Pali BJTපබ්බාජනීයකම්මෙ ධම්මකම්මද්වාදසකං නිට්ඨිතං.
Sinhala BJTපබ්බාජනීයකර්‍මයෙහි ධර්‍මකර්‍ම දොළොස නිමි.
Pali BJTආකඞ්ඛමානචුද්දසකං
Sinhala BJTආකඞ්ඛමාන චුද්දසකය
Pali BJT1. තීහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආකඞ්ඛමානො සඞ්ඝො පබ්බාජනීයකම්මං කරෙය්ය: භණ්ඩනකාරකො හොති කලහකාරකො විවාදකාරකො භස්සකාරකො සඞ්ඝෙ අධිකරණකාරකො, බාලො හොති අව්යත්තො ආපත්තිබහුලො අනපදානො, ගිහීසංසට්ඨො විහරති අනනුලොමිකෙහි ගිහීසංසග්ගෙහි. ඉමෙහි ඛො භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආකඞ්ඛමානො සඞ්ඝො පබ්බාජනීයකම්මං කරෙය්ය.
Sinhala BJT1. මහණෙනි, අඞ්ග තුණෙකින් සමන්‍විත මහණහට සංඝ තෙම කැමැති වන්නේ නම් පබ්බාජනීයකර්‍මය කරන්නේ ය: ඩබර කරන්නෙක්, කලහ කරන්නෙක්, විරුද්ධවාද කරන්නෙක්, වාක්කලහ කරන්නෙක්, සංඝයා විෂයෙහි අධිකරණ කරන්නෙක් වේ ද, අව්‍යක්ත වූ, ඇවැත් බහුල කොට ඇති, ඉමක් දැක්ක නොහැකි තරම් බොහෝ වූ ඇවැත් ඇති බාලයෙක් වේ ද; මහණුනට නොසුදුසු වූ ගෘහීසංසර්‍ගයෙන් ගිහින් හා එකට මුසු වූයේ වෙසේ ද, මහණෙනි, මේ අඞ්ග තුණෙකින් සමන්‍විත මහණහට සංඝ තෙම කැමැති වන්නේ නම් පබ්බාජනීයකර්‍මය කරන්නේ ය.
Pali BJT2. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආකඞ්ඛමානො සඞ්ඝො පබ්බාජනීයකම්මං කරෙය්ය: අධිසීලෙ සීලවිපන්නො හොති, අජ්ඣාචාරෙ ආචාරවිපන්නො හොති, අතිදිට්ඨියා දිට්ඨිවිපන්නො හොති. ඉමෙහි ඛො -පෙ-
Sinhala BJT2. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් සමන්‍විත මහණහට සංඝ තෙමේ කැමැති වන්නේ නම් පබ්බාජනීයකර්‍මය කරන්නේ ය: උත්තමශීලයෙහි ශීලවිපන්න වේ ද, උත්තමාචාරයෙහි ආචාරවිපන්න (නට ආචාර ඇත්තේ) වේ ද, උතුම් (සම්‍යග්) දෘෂ්ටියෙහි නටුවා වූ දිටු ඇත්තේ වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණින් සමන්‍විත මහණහට සංඝ තෙමේ කැමැති වන්නේ නම් පබ්බාජනීයකර්‍මය කරන්නේ ය.
Pali BJT3. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- බුද්ධස්ස අවණ්ණං භාසති, ධම්මස්ස අවණ්ණං භාසති, සඞ්ඝස්ස අවණ්ණං භාසති. ඉමෙහි ඛො -පෙ-
Sinhala BJT3. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් ... බුදුරුවන්හි අයුණු කියා ද, ධමුරුවන්හි අයුණු කියා ද, සඟුරුවන්හි අයුණු කියා ද, මේ අඞ්ග තුණින් සමන්‍විත මහණහට ...
Pali BJT4. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- කායිකෙන දවෙන සමන්නාගතො හොති, වාචසිකෙනදවෙන සමන්නාගතො හොති, කායිකවාචසිකෙන දවෙන සමන්නාගතො හොති, ඉමෙහි ඛො -පෙ-
Sinhala BJT4. මහණෙනි, අන්‍ය වූ ද කායික ක්‍රීඩායෙන් සමන්‍විත වේ ද, වාචසික ක්‍රීඩායෙන් සමන්‍විත වේ ද, කායික වාචසික ක්‍රීඩායෙන් සමන්‍විත වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණින් සමන්‍විත මහණහට ...
Pali BJT5. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- කායිකෙන අනාචාරෙන සමන්නාගතො හොති, වාචසිකෙන අනාචාරෙන සමන්නාගතො හොති, කායිකවාචසිකෙන අනාචාරෙන සමන්නාගතො හොති, ඉමෙහි ඛො -පෙ-
Sinhala BJT5. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් යුක්ත මහණහට ... කායික අනාචාරයෙන් යුක්ත වේ ද, වාචසික අනාචාරයෙන් යුක්ත වේ ද, කායික වාචසික අනාචාරයෙන් යුක්ත වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණින් යුක්ත මහණහට ...
Pali BJT6. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- කායිකෙන උපඝාතිකෙන සමන්නාගතො හොති, වාචසිකෙන උපඝාතිකෙන සමන්නාගතො හොති, කායිකවාචසිකෙන උපඝාතිකෙන සමන්නාගතො හොති, ඉමෙහි ඛො -පෙ-
Sinhala BJT6. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් යුක්ත මහණහට ... කාදොරෙහි පැණවූ සික පද කැඩීමෙන් යුත් වේ ද, විසිදොරෙහි පැණවූ සිකපද කැඩීමෙන් යුත් වේ ද, කාදොර විසිදොර දෙක්හි පැණැවූ සිකපද කැඩීමෙන් යුත් වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණින් සමන්‍විත මහණහට ...
Pali BJT7. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- කායිකෙන මිච්ඡාජීවෙන සමන්නාගතො හොති, වාචසිකෙන මිච්ඡාජීවෙන සමන්නාගතො හොති, කායිකවාචසිකෙන මිච්ඡාජීවෙන සමන්නාගතො හොති, ඉමෙහි ඛො භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො, ආකඞ්ඛමානො සඞ්ඝො පබ්බාජනීයකම්මං කරෙය්ය.
Sinhala BJT7. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් යුක්ත මහණහට ... කායික මිථ්‍යාජීවයෙන් යුක්ත වේ ද, වාචසික–මිථ්‍යාජීවයෙන් යුක්ත වේ ද, කායිකවාචසික මිථ්‍යාජීවයෙන් යුක්ත වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණින් සමන්‍විත මහණහට සංඝ තෙමේ කැමැති වන්නේ නම්, පබ්බාජනීයකර්‍මය කරන්නේ ය.
Pali BJT8. තිණ්ණං භික්ඛවෙ භික්ඛූනං ආකඞ්ඛමානො සඞ්ඝො පබ්බාජනීයකම්මං කරෙය්ය: එකො භණ්ඩනකාරකො හොති කලහකාරකො විවාදකාරකො භස්සකාරකො සඞ්ඝෙ අධිකරණකාරකො, එකො බාලො හොති අව්යත්තො ආපත්තිබහුලො අනපදානො, එකො ගිහීසංසට්ඨො විහරති අනනුලොමිකෙහි ගිහීසංසග්ගෙහි. ඉමෙසං ඛො භික්ඛවෙ තිණ්ණං භික්ඛූනං ආකඞ්ඛමානො සඞ්ඝො පබ්බාජනීයකම්මං කරෙය්ය.
Sinhala BJT8. මහණෙනි, සංඝ තෙමේ කැමැති වන්නේ නම්, මහණුන් තිදෙනකුන්හට පබ්බාජනීයකර්‍මය කරන්නේ ය: එකෙක් ඩබර කරන්නේ, කලහ කරන්නේ, විරුද්ධ වාද කරන්නේ, සඞ්ඝයා විෂයෙහි අධිකරණ කරන්නේ වේ ද, එකෙක් අව්‍යක්ත වූ, ඇවැත් බහුල කොටැති, ඉමක් දැක්ක නොහෙන තරම් බොහෝ ඇවැත් ඇති බාලයෙක් වේ ද, එකෙක් පැවිද්දනට නොසුදුසු ගෘහීසංසර්‍ගයෙන් ගිහීන් හා එකට මුසු වූයේ වෙසේ ද, මහණෙනි, සංඝ තෙමේ කැමැති වන්නේ නම්, මේ තුන් මහණුන්හට පබ්බාජනීයකර්‍මය කරන්නේ ය.
Pali BJT9. අපරෙසම්පි භික්ඛවෙ තිණ්ණං භික්ඛූනං ආකඞ්ඛමානො සඞ්ඝො පබ්බාජනීයකම්මං කරෙය්ය: එකො අධිසීලෙ සීලවිපන්නො හොති, එකො අජ්ඣාචාරෙ ආචාරවිපන්නො හොති, එකො අතිදිට්ඨියා දිට්ඨිවිපන්නො හොති -පෙ-
Sinhala BJT9. මහණෙනි, සංඝ තෙමේ කැමැති වන්නේ නම් අන්‍ය වූ ද මහණුන් තිදෙනකුන්හට පබ්බාජනීයකර්‍මය කරන්නේ ය: එකෙක් අධිශීලයෙහි ශීලවිපන්න වේ ද, එකෙක් උත්තමාචාරයෙහි ආචාරවිපන්න වේ ද, එකෙක් අතිදෘෂ්ටියෙහි දාෂ්ඨිවිපන්න වේ ද ...
Pali BJT10. අපරෙසම්පි -පෙ- එකො බුද්ධස්ස අවණ්ණං භාසති, එකො ධම්මස්ස අවණ්ණං භාසති, එකො සඞ්ඝස්ස අවණ්ණං භාසති. ඉමෙසං ඛො -පෙ-
Sinhala BJT10. මහණෙනි, අන්‍ය වූ ද මහණුන් තිදෙනකුන්හට ... එකෙක් බුදුරුවන්හි අයුණු කියා ද, එකෙක් ධමුරුවන්හි අයුණු කියා ද, එකෙක් සඟුරුවන්හි අයුණු කියා ද, මහණෙනි, මේ මහණුන් තිදෙනාට ...
Pali BJT11. අපරෙසම්පි -පෙ- එකො කායිකෙන දවෙන සමන්නාගතො හොති, එකො වාචසිකෙන දවෙන සමන්නාගතො හොති, එකො කායිකවාචසිකෙන දවෙන සමන්නාගතො හොති -පෙ-
Sinhala BJT11. මහණෙනි, අන්‍ය වූ ද මහණුන් තිදෙනකුන්හට ... එකෙක් කායික ද්වයෙන් යුත් වේ ද, එකෙක් වාචසික ද්වයෙන් යුත් වේ ද, එකෙක් කායික වාචසික ද්වයෙන් යුත් වේ ද, මහණෙනි, මේ මහණුන් තිදෙනාට ...
Pali BJT12. අපරෙසම්පි -පෙ- එකො කායිකෙන අනාචාරෙන සමන්නාගතො හොති, එකො වාචසිකෙන අනාචාරෙන සමන්නාගතො හොති, එකො කායිකවාචසිකෙන අනාචාරෙන සමන්නාගතො හොති -පෙ-
Sinhala BJT12. මහණෙනි, අන්‍ය වූ ද මහණුන් තිදෙනෙකුන් හට ... එකෙක් කායික අනාචාරයෙන් යුක්ත වේ ද, එකෙක් වාචසික අනාචාරයෙන් යුක්ත වේ ද, එකෙක් කායිකවාචසික අනාචාරයෙන් යුක්ත වේ ද ...
Pali BJT13. අපරෙසම්පි -පෙ- එකො කායිකෙන උපඝාතිකෙන සමන්නාගතො හොති, එකො වාචසිකෙන උපඝාතිකෙන සමන්නාගතො හොති, එකො කායිකවාචසිකෙන උපඝාතිකෙන සමන්නාගතො හොති -පෙ-
Sinhala BJT13. මහණෙනි, අන්‍ය වූ ද මහණුන් තිදෙනෙකුන්හට ... එකෙක් කායද්වාරයෙහි පැණැවූ සිකපද කැඩීමෙන් යුත් වේ ද, එකෙක් වාග්ද්වාරයෙහි පැණවූ සිකපද කැඩීමෙන් යුත් වේ ද, එකෙක් කායවාග්දවාර දෙක්හි පැණවූ සිකපද කැඩීමෙන් යුත් වේ ද ...
Pali BJT14. අපරෙසම්පි -පෙ- එකො කායිකෙන මිච්ඡාජීවෙන සමන්නාගතො හොති, එකො වාචසිකෙන මිච්ඡාජීවෙන සමන්නාගතො හොති, එකො කායිකවාචසිකෙන මිච්ඡාජීවෙන සමන්නාගතො හොති. ඉමෙසං ඛො භික්ඛවෙ තිණ්ණං භික්ඛූනං ආකඞ්ඛමානො සඞ්ඝො, පබ්බාජනීයකම්මං කරෙය්ය.
Sinhala BJT14. මහණෙනි, අන්‍ය වූ ද මහණුන් තිදෙනෙකුන්හට ... එකෙක් කායික මිථ්‍යාජීවයෙන් යුක්ත වේ ද, එකෙක් වාචසික මිථ්‍යාජීවයෙන් යුක්ත වේ ද, එකෙක් කායිකවාචසික මිථ්‍යාජීවයෙන් යුක්ත වේ ද, මහණෙනි, සංඝ තෙමේ කැමැති වන්නේ නම්, මේ මහණුන් තිදෙනාට පබ්බාජනීයකර්‍මය කරන්නේ ය.
Pali BJTපබ්බාජනීයකම්මෙ ආකඞ්ඛමාන චුද්දසකං නිට්ඨිතං.
Sinhala BJTපබ්බාජනීයකර්‍මයෙහි ආකඞ්ඛමාන චතුර්‍දශකය නිමි.
Pali BJTඅට්ඨාරසවත්තං
Sinhala BJTඅටළොස් වත
Pali BJT1-18. පබ්බාජනීය කම්මකතෙන භික්ඛවෙ භික්ඛුනා සම්මා වත්තිතබ්බං. තත්රායං සම්මා වත්තනා: න උපසම්පාදෙතබ්බං, න නිස්සයො දාතබ්බො -පෙ-{*} න භික්ඛූහි සම්පයොජෙතබ්බන්ති.
Sinhala BJT1–18. මහණෙනි, පබ්බාජනීයකර්‍මය කරණු ලැබූ මහණහු විසින් මැනැවින් පැවැතිය යුතු යි. එහි මේ මැනැවින් පවත්නා අයුරු යි: තමා උපාධ්‍යාය ව උපසපන් නො කළ යුතු යි, නිස නො දිය යුතු යි … {*}මහණහු උනුනුන් කලහයෙහි නො යෙදිය යුතුයි.
Pali BJTපබ්බාජනීයකම්මෙ අට්ඨාරස වත්තං නිට්ඨිතං.
Sinhala BJTපබ්බාජනීයකර්‍මයෙහි අටොළොස් වත නිමියේ ය.
Pali BJTන පටිප්පස්සම්භෙතබ්බ අට්ඨාරසකං
Sinhala BJTනපටිප්පස්සම්හෙතබ්බඅට්ඨාරසකය
Pali BJT1. අථ ඛො සාරිපුත්තමොග්ගල්ලානපමුඛො භික්ඛුසඞ්ඝො කීටාගිරිං ගන්ත්වා අස්සජිපුනබ්බසුකානං භික්ඛූනං කීටාගිරිස්මා පබ්බාජනීයකම්මං අකාසි: ‘න අස්සජිපුනබ්බසුකෙහි භික්ඛූහි කීටාගිරිස්මිං වත්ථබ්බ’න්ති. තෙ සඞ්ඝෙන පබ්බාජනීයකම්මකතා න සම්මා වත්තන්ති, න ලොමං පාතෙන්ති, න නෙත්ථාරං වත්තන්ති, භික්ඛූ න ඛමාපෙන්ති, අක්කොසන්ති, පරිභාසන්ති, ඡන්දගාමිතා දොසගාමිතා මොහගාමිතා භයගාමිතා පාපෙන්තිපි, පක්කමන්තිපි, විබ්භමන්තිපි. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති:
Sinhala BJT1. ඉක්බිති සැරියුත් මුගලන් දෙනම පුමුඛ කොටැති භික්‍ෂුසංඝ තෙම කීටාගිරියට වැඩ, ‘අස්සජි පුනබ්බසුක මහණුන් කීටාගිරියෙහි නො විසිය යුතු ය’ යි අස්සජීපුනබ්බසුක භික්‍ෂූන් කීටාගිරියෙන් නෙරපීම පිළිබඳ විනයකර්‍මය කෙළේ ය. සංඝයා විසින් පබ්බාජනීයකර්‍මය කරණු ලැබූ ඔහු අටළොස් වත්හි මනා ව නො පවතිත්. අවනත ව නො පවතිත්. නිස්තරණ වත අනුව නො පවතිත්. භික්‍ෂූන් නො කමවත්. කාරක සංඝයාට ආක්‍රෝශ කෙරෙත්. පරිභව කෙරෙත්. ඡන්‍දයෙන් අගතියට ගිය බවට, ද්වේෂයෙන් අගතියට ගිය බවට, මෝහයෙන් අගතියට ගිය බවට, භයින් අගතියට ගිය බවට පමුණුවත්, (භික්‍ෂූන් සතර අගතියෙන් ක්‍රියා කළ බව කියත්.) ඒ ඒ දිශාවට (බැහැර) යත්. සිවුරු හැර ද යත්. යම් ඒ භික්‍ෂූහු ඉච්ඡා නැත්තෝ ද ... ඒ භික්‍ෂූහු (අස්සජි පුනබ්බසුක භික්‍ෂූන්ගේ ක්‍රියා) ලාමක කොට සිතත්, අගුණ කියත්, අගුණ පතුරුවත්:
Pali BJT“කථං හි නාම අස්සජිපුනබ්බසුකා භික්ඛූ සඞ්ඝෙන පබ්බාජනීයකම්මකතා න සම්මා වත්තිස්සන්ති, න ලොමං පාතෙස්සන්ති, න නෙත්ථාරං වත්තිස්සන්ති, භික්ඛූ න ඛමාපෙස්සන්ති, අක්කොසිස්සන්ති, පරිභාසිස්සන්ති, ඡන්දගාමිතා දොසගාමිතා මොහගාමිතා භයගාමිතා පාපෙස්සන්ති, පක්කමිස්සන්තිපි, විබ්භමිස්සන්තිපීති.
Sinhala BJT“කෙසේ නම් අස්සජී පුනබ්බසුක භික්‍ෂූහු සංඝයා විසින් පබ්බාජනීයකර්‍මය කරණු ලැබුවාහු යහපත් ලෙස නො පවතිත් ද, භික්‍ෂූන්ට අනුව නො යෙත් ද, නිස්තරණ වත්හි නො පිහිටත් ද, භික්‍ෂූන් කමා නො කරවත් ද, භික්‍ෂූන්හට ආක්‍රෝශ කරත් ද, නින්‍දා පෙරදැරි දෝෂාරෝපණ කරත් ද, ඡන්‍දයෙන් අගතියට ගිය බවට, ද්වේෂයෙන් අගතියට ගිය බවට, මෝහයෙන් අගතියට ගිය බවට, භයෙන් අගතියට ගිය බවට, පමුණුවත් ද, ඒ ඒ දිශාවන්ට පැන යත් ද, සිවුරු හැර යත් ද” කියා යි.
Pali BJTඅථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැළ කළහ.
Pali BJT2. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා භික්ඛූ පටිපුච්ඡි. “සච්චං කිර භික්ඛවෙ අස්සජිපුනබ්බසුකා භික්ඛූ සඞ්ඝෙන පබ්බාජනීයකම්මකතා න සම්මා වත්තන්ති -පෙ- විබ්භමිස්සන්තී”ති. සච්චං භගවා ති. විගරහි බුද්ධො භගවා -පෙ-{*} විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: තෙන හි භික්ඛවෙ සඞ්ඝො පබ්බාජනීයකම්මං න පටිප්පස්සම්භෙතු.
Sinhala BJT2. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි භික්‍ෂු සංඝයා රැස් කරවා, “සැබෑ ද මහණෙනි, සංඝයා විසින් පබ්බාජනීය කර්‍මය කරණු ලැබූ අස්සජි පුනබ්බසුක භික්‍ෂූහු යහපත් සේ නො පවතිත් ද?... සිවුරු හැර යත් දැ?” යි විචාළ සේක. ඔහු “භාග්‍යවතුන් වහන්ස, සැබෑ යැ” යි කීහ. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ ගැරැහු සේක: ...{*} ගරහා, දැහැමි කථා පවත්වා භික්‍ෂූන් ඇමතූ සේක: “එසේ නම් මහණෙනි, සංඝ තෙමේ පබ්බාජනීය කර්‍මය නො සංසිඳුවා වා” යී වදාළ සේක.
Pali BJT3. පඤ්චහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො පබ්බාජනීයකම්මං න පටිප්පස්සම්භෙතබ්බං: උපසම්පාදෙති, නිස්සයං දෙති, සාමණෙරං උපට්ඨාපෙති, භික්ඛුනොවාදකසම්මුතිං සාදියති, සම්මතොපි භික්ඛුනියො ඔවදති. ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො පබ්බාජනීයකම්මං න පටිප්පස්සම්භෙතබ්බං.
Sinhala BJT3. ‘මහණෙනි, අංග පසෙකින් යුක්ත භික්‍ෂූහුගේ පබ්බාජනීය කර්‍මය නො සංහිඳුවිය යුතු යි. (නො නැවැත්විය යුතු යි.) තෙමේ උපාධ්‍යාය ව උපසම්පදා කරයි ද, නිස දෙයි ද, හෙරණකු ලවා උවටන් කරවා ගණි ද, මෙහෙණනට ඔවා දීමේ සම්මතිය ඉවසයි ද, සම්මතිය ලදුයේත් මෙහෙණින්ට ඔවා දෙයි ද, මහණෙනි, මේ පසඟින් යුතු මහණහුගේ පබ්බාජනීය කර්‍මය නො සංහිඳුවිය යුතු යි.
Pali BJT4. අපරෙහිපි භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො පබ්බාජනීයකම්මං න පටිප්පස්සම්භෙතබ්බං: යාය ආපත්තියා සඞ්ඝෙන පබ්බාජනීයකම්මං කතං හොති තං ආපත්තිං ආපජ්ජති, අඤ්ඤං වා තාදිසිකං, තතො වා පාපිට්ඨතරං, කම්මං ගරහති, කම්මිකෙ ගරහති. ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො පබ්බාජනීයකම්මං න පටිප්පස්සම්භෙතබ්බං.
Sinhala BJT4. මහණෙනි, අන්‍ය වූ ද පසඟකින් යුතු මහණහුගේ පබ්බාජනීය කර්‍මය නො ම සංහිඳුවිය යුතු ය: යම් ඇවැතකට සංඝයා විසින් පබ්බාජනීය කර්‍මය කරණ ලද්දේ, ඒ ඇවැතට පැමිණේ ද, එවැනි අන් ඇවැතකට හෝ පැමිණේ ද, එයටත් වඩා ලාමක ඇවැතකට හෝ පැමිණේ ද, කළ කර්‍මයට ගරහයි ද, කාරක සංඝයාට ගරහයි ද, මහණෙනි, මේ පසඟින් යුතු මහණහුගේ පබ්බාජනීය කර්‍මය නො සංහිඳුවිය යුතු යි.
Pali BJT5. අට්ඨහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො පබ්බාජනීයකම්මං න පටිප්පස්සම්භෙතබ්බං, පකතත්තස්ස භික්ඛුනො උපොසථං ඨපෙති, පවාරණං ඨපෙති, සවචනීයං කරොති, අනුවාදං පට්ඨපෙති, ඔකාසං කාරෙති, චොදෙති, සාරෙති, භික්ඛූහි සම්පයොජෙති. ඉමෙහි ඛො භික්ඛවෙ අට්ඨහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො පබ්බාජනීයකම්මං න පටිප්පස්සම්භෙතබ්බං.
Sinhala BJT5. මහණෙනි, අංග අටකින් යුතු මහණහුගේ පබ්බාජනීය කර්‍මය නො සංහිඳුවිය යුතු යි: පුවතත් මහණහුගේ පොහොය තබයි ද, පවුරුණු තබයි ද, සවචනීය කම් කරයි ද, වෙහෙරෙහි දෙටු තැන් දරයි ද, චෝදනාවට අවසර ගැණීම කරයි ද, චෝදනා කරයි ද, ඇවැත් සිහිපත් කරවයි ද, භික්‍ෂූන් හා කලහ පිණිස යෙදෙයි ද, මහණෙනි, “මේ අටඟින් යුතු මහණහුගේ පබ්බාජනීය කර්‍මය නො සංහිඳුවිය යුතු යි.
Pali BJTපබ්බාජනීයකම්මෙ න පටිප්පස්සම්භෙතබ්බ අට්ඨාරසකං නිට්ඨිතං.
Sinhala BJTපබ්බාජනීය කර්‍මයෙහි නො සංහිඳුවිය යුතු අංග අටොළොස නිමි.
Pali BJTපටිප්පස්සම්භෙතබ්බ අට්ඨාරසකං
Sinhala BJTසංහිඳුවිය යුතු අංග අටොළොස
Pali BJT1. පඤ්චහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො පබ්බාජනීයකම්මං පටිප්පස්සම්භෙතබ්බං: න උපසම්පාදෙති, න නිස්සයං දෙති, න සාමණෙරං උපට්ඨාපෙති, න භික්ඛුනොවාදකසම්මුතිං සාදියති, සම්මතොපි භික්ඛුනියො න ඔවදති; ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො පබ්බාජනීයකම්මං පටිප්පස්සම්භෙතබ්බං.
Sinhala BJT1. “මහණෙනි, අංග පසකින් යුක්ත මහණහුගේ පබ්බාජනීය කර්‍මය සංහිඳුවිය යුතු යි. (ඒ පසඟ නම්) තමන් උපාධ්‍යාය ව උපසම්පදා නො කරයි ද, නිස නො දෙයි ද. හෙරණ ලවා උවටන් නො ගණී ද, මෙහෙණිනට අවවාද දීමේ සම්මතිය නො ඉවසයි ද, සම්මතිය ලදු වත් මෙහෙණිනට ඔවා නො දෙයි ද, මහණෙනි, මේ පසඟින් යුත් මහණහුගේ පබ්බාජනීය කර්‍මය සංහිඳුවිය යුතු ය.
Pali BJT2. අපරෙහිපි භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො පබ්බාජනීයකම්මං පටිප්පස්සම්භෙතබ්බං. යාය ආපත්තියා සඞ්ඝෙන පබ්බාජනීයකම්මං කතං හොති තං ආපත්තිං න ආපජ්ජති, අඤ්ඤං වා තාදිසිකං, තතො වා පාපිට්ඨතරං, කම්මං න ගරහති, කම්මිකෙ න ගරහති. – ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො පබ්බාජනීයකම්මං පටිප්පස්සම්භෙතබ්බං.
Sinhala BJT2. මහණෙනි, අන්‍ය වූ ද පංච අඞ්ගයකින් යුක්ත මහණහුගේ පබ්බාජනීය කර්‍මය සංහිඳුවිය යුතු යි. සංඝයා විසින් යම් ඇවැතකට පබ්බාජනීය කර්‍මය කරණ ලද්දේ වේ ද, ඒ ඇවැතට නො පැමිණෙයි ද, එ වැනි අන් ඇවැතකට හෝ නොපැමිණේ ද, එයටත් වඩා ලාමක ඇවැතකට හෝ නො පැමිණේ ද, සඞ්ඝයා කළ කර්‍මයට නො ගරහයි ද, කාරක සංඝයාට නො ගරහයි ද, මහණෙනි, මේ පසඟින් යුතු මහණහුගේ පබ්බාජනීය කර්‍මය සංහිඳුවිය යුතු යි.
Pali BJT3. අට්ඨහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො පබ්බාජනීයකම්මං පටිප්පස්සම්භෙතබ්බං: න පකතත්තස්ස භික්ඛුනො උපොසථං ඨපෙති, න පවාරණං ඨපෙති, න සවචනීයං කරොති, න අනුවාදං පට්ඨපෙති, න ඔකාසං කාරෙති, න චොදෙති, න සාරෙති, න භික්ඛූහි සම්පයොජෙති. ඉමෙහි ඛො භික්ඛවෙ අට්ඨහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො පබ්බාජනීයකම්මං පටිප්පස්සම්භෙතබ්බං.
Sinhala BJT3. මහණෙනි, අංග අටකින් යුත් මහණහුගේ පබ්බාජනීය කර්‍මය සංහිඳුවිය යුතු යි. පුවතත් මහණහුගේ පොහොය නො තබයි ද, පවුරුණු නො තබයි ද, සවචනීය කර්‍ම නො කරයි ද, විහාරයෙහි දෙටු තැන නො සිටියි ද, අවසර ගැණීම නො කරවයි ද, ඇවැත් සිහි පත් නො කරවයි ද, භික්‍ෂූන් ලවා කලහ නො කරවයි ද, මහණෙනි, මේ අටඟින් යුතු මහණහුගේ පබ්බාජනීයකර්‍මය සංහිඳුවිය යුතු යි.
Pali BJTපබ්බාජනීයකම්මෙ පටිප්පස්සම්භෙතබ්බ අට්ඨාරසකං නිට්ඨිතං.
Sinhala BJTපබ්බාජනීය කර්‍මයෙහි සංහිඳුවිය යුතු අංග අටොළොස නිමි.
Pali BJT1. එවඤ්ච පන භික්ඛවෙ පටිප්පස්සම්භෙතබ්බං: තෙන භික්ඛවෙ පබ්බාජනීයකම්මකතෙන භික්ඛුනා සඞ්ඝං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා බුඩ්ඪානං භික්ඛූනං පාදෙ වන්දිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා එවමස්ස වචනීයො:
Sinhala BJT1. මහණෙනි, පබ්බාජනීය කර්‍මය මෙසේ සංහිඳුවිය යුතු ය: මහණෙනි, ඒ පබ්බාජනීය කර්‍මය කරණු ලැබූ මහණ විසින් සංඝයා වෙත එළඹ උතුරුසඟ ඒකාංශ කොට පෙරෙවැ වැඩිමහලු භික්‍ෂූන්ගේ පාදයන් වැඳ උත්කුටුක ව හිඳ ඇඳිලි බැඳ මෙසේ කිව යුත්තේ ය:
Pali BJT“අහං භන්තෙ සඞ්ඝෙන පබ්බාජනීයකම්මකතො සම්මා වත්තාමි, ලොමං පාතෙමි, නෙත්ථාරං වත්තාමි, පබ්බාජනීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධිං යාචාමී”ති. දුතියම්පි යාචිතබ්බා, තතියම්පි යාචිතබ්බා.
Sinhala BJT“ස්වාමීනි, මම සංඝයා විසින් පබ්බාජනීය කර්‍මය කරණු ලැබූයෙම් මැනැවින් පවතිමි. භික්‍ෂූන්හට අනුලොම් ව පවතිමි. නිස්තරණ වතට අනුව පවතිමි. පබ්බාජනීය කර්‍මයාගේ සංහිඳුවීම යදිමි”යි. දෙවනුත් යැදිය යුතු ය. තෙවනුත් යැදිය යුතු යි.
Pali BJTව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
Sinhala BJTසමත් වූ ව්‍යක්ත භික්‍ෂුනමක් විසින් සංඝ තෙමේ දැන්විය යුතු යි:
Pali BJT“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො: අයං ඉත්ථන්නාමො භික්ඛු සඞ්ඝෙන පබ්බාජනීයකම්මකතො සම්මා වත්තති, ලොමං පාතෙති, නෙත්ථාරං වත්තති, පබ්බාජනීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධිං යාචති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො ඉත්ථන්නාමස්ස භික්ඛුනො පබ්බාජනීයකම්මං පටිප්පස්සම්භෙය්ය. එසා ඤත්ති.
Sinhala BJT‘ස්වාමීනි, සංඝ තෙමේ මාගේ වචනය අසා වා. මෙ නම් ඇති මේ භික්‍ෂු තෙමේ සංඝයා විසින් පබ්බාජනීය කර්‍මය කරණු ලැබුයේ යහපත් ලෙස පවතියි. භික්‍ෂූන් අනුව පවතියි. අටළොස් නිස්තරණ වතෙහි පවතියි. පබ්බාජනීය කර්‍මයාගේ සංහිඳුවීම (නැවැත්වීම) යදියි. ඉදින් සංඝයාට පැමිණි කල් ඇත්තේ නම් සඞ්ඝ තෙමේ මෙ නම් ඇති භික්‍ෂුහුගේ පබ්බාජනීය කර්‍මය සංසිඳුවා. මේ ඤත්තිය යි.
Pali BJT“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො: අයං ඉත්ථන්නාමො භික්ඛු සඞ්ඝෙන පබ්බාජනීයකම්මකතො සම්මා වත්තති, ලොමං පාතෙති, නෙත්ථාරං වත්තති, පබ්බාජනීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධිං යාචති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො ඉත්ථන්නාමස්ස භික්ඛුනො පබ්බාජනීයකම්මං පටිප්පස්සම්භෙය්ය.
Sinhala BJT“ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. මෙ නම් ඇති මේ භික්‍ෂු තෙමේ සඞ්ඝයා විසින් පබ්බාජනීයකර්‍මය කරණු ලැබුයේ යහපත් ලෙස පවතියි. භික්‍ෂූන් අනුව පවතියි. අටළොස් නිස්තරණ වතෙහි පවතියි. පබ්බාජනීයකර්‍මයාගේ සංහිඳුවීම (නැවැත්වීම්) යදියි. ඉදින් සඞ්ඝයාහට පැමිණි කල් ඇත්තේ නම් සඞ්ඝ තෙමේ මෙ නම් ඇති මහණහුගේ පබ්බාජනීයකර්‍මය සංහිඳුවන්නේය.
Pali BJT“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො: අයං ඉත්ථන්නාමො භික්ඛු සඞ්ඝෙන පබ්බාජනීයකම්මකතො සම්මා වත්තති, ලොමං පාතෙති, නෙත්ථාරං වත්තති, පබ්බාජනීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධිං යාචති. සඞ්ඝො ඉත්ථන්නාමස්ස භික්ඛුනො පබ්බාජනීයකම්මං පටිප්පස්සම්භෙති. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස භික්ඛුනො පබ්බාජනීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධි, සො තුණ්හස්ස; යස්ස නක්ඛමති, සො භාසෙය්ය.
Sinhala BJTස්වාමීනි, සංඝ තෙමේ මාගේ වචනය අසා වා: මෙ නම් ඇති භික්‍ෂු තෙමේ සංඝයා විසින් පබ්බාජනීය කර්‍මය කරණ ලද්දේ මනාසේ පවතියි. භික්‍ෂූන් අනුව පවතියි. අටළොස් නිස්තරණ වතට අනුව පවතියි. පබ්බාජනීය කර්‍මයාගේ සංහිඳුවීම යදියි. සංඝ තෙමේ මෙ නම් ඇති භික්‍ෂුහුගේ පබ්බාජනීයකර්‍මය සංහිඳුවයි. මෙ නම් ඇති භික්‍ෂුහු පිළිබඳ පබ්බාජනීය කර්‍මයාගේ සංහිඳුවීම යම් ආයුෂ්මතකුට රුචි වේ නම් හෙ තෙම නිශ්ශබ්ද වේවා. යමකුට රුචි නො වේ නම් හෙ තෙම කියාවා.
Pali BJT“දුතියම්පි එතමත්ථං වදාමි -පෙ- තතියම්පි එතමත්ථං වදාමි. සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අයං ඉත්ථන්නාමො භික්ඛු සඞ්ඝෙන පබ්බාජනීයකම්මකතො සම්මා වත්තති, ලොමං පාතෙති, නෙත්ථාරං වත්තති, පබ්බාජනීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධිං යාචති. සඞ්ඝො ඉත්ථන්නාමස්ස භික්ඛුනො පබ්බාජනීයකම්මං පටිප්පස්සම්භෙති. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස භික්ඛුනො පබ්බාජනීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධි, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය.
Sinhala BJTදෙවෙනු වත් මේ කාරණය කියමි: –පෙ– තෙවෙනු වත් මේ කාරණය කියමි: ස්වාමීනි, සංඝ තෙමේ මාගේ වචනය අසා වා. මෙ නම් ඇති මේ භික්‍ෂු තෙමේ සංඝයා විසින් පබ්බාජනීය කර්‍මය කරණු ලැබූයේ මැනැවින් පවතියි. භික්‍ෂූන් අනුව පවතියි. අටොළොස් නිස්තරණ වතට අනුව පවතියි. පබ්බාජනීය කර්‍මයාගේ සංහිඳුවීම යදියි. සංඝ තෙමේ මෙ නම් ඇති භික්‍ෂුහුගේ පබ්බාජනීය කර්‍මය සංහිඳුවයි. මෙ නම් ඇති භික්‍ෂුහු පිළිබඳ පබ්බාජනීය කර්‍මයාගේ සංහිඳුවීම යම් ආයුෂ්මතකුහට රුචි වේ නම් හෙ තෙම නිශ්ශබ්ද වේ වා. යමකුට රුචි නො වේ නම් හෙ තෙම කියාවා.
Pali BJT“පටිප්පස්සද්ධං සඞ්ඝෙන ඉත්ථන්නාමස්ස භික්ඛුනො පබ්බාජනීයකම්මං. ඛමති සඞ්ඝස්ස, තස්මා තුණ්හී, එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJTසංඝයා විසින් මෙ නම් ඇති මහණහුගේ පබ්බාජනීයකර්‍මය සංහිඳුවන ලදී. (එය) සංඝයාට අභිමත යි. එ හෙයින් නිශ්ශබ්ද යි. මේ කාරණය මෙසේ දරමි.”
Pali BJTපබ්බාජනීයකම්මං නිට්ඨිතං තතියං.
Sinhala BJTතෙවැනි වූ පබ්බාජනීයකර්‍මය නිමියේ ය.
Pali BJT4. පටිසාරණීයකම්මං
Sinhala BJT4. පටිසාරණීයකර්‍මය
Pali BJT1. තෙන ඛො පන සමයෙන ආයස්මා සුධම්මො මච්ඡිකාසණ්ඩෙ චිත්තස්ස ගහපතිනො ආවාසිකො හොති, නවකම්මිකො ධුවභත්තිකො. යදා චිත්තො ගහපති සඞ්ඝං වා ගණං වා පුග්ගලං වා නිමන්තෙතුකාමො හොති, තදා න ආයස්මන්තං සුධම්මං අනපලොකෙත්වා සඞ්ඝං වා ගණං වා පුග්ගලං වා නිමන්තෙති.
Sinhala BJT1. එ සමයෙහි ආයුෂ්මත් සුධර්‍ම නම් ස්ථවිර තෙම මච්ජිකාසණ්ඩ නම් නුවර චිත්ත නම් ගැහැවිහුගේ ආවාසයෙහි වසන්නේ නවකම්හි යෙදුනේ නිති බත් ලබන්නේ වේ. යම් කලෙක චිත්ත ගැහැවි තෙම සඞ්ඝයා හෝ ගණයා හෝ පුද්ගලයකු හෝ පවරණු කැමැති වේ ද, එ කල්හි ආයුෂ්මත් සුධර්‍ම ස්ථවිරයන් නොවිචාරා සංඝයා හෝ ගණයා හෝ පුද්ගලයකු හෝ නො පවරයි. නො කැඳවයි (නො අමතයි).
Pali BJT2. තෙන ඛො පන සමයෙන සම්බහුලා ථෙරා භික්ඛූ - ආයස්මා ච සාරිපුත්තො ආයස්මා ච මහාමොග්ගල්ලානො ආයස්මා ච මහාකච්චානො ආයස්මා ච මහාකොට්ඨිතො ආයස්මා ච මහාකප්පිනො ආයස්මා ච මහාචුන්දො ආයස්මා ච අනුරුද්ධො ආයස්මා ච රෙවතො ආයස්මා ච උපාලි ආයස්මා ච ආනන්දො ආයස්මා ච රාහුලො කාසීසු චාරිකං චරමානා යෙන මච්ඡිකාසණ්ඩො තදවසරිංසු.
Sinhala BJT2. එ සමයෙහි බොහෝ ස්ථවිර භික්‍ෂූහු (එ නම්) – ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවෝ ද, ආයුෂ්මත් මහාමොග්ගල්ලාන තෙරණුවෝ ද, ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවෝ ද, ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ද, ආයුෂ්මත් මහාකප්පින තෙරණුවෝ ද, ආයුෂ්මත් මහාචුන්‍ද තෙරණුවෝ ද, ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ ද, ආයුෂ්මත් රේවත තෙරණුවෝ ද, ආයුෂ්මත් උපාලි තෙරණුවෝ ද, ආයුෂ්මත් අනඳ තෙරණුවෝ ද, ආයුෂ්මත් රාහුල තෙරණුවෝ ද කසීරට සැරි සරන්නාහු මච්ජිකාසණ්ඩ නම් නුවරට පැමිණියහ.
Pali BJT3. අස්සොසි ඛො චිත්තො ගහපති ‘ථෙරා කිර භික්ඛූ මච්ඡිකාසණ්ඩං අනුප්පත්තා’ති. අථ ඛො චිත්තො ගහපති යෙන ථෙරා භික්ඛූ තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ථෙරෙ භික්ඛූ අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො චිත්තං ගහපතිං ආයස්මා සාරිපුත්තො ධම්මියා කථාය සන්දස්සෙසි සමාදපෙසි සමුත්තෙජෙසි සම්පහංසෙසි. අථ ඛො චිත්තො ගහපති ආයස්මතා සාරිපුත්තෙන ධම්මියා කථාය සන්දස්සිතො සමාදපිතො සමුත්තෙජිතො සම්පහංසිතො ථෙරෙ භික්ඛූ එතදවොච: අධිවාසෙන්තු මෙ භන්තෙ ථෙරා ස්වාතනාය ආගන්තුකභත්තන්ති. අධිවාසෙසුං ඛො ථෙරා භික්ඛූ තුණ්හීභාවෙන.
Sinhala BJT3. චිත්ත ගෘහපති තෙමේ ‘ස්ථවිරභික්‍ෂූහු මච්ජිකසණ්ඩනගරයට පැමිණියාහු ලැ’ යි ඇසී ය. ඉක්බිති චිත්ත ගෘහපති තෙමේ ස්ථවිර භික්‍ෂූන් කරා එළැඹියේ ය. එළැඹ ඔවුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් චිත්ත ගෘහපතිහට ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවෝ දැහැමි කථායෙන් කරුණු දැක්වූහ. කුශලධර්‍මයෙහි සමාදන් කරවූහ. තෙද ගැන්වූහ. (කුසල් දහම් වැඩීමෙහි) මනා ව සතුටු කළහ. ඉක්බිති චිත්ත ගෘහපති තෙමේ ආයුෂ්මත් සාරිපුත්ත ස්ථවිරයන් විසින් දැහැමි කථාවෙන් දෙලෝ වැඩ දක්වන ලද්දේ, කුසල්දහම්හි සමාදන් කරවන ලද්දේ, තෙද ගන්වන ලද්දේ (උත්සාහී කරණ ලද්දේ), මනා ව සතුටු කරණු ලැබුයේ ස්ථවිර භික්‍ෂූනට මෙසේ සැළ කළේය: “ස්වාමීනි, ස්ථවිරවරුන් වහන්සේ හෙට දවසට මාගේ ආගන්තුක බත ඉවසන සේක්වා” යි. ස්ථවිරභික්‍ෂූහු නිශ්ශබ්ද භාවයෙන් ඉවැසූහ.
Pali BJT4. අථ ඛො චිත්තො ගහපති ථෙරානං භික්ඛූනං අධිවාසනං විදිත්වා උට්ඨායාසනා ථෙරෙ භික්ඛූ අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා යෙනායස්මා සුධම්මො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා ආයස්මන්තං සුධම්මං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො චිත්තො ගහපති ආයස්මන්තං සුධම්මං එතදවොච: අධිවාසෙතු මෙ භන්තෙ අය්යො සුධම්මො ස්වාතනාය භත්තං සද්ධිං ථෙරෙහීති.
Sinhala BJT4. ඉක්බිති චිත්ත ගෘහපති තෙම ස්ථවිර භික්‍ෂූන්ගේ ඉවැසීම දැන (අයැදුම පිළිගත් බව දැන) හුනස්නෙන් නැගිට ස්ථවිරභික්‍ෂූන් වැඳ පැදකුණු කොට ආයුෂ්මත් සුධර්‍ම තෙරුන් කරා එළඹ උන්වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි චිත්ත ගැහැවි තෙම ආයුෂ්මත් සුධර්‍ම ස්ථවිරයන් අමතා, “ස්වාමීනි, සුධර්‍ම ආර්‍ය්‍යයන් වහන්සේ සෙට දවස මාගේ බත ස්ථවිරභික්‍ෂූන් සමග ඉවසන සේක් වා” යි කී ය.
Pali BJT5. අථ ඛො ආයස්මා සුධම්මො “පුබ්බෙ ඛ්වායං චිත්තො ගහපති යදා සඞ්ඝං වා ගණං වා පුග්ගලං වා නිමන්තෙතුකාමො න මං අනපලොකෙත්වා සඞ්ඝං වා ගණං වා පුග්ගලං වා නිමන්තෙති. සො’දානි මං අනපලොකෙත්වා ථෙරෙ භික්ඛූ නිමන්තෙසි. දුට්ඨො’දානායං චිත්තො ගහපති අනපෙඛො විරත්තරූපො මයී”ති චිත්තං ගහපතිං එතදවොච: ‘අලං ගහපති, න අධිවාසෙමී’ති. දුතියම්පි ඛො -පෙ- තතියම්පි ඛො චිත්තො ගහපති ආයස්මන්තං සුධම්මං එතදවොච: අධිවාසෙතු මෙ භන්තෙ අය්යො සුධම්මො ස්වාතනාය භත්තං සද්ධිං ථෙරෙහීති. ‘අලං ගහපති, න අධිවාසෙමී’ති. අථ ඛො චිත්තො ගහපති ‘කිං මෙ කරිස්සති අය්යො සුධම්මො අධිවාසෙන්තො වා අනධිවාසෙන්තො වා’ති ආයස්මන්තං සුධම්මං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
Sinhala BJT5. ඉක්බිති ආයුෂ්මත් සුධර්‍ම ස්ථවිර තෙම “මේ චිත්ත ගෘහපතියා පෙර යම් දිනක සංඝයා හෝ ගණයා හෝ පුද්ගලයකු හෝ නිමතනු කැමැත්තේ නම්, එ කල මා නො විචාරා සංඝයා හෝ ගණයා හෝ පුද්ගලයකු හෝ නො පවරයි. එහෙත් හෙතෙම දැන් මා නො විචාරා ස්ථවිර භික්‍ෂූන් පැවැරී ය. මේ චිත්ත ගහපති තෙම දැන් මා කෙරෙහි දූෂිත සිතැත්තේ වන, බලාපොරොත්තු නැත්තේ වන, මා කෙරෙහි කලකිරුණේ වනැ” යි සිතී ය. සිතා චිත්ත ගෘහපතිහට ‘ගෘහපතිය, කම් නැත, නො ඉවසමි’ යි කී ය. දෙවනුත් ... තෙවනුත් චිත්ත ගෘහපති තෙම සුධර්‍ම ස්ථවිරයනට “ස්වාමීනි, සුධර්‍ම ආර්‍ය්‍යයන් වහන්සේ හෙට දවස පිණිස මාගේ බත ස්ථවිර වරුන් වහන්සේ සමග ඉවසන සේක් වා” යි කී ය. ‘ගෘහපතිය, කම් නැත, නො ඉවසමි’ යි සුධර්‍ම තෙර කී ය. ඉක්බිති චිත්ත ගෘහපති තෙම ‘ආර්‍ය්‍ය සුධර්‍ම තෙමේ ඉවසන්නේ හෝ නොඉවසන්නේ හෝ මට කුමක් කරන්නේ දැ’ යි ආයුෂ්මත් සුධර්‍ම ස්ථවිරයන් වැඳ පැදැකුණු කොට නික්ම ගියේ ය.
Pali BJT6. අථ ඛො චිත්තො ගහපති තස්සා රත්තියා අච්චයෙන ථෙරානං භික්ඛූනං පණීතං ඛාදනීයං භොජනීයං පටියාදාපෙසි. අථ ඛො ආයස්මා සුධම්මො ‘යන්නූනාහං චිත්තස්ස ගහපතිනො ථෙරානං භික්ඛූනං පටියත්තං පස්සෙය්යන්ති’ පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන චිත්තස්ස ගහපතිනො නිවෙසනං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි.
Sinhala BJT6. ඉක්බිති චිත්ත ගෘහපති තෙමේ ඒ රාත්‍රිය ඇවෑමෙන් ස්ථවිර භික්‍ෂූන් සඳහා ප්‍රණීත වූ කෑ යුතු බුදිය යුතු ආහාරපාන පිළියෙල කරවූයේ ය. ඉක්බිති ආයුෂ්මත් සුධර්‍ම තෙම ‘චිත්ත ගෘහපති විසින් ස්ථවිර භික්‍ෂූනට පිළියෙල කරණ ලද්ද දක්නෙම් නම් ඉතා යෙහෙකැ’යි පෙරවරුයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙණ චිත්ත ගෘහපතියාගේ නිවෙස්න කරා පැමිණියේ ය. පැමිණ පැණවූ අස්නෙහි වැඩ හුන්නේ ය.
Pali BJT7. අථ ඛො චිත්තො ගහපති යෙනායස්මා සුධම්මො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං සුධම්මං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො චිත්තං ගහපතිං ආයස්මා සුධම්මො එතදවොච: පහූතං ඛො තෙ ඉදං ගහපති ඛාදනීයං භොජනීයං පටියත්තං. එකා’ව ඛො ඉධ නත්ථි යදිදං තිලසඞ්ගුළිකා’ති. “බහුම්හි වත මෙ භන්තෙ රතනෙ බුද්ධවචනෙ විජ්ජමානෙ අය්යෙන සුධම්මෙන යදෙව කිඤ්චි භාසිතං යදිදං තිලසඞ්ගුළිකාති”.
Sinhala BJT7. ඉක්බිති චිත්ත ගෘහපති තෙම ආයුෂ්මත් සුධර්‍මයන් කරා පැමිණියේ ය. පැමිණ ආයුෂ්මත් සුධර්‍ම ස්ථවිරයන් වැඳ එකත්පසෙක හුන්නේ ය. එක් පසෙක හුන් චිත්ත ගෘහපතියාට ආයුෂ්මත් සුධර්‍ම ස්ථවිර තෙම “ගෘහපතිය, ඔබ විසින් බොහෝ වූ මේ කෑ යුතු වූ ද බුදිය යුතු වූ ද ආහාරපාන පිළියෙල කරණ ලද්දේ වෙයි. තලසඟළා නම් එක ම දැයක් පමණක් මෙහි නැතැ”යි කී ය. (එවිට ගැහැවි මෙසේ කී ය:) “ඒකාන්තයෙන් රුවන් වැනි බොහෝ බුදුවදන් ඇති කල්හිත් සුධර්‍ම ආර්‍ය්‍යයන් වහන්සේ විසින් ‘තලසඟළා’ යැ යි සුලු දැයක් ම කියන ලදි.”
Pali BJT8. භූතපුබ්බං භන්තෙ දක්ඛිණාපථකා වාණිජා පුරත්ථිමං ජනපදං අගමංසු වණිජ්ජාය. තෙ තතො කුක්කුටිං ආනෙසුං. අථ ඛො සා භන්තෙ කුක්කුටී කාකෙන සද්ධිං සංවාසං කප්පෙසි. සා පොතකං ජනෙසි. යදා ඛො සො භන්තෙ කුක්කුටපොතකො කාකවස්සං වස්සිතුකාමො හොති, ‘කාකකුක්කුටා’ති වස්සති. යදා කුක්කුටිවස්සං වස්සිතුකාමො හොති, ‘කුක්කුටකාකා’ති වස්සති. එවමෙව ඛො භන්තෙ බහුම්හි රතනෙ බුද්ධවචනෙ විජ්ජමානෙ අය්යෙන සුධම්මෙන යදෙව කිඤ්චි භාසිතං යදිදං ‘තිලසංගුළිකා’ති.
Sinhala BJT8. ස්වාමීනි, පෙර වූවක් කියමි. දක්‍ෂිණාපථයෙහි වැසි වෙළෙන්දෝ වෙළෙඳාම පිණිස පෙරදිග ජනපදයට ගියෝ ය. ඔහු එ දෙසින් කිකිළියක ගෙණාවෝ ය. ස්වාමීනි, ඉන් පසු ඒ කිකිළි කවුඩකු හා සංවාස කළා. ඕ තොමෝ පැටියකු වැදුවා. “ස්වාමීනි, යම් විටෙක ඒ කුකුළු පැටියා කවුඩුහඬ කරණු කැමැති වේ ද, එ කල්හි ‘කාකකුක්කුට’ ය යි හඬ ලයි. යම් කලෙක කුකුළු හඬ හඬ ලනු කැමැති වේ ද, එ කල්හි ‘කුක්කුටකාක’ ය යි හඬලයි. ස්වාමීනි, එ පරිද්දෙන් ම ඒකාන්තයෙන් රුවන් වැනි බොහෝ බුද්ධවචන ඇති කල්හි සුධර්‍ම ආර්‍ය්‍යයන් වහන්සේ විසින් යම් ඒ ‘තලසඟළා’ ය යි කිසිවක් ම කියන ලදැ” යි කී ය.
Pali BJT9. “අක්කොසසි මං ත්වං, ගහපති. පරිභාසසි මං ත්වං ගහපති. එසො තෙ ගහපති ආවාසො, පක්කමිස්සාමී”ති. “නාහං භන්තෙ අය්යං සුධම්මං අක්කොසාමි. න පරිභාසාමි. වසතු භන්තෙ අය්යො සුධම්මො මච්ඡිකාසණ්ඩෙ. රමණීයං අම්බාටකවනං. අහං අය්යස්ස සුධම්මස්ස උස්සුක්කං කරිස්සාමි චීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරානන්ති.” දුතියම්පි ඛො -පෙ- තතියම්පි ඛො ආයස්මා සුධම්මො චිත්තං ගහපතිං එතදවොච: “අක්කොසසි මං ත්වං ගහපති. පරිභාසසි මං ත්වං ගහපති. එසො තෙ ගහපති ආවාසො. පක්කමිස්සාමී”ති. “කහං භන්තෙ අය්යො සුධම්මො ගමිස්සතී”ති. “සාවත්ථිං ඛො අහං ගහපති ගමිස්සාමි භගවන්තං දස්සනායා”ති. “තෙන හි භන්තෙ යඤ්ච අත්තනා භණිතං, යං ච මයා භණිතං, තං සබ්බං භගවතො ආරොචෙහි. අනච්ඡරියං ඛො පනෙතං භන්තෙ යං අය්යො සුධම්මො පුනදෙව මච්ඡිකාසණ්ඩං පච්චාගච්ඡෙය්යා”ති.
Sinhala BJT9. “ගෘහපතිය, තෝ මට ආක්‍රෝශ කෙරෙහි ය. ගෘහපතිය, තෝ මට පරිභව බෙණෙහි ය. ගෘහපතිය, (මෙන්න,) තෙල තොපගේ ආවාසය, මම නික්ම යන්නෙමි”යි කී ය. “ස්වාමීනි, ආර්‍ය්‍ය සුධර්‍මයන් වහන්සේට මම ආක්‍රෝශ නො කරමි. පරිභව නො කරමි. ස්වාමීනි, ආර්‍ය්‍ය සුධර්‍මයන් වහන්සේ මච්ජිකාසණ්ඩ නගරයෙහි වසන සේක් වා. මේ ඇඹැල්ල වනය සිත් අලවනසුලු ය. මම ආර්‍ය්‍ය සුධර්‍මයන් වහන්සේට සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත්පිරිකර පිණිස ඊහා කරමි”යි ගෘහපති තෙම කී ය. දෙවනුත් සුධර්‍ම ස්ථවිර තෙමේ චිත්ත ගෘහපතිහට “ගැහැවිය, තෝ මට ආක්‍රෝශ කෙරෙහි ය. පරිභව කෙරෙහි ය. මෙන්න, තොපගේ ආවාසය, මම මෙයින් බැහැර මි”යි කී ය. “ස්වාමීනි, ආර්‍ය්‍ය සුධර්‍මයන් වහන්සේ කොහි වඩිනසේක් දැ”යි හේ ඇසී ය. “ගැහැවිය, මම භාග්‍යවතුන් වහන්සේ දකිනු පිණිස සැවැත් නුවරට යන්නෙමි” යි තෙරණුවෝ කීහ. “ස්වාමීනි, එසේ නම් තමන් වහන්සේ විසින් යමක් කියන ලද ද, මවිසිනුත් යමක් කියන ලද ද, ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේට සැළ කළ මැනවි. ස්වාමීනි, යම් හෙයකින් සුධර්‍ම ආර්‍ය්‍යයන් වහන්සේ නැවතත් මච්ජිකාසණ්ඩයට පෙරළා එන්නාහ යන මේ කාරණය නම් පුදුමයක් නො වන්නේ ය”යි ගැහැවි කී ය.
Pali BJT10. අථ ඛො ආයස්මා සුධම්මො සෙනාසනං සංසාමෙත්වා පත්තචීවරමාදාය යෙන සාවත්ථි තෙන පක්කාමි. අනුපුබ්බෙන යෙන සාවත්ථි, ජෙතවනං අනාථපිණ්ඩිකස්ස ආරාමො, යෙන භගවා, තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා සුධම්මො යඤ්ච අත්තනා භණිතං, යඤ්ච චිත්තෙන ගහපතිනා භණිතං, තං සබ්බං භගවතො ආරොචෙසි.
Sinhala BJT10. ඉක්බිති ආයුෂ්මත් සුධර්‍ම ස්ථවිර තෙමේ සෙනසුන් තැන් පත් කොට පාසිවුරු රැගෙණ සැවැත් නුවර බලා නික්මිණ. පිළිවෙළින් සැවැත් නුවර දෙව්රම් වෙහෙර භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් සුධර්‍ම ආයුෂ්මත් තෙමේ යමක් තමා විසින් කියන ලද ද, යමක් චිත්ත ගෘහපතියා විසින් කියන ලද ද, ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේට සැළ කෙළේ ය.
Pali BJT11. විගරහි බුද්ධො භගවා: අනනුච්ඡවිකං මොඝපුරිස අනනුලොමිකං අප්පතිරූපං අස්සාමණකං අකප්පියං අකරණීයං. කථං හි නාම ත්වං මොඝපුරිස චිත්තං ගහපතිං සද්ධං පසන්නං දායකං කාරකං සඞ්ඝුපට්ඨාකං හීනෙන ඛුංසෙස්සසි, හීනෙන වම්භෙස්සසි. නෙතං මොඝපුරිස අප්පසන්නානං වා පසාදාය -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි:
Sinhala BJT11. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ ගර්‍හා කළ සේක: “හිස් පුරුෂය, නොනිසි ය, නොසුදුසු ය, නො ගැළපෙන්නේ ය. මහණදමට නොතරම් ය. නොකැප වූවකි. නොකටයුත්තකි. හිස් පුරුෂය, තෝ කෙසේ නම් සැදැහැති පැහැදුනු දායක වූ කැපකරු වූ සංඝයාගේ උපස්ථායක වූ චිත්ත ගෘහපතිහට ලාමක වචනයෙන් නින්‍දා කෙළෙහි ද? පහත් වචනයෙන් ගර්‍හා කෙළෙහි ද? හිස් පුරුෂය, මේ කාරණය නොපැහැදුනවුන්ගේ පැහැදීම පිණිස හෝ පැහැදුනවුන්ගේ ප්‍රසාදබහුල්‍යය පිණිස හෝ නො වෙයි. වැලි දු හිස් පුරුෂය, මෙය නොපහන් වූවන්ගේ නොපහන්බව පිණිස ද, පහන් වූ ද ඇතැමුන්ගේ වෙනස් බව පිණිස ද පවතියි.”... සුධර්‍ම භික්‍ෂුහට ගරහා තදනුරූප දැහැමි කථා කොට භික්‍ෂූන් ඇමතූ සේක:
Pali BJT12. තෙන හි භික්ඛවෙ සඞ්ඝො සුධම්මස්ස භික්ඛුනො පටිසාරණීයකම්මං කරොතු ‘චිත්තො තෙ ගහපති ඛමාපෙතබ්බො’ති. එවඤ්ච පන භික්ඛවෙ කාතබ්බං:
Sinhala BJT12. මහණෙනි, එහෙයින් සංඝ තෙමේ සුධර්‍ම භික්‍ෂුහට ‘නුඹ විසින් චිත්ත ගෘහපති තෙමේ ක්‍ෂමා කරවිය යුත්තේ ය’ යි කියා පටිසාරණීය කර්‍මය කෙරේ වා.
Pali BJTපඨමං සුධම්මො භික්ඛු චොදෙතබ්බො. චොදෙත්වා සාරෙතබ්බො. සාරෙත්වා ආපත්තිං ආරොපෙතබ්බා. ආපත්තිං ආරොපෙත්වා ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
Sinhala BJTමහණෙනි, ඒ පටිසාරණීය කර්‍මය මෙසේ කළ යුතු ය: පළමු කොට සුධර්‍ම භික්‍ෂු තෙමේ චෝදනා කළ යුතු යි. චෝදනා කොට (කරුණ) සිහි පත් කරවිය යුතු යි. සිහිපත් කරවා ඇවැත නැංවිය යුතු යි. ඇවැත නංවා ව්‍යක්ත වූ ප්‍රතිබල දක්‍ෂ මහණකු විසින් සංඝ තෙමේ මෙසේ දැන්විය යුතු යි:
Pali BJT“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අයං සුධම්මො භික්ඛු චිත්තං ගහපතිං සද්ධං පසන්නං දායකං කාරකං සඞ්ඝුපට්ඨාකං හීනෙන ඛුංසෙසි, හීනෙන වම්භෙසි. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො සුධම්මස්ස භික්ඛුනො පටිසාරණීයකම්මං කරෙය්ය ‘චිත්තො තෙ ගහපති ඛමාපෙතබ්බො’ති. එසා ඤත්ති.
Sinhala BJT“ස්වාමීනි, සංඝ තෙමේ මාගේ වචනය අසාවා: මේ සුධර්‍ම නම් භික්‍ෂු තෙමේ ශ්‍රද්ධාවත් ප්‍රසන්න වූ දායක වූ කැපකරු වූ සංඝොපස්ථායක වූ චිත්ත නම් ගෘහපතිහට ලාමක වචනයෙන් ආක්‍රෝශ කෙළේ ය. ලාමක වචනයෙන් ගර්‍හා කෙළේ ය. ඉදින් සංඝයාට පැමිණි කල් ඇත් නම් සංඝ තෙමේ සුධර්‍ම භික්‍ෂුහට ‘ඔබ විසින් චිත්ත නම් ගැහැවි තෙම ක්‍ෂමා කරවිය යුත්තේ ය’යි පටිසාරණීය කර්‍මය කරන්නේය. (කළ යුතු ය.) මේ ඤත්තිය යි.
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො: අයං සුධම්මො භික්ඛු චිත්තං ගහපතිං සද්ධං පසන්නං දායකං කාරකං සඞ්ඝුපට්ඨාකං හීනෙන ඛුංසෙසි, හීනෙන වම්භෙසි. සඞ්ඝො සුධම්මස්ස භික්ඛුනො පටිසාරණීයකම්මං කරොති ‘චිත්තො තෙ ගහපති ඛමාපෙතබ්බො’ති. යස්සායස්මතො ඛමති සුධම්මස්ස භික්ඛුනො පටිසාරණීයස්ස කම්මස්ස කරණං ‘චිත්තො තෙ ගහපති ඛමාපෙතබ්බො’ති, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය.
Sinhala BJTස්වාමීනි, සංඝ තෙමේ මාගේ වචනය අසාවා. මේ සුධර්‍ම නම් භික්‍ෂු තෙමේ සැදැහැති පැහැදුනා වූ දායක වූ කාරක වූ සංඝඋපස්ථායක චිත්ත නම් ගැහැවිහට ලාමක වචනයෙන් ආක්‍රෝශ කෙළේ ය. පහත් වචනයෙන් නින්‍දා කෙළේ ය. සංඝ තෙමේ සුධර්‍ම භික්‍ෂුහට ‘තා විසින් චිත්ත ගෘහපති තෙම ක්‍ෂමා කරවිය යුතු ය’ යි පටිසාරණීයකර්‍මය කරයි. යම් ආයුෂ්මතකුහට ඔබ විසින් චිත්ත ගහපති තෙම ක්‍ෂමා කරවිය යුත්තේ ය’ යි සුධර්‍ම භික්‍ෂුහට පටීසාරණිය කර්‍මය කිරීම රුචි වේ නම් හෙතෙමේ නිශ්ශබ්ද වේවා, යමකුට රුචි නො වේ නම්, හෙ තෙමේ කියාවා.
Pali BJTදුතියම්පි එතමත්ථං වදාමි -පෙ- තතියම්පි එතමත්ථං වදාමි: සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අයං සුධම්මො භික්ඛු චිත්තං ගහපතිං සද්ධං පස්සන්නං දායකං කාරකං සඞ්ඝුපට්ඨාකං හීනෙන ඛුංසෙසි, හීනෙන වම්භෙසි. සඞ්ඝො සුධම්මස්ස භික්ඛුනො පටිසාරණීයකම්මං කරොති ‘චිත්තො තෙ ගහපති ඛමාපෙතබ්බො’ති. යස්සායස්මතො ඛමති සුධම්මස්ස භික්ඛුනො පටිසාරණීයස්ස කම්මස්ස කරණං ‘චිත්තො තෙ ගහපති ඛමාපෙතබ්බො’ති, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති සො භාසෙය්ය.
Sinhala BJTදෙවනුත් මේ කාරණය කියමි ... තෙවනුත් මේ කාරණය කියමි: ස්වාමීනි, සංඝ තෙමේ මාගේ වචනය අසාවා. මේ සුධර්‍ම භික්‍ෂු තෙමේ ශ්‍රද්ධා ඇති පැහැදුනා වූ පසය දෙන්නා වූ සංඝකෘත්‍ය කරන්නා වූ සංඝයාට උවටන් කරන්නා වූ චිත්ත නම් ගැහැවිහට පහත් වචනයෙන් නින්‍දා කෙළේ ය. පහත් වචනයෙන් ගැරැහී ය. සංඝ තෙමේ සුධර්‍ම භික්‍ෂුහට ‘ඔබ විසින් චිත්ත ගැහැවි තෙම ක්‍ෂමා කරවිය යුත්තේ යැ’ යි පටිසාරණීය කර්‍මය කරයි. යම් ආයුෂ්මතකුහට ‘චිත්ත ගෘහපති තෙම ඔබ විසින් ක්‍ෂමා කරවිය යුතු ය’ යි සුධර්‍ම භික්‍ෂුහට පටිසාරණීයකර්‍මය කිරීම රුචි වේ නම්, හෙ තෙම නිශ්ශබ්ද වේවා. යමකුට රුචි නො වේ නම් හෙ තෙමේ කියාවා.
Pali BJTකතං සඞ්ඝෙන සුධම්මස්ස භික්ඛුනො පටිසාරණීයකම්මං ‘චිත්තො තෙ ගහපති ඛමාපෙතබ්බො’ති. ඛමති සඞ්ඝස්ස, තස්මා තුණ්හී, එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJTසංඝයා විසින් සුධර්‍ම භික්‍ෂුහට ‘චිත්ත ගහපති තෙමේ ඔබ විසින් ක්‍ෂමා කරවිය යුතු ය’ යි පටිසාරණීයකර්‍මය කරණ ලදී. සංඝයාට එය රුචි යි. එ හෙයින් නිහඬ ය. මේ කාරණය මෙසේ සලකමි” යි.
Pali BJTඅධම්මකම්මද්වාදසකං
Sinhala BJTඅධම්මකම්මද්වාදසකය
Pali BJT1. තීහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතං පටිසාරණීයකම්මං අධම්මකම්මඤ්ච හොති අවිනයකම්මඤ්ච දුවූපසන්තඤ්ච: අසම්මුඛා කතං හොති, අපටිපුච්ඡා කතං හොති, අප්පටිඤ්ඤාය කතං හොති. ඉමෙහි ඛො භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතං පටිසාරණීයකම්මං අධම්මකම්මං ච හොති, අවිනයකම්මං ච දුවූපසන්තඤ්ච:
Sinhala BJT1. මහණෙනි, අංග තුණෙකින් යුක්ත වූ පටිසාරණීය කර්‍මය නොදැහැමි කමෙක් ද වෙයි. අවිනය කමෙක් ද වෙයි. නොමනාව සංහිඳුනෙක් ද වෙයි: නොහමුයෙහි කරණ ලද්දේ වේද, නොපිළිවිස කරණ ලද්දේ වේ ද, පිළිණ නො ගෙණ කරණ ලද්දේ වේ ද, මහණෙනි, මේ අංග තුණින් යුක්ත පටිසාරණීයකර්‍මය නොදැහැමි කමෙක් ද වෙයි. අවිනය කමෙක් ද වෙයි. මනාව නොසංහිඳුනෙක් ද වෙයි.
Pali BJT2. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතං පටිසාරණීයකම්මං අධම්මකම්මං ච හොති අවිනයකම්මඤ්ච දුවූපසන්තඤ්ච: අනාපත්තියා කතං හොති, අදෙසනාගාමිනියා ආපත්තියා කතං හොති, දෙසිතාය ආපත්තියා කතං හොති -පෙ-.
Sinhala BJT2. මහණෙනි, අන්‍ය වූ ද අංග තුණෙකින් යුක්ත වූ පටිසාරණීය කර්‍මය නොදැහැමි කමෙක් ද වෙයි. අවිනය කමෙක් ද වෙයි. නොමනාව සංසිඳුනෙක් ද වෙයි: ඇවැත් නැති කල්හි කරණලද්දේ වේ ද, දෙසීමෙන් පිරිසිදු නොවන ඇවැතෙහි කරණ ලද්දේ වේ ද ඇවැත දෙසූ කල්හි කරණ ලද්දේ වේ ද, මහණෙනි, මේ තෙඅඟින් යුතු පටිසාරණීයකර්‍මය ...
Pali BJT3. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- අධම්මකම්මං ච හොති -පෙ- අචොදෙත්වා කතං හොති, අසාරෙත්වා කතං හොති, ආපත්තිං අනාරොපෙත්වා කතං හොති -පෙ-
Sinhala BJT3. මහණෙනි, අනිත් තෙඅඟෙකින් යුක්තවූ පටිසාරණීයකර්‍මය ද නොදැහැමි කමෙක් ද වෙයි ... චෝදනා නොකොට කරණ ලද ද, සිහිපත් නොකරවා කරණ ලද ද, ඇවැත් නොනංවා කරණ ලද ද ...
Pali BJT4. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- අධම්මකම්මං ච හොති -පෙ- අසම්මුඛා කතං හොති, අධම්මෙන කතං හොති, වග්ගෙන කතං හොති -පෙ-
Sinhala BJT4. මහණෙනි, අනිත් තෙඅඟකින් යුක්ත වූ පටිසාරණීයකර්‍මය ද නො දැහැමිකමෙක් ද වෙයි. … නොහමුයෙහි කරණ ලද ද, නොදැහැමින් කරණ ලද ද, ව්‍යග්‍ර ව කරණ ලද ද ...
Pali BJT5. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- අධම්මකම්මං ච හොති -පෙ- අපටිපුච්ඡා කතං හොති, අධම්මෙන කතං හොති, වග්ගෙන කතං හොති -පෙ-
Sinhala BJT5. මහණෙනි, අනිත් තෙඅඟකින් යුක්ත වූ පටීසාරණියකර්‍මය ද නොදැහැමිකමෙක් ද වෙයි ... නො පිළිවිස කරණ ලද ද, නොදැහැමින් කරණ ලද ද, ව්‍යග්‍ර ව කරණ ලද ද,...
Pali BJT6. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- අධම්මකම්මං ච හොති -පෙ- අපටිඤ්ඤාය කතං හොති, අධම්මෙන කතං හොති, වග්ගෙන කතං හොති -පෙ-
Sinhala BJT6. මහණෙනි, අනිත් තෙඅඟකින් යුක්තවූ පටිසාරණීයකර්‍මය ද නො දැහැමිකමෙක්ද වෙයි… පිළිණ නොගෙණ කරණ ලද ද, නොදැහැමින් කරණ ලද ද, ව්‍යග්‍ර ව කරණ ලද ද යන තුණ යි ...
Pali BJT7. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- අධම්මකම්මං ච හොති -පෙ- අනාපත්තියා කතං හොති, අධම්මෙන කතං හොති, වග්ගෙන කතං හොති -පෙ-
Sinhala BJT7. මහණෙනි, අනිත් තෙ අඟෙකින් යුතු පටිසාරණීයකර්‍මය ද නොදැහැමිකමෙක් ද වෙයි ... නොඇවැතෙහි කරණ ලද ද, නොදැහැමින් කරණ ලද ද, ව්‍යග්‍ර ව කරණ ලද ද ...
Pali BJT8. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- අධම්මකම්මං ච හොති -පෙ- අදෙසනාගාමිනියා ආපත්තියා කතං හොති, අධම්මෙන කතං හොති, වග්ගෙන කතං හොති -පෙ-
Sinhala BJT8. මහණෙනි, අනිත් තෙ අඟෙකින් යුතු පටිසාරණීයකර්‍මය ද නොදැහැමිකමෙක් ද වෙයි. … දෙසීමෙන් පිරිසිදු නොවන ඇවැතෙහි කරණ ලද ද, නොදැහැමින් කරණ ලද ද, ව්‍යග්‍ර ව කරණ ලද ද ...
Pali BJT9. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- අධම්මකම්මං ච හොති -පෙ- දෙසිතාය ආපත්තියා කතං හොති, අධම්මෙන කතං හොති, වග්ගෙන කතං හොති -පෙ-
Sinhala BJT9. මහණෙනි, අනිත් තෙ අඟෙකින් යුතු පටිසාරණීයකර්‍මය ද නොදැහැමිකමෙක් ද වෙයි… ඇවැත දෙසූ කල්හි කරණ ලද ද, නොදැහැමින් කරණ ලද ද, ව්‍යග්‍ර ව කරණ ලද ද ...
Pali BJT10. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- අධම්මකම්මං ච හොති -පෙ- අචොදෙත්වා කතං හොති, අධම්මෙන කතං හොති, වග්ගෙන කතං හොති -පෙ-
Sinhala BJT10. මහණෙනි, අනිත් තෙ අඟෙකින් යුතු පටිසාරණීයකර්‍මය ද නොදැහැමිකමෙක්ද වෙයි… චෝදනා නොකොට කරණ ලද ද, නොදැහැමින් කරණ ලද ද, ව්‍යග්‍ර ව කරණ ලද ද ...
Pali BJT11. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- අධම්මකම්මං ච හොති -පෙ- අසාරෙත්වා කතං හොති, අධම්මෙන කතං හොති, වග්ගෙන කතං හොති -පෙ-
Sinhala BJT11. මහණෙනි, අනිත් තෙ අඟෙකින් යුතු පටිසාරණීයකර්‍මය ද නොදැහැමිකමෙක් ද වෙයි… සිහි නොකරවා කරණ ලද ද, නොදැහමින් කරණ ලද ද, ව්‍යග්‍ර ව කරණ ලද ද ....
Pali BJT12. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- අධම්මකම්මං ච හොති -පෙ- ආපත්තිං අනාරොපෙත්වා කතං හොති, අධම්මෙන කතං හොති, වග්ගෙන කතං හොති. ඉමෙහි ඛො භික්ඛවෙ, තීහඞ්ගෙහි සමන්නාගතං පටිසාරණීයකම්මං අධම්මකම්මඤ්ච හොති අවිනයකම්මඤ්ච දුවූපසන්තඤ්ච:
Sinhala BJT12. මහණෙනි, අනිත් තෙ අඟෙකින් යුතු පටිසාරණීයකර්‍මය ද නො දැහැමිකමෙක් ද වෙයි… ඇවැත නො නගා කරණ ලද ද, නොදැහැමින් කරණ ලද ද, ව්‍යග්‍ර ව කරණ ලද ද ... මහණෙනි, මේ තෙ අඟින් යුතු පටිසාරණීය කර්‍මය නොදැහැමිකමෙක් ද වෙයි. අවිනයකමෙක් ද වෙයි. නොමනාව සංහිඳුනෙක් ද වෙයි.
Pali BJTපටිසාරණීයකම්මෙ අධම්මකම්මද්වාදසකං නිට්ඨිතං.
Sinhala BJTපටිසාරණීය කර්‍මයෙහි අධර්‍මකර්‍ම දොළොස නිමියේ ය.
Pali BJTධම්මකම්මද්වාදසකං
Sinhala BJTධර්‍මකර්‍මද්වාදශකය
Pali BJT1. තීහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතං පටිසාරණීයකම්මං ධම්මකම්මං ච හොති, විනයකම්මඤ්ච, සුවුපසන්තඤ්ච: සම්මුඛා කතං හොති, පටිපුච්ඡා කතං හොති, පටිඤ්ඤාය කතං හොති. ඉමෙහි ඛො භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතං පටිසාරණීයකම්මං ධම්මකම්මං ච හොති, විනයකම්මං ච සුවුපසන්තං ච.
Sinhala BJT1. මහණෙනි, අංග තුණෙකින් යුත් පටිසාරණීයකර්‍මය දැහැමි කමෙක් ද වෙයි, විනය කමෙක් ද වෙයි, මනා ව සංහිඳුනෙක් ද වෙයි: හමුවෙහි කරණ ලද ද, පිළිවිස කරණ ලද ද, පිළිණ ගෙණ කරණ ලද ද, මහණෙනි, මේ තෙ අඟින් යුත් පටිසාරණීයකර්‍මය දැහැමි කමෙක් ද වෙයි, විනය කමෙක් ද වෙයි, මනා ව සංහිඳුනෙක් ද වෙයි.
Pali BJT2. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතං පටිසාරණීයකම්මං ධම්මකම්මං ච හොති, විනයකම්මං ච, සුවුපසන්තං ච: ආපත්තියා කතං හොති, දෙසනාගාමිනියා ආපත්තියා කතං හොති, අදෙසිතාය ආපත්තියා කතං හොති -පෙ-
Sinhala BJT2 මහණෙනි, අනිත් තෙ අඟෙකින් යුත් පටිසාරණීයකර්‍මය ද දැහැමි කමෙක් ද වෙයි, විනයකමෙක් ද වෙයි, මැනැවින් සංහිඳුනෙක් ද වෙයි: ඇවැත ඇති කල්හි කරණ ලද ද, දෙසීමෙන් පිරිසිදු වන ඇවැතෙහි කරණ ලද ද, ඇවත නොදෙසූ කල්හි කරණ ලද ද ...
Pali BJT3. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- ධම්මකම්මං ච හොති -පෙ- චොදෙත්වා කතං හොති, සාරෙත්වා කතං හොති, ආපත්තිං ආරොපෙත්වා කතං හොති -පෙ-
Sinhala BJT3. මහණෙනි, අනිත් තෙ අඟෙකින් යුත් පටිසාරණීයකර්‍මය ද ධර්‍මකර්‍මයෙක් ද වෙයි ... චෝදනා කොට කරණ ලද්දේ වේ ද, සිහිපත් කරවා කරණ ලද්දේ වේ ද, ඇවැත නංවා කරණ ලද්දේ වේ ද ...
Pali BJT4. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- ධම්මකම්මං ච හොති -පෙ- සම්මුඛා කතං හොති, ධම්මෙන කතං හොති, සමග්ගෙන කතං හොති -පෙ-
Sinhala BJT4. මහණෙනි, අනිත් අංග තුණෙකින් යුතු පටිසාරණීයකර්‍මය ද ධර්‍මකර්‍මයෙක් ද වෙයි … හමුවෙහි කරණ ලද්දේ වේ ද, දැහැමින් කරණ ලද්දේ වේ ද, සමග ව කරණ ලද්දේ වේ ද ...
Pali BJT5. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- ධම්මකම්මං ච හොති -පෙ- පටිපුච්ඡා කතං හොති, ධම්මෙන කතං හොති, සමග්ගෙන කතං හොති -පෙ-
Sinhala BJT5. මහණෙනි, අනිත් අංග තුණෙකින් යුතු පටිසාරණීයකර්‍මය ද ධර්‍මකර්‍මයෙක් ද වෙයි… පිළිවිස කරණ ලද්දේ වේ ද, දැහැමින් කරණ ලද්දේ වේ ද, සමග ව කරණ ලද්දේ වේ ද ...
Pali BJT6. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- ධම්මකම්මං ච හොති -පෙ- පටිඤ්ඤාය කතං හොති, ධම්මෙන කතං හොති, සමග්ගෙන කතං හොති -පෙ-
Sinhala BJT6. මහණෙනි, අනිත් තෙ අඟෙකින් යුතු පටිසාරණීයකර්‍මය ද ධර්‍මකර්‍මයෙක් ද වෙයි ... පිළිණ ගෙණ කරණ ලද්දේ වේ ද, දැහැමින් කරණ ලද්දේ වේ ද, සමග ව කරණ ලද්දේ වේ ද ...
Pali BJT7. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- ධම්මකම්මං ච හොති -පෙ- ආපත්තියා කතං හොති, ධම්මෙන කතං හොති, සමග්ගෙන කතං හොති -පෙ-
Sinhala BJT7. මහණෙනි, අනිත් අංග තුණෙකින් යුතු පටිසාරණීයකර්‍මය ද ධර්‍මකර්‍මයෙක් ද වෙයි ... ඇවැත ඇති කල්හි කරණ ලද්දේ වේ ද, දැහැමින් කරණ ලද්දේ වේ ද, සමග ව කරණ ලද්දේ වේ ද ...
Pali BJT8. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- ධම්මකම්මං ච හොති -පෙ- දෙසනාගාමිනියා ආපත්තියා කතං හොති, ධම්මෙන කතං හොති, සමග්ගෙන කතං හොති -පෙ-
Sinhala BJT8. මහණෙනි, අනිත් තෙ අඟකින් යුතු පටිසාරණීයකර්‍මය ද ධර්‍මකර්‍මයෙක් ද වෙයි ... දෙසීමෙන් පිරිසිදු වන ඇවැතෙහි කරණ ලද්දේ වේ ද, දැහැමින් කරණ ලද්දේ වේ ද, සමග ව කරණ ලද්දේ වේ ද ...
Pali BJT9. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- ධම්මකම්මං ච හොති -පෙ- අදෙසිතාය ආපත්තියා කතං හොති, ධම්මෙන කතං හොති, සමග්ගෙන කතං හොති -පෙ-
Sinhala BJT9. මහණෙනි, අනිත් තෙ අඟෙකින් යුතු පටිසාරණීයකර්‍මය ද ධර්‍මකර්‍මයෙක් ද වෙයි ... නොදෙසූ ඇවැතෙහි කරණ ලද්දේ වේ ද, දැහැමින් කරණ ලද්දේ වේ ද, සමග ව කරණ ලද්දේ වේ ද ...
Pali BJT10. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- ධම්මකම්මං ච හොති -පෙ- චොදෙත්වා කතං හොති, ධම්මෙන කතං හොති, සමග්ගෙන කතං හොති -පෙ-
Sinhala BJT10. මහණෙනි, අනිත් අංග තුණෙකින් යුතු පටිසාරණීයකර්‍මය ද ධර්‍මකර්‍මයෙක් ද වෙයි ... චෝදනා කොට කරණ ලද්දේ වේ ද, දැහැමින් කරණ ලද්දේ වේ ද, සමග ව කරණ ලද්දේ වේ ද ....
Pali BJT11. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- ධම්මකම්මං ච හොති -පෙ- සාරෙත්වා කතං හොති, ධම්මෙන කතං හොති, සමග්ගෙන කතං හොති -පෙ-
Sinhala BJT11. මහණෙනි, අනිත් තෙ අඟෙකින් යුතු පටිසාරණීයකර්‍මය ද ධර්‍මකර්‍මයෙක් ද වෙයි ... සිහිපත් කරවා කරණ ලද්දේ වේ ද, දැහැමින් කරණ ලද්දේ වේ ද, සමග ව කරණ ලද්දේ වේ ද ...
Pali BJT12. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- ධම්මකම්මං ච හොති -පෙ- ආපත්තිං ආරොපෙත්වා කතං හොති, ධම්මෙන කතං හොති, සමග්ගෙන කතං හොති. ඉමෙහි ඛො භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතං පටිසාරණීයකම්මං ධම්මකම්මං ච හොති, විනයකම්මං සුවුපසන්තං ච.
Sinhala BJT12. මහණෙනි, අනිත් අංග තුණෙකින් යුතු පටිසාරණීයකර්‍මය ද ධර්‍මකර්‍මයෙක් ද වෙයි ... ඇවැත නංවා කරණ ලද්දේ වේ ද, දැහැමින් කරණ ලද්දේ වේ ද, සමග ව කරණ ලද්දේ වේ ද, මහණෙනි, මේ අංග තුණෙන් යුතු පටිසාරණීය කර්‍මය දැහැමි කමෙක් ද වෙයි, විනය කමෙක් ද වෙයි, මැනැවින් සංහිඳුනෙක් ද වෙයි.
Pali BJTපටිසාරණීයකම්මෙ ධම්මකම්මද්වාදසකං නිට්ඨිතං.
Sinhala BJTපටිසාරණීය කර්‍මයෙහි ධර්‍මකර්‍ම දොළොස නිමි.
Pali BJTආකඞ්ඛමානචතුක්කං
Sinhala BJTආකඞ්ඛමානචතුක්කය
Pali BJT1. පඤ්චහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආකඞ්ඛමානො සඞ්ඝො පටිසාරණීයකම්මං කරෙය්ය: ගිහීනං අලාභාය පරිසක්කති, ගිහීනං අනත්ථාය පරිසක්කති, ගිහීනං අවාසාය පරිසක්කති, ගිහීනං අක්කොසති පරිභාසති, ගිහී ගිහීහි භෙදෙති. ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආකඞ්ඛමානො සඞ්ඝො පටිසාරණීයකම්මං කරෙය්ය.
Sinhala BJT1. මහණෙනි, අංග පසෙකින් යුක්ත භික්‍ෂුහට සංඝ තෙමේ කැමැති වන්නේ නම් පටිසාරණීය කර්‍මය කරන්නේ ය (කළ යුතු යි): ගිහීනට අලාභය පිණිස උත්සාහ කරයි ද, ගිහීනට අනර්‍ත්‍ථය පිණිස උත්සාහ කරයි ද, ගිහීන්ගේ නොවිසීම පිණිස (වසන තැනින් බැහැර කරණු පිණිස) උත්සාහ කරයි ද, ගිහීනට අක්‍රොශ කරයි ද, පරිභව කරයි ද, ගිගියන් ගිහියන් හා බිඳුවයි ද, මහණෙනි, මේ අංග පසින් යුක්ත භික්‍ෂුහට සංඝ තෙමේ කැමැති නම් පටිසාරණීයකර්‍මය කරන්නේ ය.
Pali BJT2. අපරෙහිපි භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආකඞ්ඛමානො සඞ්ඝො පටිසාරණීයකම්මං කරෙය්ය: ගිහීනං බුද්ධස්ස අවණ්ණං භාසති, ගිහීනං ධම්මස්ස අවණ්ණං භාසති, ගිහීනං සඞ්ඝස්ස අවණ්ණං භාසති, ගිහී හීනෙන ඛුංසෙති, ගිහී හීනෙන වම්භෙති, ගිහීනං ධම්මිකං පටිස්සවං න සච්චාපෙති. ඉමෙහි භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආකඞ්ඛමානො සඞ්ඝො පටිසාරණීයකම්මං කරෙය්ය.
Sinhala BJT2. මහණෙනි, අන්‍ය වූ ද අංග පසෙකින් යුක්ත භික්‍ෂුහට සංඝ තෙමේ කැමැති වන්නේ නම් පටිසාරණීය කර්‍මය කරන්නේය (කළ යුතු යි): ගිහියනට බුදුන්ගේ අගුණ කියයි ද, ගිහියනට ධර්‍මයේ අගුණ කියයි ද, ගිහියනට සංඝයාගේ අගුණ කියයි ද, ගිහියනට පහත් වචනයෙන් ආක්‍රෝශ කරයි ද, ගිහියනට ලාමක බසින් ගරහයි ද, ගිහියනට දුන් ධාර්‍මමික ප්‍රතිඥාව සත්‍ය නොකරයි ද (කඩ කෙරේ ද), මහණෙනි, මේ අංග පසින් යුක්ත මහණහට සංඝ තෙමේ කැමැති නම් පටිසාරණීය කර්‍මය කරන්නේ ය.
Pali BJT3. පඤ්චන්නං භික්ඛවෙ භික්ඛූනං ආකඞ්ඛමානො සඞ්ඝො පටිසාරණීයකම්මං කරෙය්ය: එකො ගිහීනං අලාභාය පරිසක්කති, එකො ගිහීනං අනත්ථාය පරිසක්කති, එකො ගිහීනං අවාසාය පරිසක්කති, එකො ගිහීනං අක්කොසති පරිභාසති, එකො ගිහී ගිහීහි භෙදෙති. ඉමෙසං ඛො භික්ඛවෙ පඤ්චන්නං භික්ඛූනං ආකඞ්ඛමානො සඞ්ඝො පටිසාරණීයකම්මං කරෙය්ය.
Sinhala BJT3. මහෙණනි, භික්‍ෂූන් පස් නමකට සංඝ තෙමේ කැමැති නම් පටිසාරණීය කර්‍මය කරන්නේය. එක් මහණෙක් ගිහියනට අලාභය පිණිස උත්සාහ කරයි. එක් මහණෙක් ගිහියනට අනර්‍ත්‍ථ පිණිස උත්සාහ කරයි. එක් මහණෙක් ගිහියන්ගේ නොවිසීම පිණිස උත්සාහ කරයි. එක් මහණෙක් ගිහියනට ආක්‍රෝශ පරිභව කරයි. එක් මහණෙක් ගිහියන් ගිහියන් හා බිඳුවයි. මහණෙනි, මේ භික්‍ෂූන් පස් නමට සංඝ තෙමේ කැමැති නම් පටිසාරණීය කර්‍මය කරන්නේ ය.
Pali BJT4. අපරෙසම්පි භික්ඛවෙ පඤ්චන්නං භික්ඛූනං ආකඞ්ඛමානො සඞ්ඝො පටිසාරණීයකම්මං කරෙය්ය: එකො ගිහීනං බුද්ධස්ස අවණ්ණං භාසති, එකො ගිහීනං ධම්මස්ස අවණ්ණං භාසති, එකො ගිහීනං සඞ්ඝස්ස අවණ්ණං භාසති, එකො ගිහී හීනෙන ඛුංසෙති, ගිහී හීනෙන වම්භෙති, එකො ගිහීනං ධම්මිකං පටිස්සවං න සච්චාපෙති. ඉමෙසං ඛො භික්ඛවෙ පඤ්චන්නං භික්ඛූනං ආකඞ්ඛමානො සඞ්ඝො පටිසාරණීයකම්මං කරෙය්ය.
Sinhala BJT4. මහණෙනි, අන්‍ය වූ ද භික්‍ෂූන් පස්නමකට සංඝ තෙමේ කැමැති නම් පටිසාරණීය කර්‍මය කරන්නේය. එක් නමක් ගිහියනට බුදුරුවන්හි අයුණු කියයි. එක්නමක් ගිහියන්ට දමුරුවන්හි අයුණු කියයි. එක් නමක් ගිහියනට සඟුරුවන්හි අයුණු කියයි. එක් නමක් ගිහියනට ලාමක වචනයෙන් අවමන් කරයි. ගිහියනට පහත් බසින් ගරහයි. එක් නමක් ගිහියනට කළ දැහැමි පිළිණ කඩ කරයි. මහණෙනි, මේ භික්‍ෂූන් පස් නමට සංඝ තෙමේ කැමැති නම් පටිසාරණීයකර්‍මය කරන්නේ ය.
Pali BJTආකඞ්ඛමාන චතුක්කං නිට්ඨිතං.
Sinhala BJTආකඞ්ඛමානචතුක්කය නිමි.
Pali BJTපටිසාරණීයකම්මෙ අට්ඨාරසවත්තං
Sinhala BJTපටිසාරණීයකර්‍මයෙහි අටොළොස්වත
Pali BJT1. පටිසාරණීයකම්මකතෙන භික්ඛවෙ භික්ඛුනා සම්මා වත්තිතබ්බං. තත්රායං සම්මා වත්තනා: න උපසම්පාදෙතබ්බං. න නිස්සයො දාතබ්බො. න සාමණෙරො උපට්ඨාපෙතබ්බො න භික්ඛුනොවාදකසම්මුති සාදිතබ්බා. සම්මතෙනපි භික්ඛුනියො න ඔවදිතබ්බා. යාය ආපත්තියා සඞ්ඝෙන පටිසාරණීයකම්මං කතං හොති සා ආපත්ති න ආපජ්ජිතබ්බා, අඤ්ඤා වා තාදිසිකා, තතො වා පාපිට්ඨතරා කම්මං න ගරහිතබ්බං. කම්මිකා න ගරහිතබ්බා. න පකතත්තස්ස භික්ඛුනො උපොසථො ඨපෙතබ්බො. න පවාරණා ඨපෙතබ්බා. න සවචනීයං කාතබ්බං. න අනුවාදො පට්ඨපෙතබ්බො න ඔකාසො කාරෙතබ්බො. න චොදෙතබ්බො. න සාරෙතබ්බො. න භික්ඛූහි සම්පයොජෙතබ්බන්ති.
Sinhala BJT1. මහණෙනි, පටිසාරණීය කර්‍මය කරණු ලැබූ මහණහු විසින් (අටළොස් නිස්තරණ වතට) අනුව මැනැවින් පැවැතිය යුතු යි. එහි මේ මැනැවින් පවතින පරිදි යි. තමන් උපාධ්‍යාය ව උපසම්පදා නො කළ යුතු යි. නිස නො දිය යුතු යි. හෙරණකු ලවා උවටන් කරවා නොගත යුතු යි. මෙහෙණිනට ඔවා දීමේ සම්මතිය නො ඉවැසිය යුතු යි. සම්මතිය ලදුහු විසිනුත් ඔවා නො දිය යුතු යි. යම් ඇවැතකට සංඝයා විසින් පටිසාරණීය කර්‍මය කරණ ලද ද, ඒ ඇවතට නො පැමිණිය යුතු යි. එවැනි අන් ඇවැතකට හෝ නො පැමිණිය යුතු යි. එයටත් වඩා ලාමක ඇවැතකට හෝ නො පැමිණිය යුතු යි. කර්‍මයට නො ගැරැහිය යුතු යි. කර්‍ම කළ සංඝයාට නො ගැරැහිය යුතු යි. පුවතත් මහණහුගේ පොහෝ තැබීම නො කළ යුතු ය. එ වැන්නහුගේ පවුරුණු තැබීම් නොකළයුතු ය. සවචනීය කර්‍මය නො කළයුතු ය. විහාරයෙහි දෙටු තනතුරෙහි නොපිහිටිය යුතු ය. අවකාශ නො කරවිය යුතුය. චෝදනා නො කළ යුතු ය. සාරණා නොකළ යුතු ය. භික්‍ෂූන් ඔවුනොවුන් කලහයෙහි නො යෙදිය යුතු යි.
Pali BJTපටිසාරණීයකම්මෙ අට්ඨාරසවත්තං නිට්ඨිතං.
Sinhala BJTපටිසාරණීය කර්‍මයෙහි අටොළොස් වත නිමි.
Pali BJTනපටිප්පස්සම්භෙතබ්බ අට්ඨාරසකං
Sinhala BJTනොසන්හිඳුවියයුතු අංග අටොළොස
Pali BJT1. අථ ඛො සඞ්ඝො සුධම්මස්ස භික්ඛුනො පටිසාරණීයකම්මං අකාසි, “චිත්තො තෙ ගහපති ඛමාපෙතබ්බො”ති. සො සඞ්ඝෙන පටිසාරණීයකම්මකතො මච්ඡිකාසණ්ඩං ගන්ත්වා මඞ්කුභූතො නාසක්ඛි චිත්තං ගහපතිං ඛමාපෙතුං. සො පුනදෙව සාවත්ථිං පච්චාගඤ්ඡි. භික්ඛූ එවමාහංසු: “ඛමාපිතො තයා ආවුසො සුධම්ම චිත්තො ගහපතී”ති. ඉදාහං ආවුසො මච්ඡිකාසණ්ඩං ගන්ත්වා මඞ්කුභූතො නාසක්ඛිං චිත්තං ගහපතිං ඛමාපෙතුන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT1. ඉක්බිති සංඝ තෙමේ සුධර්‍ම භික්‍ෂූහට ‘ඔබ වහන්සේ විසින් චිත්ත ගැහැවි තෙම ක්‍ෂමා කරවිය යුතු ය’ යි පටිසාරණීය කර්‍මය කෙළේ ය. සඞ්ඝයා විසින් පටිසාරණීය කර්‍මය කරණු ලැබූ ඒ සුධර්‍ම භික්‍ෂු තෙම මකු වූයේ, තේජස් රහිත වූයේ චිත්ත ගැහැවියා කමවන්නට නො හැකි විය. ඒ සුධර්‍ම භික්‍ෂු තෙම නැවතත් සැවැත් නුවරට පෙරළා පැමිණියේ ය. භික්‍ෂුහු “ඇවැත්නි, සුධර්‍මයිනි, ඔබ විසින් චිත්ත ගැහැවි තෙමේ කමවන ලද දැ?” යි මෙසේ කීහ. “ඇවැත්නි, මම් වනාහි මච්ජිකාසණ්ඩයට ගොස් තෙද නැති වූයෙම්, චිත්ත ගෘහපතියා කම වන්නට නොහැකි වීමි” යි හේ කී ය. (භික්‍ෂුහු) භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැළ කළෝ ය.