Pali BJTකායබන්ධනස්ස පවනන්තො ජීරති. “අනුජානාමි භික්ඛවෙ වීඨන්ති.”
Sinhala BJTකාබහනේ පාසය කෙළවර දිරයි. “මහණෙනි, වීඨය අනුදනිමි” යි වදාළ සේක.
Pali BJT129. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ උච්චාවචෙ විධෙ ධාරෙන්ති සොවණ්ණමයං රූපියමයං. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: ‘සෙය්යථාපි ගිහී කාමභොගිනො’ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT129. එ සමයෙහි සවැගි මහණහු රන්මුවා රිදීමුවා කුදුමහත් වීඨයන් දරත්. මිනිස්සු ‘කාමභෝගී ගිහීන් බඳුවහ’යි අවමන් කරත්, නො ගුණ කියත්, දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
Pali BJT“න භික්ඛවෙ උච්චාවචා වීඨා ධාරෙතබ්බා. යො ධාරෙය්ය ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ අට්ඨිමයං දන්තමයං විසාණමයං නළමයං වෙළුමයං කට්ඨමයං ජතුමයං ඵලමයං ලොහමයං සඞ්ඛනාභිමයං සුත්තමයන්ති.”
Sinhala BJT“මහණෙනි, කුදු මහත් වීඨ නො දැරිය යුතු, යමෙක් දරන්නේ නම් දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, ඇටවලින් කරන ලද, දත්වලින් කරන ලද, අංවලින් කරන ලද, බටයෙන් කරන ලද, හුනයෙන් කරන ලද, ලීයෙන් කරන ලද, ලාකඩින් කරන ලද, ඵලයෙන් කරන ලද, ලොහොයෙන් කරන ලද, සක්නැබින් කරන ලද, හුයෙන් කරන ලද, වීඨ අනුදනිමි” යි වදාළසේක.
Pali BJT130. තෙන ඛො පන සමයෙන ආයස්මා ආනන්දො ලහුකා සඞ්ඝාටියො පාරුපිත්වා ගාමං පිණ්ඩාය පාවිසි. වාතමණ්ඩලිකාය සඞ්ඝාටියො උක්ඛීපියිංසු{1}. අථ ඛො ආයස්මා ආනන්දො ආරාමං ගන්ත්වා භික්ඛූනං එතමත්ථං ආරොචෙසි. භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT130. එ සමයෙහි අනඳ තෙරණුවෝ හෑල්ලු සඟළසිවුරු පොරොවා ගමට පිඬු පිණිස පිවිසියාහ. සුළි සුළඟින් සිවුරු එසැවුණාහ. එ කල්හි අනඳ තෙරණුවෝ අරම් වැඩ මහණුනට මෙ පවත් සැලකළහ. මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් දැන්වූහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ ගණ්ඨිකං පාසකන්ති.”
Sinhala BJT“මහණෙනි, ගණ්ඨීකාව ද පාසකය ද අනුදනිමි” යි වදාළ සේක.
Pali BJTතෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ උච්චාවචා ගණ්ඨිකායො ධාරෙන්ති සොවණ්ණමයං රූපියමයං. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: ‘සෙය්යථාපි ගිහී කාමභොගිනො’ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTඑ කල්හි සවැගි මහාණෝ රන්මුවා ද රිදීමුවා ද ගණ්ඨීකාවන් දරත්, ‘කාමභෝගී ගිහින් බඳුවහ’ යි මිනිස්සු අවමන් කරත්, නො ගුණ කියත්, දොස් පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“න භික්ඛවෙ උච්චාවචා ගණ්ඨිකා ධාරෙතබ්බා. යො ධාරෙය්ය ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ, අට්ඨිමයං දන්තමයං විසාණමයං නළමයං වෙළුමයං කට්ඨමයං ජතුමයං ඵලමයං ලොහමයං සඞ්ඛනාභිමයං සුත්තමයන්ති.”
Sinhala BJT“මහණෙනි, රන්මුවා රිදීමුවා කුදුමහත් ගණ්ඨීකා නො දැරිය යුතු. යමෙක් දරන්නේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, ඇටමුවා දත්මුවා අංමුවා නළමුවා හුනමුවා ලීමුවා ලහමුවා පලමුවා ලොහොමුවා සක්නැබමුවා හුමුවා ගණ්ඨීකා අනුදනිමි” යි වදාළසේක.
Pali BJT131. තෙන ඛො පන සමයෙන භික්ඛූ ගණ්ඨිකම්පි පාසකම්පි චීවරෙ අප්පෙන්ති. චීවරං ජීරති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT131. එ සමයෙහි මහණහු ගණ්ඨීකාව ද පාසකය ද සිවුරෙහි පිහිටුවත්, සිවුරු දිරයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් දැන්වූහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ ගණ්ඨිකඵලකං පාසකඵලකන්ති.”
Sinhala BJT“මහණෙනි, ගණ්ඨීකාඵලකය (ගණ්ඨීය යොදන්නට රෙදි කැබැල්ලක්) ද, පාසකඵලකය (පාසකය තනන්නට රෙදි කැබැල්ලක්) ද අනුදනිමි” යි වදාළසේක.
Pali BJTගණ්ඨිකඵලකම්පි පාසකඵලකම්පි අන්තෙ අප්පෙන්ති. කොණො විවරීයති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTගණ්ඨීකාඵලකය ද පාසකඵලකය ද සිවුර කෙළවරැ පිහිටුවත්. සිවුරු කොණ විවෘත වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ ගණ්ඨිකඵලකං අන්තෙ අප්පෙතුං පාසකඵලකං සත්තඞ්ගුලං වා අට්ඨඞ්ගුලං වා ඔගාහෙත්වා අප්පෙතුන්ති.”
Sinhala BJT“මහණෙනි, ගණ්ඨීකාඵලකය සිවුර කෙළවරැ පිහිටුවන්නට ද පාසකඵලකය සතඟුලක් හෝ අටඟුලක් හෝ සිවුර අද්දරින් පහතට බස්වා පිහිටුවන්නට අනුදනිමි” යි වදාළසේක.
Pali BJT132. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ ගිහීනිවත්ථං නිවාසෙන්ති: හත්ථිසොණ්ඩකං මච්ඡාවාළකං චතුකණ්ණකං තාලවණ්ටකං සතවලිකං. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: ‘සෙය්යථාපි ගිහී කාමභොගිනො’ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT132. එ සමයෙහි සවැගි මහණහු හත්‍ථිසොණ්ඩිකාව ද (නැබ මුල සිට ඇත්සොඬක් මෙන් පහතට එල්බෙන සේ හඳනා හැඳීම) ද මච්ජවාළකය (දසාන්ත පාසන්තයන් දෙපසට එල්බෙන සේ හැඳීම) ද චතුකණ්ණය (උඩට හා යටට කොන් සිටින සේ හැඳීම) ද තාලවණ්ටකය (තල්වැටක් මෙන් අඳනය එල්බෙන සේ හැඳීම) ද සතවල්ලිකාව (අඳනය රැළිගන්වා හැඳීම) ද යන ගිහිහැඳුම් හඳිත්. ‘කාමභෝගී ගිහීන් බඳුවහ’යි මිනිස්සු අවමන් කරත්, නො ගුණ කියත්, දොස් පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ.
Pali BJT“න භික්ඛවෙ ගිහීනිවත්ථං නිවාසෙතබ්බං: හත්ථිසොණ්ඩකං මච්ඡවාළකං චතුකණ්ණකං තාලවණ්ටකං සතවලිකං. යො නිවාසෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT“මහණෙනි, හත්‍ථිසොණ්ඩිකා මච්ජවාළක චතුකණ්ණක තාලවණ්ටක සතවල්ලික, යන ගිහිහැඳුම් නො හැන්දැයුතු. යමෙක්, හඳින්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
Pali BJT133. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ සංවෙල්ලියං නිවාසෙන්ති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: ‘සෙය්යථාපි රඤ්ඤො මුණ්ඩවට්ටී’ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT133. එ සමයෙහි සවැගි මහණහු (කම්කරුවන් සේ) කැස බඳිත් (පිට පට ගසත්). ‘රජුගේ මුඩුවැටියන් බඳුවහ’යි මිනිස්සු අවමන් කරත්, නො ගුණ කියත්, දොස් පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“න භික්ඛවෙ, සංවෙල්ලියං නිවාසෙතබ්බං. යො නිවාසෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT“මහණෙනි, පිට පට ගසා නො යුතු. යමෙක් හඳින්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
Pali BJTතෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ ගිහීපාරුතං පාරුපන්ති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: ‘සෙය්යථාපි ගිහී කාමභොගිනො’ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTඑ සමයෙහි සවැගි මහණහු ගිහීන් සේ සිවුර පොරොවත්. “කාමභෝගී ගිහීන් බඳුවහ” යි මිනිස්සු අවමන් කෙරෙත්, නුගුණ කියත්, දොස් පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“න භික්ඛවෙ ගිහීපාරුතං පාරුපිතබ්බං. යො පාරුපෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT“මහණෙනි, ගිහි පෙරැවුම නො පෙරෙවියැයුතු යමෙක් පොරොවන්නේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
Pali BJT134. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ උභතොකාජං හරන්ති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: ‘සෙය්යථාපි රඤ්ඤො මුණ්ඩවට්ටීති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT134. එ සමයෙහි සවැගි මහණහු දෙකොන් කද ගෙනයත්, ‘රජුගේ වහලුන් මෙනැ’ යි මිනිස්සු අවමන් කෙරෙත්, නුගුණ කියත්, දොස් පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“න භික්ඛවෙ උභතොකාජං හරිතබ්බං. යො හරෙය්ය ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ එකතො කාජං අන්තරාකාජං සීසභාරං ඛන්ධභාරං කටිභාරං ඔලම්බකන්ති.”
Sinhala BJT“මහණෙනි, දෙකොන් කද නො ගෙන යායුතු. යමෙක් ගෙනයන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, එක් කොන් කද ද තඩ ද හිසින් බර ගෙන යෑම ද උරහිසින් බර ගෙනයෑම ද කටියෙන් බර ගෙනයෑම ද බර අතින් එල්ලාගෙන යෑම ද අනුදනිමි” යි වදාළසේක.
Pali BJT135. තෙන ඛො පන සමයෙන භික්ඛූ දන්තකට්ඨං න ඛාදන්ති. මුඛං දුග්ගන්ධං හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT135. එ සමයෙහි මහණහු දැහැටි නො කත්. මුව දුගඳ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.
Pali BJT“පඤ්චිමෙ භික්ඛවෙ, ආදීනවා දන්තකට්ඨස්ස අඛාදනෙ: අචක්ඛුස්සං, මුඛං දුග්ගන්ධං හොති, රසහරණියො න විසුජ්ඣන්ති, පිත්තං සෙම්හං භත්තං පරියොනන්ධති, භත්තමස්ස නච්ඡාදෙති. ඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ආදීනවා දන්තකට්ඨස්ස අඛාදනෙ.
Sinhala BJT“මහණෙනි, දැහැටි නො කෑමෙහි මේ දොස් පසෙකි: ඇස් පෙනීම දුබල කෙරෙයි, මුව දුගඳ වේ, රස නහර පිරිසිදු නො වේ, පිත ද සෙම ද බත වෙලාගනී, ඔහුට බත රුචි නො වේ. මහණෙනි, මොහු දැහැටි නො කැමේ දොස් පස” යි.
Pali BJT“පඤ්චිමෙ භික්ඛවෙ ආනිසංසා දන්තකට්ඨස්ස ඛාදනෙ: චක්ඛුස්සං, මුඛං න දුග්ගන්ධං හොති, රසහරණියො විසුජ්ඣන්ති, පිත්තං සෙම්හං භත්තං න පරියොනන්ධති, භත්තමස්ස ඡාදෙති. ඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ආනිසංසා දන්තකට්ඨස්ස ඛාදනෙ. අනුජානාමි භික්ඛවෙ දන්තකට්ඨන්ති.”
Sinhala BJTමහණෙනි, දැහැටි කෑමෙහි මේ අනුසස් පසෙකි: ඇසට හිත වේ, මුව දුගඳ නො වේ, රස නහර පිරිසිදු වෙයි, පිතත් සෙමත් බත වෙළදා නො ගනී, ඔහුට බත රුචි වේ. මහණෙනි, මොහු දැහැටි කෑමෙහි අනුසස් පස” යි. [missing trans]
Pali BJT136. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ දීඝානි දන්තකට්ඨානි ඛාදන්ති. තෙහෙව සාමණෙරං ආකොටෙන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT136. එ සමයෙහි සවැගි මහණහු දික් දැහැටි වළඳත්. එයින් ම හෙරණුනට තළත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් දැන්නුහ.
Pali BJT“න භික්ඛවෙ දීඝං දන්තකට්ඨං ඛාදිතබ්බං. යො ඛාදෙය්ය ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ අට්ඨඞ්ගුලපරමං දන්තකට්ඨං, න ච තෙන සාමණෙරො ආකොටෙතබ්බො. යො ආකොටෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT“මහණෙනි, දික් දැහැටි නො කෑ යුතු. යමෙක් කන්නේ වී නම් දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, අටඟුලක් පරම කොට ඇති දැහැටි අනුදනිමි. එයින් හෙරණ ද නො ම තැළියයුතු. යමෙක් එසේ තළන්නේ නම් දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
Pali BJT137. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො අතිමටාහකං දන්තකට්ඨං ඛාදන්තස්ස කණ්ඨෙ විලග්ගං හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT137. එ සමයෙහි ඉතා කෙටි දැහැට්ටක් කන මහණක්හුගේ උගුරෙහි ලැගුණේ (හිර වූයේ) වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“න භික්ඛවෙ අතිමටාහකං දන්තකට්ඨං ඛාදිතබ්බං. යො ඛාදෙය්ය ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ චතුරඞ්ගුලපච්ඡිමං දන්තකට්ඨන්ති.”
Sinhala BJT“මහණෙනි, ඉතා කෙටි දැහැට්ට නො කෑයුතු. යමෙක් කන්නේ නම් දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, යටත් පිරිසෙයින් අඟල් සතරක් වූ (අඟල්සතරකට නො අඩු) දැහැට්ට අනුදනිමි” යි වදාළසේක.
Pali BJT138. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ දායං ආලිම්පෙන්ති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: සෙය්යථාපි දවඩාහකා’ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT138. එ සමයෙහි සවැගි මහණහු කැලෑ ගිනිලත්. ‘කැලෑ දවන්නන් බඳුවහ’යි මිනිස්සු අවමන් කෙරෙත්, නො ගුණ කියත්, දොස් පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“න භික්ඛවෙ දායො ආලිම්පිතබ්බො. යො ආලිම්පෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT“මහණෙනි, කැලෑ නො ගිනිලියැයුතු. යමෙක් ගිනි ලන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
Pali BJTතෙන ඛො පන සමයෙන විහාරා තිණගහණා හොන්ති. දවඩාහෙ ඩය්හමානෙ විහාරා ඩය්හන්ති. භික්ඛූ කුක්කුච්චායන්ති පටග්ගිං දාතුං පරිත්තං කාතුං. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTඑ සමයෙහි විහාරයෝ තණහඩුයෙන් යුක්ත වෙත්. ළැව්ගිනි ඇවිළෙන කල්හි විහාරයෝ දැවෙත්. පිළිගිනි (ප්‍රතිවිරුද්ධ ගින්නක්) දෙන්නට, ආරක්‍ෂාව කරන්නට භික්‍ෂුහු කුකුස් කෙරෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ දවඩාහෙ ඩය්හමානෙ පටග්ගිං දාතුං පරිත්තං කාතුන්ති.”
Sinhala BJT“මහණෙනි, ළැව්ගිනි ඇවිළෙන කල්හි පිළිගිනි දෙන්නට එයින් ආරක්‍ෂාව කරන්නට අනුදනිමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
Pali BJT139. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ රුක්ඛං අභිරුහන්ති. රුක්ඛා රුක්ඛං සඞ්කමන්ති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: ‘සෙය්යථාපි මක්කටා’ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT139. එ සමයෙහි සවැගි මහණහු රුක් නඟිත්. රුකින් රුකට යෙත්. “වඳුරන් බඳුහ” යි මිනිස්සු අවමන් කෙරෙත්, නොගුණ කියත්, දොස් පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ.
Pali BJT“න භික්ඛවෙ රුක්ඛො අභිරුහිතබ්බො. යො අභිරුහෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT“මහණෙනි, රුකට නො නැඟිය යුතු. යමෙක් නඟින්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
Pali BJTතෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො කොසලෙසු ජනපදෙ සාවත්ථිං ගච්ඡන්තස්ස අන්තරාමග්ගෙ හත්ථී පරියුට්ඨාති. අථ ඛො සො භික්ඛු රුක්ඛමූලං උපධාවිත්වා කුක්කුච්චායන්තො රුක්ඛං න අභිරුහි. සො හත්ථී අඤ්ඤෙන අගමාසි. අථ ඛො සො භික්ඛු සාවත්ථිං ගන්ත්වා භික්ඛූනං එතමත්ථං ආරොචෙසි. භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTඑ සමයෙහි මහණකු කොසොල්රටැ සැවැත් නුවරට යද්දී අතර මඟ දී ඇතෙක් ලුහුබැන්දේ ය. එ කල්හි එ මහණ රුක්මුලක් කරා දිවැ කුකුස් කරන්නේ රුකට නො නැංගේ ය. ඒ ඇතා අන් මඟෙකින් ගියේ ය. ඉක්බිති ඒ මහණ සැවැතට ගොස් මහණුනට මෙ පවත් සැලකෙළේ ය. මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ සති කරණීයෙ පොරිසං රුක්ඛං අභිරුහිතුං ආපදාසු යාවදත්ථන්ති”.
Sinhala BJT“මහණෙනි, කටයුත්තක් ඇති කල්හි බඹයක් ඉහළට ගස නැගෙන්නට ද, ආපදාවන්හි දී වුව මනා පමණ ඉහළ නඟින්නට ද අනුදනිමි” යි වදාළසේක.
Pali BJT140. තෙන ඛො පන සමයෙන යමෙළුතෙකුලා නාම භික්ඛූ ද්වෙ භාතිකා හොන්ති බ්රාහ්මණජාතිකා කල්යාණවාචා කල්යාණවාක්කරණා. තෙ යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං: “එතරහි භන්තෙ භික්ඛූ නානානාමා නානාගොත්තා නානාජච්චා නානාකුලා පබ්බජිතා. තෙ සකාය නිරුත්තියා බුද්ධවචනං දූසෙන්ති. හන්ද මයං භන්තෙ බුද්ධවචනං ඡන්දසො ආරොපෙමා”ති. විගරහි බුද්ධො භගවා. “කථං හි නාම තුම්හෙ මොඝපුරිසා එවං වක්ඛථ ‘හන්ද මයං භන්තෙ බුද්ධවචනං ඡන්දසො ආරොපෙමා’ති. නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය පසන්නානං වා භිය්යොභාවාය. අථ ඛ්වෙතං භික්ඛවෙ අප්පසන්නානං චෙව අප්පසාදාය පසන්නානඤ්ච එකච්චානං අඤ්ඤථත්තායා”ති. විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි:
Sinhala BJT140. එ සමයෙහි මිහිරි වචන ඇති මිහිරි හඬ ඇති බ්‍රාහ්මණ ජාතික වූ යමෙළු ද තෙකුල ද යන නම් ඇති දෙ බැ මහණ කෙනෙක් වෙත්. ඔහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹුණාහ. එළැඹ ඔබ වැඳ පසෙක ඉඳගත්හ. පසෙක උන්නාහු ම “වහන්ස, දැන් භික්‍ෂූහු නානාවිධ නම් ඇත්තාහු, නානාගොත්‍රයෙන් නානා ජාතියෙන් නානා , කුලයෙන් නික්මැ පැවිදිවූවාහු වෙත්. ඔහු ස්වකීය ව්‍යවහාරයෙන් බුද්ධවචනය දූෂිත කෙරෙත්. වහන්ස, එබැවින් අපි බුද්ධවචනය වෛදික භාෂාමය වාචනාමාර්ගයට නඟන්නම්හ”යි කීහ. එ විට භාග්‍යවතුන් වහන්සේ, “හිස් පුරුෂයෙනි, තෙපි ‘වහන්ස, අපි බුද්ධවචනය වෛදික භාෂාමය වාචනාමාර්ගයට නඟම්හ” යි කෙසේ නම් මෙබන්දක් කියවු ද, හිස් පුරුෂයිනි, මෙය නොපහන් වූවන් ගේ පැහැදීම පිණිස ද පැහැදුණවුන් ගේ වැඩීම පිණිස ද නො වේ. වැලිදු මහණෙනි, මෙය නො පැහැදුණවුන් ගේ නොපැහැදීම පිණිස ද පැහැදුණු ඇතැම් කෙනෙකුන් ගේ වෙනස් වීම පිණිස ද වේයැ’යි වෙසෙසින් ගැරැහු සේක. ගරහා දැහැමි කතා කොට,
Pali BJT“න භික්ඛවෙ බුද්ධවචනං ඡන්දසො ආරොපෙතබ්බං. යො ආරොපෙය්ය ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ සකාය නිරුත්තියා බුද්ධවචනං පරියාපුණිතුන්ති”.
Sinhala BJT“මහණෙනි, බුදුවදන ඡන්දසට (වෛදිකභාෂාවට) නො නැඟිය යුතු. යමෙක් නඟන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේය. මහණෙනි, මාගධික නිරුක්තියෙන් බුද්ධවචනය පිරිවහන්නට අනුදනිමි” යි වදාළසේක.
Pali BJT141. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ ලොකායතං පරියාපුණන්ති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: ‘සෙය්යථාපි ගිහී කාමභොගිනො’ති. අස්සොසුං ඛො භික්ඛූ තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT141. එ සමයෙහි සවැගි මහණහු ලෝකායතශාස්ත්‍රය පිරිවහත්. ‘කාමභෝගී ගිහියන් බඳුහ’යි මිනිස්සු අවමන් කෙරෙත්, කියත්, දොස් පතුරුවත්, එසේ අවමන් කරන, නුගුණ යන, දොස් පතුරුවන මිනිසුන් ගේ කථාව භික්‍ෂුහු ඇසූහ. ඉක්බිත්තෙන් ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ.
Pali BJT“අපි නු ඛො භික්ඛවෙ ලොකායතෙ සාරදස්සාවී ඉමස්මිං ධම්මවිනයෙ වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජෙය්යා”ති.
Sinhala BJT“මහණෙනි, ලෝකායත ශාස්ත්‍රයෙහි සාරයක් දක්නාසුලු තැනැත්තේ මෙ සස්නෙහි වැඩීමට නැඟීමට මහත්බවට පැමිණියැ හෙන්නේ දැ?”යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළසේක.
Pali BJT“නොහෙතං භන්තෙ”.
Sinhala BJT“වහන්ස, මෙය නොවන්නේ ම යැ” යි භික්ෂුහු පිළිවදන් දුන්හ.
Pali BJT“ඉමස්මිං වා පන ධම්මවිනයෙ සාරදස්සාවී ලොකායතං පරියාපුණෙය්යා”ති.
Sinhala BJT“මහණෙනි, මෙ සස්නෙහි සාරය දක්නාසුලු තැනැත්තේ ලෝකායත ශාස්ත්‍රය පිරිවහන්නේ දැ’යි අසා වදාළසේක.
Pali BJT“නොහෙතං භන්තෙ”.
Sinhala BJT“මෙය නො වේ ම ය, වහන්සැ” යි මහණහු පිළිවදන් දුන්හ.
Pali BJT“න භික්ඛවෙ ලොකායතං පරියාපුණිතබ්බං. යො පරියාපුණෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT“මහණෙනි, ලෝකායත ශාස්ත්‍රය නො පිරිවැහියැයුතු. යමෙක් පිරිවහන්නේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
Pali BJTතෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ ලොකායතං වාචෙන්ති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: ‘සෙය්යථාපි ගිහී කාමභොගිනො’ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTඑ සමයෙහි සවැගි මහණහු තිරශ්චීනවිද්‍යාව කියවත් ... භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“න භික්ඛවෙ ලොකායතං වාචෙතබ්බං. යො වාචෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT“මහණෙනි, තිරශ්චීනවිද්‍යාව නො කියවිය යුතු. යමෙක් කියවා නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
Pali BJTතෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ තිරච්ඡානවිජ්ජං පරියාපුණන්ති. -පෙ- භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTඑසමයෙහි වනාහි සවග මහණහු තිරශ්චීන විද්‍යාව පිරිවහති ... භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැලකළාහ.
Pali BJT“න භික්ඛවෙ තිරච්ඡානවිජ්ජා පරියාපුණිතබ්බා යො පරියාපුණෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT“මහණෙනි, තිරශ්චීනවිද්‍යාව නො පිරිවැහියැයුතු, යමෙක් පිරිවහා නම් දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
Pali BJTතෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ තිරච්ඡානවිජ්ජං වාචෙන්ති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: ‘සෙය්යථාපි ගිහී කාමභොගිනො’ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTඑ සමයෙහි වනාහි සවැගි මහණහු තිරශ්චීනවිද්‍යාව කියවත්, මිනිස්සු ‘කාමභෝගී ගිහියන් වැනියහ’ යි අවමන් කෙරෙත්, නුගුණ කියත්, දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“න භික්ඛවෙ තිරච්ඡානවිජ්ජා වාචෙතබ්බා. යො වාචෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT“මහණෙනි, තිරශ්චීනවිද්‍යාව නො කියැවියයුතු. යමෙක් කියවන්නේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
Pali BJT142. තෙන ඛො පන සමයෙන භගවා මහතියා පරිසාය පරිවුතො ධම්මං දෙසෙන්තො ඛිපි. භික්ඛූ “ජීවතු භන්තෙ භගවා ජීවතු සුගතො”ති උච්චාසද්දං මහාසද්දං අකංසු. තෙන සද්දෙන ධම්මකථා අන්තරා අහොසි. අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි. “අපි නු ඛො භික්ඛවෙ ඛිපිතෙ ජීවාති වුත්තෙ තප්පච්චයා ජීවෙය්ය වා මරෙය්ය වා”ති.
Sinhala BJT142. එ සමයෙහි භාග්‍යවතුන් වහන්සේ මහපිරිසකින් පිරිවැරුණුසේක්, දම් දෙසනසේක්, කිවිසුමක් පහළ කළසේක. “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ජීවත් වන සේක්වා, සුගතයන් වහන්සේ ජීවත් වන සේක්වා” යි භික්‍ෂූහු උස්හඬ මහහඬ කළහ. එ හඬින් ධර්‍මකථාව අතරක් ඇත්තේ{*} විය (හෙවත් නැඟුණු හඬින් ධර්‍මකථා හඬ යටපත් ව වැසීගියේ ය.) එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් බණවා, “මහණෙනි, කිවිසි කල්හි ජීවත් වන්නැයි කී කලැ ඒ කරුණින් ජීවත් වන්නේ ද, නැතහොත් (එය නොකී කල්හි එ කරුණින්) මැරෙන්නේ හෝ වේ දැ” යි අසාවදාළසේක.
Pali BJT“නොහෙතං භන්තෙ”.
Sinhala BJT“මෙය නො වන්නේ ම ය, වහන්සැ” යි මහණහු කීහ.
Pali BJT“න භික්ඛවෙ ඛිපිතෙ ජීවාති වත්තබ්බො. යො වදෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT“මහණෙනි, ‘කිවිසි කලහැ ජීවත් වන්නැ’ යි නො කියැ යුතු. යමෙක් කියන්නේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
Pali BJTතෙන ඛො පන සමයෙන මනුස්සා භික්ඛූනං ඛිපිතෙ ‘ජීවථ භන්තෙ’ති වදන්ති. භික්ඛූ කුක්කුච්චායන්තා නාලපන්ති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම සමණා සක්යපුත්තියා ජීවථ භන්තෙති වුච්චමානා නාලපිස්සන්තී’ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTඑ සමයෙහි මිනිස්සු මහණුනට කිවිසි කල්හි, ‘වහන්ස, ජීවත් වන්නැ’යි කියත්, භික්‍ෂූහු, කුකුස් කරන්නාහු කිසිත් නො කියත්, “ශාක්‍යපුත්‍රීය මහණහු ‘වහන්ස, ජීවත්වන්නැ’ යි කියනු ලබන්නාහු කෙසේ නම් කිසිත් නො කියන්නාහු දැ’යි මිනිස්සු අවමන් කෙරෙත්, නුගුණ කියත්, දොස් පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“ගිහී භික්ඛවෙ මඞ්ගලිකා. අනුජානාමි භික්ඛවෙ ගිහීනං ජීවථ භන්තෙති වුච්චමානෙන චිරං ජීවාති වත්තුන්ති”.
Sinhala BJT“මහණෙනි, ගිහියෝ මංගලයනට ගරු කරන්නෝ වෙත්. ‘වහන්ස, ජීවත් වන්නැ’යි කියනු ලබන මහණහු විසින් ‘බොහෝ කල් ජීවත් වන්නැ’ යි කියන්නට අනුදනිමි” යි වදාළසේක.
Pali BJT143. තෙන ඛො පන සමයෙන භගවා මහතියා පරිසාය පරිවුතො ධම්මං දෙසෙන්තො නිසින්නො හොති. අඤ්ඤතරෙන භික්ඛුනා ලසුනං ඛායිතං හොති. සො ‘මා භික්ඛූ බ්යාබාධිංසූ’ති එකමන්තං නිසීදි. අද්දසා ඛො භගවා තං භික්ඛුං එකමන්තං නිසින්නං. දිස්වාන භික්ඛූ ආමන්තෙසි. “කින්නු ඛො සො භික්ඛවෙ භික්ඛු එකමන්තං නිසින්නො”ති.
Sinhala BJT143. එ සමයෙහි භාග්‍යවතුන් වහන්සේ මහපිරිසෙන් පිරිවැරුණුසේක් දම් දෙසමින් වැඩහුන්සේක. මෙහි එක්තරා මහණෙක් ලුහුනු කන ලද්දේ වෙයි. හේ ‘මහණහු (මෙහි ගඳින්) නො පෙළෙත් වා’ යි සිතා එක් පසෙක හුන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ එක් පසෙක හුන් මහණහු දුටුයේක. දැක, “මහණෙනි, කවර හෙයින් තෙල මහණ එක් පසෙක හුන්නේ වේ දැ” යි අසාවදාළසේක.
Pali BJT“එතෙන භන්තෙ භික්ඛුනා ලසුනං ඛායිතං. ‘සො මා භික්ඛූ ව්යබාධියිංසූ’ති එකමන්තං නිසින්නො”ති.
Sinhala BJT“වහන්ස, තෙල මහණ විසින් ලුහුනු කන ලද්දේ ය. හේ ‘භික්‍ෂුහු (ලුහුනු ගඳින්) නො පෙළෙත් වා’ යි එක් පසෙක හුන්නේ වේ” යැ යි කීහ.
Pali BJT“අපි නු ඛො භික්ඛවෙ තං ඛාදිතබ්බං යං ඛාදිත්වා එවරූපාය ධම්මකථාය පරිබාහිරො{1} අස්සා”ති.
Sinhala BJT“මහණෙනි, යමක් කෑමෙන් මෙ බඳු ධර්‍ම කථායෙන් බැහැර ව ඉන්නේ නම් එබඳු දෑ කෑ යුතු දැ” යි ඇසූසේක.
Pali BJT“නොහෙතං භන්තෙ”.
Sinhala BJT“වහන්ස, මෙය (කෑයුතු) නො වන්නේ”යැ යි භික්‍ෂුහු කීහ.
Pali BJT“න භික්ඛවෙ ලසුනං ඛාදිතබ්බං. යො ඛාදෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT“මහණෙනි, ලුහුනු නො කෑයුතු. යමෙක් කන්නේ වී නම්, ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ’යි වදාළසේක.
Pali BJTතෙන ඛො පන සමයෙන ආයස්මතො සාරිපුත්තස්ස උදරවාතාබාධො හොති. අථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො යෙනායස්මා සාරිපුත්තො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං සාරිපුත්තං එතදවොච: “පුබ්බෙ තෙ ආවුසො සාරිපුත්ත, උදරවාතාබාධො කෙන ඵාසු හොතී”ති?
Sinhala BJTඑ සමයෙහි සැරියුත් මහතෙරුනට බඩ රුජාවෙක් වෙයි. එ කලහැ මහමුගලන් තෙරණුවෝ සැරියුත් තෙරුන් කරා එළැඹියහ. එළැඹ ‘ඇවැත් ශාරිපුත්‍රයිනි, පෙරැ ඔබේ බඩරිදුම කිමෙකින් පහසුවේ දැ’යි ඇසූහ.
Pali BJT“ලසුනෙන මෙ ආවුසො”ති.
Sinhala BJT“ඇවැත්නි, ලුහුනෙනැ” යි සැරියුත් තෙරණුවෝ වදාළහ.
Pali BJTභගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ ආබාධප්පච්චයා ලසුනං ඛාදිතුං”ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. “මහණෙනි, ආබාධප්‍රත්‍යයයෙන් (ආබාධයකට ප්‍රතිකාර වශයෙන්) ලුහුනු වළඳන්නට අනුදනිමි” යි වදාළසේක.
Pali BJT144. තෙන ඛො පන සමයෙන භික්ඛූ ආරාමෙ තහං තහං පස්සාවං කරොන්ති. ආරාමො දුස්සති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT144. එ සමයෙහි මහණහු අරමෙහි (ආවාස වත්තෙහි) ඒ ඒ තැන මූත්‍ර පහකරත්. අරම දූෂ්‍ය වේ. භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැලකළාහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ, එකමන්තං පස්සාවං කාතුන්ති”.
Sinhala BJT“මහණෙනි, එක් පැත්තෙක මූත්‍ර පහකරන්නට අනුදනිමි” යි වදාළසේක.
Pali BJTආරාමො දුග්ගන්ධො හොති. “අනුජානාමි භික්ඛවෙ, පස්සාවකුම්භින්ති”.
Sinhala BJTආරාමය දුගඳ වෙයි. “මහණෙනි, වටන්දෙණ අනුදනිමි” යි වදාළසේක.
Pali BJTදුක්ඛං නිසින්නා පස්සාවං කරොන්ති.
Sinhala BJTදුක්සේ හුන්නාහු (දුකසේ හිඳ) මූත්‍ර පහකෙරෙත්.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ, පස්සාවපාදුකන්ති” පස්සාවපාදුකා පාකටා හොන්ති. භික්ඛූ හිරීයන්ති පස්සාවං කාතුං.
Sinhala BJT“මහණෙනි, ප්‍රස්‍රාවපාදුකාව{1} අනුදනිමි” යි වදාළසේක. ප්‍රස්‍රාවපාදුකාව ප්‍රකට වෙයි (පිටතට පෙනෙයි). මහණහු එහි හිඳ මූත්‍ර පහකරන්නට ලජ්ජිත වෙත්.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ පරික්ඛිපිතුං තයො පාකාරෙ: ඉට්ඨකාපාකාරං සිලාපාකාරං, දාරුපාකාරන්ති”.
Sinhala BJT“මහණෙනි, ගඩොළු පවුර ද ගල්පවුර ද, දඬුපවුර ද තුන් පවුරු (බිත්ති තුන) අනුදනිමි”යි වදාළසේක.
Pali BJTපස්සාවකුම්භී අපාරුතා දුග්ගන්ධා හොති. “අනුජානාමි භික්ඛවෙ අපිධානන්ති”.
Sinhala BJTවටන්දෙණ නො වසන ලද්දේ දුගඳ වෙයි. “මහණෙනි, පියනක් අනුදනිමි” යි වදාළසේක.
Pali BJT145. තෙන ඛො පන සමයෙන භික්ඛූ ආරාමෙ තහං තහං වච්චං කරොන්ති. ආරාමො දුස්සති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT145. එසමයෙහි මහණහු අරමෙහි ඒ ඒ තැන මල පහ කෙරෙත්. අරම දූෂ්‍ය වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ, එකමන්තං වච්චං කාතුන්ති”.
Sinhala BJT“මහණෙනි, එක් පසෙක මල පහකරන්නට අනුදනිමි” යි වදාළ සේක.
Pali BJTආරාමො දුග්ගන්ධො හොති. “අනුජානාමි භික්ඛවෙ, වච්චකූපන්ති”.
Sinhala BJTඅරම දුගඳ වේ. “මහණෙනි, වසුරුවළක් (මල පහකරන්නට වළක්) අනුදනිමි” යි වදාළසේක.
Pali BJTවච්චකූපස්ස කූලං ලුජ්ජති, “අනුජානාමි භික්ඛවෙ, චිනිතුං තයො චයෙ: ඉට්ඨකාචයං, සිලාචයං දාරුචයන්ති”.
Sinhala BJTවසුරුවළැ ගැටිය කැඩී වැටෙයි. “මහණෙනි, ගඩොළුබැම්ම, ගල්බැම්ම, ලීබැම්ම යන තුන් බැඳුම් අනුදනිමි” යි වදාළසේක.
Pali BJTවච්චකූපො නීචවත්ථුකො හොති. උදකෙන ඔත්ථරීයති.
Sinhala BJTවසුරුවළ මිටිබිමක් ඇත්තේ වේ. දියෙන් යටකැරේ-දියට යට වේ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ, උච්චවත්ථුකං කාතුන්ති”.
Sinhala BJT“මහණෙනි, එය උස්බිමක් ඇතියක් කරන්නට (බිම පස් ආදිය අතුරා උසට නංවන්නට) අනුදනිමි” යි වදාළසේක.
Pali BJTචයො පරිපතති. “අනුජානාමි භික්ඛවෙ, චිනිතුං, තයො චයෙ: ඉට්ඨකාචයං සිලාචයං, දාරුචයන්ති”.
Sinhala BJTබැම්ම කැඩී හැලෙයි. “මහණෙනි, ගඩොළු බැම්ම ද ගල් බැම්ම ද දඬුබැම්ම ද යන තුන් බැඳුම් අනුදනිමි” යි වදාළසේක.
Pali BJTආරොහන්තා විහඤ්ඤන්ති.
Sinhala BJTඑයට නඟින්නාහු වෙහෙසෙත්.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ, තයො සොපාණෙ, ඉට්ඨකාසොපාණං සිලාසොපාණං දාරුසොපාණන්ති”.
Sinhala BJT“මහණෙනි, ගඩොළු හිණ ගල්හිණ දඬුහිණ යන තුන් හිණ අනුදනිමි” යි වදාළසේක.
Pali BJTආරොහන්තා පරිපතන්ති. “අනුජානාමි භික්ඛවෙ, ආලම්බනබාහන්ති”. අන්තෙ නිසින්නා වච්චං කරොන්තා පරිපතන්ති.
Sinhala BJTඑයට නඟින්නාහු වැටෙත්. “මහණෙනි, (එල්බැ යන්නට) අත්වැල අනුදනිමි” යි වදාළසේක. කෙළවරැ හිඳ මල පහකරනුවෝ වැටෙත්.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ, සන්ථරිත්වා මජ්ඣෙ ඡිද්දං කත්වා වච්චං කාතුන්ති”.
Sinhala BJT“මහණෙනි, ලෑලි ආදියක් අතුරා මැද සිදුරක් කොට මල පහකරන්නට අනුදනිමි” යි වදාළසේක.
Pali BJTදුක්ඛං නිසින්නා වච්චං කරොති.
Sinhala BJTදුකසේ හුන්නාහු මල පහකෙරෙත්.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ වච්චපාදුකන්ති”.
Sinhala BJT“මහණෙනි, වර්චස්පාදුකාව (වළ දෙපස පා තබන ආධාරකය) අනුදනිමි” යි වදාළසේක.
Pali BJTබහිද්ධා පස්සාවං කරොන්ති.
Sinhala BJTවළෙන් පිටත මූත්‍ර පහකෙරෙති.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ පස්සාවදොණිකන්ති”.
Sinhala BJT“මහණෙනි, වටන් දෙණක් අනුදනිමි” යි වදාළසේක.
Pali BJTඅවලෙඛනකට්ඨං න හොති.
Sinhala BJTපුසන් දණඩෙක් නො වෙයි.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ අවලෙඛනකට්ඨන්ති”.
Sinhala BJT“මහණෙනි, පුසන් දණ්ඩ අනුදනිමි” යි වදාළසේක.
Pali BJTඅවලෙඛනපිඨරො න හොති.
Sinhala BJTපුසන්දඬු තබන බඳුනෙක් නො වෙයි.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ අවලෙඛනපිඨරන්ති”.
Sinhala BJT“මහණෙනි, පුසන් දඬු තබන බඳුනක් අනුදනිමි” යි වදාළසේක.
Pali BJTවච්චකූපො අපාරුතො දුග්ගන්ධො හොති. “අනුජානාමි භික්ඛවෙ අපිධානන්ති”.
Sinhala BJTවසුරුවළ නො වසන ලද්දේ දුගඳ වෙයි. “මහණෙනි, පියනක් අනුදනිමි” යි වදාළසේක.
Pali BJTඅජ්ඣොකාසෙ වච්චං කරොන්තා සීතෙනපි උණ්හෙනපි කිලමන්ති. “අනුජානාමි භික්ඛවෙ වච්චකුටින්ති”.
Sinhala BJTඑළිමහනෙහි (වටා ආවරණ නැති තන්හි තැනූ වසුරු වළෙහි) මල පහකරන්නාහු, ශීතයෙනුත් උෂ්ණයෙනුත් පෙළෙත්. “මහණෙනි, වැසිකිළියක් අනුදනිමි” යි වදාළ සේක.
Pali BJTවච්චකුටියා කවාටං න හොති.
Sinhala BJTවැසිකිළියට දොර පොහොරුවෙක් නො වෙයි.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ, කවාටං, පිට්ඨිසඞ්ඝාටං{1}, උදුක්ඛලිකං, උත්තරපාසකං, අග්ගලවට්ටිං, කපිසීසකං, සූචිකං, ඝටිකං, තාලච්ඡිද්දං, ආවිඤ්ඡනච්ඡිද්දං, ආවිඤ්ඡනරජ්ජුන්ති”.
Sinhala BJT“මහණෙනි, දොරපොහොරුව ද දොරබාව ද වටෙවුලීය ද උතුරු ලීය ද දොරපොල්ල ද අගුළුකණුව ද යතුරුදණ්ඩ ද තරංකය ද කෙසිසිදුර ද රැහැන බහාලන සිදුර ද අදින රැහැන ද අනුදනිමි” යි වදාළසේක.
Pali BJTවච්චකුටියා තිණචුණ්ණං පරිපතති.
Sinhala BJTවැසිකිළියෙහි තණරොඩු වැටෙයි.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ ඔගුම්බෙත්වා උල්ලිත්තාවලිත්තං කාතුං, සෙතවණ්ණං කාළවණ්ණං ගෙරුකපරිකම්මං මාලාකම්මං ලතාකම්මං මකරදන්තකං පඤ්චපටිකං චීවරවංසං චීවරරජ්ජුන්ති”.
Sinhala BJT“මහණෙනි, ඝන දඬු අතුරා පියස්ස තනා ඇතුළත පිටත බදාම ආලිප්ත කරන්නට, සුදුපැහැය කළුපැහැය ගුරුපිරියම මාලා කර්‍ම ලතාකර්‍ම මුවරදැති, සිතියම් (දෑහිඟුල් ඈ විසින්) පස්වනක් පැහැ කරන්නට ද සිවුරු වනන දණ්ඩ ද සිවුරු වනන රැහැන ද අනුදනිමි” යි වදාළසේක.
Pali BJT146. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු ජරාදුබ්බලො වච්චං කත්වා වුට්ඨහන්තො පරිපති{1} භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT146. එ සමයෙහි එක් මහණෙක් ජරායෙන් අබල වූයේ මල පහකොට නැගී සිටින්නේ ඇදී වැටුණේ ය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ, ඔලම්බකන්ති”.
Sinhala BJT“මහණෙනි, එල්බැගන්නට රැහැනක් අනුදනිමි” යි වදාළසේක.
Pali BJTවච්චකුටි අපරික්ඛිත්තා හොති.
Sinhala BJTවැසිකිළිය වටින් නො වසන ලදුයේ වෙයි.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ පරික්ඛිපිතුං තයො පාකාරෙ: ඉට්ඨකාපාකාරං සිලාපාකාරං දාරුපාකාරන්ති”.
Sinhala BJT“මහණෙනි, ගඩොළු බිත්තිය ද ගල් බිත්තිය ද දඬු බිත්තිය ද යන තුන් පවුරු අනුදනිමි” යි වදාළසේක.
Pali BJTකොට්ඨකො න හොති.
Sinhala BJTදොර කොටුවෙක් නො වෙයි.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ, කොට්ඨකන්ති”.
Sinhala BJT“මහණෙනි, දොරකොටුවක් අනුදනිමි” යි වදාළසේක.
Pali BJTකොට්ඨකො නීචවත්ථුකො හොති -පෙ- අනුජානාමි භික්ඛවෙ උච්චවත්ථුකං කාතුන්ති. චයො පරිපතති -පෙ- ආරොහන්තා විහඤ්ඤන්ති -පෙ- අනුජානාමි භික්ඛවෙ, තයො සොපාණෙති -පෙ- අනුජානාමි භික්ඛවෙ ආලම්බනබාහන්ති.
Sinhala BJTකොටුව මිටි බිමක් ඇත්තේ වෙයි ... “මහණෙනි, උස්බිමක් ඇතියක් කරන්නට අනුදනිමි” යි වදාළසේක. බැම්ම කැඩී යයි. … නැඟෙන්නාහු වෙහෙසෙත්. ... “මහණෙනි, සෝපාන තුනක් ... අනුදනිමි” යි වදාළසේක. “මහණෙනි, එල්බගන්නට රැහැනක් අනුදනිමි” යි වදාළසේක.