Cullavagga

Lesser Division

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1601-1700 න් 3845

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT52. තෙන ඛො පන සමයෙන භික්ඛූ ඡත්තෙ පත්තං නික්ඛිපන්ති. වාතමණ්ඩලිකාය ඡත්තං උක්ඛිපීයති. පරිපතිත්වා පත්තො භිජ්ජති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT52. එ සමයෙහි මහණහු ඡත්‍රයෙහි පාත්‍රය තබත්. සුළි හුළඟින් ඡත්‍රය එසැවෙයි. පාත්‍රය වැටී බිඳෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
Pali BJT“න භික්ඛවෙ, ඡත්තෙ පත්තො නික්ඛිපිතබ්බො. යො නික්ඛිපෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT“මහණෙනි, ඡත්‍රයෙහි පාත්‍රය නො තැබියයුතු. යමෙක් තබන්නේ ද ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
Pali BJT53. තෙන ඛො පන සමයෙන භික්ඛූ පත්තහත්ථා කවාටං පණාමෙන්ති. කවාටො ආවට්ටිත්වා පත්තො භිජ්ජති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT53. එ සමයෙහි මහණහු පාත්‍රය ගත් අතැත්තාහු කවුළුව අරිත්. කවුළුව පෙරැළී ඊමෙන් පාත්‍රය. බිඳෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“න භික්ඛවෙ, පත්තහත්ථෙන කවාටො පණාමෙතබ්බො. යො පණාමෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT“මහණෙනි, පාත්‍රය ගත් අතැතියනු විසින් කවුළුව නො ඇරිය යුතු. යමෙක් අරින්නේ ද ඔහුට දුකුළා ඇවැත් වේ” යැ යි වදාළ සේක.
Pali BJT54. තෙන ඛො පන සමයෙන භික්ඛූ තුම්බකටාහෙ පිණ්ඩාය චරන්ති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති ‘සෙය්යථාපි තිත්ථියා’ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT54. එ සමයෙහි මහණහු ලබු කබලෙන් (ලබු කබලක් අතැති වැ) පිඬු පිණිස හැසිරෙත්. මිනිස්සු ‘තීර්‍ත්‍ථකයන් බඳුහ’යි ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
Pali BJT“න භික්ඛවෙ, තුම්බකටාහෙ පිණ්ඩාය චරිතබ්බං. යො චරෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT“මහණෙනි, ලබුකබලෙන් පිඬුසිඟා නො හැසිරිය යුතු. යමෙක් හැසිරෙන්නේ ද ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක
Pali BJT55. තෙන ඛො පන සමයෙන භික්ඛූ ඝටිකටාහෙ පිණ්ඩාය චරන්ති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: සෙය්යථාපි තිත්ථියා’ති. භගවතො එතමත්ථං ආරොචෙසුං -පෙ-
Sinhala BJT55. එ සමයෙහි මහණහු ඝටිකටාහයෙන් (කළ කබලක් ගෙන) පිඬු පිණිස හැසිරෙත්. ‘තීර්‍ත්‍ථකයන් බඳුහ’ යි මිනිස්සු ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. ...
Pali BJT“න භික්ඛවෙ, ඝටිකටාහෙ පිණ්ඩාය චරිතබ්බං, යො චරෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT“මහණෙනි, ඝටිකටාහයෙන් (කළ කබලෙහි) පිඬු පිණිස නො හැසිරියයුතු. යමෙක් හැසිරෙන්නේ වී නම් දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
Pali BJT56. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු සබ්බපංසුකූලිකො හොති. සො ඡවසීසස්ස පත්තං ධාරෙති, අඤ්ඤතරා ඉත්ථී පස්සිත්වා භීතා විස්සරමකාසි ‘අබ්භුං මෙ, පිසාචො වතායන්ති’. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති, ‘කථං හි නාම සමණා සක්යපුත්තියා ඡවසීසස්ස පත්තං ධාරෙස්සන්ති, සෙය්යථාපි පිසාචිල්ලිකා’ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT56. එ සමයෙහි වනාහි එක්තරා මහණෙක් හැම පිරිකරින් ම පාංශුකූලික වෙයි. (හැම පිරිකරක් ම පාංශුකූල වශයෙන් සොයා ගත් දැයින් සකස් කොට ගෙන දරන්නේ වෙයි.) හෙතෙම මිනීහිස් කබලකින් කළ පාත්‍රයක් දරයි. එක්තරා ස්ත්‍රියක් ඔහු දැක බිය පත් වූවා, ‘මට විපතෙක, ඒකාන්තයෙන් මේ පිශාචයෙකැ’ යි කෑගැසූ ය. ‘කෙසේ නම් ශාක්‍යපුත්‍රික ශ්‍රමණයෝ පිසස් පැටියන් සේ මිනීහිසින් කළ පාත්‍රයක් දරත් දැ” යි ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළහ. ...
Pali BJT“න භික්ඛවෙ, ඡවසීසස්ස පත්තො ධාරෙතබ්බො. යො ධාරෙය්ය ආපත්ති දුක්කටස්ස. න ච භික්ඛවෙ, සබ්බපංසුකූලිකෙන භවිතබ්බං. යො භවෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT“මහණෙනි, මිනීහිසින් කළ පාත්‍රයක් නො දැරියයුතු. යමෙක් දරන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
Pali BJT57. තෙන ඛො පන සමයෙන භික්ඛූ චලකානිපි අට්ඨිකානිපි උච්ඡිට්ඨොදකම්පි පත්තෙන නීහරන්ති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති ‘යස්මිං යෙවිමෙ සමණා සක්යපුත්තියා භුඤ්ජන්ති සොව නෙසං පටිග්ගහොති’. භගවතො එතමත්ථං ආරොචෙසුං -පෙ-
Sinhala BJT57. එ සමයෙහි වනාහි මහණහු (විකා දැමූ) සප ද ඇට කටු ද ඉඳුල්දිය ද පාත්‍රයෙන් ගෙන ගොස් ඉවත ලත්. ‘මේ ශාක්‍යපුත්‍රික මහණහු යම් පාත්‍රයෙක ම වළඳත් ද එය ම ඔවුන් කුණු දමන බඳුන වේ යැ’ යි මිනිස්සු ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. ...
Pali BJT“න භික්ඛවෙ, චලකානි වා අට්ඨිකානි වා උච්චිට්ඨොදකං වා පත්තෙන නීහරිතබ්බං. යො නීහරෙය්ය, ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ, පටිග්ගහ”න්ති.
Sinhala BJT“මහණෙනි, සප හෝ ඇට හෝ ඉඳුල්දිය හෝ පාත්‍රයෙන් ඉවතට ගෙන නො යායුතු. යමෙක් ගෙන යන්නේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, කුණු දමන්නට බඳුනක් අනුදනිමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJT58. තෙන ඛො පන සමයෙන භික්ඛූ හත්ථෙන විපාටෙත්වා චීවරං සිබ්බෙන්ති. චීවරං විලොමං හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT58. එ සමයෙහි මහණහු අතින් ඉරා සිවුරු මසත්. සිවුරු විලොම් (විසම) වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ, සත්ථකං නමතක”න්ති.
Sinhala BJT“මහණෙනි, පිහියක් ද පිහියට වැස්මක් ද අනුදනිමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJT59. තෙන ඛො පන සමයෙන සඞ්ඝස්ස දණ්ඩසත්ථකං උප්පන්නං හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT59. එ සමයෙහි වනාහි සංඝයාට දණ්ඩශස්ත්‍රකයෙක් (මීට සහිත පිහියක්) උපන්නේ වෙයි. භාග්‍යවතුන් වහන්සේට එපවත් සැල කළහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ, දණ්ඩසත්ථක”න්ති.
Sinhala BJT“මහණෙනි, දණ්ඩශස්ත්‍රකය (මිට සහිත පිහිය) අනුදනිමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJT60. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ උච්චාවචෙ සත්ථකදණ්ඩෙ ධාරෙන්ති සොවණ්ණමයං රූපියමයං. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: ‘සෙය්යථාපි ගිහී කාමභොගිනො’ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. -පෙ-
Sinhala BJT60. එ සමයෙහි සවග මහණහු රන්මුවා ද රිදීමුවා ද කුදු මහත් පිහියා මිටි දරත්. ‘කාමභෝගී ගිහියන් මෙනැ’ යි මිනිස්සු ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
Pali BJT“න භික්ඛවෙ, උච්චාවචා සත්ථකදණ්ඩා ධාරෙතබ්බා. යො ධාරෙය්ය ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ අට්ඨිමයං දන්තමයං විසාණමයං නළමයං වෙළුමයං කට්ඨමයං ජතුමයං ඵලමයං ලොහමයං සඞ්ඛනාභිමයන්ති.”
Sinhala BJT“මහණෙනි, කුදු මහත් පිහියා මිටි නො දැරියයුතු. යමෙක් දරන්නේ වී නම්, ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, ඇටමුවා, දත්මුවා, අංමුවා, බටදඬුමුවා, හුණදඬුමුවා, දඬුමුවා, ලහමුවා, පලමුවා, ලොහොමුවා, සක්නැබමුවා පිහියාමිටි අනුදනිමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
Pali BJT61. තෙන ඛො පන සමයෙන භික්ඛූ කුක්කුටපත්තෙන පි වෙළුපෙසිකාය පි චීවරං සිබ්බෙන්ති චීවරං දුස්සිබ්බිතං හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT61. එ සමයෙහි වනාහි මහණහු කුකුළු පිහාටුයෙන් ද උන පතුරෙන් කළ කූරෙන් ද සිවුරු මසත්. සිවුරු නොමනා ව මැසුණේ වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ, සූචික”න්ති.
Sinhala BJT“මහණෙනි, හිදිකටුව අනුදනිමි” යි (භාග්‍යවතුන් වහන්සේ) වදාළසේක.
Pali BJTසූචියො කණ්ණකිතායො හොන්ති.
Sinhala BJTහිදිකටු මල බැඳුණේ වෙයි.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ, සූචිනාළික”න්ති.
Sinhala BJT“මහණෙනි, හිදිකටුකුලාව අනුදනිමි” යි වදාළ සේක.
Pali BJTසූචිනාළිකායපි කණ්ණකිතායො හොන්ති.
Sinhala BJTහිදිකටුකුලායෙහි (බහාලන ලද්දාහු) ද මලබැඳුණාහු වෙත්.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ, කිණ්ණෙන පූරෙතු”න්ති.
Sinhala BJT“මහණෙනි, රාබිජු සුණුයෙන් පුරවන්නට අනුදනිමි” යි වදාළ සේක.
Pali BJTකිණ්ණෙපි කණ්ණකිතායො හොන්ති.
Sinhala BJTරාබිජු සුණුයෙන් පුරවන ලද්දාහු ද මල බැඳුණාහු වෙත්.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ, සත්තුයා පූරෙතු”න්ති.
Sinhala BJT“මහණෙනි, කහමුසු විළඳ සුණුයෙන් පුරවන්නට අනුදනිමි” යි වදාළ සේක.
Pali BJTසත්තුයාපි කණ්ණකිතායො හොන්ති.
Sinhala BJTකහමුසු විළඳ සුණුයෙන් (පුරාලන ලද්දාහු) ද මල බැඳුණාහු වෙත්.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ සරිතක”න්ති.
Sinhala BJT“මහණෙනි, ගල් කුඩුවලින් පුරවන්නට අනුදනිමි” යි වදාළ සේක.
Pali BJTසරිතකෙනපි කණ්ණකිතායො හොන්ති.
Sinhala BJTගල්කුඩුවලින් පුරවන ලද්දාහු ද මල බැඳුණාහු වෙත්.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ මධුසිත්ථකෙන සාරෙතු”න්ති.
Sinhala BJT“මීඉටියෙන් (තවරන්නට) අනුදනිමි” යි වදාළසේක.
Pali BJTසරිතකං පරිභිජ්ජති.
Sinhala BJTතවරන ලද මීඉටි ගැළැවී වැටෙයි.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ සරිතකසිපාටික”න්ති.
Sinhala BJT“මහණෙනි, මීඉටි ගෑ රෙදි කඩක් අනුදනිමි” යි වදාළසේක.
Pali BJT62. තෙන ඛො පන සමයෙන භික්ඛූ තත්ථ තත්ථ ඛිලං නිඛනිත්වා සම්බන්ධිත්වා චීවරං සිබ්බන්ති. චීවරං විකණ්ණං හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT62. එ සමයෙහි මහණහු ඒ ඒ තැන හුල් සිටුවා සම්බන්‍ධ කොට සිවුරු මසත්. සිවුරු විකර්ණ (සම නොවූ) කොන් ඇත්තේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ, කඨිනං, කඨිනරජ්ජුං. තත්ථ තත්ථ ඔබන්ධිත්වා චීවරං සිබ්බෙතුන්ති”.
Sinhala BJT“මහණෙනි, කඨිනය (සිවුරුහිණ) ද කඨින රැහැන (සිවුරුහිණෙහි බඳනා රැහැන) ද යන දෙකත් ඒවායේ ඒ ඒ තැනැ සිවුර නමා බැඳ මසන්නට අනුදනිමි” යි වදාළසේක.
Pali BJTවිසමෙ කඨිනං පත්ථරන්ති. කඨිනං පරිභිජ්ජති.
Sinhala BJTනො සම තන්හි සිවුරුහිණ තබත්. එය බිඳී වැටෙයි.
Pali BJT“න භික්ඛවෙ, විසමෙ කඨිනං පත්ථරිතබ්බං. යො පත්ථරෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT“මහණෙනි, නො සමවූ තැන සිවුරුහිණ නො තැබියයුතු. යමෙක් තබන්නේ නම් දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
Pali BJTඡමාය කඨිනං පත්ථරන්ති. කඨිනං පංසුකිතං හොති.
Sinhala BJTසිවුරුහිණ බිමැ තබත්. එය දුලියෙන් බැඳුණේ වෙයි.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ තිණසන්ථාරකන්ති”.
Sinhala BJT“මහණෙනි, තණඇතිරිය අනුදනිමි” යි වදාළ සේක.
Pali BJTකඨිනස්ස අන්තො ජීරති.
Sinhala BJTකඨිනයේ කොන් දිරයි.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ, අනුවාතං පරිභණ්ඩං ආරොපෙතුන්ති”.
Sinhala BJT“මහණෙනි, වාටියක් යොදා පිරිබඩ නංවන්නට අනුදනිමි” යි වදාළ සේක.
Pali BJTකඨිනං නප්පහොති.
Sinhala BJTසිවුරුහිණ නො පොහෝනේ වෙයි (මඳ වෙයි).
Pali BJT“අනුජානාමි භික්ඛවෙ, දණ්ඩකඨිනං විදලකං සලාකං විනන්ධනරජ්ජුං විනන්ධනසුත්තකං විනන්ධිත්වා චීවරං සිබ්බෙතුන්ති”.
Sinhala BJT“මහණෙනි, දණ්ඩකඨිනය ද සිවුරුහිණැ මැදට බඳනා දණ්ඩ ද විදලකය ද (දණ්ඩකඨිනයේ ප්‍රමාණය අනුව) කළාලයේ කොන් දෙක අකුළා දෙපට කිරීම ද, සලාකාව ද (දෙපට සිවුර මැදට දමන කූර ද) විනන්ධන රජ්ජුව ද, මහ සිවුරුහිණ හා කුඩා සිවුරුහිණ බඳනා රැහැන ද කුඩා සිවුරුහිණෙහි සිවුර බඳනා හුය ද එසේ බැඳ සිවුර මහන්නට ද අනුදනිමි” යි වදාළ සේක.
Pali BJTසුත්තන්තරිකායො විසමා හොන්ති.
Sinhala BJTසූත්‍රානතරිකාවෝ (හු අතරැ පෙදෙස්හු) විසම වෙත්. (සමාන ව නො සිටිත්).
Pali BJT“අනුජානාමි භික්ඛවෙ කලිම්බභකන්ති”.
Sinhala BJT“මහණෙනි, (අතර ප්‍රමාණය හඟවන) කිලිඹුවක් (තල්කොළ කැබැලි ආදි මිම්මක්) අනුදනිමි” යි වදාළ සේක.
Pali BJTසුත්තා වඞ්කා හොන්ති.
Sinhala BJTහු ඉරි ඇද වේ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ මොඝසුත්තකන්ති.”
Sinhala BJT“(සිවුර මසා අවසන් වූ පසු ගළවා දමන) බොරු හු ගැසීම අනුදනිමි” යි වදාළසේක.
Pali BJT63. තෙන ඛො පන සමයෙන භික්ඛූ අධොතෙහි පාදෙහි කඨිනං අක්කමන්ති. කඨිනං දුස්සති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT63. එ සමයෙහි මහණහු නො දෙවූ පයින් සිවුරුහිණ ඇක්මෙත්. සිවුරුහිණ දූෂ්‍ය වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“න භික්ඛවෙ අධොතෙහි පාදෙහි කඨිනං අක්කමිතබ්බං. යො අක්කමෙය්ය ආපත්ති දුක්කටස්සාති”.
Sinhala BJT“මහණෙනි, නොදෙවූ පයින් යුතු ව, සිවුරුහිණ නො ඇක්මියයුතු. යමෙක් ඇක්මෙන්නේ නම් (පා ගාන්නේ නම් දුකුළා ඇවැත් වන්නේය”.
Pali BJT64. තෙන ඛො පන සමයෙන භික්ඛූ අල්ලෙහි පාදෙහි කඨිනං අක්කමන්ති. කඨිනං දුස්සති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT64. එ සමයෙහි මහණහු තෙත් පයින් සිවුරුහිණ ඇක්මෙත්. සිවුරුහිණ දූෂ්‍ය වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“න භික්ඛවෙ අල්ලෙහි පාදෙහි කඨිනං අක්කමිතබ්බං. යො අක්කමෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT“මහණෙනි, තෙත් පයින් සිවුරුහිණ නො ඇක්මියැයුතු (පා නො ගැසිය යුතු). යමෙක් ඇක්මෙන්නේ නම් දුකුළා ඇවැත් වන්නේ ය”.
Pali BJT65. තෙන ඛො පන සමයෙන භික්ඛූ සඋපාහනා කඨිනං අක්කමන්ති. කඨිනං දුස්සති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT65. එ සමයෙහි මහණහු පාවහන් ඇත්තාහු සිවුරුහිණ ඇක්මෙත් (පාගත්). සිවුරුහිණ දූෂ්‍ය වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“න භික්ඛවෙ සඋපාහනෙන කඨිනං අක්කමිතබ්බං. යො අක්කමෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT“මහණෙනි, පාවහන් සහිත වූවහු විසින් සිවුරුහිණ නො ඇක්මියැයුතු, යමෙක් ඇක්මෙන්නේ ද දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
Pali BJT66. තෙන ඛො පන සමයෙන භික්ඛූ චීවරං සිබ්බෙන්තා අඞ්ගුලියා පටිගණ්හන්ති, අඞ්ගුලියො දුක්ඛා හොන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT66. එ සමයෙහි මහණහු සිවුරු මහන්නාහු හිදිමුව ඇඟිල්ලෙන් පිළිගනිත්. (ඉදිකටු මූණත ඇඟිල්ලෙන් ගෙන අදිත්) ඇඟිල්ලෝ රිදුම් ඇත්තෝ වෙත් (ඇඟිලි රිදේ). භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ පටිග්ගහන්ති”
Sinhala BJT“මහණෙනි, පිළිගාව (දිදාලය) අනුදනිමි” යි වදාළසේක.
Pali BJT67. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ උච්චාවචෙ පටිග්ගහොධාරෙන්ති සොවණ්ණමයං රූපීමයං. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති. ‘සෙය්යථාපි ගිහී කාමභොගිනො’ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT67. එ සමයෙහි සවග මහණහු රන්මුවා වූ ද රිදීමුවා වූ ද, කුදු මහත් පිළිගාවන් (දිදාල) දරත්. මිනිස්සු , “මොහු කාමභෝගී ගිහීන් බඳුවහ” යි ලාමක කොට සිතත්, නො ගුණ කියත්, දොස් කතා පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“න භික්ඛවෙ උච්චාවචා පටිග්ගහා ධාරෙතබ්බා. යො ධාරෙය්ය ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ අට්ඨිමයං දන්තමයං විසාණමයං නළමයං වෙළුමයං කට්ඨමයං ජතුමයං ඵලමයං ලොහමයං සඞ්ඛනාභිමයන්ති”.
Sinhala BJT“මහණෙනි, (රන්රිදීමුවා) කුදු මහත් පිළිගා (දිදාල) නො දැරිය යුතු. යමෙක් දරන්නේ නම් දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, ඇටින් කරන ලද, ඇත්දළ ඈ දළින් කරන ලද, අඟින් කරන ලද, ගෙඩිවල ලෙල්ලෙන් කරන ලද, ලෝහයෙන් කරන ලද සක්නැබින් කරන ලද පිළිගාව (දිදාලය) අනුදනිමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
Pali BJT68. තෙන ඛො පන සමයෙන සූචියොපි සත්ථකාපි පටිග්ගහාපි නස්සන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT68. එ සමයෙහි හිදිකටු ද පිහියා ද පිළිගාවෝ (දිදාල) ද නැසෙත් (නැති වෙත්). භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ ආවෙසනවිත්ථකන්ති”.
Sinhala BJT“මහණෙනි, ඇවිසුම් විතක් (ඉදිකටු කුලා ආදිය තබන කුඩා පෙට්ටියක් හෝ කොපුවක්) අනුදනිමි” යි වදාළසේක.
Pali BJTආවෙසනවිත්ථකෙ සමාකුලා හොන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTඇවිසුම්විතෙහි ඒ හිදිකුලා ආදීහු එකට අවුල්වූවාහු වෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ පටිග්ගහන්ති”.
Sinhala BJT“මහණෙනි, පිළිගාවට (දිදාලයට) පසුම්බියක් අනුදනිමි” යි වදාළසේක.
Pali BJTඅංසබද්ධකො න හොති.
Sinhala BJTපිළිගා පසුම්බියට උරබඳනාවෙක් (උරේ එල්ලා ගැනීමට පටියෙක්) නො වෙයි.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ අංසබද්ධකං බන්ධනසුත්තකන්ති”.
Sinhala BJT“මහණෙනි, උරබඳනාව ද බඳනා හුය ද අනුදනිමි” යි වදාළසේක.
Pali BJT69. තෙන ඛො පන සමයෙන භික්ඛූ අබ්භොකාසෙ චීවරං සිබ්බන්තා සීතෙනපි උණ්හෙනපි කිලමන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT69. එ සමයෙහි මහණහු එළිමහනෙහි (හිඳ සිවුරු මහන්නාහු ශීතයෙන් ද උෂ්ණයෙන් ද පෙළෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ, කඨිනසාලං කඨිනමණ්ඩපන්ති”.
Sinhala BJT“මහණෙනි, සිවුරුහිණ තබන්නට ශාලාවක් සිවුරුහිණට මඩුවක් අනුදනිමි” යි වදාළසේක.
Pali BJTකඨිනසාලා නීචවත්ථුකා හොති, උදකෙන ඔත්ථරියති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTසිවුරුහිණි හල (කඨින ශාලාව) මිටි බිමක් ඇත්තේ වෙයි. දියෙන් වැසෙයි (දියට යට වෙයි.) භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ උච්චවත්ථුකං කාතුන්ති”.
Sinhala BJT“මහණෙනි, සිවුරුහිණිහල උස් බිම් ඇතියක් කරන්නට (එහි බිම උස් කොට නංවන්නට) අනුදනිමි” යි වදාළසේක.
Pali BJTචයො පරිපතති.
Sinhala BJTඋස් කොට නඟන ලද බිමැ පස් ඇදහැළෙයි.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ චිනිතුං තයො චයෙ ඉට්ඨකාචයං සිලාචයං දාරුචයන්ති”.
Sinhala BJT“මහණෙනි, ගඩොළුයෙන් කළ බැඳුම ද ගලින් කළ බැඳුම ද ලීයෙන් කළ බැඳුම දැ යි බැඳුම් තුනක් අනුදනිමි” යි වදාළසේක.
Pali BJTආරොහන්තා විහඤ්ඤන්ති.
Sinhala BJTඋස් කොට බඳනා ලද බිමට නඟින්නාහු වෙහෙසෙත්.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ තයො සොපාණෙ ඉට්ඨකාසොපාණං සිලාසොපාණං දාරුසොපාණන්ති”.
Sinhala BJT“මහණෙනි, ගඩොළු හිණ (තරප්පුව) ගල්මුවා හිණ (තරප්පුව) දඬුමුවා හිණ (තරප්පුව) ද යනු තුන් හිණ අනුදනිමි” යි වදාළසේක.
Pali BJTආරොහන්තා පරිපතන්ති.
Sinhala BJTහිණෙහි නඟින්නාහු ඇද වැටෙත්.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ ආලම්බනබාහන්ති”.
Sinhala BJT“ගරාදි වැටක් අනුදනිමි” යි වදාළ සේක.
Pali BJTකඨිනසාලාය තිණචුණ්ණං පරිපතති. “අනුජානාමි භික්ඛවෙ ඔගුම්බෙත්වා උල්ලිත්තාවලිත්තං කාතුං සෙතවණ්ණං කාළවණ්ණං ගෙරුකපරිකම්මං මාලාකම්මං ලතාකම්මං මකරදන්තකං පඤ්චපටිකං චීවරවංසං චීවරරජ්ජුකන්ති”.
Sinhala BJTකඨින ශාලායෙහි තණරොඩු වැටෙයි. “මහණෙනි, ඝණ දඬු අතුරා පියස්ස තනා ඇතුළතත් පිටතත් සුදු පැහැ වූ හෝ කළු පැහැ වූ හෝ බදාම ආලේප කරන්නට ගුරු පැහැයෙන් පිරියම් හෝ කරන්නට, මාලාකර්‍ම ලතාකර්‍ම කරන්නට මෝර දැති හෝ අඳින්නට දෑහිඟුල් ඈ පස් පැහැයෙන් වණවත් කරන්නට ද අනුදනිමි. සිවුරු වනා තබන්නට දණ්ඩක් ද සිවුරු වනන්නට රැහැනක් ද අනුදනිමි” යි වදාළසේක.
Pali BJT70. තෙන ඛො පන සමයෙන භික්ඛූ චීවරං සිබ්බෙත්වා තත්ථෙව කඨිනං උජ්ඣිත්වා පක්කමන්ති. උන්දුරෙහි පි උපචිකාහි පි ඛජ්ජති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ කඨිනං සඞ්ඝරිතුන්ති”.
Sinhala BJT70. එ සමයෙහි මහණහු සිවුරු මසා සිවුරුහිණ එහි ම හැරදමා පිටත් වැ යෙත්, මීයන් විසින් ද වේයන් විසින් ද සිවුරුහිණ කනු ලැබෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJTකඨිනං පරිභිජ්ජති. “අනුජානාමි භික්ඛවෙ ගොඝංසිකාය කඨිනං සඞ්ඝරිතුන්ති”.
Sinhala BJT“මහණෙනි, සිවුරුහිණ අකුළා තබන්නට අනුදනිමි” යි වදාළසේක: සිවුරුහිණ බිඳීයයි. “මහණෙනි, දණ්ඩක් ඇතුළැ බහා තද කොට සිවුරුහිණ අකුළා තබන්නට අනුදනිමි” යි වදාළසේක.
Pali BJTකඨිනං විනිවෙඨියති. “අනුජානාමි භික්ඛවෙ බන්ධනරජ්ජුන්ති”.
Sinhala BJTසිවුරුහිණ ලිහෙයි. “මහණෙනි, බඳිනා රැහැනක් අනුදනිමි” යි වදාළ සේක.
Pali BJT71. තෙන ඛො පන සමයෙන භික්ඛූ කුඩ්ඩෙ පි ථම්භෙ පි කඨිනං උස්සාපෙත්වා පක්කමන්ති. පරිපතිත්වා කඨිනං භිජ්ජති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT71. එ සමයෙහි මහණහු බිත්තියෙක ද කණුවෙක ද සිවුරුහිණ ඔසොවා තබා නික්ම යෙත්. ඇද වැටී සිවුරුහිණ බිඳෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ භිත්තිඛීලෙ වා නාගදන්තෙ වා ලග්ගෙතුන්ති”.
Sinhala BJT“මහණෙනි, බිත්තියෙහි ගසන ලද හුලෙක හෝ ඇත් දතක් සේ බිත්තියෙහි සවි කළ උපකරණයෙක හෝ සිවුරුහිණ එල්ලා තබන්නට අනුදනිමි” යි වදාළසේක.
Pali BJT72. අථ ඛො භගවා රාජගහෙ යථාභිරන්තං විහරිත්වා යෙන වෙසාලී තෙන චාරිකං පක්කාමි. තෙන ඛො පන සමයෙන භික්ඛූ සූචිකම්පි සත්ථකම්පි භෙසජ්ජම්පි පත්තෙන ආදාය ගච්ඡන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT72. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවරැ කැමැති තාක් කල් වැස විසල්මහනුවරට සැරිසරා වැඩි සේක. එ සමයෙහි මහණහු හිදිකටුව ද පිහිය ද බෙහෙත් ද පාත්‍රයෙන් ගෙන යෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ, භෙසජ්ජත්ථවිකන්ති”.
Sinhala BJT“මහණෙනි, බෙහෙත් පසුම්බිය අනුදනිමි” යි වදාළසේක.
Pali BJTඅංසබද්ධකො න හොති.
Sinhala BJTඋරබඳනාවෙක් නො වෙයි.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ අංසබද්ධකං බන්ධනසුත්තකන්ති”.
Sinhala BJT“මහණෙනි, උරබඳනාව ද බඳනාහුය ද අනුදනිමි” යි වදාළසේක.
Pali BJT73. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු උපාහනායො කායබන්ධනෙන බන්ධිත්වා ගාමං පිණ්ඩාය පාවිසි. අඤ්ඤතරො උපාසකො තං භික්ඛුං අභිවාදෙන්තො උපාහනායො සීසෙන ඝට්ටෙසි. සො භික්ඛු මඞ්කූ අහොසි. අථ ඛො සො භික්ඛු ආරාමං ගන්ත්වා භික්ඛූනං එතමත්ථං ආරොචෙසි. භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT73. එ සමයෙහි එක්තරා මහණෙක් පාවහන් කාබහනින් (පටියෙන්) බැඳ එල්ලා ගෙන ගමට පිඬු පිණිස පිවිසියේය. එක්තරා උපාසකයෙක් එ මහණහට වඳිනුයේ පාවහන් හිසින් ගැටී ය. ඒ මහණ නිස්තේජස්ක විය. ඉක්බිති ඒ මහණ අරම් ගොස්, මහණුනට මෙ පවත් සැලකෙළේ ය. මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ උපාහනත්ථවිකන්ති”.
Sinhala BJT“මහණෙනි, උපාහනථවිකයක්, අනුදනිමි” යි වදාළසේක.
Pali BJTඅංසබද්ධකො න හොති.
Sinhala BJTඋරබඳනායෙක් නො වෙයි.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ අංසබද්ධකං බන්ධනසුත්තකන්ති”.
Sinhala BJT“මහණෙනි, උරබඳනාවක් ද බඳනා හුයක් ද අනුදනිමි” යි වදාළසේක.
Pali BJT74. තෙන ඛො පන සමයෙන අන්තරාමග්ගෙ උදකං අකප්පියං හොති. පරිස්සාවනං න හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ පරිස්සාවනන්ති”.
Sinhala BJT74. එ සමයෙහි වනාහි අතර මඟැ ජලය (පෙරා නැති බැවින්) නො කැප වෙයි. පෙරහනෙක් නො වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. “මහණෙනි, පෙරහන්කඩ අනුදනිමි” යි වදාළ සේක.
Pali BJTචොළකං නප්පහොති.
Sinhala BJTරෙදි කඩ නො පොහෝනේ වෙයි. (මදි වෙයි).
Pali BJT“අනුජානාමි භික්ඛවෙ කටච්ඡුපරිස්සාවනන්ති”. චොළකං නප්පහොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ ධම්මකරකන්ති”.
Sinhala BJT“මහණෙනි, කිණිසි පෙරහන අනුදනිමි” යි වදාළ සේක. එයට ද රෙදි කඩ මඳවෙයි. භාග්‍යවතුන් වහන්සේට , මෙ පවත් සැලකළාහ. “මහණෙනි, ඩබරාව අනුදනිමි” යි වදාළසේක.
Pali BJT75. තෙන ඛො පන සමයෙන ද්වෙ භික්ඛූ කොසලෙසු ජනපදෙසු අද්ධානමග්ගපටිපන්නා හොන්ති. එකො භික්ඛු අනාචාරං ආචරති. දුතියො භික්ඛු තං භික්ඛුං එතදවොච, ‘මා ආවුසො එවරූපං අකාසි. නෙතං කප්පතී’ති. සො තස්මිං උපනද්ධි{1}. අථ ඛො සො භික්ඛු පිපාසාය පීළිතො උපනද්ධං භික්ඛුං එතදවොච ‘දෙහි මෙ ආවුසො පරිස්සාවනං පානීයං පිවිස්සාමී’ති. උපනද්ධො භික්ඛු න අදාසි. සො භික්ඛු පිපාසාය පීළිතො කාලමකාසි. අථ ඛො සො භික්ඛු ආරාමං ගන්ත්වා භික්ඛූනං එතමත්ථං ආරොචෙසි. “කිම්පන ත්වං ආවුසො පරිස්සාවනං යාචියමානො න අදාසී”ති. ‘එවමාවුසො’ති. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා සන්තුට්ඨා ලජ්ජිනො කුක්කුච්චකා සික්ඛාකාමා තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති, ‘කථං හි නාම භික්ඛු පරිස්සාවනං යාචියමානො න දස්සතී’ති. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT75. එ සමයෙහි දෙමහණහු කෙනෙක් කොසොල් රටැ දික්මඟට පිළිපන්නාහු වෙත්. එක් මහණෙක් අනාචාර කෙරෙයි. (නො මනා ලෙස හැසිරෙයි). දෙවෙනි මහණ එකී මහණහට “ඇවැත්නි, මෙ බඳු දෑ නො කරන්න. මෙය කැප නො වේ යැ” යි කී ය. එ මහණ, වෛර බැන්දේ ය. එ කල්හි ඒ (පළමු) මහණ පවසින් පෙළුණේ වෙර බැඳි මහණහු බණවා, “ඇවැත්නි, ඔබගේ පෙරහන දෙන්න, පැන් බොනු කැමැත්තෙමි” යි කී ය. වෙර බැඳි මහණ එය නො දුන්නේ ය. ඒ පළමු මහණ පවසින් පෙළුණේ කලුරිය කෙළේය. එයින් පසු එ (දෙවෙනි) මහණ අරම් ගොස් මහණුනට මෙ පවත් සැලකෙළේය. “කිමෙක් ද ඇවැත්නි, තෙපි පෙරහන ඉල්ලනු ලබන්නහු නො දුන්නු දැ?” යි භික්‍ෂුහු ඇසූහ. “එසේ ය, ඇවැත්නි”යි හේ කී ය. අල්පෙච්ඡ වූ සන්තුෂ්ට වූ ලජ්ජීවූ සුළු වරදෙහි පවා කුකුස් කරන්නාවූ ශික්‍ෂාකාමී වූ යම් මහණ කෙනෙක් වෙත් ද ඔහු “කෙසේ නම් මහණෙක් පෙරහන ඉල්ලනු ලබනුයේ නො දෙන්නේ දැ?” යි ලාමක කොට සිතත්, අගුණ බෙණෙත්, නොගුණ පතුරුවත්, ඉක්බිති ඒ මහණහු මෙ පවත් භාග්‍යවතුන් වහන්සේට සැලකළාහ.
Pali BJTඅථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා තං භික්ඛුං පටිපුච්ඡි ‘සච්චං කිර ත්වං භික්ඛු පරිස්සාවනං යාචියමානො න අදාසී’ති. ‘සච්චං භගවා’. විගරහි බුද්ධො භගවා, ‘අනනුච්ඡවිකං මොඝපුරිස අනනුලොමිකං අප්පතිරූපං අස්සාමණකං අකප්පියං අකරණීයං, කථං හි නාම ත්වං මොඝපුරිස, පරිස්සාවනං යාචියමානො න දස්සසි? නෙතං මොඝපුරිස අප්පසන්නානං වා පසාදාය පසන්නානං වා භිය්යොභාවාය. අථ ඛ්වෙතං මොඝපුරිස අප්පසන්නානං චෙව අප්පසාදාය පසන්නානඤ්ච එකච්චානං අඤ්ඤථත්තායා’ති. විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි. “න භික්ඛවෙ, අද්ධානමග්ගප්පටිපන්නෙන භික්ඛුනා පරිස්සාවනං යාචියමානෙන න දාතබ්බං යො න දදෙය්ය ආපත්ති දුක්කටස්ස, න ච භික්ඛවෙ අපරිස්සාවනකෙන අද්ධානො පටිපජ්ජිතබ්බො. යො පටිපජ්ජෙය්ය ආපත්ති දුක්කටස්ස. සචෙ න හොති පරිස්සාවනං වා ධම්මකරණො වා සඞ්ඝාටිකණ්ණො පි අධිට්ඨාතබ්බො ඉමිනා පරිස්සාවෙත්වා පිවිස්සාමී”ති.
Sinhala BJTඑකලැ භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කරුණෙහි බික්සඟන රැස් කරවා, “සැබෑ ද, මහණ තෝ පෙරහන ඉල්ලනු ලබනුයෙහි නො දුන්නෙහි දැ?” යි ඒ මහණහු පුළුවුත්සේක. “භාග්‍යවතුන් වහන්ස සැබවැ” යි එ මහණ පිළිවදන් දුන. “හිස් පුරුෂය, මෙය නොනිසි ය. (මහණහට) නො ගැළැපෙන්නෙකි. නො සුදුස්සෙකි. මහණ කමට නො වටනා එකෙකි. නොකැප එකෙකි. නො කටයුත් තෙකි. කෙසේ නම්, හිස් මිනිස, තෝ පෙරහන ඉල්ලනු ලබනුයෙහි නො දුන්නෙහි ද? හිස් මිනිස, මෙය (සස්නැ) නොපහන් වූවන්ගේ පැහැදීම පිණිස ද පහන් වූවන්ගේ ප්‍රසාද වැඩීම ද පිණිස නොවේ. වැලි, හිස් මිනිස, මෙය නො පහනුන්ගේ නො පැහැදීම පිණිස ද පැහැදුණු ඇතැම් කෙනකුන්ගේ වෙනස් වීම පිණිස ද වේ යැ” යි භාග්‍යවතුන් වහන්සේ වෙසෙසින් ගැරැහු සේක. ගරහා, දැහැමි කථා කොට, මහණුන් බණවා “මහණෙනි, දිග්මඟ පිළිපන් මහණක්හු විසින් පෙරහන ඉල්ලනු ලබන්නහු විසින් එය නොදියැ යුතු නො වේ. යමෙක් නො දෙන්නේ නම් දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, මහණහු පෙරහනක් නැතිව දික්මඟ නො යෑ යුතු, යමෙක් එසේ යන්නේ නම් දුකුළා ඇවැත් වන්නේ ය. ඉදින් පෙරහනෙක් හෝ ඩබරාවෙක් හෝ නැති නම්, ‘මෙයින් පෙරහා බොන්නෙමි’ යි සඟළසිවුරු කොන වුව ද ඉටා ගතයුතු” යැ යි වදාළ සේක.
Pali BJT76. අථ ඛො භගවා අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන වෙසාලී තදවසරි. තත්ර සුදං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං . තෙන ඛො පන සමයෙන භික්ඛූ නවකම්මං කරොන්ති. පරිස්සාවනං න සම්මති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT76. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ පිළිවෙළින් සැරි සරා වඩනාසේක්, විසල් මහපුරට බටසේක. එහි වූ කලි මහ වෙනෙහි කුළාරහලෙහි වැඩ වසන සේක. එ සමයෙහි වූ කලි මහණහු නව කම් (අළුත්වැඩියා කැරුම්) කෙරෙත් පෙරහන ප්‍රමාණ නො වෙයි (මදි වෙයි). භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ දණ්ඩපරිස්සාවනන්ති”. දණ්ඩපරිස්සාවනං න සම්මති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ ඔත්ථරකන්ති”.
Sinhala BJT“මහණෙනි, දඬුපෙරහන අනුදනිමි” යි වදාළසේක. දඬුපෙරහන ද ප්‍රමාණ නො වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. “මහණෙනි අවස්තරකය (ළිඳ තුළ බහා දිය පෙරා ගන්නා පෙරහනය) අනුදනිමි” යි වදාළසේක.
Pali BJT77. තෙන ඛො පන සමයෙන භික්ඛූ මකසෙහි උබ්බාළ්හා හොන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ මකසකුටිකන්ති”.
Sinhala BJT77. එ සමයෙහි වනාහි මහණහු මදුරුවන් ගෙන් පෙළුණෝ වූහ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් දැන්වූහ. “මහණෙනි, සිවුරු කිළියක් අනුදනිමි” යි වදාළසේක.
Pali BJT78. තෙන ඛො පන සමයෙන වෙසාලියං පණීතානං භත්තානං භත්තපටිපාටි අධිට්ඨිතා හොති. භික්ඛූ පණීතානි භොජනානි භුඤ්ජිත්වා අභිසන්නකායා හොන්ති බහ්වාබාධා. අථ ඛො ජීවකො කොමාරභච්චො වෙසාලිං අගමාසි කෙනචිදෙව කරණීයෙන. අද්දසා ඛො ජීවකො කොමාරභච්චො භික්ඛූ අභිසන්නකායෙ බහ්වාබාධෙ. දිස්වාන යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ජීවකො කොමාරභච්චො භගවන්තං එතදවොච: එතරහි භන්තෙ භික්ඛූ අභිසන්නකායා බහ්වාබාධා. සාධු භන්තෙ භගවා භික්ඛූනං චඞ්කමඤ්ච ජන්තාඝරඤ්ච අනුජානාතු. එවං භික්ඛූ අප්පාබාධා භවිස්සන්තීති.
Sinhala BJT78. එ සමයෙහි විසල් මහනුවරැ ප්‍රණීත බත් සම්බන්‍ධ බත් පිළිවෙළෙක් ඉටන ලද්දේ (නියම කැරැ ගන්නා ලද්දේ) වෙයි. මහණහු ප්‍රණීත බොජුන් වළඳා වැඩුණු සිරුරු ඇත්තාහු බොහෝ ආබාධ ඇත්තෝ වෙත්. එ කල්හි කෝමාරභච්ච ජීවක තෙම කිසි කටයුත්තෙකින් විසල් මහනුවරට ගියේ ය. කෝමාරභච්ච ජීවක තෙම වැඩීගිය සිරුරු ඇති බොහෝ ආබාධ ඇති මහණුන් දිටී ය. දැක භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ වැඳ එකත් පසෙක හුන්නේ ය. එකත් පසෙක හුන් කෝමාරභච්ච ජීවක තෙම “වහන්ස, දැන් භික්‍ෂුහු වැඩුණු සිරුරු ඇත්තාහු බොහෝ ආබාධ ඇත්තෝ වෙත්. වහන්ස, අයදිමි. භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූනට සක්මන් මළුව ද ගිනිහල් ගෙය ද අනුදන්නා සේක් වා. මෙසේ භික්‍ෂූහු අල්පාබාධ වන්නාහ”යි මෙ බස් පැවසීය.
Pali BJTඅථ ඛො භගවා ජීවකං කොමාරභච්චං ධම්මියා කථාය සන්දස්සෙසි සමාදපෙසි සමුත්තෙජෙසි සම්පහංසෙසි. අථ ඛො ජීවකො කොමාරභච්චො භගවතා ධම්මියා කථාය සන්දස්සිතො සමාදපිතො සමුත්තෙජිතො සම්පහංසිතො උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
Sinhala BJTඑ කල්හි භාග්‍යවතුන් වහන්සේ කෝමාරභච්ච ජීවකයාට දැහැමි කතාවෙන් කරුණු දක්වා වදාළ සේක. එය ගැන්වූ සේක. එ උනන්දු කළ සේක. සතුටු කළ සේක. ඉක්බිත්තෙන් කෝමාරභච්ච ජීවක තෙම භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කතායෙන් කරුණු දක්වන ලද්දේ, එය ගන්වන ලද්දේ, උනන්දු කරන ලද්දේ, සතුටු කරන ලද්දේ, හුනස්නෙන් නැගී භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට පිටත් වැ ගියේ ය.
Pali BJTඅථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “අනුජානාමි භික්ඛවෙ චඞ්කමඤ්ච ජන්තාඝරඤ්චාති.
Sinhala BJTඑයට පසු භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මෙ කරුණෙහි දැහැමි කතා කොට මහණුන් බණවා, “මහණෙනි, සක්මන් මළුව ද ගිනිහල් ගෙය ද අනුදනිමි” යි වදාළසේක.
Pali BJTතෙන ඛො පන සමයෙන භික්ඛූ විසමෙ චඞ්කමෙ චඞ්කමන්ති. පාදා දුක්ඛා හොන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ සමං කාතුන්ති”. චඞ්කමො නීචවත්ථුකො හොති. උදකෙන ඔත්ථරියති “අනුජානාමි භික්ඛවෙ උච්චවත්ථුකං කාතුන්ති.” චයො පරිපතති. “අනුජානාමි භික්ඛවෙ චිනිතුං තයො චයෙ: ඉට්ඨකාචයං සිලාචයං දාරුචයන්ති.”
Sinhala BJTඑ සමයෙහි වනාහි මහණහු තැන තැන උස් මිටි විෂම වූ සක්මන් මළුයෙහි සක්මන් කරත්. (ඔවුන්ගේ) පාදයෙන් පීඩා සහිත වෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. “මහණෙනි සක්මන් මළුව සම කරන්නට අනුදනිමි” යි වදාළසේක. සක්මන් මළුව පහත් බිමක් ඇත්තේ (පහත්බිමෙහි කරන ලද්දේ) වෙයි. ජලයෙන් වැතිර ගනු ලැබේ. (වතුරට යට වේ). “මහණෙනි, සක්මන්මළුව උස්බිමක් ඇතියක් කරන්නට (පස් ආදිය ගොඩ ගසා උස් කරන්නට) අනුදනිමි” යි වදාළ සේක. පස් ගොඩ ඇදී වැටෙයි. “මහණෙනි, ගඩොළුයෙන් කළ බැම්ම ද ගල් බැම්ම ද ලී රැසින් කළ බැම්ම ද යන තුන් බැඳුම් අනුදනිමි” යි වදාළ සේක.
Pali BJTආරොහන්තා විහඤ්ඤන්ති. “අනුජානාමි භික්ඛවෙ තයො සොපාණෙ ඉට්ඨකාසොපාණං සිලාසොපාණං, දාරුසොපාණන්ති.”
Sinhala BJTසක්මනට නඟින්නාහු වෙහෙසෙත්, “මහණෙනි, ගඩොළු හිණ, ගල්හිණ, ලී හිණ, යැ යි හිණි (පඩිපෙළ) තුනක් අනුදනිමි” යි වදාළ සේක.
Pali BJTආරොහන්තා පරිපතන්ති. අනුජානාමි භික්ඛවෙ ආලම්බනබාහන්ති.
Sinhala BJTහිණට නැගෙන්නාහු ඇද වැටෙත්. “මහණෙනි, අත්වැල (හෝ ගරාදි වැට) අනුදනිමි” යි වදාළසේක.