Cullavagga

Lesser Division

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 101-200 න් 3845

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT3. අපරෙහි’පි -පෙ- චොදෙත්වා කතං හොති, සාරෙත්වා කතං හොති, ආපත්තිං ආරොපෙත්වා කතං හොති.
Sinhala BJT3. අන්‍ය වූ ද ... චෝදනා කොට කරණ ලද්දේ වේ ද, සිහිපත් කරවා කරණ ලද්දේ වේ ද, ඇවැත නංවා කරණ ලද්දේ වේ ද,...
Pali BJT4. අපරෙහි’පි භික්ඛවෙ -පෙ- සම්මුඛා කතං හොති, ධම්මෙන කතං හොති, සමග්ගෙන කතං හොති.
Sinhala BJT4. අන්‍ය වූ ද ... සම්මුඛයෙහි කරණ ලද්දේ වේ ද, ධර්‍මයෙන් කරණ ලද්දේ වේ ද, සමග්‍ර සංඝයා විසින් කරණ ලද්දේ වේ ද,...
Pali BJT5. අපරෙහි’පි -පෙ- පටිපුච්ඡා කතං හොති, ධම්මෙන කතං හොති, සමග්ගෙන කතං හොති.
Sinhala BJT5. අන්‍ය වූ ද ... පිළිවිස කරණ ලද්දේ වේ ද, ධර්‍මයෙන් කරණ ලද්දේ වේ ද, සමග්‍ර සංඝයා විසින් කරණ ලද්දේ වේ ද,...
Pali BJT6. අපරෙහි’පි -පෙ- පටිඤ්ඤාය කතං හොති, ධම්මෙන කතං හොති, සමග්ගෙන කතං හොති.
Sinhala BJT6. අන්‍ය වූ ද ... පිළිණ ගෙණ කරණ ලද්දේ වේ ද, ධර්‍මයෙන් කරණ ලද්දේ වේ ද, සමග්‍ර සංඝයා විසින් කරණ ලද්දේ වේ ද,...
Pali BJT7. අපරෙහි’පි -පෙ- ආපත්තියා කතං හොති, ධම්මෙන කතං හොති, සමග්ගෙන කතං හොති.
Sinhala BJT7. අන්‍ය වූ ද ... ඇවැතෙහි කරණ ලද්දේ වේ ද, ධර්‍මයෙන් කරණ ලද්දේ වේ ද, සමග්‍ර සංඝයා විසින් කරණ ලද්දේ වේ ද,...
Pali BJT8. අපරෙහි’පි -පෙ- දෙසනාගාමිනියා ආපත්තියා කතං හොති, ධම්මෙන කතං හොති, සමග්ගෙන කතං හොති.
Sinhala BJT8. අන්‍ය වූ ද ... දෙසීමෙන් පිරිසිදු වන ඇවැතෙහි කරණ ලද්දේ වේ ද, ධර්‍මයෙන් කරණ ලද්දේ වේ ද, සමග්‍ර සංඝයා විසින් කරණ ලද්දේ වේ ද,...
Pali BJT9. අපරෙහි’පි -පෙ- අදෙසිතාය ආපත්තියා කතං හොති, ධම්මෙන කතං හොති, සමග්ගෙන කතං හොති.
Sinhala BJT9. අන්‍ය වූ ද ... නොදෙසූ ඇවැතෙහි කරණ ලද්දේ වේ ද, ධර්‍මයෙන් කරණ ලද්දේ වේ ද, සමග්‍ර සංඝයා විසින් කරණ ලද්දේ වේ ද,...
Pali BJT10. අපරෙහි’පි -පෙ- චොදෙත්වා කතං හොති, ධම්මෙන කතං හොති, සමග්ගෙන කතං හොති.
Sinhala BJT10. අන්‍ය වූ ද,... චෝදනා කොට කරණ ලද්දේ වේ ද, ධර්‍මයෙන් කරණ ලද්දේ වේ ද, සමග්‍ර සංඝයා විසින් කරණ ලද්දේ වේ ද,...
Pali BJT11. අපරෙහි’පි -පෙ- සාරෙත්වා කතං හොති, ධම්මෙන කතං හොති, සමග්ගෙන කතං හොති.
Sinhala BJT11. අන්‍ය වූ ද ... සිහිපත් කොට කරණ ලද්දේ වේ ද, ධර්‍මයෙන් කරණ ලද්දේ වේ ද, සමග්‍ර සංඝයා විසින් කරණ ලද්දේ වේ ද,...
Pali BJT12. අපරෙහි’පි -පෙ- ආපත්තිං ආරොපෙත්වා කතං හොති, ධම්මෙන කතං හොති, සමග්ගෙන කතං හොති. ඉමෙහි ඛො භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතං නියස්සකම්මං ධම්මකම්මං ච හොති, විනයකම්මං ච, සුවුපසන්තං ච.
Sinhala BJT12. අන්‍ය වූ ද ... ඇවැත නංවා කරණ ලද්දේ වේ ද, ධර්‍මයෙන් කරණ ලද්දේ වේ ද, සමග්‍ර සංඝයා විසින් කරණ ලද්දේ වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණින් යුක්ත නියස්සකර්‍මය ධර්‍මකර්‍මයෙක් ද විනය කර්‍මයෙක් ද මනා ව සංහිඳුනෙක් ද වෙයි.
Pali BJTනියස්සකම්මෙ ධම්මකම්මද්වාදසකං නිට්ඨිතං.
Sinhala BJTනියස්සකර්‍මයෙහි ධර්‍මකර්‍ම දොළොස නිමි.
Pali BJTආකඞ්ඛමානඡක්කං
Sinhala BJTආකඞ්ඛමානඡක්කය
Pali BJT1. තීහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො, ආකඞ්ඛමානො සඞ්ඝො නියස්සකම්මං කරෙය්ය: භණ්ඩනකාරකො හොති කලහකාරකො විවාදකාරකො භස්සකාරකො සඞ්ඝෙ අධිකරණකාරකො. බාලො හොති අබ්යත්තො ආපත්තිබහුලො අනපදානො. ගිහීසංසට්ඨො විහරති අනනුලොමිකෙහි ගිහීසංසග්ගෙහි. ඉමෙහි ඛො භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො, ආකඞ්ඛමානො සඞ්ඝො නියස්සකම්මං කරෙය්ය.
Sinhala BJT1. මහණෙනි, අඞ්ග තුණෙකින් යුක්ත මහණහට සංඝ තෙමේ කැමැත්තේ නම් නියස්සකර්‍මය කරන්නේ ය: ඩබර කරන්නේ කලහ කරන්නේ (ඇවැත් වෙයි නොවෙයි ආදි) විරුද්ධවාද කරන්නේ වාක්කලහ කරන්නේ සංඝයා විෂයයෙහි අධිකරණ කරන්නේ වේ ද, අව්‍යක්ත වූ ඇවැත් බහුල කොට ඇති ආපත්ති පරිච්ඡේද රහිත බාලයෙක් වේ ද, ගිහියන් හා එකට ගැටුණේ අනුලොම් නොවූ ගිහි සංසර්‍ගයෙන් යුක්ත වූයේ වෙසේ ද, මහණෙනි, මේ අඞ්ග තුණෙන් යුක්ත මහණහට සංඝ තෙමේ කැමැත්තේ නම් නියස්සකර්‍මය කරන්නේ ය.
Pali BJT2. අපරෙහි’පි භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආකඞ්ඛමානො සඞ්ඝො නියස්සකම්මං කරෙය්ය: අධිසීලෙ සීලවිපන්නො හොති, අජ්ඣාචාරෙ ආචාරවිපන්නො හොති, අතිදිට්ඨියා දිට්ඨිවිපන්නො හොති. ඉමෙහි ඛො භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආකඞ්ඛමානො සඞ්ඝො නියස්සකම්මං කරෙය්ය.
Sinhala BJT2. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් යුක්ත මහණහට සංඝ තෙමේ කැමැත්තේ නම් නියස්සකර්‍මය කරන්නේ ය: උත්තම ශීලයෙහි විපන් සිල් ඇත්තේ වේ ද, උත්තම ආචාරයෙහි විපන් ආචාර ඇත්තේ ද, උතුම් සම්‍යග්දෘෂ්ටියෙහි විපන් දිටු ඇත්තේ ද, මහණෙනි, මේ අඞ්ග තුණෙන් යුක්ත මහණහට සංඝ තෙමේ කැමැත්තේ නම් නියස්සකර්‍මය කරන්නේ ය.
Pali BJT3. අපරෙහි’පි භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආකඞ්ඛමානො සඞ්ඝො නියස්සකම්මං කරෙය්ය: බුද්ධස්ස අවණ්ණං භාසති, ධම්මස්ස අවණ්ණං භාසති, සඞ්ඝස්ස අවණ්ණං භාසති. ඉමෙහි ඛො භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආකඞ්ඛමානො සඞ්ඝො නියස්සකම්මං කරෙය්ය.
Sinhala BJT3. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් යුක්ත මහණහට සංඝ තෙමේ කැමැත්තේ නම් නියස්සකර්‍මය කරන්නේ ය: බුදුරුවන්හි අයුණු කියා ද, දමුරුවන්හි අයුණු කියා ද, සඟුරුවන්හි අයුණු කියා ද, මහණෙනි, මේ අඞ්ග තුණෙන් යුක්ත මහණහට සංඝ තෙමේ කැමැත්තේ නම් නියස්සකර්‍මය කරන්නේ ය.
Pali BJT4. තිණ්ණං භික්ඛවෙ භික්ඛූනං ආකඞ්ඛමානො සඞ්ඝො නියස්සකම්මං කරෙය්ය: එකො භණ්ඩනකාරකො හොති කලහකාරකො විවාදකාරකො භස්සකාරකො සඞ්ඝෙ අධිකරණකාරකො, එකො බාලො හොති, අබ්යත්තො ආපත්තිබහුලො අනපදානො, එකො ගිහීසංසට්ඨො විහරති අනනුලොමිකෙහි ගිහීසංසග්ගෙහි. ඉමෙසං ඛො භික්ඛවෙ තිණ්ණං භික්ඛූනං ආකඞ්ඛමානො සඞ්ඝො නියස්සකම්මං කරෙය්ය.
Sinhala BJT4. මහණෙනි, භික්‍ෂූන් තිදෙනෙකුන්හට සංඝ තෙමේ කැමැත්තේ නම් නියස්සකර්‍මය කරන්නේ ය: එක් මහණෙක් ඩබර කරන්නේ කලහ කරන්නේ විවාද කරන්නේ වාක් කලහ කරන්නේ සංඝයා කෙරෙහි අධිකරණ කරන්නේ වේ ද, එක් මහණෙක් අව්‍යක්ත වූයේ ඇවැත් බහුල කොට ඇත්තේ ආපත්ති පරිච්ඡේද නොදත් බාලයෙක් වේ ද, එක් මහණෙක් ගිහියන් හා එකට ගැටුනේ ශාසනයට අනුකූල නොවූ ගිහි සංසර්‍ගයෙන් යුක්ත වූයේ වෙසේ ද, මහණෙනි, මේ භික්‍ෂූන් තිදෙනාට සංඝ තෙමේ කැමැත්තේ නම් නියස්සකර්‍මය කරන්නේ ය.
Pali BJT5. අපරෙසම්පි භික්ඛවෙ තිණ්ණං භික්ඛූනං ආකඞ්ඛමානො සඞ්ඝො නියස්සකම්මං කරෙය්ය: එකො අධිසීලෙ සීලවිපන්නො හොති, එකො අජ්ඣාචාරෙ ආචාරවිපන්නො හොති, එකො අතිදිට්ඨියා දිට්ඨිවිපන්නො හොති. ඉමෙසං ඛො භික්ඛවෙ තිණ්ණං භික්ඛූනං ආකඞ්ඛමානො සඞ්ඝො නියස්සකම්මං කරෙය්ය.
Sinhala BJT5. මහණෙනි, අන්‍ය වූ ද භික්‍ෂූන් තිදෙනෙකුන්හට සංඝ තෙමේ කැමැත්තේ නම් නියස්සකර්‍මය කරන්නේ ය: එක් මහණෙක් උත්තම ශීලයෙහි විපන් සිල් ඇත්තේ වේ ද, එක් මහණෙක් උත්තමාචාරයෙහි විපන් ආචාර ඇත්තේ වේ ද, එක් මහණෙක් උත්තම වූ සම්‍යග්දෘෂ්ටියෙහි විපන් දිටු ඇත්තේ වේ ද, මහණෙනි, මේ භික්‍ෂූන් තිදෙනාට සංඝ තෙමේ කැමැත්තේ නම් නියස්සකර්‍මය කරන්නේ ය.
Pali BJT6. අපරෙසම්පි භික්ඛවෙ තිණ්ණං භික්ඛූනං ආකඞ්ඛමානො සඞ්ඝො නියස්සකම්මං කරෙය්ය: එකො බුද්ධස්ස අවණ්ණං භාසති, එකො ධම්මස්ස අවණ්ණං භාසති, එකො සඞ්ඝස්ස අවණ්ණං භාසති. ඉමෙසං ඛො භික්ඛවෙ තිණ්ණං භික්ඛූනං ආකඞ්ඛමානො සඞ්ඝො නියස්සකම්මං කරෙය්ය.
Sinhala BJT6. මහණෙනි, අන්‍ය වූ ද භික්‍ෂූන් තිදෙනෙකුන්හට සංඝ තෙමේ කැමැත්තේ නම් නියස්සකර්‍මය කරන්නේය. එක් මහණෙක් බුදුරුවන්හි අයුණු කියයි ද, එක් මහණෙක් දමුරුවන්හි අයුණු කියයි ද, එක් මහණෙක් සඟුරුවන්හි අයුණු කියයි ද, මහණෙනි, මේ භික්‍ෂූන් තිදෙනාට සංඝ තෙමේ කැමැත්තේ නම් නියස්සකර්‍මය කරන්නේ ය.
Pali BJTනියස්සකම්මෙ ආකඞ්ඛමානඡක්කං නිට්ඨිතං.
Sinhala BJTනියස්සකර්‍මයෙහි ආකඞ්ඛමාන ඡක්කය නිමි.
Pali BJTඅට්ඨාරසවත්තං
Sinhala BJTඅටළොස්වත
Pali BJT1. නියස්සකම්මකතෙන භික්ඛවෙ භික්ඛුනා සම්මා වත්තිතබ්බං. තත්රායං සම්මා වත්තනා: න උපසම්පාදෙතබ්බං, න නිස්සයො දාතබ්බො, න සාමණෙරො උපට්ඨාපෙතබ්බො, න භික්ඛුනොවාදකසම්මුති සාදිතබ්බා, සම්මතෙනපි භික්ඛුනියො න ඔවදිතබ්බා. යාය ආපත්තියා සඞ්ඝෙන නියස්සකම්මං කතං හොති සා ආපත්ති න ආපජ්ජිතබ්බා, අඤ්ඤා වා තාදිසිකා, තතො වා පාපිට්ඨතරා, කම්මං න ගරහිතබ්බං, කම්මිකා න ගරහිතබ්බා. න පකතත්තස්ස භික්ඛුනො උපොසථො ඨපෙතබ්බො, න පවාරණා ඨපෙතබ්බා, න සවචනීයං කාතබ්බං, න අනුවාදො පට්ඨපෙතබ්බො, න ඔකාසො කාරෙතබ්බො, න චොදෙතබ්බො, න සාරෙතබ්බො, න භික්ඛූහි සම්පයොජෙතබ්බ”න්ති.
Sinhala BJT1. මහණෙනි, නියස්සකර්‍මය කරණු ලැබූ මහණහු විසින් මනා ව පැවතිය යුතුයි. එහි මේ මනා පැවැත්මයි: (තමන් උපාධ්‍යාය ව) උපසම්පදා නො කළ යුතුයි, නිස නො දිය යුතුයි, සාමණේරකෙනෙකු උපස්ථානය පිණිස නො තබාගත යුතුයි, භික්ඛුනෝවාදකසම්මතිය නො පිළිගත යුතුයි, ඒ සම්මතිය ලැබූවහු විසින් ද මෙහෙණිනට ඔවා නොදිය යුතුයි, යම් ඇවැතක් කරණකොට සඞ්ඝයා විසින් නියස්සකර්‍මය කරණ ලද්දේ ද ඒ ඇවැතට නො පැමිණිය යුතුයි, එබඳු අන් ඇවැතකට ද නො පැමිණිය යුතුයි, එයට වඩා පවිටු ඇවැතකට ද නො පැමිණිය යුතුයි, විනයකර්‍මයට නො ගැරහිය යුතුයි, කර්‍මය කළ භික්‍ෂූන්ට නො ගැරහිය යුතුයි, පුවතක් මහණහුගේ පොහොය නො තැබිය යුතුයි, පවාරණය නො තැබිය යුතුයි, සවචනීයකර්‍මය නො කළ යුතුයි, විහාරයෙහි දෙටු තනතුරැ නො පිහිටිය යුතුයි, චෝදනා පිණිස අවසර නො ගත යුතුයි, චෝදනා නො කළ යුතුයි, ඇවැත් සිහිපත් නො කරවිය යුතුයි, භික්‍ෂූන් ඔවුනොවුන් හා කලහ පිණිස නො යෙදෙවිය යුතුයි.
Pali BJTනියස්සකම්මෙ අට්ඨාරසවත්තං නිට්ඨිතං.
Sinhala BJTනියස්සකර්‍මයෙහි අටළොස්වත නිමි.
Pali BJTන පටිප්පස්සම්භෙතබ්බඅට්ඨාරසකං
Sinhala BJTනොසංහිඳුවියයුතු අටළොස්වත
Pali BJT1. අථ ඛො සඞ්ඝො සෙය්යසකස්ස භික්ඛුනො නියස්සකම්මං අකාසි නිස්සාය තෙ වත්ථබ්බන්ති. සො සඞ්ඝෙන නියස්සකම්මකතො කල්යාණමිත්තෙ සෙවමානො භජමානො පයිරුපාසමානො උද්දිසාපෙන්තො පරිපුච්ඡන්තො බහුස්සුතො හොති ආගතාගමො ධම්මධරො විනයධරො මාතිකාධරො පණ්ඩිතො ව්යත්තො මෙධාවී ලජ්ජි කුක්කුච්චකො සික්ඛාකාමො. සො සම්මා වත්තති, ලොමං පාතෙති, නෙත්ථාරං වත්තති. භික්ඛු උපසඞ්කමිත්වා එවං වදෙති: “අහං ආවුසො සඞ්ඝෙන නියස්සකම්මකතො සම්මා වත්තාමි, ලොමං පාතෙමි, නෙතාරං වත්තාමි, කථං නු ඛො මයා පටිපජ්ජිතබ්බ”න්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “තෙන හි භික්ඛවෙ සඞ්ඝො සෙය්යසකස්ස භික්ඛුනො නියස්සකම්මං පටිප්පස්සම්භෙතුං”
Sinhala BJT1. ඉක්බිත්තෙන් සඞ්ඝ තෙමේ සෙය්‍යසක මහණහට ‘තා විසින් මහතෙරකෙනකුන් ඇසුරු කොට විසිය යුතුයැ’ යි නියස්සකර්‍මය කෙළේ ය. සඞ්ඝයා විසින් නියස්සකර්‍මය කරණු ලැබූ හෙ තෙම කලණමිතුරන් සෙව්නේ, ඛජනුයේ, ඇසුරු කරණුයේ, උදෙසවනුයේ, නැවත නැවත විචාරණුයේ, වාචෝද්ගත කොට ගත් ආගමය ඇති, ධර්‍මධර, විනයධර, මාතෘකාධර, පණ්ඩිත, ව්‍යක්ත, ප්‍රඥාවත්, ලජ්ජී, සුළුවරදෙහි ද කුකුස් කරණ, ශික්‍ෂාකාමී වූ බහුශ්‍රැතයෙක් වෙයි. හෙ තෙම මනා ව පවතී. (මන් බැහැර ලා) මහතෙරුන් අනුව පවතී. නිස්තරණය පිණිස පවතී. භික්‍ෂූන් කරා එළැඹ, “ඇවැත්නි, මම් සඞ්ඝයා විසින් නියස්සකර්‍මය කරණ ලදුයෙම් මොනොවට පවතිමි, අනුලොම් වැ පවතිමි, නිස්තරණය පිණිස පවතිමි. කෙසේ නම් මා විසින් පිළිපැදිය යුතු දැ” යි මෙසේ කියයි. භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ පවත් සැළ කළහ. “මහණෙනි, එසේ වී නම් සඞ්ඝ තෙමේ සෙය්‍යසක මහණහුගේ නියස්සකර්‍මය සංහිඳුවාවා.”
Pali BJT2. පඤ්චහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො නියස්සකම්මං න පටිප්පස්සම්භෙතබ්බං: උපසම්පාදෙති, නිස්සයං දෙති, සාමණෙරං උපට්ඨාපෙති, භික්ඛුනොවාදකසම්මුතිං සාදියති, සම්මතො’පි භික්ඛුනියො ඔවදති. ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො නියස්සකම්මං න පටිප්පස්සම්භෙතබ්බං.
Sinhala BJT2. මහණෙනි, අඞ්ග පසෙකින් යුත් මහණහුගේ නියස්සකර්‍මය නො සංහිඳුවිය යුතු: උපසපන් කෙරෙයි ද, නිස දෙයි ද, හෙරණකු තමාට උවටනෙහි යොදා ගණි ද, මෙහෙණින්හට ඔවා දීමේ සම්මතිය ඉවසයි ද, සම්මතිය ලැබුයේත් මෙහෙණින්හට ඔවා දෙයි ද, මහණෙනි, මේ අඞ්ග පසින් යුත් මහණහුගේ නියස්සකර්‍මය නො සංහිඳුවිය යුතු.
Pali BJT3. අපරෙහි’පි භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො නියස්සකම්මං න පටිප්පස්සම්භෙතබ්බං: යාය ආපත්තියා සඞ්ඝෙන නියස්සකම්මං කතං හොති තං ආපත්තිං ආපජ්ජති, අඤ්ඤං වා තාදිසිකං, තතො වා පාපිට්ඨතරං, කම්මං ගරහති, කම්මිකෙ ගරහති. ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො නියස්සකම්මං න පටිප්පස්සම්භෙතබ්බං.
Sinhala BJT3. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග පසෙකින් යුත් මහණහුගේ නියස්සකර්‍මය නො සංහිඳුවිය යුතු: යම් ඇවැතකට සඞ්ඝයා විසින් නියස්සකර්‍මය කරණ ලද නම්, ඒ ඇවැතට පැමිණේ ද, එවැනි අනිත් ඇවැතකට හෝ පැමිණේ ද, එයට වඩා පවිටු ඇවැතකට හෝ පැමිණේ ද, කර්‍මය ගරහා ද, කම් කළවුන් ගරහා ද, මහණෙනි, මේ පසඟින් යුතු මහණහුගේ නියස්සකර්‍මය නො සංහිඳුවිය යුතු.
Pali BJT4. අට්ඨහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො නියස්සකම්මං න පටිප්පස්සම්භෙතබ්බං; පකතත්තස්ස භික්ඛුනො උපොසථං ඨපෙති, පවාරණං ඨපෙති, සවචනීයං කරොති, අනුවාදං පට්ඨපෙති, ඔකාසං කාරෙති, චොදෙති, සාරෙති, භික්ඛූහි සම්පයොජෙති; ඉමෙහි ඛො භික්ඛවෙ අට්ඨහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො නියස්සකම්මං න පටිප්පස්සම්භෙතබ්බං.
Sinhala BJT4. මහණෙනි, අඞ්ග අටෙකින් යුත් මහණහුගේ නියස්සකර්‍මය නො සංහිඳුවිය යුතු: පුවතක් මහණහුගේ පොහොය තබා ද, පවුරුණු තබා ද, සවචනීයකර්‍මය කෙරේ ද, වෙහෙරැ දෙටු බව කෙරේ ද, අනුනට චෝදනා කිරීමට අවකාශ කරවා ගණී ද, (පුවතක් මහණකුට) චෝදනා කෙරේ ද, (ඇවැත්) සිහිපත් කරවා ද, භික්‍ෂූන් උනුන් හා කලහයෙහි යොදා ද, මහණෙනි, මේ අඞ්ග අටෙන් යුත් මහණහුගේ නියස්සකර්‍මය නො සංහිඳුවිය යුතු.
Pali BJTන පටිප්පස්සම්භෙතබ්බඅට්ඨාරසකං නිට්ඨිතං.
Sinhala BJTනොසංහිඳුවියයුතු අටළොස නිමියේ ය.
Pali BJTපටිප්පස්සම්භෙතබ්බ අට්ඨාරසකං
Sinhala BJTසංහිඳුවියයුතු අටළොස
Pali BJT1. පඤ්චහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො නියස්සකම්මං පටිප්පස්සම්භෙතබ්බං: න උපසම්පාදෙති, න නිස්සයං දෙති, න සාමණෙරං උපට්ඨාපෙති, න භික්ඛුනොවාදකසම්මුතිං සාදියති, සම්මතොපි භික්ඛුනියො න ඔවදති; ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො නියස්සකම්මං පටිප්පස්සම්භෙතබ්බං.
Sinhala BJT1. මහණෙනි, අඞ්ග පසෙකින් යුත් මහණහුගේ නියස්සකර්‍මය සංහිඳුවිය යුතු: තමා උපාධ්‍යාය ව උපසපන් නො කෙරෙයි ද, නිස නො දෙයි ද, හෙරණකු උවටනට යොදා නො ගණී ද, මෙහෙණින්හට ඔවාදීමේ සම්මතිය නො ඉවසයි ද, සම්මතිය ලදුයේ නමුත් ඔවා නො දෙයි ද, මහණෙනි, මේ පසඟින් යුත් මහණහුගේ නියස්සකර්‍මය සංහිඳුවිය යුතු.
Pali BJT2. අපරෙහි’පි භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො නියස්සකම්මං පටිප්පස්සම්භෙතබ්බං: යාය ආපත්තියා සඞ්ඝෙන නියස්සකම්මං කතං හොති තං ආපත්තිං න ආපජ්ජති, අඤ්ඤං වා තාදිසිකං, තතො වා පාපිට්ඨතරං, කම්මං න ගරහති, කම්මිකෙ ගරහති. ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො නියස්සකම්මං පටිප්පස්සම්භෙතබ්බං.
Sinhala BJT2. මහණෙනි, අන්‍ය වූ ද පඤ්චාඞ්ගයෙකින් යුක්ත මහණහුගේ නියස්සකර්‍මය සංහිඳුවිය යුතු: යම් ඇවැතකට සඞ්ඝයා විසින් (ඔහුට) නියස්සකර්‍මය කරණ ලද්දේ නම්, ඒ ඇවැතට නො පැමිණේ ද, එවැනි අන් ඇවැතකට හෝ නො පැමිණේ ද, එයටත් වඩා ලාමක ඇවැතකට හෝ නො පැමිණේ ද, (කරණ ලද) විනයකර්‍මය නො ගරහා ද, විනයකර්‍මය කළවුන් නො ගරහා ද, මහණෙනි, මේ පසඟින් යුත් මහණහුගේ නියස්සකර්‍මය සංහිඳුවිය යුතු.
Pali BJT3. අට්ඨහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො නියස්සකම්මං පටිප්පස්සම්භෙතබ්බං: න පකතත්තස්ස භික්ඛුනො උපොසථං ඨපෙති, න පවාරණං ඨපෙති, න සවචනීයං කරොති, න අනුවාදං පට්ඨපෙති, න ඔකාසං කාරෙති, න චොදෙති, න සාරෙති, න භික්ඛූහි සම්පයොජෙති. ඉමෙහි ඛො භික්ඛවෙ අට්ඨහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො නියස්සකම්මං පටිප්පස්සම්භෙතබ්බං.
Sinhala BJT3. මහණෙනි, අඞ්ග අටෙකින් යුත් මහණහුගේ නියස්සකර්‍මය සංහිඳුවිය යුතු. පුවතක් මහණකුගේ පොහොය නො තබා ද, පවුරුණු නො තබා ද, සවචනීය කර්‍මය නො කෙරේ ද, වෙහෙරෙහි දෙටු තැන්හි නො සිටී ද, චෝදනා පිණිස අවකාශ කරවා නො ගණි ද, චෝදනා නො කරයි ද, ඇවැත් සිහිපත් නො කරවයි ද, භික්‍ෂූන් උනුන් කලහයෙහි නා යොදයි ද, මහණෙනි, මේ අඞ්ග අටින් යුත් මහණහුගේ නියස්සකර්‍මය සංහිඳුවිය යුතු.
Pali BJTපටිප්පස්සම්භෙතබ්බ අට්ඨාරසකං නිට්ඨිතං.
Sinhala BJTසංහිඳුවියයුතු අටළොස නිමියේ ය.
Pali BJT[පටිප්පස්සම්භනං]
Sinhala BJT[සංහිඳුවීම]
Pali BJT1. එවඤ්ච පන භික්ඛවෙ පටිප්පස්සම්භෙතබ්බං: තෙන භික්ඛවෙ සෙය්යසකෙන භික්ඛුනා සඞ්ඝං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා බුඩ්ඪානං භික්ඛූනං පාදෙ වන්දිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා එවමස්ස වචනීයො: “අහං භන්තෙ සඞ්ඝෙන නියස්සකම්මකතො සම්මා වත්තාමි, ලොමං පාතෙමි, නෙත්ථාරං වත්තාමි, නියස්සකම්මස්ස පටිප්පස්සද්ධිං යාචාමී”ති. දුතියම්පි යාචිතබ්බො. තතියම්පි යාචිතබ්බො.
Sinhala BJT1. මහණෙනි, නියස්සකර්‍මය මෙසේ සංහිඳුවිය යුතු: ඒ සෙය්‍යසක මහණහු විසින් සඞ්ඝයා වෙත එළැඹ උතුරුසඟ එකස් කොට පොරොවා වැඩිමහලු භික්‍ෂූන්ගේ පා වැඳ උත්කුටුක ව හිඳ ඇඳිලි බැඳ ගෙණ මෙසේ කිය යුතු වන්නේ ය: “වහන්ස, මම් සඞ්ඝයා විසින් නියස්සකර්‍මය කරණු ලැබූයෙම් මැනැවින් පවතිමි. භික්‍ෂූන් අනුව පවතිමි. (අටොළොස්) නිස්තරණ වත අනුව පවතිමි. නියස්සකර්‍මයාගේ සංහිඳුවීම යදිමි” යි. දෙවෙනු ද යැදිය යුතු. තෙවෙනුව ද යැදිය යුතු.
Pali BJT2. ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
Sinhala BJT2. ව්‍යක්ත වූ ප්‍රබල මහණකු විසින් සඞ්ඝ තෙමේ මෙසේ දැන්විය යුතු:
Pali BJT“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො: අයං සෙය්යසකො භික්ඛු සඞ්ඝෙන නියස්සකම්මකතො සම්මා වත්තති, ලොමං පාතෙති, නෙත්ථාරං වත්තති, නියස්සස්ස කම්මස්ස පටිප්පස්සද්ධිං යාචති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො සෙය්යසකස්ස භික්ඛුනො නියස්සකම්මං පටිප්පස්සම්භෙය්ය. එසා ඤත්ති.
Sinhala BJT“වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. මේ සෙය්‍යසක මහණ තෙමේ සඞ්ඝයා විසින් නියස්සකර්‍මය කරණ ලද්දේ මැනැවින් පවතී. (භික්‍ෂූන්හට) අනුකූල ව පවතී. (අටළොස්) නිස්තරණ වත පුරයි. නියස්සකර්‍මයාගේ සංහිඳීම යදී. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇති කර්‍මය වේ නම් සඞ්ඝ තෙමේ සෙය්‍යසක මහණහුගේ නියස්සකර්‍මය සංහිඳුවන්නේ ය. මේ ඤත්තිය යි.
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො: අයං සෙය්යසකො භික්ඛු සඞ්ඝෙන නියස්සකම්මකතො සම්මා වත්තති, ලොමං පාතෙති, නෙත්ථාරං වත්තති, නියස්සස්ස කම්මස්ස පටිප්පස්සද්ධිං යාචති. සඞ්ඝො සෙය්යසකස්ස භික්ඛුනො නියස්සකම්මං පටිප්පස්සම්භෙති. යස්සායස්මතො ඛමති සෙය්යසකස්ස භික්ඛුනො නියස්සස්ස කම්මස්ස පටිප්පස්සද්ධි, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති සො භාසෙය්ය.
Sinhala BJTවහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා: මේ සෙය්‍යසක මහණ තෙමේ සඞ්ඝයා විසින් නියස්සකර්‍මය කරණු ලැබුයේ, මනා ව පවතී. අනුලොම් ව පවතී. නිස්තරණ වත පුරයි. නියස්සකර්‍මයාගේ සංහිඳීම යදී. සඞ්ඝ තෙමේ සෙය්‍යසක මහණහුගේ නියස්සකර්‍මය සංහිඳුවයි. සෙය්‍යසක මහණහුගේ නියස්සකර්‍මය සංහිඳුවීම යම් ආයුෂ්මතකුහට රිසියේ නම් හෙ තෙම නිහඬ වේවා. යමකුට නා රිසියේ නම් හේ කියාවා.
Pali BJTදුතියම්පි එතමත්ථං වදාමි. සුණාතු මෙ භන්තෙ සඞ්ඝො: අයං සෙය්යසකො භික්ඛු සඞ්ඝෙන නියස්සකම්මකතො සම්මා වත්තති, ලොමං පාතෙති, නෙත්ථාරං වත්තති, නියස්සස්ස කම්මස්ස පටිප්පස්සද්ධිං යාචති. සඞ්ඝො සෙය්යසකස්ස භික්ඛුනො නියස්සකම්මං පටිප්පස්සම්භෙති. යස්සායස්මතො ඛමති සෙය්යසකස්ස භික්ඛුනො නියස්සස්ස කම්මස්ස පටිප්පස්සද්ධි, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය.
Sinhala BJTදෙවෙනුව ද මෙ කරුණ කියමි. වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා: මේ සෙය්‍යාසක මහණ තෙමේ සඞ්ඝයා විසින් නියස්සකර්‍මය කරණු ලැබූයේ මනා ව පවතී. අනුලොම් ව පවතී. නිස්තරණ වත පුරයි. නියස්සකර්‍මයාගේ සංහිඳීම යදී. සඞ්ඝ තෙමේ සෙය්‍යසක මහණහුගේ නියස්සකර්‍මය සංහිඳුවයි. සෙය්‍යසක මහණහුගේ නියස්සකර්‍මය සංහිඳුවීම යම් ආයුෂ්මතකුහට රිසියේ නම් හේ නිහඬ වේවා. යමකුට නො රිසියේ නම් හේ කියාවා.
Pali BJTතතියම්පි එතමත්ථං වදාමි. සුණාතු මෙ භන්තෙ සඞ්ඝො: අයං සෙය්යසකො භික්ඛු සඞ්ඝෙන නියස්සකම්මකතො සම්මා වත්තති, ලොමං පාතෙති, නෙත්ථාරං වත්තති, නියස්සස්ස කම්මස්ස පටිප්පස්සද්ධිං යාචති. සඞ්ඝො සෙය්යසකස්ස භික්ඛුනො නියස්සකම්මං පටිප්පස්සම්භෙති. යස්සායස්මතො ඛමති සෙය්යසකස්ස භික්ඛුනො නියස්සස්ස කම්මස්ස පටිප්පස්සද්ධි, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය.
Sinhala BJTතෙවෙනු ව ද මෙ කරුණ කියමි. සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා: සඞ්ඝයා විසින් නියස්සකර්‍මය කරණු ලැබූ මේ සෙය්‍යසක මහණ තෙම මැනැවින් පවතී. අනුලොම් ව පවතී. නිස්තරණ වත් පුරයි. (හේ) නියස්සකර්‍මයාගේ සංහිඳීම යදී. සඞ්ඝ තෙමේ සෙය්‍යසක මහණහුගේ නියස්සකර්‍මය සංහිඳුවයි. සෙය්‍යසක මහණහුගේ නියස්සකර්‍මය සංහිඳුවීම යම් ආයුෂ්මතකුහට රිසියේ නම් හේ නිහඬ වේවා. යමකුට නො රිසියේ නම් හේ කියාවා.
Pali BJTපටිප්පස්සද්ධිං සඞ්ඝෙන සෙය්යසකස්ස භික්ඛුනො නියස්සකම්මං. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJTසඞ්ඝයා විසින් සෙය්‍යසක මහණහුගේ නියස්සකර්‍මය සංහිඳුවන ලදී. සඞ්ඝයාට එය රිසියෙයි. එහෙයින් නිහඬ ය. මේ කාරණය මෙසේ සලකමි”යනු යි.
Pali BJTනියස්සකම්මං නිට්ඨිතං දුතියං.
Sinhala BJTදෙවන නියස්සකර්‍මය නිමියේ ය.
Pali BJT3. පබ්බාජනීයකම්මං
Sinhala BJT3. පබ්බාජනියකර්‍මය
Pali BJT[අස්සජිපුනබ්බසුකානං අනාචාරං]
Sinhala BJT[අස්සජිපුනබ්බසුකයන්ගේ අනාචාර]
Pali BJT1. තෙන ඛො පන සමයෙන අස්සජිපුනබ්බසුකා නාම කීටාගිරිස්මිං ආවාසිකා හොන්ති අලජ්ජිනො පාපභික්ඛූ. තෙ එවරූපං අනාචාරං ආචරන්ති: මාලාවච්ඡං රොපෙන්තිපි රොපාපෙන්තිපි. සිඤ්චන්තිපි, සිඤ්චාපෙන්තිපි. ඔචිනන්තිපි, ඔචිනාපෙන්තිපි. ගන්ථෙන්තිපි, ගන්ථාපෙන්තිපි. එකතොවණ්ටිකමාලං කරොන්තිපි, කාරාපෙන්තිපි. උභතොවණ්ටිකමාලං කරොන්තිපි, කාරාපෙන්තිපි. මඤ්ජරිකං කරොන්තිපි, කාරාපෙන්තිපි. විධූතිකං කරොන්තිපි, කාරාපෙන්තිපි. වටංසකං කරොන්තිපි, කාරාපෙන්තිපි. ආචෙළං කරොන්තිපි, කාරාපෙන්තිපි. උරච්ඡදං කරොන්තිපි, කාරාපෙන්තිපි.
Sinhala BJT1. එ සමයෙහි වූ කලි අස්සජි පුනබ්බසුක නම් වූ පවට පිළිකුල් නො කරණ ලාමක මහණහු කීටාගිරියෙහි ආවාසික වෙති. ඔහු මෙබඳු අනාචාර කෙරෙත්: තුමූ ද මල්පැල සිටුවත්, අනුන් ලවා ද සිටුවත්. තුමූ ද දිය ඉසිත්, අනුන් ලවා ද ඉස්වත්, තුමූ ද මල් නෙලත්, අනුන් ලවා ද මල් නෙලවත්. තුමූ ද මල්දම් ගොතත්, අනුන් ලවා ද මල්දම් ගොතවත්. එක් පසකට නටු සිටුනාසේ මල්දම් තුමූ ද කරත්, අනුන් ලවා ද කරවත්. දෙපසට නටු සිටුනා සේ මල්දම් තුමූ ද කරත්, අනුන් ලවා ද කරවත්. තුමූ ද මල්කැන් කරත්, අනුන් ලවා ද කරවත්. හිඳි ආදියෙකින් ඇවුනු මල්දම් (විධූතිකාවන්) තුමූ ද කෙරෙත්, අනුන් ලවා ද කරවත්. මුදුන්මල් කඩ (අවතංසක) තුමූ ද කෙරෙත්, අනුන් ලවා ද කරවත්. කණැ පලඳනා මල්දම් තුමූ ද කරත්, අනුන් ලවා ද කරවත්. උර පලඳනාවන් තුමූ ද කරත්, අනුන් ලවා ද කරවත්.
Pali BJT2. තෙ කුලිත්ථීනං කුලධීතානං කුලකුමාරීනං කුලසුණ්හානං කුලදාසීනං එකතොවණ්ටිකමාලං හරන්තිපි, හරාපෙන්තිපි. උභතොවණ්ටිකමාලං හරන්තිපි, හරාපෙන්තිපි. මඤ්ජරිකං හරන්තිපි, හරාපෙන්තිපි. විධූතිකං හරන්තිපි, හරාපෙන්තිපි. වටංසකං හරන්තිපි, හරාපෙන්තිපි. ආවෙළං හරන්තිපි, හරාපෙන්තිපි. උරච්ඡදං හරන්තිපි, හරාපෙන්තිපි.
Sinhala BJT2. ඔහු කුලස්ත්‍රිනට කුලදූනට, කුලකුමරියනට, කුලයෙහෙලියනට, කුලදැස්සනට ඒකතෝවණ්ටිකමාලාවන් තුමූ ද ගෙණ යත්, අනුන් අත ද යවත්. උභතොවණ්ටිකමාලාවන් තුමූ ද ගෙණ යත්, අනුන් අත ද යවත්. මල්කැන් තුමූ ද ගෙණ යත්, අනුන් අත ද යවත්. විධුතිකාවන් තුමූ ද ගෙණ යත්, අනුන් අත ද යවත්. මුදුන්මල්කඩ තුමූ ද ගෙණ යත්, අනුන් අත ද යවත්. කණ පළඳනා තුමූ ද ගෙණ යත්, අනුන් අත ද යවත්. උරපලඳනාවන් තුමූ ද ගෙණ යත්, අනුන් අත ද යවත්.
Pali BJT3. තෙ කුලිත්ථීහි කුලධීතාහි කුලකුමාරීහි කුලසුණ්හාහි කුලදාසීහි සද්ධිං එකභාජනෙපි භුඤ්ජන්ති. එකථාලකෙපි පිවන්ති. එකාසනෙපි නිසීදන්ති. එකමඤ්චෙපි තුවට්ටෙන්ති. එකත්ථරණාපි තුවට්ටෙන්ති. එකපාපුරණාපි තුවට්ටෙන්ති. එකත්ථරණ පාපුරණාපි තුවට්ටෙන්ති. විකාලෙපි භුඤ්ජන්ති. මජ්ජම්පි පිවන්ති. මාලාගන්ධවිලෙපනම්පි ධාරෙන්ති.
Sinhala BJT3. ඒ මහණහු කුලස්ත්‍රීන් හා කුලදූන් හා කුලකුමරියන් හා කුලවධූන් හා කුලදැස්සන් හා එක් බඳුනෙහි ද වළඳත්. එක් තලුතැටියෙහි ද බොත්. එක් අස්නෙහි ද හිඳිත්. එක් ඇඳෙහි ද එකට ශයනය කෙරෙත්. එක ඇතිරියක් ඇත්තාහු එකට නිදත්. එක් පොරෝනාවක් ඇත්තාහු ද එකට වැද හෙත්. එක් ඇතිරි එක් පොරෝනා ඇත්තාහු ද එකට වැදහෙත්. නොකල්හි ද බුදිත්. මද්‍යාපානය ද කරත්. මල් ගඳ විලෙවුන් ද දරත්. –
Pali BJTනච්චන්තිපි. ගායන්තිපි. වාදෙන්තිපි. ලාසෙන්තිපි. නච්චන්තියාපි නච්චන්ති. නච්චන්තියාපි ගායන්ති. නච්චන්තියාපි වාදෙන්ති. නච්චන්තියාපි ලාසෙන්ති. ගායන්තියාපි නච්චන්ති. ගායන්තියාපි ගායන්ති. ගායන්තියාපි වාදෙන්ති. ගායන්තියාපි ලාසෙන්ති. වාදෙන්තියාපි නච්චන්ති. වාදෙන්තියාපි ගායන්ති. වාදෙන්තියාපි වාදෙන්ති. වාදෙන්තියාපි ලාසෙන්ති. ලාසෙන්තියාපි නච්චන්ති. ලාසෙන්තියාපි ගායන්ති ලාසෙන්තියාපි වාදෙන්ති. ලාසෙන්තියාපි ලාසෙන්ති.
Sinhala BJTනැටීම ද කරත්. ගැයීම ද කරත්. වැයීම ද කරත්. විලාස දක්වත්. නටන්නියට ද නටත්. නටන්නියට ද ගයත්. නටන්නියට ද වයත්. නටන්නියට ද විලාස දක්වත්. ගයන්නියට ද නටත්. ගයන්නියට ද ගයත්. ගයන්නියට ද වයත්. ගයන්නියට ද විලාස දක්වත්. වයන්නියට ද නටත්. වයන්නියට ද ගයත්. වයන්නියට ද වයත්. වයන්නියට ද විලාස දක්වත්. විලාස දක්වන්නියට ද නටත්. විලාස දක්වන්නියට ද ගයත්. විලාස දක්වන්නියට ද වයත්. විලාස දක්වන්නියට ද විලාස දක්වත්.–
Pali BJTඅට්ඨපදෙපි කීළන්ති. දසපදෙපි කීළන්ති. ආකාසෙපි කීළන්ති. පරිහාරපථෙපි කීළන්ති. සන්තිකායපි කීළන්ති. ඛලිකායපි කීළන්ති. ඝටිකායපි කීළන්ති. සලාකහත්ථෙනපි කීළන්ති. අක්ඛෙනපි කීළන්ති. පඞ්ගචීරෙනපි කීළන්ති. වඞ්කකෙනපි කීළන්ති. මොක්ඛචිකායපි කීළන්ති. චිඞ්ගුලකෙනපි කීළන්ති. පත්තාළ්හකෙනපි කීළන්ති. රථකෙනපි කීළන්ති. ධනුකෙනපි කීළන්ති. අක්ඛරිකායපි කීළන්ති. මනෙසිකායපි කීළන්ති. යථාවජ්ජෙනපි කීළන්ති. හත්ථිස්මිම්පි සික්ඛන්ති. අස්සස්මිම්පි සික්ඛන්ති. රථස්මිම්පි සික්ඛන්ති. ධනුස්මිම්පි සික්ඛන්ති. ථරුස්මිම්පි සික්ඛන්ති. හත්ථිස්සපි පුරතො ධාවන්ති, අස්සස්සපි පුරතො ධාවන්ති, රථස්සපි පුරතො ධාවන්ති. ආධාවන්තිපි. උස්සෙළෙන්තිපි. අප්ඵොටෙන්තිපි. නිබ්බුජ්ඣන්තිපි. මුට්ඨීහිපි යුජ්ඣන්ති. රඞ්ගමජ්ඣෙපි සඞ්ඝාටිං පත්ථරිත්වා නච්චන්තිං එවං වදෙන්ති: ඉධ භගිනි නච්චස්සූති. නළාටිකම්පි දෙන්ති. විවිධම්පි අනාචාරං ආචරන්ති.
Sinhala BJTඅටගප් දූ පෝරුවෙහි ද දූ කෙළිත්. දසගප් දූ පෝරුවෙහි ද දූ කෙළිත්. අහසේ ද දූ පෝරුව ඇති සේ සලකා දූ කෙළිත්. කට්ටිපෙතෙහි ද ක්‍රීඩා කරත්. සන්තික ක්‍රීඩාව ද කරත්. ඛලිකාක්‍රීඩාව ද කරත්. ඝටිකාක්‍රීඩාව ද කරත්. සලාකා හත්‍ථ ක්‍රීඩාව ද කරත්. පන්දුවෙන් ද ක්‍රීඩා කෙරෙත්. කොළනලා පිඹීමෙන් ද ක්‍රීඩා කරත්. කුඩා නඟුලින් හෑමේ ක්‍රීඩාව ද කරත්. කරනම් ගැසීම ද කෙරෙත්. හුලංපෙති කරකැවීමෙන් ද ක්‍රීඩා කරත්. කොළ නැළියෙන් වැලි ආදිය මැනීමෙන් ද ක්‍රීඩා කරත්. කුඩා රියෙන් ද ක්‍රීඩා කෙරෙත්. කුඩා දුන්නෙන් ද ක්‍රීඩා කරත්. අහසේ හෝ පිටේ අකුරු ඇඳ කියැවීමේ ක්‍රීඩාව ද කරත්. සිතූ දෑ කීමේ ක්‍රීඩාව ද කරත්. කණුන් කොරුන් ආදීන් සේ ඉරියවු දැක්වීමේ ක්‍රීඩාව ද කරත්. හස්තිශිල්පයෙහි ද හික්මෙත්. අශ්වශිල්පයෙහි ද හික්මෙත්. රථශිල්පයෙහි ද හික්මෙත්. ධනුශ්ශිල්පයෙහි ද හික්මෙත්. කඩුසිප්හි ද හික්මෙත්. ඇතුට පෙරටු ව ද දිවෙත්. අසුට පෙරටු ව ද දිවෙත්. රථයට පෙරටු ව ද දිවෙත්. දිවූ තාක් දුර පෙරළා ද දිව එත්. උස් හඬ නඟත්. අත්පොළසන් දෙත්. මල්ලපොර බදත්. මිටින් පහර දීම ද කරත්. රඟමඩල මැද සඟළ සිවුර එළා “නැඟණියනි, මෙහි නටන්නැ”යි කියත්. ‘මැනව, මැනැවැ’යි කියා සිය නළලෙහි ඇඟිල්ලක් තබා ඇය නළලෙහි ද ඇඟිල්ල තබත්. විවිධ වූ ද නොපණත් කම් කෙරෙත්.
Pali BJT4. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු කාසීසු වස්සං වුත්ථො සාවත්ථිං ගච්ඡන්තො භගවන්තං දස්සනාය යෙන කීටාගිරි තදවසරි. අථ ඛො සො භික්ඛු පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය කීටාගිරිං පිණ්ඩාය පාවිසි, පාසාදිකෙන අභික්කන්තෙන පටික්කන්තෙන ආලොකිතෙන විලොකිතෙන සමිඤ්ජිතෙන පසාරිතෙන ඔක්ඛිත්තචක්ඛූ ඉරියාපථසම්පන්නො.
Sinhala BJT4. එසමයෙහි වනාහි එක්තරා මහණෙක් කාසි ජනපදයෙහි වස්වැස පැවැරූයේ, භාග්‍යවතුන් වහන්සේ දක්නට සැවැත්නුවර බලා යන්නේ, කීටාගිරියට පැමිණියේ ය. ඉක්බිති ඒ මහණ පෙරවරුයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙණ (දක්නවුන්) පහදවන සේ යෑමෙන් ද, ඊමෙන් ද, ඉදිරි බැලීමෙන් ද, දෙපස බැලීමෙන් ද, අත් පා හැකිළීමෙන් ද, දිගු කිරීමෙන් ද යුතුවැ යට බලා හෙළූ ඇස් ඇත්තේ, මනා ඉරියව්වෙන් පිරිපුන් වූයේ කීටාගිරියට පිඬු පිණිස පිවිසියේ ය.
Pali BJT5. මනුස්සා තං භික්ඛුං පස්සිත්වා එවමාහංසු: ක්වායං අබලබලො විය, මන්දමන්දො විය, භාකුටිකභාකුටිකො විය? කො ඉමස්ස උපගතස්ස පිණ්ඩකම්පි දස්සති? අම්හාකං පන අය්යා අස්සජිපුනබ්බසුකා සණ්හා සඛිලා සුඛසම්භාසා මිහිතපුබ්බඞ්ගමා එහිස්වාගතවාදිනො අබ්භාකුටිකා උත්තානමුඛා පුබ්බභාසිනො. තෙසං ඛො නාම පිණ්ඩො දාතබ්බො”ති.
Sinhala BJT5. (කීටාගිරියෙහි) මිනිස්සු ඒ මහණ දැක මෙසේ කීහ: “ඉතා දුබලයකු බඳු, ඉතා අලසයකු බඳු, බැම හා මුව හකුළුවා ගත් කිපුනක්හු මෙන් හැසිරෙන මේ තැනැත්තේ කවරේ ද? වෙත පැමිණියා වූ ද මොහුට බත් පිඬකුදු කවරෙක් නම් දෙන්නේ ද? අපගේ ආර්‍ය්‍ය වූ අස්සජි පුනබ්බසුක දෙ නම වූ කලි තැනට සුදුසු පරිදි කථායෙහි නිපුණයෝ ය. ප්‍රියවචන ඇත්තෝ ය. සුව එළවන පිළිසඳර ඇත්තෝය. මඳ සිනා පෙරටු කොටැත්තෝ ය. ‘එන්නැ, මුඹගේ ස්වාගතයෙකැ’ යි කියන්නෝ ය. හකුළුවා නොගත් බැම ඇත්තෝ ය. මුහුණ පා කතා කරන්නෝ ය. පළමු කොට කතා කරන්නෝ ය. පිඬු දියැ යුත්තේ ඔවුන් වහන්සේට ය” යනු යි.
Pali BJT6. අද්දසා ඛො අඤ්ඤතරො උපාසකො තං භික්ඛුං කීටාගිරිස්මිං පිණ්ඩාය චරන්තං. දිස්වාන යෙන සො භික්ඛු තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තං භික්ඛුං අභිවාදෙත්වා එතදවොච: “අපි භන්තෙ පිණ්ඩො ලබ්භතී”ති. “න ඛො ආවුසො පිණ්ඩො ලබ්භතී”ති. “එහි, භන්තෙ, ඝරං ගමිස්සාමා”ති.
Sinhala BJT6. එක්තරා උපාසකයෙක් කීටාගිරියෙහි පිඬු පිණිස හැසිරෙණ ඒ වහන්දෑ දිටී ය. දැක ඒ වහන්දෑ කරා එළැඹියේ ය. එළැඹ ඒ වහන්දෑ වැඳ, “වහන්ස, පිඬු ලැබේ ද?” යී ඇසී ය. “ඇවැත්නි, පිඬු නො ලැබේ යැ” යි එ වහන්දෑ කීහ. “වහන්ස, වඩින්නැ. ගෙට යම්හ” යි උවසු කී ය.
Pali BJT7. අථ ඛො සො උපාසකො තං භික්ඛුං ඝරං නෙත්වා භොජෙත්වා එතදවොච: “කහං භන්තෙ අය්යො ගමිස්සතී?”ති. “සාවත්ථිං ඛො අහං ආවුසො ගමිස්සාමි භගවන්තං දස්සනායා”ති.
Sinhala BJT7. ඉක්බිති ඒ උවසු එ වහන්දෑ සිය ගෙට පමුණුවා වළඳවා “වහන්ස, ආර්‍ය්‍යයන් වහන්සේ කොහි වඩනා සේක් දැ?” යි. විචාළේ ය. “ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ දක්නට සැවැත්නුවරට යමි” යී ඒ වහන්දැ කීහ.
Pali BJT“තෙන හි භන්තෙ මම වචනෙන භගවතො පාදෙ සිරසා වන්ද. එවං ච වදෙහි: දුට්ඨො භන්තෙ කීටාගිරිස්මිං ආවාසො. අස්සජිපුනබ්බසුකා නාම කීටාගිරිස්මිං ආවාසිකා අලජ්ජිනො පාපභික්ඛූ. තෙ එවරූපං අනාචාරං ආචරන්ති: මාලාවච්ඡං රොපෙන්ති’පි. රොපාපෙන්ති’පි. සිඤ්චන්ති’පි සිඤ්චාපෙන්ති’පි. ඔචිනන්ති’පි, ඔචිනාපෙන්ති’පි, ගන්ථන්ති’පි ගන්ථාපෙන්ති’පි. එකතො වණ්ටිකමාලං කරොන්ති’පි කාරාපෙන්ති’පි. උභතො වණ්ටිකමාලං කරොන්ති’පි, කාරාපෙන්ති’පි. මඤ්ජරිකං කරොන්ති’පි, කාරාපෙන්ති’පි. විධූතිකං කරොන්ති’පි කාරාපෙන්ති’පි. වටංසකං කරොන්ති’පි කාරාපෙන්ති’පි. ආවෙළං කරොන්ති’පි, කාරාපෙන්ති’පි. උරච්ඡදං කරොන්ති’පි, කාරාපෙන්ති’පි. –
Sinhala BJT“වහන්ස, එසේ නම් මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා හිසින් වඳිනු මැනැවි. මෙසේත් සැළ කළ මැනැවි: “වහන්ස, කීටාගිරියෙහි ආවාසය දූෂිත ය. කීටාගිරියෙහි ආවාසිකවූ අස්සජි පුනබ්බසුක නම් මහණහු අලජ්ජීහු ය, පාපභික්‍ෂූහු ය. ඔහු මෙ බඳු අනාචාර කෙරෙත්: ගිහින් සඟන්නට තුමූත් මල් පැල සිටුවත්, අනුන් ලවා ද සිටුවවත්, තුමූ ද දිය ඉසිත්, අනුන් ලවා ද දිය ඉස්වත්. තුමූ ද මල් නෙලත්, අනුන් ලවා ද මල් නෙලවත්. තුමූ ද මල්දම් ගොතත්. අනුන් ලවා ද ගොතවත්. එක් පසැ නටු ඇති මාලා කෙරෙති, කරවතී. දෙපස නටු ඇති මාලා කෙරෙති, කරවත්. මල් කලප් කෙරෙති. කරවති. හිදින් විද කළ මල්දම් කෙරෙති, කරවතී. මල්සුඹුළු කෙරෙති, කරවති. මල්කැරැලි කෙරෙති, කරවති. උරසැද කරති, කරවති.
Pali BJTතෙ කුලිත්ථීනං කුලධීතානං කුලකුමාරීනං කුලසුණ්හානං කුලදාසීනං එකතො වණ්ටිකමාලං හරන්ති’පි හරාපෙන්ති’පි. උභතො වණ්ටිකමාලං හරන්ති’පි හරාපෙන්ති’පි. මඤ්ජරිකං හරන්ති’පි, හරාපෙන්ති’පි. විධූතිකං හරන්ති’පි හරාපෙන්ති’පි. වටංසකං හරන්ති’පි හරාපෙන්ති’පි, ආවෙළං හරන්ති’පි හරාපෙන්ති’පි, උරදච්ඡං හරන්ති’පි හරාපෙන්ති’පි. කුලිත්ථීහි කුලධීතාහි කුලකුමාරීහි කුලසුණ්හාහි කුලදාසීහි සද්ධිං එකභාජනෙ’පි භුඤ්ජන්ති, එකථාලකෙ’පි පිවන්ති, එකාසනෙ’පි නිසීදන්ති, එකමඤ්චෙ’පි තුවට්ටෙන්ති, එකත්ථරණා’පි තුවට්ටෙන්ති, එකපාපුරණා’පි තුවට්ටෙන්ති, එකත්ථරණපාපුරණා’පි තුවට්ටෙන්ති, විකාලෙ’පි භුඤ්ජන්ති, මජ්ජ’ම්පි පිවන්ති, මාලාගන්ධවිලෙපනම්පි ධාරෙන්ති. -
Sinhala BJTඔහු කුලසත්‍රීන්ට කුලදූන්ට කුලකුමරියන්ට කුලසුණීසාවන්ට කුලදාසීන්ට එක්පසැ නටු ඇති මාලා ගෙණ යෙති, යවති. දෙපසැ නටු ඇති මාලා ගෙණ යෙත්, යවති. මල්කලප් ගෙණ යෙති, යවති. හිදින් විද කළ මල්දම් ගෙණ යෙති, යවති. මල්සුඹුළු ගෙණ යෙති, යවති. මල්කැරැලි ගෙණ යෙති, යවති. උරසැද ගෙණ යෙති, යවති. කුලස්ත්‍රීන් කුලදූන් කුලකුමරින් කුලසුණිසාවන් කුලදාසීන් සමග එක් බඳුනෙහි ද බුදිති. එක් තලියෙහි දු බොති. එක් අස්නෙහි දු හිඳිති. එක් ඇඳෙහිදු හොවිති. එක් තිලි ඇතිව හොවිති. එක් පොරෝණ ඇතිව ද හොවිති. එක්තිලි පොරෝණ ඇතිව ද හොවිති. නොකල්හිදු වළඳති. මත්පැන් ද බොති. මල්ගඳ විලෙවුනුදු දරති.–
Pali BJTනච්චන්ති’පි, ගායන්ති’පි, වාදෙන්ති’පි, ලාසෙන්තිපි’; නච්චන්තියා’පි නච්චන්ති. නච්චන්තියා’පි ගායන්ති. නච්චන්තියාපි වාදෙන්ති, නච්චන්තියා’පි ලාසෙන්ති. [චක්කං කාතබ්බං] -පෙ- ලාසෙන්තියා’පි නච්චන්ති. ලාසෙන්තියා’පි ගායන්ති. ලාසෙන්තියා’පි වාදෙන්ති. ලාසෙන්තියා’පි ලාසෙන්ති.-
Sinhala BJTනටති. ගයති. වයති. ලාස්‍ය නැටුම් නටති. නිළිය නටන කල්හිදු නටති. නටන කල්හිදු ගයති. නටන කල්හිදු වයති. නටන කල්හිදු ලාස්‍ය කෙරෙති. (චක්‍ර කටයුතු)... ලාස්‍ය කරණ කල්හිදු නටති. ලාස්‍ය කරණ කල්හිදු ගයති. ලාස්‍ය කරණ කල්හිදු වයති. ලාස්‍ය කරණ කල්හිදු ලාස්‍ය කෙරෙති.–
Pali BJTඅට්ඨපදෙ’පි කීළන්ති. දසපදෙ’පි කීළන්ති. ආකාසෙ’පි කීළන්ති. පරිහාරපථෙ’පි කීළන්ති. සන්තිකාය’පි කීළන්ති. ඛලිකාය’පි කීළන්ති. සලාකහත්ථෙන’පි කීළන්ති. අක්ඛෙන’පි කීළන්ති. පඞ්ගචීරෙන’පි කීළන්ති. වඞ්කකෙන’පි කීළන්ති. -
Sinhala BJTඅටපද දූපෝරුයෙහි කෙළිති. දශපද දූපෝරුයෙහිදු කෙළිති. දූපෝරුයෙහි සෙයින් අහස්හි කෙළිති. හිරිමඬලෙහිදු නියෙන් කැට ඈත් මෑත් කොට ද කෙළිති. පසැටිනුදු කෙළිති. සිංකෙළියෙනුදු කෙළිති. ලහඅතිනුදු කෙළිති. ලාවටිනුදු කෙළිති. පත්නලිනුදු කෙළිති කුඩා නඟුලිනුදු කෙළිති.–
Pali BJTමොක්ඛචිකාය’පි කීළන්ති, චිඞ්ගුලකෙන’පි කීළන්ති, පත්තාළ්හකෙන’පි කීළන්ති, රථකෙන’පි කීළන්ති, ධනුකෙන’පි කීළන්ති, අක්ඛරිකාය’පි කීළන්ති, මනෙසිකාය’පි කීළන්ති, යථාවජ්ජෙන’පි කීළන්ති, හත්ථිස්මිම්පි සික්ඛන්ති, අස්සස්මිම්පි සික්ඛන්ති, රථස්මිම්පි සික්ඛන්ති, ධනුස්මිම්පි සික්ඛන්ති, ථරුස්මිම්පි සික්ඛන්ති, හත්ථිස්ස’පි පුරතො ධාවන්ති, අස්සස්ස’පි පුරතො ධාවන්ති, රථස්ස’පි පුරතො ධාවන්ති, ආධාවන්ති’පි, උස්සෙළෙන්ති’පි, අප්ඵොටෙන්ති’පි, නිබ්බුජ්ඣන්ති’පි, මුට්ඨීහි’පි යුජ්ඣන්ති, රඞ්ගමජ්ඣෙ’පි සඞ්ඝාටිං පත්ථරිත්වා නච්චන්ති. නච්චන්තිං එවං වදෙන්ති: ඉධ භගිනි නච්චස්සූ’ති, නළාටිකම්පි දෙන්ති. විවිධම්පි අනාචාරං ආචරන්ති.
Sinhala BJTකරණම් පැනීමෙනුදු කෙළිති. කන්නන්ගුරුවා ඉදි කොට කෙළිති. පත්නැළියෙනුදු කෙළිති. කුඩා රියෙනුදු කෙළිති. කුඩා දුන්නෙනුදු කෙළිති. අකුරුකෙළියෙනුදු කෙළිති. මනෙසිකායෙනුදු (සිතුදෙය කීමෙන්) කෙළිති. යථාවද්‍යායෙනුදු (සිරුරු දොස් දක්වමින්) කෙළිති. හස්ති ශිල්පයෙහිදු හික්මෙති. අශ්වශිල්පයෙහිදු හික්මෙති. රථශිල්පයෙහිදු හික්මෙති. ධනුශ්ශිල්පයෙහිදු හික්මෙති. ඛඞ්ගශිල්පයෙහිදු හික්මෙති. ඇතු පෙරටුයෙහි දු දුවති. අසු පෙරටුයෙහිදු දුවති. රිය පෙරටුයෙහි ද දුවති. පසුපසට ද දුවති. පෙරට ද දුවති. ප්‍රීතිනාද කෙරෙති. අත්පොළසන් ද දෙති. මල්ලව පොර ද කෙරෙති. මිටු පොර ද කෙරෙති. රඟමඬල මැද සඟළ අතුරා නිළියට “නැඟණියනි, මෙහි නටව” යි මෙසේ කියති. නළලෙහි අත ද තබති. විවිධ වූ ද අනාචාර කෙරෙත්.
Pali BJTයෙපි තෙ, භන්තෙ, මනුස්සා පුබ්බෙ සද්ධා අහෙසුං පසන්නා තෙ’පි එතරහි අස්සද්ධා අප්පසන්නා. යානි’පි තානි සඞ්ඝස්ස පුබ්බෙ දානපථානි තානි’පි එතරහි උපච්ඡින්නානි. රිඤ්චන්ති පෙසලා භික්ඛූ නිවසන්ති පාපභික්ඛූ. “සාධු භන්තෙ භගවා කීටාගිරිං භික්ඛූ පහිනෙය්ය, යථායං කීටාගිරිස්මිං ආවාසො සණ්ඨහෙය්යා”ති.
Sinhala BJTවහන්ස, යම් මිනිස් කෙනෙක් පෙරැ සැදැහැතියෝ සස්නැ පැහැදුනෝ වූහු ද, ඔහුත් දැන් සැදැහැ නැත්තෝ නොපැහැදුනෝ වෙති. පෙරැ සඞ්ඝයාට නිබඳ දෙන දානපථයෝ වූහු නම් ඔහු ද දැන් සිඳුනාහු වෙති. ප්‍රියශීල වහන්දැ (ආවාසය) හැර යත්. පාපභික්‍ෂූහු නේවාසික වූහු වෙසෙත්. වහන්ස, කීටාගිරියෙහි මේ ආවාසය යම්සේ සුසංස්ථිත වන්නේ නම්, එසේ වනු පිණිස භාග්‍යවතුන් වහන්සේ කීටාගිරියට වහන්දෑ එවන සේක් නම් ඒ මැනැව” යනු යි.
Pali BJT8. එවමාවුසො’ති ඛො සො භික්ඛු තස්ස උපාසකස්ස පටිස්සුත්වා උට්ඨායාසනා යෙන සාවත්ථි තෙන පක්කාමි. අනුපුබ්බෙන යෙන සාවත්ථි ජෙතවනං අනාථපිණ්ඩිකස්ස ආරාමො, යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි.
Sinhala BJT8. ‘ඇවැත්නි, එසේ යැ’යි කියා ම ඒ මහණ තෙම පිළිවදන් දී හුනස්නෙන් නැගී සැවැත්නුවර බලා නික්මුනේ ය. පිළිවෙළින් ගොස් සැවැත්නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම යම් තැනෙක ද, එහි භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හිඳගත්තේ ය.
Pali BJT9. ආචිණ්ණං ඛො පනෙතං බුද්ධානං භගවන්තානං ආගන්තුකෙහි භික්ඛූහි සද්ධිං පටිසම්මොදිතුං. අථ ඛො භගවා තං භික්ඛුං එතදවොච: “කච්චි භික්ඛු ඛමනීයං. කච්චි යාපනීයං. කච්චිසි අප්පකිලමථෙන අද්ධානං ආගතො. කුතො ච ත්වං භික්ඛු ආගච්ඡසී”ති. “ඛමනීයං භගවා, යාපනීයං භගවා, අප්පකිලමථෙන චාහං භන්තෙ අද්ධානං ආගතො.”
Sinhala BJT9. ආගන්තුක භික්‍ෂූන් හා පිළිසඳර කථා කිරීම භාග්‍යවත් බුදුවරුන් විසින් ආචීර්‍ණයෙක (බුදුවරුන්ගේ පුරුද්දෙක). ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ මහණහු බණවා, “මහණ, කිම, යැපියැ හැකි ද? ඉවැසියැ හැකි ද? කිම වෙහෙසක් නැති වැ දික් මඟ ගෙවා ආයේ වෙහි ද? මහණ තෝ කොයින් එන්නෙහි දැ”යී අසා වදාළ සේක. “භාග්‍යවතුන් වහන්ස, ඉවැසිය හැකිය. යැපිය හැකිය. වහන්ස, වෙහෙසෙක් ද නැති වැ මම් දික් මඟ ගෙවා ආයෙම් වෙමි.
Pali BJT10. ඉධාහං භන්තෙ කාසීසු වස්සං වුත්ථො සාවත්ථිං ආගච්ඡන්තො භගවන්තං දස්සනාය යෙන කීටාගිරි තදවසරිං. අථ ඛ්වාහං භන්තෙ පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය කීටාගිරිං පිණ්ඩාය පාවිසිං. අද්දසා ඛො මං භන්තෙ අඤ්ඤතරො උපාසකො කීටාගිරිස්මිං පිණ්ඩාය චරන්තං. දිස්වාන යෙනාහං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා මං අභිවාදෙත්වා එතදවොච: “අපි භන්තෙ පිණ්ඩො ලබ්භතී”ති. න ඛො ආවුසො පිණ්ඩො ලබ්භතී”ති. “එහි භන්තෙ ඝරං ගමිස්සාමා”ති. අථ ඛො භන්තෙ සො උපාසකො මං ඝරං නෙත්වා භොජෙත්වා එතදවොච: “කහං භන්තෙ අය්යො ගමිස්සතී”ති, “සාවත්ථිං ඛො අහං ආවුසො ගමිස්සාමි භගවන්තං දස්සනායා”ති. “තෙන හි භන්තෙ මම වචනෙන භගවතො පාදෙ සිරසා වන්ද එවඤ්ච වදෙහි:-
Sinhala BJT10. වහන්ස, මම් කසීජනපදයෙහි වස් වැස පැවැරූයෙම්, භාග්‍යවතුන් වහන්සේ දක්නට සැවැතට එනුයෙම්, කීටාගිරියට බටුයෙමි. වහන්ස, ඉක්බිති මම් පෙරවරුයෙහි හැඳ පෙරව පාසිවුරු ගෙණ පිඬු පිණිස කීටාගිරියට පිවිසියෙමි. වහන්ස, එක්තරා උවසුවෙක් කීටාගිරියෙහි පිඬු පිණිස හැසිරෙන මා දුටුයේ ම ය. දැක මා වෙත එළැඹියේ ය. එළැඹ මා සකසා වැඳ “වහන්ස, පිඬු ලැබේ දැ”යි මෙය විචාළේ ය. “ඇවැත්නි, පිඬු නො ම ලැබේ ය”යි මම් කීමි. “වහන්ස, වඩින්න. ගෙට යම්හ”යි හේ කී ය. වහන්ස, ඉක්බිති ඒ උවසු තෙම මා සිය ගෙට පමුණුවා වළඳවා, “වහන්ස, ආර්‍ය්‍යයන් වහන්සේ කොහි වඩනා සේක් දෝ”යි මෙය ඇසී ය. “ඇවැත්නි, මම් භාග්‍යවතුන් වහන්සේ දක්නට සැවැතට යමි” යි කීමි. “වහන්ස, එසේ නම් මා බසින් භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා හිස් නමා වඳින්න. මෙසේත් සැළ කරන්න:
Pali BJT“දුට්ඨො භන්තෙ කීටාගිරිස්මිං ආවාසො. අස්සජිපුනබ්බසුකා නාම කීටාගිරිස්මිං ආවාසිකා අලජ්ජිනො පාපභික්ඛූ. තෙ එවරූපං අනාචාරං ආචරන්ති: මාලාවච්ඡං රොපෙන්ති’පි, රොපාපෙන්ති’පි -පෙ- විවිධම්පි අනාචාරං ආචරන්ති. යෙපි තෙ භන්තෙ මනුස්සා පුබ්බෙ සද්ධා අහෙසුං පසන්නා තෙ’පි එතරහි අස්සද්ධා අප්පසන්නා. යානිපි තානි සඞ්ඝස්ස පුබ්බෙ දානපථානි තානිපි එතරහි උපච්ඡින්නානි. රිඤ්චන්ති පෙසලා භික්ඛූ, නිවසන්ති පාපභික්ඛූ. සාධු භන්තෙ භගවා කීටාගිරිං භික්ඛූ පහිනෙය්ය, යථායං කීටාගිරිස්මිං ආවාසො සණ්ඨහෙය්යාති”. තතොහං භගවා ආගච්ඡාමීති.
Sinhala BJT“වහන්ස, කීටාගිරියෙහි ආවාසය දූෂිත ය. කීටාගිරියෙහි ආවාසික වූ අස්සජි පුනබ්බසුක නම් මහණහු අලජ්ජීහු ය. පාපභික්‍ෂූහු ය. ඔහු මෙබඳු අනාචාර කෙරෙත්: (ගිහීන් සඟන්නට) මල්පැල තුමූත් සිටුවත්, අනුන් ලවා ද සිටුවවත් ... විවිධ වූ ද නොපණත්කම් කෙරෙත්. වහන්ස, යම් මිනිස් කෙනෙක් පෙරැ සැදැහැතියෝ සස්නැ පැහැදුනො වූහු ද උහුත් දැන් සැදැහැ නැත්තෝ නොපැහැදුනෝ වෙති. පෙරැ සඞ්ඝයාට නිබඳ දෙන දානපථයෝ වූහු නම්, උහු ද දැන් සිඳුනාහු වෙති. ප්‍රියශීල වහන්දෑ ආවාසය හැර යත්. පාපභික්‍ෂූහු නේවාසික වැ වෙසෙත්. වහන්ස, කීටාගිරියෙහි මේ ආවාසය යම්සේ සුසංස්ථිත වන්නේ නම්, එසේ වනු පිණිස භාග්‍යවතුන් වහන්සේ කීටාගිරියට වහන්දෑ එවන සේක් නම් ඒ මැනව” යනු යි. වහන්ස, මම් එහි සිට එමි යී ඒ මහණ සැළ කෙළේ ය.
Pali BJT11. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා භික්ඛූ පටිපුච්ඡි: “සච්චං කිර භික්ඛවෙ අස්සජිපුනබ්බසුකා නාම කීටාගිරිස්මිං ආවාසිකා අලජ්ජිනො පාපභික්ඛූ, තෙ එවරූපං අනාචාරං ආචරන්ති: මාලාවච්ඡං රොපෙන්තිපි. රොපාපෙන්ති’පි -පෙ- විවිධම්පි අනාචාරං ආචරන්ති? යෙපි තෙ මනුස්සා පුබ්බෙ සද්ධා අහෙසුං පසන්නා තෙපි එතරහි අස්සද්ධා අප්පසන්නා. යානිපි තානි සඞ්ඝස්ස පුබ්බෙ දානපථානි තානිපි එතරහි උපච්ඡින්නානි; රිඤ්චන්ති පෙසලා භික්ඛූ නිවසන්ති පාපභික්ඛූ”ති. සච්චං භගවා.
Sinhala BJT11. ඉක්බිත්තෙන් “භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි බික්සඟන රැස් කරවා, “මහණෙනි, කීටාගිරියෙහි ආවාසික වූ අස්සජි පුනබ්බසුක නම් මහණහු අලජ්ජිහු ය. පාපභික්‍ෂූහු ය, ඔහු මෙබඳු අනාචාර කෙරෙත් ය, තුමූත් මල් පැල සිටුවත් ය, අනුන් ලවාත් සිටුවත් ය … විවිධ නොපණත්කම් කෙරෙත් ය, යනු සැබෑ ද? (එයින්) පෙරැ සැදැහැති වූ සස්නැ පහන් වූ මිනිස්සු දැන් සැදැහැ නැතියෝ වැ නො පහන් වැ සිටිත් යැ යනු සැබෑ ද? සඞ්ඝයාට පළමු දුන් දානපථයෝ දැන් සිඳුනාහු වෙත් ය යනුත්, ප්‍රියශීල භික්‍ෂූහු ආවාසය හැර යත් ය, පාපභික්‍ෂූහු ආවාසයෙහි වෙසෙත් ය යනුත් සැබෑ දැ?” යී අසා වදාළ සේක. “වහන්ස, සැබෑ යැ” යි මහණහු පිළිවදන් දුන්හ.
Pali BJT12. විගරහි බුද්ධො භගවා: අනනුච්ඡවිකං භික්ඛවෙ තෙසං මොඝපුරිසානං -පෙ- කථං හි නාම තෙ භික්ඛවෙ එවරූපං අනාචාරං ආචරිස්සන්ති: මාලාවච්ඡං රොපෙස්සන්ති’පි, -පෙ- විවිධම්පි අනාචාරං ආචරිස්සන්ති.
Sinhala BJT12. එවිට භාග්‍යවත් බුදුරජානන් වහන්සේ මෙසේ ගැරැහූ සේක: “මහණෙනි, ඒ හිස් පුරුෂයෝ කවර කරුණෙකින් මෙබඳු නො පණත්කම් කෙරෙත් ද, (කුල සඟනු පිණිස) මල්පැල සිටුවත් ද ... විවිධ නොපණත් කම් කෙරෙත් ද, මහණෙනි, මෙය සස්නැනොපහන් වූවන්ගේ පැහැදීම පිණිස හෝ පැහැදුනවුන්ගේ පැහැදීම වැඩෙනු පිණිස හෝ නො වේ.
Pali BJT13. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා සාරිපුත්තමොග්ගල්ලානෙ ආමන්තෙසි: ගච්ඡථ තුම්හෙ සාරිපුත්තා කීටාගිරිං ගන්ත්වා අස්සජිපුනබ්බසුකානං භික්ඛූනං කීටාගිරිස්මා පබ්බාජනීයකම්මං කරොථ. තුම්හාකං එතෙ සද්ධිවිහාරිනො’ති.
Sinhala BJT13. මහණෙනි, මෙය නොපැහැදුනවුන්ගේ පැහැදීම පිණිස නොවේ. ... යී භාග්‍යවතුන් වහන්සේ අස්සජී පුනබ්බසුක භික්‍ෂූන් වෙසෙසින් ගරහා දැහැමි කථා කොට වදාරා, සැරියුත් මුගලන් දෙ නම අමතා, “ශාරිපුත්‍රයෙනි, තෙපි කීටාගිරියට යවු ගොස් අස්සජි පුනබ්බසුක මහණුන් කීටාගිරියෙන් නෙරපාලීමේ කර්‍මය කරවු. ඔහු තොපගේ සද්ධිවිහාරිකයෝ යැ” යී වදාළ සේක.
Pali BJT14. “කථං මයං භන්තෙ අස්සජිපුනබ්බසුකානං භික්ඛූනං කීටාගිරිස්මා පබ්බාජනීයකම්මං කරොම, චණ්ඩා තෙ භික්ඛූ ඵරුසා”ති. “තෙන හි තුම්හෙ සාරිපුත්තා බහුකෙහි භික්ඛූහි සද්ධිං ගච්ඡථා”ති. එවං භන්තෙ’ති ඛො සාරිපුත්තමොග්ගල්ලානා භගවතො පච්චස්සොසුං.
Sinhala BJT14. “වහන්ස, අපි අස්සජි පුනබ්බසුක මහණුනට කීටාගිරියෙන් නෙරපාලීමේ කර්‍මය (පබ්බාජනීය කර්‍මය) කෙසේ නම් කරමෝ ද, ඒ මහණහු සැඬහ, පරොස්හ” යී ඒ තෙරණුවෝ වදාළහ. “එසේ නම් ශාරීපුත්‍රයිනි, තෙපි බොහෝ මහණුන් කැටිව යවු” යී භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. “එසේ ය වහන්සැ” යි සැරියුත්මුගලන් දෙ නම භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ.
Pali BJT15. “එවඤ්ච පන භික්ඛවෙ කාතබ්බං: පඨමං අස්සජිපුනබ්බසුකා භික්ඛූ චොදෙතබ්බා. චොදෙත්වා සාරෙතබ්බා. සාරෙත්වා ආපත්තිං ආරොපෙතබ්බා. ආපත්තිං ආරොපෙත්වා ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
Sinhala BJT15. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: “මහණෙනි, මෙසේ පබ්බාජනීයකර්‍මය කළ යුතු: ‘පළමු කොට අස්සජි පුනබ්බසුක මහණහු චෝදිතව්‍යහ. චෝදනා කොට වරද සිහිපත් කරවිය යුතු. වරද සිහිපත් කරවා ඇවැත නැංවිය යුතු. ඇවැත නංවා ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් මෙසේ දැන්වියැ යුතු:
Pali BJT“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො: ඉමෙ අස්සජිපුනබ්බසුකා භික්ඛූ කුලදූසකා පාපසමාචාරා. ඉමෙසං පාපකා සමාචාරා දිස්සන්ති චෙව සුය්යන්ති ච. කුලානි ච ඉමෙහි දුට්ඨානි දිස්සන්ති චෙව සුය්යන්ති ච. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො අස්සජිපුනබ්බසුකානං භික්ඛූනං කීටාගිරිස්මා පබ්බාජනීයකම්මං කරෙය්ය: න අස්සජිපුනබ්බසුකෙහි භික්ඛූහි කීටාගිරිස්මිං වත්ථබ්බන්ති. එසා ඤත්ති.
Sinhala BJT“වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්න අසාවා. මේ අස්සජි පුනබ්බසුක මහණහු කුලදූෂකයෝ ය. පාප සමාචාර ඇත්තෝ ය. මොවුන්ගේ පාපසමාචාරයෝ දක්නා ද ලැබෙත්. අසනු ද ලැබෙත්. මොවුන් විසින් දූෂිත වූ කුලයෝ දක්නා ද ලැබෙත්. අසනු ද ලැබෙත්. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම් සඞ්ඝ තෙමේ ‘අස්සජි පුනබ්බසුක මහණුන් කීටාගිරියෙහි නො විසියැ යුතු” යැ යි අස්සජි පුනබ්බසුක මහණුන්හට කීටාගිරියෙන් නෙරැපීමේ කර්‍මය (පබ්බාජනීය කර්‍මය) කෙරෙන්නේ ය මේ ඤත්තිය යි.
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො: ඉමෙ අස්සජිපුනබ්බසුකා භික්ඛූ කුලදූසකා පාපසමාචාරා. ඉමෙසං පාපකා සමාචාරා දිස්සන්ති චෙව සුය්යන්ති ච. කුලානි ච ඉමෙහි දුට්ඨානි දිස්සන්ති චෙව සුය්යන්ති ච. සඞ්ඝො අස්සජිපුනබ්බසුකානං භික්ඛූනං කීටාගිරිස්මා පබ්බාජනීයකම්මං කරොති: න අස්සජිපුනබ්බසුකෙහි භික්ඛූහි කීටාගිරිස්මිං වත්ථබ්බන්ති. යස්සායස්මතො ඛමති අස්සජිපුනබ්බසුකානං භික්ඛූනං කීටාගිරිස්මා පබ්බාජනීයස්ස කම්මස්ස කරණං න අස්සජිපුනබ්බසුකෙහි භික්ඛූහි කීටාගිරිස්මිං වත්ථබ්බන්ති, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය.
Sinhala BJTවහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්න අසාවා. මේ අස්සජි පුනබ්බසුක මහණහු කුලදූෂකයෝ ය. ලාමක පැවැතුම් ඇත්තෝ ය. මොවුන්ගේ ලාමකසමාචාරයෝ දක්නා ද ලැබෙත්. අසනු ද ලැබෙත්. මොවුන් විසින් දූෂිත වූ කුලයෝ දක්නා ද ලැබෙත්. අසනු ද ලැබෙත්. සඞ්ඝ තෙමේ ‘අස්සජී පුනබ්බසුක භික්‍ෂූන් කීටාගිරියෙහි නො විසිය යුතු යැ’ යි අස්සජී පුනබ්බසුක මහණුන්හට කීටාගිරියෙන් නෙරපාලීමේ කර්‍මය කෙරෙයි. ‘අස්සජි පුනබ්බසුක මහණුන් විසින් කීටාගිරියෙහි නො විසිය යුතු යැ’ යි. අස්සජි පුනබ්බසුක භික්‍ෂූන් කීටාගිරියෙන් නෙරපාලීමේ කර්‍මය යම් ආයුෂ්මතකුහට රිසියේ ද, හේ නිහඬ වේවා. යමකුට නො රිසියේ ද හේ කියාවා.
Pali BJTදුතියම්පි එතමත්ථං වදාමි -පෙ- තතියම්පි එතමත්ථං වදාමි: සුණාතු මෙ භන්තෙ සඞ්ඝො: ඉමෙ අස්සජිපුනබ්බසුකා භික්ඛූ කුලදූසකා පාපසමාචාරා. ඉමෙසං පාපකා සමාචාරා දිස්සන්ති චෙව සුය්යන්ති ච. කුලානි ච ඉමෙහි දුට්ඨානි දිස්සන්ති චෙව සුය්යන්ති ච. සඞ්ඝො අස්සජිපුනබ්බසුකානං භික්ඛූනං කීටාගිරිස්මා පබ්බාජනීයකම්මං කරොති: න අස්සජිපුනබ්බසුකෙහි භික්ඛූහි කීටාගිරිස්මිං වත්ථබ්බන්ති. යස්සායස්මතො ඛමති අස්සජිපුනබ්බසුකානං භික්ඛූනං කීටාගිරිස්මා පබ්බාජනීයස්ස කම්මස්ස කරණං න අස්සජිපුනබ්බසුකෙහි භික්ඛූහි කීටාගිරිස්මිං වත්ථබ්බන්ති, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය.
Sinhala BJTදෙවනු ද මේ කරුණ කියමි ... තෙවනු ද මෙ කරුණ කියමි. වහන්ස, සඞ්ඝ තෙම මා කියන්න අසාවා: මේ අස්සජි පුනබ්බසුක මහණහු කුලදූෂකයෝය ... යමකුට නො රිසියේ ද හේ කියාවා.
Pali BJTකතං සඞ්ඝෙන අස්සජිපුනබ්බසුකානං භික්ඛූනං කීටාගිරිස්මා පබ්බාජනීයකම්මං න අස්සජිපුනබ්බසුකෙහි භික්ඛූහි කීටාගිරිස්මිං වත්ථබ්බන්ති. ඛමති සඞ්ඝස්ස, තස්මා තුණ්හී, එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJT‘අස්සජි පුනබ්බසුක මහණුන් කීටාගිරියෙහි නො විසිය යුතු යැ’ යි අස්සජි පුනබ්බසුක මහණුනට කීටාගිරියෙන් නෙරපාලීමේ කර්‍මය කරණ ලද්දේ ය. සඞ්ඝයාට එය රිසියෙයි. එ හෙයින් නිහඬ ය. මෙය මෙසේ දරමි (සලකමි)” යනු යි.
Pali BJT[පබ්බාජනියකම්මකරණං නිට්ඨිතං.]
Sinhala BJT[පබ්බාජනීයකර්‍මකරණය නිමි.]
Pali BJTපබ්බාජනීයකම්මෙ අධම්මකම්මද්වාදසකං
Sinhala BJTපබ්බාජනීයකර්‍මයෙහි අධර්‍මකර්‍මද්වාදශකය
Pali BJT1. තීහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතං පබ්බාජනීයකම්මං අධම්මකම්මඤ්ච හොති අවිනයකම්මඤ්ච දුවූපසන්තඤ්ච: අසම්මුඛා කතං හොති, අපටිපුච්ඡා කතං හොති, අපටිඤ්ඤාය කතං හොති. ඉමෙහි ඛො භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතං පබ්බාජනීයකම්මං අධම්මකම්මං ච හොති, අවිනයකම්මං ච දුවූපසන්තඤ්ච.
Sinhala BJT1. මහණෙනි, අඞ්ග තුණෙකින් සමන්‍විත පබ්බාජනීයකර්‍මය අධර්‍මකර්‍මයෙක් ද අවිනයකර්‍මයෙක් ද නොමනා ලෙස සංහිඳුනෙක් ද වෙයි: නොහමුයෙහි කරණ ලද්දේ වේ ද, නො පිළිවිසැ කරණ ලද්දේ වේ ද, පිළිණ නොගෙණ කරණ ලද්දේ වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණින් සමන්‍විත පබ්බාජනීයකර්‍මය අධර්‍මකර්‍මයෙක් ද අවිනය කර්‍මයෙක් ද නොමනා ලෙස සංහිඳුනෙක් ද වෙයි.
Pali BJT2. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතං පබ්බාජනීයකම්මං අධම්මකම්මං ච හොති අවිනයකම්මං ච දුවූපසන්තඤ්ච: අනාපත්තියා කතං හොති, අදෙසනාගාමිනියා ආපත්තියා කතං හොති, දෙසිතාය ආපත්තියා කතං හොති -පෙ-
Sinhala BJT2. “මහණෙනි, අන්‍යවූ ද අඞ්ග තුණෙකින් සමන්‍විත පබ්බාජනීය කර්‍මය අධර්‍මකර්‍මයෙක් ද අවිනයකර්‍මයෙක් ද නොමනා ලෙස සංහිඳුනෙක් ද වෙයි: නොඇවැතෙහි කරණ ලදුයේ වේ ද, දෙසීමෙන් පිරිසිදු නොවන ඇවැතෙහි කරණ ලදුයේ වේ ද, දෙසන ලද ඇවැතෙහි කරණ ලදුයේ වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණින් සමන්‍විත පබ්බාජනීයකර්‍මය අධර්‍මකර්‍මයෙක් ද අවිනයකර්‍මයෙක් ද නොමනා ලෙස සංහිඳුනෙක් ද වේ.
Pali BJT3. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- අධම්මකම්මං ච හොති -පෙ- අචොදෙත්වා කතං හොති, අසාරෙත්වා කතං හොති, ආපත්තිං අනාරොපෙත්වා කතං හොති -පෙ-
Sinhala BJT3. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් සමන්‍විත පබ්බාජනීයකර්‍මය අධර්‍මකර්‍මයෙක් ද අවිනයකර්‍මයෙක් ද නොමනා ලෙස සංහිඳුනෙක් ද වෙයි: චෝදනා නො කොට කරණ ලද ද, සිහි පත් නොකරවා කරණ ලද ද, ඇවැත නො නංවා කරණ ලද ද, මහණෙනි, මේ අඞ්ග තුණින් සමන්‍විත පබ්බාජනීයකර්‍මය අධර්‍මකර්‍මයෙක් ද වෙයි…
Pali BJT4. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- අධම්මකම්මං ච හොති -පෙ- අසම්මුඛා කතං හොති, අධම්මෙන කතං හොති, වග්ගෙන කතං හොති -පෙ-
Sinhala BJT4. මහණෙනි, අන්‍යවූ ද අඞ්ග තුණෙකින් සමන්‍විත පබ්බාජනීයකර්‍මය අධර්‍මකර්‍මයෙක් ද වෙයි. … නොහමුයෙහි කරණ ලද ද, නොදැහැමෙන් කරණ ලද ද, ව්‍යග්‍ර වූ (නොසමග) සංඝයා විසින් කරණ ලද ද, මහණෙනි, මේ අඞ්ග තුණින් සමන්‍විත පබ්බාජනීය කර්‍මය අධර්‍මකර්‍මයෙක් ද වෙයි …
Pali BJT5. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- අධම්මකම්මං ච හොති -පෙ- අපටිපුච්ඡා කතං හොති, අධම්මෙන කතං හොති, වග්ගෙන කතං හොති -පෙ-
Sinhala BJT5. මහණෙනි, අන්‍යවූත් අඞ්ග තුණෙකින් සමන්‍විත පබ්බාජනීයකර්‍මය අධර්‍මකර්‍මයෙක් ද වෙයි ... නො පිළිවිස කරණ ලද්දේ වේ ද, නොදැහැමෙන් කරණ ලද්දේ වේ ද, ව්‍යග්‍ර වූ සංඝයා විසින් කරණ ලද්දේ වේ ද, මහෙණනි, මේ අඞ්ග තුණෙන් සමන්‍විත පබ්බාජනියකර්‍මය අධර්‍මකර්‍මයෙක් ද වෙයි …
Pali BJT6. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- අධම්මකම්මං ච හොති -පෙ- අපටිඤ්ඤාය කතං හොති, අධම්මෙන කතං හොති, වග්ගෙන කතං හොති -පෙ-
Sinhala BJT6. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් යුත් පබ්බාජනීයකර්‍මය අධර්‍මකර්‍මයෙක් ද වෙයි … පිළිණ නො ගෙණ කරණ ලද ද, අධර්‍මයෙන් කරණ ලද ද, ව්‍යග්‍ර වූ සංඝයා විසින් කරණ ලද ද, මහණෙනි, මේ අඞ්ග තුණින් සමන්‍විත පබ්බාජනීයකර්‍මය අධර්‍මකර්‍මයෙක් ද වෙයි …
Pali BJT7. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- අධම්මකම්මං ච හොති -පෙ- අනාපත්තියා කතං හොති, අධම්මෙන කතං හොති, වග්ගෙන කතං හොති -පෙ-
Sinhala BJT7. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් යුත් පබ්බාජනීයකර්‍මය අධර්‍මකර්‍මයෙක් ද වෙයි. … නොඇවැතෙහි කරණ ලද ද, අධර්‍මයෙන් කරණ ලද ද, ව්‍යග්‍ර වූ සංඝයා විසින් කරණ ලද ද, මහණෙනි, මේ අඞ්ග තුණෙන් සමන්‍විත පබ්බාජනීයකර්‍මය අධර්‍මකර්‍මයෙක් ද වෙයි …
Pali BJT8. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- අධම්මකම්මං ච හොති -පෙ- අදෙසනාගාමිනියා ආපත්තියා කතං හොති, අධම්මෙන කතං හොති, වග්ගෙන කතං හොති -පෙ-
Sinhala BJT8. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් යුත් පබ්බාජනීයකර්‍මය අධර්‍මකර්‍මයෙක් ද වෙයි. … දෙසීමෙන් පිරිසිදු නොවන ඇවැතෙහි කරණ ලද ද, නොදැහැමෙන් කරණ ලද ද, ව්‍යග්‍ර වූ සංඝයා විසින් කරණ ලද ද, මහණෙනි, මේ අඞ්ග තුණෙන් සමන්‍විත පබ්බාජනීයකර්‍මය අධර්‍මකර්‍මයෙක්ද වෙයි ...
Pali BJT9. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- අධම්මකම්මං ච හොති -පෙ- දෙසිතාය ආපත්තියා කතං හොති, අධම්මෙන කතං හොති, වග්ගෙන කතං හොති -පෙ-
Sinhala BJT9. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් සමන්‍විත පබ්බාජනීයකර්‍මය අධර්‍මකර්‍මයෙක් ද වෙයි. … ඇවැත දෙසූ කල්හි කරණ ලද ද, නොදැහැමෙන් කරණ ලද, ව්‍යග්‍ර වූ සංඝයා විසින් කරණ ලද ද, මහණෙනි, මේ අඞ්ග තුණෙන් සමන්‍විත පබ්බාජනියකර්‍මය අධර්‍මකර්‍මයෙක් ද වෙයි ...
Pali BJT10. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- අධම්මකම්මං ච හොති -පෙ- අචොදෙත්වා කතං හොති, අධම්මෙන කතං හොති, වග්ගෙන කතං හොති -පෙ-
Sinhala BJT10. මහණෙනි, අන්‍ය වූත් අඞ්ග තුණෙකින් සමන්‍විත පබ්බාජනීයකර්‍මය අධර්‍මකර්‍මයෙක් ද වෙයි. … චෝදනා නො කොට කරණ ලද ද, නොදැහැමෙන් කරණ ලද ද, ව්‍යග්‍ර වූ සංඝයා විසින් කරණ ලද ද, මහණෙනි, මේ අඞ්ග තුණින් සමන්‍විත පබ්බාජනීයකර්‍මය අධර්‍මකර්‍මයෙක් ද වෙයි ...
Pali BJT11. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- අධම්මකම්මං ච හොති -පෙ- අසාරෙත්වා කතං හොති, අධම්මෙන කතං හොති, වග්ගෙන කතං හොති -පෙ-
Sinhala BJT11. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් සමන්‍විත පබ්බාජනීයකර්‍මය අධර්‍මකර්‍මයෙක් ද වෙයි:... සිහිපත් නොකරවා කරණ ලද ද, නොදැහැමෙන් කරණ ලද ද, ව්‍යග්‍ර වූ සංඝයා විසින් කරණ ලද ද, මහණෙනි, මේ අඞ්ග තුණින් සමන්‍විත පබ්බාජනීයකර්‍මය අධර්‍මකර්‍මයෙක් ද වෙයි ...
Pali BJT12. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- අධම්මකම්මං ච හොති -පෙ- ආපත්තිං අනාරොපෙත්වා කතං හොති, අධම්මෙන කතං හොති, වග්ගෙන කතං හොති. ඉමෙහි ඛො භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතං පබ්බාජනීයකම්මං අධම්මකම්මඤ්ච හොති, අවිනයකම්මඤ්ච, දුවූපසන්තඤ්ච.
Sinhala BJT12. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් සමන්‍විත පබ්බාජනීයකර්‍මය අධර්‍මකර්‍මයෙක් ද අවිනයකර්‍මයෙක් ද නොමනා ලෙස සංහිඳුනෙක් ද වෙයි: ඇවැත නො නංවා කරණ ලද ද, නොදැහැමෙන් කරණ ලද ද, ව්‍යග්‍ර වූ සංඝයා විසින් කරණ ලද ද, මහණෙනි, මේ අඞ්ග තුණින් සමන්‍විත පබ්බාජනීයකර්‍මය අධර්‍මකර්‍මයෙක් ද වෙයි. අවිනය කර්‍මයෙක් ද වෙයි. නොමනා ලෙස සංහිඳුනෙක් ද වෙයි.
Pali BJTපබ්බාජනීයකම්මෙ අධම්මකම්මද්වාදසකං නිට්ඨිතං.
Sinhala BJTපබ්බාජනීයකර්‍මයෙහි අධර්‍මකර්‍ම දොළොස නිමියේ ය.
Pali BJTධම්මකම්මද්වාදසකං
Sinhala BJTධර්‍මකර්‍මද්වාදශකය
Pali BJT1. තීහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතං පබ්බාජනීයකම්මං ධම්මකම්මඤ්ච හොති විනයකම්මඤ්ච සුවුපසන්තඤ්ච: සම්මුඛා කතං හොති, පටිපුච්ඡා කතං හොති, පටිඤ්ඤාය කතං හොති. ඉමෙහි ඛො භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතං පබ්බාජනීයකම්මං ධම්මකම්මං ච හොති, විනයකම්මං ච, සුවුපසන්තං ච.
Sinhala BJT1. මහණෙනි, අඞ්ග තුණෙකින් සමන්‍විත පබ්බාජනීයකර්‍මය ධර්‍මකර්‍මයෙක් ද විනයකර්‍මයෙක් ද මොනොවට සංහිඳුනෙක් ද වේ: සම්මුඛයෙහි කරණ ලදුයේ වේ ද, පිළිවිස කරණ ලදුයේ වේ ද, පිළිණ ගෙණ කරණ ලදුයේ වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණෙන් සමන්‍විත පබ්බාජනීයකර්‍මය ධර්‍මකර්‍මයෙක් ද විනයකර්‍මයෙක් ද මොනොවට සංහිඳුනෙක් ද වේ.
Pali BJT2. අපරෙහිපි භික්ඛවෙ, තීහඞ්ගෙහි සමන්නාගතං පබ්බාජනීයකම්මං ධම්මකම්මං ච හොති විනයකම්මං ච සුවුපසන්තං ච: ආපත්තියා කතං හොති, දෙසනාගාමිනියා ආපත්තියා කතං හොති, අදෙසිතාය ආපත්තියා කතං හොති -පෙ-
Sinhala BJT2. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් සමන්‍විත පබ්බාජනීයකර්‍මය ධර්‍මකර්‍මයෙක් ද වේ:... ඇවැතෙහි කරණ ලදුයේ වේ ද, දේශනාගාමිනී ඇවැතෙහි කරණ ලදුයේ වේ ද, නොදෙසනලද ඇවැතෙහි කරණ ලදුයේ වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණින් සමන්‍විත පබ්බාජනීයකර්‍මය ධර්‍මකර්‍මයෙක් ද වෙයි …
Pali BJT3. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- ධම්මකම්මං ච හොති -පෙ- චොදෙත්වා කතං හොති, සාරෙත්වා කතං හොති, ආපත්තිං ආරොපෙත්වා කතං හොති -පෙ-
Sinhala BJT3. මහණෙනි, අන්‍යවූ ද අඞ්ග තුණෙකින් සමන්‍විත පබ්බාජනීයකර්‍මය ධර්‍මකර්‍මයෙක් ද වේ:... චෝදනා කොට කරණ ලදුයේ වේ ද, වරද සිහිපත් කරවා කරණ ලදුයේ වේ ද, ඇවැත නො කරණ ලදුයේ වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණින් සමන්‍විත පබ්බාජනීයකර්‍මය ධර්‍මකර්‍මයෙක් ද වෙයි ...
Pali BJT4. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- ධම්මකම්මං ච හොති -පෙ- සම්මුඛා කතං හොති, ධම්මෙන කතං හොති, සමග්ගෙන කතං හොති -පෙ-
Sinhala BJT4. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් සමන්‍විත පබ්බාජනීයකර්‍මය ධර්‍මකර්‍මයෙක් ද වෙයි:... හමුයෙහි කරණ ලදුයේ වේ ද, දැහැමෙන් කරණ ලදුයේ වේ ද, සමග්‍ර සංඝයා විසින් කරණ ලදුයේ වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණින් සමන්‍විත පබ්බාජනීයකර්‍මය ධර්‍මකර්‍මයෙක් ද වෙයි ...
Pali BJT5. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- ධම්මකම්මං ච හොති -පෙ- පටිපුච්ඡා කතං හොති, ධම්මෙන කතං හොති, සමග්ගෙන කතං හොති -පෙ-
Sinhala BJT5. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් සමන්‍විත පබ්බාජනීයකර්‍මය ධර්‍මකර්‍මයෙක් ද වෙයි:... පිළිවිස කරණ ලද ද, දැහැමින් කරණ ලද ද, සමග්‍ර වූ සඞ්ඝයා විසින් කරණ ලද ද, මහණෙනි, මේ අඞ්ග තුණෙන් සමන්‍විත පබ්බාජනීයකර්‍මය ධර්‍මකර්‍මයෙක් ද වෙයි ...
Pali BJT6. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- ධම්මකම්මං ච හොති -පෙ- පටිඤ්ඤාය කතං හොති, ධම්මෙන කතං හොති, සමග්ගෙන කතං හොති -පෙ-
Sinhala BJT6. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් සමන්‍විත පබ්බාජනීයකර්‍මය ධර්‍මකර්‍මයෙක් ද වෙයි:... චෝදිතයාගෙන් පිළිණ ගෙණ කරණ ලද්දේ වේ ද, දැහැමෙන් කරණ ලද්දේ වේ ද, සමග්‍ර සංඝයා විසින් කරණ ලද්දේ වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණෙන් සමන්‍විත පබ්බාජනීයකර්‍මය ධර්‍මකර්‍මයෙක් ද වෙයි ...
Pali BJT7. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- ධම්මකම්මං ච හොති -පෙ- ආපත්තියා කතං හොති, ධම්මෙන කතං හොති, සමග්ගෙන කතං හොති -පෙ-
Sinhala BJT7. මහණෙනි, අන්‍ය වූත් අඞ්ග තුණෙකින් සමන්‍විත පබ්බාජනීයකර්‍මය ධර්‍මකර්‍මයෙක් ද වෙයි:... ඇවැතෙහි කරණ ලද්දේ වේ ද, දැහැමෙන් කරණ ලද්දේ වේ ද, සමග්‍ර සඞ්ඝයා විසින් කරණ ලද්දේ වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණෙන් සමන්‍විත පබ්බාජනීයකර්‍මය ධර්‍මකර්‍මයෙක් ද වෙයි ...
Pali BJT8. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- ධම්මකම්මං ච හොති -පෙ- දෙසනාගාමිනියා ආපත්තියා කතං හොති, ධම්මෙන කතං හොති, සමග්ගෙන කතං හොති -පෙ-
Sinhala BJT8. මහණෙනි, අන්‍ය වූත් අඞ්ග තුණෙකින් සමන්‍විත පබ්බාජනීයකර්‍මය ධර්‍මකර්‍මයෙක් ද වෙයි ... දේශනාගාමිනී ඇවැතෙහි කරණ ලද්දේ වේ ද, දැහැමින් කරණ ලද්දේ වේ ද, සමග්‍ර සංඝයා විසින් කරණ ලද්දේ වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණෙන් සමන්‍විත පබ්බාජනීයකර්‍මය ධර්‍මකර්‍මයෙක් ද වෙයි ...
Pali BJT9. අපරෙහිපි භික්ඛවෙ -පෙ- අදෙසිතාය ආපත්තියා කතං හොති, ධම්මෙන කතං හොති, සමග්ගෙන කතං හොති -පෙ-
Sinhala BJT9. මහණෙනි ... නොදෙසූ ඇවැතෙහි කරණ ලද්දේ වේ ද, දැහැමෙන් කරණ ලද්දේ වේ ද, සමග්‍ර සංඝයා විසින් කරණ ලද්දේ වේ ද ...
Pali BJT10. අපරෙහිපි භික්ඛවෙ -පෙ- චොදෙත්වා කතං හොති, ධම්මෙන කතං හොති, සමග්ගෙන කතං හොති -පෙ-
Sinhala BJT10. මහණෙනි ... චෝදනා කොට කරණ ලද්දේ වේ ද, දැහැමෙන් කරණ ලද්දේ වේ ද, සමග්‍ර සංඝයා විසින් කරණ ලද්දේ වේ ද ...
Pali BJT11. අපරෙහිපි භික්ඛවෙ -පෙ- සාරෙත්වා කතං හොති, ධම්මෙන කතං හොති, සමග්ගෙන කතං හොති -පෙ-
Sinhala BJT11. මහණෙනි ... ඇවැත සිහි පත් කරවා කරණ ලද්දේ වේ ද, දැහැමෙන් කරණ ලද්දේ වේ ද, සමග්‍ර සංඝයා විසින් කරණ ලද්දේ වේ ද, …
Pali BJT12. අපරෙහිපි භික්ඛවෙ -පෙ- ආපත්තිං ආරොපෙත්වා කතං හොති, ධම්මෙන කතං හොති, සමග්ගෙන කතං හොති ඉමෙහි ඛො භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතං පබ්බාජනීයකම්මං ධම්මකම්මං ච හොති විනයකම්මං ච සුවුපසන්තං ච.
Sinhala BJT12. මහණෙනි ... ඇවැත නංවා කරණ ලද්දේ වේ ද, දැහැමෙන් කරණ ලද්දේ වේ ද, සමග්‍ර සංඝයා විසින් කරණ ලද්දේ වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණෙන් සමන්‍විත පබ්බාජනීයකර්‍මය ධර්‍මකර්‍මයෙක් ද විනයකර්‍මයෙක් ද මොනොවට සංහිඳුනෙක් ද වෙයි.