Pali BJTඅග්ගිසාලාය තිණචුණ්ණං පරිපතති. -පෙ-
Sinhala BJTගිනිහලෙහි තණරොඩු වැටේ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ ඔගුම්බෙත්වා උල්ලිත්තාවලිත්තං කාතුං සෙතවණ්ණං කාළවණ්ණං ගෙරුකපරිකම්මං මාලාකම්මං ලතාකම්මං මකරදන්තකං පඤ්චපටිකං චීවරවංසං චීවරරජ්ජුන්ති.”
Sinhala BJT“මහණෙනි, ඝනදඬු යොදා පියස්ස සාදා ඇතුළත , පිටත බදාම ආලේප කරන්නට සුදුපැහැ කළුපැහැ ගුරුපිරියම මල්කම් ලියකම් මෝරුදැති සිතුවම් පස්පැහැති වර්‍ණ යෙදීම සිවුරු උණදණ්ඩ සිවුරුවනන ලනුව යන මේ දෑ අනුදනිමි” යි වදාළසේක.
Pali BJT25. තෙන ඛො පන සමයෙන ආරාමො අපරික්ඛිත්තො හොති. අජකා’පි පසුකා’පි උපරොපෙ විහෙඨෙන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT25. එ සමයෙහි ආරාමය (විහාර වත්ත) නො පිරිකෙවුණේ (වටාලූ ආවරණයක් නැත්තේ) වෙයි. එළුවෝ ද ගවයෝ ද මල්පැල පෙළත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ පරික්ඛිපිතුං තයො වටෙ{1} වෙළුවටං, කණ්ඩකීවටං{2} පරිඛන්ති.”
Sinhala BJT“මහණෙනි, හුණවැට ද වැටකේවැට ද අගල ද යන ඇවුරුම් තුන අනුදනිමි” යි වදාළසේක.
Pali BJTකොට්ඨකො න හොති. තථෙව අජකා’පි පසුකා’පි උපරොපෙ විහෙඨෙන්ති -පෙ-
Sinhala BJTආරාම කොටුවක් නො වෙයි. පළමු සේ ම එළුවෝ ද ගවයෝ ද මල්පැල පෙළත් ...
Pali BJT“අනුජානාමි භික්ඛවෙ කොට්ඨකං ආපෙසිං යමකකවාටං තොරණං පලිඝන්ති.”
Sinhala BJT“මහණෙනි, කොටුව ද හිඳිකඩ ද දෙබෑ දොරපළු ද තොරණ ද රෝද කඩුල්ල ද අනුදනිමි” යි වදාළසේක.
Pali BJTකොට්ඨකෙ තිණචුණ්ණං පරිපතති. -පෙ-
Sinhala BJTදොර කොටුවෙහි තණරොඩු වැටෙයි ....
Pali BJT“අනුජානාමි භික්ඛවෙ ඔගුම්බෙත්වා උල්ලිත්තාවලිත්තං කාතුං සෙතවණ්ණං කාළවණ්ණං ගෙරුකපරිකම්මං මාලාකම්මං ලතාකම්මං මකරදන්තකං පඤ්චපටිකන්ති.”
Sinhala BJT“මහණෙනි, ඝනදඩු අතුරා ඇතුළත පිටත බදාම ආලිප්ත කරන්නට ද එහි සුදුපැහැ කළුපැහැ ගුරුපිරියම් මල්කම් ලියකම් මුවරදත් සටහන් පස්වනක් පැහැ සිත්තම් කරන්නට ද අනුදනිමි” යි වදාළසේක.
Pali BJTආරාමො චික්ඛල්ලො හොති. -පෙ-
Sinhala BJTඅරම මඩ සහිත වේ. ...
Pali BJT“අනුජානාමි භික්ඛවෙ මරුම්බං උපකිරිතුන්ති.”
Sinhala BJT“මහණෙනි, බොරළු විසුරුවන්නට අනුදනිමි” යි වදාළසේක.
Pali BJTන පරියාපුණන්ති. -පෙ-
Sinhala BJTඑයින් තෘප්ත නො වෙත්...
Pali BJT“අනුජානාමි භික්ඛවෙ පදරසිලං නික්ඛිපිතුන්ති.”
Sinhala BJT“මහණෙනි, ගල්පුවරු අතුරන්නට අනුදනිමි” යි වදාළසේක.
Pali BJTඋදකං සන්තිට්ඨති. -පෙ-
Sinhala BJTදිය රැඳෙයි. ...
Pali BJT“අනුජානාමි භික්ඛවෙ උදකනිද්ධමනන්ති.”
Sinhala BJT“මහණෙනි, සොරොව්ව අනුදනිමි” යි වදාළසේක.
Pali BJT26. තෙන ඛො පන සමයෙන රාජා මාගධො සෙනියො බිම්බිසාරො සඞ්ඝස්ස අත්ථාය සුධාමත්තිකාලෙපනං පාසාදං කාරාපෙතුකාමො හොති. අථ ඛො භික්ඛූනං එතදහොසි: “කින්නු ඛො භගවතා ඡදනං අනුඤ්ඤාතං කිං අනනුඤ්ඤාතන්ති.” භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT26. එ සමයෙහි වනාහි මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජ තෙම සංඝයාගේ ප්‍රයෝජන පිණිස සුදුහුණු ද මැටි ද මිශ්‍ර කොට තැනු බදාම ආලේපය ඇති ප්‍රාසාදයක් කරවනු කැමැත්තේ වෙයි. එ කල මහණුනට “භාග්‍යවතුන් වහන්සේ විසින් කවර සෙවෙනියෙක් අනුදන්නා ලද ද, කවර සෙවෙනියෙක් නො අනුදන්නා ලද දැ” යි මේ සිත විය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ පඤ්ච ඡදනානි ඉට්ඨකාඡදනං සිලාඡදනං සුධාඡදනං තිණච්ඡදනං පණ්ණච්ඡදනන්ති.”
Sinhala BJT“මහණෙනි, උළුසෙවිල්ල ද ගල්පුවරු සෙවිල්ල ද හුණුබදාම සෙවිල්ල ද තණසෙවිල්ල ද කොළසෙවිල්ල ද යන සෙවෙනි පස අනුදනිමි” යි වදාළසේක.
Pali BJTපඨමභාණවාරං
Sinhala BJTපළමු බණවර යි.
Pali BJT27. තෙන ඛො පන සමයෙන අනාථපිණ්ඩිකො ගහපති රාජගහකස්ස සෙට්ඨිස්ස භගිනිපතිකො හොති. අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති රාජගහං අගමාසි කෙනචිදෙව කරණීයෙන. තෙන ඛො පන සමයෙන රාජගහකෙන සෙට්ඨිනා ස්වාතනාය බුද්ධපමුඛො සඞ්ඝො නිමන්තිතො හොති. අථ ඛො රාජගහකො සෙට්ඨී දාසෙ ච කම්මකාරෙ ච ආණාපෙසි “තෙන හි භණෙ කාලස්සෙව උට්ඨාය යාගුයො පචථ, භත්තානි පචථ, සූපානි සම්පාදෙථ, උත්තරිභඞ්ගානි සම්පාදෙථා”ති.
Sinhala BJT27. එ සමයෙහි අනේපිඬු සිටු තෙම රජගහ නුවර සිටුහට සුහුරුබඩු වෙයි. එ කලැ කිසි කටයුත්තෙකින් රජගහ නුවර ගියේ ය. එ සෙමෙහි වූ කලි රජගහ සිටුහු විසින් සෙට දවසට බුදුපාමොක් මහසඟ නිමැතුණේ වෙයි. ඉක්බිති රජගහසිටු තෙම “එසේ නම් සගයෙනි, කලින් ම නැඟී සිට කැඳ පිසවු, බත් පිසවු, සූප පිළියෙල කරවු, අවුළුපත් පිළියෙල කරවු” ය යි දාසයනට ද කම්කරුවනට ද අණ කෙළේය.
Pali BJTඅථ ඛො අනාථපිණ්ඩිකස්ස ගහපතිස්ස එතදහොසි: “පුබ්බෙ ඛ්වායං ගහපති මයි ආගතෙ සබ්බකිච්චානි නික්ඛිපිත්වා මමඤ්ඤෙව සද්ධිං පටිසම්මොදති. සො’දානායං වික්ඛිත්තරූපො දාසෙ ච කම්මකාරෙ ච ආණාපෙසි තෙන හි භණෙ කාලස්සෙව උට්ඨාය යාගුයො පචථ භත්තානි පචථ, සූපානි සම්පාදෙථ, උත්තරිභඞ්ගානි සම්පාදෙථා’ති. කින්නු ඛො ඉමස්ස ගහපතිස්ස ආවාහො වා භවිස්සති විවාහො වා භවිස්සති, මහායඤ්ඤො වා පච්චුපට්ඨිතො, රාජා වා මාගධො සෙනියො බිම්බිසාරො නිමන්තිතො ස්වාතනාය සද්ධිං බලකායෙනා”ති.
Sinhala BJTඑ විට අනේපිඬු සිටුහට, “පෙර දවස්හි වූ කලි මෙ ගැහැවි මා ආ විට සියලු කටයුතු තබා මා හා ම (පිය බස් බෙණෙමින්) සතුටු වෙයි. මෙ තෙම දැන් කලබල අයුරු ඇත්තේ දාසයන් ද කම්කරුවන් ද බණවා, “එසේ වී නම්, සගයෙනි, කලින් ම නැඟී සිට කැඳ පිසවු, බත් පිසවු, සූප පිළියෙල කරවු, අවුළුපත් පිළියෙල කරවු” යැ යි ඇණැවී ය. කිමෙක් ද මේ ගැහැවිහුගේ ගෙට ආවාහයෙක් හෝ වන්නේ ද? (මෙ ගෙයින්) විවාහයෙක් හෝ වන්නේ ද? මහා යඥයෙක් හෝ එළැඹ සිටියේ ද? බල සෙන් සහිත මගධේශ්වර සේනිය බිම්බිසාර රජ සෙට දවසට නිමතන ලදුයේ හෝ වේ දැ” යි මේ සිත විය.
Pali BJTඅථ ඛො රාජගහකො සෙට්ඨී දාසෙ ච කම්මකාරෙ ච ආණාපෙත්වා යෙන අනාථපිණ්ඩිකො ගහපති තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා අනාථපිණ්ඩිකෙන ගහපතිනා සද්ධිං පටිසම්මොදිත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො රාජගහකං සෙට්ඨිං අනාථපිණ්ඩිකො ගහපති එතදවොච: “පුබ්බෙ ඛො ත්වං ගහපති මයි ආගතෙ සබ්බකිච්චානි නික්ඛිපිත්වා මමඤ්ඤෙව සද්ධිං පටිසම්මොදසි. සො’දානි ත්වං වික්ඛිත්තරූපො දාසෙ ච කම්මකාරෙ ච ආණාපෙසි ‘තෙන හි භණෙ කාලස්සෙව උට්ඨාය යාගුයො පචථ, භත්තානි පචථ, සූපානි සම්පාදෙථ, උත්තරිභඞ්ගානි සම්පාදෙථා’ති. කින්නු ඛො තෙ ගහපති ආවාහො වා භවිස්සති, විවාහො වා භවිස්සති, මහායඤ්ඤො වා පච්චුපට්ඨිතො, රාජා වා මාගධො සෙනියො බිම්බිසාරො නිමන්තිතො ස්වාතනාය සද්ධිං බලකායෙනා”ති.
Sinhala BJTඉක්බිති රජගහ සිටු දාසයන් ද කම්කරුවන් ද අණවා අනේපිඬු සිටු වෙත ආයේ ය. අවුත් අනේපිඬු සිටු හා සතුටු විය. සතුටු ව පසෙක ඉඳ ගත්තේ ය. (එසේ) පසෙක හිඳගත් රජගහ සිටුහට අනේපිඬු සිටු තෙම මෙ බස් පැවැසී ය: ගැහැවියනි, පෙර දවස්හි මා ආකල්හි තෙපි සියලු කටයුතු තබා මා හා ම (පිළිසඳර කතා කොට) සතුටු වහු, ඒ තෙපි දැන් කලබල වූ අයුරු ඇත්තහු දාසයන් ද කම්කරුවන් ද බණවා “එසේ වී නම් සගයෙනි, කලින් ම නැගී සිට කැඳ පිසවු, බත් පිසවු, සූප පිළියෙල කරවුඅවුළුපත් පිළියෙල කරවු යැ” යි අණ කළා හු ය. කිමෙක් ද ගැහැවියනි, තොපගේ ආවාහයෙක් හෝ වන්නේ ද? විවාහයෙක් හෝ වන්නේ ද? මහායඥයෙක් හෝ එළැඹැ සිටියේ ද? බලසෙන් සහිත මගධේශ්වර සේනිය බිම්බිසාර රජ සෙට දවසට නිමතන ලද්දේ හෝ වේද” යනු ය.
Pali BJT“න මෙ ගහපති ආවාහො වා භවිස්සති විවාහො වා. න පි රාජා වා මාගධො සෙනියො බිම්බිසාරො නිමන්තිතො ස්වාතනාය සද්ධිං බලකායෙන. අපි ච මෙ මහායඤ්ඤො පච්චුපට්ඨිතො. ස්වාතනාය බුද්ධපමුඛො සඞ්ඝො නිමන්තිතො”ති.
Sinhala BJT“ගැහැවියෙනි, මගේ ගෙහි ආවාහයෙක් හෝ නො වන්නේ ය. විවාහයෙක් හෝ නො වන්නේ ය. බලසෙන් සහිත මගධේශ්වර සේනිය බිම්බිසාර රජ හෝ සෙට නිමතන ලද්දේ නො වෙයි. වැලි දු මහායාගයෙක් එළැඹ සිටියේ ය. සෙට දවසට බුද්ධප්‍රමුඛ සංඝ තෙමේ නිමතන ලද්දේ වේ” යැ යි රජගහ සිටු කී ය.
Pali BJT28. “බුද්ධො’ති ත්වං ගහපති වදෙසී”ති.
Sinhala BJT28. “ගැහැවියනි, ‘බුද්ධ’ යැ’යි කියවු දැ” යි අනේපිඬු සිටු කී ය.
Pali BJT“බුද්ධො’ ත්යාහං ගහපති වදාමී”ති.
Sinhala BJT“එසේ ය, ගැහැවියනි, ‘බුද්ධ’ යැ යි කියමි” යි රජගහසිටු කීය.
Pali BJT“බුද්ධො’ති ත්වං ගහපති වදෙසී”ති.
Sinhala BJT“ගැහැවියනි, ‘බුද්ධ’යැ යි කියවු දැ” යි දෙවෙනි වරත් අනේපිඬු සිටු කී ය.
Pali BJT“බුද්ධො’ ත්යාහං ගහපති වදාමී”ති.
Sinhala BJT“එසේ ය, ගැහැවියනි, ‘බුද්ධ’ යැ යි කියමි” යි දෙවෙනි වරත් රජගහසිටු කී ය.
Pali BJT“බුද්ධො’ති ත්වං ගහපති වදෙසී”ති.
Sinhala BJT“ගැහැවියනි, ‘බුද්ධ’යැ යි කියවු දැ” යි තෙවෙනි වර ද අනේපිඬු සිටු කී ය.
Pali BJT“බුද්ධො’ ත්යාහං ගහපති වදාමී”ති.
Sinhala BJT“එසේ ය. ගැහැවියනි, ‘බුද්ධ’යැ යි කියමි” යි තෙවෙනි වරත් රජගහසිටු කී ය.
Pali BJT“ඝොසො පි ඛො එසො ගහපති දුල්ලභො ලොකස්මිං යදිදං බුද්ධො ‘බුද්ධො’ති. සක්කා නු ඛො ගහපති ඉමං කාලං තං භගවන්තං දස්සනාය උපසඞ්කමිතුං අරහන්තං සම්මාසම්බුද්ධන්ති”.
Sinhala BJT“ගැහැවියනි, ලොවැ මේ ‘බුද්ධ’ යන ශබ්දය පවා දුර්‍ලභ ය. ගැහැවියනි, ඒ භගවත් අරහත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ දක්නට එළැඹෙන්නට මෙ වේලේ හැකි දැ” යි අනේපිඬු සිටු කී ය.
Pali BJT“අකාලො ඛො ගහපති ඉමං කාලං තං භගවන්තං දස්සනාය උපසඞ්කමිතුං අරහන්තං සම්මාසම්බුද්ධං. ස්වෙ’දානි ත්වං කාලෙන තං භගවන්තං දස්සනාය උපසඞ්කමිස්සසි අරහන්තං සම්මාසම්බුද්ධන්ති.”
Sinhala BJT“ගැහැවියනි, ඒ භගවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ දකින්නට එළැඹෙන්නට මේ නො කල් ය. සෙට ඒ භගවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ දක්නට සුදුසු කල්හි ඔබ උන්වහන්සේ කරා යන්නැ” යි රජගහසිටු කී ය.
Pali BJTඅථ ඛො අනාථපිණ්ඩිකො ගහපති ස්වෙ’දානාහං කාලෙන තං භගවන්තං දස්සනාය උපසඞ්කමිස්සාමි අරහන්තං සම්මාසම්බුද්ධන්ති බුද්ධගතාය සතියා නිපජ්ජිත්වා රත්තියා සුදං තික්ඛත්තුං උට්ඨාසි පභාතං මඤ්ඤමානො. අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති යෙන සීතවනද්වාරං{1} තෙනුපසඞ්කමි. අමනුස්සා ද්වාරං විවරිංසු. අථ ඛො අනාථපිණ්ඩිකස්ස ගහපතිස්ස නගරම්හා නික්ඛන්තස්ස ආලොකො අන්තරධායි. අන්ධකාරො පාතුරහොසි. භයං ඡම්භිතත්තං ලොමහංසො උදපාදි. තතොව පුන නිවත්තිතුකාමො අහොසි.
Sinhala BJTඉක්බිති අනේපිඬු සිටු සෙට මම් ඒ භගවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ දකින්නට යන්නෙමි” යි බුදුරජුන් අරමුණු කොට පැවැති සිහියෙන් යුතු ව වැදහෙව රෑ තුන් යලක් ම පහන් වූයේ වනැ යි හඟිනුයේ නැගී සිටියේ ය. ඉක්බිති අනේපිඬු සිටු ශීතවනද්වාරය කරා එළඹියේ ය. අමනුෂ්‍යයෝ දොර විවරකළහ. ඉක්බිති අනේපිඬු සිටු නුවරින් නික්මුණු වේලෙහි එළිය නැතිවිය. අඳුර පහළ විය. බිය ද තැතිගැන්ම ද ලොමුදහගහැන්ම ද උපන. යළි එතැනින් ම පෙරළා යනු කැමැති විය.
Pali BJTඅථ ඛො සීවකො යක්ඛො අන්තරහිතො සද්දමනුස්සාවෙසි:
Sinhala BJTඑ විට සීවක යක් තෙම නොපෙනී සිටියේ.
Pali BJT“සතං හත්ථී සතං අස්සා සතං අස්සතරී රථා සතං කඤ්ඤා සහස්සානි ආමුත්තමණිකුණ්ඩලා එකස්ස පදවීතිහාරස්ස කලං නාග්ඝන්ති සොළසි”න්ති.
Sinhala BJT“ඇත්තු සියදහසෙක් ද අස්සු සියදහසෙක් ද මහඟු අසුන් යෙදූ රිය සියදහසක් ද පළන් මිණි කොඬොල් ඇති කන්‍යාවෝ සිය දහසෙක් ද යන මොහු එක් පදව්‍යතිහාරයෙක (පිය වරෙක) සොළොස්වන කලාව ද නො අගිත් ය” යි.
Pali BJTඅභික්කම ගහපති, අභික්කම ගහපති. අභික්කන්තං තෙ සෙය්යො නො පටික්කන්තන්ති.
Sinhala BJT“ගැහැවිය ඉදිරියට යන්න, ගැහැවිය, ඉදිරියට යන්න. ඉදිරියට යෑම උතුමි, පෙරළා යෑම උතුම් නො වේ” යැ යි හඬක් ඇස්වී ය,
Pali BJTඅථ ඛො අනාථපිණ්ඩිකස්ස ගහපතිස්ස අන්ධකාරො අන්තරධායි, ආලොකො පාතුරහොසි. යං අහොසි භයං ඡම්භිතත්තං ලොමහංසො සො පටිප්පස්සම්භි.
Sinhala BJTඑ කල අනේපිඬු සිටුහට අඳුර නැතිවිය, එළිය පහළ විය. යම් බියෙක් තැතිගැන්මෙක් ලොමුදහගහැන්මෙක් වී ද එය සන්හිඳිණ.
Pali BJTදුතියම්පි ඛො -පෙ- තතියම්පි ඛො -පෙ- අනාථපිණ්ඩිකස්ස ගහපතිස්ස ආලොකො අන්තරධායි, අන්ධකාරො පාතුරහොසි, භයං ඡම්භිතත්තං ලොමහංසො උදපාදි. තතො’ව පුන නිවත්තිතුකාමො අහොසි. තතියම්පි ඛො සීවකො යක්ඛො අන්තරහිතො සද්දමනුස්සාවෙසි:
Sinhala BJTදෙවෙනි වර ද... තෙවෙනි වර ද අනේපිඬු සිටුහට එළිය අතුරුදහන් විය. අඳුර ඇති විය. බිය ද තැතිගැන්ම ද ලොමුදහ ගැන්ම ද ඇති විය. යළි එතැනින් ම පෙරළා යනු කැමැති විය. තෙවෙනි වර ද සීවක යක් තෙම නොපෙනී සිටියේ
Pali BJTසතං හත්ථි -පෙ- සෙය්යො නො පටික්කන්තන්ති.
Sinhala BJT“ඇත්තු සිය දහසක් ද... පෙරළා යෑම උතුම් නොවේ යැ” යි හඬ ඇස්වී ය.
Pali BJTතතියම්පි ඛො අනාථපිණ්ඩිකස්ස ගහපතිස්ස අන්ධකාරො අන්තරධායි, ආලොකො පාතුරහොසි. යං අහොසි භයං ඡම්භිතත්තං ලොමහංසො සො පටිප්පස්සම්භි. අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති යෙන සීතවනං තෙනුපසඞ්කමි. තෙන ඛො පන සමයෙන භගවා රත්තියා පච්චූසසමයං පච්චුට්ඨාය අජ්ඣොකාසෙ චඞ්කමති. අද්දසා ඛො භගවා අනාථපිණ්ඩිකං ගහපතිං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන චඞ්කමා ඔරොහිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි.
Sinhala BJTතෙවෙනි වර ද අනේපිඬු සිටුහට අඳුර අතුරුදහන් විය. එළිය පහළ විය. යම් බියෙක් තැතිගැන්මෙක් ලොමුදහගහැන්මෙක් වී ද එය සන්හිඳිණ. ඉක්බිති අනේපිඬු සිටු තෙම ශීතවනය කරා ගියේ ය. එ සමයෙහි වූ කලි භාග්‍යවතුන් වහන්සේ රෑ අලුයම්හි නැඟී සිට එළිමහනේ සක්මන් කරන සේක. භාග්‍යවතුන් වහන්සේ දුරින් ම එන අනේපිඬු සිටුහු දුටුයේක. දැක සක්මන් මළුවෙන් බැස පැනැවුණු අස්නෙහි වැඩහුන්සේක.
Pali BJT29. නිසජ්ජ ඛො භගවා අනාථපිණ්ඩිකං ගහපතිං එතදවොච ‘එහි සුදත්තා’ති. අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති ‘නාමෙන මං භගවා ආලපතී’ති හට්ඨො උදග්ගො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතො පාදෙසු සිරසා නිපතිත්වා භගවන්තං එතදවොච ‘කච්චි භන්තෙ භගවා සුඛමසයිත්ථා’ති.
Sinhala BJT29. භාග්‍යවතුන් වහන්සේ අස්නැ වැඩ හිඳ ‘සුදත්තය, මෙහි එව’ යි අනේපිඬු සිටුහට අඬගසා වදාළසේක. එවිට අනේපිඬු සිටු තෙම ‘භාග්‍යවතුන් වහන්සේ නමින් (නම කියා) මා අමතන සේකැ’ යි තුටුපහටු වූයේ ඔද වැඩීගිය සිතැත්තේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ ඔබ පාමුල වැටී හිස නමා වැඳ, “වහන්ස, කිමෙක් ද, භාග්‍යවතුන් වහන්සේ සුවසේ සැතැපුණු සේක් දෝ” යි කී ය.
Pali BJT“සබ්බදා වෙ සුඛං සෙති බ්රාහ්මණො පරිනිබ්බුතො යො න ලිම්පති කාමෙසු සීතිභූතො නිරූපධි.
Sinhala BJT“යමෙක් කාමයන්හි නො ඇලෙයි ද කෙලෙස් තැවුම් නැතියෙන් සිසිල් වූයේ වේ ද, ක්ලේශෝපධි රහිත වේ ද කෙලෙස් පිරිනිවනින් පිරිනිවි ඒ බාහිතපාපී පුද්ගල තෙමේ හැම කල්හි ඒකාන්තයෙන් සුවසේ ශයනය කෙරෙයි.
Pali BJTසබ්බා ආසත්තියො ඡෙත්වා විනෙය්ය හදයෙ දරං උපසන්තො සුඛං සෙති සන්තිං පප්පුය්ය චෙතසො”ති.
Sinhala BJTහෙ තෙම සියලු ආසක්තීන් (තෘෂ්ණාවන්) සිඳ සිතෙහි කෙලෙස් රිදුම් පහකොට සන්සුන් වූයේ සිතේ සන්සිඳීමට පැමිණ සුවසේ සැතැපේ” යැ යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
Pali BJTඅථ ඛො භගවා අනාථපිණ්ඩිකස්ස ගහපතිස්ස ආනුපුබ්බිංඅකථං{1} කථෙසි. සෙය්යථිදං: දානකථං සීලකථං සග්ගකථං කාමානං ආදීනවං ඔකාරං සංකිලෙසං නෙක්ඛම්මෙව ආනිසංසං පකාසෙසි. යදා භගවා අඤ්ඤාසි අනාථපිණ්ඩිකං ගහපතිං කල්ලචිත්තං මුදුචිත්තං විනීවරණචිත්තං උදග්ගචිත්තං පසන්නචිත්තං, අථ යා බුද්ධානං සාමුක්කංසිකා ධම්මදෙසනා තං පකාසෙසි ‘දුක්ඛං සමුදයං නිරොධං මග්ගං.’ සෙය්යථාපි නාම සුද්ධං වත්ථං අපගතකාළකං සම්මදෙව රජනං පතිගණ්හෙය්ය එවමෙව අනාථපිණ්ඩිකස්ස ගහපතිස්ස තස්මිං යෙව ආසනෙ විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි ‘යං කිඤ්චි සමුදයධම්මං සබ්බන්තං නිරොධධම්මන්ති.’
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අනේපිඬු සිටුහට ‘දානකථා, ශීලකථා ස්වර්‍ගකථා කාමයන්ගේ ආදීනව, කාමයන්ගේ ලාමක බව, කාමයන්ගේ කිලිටි බව, කාමයන්ගෙන් නික්මීමේ අනුසස් ද යන අනුපූර්‍ව කථාව (දානාදි පිළිවෙළින් කියන ධර්‍මකථාව) පැවැසූ සේක. යම් විටෙක භාග්‍යවතුන් වහන්සේ අනේපිඬු සිටුහු (කෙලෙස් යටපත් වීමෙන්) නීරෝග සිතැත්තහු, මොළොක් සිතැත්තහු කාමච්ඡන්දදි නීවරණ යටපත්ව ගිය සිතැත්තහු ඔදවැඩි සිතැත්තහු, පහන් සිතැත්තහු දත්සේක් ද, එ කල්හි දුක ද දුඃඛසමුදය ද නිරෝධය ද මාර්‍ගය ද යන බුදුවරුන්ගේ යම් සාමුක්කංසික දේශනාවෙක් වේ ද එය පැවැසූසේක. පහ වූ කළු බව ඇති පිරිසිදු වස්ත්‍රයෙක් යම්සේ මනාකොට ම රඳන් උරා ගන්නේ ද, එසේ ම අනේපිඬු සිටුහට එ අස්නෙහි දී ම ‘යම් කිසිවෙක් ප්‍රත්‍යයෙන් හටගන්නාසුලු ද ඒ සියල්ල නැසෙන සුලුයැ’ යි කෙලෙස් රජසින් තොර, පහවූ කෙලෙස් මලැති, දහම් ඇස (සෝවන් මඟ නුවණ) පහළ විය.
Pali BJT30. අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති දිට්ඨධම්මො පත්තධම්මො විදිතධම්මො පරියොගාළ්හධම්මො තිණ්ණවිචිකිච්ඡො විගතකථංකථො වෙසාරජ්ජප්පත්තො අපරප්පච්චයො සත්ථුසාසනෙ භගවන්තං එතදවොච: “අභික්කන්තං භන්තෙ අභික්කන්තං භන්තෙ සෙය්යථාපි භන්තෙ නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය පටිච්ඡන්නං වා විවරෙය්ය මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය චක්ඛුමන්තො රූපානි දක්ඛන්තීති, එවමෙව භගවතා අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං භන්තෙ භගවන්තං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකං මං භගවා ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතං. අධිවාසෙතු ච මෙ භන්තෙ භගවා ස්වාතනාය භත්තං සද්ධිං භික්ඛුසඞ්ඝෙනා”ති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන. අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති භගවතො අධිවාසනං විදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
Sinhala BJT30. ඉක්බිත්තෙන් අනේපිඬු සිටු තෙම, දුටු ආර්‍ය්‍යසත්‍යධර්ම ඇත්තේ නුවණින් පැමිණි ආර්‍ය්‍යසත්‍යධර්ම ඇත්තේ, දන්නා ලද ආර්‍ය්‍යසත්‍යධර්ම ඇත්තේ නුවණින් බැසගත් ආර්‍ය්‍යසත්‍යධර්ම ඇත්තේ, තරණය කළ සැක ඇත්තේ, පහවූ කථඞ්කථා (සැක) ඇත්තේ, ශාස්තෘ ශාසනයෙහි විශාරද බවට පැමිණියේ පරප්‍රත්‍යය නැත්තෙක් වූයේ භාග්‍යවතුන් වහන්සේට මෙ බස් පැවැසී ය: “වහන්ස, අභිකාන්ත ය. වහන්ස, අභිකාන්තය. වහන්ස, යටිකුරු කොට තබන ලද්දක් යම්සේ උඩුකුරු කරන්නේ ද වැසුණු දැයක් විවෘත කරන්නේ ද මංමුළාවූවකුට මඟ කියන්නේ ද ඇසැතියන් රූප දකිති යි අඳුරෙහි තෙල් පහනක් දරන්නේ ද එපරිද්දෙන් ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් කරුණින් දහම් පවසන ලද්දේ ය. වහන්ස, ඒ මම භාග්‍යවතුන් වහන්සේ ද ධර්‍මය ද සංඝයා ද සරණ යමි. අදින් ඉදිරියට මා දිවිහිම් කොට සරණ ගිය උවසකු කොට භාග්‍යවතුන් වහන්සේ මා සලකනසේක්වා. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ සෙට දවසට සංඝයා සහිත ව මාගේ බත ඉවසන සේක්වා” යනු ය. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණිම්භාවයෙන් එය ඉවසූසේක, ඉක්බිති අනේපිඬු සිටු තෙම භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන හුනස්නෙන් නැගි භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට නික්මැගියේ ය.
Pali BJTඅස්සොසි ඛො රාජගහකො සෙට්ඨී අනාථපිණ්ඩිකෙන කිර ගහපතිනා ස්වාතනාය බුද්ධපමුඛො සඞ්ඝො නිමන්තිතොති. අථ ඛො රාජගහකො සෙට්ඨී අනාථපිණ්ඩිකං ගහපතිං එතදවොච: “තයා කිර ගහපති ස්වාතනාය බුද්ධපමුඛො{1} සඞ්ඝො නිමන්තිතො. ත්වඤ්චාසි ආගන්තුකො. දෙමි තෙ ගහපති වෙය්යායිකං යෙන ත්වං බුද්ධපමුඛස්ස සඞ්ඝස්ස භත්තං කරෙය්යාසී”ති. “අලං ගහපති. අත්ථි මෙ වෙය්යායිකං යෙනාහං බුද්ධපමුඛස්ස සඞ්ඝස්ස භත්තං කරිස්සාමී”ති.
Sinhala BJTරජගහ සිටු තෙම අනේපිඬු සිටුහු විසින් සෙට දවසට බුදුපාමොක් සංඝයා නිමතන ලද්දේ ලැයි ඇසී ය. ඉක්බිති රජගහ සිටු “ගැහැවියනි, ඔබ විසින් සෙට දිනට බුදුපාමොක් සඟ නිමැතිණි ල.’ ඔබ අමුත්තෝ වෙති. ගැහැවියනි, ඔබ බුදුපාමොක් සඟනට බත් පිළියෙළ කරන්නාහු ද, එසේ වූ වියදම ඔබට දෙමි” යි අනේපිඬු සිටුහට කි ය. “කම් නැත, ගැහැවියනි, යමෙකින් බුදුපාමොක් සඟනට බත් කරන්නෙම් ද, එයට වියදම මට ඇතැ” යි අනේපිඬු සිටු කී ය.
Pali BJT31. අස්සොසි ඛො රාජගහකො නෙගමො “අනාථපිණ්ඩිකෙන කිර ගහපතිනා ස්වාතනාය බුද්ධපමුඛො සඞ්ඝො නිමන්තිතො”ති. අථ ඛො රාජගහකො නෙගමො අනාථපිණ්ඩිකං ගහපතිං එතදවොච “තයා කිර ගහපති ස්වාතනාය බුද්ධපමුඛො සඞ්ඝො නිමන්තිතො. ත්වඤ්චාසි ආගන්තුකො. දෙමි තෙ ගහපති වෙය්යායිකං යෙන ත්වං බුද්ධපමුඛස්ස සඞ්ඝස්ස භත්තං කරෙය්යාසී”ති. “අලං අය්යො; අත්ථි මෙ වෙය්යායිකං යෙනාහං බුද්ධපමුඛස්ස සඞ්ඝස්ස භත්තං කරිස්සාමී”ති.
Sinhala BJT31. රජගහපුර නියම්ගම් දෙටු තෙමේ ද “අනේපිඬු සිටුහු විසින් සෙට දවසට බුදුපාමොක් සඟ නිමැතිණැ” යි ඇසුයේ ම ය. ඉක්බිති රජගහපුර නිගමාධිපති තෙම අනේපිඬු සිටුහට “ගැහැවියනි, ඔබ විසින් සෙට දවසට බුදුපාමොක් සඟ නිමතන ලද්දේ ල. ඔබ අමුත්තෝ වෙති. ගැහැවියනි, බුදුපාමොක් සඟනට බත පිළියෙළ කරනුවට වියදම ඔබට දෙමි” යි කී ය. “ආර්‍ය්‍යයෙනි, අනාවශ්‍යක ය. බුදුපාමොක් සඟනට බත පිළියෙළ කරවන්නට මට වියදම ඇතැ” යි අනේපිඬු සිටු කී ය.
Pali BJTඅස්සොසි ඛො රාජා මාගධො සෙනියො බිම්බිසාරො “අනාථපිණ්ඩිකෙන කිර ගහපතිනා ස්වාතනාය බුද්ධපමුඛො සඞ්ඝො නිමන්තිතො”ති. අථ ඛො රාජා මාගධො සෙනියො බිම්බිසාරො අනාථපිණ්ඩිකං ගහපතිං එතදවොච “තයා කිර ගහපති ස්වාතනාය බුද්ධපමුඛො සඞ්ඝො නිමන්තිතො. ත්වඤ්චාසි ආගන්තුකො, දෙමි තෙ ගහපති වෙය්යායිකං යෙන ත්වං බුද්ධපමුඛස්ස සඞ්ඝස්ස භත්තං කරෙය්යාසී”ති. “අලං දෙව, අත්ථි මෙ වෙය්යායිකං යෙනාහං බුද්ධපමුඛස්ස සඞ්ඝස්ස භත්තං කරිස්සාමී”ති.
Sinhala BJTමගධේශ්වර සේනිය බිම්බිසාර රජ ද “අනේපිඬු සිටුහු විසින් හෙට දවසට බුදුපාමොක් සඟ නිමතන ලද්දේ ල” යි ඇසී ය. ඉක්බිති මගධේශ්වර සේනිය බිම්බිසාර රජ “ගැහැවියනි, තොප විසින් සෙට දවසට බුදුපාමොක් මහසඟ නිමතන ලද්දේ ල. තෙපි අමුත්තෝ වෙති. බුදුපාමොක් සඟනට බත් පිළියෙළ කරනුවට යන වියදම තොපට දෙමි” යි අනේපිඬු සිටුහට කී ය. “දේවයිනි, ආවශ්‍යක නො වේ. බුදුපාමොක් සඟනට බත් පිළියෙළ කරනුවට වියදම මට ඇතැ” යි අනේපිඬු සිටු කී ය.
Pali BJT32. අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති තස්සා රත්තියා අච්චයෙන රාජගහකස්ස සෙට්ඨිස්ස නිවෙසනෙ පණීතං ඛාදනීයං භොජනීයං පටියාදාපෙත්වා භගවතො කාලං ආරොචාපෙසි “කාලො භන්තෙ, නිට්ඨිතං භත්ත”න්ති. අථ ඛො භගවා පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන රාජගහකස්ස සෙට්ඨිස්ස නිවෙසනං තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි සද්ධිං භික්ඛුසඞ්ඝෙන.
Sinhala BJT32. ඉන් පසු අනේපිඬු සිටු තෙම ඒ රැය ඇවෑමෙන් රජගහ සිටුහුගේ ගෙහි ප්‍රණීත ඛාද්‍ය භෝජ්‍ය පිළියෙළ කරවා “වහන්ස, දැන් කාලය ය. බත් පිළියෙළ කොට නිමැවැ” යි භාග්‍යවතුන් වහන්සේට කාලය දන්වා යැවී ය. එවිට භාග්‍යවතුන් වහන්සේ ඒ පෙරවරු සෙමෙහි හැද පෙරෙවැ පාසිවුරු ගෙන රජගහ සිටුහුගේ ගෙය කරා එළැඹි සේක. එළැඹ ප්‍රඥප්ත අස්නෙහි බික් සඟන හා වැඩහුන් සේක.
Pali BJTඅථ ඛො අනාථපිණ්ඩිකො ගහපති බුද්ධපමුඛං භික්ඛුසඞ්ඝං පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්ථා සන්තප්පෙත්වා සම්පවාරෙත්වා භගවන්තං භුත්තාවිං ඔනීතපත්තපාණිං එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො අනාථපිණ්ඩිකො ගහපති භගවන්තං එතදවොච “අධිවාසෙතු මෙ භන්තෙ භගවා සාවත්ථියං වස්සාවාසං සද්ධිං භික්ඛුසඞ්ඝෙනා”ති.
Sinhala BJTඉක්බිති අනේපිඬු සිටු බුදුපාමොක් බික්සඟන ප්‍රණීත ඛාද්‍ය භෝජ්‍යයෙන් සියතින් සතපා පවරවා භාග්‍යවතුන් වහන්සේ බොජුන් වැළැඳූ පාත්‍රයෙන් ඉවතට ගත් අතැති නියාව සලකා භාග්‍යවතුන් වහන්සේට එකත් පසෙක හුන්නේ ය. එකත් පසෙක හුන්නාවූ ම අනේපිඬුසිටු තෙම “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ බික්සඟන හා සැවැත්නුවර වස්වසනුවට මා කරන අයදුම ඉවසන සේක් වා” යි කීයේ ය.
Pali BJT“සුඤ්ඤාගාරෙ ඛො ගහපති තථාගතා අභිරමන්තී”ති.
Sinhala BJT“ගැහැවියනි, තථාගතවරු ශුන්‍යාගාරයෙහි විසීම රිසි කෙරෙත්” යැ යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
Pali BJT“අඤ්ඤාගතං භගවා අඤ්ඤාතං සුගතා”ති.
Sinhala BJT“භාග්‍යවතුන් වහන්ස, මට වැටහිණ. සුගතයන් වහන්ස, මට දැනිණැ” යි සිටු කී ය.
Pali BJTඅථ ඛො භගවා අනාථපිණ්ඩිකං ගහපතිං ධම්මියා කථාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සමුත්තෙජෙත්වා සම්පහංසෙත්වා උට්ඨායාසනා පක්කාමි.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අනේපිඬු සිටුහට දැහැමි කථායෙන් කරුණු දක්වා කරුණු ගන්වා එහි උත්සාහවත් කොට එයින් සතුටු කොට හුනස්නෙන් නැඟී වැඩි සේක.
Pali BJT33. තෙන ඛො පන සමයෙන අනාථපිණ්ඩිකො ගහපති බහුමිත්තො හොති බහුසහායො ආදෙය්යවාචො.{1} අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති රාජගහෙ තං කරණීයං තීරෙත්වා යෙන සාවත්ථි තෙන පක්කාමි. අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති අන්තරාමග්ගෙ මනුස්සෙ ආණාපෙසි “ආරාමෙ අය්යා කරොථ විහාරෙ පතිට්ඨාපෙථ. දානානි පට්ඨපෙථ. බුද්ධො ලොකෙ උප්පන්නො. සො ච මයා භගවා නිමන්තිතො ඉමිනා මග්ගෙන ආගච්ඡිස්සතී”ති. අථ ඛො තෙ මනුස්සා අනාථපිණ්ඩිකෙන ගහපතිනා උය්යොජිතා ආරාමෙ අකංසු, විහාරෙ පතිට්ඨාපෙසුං, දානානි පට්ඨපෙසුං.
Sinhala BJT33. එ සමයෙහි වූකලි අනේපිඬු සිටු බොහෝ මිතුරන් ඇත්තේ බොහෝ යහළුවන් ඇත්තේ සෙස්සන් විසින් පිළිගතයුතු වචන ඇත්තේ වෙයි. එකල්හි අනේපිඬු සිටු රජගහනුවර ඒ කටයුතු නිමවා සැවැත්නුවර බලා නික්මිණ. ඉක්බිති අනේපිඬු සිටු මඟ අතරැ (ගම් නියම් ගම්හි වූ) මිනිසුන් බණවා “ආර්‍ය්‍යයෙනි, ආරාම කරවු විහාර පිහිටුවවු. දන් පිළියෙළ කරවු බුදුරජුහු ලොව උපන්හ. ඒ භගවත්හු මා විසින් නිමැතුණාහු මෙ මඟින් වඩනාහ” යි කී ය. [missing trans]
Pali BJTඅථ ඛො අනාථපිණ්ඩිකො ගහපති සාවත්ථිං ගන්ත්වා සමන්තා සාවත්ථිං අනුවිලොකෙසි. ‘කත්ථ නු ඛො භගවා විහරෙය්ය යං අස්ස ගාමතො නෙව නාතිදූරෙ{2} නාච්චාසන්නෙ ගමනාගමනසම්පන්නං අත්ථිකානං අත්ථිකානං මනුස්සානං අභික්කමනීයං දිවා අප්පාකිණ්ණං{3} රත්තිං අප්පසද්දං අප්පනිග්ඝොසං විජනවාතං මනුස්සරාහසෙය්යකං පටිසල්ලානසාරුප්පන්ති’.
Sinhala BJTඉක්බිති අනේපිඬු සිටු සැවැත් ගොස්, ‘යමක් ගමට ඉතාදුරත් ඉතා ළඟත් නොවන්නේ ද යෑමට ඊමට පහසු ද (බුදුන් වදනට බණ අසනුවට ය.) කැමැති මිනිසුන් විසින් එළඹියැ හැකි වේ ද දහවල් ජනාකීර්‍ණ නො වේ ද, රෑ නිහඬ ද (නුවරැ හැසිරෙන රථ ආදියේ හඬ නො ඇසෙනුයෙන්) ඝෝෂ රහිත ද ගැවැසෙන ජනයා ගේ ශරීරවාතයෙන් විරහිත ද, මිනිසුන් හුදෙකලා කරන භාවනාදි ක්‍රියාවනට සුදුසු ද විවේකයට යෝග්‍ය ද එසේ වූ කවර නම් තැනෙක භාග්‍යවතුන් වහන්සේ විසියයුතු වන්නේ දැ’යි සැවැත් නුවර හාත්පස පිරික්සා බැලී ය.
Pali BJTඅද්දසා ඛො අනාථපිණ්ඩිකො ගහපති ජෙතස්ස රාජකුමාරස්ස{1} උය්යානං ගාමතො නෙව අවිදූරෙ නාච්චාසන්නෙ ගමනාගමනසම්පන්නං අත්ථිකානං අත්ථිකානං මනුස්සානං අභික්කමනීයං දිවා අප්පකිණ්ණං රත්තිං අප්පසද්දං අප්පනිග්ඝොසං විජනවාතං මනුස්සරාහසෙය්යකං පටිසල්ලානසාරුප්පං. දිස්වාන යෙන ජෙතො රාජකුමාරො{2} තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ජෙතං රාජකුමාරං{3} එතදවොච: “දෙහි මෙ අය්යපුත්ත උය්යානං ආරාමං කාතුන්ති.”
Sinhala BJTඅනේපිඬු සිටු තෙම ගමට ඉතා දුරැ නොවූ ඉතා ළඟ ද නො වූ ගමනාගමනයට පහසු වූ, (බුදුරජුන් දැකීම් ආදිය) කැමැති කැමැති මිනිසුන් විසින් එළඹියැ හැකි වූ දහවල් ජනාකීර්‍ණ නොවූ, රාත්‍රියෙහි නිහඬ වූ නගර ඝෝෂ රහිත වූ, ජනවාත විරහිත වූ, මිනිසුන්ගේ හුදෙකලාව කරන ක්‍රියාවනට යෝග්‍ය වූ විවේක වාසයට සුදුසු වූ ජෙතරාජකුමාරයාගේ උයන දුටුයේ ය. දැක ජෙතරාජකුමාරයා කරා එළැඹියේ ය. එළැඹ “ආර්‍ය්‍යයෙනි, ආරාමයක් කරන්නට උයන මට දුනමැනැවැ” යි කීයේ ය.
Pali BJT“අදෙය්යො ගහපති ආරාමො අපි කොටිසන්ථරෙනා”ති.
Sinhala BJT“කහවණු සුලසින් ඇතිරීමෙනුදු උයන නො දිය හැක්කැ” යි ජේත රාජකුමාර කී ය.
Pali BJT“ගහිතො අය්යපුත්ත ආරාමො”ති.
Sinhala BJT“ආර්‍ය්‍යපුත්‍රය, ආරාමය (මා විසින්) ගන්නා ලදැ” යි සිටු කී ය.
Pali BJT“න ගහපති ගහිතො ආරාමො”ති.
Sinhala BJT“ගැහැවියෙනි, ආරාමය නො ගන්නා ලදැ” යි කුමර කී ය.
Pali BJT“ගහිතො න ගහිතො”ති වොහාරිකෙ මහාමත්තෙ පුච්ඡිංසු.
Sinhala BJT“ආරාමය ගන්නා ලද ද? නො ගන්නා ලද දැ” යි විනිශ්චයකාර මහඇමැත්තන් විචාළාහ.
Pali BJTමහාමත්තා එවමාහංසු “යතො තයා අය්යපුත්ත අග්ඝො කතො, ගහිතො ආරාමො”ති.
Sinhala BJT“ආර්‍ය්‍යපුත්‍රයෙනි, යම් හෙයෙකින් ඔබ විසින් අගය නියම කොට කියන ලද ද, එහෙයින් (සිටුහු විසින්) ආරාමය ගන්නා ලද්දේ යැ” යි ඇමැත්තෝ කීහ.
Pali BJT34. අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති සකටෙහි හිරඤ්ඤං නිබ්බාහාපෙත්වා ජෙතවනං කොටිසන්ථරං සන්ථරාපෙසි. සකිං නීහටං හිරඤ්ඤං ථොකස්ස ඔකාසස්ස කොට්ඨකසාමන්තා නප්පහොති. අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති මනුස්සෙ ආණාපෙසි “ගච්ඡථ භණෙ, හිරඤ්ඤං ආහරථ. ඉමං ඔකාසං සන්ථරිස්සාමී”ති.
Sinhala BJT34. එයින් පසු අනේපිඬු සිටු ගැල්වලින් මසුරන් අදවා ජේතවනය, (මසුරන්) සුලසින් සුලස ඇතිරැවී ය. එක් වරක් ගෙනෙන ලද මසුරන් දොරකොටුව සමීපයේ ස්වල්ප අවකාශයකට ප්‍රමාණ නො වෙයි. (මඳවෙයි) . . . එකල්හි අනේපිඬු සිටු මිනිසුන් බණවා “සගයෙනි, මසුරන් ගෙනෙවු. මේ අවකාශය අතුරා වසාලන්නෙමි” යි ඇණවී ය.
Pali BJTඅථ ඛො ජෙතස්ස කුමාරස්ස එතදහොසි “න ඛො ඉදං ඔරකං භවිස්සති, යථායං ගහපති තාව බහුං හිරඤ්ඤං පරිච්චජතී”ති. අනාථපිණ්ඩිකං ගහපතිං එතදවොච “අලං ගහපති, මා තං ඔකාසං සන්ථරාපෙසි. දෙහි මෙ එතං ඔකාසං. මමෙතං දානං භවිස්සතී”ති.
Sinhala BJTඑවිට ජේතරාජකුමාරයාට “යම්හෙයකින් මේ ගැහැවි තෙම ඒ සා මහත් මසුරන් රැසක් පරිත්‍යාග කරන්නේ ද එ හෙයින් මෙ සුළු කාරියෙක් නො වන්නේ යැ” යි මේ සිත විය. ඉක්බිති හෙතෙම අනේපිඬු සිටුහට “ගැහැවියනි, අවශ්‍ය නැත. ඒ අවකාශය නො අතුරවන්න. ඒ අවකාශය මට දෙන්න. එය මගේ දානය වන්නේයැ” යි කී ය.
Pali BJTඅථ ඛො අනාථපිණ්ඩිකො ගහපති “අයං ඛො ජෙතො රාජකුමාරො අභිඤ්ඤාතො ඤාතමනුස්සො. මහත්ථිකො{4} ඛො පන එවරූපානං ඤාතමනුස්සානං ඉමස්මිං ධම්මවිනයෙ පසාදො”ති තං ඔකාසං ජෙතස්ස කුමාරස්ස පාදාසි. අථ ඛො ජෙතො රාජකුමාරො තස්මිං ඔකාසෙ කොට්ඨකං මාපෙසි.
Sinhala BJTඑවිට අනේපිඬු “මේ ජේතරාජකුමාර තෙම (මහ ජනයා විසින්) වෙසෙසින් දන්නා ලද ප්‍රකට මිනිසෙකි. මෙබඳු ප්‍රකට මිනිසුන් මෙ සස්නෙහි පැහැදීම මහත් වැඩ සිදුකරන්නේ වේ” යැ යි සිතා ඒ අවකාශ ප්‍රදේශය ජේතරාජකුමාරයාට දුන්නේ ය. එයින් පසු ජේතරාජකුමාර , තෙම එ ඉඩම් කැබැල්ලෙහි දොරටු පහයක් තැනැවී ය.
Pali BJTඅථ ඛො අනාථපිණ්ඩිකො ගහපති ජෙතවනෙ විහාරෙ කාරාපෙසි, පරිවෙනානි කාරාපෙසි, කොට්ඨකෙ කාරාපෙසි, උපට්ඨානසාලායො කාරාපෙසි, අග්ගිසාලායො කාරාපෙසි, කප්පියකුටියො කාරාපෙසි, වච්චකුටියො කාරාපෙසි, පස්සාවකුටියො කාරාපෙසි, චඞ්කමෙ කාරාපෙසි, චඞ්කමනසාලායො කාරාපෙසි, උදපානෙ කාරාපෙසි, උදපානසාලායො කාරාපෙසි, ජන්තාඝරෙ කාරාපෙසි, ජන්තාඝරසාලායො කාරාපෙසි, පොක්ඛරණියො කාරාපෙසි, මණ්ඩපෙ කාරාපෙසි.
Sinhala BJTඉක්බිත්තෙන් අනේපිඬු සිටු ජේතවනයෙහි විහාරයන් කැරැවිය. පිරිවෙන් කැරැවිය, දොරටු කැරැවිය, උවටන්හල් කැරැවිය, ගිනිහල් කැරැවිය, කැපකිළි කැරැවිය. වැසිකිළි කැරැවිය, කෙසකිළි කැරැවිය. සක්මන්මළු කැරැවිය, සක්මන් හල් කැරැවිය. ළින් කැරැවිය, ළින්හල් කැරැවිය, ජෙන්තාකගෘහ කැරැවිය, ජෙන්තාකගතෘහශාලා කැරැවීය. පොකුණු කැරැවිය. මඩු කැරැවිය.
Pali BJT35. අථ ඛො භගවා රාජගහෙ යථාභිරන්තං විහරිත්වා යෙන වෙසාලී තෙන චාරිකං පක්කාමි. අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන වෙසාලී තදවසරි. තත්ර සුදං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. තෙන ඛො පන සමයෙන මනුස්සා සක්කච්චං නවකම්මං කරොන්ති. යෙපි භික්ඛූ නවකම්මං අධිට්ඨෙන්ති තෙපි සක්කච්චං උපට්ඨෙන්ති චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙහි.
Sinhala BJT35. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවරැ කැමැති තාක් කල් වැඩසිට විසල් මහනුවරට පිටත් වූයේක. පිළිවෙළින් සැරිසරා වඩනාසේක් විසල් පුරයට සම්ප්‍රාප්ත වූයේක. එ සමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ විසල් පුරැ මහවෙහෙනහි කුළාරහල් වෙහෙරැ වසනසේක. එකල මිනිස්සු සකසා නවාම් කෙරෙත්. යම් මහණ කෙනෙක් නවාම් ඉවසත් නම් ඔවුනට ද සිවුරු පිඩුපා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරින් සකසා උවටන් කෙරෙත්.
Pali BJTඅථ ඛො අඤ්ඤතරස්ස දළිද්දස්ස තුන්නවායස්ස එතදහොසි “න ඛො පනෙදං ඔරකං භවිස්සති, යථා ඉමෙ මනුස්සා සක්කච්චං නවකම්මං කරොන්ති. යන්නූනාහම්පි නවකම්මං කරෙය්යන්ති”.
Sinhala BJTඑ කල එක්තරා දිළිඳු රෙදිවියන්නකුට “යම්සේ මේ මිනිස්සු සකසා නවාම් කෙරෙත් ද එහෙයින් මෙය සුළු කාරියෙක් නො වියයුතු, නවාමක් කළොත් යෙහෙකැ” යි මේ සිත විය.
Pali BJTඅථ ඛො සො දළිද්දො තුන්නවායො සාමං චික්ඛල්ලං මද්දිත්වා ඉට්ඨකායො චිනිත්වා කුඩ්ඩං උට්ඨාපෙසි. තෙන අකුසලකෙන චිතා වඞ්කා භිත්ති පරිපති. දුතියම්පි ඛො -පෙ- තතියම්පි ඛො සො දළිද්දො තුන්නවායො සාමං චික්ඛල්ලං මද්දිත්වා ඉට්ඨකායො චිනිත්වා කුඩ්ඩං උට්ඨාපෙසි. තෙන අකුසලකෙන චිතා වඞ්කා භිත්ති පරිපති.
Sinhala BJTඑයින් පසු ඒ දිළිඳු රෙදිවියන්නා තෙමේ ම මැටි මැඩ ගඩොළු තනා බිත්තියක් නැංවිය. අදක්‍ෂ වූ ඔහු විසින් තනන ලද, වක් වූ බිත්තිය කැඩී වැටිණ. දෙවැනි වරද ... තුන්වැනි වරද ඒ දිළිඳු රෙදි වියන්නා තෙමේ ම මැටි මැඩ ගඩොළු තනා බිත්තියෙක් නැංවිය. අදක්‍ෂ වූ ඔහු විසින් තනන ලද වක් වූ බිත්තිය කැඩී වැටිණ.
Pali BJTඅථ ඛො සො දළිද්දො තුන්නවායො උජ්ඣායති ඛීයති විපාචෙති “යෙ ඉමෙසං සමණානං සක්යපුත්තියානං දෙන්ති චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චය-භෙසජ්ජපරික්ඛාරං තෙ ඉමෙ ඔවදන්ති අනුසාසන්ති තෙසං ච නවකම්මං අධිට්ඨෙන්ති. අහං පනම්හි දළිද්දො. න මං කොචි ඔවදති වා අනුසාසති වා නවකම්මං වා අධිට්ඨෙතී”ති.
Sinhala BJTඑකලැ එ දිළිඳු රෙදිවියන්නා “යම් කෙනෙක් මේ ශාක්‍යපුත්‍රික මහණුනට සිවුරු පිඬුපා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර දෙත් ද ඔවුනට මොහු අවවාද කරත්, අනුශාසනා කරත්, ඔවුන්ගේ නවාම් ද ඉටත්. මම් වූ කලි දිළින්දෙක්මි. කිසිවෙක් මට අවවාද හෝ අනුශාසනා හෝ නො කෙරෙයි. නවාම් හෝ නො ඉටුයැ යි ලාමක කොට සිතයි. නින්‍දා කෙරෙයි. දොස් පතුරුවයි.
Pali BJT36. අස්සොසුං ඛො භික්ඛූ තස්ස දළිද්දස්ස තුන්නවායස්ස උජ්ඣායන්තස්ස ඛීයන්තස්ස විපාචෙන්තස්ස. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි.
Sinhala BJT36. භික්‍ෂුහු පහත් කොට සිතන නින්‍දා කරන දොස් පතුරුවන ඒ දිළිඳු රෙදිවියන්නා ගේ කථාව ඇසූහ. ඉක්බිති ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළහ. එ විට භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කරුණෙහි දැහැමි කථා කොට භික්‍ෂූන් අමතා මෙසේ වදාළසේක.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ නවකම්මං දාතුං, නවකම්මිකො භික්ඛවෙ භික්ඛු උස්සුක්කං ආපජ්ජිස්සති “කින්ති නු ඛො විහාරො ඛිප්පං පරියොසානං ගච්ඡෙය්යා”ති ඛණ්ඩඵුල්ලං පටිසඞ්ඛරිස්සති. එවඤ්ච පන භික්ඛවෙ දාතබ්බං: පඨමං භික්ඛු යාචිත්වා ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො.
Sinhala BJT“මහණෙනි, නවාම් දෙන්නට අනුදනිමි. මහණෙනි, නවකැමි මහණ තෙම කෙසේ නම් විහාරය වහා නිමාවට යන්නේ දැ” යි උත්සාහවත් බවට පැමිණෙන්නේ ය. කැඩුණු බිඳුණු තැන් ප්‍රකෘතිමත් කරන්නේ ය. මහණෙනි, මෙසේ දියැයුතු ය. පළමු කොට මහණුන්ගෙන් (මහණෙක්) ඉල්ලියැයුතු. පළමු කොට මහණුන් යැද ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් සංඝයා මෙසේ දැන්වියයුතු:
Pali BJT“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො ඉත්ථන්නාමස්ස ගහපතිනො විහාරං ඉත්ථන්නාමස්ස භික්ඛුනො නවකම්මං දදෙය්ය” එසා ඤත්ති.
Sinhala BJT“සංස තෙමේ මගේ වචනය අසාවා ඉදින් සංඝයාට සුදුසු කල් ඇති කර්‍මයෙක් වැ වැටහේ නම්, සංඝ තෙමේ මෙ නම් ගැහැවියාගේ විහාරය මෙ නම් මහණහට නවකර්‍මය පිණිස දෙන්නේ ය” මේ දැනුම් දීමයි.
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො. සඞ්ඝො ඉත්ථන්නාමස්ස ගහපතිනො විහාරං ඉත්ථන්නාමස්ස භික්ඛුනො නවකම්මං දෙති. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස ගහපතිනො විහාරං ඉත්ථන්නාමස්ස භික්ඛුනො නවකම්මස්ස දානං, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති සො භාසෙය්ය.
Sinhala BJTවහන්ස, සඞ්ඝ තෙමේ මෙ නම් ගැහැවියාගේ විහාරය මෙ නම් මහණහට නවකර්‍මය පිණිස දෙයි. මෙනම් ගැහැවියා ගේ විහාරය මෙ නම් මහණහුට නවකම් පිණිස දීම යම් ආයුෂ්මතකුහට රිසියෙන්නේ නම් හේ නිහඬ වේවා. යමකුට නො රිසියෙන්නේ නම් හේ කියාවා.
Pali BJTදින්නො සඞ්ඝෙන ඉත්ථන්නාමස්ස ගහපතිනො විහාරො ඉත්ථන්නාමස්ස භික්ඛුනො නවකම්මං. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJTසංඝයා විසින් මෙ නම් ගැහැවියාගේ විහාරය මෙ නම් මහණහට නවකම් සඳහා දෙන ලද්දේ ය. සංඝයාට රිසියෙයි. එහෙයින් නිහඬ ය. මෙසේ මෙ කරුණ සලකමි” යනු යි.
Pali BJT37. අථ ඛො භගවා වෙසාලියං යථාභිරන්තං විහරිත්වා යෙන සාවත්ථි තෙන චාරිකං පක්කාමි. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියානං භික්ඛූනං අන්තෙවාසිකා භික්ඛූ බුද්ධපමුඛස්ස සඞ්ඝස්ස පුරතො පුරතො ගන්ත්වා විහාරෙ පරිගණ්හන්ති, සෙය්යායො පරිගණ්හන්ති “ඉදං අම්හාකං උපජ්ඣායානං භවිස්සති, ඉදං අම්හාකං ආචරියානං භවිස්සති, ඉදං අම්හාකං භවිස්සතී”ති.
Sinhala BJT37. එකලැ භාග්‍යවතුන් වහන්සේ විසල්පුරැ කැමැති තාක් කල් වැස සැවැත් නුවර බලා සැරිසරා වැඩිසේක. එ සමයෙහි සවැගි මහණුන්ගේ අතැවැසි මහණහු බුදුපාමොක් සඟනට පෙරාතු ව පෙරාතු ව ගොස් “මෙය අපේ උපාධ්‍යායනට වන්නේ ය. මෙය අපේ ඇදුරනට වන්නේ ය. මෙය අපට වන්නේ යැ” යි කියා විහාරයන් අත්කැරැ ගනිත්, යහන් අත් කැරැගනිත්.
Pali BJTඅථ ඛො ආයස්මා සාරිපුත්තො බුද්ධපමුඛස්ස සඞ්ඝස්ස පිට්ඨිතො පිට්ඨිතො ගන්ත්වා විහාරෙසු පරිග්ගහිතෙසු, සෙය්යාසු පරිග්ගහිතාසු සෙය්යං අලභමානො අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ නිසීදි. අථ ඛො භගවා රත්තියා පච්චූසසමයං පච්චුට්ඨාය උක්කාසි. ආයස්මා පි සාරිපුත්තො උක්කාසි. “කො එත්ථා”ති. “අහං භන්තෙ සාරිපුත්තො”ති.
Sinhala BJTඑකල්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරණුවෝ බුදුපාමොක් සඟනට පිටුපසින් පිටුපසින් වැඩ (කලදී සවැගි මහණුන් විසින්) විහාරයන් අත්කැරැ ගන්නා ලද කල්හි යහන් අත්කැරැ ගන්නා ලද කල්හි සැතපෙන්නට යහනක් නො ලබනුයේ එක්තරා රුක්මුලෙක වැඩහුන්හ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ රෑ අලුයම්හි නැගීසිට කැස්ස සේක. ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරණුවෝ ද කැස්සහ. “මෙහි කවරෙක් දැ” යි භාග්‍යවතුන් වහන්සේ ඇසූසේක. “වහන්ස, මම ශාරිපුත්‍රයෙමි” යි කීහ.
Pali BJT“කිස්ස ත්වං සාරිපුත්තං ඉධ නිසින්නො”ති.
Sinhala BJT“ශාරිපුත්‍රයෙනි, තෙපි කවරහෙයින් මෙහි හුන්නු දැ” යි භාග්‍යවතුන් වහන්සේ පුළුවුත්සේක.
Pali BJTඅථ ඛො ආයස්මා සාරිපුත්තො භගවතො එතමත්ථං ආරොචෙසි. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා භික්ඛූ පටිපුච්ඡි “සච්චං කිර භික්ඛවෙ ඡබ්බග්ගියානං භික්ඛූනං අන්තෙවාසිකා භික්ඛූ බුද්ධපමුඛස්ස සඞ්ඝස්ස පුරතො පුරතො ගන්ත්වා විහාරෙ පරිගණ්හන්ති, සෙය්යායො පරිගණ්හන්ති ‘ඉදං අම්හාකං උපජ්ඣායානං භවිස්සති, ඉදං අම්හාකං ආචරියානං භවිස්සති, ඉදං අම්හාකං භවිස්සතී”ති. “සච්චං භගවා”ති.
Sinhala BJTඑකල්හි සැරියුත් තෙරණුවෝ මෙ පවත් භාග්‍යවතුන් වහන්සේට සැලකළහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි බික්සඟන රැස් කරවා, “මහණෙනි, සවැගි මහණුන්ගේ අතැවැසි මහණහු පෙරාතු ව පෙරාතු ව ගොස් ‘මෙය අප උපාධ්‍යයනට වන්නේය. මෙය අප ඇදුරනට වන්නේ ය. මෙය අපට වන්නේ යැ’ යි විහාරයන් අත් කැරැ ගනිත් ල, යහන් අත් කැරැ ගනිත් ල. ඒ සැබෑ දැ” යි අසා වදාළසේක. “සැබැව භාග්‍යවතුන් වහන්සැ” යි භික්ෂූහු කීහ.
Pali BJTවිගරහි බුද්ධො භගවා -පෙ- “කථං හි නාම තෙ භික්ඛවෙ මොඝපුරිසා බුද්ධපමුඛස්ස සඞ්ඝස්ස පුරතො පුරතො ගන්ත්වා විහාරෙ පරිගණ්හිස්සන්ති, සෙය්යායො පරිගණ්හිස්සන්ති ‘ඉදං අම්හාකං උපජ්ඣායානං භවිස්සති, ඉදං අම්හාකං ආචරියානං භවිස්සති, ඉදං අම්හාකං භවිස්සතී’ති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය පසන්නානං වා භිය්යොභාවාය. අථ ඛො තං භික්ඛවෙ අප්පසන්නානඤ්චෙව අප්පසාදාය පසන්නානඤ්ච එකච්චානං අඤ්ඤථත්තායා”ති විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “කො භික්ඛවෙ අරහති අග්ගාසනං අග්ගොදකං අග්ගපිණ්ඩන්ති”
Sinhala BJT“මහණෙනි, ඒ හිස් පුරුෂයෝ කෙසේ නම් බුදුපාමොක් සඟනට පෙරාතුව පෙරාතුව ගොස් ‘මෙය අපේ උපාධ්‍යයනට වන්නේ ය. මෙය අපේ ඇදුරනට වන්නේ ය. මෙය අපට වන්නේ යැ’යි විහාරයන් අත්කැරැගන්නාහු ද, යහන් අත්කැරැ ගන්නාහුද, මහණෙනි, තෙල නො පහන් වූවන්ගේ පැහැදීම පිණිස ද පහන් වූවන්ගේ බොහෝවීම පිණිස ද නො වන්නේ ය. වැලි දු මහණෙනි, එය නො පහන් වූවන්ගේ නො පහන් බව පිණිස ද පහන් වූ ඇතැම් කෙනකුන්ගේ වෙනස් බව පිණිස ද වන්නේ යැ” යි භාග්‍යවතුන් වහන්සේ ගැරැහු සේක. ගරහා දැහැමි කථා කොට භික්‍ෂූන් බණවා “මහණෙනි, අග්‍රාසනය, අග්‍රෝදකය අග්‍රභෝජනය (ස්ථවිර පිණ්ඩය) ලබන්නට කවරෙක් සුදුසු දැ” යි අසා වදාළ සේක.
Pali BJT38. එකච්චෙ භික්ඛූ එවමාහංසු: “යො භගවා ඛත්තියකුලා පබ්බජිතො සො අරහති අග්ගාසනං අග්ගොදකං අග්ගපිණ්ඩන්ති.”
Sinhala BJT38. “භාග්‍යවතුන් වහන්ස, යමෙක් කැත් කුලයෙන් පැවිදි වූයේ ද, හේ අග්‍රාසනය අග්‍රෝදකය අග්‍රභෝජනය (ස්ථවිර පිණ්ඩය) ලබනුවට සුදුසු වේ යැ” යි සමහර මහණහු කීහ.
Pali BJTඑකච්චෙ භික්ඛූ එවමාහංසු: “යො භගවා බ්රාහ්මණකුලා පබ්බජිතො සො අරහති අග්ගාසනං අග්ගොදකං අග්ගපිණ්ඩන්ති.”
Sinhala BJT“භාග්‍යවතුන් වහන්ස, යමෙක් බමුණු කුලයෙන් පැවිදි වූයේ ද හේ අග්‍රාසනය අග්‍රෝදකය අග්‍රභෝජනය ලබන්නට සුදුසු වේ යැ” යි සමහර මහණහු කීහ.
Pali BJTඑකච්චෙ භික්ඛූ එවමාහංසු: “යො භගවා ගහපතිකුලා පබ්බජිතො සො අරහති අග්ගාසනං අග්ගොදකං අග්ගපිණ්ඩන්ති.”
Sinhala BJT“භාග්‍යවතුන් වහන්ස, යමෙක් ගැහැවි කුලයෙන් නික්ම පැවිදි වූයේ ද හේ අග්‍රාසනය අග්‍රෝදකය අග්‍රභෝජනය ලබනුවට සුදුසු වේ” යැයි සමහර මහණහු කීහ.
Pali BJTඑකච්චෙ භික්ඛූ එවමාහංසු: “යො භගවා සුත්තන්තිකො සො අරහති අග්ගාසනං අග්ගොදකං අග්ගපිණ්ඩන්ති.”
Sinhala BJT“භාග්‍යවතුන් වහන්ස, යමෙක් සූත්‍රාන්තධර ද හේ අග්‍රාසනය අග්‍රෝදකය අග්‍රභෝජනය ලබනුවට සුදුසු වේ යැ” යි සමහර මහණහු කීහ.
Pali BJTඑකච්චෙ භික්ඛූ එවමාහංසු: “යො භගවා විනයධරො සො අරහති අග්ගාසනං අග්ගොදකං අග්ගපිණ්ඩන්ති.”
Sinhala BJT“භාග්‍යවතුන් වහන්ස, යමෙක් විනයධර ද හේ අග්‍රාසනය අග්‍රෝදකය අග්‍රභෝජනය ලබනුවට සුදුසු වේ යැ” යි සමහර මහණහු කීහ.
Pali BJTඑකච්චෙ භික්ඛූ එවමාහංසු: “යො භගවා ධම්මකථිකො සො අරහති අග්ගාසනං -අග්ගොදකං අග්ගපිණ්ඩන්ති.”
Sinhala BJT“භාග්‍යවතුන් වහන්ස, යමෙක් ධර්‍මකථික ද හේ අග්‍රාසනය අග්‍රෝදකය අග්‍රභෝජනය ලබනුවට සුදුසු යැ” යි සමහර මහණහු කීහ.
Pali BJTඑකච්චෙ භික්ඛූ එවමාහංසු: “යො භගවා පඨමස්ස ඣානස්ස ලාභී සො අරහති අග්ගාසනං අග්ගොදකං අග්ගපිණ්ඩන්ති.”
Sinhala BJT“භාග්‍යවතුන් වහන්ස, යමෙක් ප්‍රථමධ්‍යානලාභී ද හේ අග්‍රාසනය අග්‍රෝදකය අග්‍රභෝජනය ලබනුවට සුදුසු යැ’යි සමහර මහණහු කීහ.
Pali BJTඑකච්චෙ භික්ඛූ එවමාහංසු: “යො භගවා දුතියස්ස ඣානස්ස ලාභී -පෙ- “යො භගවා තතියස්ස ඣානස්ස ලාභීති -පෙ- “යො භගවා චතුත්ථස්ස ඣානස්ස ලාභී සො අරහති අග්ගාසනං අග්ගොදකං අග්ගපිණ්ඩන්ති.”
Sinhala BJT“භාග්‍යවතුන් වහන්ස, යමෙක් ද්විතීය ධ්‍යානලාභී ද ... තෘතීය ධ්‍යානලාභී ද ... චතුර්‍ත්‍ථ ධ්‍යානලාභී ද, හේ අග්‍රාසනය අග්‍රෝදකය අග්‍රභෝජනය ලබනුවට සුදුසු යැ” යි සමහර මහණහු කීහ.
Pali BJTඑකච්චෙ භික්ඛූ එවමාහංසු: “යො භගවා සොතාපන්නො සො අරහති අග්ගාසනං අග්ගොදකං අග්ගපිණ්ඩන්ති.”
Sinhala BJT“භාග්‍යවතුන් වහන්ස, යමෙක් සෝවාන් ද හේ අග්‍රාසනය අග්‍රෝදකය අග්‍රභෝජනය ලබනුවට සුදුසු යැ” යි සමහර මහණහු කීහ.
Pali BJTඑකච්චෙ භික්ඛූ එවමාහංසු: “යො භගවා සකදාගාමී” -පෙ- යො භගවා අනාගාමී” -පෙ- “යො භගවා අරහා සො අරහති අග්ගාසනං අග්ගොදකං අග්ගපිණ්ඩන්ති.”
Sinhala BJT“භාග්‍යවතුන් වහන්ස, යමෙක් සකෘදාගාමී ද... අනාගාමී ද... යමෙක් රහත් ද හේ අග්‍රාසනය අග්‍රෝදකය අග්‍රභෝජනය ලබනුවට සුදුසු යැ” යි සමහර මහණහු කීහ.
Pali BJTඑකච්චෙ භික්ඛූ එවමාහංසු: “යො භගවා තෙවිජ්ජො සො අරහති අග්ගාසනං අග්ගොදකං අග්ගපිණ්ඩන්ති.”
Sinhala BJT“භාග්‍යවතුන් වහන්ස, යමෙක් ත්‍රිවිද්‍යා ලාභී ද හේ අග්‍රාසනය අග්‍රෝදකය අග්‍රභෝජනය ලබනුවට සුදුසු යැ” යි සමහර මහණහු කීහ.
Pali BJTඑකච්චෙ භික්ඛූ එවමාහංසු: “යො භගවා ඡළභිඤ්ඤො සො අරහති අග්ගාසනං අග්ගොදකං අග්ගපිණ්ඩන්ති.”
Sinhala BJT“භාග්‍යවතුන් වහන්ස, යමෙක් ෂඩ්භිඥ ද හේ අග්‍රාසනය අග්‍රෝදකය අග්‍රභෝජනය ලබනුවට සුදුසු යැ” යි සමහර මහණහු කීහ.
Pali BJT39. අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: “භූතපුබ්බං භික්ඛවෙ හිමවන්තපස්සෙ මහානිග්රොධො අහොසි. තං තයො සහායා උපනිස්සාය විහරිංසු තිත්තිරො ච මක්කටො ච හත්ථිනාගො ච. තෙ අඤ්ඤමඤ්ඤං අගාරවා අප්පතිස්සා අසභාගවුත්තිකා විහරන්ති. අථ ඛො භික්ඛවෙ තෙසං සහායානං එතදහොසි: “අහො නූන මයං ජානෙය්යාම. යං අම්හාකං ජාතියා මහන්තතරො තං මයං සක්කරෙය්යාම ගරුං කරෙය්යාම මානෙය්යාම පූජෙය්යාම තස්ස ච මයං ඔවාදෙ තිට්ඨෙය්යාමා”ති.
Sinhala BJT39. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් අමතා මෙය වදාළ සේක. “මහණෙනි, පෙර වූවක් කියමි. මහණෙනි, පෙර හිමවත පාර්‍ශවයෙහි මහනුගරුකෙක් විය. වටුවෙක් ද වඳුරෙක් ද ඇතෙක් ද යන තුන් යහළු කෙනෙක් එය ඇසුරු කොට විසූහ. ඔහු උනුනට ගරුසරු නැති ව යටත් පැවතුම් නැති ව සභාග පැවැතුම් නැති ව වෙසෙත්. මහණෙනි, එකල්හි ඒ යහළුවනට “ අප අතුරෙන් යමෙක් උත්පත්තියෙන් ඉතා මහලු ද ඔහු දැනගත හෙන්නමෝ නම්, ගරු කරන්නමෝ නම් බුහුමන් කරන්නමෝ නම් පුදන්නමෝ නම්, ඔහුගේ අවවාදයෙහිත් පිහිටන්නමෝ නම් ඉතා යෙහෙකැ” යි මේ සිත විය.
Pali BJTඅථ ඛො භික්ඛවෙ තිත්තිරො ච මක්කටො ච හත්ථිනාගං පුච්ඡිංසු “ත්වං සම්ම කිං පොරාණං සරසී”ති.
Sinhala BJTමහණෙනි, එයින් පසු වටුවා ද වඳුරා ද ඇතු බණවා “යහළුව, තෙපි පැරැණි ම වූ කුමක් සිහි කරවු දැ” යි විචාළාහ.
Pali BJT“යදාහං සම්මා ඡාපො හොමි, ඉමං නිග්රොධං අන්තරා සත්ථීනං{1} කරිත්වා අතික්කමාමි අග්ගඞ්කුරකං මෙ උදරං ඡුපති. ඉමාහං සම්මා පොරාණං සරාමී”ති.
Sinhala BJT“යහළුවනි, මම් යම් කලෙක පැටියෙක් වීම් ද එ කල්හි මම් මේ නුගරුක මාගේ කලවා අතුරෙහි කොට ඉක්මෙමි, මුදුන් දලුව මගේ බඩ ස්පර්‍ශ කෙරෙයි. යහළුවනි, මම මේ පැරැණි ම දැය සිහි කරමි” යි ඇතා කීය.
Pali BJTඅථ ඛො භික්ඛවෙ තිත්තිරො ච හත්ථිනාගො ච මක්කටං පුච්ඡිංසු “ත්වං සම්ම කිං පොරාණං සරසී’ති.
Sinhala BJT“මහණෙනි, ඉක්බිති වටුවා ද ඇතා ද වඳුරා බණවා “යහළුව, තෙපි පැරැණිම වූ කුමක් සිහි කරවු දැ” යි ඇසූහ.
Pali BJTයදාහං සම්මා ඡාපො හොමි ඡමායං නිසීදිත්වා ඉමස්ස නිග්රොධස්ස අග්ගඞ්කුරකං ඛාදාමි. ඉමාහං සම්මා පොරාණං සරාමී”ති.
Sinhala BJTයහළුවනි, යම් කලෙක මම් පැටියෙක් වීම් ද, එකලහැ මම් බිම හිඳ මේ නුගයේ මුදුන් දලුව කමි. යහළුවනි, මම් මේ පැරැණි ම දැය සිහි කරමි” යි වඳුරා කී ය.
Pali BJTඅථ ඛො භික්ඛවෙ මක්කටො ච හත්ථිනාගො ච තිත්තිරං පුච්ඡිංසු “ත්වං සම්ම කිං පොරාණං සරසී”ති.
Sinhala BJTමහණෙනි, ඉක්බිති වඳුරාත් ඇතාත් වටුවා බණවා “යහළුව, තෙපි පැරැණි ම වූ කුමක් සිහි කරවු දැ” යි පුළුවුත්හ.
Pali BJTඅමුකස්මිං සම්මා ඔකාසෙ මහානිග්රොධො අහොසි. තතො අහං ඵලං භක්ඛිත්වා ඉමස්මිං ඔකාසෙ වච්චං අකාසිං. තස්සායං නිග්රොධො ජාතො. තදාහං සම්මා ජාතියා මහන්තතරො”ති.
Sinhala BJT“යහළුවනි, අසෝ තන්හි මහනුගයෙක් විය. මම් එයින් ගෙඩියක් කා මෙ තැන වසුරු පහකෙළෙමි. එයින් මේ නුගය ඇති විය. යහළුවනි, එදාත් මම් උපතින් ඉතා වැඩුණෙක් ව උනිමි” යි වටුවා කී ය.
Pali BJTඅථ ඛො භික්ඛවෙ මක්කටො ච හත්ථිනාගො ච තිත්තිරං එතදවොචුං: “ත්වං සම්ම අම්හාකං ජාතියා මහන්තතරො. තං මයං සක්කරිස්සාම ගරුකරිස්සාම මානෙස්සාම පූජෙස්සාම තුය්හඤ්ච මයං ඔවාදෙ පතිට්ඨිස්සාමා”ති.
Sinhala BJTමහණෙනි, එ කල්හි වඳුරා ද ඇතා ද වටුවා බණවා “යහළුව, තෙපි උපතින් අප දෙදෙනාට ම වඩා මහලු ය, අපි ඒ තොපට සත්කාර කරන්නමු, ගෞරව කරන්නමු, බුහුමන් කරන්නමු, පුදන්නමු, තොපගේ අවවාදයෙහි ද අපි පිහිටන්නමු” යි කීහ.
Pali BJTඅථ ඛො භික්ඛවෙ තිත්තිරො මක්කටඤ්ච හත්ථිනාගඤ්ච පඤ්චසු සීලෙසු සමාදපෙසි. අත්තනා ච පඤ්චසු සීලෙසු සමාදාය වත්තති. තෙ අඤ්ඤමඤ්ඤං සගාරවා සප්පතිස්සා සභාගවුත්තිකා විහරිත්වා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජිංසු. එවං ඛො තං භික්ඛවෙ තිත්තිරියං නාම බ්රහ්මචරියං අහොසි.
Sinhala BJTමහණෙනි, එයින් පසු වටුවා වඳුරා ද ඇතු ද පන්සිල්හි පිහිටුවිය. තෙමේ ද පන්සිල් ගෙන පවතියි. ඔහු උනුනට ගෞරව සහිත ව යටත් පැවැතුම් සහිත ව සභාග පැවැතුම් සහිත ව වැස කාබුන් මරණින් මතු සුවයට ස්ථාන වූ සගලොවට ගියාහ. මහණෙනි, මෙය තෛත්තිරිය බ්‍රහමචර්ය නම් විය.
Pali BJTයෙ වුද්ධමපචායන්ති නරා ධම්මස්ස කොවිදා දිට්ඨෙව ධම්මෙ පාසංසා සම්පරායෙ ච සුග්ගතී.
Sinhala BJTදහම්හි දක්‍ෂ වූ (දහම් දන්නා) යම් කෙනෙක් වැඩිමහල්ලාට යටත් ව පවතිත් ද ඔහු මෙ අත්බව්හි පැසසුම් ලබන්නෝ ද පරලොව්හි සුගතිය ඇත්තෝ ද වෙති.
Pali BJTතෙ හි නාම භික්ඛවෙ තිරච්ඡානගතා පාණා අඤ්ඤමඤ්ඤං සගාරවා සප්පතිස්සා සභාගවුත්තිකා විහරිස්සන්ති. ඉධ ඛො තං භික්ඛවෙ සොභෙථ යං තුම්හෙ එවං ස්වාක්ඛාතෙ ධම්මවිනයෙ පබ්බජිතා සමානා අඤ්ඤමඤ්ඤං අගාරවා අප්පතිස්සා අසභාගවුත්තිකා විහරෙය්යාථ. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය පසන්නානං වා භිය්යොභාවාය. අථ ඛො තං භික්ඛවෙ අප්පසන්නානඤ්චෙව අප්පසාදාය පසන්නානඤ්ච එකච්චානං අඤ්ඤථත්තායා”ති විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “අනුජානාමි භික්ඛවෙ යථාවුඩ්ඪං අභිවාදනං පච්චුට්ඨානං අඤ්ජලිකම්මං සාමීචිකම්මං අග්ගාසනං අග්ගොදකං අග්ගපිණ්ඩං. න ච භික්ඛවෙ සඞ්ඝිකං යථාවුඩ්ඪං පටිබාහිතබ්බං. යො පටිබාහෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJTමහණෙනි, තිරිසන්ගිය ප්‍රාණීහු වූ ඔහු පවා උනුනට ගෞරව ඇත්තෝ ව යටත් පැවැතුම් ඇත්තෝ ව සභාග පැවැතුම් ඇත්තෝ ව වුසූහ. මහණෙනි, මෙසේ වූ ස්වාඛ්‍යාත ශාසනයෙහි පැවිදි වූ තෙපි උනුනට ගෞරව නැති ව යටත් පැවැතුම් නැති ව සභාග පැවැතුම් නැති ව වසන්නහු ය යන යමෙක් ඇද්ද, මෙහි ලා එය හොබනේ ද? මහණෙනි, මෙය නො පහන් අයගේ පැහැදීම පිණිස ද පහන් අයගේ බොහෝ වීම පිණිස ද නො වන්නේ ය. වැළිදු මහණෙනි, එය නො පහන් වූවන්ගේ නො පැහැදීම පිණිස ද පහන් වූ සමහර කෙනකුන්ගේ වෙනස් වීම පිණිස ද වන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාරා (වැඩිමහලු තෙරුනට ගෞරව නො කිරීමට) ගරහා දැහැමි කතා කොට භික්‍ෂූන් බණවා, “මහණෙනි, මහලු පිළිවෙළින් වැඳීම, දැක හුනස්නෙන් නැගී සිටීම, ප්‍රිය වචන යෙන් කථාකිරීම ප්‍රථමාසනය ප්‍රථමඋදකය ප්‍රථම භෝජනය සංඝස්ථවිර තෙරහට පිරිනැමීම අනුදනිමි. එහෙත් සඟසතු කොට පිදු දෑ වැඩිමහලු පිළිවෙළින් නො ඉසිලියැයුතු. යමෙක් උසුලන්නේ ද දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
Pali BJT40. දස ඉමෙ භික්ඛවෙ අවන්දියා: පුරෙ උපසම්පන්නෙන පච්ඡා උපසම්පන්නො අවන්දියො, අනුපසම්පන්නො අවන්දියො, නානාසංවාසකො වුඩ්ඪතරො අධම්මවාදී අවන්දියො, මාතුගාමො අවන්දියො, පණ්ඩකො අවන්දියො, පාරිවාසිකො අවන්දියො, මූලාය පටිකස්සනාරහො අවන්දියො, මානත්තාරහො අවන්දියො, මානත්තචාරිකො අවන්දියො. අබ්භානාරහො අවන්දියො. ඉමෙ ඛො භික්ඛවෙ දස අවන්දියා.
Sinhala BJT40. මහණෙනි, මේ දස දෙන නො වැන්දයුත්තෝ ය. පළමුවෙන් උපසපන් වූවහු විසින් පසුව උපසපන් වූයේ නො වැන්දයුතු; උපසපන් නො වූයේ ද උපසපන් වූවහු විසින් නො වැන්ද යුතු; වඩා මහලු වූ ද අධර්‍මවාදී නානාසංවාසක උපසපන් මහණ තෙමේ නො වැන්දයුතු; භික්ෂූහු විසින් මාගම නො වැන්දයුතු, පණ්ඩකයා නො වැන්දයුතු; පිරිවෙස් පුරන මහණ නො වැන්දයුතු; මූලායපටිකස්සනාවට සුදුසු ව සිටින මහණ නො වැන්දයුතු; මානතට සුදුසු ව සිටින මහණ නො වැන්දයුතු; මානත පුරන මහණ නො වැන්දයුතු; අබ්භානයට සුදුසු මහණ නො වැන්දයුතු. මහණෙනි, මේ දස දෙන උපසපන්හු විසින් නො වැන්ද යුත්තෝ ය.