Cullavagga

Lesser Division

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 2001-2100 න් 3845

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTකොට්ඨකස්ස කවාටං න හොති.
Sinhala BJTදොර කොටුවට දොර පළුවෙක් නොවෙයි.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ, කවාටං පිට්ඨිසඞ්ඝාටං{2} උදුක්ඛලිකං උත්තරපාසකං අග්ගලවට්ටිං කපිසීසකං සූචිකං ඝටිකං තාළච්ඡිද්දං ආවිඤ්ඡනච්ඡිද්දං ආවිඤ්ඡනරජ්ජුන්ති”.
Sinhala BJT“මහණෙනි, දොරපළුව ද දොරබාව ද වටෙවුලීය ද උතුරුලීය ද දොර පොල්ල ද අගුළුකණුව ද, යතුරුදණ්ඩ ද තරංකය ද කෙසිසිදුර ද අදින රැහැන බහන සිදුර ද, අදනා රැහැන ද අනුදනිමි” යි වදාළසේක.
Pali BJTකොට්ඨකෙ තිණචුණ්ණං පරිපතති.
Sinhala BJTදොරටුවෙහි තණරොඩු වැගිරෙයි.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ, ඔගුම්බෙත්වා උල්ලිත්තාවලිත්තං කාතුං: සෙතවණ්ණං කාළවණ්ණං ගෙරුකපරිකම්මං මාලාකම්මං ලතාකම්මං මකරදන්තකං පඤ්චපටිකන්ති.
Sinhala BJT“මහණෙනි, ඝන දඬුවලින් පියස්ස තනා ඇතුළත පිටත බදාම අලවන්නට ද සුදුපැහැ කළු පැහැ ගුරුපිරියම් මාලාකර්‍ම ලතාකර්‍ම මෝරුදැති පස්වනක් පැහැය ගන්වන්නට ද අනුදනිමි” යි වදාළසේක.
Pali BJTපරිවෙණං චික්ඛල්ලං හොති.
Sinhala BJTවැසිකිළිය වටා පවුර ඇතුළත වූ බිම මඩ සහිත වේ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ, මරුම්බං උපකිරිතුන්ති”.
Sinhala BJT“මහණෙනි, වැලි ඉස වසාලන්නට අනුදනිමි” යි වදාළසේක.
Pali BJTන පරියාපුණන්ති.
Sinhala BJTවැලි ප්‍රමාණවත් නො වේ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ, පදරසිලං නික්ඛිපිතුන්ති”.
Sinhala BJT“මහණෙනි, ගල්පුවරු අතුරන්නට අනුදනිමි” යි වදාළසේක.
Pali BJTඋදකං සන්තිට්ඨති.
Sinhala BJTදිය රැඳී සිටී.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ, උදකනිද්ධමනන්ති”.
Sinhala BJT“මහණෙනි, දිය සොරොව්වක් කරන්නට අනුදනිමි” යි. වදාළසේක.
Pali BJTආචමනකුම්භී න හොති.
Sinhala BJTදෙවුනා ජලය පිණිස බඳුනෙක් නො වෙයි.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ, ආචමනකුම්භින්ති”.
Sinhala BJT“මහණෙනි, මලධොවනයට දිය බඳුනෙක් අනුදනිමි” යි වදාළසේක.
Pali BJTආචමනසරාවකො න හොති. “අනුජානාමි භික්ඛවෙ, ආචමනසරාවකන්ති”.
Sinhala BJTදොවුනා දිය ගන්නට සරාවෙක්, නො වෙයි. “මහණෙනි, (මලධෝවනයට දිය බඳුනෙන්) දිය ගන්නා සරාවක් අනුදනිමි” යි වදාළසේක.
Pali BJTදුක්ඛං නිසින්නා ආචමෙන්ති.
Sinhala BJTදුක්සේ හිඳුනාහු මල දොවිත්.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ, ආචමනපාදුකන්ති”.
Sinhala BJTමහණෙනි, මල දෝනට හිඳිනු පිණිස පාදුකා අනුදනිමි” යි වදාළසේක.
Pali BJTආචමනපාදුකා පාකටා හොන්ති. භික්ඛූ හිරීයන්ති ආචමෙතුං.
Sinhala BJTආචමනපාදුකාවෝ (මලදොවනට හිඳිනා පාදුකාවෝ) පිටතට පෙනෙත්, මහණහු මලදෝනට ලජ්ජිත වෙත්.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ පරික්ඛිපිතුං තයො පාකාරෙ: ඉට්ඨකාපාකාරං සිලාපාකාරං දාරුපාකාරන්ති”.
Sinhala BJT“මහණෙනි, ගඩොළුපවුර ද ගල්පවුර ද දඬුපවුර ද යන තුන් පවුරු වටා ලන්නට අනුදනිමි”.
Pali BJTආචමනකුම්භී අපාරුතා හොති. තිණචුණ්ණෙහි පි පංසුකෙහි පි ඔකිරීයති.
Sinhala BJTමලදෝනා දිය තබන සැළ නො වැසුණේ වේ. තණ රොඩුයෙන් ද දූවිලියෙන් ද එය වැසෙයි.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ අපිධානන්ති”.
Sinhala BJT“මහණෙනි, පියනක් අනුදනිමි” යි වදාළසේක.
Pali BJT147. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ එවරූපං අනාචාරං ආචරන්ති: මාලාවච්ඡං රොපෙන්තිපි රොපාපෙන්තිපි, සිඤ්චන්තිපි සිඤ්චාපෙන්තිපි, ඔචිනන්තිපි ඔචිනාපෙන්තිපි, ගන්ථෙන්තිපි ගන්ථාපෙන්තිපි, එකතො වණ්ටිකමාලං කරොන්තිපි කාරාපෙන්තිපි, උභතොවණ්ටිකමාලං කරොන්තිපි කාරාපෙන්තිපි, මඤ්ජරිකං කරොන්තිපි කාරාපෙන්තිපි, විධූතිකං කරොන්තිපි කාරාපෙන්තිපි, වටංසකං කරොන්තිපි කාරාපෙන්තිපි, ආවෙළකං කරොන්තිපි කාරාපෙන්තිපි, උරච්ඡදං කරොන්තිපි කාරාපෙන්තිපි.
Sinhala BJT147. එ සමයෙහි සවැගි මහණහු මෙසේ වූ අනාචාර කරත්: මල් පැල සිටුවත්, සිටුවවත්. ඒවාට දිය ඉසිත්, දිය ඉස්වත්. මල්කඩත්, කඩවත්. මල්දම් ගොතත්, ගොතවත්. එක් පසකට නටුව ඇතිසේ මල්දම් තනත්, තනවත්. දෙපසට නටු සිටිනා සේ වූ මල්දම් ද තනත් තනවත්, මල්කැන් ද කරත්, කරවත්. හිද්දෙක අමුනා තනන මල්දම් ද කරත්, කරවත්. කනමතැ පලඳනා මල්දම් ද තනත්, තනවත්. හිසෙහි පලඳනා මල්දම් ද තනත්, තනවත්. මල්හර ද කරත්, කරවත්.
Pali BJTතෙ කුලිත්ථීනං කුලධීතානං කුලකුමාරීනං කුලසුණ්හානං කුලදාසීනං එකතො වණ්ටිකමාලං හරන්තිපි හරාපෙන්තිපි, උභතො වණ්ටිකමාලං හරන්තිපි හරාපෙන්තිපි, මඤ්ජරිකං හරන්තිපි හරාපෙන්තිපි, විධූතිකං හරන්තිපි හරාපෙන්තිපි, වටංසකං හරන්තිපි හරාපෙන්තිපි, ආවෙළකං හරන්තිපි හරාපෙන්තිපි, උරච්ඡදං හරන්තිපි හරාපෙන්තිපි.
Sinhala BJTකුලවමියනට කුල දූනට කුල කුමරියනට කුල යෙහෙළියනට කුලදාසීනට එක් පසකට නටු සිටුනා සේ තැනූ මල්දම් ගෙනයත්, යවත්. දෙපසට නටු ඇති මල්දම් ද ගෙන යත්, යවත්. මල් කැන් ද ගෙන යත්, යවත්. හිද්දෙන් අමුනා කළ මල් දම් ගෙනයත්, යවත්. කන මතැ පලඳනා මල්දම් ද ගෙනයත් යවත්, මුදුන් මල් කඩ ද ගෙනයත්, යවත් මල්හර ද ගෙනයත්, යවත්.
Pali BJTතෙ කුලිත්ථීහි කුලධීතාහි කුලකුමාරීහි කුලසුණ්හාහි කුලදාසීහි සද්ධිං එකභාජනෙපි භුඤ්ජන්ති, එකථාලකෙපි පිවන්ති, එකාසනෙපි නිසීදන්ති, එකමඤ්චෙපි තුවට්ටෙන්ති, එකත්ථරණාපි තුවට්ටෙන්ති, එකපාවුරණාපි තුවට්ටෙන්ති, එකත්ථරණපාවුරණාපි තුවට්ටෙන්ති, විකාලෙපි භුඤ්ජන්ති, මජ්ජම්පි පිවන්ති, මාලාගන්ධවිලෙපනම්පි ධාරෙන්ති, නච්චන්තිපි, ගායන්තිපි, වාදෙන්තිපි, ලාසෙන්තිපි, නච්චන්තියාපි නච්චන්ති, නච්චන්තියාපි ගායන්ති, නච්චන්තියාපි වාදෙන්ති, නච්චන්තියාපි ලාසෙන්ති ගායන්තියාපි නච්චන්ති.... ගායන්ති ... ලාසෙන්ති වාදෙන්තියාපි නච්චන්ති ... ගායන්ති ... වාදෙන්ති ... ලාසෙන්ති, ලාසෙන්තියාපි නච්චන්ති, ලාසෙන්තියාපි ගායන්ති, ලාසෙන්තියාපි වාදෙන්ති, ලාසෙන්තියාපි ලාසෙන්ති. අට්ඨපදෙපි කීළන්ති, දසපදෙපි කීළන්ති, ආකාසෙපි කීළන්ති, පරිහාරපථෙපි කීළන්ති,
Sinhala BJTකුලවමියන් හා කුලදූන් හා කුල කුමරියන් හා කුලයෙහෙළියන් හා කුලදාසීන් හා එක් බඳුනෙහි වැළඳීම ද කරත්, එක් මලාවෙන් දිය පීම ද කෙරෙත්, එක් අස්නෙහි හිඳීම ද කරත්, එක් ඇඳෙහි නිදීම ද කරත්, එක් ඇතිරියක් ඇත්තෝ ව ද නිදත්, එක් පොරෝනාවක් ඇත්තෝ ව ද නිදත්, එක් ඇතිරියක් එක් පොරෝනාවක් ඇත්තාහු ද නිදත්. විකාලයේ ද බොජුන් වළඳත්, මත්පැන් ද බොත්, මල් ගඳ විලෙවුන් දැරීම ද කරත්, නැටීම ද කරත්, ගැයීම ද කරත්, වැයීම ද කරත්, ලාසා නැටීම ද කරත්, නටන්නියට ද නටත්, නටන්නියට ද ගයත්, නටන්නියට ද වයත්, නටන්නියට ද ලාසා නැටීම කරත්, ගයන්නියට ද නටත්, ගයන්නියට ද ගයත්, ගයන්නියට ද වයත්, ගයන්නියට ද ලාස්‍ය නෘත්‍යය කරත්, වයන්නියට ද නටත්, වයන්නියට ද ගයත්, වයන්නියට ද වයත්, ලාස්‍ය නෘත්‍යය කරන්නියට ද ලාස්‍ය නෘත්‍යය කරත්, නටත් ... ගයත් ... වයත්, අට පා පුවරුවෙහි ද දූ කෙළිත්, දසපාපුවරුවෙහි ද දූ කෙළිත්, ආකාශයෙහි (දූ පුවරු සිතින් සිතා ගෙන) ද දූ කෙළිත්, කට්ටි පැනුම් ක්‍රීඩාව ද කරත්,
Pali BJTසන්තිකායපි කීළන්ති, ඛලිකායපි කීළන්ති, ඝටිකායපි කීළන්ති, සලාකහත්ථෙනපි කීළන්ති, අක්ඛෙනපි කීළන්ති, පඞ්ගචීරෙනපි කීළන්ති, වඞ්කකෙනපි කීළන්ති, මොක්ඛචිකායපි කීළන්ති, චිඞ්ගුලකෙනපි කීළන්ති, පත්තාළ්හකෙනපි කීළන්ති, රථකෙනපි කීළන්ති, ධනුකෙනපි කීළන්ති, අක්ඛරිකායපි කීළන්ති, මනෙසිකායපි කීළන්ති, යථාවජ්ජෙනපි කීළන්ති, හත්ථිස්මිම්පි සික්ඛන්ති, අස්සස්මිම්පි සික්ඛන්ති, රථස්මිම්පි සික්ඛන්ති, ධනුස්මිම්පි සික්ඛන්ති, ථරුස්මිම්පි සික්ඛන්ති, හත්ථිස්සපි පුරතො ධාවන්ති, අස්සස්සපි පුරතො ධාවන්ති, රථස්සපි පුරතො ධාවන්ති. ධාවන්තිපි ආධාවන්තිපි, උස්සොළෙහන්තිපි{1}, අප්පොඨෙන්තිපි, නිබ්බුජ්ඣන්තිපි, මුට්ඨීහිපි යුජ්ඣන්ති, රඞ්ගමජ්ඣෙපි සඞ්ඝාටිං පත්ථරිත්වා නච්චන්තිං{2} එවං වදෙන්ති ‘ඉධ භගිනි නච්චස්සූ’ති නලාටිකම්පි දෙන්ති, විවිධම්පි අනාචාරං ආචරන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං -පෙ- “න භික්ඛවෙ විවිධං අනාචාරං ආචරිතබ්බං. යො ආචරෙය්ය යථාධම්මො කාරෙතබ්බො”ති.
Sinhala BJTසත්තිකායෙන් ද කෙළිත්, බලිකායෙන් ද කෙළිත්, ඝටිකායෙන් ද කෙළිත්, ශලාකහස්ත ක්‍රීඩායෙන් ද කෙළිත්, ගුඩයෙන් (පන්දුවෙන්) ද කෙළිත්, කොළනලා පිඹීමෙන් ද කෙළිත්, කුඩානඟුලෙන් ද කෙළිත්, කරනම් පැනීමෙන් ද කෙළිත්, (වාතයෙන් භ්‍රමණය වන) හුළං පතින් ද කෙළිත්, කොළනැළියෙන් මිනීමෙන් ද... කුඩාරියෙන් ද ..... කුඩාදුන්නෙන් ද ... අහසැ අකුරු ඇඳ කියැවීමෙන් ද ... සිතු දෑ කීමෙන් ද ... අංගවිකලයන් සේ ඉරියවු පැවැත්වීමෙන් ද කෙළිත්, හස්ත්‍රිශිල්පයෙහි ද පුහුණු වෙත්, අශ්වශිල්පයෙහි ද ... රථශිල්පයෙහි ද ... ධනුශ්ශිල්පයෙහි ද ... කඩුසිප්හි ද පුහුණු වෙත්, ඇතුට පෙරටු ව ද දිවෙත්, අසුට පෙරටු ව ද ... රියට පෙරටු ව ද දුවත්, ඉදිරියට ද ආපසු ද දුවත්. සීරුසන් දීම ද ... අත්පොළසන් දීම ද ... මල්ල පොර බැදීම ද ... මිටුයෙන් පහර දීම ද කරත්, නැටුම් පොළෙහි සඟළ සිවුර එළා නටන්නියට “නැඟණියනි, මෙහි නටන්නැ” යි ද කියත්. සිය නලළැ ඇඟිල්ල තබා නටන්නිය ගේ නලළැ ද ඇඟිල්ල තබත්. නානාවිධ අනාචාර කරත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළහ. ... “මහණෙනි, නානාවිධ අනාචාර නො කළයුතු, යමෙක් කරන්නේ වී නම් විනයදහම්හි වූ පරිදි පිළියම් කැරැවියයුතු යැ” යී වදාළසේක.
Pali BJT148. තෙන ඛො පන සමයෙන ආයස්මන්තෙ උරුවෙලකස්සපෙ පබ්බජිතෙ සඞ්ඝස්ස බහුං ලොහභණ්ඩං දාරුභණ්ඩං මත්තිකාභණ්ඩං උප්පන්නං හොති. අථ ඛො භික්ඛූනං එතදහොසි “කින්නු ඛො භගවතා ලොහභණ්ඩං අනුඤ්ඤාතං කිං අනනුඤ්ඤාතං, කිං දාරුභණ්ඩං අනුඤ්ඤාතං, කිං අනනුඤ්ඤාතං, කිං මත්තිකාභණ්ඩං අනුඤ්ඤාතං, කිං අනනුඤ්ඤාතන්ති”.
Sinhala BJT148. එ සමයෙහි ආයුෂ්මත් උරුවෙල් කසුප් තෙරුන් පැවිදි වූ කල්හි සඞ්ඝයාහට බොහෝ ලොහොමුවා බඩු ද දඬුමුවා බඩු ද මැටිමුවා බඩු ද උපන්නේ වෙයි. ‘කවර නම් ලොහො බඩුවෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් අනුදන්නා ලද්දේ ද? කවරෙක් නො අනුදන්නා ලද්දේ ද? කවර දඬුමුවා බඩුවෙක් අනුදන්නා ලද්දේ ද? කවර බඩුවෙක් නො අනුදන්නා ලද්දේ ද? කවර නම් මැටි බඩුවෙක් අනුදන්නා ලද්දේ ද? කවර බඩුවෙක් නො අනුදන්නා ලද්දේ දැ’ යි භික්‍ෂුනට මේ සිත විය.
Pali BJTභගවතො එතමත්ථං ආරොචෙසුං. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළහ. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි, මෙ කරුණෙහි දැහැමි කතා කොට භික්‍ෂූන් අමතා මෙසේ වදාළසේක.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ ඨපෙත්වා පහරණිං සබ්බං ලොහභණ්ඩං, ඨපෙත්වා ආසන්දිං පල්ලඞ්කං දාරුපත්තං දාරුපාදුකං සබ්බං දාරුභණ්ඩං, ඨපෙත්වා කතකං ච කුම්භකාරිකඤ්ච සබ්බං මත්තිකාභණ්ඩන්ති”.
Sinhala BJT“ආයුධ හැර, සියලු ලොහොබඩු ද, දික්සඟළා පුටුවත් ව්‍යඝ්‍රරූපාදිය ඇති පුටුවත් ලීයෙන් කළ පාත්‍රයත් ලීයෙන් කළ මරවැඩිත් හැර සියලු ලීමුවා බඩු ද, පියුම් කෙමියක් මෙන් උඩට නෙරා සිටුනා සේ කළ මැටි පාපිස්නාව ද සියල්ල මැටියෙන් කළ කුටිය ද හැර සෙසු සියලු මැටි බඩු ද අනුදනිමි” (යි වදාළ සේක).
Pali BJTඛුද්දක වත්ථුක්ඛන්ධකං පඤ්චමං{3}.
Sinhala BJTපස්වනු බුද්දකවත්ථුක්ඛනධක යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTමේ එහි උද්දානය යැ:
Pali BJT1. රුක්ඛෙ ථම්භෙ ච කුඩ්ඩෙ ච අට්ඨානෙ ගන්ධසුත්තියා විග්ගය්හ මල්ලකො කච්ඡු ජරා ච පුථුපාණිකා.
Sinhala BJT1. රුකෙහි කය ඉලීම, ටැඹෙහි කය ඉලීම, බිත්තියෙහි කය ඉලීම, නො තන්හි නෑම, දැවමුවා අතින් සිරුර ඉලීම, කිරිඳි හුයින් ඇඟ ඉලීම, උනුන් සිරුර ගටා පිරියම් කැරැවීම, මල්ලකයෙන් සිරුර ඉලීම, කැසීම් රොගයට මල්ලකය අනුදැනීම, ජරායෙන් පෙළුණාහට උක්කාසිකාව අනුදැනීම, පුථුපාණිකාව අනුදැනීම,
Pali BJT2. වල්ලිකාපි ච පාමඞ්ගං කණ්ඨසුත්තං න ධාරයෙ කටි ඔවට්ටි කෙයූරං හත්ථාභරණ මුද්දිකා.
Sinhala BJT2. මුතුවැල් ආදිය ද, පමුව ද ගෙල පලඳනා ද, ඉඟපලඳනා ද, වළලු ද, අඟුපලඳනා ද හස්තාභරණ ද මුදු ද නො දැරිය යුතු ය යන්න ද,
Pali BJT3. දීඝෙ කොච්ඡෙ ඵණෙ හත්ථෙ සිත්ථා උදකතෙලකෙ ආදාසුද පත්තවණා ආලෙප මද්ද චුණ්ණනා
Sinhala BJT3. දික් කෙස් දැරීම ද, කොස්සෙන්, පනායෙන් අත්පනායෙන්, ඉටිතෙලින්, දියමුසු තෙලින් කෙස් පිරීම, කැටපතෙහි ද දිය බඳුනෙහි ද මුහුණ බැලීම, මුඛයේ වණයක් ඇති කලැ කැටපත් ඈහි මූණ බැලීම, මුහුණ අලෙවු දීම, මුව පිරිමැදීම, මුවැ වත්සුණු තැවැරීම, යන කරුණු ද,
Pali BJT4. ලඤ්ඡෙන්ති අඞ්ගරාගඤ්ච මුඛරාගං තදූභයං චක්ඛුරොගං ගිරග්ගඤ්ච ආයතං සරබාහිරං.
Sinhala BJT4. මහණහු මුවැ සලකුණු තබත්, ඇඟැ පැහැ ගැල්වීම, මුහුණ පැහැ ගැල්වීම ද ඒ දෙක ම ද කරත්, ඇසැ රොගයට මුඛයාලෙපය අනුදැනීම, ගිරග්ගසමජ්ජය දක්නට යෑම, ආයතක ස්වරයෙන් බණ කීම, ස්වරභාණ්‍යය, පිටතට ලොම් සිටුනා සේ කළ පොරෝනා දැරීම යන කරුණු ද,
Pali BJT5. අම්බපෙසි සකලෙහි අහි ඡින්දි ච චන්දනං උච්චාවචා පත්තමූලං සුවණ්ණො බහලා වලී
Sinhala BJT5. රජුගේ උයනෙහි අඹ වැළඳීම, සූපයෙහි ලූ අඹපෙති වැළඳීම, දායකයන් සියලු අඹ අතින් ගෙන බොජුන් හලැ හැසිරීම, සපුනට මෙත් වැඩීම, අඟදා සිඳීම, හඳුන් පා පිළිබඳ වත, කුදුමහත් පාත්‍ර දැරීම, පාත්‍රමූලය පිළිබඳ පැනැවීම, රන්මුවා ඈ පාමඩුලු දැරීම, පාමඩුලු හැකිලීම යන කරුණු ද,
Pali BJT6. චිත්රා දුස්සති දුග්ගන්ධො උණ්හෙ භිජ්ජිංසු මිඩ්ඪියා පරිභණ්ඩං තිණං චොළං මාලං කුණ්ඩොලිකාය ච. ථවිකඤ්ච අංසබන්ධකං, තථා බන්ධනසුත්තකා
Sinhala BJT6. විසිතුරු පාමඩුලු දැරීම, දිය සහිත පාත්‍ර දූෂ්‍ය වේ යන්න, පාත්‍ර දුගඳ වීම, පාත්‍ර උෂ්ණයෙහි තැබීම, සුළිහුළඟින් පාත්‍ර බිඳී ගියේ ය යන්න, පිල් කෙළවරැ පාත්‍රා තැබීම, පටු පිල් කෙළවරැ පාත්‍ර තැබීම, පාත්‍ර සඳහා තණ ඇතිරිය, රෙදි ඇතිරිය, පාත්‍රමාලකය, පාත්‍ර කණ්ඩොලිකාව හා පාත්‍ර ථවිකය, අංසබන්ධකය, පාත්‍ර බඳනා හුය යන මෙතෙක් දෑ ද,
Pali BJT7. ඛිලෙ මඤ්චෙ ච පීඨෙ ච අංකෙ ඡත්තෙ පණාමනා තුම්බඝටී ඡවසීසං චලකානි පටිග්ගහො.
Sinhala BJT7. බිතුහුලෙහි පාත්‍රය ලැග්වීම, ඇඳෙහි ද පුටුවෙහි ද ඇකයෙහි ද ඡත්‍රයෙහි ද පාත්‍රය තැබීම, පාත්‍රය අතැති ව කවුළුව ඇරීම, ලබුකබල් ද කළගෙඩි ද පාත්‍ර වශයෙන් දැරීම, මිනී හිස් පාත්‍ර දැරීම සපා ඉවත් කළ දෑ පාත්‍රයෙන් ගෙන යෑම, පඩික්කම අනුදැනිම් යන කරුණු ද,
Pali BJT8. විප්ඵාලි දණ්ඩ සොවණ්ණං පත්තෙ පෙසි ච නාළිකා කිණ්ණං සත්තු සරිතඤ්ච මධුසිත්ථං සිපාටිකං.
Sinhala BJT8. අතින් සිවුරු ඉරා , මැහීම, පිහිය රන්මුවා පිහියා මිටි ආදිය, කුකුළු පිහාටුයෙන් මැහීම, උණ පතුරෙන් මැහීම, හිදි කටුගුලාව, රාබිජුසුණු, පිටිකුඩු ගල්කුඩු, මීඉටි, මීඉටි ගැල්වූ රෙදිකඩ යන කරුණු ද,
Pali BJT9. විකණ්ණං බන්ධි විසමං ඡමා ජිර පහොති ච කළිම්බං මොඝසුත්තඤ්ච අධොතල්ලං උපාහනා
Sinhala BJT9. කොන් සම නැති සිවුරු, උල් සිටුවා සිවුරු බැඳීම, විසම තැන කඨිනය තැබීම, කඨිනය බිම තැබීම, කඨිනයේ කොන දිරීම, කඨිනය පුමාණවත් නොවෙයි ද එය, කලිම්බක (ලාපත) ය, බොරු හුය, නොසේදු පයින් කඨිනය ඇක්මීම, තෙත් පයින් කඨිනය - ඇක්මීම, මරවැඩි සහිත පයින් කඨිනය ඇක්මීම, යන කරුණු ද,
Pali BJT10. අඞ්ගුලී පටිග්ගහඤ්ච විත්ථකං අංසබන්ධකා අජ්ඣොකාසෙ නීචවත්ථු චයො චාපි විහඤ්ඤරෙ.
Sinhala BJT10. සිවුරු මැහීමේ දී ඇඟිල්ලෙන් හිදිකටුව ඇදීම, දිදාලය අනුදැනීම, විත්ථකය (හෙප්පුව) අනුදැනීම, අංසඛන්ධකය අනුදැනීම, එළිමහනෙහි සිවුරු මැහීම, කඨිනශාලාව පිහිටි බිම පහත් බව, බැම්මෙන් බිම උස් කිරීම, උස්බිමට නගින්නාහු පෙළෙත්,
Pali BJT11. පරිපතති තිණචුණ්ණං උල්ලිත්තාවලිත්තකං සෙතං කාළකවණ්ණඤ්ච පරිකම්මඤ්ච ගෙරුකං
Sinhala BJT11. උස්බිමට නගින්නාහු වැටෙත් (මේවා පිළිබඳ කළ අනුදැනුම්), කෙළින්හලැ තණ සුණු වැටීම, පියස්සැ උඩ යට බදාම ආලේප කිරීම, එහි සුදු පැහැ කළු පැහැ ගුරු පිරියම් ද කිරීම යන කරුණු ද,
Pali BJT12. මාලාකම්මං ලතාකම්මං මකරදන්තක පට්ටිකා චීවරවංසං රජ්ජුඤ්ච අනුඤ්ඤාසි විනායකො
Sinhala BJT12. එහි මාලාකර්‍ම ලතාකර්‍ම මකරදන්තක පංචපටිකා සිතුවම් කිරීම ද, සිවුරු වනන උන දංඩ ද , සිවුරු වනන ලනුව ද යන මෙ හැම බුදුරජුහු අනුදත්හ.
Pali BJT13. උජ්ඣිත්වා පක්කමන්ති ඛජ්ජති පරිභිජ්ජති. විනිවෙඨියති කුඩ්ඩෙපි පත්තෙනාදාය ගච්ඡරෙ
Sinhala BJT13. කඨිනය නොසැලකිලියේ දමා යත්, එයින් කඨිනය වේ ආදීන් විසින් කනු ලබයි, කැඩීබිඳී යෙයි. කඨිනය ලිහෙයි, කඨිනය බිත්තියෙහි ද නංවා යෙත්. හිදිකටු ආදිය පාත්‍රයෙන් ගෙන යත්.
Pali BJT14. ථවිකා බන්ධසුත්තඤ්ච බන්ධිත්වා ච උපාහනා උපාහනත්ථවිකඤ්ච අංසබන්ධන සුත්තකං
Sinhala BJT14. ථවිකාවක් ද බඳනා හුයක් ද අනුදත්හ. මරවැඩි කාබහතින් බැඳ ගෙනයත්, උපාහනත්ථවිකාව ද අංශයෙහි බඳනා හුය ද අනුදත්හ.
Pali BJT15. උදකාකප්පියං මග්ගෙ පරිස්සාවනචොළකං ධම්මකරකං ද්වෙ භික්ඛූ වෙසාලිං අගමා මුනි
Sinhala BJT15. මාර්‍ගයේ දී අකැප දිය ලැබේ, පෙරහන් කූඩ ද ඩබරාව ද අනුදත්හ. දික්මඟ පිළිපන් භික්‍ෂුහු දෙදෙනෙකි. (ඔවුන්ගේ පුවත ය). බුදුරජුහු විසල් පුර වැඩියාහ.
Pali BJT16. දණ්ඩං ඔත්ථරකං තත්ථ අනුඤ්ඤාසි පරිස්සාවනං මකසෙහි පණීතෙන බහ්වාබාධා ච ජීවකො
Sinhala BJT16. එහි දී දඬුපෙරහන ද ළිඳ තුළ ඔබා දිය පෙරන පෙරහන ද අනුදත්හ. මහණහු මදුරුවන් ගෙන් පෙළුණාහ. (සිවුරු කිළිය අනුදත්හ.) ප්‍රණීත භෝජන හේතුයයෙන් මහණහු ගිලන් වූහ. ජීවක තෙම ආයාචනයක් කෙළේ ය.
Pali BJT17. චඞ්කමනං ජන්තාඝරං විසමෙ නීචවත්ථුකො තයො චයෙ විහඤ්ඤන්ති සොපාණාලම්බ වෙදිකං
Sinhala BJT17. සක්මන්මළුව ද ගිනිහල් ගෙය ද අනුදත්හ. විසම සක්මන්මළුවෙහි සක්මන් කරත්. සක්මන්මළුව මිටි බිමෙක වෙයි. බැඳුම් තුනක් අනුදත්හ. එයට නඟින්නාහු වෙහෙසෙත්. පඩිපෙළ ද අත්වැල ද සක්මන්පිළ ද අනුදත්හ.
Pali BJT18. අජ්ඣොකාසෙ තිණචුණ්ණං උල්ලිත්තාවලිත්තකං සෙතකං කාළවණ්ණඤ්ච පරිකම්මඤ්ච ගෙරුකං
Sinhala BJT18. මහණහු එළිමහනැ සක්මන් කරත්. සක්මන්හලැ තණ රොඩු වැටෙයි. පියස්ස ඇතුළතින් පිටතින් බදාම ආලේප කිරීම අනුදත්හ. එය සුදුපැහැ කළුපැහැ ද කරන්නට ද ගුරු පිරියම් කරන්නට ද අනුදත්හ.
Pali BJT19. මාලාකම්මං ලතාකම්මං මකරදන්තකපට්ටිකං වංසං චීවරරජ්ජුඤ්ච උච්චං ච වත්ථුකං කරෙ
Sinhala BJT19. එහි මල්කම් ලියකම් මුවරදත් පස්වනින් පැහැපත් කිරීම යන මෙය දත්හ. සිවුරු වනන වස්දහංඩ ද රැහැන ද අනුදත්හ. ගිනිහල්ගෙහි බිම උස් කරන්නේ ය.
Pali BJT20. තයො සොපාණ බාහඤ්ච කවාටං පිට්ඨිසඞ්ඝාටං උදුක්ඛලුත්තරපාසකං වට්ටිඤ්ච කපිසීසකං
Sinhala BJT20. තුන් පඩිපෙලවල් ද අත්වැල ද දොර ද දොර ඛාව ද මුසලපාසය ද උත්තරපාසය ද දොරපොල්ල ද අගුළුකණුව ද අනුදත්හ.
Pali BJT21. සූචි ඝටි තාලච්ඡිද්දං ආවිඤ්ඡනඤ්ච රජ්ජුකං. මණ්ඩලං ධූමනෙත්තඤ්ච මජ්ඣෙ ච මුඛමත්තිකං
Sinhala BJT21. යතුරුලීය ද තරංකය ද කෙසිසිදුර ද අදනා රැහැන් ආදිය ද අනුදත්හ. මංඩලිකාව (කය්යෝරුව) ද දුම් සිදුර ද ගිනිහල මැද උදුන ද මුහුණ තවරනා මැටි ද අනුදත්හ.
Pali BJT22. මත්තිකාදොණි දුග්ගන්ධො ඩහතී උදකාධානං සරාවකං ච සෙදෙති චික්ඛල්ලං ධොවි නිද්ධමනං
Sinhala BJT22. මැටි ඔරුව අනුදත්හ. මැටි දුගඳ වෙයි. සිරුර දැවෙයි. දිය බඳුනක් ද මලාවක් ද අනුදත්හ. පියස්ස විසිරෙයි. ගිනිහල මඩ සහිත වෙයි. සෝදා හැරීම ද මොහොල (කානුවක්) තැනීම ද අනුදත්හ.
Pali BJT23. පීඨඤ්ච කොට්ඨකෙ කම්මං මරුම්බාසිලා නිද්ධමනං නග්ගා ඡමායං වස්සන්තෙ පටිච්ඡාදී තයො තහිං
Sinhala BJT23. ගිනිහල් පුටුව ද දොරටුව ද එහි බිම උස් කිරීම් ඈ කටයුතු ද අවට බිමැ වැලි ඉසීම ද, මොහොලක් තැනීම ද අනුදත්හ. මහණහු නග්න ව වන්දනාදිය කරත්, (එය නොකළ යුතු යි වදාළාහ.) ගිනිහලෙහි බිමැ සිවුරු තබත්. වසින කල සිවුරු තෙමෙයි. ගිනිහලෙහි ප්‍රතිච්ඡාදන තුනක් අනුදත්හ.
Pali BJT24. උදපානං ලුජ්ජති ච වල්ලියා කායබන්ධනං තූලං කරකටං චක්කං බහූ භිජ්ජන්ති භාජනා
Sinhala BJT24. ළිඳක් අනුදත්හ, එය කැඩී යයි (එයට තුන් බැඳුම් අනුදත්හ.) වැලෙන් දිය බාත්, කාබහන ද එහි යොදත්. තුලා කරකටක චක්‍රවර්ත යන තුන අනුදත්හ. බොහෝ බඳුන් බිඳේ.
Pali BJT25. ලොහදාරු චම්මඛණ්ඩං සාලා තිණං පිධානි ච දොණිං චන්දනි පාකාරං චික්ඛල්ලං නිද්ධමනෙන ච
Sinhala BJT25. ලොහො කළය, ලී කළය, සම් පසුම්බිය අනුදත්හ. ළින් හල අනුදත්හ. එහි තණරොඩු වැටෙයි, පියනක් අනුදත්හ. දිය බහාලන ඔරුවක් ද නාන තැන වළක් ද වටා පවුරක් ද අනුදත්හ. එය මඩ සහිත වෙයි. කානුවෙන් දිය යවන්නට අනුදත්හ.
Pali BJT26. සීතිගතං පොක්ඛරණිං පුරාණඤ්ච නිල්ලෙඛනං. චාතුමාසං සයන්ති ච නමතකඤ්ච නධිට්ඨහෙ
Sinhala BJT26. නාන්නහුගේ කය ශීතවත් වෙයි. (දිය පිසිනා රෙදිකඩ අනුදත්හ). පොකුණ අනුදත්හ. පොකුණ දිය පරණ වෙයි. (දියනික්මවන ඇලක් ද කානුවක් ද අනුදත්හ. පියස්ස සහිත ගිනිහල අනුදත්හ. සිවුමසක් හිඳිනා කඩෙන් තොර ව හිඳිත්. (එය නොකටයුතු යැ යි වදාළහ). මහණහු මල්යහන්හි වැදහොත් (එය නොකටයුතු යි වදාළාහ). නමතකය ඉටියයුතු නො වේ යැ යි ද වදාළාහ.
Pali BJT27. ආසිත්තකං මළොරිකං භුඤ්ජන්තෙකං තුවට්ටිසුං වඩ්ඪො බොධි න අක්කමි ඝටං කතකං සම්මජ්ජනි
Sinhala BJT27. ආසිත්තකය (තඹෙන් හෝ රිදියෙන් කළ පෙට්ටියක් වැනි බඳුන) පරිභෝග කරත්, එය නොකටයුතු යැ යි වදාළහ. පාත්‍රාධාරකය අනුදත්හ. සවැගියෝ එක් බඳුනෙන් වළඳත්, එක් හැඳෙහි වැදහොත්. වඩ්ඪ ලිච්ඡවීහු ගේ පුවත ද බෝධි රාජකුමාරයා ගේ පුවත ද එයි. බුදුරජහු පාවාඩය නො ඇක්මියහ. කිරිගරුඬ කළය ද මැටිමුවා පාපිස්නාව ද මුස්නක් ද (විශාඛා) පිළිගැන්නුවා ය.
Pali BJT28. සක්ඛරං කඨලඤ්චෙව ඵෙණකං පාදඝංසනිං විධූපනං තාලවණ්ටං මකසං චාපි චාමරී
Sinhala BJT28. ගල්කැටින් කළ පාපිස්නාව ද කැබිලිතියෙන් කළ පාපිස්නාව ද මුහුදුපෙණින් කළ පාපිස්නාව ද විජිනිපත ද තල්වැට ද මදුරුවිජිනිපත ද අනුදත්හ. සෙමෙර වල්විදුනාව නො අනුදත්හ.
Pali BJT29. ඡත්තං විනා ච ආරාමෙ තයො සික්කාය සම්මති රොම සිත්ථා නඛා දීඝා ඡින්දන්තඞ්ගුලිකා දුක්ඛා
Sinhala BJT29. මහණකුහට කුඩයක් නැතිව පහසු නො වේ. ආරාමයෙහි කුඩය දැරීමට අනුදත්හ. දණ්ඩසික්කාව පිළිබඳ පැනැවීම ද දණ්ඩසම්මතිය ද සික්කා සම්මතිය ද යන තුන ද වේ. ආහාර වැමෑරීම ද බොජුන් හලැ බත්හුලු විසුරුවීම ද දික් නිය දැරීම ද පැනැවීම් වේ. නිය සිඳීමේ දී ඇඟිලි පෙළේ. එය පිළිබඳ ව ද සිකපද පැනැවූහ.
Pali BJT30. සලොහිතං පමාණඤ්ච වීසති දීඝකෙසතා ඛුරං සීලං සිපාටිකං නමතකං ඛුරභණ්ඩකං
Sinhala BJT30. ලේ සහිත කොට නිය සිඳීම පිළිබඳ පැනවීම, මාංසප්‍රමාණයෙන් නිය සිඳින්නට අනුදැනීම, විසිනිය මට්ටම් කිරීම පිළිබඳ පැනවීම, දික් කෙස් ඇති බව ඇරැබ පැනවීම, දැළි පිහිය ද පිහියා මදින ගල ද පිහියා කොපුව පිහියා මදින සම ද සියලු කරබඩු ද අනුදැන්ම,
Pali BJT31. මස්සුං කප්පෙන්ති වඩ්ඪෙන්ති ගොලොමි චතුරස්සකං පරිමුඛං අඩ්ඪුරකඤ්ච දාඨි සම්බාධසංහරෙ
Sinhala BJT31. රවුළු කපවත්, රවුළු වඩත්, හනුවෙහි රවුළ ඉතිරි කිරීම, කොන්සතරක් සිටුනා සේ රවුළු කැපීම, පපුවෙහි ලොම් කැප්වීම, බඩෙහි රොමරාජිය තැබවිම, උඩුරවුළ තැබීම පිළිබඳ සිකපද පැනැවිණ. සම්බාධස්ථානයන්හි ලොම් ඉවත් කිරීමෙහි ද සිකපද පැනවිණ.
Pali BJT32. ආබාධා කත්තරි වණො දීඝං සක්ඛරිකාය පලිතං ථකිතං උච්චා ලොහභණ්ඩඤ්ජනී චයා;
Sinhala BJT32. ආබාධප්‍රත්‍යයයෙන් ලොම් හැරැවීම, කතුරෙන් කෙස් සිඳුවීම, හිසෙහි වණයක් පිළිබඳ වත. දික් නැහැලොම් දැරීම, ගල්කැටින් නැහැලොම් ගැලවීම, පැසුණු කෙස් ගැලවීම, කන් කාඳුරුයෙන් වැසීයාම, කුදුමහත් කන්හැඳි දැරීම, ලොහොබඩු රැස්කිරීම, අඳුන්නලාදිය දැරීම, (පිළිබඳ ප්‍රඳප්තීහු වෙත්).
Pali BJT33. පල්ලත්ථිකං ච ආයොගො වටං සලාකබන්ධනං කලාබුකං දෙඩ්ඩුභකං මුරජං මද්දවීණකං
Sinhala BJT33. සංඝාටිපල්ලත්‍ථිකාව ද ආයෝග පට, වටලීය නඩාව පිළිබඳ පැනැවීම් ද කාබහන දැරීම රැහැන් ඇති කාබහන, දියබරණ හිස වැනි මල ඇති කාබහන, මිහිඟු බෙර වැටි බඳු කාබහන, හවඩියත් වැනි කාබහන යන මේවා පිළිබඳ පැනවීම් ද ඇත.
Pali BJT34. පට්ටිකං සූකරන්තඤ්ච දසා මුරජ වෙණිතා අන්තො සොභං ගණකඤ්චෙව පවනන්තොපි ජීරති.
Sinhala BJT34. හැඳ පට රටා පටිය, හුරු අතුනු බඳු පටිය දහවලු දිරීම, දහවලු මිහිඟුබෙරවැටි සේ වෙළූපටිය, හවඩිය බඳු පටිය, කාබහන කෙළවර දිරීම, මුවවිට වෙළා ගෙතීම, මිහිඟුබෙර වැටි සේ විවීම පිළිබඳ ද සික පැනැවූහ. දහවලු කෙළවර ද දිරයි. (එය පිළිබඳ පැනවීම් ද ඇත.)
Pali BJT35. වීඨෙ ගණ්ඨි ච පාසකං{1} ඵලකන්තෙ ච ඔගහෙ ගිහීනිවත්ථං හත්ථිසොණ්ඩං මච්ඡකං චතුකණ්ණකං.
Sinhala BJT35. පටි ඇට ද ගණ්ඨිය ද පාසකය ද පිළිබඳ සික පැනවූහ. ගණ්ඨියට අලවන රෙදි කැබල්ල සිවුර කෙළවරැ යොදන්නේ ය. ගිහියන් මෙන් සිවුරු හැඳීම, හත්ථිසොණ්ඩක මච්ඡවාළක චතුකණ්ණක යන ගිහිනිවාසන නො කළයුතු බව වදාළහ.
Pali BJT36. තාලවණ්ටං සතවල්ලිං සාවෙල්ලිං ගිහිපාරුතං උභතොකාජං{1} න හරෙය්ය දන්තකට්ඨං ආකොටනං.
Sinhala BJT36. තල්වැට සේ හැඳීම, සතවල්ලිකය යන ගිහිපෙරැවුම් නො කළයුතු, පිටපටගැසීම ද නානාවිධ ගිහි පෙරැවුම් ද නොකළ යුතු, දෙපස කද නො ගෙනයායුතු, දැවටු විකීම ද දැවටුයෙන් තැළීම ද පිළිබඳ පැනැවීම් ද ඇත.
Pali BJT37. කණ්ඨෙ විලග්ගං දායඤ්ච පටග්ගි රුක්ඛ හත්ථිනා යමෙළු ලොකායතකං පරියාපුණිංසු වාචයුං.
Sinhala BJT37. දැහැට්ට උගුරේ රැඳිණ. (එය ඇරැබැ සික පැනැවූහ.) කැලෑ දැවීම, පිළිගිනි දීම, රුක් නැගීම, ඇතකු ලුහුබැඳීම ද යන කරුණු ද යමෙළුතෙකුල පැවිද්දන් ද ඇරැබැ සික පැනනැවිණ. ලෝකායත ශාස්ත්‍ර හදාළාහ, කියැවූහ. එය පිළිබඳ ද සික පැනවිණ.
Pali BJT38. තිරච්ඡවිජ්ජා වාචනා{2} ඛිපි මඞ්ගල ලසුණං ච{3} වාතාබාධො දුස්සති ච දුග්ගන්ධො දුක්ඛපාදුකා.
Sinhala BJT38. තිරශ්චීනවිද්‍යා හැදෑරීම, එය ඉගැන්වීම, කිවිසීමේ දී ආසිරි පැතීම, ගිහීන් මංගලික බව, ලුහුණු කෑම, වාතාබාධයෙහි ලුහුණු කැම යන කරුණු ඇරැබැ සික පැනැවිණ. ආරාමය දුෂ්‍ය වෙයි. දුගඳ වෙයි, කෙසකිළියේ දුකයේ හිඳිත්, පස්සාව පාදුකාව අනුදැනිණ.
Pali BJT39. හිරීයන්ති අපාරු{4} දුග්ගන්ධො තහං තහං කරොන්ති ච දුග්ගන්ධො කූපං ලුජ්ජති උච්චවත්ථු චයෙපි{5} ච.
Sinhala BJT39. වැස්මක්නැනි කෙසකිළියෙහි මූත්‍ර කරන්නට ලජ්ජිත වෙත්. කෙසකිළිය ආවරණ රහිත වෙයි. දුගඳ වෙයි (එය පිළිබඳ සික පැනැවිණ). ඒ ඒ තැන මල පහ කෙරෙත්. දුගඳ වෙයි. වර්චස්කූපයක් අනුදත්හ. වර්චස්කූපයේ ඉවුරු කැඩී වැටෙයි. බිම උස් කොට තනන්නට අනුදත්හ. ගඩොළු බැඳුම් ආදි බැඳුම් ද අනුදත්හ.
Pali BJT40. සොපාණාලම්බණ බාහා අන්තෙ දුක්ඛඤ්ච පාදුකා බහිද්ධා දොණි කට්ඨඤ්ච පිඨරො ච අපාරුතො
Sinhala BJT40. සොපමාණ ආලම්බනබාහ ද අනුදත්හ. අද්දර හිඳ මල පහ කිරීම, දුකසේ හිඳ මල පහ කිරීම, වච්චපාදුකා ව පිටත මූත්‍ර පහ කිරීම, මූත්‍ර ඔරුව, පුසන් දඬු, පුසන් දඬු බඳුන (පිළිබඳ සික පැනැවිණ.) වළ නො වසන ලද්දේ ය. (එය පිළිබඳ ව ද සික පැනැවිණ.)
Pali BJT41. වච්චකුටී කවාටඤ්ච පිට්ඨසඞ්ඝාටමෙව ච උදුක්ඛලුත්තරපාසො වට්ටිං ච කපිසීසකං.
Sinhala BJT41. වැසිකිළියක් පැනැවීම, එයට දොර, දොරබාව, වටෙවූලිය, උතුරුලීය, අගුළුවැටිය, අගුළුකණුව යන දෑ අනුදත්හ.
Pali BJT42. සූචි ඝටි තාලච්ඡිද්දං ආවිඤ්ඡනච්ඡිද්දමෙව ච රජ්ජු උල්ලිත්තාවලිත්තං සෙතවණ්ණඤ්ච කාළකං.
Sinhala BJT42. යතුරුලීය, තරංකය, කෙසිසිදුර, අදනා රැහැන බහාලන සිදුර අදනා රැහැන වැසිකිළිදොරටුවෙහි ඇතුළත පිටත බදාම ඇලවීම, සුදුපැහැ කිරීම, කළු පැහැකිරීම.
Pali BJT43. මාලාකම්මං ලතාකම්මං මකරං පඤ්චපට්ටිකං චීවරවංසං රජ්ජුං ච ජරා දුබ්බල පාකාරං.
Sinhala BJT43. මල්කම්, ලියකම්, මෝරදැති ඇඳීම, පස්පැහැ කිරීම ධීවරවංසය, චීවරරජ්ජුය, ජරා දුබලා ප්‍රාකර (යන දෑ අනුදත්හ).
Pali BJT44. පරිවෙණෙ චාපි{6} තත්ථෙව මරුම්බං පදරසිලා සන්තිට්ඨති නිද්ධමනං කුම්භිඤ්චාපි සරාවකං.
Sinhala BJT44. එහි ම පිරිවෙනෙහි ද වැලි ඇතිරීම ද පතුරුගල් ඇතිරීම ද අනුදත්හ. දිය රැඳී සිටී. කානුවක් ද සෝදන දිය බහාලන මහසැළක් ද සරාවක් ද අනුදත්හ.
Pali BJT45. දුක්ඛං හිරි අපිධානං අනාචාරඤ්ච ආචරුං ලොහභණ්ඩං අනුඤ්ඤාසි ඨපයිත්වා පහරණිං.
Sinhala BJT45. දුකසේ දිය කිස කරත්. දිය කිසට ලජ්ජා ගනිත්. දිය සැළට පියනක් අනුදත්හ. (සවැගියෝ) නොමනා ව හැසුරුණාහ. අවි හැර ලොහොබඩු අනුදත්හ.
Pali BJT46. ඨපයිත්වා සන්දිපල්ලඞ්කං දාරුපත්තඤ්ච පාදුකං සබ්බං දාරුමයං භණ්ඩං අනුඤ්ඤාසි මහාමුනි
Sinhala BJT46. දික්සඟළා පුටුව ද ව්‍යාලරූප ඇති පළඟ ද ලීමුවා පාත්‍රය ද ලී සෙරෙප්පු ද හැර සියලු ලීමුවා බඩු මහාමුනිහු අනුදත්හ.
Pali BJT47. කතකං කුම්භකාරඤ්ච ඨපයිත්වා තථාගතො සබ්බම්පි මත්තිකාභණ්ඩං අනුඤ්ඤාසි අනුකම්පකො
Sinhala BJT47. මැටිපාපිස්ස ද සියල්ල මැටිමුවා ගෙය ද හැර ඉතිරි සියලු මැටි බඩු ආනුකම්පක තථාගතයන් වහන්සේ අනුදත් සේක.
Pali BJT48. යස්ස වත්ථුස්ස නිද්දෙසො පුරිමෙන සමම්පි ච තංපි සංඛිත්තමුද්දානෙ නයතො තං විජානියා.
Sinhala BJT48. යම් වස්තුවෙක නිර්‍දෙශය පළමු දැක්වුණ දෑ හා සම වන්නේ නම් එය ද සැකෙවින් උද්දානයෙහි දැක්විණ. එය දුන් නය අනුව දන්නේ ය.
Pali BJT49. එවං දසසතා වත්ථූ විනයෙ ඛුද්දකවත්ථුකෙ සද්ධම්මට්ඨිතියා චෙව පෙසලානං චනුග්ගහො
Sinhala BJT49. මෙසේ විනය පිටකයේ බුද්දකවත්ථුක්ඛන්‍ධකයෙහි දහසෙක් වස්තූහු වෙත්. ඔහු ශාසනයාගේ චිරස්ථිතිය පිණිස වන්නාහ. ඒවා පැනවීම ප්‍රියශීල පැවිද්දනට අනුග්‍රහයෙක් ද වන්නේ ය.
Pali BJT50. සුසික්ඛිතො විනයධරො හිතචිත්තො සුපෙසලො පදීපකරණො{1} ධීරො පූජාරහො බහුස්සුතොති.
Sinhala BJT50. මනාව හික්මුණු, විනයධර වූ, ඉත සිත් ඇති, ප්‍රියශීල වූ, සස්නට එළිය කරන, නුවණැති, බොහෝ ඇසූ පිරූ තැන් ඇති මහණ තෙම පූජාර්‍හ වේ.
Pali BJTඋද්දානං නිට්ඨිතං.
Sinhala BJTඋද්දානය නිමියේ යි.
Pali BJT6.
Sinhala BJT6.
Pali BJTසෙනාසනක්ඛන්ධකං
Sinhala BJTසේනාසනක්‌ඛන්‌ධකය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන භගවතා භික්ඛූනං සෙනාසනං අපඤ්ඤත්තං හොති. තෙ ච{1} භික්ඛූ තහං තහං{2} විහරන්ති අරඤ්ඤෙ රුක්ඛමූලෙ පබ්බතෙ කන්දරායං ගිරිගුහායං{3} සුසානෙ වනපත්ථෙ, අජ්ඣොකාසෙ පලාලපුඤ්ජෙ. තෙ කාලස්සෙව තතො තතො උපනික්ඛමන්ති අරඤ්ඤා රුක්ඛමූලා පබ්බතා කන්දරා ගිරිගුහා සුසානා වනපත්ථා අජ්ඣොකාසා පලාලපුඤ්ජා, පාසාදිකෙන අභික්කන්තෙන පටික්කන්තෙන ආලොකිතෙන විලොකිතෙන සම්මිඤ්ජිතෙන පසාරිතෙන ඔක්ඛිත්තචක්ඛූඉරියාපථසම්පන්නා.
Sinhala BJT1. එ සමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහ නුවරට නො දුරු (ලෙහෙණුනට අහර දුන් තැන වූ බැවින්) කලන්‍දකනිවාප නම් වූ වේළුවනයෙහි වැඩවසන සේක. එ සමයෙහි භාග්‍යවතුන් වහන්සේ විසින් මහණුනට සෙනසුන් නො පනවන ලද්දේ වෙයි. ඒ මහණහු ද රුක්මුලෙහි ද පර්‍වතයෙහි ද කඳුරැළියෙහි ද ගල්ලෙන්හි ද සොහොනෙහි ද වනපෙතෙහි ද එළිමහනෙහි ද පිදුරුගොඩෙහි දැ යි ඒ ඒ තැන වෙසෙත්. ඔහු දුටුවන් පහදවන්නා වූ ඉදිරි බැලීමෙන් ද දෙපස බැලීමෙන් ද අත් පා නැමීමෙන් ද අත් පා දිගහැරීමෙන් ද උපලක්‍ෂිත වැ බිමට හෙලූ ඇස් ඇත්තාහු මනා ඉරියව්වෙන් යුක්ත වූවාහු කල් තබා ම වනයෙන් ද රුක්මුලින් ද පර්‍වතයෙන් ද කඳුරෙන් ද ගල් ලෙනින් ද සොහොනින් ද වනපෙතින් එළිමහන් පෙදෙසින් ද පිදුරුගොඩින් ද යන ඒ ඒ තැනින් නික්මයෙත්.
Pali BJT2. තෙන ඛො පන සමයෙන රාජගහකො සෙට්ඨී කාලස්සෙව උය්යානං අගමාසි. අද්දසා ඛො රාජගහකො සෙට්ඨී තෙ භික්ඛූ කාලස්සෙව තතො තතො උපනික්ඛමන්තෙ අරඤ්ඤා රුක්ඛමූලා පබ්බතා කන්දරා ගිරිගුහා සුසානා වනපත්ථා අජ්ඣොකාසා පලාලපුඤ්ජා, පාසාදිකෙන අභික්කන්තෙන පටික්කන්තෙන ආලොකිතෙන විලොකිතෙන සම්මිඤ්ජිතෙන පසාරිතෙන ඔක්ඛිත්තචක්ඛූ ඉරියාපථසම්පන්නෙ. දිස්වානස්ස චිත්තං පසීදි. අථ ඛො රාජගහකො සෙට්ඨී යෙන තෙ භික්ඛූ තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තෙ භික්ඛූ එතදවොච: “සචාහං භන්තෙ විහාරෙ කාරාපෙය්යං වසෙය්යාථ මෙ විහාරෙසූති”.
Sinhala BJT2. එ සමයෙහි වනාහි රජගහ නුවර (ප්‍රධාන) සිටු තෙම කල් තබා ම (සිය) උයනට ගියේ ය. රජගහ නුවර සිටු තෙම දුටුවන් පහදවන ඉදිරි බැලීමෙන් දෙපස බැලීමෙන් අත්පා හැකිළැවීමෙන් අත්පා දිග හැරීමෙන් උපලක්‍ෂිත වැ බිමට හෙලූ ඇස් ඇති වැ මනා ඉරියව්වෙන් යුතු වැ කල් තබා ම වනයෙන් ද රුක්මුලින් ද පර්‍වතයෙන් ද කඳුරෙන් ද ගල්ලෙනින් ද සොහොනින් ද වනපෙතින් ද එළිමහනෙන් ද පිදුරුගොඩින් දැ යි ඒ ඒ තැනින් නික්මැ වඩනා මහණුන් දුටුයේ ම ය. දැකීමෙන් ඔහු ගේ සිත පැහැදිණ. එ කලැ රජගහ සිටු ඒ මහණුන් කරා එළැඹියේ ය. එළැඹැ “වහන්ස, මා විහාරයන් කැරැවූවොත් ඒ මගේ විහාරයන්හි වසන්නහු ද” යි මෙ බස් කී ය.
Pali BJT3. ‘න ඛො ගහපති භගවතා විහාරා අනුඤ්ඤාතා’ති. ‘තෙන හි භන්තෙ භගවන්තං පටිපුච්ඡිත්වා මම ආරොචෙය්යාථා’ති.
Sinhala BJT3. “ගැහැවිය, භාග්‍යවතුන් වහන්සේ විසින් විහාරයෝ නො අනුදන්නා ලදුහ” යි (ඒ මහණහු කීහ. ) “වහන්ස, එසේ වී නම් භාග්‍යවතුන් වහන්සේ පිළිවිස මට දන්වන්නැ” යි සිටු කී ය.
Pali BJT‘එවං ගහපතී’ති ඛො තෙ භික්ඛූ රාජගහකස්ස සෙට්ඨිස්ස පටිස්සුත්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං: ‘රාජගහකො භන්තෙ සෙට්ඨී විහාරෙ කාරෙතුකාමො{4} කථන්නු ඛො භන්තෙ පටිපජ්ජිතබ්බන්ති’. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “අනුජානාමි භික්ඛවෙ පඤ්ච ලෙනානි විහාරං අඩ්ඪයොගං පාසාදං හම්මියං ගුහාති.”
Sinhala BJT“එසේ ය, ගැහැවියැ” යි කියා ම ඒ මහණහු රජගහ සිටුහට පිළිවදන් දී භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියාහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ පසෙක උන්හ. පසෙක උන්නාවූ ම ඒ මහණහු “වහන්ස, රජගහසිටු තෙම විහාර කරවනු කැමැත්තේ ය. වහන්ස, (මෙහි) කෙසේ පිළිපැදියයුතු දැ” යි. මෙය කීහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කරුණෙහි දැහැමි කතා කොට මහණුන් අමතා, “මහණෙනි, විහාරය ද ගුරුළු පියාපත් වැනි සෙවෙනි ඇති ගෙය ද දික් පහය ද සඳලු සහිත ගෙය ද ගුහාව ද යන ලෙන් පස අනුදනිමි” යි වදාළසේක.
Pali BJTඅථ ඛො තෙ භික්ඛූ යෙන රාජගහකො සෙට්ඨී තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා රාජගහකං සෙට්ඨිං එතදවොචුං: “අනුඤ්ඤාතා ඛො ගහපති භගවතා විහාරා යස්ස’දානි කාලං මඤ්ඤසී”ති. අථ ඛො රාජගහකො සෙට්ඨී එකාහෙනෙව සට්ඨි විහාරෙ පතිට්ඨාපෙසි.
Sinhala BJTඉක්බිති ඒ මහණහු රජගහසිටු කරා එළැඹියාහ. එළඹ සිටුහු බණවා, “ගැහැවිය, භාග්‍යවතුන් වහන්සේ විසින් විහාරයෝ අනුදන්නා ලදුහ. යමක් සඳහා අප විචාළෙහි ද, එයට දැන් කාලයැ යි දැනගන්නැ” යි කීහ. එකල්හි රජගහසිටු තෙම එක් දවසින් ම වෙහෙර සැටක් පිහිටුවී ය.
Pali BJT4. අථ ඛො රාජගහකො සෙට්ඨී තෙ සට්ඨි විහාරෙ පරියොසාපෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො රාජගහකො සෙට්ඨී භගවන්තං එතදවොච: “අධිවාසෙතු මෙ භන්තෙ භගවා ස්වාතනාය භත්තං සද්ධිං භික්ඛුසඞ්ඝෙනා”ති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන. අථ ඛො රාජගහකො සෙට්ඨී භගවතො අධිවාසනං විදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
Sinhala BJT4. එ කල්හි රජගහසිටු ඒ සැට වෙහෙර නිමවා භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ පසෙක හිඳගත්තේ ය. රජගහ සිටු පසෙක හුන්නේ ම “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ බික් සඟන හා සෙට දවසට මගේ බත ඉවසන සේක්වා” යි භාග්‍යවතුන් වහන්සේට මෙ සේ කී ය. භාග්‍යවතුන් වහන්සේ නිහඬ බැවින් (එය) ඉවසූ සේක. ඉක්බිති රජගහසිටු තෙම භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන හුනස්නෙන් නැගී ඔබ වැඳ පැදකුණු කොට නික්මියේ ය.
Pali BJTඅථ ඛො රාජගහකො සෙට්ඨී තස්සා රත්තියා අච්චයෙන පණීතං ඛාදනීයං භොජනීයං පටියාදාපෙත්වා භගවතො කාලං ආරොචාපෙසි ‘කාලො භන්තෙ නිට්ඨිතං භත්තන්ති’. අථ ඛො භගවා පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන රාජගහකස්ස සෙට්ඨිස්ස නිවෙසනං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි සද්ධිං භික්ඛුසඞ්ඝෙන. අථ ඛො රාජගහකො සෙට්ඨී බුද්ධපමුඛං භික්ඛුසඞ්ඝං පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්ථා සන්තප්පෙත්වා සම්පවාරෙත්වා භගවන්තං භුත්තාවිං ඔනීතපත්තපාණිං එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො රාජගහකො සෙට්ඨී භගවන්තං එතදවොච: “එතෙ මෙ භන්තෙ සට්ඨිවිහාරා පුඤ්ඤත්ථිකෙන සග්ගත්ථිකෙන කාරාපිතා, කථාහං භන්තෙ තෙසු විහාරෙසු පටිපජ්ජාමී”ති.
Sinhala BJTඉක්බිති රජගහසිටු එ රැය ඇවෑමෙන් ප්‍රණීත ඛාද්‍ය භෝජ්‍ය පිළියෙළ කරවා “වහන්ස, දැන් වඩනට කාලය ය. බත පිළියෙළ කරවා නිමැවිණැ’යි භාග්‍යවතුන් වහන්සේට කල් දන්වාලී ය. එ කලැ භාග්‍යවතුන් වහන්සේ (ඒ) පෙරවරු සෙමෙහි හැඳ පෙරව පාසිවුරු ගෙන රජගහසිටුහු ගෙය වෙත වැඩිසේක. වැඩ, පැනැවුණු අස්නෙහි බික්සඟන හා හුන්සේක. එ කලැ රජගහ සිටු බුදුපාමොක් බික්සඟන ප්‍රණීත ඛාද්‍ය භෝජ්‍යයෙන් සියතින් සතපා පවරවා වළඳා අවසන් වූ පාත්‍රයෙන් ඉවතට ගත් අතැති භාග්‍යවතුන් වහන්සේට එක් පසෙක හිඳ ගත්තේ ය. (එසේ) එක් පසෙක හුන් රජගහ සිටු තෙම “වහන්ස, පින්කැමැති සගසුව පතන මා විසින් මේ වෙහෙර සැටෙක් කැරැවිණ. වහන්ස, ඒ සැට වෙහෙරෙහි මම් කෙසේ පිළිපදිම් දැ” යි භාග්‍යවතුන් වහන්සේට මෙ බස් කී ය.
Pali BJT“තෙන හි ත්වං ගහපති තෙ සට්ඨි විහාරෙ ආගතානාගතස්ස චාතුද්දිසස්ස සඞ්ඝස්ස පතිට්ඨාපෙහී”ති.
Sinhala BJT“ගැහැවියෙනි, එසේ වී නම් තෙපි සැම වෙහෙර පැමිණි නොපැමිණි සිවුදිගැ වැසි සඟනට පිහිටුවවු (පිරිනමවු)” යැ යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
Pali BJT“එවං භන්තෙ”ති ඛො රාජගහකො සෙට්ඨී භගවතො පටිස්සුත්වා තෙ සට්ඨි විහාරෙ ආගතානාගතස්ස චාතුද්දිසස්ස සඞ්ඝස්ස පතිට්ඨාපෙසි.
Sinhala BJT“එසේ ය, වහන්සැ” යි රජගහ සිටු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී ඒ වෙහෙර සැට පැමිණි නොපැමිණි සතර දික් වැසි සඟනට පිරිනැමී ය.
Pali BJT5. අථ ඛො භගවා රාජගහකං සෙට්ඨිං ඉමාහි ගාථාහි අනුමොදි:
Sinhala BJT5. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ සිටුහට මේ ගාථාවලින් අනුමෝදනා කැර වදාළසේක. (ගාථාවල අදහස:)
Pali BJTසීතං උණ්හං පටිහන්ති තතො වාලමීගානි ච සිරිංසපෙ{1} ච මකසෙ සිසිරෙ චාපි වුට්ඨියො.
Sinhala BJT“විහාරය ශීතය ද උෂ්ණය ද නසයි. එයින් අන්‍ය වූ චණ්ඩ මෘගයන් ද බඩගා යන සතුන් ද මැසිමදුරුවන් ද ශීත සුළං ද වැසි ද බැහැරැ කෙරෙයි.
Pali BJTතතො වාතාතපො ඝොරෙ සඤ්ජාතො පටිහඤ්ඤති ලෙනත්ථඤ්ච සුඛත්ථඤ්ච ඣායිතුං ච විපස්සිතුං.
Sinhala BJTඑයින් අන්‍ය වූ හටගත් නපුරු අවුසුළං ද දුරු වෙයි. සංඝයාට විහාර කරවා දීම එකලා වැ හිඳිනු පිණිස ද ධ්‍යාන කිරීමටත් විවසුන් වැඩීමටත් පහසුව පිණිස ද වූ අග්‍ර එකෙකැ යි බුදුරජුන් විසින් වැණින.
Pali BJTවිහාරදානං සඞ්ඝස්ස අග්ගං බුද්ධෙන වණ්ණිතං තස්මා හි පණ්ඩිතො පොසො සම්පස්සං අත්ථමත්තනො
Sinhala BJTඑහෙයින් ම නුවණැති පුරුෂ තෙමේ තමාගේ අභිවෘද්ධිය දක්නේ, සිත්කලු විහාරයන් කරවන්නේ ය, එහි ඇසූ පිරූතැන් ඇති භික්‍ෂූන් වස්වන්නේ ය.
Pali BJTවිහාරෙ කාරයෙ රම්මෙ වාසයෙත්ථ බහුස්සුතෙ තෙසං අන්නඤ්ච පානඤ්ච වත්ථසෙනාසනානි ච
Sinhala BJTඔවුනට ද නිසි වූ ආහාර ද පාන ද වස්ත්‍ර ශයනාසන ද ඍජුගුණ ඇති ඒ භික්‍ෂූන් විෂයයෙහි වෙසෙසින් පහන් සිතින් පිරිනමන්නේ ය.
Pali BJTදදෙය්ය උජුභූතෙසු විප්පසන්නෙන චෙතසා තෙ තස්ස ධම්මං දෙසෙන්ති සබ්බදුක්ඛාපනූදනං යං සො ධම්මං ඉධඤ්ඤාය පරිනිබ්බාති අනාසවො ති.
Sinhala BJTහෙ තෙම මෙහි දී යම් දහමක් දැනගෙන ආස්‍රව රහිත ව පිරිනිවෙන්නේ ද එසේ වූ සියලු දුක් දුරැ ලන දහමක් ඒ භික්‍ෂූහු ඔහුට දෙසන්නාහ යනු යි.
Pali BJTඅථ ඛො භගවා රාජගහකං සෙට්ඨිං ඉමාහි ගාථාහි අනුමොදිත්වා උට්ඨායාසනා පක්කාමි.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රජගහසිටුහට මේ ගාථාවලින් අනුමෝදනා යොට හුනස්නෙන් නැඟී නික්මිසේක.
Pali BJT6. අස්සොසුං ඛො මනුස්සා “භගවතා කිර විහාරා අනුඤ්ඤාතා”ති සක්කච්චං විහාරෙ කාරාපෙන්ති. තෙ විහාරා අකවාටකා හොන්ති. අහීපි විච්ඡිකාපි සතපදියොපි පවිසන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT6. “භාග්‍යවතුන් වහන්සේ විසින් විහාර අනුදන්නා ලද්දේ ලැ” යි මිනිස්සු ඇසූහ. ඔහු සකසා විහාර කරවත්. ඒ විහාරයෝ දොරපළු නැත්තාහු වෙත්. සර්‍පයෝ ද ගෝනුස්සෝ ද පත්තෑයෝ ද පිවිසෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ කවාටන්ති.”
Sinhala BJT“මහණෙනි, දොරපළුව අනුදනිමි” යි (භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.)
Pali BJTභිත්තිච්ඡිද්දං කරිත්වා වල්ලියා පි රජ්ජුයා පි කවාටං බන්ධන්ති. උන්දූරෙහිපි උපචිකාහිපි ඛජ්ජන්ති. ඛයිතබන්ධනානි කවාටානි පතන්ති{1}. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTබිත්තියෙහි සිදුරක් කොට වැලින් ද රැහැනින් ද දොරපළුව බඳිත්. මීයන් විසින් ද වේයන් විසින් ද වැලුත් රැහැනුත් කනු ලැබෙත්. කන ලද බැඳුම් ඇති දොරපළු වැටේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.