Pali BJTඅන්තෙවාසිකවත්තං
Sinhala BJTඅතැවැසි වත්
Pali BJT31. තෙන ඛො පන සමයෙන ආචරියා අන්තෙවාසිකෙසු න සම්මා වත්තන්ති. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා සන්තුට්ඨා ලජ්ජිනො කුක්කුච්චකා සික්ඛාකාමා තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ආචරියා අන්තෙවාසිකෙසු න සම්මා වත්තිස්සන්තී”ති. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT31. එ සමයෙහි ඇදුරෝ ඇතැවැසියන් කෙරෙහි මනා ව නො පවතිත්. අල්පෙච්ඡ වූ, ලද පමණින් සතුටු වන, ලජ්ජි වූ, මඳ කරුණෙහි ද කුකුස් කරන, ශික්‍ෂාකාමී වූ යම් මහණ කෙනෙක් ඇද් ද ඔහු ‘කෙසේ නම් ඇදුරෝ අතැවැසියන් කෙරෙහි මනාව නො පවත්නාහු දැ’යි පහත් කොට සලකත්, නිගා කෙරෙත්, දොස් පතුරුවත්. එ කල්හි එ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJTඅථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා භික්ඛූ පටිපුච්ඡි: “සච්චං කිර භික්ඛවෙ ආචරියා අන්තෙවාසිකෙසු න සම්මා වත්තන්තී”ති. “සච්චං භගවා”. -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි. “තෙන හි භික්ඛවෙ, ආචරියානං අන්තෙවාසිකෙසු වත්තං පඤ්ඤාපෙස්සාමි යථා ආචරියෙහි අන්තෙවාසිකෙසු වත්තිතබ්බං”.
Sinhala BJTඑ විට භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මෙ කරුණෙහි බික්සඟන රැස් කරවා භික්‍ෂූන් බණවා “මහණෙනි, සැබෑ ද, ඇදුරෝ අතැවැසියන් කෙරෙහි මනා ව නො පවතිත් දැ” යි අසා වදාළසේක. “සැබැව වහන්සැ”යි එ මහණහු කීහ... වෙසෙසින් ගරහා දැහැමි කථා කොට, “මහණෙනි, එසේ වී නම්, අතැවැස්සන් කෙරෙහි ඇදුරන් විසින් යම්සේ පැවතියැයුතු ද, එසේ අතැවැස්සන් කෙරෙහි ඇදුරන්ගේ වත පනවන්නෙමි”යි . (අමතා) මෙසේ වදාළසේක:
Pali BJT“ආචරියෙන භික්ඛවෙ අන්තෙවාසිකම්හි සම්මා වත්තිතබ්බං. තත්රායං සම්මාවත්තනා:
Sinhala BJT“මහණෙනි, ඇදුරා විසින් ඇතැවැසියා කෙරෙහි මනා වැ පැවතියැයුතු. එහි ලා මේ මනා පැවැත්ම යි.
Pali BJTආචරියෙන භික්ඛවෙ, අන්තෙවාසිකො සඞ්ගහෙතබ්බො. අනුග්ගහෙතබ්බො උද්දෙසෙන පරිපුච්ඡාය ඔවාදෙන අනුසාසනියා. සචෙ ආචරියස්ස පත්තො හොති, අන්තෙවාසිකස්ස පත්තො න හොති, ආචරියෙන අන්තෙවාසිකස්ස පත්තො දාතබ්බො. උස්සුක්කං වා කාතබ්බං ‘කින්ති නු ඛො අන්තෙවාසිකස්ස පත්තො උප්පජ්ජියෙථා’ති.
Sinhala BJTමහණෙනි, ඇදුරා විසින් උදෙසීමෙන්, පරිපුච්ඡායෙන් (යළි යළි විචාරීමෙන්), අවවාදයෙන්, අනුශාසනායෙන් සංග්‍රහ කළයුතු. අනුග්‍රහ කළයුතු. ඉදින් ඇදුරුහට පාත්‍රයෙක් වේ ද, අතැවැසියාට පාත්‍රයෙක් නො වේ ද, ඇදුරා විසින් අතැවැස්සාට පාත්‍රය දියයුතු. ‘කෙසේ නම් අතැවැසියාට පාත්‍රයෙක් උපදනේ දැ’යි උත්සුක බව හෝ කළයුතු.
Pali BJTසචෙ ආචරියස්ස චීවරං හොති අන්තෙවාසිකස්ස චීවරං න හොති ආචරියෙන අන්තෙවාසිකස්ස චීවරං දාතබ්බං. උස්සුක්කං වා කාතබ්බං ‘කින්ති නු ඛො අන්තෙවාසිකස්ස චීවරං උප්පජ්ජියෙථා’ති.
Sinhala BJTඉදින් ඇදුරුහට සිවුරෙක් වේ ද, අතැවැසියාට සිවුරෙක් නො වේ ද, ඇදුරා විසින් අතැවැස්සාට සිවුර දියැයුතු. ‘කෙසේ නම් අතැවැසියාට සිවුරෙක් උපදනේ දෝ’යි උත්සුක බව හෝ කළයුතු.
Pali BJTසචෙ ආචරියස්ස පරික්ඛාරො හොති අන්තෙවාසිකස්ස පරික්ඛාරො න හොති. ආචරියෙන අන්තෙවාසිකස්ස පරික්ඛාරො දාතබ්බො. උස්සුක්කං වා කාතබ්බං ‘කින්ති නු ඛො අන්තෙවාසිකස්ස පරික්ඛාරො උප්පජ්ජියෙථා’ති.
Sinhala BJTඉදින් ඇදුරුහට පිරිකරෙක් වේ ද, අතැවැසිහට පිරිකරෙක් නො වේ. ද, ‘කෙසේ නම් අතැවැසිහට පිරිකරෙක් උපදනේ දැ’යි උත්සුක බව හෝ කළයුතු.
Pali BJT32. සචෙ අන්තෙවාසිකො ගිලානො හොති කාලස්සෙව උට්ඨාය දන්තකට්ඨං දාතබ්බං. මුඛොදකං දාතබ්බං. ආසනං පඤ්ඤාපෙතබ්බං. සචෙ යාගු හොති භාජනං ධොවිත්වා යාගු උපනාමෙතබ්බා. යාගුපීතස්ස උදකං දත්වා භාජනං පටිග්ගහෙත්වා නීචං කත්වා සාධුකං අපරිඝංසන්තෙන ධොවිත්වා පටිසාමෙතබ්බං. අන්තෙවාසිකම්හි උට්ඨිතෙ ආසනං උද්ධරිතබ්බං. සචෙ සො දෙසො උක්ලාපො හොති සො දෙසො සම්මජ්ජිතබ්බො.
Sinhala BJT32. ඉදින් අතැවැසි තෙම ගිලන් වේ ද, ඇදුරහු විසින් කලින් ම නැඟී සිට දැහැටි දියැයුතු. මුව දෝනා දිය දියැයුතු. අස්නක් පැනවියැ යුතු. හුළුකැන් වේ නම්, බඳුනක් දෙවැ හුළුකැන් එළවියැයුතු. හුළුකැන් පූවාහට දිය පිළිගන්වා බඳුන පිළිගෙන, පහත් කොට කිසිවෙක නො ගාමින්, දෙවැ සුරැකි කොට තැබියැයුතු. අතැවැස්සා නැඟී සිටි කල්හි අස්න ඉදිරියැයුතු. ඉදින් එ තැන කුණුරොඩු සහිත වේ නම්, එය හැමැන්දයුතු.
Pali BJTසචෙ අන්තෙවාසිකො ගාමං පවිසිතුකාමො හොති නිවාසනං දාතබ්බං. පටිනිවාසනං පටිග්ගහෙතබ්බං. කායබන්ධනං දාතබ්බං. සගුණං කත්වා සඞ්ඝාටියො දාතබ්බා. ධොවිත්වා පත්තො සඋදකො දාතබ්බො. ‘එත්තාවතා නිවත්තිස්සතී’ති ආසනං පඤ්ඤාපෙතබ්බං. පාදොදකං පාදපීඨං පාදකඨලිකං උපනික්ඛිපිතබ්බං. පච්චුග්ගන්ත්වා පත්තචීවරං පටිග්ගහෙතබ්බං. පටිනිවාසනං දාතබ්බං. නිවාසනං පටිග්ගහෙතබ්බං.
Sinhala BJTඉදින් අතැවැසි තෙම ගම් වදිනු කැමැත්තේ වී නම්, හඳනා සිවුර දියැයුතු. පිළිහඳනය පිළිගතයුතු. කාබහන දියැයුතු. සඟළ සිවුරු සගුණ කොට දියැයුතු. සෝදා දිය සහිත පාත්‍රය දියැයුතු. ‘මෙ තෙකින් පෙරළා එන්නේ යැ’යි සලකා අස්නක් පැනවියැයුතු. පාදෝනා දිය, පාපුටුව, පාකටැලිය ඉදිරිපත් කොට තැබියැයුතු. පෙර ගමන් කොට පාසිවුරු පිළිගත යුතු. පිළිහඳනය දියැ යුතු. හඳනය පිළිගතයුතු.
Pali BJTසචෙ චීවරං සින්නං හොති මුහුත්තං උණ්හෙ ඔතාපෙතබ්බං. න ච උණ්හෙ චීවරං නිදහිතබ්බං. චීවරං සඞ්ඝරිතබ්බං. චීවරං සඞ්ඝරන්තෙන චතුරඞ්ගුලං කණ්ණං උස්සාදෙත්වා චීවරං සඞ්ඝරිතබ්බං මා මජ්ඣෙ භඞ්ගො අහොසීති. ඔභොගෙ කායබන්ධනං කාතබ්බං.
Sinhala BJTඉදින් සිවුර ඩහදියෙන් ද තෙත් වී නම් මොහොතක් අව්වේ වියැලිය යුතු. සිවුර අව්වේ තිබෙන්නට නො හැරියැ යුතු. සිවුර හැකිළිය යුතු. සිවුර හකුළන්නහු විසින් ‘සිවුර මැද බිඳුමෙක් නො වේව’යි සලකා සිවුරු කොන සතරඟුලක් උඩට ඇද නැමියැ යුතු. සිවුරු නැම්මෙහි කාබහන තැබියයුතු.
Pali BJT33. සචෙ පිණ්ඩපාතො හොති, අන්තෙවාසිකො ච භුඤ්ජිතුකාමො හොති, උදකං දත්වා පිණ්ඩපාතො උපනාමෙතබ්බො. අන්තෙවාසිකො පානීයෙන පුච්ඡිතබ්බො. භුත්තාවිස්ස උදකං දත්වා පත්තං පටිග්ගහෙත්වා නීචං කත්වා සාධුකං අපරිඝංසන්තෙන ධොවිත්වා වොදකං කත්වා මුහුත්තං උණ්හෙ ඔතාපෙතබ්බො. න ච උණ්හෙ පත්තො නිදහිතබ්බො. පත්තචීවරං නික්ඛිපිතබ්බං. පත්තං නික්ඛිපන්තෙන එකෙන හත්ථෙන පත්තං ගහෙත්වා එකෙන හත්ථෙන හෙට්ඨා මඤ්චං වා හෙට්ඨා පීඨං වා පරාමසිත්වා පත්තො නික්ඛිපිතබ්බො. න ච අනන්තරහිතාය භූමියා පත්තො නික්ඛිපිතබ්බො. චීවරං නික්ඛිපන්තෙන එකෙන හත්ථෙන චීවරං ගහෙත්වා එකෙන හත්ථෙන චීවරවංසං වා චීවරරජ්ජුං වා පමජ්ජිත්වා පාරතො අන්තං ඔරතො භොගං කත්වා චීවරං නික්ඛිපිතබ්බං. අන්තෙවාසිකම්හි උට්ඨිතෙ ආසනං උද්ධරිතබ්බං. පාදොදකං පාදපීඨං පාදකඨලිකං පටිසාමෙතබ්බං.
Sinhala BJT33. ඉදින් පිණ්ඩපාතය ඇත් නම්, අතැවැසියා ද වළඳනු කැමැත්තේ වේ නම්, පැන් පිළිගන්වා පිණ්ඩපාතය එළවියැයුතු. අතැවැසි තෙම පැනින් පිළිවිසියැයුතු. වැළැඳුවහුට දිය පිළිගන්වා පාත්‍රය පිළිගෙන පහත් කොට කිසිවෙක නො ගටමින් මනා කොට සෝදා දිය රහිත කොට මොහොතක් අව්වේ වියැලියැ යුතු. පාත්‍රය අව්වේ තිබෙන්නට හැරැ නො යා යුතු. පා සිවුරු තැබිය යුතු. පාත්‍රය තබන්නහු විසින් එක් අතෙකින් පාත්‍රය ගෙන අනිත් අතින් ඇඳ යට හෝ පුටුව යට හෝ පිරිමැද පාත්‍රය තැබිය යුතු. කිසිවෙකින් නො අතුරන ලද බිමැ පාත්‍රය නො තැබිය යුතු. සිවුර තබන්නහු විසින් එක් අතෙකින් සිවුර ගෙන අනිත් අතින් සිවුරු වස හෝ සිවුරු රැහැන පිරිමැද සිවුර , කෙළවර ඔබ්බෙහි ද සිවුරු නැම්ම, මොබ්බෙහි ද කොට සිවුර තැබියයුතු. අතැවැසියා නැගීසිටි කල්හි අස්න ඉදිරියැයුතු. පාදෝනා දිය ද පාපුටුව ද පාකටැලිය ද සුරැකි කොට තැබියයුතු.
Pali BJTසචෙ සො දෙසො උක්ලාපො හොති සො දෙසො සම්මජ්ජිතබ්බො. සචෙ අන්තෙවාසිකො නහායිතුකාමො හොති නහානං පටියාදෙතබ්බං. සචෙ සීතෙන අත්ථො හොති සීතං පටියාදෙතබ්බං. සචෙ උණ්හෙන අත්ථො හොති උණ්හං පටියාදෙතබ්බං. සචෙ අන්තෙවාසිකො ජන්තාඝරං පවිසිතුකාමො හොති චුණ්ණං සන්නෙතබ්බං. මත්තිකා තෙමෙතබ්බා. ජන්තාඝරපීඨං ආදාය ගන්ත්වා ජන්තාඝරපීඨං දත්වා චීවරං පටිග්ගහෙත්වා එකමන්තං නික්ඛිපිතබ්බං. චුණ්ණං දාතබ්බං. මත්තිකා දාතබ්බා. සචෙ උස්සහති ජන්තාඝරං පවිසිතබ්බං. ජන්තාඝරං පවිසන්තෙන මත්තිකාය මුඛං මක්ඛෙත්වා පුරතො ච පච්ඡතො ච පටිච්ඡාදෙත්වා ජන්තාඝරං පවිසිතබ්බං.
Sinhala BJTඉදින් එ තැන කුණුරොඩු සහිත වී නම්, හැමැන්දයුතු. ඉදින් අතැවැසියා නානු කැමැති වේ නම්, නාන දිය පිළියෙල කැරැ දියැයුතු. ඉදින් සිසිල් දියෙන් ප්‍රයෝජන වේ නම්, සිසිල් දිය පිළියෙල කැරැ දියැයුතු. ඉදින් උණු දියෙන් ප්‍රයෝජන වේ නම්, උණු දිය පිළියෙල කැරැ දියැයුතු. ඉදින් අතැවැස්සා ගිනිහල්ගෙට පිවිසෙනු කැමැති නම්, නාන සුණු තෙමා ගුලි කළයුතු. මැටි තෙමියැයුතු. ගිනිහල් පුටුව ගෙන ගොස් සිවුර පිළිගෙන එක් පසෙක තැබියයුතු. නාන සුණු දියැයුතු. මැටි දියැයුතු. හැක්කේ නම්, ගිනිහල්ගෙට පිවිසියැයුතු. ගිනිහල් ගෙට පිවිසෙන්නහු විසින් මැටියෙන් මුහුණ වකා ඉදිරියෙන් ද පිටුපසින් ද වසා ගිනිහල් ගෙට පිවිසියැයුතු.
Pali BJTන ථෙරෙ භික්ඛූ අනුපඛජ්ජ නිසීදිතබ්බං. න නවා භික්ඛූ ආසනෙන පටිබාහිතබ්බා. ජන්තාඝරෙ අන්තෙවාසිකස්ස පරිකම්මං කාතබ්බං. ජන්තාඝරා නික්ඛමන්තෙන ජන්තාඝරපීඨං ආදාය පුරතො ච පච්ඡතො ච පටිච්ඡාදෙත්වා ජන්තාඝරා නික්ඛමිතබ්බං. උදකෙපි අන්තෙවාසිකස්ස පරිකම්මං කාතබ්බං. නහාතෙන පඨමතරං උත්තරිත්වා අත්තනො ගත්තං වොදකං කත්වා නිවාසෙත්වා අන්තෙවාසිකස්ස ගත්තතො උදකං පමජ්ජිතබ්බං. නිවාසනං දාතබ්බං. සඞ්ඝාටි දාතබ්බා ජන්තාඝරපීඨං ආදාය පඨමතරං ආගන්ත්වා ආසනං පඤ්ඤාපෙතබ්බං. පාදොදකං පාදපීඨං පාදකඨලිකං උපනික්ඛිපිතබ්බං. අන්තෙවාසිකො පානීයෙන පුච්ඡිතබ්බො. යස්මිං විහාරෙ අන්තෙවාසිකො විහරති සචෙ සො විහාරො උක්ලාපො හොති සචෙ උස්සහති සොධෙතබ්බො. විහාරං සොධෙන්තෙන පඨමං පත්තචීවරං නීහරිත්වා එකමන්තං නික්ඛිපිතබ්බං -පෙ- සචෙ ආචමනකුම්භියා උදකං න හොති ආචමනකුම්භියා උදකං ආසිඤ්චිතබ්බං.
Sinhala BJTස්ථවිර භික්‍ෂූන් මැදට වැද ගැටී නො හින්ද යුතු. නවක භික්‍ෂූහු අස්නෙන් නො පිළිබැහියැයුතු. ගිනිහල් ගෙහි අතැවැසියාට පිරියම් කළයුතු. ගිනිහල් ගෙයින් නික්මෙන්නහු විසින් ගිනිහල් පුටුව ගෙන ඉදිරියෙන් ද පිටුපසින් ද වසා ගෙන නික්මියැයුතු. දියෙහි ද අතැවැස්සාට පිරියම් කළයුතු. නෑවහු විසින් වඩා පළමු වෙන් ගොඩ නැග සිය ගතැ දිය පිසදමා හැඳ අතැවැසියාගේ ගතින් දිය පිසදැමියැයුතු. හඳනය දියයුතු. සඟළ සිවුර දියැ යුතු. ගිනිහල් පුටුව ගෙන වඩා පළමුවෙන් අවුත් අස්නක් පැනවියැ යුතු. පාදෝනා දිය පාපුටුව පාකටැලිය එළවා තැබිය යුතු. අතැවැසියා පැනින් විචාළයුතු. යම් වෙහෙරෙක අතැවැස්සා වසන්නේ නම්, ඉදින් ඒ වෙහෙර කුණුරොඩු සහිත වී නම්, ඉදින් හැක්කේ නම්, ශුද්ධ කළයුතු. විහාරය ශුද්ධ කරන්නහු විසින් පළමු කොට පාසිවුරු බැහැරැ කොට පසෙක තැබියැයුතු... ඉදින් ආචමනකුම්භියෙහි{1} ජලය නො වේ නම්, එහි දිය වත්කළයුතු.
Pali BJT34. සචෙ අන්තෙවාසිකස්ස අනභිරති උප්පන්නා හොති ආචරියෙන වූපකාසෙතබ්බො, වූපකාසාපෙතබ්බො. ධම්මකථා වාස්ස කාතබ්බා. සචෙ අන්තෙවාසිකස්ස කුක්කුච්චං උප්පන්නං හොති ආචරියෙන විනොදෙතබ්බං, විනොදාපෙතබ්බං, ධම්මකථා වාස්ස කාතබ්බා. සචෙ අන්තෙවාසිකස්ස දිට්ඨිගතං උප්පන්නං හොති ආචරියෙන විවෙචෙතබ්බං, විවෙචාපෙතබ්බං, ධම්මකථා වාස්ස කාතබ්බා.
Sinhala BJT34. ඉදින් අතැවැසියාට පැවිද්දෙහි නො ඇල්මෙක් උපන්නේ වී නම්, ඇදුරා විසින් සන්හිඳුවියැයුතු. සන්හිඳුවාලියැයුතු. ඔහුට ධර්‍මකථා හෝ කළයුතු. ඉදින් අතැවැසියාට කුකුසෙක් උපන්නේ වී නම්, ඇදුරුහු විසින් දුරු කළයුතු. දුරුකැරැවියයුතු හෝ වෙයි, ඔහුට ධර්‍මකථා හෝ කළයුතු වෙයි. ඉදින් අතැවැස්සාට මිසදිටෙක් උපන්නේ නම්, ඇදුරා විසින් විවේචනය කළයුතු. විවේචනය කැරැවියයුතු හෝ වෙයි, ඔහුට බණ කියැයුතු හෝ වෙයි.
Pali BJTසචෙ අන්තෙවාසිකො ගරුධම්මං අජ්ඣාපන්නො හොති පරිවාසාරහො, ආචරියෙන උස්සුක්කං කාතබ්බං ‘කින්ති නු ඛො සඞ්ඝො අන්තෙවාසිකස්ස පරිවාසං දදෙය්යා’ති. සචෙ අන්තෙවාසිකො මූලායපටිකස්සනාරහො හොති, ආචරියෙන උස්සුක්කං කාතබ්බං ‘කින්ති නු ඛො සඞ්ඝො අන්තෙවාසිකං මූලාය පටිකස්සෙය්යා’ති. සචෙ අන්තෙවාසිකො මානත්තාරහො හොති ආචරියෙන උස්සුක්කං කාතබ්බං ‘කින්ති නු ඛො සඞ්ඝො අන්තෙවාසිකස්ස මානත්තං දදෙය්යා’ති. සචෙ අන්තෙවාසිකො අබ්භානාරහො හොති ආචරියෙන උස්සුක්කං කාතබ්බං ‘කින්ති නු ඛො සඞ්ඝො අන්තෙවාසිකං අබ්භෙය්යා’ති.
Sinhala BJTඉදින් අතැවැසියා ගරු ඇවැතකට පැමිණියේ පිරිවෙසට සුදුසු වී නම්, ‘කෙසේ නම් සංඝ තෙමේ අතැවැස්සාට පිරිවෙස් දෙන්නේ දැ’යි ඇදුරහු විසින් උත්සුක බව කළයුතු. ඉදින් අතැවැසි තෙම මූලායපටිකස්සනයට සුදුසු වේ නම්, ‘කෙසේ නම් සංඝ තෙමේ අතැවැසියාට මූලාය පටිකස්සනය කරන්නේ දැ’යි උත්සුක බව කළයුතු. ඉදින් අතැවැසි තෙම මානතට සුදුසු වේ නම්, ‘කෙසේ සංඝ තෙමේ අතැවැස්සාට මානත දෙන්නේ දැ’යි ඇදුරහු විසින් උත්සුක බව කළයුතු. ඉදින් අතැවැසි තෙම අබ්භානයට සුදුසු වේ නම්, ‘කෙසේ සංඝ තෙමේ අතැවැසියා අබ්භාන කරන්නේ දෝ’යි ඇදුරා විසින් උත්සුක බව කළයුතු.
Pali BJTසචෙ සඞ්ඝො අන්තෙවාසිකස්ස කම්මං කත්තුකාමො හොති තජ්ජනීයං වා නියස්සං වා පබ්බාජනීයං වා පටිසාරණීයං වා උක්ඛෙපනීයං වා ආචරියෙන උස්සුක්කං කාතබ්බං ‘කින්ති නු ඛො සඞ්ඝො අන්තෙවාසිකස්ස කම්මං න කරෙය්ය ලහුකාය වා පරිණාමෙය්යා’ති. කතං වා පනස්ස හොති සඞ්ඝෙන කම්මං තජ්ජනීයං වා නියස්සං වා පබ්බාජනීයං වා පටිසාරණීයං වා උක්ඛෙපනීයං වා ආචරියෙන උස්සුක්කං කාතබ්බං ‘කින්ති නු ඛො අන්තෙවාසිකො සම්මා වත්තෙය්ය ලොමං පාතෙය්ය නෙත්ථාරං වත්තෙය්ය සඞ්ඝො තං කම්මං පටිප්පස්සම්භෙය්යා’ති.
Sinhala BJTඉදින් සංඝ තෙමේ අතැවැස්සාට තජ්ජනීය කර්‍මය හෝ නියස්ස කර්‍මය හෝ පබ්බාජනීය කර්‍මය හෝ පටිසාරණීය කම්ය හෝ උක්ඛේපනීය කම්ය හෝ කරනු කැමැති වේ නම්, සංඝ තෙමේ ‘කෙසේ නම් අතැවැස්සාට කර්‍මය නො කරන්නේ ද, කර්‍මය ලුහු බවට හෝ පෙරළන්නේ දැ’යි ඇදුරා විසින් උත්සුක බව කළයුතු. සංඝයා විසින් ඔහුට තජ්ජනීය කර්‍මය හෝ නියස්ස කර්‍මය හෝ පබ්බාජනීය කර්‍මය හෝ පටිසාරණීය කර්‍මය හෝ උක්ඛේපනීය කර්‍මය හෝ කරන ලදුයේ වී නම්, ‘කෙසේ නම් අතැවැසි තෙමේ මනාව පවත්නේ ද, අවනත වන්නේ ද, කර්මනිස්තරණය පිණිස පවත්නේ ද, සංඝ තෙමේ ඒ කර්‍මය සන්හිඳුවන්නේ දැ’යි ඇදුරහු විසින් උත්සුක බව කළයුතු.
Pali BJTසචෙ අන්තෙවාසිකස්ස චීවරං ධොවිතබ්බං හොති ආචරියෙන ආචික්ඛිතබ්බං ‘එවං ධොවෙය්යාසී’ති, උස්සුක්කං වා කාතබ්බං ‘කින්ති නු ඛො අන්තෙවාසිකස්ස චීවරං ධොවියෙථා’ති. සචෙ අන්තෙවාසිකස්ස චීවරං කාතබ්බං හොති ආචරියෙන ආචික්ඛිතබ්බං ‘එවං කරෙය්යාසී’ති, උස්සුක්කං වා කාතබ්බං ‘කින්ති නු ඛො අන්තෙවාසිකස්ස චීවරං කරියෙථා’ති. සචෙ අන්තෙවාසිකස්ස රජනං පචිතබ්බං හොති. ආචරියෙන ආචික්ඛිතබ්බං ‘එවං පචෙය්යාසී’ති, උස්සුක්කං වා කාතබ්බං ‘කින්ති නු ඛො අන්තෙවාසිකස්ස රජනං පචීයෙථා’ති.
Sinhala BJTඉදින් අතැවැසියා ගේ සිවුර සේදිය යුතු වේ නම්, මෙසේ සෝදව යි ඇදුරා විසින් කියැ යුතු ය. ‘කෙසේ නම් අතැවැස්සාගේ සිවුර සෝදනු ලබන්නේ දැ’යි උත්සුක බව හෝ කළයුතු. ඉදින් අතැවැස්සාට සිවුරක් කළ යුතු වේ නම්, ‘මෙසේ කරව’යි ඇදුරා විසින් කියැයුතු. ‘කෙසේ නම් අතැවැස්සාට සිවුරෙක් කරනු ලබන්නේ දැ’යි උත්සුක බව හෝ කළයුතු. ඉදින් අතැවැස්සාට රඳන් පිසියැයුතු වේ නම්, ‘මෙසේ පිසව’යි ඇදුරා විසින් කියැ යුතු. ‘කෙසේ නම් අතැවැසියාට රඳන් පිසනු ලබන්නේ දැ’යි උත්සුක බව හෝ කළයුතු.
Pali BJTසචෙ අන්තෙවාසිකස්ස චීවරං රජිතබ්බං හොති ආචරියෙන ආචික්ඛිතබ්බං ‘එවං රජෙය්යාසී’ති, උස්සුක්කං වා කාතබ්බං ‘කින්ති නු ඛො අන්තෙවාසිකස්ස චීවරං රජියෙථා’ති. චීවරං රජන්තෙන සාධුකං සම්පරිවත්තකං සම්පරිවත්තකං රජිතබ්බං, න ච අච්ඡින්නෙ ථෙවෙ පක්කමිතබ්බං. සචෙ අන්තෙවාසිකො ගිලානො හොති යාවජීවං උපට්ඨාතබ්බො, වුට්ඨානමස්ස ආගමෙතබ්බං.
Sinhala BJTඉදින් අතැවැසියාගේ සිවුරු පඬු පෙවියැයුතු වේ නම්, ‘මෙසේ පඬු පෙවියැයුතු යැ’යි ඇදුරහු විසින් කියැ යුතු. ‘කෙසේ නම් අතැවැසියාගේ සිවුරු පඬු පොවනු ලබන්නේ දැ’යි උත්සුක බව හෝ කළයුතු. සිවුර පඬු පොවන්නහු විසින් මනා කොට පෙරළ පෙරළා පඬු පෙවියැයුතු. පඬු බින්‍දු නො සුන් කල්හි , එය හැර දමා නො යායුතු. ඉදින් අතැවැස්සා ගිලන් වේ නම්, යව්දිව් උවටැන් කළයුතු. ඔහුගේ නැඟීසිටීම අපේක්‍ෂා කළයුතු.
Pali BJTඉදං ඛො භික්ඛවෙ ආචරියානං අන්තෙවාසිකෙසු වත්තං යථා ආචරියෙහි අන්තෙවාසිකෙසු වත්තිතබ්බන්ති”.
Sinhala BJTමහණෙනි, මේ වනාහි යම්සේ ඇදුරන් විසින් අතැවැස්සන් කෙරෙහි පැවතියැයුතු ද, ඒ අතැවැසියන් කෙරෙහි ඇදුරන් පැවතියැයුතු වත” යි.
Pali BJTවත්තක්ඛන්ධකං අට්ඨමං.{1}
Sinhala BJTඅටවැනි වත්තක්‍ඛන්‍ධකය
Pali BJTඉමම්හි ඛන්ධකෙ වත්ථුපඤ්චපණ්ණාස
Sinhala BJTමේ ඛන්‍ධකයෙහි වස්තූහු පස්පනසෙකි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය මෙසේ ය:
Pali BJT1. ස උපාහනා ඡත්තා ච ඔගුණ්ඨිසීසං පානීයං නාභිවාදෙ න පුච්ඡන්ති අහි උජ්ඣන්ති පෙසලා.
Sinhala BJT1. වහන් සහිතය, කුඩ සහිතය, හිස වසා පෙරවීමය, හිසෙහි සිවුර යෙදීමය, පියයුතු දියෙන් පා දෙවීමය, (වෘද්ධ භික්‍ෂූන්) නො වැඳීමය, (සෙනසුන්) නො පිළිවිසීමය, සර්‍පයකු ඇඟට වැටීමය, ප්‍රියශීලී භික්‍ෂූන් දොස්නැගීමය,
Pali BJT2. ඔමුඤ්චි ඡත්තං ඛන්ධෙ ච අතරඤ්ච පටික්කමං පත්තචීවරං නික්ඛිපි පතිරූපඤ්ච පුච්ඡිතා
Sinhala BJT2. වහන් මුදාලීම, කුඩය හැකිළීම, සිවුර කරෙහි තබාගැනීම, ඉක්මන් නො වීම, ආරාමික භික්‍ෂූන් රැස්වන තැන පාසිවුරු එකත්පසෙක තැබීම, සුදුසු අසුනකැ හිඳීම, දිය පිළිවිසීම,
Pali BJT3. ආසිඤ්චෙය්ය ධොවිතෙන සුක්ඛෙනල්ලෙනුපාහනා වුඩ්ඪො නවකො පුච්ඡෙය්ය අජ්ඣාවුත්ථං ච ගොචරා.
Sinhala BJT3. දිය ඉසීම, (පා) සේදීම, වියලි කඩින් පිසීම, තෙත් කඩින් පිසීම, වහන් පිස්නා කඩ සේදීම, වෘද්ධයන් වැඳීම, නවකයන් ලවා වැන්ඳවීම, සෙනසුන- පාවිච්චිකළබව- අලුත්බව- ගොදුරු ගම.
Pali BJT4. සෙක්ඛා වච්චා පානී පරි කත්තරං කතිකං තතො කාලං මුහුත්තං උක්ලාපො භුම්මත්ථරණං නීහරෙ
Sinhala BJT4. සේඛසම්මත කුල- වස්-පස්කිළි- පියයුතු- පරිභෝගකළයුතු දිය- සැරයටිය- සඞ්ඝයාගේ කතිකාවත්- ගම් වැදියයුතු කාලය යන මේ දෑ පිළිවිසීම, කසළ සහිත විහාරය පිරිසුදුකිරීම, බුමුතුරුණු බැහැරකිරීම,
Pali BJT5. පටිපාදො භිසිබිම්බො මඤ්චපීඨං ච මල්ලකං අපස්සෙනුල්ලොක කණ්හා ගෙරුකා කාළ අකතා
Sinhala BJT5. ඇඳ පාඅලු- බිසිබිම්බෝහන- ඇඳපුටු- පඩික්කම- හේත්තුවන ලෑල්ල - යන දෑ බැහැර කොට තැබීම, වියන- කවුළු- ගුරු පිරියම් කළ බිත්ති කළුවන් කළ නො කළ බිත්ති පිසදැමීම,
Pali BJT6. සඞ්කාරං ච භුම්මත්ථරං පටිපාදකං මඤ්චපීඨං භිසිබිම්බො නිසීදනං මල්ලකං අපස්සෙන ච
Sinhala BJT6. කසළ ඉවත්කිරීම, බුමුතුරුණු ඇඳ පාඅලු- ඇඳපුටු- බිසි බිම්බොහන- නිසීදනය- පඩික්කම- හේත්තුවන ලෑල්ල යන දෑ වියලා සුදුසු පරිදි තැබීම,
Pali BJT7. පත්තචීවරං භූමි ච පාරන්තං ඔරතො භොගං පුරත්ථිමා පච්ඡිමා ච උත්තරා අථ දක්ඛිණා
Sinhala BJT7. පාසිවුරු තැබීම, භූමිය, සිවුරු කොන පිටපැත්තට හා නැම්ම ඇතුළුපැත්තට දැමීම, පෙර- පැසුළු- උතුරු- දකුණු දිගින් හමන වාතය,
Pali BJT8. සීතුණ්හෙ ච දිවා රත්තිං පරිවෙණං ච කොට්ඨකො උපට්ඨානග්ගිසාලා ච වත්තං වච්චකුටීසු ච.
Sinhala BJT8. සිහිල්- උණුසුම්වාතය, දිවා රෑ කවුළු වැසීම, (කිලුටුවූ) පිරිවෙන- කොටුව- උවටැන්හල- ගිනිහල- වස්කිළිය යන තැන් ඇමදීම,
Pali BJT9. පානීපරිභොජනියා කුම්භි ආචමනෙසු ච අනොපමෙන පඤ්ඤත්තං වත්තං ආගන්තුකෙහි මෙ
Sinhala BJT9. පානීය- පරිභෝජනීය- හා සෝදන ජලය එළවා තැබීම යන මේ කරුණු ආගන්තුක වතැයි බුදුන් විසින් පනවනලදී.
Pali BJT10. නෙවාසනං න උදකං න පච්චු න ච පානීයං නාභිවාදෙ න පඤ්ඤපෙ උජ්ඣායන්ති ච පෙසලා.
Sinhala BJT10. (නේවාසික භික්‍ෂූන්) අසුන් නො පැනවීම, පා දෝනා දිය නො එළවීම, පෙරගමන් නො කිරීම, පැන් නො පිළිවිසීම, නො වැඳීම, අසුන් නො පැනවීම, ප්‍රියශීලී භික්‍ෂූන් දොස් නැගීම,
Pali BJT11. වුඩ්ඪාසනං ච උදකං පච්චුග්ගන්ත්වා ච පානීයං උපාහනෙ එකමන්තං අභිවාදෙ ච පඤ්ඤපෙ.
Sinhala BJT11. වැඩිමහලු භික්‍ෂූන් දැක අසුන් පැනවීම, දිය එළවීම, පෙර ගමන, පැන් එළවීම, වහන් පසෙක තැබීම, වැඳීම, අසුන් පැනවීම,
Pali BJT12. වුත්ථං ගොචර සෙඛො ච ඨානං පානිය භොජනං කත්තරං කතිකං කාලං නවකස්ස නිසින්නකෙ.
Sinhala BJT12. විසූ නො විසූ විහාරයක් බව, ගොදුරුගම, සෙඛකුල, වස්පස්තැන්, පැන්, පිරිබෝදිය, සැරයටිය, කතිකා (ගම්වදින) කාලය (කියයුතු බව) නවකයාහට හුන්නහු විසින් කියයුතු බව,
Pali BJT13. අභිවාදයෙ ආචික්ඛෙ යථා හෙට්ඨා තථා නයෙ නිද්දිට්ඨං සත්ථවාහෙන වත්තං ආවාසිකෙහිමෙ.
Sinhala BJT13. වැන්දවීම, පාසිවුරු තබන තැන් කීම (ආදිය) යට කී නයින් ගතයුතුය. සාර්‍ත්‍ථවාහයන් (බුදුන්) වහන්සේ විසින් මේ ආවාසික වත දක්වනලද්දේය.
Pali BJT14. ගමිකා දාරුමත්ති ච, විවරිත්වා න පුච්ඡිය; නස්සන්ති ච අගුත්තං ච උජ්ඣායන්ති ච පෙසලා.
Sinhala BJT14. ගමික භික්‍ෂූන් දොර කවුළු හැරදමා නො පිළිවිස යෑම, දැවබඩු, මැටිබඩු සෙනසුන නැසීම, නො රක්නාලදබව, පෙසල මහණුන් දොස් නැගීම,
Pali BJT15. පටිසාමෙත්වා ථකෙත්වා ආපුච්ඡිත්වා ච පක්කමෙ භික්ඛු වා සාමණෙරො වා ආරාමිකො උපාසකො
Sinhala BJT15. ගමික මහණ විසින් දැවබඩු මැටිබඩු සකස්කොට තබා දොර කවුළු වසා මහණකු හෝ හොරණකු හෝ ආරාමිකයකු හෝ උවසුවකු හෝ වෙත පවරා යායුතු බව,
Pali BJT16. පාසාණකෙසු ච පුඤ්ජං පටිසාමෙ ථකෙය්ය ච උස්සහති උස්සුක්කං වා අනොවස්සෙ තථෙව ච.
Sinhala BJT16. ගල් මතුයෙහි රැස්කොට තැන්පත් ව තබා දොරකවුළු වසා යායුතු බව, හැකි නම් ආරාමය නො තෙමෙන පරිදි සෙවෙනි කිරීම හෝ කරවීම, නො තෙමෙන තැනක තැන්පත් කරවීම,
Pali BJT17. සබ්බො ඔවස්සති ගාමං අජ්ඣොකාසෙ තථෙව ච අප්පෙවඞ්ගානි සෙසෙය්යුං වත්තං ගමිකභික්ඛුනා.
Sinhala BJT17. සියලු අරම තෙමේ නම් ආරාමික , බඩු ගමෙහි තැන්පත් කිරීම, නැතහොත් ‘කොටසක් හෝ ඉතිරි වේව’යි සිතා එළිමහනෙහි තබා වසා යෑම ගමික මහණගේ වතයි.
Pali BJT18. නානුමොදන්ති ථෙරෙන ඔහාය චතු පඤ්චහි වච්චතො මුච්ඡිතො ආසි වත්තානුමොදනෙසුමෙ
Sinhala BJT18. අනුමෝදනා නො කිරීම, ස්ථවිර භික්‍ෂූව විසින් අනුමෝදනා කළයුතු බව, එකලා ව හැර යෑම, සතර පස් නමක් නතර වියයුතු බව, වස්බරින් පෙළීම, මුසපත්වීම යන මේ කරුණු අනුමෙවෙනි වතෙහි ඇතුළති.
Pali BJT19. ඡබ්බග්ගියා දුන්නිවත්ථා අථො පි ච දුපාරුතා අනාකප්පා ච වොක්කම්ම ථෙරෙ අනුපඛජ්ජනෙ
Sinhala BJT19. සවග මහණුන් නො සකස් ව හැඳ පෙරෙව නො සරුප් ලෙසින් බත්හලට යෑම ඊම, දෙටු මහණුන් නො තකා හිඳීම,
Pali BJT20. නවෙ භික්ඛූ ච සඞ්ඝාටි උජ්ඣායන්ති ච පෙසලා තිමණ්ඩලං නිවාසෙත්වා කාය සගුණ ගණ්ඨිකා
Sinhala BJT20. නවක මහණුන් වැළහීම, සඟළ සිවුර යටකොට හිඳීම, පෙසල මහණුන් දොස් නැගීම, තෙමඬුලු වසා හැඳ කාබහන් බැඳ සගුණකොට සඟළසිවුර පොරොවා ගැටවටු ගන්වා (යෑම.)
Pali BJT21. න වොක්කම්ම පටිච්ඡන්නං සුසංවුතොක්ඛිත්තචක්ඛුනා උක්ඛිත්තොජ්ජග්ඝිකා සද්දො තයො චෙව පචාලනා.
Sinhala BJT21. නො ඉක්මවා යෑම, සුපිළිසන්වීම, මනා සංවර බව, යට බලා හෙළනලද ඇස් ඇති බව, ඔසොවනලද , සිවුරු නැති බව, මහසිනා නැතිබව, අල්පශබ්දබව කය අත් හිස නො සැලීම,
Pali BJT22. ඛම්භොගුණ්ඨි උක්කුටිකා පටිච්ඡන්නං සුසංවුතො ඔක්ඛිත්තචිත්තා උජ්ජග්ඝි අප්පසද්දො තයො චලා.
Sinhala BJT22. උකුළෙහි අත් තැබීම, හිසවසා පෙරවීම, විළුඹ එසවීම (යන මෙයින්) යුතුව ඇතුළුගම නො යායුතු බව, පටිච්ඡන්න සුසංවුත, ඔකඛිත්තචක්ඛු, උජ්ජග්ඝි, අප්පසද්ද, චලනත්‍රය,
Pali BJT23. ඛම්භොගුණ්ඨි පල්ලත්ථි අනුපඛජ්ජනාසනෙ ඔත්ථරිත්වාන උදකෙ නීචං කත්වා න සිඤ්චියා.
Sinhala BJT23. ඛම්භකත, ඔගුණඨීසීස, පල්ලත්‍ථික, අනුපබජ්ජ, ආසනපටිබාහන, සඞ්ඝාටිඔත්ථරන, (යන මොහු ද) දිය පිළිගැනීම, පහත්කොට (පාත්‍රය) සේදීම, සේදූ දිය වැක්කිරීම,
Pali BJT24. පටිසාමන්තෙ සඞ්ඝාටි ඔදනෙ ච පටිග්ගහෙ සූපං උත්තරිභඞ්ගෙන සබ්බෙසං සමතිත්ති ච.
Sinhala BJT24. අසළ සිටුනා මහණුන් හා සඟළසිවුර නො තෙමීම ද, බත් පිළිගැනීමෙහි සූපයට ඉඩ තැබීම, අවුළුපත් සියල්ලන්ට සම සේ බෙදීම ද,
Pali BJT25. සක්කච්චං පත්තසඤ්ඤී ච සපදානඤ්ච සූපකං න ථූපතො පටිච්ඡාදෙ විඤ්ඤත්තුජ්ඣානසඤ්ඤිනා
Sinhala BJT25. සකස්බව, පත්තසඤ්ඤා ඇතිබව, සපදාන, සමසූපක, මුදුනෙන් හනා නො ගැනීම, බතින් නො වැසීම, නො ඉල්වීම, ඊර්‍ෂ්‍යාවෙන් නො බැලීම,
Pali BJT26. මහන්තං මණ්ඩල ද්වාරං සබ්බහත්ථො න බ්යාහරී උක්ඛෙපො ඡෙදනා ගණ්ඩ ධුනං සිත්ථාවකාරකං
Sinhala BJT26. නාතිමහන්තය, පරිමණ්ඩලය, මුඛද්වාරය, සබ්බහත්ථය, ඛ්‍යාහරණය, පිණ්ඩුක්ඛෙපය, අවච්ඡෙදනය, අවගණ්ඩකාරකය, අත් සෙලවීමය, සිත්ථාවකාරකය,
Pali BJT27. ජිව්හානිච්ඡාරකඤ්චෙව චපු සුරු සුරෙන ච හත්ථපත්තොට්ඨනිල්ලෙහං සාමිසෙන පටිග්ගහෙ
Sinhala BJT27. දිව නෙරීම, චපුචපුකාරකය, සුරුසුරුකාරකය, අත- පාත්‍රය- තොල්- ලෙවීමය, සාමිසපටිග්ගහනය,
Pali BJT28. යාව න සබ්බෙ උදකෙ නීචං කත්වාන සිඤ්චිය පටිසාමන්තං සඞ්ඝාටි නීචං කත්වා ඡමාය ච.
Sinhala BJT28. හැම දෙනා වැළඳූබව, දිය පිළිගැනීම, (පාත්‍රය) පහත් කොට සේදීම, සෙචනය, උදකපටිග්ගාහකය, සාමන්තභිකඛුය, සඟළය, පහත්කොට පොළොවෙහි (දැමීමය),
Pali BJT29. සසිත්ථකං නිවත්තන්තෙ සුප්පටිච්ඡන්නමුක්කුටි ධම්මරාජෙන පඤ්ඤත්තං ඉදං භත්තග්ගවත්තනං
Sinhala BJT29. සසිත්ථකය, නිවත්තනය, සුපටිච්ඡන්නය, උක්කුටිකය, යන මේ භත්තග්ග වත ධර්‍මරාජයන් වහන්සේ විසින් පනවනලදී,
Pali BJT30. දුන්නිවත්ථා අනාකප්පා අසල්ලක්ඛෙත්වා ච සහසා{1} දූරෙ අච්ච චිරං ලහුං තථෙව පිණ්ඩචාරිකො.
Sinhala BJT30. දුන්නිවත්‍ථ, අනාකප්ප, නො සැලකීම, යුහුව පිවිසීම. අතිදුර, අච්චාසන්ත, චිරං ලහුං සහ පිණ්ඩචාරික ද,
Pali BJT31. පටිච්ඡන්නෙන ගච්ඡෙය්ය සුංසවුතොක්ඛිත්තචක්ඛුනා උක්ඛිත්තොජ්ජග්ඝිකා සද්දො තයො චෙව පචාලනා
Sinhala BJT31. පටිච්ඡන්න, සුසංවුත, ඔකඛිත්තචක්ඛු, උක්ඛිත්තකාය, උජ්ජග්ඝික, සද්ද හා පවාලන තුන ද,
Pali BJT32. ඛම්භොගුණ්ඨි උක්කුටිකා සල්ලක්ඛෙත්වා ච සහසා{1} දූරෙ අච්ච චිරං ලහුං ආමසනං කටච්ඡුකා.
Sinhala BJT32. ඛම්භකත, ඔගුණ්ඨිත, උක්කුටික, සල්ලක්ඛෙතබ්බ, සහසා, දූර, අච්චාසන්ත, චිරං, ලහුං, (යන) කරුණු ද, කටච්ජු (හා)
Pali BJT33. භාජනං වා ඨපෙති ච උච්චාරෙත්වා පණාමෙත්වා පටිග්ගහෙ න උල්ලොකෙ සූපෙසු පි තථෙව තං
Sinhala BJT33. භාජන පරාමසන, ඨපන, (සඞ්ඝාටි) උච්චාරනා, පණාමන, පටිග්ගහන, (මුඛං) න ඔලොකන යන මොහු සූපයෙහි ද එසේ ම වෙත්,
Pali BJT34. භික්ඛු සඞ්ඝාටියා ඡාදෙ පටිච්ඡන්නෙව ගච්ඡියං සුසංවුතොක්ඛිත්තචක්ඛු උක්ඛිත්තොජ්ජග්ඝිකාය ච
Sinhala BJT34. මහණ සඟළසිවුරෙන් (පාත්‍රය) වසන්නේය. සුපටිච්ඡන්න, සුසංවුත, ඔක්ඛීත්තචකඛු, උක්ඛිත්තකාය, උජ්ජග්ඝිකා,
Pali BJT35. අප්පසද්දො තයො චාලා ඛම්භොගුණ්ඨික උක්කුටි පඨමාසනවක්කාරං පානීයං පරිභොජනීං පච්ඡාකඞ්ඛති භුඤ්ජෙය්ය ඔපිලාපෙය්ය උද්ධරෙ.
Sinhala BJT35. අප්පසද්ද, තෙවැදෑරුම් පචාලන, බම්භ, ඔගුණ්ඨික, උක්කුටික, යන මොහු ද, පඨම (පටික්කමන), ආසන, අවක්කාරපාති, පානීය, පරිහොජනීය, පච්ඡා ආකඞ්ඛන භූඤ්ජන, ඔපිලාපන, (ආසන) උද්ධරන,
Pali BJT36. පටිසාමෙය්ය සම්මජ්ජෙ රිත්තං තුච්ඡං උපට්ඨපෙ හත්ථවිකාරෙ භින්දෙය්ය වත්තඤ්ච පිණ්ඩපාතිකෙ.
Sinhala BJT36. පටිසාමන, සම්මජ්ජන, (හිස් භාජන) පසෙක තැබීම, අතින් සන්කිරීම, වචීභේද නො කිරීම (යන මේ කරුණු) පිණ්ඩපාතිකවත යි.
Pali BJT37. පාණිපරි අග්යාරණි නක්ඛත්තං දිසාචොරා ච සබ්බං නත්ථීති කොටෙත්වා පත්තංසෙ චීවරං තතො
Sinhala BJT37. පානීය, පරිභෝජනීය (උදක), අග්ගි, අරණි, නක්ඛත්ත, දිසා, (මේ) සියල්ල නැතැයි සොරු තළා යෑම, පත්තංස, චීවර,
Pali BJT38. ඉදානි අංසෙ ලග්ගෙත්වා තිමණ්ඩලං පරිමණ්ඩලං යථා පිණ්ඩචාරිවත්තං නයෙ ආරඤ්ඤිකෙසු පි.
Sinhala BJT38. අංසලග්ගන, තිමණ්ඩල, පරිමණ්ඩල, (ආදිය) පිණ්ඩචාරික වතෙහි මෙන් ආරණ්‍යකයන් කෙරෙහි ද වේ.
Pali BJT39. පත්තංසෙ චීවරං සීසෙ ආරොහිත්වා ච පානීයං පරිභොජනීයං අග්ගි අරණී චාපි කත්තරී
Sinhala BJT39. පත්තංස, සීසෙ චීවර ආරොපණ, පානීය පරිභෝජනීය (උදක) අග්ගි, අරණි කත්තරදණ්ඩ,
Pali BJT40. නක්ඛත්තං සබ්බදෙසං වා දිසාපි කුසලො භවෙ සත්තුත්තමෙන පඤ්ඤත්තං වත්තං ආරඤ්ඤිකෙසුමෙ
Sinhala BJT40. සියලු හෝ ඒකදේශ වූ හෝ නැකැත් පද ඉගෙනීම හා දිශාකුශලවීම ද ආරණ්‍යක වතැයි බුදුන් වහන්සේ විසින් පනවනලද්දේය.
Pali BJT41. අජ්ඣොකාසෙ ඔකිරිංසු උජ්ඣායන්ති ච පෙසලා සචෙ විහාරො උක්ලාපො පඨමං පත්තචීවරං
Sinhala BJT41. (ඡබ්බග්ගිය භික්‍ෂූහු) අභ්‍යාවකාශයෙහි රජස් හෙළූහ. පෙසල මහණහු දොස් නඟත්, ඉදින් විහාරය කසළ සහිත වේ නම් පළමුව පාසිවුරු ද,
Pali BJT42. භිසිබිම්බොහනං මඤ්චං පීඨඤ්ච ඛෙළමල්ලකං අපස්සෙනුල්ලොකකණ්ණා ගෙරුකං කාළවාකතං
Sinhala BJT42. (ඉක්බිති) හිසි, බිම්බෝහන, ඇඳ, පුටු, ඛෙළමල්ල, අපස්සේන ඵලක ද (එකත් පසෙක තැබීම.) ආලෝකකණ්ණ, ගෙරුක, කාලවර්‍ණ කළ නො කළ (බිත්ති පිරිසුදු කිරීම.)
Pali BJT43. සඞ්කාරං භික්ඛු සාමන්තා සෙනා විහාරපානියං පරිභොජන සාමන්තා පටිවාතෙ ච පඞ්ගණෙ.
Sinhala BJT43. කසළ (බැහැර දැමීම) භික්ඛු - සේනාසන - විහාර - පානීයපරිභෝජනීය (ජලය) අසළ ද, පටිවාත, පඞ්ගණ යන තැන්හි සෙනසුන් ගසා නොදැමීම ද,
Pali BJT44. අධොවාතෙ අත්ථරණං පටිපාදක මඤ්චකං පීඨං භිසි නිසීදනං මල්ලකං අපස්සෙන ච.
Sinhala BJT44. අධෝවාත, අත්‍ථරණ, පටිපාදක, මඤව, පීඨ, හිසි, නිසීදන, (ඛෙළ) මල්ලක, අපස්සේන ද,
Pali BJT45. පත්ත චීවරං භූමි ච පාරන්තං ඔරභොගතො පුරත්ථිමා ච පච්ඡිමා උත්තරා අථ දක්ඛිණා.
Sinhala BJT45. පත්ත, චීවර, භූමි, පාරත්ත, ඔරභෝග ද, පුරත්‍ථිම, පච්ඡිම, උත්තර, දක්ඛිණ වාත ද,
Pali BJT46. සීතුණ්හෙ ච දිවා රත්තිං පරිවෙණඤ්ච කොට්ඨකො උපට්ඨානග්ගිසාලා ච වච්චකුටී ච පානීයං.
Sinhala BJT46. සීත, උණ්හ, දිවා, රත්ති, පරිවෙණ, කොට්ඨක, උපට්ඨානසාලා, අග්ගිසාලා, වච්චකුටි, පානීය ද,
Pali BJT47. ආචමකුම්භි වුඩ්ඪෙ ච උද්දෙස පරිපුච්ඡනා සජ්ඣා ධම්මො පදීපං විජ්ඣාපෙ න විවරෙ නාපි ථකෙ
Sinhala BJT47. ආචමනකුම්භි, වුඩ්ඪ, උද්දේස, පරිපුච්ඡනා, සජ්ඣායනා, ධම්ම, පදීප, න විජඣාපන, න විවරණ, න ථකන ද,
Pali BJT48. යෙන වුඩ්ඪො පරිවත්ති කණ්ණෙනපි න ඝට්ටයෙ පඤ්ඤපෙසි මහාවීරො වත්තං සෙනාසනෙසු තං.
Sinhala BJT48. වැඩිමහලු කෙනකුන් (සක්මන් කරන තැනින්) ආපසු හැරීම, සිවුරු කොනින් හෝ නො ගැටීම ද සෙනසුන්වතැයි මහා වීරයන් වහන්සේ පැනවූයේක.
Pali BJT49. නිවාරියමානා ද්වාරං මුච්ඡිතුජ්ඣන්ති පෙසලා ඡාරිකං ඡඩ්ඩයෙ ජන්තා පරිභණ්ඩං තථෙව ච
Sinhala BJT49. වළකනුලබන්නාහු දොර (වසත්) භික්‍ෂූහු මූර්ඡිත වෙත්. පෙසල මහණෝ දොස්නගත්, ඡාරිකා, ජන්තාඝර, පරිහණ්ඩ ද එසේම
Pali BJT50. පරිවෙණං කොට්ඨකො සාලා චුණ්ණ මත්තික දොණිකා මුඛං පුරතො න ථෙරෙ න නවෙ උස්සහති සචෙ
Sinhala BJT50. පරිවෙණ, කොට්ඨක, සාලා, චුණ්ණ, මත්තිකා, දොණි, මුඛ, පුරතො, න ථෙරෙ, න නවෙ, සචෙ උස්සහති (යනු ද,)
Pali BJT51. පුරතො උපරිමග්ගො චික්ඛල්ලං මත්ති පීඨකං විජ්ඣාපෙත්වා පක්කමෙ වත්තං ජන්තාඝරෙසුමෙ
Sinhala BJT51. පුරතො, උපරි, මග්ග, චික්ඛල්ල, මත්තිකා, පීඨ, (දීප) විජ්ඣාපන, පක්කමන යන මොහු ජන්තාඝරවතයි.
Pali BJT52. නාචමෙති යථාවුඩ්ඪං පටිපාටි ච සහසා උබ්භජි නිත්ථුනො කට්ඨං වච්චං පස්සාව ඛෙළකං
Sinhala BJT52. ආචමන, යථාබුඩ්ඪ, පටිපාටී, සහසා (පවෙසන) උබ්භුජ්ජ, නිත්‍ථුනන, දන්තකට්ඨ, වච්ච, පස්සාව, ඛෙල (යන මොහු ද,)
Pali BJT53. ඵරුසා කූප සහසා උබ්භජ්ජි චපු සෙසෙන බහි අන්තො ච උක්කාසෙ රජ්ජු අතරමානඤ්ච
Sinhala BJT53. ඵරුසකට්ඨ, වච්චකූප, සහසා, උබ්භුජ්ජ, චපුචපුකාරක, උදකසේස ද, බහි - අන්තො උක්කාසන, රජ්ජු හා අතරමාන ද,
Pali BJT54. සහසා උබ්භුජ්ජිත්වාන නිත්ථුනෙ කට්ඨවච්චකං. පස්සාව ඛෙළ ඵරුසා කූපඤ්ච වච්චපාදුකෙ.
Sinhala BJT54. සහසා, උබ්භුජජ්, නිත්‍ථුනන, (දන්ත) කට්ඨ, වච්ච, පස්සාව, ඛේළ, ඵරුසකට්ඨ, වච්චකූප, වච්චපාදුකා,
Pali BJT55. නාතිසහසා උබ්භුජ්ජි පාදුකාය චපුචපු න සෙසයෙ පටිච්ඡාදෙ ඌහන පීඨරෙන ච.
Sinhala BJT55. නාතිසහසා, උබ්භූජ්ජි, පාදුකා, චපුචපු, න උදකසෙස, පටිච්ඡාදන, ඌහන, පිඨර යන මෙයින් ද,
Pali BJT56. වච්චකුටී පරිභණ්ඩං පරිවෙණඤ්ච කොට්ඨකො ආචමනෙ ච උදකං වත්තං වච්චකුටීසුමෙ.
Sinhala BJT56. වච්චකුටී, පරිභණ්ඩ, පරිවෙණ, කොට්ඨක, ආචමන උදක යන මෙයින් ද වච්චකුටිවත වේ.
Pali BJT57. උපාහනා දන්තකට්ඨං මුඛොදකඤ්ච ආසනං යාගු උදකං ධොවිත්වා උද්ධාරුක්ලාප ගාම ච.
Sinhala BJT57. උපාහන, දන්තකට්ඨ, මුඛෝදක, ආසන, යාගු, උදක, ධෝවන, උද්ධරන, උක්ලාප, ගාම යනු ද,
Pali BJT58. නිවාසනං කායබන්ධං{1}. සගුණං පත්තසොදකං පච්ඡා තිමණ්ඩලො චෙව පරිමණ්ඩලබන්ධනං.
Sinhala BJT58. නිවාසන, කායබන්‍ධන, සගුණ, සොදකපත්ත, පච්ඡා (සමණ) තිමණ්ඩල, පරිමණ්ඩල, කායබන්‍ධන,
Pali BJT59. සගුණං ධොවිත්වා පච්ඡා නාතිදූරෙ පටිග්ගහෙ භණමානස්ස ආපත්ති පඨමා ගන්ත්වාන ආසනං.
Sinhala BJT59. සගුණ, ධෝවන, පච්ඡා (සමණ) නාතිදූර, පටිග්ගහණ යන මොහු ද, භණමාන, ආපත්ති, පළමුව ගොස් අසුන් පැනවීම,
Pali BJT60. උදකං පීඨ කඨලි පච්චුග්ගන්ත්වා නිවාසනං ඔතාපෙ නිදහි භඞ්ගො ඔභොගෙ භුඤ්ජිතුන්නමෙ.
Sinhala BJT60. උදක, පීඨ, කඨලි, පච්චුග්ගමන, නිවාසන, ඔතාප, නිදහන භඞ්ග, ඔභෝග, භුඤ්ජිතුකාම, උපනාමන,
Pali BJT61. පානීයං උදකං නීචං මුහුත්තං න ච නිදහෙ පත්තචීවර භූමි ච පාරන්තං ඔරභොගතො.
Sinhala BJT61. පානීය, උදක, නීච, මුහුත්ත, න නිදහන, පත්ත, චීවර, භූමි, පාරන්ත, ඔරභෝග ද,
Pali BJT62. උද්ධරෙ පටිසාමෙ ච උක්ලාපො ච නහායිතුං සීතං උණ්හං ජන්තාඝරං චුණ්ණං මත්තිකපිට්ඨිතො
Sinhala BJT62. උද්ධරන, උක්ලාප, නහායිතුකාම, සීත, උණ්හ, ජන්තාඝර, චුණ්ණ, මත්තිකා, පිට්ඨිකොගමන ද,
Pali BJT63. පීඨඤ්ච චීවරං චුණ්ණං මත්තිකුස්සහති මුඛං පුරතො ථෙරෙ නවෙ ච පරිකම්මඤ්ච නික්ඛමෙ.
Sinhala BJT63. පීඨ, චීවර, චුණ්ණ, මත්තිකා, සචෙ උස්සහති, මුඛ, පුරතො, ථේර, නවක, පරිකම්ම, නික්ඛමන ද,
Pali BJT64. පුරතො උදකෙ නහානෙ නිවාසෙත්වා උපජ්ඣායං නිවාසනඤ්ච සඞ්ඝාටි පීඨකං ආසනෙන ච.
Sinhala BJT64. පුරතො, උදක, නහාන, නිවාසන, උපජ්ඣාය, නිවාසන, සඞ්ඝාටි, පීඨක, ආසනයෙන් ද,
Pali BJT65. පාදො පීඨං කඨලිඤ්ච පානීයුද්දෙසපුච්ඡනා උක්ලාපං සුසොධෙය්ය පඨමං පත්තචීවරං.
Sinhala BJT65. පාදොදක, පාදපීඨ, පාදකඨලික, පානීය, උද්දේස, පුච්ඡනා උක්ලාප (විහාර) සො ධන, පත්තචීවර ද,
Pali BJT66. නිසීදනපච්චත්ථරණං භිසිබිම්බොහනානි ච මඤ්චො පීඨං පටිපාදං මල්ලකං අපස්සෙන ච.
Sinhala BJT66. නිසීදන, පච්චත්ථරණ, භිසි, බිම්බොහන, මඤ්ච. පීඨ, පටිපාද, මල්ලක, අපස්සේන ද,
Pali BJT67. භුම්ම සන්තාන ආලොක ගෙරුකා කාළ අකතා භුම්මත්ථර පටිපාදා මඤ්චො පීඨං බිබ්බොහනං
Sinhala BJT67. භූම්ම, සන්තාන, ආලෝක, ගෙරුක, කාළවණ්ණකත හා අකත ද, භූම්මත්ථරණ, පටිපාද, මඤ්ච, පීඨ, බිම්බෝහන ද,
Pali BJT68. නිසීදනත්ථරණං ඛෙළ අපස්සෙ පත්තචීවරං පුරත්ථිමා පච්ඡිමා චෙව උත්තරා අථ දක්ඛිණා.
Sinhala BJT68. නිසීදන, අත්‍ථරණ, ඛෙළමල්ල, අපස්සේන, පත්නචීවර ද, පුරත්‍ථිම, පච්ඡිම, උත්තර දක්ඛිණ වාත ද,
Pali BJT69. සීතුණ්හඤ්ච දිවා රත්තිං පරිවෙණඤ්ච කොට්ඨකො උපට්ඨානග්ගිසාලා ච වච්ච පානිය භොජනි.
Sinhala BJT69. සීත, උණ්හ, දිවා, රත්ති, පරිවෙණ, කොට්ඨක, උපට්ඨාන - අග්ගි සාලා ද, වච්ච, පානීය, පරිභෝජනීය ද,
Pali BJT70. ආචමං අනභිරති කුක්කුච්චං දිට්ඨි ච ගරු මූලමානත්ත අබ්භානං තජ්ජනීයං නියස්සකං.
Sinhala BJT70. ආචමන, අනභිරති, කුක්කුච්ච, දිට්ඨි, ගරුධම්ම, මූලායපටිකස්සන, මානනත, අබහාන ද, තප්පනීය, නියස්ස,
Pali BJT71. පබ්බාජ පටිසාරණී උක්ඛෙපඤ්ච කතං යදි ධොවෙ කාතබ්බං රජඤ්ච රජෙ සම්පරිවත්තකං.
Sinhala BJT71. පබ්බජජා, පටිසාරණීය, උක්ඛේපනීය කර්‍ම ද, චීවර ධෝවන, සම්පරිවත්තක රජන ද,
Pali BJT72. පත්තඤ්ච චීවරං චාපි පරික්ඛාරඤ්ච ඡෙදනං පරිකම්මං වෙය්යාවච්චං පච්ඡා පිණ්ඩං පවිසනං.
Sinhala BJT72. පත්ත, චීවර, පරික්ඛාර, ඡේදන, පරිකම්ම, වෙය්‍යාවච්ච, පච්ඡාසමණ, පිණ්ඩපාත, ගාමප්පවේසන ද,
Pali BJT73. න සුසානං දිසා චෙව යාවජීවං උපට්ඨහෙ සද්ධිවිහාරිකෙනෙතං වත්තුපජ්ඣායකෙසුමෙ{1}
Sinhala BJT73. න සුසාන ගමන, න දිසාපක්කමන ද, යාවජීව උපට්ඨහන ද සද්ධිවිහාරික විසින් උපාධ්‍යායයන් කෙරෙහි පිළිපැදියයුතු වතයි.
Pali BJT74. ඔවාද සාසනුද්දෙසා පුච්ඡා පත්තඤ්ච චීවරං පරික්ඛාර ගිලානො ච න පච්ඡාසමණො භවෙ.
Sinhala BJT74. ඕවාද, අනුසාසන, උද්දේස, පරිපුච්ඡා, පත්ත, චීවර, පරික්ඛාර, ගිලාන, න පච්ඡාසමණ වීම ද,
Pali BJT75. උපජ්ඣායෙසු යෙ වත්තා එවං ආචරියෙසුපි සද්ධිවිහාරිකෙ වත්තා තථෙව අන්තෙවාසිකෙ.
Sinhala BJT75. උපාධ්‍යායයන් කෙරෙහි යම් වතක් කියනලද ද, ආචාර්‍ය්‍යයන් කෙරෙහි දු එසේ මැ යි. සද්ධිවිහාරික කෙරෙහි කියනලද්ද අන්තේවාසික කෙරෙහි ද එසේ ම වේ.
Pali BJT76. ආගන්තුකෙසු යෙ වත්තා පුන ආවාසිකෙසු ච ගමිකානුමොදනිකා භත්තග්ගෙ පිණ්ඩචාරිකෙ.
Sinhala BJT76. ආගන්තුකයන් කෙරෙහි ද යළි ආවාසිකයන් කෙරෙහි ද යම් වතක් කියනලද ද ගමික, අනුමෝදනික, භත්තග්ග, පිණ්ඩපාතික (යන වත් ද,)
Pali BJT77. ආරඤ්ඤිකෙසු යං වත්තං යඤ්ච සෙනාසනෙසු පි ජන්තාඝරෙ වච්චකුටී උපජ්ඣා සද්ධිවිහාරිකෙ.
Sinhala BJT77. ආරඤ්ඤිකයන් කෙරෙහි හා සෙනසුන පිළිබඳ යම් වතක් කියනලද ද ජන්තාඝර, වච්චකුටි, උපජ්ඣාය, සද්ධිවිහාරික,
Pali BJT78. ආචරියෙසු යං වත්තං තථෙව අන්තෙවාසිකෙ එකූනවීසති වත්ථු වුත්තා සොළසඛන්ධකෙ{1}
Sinhala BJT78. ආචරිය, අන්තේවාසික (යන විෂය පිළිබඳව) යම් වතක් කියනලද ද (මෙහි) එකුන්විසි වස්තුවෙකි. ඛන්‍ධකයෙහි වත් සොළසෙක් කියනලදහ.