Pali BJT9. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො කච්ඡුරොගාබාධො හොති. න තස්ස විනා මල්ලකෙන ඵාසු හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT9. එ සමයෙහි වනාහි එක්තරා මහණකුට ඇඟ කසන ලෙඩක් වෙයි. ඔහුට මල්ලකයක් නැති වැ පහසුවෙක් නොවෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ ගිලානස්ස අකතමල්ලකං”ති.
Sinhala BJT“මහණෙනි, ගිලන් මහණහට අකතමල්ලකය (දත් නොසිඳ කළ මල්ලකය) අනුදනිමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJT10. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු ජරාදුබ්බලො නහායමානො න සක්කොති අත්තනො කායං උග්ඝංසෙතුං. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT10. එ සමයෙහි වනාහි ජරායෙන් දුර්‍වල වූ එක්තරා මහණෙක් නානුයේ තමාගේ ඇඟ උළා ගන්නට නො හැකි වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ උක්කාසිකං”ති.
Sinhala BJT“මහණෙනි, රෙදි වැටියෙන් ඇඟ ඉළීම අනුදනිමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJT11. තෙන ඛො පන සමයෙන භික්ඛූ පිට්ඨිපරිකම්මං කාතුං කුක්කුච්චායන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT11. එ සමයෙහි මහණහු පිට පිරියම් කරන්නට (එකක්හු අනෙකකු ලවා පිට උළවන්නට) කුකුස් කෙරෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ පුථුපාණිකං”ති.
Sinhala BJT”මහණෙනි, පුථුපාණිකාව (ඔවුනොවුන් අතින් පිට ඉළීම) අනුදනිමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJT12-19. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ වල්ලිකං, ධාරෙන්ති -පෙ- පාමඞ්ගං ධාරෙන්ති, -පෙ- කණ්ඨසුත්තකං ධාරෙන්ති -පෙ- කටිසුත්තකං ධාරෙන්ති, -පෙ- ඔවට්ටිකං ධාරෙන්ති, -පෙ- කෙයූරං{1} ධාරෙන්ති, -පෙ- හත්ථාභරණං ධාරෙන්ති, -පෙ- අඞ්ගුලිමුද්දිකං ධාරෙන්ති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති “සෙය්යථාපි ගිහී කාමභොගිනො”ති. අස්සොසුං ඛො භික්ඛූ තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං “සච්චං කිර භික්ඛවෙ ඡබ්බග්ගියා භික්ඛූ වල්ලිකං ධාරෙන්ති. පාමඞ්ගං ධාරෙන්ති -පෙ- කණ්ඨසුත්තකං ධාරෙන්ති. -පෙ- කටිසුත්තකං ධාරෙන්ති. ඔවට්ටිකං ධාරෙන්ති -පෙ- කෙයූරං ධාරෙන්ති -පෙ- හත්ථාභරණං ධාරෙන්ති. -පෙ- අඞ්ගුලිමුද්දිකං ධාරෙන්තී”ති. ‘සච්චං භගවා’. -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි:
Sinhala BJT12-19. එ සමයෙහි වනාහි සවග මහණහු වල්ලිකා (මුතුවැල් ආදි කර්‍ණාභරණ) දරත් ... පමු (එල්බෙන නූල්) පළඳිත් ... ගෙල පළඳනා දරත් ... ඉඟපළඳනා දරත් ... වළලු දරත්... අඟු පළඳනා දරත් ... හස්තාභරණ දරත් ... ඇඟිලි මුදු දරත්. මිනිස්සු ‘කාමභෝගී ගිහියන් බඳුහ’යි ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්. ලාමක කොට සිතන, නුගුණ කියන, දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ කථා භික්‍ෂුහු ඇසූහ. ඉක්බිති ඒ මහණහු මෙ පවත් භාග්‍යවතුන් වහන්සේට සැලකළහ. ‘මහණෙනි, සවග මහණහු වල්ලිකා දරත් යනු සැබෑ ද ... පමු දරත් යනු සැබෑ ද ... ගෙලපළඳනා දරත් යනු සැබෑ ද ... ඉඟපළඳනා දරත් යනු සැබෑ ද ... වළලු දරත් යනු සැබෑ ද ... හස්තාභරණ දරත් යනු , සැබෑ ද ... ඇඟිලිමුදු දරත් යනු සැබෑ දැ” යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක. සැබැව භාග්‍යවතුන් වහන්සැ’ යි ඒ මහණහු කීහ. ... භාග්‍යවතුන් වහන්සේ නොයෙක් කරුණින් ගරහා, මහණුන් බණවා,
Pali BJT“න භික්ඛවෙ වල්ලිකා ධාරෙතබ්බා, න පාමඞ්ගො ධාරෙතබ්බො, න කණ්ඨසුත්තකං ධාරෙතබ්බං න කටිසුත්තකං ධාරෙතබ්බං. න ඔවට්ටිකං ධාරෙතබ්බං. න කෙයූරං ධාරෙතබ්බං න හත්ථාභරණං ධාරෙතබ්බං. න අඞ්ගුලිමුද්දිකා ධාරෙතබ්බා. යො ධාරෙය්ය, ආපත්ති දුක්කටස්සාති.”
Sinhala BJT“මහණෙනි, වල්ලිකා නො දැරියයුතු පමු නො දැරියයුතු, ගෙල පලඳනා නො දැරියයුතු, ඉඟ පළඳනා නො දැරියයුතු, වළලු නො දැරියයුතු, ... හස්තාභරණ නො දැරියයුතු, ඇඟිලි මුදු නො දැරියයුතු, යමෙක් දැරුයේ වී නම් දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
Pali BJT20. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ දීඝෙ කෙසෙ ධාරෙන්ති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති ‘සෙය්යථාපි ගිහී කාමභොගිනොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. -පෙ-
Sinhala BJT20. එ සමයෙහි වනාහි සවග මහණහු දික් කෙහෙ දරත්. ‘කාමභෝගී ගිහියන් බඳුහ’යි මිනිස්සු ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළහ ...
Pali BJT“න භික්ඛවෙ දීඝා කෙසා ධාරෙතබ්බා. යො ධාරෙය්ය ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ දුමාසිකං වා දුවඞ්ගුලකං වා”ති.
Sinhala BJT“මහණෙනි, දික් කෙස් නො දැරියයුතු. යමෙක් දැරුයේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, දෙමසක් හෝ දෑඟුලක් දික් වූ හෝ කෙහෙ දරනුවට අනුදනිමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.{*}
Pali BJT21-25. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ කොච්ඡෙන කෙසෙ ඔසණෙහන්ති. -පෙ- ඵණකෙන කෙසෙ ඔසණෙහන්ති. -පෙ- හත්ථඵණකෙන කෙසෙ ඔසණෙහන්ති. -පෙ- සිත්ථතෙලකෙන කෙසෙ ඔසණෙහන්ති. උදකතෙලකෙන කෙසෙ ඔසණෙහන්ති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති සෙය්යථාපි ගිහී කාමභොගිනො”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. -පෙ-
Sinhala BJT21-25. එ සමයෙහි වනාහි සවග මහණහු කොස්සෙන් (බුරුසුවෙන්) කෙස් පීරත් ... පණගායෙන් කෙස් පීරත් ... අත් පණගායෙන් කෙස් පීරත් ...... ඉටිතෙලින් කෙස් මටසිලුටු කොට තබත් ... දිය මුසු තෙලින් කෙස් මටසිලිටි කෙරෙත් ‘කාමභෝගී ගිහියන් මෙනැ’ මිනිස්සු ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ....
Pali BJT“න භික්ඛවෙ කොච්ඡෙන කෙසා ඔසණ්හෙතබ්බා. න ඵණකෙන කෙසා ඔසණ්හෙතබ්බා. න හත්ථඵණකෙන කෙසා ඔසණ්හෙතබ්බා. න සිත්ථතෙලකෙන කෙසා ඔසණ්හෙතබ්බා. න උදකතෙලකෙන කෙසා ඔසණ්හෙතබ්බා. යො ඔසණ්හෙය්ය ආපත්ති දුක්කටස්සාති.”
Sinhala BJT“මහණෙනි, කොස්සෙන් කෙහෙ නො පීරියයුතු, පණයායෙන් හිස නො පීරියයුතු, අත් පණායෙන් හිස නො පීරියයුතු. ඉටිතෙලෙන් හිස කෙහෙ මට සිලිටි නො කළ යුතු, දිය මුසු තෙලින් හිස කෙහෙ මට සිලිටි නො කළයුතු. යමෙක් මට සිලිටි කෙළේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
Pali BJT26. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ ආදාසෙ’පි උදකපත්තෙ’පි මුඛනිමිත්තං ඔලොකෙන්ති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති ‘සෙය්යථාපි ගිහී කාමභොගිනො’ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT26. එ සමයෙහි වනාහි සවග මහණහු කැටපතෙහි ද දිය බඳුනෙහි ද මුහුණැ සටහන බලත්. මිනිස්සු ‘කාමභෝගී ගිහියන් බඳුහ’ යි ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. ...
Pali BJT“න භික්ඛවෙ ආදාසෙ වා උදකපත්තෙ වා මුඛනිමිත්තං ඔලොකෙතබ්බං. යො ඔලොකෙය්ය ආපත්ති දුක්කටස්සාති.
Sinhala BJT“මහණෙනි, කැට පතෙහි හෝ දිය බඳුනෙහි හෝ මුහුණ සටහන නො බැලිය යුතු, යමෙක් බැලුයේ වී නම් දුකුළා ඇවැත් වන්නේ යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJT27. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො මුඛෙ වණො හොති. සො භික්ඛූ පුච්ඡි ‘කීදිසො මෙ ආවුසො වණො’ති. භික්ඛූ එවමාහංසු ‘ඊදිසො තෙ ආවුසො වණො’ති. සො න සද්දහති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT27. එ සමයෙහි වනාහි එක්තරා මහණකු ගේ මුහුණෙහි වණයෙක් වෙයි. ‘ඇවැත්නි, මගේ වණය කෙබඳු එකෙක් දැ’ යි මහණුන් විචාළේ ය. ‘ඇවැත්නි, තොපගේ වණය මෙ බඳු එකෙකැ’ යි ඒ මහණහු කීහ. හේ එය නො අදහයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ ආබාධප්පච්චයා ආදාසෙ වා උදකපත්තෙ වා මුඛනිමිත්තං ඔලොකෙතුන්ති.”
Sinhala BJT“මහණෙනි, ආබාධ ප්‍රත්‍යයෙන් (ආබාධයක් ඇති කල්හි) කැටපතෙහි හෝ දියබඳුනෙහි හෝ මුහුණ සටහන බලන්නට අනුදනිමි” යි භාග්‍යවතුන් වහන්සේ අනුදත් සේක.
Pali BJT28. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ මුඛං ආලිම්පන්ති, -පෙ- මුඛං උම්මද්දෙන්ති, මුඛං චුණ්ණෙන්ති, මනොසිලිකාය මුඛං ලඤ්ඡෙන්ති, අඞ්ගරාගං කරොන්ති, මුඛරාගං කරොන්ති, අඞ්ගරාගමුඛරාගං කරොන්ති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති ‘සෙය්යථාපි ගිහී කාමභොගිනො’ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. -පෙ-
Sinhala BJT28. එ සමයෙහි වනාහි සවග මහණහු මුහුණ ආලිප්ත කෙරෙත් (අලෙවු දෙත්), මුහුණු උන්මාර්ජනය කරත් (දියමුසු පිටි මුහුණ උළත්.) ඇඟ පැහැ ගන්වත්. මුහුණ වත්සුණුයෙන් තවරත් මනොසිලායෙන් (තිලක දීම් ආදි විසින්) මුහුණ ලකුණු කෙරෙත්, ඇඟ පැහැ ගන්වත්, මුහුණ පැහැ ගන්වත්, ඇඟ ද මුහුණ ද පැහැ ගන්වත්. “මොහු කාමභෝගී ගිහීන් බඳුහ” යි මිනිස්සු ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. ...
Pali BJT“න භික්ඛවෙ මුඛං ආලිම්පිතබ්බං, න මුඛං උම්මද්දිතබ්බං, න මුඛං චුණ්ණෙතබ්බං, න මනොසිලිකාය මුඛං ලඤ්ඡෙතබ්බං, න අඞ්ගරාගො කාතබ්බො, න මුඛරාගො කාතබ්බො, න අඞ්ගරාගමුඛරාගො කාතබ්බො. යො කරෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT“මහණෙනි, මුහුණ ආලිප්ත නො කළයුතු. මුහුණ උන්මාර්ජිත නො කළයුතු, මුහුණ වත්සුණුයෙන් නො තැවරියයුතු, මනොසිලායෙන් මුහුණ ලකුණු නො කළයුතු, ඇඟ පැහැ නො ගැන්වියයුතු, මුහුණ පැහැ නො ගැන්වියයුතු, ඇඟ ද මුහුණ ද පැහැ නො ගැන්වියයුතු, යමෙක් එය කෙළේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJT29. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො චක්ඛුරොගාබාධො හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT29. එක් සමයෙක්හි එක්තරා මහණකුට ඇසැ ලෙඩෙක් විය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ ආබාධප්පච්චයා මුඛං ආලිම්පිතුන්ති.”
Sinhala BJT“මහණෙනි, ආබාධප්‍රත්‍යයෙන් (ලෙඩක් ඇති කලැ එයට පිළියම් වශයෙන්) මුහුණ ආලිප්ත කරන්නට (මුහුණ බේත් ගාන්නට) අනුදනිමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJT30. තෙන ඛො පන සමයෙන රාජගහෙ ගිරග්ගසමජ්ජොහොති. ඡබ්බග්ගියා භික්ඛූ ගිරග්ගසමජ්ජං දස්සනාය අගමංසු. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති “කථං හි නාම සමණා සක්යපුත්තියා නච්චම්පි ගීතම්පි වාදිතම්පි දස්සනාය ගච්ඡිස්සන්ති, සෙය්යථාපි ගිහී කාමභොගිනො”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. -පෙ-
Sinhala BJT30. එ සමයෙහි රජගහ නුවරැ ගිරග්ගසමජ්ජය (හෙල් මුදුන්හි පැවැත්වෙන උළෙලෙක්) වෙයි. සවග මහණහු ගිරග්ගසමජ්ජය දකිනු පිණිස ගියාහ. “ශාක්‍යපුත්‍රීය ශ්‍රමණයෝ කාමභෝගී ගිහියන් සේ කෙසේ නම් නැටුම් ද ගැයුම් ද වැයුම් ද දක්නා පිණිස යන්නාහු දැ” යි මිනිස්සු ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. …
Pali BJT“න භික්ඛවෙ නච්චං වා ගීතං වා වාදිතං වා දස්සනාය ගන්තබ්බං. යො ගච්ඡෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT“මහණෙනි, නැටුම් හෝ ගැයුම් හෝ වැයුම් හෝ දක්නා පිණිස නො යායුතු. යමෙක් යන්නේ නම් දුකුළා ඇවැත් වන්නේ යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJT31. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ ආයතකෙන ගීතස්සරෙන ධම්මං ගායන්ති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති ‘යථෙව මයං ගායාම, එවමෙවිමෙ සමණා සක්යපුත්තියා ආයතකෙන ගීතස්සරෙන ධම්මං ගායන්තී’ති. අස්සොසුං ඛො භික්ඛූ තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා සන්තුට්ඨා ලජ්ජිනො කුක්කුච්චකා සික්ඛාකාමා තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ ආයතකෙන ගීතස්සරෙන ධම්මං ගායිස්සන්තී’ති. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. සච්චං කිර භික්ඛවෙ -පෙ- සච්චං භගවාති -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි.
Sinhala BJT31. එ සමයෙහි වනාහි සවග මහණහු දික් වූ ගී හඬින් දහම් ගයත්, “යම්සේ අපි ගයමෝ ද, එසේ ම මේ ශාක්‍යපුත්‍රික ශ්‍රමණයෝ දික් වූ ගී හඬින් දහම් ගයති”යි මිනිස්සු ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්. ලාමක කොට සිතන, නුගුණ කියන, දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ වචනය භික්‍ෂුහු ඇසූහ. අල්පෙච්ඡ වූ, ලත් පමණින් සතුටු වූ, ලජ්ජා ඇති, කුකුස් කරන ශික්‍ෂාකාමී වූ, යම් , මහණ කෙනෙක් වෙත් ද ඔහු ‘කෙසේ නම් සවග මහණහු දික් වූ ගීහඬින් දහම් ගයන්නාහු දැ’ යි ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්. ඉක්බිති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළහ. ... ‘මහණෙනි, සැබෑ දැ’ යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක. “සැබැව වහන්සැ” යි ඔහු කීහ. ... භාග්‍යවතුන් වහන්සේ විවිධ කාරණයෙන් ගරහා, දැහැමි කතා කොට, භික්‍ෂූන් බණවා,
Pali BJT“පඤ්චිමෙ භික්ඛවෙ ආදීනවා ආයතකෙන ගීතස්සරෙන ධම්මං ගායන්තස්ස: අත්තා පි{1} තස්මිං සරෙ සාරජ්ජති, පරෙ පි තස්මිං සරෙ සාරජ්ජන්ති, ගහපතිකා පි උජ්ඣායන්ති, සරකත්තිම්පි නිකාමයමානස්ස සමාධිස්ස භඞ්ගො හොති. පච්ඡිමා ජනතා දිට්ඨානුගතිං ආපජ්ජති. ඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ආදීනවා ආයතකෙන ගීතස්සරෙන ධම්මං ගායන්තස්ස. න භික්ඛවෙ ආයතකෙන ගීතස්සරෙන ධම්මො ගායිතබ්බො. යො ගායෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT“මහණෙනි, දික් වූ ගීහඬින් දහම් ගයන්නහුගේ (ඒ ගැයීමෙහි) මේ ආදීනව පසෙකි: තෙමේත් ඒ හඬෙහි ඇලෙයි, අන්හු ද ඒ හඬෙහි ඇලෙත්, ගැහැවියෝ ද ලාමක කොට සිතත්, ස්වර ක්‍රියාව (හඬ නැංවීම) පතන මහණහුගේ චිත්ත සමාධිය බිඳී යෙයි, පශ්චිම ජනතාව දෘෂ්ටානුගතියට පැමිණෙයි. මහණෙනි, දික් වූ ගීහඬින් දහම් නො ගැයියයුතු. යමෙක් ගයන්නේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
Pali BJTතෙන ඛො පන සමයෙන භික්ඛූ සරභඤ්ඤෙ කුක්කුච්චායන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ සරභඤ්ඤන්ති.”
Sinhala BJTඑ සමයෙහි වනාහි මහණහු ස්වරභණ්‍යයෙහි (තරංගවෘත්තාදි වෘත්තවලට අනුව කීමෙහි) කුකුස් කෙරෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. “මහණෙනි, ස්වරභණ්‍යය අනුදනිමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJT32. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ බාහිරලොමිං උණ්ණිං ධාරෙන්ති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති ‘සෙය්යථාපි ගිහී කාමභොගිනො’ති. භගවතො එතමත්ථං ආරොචෙසුං -පෙ-
Sinhala BJT32. එසමයෙහි වනාහි සවග මහණහු ලොම් පිටතට ඇති පොරෝනාවක් දරත්. ‘කාමභෝගී ගිහියන් බඳුහ’ යි මිනිස්සු ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
Pali BJT“න භික්ඛවෙ බාහිරලොමි උණ්ණි ධාරෙතබ්බා. යො ධාරෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT“මහණෙනි, ලොම් පිටතට ඇති පොරෝනා, නො දැරියයුතු. යමෙක් දරන්නේ වී නම්, ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJT33. තෙන ඛො පන සමයෙන රඤ්ඤො මාගධස්ස සෙනියස්ස බිම්බිසාරස්ස ආරාමෙ අම්බා ඵලිනො හොන්ති. රඤ්ඤා මාගධෙන සෙනියෙන බිම්බිසාරෙන අනුඤ්ඤාතං හොති ‘යථාසුඛං අය්යා අම්බං පරිභුඤ්ජන්තූ’ති. ඡබ්බග්ගියා භික්ඛූ තරුණඤ්චෙව අම්බං පාතාපෙත්වා පරිභුඤ්ජිංසු. රඤ්ඤො ච මාගධස්ස සෙනියස්ස බිම්බිසාරස්ස අම්බෙන අත්ථො හොති. අථ ඛො රාජා මාගධො සෙනියො බිම්බිසාරො මනුස්සෙ ආණාපෙසි ‘ගච්ඡථ භණෙ ආරාමං, ගන්ත්වා අම්බං ආහරථා’ති . ‘එවං දෙවා’ති ඛො තෙ මනුස්සා රඤ්ඤො මාගධස්ස සෙනියස්ස බිම්බිසාරස්ස පටිස්සුත්වා ආරාමං ගන්ත්වා ආරාමපාලං එතදවොචුං ‘දෙවස්ස භණෙ අම්බෙන අත්ථො අම්බං දෙථා’ති. ‘නත්ථාය්යා අම්බං. තරුණං යෙව අම්බං පාතාපෙත්වා භික්ඛූ පරිභුඤ්ජිංසූ’ති.
Sinhala BJT33. ඒ සමයෙහි වනාහි මගධේශ්වර වූ සේනික බිම්බිසාර රජුගේ අඹ රුක්හු පල දරන්නෝ වෙත්. මගධේශ්වර වූ සේනික බිම්බිසාර රජු විසින් “පහසු සේ ආර්‍ය්‍යයෝ අඹ වළඳත්වා” යි අනුදන්නා ලද්දේ වෙයි. සවග මහණහු ළා අඹ (අඹ ගැට) ද නෙළවා කෑහ. ඒ මගධාධිපති සේනික බිම්බිසාර රජුට ද අඹ වුවමනා වෙයි. එ කල්හි මගධේශ්වර සේනික බිම්බිසාර රජ මිනිසුන් බණවා “සගයෙනි, අරමට යවු. ගොස් අඹ ගෙනෙවු” යැ යි ඇණැවී ය. “දේවයන් වහන්ස, එසේ යැ” යි කියා ඒ මිනිස්සු මගධාධිපති සේනික බිම්බිසාර, රජුට පිළිවදන් දී අරමට ගොස්, අරම්පල්ලන් බණවා “සගයෙනි, දේවයන් වහන්සේට අඹ වුවමනා යැ. අඹ දෙවු යැ” යි කීහ. “ආර්‍ය්‍යයෙනි, අඹ නැත. භික්‍ෂුහු ළා වූ ම අඹ නෙළවා වැළඳුහ” යි අරම්පල්ලෝ කීහ.
Pali BJTඅථ ඛො තෙ මනුස්සා රඤ්ඤො මාගධස්ස සෙනියස්ස බිම්බිසාරස්ස එතමත්ථං ආරොචෙසුං. “සුපරිභූත්තං භණෙ අය්යෙහි අම්බං. අපි ච භගවතා මත්තා වණ්ණිතා’ති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති ‘කථං හි නාම සමණා සක්යපුත්තියා න මත්තං ජානිත්වා රඤ්ඤො අම්බං පරිභුඤ්ජිස්සන්තී’ති. අස්සොසුං ඛො භික්ඛූ තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. -පෙ-
Sinhala BJTඉක්බිති ඒ මිනිස්සු මගධාධිපති සේනිය බිම්බිසාර රජුට මෙ පවත් සැලකළාහ. “සගයෙනි, ආර්‍ය්‍යයන් විසින් අඹ මොනවට වළඳන ලද්දේ ය. එහෙත් භාග්‍යවතුන් වහන්සේ විසින් පමණ දැනීම වණන ලද්දේ යැ” යි රජ කී ය. මිනිස්සු “කෙසේ නම් ශාක්‍යපුත්‍රික ශ්‍රමණයෝ පමණ නො දැන රජුගේ අඹ වළඳන්නාහු ද? යි ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්. භික්‍ෂුහු ලාමක කොට සිතන, නුගුණ කියන, දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ වචන ඇසූහ. ඉක්බිති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
Pali BJT“න භික්ඛවෙ අම්බං පරිභුඤ්ජිතබ්බං. යො පරිභුඤ්ජෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT“මහණෙනි, අඹ නො වැළඳියයුතු, යමෙක් වළඳන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJT34. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස පූගස්ස සඞ්ඝභත්තං හොති. සූපෙ අම්බපෙසිකායො පක්ඛිත්තා හොන්ති. භික්ඛූ කුක්කුච්චායන්තා න පටිගණ්හන්ති.
Sinhala BJT34. එ සමයෙහි වනාහි එක්තරා මුළුවෙක (සමූහයකගේ) සඟ බතෙක් වෙයි. සූපයෙහි (හොද්දෙහි) අඹ පෙති දමන ලදුයේ වෙයි. භික්‍ෂුහු කුකුස් කරන්නාහු නො පිළිගනිත්.
Pali BJT“පටිගණ්හාථ භික්ඛවෙ පරිභුඤ්ජථ. අනුජානාමි භික්ඛවෙ අම්බපෙසිකන්ති.”
Sinhala BJT“මහණෙනි, පිළිගනිවු, වළඳවු, මහණෙනි, අඹ පෙති අනුදනිමි” යි වදාළ සේක.
Pali BJTතෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස පූගස්ස සඞ්ඝභත්තං හොති. තෙ න පරියාපුණිංසු අම්බපෙසිකං කාතුං. භත්තග්ගෙ සකලෙහෙව අම්බෙහි චරන්ති. භික්ඛූ කුක්කුච්චායන්තා න පටිගණ්හන්ති.
Sinhala BJTඑ සමයෙහි වනාහි එක්තරා මුළුවෙක සඟබතෙක් වෙයි. ඔහු අඹ පෙති කරන්නට පුහුණු නො කළාහ. බොජුන් හලෙහි සම්පුර්ණ වූ අඹ වලින් යුක්ත වැ (අඹ) අතින් ගෙන හැසිරෙත්. භික්‍ෂුහු කුකුස් කරන්නාහු නොපිළිගනිත්.
Pali BJT“පටිගණ්හාථ භික්ඛවෙ පරිභුඤ්ජථ. අනුජානාමි භික්ඛවෙ පඤ්චහි සමණකප්පෙහි ඵලං පරිභුඤ්ජිතුං, අග්ගිපරිචිතං, සත්ථපරිචිතං, නඛපරිචිතං, අබීජං, නිබ්බට්ටබීජඤ්ඤෙව පඤ්චමං. අනුජානාමි භික්ඛවෙ ඉමෙහි පඤ්චහි සමණකප්පෙහි ඵලං පරිභුඤ්ජිතුන්ති.”
Sinhala BJT“මහණෙනි, පිළිගනිවු, වළඳවු. මහණුනට කැප වූ කරුණු පසෙකින් ඵල වළඳන්නට අනුදනිමි. අග්නි පරිවිතය (ගින්නෙන් රත් කරන ලද) ශස්ත්‍ර පරිවිතය (ආයුධයෙකින් කපන ලද), නඛපරිචිතය (නියෙන් සිඳින ලද), අබීජය (බීජ නැති ඵලය), පස්වනු නිබ්බට්ට බීජය (ඉවත් කරන ලද ඇට ඇති ඵලය) යනු ඒ පස් වැදෑරුම් කැප ඵල ය. මහණෙනි, කැප වූ මේ පස් කරුණින් මහණුනට කැප වූ ඵල වළඳන්නට අනුදනිමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJT35. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු අහිනා දට්ඨො කාලකතො{1} හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. නහ නූන සො භික්ඛවෙ භික්ඛු ඉමානි චත්තාරි අහිරාජකුලානි මෙත්තෙන චිත්තෙන ඵරි. සචෙ හි සො භික්ඛවෙ, භික්ඛු ඉමානි චත්තාරි අහිරාජකුලානි මෙත්තෙන චිත්තෙන ඵරෙය්ය, න හි සො භික්ඛවෙ භික්ඛු අහිනා දට්ඨො කාලං කරෙය්ය. කතමානි චත්තාරි අහිරාජකුලානි: විරූපක්ඛං අහිරාජකුලං, එරාපථං අහිරාජකුලං, ඡබ්යාපුත්තං අහිරාජකුලං, කණ්හාගොතමකං අහිරාජකුලං, නහ{2} නූන සො භික්ඛවෙ භික්ඛු ඉමානි චත්තාරි අහිරාජකුලානි මෙත්තෙන චිත්තෙන ඵරි. සචෙ හි සො භික්ඛවෙ භික්ඛු ඉමානි චත්තාරි අහිරාජකුලානි මෙත්තෙන චිත්තෙන ඵරෙය්ය, න හි සො භික්ඛවෙ භික්ඛු අහිනා දට්ඨො කාලං කරෙය්ය. අනුජානාමි භික්ඛවෙ ඉමානි චත්තාරි අහිරාජකුලානි මෙත්තෙන චිත්තෙන ඵරිතුං, අත්තගුත්තියා අත්තරක්ඛාය අත්තපරිත්තං කාතුං. එවඤ්ච පන භික්ඛවෙ කාතබ්බං:
Sinhala BJT35. එ සමයෙහි වනාහි එක්තරා මහණෙක් සර්‍පයකු විසින් ඩසිනා ලද්දේ කලුරිය කෙළේ වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. “මහණෙනි, ඒ මහණ මේ සතර සර්‍ප රාජකුලයන් මෙත් සිතින් නො ම පැතිර වි ය. මහණෙනි, ඉදින් ඒ මහණ තෙම මේ සතර සර්පරාජකුලයන් මෙත් සිතින් පැතිර වූයේ වී නම්, මහණෙනි, ඒ මහණ සර්‍පයකු විසින් ඩසින ලදු ව කලුරිය නො කරන්නේ ම ය. කවර සතර සර්‍පරාජ කුලයෝ ද යත්; විරූපාක්‍ෂ සර්‍පරාජ කුලය, ඒරාපථ සර්‍පරාජ කුලය, ඡබ්‍යාපුත්ත සර්‍පරාජ කුලය, කණ්හාගෝතමක සර්‍පරාජ කුලය යන සතර ය. මහණෙනි, ඒ මහණ මේ සතර සර්‍පරාජ කුලයන් මෙත් සිතින් නො ම පැතිර විය. මහණෙනි, ඉදින් ඒ මහණ මේ සතර සර්‍පරාජ කුලයන් මෙත් සිතින් පැතිරවූයේ වී නම්, සර්‍පයකු විසින් ඩසින ලදු ව නො ම කලුරිය කරන්නේ ය. මහණෙනි, ආත්මගුප්තිය පිණිස, ආත්මාරක්‍ෂාව පිණිස, තමාට ආරක්‍ෂාව සලසාගන්නට මේ සතර සර්‍පරාජ කුලයන් මෙත් සිතින් පතුරු වන්නට (සතර සර්පරාජකුලයනට මෙත් වඩන්නට) අනුදනිමි. මහණෙනි, එය වූ කලී මෙසේ කළයුතු:
Pali BJT“විරූපක්ඛෙහි මෙ මෙත්තං මෙත්තං එරාපථෙහි මෙ ඡබ්යාපුත්තෙහි මෙ මෙත්තං මෙත්තං කණ්හාගොතමකෙහි ච
Sinhala BJT“විරූපාක්‍ෂ කුලයට අයත් සර්‍පයන් හා මගේ මෙත් සිත වේවා. ඒරාපථ කුලයට අයත් සර්‍පයන් හා මගේ මෙත් සිත වේවා. ඡබ්‍යාපුත්ත කුලයට අයත් සර්‍පයන් හා මගේ මෙත් සිත වේවා. කණ්හාගෝතමක කුලයට අයත් සර්‍පයන් හා මගේ මෙත් සිත වේවා.
Pali BJTඅපාදකෙහි මෙ මෙත්තං මෙත්තං දිපාදකෙහි මෙ චතුප්පදෙහි මෙ මෙත්තං මෙත්තං බහුප්පදෙහි මෙ
Sinhala BJTඅපා සතුන් හා මගේ මෙත් සිත වේවා, දෙපා සතුන් හා මගේ මෙත් සිත වේවා, සිවුපා සතුන් හා මගේ මෙත් සිත වේවා, බුහුපා සතුන් හා මගේ මෙත් සිත වේවා.
Pali BJTමා මං අපාදකො හිංසි මා මං හිංසි දිපාදකො මා මං චතුප්පදො හිංසි මා මං හිංසි බහුප්පදො
Sinhala BJTඅපා සතෙක් මා නො පෙළාවා, දෙපා සතෙක් මා නො පෙළාවා, සිවුපා සතෙක් මා නො පෙළාවා, බුහුපා සතෙක් මා නො පෙළාවා.
Pali BJTසබ්බෙ සත්තා සබ්බෙ පාණා සබ්බෙ භූතා ච කෙවලා සබ්බෙ භද්රානි පස්සන්තු මා කඤ්චි පාපමාගමා
Sinhala BJTසියලු සත්තු, සියලු පණ ඇත්තෝ, සියලු භූතයෝ, මේ සියල්ලෝ යහපත් දෑ ම දකිත්වා. කිසිවකු ද කරා දුකෙක් නො ඒවා.
Pali BJTඅප්පමාණො බුද්ධො අප්පමාණො ධම්මො අප්පමාණො සඞ්ඝො
Sinhala BJTබුදුරජ තෙම අප්‍රමාණය (පමණ කළ නො හැකි ගුණ ඇත්තේ ය), ධර්‍මය අප්‍රමාණ ය (පමණ කළ නො හැකි ගුණ ඇත්තේ ය), සඞ්ඝයා අප්‍රමාණ ය (පමණ කළ නො හැකි ගුණ ඇත්තේ ය), සරීසෘපයෝ (සර්‍පයෝ) ප්‍රමාණවත්හ.
Pali BJTපමාණවන්තානි සිරිංසපානි{1} අහි විච්ඡිකා සතපදී උණ්ණනාභි
Sinhala BJTසර්‍පයෝ ය, ගෝනුසුවෝ ය, පත්තෑයෝ ය, දිවිමකුළුවෝ ය, සිකනල්ලු ය, සුහුනෝ ය, මීයෝ ය යන මොහු ප්‍රමාණවත්හ.
Pali BJTසරබූ මූසිකා කතා මෙ රක්ඛා කතා මෙ පරිත්තා පටික්කමන්තු භූතානි
Sinhala BJTමා විසින් ආරක්‍ෂාව කරන ලද්දේ ය, මා විසින් පරිත්‍රාණය කරන ලද්දේ ය. භූතයෝ පෙරළා යෙත්වා.
Pali BJTසො’හං නමො භගවතො නමො සත්තන්නං සම්මාසම්බුද්ධානන්ති.”
Sinhala BJTඒ මම් භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කරමි, (විපස්සී ආදි) සත් සම්මාසම්බුදුරදුනට නමස්කාර කරමි”</b> යනු යි.
Pali BJT36. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු අනභිරතියා පීළිතො අත්තනො අඞ්ගජාතං ඡින්දි. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අඤ්ඤම්හි සො භික්ඛවෙ මොඝපුරිසො ඡෙත්තබ්බම්හි, අඤ්ඤං ඡින්දි.
Sinhala BJT36. එ සමයෙහි වනාහි එක් මහණෙක් අනභිරතියෙන් (මහණ දම් පිරීමෙහි නො ඇල්මෙන්) පෙළුණේ තමාගේ පුරුෂ නිමිත්තය සිඳගැලී ය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. “මහණෙනි, ඒ හිස් පුරුෂයා අනෙකක් සින්ද යුතු කල්හි වෙන එකක් ම සින්දේ ය.”
Pali BJTන භික්ඛවෙ අත්තනො අඞ්ගජාතං ඡෙතබ්බං. යො ඡින්දෙය්ය ආපත්ති ථුල්ලච්චයස්සාති.”
Sinhala BJTමහණෙනි, තමාගේ පුරුෂ නිමිත්ත නො සින්දයුතු. යමෙක් සින්දේ වී නම්, ඔහුට තුලැසි ඇවැත් වන්නේ යැ”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJT37. තෙන ඛො පන සමයෙන රාජගහකස්ස සෙට්ඨිස්ස මහග්ඝස්ස චන්දනස්ස චන්දනගණ්ඨි උප්පන්නා හොති. අථ ඛො රාජගහකස්ස සෙට්ඨිස්ස එතදහොසි: ‘යන්නූනාහං ඉමාය චන්දනගණ්ඨියා පත්තං ලිඛාපෙය්යං, ලෙඛඤ්ච මෙ පරිභොගං භවිස්සති, පත්තං ච දානං, දස්සාමී’ති. අථ ඛො රාජගහකො සෙට්ඨි තාය චන්දනගණ්ඨියා පත්තං ලිඛාපෙත්වා සික්කාය වාහිත්වා වෙළග්ගෙ ආලග්ගෙත්වා වෙළුපරම්පරාය බන්ධිත්වා එවමාහ: ‘යො සමණො වා බ්රාහ්මණො වා අරහා චෙව ඉද්ධිමා ච දින්නං යෙව පත්තං ඔහරතූ’ති.
Sinhala BJT37. එ සමයෙහි වනාහි රජගහ නුවර සිටුහට මහඟු සඳුන් හරයෙකින් නිපන් සඳුන් ගැටයෙක් ලැබුණේ වෙයි. ඉක්බිති රජ ගහ නුවර සිටුහට ‘මේ සඳුන් ගැටයෙන් පාත්‍රයක් ලියැවීම් නම් ඉතා යෙහෙක. ලියැවීමේ දී නිපන් සඳුන් සුණු ද මගේ පරිභෝග වස්තුවෙක් වන්නේ ය. පාත්‍රය ද දාන වස්තුවක් කොට දෙන්නෙමි’ යි මේ සිත විය. ඉක්බිති රජගහ නුවර සිටු තෙම ඒ සඳුන් ගැටයෙන් පාත්‍රයක් ලියවා, සාල්ලෙක තබා හුණ ගසෙක අගැ එල්වා එය හුණ දඬු පරපුරෙක (හුණගසෙන් හුණගස බද්ධ කොට හුණගස් කිහිපයක් එකට ඈඳා තැනු ගසෙක) “බැඳ යමෙක් රහත් ද ඍද්ධිමත් ද වේ නම් ඔහුට මේ පාත්‍රය දෙන ලද්දේ ය. හේ මෙය ගෙන බසී වා” යි. මෙසේ කීය.
Pali BJTඅථ ඛො පූරණො කස්සපො යෙන රාජගහකො සෙට්ඨි තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා රාජගහකං සෙට්ඨිං එතදවොච: ‘අහං හි ගහපති, අරහා චෙව ඉද්ධිමා ච දෙහි මෙ පත්තන්ති. ‘සචෙ භන්තෙ ආයස්මා අරහා චෙව ඉද්ධිමා ච දින්නං යෙව පත්තං ඔහරතූ’ති.
Sinhala BJTඑ කල්හි පූරණකාශ්‍යප රජගහ නුවර සිටුහු කරා එළැඹියේ ය. එළැඹ රජගහ නුවර සිටුහු බණවා, “ගෘහපතිය, මම් රහත් ද ඍද්ධිමත් ද වෙමි. මට පාත්‍රය දෙව” යි කීය. “වහන්ස, ඉදින් ආයුෂ්මතුන් වහන්සේ රහත් ද ඍද්ධිමත් ද වූ සේක් නම් ඔබට පාත්‍රය දෙන ලද්දේ ම ය. එය ගෙන බස්නා සේක් වා” යි සිටු කී ය.
Pali BJTඅථ ඛො මක්ඛලිගොසාලො අජිතො කෙසකම්බලො පකුධො කච්චායනො සඤ්ජයො බෙලට්ඨිපුත්තො නිගණ්ඨො නාතපුත්තො යෙන රාජගහකො සෙට්ඨි තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා රාජගහකං සෙට්ඨිං එතදවොච: ‘අහං හි, ගහපති අරහා චෙව ඉද්ධිමා ච, දෙහි මෙ පත්තන්ති’. ‘සචෙ භන්තෙ, ආයස්මා අරහා චෙව ඉද්ධිමා ච දින්නං යෙව පත්තං, ඔහරතූ’ති.
Sinhala BJTඉක්බිත්තෙන් මක්ඛලිගෝසාල ද, කේසකම්බලී අජිත ද, පකුධ කච්චායන ද, සංජය බෙල්ලට්ඨිපුත්ත ද, නිගණ්ඨ නාතපුත්ත ද යන මොහු එකෙක් වෙන වෙනම රජගහ නුවර සිටු කරා එළැඹියහ. එළඹැ “ගෘහපතිය, මම් වූ කලි රහත් ද ඍද්ධිමත් ද වෙමි. පාත්‍රය මට දෙව” යි කී ය. “වහන්ස, ඉදින් ආයුෂ්මතුන් වහන්සේ රහත්ද ඍද්ධිමත්ද වූ සේක් නම්, ඔබට පාත්‍රය දෙන ලද්දේ ම ය. එය ගෙන බස්නා සේක් වා” යි සිටු කී ය.
Pali BJTතෙන ඛො පන සමයෙන ආයස්මා ච මහාමොග්ගල්ලානො ආයස්මා ච පිණ්ඩොලභාරද්වාජො පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය රාජගහං පිණ්ඩාය පවිසිංසු. අථ ඛො ආයස්මා පිණ්ඩොලභාරද්වාජො ආයස්මන්තං මහාමොග්ගල්ලානං එතදවොච: ‘ආයස්මා ඛො මහාමොග්ගල්ලානො අරහා චෙව ඉද්ධිමා ච ගච්ඡාවුසො මොග්ගල්ලාන, එතං පත්තං ඔහර, තුය්හෙසො පත්තො’ති. ‘ආයස්මාපි ඛො පිණ්ඩොලභාරද්වාජො අරහා චෙව ඉද්ධිමා ච. ගච්ඡාවුසො භාරද්වාජ, එතං පත්තං ඔහර. තුය්හෙසො පත්තො’ති. අථ ඛො ආයස්මා පිණ්ඩොලභාරද්වාජො වෙහාසං අබ්භුග්ගන්ත්වා තං පත්තං ගහෙත්වා තික්ඛත්තුං රාජගහං අනුපරියායි.
Sinhala BJTඑ සමයෙහි වූ කලී ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ ද ආයුෂ්මත් පිණ්ඩෝලභාරද්වාජ තෙරණුවෝ ද යන දෙනම පෙරවරු යෙහි හැඳ පෙරවැ පා සිවුරු ගෙන රජගහ නුවරට පිඬු පිණිස පිවිසියාහ. එ කල්හි ආයුෂ්මත් පිණ්ඩෝලභාරද්වාජ තෙරණුවෝ ආයුෂ්මත් මහමුගලන් තෙරුනට “ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ රහත් ද ඍද්ධිමත් ද වෙති. ඇවැත් මහමුගලන් තෙරුනි, වඩිනු මැනැව, තෙල පාත්‍රය ගෙන බසිනු මැනැව තෙල පාත්‍රය ඔබ ගේ යැ” යි කීහ. ආයුෂ්මත් පිණ්ඩෝලභාරද්වාජ තෙරණුවෝත් රහත් ද ඍද්ධිමත් ද වෙති. “ඇවැත් භාරද්වාජයෙනි, වඩින්න, තෙල පාත්‍රය ගෙන බසින්න, තෙල පාත්‍රය ඔබ ගේ යැ” යි මහමුගලන් තෙරණුවෝ වදාළාහ. එකල්හි ආයුෂ්මත් පිණ්ඩෝලභාරද්වාජ තෙරණුවෝ අහස් නැග ඒ පාත්‍රය ගෙන තුන් වරක් රජගහ නුවර සිසාරා වැඩියාහ.
Pali BJTතෙන ඛො පන සමයෙන රාජගහකො සෙට්ඨි සපුත්තදාරො සකෙ නිවෙසනෙ ඨිතො හොති පඤ්ජලිකො නමස්සමානො. ‘ඉධෙව භන්තෙ අය්යො භාරද්වාජො අම්හාකං නිවෙසනෙ පතිට්ඨාතූ’ති. අථ ඛො ආයස්මා පිණ්ඩොලභාරද්වාජො රාජගහකස්ස සෙට්ඨිස්ස නිවෙසනෙ පතිට්ඨාසි. අථ ඛො රාජගහකො සෙට්ඨි ආයස්මතො පිණ්ඩොලභාරද්වාජස්ස හත්ථතො පත්තං ගහෙත්වා මහග්ඝස්ස ඛාදනීයස්ස පූරෙත්වා ආයස්මතො පිණ්ඩොලභාරද්වාජස්ස පාදාසි. අථ ඛො ආයස්මා පිණ්ඩොලභාරද්වාජො තං පත්තං ගහෙත්වා ආරාමං අගමාසි. අස්සොසුං ඛො මනුස්සා ‘අය්යෙන කිර පිණ්ඩොලභාරද්වාජෙන රාජගහකස්ස සෙට්ඨිස්ස පත්තො ඔහාරිතො’ති. තෙ ච මනුස්සා උච්චාසද්දා මහාසද්දා ආයස්මන්තං පිණ්ඩොලභාරද්වාජං පිට්ඨිතො අනුබන්ධිංසු. අස්සොසි ඛො භගවා උච්චාසද්දං, මහාසද්දං, සුත්වාන ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: කින්නු ඛො සො ආනන්ද, උච්චාසද්දා මහාසද්දා’ති.
Sinhala BJTඑ සමයෙහි වනාහි රජගහ නුවර සිටු තෙම අඹුදරුවන් සහිත වැ “වහන්ස, ආර්‍ය්‍ය වූ භාරද්වාජයන් වහන්සේ මෙහි ම අප ගේ නිවෙසෙහි පිහිටන සේක්වා” යි කියමින් දොහොත් මුදුන් දී නමස්කාර කරනුයේ සිය ගෙහි සිටියේ වෙයි. ඉක්බිත්තෙන් ආයුෂ්මත් පිණ්ඩෝලභාරද්වාජ තෙරණුවෝ රජගහ නුවර සිටුහු ගේ ගෙහි පිහිටියාහ. එ කල්හි රජගහ නුවර සිටු තෙම ආයුෂ්මත් පිණ්ඩෝලභාරද්වාජ තෙරුන් ගේ අතින් ඒ පාත්‍රය ගෙන මහඟු ඛාද්‍යයෙන් පුරා, උන්වහන්සේට ම එය පිළිගැන්වී ය. ඉක්බිති ආයුෂ්මත් පිණෙඩාලභාරද්වාජ තෙරණුවෝ ඒ පාත්‍රය ගෙන ආරාමයට වැඩි සේක. “ආර්‍ය්‍ය වූ පිණ්ඩෝලභාරද්වාජයන් වහන්සේ විසින් රජගහ නුවර සිටුහු ගේ පාත්‍රය ගෙන බස්නා ලද සේක් ලැ” යි මිනිස්සු ඇසූහ. ඒ මිනිස්සු ද උස්හඬ ඇත්තාහු, මහහඬ ඇත්තාහු, ආයුෂ්මත් පිණ්ඩෝලභාරද්වාජ තෙරුන් පිටුපසින් ඔබ අනුව ගියාහ. භාග්‍යවතුන් වහන්සේ (ඔවුන්ගේ) උස්හඬ මහහඬ ඇසූ සේක. අසා ආයුෂ්මත් අනඳ තෙරුන් බණවා, “අනඳයෙනි. ඒ උස් හඬ මහහඬ කවරේ දැ” යි අසා වදාළ සේක.
Pali BJT‘ආයස්මතා භන්තෙ, පිණ්ඩොලභාරද්වාජෙන රාජගහකස්ස සෙට්ඨිස්ස පත්තො ඔහාරිතො, අස්සොසුං ඛො භන්තෙ, මනුස්සා අය්යෙන කිර පිණ්ඩොලභාරද්වාජෙන රාජගහකස්ස සෙට්ඨිස්ස පත්තො ඔහාරිතොති. තෙ ච භන්තෙ මනුස්සා උච්චාසද්දා මහාසද්දා ආයස්මන්තං පිණ්ඩොලභාරද්වාජං පිට්ඨිතො පිට්ඨිතො අනුබද්ධා. සො එසො භන්තෙ, භගවා, උච්චාසද්දො මහාසද්දො’ති.
Sinhala BJTවහන්ස ආයුෂ්මත් පිණ්ඩෝලභාරද්වාජ තෙරුන් විසින් රජගහ නුවර සිටුහු ගේ පාත්‍රය ගෙන බස්නා ලද්දේ ය. වහන්ස, මිනිස්සු ආර්‍ය්‍ය වූ පිණ්ඩෝලභාරද්වාජයන් වහන්සේ විසින් රජගහ නුවර සිටුහු ගේ පාත්‍රය ගෙන බස්නා ලද්දේ ල යි මිනිස්සු ඇසූහ. වහන්ස, ඒ මිනිස්සු ද උස්හඬ ඇත්තාහු, මහහඬ ඇත්තාහු, ආයුෂ්මත් පිණ්ඩෝලභාරද්වාජයන් පසු පස්සෙන් ආවාහු වෙත්. භාග්‍යවතුන් වහන්ස, මේ ඒ උස්හඬ ය මහහඬ යැයි අනඳ තෙරණුවෝ සැලකළාහ.
Pali BJTඅථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා ආයස්මන්තං පිණ්ඩොලභාරද්වාජං පටිපුච්ඡි ‘සච්චං කිර තයා භාරද්වාජ, රාජගහකස්ස සෙට්ඨිස්ස පත්තො ඔහාරිතො’ති.
Sinhala BJTඑ කල්හි භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි, මේ කාරණ යෙහි බික්සඟන රැස් කොට, ආයුෂ්මත් පිණ්ඩෝලභාරද්වාජ තෙරුන් බණවා “භාරද්වාජයෙනි, තොප විසින් රජගහ නුවර සිටුහු ගේ පාත්‍රය බාගෙනෙන ලද්දේ ල, ඒ සැබෑ දැ” යි අසා වදාළ සේක.
Pali BJT‘සච්චං භගවා’.
Sinhala BJT“සැබව, භාග්‍යවතුන් වහන්සැ” යි තෙරණුවෝ උත්තර දුන්හ.
Pali BJTවිගරහි බුද්ධො භගවා, ‘අනනුච්ඡවිකං භාරද්වාජ අනනුලොමිකං අප්පතිරූපං අස්සාමණකං අකප්පියං අකරණීයං කථං හි නාම ත්වං භාරද්වාජ, ඡවස්ස දාරුපත්තස්ස කාරණා ගිහීනං උත්තරිමනුස්සධම්මං ඉද්ධිපාටිහාරියං දස්සෙස්සසි. සෙය්යථාපි භාරද්වාජ, මාතුගාමො ඡවස්ස මාසකරූපස්ස කාරණා කොපීනං දස්සෙති, එවමෙව ඛො තයා භාරද්වාජ, ඡවස්ස දාරුපත්තස්ස කාරණා ගිහීනං උත්තරිමනුස්සධම්මං ඉද්ධිපාටිහාරියං දස්සිතං. නෙතං භාරද්වාජ, අප්පසන්නානං වා පසාදාය පසන්නානං වා වා භිය්යොභාවාය. අථ ඛ්වෙතං භාරද්වාජ අප්පසන්නානං චෙව අප්පසාදාය පසන්නානං ච එකච්චානං අඤ්ඤථත්තායා’ති.
Sinhala BJT“භාරද්වාජයෙනි, නොනිසි දැයෙක, නොඅනුලොම් දැයෙක, නො සුදුසු දැයෙක, මහණුනට නො ගැළැපෙන දැයෙක, නො කැප දැයෙක, නොකටයුතු දැයෙක, භාරද්වාජයෙනි, කෙසේ නම් නොවටනා ලී පාත්‍රයෙක කරුණින් ලී පාත්‍රයක් නිසා ගිහියනට උතුරු මිනිස් දමක් වූ ඉදුපෙළහර දැක්වූහු ද භාරද්වාජයෙනි, මාගමක් නොවටනා මස්සක් පමණවූ මිලයක් නිසා යම්සේ ස්වකීය කෞපීනය දක්වන්නී ද, භාරද්වාජයෙනි, එ පරිද්දෙන් ම තොප විසින් නොවටනා ලී පාත්‍රයෙක කරුණින් ගිහියනට උතුරුමිනිස්දහමක් වූ ඉදුපෙළහර දක්වුනු ලද්දේ ය. භාරද්වාජයෙනි. මෙය නොපහන් අය ගේ පැහැදීම පිණිස ද පහනු අයගේ (පැහැදීම) බොහෝ වීම පිණිස ද නො වේ. භාරද්වාජයෙනි, වැලිදු මෙය නොපහන් අයගේ ද නො පැහැදීම පිණිස ද පහන් වූ ඇතැම් කෙනකු ගේ වෙනස් බව පිණිස ද වේ” යැයි භාග්‍යවතුන් වහන්සේ විවිධ කරුණු දක්වා ගැරැහු සේක.
Pali BJTවිගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි:
Sinhala BJTවිවිධ කරුණින් ගරහා දැහැමි කතා කොට මහණුන් බණවා,
Pali BJT“න භික්ඛවෙ, ගිහීනං උත්තරිමනුස්සධම්මං ඉද්ධිපාටිහාරියං දස්සෙතබ්බං. යො දස්සෙය්ය ආපත්ති දුක්කටස්ස. භින්දථෙතං භික්ඛවෙ, දාරුපත්තං. සකලිකං සකලිකං කත්වා භික්ඛූනං අඤ්ජනූපපිසනං දෙථ. න ච භික්ඛවෙ දාරුපත්තො ධාරෙතබ්බො යො ධාරෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT“මහණෙනි, ගිහීනට උතුරු මිනිස් දහමක් වූ ඉදුපෙළහර නො දැක්වියයුතු, යමෙක් දැක්වූයේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, තෙල ලී පාත්‍රය බිඳිවු, කැබැලි කැබැලි කොටැ භික්‍ෂූනට අඳුන් ගටනු පිණිස දෙවු. මහණෙනි, ලීමුවා පාත්‍රය නො දැරියයුතු යමෙක් දරන්නේ ද ඔහුට දුකුළා ඇවැත් වන්නේ” යැ යි වදාළ සේක.
Pali BJT38. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ උච්චාවචෙ පත්තෙ ධාරෙන්ති සොවණ්ණමයං රූපියමයං. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති, ‘සෙය්යථාපි ගිහී කාමභොගිනො’ති. භගවතො එතමත්ථං ආරොචෙසුං -පෙ-
Sinhala BJT38. එ සමයෙහි වනාහි සවග මහණහු රන්මුවා ද රිදී මුවා ද ලොකු කුඩා (නොයෙක් ප්‍රමාණයේ) පාත්‍ර දරත්. ‘කාමභෝගී ගිහියන් බඳුහ’යි මිනිස්සු ලාමක කොට සිතත්, ගරහත්, නො ගුණ පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
Pali BJT“න භික්ඛවෙ, සොවණ්ණමයො පත්තො ධාරෙතබ්බො, න රූපියමයො පත්තො ධාරෙතබ්බො, න වෙළුරියමයො පත්තො ධාරෙතබ්බො, න ඵලිකමයො පත්තො ධාරෙතබ්බො, න කංසමයො පත්තො ධාරෙතබ්බො, න කාචමයො පත්තො ධාරෙතබ්බො, න තිපුමයො පත්තො ධාරෙතබ්බො, න සීසමයො පත්තො ධාරෙතබ්බො, න තම්බලොහමයො පත්තො ධාරෙතබ්බො, යො ධාරෙය්ය ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ ද්වෙ පත්තෙ අයොපත්තං, මත්තිකාපත්තං”ති.
Sinhala BJT“මහණෙනි, රන්මුවා පාත්‍රය නො දැරියයුතු, රිදී මුවා පාත්‍රය නො දැරියයුතු, මිණිමුවා පාත්‍රය නො දැරියයුතු, වෙරළුමිණිමුවා පාත්‍රය නො දැරියයුතු, පළිඟුමුවා පාත්‍රය නො දැරියයුතු, කස්ලොහො මුවා පාත්‍රය නො දැරියයුතු, විදුරුමුවා පාත්‍රය නො දැරියයුතු, කළුඊයම්මුවා පාත්‍රය. නො දැරියයුතු, සුදුඊයම්මුවා පාත්‍රය නො දැරියයුතු, තඹලොහොමුවා පාත්‍රය නො දැරියයුතු, යමෙක් දැරුයේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, යමුවා පාත්‍රය ද මැටිමුවා පාත්‍රය ද යන පාත්‍රදෙක අනුදනිමි” යි වදාළසේක.
Pali BJT39. තෙන ඛො පන සමයෙන පත්තමූලං ඝංසියති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT39. එ සමයෙහි පාත්‍රයේ මුල ගැටෙයි. භාග්‍යවතුන් වහන්සේට එ පවත් සැලකළහ.
Pali BJT‘අනුජානාමි භික්ඛවෙ, පත්තමණ්ඩලන්ති.’
Sinhala BJT‘මහණෙනි, පාමඬුල්ලක් (පාත්‍ර අඩියක්) අනුදනිමි’ යි වදාළසේක.
Pali BJTතෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ උච්චාවචානි පත්තමණ්ඩලානි ධාරෙන්ති සොවණ්ණමයං රූපියමයං. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: ‘සෙය්යථාපි ගිහී කාමභොගිනො’ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. -පෙ-
Sinhala BJTඑ සමයෙහි සවග මහණහු රන්මුවා වූ ද රිදීමුවා වූ දැ යි උස් පහත් (නානාවිධ) පාමඬුලු දරත්, ‘කාමභෝගී ගිහියන් බඳුහ’ යි මිනිස්සු ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. ...
Pali BJT“න භික්ඛවෙ, උච්චාවචානි පත්තමණ්ඩලානි ධාරෙතබ්බානි. යො ධාරෙය්ය ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ, ද්වෙ පත්තමණ්ඩලානි තිපුමයං, සීසමයං”ති.
Sinhala BJT‘මහණෙනි උස්පහත් පාමඬුලු නො දැරියයුතු. යමෙක් දරන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, ඊයම්මුවාද සුදු ඊයම්මුවා දැයි පාමඬුලු දෙකක් අනුදනිමි’ යි වදාළසේක.
Pali BJTබහලානි මණ්ඩලානි නාච්ඡුපියන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTඝන වූ පාමඬුලු පාත්‍රයෙහි වැදගෙන නො සිටී. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ, ලිඛිතු”න්ති.
Sinhala BJT‘මහණෙනි, (තුනීබව ගන්වනු පිණිස) මඬුල්ල ලියන්නට අනුදනිමි’ යි වදාළසේක.
Pali BJTවලී හොන්ති -පෙ-
Sinhala BJTරැලි ගැසෙත් (ඇකිලෙත්) ...
Pali BJT“අනුජානාමි භික්ඛවෙ, මකරදන්තකං ඡින්දිතු”න්ති.
Sinhala BJT‘මහණෙනි මුවර දැති කපන්නට අනුදනිමි’ යි වදාළසේක.
Pali BJT40. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ චිත්රානි පත්තමණ්ඩලානි ධාරෙන්ති රූපකාකිණ්ණානි භිත්තිකම්මකතානි. තානි රථිකායපි දස්සෙන්තා ආහිණ්ඩන්ති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති, ‘සෙය්යථාපි ගිහී කාමභොගිනොති’. භගවතො එතමත්ථං ආරොචෙසුං. -පෙ-
Sinhala BJT40. එ සමයෙහි සවග මහණහු විසිතුරු වූ භිත්තිකර්ම කළ රූපවලින් ගැවැසී ගත් සිතුවම් කරන ලද පාමඬුලු දරත්. වීථියෙහි ද ඒවා පෙන්වමින් ඇවිදිත්. ‘කාමභෝගී ගිහියන් බඳුහ’යි මිනිස්සු ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
Pali BJT“න භික්ඛවෙ, චිත්රානි පත්තමණ්ඩලානි ධාරෙතබ්බානි රූපකාකිණ්ණානි භිත්තිකම්මකතානි. යො ධාරෙය්ය ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ, පකතිමණ්ඩල”න්ති.
Sinhala BJT“මහණෙනි, භිත්තිකර්ම කළ රූපයෙන් ගැවැසීගත් විසිතුරු පාමඬුලු නො දැරියයුතු. යමෙක් දරන්නේ වී නම්, ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, පියෙවි පාමඬුලු අනුදනිමි” යි වදාළ සේක.
Pali BJT41. තෙන ඛො පන සමයෙන භික්ඛූ සඋදකං පත්තං පටිසාමෙන්ති. පත්තො දුස්සති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT41. එ සමයෙහි මහණහු දිය සහිත පාත්‍රය තැන්පත් කොට තබත්. පාත්‍රය දූෂ්‍ය වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
Pali BJT“න භික්ඛවෙ, සොදකො පත්තො පටිසාමෙතබ්බො. යො පටිසාමෙය්ය ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ, ඔතාපෙත්වා පත්තං පටිසාමෙතු”න්ති.
Sinhala BJT“මහණෙනි, දිය සහිත පාත්‍රය තැන්පත් කොට නො තැබිය යුතු. යමෙක් තබන්නේ නම්, ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, තවා (රත් කොට) පාත්‍රය තැන්පත් කොට තබන්නට අනුදනිමි” යි වදාළ සේක.
Pali BJT42. තෙන ඛො පන සමයෙන භික්ඛූ සොදකං පත්තං ඔතාපෙන්ති. පත්තො දුග්ගන්ධො හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT42. එ සමයෙහි මහණහු දිය සහිත පාත්‍රය. තවත් (රත් කරත්). පාත්‍රය දුගඳ වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
Pali BJT“න භික්ඛවෙ, සොදකො පත්තො ඔතාපෙතබ්බො. යො ඔතාපෙය්ය ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ, වොදකං කත්වා ඔතාපෙත්වා පත්තං පටිසාමෙතු”න්ති.
Sinhala BJT“මහණෙනි, දිය සහිත පාත්‍රය. නො තැවියයුතු. යමෙක් තවන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, දිය රහිත කොට තවා පාත්‍රය සුරැකි කොට තබන්නට අනුදනිමි” යි වදාළ සේක.
Pali BJT43. තෙන ඛො පන සමයෙන භික්ඛූ උණ්හෙ පත්තං නිදහන්ති. පත්තස්ස වණ්ණො දුස්සති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT43. එ සමයෙහි වනාහි මහණහු පාත්‍රය උෂ්ණයෙහි තබත්. පාත්‍රයේ පැහැය දූෂ්‍ය වෙයි, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
Pali BJT“න භික්ඛවෙ, උණ්හෙ පත්තො නිදහිතබ්බො. යො නිදහෙය්ය ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ, මුහුත්තං උණ්හෙ ඔතාපෙත්වා පත්තං පටිසාමෙතු”න්ති.
Sinhala BJT“මහණෙනි, උෂ්ණයෙහි පාත්‍රය නො තැබියයුතු. යමෙක් තැබුයේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, මොහොතක් උෂ්ණයෙහි තවා පාත්‍රය සුරැකි කොට තබන්නට අනුදනිමි” යි වදාළ සේක.
Pali BJT44. තෙන ඛො පන සමයෙන සම්බහුලා පත්තා අජ්ඣොකාසෙ අනාධාරා නික්ඛිත්තා හොන්ති. වාතමණ්ඩලිකාය ආවට්ටිත්වා පත්තා භිජ්ජිංසු. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT44. එ සමයෙහි වනාහි බොහෝ පාත්‍රයෝ එළිමහනෙහි ආධාරකයක් නැති ව තබන ලද්දාහු වෙත්. පාත්‍රයෝ සුළි සුළඟෙකින් පෙරළී බුන්හ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ, පත්තාධාරක”න්ති.
Sinhala BJT“මහණෙනි, පාත්‍රාධාරකයක් අනුදනිමි” යි වදාළ සේක.
Pali BJT45. තෙන ඛො පන සමයෙන භික්ඛූ මිඪන්තෙ පත්තං නික්ඛිපන්ති. පරිපතිත්වා පත්තො භිජ්ජති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT45. “එ සමයෙහි වනාහි භික්‍ෂූහු මීඪාන්තයෙහි (පිල් කෙළවරැ) පාත්‍ර තබත්. පාත්‍රය ඇදවැටී බිඳෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
Pali BJT“න භික්ඛවෙ, මිඪන්තෙ පත්තො නික්ඛිපිතබ්බො. යො නික්ඛිපෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT“මහණෙනි, පිළ කෙළවර පාත්‍රය නො තැබියයුතු, යමෙක් තැබුයේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
Pali BJT46. තෙන ඛො පන සමයෙන භික්ඛූ පරිභණ්ඩන්තෙ පත්තං නික්ඛිපන්ති. පරිපතිත්වා පත්තො භිජ්ජති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT46. එ සමයෙහි මහණහු පරිභණ්ඩය කෙළවරැ (පිළට පිටත වූ කුඩා පිළැ තුළැ) පාත්‍රය තබත්. පාත්‍රය ඇදවැටී බිඳෙයි. භාග්‍යවතුන් වහන්සේට එය සැලකළහ.
Pali BJT“න භික්ඛවෙ, පරිභණ්ඩන්තෙ පත්තො නික්ඛිපිතබ්බො. යො නික්ඛිපෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT“මහණෙනි, පරිහණ්ඩය කෙළවරැ (පිළට පිටතින් කුඩා පිළ තුළැ) පාත්‍රය නො තැබියයුතු, යමෙක් තැබූයේ නම්, ඔහුට දුකුළා ඇවැත් වන්නේයැ” යි වදාළ සේක.
Pali BJT47. තෙන ඛො පන සමයෙන භික්ඛූ ඡමාය පත්තං නික්කුජ්ජන්ති. ඔට්ඨො ඝංසියති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT47. එ සමයෙහි වනාහි මහණහු පාත්‍රය බිමැ මුනින් නමා තබත්, පාත්‍රයේ මුවවිට ගැටී ගෙවෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත්සැලකළහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ, තිණසන්ථාරක”න්ති.
Sinhala BJT“මහණෙනි, තණ ඇතිරියක් අනුදනිමි” යි වදාළ සේක.
Pali BJTතිණසන්ථාරකො උපචිකාහි ඛජ්ජති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTතණ ඇතිරිය වේයන් විසින් කනු ලැබෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ, චොළක”න්ති.
Sinhala BJT“මහණෙනි, (පාත්‍රය තැබීමට) රෙදිකඩක් අනුදනිමි” යි වදාළ සේක.
Pali BJTචොළකං උපචිකාහි ඛජ්ජති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTරෙදිකඩ වේයන් විසින් කනු ලැබේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ, පත්තමාළකන්ති.”
Sinhala BJT“මහණෙනි, පාත්‍රමාලකයක් (පාත්‍රය තබන්නට පිළක්) අනුදනිමි” යි වදාළ සේක.
Pali BJTපත්තමාලකා පරිපතිත්වා පත්තො භිජ්ජති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTපාත්‍රමාලකයෙන් ගිලිහී වැටී පාත්‍රය බිඳෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ, පත්තකණ්ඩොලික”න්ති.
Sinhala BJT“මහණෙනි, පාත්‍රකණ්ඩොලිකාවක් (පාත්‍රය තබන කූඩයක්) අනුදනිමි” යි වදාළ සේක.
Pali BJTපත්තකණ්ඩොලිකාය පත්තො ඝංසියති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTපාත්‍රකණ්ඩෝලිකායෙහි පාත්‍රය ගැටී ගෙවෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ, පත්තථවික”න්ති.
Sinhala BJT“මහණෙනි, (පාත්‍රය බහාලන්නට) ථවිකයක් (පසුම්බියක්) අනුදනිමි” යි වදාළ සේක
Pali BJTඅංසබන්ධකො න හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTඑල්ලා ගන්නට අංසබන්ධකයෙක් (උරේ හිසේ එල්වන පටියෙක්) නො වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ, අංසබන්ධකං බන්ධනසුත්තක”න්ති.
Sinhala BJT“මහණෙනි, අංසබන්ධකයක් (උරබඳනාවක්) ද බඳනා හුයක් ද අනුදනිමි” යි වදාළ සේක.
Pali BJT48. තෙන ඛො පන සමයෙන භික්ඛූ භිත්තිඛිලෙපි නාගදන්තකෙපි පත්තං ලග්ගෙන්ති. පරිපතිත්වා පත්තො භිජ්ජති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT48. එ සමයෙහි මහණහු භිත්තිඛීලයෙහි (බිත්තියෙහි, ගසන ලද උලෙක) ද නාගදන්තකයෙහි ද (බිත්තියෙහි සවි කළ ඇත්දතෙහි) ද පාත්‍රය එල්ලත්. ඇදවැටී පාත්‍රය බිඳෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
Pali BJT“න භික්ඛවෙ, පත්තො ලග්ගෙතබ්බො. යො ලග්ගෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT“මහණෙනි, පාත්‍රය නො එල්ලියයුතු. යමෙක් එල්ලන්නේ නම් දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
Pali BJT49. තෙන ඛො පන සමයෙන භික්ඛූ මඤ්චෙ පත්තං නික්ඛිපන්ති, සතිසම්මොසා නිසීදන්තා ඔත්ථරිත්වා පත්තං භින්දන්ති, භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT49. එ සමයෙහි වනාහි මහණහු ඇඳෙහි පාත්‍රය තබත්. සිහි මුළා වෙන් ඉඳගන්නාහු වැතිර පාත්‍රය බිඳිත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
Pali BJT“න භික්ඛවෙ, මඤ්චෙ පත්තො නික්ඛිපිතබ්බො. යො නික්ඛිපෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT“මහණෙනි, ඇඳෙහි පාත්‍රය නො තැබියයුතු. යමෙක් තබන්නේ ද ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
Pali BJT50. තෙන ඛො පන සමයෙන භික්ඛූ පීඨෙ පත්තං නික්ඛිපන්ති, සතිසම්මොසා නිසීදන්තා ඔත්ථරිත්වා පත්තං භින්දන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT50. එ සමයෙහි මහණහු පුටුවෙහි පාත්‍රය තබත්. සිහි මුළාවෙන් ඉඳගන්නාහු වැතිර පාත්‍රය බිඳිත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
Pali BJT“න භික්ඛවෙ, පීඨෙ පත්තො නික්ඛිපිතබ්බො. යො නික්ඛිපෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT“මහණෙනි, පුටුවෙහි පාත්‍රය නො තැබියයුතු, යමෙක් තබන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
Pali BJT51. තෙන ඛො පන සමයෙන භික්ඛූ අඞ්කෙ පත්තං නික්ඛිපන්ති, සතිසම්මොසා වුට්ඨහන්ති. පරිපතිත්වා පත්තො භිජ්ජති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT51. එ සමයෙහි මහණහු ඇකයෙහි පාත්‍රය තබත්. සිහි නැති ව නැඟී සිටිත්. පාත්‍රය වැටී බිඳෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
Pali BJT“න භික්ඛවෙ, අඞ්කෙ පත්තො නික්ඛිපිතබ්බො. යො නික්ඛිපෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT“මහණෙනි ඇකයෙහි පාත්‍රය නො තැබියයුතු. යමෙක් තබන්නේ ද ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.