා හමු වූ කල්හි සඟමැද දී මෙසේ ඉදිරිපත් කරන්නේ ය:
Pali BJT“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො, ඉත්ථන්නාමෙන පුග්ගලෙන සික්ඛා පච්චක්ඛාතා තස්ස පාතිමොක්ඛං ඨපෙමි. න තස්මිං සම්මුඛීභූතෙ පාතිමොක්ඛං උද්දිසිතබ්බන්ති” ධම්මිකං පාතිමොක්ඛට්ඨපනං.
Sinhala BJT“සඞ්ඝ තෙමේ මා කියන බස් අසාවා. මෙනම් පුඟුලා විසින් ශික්‍ෂාව ප්‍රත්‍යාඛ්‍යාන ය. ඔහුට පාමොක් තබමි. ඔහු හමු වූ කලැ පාමොක් න උදෙසියැයුතු” යනුවෙනි. (මෙසේ වූ) පාමොක් තැබීම දැහැමි ය.
Pali BJT“භික්ඛුස්ස පාතිමොක්ඛං ඨපිතෙ පරිසා වුට්ඨාති දසන්නං අන්තරායානං අඤ්ඤතරෙන රාජන්තරායෙන වා -පෙ- බ්රහ්මචරියන්තරායෙන වා, ආකඞ්ඛමානො භික්ඛවෙ, භික්ඛු තස්මිං වා ආවාසෙ අඤ්ඤස්මිං වා ආවාසෙ තස්මිං පුග්ගලෙ සම්මුඛීභූතෙ සඞ්ඝමජ්ඣෙ උදාහරෙය්ය:
Sinhala BJTමහණක්හට පාමොක් තැබූ කල්හි රාජ චෝර ... බ්‍රහමචර්‍ය්‍යයා අන්තරාය යන දස උවදුරින් යම් එකෙකින් පිරිස නැඟී සිටී ද, මහණෙනි, ඒ මහණ කැමැති වන්නේ නම් ඒ ආවාසයෙහි හෝ අන් ආවාසයෙක දී හෝ ඒ පුඟුලා හමු වූ කලැ සඟ මැදැ දී මෙසේ ඉදිරිපත් කරන්නේ ය:
Pali BJT“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. ඉත්ථන්නාමස්ස පුග්ගලස්ස සික්ඛං පච්චක්ඛාතකථා විප්පකතා තං වත්ථු අවිනිච්ඡිතං. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො තං වත්ථුං විනිච්ඡිනෙය්යා”ති. එවඤ්චෙතං ලභෙථ ඉච්චෙතං කුසලං, නො චෙ ලභෙථ තදහුපොසථෙ චාතුද්දසෙ වා පණ්ණරසෙ වා තස්මිං පුග්ගලෙ සම්මුඛීභූතෙ සඞ්ඝමජ්ඣෙ උදාහරිතබ්බං. සුණාතු මෙ භන්තෙ, සඞ්ඝො. ඉත්ථන්නාමස්ස පුග්ගලස්ස සික්ඛං පච්චක්ඛාතකථා විප්පකතා තං වත්ථු අවිනිච්ඡිතං. තස්ස පාතිමොක්ඛං ඨපෙමි. න තස්මිං සම්මුඛීභූතෙ පාතිමොක්ඛං උද්දිසිතබ්බන්ති”. ධම්මිකං පාතිමොක්ඛට්ඨපනං.
Sinhala BJTසඞ්ඝ තෙමේ මබස් අසාවා. මෙනම් පුඟුලා ශික්‍ෂාව ප්‍රත්‍යාඛ්‍යාන කළ කථාව අඩාළ විය, ඒ වස්තුව අවිනිශ්චිත ය. ඉදින් සඞ්ඝ තෙමේ සුදුසු කල් වී නම්, ඒ වස්තුව විනිශ්චය කරන්නේ ය.” යනුවෙනි. මෙසේ වූ පාමොක් තැබීම දැහැමි ය. [missing trans]
Pali BJT10. කථං ධම්මිකං සාමග්ගිං න උපෙති: ඉධ පන භික්ඛවෙ භික්ඛු යෙහි ආකාරෙහි යෙහි ලිඞ්ගෙහි යෙහි නිමිත්තෙහි ධම්මිකාය සාමග්ගියා අනුපගමනං හොති, තෙහි ආකාරෙහි තෙහි ලිඞ්ගෙහි තෙහි නිමිත්තෙහි භික්ඛු භික්ඛුං පස්සති ධම්මිකං සාමග්ගිං න උපෙන්තං. නහෙව ඛො භික්ඛු භික්ඛුං පස්සති ධම්මිකං සාමග්ගිං න උපෙන්තං. අපි ච අඤ්ඤො භික්ඛු භික්ඛුස්ස ආරොචෙති ඉත්ථන්නාමො ආවුසො භික්ඛු ධම්මිකං සාමග්ගිං න උපෙතීති.
Sinhala BJT10. කෙසේ නම් දැහැමි සමගියකට නො පැමිණේ ද යත්: මහණෙනි, මෙහි වනාහි මහණකුගේ යම් ආකාර ලිංග නිමිති වලින් දැහැමි සමගියකට නො එළැඹීමෙක් වේ ද, ඒ ආකාර ලිංග නිමිතිවලින් යුත්, දැහැමි සමගියකට නො එළැඹෙන මහණක්හු මහණෙක් දකී. වැලිදු දැහැමි සමගියට එ මහණහු නො එළැඹෙන්නා නො ම දකී. එහෙත් අන් මහණෙක් ‘මෙ නම් මහණ දැහැමි සමගියට නො පැමිණේ යැ යි මහණකුට කියයි.
Pali BJTනහෙව ඛො භික්ඛු භික්ඛුං පස්සති ධම්මිකං සාමග්ගිං න උපෙන්තං, නාපි අඤ්ඤො භික්ඛු භික්ඛුස්ස ආරොචෙති ඉත්ථන්නාමො ආවුසො භික්ඛු ධම්මිකං සාමග්ගිං න උපෙතී’ති. අපි ච සො’ව භික්ඛුස්ස ආරොචෙති ‘අහං ආවුසො ධම්මිකං සාමග්ගිං න උපෙමී’ති. ආකඞ්ඛමානො භික්ඛවෙ භික්ඛු තෙන දිට්ඨෙන තෙන සුතෙන තාය පරිසඞ්කාය තදහුපොසථෙ චාතුද්දසෙ වා පණ්ණරසෙ වා තස්මිං පුග්ගලෙ සම්මුඛීභූතෙ සඞ්ඝමජ්ඣෙ උදාහරෙය්ය:
Sinhala BJTමහණ තෙම දැහැමි සමගියට නො පැමිණෙන මහණහු ද නො ම දකී, අන් මහණෙකුත් මෙනම් මහණ, දැහැමි සමගියට නො පැමිණේ යැ යි මහණකුට නො ද කියයි. වැලිදු ඒ මහණ ම ‘ඇවැත, මම දැහැමි සමගියට නො පැමිණෙමි” යි කියයි. මහණෙනි, මහණ තෙම කැමැති වනුයේ ඒ දුටු දැයින් ඒ ඇසූ දැයින් ඒ සැක කළ දැයින් ඒ තුදුස්වක් හෝ පසළොස්වක් හෝ පොහෝ දවසෙහි ඒ පුඟුලා හමු වූ කල්හි සඟමැදැදී මෙසේ ඉදිරිපත් කරන්නේ ය:
Pali BJT“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. ඉත්ථන්නාමො පුග්ගලො ධම්මිකං සාමග්ගිං න උපෙති. තස්ස පාතිමොක්ඛං ඨපෙමි. න තස්මිං සම්මුඛීභූතෙ පාතිමොක්ඛං උද්දිසිතබ්බන්ති”. ධම්මිකං පාතිමොක්ඛට්ඨපනං.
Sinhala BJT“වහන්ස, සඞ්ඝ තෙමේ මබස් අසාවා. මෙනම් පුඟුලා දැහැමි සමගියට නො පැමිණෙයි. ඔහුට පාමොක් තබමි. ඔහු හමු ව සිටි කල්හි පාමොක් නො උදෙසියැයුතු” යනුවෙනි. මෙසේ වූ පාමොක් තැබීම දැහැමි යි.
Pali BJT“කථං ධම්මිකං සාමග්ගිං පච්චාදියති: ඉධ භික්ඛවෙ භික්ඛු යෙහි ආකාරෙහි යෙහි ලිඞ්ගෙහි යෙහි නිමිත්තෙහි ධම්මිකාය සාමග්ගියා පච්චාදානං හොති, තෙහි ආකාරෙහි තෙහි ලිඞ්ගෙහි තෙහි නිමිත්තෙහි භික්ඛු භික්ඛුං පස්සති ධම්මිකං සාමග්ගිං පච්චාදියන්තං. නහෙව ඛො භික්ඛු භික්ඛුං පස්සති ධම්මිකං සාමග්ගිං පච්චාදියන්තං. අපි ච අඤ්ඤො භික්ඛු භික්ඛුස්ස ආරොචෙති: ඉත්ථන්නාමො ආවුසො භික්ඛු ධම්මිකං සාමග්ගිං පච්චාදියතීති. නහෙව ඛො භික්ඛු භික්ඛුං පස්සති ධම්මිකං සාමග්ගිං පච්චාදියන්තං. නාපි අඤ්ඤො භික්ඛු භික්ඛුස්ස ආරොචෙති ‘ඉත්ථන්නාමො ආවුසො භික්ඛු ධම්මිකං සාමග්ගිං පච්චාදියතීති. අපි ච සො’ව භික්ඛු භික්ඛුස්ස ආරොචෙති “අහං ආවුසො ධම්මිකං සාමග්ගිං පච්චාදියාමී”ති. ආකඞ්ඛමානො භික්ඛවෙ භික්ඛු තෙන දිට්ඨෙන තෙන සුතෙන තාය පරිසඞ්කාය තදහුපොසථෙ චාතුද්දසෙ වා පණ්ණරසෙ වා තස්මිං පුග්ගලෙ සම්මුඛීභූතෙ සඞ්ඝමජ්ඣෙ උදාහරෙය්ය: සුණාතු මෙ භන්තෙ සඞ්ඝො ඉත්ථන්නාමො පුග්ගලො ධම්මිකං සාමග්ගිං පච්චාදියති, තස්ස පාතිමොක්ඛං ඨපෙමි. න තස්මිං සම්මුඛීභූතෙ පාතිමොක්ඛං උද්දිසිතබ්බන්ති. ධම්මිකං පාතිමොක්ඛට්ඨපනං.
Sinhala BJTකෙසේ දැහැමි සමගිය (යළි කර්‍මය කළයුතු ය යි) නැවත ගන්නේ වේ ද: මහණෙනි, මෙහි මහණ, යම් ආකාර ලිඞ්ග නිමිතිවලින් යුතු වූයේ දැහැමි සමගිය නැවත කළයුතු යැ යි ගන්නේ වේ ද එබඳු ආකාර ලිඞ්ග නිමිතිවලින් යුත් දැහැමි සමගිය නැවත කළයුතු යැ යි ගන්නා මහණකු දකී ද, වැලි දු මහණෙක් දැහැමි සමගිය නැවත කළයුතු යැ යි ගන්නා මහණකු නො ම දක්නේ ද, එහෙත් අන් මහණෙක් මහණක්හට “ඇවැත්නි, මෙ නම් මහණ දැහැමි සමගිය යළි කළයුතු යැ යි ගනී යි දක්වා ද, වැලිදු මහණ දැහැමි සමගිය යළි කළයුතු යැ යි ගන්නා මහණකු නො ම දක්නේ හෝ අන් මහණෙක් මහණක්හට “ඇවැත්නි, මෙ නම් මහණ දැහැමි සමගිය යළි කළයුතු යැ යි ගනී යි නො ම දන්වන්නේ හෝ වේ ද, එහෙත් ඒ මහණ මැ “ඇවැත්නි, මම දැහැමි සමගිය යළි කළයුතු යැ යි ගනිමැ යි මහණක්හට දන්වා ද, මහණෙනි, ඉදින් මහණ තෙමේ කැමැති වන්නේ නම් ඒ දුටු ඒ ඇසූ ඒ සැකකළ දැයින් ඒ තුදුස්වක් හෝ පසළොස්වක් හෝ පොහෝ දිනයෙහි ඒ පුඟුලා හමු වූ කල්හි සඟමැද දී මෙසේ ඉදිරිපත් කරන්නේ ය. “වහන්ස, සඞ්ඝයා මබස් අසාවා. මෙනම් පුඟුලා දැහැමි සමගිය යළි කළයුතු යැ යි ගනී. ඔහුට පාමොක් තබමි. ඔහු හමුවූ කල්හි පාමොක් නො උදෙසියයුතු” යි. මෙසේ වූ පාමොක් තැබීම දැහැමි යි.
Pali BJT“භික්ඛුස්ස පාතිමොක්ඛෙ ඨපිතෙ පරිසා වුට්ඨාති දසන්නං අන්තරායානං අඤ්ඤතරෙන රාජන්තරායෙන වා -පෙ- බ්රහ්මචරියන්තරායෙන වා. ආකඞ්ඛමානො භික්ඛවෙ භික්ඛු තස්මිං වා ආවාසෙ අඤ්ඤස්මිං වා ආවාසෙ තස්මිං පුග්ගලෙ සම්මුඛීභූතෙ සඞ්ඝමජ්ඣෙ උදාහරෙය්ය:
Sinhala BJTමහණක්හට පාමොක් බහා තැබූ කල්හි රාජ ... බ්‍රහ්මචර්‍ය්‍යා අන්තරාය යන දස උවදුරු අතුරෙන් එකෙකින් පිරිස නැගීසිටී ද මහණෙනි, (ඉදින් ඒ මහණ කැමතිවන්නේ නම් ඒ ආවාසයෙහි හෝ අන් ආවාසයක දී හෝ ඒ පුඟුලා හමුවූ කලැ සඟමැද දී මෙසේ ඉදිරිපත් කරන්නේ ය.
Pali BJT“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. ඉත්ථන්නාමස්ස පුග්ගලස්ස ධම්මිකාය සාමග්ගියා පච්චාදානකථා විප්පකතා තං වත්ථු අවිනිච්ඡිතං. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො තං වත්ථුං විනිච්ඡිනෙය්යා”ති.
Sinhala BJT“වහන්ස, සඞ්ඝයා මබස් අසාවා. මෙනම් පුද්ගලයාගේ දැහැමි සමගිය නැවත කිරීම පිළිබඳ කථාව අඩාළ විය. ඒ වස්තුව අවිනිශ්චිත ය. ඉදින් සඞ්ඝයාට සුදුසු කල් ඇත්තේ නම් සඞ්ඝයා ඒ වස්තුව විනිශ්චය කරන්නේ ය යි.
Pali BJTඑවඤ්චෙතං ලභෙථ ඉච්චෙතං කුසලං. නො චෙ ලභෙථ තදහුපොසථෙ චාතුද්දසෙ වා පණ්ණරසෙ වා තස්මිං පුග්ගලෙ සම්මුඛීභූතෙ සඞ්ඝමජ්ඣෙ උදාහරිතබ්බං: සුණාතු මෙ භන්තෙ සඞ්ඝො ඉත්ථන්නාමස්ස පුග්ගලස්ස ධම්මිකාය සාමග්ගියා පච්චාදානකථා විප්පකතා, තං වත්ථු අවිනිච්ඡිතං. තස්ස පාතිමොක්ඛං ඨපෙමි. න තස්මිං සම්මුඛීභූතෙ පාතිමොක්ඛං උද්දිසිතබ්බන්ති”. ධම්මිකං පාතිමොක්ඛට්ඨපනං.
Sinhala BJTමෙසේත් මෙය ලැබෙන්නේ නම් ඒ මැනව. ඉදින් නො ලබන්නේ නම් ඒ තුදුස්වක් හෝ පසළොස්වක් හෝ පොහෝ දවසැ ඒ පුඟුලා හමු වූ කලැ සඟමැද දී මෙසේ ඉදිරිපත් කළයුතු, “වහන්ස, සඞ්ඝයා මබස් අසාවා, මෙනම් පුඟුලාගේ දැහැමි සමගිය නැවත කිරීම පිළිබඳ කථාව අඩාළ විය. ඒ වස්තුව අවිනිශ්චිත ය. ඔහට පාමොක් තබමි. ඔහු හමු වූ කල්හි පාමොක් නො උදෙසියයුතු ය”යි. මේ දැහැමි පාමොක් තැබීමෙකි.
Pali BJT11. කථං සීලවිපත්තියා දිට්ඨසුතපරිසඞ්කිතො හොති: ඉධ පන භික්ඛවෙ භික්ඛු යෙහි ආකාරෙහි යෙහි ලිඞ්ගෙහි යෙහි නිමිත්තෙහි සීලවිපත්තියා දිට්ඨසුතපරිසඞ්කිතො හොති, තෙහි ආකාරෙහි තෙහි ලිඞ්ගෙහි තෙහි නිමිත්තෙහි භික්ඛු භික්ඛුං පස්සති සීලවිපත්තියා දිට්ඨසුතපරිසඞ්කිතං. නහෙව ඛො භික්ඛු භික්ඛුං පස්සති සීලවිපත්තියා දිට්ඨසුතපරිසඞ්කිතං, අපි ච අඤ්ඤො භික්ඛු භික්ඛුස්ස ආරොචෙති ඉත්ථන්නාමො ආවුසො භික්ඛු සීලවිපත්තියා දිට්ඨසුතපරිසඞ්කිතො”ති. නහෙව ඛො භික්ඛු භික්ඛුං පස්සති සීලවිපත්තියා දිට්ඨසුතපරිසඞ්කිතං නාපි අඤ්ඤො භික්ඛු භික්ඛුස්ස ආරොචෙති “ඉත්ථන්නාමො ආවුසො භික්ඛු සීලවිපත්තියා දිට්ඨසුතපරිසඞ්කිතො”ති, අපි ච සොව භික්ඛු භික්ඛුස්ස ආරොචෙති “අහං ආවුසො සීලවිපත්තියා දිට්ඨසුතපරිසඞ්කිතොම්හී”ති.
Sinhala BJT11. කෙසේ නම් සීලවිපත්තියෙහි දුටු ඇසූ සැක කරන ලද්දෙක් වේ ද, මහණෙනි, මෙහි මහණ යම් ආකාර ලිඞ්ග නිමිති වලින් සීලවිපත්තියෙහි දුටු ඇසූ කළ සැක ඇත්තෙක් වේ ද, ඒ ආකාර ලිඞ්ග නිමිතිවලින් යුක්ත වූ සීලවිපත්තියෙහි දුටු ඇසූ කළ සැක ඇති මහණකු දකී ද, නැතහොත් මහණ සීලවිපත්තියෙහි දුටු ඇසූ කළ සැක ඇති මහණකු නො දක්නේ නමුදු අන් මහණෙක් මහණක්හට “ඇවත මෙනම් මහණ සීලවිපත්තියෙහි දුටු ඇසූ කළ සැක ඇත්තෙකැ” යි දන්වයි. නැතහොත් මහණ සීලවිපත්තියෙහි දුටු ඇසූ කළ සැක ඇති මහණකු නො දන්නේත් වෙයි. අන් මහණෙක් මහණක්හට ‘ඇවත මෙනම් මහණ සීලවිපත්තියෙහි දුටු ඇසූ කළ සැක ඇත්තෙකැ’යි නො දන්වන්නේත් වෙයි. වැලිදු ඒ මහණ ම “ඇවත මම සීලවිපත්තියෙහි දුටු ඇසූ කළ සැක ඇත්තෙමැ”යි මහණක්හට දන්වයි.
Pali BJTආකඞ්ඛමානො භික්ඛවෙ භික්ඛු තෙන දිට්ඨෙන තෙන සුතෙන තාය පරිසඞ්කාය තදහුපොසථෙ චාතුද්දසෙ වා පණ්ණරසෙ වා තස්මිං පුග්ගලෙ සම්මුඛීභූතෙ සඞ්ඝමජ්ඣෙ උදාහරෙය්ය: සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. ඉත්ථන්නාමො පුග්ගලො සීලවිපත්තියා දිට්ඨසුතපරිසඞ්කිතො තස්ස පාතිමොක්ඛං ඨපෙමි. න තස්මිං සම්මුඛීභූතෙ පාතිමොක්ඛං උද්දිසිතබ්බන්ති. ධම්මිකං පාතිමොක්ඛට්ඨපනං.
Sinhala BJTමහණෙනි, ඉදින් මහණ කැමති වන්නේ නම් ඒ දුටු ඇසූ සැක කළ දැයින් ඒ තුදුස්වක් හෝ පසළොස්වක් හෝ පොහෝ දිනයෙහි ඒ පුඟුලා හමු වූ කල්හි සඟමැද (මෙසේ) ඉදිරිපත් කරන්නේ ය. “වහන්ස, සඞ්ඝයා මබස් අසාවා, මෙනම් පුඟුලා සීලවිපත්තියෙහි දුටු ඇසූ කළ සැක ඇත්තෙකි. ඔහට පාමොක් තබමි. ඔහු ඉදිරියෙහි ඇති කල්හි පාමොක් නො උදෙසියයුතු”යි. (මේ) දැහැමි පාමොක් තැබීමෙකි.
Pali BJT12. කථං ආචාරවිපත්තියා දිට්ඨසුතපරිසඞ්කිතො හොති, ඉධ පන භික්ඛවෙ භික්ඛු යෙහි ආකාරෙහි යෙහි ලිඞ්ගෙහි යෙහි නිමිත්තෙහි ආචාරවිපත්තියා දිට්ඨසුතපරිසඞ්කිතො හොති. තෙහි ආකාරෙහි තෙහි ලිඞ්ගෙහි තෙහි නිමිත්තෙහි භික්ඛු භික්ඛුං පස්සති ආචාරවිපත්තියා දිට්ඨසුතපරිසඞ්කිතං. නහෙව ඛො භික්ඛු භික්ඛුං පස්සති ආචාරවිපත්තියා දිට්ඨසුතපරිසඞ්කිතං. අපි ච අඤ්ඤො භික්ඛු භික්ඛුස්ස ආරොචෙති ඉත්ථන්නාමො ආවුසො භික්ඛු ආචාරවිපත්තියා දිට්ඨසුතපරිසඞ්කිතොති. නහෙව ඛො භික්ඛු භික්ඛුං පස්සති ආචාරවිපත්තියා දිට්ඨසුතපරිසඞ්කිතං. නාපි අඤ්ඤො භික්ඛු භික්ඛුස්ස ආරොචෙති ඉත්ථන්නාමො ආවුසො භික්ඛු ආචාරවිපත්තියා දිට්ඨසුතපරිසඞ්කිතොති. අපි ච සොව භික්ඛු භික්ඛුස්ස ආරොචෙති. අහං ආවුසො ආචාරවිපත්තියා දිට්ඨසුතපරිසඞ්කිතොම්හීති.
Sinhala BJT12. කෙසේ නම් ආචාරවිපත්තියෙහි දුටු ඇසූ කළ සැක ඇත්තෙක් වේ ද: මහණෙනි, මෙහි මහණ යම්බඳු ආකාර ලිඩග නිමිතිවලින් ආචාරවිපත්තියෙහි දුටු ඇසූ කළ සැක ඇත්තෙක් වේ ද එබඳු ආකාර ලිඞ්ග නිමිතිවලින් ආචාරවිපත්තියෙහි දුටු ඇසූ කළ සැක ඇති මහණකු දකී ද, වැලි දු මහණ ආචාරවිපත්තියෙහි දුටු ඇසූ කළ සැක ඇති මහණකු නො දක්නේ වුව ද අන් මහණෙක් මහණහට ‘ඇවැත, මෙනම් මහණ ආචාරවිපත්තියෙහි දුටු ඇසූ කළ සැක ඇත්තෙකැ’ යි දන්වා ද, නැතහොත් මහණ ආචාරවිපත්තියෙහි දුටු ඇසූ කළ සැක ඇති මහණකු නො දක්නේත් වේ ද, අන් මහණෙකුත් “ඇවත, මෙනම් මහණ ආචාරවිපත්තියෙහි දුටු ඇසූ කළ සැක ඇත්තෙකැ”යි නො දන්වා ද, වැලිදු ඒ මහණ ම “ඇවැත, මම ආචාරවිපත්තියෙහි දුටු ඇසූ කළ සැක ඇත්තෙක්මි’ යි මහණහට දන්වා ද,
Pali BJTආකඞ්ඛමානො භික්ඛවෙ භික්ඛු තෙන දිට්ඨෙන තෙන සුතෙන තාය පරිසඞ්කාය තදහුපොසථෙ චාතුද්දසෙ වා පණ්ණරසෙ වා තස්මිං පුග්ගලෙ සම්මුඛීභූතෙ සඞ්ඝමජ්ඣෙ උදාහරෙය්ය: සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. ඉත්ථන්නාමො පුග්ගලො ආචාරවිපත්තියා දිට්ඨසුතපරිසඞ්කිතො. තස්ස පාතිමොක්ඛං ඨපෙමි. න තස්මිං සම්මුඛීභූතෙ පාතිමොක්ඛං උද්දිසිතබ්බන්ති. ධම්මිකං පාතිමොක්ඛට්ඨපනං.
Sinhala BJTමහණෙනි, ඉදින් මහණ කැමති වන්නේ නම් ඒ දුටු ඇසූ සැක කළ දැයින් ඒ තුදුස්වක් හෝ පසළොස්වක් පොහෝදිනයෙහි ඒ පුඟුලා හමු වූ කල්හි සඟමැද (මෙසේ) ඉදිරිපත් කළයුතු ය. “වහන්ස, සඞ්ඝයා මබස් අසාවා. මෙනම් පුඟුලා ආචාරවිපත්තියෙහි දුටු ඇසූ කළ සැක ඇත්තෙකි. ඔහට පාමොක් තබමි. ඔහු අභිමුඛ ව ඇති කල්හි පාමොක් නො උදෙසියයුතු”යි. (මේ) දැහැමි පාමොක් තැබීමෙකි.
Pali BJT13. කථං දිට්ඨිවිපත්තියා දිට්ඨසුතපරිසඞ්කිතො හොති: ඉධ පන භික්ඛවෙ භික්ඛු යෙහි ආකාරෙහි යෙහි ලිඞ්ගෙහි යෙහි නිමිත්තෙහි දිට්ඨිවිපත්තියා දිට්ඨසුතපරිසඞ්කිතො හොති. තෙහි ආකාරෙහි තෙහි ලිඞ්ගෙහි තෙහි නිමිත්තෙහි භික්ඛු භික්ඛුං පස්සති දිට්ඨිවිපත්තියා දිට්ඨසුතපරිසඞ්කිතං. න හෙව ඛො භික්ඛු භික්ඛුං පස්සති දිට්ඨිවිපත්තියා දිට්ඨසුතපරිසඞ්කිතං. අපි ච අඤ්ඤො භික්ඛු භික්ඛුස්ස ආරොචෙති ඉත්ථන්නාමො ආවුසො භික්ඛු දිට්ඨිවිපත්තියා දිට්ඨසුතපරිසඞ්කිතොති. නහෙව ඛො භික්ඛු භික්ඛුං පස්සති දිට්ඨිවිපත්තියා දිට්ඨසුතපරිසඞ්කිතං. නාපි අඤ්ඤො භික්ඛු භික්ඛුස්ස ආරොචෙති ඉත්ථන්නාමො ආවුසො භික්ඛු දිට්ඨිවිපත්තියා දිට්ඨසුතපරිසඞ්කිතොති. අපි ච සොව භික්ඛු භික්ඛුස්ස ආරොචෙති: අහං ආවුසො දිට්ඨිවිපත්තියා දිට්ඨසුතපරිසඞ්කිතොම්හීති.
Sinhala BJT13. කෙසේ නම් දිට්ඨිවිපත්තියෙහි දුටු ඇසූ කළ සැක ඇත්තෙක් වේ ද, මහණෙනි, මෙහි මහණ යම්බඳු ආකාර ලිඞ්ග නිමිතිවලින් දිට්ඨිවිපත්තියෙහි දුටු ඇසූ කළ සැක ඇත්තෙක් වේ ද, එබඳු ආකාර ලිඞ්ග නිමිතිවලින් දිට්ඨිවිපත්තියෙහි දුටු ඇසූ කළ සැක ඇති මහණකු දකී ද, වැලි දු මහණ දිට්ඨිවිපත්තියෙහි දුටු ඇසූ කළ සැක ඇති මහණකු නො දක්නේ වුව ද, අන් මහණෙක් මහණහට “ඇවත මෙනම් මහණ දිට්ඨිවිපත්තියෙහි දුටු ඇසූ කළ සැක ඇත්තෙකැ’යි දන්වා ද, නැතහොත් මහණ දිට්ඨිවිපත්තියෙහි දුටු ඇසූ කළ සැක ඇති මහණකු නො දක්නේත් වේ ද, අන් මහණෙකුත් “ඇවත මෙනම් මහණ දිට්ඨිවිපත්තියෙහි දුටු ඇසූ කළ සැක ඇත්තෙකැ’යි නො දන්වා ද, වැලිදු ඒ මහණ ම “ඇවත, මම දිට්ඨිවිපතිතියෙහි දුටු ඇසූ කළ සැක ඇත්තෙක්මි”යී මහණහට දන්වා ද,
Pali BJTආකඞ්ඛමානො භික්ඛවෙ භික්ඛු තෙන දිට්ඨෙන තෙන සුතෙන තාය පරිසඞ්කාය තදහුපොසථෙ චාතුද්දසෙ වා පණ්ණරසෙ වා තස්මිං පුග්ගලෙ සම්මුඛීභූතෙ සඞ්ඝමජ්ඣෙ උදාහරෙය්ය: සුණාතු මෙ භන්තෙ සඞ්ඝො ඉත්ථන්නාමො පුග්ගලො දිට්ඨිවිපත්තියා දිට්ඨසුතපරිසඞ්කිතො: තස්ස පාතිමොක්ඛං ඨපෙමි. න තස්මිං සම්මුඛීභූතෙ පාතිමොක්ඛං උද්දිසිතබ්බන්ති. ධම්මිකංපාතිමොක්ඛට්ඨපනං. ඉමානි දස ධම්මිකානි පාතිමොක්ඛට්ඨපනානීති.
Sinhala BJTමහණෙනි, ඉදින් මහණ කැමැති වන්නේ නම් ඒ දුටු ඇසූ සැක කළ දැයින් ඒ තුදුස්වක් හෝ පසළොස්වක් පොහෝ දිනයෙහි ඒ පුඟුලා හමු වූ කල්හි සඟමැද මෙසේ ඉදිරිපත් කළ යුතු ය. “වහන්ස, සඞ්ඝයා මබස් අසාවා. මෙනම් පුඟුලා දිට්ඨිවිපත්තියෙහි දුටු ඇසූ කළ සැක ඇත්තෙකි. ඔහට පාමොක් තබමි. ඔහු අභිමුඛ ව ඇති කල්හි පාමොක් නො උදෙසියයුතු”යි. මේ දැහැමි පාමොක් තැබීමෙකි. මේ දැහැමි පාමොක් තැබීම් දසය යි.
Pali BJTපඨමං භාණවාරං
Sinhala BJTපළමු බණවර යි.
Pali BJT14. අථ ඛො ආයස්මා උපාලි යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා උපාලි භගවන්තං එතදවොච: අත්තාදානං ආදාතුකාමෙන භන්තෙ භික්ඛුනා කතමඞ්ගසමන්නාගතං{1} අත්තාදානං ආදාතබ්බන්ති.
Sinhala BJT14. ඉක්බිති ආයුෂ්මත් උපාලි ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක ද එතැනට එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත් පසෙක හුන් උපාලි ආයුෂ්මතුන් වහන්සේ “ස්වාමීනි, අත්තාදාන නම් අධිකරණය (ශාසන ශෝධනය කරනු කැමති භික්‍ෂූහු විසින් නැවත චෝදනා කරනු පිණිස ගනු ලබන අධිකරණය) ගනු කැමති භික්‍ෂූහු විසින් කවර අඞ්ගයන්ගෙන් යුක්ත වූ අත්තාදානය ගතයුතු දැ’ යි භාග්‍යවතුන් වහන්සේට සැලකළහ.
Pali BJTඅත්තාදානං ආදාතුකාමෙන උපාලි භික්ඛුනා පඤ්චඞ්ගසමන්නාගතං අත්තාදානං ආදාතබ්බං. අත්තාදානං ආදාතුකාමෙන උපාලි භික්ඛුනා එවං පච්චවෙක්ඛිතබ්බං: යං ඛො අහං ඉමං අත්තාදානං ආදාතුකාමො කාලො නු ඛො ඉමං අත්තාදානං ආදාතුං උදාහු නොති. සචෙ උපාලි භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: අකාලො ඉමං අත්තාදානං ආදාතුං නො කාලොති. න තං උපාලි අත්තාදානං ආදාතබ්බං.
Sinhala BJTඋපාලි, අත්තාදානය ගනු කැමැති භික්‍ෂූහු විසින් අඞ්ග පසකින් යුක්ත වූ අත්තාදානය ගතයුතු ය. උපාලි, අත්තාදානය ගනු කැමැති මහණ විසින් මෙසේ සලකා බැලියයුතු යි, මම යම් මේ අත්තාදානය ගනු කැමැත්තෙම් ද මේ අත්තාදානය ගැනීමට සුදුසු කාලය ද නොහොත් නො සුදුසු කාලය දැ යි. උපාලි, ඉදින් මෙසේ සලකා බලන මහණ “මේ අත්තාදානය ගැනීමට නො කල් ය සුදුසු කාලය නො වේ”යි දැන ගනී ද, උපාලි, ඒ අත්තාදානය නො ගතයුතු යි.
Pali BJTසචෙ පන උපාලි භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: කාලො ඉමං අත්තාදානං ආදාතුං නො අකාලොති. තෙන උපාලි භික්ඛුනා උත්තරිං පච්චවෙක්ඛිතබ්බං. යං ඛො අහං ඉමං අත්තාදානං ආදාතුකාමො භූතං නු ඛො ඉදං අත්තාදානං උදාහු නොති. සචෙ උපාලි භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: අභූතං ඉදං අත්තාදානං නො භූතන්ති. න තං උපාලි, අත්තාදානං ආදාතබ්බං.
Sinhala BJTඉදින් උපාලි, මෙසේ සලකා බලන මහණ “මේ අත්තාදානය ගැනීමට කල් වෙයි, නො කල් නො වේ’ යි දනී ද, උපාලි ඒ මහණ විසින් මත්තෙහි දු මෙසේ සලකා බැලියයුතු යි. “මම යම් මේ අත්තාදානයක් ගනු කැමැත්තෙම් ද, මෙය සත්‍ය වූවක් ද නොහොත් සත්‍ය නො වූවක් දැ’ යි. ඉදින් උපාලි, මෙසේ සලකා බලන මහණ ‘මේ අත්තාදානය අභූතයකි. සත්‍ය නො වේ’ යි දනී ද, උපාලි, ඒ අත්තාදානය නො ගතයුතු යි.
Pali BJTසචෙ පන උපාලි, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති භූතං ඉදං අත්තාදානං නො අභූතන්ති. තෙනුපාලි භික්ඛුනා උත්තරිං පච්චවෙක්ඛිතබ්බං යං ඛො අහං ඉමං අත්තාදානං ආදාතුකාමො අත්ථසංහිතං නු ඛො ඉදං අත්තාදානං උදාහු නොති. සචෙ උපාලි භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: අනත්ථසංහිතං ඉදං අත්තාදානං නො අත්ථසංහිතන්ති. න තං උපාලි අත්තාදානං ආදාතබ්බං.
Sinhala BJTඉදින් උපාලි, මෙසේ සලකා බලන මහණ මේ අත්තාදානය සත්‍යයකි, අභූතයක් නො වේ යි දනී ද උපාලි ඒ මහණ විසින් මත්තෙහි දු මෙසේ සලකා බැලියයුතු යි. මම යම් මේ අත්තාදානයක් ගනු කැමැත්තෙම් ද, මේ අත්තාදානය වැඩ සහිත වූවක් ද නැතහොත් නො වේ දැ? යි, ඉදින් උපාලි, මෙසේ සලකා බලන මහණ “මේ අත්තාදානය අවැඩ සහිත ය, වැඩ සහිත නො වේ’ යි දනී ද, උපාලි, ඒ අත්තාදානය නො ගතයුතු යි.
Pali BJTසචෙ පන උපාලි භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: අත්ථසංහිතං ඉදං අත්තාදානං නො අනත්ථසංහිතන්ති, තෙනුපාලි භික්ඛුනා උත්තරි පච්චවෙක්ඛිතබ්බං: ඉමං ඛො අහං අත්තාදානං ආදියමානො ලභිස්සාමි සන්දිට්ඨෙ සම්භත්තෙ භික්ඛූ ධම්මතො විනයතො පක්ඛෙ උදාහු නොති, සචෙ පන උපාලි භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: ඉමං ඛො අහං අත්තාදානං ආදියමානො න ලභිස්සාමි සන්දිට්ඨෙ සම්භත්තෙ භික්ඛූ ධම්මතො විනයතො පක්ඛෙති න තං උපාලි අත්තාදානං ආදාතබ්බං.
Sinhala BJTඉදින් උපාලි, මෙසේ සලකා බලන මහණ ‘මේ අත්තාදානය වැඩ සහිත ය, අවැඩ සහිත නො වේ” යි දනී ද, උපාලි, ඒ මහණ විසින් මත්තෙහි දු (මෙසේ) සලකා බැලියයුතු යි. “මම මේ අත්තාදානය ගන්නෙම් ධර්‍මයෙන් (ධර්‍ම හේතුවෙන්) විනයෙන් (විනයහේතුවෙන්) පක්‍ෂ වූ සන්දෘෂ්ට (දැඩි විශ්වාසයක් නැති) සම්භක්ත (දැඩි විශ්වාසය ඇති) භික්‍ෂූන් ලබන්නෙම් ද නැතහොත් නො ලබන්නෙම් දැ” යි. ඉදින් උපාලි, ප්‍රත්‍යවේක්‍ෂා කරන මහණ “මම මේ අත්තාදානය ගන්නෙම් ධර්‍මයෙන් විනයෙන් පක්‍ෂ වූ දැඩි විශ්වාසය නැත්තා වූ ද, දැඩි විශ්වාසය ඇත්තාවූ ද භික්‍ෂූන් නො ලබන්නෙමි’ යි මෙසේ දනී ද උපාලි ඒ අත්තාදානය නො ගතයුතු යි.
Pali BJTසචෙ පන උපාලි භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති ඉමං ඛො අහං අත්තාදානං ආදියමානො ලභිස්සාමි සන්දිට්ඨෙ සම්භත්තෙ භික්ඛූ ධම්මතො විනයතො පක්ඛෙති, තෙනුපාලි භික්ඛුනා උත්තරිං පච්චවෙක්ඛිතබ්බං. ඉමං ඛො මෙ අත්තාදානං ආදියතො භවිස්සති සඞ්ඝස්ස තතො නිදානං භණ්ඩනං කලහො විග්ගහො විවාදො සඞ්ඝභෙදො සඞ්ඝරාජි සඞ්ඝවවත්ථානං සඞ්ඝනානාකරණං උදාහු නොති. සචෙ උපාලි භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති ඉමං ඛො මෙ අත්තාදානං ආදියතො භවිස්සති සඞ්ඝස්ස තතො නිදානං භණ්ඩනං -පෙ- සඞ්ඝනානාකරණන්ති. න තං උපාලි අත්තාදානං ආදාතබ්බං.
Sinhala BJTඉදින් උපාලි, ප්‍රත්‍යවේක්‍ෂා කරන මහණ “මේ අත්තාදානය ගන්නා මම ධර්‍මයෙන් විනයෙන් පක්‍ෂ වූ සන්දෘෂ්ට සමභක්ත භික්‍ෂූන් ලබන්නෙමි”යි මෙසේ දනී ද, උපාලි ඒ මහණ විසින් මත්තෙහි දු (මෙසේ) ප්‍රත්‍යවේක්‍ෂා කළයුතු යි. “මා මේ අත්තාදානය ගත් කල්හි ඒ හේතුවෙන් සඞ්ඝයාගේ අරගලයක්, කලහයක්, සටනක්, විරුද්ධවාදයක්, සඞ්ඝභේදයක්, සඞ්ඝරාජියක්, සඞ්ඝයාගේ වෙන් වූ කතිකාවතක්, සඞ්ඝයාගේ වෙන්වීමක් වන්නේ ද නැතහොත් නො වන්නේ දැ’ යි. ඉදින් උපාලි, ප්‍රත්‍යවේක්‍ෂා කරන මහණ “මා මේ අත්තාදානය ගත් කල්හි ඒ හේතුවෙන් සඞ්ඝයාගේ අරගලයක් ... සඞ්ඝයාගේ වෙන් වීමක් වන්නේ යැ යි දනී ද, උපාලි, ඒ අත්තාදානය නො ගතයුතු යි.