Cullavagga

Lesser Division

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 2501-2600 න් 3845

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT54. අථ ඛො භගවා සාවත්ථියං යථාභිරන්තං විහරිත්වා යෙන කීටාගිරි තෙන චාරිකං පක්කාමි මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි සාරිපුත්තමොග්ගල්ලානෙහි ච. අස්සොසුං ඛො අස්සජිපුනබ්බසුකා භික්ඛූ “භගවා කිර කීටාගිරිං ආගච්ඡති මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි සාරිපුත්තමොග්ගල්ලානෙහි ච”. “හන්ද මයං ආවුසො සබ්බං සඞ්ඝිකං සෙනාසනං භාජෙම. පාපිච්ඡා සාරිපුත්තමොග්ගල්ලානා පාපිකානං ඉච්ඡානං වසං ගතා. න මයං තෙසං සෙනාසනං පඤ්ඤාපෙස්සාමා”ති. තෙ සබ්බං සඞ්ඝිකං සෙනාසනං භාජෙසුං.
Sinhala BJT54. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර කැමැති තාක් වැස සැරියුත් මුගලන් දෙනම ද භික්‍ෂූන් පන්සියක් පමණ වූ මහත් මහණ මුළුවක් ද හා කීටාගිරි දනව්වට සැරිසරා වැඩිසේක. අස්සජී පුනබ්බසුක යන මහණහු “භාග්‍යවතුන් වහන්සේ සැරියුත් මුගලන් දෙනම ද පන්සියක් පමණ වූ මහත් මහණ මුළුවක් ද කැටුව කීටාගිරියට වඩිනසේකැ” යි ඇසූහ. “ඇවැත්නි, අපි දැන් සියලු සඟසතු දෑ බෙදා ගනිමු. සැරියුත් මුගලන් දෙදෙනා ලාමක ආශා ඇත්තෝ ය, ලාමක ආශාවනට වශඟ වූවෝ ය. අපි ඔවුනට සෙනසුන් නො පනවමු” යි ඔහු කතිකා කැරැගත්හ. ඔහු මෙසේ කතිකා කොට ගෙන සියලු සඟසතු දෑ බෙදුහ.
Pali BJTඅථ ඛො භගවා අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන කීටාගිරි තදවසරි. අථ ඛො භගවා සම්බහුලෙ භික්ඛූ ආමන්තෙසි “ගච්ඡථ තුම්හෙ භික්ඛවෙ, අස්සජිපුනබ්බසුකෙ භික්ඛූ උපසඞ්කමිත්වා එවං වදෙථ: භගවා ආවුසො ආගච්ඡති මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි සාරිපුත්තමොග්ගල්ලානෙහි ච. භගවතො ච ආවුසො සෙනාසනං පඤ්ඤාපෙථ{1}. භික්ඛුසඞ්ඝස්ස ච සාරිපුත්තමොග්ගල්ලානානඤ්චා”ති.
Sinhala BJTඑකල්හි භාග්‍යවතුන් වහන්සේ පිළිවෙළින් සැරිසරා වඩනාසේක් කීටාගිරියට පැමිණ වදාළසේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බොහෝ භික්‍ෂූන් බණවා “මහණෙනි, තෙපි යවු අස්සජ්ජි පුනබ්බසුක මහණුන් කරා එළඹ, ‘ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ පන්සියක් පමණ වූ මහත් භික්‍ෂු සඞ්ඝයා ද සැරියුත් මුගලන් දෙ නම ද කැටුව වඩිනා සේක. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේට ද භික්‍ෂු සඞ්ඝයාට ද සැරියුත් මුගලන් දෙනමට ද සෙනසුන් පනවවු යැ’ යි මෙසේ කියවු” යැ යි වදාළසේක.
Pali BJT“එවං භන්තෙ”ති ඛො තෙ භික්ඛූ භගවතො පටිස්සුත්වා යෙන අස්සජිපුනබ්බසුකා භික්ඛූ තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා අස්සජි පුනබ්බසුකෙ භික්ඛූ එතදවොචුං: “භගවා ආවුසො ආගච්ඡති මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි සාරිපුත්තමොග්ගල්ලානෙහි ච. භගවතො ච ආවුසො සෙනාසනං පඤ්ඤාපෙථ භික්ඛුසඞ්ඝස්ස ච සාරිපුත්තමොග්ගල්ලානානඤ්චා”ති.
Sinhala BJT“එසේ ය වහන්සැ” යි. ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දි අස්සජි පුනබ්බසුක මහණුන් කරා එළැඹියාහ. එළැඹ අස්සජිපුනබ්බසුක මහණුන් බණවා, “ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ පන්සියක් පමණ වූ මහත් භික්‍ෂු සඞ්ඝයා ද සැරියුත් මුගලන් දෙනම ද කැටුව වඩනා සේක. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේට ද භික්‍ෂු සඞ්ඝයාට ද සැරියුත් මුගලන් දෙනමට ද සෙනසුන් පනවවු” යැ යි කීහ.
Pali BJT“නත්ථාවුසො සඞ්ඝිකං සෙනාසනං. සබ්බං අම්හෙහි භාජිතං. ස්වාගතං ආවුසො භගවතො. යස්මිං විහාරෙ භගවා ඉච්ඡිස්සති තස්මිං විහාරෙ වසිස්සති. පාපිච්ඡා සාරිපුත්තමොග්ගල්ලානා, පාපිකානං ඉච්ඡානං වසං ගතා. න මයං තෙසං සෙනාසනං පඤ්ඤාපෙස්සාමා”ති.
Sinhala BJT“ඇවැත්නි, සඟසතු සෙනසුනෙක් නැත. සියල්ල අප විසින් බෙදා ගන්නා ලද්දේ ය. භාග්‍යවතුන් වහන්සේගේ පැමිණීම ස්වාගත ය (වැඩිසේ මැනව). භාග්‍යවතුන් වහන්සේ යම් විහාරයෙක වසන්නට කැමැති වනසේක් ද එහි වසනසේක්වා. සැරියුත් මුගලන් දෙ දෙනා ලාමක ආශා ඇත්තෝ ය. ලාමක ආශාවනට වශඟ වූවෝ ය. අපි ඔවුනට සෙනසුන් නො පනවන්නම්ඟ” යි අස්සජිපුනබ්බසුක දෙදෙනා කීහ.
Pali BJT“කිං පන තුම්හෙ ආවුසො සඞ්ඝිකං සෙනාසනං භාජිත්ථා”ති?
Sinhala BJT“කිමෙක් ද ඇවැත්නි, තෙපි සඟසතු සෙනසුන් බෙදාගත්තු දැ?” යි ඔහු විචාළාහ.
Pali BJT“එවමාවුසො”ති.
Sinhala BJT“එසේ ය, ඇවැත්නි” යි ඔහු කීහ.
Pali BJTයෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම අස්සජිපුනබ්බසුකා භික්ඛූ සඞ්ඝිකං සෙනාසනං භාජෙස්සන්තී”ති.
Sinhala BJTයම් මහණ කෙනෙක් අල්පේච්ඡ ද ... ඔහු ‘කෙසේ නම් අස්සජිපුනබ්බසුක මහණහු සඟසතු සෙනසුන් (තමන් සතු කොට) බෙදා ගත්තාහු ද’ යි ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්.
Pali BJTඅථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTඉක්බිති එ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ.
Pali BJT“සච්චං කිර භික්ඛවෙ -පෙ- “සච්චං භගවා.”
Sinhala BJT“මහණෙනි, ... සැබෑ දැ?’ යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක. “භාග්‍යවතුන් වහන්ස සැබෑ යැ” යි ඔහු කීහු,
Pali BJT“කථං හි නාම තෙ භික්ඛවෙ මොඝපුරිසා සඞ්ඝිකං සෙනාසනං භාජෙස්සන්ති, නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ-” විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: –
Sinhala BJT“මහණෙනි, කෙසේ නම් ඒ හිස් පුරුෂයෝ සඟසතු සෙනසුන් බෙදා ගන්නාහු ද මහණෙනි, මෙය නො පහන් වූවන්ගේ පැහැදීම පිණිස හෝ ... නො වේ” යැ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මෙසේ ගරහා, දැහැමි කතා කොට, භික්‍ෂූන් බණවා මෙය වදාළසේක:
Pali BJT“පඤ්චිමානි භික්ඛවෙ අවෙභඞ්ගියානි න විභජිතබ්බානි සඞ්ඝෙන වා ගණෙන වා පුග්ගලෙන වා. විභත්තානි පි අවිභත්තානි හොන්ති. යො විභජෙය්ය ආපත්ති ථුල්ලච්චයස්ස.
Sinhala BJT“මහණෙනි, මේ වස්තු පස නො බෙදියැ හැකියැ, සඞ්ඝයා විසින් හෝ ගණයා විසින් හෝ පුද්ගලයකු විසින් හෝ නො බෙදියැයුතු ය. බෙදන ලදුයේ ද නො බෙදන ලද්දේ වේ. යමෙක් බෙදන්නේ නම් තුලැසි ඇවැත් වන්නේ ය.
Pali BJTකතමානි පඤ්ච: ආරාමො ආරාමවත්ථු ඉදං පඨමං අවෙභඞ්ගියං{1}. න විභජිතබ්බං සඞ්ඝෙන වා ගණෙන වා පුග්ගලෙන වා. විභත්තම්පි අවිභත්තං හොති. යො විභජෙය්ය ආපත්ති ථුල්ලච්චයස්ස.
Sinhala BJTකවර පසෙක් ද යත්: ආරාමය ද ආරාම වත්ත ද යන මේ පළමු වන නො බෙදියැ යුතු දෑ ය. සඞ්ඝයා විසින් හෝ ගණයා විසින් හෝ පුද්ගලයා විසින් හෝ නො බෙදියයුතු ය. බෙදන ලදුයේ ද නො බෙදන ලද්දේ වේ. යමෙක් බෙදුයේ වී නම් තුලැසි ඇවැත් වන්නේ ය.
Pali BJTවිහාරො විහාරවත්ථු ඉදං දුතියං අවෙභඞ්ගියං -පෙ-
Sinhala BJTවිහාරය, විහාර වත්ත යන මේ දෙවෙනි නො බෙදියැයුතු දෑ ය. සඞ්ඝයා විසින් හෝ ගණයා විසින් හෝ පුද්ගලයා විසින් හෝ නො බෙදියයුතු ය. බෙදන ලදුයේ ද නො බෙදන ලදුයේ වේ. යමෙක් බෙදුයේ වී නම් තුලැසි ඇවැත් වන්නේ ය.
Pali BJTමඤ්චො පීඨං භිසි බිබ්බොහනං ඉදං තතියං අවෙභඞ්ගියං -පෙ-
Sinhala BJTඇඳ, පුටු, බිසි, කොට්ට යන මේ තෙවෙනි නො බෙදිය යුතු දෑ ය. ...
Pali BJTලොහකුම්භී ලොහභාණකං ලොහවාරකො ලොහකටාහං වාසි ඵරසු කුඨාරී කුද්දාලො නිඛාදනං ඉදං චතුත්ථං අවෙභඞ්ගියං -පෙ-
Sinhala BJTලොහො සැලි, ලොහො පැණ, ලොහො කළ, ලොහො කටාරම්, වෑ පොරෝ කෙටේරි, උදලු නියන් යන මේ සිවුවන නො බෙදියැයුතු දෑ ය. ...
Pali BJTවල්ලී වෙළු මුඤ්ජං බබ්බජං තිණං මත්තිකා දාරුභණ්ඩං මත්තිකාභණ්ඩං ඉදං පඤ්චමං අවෙභඞ්ගියං න විභජිතබ්බං සඞ්ඝෙන වා ගණෙන වා පුග්ගලෙන වා. විභත්තම්පි අවිභත්තං හොති. යො විභජෙය්ය ආපත්ති ථුල්ලච්චයස්ස.
Sinhala BJTවැල්, හුන, මුදුතණ, බබුස්තණ, සෙසු තෘණ වර්‍ග, මැටි, ලී බඩු මැටිබඩු යන මේ හැම පස් වන නො බෙදියැයුතු දෑ ය. සඞ්ඝයා හෝ ගණයා හෝ පුද්ගලයා විසින් නො බෙදියැ යුතු ය. බෙදන ලදුයේ ද නො බෙදන ලද්දේ වේ. යමෙක් බෙදන්නේ ද තුලැසි ඇවැත් වන්නේ ය.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ පඤ්ච අවෙභඞ්ගියානි න විභජිතබ්බානි සඞ්ඝෙන වා ගණෙන වා පුග්ගලෙන වා. විභත්තානි පි අවිභත්තානි හොන්ති. යො විභජෙය්ය ආපත්ති ථුල්ලච්චයස්සාති.
Sinhala BJT“මහණෙනි, මේ නොබෙදියැයුතු දෑ සඞ්ඝ යා හෝ ගණයා හෝ පුද්ගලයා විසින් නො බෙදියැයුතු දෑ පස ය. බෙදන ලද්දාහු ද නො බෙදන ලද්දාහු ම වෙත්. යමෙක් බෙදන්නේ නම් තුලයි ඇවැත් වන්නේ යැ” (යනු යි).
Pali BJT55. අථ ඛො භගවා කීටාගිරිස්මිං යථාභිරන්තං විහරිත්වා යෙන ආළවී තෙන චාරිකං පක්කාමි. අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන ආළවී තදවසරි. තත්ර සුදං භගවා ආළවියං විහරති අග්ගාළවෙ චෙතියෙ.
Sinhala BJT55. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ කීටාගිරියෙහි රිසි තාක් වැස, අළවු නුවර බලා නික්ම වැඩි සේක. පිළිවෙළින් සැරි සරණසේක් අළවු නුවරට පැමිණිසේක. එ සමයෙහි භාග්‍යවතුන් වහන්සේ අළවු නුවර සමීපයේ අග්ගාළව චෛත්‍යස්ථානයේ වසන සේක.
Pali BJTතෙන ඛො පන සමයෙන ආළවිකා භික්ඛූ එවරූපානි නවකම්මානි දෙන්ති: පිණ්ඩනික්ඛෙපනමත්තෙනපි නවකම්මං දෙන්ති, කුඩ්ඩලෙපනමත්තෙනපි නවකම්මං දෙන්ති, ද්වාරට්ඨපනමත්තෙනපි නවකම්මං දෙන්ති, අග්ගළවට්ටිකරණමත්තෙනපි නවකම්මං දෙන්ති, ආලොකසන්ධිකරණමත්තෙනපි නවකම්මං දෙන්ති, සෙතවණ්ණකරණමත්තෙනපි නවකම්මං දෙන්ති, කාළවණ්ණකරණමත්තෙනපි නවකම්මං දෙන්ති, ගෙරුකපරිකම්මකරණමත්තෙනපි නවකම්මං දෙන්ති, ඡාදනමත්තෙනපි නවකම්මං දෙන්ති, බන්ධනමත්තෙනපි නවකම්මං දෙන්ති,
Sinhala BJTඑ සමයෙහි අළවු රටැ වැසි මහණහු මේ (මතු සඳහන් වන) පරිදි වූ නවාම් සම්මතිය දෙන්නාහ. මැටි පිඬක් තබන පමණිනුදු නවාම් සම්මතිය දෙත්, බිත්තියැ මැටි ආදියක් ගෑ පමණිනුත් නවාම් සම්මතිය දෙත්, දොර තබන පමණිනුත් නවාම් සම්මති දෙත්, අගුල් වැටිය කරන (දොරපොලු සවිකරන) පමණිනුත් නවාම් සම්මතිය දෙත්, කළු දොර සවි කරන පමණිනුත් නවාම් සම්මතිය දෙත්, බිත්ති ආදිය සුදුපැහැ කරන පමණිනුත් නවාම් සම්මතිය දෙත්, කළුපැහැ කරන පමණිනුත් නවාම් සම්මතිය දෙත්, ගුරු පිරියම් කරන පමණිනුත් නවාම් සම්මතිය දෙත්, සෙවිලි කරන පමණිනුත් නවාම් සම්මතිය දෙත්, බඳනා පමණිනුත් නවාම් සම්මතිය දෙත්,
Pali BJTගණ්ඩිකාධානමත්තෙනපි නවකම්මං දෙන්ති, ඛණ්ඩඵුල්ලපටිසඞ්ඛරණමත්තෙනපි නවකම්මං දෙන්ති, පරිභණ්ඩකරණමත්තෙනපි නවකම්මං දෙන්ති, වීසතිවස්සිකම්පි නවකම්මං දෙන්ති, තිංසවස්සිකම්පි නවකම්මං දෙන්ති, යාවජීවිකම්පි නවකම්මං දෙන්ති, ධූමකාලිකම්පි පරියොසිතං විහාරං නවකම්මං දෙන්ති. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ආළවකා භික්ඛූ එවරූපානි නවකම්මානි දස්සන්ති. පිණ්ඩනික්ඛෙපනමත්තෙනපි නවකම්මං දස්සන්ති -පෙ- ධූමකාලිකම්පි පරියොසිතං විහාරං නවකම්මං දස්සන්තී”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTගණ්ටිකාවක් තබන පමණිනුත් නවාම් සම්මතිය දෙත්, කැඩුම් බිඳුම් පිළිසකර කරන පමණිනුත් නවාම් සම්මතිය දෙත්, පිළක් කරන පමණිනුත් නවාම් සම්මතිය දෙත්, විසි වසකට ද නවාම් සම්මතිය දෙත්, තිස් වසකට ද නවාම් සම්මතිය දෙත්, දිවි හිම් කොට ද නවාම් සම්මතිය දෙත්, දරසෑයෙහි දුම් නැගීම ඉම් කොට ද කොට නිමැවූ විහාරය සඳහා නවාම් සම්මතිය දෙත්, යම් මහණ කෙනෙක් අල්පෙච්ඡ ද ... ඔහු කෙසේ නම් අළවූරට වැසි මහණහු මෙසේ නවකම් සම්මතිය දෙන්නාහු ද මැටිපිඩක් තබන පමණිනුදු නවකර්‍ම සම්මතිය දෙන්නාහු ද ... දරසෑයේ දුම් නැගීම ඉම් කොට ද නිමැවූ විහාරය සඳහා නවකර්‍ම සම්මතිය දෙන්නාහු දැ” යි ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත් භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“සච්චං කිර භික්ඛවෙ -පෙ-” “සච්චං භගවා.” -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි:
Sinhala BJT“මහණෙනි, සැබෑ දැ? ” යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළසේක. “එසේ ය, භාග්‍යවතුන් වහන්සැ” යි මහණහු කීහ. භාග්‍යවතුන් වහන්සේ ... ගැරැහූසේක, ගරහා දැහැමි කතා කොට මහණුන් බණවා මෙය වදාළසේක:
Pali BJT“න භික්ඛවෙ පිණ්ඩනික්ඛෙපනමත්තෙන නවකම්මං දාතබ්බං, න කුඩ්ඩලෙපනමත්තෙන නවකම්මං දාතබ්බං, න ද්වාරට්ඨපනමත්තෙන නවකම්මං දාතබ්බං, න අග්ගළවට්ටිකරණමත්තෙන නවකම්මං දාතබ්බං, න ආලොකසන්ධිකරණමත්තෙන නවකම්මං දාතබ්බං, න සෙතවණ්ණකරණමත්තෙන නවකම්මං දාතබ්බං, න කාළවණ්ණකරණමත්තෙන නවකම්මං දාතබ්බං, න ගෙරුකපරිකම්මකරණමත්තෙන නවකම්මං දාතබ්බං, න ඡාදෙනමත්තෙන නවකම්මං දාතබ්බං, න බන්ධනමත්තෙන නවකම්මං දාතබ්බං, න ගණ්ඩිකාධානමත්තෙන නවකම්මං දාතබ්බං, න ඛණ්ඩඵුල්ල පටිසඞ්ඛරණමත්තෙන නවකම්මං දාතබ්බං, න පරිභණ්ඩකරණමත්තෙන නවකම්මං දාතබ්බං, න වීසතිවස්සිකං නවකම්මං දාතබ්බං. න තිංසවස්සිකං නවකම්මං දාතබ්බං, න යාවජීවිකං නවකම්මං දාතබ්බං, න ධූමකාලිකංපි පරියොසිතං විහාරං නවකම්මං දාතබ්බං, යො දදෙය්ය ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT“මහණෙනි, මැටිපිඩු තබන පමණින් නවකර්‍ම සම්මතිය නො දියැයුතු, බිත්තියැ මැටි ආදිය ගානා පමණින් නවකර්‍ම සම්මතිය නො දියයුතු, දොර තබන පමණින් නවකර්‍ම සම්මතිය නො දියැ යුතු, අගුල්වැටිය කරන පමණින් නවකර්‍ම නො දියැයුතු, කවුළු දොර සවි කරන පමණින් නවකර්‍ම සම්මතිය, නො දියයුතු, සුදුපැහැ කරන පමණින් නවකර්‍ම සම්මතිය නො දියැ යුතු, කළුපැහැ කරන පමණින් නවකර්‍ම සම්මතිය නො දියයුතු, ගුරු පිරියම් කරන පමණින් නවකර්‍ම සම්මතිය නො දියැයුතු, සෙවිලි කරන පමණින් නවකර්‍ම සම්මතිය නො දියයුතු, බඳනා පමණින් නවකර්‍ම සම්මතිය නො දියයුතු, ගණ්ඨිකාවක් තබන පමණින් නවකර්‍ම සම්මතිය නො දියයුතු, කැඩුම් බිඳුම් පිළිසකර කරන පමණින් නවකර්‍ම සම්මතිය නො දියයුතු, පිළක් කරන පමණින් නවකර්‍ම සම්මතිය නො දියයුතු, විසි වසකට ද තිස් වසකට ද ... දිවි හිම් කොට නවකර්‍ම සම්මතිය නො දිය යුතු, දර සෑයෙහි දුම් නැගීම ඉම් කොට නිමැවූ විහාරය සඳහා නවකර්‍ම සම්මතිය නො දියැයුතු, යමෙක් දෙන්නේ නම් දුකුළා ඇවැත් වන්නේ ය.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ අකතං වා විප්පකතං වා නවකම්මං දාතුං. ඛුද්දකෙ විහාරෙ කම්මං ඔලොකෙත්වා ඡප්පඤ්චවස්සිකං නවකම්මං දාතුං. අඩ්ඪයොගෙ කම්මං ඔලොකෙත්වා සත්තට්ඨවස්සිකං නවකම්මං දාතුං. මහල්ලකෙ විහාරෙ පාසාදෙ වා කම්මං ඔලොකෙත්වා දසද්වාදසවස්සිකං නවකම්මං දාතුන්ති.”
Sinhala BJTමහණෙනි, නො කරන ලද්දා වූ අඩාළ කළ වැඩ ඇත්තා වූ හෝ විහාරය සඳහා නවකර්‍මය දෙන්නට අනුදනිමි. කුඩා විහාරයෙහි හෝ (කළයුතු ව ඇති) වැඩ බලා සාවුරුද්දකට හෝ පස් හවුරුද්දකට හෝ සුදුසු වූ නවකර්‍ම සම්මතිය දෙන්නට ද, ගුරුළු පියාපත් බඳු සෙවෙණි ඇති වෙහෙරෙක වැඩ බලා වම් සතකට හෝ අටකට සුදුසු වන පරිදි වූ නවකම් සම්මතිය දෙන්නට ද මහත් වෙහෙරෙක හෝ ප්‍රාසාදයෙක හෝ වැඩ බලා වර්‍ෂ දශයක් දොළොසක් කල් පවත්නා පරිදි වූ නවකම් සම්මතිය දෙන්නට ද අනුදනිමි” (යනුයි.)
Pali BJT56. තෙන ඛො පන සමයෙන භික්ඛූ සබ්බං විහාරං නවකම්මං දෙන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT56. එ සමයෙහි මහණහු සියලු ම විහාරය සඳහා නවකර්‍ම සම්මතිය දෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“න භික්ඛවෙ සබ්බො විහාරෙ නවකම්මං දාතබ්බො. යො දදෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT“මහණෙනි, සියලු විහාරය සඳහා නවකර්‍ම සම්මතිය නො දිය යුතු. යමෙක් දුන්නේ වී නම් දුකුළා ඇවැත් වන්නේ යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
Pali BJTතෙන ඛො පන සමයෙන භික්ඛූ එකස්ස ද්වෙ දෙන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTඑ සමයෙහි මහණහු එක් මහණකුට නවකර්‍ම සම්මති දෙකක් දෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“න භික්ඛවෙ එකස්ස ද්වෙ දාතබ්බා. යො දදෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT“මහණෙනි, එක් මහණකුට නවකර්‍ම සම්මති දෙකක් නො දිය යුතු ය. යමෙක් දුන්නේ වී නම් දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
Pali BJTතෙන ඛො පන සමයෙන භික්ඛූ නවකම්මං ගහෙත්වා අඤ්ඤං වාසෙන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTඑ සමයෙහි මහණහු නවකර්‍මසම්මතිය ගෙන අනෙක් මහණකු එහි වස්වත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ.
Pali BJT“න භික්ඛවෙ නවකම්මං ගහෙත්වා අඤ්ඤො වාසෙතබ්බො. යො වාසෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT“මහණෙනි, නවකර්‍ම ගෙන අනෙකෙක් නො වැස්වියයුතු, යමෙක් වස්වන්නේ වී නම් දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
Pali BJTතෙන ඛො පන සමයෙන භික්ඛූ නවකම්මං ගහෙත්වා සඞ්ඝිකං පටිබාහන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTඑ සමයෙහි මහණහු නවකර්‍ම සම්මතිය ගෙන සඟසතු දෑ තමනට වෙන් කොට ගනිත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“න භික්ඛවෙ නවකම්මං ගහෙත්වා සඞ්ඝිකං පටිබාහිතබ්බං. යො පටිබාහෙය්ය ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ එකං වරසෙය්යං ගහෙතුන්ති.”
Sinhala BJT“මහණෙනි, නවකර්‍ම සම්මතිය ගෙන සඟසතු දෑ තමනට වෙන් නො කර ගතයුතු. යමෙක් වෙන් කර ගත්තේ වී නම් දුකුළා ඇවැත් වන්නේ යැ. මහණෙනි, එක් මනාප ශය්‍යාවක් (ශයන ස්ථානයක්) වෙන් කැර ගන්නට අනුදනිමි” යි වදාළ සේක.
Pali BJTතෙන ඛො පන සමයෙන භික්ඛූ නිස්සීමෙ ඨිතස්ස නවකම්මං දෙන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTඑ සමයෙහි මහණහු විහාර සීමායෙන් බැහැර සිටි මහණහට නවකර්‍ම සම්මතිය දෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළඹාහ.
Pali BJT“න භික්ඛවෙ නිස්සීමෙ ඨිතස්ස නවකම්මං දාතබ්බං. යො දදෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT“මහණෙනි, සීමායෙන් බැහැර සිටි මහණහට නවකර්‍ම සම්මතිය නො දියැයුතු, යමෙක් දුන්නේ වී නම් දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
Pali BJTතෙන ඛො පන සමයෙන භික්ඛූ නවකම්මං ගහෙත්වා සබ්බකාලං පටිබාහන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTඑ සමයෙහි මහණහු නවකර්‍ම සම්මතිය ලබා ගෙන සියලු කාලයෙහි තමනට වෙන් කර ගනිත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“න, භික්ඛවෙ නවකම්මං ගහෙත්වා සබ්බකාලං පටිබාහිතබ්බං. යො පටිබාහෙය්ය ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ වස්සානං තෙමාසං පටිබාහිතුං උතුකාලං පන න පටිබාහිතුන්ති.”
Sinhala BJT“මහණෙනි, නවකර්‍ම සම්මතිය ලැබ සියලු කාලයෙහි (ඒ වෙහෙර) තමාට වෙන් කර නො ගතයුතු. යමෙක් එසේ වෙන් කර ගත්තේ වී නම් දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, වැසි තුන් මස මුළුල්ලෙහි (එය) තමනට වෙන් කර ගන්නට ද ඍතු කාලයෙහි (අනිත් මාස නමයෙහි) (එය) තමාට වෙන් කර නො ගන්නට ද අනු දනිමි” යි වදාළසේක.
Pali BJT57. තෙන ඛො පන සමයෙන භික්ඛූ නවකම්මං ගහෙත්වා පක්කමන්තිපි, විබ්භමන්තිපි, කාලම්පි කරොන්ති, සාමණෙරාපි පටිජානන්ති, සික්ඛං පච්චක්ඛාතකාපි පටිජානන්ති අන්තිමවත්ථුං අජ්ඣාපන්නකාපි පටිජානන්ති, උම්මත්තකාපි පටිජානන්ති, ඛිත්තචිත්තාපි පටිජානන්ති, වෙදනට්ටාපි පටිජානන්ති, ආපත්තියා අදස්සනෙ උක්ඛිත්තකාපි පටිජානන්ති, ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛිත්තකාපි පටිජානන්ති, පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛිත්තකාපි පටිජානන්ති, පණ්ඩකාපි පටිජානන්ති, ථෙය්යසංවාසකාපි පටිජානන්ති, තිත්ථියපක්කන්තකාපි පටිජානන්ති, තිරච්ඡානගතාපි පටිජානන්ති, මාතුඝාතකාපි පටිජානන්ති, පිතුඝාතකාපි පටිජානන්ති, අරහන්තඝාතකාපි පටිජානන්ති, භික්ඛුනීදූසකාපි පටිජානන්ති, සඞ්ඝභෙදකාපි පටිජානන්ති, ලොහිතුප්පාදකාපි පටිජානන්ති, උභතොබ්යඤ්ජනකාපි පටිජානන්ති.
Sinhala BJT57. එ සමයෙහි මහණහු නවකම් සම්මතිය ගෙන (එයින්) නික්ම යන්නාහු ද සිවුරු හරින්නාහු ද වෙත්, කලුරිය කරන්නාහු ද වෙත්, ‘හෙරණුම්හ’ යි ප්‍රතිඥා ද කෙරෙත්, ‘ශික්‍ෂාව ප්‍රත්‍යාඛ්‍යාන කළම්හ’ යි ද පිළින කෙරෙත්, ‘පරිජි ඇවැත් අවන්මඟ’ යි ද පිළින කෙරෙත්, ‘උම්මත්තකයම්හ’ යි ද පිළින කෙරෙත්, ‘වික්‍ෂිප්ත. සිතැත්තම්හ’ යි ද පිළින කෙරෙත්, ‘වෙදනායෙකින් පෙළුණම්භ’ යි ද පිළින කෙරෙත්, ‘ඇවැත නො දැක්මෙහි උත්ක්‍ෂිප්තයම්හ’ යි ද පිළින කෙරෙත්, ‘ඇවැතට පිළියම් නො කිරීමෙහි උත්ක්‍ෂිප්තයම්හ’ යි ද පිළින කෙරෙත්, ‘ලාමක දෘෂ්ටිය , නො හැරීමෙහි උත්ක්‍ෂිප්තයම්හ’ යි ද පිළින කෙරෙත්, ‘පණ්ඩකයම්හ’ යි ද පිළින කෙරෙත්, ‘ථෙය්‍යසංවාසකයම්හ’ යි ද පිළින කෙරෙත්, ‘අන් තොටුවනට බැඳුණම්හ’ යි ද පිළින කෙරෙත්, ‘තිරිසන්ගියම්හ’ යි ද පිළින කෙරෙත්, ‘මව නැසූවම්හ’ යි ද පිළින කෙරෙත්, ‘පියා නැසූවම්හ’ යි ද පිළින කෙරෙත්, ‘රහතුන් නැසූවම්හ’ යි ද පිළින කෙරෙත්, ‘මෙහෙණියක දුෂණ කළම්හ’ යි ද පිළින කෙරෙත්, ‘සඞ්ඝභේදය කළම්හ’ යි ද පිළින කෙරෙත්, ‘බුදුරජුන් ඇඟ ලෙහෙ සෙලැවූම්හ’ යි ද පිළින කෙරෙත්, ‘උභතොඛ්‍යංජනකයම්හ’ යි ද පිළින කෙරෙත්.
Pali BJTභගවතො එතමත්ථං ආරොචෙසුං. -පෙ-
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. ... භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක:
Pali BJT“ඉධ පන, භික්ඛවෙ භික්ඛු නවකම්මං ගහෙත්වා පක්කමති, මා සඞ්ඝස්ස හායීති අඤ්ඤස්ස දාතබ්බං. ඉධ පන භික්ඛවෙ භික්ඛු නවකම්මං ගහෙත්වා විබ්භමති, කාලං කරොති, සාමණෙරො පටිජානාති, සික්ඛං පච්චක්ඛාතකො පටිජානාති, අන්තිමවත්ථුං අජ්ඣාපන්නකො පටිජානාති, උම්මත්තකො පටිජානාති, ඛිත්තචිත්තො පටිජානාති, වෙදනට්ටො පටිජානාති, ආපත්තියා අදස්සනෙ උක්ඛිත්තකො පටිජානාති, ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛිත්තකො පටිජානාති, පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛිත්තකො පටිජානාති, පණ්ඩකො පටිජානාති, ථෙය්යසංවාසකො පටිජානාති, තිත්ථියපක්කන්තකො පටිජානාති, තිරච්ඡානගතො පටිජානාති, මාතුඝාතකො පටිජානාති, පිතුඝාතකො පටිජානාති, අරහන්තඝාතකො පටිජානාති, භික්ඛුනීදූසකො පටිජානාති, සඞ්ඝභෙදකො පටිජානාති, ලොහිතුප්පාදකො පටිජානාති, උභතොබ්යඤ්ජනකො පටිජානාති, මා සඞ්ඝස්ස හායීති අඤ්ඤස්ස දාතබ්බං”.
Sinhala BJT“මහණෙනි, මෙහි යම් මහණෙක් නවාම් සම්මතිය ලබා ගෙන එයින් බැහැර ව යේ ද, ‘සඟ සතු දෑ නො නැසේවා’ යි සලකා (නවාම් සම්මතිය) අනෙකකුට දියැයුතු. මහණෙනි, මෙහි මහණෙක් නවාම් සම්මතිය ලැබගෙන සිවුරු හරී ද, කලුරිය කෙරේ ද, ‘හෙරණෙමි’ යි පිළින කෙරෙයි ද, ‘පැවිදිසික’ අතහළෙකිමි යි පිළින කෙරෙයි ද, ‘පරිජි ඇවැත් අවනෙකිමි’ යි පිළින කෙරෙයි ද, ‘උමතුවෙකිමි’ යි පිළින කෙරෙයි ද, ‘වික්‍ෂිප්ත සිතැත්තෙමි’ යි පිළින කෙරෙයි ද, ‘වෙදනාවෙකින් පෙළිණිමි’ යි පිළින කෙරෙයි ද, ‘ඇවැත නො දැක්මෙහි උත්කෂිප්තයෙමි’ යි පිළින කෙරෙයි ද, ‘ඇවැතට පිළියම් නොකිරීමෙහි උත්ක්‍ෂිප්තයෙමි’ යි පිළින කෙරෙයි ද, ‘ලමා දිටු නොහැරීමෙහි උත්ක්‍ෂිප්තයෙමි’ යි. පිළින කෙරෙයි ද, ‘පණ්ඩකයෙමි’ යි පිළින කෙරෙයි ද, ‘ථෙය්‍යසංවාසකයෙමි’ යි පිළින කෙරෙයි ද, ‘අන්තොටුවනට බැඳිණිමි’ යි පිළින කෙරෙයි ද, ‘තිරිසන්ගියෙමි’ යි පිළින කෙරෙයි ද, ‘මව නැසූයෙකිමි’ යි පිළින කෙරෙයි ද, ‘පියා නැසූයෙකිමි’ යි පිළින කෙරෙයි ද, ‘රහතුන් නැසූයෙකිමි’ යි පිළින කෙරෙයි ද, ‘මෙහෙණියක දූෂණ කෙළෙකිමි’ යි පිළින කෙරෙයි ද, ‘සඟබේ කළෙකිමි’ යි පිළින කෙරෙයි ද, ‘බුදුරජුන් ඇඟැ ලෙහෙ සෙලැවූයෙකිමි’ යි පිළින කෙරෙයි ද, ‘උභතොඛ්‍යංජනකයෙමි’ යි පිළින කෙරෙයි ද, (එසේ කැලැ) ‘සඟ සතු දෑ නො නැසේව’ යි සලකා නවාම් සම්මතිය අන් මහණකුට දියැයුතු” යි.
Pali BJTඉධ පන භික්ඛවෙ භික්ඛු නවකම්මං ගහෙත්වා විප්පකතෙ පක්කමති. මා සඞ්ඝස්ස හායීති අඤ්ඤස්ස දාතබ්බං. ඉධ පන භික්ඛවෙ භික්ඛු නවකම්මං ගහෙත්වා විප්පකතෙ විබ්භමති -පෙ- කාලං කරොති -පෙ- උභතොබ්යඤ්ජනකො පටිජානාති. මා සඞ්ඝස්ස හායීති අඤ්ඤස්ස දාතබ්බං.
Sinhala BJTමහණෙනි, මෙහි මහණෙක් නවාම් සම්මතිය ලැබ ගෙන (කටයුතු දෑ) අඩාළ කල්හි එයින් බැහැර වැ යෙයි ද, ‘සඟ සතු දෑ නො නැසේ ව” යි සලකා නවාම් සම්මතිය මහණකුට දියයුතු. මහණෙනි, මෙහි මහණෙක් නවාම් සම්මතිය ලැබ ගෙන, කටයුතු අඩාළ කල්හි සිවුරු හැර යේ ද, ... කලුරිය කෙරෙයි ද ... උභතොඛ්‍යඤජනකයෙමි යි පිළින කෙරෙයි ද සඟ සතු දෑ නො නැසෙව යි අන් මහණකුට නවාම් සම්මතිය දියැයුතු,
Pali BJTඉධ පන භික්ඛවෙ භික්ඛු නවකම්මං ගහෙත්වා පරියොසිතෙ පක්කමති, තස්සෙවෙ තං. ඉධ පන භික්ඛවෙ භික්ඛු නවකම්මං ගහෙත්වා පරියොසිතෙ විබ්භමති -පෙ- කාලං කරොති සාමණෙරො පටිජානාති, සික්ඛං පච්චක්ඛාතකො පටිජානාති, අන්තිමවත්ථුං අජ්ඣාපන්නකො පටිජානාති, සඞ්ඝො සාමි.
Sinhala BJT“මහණෙනි, මෙහි මහණෙක් නවාම් සම්මතිය ලබාගෙන (කටයුතු) අවසන් වූ කල්හි බැහැර වැ යෙයි ද එය ඔහුට ම ය (නැවත අවුත් වස්වසනු කැමැත්තේ නම් එය සඳහා ඒ ආවාසය ඔහුට ම අයත් වෙයි). මහණෙනි, මෙහි මහණෙක් නවාම් සම්මතිය ලබාගෙන (එහි වැඩ කටයුතු) අවසන් වූ කල්හි සිවුරු හරී ද, ... කලුරිය කෙරෙයි ද, හෙරණෙමි යි පිළින කෙරෙයි ද, ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යානය කළෙමි යි පිළින කෙරෙයි ද, පරිජි අවන්මි යි පිළින කෙරෙයි ද, සඞ්ඝයා ම එහි ස්වාමි වේ (ඒ ආවාසය සඟසතු වේ).
Pali BJTඉධ පන භික්ඛවෙ භික්ඛු නවකම්මං ගහෙත්වා පරියොසිතෙ උම්මත්තකො පටිජානාති, ඛිත්තචිත්තො පටිජානාති, වෙදනාට්ටො පටිජානාති, ආපත්තියා අදස්සනෙ උක්ඛිත්තකො පටිජානාති, ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛිත්තකො පටිජානාති, පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛිත්තකො පටිජානාති, තස්සෙව තං.
Sinhala BJTමහණෙනි, මෙහි මහණෙක් නවාම් සම්මතිය ලබාගෙන (වැඩ කටයුතු) අවසන් වූ කල්හි උමතුවෙකිමි යි පිළින කෙරෙයි ද වික්‍ෂිප්ත සිතැත්තෙමි යි පිළින කෙරෙයි ද, වේදනායෙන් පෙළුණෙකිමි යි පිළින කෙරෙයි ද, ඇවැත නොදැක්මෙහි උඛෙවුනීකම් , කරනු ලදුයෙමි යි පිළින කෙරෙයි ද, ඇවැතට පිළියම් නො කිරීමෙහි උඛෙවුනී කම් කරනු ලදුයෙකිමි යි පිළින කෙරෙයි ද ලමුදිටු බැහැරැ නො කිරීමෙහි උබෙවුනී කම් කරනු ලදුයෙමි යි කෙරෙයි ද, ඒ ආවාසය ඔහුට ම ය.
Pali BJTඉධ පන, භික්ඛවෙ භික්ඛු නවකම්මං ගහෙත්වා පරියොසිතෙ පණ්ඩකො පටිජානාති, ථෙය්යසංවාසකො පටිජානාති, තිත්ථියපක්කන්තකො පටිජානාති, තිරච්ඡානගතො පටිජානාති, මාතුඝාතකො පටිජානාති, පිතුඝාතකො පටිජානාති, අරහන්තඝාතකො පටිජානාති, භික්ඛුනීදූසකො පටිජානාති, සඞ්ඝභෙදකො පටිජානාති, ලොහිතුප්පාදකො පටිජානාති, උභතොබ්යඤ්ජනකො පටිජානාති, සඞ්ඝො සාමී”ති.
Sinhala BJTමහණෙනි, මෙහි මහණෙක් නවාම් සම්මතිය ලබාගෙන (වැඩ කටයුතු) අවසන් වූ කල්හි පණ්ඩකයෙමි යි පිළින කෙරෙයි ද, ථෙය්‍යසංවාසකයෙමි යි පිළින කෙරෙයි ද, අන්තොටුවනට බැඳුණෙමි යි පිළින කෙරෙයි ද, තිරිසන් ගියෙකිමි යි පිළින කෙරෙයි ද, මාතෘඝාතකයෙකිමි යි පිළින කෙරෙයි ද, පිතෘ ඝාතකයෙකිමි යි පිළින කෙරෙයි ද, අර්හද්ඝාතකයෙකිමි යි පිළින කෙරෙයි ද, භික්‍ෂුණි දූෂකයෙකිමි යි පිළින කෙරෙයි ද, සඞ්ග භේදකයෙකිමි යි පිළින කෙරෙයි ද, ලොහිතුප්පාදකයෙකිමි යි පිළින කෙරෙයි ද, උභතොඛ්‍යඤ්ජනයෙකිමි යි පිළින කෙරෙයි ද, සඞ්ඝයා ම ඒ ආවාසයට ස්වාමි යැ. (එය සඟසතු යැ) යි (වදාළසේක).
Pali BJT58. තෙන ඛො පන සමයෙන භික්ඛූ අඤ්ඤතරස්ස උපාසකස්ස විහාරපරිභොගං සෙනාසනං අඤ්ඤත්ර පරිභුඤ්ජන්ති. අථ ඛො සො උපාසකො උජ්ඣායති ඛීයති විපාචෙති: “කථං හි නාම භදන්තා අඤ්ඤත්ර පරිභොගං අඤ්ඤත්ර පරිභුඤ්ජිස්සන්තී”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT58. එ සමයෙහි වනාහි මහණහු එක්තරා උපාසකයකු සතු වූ විහාර වශයෙන් පරිභෝග කටයුතු සෙනස්නක් අන් වෙහෙරෙක වෙසෙමින් පරිභෝග කරත්. එ කල්හි ඒ උපාසක තෙම “කෙසේ නම් පින්වතුන් වහන්සේ අන්තැනෙක හිඳ - පරිභෝග කටයුතු සෙනස්න වෙන තැනෙක හිඳ පරිභෝග කරන්නාහු දැ” යි ලාමක කොට සිතයි, නින්‍දා කෙරෙයි, දොස් පතුරුවයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“න භික්ඛවෙ අඤ්ඤත්ර පරිභොගො අඤ්ඤත්ර පරිභුඤ්ජිතබ්බො. යො පරිභුඤ්ජෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT“මහණෙනි, අන් තැනෙක හිඳ පරිභෝග කටයුතු සෙනස්න වෙන තැනෙක හිඳ පරිභෝග කටයුතු නො වේ. යමෙක් එසේ පරිභෝග කරන්නේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
Pali BJTතෙන ඛො පන සමයෙන භික්ඛූ උපොසථග්ගම්පි සන්නිසජ්ජම්පි හරිතුං කුක්කුච්චායන්තා ඡමාය නිසීදන්ති. ගත්තානිපි චීවරානිපි පංසුකිතානි හොන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTඑ සමයෙහි මහණහු හිඳ ගන්නා පැදුරු මෙට්ට ආදිය පොහෝ ගෙට ද ගෙන යන්නට කුකුස් කරන්නාහු බිමැ හිඳ ගනිත්. ගාත්‍ර ද සිවුරු ද පස් වැකුණාහු වෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ තාවකාලිකං හරිතුන්ති.”
Sinhala BJT“මහණෙනි, තාවකාලික කොට (ඒ වේලාවේ ප්‍රයෝජනයට පමණක්) ඒවා ගෙනයන්නට අනුදනිමි” යි වදාළසේක.
Pali BJTතෙන ඛො පන සමයෙන සඞ්ඝස්ස මහාවිහාරො උද්රියති. භික්ඛූ කුක්කුච්චායන්තා සෙනාසනං නාභිහරන්ති{1} භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTඒ සමයෙහි වනාහි සඟසතු මහවෙහෙරෙක් දිරාපත් වෙයි. භික්‍ෂූහු කුකුස් කරන්නාහු, සෙනසුන් පිටතට නො ගෙන යත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ ගුත්තත්ථාය හරිතුන්ති.”
Sinhala BJT“මහණෙනි, ආරක්‍ෂාව පිණිස (අන් තැනකට) ගෙනයන්නට අනුදනිමි” යි වදාළසේක.
Pali BJTතෙන ඛො පන සමයෙන සඞ්ඝස්ස සෙනාසනපරික්ඛාරිකො මහග්ඝො කම්බලො උප්පන්නො හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTඑ සමයෙහි වනාහි සඞ්ඝයාට සෙනසුන් පිරිකරට ඇතුළත් වැ මහඟු කම්බලයෙක් උපන්නේ වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ ඵාතිකම්මත්ථාය පරිවත්තෙතුන්ති.”
Sinhala BJT“මහණෙනි, වැඩීම පිණිස (සම වූ හෝ එයට වඩා ප්‍රයෝජන වූ හෝ දැයක්ම) එය මාරු කරන්නට අනුදනිමි” යි වදාළ සේක.
Pali BJTතෙන ඛො පන සමයෙන සඞ්ඝස්ස සෙනාසනපරික්ඛාරිකං මහග්ඝං දුස්සං උප්පන්නං හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTඑසමයෙහි වනාහි සඞ්ඝයාට සෙනසුන් පිරිකරට ඇතුළත්වැ වටිනා වස්තුයෙක් උපන්නේ වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළකළහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ ඵාතිකම්මත්ථාය පරිවත්තෙතුන්ති.”
Sinhala BJT“මහණෙනි, වැඩීම පිණිස (සමවූ හෝ එයට වඩා ප්‍රයෝජනවත් වූ හෝ දැයක් ම) එය මාරු කරන්නට අනුදනිමි” යි වදාළසේක.
Pali BJT59. තෙන ඛො පන සමයෙන සඞ්ඝස්ස අච්ඡචම්මං උප්පන්නං හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT59. එ සමයෙහි වනාහි සඞ්ඝයාට වලස් සමෙක් උපන්නේ (ලැබුණේ) වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ පාදපුඤ්ඡනිං කාතුන්ති.”
Sinhala BJT“මහණෙනි, පාපිස්නාවක් කරන්නට අනුදනිමි” යි වදාළසේක.
Pali BJTචක්කලිකං{2} උප්පන්නං හොති.
Sinhala BJTචක්කලිකාවෙක් උපන්නේ වෙයි.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ පාදපුඤ්ඡනිං කාතුන්ති.”
Sinhala BJT“මහණෙනි, පාපිස්නාවක් කරන්නට අනුදනිමි” යි වදාළසේක.
Pali BJTචොළකං උප්පන්නං හොති.
Sinhala BJTරෙදි කඩෙක් උපන්නේ (ලැබුණේ) වෙයි.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ පාදපුඤ්ඡනිං කාතුන්ති.”
Sinhala BJT“මහණෙනි, පාපිස්නාවක් කරන්නට අනුදනිමි” යි වදාළ සේක.
Pali BJTතෙන ඛො පන සමයෙන භික්ඛූ අධොතෙහි පාදෙහි සෙනාසනං අක්කමන්ති. සෙනාසනං දුස්සති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTඑ සමයෙහි මහණහු නො සේදු පයින් සෙනසුන් ඇක්මෙත් (පාගත්). සෙනස්න කිලිටි වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“න භික්ඛවෙ අධොතෙහි පාදෙහි සෙනාසනං අක්කමිතබ්බං යො අක්කමෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT“මහණෙනි, නො සේදු පයින් සෙනසුන් නො ඇක්මියයුතු. යමෙක් ඇක්මෙන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
Pali BJTතෙන ඛො පන සමයෙන භික්ඛූ අල්ලෙහි පාදෙහි සෙනාසනං අක්කමන්ති. සෙනාසනං දුස්සති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTඑ සමයෙහි මහණහු තෙත් පයින් සෙනස්න ඇක්මෙත්. සෙනස්න කිලිටි වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ.
Pali BJT“න භික්ඛවෙ අල්ලෙහි පාදෙහි සෙනාසනං අක්කමිතබ්බං. යො අක්කමෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT“මහණෙනි, තෙත් පයින් සෙනස්න නො ඇක්මිය යුතු(නො පෑගියයුතු), යමෙක් ඇක්මුයේ වී නම්, ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
Pali BJTතෙන ඛො පන සමයෙන භික්ඛූ සඋපාහනා සෙනාසනං අක්කමන්ති. සෙනාසනං දුස්සති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTඑ සමයෙහි මහණහු පාවහන් ඇති වැ සෙනසුන් ඇක්මෙත්. සෙනස්න කිලිටි වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළ කළාහ.
Pali BJT“න භික්ඛවෙ සඋපාහනෙන සෙනාසනං අක්කමිතබ්බං. යො අක්කමෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT“මහණෙනි, පාවහන් ඇති වැ සෙනස්න නො ඇක්මියැ යුතු. යමෙක් ඇක්මෙන්නේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
Pali BJT60. තෙන ඛො පන සමයෙන භික්ඛූ පරිකම්මකතාය භූමියා නිට්ඨුභන්ති{1}. වණ්ණො දුස්සති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT60. එ සමයෙහි වනාහි භික්‍ෂූහු පිරියම් කළ බිමැ කෙළ ගසත්. පැහැය කෙලෙසෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“න භික්ඛවෙ පරිකම්මකතාය භූමියා නිට්ඨුභිතබ්බං. යො නිට්ඨුභෙය්ය, ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ ඛෙළමල්ලකන්ති.”
Sinhala BJT“මහණෙනි, පිරියම් කළ බිමැ කෙළ නො ගැසියැයුතු. යමෙක් කෙළ ගසන්නේ වී නම් දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, කෙළමලාවක් (පඩික්කමක්) අනුදනිමි” යි වදාළසේක.
Pali BJTතෙන ඛො පන සමයෙන මඤ්චපාදාපි පීඨපාදාපි පරිකම්මකතං භූමිං විලිඛන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTඑ සමයෙහි මැසි පා (ඇඳ කකුල්) ද, පුටු පා ද පිරියම් කළ බිම සූරත් (ඇඳ කකුල්වලිනුත් පුටුකකුල්වලිනුත් පිරියම් කළ බිම සීරෙයි). භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ චොළකෙන පලිවෙඨෙතුන්ති.”
Sinhala BJT“මහණෙනි, රෙදි කඩින් (ඇඳ පුටුවල පා) වෙළන්නට අනුදනිමි” යි වදාළසේක.
Pali BJTතෙන ඛො පන සමයෙන භික්ඛූ පරිකම්මකතං භිත්තිං අපස්සෙන්ති. වණ්ණො දුස්සති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTඑ සමයෙහි වනාහි භික්‍ෂූහු පිරියම් කළ බිත්තියට හේත්තු වෙත්. (එහි) පැහැය කෙලෙසෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“න භික්ඛවෙ පරිකම්මකතා භිත්ති අපස්සෙතබ්බා. යො අපස්සෙය්ය ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ අපස්සෙනඵලකන්ති.”
Sinhala BJT“මහණෙනි, පිරියම් කළ බිත්තියට හේත්තු වියයුතු නො වේ. යමෙක් හේත්තු වන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේය. මහණෙනි, හේත්තු වන්නට පුවරුවක් අනුදනිමි” යි වදාළසේක.
Pali BJTඅපස්සෙනඵලකං හෙට්ඨතො භූමිං විලිඛති උපරිතො භිත්තිං{2} භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTහේත්තු වන පුවරුව යටින් බිම ද උඩින් බිත්තිය සුරයි. (හේත්තු වන පුවරුවෙන් යටින් බිමත්, උඩින් බිත්තියත් සීරෙයි). භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ හෙට්ඨතො ච උපරිතො ච චොළකෙන පලිවෙඨෙතුන්ති.”
Sinhala BJT“මහණෙනි, හේත්තු වන පුවරුව යටින් ද උඩින් ද රෙදි කඩින් වෙළන්නට අනුදනිමි” යි වදාළසේක.
Pali BJTතෙන ඛො පන සමයෙන භික්ඛූ ධොතපාදකා නිපජ්ජිතුං කුක්කුච්චායන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTඑ සමයෙහි මහණහු දෙවූ පා ඇත්තාහු (ඇඳැ) වැදැහෙන්නට කුකුස් කරත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ පච්චත්ථරිත්වා නිපජ්ජිතුන්ති.”
Sinhala BJT“මහණෙනි, ඇතිරියක් එළා වැදැ හෝනට අනුදනිමි” යි වදාළසේක.
Pali BJT61. අථ ඛො භගවා ආළවියං යථාභිරන්තං විහරිත්වා යෙන රාජගහං තෙන චාරිකං පක්කාමි. අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන රාජගහං තදවසරි. තත්ර සුදං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ.
Sinhala BJT61. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ අළවුරටැ කැමැති තාක් කල් වැස රජගහ නුවර බලා නික්මුණුසේක. පිළිවෙළින් සැරිසරන සේක්, රජගහ නුවරට වැඩිසේක. භාග්‍යවතුන් වහන්සේ එහි රජගහ නුවර කලන්‍දක නිවාප නම් වූ උණවෙනෙහි වැඩවසන සේක.
Pali BJT62. තෙන ඛො පන සමයෙන රාජගහං දුබ්භික්ඛං හොති. මනුස්සා න සක්කොන්ති සඞ්ඝභත්තං කාතුං. ඉච්ඡන්ති උද්දෙසභත්තං නිමන්තනං සලාකභත්තං පක්ඛිකං උපොසථිකං පාටිපදිකං කාතුං. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT62. එ සමයෙහි රජගහ නුවර දුර්භික්‍ෂයෙක් (අහර හිඟයෙක්) වෙයි. මිනිස්සු සියලු සඞ්ඝයාට බොජුන් පිළියෙළ කරන්නට නො හැකි වෙත්. උදෙසා දෙන බත, නිමැතුම් බත, සලා බත, පක්‍ෂයට වරක් දෙන බත, පොහෝදාට දෙන බත, පැළවියට දෙන බත, යන බත් පිළියෙළ කරන්නට කැමැති වෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ සඞ්ඝභත්තං උද්දෙසභත්තං නිමන්තනං සලාකභත්තං පක්ඛිකං උපොසථිකං පාටිපදිකන්ති.”
Sinhala BJT“මහණෙනි, සඟබත ද, උදෙසා දෙන බත ද, නිමැතුම් බත ද, සලා බත ද, පක්‍ෂයකට වරක් දෙන බත ද, පොහෝ බත ද, පෑළවි බත ද අනුදනිමි” යි වදාළසේක.
Pali BJT63. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ අත්තනො වරභත්තානි ගහෙත්වා ලාමකානි භත්තානි භික්ඛූනං දෙන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT63. එ සමයෙහි සවැගි මහණහු අගනා ආහාර තමනට ගෙන නො අගනා ආහාර මහණුනට දෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතං භික්ඛුං භත්තුද්දෙසකං සම්මන්නිතුං: යො න ඡන්දාගතිං ගච්ඡෙය්ය න දොසාගතිං ගච්ඡෙය්ය න මොහාගතිං ගච්ඡෙය්ය න භයාගතිං ගච්ඡෙය්ය උද්දිට්ඨානුදිට්ඨඤ්ච ජානෙය්ය. එවඤ්ච පන භික්ඛවෙ සම්මන්නිතබ්බො: පඨමං භික්ඛු යාචිතබ්බො. යාචිත්වා ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
Sinhala BJT“මහණෙනි, යමෙක් ඡන්‍දයෙන් අගතියට නො යන්නේ ද, ද්වේෂයෙන් අගතියට නො යන්නේ ද, මෝහයෙන් අගතියට නො යන්නේ ද, බියෙන් අගතියට නො යන්නේ ද, උදෙසන ලද නො උදෙසන ලද දන්නේ ද, මෙකී අංගපසින් යුක්ත මහණක්හු භත්තුද්දේශකයකු කොට සම්මත කරන්නට අනුදනිමි. මහණෙනි, ඒ සම්මතිය ද මෙසේ කළයුතු: පළමු කොට භත්තුද්දේශක සම්මුතිය පිළිගන්නට මහණෙක් යැදියයුතු. (මහණකුගෙන් ඉල්ලීම කළයුතු) යැද ව්‍යක්ත වූ ප්‍රතිබල මහණක්හු ලවා මෙසේ සඞ්ඝයා දැන්වියැයුතු:
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුං භත්තුද්දෙසකං සම්මන්නෙය්ය. එසා ඤත්ති.
Sinhala BJT‘වහන්ස, සඞ්ඝ තෙමේ මගේ වචනය අසාවා. සඞ්ඝ තෙමේ පැමිණි කල් වී නම් මෙ නම් මහණහු භත්තුද්දේශකයකු කොට සම්මත කරන්නේ ය. මේ ඥප්තිය යැ.
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො. සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුං භත්තුද්දෙසකං සම්මන්නති. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස භික්ඛුනො භත්තුද්දෙසකග්ගසම්මති සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය.
Sinhala BJTවහන්ස, සඞ්ඝ තෙමේ මගේ වචනය අසාවා. සඞ්ඝ තෙමේ මෙ නම් මහණහු භත්තුද්දේශකයකු කොට සම්මත කෙරෙයි. මෙ නම් මහණහුට භත්තුද්දේශක සම්මතිය දීම යම් ආයුෂ්මතකුට රිසියෙයි ද, හේ නිහඬ වේවා. යම් ආයුෂ්මතකුට නො රිසියෙයි ද හේ කියාවා.
Pali BJTසම්මතො සඞ්ඝෙන ඉත්ථන්නාමො භික්ඛු භත්තුද්දෙසකො. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJTමෙ නම් මහණ තෙම භත්තුද්දේශකයකු කොට සඞ්ඝයා විසින් සම්මත වෙයි. සඞ්ඝයාට රිසියෙයි. එහෙයින් නිහඬ ය. මෙසේ මෙය දරමි (සලකමි)” යනු යැ.
Pali BJTඅථ ඛො භත්තුද්දෙසකානං භික්ඛූනං එතදහොසි: ‘කථන්නු ඛො භත්තං උද්දිසිතබ්බන්ති?’ භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTඉක්බිති භත්තුද්දේශක භික‍්ෂුනට ‘කෙසේ නම් බත් උදෙසිය යුතු දැ?’ යි මේ සිත විය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ සලාකාය වා පට්ටිකාය වා උපනිබන්ධිත්වා ඔපුඤ්ජිත්වා{1} ඔපුඤ්ජිත්වා උද්දිසිතුන්ති.”
Sinhala BJT“මහණෙනි, ඉරටුවෙක හෝ පතුරෙක හෝ නම් ලියා ආලෝලනය කොට කොට සොලොවා උදෙසන්නට අනුදනිමි” යි වදාළසේක.
Pali BJT64. තෙන ඛො පන සමයෙන සඞ්ඝස්ස සෙනාසනපඤ්ඤාපකො න හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT64. එ සමයෙහි වනාහි සඞ්ඝයාට සෙනසුන් පනවන්නෙක් නො වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතං භික්ඛුං සෙනාසනපඤ්ඤාපකං සම්මන්නිතුං: යො න ඡන්දාගතිං ගච්ඡෙය්ය න දොසාගතිං ගච්ඡෙය්ය, න මොහාගතිං ගච්ඡෙය්ය, න භයාගතිං ගච්ඡෙය්ය, පඤ්ඤත්තාපඤ්ඤාත්තඤ්ච ජානෙය්ය. එවඤ්ච පන භික්ඛවෙ සම්මන්නිතබ්බො: පඨමං භික්ඛු යාචිතබ්බො. යාචිත්වා ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
Sinhala BJT“මහණෙනි, යමෙක් ඡන්‍දයෙන් අගතියට නො යන්නේ ද, ද්වේෂයෙන් අගතියට නො යන්නේ ද, මෝහයෙන්, අගතියට නො යන්නේ ද, බියෙන් අගතියට නො යන්නේ ද, පනවන ලද්දත් නො පනවන ලද්දත් දන්නේ ද, මෙ කී අංග පසින් සමන්‍විත වූ මහණක්හු සෙනසුන් පනවන්නකු කොට සම්මත කරන්නට අනුදනිමි. මහණෙනි, ඒ සම්මතිය ද මෙසේ කළ යුතු ය: පළමු කොට මහණ තෙමේ යැදියයුතු. යැද ව්‍යක්ත වූ ප්‍රබල වූ මහණක්හු ලවා සඞ්ඝ තෙමේ මෙසේ දැන්වියැයුතු:
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුං සෙනාසනපඤ්ඤාපකං සම්මන්නෙය්ය. එසා ඤත්ති.
Sinhala BJTවහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වී නම් සඞ්ඝ තෙමේ මෙ නම් මහණහු සෙනසුන් පනවන්නකු කොට සම්මත කරන්නේ යැ, මේ ඥප්තිය යැ.
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො. සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුං සෙනාසනපඤ්ඤාපකං සම්මන්නති. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස භික්ඛුනො සෙනාසනපඤ්ඤාපකස්ස සම්මුති සො තුණ්හස්ස. යස්ස නක්ඛමති සො භාසෙය්ය.
Sinhala BJTවහන්ස, සඞ්ඝ තෙමේ මෙ නම් මහණහු සෙනසුන් පනවන්නකු කොට සම්මත කෙරෙයි. මෙ නම් මහණහු සෙනසුන් පනවන්නකු වශයෙන් සම්මත කිරීම යම් ආයුෂ්මතකුට රිසියේ නම් හේ නිහඬවේ වා. යම් ආයුෂ්මතකුහට නො රිසියේ නම් හේ කියාවා.
Pali BJT“සම්මතො සඞ්ඝෙන ඉත්ථන්නාමො භික්ඛු සෙනාසනපඤ්ඤාපකො. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJTසඞ්ඝයා විසින් මෙ නම් මහණ තෙම සෙනසුන් පනවන්නෙකැ යි සම්මත විය. (එය) සඞ්ඝයාට රිසියෙයි. එ බැවින් නිහ ඬ ය. මෙසේ මෙ කරුණ දරමි (සලකමි)” යනු යි.
Pali BJT65. තෙන ඛො පන සමයෙන සඞ්ඝස්ස භණ්ඩාගාරිකො න හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT65. එ සමයෙහි සඞ්ඝයාට භාණඩාගාරිකයෙක් නො වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතං භික්ඛුං භණ්ඩාගාරිකං සම්මන්නිතුං: යො න ඡන්දාගතිං ගච්ඡෙය්ය න දොසාගතිං ගච්ඡෙය්ය න මොහාගතිං ගච්ඡෙය්ය න භයාගතිං ගච්ඡෙය්ය, ගුත්තාගුත්තඤ්ච ජානෙය්ය. එවඤ්ච පන භික්ඛවෙ සම්මන්නිතබ්බො: පඨමං භික්ඛු යාචිතබ්බො. යාචිත්වා ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
Sinhala BJT“මහණෙනි, යමෙක් ඡන්‍දාගතියට නො යන්නේ ද, ද්වේෂාගතියට නො යන්නේ ද, මෝහාගතියට නො යන්නේ ද, භයාගතියට නො යන්නේ ද, සුරක්‍ෂිත කොට තබන ලද නො තබන ලද දැයත් දන්නේ ද, මේ අංග පසින් සමන්‍විත මහණක්හු භාණ්ඩාගාරිකයකු කොට සම්මත කරන්නට අනුදනිමි. මහණෙනි, ඒ සම්මතිය ද මෙසේ කළයුතු ය: පළමු කොට මහණෙක් යැදියැ යුතු. යැද ව්‍යක්ත ප්‍රබල මහණක්හු ලවා සඞ්ඝ තෙමේ මෙසේ දැන්වියැයුතු:
Pali BJT“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුං භණ්ඩාගාරිකං සම්මන්නෙය්ය. එසා ඤත්ති.
Sinhala BJT‘වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා, ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වී නම්, සඞ්ඝ තෙමේ මෙ නම් ඇති මහණ භාණ්ඩාගාරිකයකු කොට සම්මත කරන්නේ යැ, තෙලඤත්ති යැ.
Pali BJT“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුං භණ්ඩාගාරිකං සම්මන්නති. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස භික්ඛුනො භණ්ඩාගාරිකස්ස සම්මති. සො තුණ්හස්ස. යස්ස නක්ඛමති සො භාසෙය්ය.
Sinhala BJTසඞ්ඝ තෙමේ මගේ වචනය අසාවා. සඞ්ඝ තෙමේ මෙ නම් මහණහු භාණ්ඩාගාරිකයක්හු කොට සම්මත කෙරෙයි. මෙ නම් මහණහු භාණඩාගාරිකයකු කොට සම්මත කිරීම යම් ආයුෂ්මතක්හට රිසියෙයි ද හේ නිහඬ වේ වා. යම් ආයුෂ්මතක්හට නො රිසියෙයි ද හේ කියාවා.
Pali BJTසම්මතො සඞ්ඝෙන ඉත්ථන්නාමො භික්ඛු භණ්ඩාගාරිකො. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJTසඞ්ඝයා විසින් මෙ නම් මහණ තෙම භාණ්ඩාගාරිකයැ යි සම්මත ය. (එය) සඞ්ඝයාට රිසියෙයි. එ බැවින් නිහඬ ය, මෙසේ මෙ කරුණ සලකමි’ යනු” යි.
Pali BJT66. තෙන ඛො පන සමයෙන සඞ්ඝස්ස චීවරපටිග්ගාහකො න හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT66. එ සමයෙහි සඞ්ඝයාට සිවුරු පිළිගන්නෙක් නො වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:)
Pali BJT“අනුජානාමි භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතං භික්ඛුං චීවරපටිග්ගාහකං සම්මන්නිතුං. යො න ඡන්දාගතිං ගච්ඡෙය්ය න දොසාගතිං ගච්ඡෙය්ය, න මොහාගතිං ගච්ඡෙය්ය, න භයාගතිං ගච්ඡෙය්ය, ගහිතාගහිතඤ්ච ජානෙය්ය. එවඤ්ච පන භික්ඛවෙ සම්මන්නිතබ්බො: පඨමං භික්ඛු යාචිතබ්බො. යාචිත්වා ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො.
Sinhala BJT“මහණෙනි, යමෙක් ඡන්‍දාගතියට නො යන්නේ ද, ද්වේෂාගතියට නො යන්නේ ද, මෝහාගතියට නො යන්නේ ද, භයාගතියට නො යන්නේ ද, පිළිගත් නොපිළිගත් දැයත් දන්නේ ද, මෙකී අඞ්ග පසින් සමන්‍විත මහණක්හු සිවුරු පිළිගන්නකු කොට සම්මත කරන්නට අනුදනිමි. මහණෙනි, ඒ සම්මතිය ද මෙසේ කළ යුතු: පළමු කොට මහණෙක් යැදියැ යුතු. යැද ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු ලවා සඞ්ඝ තෙමේ මෙසේ දැන්වියැ යුතු:
Pali BJT“සුණාතු මෙ භන්තෙ, සඞ්ඝො යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුං චීවරපටිග්ගාහකං සම්මන්නෙය්ය. එසා ඤත්ති.
Sinhala BJT‘සඞ්ඝ තෙමේ මගේ වචනය අසාවා. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වී නම් සඞ්ඝ තෙමේ මෙ නම් මහණහු සිවුරු පිළිගන්නකු කොට සම්මත කරන්නේ ය. මේ ඥප්තිය යැ.
Pali BJTසුණාතු මෙ, භන්තෙ, සඞ්ඝො.{1} සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුං චීවරපටිග්ගාහකං සම්මන්නති. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස භික්ඛුනො චීවරපටිග්ගාහකස්ස සම්මති සො තුණ්හස්ස. යස්ස නක්ඛමති සො භාසෙය්ය.
Sinhala BJTවහන්ස, සඞ්ඝ තෙමේ මගේ වචනය අසාවා. සඞ්ඝ තෙමේ මෙනම් මහණහු සිවුරු පිළිගන්නකු කොට සම්මත කෙරෙයි. මෙ නම්, මහණහු සිවුරු පිළිගන්නකු කොට සම්මත කිරීම යම් ආයුෂ්මතක්හට රිසියේ නම් හේ නිහඬ වේවා. යම් ආයුෂ්මතක්හට නො රිසියේ නම් හේ කියාවා.
Pali BJTසම්මතො සඞ්ඝෙන ඉත්ථන්නාමො භික්ඛු චීවරපටිග්ගාහකො. ඛමති සඞ්ඝස්ස තස්මා තුණ්හී එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJTසඞ්ඝයා විසින් මෙ නම් මහණ තෙම සිවුරු පිළිගන්නකු කොට සම්මත ය. (එය) සඞ්ඝයාට රිසියෙයි. එ හෙයින් නිහඬ ය. මෙසේ මෙ කරුණ දරමි (සලකමි)’ යනු” ය.
Pali BJT67. තෙන ඛො පන සමයෙන සඞ්ඝස්ස චීවරභාජකො න හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT67. එ සමයෙහි වූ කලී සඞ්ඝයාට සිවුරු බෙදන්නෙක් නො වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:)