Pali BJT“අනුජානාමි භික්ඛවෙ ථුසපිණ්ඩං දත්වා පාණිකාය පටිබාහෙත්වා ගෙරුකං නිපාතෙතුන්ති.”
Sinhala BJT“මහණෙනි, දහවියා පිඬු දි අත්ලෙන් මැද ගුරු පැහැ හෙළන්නට අනුදනිමි” යි වදාළසේක.
Pali BJTගෙරුකං අනිබන්ධනීයා හොති -පෙ-
Sinhala BJTගුරු පැහැය එකට නො බැඳෙන්නේ වෙයි. ....
Pali BJT“අනුජානාමි භික්ඛවෙ කුණ්ඩකමත්තිකං දත්වා පාණිකාය පටිබාහෙත්වා ගෙරුකං නිපාතෙතුන්ති.”
Sinhala BJT“මහණෙනි, කුඩු මුසු මැටි ගා අත්ලෙන් මැද ගුරු පැහැ හෙළන්නට අනුදනිමි” යි වදාළසේක.
Pali BJTගෙරුකා අනිබන්ධනියං හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTගුරු පැහැය එකට බැඳී නො සිටුනේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ සාසපකුණ්ඩං සිත්ථතෙලකන්ති.”
Sinhala BJT“මහණෙනි අබ පිටි ද ඉටිතෙල (ඉටිදියර) ද අනුදනිමි” යි වදාළසේක.
Pali BJTඅච්චුස්සන්නං හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT(තැන තැන බින්‍දු වශයෙන්) උස්ව නැගී සිටියේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ චොළකෙන පච්චුද්ධරිතුන්ති.”
Sinhala BJT“මහණෙනි, රෙදි කඩෙකින් පිස පසුදුරන්නට අනුදනිමි” යි වදාළ සේක.
Pali BJT16. තෙන ඛො පන සමයෙන ඵරුසාය භූමියා කාළවණ්ණො න නිපතති -පෙ- අනුජානාමි භික්ඛවෙ ථුසපිණ්ඩං දත්වා පාණිකාය පටිබාහෙත්වා කාළවණ්ණං නිපාතෙතුන්ති.
Sinhala BJT16. එ සමයෙහි රළු බිමැ කළුපැහැ නො රැඳෙයි. ... “මහණෙනි, දහවියා පිඬු දී අත්ලෙන් තුනී කොට (මැද) කළු පැහැ හෙළන්නට අනුදනිමි” යි වදාළසේක.
Pali BJTකාළවණ්ණො අනිබන්ධනීයො හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ ගණ්ඩමත්තිකං දත්වා පාණිකාය පටිබාහෙත්වා කාළවණ්ණං නිපාතෙතුන්ති.”
Sinhala BJTකළුපැහැය එකට නො බැඳෙන්නේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. “මහණෙනි, ගැඩවිල් පස් දී අත්ලෙන් මැද කළු පැහැය හෙළන්නට අනුදනිමි” යි වදාළසේක.
Pali BJTකාළවණ්ණො අනිබන්ධනියො හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTකළුපැහැය එකට බැඳී සිටුනේ නො වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ ඉක්කාසං කසාවන්ති.”
Sinhala BJT“මහණෙනි, මැලියම් ද (නෙල්ලි ආදියේ) කසට ද අනුදනිමි” යි වදාළසේක.
Pali BJT17. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ විහාරෙ පටිභානචිත්තං කාරාපෙන්ති ඉත්ථිරූපකං පුරිසරූපකං. මනුස්සා විහාරචාරිකං ආහිණ්ඩන්තා පස්සිත්වා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති ‘සෙය්යථාපි ගිහී කාමභොගිනො’ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT17. එ සමයෙහි සවැගි මහණෝ විහාරයෙහි ස්ත්‍රී රූප ද පුරුෂ රූප ද යන ප්‍රතිභාන චිත්‍ර කරවත්. මිනිස්සු විහාරචාරිකායෙහි ඇවිදුනාහු (ඒවා) දැක ‘කාමභෝගී ගිහියන් බඳුවහ’ යි පහත් කොට සිතත්, නො ගුණ කියත්, දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
Pali BJT“න භික්ඛවෙ පටිභානචිත්තං කාරාපෙතබ්බං ඉත්ථිරූපකං පුරිසරූපකං. යො කාරාපෙය්ය ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT“මහණෙනි, ස්ත්‍රීරූප ද පුරුෂ රූප ද යන ප්‍රතිභානවිත්‍ර නො කැරැවියයුතු. යමෙක් කරවන්නේ නම් දුකුළා ඇවැත් වන්නේය.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ මාලාකම්මං ලතාකම්මං මකරදන්තකං පඤ්චපටිකන්ති.”
Sinhala BJT“මහණෙනි, මල්කම් ලියකම් මුවරදත් පස්වණක් පැහැකිරීම අනුදනිමි” යි වදාළසේක.
Pali BJT18. තෙන ඛො පන සමයෙන විහාරා නීචවත්ථුකා හොන්ති, උදකෙන ඔත්ථරීයන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT18. එ සමයෙහි වනාහි විහාරයෝ මිටි බිම් ඇත්තාහු වෙත්, (එහෙයින්) දියෙන් වැසීයෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ උච්චවත්ථුකං කාතුන්ති.”
Sinhala BJT“මහණෙනි, උස්බිම ඇතියක් කරන්නට (පස් ආදිය ගොඩ ගසා බිම උස් කරන්නට) අනුදනිමි” යි වදාළසේක.
Pali BJTචයො පරිපතති -පෙ-
Sinhala BJTපස්රැස (බැම්ම) බිඳී වැටෙයි.....
Pali BJT“අනුජානාමි භික්ඛවෙ චිනිතුං තයො චයෙ: ඉට්ඨකාචයං සිලාචයං දාරුචයන්ති.”
Sinhala BJT“මහණෙනි, ගඩොල් බැම්ම ද ගල් බැම්ම ද දඬු බැම්ම දැ යි තුන් බැඳුම් බඳින්නට අනුදනිමි” යි වදාළසේක.
Pali BJTආරොහන්තා විහඤ්ඤන්ති. -පෙ-
Sinhala BJT(විහාරයට) නඟින්නාහු පෙළෙත්.....
Pali BJTඅනුජානාමි භික්ඛවෙ තයො සොපාණෙ: ඉට්ඨකාසොපාණං සිලාසොපාණං දාරුසොපාණන්ති.”
Sinhala BJT“මහණෙනි, ගඩොළු හිණිපෙත ගල් හිණිපෙත දඬු හිණිපෙත යන තුන් හිණිපෙත අනුදනිමි” යි වදාළසේක.
Pali BJTආරොහන්තා පරිපතන්තී -පෙ-
Sinhala BJTනඟින්නාහු ඇදීවැටෙත්. ...
Pali BJT“අනුජානාමි භික්ඛවෙ ආලම්බනබාහන්ති.”
Sinhala BJT“මහණෙනි, අත්වැලක් අනුදනිමි” යි වදාළසේක.
Pali BJT19. තෙන ඛො පන සමයෙන විහාරා ආලකමන්දා හොන්ති. භික්ඛූ හිරීයන්ති නිපජ්ජිතුං. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT19. එ සමයෙහි විහාරයෝ එකාඞ්ගන (දිගටම එළිමහන් ව මිනිසුන්ගෙන් පිරුණාහු) වෙත්. මහණහු වැදහෙන්නට ලජ්ජිත වෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ තිරොකරණින්ති.”
Sinhala BJT“මහණෙනි, තිරයක් අනුදනිමි” යි වදාළසේක.
Pali BJTතිරොකරණිං උක්ඛිපිත්වා ඔලොකෙන්ති -පෙ-
Sinhala BJTතිරය ඔසවා බලත්....
Pali BJT“අනුජානාමි භික්ඛවෙ අඩ්ඪකුඩ්ඩකන්ති.”
Sinhala BJT“මහණෙනි, අඩබිත්තිය අනුදනිමි” යි වදාළසේක.
Pali BJTඅඩ්ඪකුඩ්ඩකා උපරිතො ඔලොකෙන්ති -පෙ-
Sinhala BJTඅඩබිත්තියට උඩින් බලත්.....
Pali BJT“අනුජානාමි භික්ඛවෙ තයො ගබ්භෙ: සිවිකාගබ්භං නාළිකාගබ්භං හම්මියගබ්භන්ති.”
Sinhala BJT“මහණෙනි, සිව්රැස්ගබ, නැළිගබ (පලලට වඩා දෙගුණයක් තුන්ගුණයක් දික් වූ ගබ), සඳලුගබ (උඩතට්ටුව කුළුගෙයක් බඳු හෝ මුදුන් පියස්සක් ඇති ගබ) යන ගබ් (කාමර) තුන අනුදනිමි” යි වදාළසේක.
Pali BJTතෙන ඛො පන සමයෙන භික්ඛූ ඛුද්දකෙ විහාරෙ මජ්ඣෙ ගබ්භං කරොන්ති. උපචාරො න හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTඑ සමයෙහි මහණහු කුඩා වෙහෙරේ මැද ගබ් තනත් උපචාරයෙක් (වටින් ඉඩෙක්) නො වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ ඛුද්දකෙ විහාරෙ එකමන්තං ගබ්භං කාතුං මහල්ලකෙ මජ්ඣෙ”ති.
Sinhala BJT“මහණෙනි, කුඩා වෙහෙරැ එක් පසෙකැ ද මහා වෙහෙරැ මැද ද ගබ් (කාමර) තනන්නට අනුදනිමි” යි වදාළසේක.
Pali BJT20. තෙන ඛො පන සමයෙන විහාරස්ස කුඩ්ඩපාදො ජීරති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT20. එ සමයෙහි විහාරයේ බිත්ති මුල දිරයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ කුලුඞ්කපාදකන්ති.”
Sinhala BJT“මහණෙනි, කුලුඞ්ක පාදකය ( ලී විද කණු සිටුවා කළ බිත්තිපාදය ) අනුදනිමි” යි වදාළසේක.
Pali BJTවිහාරස්ස කුඩ්ඩො ඔවස්සති. -පෙ-
Sinhala BJTවිහාරයේ බිත්තිය තෙමෙයි....
Pali BJT“අනුජානාමි භික්ඛවෙ පරිත්තානකිටිකං උද්දසුධන්ති.”{1}
Sinhala BJT“මහණෙනි, රකවල් පැලැල්ලක් ද (වසුගොම අළු මැටි එකට අනා තැනු) බදාම ද අනුදනිමි” යි වදාළසේක.
Pali BJTතෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො තිණච්ඡදනා අහි ඛන්ධෙ පපති. සො භීතො විස්සරමකාසි. භික්ඛූ උපධාවිත්වා තං භික්ඛුං එතදවොචුං. “කිස්ස ත්වං ආවුසො විස්සරමකාසී”ති. අථ ඛො සො භික්ඛූනං එතමත්ථං ආරොචෙසි. භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTඑ සමයෙහි තණපියස්සෙන් සර්‍පයෙක් එක්තරා මහණකුගේ උරහිස මත වැටුණේ ය. හේ බියපත් ව කෑගැසී ය. මහණහු වෙතට දිවැගොස් ඒ මහණහට “ඇවැත්නි, තෙපි කවර හෙයින් කෑගැසුවෝ දැ” යි ඇසූහ. එවිට ඒ මහණ මහණුනට (තමාට වූ දෑ) සැලකළේය. මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ විතානන්ති.”
Sinhala BJT“මහණෙනි, උඩුවියනක් අනුදනිමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
Pali BJT21. තෙන ඛො පන සමයෙන භික්ඛූ මඤ්චපාදෙපි පීඨපාදෙපි ථවිකායො ලග්ගෙන්ති. උන්දූරෙහිපි උපචිකාහිපි ඛජ්ජන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT21. එ සමයෙහි මහණහු ඇඳපාහි ද පුටුපාහි ද ථවිකාවන් එල්ලත්. මීයන් විසින් ද වේයන් විසින් ද කනු ලැබෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ භිත්තිඛිලං නාගදන්තකන්ති.”
Sinhala BJT“මහණෙනි, භිත්තිඛීලය (බිත්තියෙහි ගසන ලද උල) ද නාගදන්තකය ද අනුදනිමි” යි වදාළසේක.
Pali BJTතෙන ඛො පන සමයෙන භික්ඛූ මඤ්චෙ’පි පීඨෙ’පි චීවරං නික්ඛිපන්ති. චීවරං පරිභිජ්ජිති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTඑ සමයෙහි මහණහු ඇදෙහි ද පුටුවෙහි ද සිවුරු තබත්. සිවුර ඉරෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ චීවරවංසං චීවරරජ්ජුන්ති.”
Sinhala BJT“මහණෙනි, වෙහෙරෙහි සිවුර වනන වස්දණඩ ද සිවුර වනන ලනුව ද අනුදනිමි” යි වදාළසේක.
Pali BJTතෙන ඛො පන සමයෙන විහාරා අනාලින්දකා හොන්ති අප්පටිස්සරණා. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTඑ සමයෙහි විහාරයේ පිල් නැත්තාහු (එහෙයින් ම) වටා යා හැකි ඉඩක් නැත්තාහු වෙත්.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ ආලින්දං පඝනං පකුඩ්ඩං ඔසාරකන්ති.”
Sinhala BJT“මහණෙනි, පිල ද (දොරට ඉදිරියෙන් දෙපස බිත්ති බැඳ කළ) ආලින්දය ද වට මාලය ද (පිලක් නැති විහාරයට) පිටතට පැන්නු වහල ද අනුදනිමි” යි වදාළසේක.
Pali BJTආලින්දා පාකටා හොන්ති. භික්ඛූ හිරීයන්ති නිපජ්ජිතුං -පෙ-
Sinhala BJTපිල්හු ආවරණයක් නැත්තාහු වෙත්. මහණහු වැදහෝනට මැලි වෙත් ...
Pali BJT“අනුජානාමි භික්ඛවෙ සංසරණකිටිකං උග්ඝාටනකිටිකන්ති.”
Sinhala BJT“මහණෙනි, අකුලන පැලැල්ලක් ද ඔසොවන පැලැල්ලක් ද අනුදනිමි” යි වදාළ සේක.
Pali BJT22. තෙන ඛො පන සමයෙන භික්ඛූ අජ්ඣොකාසෙ භත්තවිස්සග්ගං කරොන්තා සීතෙන’පි උණ්හෙන’පි කිලමන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT22. එ සමයෙහි මහණහු එළිමහනෙහි බත්කිස කරන්නාහු සීතයෙන් ද උෂ්ණයෙන් ද වෙහෙසෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ උපට්ඨානසාලන්ති.”
Sinhala BJT“මහණෙනි, උවටන් හලක් අනුදනිමි” යි වදාළසේක.
Pali BJTඋපට්ඨානසාලා නීචවත්ථුකා හොති. උදකෙන ඔත්ථරීයති. -පෙ-
Sinhala BJTඋවටන්හල මිටි බිමක් ඇත්තේ වේ. වතුරට යට වේ...
Pali BJT“අනුජානාමි භික්ඛවෙ උච්චවත්ථුකං කාතුන්ති.”
Sinhala BJT“මහණෙනි, උවටන්හල උස්බිම් ඇතියක් කරන්නට අනුදනිමි” යි වදාළසේක.
Pali BJTචයො පරිපතති.
Sinhala BJTබැම්ම ඇදී වැටෙයි.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ චිනිතුං තයො චයෙ: ඉට්ඨකාචයං සිලාචයං දාරුචයන්ති.”
Sinhala BJT“මහණෙනි, ගඩොළු බැම්ම, ගල්බැම්ම දඩුබැම්ම යන තුන් බැඳුම් අනුදනිමි” යි වදාළසේක.
Pali BJTආරොහන්තා විහඤ්ඤන්ති.
Sinhala BJTනඟින්නාහු වෙහෙසෙත්.....
Pali BJT“අනුජානාමි භික්ඛවෙ තයො සොපාණෙ: ඉට්ඨකාසොපාණං සිලාසොපාණං දාරුසොපාණන්ති.”
Sinhala BJT“මහණෙනි, ගඩොළුහිණ, ගල්හිණ, දඬුහිණ යනු තුන් හිණිපෙත් අනුදනිමි” යි වදාළසේක.
Pali BJTආරොහන්තා පරිපතන්ති. -පෙ-
Sinhala BJTනඟින්නාහු ඇදී වැටෙත්.....
Pali BJT“අනුජානාමි භික්ඛවෙ ආලම්බනබාහන්ති.”
Sinhala BJT“මහණෙනි, අත්වැල අනුදනිමි” යි වදාළසේක.
Pali BJTඋපට්ඨානසාලාය තිණචුණ්ණං පරිපතති. -පෙ-
Sinhala BJTඋවටන් හලෙහි තණරොඩු වැටෙයි....
Pali BJT“අනුජානාමි භික්ඛවෙ ඔගුම්බෙත්වා උල්ලිත්තාවලිත්තං කාතුං. සෙතවණ්ණං කාළවණ්ණං ගෙරුකපරිකම්මං මාලාකම්මං ලතාකම්මං මකරදන්තකං පඤ්චපටිකං චීවරවංසං චීවරරජ්ජුන්ති.”
Sinhala BJT“මහණෙනි, ලී අතුරා ඇතුළත පිටත බදාම ආලිප්ත කරන්නට සුදුපැහැ කළුපැහැ ගුරුපිරියම් මල්කම් ලියකම් මුවරදත් පස්වණක් පැහැකිරීම සිවුරු වනන හුණදණ්ඩ සිවුරු වනන රැහැන අනුදනිමි” යි වදාළසේක.
Pali BJTතෙන ඛො පන සමයෙන භික්ඛූ අජ්ඣොකාසෙ ඡමාය චීවරං පත්ථරන්ති. චීවරං පංසුකිතං හොති. -පෙ-
Sinhala BJTඑ සමයෙහි මහණහු එළිමහනෙහි බිමැ සිවුරු වනත්, සිවුරු පස් වැකුණේ වේ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ අජ්ඣොකාසෙ චීවරවංසං චීවරරජ්ජුන්ති.”
Sinhala BJT“මහණෙනි, එළිමහනෙහි සිවුරු වනන උණදණ්ඩ සිවුරු වනන ලණුව අනුදනිමි” යි වදාළසේක.
Pali BJTපානීයං ඔතප්පති -පෙ-
Sinhala BJTපැන් අව්වෙන් තැවෙයි.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ පානීයසාලං පානීයමණ්ඩපන්ති.”
Sinhala BJT“මහණෙනි, පැන්හලක් ද පැන් තබන මඩුවක් ද අනුදනිමි” යි වදාළසේක.
Pali BJTපානීයසාලා නීචවත්ථුකා හොති උදකෙන ඔත්ථරීයති. -පෙ-
Sinhala BJTපැන්හල මිටි බිමක් ඇත්තේ වෙයි. වතුරෙන් යට වෙයි.....
Pali BJT“අනුජානාමි භික්ඛවෙ උච්චවත්ථුකං කාතුන්ති.”
Sinhala BJT“මහණෙනි, (පැන්හල) උස්බිම ඇතියක් කරන්නට අනුදනිමි” යි වදාළසේක.
Pali BJTචයො පරිපතති -පෙ-
Sinhala BJTබැම්ම කැඩී වැටෙයි....
Pali BJT“අනුජානාමි භික්ඛවෙ චිනිතුං තයො චයෙ: ඉට්ඨකාචයං සිලාචයං දාරුචයන්ති.”
Sinhala BJTමහණෙනි, ගඩොළු බැම්ම ගල්බැම්ම දඩුබැම්ම යන තුන් බැඳුම් අනුදනිමි” යි වදාළසේක.
Pali BJTආරොහන්තා විහඤ්ඤන්ති. -පෙ-
Sinhala BJTනැඟෙන්නාහු පෙළෙත්.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ තයො සොපාණෙ: ඉට්ඨකාසොපාණං සිලාසොපාණං, දාරුසොපාණන්ති.”
Sinhala BJT“මහණෙනි, ගඩොළුහිණ, ගල්හිණ, දඬුහිණ යන තුන් හිණිපෙත් අනුදනිමි” යි වදාළසේක.
Pali BJTආරොහන්තා පරිපතන්ති. -පෙ-
Sinhala BJTනැඟෙන්නාහු ඇදවැටෙත්.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ ආලම්බනබාහන්ති.”
Sinhala BJT“මහණෙනි, අත්වැල අනුදනිමි” යි වදාළ සේක.
Pali BJTපානීයසාලාය තිණචුණ්ණං පරිපතති. -පෙ-
Sinhala BJTපැන්හලෙහි තණ රොඩු වැටෙයි.....
Pali BJT“අනුජානාමි භික්ඛවෙ ඔගුම්බෙත්වා උල්ලිත්තාවලිත්තං කාතුං සෙතවණ්ණං කාළවණ්ණං ගෙරුකපරිකම්මං මාලාකම්මං ලතාකම්මං මකරදන්තකං පඤ්චපටිකං චීවරවංසං චීවරරජ්ජුන්ති.”
Sinhala BJT“මහණෙනි, ලී අතුරා ඇතුළත පිටත බදාම ගසා සුදුපැහැ කළු පැහැ ගුරුපිරියම් මල්කම් ලියකම් මුවරදත් පස්වනක් පැහැ කරන්නට අනුදනිමි. සිවුරු වනන හුණදණඩ ද සිවුරු වනන ලනුව ද අනුදනිමි” යි වදාළසේක.
Pali BJTපානීයභාජනං න සංවිජ්ජති -පෙ-
Sinhala BJTපැන් බඳුනෙක් නැත ...
Pali BJT“අනුජානාමි භික්ඛවෙ පානීයසඞ්ඛං පානීයසරාවකන්ති.”
Sinhala BJT“මහණෙනි, පැන්සක ද පැන්කොරහ ද අනුදනිමි” යි වදාළසේක.
Pali BJT23. තෙන ඛො පන සමයෙන විහාරා අපරික්ඛිත්තා හොන්ති. -පෙ-
Sinhala BJT23. එ සමයෙහි විහාරයෝ (පවුරු ආදියක්) වටා නො ලන ලද්දාහු වෙත් ...
Pali BJT“අනුජානාමි භික්ඛවෙ පරික්ඛිපිතුං තයො පාකාරෙ ඉට්ඨකාපාකාරං සිලාපාකාරං දාරුපාකාරන්ති.”
Sinhala BJT“මහණෙනි, ගඩොළුපවුර ගල්පවුර දඬුපවුර යන තුන් පවුරු අනුදනිමි” යි වදාළසේක.
Pali BJTකොට්ඨකො න හොති.
Sinhala BJT(විහාරයට) කොටුවෙක් නො වෙයි.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ කොට්ඨකන්ති.”
Sinhala BJT“මහණෙනි, කොටුවක් අනුදනිමි” යි වදාළසේක.
Pali BJTකොට්ඨකො නීචවත්ථුකො හොති. උදකෙන ඔත්ථරීයති -පෙ-
Sinhala BJTකොටුව මිටිබිමැත්තේ වෙයි. වතුරෙන් යටවෙයි ...
Pali BJT“අනුජානාමි භික්ඛවෙ උච්චවත්ථුකං කාතුන්ති.”
Sinhala BJT“මහණෙනි, කොටුව උස්බිම ඇතියක් කරන්නට අනුදනිමි” යි වදාළසේක.
Pali BJTකොට්ඨකස්ස කවාටං න හොති. -පෙ-
Sinhala BJTකොටුවට දොරපළුවෙක් නො වෙයි.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ කවාටං පිට්ඨසඞ්ඝාටං උදුක්ඛලිකං උත්තරපාසකං අග්ගළවට්ටිං කපිසීසකං සූචිකං ඝටිකං තාළච්ඡිද්දං ආවිඤ්ඡනච්ඡිද්දං ආවිඤ්ඡනරජ්ජුන්ති.”
Sinhala BJT“මහණෙනි, දොරපළුව ද දොරබාව ද වටෙවුලීය ද උතුරුලීය ද දොරපොල්ල ද අගුළුකණුව ද යතුරුලිය ද තරංකය ද කෙසිසිදුර ද රැහැන බහාලන සිදුර ද අදනා රැහැන ද අනුදනිමි” යි වදාළ සේක.
Pali BJTකොට්ඨකෙ තිණචුණ්ණං පරිපතති. -පෙ-
Sinhala BJTකොටුවෙහි තණරොඩු වැටෙයි ...
Pali BJT“අනුජානාමි භික්ඛවෙ ඔගුම්බෙත්වා උල්ලිත්තාවලිත්තං කාතුං සෙතවණ්ණං කාළවණ්ණං ගෙරුකපරිකම්මං මාලාකම්මං ලතාකම්මං මකරදන්තකං පඤ්චපටිකන්ති.”
Sinhala BJT“මහණෙනි, දඬු අතුරා ඇතුළත පිටත බදාම ආලිප්ත කරන්නට (එහි) සුදුපැහැ කළුපැහැ ගුරුපිරියම් මල්කම් ලියකම් මුවරදත් පංචවර්ණය යන මෙයින් පැහැපත් කරන්නට අනුදනිමි” යි වදාළ සේක.
Pali BJT24. තෙන ඛො පන සමයෙන පරිවෙණං චික්ඛල්ලං හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. -පෙ-
Sinhala BJT24. එ සමයෙහි පිරිවෙන (පවුරට ඇතුළත වෙහෙර අවට බිම් පෙදෙස) මඩ සහිත වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ....
Pali BJT“අනුජානාමි භික්ඛවෙ මරුම්බං උපකිරිතුන්ති.”
Sinhala BJT“මහණෙනි, බොරළු විසුරුවන්නට අනුදනිමි” යි වදාළසේක.
Pali BJTන පරියාපුණන්ති. -පෙ-
Sinhala BJTඑය නො පිරිමැසේ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ පදරසිලං නික්ඛිපිතුන්ති.”
Sinhala BJT“මහණෙනි, ගල්පුවරු බහාලන්නට අනුදනිමි” යි වදාළසේක.
Pali BJTඋදකං සන්තිට්ඨති. -පෙ-
Sinhala BJTදිය රැඳී සිටී.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ උදකනිද්ධමනන්ති.”
Sinhala BJT“මහණෙනි, සොරොව්වක් අනුදනිමි” යි වදාළසේක.
Pali BJTතෙන ඛො පන සමයෙන භික්ඛූ පරිවෙනෙ තහං තහං අග්ගිට්ඨානං කරොන්ති. පරිවෙණං උක්ලාපං හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTඑ සමයෙහි මහණහු පිරිවෙනෙහි (පවුරටත් වෙහෙරටත් අතර බිම් පෙදෙසෙහි) ඒ ඒ තැන ලිප් තනත්, පිරිවෙන කසළ සහිත වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ එකමන්තං අග්ගිසාලං කාතුන්ති.”
Sinhala BJT“මහණෙනි, එක් පසෙක ගිනිහලක් කරන්නට අනුදනිමි” යි වදාළසේක.
Pali BJTඅග්ගිසාලා නීචවත්ථුකා හොති. උදකෙන ඔත්ථරීයති. -පෙ-
Sinhala BJTගිනිහල පහත් බිමක් ඇත්තේ වෙයි. වතුරෙන් යටවෙයි.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ උච්චවත්ථුකං කාතුන්ති.”
Sinhala BJT“මහණෙනි, උස්බිම ඇතියක් කරන්නට අනුදනිමි” යි වදාළ සේක.
Pali BJTචයො පරිපතති. -පෙ-
Sinhala BJTබැම්ම කැඩී වැටෙයි...
Pali BJT“අනුජානාමි භික්ඛවෙ චිනිතුං තයො චයෙ ඉට්ඨකාචයං සිලාචයං දාරුචයන්ති.”
Sinhala BJT“මහණෙනි, ගඩොළුබැම්ම ගල්බැම්ම දඩුබැම්ම යන තුන් බැඳුම් අනුදනිමි” යි වදාළසේක.
Pali BJTආරොහන්තා විහඤ්ඤන්ති. -පෙ-
Sinhala BJTනැඟෙන්නාහු පෙළෙත්...
Pali BJT“අනුජානාමි භික්ඛවෙ තයො සොපාණෙ ඉට්ඨකාසොපාණං සිලාසොපාණං දාරුසොපාණන්ති.”
Sinhala BJT“මහණෙනි, ගඩොළුහිණ ගල්හිණ දඬුහිණ යන තුන් හිණිපෙත් අනුදනිමි” යි වදාළසේක.
Pali BJTආරොහන්තා පරිපතන්ති. -පෙ-
Sinhala BJTනැඟෙන්නාහු ඇදීවැටෙත්...
Pali BJT“අනුජානාමි භික්ඛවෙ ආලම්බනබාහන්ති.”
Sinhala BJT“මහණෙනි, අත්වැල අනුදනිමි” යි වදාළසේක.
Pali BJTඅග්ගිසාලාය කවාටං න හොති. -පෙ-
Sinhala BJTගිනිහලට දොරපළුවෙක් නැත.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ කවාටං පිට්ඨසඞ්ඝාටං උදුක්ඛලිකං උත්තරපාසකං අග්ගළවට්ටිං කපිසීසකං සූචිකං ඝටිකං තාළච්ඡිද්දං ආවිඤ්ඡනච්ඡිද්දං ආවිඤ්ඡනරජ්ජුන්ති.”
Sinhala BJT“මහණෙනි, දොරපළුව දොරබාව වටෙවුලීය උතුරුලීය දොර පොල්ල අගුළුකණුව යතුරුලීය තරංකය කෙසිසිදුර රැහැන්සිදුර අදනා රැහැන යන මේ දෑ අනුදනිමි” යි වදාළසේක.