Cullavagga

Lesser Division

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 2701-2800 න් 3845

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTතෙන ඛො පන සමයෙන මනුස්සා සච්චවාදිනො හොන්ති සච්චපටිඤ්ඤා. අථ ඛො භද්දියො සක්යරාජා අනුරුද්ධං සක්කං එතදවොච: “ආගමෙහි සම්ම සත්ත වස්සානි සත්තන්නං වස්සානං අච්චයෙන උභො අගාරස්මා අනගාරියං පබ්බජිස්සාමා”ති.
Sinhala BJTඑ සමයෙහි මිනිස්සු සත්‍ය ප්‍රතිඥා ඇති සත්‍යවාදීහු වෙති. ඉක්බිති භද්දිය ශාක්‍යාරජ අනුරුද්ධ ශාක්‍යයාට “යහළුව, සත් හවුරුද්දක් ඉවසන්න (සාපෙක්‍ෂකවන්න) සත් හවුරුද්දක් ඇවෑමෙන් අපි දෙදෙනා ම ගිහිගෙන් නික්ම සසුන් වදින්නමු” යි කී ය.
Pali BJT“අතිචිරං සම්ම සත්තවස්සානි. නාහං සක්කොමි සත්තවස්සානි ආගමෙතුන්ති”.
Sinhala BJT“යහළුව, සත් හවුරුද්ද ඉතා බොහෝ කාලයෙකි. යහළුව, සත් හවුරුද්දක් බලාපොරොත්තු වන්නට මම නො හැක්කෙමි”.
Pali BJT“ආගමෙහි සම්ම ඡ වස්සානි -පෙ- පඤ්චවස්සානි -පෙ- චත්තාරි වස්සානි -පෙ- තීණි වස්සානි -පෙ- ද්වෙ වස්සානි -පෙ- එකං වස්සං. එකස්ස වස්සස්ස අච්චයෙන උභො අගාරස්මා අනගාරියං පබ්බජිස්සාමා”ති.
Sinhala BJT“යහළුව, සාවුරුද්දක් ඉවසන්න ... පස් අවුරුද්දක් ... සතර අවුරුද්දක් ... තුන් අවුරුද්දක් ... දෑවුරුද්දක් ... එක් හවුරුද්දක් ඉවසන්න. එක් හවුරුද්දක් ඇවෑමෙන් අපි දෙදෙනා ම ගිහිගෙන් නික්ම සසුන් වදින්නමෝවා” යි (භද්දියරජ කී ය).
Pali BJT“අතිචිරං සම්ම එක වස්සං නාහං සක්කොමි එකං වස්සං ආගමෙතුන්ති”.
Sinhala BJT“යහළුව එක් හවුරුද්දක් ඉතා බොහෝ කාලයකි. මම් එක් හවුරුද්දක් බලා පොරොත්තු වන්නට නො හැක්කෙමි” යි (අනුරුද්ධ ශාක්‍ය කී ය).
Pali BJT“ආගමෙහි සම්ම සත්ත මාසෙ. සත්තන්නං මාසානං අච්චයෙන උභො අගාරස්මා අනගාරියං පබ්බජිස්සාමා”ති.
Sinhala BJT“යහළුව සත් මසක් ඉවසන්න. සත් මස ඇවෑමෙන් දෙදෙනා ම ගිහිගෙන් නික්ම සසුන් වදින්නමෝවා” යි (භද්දිය රජ කීය).
Pali BJT“අතිචිරං සම්ම සත්ත මාසා. නාහං සක්කොමි සත්ත මාසෙ ආගමෙතුන්ති”.
Sinhala BJT“යහළුව සත් මස ඉතා බොහෝ කාලයෙකි. සත් මසක් බලාපොරොත්තු වන්නට මම් නො හැක්කෙමි” යි (අනුරුද්ධ ශාක්‍ය කී ය).
Pali BJT“ආගමෙහි සම්ම ඡ මාසෙ -පෙ- පඤ්ච මාසෙ -පෙ- චත්තාරො මාසෙ -පෙ- තයො මාසෙ -පෙ- ද්වෙ මාසෙ -පෙ- එකං මාසං -පෙ- අද්ධමාසං. අද්ධමාසස්ස අච්චයෙන උභො පි අගාරස්මා අනගාරියං පබ්බජිස්සාමා”ති.
Sinhala BJT“යහළුව, සමසක් ඉවසන්න ... පස් මසක් ... සිවු මසක් ... තුන් මසක් ... දෙ මසක් ... එක් මසක්... අඩ මසක් ඉවසන්න. අඩමස ඇවෑමෙන් දෙදෙනා ම පැවිදි වන්නමෝ වා” යි (භද්දිය රජ කී ය).
Pali BJT“අතිචිරං සම්ම අඩ්ඪමාසො. නාහං සක්කොමි අද්ධමාසං ආගමෙතුන්ති”.
Sinhala BJT“යහළුව අඩමස ඉතා බොහෝ කලෙකි. අඩමසක් ඉවසන්නට මම් නො හැකියෙමි” යි (අනුරුද්ධ ශාක්‍ය කී ය).
Pali BJT“ආගමෙහි සම්ම, සත්තාහං යාවාහං පුත්තෙ ච භාතරෙ ච රජ්ජං නීය්යාදෙමී”ති.
Sinhala BJT“යහළුව, පුතුනටත් සොහොයුරනටත් , රජය පවරා දෙන තෙක් සතියක් ඉවසන්නැ” යි (භද්දියරජ කී ය).
Pali BJT“න චිරං සම්ම සත්තාහො ආගමෙස්සාමී”ති.
Sinhala BJT“යහළුව සතිය බොහෝ කලෙක් නො වේ. එතෙක් බලා පොරොත්තු වන්නෙමි” යි (අනුරුද්ධ ශාක්‍ය කී ය).
Pali BJT4. අථ ඛො භද්දියො ච සක්යරාජා අනුරුද්ධො ච ආනන්දො ච භගු ච කිම්බිලො ච දෙවදත්තො ච උපාලිකප්පකෙන සත්තමා යථා පුරෙ චතුරඞ්ගිනියා සෙනාය උය්යානභූමිං නීයන්ති එවමෙව චතුරඞ්ගිනියා සෙනාය නීය්යංසු. තෙ දූරං ගන්ත්වා සෙනං නිවත්තාපෙත්වා පරවිසයං ඔක්කමිත්වා ආභරණං ඔමුඤ්චිත්වා උත්තරාසඞ්ගෙන භණ්ඩිකං බන්ධිත්වා උපාලිං කප්පකං එතදවොචුං:: “හන්ද භණෙ උපාලි නිවත්තස්සු. අලං තෙ එත්තකං ජීවිකායා”ති.
Sinhala BJT4. ඉක්බිති භද්දිය ශාක්‍ය රජ ද අනුරුද්ධ ද ආනන්‍ද ද භෘගු ද කිංවිල ද දේවදත්ත ද යන ශාක්‍යයෝ ස දෙනා උපාලි කපුවා සත්වනු කොටැත්තාහු පෙර උයන් බිමට සිවුරඟ සෙනඟින් උප ලක්ෂිත ව යම්සේ නික්ම යෙත් ද, එසේ ම සිවුරඟ සෙනඟින් උපලක්‍ෂිත වැ නික්මුණාහ. ඔහු දුරක් ගොස් සෙනඟ නවත්වා, පරවිෂ යට (අන් රජක්හු ගේ රටට) බැස, ආභරණ ගලවා උතුරු සළුවෙන් පොදියක් කොට බැඳ උපාලි කපුවා බණවා “සගය උපාලිය, පෙරළා යා. මෙය තට ජීවිකාවට ප්‍රමාණ වේ යැ” යි කීහ.
Pali BJTඅථ ඛො උපාලිස්ස කප්පකස්ස නිවත්තන්තස්ස එතදහොසි: “චණ්ඩා ඛො සාකියා. ඉමිනා කුමාරා නිප්පාතිතාති ඝාතාපෙය්යුම්පි මං. ඉමෙ හි නාම සක්යකුමාරා අගාරස්මා අනගාරියං පබ්බජිස්සන්ති. කිමඞ්ග පනාහන්ති” සො භණ්ඩිකං මුඤ්චිත්වා තං භණ්ඩං රුක්ඛෙ ආලග්ගෙත්වා ‘යො පස්සති දින්නඤ්ඤෙව හරතූ’ති වත්වා යෙන තෙ සක්යකුමාරා තෙනුපසඞ්කමි. අද්දසාසුං ඛො තෙ සක්යකුමාරා උපාලිං කප්පකං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන උපාලිං කප්පකං එතදවොචුං:: “කිස්ස භණෙ උපාලි නිවත්තොසී”ති.
Sinhala BJTඉක්බිති පෙරළා එන්නාවූ උපාලි කපුවාට “ශාක්‍යයෝ සැඩයහ. මොහු විසින් කුමරුවෝ නික්මවන ලදහ යි ඔවුන් මා මරවනු ද නො බැරි ය. මේ සාක්‍ය කුමාරවරු ද ගිහිගෙන් නික්ම පැවිදි වන්නාහ. මම් කුමට ගිහිගෙයි රැඳෙන්නෙම් ද” යි මේ සිත විය. මෙසේ සිතා ආභරණ පොදිය ලිහා ඒ සියලු බඩු ගසෙක එල්ලා “යමෙක් මේවා දකින්නේ ද ඔහුට දෙන ලදුයේ ම ය. ගෙන යේවා” යි කියා ඒ ශාක්‍ය කුමාරයන් කරා ගියේ ය. ඒ ශාක්‍ය කුමාරයෝ දුරින් ම එන්නා වූ උපාලි කපුවා දුටුහ. දැක ඔහු බණවා, “සගය උපාලි, කවර හෙයින් පෙරළා එන්නෙහි දැ” යි ඇසූහ.
Pali BJT“ඉධ මෙ අය්යපුත්තා නිවත්තන්තස්ස එතදහොසි: ‘චණ්ඩා ඛො සාකියා ඉමිනා කුමාරා නිප්පාතිතාති ඝාතාපෙය්යුම්පි මං. ඉමෙ හි නාම සක්යකුමාරා අගාරස්මා අනගාරියං පබ්බජිස්සන්ති. කිමඞ්ගපනාහන්ති, සො ඛො අහං අය්යපුත්තා භණ්ඩිකං මුඤ්චිත්වා තං භණ්ඩං රුක්ඛෙ ආලග්ගෙත්වා ‘යො පස්සති දින්නඤ්ඤෙව හරතූ’ති වත්වා තතොම්හි පටිනිවත්තො”ති.
Sinhala BJT“ආර්‍ය්‍ය පුත්‍රයිනි, මෙහි පෙරළා එන මට ‘ශාක්‍යයෝ ඒකාන්තයෙන් චණ්ඩය හ. මොහු විසින් කුමරුවෝ නික්මවන ලදහ’ යි කියා මා මරවනුත් බැරි නැත. ‘මේ, ශාක්‍ය කුමාරයෝත් ගිහිගෙන් නික්ම පැවිදි වන්නාහ. මා ගැන කියනු ම කවරේ දැ’ යි මේ සිත විය. ආර්යපුත්‍රයෙනි, ඒ මම් වනාහි බඩු පොදිය මුදා බඩු ගසෙක එල්ලා ‘යමෙක් දක්නේ නම් ඔහුට මෙය දෙන ලද්දේ ම ය හේ මෙය ගෙන යේවා’ යි කියා එතැනින් ම පෙරළා ආයෙමි” යි
Pali BJT“සුට්ඨු භණෙ උපාලි, අකාසි යං න නිවත්තො. චණ්ඩා ඛො සාකියා. ඉමිනා කුමාරා නිප්පාතිතාති ඝාතාපෙය්යුම්පි තන්ති”.
Sinhala BJT“තෙල උපාලි, පෙරළා ආයේ ය යන යමක් ඇද්ද එය කළ සේ මැනැවි. ශාක්‍යයෝ වූකලි චණ්ඩයහ. ‘මොහු විසින් කුමරුවෝ නික්මවන ලදහ’ යි සිතා තා මරවනු ද නො බැරි යැ” (කුමරුවෝ කීහ).
Pali BJT5. අථ ඛො සක්යකුමාරා උපාලිං කප්පකං ආදාය යෙන භගවා තෙනුපසඞ්කමිංසු, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ සක්යකුමාරා භගවන්තං එතදවොචුං: “මයං භන්තෙ සාකියා නාම මානස්සිනො. අයං භන්තෙ උපාලි කප්පකො අම්හාකං දීඝරත්තං පරිචාරකො. ඉමං භගවා පඨමං පබ්බාජෙතු. ඉමස්ස මයං අභිවාදනං පච්චුට්ඨානං අඤ්ජලිකම්මං සාමීචිකම්මං කරිස්සාම. එවං අම්හාකං සාකියානං සාකියමානො නිම්මානීයිස්සතී”ති{1}.
Sinhala BJT5. ඉක්බිති ඒ ශාක්‍යප කුමාරයෝ උපාලි කපුවා ගෙන භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියාහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ පසෙක හිඳගත්හ. ඒ ශාක්‍ය කුමරුවෝ පසෙක උන්නාහු ම “වහන්ස, ශාක්‍ය වූ අපි වනාහි මානනිඃශ්‍රිතයම්හ. වහන්ස, මේ උපාලි කපු තෙම දීර්‍ඝ කාලයක් අපේ සේවකයෙකි. භාග්‍යවතුන් වහන්සේ පළමු කොට මොහු පැවිදි කරනසේක්වා. අපි මොහුට වැඳීම, දැක හුනස්නෙන් නැඟී සිටීම, දොහොත් මුදුන් තබා නමස්කාරය, සාමීචිකර්‍මය (පවන් සැලීමාදී ආභිසමාචාරිකවත්) කරන්නෙමු. මෙසේ අපේ ශාක්‍යමානය නිර්‍මාණ බවට පමුණුවන ලබන්නේ යැ (දුරුවන්නේ යැ)” කීහ.
Pali BJTඅථ ඛො භගවා උපාලිං කප්පකං පඨමං පබ්බාජෙසි, පච්ඡා තෙ සක්යකුමාරෙ. අථ ඛො ආයස්මා භද්දියො තෙනෙව අන්තරවස්සෙන තිස්සො විජ්ජා සච්ඡාකාසි. ආයස්මා අනුරුද්ධො දිබ්බචක්ඛුං උප්පාදෙසි. ආයස්මා ආනන්දො සොතාපත්තිඵලං සච්ඡාකාසි. දෙවදත්තො පොථුජ්ජනිකං ඉද්ධිං අභිනිප්ඵාදෙසි.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උපාලි කපුවා පළමු කොට ද එයට පසු ඒ කුමරුවන් ද පැවිදි කළ සේක. එයින් පසු ආයුෂ්මත් භද්දිය තෙම ඒ අතුරු වසෙහි දී ම ත්‍රිවිද්‍යාවන් සාක්‍ෂාත් කළේ ය. ආයුෂ්මත් අනුරුද්ධ තෙම දිවැස ඉපැදවී ය. ආයුෂ්මත් ආනන්‍ද තෙම සෝවාන් ඵලය පසක් කෙළේ ය. දෙව්දත් තෙම පුහුදුන් ඍද්ධිය නිපැදවී ය.
Pali BJTතෙන ඛො පන සමයෙන ආයස්මා භද්දියො අරඤ්ඤගතොපි රුක්ඛමූලගතොපි සුඤ්ඤාගාරගතොපි අභික්ඛණං උදානං උදානෙසි ‘අහො සුඛං අහො සුඛන්ති’. අථ ඛො සම්බහුලා භික්ඛූ යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං: – “ආයස්මා භන්තෙ භද්දියො අරඤ්ඤගතොපි රුක්ඛමූලගතොපි සුඤ්ඤාගාරගතොපි අභික්ඛණං උදානං උදානෙති ‘අහො සුඛං අහො සුඛන්ති’. නිස්සංසයං ඛො භන්තෙ ආයස්මා භද්දියො අනභිරතො ව බ්රහ්මචරියං චරති. තඤ්ඤෙව වා පුරිමං රජ්ජසුඛං සමනුස්සරන්තො අරඤ්ඤගතො පි රුක්ඛමූලගතො පි සුඤ්ඤාගාරගතො පි අභික්ඛණං උදානං උදානෙති ‘අහො සුඛං අහො සුඛන්ති”.
Sinhala BJTඑ සමයෙහි වනාහි ආයුෂ්මත් භද්දියයෝ අරනට ගියෝ ද, රුක්මුලට ගියෝ ද, ශුන්‍යාගාරයකට ගියෝ ද, ‘අහෝ සැප ය, අහෝ සැප යැ’ යි එක්වන් උදන් අනති. එකල්හි බොහෝ මහණහු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියාහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ පසෙක ඉඳගත්හ. එසේ මහණහු පසෙක උන්නාහු ම “වහන්ස, ආයුෂ්මත් භද්දිය තෙමේ අරනට ගියේ ද රුක් මුලට ගියේ ද ශුන්‍යාගාරයට ගියේ ද ‘අහෝ සැප ය, අහෝ සැප යැ’යි උදන් අනයි. වහන්ස, ආයුෂ්මත් භද්දිය තෙම නිසැකින් ම නො ඇලුණේ බඹසර සරයි. ඒ පළමු රජ සුව ම හෝ සිහි කරනුයේ අරනට ගියේත් රුක්මුලට ගියේත් ශුන්‍යාගාරයට ගියේත් ‘අහෝ, සුව ය අහෝ සුව යැ’ යි එක්වන් උදන් අනා යැ” යි මෙ පවත් සැලකළාහ.
Pali BJT6. අථ ඛො භගවා අඤ්ඤතරං භික්ඛුං ආමන්තෙසි: “එහි ත්වං භික්ඛු මම වචනෙන භද්දියං භික්ඛුං ආමන්තෙහි: ‘සත්ථා තං ආවුසො භද්දිය ආමන්තෙතීති”. “එවං භන්තෙ”ති ඛො සො භික්ඛු භගවතො පටිස්සුත්වා යෙනායස්මා භද්දියො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං භද්දියං එතදවොච: ‘සත්ථා තං ආවුසො භද්දිය ආමන්තෙතී’ති.
Sinhala BJT6. එවිට භාග්‍යවතුන් වහන්සේ එක්තරා මහණක්හු බණවා, “මහණ, මෙහි එව, ‘ඇවැත්නි, ශාස්තෘහු තොප කැඳවති’ යි කියා මාගේ වචනයෙන් භද්දිය මහණහු කැඳවාගෙනෙව” යි වදාළ සේක. “එසේ යැ වහන්සැ” යි කියා එ මහණ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී ආයුෂ්මත් භද්දියයන් කරා එළඹියේ ය. එළැඹ “ඇවැත්නි, භද්දියයෙනි, ශාස්තෘන් වහන්සේ තොප කැඳවන සේකැ” කීයේ ය.
Pali BJT“එවමාවුසො”ති ඛො ආයස්මා භද්දියො තස්ස භික්ඛුනො පටිස්සුත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං භද්දියං භගවා එතදවොච: “සච්චං කිර ත්වං භද්දිය අරඤ්ඤගතො පි රුක්ඛමූලගතො පි සුඤ්ඤාගාරගතො පි අභික්ඛණං උදානං උදානෙසි අහො සුඛං අහො සුඛන්ති.”
Sinhala BJT“එසේ යැ ඇවැත්නි” යි කියා ආයුෂ්මත් භද්දියයෝ එ මහණහට පිළිවදන් දී, භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියාහ. එළඹ ඔබ වැඳ පසෙක උන්හ. පසෙක හුන් ආයුෂ්මත් භද්දියයන් බණවා, භාග්‍යවතුන් වහන්සේ “හදදියයෙනි, තෙපි අරනට ගියෝත් රුක්මුලකට ගියෝත් ශුන්‍යාගාරයට ගියෝත් ‘අහෝ සුව යැ, අහෝ සුව යැ’යි එක්වන් උදන් අනත්ල. ඒ සැබෑ ද” යි අසා වදාළසේක.
Pali BJT“එවං භන්තෙ”ති.
Sinhala BJT“වහන්ස, එසේ යැ” යි භද්දියෝ පිළිවදන් දුන්හ.
Pali BJT“කිං පන ත්වං භද්දිය අත්ථවසං සම්පස්සමානො අරඤ්ඤගතො පි රුක්ඛමූලගතො පි සුඤ්ඤාගාරගතො පි අභික්ඛණං උදානං උදානෙසි අහො සුඛං අහො සුඛන්ති.”
Sinhala BJTභද්දියයෙනි, තෙපි අරනට ගියෝද රුක්මුලකට ගියෝද ශුන්‍යාගාරයට ගියෝද කුමක් අරුත් වශයෙන් බලන්නාහු (ම) එක්වන් සොම්නසින් ‘අහෝ සුවය අහෝ සුවයැ’ යි උදන් ඇනූදැ” යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළසේක.
Pali BJT“පුබ්බෙ මෙ භන්තෙ රඤ්ඤො සතොපි අන්තොපි අන්තෙපුරෙ රක්ඛා සුසංවිහිතා හොති. බහිපි අන්තෙපුරෙ රක්ඛා සුසංවිහිතා හොති. අන්තොපි නගරෙ රක්ඛා සුසංවිහිතා හොති. බහිපි නගරෙ රක්ඛා සුසංවිහිතා හොති. අන්තොපි ජනපදෙ රක්ඛා සුසංවිහිතා හොති. බහිපි ජනපදෙ රක්ඛා සුසංවිහිතා හොති. සො ඛො අහං භන්තෙ එවං රක්ඛිතොපි ගොපිතොපි සන්තො භීතො උබ්බිග්ගො උස්සඞ්කී උත්රසෙතා විහරාමි. එතරහි ඛො පනාහං භන්තෙ එකො අරඤ්ඤගතො’ පි රුක්ඛමූලගතො’ පි සුඤ්ඤාගාරගතො’ පි අභීතො අනුබ්බිග්ගො අනුස්සඞ්කී අනුත්රස්තො අප්පොස්සුක්කො පන්නලොමො පරදවුත්තො{1} මිගභූතෙන චෙතසා විහරාමි. ඉමම්පි{2} ඛො අහං භන්තෙ අත්ථවසං සම්පස්සමානො අරඤ්ඤගතොපි රුක්ඛමූලගතොපි සුඤ්ඤාගාරගතොපි අභික්ඛණං උදානං උදානෙමි ‘අහො සුඛං අහො සුඛන්ති”.
Sinhala BJT“වහන්ස, පෙරැ මා රජ වැ හුන් සමයෙහි ඇතොවුරෙහි ඇතුළත ද මොනොවට රකවල පිහිටුවන ලද්දේ වේ. ඇතෝවුරින් පිටත ද මොනොවට රකවල පිහිටුවන ලද්දේ වේ. දනව්ව ඇතුළත ද මොනොවට රකවල පිහිටුවන ලදුයේ වේ. දනව්වෙන් පිටත ද මොනොවට රකවල පිහිටුවන ලදුයේ වේ. වහන්ස, ඒ මම් මෙසේ රක්‍ෂිත ගෝපිත වීම් නමුදු බියපත් ව උද්වේග ඇති වැ සැක ඇති වැ තැති ගත්තෙම් වෙසෙමි. වහන්ස, දැන් වූ කලි හුදෙකලා වූයෙම්, අරනට ගියෙම් රුක්මුලට ගියෙම් ද ශුන්‍යාගාරයට ගියෙම් ද අභීත වැ අනුද්විග්න වැ සැක නැති වැ තැති ගැනුම් නැති ව, අල්පොත්සුක වැ, මන් නැති ව, මෙරමා දුන් දැයින් යැපුණෙම් , මෘගභූත (අපේක්‍ෂා රහිත වූ) සිතින් යුතු වැ වෙසෙමි. වහන්ස, මම් මේ කරුණ ද දක්නෙම් වනයට ගියෙම් ද රුක්මුලට ගියෙම් ද ශුන්‍යාගාරයට ගියෙම් ද ‘අහෝ සුවය අහෝ සුව යැ’ එක්වන් උදන් අනමි” යි ආයුෂ්මත් භද්දියයෝ කීහ.
Pali BJTඅථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
Sinhala BJTඑවිට භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ සලකා එ වේලෙහි මෙ උදන් ඇනූසේක:
Pali BJTයස්සන්තරතො න සන්ති කොපා ඉති භවාභවතඤ්ච වීතිවත්තො තං විගතභයං සුඛිං අසොකං දෙවා නානුභවන්ති දස්සනායාති.
Sinhala BJT“යමක්හු සිතෙහි අනාගාමි මගින් නැසූ බැවින් කෝපයෝ නො පහළ වෙත් ද, (සම්පත්ති විපත්ති වෘද්ධි හානි ශාශ්වතෝච්ඡෙ ද දෘෂ්ටි පුණ්‍යපාප දැ යි අනේකප්‍රකාර වූ) භවවිභවතාවනුත් යමෙක් ඉක්මියේ ද පහ වූ බිය ඇති සුවපත් වූ ශෝක නැති තෙනැත්තහු දක්නට දෙවියෝ ද නො ලබත් (ඔහු දැක්ම දෙවියනට දුර්‍ලභ දැයෙකි)”
Pali BJT7. අථ ඛො භගවා අනුපියායං යථාභිරන්තං විහරිත්වා යෙන කොසම්බී තෙන චාරිකං චරමානො යෙන කොසම්බී තදවසරි. තත්ර සුදං භගවා කොසම්බියං විහරති ඝොසිතාරාමෙ. අථ ඛො දෙවදත්තස්ස රහොගතස්ස පටිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: “කිං නු ඛො අහං පසාදෙය්යං යස්මිං මෙ පසන්නෙ බහුලාභසක්කාරො උප්පජ්ජෙය්යා”ති.
Sinhala BJT7. එකල්හි භාග්‍යවතුන් වහන්සේ අනුපියායෙහි රිසි තාක් වැස, ඉන් නික්ම කොසොඹෑ නුවර බලා පිළිවෙළින් සැරිසරන සේක් කොසොඹෑ නුවරට පැමිණිසේක. එ සමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ කොසොඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි වැඩ වසනසේක. එ කලැ එකලා වැ චිත්තවිවේකයෙන් හුන් දෙව්දත් තෙරුනට “යමක්හු මට පැහැදුණු කල්හි මට බොහෝ ලාභසත්කාර උපදයෙන් නම් එබඳු වූ කවරක්හු පහදවා ගනිම් දෝ” යි මේ සිත විය.
Pali BJTඅථ ඛො දෙවදත්තස්ස එතදහොසි: “අයං ඛො අජාතසත්තු කුමාරො තරුණො චෙව ආයතිං භද්දො ච, යන්නූනාහං අජාතසත්තුං කුමාරං පසාදෙය්යං. තස්මිං මෙ පසන්නෙ බහුලාභසක්කාරො උප්පජ්ජිස්සතී”ති.
Sinhala BJTඉක්බිති දෙව්දත්තෙරහට “මේ අජාසත් කුමර තරුණ ද මත්තෙහි භාග්‍යසසම්පත් ලබන්නෙක් ද වේ. අජාසත් කුමරු පහදවා ගත හොත් මැනැවි. මට ඔහු පැහැදුණ කල්හි බොහෝ ලාභසත්කාර උපදින්නේ යැ” යි මේ සිත විය.
Pali BJTඅථ ඛො දෙවදත්තො සෙනාසනං සංසාමෙත්වා පත්තචීවරමාදාය යෙන රාජගහං තෙන පක්කාමි. අනුපුබ්බෙන යෙන රාජගහං තදවසරි. අථ ඛො දෙවදත්තො සකවණ්ණං පටිසංහරිත්වා කුමාරකවණ්ණං අභිනිම්මිනිත්වා අහිමෙඛලිකාය අජාතසත්තුස්ස කුමාරස්ස උච්ඡඞ්ගෙ පාතුරහොසි. අථ ඛො අජාතසත්තු කුමාරො භීතො අහොසි උබ්බිග්ගො උස්සඞ්කී උත්රස්තො. අථ ඛො දෙවදත්තො අජාතසත්තුං කුමාරං එතදවොච: “භායසි මං ත්වං කුමාරාති”.
Sinhala BJTඉක්බිති දෙව්දත් තෙරණුවෝ සෙනස්න සුරැකි කොට තබා පාසිවුරු ගෙන රජගහ නුවර කරා එළැඹියාහ. එ කලැ දෙව්දත්හු (ඍද්ධියෙන්) ස්වකීය වේශය හකුළුවා කුඩා දරුවකුගේ වේශය මවා ගෙන (ඉනවටා සර්‍පයකු ද එකි එකී අතෙහි පයෙහි එක් එක් සර්‍පයකු ද ගෙලවටා සර්‍පයකු ද හිසවටා එකකු දැ යි මෙසේ) සර්පමේඛලායෙන් සැදී, අජාසත් කුමරුගේ උකුළෙහි පහළ විය. එවිට අජාසත් කුමර බියපත් වූයේ, උද්වේගයට පැමිණියේ, නැගී ආ සැක ඇත්තේ, තැති ගත්තේ විය. එ කල්හි දෙව්දත් තෙරණුවෝ ‘කුමාරය, මා දැක බිය පත් වෙහි දැ’ යි පුළුවුත්හ.
Pali BJT“ආම භායාමි. කොසි ත්වන්ති”.
Sinhala BJT“එසේ ය, බියපත් වෙමි. ඔබ කවුරු දැ” යි කුමර ඇසී ය.
Pali BJT“අහං දෙවදත්තො”ති.
Sinhala BJT“මම් දෙව්දත් වෙමි” යි තෙරණුවෝ කීහ.
Pali BJT“සචෙ ඛො ත්වං භන්තෙ අය්යො දෙවදත්තො, ඉඞ්ඝ සකෙනෙ ව වණ්ණෙන පාතුභවස්සූ”ති.
Sinhala BJT“වහන්ස, ඔබ අරී දෙව්දත් වෙත් නම්, තමන් ගේ පියෙවි වේශයෙන් පෙනී සිටින්නැ” යි කුමර කී ය.
Pali BJT8. අථ ඛො දෙවදත්තො කුමාරකවණ්ණං පටිසංහරිත්වා සඞ්ඝාටිපත්තචීවරධරො අජාතසත්තුස්ස කුමාරස්ස පුරතො අට්ඨාසි. අථ ඛො අජාතසත්තු කුමාරො දෙවදත්තස්ස ඉමිනා ඉද්ධිපාටිහාරියෙන අභිප්පසන්නො පඤ්චහි රථසතෙහි සායං පාතං උපට්ඨානං ගච්ඡති. පඤ්ච ච ථාලිපාකසතානි භත්තාභිහාරො අභිහරීයති.
Sinhala BJT8. ඉක්බිති දෙව්දත් තෙරණුවෝ කුමාරක වේශය හකුළුවා සංඝාටි පාත්‍ර චීවරධර වූවෝ (සඟළ සිවුර හා පාත්‍රය හා සෙසු දෙසිවුර දරනුවෝ) අජාසත් කුමර ඉදිරියේ පෙනී සිටියාහ. එවිට අජාසත් කුමර දෙව්දතුන්ගේ මේ ඉදු පෙළහරින් වෙසෙසින් පැහැදුණේ රිය පන්සියයෙකින් සැදී උදේ සවස උවටනට යෙයි. දිනපතා බත්තැළි පන්සියයක් වූ බොජුන් පිරිනැමීමෙක් ද කැරෙයි.
Pali BJTඅථ ඛො දෙවදත්තස්ස ලාභසක්කාරසිලොකෙන අභිභූතස්ස පරියාදින්නචිත්තස්ස එවරූපං ඉච්ඡාගතං උප්පජ්ජි ‘අහං භික්ඛුසඞ්ඝං පරිහරිස්සාමී’ති සහ චිත්තුප්පාදා’ව දෙවදත්තො තස්සා ඉද්ධියා පරිහායි.
Sinhala BJTඑ කල්හි ලාභසත්කාරයෙන් හා කීර්තියෙන් මැඩුණු, ක්ෂිණ වූ කුසල් සිත් ඇති දෙව්දත් තෙරණුවනට ‘මම් භික්‍ෂූ සංඝයා පාලනය කරන්නෙමි’ යි මෙ බඳු වූ ආශාවෙක් උපන. එ සිත උපන්නා හා ම දෙව්දත් තෙරණුවෝ ඒ ඍද්ධියෙන් පිරිහුණාහ.
Pali BJTතෙන ඛො පන සමයෙන කකුධො නාම කොලියපුත්තො ආයස්මතො මහාමොග්ගල්ලානස්ස උපට්ඨාකො අධුනා කාලකතො අඤ්ඤතරං මනොමයං කායං උපපන්නො. තස්ස එවරූපො අත්තභාවපටිලාභො හොති සෙය්යථාපි නාම ද්වෙ වා තීණි වා මාගධකානි ගාමක්ඛෙත්තානි. සො තෙන අත්තභාවප්පටිලාභෙන නෙව අත්තානං න පරං ව්යාබාධෙති.
Sinhala BJTඑ සමයෙහි ආයුෂ්මත් , මහමුගලන් තෙරුන්ගේ උපස්ථායක වූ කෝලිය පුත්‍ර වූ කකුධ නම් ක්‍ෂත්‍රියයෙක් එයට සමීප කාලයෙහි කලුරිය කෙළේ එක්තරා මනෝමය දිව්‍යනිකායයෙක උපන්නේ වෙයි. ඔහුට මගධ රටැ ග්‍රාමක්‍ෂේත්‍ර දෙකක් හෝ තුනක් තරම් විශාල වූ මෙබඳු ආත්මභාව ප්‍රතිලාභයෙක් වෙයි. හේ ඒ ලත් අත් බැවින් තමා හෝ මෙරමා හෝ නො පෙළයි.
Pali BJTඅථ ඛො කකුධො දෙවපුත්තො යෙනායස්මා මහාමොග්ගල්ලානො තෙනුපසඞ්කමි උපසඞ්කමිත්වා ආයස්මන්තං මහාමොග්ගල්ලානං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි, එකමන්තං ඨිතො ඛො කකුධො දෙවපුත්තො ආයස්මන්තං මහාමොග්ගල්ලානං එතදවොච: දෙවදත්තස්ස භන්තෙ ලාභසක්කාරසිලොකෙන අභිභූතස්ස පරියාදින්නචිත්තස්ස එවරූපං ඉච්ඡාගතං උප්පජ්ජි ‘අහං භික්ඛුසඞ්ඝං පරිහරිස්සාමී’ති. සහ චිත්තුප්පාදාව භන්තෙ දෙවදත්තො තස්සා ඉද්ධියා පරිහීනො’ති. ඉදමවොච කකුධො දෙවපුත්තො. ඉදං වත්වා ආයස්මන්තං මහාමොග්ගල්ලානං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙව අන්තරධායි.
Sinhala BJTඉක්බිති කකුධ දෙව්පුත් ආයුෂ්මත් මහමුගලන් තෙරුන් කරා එළැඹියේ ය. එළඹ ඔබ වැඳ පසෙක සිටියේ ය. පසෙක සිටියා වූ කකුධ දෙව්පුත් ආයුෂ්මත් මහමුගලන් තෙරුනට “වහන්ස, ලාභ සත්කාර කීර්තියෙන් මඩනා ලද හාත්පසින් ගන්නා ලද සිතැති දෙව්දත් තෙරුනට ‘මම් භික්‍ෂූ සඞ්ඝයා පරිහරණය කරන්නෙමි’ යි මෙබඳු ආශාවෙක් උපන. වහන්ස, එ සිත උපන්නා හා ම දෙව්දත්හු ඒ ඍද්ධියෙන් පිරිහුණාහ.”යි මෙ පවත් සැලකෙළේ ය. කකුධ දෙව්පුත් මෙබස් පැවැසී ය. මෙය පවසා, මහමුගලන් තෙරුන් වැඳ පැදකුණු කොට එහි ම අතුරුදහන් විය.
Pali BJT9. අථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා මහාමොග්ගල්ලානො භගවන්තං එතදවොච: කකුධො නාම භන්තෙ කොලියපුත්තො මම උපට්ඨාකො අධුනා කාලකතො අඤ්ඤතරං මනොමයං කායං උපපන්නො. තස්ස එවරූපො අත්තභාවපටිලාභො සෙය්යථාපි නාම ද්වෙ වා තීණි වා මාගධකානි ගාමක්ඛෙත්තානි, සො තෙන අත්තභාවපටිලාභෙන නෙව අත්තානං න පරං ව්යාබාධෙති. අථ ඛො භන්තෙ කකුධො දෙවපුත්තො යෙනාහං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා මං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො භන්තෙ කකුධො දෙවපුත්තො මං එතදවො: දෙවදත්තස්ස භන්තෙ ලාභසක්කාරසිලොකෙන අභිභූතස්ස පරියාදින්නචිත්තස්ස එවරූපං ඉච්ඡාගතං උප්පජ්ජි: අහං භික්ඛුසඞ්ඝං පරිහරිස්සාමීති. සහ චිත්තුප්පාදාව භන්තෙ දෙවදත්තො තස්සා ඉද්ධියා පරිහීනොති. ඉදමවොච භන්තෙ කකුධො දෙවපුත්තො. ඉදං වත්වා මං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙව අන්තරධායීති.
Sinhala BJT9. එකල්හි මහමුගලන් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියාහ. එළඹ ඔබ වැඳ පසෙක උන්හ. (එසේ) පසෙක හුන් මහමුගලන් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළාහ: “වහන්ස, මට උපස්ථායක ව සිටි, නොබෝදා කලුරිය කළ කකුධ නම් කොළිය පුතු තෙම එක්තරා මනෝමය ආත්ම භාවයකට පැමිණියේ ය. ඔහුට මගධ රටැ ගම්කෙත්දෙකක් තුනක් පමණ වූ ආත්මභාවයෙක් ලැබී ඇත. හේ ඒ අත්බැවින් තමා නො ම පෙළයි, අනුන් ද නො ම පෙළයි. වහන්ස, ඉක්බිති කකුධ දෙව්පුත් මා වෙත එළැඹියේ ය. එළඹ මා වැඳ පසෙක සිටියේ ය. වහන්ස, පසෙක සිටි ඒ කකුධ දෙව්පුත් “වහන්ස, ලාභ සත්කාර කීර්තියෙන් මඩනා ලද දෙව්දතුනට ‘මම භික්‍ෂූ සඞ්ඝයා පරිහරණය කරන්නෙමි’ යි මෙසේ වූ ආශාවෙක් උපන. වහන්ස, ඒ සිත උපන්නා හා ම දෙව්දත්හු ඍද්ධියෙන් පිරිහුණාහ. වහන්ස, කකුධ දෙව්පුත් මෙ බස් පැවැසී ය. මෙය පවසා මා වැඳ පැදකුණු කොට එතන්හි ම අතුරුදහන් වී ය” යනු යි.
Pali BJT“කිං පන තෙ මොග්ගල්ලාන කකුධො දෙවපුත්තො චෙතසා චෙතො පරිච්ච විදිතො යං කිඤ්චි කකුධො දෙවපුත්තො භාසති ‘සබ්බන්තං තථෙව හොති නො අඤ්ඤථා’ති”ති.
Sinhala BJT“කිමෙක් ද? මෞද්ගල්‍යායනයෙනි, ‘කකුධ දෙව්පුත් කියන සියල්ල එසේ ම ය. එහි වෙනස් සැටියෙක් නැතැ’ යි ඔහුගේ සිත තොප සිතින් පිරිසිඳ දන්නා ලද දැ?” යි භාග්‍යවතුන් වහන්සේ අසාවදාළසේක.
Pali BJT“චෙතසා චෙතො පරිච්ච විදිතො ච මෙ භන්තෙ කකුධො දෙවපුත්තො යං කිඤ්චි කකුධො දෙවපුත්තො භාසති සබ්බන්තං තථෙව හොති, නො අඤ්ඤථා”ති.
Sinhala BJT“වහන්ස, කකුධ දෙව්පුත් කියන ඒ සියල්ල එසේ ම ය, අන් සැටි නො වේ යැ යි ඔහු මා සිතින් ද පිරිසිඳ දන්නා ලද්දේ” යැ යි මහමුගලන් තෙරණුවෝ වදාළාහ.
Pali BJT“රක්ඛස්සෙතං මොග්ගල්ලාන වාචං රක්ඛස්සෙතං මොග්ගල්ලාන වාචං. ඉදානි සො මොඝපුරිසො අත්තනා ව අත්තානං පාතුකරිස්සතී”ති.
Sinhala BJT“මෞද්ගල්‍යායනයෙනි, මේ වචනය රැක ගනිවු. මෞද්ගල්‍යායනයෙනි, මේ වචනය රැක ගනිවු. දැන් ඒ හිස් පුරුෂ තෙම තමා ම හෙළිකරන්නේ යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
Pali BJT10. “පඤ්චිමෙ මොග්ගල්ලාන සත්ථාරො සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ පඤ්ච;
Sinhala BJT10. මෞද්ගල්‍යායනයෙනි, ලොවැ ශාස්තෘහු පස් දෙනෙක් විද්‍යාමානයහ. කවර පස් දෙනෙක් ද? යත්:
Pali BJTඉධ මොග්ගල්ලාන එකච්චො සත්ථා අපරිසුද්ධසීලො සමානො පරිසුද්ධසීලොම්හීති පටිජානාති පරිසුද්ධං මෙ සීලං පරියොදාතං අසඞ්කිලිට්ඨන්ති. තමෙනං සාවකා එවං ජානන්ති: අයං ඛො භවං සත්ථා අපරිසුද්ධසීලො සමානො පරිසුද්ධසීලොම්හීති පටිජානාති, පරිසුද්ධං මෙ සීලං පරියොදාතං අසඞ්කිලිට්ඨන්ති. මයං චෙව ඛො පන ගිහීනං ආරොචෙය්යාම, නාස්සස්ස මනාපං. යං ඛො පනස්ස අමනාපං කථං තං මයං තෙන සමුදාචරෙය්යාම සම්මන්නති ඛො පන චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙන. යං තුමො කරිස්සති තුමොව තෙන පඤ්ඤායිස්සතීති.{1}
Sinhala BJT“මෞද්ගල්‍යායනයෙනි, මෙහි එක්තරා ශාස්තෘවරයෙක් අපිරිසිදු වූ සිල් ඇත්තේ ම ‘පිරිසිදු සිල් ඇත්තෙම් වෙමි. මාගේ ශීලය පිරිසිදු ය, හැම ලෙසින් ම ශුද්ධ ය, නො කිලිටි යැ’ යි ප්‍රතිඥා කෙරෙයි. ඔහුගේ ශ්‍රාවකයෝ “මේ භවත් ශාස්තෘ තෙම වනාහි නො පිරිසිදු සිල් ඇත්තේ ම පිරිසිදු සිල් ඇත්තෙමි යි, මාගේ ශීලය පිරිසිදු ය, හැම ලෙසින් ම ශුද්ධ ය, නො කිලිටි යැ” යි ප්‍රතිඥා කෙරෙයි. අපි වූ කලි මෙය ගිහියනට දන්වන්නමෝ නම්, එය ඔහුට මනාප නො වන්නේ ය. යමක් අමනාප වේ නම්, අපි කෙසේ එයින් ඔහුට කියන්නමෝ ද? මහජන තෙමේ මොහුට සිවුරු පිණ්ඩපාත සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරින් සම්මාන කෙරෙයි. එ බැවින් තෙමේ යමක් කරන්නේ ද එයින් තෙමේ ම හෙළි වන්නේ යැ” යි මෙසේ ඔහු දනිත්.
Pali BJTඑවරූපං ඛො මොග්ගල්ලාන සත්ථාරං සාවකා සීලතො රක්ඛන්ති. එවරූපො ච පන සත්ථා සාවකෙහි සීලතො රක්ඛං පච්චාසීසති.{2}
Sinhala BJTමෞද්ගල්‍යායනයෙනි, ශ්‍රාවකයෝ මෙබඳු ශාස්තෘවරයා ශීලය අතින් රකිත්. මෙබඳු ශාස්තෘවරයා ශ්‍රාවකයන්ගෙන් ශීලය අතින් රැක ගැන්ම පතයි.
Pali BJTපුන ච පරං මොග්ගල්ලාන ඉධෙකච්චො සත්ථා අපරිසුද්ධාජීවො සමානො ‘පරිසුද්ධාජීවොම්හී’ති පටිජානාති ‘පරිසුද්ධො මෙ ආජීවො පරියොදාතො අසංකිලිට්ඨො’ති. තමෙනං සාවකා එවං ජානන්ති; අයං ඛො භවං සත්ථා අපරිසුද්ධාජීවො සමානො පරිසුද්ධාජීවොම්හීති පටිජානාති පරිසුද්ධො මෙ ආජීවො පරියොදාතො අසඞ්කිලිට්ඨො’ති. මයං චෙව ඛො පන ගිහීනං ආරොචෙය්යාම නාස්සස්ස මනාපං යං ඛො පනස්ස අමනාපං කථං න මයං තෙන සමුදාචරෙය්යාම? සම්මන්නති ඛො පන චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙන. යං තුමො කරිස්සති තුමො ව තෙන පඤ්ඤායිස්සතීති.
Sinhala BJTතවද මෞද්ගල්‍යායනයෙනි, මෙහි ඇතැම් ශාස්තෘවරයෙක් අපිරිසිදු ආජීවය ඇත්තේ ම ‘පිරිසිදු ආජීවය ඇත්තෙම් වෙමි, මාගේ ආජීවය පිරිසිදු ය, හැම ලෙසින් ම ශුද්ධ ය, නො කිලිටි යැ’ යි ප්‍රතිඥා කෙරෙයි. ඔහුගේ ශ්‍රාවකයෝ ‘මේ භවත් ශාස්තෘ තෙම අපිරිසිදු ආජීවය ඇත්තේ ම පිරිසිදු ආජීවය ඇත්තෙමි, මාගේ ආජීවය පිරිසිදු ය, හැම ලෙසින් ශුද්ධ ය, නො කිලිටියැ යි ප්‍රතිඥා කෙරෙයි. අපිදු වනාහි මෙය ගිහියනට දන්වන්නමෝ නම්, එය ඔහුට මනාප නො වන්නේ ය. යමක් ඔහුට මනාප නො වන්නේ නම්, කෙසේ අපි එයින් ඔහුට කියන්නමෝ ද, ජන තෙමේ මොහුට සිවුරු පිණ්ඩපාත සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරින් සම්මාන කෙරෙයි. එබැවින් තෙමේ යමක් කරන්නේ ද එයින් තෙමේ ම හෙළිවන්නේ යැ” යි මෙසේ ඔහු දනිත්.
Pali BJTඑවරූපං ඛො මොග්ගල්ලාන සත්ථාරං සාවකා ආජීවතො රක්ඛන්ති. එවරූපො ච පන සත්ථා සාවකෙහි ආජීවතො රක්ඛං පච්චාසිංසති.
Sinhala BJTමෞද්ගල්‍යායනයෙනි, ශ්‍රාවකයෝ මෙබඳු ශාස්තෘවරයා ආජීවය අතින් රකිත්. මෙබඳු ශාස්තෘ තෙමේ ද ආජීවය අතින් ශ්‍රාවකයන්ගෙන් ආරක්‍ෂාව පතයි.
Pali BJTපුන ච පරං මොග්ගල්ලාන ඉධෙකච්චො සත්ථා අපරිසුද්ධධම්මදෙසනො සමානො ‘පරිසුද්ධධම්මදෙසනොම්හී’ති පටිජානාති ‘පරිසුද්ධා මෙ ධම්මදෙසනා පරියොදාතා අසඞ්කිලිට්ඨා’ති. තමෙනං සාවකා එවං ජානන්ති: අයං ඛො භවං සත්ථා අපරිසුද්ධධම්මදෙසනො සමානො පරිසුද්ධධම්මදෙසනොම්හීති පටිජානාති පරිසුද්ධා මෙ ධම්මදෙසනා පරියොදාතා අසඞ්කිලිට්ඨා’ති ච. මයං චෙව ඛො පන ගිහීනං ආරොචෙය්යාම නාස්සස්ස මනාපං,
Sinhala BJTතවද මෞද්ගල්‍යායනයෙනි, මෙහි ඇතැම් ශාස්තෘවරයෙක් නො පිරිසිදු දම්දෙසුම් ඇත්තේ ම පිරිසිදු දම්දෙසුම් ඇත්තෙමි යි මාගේ දහම් දෙසුම පිරිසිදු යැ යි හැම ලෙසින් ශුද්ධ යැ යි නො කිලිටි යැ යි ප්‍රතිඥා කෙරෙයි. ඔහුගේ ශ්‍රාවකයෝ ‘මේ භවත් ශාස්තෘ තෙම නො පිරිසිදු දම්දෙසුම් ඇත්තේ ම පිරිසිදු දම්දෙසුම් ඇත්තෙමැ යි මාගේ ධර්‍මදේශනා පිරිසිදු ය, හැම ලෙසින් ශුද්ධ ය, නො කිලිටි යැ’ යි ප්‍රතිඥා කෙරෙයි. අපි වනාහි මෙබව ගිහියනට කියන්නමෝ නම්, එය ඔහුට මනාප නො වන්නේ ය.
Pali BJTයං ඛො පනස්ස අමනාපං කථං තං මයං තෙන සමුදාචරෙය්යාම සම්මන්නති ඛො පන චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙන යං තුමො කරිස්සති තුමො’ව තෙන පඤ්ඤායිස්සතී’ති.
Sinhala BJTයමක් ඔහුට මනාප නො වන්නේ නම්, අපි කෙසේ නම් එයින් ඔහුට කියන්නමෝ ද, ජන තෙමේ මොහුට චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පස බෙහෙත් පිරිකරින් සම්මාන කෙරෙයි. තෙමේ යමක් කරන්නේ ද තෙමේ ම එයින් පැනෙන්නේ යැ’ යි දනිත්.
Pali BJTඑවරූපං ඛො මොග්ගල්ලාන සත්ථාරං සාවකා ධම්මදෙසනතො රක්ඛන්ති. එවරූපො ච පන සත්ථා සාවකෙහි ධම්මදෙසනතො රක්ඛං පච්චාසිංසති.
Sinhala BJTමෞද්ගල්‍යායනයෙනි, මෙබඳු ශාස්තෘවරයා වූකලි ශ්‍රාවකයෝ දම්දෙසුම් අතින් රකිත්. මෙබඳු ශාස්තෘ තෙමේ ද දම්දෙසුම් අතින් රැකගැන්ම ශ්‍රාවකයන්ගෙන් අපේක්‍ෂා කෙරෙයි.
Pali BJTපුන ච පරං මොග්ගල්ලාන ඉධෙකච්චො සත්ථා අපරිසුද්ධවෙය්යාකරණො සමානො පරිසුද්ධවෙය්යාකරණොම්හීති පටිජානාති පරිසුද්ධං මෙ වෙය්යාකරණං පරියොදාතං අසඞ්කිලිට්ඨන්ති. තමෙනං සාවකා එවං ජානන්ති: “අයං ඛො භවං සත්ථා අපරිසුද්ධවෙය්යාකරණො සමානො පරිසුද්ධවෙය්යාකරණොම්හීති පටිජානාති පරිසුද්ධං මෙ වෙය්යාකරණං පරියොදාතං අසඞ්කිලිට්ඨන්ති. මයං චෙව ඛො පන ගිහීනං ආරොචෙය්යාම නාස්සස්ස මනාපං. යං ඛො පනස්ස අමනාපං කථං තං මයං තෙන සමුදාචරෙය්යාම, සම්මන්නති ඛො පන චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙන. යං තුමො කරිස්සති තුමො’ව තෙන පඤ්ඤායිස්සතී”ති.
Sinhala BJTතව ද මෞද්ගල්‍යායනයෙනි, මෙහි එක්තරා ශාස්තෘවරයෙක් අපිරිසිදු විවරණ (ධර්‍මය හෙළි පෙහෙළි කොට තෝරා දීම) ඇත්තේ ම පිරිසිදු විවරණ ඇත්තෙම් වෙමි යි, මාගේ විවරණය පිරිසිදු ය, පර්‍ය්‍යවදාත ය, නො කිලිටි යැ’ යි ප්‍රතිඥා කෙරෙයි. ඔහුගේ සව්වෝ ද, ‘මේ භවත් ශාස්තෘ තෙමේ අපිරිසිදු දහම් විවරණ ඇත්තේ ම පිරිසිදු විවරණ ඇත්තෙම් වෙමි, මාගේ දහම් විවරණ පිරිසිදු ය, පර්‍ය්‍යවදාත ය, නො කිලුටු යැ’ යි ප්‍රතිඥා කෙරෙයි. අපිදු වූකලි ගිහියනට දන්වන්නමෝ නම්, එය ඔහුට මනාප නො වන්නේ ය. යමක් ඔහුට මනාප නො වන්නේ නම්, අපි කෙසේ නම් එයින් ඔහුට කියන්නමෝ ද, (මහ ජන තෙමේ) සිවුරු පිණ්ඩපාත සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරින් ඔහුට සම්මාන කෙරේ ම ය. යමක් තෙමේ කරන්නේ ද තෙමේ ම එයින් පැනෙන්නේ යැ’ යි ඔහු (ගැන) මෙසේ දනිත්.
Pali BJTඑවරූපං ඛො මොග්ගල්ලාන සත්ථාරං සාවකා වෙය්යාකරණතො රක්ඛන්ති. එවරූපො ච පන සත්ථා සාවකෙහි වෙය්යාකරණතො රක්ඛං පච්චාසිංසති.
Sinhala BJTමෞද්ගල්‍යායනය, මෙ බඳු ශාස්තෘහු වනාහි ශ්‍රාවකයෝ දහම් විවරණය කෙරෙන් රකිත්. මෙ බඳු ශාස්තෘ තෙමේ ද සිය සව්වන්ගෙන් දහම් විවරණ අතින් තමාගේ ආරක්‍ෂාව පතයි.
Pali BJTපුන ච පරං මොග්ගල්ලාන ඉධෙකච්චො සත්ථා අපරිසුද්ධඤාණදස්සනො සමානො පරිසුද්ධඤාණදස්සනොම්හීති පටිජානාති පරිසුද්ධං මෙ ඤාණදස්සනං පරියොදාතං අසඞ්කිලිට්ඨන්ති. තමෙනං සාවකා එවං ජානන්ති: අයං ඛො භවං සත්ථා අපරිසුද්ධඤාණදස්සනො සමානො පරිසුද්ධඤාණදස්සනොම්හීති පටිජානාති, පරිසුද්ධං මෙ ඤාණදස්සනං පරියොදාතං අසඞ්කිලිට්ඨන්ති. මයං චෙව ඛො පන ගිහීනං ආරොචෙය්යාම නාස්සස්ස මනාපං. යං ඛො පනස්ස අමනාපං කථං තං මයං තෙන සමුදාචරෙය්යාම, සම්මන්නති ඛො පන චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙන. යං තුමො කරිස්සති තුමො’ව තෙන පඤ්ඤායිස්සතී’ති.
Sinhala BJTතවද මෞද්ගල්‍යායනයෙනි, මෙහි එක්තරා ශාස්තෘවරයෙක් අපිරිසිදු ඥානදර්‍ශන (නුවණින් දැක්ම) ඇත්තේ ම පිරිසිදු ඥානදර්‍ශනය ඇත්තෙම් වෙමි. මගේ ඥානදර්‍ශනය පිරිසිදු ය, පර්‍ය්‍යවදාත ය, නො කිලිටි යැ’ යි ප්‍රතිඥා කෙරෙයි. (ඔහුගේ) සව්වෝ ඔහු මෙසේ දැනගනිත්: ‘මේ භවත් ශාස්තෘ තෙම නො පිරිසිදු ඥානදර්‍ශන ඇත්තේ ම පිරිසිදු ඥානදර්‍ශන ඇත්තෙමි යි, මාගේ ඥානදර්‍ශන පිරිසිදු ය, පර්‍ය්‍යවදාත ය, නො කිලිටි යැ” යි ප්‍රතිඥා කෙරෙයි. අපි වූකලි (මෙ පවත්) ගිහියනට දන්වන්නමෝ නම් එය ඔහුට මනාප නො වන්නේ ය. යමක් ඔහුට මනාප නො වන්නේ නම්, අපි කෙසේ නම් එයින් ඔහුට කියන්නමෝ ද, මහජන තෙමේ ඔහුට සිවුරු පිණ්ඩපාත සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරින් සම්මාන කෙරෙයි. යමක් තෙමේ කරන්නේ ද එයින් තෙමේ ම පැනෙන්නේ යැ”යි මෙසේ දනිත්.
Pali BJTඑවරූපං ඛො මොග්ගල්ලාන සත්ථාරං සාවකා ඤාණදස්සනතො රක්ඛන්ති. එවරූපො ච පන සත්ථා සාවකෙහි ඤාණදස්සනතො රක්ඛං පච්චාසිංසතීති.
Sinhala BJTමෞද්ගල්‍යායනයෙනි, මෙබඳු ශාස්තෘහු වනාහි ශ්‍රාවකයෝ ඥානදර්‍ශනය අතින් රකිත්, මෙබඳු ශාස්තා තෙමේ ද ශ්‍රාවකයන්ගෙන් ඥානදර්‍ශනය අතින් රැක්ම අපේක්‍ෂා කෙරෙත්.
Pali BJTඉමෙ ඛො මොග්ගල්ලාන පඤ්ච සත්ථාරො සන්තො සංවිජ්ජමානා ලොකස්මිං.
Sinhala BJTමෞද්ගල්‍යායනය, ලොවැ මේ ශාස්තෘහු පස් දෙන විද්‍යාමාන වෙත්.
Pali BJTඅහං ඛො පන මොග්ගල්ලාන පරිසුද්ධසීලො සමානො පරිසුද්ධසීලොම්හීති පටිජානාමි පරිසුද්ධං මෙ සීලං පරියොදාතං අසඞ්කිලිට්ඨන්ති. න ච මං සාවකා සීලතො රක්ඛන්ති. න චාහං සාවකෙහි සීලතො රක්ඛං පච්චාසිංසාමි.
Sinhala BJTමෞද්ගල්‍යායනයෙනි, මම් වූකලි පිරිසිදු සිල් ඇත්තෙම් ම “පිරිසිදු සිල් ඇත්තෙමි, මාගේ සිල් පිරිසිදු ය, පර්‍ය්‍යවදාත ය, නො කිලිටි යැ”යි ප්‍රතිඥා කෙරෙමි. (මා) සව්වෝ සිල් අතින් මා නො රක්නාහ. මම් ද සව්වන්ගෙන් සිල් අතින් මා රැක ගැන්මක් නො පතමි.
Pali BJTපරිසුද්ධාජීවො සමානො “පරිසුද්ධාජීවොම්හීති පටිජානාමි පරිසුද්ධො මෙ ආජීවො පරියොදාතො අසඞ්කිලිට්ඨො”ති. න ච මං සාවකා ආජීවතො රක්ඛන්ති. න චාහං සාවකෙහි ආජීවතො රක්ඛං පච්චාසිංසාමි.
Sinhala BJTපිරිසිදු ආජීවය ඇත්තෙම් ම “පිරිසිදු ආජීවය ඇත්තෙමි, මාගේ ආජීවය පිරිසිදු ය, පර්‍ය්‍යවදාත ය, නො කිලිටි යැ” යි ප්‍රතිඥා කරමි. සව්වෝ ආජීවය අතින් මා නො රක්නාහ. මම් ද ආජීවය අතින් මා රැකගැන්මක් සව්වන්ගෙන් අපේක්‍ෂා නො කරමි.
Pali BJTපරිසුද්ධධම්මදෙසනො සමානො පරිසුද්ධධම්මදෙසනොම්හීති පටිජානාමි පරිසුද්ධා මෙ ධම්මදෙසනා පරියොදාතා අසඞ්කිලිට්ඨාති. න ච මං සාවකා ධම්මදෙසනතො රක්ඛන්ති. න චාහං සාවකෙහි ධම්මදෙසනතො රක්ඛං පච්චාසිංසාමි.
Sinhala BJTපිරිසිදු දම් දෙසුම් ඇත්තෙම් ම “පිරිසිදු දම් දෙසුම් ඇත්තෙමි, මාගේ දම් දෙසුම පිරිසිදු ය, පර්‍ය්‍යවදාත ය, නො කිලිටි යැ” යි ප්‍රතිඥා කෙරෙමි. සව්වෝ දම් දෙසුම් අතින් මා නො රක්නාහ. මම් ද සව්වන් ගෙන් දම් දෙසුම් අතින් මා රැකගැන්මක් අපේක්‍ෂා නො කරමි.
Pali BJTපරිසුද්ධවෙය්යාකරණො සමානො පරිසුද්ධවෙය්යාකරණොම්හීති පටිජානාමි පරිසුද්ධං මෙ වෙය්යාකරණං පරියොදාතං අසඞ්කිලිට්ඨන්ති. න ච මං සාවකා වෙය්යාකරණතො රක්ඛන්ති. න චාහං සාවකෙහි වෙය්යාකරණතො රක්ඛං පච්චාසිංසාමි.
Sinhala BJTපිරිසිදු දහම් විවරණ ඇත්තෙම් ම “පිරිසිදු දහම් විවරණ ඇතියෙමි, මාගේ දහම් විවරණය පිරිසිදු ය, පර්‍ය්‍යවදාත ය, නො කිලිටි යැ” යි ප්‍රතිඥා කරමි. සව්වෝ දහම් විවරණ අතින් මා නො රක්නාහ. මම් ද සව්වන්ගෙන් දහම් විවරණ අතින් මා රැක ගැන්මක් අපේක්‍ෂා නො කරමි.
Pali BJTපරිසුද්ධඤාණදස්සනො සමානො පරිසුද්ධඤාණදස්සනොම්හීති. පටිජානාමි පරිසුද්ධං මෙ ඤාණදස්සනං පරියොදාතං අසඞ්කිලිට්ඨන්ති. න ච මං සාවකා ඤාණදස්සනතො රක්ඛන්ති, න ‘චාහං සාවකෙහි’ රක්ඛං පච්චාසිංසාමීති.
Sinhala BJTපිරිසිදු ඥානදර්‍ශන ඇතියෙම් ම “පිරිසිදු ඥානදර්‍ශන ඇත්තෙම් වෙමි, මාගේ ඥානදර්‍ශනය පිරිසිදු ය, පර්‍ය්‍යවදාත ය, නො කිලිටි යැ” යි ප්‍රතිඥා කෙරෙමි. සව්වෝ මා ඥානදර්‍ශනය අතින් නො රක්නාහ. මම් ද සව්වන්ගෙන් ඥානදර්‍ශනය අතින් මා රැකගැන්මක් අපේක්‍ෂා නො කරමි” යනු යි.
Pali BJT11. අථ ඛො භගවා කොසම්බියං යථාභිරන්තං විහරිත්වා යෙන රාජගහං තෙන චාරිකං පක්කාමි. අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන රාජගහං තදවසරි.
Sinhala BJT11. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවරෙහි කැමැති තාක් කල් වැස, රජගහ නුවර බලා චාරිකායෙහි නික්මුණු සේක. පිළිවෙළින් සැරි සරා වඩනා සේක්, රජගහ නුවරට වැඩිසේක.
Pali BJTතත්ර සුදං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ.
Sinhala BJTඑකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවරට නොදුරු නොළං තන්හි වූ කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවසනසේක.
Pali BJTඅථ ඛො සම්බහුලා භික්ඛූ යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං: “දෙවදත්තස්ස භන්තෙ අජාතසත්තු කුමාරො පඤ්චහි රථසතෙහි සායං පාතං උපට්ඨානං ගච්ඡති, පඤ්ච ච ථාලිපාකසතානි භත්තාභිහාරො අභිහරීයතී”ති.
Sinhala BJTඑ සමයෙහි බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියාහ. එළඹ ඔබ වැඳ පසෙක ඉඳගත්හ. එසේ හිඳගත්තා වූ ඒ මහණහු “වහන්ස, අජාසත් කුමර තෙමේ පන්සියක් රියෙන් සෑදී දෙව්දත් තෙරුනට සවස ද උදේ ද උවටනට යයි, බත්සැළි පන්සියයක් වූ බත් පිරිනැමීමෙක් ද කැරේ” යැ යි මෙ පවත් සැලකළාහ. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක:)
Pali BJT“මා භික්ඛවෙ දෙවදත්තස්ස ලාභසක්කාරසිලොකං පිහයිත්ථ, යාවකීවඤ්ච භික්ඛවෙ දෙවදත්තස්ස අජාතසත්තු කුමාරො පඤ්චහි රථසතෙහි සායං පාතං උපට්ඨානං ගමිස්සති, පඤ්ච ච ථාලිපාකසතානි භත්තාභිහාරො අභිහරීයිස්සති. හානි යෙව භික්ඛවෙ දෙවදත්තස්ස පාටිකඞ්ඛා කුසලෙසු ධම්මෙසු නො වුද්ධි.
Sinhala BJT“මහණෙනි, දෙව්දතුගේ ලාභසත්කාර කීර්තියට ඊප්සා නො කරවු. මහණෙනි, යම් තාක් අජාසත් කුමර පන්සියක් රියෙන් සැදී දෙව්දතුහට සවස උදේ උවටනට යන්නේ ද, බත් සැළි පන්සියක් වූ බත් එළවීම කරනු ලබන්නේ ද, ඒ තාක් ම දෙව්දතුට කුසල් දහම්හි හානියක් ම මිස වෘද්ධියක් අපේක්‍ෂා නො කළහැක්ක.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ චණ්ඩස්ස කුක්කුරස්ස නාසාය පිත්තං භින්දෙය්යුං. එවං හි සො භික්ඛවෙ කුක්කුරො භිය්යොසොමත්තාය චණ්ඩතරො අස්ස. එවමෙව ඛො භික්ඛවෙ යාවකීවඤ්ච දෙවදත්තස්ස අජාතසත්තුකුමාරො පඤ්චහි රථසතෙහි සායං පාතං උපට්ඨානං ගමිස්සති, පඤ්ච ච ථාලිපාකසතානි භත්තාභිහාරො අභිහරීයිස්සති, හානියෙව භික්ඛවෙ දෙවදත්තස්ස පාටිකඞ්ඛා කුසලෙසු ධම්මෙසු නො වුද්ධි. අත්තවධාය භික්ඛවෙ දෙවදත්තස්ස ලාභසක්කාරසිලොකො උදපාදි, පරාභවාය දෙවදත්තස්ස ලාභසක්කාරසිලොකො උදපාදි. සෙය්යථාපි භික්ඛවෙ කදලී අත්තවධාය ඵලං දෙති. පරාභවාය ඵලං දෙති. එවමෙව ඛො භික්ඛවෙ අත්තවධාය දෙවදත්තස්ස ලාභසක්කාරසිලොකො උදපාදි.
Sinhala BJTමහණෙනි, නපුරු බල්ලකුගේ නාසයෙහි මුවපිත (මිරිකා) බින්‍දු හෙළන්නාහු ද, එසේ කිරීමෙන් ඒ බලු තෙම වඩාත් බොහෝ සෙයින් චණ්ඩ වන්නේ ද, එසේ ම මහණෙනි, යම්තාක් අජාසත් කුමර පන්සියක් රියෙන් යුතු ව දෙව්දතුට උවටනට සවස උදේ යන්නේ ද, බත් සැළ පන්සියක් වූ බත් එළැවීම කරනු ලබන්නේ ද, ඒතාක් ම දෙව්දතුට කුසල් දහම්හි හානියක් ම මිස වෘද්ධියක් අපේක්‍ෂා නො කළ හැක්ක. මහණෙනි, දෙව්දතුහට තමාගේ විනාශය පිණිස ලාභ සත්කාර කීර්ති පහළ විය. තමා ගේ පිරිහීම පිණිස දෙව්දතුහට ලාභ සත්කාර කීර්ති පහළ විය. මහණෙනි, යම්සේ කෙසෙල් ගස තමාගේ විනාශය පිණිස තමාගේ පිරිහීම පිණිස පලදෙන්නේද එසේම දෙව්දතුට ලාභසත්කාර කීර්ති පහළවිය.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ වෙළු අත්තවධාය ඵලං දෙති, පරාභවාය ඵලං දෙති, එවමෙව ඛො භික්ඛවෙඅත්තවධාය දෙවදත්තස්ස ලාභසක්කාරසිලොකො උදපාදි, පරාභවාය දෙවදත්තස්ස ලාභසක්කාරසිලොකො උදපාදි.
Sinhala BJTමහණෙනි, යම්සේ හුණගස තමාගේ විනාශය පිණිස පල දෙන්නේ ද, තමාගේ පිරිහීම පිණිස පල දෙන්නේ ද, මහණෙනි, එසේ ම තමාගේ විනාශය පිණිස දෙව්දතුහට ලාභ සත්කාර කීර්ති පහළ විය, තමාගේ පිරිහීම පිණිස ලාභ සත්කාර කීර්ති පහළ විය.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ නළො අත්තවධාය ඵලං දෙති, පරාභවාය ඵලං දෙති, එවමෙව ඛො භික්ඛවෙ අත්තවධාය දෙවදත්තස්ස ලාභසක්කාරසිලොකො උදපාදි, පරාභවාය දෙවදත්තස්ස ලාභසක්කාරසිලොකො උදපාදි.
Sinhala BJTමහණෙනි, යම්සේ බටගස තමාගේ විනාශය පිණිස පල දෙන්නේ ද, තමාගේ පිරිහීම පිණිස පල දෙන්නේ ද, මහණෙනි, එසේ ම දෙව්දතුට තමාගේ විනාශය පිණිස ලාභ සත්කාර කීර්ති පහළ විය, තමාගේ පිරිහීම පිණිස ලාභ සත්කාර කීර්ති පහළ විය.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ අස්සතරී අත්තවධාය ගබ්භං ගණ්හාති, පරාභවාය ගබ්භං ගණ්හාති. එවමෙව ඛො භික්ඛවෙ අත්තවධාය දෙවදත්තස්ස ලාභසක්කාරසිලොකො උදපාදි, පරාභවාය දෙවදත්තස්ස ලාභසක්කාරසිලොකො උදපාදී’ති.
Sinhala BJTමහණෙනි, යම්සේ කොටළුදෙන තමාගේ විනාශය පිණිස ගබ් ගන්නී ද, තමාගේ පිරිහීම පිණිස ගබ් ගන්නී ද, මහණෙනි, එසේ ම තමාගේ විනාශය පිණිස දෙව්දත්හට ලාභ සත්කාර කීර්ති පහළ විය, තමා ගේ පිරිහීම පිණිස දෙව්දත්හට ලාභ සත්කාර කිර්ත්ති පහළ විය” යනු ය.
Pali BJTඵලං වෙ කදලිං හන්ති ඵලං වෙළුං ඵලං නළං, සක්කාරො කාපුරිසං හන්ති ගබ්භො අස්සතරිං යථාති.
Sinhala BJT“යම්සේ ඒකාන්තයෙන් ඵලය කෙසෙල්ගස නසා ද, ඵලය හුණගස නසා ද, එලය බටගස නසා ද, දරුගබ කොටළු දෙන නසා ද, එසේ ම සත්කාරය ලාමක පුරුෂයා නසයි”.
Pali BJTපඨමක භාණවාරං
Sinhala BJTපළමු බණවර
Pali BJT12. තෙන ඛො පන සමයෙන භගවා මහතියා පරිසාය පරිවුතො ධම්මං දෙසෙන්තො නිසින්නො හොති සරාජිකාය. අථ ඛො දෙවදත්තො උට්ඨායාසනා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා භගවන්තං එතදවොච:
Sinhala BJT12. එ සමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ රජු සහිත මහත් පිරිසක් විසින් පිරිවරන ලදුව දහම් දෙසමින් හුන්සේක. එ කල්හි දෙව්දත් තෙරණුවෝ හුනස්නෙන් නැඟී උතුරු සහ එකස් කොට පෙරෙවැ භාග්‍යවතුන් වහන්සේ දෙසට දොහොත් නමා වැඳ, මෙසේ කීය.
Pali BJT‘ජිණ්ණො’දානි භන්තෙ භගවා වුද්ධො මහල්ලකො අද්ධගතො වයො අනුප්පත්තො. අප්පොස්සුක්කො’ දානි භන්තෙ භගවා දිට්ඨධම්මසුඛවිහාරං අනුයුත්තො විහරතු මමං භික්ඛුසඞ්ඝං නිස්සජ්ජතු, අහං භික්ඛුසඞ්ඝං පරිහරිස්සාමී”ති.
Sinhala BJT“වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේ ජීර්ණසේක. වෘද්ධ වූ සේක, මහලු වූ සේක, දීර්‍ඝ කාලයක් ගත කළසේක, පැසිම් වයසට පැමිණිසේක. භාග්‍යවතුන් වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේ මනෝදාත්සාහ වන සේක්වා, දෘෂ්ටධර්‍ම සුඛවිහරණයෙහි (එල සමාපත්ති සුවයෙහි) යෙදී වසනසේක්වා. භික්‍ෂූ සඞ්ඝයා මට බාර දෙනසේක්වා. මම් භික්‍ෂූසඞ්ඝයා පරිහරණය කරන්නෙමි (පාලනය කරන්නෙමි)”යි මෙ බස් කීහ.
Pali BJT“අලං දෙවදත්ත, මා තෙ රුච්චි භික්ඛුසඞ්ඝං පරිහරිතුන්ති”.
Sinhala BJT“දෙව්දතුනි, කම් නැත. භික්‍ෂූ සඞ්ඝයා පරිහරණය කරන්නට ඔබට රිසි නො වේවා” යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
Pali BJTදුතියම්පි ඛො දෙවදත්තො -පෙ- තතියම්පි ඛො දෙවදත්තො භගවන්තං එතදවොච: ‘ජිණ්ණො’දානි භන්තෙ, භගවා වුද්ධො මහල්ලකො අද්ධගතො වයො අනුප්පත්තො. අප්පොස්සුක්කො’දානි භන්තෙ භගවා දිට්ඨධම්මසුඛවිහාරං අනුයුත්තො විහරතු, මමං භික්ඛුසඞ්ඝං නිස්සජ්ජතු. අහං භික්ඛුසඞ්ඝං පරිහරිස්සාමී”ති.
Sinhala BJTදෙවෙනි වර ද ... තෙවෙනි වර ද දෙව්දත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට, “වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේ ජීර්‍ණ වූ සේක: වයෝවෘද්ධ වූ සේක, මහලු වූ සේක, දීර්‍ඝ කාලයක් ගත කළසේක, පැසිම් වයසට පැමිණිසේක. භාග්‍යවතුන් වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේ මන්‍දෝත්සාහ වනසේක්වා, දෘෂ්ටධර්‍මසුඛ විහරණයෙහි (පල සමවත් සුවෙහි) යෙදී වසනසේක්වා, භික්‍ෂූ සඞ්ඝයා මට බාරදෙනසේක්වා, මම් භික්ෂූසඞ්හයා පරිහරණය කරන්නෙමි (පාලනය කරන්නෙමි)” යි කීහ.
Pali BJT“සාරිපුත්ත මොග්ගල්ලානානම්පි ඛො අහං දෙවදත්ත භික්ඛුසඞ්ඝං න නිස්සජ්ජෙය්යං, කිම්පන තුය්හං ඡවස්ස ඛෙළාසකස්සා”ති.
Sinhala BJTදෙව්දතුනි, මම් සැරියුත් මුගලන් දෙදෙනාට ද භික්ෂූසංඝයා බාර නො දෙන්නෙමි. කිමෙක් ද? ළාමකවූ කෙළ බුදින (මිථ්‍යා ජීවිකා යෙන් දිවි පවත්වන) ඔබට භික්‍ෂූසඞ්ඝයා බාර දෙම් ද? (බාර නො දෙමි) යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
Pali BJTඅථ ඛො දෙවදත්තො “සරාජිකාය මං භගවා පරිසාය, ඛෙළාසකවාදෙන අපසාදෙති. සාරිපුත්තමොග්ගල්ලානෙ ව උක්කංසතී”ති කුපිතො අනත්තමනො භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
Sinhala BJTඑවිට දෙව්දත් තෙරණුවෝ “භාග්‍යවතුන් වහන්සේ රජුන් සහිත පිරිසෙහි මට ඛෙළාසක වාදයෙන් (කෙළ බුදින්නෙකැ යි කීමෙන්) පිරිහෙළා කථා කෙරෙති, සැරියුත් මුගලනුන් උස්තන්හි තබති” යි කිපුණාහු නො සතුටු සිතැත්තාහු, භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට නික්ම ගියාහ.
Pali BJTඅයං චරහි දෙවදත්තස්ස භගවති පඨමො ආඝාතො අහොසි.
Sinhala BJTමෙය වනාහි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි දෙව්දතුන්ගේ පළමු වෙර බැඳීම විය.
Pali BJT13. අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: තෙන හි භික්ඛවෙ සඞ්ඝො දෙවදත්තස්ස රාජගහෙ පකාසනීයකම්මං කරොතු: පුබ්බෙ දෙවදත්තස්ස අඤ්ඤා පකති අහොසි. ඉදානි අඤ්ඤා පකති. යං දෙවදත්තො කරෙය්ය කායෙන වාචාය’ න තෙන බුද්ධො වා ධම්මො වා සඞ්ඝො වා දට්ඨබ්බො. දෙවදත්තො’ව තෙන දට්ඨබ්බොති.
Sinhala BJT13. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් අමතා “මහණෙනි, එසේ නම් සඞ්ඝ තෙමේ ‘පෙර දෙව්දත් තෙරුන්ගේ අන් පියෙවියෙක් විය, දැන් අන් පියෙවියෙකි. යමක් දෙව්දත් තෙරණුවෝ කයින් හෝ වචනයෙන් හෝ කරන්නාහු නම්, එයින් බුදුහු හෝ දහම හෝ සංඝයා හෝ නො දත යුතු යැ. (එයට බුදුහු හෝ දහම හෝ සංඝයා හෝ වග නො කියති) යි දෙව්දත්හු ම එයින් දතයුත්තාහ’යි රජගහ නුවර ප්‍රකාශනික කර්‍මය කෙරේ වා” යි වදාළසේක.
Pali BJT“එවඤ්ච පන භික්ඛවෙ කාතබ්බං. ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
Sinhala BJTතව ද “මහණෙනි, එය මෙසේ කළයුතු ය. ව්‍යක්ත ප්‍රබල මහණක්හු විසින් සඞ්ඝ තෙමේ මෙසේ දැන්වියයුතු ය:
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො දෙවදත්තස්ස රාජගහෙ පකාසනීයකම්මං කරෙය්ය: පුබ්බෙ දෙවදත්තස්ස අඤ්ඤා පකති අහොසි. ඉදානි අඤ්ඤා පකති. යං දෙවදත්තො කරෙය්ය කායෙන වාචාය, න තෙන බුද්ධො වා ධම්මො වා සඞ්ඝො වා දට්ඨබ්බො. දෙවදත්තො’ව තෙන දට්ඨබ්බොති. එසා ඤත්ති.
Sinhala BJT“සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. පෙරැ දෙව්දතුන්ගේ පියෙවිය අනෙකෙක් විය, දැන් පියෙවිය අනෙකෙකි. දෙව්දත්හු කයින් වචසින් යමක් කරන්නාහු ද, එයින් බුදුහු හෝ ධර්‍මය හෝ සඞ්ඝයා හෝ නො දත යුතුවහ. දෙව්දත්හු ම එයින් දතයුතුහ”යි සඞ්ඝ තෙමේ දෙව්දතුන් පිළිබඳ ව රජගහනුවරෙහි ප්‍රකාශනක කර්‍මය කෙරෙයි.
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො දෙවදත්තස්ස රාජගහෙ පකාසනීයකම්මං කරොති: පුබ්බෙ දෙවදත්තස්ස අඤ්ඤා පකති අහොසි. ඉදානි අඤ්ඤා පකති. යං දෙවදත්තො කරෙය්ය කායෙන වාචාය න තෙන බුද්ධො වා ධම්මො වා සඞ්ඝො වා දට්ඨබ්බො, දෙවදත්තො’ව තෙන දට්ඨබ්බොති. යස්සායස්මතො ඛමති දෙවදත්තස්ස රාජගහෙ පකාසනීයස්ස කම්මස්ස කරණං පුබ්බෙ දෙවදත්තස්ස අඤ්ඤා පකති අහොසි ඉදානි අඤ්ඤා පකති. යං දෙවදත්තො කරෙය්ය කායෙන වාචාය න තෙන බුද්ධො වා ධම්මො වා සඞ්ඝො වා දට්ඨබ්බො. දෙවදත්තො’ව තෙන දට්ඨබ්බොති, සො තුණ්හස්ස යස්ස නක්ඛමති සො භාසෙය්ය.
Sinhala BJT‘පෙරැ දෙව්දතුන්ගේ පියෙවිය අනෙකෙක් විය. දැන් පියෙවිය අනෙකෙකි. දෙව්දත්හු කයින් වචසින් යමක් කරන්නාහු ද, එයින් බුදුහු හෝ දහම හෝ සඞ්ඝයා හෝ නො දත යුතුහ. දෙව්දත්හු ම එයින් දතයුතුහ’යි දෙව්දතුන් පිළිබඳ වැ රජගහ නුවරැ ප්‍රකාශනක කර්‍මය කිරීම යම් ආයුෂ්මතක්හට රිසියෙන්නේ නම් හේ නිහඬ වේ වා. යමකුට නො රිසියෙන්නේ නම් හේ කියාවා.
Pali BJTකතං සඞ්ඝෙන දෙවදත්තස්ස රාජගහෙ පකාසනීයකම්මං ‘පුබ්බෙ දෙවදත්තස්ස අඤ්ඤා පකති අහොසි. ඉදානි අඤ්ඤා පකති. යං දෙවදත්තො කරෙය්ය කායෙන වාචාය, න තෙන බුද්ධො වා ධම්මො වා සඞ්ඝො වා දට්ඨබ්බො. දෙවදත්තො ව තෙන දට්ඨබ්බො’ති. ඛමති සඞ්ඝස්ස තස්මා තුණ්හී එවමෙතං ධාරයාමීති.
Sinhala BJT‘පෙරැ දෙව්දතුන්ගේ පියෙවිය අනෙකෙක් විය. දැන් පියෙවිය අනෙකෙකි. දෙව්දත්හු කයින් වචසින් යමක් කරන්නාහු ද එයින් බුදුහු හෝ දහම හෝ සඞ්ඝයා හෝ නො දතයුතුවහ. දෙව්දත්හු ම එයින් දත යුතුහ’යි රජගහනුවරැ දෙව්දතුන් පිළිබඳ ප්‍රකාශනක කර්‍මය කරන ලද්දේ ය. එය සඞ්ඝයාට රිසි ය. එහෙයින් නිහඬ ය. මෙසේ මෙය දරමි (නුවණින් සලකමි)” යනු ය.
Pali BJT14. අථ ඛො භගවා ආයස්මන්තං සාරිපුත්තං ආමන්තෙසි: “තෙන හි ත්වං සාරිපුත්ත දෙවදත්තං රාජගහෙ පකාසෙහී”ති.
Sinhala BJT14. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සැරියුත් තෙරණුවන් අමතා, ‘එසේ වී නම් ශාරිපුත්‍රයෙනි, තෙපි රජගහනුවරැ දෙව්දතුන් පිළිබඳ ප්‍රකාශනක කර්‍මය කරවු’ යැ යි වදාළසේක.
Pali BJT“පුබ්බෙ මයා භන්තෙ දෙවදත්තස්ස රාජගහෙ වණ්ණො භාසිතො මහිද්ධිකො ගොධිපුත්තො මහානුභාවො ගොධිපුත්තො”ති. කථාහං දෙවදත්තං රාජගහෙ පකාසෙමී?ති.
Sinhala BJT“වහන්ස, පෙරැ මා විසින් ගොධිපුත්‍ර දෙව්දත් තෙරණුවෝ මහත් සෘද්ධි ඇත්තෝ ය, ගොධිපුත්‍ර (දෙව්දත් තෙරණුවෝ) මහානුභාව ඇත්තෝ ය”යි රජගහනුවරෙහි දී දෙව්දත් තෙරුන්ගේ ගුණ කියන ලද්දේය. දැන් කෙසේ නම් දෙව්දත් තෙරුන් පිළිබඳ ප්‍රකාශනක කර්‍මය කරන්නෙම් ද?” යි සැරියුත් තෙරණුවෝ කීහ.
Pali BJT“නනු තයා සාරිපුත්ත භූතොයෙව දෙවදත්තස්ස රාජගහෙ වණ්ණො භාසිතො මහිද්ධිකො ගොධිපුත්තො මහානුභාවො ගොධිපුත්තො”ති.
Sinhala BJT“ශාරීපුත්‍රයෙනි, ගොධිපුත්‍රයෝ ‘මහර්ධිමත්හ, ගොධිපුත්‍රයෝ මහානුභාව ඇත්තෝ යැ’යි තොප විසින් රජගහ නුවරෙහි දෙව්දතුන් ගේ ඇත්තාවූ ම ගුණය එදා කියන ලද්දේ නො වේ ද?” යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
Pali BJT“එවං භන්තෙ”.
Sinhala BJT“එසේ ය, වහන්සැ ” යි සැරියුත් තෙරණුවෝ වදාළහ.
Pali BJT“එවමෙව ඛො ත්වං සාරිපුත්ත භූතඤ්ඤෙව දෙවදත්තං රාජගහෙ පකාසෙහී”ති.
Sinhala BJT“ශාරීපුත්‍රයෙනි, එසේ ම දෙව්දතුන් පිළිබඳ දැන් ඇත්තාවූ ම තත්ත්‍වය රජගහ නුවරෙහි පවසවු” යැ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJT“එවං භන්තෙ”ති ඛො ආයස්මා සාරිපුත්තො භගවතො පච්චස්සොසි.
Sinhala BJT“එසේ ය වහන්සැ”යි සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ ගේ වචනය පිළිගත්හ.
Pali BJTඅථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: තෙන හි භික්ඛවෙ සඞ්ඝො සාරිපුත්තං සම්මන්නතු දෙවදත්තං රාජගහෙ පකාසෙතුං: පුබ්බෙ දෙවදත්තස්ස අඤ්ඤා පකති අහොසි. ඉදානි අඤ්ඤා පකති. යං දෙවදත්තො කරෙය්ය කායෙන වාචාය, න තෙන බුද්ධො වා ධම්මො වා සඞ්ඝො වා දට්ඨබ්බො දෙවදත්තො ව තෙන දට්ඨබ්බො’ති. එවඤ්ච පන භික්ඛවෙ සම්මන්නිතබ්බො: පඨමං සාරිපුත්තො යාචිතබ්බො. යාචිත්වා ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් අමතා මෙසේ වදාළසේක: “මහණෙනි, එසේ වී නම් පෙරැ දෙව්දතුන්ගේ පියෙවිය අනෙකෙක් විය, දැන් පියෙවිය අනෙකෙකි. දෙව්දත්හු කයින් හෝ වචසින් හෝ යමක් කරන්නාහු නම්, එයින් බුදුහු හෝ දහම හෝ සඞ්ඝයා හෝ නො දතයුතුහ. දෙව්දත්හු ම එයින් දතයුතුහ”යි රජගහනුවරෙහි දෙව්දතුන් පිළිබඳ ප්‍රකාශනය කරන්නට සඞ්ඝ තෙමේ ශාරිපුත්‍ර තෙරුන් සම්මත කෙරේවා. මහණෙනි ඒ සම්මතිය ද මෙසේ කළ යුතු ය: පළමු කොට සැරි යුත්හු යැදිය යුත්තාහ. යැද, ව්‍යක්ත ප්‍රබල මහණක්හු විසින් සඞ්ඝ තෙමේ මෙසේ දැන්වියයුතු.
Pali BJT“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො: යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො ආයස්මන්තං සාරිපුත්තං සම්මන්නෙය්ය දෙවදත්තං රාජගහෙ පකාසෙතුං: පුබ්බෙ දෙවදත්තස්ස අඤ්ඤා පකති -පෙ- තෙන දට්ඨබ්බොති. එසා ඤත්ති.
Sinhala BJTවහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. පෙර දෙව්දතුන් පියෙවිය අනෙකෙක් විය. දතයුතුහ” යි දෙව්දතුන් පිළිබඳ ව රජගහ නුවරෙහි පුකාශනය කරන්නට සඞ්ඝ තෙමේ සැරියුත් තෙරුන් සම්මත කෙරේවා. මේ ඥප්තිය ය (දැන්වීමය).
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො: සඞ්ඝො ආයස්මන්තං සාරිපුත්තං සම්මන්නති දෙවදත්තං රාජගහෙ පකාසෙතුං: පුබ්බෙ දෙවදත්තස්ස අඤ්ඤා පකති -පෙ- තෙන දට්ඨබ්බොති. යස්සායස්මතො ඛමති ආයස්මතො සාරිපුත්තස්ස සම්මති දෙවදත්තං රාජගහෙ පකාසෙතුං: පුබ්බෙ දෙවදත්තස්ස අඤ්ඤා පකති -පෙ- තෙන දට්ඨබ්බො’ති සො තුණ්හස්ස. යස්ස නක්ඛමති සො භාසෙය්ය.
Sinhala BJTවහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා පෙරැ දෙව්දතුන්ගේ පියෙවිය අනෙකෙක් විය ... එයින් දත යුතුහ’යි දෙව්දතුන් පිළිබඳ ව රජගහ නුවරෙහි ප්‍රකාශ කරන්නට සැරියුත් තෙරුන් සම්මත කෙරෙයි. පෙරැ දෙව්දතුන්ගේ පියෙවිය අනෙකෙක් විය ... දෙව්දත්හු ම දතයුතු යැ යි රජගහනුවරැ ප්‍රකාශනය කරන්නට සැරියුත් තෙරුන් සම්මත කිරීම යම් ආයුෂ්මතක්හට රිසියෙන්නේ ද හේ නිහඬ වේවා. යමකුට නො රිසියෙන්නේ ද හේ කියාවා.
Pali BJTසම්මතො සඞ්ඝෙන ආයස්මා සාරිපුත්තො දෙවදත්තං රාජගහෙ පකාසෙතුං: පුබ්බෙ දෙවදත්තස්ස අඤ්ඤා පකති අහොසි -පෙ- දෙවදත්තොව තෙන දට්ඨබ්බො’ති. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJT“පෙරැ දෙව්දතුන්ගේ පියෙවිය අනෙකෙක් විය... එයින් දෙව්දත් ම දතයුතුහ”යි දෙව්දතුන් පිළිබඳව රජගහ නුවරැ ප්‍රකාශනක කම්ය කරන්නට සැරියුත් තෙරණුවෝ සම්මතය හ. එය සඞ්ඝයාට රිසියෙයි. එ හෙයින් නිහඬ ය. මෙසේ මෙය දරමි” යනු යි.
Pali BJTසම්මතො ච ආයස්මා සාරිපුත්තො සම්බහුලෙහි භික්ඛූහි සද්ධිං රාජගහං පවිසිත්වා දෙවදත්තං රාජගහෙ පකාසෙසි: පුබ්බෙ දෙවදත්තස්ස අඤ්ඤා පකති -පෙ- තෙන දට්ඨබ්බො’ති. තත්ථ යෙ තෙ මනුස්සා අස්සද්ධා අප්පසන්නා දුබ්බුද්ධිනො, තෙ එවමාහංසු: උසූයකා ඉමෙ සමණා සක්යපුත්තියා දෙවදත්තස්ස ලාභසක්කාරං උසූයන්තීති. යෙ පන තෙ මනුස්සා සද්ධා පසන්නා පණ්ඩිතා බුද්ධිමන්තො තෙ එවමාහංසු: න ඛො ඉදං ඔරකං භවිස්සති යථා භගවා දෙවදත්තං රාජගහෙ පකාසාපෙතීති.
Sinhala BJTමෙසේ සඞ්ඝයා විසින් සම්මත වූ සැරියුත් තෙරණුවෝ බොහෝ භික්‍ෂූන් හා රජගහනුවරට වැඩ “පෙරැ දෙව්දත් තෙරුන්ගේ පියෙවිය අනෙකෙක් විය. දැන් පියෙවිය අනෙකෙක ... එයින් දෙව්දත් තෙරණුවෝ ම දතයුත්තාහ”යි රජගහනුවරැ දෙව්දත් තෙරුන් පිළිබඳ ප්‍රකාශනය කළහ. එහි යම් මනුෂ්‍ය කෙනෙක් ශ්‍රද්ධාව නැත්තෝ ද සස්නෙහි අප්‍රසන්න ද, නුවණ නැත්තෝ ද, ඔහු මේ ශාක්‍යපුත්‍රීය ශ්‍රමණයෝ ඊර්‍ෂ්‍යා කරන්නෝ ය. දෙව්දතුන්ගේ ලාභ සත්කාර නො ඉවසන්නාහ”යි කීහ. යම් මනුෂ්‍ය කෙනෙක් සැදැහැ ඇත්තෝ ද, සස්නෙහි පහන් වූවෝ ද, පණ්ඩිත ද බුද්ධිමත් ද, ඔහු යම් හෙයෙකින් භාග්‍යවතුන් වහන්සේ දෙව්දත් තෙරුන් පිළිබඳ ව රජගහ නුවරෙහි ප්‍රකාශනය කරවන සේක් ද, එහෙයින් මෙය (දෙව්දතුන් කළ දැය) අල්ප ස්වල්ප වරදක් නො වියයුතු යැ”යි මෙසේ කීහ.
Pali BJT15. අථ ඛො දෙවදත්තො යෙන අජාතසත්තු කුමාරො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා අජාතසත්තුං කුමාරං එතදවොච “පුබ්බෙ ඛො කුමාර මනුස්සා දීඝායුකා’ එතරහි අප්පායුකා. ඨානං ඛො පනෙතං විජ්ජති යං ත්වං කුමාරොව සමානො කාලං කරෙය්යාසි. තෙන හි ත්වං, කුමාර, පිතරං හන්ත්වා රාජා හොහි. අහං භගවන්තං හන්ත්වා බුද්ධො භවිස්සාමීති.
Sinhala BJT15. එ කලැ දෙව්දත්හු අජාසත් කුමරු වෙත එළඹියහ. එළඹැ ඔහු අමතා, “කුමරුවනි, පෙරැ වූ කලි මිනිස්සු දීර්‍ඝායුෂ්ක වූහ. දැන් අල්පායුෂ්කයහ. තෙපි කුමාර ව හිඳ ම (රජ බවට පත් නොවී) කලුරිය කරන්නහුය යන මේ කාරණය ඇත (විය හැක්කෙකි). එ බැවින් කුමරුවනි, තෙපි පියා මරා රජ වවු. මම් භාග්‍යවතුන් නසා බුදු වන්නෙමි” යි කීහ.
Pali BJTඅථ ඛො අජාතසත්තු කුමාරො අය්යො ඛො දෙවදත්තො මහිද්ධිකො මහානුභාවො. ජානෙය්යාසි අය්යො දෙවදත්තොති ඌරුයා පොත්ථනිකං{1} බන්ධිත්වා දිවාදිවස්ස භීතො උබ්බිග්ගො උස්සඞ්කී උත්රස්තො සහසා අන්තෙපුරං පාවිසි අද්දසාසුං ඛො අන්තෙපුරෙ උපචාරකා මහාමත්තා අජාතසත්තුං කුමාරං දිවා දිවස්ස භීතං උබ්බිග්ගං උස්සඞ්කිං උත්රස්තං සහසා අන්තෙපුරං පවිසන්තං. දිස්වාන අග්ගහෙසුං, තෙ විචිනන්තා ඌරුයා පොත්ථනිකං බද්ධං දිස්වාන අජාතසත්තුං කුමාරං එතදවොචුං: “කිං ත්වං කුමාර කත්තුකාමො’සී?ති.
Sinhala BJTඑවිට අජාසත් කුමර දෙව්දත් හිමියෝ වනාහි මහත් සෘද්ධි ඇත්තෝ ය. මහානුභාව ඇත්තෝ ය. දෙව්දත් හිමියෝ කළයුත්ත දන්නෝත් වෙති යි සිතා කළවායෙහි සිරියක් බැඳගෙන මද්දහනෙහි බිය ඇත්තේ උද්වේග ඇත්තේ, සැක ඇත්තේ වහා ඇතොවුරට පිවිසියේ ය. ඇතොවුරෙහි සෙවායෙහි යෙදුණු මහඇමැත්තෝ මද්දහනෙහි බිය පත් ව උද්වෙග ඇති ව සැක ඇති ව තැතිගැනුම් ඇති ව වහා ඇතොවුරට වදනා අජාසත් කුමරු දුටුවාහ. දැක ඔහු අල්ලාගත්හ. ඔහු පිරික්සන්නාහු කළවෙහි බැඳි සිරිය දැක, “කුමාරයෙනි, ඔබ කුමක් කරනු කැමැත්තහු ද? ”යි විචාළාහ.
Pali BJT“පිතරම්හි හන්තුකාමො”ති.
Sinhala BJT“පියාණන් නසනු කැමැත්තෙම් වෙමි”යි කුමර කී ය.
Pali BJT“කෙනාසි උස්සාහිතො?”ති.
Sinhala BJT“කවරකු විසින් මෙහෙයන ලද්දනු ද? (කාගේ කීමකට ද?) ”යි ඔහු ඇසූහ.
Pali BJT“අය්යෙන දෙවදත්තෙනා”ති.
Sinhala BJT“දෙව්දත් හිමියන් විසිනැ” යි කුමර කී ය.
Pali BJTඑකච්චෙ මහාමත්තා එවං මතිං අකංසු: “කුමාරො ච හන්තබ්බො දෙවදත්තො ච සබ්බෙ ච භික්ඛූ හන්තබ්බා”ති.
Sinhala BJTසමහර මහඇමතියෝ “කුමරු ද නැසියයුතු ය, දෙව්දත් ද නැසියයුතු ය, සියලු මහණහු ද නැසියැ යුතුහ” යි මතිය පහළ කළහ.
Pali BJTඑකච්චෙ මහාමත්තා එවං මතිං අකංසු: “න භික්ඛූ හන්තබ්බා, න භික්ඛූ කිඤ්චි අපරජ්ඣන්ති. කුමාරො ච හන්තබ්බො දෙවදත්තො චා”ති.
Sinhala BJTසමහර මහ ඇමැත්තෝ “භික්‍ෂූහු නො නැසියයුත්තාහ, භික්‍ෂූහු කිසි වරදක් නො කළහ. කුමරුත් දෙව්දතුත් නැසියයුතු හ”යි මෙසේ අදහස් කළාහ.
Pali BJTඑකච්චෙ මහාමත්තා එවං මතිං අකංසු: “න කුමාරො ච හන්තබ්බො න දෙවදත්තො, න භික්ඛූ හන්තබ්බා. රඤ්ඤො ආරොචෙතබ්බං. යථා රාජා වක්ඛති තථා කරිස්සාමා”ති.
Sinhala BJTසමහර මහඇමැත්තෝ “කුමරුත් නො නැසියයුතු, දෙව්දතුත් නො නැසියයුතු, භික්‍ෂූහුත් නො නැසියයුතු, රජුට දැන්වියයුතු, රජු කියන සැටියක් කරන්නමු” යි කීහ.
Pali BJTඅථ ඛො තෙ මහාමත්තා අජාතසත්තුං කුමාරං ආදාය යෙන රාජා මාගධො සෙනියො බිම්බිසාරො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා රඤ්ඤො මාගධස්ස සෙනියස්ස බිම්බිසාරස්ස එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTඉක්බිති ඒ මහඇමැත්තෝ අජාසත් කුමරු රැගෙන මගධේශ්වර බිම්බිසාර රජු කරා එළැඹියහ. එළැඹ රජුට මෙ පවත් සැල කළාහ.
Pali BJT“කථං භණෙ මහාමත්තෙහි මති කතා?”ති.
Sinhala BJT“සගයෙනි, මහඇමැතියන් විසින් , කෙසේ මතියක් කරන ලද ද (කුමක් අදහස් කරන ලද දැ)” යි රජ පුළුවුත.
Pali BJT“එකච්චෙ දෙව මහාමත්තා එවං මතිං අකංසු: කුමාරො ච හන්තබ්බො දෙවදත්තො ච සබ්බෙ ච භික්ඛූ හන්තබ්බාති. එකච්චෙ මහාමත්තා එවං මතිං අකංසු: න භික්ඛූ හන්තබ්බා න භික්ඛූ කිඤ්චි අපරජ්ඣන්ති. කුමාරො ච හන්තබ්බො දෙවදත්තො චාති. එකච්චෙ මහාමත්තා එවං මතිං අකංසු: න කුමාරො ච හන්තබ්බො න දෙවදත්තො න භික්ඛූ හන්තබ්බා. රඤ්ඤො ආරොචෙතබ්බං යථා රාජා වක්ඛති තථා කරිස්සාමා”’ති.
Sinhala BJT“දේවයිනි, සමහර මහඇමැත්තෝ කුමරු ද දෙව්දත් ද භික්‍ෂූහු ද නැසිය යුතුහ”යි අදහස් කළහ. සමහර ඇමැත්තෝ ‘භික්‍ෂූහු නො නැසිය යුතුහ, භික්‍ෂූන් කළ වරදෙක් නැත, කුමරුත් දෙව්දතුත් නැසිය යුතුහ’යි අදහස් කළහ. සමහර මහඇමැත්තෝ කුමරුත් නො නැසියයුතු, දෙව්දතුත් නො නැසියයුතු, භික්‍ෂූහුත් නො නැසියයුතු. රජුහට දැන්වියයුතු, රජුහු කියන සැටියක් කළයුතු යැ’යි අදහස් කළහ” යි ඔහු කීහ.