Pali BJTආවාසිකවත්තං
Sinhala BJTආවාසික වත්
Pali BJT4. තෙන ඛො පන සමයෙන ආවාසිකා භික්ඛූ ආගන්තුකෙ භික්ඛූ දිස්වා නෙව ආසනං පඤ්ඤාපෙන්ති න පාදොදකං න පාදපීඨං න පාදකඨලිකං{2} උපනික්ඛිපන්ති. න පච්චුග්ගන්ත්වා පත්තචීවරං පටිගණ්හන්ති. න පානීයෙන පුච්ඡන්ති. වුඩ්ඪතරෙ, පි ආගන්තුකෙ භික්ඛූ අභිවාදෙන්ති න සෙනාසනං පඤ්ඤාපෙන්ති. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා සන්තුට්ඨා ලජ්ජිනො කුක්කුච්චකා සික්ඛාකාමා තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්: “කථං හි නාම ආවාසිකා භික්ඛූ ආගන්තුකෙ භික්ඛූ දිස්වා නෙව ආසනං පඤ්ඤාපෙස්සන්ති -පෙ- න සෙනාසනං පඤ්ඤාපෙස්සන්තීති.
Sinhala BJT4. එ සමයෙහි වනාහි ආවාසික භික්‍ෂූහු ආගන්තුක භික්‍ෂූන් දැක අසුන් නො ම පනවත්, පාදෝනා දිය ද පාපුටුව ද පාද කඨලිකාව ද නො ම එළවාතබත්. පෙරගමන් කොට පාසිවුරු නො ම පිළිගනිත්. බොන පැනින් නො ම විචාරත්. වැඩිමහලු වූ ද ආගන්තුක භික්‍ෂූන් දැක නො ම වඳිත්, සෙනසුන් නො ම පනවත්. අල්පෙච්ඡ වූ ලද දැයින් සතුටු වන, ලජ්ජී වූ, සුළු වරදෙහි ද කුකුස් කරන, ශික්‍ෂාකාමී යම් මහණ කෙනෙක් වෙත් ද ඔහු ‘කෙසේ නම් ආවාසික මහණහු ආගන්තුක මහණුන් දැක අසුන් නො ම පනවත් ද ... සෙනසුන් නො ම පනවත් දැ’ යි ලාමක කොට කියත්, නින්‍දා කෙරෙත්, දොස් පතුරුවත්.
Pali BJTඅථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTඉක්බිති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැල කළහ.
Pali BJT“සච්චං කිරං භික්ඛවෙ -පෙ-”
Sinhala BJT“මහණෙනි, සැබෑ දැ” ... යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළසේක.
Pali BJT“සච්චං භගවා” -පෙ-
Sinhala BJT“සත්‍යය, භාග්‍යවතුන් වහන්සැ” යි ඒ භික්‍ෂූහු කීහ. ...
Pali BJTවිගරහිත්වා-පෙ- ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි:
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ වෙසෙසින් ගරහා දැහැමි කථා කොට, භික්‍ෂූන් ඇමතූසේක.
Pali BJT“තෙන හි භික්ඛවෙ ආවාසිකානං භික්ඛූනං වත්තං පඤ්ඤාපෙස්සාමි යථා ආවාසිකෙහි වත්තිතබ්බං:
Sinhala BJT“මහණෙනි, එසේ වී නම් ආවාසික මහණුන් විසින් යම්සේ පැවතියයුතු ද, එසේ ආවාසික භික්‍ෂූනට වත පනවන්නෙමි” යි වදාරා මෙසේ වත් පැනැවූසේක.
Pali BJT5. “ආවාසිකෙන භික්ඛවෙ භික්ඛුනා ආගන්තුකං භික්ඛුං වුඩ්ඪතරං දිස්වා ආසනං පඤ්ඤාපෙතබ්බං. පාදොදකං පාදපීඨං පාදකඨලිකං උපනික්ඛිපිතබ්බං. පච්චුග්ගන්ත්වා පත්තචීවරං පටිග්ගහෙතබ්බං. පානීයෙන පුච්ඡිතබ්බො. සචෙ උස්සහති උපාහනා පුඤ්ඡිතබ්බා. උපාහනා පුඤ්ඡන්තෙන පඨමං සුක්ඛෙන චොළකෙන පුඤ්ඡිතබ්බා, පච්ඡා අල්ලෙන උපාහනපුඤ්ඡනචොළකං ධොවිත්වා එකමන්තං විස්සජ්ජෙතබ්බං. ආගන්තුකො භික්ඛු වුඩ්ඪතරො අභිවාදෙතබ්බො. සෙනාසනං පඤ්ඤාපෙතබ්බං එතං තෙ සෙනාසනං පාපුණාතීති. අජ්ඣාවුත්ථං වා අනජ්ඣාවුත්ථං වා ආචික්ඛිතබ්බං. ගොචරො ආචික්ඛිතබ්බො, අගොචරො ආචික්ඛිතබ්බො. සෙඛසම්මතානි කුලානි ආචික්ඛිතබ්බානි. වච්චට්ඨානං ආචික්ඛිතබ්බං. පස්සාවට්ඨානං ආචික්ඛිතබ්බං. පානීයං ආචික්ඛිතබ්බං, පරිභොජනීයං ආචික්ඛිතබ්බං, කත්තරදණ්ඩො ආචික්ඛිතබ්බො. සඞ්ඝස්ස කතිකසණ්ඨානං ආචික්ඛිතබ්බං ඉමං කාලං පවිසිතබ්බං ඉමං කාලං නික්ඛමිතබ්බන්ති.
Sinhala BJT5. “මහණෙනි, ආවාසික මහණහු විසින් වැඩිමහලු ආගන්තුක මහණක්හු දැක, අස්නක් පැනැවියයුතු. පාදෝනා දිය ද, පාපුටුව ද, පාදකඨලිකාව ද එළවාතැබියයුතු. පෙරගමන් කොට පාසිවුරු පිළිගතයුතු. පැනින් විචාළයුතු. හැකි වේ නම්, පාවහන් පිස දැමියැයුතු. පාවහන් පිසදමන්නහූ විසින් පළමු කොට වියැළි රෙදි කඩෙකින් පිස දැමියයුතු. පසු වැ තෙත් රෙදි කඩින් පිස දැමියයුතු. පාවහන් පිස්නා රෙදි කඩ සෝදා පසෙක (විස්සජ්ජෙතබ්බං) වැනිය යුතු. ආගන්තුක මහණ තෙම වැඩිමහලු වී නම්, වැන්දයුතු. ‘මේ සෙනස්න ඔබට පැමිණෙතැ’ යි සෙනස්න පැනැවියැ යුතු. සෙනස්න අන්කෙනකු වුසූ හෝ නො වුසූ එකක් ද යන්න දැන්විය යුතු. ගෝචරස්ථාන දැන්වියයුතු. අගෝචර ස්ථාන ද දැන්වියැයුතු. සේඛසම්මත කුල (අසෝ නමැ යි) දැන්වියැයුතු. වැසිකිළිය ඇති තැන කියයුතු. කැසිකිළිය ඇති තැන කියැයුතු. බොන පැන් ඇති තැන කියයුතු. පරිභෝග ජලය ඇති තැන කියැයුතු. සැරයැටිය ඇති තැන කියයුතු. ‘මේ වේලෙහි ගම් පිවිසියැයුතු. මේ වේලෙහි ගමින් නික්මි යැ යුතු යැ’ යි සඞ්ඝයාගේ කතිකා නියමය කියයුතු.
Pali BJTසචෙ නවකො හොති නිසින්නකෙන ආචික්ඛිතබ්බං: “අත්ර පත්තං නික්ඛිපාහි, අත්ර චීවරං නික්ඛිපාහි, ඉදං ආසනං, නිසීදාහී”ති. පානීයං ආචික්ඛිතබ්බං, පරිභොජනීයං ආචික්ඛිතබ්බං, උපාහනාපුඤ්ඡනචොළකං ආචික්ඛිතබ්බං. ආගන්තුකෙන භික්ඛුනා අභිවාදාපෙතබ්බො. සෙනාසනං ආචික්ඛිතබ්බං ‘එතං තෙ සෙනාසනං පාපුණාතී’ති. අජ්ඣාවුත්ථං වා අනජ්ඣාවුත්ථං වා ආචික්ඛිතබ්බං. ගොචරො ආචික්ඛිතබ්බො, අගොචරො ආචික්ඛිතබ්බො, සෙඛසම්මතානි කුලානි ආචික්ඛිතබ්බානි, වච්චට්ඨානං ආචික්ඛිතබ්බං, පස්සාවට්ඨානං ආචික්ඛිතබ්බං, පානීයං ආචික්ඛිතබ්බං, පරිභොජනීයං ආචික්ඛිතබ්බං, කත්තරදණ්ඩො ආචික්ඛිතබ්බො. සඞ්ඝස්ස කතිකසණ්ඨානං ආචික්ඛිතබ්බං ඉමං කාලං පවිසිතබ්බං ඉමං කාලං නික්ඛමිතබ්බන්ති.
Sinhala BJTඉදින් ආගන්තුක මහණ නවක වී නම්, තමා හිඳ ‘මෙහිම පාත්‍රය තබව, මෙහි සිවුර තබව, මේ අස්න ය, මෙහි හිඳගනුව’ යි කියැයුතු. බොන පැන් ඇති තැන කියයුතු. පරිභෝග ජලය ඇති තැන කියැයුතු. පාවහන් පිස්නා රෙදිකඩ පෙන්විය යුතු. නවක වූ ආගන්තුක මහණහු ලවා ආවාසික වූ තෙමේ වැන්දැවියැයුතු. ‘මේ සෙනස්න ඔබට පැමිණෙතැ’ යි සෙනස්න පෙන්වියැයුතු. සෙනස්න එයින් පෙර කිසිවකු වුසූ හෝ නො වුසූ තැනෙක් ද යන්න කියැයුතු. ගෝචර ස්ථාන ද අගෝචර ස්ථාන ද දැන්වියැයුතු. සේඛසම්මත කුල දැන්වියැයුතු. වැසිකිළිය පෙන්වියයුතු. කැසිකිළිය පෙන්වියැයුතු. බොන පැන් පෙන්වියැයුතු. පරිභෝග ජලය පෙන්වියැයුතු. සැරයැටිය පෙන්වියයුතු. ‘මේ පිවිසියැයුතු කාලය, මේ නික්මියැයුතු කාලයැ’ යි සඞ්ඝයාගේ කතිකා නියමය කියැයුතු.
Pali BJTඉදං ඛො භික්ඛවෙ ආවාසිකානං භික්ඛූනං වත්තං යථා ආවාසිකෙහි භික්ඛූහි වත්තිතබ්බන්ති.
Sinhala BJTමහණෙනි, යම් සේ ආවාසික භික්‍ෂූන් විසින් පැවැතියැ යුතු ද, මේ එසේ වූ ආවාසික භික්‍ෂූන් පිළිබඳ වත යි.
Pali BJTගමිකවත්තං
Sinhala BJTගමික වත්
Pali BJT6. තෙන ඛො පන සමයෙන ගමිකා භික්ඛූ දාරුභණ්ඩං මත්තිකාභණ්ඩං අප්පටිසාමෙත්වා ද්වාරවාතපානං විවරිත්වා සෙනාසනං අනාපුච්ඡා පක්කමන්ති. දාරුභණ්ඩං මත්තිකාභණ්ඩං නස්සති. සෙනාසනං අගුත්තං හොති. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා ලජ්ජිනො කුක්කුච්චකා සික්ඛාකාමා තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: කථං හි නාම ගමිකා භික්ඛූ දාරුභණ්ඩං මත්තිකාභණ්ඩං අපටිසාමෙත්වා ද්වාරවාතපානං විවරිත්වා සෙනාසනං අනාපුච්ඡා පක්කමිස්සන්ති, දාරුභණ්ඩං මත්තිකාභණ්ඩං නස්සති සෙනාසනං අගුත්තං හොතීති.
Sinhala BJT6. එ සමයෙහි ගමික (ගමන් යන) භික්‍ෂූහු ලීබඩු මැටිමුවා බඩු සුරක්‍ෂිත කොට නො තබා දොරවල් ද වාකවුළු ද හැර දමා සෙනස්න කිසිවකුටත් නො පවරා නික්මයෙත්. ලී බඩු ද මැටිමුවා බඩු ද නැසෙයි. සෙනස්න නො රැකුණේ ද වෙයි. අල්පෙච්ඡ වූ ලජ්ජි වූ ශික්‍ෂාකාමී වූ කුකුස් කරන්නා වූ යම් භික්‍ෂූ කෙනෙක් වෙත් ද, ඔහු “කෙසේ නම් ගමික භික්‍ෂූහු ලීබඩු මැටිමුවා බඩු සුරක්‍ෂිත කොට අහුරා නො තබා දොරවල් ද වාකවුළු ද විවර කොට සෙනස්න රැක ගන්නට කිසිවකුටත් නො පවරා නික්ම යන්නාහු ද, ලීබඩු මැටිබඩු නස්නේ ද, සෙනස්න නොරැකුණේ වේ දැ” යි ලාමක කොට කියත්, නින්‍දා කෙරෙත්, දොස් පතුරුවත්.
Pali BJTඅථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTඉක්බිති ඒ මහණහු මෙ පවත් භාග්‍යවතුන් වහන්සේට සැලකළාහ.
Pali BJT“සච්චං කිර භික්ඛවෙ -පෙ-”
Sinhala BJT“මහණෙනි, සැබෑ ද? ” ... යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක.
Pali BJT“සච්චං භගවා” -පෙ-
Sinhala BJT“භාග්‍යවතුන් වහන්ස, සැබැවැ” යි භික්‍ෂූහු කීහ.
Pali BJTවිගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි:
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ වෙසෙසින් ගරහා, දැහැමි කථා කොට, භික්‍ෂූන් බණවා,
Pali BJT“තෙන හි භික්ඛවෙ ගමිකානං භික්ඛූනං වත්තං පඤ්ඤාපෙස්සාමි යථා ගමිකෙහි භික්ඛූහි වත්තිතබ්බං.”
Sinhala BJT“මහණෙනි, එසේ වී නම්, යම්සේ ගමික භික්‍ෂූන් විසින් පැවැතියයුතු ද, එසේ ගමික භික්‍ෂූනට වත් පනවන්නෙමි” යි වදාරා ගමික වත පැනැවූයේක.
Pali BJT7. ගමිකෙන භික්ඛවෙ භික්ඛුනා දාරුභණ්ඩං මත්තිකාභණ්ඩං පටිසාමෙත්වා ද්වාරවාතපානං ථකෙත්වා සෙනාසනං ආපුච්ඡිත්වා පක්කමිතබ්බං. සචෙ භික්ඛු න හොති. සාමණෙරො ආපුච්ඡිතබ්බො. සචෙ සාමණෙරො න හොති. ආරාමිකො ආපුච්ඡිතබ්බො. සචෙ ආරාමිකො න හොති. උපාසකො ආපුච්ඡිතබ්බො. සචෙ න හොති භික්ඛු වා සාමණෙරො වා ආරාමිකො වා උපාසකො වා චතුසු පාසාණෙසු මඤ්චං පඤ්ඤාපෙත්වා මඤ්චෙ මඤ්චං ආරොපෙත්වා පීඨෙ පීඨං ආරොපෙත්වා සෙනාසනං උපරි පුඤ්ජං කරිත්වා දාරුභණ්ඩං මත්තිකාභණ්ඩං පටිසාමෙත්වා ද්වාරවාතපානං ථකෙත්වා පක්කමිතබ්බං.
Sinhala BJT7. “මහණෙනි, ගමික මහණහු විසින් ලීබඩු ද මැටිමුවා බඩු ද සුරැකි කොට තැබියයුතු. දොරවල් වාකවුළු වසා සෙනස්න රැක ගන්නට කෙනකුට දන්වා නික්මියැ යුතු. භික්‍ෂූනමක් (එහි) නො වී නම්, හෙරණ තෙම දැන්විය යුතු (හෙරණහට ඒවා රැක ගන්නට පැවැරියයුතු), හෙරණෙක් නො සිටී නම්, ආරාමික තෙම (ආරාමිකයාට) දැන්වියයුතු. ආරාමිකයෙක් නො වී නම්, උපාසකයකුට දැන්වියැයුතු. මහණෙක් හෝ හෙරණෙක් හෝ ආරාමිකයෙක් හෝ උපාසකයෙක් හෝ නො වී නම්, ගල් සතරක් උඩ ඇඳ පනවා, ඇඳ මත තව ඇඳක් නංවා, පුටුවක් මත පුටුවක් නංවා, සෙනස්න මතුයෙහි ගොඩ ගසා ලීබඩු මැටිබඩු එහි සුරැකි කොට අහුරා තබා දොරවල් වාකවුළු වසා තබා නික්මියැ යුතු.
Pali BJTසචෙ විහාරො ඔවස්සති සචෙ උස්සහති ඡාදෙතබ්බො. උස්සුකං වා කාතබ්බං ‘කින්ති නු ඛො විහාරො ඡාදීයෙථාති. එවඤ්චෙතං ලභෙථ ඉච්චෙතං කුසලං. නො චෙ ලභෙථ යො දෙසො අනොවස්සකො හොති, තත්ථ චතුසු පාසාණෙසු මඤ්චං පඤ්ඤාපෙත්වා මඤ්චෙ මඤ්චං ආරොපෙත්වා පීඨෙ පීඨං ආරොපෙත්වා සෙනාසනං උපරි පුඤ්ජං කරිත්වා දාරුභණ්ඩං මත්තිකාභණ්ඩං පටිසාමෙත්වා ද්වාරවාතපානං ථකෙත්වා පක්කමිතබ්බං.
Sinhala BJTවිහාරය තෙමේ නම්, හැකි නම් (උළු ආදියකින්) වැසිය යුතු. ‘කෙසේ නම් විහාරය සෙවිලි කරනු ලබන්නේ දැ’ යි උත්සාහ හෝ කළයුතු. මෙසේත් මෙය ලබන්නේ නම්, (මෙය සිදු වන්නේ නම්) මෙසේ මෙය මැනැව. ඉඳින් නො ලබන්නේ නම් යම් පැත්තෙක් නො තෙමෙන්නේ වේ නම්, එහි ගල් සතරක් මත ඇඳක් පනවා, ඒ ඇඳ මත තව ඇඳක් නංවා පුටුවක් උඩ පුටුවක් නංවා, සෙනස්න මත ලී බඩුත් මැටි බඩුත් ගොඩ ගසා සුරැකි කොට තබා දොරවල් වාකවුළු වසා තබා නික්මියැ යුතු.
Pali BJTසචෙ සබ්බො විහාරො ඔවස්සති සචෙ උස්සහති සෙනාසනං ගාමං අතිහරිතබ්බං. උස්සුක්කං වා කාතබ්බං කින්ති නු ඛො සෙනාසනං ගාමං අතිහරියෙථාති. එවඤ්චෙතං ලභෙථ ඉච්චෙතං කුසලං. නො චෙ ලභෙථ අජ්ඣොකාසෙ චතුසු පාසාණෙසු මඤ්චං පඤ්ඤාපෙත්වා මඤ්චෙ මඤ්චං ආරොපෙත්වා පීඨෙ පීඨං ආරොපෙත්වා සෙනාසනං උපරි පුඤ්ජං කරිත්වා දාරුභණ්ඩං මත්තිකාභණ්ඩං පටිසාමෙත්වා තිණෙන වා පණ්ණෙන වා පටිච්ඡාදෙත්වා පක්කමිතබ්බං අප්පෙවනාම අඞ්ගානිපි සෙසෙය්යුන්ති.
Sinhala BJTඉදින් සියලු විහාරය තෙමේ නම්, හැක්කේ නම්, සෙනස්න ගමට ගෙන යායුතු. කෙසේ නම් සෙනස්න ගමට ගෙනයනු ලබන්නේ දැ යි උත්සුක බව හෝ කළයුතු යි. ඉදින් මෙය මෙසේ ලබන්නේ නම් ඒ මැනැව. ඉදින් නො ලබන්නේ නම්, එළිමහනෙහි ගල් යතරක් උඩ ඇඳක් පනවා ඒ ඇඳෙහි ඇඳක් නංවා පුටුවෙක පුටුවක් නංවා සෙනස්න මත ලීබඩුත් මැටිබඩුත් එක්රැසක් කොට (එකට ගොඩගසා) සුරැකි කොට ‘යටත් පිරිසෙයින් ලීබඩුවල අවයවවත් ඉතිරි වන්නේ නම් මැනැවැ’ යි තෘණයෙන් හෝ කොළවලින් හෝ වසා තබා නික්මැ යායුතු.
Pali BJTඉදං ඛො භික්ඛවෙ ගමිකානං භික්ඛූනං වත්තං යථා ගමිකෙහි වත්තිතබ්බන්ති.
Sinhala BJT“මහණෙනි, යම්සේ ගමිකයන් විසින් පැවැතියැ යුතු ද මේ ඒ ගමික භික්‍ෂූන් පිළිබඳ වත යි”.
Pali BJT8. තෙන ඛො පන සමයෙන භික්ඛූ භත්තග්ගෙ න අනුමොදන්ති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති “කථං හි නාම සමණා සක්යපුත්තියා භත්තග්ගෙ න අනුමොදිස්සන්තී’ති. අස්සොසුං ඛො භික්ඛූ තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT8. එසමයෙහි මහණහු බොජුන් ගන්නා තන්හි දී (බොජුන් හලේ දී) අනුමෝදනා නො කෙරෙත්, “කෙසේ නම් ශාක්‍යපුත්‍රීය ශ්‍රමණයෝ බොජුන්හලෙහි දී අනුමෝදනා නො කරන්නාහු දැ” යි මිනිස්සු ලාමක කොට සිතත්, නින්‍දා කෙරෙත්, නුගුණ කථා පතුරුවත්. භික්‍ෂූහු ලාමක කොට සිතන, නින්‍දා කරන, නුගුණ පතුරුවන ඒ මිනිසුන්ගේ වචන ඇසූහ. ඉක්බිති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJTඅථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි.
Sinhala BJTඑකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කරුණෙහි දැහැමි කථා කොට භික්‍ෂූන් අමතා,
Pali BJT“අනුජානාමි භික්ඛවෙ භත්තග්ගෙ අනුමොදිතුන්ති”.
Sinhala BJT“මහණෙනි, බොජුන්හලෙහි දී අනුමෝදනා බණ කියන්නට අනුදනිමි” යි වදාළසේක.
Pali BJTඅථ ඛො තෙසං භික්ඛූනං එතදහොසි “කෙන නු ඛො භත්තග්ගෙ අනුමොදිතබ්බන්ති”. භගවතො එතමත්ථං ආරොචෙසුං. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි:
Sinhala BJTඑකල්හි ඒ මහණුනට “කවර නම් කෙනකුන් විසින් බොජුන් හලෙහි දී අනුමෝදනා බණ කියැයුතු දැ?” යී මේ සිත විය. භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැලකළාහ. එවිට භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මෙ කරුණෙහි දැහැමි කථා කොට, භික්‍ෂූන් බණවා,
Pali BJT“අනුජානාමි භික්ඛවෙ ථෙරෙන භික්ඛුනා භත්තග්ගෙ අනුමොදිතුන්ති”.
Sinhala BJT“මහණෙනි, ස්ථවිර මහණක්හු විසින් භක්තාග්‍රයෙහි අනුමෝදනා කරන්නට අනුදනිමි” යි වදාළසේක.
Pali BJTතෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස පූගස්ස සඞ්ඝභත්තං හොති. ආයස්මා සාරිපුත්තො සඞ්ඝත්ථෙරො හොති. භික්ඛූ ‘භගවතා අනුඤ්ඤාතං ථෙරෙන භික්ඛුනා භත්තග්ගෙ අනුමොදිතුන්ති’, ආයස්මන්තං සාරිපුත්තං එකකං ඔහාය පක්කමිංසු. අථ ඛො ආයස්මා සාරිපුත්තො තෙ මනුස්සෙ පටිසම්මොදිත්වා පච්ඡා එකකොව අගමාසි. අද්දසා ඛො භගවා ආයස්මන්තං සාරිපුත්තං දූරතො’ව ආගච්ඡන්තං. දිස්වාන ආයස්මන්තං සාරිපුත්තං එතදවොච: “කච්චි සාරිපුත්ත භත්තං ඉද්ධං අහොසී”ති. “ඉද්ධං ඛො භන්තෙ භත්තං අහොසි. අපි ච මං භික්ඛූ එකකං ඔහාය පක්කන්තා”ති.
Sinhala BJTඑසමයෙහි වනාහි එක්තරා සමූහයකගේ සඟබතෙක් වෙයි. ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරණුවෝ (එයට වැඩිය සඟ පිරිසේ) සඞ්ඝස්ථවිර වෙති. ‘ස්ථවිර මහණහු විසින් භක්තාග්‍රයෙහි අනුමෝදනා කරන්නට අනුදනිමි’ යි භාග්‍යවතුන් වහන්සේ විසින් අනුදන්නා ලදැ”යි කියා, භික්‍ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවන් හුදෙකලා කොට හැර නික්මැගියාහ. ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවෝ ඒ මිනිසුනට භුත්තානුමෝදනාව කොට, පසුව හුදෙකලාව ම වැඩියාහ. භාග්‍යවතුන් වහන්සේ දුරින් ම වඩනා ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරණුවන් දුටුසේක. දැක ඔබ බණවා, “කිමෙක් ද ශාරීපුත්‍රයෙනි, බත සමෘද්ධ වී ද” යි අසාවදාළසේක. “වහන්ස, බත සමෘද්ධ විය. එහෙත් භික්‍ෂූහු මා හුදෙකලා කොට හැරදමා ගියාහු” යැ යි සැලකළහ.
Pali BJTඅථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි.
Sinhala BJTඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ පවුරුණේහි දැහැමි කථා කොට, භික්‍ෂූන් බණවා -
Pali BJT“අනුජානාමි භික්ඛවෙ භත්තග්ගෙ චතූහි පඤ්චහි ථෙරානුථෙරෙහි භික්ඛූහි ආගමෙතුන්ති.
Sinhala BJT“මහණෙනි, භක්තාග්‍රයෙහි සතර පස් නමක් ථේර අනුථෙර භික්‍ෂූන් (භුත්තානුමෝදනාව අවසන් වන තෙක්) රැඳී බලා පොරොත්තු වියැයුතු යැ” යි වදාළසේක.
Pali BJTතෙන ඛො පන සමයෙන අඤ්ඤතරො ථෙරො භත්තග්ගෙ වච්චිතො ආගමෙසි. සො වච්චං සන්ධාරෙතුං අසක්කොන්තො මුච්ඡිතො පපති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTඑ සමයෙහි එක්තරා ස්ථවිර නමක් භක්තාග්‍රයෙහි දී වර්චසින් මැඩුණේ රැඳී හුන්නේ ය. හේ වර්චස් වේගය දරාගන්නට නො හැක්කේ මුසපත් වැ වැටුණේ ය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ සති කරණීයෙ ආනන්තරිකං භික්ඛුං ආපුච්ඡිත්වා ගන්තුන්ති.
Sinhala BJT“මහණෙනි, කටයුත්තක් ඇති කල්හි තමාට අනතුරුව (තමා ළඟ ම) ඉන්නා මහණහට දන්වා යන්නට අනුදනිමි” යි වදාළසේක.
Pali BJTභත්තග්ගවත්තං
Sinhala BJTභක්තාග්‍ර වත
Pali BJT9. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ දුන්නිවත්ථා දුප්පාරුතා අනාකප්පසම්පන්නා භත්තග්ගං ගච්ඡන්ති වොක්කම්ම. පි ථෙරානං භික්ඛූනං පුරතො පුරතො ගච්ඡන්ති, ථෙරෙපි භික්ඛූ අනුපඛජ්ජ නිසීදන්ති. නවෙ පි භික්ඛූ ආසනෙන පටිබාහන්ති. සඞ්ඝාටිම්පි ඔත්ථරිත්වා අන්තරඝරෙ නිසීදන්ති. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා සන්තුට්ඨා ලජ්ජිනො කුක්කුච්චකා සික්ඛාකාමා තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ දුන්නිවත්ථා දුප්පාරුතා අනාකප්පසම්පන්නා භත්තග්ගං ගච්ඡිස්සන්ති වොක්කම්ම ථෙරානං භික්ඛූනං පුරතො පුරතො ගච්ඡිස්සන්ති, ථෙරෙපි භික්ඛූ අනුපඛජ්ජ නිසීදිස්සන්ති, නවෙපි භික්ඛූ ආසනෙනපි පටිබාහිස්සන්ති, සඞ්ඝාටිම්පි ඔත්ථරිත්වා නිසීදිස්සන්තීති.
Sinhala BJT9. එසමයෙහි සවැගි මහණහු මනා කොට නො හැන්දාහු, මනා කොට නො පෙරෙවියාහු, සුදුසු ආකල්ප (මනා ලෙස ඉරියවු පැවැත්වීම) නැත්තාහු, භෝජන ශාලාවට යෙත්. ස්ථවිර භික්‍ෂූන් පසුබා ඉදිරි ඉදිරිවැ ද යෙත්. ස්ථවිර භික්‍ෂූන් මැදට පිවිස මහාතෙරුනට ඇලී හිඳගනිත්. නවක භික්‍ෂූන් ඔවුන් හුන් අස්නෙන් නෙරපත්. සඟළ සිවුර යට කොට ද ඇතුළුගෙහි හිදිත්. අල්පේච්ඡ වූ ලජ්ජී වූ සුළු වරදෙහිත් කුකුස් කරන්නාවූ ශික්‍ෂාකාමී වූ යම් මහණ කෙනෙක් වෙත් ද, ඔහු ‘කෙසේ නම් සැවැගි මහණහු නොමනා ව හැන්දාහු, නොමනා ව පෙරෙවියාහු, මනා ආකල්ප නැත්තාහු බොජුන් හලට යන්නාහු ද ස්ථවිර භික්‍ෂූන් පසුබා තුමූ ඉදිරි ඉදිරි ව යන්නාහු ද, ස්ථවිර භික්‍ෂූන් මැදට වැද මහතෙරුනට ඇලී හිඳින්නාහු ද, නවක භික්‍ෂූන් ඔවුන් හුන් අසුන් වලින් නෙරනාහු ද, ගමෙහි දී සඟළ සිවුර ද යට කොට හිඳින්නාහු දැ’ යි ලාමක කොට සිතත්, නින්‍දා කෙරෙත්, නුගුණ කථා පතුරුවත්.
Pali BJTඅථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTඑ කලැ ඒ භික්‍ෂූහු මෙ පවත් භාග්‍යවතුන් වහන්සේට සැල කළහ.
Pali BJT“සච්චං කිර භික්ඛවෙ ඡබ්බග්ගියා භික්ඛූ දුන්නිවත්ථා දුප්පාරුතා අනාකප්පසම්පන්නා භත්තග්ගං ගච්ඡන්ති -පෙ- සඞ්ඝාටිම්පි ඔත්ථරිත්වා අන්තරඝරෙ නිසීදන්තී”ති.
Sinhala BJT“මහණෙනි, සැවැගි මහණහු නො මනා කොට හැඳ ගත්තෝ වැ, නො මනා කොට පෙරෙව ගත්තෝ වැ මනා ආකල්ප නැත්තෝ වැ බොජුන් හලට යෙත් ල ... සඟළ සිවුර යට කොට ද ගමෙහි හිඳිත් ල ඒ සැබෑ ද?” යි අසාවදාළසේක.
Pali BJTසච්චං භගවා.
Sinhala BJT‘ඒ සැබැවැ’ වහන්සැ යි මහණහු කීහ.
Pali BJTවිගරහිත්වා බුද්ධො භගවා. විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි.
Sinhala BJTභාග්‍යවතුන් ව්හන්සේ වෙසෙසින් ගැරැහූ සේක. වෙසෙසින් ගරහා, දැහැමි කථා කොට, භික්‍ෂූන් බණවා-
Pali BJTතෙන හි භික්ඛවෙ භික්ඛූනං භත්තග්ගෙ වත්තං පඤ්ඤාපෙස්සාමි යථා භික්ඛූහි භත්තග්ගෙ වත්තිතබ්බං:
Sinhala BJT“මහණෙනි, එසේ වී නම්, යම් සේ භික්‍ෂූන් විසින් භක්තාග්‍රයෙහි පැවැතියැ යුතු ද එසේ වූ භක්තාග්‍ර වත භික්‍ෂූනට පනවන්නෙමි” යි වදාළසේක. (මෙසේ වදාරා මතු දැක්වෙන වත පැනවූසේක):
Pali BJT10. “සචෙ ආරාමෙ කාලො ආරොචිතො හොති, තිමණ්ඩලං පටිච්ඡාදෙන්තෙන පරිමණ්ඩලං නිවාසෙත්වා කායබන්ධනං බන්ධිත්වා සගුණං කත්වා සඞ්ඝාටියො පාරුපිත්වා ගණ්ඨිකං පටිමුඤ්චිත්වා ධොවිත්වා පත්තං ගහෙත්වා සාධුකං අතරමානෙන ගාමො පවිසිතබ්බො. න වොක්කම්ම ථෙරානං භික්ඛූනං පුරතො පුරතො ගන්තබ්බං සුපටිච්ඡන්නෙන අන්තරඝරෙ ගන්තබ්බං, සුසංවුතෙන -පෙ- ඔක්ඛිත්තචක්ඛුනා -පෙ- න උක්ඛිත්තකාය -පෙ- න උජ්ජග්ඝිකාය -පෙ- අප්පසද්දෙන -පෙ- න කායප්පචාලකං -පෙ- න බාහුප්පචාලකං -පෙ- න සීසප්පචාලකං -පෙ- න ඛම්භකතෙන -පෙ- න ඔගුණ්ඨිතෙන -පෙ- න උක්කුටිකාය අන්තරඝරෙ ගන්තබ්බං.
Sinhala BJT10. “ඉදින් ආරාමයෙහි කාලය දන්වන ලද්දේ වී නම්, තෙමඬුලු වසන්නහු විසින් පිරිමඬුලු කොට හැඳ, කාබාන බැඳ සගුණ කොට සඟළසිවුර පෙරවැ ගැට වටු ගන්වා (ගණ්ඨිය අවුණා) පාත්‍රය දෙව අතින් ගෙන මනා කොට නො යුහුසුලු වැ ගමට පිවිසියැයුතු. ස්ථවිර භික්‍ෂූන් පසුබා ඉදිරි ඉදිරි වැ නො යා යුතු. සුපිළියන් වැ ගමැ යායුතු. සුසංවෘත වැ ගමැ යායුතු. බිමට හෙළු ඇසැති වැ ... ඔසොවාගත් සිවුරු ඇති වැ නො යායුතු ... මහත් කොට සිනාසිසී නො යායුතු. නිහඬ වැ යායුතු. කය සොලොවමින් නො යායුතු. අත් වන වනා නො යායුතු. හිස සොලොවමින් නො යායුතු. ඉඟැ ඇත් ගසා ගෙන ... හිස වසා පෙරෙවැ නො යායුතු. උත්කුටුක වැ ගමෙහි නො යායුතු.
Pali BJTසුපටිච්ඡන්නෙන අන්තරඝරෙ නිසීදිතබ්බං. සුසංවුතෙන -පෙ- ඔක්ඛිත්තචක්ඛුනා -පෙ- න උක්ඛිත්තකාය -පෙ- න උජ්ජග්ඝිකාය -පෙ- අප්පසද්දෙන -පෙ- න කායප්පචාලකං -පෙ- න බාහුප්පචාලකං -පෙ- න සීසප්පචාලකං -පෙ- න ඛම්භකතෙන -පෙ- න ඔගුණ්ඨිතෙන -පෙ- න පල්ලත්ථිකාය -පෙ- න ථෙරෙ භික්ඛූ අනුපඛජ්ජ නිසීදිතබ්බං. න නවා භික්ඛූ ආසනෙන පටිබාහිතබ්බා. න සඞ්ඝාටිං ඔත්ථරිත්වා අන්තරඝරෙ නිසීදිතබ්බං.
Sinhala BJTගමැ සුපිළිසන් වැ හින්දැයුතු. මනා සංවර ඇති වැ ... යටට හෙලූ ඇස් ඇති වැ හින්දැයුතු. ඔසවාගත් සිවුරු ඇති වැ ... මහත් කොට සිනා සිසී නො හින්දැයුතු. නිහඬ වැ හින්දැ යුතු. කය සොලොවමින් ... අත් සොලවමින් ... හිස සොලොවමින් ... ඉඟැ අත් ගසාගෙන ... ඉස වසා පෙරෙවැ .... පල්ලත්‍ථිකාවෙන් ... ස්ථවිර භික්‍ෂූනට ඇලී නො ඉන්දැයුතු. නවක මහණහු අස්නෙන් නො ම නෙරැපියැයුතු. ගමැ සඟළ සිවුර යට කොට නො හින්දැයුතු.
Pali BJT11. උදකෙ දීයමානෙ උභොහි හත්ථෙහි පත්තං පටිග්ගහෙත්වා උදකං පටිග්ගහෙතබ්බං. නීචං කත්වා සාධුකං අපරිඝංසන්තෙන පත්තො ධොවිතබ්බො. සචෙ උදකපටිග්ගාහකො හොති, නීචං කත්වා උදකප්පටිග්ගහෙ උදකං ආසිඤ්චිතබ්බං මා උදකපටිග්ගාහකො උදකෙන ඔසිඤ්චි, මා සාමන්තා භික්ඛූ උදකෙන ඔසිඤ්චිංසු, මා සඞ්ඝාටි උදකෙන ඔසිඤ්චී’ති.
Sinhala BJT11. පැන් දෙන කල්හි දෑතින් පාත්‍රය පිළිගෙන එයින් පැන් පිළිගතයුතු. පහත් කොට මනාව කිසිවෙක නො ගහවා පාත්‍රය දෙවියැයුතු. ඉදින් දිය පිළිගන්නා බඳුනෙක් (පඩික්කමෙක්) වේ නම්, ‘දිය පිළිගන්නා බඳුන දිය ඉහිරී නො තෙමේවා’ යි ද, ‘ළඟ ඉන්නා භික්‍ෂූහු දියෙන් නොතෙමෙත් වා’ යි ද, ‘සඟළ සිවුරු දියෙන් නො ව තෙමේවා’ යි ද සලකා පහත් කොට දිය පිළිගන්නා බඳුනෙහි දිය වත්කළයුතු.
Pali BJTසචෙ උදකපටිග්ගාහකො න හොති. නීචං කත්වා ඡමාය උදකං ආසිඤ්චිතබ්බං. මා සාමන්තා භික්ඛූ උදකෙන සිඤ්චිංසු, මා සඞ්ඝාටි උදකෙන ඔසිඤ්චී’ති.
Sinhala BJTඉදින් දිය පිළිගන්නා බඳුනෙක් (පඩික්කමෙක්) නො වී නම්, ‘ළඟ ඉන්නා මහණහු දියෙන් නො තෙමෙත්වා’ යි, ‘සඟළ සිවුරු දියෙන් නො තෙමේවා’ යි සලකා පහත් කොට බිමැ දිය වත්කළයුතු.
Pali BJTඔදනෙ දීයමානෙ උභොහි හත්ථෙහි පත්තං පටිග්ගහෙත්වා ඔදනො පටිග්ගහෙතබ්බො. සූපස්ස ඔකාසො කාතබ්බො. සචෙ හොති සප්පි වා තෙලං වා උත්තරිභඞ්ගං වා. ථෙරෙන වත්තබ්බො සබ්බෙසං සමකං සම්පාදෙහීති.
Sinhala BJTබත් දෙනු ලබන කල්හි දෑතින් පාත්‍රය ගෙන එයින් බත් පිළිගතයුතු. සූපයට ඉඩ තැබියැයුතු. ගිතෙල් හෝ තලතෙල් හෝ අවුළුපත් හෝ වේ නම්, ‘සියලු දෙනාට ම සම ලෙස සපයන්නැ’ යි තෙරහු විසින් කියැයුතු.
Pali BJTසක්කච්චං පිණ්ඩපාතො පටිග්ගහෙතබ්බො. පත්තසඤ්ඤිනා පිණ්ඩපාතො පටිග්ගහෙතබ්බො. සමසූපකො පිණ්ඩපාතො පටිග්ගහෙතබ්බො. සමතිත්තිකො පිණ්ඩපාතො පටිග්ගහෙතබ්බො. න තාව ථෙරෙන භුඤ්ජිතබ්බො. යාව න සබ්බෙසං ඔදනො සම්පත්තො හොති.
Sinhala BJTපිණ්ඩපාතය සකසා (සැලැකිලිමත් වැ) පිළිගතයුතු. පාත්‍රගත සංඥාව ඇති ව පිණ්ඩපාතය පිළිගතයුතු. පිණ්ඩපාතය එයට සම වූ (බතින් සතරින් කොටස් පමණ වූ) සූපය ඇත්තේ පිළිගත යුතු. පිණ්ඩපාතය (පාත්‍රයේ) මුවවිට යටැ ඉර තෙක් පමණක් පුරවන ලද බත ඇත්තේ පිළිගතයුතු. යම් තාක් සියලු ම භික්‍ෂූනට බත් නො ලැබුණේ වේ ද ඒ තාක් තෙරහු විසින් නො වැළඳියයුතු.
Pali BJTසක්කච්චං පිණ්ඩපාතො භුඤ්ජිතබ්බො. පත්තසඤ්ඤිනා පිණ්ඩපාතො භුඤ්ජිතබ්බො. සපදානං පිණ්ඩපාතො භුඤ්ජිතබ්බො. සමසූපකො පිණ්ඩපාතො භුඤ්ජිතබ්බො. න ථූපතො. ඔමද්දිත්වා පිණ්ඩිපාතො භුඤ්ජිතබ්බො. න සූපං වා ව්යඤ්ජනං වා ඔදනෙන පටිච්ඡාදෙතබ්බං භිය්යොකම්යතං උපාදාය. න සූපං වා ඔදනං වා අගිලානෙන අත්තනො අත්ථාය විඤ්ඤාපෙත්වා භුඤ්ජිතබ්බං.
Sinhala BJTසකසා පිණ්ඩපාතය වැළඳියැයුතු. පාත්‍රගත සංඥා ඇති ව පිණ්ඩපාතය වැළඳියැයුතු. (තැනින් තැන නො ගෙන) එක් තැනෙකින් පටන්ගෙන පිළිවෙළින් පිණ්ඩපාතය වැළැඳියැයුතු. පිණ්ඩපාතය එයට යෝග්‍ය පමණට සූප ඇත්තේ වැළැඳියැයුතු. බත් ගොඩ මැදින් මැඩ නො වැළැඳියැයුතු. වැඩියෙන් ලබනු කැමැත්ත නිසා සූප හෝ ව්‍යඤ්ජන හෝ බතින් නො වැසියයුතු. නො ගිලන් මහණක්හු විසින් සූප හෝ බත් හෝ තමා සඳහා ඉල්ලා නො වැළැඳියයුතු.
Pali BJT12. න උජ්ඣානසඤ්ඤිනා පරෙසං පත්තො ඔලොකෙතබ්බො. නාතිමහන්තො කබලො කාතබ්බො. පරිමණ්ඩලො ආලොපො කාතබ්බො. න අනාහටෙ කබලෙ මුඛද්වාරං විවරිතබ්බං. න භුඤ්ජමානෙන සබ්බො හත්ථො මුඛෙ පක්ඛිපිතබ්බො. න සකබලෙන මුඛෙන ව්යාහරිතබ්බං. න පිණ්ඩුක්ඛෙපකං භුඤ්ජිතබ්බං. න කබළාවච්ඡෙදකං භුඤ්ජිතබ්බං. න අවගණ්ඩකාරකං භුඤ්ජිතබ්බං. න හත්ථනිද්ධුනකං භුඤ්ජිතබ්බං. න සිත්ථාවකාරකං භුඤ්ජිතබ්බං. න ජිව්හානිච්ඡාරකං භුඤ්ජිතබ්බං. න චපුචපුකාරකං භුඤ්ජිතබ්බං. න සුරුසුරුකාරකං භුඤ්ජිතබ්බං. න හත්ථනිල්ලෙහකං භුඤ්ජිතබ්බං. න පත්තනිල්ලෙහකං භුඤ්ජිතබ්බං. න ඔට්ඨනිල්ලෙහකං භුඤ්ජිතබ්බං. න සාමිසෙන හත්ථෙන පානීයථාලකො පටිග්ගහෙතබ්බො.
Sinhala BJT12. අවඥා සහිත හැඟීම් ඇති ව අනුන්ගේ පාත්‍රය නො බැලියැ යුතු. ඉතා මහත් බත්පිඬු නො කළයුතු. බත්පිඬ පිරිමඬුලු (වට) කළයුතු. බත්පිඬුව මුවට ළං නො වන තෙක් මුව දොර නො විවැරියැයුතු. වළඳන්නහු විසින් සියලු අත මුවැ නො බහාලියැයුතු. බත්පිඬුව සහිත මුවින් නො බිණියැයුතු. මුව තුළට බත් ඉසිමින් (විසිකරමින්) නො වැළැඳියැයුතු. බත් පිඬු කඩ කඩ කෙරෙමින් නො වැළඳියැයුතු. වඳුරන් සේ බත්පිඬු හක්කේ රැස් කොට තබාගනිමින් නො වැළඳියැයුතු. අත ගසා දමමින් නො වැළැඳියයුතු. බත්තුළු විසුරුවමින් නො වැළැඳියැයුතු. දිව නෙරමින් නො වැළඳියයුතු. ‘චපු වපු’ යන හඬ කෙරෙමින් නො වැළැඳියැයුතු. ‘සුරු සුරු’ යන හඬ කෙරෙමින් නො වැළැඳියැයුතු. අත ලෙවමින් නො වැළැඳියැයුතු. පාත්‍රය ලෙවමින් නො වැළැඳියයුතු. තොල ලෙවමින් නො වැළැඳියැයුතු. ඉඳුල් සහිත අතින් පැන්තලුව (කෝප්පය) නො පිළිගතයුතු.
Pali BJTන තාව ථෙරෙන උදකං පටිග්ගහෙතබ්බං යාව න සබ්බෙව භුත්තාවිනො හොන්ති. උදකෙ දීයමානෙ උභොහි හත්ථෙහි පත්තං පටිග්ගහෙත්වා උදකං පටිග්ගහෙතබ්බං. නීචං කත්වා සාධුකං අපරිඝංසන්තෙන පත්තො ධොවිතබ්බො. සචෙ උදකපටිග්ගාහකො හොති නීචං කත්වා උදකප්පටිග්ගහෙ උදකං ආසිඤ්චිතබ්බං මා උදකපටිග්ගාහකො උදකෙන ඔසිඤ්චි. මා සාමන්තා භික්ඛූ උදකෙන ඔසිඤ්චිංසු මා සඞ්ඝාටි උදකෙන ඔසිඤ්චීති. සචෙ උදකපටිග්ගාහකො න හොති නීචං කත්වා ඡමාය උදකං ආසිඤ්චිතබ්බං මා සාමන්තා භික්ඛූ උදකෙන ඔසිඤ්චිංසු, මා සඞ්ඝාටි උදකෙන ඔසිඤ්චී ති. න සසිත්ථකං පත්තධොවනං අන්තරඝරෙ ඡඩ්ඩෙතබ්බං.
Sinhala BJTයම්තාක් සියලු මහණහු වළඳා නිම කෙරෙත් ද, ඒතාක් තෙරහු විසින් දිය නො පිළිගතයුතු. දිය දෙනු ලබන කලැ දෑතින් පාත්‍රය ගෙන එයින් දිය පිළිගතයුතු. කිසිවෙක නො ගහමින් පහත් කොට පාත්‍රය මොනොවට අල්ලාගෙන දෙවියැ යුතු. දිය පිළිගන්නා බඳුනෙක් වේ නම්, ‘දිය පිළිගන්නහු දියෙන් නො තෙමේව’ යි ‘ළඟ ඉන්නා මහණහු දියෙන් නො තෙමෙත්ව’ යි. ‘සඟළසිවුර දියෙන් නො තෙමේව’ සලකා, දිය පිළිගන්නා බඳුන පහත් කොට එහි දිය වත්කළ යුතු. දිය පිළිගන්නා බඳුනෙක් නො වී නම්, ‘ළඟ ඉන්නා මහණහු දියෙන් නො තෙමෙත්ව’ යි ‘සඟළසිවුර දියෙන් නො තෙමේව’ යි සලකා, පහත් කොට බිමැ දිය වත්කළයුතු. පාත්‍ර දෙවූ බත්හුළු සහිත ජලය ගමෙහි (ගෙවල් අතුරැ) නො දැමියැයුතු.
Pali BJTනිවත්තන්තෙන, නවකෙහි භික්ඛූහි පඨමතරං නිවත්තිතබ්බං පච්ඡා ථෙරෙහි. සුපටිච්ඡන්නෙන අන්තරඝරෙ ගන්තබ්බං සුසංවුතෙන -පෙ- ඔක්ඛිත්ත චක්ඛුනා -පෙ- න උක්ඛිත්තකාය -පෙ- න උජ්ජග්ඝිකාය -පෙ- අප්පසද්දෙන -පෙ- න කායප්පචාලකං -පෙ- න බාහුප්පචාලකං -පෙ- න සීසප්පචාලකං -පෙ- න ඛම්භකතෙන -පෙ- න ඔගුණ්ඨිතෙන -පෙ- න උක්කුටිකාය අන්තරඝරෙ ගන්තබ්බං.
Sinhala BJTඇතුළු ගමින් පෙරළා එන සඞ්ඝයා විසින් (මෙසේ පිළිපැදිය යුතු.) පළමු කොට නවක මහණුන් විසින් පෙරළා ඉයැයුතු. ස්ථවිර මහණුන් විසින් පසු ව ඉයැයුතු. සුපිළිසන්ව ගමැ යා යුතු. සුසංවෘත වැ ... යටට හෙළූ ඇස් ඇති වැ ගමැ යා යුතු. සිවුර ඔසොවාගෙන ... මහහඬින් සිනාසිසී ගමැ නො යායුතු. නිහඬ වැ ගමැ යායුතු. කය සොලවමින් ... අත් සොලවමින් ... හිස සොලොවමින් ... ඉහැ අත ගසා ගෙන ... හිස වසා පෙරෙවැ ... උත්කුටුක වැ ගමැ නො යායුතු.
Pali BJTඉදං ඛො භික්ඛවෙ භික්ඛූනං භත්තග්ගෙ වත්තං යථා භික්ඛූහි භත්තග්ගෙ වත්තිතබ්බන්ති.
Sinhala BJT“මහණෙනි, යම්සේ භික්‍ෂූන් විසින් බොජුන්හලැ පැවැතිය යුතු ද, මේ ඒ බොජුන්හලැ වත යැ” යි වදාළසේක.
Pali BJTපඨම භාණවාරං.
Sinhala BJTපළමු බණවර යි.
Pali BJTපිණ්ඩචාරික වත්තං
Sinhala BJTපිණ්ඩචාරික වත
Pali BJT1. තෙන ඛො පන සමයෙන පිණ්ඩචාරිකා භික්ඛූ දුන්නිවත්ථා දුප්පාරුතා අනාකප්පසම්පන්නා පිණ්ඩාය චරන්ති. අසල්ලක්ඛෙත්වාපි නිවෙසනං පවිසන්ති අසල්ලක්ඛෙත්වාපි නික්ඛමන්ති. අතිසහසාපි පවිසන්ති. අතිසහසාපි නික්ඛමන්ති. අතිදූරෙපි තිට්ඨන්ති. අච්චාසන්නෙපි තිට්ඨන්ති. අතිචිරම්පි තිට්ඨන්ති. අතිලහුකම්පි නිවත්තන්ති.
Sinhala BJT1. එ සමයෙහි පිණ්ඩචාරික භික්‍ෂූහු නො සකසා හැන්දාහු, නො සකසා පෙරවියාහු, භික්‍ෂූ ආකල්පයෙන් යුක්ත නො වූවාහු පිඬු පිණිස හැසිරෙත්, නො සලකා ද ගෙට පිවිසෙත්, නො සලකා ද ගෙන් නික්මෙත්, ඉතා හදිසියෙන් ද ගෙට පිවිසෙත්, ඉතා හදිසියෙන් ද, නික්ම යෙත්, ඉතා ඈත්හි ද, සිටිත්, ඉතා ළඟ ද සිටිත්, ඉතා බොහෝ වේලා ද සිටිත්, ඉතා වහා ද පෙරළා යෙත්.
Pali BJTඅඤ්ඤතරොපි පිණ්ඩචාරිකො භික්ඛු අසල්ලක්ඛෙත්වා නිවෙසනං පාවිසි. සො ච ද්වාරං මඤ්ඤමානො අඤ්ඤතරං ඔවරකං පාවිසි. තස්මිං ච ඔවරකෙ ඉත්ථී නග්ගා උත්තානා නිපන්නා හොති. අද්දසා ඛො සො භික්ඛු තං ඉත්ථිං නග්ගං උත්තානං නිපන්නං. දිස්වාන ‘නයිදං ද්වාරං, ඔවරකං ඉදං’ති තහ්මා ඔවරකා නික්ඛමි. අද්දසා ඛො තස්සා ඉත්ථියා සාමිකො තං ඉත්ථිං නග්ගං උත්තානං නිපන්නං. දිස්වාන ඉමිනා මෙ භික්ඛුනා පජාපතී දූසිතාති තං භික්ඛුං ගහෙත්වා ආකොටෙසි.
Sinhala BJTඑක්තරා පිණ්ඩචාරික මහණෙක් ද නො සලකා ගෙයකට පිවිසියේ ය. හේ දොර යැ යි වරදවා සිතනුයේ, එක්තරා ඇතුළු ගෙයකට පිවිසියේ ය. ඒ ඇතුළුගෙහි ද ස්ත්‍රියක් නග්න වැ උඩුකුරු වැ වැද හොත්තී වේ. ඒ මහණ නග්න වැ උඩුකුරු වැ හොත් ඒ ස්ත්‍රිය දුටුයේ ම ය. දැක “මේ දොරකඩ නො වේ. මේ ඇතුළු ගෙයෙකැ” යි සිතා ඒ ඇතුළු ගෙයින් නික්මියේ ය. ඒ ස්ත්‍රියගේ සැමියා නග්න වැ උඩුකුරු වැ හෝනා ඒ ස්ත්‍රිය දැක ‘මේ මහණහු විසින් මා බිරිය දූෂිත වූවා’ යි සිතා ඒ මහණහු අල්ලාගෙන තැළී ය.
Pali BJTඅථ ඛො සා ඉත්ථී තෙන සද්දෙන පටිබුජ්ඣිත්වා තං පුරිසං එතදවොච: “කිස්ස ත්වං අය්ය ඉමං භික්ඛුං ආකොටෙසී”ති.
Sinhala BJTඉක්බිති ඒ ස්ත්‍රී ඒ හඬින් පිබිද ‘ස්වාමීනි, ඔබ මේ වහන්දෑට කුමට තළත් දැ’ යි ඇසුවා ය.
Pali BJT“ඉමිනාසි ත්වං භික්ඛුනා දූසිතා”ති.
Sinhala BJT‘මේ මහණ විසින් තෝ දූෂිත වීහි’ යි හේ කිව.
Pali BJT“නාහං අය්ය ඉමිනා භික්ඛුනා දූසිතා. අකාරකො සො භික්ඛූ”ති තං භික්ඛුං මුඤ්චාපෙසි.
Sinhala BJTඕ “ස්වාමීනි, මේ මහණ විසින් මම් දූෂිත නො වීමි, හෙතෙම වරදක් නො කෙළෙකැ” යි කියා ඒ මහණහු මුදවාලූ ය.
Pali BJTඅථ ඛො සො භික්ඛු ආරාමං ගන්ත්වා භික්ඛූනං එතමත්ථං ආරොචෙසි. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා සන්තුට්ඨා ලජ්ජිනො කුක්කුච්චකා සික්ඛාකාමා, තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: කථං හි නාම පිණ්ඩචාරිකා භික්ඛූ දුන්නිවත්ථා දුප්පාරුතා අනාකප්පසම්පන්නා පිණ්ඩාය චරිස්සන්ති. අසල්ලක්ඛෙත්වාපි නිවෙසනං පවිසිස්සන්ති, අසල්ලක්ඛෙත්වාපි නික්ඛමිස්සන්ති, අතිසහසාපි පවිසිස්සන්ති, අතිසහසාපි නික්ඛමිස්සන්ති. අතිදූරෙපි තිට්ඨිස්සන්ති. අච්චාසන්නෙපි තිට්ඨිස්සන්ති. අතිචිරම්පි තිට්ඨිස්සන්ති. අතිලහුම්පි නිවත්තිස්සන්තීති.
Sinhala BJTඉක්බිති ඒ මහණ අරම් ගොස් භික්‍ෂූනට මෙ පවත් සැලකෙළේ ය. අල්පේච්ඡ සන්තුෂ්ට ලජ්ජී සුළු වරදෙහි ද කුකුස් කරන යම් මහණ කෙනෙක් වෙත් ද, ඔහු “කෙසේ නම් පිණ්ඩචාරික භික්‍ෂූහු නො සකසා හැන්දාහු, නො සකසා පෙරෙවියාහු, භික්‍ෂූ ආකල්පයෙන් යුක්ත නො වූවාහු පිඬු පිණිස හැසිරෙන්නාහු ද, නො සලකා ගෙවලට පිවිසීමත් , ගෙයින් නික්මීමත් කරන්නාහු ද, ඉතා වහා පිවිසෙන්නාහු ද, ඉතා වහා ගෙන් නික්මෙන්නාහු ද, ඉතා ඈත්හිත් සිටින්නාහු ද, ඉතා ළඟත් සිටින්නාහු ද, ඉතා බොහෝ වේලාත් සිටින්නාහු ද, ඉතා වහාත් නික්ම යන්නාහු දැ” යි ලාමක කොට සිතත්, නින්‍දා කෙරෙත්, නො ගුණ පතුරුවත්.
Pali BJTඅථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTඑ කල ඒ වහන්දෑ මෙ පවත් භාග්‍යවතුන් වහන්සේට සැල කළාහ.
Pali BJT“සච්චං කිර භික්ඛවෙ -පෙ-” “සච්චං භගවා.
Sinhala BJT“මහණෙනි, සැබෑ දැ” ... යි භාග්‍යවතුන් වහන්සේ පුළුවුත් සේක. “භාග්‍යවතුන් වහන්ස, සත්‍ය යැ” යි. ඒ භික්‍ෂූහු කීහ.
Pali BJTවිගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “තෙන හි භික්ඛවෙ පිණ්ඩචාරිකානං භික්ඛූනං වත්තං පඤ්ඤාපෙස්සාමි යථා පිණ්ඩචාරිකෙහි භික්ඛූහි වත්තිතබ්බං.”
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ වෙසෙසින් ගරහා දැහැමි කථා කොට, භික්‍ෂූන් බණවා, “මහණෙනි, එසේ වී නම් පිණ්ඩචාරික භික්‍ෂූන් විසින් යම්සේ පැවතියයුතු ද එසේ පවතිනු පිණිස පිණ්ඩචාරික භික්‍ෂූනට වත් පනවන්නෙමි” යි (වදාරා පහත දැක්වෙන වත් පැනනැවූ සේක:)
Pali BJT2. “පිණ්ඩචාරිකෙන භික්ඛවෙ භික්ඛුනා ඉදානි ගාමං පවිසිස්සාමීති තිමණ්ඩලං පටිච්ඡාදෙන්තෙන පරිමණ්ඩලං නිවාසෙත්වා කායබන්ධනං බන්ධිත්වා සගුණං කත්වා සඞ්ඝාටියො පාරුපිත්වා ගණ්ඨිකං පටිමුඤ්චිත්වා ධොවිත්වා පත්තං ගහෙත්වා සාධුකං අතරමානෙන ගාමො පවිසිතබ්බො. සුපටිච්ඡන්නෙන අන්තරඝරෙ ගන්තබ්බං. සුසංවුතෙන -පෙ- ඔක්ඛිත්තචක්ඛුනා -පෙ- න උක්ඛිත්තකාය -පෙ- න උජ්ජග්ඝිකාය -පෙ- අප්පසද්දෙන -පෙ- න කායප්පචාලකං -පෙ- න බාහුප්පචාලකං -පෙ- න සීසප්පචාලකං -පෙ- න ඛම්භකතෙන -පෙ- න ඔගුණ්ඨිතෙන -පෙ- න උක්කුටිකාය අන්තරඝරෙ ගන්තබ්බං.
Sinhala BJT2. “මහණෙනි, පිණ්ඩචාරික මහණහු විසින් ‘දැන් ගමට පිවිසෙන්නෙමි’ යි සලකා තෙමඬුලු වසා හැඳ කාබහන බැඳ, සගුණ කොට සඟළසිවුරු පෙරෙවැ ගැටය වටු වැ අවුණා, පාත්‍රය සෝදා අතින් ගෙන, මනා කොට, නො යුහුසුලු වැ ගමට පිවිසියැයුතු. සුපිළිසන් වැ ගමැ (ගෙවල් අතුරැ) යායුතු. සුසංවෘත වැ ... යටට හෙළූ ඇස් ඇති වැ, ... එසැවූ සිවුරෙන් නො යුතු වැ ... මහසිනා නැති වැ ... නිහඬ වැ ... කය නො සොලොවමින් ... අත් නො සොලොවමින් ... හිස නො සොලොවමින් ... අත් නො ගසා ගෙන ... හිස වසා නො පෙර වැ ... උත්කුටිකයෙන් තොර වැ ගමැ යායුතු.
Pali BJTනිවෙසනං පවිසන්තෙන සල්ලක්ඛෙතබ්බං, ‘ඉමිනා පවිසිස්සාමි ඉමිනා නික්ඛමිස්සාමීති. නාතිසහසා පවිසිතබ්බං. නාතිසහසා නික්ඛමිතබ්බං. නාතිදූරෙ ඨාතබ්බං. නාච්චාසන්නෙ ඨාතබ්බං. නාතිචිරං ඨාතබ්බං. නාතිලහුං නිවත්තිතබ්බං. ඨිතකෙන සල්ලක්ඛෙතබ්බං භික්ඛං දාතුකාමා වා අදාතුකාමා වාති. සචෙ කම්මං වා නික්ඛිපති ආසනා වා වුට්ඨාති කටච්ඡුං වා පරාමසති භාජනං වා පරාමසති ඨපෙති වා දාතුකාමා වියාති ඨාතබ්බං. භික්ඛාය දීයමානාය වාමෙන හත්ථෙන සඞ්ඝාටිං උච්චාරෙත්වා දක්ඛිණෙන හත්ථෙන පත්තං පණාමෙත්වා උභොහි හත්ථෙහි පත්තං පටිග්ගහෙත්වා භික්ඛා පටිග්ගහෙතබ්බා, න ච භික්ඛාදායිකාය මුඛං උල්ලොකෙතබ්බං
Sinhala BJTගෙයකට පිවිසෙන මහණහු විසින් ‘මෙ මගින් පිවිසෙන්නෙමි, මෙ මඟින් නික්මෙන්නෙමි’ යි සැලකියැයුතු. ඉතා වහා නො පිවිසියැයුතු. ඉතා වහා නො නික්මියැයුතු. ඉතා දුරැ නො සිටියැයුතු. ඉතා ළඟැ නො සිටියැයුතු. ඉතා බොහෝ වේලා නො සිටියැයුතු. ඉතා වහා පෙරළා නො යායුතු. සිටියහු විසින් ‘භික්‍ෂාව දෙනු කැමැත්තාහු ද, නො දෙනු කැමැත්තාහු ද’ යන්න සැලකියැයුතු (විමැසුම් ඇති වැ සිටියැයුතු), ඉදින් ගෙහි ඉන්නා ස්ත්‍රී හෝ පුරුෂයා තමා කරමින් තුබූ කාර්‍ය්‍යය බහා තබයි ද (නවත්තයි ද), අස්නෙන් හෝ නැඟී සිටී ද, සැන්දක් හෝ අල්ලයි ද, බඳුනක් හෝ අල්ලයි ද, පසෙක තබයි ද, දෙනු කැමැත්තවුන් මෙනැ යි සලකා එතැනින් නො ගොස් සිටියැයුතු. භික්‍ෂාව දෙනු ලබන කල්හි වම් අතින් සඟළ සිවුර ඔසවා දකුණතින් පාත්‍රය යොමු කොට දෑතින් ම පාත්‍රය ගෙන භික්‍ෂාව පිළිගතයුතු. භික්‍ෂාව දෙන්නියගේ මුහුණ නො බැලියැයුතු.
Pali BJTසල්ලක්ඛෙතබ්බං සූපං දාතුකාමා වා අදාතුකාමා වාති. සචෙ කටච්ඡුං වා පරාමසති භාජනං වා පරාමසති ඨපෙති වා ‘දාතුකාමාවියා’ති{1} ඨාතබ්බං. භික්ඛාය දින්නාය සඞ්ඝාටියා පත්තං පටිච්ඡාදෙත්වා සාධුකං අතරමානෙන නිවත්තිතබ්බං.
Sinhala BJT‘සූපයක් දෙනු කැමැති ද නො කැමැති දැ’ යි යන්න සැලැකියයුතු. ඉදින් හැන්දක් හෝ අල්ලා ද, බඳුනක් හෝ අල්ලා ද, පසෙක හෝ තබා ද, ‘දෙනු කැමැත්තී වනැ’ යි එහි ම රැඳී සිටියැයුතු. භික්‍ෂාව දුන් කල්හි සඟළ සිවුරින් පාත්‍රය වසා යුහුසුලු නො වී මනා ව පෙරළා යායුතු.
Pali BJT3. සුපටිච්ඡන්නෙන අන්තරඝරෙ ගන්තබ්බං. සුසංවුතෙන -පෙ- ඔක්ඛිත්තචක්ඛුනා -පෙ- න උක්ඛිත්තකාය -පෙ- න උජ්ජග්ඝිකාය -පෙ- අප්පසද්දෙන -පෙ- න කායප්පචාලකං -පෙ- න බාහුප්පචාලකං -පෙ- න සීසප්පචාලකං -පෙ- න ඛම්භකතෙන -පෙ- න ඔගුණ්ඨිතෙන -පෙ- න උක්කුටිකාය අන්තරඝරෙ ගන්තබ්බං.
Sinhala BJT3. සුපිළිසන් වැ ඇතුළු ගමැ (ගෙවල් අතරැ) යායුතු සුසංවෘත වැ ... යටට හෙළූ ඇස් ඇති වැ ... සිවුර ඔසොවා නො ගෙන ... සිනා සීමෙන් තොර වැ ... නිහඬ වැ ... කය නො සොලොවමින් ... අත් නො සොලොවමින් ... හිස නො සොලොවමින් ... ඉහැ අත නො ගසා ගෙන ... හිස වසා නො පෙර වැ ... උත්කුටිකයෙන් තොර වැ ගමැ යායුතු.
Pali BJTයො පඨමතරං ගාමතො පිණ්ඩාය පටික්කමති තෙන ආසනං පඤ්ඤාපෙතබ්බං පාදොදකං පාදපීඨං පාදකඨලිකං උපනික්ඛිපිතබ්බං. අවක්කාරපාති ධොවිත්වා උපට්ඨාපෙතබ්බා. පානීයං පරිභොජනීයං උපට්ඨාපෙතබ්බං. යො පච්ඡා ගාමතො පිණ්ඩාය පටික්කමති, සචෙ හොති භුත්තාවසෙසො, සචෙ ආකඞ්ඛති භුඤ්ජිතබ්බං. නො චෙ ආකඞ්ඛති අප්පහරිතෙ වා ඡඩ්ඩෙතබ්බං. අප්පාණකෙ වා උදකෙ ඔපිලාපෙතබ්බං.
Sinhala BJTයමෙක් වඩා පළමුවෙන් ගමෙන් පිණ්ඩපාතයෙන් පෙරළා එයි ද, ඔහු විසින් අසුන් පැනවියැයුතු. පාදෝනා දිය, පාපුටුව, නො සේදූ පා තබන ලෑලි කඩ එළවා තැබියැයුතු (ළං කොට තැබියැ යුතු). අතිරේක ආහාර බහාලන බඳුන සෝදා එළවියැයුතු. පැන් ද පරිභෝග ජලය ද එළවියැයුතු. යමෙක් හැමට පසු ව ගමෙන් පිඬු සිඟා පෙරළා එයි ද, වළඳා ඉතිරි බොජුන් ඇත් නම්, කැමැත්තේ නම් වැළඳියැයුතු. නො කැමැත්තේ නම්, නිල් තණ නැති තැනෙක දැමියැයුතු. පණුවන් නැති දියෙහි හෝ පාකර හැරිය යුතු.
Pali BJTතෙන ආසනං උද්ධරිතබ්බං පාදොදකං පාදපීඨං පාදකඨලිකං පටිසාමෙතබ්බං. අවක්කාරපාති ධොවිත්වා පටිසාමෙතබ්බා. පානීයං පරිභොජනීයං පටිසාමෙතබ්බං. භත්තග්ගං සම්මජ්ජිතබ්බං. යො පස්සති පානීයඝටං වා පරිභොජනීයඝටං වා වච්චඝටං වා රිත්තං තුච්ඡං තෙන උපට්ඨාපෙතබ්බං. සචස්ස හොති අවිසය්හං හත්ථවිකාරෙන දුතියං ආමන්තෙත්වා හත්ථවිලඞ්ඝකෙන උපට්ඨාපෙතබ්බං, න ච තප්පච්චයා වාචා භින්දිතබ්බා.
Sinhala BJTඔහු විසින් අසුන් ඉදිරියැයුතු. පා දෝනා දිය, පාපුටුව, නො දෙවූ පා තබන ලෑලිකඩ සුරැකි කොට තැබියැයුතු. බොජුන්හල ඇමැන්දයුතු. යමෙක් පැන් කළය හෝ පරිභෝග දිය බහාලන කළය හෝ වැසිකිළියේ දිය තබන කළය හෝ දිය අවසන් ව, හිස් ව තුබුණා දක්නේ ද ඔහු විසින් එය එළවා තැබියැ යුතු. ඉදින් එය ඔහු විසින් තනි ව කළ නො හැකි වේ ද, හස්ත විකාරයෙන් (අත වැනීමෙන්) දෙවැන්නකු අමතා (දෙදෙනා ම එකතු ව) අත්වලින් ඔසොවා එළවා තැබියැ යුතු. එ කරුණින් වාග්භේදය නො කළයුතු (කථා නො කළයුතු.)
Pali BJTඉදං ඛො භික්ඛවෙ පිණ්ඩචාරිකානං භික්ඛූනං වත්තං යථා පිණ්ඩචාරිකෙහි භික්ඛූහි සම්මා වත්තිතබ්බන්ති.”
Sinhala BJT“මහණෙනි, යම්සේ පිණ්ඩචාරික භික්‍ෂූන් විසින් පැවැතියැයුතු ද, මේ ඒ පිණ්ඩචාරික භික්‍ෂූන්ගේ වත යි”.
Pali BJTආරඤ්ඤිකවත්තං
Sinhala BJTආරණ්‍යක වත්
Pali BJT4. තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛූ අරඤ්ඤෙ විහරන්ති. තෙ නෙව පානීයං උපට්ඨාපෙන්ති. න පරිභොජනීයං උපට්ඨාපෙන්ති. න අග්ගිං උපට්ඨාපෙන්ති. න අරණිසහිතං උපට්ඨාපෙන්ති. න නක්ඛත්තපදානි ජානන්ති. න දිසාභාගං ජානන්ති. චොරා තත්ථ ගන්ත්වා තෙ භික්ඛූ එතදවොචුං: ‘අත්ථි භන්තෙ පානීයන්ති.’
Sinhala BJT4. එ සමයෙහි වනාහි බොහෝ භික්‍ෂූහු වෙනෙහි වෙසෙත්. ඔහු පැන් නො ම එළවා තබත්. පරිභෝග ජලය නො ම එළවා තබත්. ගිනි නො ම එළවා තබත්. උපකරණ සහිත ගිනිගානා දඬු එළවා නො තබත්. නකත්පද නො දනිත්. දිශාභාග නො දනිත්. සොරු එහි ගොස්, ‘වහන්ස පැන් ඇත් දැ’ යි විචාරත්.
Pali BJT‘නත්ථාවුසො’ති.
Sinhala BJTඒ භික්‍ෂූහු, ‘ඇවැත්නි, නැතැ’ යි කියත්.
Pali BJT‘අත්ථි භන්තෙ, පරිභොජනීයන්ති.’
Sinhala BJT‘වහන්ස, පරිභෝග ජලය ඇත් දැ’ යි අසත්,
Pali BJT‘නත්ථාවුසො’ති.
Sinhala BJT‘නැත, ඇවැත්නි’ යි භික්‍ෂූහු කියත්.
Pali BJT“අත්ථි භන්තෙ අග්ගීති.’
Sinhala BJT‘වහන්ස, ගිනි ඇද්දැ’ යි අසත්.
Pali BJT‘නත්ථාවුසො’ති.
Sinhala BJT‘ඇවැත්නි, නැතැ’ යි භික්‍ෂූහු කියත්.
Pali BJT‘අත්ථි භන්තෙ අරණිසහිතන්ති.’
Sinhala BJT‘උපකරණ සහිත ගිනිගානා දඩු ඇද්දැ’ යි ඔහු අසත්,
Pali BJT‘නත්ථාවුසොති.’
Sinhala BJT‘ඇවැත්නි, නැතැ’ යි භික්‍ෂූහු කියත්.
Pali BJT‘අත්ථි භන්තෙ නක්ඛත්තපදානී’ති.
Sinhala BJT‘වහන්ස, නකත්පද ඇද්ද (දනිවු දැ)’ යි සොරු අසත්,
Pali BJT‘න ජානාම ආවුසො’ති.
Sinhala BJT‘නො දනිමු ඇවැත්නි’ යි භික්‍ෂූහු කියත්.
Pali BJT‘අත්ථි භන්තෙ දිසාභාගන්ති.’
Sinhala BJT‘වහන්ස, දිශාභාග ඇද්ද (දනිවු දැ)’ යි සොරු අසත්,
Pali BJT‘න ජානාම ආවුසො’ති.
Sinhala BJT‘ඇවැත්නි, නො දනිමු’ යි භික්‍ෂූහු කියත්.
Pali BJT‘කෙනජ්ජ භන්තෙ යුත්තන්ති.’
Sinhala BJT‘වහන්ස, අද කවර නැකතෙකින් යුක්ත දැ’ යි සොරු අසත්.
Pali BJT‘න ඛො මයං ආවුසො ජානාමා’ති.
Sinhala BJT‘ඇවැත්නි, අපි නො දනිමු’ යි භික්‍ෂූහු කියත්.
Pali BJT‘කතමාය භන්තෙ දිසා’ති.
Sinhala BJT‘වහන්ස, මේ කවර නම් දිශාවෙක් දැ’ යි සොරු අසත්.
Pali BJT‘න ඛො මයං ආවුසො ජානාමා’ති.
Sinhala BJT‘ඇවැත්නි, අපි නො දනුම්හ’ යි භික්‍ෂූහු කියත්.
Pali BJTඅථ ඛො තෙ චොරා “නෙවිමෙසං පානීයං අත්ථි, න පරිභොජනීයං අත්ථි, න අග්ගි අත්ථි, න අරණිසහිතං අත්ථි, න නක්ඛත්තපදානි ජානන්ති, න දිසාභාගං ජානන්ති. චොරා ඉමෙ නයිමෙ භික්ඛූ”ති ආකොටෙත්වා පක්කමිංසු. අථ ඛො තෙ භික්ඛූ භික්ඛූනං එතමත්ථං ආරොචෙසුං. භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “තෙන හි භික්ඛවෙ ආරඤ්ඤිකානං භික්ඛූනං වත්තං පඤ්ඤාපෙස්සා”මි යථා ආරඤ්ඤිකෙහි භික්ඛූහි වත්තිතබ්බං:
Sinhala BJTඑ කල්හි සොරු, “මොවුන් වෙත පැන් නො මැත, පරිභෝග දිය නො මැත, ගිනි නොමැත, උපකරණ සහිත ගිනිගානා දඬු නො මැත, නකත්පද නො දනිත්, දිශාභාගය නො දනිත්, මොහු භික්‍ෂූහු නො වෙත්, මොහු සොරුහ” යි. ඒ භික්‍ෂූන් තළා පෙළා නික්මැ ගියාහ. ඉක්බිති ඒ මහණහු මහණුනට මෙ පවත් දැන්වූහ. ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කථා කොට “මහණෙනි, එසේ වී නම් ආරණ්‍යක භික්‍ෂූන් විසින් පැවතියැයුතු පරිදි ඔවුනට වත් පනවන්නෙමි” යි වදාරා, මතු දැක්වෙන වත් පැනවූහ:
Pali BJT5. “ආරඤ්ඤිකෙන භික්ඛවෙ භික්ඛුනා කාලස්සෙව උට්ඨාය පත්තං ථවිකාය පක්ඛිපිත්වා අංසෙ ආලග්ගෙත්වා චීවරං ඛන්ධෙ කරිත්වා උපාහනා ආරොහිත්වා දාරුභණ්ඩං මත්තිකාභණ්ඩං පටිසාමෙත්වා ද්වාරවාතපානං ථකෙත්වා සෙනාසනා ඔතරිතබ්බං “ඉදානි ගාමං පවිසිස්සාමී”ති. උපාහනා ඔමුඤ්චිත්වා නීචං කත්වා පප්ඵොටෙත්වා ථවිකාය පක්ඛිපිත්වා අංසෙ ආලග්ගෙත්වා තිමණ්ඩලං පටිච්ඡාදෙන්තෙන පරිමණ්ඩලං නිවාසෙත්වා කායබන්ධනං බන්ධිත්වා සගුණං කත්වා සඞ්ඝාටියො පාරුපිත්වා ගණ්ඨිකං පටිමුඤ්චිත්වා ධොවිත්වා පත්තං ගහෙත්වා සාධුකං අතරමානෙන ගාමො පවිසිතබ්බො. සුපටිච්ඡන්නෙන අන්තරඝරෙ ගන්තබ්බං. සුසංවුතෙන -පෙ- ඔක්ඛිත්තචක්ඛුනා -පෙ- න උක්ඛිත්තකාය -පෙ- න උජ්ජග්ඝිකාය -පෙ- අප්පසද්දෙන අන්තරඝරෙ ගන්තබ්බං. න කායප්පචාලකං -පෙ- න බාහුප්පචාලකං -පෙ- න සීසප්පචාලකං -පෙ- න ඛම්භකතෙන -පෙ- න ඔගුණ්ඨිතෙන -පෙ- න උක්කුටිකාය අන්තරඝරෙ ගන්තබ්බං.
Sinhala BJT5. “මහණෙනි, ආරණ්‍යක භික්‍ෂූහු විසින් කලින් ම නැඟී සිට, පාත්‍රය පසුම්බියෙහි බහා, දසරුවෙහි එල්ලා ගෙන සිවුර කරෙහි කොට (කරට දමා ගෙන) පාවහන් නැඟ, දැව බඩු ද මැටි බඩු ද තැන්පත් කොට තබා දොරවල් හා වාකවුළු වසා, දැන් ගමට පිවිසෙන්නෙමි යි සිතා සෙනස්නෙන් බැස්සයුතු. පාවහන් මුදා පහත් කොට ගසා දමා, ථවිකායෙහි බහා, දසරුවෙහි එල්ලා, තුන්මඬුලු වසා පිරිමඬුලු කොට හැඳ කාබහන බැඳ සගුණ කොට සඟළ සිවුරු පෙරෙව ගැටවටු ගන්වා, පාත්‍රය සෝදා ගෙන මොනොවට යුහුසුලු නො වැ ගමට පිවිසියැයුතු. සුපිළිසන් වැ ඇතුළුගමැ යායුතු. සුසංවෘත වැ ... යටට හෙළූ ඇස් ඇති වැ ... සිවුර ඔසොවා නො ගෙන ... සිනාසීමෙන් තොර වැ ... නිහඬ වැ ගමෙහි යායුතු. කය සොලොවමින් නො යායුතු ... අත් සොලොවමින් ... හිස සොලොවමින් ... ඉඟහැ අත් ගසා ගෙන ... හිස වසා පෙරෙ වැ ... උත්කුටිකායෙන් ගමැ නො යා යුතු.
Pali BJTනිවෙසනං පවිසන්තෙන සල්ලක්ඛෙතබ්බං ‘ඉමිනා පවිසිස්සාමි ඉමිනා නික්ඛමිස්සාමීති. නාතිසහසා පවිසිතබ්බං. නාතිසහසා නික්ඛමිතබ්බං. නාතිදූරෙ ඨාතබ්බං. න අච්චාසන්නෙ ඨාතබ්බං. නාතිචිරං ඨාතබ්බං. නාතිලහුං නිවත්තිතබ්බං. ඨිතකෙන සල්ලක්ඛෙතබ්බං ‘භික්ඛං දාතුකාමා වා අදාතුකාමා වා’ති. සචෙ කම්මං වා නික්ඛිපති ආසනා වා වුට්ඨාති, කටච්ඡුං වා පරාමසති, භාජනං වා පරාමසති ඨපෙති වා දාතුකාමා වියාති ඨාතබ්බං. භික්ඛාය දීයමානාය වාමෙන හත්ථෙන සඞ්ඝාටිං උච්චාරෙත්වා දක්ඛිණෙන හත්ථෙන පත්තං පණාමෙත්වා උභොහි හත්ථෙහි පත්තං පටිග්ගහෙත්වා භික්ඛා පටිග්ගහෙතබ්බා. න ච භික්ඛාදායිකාය මුඛං උල්ලොකෙතබ්බං. සල්ලක්ඛෙතබ්බං සූපං දාතුකාමා වා අදාතුකාමා වාති. සචෙ කටච්ඡු වා පරාමසති භාජනං වා පරාමසති ඨපෙති වා දාතුකාමා වියාති ඨාතබ්බං. භික්ඛාය දින්නාය සඞ්ඝාටියා පත්තං පටිච්ඡාදෙත්වා සාධුකං අතරමානෙන නිවත්තිතබ්බං. සුපටිච්ඡන්නෙන අන්තරඝරෙ ගන්තබ්බං -පෙ- න උක්කුටිකාය අන්තරඝරෙ ගන්තබ්බං.
Sinhala BJTගෙයකට පිවිසෙන්නහු විසින් ‘මෙ තැනින් පිවිසෙන්නෙමි, මෙ තැනින් නික්මෙන්නෙමි’ යි සැලකියැයුතු. ඉතා යුහු වැ නො පිවිසියැයුතු. ඉතා යුහු වැ නො නික්මියැයුතු. ඉතා දුරැ නො සිටියැයුතු. ඉතා ළඟ නො සිටියැයුතු. ඉතා බොහෝ වේලා නො සිටියැයුතු. ඉතා වහා පෙරළා නො යායුතු. සිටගැගත්තහු විසින් ‘භික්‍ෂාව දෙනු කැමැත්තී ද දෙනු නො කැමැත්තී ද’ යන්න සලකා බැලියැයුතු. ඉදින් කරමින් තුබුණු කාර්‍ය්‍යය නවතාලයි නම් හෝ අස්නෙන් නැඟී සිටී නම් හෝ සැන්දක් අත ගා නම් හෝ බඳුනක් අල්ලයි නම් හෝ තබයි නම් හෝ ‘දෙනු කැමැත්තියක මෙනැ’ යි සලකා රැඳී සිටියැ යුතු. භික්‍ෂාව දෙනු ලබන කලැ වමතින් සඟළ සිවුර ඔසොවා දකුණතින් පාත්‍රය ඉදිරියට යොමු කොට දෑතින් ම පාත්‍රය ගෙන භික්‍ෂාව පිළිගතයුතු. භික්‍ෂාව දෙන්නියගේ මුහුණ නො බැලියැ යුතු. සූප දෙනු කැමැත්තී ද දෙනු නො කැමැත්තී ද යන්න සැලකියයුතු. ඉදින් සැන්දක් හෝ භාජනයක් හෝ අල්ලයි නම් හෝ තබයි නම් හෝ ‘දෙනු කැමැත්තියක මෙනැ’ යි සලකා රැඳී සිටියැයුතු. භික්‍ෂාව දුන් කල්හි සඟළ සිවුරින් පාත්‍රය වසා ගෙන මනා කොට නො යුහු ව පෙරළා යායුතු. සුපිළිසන් වැ ගම තුළැ යායුතු ... උත්කුටිකායෙන් ගමැ නො යායුතු.
Pali BJTගාමතො නික්ඛමිත්වා පත්තං ථවිකාය පක්ඛිපිත්වා අංසෙ ආලග්ගෙත්වා චීවරං සඞ්ඝරිත්වා සීසෙ කරිත්වා උපාහනං ආරොහිත්වා ගන්තබ්බං.
Sinhala BJTගමින් නික්මැ පාත්‍රය පසුම්බියෙහි බහා උරෙහි එල්ලාගෙන සිවුර හකුළා හිසෙහි කොට, වහන් නැඟ යායුතු.
Pali BJT6. ආරඤ්ඤිකෙන භික්ඛවෙ භික්ඛුනා පානීයං උපට්ඨාපෙතබ්බං. පරිභොජනීයං උපට්ඨාපෙතබ්බං. අග්ගි උපට්ඨාපෙතබ්බො. අරණිසහිතං උපට්ඨාපෙතබ්බං. කත්තරදණ්ඩො උපට්ඨාපෙතබ්බො. නක්ඛත්තපදානි උග්ගහෙතබ්බානි සකලානි වා එකදෙසානි වා. දිසාකුසලෙන භවිතබ්බං. ඉදං ඛො භික්ඛවෙ ආරඤ්ඤිකානං භික්ඛූනං වත්තං යථා ආරඤ්ඤිකෙහි භික්ඛූහි සම්මා වත්තිතබ්බන්ති.”
Sinhala BJT6. මහණෙනි, ආරණ්‍යයක මහණහු විසින් පැන් එළවියැයුතු. පරිභෝග ජලය එළවියැයුතු. ගිනි එළවියැයුතු. උපකරණ සහිත ගිනිගාන දඬු එළවියැයුතු. සැරයටිය එළවා තැබියයුතු. සියලු ම හෝ එක් කොටසක් හෝ නකත්පද උගතයුතු. දිශා දැනීමෙහි දක්‍ෂ වියැයුතු. මහණෙනි, මේ වනාහි ආරණ්‍යක භික්‍ෂූන් විසින් පැවතියයුතු සේ වූ ආරණ්‍යයක භික්‍ෂූන්ගේ වතැ යි වදාළ සේක.
Pali BJTසෙනාසනවත්තං
Sinhala BJTසෙනසුන් වත්
Pali BJT7. තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛූ අජ්ඣොකාසෙ චීවරකම්මං කරොන්ති. ඡබ්බග්ගියා භික්ඛූ පටිවාතෙ පඞ්ගණෙ{1} සෙනාසනං පප්ඵොටෙසුං. භික්ඛූ රජෙන ඔකිරියිංසු. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා සන්තුට්ඨා ලජ්ජිනො කුක්කුච්චකා සික්ඛාකාමා තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ පටිවාතෙ පඞ්ගණෙ සෙනාසනං පප්ඵොටෙස්සන්ති භික්ඛූ රජෙන ඔකිරියිංසූති”.
Sinhala BJT7. එ සමයෙහි වනාහි බොහෝ භික්‍ෂූහු එළිමහනෙහි හිඳ සිවුරුවම් (සිවුරු මැහීම් ආදි කටයුතු) කෙරෙත්. සවැගි මහණහු ඉදිරි මිදුලෙහි උඩුසුළඟෙහි ඇඳ පුටු ගසා දැමූහ. භික්‍ෂූහු දුහුවිල්ලෙන් වැකුණාහ. අල්පෙච්ඡ වූ සන්තුෂ්ට වූ ලජ්ජී වූ කුක්කුච්චක වූ ශික්‍ෂා කැමැති වූ යම් මහණ කෙනෙක් වෙත් ද, ඔහු “කෙසේ නම් සවැගි මහණහු ඉදිරි මිදුලෙහි උඩුසුළඟෙහි ඇඳ පුටු ගසා දමත් ද භික්‍ෂූහු දූවිල්ලෙන් වැකුණාහු යි ලාමක කොට සිතත්, නින්‍දා කෙරෙත්. නො ගුණ පතුරුවත්.”
Pali BJTඅථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. “සච්චං කිර භික්ඛවෙ ඡබ්බග්ගියා භික්ඛූ පටිවාතෙ පඞ්ගණෙ සෙනාසනං පප්ඵොටෙසුං භික්ඛූ රජෙන ඔකිරියිංසූති.
Sinhala BJTඉක්බිති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළහ. “මහණෙනි, සවැගි මහණහු ඉදිරි මිදුලෙහි උඩුසුළඟෙහි ඇඳපුටු ගසා දැමූහු ල. භික්‍ෂූහු දුහුවිල්ලෙන් වැකුණාහු ල. ඒ සැබෑ දැ”යි භාග්‍යවතුන් වහන්සේ පුළුවුත් සේක.
Pali BJT“සච්චං භගවා”... විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි. “තෙන හි භික්ඛවෙ භික්ඛූනං සෙනාසනවත්තං පඤ්ඤාපෙස්සාමි යථා භික්ඛූහි සෙනාසනෙ සම්මා වත්තිතබ්බං.”
Sinhala BJT“සැබැවැ භාග්‍යවතුන් වහන්සැ”යි භික්‍ෂූහු උත්තර දුන්හ... භාග්‍යවතුන් වහන්සේ වෙසෙසින් ගරහා, දැහැමි කතා කොට භික්‍ෂූන් බණවා, “මහණෙනි, එසේ වී නම් සෙනසුනැ පැවැතිය යුතු පරිදි භික්‍ෂූනට සෙනසුන් වත පනවන්නෙමි” යි වදාරා මතු දැක්වෙන වත පැනවූ සේක.
Pali BJT8. “යස්මිං විහාරෙ විහරති සචෙ සො විහාරො උක්ලාපො හොති, සචෙ උස්සහති සොධෙතබ්බො. විහාරං සොධෙන්තෙන පඨමං පත්තචීවරං නීහරිත්වා එකමන්තං නික්ඛිපිතබ්බං. නිසීදනපච්චත්ථරණං නීහරිත්වා එකමන්තං නික්ඛිපිතබ්බං භිසි බිම්බොහනං නීහරිත්වා එකමන්තං නික්ඛිපිතබ්බං මඤ්චො නීචං කත්වා සාධුකං අපරිඝංසන්තෙන අසඞ්ඝට්ටන්තෙන කවාටපිට්ඨං නීහරිත්වා එකමන්තං නික්ඛිපිතබ්බො. පීඨං නීචං කත්වා සාධුකං අපරිඝංසන්තෙන අසංඝට්ටන්තෙන කවාටපිට්ඨං නීහරිත්වා එකමන්තං නික්ඛිපිතබ්බං. මඤ්චපටිපාදකා නීහරිත්වා එකමන්තං නික්ඛිපිතබ්බා. ඛෙළමල්ලකො නීහරිත්වා එකමන්තං නික්ඛිපිතබ්බො. අපස්සෙනඵලකං නීහරිත්වා එකමන්තං නික්ඛිපිතබ්බං. භුම්මත්ථරණං යථාපඤ්ඤත්තං සල්ලක්ඛෙත්වා නීහරිත්වා එකමන්තං නික්ඛිපිතබ්බං.
Sinhala BJT8. “යම් වෙහෙරෙකැ වෙසේ ද, ඉදින් ඒ වෙහෙර කැලි කසළ සහිත වේ නම්, ඉදින් හැක්කේ නම් ශුද්ධ කළයුතු. වෙහෙර ශුද්ධ කරන්නහු විසින් පළමු කොට පාසිවුරු පිටත ගෙන ගොස් එක් පසෙක තැබියයුතු. නිසීදනය ද පසතුරුණ ද බැහැර කොට එක් පසෙක තැබියයුතු. බිස්ස ද කොට්ටය ද බැහැර කොට එක් පසෙක තැබියයුතු. ඇඳ පහත් කොට කවුළු පිටැ (දොරපළු පිට) ද නො ගාවමින් නො ගටමින් මොනවට බැහැර කොට එක් පසෙකැ තැබියයුතු. පුටුව පහත් කොට කවුළුපිටැ නො ගාවමින් නො ගටමින් මොනවට බැහැර කොට එක් පසෙකැ තැබිය යුතු. ඇඳ පා අලු බැහැර කොට එක් පසෙකැ තැබියයුතු. කපාටපෘෂ්ඨය (දොර පළු පිට) පහත් කොට මොනොවට කිසිවෙක ද නො ගාවමින් නො ගටමින් බැහැරැ කොට එක් පසෙක තැබියැ යුතු. කෙළමලාව බැහැර කොට එක් පසෙක තැබියැයුතු. හේත්තු වන පුවරුව බැහැර කොට එක් පසෙකැ තැබියැයුතු. බුමුතුරුණ පනවා තුබුණු පරිදි සලකා බැහැර කොට එක් පසෙක තැබියැයුතු.
Pali BJTසචෙ විහාරෙ සන්තානකං හොති උල්ලොකා පඨමං ඔහාරෙතබ්බං. ආලොකසන්ධිකණ්ණභාගා පමජ්ජිතබ්බා.{1} සචෙ ගෙරුකපරිකම්මකතා භිත්ති කණ්ණකිතා හොති, චොළකං තෙමෙත්වා පීළෙත්වා පමජ්ජිතබ්බා. සචෙ කාළවණ්ණකතා භූමි කණ්ණකිතා හොති, චොළකං තෙමෙත්වා පීළෙත්වා පමජ්ජිතබ්බා. සචෙ කාළවණ්ණං කතා හොති භූමි උදකෙන පරිප්ඵොසිත්වා පරිප්ඵොසිත්වා සම්මජ්ජිතබ්බං මා විහාරො රජෙන ඌහඤ්ඤීති. සඞ්කාරං විචිනිත්වා එකමන්තං ඡඩ්ඩෙතබ්බං. න භික්ඛුසාමන්තා සෙනාසනං පප්ඵොටෙතබ්බං. න විහාරසාමන්තා සෙනාසනං පප්ඵොටෙතබ්බං, න පානීයසාමන්තා සෙනාසනං පප්ඵොටෙතබ්බං. න පරිභොජනීයසාමන්තා සෙනාසනං පප්ඵොටෙතබ්බං. න පටිවාතෙ පඞ්ගණෙ{2} සෙනාසනං පප්ඵොටෙතබ්බං. අධොවාතෙ සෙනාසනං පප්ඵොටෙතබ්බං.
Sinhala BJTඉදින් වෙහෙරැ මකුළු දැල් වේ ද, පළමුවෙන් ඉහළ සිට පහතට ඉවත, කළයුතු. ආලෝකසන්ධි භාගයෝ ද (ඇතුළත පිටතැ වූ වාබෝනයන්හි දොරපළු ද) කර්ණභාගයෝ ද (කාමරයේ ඇතුළත සතර කොන් ද) පිස දැමියැයුතු. ඉදින් ගුරු පිරියම් කැරුණු බිත්තිය කුණු වැකියේ වී නම්, රෙදි කඩක් තෙමා මිරිකා පිසදැමියැයුතු. ඉදින් බිම කළුපැහැ කරන ලද නම්, වෙහෙර දූවිල්ලෙන් නො වැකේවා යි (දූවිල්ලෙන් නොවැකෙනු පිණිස) දිය ඉස ඉස පිස දැමියයුතු. කසළ රැස්කොට එක් පසෙකැ දැමියැ යුතු. භික්‍ෂූන් සමීපයෙහි සෙනසුන් නො ගසාදැමියයුතු. වෙහෙර සමීපයෙහි සෙනසුන නො ගසාදැමියැයුතු. බොන දිය සමීපයෙහි සෙනසුන නොගසා දැමියැයුතු. පරිභෝග ජලය සමීපයෙහි සෙනසුන නො ගසා දැමියැයුතු. ඉදිරි මිදුලෙහි උඩුසුළගෙහි සෙනසුන නො ගසා දැමියැයුතු. යටි සුළඟෙහි සෙනස්න නොගසා දැමියනැයුතු.
Pali BJT9. භුම්මත්ථරණං එකමන්තං ඔතාපෙත්වා සොධෙත්වා පප්ඵොටෙත්වා අතිහරිත්වා යථා පඤ්ඤත්තං පඤ්ඤාපෙතබ්බං. මඤ්චපටිපාදකා එකමන්තං ඔතාපෙත්වා පමජ්ජිත්වා අතිහරිත්වා යථාඨානෙ ඨපෙතබ්බා. මඤ්චො එකමන්තං ඔතාපෙත්වා සොධෙත්වා පප්ඵොටෙත්වා නීචං කත්වා සාධුකං අපරිඝංසන්තෙන අසඞ්ඝට්ටන්තෙන කවාටපිට්ඨං අතිහරිත්වා යථා පඤ්ඤත්තං පඤ්ඤාපෙතබ්බො. පීඨං එකමන්තං ඔතාපෙත්වා සොධෙත්වා පප්ඵොටෙත්වා නීචං කත්වා සාධුකං අපරිඝංසන්තෙන අසඞ්ඝට්ටන්තෙන කවාටපිට්ඨං අතිහරිත්වා යථාපඤ්ඤත්තං පඤ්ඤාපෙතබ්බා. භිසිං බිම්බොහනං එකමන්තං ඔතාපෙත්වා සොධෙත්වා පප්ඵොටෙත්වා අතිහරිත්වා යථා පඤ්ඤත්තං පඤ්ඤාපෙතබ්බං. නිසීදනපච්චත්ථරණං එකමන්තං ඔතාපෙත්වා සොධෙත්වා පප්ඵොටෙත්වා අතිහරිත්වා යථාපඤ්ඤත්තං පඤ්ඤාපෙතබ්බං. ඛෙළමල්ලකො එකමන්තං ඔතාපෙත්වා පමජ්ජිත්වා අතිහරිත්වා යථාඨානෙ ඨපෙතබ්බො. අපස්සෙනඵලකං එකමන්තං ඔතාපෙත්වා පමජ්ජිත්වා අතිහරිත්වා යථාඨානෙ ඨපෙතබ්බං.
Sinhala BJT9. බුමුතුරුණ එක් පසෙක අව්වේ වියලා ශුද්ධ කොට ගසා දමා ඇතුළට ගෙන ගොස් පනවා තුබූ පරිදි ම පැනවියැ යුතු. ඇඳ පා අළු එක් පසෙක අව්වේ වියලා පිසදමා ඇතුළතට ගෙන ගොස් කලින් තුබුණු තැන තැබියැයුතු. ඇඳ එක් පසෙක අව්වේ වියලා ශුද්ධ කොට ගසා දමා පහත් කොට කපාට පෘෂ්ඨයෙහි නොගාවා නොගටා මනාකොට පනවාතුබුණු පරිදි මැනැවින් පැනවියැයුතු. පුටුව එක් පසෙක අව්වේ වියලා ශුද්ධ කොට ගසා දමා පහත් කොට කපාටපෘෂ්ඨයේ නො ගාවා නොගටා ඇතුළට ගෙන ගොස් පනවාතුබුණු පරිදි මනා කොට පැනවියැයුතු. බිසි ද කොට්ට ද එක් පසෙක අව්වේ වියලා ශුද්ධ කොට ගසාදමා ඇතුළට ගෙනගොස් පනවා තුබුණු පරිදි ම පැනවියැයුතු. නිසීදනය ද පසතුරුණ ද එක් පසෙක අව්වේ වියලා ශුද්ධ කොට ගසාදමා ඇතුළට ගෙනගොස් පනවා තුබුණු පරිදි ම පැනවියැ යුතු. කෙළමලාව එක්පසෙක අව්වේ වියලා පිසදමා ඇතුළට ගෙනගොස් තුබුණු තැන තැබියැයුතු. හේත්තුවන පුවරුව එක් පසෙක අව්වේ වියලා පිස දමා ඇතුළට ගෙනගෙනස් කලින් තුබුණ තැන තැබියැයුතු.
Pali BJTපත්තචීවරං නික්ඛිපිතබ්බං. පත්තං නික්ඛිපන්තෙන එකෙන හත්ථෙන පත්තං ගහෙත්වා එකෙන හත්ථෙන හෙට්ඨාමඤ්චං වා හෙට්ඨාපීඨං වා පරාමසිත්වා පත්තො නික්ඛිපිතබ්බො. න ච අනන්තරහිතාය භූමියා පත්තො නික්ඛිපිතබ්බො. චීවරං නික්ඛිපන්තෙන එකෙන හත්ථෙන චීවරං ගහෙත්වා එකෙන හත්ථෙන චීවරවංසං වා චීවරරජ්ජු වා පමජ්ජිත්වා පාරතො අන්තං ඔරතො භොගං කත්වා චීවරං නික්ඛිපිතබ්බං.
Sinhala BJTපාසිවුරු බහා තැබියයුතු. පාත්‍රය බහා තබන්නහු විසින් එක් අතෙකින් පාත්‍රය ගෙන එක් අතෙකින් ඇඳ යට හෝ පුටු ව යට හෝ පරාමර්‍ශනය කොට (අතගා විමසා) පාත්‍රය බහා තැබියයුතු. කිසිවෙකින් නො අතුළ බිමැ පාත්‍රය නො තැබියැ යුතු. සිවුර බහා තබන්නහු විසින් එක් අතෙකින් සිවුර ගෙන අනෙක් අතින් සිවුරුවස (සිවුර එල්ලන උණලීය) හෝ සිවුරුරැහැන (සිවුර එල්ලන ලනුව) හෝ පිසදමා සිවුරේ කෙළවර එහා පැත්තට ද සිවුරු නැම්ම මෙහා පැත්තට ද කොට සිවුර තැබියයුතු.
Pali BJT10. සචෙ පුරත්ථිමා සරජා වාතා වායන්ති පුරත්ථිමා වාතපානා ථකෙතබ්බා. සචෙ පච්ඡිමා සරජා වාතා වායන්ති පච්ඡිමා වාතපානා ථකෙතබ්බා. සචෙ උත්තරා සරජා වාතා වායන්ති උත්තරා වාතපානා ථකෙතබ්බා. සචෙ දක්ඛිණා සරජා වාතා වායන්ති දක්ඛිණා වාතපානා ථකෙතබ්බා. සචෙ සීතකාලො හොති දිවා වාතපානා විවරිතබ්බා. රත්තිං ථකෙතබ්බා. සචෙ උණ්හකාලො හොති දිවා වාතපානා ථකෙතබ්බා. රත්තිං විවරිතබ්බා.
Sinhala BJT10. ඉදින් පෙරදිගැ වූ දූලි සහිත වාතයෝ හමත් නම් පෙරදිගට අයත් වාබෝන (ජනෙල්) වැසියැයුතු. ඉදින් පැසිම් දිගට අයත් දූලිසහිත වාතයෝ හමත් නම් පැසිම්දිගැ වූ වාබෝනයෝ වැසියයුතුහ. ඉදින් උතුරුදිගට අයත් දූලි සහිත වාතයෝ හමත් නම්, උතුරුදිගැ වූ වාබෝනයෝ වැසියයුතුහ. දකුණු දිගට අයත් දූවිලි සහිත සුළං හමා නම් දකුණුදිග වූ වාබෝනයෝ වැසියයුතුහ. උෂ්ණකාලය වී නම් වාබෝනයෝ දහවල් වසා තැබියැයුතු. රෑ විවෘත කළයුතු. ශීතකාලය වී නම් වාබෝනයෝ රෑ වසා තැබියයුතු දහවල් විවෘත කළයුතු.
Pali BJTසචෙ පරිවෙණං උක්ලාපං හොති පරිවෙණං සම්මජ්ජිතබ්බං. සචෙ කොට්ඨකො උක්ලාපො හොති කොට්ඨකො සම්මජ්ජිතබ්බො. සචෙ උපට්ඨානසාලා උක්ලාපා හොති. උපට්ඨානසාලා සම්මජ්ජිතබ්බා. සචෙ අග්ගිසාලා උක්ලාපා හොති අග්ගිසාලා සම්මජ්ජිතබ්බා. සචෙ වච්චකුටි උක්ලාපා හොති වච්චකුටි සම්මජ්ජිතබ්බා. සචෙ පානීයං න හොති පානීයං උපට්ඨාපෙතබ්බං. සචෙ පරිභොජනීයං න හොති පරිභොජනීයං උපට්ඨාපෙතබ්බං. සචෙ ආචමනකුම්භියා උදකං න හොති ආචමනකුම්භියා උදකං ආසිඤ්චිතබ්බං.
Sinhala BJTඉදින් පිරිවෙන (විහාර ප්‍රාකාර අතර පෙදෙස) කැළිකසළ සහිත වී නම් එය හැමැන්දයුතු. ඉදින් දොරැ කොටුව කැළිකසළ සහිත වී නම් එය හැමැන්දයුතු. ඉදින් උවටන්හල කැළිකසළ සහිත වී නම් එය හැමැන්දයුතු. ඉදින් ගිනිහල කැළිකසළ සහිත වී නම් එය හැමැන්දයුතු. ඉදින් වැසිකිළිය කැළිකසළ සහිත වී නම් එය හැමැන්දයුතු. ඉදින් පැන් නො වී නම් පැන් එළවා තැබියැයුතු. ඉදින් පරිභෝග ජලය නො වී නම් පරිභෝග ජලය එළවා තැබියැයුතු. ඉදින් ආචමනකුම්භියෙහි (වැසිකිළියේ ප්‍රයෝජනයට ගන්නා ජලය බහාලන භාජනයෙහි) ජලය නො වී නම්, එහි ජලය වත් කළයුතු.
Pali BJTසචෙ වුඩ්ඪෙන සද්ධිං එකවිහාරෙ විහරති න වුඩ්ඪං අනාපුච්ඡා උද්දෙසො දාතබ්බො න පරිපුච්ඡා දාතබ්බා න සජ්ඣායො කාතබ්බො. න ධම්මො භාසිතබ්බො. න පදීපො කාතබ්බො. න පදීපො විජ්ඣාපෙතබ්බො. න වාතපානා විවරිතබ්බා. න වාතපානා ථකෙතබ්බා. සචෙ වුඩ්ඪෙන සද්ධිං එකචඞ්කමෙ චඞ්කමති යෙන වුඩ්ඪො තෙන පරිවත්තිතබ්බං. න ච වුඩ්ඪො සඞ්ඝාටිකණ්ණෙන ඝට්ටෙතබ්බො.
Sinhala BJTඉදින් වැඩි මහලු තෙර කෙනකු හා එක් වෙහෙරැ වසන්නේ නම් ඒ වැඩිමාලු තෙරුන් නො විචාරා, උද්දේශය නො දියයුතු (දේශනා පෙළ නො ඉගැන්වියයුතු). අටුවාව නො කියැයුතු. සජ්ඣායනය (හැදෑරීම) නො කළයුතු. බණ නො කියයුතු. පහන නො දැල්වියැයුතු. පහන නො නිවියැයුතු. වාබෝන නො විවරියැ යුතු. වාබෝන නො වැසියයුතු. ඉදින් වැඩි මාලු තෙර නමක් හා එක් සක්මන් මළුයෙහි සක්මන් කෙරේ නම්, වෘද්ධ භික්‍ෂූ නම යම් තැනෙක ද එ තැන දී පෙරළා ඉයැයුතු. වැඩිමහලු මහණහු සඟළ සිවුරු කොනින් නො ගැටිය යුතු.