Pali BJTඉදං ඛො භික්ඛවෙ භික්ඛූනං සෙනාසනවත්තං යථා භික්ඛූහි සෙනාසනෙ වත්තිතබ්බන්ති”.
Sinhala BJT“මහණෙනි, යම්සේ භික්‍ෂූන් විසින් සෙනස්නෙහි පැවතියැයුතු ද මේ භික්‍ෂූන්ගේ ඒ සෙනසුන් වත”යි.
Pali BJTජන්තාඝරවත්තං
Sinhala BJTජන්තාඝර වත
Pali BJT11. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ ජන්තාඝරෙ ථෙරෙහි භික්ඛූහි නිවාරියමානා අනාදරියං පටිච්ච පහූතං කට්ඨං ආරොපෙත්වා අග්ගිං දත්වා ද්වාරං ථකෙත්වා ද්වාරෙ නිසීදන්ති. භික්ඛූ උණ්හාභිතත්තා ද්වාරං අලභමානා මුච්ඡිතා පපතන්ති. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා සන්තුට්ඨා ලජ්ජිනො කුක්කුච්චකා සික්ඛාකාමා තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ ජන්තාඝරෙ ථෙරෙහි භික්ඛූහි නිවාරියමානා අනාදරියං පටිච්ච පහූතං කට්ඨං ආරොපෙත්වා අග්ගිං දත්වා ද්වාරං ථකෙත්වා ද්වාරෙ නිසීදිස්සන්ති. භික්ඛූ උණ්හාභිතත්තා ද්වාරං අලභමානා මුච්ඡිතා පපතන්තී”ති.
Sinhala BJT11. එ සමයෙහි වනාහි සවැගි මහණහු ගිනිහල්ගෙහි දී ස්ථවිර භික්‍ෂූන් විසින් වළක්වනු ලබන්නාහු ආදරගෞරව නැති බැවින් බොහෝ දර නංවා (ගොඩ ගසා) ගිනි දල්වා දොර වසා දොර කඩැ හිඳිත්. භික්‍ෂූහු උෂ්ණයෙන් බොහෝ සෙයින් තැවුණාහු දොර කඩ නො ලබන්නාහු මුසපත් වැ වැටෙත්. අල්පේච්ඡ වූ සන්තුෂ්ට වූ ලජ්ජී වූ කුකුස් කරන්නාවූ සික කැමැත්තා වූ යම් මහණ කෙනෙක් වෙත් ද , ඔහු “කෙසේ නම් සවැගි මහණහු ගිනිහල් ගෙහි ස්ථවිර භික්‍ෂූන් විසින් වළක්වනු ලබන්නාහු, අනාදර බව නිසා බොහෝ දර ගොඩ ගසා ගිනි දල්වා දොර වසා දොරකඩට වී ඉන්නාහු ද, භික්‍ෂූහු උෂ්ණයෙන් අධික වැ තැවුණාහු දොරකඩ නො ලබන්නාහු මුසපත් වැ වැටෙතැ” යි ලාමක කොට සිතත්, නින්‍දා කෙරෙත්, නො ගුණ පතුරුවත්.
Pali BJTඅථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTඉක්බිති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ.
Pali BJT“සච්චං කිර භික්ඛවෙ ඡබ්බග්ගියා භික්ඛූ ජන්තාඝරෙ ථෙරෙහි භික්ඛූහි නිවාරියමානා අනාදරියං පටිච්ච පහූතං කට්ඨං ආරොපෙත්වා අග්ගිං දත්වා ද්වාරං ථකෙත්වා ද්වාරෙ නිසීදන්ති. භික්ඛූ උණ්හාභිතත්තා ද්වාරං අලභමානා මුච්ඡිතා පපතන්තීති”
Sinhala BJT“මහණෙනි, සවැගි, මහණහු ගිනිහල්ගෙහි ස්ථවිර භික්‍ෂූන් විසින් වළක්වනු ලබන්නාහු අනාදර බව නිසා බොහෝ දර ගොඩගසා ගිනි දල්වා දොර වසා දොරැ හිඳිත් ල. භික්‍ෂූහු උෂ්ණයෙන් අධික වැ තැවුණාහු දොර නො ලබන්නාහු (පිටත යෑමට දොර නාරින බැවින්) මුසපත් වැ ඇදවැටෙත් ල. ඒ සැබෑ දැ” යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක.
Pali BJT“සච්චං භගවා.”... විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි:
Sinhala BJT“භාග්‍යවතුන් වහන්ස, සැබැවැ”යි ඔහු කීහ. ... භාග්‍යවතුන් වහන්සේ වෙසෙසින් ගරහා, දැහැමි කතා කොට, භික්‍ෂූන් බණවා,
Pali BJT“න භික්ඛවෙ ජන්තාඝරෙ ථෙරෙන භික්ඛුනා නිවාරියමානෙන අනාදරියං පටිච්ච පහූතං කට්ඨං ආරොපෙත්වා අග්ගි දාතබ්බො. යො දදෙය්ය ආපත්ති දුක්කටස්ස. න භික්ඛවෙ ද්වාරං ථකෙත්වා ද්වාරෙ නිසීදිතබ්බං. යො නිසීදෙය්ය, ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT“මහණෙනි, ගිනිහල්ගෙහි ස්ථවිර භික්‍ෂූන් විසින් වළක්වනු ලබන මහණහු විසින් අනාදර බව නිසා බොහෝ දර නංවා ගිනි නො දැල්වියැයුතු. යමෙක් ගිනි දල්වන්නේ නම්, ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, දොර වසා දොරැ නො හින්දැයුතු. යමෙක් ඉඳින්නේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක. (ඉක්බිති මෙසේ ද වදාළ සේක.):
Pali BJT12. “තෙන හි භික්ඛවෙ භික්ඛූනං ජන්තාඝරෙ වත්තං පඤ්ඤාපෙස්සාමි යථා භික්ඛූහි ජන්තාඝරෙ වත්තිතබ්බං.”
Sinhala BJT12. “මහණෙනි, එසේ වී නම් භික්‍ෂූන් විසින් ගිනිහල්ගෙහි පැවතියයුතු පරිදි භික්‍ෂූනට ගිනිහල්ගෙහි වත පනවන්නෙමි”.
Pali BJT“යො පඨමං ජන්තාඝරං ගච්ඡති, සචෙ ඡාරිකා උස්සන්නා හොති, ඡාරිකා ඡඩ්ඩෙතබ්බා. සචෙ ජන්තාඝරං උක්ලාපං හොති ජන්තාඝරං සම්මජ්ජිතබ්බං. සචෙ පරිභණ්ඩං උක්ලාපං හොති පරිභණ්ඩං සම්මජ්ජිතබ්බං. සචෙ පරිවෙණං උක්ලාපං හොති පරිවෙණං සම්මජ්ජිතබ්බං. සචෙ කොට්ඨකො උක්ලාපො හොති කොට්ඨකො සම්මජ්ජිතබ්බො. සචෙ ජන්තාඝරසාලා උක්ලාපා හොති ජන්තාඝරසාලා සම්මජ්ජිතබ්බා. චුණ්ණං සන්නෙතබ්බං. මත්තිකා තෙමෙතබ්බා. උදකදොණිකාය උදකං ආසිඤ්චිතබ්බං. ජන්තාඝරං පවිසන්තෙන මත්තිකාය මුඛං මක්ඛෙත්වා පුරතො ච පච්ඡතො ච පටිච්ඡාදෙත්වා ජන්තාඝරපීඨං ආදාය ජන්තාඝරං පවිසිතබ්බං. න ථෙරෙ භික්ඛූ අනුපඛජ්ජ නිසීදිතබ්බං. න නවා භික්ඛූ ආසනෙන පටිබාහිතබ්බා. සචෙ උස්සහති ජන්තාඝරෙ ථෙරානං භික්ඛූනං පරිකම්මං කාතබ්බං. ජන්තාඝරා නික්ඛමන්තෙන ජන්තාඝරපීඨං ආදාය පුරතො ච පච්ඡතො ච පටිච්ඡාදෙත්වා ජන්තාඝරා නික්ඛමිතබ්බං. සචෙ උස්සහති උදකෙපි ථෙරානං භික්ඛූනං පරිකම්මං කාතබ්බං. න ථෙරානං භික්ඛූනං පුරතොපි නහායිතබ්බං. න උපරිතො නහායිතබ්බං. නහාතෙන උත්තරන්තෙන ඔතරන්තානං මග්ගො දාතබ්බො. යො පච්ඡා ජන්තාඝරා නික්ඛමති සචෙ ජන්තාඝරං චික්ඛල්ලං හොති ධොවිතබ්බං. මත්තිකාදොණිකං ධොවිත්වා ජන්තාඝරපීඨං පටිසාමෙත්වා අග්ගිං විජ්ඣාපෙත්වා ද්වාරං ථකෙත්වා පක්කමිතබ්බං.
Sinhala BJT“යමෙක් පළමු කොට ගිනිහල්ගෙට යන්නේ ද, ඉදින් අළු ගොඩගැසී ඇත් නම් අළු බැහැර දමාලියයුතු. ඉදින් ගිනිහල්ගෙය කැළිකසළ සහිත වේ නම් එය හැමැන්දයුතු. ඉදින් පිල්කඩ කැලි කසළ සහිත වේ නම් එය හැමැන්දයුතු. ඉදින් පිරිවෙන (ගිනි හලත් පවුරත් අතරැ පෙදෙස) කැළිකසළ සහිත වේ නම්, එය හැමැන්දයුතු. ඉදින් දොර කොටුව කැළිකසළ සහිත වේ නම්, එය හැමැන්දයුතු. ගිනිහල්ගෙහි ශාලාව කැළිකසළ සහිත වේ නම්, එය හැමැන්දයුතු. නානසුණු දියෙන් තෙමා ගුලි කළයුතු නාන මැටි තෙමියයුතු. දිය ඔරුවෙහි දිය වත් කළයුතු. ගිනිහල්ගෙට පිවිසෙන්නහු විසින් මැටියෙන් මුව වකා (මුහුණේ මැටි ආලේප කොට) ඉදිරි පසින් ද පිටු පසින් ද වසාගෙන ගිනිහල්පුටුව ගෙන ගිනිහල්ගෙට පිවිසියැයුතු. ස්ථවිර භික්‍ෂූන් මැදට කඩා පැන නො හින්දැයුතු. නවක භික්‍ෂූහු ඔවුන් හුන් අස්නෙන් නො ම නෙරපියැයුතුහ. හැක්කේ නම්, ගිනිහල්ගෙහි දී ස්ථවිර භික්‍ෂූනට පිරියම් කළයුතු. ගිනිහල් ගෙයින් නික්මෙන්නහු විසින් ගිනිහල් පුටුව ගෙන ඉදිරි පසින් ද පිටු පසින් ද වසාගෙන ගිනිහල් ගෙයින් නික්මියැයුතු. හැක්කේ නම්, දියෙහි ද ස්ථවිර භික්‍ෂූනට පිරියම් කළයුතු. ස්ථවිර භික්‍ෂූනට ඉදිරියේ (සිට) නො නෑයුතු. ස්ථවිර භික්‍ෂූනට මත්තෙහි (ඉහළින්) සිට නො නෑයුතු. නා ගොඩ නැගෙන්නහු විසින් දියට බස්නාවුනට මඟ හැරියයුතු. යමෙක් පසුවැ ගිනිහල්ගෙයින් නික්මේ ද ගිනිහල්ගෙය මඩ වී ඇතොත්, ඔහු විසින් එය සේදියැ යුතු. මැටි බහා ලන ඔරුව දෙවැ ගිනි හල් පුටුව තැන් පත් කොට තබා ගිනි නිවා දොර වසා නික්ම යෑ යුතු.
Pali BJTඉදං ඛො භික්ඛවෙ භික්ඛූනං ජන්තාඝරවත්තං යථා භික්ඛූහි ජන්තාඝරෙ වත්තිතබ්බන්ති”.
Sinhala BJTමහණෙනි, භික්‍ෂූන් විසින් ගිනිහල්ගෙහි යම්සේ පැවතියැයුතු ද, මේ ඒ භික්‍ෂූන්ගේ ගිනිහල්ගෙහි වත යි.
Pali BJTවච්චකුටිවත්තං
Sinhala BJTවැසිකිළි වත
Pali BJT13. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු බ්රාහ්මණජාතිකො වච්චං කත්වා න ඉච්ඡති ආචමෙතුං කො ඉමං වසලං දුග්ගන්ධං ආමසිස්සතීති. තස්ස වච්චමග්ගෙ කිමි සණ්ඨාසි. අථ ඛො සො භික්ඛු භික්ඛූනං එතමත්ථං ආරොචෙසි.
Sinhala BJT13. එ සමයෙහි එක්තරා බ්‍රාහ්මණ ජාතික මහණෙක් මල පහ කොට ‘කවරෙක් නම්, දුගඳ වූ මෙ අශුචි අල්ලන්නේ දැ’යි කියා මල දොවන්නට නො කැමැති වෙයි. ඔහු ගේ මල මගැ කෘමිදෝෂය නැංගේ ය. එ කල ඒ මහණ (සෙසු) මහණුනට මෙ පවත් සැල කෙළේ ය.
Pali BJT“කිම්පන ත්වං ආවුසො වච්චං කත්වා න ආචමෙසී”ති.
Sinhala BJT“ඇවැත්නි, කිමෙක් ද? තෙපි මල පහ කොට නො සෝදවූ දැ”යි භික්‍ෂූහු විචාළහ.
Pali BJT“එවමාවුසො”ති.
Sinhala BJT“එසේ ය. ඇවැත්නි” යි ඒ මහණ කී ය.
Pali BJTයෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛු වච්චං කත්වා න ආචමෙස්සතී”ති.
Sinhala BJTඅල්පෙච්ඡ වූ ... යම් මහණ කෙනෙක් වෙත් ද, ඔහු “කෙසේ නම් මහණ තෙම මල පහකොට මලමඟ නො සෝදන්නේ දැ” යි ලාමක කොට සිතත්, නින්‍දා කෙරෙත්, නො ගුණ පතුරුවත්.
Pali BJTඅථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළහ.
Pali BJT“සච්චං කිර ත්වං භික්ඛු වච්චං කත්වා න ආචමෙසී”ති.
Sinhala BJT“මහණ, තෝ මල පහකොට (මල මඟ) නො සෝදහි ල. ඒ සැබෑ ද”යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළසේක.
Pali BJT“සච්චං භගවා”. -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි:
Sinhala BJT“වහන්ස, සැබවැ”යි ඒ මහණ කී ය ... භාග්‍යවතුන් වහන්සේ වෙසෙසින් ගරහා දැහැමි කථා කොට භික්‍ෂූන් අමතා,
Pali BJT“න භික්ඛවෙ වච්චං කත්වා සති උදකෙ නාචමෙතබ්බං. යො න ආචමෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT“මහණෙනි, මල පහකොට දිය ඇති කලැ නො ම නො සේදියැ යුතු. යමෙක් නො සෝදන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ”යි වදාළසේක.
Pali BJT14. තෙන ඛො පන සමයෙන භික්ඛූ වච්චකුටියා යථාවුඩ්ඪං වච්චං කරොන්ති. නවකා භික්ඛූ පඨමතරං ආගන්ත්වා වච්චිතා ආගමෙන්ති. තෙ වච්චං සන්ධාරෙන්තා මුච්ඡිතා පපතන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “සච්චං කිර භික්ඛවෙ” -පෙ-
Sinhala BJT14. එ සමයෙහි මහණහු වැසිකිළියෙහි වැඩිමහලු පිළිවෙළින් මල පහකෙරෙත්. නවක මහණහු වඩා පළමුවෙන් අවුත් වර්චසින් පීඩිත වැ (වාරය එන තුරු) බලාපොරොත්තු වෙත්. ඔහු වර්චස් වේගය උසුලන්නාහු මුසපත් වැ ඇදවැටෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. “මහණෙනි. සැබෑ දැ” යි අසා වදාළ සේක.
Pali BJT“සච්චං භගවා”. -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි:
Sinhala BJT“සැබව, වහන්සැ” යි ඔහු කීහ. ... භාග්‍යවතුන් වහන්සේ වෙසෙසින් ගරහා දැහැමි කථා කොට භික්‍ෂූන් අමතා,
Pali BJT“න භික්ඛවෙ වච්චකුටියා යථාවුඩ්ඪං වච්චො කාතබ්බො. යො කරෙය්ය ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ ආගතපටිපාටියා වච්චං කාතුන්ති”.
Sinhala BJT“මහණෙනි, වැසිකිළියෙහි නො ම මහලු පිළිවෙළින් මල පහකළයුතු. යමෙක් එසේ කරන්නේ ද, ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, ආ පිළිවෙළින් මල පහකරන්නට අනුදනිමි”යි වදාළසේක.
Pali BJT15. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ අතිසහසාපි වච්චකුටිං පවිසන්ති. උබ්භජිත්වා පි පවිසන්ති. නිත්ථුනන්තාපි වච්චං කරොන්ති. දන්තකට්ඨං ඛාදන්තාපි වච්චං කරොන්ති. බහිද්ධාපි වච්චදොණිකාය වච්චං කරොන්ති. බහිද්ධාපි පස්සාවදොණිකාය පස්සාවං කරොන්ති. පස්සාවදොණිකාය ඛෙළං කරොන්ති. ඵරුසෙනපි කට්ඨෙන අවලෙඛන්ති අවලෙඛනකට්ඨම්පි වච්චකූපම්හි පාතෙන්ති. අතිසහසාපි නික්ඛමන්ති. උබ්භජිත්වාපි නික්ඛමන්ති. චපුචපුකාරකම්පි ආචමෙන්ති. ආචමනසරාවකෙ පි උදකං සෙසෙන්ති. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා සන්තුට්ඨා ලජ්ජිනො කුක්කුච්චකා සික්ඛාකාමා තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ අතිසහසාපි වච්චකුටිං පවිසිස්සන්ති -පෙ- ආචමනසරාවකෙපි උදකං සෙසෙස්සන්තී”ති.
Sinhala BJT15. එ සමයෙහි සවැගි මහණහු ඉතා වහා ද වැසිකිළියට වදිත්, සිවුර ඔසොවා ගෙන ද පිවිසෙත්. තතනමින් ද මල පහ කෙරෙත්. දැහැටි කමින් ද මල පහකෙරෙත්. වැසිකිළි ඔරුවෙන් පිටත්හි ද මල පහකෙරෙත්. මූත්‍ර ඔරුවෙන් පිටත්හි ද මූත්‍ර කෙරෙත්. මූත්‍ර ඔරුවෙහි ද කෙළ ගසත්. රළු කෝටුවෙකින් ද මලමඟ පිසදමත්. පුසන්දඩු ද වැසිකිළි වළෙහි හෙළත්, ඉතා වහා ද නික්මෙත්. සිවුර ඔසොවා ද නික්මෙත්. ‘චපු චපු’ යන හඬ නිකුත් කෙරෙමින් ද මලමඟ සෝදත්. මල සෝදන්නට. දිය ගන්නා බඳුනෙහි ද ජලය ඉතිරි කෙරෙත්. අල්පෙච්ඡ වූ සන්තුෂ්ට වූ ලජ්ජි වූ කුකුස් කරන්නා වූ ශික්‍ෂාකාමී යම් මහණ , කෙනෙක් වෙත් ද ඔහු “කෙසේ නම් සවැගි මහණහු ඉතා ඉක්මනින් වැසිකිළියට වදින්නාහු ද ... මල සේදීමට දිය ගන්නා බඳුනෙහිත් දිය ඉතිරි කරන්නාහු දැ”යි ලාමක කොට සිතත් නින්‍දා කෙරෙත්, දොස් පතුරුවත්:
Pali BJTඅථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථංආරොචෙසුං -පෙ-
Sinhala BJTඉක්බිත්තෙන් ඒ මහණහු මෙ පවත් භාග්‍යවතුන් වහන්සේට සැලකළහ.
Pali BJT“සච්චං කිර භික්ඛවෙ” -පෙ-
Sinhala BJT“මහණෙනි,... සැබෑ දැ”යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක.
Pali BJT“සච්චං භගවා”. -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි:
Sinhala BJT“සැබව භාග්‍යවතුන් වහන්සැ”යි ඔහු කීහ. ... භාග්‍යවතුන් වහන්සේ වෙසෙසින් ගරහා දැහැමි කථා කොට, භික්‍ෂූන් අමතා මෙසේ වදාළ සේක.
Pali BJT“තෙන හි භික්ඛවෙ භික්ඛූනං වච්චකුටිවත්තං පඤ්ඤාපෙස්සාමි යථා භික්ඛූහි වච්චකුටියා වත්තිතබ්බං.
Sinhala BJT“මහණෙනි, එසේ වී නම්, භික්‍ෂූන් වැසිකිළියෙහි පැවතියැ යුතු පරිදි වැසිකිළි වත පනවන්නෙමි:
Pali BJTයො වච්චකුටිං ගච්ඡති තෙන බහි ඨිතෙන උක්කාසිතබ්බං. අන්තො නිසින්නෙනපි උක්කාසිතබ්බං. චීවරවංසෙ වා චීවරරජ්ජුයා වා චීවරං නික්ඛිපිත්වා සාධුකං අතරමානෙන වච්චකුටි පවිසිතබ්බා. නාතිසහසා පවිසිතබ්බා. න උබ්භජිත්වා පවිසිතබ්බා. වච්චපාදුකාය ඨිතෙන උබ්භජිතබ්බං. න නිත්ථුනන්තෙන වච්චො කාතබ්බො. න දන්තකට්ඨං ඛාදන්තෙන වච්චො කාතබ්බො. න බහිද්ධා වච්චදොණිකාය වච්චො කාතබ්බො. න බහිද්ධා පස්සාවදොණිකාය පස්සාවො කාතබ්බො. න පස්සාවදොණිකාය ඛෙළො කාතබ්බො. න ඵරුසෙන කට්ඨෙන අවලෙඛිතබ්බං. න අවලෙඛනකට්ඨං වච්චකූපම්හි පාතෙතබ්බං. වච්චපාදුකාය ඨිතෙන පටිච්ඡාදෙතබ්බං. නාතිසහසා නික්ඛමිතබ්බං. න උබ්භජිත්වා නික්ඛමිතබ්බං. ආචමනපාදුකාය ඨිතෙන උබ්භජිතබ්බං. න චපුචපුකාරකෙන ආචමෙතබ්බං. න ආචමනසරාවකෙ උදකං සෙසෙතබ්බං. ආචමනපාදුකාය ඨිතෙන පටිච්ඡාදෙතබ්බං. සචෙ වච්චකුටි ඌහතා හොති ධොවිතබ්බා. සචෙ අවලෙඛන. පිඨරො පූරො හොති, අවලෙඛනකට්ඨං ඡඩ්ඩෙතබ්බං. සචෙ වච්චකුටි උක්ලාපා හොති වච්චකුටි සම්මජ්ජිතබ්බා. සචෙ පරිභණ්ඩං උක්ලාපං හොති පරිභණ්ඩං සම්මජ්ජිතබ්බං. සචෙ පරිවෙණං උක්ලාපං හොති පරිවෙණං සම්මජ්ජිතබ්බං. සචෙ කොට්ඨකො උක්ලාපො හොති කොට්ඨකො සම්මජ්ජිතබ්බො. සචෙ ආචමනකුම්භියා උදකං න හොති ආචමනකුම්භියා උදකං ආසිඤ්චිතබ්බං.
Sinhala BJTයමෙක් වැසිකිළියට යන්නේ ද ඔහු විසින් පිටතැ සිටැ කැස්ස යුතු. ඇතුළතැ උන්නහු විදිනුදු කැස්සයුතු. සිවුරුවසැ හෝ සිවුරුරැහැනැ හෝ සිවුර තබා මොනොවට යුහුසුලු නො වැ වැසිකිළියට පිවිසියැයුතු. ඉතා වහා නො පිවිසියැයුතු. සිවුර ඔසොවාගෙන නො පිවිසියැයුතු. වැසිකිළි පාදුකායෙහි සිට සිවුර එසවියැයුතු. නො තතනමින් මල පහකළයුතු. දැහැටි කමින් මල නො පහකළයුතු. වර්චස් ඔරුවෙන් පිටතැ වසුරු නො පහයකළයුතු. මූත්‍ර ඔරුවෙන් පිටතැ මූත්‍ර නො කළයුතු. මූත්‍ර ඔරුවෙහි කෙළ නො ගැසියැයුතු. රළු කෝටුවෙකින් මල නො සීරියයුතු. පුසන්දඬු වැසිකිළි වළැ නො ම දැමියැ යුතු. වැසිකිළි පාදුකායෙහි සිට ඇඟ වසාගතයුතු. ඉතා යුහු ව නො නික්මියයුතු. සිවුරු ඔසොවාගෙන නො නික්මියයුතු. මල සෝදා හරින පාදුකායෙහි සිට කය සිවුරින් වසාගතයුතු. චපු චපු යන හඬ නිකුත් කරමින් මල නො සේදියයුතු. මල සෝදනුවට දිය ගන්නා බඳුනෙහි ජලය ඉතිරි නො කළයුතු. ආචමනපාදුකායෙහි{1} සිට ගත්තහු විසින් ඇඟ වසාගතයුතු. ඉදින් වැසිකිළිය අපිරිසුදු කරන ලද නම් සේදියයුතු. ඉදින් පුසන්කූරු දමන බඳුන පිරුණේ වී නම් පුසන්කූරු ඉවත ලියයුතු. වැසිකිළිය කැලික සළ සහිත වී නම් එය හැමැන්ද යුතු. ඉදින් පිල්කඩ කැළිකසළ සහිත වී නම් එය හැමැන්දයුතු. ඉදින් පිරිවෙන (වැසිකිළිය වටා බිම) කැලි කසළ සහිත වී නම් එය හැමැන්දයුතු. ඉදින් කොටුව කැලි කසළ සහිත වී නම් එය හැමැන්දයුතු. ආචමනකුමහියෙහි{2} දිය නැත් නම් එහි දිය වත්කළයුතු.
Pali BJTඉදං ඛො භික්ඛවෙ භික්ඛූනං වච්චකුටිවත්තං යථා භික්ඛූහි වච්චකුටියා වත්තිතබ්බන්ති.”
Sinhala BJTමහණෙනි, මේ වනාහි භික්‍ෂූන් විසින් වැසිකිළියෙහි පැවතියැ යුතු පරිදි වූ භික්‍ෂූන්ගේ වැසිකිළි වත යි”.
Pali BJTඋපජ්ඣායවත්තං
Sinhala BJTඋපාධ්‍යාය වත්
Pali BJT16. තෙන ඛො පන සමයෙන සද්ධිවිහාරිකා උපජ්ඣායෙසු න සම්මාවත්තන්ති. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම සද්ධිවිහාරිකා උපජ්ඣායෙසු න සම්මාවත්තිස්සන්තී”ති.
Sinhala BJT16. එ සමයෙහි සද්ධිවිහාරික මහණහු උපාධ්‍යාය තෙරුන් කෙරෙහි මනා වැ නො පවතිත්. යම් මහණ කෙනෙක් අල්පෙච්ඡ ද... ඔහු “කෙසේ නම් සද්ධිවිහාරික මහණහු උපාධ්‍යායයන් කෙරෙහි මනා ව නො පවත්නහු දැ”යි පහත් කොට සිතත්, දොස් නගත්, අගුණ පතුරුවත්.
Pali BJTඅථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTඉක්බිති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළහ.
Pali BJT“සච්චං කිර භික්ඛවෙ සද්ධිවිහාරිකා උපජ්ඣායෙසු න සම්මා වත්තන්තී”ති.
Sinhala BJT“මහණෙනි, සද්ධිවිහාරික භික්‍ෂූහු උපාධ්‍යායයන් කෙරෙහි මනා කොට නො පවතිත් ල. ඒ සැබෑ දැ”යි භාග්‍යවතුන් වහන්සේ පුළුවුත් සේක.
Pali BJT“සච්චං භගවා”.
Sinhala BJT“සැබව භාග්‍යවතුන් වහන්සැ”යි භික්‍ෂූහු කීහ.
Pali BJTවිගරහි බුද්ධො භගවා: “කථං හි නාම භික්ඛවෙ සද්ධිවිහාරිකා උපජ්ඣායෙසු න සම්මා වත්තිස්සන්ති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය පසන්නානං වා භිය්යොභාවාය. අථ ඛො තං භික්ඛවෙ අප්පසන්නානං චෙව අප්පසාදාය පසන්නානං ච එකච්චානං අඤ්ඤථත්තායා”ති. විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි:
Sinhala BJT“මහණෙනි, සද්ධිවිහාරිකයෝ ... කෙසේ නම් උපාධ්‍යායයන් කෙරෙහි මනා කොට නො පිළිපදින්නාහු ද, මහණෙනි, මෙය නො පහන්වූවන්ගේ පැහැදීම පිණිස ද පහන්වූවන්ගේ පැහැදීම වැඩි වීම පිණිස ද නො වන්නේ ය. වැලි දු එය නො පහන්වූවන්ගේ නො පැහැදීම පිණිස ද පහන් වූ ද එක්තරා කෙනකුගේ වෙනස් බව පිණිස ද වන්නේ යැ”යි වෙසෙසින් ගැරැහූ සේක. වෙසෙසින් ගරහා දැහැමි කථා කොට භික්‍ෂූන් අමතා මෙසේ වදාළසේක:
Pali BJT“තෙන හි භික්ඛවෙ සද්ධිවිහාරිකානං උපජ්ඣායෙසු වත්තං පඤ්ඤාපෙස්සාමි යථා සද්ධිවිහාරිකෙහි උපජ්ඣායෙසු සම්මා වත්තිතබ්බං.”
Sinhala BJT“මහණෙනි, එසේ වී නම් යම්සේ සද්ධිවිහාරිකයන් විසින් උපාධ්‍යායයන් කෙරෙහි පැවතියයුතු ද එසේ සද්ධිවිහාරිකයනට උපාධ්‍යායයන් කෙරෙහි පවත්නා ලෙසට වත් පනවන්නෙමි”.
Pali BJT“සද්ධිවිහාරිකෙන භික්ඛවෙ උපජ්ඣායම්හි සම්මාවත්තිතබ්බං. තත්රායං සම්මාවත්තනා:
Sinhala BJT“මහණෙනි, සද්ධිවිහාරිකයා විසින් උපාධ්‍යායයන් කෙරෙහි මනාව පැවතියැයුතු. මේ ඒ මනා පැවැත්ම යැ:
Pali BJTකාලස්සෙව උට්ඨාය උපාහනා ඔමුඤ්චිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා දන්තකට්ඨං දාතබ්බං. මුඛොදකං දාතබ්බං. ආසනං පඤ්ඤාපෙතබ්බං. සචෙ යාගු හොති භාජනං ධොවිත්වා යාගු උපනාමෙතබ්බා. යාගුං පීතස්ස උදකං දත්වා භාජනං පටිග්ගහෙත්වා නීචං කත්වා සාධුකං අපරිඝංසන්තෙන ධොවිත්වා පටිසාමෙතබ්බං. උපජ්ඣායම්හි උට්ඨිතෙ ආසනං උද්ධරිතබ්බං.
Sinhala BJTකලින් ම නැඟී සිට වහන් මුදා තනිපට සිවුර එකස් කොට පෙරෙවගෙන උපාධ්‍යායයාට දැහැටි දියැයුතු. මුවදෝනා ජලය දියහැයුතු. අසුන් පැනවියැයුතු. කැඳ ඇත් නම් කැඳ එළවියැයුතු. කැඳ පූවාහට පැන් දි බඳුන පිළිගෙන පහත් කොට කිසිවෙක දු නො ගටමින් දෙවැ තැන් පත් කළයුතු. උපාධ්‍යායයා , නැගී සිටි කලැ අස්න ඉදිරියැයුතු.
Pali BJTසචෙ සො දෙසො උක්ලාපො හොති, සො දෙසො සම්මජ්ජිතබ්බො. සචෙ උපජ්ඣායො ගාමං පවිසිතුකාමො හොති නිවාසනං දාතබ්බං. පටිනිවාසනං පටිග්ගහෙතබ්බං. කායබන්ධනං දාතබ්බං. සගුණං කත්වා සඞ්ඝාටියො දාතබ්බා, ධොවිත්වා පත්තො සඋදකො දාතබ්බො. සචෙ උපජ්ඣායො පච්ඡාසමණං ආකඞ්ඛති, තිමණ්ඩලං පටිච්ඡාදෙන්තෙන පරිමණ්ඩලං නිවාසෙත්වා කායබන්ධනං බන්ධිත්වා සගුණං කත්වා සඞ්ඝාටියො පාරුපිත්වා ගණ්ඨිකං පටිමුඤ්චිත්වා ධොවිත්වා පත්තං ගහෙත්වා උපජ්ඣායස්ස පච්ඡාසමණෙන හොතබ්බං. නාතිදූරෙ ගන්තබ්බං, න අච්චාසන්නෙ ගන්තබ්බං. පත්තපරියාපන්නං පටිග්ගහෙතබ්බං.
Sinhala BJTඒ තැන කැලිකුණු ගැසී ඇත් නම් හැමැන්දයුතු. උපාධ්‍යායයා ගම්වදිනු කැමැත්තේ වේ නම්, හඳනය දියැයුතු. පෙරළා දුන් හඳනය පිළිගතයුතු. කාබහන දියැයුතු. සගුණ කොට සඟළ සිවුරු දියැයුතු. පාත්‍රය සෝදා දිය සහිත ව (නො පිසදමා) දියැ යුතු. උපාධ්‍යාය තෙම පසුමහණකු කැමැත්තේ නම්, තිමඬුලු වසා පිරිමඬුලු කොට හැඳ කාබහන බැඳ සගුණ කොට සඟළ සිවුරු පෙරෙවැ ගැට වටු ගන්වා, ඉක්බිති පාත්‍රය සෝදා රැගෙන උපාධ්‍යායයාගේ පසුමහණකු වියැයුතු. ඉතා ඈත්හි නො යායුතු. ඉතා ළඟ නො යායුතු. පාත්‍රය ඇතුළත වූ දෑ පිළිගතයුතු.
Pali BJTන උපජ්ඣායස්ස භණමානස්ස අන්තරන්තරා කථා ඔපාතෙතබ්බා. උපජ්ඣායො ආපත්තිසාමන්තා භණමානො නිවාරෙතබ්බො. නිවත්තන්තෙන පඨමතරං ආගන්ත්වා ආසනං පඤ්ඤාපෙතබ්බං. පාදොදකං පාදපීඨං පාදකඨලිකං උපනික්ඛිපිතබ්බං. පච්චුග්ගන්ත්වා පත්තචීවරං පටිග්ගහෙතබ්බං. පටිනිවාසනං දාතබ්බං. නිවාසනං පටිග්ගහෙතබ්බං. සචෙ චීවරං සින්නං හොති මුහුත්තං උණ්හෙ ඔතාපෙතබ්බං. න ච උණ්හෙ චීවරං නිදහිතබ්බං. චීවරං සඞ්ඝරිතබ්බං. චීවරං සඞ්ඝරන්තෙන චතුරඞ්ගුලං කණ්ණං උස්සාරෙත්වා{1} චීවරං සඞ්ඝරිතබ්බං, මා මජ්ඣෙ භඞ්ගො අහොසීති. ඔභොගෙ කායබන්ධනං කාතබ්බං.
Sinhala BJTඋපාධ්‍යායයා කථා කරද්දී අතරතුර කථා නො හෙළියැයුතු. උපාධ්‍යායය තෙම ඇවතකට සමීප වැ කථා කරන්නේ වී නම්, එය වැළැක්වියැයුතු. (ගමින්) පෙරැළා එන්නාහු විසින් වඩා පළමු ව අවුත් අසුන් පැනවියැයුතු. පාදෝනා දිය පාපුටුව පාදකඨලිකාව ළං කොට තැබියැයුතු. පෙර ගමන් කොට පාසිවුරු පිළිගතයුතු. පෙරැළූ හඳනය දියැයුතු. හඳනය පිළිගතයුතු. සිවුර (ඩහදියෙන්) තෙත් වී නම්, මොහොතක් අව්වේ වියලියැයුතු. සිවුර (වැඩිවේලාවක්) අව්වේ දමා තිබියයුතු නො වේ. සිවුර හැකිළියැයුතු. සිවුර හකුළන්නහු විසින් සිවුර මැද බිඳීමෙක් නො වේවා යි අදහස ඇති ව සිවුරු කොන අඟල් සතරක් උඩට ඇද හැකිළියැයුතු. කාබහන සිවුරු නැම්ම තුළ තැබියැයුතු.
Pali BJT17. සචෙ පිණ්ඩපාතො හොති උපජ්ඣායො ච භුඤ්ජිතුකාමො හොති උදකං දත්වා පිණ්ඩපාතො උපනාමෙතබ්බො. උපජ්ඣායො පානීයෙන පුච්ඡිතබ්බො. භුත්තාවිස්ස උදකං දත්වා පත්තං පටිග්ගහෙත්වා නීචං කත්වා සාධුකං අපරිඝංසන්තෙන ධොවිත්වා වොදකං කත්වා මුහුත්තං උණ්හෙ ඔතාපෙතබ්බො. න ච උණ්හෙ පත්තො නිදහිතබ්බො. පත්තචීවරං නික්ඛිපිතබ්බං. පත්තං නික්ඛිපන්තෙන එකෙන හත්ථෙන පත්තං ගහෙත්වා එකෙන හත්ථෙන හෙට්ඨාමඤ්චං වා හෙට්ඨාපීඨං වා පරාමසිත්වා පත්තො නික්ඛිපිතබ්බො. න ච අනන්තරහිතාය භූමියා පත්තො නික්ඛිපිතබ්බො.
Sinhala BJT17. ඉදින් පිණ්ඩභෝජනය තිබේ උපාධ්‍යායයාත් වළඳනු කැමැති වේ ද, පැන් පිළිගන්වා පිණ්ඩභෝජනය එළවියැයුතු. උපාධ්‍යායය තෙම පැනින් විචාළයුතු. වළඳා අවසන් කළ උපාධ්‍යායයාට පැන් පිළිගන්වා පාත්‍රය පිළිගෙන පහත් කොට (කිසිවෙක ද) නො ගටමින් මොනොවට සෝදා දිය පිස දමා මොහොතක් කල් උෂ්ණයෙහි (අව්වේ) රත් කළයුතු. උෂ්ණයෙහි පාත්‍රය. (වැඩි වේලා) තැබියැයුතු නො වේ. පාසිවුරු තැබියැයුතු. පාත්‍රය තබන්නහු විසින් එක් අතෙකින් පාත්‍රය ගෙන එක් අතෙකින් ඇඳයට හෝ පුටුව යට පිරිමැද පාත්‍රය තැබියැයුතු. කිසිත් නො අතුළ බිමෙහි පාත්‍රය නො ම තැබියැයුතු.
Pali BJTචීවරං නික්ඛිපන්තෙන එකෙන හත්ථෙන චීවරං ගහෙත්වා එකෙන හත්ථෙන චීවරවංසං වා චීවරරජ්ජුං වා පමජ්ජිත්වා පාරතො අන්තං ඔරතො භොගං කත්වා චීවරං නික්ඛිපිතබ්බං.
Sinhala BJTසිවුර තබන්නහු විසින් එක් අතෙකින් සිවුර ගෙන අනිත් අතින් සිවුර වනන උණලීය හෝ සිවුර වනන ලනුව පිස දමා සිවුරු කෙළවර එහා පැත්තට ද සිවුරුනැම්ම මෙහා පැත්තට ද කොට සිවුර තැබියැයුතු.
Pali BJTඋපජ්ඣායම්හි වුට්ඨිතෙ ආසනං උද්ධරිතබ්බං. පාදොදකං පාදපීඨං පාදකඨලිකං පටිසාමෙතබ්බං. සචෙ සො දෙසො උක්ලාපො හොති සො දෙසො සම්මජ්ජිතබ්බො.
Sinhala BJTඋපාධ්‍යායයා නැඟී සිටි කල්හි අස්න ඉදිරියැයුතු. පා දෝනා දිය ද පා පුටුව ද පා තබන ලෑලි කඩ ද සුරැකි කොට තැබියැයුතු. ඒ පෙදෙස කුණු සහිත වේ නම් එය ඇමැන්දයුතු.
Pali BJTසචෙ උපජ්ඣායො නහායිතුකාමො හොති නහානං පටියාදෙතබ්බං. සචෙ සීතෙන අත්ථො හොති සීතං පටියාදෙතබ්බං. සචෙ උණ්හෙන අත්ථො හොති, උණ්හං පටියාදෙතබ්බං. සචෙ උපජ්ඣායො ජන්තාඝරං පවිසිතුකාමො හොති, චුණ්ණං සන්නෙතබ්බං. මත්තිකා තෙමෙතබ්බා. ජන්තාඝරපීඨං ආදාය උපජ්ඣායස්ස පිට්ඨිතො පිට්ඨිතො ගන්ත්වා ජන්තාඝරපීඨං දත්වා චීවරං පටිග්ගහෙත්වා එකමන්තං නික්ඛිපිතබ්බං. චුණ්ණං දාතබ්බං. මත්තිකා දාතබ්බා. සචෙ උස්සහති ජන්තාඝරං පවිසිතබ්බං. ජන්තාඝරං පවිසන්තෙන මත්තිකාය මුඛං මක්ඛෙත්වා පුරතො ච පච්ඡතො ච පටිච්ඡාදෙත්වා ජන්තාඝරං පවිසිතබ්බං.
Sinhala BJTඉදින් උපාධ්‍යාය තෙම නානු කැමැති වේ නම්, නාන දිය පිළියෙළ කළයුතු. සිසිල් දිය වුව මනා වී නම් සිසිල් දිය පිළියෙළ කළයුතු. උණු දිය වුව මනා වී නම් උණු දිය පිළියෙළ කළයුතු. උපාධ්‍යාය තෙම ගිනිහල් ගෙට පිවිසෙනු කැමැත්තේ නම්, (ඇඟ ගානා) සුණු සිනිඳු කළයුතු. ඇඟැ ගානා මැටි තෙමියයුතු. ගිනිහල් පුටුව ගෙන උපාධ්‍යායයා පිටුපසින් ගොස් ගිනිහල් පුටුව දී සිවුර පිළිගෙන එක් පසෙක තැබියැයුතු. ඇඟ මදිනා සුණු දියැ යුතු. ඇඟැ ගාන මැටි දියැයුතු. හැක්කේ නම් ගිනිහල් ගෙට පිවිසෙන්නහු විසින් මැටියෙන් මුහුණ වකා ඉදිරි පසින් ද පිටු පසින් ද කය වසා ගිනිහල් ගෙට පිවිසියයුතු.
Pali BJTන ථෙරෙ භික්ඛූ අනුපඛජ්ජ නිසීදිතබ්බං. න නවා භික්ඛූ ආසනෙන පටිබාහිතබ්බා. ජන්තාඝරෙ උපජ්ඣායස්ස පරිකම්මං කාතබ්බං. ජන්තාඝරා නික්ඛමන්තෙන ජන්තාඝරපීඨං ආදාය පුරතො ච පච්ඡතො ච පටිච්ඡාදෙත්වා ජන්තාඝරා නික්ඛමිතබ්බං. උදකෙපි උපජ්ඣායස්ස පරිකම්මං කාතබ්බං. නහාතෙන පඨමතරං උත්තරිත්වා අත්තනො ගත්තං වොදකං කත්වා නිවාසෙත්වා උපජ්ඣායස්ස ගත්තතො උදකං පමජ්ජිතබ්බං. නිවාසනං දාතබ්බං. සඞ්ඝාටි දාතබ්බා. ජන්තාඝරපීඨං ආදාය පඨමතරං ආගන්ත්වා ආසනං පඤ්ඤාපෙතබ්බං. පාදොදකං පාදපීඨං පාදකඨලිකං උපනික්ඛිපිතබ්බං. උපජ්ඣායො පානීයෙන පුච්ඡිතබ්බො.
Sinhala BJTස්ථවිර භික්‍ෂූන් ගටා අතරට පැන නො හින්දයුතු. නවක මහණහු උනස්නෙන් බැහැර නො කළයුතුහ. ගිනිහල් ගෙහි දී උපාධ්‍යාය තෙරහට පිරියම් කළයුතු. ගිනිහල් ගෙයින් නික්මෙන්නහු විසින් ගිනිහල් පුටුව ගෙන ඉදිරියෙන් ද පිටුපසින් ද කය වසාගෙන ගිනිහල්ගෙන් නික්මියැයුතු. දියෙහි ද උපාධ්‍යායයාට පිරියම් කළයුතු. නෑවහු විසින් වඩා පළමුවෙන් දියෙන් නැඟ තමාගේ සිරුර දිය ඉවත් කොට හැඳ පෙරෙව උපාධ්‍යායයාගේ සිරුරෙන් දිය පිස දැමියයුතු. හඳනය දියයුතු. සඟළ සිවුර දියැයුතු. ගිනිහල්පුටුව ගෙන වඩා පළමුවෙන් අවුත් අසුන් පැනැවියයුතු. පාදෝනා දිය ද පාපුටුව ද පාදකඨලිකාව ද ළං කොට තැබියයුතු. උපාධ්‍යායයා පැනින් විචාළයුතු.
Pali BJT18. සචෙ උද්දිසාපෙතුකාමො හොති උද්දිසාපෙතබ්බො. සචෙ පරිපුච්ඡිතුකාමො හොති පරිපුච්ඡිතබ්බො. යස්මිං විහාරෙ උපජ්ඣායො විහරති සචෙ සො විහාරො උක්ලාපො හොති සචෙ උස්සහති සොධෙතබ්බො. විහාරං සොධෙන්තෙන පඨමං පත්තචීවරං නීහරිත්වා එකමන්තං නික්ඛිපිතබ්බං. නිසීදනපච්චත්ථරණං නීහරිත්වා එකමන්තං නික්ඛිපිතබ්බං. භිසිබිම්බොහනං නීහරිත්වා එකමන්තං නික්ඛිපිතබ්බං. මඤ්චො නීචං කත්වා සාධුකං අපරිඝංසන්තෙන අසංඝට්ටන්තෙන නීහරිත්වා එකමන්තං නික්ඛිපිතබ්බො, පීඨං නීචං කත්වා සාධුකං අපරිඝංසන්තෙන අසඞ්ඝට්ටන්තෙන නීහරිත්වා එකමන්තං නික්ඛිපිතබ්බං. කවාටපිට්ඨං නීචං කත්වා සාධුකං අපරිඝංසන්තෙන අසඞ්ඝට්ටන්තෙන නීහරිත්වා එකමන්තං නික්ඛිපිතබ්බං. මඤ්චපටිපාදකා නීහරිත්වා එකමන්තං නික්ඛිපිතබ්බා. ඛෙළමල්ලකො නීහරිත්වා එකමන්තං නික්ඛිපිතබ්බො. අපස්සෙනඵලකං නීහරිත්වා එකමන්තං නික්ඛිපිතබ්බං. භුම්මත්ථරණං යථාපඤ්ඤත්තං සල්ලක්ඛෙත්වා නීහරිත්වා එකමන්තං නික්ඛිපිතබ්බං.
Sinhala BJT18. ඉදින් උදෙසවනු කැමැති (හදාරවනු කැමැති) වේ නම්, උදෙසැවියයුතු. ඉදින් පුන පුනා විචාළයුතු නම්, පුනා පුනා විචාළයුතු. යම් වෙහෙරෙක උපාධ්‍යායයා වෙසේ ද ඉදින් ඒ වෙහෙර කැලි කසළ සහිත වේ නම්, ඉදින් හැකි නම් ශුද්ධ කළ යුතු. විහාරය ශුද්ධ කරන්නහු විසින් පළමු කොට පා සිවුරු මෑත් කොට පසෙක තැබියැයුතු. නිසීදනය ද පසතුරුණු ද මෑත් කොට පසෙක තැබියැයුතු. බිසි ද කොට්ට ද බැහැර කොට පසෙක තැබියයුතු. ඇඳ පහත් කොට කිසිවෙක නොගාවා නො ගටා බැහැර කොට පසෙක තැබියයුතු. පුටුව පහත් කොට කිසිවෙක නො ගාවා නො ගටා මොනොවට බැහැර කොට පසෙක තැබියැයුතු. කපාටපෘෂ්ඨය (දොරපළු පිට) පහත් කොට කිසිවෙක නො ගාවා නො ගටා මොනොවට බැහැර කොට පසෙක තැබිය යුතු. ඇඳපා බැහැර කොට පසෙක තැබියැයුතු. කෙළමලාව බැහැර කොට පසෙක තැබියයුතු. හේත්තුවන පුවරුව බැහැර කොට පසෙක තැබියැයුතු. බුමුතුරුණ පනවන ලද පරිදි සලකා බැහැර කොට පසෙක තැබියැයුතු.
Pali BJTසචෙ විහාරෙ සන්තානකං හොති උල්ලොකා පඨමං ඔහාරෙතබ්බං. ආලොකසන්ධිකණ්ණභාගා පමජ්ජිතබ්බා. සචෙ ගෙරුකපරිකම්මකතා භිත්තිකණ්ණකිතා හොති චොළකං තෙමෙත්වා පීළෙත්වා පමජ්ජිතබ්බා. සචෙ කාළවණ්ණකතා භූමි කණ්ණකිතා හොති චොළකං තෙමෙත්වා පීළෙත්වා පමජ්ජිතබ්බා. සචෙ අකතා හොති භූමි උදකෙන පරිප්ඵොසිත්වා පරිප්ඵොසිත්වා සම්මජ්ජිතබ්බා ‘මා විහාරො රජෙන ඌහඤ්ඤී’ති. සඞ්කාරං විචිනිත්වා එකමන්තං ඡඩ්ඩෙතබ්බං.
Sinhala BJTඉදින් වෙහෙරෙහි මකුළු දැල් වේ ද, උඩ සිට පළමුවෙන් පහතට ඉවත් කළයුතු. වාබෝනයන්හි කවුළු (දොරපළු) ද, කර්ණභාගයෝ (ගැබෙහි මුලු සතර) ද පිස දැමියැයුතු. ඉදින් ගුරු පිරියම් කරන ලද බිත්තිය කුණින් වැකුණේ වේ නම් රෙදිකඩක් තෙමා මිරිකා මැද්ද යුතු. ඉදින් කළුපැහැ කරන ලද බිම කුණින් වැකුණේ වේ නම් රෙදි කඩක් තෙමා මිරිකා මැද්දයුතු. ඉදින් කිසිදු පිරියමක් නො කළ බිමෙක් වේ නම්, විහාරය දූලියෙන් නොවැකෙවයි සලකා දිය ඉස ඉස ඇමැද්දයුතු. කසළ රැස් කොට එක් පසෙකැ දැමියැයුතු.
Pali BJTභුම්මත්ථරණං ඔතාපෙත්වා සොධෙත්වා පප්ඵොටෙත්වා අතිහරිත්වා යථාපඤ්ඤත්තං පඤ්ඤාපෙතබ්බං. මඤ්චපටිපාදකා ඔතාපෙත්වා පමජ්ජිත්වා අතිහරිත්වා යථාඨානෙ ඨපෙතබ්බා. මඤ්චො ඔතාපෙත්වා සොධෙත්වා පප්ඵොටෙත්වා නීචං කත්වා සාධුකං අපරිඝංසන්තෙන අසඞ්ඝට්ටන්තෙන (කවාටපිට්ඨං) අතිහරිත්වා යථාපඤ්ඤත්තං පඤ්ඤාපෙතබ්බො. පීඨං ඔතාපෙත්වා සොධෙත්වා පප්ඵොටෙත්වා නීචං කත්වා සාධුකං අපරිඝංසන්තෙන අසඞ්ඝට්ටන්තෙන (කවාටපිට්ඨං) අතිහරිත්වා යථාපඤ්ඤත්තං පඤ්ඤාපෙතබ්බං. කවාටපිට්ඨං ඔතාපෙත්වා සොධෙත්වා පප්ඵොටෙත්වා නීචං කත්වා සාධුකං අපරිඝංසන්තෙන අසඞ්ඝට්ටන්තෙන අතිහරිත්වා යථාඨානෙ ඨපෙතබ්බං. භිසිබිම්බොහනං ඔතාපෙත්වා සොධෙත්වා පප්ඵොටෙත්වා අතිහරිත්වා යථාපඤ්ඤත්තං පඤ්ඤාපෙතබ්බං. නිසීදනපච්චත්ථරණං ඔතාපෙත්වා සොධෙත්වා පප්ඵොටෙත්වා අතිහරිත්වා යථාපඤ්ඤත්තං පඤ්ඤාපෙතබ්බං. ඛෙළමල්ලකො ඔතාපෙත්වා පමජ්ජිත්වා අතිහරිත්වා යථාඨානෙ ඨපෙතබ්බො. අපස්සෙනඵලකං ඔතාපෙත්වා පමජ්ජිත්වා අතිහරිත්වා යථාඨානෙ ඨපෙතබ්බං.
Sinhala BJTබුමුතුරුණු වියලා ශුද්ධ කොට ගසා දමා ඇතුළට ගෙන ගොස් කලින් පනවා තුබුණු පරිදි ම පැනැවියයුතු. ඇඳ පා අලු වියලා පිස දමා ඇතුළට ගෙන ගොස් තුබුණු තන්හි ම තැබියැයුතු. ඇඳ වියලා ශුද්ධ කොට ගසාදමා පහත් කොට කිසිවෙක නො ගාවමින් නො ගටමින් මනාකොට ඇතුළට ගෙනගොස් පනවා තුබුණු පරිදි ම පැනැවියැයුතු. පුටුව වියලා ශුද්ධ කොට ගසාදමා පහත් කොට කිසිවෙක නො ගාමින් නො ගටමින් මනාකොට ඇතුළට ගෙන ගොස් පනවා තුබුණු පරිදි ම පැනැවියැයු. කපාටපෘෂ්ඨය (දොර පළු පිට) වියලා ශුද්ධ කොට පපොළා පහත් කොට කිසිවෙක නො ගාවමින් නො ගටමින් ඇතුළට ගෙන ගොස් තුබුණු තන්හි ම තැබියැයුතු. බිසි ද කොට්ට ද වියලා ශුද්ධ කොට පපොළා ඇතුළට ගෙන ගොස් පනවා තුබුණු පරිදි ම පැනවියැයුතු. නිසීදනය ද පසතුරුණු ද වියලා ශුද්ධ කොට පපොළා ඇතුළට ගෙන ගොස් පනවා තුබුණු පරිදි ම පැනවියැයුතු. කෙළමලාව වියලා පිස දමා ඇතුළට ගෙන ගොස් තුබුණු තන්හි ම තැබියයුතු. හේත්තු වන පුවරුව වියලා පිස දමා ඇතුළට ගෙන ගොස් තුබුණු තන්හි ම තැබියැයුතු.
Pali BJT19. පත්තචීවරං නික්ඛිපිතබ්බං. පත්තං නික්ඛිපන්තෙන එකෙන හත්ථෙන පත්තං ගහෙත්වා එකෙන හත්ථෙන හෙට්ඨාමඤ්චං වා හෙට්ඨාපීඨං වා පරාමසිත්වා පත්තො නික්ඛිපිතබ්බො. න ච අනන්තරහිතාය භූමියා පත්තො නික්ඛිපිතබ්බො, චීවරං නික්ඛිපන්තෙන එකෙන හත්ථෙන චීවරං ගහෙත්වා එකෙන හත්ථෙන චීවරවංසං වා චීවරරජ්ජුං වා පමජ්ජිත්වා පාරතො අන්තං ඔරතො භොගං කත්වා චීවරං නික්ඛිපිතබ්බං.
Sinhala BJT19. පා සිවුරු බහා තැබියයුතු. පාත්‍රය තබන්නහු විසින් එක් අතෙකින් පාත්‍රය ගෙන එක් අතෙකින් ඇඳ යට හෝ පුටුව යට හෝ පිරිමැද පාත්‍රය තැබියයුතු. කිසිත් නො අතුරන ලද බිමැ පාත්‍රය නො ම තැබියයුතු. සිවුර තබන්නහු විසින් එක් අතෙකින් සිවුර ගෙන එක් අතෙකින් සිවුර දමන උණලීය හෝ සිවුරු රැහැන පිසදමා සිවුර කෙළවර ඈත් කොට ද සිවුරු නැම්ම මෑත් කොට ද සිවුර තැබියයුතු.
Pali BJTසචෙ පුරත්ථිමා සරජා වාතා වායන්ති පුරත්ථිමා වාතපානා ථකෙතබ්බා. සචෙ පච්ඡිමා සරජා වාතා වායන්ති පච්ඡිමා වාතපානා ථකෙතබ්බා. සචෙ උත්තරා සරජා වාතා වායන්ති උත්තරා වාතපානා ථකෙතබ්බා. සචෙ දක්ඛිණා සරජා වාතා වායන්ති දක්ඛිණා වාතපානා ථකෙතබ්බා.
Sinhala BJTඉදින් පෙරදිගට අයත් රජස් සහිත සුළං හමා නම් පෙර දිගැ වූ වාතපානයෝ වැසියයුත්තාහ. පැසිම් දිගට අයත් රජස් සහිත වාතයෝ හමත් නම්, පැසිම් දිගට අයත් වාතපානයෙන් වැසියයුත්තාහ. උතුරුදිගට අයත් රජස් සහිත වාතයෝ හමත් නම්, උතුරුදිගැ වාතපානයෝ වැසියයුත්තාහ. දකුණු දිගට අයත් රජස් සහිත වාතයෝ හමත් නම් දකුණු දිග වාතපානයෝ වැසිය යුත්තාහ.
Pali BJTසචෙ සීතකාලො හොති දිවා වාතපානා විවරිතබ්බා. රත්තිං ථකෙතබ්බා. සචෙ උණ්හකාලො හොති දිවා වාතපානා ථකෙතබ්බා. රත්තිං විවරිතබ්බා.
Sinhala BJTඉදින් ශීත කාලය වේ නම්, දාවල් වාතපානයෙන් ඇර තැබිය යුත්තාහ. රාත්‍රියෙහි වසා තැබියයුත්තාහ. ඉදින් උෂ්ණ කාලය වේ නම්, වාතපානයෝ දහවල් වැසියයුත්තාහ. රාත්‍රියෙහි ඇර තැබිය යුත්තාහ.
Pali BJTසචෙ පරිවෙණං උක්ලාපං හොති පරිවෙණං සම්මජ්ජිතබ්බං. සචෙ කොට්ඨකො උක්ලාපො හොති කොට්ඨකො සම්මජ්ජිතබ්බො. සචෙ උපට්ඨානසාලා උක්ලාපා හොති උපට්ඨානසාලා සම්මජ්ජිතබ්බා. සචෙ අග්ගිසාලා උක්ලාපා හොති අග්ගිසාලා සම්මජ්ජිතබ්බා. සචෙ වච්චකුටි උක්ලාපා හොති වච්චකුටි සම්මජ්ජිතබ්බා.
Sinhala BJTඉදින් පිරිවෙණ කුණු කසළ සහිත වී නම් එය හැමැන්දයුතු. ඉදින් දොරටුව කුණු කසළ සහිත වී නම් එය හැමැන්දයුතු. ඉදින් උවටන් හල කුණු කසළ සහිත වී නම් එය හැමැන්දයුතු. ඉදින් ගිනිහල් ගෙය කුණුරොඩු සහිත වී නම් එය හැමැන්දයුතු. ඉදින් වැසිකිළිය කුණුරොඩු සහිත වී නම් එය හැමැන්දයුතු.
Pali BJTසචෙ පානීයං න හොති පානීයං උපට්ඨාපෙතබ්බං. සචෙ පරිභොජනීයං න හොති පරිභොජනීයං උපට්ඨාපෙතබ්බං. සචෙ ආචමනකුම්භියා උදකං න හොති ආචමනකුම්භියා උදකං ආසිඤ්චිතබ්බං.
Sinhala BJTඉදින් පැන් නො වී නම් පැන් එළවා තැබියයුතු. ඉදින් පරිභෝග ජලය නො වේ නම් එය එළවා තැබියැයුතු. ඉදින් ආචමනකුම්භියෙහි ජලය නො වේ නම් එහි දිය වත්කළයුතු.
Pali BJT20. සචෙ උපජ්ඣායස්ස අනභිරති උප්පන්නා හොති, සද්ධිවිහාරිකෙන වූපකාසෙතබ්බො වූපකාසාපෙතබ්බො ධම්මකථා වාස්ස කාතබ්බා. සචෙ උපජ්ඣායස්ස කුක්කුච්චං උප්පන්නං හොති සද්ධිවිහාරිකෙන විනොදෙතබ්බං, විනොදාපෙතබ්බං, ධම්මකථා වාස්ස කාතබ්බා. සචෙ උපජ්ඣායස්ස දිට්ඨිගතං උප්පන්නං හොති සද්ධිවිහාරිකෙන විවෙචෙතබ්බං, විවෙචාපෙතබ්බං, ධම්මකථා වාස්ස කාතබ්බා. සචෙ උපජ්ඣායො ගරුධම්මං අජ්ඣාපන්නො හොති පරිවාසාරහො සද්ධිවිහාරිකෙන උස්සුක්කං කාතබ්බං ‘කින්ති නු ඛො සඞ්ඝො උපජ්ඣායස්ස පරිවාසං දදෙය්යා’ති.
Sinhala BJT20. ඉදින් උපාධ්‍යායයාට පැවිද්දෙහි නො ඇල්මෙක් උපන්නේ නම්, සද්ධිවිහාරික මහණහු විසින් සන්හිඳුවියයුතු. අනුන් ලවා හෝ සන්හිඳුවවියැයුතු. ඔහුට බණ හෝ කියැයුතු. ඉදින් උපාධ්‍යායයාට කුකුසෙක් උපන්නේ වී නම්, එය සද්ධිවිහාරිකයා විසින් දුරැ ලියැයුතු. අනුන් ලවා හෝ දුරැලැවියැයුතු. ඔහුට බණ කියැයුතු හෝ වෙයි. ඉදින් උපාධ්‍යායාට මිසදිටෙක් උපන්නේ නම් සද්ධිවිහාරිකයා විසින් එය බැහැරලියැයුතු. අනුන් ලවා හෝ බැහැරැ ලැවියුතු. ඔහුට බණ කියැයුතු හෝ වෙයි. ඉදින් උපාධ්‍යාය තෙම පිරිවෙසට සුදුසු ගරු ඇවතකට පැමිණියේ වී නම්, ‘කෙසේ නම් සඞ්ග තෙමේ උපාධ්‍යායයාට පිරිවෙස දෙන්නේ දැ’යි (පිරිවෙස් දෙවීම පිණිස) සද්ධිවිහාරිකයා විසින් උත්සාහ කළයුතු වෙයි.
Pali BJTසචෙ උපජ්ඣායො මූලාය පටිකස්සනාරහො හොති සද්ධිවිහාරිකෙන උස්සුක්කං කාතබ්බං ‘කින්ති නු ඛො සඞ්ඝො උපජ්ඣායං මූලාය පටිකස්සෙය්යා’ති. සචෙ උපජ්ඣායො මානත්තාරහො හොති සද්ධිවිහාරිකෙන උස්සුක්කං කාතබ්බං ‘කින්ති නු ඛො සඞ්ඝො උපජ්ඣායස්ස මානත්තං දදෙය්යා’ති. සචෙ උපජ්ඣායො අබ්භානාරහො හොති සද්ධිවිහාරිකෙන උස්සුක්කං කාතබ්බං කින්ති නු ඛො සඞ්ඝො උපජ්ඣායං අබ්භෙය්යා’ති. සචෙ සඞ්ඝො උපජ්ඣායස්ස කම්මං කත්තුකාමො හොති තජ්ජනීයං වා නියස්සං වා පබ්බාජනීයං වා පටිසාරණීයං වා උක්ඛෙපනීයං වා, සද්ධිවිහාරිකෙන උස්සුක්කං කාතබ්බං ‘කින්ති නු ඛො සඞ්ඝො උපජ්ඣායස්ස කම්මං න කරෙය්ය ලහුකාය වා පරිණාමෙය්යා’ති. කතං වා පනස්ස හොති සඞ්ඝෙන කම්මං තජ්ජනීයං වා නියස්සං වා පබ්බාජනීයං වා පටිසාරණීයං වා උක්ඛෙපනීයං වා, සද්ධිවිහාරිකෙන උස්සුක්කං කාතබ්බං ‘කින්ති නු ඛො උපජ්ඣායො සම්මා වත්තෙය්ය ලොමං පාතෙය්ය නෙත්ථාරං වත්තෙය්ය සඞ්ඝො තං කම්මං පටිප්පස්සම්භෙය්යා’ති.
Sinhala BJTඉදින් උපාධ්‍යායයා මූලායපටිකස්සනය ලබනුවට සුදුසු වේ නම්, ‘කෙසේ නම් සංඝ තෙමේ උපාධ්‍යායයාට මූලායපටිකස්සනය කරන්නේ වේ දැ’යි සද්ධිවිහාරිකයා විසින් උත්සාහ කළයුතු වේ. ඉදින් උපාධ්‍යාය තෙම මානතට සුදුසු වේ නම්, ‘කෙසේ නම් සංඝ තෙමේ උපාධ්‍යායයාට මානත දෙන්නේ දැ’යි සද්ධිවිහාරිකයා විසින් උත්සාහ කළයුතු. ඉදින් උපාධ්‍යාය තෙම අබ්භානයට සුදුසු වේ නම්, ‘කෙසේ නම් සංඝ තෙමේ උපාධ්‍යායයා අබ්භානය කරන්නේ දැ’යි සද්ධිවිහාරිකයා විසින් උත්සාහ කළයුතු. ඉදින් සංඝයා උපාධ්‍යායයාට තජ්ජනීය කර්‍මය හෝ නියස්ස කර්‍මය හෝ පබ්බාජනීය කර්‍මය හෝ පටිසාරණීය කර්‍මය හෝ උක්ඛේපනීය කර්‍මය හෝ කරනු කැමැත්තේ වී නම්, ‘කෙසේ නම් සංඝ තෙමේ උපාධ්‍යායයාට ඒ කර්‍මය නො කරන්නේ හෝ ඒ කර්‍මය හෑල්ලු බවට පෙරළන්නේ හෝ වේ දැ’යි සද්ධිවිහාරිකයා විසින් උත්සුක බවට පැමිණියයුතු. ඉදින් ඔහුට සංඝයා විසින් තජ්ජනීය කර්‍මය හෝ නියස්ස කර්‍මය හෝ පබ්බාජනීය කර්‍මය හෝ පටිසාරණීය කර්‍මය හෝ උක්ඛේපනීය කර්‍ම හෝ කරන ලද්දේ වී නම්, ‘කෙසේ නම් උපාධ්‍යාය තෙමේ (විනය නීති අනුව) , මනා ව පවතින්නේ ද භික්‍ෂූනට අනුලොම් ව පවතින්නේ ද, නිස්තරණයට හේතු වූ වත්හි පවත්නේ ද, සංඝ තෙමේ ඒ කර්‍මය සන්හිඳුවන්නේ දැ’යි සද්ධිවිහාරික මහණහු විසින් උත්සුක බව කළයුතු.
Pali BJT21. සචෙ උපජ්ඣායස්ස චීවරං ධොවිතබ්බං හොති, සද්ධිවිහාරිකෙන ධොවිතබ්බං උස්සුක්කං වා කාතබ්බං ‘කින්ති නු ඛො උපජ්ඣායස්ස චීවරං ධොවීයෙථා’ති. සචෙ උපජ්ඣායස්ස චීවරං කාතබ්බං හොති සද්ධිවිහාරිකෙන කාතබ්බං. උස්සුක්කං වා කාතබ්බං ‘කින්ති නු ඛො උපජ්ඣායස්ස චීවරං කරීයෙථා’ති. සචෙ උපජ්ඣායස්ස රජනා පචිතබ්බං හොති සද්ධිවිහාරිකෙන පචිතබ්බං, උස්සුක්කං වා කාතබ්බං ‘කින්ති නු ඛො උපජ්ඣායස්ස රජනං පචීයෙථා’ති. සචෙ උපජ්ඣායස්ස චීවරං රජිතබ්බං හොති සද්ධිවිහාරිකෙන රජිතබ්බං, උස්සුක්කං වා කාතබ්බං ‘කින්ති නු ඛො උපජ්ඣායස්ස චීවරං රජියෙථා’ති. චීවරං රජන්තෙන සාධුකං පම්පරිවත්තකං සම්පරිවත්තකං රජිතබ්බං. න ච අච්ඡින්නෙ ථෙවෙ පක්කමිතබ්බං.
Sinhala BJT21. ඉදින් උපාධ්‍යායාගේ සිවුරු සේදියැ යුතු වී නම් සද්ධිවිහාරිකයා විසින් එය සේදියැ යුතු වෙයි. ‘කෙසේ නම් උපාධ්‍යායාගේ සිවුරු සෝදනු ලබන්නේ දැ’යි උත්සාහ කළයුතු හෝ වෙයි. ඉදින් උපාධ්‍යායයාට සිවුරක් කළයුතු වී නම් සද්ධිවිහාරිකයා විසින් එය කළයුතු වෙයි. ‘කෙසේ නම් උපාධ්‍යායයාට සිවුරු කරනු ලබන්නේ දැ’යි උත්සාහ හෝ කළයුතු. ඉදින් උපාධ්‍යායයාට රඳන් පිසියැයුතු (පඬු උණු කළයුතු) වී නම්, සද්ධිවිහාරිකයා විසින් එය පිසියැයුතු. ‘කෙසේ නම් උපාධ්‍යායයාට රඳන් පිසිනු ලබන්නේ දැ’යි උත්සාහ කළයුතු හෝ වෙයි. ඉදින් උපාධ්‍යායයාගේ සිවුරු පඬු පෙවියැයුතු වී නම්, සද්ධිවිහාරිකයා විසින් එය කළ යුතු වෙයි. ‘කෙසේ නම් උපාධ්‍යායයාගේ සිවුරු පඬු පොවනු ලබන්නේ දැ’යි උත්සාහ හෝ කළයුතු. සිවුරු පඬු පොවන්නහු විසින් මනා කොට පෙරළ පෙරළා පඬු පෙවියැයුතු. පඬු බින්‍දු නො සුන් කල්හි (සිවුර වියැලෙන්නට පෙර) ඉවත නො යායුතු.
Pali BJTන උපජ්ඣායං අනාපුච්ඡා එකච්චස්ස පත්තො දාතබ්බො, න එකච්චස්ස පත්තො පටිග්ගහෙතබ්බො, න එකච්චස්ස චීවරං දාතබ්බං, න එකච්චස්ස චීවරං පටිග්ගහෙතබ්බං, න එකච්චස්ස පරික්ඛාරො දාතබ්බො, න එකච්චස්ස පරික්ඛාරො පටිග්ගහෙතබ්බො, න එකච්චස්ස කෙසා ඡෙත්තබ්බා, න එකච්චෙන කෙසා ඡෙදාපෙතබ්බා, න එකච්චස්ස පරිකම්මං කාතබ්බං, න එකච්චෙන පරිකම්මං කාරාපෙතබ්බං, න එකච්චස්ස වෙය්යාවච්චො කාතබ්බො, න එකච්චෙන වෙය්යාවච්චො කාරාපෙතබ්බො, න එකච්චස්ස පච්ඡාසමණෙන හොතබ්බං, න එකච්චො පච්ඡාසමණො ආදාතබ්බො, න එකච්චස්ස පිණ්ඩපාතො නීහරිතබ්බො. න එකච්චෙන පිණ්ඩපාතො නීහරාපෙතබ්බො.
Sinhala BJTඋපාධ්‍යායයා නො විචාරා අනෙකකුට පාත්‍රය නො දියැයුතු. අනෙකකුගේ පාත්‍රය නො පිළිගතයුතු. අනෙකකුට සිවුරක් නො දියැයුතු. අනෙකකුගේ සිවුරක් නො පිළිගතයුතු. අනෙකකුට පිරිකර නො දියැ යුතු. අනෙකකුගේ පිරිකරෙක් නො පිළිගතයුතු. අනෙකකුගේ කෙස් නොසිඳියැ යුතු. අනෙකකු ලවා තමාගේ කෙස් නො සින්ද වියැයුතු. අනෙකකුට (අත් පා මිරිකීම් ආදි) පිරියම් නො කළයුතු. අනෙකකු ලවා පිරියම් නො කරවා ගතයුතු. අනෙකකුට වතාවත් නො කළයුතු. අනෙකකු ලවා වතාවත් නො කරවාගත යුතු. අනෙකකුගේ පසු මහණකු නො වියැයුතු. අනෙකකු පසු මහණකු කොට නො ගතයුතු. අනෙකකුට පිණ්ඩපාතය නො ගෙන යායුතු. අනෙකකු ලවා පිණ්ඩපාතය නො ම ගෙන්වාගතයුතු වෙයි.
Pali BJTන උපජ්ඣායං අනාපුච්ඡා ගාමො පවිසිතබ්බො, න සුසානං ගන්තබ්බං, න දිසා පක්කමිතබ්බා. සචෙ උපජ්ඣායො ගිලානො හොති යාවජීවං උපට්ඨාපෙතබ්බො, වුට්ඨානමස්ස ආගමෙතබ්බං.
Sinhala BJTඋපාධ්‍යායයා නො විචාරා ගම් නො වැදියැයුතු. සොහොනට නො යායුතු. දිසා (ඈතකට) නො යායුතු. උපාධ්‍යායයා ගිලන් වී නම්, දිවි ඇති තාක් උවටන් කළයුතු. ඔහු ගිලන් බැවින් නැඟී සිටීම අපේක්‍ෂා කළයුතු.
Pali BJTඉදං ඛො භික්ඛවෙ සද්ධිවිහාරිකානං උපජ්ඣායෙසු වත්තං යථා සද්ධිවිහාරිකෙහි උපජ්ඣායෙසු වත්තිතබ්බන්ති.”
Sinhala BJT“මහණෙනි, මේ වනාහි උපාධ්‍යායයන් කෙරෙහි සද්ධිවිහාරිකයන් විසින් යම් සේ පැවතියැයුතු ද, ඒ උපාධ්‍යායයන් කෙරෙහි සද්ධිවිහාරිකයන්ගේ වත යි”.
Pali BJTසද්ධිවිහාරිකවත්තං
Sinhala BJTසද්ධිවිහාරික වත
Pali BJT22. තෙන ඛො පන සමයෙන උපජ්ඣායා සද්ධිවිහාරිකෙසු න සම්මාවත්තන්ති. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා සන්තුට්ඨා ලජ්ජිනො කුක්කුච්චකා සික්ඛාකාමා තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම උපජ්ඣායා සද්ධිවිහාරිකෙසු න සම්මා වත්තිස්සන්තී”ති.
Sinhala BJT22. එ සමයෙහි වනාහි උපාධ්‍යායයෝ සද්ධිවිහාරිකයන් කෙරෙහි මනා ව නො පවතිත්. අපිස් සතොස් ගුණ ඇති ලජ්ජි වූ මඳ වරදෙහි ද කුකුස් කරන, සිඛ කැමැති යම් මහණ කෙනෙක් වෙත් ද ඔහු ‘කෙසේ නම් උපාධ්‍යායයෝ සද්ධිවිහාරික මහණුන් කෙරෙහි මනා ව නො පවතිත් දැ’යි ලාමක කොට සිතත්, නින්‍දා කෙරෙත්, නො ගුණ පතුරුවත්.
Pali BJTඅථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. “සච්චං කිර භික්ඛවෙ උපජ්ඣායා සද්ධිවිහාරිකෙසු න සම්මා වත්තන්තී”ති.
Sinhala BJTඉක්බිති එ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ. “මහණෙනි, උපාධ්‍යායයෙන් සද්ධිවිහාරිකයන් කෙරෙහි මනා ව නො පවතිත් ල. ඒ සැබෑ දැ”යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළසේක.
Pali BJT“සච්චං භගවා”. විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “තෙන හි භික්ඛවෙ උපජ්ඣායානං සද්ධිවිහාරිකෙසු වත්තං පඤ්ඤාපෙස්සාමි යථා උපජ්ඣායෙහි සද්ධිවිහාරිකෙසු සම්මා වත්තිතබ්බං”.
Sinhala BJT“සැබැවැ වහන්සැ,”යි භික්‍ෂූහු කීහ. භාග්‍යවතුන් වහන්සේ ... වෙසෙසින් ගරහා දැහැමි කථා,කොට භික්‍ෂූන් අමතා “මහණෙනි, එසේ වී නම්, උපාධ්‍යායයන් විසින් සද්ධිවිහාරිකයන් කෙරෙහි යම් සේ පැවතියැයුතු ද, එසේ උපාධ්‍යායනට සද්ධිවිහාරිකයන් කෙරෙහි වත් පනවන්නෙමි.”
Pali BJT“උපජ්ඣායෙන භික්ඛවෙ සද්ධිවිහාරිකම්හි සම්මා වත්තිතබ්බං. තත්රායං සම්මාවත්තනා:
Sinhala BJT“මහණෙනි, උපාධ්‍යායයා විසින් සද්ධිවිහාරිකයා කෙරෙහි මැනවින් පැවතියැයුතු. එහි මේ ඒ මනා පැවැත්ම ය:
Pali BJTඋපජ්ඣායෙන භික්ඛවෙ සද්ධිවිහාරිකො සඞ්ගහෙතබ්බො, අනුග්ගහෙතබ්බො, උද්දෙසෙන පරිපුච්ඡාය ඔවාදෙන අනුසාසනියා. සචෙ උපජ්ඣායස්ස පත්තො හොති, සද්ධිවිහාරිකස්ස පත්තො න හොති, උපජ්ඣායෙන සද්ධිවිහාරිකස්ස පත්තො දාතබ්බො, උස්සුක්කං වා කාතබ්බං ‘කින්ති නු ඛො සද්ධිවිහාරිකස්ස පත්තො උප්පජ්ජියෙථා’ති. සචෙ උපජ්ඣායස්ස චීවරං හොති, සද්ධිවිහාරිකස්ස චීවරං න හොති, උපජ්ඣායෙන සද්ධිවිහාරිකස්ස චීවරං දාතබ්බං, උස්සුක්කං වා කාතබ්බං ‘කින්ති නු ඛො සද්ධිවිහාරිකස්ස චීවරං උප්පජ්ජියෙථා’ති. සචෙ උපජ්ඣායස්ස පරික්ඛාරො හොති, සද්ධිවිහාරිකස්ස පරික්ඛාරො න හොති, උපජ්ඣායෙන සද්ධිවිහාරිකස්ස පරික්ඛාරො දාතබ්බො, උස්සුක්කං වා කාතබ්බං ‘කින්ති නු ඛො සද්ධිවිහාරිකස්ස පරික්ඛාරො උප්පජ්ජියෙථා’ති.
Sinhala BJTමහණෙනි, උපාධ්‍යායයා විසින් සද්ධිවිහාරික තෙම උදෙසීමෙන් (පෙළදහම්, කියැවීමෙන්) ද නැවත නැවත විචාරීමෙන් ද අවවාදයෙන් ද අනුශාසනයෙන් ද සංග්‍රහ කළයුතු අනුග්‍රහ කළ යුතු. ඉදින් උපාධ්‍යායයාගේ පාත්‍රයෙක් වේ ද, (ඒ අතර) සද්ධිවිහාරිකයාට පාත්‍රයෙක් නැද්ද, උපාධ්‍යායා විසින් සද්ධිවිහාරිකයාට පාත්‍රය දියැයුතු. ‘කෙසේ නම් සද්ධිවිහාරිකයාට පාත්‍රයෙක් උපදනේ දැ’ යි උත්සුක බව හෝ කළයුතු. ඉදින් උපාධ්‍යායයාට සිවුරෙක් වේ ද, සද්ධිවිහාරිකයාට සිවුරෙක් නො වේ ද, උපාධ්‍යායයා විසින් සද්ධිවිහාරිකයාට සිවුර දියැයුතු. ‘කෙසේ නම් සද්ධිවිහාරිකයාට සිවුරක් උපදයෙන් දැ’ යි උත්සුක බව හෝ කළයුතු. ඉදින් උපාධ්‍යායයාට පිරිකරෙක් වේ ද, සද්ධිවිහාරිකයාට පිරිකරෙක් නො වේ ද, උපාධ්‍යායයා විසින් සද්ධිවිහාරිකයාට පිරිකර දියැයුතු. ‘කෙසේ නම් සද්ධිවිහාරිකයාට පිරිකර උපදනේ දැ’ යි උත්සුක බව හෝ කළයුතු.
Pali BJT23. සචෙ සද්ධිවිහාරිකො ගිලානො හොති, කාලස්සෙව උට්ඨාය දන්තකට්ඨං දාතබ්බං, මුඛොදකං දාතබ්බං, ආසනං පඤ්ඤාපෙතබ්බං. සචෙ යාගු හොති, භාජනං ධොවිත්වා යාගු උපනාමෙතබ්බා. යාගුං පීතස්ස උදකං දත්වා භාජනං පටිග්ගහෙත්වා නීචං කත්වා සාධුකං අපරිඝංසන්තෙන ධොවිත්වා පටිසාමෙතබ්බං. සද්ධිවිහාරිකම්හි වුට්ඨිතෙ ආසනං උද්ධරිතබ්බං. සචෙ සො දෙසො උක්ලාපො හොති සො දෙසො සම්මජ්ජිතබ්බො.
Sinhala BJT23. ඉදින් සද්ධිවිහාරිකයා ගිලන් වේ නම්, කලින් ම නැඟී සිට දැවටු දියැයුතු. මුව දෝනා පැන් දියැයුතු. අසුන් පැනවියැ යුතු. ඉදින් කැඳ ඇත් නම් බඳුනක් දෙවැ කැඳ එළවියැයුතු. කැඳ පූවාහට පැන් දී බඳුන පිළිගෙන පහත් කොට මනාව කිසිවෙක නො ගාවමින් සෝදා සුරැකි කොට තැබියැයුතු. සද්ධිවිහාරිකයා නැඟී සිටි කල්හි අස්න ඉදිරියැයුතු. ඉදින් ඒ පෙදෙස කුණුරොඩු සහිත වී නම් එය ඇමැන්දැයුතු.
Pali BJTසචෙ සද්ධිවිහාරිකො ගාමං පවිසිතුකාමො හොති, නිවාසනං දාතබ්බං, පටිනිවාසනං පටිග්ගහෙතබ්බං, කායබන්ධනං දාතබ්බං. සගුණං කත්වා සඞ්ඝාටියො දාතබ්බා. ධොවිත්වා පත්තො සොදකො දාතබ්බො. එත්තාවතා නිවත්තිස්සතීති. ආසනං පඤ්ඤාපෙතබ්බං. පාදොදකං පාදපීඨං පාදකඨලිකං උපනික්ඛිපිතබ්බං. පච්චුග්ගන්ත්වා පත්තචීවරං පටිග්ගහෙතබ්බං. පටිනිවාසනං දාතබ්බං. නිවාසනං පටිග්ගහෙතබ්බං. සචෙ චීවරං සින්නං හොති මුහුත්තං උණ්හෙ ඔතාපෙතබ්බං. න ච උණ්හෙ චීවරං නිදහිතබ්බං. චීවරං සඞ්ඝරිතබ්බං. චීවරං සඞ්ඝරන්තෙන චතුරඞ්ගුලං කණ්ණං උස්සාරෙත්වා චීවරං සඞ්ඝරිතබ්බං, මා මජ්ඣෙ භඞ්ගො අහොසීති. ඔභොගෙ කායබන්ධනං කාතබ්බං.
Sinhala BJTඉදින් සද්ධිවිහාරිකයා ගමට යනු කැමැත්තේ වී නම් හඳනය දියැයුතු. පිළිහඳනය (පෙරැළු හඳනය) පිළිගතයුතු. කාබාන දියැ යුතු. සගුණ කොට සඟළ සිවුරු දියැයුතු. සෝදා දිය සහිත පාත්‍රය දියැයුතු. මෙතෙක් වේලාවෙකින් පෙරළා එන්නේ යැ යි සලකා අසුන් පැනවියැයුතු. පා දෝනා දිය, පාපුටුව, පාකටැලිය ළංකොට තැබියැයුතු. පෙර ගමන් කොට පාසිවුරු පිළිගතයුතු. පෙරැළු හඳනය දියැයුතු. හඳනය පිළිගතයුතු. ඉදින් සිවුර ඩහදිය වැකුණේ වී නම් මොහොතක් අව්වේ වියැලියැයුතු. සිවුර අව්වේ බොහෝ වේලා නො තැවියැයුතු. සිවුර හැකිළියැ යුතු. සිවුර හකුළන්නහු විසින් ‘සිවුර මැද බිඳීමෙක් නො වේව’ යි සලකා සිවුරු කෙළවර සතරඟුලක් උඩට ඇද සිවුර ඇකිළියැයුතු.
Pali BJTසචෙ පිණ්ඩපාතො හොති සද්ධිවිහාරිකො ච භුඤ්ජිතුකාමො හොති උදකං දත්වා පිණ්ඩපාතො උපනාමෙතබ්බො. සද්ධිවිහාරිකො පානීයෙන පුච්ඡිතබ්බො. භුත්තාවිස්ස උදකං දත්වා පත්තං පටිග්ගහෙත්වා නීචං කත්වා සාධුකං අපරිඝංසන්තෙන ධොවිත්වා වොදකං කත්වා මුහුත්තං උණ්හෙ ඔතාපෙතබ්බො. න ච උණ්හෙ පත්තො නිදහිතබ්බො. පත්තචීවරං නික්ඛිපිතබ්බං. පත්තං නික්ඛිපන්තෙන එකෙන හත්ථෙන පත්තං ගහෙත්වා එකෙන හත්ථෙන හෙට්ඨාමඤ්චං වා හෙට්ඨාපීඨං වා පරාමසිත්වා පත්තො නික්ඛිපිතබ්බො. න ච අනන්තරහිතාය භූමියා පත්තො නික්ඛිපිතබ්බො.
Sinhala BJTඉදින් පිණ්ඩපාතය වේ නම්, සද්ධිවිහාරිකයාත් වළඳනු කැමැත්තේ වේ නම්, දිය පිළිගන්වා පිණ්ඩපාතය එළැවියැයුතු. සද්ධිවිහාරික තෙම පැනින් විචාළයුතු. වැළඳුවාහට දිය පිළිගන්වා පාත්‍රය පිළිගෙන පහත් කොට මනා කොට, කිසිවෙකත් නො ගාමින් සෝදා, දිය සිඳුවා, මොහොතක් අව්වේ වියලියැයුතු. පාත්‍රය උෂ්ණයෙහි බොහෝ වේලා නො තැබියැයුතු. පාසිවුරු තැබියැ යුතු. පාත්‍රය තබන්නහු විසින් එක් අතෙකින් පාත්‍රය ගෙන අනිත් අතින් ඇඳ යට හෝ පුටුව යට පිරිමැද පාත්‍රය තැබියැයුතු. කිසිත් නො අතුළ බිමැ පාත්‍රය. නො ම තැබියයුතු.
Pali BJTචීවරං නික්ඛිපන්තෙන එකෙන හත්ථෙන චීවරං ගහෙත්වා එකෙන හත්ථෙන චීවරවංසං වා චීවරරජ්ජුං වා පමජ්ජිත්වා පාරතො අන්තං ඔරතො භොගං කත්වා චීවරං නික්ඛිපිතබ්බං. සද්ධිවිහාරිකම්හි වුට්ඨිතෙ ආසනං උද්ධරිතබ්බං. පාදොදකං පාදපීඨං පාදකඨලිකං පටිසාමෙතබ්බං. සචෙ සො දෙසො උක්ලාපො හොති සො දෙසො සම්මජ්ජිතබ්බො.
Sinhala BJTසිවුර තබන්නහු විසින් එක් අතෙකින් සිවුර ගෙන අනිත් අතින් සිවුරුවස හෝ සිවුරු රැහැන පිස දමා කෙළවර ඈතින් ද නැම්ම මෑතින් ද කොට සිවුර තැබියයුතු. සද්ධිවිහාරිකයා නැඟී සිටි කල්හි අස්න ඉදිරියැයුතු. පාදෝනා දිය පාපුටුව පාකටැලිය සුරැකි කොට තැබියයුතු. එ තැන හැඩි වී තිබේ නම් හැමැන්දැ යුතු.
Pali BJT24. සචෙ සද්ධිවිහාරිකො නහායිතුකාමො හොති නහානං පටියාදෙතබ්බං. සචෙ සීතෙන අත්ථො හොති සීතං පටියාදෙතබ්බං. සචෙ උණ්හෙන අත්ථො හොති උණ්හං පටියාදෙතබ්බං. සචෙ සද්ධිවිහාරිකො ජන්තාඝරං පවිසිතුකාමො හොති චුණ්ණං සන්නෙතබ්බං. මත්තිකා තෙමෙතබ්බා. ජන්තාඝරපීඨං ආදාය ගන්ත්වා ජන්තාඝරපීඨං දත්වා චීවරං පටිග්ගහෙත්වා එකමන්තං නික්ඛිපිතබ්බං. චුණ්ණං දාතබ්බං. මත්තිකා දාතබ්බා. සචෙ උස්සහති ජන්තාඝරං පවිසිතබ්බං. ජන්තාඝරං පවිසන්තෙන මත්තිකාය මුඛං මක්ඛෙත්වා පුරතො ච පච්ඡතො ච පටිච්ඡාදෙත්වා ජන්තාඝරං පවිසිතබ්බං.
Sinhala BJT24. ඉදින් සද්ධිවිහාරික තෙම නානු කැමැත්තේ වී නම්, නාන දිය පිළියෙළ කැරැ දියැයුතු. ඉදින් සිසිල් දියෙන් වැඩෙක් වේ නම් සිසිල් දිය පිළියෙළ කළයුතු. උණු දියෙන් වැඩෙක් වේ නම් උණු දිය පිළියෙළ කළයුතු. සද්ධිවිහාරික තෙම ගිනිහල් ගෙට වදිනු කැමැති නම්, නාන සුණු ඇනියයුතු. මැටි තෙමියැයුතු. ගිනිහල් පුටුව ගෙන ගොස් දී සිවුරු පිළිගෙන පැත්තෙක තැබියැ යුතු. නාන සුණු දියැයුතු. මැටි දියැයුතු. හැක්කේ නම් ගිනිහලට පිවිසියැයුතු. ගිනිහලට වදනහු විසින් මැටියෙන් මුහුණ වකා (මැටි මුහුණේ තවරා) ඉදිරි පසින් ද පිටු පසින් ද වසා ගෙන ගිනිහල් ගෙට පිවිසියැයුතු.
Pali BJTන ථෙරෙ භික්ඛූ අනුපඛජ්ජ නිසීදිතබ්බං. න නවා භික්ඛූ ආසනෙන පටිබාහිතබ්බා. ජන්තාඝරෙ සද්ධිවිහාරිකස්ස පරිකම්මං කාතබ්බං. ජන්තාඝරා නික්ඛමන්තෙන ජන්තාඝරපීඨං ආදාය පුරතො ච පච්ඡතො ච පටිච්ඡාදෙත්වා ජන්තාඝරා නික්ඛමිතබ්බං. උදකෙපි සද්ධිවිහාරිකස්ස පරිකම්මං කාතබ්බං. නහාතෙන පඨමතරං උත්තරිත්වා අත්තනො ගත්තං වොදකං කත්වා නිවාසෙත්වා සද්ධිවිහාරිකස්ස ගත්තතො උදකං පමජ්ජිතබ්බං. නිවාසනං දාතබ්බං. සඞ්ඝාටි දාතබ්බා. ජන්තාඝරපීඨං ආදාය පඨමතරං ආගන්ත්වා ආසනං පඤ්ඤාපෙතබ්බං. පාදොදකං පාදපීඨං පාදකඨලිකං උපනික්ඛිපිතබ්බං. සද්ධිවිහාරිකො පානීයෙන පුච්ඡිතබ්බො.
Sinhala BJTස්ථවිර භික්‍ෂූන් හා ගැටී නො හින්දැයුතු. නවක මහණහු අස්නෙන් නො පිළිබැහියැයුතු. ගිනිහල්ගෙහි දි සද්ධිවිහාරිකයාට පිරියම් කළයුතු. ගිනිහල්ගෙයින් නික්මෙන්නහු විසින් ගිනිහල් පුටුව ගෙන ඉදිරියෙන් ද පිටු පසින් ද වසා ගෙන එයින් නික්මියැ යුතු. දියෙහි ද සද්ධිවිහාරිකයාට පිරියම් කළයුතු. නෑවහු විසින් වඩා පළමුවෙන් ගොඩ නැඟී සිය ගත දිය පිසදමා හඳනය හැඳ සද්ධිවිහාරිකයාගේ සිරුරින් දිය පිස දැමියැයුතු. හඳනය දියැයුතු. සඟළ සිවුර දියයුතු. ගිනිහල් පුටුව ගෙන වඩා පළමුවෙන් අවුත් අසුන් පැනවියැයුතු. පාදෝනා දිය පාපුටුව පාකටදැලිය ළං කොට තැබියැයුතු. සද්ධිවිහාරිකයා පැනින් විචාළයුතු.
Pali BJTයස්මිං විහාරෙ සද්ධිවිහාරිකො විහරති සචෙ සො විහාරො උක්ලාපො හොති සචෙ උස්සහති සොධෙතබ්බො. විහාරං සොධෙන්තෙන පඨමං පත්තචීවරං නීහරිත්වා එකමන්තං නික්ඛිපිතබ්බං -පෙ- සචෙ ආචමනකුම්භියා උදකං න හොති ආචමනකුම්භියා උදකං ආසිඤ්චිතබ්බං. සචෙ සද්ධිවිහාරිකස්ස අනභිරති උප්පන්නා හොති උපජ්ඣායෙන වූපකාසෙතබ්බා. වූපකාසාපෙතබ්බා. ධම්මකථා වාස්ස කාතබ්බා. සචෙ සද්ධිවිහාරිකස්ස කුක්කුච්චං උප්පන්නං හොති උපජ්ඣායෙන විනොදෙතබ්බං. විනොදාපෙතබ්බං. ධම්මකථා වාස්ස කාතබ්බා. සචෙ සද්ධිවිහාරිකස්ස දිට්ඨිගතං උප්පන්නං හොති උපජ්ඣායෙන විවෙචෙතබ්බං. විවෙචාපෙතබ්බං. ධම්මකථා වාස්ස කාතබ්බා.
Sinhala BJTසධිවිහාරිකයා යම් වෙහෙරෙකැ වෙසේ ද, ඒ වෙහෙර හැඩි වී තිබේ නම්, හැකි නම්, ශුද්ධ කළයුතු. වෙහෙර ශුද්ධ කරන්නහු විසින් පළමු කොට පා සිවුරු බැහැර කොට එක් පැත්තෙක තැබියැයුතු ... ආචමනකුම්භියෙහි ජලය නැත් නම්, එහි ජලය වත්කළයුතු. සද්ධිවිහාරිකයාට පැවිද්දෙහි නො ඇල්මක් උපන්නේ වී නම්, උපාධ්‍යායයා විසින් එය සන්හිඳුවියැයුතු. අනුන් ලවා හෝ සන්හිඳුවියැයුතු. බණ හෝ කියැයුතු. ඉදින් සද්ධිවිහාරිකයාට කුකුසෙක් උපන්නේ වී නම්, උපාධ්‍යායයා විසින් එය දුරැ ලියැ යුතු. දුරැලැවියැයුතු හෝ වෙයි. බණ හෝ කියැයුතු. සද්ධිවිහාරිකයාට මිසදිටෙක් උපන්නේ වී නම්, උපාධ්‍යායයා විසින් එය විවේචනය කළයුතු. අනුන් ලවා හෝ විවේචනය කැරැවියැයුතු. ඔහුට බණ හෝ කියැයුතු.
Pali BJT25. සචෙ සද්ධිවිහාරිකො ගරුධම්මං අජ්ඣාපන්නො හොති පරිවාසාරහො, උපජ්ඣායෙන උස්සුක්කං කාතබ්බං ‘කින්ති නු ඛො සඞ්ඝො සද්ධිවිහාරිකස්ස පරිවාසං දදෙය්යා’ති. සචෙ සද්ධිවිහාරිකො මූලායපටිකස්සනාරහො හොති උපජ්ඣායෙන උස්සුක්කං කාතබ්බං ‘කින්ති නු ඛො සඞ්ඝො සද්ධිවිහාරිකං මූලායපටිකස්සෙය්යා’ති. සචෙ සද්ධිවිහාරිකො මානත්තාරහො හොති උපජ්ඣායෙන උස්සුක්කං කාතබ්බං ‘කින්ති නු ඛො සඞ්ඝො සද්ධිවිහාරිකස්ස මානත්තං දදෙය්යා’ති. සචෙ සද්ධිවිහාරිකො අබ්භානාරහො හොති උපජ්ඣායෙන උස්සුක්කං කාතබ්බං ‘කින්ති නු ඛො සඞ්ඝො සද්ධිවිහාරිකං අබ්භෙය්යා’ති.
Sinhala BJT25. ඉදින් සද්ධිවිහාරික තෙම ගරු ඇවැතකට පැමිණියේ පිරිවෙසට සුදුසු වේ නම්, ‘කෙසේ නම් සඞ්ඝ තෙමේ සද්ධිවිහාරිකයාට පිරිවෙස දෙන්නේ දැ’ යි උපාධ්‍යායයා විසින් උත්සාහ කළයුතු යි. ඉදින් සද්ධිවිහාරික තෙම මූලායපටිකස්සනයට සුදුසු වේ නම්, උපාධ්‍යායයා විසින් ‘කෙසේ නම් සඞ්ග තෙමේ සද්ධිවිහාරිකයාට මූලායපටිකස්සනය කරන්නේ දැ’ යි උත්සාහ කළයුතු. ඉදින් සද්ධිවිහාරික තෙම මානත ලබන්නට සුදුසු වී නම්, ‘කෙසේ නම් සද්ධිවිහාරික තෙමේ මානත ලබන්නේ දැ’ යි උපාධ්‍යායා විසින් උත්සාහ කළයුතු. ඉදින් සද්ධිවිහාරික තෙම අබ්භානයට සුදුසු වී නම්, ‘කෙසේ නම් සඞ්ඝ තෙමේ සද්ධිවිහාරිකයා අබ්භානය කරන්නේ දැ’ යි උපාධ්‍යායයා විසින් උත්සාහ කළයුතු.
Pali BJTසචෙ සඞ්ඝො සද්ධිවිහාරිකස්ස කම්මං කත්තුකාමො හොති තජ්ජනීයං වා නියස්සං වා පබ්බාජනීයං වා පටිසාරණීයං වා උක්ඛෙපනීයං වා උපජ්ඣායෙන උස්සුක්කං කාතබ්බං, ‘කින්ති නු ඛො සඞ්ඝො සද්ධිවිහාරිකස්ස කම්මං න කරෙය්ය ලහුකාය වා පරිණාමෙය්යා’ති. කතං වා පනස්ස හොති සඞ්ඝෙන කම්මං තජ්ජනීයං වා නියස්සං වා පබ්බාජනීයං වා පටිසාරණීයං වා උක්ඛෙපනීයං වා උපජ්ඣායෙන උස්සුක්කං කාතබ්බං, ‘කින්ති නු ඛො සද්ධිවිහාරිකො සම්මා වත්තෙය්ය ලොමං පාතෙය්ය නෙත්ථාරං වත්තෙය්ය සඞ්ඝො තං කම්මං පටිප්පස්සම්භෙය්යා’ති.
Sinhala BJTඉදින් සඞ්ඝයා සද්ධිවිහාරිකයාට තර්‍ජනීය කර්‍මය හෝ නියස්ස කර්‍මය හෝ පබ්බාජනීය කර්‍මය හෝ පටිසාරණීය කර්‍මය හෝ උක්ඛේපනීය කර්‍මය හෝ කරනු කැමති වී නම්, ‘කෙසේ නම් සඞ්ඝ තෙමේ සද්ධිවිහාරිකයාට ඒ කර්‍මය නො කරන්නේ ද යි, ඒ කර්‍මය හෑල්ලු බවට පිරිනමන්නේ දැ’ යි උපාධ්‍යායයා විසින් උත්සාහ කළයුතු ය. ඉදින් ඔහුට තර්‍ජනීයකර්‍මය හෝ නියස්ස කර්‍මය හෝ පබ්බාජනීය කර්‍මය හෝ පටිසාරණීය කර්‍මය හෝ උක්ඛේපනීය කර්‍මය හෝ කරන ලද්දේ වී නම්, ‘කෙසේ නම් සද්ධිවිහාරික තෙම මනා ව පවත්නේ ද සඞ්ඝයාට අනුලොම් ව පවත්නේ ද නිස්තරණය පිණිස පවත්නේ ද සඞ්ඝ තෙමේ ඒ කර්‍මය සන්හිඳුවන්නේ ද’ යි උපාධ්‍යායයා විසින් උත්සාහ කළ යුතු.
Pali BJTසචෙ සද්ධිවිහාරිකස්ස චීවරං ධොවිතබ්බං හොති උපජ්ඣායෙන ආචික්ඛිතබ්බං ‘එවං ධොවෙය්යාසී’ති, උස්සුක්කං වා කාතබ්බං ‘කින්ති නු ඛො සද්ධිවිහාරිකස්ස චීවරං ධොවීයෙථා’ති. සචෙ සද්ධිවිහාරිකස්ස චීවරං කාතබ්බං හොති උපජ්ඣායෙන ආචික්ඛිතබ්බං ‘එවං කරෙය්යාසී’ති. උස්සුක්කං වා කාතබ්බං ‘කින්ති නු ඛො සද්ධිවිහාරිකස්ස චීවරං කරියෙථා’ති. සචෙ සද්ධිවිහාරිකස්ස රජනං පචිතබ්බං හොති උපජ්ඣායෙන ආචික්ඛිතබ්බං ‘එවං පචෙය්යාසී’ති. උස්සුක්කං වා කාතබ්බං ‘කින්ති නු ඛො සද්ධිවිහාරිකස්ස රජනං පචීයෙථා’ති. සචෙ සද්ධිවිහාරිකස්ස චීවරං රජිතබ්බං හොති උපජ්ඣායෙන ආචික්ඛිතබ්බං ‘එවං රජෙය්යාසී’ති. උස්සුක්කං වා කාතබ්බං ‘කින්ති නු ඛො සද්ධිවිහාරිකස්ස චීවරං රජියෙථා’ති. චීවරං රජන්තෙන සාධුකං සම්පරිවත්තකං සම්පරිවත්තකං රජිතබ්බං. න ච අච්ඡින්නෙථෙවෙ පක්කමිතබ්බං. සචෙ සද්ධිවිහාරිකො ගිලානො හොති යාවජීවං උපට්ඨාපෙතබ්බො වුට්ඨානමස්ස ආගමෙතබ්බං.
Sinhala BJTඉදින් සද්ධිවිහාරිකයාගේ සිවුර සේදියයුතු නම්, ‘මෙසේ සෝදන්නැ’ යි උපාධ්‍යායයා විසින් කියැයුතු. ‘කෙසේ නම් සද්ධිවිහාරිකයාගේ සිවුර සෝදනු ලබන්නේ දැ’යි උත්සාහ හෝ කළ යුතු. ඉදින් සද්ධිවිහාරිකයාට සිවුරක් කළයුතු නම්, ‘මෙසේ කළ යුතු යැ’ යි උපාධ්‍යායයා විසින් කියැයුතු. ‘කෙසේ නම් සද්ධිවිහාරිකයාට සිවුර කරනු ලබන්නේ දැ’ යි උත්සාහ හෝ කළ යුතු. ඉදින් සද්ධිවිහාරිකයාට රඳන් පිසියැයුතු නම්, ‘මෙසේ පිසන්නැ’යි උපාධ්‍යායයා විසින් කියයුතු. ‘කෙසේ නම් සද්ධිවිහාරිකයාට රඳන් පිසිනු ලබන්නේ දැ’ යි උපාධ්‍යායයා විසින් උත්සාහ කළයුතු හෝ වෙයි. ඉදින් සද්ධිවිහාරිකයාගේ සිවුර පඬු පෙවියැ යුතු නම්, ‘මෙසේ පඬු පොවන්නැ’ යි උපාධ්‍යායයා විසින් කිය යුතු ‘කෙසේ නම් සද්ධිවිහාරිකයාගේ සිවුර පඬු පොවනු ලබන්නේ දැ’ යි උත්සාහ කළයුතු හෝ වෙයි. සිවුර පඬු පොවන්නහු විසින් පෙරළ පෙරළා මනා කොට සිවුර පඬු පෙවියැයුතු. පඬු බින්‍දු නො සිඳු කල්හි නො ම නික්මියැයුතු. ඉදින් සද්ධිවිහාරික තෙම ගිලන් වේ නම් යව් දිව් උවටන් කළයුතු. ඔහු ගිලන් බැවින් නැගී සිටීම බලාපොරොත්තු වියයුතු:
Pali BJTඉදං ඛො භික්ඛවෙ උපජ්ඣායානං සද්ධිවිහාරිකෙසු වත්තං යථා උපජ්ඣායෙහි සද්ධිවිහාරිකෙසු වත්තිතබ්බන්ති.
Sinhala BJTමහණෙනි, යම්සේ උපාධ්‍යායයන් විසින් සද්ධිවිහාරිකයන් කෙරෙහි පැවැතියැ යුතු ද මේ ඒ සද්ධිවිහාරිකයන් කෙරෙහි උපාධ්‍යායයන්ගේ වත යි.
Pali BJTදුතියභාණවාරං නිට්ඨිතං.
Sinhala BJTදෙවෙනි බණවර නිමියේ යි.
Pali BJTආචරියවත්තං
Sinhala BJTඇදුරු වත්
Pali BJT26. තෙන ඛො පන සමයෙන අන්තෙවාසිකා ආචරියෙසු න සම්මා වත්තන්ති. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා සන්තුට්ඨා ලජ්ජිනො කුක්කුච්චකා සික්ඛාකාමා තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම අන්තෙවාසිකා ආචරියෙසු න සම්මා වත්තිස්සන්තී”ති. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT26. එ සමයෙහි වනාහි අතැවැසියෝ ඇදුරන් කෙරෙහි මනා වැ නො පවතිත්. අපිස් සතොස් ගුණ ඇති ලජ්ජි වූ කුකුස් කරන ශික්‍ෂාකාමී යම් මහණ කෙනෙක් වෙත් ද ඔහු ‘කෙසේ නම් අතැවැසියෝ ඇදුරන් කෙරෙහි මනා ව නො පවත්නාහු දැ’ යි ලාමක කොට සිතත්, නින්‍දා කරත්, නො ගුණ පතුරුවත්, ඉක්බිත්තෙන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ.
Pali BJT“සච්චං කිර භික්ඛවෙ අන්තෙවාසිකා ආචරියෙසු න සම්මා වත්තන්තී”ති. සච්චං භගවා. -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “තෙනහි භික්ඛවෙ අන්තෙවාසිකානං ආචරියෙසු වත්තං පඤ්ඤාපෙස්සාමි යථා අන්තෙවාසිකෙහි ආචරියෙසු වත්තිතබ්බං.”
Sinhala BJT“මහණෙනි, අතැවැසි මහණහු ඇදුරු මහණුන් කෙරෙහි මොනොවට නො පවතිත් ල. ඒ සැබෑ දැ” යි භාග්‍යවතුන් වහන්සේ අසාවදාළසේක. “සැබැව, වහන්සැ” යි භික්‍ෂූහු කීහ. ... භාග්‍යවතුන් වහන්සේ වෙසෙසින් ගරහා දැහැමි කතා කොට, භික්‍ෂූන් අමතා “මහණෙනි, එසේ වී නම් අතැවැස්සන් විසින් ඇදුරන් කෙරෙහි යම්සේ පැවතියැයුතු ද එසේ අතැවැස්සනට ඇදුරුවත පනවන්නෙමි” යි වදාරා පහත දැක්වෙන පරිදි ඇදුරුවත පැනවූ සේක.
Pali BJT“අන්තෙවාසිකෙන භික්ඛවෙ ආචරියම්හි සම්මා වත්තිතබ්බං. තත්රායං සම්මා වත්තනා:
Sinhala BJT“මහණෙනි, අතැවැස්සා විසින් ඇදුරා කෙරෙහි මනාවැ පැවතියැ යුතු. එහි මේ මනා පැවැත්ම යි:
Pali BJT“කාලස්සෙව උට්ඨාය උපාහනා ඔමුඤ්චිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා දන්තකට්ඨං දාතබ්බං, මුඛොදකං දාතබ්බං, ආසනං පඤ්ඤාපෙතබ්බං. සචෙ යාගු හොති භාජනං ධොවිත්වා යාගු උපනාමෙතබ්බා. යාගුපීතස්ස උදකං දත්වා භාජනං පටිග්ගහෙත්වා නීචං කත්වා සාධුකං අපරිඝංසන්තෙන ධොවිත්වා පටිසාමෙතබ්බං. ආචරියම්හි වුට්ඨිතෙ ආසනං උද්ධරිතබ්බං.
Sinhala BJTකලින් ම නැඟී සිට වහන් මුදා උතුරුසඟ එකස් කොට ගෙන දැවටු දියැයුතු. මුවදෝනා ජලය දියැයුතු. අසුන් පැනවියැයුතු. ඉදින් හුළුකැන් ඇත් නම්, බඳුනක් දෙවැ හුළුකැන් එළවියැයුතු. හුළුකැන් පූවාහට පැන් පිළිගන්වා බඳුන පිළිගෙන පහත් කොට කිසිවෙක ද නො ගාවමින් මොනොවට දෙවැ සුරැකි කොට තැබියැයුතු. ඇදුරහු නැඟී සිටි කල්හි අස්න ඉදිරියැ යුතු.
Pali BJTසචෙ සො දෙසො උක්ලාපො හොති සො දෙසො සම්මජ්ජිතබ්බො. සචෙ ආචරියො ගාමං පවිසිතුකාමො හොති නිවාසනං දාතබ්බං. පටිනිවාසනං පටිග්ගහෙතබ්බං. කායබන්ධනං දාතබ්බං. සගුණං කත්වා සඞ්ඝාටියො දාතබ්බා ධොවිත්වා පත්තො සොදකො දාතබ්බො. සචෙ ආචරියො පච්ඡාසමණං ආකඞ්ඛති තිමණ්ඩලං පටිච්ඡාදෙන්තෙන පරිමණ්ඩලං නිවාසෙත්වා කායබන්ධනං බන්ධිත්වා සගුණං කත්වා සඞ්ඝාටියො පාරුපිත්වා ගණ්ඨිකං පටිමුඤ්චිත්වා ධොවිත්වා පත්තං ගහෙත්වා ආචරියස්ස පච්ඡාසමණෙන හොතබ්බං. නාතිදූරෙ ගන්තබ්බං. නාච්චාසන්නෙ ගන්තබ්බං. පත්තපරියාපන්නං පටිග්ගහෙතබ්බං.
Sinhala BJTඉදින් එ පෙදෙස කුණු රොඩු සහිත වී නම් එ තැන හැමැන්ද යුතු. ඉදින් ඇදුරු තෙම ගම් වදිනු කැමති වී නම්, හඳනය දියැ යුතු. පිළිහඳනය පිළිගතයුතු. කාබාන දියැයුතු. සඟළ සිවුරු සගුණ කොට දියැයුතු. සෝදා දිය සහිත පාත්‍රය දියැයුතු. ඉදින් ඇදුරු තෙම පසුමහණකු කැමැත්තේ නම් තිමඬුලු වසන්නහු විසින් පිරිමඬුලු කොට හැඳ කාබහන බැඳ සගුණ කොට සඟළ සිවුරු පෙරෙවැ ගැට වටු ගන්වා පාත්‍රය සෝදා අතට ගෙන ඇදුරහුගේ පසුමහණ වියැයුතු. ඉතා දුරැ නො යා යුතු. ඉතා ළඟ නො යායුතු. පාත්‍රයට ලැබුණු දෑ පිළිගතයුතු.
Pali BJT27. න ආචරියස්ස භණමානස්ස අන්තරන්තරා කථා ඔපාතෙතබ්බා. ආචරියො ආපත්තිසාමන්තා භණමානො නිවාරෙතබ්බො. නිවත්තන්තෙන පඨමතරං ආගන්ත්වා ආසනං පඤ්ඤාපෙතබ්බං. පාදොදකං පාදපීඨං පාදකඨලිකං උපනික්ඛිපිතබ්බං පච්චුග්ගන්ත්වා පත්තචීවරං පටිග්ගහෙතබ්බං. පටිනිවාසනං දාතබ්බං නිවාසනං පටිග්ගහෙතබ්බං. සචෙ චීවරං සින්නං හොති මුහුත්තං උණ්හෙ ඔතාපෙතබ්බං. න ච උණ්හෙ චීවරං නිදහිතබ්බං. චීවරං සඞ්ඝරිතබ්බං. චීවරං සඞ්ඝරන්තෙන චතුරඞ්ගුලං කණ්ණං උස්සාරෙත්වා චීවරං සඞ්ඝරිතබ්බං මා මජ්ඣෙ භඞ්ගො අහොසීති. ඔභොගෙ කායබන්ධනං කාතබ්බං.
Sinhala BJT27. ඇදුරහු කථා කරද්දී අතරතුරැ කථා නො හෙළියැ යුතු. ඇදුරු ඇවැතකට අවදනට ළං ව බණනුයේ වැළැක්වියහැයුතු. පෙරළා එන්නහු විසින් වඩා පළමුවෙන් අවුත් අස්නක් පැනවියහැයුතු. පාදෝනා දිය ද පාපුටුව ද පාකටැලිය ද ළං කොට තැබියැ යුතු. පෙර ගමන් කොට පාසිවුරු පිළිගතයුතු. පිළිනිවස්න දියැ යුතු. නිවස්න පිළිගතයුතු. සිවුර ඩහදියෙන් තෙත් වූයේ වේ නම්, මොහොතක් අව්වේ වියලියැයුතු. අව්වේ බොහෝ වේලාවක් නො තැබියැයුතු. සිවුර හැකිළිය යුතු. සිවුර හකුළන්නහු විසින් ‘සිවුරු මැද බිඳීමෙක් නොවේව’ යි සිතා සිවුරු කොන සතරඟුලක් උඩට ඇද හැකිළියැයුතු. කාබහන නමා චීවරභෝගයෙහි (සිවුරේ නැමුම් පොට තුළැ) ලියැයුතු.
Pali BJTසචෙ පිණ්ඩපාතො හොති ආචරියො ච භුඤ්ජිතුකාමො හොති, උදකං දත්වා පිණ්ඩපාතො උපනාමෙතබ්බො. ආචරියො පානීයෙන පුච්ඡිතබ්බො. භුත්තාවිස්ස උදකං දත්වා පත්තං පටිග්ගහෙත්වා නීචං කත්වා සාධුකං අපරිඝංසන්තෙන ධොවිත්වා වොදකං කත්වා මුහුත්තං උණ්හෙ ඔතාපෙතබ්බො, න ච උණ්හෙ පත්තො නිදහිතබ්බො. පත්තචීවරං නික්ඛිපිතබ්බං. පත්තං නික්ඛිපන්තෙන එකෙන හත්ථෙන පත්තං ගහෙත්වා එකෙන හත්ථෙන හෙට්ඨාමඤ්චං වා හෙට්ඨාපීඨං වා පරාමසිත්වා පත්තො නික්ඛිපිතබ්බො. න ච අනන්තරහිතාය භූමියා පත්තො නික්ඛිපිතබ්බො. චීවරං නික්ඛිපන්තෙන එකෙන හත්ථෙන චීවරං ගහෙත්වා එකෙන හත්ථෙන චීවරවංසං වා චීවරරජ්ජුං වා පමජ්ජිත්වා පාරතො අන්තං ඔරතො භොගං කත්වා චීවරං නික්ඛිපිතබ්බං.
Sinhala BJTඉදින් පිණ්ඩපාත භෝජනය තිබේ නම්, ඇදුරාත් වළඳනු කැමැත්තේ වී නම්, දිය පිළිගන්වා පිණ්ඩපාතය එළවියැයුතු. ඇදුරු තෙම පැනින් විචාළයුතු. වැළඳුවහුට දිය පිළිගන්වා පාත්‍රය පිළිගෙන කිසිවෙක නොගාවමින් පහත් කොට මොනොවට සෝදා දිය රහිත කොට (තෙත මාත්තු කොට) මොහොතක් අව්වේ වියැලිය යුතු. පාත්‍රය වැඩිවේලාවක් අව්වේ දමා නො තැබියයුතු. පාසිවුරු තැබියහැයුතු. පාත්‍රය තබන්නහු විසින් එක් අතෙකින් පාත්‍රය ගෙන එක් අතෙකින් ඇඳ යට හෝ පුටුව යට හෝ පිරිමැද පාත්‍රය තැබියැයුතු. කිසිවක් නො අතුළ බිමැ පාත්‍රය නො තැබියයුතු. සිවුරු බහා තබන්නහු විසින් එක් අතෙකින් සිවුර ගෙන එක් අතෙකින් සිවුරු වස{1} හෝ සිවුරු රැහැන පිරිමැද සිවුරු කොන පිටතට ද සිවුරු නැම්ම මෑතට (තමා සිටින පැත්තට) ද කොට සිවුර තැබියයුතු.
Pali BJTආචරියම්හි වුට්ඨිතෙ ආසනං උද්ධරිතබ්බං. පාදොදකං පාදපීඨං පාදකඨලිකං පටිසාමෙතබ්බං. සචෙ සො දෙසො උක්ලාපො හොති සො දෙසො සම්මජ්ජිතබ්බො.
Sinhala BJTඇදුරහු නැඟී සිටි කල්හි අස්න ඉදිරියැ යුතු. පා දෝනා දිය, පාපුටුව, පාකටදැලිය සුරැකි කොට තැබියයුතු. ඉදින් එ තැන කුණු වැකී ඇත් නම් හැමැන්දයුතු.
Pali BJTසචෙ ආචරියො නහායිතුකාමො හොති නහානං පටියාදෙතබ්බං. සචෙ සීතෙන අත්ථො හොති සීතං පටියාදෙතබ්බං. සචෙ උණ්හෙන අත්ථො හොති උණ්හං පටියාදෙතබ්බං. සචෙ ආචරියො ජන්තාඝරං පවිසිතුකාමො හොති චුණ්ණං සන්නෙතබ්බං. මත්තිකා තෙමෙතබ්බා, ජන්තාඝරපීඨං ආදාය ආචරියස්ස පිට්ඨිතො පිට්ඨිතො ගන්ත්වා ජන්තාඝරපීඨං දත්වා චීවරං පටිග්ගහෙත්වා එකමන්තං නික්ඛිපිතබ්බං. චුණ්ණං දාතබ්බං. මත්තිකා දාතබ්බා. සචෙ උස්සහති ජන්තාඝරං පවිසිතබ්බං. ජන්තාඝරං පවිසන්තෙන මත්තිකාය මුඛං මක්ඛෙත්වා පුරතො ච පච්ඡතො ච පටිච්ඡාදෙත්වා ජන්තාඝරං පවිසිතබ්බං.
Sinhala BJTඉදින් ඇදුරු තෙම නානු කැමැත්තේ වී නම්, නාන දිය පිළියෙළ කළයුතු. ඉදින් සිසිල් දියෙන් ප්‍රයෝජන වේ නම්, සිසිල් දිය පිළියෙළ කළයුතු. උණුදිය වුවමනා නම් උණුදිය පිළියෙල කළයුතු. ඉදින් ඇදුරු තෙම ගිනිහල් ගෙට පිවිසෙනු කැමැත්තේ වී නම් නාන සුණු දියෙන් තෙමා ගුලි කළයුතු. මැටි තෙමියැයුතු. ගිනිහල් පුටුව ගෙන ඇදුරු පිටුපසින් ගොස් එය දී සිවුරු පිළිගෙන එක් පසෙක තැබියැ යුතු. නාන සුණු දියැයුතු. මැටි දියැයුතු. හැක්කේ වී නම් තමා ගිනිහල් ගෙට පිවිසියැයුතු. ගිනිහල් ගෙට වදනහු විසින් මැටියෙන් මුහුණ වකා (මැටි මූණේ ගා) ඉදිරි පසින් ද පිටු පසින් ද වසා ගෙන ගිනිහල් ගෙට පිවිසියැයුතු.
Pali BJT28. න ථෙරෙ භික්ඛූ අනුපඛජ්ජ නිසීදිතබ්බං. න නවා භික්ඛූ ආසනෙන පටිබාහෙතබ්බා, ජන්තාඝරෙ ආචරියස්ස පරිකම්මං කාතබ්බං. ජන්තාඝරා නික්ඛමන්තෙන ජන්තාඝරපීඨං ආදාය පුරතො ච පච්ඡතො ච පටිච්ඡාදෙත්වා ජන්තාඝරා නික්ඛමිතබ්බං. උදකෙපි ආචරියස්ස පරිකම්මං කාතබ්බං. නහාතෙන පඨමතරං උත්තරිත්වා අත්තනො ගත්තං වොදකං කත්වා නිවාසෙත්වා ආචරියස්ස ගත්තතො උදකං පමජ්ජිතබ්බං. නිවාසනං දාතබ්බං. සඞ්ඝාටි දාතබ්බා. ජන්තාඝරපීඨං ආදාය පඨමතරං ආගන්ත්වා ආසනං පඤ්ඤාපෙතබ්බං. පාදොදකං පාදපීඨං පාදකඨලිකං උපනික්ඛිපිතබ්බං. ආචරියො පානීයෙන පුච්ඡිතබ්බො. සචෙ උද්දිසාපෙතුකාමො හොති උද්දිසාපෙතබ්බො. සචෙ පරිපුච්ඡිතුකාමො හොති පරිපුච්ඡිතබ්බො.
Sinhala BJT28. ස්ථවිර භික්‍ෂූන් ඇඟ ගැටී නො හින්දැයුතු. නවක මහණහු අස්නෙන් බැහැර නො කළයුතු. ගිනිහල් ගෙහි දී ඇදුරුහට පිරියම් කළ යුතු. ගිනිහල් ගෙන් නික්මෙන්නහු විසින් ගිනිහල් පුටුව ගෙන ඉදිරියෙන් ද පිටුපසින් ද වසා ගිනිහල් ගෙන් නික්මියැයුතු. දියෙහි ද ඇදුරුහට පිරියම් කළයුතු. නෑවහු විසින් වඩා පළමුවෙන් ගොඩ අවුත් සිය ගත දිය පිසදමා හැඳ ඇදුරහු ගතින් දිය පිස දැමියැයුතු. හඳනය දියැයුතු. සඟළ සිවුර දියැයුතු. ගිනිහල් පුටුව ගෙන වඩා පළමුවෙන් අවුත් අසුන් පැනවියැයුතු. පාදෝනා දිය ද පාපුටුව ද පාකටලිය ද එළවා තැබියයුතු. ඇදුරු තෙම පැනින් විචාළයුතු. උදෙස්වනු කැමැත්තේ වී නම් උදෙස්වියයුතු. ප්‍රශ්න විචාරනු කැමැත්තේ වී නම් විචාළයුතු.
Pali BJTයස්මිං විහාරෙ ආචරියො විහරති සචෙ සො විහාරො උක්ලාපො හොති සචෙ උස්සහති සොධෙතබ්බො. විහාරං සොධෙන්තෙන පඨමං පත්තචීවරං නීහරිත්වා එකමන්තං නික්ඛිපිතබ්බං: නිසීදනපච්චත්ථරණං නීහරිත්වා එකමන්තං නික්ඛිපිතබ්බං. භිසි-බිම්බොහනං නීහරිත්වා එකමන්තං නික්ඛිපිතබ්බං. මඤ්චො නීචං කත්වා සාධුකං අපරිඝංසන්තෙන අසඞ්ඝට්ටන්තෙන කවාටපිට්ඨං නීහරිත්වා එකමන්තං නික්ඛිපිතබ්බො. පීඨං නීචං කත්වා සාධුකං අපරිඝංසන්තෙන අසඞ්ඝට්ටන්තෙන කවාටපිට්ඨං නීහරිත්වා නික්ඛිපිතබ්බං. මඤ්චපටිපාදකා නීහරිත්වා එකමන්තං නික්ඛිපිතබ්බා. ඛෙළමල්ලකො නීහරිත්වා එකමන්තං නික්ඛිපිතබ්බො. අපස්සෙනඵලකං නීහරිත්වා එකමන්තං නික්ඛිපිතබ්බං. භුම්මත්ථරණං යථාපඤ්ඤත්තං සල්ලක්ඛෙත්වා නීහරිත්වා එකමන්තං නික්ඛිපිතබ්බං.
Sinhala BJTයම් වෙහෙරෙක ඇදුරා වෙසේ ද ඉදින් ඒ වෙහෙර කුණු රොඩු වැකී ඇත්තේ ද, හැකිනම් ශුද්ධ කළ යුතු. වෙහෙර ශුද්ධ කරන්නහු විසින් පළමු කොට පාසිවුරු මෑත් කොට පසෙක තැබිය යුතු. හිඳුනාකඩ ද පසතුරුණ ද මෑත් කොට පසෙක තැබියයුතු. බිසි ද, කොට්ට ද මෑත් කොට පසෙක තැබිය යුතු. ඇඳ පහත් කොට කිසිවෙක ද නො ගාවමින් නො ගටමින් මනා කොට කපාටපෘෂ්ඨයෙන් (දොරපළු පිටෙන්) පිටතට ගෙන ගොස් තැබිය යුතු. පුටුව පහත් කොට කිසිවෙක නො ගාවමින් නො ගටමින් මනාව දොරපළු පිටෙන් පිටතට ගෙන ගොස් තැබියයුතු. ඇඳ පා අළු පිටත ගෙන ගොස් පසෙක තැබියයුතු. කෙළමලාව පිටත ගෙන ගොස් පසෙක තැබියයුතු. හේත්තුවන පුවරුව පිටත ගෙන ගොස් පසෙක තැබියයුතු. බුමුතුරණ පනවා තුබුණු සැටි සලකා පිටත ගෙන ගොස් පසෙක තැබිය යුතු.
Pali BJTසචෙ විහාරෙ සන්තානකං හොති උල්ලොකා පඨමං ඔහාරෙතබ්බං. ආලොකසන්ධිකණ්ණභාගා සම්මජ්ජිතබ්බා. සචෙ ගෙරුකපරිකම්මකතා භිත්ති කණ්ණකිතා හොති චොළකං තෙමෙත්වා පීළෙත්වා පමජ්ජිතබ්බා. සචෙ කාළවණ්ණකතා භූමි කණ්ණකිතා හොති චොළකං තෙමෙත්වා පීළෙත්වා පමජ්ජිතබ්බා. සචෙ අකතා හොති භූමි උදකෙන පරිප්ඵොසිත්වා සම්මජ්ජිතබ්බා ‘මා විහාරො රජෙන උහඤ්ඤී’ති. සඞ්කාරං විචිනිත්වා එකමන්තං ඡඩ්ඩෙතබ්බං.
Sinhala BJTඉදින් වෙහෙරෙහි මකුළුදැල් වේ නම්, පළමු කොට උඩ සිට පහතට ඉවත් කළයුතු. ආලෝකසන්ධිභාගයෝ ද (ඇතුළත පිටත ජනෙල් දොරවල් ද) කර්ණණ භාගයෝ ද (ගැබ , සතර මුළු ද) හැමැන්දයුතු. ඉදින් ගුරු පිරියම් කරන ලද බිත්තිය කිලිටි වී තිබේ නම්, රෙදි කඩක් තෙමා මිරිකා මැද්දයුතු. ඉදින් බිම පිරියම් නො කරන ලද නම්, ‘වෙහෙර දූවිල්ලෙන් කිලිටි නො වේ ව’ යි සලකා දිය ඉස හැමැන්දයුතු. කසළ රැස්කොට පැත්තකට දැමියයුතු.
Pali BJT29. භුම්මත්ථරණං ඔතාපෙත්වා සොධෙත්වා පප්ඵොටෙත්වා අතිහරිත්වා යථා පඤ්ඤත්තං පඤ්ඤාපෙතබ්බං. මඤ්චපටිපාදකා ඔතාපෙත්වා පමජ්ජිත්වා අතිහරිත්වා යථාඨානෙ ඨපෙතබ්බා. මඤ්චො ඔතාපෙත්වා සොධෙත්වා පප්ඵොටෙත්වා නීචං කත්වා සාධුකං අපරිඝංසන්තෙන අසඞ්ඝට්ටන්තෙන කවාටපිට්ඨං අතිහරිත්වා යථාපඤ්ඤත්තං පඤ්ඤාපෙතබ්බො. පීඨං ඔතාපෙත්වා සොධෙත්වා පප්ඵොටෙත්වා නීචං කත්වා සාධුකං අපරිඝංසන්තෙන අසඞ්ඝට්ටන්තෙන කවාටපිට්ඨං අතිහරිත්වා යථාපඤ්ඤත්තං පඤ්ඤාපෙතබ්බං. භිසි බිම්බොහනං ඔතාපෙත්වා සොධෙත්වා පප්ඵොටෙත්වා අතිහරිත්වා යථාපඤ්ඤත්තං පඤ්ඤාපෙතබ්බං.
Sinhala BJT29. බුමුතුරුණ වියලා ශුද්ධ කොට ගසා දමා ඇතුළට ගෙන ගොස් කලින් පනවා තුබුණු පරිදිම පැනවියැයුතු. ඇඳ පා අළු අව්වේ තවා පිස දමා ඇතුළට ගෙන ගොස් කලින් තුබුණු තැන ම තැබියැයුතු හ. ඇඳ අව්වේ තවා ශුද්ධ කොට ගසා දමා කවුළු පිටැ නො ගාමින් පහත් කොට මනාව ඇතුළට ගෙන ගොස් පනවා තුබුණු පරිදි ම පැනවියැයුතු. පුටුව අව්වේ තවා ශුද්ධ කොට ගසාහෙළා, කවුළු පිටැ නො ගාමින් නොගටමින් පහත් කොට මනාව ඇතුළට ගෙනගොස් පනවා තුබුණු පරිදි ම පැනවියැ යුතු. බිසි හා කොට්ට හා අව්වේ තවා ශුද්ධ කොට ගසාහෙළා ඇතුළට ගෙන ගොස් කලින් පනවා තුබූ පරිදි ම පැනවියැයුතු.
Pali BJTනිසීදනපච්චත්ථරණං ඔතාපෙත්වා සොධෙත්වා පප්ඵොටෙත්වා අතිහරිත්වා යථාපඤ්ඤත්තං පඤ්ඤාපෙතබ්බං. ඛෙළමල්ලකො ඔතාපෙත්වා පමජ්ජිත්වා අතිහරිත්වා යථාඨානෙ ඨපෙතබ්බො. අපස්සෙනඵලකං ඔතාපෙත්වා පමජ්ජිත්වා අතිහරිත්වා යථාඨානෙ ඨපෙතබ්බං.
Sinhala BJTහිඳුනා ඇතිරිය ද පසතුරුණ ද අව්වේ තවා ශුද්ධ කොට ගසාහෙළා ඇතුළට ගෙන ගොස් පනවා තුබුණු පරිදිම පැනවියැ යුතු. කෙළමලාව අව්වේ ලා තවා පිස දමා ඇතුළට ගෙන ගොස් තුබුණු තැන ම තැබියයුතු. හේත්තු වන පුවරුව අව්වේ තවා පිස දමා ඇතුළට ගෙන ගොස් කලින් තුබුණු තැන තැබිය යුතු.
Pali BJTපත්තචීවරං නික්ඛිපිතබ්බං. පත්තං නික්ඛිපන්තෙන එකෙන හත්ථෙන පත්තං ගහෙත්වා එකෙන හත්ථෙන හෙට්ඨාමඤ්චං වා හෙට්ඨාපීඨං වා පරාමසිත්වා පත්තො නික්ඛිපිතබ්බො. න ච අනන්තරහිතාය භූමියා පත්තො නික්ඛිපිතබ්බො. චීවරං නික්ඛිපන්තෙන එකෙන හත්ථෙන චීවරං ගහෙත්වා එකෙන හත්ථෙන චීවරවංසං වා චීවරරජ්ජුං වා පමජ්ජිත්වා පාරතො අන්තං ඔරතො භොගං කත්වා චීවරං නික්ඛිපිතබ්බං.
Sinhala BJTපාසිවුරු තැබියයුතු. පාත්‍රය තබන්නහු විසින් එක් අතෙකින් පාත්‍රය ගෙන අනෙක් අතින් ඇඳයට හෝ පුටුව යට හෝ පිරිමැද පාත්‍රය තැබිය යුතු. කිසිවක් නො අතුළ බිමැ පාත්‍රය නො ම තැබියයුතු. සිවුර තබන්නහු විසින් එක් අතෙකින් සිවුර ගෙන අනෙක් අතින් සිවුරු වස හෝ සිවුරුරැහැන හෝ පිරිමැද සිවුරු කොන පිටතට ද සිවුරු නැම්ම මෑතට (තමා දෙසට) ද කොට සිවුර තැබියයුතු.
Pali BJTසචෙ පුරත්ථිමා සරජා වාතා වායන්ති පුරත්ථිමා වාතපානා ථකෙතබ්බා. සචෙ පච්ඡිමා සරජා වාතා වායන්ති පච්ඡිමා වාතපානා ථකෙතබ්බා. සචෙ උත්තරා සරජා වාතා වායන්ති උත්තරා වාතපානා ථකෙතබ්බා. සචෙ දක්ඛිණා සරජා වාතා වායන්ති දක්ඛිණා වාතපානා ථකෙතබ්බා. සචෙ සීතකාලො හොති දිවා වාතපානා විවරිතබ්බා, රත්තිං ථකෙතබ්බා. සචෙ උණ්හකාලො හොති දිවා වාතපානා ථකෙතබ්බා, රත්තිං විවරිතබ්බා. සචෙ පරිවෙණං උක්ලාපං හොති පරිවෙණං සම්මජ්ජිතබ්බං. සචෙ කොට්ඨකො උක්ලාපො හොති කොට්ඨකො සම්මජ්ජිතබ්බො. සචෙ උපට්ඨානසාලා උක්ලාපා හොති උපට්ඨානසාලා සම්මජ්ජිතබ්බා. සචෙ අග්ගිසාලා උක්ලාපා හොති අග්ගිසාලා සම්මජ්ජිතබ්බා. සචෙ වච්චකුටි උක්ලාපා හොති වච්චකුටි සම්මජ්ජිතබ්බා. සචෙ පානීයං න හොති පානීයං උපට්ඨාපෙතබ්බං. සචෙ පරිභොජනීයං න හොති පරිභොජනීයං උපට්ඨාපෙතබ්බං. සචෙ ආචමනකුම්භියා උදකං න හොති ආචමනකුම්භියා උදකං ආසිඤ්චිතබ්බං.
Sinhala BJTඉදින් පෙරදිගට අයත් ධුලි සහිත වාතයෙන් හමත් නම්, පෙර දිගැ වූ වාබෝනයෝ වැසියැයුතුහ. ඉදින් පැසිම් දිගට අයත් ධුලි සහිත වාතයෝ හමත් නම්, පැසිම් දිගැ වූ වාබෝනයෝ වැසියැයුත්තාහ. උතුරු දිගට අයත් ධුලි සහිත වාතයෝ හමත් නම්, උතුරු පැත්තේ වූ වාබෝනයෝ වැසියැයුත්තාහ. දකුණු දිගට අයත් ධූලි සහිත වාතයෝ හමත් නම්, දකුණු දිගැ වූ වාබෝනයෝ වැසියැයුත්තාහ. ඉදින් ශීත කාලය වේ නම්, වාබෝනයෝ දහවල් විවැරියැයුත්තාහ. රෑ වැසියැයුත්තාහ. ඉදින් උෂ්ණ කාලය වේ නම්, වාබෝනයෝ දහවල් වැසියැ යුත්තාහ, රෑ විවැරියැයුත්තාහ. ඉදින් පිරිවෙන කුණුරොඩු සහිත වී නම්, හැමැන්දයුතු. ඉදින් දොරැ කොටුව කුණුරොඩු සහිත වී නම්, එය හැමැන්දයුතු. ඉදින් උවටන් හල කුණුරොඩු සහිත වීනම්, එය හැමැන්දයුතු. ඉදින් ගිනිහල කුණුරොඩු සහිත වී නම්, එය හැමැන්ද යුතු. වැසිකිළිය කුණුරොඩු සහිත වී නම්, එය හැමැන්දයුතු. පැන් නැත් නම් පැන් එළවා තැබියැයුතු. පරිභෝග ජලය නැත් නම්, පරිභෝග ජලය එළවා තැබියයුතු. ඉදින් ආචමනකුම්භියෙහි ජලය නැත් නම්, එහි දිය වත් කළයුතු.
Pali BJT30. සචෙ ආචරියස්ස අනභිරති උප්පන්නා හොති අන්තෙවාසිකෙන වූපකාසෙතබ්බා, වූපකාසාපෙතබ්බා, ධම්මකථා වාස්ස කාතබ්බා. සචෙ ආචරියස්ස කුක්කුච්චං උප්පන්නං හොති, අන්තෙවාසිකෙන විනොදෙතබ්බං, විනොදාපෙතබ්බං, ධම්මකථා වාස්ස කාතබ්බා. සචෙ ආචරියස්ස දිට්ඨිගතං උප්පන්නං හොති අන්තෙවාසිකෙන විවෙචෙතබ්බං විවෙචාපෙතබ්බං, ධම්මකථා වාස්ස කාතබ්බා. සචෙ ආචරියො ගරුධම්මං අජ්ඣාපන්නො හොති, පරිවාසාරහො, අන්තෙවාසිකෙන උස්සුක්කං කාතබ්බං ‘කින්ති නු ඛො සඞ්ඝො ආචරියස්ස පරිවාසං දදෙය්යා’ති.
Sinhala BJT30. ඉදින් ඇදුරුහට පැවිද්දෙහි නො ඇල්මෙක් උපන්නේ වේ නම්, අතැවැස්සහු විසින් එය ඉවත් කළයුතු. ඉවත් කැරැවිය යුතු. ඔහුට බණ කියැයුතු හෝ වේ. ඉදින් ඇදුරුහට කුකුසෙක් උපන්නේ නම්, අතැවැස්සහු විසින් එය දුරැ ලියැයුතු. දුරැ ලැවිය යුතු. ඔහුට බණ හෝ කියැ යුතු. ඉදින් ඇදුරුහට මිසදිටුවෙක් උපන්නේ නම්, අතැවැස්සා විසින් විවිසියැයුතු. විවිසැවියැයුතු. ඔහුට බණ හෝ කියැ යුතු. ඉදින් ඇදුරු ගරු ඇවතකට අවන්නේ පිරිවෙස් වසන්නට සුදුසු වී නම්, ‘කෙසේ නම් සඞ්ඝ තෙමේ ඇදුරුහට පිරිවෙස දෙන්නේ දැ’ යි අතැවැස්සා විසින් උත්සුක බව කළයුතු.
Pali BJTසචෙ ආචරියො මූලායපටිකස්සනාරහො හොති අන්තෙවාසිකෙන උස්සුක්කං කාතබ්බං ‘කින්ති නු ඛො සඞ්ඝො ආචරියං මූලාය පටිකස්සෙය්යා’ති. සචෙ ආචරියො මානත්තාරහො හොති අන්තෙවාසිකෙන උස්සුක්කං කාතබ්බං ‘කින්ති නු ඛො සඞ්ඝො ආචරියස්ස මානත්තං දදෙය්යා’ති. සචෙ ආචරියො අබ්භානාරහො හොති අන්තෙවාසිකෙන උස්සුක්කං කාතබ්බං ‘කින්ති නු ඛො සඞ්ඝො ආචරියං අබ්භෙය්යා’ති. සචෙ සඞ්ඝො ආචරියස්ස කම්මං කත්තුකාමො හොති තජ්ජනීයං වා නියස්සං වා පබ්බාජනීයං වා පටිසාරණීයං වා උක්ඛෙපනීයං වා අන්තෙවාසිකෙන උස්සුක්කං කාතබ්බං ‘කින්ති නු ඛො සඞ්ඝො ආචරියස්ස කම්මං න කරෙය්ය ලහුකාය වා පරිණාමෙය්යා’ති. කතං වා පනස්ස හොති සඞ්ඝෙන කම්මං තජ්ජනීයං වා නියස්සං වා පබ්බාජනීයං වා පටිසාරණීයං වා උක්ඛෙපනීයං වා, අන්තෙවාසිකෙන උස්සුක්කං කාතබ්බං ‘කින්ති නු ඛො ආචරියො සම්මාවත්තෙය්ය, ලොමං පාතෙය්ය, නෙත්ථාරං වත්තෙය්ය, සඞ්ඝො තං කම්මං පටිප්පස්සම්භෙය්යා’ති.
Sinhala BJTඉදින් ඇදුරු තෙම මූලායපටිකස්සනයට සුදුසු වී නම් ‘කෙසේ නම් සංඝ තෙමේ ඇදුරුහට මූලායපටිකස්සනය කරන්නේ දැ’ යි අතැවැස්සා විසින් උත්සුක වියැයුතු. ඉදින් ඇදුරු තෙම මානතට සුදුසු වී නම්, ‘කෙසේ නම් සංඝ තෙමේ ඇදුරුහට මානත දෙන්නේ දැ’ යි අතැවැස්සා විසින් උත්සුක බව කළයුතු (උනන්දු වියැයුතු). ඉදින් ඇදුරු තෙම අබ්භානයට සුදුසු වී නම්, ‘කෙසේ නම් සංඝ තෙමේ ඇදුරහු අබ්භානය කරන්නේ දැ’ යි අතැවැස්සා විසින් උත්සුක බව කළයුතු. ඉදින් සංඝ තෙමේ ඇදුරුහට තජ්ජනීය කර්‍මය හෝ නියස්ස කර්‍මය හෝ පබ්බාජනීය කර්‍මය හෝ පටිසාරණීය කර්‍මය හෝ උක්ඛෙපණීය කර්‍මය හෝ කරනු කැමැති වේ නම්, ‘කෙසේ නම් සංඝ තෙමේ ඇදුරුහට (ඒ) කර්‍මය නො කරන්නේ ද, එය හෑල්ලු බවට හෝ පෙරළන්නේ දැ’ යි අතැවැස්සා විසින් උත්සුක බව කළයුතු. ඔහුට සංඝයා විසින් තජ්ජනීය හෝ නියස්ස හෝ පබ්බාජනීය හෝ පටිසාරණීය හෝ උක්ඛේපණිය කර්‍මය කරන ලද්දේ වී නම්, ‘කෙසේ නම් ඇදුරු තෙමේ මනා වැ පවත්නේ ද, ලොම් හෙළන්නේ ද (සංඝයාට අවනත වන්නේ ද), නිස්තරණය පිණිස පවත්නේ ද, සංඝ තෙමේ ඒ කර්‍මය සන්සිඳු වන්නේ දැ’ යි. අතැවැස්සා විසින් උත්සුක බව කළයුතු.
Pali BJTසචෙ ආචරියස්ස චීවරං ධොවිතබ්බං හොති අන්තෙවාසිකෙන ධොවිතබ්බං උස්සුක්කං වා කාතබ්බං ‘කින්ති නු ඛො ආචරියස්ස චීවරං ධොවියෙථා’ති. සචෙ ආචරියස්ස චීවරං කාතබ්බං හොති, අන්තෙවාසිකෙන කාතබ්බං, උස්සුක්කං වා කාතබ්බං ‘කින්ති නු ඛො ආචරියස්ස චීවරං කරියෙථා’ති. සචෙ ආචරියස්ස රජනං පචිතබ්බං හොති, අන්තෙවාසිකෙන පචිතබ්බං, උස්සුක්කං වා කාතබ්බං ‘කින්ති නු ඛො ආචරියස්ස රජනං පචීයෙථා’ති. සචෙ ආචරියස්ස චීවරං රජිතබ්බං හොති, අන්තෙවාසිකෙන රජිතබ්බං. උස්සුක්කං වා කාතබ්බං ‘කින්ති නු ඛො ආචරියස්ස චීවරං රජියෙථා’ති. චීවරං රජන්තෙන සාධුකං සම්පරිවත්තකං සම්පරිවත්තකං රජිතබ්බං. න ච අච්ඡින්නෙ ථෙවෙ පක්කමිතබ්බං.
Sinhala BJTඉදින් ඇදුරාගේ සිවුරු සේදියැයුතු වේ නම්, අතැවැස්සා විසින්, සේදියැයුතු. ‘කෙසේ නම් ඇදුරහුගේ සිවුරු සෝදනු ලබන්නේ දැ’ යි. අතැවැස්සා විසින් උත්සුක බව හෝ කළයුතු. ඉදින් ඇදුරුහට සිවුරෙක් කළයුතු වේ නම්, අතැවැස්සා විසින් එය කළයුතු. ‘කෙසේ නම්, ඇදුරාගේ සිවුර කැරෙන්නේ දැ’ යි අතැවැස්සා විසින් උත්සුක බව හෝ කළයුතු. ඉදින් ඇදුරුහට රඳන් පිසියැයුතු (පඬු උණු කළයුතු) වේ නම්, අතැවැස්සහු විසින් පිසියැයුතු. ‘කෙසේ නම් ඇදුරුහට රඳන් පිසෙන්නේ දැ’ යි අතැවැස්සා විසින් උත්සුක බව හෝ කළයුතු. ඉදින් ඇදුරුහුගේ සිවුර පඬුපෙවියැ යුතු වේ නම්, අතැවැස්සා විසින් පඬුපෙවියැ යුතු. ‘කෙසේ නම් ඇදුරුහුගේ සිවුරු පඬු පොවනු ලබන්නේ දැ’ යි අතැවැස්සා විසින් උත්සුක බව හෝ කළයුතු. සිවුර පඬු පොවන්නහු විසින් පෙරළ පෙරළා මොනොවට පඬුපෙවියැයුතු පඬු බිඳු නො සුන් කල්හි නො ම නික් මැ යායුතු.
Pali BJTන ආචරියං අනාපුච්ඡා එකච්චස්ස පත්තො දාතබ්බො. න එකච්චස්ස පත්තො පටිග්ගහෙතබ්බො. න එකච්චස්ස චීවරං දාතබ්බං. න එකච්චස්ස චීවරං පටිග්ගහෙතබ්බං. න එකච්චස්ස පරික්ඛාරො දාතබ්බො. න එකච්චස්ස පරික්ඛාරො පටිග්ගහෙතබ්බො. න එකච්චස්ස කෙසා ඡෙත්තබ්බා. න එකච්චෙන කෙසා ඡෙදාපෙතබ්බා. න එකච්චස්ස පරිකම්මං කාතබ්බං. න එකච්චෙන පරිකම්මං කාරාපෙතබ්බං. න එකච්චස්ස වෙය්යාවච්චො කාතබ්බො. න එකච්චෙන වෙය්යාවච්චො කාරාපෙතබ්බො. න එකච්චස්ස පච්ඡාසමණෙන හොතබ්බං. න එකච්චො පච්ඡාසමණො ආදාතබ්බො. න එකච්චස්ස පිණ්ඩපාතො නීහරිතබ්බො. න එකච්චෙන පිණ්ඩපාතො නීහරාපෙතබ්බො.
Sinhala BJTඇදුරහු නො විචාරා එකක්හට පාත්‍රය නො දියැයුතු. එකකුගේ පාත්‍රය නො ම පිළිගතයුතු. එකකුට සිවුර නො දියැයුතු. එකකුගේ සිවුරු නො පිළිගත යුතු. එකකුට පිරිකර නො දියැ යුතු. එකකුගේ පිරිකර නො ම පිළිගතයුතු. එකකුගේ කෙස් නො සින්දැ යුතු. එකක්හු ලවා තමා කෙස් නො ම සින්දැවියැ යුතු. එකකුට පිරියම් නො කළයුතු. එකක් හු ලවා පිරියම් නො ම කරවාගතයුතු. එකක්හට වතාවත් නො කළයුතු. එකක්හු ලවා වතාවත් නො ම කරවාගතයුතු. එකක්හට පසු මහණකු නො වියැයුතු. එකෙක් පසු මහණකු කොට නො ම ගතයුතු. එකක්හට පිණ්ඩපාතය නො ම ගෙනයා යුතු. එකක් හු ලවා පිණ්ඩපාතය, නො ම ගෙන්වාගතයුතු.
Pali BJTන ආචරියං අනාපුච්ඡා ගාමො පවිසිතබ්බො. න සුසානං ගන්තබ්බං න දිසා පක්කමිතබ්බා. සචෙ ආචරියො ගිලානො හොති යාවජීවං උපට්ඨාතබ්බො. වුට්ඨානමස්ස ආගමෙතබ්බං.
Sinhala BJTඇදුරා නො ම විචාරා ගම් නො වැදියැයුතු. සොහොනට නො යායුතු. දිසාවන්හි නො යායුතු. ඉදින් ඇදුරා ගිලන් වේ නම්, යව්දිව් උවටන් කළයුතු. ඔහුගේ රෝගයෙන් නැඟී සිටීම (සුවය) බලා පොරොත්තු වියැයුතු.
Pali BJTඉදං ඛො භික්ඛවෙ අන්තෙවාසිකානං ආචරියෙසු වත්තං යථා අන්තෙවාසිකෙහි ආචරියෙසු සම්මා වත්තිතබ්බන්ති”.
Sinhala BJTමහණෙනි, මේ වනාහි යම්සේ අතැවැස්සන් විසින් ඇදුරන් කෙරෙහි පැවතියැයුතු ද, මේ අතැවැස්සන් විසින් ඇදුරන් කෙරෙහි පැවතියැයුතු ඒ වත යැ”.