Cullavagga

Lesser Division

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 2901-3000 න් 3845

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT2. තෙන ඛො පන සමයෙන දෙවදත්තො මහතියා පරිසාය පරිවුතො ධම්මං දෙසෙන්තො හොති. අද්දසා ඛො දෙවදත්තො සාරිපුත්තමොග්ගල්ලානෙ දූරතො ව ආගච්ඡන්තෙ. දිස්වාන භික්ඛූ ආමන්තෙසි: “පස්සථ භික්ඛවෙ යාව ස්වාක්ඛාතො මයා ධම්මො, යෙපි තෙ සමණස්ස ගොතමස්ස අග්ගසාවකා සාරිපුත්තමොග්ගල්ලානා තෙපි මම සන්තිකෙ ආගච්ඡන්ති, මම ධම්මං රොචෙන්තා”ති. එවං වුත්තෙ කොකාලිකො දෙවදත්තං එතදවොච: “මා ආවුසො දෙවදත්ත සාරිපුත්තමොග්ගල්ලානෙ විස්සසි. පාපිච්ඡා සාරිපුත්තමොග්ගල්ලානා පාපිකානං ඉච්ඡානං වසංගතා”ති.
Sinhala BJT2. එ සමයෙහි වනාහි දෙව්දත් තෙම මහත් පිරිසක් විසින් පිරිවැරුණේ දම් දෙසමින් හුන්නේ වෙයි. දෙව්දත් තෙම දුරින් ම එන්නා වූ සැරියුත් මුගලන් දෙ නම දිටී ය. දැක භික්‍ෂූන් බණවා, “මහණෙනි, බලවු. මා විසින් ධර්‍මය කොතරම් මනා කොට කියන ලද්දේද, මහණ ගොයුම්හුගේ අගසවු වූ සැරියුත් මුගලන් දෙදෙනා ද මගේ ධර්‍මයට රුචි කරන්නාහු මා වෙත එත්” යැ යි කී ය. මෙසේ කී කල්හි කෝකාලික මහණ තෙම දෙව්දතුට “ඇවැත් දෙව්දතුනි, සැරියුත් මුගලනුන් නො අදහවු. සැරියුත් මුගලන් දෙදෙනා ලාමක ආශා ඇත්තෝය. ලාමකාශාවනට වශග වූවෝයැ” යි කීය.
Pali BJT“අලං ආවුසො. ස්වාගතං තෙසං යතො මෙ ධම්මං රොචෙන්තී”ති.
Sinhala BJT“ඇවැත්නි, කම් නැත. මගේ දහම රිසියෙන හෙයින් ඔවුන්ගේ මනා පැමිණීමෙකි (ඔවුන් පිළිගනිමි)” යි දෙව්දත් කී ය.
Pali BJTඅථ ඛො දෙවදත්තො ආයස්මන්තං සාරිපුත්තං උපඩ්ඪාසනෙන නිමන්තෙසි: “එහාවුසො සාරිපුත්ත ඉධ නිසීදාහී”ති.
Sinhala BJTඉක්බිති දෙව්දත් තෙම “ඇවැත් ශාරිපුත්‍රයෙනි, එවු, මෙහි වැඩ ඉඳිවු” යැ යි සැරියුත් තෙරුන් සිය අස්නෙන් අඩෙකින් නිමැතී ය. (තමා හුන් ආසනයෙන් අඩක් පෙන්වා ‘මෙහි වැඩ ඉන්නැ’යි කැඳවීය).
Pali BJT“අලං ආවුසො”ති ඛො ආයස්මා සාරිපුත්තො අඤ්ඤතරං ආසනං ගහෙත්වා එකමන්තං නිසීදි. ආයස්මාපි ඛො මහාමොග්ගල්ලානො අඤ්ඤතරං ආසනං ගහෙත්වා එකමන්තං නිසීදි.
Sinhala BJT“කම් නැත, ඇවැත්නි” යි කියා සැරියුත් තෙරණුවෝ එක්තරා අස්නක් ගෙන පසෙක හුන්හ. මහමුගලන් තෙරණුවෝ ද එක්තරා අස්නක් ගෙන පසෙක උන්හ.
Pali BJTඅථ ඛො දෙවදත්තො බහුදෙවරත්තිං භික්ඛූ ධම්මියා කථාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සමුත්තෙජෙත්වා සම්පහංසෙත්වා ආයස්මන්තං සාරිපුත්තං අජ්ඣෙසි: “විගතථිනමිද්ධො ඛො ආවුසො සාරිපුත්ත භික්ඛුසඞ්ඝො. පටිභාතු තං ආවුසො සාරිපුත්ත භික්ඛූනං ධම්මීකථා. පිට්ඨි මෙ ආගිලායති. තමහං ආයමිස්සාමී”ති. “එවමාවුසො”ති ඛො ආයස්මා සාරිපුත්තො දෙවදත්තස්ස පච්චස්සොසි.
Sinhala BJTඑකල්හි දෙව්දත් භික්ෂූනට රෑ බොහෝ වේලා දහම් කථායෙන් කරුණු දක්වා එය ගන්වා, එහි උනන්දු කරවා, සතුටු කොට සැරියුත් තෙරුන් අමතා, “ඇවැත් ශාරීපුත්‍රයෙනි, භික්‍ෂූ සංඝ තෙම පහවූ ථීනමිද්ධය ඇත්තේ ය. ඇවැත් ශාරිපුත්‍රයෙනි, භික්‍ෂූනට (කළයුතු) , ධර්‍මකථාවෙක් ඔබට වැටහේවා, (භික්‍ෂූනට දම් දෙසන්න). මගේ පිට රිදෙයි. එය දිග හරින්නෙමි” යි කීය. “එසේ ය, ඇවැත්නි” යි සැරියුත් තෙරණුවෝ දෙව්දතුට පිළිවදන් දුන්හ.
Pali BJTඅථ ඛො දෙවදත්තො චතුග්ගුණං සඞ්ඝාටිං පඤ්ඤාපෙත්වා දක්ඛිණෙන පස්සෙන සෙය්යං කප්පෙසි. තස්ස කිලමන්තස්ස මුට්ඨස්සතිස්ස අසම්පජානස්ස මුහුත්තනෙව{1} නිද්දා ඔක්කමි.
Sinhala BJTඉක්බිති දෙව්දත් තෙම සඟළසිවුර සතරපට කොට පනවා දකුණැලයෙන් වැදහොත්තේ ය. ක්ලාන්ත වූ සිහිමුළා වූ නුවණින් තොර වූ ඔහුට මොහොතින් ම නිද්‍රොපගමය විය:
Pali BJTඅථ ඛො ආයස්මා සාරිපුත්තො ආදෙසනාපාටිහාරියානුසාසනියා භික්ඛූ ධම්මියා කථාය ඔවදි, අනුසාසි. ආයස්මා මහාමොග්ගල්ලානො ඉද්ධිපාටිහාරියානුසාසනියා භික්ඛූ ධම්මියා කථාය ඔවදි, අනුසාසි. අථ ඛො තෙසං භික්ඛූනං ආයස්මතා සාරිපුත්තෙන ආදෙසනාපාටිහාරියානුසාසනියා ආයස්මතා මහාමොග්ගල්ලානෙන ඉද්ධිපාටිහාරියානුසාසනියා ඔවදියමානානං අනුසාසියමානානං විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි “යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරොධධම්මන්ති”.
Sinhala BJTඉක්බිති සැරියුත් තෙරණුවෝ ආදේශනාප්‍රාතිහාර්‍ය්‍යයෙන් ද අනුශාසනීප්‍රාතිහාර්‍ය්‍යයෙන් ද යුක්ත කොට භික්‍ෂූනට දැහැමි කතායෙන් අනුශාසනා කළහ. මහමුගලන් තෙරණුවෝ සෘද්ධිප්‍රාතිහාර්‍ය්‍යයෙන් ද අනුශාසනීප්‍රාතිහාර්‍ය්‍යයෙන් ද යුක්ත කොට ධර්‍මකථායෙන් භික‍්‍ෂූනට අනුශාසනා කළහ. එකලැ සැරියුත් තෙරුන් විසින් ආදේශනාප්‍රාතිහාර්‍ය්‍ය අනුශාසනීප්‍රාතිහාර්‍ය්‍ය දෙකින් ද, මහමුගලන් තෙරුන් විසින් සෘද්ධිප්‍රාතිහාර්‍ය්‍ය අනුශාසනාප්‍රාතිහාර්‍ය්‍ය දෙකින් ද ඔවා දෙනු ලබන, අනුශාසන කරනු ලබන ඒ භික්‍ෂූනට “උපදනාසුලු සියල්ල නැසෙනසුලු යැ”යි කෙලෙස් රජස් රහිත පහ වූ කෙලෙස් මල ඇති දහම් ඇස පහළ විය.
Pali BJTඅථ ඛො ආයස්මා සාරිපුත්තො භික්ඛූ ආමන්තෙසි: “ගච්ඡාම මයං ආවුසො භගවතො සන්තිකෙ. යො තස්ස භගවතො ධම්මං රොචෙති සො ආගච්ඡතූ”ති. අථ ඛො සාරිපුත්තමොග්ගල්ලානා තානි පඤ්ච භික්ඛුසතානි ආදාය යෙන වෙළුවනං තෙනුපසඞ්කමිංසු. අථ ඛො කොකාලිකො දෙවදත්තං උට්ඨාපෙසි: උට්ඨෙහි ආවුසො දෙවදත්ත. නීතා තෙ භික්ඛූ සාරිපුත්තමොග්ගල්ලානෙහි. නනු ත්වං, ආවුසො දෙවදත්ත මයා වුත්තො ‘මා ආවුසො දෙවදත්ත, සාරිපුත්තමොග්ගල්ලානෙ විස්සසි. පාපිච්ඡා සාරිපුත්තමොග්ගල්ලානා පාපිකානං ඉච්ඡානං වසංගතා’ති? අථ ඛො දෙවදත්තස්ස තත්ථෙව උණ්හං ලොහිතං මුඛතො උග්ගඤ්ඡි.
Sinhala BJTඑයින් පසු සැරියුත් තෙරණුවෝ භික්‍ෂූන් අමතා “ඇවැත්නි, අපි භාග්‍යවතුන් වහන්සේ වෙත යමු. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්‍මය රිසි කරන තැනැත්තේ (අප හා) ඒවා” යි වදාළාහ. ඉක්බිති සැරියුත්මුගලන් දෙ නම ඒ පන්සියක් භික්‍ෂූන් ගෙන වේළුවනය කරා එළැඹියාහ. එවිට කෝකාලික මහණ තෙම “ඇවැත් දෙව්දතුනි, නැගී සිටින්න, ඒ භික්‍ෂූහු සැරියුත් මුගලන් දෙදෙනා විසින් ගෙනයන ලදහ. “ඇවැත් දෙව්දතුනි, සැරියුත් මුගලනුන් නො අදහවු. සැරියුත් මුගලන්හු, ලාමක ආශා ඇත්තාහ. ලාමක ඊප්ෂාවනට වශග වූවෝ යැ’යි මා විසින් ඔබ නො කියන ලද්දෝ දැ ” යි කියා දෙව්දතු පුබුදුවා ලී ය. එවිට දෙව්දතුට එතන්හි මුවින් උණුලේ නික්මිණ.
Pali BJT3. අථ ඛො සාරිපුත්තමොග්ගල්ලානා යෙන භගවා තෙනුපසඞ්කමිංසු, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිසුං. එකමන්තං නිසින්නො ඛො ආයස්මා සාරිපුත්තො භගවන්තං එතදවොච “සාධු භන්තෙ භෙදකානුවත්තකා භික්ඛූ පුන උපසම්පජ්ජෙය්යුන්ති”.
Sinhala BJT3. ඉක්බිති සැරියුත් මුගලන් දෙ නම භාග්‍යවතුන් වහන්සේ වෙත වැඩියාහ. වැඩ ඔබ වැඳ පසෙක හිඳගත්හ. එක් පසෙක හුන්නාවූ සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, භෙදානුවර්‍තතක (සංඝභේදකයන් අනුව පැවැති) මහණහු යලිදු උපසපුව ලබන්නාහු නම් මැනැවැ”යි කීහ.
Pali BJT“අලං සාරිපුත්ත. මා තෙ රුච්චි භෙදකානුවත්තකානං භික්ඛූනං පුන උපසම්පදා. තෙන හි ත්වං සාරිපුත්ත භෙදකානුවත්තකෙ භික්ඛූ ථුල්ලච්චයං දෙසාපෙහි”.
Sinhala BJT“කම් නැත, ශාරිපුත්‍රයෙනි. භෙදකානුවර්‍තතක භික්‍ෂූන් යලිත් උපසපන් කිරීම තොපට නො රිසියේවා. එබැවින් ශාරීපුත්‍රයෙනි, තෙපි භෙදකානුවර්‍තතක භික්‍ෂූන් ලවා තුලැසි ඇවැත දෙසවවු” යයි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
Pali BJT“කථං පන තෙ සාරිපුත්ත දෙවදත්තො පටිපජ්ජී”ති.
Sinhala BJT(ඉක්බිති) භාග්‍යවතුන් වහන්සේ සැරියුත් තෙරුන් අමතා, “ශාරීපුත්‍රයෙනි, දෙව්දත් තෙරණුවෝ තොප කෙරෙහි කෙසේ පිළිපැද්දාහු ද?” යි අසාවදාළසේක.
Pali BJT“යථෙව භන්තෙ භගවා බහුදෙව රත්තිං භික්ඛූ ධම්මියා කථාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සමුත්තෙජෙත්වා සම්පහංසෙත්වා මං අජ්ඣෙසති: “විගතථිනමිද්ධො ඛො සාරිපුත්ත භික්ඛුසඞ්ඝො, පටිභාතු තං සාරිපුත්ත භික්ඛූනං ධම්මී කථා. පිට්ඨි මෙ ආගිලායති. තමහං ආයමිස්සාමී’ති. එවමෙව ඛො භන්තෙ දෙවදත්තො පටිපජ්ජී”ති.
Sinhala BJT“වහන්ස, භාග්‍යවතුන් වහන්සේ රෑ බොහෝ වේලාවක් දැහැමි කතායෙන් භික්‍ෂූනට කරුණු දක්වා කරුණු ගන්වා, එහි උනන්දු කරවා, එහි සතුටු කරවා “ ශාරීපුත්‍රයෙනි, භික්‍ෂූසංඝ තෙම වහා පහ වූ ථිනමිද්ධය ඇත්තේ ය. ශාරීපුත්‍රයෙනි, භික්‍ෂූනට (කැරෙන) ධර්‍මකථාව තොපට වැටහේවා. මා පිට රිදෙයි, මම් එය දිගහරින්නෙමි” යි වදාරා යම්සේ දම් දෙසන්නට මට විධාන කරනසේක් ද, එසේ ම වහන්ස, මා කෙරෙහි පිළිපන්නේ යැ යි” සැරියුත් තෙරණුවෝ වදාළාහ.
Pali BJTඅථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: “භූතපුබ්බං භික්ඛවෙ අරඤ්ඤායතනෙ මහාසරසී. තං නාගා උපනිස්සාය විහරිංසු. තෙ තං සරසිං ඔගාහෙත්වා සොණ්ඩාය භිසමුළාලං අබ්බුහිත්වා සුවික්ඛාලිතං වික්ඛාලෙත්වා අකද්දමං සඞ්ඛාදිත්වා අජ්ඣොහරන්ති. තෙසං තං වණ්ණාය චෙව හොති බලාය ච, න ච තතො නිදානං මරණං වා නිගච්ඡන්ති මරණමත්තං වා දුක්ඛං. තෙසං යෙව ඛො පන භික්ඛවෙ, මහානාගානං අනුසික්ඛමානා තරුණා භිංකඡාපා තෙ තං සරසිං ඔගාහෙත්වා සොණ්ඩාය භිසමුළාලං අබ්බුහිත්වා, න සුවික්ඛාලිතං වික්ඛාලෙත්වා සකද්දමං සඞ්ඛාදිත්වා අජ්ඣොහරන්ති. තෙසං තං නෙව වණ්ණාය හොති න බලාය. තතො නිදානංච මරණං වා නිගච්ඡන්ති මරණමත්තං වා දුක්ඛං. එවමෙව ඛො භික්ඛවෙ දෙවදත්තො මමානුකුබ්බං කපණො මරිස්සතීති.
Sinhala BJTඑවිට භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් අමතා මෙසේ වදාළ සේක: මහණෙනි, පෙර වූවක් කියමි. වන පෙදෙසෙක මහවිලෙක් විය. ඇත්තු එය නිසා වුසූහ. ඔහු එ විලට බැස සොඬින් නෙළුම් දඩු උදුරා මොනොවට සෝදා මඩ නැති කොට සපා ගිලිත්. එය ඔවුනට පැහැපත් බව පිණිස ද ශරීර ශක්තිය පිණිස ද වේ. එය හේතු කොට ගෙන මරණයට හෝ මරණමාත්‍ර දුකකට හෝ නො ද පැමිණෙත්. මහණෙනි, ඔවුන් අතුරෙන් ඒ මහඇතුන් අනුව හික්මෙන තරුණ වූ යම් ඇත් පැටවු වෙත් ද ඔහු ඒ විලට බැස සොඬින් නෙළුම්දඩු උදුරා මනා කොට නො සෝදා මඩ සහිත ව විකා ගිලිත්. ඔවුනට එය පැහැපත් බව පිණිස ද ශක්තිය පිණිස ද නො වේ. එය හේතු කොට ගෙන ඔහු මරණයට හෝ මරණයට සමාන දුකකට හෝ පැමිණෙත්. මහණෙනි, එසේ ම මා අනුකරණය කරන දෙව්දත්හු කෘපණ වැ (අනාථ වැ) මියෙන්නාහ.
Pali BJTමහාවරාහස්ස මහිං විකුබ්බතො භිසං ඝසානස්ස{1} නදීසු ජග්ගතො, භිංකොව පඞ්කං අභිභක්ඛයිත්වා මමානුකුබ්බං කපණො මරිස්සතී”ති.
Sinhala BJT“මිහි පිටැ විකුර්‍වණය කරන නදීන්හි පිළිදැගුම් කරන මහ ඇතක්හු අනුකරණය කොට මඩ කා මැරෙන ඇත්පොව්වා සෙයින් මා අනුකරණය කරන දෙව්දත් ද අනාථ ව මිය යන්නේ ය.”
Pali BJT4. “අට්ඨහි භික්ඛවෙ, අඞ්ගෙහි සමන්නාගතො භික්ඛු දූතෙය්යං ගන්තුමරහති. කතමෙහි අට්ඨහි: ඉධ භික්ඛවෙ භික්ඛු සොතා ච හොති සාවෙතා ච උග්ගහෙතා ච ධාරෙතා ච විඤ්ඤාතා ච විඤ්ඤාපෙතා ච කුසලො ච සහිතාසහිතස්ස නො ච කලහකාරකො. ඉමෙහි ඛො භික්ඛවෙ අට්ඨහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු දූතෙය්යං ගන්තුමරහති.
Sinhala BJT4. “මහණෙනි, අංග අටෙකින් සමන්‍විත මහණ තෙමේ දූත කාර්‍ය්‍යයෙහි යන්නට සුදුසු ය. කවර අටින් ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ තෙම කියන බසට මොනොවට කන්යොමු කෙරේ ද, අස්වන්නේ (කියන්නේත්) වේ ද, ඉගෙනගන්නේ වේ ද, උගත් දෑ සිතෙහි දරන්නේ වේ ද, කරුණු නුවණින් දැනගන්නේ වේ ද, සෙස්සනට දන්වන්නේ වේ ද, අර්‍ථනිඃශ්‍රිත වූ ද අර්‍ථනිඃශ්‍රිත නො වූද දෑ දැනීමෙහි දක්‍ෂ වේ ද, කලහකාරී නො වේ ද, මහණෙනි, මෙ කී අංග අටින් සමන්‍විත මහණ තෙම දූතගමන යන්නට සුදුසු වේ.
Pali BJTඅට්ඨහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතො සාරිපුත්තො දූතෙය්යං ගන්තුමරහති. කතමෙහි අට්ඨහි: ඉධ භික්ඛවෙ සාරිපුත්තො සොතා ච හොති සාවෙතා ච උග්ගහෙතා ච ධාරෙතා ච විඤ්ඤාතා ච විඤ්ඤාපෙතා ච කුසලො ච සහිතාසහිතස්ස නො ච කලහකාරකො. ඉමෙහි ඛො භික්ඛවෙ අට්ඨහඞ්ගෙහි සමන්නාගතො සාරිපුත්තො දූතෙය්යං ගන්තුමරහතී”ති.
Sinhala BJTමහණෙනි, අංග අටෙකින් සමන්‍විත ශාරීපුත්‍ර තෙමේ දූත ගමන යන්නට සුදුසු ය. කවර අංග අටෙකින් ද යත්: මහණෙනි, මෙහි ශාරිපුත්‍ර තෙම ඇහුම් කන් දෙන්නේ ද අස්වන්නේ ද උගන්නේ ද සිතින් දරන්නේ ද දන්නේද දන්වන්නේද අර්‍ථනිඃශ්‍රිත වූ නිඃශ්‍රිත නොවූ දෑ දැනීමෙහි දක්‍ෂ වේද කලහකාරී නො වේද, මහණෙනි, මේ අංග අටින් සමන්‍විත ශාරිපුත්‍ර තෙමේ දූතකාර්‍ය්‍ය පිණිස යන්නට සුදුසු වේ.”
Pali BJT“යො වෙ න බ්යථති{2} පත්වා පරිසං උග්ගවාදිනිං න ච හාපෙති වචනං න ච ඡාදෙති සාසනං. අසන්දිද්ධො ච අක්ඛාති පුච්ඡිතො ච න කුප්පති ස වෙ තාදිසකො භික්ඛු දූතෙය්යං ගන්තුමරහතී”ති.
Sinhala BJT“යමෙක් උග්‍රවාද ඇති පිරිසක් කරා පැමිණ නො පෙළේ ද, කියැ යුතු වචනය පැහැර නො හරී ද, හස්න නො ම වසාලයි ද, සැක නැති ව කියැයුතු වචනය කියයි ද, කරුණු විචාරන ලද්දේ නො කිපෙයි ද, ඒකාන්තයෙන් එබඳු මහණ තෙම් දූතබව්හි යන්නට සුදුසු වේ. ”
Pali BJT“අට්ඨහි භික්ඛවෙ අසද්ධම්මෙහි අභිභූතො පරියාදින්නචිත්තො දෙවදත්තො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො. කතමෙහි අට්ඨහි: ලාභෙන භික්ඛවෙ අභිභූතො පරියාදින්නචිත්තො දෙවදත්තො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො. අලාභෙන භික්ඛවෙ -පෙ- යසෙන භික්ඛවෙ -පෙ- අයසෙන භික්ඛවෙ -පෙ- සක්කාරෙන භික්ඛවෙ -පෙ- අසක්කාරෙන භික්ඛවෙ -පෙ- පාපිච්ඡතාය භික්ඛවෙ -පෙ- පාපමිත්තතාය භික්ඛවෙ අභිභූතො පරියාදින්නචිත්තො දෙවදත්තො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො. ඉමෙහි ඛො භික්ඛවෙ අට්ඨහි අසද්ධම්මෙහි අභිභූතො පරියාදින්නචිත්තො දෙවදත්තො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො.
Sinhala BJT“මහණෙනි, අසද්ගුණ අටෙකින් මැඩුණු, එයින් දැඩි කොට ගන්නා ලද සිත් ඇති දෙව්දත් තෙම අපායගාමී වූයේ නිරයගාමී වූයේ කල්පයක් නිරයෙහි සිටින්නෙක් වනුයේ එය වළක්වාලන්නට කළහැකි පිළියමක් නැත්තෙක් වූයේ වෙයි. කවර අසද්ගුණ අටින් ද යත්: මහණෙනි, දෙව්දත් තෙම ලාභයෙන් මැඩුණේ, දැඩි කොට ගන්නා ලද සිතැත්තේ, අපාය පිණිස පවත්නේ, නිරය පිණිස පවත්නේ, කපක් නිරයේ සිටින්නේ, එය නවතාලන පිළියම් නැත්තේ වෙයි. මහණෙනි, දෙව්දත් තෙම අලාභයෙන්... යසසින්... අයසසින් සත්කාරයෙන්... අසත්කාරයෙන්... ලාමක ඊප්සා ඇති බැවින්... පවිටු මිතුරන් ඇති බැවින් මැඩුණේ, දැඩි ලෙස ගන්නා ලද සිතැත්තේ, අපාය පිණිස පවත්නේ, නිරය පිණිස පවත්නේ, කපක් නිරයෙහි සිටින්නෙක් වන්නේ, එය නවතාලන පිළියමක් නැත්තේ වෙයි. මහණෙනි, මේ අසද්ගුණ අටින් මැඩුණු , දැඩිලෙස ගන්නා ලද සිතැති දෙව්දත් තෙමේ ආපායික වූයේ නේරයික වූයේ කල්පයක් නිරයේ සිටුනේ පිළියම් නැත්තේ වෙයි.
Pali BJTසාධු භික්ඛවෙ භික්ඛු උප්පන්නං ලාභං අභිභුය්ය අභිභුය්ය විහරෙය්ය උප්පන්නං අලාභං -පෙ- උප්පන්නං යසං -පෙ- උප්පන්නං අයසං -පෙ- උප්පන්නංසක්කාරං -පෙ- උප්පන්නං අසක්කාරං -පෙ- උප්පන්නං පාපිච්ඡතං -පෙ- උප්පන්නං පාපමිත්තතං -පෙ- අභිභුය්ය අභිභුය්ය විහරෙය්ය.
Sinhala BJTමහණෙනි, මහණ තෙම උපන් ලාභය මැඩ ගෙන මැඩ ගෙන වසන්නේ නම් මැනැවි. උපන් අලාභය... උපන් යශස ... උපන් අයශස... උපන් සත්කාරය... උපන් අසත්කාරය... උපන් පාපේච්ඡතාව... උපන් පාපමිත්‍රතාව... මැඩ මැඩ වසන්නේ නම් මැනව.
Pali BJTකිං ච භික්ඛවෙ භික්ඛු අත්ථවසං පටිච්ච උප්පන්නං ලාභං අභිභුය්ය අභිභුය්ය විහරෙය්ය. උප්පන්නං අලාභං -පෙ- උප්පන්නං යසං උප්පන්නං අයසං -පෙ- උප්පන්නං සක්කාරං -පෙ- උප්පන්නං අසක්කාරං -පෙ- උප්පන්නං පාපිච්ඡතං -පෙ- උප්පන්නං පාපමිත්තතං අභිභුය්ය අභිභුය්ය භික්ඛවෙ උප්පන්නං ලාභං අනභිභුය්ය අනභිභුය්ය විහරතො උප්පජ්ජෙය්යුං විහරෙය්ය. යංහි‘ස්ස ආසවා විඝාතපරිළාහා උප්පන්නං ලාභං අභිභුය්ය අභිභුය්ය විහරතො එවංස තෙ ආසවා විඝාතපරිළාහා න හොන්ති.
Sinhala BJTමහණෙනි, යම් හෙයෙකින් උපන් ලාභය නො මැඩ නො මැඩ වසන ඔහුට ආස්‍රවයෝ ද චිත්ත පීඩාවෝ ද සිත් දැවිලි ද උපදනාහු ද, උපන් ලාභය මැඩ මැඩ වසන ඔහුට මෙසේ ඒ ආස්‍රවයෝ, ඒ සිත් පෙළුම් හා සිත් දැවිලි නො වෙත්. [missing trans]
Pali BJTයං හි‘ස්ස භික්ඛවෙ උප්පන්නං අලාභං -පෙ- උප්පන්නං යසං -පෙ- උප්පන්නං අයසං -පෙ- උප්පන්නං සක්කාරං -පෙ- උප්පන්නං අසක්කාරං -පෙ- උප්පන්නං පාපිච්ඡතං -පෙ- උප්පන්නං පාපමිත්තතං අනභිභුය්ය අනභිභුය්ය විහරතො උප්පජ්ජෙය්යුං ආසවා විඝාතපරිළාහා උප්පන්නං පාපමිත්තතං අභිභුය්ය අභිභුය්ය විහරතො එවංස තෙ ආසවා විඝාතපරිළාහා න හොන්ති.
Sinhala BJTමහණෙනි, යම් හෙයෙකින් උපන් අලාභය... උපන් යශස... උපන් අයශස... උපන් සත්කාරය... උපන් අසත්කාරය... උපන් පාපේච්ඡතාව... උපන් පාපමිත්‍රතාව නො මැඩ නො මැඩ වසන ඔහුට ආස්‍රව කෙනෙක් විසාතපරිදාහ කෙනෙක් උපදනාහු නම්, උපන් පාපමිත්‍රතාව මැඩ මැඩ වසන ඔහුට මෙසේ ඒ ආස්‍රවයෙන් විඝාත පරිදාහයෝ නො වෙත්.
Pali BJTඉදං ඛො භික්ඛවෙ අත්ථවසං පටිච්ච උප්පන්නං ලාභං අභිභුය්ය අභිභුය්ය විහරෙය්ය. උප්පන්නං අලාභං -පෙ- උප්පන්නං යසං -පෙ- උප්පන්නං අයසං -පෙ- උප්පන්නං සක්කාරං -පෙ- උප්පන්නං අසක්කාරං -පෙ- උප්පන්නං පාපිච්ඡතං -පෙ- උප්පන්නං පාපමිත්තතං අභිභුය්ය අභිභුය්ය විහරෙය්ය, තස්මාතිහ භික්ඛවෙ උප්පන්නං ලාභං අභිභුය්ය අභිභුය්ය විහරිස්සාම - උප්පන්නං අලාභං -පෙ- උප්පන්නං යසං -පෙ- උප්පන්නං අයසං -පෙ- උප්පන්නං සක්කාරං -පෙ- උප්පන්නං අසක්කාරං -පෙ- උප්පන්නං පාපිච්ඡතං -පෙ- උප්පන්නං පාපමිත්තතං අභිභුය්ය අභිභුය්ය විහරිස්සාමා’ති එවං හි වො භික්ඛවෙ සික්ඛිතබ්බන්ති.
Sinhala BJTමහණෙනි, මහණ තෙම මේ කරුණ නිසා උපන් ලාභය මැඩ මැඩ වසන්නේ ද උපන් අලාභය... උපන් යශස... උපන් අයශස.... උපන් සත්කාරය... උපන් අසත්කාරය... උපන් පාපේච්ඡතාව... උපන් පාපමිත්‍රතාව මැඩ මැඩ වසන්නේ ය. මහණෙනි, එහෙයින් “උපන් ලාභය මැඩ මැඩ වසන්නමු, උපන් අලාභය... උපන් යශස... උපන් අයශස... උපන් සත්කාරය... උපන් අසත්කාරය... උපන් පාපේච්ඡතාව ... උපන් පාපමිත්‍රතාව මැඩ මැඩ වසන්නමු” යි මෙසේ ම තොප විසින් හික්මියැ යුතු.
Pali BJT5. “තීහි භික්ඛවෙ අසද්ධම්මෙහි අභිභූතො පරියාදින්නචිත්තො දෙවදත්තො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො. කතමෙහි තීහි: පාපිච්ඡතා පාපමිත්තතා ඔරමත්තකෙන විසෙසාධිගමෙන අන්තරාවොසානං ආපාදි. ඉමෙහි ඛො භික්ඛවෙ තීහි අසද්ධම්මෙහි අභිභූතො පරියාදින්නචිත්තො දෙවදත්තො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො”ති.
Sinhala BJT5. “මහණෙනි, අසත් ස්වභාව තුනෙකින් මැඩුණු හාත්පසින් ගන්නා ලද සිතැති දෙව්දත් තෙම ආපායිකයෙක් (අපාය උරුම කොටගැත්තෙක්), නෙරයිකයෙක් (නිරයයේ උපදනට නියත වූයෙක්), කල්පයක් ම නිරයෙහි සිටුනෙක්, පිළියම් ලැබිය නො හැක්කෙක් විය. කවර අසත් ස්වභාව තුනෙකින් ද යත්: ලාමක ආශා ඇති බව, පාපමිත්‍රයන් ඇති බව, අල්පමාත්‍ර විශේෂාධිගමයෙන් (ලෞකිකධ්‍යාන හා අභිඥා ලේශයක් ලැබීමෙන්) අතර මඟහැදී (නිෂ්ඨාවට නො පැමිණ ම නිෂ්ඨාවට පැමිණියෙමි’යි) ව්‍යවසානයට (කෙළවරට-තෘප්තියට) පැමිණියේ ය යන බව යන අසත් ස්වභාව තුන ය. මහණෙනි, මේ අසත් ස්වභාව තුනින් මැඩුණු හාත්පසින් ගන්නා ලද සිතැති දෙව්දත් තෙම ආපායික ද නේරයික ද කල්පස්ථ ද අතෙකිච්ඡ ද විය”.
Pali BJT1. “මා ජාතු කොචි ලොකස්මිං පාපිච්ඡො උදපජ්ජථ, තදමිනා‘පි{1} විජානාථ{2} පාපිච්ඡානං යථා ගති.
Sinhala BJT1. “ලොවැ කිසි ම කලෙක ලාමක ඊප්සා (ලාභාශා) ඇතියෙක් පහළ නො වේවා. ලාමක ඊප්සා ඇතියන්ගේ ගතිය යම් බඳු වේ ද, එය මේ දෙව්දතුගෙන් ද දැන ගනිවු.
Pali BJT2. පණ්ඩිතොති සමඤ්ඤාතො භාවිතත්තොති සම්මතො, ජලං’ව යසසා අට්ඨා, දෙවදත්තො’ති මෙ සුතං.
Sinhala BJT2. දෙව්දත් තෙම පණ්ඩිතයෙකැ යි (ලොවැස්සා විසින්) පිළිගන්නා ලද්දේ ය. භාවිතාත්මය (වඩනා ලද සිතැත්තෙකැ) යි ද සම්මත විය. යශසින් බබළමින් ම සිටියේ යැ යි ද මා විසින් අසන ලදී.
Pali BJT3. සො පමාදමනුචිණ්ණො{3} ආසජ්ජ නං තථාගතං, අවීචිනිරයං පත්තො චතුද්වාරං භයානකං.
Sinhala BJT3. එබඳු වූ හෙතෙම ප්‍රමාදයට අනුව හැසුරුණේ (එළැඹ සිටි සිහිය නැති බව අනුව පැවැත්තේ) ඒ තථාගතයන් වහන්සේ ආසාදනය කොට (ලොහිතුප්පාදය කොට) සතර දොරක් ඇති භයානක වූ අවීචිනිරයට පැමිණියේ ය.
Pali BJT4. අදුට්ඨස්ස හි යො දුබ්භෙ පාපකම්මං අකුබ්බතො තමෙව පාපං ඵුසති දුට්ඨචිත්තං අනාදරං.
Sinhala BJT4. යමෙක් පව්කම් නො කරන, දුෂ්ට නො වූවකුට ද්‍රෝහ කරන්නේ ද, පාපය තෙමේ ආදර සිත් නැති දුෂ්ට වූ ඒ පුද්ගලයා ම ස්පර්‍ශ කෙරෙයි.
Pali BJT5. සමුද්දං විසකුම්භෙන යො මඤ්ඤෙය්ය පදූසිතුං. න සො තෙන පදූසෙය්ය භ්ස්මා{4} හි උදධි මහා.
Sinhala BJT5. යමෙක් විෂ පිරුණු කළයෙකින් මුහුද දූෂිත කරන්නට සිතන්නේ ද, එයින් හේ එය දූෂිත කළ හැකි නො වන්නේ ය. මුහුද මහත් ය, බිය උපදවන තරම් විශාලය. එ හෙයිනි.
Pali BJT6. එවමෙව තථාගතං යො වාදෙනුපහිංසති; සම්මග්ගතං{5} සන්තචිත්තං වාදො තම්හි න රූහති,
Sinhala BJT6. එ පරිද්දෙන් ම යමෙක් මාන මගින් ගිය සන්හුන් සිතැති තථාගතයන් වහන්සේට වාදයෙන් හිංසා කරන්නට තැත් කෙරෙයි ද, එහෙත් උන්වහන්සේ කෙරෙහි වාදය නො නැගෙයි (රුහණය නො වේ).
Pali BJT7. තාදිසං මිත්තං කුබ්බෙථ තං ච සෙවෙථ පණ්ඩිතො යස්ස මග්ගානුගො භික්ඛු ඛයං දුක්ඛස්ස පාපුණෙ”ති.
Sinhala BJT7. යමකු ගිය මඟ අනුව යන මහණ තෙම දුඃඛයාගේ විනාශයට පැමිණෙන්නේ ද (සියලු කෙලෙස් නසන්නේ ද), නුවණැත්තේ එබන්දකු මිතුරකු කැරැගන්නේ ය, එබන්දකු ම සෙවුනේ ය.
Pali BJT6. අථ ඛො ආයස්මා උපාලි යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා උපාලි භගවන්තං එතදවොච: “සඞ්ඝරාජි සඞ්ඝරාජී’ති, භන්තෙ වුච්චති කිත්තාවතා නු ඛො භන්තෙ සඞ්ඝරාජි හොති නො ච සඞ්ඝභෙදො. කිත්තාවතා ච පන සඞ්ඝරාජි චෙව හොති සඞ්ඝභෙදො චා”ති.
Sinhala BJT6. එසමයෙහි උපාලි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියාහ. එළැඹ, ඔබ වැඳ පසෙක ඉඳගත්හ. පසෙක හුන් උපාලි තෙරණුවෝ “වහන්ස, සඞ්ගරාජි ය සඞ්ගරාජියැ යි කියනු ලැබේ. වහන්ස, කොතෙකින් සඞ්ගරාජිය වේ ද? එහෙත් සඞ්ඝභේදය නො වේ ද? කොතෙකින් ම සඞ්ගරාජියත් සඞ්ගභේදයත් යන දෙක ම වේ ද?” යි විචාළහ.
Pali BJT“එකතො උපාලි එකො හොති එකතො ද්වෙ චතුත්ථො අනුසාවෙති{1} සලාකං ගාහෙති ‘අයං ධම්මො අයං විනයො ඉදං සත්ථුසාසනං ඉමං ගණ්හථ ඉමං රොචෙථා’ති. එවම්පි ඛො උපාලි සඞ්ඝරාජි හොති නො ච සඞ්ඝභෙදො.”
Sinhala BJT“උපාලි, ධර්‍මවාදී එක් පක්ෂයෙකින් එකෙක් වෙයි ද, අධර්‍මවාදී පක්ෂයෙකින් දෙදෙනෙක් වෙත් ද, සතර වැන්නෙක් ‘මෙය ධර්‍මය යැ, මෙය විනය යැ, මෙය ශාස්තෘශාසනය යැ, මෙය පිළිගනිවු, මෙයට සතුටු වවු (මෙයට රිසි කරවු) යැ’ යි අනුශ්‍රාවණය (අනුනට ඇස්වීම) කෙරේ ද, සලාකා ගන්වාද, උපාලි, මෙසේ ම සඞ්ඝරාජිය වෙයි, එහෙත් සඞ්ඝභේදය නො වෙයි” .
Pali BJT“එකතො උපාලි ද්වෙ හොන්ති එකතො ද්වෙ පඤ්චමො අනුසාවෙති සලාකං ගාහෙති, ‘අයං ධම්මො අයං විනයො ඉදං සත්ථුසාසනං ඉමං ගණ්හථ ඉමං රොචෙථා’ති. එවම්පි ඛො උපාලි සඞ්ඝරාජි හොති නො ච සඞ්ඝභෙදො.”
Sinhala BJT“උපාලි, ධම්වාදී එක් පක්‍ෂයෙකින් දෙදෙනෙක් වෙත් ද, අධර්‍මවාදී එක් පක්ෂයෙකින් දෙදෙනෙක් වෙත් ද, පස් වැන්නෙක් (අධර්‍මවාදී වැ) ‘මේ ධර්‍ම යැ, මේ විනය යැ, මේ ශාස්තෘ ශාසනය යැ, මෙය ගනිවු, මෙය රිසි කරවු යැ’ යි අනුශ්‍රාවණය කෙරෙයි ද, සලාකා ගන්වයි ද, උපාලි, මෙසේත් සඞ්ගරාජිය වෙයි, වැලිදු සඞ්ඝභේදය නො වෙයි.”
Pali BJT“එකතො උපාලි ද්වෙ හොන්ති එකතො තයො. ඡට්ඨො අනුසාවෙති සලාකං ගාහෙති ‘අයං ධම්මො අයං විනයො ඉදං සත්ථු සාසනං ඉමං ගණ්හථ ඉමං රොචෙථා’ති, එවම්පි ඛො උපාලි සඞ්ඝරාජි හොති නො ච සඞ්ඝභෙදො”.
Sinhala BJT“උපාලි එක් පසෙකින් දෙදෙනෙක් වෙත් ද අනික් පසින් තුන් දෙනෙක් වෙත් ද, සවැන්නෙක් ‘මේ ධර්‍ම යැ, මේ විනය යැ, මේ ශාස්තෘශාසන යැ, මෙය ගනිවු, මෙය රිසි කරවු යැ’ යි අනුශ්‍රාවණය කෙරේ ද, සලාකා ගන්වා ද, උපාලි, මෙසේත් සඞ්ගරාජිය වෙයි, වැලිදු සඞ්ඝභේදය නො වෙයි.”
Pali BJT“එකතො උපාලි තයො හොන්ති, එකතො තයො. සත්තමො අනුසාවෙති සලාකං ගාහෙති ‘අයං ධම්මො අයං විනයො ඉදං සත්ථු සාසනං ඉමං ගණ්හථ ඉමං රොචෙථා’ති, එවම්පි ඛො උපාලි සඞ්ඝරාජි හොති නො ච සඞ්ඝභෙදො.”
Sinhala BJT“උපාලි, එක් පසෙකින් තිදෙනෙක් වෙත් ද, අනික් පසිනුත් තිදෙනෙක් වෙත් ද, සත් වැන්නෙක් ‘මේ ධර්‍ම යැ, මේ විනය යැ, මේ ශාස්තෘශාසන යැ, මෙය පිළිගනිවු මෙය රිසි කරවු’ යි අනුශ්‍රාවණය කෙරෙයි ද, සලාකා ගන්වයි ද, උපාලි, මෙසේත් සඞ්ගරාජිය වේ, වැලිදු සඞ්ඝභේදය නොවේ” .
Pali BJT“එකතො උපාලි තයො හොන්ති, එකතො චත්තාරො, අට්ඨමො අනුසාවෙති සලාකං ගාහෙති ‘අයං ධම්මො අයං විනයො ඉදං සත්ථු සාසනං ඉමං ගණ්හථ ඉමං රොචෙථා’ති. එවම්පි ඛො උපාලි සඞ්ඝරාජි හොති නො ච සඞ්ඝභෙදො.”
Sinhala BJT“උපාලි, එක් පසෙකින් තිදෙනෙක් වෙත් ද, අනික් පසින් සතර දෙනෙක් වෙත් ද, අටවැන්නෙක් ‘මේ දහම යැ, මේ විනය යැ, මේ ශාස්තෘශාසනය යැ, මෙය ගනිවු මෙය රිසි කරවු’ යි අනුශ්‍රාවණය කෙරෙයි ද, සලාකා ගන්වයි ද, උපාලි, මෙසේත් සඞ්ගරාජිය වෙයි, වැලිදු සඞ්ඝභේදය නො වෙයි” .
Pali BJT“එකතො උපාලි චත්තාරො හොන්ති එකතො චත්තාරො. නවමො අනුසාවෙති සලාකං ගාහෙති ‘අයං ධම්මො අයං විනයො ඉදං සත්ථු සාසනං ඉමං ගණ්හථ ඉමං රොචෙථා’ති. එවං ඛො උපාලි සඞ්ඝරාජි චෙව හොති සඞ්ඝභෙදො ච. නවන්නං වා උපාලි අතිරෙක නවන්නං වා සඞ්ඝරාජි චෙව හොති සඞ්ඝභෙදො ච.”
Sinhala BJT“උපාලි, එක් පසෙකින් සතර දෙනෙක් වෙත් ද, අනික් පසින් සතර දෙනෙක් වෙත් ද, නවවැන්නෙක් ‘මේ දහම යැ, මේ විනය යැ, මේ ශාස්තෘශාසන යැ, මෙය ගනිවු, මෙය රිසි කරවු’ යි අනුශ්‍රාවණය කෙරෙයි ද, සලාකා ගන්වයි ද, උපාලි, මෙසේ ම සඞ්ගරාජිය ද සඞ්ඝභේදය ද වේ. උපාලි, නවදෙනකුගෙන් ද නව දෙනකුට වැඩි ගණනෙකින් ද සඞ්ඝරාජියත් සඞ්ගභේදයත් දෙක ම වේ.”
Pali BJT“න ඛො උපාලි භික්ඛුනී සඞ්ඝං භින්දති. අපි ච භෙදාය පරක්කමති. න සික්ඛමානා සඞ්ඝං භින්දති. අපි ච භෙදාය පරක්කමති. න සාමණෙරො සඞ්ඝං භින්දති. අපි ච භෙදාය පරක්කමති. න සාමණෙරී සඞ්ඝං භින්දති. අපි ච භෙදාය පරක්කමති. න උපාසකො සඞ්ඝං භින්දති. අපි ච භෙදාය පරක්කමති. න උපාසිකා සඞ්ඝං භින්දති. අපි ච භෙදාය පරක්කමති. භික්ඛු ඛො උපාලි, පකතත්තො සමානසංවාසකො සමානසීමායං ඨිතො සඞ්ඝං භින්දෙ”ති.
Sinhala BJT“උපාලි, මෙහෙණක් සඞ්ඝභේදය නො කෙරෙයි වැලිදු සඞ්ඝභේදය පිණිස තැත් කෙරෙයි. ශික්‍ෂාමාණාව ද සංඞ්ඝභේදය නො කෙරෙයි. වැලිදු එයට තැත් කෙරෙයි. හෙරණෙක් සඞ්ග හෙදය නො කෙරෙයි, වැලිදු එයට තැත් කෙරෙයි. හෙරණික් සඞ්ඝභේදය නො කෙරෙයි, වැලිදු එයට තැත් කෙරෙයි. උපාසකයෙක් සඞ්ඝභේදය නො කෙරෙයි, වැලිදු එයට තැත් කෙරෙයි. උපාසිකාවක් සඞ්ග භේදය නො කෙරෙයි: වැලිදු සඞ්ග භේදයට වෑයම් කරයි. උපාලි, සමාන සංවාසක වූ පුවතත් (පියෙවි මහණ දම ඇති) මහණ තෙමේ ම සමානසංවාස සීමායෙහි සිටියේ සඞ්ඝභේදය කෙරෙයි” වදාළසේක.
Pali BJT7. ‘සඞ්ඝභෙදො සඞ්ඝභෙදො’ති භන්තෙ වුච්චති. කිත්තාවතා නු ඛො භන්තෙ සඞ්ඝො භින්නා හොතී”ති.
Sinhala BJT7. “වහන්ස, සඞ්ඝභේද යැ, සඞ්ඝභේද යැ යි කියනු ලැබේ. වහන්ස, කොතෙකින් වනාහි සඞ්ඝයා බිඳුණේ නම් වේ දැ” යි උපාලිතෙරණුවෝ පුළුවුත්හ.
Pali BJT“ඉධුපාලි භික්ඛූ අධම්මං ධම්මො’ති දීපෙන්ති, ධම්මං අධම්මො’ති දීපෙන්ති, අවිනයං විනයොති දීපෙන්ති, විනයං අවිනයොති දීපෙන්ති, අභාසිතං අලපිතං තථාගතෙන භාසිතං ලපිතං තථාගතෙනාති දීපෙන්ති, භාසිතං ලපිතං තථාගතෙන අභාසිතං අලපිතං තථාගතෙනාති දීපෙන්ති, අනාචිණ්ණං තථාගතෙන ආචිණ්ණං තථාගතෙනාති දීපෙන්ති, ආචිණ්ණං තථාගතෙන අනාචිණ්ණං තථාගතෙනාති දීපෙන්ති, අපඤ්ඤත්තං තථාගතෙන පඤ්ඤත්තං තථාගතෙනාති දීපෙන්ති, පඤ්ඤත්තං තථාගතෙන අපඤ්ඤත්තං තථාගතෙනාති දීපෙන්ති, අනාපත්තිං ආපත්තීති දීපෙන්ති, ආපත්තිං අනාපත්තීති දීපෙන්ති, ලහුකං ආපත්තිං ගරුකා ආපත්තීති දීපෙන්ති, ගරුකං ආපත්තිං ලහුකා ආපත්තීති දීපෙන්ති, සාවසෙසං ආපත්තිං අනවසෙසා ආපත්තීති දීපෙන්ති, අනවසෙසං ආපත්තිං සාවසෙසා ආපත්තීති දීපෙන්ති, දුට්ඨුල්ලං ආපත්තිං අදුට්ඨුලා ආපත්තීති දීපෙන්ති, අදුට්ඨුල්ලං ආපත්තිං දුට්ඨුල්ලා ආපත්තීති දීපෙන්ති. තෙ ඉමෙහි අට්ඨාරසහි වත්ථූහි අපකස්සන්ති{1}, විපකස්සන්ති{2}, ආවෙණිං{3} උපොසථං කරොන්ති, ආවෙණිං පවාරණං කරොන්ති, ආවෙණිං සඞ්ඝකම්මං කරොන්ති. එත්තාවතා ඛො උපාලි සඞ්ඝො භින්නො හොතී”ති.
Sinhala BJT“උපාලි, මෙසස්නෙහි මහණහු ධර්‍ම යැ යි කියා අධර්‍මය දක්වත් ද, අධර්‍ම යැ යි කියා ධර්‍මය දක්වත් ද, විනය යැ යි කියා අවිනය දක්වත් ද, අවිනය යැ යි කියා විනය දක්වත් ද, තථාගතයන් විසින් දෙසන ලද යි වදාරන ලදැ යි තථාගතයන් විසින් නො දෙසන ලද්දක් නො වදාරන ලද්දක් දක්වත් ද, තථාගතයන් විසින් නො දෙසන ලදැ යි නො වදාරන ලදැ යි කියා තථාගතයන් විසින් දෙසන ලද්ද, වදාරන ලද්ද දක්වත් ද, තථාගතයන් විසින් පුරුදු කරන ලදැ යි තථාගතයන් විසින් නො පුරුදුකරන ලද්දක් දක්වත් ද, තථාගතයන් විසින් නො පුරුදු කරන ලදැ යි තථාගතයන් විසින් පුරුදු කරන ලද්දක් දක්වත් ද, තථාගතයන් විසින් පනවන ලද්දෙකැ යි කියා තථාගතයන් විසින් නො පනවන ලද්දක් දක්වත් ද, තථාගතයන් විසින් නො පනවන ලද්දෙකැ යි කියා තථාගතයන් විසින් පනවන ලද්දක් දක්වත් ද, ඇවැතැ යි කියා නො ඇවැතක් දක්වත් ද, නො ඇවැතැ යි කියා ඇවැතක් දක්වත් ද, ගරු ඇවැතැ යි කියා ලුහු ඇවැතක් දක්වත් ද, ලුහු ඇවැතැ යි කියා ගරු ඇවැතක් දක්වත් ද, අනවශේෂ (ඉතිරි බවක් නැති) ඇවැතකැ යි කියා සාවශේෂ (ඉතිරි බවක් ඇති) ඇවතක් දක්වත් ද, සාවශේෂ ඇවැතැ යි කියා අනවශේෂ ඇවැත දක්වත් ද, නොදුළුල් ඇවැතැ යි කියා දුළුල් ඇවැතක් දක්වත් ද, දුළුල් ඇවැතකැයි කියා නො දුළුල් ඇවතක් දක්වත් ද, මේ භේදකර වස්තූන් අටළොසින් ඔහු (භික්‍ෂූන්) එක් පසකට අදිත්, අතිසයින් (යලි එකතු කළ නො හැකි වන පරිදි) එක් පසකට අදිත්, වෙන් ව පොහෝ කෙරෙත්, වෙන් ව පවුරුණු කෙරෙත්, වෙන් ව සඞ්ඝකර්‍ම කෙරෙත්. උපාලි, මෙ තෙකින් සඞ්ඝයා බිඳුණේ වේ” යැ යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
Pali BJT8. “සඞ්ඝසාමග්ගි සඞ්ඝසාමග්ගීති භන්තෙ වුච්චති. කිත්තාවතා නු ඛො භන්තෙ සඞ්ඝො සමග්ගො හොතී”ති.
Sinhala BJT8. “වහන්ස, ‘සඞ්ඝ සාමග්‍රිය, සඞ්ඝ සාමග්‍රියැ’ යි කියනු ලැබේ. වහන්ස කොතෙකින් සඞ්ඝයා සමග්‍ර (සමග) වේ දැ?” යි උපාලි තෙරණුවෝ පුළුවුත්හ.
Pali BJT“ඉධුපාලි භික්ඛූ අධම්මං අධම්මොති දීපෙන්ති, ධම්මං ධම්මොති දීපෙන්ති, අවිනයං අවිනයොති දීපෙන්ති, විනයං විනයොති දීපෙන්ති අභාසිතං අලපිතං තථාගතෙන අභාසිතං අලපිතං තථාගතෙනාති දීපෙන්ති, භාසිතං ලපිතං තථාගතෙන භාසිතං ලපිතං තථාගතෙනාති දීපෙන්ති, අනාචිණ්ණං තථාගතෙන අනාචිණ්ණං තථාගතෙනාති දීපෙන්ති, ආචිණ්ණං තථාගතෙන ආචිණ්ණං තථාගතෙනාති දීපෙන්ති, අපඤ්ඤත්තං තථාගතෙන අපඤ්ඤත්තං තථාගතෙනාති දීපෙන්ති, පඤ්ඤත්තං තථාගතෙන පඤ්ඤත්තං තථාගතෙනාති දීපෙන්ති, අනාපත්තිං අනාපත්තීති දීපෙන්ති, ආපත්තිං ආපත්තීති දීපෙන්ති, ලහුකං ආපත්තිං ලහුකා ආපත්තීති දීපෙන්ති, ගරුකං ආපත්තිං ගරුකා ආපත්තීති දීපෙන්ති, සාවසෙසං ආපත්තිං සාවසෙසා ආපත්තීති දීපෙන්ති, අනවසෙසං ආපත්තිං අනවසෙසා ආපත්තීති දීපෙන්ති, දුට්ඨුල්ලං ආපත්තිං දුට්ඨුල්ලා ආපත්තීති දීපෙන්ති. අදුට්ඨුල්ලං ආපත්තිං අදුට්ඨුල්ලා ආපත්තීති දීපෙන්ති. තෙ ඉමෙහි අට්ඨාරසහි වත්ථූහි න අපකස්සන්ති න විපකස්සන්ති න ආවෙණිං උපොසථං කරොන්ති, න ආවෙණිං පවාරණං කරොන්ති, න ආවෙණිං සඞ්ඝකම්මං කරොන්ති, එත්තාවතා ඛො උපාලි සඞ්ඝො සමග්ගො හොතී”ති.
Sinhala BJT“උපාලි, මෙහි මහණහු අධර්‍ම යැ යි කියා අධර්‍මය දක්වත් ද, ධර්‍ම යැ යි කියා ධර්‍මය දක්වත් ද, අවිනය යැ යි කියා අවිනය දක්වත් ද, විනය යැ යි කියා විනය දක්වත් ද, තථාගතයන් විසින් නො දෙසන ලදැ යි නොවදාරන ලදැ යි කියා තථාගතයන් විසින් නො දෙසන ලද නො වදාරන ලද දැයක් දක්වත් ද, තථාගතයන් විසින් දෙසන ලදැ යි වදාරන ලදැ යි කියා තථාගතයන් විසින් දෙසන ලද වදාරන ලද දැයක් දක්වත් ද, තථාගතයන් විසින් පුරුදු නො කරන ලද දැයක් තථාගතයන් විසින් පුරුදු නො කරන ලදැ යි දක්වත් ද, තථාගතයන් විසින් පුරුදු කරන ලද්දක් තථාගතයන් විසින් පුරුදු කරන ලදැ යි දක්වත් ද, තථාගතයන් විසින් නො පනවන ලද්ද තථාගතයන් විසින් නො පනවන ලදැ යි දක්වත් ද, තථාගතයන් විසින් පනවන ලද්ද තථාගතයන් විසින් පනවන ලදැ යි දක්වත් ද, නො ඇවැතැ යි නො ඇවැත දක්වත් ද, ඇවැතැ යි ඇවැත දක්වත් ද, ලුහු ඇවැතැ යි ලුහු ඇවැත දක්වත් ද, ගරු ඇවැතැ යි ගරු ඇවැත දක්වත් ද, සාවශේෂ ඇවැතැ යි සාවශේෂ ඇවත දක්වත් ද, අනවශේෂ ඇවැතැ යි අනවශේෂ ඇවැත දක්වත් ද, දුළුල් ඇවැතැ යි දුළුල් ඇවැත දක්වත් ද, නො දුළුල් ඇවැතැ යි නො දුළුල් ඇවැත දක්වත් ද, ඔහු මේ (දැහැමි) වස්තු අටළොසින් භික්‍ෂූන් පසකට නො අදිත් ද, අතිසයින් නො අදිත් ද, වෙන ම පොහෝ නො කෙරෙත් ද, වෙන ම පවුරුණු නො කෙරෙත් ද, වෙන ම සඞ්ඝකර්‍ම නො කෙරෙත් ද, උපාලි, මෙ තෙකින් වනාහි සඞ්ඝයා සමග්‍ර වූයේ නම් වේ” යැ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJT9. “සමග්ගං පන භන්තෙ සඞ්ඝං භින්දිත්වා කිං සො පසවතී?”ති.
Sinhala BJT9. “වහන්ස, සමග්‍ර වූ සඞ්ඝයා බිඳ හේ කුමක් රැස් කෙරෙයි ද?” යි උපාලි තෙරණුවෝ පුළුවුත්හ.
Pali BJT“සමග්ගං ඛො උපාලි සඞ්ඝං භින්දිත්වා කප්පට්ඨිකං කිබ්බිසං පසවති. කප්පං නිරයම්හි පච්චතී”ති.
Sinhala BJT“උපාලි, සමග්‍ර සඞ්ඝයා බිඳ කල්පස්ථායී පව් රැස් කෙරෙයි. කල්පයක් නිරයෙහි පැසේ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJTආපායිකො නෙරයිකො කප්පට්ඨො සඞ්ඝභෙදකො, වග්ගරතො අධම්මට්ඨො යොගක්ඛෙමා පධංසති; සඞ්ඝං සමග්ගං භින්දිත්වා, කප්පං නිරයම්හි පච්චතී”ති.
Sinhala BJT“සඞ්ඝයා බිඳුණේ අපාය පිණිස පවත්නේ, නිරය පිණිස පවත්නේ, එහි කල්පයක් සිටුනේ වෙයි. ව්‍යග්‍රරත (අසමග වූවනට ඇලුණු), අධර්‍මස්ථ වූ හෙ තෙම යෝගක්‍ෂේමය ලැබීමෙන් වැළැකෙයි. සමග්‍ර සඞ්ඝයා බිඳ නිරයෙහි කපක් පැසෙයි” .
Pali BJT“භින්නං පන භන්තෙ සඞ්ඝං සමග්ගං කත්වා කිං සො පසවතී?”ති.
Sinhala BJT“වහන්ස, බෙදුණු සඞ්ඝයා සමග කොට හේ කුමක් රැස් කෙරේ ද?” යි උපාලි තෙරණුවෝ පුළුවුත්හ.
Pali BJT“භින්නං ඛො උපාලි සඞ්ඝං සමග්ගං කත්වා බ්රහ්මං පුඤ්ඤං පසවති. කප්පං සග්ගම්හි මොදතී”ති.
Sinhala BJT“උපාලි, බෙදුණු සඞ්ඝයා සමග කොට මහත් පිනක් රැස් කෙරේ” යැ යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
Pali BJT“සුඛා සඞ්ඝස්ස සාමග්ගී සමග්ගානං චනුග්ගහො,{1} සමග්ගරතො ධම්මට්ඨො යොගක්ඛෙමා න ධංසති; සඞ්ඝං සමග්ගං කත්වාන කප්පං සග්ගම්හි මොදතී”ති.
Sinhala BJT“සඞ්ඝයාගේ සමගිය සැප ගෙනදෙයි. සමග වූ සඞ්ඝයාට අනුබල දීම ද සැප ගෙනදෙයි. සමග වූවනට ඇලුණු, දහමෙහි පිහිටි තැනැත්තෙක් යෝගක්‍ෂේමයෙන් (නිවන් ලැබීමෙන්) නො වැළකෙ යි. සඞ්ඝයා සමග කොට හේ කපක් සගෙහි සතුටු වේ”.
Pali BJT10. “සියා නු ඛො භන්තෙ සඞ්ඝභෙදකො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො?”ති.
Sinhala BJT10. “වහන්ස, සඞ්ඝයා බිඳුනා පුද්ගල තෙමේ අපාය පිණිස වූයේ, නිරය පිණිස වූයේ කපක් නිරයෙහි සිටුනේ, එයින් මුදාලන පිළියමක් නැත්තේ වේ ද?” යි උපාලි තෙරණුවෝ පුළුවුත්හ.
Pali BJT“සියා උපාලි සඞ්ඝභෙදකො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො”ති.
Sinhala BJT“උපාලි, සඞ්ඝයා බිඳුනා එක්තරා පුඟුලෙක් අපාය පිණිස පවත්නේ ද නිරය පිණිස පවත්නේ ද, කපක් නිරයේ සිටුනේ ද, එයින් මුදාලන පිළියමක් නැත්තේ ද වන්නේ යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
Pali BJTසියා පන භන්තෙ සඞ්ඝභෙදකො න ආපායිකො න නෙරයිකො න කප්පට්ඨො න අතෙකිච්ඡො?ති”
Sinhala BJT“වහන්ස, සඞ්ඝයා බිඳුනා කිසියම් පුඟුලෙක් අපාය පිණිස නො පවත්නේ නිරය පිණිස නො පවත්නේ කපක් නිරයෙහි නො සිටුනේ පිළියම් නැත්තෙක් නො වන්නේත් වේ ද?” යි උපාලි තෙරණුවෝ පුළුවුත්හ.
Pali BJT“සියා උපාලි සඞ්ඝභෙදකො න ආපායිකො න නෙරයිකො න කප්පට්ඨො න අතෙකිච්ඡො”ති.
Sinhala BJT“උපාලි, සඞ්ඝයා බිඳුනා එක්තර පුඟුලෙක් ආපායික නො වූයේ නේරයික නො වූයේ කපක් නිරයෙහි නො සිටුනේ පිළියම් නැත්තෙක් නො වූයේ වන්නේ යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
Pali BJT“කතමො පන භන්තෙ සඞ්ඝභෙදකො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො?”ති.
Sinhala BJT“වහන්ස, කවර නම් සඞ්ඝභේදක තෙමේ ආපායික, නේරයික, කල්පස්ථ අතෙකිච්ඡ නො වන්නේ ද?” යි උපාලි තෙරණුවෝ පුළුවුත්හ.
Pali BJT“ඉධුපාලි භික්ඛු අධම්මං ධම්මොති දීපෙති තස්මිං අධම්මදිට්ඨි භෙදෙ අධම්මදිට්ඨි විනිධාය දිට්ඨිං විනිධාය ඛන්තිං විනිධාය රුචිං විනිධාය භාවං අනුස්සාවෙති සලාකං ගාහෙති ‘අයං ධම්මො අයං විනයො ඉදං සත්ථු සාසනං ඉමං ගණ්හථ ඉමං රොචෙථා’ති. අයම්පි ඛො උපාලි සඞ්ඝභෙදකො ආපායිකො නෙරයිකො කප්පට්ඨො, අතෙකිච්ඡො.
Sinhala BJT“උපාලි, මෙහි මහණෙක් ධර්‍මය යැ යි කියා අධර්‍මය දක්වන්නේ ද, එහි අධර්‍ම දෘෂ්ටි ඇත්තේ, සඞ්ඝ භේදයෙහි අධර්‍මදෘෂ්ටි ඇත්තේ, දෘෂ්ටිය පිහිටුවා ඉවසීම පිහිටුවා, රුචිය පිහිටුවා, අදහස පිහිටුවා, අනුශ්‍රාවණය කෙරේ ද (අනුනට කියා ද), ‘මේ ධර්‍මයය මේ විනය යැ, මෙය ශාස්තෘශාසනය යැ. මෙය පිළිගනිවු, මෙයට කැමැති වවු’යි සලාකා ගන්වා ද උපාලි, මේ සඞ්ඝභේදක තෙමේ ද ආපායික ද නේරයික ද කල්පස්ථ ද අතෙකිච්ජ ද වේ.”
Pali BJTපුන චපරං උපාලි භික්ඛු අධම්මං ධම්මොති දීපෙති. තස්මිං අධම්මදිට්ඨි භෙදෙ ධම්මදිට්ඨි විනිධාය දිට්ඨිං විනිධාය ඛන්තිං විනිධාය රුචිං විනිධාය භාවං අනුසාවෙති, සලාකං ගාහෙති ‘අයං ධම්මො අයං විනයො ඉදං සත්ථු සාසනං ඉමං ගණ්හථ ඉමං රොචෙථා’ති. අයම්පි ඛො උපාලි සඞ්ඝභෙදකො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො.
Sinhala BJTතවද අනෙකක් කියමි. උපාලි, මහණෙක් ධර්‍මයැ යි අධර්‍මය දක්වා ද එහි අධර්‍ම යැ යි දෘෂ්ටි ඇත්තේ, සඞ්ඝභේදයෙහි ධර්‍ම දෘෂ්ටි ඇත්තේ, දෘෂ්ටිය පිහිටුවා, ඉවසීම පිහිටුවා, රුචිය පිහිටුවා, අදහස පිහිටුවා, ‘මේ ධර්‍ම යැ, මේ විනය යැ, මේ ශාස්තෘ ශාසන යැ. මෙය පිළිගනිවු, මෙයට කැමති වවු’ යි අනුශ්‍රාවණය කෙරේ ද, සලාකා ගන්වා ද, උපාලි, මේ සඞ්ඝ භේදක තෙමේ ද, ආපායිකත් නෙරයිකත් කල්පස්ථායීත් අතෙකිච්ඡත් වේ.
Pali BJTපුන චපරං උපාලි භික්ඛු අධම්මං ධම්මොති දීපෙති. තස්මිං අධම්මදිට්ඨි භෙදෙ වෙමතිකො විනිධාය දිට්ඨිං විනිධාය ඛන්තිං විනිධාය රුචිං විනිධාය භාවං අනුසාවෙති, සලාකං ගාහෙති ‘අයං ධම්මො අයං විනයො ඉදං සත්ථුසාසනං ඉමං ගණ්හථ ඉමං රොචෙථාති, අයම්පි ඛො උපාලි සඞ්ඝභෙදකො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො.
Sinhala BJTතවද උපාලි, මහණෙක් ධර්‍මයැ යි අධර්‍මය දක්වා ද, එහි අධර්‍මය යන දෘෂ්ටි ඇත්තේ, සඞ්ඝභේදයෙහි විමති ඇත්තේ, දෘෂ්ටිය පිහිටුවා, ඉවැසීම පිහිටුවා, රුචිය පිහිටුවා, අදහස පිහිටුවා, ‘මේ ධර්‍මය යැ, මේ විනය යැ, මේ ශාස්තෘශාසන යැ, මෙය ගනිවු, මෙයට කැමති වවු’ යි අනුනට කියා ද සලාකා ගන්වා ද, උපාලි, මේ සඞ්ඝගභේදක තෙමේ ද ආපායිකත් නෙරයිකත් කල්පස්ථායීත් අතෙකිච්ඡත් වේ.
Pali BJTපුන චපරං උපාලි භික්ඛු අධම්මං ධම්මොති දීපෙති තස්මිං ධම්මදිට්ඨි භෙදෙ අධම්මදිට්ඨි විනිධාය දිට්ඨිං විනිධාය ඛන්තිං විනිධාය රුචිං විනිධාය භාවං අනුසාවෙති සලාකං ගාහෙති ‘අයං ධම්මො අයං විනයො ඉදං සත්ථුසාසනං ඉමං ගණ්හථ ඉමං රොචෙථා’ති. අයම්පි ඛො උපාලි සඞ්ඝභෙදකො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡා.
Sinhala BJTතවද උපාලි, මහණෙක් ධර්‍මය යැ යි අධර්‍මය දක්වා ද, එහි ධර්‍මයැයි දෘෂ්ටි ඇත්තේ, සඞ්ඝභේදයෙහි අධර්‍ම දෘෂ්ටි ඇත්තේ, දෘෂ්ටිය පිහිටුවා, ඉවැසීම පිහිටුවා, රුචිය පිහිටුවා, අදහස පිහිටුවා, ‘මේ ධර්‍මය යැ, මේ විනය යැ, මේ ශාස්තෘශාසනය යැ, මෙය ගනිවු, මෙයට කැමති වවු’ යී අනුනට කියා ද, සලාකා ගන්වා ද, උපාලි, මේ සඞ්භේදක තෙමේත් ආපායිකත් නෙරයිකත් කල්පස්ථත් අතෙකිච්ඡත් වේ.
Pali BJTපුන චපරං උපාලි භික්ඛු ධම්මං අධම්මොති දීපෙති භෙදෙ ධම්මදිට්ඨි විනිධාය දිට්ඨිං විනිධාය ඛන්තිං විනිධාය රුචිං විනිධාය භාවං අනුසාවෙති සලාකං ගාහෙති ‘අයං ධම්මො අයං විනයො ඉදං සත්ථුසාසනං ඉමං ගණ්හථ ඉමං රොචෙථා’ති. අයම්පි ඛො උපාලි සඞ්ඝභෙදකො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො.
Sinhala BJTතවද උපාලි, මහණෙක් ධර්‍මයැ යි අධර්‍මය දක්වා ද, එහි ධර්‍මය යි දෘෂ්ටි ඇත්තේ, භේදයෙහි ධර්‍ම දෘෂ්ටි ඇත්තේ, දෘෂ්ටිය පිහිටුවා, ඉවසීම පිහිටුවා, රුචිය පිහිටුවා, අදහස පිහිටුවා , ‘මේ ධර්‍මය යැ, මේ විනය යැ. මේ ශාස්තෘශාසනය යැ, මෙය ගනිවු, මෙයට රුචි කරවු යැ’ යි අනුශ්‍රාවණය කෙරේ ද සලාකා ගන්වා ද, උපාලි, මේ සඞ්ඝභේදක තෙමේ ද ආපායිකත් නෙරයිකත් කල්පස්ථත් අතෙකිව්ජත් වේ.
Pali BJTපුන චපරං උපාලි භික්ඛු අධම්මං ධම්මොති දීපෙති තස්මිං ධම්මදිට්ඨි භෙදෙ වෙමතිකො විනිධාය දිට්ඨිං විනිධාය ඛන්තිං විනිධාය රුචිං විනිධාය භාවං, අනුසාවෙති සලාකං ගාහෙති “අයං ධම්මො අයං විනයො ඉදං සත්ථුසාසනං, ඉමං ගණ්හථ ඉමං රොචෙථා’ති, අයම්පි ඛො උපාලි සඞ්ඝභෙදකො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො.
Sinhala BJTතවද උපාලි, මහණෙක් ධර්‍මයැ යි , අධර්‍මය දක්වා ද, එහි ධර්‍මයැ යි දෘෂ්ටි ඇත්තේ, සඞ්ඝභේදයෙහි විමති ඇත්තේ. දෘෂ්ටිය පිහිටුවා ඉවැසීම පිහිටුවා, රුචිය පිහිටුවා, අදහස පිහිටුවා, ‘මේ ධර්‍මය යැ, මේ විනය යැ, මේ ශාස්තෘශාසනය යැ, මෙය ගනිවු, මෙයට කැමති වවු’ යි අනුනට කියා ද සලාකා ගන්වා ද, උපාලි, මේ සඞ්ඝභේදක, තෙමේ ද ආපායිකත් නෙරයිකත් කල්පස්ථත් අතෙකිච්ඡත් වේ.
Pali BJTපුන චපරං උපාලි භික්ඛු අධම්මං ධම්මොති දීපෙති, තස්මිං වෙමතිකො, භෙදෙ අධම්මදිට්ඨි, විනිධාය දිට්ඨිං විනිධාය ඛන්තිං විනිධාය රුචිං විනිධාය භාවං, අනුසාවෙති සලාකං ගාහෙති ‘අයං ධම්මො අයං විනයො ඉදං සත්ථුසාසනං ඉමං ගණ්හථ ඉමං රොචෙථා’ති. අයම්පි ඛො උපාලි සඞ්ඝභෙදකො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො.
Sinhala BJTතවද උපාලි, මහණෙක් ධර්‍මයැ යි අධර්‍මය දක්වා ද, එහි විමති ඇත්තේ, සඞ්ඝභේදයෙහි අධර්‍ම දෘෂ්ටි ඇත්තේ, දෘෂ්ටිය පිහිටුවා, ඉවැසීම පිහිටුවා, රුචිය පිහිටුවා, අදහස පිහිටුවා, ‘මේ ධර්‍මය යැ, මේ විනය යැ, මේ ශාස්තෘශාසන යැ, මෙය ගනිවු, මෙයට කැමති වවු’ යි අනුනට කියා ද, සලාකා ගන්වා ද, උපාලි, මේ සඞ්භේදක තෙමේ ද ආපායිකත් නෙරයිකත් කල්පස්ථත් අතෙකිච්ඡත් වේ.
Pali BJT11. පුන චපරං උපාලි භික්ඛු අධම්මං ධම්මොති දීපෙති, තස්මිං වෙමතිකො භෙදෙ අධම්මදිට්ඨි, විනිධාය දිට්ඨිං විනිධාය ඛන්තිං විනිධාය රුචිං විනිධාය භාවං, අනුසාවෙති සලාකං ගාහෙති ‘අයං ධම්මො අයං විනයො ඉදං සත්ථුසාසනං ඉමං ගණ්හථ ඉමං රොචෙථා’ති. අයම්පි ඛො උපාලි සඞ්ඝභෙදකො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො.
Sinhala BJT11. තව ද, උපාලි, ධර්‍මයැ යි අධර්‍මයක් දක්වා ද, එහි විමති ඇත්තේ, සඞ්ඝභේදයෙහි ධර්‍මයැ යි දෘෂ්ටි ඇත්තේ, දෘෂ්ටිය පිහිටුවා, ඉවැසීම පිහිටුවා, රුචිය පිහිටුවා, අදහස පිහිටුවා, ‘මේ ධර්‍මය යැ, මේ විනය යැ, මේ ශාස්තෘ ශාසනය යැ, මෙය ගනිවු, මෙයට කැමති වවු’ යි අනුනට කියා ද සලාකා ගන්වා ද, උපාලි, මේ සඞ්ඝභේදක තෙමේ ද ආපායිකත් නෙරයිකත් කල්පස්ථත් අතෙකිච්ඡත් වේ.
Pali BJTපුන චපරං උපාලි භික්ඛු අධම්මං ධම්මොති දීපෙති, තස්මිං වෙමතිකො භෙදෙ වෙමතිකො, විනිධාය දිට්ඨිං විනිධාය ඛන්තිං විනිධාය රුචිං විනිධාය භාවං, අනුසාවෙති සලාකං ගාහෙති අයං ධම්මො අයං විනයො ඉදං සත්ථුසාසනං ඉමං ගණ්හථ ඉමං රොචෙථාති. අයම්පි ඛො උපාලි සඞ්ඝභෙදකො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො.
Sinhala BJTතව ද උපාලි, මහණෙක් ධර්‍මයැ යි අධර්‍මය දක්වා ද එහි විමති ඇත්තේ, සඞ්ඝභේදයෙහි විමති ඇත්තේ, දෘෂ්ටිය පිහිටුවා, ඉවැසීම පිහිටුවා, රුචිය පිහිටුවා, අදහස පිහිටුවා, ‘මේ ධර්‍මය යැ, මේ විනය යැ, මේ ශාස්තෘශාසනය යැ, මෙය ගනිවු, මෙයට කැමති වවු යැ’ යි අනුශ්‍රාවණය කෙරේ ද, සලාකා ගන්වා ද, උපාලි, මේ සඞ්ඝභේදක තෙමේත් ආපායික ද නේරයික ද, කල්පස්ථ ද අතෙකිව්ජ ද වේ.
Pali BJTපුන චපරං උපාලි භික්ඛු අධම්මං ධම්මොති දීපෙති, ධම්මං අධම්මොති දීපෙති, අවිනයං විනයොති දීපෙති, විනයං අවිනයොති දීපෙති, අභාසිතං අලපිතං තථාගතෙන භාසිතං ලපිතං තථාගතෙනාති දීපෙති, භාසිතං ලපිතං තථාගතෙන අභාසිතං අලපිතං තථාගතෙනාති දීපෙති, අනාචිණ්ණං තථාගතෙන ආචිණ්ණං තථාගතෙනාති දීපෙති, ආචිණ්ණං තථාගතෙන අනාචිණ්ණං තථාගතෙනාති දීපෙති, අපඤ්ඤත්තං තථාගතෙන පඤ්ඤත්තං තථාගතෙනාති දීපෙති, පඤ්ඤත්තං තථාගතෙන අපඤ්ඤත්තං තථාගතෙනාති දීපෙති, අනාපත්තිං ආපත්තීති දීපෙති, ආපත්තිං අනාපත්තීති දීපෙති, ලහුකං ආපත්ති, ගරුකා ආපත්තීති දීපෙති, ගරුකං ආපත්තිං ලහුකා ආපත්තීති දීපෙති, සාවසෙසං ආපත්තිං අනවසෙසා ආපත්තීති දීපෙති, අනවසෙසං ආපත්තිං සාවසෙසා ආපත්තීති දීපෙති, දුට්ඨුල්ලං ආපත්තිං අදුට්ඨුල්ලා ආපත්තීති දීපෙති, අදුට්ඨුල්ලං ආපත්තිං දුට්ඨුල්ලා ආපත්තීති දීපෙති, තස්මිං අධම්මදිට්ඨි, භෙදෙ අධම්මදිට්ඨි, විනිධාය දිට්ඨිං විනිධාය, ඛන්තිං, විනිධාය රුචිං, විනිධාය භාවං, අනුසාවෙති සලාකං ගාහෙති ‘අයං ධම්මො අයං විනයො ඉදං සත්ථුසාසනං, ඉමං ගණ්හථ ඉමං රොචෙථා’ති, අයම්පි ඛො උපාලි සඞ්ඝභෙදකො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො.
Sinhala BJTතව ද උපාලි, මහණෙක් ධර්‍මයැ යි අධර්‍මයැ දක්වා ද, අධර්‍මය යැ යි ධර්‍මය දක්වා ද, විනය යැ යි අවිනයයක් දක්වා ද, අවිනය යැ යි විනය දක්වා ද, තථාගතයන් වහන්සේ විසින් වදාරන ලදැ යි තථාගතයන් වහන්සේ විසින් නො වදාරන ලද්දක් නො දෙසන ලද්දක් දක්වා ද, තථාගතයන් වහන්සේ විසින් නො වදාරන ලදැ යි නො දෙසන ලදැ යි තථාගතයන් වහන්සේ විසින් වදාරන ලද්දක් දෙසන ලද්දක් දක්වා ද, තථාගතයන් වහන්සේ විසින් ආවීර්ණ නොවූවක් තථාගතයන් වහන්සේ විසින් ආචීර්‍ණ යැ යි දක්වා ද, තථාගතයන් වහන්සේ විසින් පනවන ලදැ යි තථාගතයන් වහන්සේ විසින් නො පනවන ලද්දක් දක්වා ද, තථාගතයන් වහන්සේ විසින් , නො පනවන ලදැ යි තථාගතයන් වහන්සේ විසින් පණවන ලද්දක් දක්වා ද, ඇවැතැයි නො ඇවැතක් දක්වා ද, නො ඇවැතැ යි ඇවැතක් දක්වා ද, ගරු ඇවැතැ යි ලුහු ඇවැතක් දක්වා ද, ලුහු ඇවැතැ යි ගරු ඇවැතක් දක්වා ද, අනවශේෂ ඇවැතැ යි සාවශේෂ ඇවැතක් දක්වා ද සාවශේෂ ඇවැතැ යි අනවශේෂ ඇවැතක් දක්වා ද, නොදුළුල් ඇවැතැ යි දුළුල් ඇවැතක් දක්වා ද, දුළුල් ඇවැතැ නොදුළුල් ඇවතක් දක්වා ද, එහි ධර්‍මයැ යි දෘෂ්ටි ඇත්තේ, සඞ්ඝභේදයෙහි අධර්‍මයැ යි දෘෂ්ටි ඇත්තේ, ඒ දෘෂ්ටිය පිහිටුවා, ඉවැසීම පිහිටුවා, රුචිය පිහිටුවා, අදහස පිහිටුවා, ‘මේ ධර්‍ම යැ, මේ විනය යැ, මේ ශාස්තෘශාසනය යැ, මෙය ගනිවු, මෙයට කැමැති වවු යැ’ යි අනුශ්‍රාවණය කෙරේ ද, සලාකා ගන්වා ද, උපාලි, මේ සඞ්ඝභේදක තෙමේ ආපායික ද නේරයික ද, කල්පස්ථ ද අතෙකිච්ඡ ද වේ.
Pali BJTපුන චපරං උපාලි භික්ඛු ධම්මං අධම්මොති දීපෙති -පෙ- අදුට්ඨුල්ලං ආපත්තිං දුට්ඨුල්ලා ආපත්තීති දීපෙති, තස්මිං අධම්මදිට්ඨි භෙදෙ ධම්මදිට්ඨි -පෙ-
Sinhala BJTතව ද උපාලි, මහණෙක් , අධර්‍මයැ යි ධර්‍මයැ දක්වා ද, ... දුළුල් ඇවැතැ යි නො දුළුල් ඇවැත දක්වා ද ... එහි අධර්‍මයැ යි දෘෂ්ටි ඇත්තේ, සඞ්ඝභේදයෙහි ධමයැ යි දෘෂ්ටි ඇත්තේ, ...
Pali BJTතස්මිං අධම්මදිට්ඨි භෙදෙ වෙමතිකො -පෙ-
Sinhala BJTඑහි අධර්‍මයැ යි දෘෂ්ටි ඇත්තේ සඞ්ඝභේදයෙහි වෙමතික වූයේ ...
Pali BJTතස්මිං ධම්මදිට්ඨි -පෙ- තස්මිං ධම්මදිට්ඨි භෙදෙ වෙමතිකො -පෙ-
Sinhala BJTඑහි ධර්‍මයැ යි දෘෂ්ටි ඇත්තේ සඞ්ඝභේදයෙහි වෙමතික වූයේ ....
Pali BJTතස්මිං වෙමතිකො භෙදෙ අධම්මදිට්ඨි -පෙ-
Sinhala BJTඑහි වෙමතික වූයේ, සඞ්ඝභේදයෙහි අධර්‍මයැ යි දෘෂ්ටි ඇත්තේ ...
Pali BJTතස්මිං වෙමතිකො භෙදෙ ධම්මදිට්ඨි -පෙ-
Sinhala BJTඑහි වෙමතික වූයේ, සඞ්ඝභේදයෙහි ධර්‍මයැ යි දෘෂ්ටි ඇත්තේ ....
Pali BJTතස්මිං වෙමතිකො භෙදෙ වෙමතිකො විනිධාය දිට්ඨිං විනිධාය ඛන්තිං විනිධාය රුචිං විනිධාය භාවං අනුසාවෙති, සලාකං ගාහෙති ‘අයං ධම්මො අයං විනයො ඉදං සත්ථුසාසනං ඉමං ගණ්හථ ඉමං රොචෙථා’ති, අයම්පි ඛො උපාලි සඞ්ඝභෙදකො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡොති.
Sinhala BJTඑහි වෙමතික වූයේ, සඞ්ඝභේදයෙහි වෙමතික වූයේ දෘෂ්ටිය පිහිටුවා, ඉවැසීම පිහිටුවා, රුචිය පිහිටුවා, අදහස පිහිටුවා, ‘මේ ධර්‍මය යැ. මේ විනය යැ, මේ ශාස්තෘශාසන යැ, මෙය ගනිවු මෙයට කැමති වවු’ යි අනුශ්‍රාවණය කෙරේ ද, සලාකා ගන්වා ද, උපාලි, මේ සඞ්ඝභේදක තෙමේ අපායික ද නේරයික ද කල්පස්ථ ද අතෙකිච්ඡ ද වේ.
Pali BJT12. “කතමො පන භන්තෙ සඞ්ඝභෙදකො න ආපායිකො න නෙරයිකො න කප්පට්ඨො න අතෙකිච්ඡො”ති.
Sinhala BJT12. “වහන්ස, සඞ්ඝභේදය කරන කවරෙක් වනාහි ආපායික නො වේ ද? නේරයික නො වේ ද? කල්පස්ථ නො වේ ද? අතෙකිච්ඡ නො වේ ද?” යි උපාලි තෙරණුවෝ පුළුවුත්හ.
Pali BJT“ඉධූපාලි භික්ඛු අධම්මං අධම්මොති දීපෙති, තස්මිං ධම්මංදිට්ඨි භෙදෙ ධම්මදිට්ඨි අවිනිධාය දිට්ඨිං අවිනිධාය ඛන්තිං අවිනිධාය රුචිං අවිනිධාය භාවං අනුසාවෙති, සලාකං ගාහෙති ‘අයං ධම්මො අයං විනයො ඉදං සත්ථුසාසනං ඉමං ගණ්හථ ඉමං රොචෙථා’ති, අයම්පි ඛො උපාලි සඞ්ඝභෙදකො න ආපායිකො න නෙරයිකො න කප්පට්ඨො න අතෙකිච්ඡො.”
Sinhala BJT(භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:) “උපාලි, මෙහි මහණ තෙම අධර්‍මයැ යි අධර්‍මයැ දක්වා ද, එහි ධම්යැ යි දෘෂ්ටි ඇත්තේ, සඞ්ඝභේදයෙහි ධර්‍මයැ යි දෘෂ්ටි ඇත්තේ, ඒ දෘෂ්ටිය නො පිහිටුවා, ඉවසීම නො පිහිටුවා, රුචිය නො පිහිටුවා, අදහස නො පිහිටුවා, ‘මේ ධර්‍මය යැ, මේ විනය යැ, මේ ශාස්තෘශාසන යැ මෙය ගනිවු, මෙයට කැමති වවු යැ’ යි අනුශ්‍රාවණය කෙරේ ද, සලාකා ගන්වා ද උපාලි, මේ සඞ්ඝභේදක තෙමේ ආපායික නො වේ, නේරයික නො වේ, කල්පස්ථ නො වේ, අතෙකිච්ජ නො වේ.”
Pali BJTපුන ච පරං උපාලි භික්ඛු ධම්මං ධම්මොති දීපෙති තස්මිං ධම්මදිට්ඨි භෙදෙ ධම්මදිට්ඨි -පෙ- අවිනයං අවිනයොති දීපෙති, -පෙ- විනයං විනයොති දීපෙති, අභාසිතං අලපිතං තථාගතෙන අභාසිතං අලපිතං තථාගතෙනාති දීපෙති, භාසිතං ලපිතං තථාගතෙන භාසිතං ලපිතං තථාගතෙනාති දීපෙති, අනාචිණ්ණං තථාගතෙන අනාචිණ්ණං තථාගතෙනාති දීපෙති.
Sinhala BJT“තව ද උපාලි, මහණ තෙම ධර්‍ම යැ යි ධර්‍මයැ දක්වා ද, එහි ධර්‍මයැ යි දෘෂ්ටි ඇත්තේ, සඞ්ඝභේදයෙහි ධර්‍මයැ යි දෘෂ්ටි ඇත්තේ, ... අවිනය යැ යි අවිනය දක්වා ද, ... විනයයැ යි විනය දක්වාද තථාගතයන් විසින් නො වදාරන ලද්ද නො දෙසන ලද්ද තථාගතයන් විසින් නො වදාරන ලදැ යි නො දෙසන ලදැ යි දක්වා ද තථාගතයන් විසින් වදාරන ලද්ද දෙසන ලද්ද තථාගතයන් විසින් වදාරන ලද්දැ යි දෙසන ලද්දැ යි දක්වා ද, තථාගතයන් විසින් අනාචීර්‍ණ දැය තථාගතයන් විසින් අනාවීර්ණ දැයෙකැ යි දක්වා ද,
Pali BJTආචිණ්ණං තථාගතෙන ආචිණ්ණං තථාගතෙනාති දීපෙති, අපඤ්ඤත්තං තථාගතෙන අපඤ්ඤත්තං තථාගතෙනාති දීපෙති, පඤ්ඤත්තං තථාගතෙන පඤ්ඤත්තං තථාගතෙනාති දීපෙති, ආපත්තිං ආපත්තීති දීපෙති, අනාපත්තිං අනාපත්තීති දීපෙති, ගරුකං ආපත්තිං ගරුකා ආපත්තීති දීපෙති, ලහුකං ආපත්තිං ලහුකා ආපත්තීති දීපෙති, සාවසෙසං ආපත්තිං සාවසෙසා ආපත්තීති දීපෙති, අනවසෙසං ආපත්තිං අනවසෙසා ආපත්තීති දීපෙති, දුට්ඨුල්ලං ආපත්තිං දුට්ඨුල්ලා ආපත්තීති දීපෙති, අදුට්ඨුල්ලං ආපත්තිං අදුට්ඨුල්ලා ආපත්තීති දීපෙති, තස්මිං ධම්මදිට්ඨි භෙදෙ ධම්මදිට්ඨි අවිනිධාය දිට්ඨිං අවිනිධාය ඛන්තිං අවිනිධාය රුචිං අවිනිධාය භාවං අනුසාවෙති, සලාකං ගාහෙති: “අයං ධම්මො අයං විනයො ඉදං සත්ථුසාසනං ඉමං ගණ්හථ ඉමං රොචෙථා’ති, අයම්පි ඛො උපාලි සඞ්ඝභෙදකො න ආපායිකො න නෙරයිකො න කප්පට්ඨො න අතෙකිච්ඡොති.
Sinhala BJTතථාගතයන් විසින් ආවීර්ණ දැය තථාගතයන් විසින් ආචීර්‍ණ දැයෙකැ යි දක්වා ද, තථාගතයන් විසින් නො පනවන ලද්ද තථාගතයන් විසින් නො පනවන ලද්දකැ යි දක්වා ද, තථාගතයන් විසින් පනවන ලද්ද තථාගතයන් විසින් පනවන ලද්දැ යි දක්වා ද, ඇවැත ඇවැතැ යි දක්වා ද, නො ඇවැත නො ඇවැතැ යි දක්වා ද, ගරු ඇවත ගරු ඇවැතැ යි දක්වා ද, ලුහු ඇවත ලුහු ඇවැතැ යි දක්වා ද, සාවශේෂ ඇවැත සාවශේෂ ඇවැතැ යි දක්වා ද, අනවශේෂ ඇවැත අනවශේෂ ඇවැතැයි දක්වා ද, දුළුල් ඇවැත දුළුල් ඇවැතැ යි දක්වා ද, නො දුළුල් ඇවැත නො දුළුල් ඇවැතැ යි දක්වා ද, එහි ධර්‍මයැ යි දෘෂ්ටි ඇත්තේ, සඞ්ඝභේදයෙහි ධර්‍මයැ යි දෘෂ්ටි ඇත්තේ, දෘෂ්ටිය නො පිහිටුවා, ඉවැසීම නො පිහිටුවා, රුචිය නො පිහිටුවා, අදහස නො පිහිටුවා, ‘මේ ධර්‍මය යැ, මේ විනය යැ. මේ ශාස්තෘශාසනය යැ, මෙය ගනිවු, මෙයට කැමති වවු” යැ යි අනුශ්‍රාවණය කෙරේ ද, සලාකා ගන්වා ද, උපාලීනි, මේ සඞ්ඝභේදක තෙමේත් ආපායික නො වේ, නේරයික නො වේ, කල්පස්ථායීත් නො වේ, අතෙකිච්ඡත් නො වේ” යැ යි වදාළසේක.
Pali BJTතතිය භාණවාරං
Sinhala BJTතෙවෙනි බණවර යි.
Pali BJTසඞ්ඝභෙදකක්ඛන්ධකං සත්තමං.{1}
Sinhala BJTසත්වැනි සඞ්ඝභේදකබන්‍ධක යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTමේ එහි උද්දානය යැ:
Pali BJTඅනුපියෙ අභිඤ්ඤාතා, සුඛුමාලො න ඉච්ඡති කසා වප්පා{2} අතිනින්නෙ{3} නිඩ්ඩා ලාවෙ ච උබ්බහො පුඤ්ජමද්දපලාලඤ්ච භුසඔපුනඅතීහරෙ ආයතිම්පි න ඛීයන්ති පිතරො ච පිතාමහා.
Sinhala BJTඅනුපිය වෙනෙහි දී ප්‍රකට ශාක්‍ය කුමාර කෙනෙක් පැවිදි වූහ. ඔවුන්ගෙන් එකෙක් සියුමැලි වූයේ පැවිද්දට නො කැමැති විය. කෙත් සෑම ද වී වැපිරීම ද දිය ඇතුළට ගැන්ම ද දිය සම කොට පැතිරැවීම ද, නෙළීම ද ගොයම් කැපීම ද ඒවා ගෙන්වීම ද මිටි බැඳීම ද ගොයම් මැඩීම ද පිදුරු වෙන් කිරීම ද කාටු හැරීම ද හුළං ගැස්වීම ද වී ඇතුළට ගෙන්වීම ද කරන්නේ ය. මතුමත්තෙහිත් මෙය කළයුතු ය. කර්‍මාන්තයෝ අවසන් නො වෙත්. කර්‍මාන්ත අවසන් නො වී තිබියැදීම පියවරු ද මුතුන්මිත්තෝ ද කලුරිය කළාහ.
Pali BJTභද්දියො අනුරුද්ධො ච ආනන්දො භගු කිම්බිලො{4} සක්යමානො ච කොසම්බිං පරිහායි කකුධෙන ච.
Sinhala BJTභද්දිය ද අනුරුද්ධ ද ආනන්‍ද ද භෘගු ද කිම්බිල ද යන මොහු නික්ම ගියාහ. ශාක්‍යමානය බිඳින ලද්දේ ය. කොසඹෑ නුවරට බුදුරජහු වැඩියාහ. දෙව්දත් ඍද්ධියෙන් පිරිහුණේ ය. කකුධ දෙව්පුතු වි එය පැවැසිණ.
Pali BJTපකාසෙසි පිතුනො ච පුරිසෙ සිලං නාළාගිරිං තිකපඤ්ච ගරුකො භින්දි ථුල්ලච්චයෙන ච තයො අට්ඨ පුන තීණි රාජි භෙදො සියා නු ඛො ති.
Sinhala BJTසඞ්ඝයා දෙව්දතු පිළිබඳ ව ප්‍රකාශනීය කර්‍මය කෙළේ ය. අජාසත් රජුගේ පියාගේ මරණය විය. දෙව්දත් බුදුරජුන් නසනුවට පුරුෂයන් යෙදවී ය. බුදුරජුන් මත්තෙහි ගලක් පෙරැළී ය. නාළාගිරි ඇතු මෙහෙයැවී ය. ත්‍රික භෝජනය පැනැවිණ. සඞ්ඝභේදය ගරු අකුශලයෙකැ යි වදාළහ. දෙව්දත් සඞ්ඝයා බින්දේ ය. සඞ්ඝයා භේදයට තැත් කරනුයේ තුලැසි ඇවැතින් බැඳේ. එක් පසෙක තිදෙනෙක් ද (අනිත් පසැ සිවු දෙනෙක් ද) අටවැන්නැ අනුශ්‍රාවණය කෙරෙයි. නැවැත මෙබඳු වාර තුනෙකි. සඞ්ඝරාජිය වන අයුරු දැක්විණ. සඞ්ඝභේදය වන්නේ දැ යි ප්‍රශ්න නැඟිණ, (බුදුරජුහු ඒ විසැඳූහ.)
Pali BJT8.
Sinhala BJT8.
Pali BJTවත්තක්ඛන්ධකං
Sinhala BJTවත්‌තක්‌ඛන්‌ධකය
Pali BJTආගන්තුකවත්තං
Sinhala BJTආගන්තුක වත්
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආගන්තුකා භික්ඛූ සඋපාහනාපි ආරාමං පවිසන්ති, ඡත්තපග්ගහිතාපි ආරාමං පවිසන්ති, ඔගුණ්ඨිතාපි ආරාමං පවිසන්ති, සීසෙපි චීවරං කරිත්වා ආරාමං පවිසන්ති, පානීයෙන,පි පාදෙ ධොවන්ති, වුඩ්ඪතරෙ’පි ආවාසිකෙ භික්ඛූ න අභිවාදෙන්ති, න සෙනාසනං පුච්ඡන්ති.
Sinhala BJT1. එ සමයෙහි භාග්‍යවත් බුදුරජුහු සැවැත් නුවර නිසා දෙව්රම් නම් වූ අනේපිඬුහු අරමෙහි වැඩවෙසෙති. එ සමයෙහි ආගන්තුක මහණහු වහන් සහිතව ද අරමට පිවිසෙත්, ඉස ලාගත් කුඩ ඇති ව ද අරමට පිවිසෙත්, හිස වසා පෙරවගෙන ද අරමට පිවිසෙත්, සිවුර හිසෙහි කොට ද අරමට පිවිසෙත්, බොන්නට තුබූ දියෙන් ද පා දොවිත්, ආවාසයෙහි වූ වැඩි මාලු වහන්දෑ ද නො වඳිත්, සෙනසුන් නො විචාරත්,
Pali BJTඅඤ්ඤතරොපි ආගන්තුකො භික්ඛු අනජ්ඣාවුත්ථං විහාරං ඝටිකං උග්ඝාටෙත්වා කවාටං පණාමෙත්වා සහසා පාවිසි. තස්ස උපරිපිට්ඨිතො අහිඛන්ධො පපති. සො භීතො විස්සරමකාසි. භික්ඛූ උපධාවිත්වා තං භික්ඛුං එතදවොචුං: ‘කිස්ස ත්වං ආවුසො විස්සරමකාසී’ති. අථ ඛො සො භික්ඛු භික්ඛූනං එතමත්ථං ආරොචෙසි. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා සන්තුට්ඨා ලජ්ජිනො කුක්කුච්චකා සික්ඛාකාමා තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති “කථං හි නාම ආගන්තුකා භික්ඛූ සඋපාහනාපි ආරාමං පවිසිස්සන්ති. ඡත්තපග්ගහිතාපි ආරාමං පවිසිස්සන්ති -පෙ- න සෙනාසනං පුච්ඡිස්සන්තීති”
Sinhala BJTඑක්තරා ආගන්තුක මහණෙක් ද භික්‍ෂූන් විසින් නො වැස හරන ලද (පාළු වූ) වෙහෙරකට අගුල උගුළුවා දොරපළුව විවර කොට වහා පිවිසියේ ය. උඩෙළිපත මත්තෙහි වූ සර්‍පයෙක් එ මහණහුගේ උරහිසෙහි වැටුණේ ය. හේ බියපත් වූයේ මුර ගෑයේ ය. මහණහු ඔහු වෙතට දිවැවිත්, ‘ඇවැත්නි, තෙපි කුමට මුරගෑහු ද?’ යි විචාළාහ. එවිට එ මහණ මහණුනට මෙ පවත් සැලකෙළේ ය. යම් මහණ කෙනෙක් අල්පෙච්ඡ ද ලද පමණින් තෘප්ත වන්නේ ද ලජ්ජී ද ඉතා සුලු වරදෙහිත් කුකුස් කරන්නේ ද, ශික්‍ෂාකාමීහු ද, ඔහු ‘කෙසේ නම් ආගන්තුක මහණහු වහන් ඇතිව ද අරමට පිවිසෙත් ද ... සෙනසුන් නො විචාරත් දැ’ යි ලාමක කොට සිතත්, අගුණ කියත්, දොස් පතුරුවත්.
Pali BJTඅථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTඉක්බිත්තෙන් ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
Pali BJT“සච්චං කිර භික්ඛවෙ “ආගන්තුකා භික්ඛූ සඋපාහනාපි ආරාමං පවිසන්ති, -පෙ- න සෙනාසනං පුච්ඡිස්සන්තී”ති.
Sinhala BJT“මහණෙනි, ආගන්තුක මහණහු වහන් ඇති ව ද අරමට පිවිසෙත් ල ... සෙනස්න නො විචාරත් ල ඒ සැබෑ දැ?” යි අසාවදාළසේක.
Pali BJT“සච්චං භගවා”.
Sinhala BJT“සැබව භාග්‍යවතුන් වහන්සැ” යි ඔහු පිළිවදන් දුන්හ.
Pali BJTවිගරහි බුද්ධො භගවා: “කථං හි නාම භික්ඛවෙ ආගන්තුකා භික්ඛූ සඋපාහනාපි ආරාමං පවිසිස්සන්ති -පෙ- න සෙනාසනං පුච්ඡිස්සන්ති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය පසන්නානං වා භිය්යොභාවාය. අථ ඛො තං අප්පසන්නානඤ්චෙව අප්පසාදාය පසන්නානඤ්ච එකච්චානං අඤ්ඤථත්තායා”ති. විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි.
Sinhala BJT“මහණෙනි, කෙසේ නම් ආගන්තුක මහණහු වහන් සහිතවත් අරමට පිවිසෙත් ද ! ... සෙනසුන් නො ම විචාරත් ද, මහණෙනි, නො පහන් වූවන්ගේ පහන් බව පිණිස ද පහන් වූවන්ගේ ප්‍රසාදය වැඩීමට ද කරුණු නො වේ. වැලිදු එය නො පහන් වූවන්ගේ නො පහන් බව පිණිස ද පහන් වූ ඇතැම් අයගේ වෙනස් බව පිණිස ද පවතී යැ” යි වෙසෙසින් ගැරැහූසේක. වෙසෙසින් ගරහා දැහැමි කථා කොට භික්‍ෂූන් ඇමතූසේක.
Pali BJTතෙන හි භික්ඛවෙ ආගන්තුකානං භික්ඛූනං වත්තං පඤ්ඤාපෙස්සාමි යථා ආගන්තුකෙහි භික්ඛූහි සම්මා වත්තිතබ්බං, ආගන්තුකෙන භික්ඛවෙ භික්ඛුනා ‘ඉදානි ආරාමං පවිසිස්සාමී’ති උපාහනා ඔමුඤ්චිත්වා නීචං කත්වා පප්ඵොටෙත්වා ගහෙත්වා ඡත්තං අපණාමෙත්වා සීසං විවරිත්වා සීසෙ චීවරං ඛන්ධෙ කරිත්වා සාධුකං අතරමානෙන ආරාමො පවිසිතබ්බො. ආරාමං පවිසන්තෙන සල්ලක්ඛෙතබ්බං “කත්ථ ආවාසිකා භික්ඛූ පටික්කමන්තී”ති. යත්ථ ආවාසිකා භික්ඛූ පටික්කමන්ති උපට්ඨානසාලාය වා මණ්ඩපෙ වා රුක්ඛමූලෙ වා තත්ථ ගන්ත්වා එකමන්තං පත්තො නික්ඛිපිතබ්බො, එකමන්තං චීවරං නික්ඛිපිතබ්බං. පතිරූපං ආසනං ගහෙත්වා නිසීදිතබ්බං. පානීයං පුච්ඡිතබ්බං. පරිභොජනීයං පුච්ඡිතබ්බං, “කතමං පානීයං කතමං පරිභොජනීයන්ති”. සචෙ පානීයෙන අත්ථො හොති පානීයං ගහෙත්වා පාතබ්බං. සචෙ පරිභොජනීයෙන අත්ථො හොති පරිභොජනීයං ගහෙත්වා පාදා ධොවිතබ්බා. පාදෙ ධොවන්තෙන එකෙන හත්ථෙන උදකං ආසිඤ්චිතබ්බං එකෙන හත්ථෙන පාදා ධොවිතබ්බා. න තෙනෙව හත්ථෙන උදකං ආසිඤ්චිතබ්බං. න තෙනෙව හත්ථෙන පාදා ධොවිතබ්බා.
Sinhala BJT“මහණෙනි, යම්සේ ආගන්තුක මහණුන් විසින් පැවැතියයුතු ද එසේ ඔවුනට වත් පනවන්නෙමි. මහණෙනි, ආගන්තුක මහණහු විසින් ‘දැන් අරමට පිවිසෙන්නෙමි’ යි සලකා වහන් මුදා, පහත් කොට ගසා දමා ගෙන කුඩය ඉවත් කොට හිස විවරආචමනකුම්හි කොට හිසෙහි වූ සිවුර උරහිසෙහි කොට, මනාකොට නො යුහු වැ අරම්පිවිසියැයුතු. අරමට පිවිසෙන්නහු විසින් ‘ආවාසයෙහි නිවැසි මහණහු කොහි පෙරළා ඇක්මෙත් දැ?’ යි සැලකියයුතු. උවටන් හලෙහි හෝ මඩු වැ හෝ රුක්මුලැ හෝ ඒ යම් තැනකට ආවාසික මහණහු පෙරළා එත් ද, එහි ගොස් එක් පැත්තෙක පාත්‍රය තැබියැයුතු. එක් පැත්තෙක සිවුර තැබියැ යුතු. සුදුසු අස්නක් ගෙන හිඳගතයුතු. බොන පැන් කවරේ ද? පරිභෝග ජලය කවරේ දැ?” යි පැන් ද පරිභෝග ජලය ද විචාළයුතු. ඉදින් පැනින් ප්‍රයෝජන වේ නම් පැන් ගෙන පියැයුතු. ඉදින් පරිභෝග ජලයෙන් ප්‍රයෝජන වේ නම් එය ගෙන පා දෙවියැයුතු. පා දොවින්නහු විසින් එක් අතෙකින් දිය ඉස අනෙක් අතින් පා දෙවියැයුතු. එක ම අතින් පැන් ඉසීමත් පා දෙවීමත් නො කළයුතු.
Pali BJTඋපාහනපුඤ්ඡනචොළකං පුච්ඡිත්වා උපාහනා පුඤ්ඡිතබ්බා. උපාහනා පුඤ්ඡන්තෙන පඨමං සුක්ඛෙන චොළකෙන පුඤ්ඡිතබ්බා පච්ඡා අල්ලෙන. උපාහනචොළකං ධොවිත්වා එකමන්තං විස්සජ්ජෙතබ්බං. සචෙ ආවාසිකො භික්ඛු වුඩ්ඪො හොති අභිවාදෙතබ්බො. සචෙ නවකො හොති අභිවාදාපෙතබ්බො.
Sinhala BJTවහන් පිසිනා රෙදි කඩ විචාරා, වහන් පිසදැමියයුතු. වහන් පිසින්නහු විසින් පළමු කොට වියැළි රෙදි කඩින් ද පසු වැ තෙත් කඩින් ද පිසදැමියැයුතු. වහන් පිසිනා රෙදි කඩ සෝදා එක් පැත්තෙක වැනියයුතු. ආවාසික මහණ තෙම වැඩිමහලු වී නම්, වැන්දයුතු. නවක වේ නම් වැන්දවියැ යුතු.
Pali BJTසෙනාසනං පුච්ඡිතබ්බං ‘කතමං මෙ සෙනාසනං පාපුණාතී’ති. අජ්ඣාවුත්ථං වා අනජ්ඣාවුත්ථං{1} වා පුච්ඡිතබ්බං. ගොචරො පුච්ඡිතබ්බො අගොචරො පුච්ඡිතබ්බො. සෙඛසම්මතානි කුලානි පුච්ඡිතබ්බානි. වච්චට්ඨානං පුච්ඡිතබ්බං. පස්සාවට්ඨානං පුච්ඡිතබ්බං. පානීයං පුච්ඡිතබ්බං. පරිභොජනීයං පුච්ඡිතබ්බං. කත්තරදණ්ඩො පුච්ඡිතබ්බො. සඞ්ඝස්ස කතිකසණ්ඨානං පුච්ඡිතබ්බං ‘කං කාලං පවිසිතබ්බං කං කාලං නික්ඛමිතබ්බන්ති’.
Sinhala BJT‘මට කවර සෙනස්නෙක් පැමිණේ දැ?’ යි සෙනස්න විචාළ යුතු. ‘පළමු කිසිවකු වුසූ එකෙක් ද? නැත නො වුසූ එකෙක් දැ?’ යි විචාරා දතයුතු. ගෝචරය (පිඬු සිඟා යායුතු තැන) අගෝචරය (පිඬු සිඟා නො යායුතු තැන්) විචාරා දතයුතු. සේඛසම්මත කුලයෝ (මහත් සැදැහැති එහෙත් දිළිඳු වූ ගෙවල්) විචාරා දත යුතු. වැසිකිළි කෙසකිළි පිහිටි තැන විචාරා දතයුතු. බොන පැන් ඇති තැන විචාළයුතු. සෙසු පරිභෝගයට ගතයුතු ජලය ඇති තැන අසා දතයුතු. සැරයැටිය ඇති තැන අසා දතයුතු. ‘කවර වේලාවෙක ගම් වැදියයුතු ද? කවර වේලාවෙක ගමින් නික්මියැයුතු ද?’ යි සඞ්ඝයාගේ කතිකා නියමය විචාළයුතු.
Pali BJT2. සචෙ විහාරො අනජ්ඣාවුත්ථො හොති කවාටං ආකොටෙත්වා මුහුත්තං ආගමෙත්වා ඝටිකං උග්ඝාටෙත්වා කවාටං පණාමෙත්වා බහි ඨිතෙන නිල්ලොකෙතබ්බො{2}. සචෙ සො විහාරො උක්ලාපො හොති මඤ්චෙ වා මඤ්චො ආරොපිතො හොති, පීඨෙ වා පීඨං ආරොපිතං හොති, සෙනාසනං උපරිපුඤ්ජීකතං හොති. සචෙ උස්සහති සොධෙතබ්බො. විහාරං සොධෙන්තෙන පඨමං භුම්මත්ථරණං නීහරිත්වා එකමන්තං නික්ඛිපිතබ්බං. මඤ්චපටිපාදකා නීහරිත්වා එකමන්තං නික්ඛිපිතබ්බා. භිසිබිම්බොහනං නීහරිත්වා එකමන්තං නික්ඛිපිතබ්බං.
Sinhala BJT2. ඉදින් විහාරය කිසිවකු නො වුසූ එකෙක් වේ නම්, දොරපළුවට තට්ටු කොට මොහොතක් බලා සිට අගුළ උඟුළුවා දොරපළුව විවර කොට පිටතැ සිටියහු විසින් පිරික්සා බැලියැ යුතු. ඉදින් ඒ වෙහෙර කැලි කසළ සහිත වී නම්, ඇඳෙක ඇඳෙක් නංවන ලදුයේ හෝ පුටුවෙක පුටුවෙක් නංවන ලදුයේ වේ ද, සෙනස්න මත (ඇඳ පුටු මත) ඇතිරිලි ආදිය ගොඩ ගසන ලදුයේ වී නම්, ඉදින් හැක්කේ නම් ශුද්ධ කළයුතු. විහාරය ශුද්ධ කරන්නහු විසින් පළමු කොට බුමුතුරුණු බැහැර කොට පසෙක තැබියැ යුතු. ඇඳ පා අලු බැහැර කොට පසෙක තැබිය යුතු. බිසි ද කොට්ට ද බැහැර කොට පසෙක තැබියැ යුතු.
Pali BJTනිසීදනපච්චත්ථරණං නීහරිත්වා එකමන්තං නික්ඛිපිතබ්බං මඤ්චො නීචං කත්වා සාධුකං අපරිඝංසන්තෙන අසඞ්ඝට්ටන්තෙන එකමන්තං නික්ඛිපිතබ්බො. පීඨං නීචං කත්වා සාධුකං අපරිඝංසන්තෙන, අසඞ්ඝට්ටන්තෙන නීහරිත්වා එකමන්තං නික්ඛිපිතබ්බං. කවාටපිට්ඨං නීහරිත්වා එකමන්තං නික්ඛිපිතබ්බං. ඛෙළමල්ලකො නීහරිත්වා එකමන්තං නික්ඛිපිතබ්බො. අපස්සෙනඵලකං නීහරිත්වා එකමන්තං නික්ඛිපිතබ්බං.
Sinhala BJTහිඳිනා ඇතිරිය ද පසතුරුණ ද බැහැර කොට පසෙක තැබියැ යුතු. ඇඳ පහත් කොට (කිසිවෙක) නො ගාවා නො ගටා බැහැර කොට පසෙක තැබියැයුතු. පුටුව පහත් කොට කිසිවෙක නො ගාවමින් නො ගටමින් මනාව බැහැර කොට පසෙක තැබියැ යුතු. කවාට පෘෂ්ඨය (දොරපළු පිට) බැහැර කොට එක් පසෙක තැබියයුතු. කෙළමලාව (පඩික්කම) බැහැර කොට එක් පසෙක තැබියැ යුතු. අපාශ්‍රයන ඵලකය (හේත්තුවන පුවරුව) බැහැර කොට පසෙක තැබියයුතු.
Pali BJTසචෙ විහාරෙ සන්තානකං හොති උල්ලොකා පඨමං ඔහාරෙතබ්බං. ආලොකසන්ධිකණ්ණභාගා පමජ්ජිතබ්බා. සචෙ ගෙරුකපරිකම්මකතා භිත්ති කණ්ණකිතා හොති චොළකං තෙමෙත්වා පීළෙත්වා පමජ්ජිතබ්බා. සචෙ කාළවණ්ණකතා භූමි කණ්ණකිතා හොති චොළකං තෙමෙත්වා පීළෙත්වා පමජ්ජිතබ්බා. සචෙ අකතා හොති භූමි උදකෙන පරිප්ඵොසිත්වා සම්මජ්ජිතබ්බා{1} ‘මා විහාරො රජෙන උහඤ්ඤී’ති. සඞ්ඛාර විචිනිත්වා එකමන්තං ඡඩ්ඩෙතබ්බං.
Sinhala BJTඉදින් විහාරයෙහි මකුළුදල් වේ නම්, පළමුවෙන් ඉහළ සිට ඉවත් කළයුතු.ඇතුළත පිටත වාකවුළු ද ගැබ සතර කොන් ද පිසදැමියැයුතු. ඉදින් ගුරු පිරියම් කළ බිත්තිය කුණු වැකී ඇත් නම්, රෙදි කඩක් තෙමා මිරිකා එයින් පිස දැමියයුතු. ඉදින් කළුපැහැ කරන ලද බිත්තිය කුණු වැකී ඇත්තේ නම්, රෙදි කඩක් තෙමා මිරිකා පිසදැමියයුතු. ඉදින් බිම (ගුරු ආදි කිසිවෙකින්) පිරියම් නො කරන ලද නම්, ‘වෙහෙර දූවිල්ලෙන් නො වැකේවා’ යි සිතා දිය ඉස බිම ඇමැන්දැයුතු: කැලි කසළ එක් රැස් කොට පසෙක දැමියයුතු.
Pali BJT“භුම්මත්ථරණං ඔතාපෙත්වා සොධෙත්වා පප්ඵොටෙත්වා අතිහරිත්වා යථාපඤ්ඤත්තං පඤ්ඤාපෙතබ්බං. මඤ්චපටිපාදකා ඔතාපෙත්වා පමජ්ජිත්වා අතිහරිත්වා යථාඨානෙ ඨපෙතබ්බා. මඤ්චො ඔතාපෙත්වා සොධෙත්වා පප්ඵොටෙත්වා නීචං කත්වා සාධුකං අපරිඝංසන්තෙන අසඞ්ඝට්ටන්තෙන යථාඨානෙ පඤ්ඤාපෙතබ්බො. පීඨං ඔතාපෙත්වා සොධෙත්වා පප්ඵොටෙත්වා නීචං කත්වා සාධුකං අපරිඝංසන්තෙන අසඞ්ඝට්ටන්තෙන අතිහරිත්වා යථාඨානෙ පඤ්ඤාපෙතබ්බං. කවාටපිට්ඨං අතිහරිත්වා යථාඨානෙ නික්ඛිපිතබ්බං භිසිබිම්බොහනං ඔතාපෙත්වා සොධෙත්වා පප්ඵොටෙත්වා අතිහරිත්වා යථාඨානෙ පඤ්ඤාපෙතබ්බං. නිසීදනපච්චත්ථරණං ඔතාපෙත්වා සොධෙත්වා පප්ඵොටෙත්වා අතිහරිත්වා යථාඨානෙ පඤ්ඤාපෙතබ්බං. ඛෙළමල්ලකො ඔතාපෙත්වා පමජ්ජිත්වා අතිහරිත්වා යථාඨානෙ ඨපෙතබ්බො. අපස්සෙනඵලකං ඔතාපෙත්වා පමජ්ජිත්වා අතිහරිත්වා යථාඨානෙ ඨපෙතබ්බං.
Sinhala BJTබුමුතුරුණ අව්වේ තවා (වියළා) ශුද්ධ කොට ගසාදමා ඇතුළට ගෙන ගොස් කලින් පනවා තුබුණු පරිදි ම පැනැවියයුතු. ඇඳ පාඅලු වියළා පිසදමා ඇතුළට ගෙනගොස් කලින් තුබුණු තන්හි තැබියැ යුතු. ඇඳ අව්වේ දමා ශුද්ධ කොට ගසාදමා පහත් කොට කිසිවෙක නො ගාවමින් නො ගටමින් මනාව ඇතුළට ගොස් කලින් තුබුණු තැන පැනැවියැයුතු. පුටුව අව්වේ ලා ශුද්ධ කොට ගසාහෙළා පහත් කොට කිසිවෙක නො ගාවමින් නොගටමින් ඇතුළට ගෙන ගොස් කලින් තුබුණු තැන පැනවියැයුතු. දොරපළුපිට ඇතුළට ගෙනගොස් කලින් තුබුණු තැන ම තැබියැයුතු. බිසි ද කොට්ට ද අව්වේ ලා ශුද්ධ කොට ගසාදමා ඇතුළට ගෙන ගොස් කලින් තුබූ තන්හි ම පැනැවියයුතු. ඉඳිනා ඇතිරි ද පසතුරුණු ද අව්වෙන් තවා ශුද්ධ කොට ගසා හෙළා ඇතුළට ගෙනගොස් කලින් තුබූ තැන පැනැවියයුතු. කෙළමලාව අව්වේ ලා තවා පිස දමා ඇතුළට ගෙනගොස් කලින් තුබුණු තැන තැබියැයුතු. හේත්තුවන පුවරුව අව්වේ ලා පිසදමා ඇතුළට ගෙනගොස් කලින් තුබුණු තැන ම තැබියැයුතු.
Pali BJT3. පත්තචීවරං නික්ඛිපිතබ්බං. පත්තං නික්ඛිපන්තෙන එකෙන හත්ථෙන පත්තං ගහෙත්වා එකෙන හත්ථෙන හෙට්ඨාමඤ්චං වා හෙට්ඨාපීඨං වා පරාමසිත්වා පත්තො නික්ඛිපිතබ්බො. න ච අනත්ථරහිතාය{2} භූමියා පත්තො නික්ඛිපිතබ්බො. චීවරං නික්ඛිපන්තෙන එකෙන හත්ථෙන චීවරං ගහෙත්වා එකෙන හත්ථෙන චීවරවංසං වා චීවරරජ්ජුං වා පමජ්ජිත්වා පාරතො අන්තං ඔරතො භොගං කත්වා චීවරං නික්ඛිපිතබ්බං.
Sinhala BJT3. පා සිවුරු බහා තැබියයුතු. පාත්‍රය තබන්නහු විසින් එක් අතෙකින් පාත්‍රය ගෙන එක් අතෙකින් ඇඳ යට හෝ පුටුව යට හෝ පරාමර්‍ශනය කොට (අත ගා) පාත්‍රය තැබියයුතු. (පැදුරු ඈ කිසිවක්) නො අතුළ බිමැ පාත්‍රය නො තැබියැයුතු. සිවුර තබන්නහු විසින් එක් අතෙකින් සිවුර ගෙන එක් අතෙකින් සිවුරුවස (සිවුර දමන උණ දණ්ඩ) හෝ සිවුරුරැහැන (සිවුර දමන රැහැන) හෝ පිසදමා සිවුරු කොන පිටතට ද සිවුරු නැම්ම තමා දෙසට ද වැටෙන සේ කොට සිවුර තැබිය යුතු.
Pali BJTසචෙ පුරත්ථිමා සරජා වාතා වායන්ති පුරත්ථිමා වාතපානා ථකෙතබ්බා. සචෙ පච්ඡිමා සරජා වාතා වායන්ති පච්ඡිමා වාතපානා ථකෙතබ්බා. සචෙ උත්තරා සරජා වාතා වායන්ති උත්තරා වාතපානා ථකෙතබ්බා. සචෙ දක්ඛිණා සරජා වාතා වායන්ති දක්ඛිණා වාතපානා ථකෙතබ්බා. සචෙ සීතකාලො හොති දිවා වාතපානා විවරිතබ්බා. රත්තිං ථකෙතබ්බා. සචෙ උණ්හකාලො හොති දිවා වාතපානා ථකෙතබ්බා. රත්තිං විවරිතබ්බා.
Sinhala BJTඉදින් පෙර දිගට අයත් දූවිලි සහිත වාතයෝ හමත් නම්, පෙරදිගැ වූ වාකවුළු වසා දැමියයුතු. ඉදින් පැසිම් දිගට අයත් දූවිලි සහිත වාතයෝ හමත් නම්, පැසිම් දිගැ වාකවුළු වසාදැමියයුතු. ඉදින් උතුරු දිගට අයත් දූවිලි සහිත වාතයෝ හමත් නම්, උතුරු දිගැ වාකවුළු වසාලියැයුතු. ඉදින් දකුණු දිග දූවිලි සහිත වාතයෝ හමත් නම්, දකුණු දිගැ වාකවුළු වසා තැබියැයුතු. ඉදින් ශීතකාලය වේ නම්, දහවල් වාකවුළු විවැරියැයුතු. රෑ වැසියැයුතු. ඉදින් උෂ්ණකාලය වේ නම්, දහවල් වාකවුළු වැසියයුතු. රෑ විවැරියැයුතු.
Pali BJTසචෙ පරිවෙණං උක්ලාපං හොති පරිවෙණං සම්මජ්ජිතබ්බං. සචෙ කොට්ඨකො උක්ලාපො හොති කොට්ඨකො සම්මජ්ජිතබ්බො. සචෙ උපට්ඨානසාලා උක්ලාපා හොති උපට්ඨානසාලා සම්මජ්ජිතබ්බා. සචෙ අග්ගිසාලා උක්ලාපා හොති අග්ගිසාලා සම්මජ්ජිතබ්බා. සචෙ වච්චකුටි උක්ලාපා හොති වච්චකුටි සම්මජ්ජිතබ්බා.
Sinhala BJTඉදින් පිරිවෙන කැලි කසළ සහිත වේ නම්, පිරිවෙන හැමැන්ද යුතු. ඉදින් දොරටුව (දොරැ කොටුව) කසළ සහිත වී නම්, එය හැමැන්දයුතු. ඉදින් උවටන් හල කසළ සහිත වී නම්, උවටන් හල හැමැන්දයුතු. ඉදින් ගිනිහල් ගෙය කසළ සහිත වී නම්, එය හැමැන්ද යුතු. ඉදින් වැසිකිළිය කැලි කසළ සහිත වී නම්, එය හැමැන්දයුතු.
Pali BJTසචෙ පානීයං න හොති පානීයං උපට්ඨපෙතබ්බං. සචෙ පරිභොජනීයං න හොති පරිභොජනීයං උපට්ඨපෙතබ්බං. සචෙ ආචමනකුම්භියා උදකං න හොති ආචමනකුම්භියා උදකං ආසිඤ්චිතබ්බං.
Sinhala BJTඉදින් බොන පැන් නො වේ නම්, එය එළවා තැබියැයුතු. ඉදින් පරිභෝග පැන් නො වේ නම්, එය එළවා තැබියැයුතු. ඉදින් මල දොවා හරනා දිය සඳහා ඇති කළයේ ජලය නො වේ නම්, එහි එය වත්කළයුතු.
Pali BJTඉදං ඛො භික්ඛවෙ ආගන්තුකානං භික්ඛූනං වත්තං යථා ආගන්තුකෙහි භික්ඛූහි වත්තිතබ්බන්ති.{1}
Sinhala BJTමහණෙනි, යම් සේ ආගන්තුකයන් විසින් පැවැත්වියැයුතු ද, මේ ඒ ආගන්තුක භික්‍ෂූන්ගේ වත යි.