Cullavagga

Lesser Division

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1801-1900 න් 3845

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTඅථ ඛො බොධි රාජකුමාරො දුස්සානි [සංහරාපෙත්වා උපරිකොකනදෙ පාසාදෙ ආසනං පඤ්ඤාපෙසි. අථ ඛො භගවා කොකනදං පාසාදං අභිරූහිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි සද්ධිං භික්ඛුසඞ්ඝෙන. අථ ඛො බොධිරාජකුමාරො බුද්ධපමුඛං භික්ඛුසඞ්ඝං පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්ථා සන්තප්පෙත්වා සම්පවාරෙත්වා භගවන්තං භුත්තාවිං ඔනීතපත්තපාණිං එකමන්තං නිසීදි.
Sinhala BJTඑකල්හි බෝධි රාජකුමාර තෙම වස්ත්‍ර හකුළවා කොකනද පහයේ උඩු මහල් තලයෙහි අසුන් පැනැවී ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කොකනද පහය නැඟ පනවන ලද අසුන්හි බික් සඟන හා වැඩහුන්සේක. ඒ වේලෙහි බෝධි රාජකුමාර තෙම බුදුපාමොක් සඟන ප්‍රණීත ඛාද්‍යයෙන් හොජ්‍යයෙන් සියතින් සතප්වා මොනවට පවරවා (පෙරැත්ත කොට කොට බොජුන් වළඳවා), බොජුන් වළඳා අවසන් කළ, පාත්‍රයෙන් ඉවතට ගත් ඇතැති භාග්‍යවතුන් වහන්සේ සමීපයේ එක් පසෙක හිඳ ගත්තේ ය.
Pali BJTඑකමන්තං නිසින්නං ඛො බොධිං රාජකුමාරං භගවා ධම්මියා කථාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සමුත්තෙජෙත්වා සම්පහංසෙත්වා උට්ඨායාසනා පක්කාමි. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි “න භික්ඛවෙ චෙලපත්තිකා අක්කමිතබ්බා. යො අක්කමෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJTඑසේ එක් පසෙක හුන් බෝධි රාජකුමාරයාට භාග්‍යවතුන් වහන්සේ ධර්‍මකථායෙන් කරුණු දක්වා, එය මොනොවට ගන්වා, ඒ ගැන්ම තියුණු කොට, එහි ඵල දැක්වීමෙන් සතුටු කොට, හුනස්නෙන් නැගී නික්ම වැඩිසේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කථා කොට භික්‍ෂූන් බණවා, “වස්ත්‍රයෙන් කළ පියවිල්ල (පාවාඩය) නො ඇක්මිය යුතු ය, යම් මහණෙක් ඇක්මෙන්නේ නම්, ඔහුට දුකුළා ඇවැත් වන්නේයැ” යි වදාළ සේක.
Pali BJT102. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරා ඉත්ථී අපගතගබ්භා භික්ඛූ නිමන්තෙත්වා දුස්සං පඤ්ඤාපෙත්වා එතදවොච “අක්කමථ භන්තෙ දුස්සන්ති”. භික්ඛූ කුක්කුච්චායන්තා න අක්කමන්ති.
Sinhala BJT102. එ සමයෙහි වනාහි එක්තරා ස්ත්‍රියක් පහ වූ දරුගැබ් ඇත්තී, භික්‍ෂූන් නිමතා වස්ත්‍ර පනවා (බිමට රෙදි එළා) “වහන්ස, වස්ත්‍රය ඇක්මුන මැනැවැ” යි කීවා ය. භික්‍ෂූහු කුකුස් කරන්නාහු නො ඇක්මෙත්.
Pali BJT“අක්කමථ භන්තෙ දුස්සං මඞ්ගලත්ථායා”ති. භික්ඛූ කුක්කුච්චායන්තා න අක්කමිංසු.
Sinhala BJT“වහන්ස, මංගල පිණිස වස්ත්‍රය. ඇක්මෙන්නැ” යි. ඕ කීවා ය. භික්‍ෂූහු කුකුස් කරන්නාහු නො ඇක්මුණාහ.
Pali BJTඅථ ඛො සා ඉත්ථී උජ්ඣායති ඛීයති විපාචෙති: “කථං හි නාම අය්යා මඞ්ගලත්ථාය යාචියමානා චෙලප්පතිකං නාක්කමිස්සන්තී”ති. අස්සොසුං ඛො භික්ඛූ තස්සා ඉත්ථියා උජ්ඣායන්තියා ඛීයන්තියා විපාචෙන්තියා. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං -පෙ- “ගිහී භික්ඛවෙ මඞ්ගලිකා. අනුජානාමි භික්ඛවෙ ගිහීනං මඞ්ගලත්ථාය යාචියමානෙන චෙලප්පතිකං අක්කමිතුන්ති”.
Sinhala BJTඑකල්හි ඒ ස්ත්‍රී “කෙසේ නම් ආර්‍ය්‍යයෝ මංගල පිණිස ඉල්ලනු ලබන්නාහු රෙදි පියැවිල්ල නො ඇක්මෙන්නාහු දැ” යි අවඥා කෙරෙයි, නුගුණ කියයි, දොස් කතා පතුරුවයි. භික්‍ෂූහු අවඥා කරන, නොගුණ කියන, දොස් කතා පතුරුවන ඒ ස්ත්‍රියගේ වචන ඇසූහ. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ ... “මහණෙනි, ගෘහස්ථයෝ මාංගලිකයහ මහණෙනි, මංගල පිණිස ගිහියන් විසින් ඉල්ලනු ලබන මහණහු විසින් රෙදි පියැවිල්ල ඇක්මෙන්නට අනුදනිමි” යි වදාළ සේක.
Pali BJTතෙන ඛො පන සමයෙන භික්ඛූ ධොතපාදකං අක්කමිතුං කුක්කුච්චායන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං -පෙ- “අනුජානාමි භික්ඛවෙ ධොතපාදකං අක්කමිතුන්ති”.
Sinhala BJTඑ සමයෙහි මහණහු දෙවූ පා ඇතියනු විසින් පා තැබිය යුතු කොට එලා ඇති රෙදි ඇතිරිය ඇක්මෙන්නට කුකුස් කෙරෙත් ... “මහණෙනි, දෙවූ පා ඇත්තහු සඳහා එළා ඇති ඇතිරිය ඇක්මෙන්නට අනුදනිමි” යි වදාළ සේක.
Pali BJT103. අථ ඛො භගවා භග්ගෙසු යථාභිරන්තං විහරිත්වා යෙන සාවත්ථි තෙන චාරිකං පක්කාමි. අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන සාවත්ථි තදවසරි. තත්ර සුදං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො විසාඛා මිගාරමාතා ඝටකඤ්ච කතකඤ්ච සම්මජ්ජනිඤ්ච ආදාය යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නා ඛො විසාඛා මිගාරමාතා භගවන්තං එතදවොච: “පටිගණ්හාතු මෙ භන්තෙ භවො ඝටකඤ්ච කතකඤ්ච සම්මජ්ජනිඤ්ච යං මම අස්ස දීඝරත්තං හිතාය සුඛායා”ති. පටිග්ගහෙසි භගවා ඝටකඤ්ච සම්මජ්ජනිඤ්ච. න භගවා කතකං පටිග්ගහෙසි.
Sinhala BJT103. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ භග්ග රට කැමති තාක් වැස සැවැත් නුවර බලා සැරිසරා වඩනට නික්මුණු සේක. පිළිවෙළින් සැරි සරා වඩනාසේක්, සැවැත්නුවරට පැමිණිසේක. එ සමයෙහි වූ කලි භාග්‍යවතුන් වහන්සේ සැවත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි මිගාරමබාතෘ නම් වූ විශාඛා උපාසිකා තොමෝ අතළයක් ද (කටු මතු කොට මැටියෙන් තනන ලද) පාගටනාවක් ද මුස්නක් ද ගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත එළහැඹියා ය. එළැඹ වැඳ පසෙක හුන්නා ය. පසෙක හිඳ “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මගේ මේ අතළය ද පාගටනාව ද මුස්න ද පිළිගන්නා සේක් වා. එය මට දීර්‍ඝ කාලයක් වැඩ පිණිස සුව පිණිස වන්නේ යැ” යි කීවා ය. භාග්‍යවතුන් වහන්සේ අතළය ද මුස්න ද පිළිගත් සේක. පාගටනාව නො පිළිගත්සේක.
Pali BJTඅථ ඛො භගවා විසාඛං මිගාරමාතරං ධම්මියා කථාය සන්දස්සෙසි සමාදපෙසි සමුත්තෙජෙසි සම්පහංසෙසි. අථ ඛො විසාඛා මිගාරමාතා භගවතා ධම්මියා කථාය සන්දස්සිතා සමාදපිතා සමුත්තෙජිතා සම්පහංසිතා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “අනුජානාමි භික්ඛවෙ ඝටකඤ්ච සම්මජ්ජනිඤ්ච. න භික්ඛවෙ කතකං පරිභුඤ්ජිතබ්බං. යො පරිභුඤ්ජෙය්ය ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ තිස්සො පාදඝංසනියො සක්ඛරං කඨලං සමුද්දඵෙණකන්ති.”
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මිගාරමාතෘ නම් වූ විශාඛාවට ධර්‍මනිඃශ්‍රිත කථායෙන් කරුණු දක්වාවදාළසේක, ඒ කරුණු ගැන්වූ සේක, එහි උනන්දු කළසේක, එහි ලා සතුටු කළ සේක. එයට පසු, විශාඛා මිගාරමාතෘ තොමෝ භාග්‍යවතුන් වහන්සේ විසින් එසේ දැහැමි කතායෙන් කරුණු දක්වන ලද්දී, කරුණු ගන්වන ලද්දී, එහි උනන්දු කරන ලද්දී, එහි සතුටු කරන ලද්දී, හුනස්නෙන් නැගී සිට භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට නික්ම ගියා ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි, මෙ කරුණෙහි දැහැමි කථා කොට භික්‍ෂුසඞ්ඝයා බණවා, “මහණෙනි, අතළය ද මුස්න ද අනුදනිමි. මහණෙනි, පාගටනාව පරිහොග නො කළයුතු. යමෙක් පරිහොග කරන්නේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, (පා ගටනු පිණිස) ගල ද කැබැලිති ද මුහුදු පෙණ ද යන තුන් පා ගටනා අනුදනිමි” යි වදාළ සේක.
Pali BJT104. අථ ඛො විසාඛා මිගාරමාතා විධූපනඤ්ච තාලවණ්ටඤ්ච ආදාය යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නා ඛො විසාඛා මිගාරමාතා භගවන්තං එතදවොච: “පටිගණ්හාතු මෙ භන්තෙ භගවා විධූපනඤ්ච තාලවණ්ටඤ්ච යං මම අස්ස දීඝරත්තං හිතාය සුඛායා”ති.
Sinhala BJT104. නැවත (එක් දිනක්) මිගාරමාතෘ නම් වූ විශාඛා තොමෝ විජිනිපතක් ද තල්වටක් ද ගෙන භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියා ය. එළැඹ වැඳ පසෙක හිඳ ගත්තා ය. පසෙක හිඳ, “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මාගේ විජිනිපත ද තල්වට ද පිළිගන්නාසේක්වා. එය මට දික් කලක් වැඩ පිණිස සුව පිණිස වන්නේ යැ” යි කීවා ය.
Pali BJTපටිග්ගහෙසි භගවා විධූපනඤ්ච තාලවණ්ටඤ්ච. අථ ඛො භගවා විසාඛං මිගාරමාතරං ධම්මියා කථාය සන්දස්සෙසි -පෙ- අථ ඛො විසාඛා මිගාරමාතා -පෙ- පදක්ඛිණං කත්වා පක්කාමි. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “අනුජානාමි භික්ඛවෙ විධූපනඤ්ච තාලවණ්ටඤ්චා”ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ විජිනිපත ද තල්වට{1} ද පිළිගත් සේක. ඉක්බිති මිගාරමාතෘ නම් වූ විශාඛාවට දැහැමි කථාවෙන් කරුණු දක්වා වදාළසේක. එකල්හි මිගාරමාතෘ නම් වූ විශාඛා තොමෝ ... පැදකුණු කොට ගියාය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ තෙල නිදානයෙහි, තෙල කරුණෙහි දැහැමිකථා වදාරා භික්‍ෂූන් ඇමතූ සේක: “මහණෙනි, විජිනිපත ද තල්වැට ද අනුදනිමි” යි.
Pali BJT105. තෙන ඛො පන සමයෙන සඞ්ඝස්ස මකසවීජනී උප්පන්නා හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ මකසවීජනින්ති”.
Sinhala BJT105. එ සමයෙහි වනාහි සඞ්ඝයාට මදුරුවිදුනාවෙක්{2} උපන්නේ වේ. භාග්‍යවතුන් වහන්සේට එ පවත් සැලකළාහ. “මහණෙනි, මදුරුවිදුනාව අනුදනිමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJTචාමරිවීජනී{1} උප්පන්නා හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ චමරිවීජනී ධාරෙතබ්බා. යො ධාරෙය්ය ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ තිස්සො වීජනියො: වාකමයං උසීරමයං, මොරපිඤ්ජමයන්ති.
Sinhala BJTසෙමෙර විදුනාවෙක් උපන්නේ වේ. භාග්‍යවතුන් වහන්සේට එ පවත් සැලකළාහ. “මහණෙනි, සෙමෙරවිදුනාව නො දැරිය යුතු. යමෙක් දරන්නේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, වැහැරිමුවා විදුනාව ද, සුවඳහොට මුවා විදුනාවද, මොනර පිල්මුවා විදුනාව ද යන තුන් විජිනිපත් අනුදනිමි” යි වදාළ සේක.
Pali BJT106. තෙන ඛො පන සමයෙන සඞ්ඝස්ස ඡත්තං උප්පන්නං හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ ඡත්තන්ති.”
Sinhala BJT106. එ සමයෙහි සඞ්ඝයාට ඡත්‍රයෙක් (කුඩයෙක්) උපන්නේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. “මහණෙනි ඡත්‍රය (කුඩය) අනුදනිමි” යි වදාළ සේක.
Pali BJTතෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ ඡත්තපග්ගහිතා ආහිණ්ඩන්ති. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො උපාසකො සම්බහුලෙහි ආජීවකසාවකෙහි සද්ධිං උය්යානං අගමාසි. අද්දසංසු{1} ඛො තෙ ආජීවකසාවකා ඡබ්බග්ගියෙ භික්ඛූ දූරතොව ඡත්තපග්ගහිතෙ ආගච්ඡන්තෙ. දිස්වාන තං උපාසකං එතදවොචුං: “එතෙ ඛො අය්ය, තුම්හාකං භදන්තා ඡත්තපග්ගහිතා ආගච්ඡන්ති සෙය්යථාපි ගණකමහාමත්තා”ති.
Sinhala BJTඑ සමයෙහි සවැගි මහණහු ඔසොවා ගත් කුඩ ඇත්තාහු (කුඩ ඉසැ ලා ගෙන) ඇවිදිත්. එ කල එක්තරා උපාසකයෙක් බොහෝ සිය ගණන් ආජීවික ශ්‍රාවකයන් හා උයනට ගියේ ය. ඒ ආජීවික ශ්‍රාවකයෝ කුඩ ඉසලා ගෙන එන සවැගි මහණුන් දුරින් ම දුටුයේ ය. දැක, ඒ උපාසකයා බණවා “ආර්‍ය්‍ය තෙල ඔබ පැවිදි පින්වත්හු ගණක මහාමාත්‍යයන් සේ කුඩ ඉසලා ගත්තාහු එන්නාහ” යි කීහ.
Pali BJT“නාය්යා එතෙ භික්ඛූ පරිබ්බාජකා”ති.
Sinhala BJT“ආර්‍ය්‍යයෙනි, තෙල භික්‍ෂුහු නො වෙත්, පිරිවැජියෝයැ” යි උපාසක තෙම කී ය.
Pali BJT“භික්ඛූ න භික්ඛූ”ති අබ්භුතං අකංසු. අථ ඛො සො උපාසකො උපගතෙ සඤ්ජානිත්වා උජ්ඣායති ඛීයති විපාචෙති “කථං හි නාම භදන්තා ඡත්තපග්ගහිතා ආහිණ්ඩිස්සන්තී”ති.
Sinhala BJT“භික්‍ෂුහු ද? භික්‍ෂුහු නො වෙත් දැ?” යි ඔට්ටු ඇල්ලූහ. එයින් පසු ඒ උපාසක තෙම ළඟට ආවුන් හැඳින “කෙසේ නම් පින්වත්හු කුඩ ඉසලා ගෙන හැවිදින්නාහු දැ” යි අවඥා කෙරෙයි, නොගුණ කියයි, දොස් පතුරුවයි.
Pali BJTඅස්සොසුං ඛො භික්ඛූ තස්ස උපාසකස්ස උජ්ඣායන්තස්ස ඛීයන්තස්ස විපාචෙන්තස්ස. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. “සච්චං කිර භික්ඛවෙ -පෙ- සච්චං භගවා”
Sinhala BJTභික්‍ෂූහු අවඥා කරන, නොගුණ කියන, දොස් පතුරුවන ඒ උපාසකයා ගේ වචන ඇසූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. “මහණෙනි, ... සැබෑ දැ?” යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක. ‘සැබව වහන්සැ’ යි ඔහු කීහ.
Pali BJTවිගරහි බුද්ධො භගවා. විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “න භික්ඛවෙ ඡත්තං ධාරෙතබ්බං. යො ධාරෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ ගැරැහු සේක. ගරහා ධර්‍ම කථා කොට “මහණෙනි, කුඩය නො දැරිය යුතු, යමෙක් දැරුයේ වී නම්, දුකුළා ඇවැත් වන්නේ යැ’ යි වදාළ සේක.
Pali BJT107. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු ගිලානො හොති, තස්ස විනා ඡත්තෙන න ඵාසු හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ ගිලානස්ස ඡත්තන්ති.{2}”
Sinhala BJT107. එසමයෙහි වනාහි එක්තරා මහණෙක් ගිලන් වෙයි. ඔහුට කුඩයක් නැති ව අපහසු වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. “මහණෙනි, ගිලන් මහණහට කුඩය අනුදනිමි” යි වදාළ සේක.
Pali BJTතෙන ඛො පන සමයෙන භික්ඛූ ‘ගිලානස්සෙව භගවතා ඡත්තං අනුඤ්ඤාතං නො අගිලානස්සා’ති ආරාමෙ ආරාමූපචාරෙ ඡත්තං ධාරෙතුං කුක්කුච්චායන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ අගිලානෙනපි ආරාමෙ ආරාමූපචාරෙ ඡත්තං ධාරෙතුන්ති.”
Sinhala BJTඑ සමයෙහි මහණහු ‘භාග්‍යවතුන් වහන්සේ විසින් ගිලනාට ම කුඩය අනුදැනිණ, නොගිලනාට නො අනුදැනිණ’ යි කියා ආරාමයෙහි ද, ආරාමොපචාරයෙහි ද කුඩ දරන්නට කුකුස් කෙරෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. “මහණෙනි, නොගිලනහු විසින් ද ආරාමයෙහිත් ආරාමොපචාරයෙහිත් කුඩය දරන්නට අනුදනිමි” යි වදාළ සේක.
Pali BJT108. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු සික්කාය පත්තං උඩ්ඩෙත්වා{1} දණ්ඩෙ ආලග්ගිත්වා විකාලෙ අඤ්ඤතරෙන ගාමද්වාරෙන අතික්කමති. මනුස්සා “එසය්යා{2} චොරො ගච්ඡති, අසි’ස්ස විජ්ජොතලතී”ති අනුපතිත්වා ගහෙත්වා සඤ්ජානිත්වා මුඤ්චිංසු. අථ ඛො සො භික්ඛු ආරාමං ගන්ත්වා භික්ඛූනං එතමත්ථං ආරොචෙසි.
Sinhala BJT108. එ සමයෙහි එක්තරා මහණෙක් සාල්ලෙක නෙවා දණඩෙක එල්ලාගෙන නො කල්හි එක්තරා ගම්දොරෙකින් ඉක්මයෙයි. මිනිස්සු ‘ආර්‍ය්‍යයෙනි, මේ සොරෙක් යෙයි, ඔහුගේ කඩුව දිලිසේ’ යැ යි කියා ලුහුබැඳ අල්ලාගෙන හැඳින මුදා හළහ. එ කල්හි ඒ මහණ ආරාමයට ගොස් හිකෂුනට මෙ පවත් සැල කෙළේ ය.
Pali BJT“කිං පන ත්වං ආවුසො දණ්ඩසික්කං ධාරෙසී”ති.
Sinhala BJT“ඇවැත්නි, තෙපි දණ්ඩසික්කාවක් (දණඩෙක බඳනා ලද සාල්ලක්) දරවු දැ?” යි භික්‍ෂූහු ඇසූහ.
Pali BJT“එවමාවුසො”ති.
Sinhala BJT“එසේය ඇවැත්නි” යි. හේ කී ය.
Pali BJTයෙ තෙ භික්ඛූ අප්පිච්ඡා සන්තුට්ඨා ලජ්ජිනො කුක්කුච්චකා සික්ඛාකාමා තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛු දණ්ඩසික්කං ධාරෙස්සසී”ති.
Sinhala BJTයම් මහණ කෙනෙක් අල්පෙච්ඡ ද ලද පමණෙහි සතුටු වෙත් ද ලජජීහු ද සුළු වරදෙහිත් කුකුස් කෙරෙත් ද ශික්‍ෂා කැමැත්තෝ ද, ඔහු “කෙසේ නම් මහණ තෙමේ දණ්ඩසිකතාවක් දරන්නේ දැ” යි අවඥා කෙරෙත්, අගුණ කියත්, දොස් පතුරුවත්.
Pali BJTඅථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTඉක්බිති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ.
Pali BJT“සච්චං කිර ත්වං භික්ඛූ දණ්ඩසික්කං ධාරෙසී’ති”
Sinhala BJT“මහණ සැබෑ ද? තෝ දණ්ඩසික්කාවක් දරහි දැ?” යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක.
Pali BJT“සච්චං භගවා”
Sinhala BJT“එසේ ය, වහන්සැ” යි එ මහණ කී ය.
Pali BJTවිගරහි බුද්ධො භගවා. විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “න භික්ඛවෙ දණ්ඩසික්කා ධාරෙතබ්බා. යො ධාරෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ ගැරැහුසේක. ගරහා දැහැමි කතා කොට භික්‍ෂූන් අමතා, “මහණෙනි, දණ්ඩසික්කාව නො දැරිය යුතු. යමෙක් දැරුයේ වී නම් දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
Pali BJT109. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු ගිලානො හොති. න සක්කොති විනා දණ්ඩෙන{3} ආහිණ්ඩිතුං. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ ගිලානස්ස භික්ඛුනො දණ්ඩසම්මතිං{4} දාතුං. එවඤ්ච පන භික්ඛවෙ දාතබ්බා: තෙන ගිලානෙන භික්ඛුනා සඞ්ඝං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා වුඩ්ඪානං භික්ඛූනං පාදෙ වන්දිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා එවමස්ස වචනීයො:
Sinhala BJT109. එ සමයෙහි එක්තරා මහණෙක් ගිලන් වෙයි. දණ්ඩක් නැති වැ ඇවිදින්නට නො හැකි වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ. “මහණෙනි, ගිලන් මහණහට දණ්ඩ සම්මතිය දෙන්නට අනුදනිමි. එය වනාහි මෙසේ දියැ යුතු: ඒ ගිලන් මහණහු විසින් සඞ්ඝයා වෙත එළැඹ උතුරුසඟ එකස් කොට වැඩිමහලු මහණුන් පා වැඳ, උත්කුටුක වැ හිඳ, දොහොත් මුදුන්හි තබාගෙන,
Pali BJT“අහං භන්තෙ ගිලානො න සක්කොමි විනා දණ්ඩෙන ආහිණ්ඩිතුං. සො’හං භන්තෙ සඞ්ඝං දණ්ඩසම්මුතිං යාචාමී”ති. දුතියම්පි යාචිතබ්බා. තතියම්පි යාචිතබ්බා. ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝොඤාපෙතබ්බො.
Sinhala BJT“වහන්ස මම් ගිලන්මි, දණ්ඩක් නැති වැ ඇවිදින්නට නො හැක්කෙමි. වහන්ස, ඒ මම් සඞ්ඝයාගෙන් දණ්ඩ සම්මතිය ඉල්ලමි” යි මෙසේ කියැ යුතු වන්නේ ය. දෙවෙනි වර ද ඉල්ලිය යුතු තෙවෙනි වරද ඉල්ලියයුතු. ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් මෙසේ සඞ්ඝ තෙමේ දැන්වියයුතු ය.
Pali BJT“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අයං ඉත්ථන්නාමො භික්ඛු ගිලානො, න සක්කොති විනා දණ්ඩෙන ආහිණ්ඩිතුං. සො සඞ්ඝං දණ්ඩසම්මතිං යාචති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො ඉත්ථන්නාමස්ස භික්ඛුනො දණ්ඩසම්මතිං දදෙය්ය. එසා ඤත්ති.
Sinhala BJT“වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. මේ මෙ නම් මහණ ගිලන් යැ. දණ්ඩක් නැති වැ ඇවිදියැ නො හැක්ක. හෙතෙම සඞ්ඝයා ගෙන් දණ්ඩසම්මතිය ඉල්ලයි. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ වී නම් මෙ නම් මහණහට දණ්ඩ සම්මතිය දෙන්නේ ය. මේ ඥප්තිය යැ.
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අයං ඉත්ථන්නාමො භික්ඛු ගිලානො න සක්කොති විනා දණ්ඩෙන ආහිණ්ඩිතුං. සො සඞ්ඝං දණ්ඩසම්මුතිං යාචති. සඞ්ඝො ඉත්ථන්නාමස්ස භික්ඛුනො දණ්ඩසම්මතිං දෙති. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස භික්ඛුනො දණ්ඩසම්මුතියා දානං, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති සො භාසෙය්ය.
Sinhala BJTවහන්ස, සඞ්ඝ තෙමේ මගේ වචනය අසාවා. මේ මෙනම් මහණ තෙම ගිලන් ය. දණ්ඩක් නැතිවැ ඇවිදින්නට නො හැකි වෙයි. හේ සඞ්ඝයාගෙන් දණ්ඩසම්මතිය ඉල්ලයි. සඞ්ඝ තෙමේ මෙනම් මහණහට දණ්ඩසම්මතිය දෙයි. මෙනම් මහණහට දණ්ඩ සම්මතිය දීම යම් ආයුෂ්මතක්හට රිසියෙන්නේ නම්, හේ නිහඬ වේවා. යමක්හට නො රිසියෙන්නේ නම් හේ කියාවා.
Pali BJTදින්නා සඞ්ඝෙන ඉත්ථන්නාමස්ස භික්ඛුනො දණ්ඩසම්මති. ඛමති සඞ්ඝස්ස තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJT“සඞ්ඝයා විසින් මෙනම් මහණහට දණ්ඩසම්මතිය දෙන ලදි. සඞ්ඝයාට රිසියෙයි. එහෙයින් නිහඬ ය. මෙසේ මෙය දරමි (සිතමි)” යනු යැ.
Pali BJT110. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු ගිලානො හොති. න සක්කොති විනා සික්කාය පත්තං පරිහරිතුං. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT110. තවද එසමයෙහි එක්තරා මහණෙක් ගිලන්වෙයි. සහල්ලක් නැති වැ පාත්‍රය. පරිහරණ කරන්නට නො හැකි වෙයි. තෙල කරුණ භාග්‍යවතුන් වහන්සේට දන්වාලූහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ ගිලානස්ස භික්ඛුනො සික්කාසම්මතිං දාතුං. එවඤ්ච පන භික්ඛවෙ දාතබ්බා: තෙන ගිලානෙන භික්ඛුනා සඞ්ඝං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා වුඩ්ඪානං භික්ඛූනං පාදෙ වන්දිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා එවමස්ස වචනීයො “අහං භන්තෙ ගිලානො න සක්කොමි විනා සික්කාය පත්තං පරිහරිතුං. සො’හං භන්තෙ සඞ්ඝං සික්කාසම්මතිං යාචාමී’ති. දුතියම්පි යාචිතබ්බා. තතියම්පි යාචිතබ්බා. ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො.”
Sinhala BJT“මහණෙනි, ගිලන් මහණහට සික්කාසම්මතිය දෙන්නට අනුදනිමි. තවද මහණෙනි, මෙසේ දිය යුතුය: ඒ ගිලන් මහණහු විසින් සඞ්ඝයා වෙත එළැඹ උතුරුසඟ එකස් කොට වැඩිමහලු වහන්දෑගේ පා වැඳ උක්කුටික ව හිඳ ඇඳිලි බැඳ මෙසේ කියැ යුතු වෙයි. “වහන්ස මම ගිලන්මි. සහල්ලක් නැතිව පාත්‍රය පරිහරණ කරන්නට නො හැකි වෙමි. වහන්ස, ඒ මම සඞ්ඝයා (වෙතින්) සික්කාසම්මතිය යදිමි” යි. දෙවන වට දු යාච්ඤා කළයුතු ය. තෙවන වට දු යාච්ඤා කළයුතු ය. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින් සඟහු දැන්වියයුත්තාහ.
Pali BJT“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අයං ඉත්ථන්නාමො භික්ඛු ගිලානො න සක්කොති විනා සික්කාය පත්තං පරිහරිතුං. සො සඞ්ඝං සික්කාසම්මතිං යාචති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො ඉත්ථන්නාමස්ස භික්ඛුනො සික්කාසම්මතිං දදෙය්ය. එසා ඤත්ති.
Sinhala BJT“වහන්ස, සඞ්ඝයා මබස් අසන සේක්වා. මේ මෙනම් මහණ ගිලන් වෙයි. සහල්ලක් නැතිවැ පාත්‍රය පරිහරිණ කරන්නට නො හැක්ක. හේ සඞ්ඝයා (වෙත) සික්කාසම්මතිය යදියි. ඉදින් සඟනට පැමිණි කල් වී නම් සඞ්ඝයා මෙනම් මහණහට සික්කාසම්මතිය දෙන්නේය. තෙල ඤත්ති යැ.
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො: අයං ඉත්ථන්නාමො භික්ඛු ගිලානො න සක්කොති විනා සික්කාය පත්තං පරිහරිතුං. සො සඞ්ඝං සික්කාසම්මතිං යාචති. සඞ්ඝො ඉත්ථන්නාමස්ස භික්ඛුනො සික්කාසම්මතිං දෙති. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස භික්ඛුනො සික්කාසම්මතියා දානං. සො තුණ්හස්ස යස්ස නක්ඛමති සො භාසෙය්ය. දින්නා සඞ්ඝෙන ඉත්ථන්නාමස්ස භික්ඛුනො සික්කාසම්මති. ඛමති සඞ්ඝස්ස තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJT“වහන්ස, සඞ්ඝයා මාගේ වචනය අසත්වා. මේ මෙනම් ඇති මහණ ගිලන් වෙයි. සහල්ලකින් වෙන් වැ පාත්‍රය පරිහරණ කරන්නට නො හැක්ක. හේ සඞ්ඝයා (වෙත) සික්කාසම්මතිය යදී, සඞ්ඝයා මෙනම් මහණහට සික්කාසම්මතිය දෙති. යම් ආයුෂ්මත් කෙනකුන්ට තෙල මහණහට සික්කාසම්මති දීම රිසි වේ නම් හේ නිහඬ වන්නේය. යමකුට නො රුස්නේ නම් හේ බණන්නේය. සඞ්ඝයා විසින් මෙනම් මහණහට සික්කාසම්මතිය දෙන ලදු. සඞ්ඝයාට (එය) රුස්නේය. එහෙයින් තුෂ්ණිම්භාවය , වෙයි. තෙල මෙසේ දරමි” යි.
Pali BJT111. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු ගිලානො හොති, න සක්කොති විනා දණ්ඩෙන ආහිණ්ඩිතුං, න සක්කොති විනා සික්කාය පත්තං පරිහරිතුං. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT111. එ සමයෙහි එක්තරා මහණෙක් ගිලන් වෙයි. දණ්ඩක් නැතිව ඇවිදින්නට නො හැකි වෙයි, සාල්ලක් නැති ව පාත්‍රය පරිහරණය කරන්නට නො හැකි වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ ගිලානස්ස භික්ඛුනො දණ්ඩසික්කාසම්මතිං දාතුං. එවඤ්ච පන භික්ඛවෙ දාතබ්බා: තෙන ගිලානෙන භික්ඛුනා සඞ්ඝං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා වුඩ්ඪානං භික්ඛූනං පාදෙ වන්දිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිම්පග්ගහෙත්වා එවමස්ස වචනීයො: “අහං භන්තෙ ගිලානො, න සක්කොමි විනා දණ්ඩෙන ආහිණ්ඩිතුං, න සක්කොමි විනා සික්කාය පත්තං පරිහරිතුං. සො’හං භන්තෙ සඞ්ඝං දණ්ඩසික්කාසම්මතිං යාචාමී”ති. දුතියම්පි යාචිතබ්බා. තතියම්පි යාචිතබ්බා. ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
Sinhala BJT“මහණෙනි, ගිලන් මහණහට දණ්ඩසික්කාසම්මතිය දෙන්නට අනුදනිමි. මහණෙනි, මෙසේ එය දියැ යුතු: ඒ ගිලන් මහණ සඞ්ඝයා කරා එළැඹ උතුරුසඟ එකස් කොට, වැඩිමහලු භික්‍ෂූන් ගේ පා වැඳ උත්කුටුක වැ හිඳ දොහොත් මුදුනැ තබා, “වහන්ස, මම් ගිලන්මි. දණ්ඩෙන් තොර වැ හැවිදින්නට නොහැක්කෙමි, සාල්ලක් නැති ව පාත්‍රය පරිහරණය කරන්නට නො හැක්කෙමි. වහන්ස, ඒ මම් සඞ්ඝයාගෙන් දණ්ඩසික්කාසම්මතිය ඉල්ලමි” යි මෙසේ කියැයුතු වන්නේ ය. දෙවෙනි වර ද ඉල්ලියැ යුතු, තෙවෙනි වර ද ඉල්ලියැ යුතු. ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් සඞ්ඝ තෙමේ මෙසේ දැන්වියැ යුතු:
Pali BJT“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අයං ඉත්ථන්නාමො භික්ඛු ගිලානො. න සක්කොති විනා දණ්ඩෙන ආහිණ්ඩිතුං. න සක්කොති විනා සික්කාය පත්තං පරිහරිතුං. සො සඞ්ඝං දණ්ඩසික්කාසම්මතිං යාචති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො ඉත්ථන්නාමස්ස භික්ඛුනො දණ්ඩසික්කාසම්මතිං දදෙය්ය” එසා ඤත්ති.
Sinhala BJT“වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. මේ මෙනම් මහණ තෙම ගිලන් යැ. දණ්ඩක් නැති වැ හැවිදින්නට නො හැකි ය, සාල්ලක් නැති ව පාත්‍රය. පරිහරණය කරන්නට නො හැකි ය. හේ සඞ්ඝයා ගෙන් දණ්ඩසික්කාසම්මතිය ඉල්ලයි. ඉඳින් සඞ්ඝයාට පැමිණි කල් ඇතියේ වී නම් සඞ්ඝ තෙමේ මෙනම් මහණහට දණ්ඩසික්කා සම්මතිය දෙන්නේ ය”. මේ ඥප්තිය (දැන්වීම යැ).
Pali BJT“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො: අයං ඉත්ථන්නාමො භික්ඛු ගිලානො න සක්කොති විනා දණ්ඩෙන ආහිණ්ඩිතුං, න සක්කොති විනා සික්කාය පත්තං පරිහරිතුං. සො සඞ්ඝං දණ්ඩසික්කාසම්මතිං යාචති. සඞ්ඝො ඉත්ථන්නාමස්ස භික්ඛුනො දණ්ඩසික්කාසම්මතිං දෙති. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස භික්ඛුනො දණ්ඩසික්කාසම්මුතියා දානං, සො තුණ්හ’ස්ස. යස්ස නක්ඛමති සො භාසෙය්ය. දින්නා සඞ්ඝෙන ඉත්ථන්නාමස්ස භික්ඛුනො දණ්ඩසික්කාසම්මුති. ඛමති සඞ්ඝස්ස තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJT“වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. මේ මෙනම් මහණ තෙමේ ගිලන් යැ. දණ්ඩක් නැති ව ඇවිදින්නට නො හැකි යැ. සාල්ලක් නැති ව පාත්‍රය පරිහරණය කරන්නට නො හැකිය. හේ සබඝයාගෙන් දණ්ඩසික්කාසම්මතිය ඉල්ලයි. සඞ්ඝ තෙමේ මෙනම් මහණහට දණ්ඩසික්කාසම්මතිය දෙයි. මෙනම් මහණහට දණ්ඩසික්කාසම්මතිය දීම යම් ආයුෂ්මතක්හට රිසියේ ද හේ නිහඬ වේවා. යමකුහට නො රිසියේ නම් හේ කියාවා. සඞ්ඝයා විසින් මෙනම් මහණහට දණ්ඩසික්කාසම්මතිය දෙන ලදු, එය සඞ්ඝයාට රිසියෙයි, එහෙයින් නිහඬ ය. මෙසේ මෙ කරුණ දරමි (සිතමි)” යනු යැ.
Pali BJT112. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු රොමන්ථකො{1} හොති{2} සො රොමන්ථිත්වා රොමන්ථිත්වා{3} අජ්ඣොහරති. භික්ඛූ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “විකාලෙ’යං භික්ඛු භොජනං භුඤ්ජතී”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT112. එ සමයෙහි වනාහි එක්තරා මහණෙක් වැළැඳූ බොජුන් වමාරන්නේ වෙයි. හේ වමාර වමාරා ගිලියි. “මේ මහණ විකාලයෙහි බොජුන් වළඳා”යහැ යි භික්‍ෂූහු ඔහුට අවඥා කෙරෙත්: අගුණ කියත්; දොස් පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“එසො භික්ඛවෙ භික්ඛු අචිරං ගොයොනියා චුතො. අනුජානාමි භික්ඛවෙ රොමන්ථකස්ස රොමන්ථනං. න ච භික්ඛවෙ බහි මුඛවාරං නීහරිත්වා අජ්ඣොහරිතබ්බං. යො අජ්ඣොහරෙය්ය යථා ධම්මො කාරෙතබ්බො”ති.
Sinhala BJT“මහණෙනි, මේ මහණ නොබෝ කල්හි (මෑතදී) ගවයෝනියෙන් වුත විය. මහණෙනි, (පියෙවියෙන්) වමාරන්නාහට ඒ වැමෑරීම අනුදනිමි. මහණෙනි, එතෙකුදු වුවත් මුවදොරින් (උගුරෙන්) පිටත, නික්මවා නැවැත නොගිලියැයුතු. යමෙක් එසේ ගිලින්නේ නම් ඔහුට ධර්‍මය වූ පරිදි (විකාල හොජනය වැළැඳීමට කළයුතු පරිදි) ඔහුට කළයුතු යැ” යි වදාළ සේක.
Pali BJT113. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස පූගස්ස සඞ්ඝභත්තං හොති. භත්තග්ගෙ බහූ සිත්ථානි විප්පකිරීයිංසු{1}. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම සමණා සක්යපුත්තියා ඔදනෙ දීයමානෙ න සක්කච්චං පටිග්ගහෙස්සන්ති. එකමෙකං සිත්ථං කම්මසතෙන නිට්ඨායතී”ති. අස්සොසුං ඛො භික්ඛූ තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ යං දීයමානං පතති තං සාමං ගහෙත්වා පරිභුඤ්ජිතුං. පරිච්චත්තං තං භික්ඛවෙ දායකෙහී”ති.
Sinhala BJT113. එ සමයෙහි එක්තරා සමූහයකගේ සඟබතෙක් වෙයි. බොජුන් හලෙහි බොහෝ බත්තුළු විසිරිණ. “කෙසේ නම් ශාක්‍යපුත්‍රීය ශුමණයෝ බත් දෙනු ලබන කල්හි සකසා නොපිළි ගන්නාහු ද, එකි එකී බත්හුළෙක් කර්‍ම සියයෙකින් නිමවේ{1}” යැයි මිනිස්සු අවඥා කරත්, නොගුණ කියත්, දොස් පතුරුවත්. අවඥා කරන, නොගුණ කියන, දොස් පතුරුවන ඒ මිනිසුන් ගේ කථාව භික්‍ෂූහු ඇසූහ. ඉක්බිත්තෙන් භික්‍ෂූහු මෙ පවත් භාග්‍යවතුන් වහන්සේට සැලකළාහ. (භාග්‍යවතුන් වහන්සේ) “මහණෙනි, දෙනු ලබන යමක් වැටෙන්නේ නම්, එය තමන් ම ගෙන පරිභෝග කරන්නට අනුදනිමි. එය දායකයන් විසින් පරිත්‍යක්ත එකෙකැ” යි වදාළසේක.
Pali BJT114. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු දීඝෙහි නඛෙහි පිණ්ඩාය චරති. අඤ්ඤතරා ඉත්ථී පස්සිත්වා තං භික්ඛුං එතදවොච: “එහි භන්තෙ මෙථුනං ධම්මං පටිසෙවා”ති.
Sinhala BJT114. එ සමයෙහි එක්තරා මහණෙක් දික් නියවලින් යුතු ව පිඬු පිණිස හැසිරෙයි. එක්තරා ස්ත්‍රියක් එ මහණ දැක “වහන්ස, එන්න, මෙවුන් දම් සෙවිනු මැනැවැ” යි කීවා ය.
Pali BJT“අලං භගිනි, නෙතං කප්පතී”ති.
Sinhala BJTමහණ තෙම “බිහිනිය, කම් නැත. එය (අපට) කැප නො වේ” යැ යි කීය.
Pali BJT“සචෙ ඛො ත්වං භන්තෙ න පටිසෙවිස්සසි, ඉදානාහං අත්තනො නඛෙහි ගත්තානි විලිඛිත්වා කුප්පං කරිස්සාමි ‘අයං මං භික්ඛු විප්පකරොතී’ති.
Sinhala BJT“වහන්ස, ඉදින් ඔබ මෙවුන් දම් නො සෙවින්නාහු නම්, දැන් මම සිය නියවලින් සිරුරැ අවයව සූරාගෙන ‘මේ මහණ මට හිරිහැර කෙරේ’ යැ යි හඬ නඟන්නෙමි” යි ඕ කීවාය.
Pali BJT“පජානාසි ත්වං භගිනී”ති.
Sinhala BJT“බිහිනිය, තෝ ම එය දැන ගන්නෙහි”යැ යි මහණ කීය.
Pali BJTඅථ ඛො සා ඉත්ථී අත්තනො නඛෙහි ගත්තානි විලිඛිත්වා කුප්පං අකාසි: “අයං මං භික්ඛු විප්පකරොතී”ති.
Sinhala BJTඑවිට ඒ ස්ත්‍රී තමාගේ නියවලින් ශරීරාවයව සූරා ගෙන “මේ මහණ මට හිරිහැර කෙරේ යැ” යි හඬ නැඟුවාය.
Pali BJTමනුස්සා උපධාවිත්වා තං භික්ඛුං අග්ගහෙසුං. අද්දසාසුං ඛො තෙ මනුස්සා තස්සා ඉත්ථියා නඛෙසු ඡවිම්පි ලොහිතම්පි. දිස්වාන ‘ඉමිස්සායෙව ඉත්ථියා ඉදං කම්මං, අකාරකො භික්ඛූ’ති තං භික්ඛුං මුඤ්චිංසු.
Sinhala BJTමිනිස්සු එ තැනට දිවගොස් ඒ මහණ අල්ලා ගත්හ. ඒ මිනිස්සු ඒ ස්ත්‍රියගේ නියවල සිවිය ද ලේ ද දුටුවාහ. දැක, “මෙය මේ ස්ත්‍රියගේ ම ක්‍රියාවෙක, මේ මහණ වරදකරු නොවේ”යැ යි කියා එ මහණහු මුදාලුහ.
Pali BJTඅථ ඛො සො භික්ඛු ආරාමං ගන්ත්වා භික්ඛූනං එතමත්ථං ආරොචෙසි.
Sinhala BJTඑකල්හි ඒ මහණ අරමට ගොස් භික්ෂූනට මෙ පවත් දැන්වීය.
Pali BJT“කිං පන ත්වං ආවුසො දීඝෙ නඛෙ ධාරෙසී”ති.
Sinhala BJT“කිමෙක් ද ආයුෂ්මත්නි, තෙපි දික් නිය දරුහු දැ?” යි එ මහණහු පුළුවුත්හ.
Pali BJT“එවමාවුසො”ති.
Sinhala BJT“එසේ ය, ඇවැත්නි”යි ඒ මහණ කී ය.
Pali BJTයෙ තෙ භික්ඛූ අප්පිච්ඡා සන්තුට්ඨා ලජ්ජිනො කුක්කුච්චකා සික්ඛාකාමා තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛු දීඝෙ නඛෙ ධාරෙස්සන්තී”ති.
Sinhala BJTයම් මහණ කෙනෙක් අල්පෙච්ඡ ද ලද පමණින් සතුටු වන්නෝ ද, ලජජීහු ද, කුකුස් කරන්නෝද, ශික්ෂාකාමිහු ද, ඔහු “කෙසේ නම් මහණහු දික් නිය දරන්නාහු දැ’යි අවඥා කෙරෙත්, නුගුණ කියත්, දොස් පතුරුවත්.
Pali BJTඅථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTඉක්බිත්තෙන් ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළහ.
Pali BJT“න භික්ඛවෙ දීඝා නඛා ධාරෙතබ්බා. යො ධාරෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT“මහණෙනි, දික් නිය නො දැරිය යුතු. යමෙක් එය දරන්නේ නම් දුකුළා ඇවැත් වන්නේ යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJT115. තෙන ඛො පන සමයෙන භික්ඛූ නඛෙනපි නඛං ඡින්දන්ති, මුඛෙනපි නඛං ඡින්දන්ති, කුඩ්ඩෙපි නඛං ඝංසන්ති. අඞ්ගුලියො දුක්ඛා හොන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT115. එ සමයෙහි වනාහි මහණහු නියෙන් ද නිය සිඳිත්, මුවින් ද නිය සිඳිත්, බිත්තියෙහි ද නිය මදිත්, ඇඟිලි රිදුම් සහිත වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ නඛච්ඡෙදනන්ති”.
Sinhala BJT“මහණෙනි, නියසිඳුනාව අනුදනිමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJTසලොහිතං නඛං ඡින්දන්ති. අඞ්ගුලියො දුක්ඛා හොන්ති.
Sinhala BJTලේ සහිත කොට නිය සිඳිත්. ඇඟිලි රිදේ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ මංසප්පමාණෙන නඛං ඡින්දිතුන්ති”.
Sinhala BJT“මහණෙනි, මාංශප්‍රමාණයෙන් (නියළඟ මස ඉම් කොට) නිය සිඳින්නට අනුදනිමි” යි වදාළසේක.
Pali BJT116. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ වීසතිමට්ටං කාරාපෙන්ති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: ‘සෙය්යථාපි ගිහී කාමභොගිනො’ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT116. එ සමයෙහි සවැගි මහණහු විසි නිය ඔප මට්ටම් කරවත්. “කාමභෝගී ගිහියන් බඳුහ” යි මිනිස්සු අවඥා කෙරෙත්, නුගුණ කියත්, දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
Pali BJT“න භික්ඛවෙ වීසතිමට්ටං කාරාපෙතබ්බං. යො කාරාපෙය්ය ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ මලමත්තං අපකඩ්ඪිතුන්ති”.
Sinhala BJT“මහණෙනි, විසි නිය ඔප මට්ටම් නො කැරැවිය යුතු. යමෙක් එය කරවන්නේ නම්, දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, (නිය තුළ වූ) මල පමණක් බැහැර කරන්නට අනුදනිමි” යි වදාළසේක.
Pali BJT117. තෙන ඛො පන සමයෙන භික්ඛූනං කෙසා දීඝා හොන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT117. එ සමයෙහි මහණුන්ගේ කෙහෙ දික් වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
Pali BJT“උස්සහන්ති පන භික්ඛවෙ භික්ඛූ අඤ්ඤමඤ්ඤං කෙසෙ ඔරොපෙතුන්ති?”.
Sinhala BJT“මහණෙනි, භික්‍ෂුහු උනුන් කෙහෙ බාන්නට හැකි වෙත් ද?” යි අසා වදාළ සේක.
Pali BJT“උස්සහන්ති භගවා”ති.
Sinhala BJT“හැකි වෙත් වහන්සැ”යි භික්‍ෂූහු කීහ.
Pali BJTඅථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “අනුජානාමි භික්ඛවෙ ඛුරං ඛුරසිලං ඛුරසිපාටිකං නමතකං සබ්බං ඛුරභණ්ඩන්ති.”
Sinhala BJTඑකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කරුණෙහි ලා දැහැමි කතා කොට භික්‍ෂූන් බණවා, “මහණෙනි, කරකැත්ත ද කරගල ද කරකොපුව ද කරකැත්ත ඔතන රෙදි කඩ ද සියලු කර බඩු (ඉසකේ රවුළු බෑමට ඇවැසි සෙසු උපකරණ) ද අනුදනිමි” යි වදාළසේක.
Pali BJT118. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ මස්සුං කප්පාපෙන්ති, මස්සුං වඩ්ඪාපෙන්ති, ගොලොමිකං කාරාපෙන්ති. චතුරස්සකං කාරාපෙන්ති. පරිමුඛං කාරාපෙන්ති, අඩ්ඪුරකං කාරාපෙන්ති, දාඨිකං ඨපෙන්ති, සම්බාධෙ ලොමං සංහරාපෙන්ති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: ‘සෙය්යථාපි ගිහී කාමභොගිනො’ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT118. එ සමයෙහි සවැගි මහණහු (කතුරෙන්) රවුළ (අන්දම් තබා) කපවත්, රවුළ වඩවත්, (එළුරැවුළ සේ) දිගු කොට කපවත්, (උඩින් නලළ දෙ කෙළවර ද යැටින් හනු දෙපැත්තේ දැයි සතර කොන් ඉතිරි ව සිටුනා සේ) රවුළ සතරැස් කොට කපවත්, පපුවෙහි ලොම් බාවත්, බඩෙහි ලොම්වැටිය තබා සෙසු තන්හි ලොම් බාවත්, දැළි රවුළ තබත්. සම්බාධ ස්ථානයෙහි, පුරිස්නිමිති පෙදෙස දෙකිසිලි යන තන්හි) ලොම් බාවත්. “කාමභෝගී ගිහියන් බඳුහ” යි මිනිස්සු අවමන් කෙරෙත්, නුගුණ කියත්; දොස් පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
Pali BJT“න භික්ඛවෙ මස්සු කප්පාපෙතබ්බං, න මස්සු වඩ්ඪාපෙතබ්බං, න ගොලොමිකං කාරාපෙතබ්බං, න චතුරස්සකං කාරාපෙතබ්බං, න පරිමුඛං කාරාපෙතබ්බං, න අඩ්ඪුරකං කාරාපෙතබ්බං, න දාඨිකා ඨපෙතබ්බා න සම්බාධෙ ලොමං සංහරාපෙතබ්බං. යො සංහරාපෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT“මහණෙනි, රවුළ (අන්දම් තබා) නො කැප්විය යුතු, රවුළ නො වැඩිය යුතු, රවුළ (එළුරවුළු සේ) දික් කොට නො කැප්පිය යුතු; රවුළු සතරැස් කොට නො කැප්වියයුතු, පපුවේ ලොම් නො බෑවියයුතු, බඩෙහි ලොම් වැටිය තබා සෙසු තන්හි ලොම් නොබෑවියයුතු, දැළි රවුළු නො තැබියයුතු සම්බාධ ස්ථානයෙහි ලොම් නො බෑවියයුතු. යමෙක් එසේ කෙළේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය.” යනු යැ.
Pali BJT119. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො සම්බාධෙ වණො හොති. භෙසජ්ජං න සන්තිට්ඨති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT119. එ සමයෙහි එක්තරා මහණකුට සම්බාධස්ථානයෙක වණයෙක් වෙයි. බෙහෙත් එහි නො සිටී (නොරැඳෙයි.) භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJTඅනුජානාමි භික්ඛවෙ ආබාධප්පච්චයා සම්බාධෙ ලොමං සංහරාපෙතුන්ති.”
Sinhala BJT“මහණෙනි, ආබාධ ප්‍රත්‍යයයෙන් එ තන්හි ලෙඩක් ඇති කල්හි සම්බාධස්ථානයෙහි ලොම් බාවන්නට අනුදනිමි” යි වදාළ සේක.
Pali BJT120. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ කත්තරිකාය කෙසෙ ඡෙදාපෙන්ති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “සෙය්යථාපි ගිහී කාමභොගිනො”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT120. එ සමයෙහි සවැගි මහණහු කතුරෙන් කෙස් සිඳුවත්. “කාමභෝගී ගිහියන් බඳුහ” යි මිනිස්සු අවමන් කෙරෙත්, නුගුණ කියත්, දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළහ.
Pali BJT“න භික්ඛවෙ කත්තරිකාය කෙසා ඡෙදාපෙතබ්බා. යො ඡෙදාපෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT“මහණෙනි, කතුරෙන් කෙස් නො සිඳවිය යුතු. යමෙක් සිදැවී නම් දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
Pali BJT121. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො සීසෙ වණො හොති, න සක්කොති ඛුරෙන කෙසෙ ඔරොපෙතුං. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT121. එ සමයෙහි එක්තරා මහණක්හුගේ හිසෙහි වණයෙක් වේ. කරකැත්තෙන් කෙස් බහවන්නට නො හැක්කේය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ ආබාධප්පච්චයා කත්තරිකාය කෙසෙ ඡෙදාපෙතුන්ති.”
Sinhala BJT“මහණෙනි, ආබාධ ප්‍රත්‍යයයෙන් කතුරෙන් කෙහෙ සිඳුවන්නට අනුදනිමි” යි වදාළ සේක.
Pali BJT122. තෙන ඛො පන සමයෙන භික්ඛූ දීඝානි නාසිකාලොමානි ධාරෙන්ති, මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: ‘සෙය්යථාපි පිසාචිල්ලිකා’ති, භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT122. එ සමයෙහි මහණහු දික් නාසිකා ලෝම දරත්, “පිශාච දරුවන් බඳුහ” යි මිනිස්සු අවමන් කෙරෙත්, නුගුණ කියත්, දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“න භික්ඛවෙ දීඝං නාසිකාලොමං ධාරෙතබ්බං, යො ධාරෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT“මහණෙනි, නැහැයෙහි දික් ලොම් නො දැරියයුතු. යමෙක් දරන්නේ නම් දුකුළා ඇවැත් වන්නේය” යි වදාළසේක.
Pali BJT123. තෙන ඛො පන සමයෙන භික්ඛූ සක්ඛරිකායපි මධුසිත්ථකෙනපි නාසිකාලොමං ගාහාපෙන්ති. නාසිකා දුක්ඛා හොන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT123. එ සමයෙහි මහණහු ගල්කැටින් ද මී ඉටියෙන් ද නැහැ ලොම් ගන්වත් (ගළවවත්.) නාසිකාවෝ රිදෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ සණ්ඩාසන්ති.”
Sinhala BJT“මහණෙනි, අඬුව අනුදනිමි” යි වදාළසේක.
Pali BJTතෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ පලිතං ගාහාපෙන්ති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “සෙය්යථාපි ගිහී කාමභොගිනො”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTඑ සමයෙහි සවැගි මහණහු නරකෙස් ගන්වත් (උදුරවත්) “කාමභෝගී ගිහියන් බඳුවහ” යි මිනිස්සු අවමන් කරත්, නුගුණ කියත්, දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළහ.
Pali BJT“න භික්ඛවෙ පලිතං ගාහාපෙතබ්බං. යො ගාහාපෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT“මහණෙනි, නරකෙස් නො ගැන්වියයුතු (නො ඉදිරැවියයුතු) යමෙක් ගන්වන්නේ නම් (උදුරවන්නේ නම්) දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
Pali BJT124. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො කණ්ණගූථකෙහි කණ්ණා ථකිතා හොන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT124. එක් සමයෙක එක්තරා මහණකුගේ කන් කන්මලින් වැසුණේ වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ කණ්ණමලහරණින්ති.”
Sinhala BJT“මහණෙනි, කන්මල හරනාව (කන්හැන්ද) අනුදනිමි” යි වදාළ සේක.
Pali BJTතෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ උච්චාවචා කණ්ණමලහරණියො ධාරෙන්ති සොවණ්ණමයං රූපියමයං. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: ‘සෙය්යථාපි ගිහී කාමභොගිනො’ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTඑ සමයෙහි සවැගි මහණහු රන්මුවා ද රිදීමුවාද කුදු මහත් කන්හැඳි දරත්. “කාමභෝගී ගිහියන් බඳුවහ” යි මිනිස්සු අවමන් කරත්, නුගුණ කියත්, දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“න භික්ඛවෙ උච්චාවචා කණ්ණමලහරණියො ධාරෙතබ්බා. යො ධාරෙය්ය ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ අට්ඨිමයං දන්තමයං විසාණමයං නළමයං වෙළුමයං කට්ඨමයං ජතුමයං ඵලමයං ලොහමයං සඞ්ඛනාභිමයන්ති.”
Sinhala BJT“මහණෙනි, රන්මුවා ආදි කුදුමහත් කන්හැඳි නො දැරියයුතු. යමෙක් දරන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, “ඇටමුවා දත්මුවා අංමුවා නළමුවා හුනමුවා ලීමුවා ලහමුවා පලමුවා ලොහොමුවා සක්නැබමුවා කන්හැඳි දරන්නට අනුදනිමි” යි වදාළසේක.
Pali BJT125. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ බහුං ලොහභණ්ඩ - කංසභණ්ඩ - සන්නිචයං කරොන්ති. මනුස්සා විහාරචාරිකං ආහිණ්ඩන්තා පස්සිත්වා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම සමණා සක්යපුත්තියා බහුං ලොහභණ්ඩ-කංසභණ්ඩ-සන්නිචයං කරිස්සන්ති සෙය්යථාපි කංසපත්ථරිකා”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT125. එ සමයෙහි සවැගි මහණහු බොහෝ ලොහො බඩු කස් බඩු (ඊයම් හා තඹ මිශු කොට තැනු) ලෝහයෙන් කළ (බඩු) රැස් කරති. මිනිස්සු විහාරවාරිකාව කරන්නාහු ඒ දැක, ශාක්‍යපුත්‍රීය ශ්‍රමණයෝ ලොහො බඩු වෙළෙන්දන් සේ කෙසේ නම් ලොහො බඩු කස්බඩු රැස් කෙරෙත් දැ? යි අවමන් කෙරෙත්, නුගුණ කියත්, දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“න භික්ඛවෙ ලොහභණ්ඩ-කංසභණ්ඩ-සන්නිචයො කාතබ්බො. යො කරෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT“මහණෙනි, ලොහොබඩු කස්බඩු නො රැස් කළයුතු. යමෙක් කරන්නේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
Pali BJTතෙන ඛො පන සමයෙන භික්ඛූ අඤ්ජනිම්පි අඤ්ජනිසලාකම්පි කණ්ණමලහරණිම්පි බන්ධනමත්තම්පි කුක්කුච්චායන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTඑ සමයෙහි මහණහු අඳුන්නළ ද අඳුන් කුරු ද කන්හැඳි ද (වෑ ආදියේ) මිටු ද දැරීමෙහි කුකුස් කරත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ අඤ්ජනිං අඤ්ජනිසලාකං කණ්ණමලහරණිං බන්ධනමත්තන්ති.”
Sinhala BJT“මහණෙනි, අඳුන් නළය ද අඳුන් කුර ද කන්හැන්ද ද වෑ ආදියට මිට ද අනුදනිමි” යි වදාළසේක.
Pali BJT126. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ සඞ්ඝාටිපල්ලත්ථිකාය නිසීදන්ති. සඞ්ඝාටියා පත්තා ලුජ්ජන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT126. එ සමයෙහි සවැගි මහණහු චීවර පල්ලත්‍ථිකායෙන් හිඳිත්, සඟළසිවුරේ පත් (වාටි) පලුදු වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් දැන්වූහ.
Pali BJT“න භික්ඛවෙ සඞ්ඝාටිපල්ලත්ථිකාය නිසීදිතබ්බං. යො නිසීදෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT“මහණෙනි, සංඝාටි පල්ලත්‍ථිකායෙන් නො හින්දැයුතු යමෙක් එසේ ඉඳින්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
Pali BJTතෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු ගිලානො හොති. තස්ස විනා ආයොගා{1} න ඵාසු හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTඑ සමයෙහි එක්තරා මහණෙක් ගිලන් වෙයි. ඔහුට ආයොගපට නැති වැ පහසු නොවේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ ආයොගන්ති.”
Sinhala BJT“මහණෙනි, ආයොගපට අනුදනිමි” යි වදාළසේක.
Pali BJTඅථ ඛො භික්ඛූනං එතදහොසි: ‘කථන්නු ඛො ආයොගො චෙතබ්බො’ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTඑ කල්හි මහණුනට “ආයොගපට කෙසේ නම් වියැයුතු ද?’ යි මේ සිත විය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ තන්තකං වෙමකං වට්ටං{1} සලාකං සබ්බං තන්තභණ්ඩකන්ති.”.
Sinhala BJT“මහණෙනි, හු ඔතන දණ්ඩ ද වියන දණ්ඩ ද වට ලීය ද නඩාව ද සියලු වියන උපකරණ ද අනුදනිමි” යි වදාළ සේක.
Pali BJT127. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු අකායබන්ධනො ගාමං පිණ්ඩාය පාවිසි. තස්ස රථිකාය අන්තරවාසකො භස්සිත්ථ{2}. මනුස්සා උක්කුට්ඨිං අකංසු. සො භික්ඛු මඞ්කු අහොසි. අථ ඛො සො භික්ඛු ආරාමං ගන්ත්වා භික්ඛූනං එතමත්ථං ආරොචෙසි. භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT127. එ සමයෙහි එක්තරා මහණෙක් කාබහන නැති ව ගමට පිඬු පිණිස පිවිසියේ ය. වීදියේදී ඔහුගේ හඳනය ගිලිහී වැටුණේ ය. මිනිස්සු ඔල්වර හඬ දුන්හ. ඒ මහණ නිසෙතජසක විය. ඉක්බිති එ මහණ අරම් ගොස් මහණුනට මෙ පවත් සැලකළහ. මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“න භික්ඛවෙ අකායබන්ධනෙන ගාමො පවිසිතබ්බො. යො පවිසෙය්ය ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ කායබන්ධනන්ති.”
Sinhala BJT“මහණෙනි, කාබහන නැති ව ගමට නො පිවිසියයුතු. යමෙක් පිවිසෙන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි කාබහන අනුදනිමි” යි වදාළ සේක.
Pali BJT128. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ උච්චාවචානි කායබන්ධනානි ධාරෙන්ති: කලාබුකං දෙඩ්ඩුභකං මුරජං මද්දවීණං. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: සෙය්යථාපි ගිහී කාමභොගිනො”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT128. එ සමයෙහි සවැගි මහණහු බොහෝ රැහැන් ඇති කාබහන දියබරණ හිසක් බඳු සටහන් ඇති කාබහන මිහිඟු බෙර වැටියක් කොට වෙළු සේ කාබහන හවඩියක් බඳු කොට ගෙතූ කාබහන දැයි කුදු මහත් කාබහන් දරත්. කාමභෝගී ගිහියන් බඳුවහ’ යි මිනිස්සු අවමන් කරත්, නො ගුණ කියත්, දොස් පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“න භික්ඛවෙ උච්චාවචානි කායබන්ධනානි ධාරෙතබ්බානි: කලාබුකං දෙඩ්ඩුභකං මුරජං මද්දවීණං. යො ධාරෙය්ය ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ ද්වෙ කායබන්ධනානි පට්ටිකං සූකරන්තකන්ති.
Sinhala BJT“මහණෙනි, බොහෝ රැහැන් ඇති කාබහන ද දියබරණ හිස් බඳු සටහන් ඇති කොට වියූ කාබහන ද මිහිඟු බෙරවැටියක් සේ කොට වෙළා සෑදු කාබහන ද හවඩියක් බඳු කාබහන දැ යි යන කුදු මහත් කාබහන් නො දැරියයුතු, යමෙක් දරන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, පට්ටිකාව ද සූකරන්තකය ද යන කාබහන දෙක අනුදනිමි” යි වදාළ සේක.
Pali BJTකායබන්ධනස්ස දසා ජීරන්ති. “අනුජානාමි භික්ඛවෙ මුරජං මද්දවීණන්ති.”
Sinhala BJTකාබහෙන් දහවලු දිරයි. “මහණෙනි, මිහිඟු බෙර වැටියක් සේ වෙළා සැදූ කාබහන ද හවඩියක් වැනි පටිය ද අනුදනිමි” යි වදාළ සේක.
Pali BJTකායබන්ධනස්ස අන්තො ජීරති. “අනුජානාමි භික්ඛවෙ සොභකං ගුණකන්ති.”
Sinhala BJTකාබහනේ කෙළවර දිරයි. “මහණෙනි, වෙළා මුවවිට මැඩීම ද මිහිඟුබෙර වැටියෙක සටහනින් විවීම ද අනුදනිමි” යි වදාළ සේක.