Pali BJT“අනුජානාමි භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතං භික්ඛුං චීවරභාජකං සම්මන්නිතුං: යො න ඡන්දාගතිං ගච්ඡෙය්ය -පෙ- භාජිතාභාජිතඤ්ච ජානෙය්ය. එවං ච පන භික්ඛවෙ සම්මන්නිතබ්බො:
Sinhala BJT“මහණෙනි, යමෙක් ඡන්‍දාගතියට නො යන්නේ ද ... බෙදූ නො බෙදූ දෑත් දන්නේ ද, මෙ කී අඞ්ග පසින් සමන්‍විත මහණක්හු චීවර භාජකයකු කොට සම්මත කරන්නට අනුදනිමි. මහණෙනි, මෙසේ ම ඒ මහණ තෙම සම්මත කළයුතු ය.
Pali BJTපඨමං භික්ඛු යාචිතබ්බො. යාචිත්වා ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
Sinhala BJTපළමු කොට මහණෙක් යැදියයුතු. යැද ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු ලවා සඞ්ඝ තෙමේ මෙසේ දැන්වියැයුතු:
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුං චීවරභාජකං සම්මන්නෙය්ය. එසා ඤත්ති.
Sinhala BJTවහන්ස, සඞ්ඝ තෙම මාගේ වචනය අසාවා. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වී නම් සඞ්ඝ තෙමේ මෙ නම් මහණහු සිවුරු බෙදන්නකු කොට සම්මත කරන්නේ ය. මේ ඥප්තිය යැ.
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො. සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුං චීවරභාජකං සම්මන්නති. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස භික්ඛුනො චීවරභාජකස්ස සම්මුති සො තුණ්හස්ස. යස්ස නක්ඛමති. සො භාසෙය්ය.
Sinhala BJTවහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. සඞ්ඝ තෙමේ මෙ නම් මහණහු සිවුරු බෙදන්නකු කොට සම්මත කෙරෙයි. මෙ නම් මහණහු සිවුරු බෙදන්නකු කොට සම්මත කිරීම යම් ආයුෂ්මතක්හට රිසියෙයි නම් හේ නිහඬ වේවා. යම් ආයුෂ්මතක්හට නො රිසියෙයි නම් හේ කියාවා.
Pali BJTසම්මතො සඞ්ඝෙන ඉත්ථන්නාමො භික්ඛු චීවරභාජකො. ඛමති සඞ්ඝස්ස තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJTමෙ නම් මහණ තෙම සිවුරු බෙදන්නකු කොට සඞ්ඝයා විසින් සම්මත විය. එ හෙයින් නිහඬ ය. මෙසේ මේ කරුණ දරමි (සලකමි)” යනු යි.
Pali BJT68. තෙන ඛො පන සමයෙන සඞ්ඝස්ස යාගුභාජකො න හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT68. එ සමයෙහි සඞ්ඝයාට කැඳ බෙදන්නෙක් (යාගුභාජකයෙක්) නො වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතං භික්ඛුං යාගුංභාජකං සම්මන්නිතුං: යො න ඡන්දාගතිං ගච්ඡෙය්ය -පෙ- භාජිතාභාජිතඤ්ච ජානෙය්ය. එවඤ්ච පන භික්ඛවෙ සම්මන්නිතබ්බො: පඨමං භික්ඛු යාචිතබ්බො. යාචිත්වා, -පෙ- සම්මතො සඞ්ඝෙන ඉත්ථන්නාමො භික්ඛු යාගුභාජකො. ඛමති සඞ්ඝස්ස තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJT“මහණෙනි, යමෙක් ඡන්‍දාගතියට නො පැමිණෙන්නේ ද, ... බෙදූ නො බෙදූ දැයත් දන්නේ ද, මෙකී අඞ්ග පසින් සමන්‍විත මහණහු යාගුභාජක කොට සම්මත කරන්නට අනුදනිමි. මහණෙනි, ඒ මහණ ද මෙසේ සම්මත කළයුතු. පළමු කොට මහණෙක් යැදියයුතු ... සඞ්ඝයා විසින් මෙ නම් මහණ තෙම යාගුභාජකයකු වූ කොට සම්මත කරන ලද්දේ ය. සඞ්ඝයාට එය රිසියෙයි. එ හෙයින් නිහඬ ය. මෙසේ මෙ කරුණ දරමි (සලකමි)” යනු යි.
Pali BJTතෙන ඛො පන සමයෙන සඞ්ඝස්ස ඵලභාජකො න හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTඑ සමයෙහි වනාහි සඞ්ඝයාට පලවැළ බෙදන්නෙක් නො වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:)
Pali BJT“අනුජානාමි භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතං භික්ඛුං ඵලභාජකං සම්මන්නිතුං: යො න ඡන්දාගතිං ගච්ඡෙය්ය -පෙ- භාජිතාභාජිතඤ්ච ජානෙය්ය. එවඤ්ච පන භික්ඛවෙ සම්මන්නිතබ්බො: පඨමං භික්ඛු යාචිතබ්බො -පෙ- සම්මතො සඞ්ඝෙන ඉත්ථන්නාමො භික්ඛු ඵලභාජකො. ඛමති සඞ්ඝස්ස තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJT“මහණෙනි, යමෙක් ඡන්‍දාගතියට නො යන්නේ ද ... බෙදන ලද නො බෙදන ලද දැයත් දන්නේ ද, මෙ කී අඞ්ග පසින් සමන්‍විත මහණක්හු ඵලභාජක කොට සම්මත කරන්නට අනුදනිමි. මහණෙනි, මෙසේ ම එ මහණ සම්මත කළයුතු ය. පළමු කොට මහණෙක් යැදියයුතු ය ... සඞ්ඝයා විසින් මෙ නම් මහණ එලභාජක යැ යි සම්මත ය. (එය) සඞ්ඝයාට රිසියෙයි. එහෙයින් නිහඬ ය. මෙසේ මෙ කරුණ දරමි (සලකමි)” යනුයි.
Pali BJT69. තෙන ඛො පන සමයෙන සඞ්ඝස්ස ඛජ්ජකභාජකො න හොති. ඛජ්ජකං අභාජියමානං නස්සති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT69. එ සමයෙහි සඞ්ඝයාට ඛාද්‍ය (කැවිලි) බෙදන්නෙක් නො වෙයි. ඛාද්‍ය නො බෙදනු ලබන්නේ නැසී යෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. (භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:)
Pali BJT“අනුජානාමි භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතං භික්ඛුං ඛජ්ජකභාජකං සම්මන්නිතුං: යො න ඡන්දාගතිං -පෙ- භාජිතාභාජිතඤ්ච ජානෙය්ය. එවඤ්ච පන භික්ඛවෙ සම්මන්නිතබ්බො: පඨමං භික්ඛු යාචිතබ්බො. යාචිත්වා ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
Sinhala BJT“මහණෙනි, යමෙක් ඡන්‍දාගතියට නො යන්නේ ද ... බෙදූ නො බෙදූ දැය දන්නේ ද, මෙකී අඞ්ගපසින් සමන්‍විත මහණක්හු ඛාද්‍යභාජක කොට සම්මත කරන්නට අනුදනිමි. මහණෙනි, මෙසේ ම එ මහණ සම්මත කළයුතු: පළමු කොට මහණ තෙම, යැදියයුතු. යැද ව්‍යක්ත වූ ප්‍රතිබල මහණක්හු විසින් සඞ්හ තෙමේ මෙසේ දැන්වියැයුතු:
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුං ඛජ්ජකභාජකං සම්මන්නෙය්ය. එසා ඤත්ති.
Sinhala BJTවහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වේ නම්, සඞ්ඝ තෙමේ මෙ නම් මහණහු ඛාද්‍යභොජක කොට සම්මත කරන්නේ ය. මේ ඥප්තිය යැ.
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො. සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුං ඛජ්ජකභාජකං සම්මන්නති. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස භික්ඛුනො ඛජ්ජකභාජකස්ස සම්මුති. සො තුණ්හස්ස. යස්ස නක්ඛමති සො භාසෙය්ය.
Sinhala BJTවහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. සඞ්ඝ තෙමේ මෙ නම් මහණහු ඛාද්‍යභෝජක කොට සම්මත කෙරෙයි. මෙ නම් මහණහු ඛාද්‍යභෝජක කොට සම්මත කිරීම යම් ආයුෂ්මතක්හට රිසියේ නම්, හේ නිහඬ වේවා. යම් ආයුෂ්මතක්හට නො රිසියේ නම් හේ කියාවා.
Pali BJTසම්මතො සඞ්ඝෙන ඉත්ථන්නාමො භික්ඛු ඛජ්ජකභාජකො. ඛමති සඞ්ඝස්ස තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJTසඞ්ඝයා “විසින් මෙ නම් මහණ බාද්‍යභෝජක කොට සම්මත ය. එය සඞ්ඝයාට රිසියෙයි. එ හෙයින් නිහඬ ය. මෙසේ මෙ කරුණ දරමි (සලකමි)” යනු යි.
Pali BJT70. තෙන ඛො පන සමයෙන සඞ්ඝස්ස භණ්ඩාගාරෙ අප්පමත්තකො පරික්ඛාරො උප්පන්නො හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT70. එ සමයෙහි වූ කලී සඞ්ඝයාගේ භාණඩාගාරයෙහි අල්පමාත්‍ර වූ (කුඩා) පිරිකර උපන්නේ වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. (භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:)
Pali BJT“අනුජානාමි භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතං භික්ඛුං අප්පමත්තකවිස්සජ්ජකං සම්මන්නිතුං: යො න ඡන්දාගතිං ගච්ඡෙය්ය -පෙ- විස්සජ්ජිතාවිස්සජ්ජිතඤ්ච ජානෙය්ය.
Sinhala BJTමහණෙනි, යමෙක් ඡන්‍දාගතියට නො යන්නේ ද, ... දුන් නොදුන් දැයත් දන්නේ ද මෙසේ වූ අඞ්ග පසින් සමන්‍විත මහණක්හු අල්පමාත්‍ර පිරිකර දෙන තැනැත්තකු කොට සම්මත කරන්නට අනුදනිමි.
Pali BJTඑවඤ්ච පන භික්ඛවෙ සම්මන්නිතබ්බො: පඨමං භික්ඛු යාචිතබ්බො. යාචිත්වා ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
Sinhala BJTමහණෙනි, මෙසේ ම සම්මත කළයුතු; පළමු කොට මහණෙක් යැදිය යුතු. යැද ව්‍යක්ත ප්‍රතිබල මහණකු ලවා සඞ්ඝ තෙමේ මෙසේ දැන්වියයුතු:
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුං අප්පමත්තකවිස්සජ්ජකං සම්මන්නෙය්ය. එසා ඤත්ති.
Sinhala BJTවහන්ස සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වේ නම්, සඞ්ඝ තෙමේ මෙනම් මහණහු අප්පමත්ත විස්සජ්ජකයකු කොට සම්මත කරන්නේ ය. මේ ඥප්තිය යැ.
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො. සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුං අප්පමත්තකවිස්සජ්ජකං සම්මන්නති. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස භික්ඛුනො අප්පමත්තකවිස්සජ්ජකස්ස සම්මුති, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති. සො භාසෙය්ය.
Sinhala BJTවහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසා වා. සඞ්ඝ තෙමේ මෙ නම් මහණ අප්පමත්තකවිස්සජ්ජකයකු කොට සම්මත කෙරෙයි. මෙ නම් මහණ අප්පමත්තකවිස්සජ්ජකයකු කොට සම්මත කිරීම යම් ආයුෂ්මතක්හට රිසියේ නම්, හේ නිහඬ වේවා. යමකුට නො රිසියෙයි නම් හේ කියා වා.
Pali BJTසම්මතො සඞ්ඝෙන ඉත්ථන්නාමො භික්ඛු අප්පමත්තකවිස්සජ්ජකො. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJTසඞ්ඝයා විසින් මෙ නම් මහණ අප්පමත්තකවිස්සජ්ජක යැ යි සම්මත ය. සඞ්ඝයාට රිසියෙයි. එහෙයින් නිහඬ ය. මෙසේ මෙ කරුණ දරමි (සලකමි)” යනු යි.
Pali BJT“තෙන අප්පමත්තකවිස්සජ්ජකෙන භික්ඛුනා එකෙකා සූචි දාතබ්බා. සත්ථකං දාතබ්බං. උපාහනා දාතබ්බා. කායබන්ධනං දාතබ්බං. අංසබන්ධකො දාතබ්බො. පරිස්සාවනං දාතබ්බං. ධම්මකරකො දාතබ්බො. කුසි දාතබ්බා. අඩ්ඪකුසි දාතබ්බා මණ්ඩලං දාතබ්බං. අඩ්ඪමණ්ඩලං දාතබ්බං. අනුවාතො දාතබ්බො. පරිභණ්ඩං දාතබ්බං. සචෙ හොති සඞ්ඝස්ස සප්පි වා තෙලං වා මධු වා ඵාණිතං වා සකිං පටිසායිතුං දාතබ්බං. සචෙ පුනපි අත්ථො හොති පුනපි දාතබ්බන්ති.
Sinhala BJT“ඒ අල්පමාත්‍රක විසර්ජක මහණහු විසින් (දික් එකක් ද ලුහුඬු එකක් දැ යි සඞ්ඝයා නො විචාරාම) එක් එක් හිදිකටුවක් දිය හැක්ක. එක් පිහියක් දියැ හැක්ක. එක් වහන් සඟළක් දිය හැක්ක. එක් කාබානක් දියැ හැක්ක. එක් අංසබන්‍ධකයක් (අස් බඳනාවක්) දියැ හැක්ක. එක් පෙරහනක් දියැහැක්ක. එක් ඩබරාවක් දියහැ හැක්ක. කුසියක් (සිවුරෙහි දික් නුවාපතක්) දියැ හැක්ක. අඩ කුසියක් (ලුහුඬු නුවා පතක්) දියැ හැක්ක, මඬුල්ලක් (පස්කඩ සිවුරෙහි මහා මණ්ඩලයක්) දියැ හැක්ක. අඩමඬුල්ලක් ( කුඩා මණඩලයක්) දියැ හැක්ක. නුවාවක් දියැහැක්ක. පරිහණ්ඩයක් (ඇතුළු නුවාවක්) දියැ හැක්ක. ඉදින් සඞ්ඝයාට ගිතෙල් හෝ තලතෙල් හෝ මී හෝ සකුරු හෝ වේ නම් එක් වරක් වළඳන්නට දියැහැකි ය. ඉදින් යළිත් වුව මනා වී නම් යළිත් දියැ හැකි යැ” යි වදාළ සේක.
Pali BJT71. තෙන ඛො පන සමයෙන සඞ්ඝස්ස සාටියගාහාපකො න හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT71. එ සමයෙහි සඞ්ඝයාට වැසිසළු ගන්වන්නෙක් නො වෙයි. භාග්‍යවතුන් වහන්සේට එ පවත් සැලකළාහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතං භික්ඛුං සාටියගාහාපකං සම්මන්නිතුං: යො න ඡන්දාගතිං ගච්ඡෙය්ය -පෙ- ගහිතාගහිතඤ්ච ජානෙය්ය. එවඤ්ච පන භික්ඛවෙ සම්මන්නිතබ්බො: පඨමං භික්ඛු යාචිතබ්බො. යාචිත්වා ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
Sinhala BJT“මහණෙනි, යමෙක් ඡන්‍දයෙන් අගතියට නො යන්නේ ද, ... ගත් නොගත් දැයත් දන්නේ ද, මෙකී අඞ්ග පසින් සමන්‍විත මහණක්හු සාටියගාහාපකයකු (වැසි සළු ගන්වන්නකු) කොට සම්මත කරන්නට අනුදනිමි. මෙසේ සම්මත ද කළයුතු ය: පළමු කොට මහණෙක් යැදියැයුතු ය. යැද ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් සඞ්ඝයා මෙසේ දැන්වියයුතු ය:
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුං සාටියගාහාපකං සම්මන්නෙය්ය. එසා ඤත්ති.
Sinhala BJTවහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. ඉදින් සඞ්ඝයාට පැමිණිකල් වේ නම්, සඞ්ඝ තෙමේ මෙ නම් මහණ සාටිගාහාපකයකු කොට සම්මත කරන්නේ ය. මේ ඥප්තිය යැ.
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො. සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුං සාටියගාහාපකං සම්මන්නති. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස භික්ඛුනො සාටියගාහාපකස්ස සම්මති සො තුණ්හස්ස. යස්ස නක්ඛමති සො භාසෙය්ය. සම්මතො සඞ්ඝෙන ඉත්ථන්නාමො භික්ඛු සාටියගාහාපකො ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJTවහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. සඞ්ඝ තෙමේ මෙ නම් මහණ සාටියගාහාපකයකු කොට සම්මත කෙරෙයි. යම් ආයුෂ්මතක්හට මෙ නම් මහණ සාටියගාහාපකයකු කොට සම්මත, කිරීම රිසියෙයි ද හේ නිහඬ වේවා. යමකුට නො රිසියේ නම් හේ කියාවා. සඞ්ඝයා විසින් මෙනම් මහණ සාටියගාහාපක යෙකියි සම්මත ය. (එය), සඞ්ඝයාට රිසියෙයි. එහෙයින් නිහඬ ය. මෙසේ මෙ කරුණ දරමි (සලකමි)” යනු යි.
Pali BJTතෙන ඛො පන සමයෙන සඞ්ඝස්ස පත්තගාහාපකො න හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTඑ සමයෙහි වනාහි සඞ්ඝයාට පාත්‍ර ගන්වන්නෙක් නැත. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:)
Pali BJT“අනුජානාමි භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතං භික්ඛුං පත්තගාහාපකං සම්මන්නිතුං: යො න ඡන්දාගතිං ගච්ඡෙය්ය -පෙ- ගහිතාගහිතඤ්ච ජානෙය්ය.
Sinhala BJT“මහණෙනි, යමෙක් ඡන්‍දාගතියට නො යන්නේ ද ..... ගත් නොගත් දැයත් දන්නේ ද, මෙකී අංග පසින් සමන්‍විත මහණහු පාත්‍ර ගන්වන්නකු කොට සම්මත කරන්නට අනුදනිමි.
Pali BJTඑවඤ්ච පන භික්ඛවෙ සම්මන්නිතබ්බො:
Sinhala BJTමහණෙනි, මෙසේ ම හේ සම්මත කළයුතු:
Pali BJTපඨමං භික්ඛු යාචිතබ්බො. යාචිත්වා -පෙ- ඛමති සඞ්ඝස්ස තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJTපළමු කොට මහණෙක් යැදියැයුතු ... සඞ්ඝයාට රිසියෙයි. මෙසේ මෙ කරුණ දරමි (සලකමි).” යනු යි.
Pali BJT72. තෙන ඛො පන සමයෙන සඞ්ඝස්ස ආරාමිකපෙසකො න හොති. ආරාමිකා අපෙසියමානා කම්මං න කරොන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT72. එසමයෙහි ආරාමික ප්‍රේෂකයෙක් නැත. ආරාමිකයෝ නො මෙහෙයනු ලබන්නාහු වැඩපල නො කෙරෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:
Pali BJT“අනුජානාමි භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතං භික්ඛුං ආරාමිකපෙසකං සම්මන්නිතුං. යො න ඡන්දාගතිං ගච්ඡෙය්ය -පෙ- පෙසිතාපෙසිතඤ්ච ජානෙය්ය. එවඤ්ච පන භික්ඛවෙ සම්මන්නිතබ්බො. -පෙ- තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJT“මහණෙනි, යමෙක් ඡන්‍දාගතියට නො යන්නේ ද ... මෙහෙයන ලද්දනුත් නො මෙහෙයන ලද්දනුත් දන්නේ ද, මෙකී අඞ්ග පසින් සමන්‍විත මහණක්හු ආරාමික ප්‍රේෂකයකු කොට සම්මත කරන්නට අනුදනිමි. මහණෙනි, මෙසේ ම සම්මත කළයුතු ය. ... එ හෙයින් නිහඬ ය. මෙ කරුණ මෙසේ දරමි (සලකමි)” යනුයි.
Pali BJTතෙන ඛො පන සමයෙන සඞ්ඝස්ස සාමණෙරපෙසකො න හොති. සාමණෙරා අපෙසියමානා කම්මං න කරොන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTඑ සමයෙහි සඞ්ඝයාට ශ්‍රාමණෙර ප්‍රේෂකයෙක් (හෙරණුන් ඒ ඒ කටයුත්තෙහි මෙහෙයවන්නෙක්) නැත. හෙරණහු නො මෙහෙයනු ලබන්නාහු කිසි කටයුත්තක් නො කෙරෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ:)
Pali BJT“අනුජානාමි භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතං භික්ඛුං සාමණෙරපෙසකං සම්මන්නිතුං: යො න ඡන්දාගතිං ගච්ඡෙය්ය න දොසාගතිං ගච්ඡෙය්ය න මොහාගතිං ගච්ඡෙය්ය න භයාගතිං ගච්ඡෙය්ය පෙසිතාපෙසිතඤ්ච ජානෙය්ය. එවඤ්ච පන භික්ඛවෙ සම්මන්නිතබ්බො: පඨමං භික්ඛු යාචිතබ්බො යාචිත්වා ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
Sinhala BJT“මහණෙනි, යමෙක් ඡන්‍දාගතියට නො යන්නේ ද ද්වේෂයාගතියට නො යන්නේ ද, මෝහාගතියට නො යන්නේ ද භයාගතියට නො යන්නේ ද, මෙහෙයන ලද්දනුත් නො මෙහෙයන ලද්දනුත් දන්නේ ද, මෙකී අංග පසින් සමන්‍විත මහණක්හු ශ්‍රාමණෙර ප්‍රේෂකයක්හු කොට සම්මත කරන්නට අනුදනිමි. මහණෙනි, මෙසේ ම සම්මත කළයුතු ය: පළමු කොට මහණෙක් යැදියැයුතු: යැද ව්‍යක්ත ප්‍රතිබල මහණකු ලවා සඞ්ඝ තෙමේ මෙසේ දැන්වියැයුතු ය:
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුං සාමණෙරපෙසකං සම්මන්නෙය්ය. එසා ඤත්ති.
Sinhala BJTවහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වේ නම් සඞ්ඝ තෙමේ මෙ නම් මහණහු ශ්‍රාමණෙර පේෂකයකු කොට සම්මත කරන්නේ ය. මේ ඥප්තිය යි.
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො. සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුං සාමණෙරපෙසකං සම්මන්නති. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස භික්ඛුනො සාමණෙරපෙසකස්ස සම්මති. සො තුණ්හස්ස. යස්ස නක්ඛමති සො භාසෙය්ය.
Sinhala BJTවහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. සඞ්ඝ තෙමේ මෙ නම් මහණහු ශ්‍රාමණේර ප්‍රේෂකයකු කොට සම්මත කෙරෙයි. මෙ නම් මහණහු ශ්‍රාමණේර ප්‍රේෂකයකු කොට සම්මත කිරීම යම් ආයුෂ්මතක්හට රිසියේ නම් හේ නිහඬ වේවා. යමක්හට නො රිසියේ නම් හේ කියාවා.
Pali BJTසම්මතො සඞ්ඝෙන ඉත්ථන්නාමො භික්ඛු සාමණෙරපෙසකො. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJTසඞ්ඝයා විසින් මෙ නම් මහණ තෙම ශ්‍රාමණෙර ප්‍රේෂක යැ යි සම්මත ය. (එය) සඞ්ඝයාට රිසියෙයි. එහෙයින් නිහඬ ය. මෙසේ මෙ කරුණ දරමි (සලකමි)” යනු යි.
Pali BJTතතියක-භාණවාරං.
Sinhala BJTතෙවෙනි බණවර යි.
Pali BJTසෙනාසනක්ඛන්ධකො නිට්ඨිතො ඡට්ඨො{1}.
Sinhala BJTසවැනි ශයනාසනස්කන්‍ධකය නිමියේ යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය කියැවේ:
Pali BJT1. විහාරො{2} බුද්ධසෙට්ඨෙන අපඤ්ඤත්තො තදා අහු තහං තහං නික්ඛමන්ති වාසා තෙ ජිනසාවකා.
Sinhala BJT1. එ දා බුදුරජුන් විසින් විහාරයෙක් නො පැනැවුණේ විය. ඒ බුදුසව්වෝ වසන තැනින් ඒ ඒ තැනට නික්ම යෙත්.
Pali BJT2. තෙ සෙට්ඨී ගහපති දිස්වා භික්ඛූනං එතදබ්රවි කාරාපෙය්යං වසෙය්යාථ පටිපුච්ඡිංසු නායකං
Sinhala BJT2. සිටු ගැහැවියෙක් ඔවුන් දැක මහණුනට මෙය කී: වෙහෙරක් කරවන්නෙම් නම් එහි වසන්නහුදැ යි. ඇසී ය. (ඔහු බුදුරජුන් විචාළාහ.)
Pali BJT3. විහාරං අඩ්ඪයොගඤ්ච පාසාදං හම්මියං ගුහං පඤ්චලෙණං අනුඤ්ඤාසි විහාරෙ සෙට්ඨි කාරයි.
Sinhala BJT3. වෙහෙර ද ගුරුළු පියා පත් වැනි සෙවෙණි ඇති ගෙය ද දික් පහය ද සඳලු සහිත ගෙය ද ගුහාව ද යන වසන තැන් පසක් බුදුරජුන් අනුදත්හ. සිටු තෙම වෙහෙර සැටක් කැරැවී ය.
Pali BJT4. ජනො විහාරං කාරෙති අකවාටං අසංවුතං කවාටං පිට්ඨසඞ්ඝාටං උදුක්ඛලඤ්ච උත්තරි.
Sinhala BJT4. ජනයා දොරපළු නැති විවෘත වූ විහාර කරවයි. දොරපළුව ද දොරබාව ද වටෙවු ලීය ද උතුරු ලීය ද,
Pali BJT5. ආවිඤ්ඡනච්ඡිද්දරජ්ජුං වට්ටිඤ්ච කපිසීසකං සූචී ඝටී තාලච්ඡිද්දං ලොහකට්ඨවිසාණකං.
Sinhala BJT5. රැහැන් සිදුර ද අදිනා රැහැන ද අගුල් වැටිය ද අගුල් කණුව ද යතුර ද තරංකය ද කෙසි සිදුර ද ලොහොමුවා ලීමුවා අංමුවා යතුර ද,
Pali BJT6. යන්තකං සූචිකඤ්චෙව ඡදනං උල්ලිත්තාවලිත්තං වෙදිජාලසලාකඤ්ච චක්කලී සන්ථරෙන ච.
Sinhala BJT6. යතුර ද හිද්ද ද ඇතුළත පිටත බදාම ඇලැවි සෙවෙණිය ද පිල් වාබෝනය ද දැල්වාබෝනය ද කූරුවාබොනය ද රෙදි පාපිස්න ද තණ ඇතිරිය ද,
Pali BJT7. මීඪිං බිදලමඤ්චඤ්ච සොසානිකමසාරකො බුන්දි කුළීරපාදඤ්ච ආහච්චාසන්දි උච්චකෙ.
Sinhala BJT7. මීඪය ද වේවැල් ඇඳ ද සොහොනැ ලූ මසාරකය ද බුන්‍දිකා බද්ධ ඇඳ පුටු ද කුලීරපාදක (කකුළු පා) ඇඳ පුටු ද ආහච්චපාදක ඇඳ පුටු ද සිවුරැස් පුටුව ද උස් සිවුරැස් පුටුව ද,
Pali BJT8. සත්තඞ්ගො ච භද්දපීඨං පීඨකාඵලකපාදකං ආමලාඵලකා{1} කොච්ඡා පලාලපීඨමෙව ච.
Sinhala BJT8. කවිච්චිය ද වේවැල් පුටුව ද රෙදි බන් පුටුව ද පුවරු පා පුටුව ද ඇඹුල්වැටි පුටුව ද පුවරුවද කොස්ස ද පිදුරු පුටුව ද,
Pali BJT9. උච්චෙ ච අභිපාදානි අට්ඨඞ්ගුලකපාදකං සුත්තං අට්ඨපදං චොළං තූලිකං අඩ්ඪකායිකං
Sinhala BJT9. උස් යහනෙහි හීම ද සපකු ඩැසීම ද ඇඳ පිළිපා ද අටඟුල් ඇඳ පිළිපා ද හුය ද අටපා වියුම ද රෙදිකඩ ද පුලුන් ද අඩකයක් දික් කොට්ට ද,
Pali BJT10. ගිරග්ගො භිසියො චාපි දුස්සං සෙනාසනම්පි ච ඔනද්ධං හෙට්ඨා පතති උප්පාටෙත්වා හරන්ති ච.
Sinhala BJT10. ගිරග්ගසම්ජ්ජය ද බිසි ද සෙනසුන් පිරිකර වූ වස්ත්‍රය ද මෙට්ට ලු ඇඳ පුටු ද බිසි යටින් පැළී වැටෙනු ද, උර ගළවා ගෙන යත් යන්න ද,
Pali BJT11. භත්තිඤ්ච{2} හත්ථභත්තිඤ්ච අනුඤ්ඤාසි තථාගතො සෙතකාළවිහාරෙපි ථුසං සණ්හඤ්ච මත්තිකං
Sinhala BJT11. භක්ති කර්‍මය ද හස්තභක්ති කර්‍මය ද තථාගතයෝ අනුදත්හ. වෙහෙරෙහි ද සුදු පැහැ කළු පැහැ ගැන්වීම ද දස්පිණ්ඩ දානය ද සණ්හමත්තිකා දානය ද,
Pali BJT12. ඉක්කාසං පාණිකං කුණ්ඩං සාසපං සිත්ථතෙලකං උස්සන්නෙ පච්චුද්ධරිතුං ඵරුසං ගණ්ඩමත්තිකං.
Sinhala BJT12. මැලියම් ද අත්ලෙන් තුනී කිරීම ද අබපිටි ද ඉටිතෙල් ද අනුදැනීම ද ඒවා වැඩි වූ කල්හි රෙදි කඩින් පසුදුරන්නට අවසරය ද, රළු බිමැ ගඩවිල් පස් දීම ද,
Pali BJT13. ඉක්කාසං පටිභානඤ්ච නීචා චයො ච ආරුහං පරිපතන්ති ආළකං අඩ්ඪකුඩ්ඩං තයො පුන.
Sinhala BJT13. මැලියම් අනුදැන්ම ද ප්‍රතිභාන චිත්‍ර කිරීම ද මිටි බිම් ද බැඳුම් ද නැඟෙන්නවුන් වෙහෙසට පත් වෙත් යනු ඇදී වැටෙත් ය යනු ද ඒකාඞ්ගන වීමද අඩ භිත්තිය අනුදැන්ම ද ගබ් තුන ද,
Pali BJT14. ඛුද්දකෙ කුඩ්ඩපාදො ච ඔවස්සති සරං ඛිලං චීවරවංසං රජ්ජුඤ්ච ආළින්දං කිටීකෙන ච.
Sinhala BJT14. කුඩා වෙහෙරෙහි බිතුපා දිරීම ද බිත්ති තෙමීම ද බිය පත් ව කෑගැසීම ද භිත්තිඛිලය අනුදැන්ම ද සිවුරු හෙලන වස් දංඩ ද සිවුරු හෙලන ලනුව ද පිළ අනුදැන්ම ද පැලැලි අනුදැන්ම ද,
Pali BJT15. ආලම්බනං තිණචුණ්ණං හෙට්ඨාමග්ගෙ නයං කරෙ අජ්ඣොකාසෙ ඔතප්පති සාලං හෙට්ඨා ච භාජනං
Sinhala BJT15. ආලම්බන බාහානුජානනය ද තණ රොඩු වැටීම ද යට කී නය අනුව උල්ලොපාවලෙපාදිය කළ යුතු ය යන්න ද එළිමහනැ වීවරවංස චීවරරජ්ජුන් තැබීම ද පැන් අව්වෙන් කැකෑරෙයි යන්න ද පැන්හල අනුදැන්ම ද යටකී පරිදි පැන්හලෙහි පියස්සේ උල්ලොපාවලෙපාදිය ද පැන්බඳුන අනුදැනීම ද,
Pali BJT16. විහාරො කොට්ඨකො චෙව පරිවෙණග්ගිසාලකං ආරාමෙ ච පුන කොට්ඨෙ හෙට්ඨඤ්ඤෙව නයං කරෙ.
Sinhala BJT16. විහාරය ද කොටුව ද පිරිවෙන ද ගිනිහල් ගෙය ද යළි කොටුව පිළිබඳ ව යට කී පරිදි ම උල්ලිත්තාවලිත්තාදිය යොදා දැන ගන්නේ ය.
Pali BJT17. සුදං අනාථපිණ්ඩී ච සද්ධො සීතවනං අගා දිට්ඨධම්මො නිමන්තෙසි සහ සඞ්ඝෙන නායකං.
Sinhala BJT17. සුදත්ත නම් සැදැවත් අනේපිඬුසිටු තෙම ශීතවනයට ගියේ ය. හේ දුටු නිවන් දහම් ඇත්තේ සඞ්ඝයා සහිත ලෝකනායකයන් වහන්සේ නිමැතී ය.
Pali BJT18. ආණාපෙසන්තරාමග්ගෙ ආරාමං කාරයි ගණො වෙසාලියං නවකම්මං පුරතො ච පරිග්ගහං.
Sinhala BJT18. අතරමඟැ අණ කෙළේ ය. ගණයා මගැ ආරාම කැරැවී ය. විසල් පුරැ මහණහු නවාම් කෙරෙත්. සවැගියන් අතැවැස්සෝ ඉදිරියෙන් ගොස් සෙනසුන් අත් කැරැ ගැන්ම කරත්.
Pali BJT19. කො අරහති භත්තග්ගෙ තිත්තිරඤ්ච අවන්දියා පරිග්ගහිතන්තරඝරා තූලො සාවත්ථි ඔසරි.
Sinhala BJT19. බොජුන් හල අග්‍රපිණ්ඩාදියට කවරෙක් සුදුසු ද? වටුවාට ඉතිරිදෙදෙන බුහුමන් කළාහ. නො වැන්ද යුත්තෝ ද කියන ලදහ. සවැගියන් අතැවැස්සෝ මණ්ඩපයන් අත්කැරැ ගැන්ම කළහ. ඇතුළු ගමැ පුළුන් පිරැවූ ඇඳ පුටු ආදිය පැනැවූහ. සැවැතට බුදුරජුහු වැඩියාහ.
Pali BJT20. පතිට්ඨාපෙසි ආරාමං භත්තග්ගෙ ච කොලාහලං, ගිලානා වරසෙය්යා ච ලෙසා සත්තරසා තහිං.
Sinhala BJT20. දෙව්රම සඟනට පිරිනැමී ය. බොජුන්හල කලබල ඇතිවිය. ගිලන් මහණහු මුසපත් වෙත්. මහඟු යහන් අත්කර ගනිත්. ලෙසමාත්‍රාබාධයෙන් සෙනසුන් අත් පත් කරත්. සතලොස්වැගි මහණහු එහි වෙහෙරක් පිළිසකර කෙරෙත්.
Pali BJT21. කෙන නු ඛො කථන්නු ඛො විහාරග්ගෙන භාජසී පරිවෙණානුභාගඤ්ච අකාමා භාගං නො දදෙ.
Sinhala BJT21. කවරකු විසින් කෙසේ නම් සෙනසුන් ගැන්විය යුතු ද යන පැනය නැංගේ ය. විහාර ගණනින් සෙනසුන් ගැන්වීම බෙදී ය. පිරිවෙන් අනුභාගය දියයුතු ය. ඒ භාගය නො කැමැත්තෙන් නො දියයුතු.
Pali BJT22. නිස්සීමං සබ්බකාලං ච ගාහා සෙනාසනෙ තයො උපනන්දො ච වණ්ණෙසි ඨිතකා සමකාසනා.
Sinhala BJT22. සීමාවෙන් පිටත සිටියහුට සෙනසුන් නො ගැන්විය යුතු. හැම කල්හි සෙනසුන් ප්‍රතිබාහනය නො කළ යුතු, සෙනසුන් පිළිබඳ ගැන්වීම් තුනෙකි. උපනන්‍ද තෙර සෙනසුන් දෙකක් ප්‍රතිබාහන කෙළේ ය. බුදුහු විනය වැණුහු. තෙරහු සිටගෙන විනය උදෙසැවූහ. කොතෙකින් සමානාසන ඇත්තෝ වෙත් ද?
Pali BJT23. සමානාසනිකා භින්දිංසු තිවග්ගා ච දුවග්ගිකං අසමානාසනිකෙහි දීඝං සාළින්දං{1} පරිභුඤ්ජිතුං.
Sinhala BJT23. සමානාසනිකයෝ ඇඳ කඩාදැමූහ. තුන් දෙනෙක් ද හිඳ ඇඳ කඩාදැමූහ. දෙදෙනකුට එකට ඇඳ පුටුවල හිඳ ගන්නට අනුදත් සේක. අසමානාසනිකයන් හා දික් අස්නැ හිඳීම අනුදත් සේක. ආළින්ද සහිත සියලු පහය අනුදත් සේක.
Pali BJT24. අය්යකා ච අවිදූරෙ භාජිතඤ්ච කීටාගිරෙ ආළවී පිණ්ඩකකුඩ්ඩෙහි ද්වාරඅග්ගළවට්ටිකා.
Sinhala BJT24. කොසොල් රජුගේ මුත්තණියෝ කලුරිය කළාහ. සැවතට නොදුරෙහි මහණුනට උවදුරු ඇති විය. කීටාගිරියෙහි දී සවැගිමහණුන් ගේ අතැවැස්සන් විසින් සෙනසුන් බෙදන ලදි. බුදුරජහු අළවු රටට වැඩියාහ. මැටිපිඩු තබන පමණිනුත් බිත්තිය මැටි ගෑ පමණිනුත් දොර අගුල් වැටිය කරන පමණිනුත් නවාම් සම්මතිය දෙත්.
Pali BJT25. ආලොක සෙත-කාළඤ්ච ගෙරු-ඡාදන බන්ධනා භණ්ඩි-ඛණ්ඩ-පරිභණ්ඩං වීස-තිංසා යාවජීවිකං.
Sinhala BJT25. කවුළු දොර සවිකරන පමණිනුත් බිත්ති ආදිය සුදු කළු ගුරු පැහැ කරන පමණිනුත් සෙවිලි කරන පමණිනුත් පියස්ස බඳනා පමණිනුත් ගණ්ඨිකාවක් තැබීම් කැඩුම් බිඳුම් පිළිසකර පමණින් පිළක් කරන පමණිනුත් නවාම් සම්මතිය දෙත්. විසි වසකට තිස් වසකට ද දිවිහිම් කොට ද නවාම් සම්මතිය දෙත්.
Pali BJT26. ඔසිතෙ අකතං{1} ඛුද්දෙ ඡ-පඤ්චවස්සිකංදදෙ අඩ්ඪයොගෙ ච සත්තට්ඨ මහල්ලෙ දස-ද්වාදස.
Sinhala BJT26. කොට නිමැවූ වෙහෙර සඳහා ද නවාම් සම්මතිය දෙත්. නොකළ හෝ අඩාළ වූ හෝ වෙහෙර සඳහා නවාම් සම්මතිය අනුදත් සේක. නවාම් දෙත්. කුඩා වෙහෙරෙහි සවසකට හෝ පස්වසකට නවාම් දියයුතු, අඩ්ඪයොග වෙහෙරෙහි කටයුතු බලා හත් අට වසකට ද මහ වෙහෙරෙක කටයුතු සඳහා දසදෙළොස් වසකට ද නවාම් සම්මතිය දියයුතු.
Pali BJT27. සබ්බං විහාරං එකස්ස අඤ්ඤං වාසෙන්ති සඞ්ඝිකං නිස්සීමං සබ්බකාලඤ්ච පක්කමන්ති විබ්භමන්ති ච.
Sinhala BJT27. සියලු වෙහෙරට නවාම් දෙත්. එකකුට නවාම් දෙකක් දෙත්. නවාම් ගෙන අන් එකකු වස්වත්. සඟසතු දෑ තමනට වෙන් කෙරෙත්. සීමායෙන් පිටත සිටියාහට නවාම් දෙත්. ඔහු සියලු කාලයෙහි වෙහෙර තමනට වෙන් කර ගනිත්. නවාම් ගෙන පිටත් ව යෙත්, සිවුරු හැර ද යෙත්.
Pali BJT28. කාලඤ්ච සාමණෙරඤ්ච සික්ඛාපච්චක්ඛාන්තිමං උම්මත්ත ඛිත්තචිත්තා ච වෙදනාපතත්යදස්සනා.
Sinhala BJT28. කලුරිය ද කෙරෙත්, හෙරණුම්හ යි ශික්‍ෂා ප්‍රතික්‍ෂේප කළම්හ යි පරිජියට අවනුම්හ යි උමතුවම්හ යි කැලඹුණු සිතැත්තම්හ යි වේදනායෙන් පෙළුණම්හ යි, ඇවැත් නො දැක්මෙන් ද,
Pali BJT29. අප්පටිකම්මා දිට්ඨියා පණ්ඩකා ථෙය්යතිත්ථියා තිරච්ඡාන මාතු පිතු අරහන්තා ඝාතක දූසකා.
Sinhala BJT29. ඇවැතට පිළියම් නො කිරීමෙන් ද දෘෂ්ටිය අත් නො හැරීමෙන් ද උත්ක්ෂිප්තයම්හ යි, පණ්ඩකයම්හයි, ථෙය්‍ය සංවාසකයම්හයි, අන් තොටුවනට බැඳුණම්හ යි, තිරිසන්ගියම්හ යි මා පිය රහතුන් නැසුවම්හ යි භික්‍ෂුණි දූෂකයම්හ යි ද,
Pali BJT30. භෙදකා ලොහිතුප්පාදා උභතො චාපි ව්යඤ්ජනා මා සඞ්ඝස්ස පරිහායි කම්මං අඤ්ඤස්ස දාතවෙ.
Sinhala BJT30. සඟබේ කළම්හ යි ද ලොහිතුප්පාදකයම්හ යි ද උභතොඛ්‍යඤ්ජනකයම්හ යි ද පිළින කෙරෙත්. සඞ්ඝයාට පාඩු නො වේවා යි කටයුත්ත අන්හට දියයුතු.
Pali BJT31. විප්පකතෙ ච අඤ්ඤස්ස කතෙ තස්සෙව පක්කමෙ විබ්භමති කාලකතො සාමණෙරො ච ජායති.
Sinhala BJT31. කටයුත්ත අඩාළ කල්හි ද අනෙකකුට පැවරියයුතු, එය කොට නිමි කල්හි ඔහුට ම එය පැවරියයුතු, නික්ම යන්නේ ද සිවුරු හරනේ ද කලුරිය කෙළේ ද හෙරණ වෙමි යි හෝ,
Pali BJT32. පච්චක්ඛාතො ච සික්ඛාය අන්තිමා පණ්ඩකො යදි සඞ්ඝො ව සාමිකො හොති උම්මත්ත ඛිත්තවෙදනා.
Sinhala BJT32. ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යානය කෙළෙමි යි හෝ අන්තිම වස්තුවට පැමිණියෙමියි පණ්ඩකයෙමි යි ප්‍රතිඥා කෙරේ ද, සඞ්ඝයා ම එහි ස්වාමි වේ. උමතු වෙමි යි, වික්‍ෂිප්ත සිතැත්තෙමි යි, වේදනායෙන් පෙළුණෙමි යි පිළින කෙරේ ද,
Pali BJT33. අදස්සනාප්පටිකම්මෙ දිට්ඨි තස්සෙව හොති වා පණ්ඩකො ථෙය්ය තිත්ථී ච තිරච්ඡාන මාතුපෙත්තිකං
Sinhala BJT33. ඇවැත් නො දැක්මෙහි ඇවැතට පිළියම් නො කිරීමෙහි මිසදිටුව අත්නොහැරීමෙහි උඛෙව්නි කම් කරන ලදිමි යි පිළින කෙරෙයි ද ඒ ආවාසය ඔහුට ම ය. පණ්ඩකයෙමි යි ථෙය්‍යසංවාසකයෙමි යි තිත්‍ථියපක්කන්තක යෙමි යි තිරිසන්ගතයෙමි යි මාතෘඝාතක පිතෘඝාතක යෙමි යි.
Pali BJT34. ඝාතකො දූසකො චාපි භෙද ලොහිත ව්යඤ්ජනා පටිජානාති යදි සො සඞ්ඝොව හොති සාමිකො.
Sinhala BJT34. අරහන්තඝාතකයෙමි යි භික්‍ෂුණිදුෂකයෙමි යි සඞ්භේදකයෙමි යි ලොහිතුප්පාදකයෙමි යි උභතෝබ්‍යඤ්ජනකයෙමි යි හේ පිළින කෙරේ ද සඞ්ඝයා ම ඒ ආවාසයට ස්වාමි වේ.
Pali BJT35. හරන්තඤ්ඤත්ර කුක්කුච්චං උද්රියති ච කම්බලං දුස්සං ච චම්ම චක්කලී චොළකං අක්කමන්ති ච.
Sinhala BJT35. විහාරපරිභෝගය අන් තැනකට ගෙන යත්, පැදුරු ආදිය ගෙනයන්නට කුකුස් කෙරෙත්. වෙහෙරෙක් දිරාපත් වෙයි. සඞ්ඝයාට මාහැඟි කම්බලයෙක් උපන. මාහැඟි වස්තුයෙක් උපන. චර්‍මයෙක් උපන. චක්කලිකාවෙක් උපන. රෙදි කඩෙක් උපන. නොසෙදු පයින් සෙනසුන් ඇක්මෙත්.
Pali BJT36. අල්ලා උපාහනා නිට්ඨු ලිඛන්ති අපස්සෙන්ති ච. අපස්සෙනං ලිඛතෙ වා ධොතපච්චත්ථරෙන ච.
Sinhala BJT36. තෙත් පා ඇත්තාහු පාවහන් ඇත්තාහු සෙනස්න ඇක්මෙත්. පිරියම් කළ බිමැ කෙළ ගසත්. පිරියම් කළ බිත්තියට හේත්තු වෙත්. හේත්තුවන පුවරුව බිම සූරයි. සේදු පයැත්තහු පසතුරුණ එළා සැතපියයුතු,
Pali BJT37. රාජගහෙ න සක්කොන්ති ලාමකං භත්තුද්දෙසකං කථං නු ඛො පඤ්ඤාපකං භණ්ඩාගාරිකසම්මුතිං.
Sinhala BJT37. රජගහ නුවර සඟබත් කරන්නට නො හැකි වෙත්. සැවැගියෝ ලාමක බත් භික්‍ෂුනට දෙති. භතතුද්දේසකයකු අනුදත් සේක. කෙසේ බත් උදෙසිය යුතු දැ යි ප්‍රශ්නයෙක් විය. සෙනසුන් පනවන්නකු අනුදත් සේක. භාණ්ඩාගාරික සම්මතිය අනුදත් සේක.
Pali BJT38. පටිග්ගාහභාජකො චාපි යාගු ච ඵලභාජකො ඛජ්ජකභාජකො චෙව අප්පමත්තකවිස්සජො.
Sinhala BJT38. චීවරප්‍රතිග්‍රාහකයෙක් ද චීවරභාජකයෙක් ද යාගුභාජකයෙක් ද ඵලභාජකයෙක් ද බජ්ජකභාජකයෙක් ද අප්පමන්තකවිසජ්ජකයෙක් ද,
Pali BJT39. සාටියගාහාපකො චෙව තථෙව පත්තගාහකො ආරාමික සාමණෙර පෙසකස්ස ච සම්මුති.
Sinhala BJT39. සාටියගාහාපකයෙක් ද එසේ ම පත්තගාහාපකයෙක් ද අනුදන්නා ලදහ. ආරාමිකපේසක සම්මතිය ද සාමණේරපෙසක සම්මතිය ද අනුදන්නා ලදහ.
Pali BJT40. සබ්බාභිභූ ලොකවිදූ හිතචිත්තො විනායකො ලෙණත්ථං ච සුඛත්ථං ච, ඣායිතුං ච විපස්සිතුන්ති.
Sinhala BJT40. සියල්ල මැඩැලූ ලොව තතු දන්නා ඉතසිත් ඇති විනායකයන් වහන්සේ විවේකවාසය පිණිස ද සුව පහසු පිණිස ද ධ්‍යාන වඩන්නට ද විවසුන් වඩන්නට ද සෙනසුන් අනුදත් සේක.
Pali BJT7.
Sinhala BJT7.
Pali BJTසඞ්ඝභෙදකක්ඛන්ධකං
Sinhala BJTසඞ්‌ඝභේදකඛන්‌ධකය
Pali BJTපඨමභාණවාරං
Sinhala BJTපළමු බණවර
Pali BJTඡසක්යපබ්බජ්ජා
Sinhala BJTශාක්‍යයන් සදෙනාගේ පැවිද්ද
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා අනුපියායං විහරති අනුපියං නාම මල්ලානං නිගමො. තෙන ඛො පන සමයෙන අභිඤ්ඤාතා අභිඤ්ඤාතා සක්යකුමාරා භගවන්තං පබ්බජිතං අනුපබ්බජන්ති. තෙන ඛො පන සමයෙන මහානාමො ච සක්කො අනුරුද්ධො ච සක්කො ද්වෙ භාතිකා හොන්ති. අනුරුද්ධො සක්කො සුඛුමාලො හොති. තස්ස තයො පාසාදා හොන්ති එකො හෙමන්තිකො එකො ගිම්හිකො, එකො වස්සිකො. සො වස්සිකෙ පාසාදෙ වස්සිකෙ චත්තාරො මාසෙ නිප්පුරිසෙහි තුරියෙහි පරිචාරයමානො න හෙට්ඨාපාසාදං ඔරොහති.
Sinhala BJT1. එ සමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනුපිය නම් නුවර සමීපයෙහි වැඩ වසන සේක. අනුපිය නම් මල්ලයන් ගේ නියම්ගමෙකි. එ සමයෙහි වනාහි ප්‍රකට වූ ශාක්‍ය කුමාරයෝ පැවිදි වූ භාග්‍යවතුන් වහන්සේ අනුව පැවිදි වෙත්. එ සමයෙහි මහානාම ශාක්‍ය ද අනුරුද්ධ ශාක්‍ය ද යන දෙදෙන සොහොයුරෝ වෙත්. අනුරුද්ධ ශාක්‍ය තෙම සියුමැලි වෙයි. ඔහුට ප්‍රාසාද තුනෙක් විය. එකෙක් ශීත සෘතුවේ විසීම පිණිස ය. එකෙක් ග්‍රීෂ්ම ඍතුවේ විසීම පිණිස ය. එකෙක් වර්ෂාණ ඍතුවේ විසීම පිණිස ය. හේ වර්ෂාණර්තුව සඳහා තැනැවුණු පහයෙහි වැසි සාරමස තූර්‍ය්‍ය වයන ස්ත්‍රීන් විසින් හසුරුවනු ලබන ඉන්ද්රියයන් ඇත්තේ (හෙවත් පස්කම්හි අලවනු ලබනුයේ) යට පහයට නො බසී.
Pali BJTඅථ ඛො මහානාමස්ස සක්කස්ස එතදහොසි: “එතරහි ඛො අභිඤ්ඤාතා අභිඤ්ඤාතා සක්යකුමාරා භගවන්තං පබ්බජිතං අනුපබ්බජන්ති. අම්හාකඤ්ච කුලා නත්ථි කොචි අගාරස්මා අනගාරියං පබ්බජිතො. යන්නූනාහං වා පබ්බජෙය්යං අනුරුද්ධො වා”ති. ”අථ ඛො මහානාමො සක්කො යෙන අනුරුද්ධො සක්කො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා අනුරුද්ධං සක්කං එතදවොච: “එතරහි තාත අනුරුද්ධ, අභිඤ්ඤාතා අභිඤ්ඤාතා සක්යකුමාරා භගවන්තං පබ්බජිතං අනුපබ්බජන්ති. අම්හාකඤ්ච කුලා නත්ථි කොචි අගාරස්මා අනගාරියං පබ්බජිතො. තෙන හි ත්වං වා පබ්බජ අහං වා පබ්බජිස්සාමී”ති.
Sinhala BJTඑ කල්හි “දැන් වනාහි ප්‍රකට ප්‍රකට ශාක්‍ය කුමාරයෝ පැවිදි වූ භාග්‍යවතුන් වහන්සේ අනුව පැවිදි වෙත්. අප කුලයෙන් ද කිසිවෙක් ගිහිගෙය හැර සස්නට නො පැමිණියේ ය. (පැවිදි නොවී ය.) මා හෝ අනුරුද්ධයා හෝ පැවිදි වතොත් ඉතා යෙහෙකැ”යි මහානාම ශාක්‍යයාට මේ සිත විය. ඉක්බිති මහානාම ශාක්‍ය තෙම අනුරුද්ධ ශාක්‍යයා කරා එළැඹියේ ය. එළැඹ අනුරුද්ධ ශාක්‍යයා බණවා, “දරුව අනුරුද්ධය, දැන් ප්‍රකට ප්‍රකට ශාක්‍ය කුමරුවෝ පැවිදි වූ භාග්‍යවතුන් වහන්සේ අනුව පැවිදි වෙත්. අපගේ කුලයෙන් වූ කලී කිසිවෙකුත් ගිහි ගෙන් නික්ම පැවිදි නො වී ය. එබැවින් තෝ හෝ පැවිදි වව, මම් හෝ පැවිදි වන්නෙමි” යි මෙ බස් පැවැසීය.
Pali BJT“අහං ඛො සුඛුමාලො. නාහං සක්කොමි අගාරස්මා අනගාරියං පබ්බජිතුං. ත්වං පබ්බජ්ජාහී”ති.
Sinhala BJT“මම් වූකලී සියුමැලියෙමි. ගිහි ගෙන් නික්ම පැවිදි වන්නට නො හැක්කෙමි. ඔබ පැවිදි වන්නැ” යි අනුරුද්ධ කුමර කී ය.
Pali BJT“එහි ඛො තෙ තාත අනුරුද්ධ ඝරාවාසත්ථං අනුසාසිස්සාමි: පඨමං ඛෙත්තං කසාපෙතබ්බං, කසාපෙත්වා වපාපෙතබ්බං, වපාපෙත්වා උදකං අතිනෙතබ්බං, උදකං අතිනෙත්වා උදකං නින්නෙතබ්බං. උදකං නින්නෙත්වා නිඩ්ඩහෙතබ්බං.{1} නිඩ්ඩහෙත්වා{2} ලවාපෙතබ්බං, ලවාපෙත්වා උබ්බාහාපෙතබ්බං. උබ්බාහාපෙත්වා පුඤ්ජං කාරාපෙතබ්බං. පුඤ්ජං කාරාපෙත්වා මද්දාපෙතබ්බං. මද්දාපෙත්වා පලාලානි උද්ධරාපෙතබ්බානි, පලාලානි උද්ධරාපෙත්වා භූසිකා උද්ධරාපෙතබ්බා. භුසිකං උද්ධරාපෙත්වා ඔපුනාපෙතබ්බං ඔපුනාපෙත්වා අතිහරාපෙතබ්බං. අතිහරාපෙත්වා ආයතිම්පි වස්සං එවමෙව කාතබ්බන්ති.”
Sinhala BJT“දරුව අනුරුද්ධය, එසේ වී නම් ගිහිගෙයි වසනු පිණිස උපදෙස් දෙන්නෙමි. පළමු කොට කෙත් සෑවවිය යුතු. සාවවා, වැපිරැවිය යුතු. වපුරවා ඇතුළට ජලය පැමිණැවිය යුතු ය. ඇතුළට ජලය පමුණුවා, ජලය සම කැරැවිය යුතු. ජලය සම කරවා, වල් නෙළීම කැරැවිය යුතු. වල් නෙළීම කරවා, කැප්විය යුතු. කප්වා ඇද්දිය යුතු. අදවා මිටි බැන්දවිය යුතු. මිටි බඳවා මැඩවිය යුතු. මඩවා පිදුරු බැහැර කැරැවිය යුතු. පිදුරු බැහැර කරවා කාටුව ඉවත් කැරැවිය යුතු, පොලවාලිය යුතු. පොලවාලා ගෙට ගෙන්වියැ යුතු. ගෙට ගෙන්වා එන වර්ෂයෙහි ද මෙසේ ම කළ යුතු යැ” යි (මහානාම කුමර කී ය.)
Pali BJT“න කම්මා ඛීයන්ති, න කම්මානං අන්තො පඤ්ඤායති. කදා කම්මා ඛීයිස්සන්ති? කදා කම්මානං අන්තො පඤ්ඤායිස්සති? කදා මයං අප්පොස්සුක්කා පඤ්චහි කාමගුණෙහි සමප්පිතා සමඞ්ගීභූතා පරිචාරිස්සාමා”ති.
Sinhala BJT“කටයුතු නො නිම වෙයි. කටයුතුවල කෙළවරෙක් නො පැනෙයි. කවරදා නම් කටයුතු නිම වන්නේ ද? කවර දාක කටයුතුවල කෙළවරෙක් පැනෙන්නේ ද? කවර දාක අපි අල්පොත්සුක වැ පස් කම් ගුණයෙන් සමර්පිත වැ සමන්‍විත වැ සැප පහසු විඳින්නමෝ දැ”යි (අනුරුද්ධ කුමර කී ය.)
Pali BJT“න හි තාත අනුරුද්ධ කම්මා ඛීයන්ති, න කම්මානං අන්තො පඤ්ඤායති. අඛීණෙයෙව කම්මෙ පිතරො ච පිතාමහා ච කාලකතා”ති.
Sinhala BJT“දරුව අනුරුද්ධ, කටයුතු නිම නො වේ. කටයුතුවල කෙළවරක් ද නො පැනෙයි. කටයුතු නොනිමි කල්හි ම මාපියෝ ද මුත්තණු මිත්තණියෝ ද කලුරිය කළහ” යි මහානාම කුමරුවෝ කීහ.
Pali BJT“තෙන හි ත්වඤ්ඤෙව ඝරාවාසත්ථෙන උපජානාහි{1}. අහං අගාරස්මා අනගාරියං පබ්බජිස්සාමී”ති.
Sinhala BJT“එසේ වී නම් ඔබ ම ගිහිගෙහි විසීම දැන ගනුව. මම ගිහි ගෙන් නික්ම පැවිදිබිමට පැමිණෙන්නෙමි” යි අනුරුද්ධ කුමර කී ය.
Pali BJT2. අථ ඛො අනුරුද්ධො සක්කො යෙන මාතා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා මාතරං එතදවොච: “ඉච්ඡාමහං අම්ම අගාරස්මා අනගාරියං පබ්බජිතුං. අනුජානාහි මං අගාරස්මා අනගාරියං පබ්බජ්ජායා”ති. එවං වුත්තෙ අනුරුද්ධස්ස සක්කස්ස මාතා අනුරුද්ධං සක්කං එතදවොච: “තුම්හෙ ඛො මෙ තාත අනුරුද්ධ ද්වෙ පුත්තා පියා මනාපා අප්පටිකූලා මරණෙනපි වො අකාමකා විනා භවිස්සාමි. කිම්පනාහං තුම්හෙ ජීවන්තෙ අනුජානිස්සාමි අගාරස්මා අනගාරියං පබ්බජ්ජායා”ති.
Sinhala BJT2. ඉක්බිත්තෙන් අනුරුද්ධ ශාක්‍ය තෙම මව කරා එළැඹියේ ය. එළැඹ, “මෑණියනි, මම් ගිහිගෙන් නික්ම සස්නැ පැවිදි වන්නට කැමැත්තෙමි. මට ගිහිගෙන් නික්ම සස්නැ පැවිදි වන්නට අනුදන්නැ” යි කී ය. මෙසේ කී කල්හි අනුරුද්ධ ශාක්‍යයාගේ මව අනුරුද්ධ ශාක්‍යයාට, “දරුව තෙපි වනාහි මගේ පිය වූ මනාප වූ නො පිළිකුල් වූ දරු දෙදෙනා ය. තොපගේ මරණයෙනුදු නොකැමැත්තෙන් ම වෙන් වන්නෙමි. එසේ කලැ, ජීවත් වන්නා වූ තොපට ගිහි ගෙන් නික්ම සසුන් වදින්නට කිමෙක් ද, අනුදන්නෙම් දැ” යි කීවා ය.
Pali BJTදුතියම්පි ඛො අනුරුද්ධො සක්කො මාතරං එතදවොච: “ඉච්ඡාමහං අම්ම අගාරස්මා අනගාරියං පබ්බජිතුං. අනුජානාහි මං අගාරස්මා අනගාරියං පබ්බජ්ජායා”ති.
Sinhala BJTදෙවෙනි වර ද අනුරුද්ධ ශාක්‍ය තෙම “මෑණියනි, මම් ගිහි ගෙන් නික්ම සසුන් වදින්නට කැමැත්තෙමි. ගිහිගෙන් නික්ම සසුන් වදිනුවට මට අනුදන්නැ” යි කී ය.
Pali BJT“තුම්හෙ ඛො මෙ තාත අනුරුද්ධ ද්වෙ පුත්තා පියා මනාපා අප්පටිකූලා මරණෙනපි වො අකාමකා විනා භවිස්සාමි. කිං පනාහං තුම්හෙ ජීවන්තෙ අනුජානිස්සාමි අගාරස්මා අනගාරියං පබ්බජ්ජායා”ති.
Sinhala BJT“දරුව අනුරුද්ධය, තෙපි ප්‍රිය වූ මනාප වූ නොපිළිකුල් වූ මගේ දරු දෙදෙනා ය. තොප ගේ මරණයෙනුදු නො කැමැතිවැ ම වෙන් වන්නෙමි. කිමෙක් ද ජීවත් වන්නා වූ තොපට ගිහිගෙන් නික්ම සසුන් වදනට අනුදන්නෙම් දැ” යි අනුරුත් කුමරුගේ මව කීවා ය.
Pali BJTතතියම්පි ඛො අනුරුද්ධො සක්කො මාතරං එතදවොච: “ඉච්ඡාමහං අම්ම අගාරස්මා අනගාරියං පබ්බජිතුං. අනුජානාමි මං අගාරස්මා අනගාරියං පබ්බජ්ජායා”ති.
Sinhala BJTතෙවෙනි වර ද අනුරුද්ධ ශාක්‍ය තෙම “මෑණියනි, මම් ගිහි ගෙන් නික්ම සසුන් වදිනු කැමැත්තෙමි. ගිහිගෙන් නික්ම සසුන් වදිනුවට මට අනුදන්නැ” යි කී ය.
Pali BJTතෙන ඛො පන සමයෙන භද්දියො සක්යරාජා සක්යානං රජ්ජං කාරෙති. සො ච අනුරුද්ධස්ස සක්කස්ස සහායො හොති. අථ ඛො අනුරුද්ධස්ස සක්කස්ස මාතා “අයං ඛො භද්දියො සක්යරාජා සක්යානං රජ්ජං කාරෙති අනුරුද්ධස්ස සක්කස්ස සහායො. සො න උස්සහති අගාරස්මා අනගාරියං පබ්බජිතුන්ති” අනුරුද්ධං සක්කං එතදවොච: “සචෙ තාත අනුරුද්ධ භද්දියො සක්යරාජා අගාරස්මා අනගාරියං පබ්බජති එවං ත්වම්පි පබ්බජාහී”ති.
Sinhala BJTඑ සමයෙහි වනාහි භද්දිය ශාක්‍ය රජ ශාක්‍යයන් ගේ රජය කරවයි. හේ ද අනුරුද්ධ ශාක්‍යයා ගේ යහළුවෙක් වෙයි. එකල්හි අනුරුද්ධ ශාක්‍යයාගේ මවු “මෙ භද්දිය ශාක්‍ය රජ ශාක්‍යයන් ගේ රජය කරවයි. මෙ තෙම අනුරුද්ධ ශාක්‍යයාගේ යහළුවෙක. හේ ගිහිගෙන් නික්ම පැවිදිවන්නට උත්සාහ නො කෙරේ යැ’ යි සිතා, “දරුව අනුරුද්ධය, ඉදින් භද්දිය ශාක්‍ය රජ ගිහි ගෙයින් නික්ම සසුන් වදනේ නම්, එසේ කලැ තෙපිත් පැවිදි වන්නැ” යි කීවා ය.
Pali BJT3. අථ ඛො අනුරුද්ධො සක්කො යෙන භද්දියො සක්යරාජා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භද්දියං සක්යරාජානං එතදවොච: “මම ඛො සම්ම, පබ්බජ්ජා තව පටිබද්ධා”ති.
Sinhala BJT3. ඉක්බිති අනුරුද්ධ ශාක්‍ය තෙම භද්දිය ශාක්‍ය රජුහු කරා එළැඹියේ ය. එළැඹ, භද්දිය ශාක්‍යරජුට “යහළුව මගේ පැවිද්ද ඔබ පිළිබඳ යැ” යි කී ය.
Pali BJT“සචෙ තෙ සම්ම පබ්බජ්ජා මම පටිබද්ධා වා අප්පටිබද්ධා වා{1} හොතු. අහං තයා..... යථාසුඛං පබ්බජාහී”ති.
Sinhala BJT“යහළුව, තාගේ පැවිද්ද මා පිළිබඳ හෝ නො පිළිබඳ හෝ වේ ව යි මම් තා හා ... සුවසේ පැවිදි වන්නැ” යි (භද්දිය ශාක්‍ය රජ කී ය.)
Pali BJT“එහි සම්ම උභො අගාරස්මා අනගාරියං පබ්බජිස්සාමා”ති.
Sinhala BJT“යහළුව, එන්නැ. අපි දෙ දෙනා ම ගිහිගෙන් නික්ම සසුන් වදින්නමෝ වා” යි අනුරුද්ධ ශාක්‍ය කී ය.
Pali BJT“නාහං සම්ම සක්කොමි අගාරස්මා අනගාරියං පබ්බජිතුං. යං තෙ සක්කා අඤ්ඤං මයා කාතුං ත්යාහං කරිස්සාමි. ත්වං පබ්බජාහී”ති.
Sinhala BJT“යහළුව, ගිහිගෙන් නික්ම සසුන් වදින්නට මම් නො හැකියෙමි. මා විසින් තොපට අන් යමක් කළ හැකි නම්, එය තොපට කරන්නෙමි. තෙපි පැවිදි වන්නැ” යි භද්දියරජ කී ය.
Pali BJT“මාතා ඛො මං සම්ම, එවමාහ: ‘සචෙ තාත අනුරුද්ධ භද්දියො සක්යරාජා අගාරස්මා අනගාරියං පබ්බජති එවං ත්වම්පි පබ්බජාහී’ති. භාසිතා ඛො පන තෙ සම්ම එසා වාචා: සචෙ තෙ සම්ම පබ්බජ්ජා මම පටිබද්ධා වා අප්පටිබද්ධා වා සා හොතු. අහං තයා ... යථා සුඛං පබ්බජ්ජාහී’ති. එහි සම්ම උභො අගාරස්මා අනගාරියං පබ්බජිස්සාමා”ති.
Sinhala BJT“යහළුව, ‘ඉදින් දරුව අනුරුද්ධය, භද්දිය ශාක්‍ය රජ ගිහිගෙන් නික්ම සසුන් වදනේ නම්, එසේ ඇති කල්හි තෙපිත් පැවිදි වවු’ යි මව මට මෙසේ කීවා ය. ‘යහළුව ඉදින් තොපගේ පැවිද්ද මා පිළිබඳ හෝ නො පිළිබඳ වේව යි මම් තොප හා ... සුවසේ පැවිදි වන්නැ’ යි. මේ වචනය ඔබ විසින් මට කියන ලද්දේ ය. යහළුව එන්න, දෙදෙනා ම ගිහිගෙන් නික්ම සසුන් වදිමෝව” යි (අනුරුද්ධ ශාක්‍ය කී ය).