Pali BJT“අනුජානාමි භික්ඛවෙ පිට්ඨිසඞ්ඝාටං උදුක්ඛලිකං උත්තරපාසකන්ති.”
Sinhala BJT“මහණෙනි, දොරබාව ද වටෙවුලීය ද උතුරුලීය ද අනුදනිමි” යි (භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.)
Pali BJTකවාටා න ඵස්සීයන්ති{2} භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTකවුළු (දොරපළු) නො පැහැසෙති භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ ආවිඤ්ජනරජ්ජුන්ති.”
Sinhala BJT“මහණෙනි, අදිනා රැහැන ලන සිදුර ද අනුදනිමි” යි (වදාළ සේක.)
Pali BJTකවාටා න ථකීයන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTදොරපළු නො වැසෙත් භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ අග්ගලවට්ටිං කපිසීසකං සූචිකං ඝටිකන්ති.”
Sinhala BJT“මහණෙනි, අඟුල් වැටිය (දොරපොල්ල) ද අගුල් කණුව ද යතුර ද තරංකය ද අනුදනිමි” යි වදාළසේක.
Pali BJTතෙන ඛො පන සමයෙන භික්ඛූ න සක්කොන්ති කවාටං අවාපුරිතුං?{3} භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTඑ සමයෙහි මහණහු දොරපළුව අරින්නට නො හැකි වෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ තාලච්ඡිද්දං තීණි තාලානි ලොහතාලං කට්ඨතාලං විසාණතාලන්ති.”
Sinhala BJT“මහණෙනි, කෙසිසිදුර ද ලොහොමුවා යතුර ද ලීමුවා යතුර අංමුවා යතුර ද යන යතුරු තුන ද අනුදනිමි” යි (වදාළ සේක.)
Pali BJTයෙ පි තෙ උග්ඝාටෙත්වා පවිසන්ති විහාරා අගුත්තා හොන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTයම් විහාර විවෘත කොට පිවිසෙත් ද ඒ විහාරයෝ නො රැකුණාහු වෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ යන්තකං සූචිකන්ති.”
Sinhala BJT“මහණෙනි, යතුරු ඉද්ද අනුදනිමි” යි (වදාළසේක.)
Pali BJT7. තෙන ඛො පන සමයෙන විහාරා තිණච්ඡදනා හොන්ති. සීතකාලෙ සීතා උණ්හකාලෙ උණ්හා. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT7. එසමයෙහි විහාරයෝ තණ සෙවෙණි ඇත්තෝ වූහ. ශීත කාලයෙහි ශීත ද උෂ්ණ කාලයෙහි උෂ්ණ ද වෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ ඔගුම්බෙත්වා උල්ලිත්තාවලිත්තං කාතුන්ති.”
Sinhala BJT“මහණෙනි, ඝන දඩු යොදා ඇතුළත පිටත බදාම ආලිප්ත කරන්නට අනුදනිමි” යි වදාළසේක.
Pali BJT8. තෙන ඛො පන සමයෙන විහාරා අවාතපානකා{1} හොන්ති අචක්ඛුස්සා දුග්ගන්ධා. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT8. එසමයෙහි විහාරයෝ වාකවුළු නැත්තාහු ඇසට අහිත ද දුගඳ ද වෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ තීණි වාතපානානි: වෙදිකාවාතපානං ජාලවාතපානං සලාකවාතපානන්ති.”
Sinhala BJT“මහණෙනි, ස්තූපයන්හි සතරැස් කොටුව සෙයින් සිදුරු සිටින සේ ගඩොළින් කළ වාකවුළුව ද, දැල් වාකවුළුව ද කූරු වාකවුළුව ද යන තුන් වාකවුළු අනුදනිමි”යි වදාළසේක.
Pali BJTවාතපානන්තරිකාය කාලකාපි වග්ගුලියොපි පවිසන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTවාකවුළු අතරින් ලෙහෙන්නු ද වවුලෝ ද පිවිසෙත් භාග්‍යවතුන් වහන්සේට මෙම පවත් සැලකළාහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ වාතපානචක්කලිකංති.”
Sinhala BJT“මහණෙනි, රෙදි වෙළා කළ පාපිස්නක් (බඳින්නට) අනුදනිමි” යි වදාළසේක.
Pali BJTචක්කලිකන්තරිකායපි කාලකාපි වග්ගුලියොපි පවිසන්ති -පෙ-
Sinhala BJTරෙදි පාපිස්න අතුරෙන් ද ලෙහෙන්නුත් වවුලෝත් පිවිසෙත් ...
Pali BJT“අනුජානාමි භික්ඛවෙ වාතපානකවාටකං වාතපානභිසිකංති.”
Sinhala BJT“මහණෙනි, වාකවුළු වසන්නට දොරපළුවක් ද එහි බඳින්නට බිස්සක් ද අනුදනිමි” යි වදාළසේක.
Pali BJT9. තෙන ඛො පන සමයෙන භික්ඛූ ඡමායං සයන්ති. ගත්තානිපි චීවරානිපි පංසුකිතානි හොන්ති භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT9. එ සමයෙහි මහණහු බිමැ නිදත්. සිරුරු ද සිවුරු ද පසින් වැකුණාහු වෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ තිණසන්ථාරකන්ති.”
Sinhala BJT“මහණෙනි, තණඇතිරියක් අනුදනිමි”යි වදාළසේක.
Pali BJTතිණසන්ථාරකො උන්දූරෙහිපි උපචිකාහිපි ඛජ්ජති -පෙ-
Sinhala BJTතණඇතිරිය මීයන් ද වේයන් ද විසින් කනුලැබේ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ මිඪින්ති.”
Sinhala BJT“මහණෙනි, පිළක් අනුදනිමි” යි වදාළසේක.
Pali BJTමිඪියා ගත්තානි දුක්ඛා හොන්ති -පෙ-
Sinhala BJTපිළෙහි ගාත්‍රයෝ පෙළෙත්.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ බිදලමඤ්චකන්ති.”
Sinhala BJT“මහණෙනි, බිදලමඤ්චකය (වේවැල් ඇඳ) අනුදනිමි” යි වදාළ සේක.
Pali BJT10. තෙන ඛො පන සමයෙන සඞ්ඝස්ස සොසානිකො මසාරකො මඤ්චො උප්පන්නො හොති භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT10. එසමයෙහි වනාහි සඞ්යාට සොහොනෙක දමන ලද මසාරකයක් (පා විද අටනීන් පිවිස්වා කළ ඇඳෙක්) ලැබිණ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ මසාරකං මඤ්චන්ති.”
Sinhala BJT“මහණෙනි, මසාරක ඇඳපා විද එහි අටනි බහා කළ ඇඳ අනුදනිමි” යි වදාළසේක.
Pali BJTමසාරකං පීඨං උප්පන්නං හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTමසාරක පුටුවෙක් උපන්නේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැලකළාහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ මසාරකං පීඨන්ති.”
Sinhala BJT“මහණෙනි, මසාරක පුටුව අනුදනිමි” යි වදාළසේක.
Pali BJTතෙන ඛො පන සමයෙන සඞ්ඝස්ස සොසානිකො බුන්දිකාබද්ධො මඤ්චො උප්පන්නො හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTඑ සමයෙහි සඞ්ඝයාට බුන්‍දිකාබද්ධ (විට්ටම් විද එහි පා යොදා තනන ලද) ඇඳෙක් ලැබිණ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ බුන්දිකාබද්ධං මඤ්චන්ති.”
Sinhala BJT“මහණෙනි, බුන්‍දිකාබද්ධ ඇඳ අනුදනිමි” යි වදාළසේක.
Pali BJTබුන්දිකාබද්ධං පීඨං උප්පන්නං හොති -පෙ-
Sinhala BJTබුන්‍දිකාබද්ධ (විට්ටම් විද එහි පා ඇතුල් කොට තනන ලද) පුටුවෙක් ලැබිණ. ...
Pali BJT“අනුජානාමි භික්ඛවෙ බුන්දිකාබද්ධං පීඨන්ති.”
Sinhala BJT“මහණෙනි, බුන්‍දිකාබද්ධ පුටුව අනුදනිමි” යි වදාළසේක.
Pali BJTතෙන ඛො පන සමයෙන සඞ්ඝස්ස සොසානිකො කුළීරපාදකො මඤ්චො උප්පන්නො හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTඑ සමයෙහි සඞ්ඝයාට සොහොනෙක දමාපියන ලද කකුළු පා ඇඳෙක් (කකුළුවන්ගේ බඳු වක් පා ඇති ඇඳෙක්) ලැබුණේය. භාග්‍යවතුන් වහන්සේට එ පවත් සැලකළහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ කුළීරපාදකං මඤ්චන්ති.”
Sinhala BJT“මහණෙනි, කකුළු පා ඇඳ අනුදනිමි” යි වදාළ සේක.
Pali BJTකුළීරපාදකං පීඨං උප්පන්නං හොති.
Sinhala BJTකකුළු පා පුටුවෙක් උපන ...
Pali BJT“අනුජානාමි භික්ඛවෙ කුළීරපාදකං පීඨන්ති.”
Sinhala BJT“මහණෙනි, කකුළුපා පුටුව අනුදනිමි” යි වදාළසේක.
Pali BJTතෙන ඛො පන සමයෙන සඞ්ඝස්ස සොසානිකො ආහච්චපාදකො මඤ්චො උප්පන්නො හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTඑ සමයෙහි සඞ්ඝයාට සොහොනෙක දමාපියන ලද ආහච්චපාදක අටනි විද එහි ඇඳපා බහා ඇණ ලා කළ ඇඳෙක් ලැබුණේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ ආහච්චපාදකං මඤ්චන්ති.”
Sinhala BJT“මහණෙනි, ආහච්චපාදක ඇඳ අනුදනිමි” යි වදාළසේක.
Pali BJTආහච්චපාදකං පීඨං උප්පන්නං හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTආහච්චපාදක අටනි විද එහි පුටුවක් උපන්නේ වේ....
Pali BJT“අනුජානාමි භික්ඛවෙ ආහච්චපාදකං පීඨන්ති.”
Sinhala BJT“මහණෙනි, ආහච්චපාදක පුටුව අනුදනිමි” යි වදාළසේක.
Pali BJT11. තෙන ඛො පන සමයෙන සඞ්ඝස්ස ආසන්දිකො උප්පන්නො හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT11. එ සමයෙහි සඞ්ඝයාට සතරැස් පුටුවෙක් උපන්නේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ ආසන්දිකන්ති.”
Sinhala BJT“මහණෙනි, සතරැස් පුටුව අනුදනිමි” යි වදාළසේක.
Pali BJTඋච්චකො ආසන්දිකො උප්පන්නො හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTඋස් වූ සතරැස් පුටුවෙක් උපන්නේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ උච්චකම්පි ආසන්දිකන්තී.”
Sinhala BJT“මහණෙනි, උස් සතරැස් පුටුව අනුදනිමි” යි වදාළසේක.
Pali BJTසත්තඞ්ගො උප්පන්නො හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTසප්තාඞ්ගයෙක් (කවිච්චියෙක්) උපන්නේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ සත්තඞ්ගන්ති.”
Sinhala BJT“මහණෙනි, කවිච්චිය අනුදනිමි” යි වදාළසේක.
Pali BJTඋච්චකො සත්තඞ්ගො උප්පන්නො හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTඋස් කවිච්චියෙක් උපන්නේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ උච්චකම්පි සත්තඞ්ගන්ති.”
Sinhala BJT“මහණෙනි, උස් කවිච්චිය අනුදනිමි” යි වදාළසේක.
Pali BJTභද්දපීඨං උප්පන්නං හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTභද්‍රපීඨයක් (වේ වැල් මුවා පුටුවෙක්) උපන්නේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ භද්දපීඨන්ති.”
Sinhala BJT“මහණෙනි, වේවැල්මුවා පුටුව අනුදනිමි” යි වදාළසේක.
Pali BJTපීඨිකා{1} උප්පන්නා හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTපීඨිකාවෙක් (රෙදිකඩක් බැඳි පුටුවෙක්) උපන්නේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ පීඨිකන්ති.”
Sinhala BJT“මහණෙනි, රෙදිකඩ බන් පුටුව අනුදනිමි” යි වදාළසේක.
Pali BJTඑලකපාදකං පීඨං උප්පන්නං හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTපුවරුපා පුටුවෙක් උපන්නේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ එලකපාදකං පීඨන්ති.”
Sinhala BJT“මහණෙනි, පුවරු පා පුටුව අනුදනිමි” යි වදාළසේක.
Pali BJTආමලකවට්ටිකපීඨං{2} උප්පන්නං හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTඇඹුල්වැටි පුටුවෙක් උපන්නේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ ආමලකවට්ටිකං පීඨන්ති.”
Sinhala BJT“මහණෙනි, ඇඹුල්වැටි පුටුව අනුදනිමි” යි වදාළසේක.
Pali BJTඵලකං උප්පන්නං හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTපුවරුවෙක් (බංකුවෙක්) උපන්නේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ ඵලකන්ති.”
Sinhala BJT“මහණෙනි, පුවරුව අනුදනිමි” යි වදාළසේක.
Pali BJTකොච්ඡං උප්පන්නං හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTකොස්සෙක් උපන්නේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ කොච්ඡන්ති.”
Sinhala BJT“මහණෙනි, කොස්ස අනුදනිමි” යි වදාළසේක.
Pali BJTපලාලපීඨං උප්පන්නං හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං .
Sinhala BJTපිදුරුවලින් තැනු අස්නෙක් ලැබුණේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ පලාලපීඨන්ති.”
Sinhala BJT“මහණෙනි, පිදුරුපුටුව අනුදනිමි” යි වදාළසේක.
Pali BJT12. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ උච්චෙ මඤ්චෙ සයන්ති. මනුස්සා විහාරචාරිකං ආහිණ්ඩන්තා පස්සිත්වා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති ‘සෙය්යථාපි ගිහීකාමභොගිනො’ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT12. එ සමයෙහි සවැගි මහණහු උස් ඇඳෙහි වැදහෙත්. මිනිස්සු විහාරචාරිකායෙහි ඇවිදුනාහු (ඔවුන්) දැක ලාමක කොට සිතත්, නො ගුණ කියත්, කාමභෝගී ගිහියන් බඳුහ” යි දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
Pali BJT“න භික්ඛවෙ උච්චෙ මඤ්චෙ සයිතබ්බං යො යෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT“මහණෙනි, උස් ඇඳෙහි නො වැදහියැයුතු. යමෙක් වැදහෙන්නේ නම් දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
Pali BJTතෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු නීචෙ මඤ්චෙ සයන්තො අහිනා දට්ඨො හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTඑ සමයෙහි එක්තරා මහණෙක් මිටි හැඳෙක හෝනේ සපකු විසින් ඩස්නා ලද්දේ වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත්සැලකළහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ මඤ්චපටිපාදකන්ති.”
Sinhala BJT“මහණෙනි, ඇඳ පිළිපා අනුදනිමි” යි වදාළසේක.
Pali BJTතෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ උච්චෙ මඤ්චපටිපාදකෙ ධාරෙන්ති. සහ මඤ්චපටිපාදකෙහි පලොඨෙන්ති{3} -පෙ-
Sinhala BJTඑ සමයෙහි සැවැගි මහණහු උස්වූ ඇඳපිළිපා පරිභෝග කරත්. ඇඳපිළිපා සහිත ව පෙරැළි වැටෙත්. ....
Pali BJT“න භික්ඛවෙ උච්චා පටිපාදකා ධාරෙතබ්බා. යො ධාරෙය්ය ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ අට්ඨඞ්ගුලපරමං මඤ්චපටිපාදකන්ති.”
Sinhala BJT“මහණෙනි, උස් ඇඳ පිළිපා නො දැරියයුතු. යමෙක් දරන්නේ නම් දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, අටඟුලක් පරම කොටැති ඇඳපිළිපා අනුදනිමි” යි වදාළසේක.
Pali BJT13. තෙන ඛො පන සමයෙන සඞ්ඝස්ස සුත්තං උප්පන්නං හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT13. එ සමයෙහි සඞ්ඝයාට නූල් ලැබුණේ වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ මඤ්චං වෙතුන්ති.”
Sinhala BJT“මහණෙනි, ඇඳ වියන්නට අනුදනිමි” යි වදාළසේක.
Pali BJTඅඞ්ගානි බහුං සුත්තං පරියාදියන්ති -පෙ-
Sinhala BJTඇඳ වියල්හු බොහෝ නූල් ගනිත්. (ඇදවියල්වලට ම බොහෝ නූල් වියදම් වේ).
Pali BJT“අනුජානාමි භික්ඛවෙ අඞ්ගෙ විජ්ඣිත්වා අට්ඨපාදකං වෙතුන්ති.”
Sinhala BJT“මහණෙනි, වියල් විද අට පා දූ පුවරුවක් සේ වියන්නට අනුදනිමි” යි වදාළසේක.
Pali BJTචොළකං උප්පන්නං හොති -පෙ-
Sinhala BJTරෙදිකඩෙක් උපන්නේ වෙයි.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ චිලිමිකා{1} කාතුන්ති.”
Sinhala BJT“මහණෙනි, බිමැ අතුරන ඇතිරියක් කරන්නට අනුදනිමි” යි වදාළසේක.
Pali BJTතූලිකා උප්පන්නා හොති -පෙ-
Sinhala BJTපුලුන් උපන්නේ වේ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ විජටෙත්වා බිබ්බොහනං කාතුං. තීණි තූලානි රුක්ඛතූලං ලතාතූලං පොටකිතූලන්ති.”
Sinhala BJT“මහණෙනි, අවුල් හැර කොට්ටයක් කරන්නට අනුදනිමි. රුක් පුලුන් වැල් පුලුන් තණබට ආදියෙන් ලැබෙන පුලුන් යැ යි තුන් වගයෙකි” යි වදාළසේක.
Pali BJTතෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ අඩ්ඪකායිකානි බිම්බොහනානි ධාරෙන්ති. මනුස්සා විහාරචාරිකං ආහිණ්ඩන්තා පස්සිත්වා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති ‘සෙය්යථාපි ගිහී කාමභොගිනො’ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTඑ සමයෙහි සවැගි මහණෝ කයින් අඩක් පමණ දික් වූ කොට්ට දරත්. මිනිස්සු විහාරවාරිකාවේ ඇවිදුනාහු ‘කාමභෝගී ගිහියන් බන්දහ’ යි එය දැක ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“න භික්ඛවෙ අඩ්ඪකායිකානි බිම්බොහනානි ධාරෙතබ්බානි. යො ධාරෙය්ය ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ සීසප්පමාණං බිම්බොහනන්ති.”
Sinhala BJT“මහණෙනි, අඩකයක් පමණ දික් වූ කොට්ට නො දැරියයුතු, යමෙක් දරන්නේ නම් දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, හිසට සුදුසු පමණ වූ කොට්ටය අනුදනිමි” යි වදාළසේක.
Pali BJT14. තෙන ඛො පන සමයෙන රාජගහෙ ගිරග්ගසමජ්ජො හොති. මනුස්සා මහාමත්තානං අත්ථාය භිසියො පටියාදෙන්ති උණ්ණභිසිං චොළභිසිං වාකභිසිං තිණභිසිං පණ්ණභිසින්ති. තෙ වීතිවත්තෙ සමජ්ජෙ ඡවිං උප්පාටෙත්වා හරන්ති. අද්දසාසුං ඛො භික්ඛූ සමජ්ජට්ඨානෙ බහුං උණ්ණම්පි චොළකම්පි වාකම්පි තිණම්පි පණ්ණම්පි ඡඩ්ඩිතං. දිස්වාන භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT14. එ සමයෙහි රජගහනුවර ගිරග්ගසමජ්ජ උත්සවය වෙයි. මිනිස්සු මහඇමැතියන් සඳහා ලොම් මෙට්ට (ලොම් පුරවා කළ මෙට්ට), රෙදි මෙට්ට, වැහැරිමෙට්ට තණ මෙට්ට යන (බොහෝ) මෙට්ට පිළියෙළ කරත්, සමජ්ජය අවසන් වූ කල්හි උර ගලවා ගෙනයත්. මහණහු සමද්‍යස්ථානයෙහි (උළෙල පැවැති තැනැ) හැරදමන ලද බොහෝ ලොම් ද රෙදි ද වැහැරි ද තණ ද කොළ ද දුටුහ. දැක භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ පඤ්චභිසියො උණ්ණාභිසිං චොළභිසිං වාකභිසිං තිණභිසිං, පණ්ණභිසින්ති.”
Sinhala BJT“මහණෙනි, ලොම් මෙට්ටය, රෙදි මෙට්ටය, වැහැරි මෙට්ටය, තෘණ මෙට්ටය, කොළ මෙට්ටය යන මෙට්ට පස අනුදනිමි” යි වදාළසේක.
Pali BJTතෙන ඛො පන සමයෙන සඞ්ඝස්ස සෙනාසනපරික්ඛාරිකං දුස්සං උප්පන්නං හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTඑ සමයෙහි සඞ්ඝයාට සෙනසුන් පිරිකර වශයෙන් වූ වස්තුයෙක් උපන්නේ වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ භිසිං ඔනන්ධිතුන්ති.”
Sinhala BJT“මහණෙනි, මෙට්ටය වසාලන්නට (මෙට්ට උරයක් වශයෙන් යොදන්නට) අනුදනිමි” යි වදාළසේක.
Pali BJTතෙන ඛො පන සමයෙන භික්ඛූ මඤ්චභිසිං පීඨෙ සන්ථරන්ති, පීඨභිසිං මඤ්චෙ සන්ථරන්ති භිසියො පරිභිජ්ජන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTඑ සමයෙහි මහණහු ඇඳමෙට්ටය පුටුවෙහි අතුරත්, පුටු මෙට්ටය ඇඳෙහි අතුරත්, මෙට්ට බිඳීයේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළඹාහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ ඔනද්ධමඤ්චං ඔනද්ධපීඨන්ති.”
Sinhala BJT“මහණෙනි, මෙට්ට (ගුදිරි) යෙදූ ඇඳ ද මෙට්ට ලූ පුටුව ද අනුදනිමි” යි වදාළසේක.
Pali BJTඋල්ලොකං අකරිත්වා සන්ථරන්ති. හෙට්ඨතො නිප්ඵටන්ති -පෙ-
Sinhala BJTයටට රෙදි ඇතිරියක් නො දමා මෙට්ට එළත් යට පැත්තෙන් පැළෙත්.....
Pali BJT“අනුජානාමි භික්ඛවෙ උල්ලොකං කත්වා සන්ථරිත්වා භිසිං ඔනන්ධිතුන්ති.”
Sinhala BJT“මහණෙනි, යටට රෙදි ඇතිරියක් ලා අතුරා මෙට්ටය වසන්නට අනුදනිමි” යි වදාළසේක.
Pali BJTඡවිං උප්පාටෙත්වා හරන්ති -පෙ-
Sinhala BJTඋරය ගලවාගෙන යෙත්......
Pali BJT“අනුජානාමි භික්ඛවෙ ඵොසෙතුන්ති.”
Sinhala BJT“මහණෙනි, කහ ආදි පැහැයෙකින් බින්‍දු ඉසින්නට අනුදනිමි” යි වදාළසේක.
Pali BJTහරන්ති යෙව -පෙ-
Sinhala BJTගෙනයෙත් ම ය.....
Pali BJT“අනුජානාමි භික්ඛවෙ භත්තිකම්මන්ති.”
Sinhala BJT“මහණෙනි, භත්තිකර්‍මය (කසටින් ලකුණු කිරීම) අනුදනිමි” යි වදාළ සේක.
Pali BJTහරන්ති යෙව -පෙ-
Sinhala BJTගෙනයෙත් ම ය.....
Pali BJT“අනුජානාමි භික්ඛවෙ හත්ථභත්තින්ති.”
Sinhala BJT“මහණෙනි, භස්තභක්තිය (පසඟුල් සලකුණ) අනුදනිමි” යි වදාළ සේක.
Pali BJT15. තෙන ඛො පන සමයෙන තිත්ථියානං සෙය්යා සෙතවණ්ණා හොන්ති කාළවණ්ණකතා භූමි ගෙරුකපරිකම්මකතා භිත්ති. බහූ මනුස්සා සෙය්යාපෙක්ඛකා ගච්ඡන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT15. එ සමයෙහි තොටුවන්ගේ යහන්හු සුදුපැහැ වෙත්. බිම කළු පැහැ කැරුණේ ය. - බිත්ති ගුරු පිරියම් කැරුණේ ය. බොහෝ මිනිස්සු වැදහෝනා අපේක්‍ෂා ඇත්තෝ එහි යෙත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ විහාරෙ සෙතවණ්ණං කාළවණ්ණං ගෙරුකපරිකම්මන්ති.”
Sinhala BJT“මහණෙනි, වෙහෙරෙහි සුදුපැහැ කළුපැහැ ගුරුපැහැ පිරියම් කරන්නට අනුදනිමි” යි වදාළසේක.
Pali BJTතෙන ඛො පන සමයෙන ඵරුසාය භිත්තියා සෙතවණ්ණො න නිපතති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTඑ සමයෙහි රළු බිත්තියෙහි සුදු පැහැ නො රැඳෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ ථුසපිණ්ඩං දත්වා පාණිකාය පටිබාහෙත්වා සෙතවණ්ණං නිපාතෙතුන්ති.”
Sinhala BJT“මහණෙනි, දහවියා පිඬු දී අත්ලෙන් තුනී කොට සුදු පැහැ හෙළන්නට (රඳවන්නට) අනුදනිමි” යි වදාළසේක.
Pali BJTසෙතවණ්ණො අනිබන්ධනීයො හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTසුදු පැහැය එකට නොබැඳෙන්නේ වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ සණ්හමත්තිකං දත්වා පාණිකාය පටිබාහෙත්වා සෙතවණ්ණං නිපාතෙතුන්ති.”
Sinhala BJT“මහණෙනි, සියුම් මැටි දී අත්ලෙන් තුනී කොට සුදුපැහැය හෙළන්නට අනුදනිමි” යි වදාළසේක.
Pali BJTසෙතවණ්ණො අනිබන්ධනියො හොති -පෙ-
Sinhala BJTසුදුපැහැය එකට නො බැඳෙන්නේ වෙයි.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ ඉක්කාසං පිට්ඨමද්දන්ති.”
Sinhala BJT“මහණෙනි, මැලියම ද පිටිකැඳ ද අනුදනිමි” යි වදාළසේක.
Pali BJTතෙන ඛො පන සමයෙන ඵරුසාය භිත්තියා ගෙරුකා න නිපතති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTඑ සමයෙහි රළු බිත්තියෙහි ගුරු පිරියම් නො බැඳේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.